Archive for the 'සුනන්ද' Category

12
නොවැ.
18

ලංකාවේ ලේ වැගිරෙනවා කියමින් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ඉල්ලන රනිල් බූරුවා

 

Advertisements
09
නොවැ.
18

මේක සිංහල බෞද්ධ රට.. මම දෙමළ..හරිද..ඔයා මුස්ලිම්නේ.. හැම ජාතියකම මිනිස්සු ඉන්නවා…

නරක අදහසක් නොවේ

අලුත් රටක්Like Page

මේක සිංහල බෞද්ධ රට.. මම දෙමළ..හරිද..ඔයා මුස්ලිම්නේ.. හැම ජාතියකම මිනිස්සු ඉන්නවා..අපි ඔක්කොම මිනිස්සු..ළමයා බඩගින්නේ අඬද්දීදී කන්න දෙන්න බැරි නම් ඔයාට කොච්චර රිදෙනවද..මට මේ රටේ මිනිස්සු උදවු කරලා තියෙනවා..මාව ගොඩ දාලා තියෙනවා..අපිත් පුලුවන් විදියට ඒක කරන්න ඕන..

අර්බුද නැති රටක් නෑ..අපි හිතනවා අපේ රට තමයි අර්බුද කියලා..දැන් තියෙන අර්බුදය ගැන ගත්තොත් මොනවහරි ප්‍රශ්නයක් නම් ඕක නීතියෙන් බේරගන්න..මේකට අහිංසක මිනිස්සුන්ව අදින්න එපා..මේ රටේ 60%ක් විතර ඉන්නේ දවසේ පඩියට වැඩ කරන අය..මොනවහරි උන ගමන් එයාලට කන්න නෑ..මේ ලංකාවේ 70%ක් විතර ඉන්නේ දුප්පත් මිනිස්සු..ඒගොල්ලන්ගෙ පඩිය ගත්තොත් රුපියල් 25000ක් විතර..ඉතින් ඒ ගම්වල ඉන්න මිනිස්සු බොහොම අමාරුවෙන් තුන්වේලක් කාලා ළමයින්ව ඉස්කෝලේ යවන්නේ..

මං ඕකට කතාවක් කියන්නම්..ඔය දෙමළ ඇමතිවරු කතා කරනවා අයිතිය, වෙච්ච දේවල් ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ..මං ඔය දේශපාලනය වැඩිය දන්නේ නෑ..ඇත්තටම කිලිනොච්චියේ වෙච්ච දෙයක් මේක සති දෙකකට කලින්..අවුරුදු 9 ක කෙල්ලෙක් සියදිවි නසාගත්තා..හේතුව මොකද දන්නවද..නිළ ඇඳුම් ප්‍රශ්නේ..ඒ පවුලේ ළමයි 3 දෙනෙක් ඉන්නවා..එක්කෙනෙක්ට 12..අනිත් එක්කෙනාට 7.. අනිත් කෙනාට 9..තාත්තගේ දවසේ පඩිය දෙසීයයි..අම්මා තමයි ළමයි බලාගන්නේ..බොහොම අමාරුවෙන් එක වේලක් කන්නේ..ඉස්කෝලෙට යවනවා තුන්දෙනාවම..ඒ ඇඳුම් සවුත්තු වෙලා හරි මොකක් හරි වෙලා දෙතුන් පාරක් ටීචර් කිවුවා අලුත් එකක් ගන්න..දැන් කූපන් එකක්නේ දෙන්නේ..අරගෙන මහගන්න ඕන..ඉතින් ඕක ගත්තට පස්සෙ මහගන්න රුපියල් 200ක් 250ක් යනවලු..ඒ සල්ලි නෑ..බැලුවා බැලුවා අන්තිමට මේ ළමයා සියදිවි නසාගත්තා..ඒක බලන්න එක්කෙනෙක්වත් එක ඇමතියෙක්වත් නෑ..කවුරුත් දන්නෙත් නෑ..අපේ තියෙනවා දුප්පත් මිනිස්සුන්ට උදවු කරන්න පදනමක්..එයාලට මේක ආරන්චි වෙලා ගිහිල්ලා..මන් මේ දුන්නට කියනවා නෙමේ මං 25000ක් දුන්නා..අනිත් ළමයි දෙන්න වෙනුවෙන් හැම මාසෙම රුපියල් 10000 ගානේ දෙනවා අඩුම ගානේ මේ වගේ තව එක දෙයක් වත් සිද්ධ නොවෙන්න..එක මන්ත්‍රී කෙනෙක් නෑ එක ඇමතියෙක් නෑ..ඒ අම්මා අඬනවා..

අපි මෙහෙම හිතමුකෝ..ඔයාට ලමයි දෙන්නෙක් ඉන්නවා..ඔයාගේ ප්‍රධානම දේ මොකක්ද ඒ ළමයින්ට තුන් වේලක් කන්න දෙන්න..ඊළඟට ඉගැන්වීම..ඒ දෙකනේ ප්‍රධාන..ඇඳුමක් ගන්න හෝ තව දේවල් ගන්න හෝ ඒවා ඊළඟට..මේ රටේ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ හරි අමාරුවෙන්..පරිප්පු වලින් රුපියල් 5ක් පෙට්‍රල් වලින් 10ක් ගියාට කොළඹ ඉන්න ලක්ශෙකට වඩා පඩි ගන්න සමහර මිනිස්සුන්ට මේ වෙනස තේරෙන්නේ නෑ..ඒ නිසා මේ රටේ ඉස්සෙල්ලම බලන්න ඕන ඕක..ප්‍රජාතන්ත්‍රවාදය නීතිය වගේ දේවල් දෙවනුවයි..මේ රටේ මිනිස්සු මට බනී..නීතිය ප්‍රජාතන්ත්‍රවාදය මිනිස්සු තම තමන්ට ඕන විදියට හරෝගන්නවා..ඔයා වරදක් කළත් ඒක නිවැරදි කරන්න දක්ෂ ලෝයර්ස්ලා ඉන්නවා..සල්ලි තියෙනවා නම් ඕන දෙයක් කරගන්න පුලුවන් මේ රටේ..

මාධ්‍යවේදියා :- ඒ කියන්නේ මුරලි කියන්නේ ඒවට මූලිකත්වය දෙන්නේ නැතුව මිනිස්සුන්ගේ දෛනික ප්‍රශ්න විසඳන්න ඕන කියලා මූලිකවම?

ඉතිං ඒකටනේ පාර්ලිමේන්තුවට නියෝජිතයන්ව යවන්නේ මිනිස්සු ඒ පළාත්වල ඉඳන්..

මාධ්‍යවේදියා :- ගොඩක් වෙලාවට උතුරේ දේශපාලකයන්ගෙන් ඇහුවොත් කියන්නේ උතුරට දේශපාලන විසඳුමක් ඕන …. ( ප්‍රශ්නය අහලා ඉවර වෙන්න කලින්ම මුරලි උත්තර දෙයි )

මොනවද..මං අහන්නේ ඔයාගෙන් මොනවද උතුරට කියලා දේශපාලන විසඳුමක් ඔයාට දෙන්න පුලුවන් කියලා කියන්න බලන්න..මම කියන්නම්.. මම දෙමළ..හරිද..ඔයා මුස්ලිම්නේ.. හැම ජාතියකම මිනිස්සු ඉන්නවා..අපි ඔක්කොම මිනිස්සු..මගෙන් කෑල්ලක් කැපුවත් ලේ යන්නේ ඔයාලගෙන් කෑල්ලක් කැපුවත් ලේ යන්නේ..හරිද..මේවා මේ ඉතිහාසේ ඉඳන් මිනිස්සු හදාගත්තු දේවල්..1977 දී අපේ ගෙවල් ඔක්කොම පිච්චුවා..අපේ තාත්තගේ තාම තියෙනවා කඩුවෙන් ගහලා මැහුම් 18ක් දාපු එක..බොහොම අමාරුවෙන් තමයි බේරුනේ..ඒත් අපේ තාත්තා රට දාලා ගියේ නෑ..නෑදෑයෝ ඔක්කොම ගියා රට දාලා ඔක්කොම ඉන්දියාවේ ඉන්නේ..ඒත් අපි ගියෙ නෑ..1983 අපිට මොනවත් උනේ නෑ..අපි විස්වාස කරනවා අපි මේ රටේ පුරවැසියෝ..ඇත්ත අපේ සීයලා ආවේ ඉන්දියාවෙන්..ඒ වුනාට අපි දැන් ලංකාවේ පුරවැසියෝ..

ජාතීන් වශයෙන් ගත්තොත් වැරදි දේවල් උනා දෙපැත්තෙන්ම..මං කියන්නේ නෑ සිංහල මිනිස්සු වැරදී කියලා ඔක්කොම..5% ක් හිටියා දේශපාලන ගේම් වලදී අයුතු ප්‍රයෝජන අරන් තමයි මේවා කළේ..මුළු රටම විනාශ වුනා..ඒ වගේමයි ප්‍රභාකරන්..එයා පටන් ගත්තා දෙමළ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න..මුල් කාලේ කළා..ඒත් ඊට පස්සේ එයත් පටන් ගත්තා මිනී මරන්න..දෙපැත්තෙම මිනිස්සු මැරුනා..දැන් මේ යුද්ධයක් ඉවර කරලා තියෙන්නේ..ඉතින් 2009න් පස්සේ එයාලා ඉල්ලනවා නම් අපේ ප්‍රජා අයිතිය නෑ අරක නෑ මේක නෑ කියලා ඒක අසාධාරණයි..අපිත් සාධාරණ වෙන්න එපැයි..80ක්% විතර ඉන්නේ සිංහල බෞද්ධයෝ..ඒගොල්ලන්ට අයිතියි මේ රට..කොච්චර නෑ කිවුවත්..ආගම් වලින් බැලුවොත් අපි සුලු ජාතිකයෝ..

මං ඉස්කෝලේ ගියා දක්ෂතාවය තිබුන නිසා මං ආවා..මගේ දක්ෂතා වලදී සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියලා බලලද මට සපෝට් කළේ..ඒක තමයි වෙන්න ඕන..බොරුවට මේ මෙයාලා ඇවිල්ලා අපි පෙනී සිටිනවා කිවුවට දේශපාලකයෝ සාමාන්‍ය මිනිහා ගැන බලලා නෑ..මම නම් කියන්නේ නෑ මේ රටේ හිටපු ජනාධිපතිවරු දෙන්නෙක් විතරයි දුප්පත් මිනිහා ගැන බැලුවේ..ඔයාලම හිතාගන්න කවුද කියලා..නැත්තම් කියයි මම එයාලට දේශපාලනිකව සපෝට් කියලා..මම කාටවත් සපෝට් නෑ මම සපෝට් කරන්නේ දුප්පතාට උදව් කරලා එයලව ගොඩගන්න අයට විතරයි..මට පක්ෂයක් නෑ..දුප්පතාට උදව් කරන්නේ කවුද මම එයාලට සපෝට්..

මට මේ රටේ මිනිස්සු උදවු කරලා තියෙනවා..මාව ගොඩ දාලා තියෙනවා..අපිත් පුලුවන් විදියට ඒක කරන්න ඕන..ඒකයි මං ෆවුන්ඩේශන් එකක් හැදුවේ දැන් අවුරුදු 18ක් වෙනවා මං මේක හැදුවේ 2000 දී..මායි රණසිංහයි හදලා දැන් දිස්ත්‍රික්ක 12 ක තියෙනවා..අපේ වියදම මිලියන 200ක්..මගේ සල්ලිත් දානවා පිටරටින් ගේනවා..මොනවා හරි කරනවා..අපිට මිලියන 200ක් එකතු කරලා මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් නම් අපි පාර්ලිමේන්තුවට යවන අයට බැරි ඇයි? ඒගොල්ලන්ට කියන්න බෑ අපි මේ ණය ගත්තු නිසා කියලා..තාත්තා කෙනෙක් ගෙදරක් පාලනේ කරන්නේ කොහොමද..බලනවා කොහොමද කරන්නේ කියලා..ණය අරන් හරි කරනවා..ණය ගෙවන විදියක් බලනවා..වැඩිපුර වැඩ කරනවා..පාර්ලිමන්තුවට මිනිස්සු යවන්නේ රට පාලනය කරලා මිනිස්සුන්ට යහපතක් කරන්නනේ..ඉතිං බඩු මිල වැඩි වෙද්දී අරක නිසා බෑ මේක නිසා බෑ කියලා කියන්න බෑ..මොකද දුන්නේ වැඩක් කරන්න..ඒක බෑ කියනවා නම් දාලා යන්න ඕන..නිදහසට කරුණු කියන්න බෑ..මට බෝල් කරන්න බැරි නම් මට නිදහසට කරුණු 25000ක් විතර කියන්න පුලුවන් මේක උනා මට මේක නිසා ඒක බෑ ඒක නිසා මේක බැරිඋනා කියලා..නටන්න බැරි මිනිහට පොළව ඇදයි වගේ කතාවක් ඒක..

අපි අමාරු කාලෙක ජීවත් වුනේ..1977 , 1983,සහ ජේවීපී ප්‍රශ්න කාලේ බයෙන් ජීවත් වුනේ..මේ ගේ හැදුවේ 1997..මම ක්‍රිකට් ප්‍රැක්ටිස් ගියේ අතුරු පාරවල් වලින්..බයයි පාර්ලිමේන්තු පාරෙන් යන්න කොයි වෙලේ බෝම්බයක් දායිද අපිත් අහුවෙයිද කියලා..එහෙමයි ජීවත් වුනේ දෙමළ වෙලත්..දැන් යුද්ධේ ඉවර වුනාට පස්සේ නිදහසේ යන්න පුලුවන්..ඒකනේ නිදහස..ඒ නිදහස හැමතැනම තියෙනවනේ අද යාපනේ යන්න පුලුවන්නේ..මම යුද්ධ කාලෙත් යාපනේ ගියා..එක්සත් ආතීන්ගේ සංවිධානයත් එක්ක වැඩ කරද්දී ජපානෙන් දීපු ආහාර බෙදලා දෙන්න ගිහින්තමිල් චෙල්වම් වත් හම්බෙල තියෙනවා..දැන් ඕවා මුකුත් නෑනේ දැන් දුප්පත් මිනිහා ගැන බලන්න පුලුවන්නේ..

මාධ්‍යවේදියා :- තාම යුද්දෙන් අතුරුදහන් වෙච්ච අයගේ මව්පියෝ හොයනවා එයාලව..මේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න ඔන නේද මුරලි..

මට කියන්න කොහොමද විසඳුමක් දෙන්නේ..කියන්න විසඳුම කොහෙන්ද ගන්න පුලුවන්..හිතමු ශෙල් එකක් ගහනවා ආමි එකෙන්..මැරෙනවා..කියන්න පුලුවන්ද මෙයාව තමයි මැරුවේ කියලා..එල්ටීටී..ඊ එකෙන් ගහනවා බෝම්බ දානවා..පැහැරගෙන ගියා කියනවා..උත්තර නෑ..යුද්ධයක් කියන්නේ ඕක..උත්තරයක් හොයන්න බැරි දේවල් ගැන කතා කරලා වැඩක් නෑ..අතීතය ගිහින් ඉවරයි..එහෙම වෙලා තියෙනවා නම් ඒ පවුල් වලට ජීවන උපක්‍රමයක් හදලා දීලා වන්දියක් දීලා ඒවා කරන්න ඕන..එයාලට විතරක් නෙමේ ආමි එකේ අයටත්..යාපනේ විතරක් නෙමේ මෙහේ බෝම්බ වලින් මැරිච්ච මිනිස්සු කොච්චර ඉන්නවද..දෙනව නම් ඒගොල්ලන්ටත් වන්දි ගෙවන්න..කරනව නම් හැමෝටම සමානව කරන්න ..දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ රටේ ආර්ථිකේ හදලා දුගී දුප්පත් මිනිහව උඩට ගන්න එක..එකිනෙකාට එක එක මත තියෙනවා..මේක අනුගමනය කරන්න කියලා මං කියන්නේ නෑ මේක මගේ මතය විතරයි..

ඉස්සෙල්ලම බලන්න ඕන දුප්පත්කම නැතිකරන්න..ලමයෙක්ට බඩගින්නේ ඉන්නැතුව තුන් වේලක් දෙන්න ඕන..පාර්ලිමේන්තුවට යවන මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් ඒක..

මාධ්‍යවේදියා :- ගොඩක් අය කියනවා හොඳය අයව දේශපාලනේට තොරගන්න ඕන කියලා..

කොහොමද හොඳ අයව ‍තෝරගන්නේ..සමහර වෙලාවට කියන ඒවා බොරු වෙන්නත් පුලුව්න්නේ..අරයා කමිශන් ගැහුවා මෙයා මෙහෙම කළා..ඒවා ඔප්පු කරන්න ඕන..කවුරු උනත් කොයි පක්ශේ උනත් කවුරුහරි චෝදනාවක් කරනවා නම් නීතිය ඉස්සරහා ඔප්පු කරන්න..දැන් ඔය තරඟ පාවාදීම් ගැන කතා කරනවනේ..ඕවා ඔප්පු කරන්න ඕන..ඒක ඒගොල්ලන්ට කරන අපරාධයක්..ඒ මිනිහට පාරෙ බැහැලා යන්න බෑ..සනත් ජයසූරිය ලෝක පූජිත ක්‍රීඩකයෙක්..මාත් එක්ක ක්‍රිකට් ගහන්නේ පොඩි කාලේ ඉඳන්..මගේ යාලුවා නිසා කියනවා නෙමේ..චෝදනා ඔප්පු කරනකම් එයා වරදකාරයෙක් නෙමේ..ඒත් පාරේ බැහැලා යන්න බැරි තැනට මිනිස්සු කතා කියනවා..දේශපාලකයන්ටත් සමහරුන්ට ඔහොමයි..බොරු කියල හරි මිනිහව සවුත්තු කරනවා..මම කියන්නේ ඕවා ඔක්කොම පැත්තකට දාන්න..

සාමාන්යෙන් මිනිහෙක් උනාම ජීවත් වෙන්න ක්‍රමයක්නේ ඕන..ඔයා තාත්තා කෙනෙක්..ළමයි ඉන්නවා..ළමයා බඩගින්නේ අඬද්දීදී කන්න දෙන්න බැරි නම් ඔයාට කොච්චර රිදෙනවද..අපිට සල්ලි තියෙනවා මේවා නිස..ඒත් දුප්පත් මනුස්සයට? මම කියන්නේ දේශපාලකයෝ ඒ තත්වේ බලන්න..ඉස්සෙල්ලම ඒක නිවන්න..අධ්‍යාපනය දෙවනුව..සෞඛ්‍යය තුන්වෙනුව..අනෙක්වා ඊට පස්සේ..තාත්තා කෙනෙක් පවුල බලාගන්නවා වගේ මේ රටේ ඔක්කොම ළමයි කියලා හිතලා දේශපාලකයා වැඩ කරන්න ඕන..බැරි නම් දාලා යන්න ඕන..මං ක්‍රිකට් බෝඩ් එකට කිවුවෙත් ඕක..කරන්න බැරි නම් දාල යන්න තව කෙනෙක්ට කරන්න අවස්ථාව දෙන්න..

මං ඔයාට කියන්නද කතාවක්..මාව ආසියා කුසලාන 2010 දී හොඳට බෝල් කර කර ඉද්දිත් මාව ඩ්‍රොප් කළා වෙන කාරණාවක් කියලා..හැබැයි ආයේ මාව මැච් එකට ගැස්සුවා..ඒකෙන් පස්සේ තමයි මං විශ්‍රාම යන්න තීරණේ කළේ..මාව විශ්වාස නැතිනම් වෙන මං වෙනුවට කෙනෙක් ඉන්නවා නම් මං ඉඳලා වැඩක් නෑ..ඒ වගේ දීලා යන්න ඕන..මිනිස්සු මට බනී..ඔයා හිතනවද ඔය ‍රැස්වීම් වලට මිනිස්සු එන්නේ මං දන්න විදියට එක්කෝ කන්න දීලි දීලා බස් එකෙන් ගෙනල්ලා බස්සන මිනිස්සු තමයි වැඩිපුර ඉන්නේ..ඒක ඉතින් එයාලගේ අයිතිය..එදා වේල හොයාගන්න මිනිස්සු කොළඹට ඇවිල්ලා කෑ ගගහා ඉදීද. මං දන්නේ නෑ මිනිස්සු පිළිගනීද කියලා..

පැය ගානක් ගියා ටයිප් කරන්න..ඒත් මේක වැදගත්..කියවලා බලන්න..

නිපුණ කෞශ්‍යාල්

22
ඔක්.
18

62 දෙලක්ෂයක්වූ…අම්ඹරැවන්ට කටෙන් සහ පුකෙන් හිනාවෙන මාමලා

62 දෙලක්ෂයක්වූ…අම්ඹරැවන්ට🐃🐃🐃
ලොවෙත් නැති මිල සූත්රයක් පෙන්වා….

කටෙන් සහ පුකෙන් හිනාවෙන UNP කොමිස් කාක්කෝ…….

19
ඔක්.
18

හැමිනෙන මිල සුත්‍රය… (මුන්ට චන්දය දුන්නු තොපිට හෙන ගහනවා)

18
ඔක්.
18

ගෝඨා කවුද?

Matugama Api Mahindata

ගෝඨා කවුද?

ගෝඨාභය පිළිබඳ බෙහෙවින් කතාබහට ලක්වන වෙනත් කාලයක් තිබුණේ නැති තරම්ය. ඒ තරමටම ආණ්ඩු පක්ෂයේ බහුතරයකුත් විපක්ෂයේ බහුතරයකුත් ගෝඨා ගැන කතා වෙන්නේ රටේ තීරණාත්මක කාලවකවානුවකදීය.

“ජනාධිපතිවරණයට එන්නේ ගෝඨා”
“ගෝඨා එන්නෙ නෑ. එන්නෙ බැසිල්”
“මහින්ද තමයි තීරණය ගන්නෙ. සමහර විට මධ්‍යස්ථ කෙනෙක් වන චමල්ව දාන්න පුළුවන්”
“බැසිලුත් නෙවෙයි, ගෝඨාත් නෙවෙයි, ශිරන්තිව දාන්නත් පුළුවන්”
“ඔය කවුරුවත් නොවේ දාන්නෙ දිනේෂ්ව”

මේ රටේ තොටේ ජනතාව හැම තැනම කතා වෙන දේය. එයින් බහුතරයකගේ කැමැත්ත මේ අතරින් කවුරුන් හෝ විය හැකිය. එහෙත් එය මහින්ද අතේ තියෙන තීන්දුවක් නිසා ජනතාව අතර මේ ගැන උනන්දුවක් ඇති අය සිතන්නේ ඒ ගෝඨා විය හැකිම බවය. එසේ නොවේ නම් බැසිල් හෝ චමල් විය හැකි බවය. කෙසේ වෙතත් ‘ගෝඨා’ සාධකය ප්‍රබලය.

එසේ නම් විරුද්ධ පාර්ශ්වයේ එනම් රනිල් පිලේ විරෝධතාව එළිපිට දැක්වූයේ නැතිවුවත් ගෝඨා යම් කතාබහකට ලක්වූ අයකු වී හමාරය. එබැවින් හිටපු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් නොව එකී භූමිකාවෙන් බැහැරව ගෝඨා ජනාධිපති අපේක්ෂකයකු වන්නේ නම් ඔහුට ඒ සඳහා ඇති සුදුසුකම කුමක්දැයි විමසිය යුතුය.

ගෝඨා ආරක්ෂක ලේකම් වන්නට පෙර යුද බිමේ සටන් පෙරමුණේ ඉදිරියෙන්ම සිටි සෙන්පතියකු නිසා යුද බිමෙන් දේශපාලන කරළියට පැමිණි ලෝකයේ බලවත් රාජ්‍යයන්ගේ නායකයන් සිහිපත් කරවන්නේය. ඔවුන්ද යම් දැක්මක් සහිත වූවෝ වෙති.

ගෝඨා ජනාධිපති තරගයට දමන්නේ නම් උතුරු නැඟෙනහිර ඡන්ද සඳහා ඔහුගේ ආමන්ත්‍රණය හා දැක්ම වැදගත්ය. ගෝඨා උතුරු නැඟෙනහිර ජනතාවගේ සැබෑම ප්‍රශ්නය ඇති තැන හඳුනාගත් හැටි දක්වන්නේ මෙසේය.
“උතුරේ ජනතාවට දේශපාලන නිදහසට පෙර ආර්ථික නිදහස අවශ්‍යයි. කොටි සංවිධානය පරාජයට වඩා ලොකුම ජයග්‍රහණය හැටියට මා සලකන්නේ ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සමයේ සංවර්ධනයයි. අන්තර්ජාතික ප්‍රජාව හෝ අන්තර්ජාතික සංවිධාන මේ තත්ත්වය තවම හඳුනාගෙන නැහැ. 2009-2014 අපි බොහෝ දේ ලබා ගත්තා. ඒ කෙටි කාලයේදී යටිතල පහසුකම් ඇති කළා පමණක් නොව දේශපාලන වශයෙන්ද බොහෝ දේ ඇති කර ගත්තා. මා තදින්ම විශ්වාස කරන්නේ උතුරේ ආර්ථික නිදහස ඉතා වැදගත් බවයි. දේශපාලන නිදහසට පෙර ආර්ථික නිදහස ඔවුන්ට අවශ්‍ය වන්නේ ඒ නිසයි”

ගෝඨාභය රාජපක්ෂ
2018.04.10

දෙමළ ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන ඊනියා දෙමළ දේශපාලන නායකයන්ගේ බොරුව හෙළි කරන ගෝඨා උතුරේ ජනතාවගේ අත මිට සරුවන වැඩසටහනකට සිත යොමන බව ඉඟි කරයි. ප්‍රභාකරන්ලාට එකතු වූ දෙමළ තරුණ තරුණියන්ට එදා නොලැබුණු ආර්ථික නිදහස වත්මන් දෙමළ තරුණ තරුණියන්ට ලබාදීමෙන් ඔවුන් අවි ඔසවන තැනින් මුදා ගන්නා තැනකට ගෙන ඒම ගෝඨාගේ දැක්ම බව පෙනේ.
රටට සංවර්ධනය පිළිබඳ කතිකාවක් අවශ්‍ය බව ගෝඨා කියන්නේය. එය පවතින සංවර්ධනයට පිටින් යන යථාවාදී එකක්ද නැත්ද යන්න පිළිබඳ කතිකාවක් රට තුළ ඇතිවූයේ ගෝඨා දැක්වූ අදහසක් නිසාය.

“හරි නායකත්වයක් ලබාදී කැපකිරීමකට යොමුකර හරි අරමුණක් ලබාදී ඉදිරියට යනවා නම් සාර්ථකත්වය අහිමි වන්නේ නැත. ජනතාව නිරන්තරයෙන් නායකත්වය දෙස බලති. නායකත්වය අවංක යැයි ජනතාවට හැඟෙන්නේ නම් හරි අරමුණක් කරා ගමන් කරන බව වැටහෙන්නේ නම් ක්‍රමයෙන් අනෙක් අයත් ඒ වෙත යොමු කරවන්නට පුළුවන. ආයතනයක් වුවත් රටක් වුවත් දියුණු කළ හැක්කේ එලෙස යොමු කිරීමෙනි. ලෝකයේ දියුණු රටවල් මෙන්ම ආයතනද සනාථ කරන ඇත්ත එයයි. ලංකාවේ අපි සිටින්නේ එවන් තැනකදැයි ආපසු හැරී බැලීම අවශ්‍යය”.

ගෝඨාභය රාජපක්ෂ
2018-04-12 පුවත්පතකට

රටක් සංවර්ධනය කළ හැක්කේ ස්ථිර දැක්මක් සහිත අරමුණක් වෙත යෑමෙන් බව මින් ධ්වනිතය. එය සෘජු තීන්දු තීරණ හා බැඳුනකි. එබැවින් ගෝඨා කියන හැටියට සංවර්ධනයට නව කතිකාවක් අවශ්‍යය. එමෙන්ම රටේ දිළිඳුකම පිටුදැකීම සඳහාද ඔහු දක්වන අදහස වෙනස් වූවකි.

“දිළිඳුකම පිටුදැකීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ බව අපි දනිමු. එසේ තිබියදීත් දිළිඳුකම තුරන්ව නැත්තේ ඒවා නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙනි. ඒ වගේම මේවායේ ප්‍රතිලාභ ඇත්තටම ලැබිය යුත්තේ කාටද යන්න නිවැරැදිව සොයා බලා කටයුතු නොකිරීමද මේ අසාර්ථකත්වයට හේතුවකි. මූල්‍ය ආධාර දීමෙන් පමණක්ම දිළිඳුකම තුරන් කළ නොහැකි බවද මේ හරහා තහවුරු කර තිබේ. පුද්ගලයන්ගේ හැකියාව වර්ධනය කිරීමෙන් පමණක් මේ අභියෝගය ජයගත හැකි බවද අමතක නොකළ යුතුය.
මේ පිරිස්වලට රැකියාවක් කිරීමට ඇති හැකියාව දියුණු කිරීමෙන් දිළිඳුකමට විසඳුම් ලබාගැනීමට හැකි වනු ඇත. දිළිඳු අය ජීවත්වන ප්‍රදේශයෙන්ම මේ හැකියාව ලබාගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට පුළුවන. දීර්ඝ කාලයක් තිස්සේ යම් වැඩසටහන් ක්‍රියාවට නංවා ඒවායෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී ඇත්තේ ප්‍රධාන වශයෙන් අධ්‍යාපනය ලබාදීමේ ප්‍රශ්නයක් නිසා විය හැකිය. ඒ නිසා මූලිකව මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීම මෙහිදී අතිශයින් වැදගත්ය”.

ගෝඨාභය රාජපක්ෂ
2018-05-03

නගර අලංකරණය ගැන ගෝඨාට හොඳ ප්‍රතිචාරයක් ජනතාවගෙන් ලැබුණු නිසා පක්ෂ විපක්ෂ කවුරුත් ඒ ගැන පැසසුම් කිරීමට පසුබට නොවෙති. රටේ ප්‍රධානම ප්‍රශ්නයක් වී ඇති, සංවර්ධනයට බාධාවක් වී ඇති වාහන තදබදය ගැනද ගෝඨා අලුත් අදහස් ඇතිව කතා කිරීම කතාබහට ලක්වූවකි. මේ ඒ ගැන ගෝඨා පුවත්පතකට කියූවකි.

“නගරයෙන් එපිට රථගාලක මෝටර් රථය නවතා පොදු ප්‍රවාහනයේ ගමන් කරන සංකල්පය පෙරට ගන්නට පුළුවන. බොහෝ මෝටර් රථ පාවිච්චි වන්නේ කාර්යාලවලට යෑමට පමණි. මේවායේ බොහොමයක ගමන් කරන්නේ තනි පුද්ගලයෙකි. මේ පුද්ගලයාට වඩා පහසුවෙන් තමන්ගේ කාර්යාලයට යෑමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්නේ නම් අතිශය බහුතරය එය ප්‍රයෝජනයට ගැනීමට පසුබට නොවනු ඇත. මේ සංකල්පය ක්‍රියාවට නැංවීමේදී උසස් ප්‍රමිතියේ සැප පහසු බස් රථ සේවයට එක් කළ යුතුය. මේ සංකල්පයේදී මොරටුව, මාලබේ, කඩවත ආදී ප්‍රදේශවල ප්‍රමාණවත් වාහන නැවතුම් පොළවල් ගොඩනඟන්නට පුළුවන. එම ස්ථානවලින් දියුණු පොදු ප්‍රවාහන සේවා විවිධ ප්‍රදේශවලට ආරම්භ කළ හැකිය. ඒ වගේම සවස් කාලයේ මේ ක්‍රියාවලිය අනෙක් දිශාවට කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වූවකි”.

මොනෝ රේල් රථවාහන තදබදයට හොඳ විසඳුමකි. බොහෝ රටවල මෙය භාවිත වන ක්‍රමයකි. මාලබේ සිට බොරැල්ලටත් එතැන් සිට ඇස්වාට්ටුවට, කොටුවට, කොල්ලුපිටියට, කොටහේනට, මොනෝ රේල් ධාවන කිරීමේ සැලසුමක් තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ
2018-06-17

රටේ දැවෙන ප්‍රශ්නයක් වූ කුණු කසළ බැහැර කිරීමේ ගැටලුවට ස්ථිරසාර විසඳුමක් තවමත් ලැබී නැති මොහොතක ගෝඨාගේ දැක්ම මෙසේ විස්තර කර ඇත.

“කසළ නිෂ්කාශනයට ක්‍රමවේදයක් යෙදිය යුත්තේ මධ්‍යම රජයේ මැදිහත් වීමෙනි. දුප්පත් පොහොසත්, දියුණු නොදියුණු, සංවර්ධනය වෙමින් පවත්නා සෑම රටකටම කසළ නිෂ්කාශනය ප්‍රශ්නයට මුහුණ දීමට සිදුව තිබේ. එනිසා මේ ප්‍රශ්නය ලංකාවට පමණක් සීමා වූ කාරණාවක් නොවේ. අනෙක් රටවල් මේ සම්බන්ධව විවිධ පර්යේෂණ කර, විවිධ ක්‍රම යොදා ඉහළ තත්ත්වයකට කසළ කළමනාකරණය පත් කරගෙන තිබේ. ඒ නිසා මේ චක්‍රය අලුතෙන් සෙවීමේ වුවමනාවක් අපට නැත. සාර්ථකව මේ කටයුත්ත කෙරෙන රටවල් පිළිබඳ ක්‍රමවත් අධ්‍යයනයක් කර ඒවායෙන් හොඳම ක්‍රමවේදය අපේ රටට ගළපාගන්නට පුළුවන. කසළ පුලුස්සා ඉන්ධනයක් ලෙස භාවිතයට ගෙන විදුලිය බවට හැරවීමේ තවත් ක්‍රමයකි. චීනයේ කසළ පුලුස්සා විදුලිය නිපදවන ව්‍යාපෘතියට දිනකට කසළ මෙටි්‍රක් ටොන් 2,000ක් ගෙනැවිත් පිළිසකර කරනු ලැබේ. කොළඹ, කඩුවෙල, මහරගම ආදී ප්‍රදේශවල කසළ ප්‍රශ්නයට ටොන් 2,000ක පමණ මෙවන් ව්‍යාපෘතියකින් ස්ථිර විසඳුමක් සොයන්නට පුළුවන”.

ගෝඨාභය රාජපක්ෂ
2018-05-24

ගෝඨා තායිලන්තය වැනි රටවල ආදර්ශ හඳුනාගත් බවක් මතු කරමින් කුඩා ව්‍යාපාර හා ව්‍යවසායකයා පිළිබඳ නව දැක්මකින් කතා කිරීමද කතාබහට ලක්කළ යුතුව තිබෙන්නකි.

“කුඩා හා මධ්‍යම ව්‍යවසාය බිහිකර දියුණු කිරීමේදී ඒවා මුල් කාලයේදී නිසි විගණනයකට ලක් කිරීම, නවීන තාක්ෂණය හඳුන්වා දීම යනාදිය සම්බන්ධයෙන්ද යම් ක්‍රමවේදයක් යොදන්නේ නම් සාර්ථක වීම ලබන්නට පුළුවන. මහා පරිමාණ ව්‍යවසායකයන්ට මේ වෙනුවෙන් සිත නැවෙන්නට පුළුවන. ඔවුන්ගේ සමාජ වගකීම් ව්‍යාපෘතිවලින් යම් කොටසක් මෙවන් ක්‍රියාවලියකට යොදන්නේ නම් ඔවුන්ට මෙන්ම සමාජයටත් ඵලදායී වනු ඇත. තමන්ට ව්‍යවසායකයකු විය හැකි බවට විශ්වාසයක් සමාජයේ සෑම කෙනකු තුළම ගොඩනැඟීම මෙහි මූලික අරමුණ විය යුතුය. රැකියා සොයන්නකු වෙනුවට රැකියා නිපදවන්නකු බවට පත්කිරීම මේ හරහා සිදුවිය යුතුය”

ගෝඨාභය රාජපක්ෂ
2018-05-31

ගෝඨාභය පිළිබඳ විවිධ කතා පැතිර යන වෙලාවක ඔහු දක්වන දැක්ම කතාබහට ලක්වීම කළ යුත්තකි. රටට අවශ්‍යව ඇත්තේ දර්ශනයක් සහිතව නිවැරැදිව ගමනක් යා හැකි පිරිසක් වන නිසා මේ කියැවීම කළ යුත්තකි.

ගෝඨා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද එසේ නොවූවද මේ කියැවීම් වැදගත්ය. මීට සාරවත් යමක් එකතු කරන ප්‍රබුද්ධයන් සමඟ යහපත් සැලසුම් සැකසිය යුතුය. එය රටට අවශ්‍ය දර්ශනය ගොඩනඟන්නට සමත් වීමට මඟ පාදන්නේය.

ගෝඨාභය නමැති සාධකය සමාජය තුළ කතාබහට ලක්වන්නේ විවිධ පැතිකඩ ඔස්සේ වුවත් මේ සංවාදය රට පුරා කෙරිය යුත්තේය.

එහි ඵලය වන්නේ යහපත් වැඩපිළිවෙළක් ඉදිරියට මතුවීමය. එම මඟ යා යුත්තේ කෙසේදැයි කවුරු කවුරුත් සිතිය යුතුය. නිමැවුම් කළ යුතුය. එකට එකතු විය යුතුය.

#GR

10
ඔක්.
18

SEMA වසා වස නොකන්නට නම්… ශ්‍යාමන් හේමකොඩි,

SEMA වසා වස නොකන්නට නම්……..
අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01.
අතිගරු ජනාධිපති තුමනි,
උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය (SEMA) අහෝසි කිරීමේ කැබිනට් තීරණය සම්බන්ධයෙනි.
‘වසවිස නැති රටක්‘ ජාතික වැඩසටහන විෂ කෘෂි රසායන සහ රසායනික පොහොර භාවිතය හේතුවෙන් මෙරට ජෛව පරිසරයට සහ මානව සම්පතට සිදු වෙමින් පවතින දැවැන්ත ව්‍යසනයට පිළියමක් ලෙස වත්මන් රජය විසින් හඳුන්වා දී ක්‍රියාත්මක කරන ලද පුමුඛ ජාතික වැදගත්කමක් සහිත දැවැන්ත ව්‍යාපෘතියක් මෙන්ම ඔබ විසින් ඔබගේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශණයෙන් ජනතාව වෙත ලබා දෙන ලද ප්‍රධාන ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඥාවක් බවත් ස්තුති පූර්වකව සිහි කරනු කැමැත්තෙමි.
මෙම වැඩසටහන ක්‍රියාවට නැන්වීම ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය (SEMA) වෙත පවරන ලද බවද, ඒ සඳහා අවශ්‍ය වන සියලු මූල්‍ය ප්‍රතිපාදන සහ අනෙකුත් පහසුකම් රජය විසින් මේ තාක් නොඅඩුව ඊට සපයන ලද බවද මගේ වැටහීමය.
කෙසේ වුවද, සෙමා ආයතනය විසින් රජයට නිර්දේශ කරන ලද පරිදි ගොවීන්ගේ පොහොර සහනාධාරය මුදලින් ලබා දීම, ග්ලයිෆෝසේට් තහනම, ප්‍රමිතියකින් යුතුව වසවිස නැති ගොවිතැන ව්‍යාප්ත කිරීම යන ප්‍රමුඛ සහ වැදගත් ප්‍රතිපත්ති තීරණ ඔබ විසින් රට තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය.
එහෙත් එම ප්‍රතිපත්ති තීරණ සක්‍රීය ලෙස රට තුළ පවත්වාගෙන යාම සඳහා පිළිගත හැකි තරම් සාධනීය ජාතික මට්ටමේ ක්‍රියාකාරීත්වයකට ළඟා වීමට බරපතල පරිපාලන හා මෙහෙයුම් කළමනාකරණ නොහැකියාවන් හේතුවෙන් සෙමා ආයතනය අසමත් වී ඇත.
ඒ හේතුවෙන් රජය ජනතාව අතර අපහසුතාවයට පත් වූ අතර, මෙහි ප්‍රතිපලයක් ලෙස මේ වන විට ඔබ විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් සම්මත කිරීම තුළින් එම ආයතනය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර දැමීම සඳහා නියෝග කර ඇති බව කාරුණිකව සිහිපත් කරමි.
මගේ වැටහීම අනුව, මෙම වැඩසටහන සහ ආයතනය ආසාර්ථක වීම සඳහා හේතු වූ ප්‍රධාන කරුණු පහක් ඔබගේ කාරුණික අවධානය පිණිස පහත දක්වමි.
  1. සභාපතිවරයාගේ පරිපාලන සහ කළමනාකරණ නොහැකියාව:
  • ආයතනයේ ප්‍රධාන විධායක තනතුරේ කටයුතුද ආවරණය කරන ලද්දේ සභාපතිවරයා විසින් වීම.
  • දිවයින පුරා ගොවීන්ගෙන් දැන්වීම් පල කර ගෙන්වා ගත් ව්‍යාපෘති වාර්තා පර්යේෂණවලින් තොරව ඉවත දමා ව්‍යාපෘතිය ඇරඹීම.
  • පස, පොහොර, දේශගුණය, බීජ හෝ ජලය පිළිබඳ කිසිදු මූලික පර්යේෂණයකින් තොරව 2016 දී රට පුරා අක්කර දහස් ගණනක ජෛවවිද්‍යාත්මක කෘෂිකර්මාන්තය ඇරඹීම හේතුවෙන් එය මහාපරිමාණ වශයෙන් අසාර්ථක වීම
  • නිත්‍ය සහ නිසි ආකාරයේ අංශ බෙදීමක් නොපැවතීම. නිත්‍ය අංශයක් ලෙස පැවතියේ මූල්‍ය අංශය පමණි. අනෙක් සියලුම අංශ, ඒවායේ වගකීම් පවරණ ලද නිලධාරීන්, ඔවුන්ගේ වගකීම් සහ ඔවුන් සේවය කළ කාර්යාල පරිශ්‍ර මාසයෙන් මාසයට වෙනස් කරන ජංගම ස්වභාවයේ ඒවා වීම.
  • සභාපතිවරයා කණ්ඩායම් වැඩ කෙරෙහි විශ්වාසය රහිත තනිව වැඩ කරන හිතුවක්කාර සහ මුරණ්ඩු පුද්ගලයෙකු වීම.
  • සියලු අංශවලට ඇඟිලි ගැසීම සඳහා සභාපතිවරයා විසින් නොවිධිමත්ව බලය පවරන ලද, රාජ්‍ය සේවයේ හෝ පුද්ගලික සේවයේ පලපුරුද්දක් හෝ අත්දැකීම් රහිත, ඔහුගේ විශ්වාසය දිනාගත් උඩඟු කණිෂ්ඨ නිලධාරිනියක් පර්යේෂණ සහ පොහොර පිළිබඳවද වගකීම දරමින් සියලු කටයුතු අවුලෙන් අවුලට පත් කිරීම.
  • සභාපතිවරයාට කිසිදු නිලධාරියෙකුට ඇහුම්කන් දීමේ හැකියාව නොතිබීම.
  • සියලු නිලධාරීන් සහ සේවකයින් සභාපතිවරයාගේ ප්‍රසිද්ධ උමතු බුරාගෙන පැනීමට සහ ඔහුගේ ප්‍රියතම කළමනාකාරිණියගේ උදහසට ලක්ව සභාපතිවරයාට කේලම් කීම හේතුවෙන් රැකියාව අහිමි වේය යන බියෙන් කටයුතු කිරීම.
2. සභාපතිවරයාගේ මූල්‍ය කළමනාකරණ නොහැකියාව:
  • ආයතනයේ වැටුප් පරිමාවන්, තනතුරු සහ පහසුකම් සුදුසුකම්, පළපුරුද්ද සහ කාර්යයන් මත නොව සභාපතිවරයාට සහ ඔහුගේ ප්‍රියතම කළමනාකාරිනියට දක්වන හිතවත්කම් මත ලබා දී තිබීම.
  • ඔබ විසින් ආයතනය පිළිබඳව පවත්වන ලද විගණන පරීක්ෂණයේ වාර්තාව මේ වන විට ඔබ වෙත ලැබී ඇති බැවින් මූල්‍ය සහ පරිපාලන අක්‍රමිකතා පිළිබඳව ඔබ දැනුවත් බවට සැකයක් නොමැත.
3. සභාපතිවරයාගේ සම්බන්ධීකරණ නොහැකියාව:
  • වසවිස නැති රටක් ජාතික වැඩසටහන කාර්්‍යක්ෂමව සැළසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබා ගත යුතුම වූ කෘෂිකර්ම අමාත්‍යංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ජාතික ආහාර වැඩසටහන, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැනි ආයතනවල ප්‍රධානීන් උපායමාර්ගික ව්‍යවසාය ආයතනය සමග හවුල්කර නොගැනීම.
  • ඔවුන් සමග, විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යංශයේ ස්ථිර ලේකම්වරයා සමග ගැටුම්කාරී පසමිතුරු සබඳතාවයක් පවත්වා ගැනීම.
4. සභාපතිවරයාගේ ප්‍රචාරණ නොහැකියාව:
  • වසවිස නැති රටක් ජාතික වැඩසටහන පිළිබඳ ප්‍රබල සහ දැනුවත් මහජන මතයක් ගොඩ නැන්වීම සඳහා, ක්‍රියාත්මක ස්වරූපයේ, සක්‍රීය, ප්‍රා යෝගික සහ නිරන්තර මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට අසමත් වීම සහ ඒ සඳහා විධිමත් හා ක්‍රියාකාරී මාධ්‍ය ඒකකයක් පවත්වා නොගැනීම.
5. සභාපතිවරයාගේ ප්‍රතිපත්ති සම්පාදන නොහැකියාව:
  • වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය වන අනෙකුත් රාජ්‍ය ආයතන සමග ඒකාබද්ධව සකස් කළ ප්‍රතිපත්තියක් හෝ සැලසුමක් නොවීම.
එසේ වුවද, ජෛවවිද්‍යාත්මක කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය හැකියාව සහිත කෘෂිවිද්‍යාඥයින්, සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් වෘත්තිකයින්, ජාතික සහ ප්‍රා දේශීය මට්ටමේ පුහුණුකරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයින් මෙන්ම අනෙකුත් සේවාවන්ට අයත් කාර්යමණ්ඩලයක්ද මෙම ආයතනයේ සේවය කරන අතර ඔවුන් වසර ගණනාවක් මුළුල්ලේම මෙම කාර්යයේ නියැලීම හේතුවෙන් ඒ පිළිබඳව මනා දැනුම, පුහුණුව, අවබෝධය සහ අත්දැකීම් සහිත පිරිසකි.
ශ්‍රී ලංකාවේ ගිලගනිමින් පවතින වගුගඩු රෝගය, අග්න්‍යාශයේ පිළිකා, බෝ නොවන රෝග සහ දැවැන්ත පරිසර විනාශයට හේතුව විෂ සහිත කෘෂි රසායන සහිත රසායනික කෘෂි කර්මාන්තය සහ ඒ හා බැඳුණු ආහාර සහ ජීවන රටාව බවත්, ඊට විසඳුම වන්නේ ජෛවවිද්‍යාත්මක කෘෂිකර්මාන්තය වෙත විතැන්වීම බවත් ලංකාවේ වෛද්‍ය සහ කෘෂික්ෂේත්‍රෙය් විද්වතුන් සහ පර්යේෂකයන් ගණනනාවක්ම මේ වන විටත් සිය පර්යේෂණ ඇසුරින් සනාථ කර ඇත.
මේ පිළිබඳව සිදු කළ විද්‍යාත්මක පර්යේෂණ සහ ජනතාව දැනුවත් කිරීමේ කාර්යයේදී ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඡ්‍යෙශ්ඨ කථිකාචාර්ය මහාචාර්ය චන්න ජයසුමන මහතා දැවැන්ත කාර්යභාරයක් ඉටු කර ඇති බව සිහිපත් කළ යුතුය.
එසේම මෙම කාර්යය සඳහා දේශපාලන අධිෂ්ඨානයක් සහ අධ්‍යාත්මික නායකත්වයක් සපයා මහජන මතයක් ඇති කොට මෙය ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරයේදී බෞද්ධ භික්ෂූවක සහ මහජන මන්ත්‍රීවරයෙකු වශයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ පිළිබඳව විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බවද ගෞරවපූර්වකව සිහිපත් කළ යුතුය.
එසේම වත්මන් කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමන් මෙම වැඩසටහනට අඛණ්ඩව දක්වමින් සිටින මහඟු හා සක්‍රීය දායකත්වය සහ කැපවීමද ස්තුති පූර්වකව අගය කළ යුතුය.
අතිගරු ජනාධිපති තුමනි, ජෛවවිද්‍යාත්මක කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීම සඳහා ගොවිතැන ජීවිතය හා බැඳුණු ඔබ විසින් දරණ ලද මේ පුරෝගාමී අති දැවැන්ත උත්සාහය ස්තුති පූර්වකව හා නිහතමානීව අගය කරමි.
වසවිස නැති ගොවිතැන, ශ්‍රී ලංකාවද එකඟ වී ඇති පරිදි වර්ෂ 2030 වන විට සමස්ත ලෝකය විසින් සපුරාගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්කවලින් එකක් වන අතර ඔබේ රජය පත් වීමෙන් පසු ඔබ විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ප්‍රමුඛතම සහ දැවැන්තම තිරසර සංවර්ධන උපායමාර්ගවලින්ද එකකි.
ඒ අනුව මෙය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ප්‍රමුඛ ජාතික වැඩසටහනක් බව අවිවාදිතය.
අතිගරු ජනාධිපති තුමනි, පහත දැක්වෙන යෝජනා ඔබගේ කාරුණික අවධානය සඳහා ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි.
1. උපායමාර්ගික කළමනාකරණ ආයතනය අහෝසි කිරීමේ තීරණය වෙනස් කර එය ජෛවවිද්‍යාත්මක කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාව තුළ සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි විධිමත් පරිපාලන සහ කෘෂි කළමනාකරණ හැකියාව සහිත සුදුසු සභාපතිවරයෙකුගෙන්, සුදුසු ප්‍රධාන විධායක නිලධාරියෙකුගෙන් සහ සුදුසු අධ්‍යක්ෂ මණ්ඩලයකින් (දැනට සිටින අධ්‍යක්ෂවරුන් සහ මෙම ආයතනයෙන් ඉවත් වන ලෙස සභාපතිවරයා විසින් දැනුම් දීම හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයකට පත්ව ගිය හිටපු අධ්‍යක්ෂ සිරිමලී ලියනගම මහත්මියද ඇතුළුව) සමන්විත පරිපාලන කළමනාකාරීත්වයක් ඊට පත් කිරීම.
2. ජනාධිපති ලේකම්වරයා හෝ අතිරේක ලේකම්වරයෙකු, කෘෂිකර්ම අමාත්‍යංශයේ ස්ථිර ලේකම්වරයා, ගොවිජන සේවා කොමසාරිස්වරයා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික පොහොර ලේකම්කාර්යාලයේ ප්‍රධානියා, ජාතික ආහාර වැඩසටහනේ ප්‍රධානියා සහ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වසවිස නැති රටක් ජාතික වැඩසටහනේ ස්ථිර උපදේශකවරුන් ලෙස සෙමා ආයතනය හා සම්බන්ධ කිරීම.
3. වසවිස නැති රටක් ජාතික වැඩසටහන සෙමා ආයතනය මගින්ම ක්‍රියාත්මක කරන අතරතුර කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන ජාතික කෘෂිකර්ම වැඩසටහන සමග ඒකාබද්ධ කරන ලද පුරෝගාමී වැඩසටහනක් ලෙස පවත්වාගෙන යාම.
4. ජෛවවිද්‍යාත්මක කෘෂිකර්මාන්තය, ජෛවිද්‍යාත්මක කෘෂිකර්මාන්තය සඳහා යොදාගත හැකි බීජ, ජෛවවිද්‍යාත්මක පලිබෝධ පාලනය, ජෛවවිද්‍යාත්මක පොහොර නිෂ්පාදනය, තිරසාර ජල කළමනාකරණය, ජෛවවිද්‍යාත්මක කෘෂි ආර්ථිකය සහ වෙළඳපළ සහ කෘෂිකාර්මික, පරිභෝජන සහ ජීවන ආකල්ප වෙනස් කිරීම ඇතුළු මෙම වැඩසටහනට අයත් අදාළ කාර්යයන් සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි පර්යේෂණ ආයතන, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල කෘෂි විද්‍යා පීඨ, වෛද්‍ය පීඨ, ශාස්ත්‍ර පීඨ, කළමනාකරණ හා මූල්‍ය පීඨ සහ සෙමා ආයතනය හා සම්බන්ධ කෘෂි විද්‍යාඥයින්ගෙන් සැදුම් ලද ඒකාබද්ධ පර්යේෂණ මණ්ඩලයක් සහ වැඩපිළිවෙළක් සැකසීම සහ පවත්වාගෙන යාම.
මෙම වැඩසටහන සහ සෙමා ආයතනය අසාර්ථක කළ පිරිස් ඉතා ඉක්මනින් මාධ්‍ය හමුවක් පවත්වා ඔවුන්ගේ වැරදි ජනාධිපතිවරයා වන ඔබ මත පටවා මෙතෙක් මහජන මුදල් මිලියන ගණනින් වියදම් කර වසවිස නැති ගොවිතැන ව්‍යාප්ත කිරීම සඳහා වර්ධනය කර ඇති ඇතැම් සම්පත්වලින් රාජ්‍ය නොවන සංවිධාන (NGO) අටවාගෙන නොමිලේම පුද්ගලික ව්‍යාපාරික කටයුතු ඇරඹීමට පෙර…..අතිගරු ජනාධිපති තුමනි, මෙම කරුණු ඔබගේ කාරුණික සහ ඉක්මන් අවධානයට ලක් කරන ලෙසත්, වසවිස නැති රටක් ජාතික වැඩසටහන සහ උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය නැවත ප්‍රතිව්‍යූහගත කර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගන්නා ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ස්තුතියි,
ශ්‍යාමන් හේමකොඩි,
(හිටපු) උපදේශක, උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය (SEMA)
10
ඔක්.
18

නෝර්වේ ගිය රනිල් දූත පිරිස හරි හොඳයි – (ජනපතිට ගහන ගමන් ලංකා ඊ නිව්ස් රනිල්ට කඩේ යාම)

නෝර්වේ ගිය රනිල් සහ දූත පිරිස කළ කී දෑ..! (Photo)

(ලංකා ඊ නිව්ස් – 2018.ඔක්.05, පෙ.ව.10.40) ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිසක් මේ දිනවල නෝර්වේ රාජ්‍යයේ තෙදින නිල සංචාරයක යෙදී සිටිති. පිරිස පසුගිය 03 වන දා සන්ධ්‍යාවේ ඔස්ලෝ නුවර එක්ස් එක්ස් එල් (XXL) ගබඩා සංකීර්ණයේ රොබෝ තාක්‍ෂණයෙන් ක්‍රියාත්මක වන ගබඩා කටයුතු නිරීක්‍ෂණය කළේය.

රොබෝ තාක්ෂණයෙන් ගබඩා කිරීම ලංකාවටත්
—————————-
එලිමන්ට් ලොජික්ස් (Element Logics) හා ටික්රි (TIQRI) තාක්‍ෂණික සමාගම්වල මෙහෙයවීමෙන් මෙම රොබෝ තාක්‍ෂණික කාර්යයන් සැලසුම් කොට ක්‍රියාත්මක වන අතර, මේ ඔස්සේ ඉතා කඩිනම් හා කාර්යක්‍ෂම ලෙසින් ගබඩාගත කිරීමට මෙන්ම, ඒවා යළි ඇසුරුම් කර නැව්ගත කිරීමට ද හැකියාව ලැබී ඇත.

ඇඟළුම්, වෙනත් නිෂ්පාදන මෙන්ම මත්ස්‍යයන්, එළවලූ හා පළතුරු ද මේ ආකාරයෙන් ගබඩා කිරීමටත්, ඇසුරුම් කිරීමටත් හැකියාව ඇති බව මෙහිදී අනාවරණය විය.

ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා මෙවැනි ගබඩා පිහිටුවීම සම්බන්ධයෙන් දැනටමත් මූලික සැලසුම් සකස් කර ඇති බව ද, මේ සමාගම් හා එක්ව ලබන දෙසැම්බරයේ ශ්‍රී ලංකාවේ ද මෙවැනි රොබෝ තාක්‍ෂණික ගබඩාවක් ඉදි කිරීමට පසුබිම සැකසී ඇති බව ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ව්‍යාපාරික හමුවක්..
—————————-
ඉන්පසුව දූත පිරිස එදින සන්ධ්‍යාවේ ඔස්ලෝ නුවර මෙෂ් ශාලාවේ දී ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර ව්‍යාපාර කටයුතුවල නියැලී සිටින ව්‍යාපාරිකයින් පිරිසක් සමග සුහද හමුවක් පැවැත්විණි.

මෙම සුහද හමුව ශ්‍රී ලංකාව සහ නෝර්වේ ව්‍යාපාරිකයින් විසින් සංවිධානය කර තිබූ අතර දෙරටේ ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල්ව හා විධිමත්ව පවත්වා ගෙන යා යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

සමුද්‍රීය ගමනා ගමන මෙහෙයුම් අධ්‍යයනය
—————————-
පසුදා එනම් 04 වැනි දා හෝර්ටන් නුවර පිහිටි කොන්ස්බර්ග් මෙරිටයිම් සහ කොන්ග්ස්බර්ග් නෝර්කොන්ට්‍රෝල් මධ්‍යස්ථානයේ නෝර්වේ සමුද්‍රීය ගමනා ගමන මෙහෙයුම් පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය වරයා ඇතුළු දූත පිරිස ගියහ.

කොන්ස්බර්ග් මෙරිටයිම් සහ කොන්ග්ස්බර්ග් නෝර්කොන්ට්‍රෝල් මධ්‍යස්ථානය වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස පිළිගනු ලැබූයේ එම ආයතනයේ උප සභාපතිවරුන් වන ලීනේ වෙස්ටර්ලොවාඩ් (Ms. Lene Vesterluad), බියොන් එල්වින් (Mr. Bjørn Alving) සහ හදිසි ප්‍රතිචාර ඒකකයේ අධ්‍යක්‍ෂ ජොහාන් මේරියස් ලි (Mr. Johan Marius Ly) යන මහත්ම මහත්මීහු විසිනි.

කොන්ස්බර්ග් මෙරිටයිම් සහ කොන්ග්ස්බර්ග් නෝර්කොන්ට්‍රෝල් මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු පිළිබඳ පැහැදිලි කිරීමකට සහභාගි වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස එහි ක්ෂේත්‍ර තුනක් ඔස්සේ මෙහෙයුම් කටයුතු සිදුවන ආකාරය පිළිබඳව නිරීක්‍ෂණය කළහ.

ධීවර කර්මාන්තය, ආරක්‍ෂක, ප්‍රවාහන කටයුතු පිළිබඳව මෙහිදී සිදු කෙරෙන මෙහෙයුම් පිළිබඳව දීර්ඝ ලෙස කරුණු දැක්වූ ආයතන ප්‍රධානීන් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ අත්දැකීම් ලබාදීමට සූදානම් බව ද දැනුම් දුන්නේය.

ඒ අනුව නෝර්වේ සමුද්‍රීය ගමනා ගමන මෙහෙයුම් පිළිබඳව කොන්ස්බර්ග් මෙරිටයිම් සහ කොන්ග්ස්බර්ග් නෝර්කොන්ට්‍රෝල් මධ්‍යස්ථානයේ තාක්‍ෂණික දැනුම සහ අත්දැකීම් ශ්‍රී ලංකාවට උපයෝගී කර ගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි අවධානයක් යොමු කළේය.

විදේශ ඇමැතිනිය හමුවීමෙන් ප්‍රතිලාභ රැසක්
—————————-
04 වන දා සන්ධ්‍යාවේ ඔස්ලෝ නුවර රාජ්‍ය අමුත්තන්ගේ නිල නිවස්නයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ලාංකේය දූත පිරිස නෝර්වේ විදේශ ඇමතිනී ඉනෙ එරික්සන් එස්ඔරෙයිදේ (Ms. Ine Eriksen Søreide) මහත්මිය හමුවූහ. එහිදී එස්ඔරෙයිදේ මහත්මිය පැවසූයේ ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියා වැඩ පිළිවෙල සඳහා නෝර්වේ රාජ්‍ය පූර්ණ සහය ලබා දෙන බව යි. සාමය හා සංහිදියාව ස්ථාපිත කරලීමේ අසීරු කාර්යභාරය සාර්ථක කර ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකාව මුළු මහත් ලෝකයටම ආදර්ශයක් සපයමින් සිටින බවද ඇය පැවසුවා ය.

ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍ය අතර ආර්ථික හා දේශපාලන සබඳතා ශක්තිමත් කරලීමේ සැලසුම් හා උපාය මාර්ග පිළිබඳව ද, මෙතෙක් දෙරට අතර පැවති ආධාර දීම හා ආධාර ලබාදීමේ සංකල්පයෙන් ඔබ්බට මේ සබඳතාවන් ගෙන යා යුතු බව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රයත්නය පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි. සාගර ආශ්‍රිත රටවල් අයත් වන විවිධ සංවිධානය අතර සහයෝගයක් හා ඒකමිතියක් ඇති කරලීමේ අවශ්‍යතාව පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැණිනි.

ධීවර සම්පත් සංවර්ධනය හා ධීවර කර්මාන්තයේ උන්නතිය සඳහා නව තාක්‍ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් දෙරටට ගත හැකි සාමූහික ක්‍රියා මාර්ග පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත පොලිස් හා අපරාධ යුක්තිය පිළිබඳ විශ්ව විද්‍යාලය සඳහා තාක්‍ෂණික සහයෝගය ලබා දීමට ද නෝර්වේ රාජ්‍යය එකඟ විය.

අගමැතිවරයා සමග මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හේෂා විතානගේ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ නොර්වේ හි ශ්‍රී ලංකා තානාපතිනී මහාචාර්ය අරූෂා කුරේ පිරිසක් චාරිකාවට එක් වී සිටිති.

අගමැතිවරයා සහ දූත පිරිසේ නොර්වේ සංචාරයේ අවස්ථා කිහිපයක් මෙහි ඇති සේයාරූ වල දැක්වේ.

Image may contain: 2 people, people standing and indoor
Image may contain: one or more people, people standing and suit
Image may contain: one or more people, people standing, ocean and outdoor
Image may contain: one or more people, people standing and indoor



අනවශ්‍ය දේවල්

  • 182,346 ක් බැළුවා

මරුවා වැහෙන දින

නොවැම්බර් 2018
බ්‍ර සි සෙ
« ඔක්.    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements