06
ජන.
11

“සකල දේශවාසී ‍බොලොග් කරුවනි එක්වව්”

ඇවිල්ලා…. ඇවිල්ලා…. අවුරෝරා ඇවිල්ලා…

මෙන්න බොලේ අපි බල බලා හිටි ලොරිය ඇවිල්ලා. මේ නම් මාරය. මහ විශාලය. පරණ ශ්‍රී විබූතියෙන් ආඩ්ඪ්‍යයය.  රැවුල වැවුණු සීයලා අංකල්ලා ආච්චිලා මහා හුඟක් වැඩය. මාක්ස්  සීයාගේ පරණ සුරංගනා කතා නැවේ පුරවලාය. එංගල්ස් අංකල් ගේ බණ කතා දෝර ගලයි.

60-70 දශකයේ උපන් අවුරුදු 50 ක් 60 ක් වන හිරිමල් කොල්ලන්ට දැන් ෆුල් චූන්ය. දැන් ඉතින් වැඩේ ගොඩය. දැං ඉතිං අපිට කිෂිම දුකාක් නැත. ලංකාව සුබිත මුඩිත කොරාන්ඩ ඇහැක් වෙනවා පොල් සුවර්ය.  ඒ පරණ නැවේ කප්පිත්තෙක්ද සිටී. හොඳටම බීලාය. උගේ හිත හොඳයැයි ඌම කියයි. ඌ අම්බානක පොරකි. මෙයා කියන්නේ පොරගේ ආච්චී මාක්ස් උන්දෑ එක්ක එක පැදුරේ බුදිය ගත්ත ගෑනියෙක් ළු නෙවැ.  පොර මාර දේවල් ලියා ඇත. අප්පට සිරිගජය. වම්මුන්ට ලුණු කැඳය

එහි ප්‍රොජාතන්තරේ ගැන අට්ටි හැලෙන ලව් කතාවකි. ඒ උගත් ගරු මාත්තුරු මාක්ස් සීයාගේ වාදවලට පොඩ්ඩක්කත් වෙනසක් කොරන්ඩ දෙන්නේම නැත. ඒවා මහා බින්නගජ්ජන්තරේ වාගේය වෙන්ස් කොරන්ඩම බැරිය. කට පාඩමින්ම  දතයුත්තා හු මයැ. නිකං සුරුවං පොත වාගේය. විතරක්නම් බැරියැ වෙඩි මුරයක්ළු…පොල් මුරයක් වාගේයෑ…ස් …..සාදූ ….සාදු….. සාදු…

ඒකේ කංකරු පංතිය උඩටම දමලාය. කංකරුවන් රට කොරන කොට අපිට මාර ආතල් ගත හැකිය. මරේ මරුය. කූල් ය. ඵරිහෝජනවාදී සමාජය කැකිරි ගෙඩියක් තරම් පල්ලෙහාට දමලා කතා කියන  සුද්දෙක් ගේ ලිවුං කරදහියක්ද ඇත. අවුරුදු 50 ක් 60 ක් වන හිරිමල් කොල්ලන්ට දැන් ඉතිං මාක්සියානු සොවාන්ඵල ලබන්ඩ හරි ලෙනිනිවං අවභෝදය ලබාගැනීමට කියවන්ඩ  හරි මේ ලියුං කරදහිය ම උනත් මැදෑ.  ඒවා පංකාඩු බණ කතාය.

විරයා එක්ක ගුටිකාල මැරිච්ච රාජිත දිසානායක අංකල් ගැන අම්බානක ටෝක්ස් යැ. සෝවියට් දේශය හංබංතොට හන්දිය වාගේය. මේ ලඟම ළු  ය. එහේ ගිහිල්ලා උන් එක්ක බුදියපු මාත්තයෙක් තමයි ඒ බණ කතාවත් ලියන්නෙ. මට තේරෙන්නේ නැති කතාත් තිබුනා. ඒ  ගරු මාත්තයා මැරිච්ච රාජිත අංකල්ගේ නාට්ටිය සුසියාවේ ෂෙබල ගීතය කියල චිත්තර පටියක් එක්ක දාල පැහැදිලි කොරනවා ….අම්මප පුදුම හිතෙනවාය. මාරයි ආ….හැබැයි ඉතිං ප්‍රභාත් ජයසිංහ අංකල්ට නම් අහෝ වෙන්නම බෙදලාය. හුරේය. දැන් ඉතිං අපට මාර්ගය කියාදෙන්න වීරයෙක් ඉන්නවාය.(හුරේ …..හේයිල් අවුරෝරා…ගෝ….ගෝ…ගෝ…හේ…ජයවේවා…..(විසිල්))

බොලොග්….. පුහ්….. බොලොග් කුඩේ කුඩුය. ඉවරය. දැන් ඉතිං අපි බොග් ලියලා හමාරය. අපි මේ බොග් ලියවිල්ල අතහැර දාලා මේ නැවේ නැගිලා විප්ලව පොජ්ජ මංදෝ කරන්න යන්ඩ ඕනෑය. මේ කතාංදරය කියන කැසිල් ලස් පෙරේරා මයා දේශපාලන හැරවුම් ලක්ෂ, ලාංකීය ධනවාදය, අර්බුද, ප්‍රතිසංවිධානය, වියුක්ත, අරගල, විප්ලව, තොරාගත් කෘති, සටන්කරුවා වගේ මහා හුඟක් මහා බරම භර වචන සැට් එකක්ම දාල  “සකල දේශ වාසී සියළුම ‍බොග්කරුවනි එක්වව්” යැයි මාක්ස් සීයා වගේම කතාවක් ලියා ඇත.

ජේමිස් පෙත්ත්‍රස් කියල අම්බානක ලොකු පොරකගේ ලිපියක්ද පැරිවර්චනය කොරලා තිබුනි. පුහ්…..ඒවා ලොකු කතාය. දැන් ඉතින් නිර්ධන පංඤචිය ගොඩය. සෑබෑවේත් සැබෑ මතවාදයකි. අපිත් ගොඩය. නිර්ධන පංඤචිය දැනුවත් වෙලා දැන් ඉතිං චිප්ලව පොජ්ජට යන මාවතේ ඉදිරි බළමුළුව වෙන එක මොන සැක්කරයාටවත් නවත්වන්ඩ බැරිය.

ඇයි කෙටි කතාව ඒක නිකං ලෙනින්වාදී, සෝවියට්වාදී, මක්ස්වාදී, නූතනවාදී, විප්ලවකාරී, ගෝර්කිවාදී, ගොගොල්වාදී, බොල්ම බොල්සෙවික්වාදී, උත්කෘෂ්ට, පරම, අනහිබවණිය, අඤ්ජලිබරනීය රන් තකා පුංඤජයකි. ඒකෙන් විප්ලවවාදී කලාවේ සියළුම අඩුපාඩු අහුමුළු අගුකොන් පිරී ඉතිරී යනවාය. පුහ්….

මේ නැවේ සංස්කාරයෝ නම් සිරාම පොරකි. නැවකට නැග්ග ග්‍රැපිකයානුවෙක් චිප්ලවය කොරන්ඩ බලමුළු ගැන්නෙන්ඩ බොග් කරුවන්ඩ ආරාධනය කොරති. නියම වැඩ්ඩෙක්ය. අපි සංමාදං වෙලා අනුමෝදං කොරගන්ඩ ඕනෑය. ප්‍රධාන සංස්කාරයෝ ද එතුමා හු මැ යැ. කෙලිය කියන්නේ පරිගණක පිටු සැකැස්මද මේ මාකසියානු, එංගල්සියානු, (මුදලාලියානු), ලෙනිනියානු, දාර්ශනිකයානු, ගරු ග්‍රැපිකයානුවා හු ම යැ.

අපිත් ගානක් කපමු අංකල් …..නැද්ද…..

(අනේ උඹේ පුක.)



අනවශ්‍ය දේවල්

  • 250,444 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජනවාරි 2011
බ්‍ර සි සෙ
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය