හිතවත් රාජිත මංත්‍රිතුමනි……………..

අද ඔබ උසාවියෙන් සාදාරණයක් ඉල්ලනවා සේම මමත් උසාවි ගියා එකත් ඔබ එදා එකත් වැලැක්වුවා මතකද? ඒ තීන්දුව දී පැය දෙකක් යනකොට රවි එව්වා මාව අත් අඩංගුවට ගැනිමට …………….

2015 දි ඔබ කුඩුකාරයන්ගෙන් හොදට හම්බු කළ ජේලර් කෙනෙක්, කොලොඹ පාසල් ලමුන්ට බෝම්බ ගැසු සිංහල කොටියෙකු හා මරණ දඩුවමෙන් බේරා ගන්නා බවට පොරොන්දු දි කුඩු කාරයන් කිහිපදෙනෙක් එකතු කරගෙන නියම ප්‍රකාශ සගවා අලුත් ප්‍රකාශ එකතු කර දඩයම් තලාවක් නිර්මාණය කරවිය.

කුඩු කාරයන් අල්ලන්න ගිහින් වෙඩි උන්ඩ නවයක් වැදිලා පපුවේ උන්ඩ තුනක් සහිතව හිස ද තුවාල වී මම නිවසේ සිටින විට අත් අඩංගුවට ගැනිමට ඔබේ දඩයම් බල්ලා වන රවිට උපදෙස් දුන්නා මතකද? ඔබ අද වගේ මමත් එදා නිතිපතිට කරුණු දැක්විම කලා එත් ඔබ ඒක වැලැක්වුවා මතකද?

අද ඔබ උසාවියෙන් සාදාරණයක් ඉල්ලනවා සේම මමත් උසාවි ගියා එකත් ඔබ එදා එකත් වැලැක්වුවා මතකද? ඒ තීන්දුව දී පැය දෙකක් යනකොට රවි එව්වා මාව අත් අඩංගුවට ගැනිමට.

තුවාල සහිතව රිමාන්ඩ් කලා මතකද? මම සෑම රාත්‍රියේ දිම නින්දා ගත්තේ නැහැ මංත්‍රි තුමා තුවාල පරිස්සම් කලා මකුනන් ගෙන්. අතේ තිබුන හැම සතේම වියදම් කරලා ඇප අයදුම්පතක් දැම්මා එකටත් ඔබ හරස් වුනා මතකද?

මම අල්ලපු කුඩු කාරයන් එක්ක එක සිර මැදිරියේ ඉන්න කොට දැනෙන හැගීම ඔබ දන්නවා ද
මාස හයක් ඉදලා නැවත එලියට ඇවිත් නාකොටික් එකේ ඉන්න විට ඔබේ මිතුරා රූමි ගේඋවමනාට මාව පොලිස් ඩිපෝ වේ පුස්තකාලයට දාලා ඔබ සතුටු වුනා මතකද?

නැවතත් සේවය නැති කර දැන් මම ගෙදර ය.
දැන් ඔබ උදේ ඉදන් උසාවියේ ඉන්න කොට කරපු දේවල් මතක් වෙනවා ඇති.

මංත්‍රි තුමා ඔහොම පිච්චී පිච්චී ඉන්නවා ට වඩා හොදයි නේද පිරිමියකු වසයෙන් ඇතුළට යන එක මොකද මට වගේ තරහකාරයෝ රිමාන්ඩ් එකේ ඔබට නැහැනෙ කුඩු කාරයන් ,පාතාලයේ එවුන් ඔබගේ මිතුරන් නිසා .

මොනවා එකතු කරත් දවසක හෙලුවෙන් කනත්තට යන්න වෙනවා යන්න මතක් කිරිමට කැමති
මීට
—-නාකොටික් රංගජිව ——.