Archive for පෙබරවාරි, 2011

24
පෙබ.
11

කුමාර හෙට්ටිආරච්චිගේ ‘පාරජම්බුල’ පොත ගැන පාරභෞතික කතා

කුමාර හෙට්ටි ආරච්චි නීට්ෂේ උපුටා දක්වමින් සත්‍යය යනු භාෂාත්මක නිර්මිතයක් බව පවසයි. මාර්ටින් හෛයිඩෙගර් උපුටා දක්වන ඔහුභාෂාව විසින් මිනිසා පරිහරණය කරනු ලැබේ යැයි කියයි. එසේම ඩෙරීඩා උපුටන ඔහු වචන අර්ථ ගැනිවීමේදී සාහිත්‍ය කෘතියක් මගින්එක් අර්ථ කේන්ද්‍රයක් වෙනුවට අර්ථ කේන්ද්‍ර රාශියක් සාදන බව පවසයි.

කුමාර හෙට්ටි ආරච්චි ‘පාර(ජම්බු)ළ’ නමින් කවිපොතක් ලියා පසුගිය දිනෙක දොරට වැඩමවීය. කවි 117කි බොහෝ කවි නිසැඳස් වනඅතර ඉතා හොඳ සඳස් ද ඇත.

මම කවි කියවමි. ඔහුගේ කවි ද බොහෝමයක් කියවූවෙමි. ඔහුගේ පොතින් කාලෙකට පසු රහක් ඇති කවි ටිකක් කියවූයෙමි. රත්න ශ්‍රීවිජේසිංහ ගේ කවි පොත්වල ඇති සූකිරි කවි වලට වඩා රහක් ඇත. පොතේ පින්තූර මහ ගොඩකි. ඒ වැඩේටද මම කැමතිය. සෞන්දර්ය වි. විද්‍යාලයේ පුංචි බබාලට වඩා මහන්සිවී චිත්‍ර ටිකක් ඇඳ තිබුණි.

පොතේ ඇති හොඳම කවිය අම්මා ගැන ලියා ඇති කවියයි. ඔබ අම්මාට තරම් තාත්තාට ආදරය නැත යැයි සින‍ෙතන තරම් තාත්තා කවිය කැතය. අධ්‍යාපනය, මැයි දිනය, චුම්බකත්වය, සකුරා  ගස් හා බ්‍රේක්නැති ගල්රෝල් ගැන ලීවත් ගාල්ලේ බෙලිගහ හංදියේ වතුරපයිප්පය ගැන කවි ලියා නැත. දුර ඔබට ළඟ වෙන්නත් ළඟ ඔබට දුර වෙන්නත් හේතුව ඔබගේ පිටස්තර කවි සිත යැයි මට සිතේ. එසේම ඔහු ගමට ආදරය කර ඇත්තේ හිතින් පමණක් වන නිසා විය හැක.

නමුත් මට අදාළ කාරණය මෙය නොවේ. කුමාර තම පොතේ “මගේ සිනමාව කවියයි” නමින් ලියන පෙරවදනේ ‘ද්‍රව්‍ය’ ගැන, වස්තූන් ගැන හා භෞතිකය ගැන බොහෝ වාරයක් සඳහන් කරයි. (ඒක නරක නැත.) ඔහු මේ අපට නොකියා කියන්නේ තමන් භෞතිකවාදියෙකු බවයි. (එයද හොඳය.)

“ද්‍රව්‍යමය උපකරණ මෙන්ම ද්‍රව්‍යමය පරිසරයද මිනිසා කෙරෙහි බලපානවා. එසේම මිනිසා නිපදවන උපකරණ මෙන්ම පරිසරයදසංස්කෘතික තේරුමකින් අර්ථ ගන්වන බව ඔහු පවසයි. නැවත “පරිසරය දයලෙක්තික ලෙස මිනිසා විෂයයෙහි අර්ථ සම්පාදනය කරනබව පෙනේ” යැයිද පවසයි.

මේ කියන්නේ ඔහුගේ හිත ගැනයි. හිත ඇතුළේ ඉන්නා ඩබල ගැනයි. ප්‍රශ්නය ඔහු තවමත් ලිහාගෙන නැත. කවි හිත මානව වාදීය. ඔහු ඉහත ඩෙරීඩා හෛයිඩගර් ආදීන් උපුටා දක්වන්නේ බොරුවටය. තම හිත රවටාගැනීමටය. ඇත්තටම කුමාර කිසිසේත්ම භෞතික වාදීනැත. ඔහු ඉන්නේ විඥානවාදී ස්ථාවරයකය.

කුමාර මහත්තයෝ භෞතිකය මිනිසා විෂයයෙහි කිසිවක් කරන්නේ නැත. භෞතිතිකය මිනිසා නැතිව වුවත් එය එසේම පවති.‍භෞතිකය යනු ‍භෞතිකය මය. තෝකියෝ දේදුන්න යනු තෝකියෝ දේදුන්න නොවේ. තෝකියෝ දේදුන්න  තෝකියෝ දේදුන්නක් වන්නේ ඔබ ඒ ගැන හිතන්න පටන්ගත් මොහොතේ සිටය. නමුත් ඒ පිළිබඳ සිතුවිලි යනු භෞතිකයක් නොවේ. ඒවා පාර‍‍භෞතිකයන්ය. හරියට ඔබගේ කවිසිත වාගේමය. ඔබගේ ව්‍යාපාරික සිතටත් වඩා ඔබගේ කවිසිත  පාර‍‍භෞතිකය.

ඔබට පේරාදෙණියේ දී තිබූ ඉතිහාසය වගේම වචන වලටද ඉතිහාසයක් ඇත. ඒ අනුව කලින් කලට වචනවල තේරුම වෙනස් වෙමින් හා විකාශනය වෙමින් හැඩ ගැසී ඇත. එම තේරුම් එලෙසම පිළිගැනීමට අපට බලකෙරී ඇත. හේතුව අපි උපදින්නේම තේරුම් ලබාදී ඇති ලෝකයකට වන හෙයිනි. ඔබ කවි ලියන භාෂාව ද සෑදී ඇත්තේ මෙම ‘අතීතයේ දී තේරුම් ලබා දී ඇති භාෂාවෙනි’.

අපට පෙර ‘ඔබගේ කවියක තිබෙනා සමාජවාදයට’ සමාජවාදය යනුවෙන් නමක් දී ඇත. එනිසා අපි එයට සමාජවාදය යැයි කියමු. අපට පෙර අපගේ දේශපාලන ලෝකය නම් කර ඇත. අපි ඒ නම්වලින් ලෝකය තේරුම් ගනිමින් සිටිමු. ඔබ ඒ ගැන හොඳ තත්වයේ කවිටිකක් ලියා ඇත. ඈත අතීතයේ සිට අද දක්වා අම්මා යන වචනයට ඇත්තේ අපට උපතේ සිට හුරු කරවනු ලැබූ අර්ථයකි.

ඔබේ කවිපොත හැර අනෙකුත් සියලුම කවිපොත්ද, ඔබේ සිංහල භාෂා මාධ්‍ය හැර අනෙකුත් සියලුම භාෂාවන්ද, ‘ඔබගේ කවිවල ඇතිවචන වලට ඇති තේරුම’ තේරුම් කර දෙනු ඇත. අපේ පන්සල මෙන්ම ටෝකියෝවේ ඇති පන්සල්ද ඔබගේ අම්මා යන කවි පෙළටඇති තේරුම තේරුම් කර දෙනු ඇත. ඔබ ලිඛිතව සඳහන් කර ඇති විශාල ගණනක් වූ මහාචාර්ය්‍යවරු මෙන්ම දේශපාලකයෝද, අපිවැනි මදාවියෝද ලංකාවේ මෙන්ම ජපානයේ සිටිනා කුපාඩියෝද වේසියෝද ඇතුළු සියල්ලෝම දැනටමත් ඔබගේ අම්මාට ඇති තේරුම සකස් කර හමාරය.

ඔබටත් මටත් පෙර ඔබත් මාත් දන්නා සියල්ල ‘නම් කර ඇත’. ඔබ අම්මා ට කවි කියන විට එයින් අදහස් වන්නේ එම වචනය පන්තියටම අයත් කතිකාව විසින් සාදා නිම කරන ලද readymade තේරුම ඔබ නැවතත් කියන බවයි. එසේ නැතිනම් කවි යනු පැරණි අර්ථයම ඇති වචන නැවත සකස්කොට ලියනවා යන්නයි. එනිසා ඔබගේ කවි අපූර්වත්වයෙන් යුතු වුවද ඒවා අළුත් ඒවා නොවේ.

ඔබ වැනි කවියන් ව්‍යාපාරිකයන් වන්නේ ද මේ ගැටුම නිසාය. ඔබ ජවිපෙට කැමතිවන්නේ ද මේ හේතුවෙනි. ජවිපේ මාක්ස්වාදී හෝසමාජවාදී නැත. කැත හිතෙන තරම් ජාතිවාදීය. නැවත වරක් ඩෙරීඩාම කියවන්න. එවිට ජවිපේ කැත ජාතිවාදීන්ට වඩා ඔබ හොඳමිනිහෙකු බව ඔබටම තේරුම් යනු ඇත.

කරුණාකර ඔබේ පාසැල්වල ඉගෙන ගන්නා අනුන්ගේ දරුවන්ට හොඳින් උගන්වන්න.

Advertisements
22
පෙබ.
11

ලංකාවේ පොල් මාක්ස්වාදය හා එළවළු ලෙනින්වාදය

බණ්ඩාරනායක මරා දැමු‍වේ සිංහල බෞද්ධ හාමුදුරු නමකි. ලංකාවේ හාමුදුරුවරු දේශපාලනයට අවතීර්ණ විම මෙම ඝාතනයෙන් ආරම්භ වේ. බණ්ඩා මියගිය පසු ඔහුගේ යට තට්ටුවට දේශපාලන දැණුම ගලායාම නිසා ස්වාමි පුරුෂයාගේ උරුමයෙන් මේ කාලකණ්ණි දූපතේ පාලිකාව වීමට ඇයට හැකිවිය.

මේ අතර විජේවීර සිරිමා බලයට පත්වූදා සිටම ගේම ඉල්ලුවේ රස්සා නැත කියමිනි. එනිසා 71 විජේවීර මමාගේ කැරැල්ලට සාධාරණ භාවයක් ලැබුණි. එනිසා මෙම කැරැල්ලට තරුණයින්ගේ නැගිටීමක් කියා නාකි ඉබ්බෝ නම් තැබුවේය.

විජේවීර බයියාගේ පළමු කැරැල්ලෙන් වාසිය ලැබුවේ ජේආර් මහතාය. 3/2කට මඳක් වැඩි ඡන්දයක් ලැබුණි. බුල් මාක්ස්දී වාමාංශිකයින් කැරලිගහන කොට ජනතාව ධනපතින්ට ඡන්දය පූජාකරති. තුනෙන් දෙකකි.

1989 නිදහස් අධ්‍යාපනයට අත නොතබනු !

ජේ ආර් සමගද ජවිපේ ගේම ඉල්ලුවේ නිදහස් අධ්‍යාපනයට අත නොතබනු කියමිනි. වෙනත් බරපතල ගැටළු තිබුනේ නැද්ද ?. ජනාධිපති ව්‍යවස්ථාව ගැන කීවේ අතිරේක සටන්පාඨයක් වශයෙනි. ඉන්පසුව විජේතුංගද තුන්වැනිව ප්‍රේමදාසද පත්විය. ජේආර් ගේ කාලයේ පටන් ගත් ජේවීපී දෙවැනි කැරැල්ලට ප්‍රේමදාසටද අත දැමීමට සිදුවිය. ප්‍රේමදාස විජේවීරගේ අඹුඩය ගලවා පස්ස රත් වෙන්නට දුන්නේය. දෙවැනි කැරැල්ල නිමාවිය.

1994 නව යුගයක් රටපෙරට ! ජෙප්පන්ගේ ආන්ඩුව.

ඡන්දයට ආවේ චන්ද්‍රකා දුවය. ජෙප්පන්ගේ දෙවන කැරැල්ලෙන් වාසිය ලැබුවේ මේ සුකුමාල තරුණිය යි. 3/2කට මඳක් අඩුය. ජෙප්පෝ මේ ගෑනිට සෙට්විය. ජවිපෙ හිඟන්නන් මෙම පාපයට කරගැසුවේ නව යුගයක් කියමිනි. ආන්ඩුව ජෙප්පන්ගේය. මෙලෝරහක් නැති මේ ආන්ඩුව සම්පූර්ණ විනාශයක් පමණක් ගෙන ආවේ ඇමති ජෙප්පන්ගේ මාක්ස්වාදී වැඩකිඩ පෙන්නමිනි. නිසිදු වරදක් නැත. සියල්ල මාක්ස්වාදයෙන්ම සාධාරණීකරනය කලේ ටිල්වින් බාප්පාගේ පිහිටෙනි.

දෙමව්පිය උරුමයෙන් පාලන බලයට හිමිකම් ඇති ධනපති සුකුමාලියකට ලංකාවේ මාක්වාදී පීඩිත කම්කරුවෝ ඡන්දය ලබාදුන්නේය. ඉතින් රට පෙරට ගියේය. හැම තිස්සේම ජවිපෙ ධනපති දේශපාලනයට කඩේ ගියේය.

මේ ගෙවී යන්නේ ලංකාවේ තුන්වැනි කැරැල්ල අවසන්වූ යුගයයි. දකුනේ කපටි මහින්ද යංතං ටිකට් එක චන්ද්‍රිකාගේන් උදුරා ගත්තේය. ජේප්පන් ද මහින්දට සෙට්විය. ආසන්න වශයෙන් 2/3කි. කඩේ යන ජෙප්පෝ සමාජවාදයට ෂෝට් කට් හොයන බව මහින්ද දැක්කේය. මුන්ගේ ඇති රහක් නැති බව චන්ද්‍රිකාම මහින්දට කියා දී තිබුනී. මහින්ද ටිල්වින්ගෙයි සෝමයාගෙයි පුකට ගැහුවේ “අනේ තොපේ අම්මගේ මාක්ස්වාදී රෙද්දත් අරන් මේ ආන්ඩුවෙන් පලයව්” කියමිනි.

2005 දූෂණය භීෂනය වංචාව නිසා ආන්ඩුව එපා !

තවදුරටත් කඩේ යන්න කවුරුවත් හොයා ගත නොහැකි විය. යූඇන්පියට මේ ‍බුල් මාක්ස්වාදය  අරහංය. රනිල් මහින්දට වඩා කපටියෙකි. ඉතිහාසගතවන කඩේ යෑම ජවිපේ  විසින් කලේ රනිල්ටය. සෝමෙයයි ටිල්විනුයි  ඇඳන් හිටිය අමුඩය ගලවා දමා ගියේ සුපර් මාකට් එකකටය. කපටි රනිල් සෝමයාට  පස්සා පැත්තේම ඇරියේ  පරණ  වෙසඟණක්  හමුවූ පරිදිය.

2010 එළවලු නිසා නිසා ආන්ඩුව එපා !

තවදුරටත් කඩේ යාම නැවැත්විය නොහැක. එය ජවිපේ විප්ලව වාදීන්ට ආත්මගත පුරුද්දකි. මීලඟට මෙලෝ දේශපාලන දැණුමක් හෝ ආත්මයක්වත් නැති පොන්සේකා තොරා ගති. ආන්ඩුව ඌවද අල්ලා හිරේ දැමීය. නැවතත් කෙලවුනු  තමන්ට කඩේ යාම සඳහා ජෙප්පෝ උගේ ගෑණි තොරාගෙන ඇත.

දැන් ජේප්පෝ දේශපාලනය කරන්නේ මැනිං මාකට් එකේ එලවඵ ගෝනි උඩ ඉඳගෙනය.

සෑම කැරැල්ලකදීම මැරුණු මිනිස්සුන්ට සාප කරන පීඩිත ජනතාව ධනපති පක්ෂවලට ඡන්දය දී තම රට ධනපතින්ට බාර දෙන්නේ මේ බූරු දේශපාලනය උන් දන්නා නිසාය.

මේ විජේවීර බූරුවාගේ පිරිසිදු මාක්ස්වාදී විප්ලවකාරී දේශපාලනයයි. මේ කඩේ යන දේශපාලනයට උන් දාගෙන ඇති නම සමාජවාදී විප්ලවීය ආත්මය යනුවෙනි.

මේ මගුලට සමාජවාදය කියන්නේනම් මාක්ස්වාදය යනු උඹලා කතා කරන තියරිය නම් ලංකාවේදී ලෙනින් කියන්නේ අවජාතකයෙක් ද ?

සියළු ලංකාවාසී අවජාතක පාවාදෙන්නනි ජවිපෙට එක්වෙයව්.

පාවා දියල්ලා.

(පින්තූර පස්පංගුවෙන්)

21
පෙබ.
11

දෙමළුන්ගේ කකුස්සි වල උළුඅස්ස ඇන්ටික් වලට විකුණන පාගොඩ පාරේ කසළශෝදකයා

මරල වත් මැරිල වත් වැඩක් නැති දෙමළු මැරුනා. එයින් පස්සේ ජීවත් වුනත් වැඩක් නැති දෙමල දරුවන් මැරුනා. අහබ්බෙන් පන බේරී දැන් ජීවත් වුනත් ජීවිතේ වැඩක් නැති දෙමළුත් එහේ ඉන්නවා. නොමැරුනේ ඇයි කියලත නොදන්න‍ා, ඇයි ජීවත්වෙන්නේ කියලත් නොදන්නා දරුවන් සහ ගැහැණු එහේ ඉන්නවා. උන්ට කොහොම උන්නත් දැන් ඉතින් වැඩක් නැත. රෑවෙනකොට  කවුරු හරි ඇවිත් පනපිටින් වල දැම්මත්  කමක් නැති පරඬැල් වගේ දෙමළුත් ඉන්නවා.

ආන්ඩුවේ දෙමල මන්තිරිවරු ඇවිත් ටකරං කෑලි 5කුයි සිමෙන්ති කොට්ට දෙකකුයි බෙදා දාල යනවා. මේව විකුනගෙන කීයක් හරි ගන්න උන්ගේ  උත්සවය ඉවර වෙනකම් ඉන්නත් අමාරුයි. වහින්නැත්නම් ගස්යට නිදාගන්න එක අවුලක් ඇත්තේම නෑ. වල වල් ඇතුලේ මාස ගනනක් හිටපු දෙමළුන්ට ගස්යට හරි නිදහස්. ගෙයක් යනු තවදුරටත් පවුලක පුද්ගලික අයිතියක් ඇති දේවල් නොවේ වගේ. රෑට එක ගෙයක පවුල් 3-4ක් ඉන්නවා. වැසිකිළි වැඩක් නෑ. තමන්ගේ පුංචි දරුවන්, එකට හිටිය ගෑනු,  මිනිස්සු අහිමි වෙච්ච එකේ ගෙයක ඇති අගේ මොකක්ද ? තමන් ගේ ගෙය තිබුනු තැන හොයා ගන්න වෙන්නේ පුංචි ගඩොල් කැට කීපයකින්නම් දැන් මොනව වුනාම මොකද ?

මූනිස්සම් වලින් චිත්‍ර ඇඳල නැති බිත්ති නැති නටබන් ගොඩක් විතරක් තියෙන නගරවල මොකට උළුඅහු ජනෙල්ද. මොකට වහගෙන ඉන්නද ? මොනව ආරක්ෂා කරගන්නද ? දැන් ඉතින් තවත් මොන ලැජ්ජාවක් සිද්ද  වෙන්නද ?

දෙමුළුන්ට උළුඅහු ජනෙල් මොන එහෙකට ද ?

‍නුගේ ගොඩ පාගොඩ පාරේ දෙමල වැසිකිලි වල කිබුන පාට ගාපු උළු අහු ඇන්ටික් වලට විකුනන්න දාල. මුල්ලිවයික්කාල් වල ඉඳල ඇවිත් ඕව ඉල්ලන් යන්න යැ. උළු අස්සක් තෝරල අරන් යන්න දෙමළු කොළඹ එන්නයැ.

මේ පාගොඩ පාරේ බල්ලෙකුගේ බිස්නස් එකකි. මූ දෙමල කක්කුස්සි වල උළුඅහු ගලවාගෙන් ඇවිත් කොළඹ මාන්නක් කාර බයියලාට විකුනලා ජීවත් වෙන එකෙක්. මෙච්චර උළු අහු තොගයක් කොහෙන් අරන් ඇවිත්ද ? කොහේද මෙච්චර ඇන්ටික් ගොඩක් එකතු කර ගත්තේ අවිත්තාවෙන්ද ? ඇල්පිටියෙන්ද ? මේක අයිතිකාර ගෑනි කලින් ප්‍රින්සිපල් කෙනෙකි.

මේ තරම් ජනෙල් උළුඅහු… මේ වගේ පාට ගාපු… ලී වලින් කැටයම් කරපු හරක්ගේ පිළිම…දේව පිළිම…වීරන්ගේ ලී පිළිම ගණදෙවි පිළිම…ඇයි ගාල්ලෙන් ගේන්නද ?

උඹලා වගේ උන්ට මෙලොවදීම මේවාට සාප වෙනවා. ඔය ඇනිටික් වලට විකුනන්නේ දෙමළුන්ගේ ආත්මය උන්ගේ වැසිකිලි වල තිබුණු දේවල්.

ඔවා   ‍දෙමල මිනිස්සු  කාළි අම්මලාට පූජාකරපු දේවාල වල උළු අහු. ගෙවල්වල හයිකර ගනිල්ලකෝ….

යුද්දෙකදි මිනිස්සු මරා ගත්තට කමක් නෑ කියමුකො. එහෙම කරාට පස්සේ දෙමළුන්ගේ කකුස්සි වල උළුඅස්ස ගලවගෙන එන්නේ මොන ජාතියකට අයිති පර බ….ද  තොපි ?

ඔවා උඹලාගේ ගෙවල්වලට හයි කර ගත්තම සාපේ වදින්නේ උඹලාට නොවේ උඹලාගේ උපදින්න ඉන්න දරුවන්ට. අනාගත පරම්පරා වලට

20
පෙබ.
11

“කාන්ට් ගේ සත්‍යය මාකේස් දි සාද් …” (මොන මගුලක්ද)

SADE2 (1)marquis de sade_natal chart

මෙවර පෙරදිග සුලං කලාපයේ “කාන්ට් හා සාද්” ගැන ‍හොඳ කෑල්ලක් ඇත. ඒ කාන්ට් ගේ පාරිශුද්ධකරණය හා සමාජීය පරමාදර්ශ ගැන කියවීම්ය. එනම් ආත්මය ගැනය. ඔවුන් කියනවා ආත්මයට ඇත්තේ කට හඬක් පමණක් බව. එනම් හෘද සාක්ෂියේ හඬයි. එය අපගේ ශරීරය ඇතුලින් ඇසෙන බව ඔවුන් කියති. ආත්මය මෙසේ කියයි. “ඒයි….උගේ ණය ආපහු දීපං” ( ඇත්තටම ඒක උඹට පාඩුවක් බව මම දන්නවා. ඒ උනත් ගත් දෙයක් ආපහු දිය යුතු නිසා ඒක ආපහු දීපං.) කාන්ට් මේ වගේ බව එහි කියැවේ. ඔහු අවංකය. ඒ කාන්ට් ගේ ක්‍රමයයි. සාද් එසේ නොවේ.

කාන්ට් අවංකය. ඔහු ගැහැණියකට කියන්නේ, “අනේ මිස් මට තෘප්තිමත්වීම සඳහා ඔයා අර පරිස්සං කරන් ඉන්න අරක… අර මස් වැදැල්ල …ඒක මට දෙන්න. මම ණය ගෙවන්නං” ඔහු ඉල්ලන්නේ ටිකක් රවුමෙන් ඇවිල්ලාය. මෙහෙම ඉල්ලන එක නිකං ජවිපේ චන්දය ඉල්ලන්නා වාගේය.

මේ ඉල්ලීම සාද් කරන්නේ මෙසේය. “නංගි…. මේ… ඔයා මගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී ඔබේ ශරීරය මට රස විඳන්න දෙනවැයි.? (දෙන්න ඇහැකිද කියලා අහන්නේ නැත.) කෙලින්මය. මුකුත් නැත. වැඩේ කර ගන්න පමණි. හරියට යූඇන්පීය චන්දය ඉල්ලන්නා වගේමය.

පෙරදිග සුලං කලාපයේ ලියන්නිය තවදුරටත් මෙසේ ලියයි. කාන්ට්ට අනුව “විවාහය යනු ලිංගික අවයව දීර්ග කාලයකට රෙන්ට් එකට ගැනීමක්” කියල. හුටා ය. හින්දි චිත්‍රපටිවල වගේ කොල්ලා අම්බානක ගේමක් දීල කෙල්ල උස්සල පවුල් කාල පවුල ආරක්ෂා කරන්න උගන්නනවා. මේ කතාවෙන් ඒ චූන් එක හුටා වෙලා යනවා. ‍කාන්ට්ට අනුව පවුල් ඇතුලේත් බලාගෙන ගියාම එහෙමටම ඇති කෙලියක් නැත.

එතකොට ලිංගික අවයව කුලියට දෙන එක පවුල වෙනවා. පවුල් සමුහයක් ගත්තම  සමාජය වෙනවා. අපි සමාජවාදය හරි ප්‍රජාතන්තරේ හරි වෙන මගුලක් හරි දාල මේ සමාජීය පවුල් සංස්ථා ගොඩ දාන්න ට්‍රයි කරනවා කියන්නේ මේ ලිංගික අවයව බද්දට දෙන ක්‍රමය ආරක්ෂා කරන්න වැඩ කරනවා කියන එකට. මේ කතාව හෙඳටම ගැලපෙන්නේ ජවිපෙටයි. ජෙප්පො මාරාන්තික සටනක් දෙනවා මේ මේ ලිංගික අවයව කුලියට දෙන පවුල් ආරක්ෂා කර ගන්න. ( මට සැක…. ජවිපේ උන් මේක කරන්නේ මංගල ගෙන් අහගෙනද කොහේද.)

“කාන්ට් ගේ සත්‍යය මාකේස් දි සාද් …” කියන එක බලමු.  මේ ප්‍රකාශය ටිකක් ලිහා ගමු. කාන්ට්ට කියන්න ඔන දේ සාද්ය. සාද් කියන්න ඕන දේ ලස්සනට කියනවා. වට රවුමෙන් නොවේ කෙලින් කියනවා.  කාන්ට් වට රවුමෙන් පැමිනේ සාද් එසේ නැත. කෙලින්මය. සාද්ට… අනෝමා හම්බ වුනොත්   අහන්නේ මෙසේය.  “අපි වැඩේ කරමු ද ?” සෝමෙ අංකල් වගේ රවුමේ එන්නේ නැත. නිකං දයාසිරි වගේය. සජිත් වගේ නැත. නැකැතට සමාජීය විප්ලව පටන් ගන්නේ නැත.

තවදුරටත් සාද් මෙසේ කියනු ඇත. “මේ අනෝමා මම දන්නවා ඔයාටත් ඕන මේක තමයි. ඉතිං අපි ඒක කරමු”  හප්පා ටිල්වින් හපුවා වගේ ගෙම්බෙක් මේකට කියන තොගයක්. පැල් බැඳ‍ගෙන කියනවා කියනවා කෙලවරක් නෑ. කෙලින් අහපන් බං “අපි අර මගුල කරල‍ා ඔන්න ඔය බූතයාට ඔහේ ඉන්න දෙමු.” ව‍ැඩේ ඉවරයි.

ටිල්වින් අංකල් කාන්ට් වගේ වෙන්න එපා බං. සාද් වගේ වෙයං.

කාන්ට් ට අනුව වැඩේ සරල නැත. ඔහු ඇගේ ගුණ වර්ණනා කරණවා. මල් පොකුරු අරන් දෙනවා. මාල දානවා. පොරි හැලෙන කවි කියනවා. ඔයාගේ මිනිහා හරි හොඳයි. ඌට අපි හරි බයයි. පොර හොඳ බුද්ධිමතෙක්. ටගේ නහුතයක් දේවල් …ඒ වුනාට ගෑනියේ මම ඌ ගැන මේ උඹට කියන්නේ බොරු බව උඹට තේරෙන්නනේ නැද්ද. මම ඌට උදව් කරන්නේ උඹ නිසා විතරයි…කියල උඹට තේරෙන්නේ නැද්ද ? වගේ වැල් වටාරමක් කියන්න  කාන්ට්ට සිදුවේ. නිකං ටිල්වියා වගේමය.

සාද් ට වෙලාවක් නෑ කාන්ට් වගේ කියව කියව ඉන්න. මේ අනම් මනං වැඩක් නෑ ඔයත් ඔය හැම තැනම හොය හොය යන්නේ ‘අරක’ නේ. මාත් එහෙමයි. ඉතිං කෙලින්ම අපි අරක කරමු. අනවශ්‍ය සංවාද ඕන්නෑ.

“කාන්ට් ගේ සත්‍යය මාකේස් දි සාද් …” කියන්නේ ඒකයි.

(ඒ වුනාට මට ඔය මගුල උඹලට කියල දෙන්න ඕන නෑ. “ජවිපේ සත්‍යය යූඇන්පියයි” කියල දැන්වත් තේරෙන්නේ නැද්ද බං.)

16
පෙබ.
11

ආගම = ගැහැනිය… යනු පිරිමියාගේ රෝග ලක්ෂණයයි…

බුදු හාමුදුරුවන් ඉන්දියාවේය. කතා කලේ මාගධි භාෂාවෙනි. බුද්ධාගම ඉන්දීයාවේ සමාජ සංස්කෘතික බලපෑමෙන් යුක්ත වූයේය. කුළ ක්‍රමය බමුණන් හා රජවරු ලංකාවේ සංස්කෘතිය සමග සමාන නැත. ඇඳුම් පැළඳුම් ද ලංකාවට සමාන නැත. කුළය අනුව තොප්පි දැම්මේ ඉන්දියාවේය. ජාතිය බලය පෙන්වීමට පාවහන් දැම්මේ ඉන්දියාවේය. ලංකාවේ ලොකු කම් පෙන්වන්න තොප්පි සහ සෙරෙප්පු දාන්නේ නැත.

එකල ඉන්දියාවේ තුන්වේලක් ආහාර ගැනීම අසීරු කරුණකි. එනිසා දැනුදු කරන ලෙසට ආහාර මේල් දෙකකි. දුප්පතුන්ට ආහාර හිඟය. අඟක බහා ලුණු රැගෙන ගියේ ලුණු සොයා ගැනීම අසීරු කටයුත්තක් හෙයිනි. ඉන්දියාවේ අදටත් ලුණු හිඟය.

ඉන්දියාවේ ප්‍රාදේශීය රජවරු සිටිති. රජ යනු ඉන්දියාවේ ධනවත් පාලක ජන කොටසක් හැඳින්වීමට යොදන පෙළපත් නාමයකි. නමුත් ලංකාවේ සිටි පාලකයා හැඳින්වූවේ රජ යනුවෙනි. බටහිර King හා ලංකාවේ රජ යනු සමාන අරැත් දෙන වචනය.  නමුත් ඉන්දියන් රජු හා  ලංකාවේ රජු සමාන අරුත් දනවන්නේ නැත.

බුදු හාමුදුරුවන් හැර ඉන්දීය සාහිත්‍යයේ එන සුද්ධෝදනලා  මක්කලී ගොසාල ලා සුජාතාලා ලංකාවට හුරු මිනිසුන් නොවේ.  උන් ගැන සහ උන්ගේ හැසිරීම ගැන අපි වැඩිදුරටත් දන්නේ නැත. ඒ ගැන අතිරේක කතා නැත. කොහොමටත් බෞද්ධ සාහිත්‍යයේ එන නෝනලා මහත්වරු ලංකාවට අදාල චරිත නොවේ. ඇඳුම් ආයිත්තම් ගැන බැළුවත් ලංකාවට ගැලපෙන්නේම නැත.

එසේම බුද්ධාගම ඉන්දියාවෙන් පලවා හැර ඇති ආගමකි. කුල හීන ජනයාගේ ආගම බුද්ධාගම ලෙස සැලකේ. ඉන්දිය‍ාවේ ඉතා ඉහලින් පිළිගන්නා රාම රාවනා කතාවට අනුව දුෂ්ඨයා ලංකාව ය. ‍ඉන්දියන් බූතයින්ට අනුව ලංකා‍වේ මිනිස්සු කුලහීන  දුර්වල නපුරු හා කැත මිනිස්සුය.

නමුත් අපි ඒ  රටේ සිටි සියළුම ආගමික නායකයින් පුදන්න සුදානම් වී සිටීමු. ඉන්දියන් බඩුවලට වඳිමු. මෑතක බිහිවූ ආගමික හොර දෙටුවා වූ සායි බාබාට පවා අපේ මිනිසුන් වඳින්න සූදානම්ය.

————————————————————-

දෙවනුව අල්ලාය. මෙලෝ මල දානයක් නොතේරෙන භාෂාවකි. ආගම මත ආර්ථික ක්‍රමයක් හා ජාතිකත්වයක් පවත්වාගෙන  යන මතවාදයකි. අරාබියේ වැලි කුණාටු වලින් ආරක්ෂාවීමට කළු රෙදි වලින් කල මුහුණ වැසිම ලංකාවේදීද කරයි. සේදීමට ජලය නැති හෙයින් අපිරිසිදු ලෙස සිටි ජීවන ක්‍රමය ලංකාවේදීද තවමත් පවත්වාගෙන යයි. තවමත් ගැහැනුන්ට කළු කබා අන්දයි. අරාබියේ දේශගුණය ලංකාවේද ඇතිවාක් මෙනි. ආහාර ගැනීමේදී ද තවමත් අරාබියේ කල ආකාරයටමය.

වගාකල නොහැකි කාන්තාර ප්‍රදේශවල ආහාරවූයේ සත්ව මස්ය. එනිසා සතුන් මැරීම සඳහා මුස්ලිම් ආගමින් ලබා දී තිබූ වාසිය උපකාරයෙන් කෘෂිකර්මය හොඳින් කල හැකි ලංකාවේදී ද මුස්ලිම් වසිනිස්සු මස් කඩ දමාගනී. මුස්ලිම් ඇඳුමනම් ලංකාවට කෙසේවත් ගැලපෙන්නේ නැත.   පිරිමි අඳින දිග ගවුම, තොප්පිය, රටක ජාතික සමගියක් දියුණුවක් ඇති කිරීමට උපකාර වන්නේ නැත..

කාන්තාර ප්‍රදේශ වලදී ඈත සිටින අනෙක් මිනිසුන්ටද ඇසෙන ලෙස  ආගම කිව යුතුවිය. හූ හඬින් මොරදී කිව යුතු විය. අද ද මෙතරම් ජනාකීර්ණ නගර වල පවා මහා හයියෙන් ආගම කීම කිසිසේත් නොගැලපෙන වැඩකි. එමගින් නගර අවට ශබ්ද දූෂනය වන බව මේ ආගමට නොතේරේ. අල්ලා කී දේවල්ද ලංකාවට කෙසේවත් ගලපාගත නොහැක. නමුත් අපි මේ ආගමටද වඳිමු පුදමු.

අල්ලා හොඳනම් සෝමාලියාවේ ඉතියෝපියාවේ සහ බොහෝ  මුසලිම් රටවල්වල ලමයින් බඩගින්නේ මැරෙන්නේ නැත.

——————————————————————————————

ක්‍රිස්තියානිය ද  යුරෝපයේය. ලංකාවේදී  කිසිදින දැක නැති හිම  වැටීම, සීතලම රාත්‍රිය, බැටලුවන් දක්කන මිනිස්සු, කුරුස වල ඇන ගසා වධ දෙන හමුදා, ආගම සමගම උත්කර්ෂයට නංවා ඇත. ක්‍රිස්තියානි ඇඳුම් පැලඳුම්, ඔටුනු, කාන්තාර කතා, මිනිසුන් නගරවලින් පලවා හැරීම් ආදිය ලංකාවේ අපට සංජානනය කර ගත හැකි දේ නොවේ. ක්‍රිස්තියානි යක්ෂයාට ඇතිතේ විහිළුකාරී අංගෝපාංගය. ලංකාවේ යක්ෂ මුහුණු සමග ගත්විට ක්‍රිස්තියානි යකා හුරතල් සතෙක් වැන්න. නමුත් මේ බහුබූත වලට ද අපි වඳිමු පුදමු.

කොහොම වුනත්

බුදු හාමුදුරුවන්ට වඩා අපි බෝ ගසට වඳිමු.

ක්‍රිස්තුට වඩා අපි කුරුසයට වඳිමු.

අල්ලාට වඩා අපි හඳට වඳිමු.

——————————————————————————-

ඕෂෝ, හින්දු, සායි, ජුදා,  මාක්ස්,  චේ,  හිට්ලර් යනුද ආගමික අයිකන්ය. මේ වරද    මේ සෑම ආගමික මතයකම ඇත.

මේක කියවලා මට බැනපල්ලකෝ….ඒත් ඇත්ත එහෙමම තමයි. මේ සියල්ලම  අපේ රටේ ආගම් නොවේ. අපට ගැලපෙන්නේ නැත.

(ආගමට විරුද්ධව ඇති සාක්ෂි…..මේ ආගම් 3ම ලංකාවට ගැලපෙන්නේ නැත. අපේ මිනිසුන් ආගම ඇත්තටම පිලිපදින්නේ නම් ආගම් නිවැරදිව දන්නේ නම් 71දීත් 88 -89 දීත් 2010 උතුරේදීත් තුන්පාරක් මේ රටේ මිනිසුන් පුච්චල කපල කොටල වෙඩිතියල මරන්නේ නැත.)

14
පෙබ.
11

ජවිපේ අයියලාගේ අෂ්ශීල යටිබඩ විප්ලවයට හරස් වූ හැටි…

ඇය චේගුවේරාගේ රූපයක් සහිත ටී ශර්ට් එකක් පලඳී. රතුපාටය. කරාබු නොදමයි. මංගල සමරවීර‍ “මල්ලී මෙහෙ එන්න ඩාලිං” කී විට ඇඳට ගොඩවෙයි. ඇය මංගලට පණමෙන් ආදරය කරයි. ඔහු නියපොතු වවලාය. නමුත් පාට කර නැත. සෝමවංශ “මල්ලී මගේ උරහිස පොඩ්ඩක් අතගාන්න පැටියෝ” කී විට ඇගේ ඇතිල්ලෙමින් උරහිස මිරිකයි.

ඇය කොන්ඩය වවා නැත. රැවුලෙන් මූනේ කැටයම් කපා ඇත. “මෙහෙ එන්න මල්ලි, මට හරි මහංසියි පුංචි මල්ලි… කකුල පොඩ්ඩක් මිරිකන්න මැනිකේ” කී විට කොමල සිනාවක් දාගෙන ටිල්වින්ගේ කකුල් මිරිකයි.

ඇයද එලිපිට ඩෝප් වී නැත. හොරෙන් ගානට ගහලාය. ආරිය බුලේ ගොඩට හොඳටම ඩෝප්ය. ඇඳි පුටුවේ වාඩිවී රස කතා කියයි. “අනේ මගේ සුදු මල්ලි‍යෙ මෙහෙ මගේ ලඟින් වාඩිවෙන්න මගේ මල්ලී ” කී විට ඇය ඔහු අසලින් වාඩිවේ. ආරිය බුලේ ගොඩ මල්ලී ගේ මුළු ඇඟම අතගාන්නේය. ඇය ගානක් නැතිව සිටින්නේය.

රාත්‍රී කාලයේ පෝස්ටර් ගහනවා බලන්න ලාල්කාන්ත යන්නේය. රෑ දෙගොඩ හරියේ පැමිනේ. පක්ෂ කාර්‍යාලය ඇතුලේ සිගරට් බීම තහනම්ය. නමුත් රෑට කාමරය ඇතුලේ සිගරට් ගඳය. ලාල්කාන්ත පොඩි මල්ලිලාට හරි ආදරේය. එක බත්පත බෙදාගනී. රෑට නිදාගන්නේ මල්ලිලා එක්කය. රෑට මල්ලිලා ලාල්කාන්තට තුරුළු වී නිදියයි. හැමදාමත් මෙය සිදුවේ. මල්ලිලා යටට අඳින්නේ නැත.

ඇය කාන්තාවකි. ගම කොස්ගොඩය. විජේවීර එහි පැමිනි දිනයකි. කන්න දෙන්නේ කුස්සියේය. අම්මා ද කඩේට ගිහිල්ලාය. ලොකු සහෝදරවරු දෙදෙනෙක් ඉස්තොප්පුවේ කතාවකි. කෙල්ල ඇතුලේ සිට බයවී දුවගෙන පැමිනියේය. “ඊඊයා විජේ අයියා මට නම් පෙන්නන්න එපා ඒක නම්” කියමින් මූන වසාගෙන අල්ලපු ගෙදරකට පැනගත්තේය. ඇය ප්‍රතිවිප්ලව කාරියකි. සීඅයිඒ එකෙන් ගෙනත් ඇරලා තිබුනි. ඇය ගැන නියමුවා පත්තරේ තිබුනේ එසේය. විජේවීරගේ දර්ශන කාමය  ප්‍රතිවිප්ලවය වූයේ එසේය.

ජවිපේ සමලිංගික සහෝදරියන් ගැනද බොහෝ කතා ඇත. මේ ලෝක විප්ලවය කරන්න යන ජව සම්පන්න සහෝදරවරුය. ජවිපේ  අයියලාගේ සහ චූටි මල්ලිලාගේ අෂ්ශීල යටිබඩ  විප්ලවයට හරස් වී ඇත. මේවා නොදැන හැට දාහක් මහ මග මැරුණි. අනේ තොපේ මාක්ස්ගේ ඇ…….දෙක…..

12
පෙබ.
11

මාක්ස් වෙනුවට අල්ලා…දාස් කැපිටාල් වෙනුවට කුරාණය

ඊජිප්තු කාරයෝ මුබාරක් එලවා දැමීය. නරක් නොවන මමියක්ව පැවති මුබාරක් ‘අල්ලා’ විසින් දූතයින් එවා එලවා දැමීය. මාර වැඩකි ජෙප්පන්ට චූන්ය. ෂා මරු වැඩකි. අපිටත් එහෙම කරන්න ඇත්නම් වැඩේ ගොඩය. ටිල්වින් අගමැතිය. සෝමේ ජනාධිපතිය. අනෙක් පෙන්දෝ ද ගොඩය. හිඟන්නන් පිරිසක් පාර්ලිමේන්තු බලය ගත්තා වාගේ තියා ගත හැකිය. ජොර්දානයේ සිදුවූ දේ දැන් අල්ජීරියාවේ යේමනයේ මෙන්ම ටියුනීසියාවේද සිදුවිය හැක. මාර වැඩේය. මේ රැල්ල පකිස්තානයට පැමින ඇත. ඔක්කෝම මුස්ලිම් රටවල්ය.

අපරාදේ අපි මුස්ලිම් නොවුනේ. දැන් ඉතිං සියළුම ජෙප්පන් මුස්ලිම් ආගමට හරවන්න ඕනෑය. මාක්ස් සීයාට වරදිලාය. අල්ලාගේ අබිංකාපු ඊජිප්තු කාරයෝ විප්ලවය කර ඇත. ලොව හෙල්ලු තවත් දහඅට දවසක් ගෙවී ගොස්ය.

විප්ලවීය අවස්ථාවක් මෝරා ඇත. ලෝක ධනවාදය අර්බුදයට ගොස් ඇත. ධනවාදය භංගවෙලාය. මේ වැඩේ ලංකාවෙත් කල හැක. අපි දෙපාරක්ම ට්‍රයි කර ඇති බාප්පලාය. වැඩේ දැන් පත්තු කරන්න විතරයි ඇත්තේ. බඩු ෂුවර්ය. මිනිස්සු පාරට බසිනු ඇත.  ආගම අබිංමත් නොවේ වගේය. ආගමත් මරු බඩුවක්ය. වැඩේ ගොඩ දාගන්න මොන මගුලක් වුනාට මොකද ? දැන් ඉතිං මාක්ස් සීයාගේ කුණු වෙච්ච කම්කරු වීරයින්ගේ කතා පැත්තකට දාල අල්ලාහු අක්බර් හුලල්ලා කිය කියා පෙළපාලි යන්න ඇහැකිය.

ටිල්වින් අංකල් නිකං ට්‍රයි එකක් දාල බලමුද ?

(හැබැයි ඉතිං 5% ක් පාරට බස්සලා විප්ලවය කොරන්න ගියොත්  මැරුං කන්න තමයි වෙන්නේ. ලංකාවේ හමුදාව ඊජිප්තු හමුදාව වගේ නෑනේ. ලේ රහ හොඳට දන්නවා)




අනවශ්‍ය දේවල්

  • 171,246 ක් බැළුවා

මරුවා වැහෙන දින

පෙබරවාරි 2011
බ්‍ර සි සෙ
« ජන.   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements