02
මැයි
14

ෆේස් බුක් එකේ ප්‍රොපගැන්ඩා

Malan Samarawickrama
ඔවු මම තමයි ඒ වෙලාවේ රංග එකවුන්ට් එකටත් ලොග් වෙලා හිටියේ. හදිස්සියට අක්වුන්ට්ස් දෙක පැටලුන නිසයි මේ දේ වුනේ. ඒක නිසා මම හිතන්නේ තව දුරටත් තර්ක කරන්න දෙයක් නෑ. මගේ නිරුවත හෙළිවෙලා ඉවරයි.

මේ එකවුන්ට් එක (මාලන්) මෙතෙක් පාවිච්චි කළේ මම විතරයි (ඉස්සරහට කොහොම වෙයිද කියන්න මම දන්නේ නෑ, මොකද මේ එකවුන්ට් එක මට අයිති නැති නිසා). ඒත් රංග ජයවර්ධන එකවුන්ට් එක මමත් ඇතුළුව තුන් දෙනෙක් පාවිච්චි කළා. එක් අයෙක් තමයි ගොඩක් පෝස්ට් පළ කළේ. මම ගොඩක් වෙලාවට ඒක පාවිච්චි කවුරුන්ව හරි මඩවන්න ඕන වුනහම විතරයි. ඒත් රංග එකවුන්ට් එක දිගටම මට පාවිච්චි කරන්න දෙන්න ඒ අයගේ අදහසක් තිබුණා. ඒත් ඊයේ සිද්ධ වුන දෙයින් සියළු දේ වෙනස් වුනා. දැන් ඒක නිවැරිදි කරන්න පරක්කු වැඩියි.
මම ඒ අයව පුදගලිකව අදුනන්නේ නෑ. අපේ සම්බන්ධකම් තිබුණේ ස්ක්යිප් හා මේල් හරහා. ඒත් අපි සේවය කළේ එක පුද්ගලයෙක්ට (නම් ගම් අනවශ්‍යයි). මම ඒ අයට සම්බන්ධ වෙන්නේ මගේ පාසල් මිතුරෙක් හරහා. මට මූලිකව පැවරුණ රාජකාරිය ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් රචකයා සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩ නඟා ගැනීම. මොකද ටැබූ හරහා සයිබරය තුළ යම් පිබිඳීමක් සිදුවේ යැයි ඔවුන් තුළ විශ්වාසයක් තිබුණ නිසා. මගේ බ්ලොග් එක මම හැන්ඩ්ල් කළේ ඒ ටැබූ ඇතුළු කණ්ඩායමේ විශ්වාසය දිනා ගන්න විදිහට. ඒක සාර්ථක වුනා. ටැබූත් එක්කම ගොඩක් දේශපාලන බ්ලොග්ස් වහන තැනට අපි වැඩ කළා. මගේ බ්ලොග් එක වසා දැමෙන්නේ ටැබූව මෙල්ල කිරීමෙන් පස්සේ.
1502518_10202932537691098_904981714_n
රංග එකවුන්ට් එකෙන් තමයි ෆේස් බුක් එකේ ගොඩක් ප්‍රොපගැන්ඩා කෙරුනේ. රංග එකවුන්ට් එකේ මූලික අරමුණ වුනේ ජාතිකත්වය වෙනුවෙන් පෙනී හිඳීමින් එය එක කඳවුරකට ගැනීම. මම හිතන්නේ අද වෙන කොට ඒක බොහෝ දුරට සාර්ථකයි (වැඩි විස්තර අනවශ්‍යයි) රංග එකවුන්ට් එක හැඩ්ල් කරපු අයගෙන් ප්‍රධානතම පුද්ගලයට සයිබරයේ සැබෑ චරිත වලින් හමුවී තිබෙන්නේ එක් අයෙක් විතරයි. දැන් වෙනත් කඳවුරක සිටියත් ඔහු ඒ දිනවල අපේ කඳවුර සහ ගොඩක් සමීපව වැඩ කළා (2009 – 2011) සහ ඔහු සක්යිප් මගින් එකවුන්ට් එක හැඩ්ල් කළ ප්‍රධාන පුද්ගලයට බොහොම උපදෙස් දුන්නා (නැවතත් නම් ගම් අනවශ්‍යයි, , දන්නෝ දනිති). රංග එකවුන්ට් එක හැඩ්ල් කරන ප්‍රධාන පුද්ගලයා ඉහත සඳහන් කළ පුද්ගලයාට බොහොම ගෞරව කළා. මොකද ඔහු අපේ කඳවුරට ගොඩක් සහයක් දක්වපු නිසා (සවිස්තර මෙතනට අනවශ්‍යයයී). ඒ අදාල පුද්ගලයට ඔවුන් මොන දේ වුනත් වචනයකින්වත් පහර නොදන්නේ ඔහුගෙන් සිදුවුන සේවය නිසා.කාලයක් වහලා තිබ්බ මේ එකවුන්ට් එක නැවත ඇක්ටිවේට් වෙන්නේ ජවිපේ සයිබරය තුළසයිබරය තුළ බලවත් වීම හරහා. ඔවුනට අව්ශ්‍ය වෙනවා ජවිපෙට සයිබරය හරහා ප්‍රහාරයක් එල්ල කරන්න. මම පහුගිය කාලේ සිදු කලේ ඒක.

කොහොමහරි ඊයේ සිදු වීමෙන් පස්සේ මට තවදුරත් රංග එකවුන්ට් එකට ලොග් වෙන්න බෑ. ඒ නිසා ඔවුන් ඉදිරියට රංග එකවුන්ට් එකෙන් මොනවා කරයිද කියන්න මම දන්නේ නෑ. ඒ වගේම මේ එකවුන්ට් එකත් ඔවුන්ට භාර දෙන්න කියලා ඔවුන් මට දන්වලයි තියෙන්නේ. ඒක නිසා මේ එකවුන්ට් එකත් ඔවුන් යටතට ගනීවී.

ඒ නිසා සමහර විට මේ එකවුන්ට් එකෙන් මම දාන අවසාන පෝස්ට් එක වේවී.

ආර්ථික ඝාතකයකුගේ පාපොච්චාරණය ඔබ කියවා ඇතැයි මම සිතනවා. මෙයත් එවන් ආකාරයේ පාපොච්චාරණයක්.

හැමෝගෙන්ම සමාව ඉල්ලනවා සිදුවුන හැම දේකටම..!

මල් වඩම් අනවශ්‍යයි..!

===============================================================

  1. මාලන් හෙවත් රංගට වෙනත් තැනකදී දුන්න පිළිතුරක්..**බොල කාලකණියෝ. තොගේ හිඟන දේශපාලන ඇජෙන්ඩාව තෝ තොගේ පාඩුවේ කරගනින්. ඒකට උඹට උඹ වගේම මොළේ කළඳක් නැති තොපේ මහා ලොකු අහවල් එක නළලේ තියාගෙන ඉන්න ඔටු රැලක් සෙට් වෙනා ඉන්නේ. ඉතින් මොකක්ද තියෙන අවුල? දුකද තොගේ මලමගුල් පට්ට පර්ෆෙක්ට් ආගමයි, ලෝකේ බිහිවුන මහාම ලොකුම සිරාම සුපිරිම පට්ටම එලම සංස්කෘතියයි පිළිගන්නේ නැති උන් ඉද්දී? කසනවා වගේද? ඔක්කෝමල්ලා උඹ සිරා කියලා හිතන රෙද්දවල් පස්සේම දුවන්න ඕනේද? අනිත් උන්ට වෙනස් අදහස් තියා ගන්න බැයිද?

    තොපි වගේ මල හෝන්තු ඉන්නේ මේ රටේ විතරක් නෙමේ කාලකණ්නියෝ.. උඹ වගේ තමා ඉපදුන පොළවේ තමා ඉපදෙන්න කලින් හිටපු අපතයෝ තමාට පොඩි කාලේ ඔලුවලට දාපු රෙද්දවල් ඔලුව උඩ තියාගෙන, ඒවා පස්සේ දුව දුව, ඒවා රැකගන්න ලෝකෙ තියෙන හැම මගුලම ප්‍රතික්ශේප කරගෙන සංස්කෘතික මළමිනී වගේ මිනිස් කම අමතක කරලා අවුරුදු දෙදාහකට කලින් හිටිය අරූගේ අහවල් එක, අවුරුදු දාහකට කලින් අරූ ගල් ගුහාවක් අස්සේ රීපු බෙට්ට, අවුරුදු එක්දාස් පන්සීයකට කලින් අර ඔක්කෝම දන්න එකා මලපහ කරපු වැසිකිළිය, අවුරුදු පන්දාහකට කලින් හිටපු අපේ උත්තමයාගේ වම් ඇටේ.. වගේ කිසිම වැදගැම්මකට නැති මලමගුල් ඔලුව උඩ තියාගෙන, ඒවා වෙනුවෙන් මිනීමරන්න වුනත් ලෑස්ති අපතයෝ නිසා තමා මිනිස් ඉතිහාසයේ වැඩිම ලේ සංහාර ඇති වෙලා තියෙන්නේ. තවම මිනිස් සංහතිය මේ වගේ මල මගුල් ප්‍රශ්න කරගෙන ඒවා මතම මැරෙමින්, අනිත් උන්වත් මරමින් නාඩගන් නටන්නේ මුහුණදෙන්න, විසඳන්න සැබෑ ප්‍රශ්න තියෙද්දී..

    හැබැයි උඹ ඒ තරම් මෝඩයෙක් නෙමේ ඔය වගේ සුරංගනා කතා වලින් පිරිච්ච පාට පාට ලෝකෙකට තෝ පෙන්නන තරම්ම රැවටෙන්න. උඹ මොකක් හරි දේශපාලන ඇජෙන්ඩාවක් ක්‍රියාත්මක කරන්නේ කියන එක ඕන ගොනෙක්ට තේරෙනවා, ඒක අපි වගේ උන්ට විතරක් නෙමේ උඹව ෆලෝ කරන ගොබ්බ හැත්තටත් තේරෙනවා. ඒත් උඹ කියන ඒවායේ තියෙන ඒ ගොබ්බයෝ වහවැටිලා තියෙන දේවල් වල ඒ කුණු රසටයි උන් උඹ කියන ටොම් පච පස්සේ එන්නේ. වෙන මල මගුලක් නිසා නෙමේ.

    තොපි වගේ ආත්මාර්ථකාමී පොන්නයෝ නිසා තමා මේ රට අවුරුදු 30ක් තිබ්බ යුද්ධයක් පැත්තට තල්ලු වුනේ. තොපි දන්නවා තොපි කරන වැඩෙන් ඒ වගේ දෙයක් නැවත ඇති වීමේ අවධානමක් තියෙන බව. අපේ ජීවිත කාලයේ නොවුනත් අපේ දරුවන්ගේ ජීවිත කාලයේදී හරි. ඒත් ඒ අවධානමට වඩා උඹලට උඹලගේ පටු අරමුණු ලොකුයි. මහදැනමුත්තන්ගේ ලබ්බවල් ලොකුයි. දේශසීමා ලොකුයි. ටීම් ස්පිරිට් එක ලොකුයි, දේශපාලන අරමුණු ලොකුයි, සාක්කුවට එන ගාන ලොකුයි.

    ‘ලේනෝ ලේනෝ මේ දත අරන් අලුත් දතක් දියෝ..’ කියලා වැටිච්ච දත වහලෙට විසි කරපු වයසේම තමාට තමාගේ වැඩිමහල්ලු කියලා දුන්න ටොම්පච තාම කරේ තියාගෙන ඒවාට වන්දනාමාන කරන, උන් ගේ ඒ හැඟීම් උඹ ලස්සනට තමාගේ අරමුණු වෙනුවෙන් පාව්ච්චි කරන එක එක්තරා විදිහක දක්ශකමක්. ඒත් මහ කාලකණ්ණි හැකියාවක් ඒක.

    උඹ උඹේ දේශපාලන කැම්පේන් එක කරගෙන පල. අපිට අමුතුවෙන් මඩ ගහන්න, අපහාස කරන්න, කටවල් වහන්න උඹලා මහන්සි වෙන්න ඕනේ නෑ. (එහෙම මහන්සි වුනත් අපිට කමකුත් නෑ). කොහොමත් අපි කියන ඒවාට උඹලගේ සංස්කෘතික මළමිණී අපිව ද්‍රෝහීන් විදිහට හංවඩු ගහලා ඉවරයි. එනිසා උඹට ළඟා කරගන්න ගෝල් එකක් නෑ. එනිසා උඹ උඹේ දේශපාලන වැඩකටයුතු කරගෙන පලයන් පාඩුවේ. උඹටත් කන්න අඳින්න විදිහක් තියෙන්න ඕන නේ බන් නේද?

    ප.ලි ; මම විහිලුවක් කලේ රංග අයියේ.. උඹ මගේ බොක්ක නේ.. ඒක හැමෝම දන්නවා නේ මාලන්.. සොරි සොරි.. රංග..

    Like · ·
    • 12 people like this.
    • Basura Eranga Dissanayakaෆේක් එකවුන්ට් එකක් උනත් උබ කියන්නේ පට්ට කතා කියල මම දැන් ටික කලෙක ඉදන් අත්දැකීමෙන් දන්නවා….අද එලියට පැනල තියෙන්නේ මට අනුව නම් හොදම එකය… ඔය බැනුම් අහන එවුන් කවුරු උනත් මුන් කියන ගොබ්බ කතා වලට කියන්න ඕන දේ එලටම කියල තියනවා….අපි උබ එක්ක බන්ඩෝ….
    • Ma Ruwa
      Write a comment…


අනවශ්‍ය දේවල්

  • 249,922 ක් බැළුවා

මරුවා වැහෙන දින

මැයි 2014
බ්‍ර සි සෙ
 123
45678910
11121314151617
18192021222324
25262728293031

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය