25
අප්‍රේල්
16

රනිල්ගේ ගොං මොලේ හා ඉන්දියන් ඔත්තු කරුවෝ

ll

ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව  අතර පැතිර යන  වකුගඩු රෝගය වෙනුවෙන්  උපකාර කිරීමට චීන රජය ඉදිරිපත් වීමත් සමග එයට මැදිහත්වීමට ඉන්දීය රෝ ඔත්තු සේවය තීරණය කර තිබේ. ඒ බව හෙළි වන්නේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය වොෂින්ටනය වෙත යැවූ රහසිගත කේබල් පණිවිඩයක ය. එහි දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා උනන්දුවක් දක්වන විෂයයක් හෙයින් ඉන්දියාව මේ කරුනේ දී චීනයට අවස්ථාව නොදී සිය අනසක පැතිර විය යුතු බව තීරණය කර තිබේ. ඒ සදහා “රෝ” නියෝජිතයකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයේ ඉහලම  නිලධාරියකු හරහා ව්‍යාපෘතියක්  දියත් කිරීමට ද  රෝ සංවිධානය තීරණය කර ඇති බව කේබල් පණිවිඩයේ  දැක්වේ.

මේ අනුව ඉන්දීය මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවේ වකුගඩු  රෝගය ගැන තෙදින සම්මන්ත්‍රණයක් මේ මස 27,28,29 දින වල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහි දී ගොවි ජනතාවට වකුගඩු රෝගය වැළදෙන්නේ අධික අව් රශ්මියේ වැඩ කිරීමෙන් දහඩිය වැඩියෙන් පිට වීමෙන් බව පැවසෙන  මතයක් සනාථ කිරීමට කටයුතු යෙදෙනු ඇත.එමගින් රෝගය වෙනුවෙන් වෙනස් ආකාරයක මැදිහත්වීමක් අවශ්‍ය බව උලුප්පා දක්වා එහි අධිකාරී බලය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්දීය කාර්යාලයට ලබා ගැනීම සැලසුම වී ඇත.මේ සදහා අවශ්‍ය සහයෝගය  ශ්‍රී ලංකාවේ සිටින කිහිප දෙනකුගෙන් ලබා ගැනීමට ද කටයුතු යොදා ඇත. මේ මතය ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකවේ වකුගඩු රෝග විශේෂඥ  වෛද්‍යවරු කිහිප දෙනකුට යෝජනා ඉදිරිපත් කල ද ඔවුන් එය ප්‍රතික්ෂේප කල බව ද කේබල් පණිවිඩයේ දැක් වේ. තව ද ETCA ගිවිසුම හේතුවෙන් ඉන්දියාව සමග විරසකයක සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම කටයුත්තේදී කිසි ලෙසකින්වත් සම්බන්ධ කර නොගත යුතු බව ශ්‍රී ලංකාවේ රෝ නියෝජිතයන්ට උපදෙස් ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය වෙනුවෙන් ගොඩ නැගෙමින් ඇති ඉන්දීය-චීන ප්‍රතිවිරෝධතා හමුවේ ඇමෙරිකාව කුමක් කල යුතුද යන්න කේබල් පණිවිඩයේ දීර්ඝ  ලෙස සාකච්චා කර ඇත. පොලොන්නරුව ඇඳන් 1000 කින් යුතු වකුගඩු රෝහලක් ඉදිකර දීමට සහ රෝගය ගැන වැඩිදුරටත් පර්යේෂණ කිරීමට චීන විද්‍යා ඇකඩමිය හරහා උපකාර කිරීමට චීන රජය මේ වන විටත් ඉදිරිපත් වී ඇත.

 



අනවශ්‍ය දේවල්

  • 250,426 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2016
බ්‍ර සි සෙ
 12
3456789
10111213141516
17181920212223
24252627282930

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය