Archive for the 'Tamil' Category

16
ඔක්.
19

දෙමලාගේ ප්‍රශ්නය… ‌හෙවත් රටකට හතුරු යෝජනා

bewrer from Dr Jude Lal Fernando

ඒකීය රාජ්‍ය සංකල්පය වෙනුවෙන් කිසි විටකත් පෙනී නොසිටින බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වෙත භාර දීම සඳහා උතුරේ ක්‍රියාකාරී දේශපාලන පක්ෂ පහක් , ෆෙඩරල් පාලනයක් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් 13ක් ඇතුළත් යෝජනාවලියක් සම්මත කරගත් අවස්ථාවේදී.

යාපනය විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය ඉදිරිපත් කොට ඇති එම යෝජනාවලියේ කරුණු කිහිපයකට හෝ එකඟ වන අපේක්ෂකයාට පමණක් සහාය ලබා දීමට එහිදී සාකච්ඡා වී ඇති බවද වාර්තා වෙයි.

එළඹෙන ජනාධිපතිවරණයට තරගවදින ප්‍රධාන අපේක්ෂකයින් වෙත භාර දීම සඳහා සකස් කෙරුණු යෝජනාවලිය සම්බන්ධයෙන් ඊයේ යාපනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත් විය.

ඒ යාපනය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය සහ උතුරේ ක්‍රියාකාරී ප්‍රධාන දේශපාලන පක්ෂ 5ක් අතරයි.

සාකච්ඡාවට දෙමළ මහජන පෙරමුණේ නායක,උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි හි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා,සහ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් එක්විය.

දෙමළ දේශපාලන පක්ෂවල යෝජනා පහතින් දැක්වෙයි.

  1. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම.

  2. අවසන් යුද සමයේ සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම.

  3. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.

  4. දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.

  5. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම.

  6. උතුරු – නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.

  7. උතුරු – නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.

  8. මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු – නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම.

  9. මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරිම.

  10. පුරාවිද්‍යා, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරිම.

  11.  උතුරු – නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම.

  12. 12. උතුරු – නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබාදීම.

  13. උතුරු – නැගෙනහිර යුද්ධයෙන් පීඩාවුණු ප්‍රදේශ ලෙස නම් කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම.

යන යෝජනා 13 එම යෝජනාවලියට ඇතුළත්.

ඊට ඉලංගෙයි තමිල් අරසුකච්චි නායක මාවේ සේනාධිරාජා, දෙමළ මහජන පෙරමුණේ නායක සී.වී. විග්නේෂ්වරන්, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර සහ ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරු සහාය පළකොට අත්සන් තබා තිබේ.

කෙසේවෙතත් දෙමළ මහජන සභාවේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා මීට සහාය පළ කර නැහැ.

ඔහු පවසා ඇත්තේ දෙමළ ජනතාව මුලා කිරීමට නොහැකි බවයි.

ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන ප්‍රධාන ජනාධිපතිධුර අපේක්ෂකයන් දෙදෙනාට මෙම යෝජනාවලිය භාර දීමට නියමිත අතර සාකච්ඡාවට එක් වූ පාර්ශ්ව මාධ්‍යයට අදහස් පළ කළේය.

සී.වී.විග්නේෂ්වරන් – නායක – දෙමළ මහජන පෙරමුණ

“මඟුල් ගෙදර ඉඳලා මනමාලියි මනමාලයයි එනවා වගේනේ බලාගෙන ඉන්නේ. මොනවද අහන්න තියෙන්නෙ. ඔක්කොමලා අත්සන් කරලා තියෙන්නේ. මම අත්සන් තැබුවා. මාවෙයි තැබුවා. සෙල්වම් අත්සන් තියන ගමන් ඉන්නෙ. බොහෝ විට ඔක්කොමලා අත්සන් කරයි.ගජේන්ද්‍ර ගැන මම දන්නෑ. එයා ඉන්නවා. ඒත් දන්නෑ. එයත් තියයි කියලා විශ්වාස කරනවා.“

එම්.ඒ.සුමන්තිරන් – පා.ම – දෙමළ ජාතික සන්ධානය

“අපිට ඒකට සාකච්ඡාවෙන් පසු තීරණයකට එන්න පුළුවන්. දැන්මම තීරණය කරන්න බැහැ. ඒත් එක තීරණයකට ඇවිත් තියෙනවා. ඊට පස්සෙ එන සාකච්ඡා තීරණ පක්ෂ පහම එකතුවෙලා තමයි ගන්න ඕන කියලා. ඉල්ලීමේ පැහැදිලිවම කියලා තියෙනවා අපි ඒකීය රජය ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒකේ කිසිම අපහැදිලිබවක් නැහැ. ඒකීය රජයට අපි එකඟ වෙන්නෙ නෑ කියලා අපි පැහැදිලිවම කියලා තියෙනවා. “

Advertisements
15
ඔක්.
19

සදාදරනීය ‌ප්‍රේමදාස පියානෝගේ මැර කල්ලිය ‌හෙවත් ප්‍රා මිනීමරුවෝ මැරූ ගනන 1200

බණ්ඩාරගම හිරණ තොටුපොලේදී 1986 දෙසැම්බර් 15වැනිදා පස්වරු 8.30ට දයා පතිරණ‍ ගෙල කපා ඝාතනයකර තිබූ අයුරු. පොලිසියේ ඉල්ලීමට ඡායාරූප ගනු ලැබු‍වේ පානදුර තිමති ස්ටූඩියෝහි ඡායාරූප ශිල්පියෙකි.

ප්‍රිරා සංවිධානයේ නායකත්වය යටතේ ආරක්ෂක හමුදා සහාය ඇතිව ස්වාධීන ශිෂ්‍ය සංගමය මගින් 1988/89 කාලයේදී ඝාතනය කල සරසවි සිසුන් සහ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිවූවන් 200ක ආසන්න පිරිසෙන් කිහිපදෙනෙක්. කොළඹ සරසවි නීති පීඨ වධකාගාරයේදී උස්සා පොලවේ ගසා මරාදැමූ අන්තරේ කැඳවුම්කරුවෙකු සහ නීති පීඨයේ සිසු කෑගල්ලේ සරත් එදිරිසිංහ,  වෙඩිතබා පිහියෙන් ඇන ඝාතනය කල වාණිජ පීඨයේ මාතර දෙල්ගල්ලේ පදිංචි සමන් කපුගමආරච්චි, බෙල්ල කපා මරාදැමූ එහි විද්‍යා පීඨයේ මිනුවන්ගොඩ හේමන්ත අජිත් චන්ද්‍රසිරි(ඉහළ වමේ සිට), වෙඩිතබා මරාදැමූ මානව හිමිකම් නීතිඥයින් වන නාරහේන්පිට කාංචන අබේපාල සහ ඇල්පිටියේ චරිත ලංකාපුර, දිවයින නිදහස් ලේඛක සහ බැංකු නිලධාරි ගම්පොල එච්.ඊ. දයානන්ද

දයා පතිරණගේ ඝාතනයෙන් පසු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සභාපතිධූරයට 1986 දෙසැම්බර් 17 වැනිදා පත්වූයේ කේ. එල්. ධර්මසිරිය. පතිරණ ඝාතනයෙන් පසු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින් අතර නිල්මිණී, පරාක්‍රම, නිර්මාල් රංජිත් දේවසිරි, සී.ඒ. චන්ද්‍රප්‍රේම, නිහාල් හපුආරච්චි, නිමල්වීර බෝපගේ, සාලිය කුමාර, චාන්දනී සෙනෙවිරත්න, තිසරණී ගුණසේකර, අසංක කරුණාරත්න, ජෙරා, පේරාදෙණියේ ධම්මික බන්ඩාර, ජෝජා ඇතුළු කිහිප දෙනෙක්ම විය. ඉස්ක්‍රා, ස්වාධීන, රණහඩ මැයින් පුවත්පත්වල කලාප කිහිපයක්ද පලකරන ලදි.

පතිරණ ඝාතනයෙන් පසුවද ස්වාධීන ශිෂ්‍ය සංගමය කොළඹ සරසවියේ දිගින් දිගටම පවත්වාගෙන ආ දඩබ්බර ක්‍රියාකාරකම් බහුතර සරසවි සිසුන්ට තවදුරටත් දරා ගත නොහැකි විය. ඒ අනුව චින්තන පර්ෂදයේ අධ්‍යක්ෂක සහ කාලය සඟරාවේ නියෝජ්‍ය සංස්කාරක ගෙවිදු කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය එයට එරෙහිව පොදු සිසුන්ට නායකත්වය දුන්නේය. ඒ අනුව ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මැර ක්‍රියාකාරිකයින් වූ සිව් දෙනෙකු ගස් බැද  මධ්‍යස්ථ 500කට ආසන්න සිසුන් පිරිසකගේ දායකත්වයෙන් සංවිධානාත්මක ප්‍රහාරයක් 1987 මාර්තු 24වැනිදා එල්ල කිරීම තුළින් ස්වාධීන ශිෂ්‍ය සංගමය මුළුමනින් පරාජයකර දෙමළ බෙදුම්වාදය පලවා හැර කොළඹ සරසවියේ බලය ලබාගන්නා ලදී. ගස් බැදී සෙනරත් ජයවර්ධන ඇතුළු සිව් දෙනා බේරා ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ 100කට අධික පිරිසක් කොළඹ සරසවියට එකවර කඩා වැදීමෙනි.

ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකත්වයට පත් බොරැල්ලේ දූගී පවුලක උපන් කේ. එල්. ධර්මසිරි ජවිපෙට එරෙහිව ප්‍රා සංවිධානය සමඟ එක්ව මුළු ශක්තියම යොදවන්නට විය. ජවිපෙ වනසා දැමීමට ඔවුන් ඝාතනය කිරීමේ සංහාරයේදී තීරණාත්මක කාර්යභාරයකට ස්වාධීන ශිෂ්‍ය සංගමය යොමු විය. අර්ධ මිල්ටරි කණ්ඩායම්වලින් ඔවුනට ආයුධ, හැඳුනුම්පත්, වාහන, මුදල් ලක්ෂ ගණනින් නොඅඩුව ලැබිණි. ප්‍රා සංවිධානයෙන් ඝාතනය කරන ලද සංඛ්‍යාව 1,200ක් වූ අතර ඒ අතර සිටි සරසවි සිසුන් 200කට ආසන්න පිරිසක් මරා දැමුවේ ධර්මසිරිගේ නායකත්වයෙන් යුත් ස්වාධීන ශිෂ්‍ය සංගමය මගිනි. අත් පා කපා දරුණු වධ දී ඔවුන් මරා දැම්මේය. හංසයින්ට ජලයෙන් කිරි වෙන්කර හැක්කේ යම් සේද ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ඝාතකයින්ට සමස්ත සරසවි සිසුන් අතරින් ජවිපෙ සිසුන් හඳුනාගැනීමට හැකි විය. සිය ගණනක් අමු අමුවේ ඝාතනය කල කොළඹ සරසවියේ නීති පීඨ වධකාගාරයේ නිල නොවන පරිපාලකයා වූයේද ස්වාධීන ශිෂ්‍ය සංගමයයි.

ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක කේ. එල්. ධර්මසිරි 1989දී ඔක්තෝබර් 20 වැනිදා කොළඹ වයි. එම්.සී. ඒ ගොඩනැගිල්ලට ගොස් යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී කොටහේන කොච්චිකඩේදී ජවිපෙ විසින් ඝාතනය කරන ලදී. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ආරූඪ නමක් වූ ජයකාන්ති විජේවික්‍රම නමින් 1989 දෙසැම්බර් 28වැනිදා නිවේදනයක් නිකුත් කරමින් 1989 දෙසැම්බර් 15 එය විසුරුවා හැරි බව ප්‍රකාශ කළේය. ඒ වන විට දයා පතිරණ ඝාතනයට ලක්වී වසර දෙකක් මෙන්ම ධර්මසිරි ඝාතනය වී මාස දෙකක් ගතවී තිබිණි.

වසර 1986 දෙසැම්බර් 15වැනිදා ඝාතනය වූ දයා පතිරණ නඩුව විභාග වූයේ පානදුර මහාධිකරණයේදී විනිසුරු ටී. බී. විරසූරිය ඉදිරියේය. විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව නඩුව පවරා තිබිණි. එහිදී පලවෙනි විත්තිකරු වූයේ හේවා හෙට්ටිගේ ජයතිස්ස හෙවත් ගාමිණීය. දෙවැන්නා කොඩිප්පිලි තන්ත්‍රිගේ මහිපාලය. තෙවැන්නා වැලිසර යුස්ටස් දිලීප් චන්ද්‍ර ප්‍රනාන්දුය. සිව්වැන්නා හේවාහෙට්ටිගේ නිමල් ජයරත්නය. ඒ වන විට ජයතිස්ස හෙවත් ගාමිණී, මහීපාල සහ දිලිප් ප්‍රනාන්දු ඝාතනයට ලක්වී තිබිණි. එහිදී දෙවන සහ තෙවන විත්තිකරුවන්ට පළමුවන චෝදනාවට වසර 05 බැගින්ද දෙවන චෝදනාවට වසර 07 බැගින්ද තෙවන චෝදනාවට වසර 08 බැගින්ද දඬුවම් නියම කරන ලදී. ශ්‍රී ලංකාවේ ජීවත්ව සිටි සිව්වන විත්තිකරුවූ ජයවර්ධනපුර සරසවියේ සිසුවෙකුවූ හේවාහෙට්ටිගේ නිමල් ජයරත්න සියළු අධිචෝදනාවන්ට නිවැරදිකරු බවට තීරණය කර නිදොස්කර නිදහස් කරන ලදී. පැමිණිලි පක්ෂයෙන් බර්නාඩි සුනිල් කාරියවසම් සහ කුරුප්පු මුදියන්සේලාගේ මහින්ද කිංස්ලි ඇතුළු සාක්ෂි 15ක් විය.

සැම්බර් 17 වැනිදා පත්වූයේ කේ. එල්. ධර්මසිරිය. පතිරණ ඝාතනයෙන් පසු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින් අතර නිල්මිණී, පරාක්‍රම, නිර්මාල් රංජිත් දේවසිරි, සී.ඒ. චන්ද්‍රප්‍රේම, නිහාල් හපුආරච්චි, නිමල්වීර බෝපගේ, සාලිය කුමාර, චාන්දනී සෙනෙවිරත්න, තිසරණී ගුණසේකර, අසංක කරුණාරත්න, ජෙරා, පේරාදෙණියේ ධම්මික බන්ඩාර, ජෝජා ඇතුළු කිහිප දෙනෙක්ම විය. ඉස්ක්‍රා, ස්වාධීන, රණහඩ මැයින් පුවත්පත්වල කලාප කිහිපයක්ද පලකරන ලදි.

පතිරණ ඝාතනයෙන් පසුවද ස්වාධීන ශිෂ්‍ය සංගමය කොළඹ සරසවියේ දිගින් දිගටම පවත්වාගෙන ආ දඩබ්බර ක්‍රියාකාරකම් බහුතර සරසවි සිසුන්ට තවදුරටත් දරා ගත නොහැකි විය. ඒ අනුව චින්තන පර්ෂදයේ අධ්‍යක්ෂක සහ කාලය සඟරාවේ නියෝජ්‍ය සංස්කාරක ගෙවිදු කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය එයට එරෙහිව පොදු සිසුන්ට නායකත්වය දුන්නේය. ඒ අනුව ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මැර ක්‍රියාකාරිකයින් වූ සිව් දෙනෙකු ගස් බැද  මධ්‍යස්ථ 500කට ආසන්න සිසුන් පිරිසකගේ දායකත්වයෙන් සංවිධානාත්මක ප්‍රහාරයක් 1987 මාර්තු 24වැනිදා එල්ල කිරීම තුළින් ස්වාධීන ශිෂ්‍ය සංගමය මුළුමනින් පරාජයකර දෙමළ බෙදුම්වාදය පලවා හැර කොළඹ සරසවියේ බලය ලබාගන්නා ලදී. ගස් බැදී සෙනරත් ජයවර්ධන ඇතුළු සිව් දෙනා බේරා ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ 100කට අධික පිරිසක් කොළඹ සරසවියට එකවර කඩා වැදීමෙනි.

10
ඔක්.
19

චන්ද්‍රිකා ආච්චි අම්මාගේ ප්‍රින්ස් ඇන්ඩෲ නිවස ගැන…

෴මිස්ට-ප්‍රබා෴ says:

එංගලන්තයේ මගේ යාලුවෙක් වැඩ කරන්නේ DHL ඩිලිවරි කම්පැණියක…
දිනක් මගේ යාලුව කීව පාර්සලයක් ගෙනියල දෙන්න තිබුණලු ප්‍රසිද්ධ ගායෙකුට Elton Jones…
පසු කරගෙන ගිය ගෙදර හොඳට දැකල පුරුදු මුහුනක්…
ඩිලිවරි එක කරල ආපහු එනගමන් දැක්කලු ඒ තමයි චන්ද්‍රිකා කියල !!
මිනිහට පුදුම හිතුනලු කොහොම සල්ලියක් රටින් පන්නන්න ඇද්ද කියල ඒ කාලේ…
මැයගෙ එංගලන්තයේ ඒ ගෙදර තියෙන්නේ කෝටිපතියන් වෙසෙන ප්‍රාන්තයකය..!
ඒ ගෙදර රජ පවුලේ ප්‍රින්ස් ඇන්ඩෲ කියන කොල්ලට අයිති එක විකුණන්න දාල තිබ්බහම..
මෙයා තමයි ඒ මන්ඳිරය අරන් තියෙන්නේ..!
වටිනාකම එංගලන්ත මුදලින් පවුම් කෝටි දහයකි..!
එනම් අපේ මුදලින් රු 200 වැඩිකරල බලන්න! රු–200×10,000,000

ඒ කියන්නේ රුපියල් බිලියන දෙකකි !!

05
ඔක්.
19

ගොං සිරස බුදු පිළිම බෝකොළ එල්ලා සජිත් ගොනා පිම්බීම

 

බෞද්ධයන් රැවටීමට සිරස නාලිකා පරිශ්‍රයේ බුදු කුටියක් තනවා පොහෝ දින බුද්ධ පුජාව තබන අන්දමත්,(බලන්න 21.40. https://youtu.be/KBntQi0CWyo ) අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීම වැනි රටක් බලා සිටින අවස්ථාවක එය ආවරණය කිරීමට යන සිරස සියුම් ලෙස ඔවුන්ගේ වාහනවල බුදු පිළිම බෝකොළ එල්ලා තිබෙන ආකාරයත් පෙන්වනු දැකිය හැකියි.(බලන්න 11.08 සිට https://www.youtube.com/watch?v=h73H3Yb_siA ) මෙය අහඹු දර්ශනයක් නොව සුක්ෂම ලෙස එයට කැමරාව අල්ලා ජන මනසට කාන්දු කරන්නේ ඔවුන් ද බෞද්ධ සංස්කෘතියේ නිර්මිත බව පිළිගන්නා ලෙසයි.

දැන් මේ බුද්ධ පුජා තැබීම, වාහනවල කුඩා පිළිමයක්, බෝකොළ එල්ලා ගැනීම ආදිය කිසිවක් නරක දේවල් නොවේ. ගැටලුව ඇත්තේ මේ කරන්නේ ඔවුන්ගේ ඉලක්කයක් උදෙසා ආගම පාවිච්චි කරන්නක් වීමයි. බෞද්ධ සංස්කෘතික ක්‍රියාකාරකම්වලට ඔවුන් කොතරම් අවංක දැයි සිංහල බෞද්ධයන්ටම ප්‍රශ්නයක් ඇත්තේ මේ මාධ්‍ය නාලිකාව ආරම්භයේ පටන් වගා දිගා කලේ බෞද්ධ සංස්කෘතියෙන් ශික්ෂණය වූ සමාජයක් ගොඩනැගීමට නොවේ. එනිසා මේ පුදපුජා වත්පිළිවෙත් සන්නස්ගලත් ඡන්ද ගැනීමට පන්සල්වලට ගොස් පිරිත් නූල් බැඳ බැඳ භික්ෂුන්ට වැඳ වැඳ ගියාට සමානයි.

දැන් සජිත්ව බලාපොරොත්තුවෙන් ඉන්න ගම්මට්ටමේ සිංහල බෞද්ධයන්ද, එජාපයෙන් පිට කතිරය නොගසන නාගරික මැද පංතියේ යුඑන්පි බෞද්ධයන්ද සිතා බැලිය යුත්තේ ඔබ තවදුරටත් සජිත් පසුපස ගොස් ලාංකික දේශපාලනයේ රිමෝට් කොන්ට්‍රෝල් එක මහරාජා අතට පත් කරනවා ද යන්නයි.

සිංහලයන් පක්ෂ වලට බෙදී ඇති පසුබිමක දේශපාලනයේ Remote control එක නුදුරු කාලයකදී මහරාජා අතට පත්කර ගැනීම වැළක්විය නොහැකියි. අප මේ කරන්නේ එය තවත් වසර කිහිපයක් පසුපසට දා ගැනීමට උත්සාහ කීරීමයි. එය නැවැත්විය හැකි පරමාධිපත්‍ය බලය ඇත්තේ මහජනයා ලෙස ඔබටයි.

සජිත් සමග රට සිරස මහරාජාට භාර දෙනවා ද ? නො එසේනම් සජිත් පිටුපස ඇති මහරාජා ව්‍යාපෘතිය පරාජය කරනවා ද යන්න තීරණය කිරීම ඔබට භාරයි. දේශපාලන දාම් පෙතේ දක්ෂ ඉත්තෝ කපන්නෙකු වූ රනිල් වික්‍රමසිංහ සජිත් පිල අන්තිම විනාඩියේ දී හෝ පරාජය කරනු ඇති බව මගේ විශ්වාසයයි. එහෙත් මොන හේතුවක් නිසා හෝ රනිල් පරාජය වී සජිත්ට පක්ෂයේ නායකත්වය දීමට සිදුවුවහොත් සජිත්ගේ අනුග්‍රහය යටතේ පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් මහරජාගේ නියෝජිතයන්ට රිංගා ගැනීමට හැකිවෙයි.

මහරාජාගේ තාලම්පොටට නැටවෙන නැට්ටුවකු වන සජිත්ට සිදුවන්නේ මෛත්‍රීට මෙන් බොහෝ විට එක් ධුරකාලයකින් විශ්‍රාම ගැනීමටයි. විශාල සේවක ප්‍රමාණයකින් හා ඉතාම සංවිධිත ව්‍යුහයකින් සමන්විත (බලන්න https://youtu.be/0UHZxNJeNfE) සහ (https://youtu.be/JgQicF4SJ4I ) කැපිටල් මහරාජා සමාගම එක්ක හැරෙන්නවත් සජිත්ට නොහැකිවන අතර ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයන්ටත් සිදුවන්නේ මහරාජා මාධ්‍ය ජුන්ටාවේ නියෝජිතයන්ට තම ආසනයත් පූජා කොට පරාජය භාරගැනීමටයි.

එනිසා රට ගැන හැගීමක් තිබෙන සිංහල බෞද්ධ එජාප පාක්ෂිකයන්ගේ 2020 දේශපාලන පරිකල්පනය විය යුත්තේ මහරාජාගෙන් එජාපයත් රටත් ගලවා ගැනීමයි.

රත්තනදෙණියේ මේධානන්ද හිමි ගෙන් උපුටා ගත්තකි .

29
සැප්.
19

තිරිසන් මිනිස්සු වන රනිල්, රාජිත, චම්පික, අනුර ගැන සුහද ගම්ලත් කි‌යන ඇත්ත කතා

ගෝටාට නඩු දාන්න අරලිය මැදුරේදී බලපෑම් කල හැටි

හිටපු සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් හෙලි කරයි..

රනිල්, රාජිත, චම්පික, අනුර FCID කැදවා තග දැමූ හැටිත් කියයි..

September 29, 2019 at 10:12 pm | lanka C news

ගෝටාට නඩු දාන්න අරලිය මැදුරේදී බලපෑම් කල හැටි හිටපු සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් හෙලි කරයි.. රනිල්, රාජිත, චම්පික, අනුර FCID කැදවා තග දැමූ හැටිත් කියයි..

නීතිපති දෙපාර්තමේන්තුවෙ අනෙකුත් රජයේ දෙපාර්තමේන්තුවලින් සුවිශේෂී වෙන්නෙ කොහොමද?

මූලිකවම ගත්තම නීතිපති දෙපාර්තමේන්තුව කියන්නෙ, අර්ධ අධිකරණමය ක්‍රියාදාමයක් පවත්වාගෙන යන ආයතනයක්. මේ නිසා දෙපාර්තමේන්තුවේ සෑම නිලධාරියකුගෙන්ම ආගමික නායකයකුගෙන්ම අපේක්ෂා කරන තරම් පාරිශුද්ධත්වයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසයි නීතිපති දෙපාර්තමේන්තුව අනෙක් දෙපාර්තමේන්තුවලින් සුවිශේෂී වෙන්නෙ.

මේ දෙපාර්තමේන්තුවට වසර 135ක කීර්තිමත් ඉතිහාසයක් තියෙනවා. රටට අග විනිසුරුවරුන් ගණනාවක් මේ දෙපාර්තමේන්තුවේ බිහි වෙලා තියෙනවා. එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයේ නඩු විසඳීම සඳහා පවා විනිසුරුවරුන් ගිහින් තියෙනවා.

නමුත් අපට නීතිය හදන්නත් පුළුවන්. නීතිය කඩන්නත් පුළුවන් කියන දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ ප්‍රකාශයත් එක්ක ඒ ගෞරවය කෙලෙසිලා නේද?

ඔව්. ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. දෙපාර්තමේන්තුවේ වසර 135ක කාලය තුළ පළමු වරට සොලිසිටර් ජනරාල්වරයකු වැඩ තහනමකට ලක්වෙලා. මේකට හේතු වුණේ පසුගිය වසර 4 1/2ක කාලය තුළ නැවක් හා සම්බන්ධ සිද්ධියක් නිසා ඇතිවුණ පීඩනය. දිල්රුක්ෂි මහත්මිය කියන කාරණය ඇත්තද කියල කවුරුත් හොයන්නෙ නැහැ. එසේ නොකර ඇයව වැරදිකාරිය කරල තියෙනවා. ඇයට කලින් ඔය සිද්ධිය සම්බන්ධයෙන් වින්දිතයෙක් බවට පත්වුණේ මමයි.

ඔබ කොහොමද මේ සිද්ධියේ වින්දිතයෙක් බවට පත්වුණේ?

මේ සිද්ධිය වෙනකොට මම ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් විදියටයි වැඩ කරමින් සිටියේ. අපරාධ කාරණා සම්බන්ධ අංශය තිබුණේ මගේ යටතේ. ඔය කාලේ වරායේ ආයුධ සහිත නැවක් ගැන කතාවක් තිබුණා. මම සාමාන්‍යයෙන් රෑ 7 – 8 වෙනකම් කාර්යාලයේ ඉන්නවා. ඉතින් දවසක් සවස 6.30ට විතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර මහත්මයා තවත් නිලධාරීන් හත් දෙනෙක් සමග මගේ කාර්යාලයට ආවා. ඇවිත් ඔහු මට කීවා ගාල්ලේ අවි නැව ගැන නඩුව හෙට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ ගන්නවා. මේකෙ සැකකරුවන් හැටියට ඉදිරිපත් කරන්නේ කවුද කියල අපට නිශ්චිත අවබෝධයක් නැහැ. අපි දන්නෙත් නැහැ මේ පරීක්ෂණය ගෙනියන්න ඕන කොහොමද කියලා. මේ ගැන උපදෙසක් දෙන්න කීවා.

මම ඔහුට කිව්වා මම මේ ගැන කිසි දෙයක් දන්නෙ නෑ. මගෙ කනිෂ්ඨ නිලධාරියෙක් ළඟට මම ඔහුව යොමු කළා. මම ශානිට කිව්වා ඒ නිලධාරියා හමු වුණාට පස්සේ යළි මාව හමුවෙන්න කියලා.

ඔබ අපරාධ අංශය භාර ප්‍රධානියා නම් මේ ගැන ඔබ නොදැන හිටියෙ කොහොමද?

මම නොදැන අපේ දෙපාර්තමේන්තුව මේ සිද්ධියට මැදිහත් වෙලා තියෙන බව මමද දැනගත්තෙ එදයි. කොහොම නමුත් ශානි මම කිව්ව විදියට ආපහු මාව මුණ ගැහුනෙ නෑ. ඒ නිසා මම ඔහුට කෝල් එකක් දීලා ඇහුව මොකද වුණේ කියලා. එතකොටයි ඔහු මට කිව්වේ අපි ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ, නිශ්ශංක සේනාධිපති ඇතුළු හත් දෙනෙක් අත්අඩංගුවට ගන්න යන්නෙ කියලා. මම ඔහුට කිව්වා මේ නැව් සිද්ධිය ගැන නිසි ගොනුවක් නැහැ. පරීක්ෂණයක් අවසන් කරල නැහැ. ඒ නිසා කිසි කෙනෙක් අත්අඩංගුවට ගන්න එපා කියලා. මූලික අයිතිවාසිකම් නඩුවකට යන්න වෙයි. ඒ නිසා කිසි දෙයක් කරන්න එපා කිව්වා.

ඉන් පස්සේ මොකද වුණේ?

ඒ සිද්ධියෙන් පස්සේ මේ ආයුධ නැව සම්බන්ධ කාරණයට අදාළ ලිපි ගොනුව මගෙ අතට ආවා. එදා ඉඳන් හැමදාම උදේට නීතිඥ සංගමයේ සභාපති වගේම ආයෝජන මණ්ඩලයේත් සභාපති වුණ නීතිඥ උපුල් ජයසූරිය මහත්තය මගේ ඔෆිස් එකට එන්න පටන් ගත්තා. සමහර අවස්ථාවල මම එන්නත් කලින් එයා ඇවිල්ලා මට කියනවා අපි දන්නව ඔයා අවංක නිලධාරියෙක්. ඔබ පසුගිය රජයේ මන්ත්‍රීවරුන්ට නඩු පැවරුවා. ඒ වගේ ගෝඨාභය ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න උපදෙස් දෙන්න කියලා මට කියනවා.

ඒ විදියට බලපෑමක් තියෙද්දීත් ඔබ නිශ්ශංක සේනාධිපතිට විදේශ ගත වෙන්න අවසර දෙනව

ඔව්. මම ඒ තීරණය ගත්තෙ ඉතාමත් වෘත්තීයමය විදියට. දවසක් උදේ මම කාර්යාලයට එනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ කාරණය භාර කටයුතු කරන සහකාර පොලිස් අධිකාරී තිසේරා මහත්තයා මාව හම්බවුණා කාර්යාල දොරටුව ළඟදි. එයා මට කිව්වා සර්, අපට ලොකු ප්‍රශ්නයක්. නිශ්ශංක සේනාධිපති රට යන්න හදනවා. නයිජීරියාවට කියලා. ඉතිං මම ඇහුව මොකක්ද ප්‍රශ්නය කියල. එතකොට කියනව අප එයාගෙ පාස් පෝස්ට් එක අත්අඩංගුවට අරන් තියෙන්නේ. දැන් එයා ඒක ඉල්ලනවා. මොකද කරන්නේ කියලා.

මං කිව්වා. ඕගොල්ල ගිහින් හැමෝගෙම පාස්පෝට් අත්අඩංගුවට ගන්නවා. එහෙම කරන්න එපා. ඒක නීතිවිරෝධීයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.ආර්.බී. අමරසිංහගේ නඩු තීන්දුවක් තියෙනවා නිසි පරීක්ෂණයකින් තොරව පුද්ගලයකුගේ පාස්පෝට් එක අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි කියලා. ඒක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්.

ඒ නිසා මම කිව්වා ඔය ගොල්ල නිසියාකාර බැඳුම්කරයක් තියාගෙන ඇපකරුවන් මත පාස්පෝට් එක නිදහස් කරන්න කියලා.

ඔබ එහෙම උපදෙසක් දුන්නෙ විජේදාස රාජපක්ෂ හා තිලක් මාරපන අමාත්‍යවරුන්ගේ ඉල්ලීමට නොවේද?

නැහැ. ඇත්තෙන්ම ඔවුන් ඒ ගැන මට කතා කළා. විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමැති තිලක් මාරපනත් ඇමැතිවරයෙක්. ඒ වගේම ඔහු සේනාධිපතිගෙ නීතිඥයා. ඔවුන් මට කිව්වේ අපි බලපෑමක් කරනවා නෙවෙයි. නීත්‍යනුකූල විදියට සේනාධිපතිගෙ පාස්පෝට් එක නිදහස් කරන්න පුළුවන්ද කියලා බලන්න කියලා මම ඔවුන්ට කිව්වා ඔබලා මට කතා කරන්න අවශ්‍ය නැහැ. මොකද මම දැනටමත් සේනාධිපතිගෙ පාස්පොට් එක රිලීස් කරන්න උපදෙස් දීලා තියෙන්නෙ කියලා.
ඊට පස්සේ ආපහු දවසක් උපුල් ජයසූරිය මාව හම්බ වෙන්න ආවා. මූණත් නරක් කරගෙන මට කිව්වා ඔබ අර මනුස්සයට රට යන්න දුන්න නේද කියලා. මම කිව්වා ඒක සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූලයි කියලා. ඒ වෙලාවේ උපුල් ජයසූරිය මට කිව්වා අගමැතිතුමාට ඔබව හමුවෙන්න අවශ්‍යයි කියලා මම ඔහුට කිව්වා අගමැතිතුමාට මාව හමුවෙන්න අවශ්‍ය නම් ඒ පණිවුඩය එන්න ඕනේ ඔබ හරහා නෙවෙයි. මගේ ප්‍රධානියා වන නීතිපතිතුමා මාර්ගයෙන් කියලා.

ඒ විදියට අගමැතිතුමාගේ දැනුම්දීමක් ප්‍රතික්ෂේප කිරීම ප්‍රශ්නයක් වුණේ නැද්ද?

නැහැ. නමුත් ඊට පස්සේ දවසක විනිසුරු උපාලි අබේරත්නගේ දරුවකුගේ විවාහ මංගල්‍යයකට මම ගිහින් ඉන්න කොට උපුල් ජයසූරිය මට කෝල් කළා. ඔහු රහසින් වගේ මට කිව්වා අගමැතිතුමා මම එනතුරු බලා ඉන්නව කියලා. මට තේරුණා ඔහු මට කතා කළේ අගමැතිතුමා ළඟ ඉඳගෙන කියලා. ඒ නිසා නොයා ඉන්න එක අශීලාචාරයි වගේ නිසා මම කිව්වා මම එන්නං කියලා. ඒ යනකොට මම හිතුවා සද්භාවයෙන් මේ නඩුව ගැන තොරතුරු දැනගන්න පෞද්ගලික හමුවීමක් වෙන්න ඇති කියලා.

නමුත් මම අරලියගහ මන්දිරයට යනකොට එතැන මහ විශාල රැස්වීමක්. ඒක අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වපු FCID එකේ රැස්වීමක්. ඇමැතිවරු රාශියක් හිටියා. රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, වැලිඅංග කියන නීතිඥයා උපුල් ජයසූරිය වගේම අර්ජුන් මහේන්ද්‍රනුත් හිටිය. ඒ වගේම පොලිස්පතිවරයා, රවී වෛද්‍යලංකාර, හා ත්‍රිවිධ හමුදාපතිවරුන් හිටිය. නීතිපති දෙපාර්තමේන්තුවේ මට වඩා කනිෂ්ඨ නිලධාරියකුත් හිටිය. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ රැස්වීමට කැඳවීම නීති විරෝධියි. මම අපේ නිලධාරීන්ගෙන් ඇහුවා ඔබ මොකද මෙතැන කරන්නෙ කියලා.

ඔන්න දැන් නඩු ගැන කතා කරනවා. එකින් එක අරගෙන පොලිස්පතිතුමාගෙන් අහනවා මොකක්ද තත්ත්වය කියලා. ඇවන්ගාඩ් නඩුව ගැන කතා කරන්න පටන් ගත්තා. එකපාරටම චම්පික රණවක ඇමැතිවරයා අතින් මේසෙට ගහමින් ආවේශවෙලා වගේ කියනවා නිලධාරියෙක් සේනාධිපතිට රට යන්න පාස්පෝට් එක නිදහස් කරල තියෙනවා. ඔහු දැන් නයිජීරියාවට ගිහිල්ලා සල්ලි සේරම වෙනත් රටවලට යවල ඇති මේ පරීක්ෂණය කරන්න වෙන්නෙ නැහැ මේ විදියට කියලා.
එතකොට මම කිව්වා. ඇමැතිතුමා ඔහුගෙ පාස්පෝට් එක නිදහස් කරන්න කියලා උපදෙස් දුන්නේ මම. මම ඒක කළේ නීතියට අනුව. මොකද තාම මේ පරීක්ෂණත් ඉවර නෑ කියලා. අනිත් එක ඔබතුමාලා අපිට කෑගැහුවට ඔබලාගෙ ඇමැතිවරුන් වන විජේදාස රාජපක්ෂ හා තිලක් මාරපන වගේ අයත් මේ ගැන මට කතා කළා කියලා. එතකොට ඔන්න චම්පික කියනවා ඒක තමා බලන්න ඇමැතිවරුත් මේවට උදව් කරනවා. මේ ඇමැතිවරු දෙන්න මේ දූෂණ කමිටුවෙත් ඉඳගෙනයි මෙහෙම කරන්නෙ වගේ කතා.

ඔය ගැන තමා මේ මෑතක විජිත හේරත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කිව්වේ මම ඇවන්ගාඩ් චූදිතයන්ට උදව් කළා කියලා. දැන් ඔය රැස්වීම ඉවර වෙලා මම අරලියගහ මන්දිරයෙන් එළියට එන්න එනකොට මට හම්බවුණා පාඨලී ඇමැතිතුමා. ඔහු මට කතා කරල ඇහුවා සුහද ඔබ හිතන්නෙ මේ ආයුධ කාගෙ කියලද කියලා. මම කිව්වා ආයුධ තියෙන නැවක් ගැන ආරක්ෂක ලේකම්වරයා නොදැන ඉන්න විදියක් නැහැ. අපි ඒ ගැන හොයලා බලන්නං කියලා. එතකොට ඔහු මට කියනවා ඔබ ගෝඨාව අත්අඩංගුවට ගන්න. අපි ඔබ ගැන බලාගන්නං කියලා. මම ඒකට උත්තරයක් දෙන්නෙ නැතුව පිටවෙලා ආවා.
රවී කරුණානායක ඇමැතිවරයා කියලා තිබුණා ඔබ ඇමැතිවරුන්ට ගරු කරල කතා කරන්නෙ නැහැ කියලා.

ඒක වුණේ මෙහෙමයි. ඔය කාලේ මෙහෙ හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් මගේ පෞද්ගලික මිත්‍රයෙක්. මම ඔහුව හඳුනන්නෙ ඔහු මම ඉගෙනගත්ත විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක් විදියට කටයුතු කරපු නිසා. එතුමා ලංකාවේ සේවය අවසන් කරල යෑම වෙනුවෙන් ඉතාම ළඟ කිහිප දෙනකුට රාත්‍රි කෑමක් දුන්නා. මම ඒ කෑමට ගිහින් එළියට එනකොට රවී කරුණානායක ඇමැතිතුමා එමින් හිටියා. ඔහු මාව පැත්තකට අරන් ගිහින් මගෙන් ඇහුවා ඇවන්ගාඩ් නඩුවට මොකද වෙන්නේ කියලා. මම කිව්වා සමාවෙන්න ඇමැතිතුමා නඩු කටයුතු අපට ඇමැතිවරුන් සමග කතා කරන්න බැහැ කියලා. එතකොට ඔහු කිව්වා ඔබ කොහොමද මට එහෙම කියන්නෙ. අපිට ඇමැතිවරු හැටියට මේව ගැන අහන්න බැරිද වගේ කතා. මම මොකුත් නොකිය ආවා. පස්සේ රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී මට බැන්න. මම ඔහුට සැලකුවේ පියන් කෙනෙක් විදියට කියලා.

ඒ කියන්නේ මේ සිද්ධිය ගැන කතා​ නොකරපු කෙනෙක් නැහැ වගේ?

ඔව්. එක එක්කෙනාගෙන් කෝල් එනවා මේ ගැන අහල. ඒ අතරේ මාධ්‍යයෙන් සිරසයි – ටී.එන්.එල්. එකයි දිගින් දිගටම මට ගහනවා. ඔය අතරේ අරලිය ගහ මන්දිරයේ දිගටම මේ ගැන මීටින් තිබුණා. ඒ හැම මීටිමකටම අපිව ගෙන්නුවා. බැරිම තැන මම නීතිපතිතුමාට කිව්වා මේ දේශපාලකයන්ගේ රැස්වීම්වලට යන්න මට බැහැ කියලා. කාරණා දෙකක් නිසා එකක් තමා අපිට වරදක් නැතුව බැණලා අපිත් ඒකට උත්තර දුන්නොත් මොනව වෙයිද දන්නෙ නෑ. අනිත් එක රාජ්‍ය නිලධාරීන් හැටියට රජයේ කටයුතු ගැන ප්‍රසිද්ධියේ හැමදෙයක්ම කතා කළ නොහැකි වීම. අපට යම් යම් කරුණු ගැන නිදහසේ කතාකරන්න බැහැ. සීමාවක් තියෙනවා. ඒත් නීතිපතිතුමා කිව්වා මේක අලුත් ආණ්ඩුවක්. අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන රැස්වීමක් නිසා යන්න කියලා.

ඉතින් මම අකැමැත්තෙන් යනවා. මේ මීටිමට දවසක් අර මම මුලින්ම සඳහන් කරපු අපේ දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ නිලධාරියත් මේ මීටිමට කැඳවල තිබුණා. මලික් සමරවික්‍රම ඔහුගෙන් ඇහුවා මේ ගැන ඔහුගේ නිර්දේශය කුමක්ද කියලා. ඔහු කියනවා මේක විශාල අපරාධයක්. මේවගේ දෙයක් කරපු අයට නිදැල්ලේ ඉන්න දීපු අවස්ථාවක් මීට පෙර තිබිලා නැහැ. ඒ නිසා ගෝඨාභය ඇතුළු 7 දෙනාම අත්අඩංගුවට ගත යුතුයි කියලා.

ඒ අවස්ථාවේදීත් මම කිව්වා මම ඒකට විරුද්ධයි. මේ විදියට අත්අඩංගුවට ගන්න බැහැ කියලා. මේ වෙලාවේ අගමැතිතුමා කිව්වා දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ මත දෙකක් තියෙන නිසා මේක අපි නීතිපතිතුමාට භාර දෙමු කියලා. නීතිපතිතුමා මගෙනුත් අර කනිෂ්ඨ නීතිඥයගෙනුත් වගේම දැන් අගවිනිසුරු වන එවකට මගේ යටතේ හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් ජයන්ත ජයසූරිය හා කපිල වෛද්‍යරත්නගෙනුත් මේ ගැන වාර්තා කැඳෙව්වා.

මම අත්අඩංගුවට ගැනීමට විරුද්ධයි. කනිෂ්ඨ නීතිඥයා කියනවා හත්දෙනෙක් අත්අඩංගුවට ගත යුතුයි කියලා. ජයන්ත ජයසූරිය හා කපිල වෛද්‍යරත්න කියනවා සේනාධිපති හා ඔහුගේ ලේකම් පමණක් අත්අඩංගුවට ගත යුතුයි කියලා.

තවමත් අවශ්‍ය තීන්දුවක් නැහැ?

ඔව්, මේ ගැන දිගටම අරලියගහ මන්දිරයේ මීටින් තියෙනවා. ඔය මීටින්වලට එනව. එවකට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වුණේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය. ඇය මේ නඩුවට සම්බන්ධ වෙන්නේ ඒ විදියට. මගේ අදහසේ හැටියට ඇය ඒ රැස්වීම්වලට පැමිණීම සම්පූර්ණයෙන්ම වැරදියි. මොකද අල්ලස් හෝ දූෂණ කොමිසම ඉතාම ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනයක්. ඒ නිසා තමයි 1994දී අල්ලස්, දූෂණ කටයුතු ගැන කටයුතු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනම ආයතනයක් ලෙස ආරම්භ කළේ. පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඒකමතිකව මේ පනත සම්මත කළා.

නමුත් මේ රැස්වීම්වලට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වගේම නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපිව ගෙන්වලා ​දේශපාලකයන් අපෙන් ප්‍රශ්න කරන තත්ත්වයක් ඇතිවුණා. මේක කිසි දිනෙක මේ රටේ සිදුවෙලා තිබුණේ නැහැ. මේක පැහැදිලිවම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය වීමක්.

මේ ආණ්ඩුව මේ තරම් ඇවන්ගාඩ් නඩුව ගැන උනන්දු වුණේ කුමක් නිසා කියලද ඔබ හිතන්නේ?

ආණ්ඩුව කිව්වට මේකට තදබල අවශ්‍යතාව තිබුණේ රාජිත සේනාරත්න හා චම්පික රණවක ඇමැතිවරුන්ට. අගමැතිතුමා එහෙම බලපෑමක් කළේ නැහැ. එක සැරයක් මේ FCID රැස්වීම තිබුණා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මම එතුමට කිව්වා අපිට තිබෙන බලපෑම් ගැන. කොතරම් බලපෑම් කළත් සාක්ෂි නැතිව නඩු දාන්න බැහැ කියලා. එතුමා ඒක පිළිගත්තා. රාජිත සේනාරත්න හා අනුර කුමාර දිසානායක පැත්තට හැරිලා කිව්ව නයාට ගහලා පොල්ල වරද්ද ගත්ත වගේ වැඩ කරන්න එපා කියලා.

මම හිතන්නේ මේ තරම් බලපෑම් කරන්න හේතුව දේශපාලන හේතුවකටත් වඩා වාණිජ හේතුවක් කියලයි. කාට හරි අවශ්‍යතාවක් තිබුණා මේ ව්‍යාපාරය කඩල අරන් වෙන කාට හරි අරන් දෙන්න. මොකද මේක කෝටි ගණන් ලාභ ලැබෙන ව්‍යාපාරයක්.

කොයි තරම් බලපෑම් ආවත් ඔබ ඒවාට යටත් වුණේ නැහැ. නමුත් ඔබ කියනව ඔබ මේ නිසා වින්දිතයෙක් වුණා කියලා. ඒ කොහොමද?

මම තමයි ඊළඟට නීතිපතිවරයා වෙන්න හිටියේ. වසර 35ක් රාජ්‍ය සේවයේ හිටියෙ. මමයි ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඒ වෙනකොට දෙපාර්තමේන්තුවේ හිටපු. චම්පික රණවකගේ සාමාජිකයෙක් වන ව්‍යවස්ථාදායක සභාවට මගේ නම යෝජනා වුණත් ඒක ප්‍රතික්ෂේප වුණා. ඒ වෙනකොටත් මට විරුද්ධව විශාල ප්‍රචාරයක් අරන් ගිහින් තිබුණා. සරත් විජේසූරිය එතකොට අර සමන් රත්නප්‍රියවත්, මම දන්නෙවත් නැති අය පවා යොදවලා මාධ්‍යයෙන් මට විරුද්ධව විශාල ප්‍රචාරයක් ගෙන ගියා. අවසානයේ මම විශ්‍රාම ගත්තෙ මට ලැබිය යුතුව තිබූ උසස්වීම් නොමැතිව.

නමුත් මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ. මොකද එදා මම කියපු දේ ඔප්පුවෙලා තියෙනවා. ඒ වගේම මට නීතිපති තනතුර නොදී දුන්නෙ මට වඩා කනිෂ්ඨ නිලධාරියකු වුණ අද අගවිනිසුරු ලෙස කටයුතු කරන ජයන්ත ජයසූරිය මහත්තයාට. එතුමා නීතිපති තනතුරේ ඉන්නකම් මගේ මතයට විරුද්ධව ගියේ නැහැ. ඒ කියන්නේ මම කියපු දේ හරි කියන එකනෙ. දිල්රුක්ෂි කියන කතාව සම්පූර්ණ ඇත්ත. මම දන්නවා මට ආපු බලපෑම කොතෙක්ද කියලා. නමුත් මගෙයි, ඇයගෙයි වෙනස නම් මම ඒ බලපෑමට යටත් වුණෙත් නැහැ. ඇය යටත් වුණා.

ඔබ කියන අන්දමට ආණ්ඩුවට අවශ්‍ය වුණේ නීතියට පිටින් කටයුතු කරන්නයි. මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවීම නීතිවිරෝධී කියලා මතයක් තියෙනවා. මොකක්ද ඔබේ මතය?

මේ ආණ්ඩුව පත්වූයේ යහපාලනය ඇති කරනවා, නීතියේ ආධිපත්‍යය රකිනවා කියලනේ. මේ FCID එක පිහිටුවීම හා ඒක කටයුතු කරපු ආකාරය බැලුවම මේ ගැන හොඳට තේරුම් ගන්න පුළුවන්.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි වගන්තියේ තියෙනවා නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේය කියලා. ඒ වගේම තවදුරටත් කියනව, යම් තැනැත්තකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මතද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුතුය කියලත්. මේකෙ වැදගත්ම කොටස තමා නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව කියන කොටස. ඒ පටිපාටිය සඳහන් කරල තියෙන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ.

ඒවා එහෙම තියෙද්දී මේ යහපාලන ආණ්ඩුව 2015 පෙබරවාරි 13 අංක 1901/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ඇතිකළා බරපතළ ගණයේ මූල්‍ය අපරාධ විමර්ශන සඳහා නව පොලිස් කොට්ඨාසයක්. දැන් මොනවද මේ බරපතළ අපරාධ කියන්නේ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ දණ්ඩ නීති සංග්‍රහයේ කොතනකවත් එහෙම අපරාධ නිර්වචනය කරල නැහැ. අපරාධ නීති මූලධර්මවලට අනුව අපරාධ නිර්වචනයේදී අපරාධමය ක්‍රියාදාමය, මානසික ක්‍රියාදාමය හා දඬුවම ගැබ්වෙලා තිබිය යුතුයි. අපරාධයකට යමෙකු අත්අඩංගුවට ගන්න කොට ඔහු දැන ගත යුතුයි ඔහුට ලැබිය හැකි දඬුවම. ඒ වගේම ඒ දඬුවම දීම සඳහා අනුගමනය කරන ක්‍රියා පටිපාටිය පැහැදිලිව තිබිය යුතුයි.

අපේ නීතියේ කොතැනකවත් මහා පරිමාණ අපරාධ කියල වර්ගයක් නිර්වචනය කරල නැහැ. මේ යහපාලන ආණ්ඩුව මේව නිර්වචනය කරන්නෙ දේශපාලකයෝ ටිකක් එකතු​වෙලා. නමුත් අපේ ව්‍යවස්ථාවෙවත් අපරාධ නඩු විධාන සංග්‍රහයෙවත් දේශපාලකයෝ විසින් එය කළ යුතුයි කියල සඳහන් වෙන්නෙ නැහැ. දැන් මේ ආණ්ඩුවේ දේශපාලකයෝ අගමැතිවරයාගේ කාර්යාලයට රැස්වෙලා එතැනට ගෙන්වනවා රටේ යුක්තිය පසිඳලීමේ කාර්යයට සෘජුවම නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම,​ පොලිසිය. ඊට පස්සේ අර දේශපාලකයෝ තීරණය කරනවා මේ කාර්ය කරන්න ඕනේ කොහොමද කියල තීන්දු කරනවා. මෙන්න මේක තමා අධිකරණයේ ස්වාධීනත්වය, මැදිහත්වීම නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීම පරීක්ෂණ විනිවිද පෙනෙන ස්වභාවයෙන් තොරවීම. මම කියන්නේ FCID එක පිහිටුවීමත් එහි කටයුතු කළ අන්දමත් සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. මේ ක්‍රියාදාමය සිදුවූයේ මුළුමනින්ම දේශපාලන බලපෑම් මත. මම යෝජනා කරනවා ඉදිරියේදී පත්වන ආණ්ඩුවක් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරල FCID කියන මේ නීති විරෝධී ක්‍රියාදාමය තුළ කවුද​​ මේවට සහභාගි වූයේ කොයි විදියටද තීරණ ගත්තේ කියල සම්පූර්ණ පරීක්ෂණයක් කළ යුතුයි කියලා.

– කුල ශ්‍රී කාරියවසම්
aruna.lk

04
සැප්.
19

ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව ගෝඨාභය අත්අඩංගුවට ගැනීම‌ට බොරුසාක්ශි ‌සැපයීම

🔴ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට යන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර චෝදනාව හා එහි සැඟැවූ තිත්ත ඇත්ත මෙන්න..

ඩී ඒ රාජපක්ෂ පදනම විසින් ඩී ඒ රාජපක්ෂ සිහිවටනයක් ඉදි කිරීමේ කොන්ත්රාත් එක ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට පවරනවා. සංස්ථාවට එහෙම පෞද්ගලික වැඩ භාර ගෙන කරන්න පුළුවන් ද? උත්තරය ඔව්. 1982 අංක 52 පනතින් සංශෝධිත ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා පනතේ 8(ඇ) වගන්තියෙන් ඊට බලය පවරා තිබෙනවා. ඒ අනුව සොහොන, කෞතුකාගාරයක් සහ වැක්ස් ප්රතිමා වලින් සමන්විත මෙම ස්මාරකය ඉදි කරන්න රුපියල් මිලියන 33.9ක ඇස්තමේන්තුවක් සකසා 2014 පෙබරවාරි මස පත්රිකා අංක 3714 යටතේ අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගත්තා. මේ වියදම පරිත්යාගශීලින්ගෙන් එකතු කර සංස්ථාවට ගෙවීමට ඩී ඒ රාජපක්ෂ පදනම සැලසුම් කර තිබුණා.

ශ්රමය ලබා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් වාණිජ පදනමින් ඉදි කිරීම් කටයුතු කලේ නාවික හමුදාවෙන්. ඒ සඳහා සංස්ථාව විසින් රුපියල් මිලියන 25ක් නාවික හමුදාවට ගෙව්වා. 2014 නොවැම්බර් 6 දා මෙම ස්මාරකය විවෘත කළා. වසර අවසන් වීමට තිබෙන්නේ මාස දෙකකට අඩු කාලයක්. ආණ්ඩුවේ ව්යාපෘති අවසන් කර බිල්පත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුණොත් එම මුදල් ආපසු භාණ්ඩාගාරයට යනවා. එබැවින් මෙම ව්යාපෘතියේ බිල්පත් ඉදිරිපත් කිරීම අතපසු වුණා. ජනවාරි 8 දින ආණ්ඩුව පෙරලුනා. ඊට පසුවත් ඉන්වොයිසියක් ඉදිරිපත් වෙන්නේ නෑ.

මෙම ඉදි කිරීමේ ඉන්වොයිසිය ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි පදනමෙන් සංස්ථාව ප්රශ්න කරනවා. ඉන්වොයිසිය තවම සකසා නොමැති බව පවසා එතෙක් රුපියල් මිලියන 25ක් ගෙවන මෙන් දැනුම් දෙනවා. ඒ අනුව 2015.08.31 දින රු මි 25ක් පදනමින් සංස්ථාවට ගෙවනවා. ඊට පසු සංස්ථාව මිලියන 90.8ක් අන්තිම ශතේට කිව්වොත් 90,813,165.02ක් ගෙවිය යුතු බව දැනුම් දෙනවා.

කිසිම සාකච්ඡාවකින් තොරව ඇස්තමේන්තුව මිලියන 33.9 සිට 90.8 දක්වා තුන් ගුණයකින් ඉහළ ගිහින්. මීට පදනමින් විරෝධය පල කරනවා. අපි එකඟ වුණු මුදල අපි ගෙවන්නම් කියලා මිලියන 25 ගෙවූ පසු ඉතිරි මුදල වන මිලියන 8.9 මුදලක් 2017.07.13 දින ගෙවා දමනවා. ඒ අතරේ සංස්ථාවට අවංකවම මුදලක් වැය වුණා නම් අපි ගෙවන්න සූදානම්. ඒ සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුවක් ලබා ගැනීමට රාජපක්ෂ පදනමින් සංස්ථාවට යෝජනා කරනවා. තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුව කීය ද? රුපියල් මිලියන 33.7යි. එ් අනුව ලක්ෂ දෙකක් වැඩිපුර ගෙවලා. දැන් සංස්ථාව විසින් රාජපක්ෂ පදනමට රු ලක්ෂ දෙකක් ගෙවිය යුතුයි.

ඇස්තමේන්තුව තුන් ගුණයකින් ඉහළ නැගීමට හේතු ගණනාවක් බල පා තිබෙනවා. එකක් තමයි නාවික හමුදාව දැරූ වියදම ද්විත්ව ගණනය වීම. මිලියන 90.8 හදා තිබෙන්නේ නාවික හමුදාවට ගිය වියදමයි සංස්ථාව දැරූ වියදමයි එකතු කරලා. නාවික හමුදාවට ගිය වියදම කොපමණ ද කියා ඇසුවාම මිලියන 29ක් බව පවසා තිබෙනවා. සංස්ථාවේ වියදම මිලියන 61යි. ඒ අතරේ නාවික හමුදාවට ගෙවූ රු මි 25ක මුදලත් තිබෙනවා.

දෙවැනි කාරණය තමයි ස්මාරකය ඉදි කරන සමයේ වීරකැටිය පොලීසිය ඉදිරිපිට ඇති උඩුකිරිල්ල වැවත් ප්රතිසංස්කරණය කර තිබෙනවා. ඒ වියදමත් මේ ව්යාපෘතියට එකතු කරලයි තිබෙන්නේ. මේ ව්යාපෘතිය වීරකැටිය වාපෘතිය ලෙසයි නම් කරල තියෙන්නේ. ඩී ඒ රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සහ උඩුකිරිල්ල වැව ප්රථිසංස්කරණය කිරීම යන ව්යාපෘති දෙකම මෙයට ඇතුලත්. මේ දෙකේම වියදම් අද ඩී ඒ රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සදහා වියදම් ලෙස දක්වලා තිබෙනවා.

තුන්වෙනුවට මෙහි පිරිවැය පුම්බා පෙන්වන්න අවශ්ය නිසා බොරු ගණන් හිලව් ඇතුලත් කර තිබෙනවා. නිදසුනක් විධියට 200 ධාරිතාවයේ Short Arm Excavator සඳහා රුපියල් මිලියන 7.2ක් ගෙවූ බවට බිල්පත් තිබෙනවා. මේ යන්ත්රයට පැයකට ගෙවන සම්මත මුදල රු 2,360/-යි. කෑමට තේ බීමට කාලය හැරලා දවසට පැය හයක් වැඩ කලොත් දවසට රු 14,160යි. මිලියන 7.2 ගෙවීමට නම් දවස් 508ක් වැඩ කළ යුතුයි. 2014 පෙබරවාරි මාසයේ ආරම්භකරපු මේ ව්යාපෘතිය සම්පුර්න කරල 2014 නොමැම්බර් 6 වෙනිද විවෘත කරනවා. මේක වැවක් හෑරීමක් නොවේ. ස්මාරකයක් ඉදි කිරීමක්. පස් හෑරීම වැඩිම වුණොත් මාසයක් තිබේවි. සම්පූර්ණ ව්යාපෘතිය මාස නවයකටත් අඩු කාලයක් තුල දී ඉවර කරලා විවෘතත් කරලා. හැබැයි මාස 17ක් පස් හෑරුවා කියලා වියදමක් පෙන්වනවා.

ඇත්ත තත්වය නම් සංස්ථාව දැරූ වියදමට වඩා රුපියල් ලක්ෂ දෙකක් ඩී ඒ රාජපක්ෂ පදනමින් ගෙවා තිබෙනවා. වැඩි ගණනක් අය කළාට රාජපක්ෂ පදනම සංස්ථාවටයි නඩු දාන්න ඕනෑ. එහෙම නැතත් මෙතැන පොදු දේපල අපහරණයක් නෑ සිදු වී ඇත්තේ වාණිජමය ගනුදෙනුවක් විතරයි.

Copied by:
කෝකිල අවන්ත හෙට්ටිආරච්චි

Image may contain: 1 person
22
අගෝ.
19

Indian Ashok Leyland Fool බස්කාරයා‌ගේ ඉන්දියන් ‌ගොංපාට්…

ඉන්දියාවේ ලොරි චැසී බස් නැවතත් ලංකාවට බලෙන් පැටවීමට ඉන්දීය මහ කොමසාරිස් ඇතුලු නඩය අශොක් ලේලන්ඩ් පක්කලි වැඩ කරයි! ගිය මැයි මසදී ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රනතුංග මැතිතුමා ගැසට් කරනලද මගීන්ගේ පහසුකම් සහිත බස් ප්‍රමීතීන් නැවත වෙනස් කර කිසිම පහසු කමක් නැති Ashok Leyland බස් ප්‍රමිතියට නැවත ගැසට් කරන ලෙස ඉල්ලා ඉන්දියාවෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. ඉන්දීය මහ කොමසාරිස් ලේලන්ඩ් මුදලට යටවී කරනා මේ මහා අපරාධය ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශයද නොමග යවමින් කරන බව පෙනී යයි. ලංකාවේ මගීන්ට සැප පහසුවට යාමට ඇති අයිතිය උදුරා ගැනීමට එරෙහිව මහා සටනක් ඉන්දීය මහකොමසාරිස් කාර්‍යාලය ඉදිරිපිටදී සිදු කිරීමට නියමිතය.

Image may contain: 4 people, people smiling, suit
Indian fools try to shit in sri lanka



අනවශ්‍ය දේවල්

  • 196,736 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2019
බ්‍ර සි සෙ
« සැප්.    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements