Archive for the 'daily FT' Category

12
නොවැ.
18

ලංකාවේ ලේ වැගිරෙනවා කියමින් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ඉල්ලන රනිල් බූරුවා

 

Advertisements
09
නොවැ.
18

මේක සිංහල බෞද්ධ රට.. මම දෙමළ..හරිද..ඔයා මුස්ලිම්නේ.. හැම ජාතියකම මිනිස්සු ඉන්නවා…

නරක අදහසක් නොවේ

අලුත් රටක්Like Page

මේක සිංහල බෞද්ධ රට.. මම දෙමළ..හරිද..ඔයා මුස්ලිම්නේ.. හැම ජාතියකම මිනිස්සු ඉන්නවා..අපි ඔක්කොම මිනිස්සු..ළමයා බඩගින්නේ අඬද්දීදී කන්න දෙන්න බැරි නම් ඔයාට කොච්චර රිදෙනවද..මට මේ රටේ මිනිස්සු උදවු කරලා තියෙනවා..මාව ගොඩ දාලා තියෙනවා..අපිත් පුලුවන් විදියට ඒක කරන්න ඕන..

අර්බුද නැති රටක් නෑ..අපි හිතනවා අපේ රට තමයි අර්බුද කියලා..දැන් තියෙන අර්බුදය ගැන ගත්තොත් මොනවහරි ප්‍රශ්නයක් නම් ඕක නීතියෙන් බේරගන්න..මේකට අහිංසක මිනිස්සුන්ව අදින්න එපා..මේ රටේ 60%ක් විතර ඉන්නේ දවසේ පඩියට වැඩ කරන අය..මොනවහරි උන ගමන් එයාලට කන්න නෑ..මේ ලංකාවේ 70%ක් විතර ඉන්නේ දුප්පත් මිනිස්සු..ඒගොල්ලන්ගෙ පඩිය ගත්තොත් රුපියල් 25000ක් විතර..ඉතින් ඒ ගම්වල ඉන්න මිනිස්සු බොහොම අමාරුවෙන් තුන්වේලක් කාලා ළමයින්ව ඉස්කෝලේ යවන්නේ..

මං ඕකට කතාවක් කියන්නම්..ඔය දෙමළ ඇමතිවරු කතා කරනවා අයිතිය, වෙච්ච දේවල් ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ..මං ඔය දේශපාලනය වැඩිය දන්නේ නෑ..ඇත්තටම කිලිනොච්චියේ වෙච්ච දෙයක් මේක සති දෙකකට කලින්..අවුරුදු 9 ක කෙල්ලෙක් සියදිවි නසාගත්තා..හේතුව මොකද දන්නවද..නිළ ඇඳුම් ප්‍රශ්නේ..ඒ පවුලේ ළමයි 3 දෙනෙක් ඉන්නවා..එක්කෙනෙක්ට 12..අනිත් එක්කෙනාට 7.. අනිත් කෙනාට 9..තාත්තගේ දවසේ පඩිය දෙසීයයි..අම්මා තමයි ළමයි බලාගන්නේ..බොහොම අමාරුවෙන් එක වේලක් කන්නේ..ඉස්කෝලෙට යවනවා තුන්දෙනාවම..ඒ ඇඳුම් සවුත්තු වෙලා හරි මොකක් හරි වෙලා දෙතුන් පාරක් ටීචර් කිවුවා අලුත් එකක් ගන්න..දැන් කූපන් එකක්නේ දෙන්නේ..අරගෙන මහගන්න ඕන..ඉතින් ඕක ගත්තට පස්සෙ මහගන්න රුපියල් 200ක් 250ක් යනවලු..ඒ සල්ලි නෑ..බැලුවා බැලුවා අන්තිමට මේ ළමයා සියදිවි නසාගත්තා..ඒක බලන්න එක්කෙනෙක්වත් එක ඇමතියෙක්වත් නෑ..කවුරුත් දන්නෙත් නෑ..අපේ තියෙනවා දුප්පත් මිනිස්සුන්ට උදවු කරන්න පදනමක්..එයාලට මේක ආරන්චි වෙලා ගිහිල්ලා..මන් මේ දුන්නට කියනවා නෙමේ මං 25000ක් දුන්නා..අනිත් ළමයි දෙන්න වෙනුවෙන් හැම මාසෙම රුපියල් 10000 ගානේ දෙනවා අඩුම ගානේ මේ වගේ තව එක දෙයක් වත් සිද්ධ නොවෙන්න..එක මන්ත්‍රී කෙනෙක් නෑ එක ඇමතියෙක් නෑ..ඒ අම්මා අඬනවා..

අපි මෙහෙම හිතමුකෝ..ඔයාට ලමයි දෙන්නෙක් ඉන්නවා..ඔයාගේ ප්‍රධානම දේ මොකක්ද ඒ ළමයින්ට තුන් වේලක් කන්න දෙන්න..ඊළඟට ඉගැන්වීම..ඒ දෙකනේ ප්‍රධාන..ඇඳුමක් ගන්න හෝ තව දේවල් ගන්න හෝ ඒවා ඊළඟට..මේ රටේ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ හරි අමාරුවෙන්..පරිප්පු වලින් රුපියල් 5ක් පෙට්‍රල් වලින් 10ක් ගියාට කොළඹ ඉන්න ලක්ශෙකට වඩා පඩි ගන්න සමහර මිනිස්සුන්ට මේ වෙනස තේරෙන්නේ නෑ..ඒ නිසා මේ රටේ ඉස්සෙල්ලම බලන්න ඕන ඕක..ප්‍රජාතන්ත්‍රවාදය නීතිය වගේ දේවල් දෙවනුවයි..මේ රටේ මිනිස්සු මට බනී..නීතිය ප්‍රජාතන්ත්‍රවාදය මිනිස්සු තම තමන්ට ඕන විදියට හරෝගන්නවා..ඔයා වරදක් කළත් ඒක නිවැරදි කරන්න දක්ෂ ලෝයර්ස්ලා ඉන්නවා..සල්ලි තියෙනවා නම් ඕන දෙයක් කරගන්න පුලුවන් මේ රටේ..

මාධ්‍යවේදියා :- ඒ කියන්නේ මුරලි කියන්නේ ඒවට මූලිකත්වය දෙන්නේ නැතුව මිනිස්සුන්ගේ දෛනික ප්‍රශ්න විසඳන්න ඕන කියලා මූලිකවම?

ඉතිං ඒකටනේ පාර්ලිමේන්තුවට නියෝජිතයන්ව යවන්නේ මිනිස්සු ඒ පළාත්වල ඉඳන්..

මාධ්‍යවේදියා :- ගොඩක් වෙලාවට උතුරේ දේශපාලකයන්ගෙන් ඇහුවොත් කියන්නේ උතුරට දේශපාලන විසඳුමක් ඕන …. ( ප්‍රශ්නය අහලා ඉවර වෙන්න කලින්ම මුරලි උත්තර දෙයි )

මොනවද..මං අහන්නේ ඔයාගෙන් මොනවද උතුරට කියලා දේශපාලන විසඳුමක් ඔයාට දෙන්න පුලුවන් කියලා කියන්න බලන්න..මම කියන්නම්.. මම දෙමළ..හරිද..ඔයා මුස්ලිම්නේ.. හැම ජාතියකම මිනිස්සු ඉන්නවා..අපි ඔක්කොම මිනිස්සු..මගෙන් කෑල්ලක් කැපුවත් ලේ යන්නේ ඔයාලගෙන් කෑල්ලක් කැපුවත් ලේ යන්නේ..හරිද..මේවා මේ ඉතිහාසේ ඉඳන් මිනිස්සු හදාගත්තු දේවල්..1977 දී අපේ ගෙවල් ඔක්කොම පිච්චුවා..අපේ තාත්තගේ තාම තියෙනවා කඩුවෙන් ගහලා මැහුම් 18ක් දාපු එක..බොහොම අමාරුවෙන් තමයි බේරුනේ..ඒත් අපේ තාත්තා රට දාලා ගියේ නෑ..නෑදෑයෝ ඔක්කොම ගියා රට දාලා ඔක්කොම ඉන්දියාවේ ඉන්නේ..ඒත් අපි ගියෙ නෑ..1983 අපිට මොනවත් උනේ නෑ..අපි විස්වාස කරනවා අපි මේ රටේ පුරවැසියෝ..ඇත්ත අපේ සීයලා ආවේ ඉන්දියාවෙන්..ඒ වුනාට අපි දැන් ලංකාවේ පුරවැසියෝ..

ජාතීන් වශයෙන් ගත්තොත් වැරදි දේවල් උනා දෙපැත්තෙන්ම..මං කියන්නේ නෑ සිංහල මිනිස්සු වැරදී කියලා ඔක්කොම..5% ක් හිටියා දේශපාලන ගේම් වලදී අයුතු ප්‍රයෝජන අරන් තමයි මේවා කළේ..මුළු රටම විනාශ වුනා..ඒ වගේමයි ප්‍රභාකරන්..එයා පටන් ගත්තා දෙමළ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න..මුල් කාලේ කළා..ඒත් ඊට පස්සේ එයත් පටන් ගත්තා මිනී මරන්න..දෙපැත්තෙම මිනිස්සු මැරුනා..දැන් මේ යුද්ධයක් ඉවර කරලා තියෙන්නේ..ඉතින් 2009න් පස්සේ එයාලා ඉල්ලනවා නම් අපේ ප්‍රජා අයිතිය නෑ අරක නෑ මේක නෑ කියලා ඒක අසාධාරණයි..අපිත් සාධාරණ වෙන්න එපැයි..80ක්% විතර ඉන්නේ සිංහල බෞද්ධයෝ..ඒගොල්ලන්ට අයිතියි මේ රට..කොච්චර නෑ කිවුවත්..ආගම් වලින් බැලුවොත් අපි සුලු ජාතිකයෝ..

මං ඉස්කෝලේ ගියා දක්ෂතාවය තිබුන නිසා මං ආවා..මගේ දක්ෂතා වලදී සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියලා බලලද මට සපෝට් කළේ..ඒක තමයි වෙන්න ඕන..බොරුවට මේ මෙයාලා ඇවිල්ලා අපි පෙනී සිටිනවා කිවුවට දේශපාලකයෝ සාමාන්‍ය මිනිහා ගැන බලලා නෑ..මම නම් කියන්නේ නෑ මේ රටේ හිටපු ජනාධිපතිවරු දෙන්නෙක් විතරයි දුප්පත් මිනිහා ගැන බැලුවේ..ඔයාලම හිතාගන්න කවුද කියලා..නැත්තම් කියයි මම එයාලට දේශපාලනිකව සපෝට් කියලා..මම කාටවත් සපෝට් නෑ මම සපෝට් කරන්නේ දුප්පතාට උදව් කරලා එයලව ගොඩගන්න අයට විතරයි..මට පක්ෂයක් නෑ..දුප්පතාට උදව් කරන්නේ කවුද මම එයාලට සපෝට්..

මට මේ රටේ මිනිස්සු උදවු කරලා තියෙනවා..මාව ගොඩ දාලා තියෙනවා..අපිත් පුලුවන් විදියට ඒක කරන්න ඕන..ඒකයි මං ෆවුන්ඩේශන් එකක් හැදුවේ දැන් අවුරුදු 18ක් වෙනවා මං මේක හැදුවේ 2000 දී..මායි රණසිංහයි හදලා දැන් දිස්ත්‍රික්ක 12 ක තියෙනවා..අපේ වියදම මිලියන 200ක්..මගේ සල්ලිත් දානවා පිටරටින් ගේනවා..මොනවා හරි කරනවා..අපිට මිලියන 200ක් එකතු කරලා මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් නම් අපි පාර්ලිමේන්තුවට යවන අයට බැරි ඇයි? ඒගොල්ලන්ට කියන්න බෑ අපි මේ ණය ගත්තු නිසා කියලා..තාත්තා කෙනෙක් ගෙදරක් පාලනේ කරන්නේ කොහොමද..බලනවා කොහොමද කරන්නේ කියලා..ණය අරන් හරි කරනවා..ණය ගෙවන විදියක් බලනවා..වැඩිපුර වැඩ කරනවා..පාර්ලිමන්තුවට මිනිස්සු යවන්නේ රට පාලනය කරලා මිනිස්සුන්ට යහපතක් කරන්නනේ..ඉතිං බඩු මිල වැඩි වෙද්දී අරක නිසා බෑ මේක නිසා බෑ කියලා කියන්න බෑ..මොකද දුන්නේ වැඩක් කරන්න..ඒක බෑ කියනවා නම් දාලා යන්න ඕන..නිදහසට කරුණු කියන්න බෑ..මට බෝල් කරන්න බැරි නම් මට නිදහසට කරුණු 25000ක් විතර කියන්න පුලුවන් මේක උනා මට මේක නිසා ඒක බෑ ඒක නිසා මේක බැරිඋනා කියලා..නටන්න බැරි මිනිහට පොළව ඇදයි වගේ කතාවක් ඒක..

අපි අමාරු කාලෙක ජීවත් වුනේ..1977 , 1983,සහ ජේවීපී ප්‍රශ්න කාලේ බයෙන් ජීවත් වුනේ..මේ ගේ හැදුවේ 1997..මම ක්‍රිකට් ප්‍රැක්ටිස් ගියේ අතුරු පාරවල් වලින්..බයයි පාර්ලිමේන්තු පාරෙන් යන්න කොයි වෙලේ බෝම්බයක් දායිද අපිත් අහුවෙයිද කියලා..එහෙමයි ජීවත් වුනේ දෙමළ වෙලත්..දැන් යුද්ධේ ඉවර වුනාට පස්සේ නිදහසේ යන්න පුලුවන්..ඒකනේ නිදහස..ඒ නිදහස හැමතැනම තියෙනවනේ අද යාපනේ යන්න පුලුවන්නේ..මම යුද්ධ කාලෙත් යාපනේ ගියා..එක්සත් ආතීන්ගේ සංවිධානයත් එක්ක වැඩ කරද්දී ජපානෙන් දීපු ආහාර බෙදලා දෙන්න ගිහින්තමිල් චෙල්වම් වත් හම්බෙල තියෙනවා..දැන් ඕවා මුකුත් නෑනේ දැන් දුප්පත් මිනිහා ගැන බලන්න පුලුවන්නේ..

මාධ්‍යවේදියා :- තාම යුද්දෙන් අතුරුදහන් වෙච්ච අයගේ මව්පියෝ හොයනවා එයාලව..මේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න ඔන නේද මුරලි..

මට කියන්න කොහොමද විසඳුමක් දෙන්නේ..කියන්න විසඳුම කොහෙන්ද ගන්න පුලුවන්..හිතමු ශෙල් එකක් ගහනවා ආමි එකෙන්..මැරෙනවා..කියන්න පුලුවන්ද මෙයාව තමයි මැරුවේ කියලා..එල්ටීටී..ඊ එකෙන් ගහනවා බෝම්බ දානවා..පැහැරගෙන ගියා කියනවා..උත්තර නෑ..යුද්ධයක් කියන්නේ ඕක..උත්තරයක් හොයන්න බැරි දේවල් ගැන කතා කරලා වැඩක් නෑ..අතීතය ගිහින් ඉවරයි..එහෙම වෙලා තියෙනවා නම් ඒ පවුල් වලට ජීවන උපක්‍රමයක් හදලා දීලා වන්දියක් දීලා ඒවා කරන්න ඕන..එයාලට විතරක් නෙමේ ආමි එකේ අයටත්..යාපනේ විතරක් නෙමේ මෙහේ බෝම්බ වලින් මැරිච්ච මිනිස්සු කොච්චර ඉන්නවද..දෙනව නම් ඒගොල්ලන්ටත් වන්දි ගෙවන්න..කරනව නම් හැමෝටම සමානව කරන්න ..දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ රටේ ආර්ථිකේ හදලා දුගී දුප්පත් මිනිහව උඩට ගන්න එක..එකිනෙකාට එක එක මත තියෙනවා..මේක අනුගමනය කරන්න කියලා මං කියන්නේ නෑ මේක මගේ මතය විතරයි..

ඉස්සෙල්ලම බලන්න ඕන දුප්පත්කම නැතිකරන්න..ලමයෙක්ට බඩගින්නේ ඉන්නැතුව තුන් වේලක් දෙන්න ඕන..පාර්ලිමේන්තුවට යවන මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් ඒක..

මාධ්‍යවේදියා :- ගොඩක් අය කියනවා හොඳය අයව දේශපාලනේට තොරගන්න ඕන කියලා..

කොහොමද හොඳ අයව ‍තෝරගන්නේ..සමහර වෙලාවට කියන ඒවා බොරු වෙන්නත් පුලුව්න්නේ..අරයා කමිශන් ගැහුවා මෙයා මෙහෙම කළා..ඒවා ඔප්පු කරන්න ඕන..කවුරු උනත් කොයි පක්ශේ උනත් කවුරුහරි චෝදනාවක් කරනවා නම් නීතිය ඉස්සරහා ඔප්පු කරන්න..දැන් ඔය තරඟ පාවාදීම් ගැන කතා කරනවනේ..ඕවා ඔප්පු කරන්න ඕන..ඒක ඒගොල්ලන්ට කරන අපරාධයක්..ඒ මිනිහට පාරෙ බැහැලා යන්න බෑ..සනත් ජයසූරිය ලෝක පූජිත ක්‍රීඩකයෙක්..මාත් එක්ක ක්‍රිකට් ගහන්නේ පොඩි කාලේ ඉඳන්..මගේ යාලුවා නිසා කියනවා නෙමේ..චෝදනා ඔප්පු කරනකම් එයා වරදකාරයෙක් නෙමේ..ඒත් පාරේ බැහැලා යන්න බැරි තැනට මිනිස්සු කතා කියනවා..දේශපාලකයන්ටත් සමහරුන්ට ඔහොමයි..බොරු කියල හරි මිනිහව සවුත්තු කරනවා..මම කියන්නේ ඕවා ඔක්කොම පැත්තකට දාන්න..

සාමාන්යෙන් මිනිහෙක් උනාම ජීවත් වෙන්න ක්‍රමයක්නේ ඕන..ඔයා තාත්තා කෙනෙක්..ළමයි ඉන්නවා..ළමයා බඩගින්නේ අඬද්දීදී කන්න දෙන්න බැරි නම් ඔයාට කොච්චර රිදෙනවද..අපිට සල්ලි තියෙනවා මේවා නිස..ඒත් දුප්පත් මනුස්සයට? මම කියන්නේ දේශපාලකයෝ ඒ තත්වේ බලන්න..ඉස්සෙල්ලම ඒක නිවන්න..අධ්‍යාපනය දෙවනුව..සෞඛ්‍යය තුන්වෙනුව..අනෙක්වා ඊට පස්සේ..තාත්තා කෙනෙක් පවුල බලාගන්නවා වගේ මේ රටේ ඔක්කොම ළමයි කියලා හිතලා දේශපාලකයා වැඩ කරන්න ඕන..බැරි නම් දාලා යන්න ඕන..මං ක්‍රිකට් බෝඩ් එකට කිවුවෙත් ඕක..කරන්න බැරි නම් දාල යන්න තව කෙනෙක්ට කරන්න අවස්ථාව දෙන්න..

මං ඔයාට කියන්නද කතාවක්..මාව ආසියා කුසලාන 2010 දී හොඳට බෝල් කර කර ඉද්දිත් මාව ඩ්‍රොප් කළා වෙන කාරණාවක් කියලා..හැබැයි ආයේ මාව මැච් එකට ගැස්සුවා..ඒකෙන් පස්සේ තමයි මං විශ්‍රාම යන්න තීරණේ කළේ..මාව විශ්වාස නැතිනම් වෙන මං වෙනුවට කෙනෙක් ඉන්නවා නම් මං ඉඳලා වැඩක් නෑ..ඒ වගේ දීලා යන්න ඕන..මිනිස්සු මට බනී..ඔයා හිතනවද ඔය ‍රැස්වීම් වලට මිනිස්සු එන්නේ මං දන්න විදියට එක්කෝ කන්න දීලි දීලා බස් එකෙන් ගෙනල්ලා බස්සන මිනිස්සු තමයි වැඩිපුර ඉන්නේ..ඒක ඉතින් එයාලගේ අයිතිය..එදා වේල හොයාගන්න මිනිස්සු කොළඹට ඇවිල්ලා කෑ ගගහා ඉදීද. මං දන්නේ නෑ මිනිස්සු පිළිගනීද කියලා..

පැය ගානක් ගියා ටයිප් කරන්න..ඒත් මේක වැදගත්..කියවලා බලන්න..

නිපුණ කෞශ්‍යාල්

22
ඔක්.
18

මංගල අංකල් ඔයා දන්නව ද ? ගෝඨා ගේ මිනී මෝරු ගැන ?

Shantha Lanka

ගෝඨා ගේ මිනී මෝරු

” ඔයා දන්නව ද ? ඔය සුදු වෑන් වලින් උස්සන් ගිහිපු අය ගෝඨා ගේ ගෙදර හිටපු මිනී මෝරුන්ට කන්න දැම්මලු..”

මෙවැනි හෝ මීට සමාන කථා 2015 ජනාධිපතිවරණයට පෙර බහුලව අසන්නට ලැබුණි…තවමත් ඉඳහිට අසන්නට ලැබේ..මෑතකදී මිගමුව ප්රදේශයේ කටට බ්රේක් නැති නීතිඥවරියක් ද මේ ගැන ඇයගේ මුහුණු පොතට ද එක්කර තිබුණේ ඇය එම මිනී මෝරුන් ඇසින් දුටුවා ලෙසය. ලංකාවේ බහුතරයක් මිනිසුන් පහසුවෙන් රැවටිය හැකිය. සමහරු උපන් ගෙයි මෝඩයන්ය. කවුරුන් හෝ කටකතාවක් ප්රචාරය කළ සැණින් කරුණු නොවිමසා හිස් මුදුනින් පිළිගනී. ගෝඨා ඇති දැඩි කළ මිනී මෝරුන්ගේ කතාවද මෙවැන්නකි.

■ ගින්නක් නැතුව දුමක් නගියි ද ?

මෙය මෙරට යුද්ධය තදින් පැවති කාල වකවානුවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා එවකට ආරක්ෂක ලේකම්වරයා විය. ඔහු වරක් LTTE ත්රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප්රහාරයකට ද ලක් විය. LTTE ත්රස්තවාදීන් ඔහුට ඇස ගසාගෙන සිටි නිසා ඔහුගේ ජීවිතය තිබුණේ අනතුරේය. එම නිසා ඔහුගේ සොයුරු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ගේ ආරක්ෂාව තර කළේය. මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුට ලැබී තිබු නිල නිවසේ එදිනෙදා ජීවිතය ගතකළේ ආරක්ෂක භටයන් 200ක් පමණ පිරිවරාගෙනය. රටේ ආරක්ෂාව ගැන ඔහුට තිබු වගකීම සුලුපටු නොවීය. ඔහු දිවා රාත්රී වෙහෙසුනේ ත්රිවිධ හමුදාපතිවරුන් සමග සාකච්ජා කරමින් සැලසුම් හදමින් මෙම ත්රස්තවාදී ගැටළුව සදහටම නිම කිරීමටය. මෙම අධික මහන්සියේ ප්රථිපලය වුයේ ඔහුගේ මානසික ආතතිය ඉහළ යාමයි…වෛද්යවරයා ඔහුට මානසික අභ්යාස කිරීමට උපදෙස් දුන්නද ඔහුට ඒ සඳහා වෙලාවක් තිබුණේ නැත. මෙය තේරුම් ගත් වෛද්යවරයා ඔහුට නිවසේ මාළු ටැංකියක් සාදා ඉඩකඩක් ලැබුණු විට ඒ දෙස බලා සිටින ලෙස උපදෙස් දුන්නේය. නමුත් මේ යෝජනාවත් ඔහු එක් කනකින් අසා අනෙක් කනින් පිට කළේය. ඔහුගේ ඒකායන අරමුණ වුයේ හැකි ඉක්මනින් කුරිරු යුද්ධය නිමා කිරීමයි. වෛද්යවරයා ගේ මෙම මාළුටැංකි යෝජනාව ගෝඨා ගේ මිතුරෙකුට දැනගන්නට ලැබුණි. විශේෂය වුයේ ඔහු සුරතල් මත්ස්ය කර්මාන්තයේ හසල දැනුමක් ඇත්තකු වීමයි…මේ මිතුරා වුයේ රත්මලානේ ආනන්ද පතිරණයි…ඔහු මාළු ටැංකියට අවශ්ය මාළු සපයා දෙන්නට ස්වෙච්ජාවෙන්ම ඉදිරිපත් වූ නමුත් ඔහුට මාළු ටැංකියක් සාදා දෙන්නට තරම් හැකියාවක් නොවූ නිසා ඔහුගේ පිහිටට පැමිණියේ ගෝඨා ගේ තවත් මිතුරෙකු වූ අශෝක ග්ලාස් හි හිමිකරු වූ මහින්ද ජිනදාස යි. ඉන්පසු සැලසුම් කළ ලෙසම මාළු ටැංකිය සෑදුන නමුදු එහි ප්රථිපල සම්පූර්ණයෙන්ම ලබා ගැනීමට තරම් විවේකයක් ආරක්ෂක ලේකම්ට තිබුණේ නැත.

■ මාළු ටැංකියට මිනී මෝරුන් දැම්මේ කවුද ?

මෙම ටැංකියට දමන මාළුවන් ගැන ආරක්ෂක ලේකම්ට අවබෝධයක් තිබුනේ නැත. නමුත් ඔහුගේ බිරිඳට සුරතල් මසුන් ගැන සුළු අවබෝධයක් තිබුණි. මාළු ටැංකියට ඉතා කඩිසර සුරතල් මත්ස්ය විශේෂයක් වන ෂාක් කැට්ෆිෂ් (Shark Catfish) කීපදෙනුකු ටැංකියට එක්වුයේ එලෙසය. සුරතලයට ඇතිකරන මත්ස්යයින් අතර මෙවැනි මෝරුන් වර්ග 26ක් පමණ වේ. ඔවුන් අහාරයට ගත්තේ සාලයන් වැනි කුඩා මාළුය. ටැංකියේ තවත් වෛවර්ණ මුහුදු මාළුන් සිටි නිසා ටැංකියේ වතුර මාරු කර සති දෙකකට වරක් කරදිය එක් කිරීමටද සිදුවිය. ආරක්ෂක භටයන් 200 පමණ සිටින තැනක හොරෙන් මිනී මෝරන් ඇති කිරීමේ කතාව හාස්යජනකය. උන්ට කන්නට මිනිසුන් බිලි දීමේ කතාව ඊටත් වඩා හාස්යජනකය.

■ මිනී මෝරුන් ජාත්යන්තරයට යාම.

දිනක් ආරක්ෂක ලේකම් හමුවීමට The New Yorker සඟරාවේ මාධ්යවේදියෙකු වූ ජෝන් ලී ඇන්ඩර්සන් සහ ඔහුගේ මිතුරෙකු වූ ජේම්ස් ක්ලැඩ් පැමිණියෝය. ඔවුන් එනවිට රැගෙනවිත් තිබුණේ බ්ලු ලේබල් මත්පැන් බෝතලයකි. ආරක්ෂක ලේකම් වරයා මත්පැනින් තොර පුද්ගලයෙකු බව ඔවුන් දැන සිටියේ නැත. පැමිණි අමුත්තන්ට සංග්රහ කිරීමට පානයක් ගැන කල්පනා කළ විට ඔහුගේ මතකයට ආවේ කවුරුන් හෝ ඔහුට තෑගී ලෙස දී තිබු කිසිවෙකු හෝ පාවිච්චියට ගෙන නොතීබූ ෆොන්සේකා (Fonseca Vintage Port) නම් වයින් වර්ගයකි නමුත් සම්මතයේ මෙය එතරම් හොඳ වයින් වර්ගයක් සේ සැලකුණේ නැති නිසා ආරක්ෂක ලේකම් වරයාට සිදු වුයේ අමුත්තන් ගේ අවසරය ඇතිව ඔවුන් රැගෙන ආ මත්පැන් බෝතලයෙන් ම ඔවුන්ට සංග්රහ කිරීමය. ඉන්පසු ඔවුන් යුධ හා දේශපාලන තොරතුරු ගැන කතා කරමින් එකට රාත්රී ආහාරයද ගෙන අවසන් වූ පසු ඔවුන් මාළු ටැංකිය නිරීක්ෂණය කර ඇත. ඔහු The New Yoker සඟරාවට 2011 වර්ෂයේ ජනවාරි 17 දින “DEATH OF THE TIGER” ශීර්ෂයෙන් යුතුව ලියු ලිපියේ ඒ ගැන සඳහන් කර තිබුණේ මෙසේය.

After dinner, Gotabaya led us outside. Across his lawn, by the garden’s high security wall, was a huge, illuminated outdoor aquarium. Inside, several large, unmistakable shapes moved relentlessly back and forth.

“Are those sharks?” I asked him.

“Yes,” he said. “Do you want to see them?”

We crossed the lawn and stood in front of the tank, which was eight feet tall and twenty feet wide. There were four sharks, each about four feet long, swimming among smaller fish.

( රාත්රී ආහරයෙන් පසු ඔහු අපිව පිටතට රැගෙන ගියේය. විශාල ආරක්ෂක තාප්ප වලින් වට වූ තණ කොළ සහිත පිට්ටනිය මැද විශාල වර්ණවත් මාලු ටැංකියක් තිබුණ අතර එය තුළ විවිධ හැඩයෙන් යුත් මාළුන් කඩිසරව එහා මෙහා පිහිනමින් සිටියෝය.

” උන් මෝරු ද ? ” මම ඇසූවෙමි

” ඔව්” ඔහු පැවසුවේ ය. “ඔයාට බලන්න ඕනද? ”

අපි තණ කොළ සහිත පිට්ටනිය මැදින් ගොස් මාළු ටැංකිය ඉදිරියේ සිට ගත්තෙමු. එය අඩි අටක් පමණ උසකින් සහ අඩි විස්සක් පමණ පළලින් යුක්ත විය. එහි අඩි හතරක් පමණ දිග වූ මෝරුන් හතර දෙනෙකු කුඩා මාළුන් අතරේ පිහිනමින් සිටියෝය.)

මෙම ලේඛකයා අතිශයෝක්තියෙන් ලියන්නෙකු බව ඔහුගේ සම්පූර්ණ ලිපිය කියවීමෙන් වටහාගත හැකිය.
මිනී මෝරුන්ගේ කතාවට අත්තටු ලැබෙන්නේ ඉන් පසුවය. දේශපාලන විරුද්ධවාදින්ට ද මෙය හොඳ අවියක් විය. ලංකාවේ මිනිසුන් ඕනෑම බොරුවක් වග විභාගයකින් තොරව පිළිගන්නා බව ඔවුන් දැන සිටියේය. ගැටළුව ඇත්තේ මේවා අදටත් පරම සත්ය ලෙස පිළිගන්නා මිනිසුන් අප අතර සිටීමයි. එක් අතකට සඳට ගල් ගැසූ, ලස්සන වෙන්නට වදකහ සුදිය බිවු මිනිසුන්ගෙන් පිරි රටක මීට වඩා යමක් බලාපොරුත්තු විය ද නොහැකිය. ගෝඨා ඇතිකළ මිනී මෝරුන් යයි සැලකෙන වර්ගයේම මාළුන් සහිත ටැංකියක් ඔබට බත්තරමුල්ල දියත උයනේද දැක ගත හැකිය.

ඇමරිකාවේ හිටපු ජනපති ඒබ්රහම් ලින්කන් මහතා කියූ පාඨයක් මට මෙහිදී සිහි වේ

” You may deceive all the people part of the time, and part of the people all the time, but not all the people all the time.”

(ඔබට සියලු මිනිසුන්ව යම් කලෙකට රැවටීමට හැකි වනු ඇත, තවත් මිනිසුන් කොටසක් සැමදාටම රැවටීමට හැකි වනු ඇත. නමුත් ඔබට සියලු මිනිසුන් සැමදා රැවටීමට නොහැකි වනු ඇත)
——————–

ගෝඨා ගේ සුදු වෑන් ගැන හෙළිදරව්ව ළඟදීම බලාපොරුත්තු වන්න.

Image may contain: text

22
ඔක්.
18

62 දෙලක්ෂයක්වූ…අම්ඹරැවන්ට කටෙන් සහ පුකෙන් හිනාවෙන මාමලා

62 දෙලක්ෂයක්වූ…අම්ඹරැවන්ට🐃🐃🐃
ලොවෙත් නැති මිල සූත්රයක් පෙන්වා….

කටෙන් සහ පුකෙන් හිනාවෙන UNP කොමිස් කාක්කෝ…….

19
ඔක්.
18

හැමිනෙන මිල සුත්‍රය… (මුන්ට චන්දය දුන්නු තොපිට හෙන ගහනවා)

17
ඔක්.
18

නින්දිත පහත් වැඩ සිදුකරන කොළඹ මියුසියස් විද්‍යාලයේ ගුරු බැ……..යෝ, එලවපියව්…

මියුසියස් විද්‍යාලය, කොළඹ Akila Viraj Kariyawasam

කවුද මේ කාලකන්නි ගෑනු ටික? 

තවත් මහා අපරාධයක්‍‍‍. (කොළඹ කාන්තා විදුහලක)

‍මේ රූපසටහනේ දක්වා තිබෙන්නේ කොළඹ ප්‍රධාන පෙලේ කාන්තා පාසලක 5වැනි වසර ඉගෙනගන්නා දරුවෙකුට සිදුකරමින් යන තවත් අපරාධයකි. පන්තියේ මුල්ලකට දමා එම දරුවා කොන්කර ඇති ආකාරයයි.
උපුටා ගැනීම රාවය පුවත්පත
(අපේ ඉස්කෝලෙ ඩස්බින් නෑ. ඒක හින්ද ටීචර්ල කෑම කොළ ඔක්කොම දාන්නෙ මගෙ මේසෙ අස්සට. ඒක නිසා එතන ගඳයි. මම ටීචර්ට කීව ටීච මට මෙතන ඉන්ඩ බෑ ගඳයි කියල…‘ළමයි කියනව මිස් කියල තියනවලු මාව ඉස්සරහට ගන්ඩ එපා කියල. මට ඉස්සර යාලුවො ගොඩක් හිටිය. දැන් ඒ අය කතා කරන්නෙ නෑ. ටීචලත් රවනව.’)
උපුටා ගැනීම රාවය පුවත්පත
(..මම ඉන්නෙ පන්තියෙ පිටිපස්සෙම මේසෙක. එතනට බෝඞ් එක පේන්නෙත් නෑ’ සිඟිත්තිය කියන්නීය.
‘ඔයා ටීචට කීවෙ නැද්ද?’ කීව එතකොට ටීචර් කීවා එහෙනන් තව කණ්ණාඩියක් දාගන්ඩ කියල. මම ඒක ඩොක්ටට කීවහම ඩොක්ට කීව එහෙම කණ්ණාඩි දෙකක් දාන්ඩ බෑ කියල’ ඈ එසේ කියා)
මේ සියලු පලිගැනීමට හේතුවී ඇත්තේ මෙම පාසලේ ඇතැම්හු ඇගේ මව සමග ඇති පුද්ගලික තරහකි.ඒ ඇයව එම පාසලෙන් අසාදාරන ලෙස ඉවත්කිරීම හේතුවෙන් නීතියමය පියවර ගැනීමට යාම නිසයි.දරුණු පිළිකාවක් හේතුවෙන් පාසල් නොයාමට සිදුවීම නිසා ඇයව පාසලින් ඉවත්කර ඇත,මේ සකල ශ්‍රී ලංකාවේ ජනප්‍රිය බෞද්ධ පාසලක පිළිකාරෝගයෙන් පෙලෙණ මවකගේ සිගිති දියනිකයට කරන අපරාධයකි.‍‍මෙහෙම පොඩි දරුවන්ගෙන් පලිගන්න තතරම් මේ පාසල්වල සිටින අම්මන්ඩිලාට බලය දුන්නේ කව්ද?මෙවැනි ආකාර‍‍යේ ජඩ වැඩ නිසා මෙම පාසලේම ළමුන් දෙදෙනෙකු පසුගිය කාලයේ සියදිවි හානිකරගත්තු පුවත්ද වාර්තාවී තිබීම සැලකිල්ලට ගතයුතු කරුණකි.

තවත් ඉතා අවාසනාවන්ත තත්ත්වයක් වන්නේ මේ කරුණු පිළිබද ඩේලිමිරර් පුවත්පත ලියන්න ගිය ලිපිය ඉහල අයකුගේ බලපෑමක් නිසා එම ලිපිය පල නොවීමයි.දෙවනුව ‍‍මේ අදාල මවට මුහුණු පොතේ සිටින පාසලට සම්බන්ධ උදවිය ඉතා පහත් ලෙස ආමාන්ත්‍රණය කර තිබීමයි. ගැහැනියකට ගරහන්න තරම් මෙම් විදුහලේ සිටින අයගේ මානසික මට්ටම කෙබදුද කියා අපිට නිගමනය කළ හැක, දැන් එම ගුරුවරියට එක එක චීත්ත ඇදගත්තු පිරිමි සහ පාසලට සම්බන්ධ ගුරුවරු හා තවත් අය අපහාස කරමින් යයි.
ඇය පාසලේන් ඉවත්කර ඇත්තේ ලිංගික කාරනය්ක බව බොරු ගොතා දක්වයි.මෙහෙමත් මිනිසුන්.වාසනාවකට මා හට එම පාසලෙන් ඇය ඉවත්කිරීම ගැන සදහන් ලිපිය ලැබුණා.එයත් මෙහි පල කර ඇත.දැන් මොකද කියන්නේ බොරු ගොතපු අය? මේකද මහ ලොකු සමාජය. බෞද්ධ කම?

මෙය ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි.ඒ මදිවට ව්‍යාජ මුහුණු පොත් භාවිතා කරමින් ඇයට අපහාසාත්මකව ඡ්‍යාරූපද පළ කර තිබෙනු අපට දැක ගත හැකිවිය.මේ ‍‍දේවල්වලින් සමාජයට දෙන පනිවිඩය කුමක්ද? තමත් දරුවෙකු බිල්ලට දෙන්න බැරි නිසා තිබෙන හිතේ අමාරුවද? තැනිනම් පාසල මගින් බිහිකරන සදාචාර සම්පන්න උදවියගේ කෙරුවාවද?මෙ පිලිබද පාසල රාවය පුවත්පතට සදහන් කර තිබු‍‍නේ
උපුටා ගැනීම
(අපේ පාසලේ එහෙම දෙයක් වෙන්ඩ බෑ
නෙළුම් සේනාධීර, විදුහල්පතිනී- කොළඹ මියුසියස් විද්‍යාලය.)

දරුවෙකුට කරදරයක් වුණාම පාසලේ ආදිසිසුවියන්ද එක්ව එම දරුවා බේරාගැනීමට එක්වනවා වෙනුවට මෙයාල එක්කාසු වී දරුවට සහ ඇගේ මවට හංදිගනේ පද හදන තියරිය මොකද්ද කියලා විදුහලේ විදුහල්පතිගෙන් සහ අද්‍යක්ෂ මණ්ඩලයෙන් අපට අසන්නට ඇත.මෙ දරුවාට යම් අපරාධයක් සිදුව‍‍නොත් මේ සියලු උගත් උසස් අය වගකීම බාරගතයුතුය.මේ දරුවා මාස ගනනක් තිස්සේ පාසල් නොයයි.වගකීම පාසල බාරගතයුතුයි.

සමහර මට මාධ්‍ය භාවිතය පිලිබද උදදෙස්ද දී තිබුණි.රටේ මාධ්‍ය භාවිතය පිලිබද උපදෙස් දෙන්න කලින් තමන්ගේ පාසලේ වරුදි අඩුපාඩු හදාගන්නා ලෙස අපි උපහාසයෙන් විදුහල්පතිනියට කියන්නෙමු. මෙවැනි නින්දිත පහන වැඩ සිදුකරන ගුරුවරුන් ගුරු වෘත්තීයේද තමාගත යුතු නැතිම දෙයකි.‍‍දෙමාපියන්ගෙන් පලිගන්න බැරිව පොඩි උන්ගෙන් පලිගන්න තරම් ඕක පහත් පෙලේ පාසලක්ද ? ලැජ්ජ නැද්ද පොඩි අයගෙන් පලිගන්නේ?

මට හිතුන හැටි
මනෝජ් රත්නායක

(කරුණාකර මේ පෝස්ටුව ඉවත්කර ගන්නාලෙස එක එක ලවා දුරකතන පනිවිඩ නොදෙන්න)
ළමයකු වෙනුවෙන් පෙනීසිටින දෙයක් විනා පුද්ගලික දෙයක් නොවන බව කරුනාවෙන් සලකන්න

සබැදි ලිපියක්
http://ravaya.lk/?p=173071

The College is governed by a Board of Trustees, comprising of eminent and distinguished personnel in the country. They oversee the stragetic development of the school and for the effective and efficient use of resources.

At present the Board of Trustees consist of the following:

Mr. Ajita de Zoysa
Mr Chanaka De Silva
Mr. Navin Gooneratna
Mr. J. B. L. De Silva
Mrs. I. Weeratunga
Dr. Mohan De Silva
Mr. Duminda Hulangamuwa

 

10
ඔක්.
18

ජනාධිපතිවරයා සියේට 20 ක කොමිස් මුදලක් ඉල්ලයි – ලංකා ඊ නිව්ස් කියයි.

වසරකට ඩොලර් මිලියන 850 බැගින් රටට ආ විදේශ ධන උල්පතක් ජනාධිපතිගේ කොමිස් ඉල්ලීම නිසා රටට අහිමි වෙලා..! මෙන්න සාක්කි..!!

(ලංකා ඊ නිව්ස් – 2018.ඔක්.09, ප.ව.7.40) ලංකාවට ඩොලර් විදේශ විනිමය අත්‍යාවශ්‍යව තිබෙන මේ මොහ‌ොතේ දී වසරකට ඩොලර් මිලියන 850 ක් නොකඩවා ලැබෙන ව්‍යාපෘතියක් ජනාධිපති පල්ලෙවත්ත ගමරාළගේ හෙණ ගහන කොමිස් ඉල්ලීමක් නිසා රටට අහිමිව ගොස් තිබෙන සංවේගජනක පුවතක් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

මේ ව්‍යාපෘතිය ලංකාවට ගෙනැවිත් ඇත්තේ සුප්‍රකට මුහුදු නාවික ආරක්ෂක සමාගමක් වන ඇවන්ට් ගාඩ් ‌මෙරිටයිම් සමාගම විසිනි. රතු මුහුදේ සිදුවන ISIS ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා සහ නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා ලිබියාව විසින් ඇවන්ට් ගාඩ් සමාගම තෝරා ගෙන තිබිණ. ඒ සඳහා අවශ්‍ය අනෙකුත් ජාත්‍යන්තර අනුකූලතා සහතික ඇවන්ට් ගාඩ් සමාගම විසින් රුසියාව, ඇමරිකාව, නේටෝ රටවල් ආදියෙන් ලබා ගෙන අවසානයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා තිබේ. ඒ අවශ්‍ය මානව සම්පත් ලංකාවෙන් ලබා ගත යුතු නිසාය.

එහිදී ඇවන්ට් ගාඩ් සමාගම ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති වාර්තාව මෙහි දැක්වෙන අතර ඒ මගින් ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ගෙන් විශ්‍රාම ගත් නිලධාරීන් 1500 කට සහ සෙබලුන් 15000 කට රැකියා අවස්ථා ලබා දිය හැකි බවත් සෙබලාගේ සිට කර්නල් සමාන ධූර දක්වා අය සඳහා ලංකාවේ මුදලින් රුපියල් 3,40,000/- සිට 11,90,000/- දක්වා මාසික වැටුප් ද නිලධාරීන්ගෙන් බ්‍රිගේඩියර් සමාන ධූර සහ ඉන් ඉහළ අයට රුපියල් 17,00,000/- සිට 42,50,000/- ක් තරම් වන අතිශය ඉහළ මාසික වැටුප් ලබා දිය හැකි බවද රජයට දන්වා තිබේ.

බඳවා ගත හැකි විශ්‍රාමික නිලධාරීන් ලෙස එස්ටීඑෆ් නිලධාරීන්, රියර් අද්මිරාල්ලා, මේජර් ජෙනරාල්ලා පමණක් නොව හෙළිකොප්ටර් නියමුවන් 10 දෙනෙකුට ද රැකියා අවස්ථා සලසා දිය හැකි බව ව්‍යාපෘති වාර්තාවේ සඳහන් ය.

මේ වාර්තාවේ සඳහන් ඉතාමත් වැදගත් යෝජනාව වන්නේ වාර්ෂිකව ලැබෙන ඩොලර් මිලියන 850 න් සියේට 10 ක් ශ්‍රී ලංකාවේ රජයට ද ගෙවිය හැකි බව දන්වා තිබීමයි.

4360222224350943519436914370443447134350933436099443509352_20792

මෙකී වාර්තාව ජනාධිපතිවරයා ප්‍රධාන ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර මාස දෙකක් පමණ කල් මැරීමෙන් පසු ආරක්ෂක ලේකම් වරයා විසින් මේ ගැන සාකච්ඡා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාපතිවරුන් තිදෙනා සමග සාකච්ඡාවක් ඇවන්ට් ගාඩ් සමාගමට සලසා දී තිබේ. එහිදී ත්‍රිවිධ හමුදාපතිවරුන් ද මීට කැමැත්ත පළ කර ඇත.

එසේ වූ නමුත් අවසානයේ ජනාධිපතිවරයා මීට අනුමැතිය දීමට නම් තමාට මෙයින් සියේට 20 ක කොමිස් මුදලක් අවශ්‍ය යැයි දන්වා ඇත. ආණ්ඩුවටත් සියේට 10 ක් දී ජනාධිපතිටත් සියේට 20 ක් දී සියේට 30 ක් අතහැර සිදුකළ හැකි බිස්නස් එකක් ලොව තිබිය නොහැකිය. ඒ අනුව ජනාධිපතිට කොමිස් නොලැබීම නිසා අනුමැතිය නොලැබීමෙන් මේ සා විශාල විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ලබා ගත හැකිව තිබූ ව්‍යාපෘතිය ප්‍රංශය සහ ජර්මනිය ආදී වෙනත් රටවල් වෙත ගොස් ඇත.

ලංකාවට මූල්‍ය ආධාර ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා දෙන්නේ වසරකට ඩොලර් මිලියන 300 ක් වැනි මුදලකි. ඒවාද ණය බැවින් යලි ගෙවිය යුතුය. එසේ තිබියදී රටට ණය නොවන ස්ථිර විදේශ විනිමයක් ලෙස ඩොලර් මිලියන 850 ක් තරම් විශාල මුදලක් ලැබෙන ව්‍යාපෘතියක් කොමිස් ගැන නොතකා, ගෙනාවේ කවුරුන්ද යන්න ගැන නොතකා, රටට ලබා ගැනීමට කටයුතු කරනවා වෙනුවට මේ දේශද්‍රෝහී ජනාධිපතිවරයා කර ඇත්තේ කෙතරම් විශාල ද්‍රෝහී කමක්දැයි ජනතාව දැන ගත යුතුය.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් හමුදාපතිවරුන් තිදෙනා සමග සාකච්ඡාවක් සඳහා ඇවන්ට් ගාඩ් සමාගමට නිකුත් කළ ලිපියත්, ඇවන්ට් ගාඩ් සමාගම විසින් ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාවත් මෙහි පහත දැක්වෙන ඉමේජ වල සඳහන්ය. ඒවා විශාල කර කියැවිය හැකිය.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ලංකා ඊ නිව්ස් ඇවන්ට් ගාඩ් සභාපතිවරයා ඇමතූ නමුත් ඔහු මේ පිලිබඳ ප්‍රකාශයක් කිරීම ප්‍රතික්ෂේප කෙළේය.

 




අනවශ්‍ය දේවල්

  • 182,345 ක් බැළුවා

මරුවා වැහෙන දින

නොවැම්බර් 2018
බ්‍ර සි සෙ
« ඔක්.    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements