Posts Tagged ‘විජේවීර

09
ජුනි
21

ප්‍රභාකරන්ගේ හොඳ වැඩ වලින් එකක්

•බාබු ආවේ පයින්. බයිසිකලයක් තල්ලු කරගෙන ආවා කියන එක වැරදි කතාවක්  

•බාබු අත දිග ඇරලා වියදම් කළා. ඔහුට එතරම් සල්ලි කොහෙන්ද කියලා කවුරුත් හෙව්වේ නෑ.  

•දුප්පතාගේ හිතවතා යන විරුදාවලියෙන් ජනාධිපතිවරයෙක් ප්‍රකටව සිටියා නම් ඒ ප්‍රේමදාස ජනාධිපතිවරයා විය යුතුය.  

•ප්‍රේමදාස ජනාධිපතිතුමා ආමර් වීදියේදී ඝාතනය වුණේ 1993 මැයි පළමුවැනිදාය.

ප්‍රේමදාස මහතාගේ ඝාතනය සම්බන්ධ සිද්ධි දාමය තුළ මෙතෙක් හෙළි නොවූ බොහෝ කතන්දර ඇත. හෙළි නොවූ හෙළි නොකළ ඒ ඝාතන සිද්ධිය ගැන කියන්නට අප ආරාධනා කළේ සුදත් සිල්වාටය.  

සුදත් සිල්වා යනු මෙරට විධායක ජනාධිපතිවරු පස්දෙනකුගේ සෙවණේ සිටි නිල ඡායාරූප ශිල්පියාය.  

ප්‍රේමදාස ජනපතිවරයාට අමතරව, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන විධායක ජනාධිපතිවරුන්ගේ නිල ඡායාරූප ශිල්පියා වීමේ භාග්‍යය සුදත් සිල්වා මහතාට හිමිවිය. එකී කාලය තුළ රාජ්‍ය නායකයන් ළඟින්ම සිටි ඔහු තොරතුරු ගබඩාවකි. ඒ තොරතුරු සංකීර්ණයේ ආර්. ප්‍රේමදාස ජනාධිපති ඝාතනයේ මතකය හා ඊට පසුබිම් වූ සිද්ධිදාමය ඔබට ලියමු. මෙහි මුල් කොටස ඉකුත් සතියේ පළවිය.

ළං වෙමින් තිබුණේ ජනපති ප්‍රේමදාසගේ ජීවන සැරියේ අන්තිම නිමේෂයයි. එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය පාරවල් දෙකකින් පැමිණෙන්නට සැලසුම් වී තිබිණ. එක පෙළපාළියක් මරදාන දෙසට එන්නට නියමිත වූයේ සුගතදාස පිට්ටනිය පැත්තේ සිටය. අනෙක් පෙළපාළිය ගුණසිංහපුර, අලුත්කඩේ ජනතාව සමග මැසෙන්ජර් වීදිය ඔස්සේ එන්නට සැලසුම විය. මැසෙන්ජර් වීදිය ඔස්සේ එන පෙළපාළියේ සිටියේ ප්‍රේමදාස ජනාධිපති තුමාගේ ප්‍රබලම ආධාරකරුවෝ ය. ජනපති ප්‍රේමදාසට හැමදාම හයියක් වුණු මිනිස්සු විශාල පිරිසක් මැසෙන්ජර් වීදියේ පෙළපාළියට එකතු වී සිටියහ.  

වේලාව දහවල් 12.15 ට ආසන්නව ඇත. “සුදත්, පිට්ටනියේ කොච්චරක් විතර සෙනඟක් ඉන්නවාද?”  

ජනපති ප්‍රේමදාස සුදත් සිල්වා දෙසට හැරී ඇසුවේ ය. ඒ වන විට ප්‍රේමදාස මහතා හිටියේ සුගතදාස පිට්ටනිය අසළ පාරට වෙන්නටය.

 සුදත් සෙනඟ අතරින් පීරා ගොස් සුගතදාස පිට්ටනිය දෙස බැලුවේය. එය ජන ගඟකි.  

 “සර්, පිට්ටනිය පිරෙන්න සෙනඟ ඉන්නවා…” සුදත් ප්‍රේමදාස ජනාධිපතිතුමාට කීවේය.  

ඒ වචන ටිකට ජනපති ප්‍රේමදාසගේ මුවඟ සතුටු සිනහවක් මෝදු විය. එයට හේතුවක් තිබිණි. මේ කාලය වන විට එජාපයේ ප්‍රබලයන් දෙදෙනෙකු වූ ලලිත් ඇතුළත්මුදලි ද ගාමිණී දිසානායක ද එක්සත් ජාතික පක්ෂයේ නැත. ලලිත්ලා ගාමිණීලා නැතිව මැයි රැලියක් කරන්නට ජනපති ප්‍රේමදාසට සිදු වී තිබිණ. මේ නිසා මැයි රැලියට සෙනඟ අඩු වේවි යැයි අදහසක් ජනාධිපතිතුමාගේ හිතේ නොරැඳුණාම නොවේ.  

සුදත් කී වචන ටික අසමින් ලේන්සුව අතට ගත් ජනාධිපතිතුමා එයින් මුහුණ පිස දමා එය ගසමින් සාක්කුවේ දමා ගත්තේය. මේ සියලු සිදුවීම් ජාතික රූපවාහිනිය මගින් වීඩියෝ කරමින් උන්නේ ය.  

 ජනාධිපතිතුමා ජාතික රූපවාහිනියේ කැමරා ශිල්පීන්ට කතා කළේය.  

 “ඔයගොල්ලො මෙතන ඉන්න එපා. පෙළපාළිය හොඳට පේන්නේ පංචිකාවත්ත පැත්තට. එහෙට යන්න” යි කීවේය. මේ සියල්ල සුගතදාස පිට්ටනිය ළඟදී සිදු වූ කතා පෙළයි.  

ළඟ සිටි එජාප බලඇණියේ ප්‍රබලයන් කීප දෙනෙකුට, “අපි යමු..” යි කියමින් ජනාධිපතිතුමා සුගතදාස පිට්ටනිය ළඟ සිට ආමර් වීදිය දෙසට පයින් එන්නට පටන් ගත්තේය. ඒ මඟ හෙමින් හෙමින් ආමර් වීදිය දක්වා ප්‍රේමදාස මහතා ගමන් ගත්තේය.  

 ආමර් වීදියට ආවේ උදේ මීටිමේ දී සාකච්ඡා වුණු සැලසුමක් දිග හරින්නටය.  

 මේ සැලසුම නිසා ආමර් වීදිය එදා පෙළපාළියේ විශේෂ තැනක් බවට පත් විය.  

 වෙලාව දවල් 12.30 ද පසු වී තිබිණ. ජනපතිතුමා ඔරලෝසුව බලමින් ළඟ සිටි, එවන්ස්ට,  

 “එවන්ස්… 12.45 ගුවන්විදුලියේ ප්‍රවෘත්තිවලට නිවුස් එකක් දෙන්න. එක්සත් ජාතික පක්ෂ මැයි පෙළපාළියේ ලක්ෂයකට වඩා ගමන් කරමින් ඉන්න බව කියන්න.”  

එවන්ස් කුරේ යනු, එදා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ප්‍රවෘත්ති ලේකම්වරයා ය. ඔහු ජනපතිගේ පණිවුඩය රැගෙන දුරකතනය හරහා එය ගුවන් විදුලි සංස්ථාවට ලබාදීමට සුලෙයිමන් රෝහල දෙසට ගියේ ය. එවන්ස් කුරේ හා ප්‍රේමදාස ජනාධිපතිතුමා අතර වූ කතාබහ අවසන් සජීවී ඡායාරූපය ලෙස සුදත් සිල්වාගේ කැමරා කාචයේ සටහන් විය. ඉන් පසු කතාව සුදත් සිල්වා මහතා යළිත් අපට පවසයි.  

 “එවන්ස් කුරේ සුලෙයිමන් රෝහල දෙසට යද්දී මමත් වාහනයට නගින්න ඔහු පසුපසින් ගියා. ඒ වෙද්දි ජනාධිපතිතුමාත් ජීප් එකකට නගින්න ලෑස්ති වෙලා හිටියේ. ආමර්වීදියේ දී ජනාධිපතිතුමා පොඩි සංඥාවක් දෙන්නයි සැලසුම වුණේ. ඒ තමයි ප්‍රේමදාස මහත්තයාගේ අතිප්‍රබලම ආධාරකාරයෝ ටික ආවේ මැසෙන්ජර් වීදියේ ඉඳලා. ඒ අය පෙළපාළියේ ඉදිරියෙන්ම යවලා, පෙළපාළියේ පිටුපස කොටසට සුගතදාස පිට්ටනියේ ඉඳන් එන ආධාරකරුවන් එකතු කිරීම එතැන සිදු වුණේ. ආමර්වීදියේදී ජනාධිපතිතුමා පාරවල් දෙකකින් ආපු පෙළපාළියේ මැසෙන්ජර් වීදියෙන් ආපු අලුත්කඩේ, ගුණසිංහපුර ජනතාව ඉදිරියට ගත්තා. එපමණයි.  

 මැසෙන්ජර් වීදියේ පෙළපාළිය ඉදිරියට ගනිද්දිමයි බෝම්බෙ පුපුරා ගියේ. මම හිතන්නේ මායි, එවන්ස් කුරේයි දෙන්නත් එතැනින් ගිහින් එක තත්පර ගාණක් ඇති. මට වුණත් මීටර් 15 ක් යන්න බැරි වුණා. බ්ලාස්ට් එක වුණා…”  

“ඊට පස්සෙ වුණු දේ හිතාගන්නත් බැරි වුණා..” සුදත් සිල්වා මහතා කියයි.  

“මේ වෙද්දි කවුද ප්‍රේමදාස මහත්තයා ළඟම හිටපු අය ?” මම විමසීමි.  

“ඇත්තටම… අවසන් තත්පර කීපයේ එතුමා හිටියේ ආරක්ෂක වළල්ලක් තුළ. එතැන හිටියා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොනී ගුණසිංහ, සහකාර පොලිස් අධිකාරී සරත් මහින්ද, විශේෂ කාර්ය බළකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි සිල්වා වගේ අය. ඊළඟට මොහිදින් කියලා කෙනෙක් හිටියා. එයා ප්‍රේමදාස මහත්තයා ළඟ නිතරම හිටපු කෙනෙක්. පියන් කෙනෙක් වගේ හිටියේ. එතුමාගේ දුරකතනය ඇමතුම් එහෙම අරන් දෙන්නේ මොහිදින්. මේ අය ඇතුළුව ආරක්ෂක වළල්ලම මියගියා. කවුරුවත් ඉතිරි වුණේ නෑ…”  

 “එතකොට ඔබට මොකුත් වුණේ නැද්ද ?” මා යළි විමසීමි.  

“මගේ කොන්දේ වම් පැත්තේ මොකක්ද වුණා වගේ දැනුණා. එක්වරම හිරි වැටුණා. කම්පනයකුත් එක්ක. ඒ ගමන්ම පිට අතගාලා බැලුවා. මගේ වම් උරහිසේ මස් කෑල්ලක් එල්ලෙනවා. ලේත් එක්ක. ප්‍රේමදාස ජනාධිපතිතුමා හිටපු තැන බැලුවා. එතැන මිනිස් කොටස් විතරයි. මහා දුමක් එක්ක.  

 මගේ ළඟම හිටියා කොළඹ නියෝජ්‍ය පොලිස්පතිව සිටි ඒ. එස්. ඒ. සෙනෙවිරත්න මහත්තයා. එයා මට කිවුවා…“ සුදත්, ඉක්මනට මේ වටේ ඡායාරූප ටික ගන්න..” කියලා.  

 මම ඒ සමගම අවට සියලු ඡායාරූප ගත්තා. අද ඒ සියල්ල මා සතුව තියෙනවා. ඒ බොහෝ ඒවා මෙතෙක් මාධ්‍යයක පළ නොවූ ඒවා. මම ඩී. අයි. ජී. සෙනෙවිරත්න සර්ගෙන් ඇහුවා, “සර් කෝ ජනාධිපතිතුමා ?” කියලා.  

“ජනාධිපතිතුමා වාහනේක නැගලා ගියා” කියලා එතුමා කිවුවා. ඊට පස්සෙ මම කෙළින්ම ආමර්වීදිය පොලිසියට ගියා. ගිහින් අපේ ගෙදරට කෝල් එකක් දුන්නා.  

 ඒ වෙද්දි කවුදෝ අපේ තාත්තාට කියලා බෝම්බයෙන් මමත් මියගියා කියලා.  

 “බොහෝම සුළු වේලාවක් ඇතුළත මම සුචරිතයට ගියා…”  

 සුදත් සිල්වා මහතා සුචරිතයට යන විට බෝම්බය පිපිරී විනාඩි 10 ක් පමණ වෙන්නට ඇත. සුචරිතයට යද්දීම එහි දුරකතනය නාදවෙමින් තිබිණ. එය අතට ගත්තේ සුදත්ය.  

 “සුදත් දැන්ද ආවේ… ඒ හඬ මැඩම් ප්‍රේමදාසගේය.  

 “ඔව් මැඩම්..” සුදත් සිල්වා කීයේය.  

 “කෝ සර්… සර්ට මොකද වුණේ…”  

 “දන්නෙ නෑ මැඩම්.. මමත් ආවේ සර්ව බලන්න තමා” කියලා කීවා.  

“ඊට සුළු මොහොතක් යද්දී ප්‍රේමදාස ජනාධිපතිතුමා බෝම්බයෙන් ඝාතනය වුණු බව දැනගන්නට ලැබුණා.  

 ඉන් පස්සෙ මම ජනාධිපති කාර්යාලයට ගියා. ඒ වෙද්දි ජනාධිපති කාර්යාලයේ, ඩී. බී. විජේතුංග, රනිල් වික්‍රමසිංහ (එදා සභානායක), නීතිපති මේ සියලු දෙනාම හිටියා. ඒ වන විටත් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය වූ බවට නිල නිවේදනය සකස් වෙමින් තිබුණු මොහොතයි.  

 ටික වේලාවකින් මට ජනාධිපති ලේකම්ව සිටි විජයදාස මහත්තයා කතා කළා.  

 “සුදත්… අද හවස විජේතුංග මහත්තයා වැඩ බලන ජනාධිපති විදියට දිවුරුම් දෙනවා. ඒක ආවරණය කරන්න කීවා.  

 ඒ අනුව එදා සවස ඩී. බී. විජේතුංග මහත්තයා වැඩබලන ජනාධිපති විදියට අගවිනිසුරුතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.  

 සුදත් සිල්වා මහතා කියයි.  

 “ප්‍රේමදාස මහත්තයාගේ ඝාතකයා ‘බාබු’ ගැන බොහෝ දෙනෙක් අහලා තියෙනවා. ඔහුව ප්‍රේමදාස ජනාධිපතිතුමා දැනගෙන හිටි වගත් කියනවා. ඝාතකයා සුචරිතයට ආ ගිය කතාත් කියනවා. මොකක්ද මේ කතාවල ඇත්ත නැත්ත? මා සුදත් සිල්වා මහතාගෙන් විමසීමි.  

 “ඒක දිග කතාවක්… “බාබු” ඔහු තමයි සූසයිඩර්. ප්‍රේමදාස මහත්තයා ඝාතනයට එල්.ටී.ටී.ඊ සංවිධානය පත් කරපු නිල මරාගෙන මැරෙන ජනපති ඝාතක ත්‍රස්තවාදියා. ඔහු ඉලක්කය පිළිවෙළට සකස් කරගෙන හිටපු බව ඒ කතාව දෙස බලද්දී පේනවා.”  

 සුදත් සිල්වා මහතා කියයි.  

සූසයිඩර් බාබු තමන්ගේ ඉලක්කය සඳහා තෝරා ගත් ස්ථානය සුචරිතයට කිට්ටුම තැනකි. ඒ ඩයස් ප්ලේස්හි මහල් නිවාසයක යට තට්ටුවේ පිහිටි කිරි කඩයකි. මේ කිරි කඩය අයිතිව තිබුණේ සිංහල ව්‍යාපාරිකයෙකුටය. කිරි කඩේ ගෝල රස්සාවට ආවේ බාබු ය.  

 “බාබු කාලයක් මේ කිරි කඩේ වැඩ කරලා තියෙනවා. බාබු හිටපු කිරි කඩේ අයිති කෙනාගෙ යාළුවෙක් ප්ලැට් එකේ උඩුමහලේ ගෙදරක හිටපු බව ආරංචියි. එයත් සිංහල. බාබුත් දෙමළ වුණාට අරක්කු, සිගරට් නොබොන ගුණගරුක කෙනෙක් විදියට පෙනී ඉඳලා තියෙනවා.  

 කිරි කඩේ තිබුණු මහල් නිවාසයත් ප්‍රේමදාස මහත්තයාම හදපු එකක්. මේ කිරි කඩේ අයිති ව්‍යාපාරිකයා උඩුමහලේ හිටපු යාළුවාගේ නංගි අතර ප්‍රේම සබඳතාවයක් තිබිලා තියෙනවා. ඉතින් බාබු කිරිකඩේ මුදලාලි සහ ඔහුගේ යාළුවා නිතර හමු වූ තිදෙනෙක්. මේ හිතවත්කම උඩ, බාබු උඩුමහලේ යාළුවාගේ ගෙදරට දවසක් යනවා. ඒ නිවසට ගියාම බාබු දකින්නේ නිවසේ හැමතැනම එල්ලා තිබෙන ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පින්තූර.  

‘ජනාධිපතිගෙ මෙච්චර පින්තූර..’ බාබු ඒ දෙස බලා කල්පනා කළේය.  

 මේ ගැන බාබු කඩේ මුදලාලිගෙන්ද විමසුවේය.  

බාබුට දැනගන්නට ලැබුණේ මුදලාලිගේ යාළුවා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ අතිශය කිට්ටුවන්තයෙකු බවය.  

 “ජනාධිපතිතුමා දුර යද්දි සාමාන්‍යයෙන් එතුමාට කෑම උයන කෝකියා, උයන්න උවමනා බඩු, ව්‍යායාම කරන බයිසිකලය ආදී දේවල් කලින් දවසේ වාහනයක යවනවා. ඒ එක්ක මුදලාලිගේ යාළුවත් යනවා. සමහරදාට මුදලාලිත් යනවා. බාබුත් මේ එක්ක යනවා. ඉතින් මේක සාමාන්‍ය දෙයක් වුණා. හැබැයි කවදාවත් බාබු ප්‍රේමදාස මහත්තයාට පේන්න හෝ මුහුණ දෙන්න එන්නේ නෑ. මම දැකලත් නෑ බාබුව. …” සුදත් සිල්වා මහතා කියයි.  

 ප්‍රේමදාස ජනාධිපතිතුමා ගිය දුර ගමන් කීපයකට බාබු පෙර දවසේ ගොස් ඇත. ඒ මුදලාලිගේ යාළුවා සමගය. මේ යාළුවා ප්‍රේමදාස මහතාගේ කණ්ණාඩි දෙකේ සිට සියලු උයන පිහන දේ පවා කළමනාකරණය කළ පුද්ගලයා ය. එසේම ජනාධිපතිතුමා නින්ද යන තුරු හිස සම්භාහනය කළේ ද ඔහුය. ඔහු සමග මිත්‍ර වී බාබු සුචරිතයට ගියේ ය. එහි හිටි ආරක්ෂකයන්ට පවා බාබු ලොකු අමුත්තෙකු නොවිණ. දුර ගමන්වලට ද බාබු ගියේ ය. එහි ද ආරක්ෂකයන්ට බාබු වෙනස් අයකු නොවිණ. බාබු බොහෝ විට නිතර කෝවිල් යාම පුරුදු කර උන්නේය. ඒ බවද සමහරු දැන උන්හ.  

 “මේ විදියට වෙද්දි කිරි කඩේ බංකොලොත්වීමක් වෙලා තියෙනවා. නමුත් මේ කිරි කඩේ නැවත ගොඩනගලා දියුණු කරන්න සල්ලි දීලා තියෙන්නෙ බාබු. ඒ විතරක් නෙවෙයි, ප්‍රේමදාස මහත්තයාගේ වැඩවලට දුර ගමන් යද්දි කලින් දවසේ යන අයට අත දිග හැර බාබු වියදම් කරලත් තියෙනවා. නමුත් බාබුට වියදම් කරන්න මෙපමණ සල්ලි කොහෙන්ද ? වගේ දේවල් සෙවුවාද ? කියන එක ගැටලුවක්.  

 ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය වෙන්න කලින් අවසන් වරට දුර ප්‍රදේශයකට ගිය සංචාරය යෙදුනේ කතරගමට. ඒ ගමනේත් බාබු ඉඳලා තියෙනවා. ජනාධිපතිතුමා රාත්‍රිය ගත කළ බංගලාවේ කොටසක බාබු සහ මිතුරන් එකට ඉඳලා තියෙනවා. රාත්‍රියේ ඒ අය අතර මධුවිත පානයකුත් වෙලා තියෙනවා.  

 බාබු තම ඉලක්කය නිවැරදි වෙන තුරුම ඉවසා සිටියෙකි. ඔහු ඉලක්කය සඳහා කලබල වූ බවක් පෙනෙන්නට නැත. එක බංගලාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමා සිටියද එය අවස්ථාව කර ගනිමින්, ඝාතනය සඳහා යොමු වූයේ නැත. හැම විටම බාබු කර ඇත්තේ ලැබෙන හැම අවස්ථාවකම තමන් විශ්වාසියෙකු බවට වන කාරණය රැක ගැනීමය. එය කොයිතරම් සාර්ථක වීද යත් ප්‍රේමදාස ජනාධිපතිතුමා සමග ළඟින් සිටි සෑහෙන පිරිසක්ද ආරක්ෂකයන්ද බාබුගේ මිතුරෝ වී ඇත. බාබු හැම විටම සෙවුවේ සැකය නොරැඳුණු ඉලක්කයකි. ඒ සඳහා මැයි දිනය ඔහුට හොඳම අවස්ථාව ලෙස දැනෙන්නට ඇත.  

  “මැයි 01 දවල් 11.00 ට ඉවර වුණ රැස්වීමේ තොරතුරු කෙසෙල්වත්ත, ගුණසිංහපුර සංවිධායකයන් හරහා බාබු දැනගෙන තියෙනවා. ආමර්වීදියේදී මැසෙන්ජර් වීදියෙන් එන පෙළපාළිය ඉස්සරහට දාන්න ප්‍රේමදාස මහත්තයා ඉන්න බව බාබු දැන ගත්තා. බාබු එන්නේ කෙසෙල්වත්ත, ගුණසිංහපුර, අලුත්කඩේ අවට ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ප්‍රබලම ආධාරකරුවන් එක්ක…  

 මේ පෙළපාළියේත් ඉදිරියෙන් තමයි බාබු ඇවිත් තියෙන්නෙ. මොකද, පෙළපාළියට ඉදිරියට එන්න සංඥා කරල එක විනාඩි කීපයයි බෝම්බය පිපිරෙද්දි… බාබු ආවේ පයින්. ඔහු බයිසිකලයක ආවා කියන කතාව වැරදි ආරංචියක්. බයිසිකලයක ඇවිත් තිබුණේ වෙනත් පුද්ගලයෙක්. ඝාතනයට පසු බාබුගේ හිස මීටර් 3-4ක් දුරින් වැටිලා තිබුණා.  

 ඊළඟට, ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සිරුර ගොඩක් පිළිස්සී තිබුණා. නමුත් යම් පමණකට හඳුනාගන්නට පුළුවන්කම තිබුණා. අතක් කැඩී තිබුණා. අවට තිබුණු මළ සිරුර අතරින් වැඩිම හානියක් වෙලා තිබුණේ ජනාධිපතිතුමා ළඟම හිටපු මොහිදීන්ට. පේන විදියට මොහිදීන් වෙන්න ඕනෑ බෝම්බය පුපුරා යද්දි ළඟම හිටපු කෙනා. සිය මතකය ආවර්ජනය කරමින් සුදත් සිල්වා මහතා අපට පැවසීය.

08
ජුනි
21

මංගලට මංගල එපාවීම

පොන්නයා පිරිමි පෙම්වතියකි

පොන්ණයෙක් යනු පිරිමි ශරීරයක ජීවත්වෙන ගැහැනියෙකි. පිරිමි ශරීරයක ජීවත්වෙන මේ ගැහැනියට මුළු ජීවිත කාලයම දඬුවමකි. පොන්ණයෙක් පිරිමි සමග ඇසුරකදී ගැහැණියෙකුට වඩා ආවේගයෙන් තමන් කැමති පිරිමියා අයිතිකර ගැනීමට උත්සාහ ගනී. ගැහැනියක් හෝ පිරිමියෙක් වයස 13-16 දී ආදරය තරන්න පටන් ගත්තත් පොන්නයෙකුට ඒ කාලය ගන්ධබ්බ යුගයකි. ආදරය ඉල්ලන්නද ආදරය කරන්නද යන්න පොන්නයාගේ ප්‍රශ්නයයි. පොන්නයෙකු වසස 16ක තරුණියක මෙන් පෙම් කරන්නේ වයස 35-40දීය. නිතරම පොන්නයෙකුට ආදර ඇරියස් එකක් ඇත. එසේම තමන් කැමති පිරිමියාගෙන් ප්‍රතික්ෂේප වන්නේනම් ගැහැනුන්ට වඩා ක්‍රෑර පළිගැනීම් අඩාපාලිකීම් කරන්නේ පොන්නයෝය. පොන්නයා පිරිමි පෙම්වතියකි. වයසක පිරිමි පොන්නයෝ අවලස්සනය. නමුත් ආදරය හිරිමල් කෙල්ලකගේ වගේය. ඕනෑම පිරිමියෙකුට ලැබෙන අප්‍රසන්නම අත්දැකීම වන්නේ වයසක පිරිමි ශරීරයක ජිවත්වෙන තරුණ ආදරයක් ඇති පෙම්වතියක් ඇසුරු කිරීමයි. මේ කාලයේ යූඇන්පීයේ සිදුවන්නේ වයසක පිරිමි පෙම්වතියන්ගේ දේශපාලන ආදර හටනකි.

ශිරාල් ලක්තිලක

දන්නා තරමින් ශිරාල් ලක්තිලක යනු පිරිමියෙකි. කවුරුත් දන්නා පරිදි නම් පිරිමි ගැහැණු දෙදෙනාම ඇසුරු කරන දේශපාලකයෙකි. නමුත් පොසිටිව් සයිඩ් එකේය. රනිල්, මංගල, කරූ, සජිත් නෙගටිව් හෙවත් කාන්තාවගේ පැත්ත ගන්නා නියම පොන්නයෝය. එනිසා ශිරාල් ලක්තිලක රනිල් හා මංගල යන දෙදෙනාටම ගේම ඉල්ලීම සාධාරණය. නමුත් බලවත් පොන්නයෝ පිරිමි හිතනවාට වඩා කපටි ගේම් කාරයෝය. එනිසා සෑම විටම වත්මන් යුඇන්පියේ තීරණ පොනයින ගැන්සියට වාසිදායකය. මේ කපටි පොන්න ගේම, පක්ෂය, ජාතිය, රට, ආගම, ඉංග්‍රීසි දැනුම, පංතිය යන ඕනෑම මතවාදයක පටලවා ශිරාල් ලක්තිලක ඇතුළු පිරිමි ටික ග‍ඟේ යැවීමට පොන්නයෝ දනිති.

පොන්නයෝ දේශපාලනය කරන්න කැමති පොන්නයෝ සමගය

පොන්නයෝ දේශපාලනය කරන්න කැමති පොන්නයෝ සමගය. මංගල පොන්නයෙකි. වයසක මංගල සමරවීර අවලස්සන නොවේ අජූතය. ගැහැනුන්ට පොන්නයින් සමග ප්‍රශ්නයක් නැත. චන්ද්‍රිකා වැනි ගැහැණු මංගල වැනි කැත පොන්නයෝ සමග දේශපාලනය කරති. චන්ද්‍රිකා නම් අප්‍රසන්නම ගැහැනියගේ යුගයේදී මංගල පොන්නයා මහින්දට වඩා බලවත්ය. චන්ද්‍රිකාට ගැහැනියෙක් පිරිමි ඔළුවක් ඇත. චන්ද්‍රිකාට මහින්දගේ පිරිමිකම වැඩිය. චන්ද්‍රිකා කැමති පොන්නයෝ වැනි සබන්බබාලා වර්ගයේ පිරිමින්ටය. විජේ කුමාරතුංග, සනත් වැනි උන් බලවත් වූවේ මංගල පොන්නයා ගේ උපදෙස් අනුව රට පාලනය කල වේශ ගෑනියෙක් නිසාය.

“අනේ මට ආදරය කරන්නකෝ මෙයා” යනු පොන්නයින්ගේ දැවෙන හදවතය. පොන්නයෝ පිරිමින්ට කැමතිය. පිරිමි පොන්නයින්ට කැමති නැත. පොන්නයින් පස්සේ යන පිරිමි තමන් පිරිමියැයි සිතා සිටින පොන්නයෝය. යූඇන්පී යේ සම්පූර්ණ නායකත්වයම පොන්නයින් අතේ පවතී. අදවන විට මුළු යූඇන්පීයම පොන්නයින්ගෙන් පිරී ඇත. යූඇන්පීය 27 වරක් පොදුපෙරමුණට ඉතා ලෙහෙසියෙන් පරදින්නේ පක්ෂ දේශපාලනය නිසා නොව. පොන්න දේශපාලන ක්‍රියාකාරකම් නිසාය.

මෑත කාලයේ යූඇන්පීය හා පොදු පෙරමුණු ඡන්ද සටන් යනු පොන්නයින් හා පිරිමි අතර සිදුවන දේශපාලන සටන්ය.

සාමාන්‍ය ක්‍රමයට අනුව පිරිමියෙක් හා ගැහැනියෙක් අහවල් එක කළාම ගැහැනිය දරුවෙක් වදන්නේය. ඒ අහවල් එක කිරීම මත ලෝකය ඉදිරියට ගමන් කරයි. ඒක නිසා පොන්න හෝ ලෙස්බියන් ලිංගික කටයුතු සාමාන්‍ය ‍දේ නොවේ. නැතිනම් පොන්ණයෙක්ට පුකේ ඇරියාට ළමයි හම්බු වෙන්නේ නැත. එනිසා තමයි සාමාන්‍ය සමාජය පොන්නයින් ගැහීම අප්සට් වැඩක් බව කියන්නේ. පුකේ ඇරියාට ලෝකය ගමන් කරන්නේ නැත. පොන්නයින් වෙනුවෙන් පෙනී සිටින පෝස්ට් මොඩන් කතා ගොං හු…. කතා කියල කියන්නේ එනිසා ය.

පුකේ ඇරියාට ලෝකය ගමන් කරන්නේ නැත

මංගලගේ ලංකා ඊ නිවුස් ලීඩර් සහ තවත් හුකන වෙබ් සයිට් යනු ලංකා රජයට පොන්නයින්ගේ ශාපය කොතරම් බලවත් ද යන්න පෙන්නුම් කරන ලියැවිල්ලිය. රුවන්ගේ එකම අරමුණ වුනේ මංගල ජනාධිපති අපේක්ෂකයා කිරීමය. මංගලගේ ලීඩර් නිවුස් තරම් ජනතා විරෝධි නිවුස් හා ලිපි පළකරන කිසිදු වෙබ් අඩවියක් සොයාගත නොහැක. එවැනි දෑ ලියන හා හිතන මංගල නැනි පොන්ණයෙක් රටේ විපක්ෂ නායකකම ගත්තොත් මොන මගුලක් වෙයිද යන්න දන්නේ පොන්නයින්ම තමයි. මංගලටවත් සජිත්ටවත් කිසි දිනෙක මහින්දලා පරදන්න බැරිය.

අද වන විට යුඇන්පිය ප්‍රධාන දේශපාලන පක්ෂයක් නොවේ. තවමත් එය ප්‍රධාන දේශපාලන පක්ෂයක් යැයි සිතන්නේ ජේආර්ගේ යුගයේ සිටි 60 – 70 දශකවල මෝඩ වාහෙළාය. දැන් යුඇන්පිය නිකං ජවිපේ වගේ පොන්න පුකකි.

29
මැයි
21

විජේවීරගේ ජවිපෙ සහ අනුරගේ හැමිනෙන ජවිපෙ

මේ සටහන ලිවීමට සිතුණේ ගින්නෙන් උපන් සීතල බලා රටේ ජනතාව 2020දි ජවිපෙට රට බාරදෙනු ඇතැයි මහත් බලාපොරොත්තුවෙන් පසුවන උදවිය වෙතය. එසේම විජේවීරගේ ජවිපෙ සහ වර්තමාන ජවිපෙ අතර වෙනස කුමක්දැයි අසන නොදරුවන් වෙතය. ඊයේ පෙරේදා ඉපදීම නිසා සහ බුද්ධි මට්ටමේ ගැටලු නිසා එවැනි ප්‍රශ්න අසන්නෝ තවමත් අප අතර සිටිති. ගින්නෙන් උපන් සීතල බලන සිහි බුද්ධිය ඇති ඕනෑම අයෙක් ඇත්තටම කරනු ඇත්තේ 2020දී ජවිපෙට රට භාරදීම නොව තියන ආසන හයත් ජවිපෙට අහිමි කර දැමීම සඳහා කටයුතු කිරීමය. ඊට හේතුවන කාරණා කීපයක් සැකෙවින් මෙසේ සටහන් කිරීමට අදහස් කළෙමි.

මේ වනාහී විජේවීරගේ ජවිපෙ සහ අනුරගේ ජවිපෙ අතර ඇති අහසට පොළොව බඳු වෙනස්කම් අතරන් කීපයක් පමණි.

1. විජේවීර බෙදුම්වාදී ජාතිවාදයට එරෙහිව දිවි හිමියෙන් අරගල කළේය. අනුර බෙදුම්වාදී ජාතිවාදය වෙනුවෙන් රෙදි නැතිව පෙනී සිටියි.

2. විජේවීර කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් පෙනී සිටියේය. අනුර යුද්ධයේ අවසාන මොහොත වන තුරු යුධ ජයග්‍රහණයට එරෙහිව ගල් පැලෙන බොරු දෙසමින් රනිල් හා එක්වී ආණ්ඩු පෙරළන්නට වළි කෑවේය.

3. විජේවීරට යාපනයේදී දෙමළ ජාතිවාදීන්ගෙන් ගල් පහර කෑමට සිදුවිය. අනුර දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන් සමඟ යාපනයේ මැයි පෙළපාළි පැවැත්වූයේය.

4. රට බෙදීමට එරෙහිව විජේවීරගේ ජවිපෙ සාමාජිකයන් දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කළේය. අනුර රට බෙදීම සඳහා ගෙන එන නව ව්‍යවස්ථාවේ අලෙවි ප්‍රවර්ධකයා ලෙස කටයුතු කරයි.

5. විජේවීර අධිරාජ්‍යවාදයට හා ධනවාදයට එරෙහිව අරගල කළේය. අනුර, මහින්ද රාජපක්ෂට එරෙහිව අරගල කරයි.

6. අධිරාජ්‍ය විරෝධී අරගලය ඔස්සේ සමාජවාදයට යන්න විජේවීරගේ සටන් පාඨය වූ අතර දූෂණ විරෝධී අරගලය ඔස්සේ සිරිකොතට යන්න අනුරගේ සටන් පාඨය වී ඇත.

7. ජාතිවාදී විකල්ප ගෝත්‍ර එන්ජීඕ කල්ලි විජේවීරගේ දේශපාලනයට වෛර කළේය. අනුරගේ ජනතා විමුක්ති පෙරමුණට ඔවුහු ඉතා ඉහළින් ආදරය කරති.

8. විජේවීරගේ ජවිපෙ සාමාජිකයන් ගින්නෙන් උපන් සීතල බලා කම්පාවට පත්වෙති. අනුරගේ ජවිපෙට සහය දෙන විකල්ප පුස්සන් විජේවීර සිංහල බෞද්ධ අධිපතිවාදයේ අවතාරයක් බව පවසති.

9. විජේවීර 1988 දී සිරිමාවෝ සමඟ සන්ධාන ගතවී එජාප මිනීමරුවන්ගෙන් රට ගලවා ගැනීමට උත්සාහ කළේය. අනුර 2010 දී ඊනියා පොදු අපේක්ෂකයෙකුට මුවාවී එජාපය හා සන්ධාන ගත වූයේය.

10. විජේවීර මරණය හමුවේ පවා එජාපය ඉදිරියේ දනින් නොවැටුණේය. අනුර 2010 මහ මැතිවරණයේදී ඡන්ද හිඟමන වෙනුවෙන් එජාපය හා එක්ව තරග කිරීමට උපරිම වළි කෑ අතර, රනිල් එකඟ නොවීම නිසා ඔවුන්ට ඒ අගනා අවස්ථාව අහිමි විය.

11. විජේවීර යූඇන්පී දේශපාලනය දැඩිව පිළිකෙව් කළේය. අනුර යූඇන්පී කාරයන්ව තමන්ගේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කර ගත්තේය.

12. විජේවීර රටේ ජනතාවට සමාජවාදය ගැන කියා දුන්නේය. අනුර, රනිල්ට රට ගොදුරු කිරීම වෙනුවෙන් රටේ ජනතාවට ගල් පැලෙන බොරු කන්දරාවක් දෙසා බෑවේය.

13. විජේවීරගේ ජවිපෙ වෙනුවෙන් රනිල් බටලන්ද වධකාගාරය ඉදි කළේය. අනුරගේ ජවිපෙට රනිල් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම, විධායක සභාවේ සාමාජිකත්වය, ස්වාධීන රූපවාහිනියේ සජීවී විකාශන අවස්ථා සහ පක්ෂ සාමාජිකයන්ට ලේක් හවුස් රැකියා ආදී බොහෝ දේ ලබා දුන්නේය.

14. විජේවීර දූෂිත එජාප පාලනයට එරෙහිව ආයුධ සන්නද්ධව අරගල කළේය. අනුර දූෂිත රනිල් බේරා ගැනීම සඳහා එක පිට එක ජනතා රැළි පවත්වමින්, උසාවි ගානේ බඩගෑවේය.

15. විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණ විමුක්ති ගී ගායනා කළේය. අනුරගේ ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනුවට ඕජේ ඔජායේ සහ මරා හොරා ගීතය නිතර ගායනා කරයි.

16. විජේවීර ඇතුළු දහස් ගණනක් ජවිපෙ සාමාජිකයන් එජාපය අතින් මැරුම් කෑවේය. අනුර ඒ එජාපයේ නූනන නායකයා වන රනිල් වෙනුවෙන් 2008 සිට වසර දහයක් පුරා අඛණ්ඩ මෙහෙවරක් ඉටු කරමින් සිටී.

ඉසුරු ප්‍රසංග





21
ඔක්.
19

අජිත් පැරකුම් ජයසිංහ එළියකන්ද වධ කඳවුරේ සිටි රැඳවියෙකි. ඔහු ප්‍රේමදාසගේ අධ්‍යාපනයට වහවැටී ඇත

අජිත් පැරකුම් ජයසිංහ එළියකන්ද වධ කඳවුරේ සිටි රැඳවියෙකි. ඔහු එළියකන්දේ පුරා වසරකුත් මාසයකුත් දිනක කාලයක් සිරගතව සිටියේය​. මේ හැර ඔහු වෙනත් කඳවුරු වලද රඳවා තබන ලදි.  මෙම කඳවුරු වලදී ඔහු බොහෝ බිහිසුණු දේවල් අත් දුටුවේය​.

හෙට්ටියාවල කඳවුරේද සිටි අජිත් හෙට්ටියාවල කඳවුරේ සිටි එක් සාජන්වරයෙකු ගැන පවසයි. ඔහු රූකාන්තගේ සින්දු වලට නටන නමුත් දක්ෂ ලෙස පිහියකින් රැඳවියන් ගේ බෙලි කපා මරා දැමූ පුද්ගලයෙකි. වරක් එලියකන්දේදී  නවක සොල්දාදුවෙක් රැඳවියන් දෙදෙනෙකුට උදැල්ලකින් ගසා ගෙලවෙන් කර, එක් හිසක් වැටෙන් එහා පැත්තට විසි කර එය අජිත්ට ගේන්නට නියෝග කලේය​. මේ සොල්දාදුවා  හොරණ ප්‍රදේශයේ  අවුරුදු 19ක් පමණ වූ තරුණයෙකි.

එළියකන්ද තිබුණේ හමුදා බුද්ධි අංශය භාරයේයි. ඔහු එළියකන්දේ සිටි මුල් කාලයේ එය භාරව සිටි 4 වන කාලතුවක්කු හමුදාවේ කපිතාන්වරයා පසු කලෙක ඉතා ජ්‍යේෂ්ඨ තනතුරකට පත් වූ බව ඔහු සිතයි. ඔහු අජිත්ගේ ජීවිතය බේරා දීමට කටයුතු කලේය. ඔහු සිටි කාලයේත් එහිදී දරුණු වධ බන්ධන සිදු වූ මුත්, ඝාතන සිදු වුණේ නැත. 1989 මැද භාගයේදී පමණ ඔහු ගම්පහ ප්‍රදේශයේ බුද්ධි අංශය භාරව ගිය බව දැන ගන්නට ලැබුණි. මාතර දිස්ත්‍රික්කයේ බුද්ධි අංශය භාරව කලින් ගම්පහ බුද්ධි අංශය භාරව සිටි කණ්ඩායම පැමිණි අතර විශාල වෙනසක් සිදු වුණේ එතැන් සිටයි. එම කණ්ඩායම තරමක් බුද්ධි හීන අංශයක් වුණත්, තිරශ්චීන ලෙස වධ බන්ධන හා මිනිස් ඝාතන සිදු කරමින් ජවිපෙ මර්දනය කරන්නට සමත් බව ඔහු පවසයි. අජිත් ගේ මතකයට අනුව මේ කාලයේ මාතර සම්බන්ධීකරණ නිලධාරියා වූයේ බ්‍රිගේඩියර් සිරි පීරිස්.

එළියකන්දේ සිටි ප්‍ර‍ධානියා දෙවන  ලුති. නිමල් සිල්වා (6 කාලතුවක්කු) විය. එසේම  සාජන් දිසානායක, බොම්බඩියර් සෙනෙවිරත්න, ලාන්ස් බොම්බඩියර්අමරසිරි, සිරිල්, කිත්සිරි, හරිශ්චන්ද්‍ර‍, වික්‍ර‍මසිංහ, උදයසිරි, නන්දසිරි, දයාරත්න ආදීන් හිටි බව ඔහුට මතකය​.

එළියකන්ද කඳවුර සහ එහි රැඳවියන් මගේ අධ්‍යන වලට ලක්වී තිබේ.   මනෝ ප්‍රතිකාර සඳහා 2002 වසරේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දුමහතා විසින් මා වෙත යොමු කරන ලද සාමාන්‍ය සෙබල XX2 88/89 කැරලි සමයේදී   එළියකන්ද -කේ පොයින්ට් කඳවුරේ රැඳවියන් ගෙන් ප්‍රශ්න  කිරීම් ක​රන්නෙකු  මෙන්ම වදකයෙකු  වශයෙන් සේවය කලේය. රැඳවියන්ට ශාරීරිකව පහරදීම, දැල්වෙන දුම්වැටිවලින් ඔවුන්ව පිලිස්සීම, දරුණු වේදනාඇතිකරන අයුරින් ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය ලාච්චුව තුලට දමා වැසීම සහ සමහර අවස්ථාවලදී මරණ දඞුවම්  ක්‍රියාත්මක කිරීම ඔහු විසින් සිදුකරතිබේ. 2002 වසරේදී පවත්වන ලද මනෝවිද්‍යාත්මක  වෛද්‍ය පරීක්ෂණ හා විස්තරාත්මක සායනික පිලිවිසීම් වලින් පසු ඔහු ‛පශ්චාත් ව්‍යසන ක්ලමථඅක්‍රමතාවයෙන් (PTSD) පෙලෙන බවට විනිශ්චය විය.

 සාමාන්‍ය සෙබළ XX2 ආක්‍රාන්තිය, සිහිනෙන් බියවීම, භීතිකා, සමුද්දේශ පිලිබඳ අදහස්,මායාදර්ශණ හා කම්පනයට අදාළ විවිධ රෝග ලක්ෂණවලින් පෙලුනි. කේ පොයින්ට් කඳවුරේ සිද්ධීන් අමතක කර දැමීම සඳහා ඔහු තදින් මත්පැන්වලටඇබ්බැහිව සිටියේ ය. මේ අනුව වධහිංසනය යනු වින්දිතයාට පමණක් නොව අපරාධකරුට ද අනර්ථයක් සිදුකරන දෙපැත්තම

කැපෙන අසිපතකි.වධහිංසනය පමුණුවන බොහෝ අය විවිධ මානසික අපගමනයන්ගෙන් පෙළේ.

වධ බන්දනයට ලක් වූවන් බොහෝ විට ප්ශ්චාත් ව්‍යසන ක්ලමථ (PTSD) ලක්‍ෂණ  පෙන්වති. මෙම ක්ලමථ ලක්‍ෂණ අතර තදබල විශාදිය, හීන වූ ජීවිතආශාව, හැඟීම් නිර්වින්දනය දක්නට තිබේ එළියකන්ද කේ පොයින්ට්’ වධකාගාරයෙන් පලාගිය හෝ නිදහස ලැබූ පුද්ගලයෝ තවමත් අනේක මානසික ව්‍යාධි වලින් පෙළෙති.

මා දක්නා පරිදි අජිත් වධ බන්ධනයට ලක්වූ නමුදු බරපතල දුර්විපාකයන් ගෙන් තොරව  සාර්ථකව සමාජගතවූ පුද්ගලයන් ස්වල්පය අතරින් කෙනෙකි. ඔහු ලේඛන කලාව මගින් තමා වටා තිබූ අයෝමය වලල්ල බිඳ දැමූ අයෙකු බව මට සිතේ. එසේම ඔහු තම දරුවන් කෙරෙහි දක්වන්නේ අපරිමිත ආදරයකි. ඔහු තුල සිටි මනුෂ්‍යයා ප්‍රබල විය​. මේ අනුව එළියකන්ද වධ කඳවුරට අජිත්ව විනාශ කිරීමට නොහැකි විය​.

පහත දැක්වෙන්නේ එළියකන්ද ‘කේ පොයින්ට්’ වධකාගාරය​ සහ වධ බන්ධනය ගැන අජිත් පැරකුම් ජයසිංහ සමග මා විසින් කරන ලද සාකච්ඡාවයි.

1)      කැරලිකරුවෙකු වීම සඳහා ඔබට සමාජ පසුබිම සකස් වූ අයුරු කිවහොත්

මට නම් වැඩිපුර බලපෑවේ විප්ලවයක් කිරීමේ දේශපාලන උණ. ඒක මට ඇති වුණේ රුසියානු සාහිත්‍යය කියවීමෙන්. ගැඹුරු දේශපාලන පොතපත කියවන්නට වැඩි උනන්දුවක් තිබුණේ නැහැ. ජවිපෙ සරළ පන්ති හා සරළ ක්‍රම විරෝධී දේශපාලනික මතවාද ප්‍රවර්ධනය කළ මාධ්‍ය, නො ගැඹුරු සමාජ සත්තා යථාර්ථවාදය ප්‍රවර්ධනය කළ සාහිත්‍යකරුවන්, ගීත රචකයන්, ගායක-ගායිකාවන් ආදීන් විසින් පතුරුවන ලද නො මතවාදයත් එක්ක මගේ රුසියානු සාහිත්‍යය හරහා ගොඩනගා ගන්නා ලද නව ලෝකයක් පිළිබඳ ෆැන්ටසිය ගැලපුණා. නම් ලැයිස්තුවක් කියනවා නම්, රෝහණ විජේවීර, මාදුළුවාවේ සෝභිත හිමි, සුනිල් මාධව ප්‍රේමතිලක, සුනිල් ආරියරත්න, නන්දා මාලිනී , ගුණදාස අමරසේකර වගේ අය පරම්පරාවකට පරළොව යන්නට පාර කියපු අය කියලායි මම නම් හිතන්නේ. තමන්ටත් පැහැදිලි නැති දේශපාලන මතවාද ප්‍රවර්ධනය කරමින් අනෙක් අය බලමුළුගන්වන අය අවසානයේදී තමනුත් ගොදුරු වෙමින් වෙනත් අයගේත් ජීවිත බිලි ගන්නවා. අරගලය නිසා ඝාතනයට ලක් වුණු මිනිසුන්ගේ ජීවිත සම්බන්ධ වගකීමෙන් ඒ අරගලයට දායක වී ඉතිරි වූ අයට කවදාවත් මිදෙන්නට බැහැ. මා අදත් කැරැලිකරුවෙක් තමයි. හැබැයි මා සමාජය වෙනස් කිරීම සඳහා අද අරගල කරන විධිය වෙනස්. මම ඒක කවදාවත් අතහැර දමන්නේ නැහැ. හේතුව, මා එක්ක එකට සටන් කරලා මගදී වැටුණු මිනිසුන් නිසා මට ඒක නතර කරන්නට අයිතියක් නැහැ.

2)      1988 / 89 කාලයේදී ඔබගේ ජීවිතය ගලා ගියේ කෙසේද ?

1984 පමණ සිට මම ජවිපෙ දේශපාලනය කළා. ඉතා ඉක්මණින් ම ඒ වන විට මා කරමින් සිටිය විශේෂ ඉංජිනේරු ආධුනික පාඨමාලාව මගහරිමින් ජවිපෙ දේශපාලනයට වැඩිපුර යොමු වුණා. ජවිපෙ පත්‍රිකා බෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හදිසි නීතිය යටතේ මාස තුනක් රිමාන්ඩ් භාරයේ තබා නිදහස් කිරීමෙන් පසු ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයට යොමු වුණා. ඒ 1986 මුලදීයි. ඉන් පසු ජවිපෙ ශිෂ්‍ය අංශයේත්, දේශපාලන අංශයේත් වැඩ කළා. අවසානයේදී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රචාරක ලේකම් හා කලාප ලේකම්වරයකු ලෙස වැඩ කළා.

3)      ඔබව අත් අඩංගුවට පත් වන්නේ කෙසේද?

මාතරදී රාත්‍රිය නිදා ගැනීමට තැනක් සොයමින් යද්දී, වෙලක් මැද මාර්ගයකදී මග පෙන්වන්නන්ගේ වරදක් නිසා හමුදාවේ කොමාන්ඩෝ භට පිරිසකගේ අත්අඩංගුවට පත් වුණා.

4)      මුලින්ම ප්‍රශ්න කල පුද්ගලයා මතකද?

මතකයි. අලුත බැඳුණු දෙවන ලුතිනන් කෙනෙක්. ඒවා ප්‍රශ්න කිරීම් නෙමෙයි. කට්ටියක් එක්ක එකතු වී නිකම් පහරදීම් විතරයි. දෙවනුව ප්‍රශ්න කිරීම් කළ ලුතිනන්වරයා පසුව මඩකලපුව පැත්තේ කොටි පාලන ප්‍රදේශයකට මුහුදෙන් ගොඩබැසීමේ ක්‍රියාන්විතයකදී කොටින්ගේ ප්‍රහාරයට ලක් වී බෝට්ටුවේ ම මිය ගොස් පසුව ඔහුගේ සගයන් විසින් මළ සිරුර මුහුදට දමනු ලැබූ බව දැනගන්නට ලැබුණා. ඔහු මට මානුෂික අන්දමින් සැලකුවා. එළියකන්දට භාර දෙනකල් ඔහුගේ සාජන් හැර වෙනත් අය මට පහර දුන්නේ නැහැ. මා එළියකන්දේ සිටිද්දීත් මාස ගණනකට පසුව වරක් ඔහු එහි පැමිණි විටෙක මගේ සුව දුක් ඇසුවා. එම භට පිරිස අතර සිටි මාතර පැත්තේ ම සාජන්වරයෙක් මා ඔවුන් යටතේ සිටි දින කීපයක කාලය අතරතුර වරින් වර පැමිණ මා උස්සා පොළවේ ගැසුවා. ඔහු බොහෝ වාර ගණනක් මා පොළවේ ගසන්නට ඇති. මේ සාජන් පසු කලෙක ජේ.ඕ.සී. බෝම්බයෙන් මිය ගිය බව ද ඔහුගේ මිනියවත් නො තිබුණු බව ද දැන ගන්නට ලැබුණා.

5)      ප්‍රශ්න කිරීමේදී ඔවුන් යොදාගත් ක්‍රම මොනවාද?

වැඩියෙන් ම කළේ විශාල මුගුරුවලින් දැඩිව පහර දීම. ඊට අමතරව, එළියකන්දේදී මගේ එක් කණක් පැලෙන්න ම පහර දුන්නා. ඒ කණෙන් ගොඩක් දවස් කුණු සැරව ගැලුවා. මාව මැද පෙළේ නායකයකු ලෙස හඳුනා ගැනීම හා මා සමග අසු වූ වෙනත් නායකයකු හමුදාව සමග සම්මුතියකට පැමිණීමත් නිසා මගෙන් දැඩි ලෙස වධ දී ප්‍රශ්න කිරීමක් වුණේ නැහැ. හැබැයි, ඔහු ජවිපෙ අභ්‍යන්තර තොරතුරු ලබා දුන්නා මිසක කිසිවකු පාවා දුන් බවක් මා දන්නේ නැහැ. ඔහු මා දිගු කලක සිට දැන සිටි අයෙක්. ඒ නිසා ඔහු මා පිළිබඳ සියලු තොරතුරු කියා තිබුණා. මා අසු වන විට (1989 මැයි) හදිසි නීතිය නො තිබුණු නිසාත්, මට හා මා සමග අසු වූ අනෙක් අයට රැඳවුම් නියෝග ලබා ගත් නිසාත්, ශිෂ්‍ය උද්ඝෝෂණ නිසා අසු වූ එක් විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයකු නිදහස් කිරීම නිසාත්, ඔහුගේ මැදිහත් වීමෙන් අප සම්බන්ධයෙන් හබයාස්කෝපුස් ගොනු කර තිබුණු නිසාත්, ඒ වකවානුවේ මාතර දිස්ත්‍රික්කයේ හමුදා බුද්ධි අංශය භාරව සිටි කැප්ටන් රත්නායක (4වන පාබල හමුදාව) දැඩි මර්දනයක් සිදු කළ අයෙකු නො වන නිසාත්, මේ වකවානුවේ එළියකන්දේ රඳවාගෙන සිටියේ සුළු පිරිසක් පමණක් නිසාත්, එහි ඒ වන විට එතරම් ම නරක තත්වයක් තිබුණේ නැහැ. එහෙත්, ඔහු ඇතුළු පිරිස මාරු වී ගිය පසු එළියකන්දේ තත්වය වෙනස් වුණා. එය හුදෙක් ම මිනිසුන් වධ දීම සඳහා හා මරණ තෙක් හෝ වෙනත් කඳවුරකට පිටත් කරන තෙක් රඳවා ගන්නා තැනක් බවට පත් වුණා.

6)      එලියකන්ද වෙත ඔබව ගෙනියන්නේ කවදාද?

1989 මැයි 28 විතර.

7)      එලියකන්දේ ඔබ අත් දුටු සිද්ධීන් මොනවාද?

එතන විධිමත් ප්‍රශ්න කිරීමක් සිදු වූ තැනක් නෙමෙයි. එතන කළේ මිනිසුන්ට සාමූහිකව වධ දීම, මිනිසුන් පහර දී මරා දැමීම හා මරා නො දමන අය රැඳවුම් කඳවුරකට යවන තෙක් රඳවා තබා ගැනීමයි. එහි සිරකරුවන් රඳවා ගැනීමේ කිසිදු ප්‍රමිතියක් තිබුණේ නැහැ. එකවර පැපොල රෝගීන් 70, 80 සිටියා. පාචනය වැළඳුණු රෝගීන් එළිමහනේ වැසිකිලි වල ළඟ දම්වැලක බැඳ  දමා තිබුණා. රෝගීන් සංඛ්‍යාව කීයක් වුණත්, සියලු දෙනා ඒ අඩි 12ක් විතර දිග දම්වැලේ තමයි හිටියේ. සමහරු කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව පාචනයෙන් මැරුණා. කඳවුරට මාතර කොටුවේ සිට කෑම ගෙන ඒම වැනි දේට පාවිච්චි කළ කහපාට ඩබල් කැබ් වාහනයෙන් ම රෑට මේ මළ මිනී අරගෙන ගියා. පසුව කාලෙක ඒවා වැසිකිළි වල එහා පැත්තේ වලක දමා පිළිස්සුවා.

8)      එලියකන්දේ සිටි නිලධාරීන් ඔබට මතකද?

මතකයි. හැබැයි, ඔවුනුත් අප වගේ ම මිනිසුන් නිසා ඔවුන්ට එරෙහි පරීක්ෂණ වැනි දේ තේරුමක් ඇති ය කියා මා හිතන්නේ නැහැ. ඔවුනුත් අප වගේ ම මේ ප්‍රශ්නයේ වෙනස් විධියක ගොදුරු.

9)      ඔබ එලියකන්දේ සිටියදී එහි යොදාගත් වධ බන්ධනයන් මොනවාද?

දෑතේ ඇඟිලිවලින් එල්ලීම, ෂොපිං කවර කීපයක් එකතු කර එය තුළට පෙට්‍රල් දමා ඒවා හිසට දමා හුස්ම හිර වන තුරු තැබීම, පුද්ගලයකු මොහොතකට සිහි විසඥව ඇද වැටෙන පරිදි බෙල්ලේ පිටුපසට පොල්ලකින් පහර දීම, හිස වතුර ටැංකියක එබීම, සීමාන්තිකව පහර දීම, අධික වෙහෙසින් මැරෙන තුරු ශාරීරික ව්‍යායාම කරවීම, වැසිකිළි යන්නට නො දීම, දිගු කාලයක් තිස්සේ නිදහසේ කෑම කෑමට නො දී කෙටි කාලයක් තුළ ආහාර ගිල්ලවීම, කෑම කන විට පොලුවලින් පහර දීම, එකපිට එකා නංවා පෑගවීම, නිවස තුළ වැසිකිළිවල දිගු කාලීනව සඟවා තැබීම, පිඹුරකු ඇඟට හෝ  සිරකරු සිටින වැසිකිළියට දමා බිය වැද්දවීම, කිසිවකු සමග කතා කිරීමට නො දීම, මාස ගණන් ඇස් බැඳ තැබීම, හැම විට ම අත පයවලට මාංචු දමා තැබීම. හෙට්ටියාවල කඳවුරේ ලුතිනන් මීඩිං අමුතු වධ බන්ධන ක්‍රමයක් භාවිතා කළා. කුරුසෙ ගහනවා ය කියා හැඳින්වූ මෙහිදී පුවක් ගස් දෙකකින් හැදූ කුරුසයක සිරකරුවන් දවස් ගණනක් එල්ලා තැබුවා. ඒ සිරකරුවන්ගේ අත් මාස ගණනක් ම අක්‍රියවයි තිබුණේ. ඔවුන්ට බත් ටික අනා කටට ගෙන යන්නට හෝ බැරි වුණා. සිරකරුවන් හැමෝම මේ හැම එක වධයකට ම ලක් වුණේ නැහැ.

10)   ඔබ නිදහස් වූ ආකාරය ?

1990 යුද්ධය පටන් ගත් විට හමුදා කඳවුරු වසා දමන ලදී. එවිට මා වීරවිල රැඳවුම් කඳවුරට යවන ලද අතර පොලිසියට භාර දුන් 40ක විතර පිරිස නිදහස් කර, පැහැරගෙන ගොස් මරා දැමුවා. මා ද මුලින් පොලිසියට භාර දීමට නියමිතව තිබුණ මුත්, මගේ ඉල්ලීම මත එහි සිටි නිලධාරීන් දෙදෙනෙකු වන කිත්සිරි හා දයාරත්න මට වීරවිලට යාමට ඉඩ සලස්වා දුන් නිසා මගේ ජීවිතය බේරුණා. හැබැයි දයාරත්න තමයි අර කපපු බෙල්ලක් වැටෙන් එහාට විසි කර මට එය ගෙනැවිත් දෙන්නැයි කියූ ඝාතකයා. වීරවිල සිට පොල්ගොල්ල, සේදවත්ත පන්සල, ගොඩිගමුව පන්සල, පොල්ගස්ඕවිට භාවනා මධ්‍යස්ථානය වැනි පුනරුත්ථාපන කඳවුරුවල තබාගෙන තබාගෙන පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය හරහා  1993දී නිදහස් කරන ලදී.

11)   වධ බන්ධනයන්බොහෝ මානසික පීඩා ඇති කලද ඔබට සමාජගත වීමට උපකාර වූයේ කවර දේවල් ද?

විශේෂ උපකාර වීමක් තිබුණේ නැත. ඔය පුනරුත්ථාපන වැඩසටහන්වලින් නම් කිසිදු උපකාරයක් ලැබුණේ නැත. පොල්ගොල්ලේදී සැලසුම් ශිල්පය පාඨමාලාවක් කළෙමි. එහෙත්, වීරවිලදී අපි ඊට වඩා හොඳ අධ්‍යාපනික හා සංස්කෘතික වැඩසටහන් අප විසින් ම සංවිධානය කර පවත්වන ලදී. මම බොහෝ අයට ඉංග්‍රීසි ඉගැන්වූයෙමි. සාක්ෂාරතාව පවා නැතිව කඳවුරුගතව සිටි මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවල තරුණයෝ බොහෝ දෙනෙක් ලියන්නට කියවන්නට ඉගෙන ගත්තේ අප විසින් දියත් කළ ඒ වැඩසටහන්වලදීයි. වීරවිලදී මම ගෙලට අසිපත තබා ඇත දැන් නමින් දිග නාට්‍යයකුත්, කෙටි නාට්‍ය බොහෝ ගණනකුත් නිෂ්පාදනය කළා. සමනල සඳෙස නම් දිග කාව්‍යය ලිව්වා. එය ඇතුළේ හුවමාරු කරගෙන කියෙව්වා. මුද්‍රණය කළේ නැහැ. ඊට අමතරව අළු යට ගිනි නමින් ලියූ නවකතාවක් කඳවුරේ සිටියදී ම 1992දී පමණ දිවයින නවකතා තරගයට යැව්වා. එය අවසන් අත්පිටපත් දහය අතරට තේරී තිබුණත් පළමු, දෙවන, තුන්වන තැන් හිමි වුණේ නැහැ. එයත් පළ කළේ නැහැ. මම මුල් ම පරිවර්තනය ලෙස ජූල්ස් වර්න්ගේ ලොව වටා අසූ දිනකින් පොතේ තරමක් සරළ කළ පොතක් පරිවර්තනය කළේත් වීරවිලදීයි. මාස කීපයක් වෙහෙස වී මම කලා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගය කර සමත් වුණා. මම ඉගෙන ගත්තේ මම කැමති විෂයන් වූ සිංහල, ඉංග්‍රීසි සාහිත්‍යය, දේශපාලන විද්‍යාව හා නාට්‍ය හා රංග කලාවයි. විභාගයට දින 10කට විතර පෙර මා පැලවත්ත කඳවුරට ගෙන ගියා. එහිදී මා මුහුණ දුන් ප්‍රශ්න නිසා මා පාඩම් කිරීම අතහැර දැම්මා. කලා විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාලයට බඳවා ගත් ලකුණු මට්ටමට වඩා ලකුණු තුනයි මට අඩු වුණේ.  ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙමින් තනිව ම සෙමින් සමාජගත වුණා. නිදහස් වී ටික කලකින් තරග විභාගයක් සමත් වී ඉංග්‍රීසි ගුරු වෘත්තියට ඇතුළත් වීමත්, පදවිය ප්‍රදේශයේ රැකියාව කිරීම සමග අලුත් සමාජයක ඇසුරට පත් වීමත්, අලුත් මිතුරන් ඇති වීමත්, ජවිපෙ දේශපාලනයෙන් මුළුමනින් ම ඈත් වීමත් නිසා සමාජගත වීම පහසු වුණා.

12 වින්දිතයන් බොහෝ දෙනෙකු විශාදය පශ්චාත් ව්‍යසන ක්ලමථය (PTSD) වැනි තත්වයන් වලට පත් වූවද ඔබ සාමාජීය වශයෙන් ක්‍රියාශීලී වීම සඳහා ඔබට ශක්තිය ලැබුනේ කෙසේද?

පදවියේදී හමු වූ මිතුරන් සමග ආරම්භ කරන ලද අලුත් ජීවිතය හා පාසල් ළමයින් සමග ගත කළ ක්‍රියාකාරී ජීවිතය එහිදී ප්‍රධාන වුණා. පෙම්වතියන් ඇසුරත්, ඔවුන්ගේ ආදරය ලැබීමත් ප්‍රබල හේතු ලෙස සැලකිය හැකියි. ආදරය කළ හැමෝ එක්ක ම ගොඩක් දුර යන්නට බැරි වුණා. මට විවාහ වෙන්නට උවමනා කර තිබුණා. ඒ නිසා මම හෙව්වේ විවාහ වෙන්නට සුදුසු ආදරවන්තියක්. අවසානයේදී මට හොඳ බිරිඳක් ලැබුණා. අද ඉන්න මම ඇයට ගොඩක් ණයයි.

12)   එලියකන්ද ගැන අද දිනයේ ඔබ සිතන්නේ කුමක් ද?

එය ජීවිතයේ කිසි කලෙක අමතක කළ නො හැකි නපුරු සිහිනයක් වැනි සමයකි. එහෙත්, එය ජීවිතය ගැන ගැඹුරු අත්දැකීමක් ලැබීමට අවස්ථාව ලබා දුන්නා. තිරිසන්කමට කිට්ටු ප්‍රාථමික තත්වයන්හිදී මිනිසුන්ගේ හැසිරීම් සාමාන්‍ය ශිෂ්ට සමාජයේ හැසිරීම්වලින් හාත්පසින් ම වෙනස්. එහෙත්, අවසානයේදී වධකයෝ ද ලෙයින් මසින් සැදි මිනිස්සු ය. එළියකන්දේ වධකයන් එක් අයෙක් හෝ දෙදෙනෙක් පසු කලෙක එහි සිට නිදහස් වූ ජවිපෙ සිරකරුවන්ගේ සොයුරියන් විවාහ කර ගත්තා. මේ ඇතැම් පවුල් ප්‍රදේශයේ ජවිපෙ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයන්ට සම්බන්ධ ඒවායි. එම ඉදිරි පෙළ ක්‍රියාකාරිකයන් මරා දමන ලදී. එහෙත්, ඒ පවුල්වල ගැහැනු පසු කලෙක එවැනි ඝාතකයන් විවාහ කර ගත්තා. ඉන් පසු ඔවුන් කුමන ආකාරයේ ජීවිත ගත කළා ද යන්න මම දන්නේ නැහැ.

13)   අනාගත පරම්පරාවට ඔබ දෙන පණිවිඩය කුමක් ද?

නො ගැඹුරු වාමාංශික දේශපාලනය, ජාතිවාදය, ආගම්වාදය වනාහි එකම වර්ගයේ පිටුදැකිය යුතු සමාජ පිළලයන් ය. බලය වෙනුවෙන් කෙටි මං සොයන අය තමන්ගේ අරමුණු වෙනුවෙන් ගිනි ඇවිළීමට පාවිච්චි කරන පිදුරු වන්නේ තරුණයන් ය. ලංකාවේ තරුණ පරම්පරා තුනක් මේ ව්‍යාජ විප්ලවවාදී හා ජාතිවාදී කැරැලි නිසා මහා පරිමාණයෙන් ජීවිත අහිමි කර ගත්තා. ඒ තරුණයන් ජීවත් වුණා නම් හා ඔවුන්ගේ හැකියාවන් වඩා ඵලදායී දේ වෙනුවෙන් යොදා ගත්තා නම් අපට මීට වඩා සොඳුරු ලෝකයක ජීවත් වන්නට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා තරුණයන් මේ අන්තවාදී ව්‍යාපාරවලින් මුදා ගැනීමට කටයුතු කිරීම බරපතල සමාජ වගකීමක්. ඒ වගේ ම තරුණයන්ට දේශපාලනයේ, තීරණ ගැනීමේ ක්‍රියාවලියේ නිමග්න වෙන්නට සාධාරණ අවස්ථා ලබා දීමට අප ක්‍රියා කළ යුතුයි. තරුණයන්ට තමන්ගේ ජවය තමන්ගේත්, සමාජයේත් යහපත වෙනුවෙන්  උපරිමයෙන් පාවිච්චි කරන්නටත්, සතුටින් ජීවත් වන්නටත් අවස්ථාව ලබා දිය යුතුයි. ඔවුන්ට පිළිගැනීම අවශ්‍යයි.

සාකච්ඡා කලේ  වෛද්‍ය රුවන් එම් ජයතුංග




අනවශ්‍ය දේවල්

  • 214,311 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2021
බ්‍ර සි සෙ
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: