05
නොවැ.
23

ජවිපෙ ඇතුලු කුනු වමට ඇති මතවාද මිසක් තොපේ මුලු රටටම දිගුකාලීන වැදගත් මතවාදයක් නැත

රටේ ජනතාව 2050 දි ජවිපෙට රට බාරදෙනු ඇතැයි මහත් බලාපොරොත්තුවෙන් පසුවන උදවිය වෙතය.

උඹ යූ ඇන්පී පොදු පෙරමුන හරි ඕනෑම පක්ෂයක ගොබිලෙක් විය හැක. එහෙම නැත්තං මහාචාරියෙක් මෙලෝ රහක් නැති උපාධිකාරයෙක් ත්‍රීවීල් කාරයෙක් කුඩ්ඩෙක් පොන්නයෙක් හරි වේසියෙක් හරි පංපෝරි ගොංකතා කියන බිස්නස් කියමින් රට විකුනන හුත්ති ගෙ පුතෙක් විය හැක. සමස්තයක් ලෙස මුලු රටේ ඉන්න හැම ගොබ්බයාම අද වන විට ගොබ්බ ජවිපේ බූරු හැත්තගේ මතවාදවල අදහස්වල අයිඩියෝලොජිවල ඉන්නා බූරුවන්ය. තොපේ මුලු රටටම වැදගත් මතවාදයක් නැත. චීනයේ මෙන් ඊශ්‍රායලයේ මෙන් රුසියාවේ මෙන් රට ගැන ආදරය ඇති වැදගත් අදහසක් ඇති මතවාදයක් නැති බූරු රැලකි.

මේ කියන්නේ විජේවීරගේ ජවිපෙ සහ වර්තමාන ජවිපෙ අතර වෙනස කුමක්දැයි අසන නොදරුවන් වෙතය.

ඊයේ පෙරේදා ඉපදීම නිසා සහ බුද්ධි මට්ටමේ ගැටලු නිසා එවැනි ප්‍රශ්න අසන්නෝ තවමත් අප අතර සිටිති.

සිහි බුද්ධිය ඇති ඕනෑම අයෙක් ඇත්තටම කරනු ඇත්තේ 2020දී ජවිපෙට රට භාරදීම නොව තියන ආසන හයත් ජවිපෙට අහිමි කර දැමීම සඳහා කටයුතු කිරීමය. ඊට හේතුවන කාරණා කීපයක් සැකෙවින් මෙසේ සටහන් කිරීමට අදහස් කළෙමි.

මේ වනාහී විජේවීරගේ ජවිපෙ සහ අනුරගේ ජවිපෙ අතර ඇති අහසට පොළොව බඳු වෙනස්කම් අතරන් කීපයක් පමණි.

1. විජේවීර බෙදුම්වාදී ජාතිවාදයට එරෙහිව දිවි හිමියෙන් අරගල කළේය. අනුර බෙදුම්වාදී ජාතිවාදය වෙනුවෙන් රෙදි නැතිව පෙනී සිටියි.

2. විජේවීර කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් පෙනී සිටියේය. අනුර යුද්ධයේ අවසාන මොහොත වන තුරු යුධ ජයග්‍රහණයට එරෙහිව ගල් පැලෙන බොරු දෙසමින් රනිල් හා එක්වී ආණ්ඩු පෙරළන්නට වළි කෑවේය.

3. විජේවීරට යාපනයේදී දෙමළ ජාතිවාදීන්ගෙන් ගල් පහර කෑමට සිදුවිය. අනුර දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන් සමඟ යාපනයේ මැයි පෙළපාළි පැවැත්වූයේය.

4. රට බෙදීමට එරෙහිව විජේවීරගේ ජවිපෙ සාමාජිකයන් දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කළේය. අනුර රට බෙදීම සඳහා ගෙන එන නව ව්‍යවස්ථාවේ අලෙවි ප්‍රවර්ධකයා ලෙස කටයුතු කරයි.

5. විජේවීර අධිරාජ්‍යවාදයට හා ධනවාදයට එරෙහිව අරගල කළේය. අනුර, මහින්ද රාජපක්ෂට එරෙහිව අරගල කරයි.

6. අධිරාජ්‍ය විරෝධී අරගලය ඔස්සේ සමාජවාදයට යන්න විජේවීරගේ සටන් පාඨය වූ අතර දූෂණ විරෝධී අරගලය ඔස්සේ සිරිකොතට යන්න අනුරගේ සටන් පාඨය වී ඇත.

7. ජාතිවාදී විකල්ප ගෝත්‍ර එන්ජීඕ කල්ලි විජේවීරගේ දේශපාලනයට වෛර කළේය. අනුරගේ ජනතා විමුක්ති පෙරමුණට ඔවුහු ඉතා ඉහළින් ආදරය කරති.

8. විජේවීරගේ ජවිපෙ සාමාජිකයන් ගින්නෙන් උපන් සීතල බලා කම්පාවට පත්වෙති. අනුරගේ ජවිපෙට සහය දෙන විකල්ප පුස්සන් විජේවීර සිංහල බෞද්ධ අධිපතිවාදයේ අවතාරයක් බව පවසති.

9. විජේවීර 1988 දී සිරිමාවෝ සමඟ සන්ධාන ගතවී එජාප මිනීමරුවන්ගෙන් රට ගලවා ගැනීමට උත්සාහ කළේය. අනුර 2010 දී ඊනියා පොදු අපේක්ෂකයෙකුට මුවාවී එජාපය හා සන්ධාන ගත වූයේය.

10. විජේවීර මරණය හමුවේ පවා එජාපය ඉදිරියේ දනින් නොවැටුණේය. අනුර 2010 මහ මැතිවරණයේදී ඡන්ද හිඟමන වෙනුවෙන් එජාපය හා එක්ව තරග කිරීමට උපරිම වළි කෑ අතර, රනිල් එකඟ නොවීම නිසා ඔවුන්ට ඒ අගනා අවස්ථාව අහිමි විය.

11. විජේවීර යූඇන්පී දේශපාලනය දැඩිව පිළිකෙව් කළේය. අනුර යූඇන්පී කාරයන්ව තමන්ගේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කර ගත්තේය.

12. විජේවීර රටේ ජනතාවට සමාජවාදය ගැන කියා දුන්නේය. අනුර, රනිල්ට රට ගොදුරු කිරීම වෙනුවෙන් රටේ ජනතාවට ගල් පැලෙන බොරු කන්දරාවක් දෙසා බෑවේය.

13. විජේවීරගේ ජවිපෙ වෙනුවෙන් රනිල් බටලන්ද වධකාගාරය ඉදි කළේය. අනුරගේ ජවිපෙට රනිල් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම, විධායක සභාවේ සාමාජිකත්වය, ස්වාධීන රූපවාහිනියේ සජීවී විකාශන අවස්ථා සහ පක්ෂ සාමාජිකයන්ට ලේක් හවුස් රැකියා ආදී බොහෝ දේ ලබා දුන්නේය.

14. විජේවීර දූෂිත එජාප පාලනයට එරෙහිව ආයුධ සන්නද්ධව අරගල කළේය. අනුර දූෂිත රනිල් බේරා ගැනීම සඳහා එක පිට එක ජනතා රැළි පවත්වමින්, උසාවි ගානේ බඩගෑවේය.

15. විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණ විමුක්ති ගී ගායනා කළේය. අනුරගේ ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනුවට ඕජේ ඔජායේ සහ මරා හොරා ගීතය නිතර ගායනා කරයි.

16. විජේවීර ඇතුළු දහස් ගණනක් ජවිපෙ සාමාජිකයන් එජාපය අතින් මැරුම් කෑවේය. අනුර ඒ එජාපයේ නූනන නායකයා වන රනිල් වෙනුවෙන් 2008 සිට වසර දහයක් පුරා අඛණ්ඩ මෙහෙවරක් ඉටු කරමින් සිටී.

ඉසුරු ප්‍රසංග




අනවශ්‍ය දේවල්

  • 249,990 ක් බැළුවා

මරුවා වැහෙන දින

නොවැම්බර් 2023
බ්‍ර සි සෙ
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය