Archive for the 'සිරිසේන' Category

17
අගෝ.
18

විදේශ ඇමතියා තමන්ගේ රටට එරෙහිව වෙනත් රටක් විසින් ගෙන ආ යෝජනාවකට අනුග්‍රාහකත්වය දෙන අරුම පුදුම සිද්ධිය.

(අංකල් අපිට පිස්සු බං)

ලංකාව එකග වූ ගිවිසුමෙන් රණවරුවන් සහමුලින්ම පාවා දේ..

ඇමරිකාව හේග් ආක්‍රමණ පනත ගෙනේ.. ලංකව එකග වූ ගිවිසුමෙන් රණවරුවන් සහමුලින්ම පාවා දේ..

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙසේ අදහස් පල කලේය.

යහපාලනය බලයට ආ පසු කල පලමු දේශ ද්‍රෝහී ක්‍රියාව වූයේ 2015 මාර්තු මාසයේදී ජිනීවාහීදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලංකාවට එරෙහිව ඇමෙරිකාව විසින් ඉදිරිපත් කරනා ලද 30/1 නමින් හැඳින්වෙන යෝජනාවකට සම අනුග්‍රහය දැක්වීමය.

ජිනීවා 30/1 යෝජනාවලියේ මූලික අරමුණ වූයේ 30 අවුරුදු යුද්ධයකින් රට ගලවා ගත් ශ්‍රී ලංකාවේ විරෝධාර ආරක්ෂක හමුදාවන් යුධ අපරාධ කල බවට මතයක් තහවුරු කොට ශ්‍රී ලංකාවේ හමුදාව හා සිංහල ජනතාව අපකීර්තියට පත්කිරීම හා අන්තවාදී දෙමල ඩයස්පෝරාව විසින් විටින් විට නගන චෝදනා පදනම් කරගෙන ලංකාවේ හමුදා නිලධාරීන්ට හා ඔවුන්ට ඉහලින් සිටි රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයින් අන්තර් ජාතික අධිකරණ හමුවට ගෙන එමට පරිසරය සකස් කිරීමය. එහි අවශ්‍යම පියවරක් වූයේ ලංකා පාර්ලිමේන්තුව හරහා රණ විරුවන් දඩයම් කිරීමට පහසු පරිසරයක් සකසන නව නීති ගනනාවක් සම්මත කරවා ගැනීමය. එවකට විදේශ ඇමති මංගල සමරවීර යහපාලන රජය නියෝජනය කරමින් මේ යෝජනාවලියට ස්තූති පූර්වකව බාරගත්තා පමනක් නොව ඇමෙරිකාව සමඟ යෝජනාවට සම අනුග්‍රාහකත්වයද දැක්වීය.

ලංකාව වෙනුවෙන් එතෙක් මෙවැනි යෝජනාවලට එරෙහිව හඬ නැගූ පාකිස්ථානය , කියුබාව, රුසියාව හා චීනය වැනි රටවල් තුෂ්නිම්බූතව බලා සිටියේ ඉතිහාසයේ ප්‍රථම වරට ජිනීවා වලදී යම් රටක විදේශ ඇමතිවරයෙකු තමන්ගේ රටට එරෙහිව වෙනත් රටක් විසින් ගෙන ආ යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දෙන අරුම පුදුම සිද්ධියය. ඔවුන් කිසිවෙකුට ලංකාව වැටෙන්නට යන උගුලෙන් ගලවා ගැනීමට කල හැකි දෙයක් නොවුනේ ජිනීවාතොන්ඩුව ගෙල වටා ඔතා ගත්තේ ලංකාවේම විදේශ ඇමතිවරයා නිසාය.

මේ වන විට එදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කල ඇමෙරිකාවද මානව හිමිකම් කවුන්සිලයේන් ඉවත්ව ගොස් ඇත. පසුගිය ජූලි මාසයේ මානව හිමිකම් කවුන්සිලයේන් ඉල්ලා අස්වෙමින් ඇමෙරිකාව ප්‍රකාශ කලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉතාමත්ම පක්ෂාග්‍රාහී ලෙස කටයුතු කරන, එකිනෙකාගේ අවශ්‍යතා අනුව හැසිරවිය හැකි හොර ගුහාවක් බවය. ඒ නිසා තව දුරටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තීන්දු තීරණ පිලිගන්නට තමන් සූදානම් නැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත නිකී හීලී මහත්මිය පැවසුවාය.

එහෙත් ලංකාව ඒ අවස්ථාවෙන් වත් ප්‍රයෝජන ගත්තේ නැත. ඇමෙරිකාව කී දෙයම ප්‍රයෝජනයට ගෙන ජිනීවා යෝජනාව යන මර උගුලෙන් ගැලවෙන්නට යහපාලන රජයට තිබුන අවස්ථාව අවස්ථාවාදී දේශපාලනය හා දේශදෝහී මානසිකත්වය නිසා අතහැර දමන ලදී.

මේ ලිපිය එතනිනුත් එහාට ගොස් ඇමෙරිකාව තමුන්ගේ රණවිරුවන් සම්බන්ද කටයුතු වලදී අන්තර්ජාතික අධිකරණ දෙස බලන ආකාරය පිලිබඳවයි.

ලංකාවේ වත්මන් රජය රණවිරුවෙකු දේශපාලන වාසි තකා ඕනෑම යකෙකුට පාවා දෙන්නට දෙවරක් නොසිතුවද ඇමෙරිකාව ඔවුන්ගේ රණ විරුවන්ව කිසි විටක එසේ පාවා නොදෙයි. ඇමෙරිකාවේ උපදෙස් පිට ලංකාවේ අමන රජය රණවිරුවන් පාව දෙන්නට පරිසරය සකසන් නීති ලංකාවේ පාර්ලිමෙන්තුව තුල සම්මත කලාට ඇමෙරිකාවේ සම්මත වෙන්නේ එයට හාත් පසින්ම වෙනස් නීතිය. ඔවුන් නීති හදන්නේ රණවිරුවන් රකින්නටය.

උදාහරණයක් ලෙස 2002 වසරේ ඇමෙරිකාවේ සම්මත වූ රණවිරුවන් ආරක්ෂාකිරීමෙ පනත පෙන්වාදිය හැක. මේ පනතේ මූලික අරමුණ අන්තර්ජාතික අධිකරණ මගින් ඇමෙරිකානු හමුදා නිලධාරීන්ට එරෙහිව නඩු විභාග කිරීම වැලක්වීමය.

මේ පනතේ ඇති සුවිශේෂිම කරුණ වන්නේ යම් අවස්තාවක අන්තර් ජාතික අධිකරණයක අණ පරිදි සිරගත කර හෝ රදවාගෙන සිටින ඇමෙරිකානු හමුදා නිලධාරියෙක් හෝ සොල්දාදුවෙක්ව බලය යොදවා නිදහස් කරගැනීමට ඇමෙරිකානු හමුදාවන්ට අවසර දීමයි.

මේ අනුව අන්තර් ජාතික අධිකරණයක අණ පරිදි සිරගත කර සිටින ඇමෙරිකානුවෙක් නිදහස් කරගැනීම සඳහා රටක් ආක්‍රමණය කිරීමට වුවද ඇමෙරිකානු ජනාධිපතිවරයාට බලය ලබා දී ඇත. මේ පනත ඒ අනුව සාමන්‍ය ව්‍යවහාරයේ හඳුන්වනු ලබන්නේ ‘හේග් ආක්‍රමණ පනත ( HAGUE INVASION ACT )’ යන අන්වර්ථ නාමයෙනි. එයට හේතුව එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික අධිකරණ හා සිරගෙවල් බොහෝමයක් පිහිටා තිබෙන්නේ නෙදර්ලන්තයේ හේග් නුවර නිසාය.

කොන්ද පණ නැති ලංකාවේ ආන්ඩුව රූකඩයක් ලෙස නැටවූවාට බටහිර රටවල් තමුන්ගේ රණවිරුවන් රකින්නේ එලෙසය.

– චාමින්ද කරැනාරත්න

Advertisements
14
අගෝ.
18

හැමිණුනු ………………පරපුර

ගොං ගංජා බුඩ්ඩිමතා

14
අගෝ.
18

ත්‍රිවේන්ද්‍රම්, මාලේ, මත්තල, කටුනායක, රත්මලාන හා උගත්කම

මත්තල විකිණීම: පට්ට ඇත්ත සහ පට්ටපල් බොරු

නිමල් සිරිපාල ද සිල්වා වැනි තමාට වැඩ බැරි බව පිළිගනිමින් තමා යටතේ පවතින උපාය මාර්ගික වශයෙන් රටට ඉතා වැදගත් ආයතනයක් විකුණා දැමිය යුතු යැයි මහජනයාට කියන ඇමැතිවරයකු ගැන විශේෂයෙන් කතා කිරීමට දෙයක් නැත. නමුත් නීතිඥවරයකු වන ඔහු අදාළ පනත සංශෝධනය කොට මත්තල ගුවන් තොටුපොළ සමාගම පිහිටුවා එම සමාගමේ කොටස්වලින් 70%ක් විකුණා දැමීමේ තීන්දුව නිර්වචනය කරන්නේ බදු දීමක් ලෙසය. එසේනම් කොටස් වෙළෙඳපොළේ කොටස් විකිණීම නමින් සිදුකරන්නේ ආයතන බදු දීමය. තවත් ඇමැතිවරයකුට අනුව ඉන්දියාවේ රාජ්‍ය සමාගමක් වන ඉන්දියානු ගුවන් තොටුපොළ අධිකාරියට අති බහුතර කොටස් විකිණීම යනු රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමකි. දැන් චම්පික රණවක වැනි උගත් යැයි කියා ගන්නා ඇමැතිවරයකුද එම ලැයිස්තුවට එකතු වෙමින් කරුණු අධ්‍යයනයකින් තොරව මත්තල ගුවන් තොටුපොළට අවමන් කිරීමේ කොන්ත්‍රාත්තුවට අත ගසා ඇත. ඔහුට අනුව මත්තල ගුවන් තොටුපොළේ මාසික ආදායම ලක්ෂ 12ක් වන විට වියදම ලක්ෂ 2500කි. එම වැරැදි දත්ත යොදා ගනිමින් ඔහු මත්තල ගුවන් තොටුපොළ අතිශය ලෙස පාඩු ලබන බව තහවුරු කරමින් එය විකුණා දැමීම සාධාරණීකරණය කරයි.

ඒ ආකාරයට ඔවුහු සියලුදෙනා සූක්‍ෂ්ම ආකාරයට මත්තල ගුවන් තොටුපොළේ කෙටිකාලීන මෙහෙයුම්, ආදායම් සහ වියදම් යාන්ත්‍රික ආකාරයට සංසන්දනය කිරීම මඟින් එම ජාතික ආයතනයේ දීර්ඝකාලීන උපායමාර්ගික වැදගත්කම අවතක්සේරු කරති. එසේ ආදායම් සහ වියදම් සංසන්දනය කරන විට පාඩු ලබන බව පෙනෙන නිසා රාජ්‍ය දේපොළ විකුණා දැමීම සාධාරණීකරණය කෙරෙන්නේ නම් අධිවේගී මාර්ග පවා විකුණා දැමීම නිවැරැදි උපාය මාර්ගික තීන්දුවකි. යහපාලන ආණ්ඩුවේ මැතිවරණ ප්‍රකාශන අනුව පසුගිය රජය විසින් කඩවත – කෙරවළපිටිය අධිවේගී මාර්ගයේ එක් කිලෝමීටරයක් සඳහා වියදම් කිරීමට ඇස්තමේන්තු කරන ලද මුදල කෝටි 730කි. එනම් එදා වටිනාකම අනුව දළ වශයෙන් ඩොලර් මිලියන 5.5කි. එසේනම් ලෝකයේ විශාලතම ගුවන් යානය වන එයාර් බස් ඒ 380 ගුවන් යානය ගුවන්ගත කළ හැකි ශ්‍රී ලංකාවේ එකම ගුවන් තොටුපොළ හෙවත් අනෙකුත් නිර්ණායක අනුව දෙවැනි ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා වැය කර ඇත්තේ අධිවේගී මාර්ග කිලෝමීටර් 35ක් ඉදිකිරීම සඳහා වැය කරන මුදලට සමාන මුදලකි. එනම් ඩොලර් මිලියන 190ක් වැනි සොච්චමකි.

එය සොච්චම් ආයෝජනයක් වන්නේ අධිවේගී මාර්ග සඳහා ආයෝජනය කරන මුදලට සාපේක්‍ෂව පමණක් නොවේ. අප රට සතු වර්ග කිලෝමීටර් ලක්ෂ 17කට අධික ගුවන් තොරතුරු කලාපයේ මහා ආර්ථික විභවයට සාපේක්‍ෂවද එය සොච්චමකි. අප රටට එපමණ විශාල ගුවන් සීමාවක් ඉතිරි වන්නේ තවත් වර්ග කිලෝමීටර් හැට දහසකට අධික ගුවන් තොරතුරු කලාපයක් ඉන්දියාවට පිනට ලබාදීමෙන් පසුවය. අප රටේ නිලධාරීන් විසින් තුන් වතාවකදී එනම් 1971 දී, 1972දී සහ 1985දී එම පාවාදීම කරනු ලබන්නේ රටවල් දෙක අතර නීත්‍යනුකූල ගිවිසුමක් අස්සන් කිරීමෙන් තොරවය. එසේ ඉන්දියාවට පිනට දුන් අප රට සතුවූ ගුවන් කලාපය හරහා ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ මැලේසියාව ආදී රටවල් සහ යුරෝපය අතර ඉහළ අහසේ ගුවන් මාර්ග 5ක් වැටී ඇත. ඉන්දියාව විසින් එසේ නීත්‍යනුකූල නොවන ආකාරයට අත්පත් කරගෙන තිබෙන ගුවන් කලාපය ආශ්‍රිතව වාර්ෂිකව ඉන්දියානු රුපියල් මිලියන 3000කට අධික ආදායමක් උපයන බව ක්‍ෂේත්‍රයේ විද්වත්හු ඇස්තමේන්තු කරති. එම ගුවන් කලාපය ඉන්දියාවට යුදමය වශයෙන්ද ඉතා වැදගත් වන්නේ ඉන්දියාව සතු අන්දමන් දූපත් දක්වා එම කලාපය පැතිරීම නිසාය. එම ගුවන් මාර්ග 5 ඉහළ අහසේ තිබීම නිසා ඉන්ධන පිරිමැස්ම අධික බැවින් ඒවා ඉතා ජනප්‍රිය ගුවන් මාර්ග ලෙස සැලකේ.

ඒ ආකාරයට යුදමය සහ ආර්ථික වශයෙන් ඉතා වැදගත් ගුවන් කලාපයක් හිමි රටක විකල්ප හෙවත් දෙවැනි ගුවන් තොටුපොළේ උපාය මාර්ගික වැදගත්කම අවතක්සේරු කිරීම සඳහා චම්පික රණවක අමාත්‍යවරයා විසින් යොදා ගන්නා ලද මූල්‍යමය දත්ත පවා නිවැරැදි නොවේ. විගණකාධිපති වාර්තාව අනුව 2016දී මත්තල ගුවන් තොටුපොළේ මාසික ආදායම ලක්ෂ 40කට වැඩිය. එනම් වාර්ෂිකව රුපියල් මිලියන 49කි. ඒ සඳහා ආයතනය විසින් දරනු ලැබ ඇති පිරිවැය මිලියන 2,339කි. නමුත් සැබෑ මූල්‍යමය වියදම මිලියන 701ක් පමණි. එම වාර්තාවට අනුව 2014දී ආදායම මිලියන 136ක් වන අතර මූල්‍යමය වියදම රුපියල් මිලියන 637කි. එසේම 2014දී 40,386ක් වූ ගුවන් මගීන් ප්‍රමාණය 2016 වන විට 6,207 දක්වා හය ගුණයකට වඩා අඩුවේ. සේවා සැපයූ ගුවන් යානා ප්‍රමාණය 2014දී 2,890ක් වූ අතර 2016 වන විට එය 1317 දක්වා දෙගුණයකින් පහත වැටේ. “ඒ ගුවන් සේවා සහ වී ගබඩා අමාත්‍යවරයාගේ” මෙහෙයුම් දක්ෂතාව නිසා බව ඉතා පැහැදිලිය.

කෙසේ වෙතත් එසේ ලාභ අලාභ බලන අය නොදකින තවත් බොහෝ ආදායම් මත්තල නිසා රටට ලැබේ. ශ්‍රී ලංකාවට දෙවැනි ගුවන් තොටුපොළක් ලැබීම නිසා වසරකට ඉහළ අහසේ පියාසර කරන ගුවන් යානා ප්‍රමාණය 12,000කින් වැඩිවිය. ඒ මඟින් වැඩිවන ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 2ක් ඉක්මවා යයි. එම හේතුව නිසාම කටුනායකට ගොඩබාන යානා ප්‍රමාණයද 2016 වන විට 1300. කින් වැඩි විය. ඒ මඟින් ලැබෙන අමතර ආදායම ඩොලර් මිලියන 6ක් ඉක්මවා යයි. තවත් එවැනි ආදායම් සහ ඉතිරිකිරීම් පිළිබඳව තවදුරටත් පහත සාකච්ඡා කෙරේ.
නමුත් විගණකාධිපති වාර්තාව හෝ වෙනත් වාර්තාවක් පදනම් කරගනිමින් සහ කෙටි කාලීන මූල්‍ය දත්ත හුවාදක්වමින් කරනු ලබන විග්‍රහවලින් ඒ මහා ජාතික සම්පත සතු දීර්ඝ කාලීන උපාය මාර්ගික වැදගත්කම අවතක්සේරු වේ. එසේම ඒ මඟින් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව සතු ගුවන් කලාපය සහ ගුවන් තොටුපොළ අත්පත් කර ගැනීමට අදාළ භූ දේශපාලන සහ යුදමය වුවමනාවද අවතක්සේරු වේ. ඉන්දියාවේ හිටපු ආරක්ෂක උපදේශක සහ විදේශ කටයුතු ලේකම් ශිවසංකර් මෙනන්ට අනුව ශ්‍රී ලංකාව යනු ඉන්දියාවට සැතපුම් 14ක් අෑතින් නවතා තිබෙන ගුවන් යානා රඳවන යුද නෞකාවකි. එමඟින් ශ්‍රී ලංකාවේ ගුවන් කලාපයට අදාළ ඉන්දියාවේ යුද විශ්ලේෂකයන්ගේ තක්සේරුව පැහැදිලි වේ.

ඒ අනුව මත්තල ගුවන්තොටුපොළ යනු මේ වන විට චීනය විසින් අත්පත් කරගනු ලැබ සිටින ලෝකයේ ප්‍රධානතම වරායන් 10න් එකක් වන හම්බන්තොට වරායට කිලෝමීටර් 10ක් දුරින් පිහිටා ඇති ප්‍රහාරක ගුවන් යානා රැඳවිය හැකි යුදමය මර්මස්ථානයක් නොවේද?

කෙසේ වෙතත් චම්පික රණවක අමාත්‍යවරයාට අනුව දෙවැනි හෙවත් විකල්ප ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකළ යුත්තේ කටුනායකට යාබදවය. කටුනායක දෙවැනි ගුවන් පථයක් ඉදිකිරීම සහ දෙවැනි ගුවන් තොටුපොළ ඉදිකිරීම අතර වෙනස ඔහු දන්නේ නැත. මත්තල ගුවන් තොටුපොළ අවතක්සේරු කිරීම සඳහා කටුනායක දෙවැනි ගුවන් පථයක් ඉදිකිරීමට යම් නිලධාරීන් පිරිසක් විසින් ගනු ලැබූ තීන්දුව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් අත්හිටුවන ලදී. කටුනායක ගුවන් තොටුපොළේ කාර්යක්ෂමතාව වැඩිකිරීම සඳහා ගුවන් පථයට සම්බන්ධ වන “ටැක්සි මාර්ගයේ” යම් වෙනස්කම් කිරීම පමණක් සෑහෙන බව පසුව ඔප්පු විය. එම වෙනස්කම් වෙනුවට දෙවැනි විකල්ප ගුවන් පථයක් යෝජනා වන්නේ මත්තල අවතක්සේරු කිරීමට බව පැහැදිලිය. දෙවැනි විකල්ප ගුවන් තොටුපොළක් අවශ්‍ය වන්නේ පළමු ගුවන් තොටුපොළට යානයක් ගොඩබෑමට නොහැකි හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා සහ ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව හරහා පියාසර කරන ගුවන් යානා සඳහා පළමු හෝ දෙවැනි විකල්ප ගුවන් තොටුපොළක් ලෙස යොදා ගැනීම සඳහාය.
ඉතා සරලව ගතහොත් පළමු ගුවන් තොටුපොළ ආශ්‍රිතව අයහපත් කාලගුණික තත්ත්වයක් පවතින විට දෙවැනි ගුවන් තොටුපොළේ එවැනිම තත්ත්වයක් පැවතීමේ සම්භාවිතාව අඩුවිය යුතුය. පසුගිය වසර 25 තුළ සිදු කළ විවිධ අධ්‍යයනවලදී දෙවැනි ගුවන් තොටුපොළ සඳහා වඩාත් සුදුසු ප්‍රදේශ ලෙස තහවුරු වී ඇත්තේ මත්තල සහ වීරවිලය. එම මුහුදු කලාපයට ඉහළ අහසේ පියාසර කරන එන්ජින් දෙකක් සහිත යානයක එකක් අකර්මණ්‍ය වුවහොත් එම යානයක් අඩුම කාලයකින් ගොඩබැසිය හැක්කේ මත්තලටය. මත්තල මුල්කරගෙන නව ගුවන් මාර්ග හතක් නිර්මාණය කිරීමට හැකිවී ඇත. මේ ගුවන් යානා මත්තල ගුවන් තොටුපොළ හරහා ගමන් කළ හැකි අතර තවත් ගුවන් යානා එම ගුවන් තොටුපොළ විකල්ප ගුවන් තොටුපොළ ලෙස යොදා ගනිමින් මත්තලට ඉහළ අහසේ පියාසර කරනු ඇත.

එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකා රජයට එවා ඇති ලිපියක් අනුව මත්තල ඉදිකිරීමේදී 4ජ් ගුවන් පථයක් ඉදිකරන ලෙස එම සමාගම ඉල්ලා ඇති අතර එම සමාගම ඒ 380 යානා මත්තල හරහා වැටී ඇති ගුවන් මාර්ග යොදා ගන්නා බවට සහ මත්තල විකල්ප ගුවන් තොටුපොළ ලෙස යොදාගන්නා බවට සහතික වී ඇත. නමුත් මත්තල ඉදිකිරීමෙන් පසුව එහි වැදගත්කම අවතක්සේරු කිරීම සඳහා පට්ටපල් බොරු ප්‍රචාරය කිරීමේ සිට වී ගබඩා කිරීම දක්වා වූ ක්‍රියාවලියක් දියත්වූ නිසා එහි සැබෑ වටිනාකම ප්‍රචලිත කිරීම සඳහා විධිමත් අලෙවිකරණ ක්‍රියාවලියක් දියත් නොවීය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ගුවන් තොරතුරු කලාපය මඟහැර මාලේ ගුවන් කලාපය යොදා ගනිමින් එමිරේට්ස් ගුවන් සමාගම සතු ගුවන් යානා 91ක් එක් සතියකට අරාබිකරයේ සිට ඕස්ට්‍රේලියාව දෙසට ගමන් කරයි. මත්තල ගුවන් තොටුපොළ අපේක්‍ෂිත ආකාරයට ප්‍රතිඵලදායක ලෙස සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක වූවා නම් එම ගුවන් යානා මත්තල ගොඩබෑම් සිදු නොවූවද එම ගුවන් තොටුපොළ විකල්ප ගුවන් තොටුපොළ ලෙස නම් කරමින් ඉහළ අහසේ පියාසර කරනු ඇත.

එවිට ගුවන් කලාපය භාවිත කිරීමේ ගාස්තුව ලෙස පමණක් වසරකට අවම වශයෙන් රුපියල් මිලියන 160ක ආදායමක් ශ්‍රී ලංකාවට ලැබේ. මාලේ ගුවන් කලාපය වෙනුවට ශ්‍රී ලංකාවේ ගුවන් තොරතුරු කලාපය යොදා ගැනීම මඟින් ගුවන් කාලය කෙටි වන බැවින් සහ රැගෙන යා යුතු ඉන්ධන බර සහ දහනය අඩුවන බැවින් එම සමාගමට ඊට වඩා ප්‍රතිලාභයක් ලැබේ.

කටුනායකට යානයක් ගොඩබෑමට නොහැකි අවස්ථාවක මත්තල දෙවැනි ගුවන් තොටුපොළට එය ගොඩබෑම සඳහා ගතවන්නේ විනාඩි 10කි. ඒ නිසා රැගෙන යා යුතු අමතර ඉන්ධන බර බෙහෙවින් අඩුවේ. නමුත් මත්තල නොමැති නම් ත්‍රිවේන්ද්‍රම් හෝ මාලේ ගුවන් තොටුපොළට ගොඩබෑම සඳහා පැයක කාලයක් ගතවේ. ඒ සඳහා විශාල ඉන්ධන ප්‍රමාණයක් රැගෙන යෑමට සිදුවේ. එසේ මත්තල දෙවැනි ගුවන් තොටුපොළ ඉදිකිරීම නිසා කටුනායක යානා ගොඩබස්සවන ගුවන් සමාගම්වලට වසරකට ඉතිරි වන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 13කට අධිකවේ. එම ඉතිරියෙන් 50%ක් එයාර් ලංකා සමාගමට ලැබේ. මත්තල ගුවන් තොටුපොළ පිහිටි ස්ථානය උපාය මාර්ගික වශයෙන් තවදුරටත් වැදගත් වන්නේ ඒ මඟින් හම්බන්තොට වරාය සහ ඒ ආශ්‍රිත ආයෝජන කලාපය දියුණු වන විට ඊට අවශ්‍ය ගුවන් සේවා සැපයීම සඳහාය.

හම්බන්තොට වරාය ඉදිකිරීමට පෙර එම වරාය ඉදිකිරීම පමා කිරීමට සහ එහි වැදගත්කම අවතක්සේරු කිරීමට යම් බලවේග ක්‍රියාත්මක විය. එවැනි වුවමනාවක් තිබිය හැක්කේ සිංගප්පූරුවට බව එම කාලයේදී චෝදනා එල්ල විය. අනාගතයේදී පැනමා ඇළ මෙන් තායිලන්තයේ “වක්‍රා”ඇළ කැපූ පසු දකුණු චීන මුහුදේ සිට අරාබි මුහුද දක්වා වැටී ඇති ලෝකයේ ප්‍රධානතම නාවික මාර්ගයේ පිහිටි ප්‍රධානතම වරාය හම්බන්තොට වරාය බවට පත්වේ. එවිට සිංගප්පූරු වරාය සහ මලක්කා සමුද්‍ර සන්ධිය මඟහැර යන දැන් පවතින දුරට වඩා මුහුදු සැතපුම් 1800ක් අඩු නාවික ගමන් මාර්ගයක් බිහිවනු ඇත. එවිට දකුණු චීන මුහුදේ සිට අරාබි මුහුද දක්වා නාවික ගමන් සඳහා දැනට ගතවන දින 11ක කාලය දින 7ක් දක්වා අඩුවේ. විශේෂයෙන්ම තවත් වසර පනහක් ගතවන විට ඇතිවන ඉන්ධන අර්බුදයට මුහුණදීම සඳහා නිපදවීමට නියමිත මහා පරිමාණ නැව් ඇතුළු කළ හැකි කලාපයේ ප්‍රධානතම වරාය බවට හම්බන්තොට වරාය පත්වනු ඇත.

එදා රත්මලානට අමතරව කටුනායක දෙවැනි ගුවන් තොටුපොළ අරම්භ කළ පසුව එම ගුවන් තොටුපොළේ ගිණුමේ මෙහෙයුම් ලාභයක් පෙන්වීමට වසර 15ක් ගතවී ඇත. ඒ නිසා කෙටි කාලීනව ලාභ නැති බව පවසමින් රත්රන් බිජු දමන කිකිළිය මරා කෑමේ ප්‍රතිපත්තිය අනුමත කරන ඇමැතිවරුන්ට රටක් කුමකටද?

මහින්ද රාජපක්‍ෂ නමින් බෝඩ් ලෑල්ලක් තිබීමද ගුවන් තොටුපොළට පමණක් නොව වරායටද අපලයක්වී ඇත. එම අපලය දුරුකර ගත හැක්කේ එතුමාගේ නම ගලවා වෙනත් නමක් යෙදීමෙනි. ඊට මහින්ද රාජපක්ෂ මහතා පළමුවෙන්ම කැමැති වන බවට සැකයක් නැත. එයට හේතුව එම උපාය මාර්ගික මර්මස්ථානයේ වටිනාකම පිළිබඳ ඔහුට යම් අවබෝධයක් තිබීමය. එදා හම්බන්තොට වරාය සැලසුම පිටුපසට දැමීමට යම් නිලධාරීන් සූක්‍ෂ්මව කටයුතු කරන විට එය පරාජය කොට කෙසේ හෝ වරාය ඉදිකළ යුතු බවට ඔහු තීන්දු කළේය. ඔහු සැලසුම් කළේ එක් පර්යන්තයක පමණක් ආයෝජනය කොට මෙහෙයුම් කටයුතු කිරීම සඳහා චීනයට භාරදීම සඳහාය. එසේ වූවා නම් වරායේ අයිතිය ශ්‍රී ලංකා රජය සතුවේ. කෙසේ වෙතත් ඉහත සඳහන් කළ සියලු කරුණුවලට වඩා බරපතළ තත්ත්වය වන්නේ මත්තල ගුවන් තොටුපොළ “බැලන්ස්” කිරීමේ නාමයෙන් ඉන්දියාවට විකිණීම හරහා යුදමය වශයෙන් චීනයට වඩා විශේෂ වාසියක් ඉන්දියාවට අත්පත්කර දීමය. එම තත්ත්වය ශ්‍රී ලංකාවේ භූමිය තුළ ඉන්දු- චීන යුද ගැටුමකට මුල පුරන භයානක නිමිත්තක් නිර්මාණය කෙරේ.

එය මේ වන විට ඉන්දියාව විසින් දියත් කරනු ලැබ ඇති ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික මර්මස්ථානය අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය තුළ වඩාත් භයානක වේ. එම තත්ත්වය වරාය හිලව්වට ගුවන් තොටුපොළ දීම මඟින් කරනවා යැයි කියන ඊනියා බැලන්ස් කිරීමේ න්‍යාය තුළින් පමණක් තේරුම්ගත නොහැකිය. මත්තල ගුවන් තොටුපොළ සහ ශ්‍රී ලංකාවේ ගුවන් තොරතුරු කලාපය පමණක් නොව ගාල්ල වරාය, පලාලි ගුවන් තොටුපොළ, කන්කසන්තුරේ වරාය, ත්‍රිකුණාමල වරාය, මඩකළපුව ගුවන් තොටුපොළ ආදී මර්මස්ථාන සියල්ල ඉන්දියාව අත්පත්කර ගැනීමට ගන්නා උත්සාහය තුළින් පෙන්නුම් කරන්නේ ඔවුන් චීනය සමඟ යුදමය වශයෙන් කේවල් කිරීම සඳහා ශ්‍රී ලංකා භූමිය යොදා ගන්නා බවය. චම්පික රණවක වැනි අමාත්‍යවරුන් ඒ මහා පින්තූරය නොසලකා මත්තල ගුවන්තොටුපොළේ මෙහෙයුම් ගිණුමේ දිග පළල කතා කිරීම කණගාටුවට කරුණකි.

Manjula Rajapakse

14
අගෝ.
18

මුස්ලිම් සෙක්සි කතාවක්

#මොහොතක්_නැවතී_කියවා_බලන්න

හරියටම තව අවුරුදු 15කින් විතර මගෙයි
පුතාගෙයි සංවාදයක් මේ…..

පුතා – තාත්තේ තාත්තේ ඇයි මට නංගියෙක්
හරි මල්ලියෙක් හරි
ගෙනාවේ නැත්තේ බලන්නකෝ එහා ගෙදර
මොහොමඩ්ට නංගිල දෙන්නයි අයියල තුන්
දෙනයි අක්කෙකුයි ඉන්නවනේ.

මං – පුතේ එයාල මුස්ලිම්
අයනේ මේ එයාලගේ රට ඉතින් එයාල කැමති
නෑ එයාලගේ රටේ වෙන වෙන ජාති වල අය
ගොඩක් ඉන්නවට. ඒක නිසා වෙන ජාති වල අය
එක ලමයෙක්ට වඩා හැදුවොත් මුළු පවුලෙම
අයගේ බෙල්ල කපල මරන්න නීතියක් හදල
තියෙන්නේ.

පුතා – ඉතින් තාත්තේ එයාලට එයාලගේම
රටක් තියෙනවනම් ඇයි අපිට එහෙම රටක්
නැත්තේ.

මං – නෑ පුතේ අපිටත් ඉස්සර රටක්
තිබ්බා ලංකාව කියලා ඒත් ඒ කාලේ හිටපු
දේශපාලනේ කරපු මාමල ඡන්ද වලට
පෙරේත කමේ වෙන වෙන ජාති වල අයව
ලොකු කරන් එයාලව
ලං කරගත්තා පස්සේ එයාල අපේම අයව
රවට්ටල අපේ රට අල්ල ගත්තා. ඒකට අපේම
අයත් සල්ලි වලට කෑදර කමේ අර අනිත් ජාති වල
අයට රට පාවල දුන්නනේ.

පුතා – තාත්තේ දැන් ඒ ලංකාව කියන
රටේ නම මොකද්ද?

මං – පුතේ දැන් ඒ රටේ නමඅල්
ලංකස්ථානය

පුතා – ඉතින් තාත්තේ අපි දැන් මේ ඉන්න
මුස්ලිම් රටේ නමත් ඒකමනේ.

මං – ඉතින් පුතේ අපේ සිංහල
නායකයෝ මුස්ලිම් අයට පාවල දුන්නු අපේ රට
තමයි මේ දැන් වෙනස් වෙලා තියෙන්නේ.

පුතා –
___________________________________

මායි පුතයි ගමනක් යනවා පයින් ඒ අතර තුර
වෙන දේවල් මේ.

පුතා – තාත්තේ ඇයි අර ලොකු ගෙයක් කඩල
දාල තියෙන්නේ.

මං – පුතේ ඒක ගෙයක් නෙමේ ඒ තමයි
ඉස්සර අපේ ගමේ පන්සල.

පුතා – පන්සල කියන්නේ මොකද්ද තාත්තේ?

මං – පුතේ ඉස්සර අපි බුදුන් වැන්දේ, බෝදි
පූජා තිබ්බේ, දහම් පාසල් ආවේ, බණ අහන්න
ආවේ. පෝයට සිල් ගත්තේ මේකේ තමයි.

පුතා – ඉතින් තාත්තේ ඇයි මේක කඩලා.

මං – පුතේ මුස්ලිම් මාමල අනිත් ආගම් වලට ආස
නෑනේ ඉතින් දැන් මේක එයාලගේ රට
නිසා එයාල මේකේ හිටපු අපේ හාමුදුවන්වත්
මරලා මේ පන්සල කඩල දැම්මා.

පුතා – එතකොට තාත්තේ අර එතනම තියෙන
තැබිලි පාට ලොකු රූපේ මොකද්ද?

මං – පුතේ ඒ අපේ බුදු සාදුගේ පිළිමයක්.

පුතා – තාත්තේ බුදු සාදු කියන්නේ අර අම්මයි
තාත්තයි අල්මාරිය ඇතුලේ හංගන් සමහර
වෙලාවට හොරෙන් එලියට අරන්
වදින්නේ එයාටද?

මං – ඔව් පුතේ ඒ තමයි අපේ බුදු සාදු.

පුතා – ඉතින් ඇයි තාත්තේ මට බුදු සාදු ගැන
මුකුත් කියල නොදෙන්නේ? මං ආසයි ඉගෙන
ගන්න ඒ ගැන.

මං – පුතේ දැන් මේ රටේ බුදු ධහම තහනම්.
ඉතින් පුතා බුදු ධහම ඉගෙන ගෙන ඊට
පස්සේ ඒ ගැන කථා කරනවා අර
මොහොමඩ්ලට එහෙම ඇහුනොත් එයාල ඒක
එයාලගේ තාත්තලට කියයි ඊට
පස්සේ එයාලා අපිට ගල් ගහල මරයි.

පුතා – ඉතින් තාත්තේ දැන් අපිට ආගමක්
නෑනේ.

මං – නැත්තේ නෑ පුතේ අපිත් දැන්
අල්ලාගේ අනුගාමිකයෝ. ඒකනේ අපි
සිකුරාදට පල්ලි යන්නේ.

පුතා – ඉතින් තාත්ත වෙන ආගමක වෙලත්
මුස්ලිම් පල්ලි යන්නේ කැමත්තෙන්ද?

මං – අනේ නෑ පුතේ අපි පල්ලි නොගියොත්
එයාල අපිව මරණවා බෙල්ල කපලා.

පුතා –
____________________________________
__________________________________

අපි ටිකක් ඉස්සරහට ඇවිදන් යද්දී මුස්ලිම්
දෙන්නෙක් එනවා ඉස්සරහින්. මං පුතත් අතින්
අල්ලන් පාරේ අයිනටම ගිහින් ඔළුව පාත් කරන්
ආචාර කරනවා. ඒත් පුතා ඔළුව උස්සන් බලන්
ඉන්නවා. මුස්ලිම් දෙන්නට තරහ යනවා එයාලට
ගරු කරේ නෑ කියලා.
සිංහල මුන් දෙන්නා අපිට ගරු කරේ නෑ ශරීය
නීතියේ හැටියට වහාම මුන්ව මරා දාන්න
ඕනේ.නිකන් නෙමෙයි මහ පාර මැද
තියලා ගල් ගහල මරණ්න ඕනේ.
මගෙයි පුතාගෙයි කථාව ඉවරයි අපිත් ඉවරයි.
(උපුටා ගැනීම -කැප්පෙටිපොළ දරුවෝ)

Share krnna 👏තොපි සිංහල නම් මේක ශෙයාර් කරපන්…සිංහල ජාතිය බේර ගනින්…මේ උබේ සමාජබලේ..

30
ජූලි
18

ලස්සන කොළඹ නගරය විනාශකල රනිල්ගේ ගොන්නු

ලස්සන කොළඹ නගරය විනාශකල හැටි

කොටුව දුම්රියපලේ සිට පිටකොටුව මධ්‍යම බස්‌ නැවතුම්පලේ අවසාන කෙළවර දක්‌වා වූ පදික වේදිකාව නැවතත් පදික වෙළෙඳුන් ආක්‍රමණය කර ඇත. පදිකයන්ට නැවතත් එම පදික වේදිකාව අහිමිවී ඇත. රටේ ජනාකීර්ණ ම ස්‌ථානය ලෙස හැඳින්විය හැකි පිටකොටුව ඕල්කට්‌ මාවත, පළමුවෙනි දෙවැනි තුන්වැනි හරස්‌වීදි මෙන්ම කෙලින් වීදියේද පදික වේදිකා පදික වෙළෙඳසල්වලින් වැසී ගොසිනි. පදිකයන් ගමන් කරන්නේ පාර මැදය. අතුරු මාර්ගවල වාහන ගමන් කිරීම එහෙම පිටින්ම යුද්ධයකි සමහර පදික වෙළඳුන් පදිකවේදිකාව පමණක්‌ නොව මාර්ගයේද වෙළෙඳාම් කරයි. විවිධ ජාවරම්කරුවන් වීදි ගණිකාවන් ගැටකපන්නන් බහුලව ගැවසෙන මෙම ප්‍රදේශ රජයේ පාලනයෙන් තොර වූ බවක්‌ පෙනේ. කොයි මොහොතක කාන්තාවකගේ ගෙල බැඳි රන්මාලය, කෙනෙකුගේ මුදල් පසුම්බිය අහිමි වේදැයි පවතින අවිනිශ්චිතතාව ඉතා ඉහළය. අපිරිසිදු බව, ගන්ධය සම කළ හැක්‌කේ 1980 – 2008 කාල වකවානුව තුළ මෙම හරස්‌වීදි වල සහ කෙලින් වීදියේ පැවති තත්ත්වයටම පමණි.

කප්පම් ගැනීම මිනීමැරීම සාමාන්‍යකරණය වී ඇත. එකම දිනකදී කාන්තාවක ඇතුළු තිදෙනකු කොටහේන සහ කොටුව ආශ්‍රිත ප්‍රදේශ වලදී පාතාලයන් විසින් ඝාතනය කරන ලද්දේ නොබෝදාය. නිසි කළමනාකරණයක්‌ නොමැති බැවින් තැන තැන දැමූ කසළ මඟ දෙපස නිරන්තරයෙන් දක්‌නට ලැබේ. දුම් බොන්නන් පමණක්‌ නොව ගංජා උරන්නන් පවා ජනාකීර්ණ හරස්‌ වීදිවල සුලබව දැකිය හැකිය. මේ වාතාවරණය යටතේ මෙම ප්‍රදේශවල ආරක්‌ෂාව පිළිබඳ විශ්වාසය බිංදුවට වැටී ඇත. පිරිසිදුකම නගර, අලංකාරය යන මාතෘකා අතීත වෘත්තාන්ත බවට පත්වී අවසන්ය. කොටින්ම පිටකොටුව සහ කොටුව ආශ්‍රිත මෙම ප්‍රදේශවල ආරක්‌ෂක තත්ත්වය පිරිසිදුකම මෙන්ම අලංකාරයට අදාළ කරුණු ඊට වගකිව යුතු ආයතන අතහැර දමා ඇති සේය.එහෙත් කොළඹ මහ නගර සභාව යහතින් වැජඹෙමින් පවතී නගරාධිපති තුමියගේ සිට සුළු සේවකයා දක්‌වා මහජන මුදලින් වැටුප් සහ දීමනා ලබමින් සිය තනතුරේ වරප්‍රසාද නො නොඅඩුව ලබයි එසේම වීදි ගණිකාවන් ගැටකපන්නන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක්‌ බවට පත්ව ඇති මෙම ප්‍රදේශවල පොලීසිය සහ ආරක්‌ෂක අංශ අකර්මණ්‍ය වූවාක්‌ සේ පෙනේ..

මහින්ද රාජපක්‌ෂ යුගයේ කොටුව පිටකොටුව ආශ්‍රිත ව පදික වෙළෙඳුන් සඳහා වෙනම කලාප ඉදිකරන ලද අතර පදික වේදිකා මගී ජනතාව සඳහා නිදහස්‌ කරදෙනු ලැබිණ. එමගින් අනවශ්‍ය රථවාහන තදබදය බොහෝදුරට අඩු වූවා සේම මගී ජනතාවට නිදහසේ ආරක්‌ෂිතව පදික වේදිකාවේ ගමන් කිරීමට ඉඩ හසර ලබාදී තිබිණි. එ නිසාම අනවශ්‍ය තදබදයක්‌ ඇති නොවූ හෙයින් වීදි ගණිකාවන්, ගැටකපන්නන්, මත්ද්‍රව්‍ය අලෙවිකරන්නන් වැනි සමාජ විරෝධීන් හට ජනතාව අතරේ සැඟවී තම කාර්යය කරගැනීමට එතරම් පහසු නොවීය. පදික වෙළෙන්දෝ ද තමන්ට වෙන්කර දුන් කලාපවල සිය වෙළෙඳ කටයුතු අරඹනු ලැබූහ, ජනතාවද එම ස්‌ථානවලට හුරුවෙමින් සිටිනු දක්‌නට ලැබිණි.

මේ තත්ත්වය ඉවසිය නොහැකි පිරිසක්‌ විය. ඔවුන් අන් කිසිවෙක්‌ නොව කොටුව පිටකොටුව ප්‍රදේශ මිහිපිට අපායක්‌ කළ වීදිගණිකා ජාවාරමුන් මත්ද්‍රව්‍ය ජාවාරමුන් සහ ගැටකපන්නන් මෙහෙයවන්නන් ඇතුළු අනෙකුත් සකලවිධ නීතිවිරෝධී ජාවාරම් කළ උන්ය.

කොටුට පිටකොටුව ආශ්‍රිතව අනාරක්‌ෂිත බව ජාවාරමුන්හට අත්‍යවශ්‍ය සාධකයකි. මෙය පවත්වාගෙන යාමට තදබදය අවශ්‍ය වේ. එය නිර්මාණය කිරීමට අත්‍යවශ්‍ය සාධකය පදික වෙළෙඳුන්ය. එ නිසා ජාවාරමුන් හට අවශ්‍ය පරිදි පදික වේදිකාව පදික වෙළදුන්හට ආක්‍රමණය කිරීමට අවස්‌ථාව සලසා දෙනු ලබන්නේ දේශපාලකයා විසිනි. මෙහිදී දේශපාලකයා පදික වෙළෙන්දාට ස්‌වයං රැකියා අවස්‌ථාවක්‌ ද උදාකර දෙනු ලබන බව ප්‍රදර්ශනය කරනු ලබයි. ඊට සමගාමීව ගණිකා වෘත්තිය, මත්ද්‍රව්‍ය ජාවාරම ගැටකැපීම සහ තවත් නහුතයක්‌ ස්‌වයං රැකියාවන් මේ හරහා උත්පන්න වේ. අදූරදර්ශී අවස්‌ථාවාදී දේශපාලකයන් ගේ මේ ක්‍රියාදාමය රටක්‌ ආපස්‌සට ඇදගෙන යන අයුරු ෙ€දජනකය.

කොටුව පිටකොටුව පමණක්‌ද? අද මුළු රටේම ප්‍රධාන නගරවලත් සාමාන්‍ය නගරවලත් තත්ත්වය මෙය නොවේද? රටේ ඕනෑම දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයක වුවද කුඩ්ඩන් දැකගත හැකිය. එහි තේරුම මත් කුඩු ජාවාරම රටේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ක්‍රියාත්මක වන බව නොවේද? මත්කුඩු ජාවාරම සමඟ ඇත්වැල් බැඳගෙන පැමිණෙන පාතාල භීෂණය ද රටම වෙලාගෙන අවසන්ය සතියකට පාතාලයන් ඝාතන කීපයක්‌ සිදුකිරීම සාමාන්‍ය තත්ත්වයක්‌ බවට පත්වී ඇත. මේ සියලු අවකල් ක්‍රියාවන්ගේ ගොදුරු බවට පහසුවෙන්ම හසුවන්නේ රටේ අනාගතය භාරගැනීමට සිටින තරුණ පරම්පරාව බව රට යහමඟට ගෙන යැමට, යහපාලනයක්‌ ඇති කිරීමට කියා හන්දියක්‌ හන්දියන් ගානේ ගෙයක්‌ ගෙයක්‌ ගානේ ගොස්‌ ජනතා වරම් ඉල්ලා පාලන බලය ලබාගත් ඉහළ සිට පහළට සිටින සියලුම පාලකයින් හට නොවැටහෙන්නේ නම් එය අරුමයකි.සත්‍යය නම් මොවුන්හට අවශ්‍ය රටේ මෙවැනි තත්ත්වයක්‌ නිර්මාණය කර ජනතාව හැකි සෑම අයුරකින්ම බෙල හීන කර, අසරණකර සිය බලය පැවැත්ම තහවුරු කරගැනීම නොවන්නේ ද?

දැන් මඳක්‌ යාපනයේ සහ උතුරු කරයේ වත්මන් තත්ත්වය විමසා බලමු. වසර තිහක ත්‍රස්‌තවාදය නිමාකළ නන්දිකඩාල් විජයග්‍රහණයෙන් පසු එම ප්‍රදේශ සිග්‍රයෙන් ශිෂ්ටාචාරයට අනුගත විය. ත්‍රස්‌තවාදය අතහැර පුනරුත්ථාපනය වූවන්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ද පූර්ණ සහයෝගය ලැබීම හේතුවෙන් වසර දෙක තුනක්‌ වැනි කෙටි කලකදී එම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම සාමාන්‍ය කරණයට අනුගත විය. සාමය ආරක්‌ෂාව ඉතා ඉහළ මට්‌ටමක පැවතිණ. දකුණේ ජනතාව උතුරේ සංචාරය කළේ නෑගම් යන්නාක්‌ මෙනි. වසර තිහක විරසකය අමතක කර දැමූ උතුරේත් දකුණේත් ජනතාවෝ නව හිතවත් කම් මතු නොව අවාහ විවාහ ආදිය මගින් නව නෑදෑකම් ද අතිකර ගනිමින් සැබෑ සංහිඳියාව ගොඩනාගා ගත්හ. නැගෙනහිර තත්ත්වය ද මෙසේම වෙනස්‌ විය.

මේ තත්ත්වය හමුවේ උතුර නැගෙනහිර ජාති වාදී දේශපාලකයින් ගේ වෘත්තීය ස්‌ථාවරත්වය අභියෝගයට ලක්‌වීම නොවැළැක්‌විය හැකි විය. කිසිදු ජනතා සේවයක්‌ නොකොට බොරදියේ මාළු බාමින් ජාතිවාදය වපුරමින් ජනතාව නොමඟ යවමින් සිටි ඔවුන් ගේ ඡන්ද පදනම සීඝ්‍රයෙන් කඩාවැටෙමින් පැවතිණි.

අද වන විට උතුරේ දේශපාලකයින් ආණ්‌ඩුවේ ඇමැතිකම් දරමින් ත්‍රස්‌තවාදය නැවත ඉල්ලා සිටීමට තරම් ප්‍රහාරාත්මකව සිය ජාතිවාදී සටන ක්‍රියාවට නංවා ඇත උතුරු පළාත් මහ ඇමැතිවරයා ජාතිවාදය ප්‍රවර්ධනය කරමින් සිටිනුයේ තනතුර හොබවමින් සිටියදීමය.

මේ උතුරේ දේශපාලකයින් සිය ඡන්ද පදනම ආරක්‌ෂා කරගැනීම සඳහා යොදාගන්නා උපාය උපක්‍රමයන්ය. මේ උපාය උපක්‍රම අතීත ද්‍රවිඩ දේශපාලකයින් මැනවින් ප්‍රයෝජනයට ගැනීමේ ප්‍රතිඵලය වූයේ වසර තිහක යුද්ධයයි. එහි ප්‍රතිඵලය රට වසර පණහකින් ආපස්‌සට යාමයි. උතුරේ ජන ජීවිතය වසර තිහක්‌ තිස්‌සේ මිහිපිට අපායක්‌ බවට පත්කරලීමයි. දකූණේ මරබිය පැතිරවීමයි. එසේ නම් මේ උතුරේ ජාතිවාදය අවුලුවන දේශපාලකයින්හට ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියා හමුවේ සෘජුව නීතිය ක්‍රියාත්මක කිරීමට නීතියෙන් ප්‍රතිපාදන පැවතියද එය මඟහැර කමිටු පත්කරමින් කල්මරන රජයටත් අවශ්‍ය වන්නේ උතුරේ නැවත ත්‍රස්‌තවාදය ඇතිවනවා දැකීමටද?

එක්‌ පසයකින් දකුණේ පාතාලය පාලනයකින් තොරව නිදහසේ භීෂණය පතුරුවයි. මත්කුඩු, මත්පෙති ආදී නොයෙක්‌ මත්ද්‍රව්‍ය පාතාල අනුග්‍රහය සහිතව තරුණ පරපුර බිලි ගනිමින් සිටී. රටේ පාලකයන් මේවා මැඬපැවැත්වීමට අපොහොසත් වී ඇත. සියලු ප්‍රධාන නගර සහ උප නගර වල ගණිකා ජාවාරම මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම සිදු වෙමින් පවතී. මෙසේ පාලකයන්ගේ අනුග්‍රහය ඇතිව දකුණේ ජන ජීවිතය දිනෙන් දින අගාධයට ඇද වැටෙමින් පවතී පාතාල මිනීමරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමුන් ස්‌ත්‍රී ජාවාරම්කරුවන් දකුණ විශාලාවක්‌ කරමින් සිටී. එයට නොදෙවෙනි ලෙස උතුරේ දේශපාලකයින් උතුරේ සාමකාමී ජනතාව නැවත ජාතිවාදී යුද්ධයකට ඇද දැමීමට හැකි සෑම දෙයක්‌ම කරමින් සිටී. රජය මේ තත්ත්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමක්‌ හෝ මේවා පාලනය කිරීමට උත්සාහ කිරීමක්‌ සිදු නොකරන බැවින් රජය මේවාට අනියමින් අනුග්‍රහය දක්‌වන්නේ දැයි ප්‍රශ්නයක්‌ ඉතිරි වේ?

කෙසේ හෝ රටක්‌ අරාජික වන්නට ඉඩහැරීම හෝ ජනතාව ත්‍රස්‌තවාදයට පෙළඹවීමට ඉඩහැරීම හෝ ඒ දෙකම සිදුවීමට ඉඩහැර ලාභ අලාභ ගණනය කිරීම ‘යහ පාලනය’ නම් නොවේ.

‘යහපාලනය’ ස්‌ථාපිත කිරීමට ජනවරම් ලබා පාලන බලය ලබාගත් වත්මන් රජය බලයට පත්වීමට පෙර කොටුව පිටකොටුව ආශ්‍රිත පදික වේදිකා සම්පූර්ණයෙන්ම පදිකයන් සතුව පැවතිණි. වෙළෙන්දෝ තම තමන්ට වෙන් කර දී ඇති ස්‌ථානවල ජනතාවට හිරිහැරයක්‌ නොවන පරිදි වෙළෙඳාම් කළහ. කොටුවේ පිට කොටුවේ වීදිගණිකා ජාවාරම සම්පූර්ණයෙන්ම පාලනය කර තිබිණි. අනවශ්‍ය තදබදය නොමැති වීම නිසාත් කාර්යක්‌ෂම ආරක්‌ෂක ක්‍රියාවලිය නිසාත් ගැටකපන්නන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් එකල මෙම ප්‍රදේශවල අවම විය. එමෙන්ම වීථිවල දුර්ගන්ධය සහ අපිරිසිදු බවක්‌ දක්‌නට නොවීය. එමෙන්ම උතුරේ වැසියන්හට මෙන්ම දකුණේ වැසියන්හටත් එකල පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුවටත් දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුවටත් හිතේ චකිතයක්‌ නොමැතිව සංචාරය කිරීමට තරම් සාමය ස්‌ථාපිතව පැවතිණි. රටේ පාතාල ක්‍රියාවන්ද සෑහෙන දුරට පලනය කර තිබූ අතර ප්‍රබල පාතාල නායකයෝ සියල්ලම පාහේ රටින් පලාගොස්‌ සිටියහ. රටේ එවැනි තත්ත්වයක්‌ පැවතියද ජනතාව ඊට වඩා සුපිරි ‘යහපාලනයක්‌’ අරබයා මහින්ද රාජපක්‌ෂ පරාජය කොට මෙම රජය පත් කරගත් බව රටේ පාලකයින් හට අමතක වී තිබීම කනගාටුවට කරුණකි.

17
ජූලි
18

සෙක්සි ඉනෝකා සකබමරේගේ බොරු වලට රැවටී ඉල්ලන් කන හැටි

තිබුණු දේ මදි වී ඉල්ලන් කාපු හැටි

2005දී නව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරගත්තේ කෙබඳු රටක්ද යන්න අද බොහෝ දෙනකුට මතක නැත. එදා රට තිබුණේ බොහෝ අර්බුදකාරී තත්ත්වයකය.
ලංකාවේ නිවාසවලින් 27%කට විදුලිය තිබුණේ නැත. විදුලිය නැති නිවාස දස ලක්ෂයක් පමණ තිබිණි.

මසකට දෙතුන් වරක් රට පුරා විදුලිය ඇනහිටීම් අරුමයක් නොවිණි. නිවාස දස ලක්ෂයකට පානීය ජලය තිබුණේ නැත. ලංකාවේ ජනගහනයෙන් 73%කට දුරකථනයක් තිබුණේ නැත. ජනගහනයෙන් 99.5%කට පරිගණක සාක්ෂරතාව තිබුණේ නැත. ජනගහනයෙන් 8.3%කට රැකියා තිබුණේ නැත. කොළඹ ප්‍රමුඛ බොහෝ නගරවල කුණු කසළ ගොඩගැසී දුගඳ හමමින් තිබිණි. පොඩි වැස්සකටත් නගරවල පාරවල් යටවීම සුපුරුදු දසුනක් විය. අධිවේගී මාර්ග කියා දෙයක් ලංකාවේ තිබුණේ නැත. වසර 30ක් පමණ ප්‍රමාද කටුනායක අධිවේගී මාර්ගයේ නිම වී තිබුණේ පෑලියගොඩ අසල විශාල දැන්වීම් පුවරුවක් ලෙස භාවිත වුණු කොන්ක්‍රීට් සැකිල්ලක් පමණි.

ප්‍රේමදාස හා චන්ද්‍රිකා ආණ්ඩු විසින් රාජ්‍ය දේපළ විශාල ප්‍රමාණයක් විකුණා දමා තිබිණි. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ වසර 11ක පාලනය තුළ රාගම ගුවන් පාලම සෑදීම හැරුණු විට කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් නිසියාකාරව නිම කර තිබුණේ නැත. උද්ධමනය 11%ක් පමණ විය. මිනිසුන්ට ජීවන වියදම දරාගත නොහැකි තත්ත්වයක් උදා වී තිබිණි.

අය – වැය පරතරය 7.5%ක් විය.

රටේ ණය අර්බුදයක් තිබිණි. රාජ්‍ය ණය බර දළ ජාතික නිෂ්පාදිතයෙන් 90%ක් විය. කිසිවකු සාධාරණ පොලියකට ලංකාවට ණය දුන්නේ නැත. උතුරු නැඟෙනහිර විශාල භූමි ප්‍රමාණයක් තිබුණේ ත්‍රස්තවාදීන් යටතේය. සාමාන්‍ය ජනතාවට ඕමන්තයෙන් ඔබ්බට යෑමට එල්ටීටීඊයට දඩ ගෙවන්නට සිදුවිය.

උතුරේ නඩු ඇහුවේ එල්ටීටීඊ උසාවිවලය. රටේ කොයි තැනක කොයි වෙලාවක බෝම්බයක් පත්තුවේ දැයි කිසිවකුට කිව නොහැකි තත්ත්වයක් තිබිණි. සුනාමිය නිසා රටේ විශාල ජීවිත හා දේපළ හානියක් සිදු වී තිබිණි. භෞතික සම්පත් හා ජීවනෝපාය මාර්ග යළි කඩිනමින් ගොඩනැඟිය යුතුව තිබිණි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ ලෝක ආහාර අර්බුදයක්ද ඇතිවිය. මෙවැනි තත්ත්වයක් තුළ ලංකාව තුළ ආහාර අගහිඟයක් නැතිව, මිල දැරිය හැටි මට්ටමක තබාගෙන පාලනය කිරීම විශාල අභියෝගයක් විය. ලෝක මූල්‍ය අර්බුදයක්ද මේ කාලයේම ඇතිවිය. ලෝක ප්‍රකට මූල්‍ය ආයතන රැසක් බිඳ වැටිණි. එවැනි තත්ත්වයක් තුළ ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරව පවත්වා ගැනීම තවත් අභියෝගයක් විය. එහෙත් 2015 ජනවාරි මස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය අවසන් වන විට ලංකාව කෙබඳු රටක්ද?

30 වසරක යුද්ධය නිම වී, පූර්ණ සාමය උදා වී, ඕනෑම කෙනකුට නිදහසේ බියකින් සැකයකින් තොරව රටේ ඕනෑම තැනක සැරිසැරිය හැකි යුගයක් උදා වී තිබිණි. පාතාලය යන වචනය පවා ජනතාවට අමතක වී තිබිණි.

වරාය, ගුවන්තොටුපොළ, විදුලි බලාගාර, අධිවේගී මාර්ග, වාරි කර්මාන්ත හා තවත් විවිධ ඉදිකිරීම් සිදුවෙමින් රට කාර්ය බහුලව තිබිණි.

කුණු කසළවලින් තොර නගර, පිරිසුදු පදික වේදිකා, සක්මන් කිරීමට හා ව්‍යායාම කිරීමට පහසුකම් ඇති මංතීරු, සෑම පාරකටම විදුලිය, කාපට් දැමූ මාර්ග සුපුරුදු දසුන් විය. ගමේ අතුරු පාරවලට පවා කොන්ක්‍රීට් වැටිණි.

රටේ ජනගහනයෙන් 98%කට විදුලිය හා 90%කට පානීය ජලය ලැබී තිබුණු අතර ජනගහනය මෙන් 120% දුරකථන නිකුත් වී තිබිණි.
ව්‍යාපාර කරන්නන්ට, ස්වයං රැකියාවක් කරන්නන්ට අඩු පොලී ණය පහසුකම් හා විවිධ දිරිමත් කිරීම් ලැබිණි.

සාමාන්‍ය ජනතාවට වාහනයක ලීස් කිරීමට, නිවෙසක් සාදා ගැනීමට, ඉඩමක් මිලදී ගැනීමට අඩු පොලියට ණය පහසුකම් ගත හැකි විය. රැකියා වියුක්තිය 2005දී තිබුණු 8.3% සිට 2014 වන විට 4.3% දක්වා පහළට පැමිණ තිබිණි.

වසරක් පාසා බදු අඩු කිරීම් හා බදු ලිහිල් කිරීම් අසන්නට ලැබිණි. රැකියාවලින් පමණක් ආදායම ලබන, උපයන විට බදු ගෙවන අයට තමුන්ගේ බදු ලිපිගොනු වසා දමන්නට පවා අවසර ලැබිණි. සංචාරකයන් වැල නොකැඩී එන අතර විදේශ ආයෝජන ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබිණි. 2014 ඇමෙරිකානු ඩොලර් මිලියන 1500 ඉක්මවා ආයෝජන ලැබී තිබිණි.

ආසියාවේ හොඳම කොටස් වෙළෙඳපොළ හා ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය සඳහා සම්මාන ලැබී තිබිණි.

සෑම ආර්ථික දර්ශකයකින්ම ලංකාව දකුණු ආසියාවේ පළමු හෝ දෙවැනි තැනට පැමිණ තිබිණි. පුරවැසියන් සියලු දෙනාම රට ජාතිය ගැන ආඩම්බර වන පිටරට පදිංචියට ගොස් සිටි අය ආපසු පැමිණෙන රටක් බවට ලංකාව පත් වී තිබිණි. එහෙත් අපේ රටේ ඡන්ද දායකයන්ගෙන් කොටසකට වෙනසක් අවශ්‍ය විය. එවකට විපක්ෂයේ පොරොන්දු විශ්වාස කළ ඔවුන්ට අවශ්‍ය වූයේ අමුතු දේවල්ය. ඩොලර් කෝටි ගණන් තිබෙනවා යැයි විපක්ෂය කී පිටරට බැංකු ගිණුම් අල්ලන්නට අවශ්‍ය විය. යාපනෙන් පැන්නුවා යැයි කී රත්රන් කන්ටේනර් සොයාගන්නට අවශ්‍ය විය. රොකට් එක, හෙලිකොප්ටරය හා ලැම්බෝගිනිය රාජසන්තක කරන්නට අවශ්‍ය විය. තාජුඩීන්ගේ, ලසන්තගේ, එක්නැලිගොඩගේ ඝාතකයන් අල්ලන්නට අවශ්‍ය විය. මහාමාර්ග, තාප බලාගාර, වරාය, ගුවන් තොටුපොළ වැනි මෙගා ඩීල් හරහා කොමිස් ගැහුවා කියන අය හොයන්නට අවශ්‍ය විය. අලුත් ආණ්ඩුවක් ලවා බඩු මිල අඩු කරවාගන්නට අවශ්‍ය විය. රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකටම පඩි වැඩි කරගන්නට අවශ්‍ය විය. අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කරගන්නට අවශ්‍ය විය. සෞඛ්‍යයට දළ ජාතික නිෂ්පාදනයෙන් 3% වෙන් කරගන්නට අවශ්‍ය විය.

තරුණ තරුණියන්ට ෆ්‍රී වයි.ෆයි. ලබාගන්නට අවශ්‍ය විය. උසස් පෙළ සිසුන්ට කොම්පියුටර්, ටැබ් ලබාගන්නට අවශ්‍ය විය. තිබුණු කැසිනෝත් වසා ගන්නට අවශ්‍ය විය. උකස් බඩුවල ණය කප්පවා ගන්නට අවශ්‍ය විය. ගොවි ණය කප්පවා ගන්නට අවශ්‍ය විය. සහතික මිලට හාල්, රබර්, තේ කොළ, කිරි විකුණා ගන්නට අවශ්‍ය විය. ගැබිනි මවුවරුන්ට රුපියල් 20,000ක පෝෂණ මල්ල ගන්නට අවශ්‍ය විය. රත්රන්වලින් හදනවාදැයි එකල විපක්ෂය ඇසූ අධිවේගී මාර්ගවලට යන වියදම් අඩු කර ගන්නට අවශ්‍ය විය. තරුණ පරපුරට අඩු මිලට වාහන ගන්නට අවශ්‍ය විය. රට කුඩු උවදුරින් සහමුලින් මුදා ගන්නට අවශ්‍ය විය. ව්‍යාපාර දියුණු කර ගන්නට කොටස් වෙළෙඳපොළෙන් තවත් අධික ලාභ ලබන්නට අවශ්‍ය විය. මේ බලාපොරොත්තු ඉටුවුණාද නැද්ද යන්න පැහැදිලි කිරීමට අවශ්‍ය නැත. ඇත්ත තත්ත්වය දන්නෝ දනිති. බල පෙරළියෙන් වසර 3 1/2කට පසු ලංකාවේ අද තත්ත්වය කෙබඳුද?

යුද්ධයෙන් පසු ගොඩනැඟෙමින් තිබුණු සහජීවනය වෙනුවට පැහැදිලිවම ජාතිවාදයේ ගිනි පුපුරු යළි මතුවෙමින් පවතී.

ආයුධ සන්නද්ධ කල්ලි විසින් කරන සොරකම්, කොල්ලකෑම්, මහ දවාලේ වෙඩි තබාගැනීම්, මිනී මැරුම් වැඩි වී ඇත.
තරුණ පරපුර අනතුරේ දමමින් වෙන කිසිදු කලක නොවූ ආකාරයට රට පුරා මත්ද්‍රව්‍ය සුලබ වී ඇත.

පාර්ලිමේන්තුවේ ආසන 70ක් හිමි විපක්ෂ කණ්ඩායමට ප්‍රජාතාන්ත්‍රවාදී පිළිගැනීමක් නැති අතර ආසන 16ක් ඇති පක්ෂයකට විපක්ෂ නායකකමද, ආසන 6ක් පමණක් ඇති පක්ෂයකට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකමද හිමි වී ඇත.

රට මොනතරම් අර්බුදයකට ගියත් පාර්ලිමේන්තුව වසර 4 1/2කට විසුරුවිය නොහැකි බවට 19 වැනි සංශෝධනය හරහා ව්‍යවස්ථා ගැටයක් ගසා ඇත. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ අය අතර ජනතාව අතින් ඡන්දයෙන් ප්‍රතික්ෂේප වූ බොහෝ දෙනෙක් සිටිති.

මැතිවරණ කල් දැමීම දිගින් දිගටම සිදුවේ. ජනතාවගේ ඡන්ද අයිතිය දරුණු අපහරණයකට ලක්වී ඇත.
පොලිසිය, අල්ලස් කොමිසම වැනි ආයතන දේශපාලනීකරණය කොට රජයට අවශ්‍ය ආකාරයට නීතිය අවභාවිත කරමින් දේශපාලන ප්‍රතිවාදීන් දඩයම දරුණු ලෙස සිදු වේ.
රට පුරා උද්ඝෝෂණ රැල්ලක් පැවැතුණද ජනතා ඉල්ලීම්වලට රජයේ ප්‍රතිචාර ඉතා පහළ මට්ටමක පවතී.

පසුගිය ආණ්ඩුවේ අවසාන වසර 3 තුළ දළ වශයෙන් 7%ට ආසන්න වූ රටේ සංවර්ධන වේගය 2015දී 5%ටත්, 2016දී 4.5%ටත් 2017දී 3.1%ටත් අඩු වී තිබිණි.
විදේශ ආයෝජන 2014 ඇමෙරිකානු ඩොලර් මිලියන 1500ක් පමණ ලැබුණද 2017දී අලුතින් ලැබී තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 17ක් පමණි. ඉතුරු විදේශ ආයෝජන 2015ට පෙර ආරම්භ වූ ව්‍යාපෘතීන්ට සම්බන්ධ මුදල්ය.

2014 හා 2017 කාලය තුළ රටේ රැකියා ප්‍රමාණය ලක්ෂ 84 සිට ලක්ෂ 82ට අඩු වී ඇති බව මහ බැංකු වාර්තාවලින් පෙනී යයි.
පොහොර සහනාධාරය ඉවත් වී ඇත. පාසල් දරුවන්ට නොමිලයේ දුන් නිල ඇඳුම් වෙනුවට වවුචර ක්‍රමයක් හඳුන්වා දී ඇත.

කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය පසුගිය වසර 3 තුළ රුපියල් කෝටි 21,000කින් පමණ 215 කින් පහත වැටී ආයෝජකයන් පාඩු ලබන තැනක් බවට පත්වී තිබිණි. 2014දී ලබා දුන් 25.3% ප්‍රතිලාභ වෙනුවට 2017දී කොටස් වෙළෙඳපොළ ලබාදී තිබුණේ 1.3%ක පමණ සුළු ප්‍රතිලාභයකි.

රුපියලේ අගය 2014ට සාපේක්ෂව මේ වන විට 20%කින් පමණ පහළ වැටී ඇත.

රාජ්‍ය ණය බර 2014දී රුපියල් කෝටි 739,100 වූ අතර 2017 අග වන විට එය රුපියල් කෝටි 1,039,200 දක්වා රුපියල් කෝටි 300,100කින් වැඩි වී තිබිණි. මේ අනුව වසර 3ක් තුළ රාජ්‍ය ණය 40%කින් ඉහළ ගොස් ඇත.

ලෝකප්‍රකට ‘බ්ලූම්බර්ග්’ ආයතනය විසින් මේ වන විට ලංකාව විදේශ ආයෝජනවලට අනතුරුදායක රතු කලාපයක් ලෙස වර්ගීකරණය කර තිබේ.
ජාත්‍යන්තර ශේ‍ර්ණිගත කිරීමේ ආයතනයක් වන මූඩිස් ආයතනය කියන ආකාරයට ණය ආපසු ගෙවීමේ හැකියාව අතින් දැන් ලංකාව ආසියාවේ 24 වැනි ස්ථානයට පහළ වැටී ඇත.
මහ බැංකු බැඳුම්කර හොරකමෙන් පමණක් රටට වූ පාඩුව කෝටි ලක්ෂයට වැඩි යැයි රජයේ ඇමැතිවරයෙක්ම කියා තිබිණි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ඇණවුම් අවලංගු කිරීමේ වන්දිය රුපියල් කෝටි 1700කි. හම්බන්තොට වරාය චීනයට වසර 99 කට බදු දී අවසන්ය. මත්තල ගුවන් තොටුපොළ ඉන්දියානුවන්ට දෙන්න සියල්ල සූදානම්ය. මේ අතර ආණ්ඩුව ජනතාවගෙන් අය කර ගන්නා බදු විශාල වශයෙන් වැඩි කොට ඇත. ව්‍යාපාර මත බදු විශාල වශයෙන් ඉහළ දමා ඇති අතර අලුතින් බදු වර්ග රැසක් එකතු කර තිබේ.

වසරකට රුපියල් ලක්ෂ 5කට වඩා ආදායමක් ඇති සෑම අයකුටම බදු ලිපිගොනුවක් විවෘත කළ යුතුය. රජයේ ආදායම් බදු කොමසාරිස් යෝජනා කරන ආකාරයට වාහනයක් හිමි පිටරට සංචාරයකට යා හැකි සෑම අයකුටම බදු ලිපිගොනුවක් විවෘත කළ යුතුයි.

මසකට රුපියල් ලක්ෂයකට වඩා කුමන ආකාරයකට හෝ ආදායමක් උපයන සියලු දෙනකුම දැන් ආදායම් බදු ගෙවිය යුතු අතර එම ප්‍රතිශතයන් ඉහළ දමා ඇත.
බැංකුවේ තිබෙන තැන්පතුවල පොලියෙනුත් 5%ක් බදු අය කෙරේ.

ගෙයක් කුලියට දුන්නත් ආදායමෙන් 20%ක් බදු ගෙවිය යුතුය.
නිවෙසක්, දේපළක් හෝ වාහනයක් වික්කත් විකුණා ලැබෙන ආදායමෙන් 10%ක් රජයට බදු ගෙවිය යුතුය.

යමෙක් ආදායම් බදුවලින් ගැලවුණත් කිසිම අයකුට රජයේ වක්‍ර බදුවලින් ගැලවිය නොහැකිය. ඒ සෑම භාණ්ඩයක් හා සේවාවක්ම රජය විසින් බද්දට යටත් කොට ඇති බැවිනි.
වෙළෙඳපොළට ගියත්, බෙහෙත් ගන්න ගියත් හෝටලයකට කෑම කන්න ගියත් ජනතාවට වැඩි වී ඇති වක්‍ර බදු ගෙවන්නට සිදු වේ.

2014ට සාපේක්ෂව 2018 වන විට රජය බදු වශයෙන් ලබා ගන්නට බලාපොරොත්තු වන ආදායම 100%කින් ඉහළ දමා ඇත. ඒ වැඩිවීම බලපාන්නේ රටේ ජනතාවටය.

13
ජූලි
18

ලෙනින්ගේ වෙලුම් වල කතා ‘පට්ට ලොජිකල් සහ රැශනල්’ ද ? ජවිපෙ ගොංපාට් 2

1 July · 

පක්ශ පාට භේදයකින් තොරව ජවිපෙ දේශපාලනයට තිත තබමු!
පොහොට්ටු, යූඑන්පී, ශ්‍රී ලංකා යන පක්ශ පාට භේදයකින් තොරව සියලු දෙනා එක්ව ජවිපය ගමෙන් පමණක් නොව රටෙන්ම පන්නා දැමිය යුත්තේ ඇයි?

1) ශ්‍රී ලංකාවේ සංස්කෘතියට, සිංහල බෞද්ධත්වයට පහර ගසමින් අපට තබා කිසිවෙකුටත් නොගැලපෙන ‘මාක්ස්වාදය’ නම් ආනයනය කරන ලද නිරාගමික මතවාදය අප තාරුන්‍යය තුලට බලෙන් පැටවීමට උත්සාහ දරන නිසා. මොවුන් බුදුදහමට පහර ගැසීමට විශේශ උනන්දුවක් දක්වයි. ඔවුනට විශ්වකර්මයන් වූ මාක්ස් හා ලෙනින්ගේ වෙලුම් වල කර්මය, පුනර්භවය යනාදී බෞද්ධ සංකල්ප ගැන සඳහනක් නැති නිසා ඔවුන් ඒවා එකහෙලාම ප්‍රතික්ශේප කොට සමච්චලයට ලක් කරයි. ඔවුනට අනුව විශ්වය ක්‍රියා කරන්නේ ලෙනින්ගේ වෙලුම අනුවය. බුද්ධ වචනය සැක කිරීමට තරම් ‘පට්ට ලොජිකල් සහ රැශනල්’ වන මොවුන්ට ලෙනින් හා මාක්ස් දන්නා කෙංගෙඩිය කුමක්දැයි ප්‍රශ්න කිරීම අතාර්කික වන අතර ආගමික වහල් භාවය ප්‍රදර්ශනය කිරීමක් වේ. ජිප්සීස් සුනිල්, නිර්මාල් රංජිත්, සමනලී ෆොන්සේකා වැනි එලොවටත් මෙලොවටත් වැඩකට නැති ගන්ධබ්බයන් හට ජවිපෙ හොඳ අම්බලමක් වන්නේ එබැවිනි.

2) ලංකාවේ ඉඳහිට මතුවන දුර්ලභ වූ ජාතිකවාදී නායකයන්ට අභූත චෝදනා එල්ල කොට ඔවුන් විසින් ලංකාවට ලබා දිය හැකිව තිබූ අතිමහත් සේවය අතරමග ඇනහිටුවීමට දායක වීම. ගාමිනී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, රණසිංහ ප්‍රේමදාස වැනි UNP ජාතික නායකයන්ටද මහින්ද රාජපක්ශට මෙන්ම ඔවුන් එලව එලවා ගැහුවේ හොරකම්, දූශණ, ඇපල් වතු, අශ්ව ඉස්තාල වැනි සුරංගනා කතා වලිනි. ඔවුන් ඒවා නිර්මාණය කොට සමාජයට මුදාහරින විට විරුද්ධවාදීන් විසින් ඒවා බෙදාහරින වාහකයන්ගේ කාර්‍යභාරය ඉටුකරයි. කුඩා කල පාසැලේදී දුටුගැමුණු, වලගම්බා වැනි සැබෑ සිංහල වීරයන්ට පුදන ලෙසින්ම පොන්නම්බලම් අරුණාචලම් වැනි බෙදුම්වාදීන්ටද ‘ජාතික වීරයන්’ ලෙස පුදන අපට මෑත කාලීනව ලංකාවේ බිහිවූ සැබෑ ජාතික වීරයන් නිතැතින්ම මගහැරී යන්නේ ජවිපෙ විසින් ඔවුන් ‘දූශිතයන්’ ලෙස ජනගත කරන ලද මතය නිසාය. ඔවුන්ට ඉතිහාසයේ ලබාදියයුතු වැදගත්කම ලබාදීම ‘මෝඩකමක්, වහල්කමක්’ ලෙස සලකන මට්ටමට ජන මනස කුරුවල් කර ඇති නිසාය.

3) ප්‍රශ්න විවේචනය කිරීම හා කකුලෙන් ඇදීම හැර රට වෙනුවෙන් කල හැකි කිසිදු ප්‍රායෝගික වැඩපිලිවෙලක් නැති නිසා. කූඹියෝ ටෙලි නාට්‍යයෙන් ජවිපෙට කන හරහා වදින්න දී ඇති ආකාරයටම සැබෑ ලෙසම මොවුන් ක්‍රියාත්මක වන්නේ ප්‍රශ්න නැති තැන් වල ප්‍රශ්න මවා හෝ තමන්ගේ පැවැත්ම තහවුරු කරගැනීමටය. ඔවුන් ක්‍රියාටත්මක වන ආකාරයට කිසිදු රජයකට, කිසිදු නායකයකුට රටේ වැඩක් කල හැකි නොවේ. හයිවේ හැදුවේ මැදමුලනේ සිට ඇඹුල්තියල් ගෙන ඒමට බවත්, වරාය හැදුවේ ලෝකයේ ලොකුම පිහිනුම් තටාකයේ බේබිලාට පිහිනීමට බවත්, උමාඔය හදා ‘කඳුකරයේ හදවත සිදුරු කලා’ යැයි සාහිත්‍යමය රසයෙන් යුක්ත ප්‍රබන්ධ නිර්මාණය කලේ ජවිපෙයයි. මෙවැනි ජාතික වටිනාකමකින් යුක්ත අතිශය වැදගත් ව්‍යාපෘති පිලිබඳව පවා කුහකත්වයෙන් කතා කල ජවිපෙට ජනතාව විසින් පයින් පහර ගැසීමට තිබුනේ මීට බොහෝ කලකට පෙරය

4) ලංකාවේ තාරුණ්‍යය හැකිතාක් ජාතිකත්වයෙන් සහ ජාතික, සංස්කෘතික වටිනාකම් වලින් ඈත්කොට සියලුම දේ මුදල් වලින් මනින තත්වයට පත් කිරීම. රටේ ඒකීයභාවට, සංස්කෘතිය වැනි රටේ පැවැත්මට සහ ස්තාවරත්වයට අතිශය වැදගත් එහෙත් මුදලින් මැනිය නොහැකි දේට අඩු වටිනාකමක් දී පාරකට තාර දැමීමේදී වූ පාඩුව, පේව්මන්ට් එකකට ගල් ඇල්ලීමේදී වූ ලාභ පාඩු සතයට ගනන් බැලූ ආකාරයෙන් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන මොවුන්ට රටක ස්තාවරත්වය, ඒකීයභාවය නැති වීමෙන් සිදුවන නොමැනිය හැකි පාඩුව සහ ව්‍යසනය ගැන කතා කිරීමට අමතක වී යයි. තවද මොවුන් විසින් මාක්ස්වාදී ගුලි කවා මුලා කොට මරා දැමුවේ ලංකාවේ සිංහල තරුණයන්ගෙන් ස්වාභාවිකවම නායකත්ව ලක්ශන ඇති alfa males සහ alfa females ලා ය. ඔවුන් මුලාවේ නොවැටී අද ජීවතුන් අතර සිටියානම් නායකයන් වී සිටින්නට තිබුනි. නව නිපැයුම් කරමින් ලංකාවේ ආර්ථිකයට දායක වන්නට තිබුනි. රට ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නට තිබුනි. ඒ සියල්ල ටයර් සෑයක් උඩ ගිනිබත් වන තත්වයට ඇද දැමුවේ ජවිපෙ නම් කාලකන්නි පක්ශය විසිනි.

කිසිදා නොකෙරෙන අරගලයක් සහ මූලික වශයෙන්ම වැරදි ‘මාක්ස්වාදය’ නම් ප්‍රායෝගික නොවන මතවාදයක් වෙනුවෙන් පන්ති පවත්වමින්, තරුණයන්ගේ ඔලුගෙඩි කුරුවල් කරමින්, අවසානයේ ඒ සියල්ලන්ම රවටා දමා උග්‍ර ධනවාදීන් ගේ ඔඩොක්කුවේ හොරෙන් නැලවෙන ජවිපෙට මෙදා සැරේ ජනතාව දුන් පයින් පහර ලබන සැරේ ලංකාවෙන් එලියටම විසිවන්නට දී ජවිපය සහ මාක්ස්වාදය නම් අතිශය හානිදායක පක්ශ සහ මතවාදයන් ලංකාවෙන් සදහටම තුරන් කිරීමට පාට පක්ශ නැතිව පෙලගැසෙමු!




අනවශ්‍ය දේවල්

  • 175,911 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2018
බ්‍ර සි සෙ
« ජූලි    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements