Archive for the 'Sudi Arabia' Category

20
නොවැ.
17

දෙමලාගේ මාධ්‍ය භාවිතාව ජනමාධ්‍ය බූරුවන් හා රට කරන ගමයා

 

Advertisements
15
නොවැ.
17

මහා මයිලෝ – හිටං ජාතකය (නියමයි)

Sonala Gunawardana

================

යටැ ගිය දවසැ පුලතිසි නුවර ජාත්‍යන්තරයට අධිපති වූ, සංහිඳියාවට අධිගෘහිත වූ, සරලකමෙහි ප්‍රතිබිම්බය වූ, ශ්වේත වර්ණ වස්ත්‍රයෙන් බබලන්නා වූ, සිවුසැට ආභරණ පසෙක ලා උපැස් යුවලින් පමණක් සැරසුණා වු, වෛජයන්තී දේවීයට ස්වාමී වූ, දහම්සොඬ පුත් රුවනට හා චත්තාරිකා දු කුමරියට පීතෘ වූ , විජයකලාවන්ට සකල කලාවන් පාන්නා වූ, රුපුනොද එඩිය බිඳ, දෙසැට ලක්ෂයක් වෘෂභයන්ට දිව්‍ය රාජෝත්තමයා වූ, පොළවෙන් මතුවුණා වූ , මහානුභාව සම්පන්න මෙත්පල් නම් නිරිඳෙකු රාජ්‍ය විචාරණ්නට වම් හ.

මෙකල්හි රට වැසියෝ බොහෝ සැප සම්පත් වලින් යුක්තවැ දැහැමින් සෙමින් දිවි ගෙවන කල්හි මෙය දරාගත නො හී යක්ෂයන්ට අධිපති වු, ගෝත්‍රික බයි වැසියනට රජ වු, මහා තෙද බල පිරිබාහරන් ගේ ශීර්ෂය සතරකඩකට පැළුවා වූ , රන් කහවනු දහඅට කෝටියක් සොරාගෙන උතුරු කුරු දිවයිනේ සැඟෙව්වා වු මහේන්ද්‍ර නම් යක් තෙමේ ලෝක පාලන දෙවියන් හා මිත්‍රව රට වැසියා මධුමේහය ආදී අට අනූවක් ව්‍යාධි බාහුල්ලයන්ගෙන් පෙළනු වස් මයිලෝ නැමති පානයක් මවා රට වැසියා එය පානයට පොළඹවා ශරීරගත ශර්කාරා ප්‍රමාණය ඉහල දමන්නට විය.

මෙත්පල් නිරිඳු මෙ කාරණා දෙසවන් වැකුණු මොහොතේ ක්ෂීරපථය සොලවා, වේරම්බ වාතයෙන් කලම්ඹා, අහස් මුදුන් තෙක් දුහුවිලි නංවා මහේන්ද්‍රයාණෝ පරසක්වල ගසන්නෙමි යි කුංචනාද කරන්නට විය.

ඈත දූලීන් වැසී ගිය මෙත්පල් රජු ය…
මෑත මයිලෝවක් අතින්ගත් මහේන්ද්‍රයෝ ය…
ඈත කෝපයෙන් රත්ව ගිය යවට වන් මෙත්පල් රජු ය….
මෑත ගත සිත පුබුදු කරන පානය ඇතැති මහේන්ද්‍රයෝ ය…
ඈත බැලූ බැලූවන් හිටං යැයි කියවෙන මෙත්පල් රජු ය….
මෑත දිව පිනවන පානය ගත් මහේන්ද්‍රයෝ ය…
ඈත එබූ පයින් මහ පොළොව පලා යන මෙත්පල් රජු ය….
මෑත රත් පැහැ සාටකයෙන් බබලන මහේන්ද්‍රයෝ ය….

වෙන්නට යන මහා විපත දැක රජවාසලෙහි මොළයානන් වහන්සේ වන විකුම්සිහ තෙමේ මෙත්පල් නිරිඳු හා සතරකන් මන්ත්‍රණ පවත්වා ශර්කාරා පානය පිළිබඳව සොයා බැලීමට රජවාසලේ විශ්‍රාමික කේවට්ටයන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට උපදෙස් දෙන්නා හු ය.මෙය අසා කෝපයට මෙත්පල් තෙමේ ඒ යෝජනා අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දමා රට වැසි තෙමේ දෙස මහා කරුණා නෙත් යොමා මයිලෝවක් රැගෙන ගෙයින් ගෙට වැද හොත්තේ ය. ඉනික්බිති ඒ පාන පෙන්වා අනන්තාපරිමාණ අර්ථානර්ථ දක්වා ඒ වෙනුවට බීර පානය කරන ලෙස ආයාචනා කරන්නට වු හ. එ බස් අසා රට වැසියෝ මහත් සොම්නසට පැමිණැ මයිලෝ පාන ඉවත දමා මහා සිද්ධාර්ථ තෛලය වන් බීර පානය කිරීමට උත්සුක වු හ.

ඉක්බිති රට වැසියෝ සෞඛ්‍ය සම්පන්න බීර පානයට හුරු වී, අට අනූවක් වූ සියලු ව්‍යාධි බාහුල්ලයන්ගෙන් මිදී තෙද බලැති සිරුරැතිව යහපාලනගතව කල් යැවූ හ’යි මෙයින් දත යුතු.

මහා මයිලෝ ජාතකය මෙතකින් නිමියේ වෙයි.

15
නොවැ.
17

ලිංගික වහල් සේවයට ගෑනු විකුනන අාන්ඩු ෙව් ෙපාන්න ෙයා්

ලංකාවේ දරුවන් හා කතුන් සෞදියේ බලෙන් ලිංගික වහල් සේවයේ යොදවලා..- රජකුමරිය හෙළි කරයි…

ලංකාවේ දරුවන් හා කතුන් සෞදියේ බලෙන් ලිංගික වහල් සේවයේ යොදවලා..- රජකුමරිය හෙළි කරයි…

ශ්‍රී ලංකාව බංගලා දේශය පිළිපීනය, සෝමාලියා, ජිබුටි නයිජීරියාව, රුමේනායාව සහ බල්ගේරියාව යන රටවල අනාථ දරුවන් සෞදි ආරාබිය තුළ ලිංගික වහල් සේවයේ යොදවන බව සෞදි අරාබියේ රජ කුමරියක වන අමීර් බින්ට් අයිඩන් බින් නයිෆ් ප්‍රන්ශයේ ලී මොන්ඩේ නම් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබ දෙමින් මෙසේ හෙළි දරව් කර ඇත.

මෙම රජ කුමරිය මෑතකදී සෞදි ආරාබියේ දූෂණ මර්ධන මෙහෙයුමක් අතර තුරදී අත්අඩංගුවට පත් වූ අල් වලීඩ් බින් තලාල් කුමරුගේ පෙර බිරියයි.

ජෙඩා නගරය මත්ද්‍රව්‍ය හා මත්පැන් වලට ඇබ්බැහි වූවන් උදෙසා බාල වයස් කාර දැරියන් ලිංගික වහල් සේවයේ යොදවන නගරයක් බවට පරිවර්ථනය කර ඇති බවද කුමරිය වැඩි දුරටත් පවසා ඇත.

මෙහිදී මෙම දරුවන් ඔවුන් මිලට ගන්නා අයගේ දේපලක් බවට පත් වන අතර අයිතිකරුවන්ගේ අවසරයකින් තොරව දරුවන්ට පිටව යාමට පවා හැකියාවක් නැත.

එමෙන්ම සෞදියට රැකියාව සඳහා එන ආසියානු ගෘහ සේවිකාවන් පවා වහලුන්ගේ තත්ත්වයට පත් වන බව කුමරිය පවසා ඇත.

බාල වයස්කාර ගැහැණු දරුවන් කුඩා කණ්ඩායම් වලට බෙදා ඔවුන්ගේ නොමනා ක්‍රියා සඳහා යොදවා ගන්නා බවද හෙළි දරවු කර ඇත.

ආසියානු කාන්තාවන්ට අමතරව සුදු කාන්තාවන්ද ගෙන්වීම සහ ලිංගික ක්‍රියාවල යොදවමින් ඔවුන් ද ගසා කෑම බහුලව සිදුවන බවද රජ කුමරිය පවසා ඇත.

– adaderana

01
නොවැ.
17

ගොං රනිල් ගේ පඩ උපදේශක ගොබ්බයින් සඳහා

  

28
සැප්.
17

දෙමල ජාතිවාදය, ආන්ඩුවේ පොන්නයෝ සහ පිරිමි

‘යාපනේ දෙමල කුලබේදය පැරදු සිංහල සොල්දාදු ලේ..’-‘යාපනේ දෙමල කුලබේදය පැරදු සිංහල සොල්දාදු ලේ..’- ජිනීවා දේශණයෙන් සභාවම ගල් ගැහේ..

ආචාර්ය නාලක ගොඩහේවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වන සැසිවාරයේ ‘ ලංකාව තුල දෙමල ජනතාවට අසාධාරණයක් වෙනවාද’ යන මාතෘකාව මත පැවති සැසියේදී කල දේශනය.

ගරු සභාපතිතුමනි,

ලංකාව තුල වසන දෙමල ජනතාවට, බහුජාතිය වන සිංහලයන්ගෙන් අසාධාරණයන් සිදු වෙනවායැයි දැනට බොහෝ කලකට පෙර සිට ලෝකය ඉදිරියේ දිගින් දිගටම ප්‍රකාශ වෙමින් පවතින මතය සම්පූර්ණ අසත්‍යයක් බව මම මුලින්ම ප්‍රකාශ කරන්නට කැමතියි

ලංකාවේ ජනගහනයෙන් 74.9% සිංහල වන අතර 11.2% ක් දෙමළ ජනතාවයි. මීට අමතරව 4.1% සිටින්නේ ඉන්දීය සම්භවයක් ඇති කඳුකර දෙමල ජනතාවයි. ලංකාවේ සුලු ජාතීන් සිටින්නේ දෙමල පමනක් නොවේ. ජනගහනයෙන් 9.3% මුස්ලිම් වන අතර බර්ගර්, මැලේ චෙට්ටි , භරත වැනි තවත් කුඩා ජන කොටස් එකතුව 0.6% ක් පමන සිටිනවා.

1948 අප නිදහස ලැබූ කාලයේ සිටම දෙමල ජනතාවට අසාධාරණයක් වෙන්වාය යන චෝදනාව අසන්නට ලැබෙනවා. නමුත් පුදුමයකට මෙන් රටේ ජීවත්වන අනෙක් සුලුජාතීන්ගෙන් එවැනි චෝදනාවක් එල්ල වන්නේ කලාතුරකිනුයි.එයට සැබෑ හේතුවනම ජන වාර්ගික පදනම මත දෙමල ජනතාවට විශේෂ අසාධාරණයක් වෙනවාය යන්න දෙමල දේශපාලනඥයින් විසින් ගොතා කාලයක් තිස්සේ ප්‍රචාරය කරන ලද මුසාවක් පමනක් නිසායි.

ලංකාව තුල දෙමල ජාතිකයෙකුට ඉහලට යාමට කිසිදු බාධාවක් නැහැ. දෙමල ජාතිකයින් අපේ රටේ බොහෝ ඉහල තනතුරු දරා තිබෙනවා. අදත් එහෙමයි. මම මෙයට උදාහරණ කිහිපයක් දෙන්නම්.

නිදහසින් පසු රට පාලනය කල සෑම රජයකම පාහේ ප්‍රබල දෙමල ඇමති වරුන් සිටියා. කලක් අපේ විදේශ ඇමතිව සිටි ලක්ෂ්මන් කදිරගාම දෙමල ජාතිකයෙක්. දෙමල ත්‍රස්ථවාදීන් විසින් 2005 ඔහුව මරාදමන විට ඔහු අගමැති පදවියට පවා සුදුස්සෙකු ලෙසයි සලකනු ලැබුවේ . සමහර විට එදා ඔහු මිය නොගියානම් සමහරවිට ඔහු මේ වන විට රටේ ජනාධිපති වී ඉන්නට පවා ඉඩ තිබුනා.

මෑතදී විශ්‍රාම ගිය අග්‍ර විනිශ්‍යකාර කේ ශ්‍රීපවන් මහතා දෙමල ජාතිකයෙක්. වර්ථමාන මහබැංකු අධිපති ආචාර්‍ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දෙමල ජාතිකයෙක්. එපමනක් නොවෙයි ඔහුට පෙර සිටි අධිපතිවරයා වන අර්ජුන් මහේන්ද්‍රනුත් දෙමල ජාතිකයෙක්. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජෙෆ්‍රි අලගරත්නම් මහතා දෙමල ජාතිකයෙක්. ලංකාවේ ජනතාව බොහෝ ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩක මුත්තය්යා මුලරිදරන් මහතා දෙමල ජාතිකයෙක්. දෙමල ජාතික රුද්‍රා රාජසිංහම් මහතා හිටපු පොලිස් පති වරයෙක්. වර්තමාන නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මහතා දෙමල ජාතිකයෙක්. ලංකාවේ චන්ද කොමිසමේ සමාජිකයින් තුන් දෙනාගෙන් එක් අයෙක් වන මහාචාර්ය රත්නජීවන් හූලි දෙමල ජාතිකයෙක්. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා දෙමල ජාතිකයෙක්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 33 දෙනෙක්ම දෙමල ජාතිකයින්. අද උතුරු පලාත් සභාවේ මහ ඇමති වන සී වී විග්නේශ්වරන් මහතා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයෙක්. කොළබ කොටස් වෙළඳපොලේ හිටපු සභාපතිවරයා වන ක්‍රිෂාන් බාලෙන්ද්‍ර මහතා දෙමල ජාතිකයෙක්. ලංකාවේ විශාලතම විද්‍යුත් මාධ්‍ය ජාලය වන සිරස එම්ටීවී අයිති මහාරාජා නැමති දෙමල ජාතික පවුලටයි. ලංකාවේ විශාලතම සුපිරි වෙළඳ සැල් ජාලය වන ෆුඩ් සිටී අයිති පේජ් නැමති දෙමල ජාතික පවුලටයි. ලංකාවේ විශාලතම බියර් නිශ්පාදන සමාගම වන කාර්සන්ස් අයිති සෙල්වනාදන් නැමති දෙමල ජාතික පවුලටයි. මට මේ ආකාඅරයට දිගින් දිගටම කියාගෙන යන්නට පුලුවන්.

ඒ වෙනුවට මා අසන්නට කැමතියි “කෝ ඔය කියන ජාතික පදනම මත දෙමල ජනතාවට වෙනවායැයි කියන අසාධාරණය”? අප ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ මේ බොරු ප්‍රචාරණ වලට සැබෑ හේතුව කුමක්ද කියායි. එය වටහා ගැනීමට අප ඉතිහාසය දෙස හැරී බැලිය යුතුයි.

භේද කොට පාලනය කිරීම යටත් විජිතවාදීන්ගේ මූලික ප්‍රතිපත්තියක්. රටේ ජීවත්වන විවිධ වාර්ගිකයින් අතර අසතුට හා අසමගිය ඇතිකිරිමේ අරමුණින් ඔවුන් හැම විටම සුලු ජාතීන්ව සම්බන්ධ කරගත්තා මහ ජාතිය පාලනය කිරීමට. ඒ අනුව 1948 අපේ රට නිදහස ලබන විට රජයේ බොහෝමයක්ම වගකිව යුතු තනතුරු දැරුවේ දෙමල ජාතිකයිනුයි. නිදහස් නිසා එතෙක් ඔවුන් සතුව තිබු මේ ආධිපත්‍යය නැති වේයැයි එද සිටි උගත්, ඉංග්‍රීසි කතාකරන සමාජයේ බලවත් පදවි දැරූ දෙමල පිරිස බියවුනා. ඔවුන් සිංහලයින් හා සම පාලන අයිතිය ඉල්ලූවේ ඒ නිසායි. එසේ ඔවුන් 50:50 ඉල්ලන විට ඔවුන්ගේ ජන අනුපාතය් 10% ටත් අඩුයි. එද දෙමල දේශපලනඥයින් ඉල්ලූ ආකාරයට 50:50 දුන්නානම් අසාධාරණය වන්නේ බහුජාතිය වූ සිංහලයින්ටයි.

අපි දැන් බලමු ශ්‍රී ලංකාව තුල සුලු ජාතීන්ගේ තත්වය කුමක්ද කියා

ශ්‍රී ලංකා ජාතික කොඩියේ දෙමල හා මුස්ලිම් ජන කොටස් වලට සුවිශේෂී තැනැක් ලබා දී තිබෙනවා. තැබිලි පාට ඉරකින් දෙමල ජනතාවත් කොලපාට ඉරකින් මුස්ලිම් ජනතාවත් මූර්ථිමත් වනවා. මේ අකාරයට ජාතික කොඩියෙන් පවා සුලුජාතීන්ට ගෞරවයක් ලබා දී ඇති අන් රටවල් මොනවාදැයි මම අසන්නට කැමතියි.

ලංකාවේ රජය මගින් මුද්‍රණය් කරනු ලබන සියලූම වැදගත් ලිපි ලේඛණ වල සිංහල හා දෙමල යන භාෂා දෙකම භාවිත වෙනවා. එයට උදාහරණ ලෙස අපට උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, මරණ සහතිකය , ආගමන විගමන පත්‍රිකා ආදිය නම් කල හැකියි. සියලූම මුදල් නෝට්ටු වල අගයන් සිංහල හා දෙමල භාෂා දෙකෙන්ම සඳහන් වෙනවා. ලංකාවේ ඕනෑම දරුවෙකුට නිදහස් අධ්‍යාපන අයිතිය තිබෙනවා. ඕනෑම පුරවැසියෙකුට නිදහස් සෞඛ්‍ය අයිතිය තිබෙනවා. ජාතිකත්වය එම අයිතීන් සඳහා බලපාන්නේ නැහැ. ලංකාව තුල බහුතරය වන සිංහලයින්ට පමනක් සීමා කරනු ලැබු කිසිදු ස්ථානයක් නැහැ. සිංහල, දෙමල, මුස්ලිම් බර්ගර් මේ සියල්ලට අපේ පොදු ප්‍රවාහන පහසුකම් එකසේ භාවිත කල හැකියි.

කිසිම ක්‍රීඩාවකට ජාතිකත්වය බලපාන්නේ නැහැ. ජාතික කන්ඩායමකට ඇතුලු වීමේදී බලන්නේ දක්ෂතාව පමනයි. ක්‍රීඩකයා අයත් වන්නේ මහ ජාතියටද නැත්නම් සුලු ජාතියකටද කියා සලකා බැලීමක් කිසිවිටෙක කෙරෙන්නේ නැහැ. ඉතින් කොහෙද මේ කියන සුලු ජාතීන්ට වන විශේෂ අසාධාරණය ?

නමුත් අනික් අතට දෙමල බහුතරයක් ඉන්නා උතුරේ නම් අන් ජාතීන්ට අසාධාරණයක් වන නීතියක් තිබෙනවා. ඒ තේසවලාමේ නමින් හැඳින්වෙන ඉඩම් පවරාදීමට සම්බන්ධ නීතියයි. උතුරට පමනක් බලපාන මේ නීතිය අනුව ඉඩමක් අලුතින් මිලදී ගත හැක්කේ දෙමල අයෙකුට පමනයි. මෙන්න දෙමල බහුතරයක් සිටිනා ප්‍රදේශයක ජාතිකත්වය මත පදනම් වූ අසාධාරණත්වයට හොඳම උදාහරණ.

ඇත්තෙන්ම කියනවානම් දෙමල ජාතිකයන්ට විශේෂ අසාධාරණයක් වෙන්වා නම් ඒ දෙමල ජාතිකයින්ගෙන්මයි. එයට හේතුව විදෙශිකයින්ට සමහර විට නොතේරෙන දෙමල සංස්කෘතිය තුල කුල වාදයයි.

උතුරේ දෙමල ජනතාව නැගෙනහිර දෙමල ජනතාව පහත් කොට සලකන බවත් , උතුරු නැගෙනහිර ජනතාව එක්ව කඳුකර දෙමල පහත්කොට සලකන බවත් ඕනෑම කෙනෙක් දන්නා කරුණක්. වෙනෙකක් පවා මෙම භේද දෙමල ජනතාවට වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් කල එල් ටී ටී ඊ ත්‍රස්ථවාදීන් අතර පවා තිබුනා. 2005 දි එල් ටී ටී ඊ යෙන් කැඩී වෙන්වුන එහි නැගෙනහිර හමුදා නායක වූ කරුණා ඔහුගේ සම්මුඛ සාකච්ඡාවල පැහැදිලි කොට තිබෙන්වා ත්‍රස්ථවාදී සංවිධානය තුල උතුරේ කාඩරයින් නැගෙනහිර කාඩරයින් පහත් කොට සැලකූ බව.

උතුරේ දෙමල ජනතාව නැගෙනහිර දෙමල ජනතාව පහත් කොට සලකන බවත් , උතුරු නැගෙනහිර ජනතාව එක්ව කඳුකර දෙමල පහත්කොට සලකන බවත් ඕනෑම කෙනෙක් දන්නා කරුණක්. වෙනෙකක් පවා මෙම භේද දෙමල ජනතාවට වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් කල එල් ටී ටී ඊ ත්‍රස්ථවාදීන් අතර පවා තිබුනා. 2005 දි එල් ටී ටී ඊ යෙන් කැඩී වෙන්වුන එහි නැගෙනහිර හමුදා නායක වූ කරුණා ඔහුගේ සම්මුඛ සාකච්ඡාවල පැහැදිලි කොට තිබෙන්වා ත්‍රස්ථවාදී සංවිධානය තුල උතුරේ කාඩරයින් නැගෙනහිර කාඩරයින් පහත් කොට සැලකූ බව. ඒ නිසා බොහෝ විට පරජය වීමට වැඩි ඉඩක් ඇති විනාශකාරී ක්‍රියාන්විතයින් සඳහා නැගෙනහිර බලකායන් යොදාගැනුන බව ඔහු කියා තිබෙනවා.

මා ඔබෙන් අසනවා අදත් උතුරේ ඉහල කුලයක දෙමල අය පහල කුලයක අය සමඟ එකට සිට කෑම කනවාද ?. පහල කුලයක අයෙක් සමඟ විවාහය අනුමත කරනවාද ?

දෙමල ජනතාව පහල කුලයක අයෙකු ආගමික ස්ථානයකටවත් වද්දා නොගන්නා යුගයක් ලංකාවේ තිබුනා. 1957 ඉතා ප්‍රසිද්ධවූ සිද්ධියක් මම මතක් කරන්නම්. හිටපු කැබිනට් ඇමතිවරයෙකු වූ සී සුන්දරලින්ගම් මහතා නල්ලූර් කොවිලේ ගේට්ටුව හරහට නිදා ගත්තා පහල කුල වල අයටත් කෝවිල විවෘත කලයුතුයැයි රජය නීතියක් ගෙන ආ විට.

ඇත්තෙන්ම දෙමල ජනතාව තුල තිබූ මේ එකිනෙකාට කෙනෙහිලි කරගැනීමට යම්තාක් දුරකට හෝ පාලනය කෙරෙන පනතක් ඉදිරිපත් වූයේ සිංහල අගමැති වරයෙකු වූ එස් ඩබ්ලිව් ආර් ඩී බන්ඩාරණායක මහතාගේ කාලයේයි. 1957 ගෙන ආ සමාජ විශමතාවයන් පිළිබඳව වු පනතෙන් හඳුන්වාදුන් නීතිවලින් කිහිපයක් දෙස බැලීමෙන් පමනක් ප්‍රශ්ණය මොනතරම් බරපතල වන්නට ඇද්ද කියා ඔබට වටහා ගත හැකියි. කුලය මත පදනම්ව යමෙකුට රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට ආපන ශාලවකට ඇතුලුවීමේ අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට සුසානාගාරයකට ඇතුලුවීමේ අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට තමුන් කැමති ඇඳුමක් ඇඳීමට ඇති අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට පොදු වතුර ලබා දෙන ස්ථානයකින් වතුර බීමට ඇති අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට ආගමික ස්ථානයකට ඇතුලුවීමට ඇති අවස්ථාව අහිමි කල නොහැක. මේ කිහිපයක් පමනයි. එය ඉතා දිගු පනතක්.

තමුන්ගේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ලෝකය හමුවේ කෑමොර දෙන අය තමුන්ගේම ජනතාවට සලකන ආකාරය පුදුම උපදවනවා නේද ?

අදත් මේ භේදය යාපනයේ තිබෙනවා. හොඳම උදාහරණය තමයි යාපනයේ ඉස්පිරිතාලවට ලේ දන් දෙන්නට එහි ප්‍රදේශවාසීන්ගේ ඇති අකමැත්ත. තම ලේ වෙනත් කුලයක අයෙකු හා මිශ්‍රවේවි යන අකමැත්තයි එයට හේතුව. යුද්ධය කාලයේ යාපනයේ ඉස්පිරිතාලවට ලේ දන් දුන්නේ සිංහල සොල්දාදුවෝ. එම ලේ වලින් එල් ටී ටී ඊ තුවාලකරුවන්ට පවා ප්‍රතිකාර කෙරුනා. මීට සති කිහිපයකට කලිනුත් ත්‍රිවිධ හමුදාවල 200ක් පමන දෙනා යාපනයේ ලේ දන් දුන්නා ලේ බැංකුවේ විශේෂ ඉල්ලීමක් පිට

1948 අප ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබුවාට පසු එතෙක් සමාජයේ විශේෂ වරප්‍රසාද ලබමින් සිටි ඉංග්‍රිසි උගත ඉහල පන්තියේ දෙමල නායකයින් දැඩි අසතුටට පත්වුනා ඔවුන්ගේ වරප්‍රසාද සාමාන්‍ය ජනතාව හා බෙදා ගන්නය වේවිය යන බිය නිසා. ඒ නිසා ඔවුන් කලේ ඉතා සූක්ෂම ආකාරයට සිංහල ජනතාවගෙන් වෙන්වීම දෙමල ජනතාවට හොඳ‍යයි මතයක් දෙමල ජනතාව තුල සමාජගත කිරීමයි. ඒ සඳහා ඔවුන් බොහෝ බොරු මතිමතාන්තර පතුරුවා හරියා. අවාසනාවකට මෙන් බොහෝමයක් දෙමල ජනතාව මේවාට රැවටුනා. අවසානයේ එල් ටී ටී ඊ ත්‍රස්ථවදයේ ආරම්බයටත් හේතු වූයේ ඔවුන් විසින් ගොඩ නැගු ජාතිවාදී මතවාදයයි.

වසර තිහක් අප සියලුදෙනාම ත්‍රස්ථවාදයෙන් බැටකෑවා. දැන් අපි ත්‍රස්ථවාදය මුලින් උපුටා දමා තිබෙනවා. දැන්වත් අපි අපට වැරදුන තැන් නිවැරදි කරගත යුතුයි. ඒ සඳහා විශේෂ වගකීමක් තිබෙන්නේ දෙමල ජනතාවටයි. සිංහල ජනතාව දැනටම ඔවුන්ට සහෝදරත්වයේ දෑත දිගු කොට තිබේනවා. 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වූවට පසු රජයේ යටිතල පහසුකම් දියුනුකිරීම සඳහා වී ආයෝජනයන් බහුතරය යොදාගැනුනේ උතුරු නැගෙනහිර යලි යථා තත්වයට ගෙනෙන්නටයි. අද දෙමල ජනතාවට රටේ අන් ඕනෑම ප්‍රදේශයක ජනතාව මෙන් සාමයෙන් ජීවත් විය හැකියි. ව්‍යාපාර කල හැකියි.

නමුත් මෙතෙක් කල් දෙමල ජනතාව රැවටු බලවේග යුද්ධයෙන් පසුවවත් නතර වී නැහැ. අන්තර්ජාතික සහාය ඇතුව ඔවුන් යලිත් ඔවුන්ගේ කපටි අරමුණු ඉටුකරගැනීමේ කාර්යය ආරම්බ කොට තිබෙනවා. ඒ සඳහා ඔවුන් දිගින් දිගටම අන්තර් ජාතිකය රවටනවා. එදා ප්‍රභාකරන්ට උඩගෙඩි දුන් වයිකෝ වැනි තමිල්නාඩු දේශපාලනඥයින් පවා අද ජිනීවා පැමින දෙමල ජනතාවගේ ආරක්ෂකයින් ලෙස පෙනී සිටිමිනි වල කරමින් සිටින්නේ ඒ දෙයමයි. අලුතින් පත්වී ඇති ලංකාවේ රූකඩ ආන්ඩුවත් ඔවුන්ට ලොකු සහායක්.

අප විශ්වාස කරනවා බුද්ධිමත් සිංහල , දෙමල හා මුස්ලිම් ජනතාව විශේෂයෙන්ම අනාගත පරපුර මේ ජාතිවාදී උගුලෙන් එලියට ආ යුතුයි කියා. සියලු දෙනාටම සමව ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඒකීය රටක් තුල සාමයෙන් ජීවත් වන්නටත් රටක්ලෙස දියුණුවන්නටත් අනාගත පරපුර උත්සුක වේ යැයි මා ප්‍රාර්ථනා කරනවා.

– චාමින්ද කරුණාරත්න (ජිනීවා සිට)

10
ජුනි
17

ජවිපේ වහලුනි අනුරගේ සෙක්සි පුංචි අම්මා වැඳපුදා ගන්න…මෙන්න කෑල්ල

අනුර දිසානායකගේ පුත‍්‍රයාට ජයසිරි මංගලම්.. අනුර-බිරිද සතුටින් විවාහ උත්සවයේ..[Photo]

 

එම විවාහය සදහා ජවිපෙ නායක අනුර දිසානායක සිය බිරිද සමග සහභාගී වූ අයුරු දැක්වෙන්නේ මෙසේය. ගල් ඇල්ලූ මෙරූන් පැහැ සාරියක් ඇද සිටින්නේ ජවිපෙ නායකයාගේ බිරිදයි.

12
අප්‍රේල්
17

සිංහල අවුරුද්ද එන කොට රනිල් රට පනිනවා…. ඇයි බං ඒ…

සිංහල අවුරුද්ද එන කොට රනිල් රට පනිනවා. ගිය අවුරුද්දෙ කොහෙ ගියා ද කියන එක මතක නැහැ. මේ ගොල්ලන් පිටරට යන හැටියට ඒවා මතක තියාගන්න වෙන ම දත්ත බැංකුවක් තියා ගන්න වේවි. මේ පාර නම් රනිල් ගිහින් තියෙන්නෙ ජපානෙට. අවුරුදු නැකත අසුබ කියා දැන් විද්‍යාඥ බන්දුලත් කතා කරන එකේ රනිල් සකුරා මල් පිපී දැයි බලන්න යන්න ඇති. රනිල් දන්නෙ චෙරි බ්ලොසම්ස් මිසක් සකුරා මල් නො වෙයි.

කොයි හැටි වෙතත් රනිල් සිංහල අවුරුද්ද එන කොට රටින් පනිනවා. ඒ බුලත් අතක් අරං තමන් බලන්න එන්න කොල්ලො කුරුට්ටො මග අරින්න වෙන්න බැහැ. රනිල්ට අවුරුදු සිරිත් අල්ලන්නෙ නැති පාටයි. රනිල් දැන් සිංහල කතා ටිකක් ඉගෙන ගෙන ඇති නමුත් ඔහු තවමත් සිංහල බෞද්ධ සංස්කෘතියට ආගන්තුකයෙක්. අනුර කුමාර හිතන්නෙ මෙතන තියෙන්නෙ පංති ප්‍රශ්නයක් කියලා.

පංතිය කියන්නෙ මොකක් ද කියලා කාල් මාක්ස්වත් රෝහණ විජේවීරවත් දැනගෙන හිටියෙ නැති කොට අනුර මොනව කියනව ද දන්නෙ නැහැ. මාක්ස්ගෙ කම්කරු පංතිය ලෙනින්ගෙ කම්කරු පංතියට වෙනස්. විජේවීරගෙ නිර්ධන පංතිය ඒ දෙකට ම වෙනස්. ඔය පංතියට තමන්ගේ ම වූ විඥානයක් නැහැ. ඒක පිටින් ගේන ඕන. ඒ බව කියන්නෙ මා නොවෙයි, ලෙනින්. මා කියන එක විශ්වාස කරන්නෙ නැත්නම් ලෙනින් ලියලා තියෙන දේ කියවලා බලන්න. ලංකාවෙ උගතුන් කියන අය කියවන්නෙ නැහැ. බුදුන් වහන්සෙ නාගදීපයට වැඩම කෙළේ බක් මහ අමාවක කියලා කිව්වට විශ්වාස කරන්නෙ නැහැ. මහාවංසය කියවලා බලන්නෙ නැත්තෙ ඇයි?

රනිල්ට ජාතිකත්වයක් නැහැ. ප්‍රශ්නය ඒකයි. ඔහු නියෝජනය කරන්නෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය. ඒ මහුගෙ පියා ඇංග්ලිකන් ක්‍රිස්තියානි වීම නිසාවත් බාප්පා ඇංග්ලිකන් බිෂොප්වරයකු වීම නිසාවත් වෙන දෙයක් නො වෙයි. ඔහුගෙ මවගෙ පාර්ශ්වය බෞද්ධ වුණත් ඒකෙ ඩෙප් විජේවර්ධන සම්භවයක් තියෙනවා. ඒ ඔක්කොට ම වැඩිය රනිල් හැදිල වැඩිලා තියෙන්නෙ ආගමෙන් මොකක් වුවත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික පරිසරයක. පනස්හයේ ජයග්‍රහණයෙන් පස්සෙ බණ්ඩාරනායක මහත්තයත් හැන්දෙන් ගෑරුප්පුවෙන් කිරිබත් කාලා අනාගත්ත. රනිල් සංස්කෘතික වැඩවල දී කොහොමටත් අනාගන්නවා.

රනිල්ට ඒ කටයුතුවල පුරුද්දක් නැහැ. ඒ නිසා ලංකාවෙ හිටියොත් නොදන්න දෙයක් කරන්න ගිහින් රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශවලට අහුවේවිය කියා රනිල් අවුරුද්දට කලින් රටෙන් පැන ගන්නවා වෙන්න ඇති. මේ අවුරුද්දෙ නම් රනිල්ට තවත් හේතු තියෙන්න ඇති පැන ගන්න. මේ ගමන නැකත අසුබයි කියලා දෛවඥයන් රාශියක් ම කියලා තිබුණා. රනිල් හිතුව ද දන්නෙ නැහැ රටින් පැනලා ගිහින් අසුබ නැකත මගහරින්න. එතකොට මෛත්‍රිට සිද්ධ වෙනවා ඒකට මුළුමනින් ම කරගහන්න. මෙතන දි මෛත්‍රි කියන්නෙ මෛත්‍රි වික්‍රමසිංහ නොවෙයි ගොවියා පුත් මෛත්‍රිපාල සිරිසේන.

බන්දුල ගුණවර්ධන රවි කරුණානායක වගේ ම ආර්ථික විශේෂඥයෙක්. බන්දුලට ජාත්‍යන්තර සම්මානයක් නම් ලැබිලා නැහැ. ඒත් බන්දුල අප වගේ නොවෙයි. මහා ප්‍රබුද්ධයෙක්. ඔහුට සිංහල අවුරුද්දක් නැහැ. ඔහු වජිරාරාමෙට ගිහිල්ල සිංහල ද්‍රවිඩ අවුරුද්දක ද මොකක් ද එහෙක නැකැත් ගැන කතා කරන්න. නැකැත් අසුබයි කියලා බන්දුලට ප්‍රශ්නයක් වෙලා. නැකැත් විද්‍යාත්මක කියලා බන්දුල කියනවා ද? බන්දුලට අනුනායක හාමුදුරුවො අනුශාසනා කළ අන්දමක් ගැන වාර්තා වෙලා තිබුණෙ නැහැ.

ද්‍රවිඩ කියන්නෙ දකුණ කියන එක. වින්ධ්‍යා කඳුවැටියෙන් දකුණ. බන්දුල ලංකාවෙ දකුණෙ මිනිසුන් ගැන කතා කෙරුව වෙන්න බැහැ. හින්දු අලුත් අවුරුද්දක් ගැන සඳහන් වෙන්නෙ නැහැ. හින්දු අවුරුද්දක් අද ඉන්දියාවෙ පැවැත්වෙන්නෙ නැහැ. එදා පැවතුනෙත් නැහැ. අප්‍රේල් දහහතර ඉන්දියාවෙ නිවාඩු ලැබෙන්නෙ ප්‍රාන්ත කිහිපයක විතරයි. හින්දු අවුරුද්දක් ගැන කතා කරන්න පුළුවන් තෛපොංගල් දිනයෙන් පටන් ගෙන පමණයි. වෙනත් හින්දු අවුරුද්දක් ගැන කතා කරන්න බැහැ.

ඒත් ඉංගිරිසි කාරයො ලංකාවෙ සිංහල අවුරුද්දට නිවාඩු දෙන විට හින්දු ජනතාවටත් නිවාඩුව දෙනව කියලා කියන්න, එහෙම නැත්නම් තුලනය (බැලන්ස්) කරන්න අවුරුද්ද සිංහල හින්දු කියලා නම් කළා. ඒ කාලෙ මේ රටේ දෙමළ අනන්‍යතාවක් තිබුණෙ නැති බව ඒකෙනුත් පේනවා. නැත්නම් ඉංගිරිසින්ට සිංහල දෙමළ අවුරුද්ද කියලා නම් කරන්න තිබුණා. සිංහල හින්දු අලුත් අවුරුද්දක් ගැන කිවුවට යාපනයේ අපේ වගේ අවුරුද්දක් තිබුණෙ නැහැ. අදත් නැහැ. බන්දුලට යාපනයට යන්න බැරි නම් දහහතරවැනිදාට වැල්ලලවත්තට ගිහිල්ල බලන්න පුළුවන්.

අවුරුදු විස්සකට විතර ඉස්සර පඬියන් සිංහල දෙමළ අවුරුද්ද කියලා කියන්න පටන් ගත්ත. ඒ සිංහල හින්දු කියන එක ගැලපෙන්නෙ නැති නිසා වෙන්න ඇති. ඔය දෙමළ අවුරුද්ද යාපනයට ආවෙ කෝරමණ්ඩල වෙරළෙන් ද සිංහලයන්ගෙන් ද? අපේ පුණ්‍යකාලය ඉන්දියාවෙ නැහැ. යාපනයෙ පුණ්‍යකාලම් කියලා ගාව ගෙන තියෙනවා. ඒත් පුණ්‍යකාලමේ දී වැල්ලවත්තෙ කෝවිලට කී දෙනෙක් යනව ද?

අද බන්දුල ප්‍රබුද්ධයකු නිසා දෙමළ කියන්නවත් කැමති නැහැ. ඔහු නොදන්නා ද්‍රවිඩකමක් ගැන කතා කරනවා. බන්දුල වගේ ප්‍රබුද්ධයන් පාර්ලිමේන්තු යන්නෙ සිංහල ඡන්දවලින් මිසක් ඊනියා ද්‍රවිඩ ඡන්දවලින් නොවෙයි. ඒත් ඔවුන් සිංහලයන්ට තම අවුරුද්ද අහිමි කරනවා. මේ ටික කියවලා කියන්න නලින් ද සිල්වා කියන්නෙ අන්තවාදියෙක් කියලා.

මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org/2017/04/blog-post_11.html
නලින් ද සිල්වා
2017 අප්‍රේල් 11




අනවශ්‍ය දේවල්

  • 160,845 ක් බැළුවා

මරුවා වැහෙන දින

දෙසැම්බර් 2017
බ්‍ර සි සෙ
« නොවැ.    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා

  • කිසිවක් නැත