Posts Tagged ‘දොන් බන්දුවර්ධන සන්ත පුංචිනිලමේ සුරංගනී එල්ලාවල නන්ද එල්ලාවල

20
ජුනි
21

කොළඹ විශ්ව විද්‍යාලයේ මිනීමරුවෝ

මේවා නොදැන දේශපාලන පඬිටෝක් දෙන හු……..පුතාලා වෙත

ඉඳිගල්ල මුදියන්සේලාගේ ආනන්ද ගුණසේකර, රත්නපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් කාර්යාලයේ සේවකයෙකු වේ.

රත්නපුර අංක 2 මහාධිකරණ විනිසුරු කේ. ටී. වික්‍රමසිරි මහතා ඉදිරියේ ත‍්‍රීමා විතාරණ ඝාතන නඩුව විභාගයට ගත් අවස්ථාවේ ආනන්ද ගුණසේකර පැවසුවේ කළු පැජෙරෝ ජීප් රථයකින් මිනිසුන් හය දෙනෙකු තුවක්කු රැගෙන පැමිණ, ජීප් රථයෙන් බැස ත‍්‍රීමා විතරණ, බන්දුවර්ධන සහ රංජිත් පෙරේරාට පහර දුන් බවයි. ඉන්පසු ඔවුන් ජීප් රථයට ගොඩ කරන ලදී. ජීප් රථය පදවා ඇත්තේ පුන්චි නිලමේ විසිනි.

1988 ඔක්තෝබර් 22 වන දින රත්නපුරයේදී පද්මසිරි ත්‍රිමා විතාරණ, රංජිත් පෙරේරා සහ දොන් බන්දුවර්ධන යන දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට චෝදනා 13 ක් යටතේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලේම්ට එරෙහිව නඩු පවරා තිබුණි.

සොලිසිටර් ජනරාල් රියාන්සි අර්සකුලරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ මම රත්නපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ ප්‍රධාන ලිපිකරු බවයි. ඊට අමතරව මම සුරංගනී එල්ලාවල මහත්මියගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරමි. මම 1965 සිට එම කාර්යාලයේ සේවය කරමි. කාර්යාලය පිහිටා ඇත්තේ රත්නපුර පල්ලිය පාරේ ය.

මෙම සිද්ධියේදී මම යමක් දුටුවෙමි. ඒ වන විට මම රත්නපුර සීටීබී බස් නැවතුම්පොළ වෙත යන පාර දිගේ කාර්යාලයට යමින් සිටියෙමි. කළු පාට පැජෙරෝ ජීප් රථයක් පාලම අසල නතර විය. මම ඔවුන් දෙස බැලුවෙමි. ජීප් රථය පදවා ඇත්තේ මා දන්නා හඳුනන පුංචිනිලේම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසිනි. එවිට 6-8 දෙනෙකු පමණ තුවක්කු රැගෙන ජීප් රථයෙන් බැස ගියහ. ඉන්පසුව මම දැක්කා ත‍්‍රීමා විතරණ, රංජිත් පෙරේරා සහ බන්දුවර්ධන යන දෙදෙනාට ගිනි අවිවලින් පහර දී ජීප් රථයට බැඳ ඇති බව. ජීප් රථය ආපසු හරවා කොළඹ දෙසට ධාවනය විය. ජීප් රථය පැදවූවේ සුසන්ත පුන්චි නිලමේ විසිනි.

මා විසින් හඳුනාගත් ජීප් රථයේ සිටි පුද්ගලයින් 8 දෙනාගේ නම් මට මතක නැත. නමුත් ඒ අය අතර කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂයෝ 3 දෙනෙක් මම හඳුනනවා. ඔවුන් මෙම මහත්වරුන් සමඟ ගමන් කරන බව මම දැක ඇත්තෙමි. සමහර පුද්ගලයින්ගේ නම් මම දැන සිටියත් දැන් මට මතක නැත. සුසන්ත පුන්චි නිලම් මහතා ධාවනය කළ ජීප් රථය ඔහු නිතර භාවිතා කළ වාහනයයි. මගේ දැනුමට අනුව ත‍්‍රීමා විතරණ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකි. ඔහු රංජිත් පෙරේරා සමඟ කළේ කුමක්දැයි මට මතක නැත. බන්දුවර්ධන ව්‍යාපාරයක නිරත විය. මීට අමතරව, ඔහු ඉංජිනේරු විභාගය සඳහා ඉගෙනුම ලබන බව පැවසීය. තිදෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආධාරකරුවන් විය.

විත්තිකරු එවකට හටන්ගම හි පදිංචිව සිටියේය. එය රත්නපුර මහ ඇමතිගේ නිවසේ සිට සැතපුමක් දුරින් විය. ඔවුන් සෙන්ලුක් හන්දියේ සිට කොළඹ දෙසට ගමන් කළ අතර ඔවුන්ට හටන්ගම වෙත යා හැකිය.

මම කාර්යාලයට ගොස් රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිරිසේන හේරත්ට දුරකථනයෙන් දැනුම් දුන්නා. එච්කියුඅයි දයාසේකර, නන්ද එල්ලාවල, රත්නපුර නගරාධිපති මහින්ද රත්නතිලක සහ තවත් කිහිප දෙනෙකුට මම දැනුම් දුන්නා.

මම පොලිසියට ඇතුල් වුණේ නැහැ. නමුත් මම එදිනම රාත්‍රියේ එස්එස්පී වෙත සිද්ධිය ප්‍රකාශ කළ විට ඔහු එය සටහන් කළේය. නමුත් මම පසුදා එනම් 1988.10.23 දින පොලිසියට ප්‍රකාශයක් කළෙමි.

ඉන් අනතුරුව පුද්ගලයන් තිදෙනා පැහැරගෙන ගොස් ඇති බවක් මා දුටුවේ නැත. සිද්ධියෙන් දින 3-4 කට පසු වැල්ලවාය-කොස්ලන්ද පාර අසල පිළිස්සුණු තරුණයින්ගේ මළ සිරුරු 3 ක් තිබෙන බවට ‘දිවයින පත්තරේ වාර්තාවක් පළ විය. මම පොලිස් අධිකාරීට කතා කරලා කිව්වා මට සැකකරුවෙක් ඉන්නවා කියලා. ඔවුන් මේ තිදෙනා වනු ඇත.

එවකට රත්නපුර නගරාධිපතිව සිටි නන්දා එලවෙල සහ මහින්ද රත්නතිලක ඇතුළු විශාල පිරිසක් සමඟ මම එම ස්ථානයට ගියෙමි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු වූ අතර පසුව එක්සත් ජාතික පක්ෂයට බැඳුණි.

මුලින්ම අපි වැල්ලවාය පොලිසියටත් පසුව මළ සිරුරු තැන්පත් කළ මලත්තෑව සුසාන භූමියටත් ගියා. මහේස්ත්‍රාත්වරයකු ඉදිරිපිටදී ඔවුන් පිටතට ගනු ලැබීය. ඒවා පොලිතින් ආවරණ 3 කින් ඔතා තිබුණි. මම සිරුරු හදුනාගෙන පසුව වැල්ලවාය ජේඑම්ඕ කාර්යාලයේ වෛද්‍ය නිලධාරියෙකු විසින් පරීක්ෂා කලා.

මේ සම්බන්ධයෙන් මම විශේෂ විමර්ශන ඒකකය, රත්නපුර පොලීසිය සහ වැල්ලවාය පොලිසියට ප්‍රකාශ කළා. ඒ වගේම මම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂි දුන්නා. සුසන්ත පුංචිනිලමේ මා හොඳින් දන්නා නමුත් ඔහු මේ ගැන විමසුවේ නැත.

සාක්ෂිකරු කියා සිටියේ මියගිය තිදෙනා අපට දේශපාලනිකව උදව් කළ බව ඇත්ත නමුත් මම පොලිසියට පැමිණිලි නොකළේ එවකට පැවති දේශපාලන වාතාවරණය තුළ එසේ කිරීමට මා බිය වූ නිසාය.

රත්නපුර දිවයින වාර්තාකරු

මේ අනෙක් කතාව

2011 ඔක්තෝම්බර් 22 වැනිදාදිනට පද්මසිරි ති‍්‍රමා විතාන සොයුරා ඝාතනය කර වසර 23 ක් සම්පූර්ණ වේ. ලක්ෂ ගණනින් සංහාරයට ලක්වූ සමාජයක් පද්මසිරි ති‍්‍රමාවිතාරණ  සොයුරාගේ ඝාතනය සුවිශේෂී වන්නේ ඔහු ජීවිතය පූජා කළේ මේ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීම උදෙසා වන බැවිනි. 1981 දී රාගම දී ආරම්භ කරන ලද උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ නියමුවකු වූ තී‍්‍රමා අංකුර කවියෙකි. චිත‍්‍ර ශිල්පියෙකි. ඒ හැමටම වඩා ඔහු සැබෑ මිනිසෙක් විය.

ති‍්‍රමා දකුණේ අම්බලන්ගොඩ කහව, ගල්දූව ගමේ දී 1964 මාර්තු මස 01 දින උපත ලැබීය. ඔහුගේ පියා ගාල්ල උසාවියේ භාෂා පරිවර්ථකයෙකු ලෙස සේවය කළේය. මලනුවන් තිදෙනෙකුට හා එක් නැගනියකට වැඩිමහල් සොහොයුරා වූ පද්මසිරි ත‍්‍රීමාවිතාන අහිංසක පවුලක, මවගේ පියාගේ හා සොයුරු සොයුරියන් සිවු දෙනෙකුගේ දහසක් පැතුම් ඉටු කරන්නට සිටි එකම බලාපොරොත්තුව විය. මූලික අධ්‍යාපනය අම්බලන්ගොඩ කහව විද්‍යාලයෙන් හැදෑරූ ඔහු උසස් අධ්‍යාපනය සදහා 1985 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයට තේරීපත් විය. ඔහු බ්ලොම් ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සිටියේය.
ජීවිතයේ දිගුගමන් මඟ වසනාවන්ත සාර්ථක එකක් කර ගන්නට වසර 15 කට ආසන්න කාලයක ප‍්‍රාථමික අධ්‍යාපනය ජයගෙන ජීවිතයේ ප‍්‍රාර්ථනා ඉටු කරගන්නට පා තැබූ බුද්ධියේ තෝතැන්න අවසනාවන්ත ලෙස ජීවිතයේ අවසන් භාගය තීන්දු කරාවි යැයි ඔහු නොසිතන්නට ඇත.
වර්ෂ 1977 දී බලයට පත් රජය එතෙක් පැවති රාජ්‍ය ඒකාධිකාරී ධනවාදී ආර්ථික ක‍්‍රමය වෙනස් කර විවෘත ආර්ථික ක‍්‍රමය හදුන්වා දෙමින් පොදු මහජන සේවාවන් ක‍්‍රමයන් පෞද්ගලීකරණය කිරීම ඇරඹීය. ඉනික්බිති අධ්‍යාපනය පෞද්ගලීකරණය කරවීමේ අරමුණ ඇතිව 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල සංශෝධන පනත ගෙන එන ලදි. මෙම පනත සම්මත කරගෙන 1978 මාර්තු 29 වන දින උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස තනි අමාත්‍යාංශයක් වශයෙන් තිබූ අමාත්‍යාංශය එතැන් සිට අමාත්‍යාංශ දෙකක් බවට පත් විය. මෙම පනතෙහි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම පිළිබඳ සඳහන් කර තිබුණේ මෙසේය විශ්වවිද්‍යාල කොමිසම් සභාව සභාපතිවරයෙකු හා වෙනත් සාමාජිකයන් හතර දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් සියළු දෙනාම ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය. මේ අනුව සෘජු ලෙසම විශ්වවිද්‍යාල පද්ධතියට ජනාධිපතිවරයාගේ බලපෑම් අති වී තිබේ.
මෙලෙස 1978 අංක16 දරණ විශ්වවිද්‍යාල පනත මඟින් නව ප‍්‍රතිසංස්කරණ ඇති කළ පසු එහි 25 වන වගන්තිය යටතේ සැකසූ විශේෂ විධිවිධාන මඟින් අධ්‍යාපන පාඨමාලා පැවැත්වීමේ පිළිගත් ආයතන නිර්වචනය කරන ලදි. මේ අනුව එම ආයතන ලියාපදිංචි කරන ආකාරය, එම ආයතනයන්හී අධ්‍යාපනය සඳහා වන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල, ඒවායේ භෞතික සම්පත්වල පහසුකම් සහ අදාල විභාග, පාඨමාලා ගාස්තු පාඨමාලා වෙනත් ආයතන සහ අනුබද්ධ කිරීම් ආදී සියලූ කොන්දේසි එම විධිවිධාන වල අඩංගු විය. මේ අනුව විශ්වවිද්‍යාල පනතේ පිළිගත් ආයතන ලෙස අර්ථ දක්වා තිබුණේ පෞද්ගලික විශ්වවිද්‍යාල බව සිසුන් සහ ජනතාව තේරුම් ගන්නට විය.
ඒඅනුව රාගම තලගොල්ලේ පිහිටි රජයේ රෝහලක්, එහි හෙක්ටයාර් 14 ක ඉඩම සමඟ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පවරා දෙන ලදි. තලගොල්ල රෝහල ද වසා දමන ලද අතර රාගම උතුරු කොළඹ මහ රෝහලේ වාට්ටු, රසායනාගාර සහ සේවක මණ්ඩල පහසුකම් මෙම පෞද්ලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ ඉගෙනීම් කටයුතු සඳහා පවරා දෙන ලදි. ඒ 1981 සැප්තැම්බර් 09 වැනදාදාය. මුදලට අධ්‍යාපනය විකිණීම තුළින් නිදහස් අධ්‍යාපනයට මළගම කැඳවීම මේ ක‍්‍රියාවලියේ අරමුණ විය. නමුත් ඊට එරෙහිව ඉමහත් කැපවීමෙන් හා ජීවිත පිරිත්‍යාගයෙන් කටයුතු කරන්නට ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සමත් විය. අධ්‍යාපනය වරප‍්‍රසාද ඇති පන්තියට පමණක් සීමා කිරීමට එරෙහිව ශිෂ්‍ය විරෝධය රළ ගසමින් නැඟී ආවේය. පංති වර්ජන සහ විරෝධතා නොකඩවා දක්නට ලැබිණි.
මේ ක‍්‍රියාවලියෙන් නිදහස් අධ්‍යාපනයට වන හානිය මනාව තේරුම් ගත් ශිෂ්‍යයන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධය පළ කිරීම ආරම්භ කරන ලදි. නමුත් එය ජනතාව අතර පැතුරුණු පළල් විරෝධයක් නොවීය. 1980 වැඩ වර්ජනය පරාජය වීමෙන් පසු සමස්ථ සමාජයම එළඹ සිටි නිද්‍රාශීලීභාවය එයට ප‍්‍රධාන හේතුවක් විය. 1983 දී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් තම දෙවන වසර විභාගය සඳහා කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් සමඟ එකම විභාගයකට පෙනී සිටීමට ගත් උත්සාහය වැළැක්වීමට බහුතරයක් සිසූහු පෙළ ගැසුනාහ.
ඔවුන්ගේ උත්සාහය වූයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කොළඹ වෛද්‍ය පීඨයෙන් ස්වායක්ත කිරීම පමණි. නීතිඥ කොල්වින් ආර් ද සිල්වා හා බැටී වීරකෝන් මඟින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් කොළඹ වෛද්‍ය පීඨයේ විභාගයට වාඩිවීම උසාවි නියෝගයකින් නතර කිරීමට ඔවූහු උත්සාහ කළහ. නඩුව විසිවූ අතර අපෑලද පරාජය විය. සිසුන් පන්ති වර්ජනය කර විභාග වර්ජනය කර සිටියහ.
ලාංකීය ඉතිහාසයේ කලූ පැල්ලමක් වූ 1983 කළු ජූලිය එළඹියේ මේ අතරය. එමගින් පැණවූ හදිසි නීතිය මඟින් ශිෂ්‍ය සභාව තහනම් වූ අතර කළු ජූලියෙන් පසු එළඹි භීෂණය වෛද්‍ය සිසුන්ගේ අරගලයේ තිබුණු දීප්තිය නිවාලීය. මේ අතර දෙමාපිය සංගමයක් බිහිවූ අතර ප‍්‍රශ්නය විසදීම තමන්ට භාර දී විභාගයට වාඩි වන ලෙස ඉල්ලීම් කෙරිණි. එහිදී වෛද්‍ය සිසූහු ‍‍ඓතිහාසික අනුවණකමක් කළහ. දෙවන වසර විභාගය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් සමඟ එකට පැවැත්විණ.
1987 වසර එළබිණි. එය තීරණාත්මක වසරක් විය. ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් පළමුවරට අවසාන වසර විභාගයට වාඩිවූ වසරයි. ඔවුනට කොළඹ වෛද්‍ය පීඨයේ විභාගයට වාඩිවීමට පීඨයේ හා රටේ පාලකයන් අවස්ථාව සලසා දී තිබුණි. ඒ අනුව අධ්‍යාපන සුදුසුකම් රහිතව මුදලට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අතුලූ වූ ඔවුනට කොළඹ වෛද්‍ය පීඨයේ උපාධිය හිමිකරදීමට ඔවූහු උත්සාහ කළහ. මේ කඩඉම ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට පැහැදිළිවම අභියෝගයක් විය.
එම අවසාන වසර විභාගය යෙදී තිබුණේ 1987 ජූලි 30 දිනය. මෙම අභියෝගයට අභීතව මුහුණ දීමට අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව තීරණය කළ අතර ඒ අනුව කෙටි කළකින් බොහෝ දේ සංවිධානය කිරීමට ඔවුන්ට සිදු විණ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සහයෝගය ලබා ගැනීමට අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවට හැකි විය. දිවයින පුරා විසිරී සිටින සියළු වෛද්‍යවරුන් හමු වී කරුණු පැහැදිළි කර වෛද්‍ය වැඩ වර්ජනයට ඔවුන් කැමති කරවා ගත හැකි විය. 1987 ජූලි මාසය විරෝධතා මාසය ලෙස නම් කෙරුණු අතර 1987 ජූලි 13 දින වෛද්‍යවරුන්ගේ වැඩ වැරුම ඇරඹිණ.
රජය ප‍්‍රශ්නය විසදීම පසෙක තබා වෛද්‍යවරුන් මර්ධනය කර වර්ජනය නතර කිරීමට උත්සාහ කළේය. අනවශ්‍ය සේවා නියෝග පනවන ලදි. වෛද්‍යවරුන් රජයේ සේවය අතහැර ගියා සේ සළකා දේපළ රාජසන්තක කරන බවට තර්ජනය කෙරුණි. වෛද්‍ය පීඨයේ සිසුන් රටපුරා ඇවිදිමින් වෛද්‍යවරුන් දිරිමත් කරමින් කටයුතු කළ නිසා මේ තර්ජන වෛද්‍ය වැඩවැරුම නතර කිරීමට ප‍්‍රමාණවත් නොවිණි. ඉතිහාසයේ දීර්ඝතම වැඩවර්ජනය දින 27 කට පසු ජයග‍්‍රහණය පෙනි පෙනී අතහැර දැමුණි. එහෙත් එම වෛද්‍ය වැඩ වර්ජනය වෛද්‍ය ශිෂ්‍ය අරගලයට ලබා දුන් පිටුබලය අපමණය. ඉගැන්වූ පාඩම් බොහෝය. වෛද්‍ය වර්ජනය ඇරඹෙන විට වෛද්‍ය ශිෂ්‍ය අරගලය ඉතා පටු සීමාවන්ට කොටු වී තිබුණි. රජයේ අධ්‍යාපනය පෞද්ගලීකරණ ප‍්‍රතිපත්තියට එරෙහි වනු වෙනුවට කොළඹ වෛද්‍ය පීඨයේ ගෞරවණීය උපාධිය පෞද්ගලික වෛද්‍ය සිසුන්ට ලබා නොදීම එහි අරමුණ විය. සත්‍ය වශයෙන්ම අරගලය ඇරඹිය විය යුතුව තිබුණේ නිදහස් අධ්‍යාපනය රැක දීමට නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නොතිබිය යුතුය යන්න අවධාරණය කරමිනි. හුදෙකලා වෛද්‍ය වර්ජනය පරාජය වීමෙන් පසු සියලූ දෙනාටම මෙම සත්‍ය පසක් විය ජනතාවට සැකයකින් තොරව බද්ධ විය හැකි ජනතාවාදී සටන් පාඨයක් ඉදිරිපත් වූයේ ඉන් පසුවයි. “පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරව්” යන්න එම සටන් පාඨය විය.පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ ඇතුලූ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයෝ 40 ලක්ෂයක ශිෂ්‍ය ප‍්‍රජාවගේ අයිතිය රැක ගැනීම වෙනුවෙන් නොපැකිලිව නැගී සිටියහ.
වසා දැමුනු වෛද්‍ය පීඨ නේවාසිකාගාරයෙන් එළියට පැමිණි තී‍්‍රමා නැවත පිටත්ව ගියේ තම පරපුර මුහුණ දෙන අභියෝගයන්ට පිළියම් සෙවීම සඳහාය. ඔහු රත්නපුර ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ප‍්‍රධානියෙක් විය ඇතැම් විට ස්වකීය ජීවිතය අහිමි වන බව දැන දැනම ත‍්‍රීමා හික්කඩුවේ සිට රත්නපුරයේ ජනතාව දැනුවත් කිරීම සඳහා නික්ම ගොස් තිබුණි.
වෛද්‍ය සිසුන්ගේ අරගලය වසරක් පුරා නොකඩවා ඇදී ආවේය. අරගලය උත්සන්න කිරීම වස් වෛද්‍ය පීඨ සිසුන් වර්ෂ පූර්ණ සංවත්සරයට සූදානම් වූහ.  “වෛද්‍ය අධ්‍යාපනය නැවතී වසරයි, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරව්” යන සටන් පාඨය පොස්ටර් ලක්ෂ ගණනින් අතින් ඇද රට පුරා ඇලවීමට වෛද්‍ය සිසුන් ක‍්‍රියා කළහ.

කෲර මර්ධනය එළඹියේ ඉන් අනතුරුවයි. ත‍්‍රීමාවිතාරණ සොයුරා, රංජිත් පෙරේරා, ඞී. ඞී. බන්දුවර්ධන යන සොයුරන් සමඟ රත්නපුර බස්නැවතුම් පොල අසලදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා පැහැර ගනු ලැබීය. පසුව වද බන්ධනයට ලක් කර එදින රාත‍්‍රියේ දී පුළුස්සා වැල්ලවාය කොස්ලන්ද මාර්ගය අසල දමා තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණ වල බැදි ලනුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් මිලේජ්ච ලෙස මරා දමා තිබුණි.
මෙම ඝාතනයේ චෝදනා එල්ල වූයේ සබරගමුව මහ ඇමතිගේ පුත් සුසන්ත පුංචිනිලමේ මහතාටය. මහත් ආන්දෝලනයකට ලක් වූ එම නඩුව රත්නපුර අංක 2 මහාධිකරණයේදී විභාග විය. සුසන්ත පුංචිනිලමේ ඇතුළු කීප දෙනෙකුට එරෙහිව අධිචොදනා 13 ක් යටතේ එම නඩුව පවරා තිබුණි. නඩුව අවසානයේ චෝදනා ඔප්පු කිරීමට නොහැකි වූ නිසා චූදිතයෝ නිදහස් වූහ.
අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ ශක්තිය හා බලය ප‍්‍රදර්ශණය කරවූයේ මෙම ඝාතනයයි. ත‍්‍රිමාගේ මළසිරුර හොර රහසේම නිවසට භාර දී නිහඩව අවසන් කටයුතු කිරීමට රජය උත්සාහ කළහ. එහෙත් වෛද්‍ය ශිෂ්‍ය කමිටුව ඊට එකඟ නොවීය.

කොළඹ මහ රෝහලේ වහල මතට නැගුණු වෛද්‍ය සිසු සිසුවියන් ත‍්‍රිමාගේ මළසිරුර ඉල්ලා මාරාන්තික උපවාසයක් ඇරඹූහ. ආණ්ඩුව එයට ද ඇහුම්කන් නොදුන් විට ඔවූහූ සිරුරට පෙට්රල් වත්කර සිය දිවි හානි කර ගැනීමට තැත් කළහ. අවසානයේ දී ආණ්ඩුවට ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියේ දණ නැවීමට සිදු විය. කුඩා පෙට්ටියක බහාලූ ත‍්‍රිමාගේ මෘත දේහය සොවින් කදුළු සැලූ සටන් සඟයන්ගේ කර මතින් වෛද්‍ය පීඨයට රැගෙන එන ලදි. එයට අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත ජන සංඛ්‍යාවක් පැමිණියහ. ආදාහන පෙළහැර කොළඹ තුන්මුල්ල හරහා දිගු ගමනකින් පසු බොරැල්ල කනත්තට ලඟා විය. අවමඟුලට සහභාගී වූ සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවීය. එය ලාංකීය ඉතිහාසයේ විශාලතම ජන සංඛ්‍යාවක් සහභාගීත්වයෙන් පැවැති අවමඟුල විය. මෙම ඝාතනය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ සංධිස්ථානයක් විය. එම අරගලයේ අනෙක් නියමුවෝ සිය ආදරණීය ශිෂ්‍ය නායකයාට ඔහු ගෙන ගිය අරගලය ජයග‍්‍රහණය දක්වා ඉදිරියට ගෙන යන බවට ශපථ කළහ. නමුත් එය ඝාතක පෙළක ඇරඹුම පමණක් විය. එම අරගලයේ මුල් පෙළ නියමුවන් වූ වෙනුර එදිරිසිංහ, සිසිර කීර්ති ජයවර්ධන, කුමාර කුලතුංග, ලීල් සමරනාත්, සරත් කොල්ලූරේ, නිශාන්ත එදිරිවික‍්‍රම අතුල සේනාරත්න, සුගත් අශෝකා ද සිල්වා යන කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් පැහැරගෙන ගොස් මරා දමන ලදි.

රාජ්‍ය භීෂණය වෛද්‍ය ශිෂ්‍ය අරගලයේ පළමු පෙළ නායකයන් සියල්ල අතුරුදහන් කළ ද ඔවුන් විසින් ගොඩනැගූ අරගලය රට පුරා නොනිවී දැල්විනි. ආණ්ඩුව පවත්වාගෙන යාමට නම් වෛද්‍ය ශිෂ්‍ය ප‍්‍රශ්නය විසදිය යුතු විය.
එබැවින් ආණ්ඩුව සිය පෞද්ගලීකරණ ප‍්‍රතිපත්තිය තාවකාලිකව හකුලා ගනිමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලදි. තවත් රජයේ වෛද්‍ය පීඨයක් දේශයට උරුම කර දීමට වෛද්‍ය සිසු අරගලයට හැකි විය. ඒ කැළණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයයි.
ලාංකීය ඉතිහාසය තුළ ශිෂ්‍ය අරගලයක් කම්කරු පන්තිය ඇතුළු පොදු ජනතාව සමඟ බද්ධ වී ඉතාමත් සංවිධානාත්මකව සමස්ථ ශ‍්‍රී ලංකාව පුරාම පැතුරුණු දීර්ඝකාලීන බහු ජන අරගලයක් දක්වා පෙරට ගොස් ජයග‍්‍රහණය අත්පත් කර ගැනීම පිළිබඳව පළමු අත්දැකීම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලය බව සනිටුහන් කිරීමට හැකි වීම, එකී අරගලයට නායකත්වය දී දිවි පිදූ සියල්ලන්ගේත් අරගලයේදී අපරිමිත ධෛර්යෙන් යුතුව කටයුතු කළ සියල්ලන්ගේ ගෞරවය පිණිස වනු ඇත.


  (ඔක්තෝම්බර් 22 දිනට යෙදුනු පද්මසිරි ත්‍රීමාවිතාන අනුස්මරණය නිමිත්තෙනි )

මේ තවත් කතාවක්

නිෂ්මිගේ සී ෆිෆ්ටිය… ❤ 1983 වසරේ උසස්පෙල ගණිත අංශයෙන් සමත්ව රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් පේරාදෙණිය ඉංජිනේරු පීඨයට තේරී පත් වූ මොහොමඩ් නිෂ්මි ශිෂ්‍ය ව්‍යාපාරය තුල සදාකාලික මතක රැසක් එදා හදවත් සවිමත් වූවන්ගේ හද කුහර මත සතපා නික්ම ගිය හරි හැටි දිනක් නැතත් ඒ අකාරුණික දිනය 1990 වසරේ පෙබරවාරි 20 වනසා සිට 25 වනදා අතර දිනයක් වන්නට ඇතැයි ඉතිහාසය බොහෝ ලංවූ සාක්ශි අප හමුවේ අකමැත්තෙන් වුවත් තබා ඇත…. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ ආදරණීයම නායකයා යන සලකුණ දේශපාලන දැහැන පසෙක තබා අප සිතුවහොත් ඒ මත සිවිරුදීන් මොහොමඩ් නිශ්මි ගේ මතකය කිසිදු අපහසුවකින් තොරව තවමත් ජීවමාන වන්නේ අහඹුවක් ලෙස නොවේ…පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව පමණක් නොව අනධ්‍යන කාර්‍යමන්ඩල කම්කරු සේවකයාගේ සිට සියල්ලන්ගේම ආදරය සහ ගෞරවය දිනා ගත් නිෂ්මි නායකත්වය දුන් සටන් එකක් හැරෙන්නට අන් සියල්ලම ජයග්‍රහණයේ ගිණි සිලුව අතැතිව ශිෂ්‍යයන් අයිතීන් දිනා ගත් සටන් බවට පත් විය. පේරාදෙණියේ කිසිවෙකුත් නිෂ්මිව පාවා නොදෙන්නේ එබැවින් ය…අවසාන සටනේදී මොහොමඩ් නිෂ්මි තම තාරුණ්‍යය බිල්ලට දී තිබුනේ නොදුටු පරම්පරාවක ජයග්‍රහණයක් වෙනුවෙනි… ඔහු අවසන් වරට සහුද්‍රයන් හමුවේ පෙනී සිටි 1990 වසරේ පෙබරවාරි 18 වනදායින් පසු අරගල පොලව මත සිවුරුදීන් මොහොමඩ් නිශ්මි පණ පිටින් කිසිවෙකු නොදුටු අතර අත්තඩංගුවට පත් වූ බොහෝ මිනිසුන් මෙන්ම එකල අප කථා නායකයාද මුව ගොලුව කොතැන හෝ පිලිස්සී යන්නට ඇත…..නැතිනම් මෙතෙක් කල් ඔහුට අප අමතක වීම විය නොහැක්කකි…නිශ්මි ඝාතනය වීමට සහ අත්තඩංගුවට පත්වීමට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලය වටා තමන්ගේ පෞද්ගලික කටයුතුද අධ්‍යාපන කටයුතුද මෙන්ම දේශපාලන කටයුතු සදහාද ගමන් කල c50 හොන්ඩා වර්ගයේ යතුරු පැදියක් විය… එකල නිශ්මි සහ තවත් දෙදෙනෙකුගේ හෝ බර දරාගෙන ඇඳෙන මෙය පේරාදෙණිය විදු බිමෙහි නොදුටු අයෙක් නොවින…..විටෙක එය අඩ අදුරේ පෝස්ටර් පාප්ප පිටින් ඇදී යන වේගවත් සටන් රියකි. විටෙක සරසවියේ පොදු රථයකි… කාටත් නැතුවම බැරි පොදු මිතුරෙකි…තවත් වරෙක පෙම්වතිය ඇරලවීමට ඉල්ලාගන්නා ගන්නා කාගෙත් ප්‍රේමණීය c90 කි….නිෂ්මි සහෝදරයාගේ පමණක් නොව දහස් සංක්‍යාත ඉහ මොල දැරූ සටන් සගයන්ගේ නික්ම යාම් වලින් පසු පුරා කාලයක් දීර්ඝ නිහඩතාවකය වෙලුනු හන්තාන අඩවියේ රතු කොඩි යලි ලෙළ දෙන විට සොදුරු ආදරණීය සහ විටෙක වේදනාත්මක මතකයක් වෙමින් නිෂ්මිගේ මෝටර් සයිකලය ඒ වේදිකා මත අරගලයට මතක පන්නරය සකසන හුදෙක් යකඩ ගොඩක්ම නොවී ගැහෙන ප්‍රාණයක් විය…. අරගල කාමී විප්ලවවාදී හදවත් පෝශනය කිරීම උදෙසා නිශ්මිගෙන් පසුව මේ යකඩ ගොඩ ඉතිහාසයේ පන්නරය ශිෂ්‍ය ප්‍රජාව වෙතට අපූරුවට සමීප කල අතර සෑම සාහිත්‍ය උළෙලකම නිශ්මිගේ බයිසිකලයට වෙන් වූ ඉඩ කොටසක් විය….ඒ සතුව මහා කතාවක් හිමිව තිබියදී එම කතාවම හඩින් නොව නිහඩව ගොලුව අපෙන් අසා සිටි එය අපූරු මෝටර් සයිකලයක් විය…ඔබ පහත දකින්නේ ඒ මෝටර් සයිකලයයි. මා ඇසූ පුවත් සත්‍යනම් පසුගිය වසර දහය තුල මෙය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අතුරුදන් වී ඇත… එය අයෙක් පත්මසිරි ත්‍රිමා ගේ චිත්‍ර සොරකම් කලාක් මෙන් රැගෙනගියාද නැතිනම් ශිෂ්‍ය බල අරගලය මොහොතේ යම් අයෙක් සැගවූවාද යන්න මා දන්නා පරිදි අදටද රහසකි…




අනවශ්‍ය දේවල්

  • 220,431 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2021
බ්‍ර සි සෙ
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: