Archive for the 'හර්දසාක්ශිය' Category

29
ජුනි
18

මංගල හැමිනෙනවා

Lanka says:

👉ජෝන් කෙරී කියනවා මහින්දගේ ආණ්ඩුව වෙනස් කරන්න රනිල්ට / සිරිසේනට සල්ලි දුන්නා කියල… ටයිම්ස් එකේ ගෙඩි පිටින් තියනවා…
😑 ඔන්න දකින්නේ නෑ….
👉 ආයෙත් පාරක් ටයිම්ස් එකේ තියනවා ලංකාවේ සහ බුරුමයේ ආණ්ඩු පෙරලන්න ඇමරිකාව ඩොලර් මිලියන 587ක් වියදම කරා කියල.
😑 ඔන්න දකින්නේ නෑ….
👉 ඊළඟට නිව්යෝර්ක් ටයිම්ස් එකේ පැනමා පේපර් වල ඉන්න ලංකාවේ ඇතුළු ලොක්කොන්ගේ නම් ගෙඩි පිටින් එලියට දෙනවා.
😑 බුදාම්මෝ පේන්නෙම නෑ…..
👉 ඕස්ට්‍රේලියාවේ පත්තර වල, ටීවිවල ප්‍රධාන පුවතක් විදියට යනවා සිරිසේන ඩොලර් මිලියන 200ක් අල්ලස් අරන් කියල. ඊළඟට ලෝක බැංකුවෙන් ඒ අදාල කොම්පැනි බ්ලැක් ලිස්ට් කරනවා වංචා තහවුරු උනාට පස්සේ.
😑 නෑ නෑ… පේන්නෙත් නෑ දකින්නෙත් නෑ…
👉 අම්මට සිරි ලංකාවෙම වාර්තා පදනම් කරගෙන නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවක් ලියනවා මහින්ද රාජපක්ෂට චීන සමාගමක් මැතිවරණෙට සල්ලි දුන්නා කියල. හැබැයි සල්ලි දීපු අයගේ කිසිම සොලිඩ් සාක්ෂියක් නමක් ගමක් නෑ… හැබැයි සල්ලි දුන්නලු.
😍 අඩේ…. මෙන්න ඇහැරෙනවා… දකිනවා… පුවත් පත් සාකච්චා තියනවා. බුකියේ පිටු ගණන් ලියනවා… බුදාම්මෝ ඒ ගැන පොතුත් ලියන්න හදනවා !!!
රනිල් සිරිසේන එක්ක එකතුවෙලා පුන්නක්කු වල ගාන අඩු කරපු එක සාධාරණයි. තමන්ගේ උන් 🐮 වෙනුවෙන් 🐂🐃🐄 යමක් කරන්නත් එපැයි !!!!
හිතපල්ලා..රෑ වැටුණු වලෙන් ගොඩට ඇවිත් ඇස් ඇරපල්ලා..(උපුටා ගැනීමකි)

Advertisements
28
මාර්තු
18

ඔබලාගේ නායකයින් වන ලලිත් ඇතුලත් මුදලි, ගාමිනී දිසානායක රන්ජන් විජේරත්න මැරුනේ කොහොමද ?

24
මාර්තු
18

ආචාර්ය නාලක ගොඩහේවා ඔබට බොහොම ස්තූතියි… (UN)

කොටි සංවිධානය ‘අ’යන්නේ සිට කල අපරාධ 

අපට අනවශ්‍ය ඔබේ සහාය බලෙන් දෙන්න එපා.. කොටි සංවිධානය ‘අ’යන්නේ සිට කල අපරාධ ජිනීවාහි රැවුදේ…

ආචාර්ය නාලක ගොඩහේවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සමුලුවේ, ” ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ බලපෑම්” යන මැයෙන් වූ සමාන්තර සැසිවාරයේදී කල දේශණයේ පරිවර්ථනය…

තිස් වසරක් පුරා ලෝකයේ දරුනුණුතම ත්‍රස්තවාදී කන්ඩායමක් වන එල් ටී ටී ඊ සංවිධානය විසින් භීෂණයට ලක් කොට තිබූ ලංකාව කොටි ත්‍රස්ථවාදයේ රුදුරු ග්‍රහණයෙන් මුදවාගෙන, අඳුරින් වැසී තිබුන දේශයට යලි සාමයේ ආලෝකය ගෙන එනු ලැබුවේ 2009 වසරේදීයි.

කොටි ත්‍රස්ථවාදීන්ට අවශ්‍යව තිබුනේ වෙනම රටක්. එය ඔවුන් හැදින්වූයේ ඊලාම් දේශය කියායි

එය දිනා ගැනීම සඳහා ඔවුන් උතුරු හා නගෙනහිර පලාත්වල සන්නද්ධ අරගලයක යෙදී සිටියා. ඊට සමාන්තරව ඔවුන් රට පුරා සෑම ප්‍රදේශයකම වාගේ ත්‍රස්ථ ක්‍රියා කරමින් භීෂණය පැතිරුවා

ලෝකයට මුලින්ම මරාගෙන මැරන ත්‍රස්ථවාදීන් යන සංකල්පය හඳුන්වා දුන්නේ කොටි සංවිධානයයි. ඔවුන් කාන්තාවන් හා කුඩා දරුවන්පවා මිනිස් බෝම්බ බවට පත්කලා. කෲර බව අතින් කොටීන්ටට සමකල හැකි ත්‍රස්ථවාදී කන්ඩායමක් එකල ලෝකයේ කිසි තැනක සිටියේ නැහැ. ලෝකය පුරාම ත්‍රස්ථ කන්ඩායම් කාලයත් සමග කොටි ත්‍රස්ථවාදීන් ආදර්ශයට ගන්නට පටන් ගත්තා.

රටවල් දෙකක නායකයින් එනම් ඉන්දීය අගමැති රජීව් වූ ගාන්ධි හා ලංකාවේ ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස දෙදෙනාම කොටින්ගේ මරාගෙන මැරෙන මිනිස් බෝම්බවලට අසුවී මියගියා.

එල් ටී ටී ඊ සංවිධානය බලය තහවුරු කරගත්තේ ඉතා ක්‍රමානුකූලවයි. මුලින්ම ඔවුන් රටේ සිටි ප්‍රබල දෙමල දේශපාලනඥයින් මරාදැමුවා. දෙවනුව අනෙකුත් දෙමල ත්‍රස්ථවාදී කන්ඩායම් වල නායකයින් මරාදැමුවා. ඊ ලඟට තමුන්ට අනාගතයේ තර්ජනයක් විය හැකි නැගී එන දෙමල නායකයින් මරාදැමුවා. අවසානයේ දෙමල ජනතාවගේ එකම නියෝජිතයා බවට එල් ටී ටී ඊ සංවිධානය පත්වුන අතර දෙමල ජනතා සංධානය වැනි දෙමල දේශපාලන කන්ඩායම් ඒ වන විට කොටීන්ගේ අතකොලු බවට පත්වී සිටියා.

80 මුල් කාලයේදීම උතුරේ ජීවත්ව සිටි සිංහල ජනතාව පලවා හැරීමේ කාර්ය පටන් ගත්තා.මායිම් ගම්මාන වල සිටි සිංහලයින් 500කට වැඩි ප්‍රමාණයක් ඔවුන් මරාදැමුවා. 1981 සංගනනයට අනුව යාපනය අර්ධදිවීපයේ සිංහලයන් 19,334ක් ජීවත්ව සිටියත් 90 දශකය වන විට එකද සිංහලයෙක් වත් එහි ඉතුරුව සිටියේ නැහැ.

ඊලගට ඔවුන් අවධානය යොමුකලේ උතුරේ ජීවත්වූ මුස්ලිම් ජනතාවටයි. 1990 ඔක්තොබර් මාසයේ දිනක උතුරේ ජීවත්වූ 75,000කට වැඩි මුස්ලිම් ජනතාවට පැය 48 ක් තුල ඉවත්වන ලෙස කොටි ත්‍රස්ථවාදීන් අණකලා. එම අණට පිටුපෑවන්ට අත්වූයේ මරණයයි. ඊට අමතරව උතුරු හා නැගෙනහිර පලාත්වල මුස්ලිම් ගම්මාන රාශියක් ඔවුන් විනාශකලා. එම පහරදීම වලදී 600 කට වැඩි මුස්ලිම්වරුන් ඝාතනය වුනා.

බහුතර ජනතාව දෙමල නොවන ප්‍රදේශවල දිගින් දිගටම එල් ටී ටී ඊය විසින් මනුෂ්‍ය ඝාතන කරනු ලැබුවා. වසර 30 ක් තිස්සේ මේ ආකාරයට භීෂණය පතුරවමින් ඔවුන් උත්සාහකලේ 1983 වූවාක් මෙන් ජාතිවාදී කලබලයක් අවුස්සා ගන්නටයි. එය ඔවුන්ගේ අන්තර්ජාතික ප්‍රචාරක කටයුතුවලට වාසියක් කරගන්නයි ඔවුන්ට අවශ්‍ය වූයේ. නමුත් සිංහල හෝ මුස්ලිම් ජනතාව යලිත් එම උගුලට යලි අසුවුනේ නැති නිසා 1983න් පසු කිසිවිටක රටේ අන් ප්‍රදේශවල ජීවත් වූ දෙමල ජනතාවට අනතුරක් සිදුවුනේ නැහැ. මෙය සාමාන්‍ය ශ්‍රී ලාංකික ජනතාව කෙතරම් සාමකාමීද කියා පෙන්වන්නට හොඳම උදාහරණයක්.

1985 අගෝස්තු 14දා සිංහල බෞද්ධයන්ගේ පූජනීය නගරයට එල් ටී ටී ඊ ත්‍රස්ථාවාදීන් රැගත් බසයක් ලඟාවුනා. බෞද්ධයන්ගේ අතිශය පූජනීය ස්ථානයක් වන ශ්‍රී මහා බෝධිය අසල ධර්මානුකූලව සිටි අහිංසක උපාසක උපාසිකාවන් 120කට අධික ප්‍රමානයක් ඔවුන් විසින් එදා වෙඩිතබා මරාදමනු ලැබුවා. ඔවුන් බලාපොරොත්තු වූයේ මින් සිංහල බෞද්ධයන් කුපිතව දෙමල ජාතිකයින්ට පහරදෙයි කියායි . නමුත් එය සිදුවුනේ නැහැ. මෙසේ ආරම්භ වූයේ වසර 25 ක් තිස්සේ කොටි සංවිධානය විසින් දිගින් දිගටම සිදුකල මහා ඝාතන රැල්ලක ආරම්භයයි.

*1987 අප්‍රේල් 17දා එල් ටී ටී ත්‍රස්තයන් විසින් හබරණදී බස් මගීන් 121ක් මරාදමා 44කට තුවාල සිදු කලා
*1987 අප්‍රේල් 21දා පිටකොටුව බස් නැවතුම්පොලේ පිපිරවූ බොම්බයකින් 106 දෙනෙකු මියගොස් 295 දෙනෙකුට තුවාල සිදු වුනා
*1987 ඔක්තෝබර් 6දා මඩකලපුව තැපැල් දුම් රියට ගිනි තැබීමෙන් 40 දෙනෙකු මියගොස් 24දෙනෙකු තුවාල ලැබූවා.
*1987 නොවැම්බර් 9දා මරදානේ වාහනයක තිබූ බොම්බයක් පුපුරා 23දෙනෙකු මියගිය අතර 106 දෙනෙකුට තුවාල සිදු කලා.
*1989 අප්‍රේල් 13දා ත්‍රීකුණාමල නගරයේ කාරයක තිබු බොම්බයකින් 51 දෙනෙකු මියගොස් 43 ට තුවාල සිදු වුනා.
*1990 අගෝස්තු 3දා එල් ටී ටී ඊ ත්‍රස්ථයන් විසින් මඩකලපුවේ කතන්කුඩි වල පල්ලියකට පහරදී 147 දෙනෙකු මරාදමන ලද අතර 70 දෙනෙකුට තුවාල සිදු කලා
*1990 අගෝස්තු 6දා අම්පාරේ කුඹුරක වැඩ කරමින් සිටි ගොවීන් 34දෙනෙකු මරාදමා තිබුනා.
*1992 අප්‍රේල් 10දා අම්පාරේ බසයක් තුල බොම්බ පිපිරීමකින් 28දෙනෙකු මියගොස් 36 දෙනෙකුට තුවාල සිදු වුනා
*1994 ඔක්තෝබර් 24දා මරා ගෙන මැරෙන බොම්බ කරුවෙකු විසින් තොටලගදී 54දෙනෙකු මරාදමන ලද අතර 72කට තුවාල සිදු වුනා
*1995 අගෝස්තු 7දා මරා ගෙන මැරෙන බොම්බ කරුවෙකු විසින් නිදහස් චතුරශ්‍රය අසලදී 23දෙනෙකුට මරු කැඳවන ලද අතර 40 දෙනෙකුට තුවාල සිදු වුනා
*1996 ජන්වාරි 31දා මහ බැංකුවට එල්ලවූ බොම්බ ප්‍රහාරයෙන් 80 දෙනෙකු මියගොස් 1200 ක් තුවාල ලැබූවා

*1996 ජූලි 24දා දෙහිවල දුම් රිය ස්ථානයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 57දෙනෙකු මියගොස් 356ක් තුවාල ලැබූවා.
*1998 මාර්තු 5දා මරදානේදී 36 දෙනෙකු මියගොස් 270ක් තුවාල ලැබුවේ වාහනයක තිබූ බොම්බයක් නිසායි
*1998 දෙසැම්බර් 18දා මගී ප්‍රවාහනයේ යෙදී සිටි කුඩා ගුවන් යානයක් ත්‍රස්ථවාදීන් විසින් බිමහෙලීම නිසා සාමාන්‍ය වැසියන් 54දෙනෙකු මරණයට පත් වුනා

*1999 දෙසැම්බර් 18දා ටවුන් හෝල්හීදී චන්ද රස්වීමකට එල්ලකල මරාගෙන මරෙන බොම්බ ප්‍රහාරයකින් 16දෙනෙකු මියගොස් 106 දෙනෙකුට තුවාල සිදු වුනා
*2000 ජුනි 7දා මරාගෙන මරෙන ත්‍රස්ථවාදියෙකු විසින් රත්මලානේදී 24දෙනෙකු මරාදමන ලද අතර 60 දෙනෙකුට තුවාල සිදු වුනා
*2000 නොවැම්බර් 28දා අනුරාධපුරයෙදී පුපුරා ගිය ක්ලේමෝ බොම්බයක් නිසා 16දෙනෙකු මියගොස් 36 දෙනෙකු තුවාල ලැබූවා
*2006 ජුනි 15දා කැබිතිගොල්ලෑවේදී ක්ලේමෝ බොම්බ දෙකක් පුපුරා 64දෙනෙකු මියගොස් 87 දෙනෙකුට තුවාල සිදුවුනා
*2007 අප්‍රේල් 25දා මොනරාගලදී බසයකට එල්ල කරන ලද බොම්බ ප්‍රහාරයකින් 27දෙනෙකු මියගිය අතර 65 දෙනෙකුට තුවාල සිදු වුනා
*2008 ජූනි 6දා කටුබැද්දේදී බසයක් තුල බොම්බයක් පුපුරා 23 දෙනෙකු මියගිය අතර 28දෙනෙකු තුවාල ලැබුවා
*2008 ඔක්තෝබර් 6දා එල් ටී ටී ඊ මරාගෙන මැරෙන බොම්බ කරුවෙක් විසින් අනුරාධපුර චන්ද රැස්වීමකට සහාභාගී වී සිටි 27දෙනෙකු මරදාමා 84 දෙනෙකුට තුවාල සිදු කලා

නමුත් මේ කාලය පුරාවටම අන්තර් ජාතික ප්‍රජාව හැසිරුනේ මේ කිසිවක් නොදැක්කා සේයි.

කොටි ත්‍රස්ථවාදීන් මායිම් ගම්මානවල සිටි අහිංසක සිවිල් වැසියන් කෲර වදහිංසා කොට මරදමන විට , රටපුරා බෝම්බ පුපුරවමින් සිවිල් වැසියන් තොග පිටින් මරාදමන විට කිසිදු විදේශීය ආයතනයක් ඒ මිනිසුන් වෙනුවෙන් කතා කලේ නැහැ. ඒ කාලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අපව මතක් වුනේ නැහැ. ලංකාවේ සිදුවන මනුෂ්‍ය ඝාතන ගැන සොයන්නට එදා කවුරුවත් ලංකාවට නියෝජිතයෝ එව්වේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධායනයේ මහලේකම්ලා ලංකාවේ සිදුවන ත්‍රස්ථවාදී ප්‍රහාර ගැන වාර්ථා සපයන්න කමිටු පත්කලේ නැහැ. කවුරුවත් යෝජනා සම්මත කලේත් නැහැ. සරලව කියනවානම් එදා අපිට පිහිට වෙන්න කිසිවෙක් හිටියේ නැහැ. අපේ ප්‍රශ්ණය විසඳාගන්න සිටියේ අපි පමනයි

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ අණින් ත්‍රස්ථවාදීන්ට යටත්වුන නැගෙනහිර සේවය කල පොලීස් නිලධාරීන් 600 ක් අමු අමුවේ මරාදැමුන විට එය යුධ අපරාධයක් කියල කාටවත් මතක් වුනේ නැහැ.

යුධමය ක්‍රියා මාර්ගයකින් එල් ටී ටී ඊය පරාජය කරන්නට පසුගිය රජය තීරණය කලේ සියලු ආකාරයේ සාම සාකච්ඡා අසාර්ථක වුනාට පසුවයි. එහෙත් එයට රජය යුද්ධයක් කිවේ නැහැ. එය හැඳින්වූයේ මානුෂික මෙහෙයුමක් ලෙසයි, මන්ද අපේ ත්‍රිවිධ හමුදාව ඉදිරියට ගියේ අපේම රටේ ජනතාව වෙනුවෙන්. ඒ මානුෂික මෙහෙයුමේදී කොටි ත්‍රස්ථවාදීන් මිනිස් පලිහක් ලෙස යොදාගෙන සිටි ලක්ෂ 3කට ආසන්න දෙමල ජනතාව මුදාගන්නට අපේ හමුදාවන්ට පුලුවන් වුනා.

එල් ටී ටී ඊය ඉතා ප්‍රබල ත්‍රස්ථවාදී සංවිධානයක් වීමට එක් මූලික හේතුවක් වූයේ ලෝකයේ රටවල් ගනනාවක පැතිර තිබූ ඔවුන්ගේ අන්තර් ජාතික ජාලයයි. ලෝකය පුරා විසිර සිටි දෙමල ඩයස්පෝරාවෙන් කැමත්තෙන් හෝ අකමැත්තෙන් එකතු කර ගත් මුදල් යුද්ධයට ඍජුවම වියදම් කරනවාට අමතරව විවිධ ව්‍යාපාරවල ආයෝජනයද කෙරුනා. මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම් , මිනිස් වෙළඳාම, හොර බඩු ප්‍රවාහනය, පාතාල ගනුදෙනු වැනි විවිධ ක්‍රමවලින් මුදල් උපයන ලද අතර මුදල් යොදවා විවිධ රටවල බලගතු දේශපාලනඥයින් හා ලෝක සංවිධානවල බලගතු නිලධාරීන් තමන්ට හරවාගැනීමට ඔවුන්ට පුලුවන් වුනා. මුදල් ගෙවා තමන්ගේ පැත්තට හරවා ගත් මාධ්‍යවේදීන්ට අමතරව තමුන්ගේම මාධ්‍ය ආයතන පවා ඔවුන්ට තිබුනා.

යුද්ධය 2009 අවසන් වූවාට මියගියේ ලංකාවේ සිටි සන්නද්ධ ත්‍රස්ථවාදීන් පමනයි. ඔවුන්ගේ අන්තර් ජාතික ජාලය ඉතුරුවුනා. ඒ අනුව එදා ප්‍රභාකරන් යටතේ තිබුන විශාල ව්‍යාපාර ජාලය හා ආදායම අද පාලනය කරන්නේ මේ අයයි. ඔවුන්ට මේ ව්‍යාපාරයේ වත්කම්වලින් දිගටම සැප විඳින්නට නම් ඊලාම් ව්‍යාපාරය නොනැසී පැවතිය යුතුයි. එදා යුද්ධයට ආයුධ මිලදී ගන්නට ගිය විශාල මුදල අද සම්පූරණයෙන්ම ඉතුරුවන නිසා ඉන් සුලු කොටසක් පමනක් වැය කොට අන්තර් ජාතික සංවිධාන තම අවශ්‍යතාවෙනුවෙන් යොදවාගන්නට මේ අයට පුලුවන්.

ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධය අවසන් වී වසර ගනනාවකට පසුත් අදත් ලංකාවට නිදහසේ ඉන්නට අන්තර් ජාතික සංවිධාන ඉඩ නොදෙන්නේ ඔවුන්ව මේ අන්තවාදී බලවේග විසින් පාලනය කෙරෙන නිසායි. අපේ රටේ සිංහල , දෙමල , මුස්ලිම්, බර්ගර් හා අන් සියලුදෙනා සහෝදරත්වයෙන් එක්වී වසර 30 ක් තිස්සේ එක්තැන පලවූ රට ගොඩනගන්නට උත්සහ කරද්දී මේ අය කරන්නේ ඉතිහාසයේ තුවාල හොඳ වන්නට ඉඩ නොදී යලි යලිත් පෑරීමයි. අන්තවාදී දෙමල ඩයස්පෝරාවේ මුදලට අද ලංකාවේ පවතින රජයත් යටවෙලා බව අපට කනගාටුවෙන් කියන්නට වෙනවා. තමුන්ගේම රටේ හමුදාවන්ට එරෙහිව විදේශ රටක් විසින් ගෙන ආ යෝජනාවකට සම අනුග්‍රහය දක්වන්නට තරම් දීන තත්වයකට පත් වූ ලෝකයේ එකම රට බවට ලංකාව පත් වන්නේ ඒ අනුවයි .

අපි ඔබට අවධාරණය කොට කියා සිටිනවා ලංකාවේ බහුතරයක් ජනතාව ජාතිවාදීන් නොවෙන බව. ශ්‍රී ලාංකික සමාජය සකස් වී තිබෙන්නේ සිංහල , දෙමල, මුස්ලිම්, බර්ගර් හා තවත් ජනවර්ග කිහිපයක එකතුවෙන්. මේ සියලුදෙනාම රටේ උරුමක්කරුවෝ. ඔවුන්ගෙන් කිසි අයෙකු අන් අයෙකුට වඩා උසස් හෝ පහත් නැහැ. අවාසනාවකට වගේ අපි අතරම සිටින අමන මිනිසුන් කිහිපදෙනෙකුව කපටි දේශපාලනඥයින් විසින් යොදාගෙන තිබෙනවා රට තුල නැති ජාතිවාදයක් ලොවට පෙන්වන්නට. අන්තවාදීන් කිහිපදෙනෙකුගේ අනුවණ හැසිරීම් වලින් ලංකාවේ ජීවත්වන සාමකාමී බුද්ධිමත් බහුතර ජනතාව මනින්න එපා. ලංකාවේ ජීවත්වන අති බහුතරයක් ශ්‍රී ලාංකිකයිනට අවශ්‍යය සාමයයි, තම තමන්ගේ ආගමික , වාර්ගික හා සංස්කෘතික අනන්‍යතාවන් රැකගෙන ගෞරවාන්විතව ජීවත් වීමටයි ඔවුන්ට අවශ්‍ය. ඔවුන් ඉල්ලන්නේ සෑම කෙනෙකුටම පොදුවූ ආර්ථික නිදහසයි.

වසර 2600 ක ලිඛිත ඉතිහාසයක් තිබෙන අපිට අපේ ප්‍රශ්ණ විසඳාගන්නට පුලුවන්. අපේ ජනතාව ගැන බලාගන්න අපිදන්නවා. ඒ නිසා තම කපටි අරමුණු ඉටුකරගන්නට බළල් අත් යොදාගන්නන්ගේ ප්‍රයෝග වලට අසුවී ලංකාවට බලපෑම් නොකරන ලෙස අපි අන්තර් ජාතික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. අපට අනවශ්‍ය ඔබේ සහාය බලෙන් දෙන්න උත්සාහ කරන්න එපා.

– චාමින්ද කරුණාරත්න

22
මාර්තු
18

අපේ ඉලක්කය පාසල්වල වසය 3-7 දරුවන් “සමලිංගික” කිරීමයි (රනිල්)

අපේ ඉලක්කය වසය 3-7 දරුවන්” – පාසල්වල “සමලිංගික” සමානතාවය උගන්වන ව්‍යාපෘතියේ LGBT ප්‍රධානියා කියන කතාව මෙන්න

ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට “සම අධ්‍යාපනය ” (Think Equal) නම් නවතම විෂයක් හදුන්වාදීමේ සූදානමක් පිලිබදව කතා බහක් ඇතිවෙමින් පවතිනවා.

“තින්ක් ඊක්වල්” නම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මෙම ව්‍යාපෘතියේ මෙරට ප්‍රධානීත්වය දරන්නේ අරිත් වික්‍රමසිංහ නම් පුද්ගලයෙකු විසිනි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිප දෙනෙකු සමග සමීප සබදතාවක් පවත්වන බවද පැවසේ.

LGBT (lesbian, gay, bisexual, and transgender) සමලිංගික/ද්වීලිංගික ක්‍රියාකාරම් සහිත ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාකාරීව සිටින අරිත් වික්‍රමසිංහ ගෝලීය LGBT ප්‍රජාවේ අනාගත නායකයන් 30 දෙනාගේ ලයිස්තුවට ෆිනෑන්ෂල් ටයිම්ස් සගරාව විසින් නම් කරන ලද අයෙකුද වෙයි.

“ඩේලි මිරර්” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ “Think Equal” විෂය ලොවපුරා රටවල් දාහතක පාසල්වලට හදුන්වා දීමට සූදානම් වන අතර ශ්‍රී ලංකාව එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන පළමු රට බවට පත්වන බවයි.

වයස අවුරුදු 3ත් 7ත් අතර දරුවන් සමග පෙර පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවද ඔහු පවසයි. දරුවන් තුළ පෞරුෂ වර්ධනයේ ආරම්භක අවධිය එම වයස් ඛාණ්ඩය වන බැවින් ඔවුන් ඉලක්ක කරගත් බවද ඔහු ප්‍රකාශ කරයි. මේ වන විටත් මෙරට පෙර පාසල් 60ක මෙම ව්‍යාපෘතිය අත්හදා බලමින් සිටින බවද හරිත් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.

මෙරට ක්‍රියාත්මක කරන මෙම සමස්ථ ව්‍යාපෘතිය සදහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පූර්ණ සහයෝගය ලැබෙන බවද හෙතෙම කියා සිටී.

සමලිංගිකත්ව සංස්කෘතිය පිළිබදව වඩාත් සාධනීය වටපිටාවක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ගොඩනැගෙමින් පවතින් බවත්, ඉදිරි වසර 10-20 තුළ LGBT (සමලිංගික/ද්වීලිංගික) ප්‍රජාව වෙනස් කොට නොසලකන සමාජයක් බිහිකළ යුතු බවද හරිත් වික්‍රමසිංහ කියා සිටී. සමලිංගික සේවනය මෙරට තුළ තහනම් කර ඇති පැරණි නීති අවලංගු කළ යුතු බවත්, නව ව්‍යවස්ථාව තුළින් එම අයිතියි පිළිගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

“තින්ක් ඊක්වල්“ රාජ්‍ය නොවන සංවිධානය ප්‍රමුඛ ලෙස “ලිංගික සමානාත්මතාවය“ වෙනුවෙන් පෙනී සිටින සංවිධානයකි. පසුගිය සමයේ කොළඹ සංවිධානය කළ “සමලිංගික සැණකෙලි“ සදහාද ඔවුන්ගේ අනුග්‍රහය ලැබිණි. එම සංවිධානය මේ වන විට දේශපාලන, කලා හා ක්‍රීඩා ක්ෂේත්‍රවල ප්‍රකට චරිත කිහිපයක් සම්බන්ධ කරගෙන සංහිදියා, සමානාත්මතා ව්‍යපෘති කිහිපයක් ක්‍රියාත්මක කර ඇත
මේ ඉන්නේ ඔය ව්‍යාපෘතියේ ප්‍රධානියා කියන පුද්ගලයාද ,පුද්ගලියද දන්නේ නැහැ

04
මාර්තු
18

ජේ.ආර්. ජයවර්ධන, හෙක්ටර් කොබ්බෑකඩුව සහ රෝහණ විජේවීර.

77’ සිට 83’ ජුලි තහනම දක්වා ජවිපෙ ගමන් මඟ
ධර්මන් වික්‍රමරත්න         

 ජවිපෙ 71 කැරැල්ලෙන් පසු පක්ෂයේ කටයුතු නිල වශයෙන් යළි ආරම්භ කරමින් තාවකාලික මධ්‍යම කමිටුවක් 1975 මාර්තු 18වැනිදා පිහිටුවන ලදී. රෝහණ විජේවීර එහි සභාපතිවූ අතර වැඩබලන ලේකම් වූයේ උපතිස්ස ගමනායකය.

වසර 1971 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති සියළුම සැකකරුවන්ට විරුද්ධව නඟා තිබූ චෝදනා අපරාධ යුක්ති විනිශ්ව කොමිසම මගින් විභාගකර මුළුමනින්ම අවසන් වූයේ 1976 නොවැම්බර් 4වැනිදාය. අවසාන නඩුව වූයේ දැදිගම ජී කුලරත්න සහ ඩබ්ලිව් ඒ. සීමන්ට එරෙහිවය. අපරාධ යුක්ති විනිශ්ච කොමිසම යටතේ  වසර 2 සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිරදඬුවම් විදි සංඛ්‍යාව 248කි. ඔවුහු උපන් දිස්ත්‍රික්ක වශයෙන් ගාල්ල 46, මාතර 42, අනුරාධපුර 38,  කොළඹ 25, කෑගල්ල 25, කුරුණෑගල 18, මොනරාගල 14, හම්බන්තොට 10, රත්නපුර 8, යාපනය 7, පොලොන්නරුව 5, වව්නියාව 2, පුත්තලම 3, බදුල්ල 2, අම්පාර 2 සහ නුවරඑළිය 1 වශයෙන් වේ.

ධර්මන් වික්‍රමරත්න විසිනි.

අප්‍රේල් කැරැල්ලට සහභාගිවීම නිසා රැකියා ආදී අහිමිවූ තරුණ තරුණියන්ට පිලිසරණක් වීමට යැයි කියමින් අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ පුත්‍රයාවන අනුර බණ්ඩාරනායක විසින් සහයෝගිතා පෙරමුණ නමින් සංවිධානයක්ද පිහිටුවා ගන්නා ලදී. එවකට අනුර බණ්ඩාරනායක ශ්‍රිලනිප තරුණ සංවිධානයේ ප්‍රධාන සංවිධායක සහ ආර්ථික සහ ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ තරුණ කටයුතු උපදේශක විය. එම සහයෝගිතා පෙරමුණේ සම ලේකම්වරුන් වූයේ ආරිය බුලේගොඩ සහ නවරත්න බණ්ඩාය. එහි කාර්යාලය කොළඹ ගාලු මෝදර අංක 49/15 දරණ ස්ථානයේ අයිස්ලන්ඩ් ගොඩනැගිල්ලේ පිහිටා තිබුණි.

කොළඹ කිරුළ පාරේ අංක 65/4 දරන ස්ථානයේදී 1977 පෙබරවාරි 19වැනිදා ජවිපෙ විසින් 71 අප්‍රේල් කැරැල්ලෙන් පසු ප්‍රථමවරට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී ජවිපෙ ප්‍රකාශයට පත්කළේ ඉදිරි මහා මැතිවරණයේදී ජවිපෙ තරඟකරන බවය. ලියාපදිංචි පක්ෂයක් ලෙස පිළිගන්නා ලෙසට මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉල්ලීමක් කල බවද එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ මුලසුන දැරූ ජවිපෙ වැඩබලන ලේකම් උපතිස්ස ගමනායක එහිදී කියා සිටියේය. පාදුක්ක වේරගලදී 1948 ඔක්තෝබර් 17වැනිදා උපන් ගමනායක හැදී වැඩුනේ කන්තලේ ගොවි ජනපද ආශිතවය.  ගමනායක කොළඹ සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ පළමු වසරේ සිසුවෙකුව සිටියදී අප්‍රේල් කැරැල්ලට අත්අඩංගුවට පත්ව මාස 6ක් රිමාන්ඩ් බාරයේ සිටි අතර පසුව නිදහස් විය.  පසුව පූර්ණකාලීනව 1971දීම යළිත් ජවිපෙට එක්වූ ගමනායක කැරැල්ලෙන් විපතට පත් ජවිපෙ පවුල්වල සුභසාධනය සඳහා අවිස්සාවේල්ල කේන්ද්‍ර කරගෙන වැඩසටහන් ගණනාවක් දියත් කළේය. එහි අරමුදල් තරකර ගැනීම සඳහා යටියන්තොට මලල්පොල පාරේ වතුයායක වැටුප් සඳහා රැගෙන ආ රුපියල් 40,000ක මුදලක් මංකොල්ල කෑමේදී අවිස්සාවේල්ල සාලාව කම්හලේ කලක් සේවකයෙකුව සිටි කොට්ටාවේ මාලපල්ල පදිංචි විතානගේ ධර්මසේන(ඉතාලි ධර්මේ නමින් පසුකාලීනව ඉතාලියේදී හැදින්වූයේ ඔහුය.) සමඟ යටියන්තොටදී 1973 අත්අඩංගුවට පත්විය. පොලිස් සාජන්ට් කුමාරගේ ඝාතනය කිරීමට තැත් කිරීම, වතු වැටුප් කොල්ලකෑමට තැත් කිරීම ඇතුළු චෝදනා මත ගමනායක සහ ධර්මසේනට එරෙහිව අවිස්සාවේල්ල මහාධිකරණයේ නඩු පැවරූ අතර පසුව 1976දී ඔවුහු නිදහස් විය. එම නඩුවට ගමනායක වෙනුවෙන් පෙනී සිටියේ අධිනීතිඥ බාලා තම්පෝ ඇතුළු නිතිඥයින්ය. 

71 කැරැල්ලේ සිරදඬුවමින් 1977 නොවැම්බර් 2 නිදහස්වූ විජේවීර 1977 නොවැම්බර් 7වැනිදා කොළඹ නගරසභා පිටියේදී ජනතාව අමතමින්.

එම ජවිපෙ ප්‍රවෘත්ති සාකච්ඡාවට ජවිපෙ තරුණ ලීගයේ ලේකම් කෙලී සේනානායක, කාන්තා විප්ලවීය සංගමයේ ලේකම් වල්පොල බටුවත්තේ පදිංචි උන්ඩික්කුඩ්ඩ ආරච්චිගේ නන්දසීලීද, සෝමවංශ අමරසිංහද සහභාගි විය. කැරැල්ලේ 26වැනි විත්තිකරුවූ කෙලී සේනානායක 1971 මාර්තු 13වැනිදා විජේවීර සමඟ අම්පාරේ අත්අඩංගුවට ගනු ලැබූවෙකි. පසුව සිරදඬුවම් විද 1976 දෙසැම්බර් 24 නිදහස් විය. අගමැතිනිය අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබූ රොස්මිඩ් ප්‍රහාරයට චෝදනා ලැබූ සෝමවංශ අමරසිංහද 1976 දෙසැම්බර් 24වැනිදා නිදහස් වී තිබිණි. අප්‍රේල් කැරැල්ලේදී කොළඹ සරසවියේ පලමු වසරේ උපාධි අපේක්ෂිකාවක් ලෙස එයට එක්වූ නන්දසීලි වසර හතරහමාරක සිර දඬුවමකින් පසුව නිදහස් වී තිබිණි. 

ජවිපෙ සතිපතා පුවත්පත ලෙස නියමුවා පුවත්පත 1977 මාර්තු 10 කොළඹ මහා තැපැල්හලේදී ලියාපදිංචි කරන ලදී. අප්‍රේල් කැරැල්ලෙන් පසු ප්‍රථම ජවිපෙ ප්‍රසිද්ධ රැස්වීමද 1977 මාර්තු 10 සවස 3.30ට වැඩබලන ලේකම් උපතිස්ස ගමනායකගේ ප්‍රධානත්වයෙන් හයිඩ් පිටියේදී පැවැත්විණි. ඉන් දෙදිනකට පෙර ඒ පිළිබඳව කොළඹ නගරය පුරා පෝස්ටර් අලවා තිබිණි. කොළඹ සහ විද්දෝදය(ජයවර්ධනපුර) සරසවි සිසු කණ්ඩායම් එහි මූලිකත්වය ගනු ලැබීය.  සරසවි ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ප්‍රථම වතාවට මහා ශිෂ්‍ය සභාවක සභාපති තනතුරකට තරඟකර ජයග්‍රහණය ලබා ගැනීමට ජවිපෙට 1977 අප්‍රේල් 6වැනිදා පැවති පේරාදෙණිය සරසවියේ පැවති ශිෂ්‍ය සභාවේදී හැකිවිය.

ස්වභාවික විපත් වලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ආරම්භවූ ජවිපෙ සහන සේවා බලකායයේ මංගල පියවර 1976 මඩකලපුව අකරපත්තුව ගංවතුරෙන් පීඩාවට පත් ජනයා සඳහා දෙසතියක් පුරා ජවිපෙ සාමාජිකයන් 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන් අක්කරපත්තුවේ පැවති අවස්ථාවේදී එයට සහභාගිවූ කණ්ඩායම.

එතෙක් කොමියුනිස්ට් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයට බලය තිබූ පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ බලය ජවිපෙ විසින් සතු කරගන්නා ලදී. වසර 1986 නොවැම්බර් 12වැනිදා සිදුවූ වීරසූරිය ඝාතනයෙන් පසු රටපුරා ඇතිවුණු සරසවි සහ පාසැල් උද්ඝෝෂණ වලට නායකත්වය දෙනු ලැබුවේද ජවිපෙ සහ ජවිපෙට හිතවත් සරසවි සිසුන්ය. මේ අනුව පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුරට ජවිපෙන් අනුරාධපුර විලච්චියේ කේ. ඒ. චන්ද්‍රපාල පත්විය. ලේකම්වරයා වූයේ වමේ කණ්ඩායමේ බී. රාජසිංහ බණ්ඩාරය. ජවිපෙ විසින් 1977 මැයි 1 පැවති මැයි දිනය වෙනුවෙන් දෙමටගොඩ පිටියේ මැයිදින රැස්වීමක්ද පවත්වන ලදි.  අනතුරුව 1978 සිට 1982 දක්වා වාර්ෂිකව මැයි 1 සෑම මැයි දිනයක්ම විජේවීරගේද සහභාගිත්වයෙන් සුවිශේෂි අන්‍යතාවයක් තහවුරු කරගනිමින් ආකර්ශනීය ලෙසද සංදර්ශනවාදී ස්වරූපයකින්ද පවත්වන ලදී.

වසර 1977 ජුලි 21 පැවති මහා මැතිවරණයටද ජවිපෙ ස්වාධීන කණ්ඩායමක් වශයෙන් ආසන 4කට ඉදිරිපත් විය. ඒ අනුව තංගල්ලේදී විජිත රණවීරට 1234ද අනුරාධපුර බටහිරදී කේ.ඒ චන්ද්‍රපාලට ඡන්ද 797ක්ද හක්මනදී රොබට් ජයසේකරට 727ක්ද හොරොව්පතානේදී කේ. රණතුංගට 687ක්ද ඡන්ද වශයෙන් හිමි විය. ඒ අනුව මැතිවරණ දේශපාලනයට ප්‍රථමවරට ජවිපෙ එක්විය. එම මහා මැතිවරණයෙන් ආසන 168න් ආසන 140ක් දිනා ගනිමින් එජාපය පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් හිමිකර ගත්තේය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට ආසන 18ක්ද ශ්‍රිලනිපයට ආසන 8ද හිමිවිය.

ජවිපෙ ලන්ඩන් ශාඛාව විජේවීරගේ මැදිහත්වීමෙන් 1978 ජුලි 23වැනිදා බ්‍රිතාන්‍යයේදී නිල වශයෙන් ගොඩනැගීමෙන් පසු එයට මුල්වූ පෝල් පීරිස්, ආවාද ලැනරෝල් ඇතුළු පිරිස සමඟ.

ජවිපෙ නායක රෝහණ විජේවීර ඇතුළුව 1971 අප්‍රේල් රාජ්‍ය විරෝධී කැරැල්ල සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව සිරදඬුවම් විදිමින් සිටි 125 දෙනෙක් 1977 නොවැම්බර් 2 නිදහස් කරන ලදී. ඔවුහු මෙසේ නිදහස ලැබුවේ අපරාධ යුක්ති විනිශ්ච කොමිසම් සභා පනත 1977 ඔක්තෝබර් 27වැනිදා අහෝසි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ වන විට 1971 අප්‍රේල් කැරැල්ලට හසුව කෙටිකාලීනව සිරදඬුවම් විදි 123ක් නිදහස් වී තිබිණි.

නිදහස් වීමෙන් පසු විජේවීර රටපුරා ප්‍රසිද්ධ රැස්වීම් ගණනාවක් ඇමතීය. ප්‍රථම රැස්වීම 1977 නොවැම්බර් 7වැනිදා කොළඹ නගර සභා පිටියේදී පැවති අතර එයට විශාල ජනකායක් සහභාගි විය. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ 60වැනි සමරුව නිමිත්තෙන් එය කලින් සංවිධානය කර තිබුණකි. එහිදි විජේවීර පැය තුනක් පමණ සිය කථාව කළේය. තවත් දේශපාලන සිරකරුවන් 20ක් පමණ නිදහස් කර නැතැයි විජේවීර එහිදී කියා සිටියේය. කතරගම ප්‍රේමවතී මනම්පේරි සිහිකිරීමේ රැස්වීමක්ද 1977 දෙසැම්බර් 03වැනිදා කතරගමදී පැවැත්විණි. නුවර බෝගම්බර ඇතුළු රටපුරා රැස්වීම් ගණනාවක් විජේවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජවිපෙ මංගල මහා සමුළුව විජේවිරගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල ඔමාරගොල්ලේදී 1978 ඔක්තෝබර් 19 ආරම්භවූ අවස්ථාව.

විජේවීරගේ නිදහසින් පසු ජවිපෙ ප‍්‍රථම මංගල සමුළුව 1978 ඔක්තෝබර් 19 සිට සිව් දිනක් මුළුල්ලේ කුරුණෑගල ගල්ගමුවේ ඕමාරගොල්ලේදී පැවැත්විණි. එහිදී දයා වන්නිආරච්චි ප්‍රධාන ලේකම් ධූරයට පත්විය. පසුව 1980 සිට ජවිපෙ තහනම දක්වා ප්‍රධාන ලේකම් වූයේ ලයනල් බෝපගේය. සෑම වකවානුවකම අභ්‍යන්තර ලේකම්වරයෙක්ද ජවිපෙ තුළ විය. ජවිපෙට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ මංගල මහා සමුළුව 1981 පෙබරවාරි 25 සහ 26 දිනයන්හි කොළඹ නගර ශාලාවේදීද සමාජවාදී කම්කරු සංගමයේ මංගල මහා සමුළුව 1981දීද, සමාජවාදී කාන්තා සංගමයේ මංගල මහා සමුළුව 1982 ජනවාරි 6 සහ 7 දිනයන්හිද පැවැත්විණි. රතු ගැටව් සංවිධානය 1980 දෙසැම්බර් 31 සහ 1981 ජනවාරි 1දිනයන්හි පිහිටුවන ලදී.  එමෙන්ම සමාජවාදී තරුණ සංගමය, සමාජවාදී භික්ෂු සංගමය, සමාජවාදී කලා සංගමය එම කාලයේදී ආරම්භ විය.

විජේවීර 1978 මැයි 29 සිට අගෝස්තු 23 දක්වා විදේශ සංචාරයකද නිරත විය. රුසියාව, කියුබාව, බ්‍රිතාන්‍යය සහ පෘතුගාලය යන රටවල කල එම සංචාරයේදී ලංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු විදේශීය වාමාංශික පක්ෂ නායකයින් කිහිපදෙනෙකු සමඟද සාකච්ඡා කර තිබිණි. මෙහිදී විජේවීරගේ මැදිහත්වීමෙන් ජවිපෙ ලන්ඩන් ශාඛාව 1978 ජුලි 23වැනිදා බ්‍රිතාන්‍යයේදි ගොඩනඟන ලදි. ජවිපෙ වෙත 1971 අප්‍රේල් කැරැල්ලේ සිට සහාය පළකල ගිනිපුපුර කණ්ඩායමට අයත්වූ පෝල් පීරිස්, ගුවන් ඉංජිනේරු සී. අයි ප්‍රනාන්දු, ආවද ලැනරෝල්, චන්දන පීරිස්, නීතිඥ රංජිත් මෙන්ඩිස් ඇතුළු කිහිප දෙනෙක්ම ඒ  අතර විය. කියුබාවේ හවානා නුවර ලෝක තරුණ සහ ශිෂ්‍ය උළෙලටද ජවිපෙ නියෝජිතයින් 4දෙනෙකු සමඟ විජේවීර සහභාගි විය. 

1981 ජුනි 04 පැවති සංවර්ධන සභා ඡන්දයෙන් ජවිපෙ ප්‍රථමවරට පත්වූ ජනතා නියෝජිතයින් 13. වමේ සිට බෝපගේ, ගමනායක, වාස්, ශාන්ත, රාමනායක, මහින්ද, ධර්මදාස, සිසිර, වින්සන්ට්, ජයතිස්ස, වික්‍රමපාල සහ යසපාල වේ. ගුණරත්න වනසිංහගේ ඡායාරූපය යමෙකු සතුනම් අපවෙත යොමුකරන්න.

පීඩනය සහ සමගිය තේමා කරගත් ගීත පදනම් කරගෙන විමුක්ති ගී ජුලි 26 ව්‍යාපාරය සැමරීම සඳහා කොළඹ නව නගර ශාලාවේ 1978 පැවැත්වූ සම්මන්ත්‍රණයකදී ජනගත කරන ලදී. ජවිපෙ 1983 ජුලි තහනම වන විට ලංකාව පුරා විමුක්ති ගී ප්‍රසංග 118ක් පවත්වා තිබිණි. දිනපතා, සතිපතා සහ මාසික පුවත්පත් කිහිපයක්ද පළකරන ලදී.

ශ්‍රිලනිප ගමනක අවසානය මැයින් රෝහණ විජේවීර ජවිපෙ රැස්වීම් මාලාවක් රටපුරා පවත්වනු ලැබූ අතර එහි ප්‍රථම රැස්වීම 1979 සැප්තැම්බර් 26වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. සාම්ප්‍රදායික වම පරාජයට පත්කර ඇති බැවින් ශ්‍රිලනිපයට ප්‍රහාර එල්ලකර ප්‍රධාන විපක්ෂයවීම එහි අරමුණ විය. වාම සදාචාරයටද පටහැනිව ජවිපෙ සිදුකල එම මෙහෙයුම හේතුවෙන් සිරිමා බණ්ඩාරනායක ඇතුළු ශ්‍රිලනිප නායකයන්ට එරෙහිව කටයුතු කිරීමට පදනමක් එජාප ආණ්ඩුවට හිමිවිය. සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය වසර 7කට තහනම් කිරීම 1980 ඔක්තෝබර් 16 වැනිදා පාර්ලිමේන්තුවට ආණ්ඩුව මගින් ගෙනආ යෝජනාවක් මගින් සම්මත විය. ශ්‍රිලනිපයට එරෙහි ජවිපෙ මෙහෙයුම මගින් අවසානයේදී ශ්‍රිලනිප බලවේගයන් ජවිපෙ දිනාගැනීම වෙනුවට ඔවුන් පෙළ ගැසුනේ එජාප ආණ්ඩුව වටාය.

ගී ප්‍රසංග 118ක් පැවැත්වූ විමුක්ති ගී ප්‍රසංගයක දර්ශනයක්. විමුක්ති ගී සඳහා  නායකත්වය දුන් ලයනල් බෝපගේ, පූරකවරයාවූ බුද්ධදාස විතානාරච්චි, සුවිශේෂි කැපකිරීමක් කල නන්දන මාරසිංහද මෙහි වේ.

කොළඹ නගර සභා මැතිවරණයට 1978දී උපතිස්ස ගමනායකගේ නායකත්වයෙන් ජවිපෙ විසින් කණ්ඩායමක් ඉදිරිපත් කලද ආසනයක් හිමි නොවීය. සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂවලට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා ලදී. එජාප ආණ්ඩුව මගින් අතුරු මැතිවරණ 1977 නොවැම්බර්  දෙහිවල, 1978 මාර්තු බටහිර කොළඹ, 1979 දෙසැම්බර් ගාල්ල, 1980 මැයි ආනමඩුව සහ 1981 ජනවාරි කලවාන යන ඡන්ද කොට්ඨාශවල පැවැත්වූ අතර එහිදී ජවිපෙ ආනමඩුව සහ ගාල්ල ආසන 2ක සඳහා ස්වාධින කණ්ඩායමක් වශයෙන් සිනුව ලකුණෙන් තරඟ කරන ලදී. ආනමඩුවට තරඟකල උපතිස්ස ගමනායකට ඡන්ද 857ක්ද ගාල්ලට තරඟකල ලයනල් බෝපගේට ඡන්ද 3,366ක්ද හිමිවිය. ගාල්ල ආසනයට ලංකා සමසමාජ පක්ෂයෙන් තරඟකල 1971 කැරැල්ලේ 7වන විත්තිකරු වික්ටර් අයිවන්ට එහිදී ඡන්ද 634ක් හිමිවිය.

ජවිපෙ රැස්වීම් ගණනාවකටද ආණ්ඩුවේ ඇතැම් දේශපාලඥයින්ගේ මැදිහත්වීම් මත මැර පිරිස් විසින් ගල් මුල් ප්‍රහාර වේදිකාවට එල්ලකර තිබිණි. කොළඹ කැම්බල් පිටියේදී 1978 සැප්තැම්බර් 22, යාපනයේදී 1978 සැප්තැම්බර් 24, පුංචි බොරැල්ලේදී 1981 මැයි 28, හක්මන ගංගොඩගම හන්දියේ 1981 අගෝස්තු 13, මිහින්තලේ, දොම්පේ එවැනි සිද්ධීන් ඇතිවූ ස්ථාන කිහිපයකි.

1982 ඔක්තෝබර් 20 පැවති ජනාධිපතිවරණයට 1982 සැප්තැම්බර් 17 නාමයෝජනා දුන් අවස්ථාවේදී එජාප ජේ.ආර්. ජයවර්ධන, ශ්‍රිලනිප හෙක්ටර් කොබ්බෑකඩුව සහ ජවිපෙ රෝහණ විජේවීර.

අසූවේ ජුලි වැඩ වර්ජනයටද ජවිපෙ එක් නොවූවද වෘත්තිය අංශයේ ඉහළ නායකයින්ට වර්ජනයට එක්වන ලෙසට ඉල්ලීමක්කර තිබිණි. ලංකා ගුරු සංගමය සහ ජවිපෙ අතර ප්‍රතිවිරෝධයක් ගොඩනැගුණු අතර වර්ජනය පාවාදුන් බවට ජවිපෙට එරෙහි මතයක් එච්. එන්. ප්‍රනාන්දු ආදීහු විසින් සමාජගත කරන ලදී. එය ජවිපෙට පසුකාලීනව සැලකිය යුතු බලපෑමක් ඇති කරන්නක් විය.

අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙහෙයවීමෙන් 1981 පෙබරවාරි 26වැනිදා කොළඹ හයිඩ් පිටියේදී පැවති රැස්වීම අමතමින් ජවිපෙ නායක විජේවීර කියා සිටියේ එජාප රජය ශ්‍රීලංකාව කාබාසිනියා කිරීම සඳහා කටයුතු කරන බවය. පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඩී.එම් ආනන්දගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීම පැවැත්විණි. අධ්‍යාපන ධවල පත්‍රිකාව හකුලා ගැනීමට රජයට සිදුවූයේ ජවිපෙ නායකත්වයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ගෙනගිය දැවැන්ත උද්ඝෝෂණයන්හි ප්‍රතිඵලයක් වශයෙනි. පසුකාලීනව ජවිපෙ 2වැනි කැරැල්ලේ නායකයින් බවට පත්වූ ඩී. එම් ආනන්ද, එච්.බි හේරත්, කේ. ඩබ්ලිව්  සමරනායක අමරසිරි, උපාලි ජයවීර ආදීහු අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි සටනේ නායකයින් විය. 

1982 දෙසැම්බර් 22 ජනමත විචාරණයේදී එයට එරෙහිව කලය සලකුණ වෙනුවෙන් රූපවාහිනියෙන් ජනතාව අමතන විජේවීර.

දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය 1981 ජුනි 04 පැවති අතර එහි අරමුණ වූයේ ආණ්ඩුවේ පරිපාලනය විමධ්‍යගත කිරීමය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය එම සංවර්ධන සභා මැතිවරණය වර්ජනය කල අතර එයට තරඟ කළේ එක්සත් ජාතික පක්ෂය, දෙමල විමුක්ති පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ සමඟ ස්වාධීන කණ්ඩායම්ය. මැතිවරණයට සතියකට පෙර 1981 මැයි 26 වැනිදා උතුරේ එජාප නාමයෝජනා ලැයිස්තුවේ ප්‍රමුඛයෙකුවූ වඩුක්කෝඩෙයි හිටපු මන්ත්‍රී ඒ ත්‍යාගරාජා දෙමළ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායමක් විසින් 1981 මැයි 24වැනිදා ඝාතනය කරන ලදි. පොලිස් භටයින් දෙදෙනෙකුද මැයි 30වැනිදා වෙඩිතබා මරා දමන ලදී. උතුරේ එම සංවර්ධන සභා මැතිවරණය එජාප මැදිහත්වීම මත අන්ත දූෂිතවූ බවට වාර්තා විය. කොළඹින් ගිය දේශපාලන මැර පිරිස් විසින් යාපනය පුස්තකාලයද ගිනිබත් කරන ලදී.

එම සංවර්ධන සභා ඡන්දයට දිස්ත්‍රික්ක 8කින් තරඟකල ජවිපෙට ඉතිහාසයේ ප්‍රථමවරට ජනතා නියෝජිතයින් 13ක් සංවර්ධන සභා මන්ත්‍රී වශයෙන් හිමිවිය. එම දිස්ත්‍රික්ක 8 ජවිපෙට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 327,149කි. ඒ අනුව ජවිපෙ සංවර්ධන සභා මන්ත්‍රීවරුන් වශයෙන් කොළඹින් උපතිස්ස ගමනායක, ජයසිංහ(මහින්ද) පතිරණ, ශාන්ත බණ්ඩාර, වින්සන්ට් සමරසේකරද, ගම්පහින් වාස් තිලකරත්න, ජයසිංහ ලොකුතාඹුගල, ගුණරත්න වනසිංහද ගාල්ලෙන් ලයනල් බෝපගේ සහ ධර්මදාස ජයසිංහද, බදුල්ලෙන් වික්‍රමපාල හේරත් සහ ජී. යසපාලද හම්බන්තොටින් පියසේන රාමනායකද, අනුරාධපුරෙන් සිසිර(කුමාර) රන්දෙණියද තේරී පත්විය. ජවිපෙ එහිදී තරඟකල කළුතර සහ මාතලේ යන දිස්ත්‍රික්කවලින් ආසනයක් දිනා ගැනීමට ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් හිමිනොවිණි. කළුතර කණ්ඩායම් නායකයා සෝමවංශ අමරසිංහවූ අතර මාතලේ කණ්ඩායම් නායකයා වූයේ කලක් පේරාදෙණිය සරසවියේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති කූඹියන්ගොඩ ලලිත් සේනාරත්නය.  අළුතින් පත්වූ ජවිපෙ සංවර්ධන සභා මන්ත්‍රීවරුන් 13 දෙනාගෙන් මාසික දීමනාව ජවිපෙ පක්ෂ අරමුදලට බැරවිණි. මෙම සංවර්ධන සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඉවත් කිරිම, ඉවත්වීම සහ ජවිපෙ තහනමින් පසු රැස්වීම් වලට සහභාගි නොවීම නිසා ඔවුන්ගේ ධූරයන් අහෝසිවූ අතර කණ්ඩායමේ සෙසු අය ඒ වෙනුවට මැතිවරණ කොමසාරිස් විසින් ඡන්ද ලබාගත් අනුපිලිවෙල අනුව පත්කරන ලදී. එසේ පසුව පුරප්පාඩුවලට පත්වූ අය අතර පියසෝම මල්ලිකාරච්චි, ජී. ඩබ්ලිව් ගාමිණී ජයලත්, බී. විතානාරච්චි, අයි. කුවින්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා 1978 සම්මත කරගත් නව ව්‍යවස්ථාව අනුව නාම යෝජනා කැඳවීම 1982 සැප්තැම්බර් 17වැනිදා සිදුවූ අතර ඒ සඳහා ජවිපෙ වෙනුවෙන් රෝහණ විජේවීරද තරඟ වැදිණි. ප්‍රථම ජනාධිපතිවරණය 1982 ඔක්තෝබර් 20 පැවැත්වූ අතර එහි ප්‍රතිඵල අනුව එජාපයේ ජේ.ආර් ජයවර්ධනට ඡන්ද 3,450,811, ශ්‍රිලනිපයේ හෙක්ටර් කොබ්බෑකඩුවට ඡන්ද 2,548,438, ජවිපෙ රෝහණ විජේවීරට ඡන්ද 273,428ක්ද, සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසයේ කුමාර් පොන්නම්බලම්ට ඡන්ද 173,934ක්ද, ලංකා සමසමාජ පක්ෂයේ කොල්වින් ආර් ද සිල්වාට 58,531ද නව සමසමාජයේ වාසුදේව නානායක්කාරට ඡන්ද 17,005ක්ද හිමිවිය. සමස්ථ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් ජවිපෙට සියයට 2.67ක් හිමිවූ අතර සමසමාජය සහ නසසප යන පක්ෂ දෙකටම හිමිවූයේ සියයට 1ක් පමණය ජවිපෙට වැඩිම ඡන්ද ප්‍රමාණක් වූ 28,835 හිමිවූයේ හම්බන්තොට ප්‍රදේශයෙනි. ඡන්ද 20,000කට වඩා හිමිවූ දිස්ත්‍රික්ක වූයේ කොළඹ(28,580), ගම්පහ(23,701), මාතර(22,117), කුරුණෑගල(21,835) සහ ගාල්ල(20,962) වශයෙනි.

ජනාධිපතිවරණ ප්‍රතිඵල ජවිපෙ තුළ අභියෝගයකට ලක්වූ අතර එය එහි ඇතැම්  නායකයින් සහ ක්‍රියාකාරින්ගේ ඉච්ඡාභංගත්වයටද හේතුවිය. ජවිපෙ බිඳ වැටීමකට ලක්ව දුර්වලවී, මූල්‍ය සහ පුද්ගල සදාචාරයන්ද පිරිහිමකට ලක්විය. ඇතැම් නායකයින් සහ ක්‍රියාකාරිකයින් ඉවත්කිරීමට සිදුවූ අතර එමගින් සංවිධාන ක්‍රමවේදයන්ද පසුබෑමකට ලක්විය.

ජනපතිවරණ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වූ එජාප ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ආයු කාලය තව වසර 6කින් දිගු කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ජාතික ජනමත විචාරණයක් 1982 දොසැම්බර් 22වැනිදා පවත්වන ලදී. පාර්ලිමේන්තුවේ නිල කාලය කල් ඉකුත්වීමට තිබුණේ 1983 අගෝස්තු මාසයේදීය. එජාප ආණ්ඩුව මුහුණදුන් ගැටළුව වූයේ මහ මැතිවරණයක් පැවැත්වූවහොත් එජාපය පරාජයට පත්වී අති බහුතර පාර්ලිමේන්තු බලය අහිමිවීමේ අවදානමක් පැවතීමය. මැතිවරණයේදී ඡන්ද දායකයන් වෙත ඉදිරිපත් කෙරුණේ පාර්ලිමේන්තුවේ ආයුකාලය දිගු කරලීම සඳහා යෝජනාවක් වන අතර එයට පක්ෂව ඔව් ලෙසින් කියන අයට ලාම්පුව ඉදිරිපිට කතිරයක්ද එයට විපක්ෂ අයට කලය ඉදිරියේ කතිරයක්ද මගින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුවිය. ඡනමත විචාරණයට එරෙහිව ශ්‍රිලනිප සිය වගකීම් පැහැර හැරියද ජවිපෙ එහිදී  ප්‍රබල භූමිකාවක් ඉටු කළේය. 

එජාප ආණ්ඩුවට පක්ෂව ඡන්ද 3,141,223ක්ද විපක්ෂව ඡන්ද 2,605,983ක් ලැබී තිබිණි. ජනමත විචාරණයෙන් වැඩි ඡන්ද 535,240කින් එජාප ආණ්ඩුව ජයගත් අතර එය අන්ත දූෂිත ඡන්දයක් බවට චෝදනා රැසක් එල්ල විය. එහිදී ශ්‍රිලනිප හිටපු ජනාධිපති අපේක්ෂකයාවූ කොබ්බෑකඩුවගේ ඡන්දය පවා ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයට පෙරවරු 11.15ට ඡන්දය දීමට යනවිට වෙනත් අයෙකු එයට කලින් දමා තිබිණි. ජවිපෙ නායක රෝහණ විජේවිර විසින් ජනමත විචාරණයට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක්ද නීතිඥ ප්‍රින්ස් ගුණසේකරගේ මැදිහත්වීමෙන්  නීතිඥ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මගින් පවරන ලදී. ජවිපෙ 1983 ජුලි තහනමින් පසු පෙත්සම්කරුවන විජේවීර යටිබිම්ගත වූ හෙයින්ද පෙත්සම්කරුගේ නීතිඥ ෆිලික්ස් ඩයස් තාවකාලිකව විදේශ පදිංචියට යෑම නිසාද පෙත්සම නිශ්ප්‍රභා කිරීමට අධිකරණයට සිදුවිය. 

ජනමත විචාරණයේදී මැතිවරණ ආසන 168න් ආසන 48ක් ආණ්ඩුව පරාජයට පත්වී තිබිණි. ඉන් උතුරු සහ නැගෙනහිර ආසන 19ක හැර සෙසු ආසන 29න් ආසන 18 සඳහා අතුරු මැතිවරණයක් 1983 මැයි 18 පැවැත්වීමට ජනාධිපති ජයවර්ධන විසින් තීරණය කරන ලදි. අතුරු මැතිවරණ පවත්වන එම ආසන 18න් ආසන 5ක් සඳහා ජවිපෙ තරඟ වැදිණි. හබරාදූවේදී ස්වාධීන අපේක්ෂක ප්‍රින්ස් ගුණසේකරට සහාය පළකරන ලදී. ඒ අනුව ජවිපෙන් තරඟ කල විජිත් රණවීරට තංගල්ලේදී ඡන්ද 5,840ක්ද , වෛද්‍ය නන්දසේන ප්‍රනාන්දුට රත්ගමදී ඡන්ද 1,582ක්ද, ප්‍රේමචන්ද්‍ර මුණසිංහට අකුරැස්සේදී, ඡන්ද 2,062ක්ද, කේ.එච් ජයන්තට දෙවිනුවරදී ඡන්ද 3,591ක්ද, ඊස්වරගේ එස්.අයි. ආරියසේනට බෙලිඅත්තේදී ඡන්ද 2,550ක්ද හිමිවිය. ජවිපෙ හබරාදූවේ සහාය දුන් ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් තරඟ වැදුණු හිටපු මන්ත්‍රී ප්‍රින්ස් ගුණසේකරට හිමිවූයේ 1,163කි. එම අතුරු මැතිවරණ 18න් 14ක්ම එජාපය ජයගනු ලැබීය. විපක්ෂ මන්ත්‍රීවරුන් වශයෙන් මහරගමට මඑපෙ දිනේෂ් ගුණවර්ධන වැඩි ඡන්ද 5,791කින්ද මතුගමට ශ්‍රිලනිප අනිල් මුණසිංහ වැඩි ඡන්ද 964කින්ද, අක්මිමනට ශ්‍රිලනිප රිචඩ් පතිරණ වැඩි ඡන්ද 2,778කින්ද බද්දේගමට ශ්‍රිලනිප අමරසිරි දොඩන්ගොඩ වැඩි ඡන්ද 1,093කින්ද ලබා තේරී පත්විය. මහර ඇතුළු ආසන ගණනාවක අතුරු මැතිවරණ ඡන්දය දා දූෂණ චෝදනා රැසක් සිදුවූ බවට චෝදනා විය.

ජවිපෙ 1983 ජුලි තහනම් කිරීමට පෙර අවසන් මධ්‍යම කාරක රුස්වීම 1983 ජුලි 21වැනිදා සිට තෙදිනක් පැවැත්වූයේ තංගල්ල විතාරන්දෙණිය විජිත රණවීරගේ නිවසේ පිහිටි පක්ෂ පාසැලේදීය.

උතුරේ දෙමළ බෙදුම්වාදීන්ගේ බිම් බෝම්බයකින් හමුදාවේ 13දෙනෙකු ඝාතනයට පත්වී ඔවුන්ගේ සිරුරු බොරැල්ල කනත්තට ගෙන ඒමත් සමඟම ඇතැම් දෙමළ ජන කොටස් වලට එරෙහිව කළු ජූලිය 1983 ජුලි 24වැනිදා ඇරඹුණු අතර එහිදි එජාප රජයට එල්ලවූ විවේචන වලට පිලිතුරක් වශයෙන් ආණ්ඩුව සිදුකලේ ජවිපෙ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, නව සමසමාජ පක්ෂය 1983 ජුලි 31වැනිදා ගැසට් මගින් තහනමට ලක්කිරීමය. කොමියුනිස්ට් සහ නවසමාජ පක්ෂ නායකයෝ කෙටි කලක් සැඟවී සිට ආණ්ඩුවට භාරවූහ. ජවිපෙ සිය පක්ෂ තහනම ඉවත්කරන ලෙස ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඉල්ලීම් කරන ලදී. පක්ෂ තහනම මගින් රහසිගත දේශපාලනයකට ජවිපෙ තල්ලු කරන ලදී. එජාප ආණ්ඩුව 1983 අගෝස්තු 8 සම්මත කර ගන්නා ලද වෙනම රාජ්‍යයක් රාජ්‍යයක් පිහිටුවීමට සහාය නොදෙන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 6වැනි සංශෝධනය හේතුකොටගෙන එයට පක්ෂව දිවුරුම් නොදීම නිසා දෙමළ මන්ත්‍රීවරුන්ටද පාර්ලිමේන්තු නියෝජනය අහිමි විය.

 ජවිපෙ ඉතිහාසය තුළ 1977 සිට 1983 ජුලි දක්වා කාලය වූ කලී සංකීර්ණ අත්දැකීම් සහිත එක් යුගයක නිමාවකි. ජවිපෙ පක්ෂ තහනමෙන් පසු එහි ඊළඟ ඇරඹුම වූයේ 1986 සිට 1990 දක්වා පැවති ජවිපෙ 2වැනි කැරැල්ලට පෙර ප්‍රතිසංවිධානයන් හරහා රහසිගතව සහ ප්‍රසිද්ධියේ දෝලනය වූ ක්‍රියාකාරිත්වයයි.(ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, 434/3 ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: ejournalists@gmail.com)The writer ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384.

30
ජන.
18

මේ මිනිස්සුන් පොර කන්නේ, මහින්දට තම කළගුණ සැලකීමට පමණක්මය.

2015 ගත්ත පාවා දීමේ තීරණය
================================

සිරිසේන දඹුල්ල ගැන හිතුවෙ මිනිස්සු වැරදිලා
ඇවිත් කියාය. අම්පාර දෙස බැලුවෙ ඔහු
සිනහවකනි.ඒ අම්පාරේ වැඩ්ඩ ලෙස සිතුව
ශ්‍රියාණි එක්ක අම්පාරම ජාලි පාරේ නිසාය.
සිරිසේනට වැල්ලවාය,මොණරාගල ගේමක්ම
නැති විය.ඒ රාජපක්ෂ කදවුරේ ශශින්දව
ඌව මිනිස්සුන් පයින් ගසා ඇති නිසාත්,කවට
සොයිසා,ඔහු අසළ නිසාමය. ඒ තැබූ නිගමනය
න් ඔහුට දකින්නට වූයේ පස්වරු තුන පමණ
වනතුරු පමණි.ඉන් පසු ඔහු ටෙලිවිෂොනය
පොළොවේ ගසා උඩ බලා සිටියේ,හැම
රැස්වීම් භූමියක්ම කඩිගුලක් ලෙස පිරුණු
බව ඔත්තුකරුවන් එක දිගට තොරතුරු ගෙන
ආ නිසාමය.

2015 වසරේ අපේ ආණ්ඩුව රනිල්ට පාවා දුන්
සිරිසේනට ඒ වැරැද්ද නිවැරිදි කිරීමට හවුල්
ආණ්ඩු සංකල්පයට විරුද්ධ මහින්ද පාර්ශ්වය
අවස්ථාව ලබා දුන්නේය.නමුත් ඒ මොහොත
වන විටත් ඔහුගෙ වීරයා වූ රනිල්ට, සාදාරණ
සමාජයට , අලුත් පරපුරට ඔහු පිටු පෑමට
අකමැති වුණේය.එක දිගට ලියුම් ලිවුවේ,
විශේෂ ප්‍රකාශ කළේ,කවුරු දිනුවත් රනිල්
හාමු අගමැති බවය.ඒ වන විටත් රනිල්
මහබැංකුව හොරා කා තිබියදීත්,රනිල්ට
අගමැති කම බාර දුන්නේ සිරිසේන යෝධයා
බව ඔබට අමතක නම් මතක් කර දිය යුතුය.

මිනිසෙකුගෙ පරාජය ස්භාවිකය.ඔහුට නැවත
මේ දේශපාලනය කිරීමට නොහැකියයි කාටව
ත් කිව නොහැකිය.එය එසේ නම් රනිල් අද
ගෙදරය.සිරිසේන,රනිල් හා රතු ලපයන්ට
ඕන වූවේ මහින්දව පරාජය කර සදාකාලිකව
ගෙදර තිබීමය.ඒ සදහා ඔවුන් නොයෙකුත්
ලේබල් මහින්දගේ පිටේ ඇලවූයේය.හොරා,
ඒකාධිපතිය,මිනී මරුවා,නිදහස් පක්ෂයේ
ඝාතකයා ,බල ලෝභියා ලෙස හංවඩු ගැසුවේ
මහින්දව දේශපාලනය තුලින් අතුගා දැමීමටය
පරාජයෙන් පසු දින ගනන්,සති ගණන්,මාස
ගනන්,අවුරුදු ගණන් දවසට පැය විසි හතර
පැයේම බොරු කිවුවේ මහින්දට කෙළවීමටය.
ඒ කාලය තුල ඔවුන් මහින්දගේ හැසිරීම
ඉලක්ක කරගෙන සිටි අතර රට වෙනුවෙන්
නිසි කැප වීම නොකරේ,පැරදුණ ජනපති
කෙනෙකුගෙන් වෙනදා නොදුටු ජවයක්,
හැසිරීමක්,ජන කැමැත්තක් මොහු වෙතින්
ඉහළට පැමිණි නිසාය.

දැන් අපි ගෙවන්නේ වසර තුනක් ඉක්ම යාමේ
කාලය වන්නෙය.බලය නොමැති මහින්දට
ගෙවල් වල ඉන්න මිනිස්සුන් මහ දවල්,ගිණි
පිඹින රැළි වලට සහභාගි කර වීමට නොහැක.
මොන පහසුකම් දුන්නත් මිනිස්සු බලෙන්
එන්නේ නැත.එනවා නම් එන්නේ යම් යම්
බලාපොරොත්තු නිසාවෙන් බව සිරිසේනලා,
රනිල්ලා දන්නෝය.එවැනි බලාපොරොත්තු
දෙන්න මහින්දට අද බලයක් නැත.ඊට
අමතරව,හොරෙක්,හා ඒකාධිපතියෙක් ලෙස
හංවඩු ගැසූ මහින්දව මිනිස්සු ඉල්ලන්නේ
මොන දෙයකටද? අද දේශපාලන තීරකයන්ට
ද,මාපකයන්ටද, වැරදුණ එකම දේ නම්,
මහින්දගේ ජන බලය නොකියවා පයින් ගසා
ඔහුට පහර දීමය.ඔහුට ගසන පහරක්,පහර
ක් පාසා,ඔහුට මිනිසුන් ආදරය කරනවා හැර
ඔහුගෙන් ඉවත්ව නොයන්නේය.කුහකයින්,
පාහරයින්,කාළකණ්නින් වෙනත් වාසි නිසා
ඔහුගෙන් ඉවත් වුවත්,මේ මිනිස්සුන් එක
පොකුරට පොර කන්නේ,ඔහුගෙන් කිසිදු
දෙයක් ලබා ගැනීමට නොව රට නිදහස්
කරදුන් මහින්දට තම කළගුණ සැලකීමට
පමණක්මය.මේ ජන බලය දෙස ඉතා
සංවේදිව බලමින් මහින්ද මේ රටේ නොදුරු
දිනයක රටේ බලයත්,නිදහස් පක්ෂයේ
බලයත් අතට ගනු බව නොවනුමානය.ඒ
ඔහු ඉදිරියේ පොරකන මිනිසුන්ගේ නොබිදෙන
විශ්වාසයේ කරමතින් පමණක්ය.

ලක්ෂිත නවරත්න …

Image may contain: 2 people, people smiling, people sitting
Image may contain: one or more people, crowd and outdoor
06
ජන.
18

අමරකීර්ති, තේනුවර, නිර්මාල්, සුනිල් පෙරේරා සහ අනුර එක්ක ගූ කාපල්ලා.

ඉසුරු ප්‍රසංග-

අනුර කුමාර ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරන්නේ නම් ජවිපෙ සතුරෝ ඔහුට පහර දෙන්නට මෙතරම් වෙහෙසෙන්නේ ඇයි? යනුවෙන් ආචාර්ය නිර්මාල් රංජිත් මහතා අපූරු ප්‍රශ්නයක් මතුකර තිබෙනු දුටුවෙමි. නිර්මාල්ගේ මේ තර්කය දෙමළ ජනයාට දෙමළ වීම නිසාම ඇති ප්‍රශ්නය දෙමළ වීමය වැනි තර්කවලට වඩා තරමක් ඉදිරියෙන තිබෙන එකක් වන බැවින්, ඒ ගැන යමක් සඳහන් කළ යුතු යැයි සිතමි.

පළමු කොටම මේ තර්කය බැලූ බැල්මට ඇත්තක් ලෙස පෙනී යා හැකි අපූරු බොරුවකි. ජවිපෙ වැනි ව්‍යාපාරයක සැබෑ සතුරන් අනුරගේ ජනතා විමුක්ති පෙරමුණට තීරණාත්මක ලෙස පහර දෙන්නේ නැත. එයට හොඳම උදාහරණය වන්නේ නිර්මාල්ය. කවුරු මොනවා කීවත් මෙරට දේශපාලනයේ ප්‍රධාන ප්‍රතිවිරෝධය ඇත්තේ ජාතිකවාදී කඳවුර සහ විජාතික ගැති කඳවුර අතරය. එහෙයින් හොර බොරු රහිතව මේ රට ගොඩනැඟීමට කැප වන ව්‍යාපාරයක් නම් එය පළමු කොටම ජාතිකවාදී අධිරාජ්‍ය විරෝධී දේශපාලන කඳවුර නියෝජනය කරන්නක් විය යුතුය. ජවිපෙ ඒ නිවැරදි කඳවුර නියෝජනය කරමින් ජාතියට නිසි මඟ කියමින් ජයග්‍රහණ පිට ජයග්‍රහණ ලැබූ අවදියේදී නිර්මාල්ලා අමරකීර්තිලා වැනි විකල්ප ගෝත්‍ර පඬියෝ ඊට ආශිර්වාද කළේ නැත. ඒ වෙනුවට එය ජාතිවාදී පක්ෂයක්ය යන කෝකටත් තෛල චෝදනාව ජවිපෙ වෙත දමා ගැසූහ. එසේ වුවද ජවිපෙ තම භූමිකාව අංශක 180 කින් හරවා ගත් පසු ඊට සමගාමීව ජවිපෙ සතුරන් මිතුරන්ද මාරුවිය. 2008 විමල් ඉවත් වූ අවස්ථාවේ මේ විපර්යාසය එළිපිටම දැක ගත හැකි විය. පිරිසිදු රතු සහෝදරයන් අතර අවස්ථාවාදී කටුස්සන් සිටින බව එදා කාටත් කලින් රටට හෙළි කළේද විප්ලවවාදී බෝල්ෂෙවික්වාදී සිරස හා ඉරුදිනය. සිරසට අනුව නිවැරදි රතු සහෝදරයා වූයේ අනුරය. අනුරගේ අරමුණත් සිරස, ඉරුදින, කඳවුරේ අරමුණත් එකට සමපාත වීම පිළිබඳ උදාහරණ තව බොහෝ ඇත. එදා සිට අද දක්වා ජවිපෙ ගත් සියලු තීන්දු තීරණ මේ කඳවුරේ අරමුණු හා සමපාත විය. ඒ නිසාම ජවිපෙ යහතින් සිටි අවදියේ එහි පරම සතුරන් වූ සියල්ලෝ අද එහි මිතුරන් බවට පත්ව ඇත. එදා ජවිපෙට හැකි වෙර යොදා පහර දුන් විකල්ප ගෝත්‍ර පඬියන් අද ජවිපෙ වේදිකාවල කථිකයන් බවට පත්වන්නේ ඒ අනුවය. ඒ නිසාම සැබෑවටම සිදුව ඇත්තේ සතුරන් මිතුරන් මාරු වීම මිස ජවිපෙ සතුරන් අනුරට පහර දීමක් නොවේ.

තවදුරටත් මෙය විග්‍රහ කළහොත් දෙමළ බෙදුම්වාදීන්, අන්ත ජාතිවාදීන්, එන්ජීඕ කාරයන්, යූඇන්පී කාරයන් වෙතින් අනුරගේ ජනතා විමුක්ති පෙරමුණට තීරණාත්මක ප්‍රහාරයක් එල්ල වන්නේ නැත. එම බලවේගවල බත්බැල මාධ්‍ය අනුරගේ ජවිපෙට පහර දෙන්නේ නැත. එදා ජවිපෙ වහකඳුරු වී සිටි රාවය වැනි කසිකබල් පත්තර අද තම සංවත්සරවල දේශන සඳහා අනුරට ආරාධනා කරයි. එදා ගුණදාස අමරසේකරලා සිටි තැන්වල මෙදා සුනිල් පෙරේරලා, අමරකීර්තිලා, තේනුවරලා ස්ථානගත වෙයි. ගෝර්කිගේ අම්මාගෙන් පසු සන්නස්ගලගේ අම්මා වැනි ඉල ඇදෙන පෝස්ටර් ජවිපෙ සාමාජිකයන් අතින් ඇලවෙයි. කොකාකෝලා වඩියට ආවඩන අලුත් පරපුරු ගංජා ගැටවුන් අද ජවිපෙ මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් පෙනී සිටියි. එදා ජයග්‍රාහී ජවිපෙ පරම සතුරන් සියලු දෙනා වර්තමානයේ සදා පරාජිත ජනතා විමුක්ති පෙරමුණේ මිතුරන් වීමේ විපර්යාසය තේරුම් ගත යුත්තේ කෙසේද? පැහැදිලි ලෙසම ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හෝ එජාපය හෝ එන්ජීඕ කල්ලි හෝ වෙනස් වී නැත. සිදුවී ඇත්තේ ඔවුන්ගේ න්‍යාය පත්‍රයට සරිලන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ වෙනස් වීමය.


විවිධ හේතු මත විවිධ අය අනුරට පහරදෙනවා වන්නට පුළුවන. එහෙත් ජවිපෙ අතීත සාමාජිකයන් ලෙස අපි අනුරට එරෙහිවන්නේ එය රටට සැබෑ විකල්පයක් විය හැකිව තිබූ දේශපාලන ව්‍යාපාරය යටත්විජිතවාදයේ නිවට බළල් අණ්ඩක් බවට පත් කර ඇති නිසාය. ඒ භූමිකාව තුළින් ජවිපෙ පමණක් නොව රටද විනාශ වන නිසාය. යහපාලන මරඋගුලේ තරම නිවැරදිව වටහා ගත් මෙරට ජාතිමාමක බලවේග ජවිපෙට එරෙහි වන්නේ අනුරගේ භූමිකාව පක්ෂයට පමණක් නොව රටටද කොඩිවිනයක් වී ඇති නිසාය. එය පක්ෂයට පමණක් වන විනාශයක් නම් ඔවුන්ට ඒ පිළිබඳ ගැටලුවක් නැති වනවා වන්නට පුලුවන. එදා පෙරටුගාමීන් ගමන් ගත්තේද පක්ෂය නැති වන මාවතකය. අපි ඒ බවද කල් තියා පෙන්වා දුන්නෙමු. එහෙත් පෙරටුගාමීන්ට වැඩි විරෝධයක් රටෙන් එල්ල නොවන්නේ ඔවුන්ගේ විනාශය රටේ විනාශයට වැඩි දායකත්වයක් නොදක්වන නිසාය. ඒත් ජවිපෙ ඊට වෙනස්ය. කුමන විනාශයන් සිදුවුවද ඔවුන් තම ඉතිරි වී ඇති අන්තිම ශක්ති පොද නොපිරිහෙලා කැප කරනුයේ රටට එරෙහි ද්‍රෝහී මෙහෙයුම් සඳහාය.


අනුරලාගේ භූමිකාව හරහා ජවිපෙට සිදුවූ විනාශය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. එය පාර්ලිමේන්තු ආසන තිස් නමය කෙටි කලකින් හතරට පහට වැටීමට පමණක් සීමා වන විනාශයක් නොවන බව ඉදිරි මැතිවරණයේදී නැවතත් සනාථ වනු ඇත. ඒ සියල්ල එසේ වුවද වික්‍රමබාහුලා මෙන් ඔවුන් තම ඉතිරිව ඇති අන්තිම ශක්තිය පවා අද යොදවන්නේ රටට එරෙහිවය. එදා මිනීමරු ත්‍රස්තවාදයට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාවල රනිල් හා එක්වී ආණ්ඩු පෙරළන්නට දියත් කළ දුෂ්ට මෙහෙයුම්වල සිට, වර්තමාන ව්‍යවස්ථා මර උගුල්වල සේල්ස් රෙප්ලා ලෙස කටයුතු කිරීම දක්වා වූ නින්දිත උදාහරණ රැසකින් ජවිපෙ මෑත ඉතිහාසය දූෂණය වී තිබේ. අද මේ රටට ආදරය කරන බොහෝ බලවේග අනුරගේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහි වන්නේ ඒ නිසාය. ඔහු ජවිපෙ විනාශ කරන බව කියමින් ඔහු අගයන්නට ගියහොත් ඒ විනාශය සිදුවන්නේ ජවිපෙට පමණක් නොව රටටද බව නිර්මාල්ට සිහිපත් කර දිය යුතුය.

එක් අතකින් මෙය අලුත් කතාවක්ද නොවේ. මෙහි ඇත්තේ අප ජවිපෙ ගැන කාලයක් තිස්සේ කියන කතාවමය. අප ජවිපෙ ගැන එදා සිටම කී කිසිවක් වැරදී නැති බැවින් මේ මැතිවරණයට අදාළවද ඒ ඇත්ත නැවතත් සැකෙවින් සිහිපත් කළ යුතුය. 2008න් පසු ඇත්තේ කොළ පාට ජනතා විමුක්ති පෙරමුණකි. අධිරාජ්‍ය විරෝධය ඒ ජනතා විමුක්ති පෙරමුණට අදාළ නැත. ජාතිවාදය, බෙදුම්වාදය පිළිබඳ ප්‍රශ්න ඔවුන්ට අදාළ නැත. යහපාලනය යටතේ උතුරේ බල්ටි ගසන ජාතිවාදයට එරෙහිව අනුරලාගේ මුවින් එක කෙළ පොදක් බිම වැටෙන්නේ නැත. ඒ වෙනුවට ඒ සැබෑ ජාතිවාදයේ බියකරු අනතුර රටට පෙන්වා දෙන බලවේගවලට එරෙහිව “ජාතිවාදය අවුස්සනවෝ” යන ලේබලය ඇලවීමේ එන්ජීඕ චාරිත්‍රය අද ජවිපෙ චාරිත්‍රය බවටද පත්ව ඇත. වෙනිසියුලාවේ බටහිර අතපෙවීම්වලට එරෙහි වෙමින් ලංකාවේ ජිනීවා න්‍යාය පත්‍රවලට සහය පළ කිරීමත්, රනිල්ගේ බැඳුම්කර හොරකමට එරෙහි වෙමින් රනිල්ගේ ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් කඬේ යාමත්, ඔවුන්ගේ තක්කඩි දේශපාලනය බවට පත්ව ඇත. මේ තක්කඩි දේශපාලනයේ නිරුවත වසා ගැනීම සඳහා ජවිපෙ උපාය වී ඇත්තේ වංචා දූෂණ විරෝධය රටේ කේන්ද්‍රිය ප්‍රශ්නය බවට පත් කර ගැනීමය. ඇත්ත. දූෂණ විරෝධය හොඳය. සියලු ප්‍රධාන පක්ෂ තුළ දූෂිතයන් රජයන බවද සැබෑය. එහෙත් දූෂණ විරෝධී අරගලය තිබිය යුත්තේ මහපොළවේ සැබෑ දේශපාලන අරගලය වූ යටත්විජිත විරෝධී අරගලය තුළ මිස ඉන් පරිබාහිර ආකාසයක නොවේ. ජවිපෙ තම සැබෑ භූමිකාව, සැබෑ අරගල බිම මඟහැර කැපකිරීම්, අවංකකම් ගැන මොන පම්පෝරි ගැසුවද එයින් පලක් නැත. රටේ කොන්ද කඩන ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් පෙනී සිටිමින්, දූෂණ විරෝධී ඝෝෂා නැඟීමෙන් පලක් නැත. එදා ජවිපෙ සාර්ථක වූයේ දූෂණ විරෝධී අරගලයත්, දේශප්‍රේමී අරගලයත් ඒකාබද්ධව නියෝජනය කළ නිසාය. එකී පුළුල් ජාතික න්‍යාය පත්‍රයෙන් තොර වියුක්ත දූෂණ විරෝධය බොරුවක් පමණක් නොව දැනුවත් තක්කඩිකමක්ද වෙයි. ඒ මාවත ඔස්සේ ගොස් තමන්ට ලද හැකි ජයග්‍රහණයක් නොමැති බව මේ මැතිවරණයෙන් පසුවද හොඳාකාරවම සනාථ වනු ඇත.

ගම දිනන්නට අවශ්‍ය නම් ජවිපෙ කළ යුත්තේ තම සැබෑ භූමිකාව තුළ නැවත ස්ථාන ගතවීමය. එසේ වුවහොත් නිර්මාල්ලා අමරකීර්තිලාගේ ආදරය අහිමි වී ඒ වෙනුවට රටේ ජනතා ප්‍රසාදය ඔවුන්ට හිමිවනු ඇත. නමුත් ඔවුන්ට වැදගත් වන්නේ නිර්මාල්ලාගේ ආදරය නම් මේ මැතිවරණයෙන් පසුවද ජවිපෙ සාමාජිකයන්ට සිදුවන්නේ “මේ ජනතාව ඉවත් කර වෙනත් ජනතාවක් පත් කරගමු” වැනි බ්‍රෙෂ්ට්ගෙන් අහුලා ගත් ගොන් කතා මූණූ පොත් මත ලියමින් හඬා වැළපීමටය. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට ගම දිනන්නට අවශ්‍ය නම් ඔවුන් වහාම නිර්මාල්ලා, අමරකීර්තිලා අත්හල යුතුය. එවන් ඊනියා බුද්ධිමතුන්ගේ වෛරයට භාජනය විය යුතුය. මෙය නිර්මාල්ලා ගැන පෞද්ගලික වෛරයකින් කරන ප්‍රකාශයක් නොව ගැඹුරු දේශපාලන තර්කයකි. ඒ තර්කයේ ගැඹුර වටහා ගත් දිනක ගම පමණක් නොව රටම දිනා ගැනීමට ජවිපෙට හැකිවනු ඇත.

යුතුකම සංවාද කවය




අනවශ්‍ය දේවල්

  • 174,437 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූලි 2018
බ්‍ර සි සෙ
« ජුනි    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements