05
ඔක්.
19

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු‌වේ දර්ශනා සේනානායක කොමසාරිස් හා ලේකම් ගෑනියෙ ‌තො‌‌පේ අවධානයටයි,

මිලදී ගන්න ‌‌නොවේ මචං ‌මේක ‌‌හොයල බලන්න තමයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තියෙන්නේ

ගරු අමාත්‍ය, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය

 +94 112187262

 +94 112187263

 cbsrilanka@gmail.com

 

කේ.ඩී.එම් චන්ද්‍රාණි බන්ඩාර මිය

ගරු ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය

 +94 112186335

 +94 112187199

 

ලේකම්, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය

 +94 112186057

 +94 112187199

 secycdwa@gmail.com

දර්ශනා සේනානායක මහත්මිය

කොමසාරිස්, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

හැමිනියව් තිරිසන් හැත්ත

හැමිනියව් තිරිසන් හැත්ත.

මුන්ගේ ‌දෙපාර්තමේන්තු  ඉතිහාසය

වර්ෂ එක්දහස් නවසිය තිහේ දශකයේ දි ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් පරිවාස ක්‍රමය අත්හදා බැලිමක්  වශයෙන් ක්‍රියාත්මක කරනු ලැබීය. 1907 දී එංගලන්තයේ සම්මත කරන ලද වරදකරුවන් පිළිබඳ පරිවාස ආඥා පනත ලංකා අධිකරණය කෙරේ ද බලපෑවේය. වර්ෂ 1944 දී සම්මත කරන ලද අංක 22 දරණ පරිවාස ආඥා පනත ඉහත සඳහන් කළ බලපෑම් වල ප්‍රතිඵලයක් විය. මෙම ආඥා පනත තුලින් පරිවාස ක්‍රමය ලංකා අධිකරණයේ ස්ථාපිත විය.

එංගලන්තයේ පරිවාස සේවාව ඇසුරින් ලංකාවේ ද පරිවාස සේවාවන් ආරම්භ කිරිමේ කාර්යභාරය එංගලන්තයේ උපදේශකයෙකු වන එච්.ඒ.ලීඩීන් මහතාට පැවරුණු අතර, ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා සම්බන්ධ පරිවාස සේවාව පරිවාස නිලධාරින් කීපදෙනෙකුගෙන් ආරම්භ විය. අත්හදා බැලීමක් ලෙස දිවයිනේ අධිකරණ කොට්ඨාශ කීපයක පමණක් ක්‍රියාත්මක කිරිමෙන් පසු මෙම සේවය අධිකරණය විසින් පිළිගනු ලැබීය. ඉන්පසු එය වැඩිදියුණු කිරිමේ අවශ්‍යතාවය ද ඉස්මතු විය.

1949 දී විනිශ්චයකාර ග්‍රේෂියන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුවේ නිර්දේශ රජය විසින් පිළිගනු ලැබීමත් සමඟ දිවයින පුරා සියළුම අධිකරණ කලාප ආවරණය වන පරිද්දෙන් පරිවාස සේවය ව්‍යාප්ත කෙරිණ. මෙම සේවාවේ පරිපාලන කටයුතු කරන ලද්දේ බන්ධනාගාර හා පරිවාස දෙපාර්තමේන්තුව විසිනි.
ළමයින් හා යෞවනයන් පිළිබඳ ආඥා පනත ක්‍රියාත්මක කිරිම හා ළමා උසාවි ආරම්භ කිරිමත් සමඟම ළමයින් සඳහා සැපයෙන සේවාවන් එක්තැන් කිරිමේ වැදගත්කම පිළිබඳව සිරිල් හැම්ලීන් මහතාගේ වාර්තාවෙන් පෙන්වා දෙන ලදී. එම නිර්දේශය අනුව 1956 ඔක්තෝම්බර් 01 දින පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව ආරම්භ විය.

මෙසේ 1956 දී ආරම්භ වූ දෙපාර්තමේන්තුව මුලින්ම සමාජ සේවා අමාත්‍යාංශය යටතට පත්විය. පසුව පත් වූ රජයන් විසින් වරින් වර විවිධ අමාත්‍යාංශ යටතට පත් කරන ලදී. 1990 වසර ආරම්භයේ දී එය ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන හා සමාජ සුභසාධන අමාත්‍යාංශය යටතේ ද, 1994 අගෝස්තු මාසයෙන් පසුව සෞඛ්‍ය මහා මාර්ග හා සමාජ සේවා අමාත්‍යාංශය යටතේ ද, 2001 වර්ෂයේ දි සමාජ සේවා හා ධීවර ප්‍රජාවගේ නිවාස සංවර්ධන අමාත්‍යාංශය යටතේ ද, 2002 දී සෞඛ්‍ය පෝෂණ හා සුභසාධන අමාත්‍යාංශය යටතේ ද, 2003 දී සමාජ සුභසාධන අමාත්‍යාංශය යටතේ ද, 2004 වර්ෂයේ දී කාන්තා අභිවෘද්ධි හා සමාජ සුභසාධන අමාත්‍යාංශය යටතේ ද, 2005 වර්ෂයේ සිට ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යාංශය යටතේ ද කටයුතු සිදු කෙරිණි. 2010 වර්ෂයේ සිට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතේ ද, 2015 සිට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ද දෙපාර්තමේන්තුවේ කටයුතු සිදු ‍කෙරේ.

පළාත් සභා පිහිටුවීම සහ දෙපාර්තමේන්තුවේ බලතල විමධ්‍යගත වීම

පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව ආරම්භ වීමෙන් පසු, රැඳවුම් නිවාස, සහතික කළ පාසැල්, පරිවාස කාර්යාල ඇතුළු අනෙකුත් ආයතන වල කටයුතු පරිවාස දෙපාර්තමේන්තුව යටතේ ව්‍යාප්ත වූ අතර මුළු දිවයිනම ආවරණය වන පරිදි සහකාර කොමසාරිස්වරුන් ද පරිවාස හා ළමාරක්‍ෂක සේවා කොමසාරිස්ට සහායවීම සඳහා පත් කෙරිණි.

1987 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක වීමත් සමඟ එම ව්‍යූහය වෙනස් වු අතර  පරිවාස හා ළමාරක්‍ෂක සේවය පළාත් සභාවලට විමධ්‍යගත කරන ලදි. ඒ සමඟම මෙතෙක් කොමසාරිස්ට සහාය වීම සඳහා පත්කර සිටි සහකාර කොමසාරිස් තනතුරුද අහෝසි විය.

පළාත් සභා යටතේ පළාත් පරිවාස හා  ළමාරක්‍ෂක සේවා කොමසාරිස්වරුන් සියළු පළාත් වෙනුවෙන් පත් වූ අතර පරිවාස කාර්යාල ඔවුන්ගේ අධීක්‍ෂණයට යටත් විය.

ඉන්පසු ජාතික දෙපාර්තමේන්තුව තුල විදේශීය කුලවද්දා ගැනීම් විෂයත් සහ පළාත් පරිවාස දෙපාර්තමේන්තු සම්බන්ධීකරණය කරමින් එම දෙපාර්තමේන්තු නිලධාරීන් සදහා පුහුණු සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ සකස් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ලදි.

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ක්‍රියාවට නැංවීම

1991 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ළමා අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයට අත්සන් තැබූ අතර 1992 වර්ෂයේ දී ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කරන ලදී. එම ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියෙහි වූ ව්‍යවස්ථාවන් ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාවය වෙනුවෙන් 1999 වර්ෂයේ දී දෙපාර්තමේන්තුව විසින් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින් ලෙස සිය ක්‍ෂේත්‍ර රාජකාරී ඉටුකර ගැනීම අරමුණු කර ගනිමින් නව තනතුරක් නිර්මාණය කර ඊට නිලධාරීන් බඳවා ගන්නා ලදී. මේ වන විට මෙම නිලධාරීන් දිවයින පුරාම පිහිටි දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්තව කටයුතු කරනු ලබයි. මෙමගින් පරිවාස විෂයය මෙන්ම ළමාරක්‍ෂක විෂයයටද මූලිකත්වය ලබාදී වැඩසටහන් දියත් කෙරේ.

මේ මුන්ගේ ආධාර වැඩසටහන්

1. සෙවණ සරණ කැපකරු මාපිය ක්‍රමය

මෙම වැඩසටහන දිවංගත අතිගරු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ සංකල්පයක් මත හදුන්වා දී ඇත. ආර්ථික අපහසුතා ඇති පවුල් වල ජීවත් වන දරුවන්ගේ ජීවත් වීමේ,සංවර්ධනයෙහි සහ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම මෙම වැඩසටහනෙහි මුඛ්‍ය අරමුණයි.   පෞද්ගලික ආයතන හෝ අනුග්‍රාහකත්වය දැරීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයන් කැපකරු මාපියන් ලෙස ලියාපදිංචි කරගනිමින් ඔවුන් විසින් ආධාර දීමට අපේක්ෂා කරනු ලබන දරුවන් සදහා ආධාර ලබා දීම මෙමගින් සිදු කෙරේ. මෙම වැඩසටහන සදහා ආධාර ලබා දීමට කැමැත්තක් ඇති අනුග්‍රාහක භවතුන් හට මෙම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය හැක.

2. පාසැල් නොයන ළමුන් පාසැල්ගත කිරීම

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ සදහන් වගන්ති 28 සහ 29 ළමුන්ගේ අධ්‍යාපන අයිතිය පිළිබද සෘජුව සාකච්ඡා කරනු ලබයි. වයස අවු 18 අඩු සෑම දරුවෙකුටම පාසැල් අධ්‍යාපනයෙහි නිරතවීමට අයිතියක් ඇති අතරම ඒ සදහා රජයක් විසින් ප්‍රතිපාදන සැලස්විය යුතුය.  එහෙත් විවිධ ආර්ථික හෝ සාමාජීය සාධක පදනම් කොට ගෙන ඇතැම් දරුවන් හට අඛණ්ඩව පාසැල් අධ්‍යාපනයේ නියැලීමට අවස්ථාව නොලැබේ. එම නිසා මෙවැනි දරුවන් නැවත පාසැල්ගත කිරීම සදහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් පැසැල් නොයන ළමුන් සදහා පාසැල් උපකරණ ලබා දෙමින් ඔවුන් නැවත පැසැල්ගත කිරීමට කටයුතු කරනු ලබයි.

මෙහිදි ප්‍රවේශ 2 ක් යටතේ දරුවන්ට උපකාර කරනු ලැබේ. ඔවුන් නම්,

  • පාසල් අධ්‍යාපනය ලබන වයසේ පසු වුවත් ආර්ථික දුෂ්කරතා නිසා අතරමග අධ්‍යාපනය නවතා දමා ඇති හෝ නතර විය හැකි දරුවන්
  • විවිධ හේතුන් මත කඩින් කඩ පාසල් යන දරුවන් ය.

පාසල් නොයන දරුවන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් හඳුනාගෙන ඔවුන්ගේ පාසල් නොයාමට හේතුව සොයා බලා ඊට අවශ්‍ය කටයුතු සිදු කර ඔවුන්ව පාසල් ගත කිරීමත්, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ කරන ලද වතු ආශ්‍රිත ළමයින්ගේ අධ්‍යාපනය නඟාසිටුවීම සඳහා පාසල් උපකරණ ලබාදීමත් මෙමඟින් සිදු  කරන ලදි.

මෙම වැඩසටහන අදියර කිහිපයකින් ක්‍රියාත්මක කරන ලදි.

  • පාසල් උපකරණ ලබාදී ඔවුන් ශක්තිමත් කිරීම.
  • අධ්‍යාපනය ලබාදීමේ වැදගත්කම ගැන දරුවන්, ගුරුවරුන්, දෙමාපියන් සඳහා දැනුවත් කිරීම
  • විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් නිලධාරීන් අතර දරුවාට යහපත් වන පරිදි මනා සම්බන්ධීකරණයක් ගොඩ නැගීම.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්තව සිටින ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

3. කැපකරු දෙගුරු වැඩසටහන

තවදුරටත් දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා උදෙසා සහයෝගය දෙනු ලබන වැඩසටහනක් ලෙස  කැපකරු දෙගුරු වැඩසටහන හඳුන්වා දිය හැකිය. මෙය මාසිකව ලබා දෙනු ලබන අධ්‍යාපනික ශිෂ්‍යත්ව ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වේ. සුවිශේෂී  අධ්‍යාපනික දක්‍ෂතා ඇති ආර්ථික වශයෙන් අගහිඟකම් මැද ජීවත්වන පාසල් දරුවන් මෙම වැඩසටහනේ ඉලක්ක කණ්ඩායම වේ. මොවුන්ගේ තෝරා ගැනීම හා යොමු කිරීම ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් හරහා සිදු කරනු ලබන අතර, මාසයකට රු. 500/-ක හෝ රු. 750/- ක මුදලක් එක් දරුවෙකු වෙනුවෙන් ලබා දීමට කටයුතු කෙරේ.

4. නැණදිරිය අධ්‍යාපන ශිෂ්‍යත්ව ක්‍රමය

නැණ දිරිය වැඩසටහන සඳහා ද පෞද්ගලික  අංශයේ මූල්‍ය දායකත්වය මත මෙම දෙපාර්තමේන්තුවේ කළමණාකරණ මණ්ඩලයක් මඟින් විවිධ හේතු මත අධ්‍යාපනය අහිමි වීමේ අවදානමට පත් වී ඇති දරුවන් සඳහා මාසික ශිෂ්‍යත්වයක් පිරිනැමේ. මෙම වැඩසටහන ද සෙවණ සරණ කැපකරු මා පිය ක්‍රමය යටතේ උප ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ. මෙමගින් එක් දරුවකුට මසකට රු. 1000/- ත් රු. 2000/- ත් අතර මුදලක් අනුග්‍රාහකයාගේ කැමැත්ත අනුව ලබා දෙනු ඇත.

 

5. නිවුන් දරු ආධාර

අඩු ආදායම්ලාභි පවුල්වල නිවුන් දරුවන්ගේ සෞඛ්‍ය, පෝෂණය හා අනෙකුත් සුභසාධන කටයුතු වෙනුවෙන් මෙන්ම එම දරුවන්‍ අවදානම් තත්වයන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම පිණිස ලබා දෙන ආධාර ක්‍රමයකි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ලැබෙන ඉල්ලුම්පත්‍ර සඳහා අවශ්‍ය මුදල් සපයා දිම මෙහිදී සිදුවේ.

මේ යටතේ දරුවන් දෙදෙනෙකු සඳහා රු.7500/- ක්ද තුන් දෙනෙකු වෙනුවෙන් රු.15,000/- ක් ද සිව්  දෙනෙකු සඳහා රු.20,000/- ක් ද පස් දෙනෙකු වෙනුවෙන් රු.25,000/- ක් ද වශයෙන් මුදල් ගෙවීම් සිදු කරයි.

සෑම ඉල්ලුම් කරුවෙකුටම එක් අවස්ථාවක් පමණක් මෙම ආධාර ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව ලැ‍බේ.

6. වෛද්‍ය ආධාර

අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂණ ගැටළු සඳහා සහන සැපයීම වෙනුවෙන් මෙම ආධාර ක්‍රමය ක්‍රියාත්මක වේ. එසේම ආබාධිත දරුවන් වෙනුවෙන් ද උපකාර කිරීම මෙහිදී සිදු වේ.  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ලැබෙන ඉල්ලුම්පත්‍ර සඳහා අවශ්‍ය මුදල් සපයා දීම මෙහිදී සිදු වේ.

මේ යටතේ වෛද්‍ය ප්‍රතිකාර, සැත්කම්, පෝෂණ කටයුතු, ශාරීරික දුර්වලතා වෙනුවෙන් භාවිතා කරන උපකරණ සඳහා ආධාර සැපයීම සිදු කරනු ලබයි. ප්‍රතිකාර හා පෝෂණ කටයුතු වෙනුවෙන් රු.5000/- මුදලක් ද, සැත්කම් සඳහා රු.10,000/- ක මුදලක් ද, උපකරණ සඳහා ඒවායේ මිල ගණන් අනුව විවිධ ප්‍රමාණයේ මුදල් ගෙවීම ද සිදු වේ. මෙම ගෙවීම් ප්‍රමාණයන් එම දරුවන්ගේ පවුල් වල විවිධ ස්වභාවයන් හා ඔවුන් මුහුණ පා ඇති දුෂ්කරතාවයන් මත වෙනස් වීමට ද පුළුවන.

සෑම ඉල්ලුම්කරුවෙකුටම එක් අවස්ථාවක් පමණක් මෙම ආධාර ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව වසරකට පවුල් 500 කට පමණ මෙමඟින් සහන සලසා දීමට අවස්ථාව ලැබී ඇත.

7. හදිසි විපත් ආධාර

හදිසියේ ඇති වන විපත් නිසා පවුල් වල අසරණ වන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා ලබා දෙන ආධාර ක්‍රමයකි. ක්‍ෂණිකව පරිසරයේ ඇතිවන ගංවතුර, සුලි සුළං, නාය යෑම්, නිවාස ගිනි ගැනීම්, වැනි තත්වයන් මත දුෂ්කරතාවයන්ට පත් වන දරුවන්ගේ සුභ සාධනය සැලසිම මෙහිදී සිදු වේ. එපමණක් ද නොව පවුල් තුළ දෙමව්පියන් මිය යෑම, දරුවන් අත්හැර දමා යෑම, දෙමව්පියන් හදිසි අනතුරු වලට රෝගාබාධ වලට ගොදුරු වීම, විදේශ ගතව නැවත නොපැමිණීම, දරුවන් තාවකාලික භාරකරුවන් අතට පත් වීම, එම භාරකරුවන් ශාරීරික හා මානසික දුර්වල අය වීම වැනි හේතූන් මත අසරණ වන දරුවන්ට පිහිට වීමට ද මෙම ආධාර ක්‍රමය උපකාරී වේ.

යම් ව්‍යසනකාරි තත්වයක දී දරුවන්ගේ පාසල් උපකරණ විනාශ වි ඇත්නම් ඒ වෙනුවෙන් එක් පවුලක් සඳහා   රු. 5000/- ක ආධාරයක් ලබා දේ. එසේ වුව ද ඒ ඒ අවස්ථාවන්හි ඇති වන හානිදායක තත්වයේ ප්‍රබලතාවය මත ලබා දෙන ආධාර මුදල වෙනස් විමට පුළුවන. කුමන හෝ ව්‍යසනකාරි තත්වයක දී වුවත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දායක විම මෙහි ප්‍රධාන අරමුණ වේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ලැබෙන ඉල්ලුම්පත්‍ර සඳහා අවශ්‍ය මුදල් සපයා දීම මෙහි දී සිදු වේ.

8. සෙනෙහස ඉතිරි කිරීමේ ගිණුම

සුනාමි ව්‍යසනයෙන් දෙමව්පියන් දෙදෙනාම අහිමි අවු.18ට අඩු දරුවන් සඳහා ක්‍රියාත්මක වන වැඩසටහනකි. 2006 වර්ෂයේ මෙම වැඩසටහන ආරම්භ වූ අතර එහි දී ළමුන් 689 දෙනෙකු ඇතුළත් විය. 2015 දෙසැම්බර් මාසය වන විට මෙහි සිටින ළමුන් සංඛ්‍යාව 98 ක් විය. සෑම මසකම අවු.18 සම්පූර්ණ වන ළමුන් මෙම වැඩසටහනින් ඉවත් වේ.

මෙම දෙපාර්තමේන්තුව මහජන බැංකු මූලස්ථානය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනු ලබයි. සෑම මාසයකම අදාළ ළමුන් වෙනුවෙන් මෙම දෙපාර්තමේන්තුව මඟින් මහජන බැංකුව වෙත මුදල් (චෙක්පත් මඟින්) යැවීම සිදු කරයි.

වයස අවු.18 සම්පූර්ණ වන ළමුන් පිළිබඳව බැංකුව මඟින් දෙපාර්තමේන්තුව වෙත මාසිකව දැනුම් දෙනු ලබයි. බැංකුව මඟින් අදාළ ළමුන් වෙත මුදල් නිදහස් කර  එම තොරතුරු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දිම සිදු වේ.

 

පසුවිපරම් ක්‍රියාවලිය : –  මෙම සියළු වැඩසටහන්හි  ප්‍රතිලාභි දරුවන්ගේ පසුවිපරම් ක්‍රියාවලිය අඛණ්ඩව සහ සමීපව සිදු කරනු ලබන අතර එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් හි අනුයුක්තව කටයුතු කරනු ලබන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

සටහන : –  මෙ සදහා අදාල අයදුම් පත් භාගත කිරීම් හි අන්තර්ගත වේ.

 

අප හා එක් වන්න

අප අමතන්න

  •  පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  •  +94 11 2186 062/ 11 3082 483
  •  +94 11 2186 065
  •  pcc@sltnet.lk


අනවශ්‍ය දේවල්

  • 250,227 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2019
බ්‍ර සි සෙ
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය