Archive for the 'සියත ශ්‍රී' Category

13
මාර්තු
19

පරිසර අමාත්‍යංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න තිරිසනාගේ තවත් වැඩක්…. මූ එළවන්න එකෙක් ඔතන නැද්ද ?

නකල්ස් ස්වාරක්ෂක කලාපයේ බෙලිගම රක්ෂිතය තුල චීන සමාගමක් කරන මහා පරිමාණ වන විනාශය නොබලා පරිසර ඇමැති සිරිසේන බම්බු ගහනවාද?

(ලංකා ඊ නිව්ස් -2019.පෙබ.02, ප.ව.3.30) පරිසර ඇමැතිවන්නේ ජනාධිපති සිරිසේන ය. ඒ මදිවාට මොරගහකන්ද තමාගේ වැඩක් බව කියමින් පම්පෝරිද කෙළින්නේ ය. කට ඇරිය ගමන් තමා සුදනා බවත් අන් සියළුම දෙනා මේ රට විනාශ කරන උන් බවටත් අවලාද නගන්නේය. ඒ නමුත් මොරගහකන්ද ව්‍යාපෘතියේ ඇලහැර උමං ව්‍යාපෘතිය සිදුකරන ස්ථානය වෙත ප්‍රවේශ මාර්ගයක් ඉදිකරන චීන සමාගම විසින් ලෝක උරුම නකල්ස් වනාන්තරය වනසමින් සිටිනවා මේ පරිසර ඇමැතියා සිරිසේන දන්නේ නැත. මේ මහා විනාශය පිළිබඳ වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය විසින් කරනු ලබන හෙළිදරව්වක් පහත දැක්වේ.

මොරගහකන්ද ජලාශය නූතනයේ ඉදිවුණු රට මැද මහ සයුර ලෙස හඳුන්වන අතර එය අක්කර අඩි 660,000ක් පමණ වේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 557.5ක් වැයකොට අඹන් ගඟ හරස් කොට තැනූ මේ මහා ජලාශයේජල පෝෂක කලාපය දුම්බර වනාන්තරයයි. මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක තුළ පිහිටා ඇති මෙම මහා ජල පෝෂකයේ වපසරිය (දුම්බර වනාන්තරය = නකල්ස් වනාන්තරය) හෙක්ටයාර් 21,000ක් පමණ වේ.යුනෙස්කෝව 2010දී මෙම මහා වනාන්තරය ලෝක උරුමයක් බවට පත් කළේ ආවේණික සත්ත්ව හා ශාක ජීවීන් මෙන්ම ජෛව විවිධත්වයේ ඇති අපූර්වත්වය නිසාය.

මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ ඉහල ඇලහැර උමං ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය වෙත ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරිම සඳහා Sinohydro corporation limited නැමැති ආයතනය විසින් ටෙන්ඩර ලබා ගෙන ඇත්තේ නකල්ස් වනාන්තරයට අයත් ස්වාරක්ෂක කලාපය තුල එම මාර්ගය ඉදි කිරීමටයි. එම ටෙන්ඩරයට අනුව නකල්ස් රක්ෂිත වනාන්තරයේ සේර ඇල්ල ආසන්නයේ සිට 1.8 km ක දුරක් වනාන්තරය තුලින් මාර්ගයක් ඉදිකිරිම සඳහා පරිසර අධ්‍යනය වාර්තාවක් සකස්කර අදාල අවසරයන්ද ලබා ගෙන ඇත. එකී අදාල අවසරයන් ලබා දීමේදී මූලික වශයෙන් පරිසර සංරක්ෂණය සඳහා නිර්ණායක අති විශාල ප්‍රමාණයක් ලබා දී ඇති අතර එම අදාල නිර්ණායකයන් තුල නිසි පරිදි කානු සැකසීම, බෝක්කු දැමීම, පැති බැමි ඉදිකිරීම, තට්ටු ආකාරයෙන් බැමි සකස් කිරීම, ගලවා දමන ලද හා කපා දමන ලද ගස් නිසි පරිදි අදාල ස්ථාන වල ගොඩ ගැසීම, ගඟකට, ඇළකට හෝ ජල මාර්ගයකට කපන ලද පස් බැහැර නොකිරීම වැනි මුලික කෝන්දේසි සමගින් විශාල කොන්දේසි ප්‍රමාණයකට යටත්ව ඇත. එලෙස කොන්දේසි වලට යටත්ව ඉදි කරීම් කල යුතු ඉදිකිරීම් භූමිය නිරීක්ෂණයේදී අපට දැක ගන්නට ලැබුනේ අවසර ලබා දී ඇති 1.8 km ක් වන දුර ප්‍රමාණය ඉතාම ප්‍රථමික ආකාරයෙන් කිසිඳු තත්ත්ව සහතිකයක්, කිසිඳු පරිසර සංරක්ෂණ මුලධර්මයන්, මූලික ඉදිකිරීම් මුලධර්ම සහ සංකල්ප කිසිවක් අනුගමනය නොකරමින් විනාශකාරී ලෙස කපා දමා මහා පරිමාණ විනාශයක් නකල්ස් ස්වාරක්ෂක වනාන්තරයට සිදු කර ඇති බවයි.

කිලෝමීටරයකට ආසන්න දුරක් අනවසරයෙන් කපලා
————————————-
මෙහි සුවිශේෂි කාරණය වන්නේ අවසරය ලබා දී ඇති 1.8 km ට වඩා 750 m කට වැඩි (1 km කට ආසන්න) දුරක් අනවසර ලෙස කපා දමා මාර්ගයක් සකස් කර ඇති බවයි. එකී මාර්ගය සකස් කිරීම සඳහා කිසියම්ම අවසරයක් කිසිඳු නියාමන ආයතනයකින් ලබා ගෙන නැති අතර ඒ සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය හෝ වෙනත් කිසිඳු ආයතනයක් දැනුවත් කර නොමැත. මෙම වැඩිපුර කපා දමා ඇති 750 mකට වඩා වනාන්තරය විනාශ කිරීමට හේතුපාදක වී ඇති කාරණය වන්නේ කබරව ඔය හරහා ඉදිකිරීමට යෝජිත වූ පාලමට වැයවන මුදල් ප්‍රමාණය ඉතිරි කරගෙන 1 km ආසන්න දුරක් වනත්තරය විනාශ කරමින් ගොස් පාලම වෙනවට බෝක්කුවක් පමණක් කබරව ඔය හරහා දමමින් එකී ව්‍යාපෘතිය අවසන් කිරීමට අදාල චීන සමාගමට ඇති අවශ්‍යතාවයයි.

කොන්ත්‍රාත්තුව ලබා ගන්නා ඕනෑම සමාගමක් තමන්ගේ කොන්ත්‍රාත්තු මුදල ලබා ගන්නේ අදාල ඉදිකිරිම සඳහා අවශ්‍ය නිර්දේශය පරිසර කළමනාකරණ සැලසුම් සහ අදාල ක්ෂේත්‍ර සටහන් වැනි සියලු සවිස්තර ලබා දීමෙන් අනතුරුවයි. ඒ අනුව, කබරව ඔය හරහා වන පාලම ඉදිකර මාර්ගය සකස් කිරීම මූලික සැලසුමේ අන්තර්ගතව තිබූ ප්‍රධාන කාරණයක් වන අතර, කිසිඳු අවසරයකින් තොරව බෙලිගම රක්ෂිතය තුල අති විශාල ගස් ප්‍රමාණයක්, පැළෑටි ප්‍රමාණයක් විනාශ කරමින් දැඩි පාංශු ඛාදනයක් සිදු වන ලෙස මාර්ගය සකස් කිරීමත්, ගඟ මැදට ගල් දමා ගඟට බාධා සිද්ධ වන ආකාරයෙන් කටයුතු සිද්ධ කිරීමත්, කබරව ඔයට පස් විශාල ලෙස මුදා හැරීම යන කාරණා සියල්ලත් ගත් කල්හි Shinohydroනැමැති මෙම ආයතනය කර ඇත්තේ මහා පරිමාණ බරපතල වරදකි. එය මෙරට මූලික පරිසර නීති කිහිපයක් උල්ලංඝනය කර ඇති බව සරලවම පෙනී යයි. මෙරට ඉදිවන සංවර්ධන ව්‍යපෘති සම්බන්ධව මූලික නීති විශාල ප්‍රමාණයක් බිඳ දමමින් මුල්‍ය අනුග්‍රහය ලබා දෙන සමාගම් වල පාරිසරික කොන්දේසි (environmental safeguards) සම්පුර්ණයෙන්ම බිඳ දමමින් චීන සමාගම සිදු කරන මේ ක්‍රියාවලිය පරිසරය වෙනුවෙන් කිසිඳු සැලකිල්ලක් නැති බව පෙන්වන ඉතා හොඳින් පෙන්නුම් කරයි. ඉවත් කරන ලද මහා පරිමාණ කළු ගල්, ගලවා දමන ලද අඩි 100ක් පමණ උස ගස් සහ පස් කියුබ් අති විශාල ප්‍රමාණයක් කබරව ඔයට කෙලින්ම මුදා හැර ඇත. මෙලෙස කිසිඳු අවසරයකින් තොරව හිතුමතේට හෙළි කර ඇති සම්පුර්ණ කොටසේ අවම වශයෙන් ගස් 2000 කට වැඩි ප්‍රමාණයක් හෙලා දමා ඇති බව බැලූ බැල්මට දක්නට ඇති අතර මෙම අනවසර කොටසේ කබරව ඔය හරහා වන බෝක්කුව ඉදිකිරීම සඳහා ගෙනත් දමා ඇති කොන්ක්‍රීට් කානු දෙකෙන් එක් කානුවක් මේ වන විට ගඟ දිගේ පහලට ගසා ගෙන ගොස් රැඳී ඇත. එමගින්ද ගඟට යම් තරමකට අවහිර කර ඇත.

පරිසර අමාත්‍යාංශයේ සිරිසේනගේ ලේකමාත් සම්බන්ධයි
———————————-
මේ සම්බන්ධව අප කල සොයා බැලීම් වලදී හෙළි වුයේ මුල්‍ය දායකත්වය ලබා දෙන සමාගම් මෙන්ම මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ තවත් රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක මතය වන්නේ අදාල චීන සමාගම හිතුමතේ ඉදිකිරීම් සහ අනෙක් කටයුතු සිදු කරමින් සිටින බවත්, කිසිඳු පරිසර කළමනාකරණ සැලැස්මක් අනුගමනය නොකරමින් කිසිඳු නියාමන ආයතනයකට සවන් නොදෙන බවත්ය. අදාල නියාමන ආයතන විසින් සැබෑ නියාමනයක් හෝ සොයා බැලීමක් නොකරන බවත් සහ ඊට හේතුව ලෙස අදාල චීන සමාගමට පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සහය අනවශ්‍යය ලෙස ලැබෙන බවත්ය. එමෙන්ම අපට වාර්ථා වූ තවත් කරුණක් වුයේ අදාල චීන සමාගම මෙම අනවසර හෙළි කිරීම නීත්‍යානුකූල කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට නොයෙක් රාජ්‍ය ආයතන වලටද පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් බලපෑම් කර ඇති බවයි. එසේම, මේ සම්බන්ධ ගැටළු සොයා බැලීම සඳහා ඔහු විසින්ම ගොස් අදාල සමාගමෙන් වන්දි අය කරගන්නා බවත්, හෙලා ඇති 2000 කට අදික ගස් ප්‍රමාණය සියයකට ආසන්න පමණක් බවත් ප්‍රකාශ කර සිටීම මහත් විමතිය දනවන කාරුණකි. මන්ද යත්, අදාල කොටසේ හෙලා ඇති ගස් ප්‍රමාණය අවම වශයෙන් අමාත්‍යංශ ලේකම්වරයාගේ ගණනය මෙන් දස ගුණයක් වත් විය යුතුය.

සිදුකර ඇති මහා පරිමාණ විනාශයට වෙනුවට නැවත ගස් සිටුවීම හෝ වෙනත් තැනක කැලයක් සෑදීමට වඩා කල යුතු වන්නේ එවැනි වරදක් නැවත වරක් සිදු නොවීමට නීතිමය කටයුතු සිදු කිරීමයි. මූලික වශයෙන් මෙරට ජාතික පරිසර පනත, වන සංරක්ෂණ පනත, පාංශු සංරක්ෂණ පනත වැනි විශාල පනත් ප්‍රමාණයක් උල්ලංඝනය කිරීම වෙනුවෙන් අවශ්‍ය වන නීතිමය දඬුවම් ලබා දීමත්ය. තවද විශාල දඩ මුදලක් කොන්ත්‍රාත් සමාගමෙන් අය කර ගත යුතු බවත් අදාල ක්‍රියාවලිය සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවත් අපගේ ඉල්ලීම වේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකී ක්‍රියාව නියාමනය කිරීමටත් ඒ සම්බන්ධව වගකීම ගැනීමත් සිදු කල යුතු බව අපි තරයේ ප්‍රකාශ කර සිටින අතර මන්ද යත් එක්දැව ගසක් හෙලු පමණින් අහිංසක ගැමියෙකු පවා අත් අඩංගුවට ගැනීමේ බලය සහ අත් අඩංගුවට ගැනීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කරන අතර, මෙවන් මහා පරිමාණ අනවසර කැලෑ හෙළි කිරීම් චීන සමාගමක් විසින් සිදු කරන විට, එසේ නොකර සිටීම පොදුවේ රටක් වශයෙන් රටටත් පොදු මහා ජනතාවටත් වැරදි පූර්වාදර්ශයන් සැපයීමකි.

කයිවාරු සිරිසේන නිදිද?
——————————
අදාල චීන සමාගම අවසරය ලැබුණු 1.8 km ක දුරත්, අනවසරයෙන් කපා ඇති 1km කට ආසන්න දුරත් නිරීක්ෂණය කිරීමේදී අපට මතුවූ විශාලම ගැටළුව වන්නේ පෙර සඳහන් කරන ලද පරිසර කළමනාකරණ සැලසුම් භාවිතා නොකිරීම හා අනුගමනය නොකිරීමත් සහ එය නියාමනය කිරීම සඳහා වගකීම පැවරී ඇති නියාමන ආයතන එය නියාමනය නොකිරීමත්ය. තවද එවැනි ක්‍රියාවලියක් සිදු කිරීම සඳහා ඩොලර් මිලියන සිය ගණනින් කොන්ත්‍රාත් සමාගමකට ලබා දිය යුතු නොමැති අතර බැකෝ යන්ත්‍රයක් ක්‍රියාත්මක කල හැකි ඕනෑම සාමාන්‍ය රියදුරුවරයෙකු මගින් අවම මුදලකට එම රාජකාරියම කරවා ගත හැකි බවත්ය. අන්තර්ජාතික සහ විදේශ සමාගමකට මෙලෙස ටෙන්ඩර කැඳවා, පරිසර අධ්‍යන වාර්තා සිදු කොට, පරිසර කළමනාකරණ සැලසුම් සකස් කොට ව්‍යාපෘතියක් ලබා දෙන්නේ පරිසර සංරක්ෂණය මූලික කරගෙන එකී සංවර්ධන කටයුත්ත කල යුතු නිසාවෙන් විනා මෙලෙස හිතුමතේ බැකෝ යන්ත්‍රයක් හුරුවීමට ක්‍රියාත්මක කරන අයෙකු මෙන් ඉතා දැඩි විනාශයක් සිදු කරමින්, වනාන්තරය මැදින් හිතුමනාපෙට මාර්ගයක් තැනීමට නොවේ. ඒ අනුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙකී අනවසර වන හෙළි කිරීමත්, අනවසර මාර්ග සැකසීමත්, අදාල චීන සමාගම මූලික පරිසර නීති ඇතුළු මෙරට පොදු නීති විශාල ප්‍රමාණයක් උල්ලංඝනය කිරීමත්, ඒ සම්බන්ධ අදාල නියාමන ආයතන ක්‍රියාත්මක නොවීමත් සහ මෙකි චීන සමාගමට එවැනි ක්‍රියාවලියක නිරත වීමට ශක්තියක් ලැබීමට පිටුපසින් සිටී දූෂිත රාජ්‍ය නිලධාරීන් කවුරුන්ද යන වගත්, අවසානයේ ඔවුන් කර ඇති විනාශයට ඔවුන්ට දැඩි දඬුවම් සහ විශාල වන්දියක් අයකර ගැනීමත්, එමගින් හෙලා ඇති වනාන්තර සහ ශාක මෙන් සිය ගුණයක වනාන්තර ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කරන ලෙස වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

පේශල පසන් කරුණාරත්න විසිනි
මාධ්‍ය සම්බන්ධීකාරක – වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය
——————————
(ශත වර්ෂ ගණනකින් හදා වඩා ගත නොහැකි තරම් පැරණි විශාල ගසක් කපා දැමීමට සලකුණු කර ඇති අතර ඒ ගස මෙහි සේයාරුවක දැක්වේ)

Image may contain: 1 person, text
Image may contain: mountain, sky, outdoor, nature and water
Image may contain: one or more people, tree, outdoor and nature
Image may contain: sky and outdoor
Advertisements
08
පෙබ.
19

එකම ජාලයක් කුඩු පරපුරක් සත්‍යාාංගනී නම් සභාපතිනියක්

20
නොවැ.
18

ලබ්බ ගැන සිතා පුහුල අත ගා කෙළවා ගන්නා උපුල් ශාන්ත සන්නස්ගල සෑර්ලා

රනිල්ගේ වැඩ

රනිල් වික්රමසිංහ රටට උදා කර දී ඇත්තේ පහත සඳහන් ආකාරයේ නස්පැත්තියකි. 2015 සිට ඔහුගේ පාලන කාලය තුළ,

■ ආර්ථික වර්ධන වේගය 7% සිට 3.1 % දක්වා අඩුවිය.

■ උද්ධමනය 3.3% සිට 8.3 % දක්වා වර්ධනය විය.

■ ඩොලර් මිලියන 1, 400 ක සෘජු විදේශ ආයෝජන අහිමි විය.

■ රුපියලේ අගය 26% කින් පල්ලම් බැස්සේය.

■ බදු බර දෙගුණ විය.

■ මහා බැංකුව දෙවරක් කොල්ල කා රටට රුපියල් ට්රිලියනක පමණ පාඩුවක් සිදු කළේය.

■ රැකියා වියුක්තිය 4.3% සිට 4.6% දක්වා වැඩි විය.

■ රාජ්ය ණය රුපියල් කෝටි 90,000 කින් ඉහළ ගියේය.

■ ලංකාව ආයෝජනයට අනතුරුදායක රටක් ලෙස නම් විය.

■ ලංකාව ලෝකයේ දූෂිතම රටවල් හතරට එක්විය.

■ රාජ්ය වියදම් 49% වැඩි විය.

■ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු කළේ නැත.

■ පාතාල ක්රියාකාරම් (ඝාතන) වැඩි විය.

■ ලංකාවට පැමිණෙන හෙරොයින් සහ අනෙකුත් මත්දව්ය ප්රමාණය ඉහළ ගියේය.

■ කොටස් වෙළඳපළ කඩා වැටුණි.

■ විදෙස් ආයෝජකයන් වෙනත් රටවල් වෙත යොමු විය.

■ රටේ සම්පත් විකුණා දැමුවේය. ලැබුණු මුදලින් ගෙවපු ණයක් ද නැත.

■ ඉතිරිව තිබූ ආර්ථික මර්මස්ථාන ද විකුණා දමන්නට පිඹුරුපත් සැකසුවේ ය.

■ පාරවල් දෙපස කුණු කඳු ගොඩ ගැසුණි.

■ ජවිපෙ ලවා 20 වෙනි සංශෝධනය ගෙනවිත් ජනතාවගේ ඡන්ද අයිතිය ද උදුරා ගන්නට උත්සාහ කළේය.

■ රණවිරුවන් සහ භික්ෂූන් වහන්සේලා සිරගත කළේය.

■ අගමැතිකම නැති වෙන විට මෙරටට සම්බාධක පනවන ලෙස විදෙස් රට වලින් අයාචනා කළේය.

ශ්රී ලංකාව යනු බොහෝ විට ලබ්බ ගැන සිතා පුහුල අත ගා කෙළවා ගන්නා ඡන්ද දායකයන් සිටිනා රටකි. ආසියාවේ ජපානයට පමණක් දෙවැනි වූ ඒක පුද්ගල අදායමක් තිබු ශ්රී ලංකාවේ පුරවැසියන් 70 ව දශකය මැද බාගයේ ධර්මිෂ්ට රාජ්යය නැමති ලබ්බ ගැන සිතා අතගෑවේ J R ගේ පුහුල ය. ජීවිත දහස් ගණනක් බිළිගත් පරිච්ඡේදයක ආරම්භය එලෙස සටහන් විය. අප ආසියාවේ හිඟමන් යදින්නා බවට පත්විය. දශක ගණනාවක් ඔස්සේ ඇදුන ඒ සාපයෙන් තවමත් මෙරට සම්පූර්ණයෙන් මිදී නොමැත.

ඉන්පසු දශක ගණනාවක් මෙරට වෙලාගත් ත්රස්තවාදයෙන් මිදී ආසියාවේ චීනයට පමණක් දෙවැනි වූ ආර්ථික වර්ධන වේගයක් සහිතව රටක් ලෙස යන්න්තම් හිස ඔසවා ගෙන එනවිට මෙරට බහුතරයක් ජන්ද දායකයන් “යහපාලන” ලබ්බ ගැන සිතා අතගෑවේ රනිල් වික්රමසිංහ ගේ පුහුල ය. නැවතත් රට ආපස්සට බඩ ගෑවේ ය. ගෙදර බඩු භාණ්ඩ විකුණා කුඩු ගසන කුඩ්ඩෙකුගේ තත්වයට රට පත්විය.

ඉන්පසු රනිල් ඇතුළු සහචරයන්ගෙන් රට මුදවා ගන්නට යන විට යහපාලන කුක්කන්, NGO බත් බැලයන් හා සිරිකොතේ ඉඳුල් බුදින කුලී ලියන්නන්, මධ්යස්ථ මතධාරී බැටළු සම් පොරවා ගත් වෘකයන් හදිසියේ වැලපෙන්නට පටන් ගත්තේ පසුගිය වසර හතරකට ආසන්න කාලයක් මුළුල්ලේ මෙරට මහා සංවර්ධනයක් සිදු වූ අයුරින් ය.

උපුටා ගැනීම
සොනාල ගුණවර්ධන ගේ පෝස්ටුවකිනි.

19
ඔක්.
18

හැමිනෙන මිල සුත්‍රය… (මුන්ට චන්දය දුන්නු තොපිට හෙන ගහනවා)

18
ඔක්.
18

ගෝඨා කවුද?

Matugama Api Mahindata

ගෝඨා කවුද?

ගෝඨාභය පිළිබඳ බෙහෙවින් කතාබහට ලක්වන වෙනත් කාලයක් තිබුණේ නැති තරම්ය. ඒ තරමටම ආණ්ඩු පක්ෂයේ බහුතරයකුත් විපක්ෂයේ බහුතරයකුත් ගෝඨා ගැන කතා වෙන්නේ රටේ තීරණාත්මක කාලවකවානුවකදීය.

“ජනාධිපතිවරණයට එන්නේ ගෝඨා”
“ගෝඨා එන්නෙ නෑ. එන්නෙ බැසිල්”
“මහින්ද තමයි තීරණය ගන්නෙ. සමහර විට මධ්‍යස්ථ කෙනෙක් වන චමල්ව දාන්න පුළුවන්”
“බැසිලුත් නෙවෙයි, ගෝඨාත් නෙවෙයි, ශිරන්තිව දාන්නත් පුළුවන්”
“ඔය කවුරුවත් නොවේ දාන්නෙ දිනේෂ්ව”

මේ රටේ තොටේ ජනතාව හැම තැනම කතා වෙන දේය. එයින් බහුතරයකගේ කැමැත්ත මේ අතරින් කවුරුන් හෝ විය හැකිය. එහෙත් එය මහින්ද අතේ තියෙන තීන්දුවක් නිසා ජනතාව අතර මේ ගැන උනන්දුවක් ඇති අය සිතන්නේ ඒ ගෝඨා විය හැකිම බවය. එසේ නොවේ නම් බැසිල් හෝ චමල් විය හැකි බවය. කෙසේ වෙතත් ‘ගෝඨා’ සාධකය ප්‍රබලය.

එසේ නම් විරුද්ධ පාර්ශ්වයේ එනම් රනිල් පිලේ විරෝධතාව එළිපිට දැක්වූයේ නැතිවුවත් ගෝඨා යම් කතාබහකට ලක්වූ අයකු වී හමාරය. එබැවින් හිටපු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් නොව එකී භූමිකාවෙන් බැහැරව ගෝඨා ජනාධිපති අපේක්ෂකයකු වන්නේ නම් ඔහුට ඒ සඳහා ඇති සුදුසුකම කුමක්දැයි විමසිය යුතුය.

ගෝඨා ආරක්ෂක ලේකම් වන්නට පෙර යුද බිමේ සටන් පෙරමුණේ ඉදිරියෙන්ම සිටි සෙන්පතියකු නිසා යුද බිමෙන් දේශපාලන කරළියට පැමිණි ලෝකයේ බලවත් රාජ්‍යයන්ගේ නායකයන් සිහිපත් කරවන්නේය. ඔවුන්ද යම් දැක්මක් සහිත වූවෝ වෙති.

ගෝඨා ජනාධිපති තරගයට දමන්නේ නම් උතුරු නැඟෙනහිර ඡන්ද සඳහා ඔහුගේ ආමන්ත්‍රණය හා දැක්ම වැදගත්ය. ගෝඨා උතුරු නැඟෙනහිර ජනතාවගේ සැබෑම ප්‍රශ්නය ඇති තැන හඳුනාගත් හැටි දක්වන්නේ මෙසේය.
“උතුරේ ජනතාවට දේශපාලන නිදහසට පෙර ආර්ථික නිදහස අවශ්‍යයි. කොටි සංවිධානය පරාජයට වඩා ලොකුම ජයග්‍රහණය හැටියට මා සලකන්නේ ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සමයේ සංවර්ධනයයි. අන්තර්ජාතික ප්‍රජාව හෝ අන්තර්ජාතික සංවිධාන මේ තත්ත්වය තවම හඳුනාගෙන නැහැ. 2009-2014 අපි බොහෝ දේ ලබා ගත්තා. ඒ කෙටි කාලයේදී යටිතල පහසුකම් ඇති කළා පමණක් නොව දේශපාලන වශයෙන්ද බොහෝ දේ ඇති කර ගත්තා. මා තදින්ම විශ්වාස කරන්නේ උතුරේ ආර්ථික නිදහස ඉතා වැදගත් බවයි. දේශපාලන නිදහසට පෙර ආර්ථික නිදහස ඔවුන්ට අවශ්‍ය වන්නේ ඒ නිසයි”

ගෝඨාභය රාජපක්ෂ
2018.04.10

දෙමළ ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන ඊනියා දෙමළ දේශපාලන නායකයන්ගේ බොරුව හෙළි කරන ගෝඨා උතුරේ ජනතාවගේ අත මිට සරුවන වැඩසටහනකට සිත යොමන බව ඉඟි කරයි. ප්‍රභාකරන්ලාට එකතු වූ දෙමළ තරුණ තරුණියන්ට එදා නොලැබුණු ආර්ථික නිදහස වත්මන් දෙමළ තරුණ තරුණියන්ට ලබාදීමෙන් ඔවුන් අවි ඔසවන තැනින් මුදා ගන්නා තැනකට ගෙන ඒම ගෝඨාගේ දැක්ම බව පෙනේ.
රටට සංවර්ධනය පිළිබඳ කතිකාවක් අවශ්‍ය බව ගෝඨා කියන්නේය. එය පවතින සංවර්ධනයට පිටින් යන යථාවාදී එකක්ද නැත්ද යන්න පිළිබඳ කතිකාවක් රට තුළ ඇතිවූයේ ගෝඨා දැක්වූ අදහසක් නිසාය.

“හරි නායකත්වයක් ලබාදී කැපකිරීමකට යොමුකර හරි අරමුණක් ලබාදී ඉදිරියට යනවා නම් සාර්ථකත්වය අහිමි වන්නේ නැත. ජනතාව නිරන්තරයෙන් නායකත්වය දෙස බලති. නායකත්වය අවංක යැයි ජනතාවට හැඟෙන්නේ නම් හරි අරමුණක් කරා ගමන් කරන බව වැටහෙන්නේ නම් ක්‍රමයෙන් අනෙක් අයත් ඒ වෙත යොමු කරවන්නට පුළුවන. ආයතනයක් වුවත් රටක් වුවත් දියුණු කළ හැක්කේ එලෙස යොමු කිරීමෙනි. ලෝකයේ දියුණු රටවල් මෙන්ම ආයතනද සනාථ කරන ඇත්ත එයයි. ලංකාවේ අපි සිටින්නේ එවන් තැනකදැයි ආපසු හැරී බැලීම අවශ්‍යය”.

ගෝඨාභය රාජපක්ෂ
2018-04-12 පුවත්පතකට

රටක් සංවර්ධනය කළ හැක්කේ ස්ථිර දැක්මක් සහිත අරමුණක් වෙත යෑමෙන් බව මින් ධ්වනිතය. එය සෘජු තීන්දු තීරණ හා බැඳුනකි. එබැවින් ගෝඨා කියන හැටියට සංවර්ධනයට නව කතිකාවක් අවශ්‍යය. එමෙන්ම රටේ දිළිඳුකම පිටුදැකීම සඳහාද ඔහු දක්වන අදහස වෙනස් වූවකි.

“දිළිඳුකම පිටුදැකීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ බව අපි දනිමු. එසේ තිබියදීත් දිළිඳුකම තුරන්ව නැත්තේ ඒවා නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙනි. ඒ වගේම මේවායේ ප්‍රතිලාභ ඇත්තටම ලැබිය යුත්තේ කාටද යන්න නිවැරැදිව සොයා බලා කටයුතු නොකිරීමද මේ අසාර්ථකත්වයට හේතුවකි. මූල්‍ය ආධාර දීමෙන් පමණක්ම දිළිඳුකම තුරන් කළ නොහැකි බවද මේ හරහා තහවුරු කර තිබේ. පුද්ගලයන්ගේ හැකියාව වර්ධනය කිරීමෙන් පමණක් මේ අභියෝගය ජයගත හැකි බවද අමතක නොකළ යුතුය.
මේ පිරිස්වලට රැකියාවක් කිරීමට ඇති හැකියාව දියුණු කිරීමෙන් දිළිඳුකමට විසඳුම් ලබාගැනීමට හැකි වනු ඇත. දිළිඳු අය ජීවත්වන ප්‍රදේශයෙන්ම මේ හැකියාව ලබාගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට පුළුවන. දීර්ඝ කාලයක් තිස්සේ යම් වැඩසටහන් ක්‍රියාවට නංවා ඒවායෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී ඇත්තේ ප්‍රධාන වශයෙන් අධ්‍යාපනය ලබාදීමේ ප්‍රශ්නයක් නිසා විය හැකිය. ඒ නිසා මූලිකව මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීම මෙහිදී අතිශයින් වැදගත්ය”.

ගෝඨාභය රාජපක්ෂ
2018-05-03

නගර අලංකරණය ගැන ගෝඨාට හොඳ ප්‍රතිචාරයක් ජනතාවගෙන් ලැබුණු නිසා පක්ෂ විපක්ෂ කවුරුත් ඒ ගැන පැසසුම් කිරීමට පසුබට නොවෙති. රටේ ප්‍රධානම ප්‍රශ්නයක් වී ඇති, සංවර්ධනයට බාධාවක් වී ඇති වාහන තදබදය ගැනද ගෝඨා අලුත් අදහස් ඇතිව කතා කිරීම කතාබහට ලක්වූවකි. මේ ඒ ගැන ගෝඨා පුවත්පතකට කියූවකි.

“නගරයෙන් එපිට රථගාලක මෝටර් රථය නවතා පොදු ප්‍රවාහනයේ ගමන් කරන සංකල්පය පෙරට ගන්නට පුළුවන. බොහෝ මෝටර් රථ පාවිච්චි වන්නේ කාර්යාලවලට යෑමට පමණි. මේවායේ බොහොමයක ගමන් කරන්නේ තනි පුද්ගලයෙකි. මේ පුද්ගලයාට වඩා පහසුවෙන් තමන්ගේ කාර්යාලයට යෑමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්නේ නම් අතිශය බහුතරය එය ප්‍රයෝජනයට ගැනීමට පසුබට නොවනු ඇත. මේ සංකල්පය ක්‍රියාවට නැංවීමේදී උසස් ප්‍රමිතියේ සැප පහසු බස් රථ සේවයට එක් කළ යුතුය. මේ සංකල්පයේදී මොරටුව, මාලබේ, කඩවත ආදී ප්‍රදේශවල ප්‍රමාණවත් වාහන නැවතුම් පොළවල් ගොඩනඟන්නට පුළුවන. එම ස්ථානවලින් දියුණු පොදු ප්‍රවාහන සේවා විවිධ ප්‍රදේශවලට ආරම්භ කළ හැකිය. ඒ වගේම සවස් කාලයේ මේ ක්‍රියාවලිය අනෙක් දිශාවට කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වූවකි”.

මොනෝ රේල් රථවාහන තදබදයට හොඳ විසඳුමකි. බොහෝ රටවල මෙය භාවිත වන ක්‍රමයකි. මාලබේ සිට බොරැල්ලටත් එතැන් සිට ඇස්වාට්ටුවට, කොටුවට, කොල්ලුපිටියට, කොටහේනට, මොනෝ රේල් ධාවන කිරීමේ සැලසුමක් තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ
2018-06-17

රටේ දැවෙන ප්‍රශ්නයක් වූ කුණු කසළ බැහැර කිරීමේ ගැටලුවට ස්ථිරසාර විසඳුමක් තවමත් ලැබී නැති මොහොතක ගෝඨාගේ දැක්ම මෙසේ විස්තර කර ඇත.

“කසළ නිෂ්කාශනයට ක්‍රමවේදයක් යෙදිය යුත්තේ මධ්‍යම රජයේ මැදිහත් වීමෙනි. දුප්පත් පොහොසත්, දියුණු නොදියුණු, සංවර්ධනය වෙමින් පවත්නා සෑම රටකටම කසළ නිෂ්කාශනය ප්‍රශ්නයට මුහුණ දීමට සිදුව තිබේ. එනිසා මේ ප්‍රශ්නය ලංකාවට පමණක් සීමා වූ කාරණාවක් නොවේ. අනෙක් රටවල් මේ සම්බන්ධව විවිධ පර්යේෂණ කර, විවිධ ක්‍රම යොදා ඉහළ තත්ත්වයකට කසළ කළමනාකරණය පත් කරගෙන තිබේ. ඒ නිසා මේ චක්‍රය අලුතෙන් සෙවීමේ වුවමනාවක් අපට නැත. සාර්ථකව මේ කටයුත්ත කෙරෙන රටවල් පිළිබඳ ක්‍රමවත් අධ්‍යයනයක් කර ඒවායෙන් හොඳම ක්‍රමවේදය අපේ රටට ගළපාගන්නට පුළුවන. කසළ පුලුස්සා ඉන්ධනයක් ලෙස භාවිතයට ගෙන විදුලිය බවට හැරවීමේ තවත් ක්‍රමයකි. චීනයේ කසළ පුලුස්සා විදුලිය නිපදවන ව්‍යාපෘතියට දිනකට කසළ මෙටි්‍රක් ටොන් 2,000ක් ගෙනැවිත් පිළිසකර කරනු ලැබේ. කොළඹ, කඩුවෙල, මහරගම ආදී ප්‍රදේශවල කසළ ප්‍රශ්නයට ටොන් 2,000ක පමණ මෙවන් ව්‍යාපෘතියකින් ස්ථිර විසඳුමක් සොයන්නට පුළුවන”.

ගෝඨාභය රාජපක්ෂ
2018-05-24

ගෝඨා තායිලන්තය වැනි රටවල ආදර්ශ හඳුනාගත් බවක් මතු කරමින් කුඩා ව්‍යාපාර හා ව්‍යවසායකයා පිළිබඳ නව දැක්මකින් කතා කිරීමද කතාබහට ලක්කළ යුතුව තිබෙන්නකි.

“කුඩා හා මධ්‍යම ව්‍යවසාය බිහිකර දියුණු කිරීමේදී ඒවා මුල් කාලයේදී නිසි විගණනයකට ලක් කිරීම, නවීන තාක්ෂණය හඳුන්වා දීම යනාදිය සම්බන්ධයෙන්ද යම් ක්‍රමවේදයක් යොදන්නේ නම් සාර්ථක වීම ලබන්නට පුළුවන. මහා පරිමාණ ව්‍යවසායකයන්ට මේ වෙනුවෙන් සිත නැවෙන්නට පුළුවන. ඔවුන්ගේ සමාජ වගකීම් ව්‍යාපෘතිවලින් යම් කොටසක් මෙවන් ක්‍රියාවලියකට යොදන්නේ නම් ඔවුන්ට මෙන්ම සමාජයටත් ඵලදායී වනු ඇත. තමන්ට ව්‍යවසායකයකු විය හැකි බවට විශ්වාසයක් සමාජයේ සෑම කෙනකු තුළම ගොඩනැඟීම මෙහි මූලික අරමුණ විය යුතුය. රැකියා සොයන්නකු වෙනුවට රැකියා නිපදවන්නකු බවට පත්කිරීම මේ හරහා සිදුවිය යුතුය”

ගෝඨාභය රාජපක්ෂ
2018-05-31

ගෝඨාභය පිළිබඳ විවිධ කතා පැතිර යන වෙලාවක ඔහු දක්වන දැක්ම කතාබහට ලක්වීම කළ යුත්තකි. රටට අවශ්‍යව ඇත්තේ දර්ශනයක් සහිතව නිවැරැදිව ගමනක් යා හැකි පිරිසක් වන නිසා මේ කියැවීම කළ යුත්තකි.

ගෝඨා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද එසේ නොවූවද මේ කියැවීම් වැදගත්ය. මීට සාරවත් යමක් එකතු කරන ප්‍රබුද්ධයන් සමඟ යහපත් සැලසුම් සැකසිය යුතුය. එය රටට අවශ්‍ය දර්ශනය ගොඩනඟන්නට සමත් වීමට මඟ පාදන්නේය.

ගෝඨාභය නමැති සාධකය සමාජය තුළ කතාබහට ලක්වන්නේ විවිධ පැතිකඩ ඔස්සේ වුවත් මේ සංවාදය රට පුරා කෙරිය යුත්තේය.

එහි ඵලය වන්නේ යහපත් වැඩපිළිවෙළක් ඉදිරියට මතුවීමය. එම මඟ යා යුත්තේ කෙසේදැයි කවුරු කවුරුත් සිතිය යුතුය. නිමැවුම් කළ යුතුය. එකට එකතු විය යුතුය.

#GR

01
මැයි
18

රනිල්ගේ වැසිකිලිය කාපං…. කේ.ඩබ්. රෙනරංජන ඔන්න අඹුඩේ ගූ අයිවන් රීලද කොහේද …

රාවයට කෙලින්න ගිය ජනරංජන කල්ලියට වික්ටර් අයිවන්ගෙන් රෙදි ගැලවෙන බඩ විරේකයක්..

රාවයට කෙලින්න ගිය ජනරංජන කල්ලියට වික්ටර් අයිවන්ගෙන් රෙදි ගැලවෙන බඩ විරේකයක්..

රාවය පුවත්පතෙන් පිරිසක් ඉවත්ව ගොස් නව පුවත්පතක් ආරම්භ කිරීමත් සමග දෙපාර්ශවය අතර මතගැටුම් කාරී තත්වයක් සමාජ ජාලයන්හි හා විවිධ මාධ්‍ය මගින් සිදුවෙමින් ඇත.

ආසන්නතම සිදුවීමක් ලෙස රාවය පුවත්පතේ ප‍්‍රධාන කතෘ වික්ටර් අයිවන් මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ දීර්ඝ ලිපියක් පල කර ඇත.

රාවය හිටපු කතෘ කේ.ඩබ්. ජනරංජන මහතා සම්බන්දයෙන් දැඩි විවාදාත්මක අදහස් දැක්වෙන එම සටහන මෙසේය.

ජනමාධ්‍ය චෞරයෝ.

රාවයට මුහුණ දෙන්නට සිදුවී තිබෙන සුවිශේෂ අත්දැකීම් ගැන මා ලියා ඇතත්, රාවයේ වැඩ කළ ජනමාධ්‍යවේදීන් ගැන ලියා ඇත්තේ ඉතාමත් කලාතුරකින් අවස්ථා කිහිපයකදී පමණය. රාවය උදාර අරමුණු ඇතිව ආරම්භ කොට පවත්වාගෙන යමින් තිබෙන පුවත්පතක් වුවද, රාවය එම උදාර අරමුණුවලට ගැළපෙන ජනමාධ්‍ය කණ්ඩායමක් සොයාගෙන ඔවුන් පුරුදු පුහුණු කොට ඔවුන් මත පිහිටා පවත්වාගෙන ගිය පුවත්පතක් ලෙස සැලකිය නොහැකිය. අපට ජීවත් වන්නට සිදුවී තිබෙන්නේ හොඳටම කුණුවූ සමාජයකය. රාවයට ජනමාධ්‍යවේදීන් ලබාගන්නට සිදුවූයේද එම සමාජයෙනි. රාවයට වැඩ කරන්නට සිදුවූ ජනමාධ්‍යවේදීන් අතර ගරු කටයුතු අය සිටියා සේ ම අධම ගණයේ ලා සැලකිය හැකි අයද සිටියේය. මා මෙම ලිපියෙන් සලකා බලනු ඇත්තේ ගරු කටයුතු ගණයට වැටෙන අය ගැන නොව, අධම ගණයට වැටෙන අය ගැනය.

රේඛාට විරේකයක්.

මා මෙවැනි සටහනක් ලියන්නට පෙළඹවූ රේඛා නිලුක්ෂිට මාගේ ස්තුතිය හිමිවිය යුතුය. ඇය මට එරෙහිව ආරම්භ කොට පවත්වාගෙන යන ප්‍රචාරක වැඩසටහනට ලයිට් පත්තු කරනන් හා හූමිටි තබන්නන් අතර බරපතළ වැරදි නිසා රාවයෙන් පලවා හැරිය හෝ රාවය අතහැර පලා ගිය අය ගණනාවක්ද සිටින බව හඳුනා ගන්නට හැකිවීම නිසා ඔවුන්ගේ නියම ස්වභාවය ගැන කතා කිරීම අවශ්‍ය වේයැයි කියන හැඟීම මා තුළ ඇති කිරීමට හේතුවිය.

රේඛා ජනරංජනගේ පාලන කාලයේ රාවයට එකතු වූ අවුරුදු දෙකකට ආසන්න කාලයක් රාවයේ වැඩ කර තිබෙන සාමාන්‍යයෙන් නවකයෙකුට නොලැබෙන තරමේ ලොකු බලපරාක්‍රමයක් හිමිකරගෙන සිටි එම බලය අනුන්ට ප්‍රදර්ශනය කරන්නට යෑම නිසා රාවය කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගේ උපහාසයට සේ ම විරෝධයටද හේතුවී සිටි තරුණ කාන්තාවකි. ඇය අප්‍රේල් 7 වැනිදා මුහුණු පොතට ලියන ලද සටහනට යොදා තිබුණු මාතෘකාව වූයේ ‘චෞර රැජින ගැන ලියපු වික්ටර් අයිවන් චෞර රජෙක්’ යනුවෙනි. ඇය එම ප්‍රවෘත්තියෙන් චෝදනා කර තිබුණේ රාවය වෙබ් අඩවියට ලිපි අප්ලෝඞ්කිරීම වෙනුවෙන් ඇයට දින 06ක් සඳහා ලැබිය යුතුව තිබුණ රුපියල් 15,000ක මුදලක් රාවය ඇයට නුදුන් බවය. ඇය කියන කතාව ඇත්තක් ලෙස සැලකුවද එම කතාවට යොදා තිබෙන ශීර්ෂ පාඨය අනුව ඇගේ උද්දච්චකමේ තරම පමණක් නොව ජනමාධ්‍ය විෂය පිළිබඳව ඇයට තිබෙන නොදැනුමේ තරමද පෙන්නුම් කරයි. දැන් ඇය වැඩ කරන්නේ රාවයේ හිටපු කර්තෘ ජනරංජන සමගය. ඒනිසා ඇගේ එම සටහන ජනරංජනගේ මගපෙන්වීම හා ආශිර්වාදය මත ලියන ලද්දක් ලෙස සැලකිය හැකිය.

පළමුවෙන්ම වෙබ් අඩවියට රාවයේ ලිපි අප්ලෝඞ් කළ පුද්ගලයාට මසකට රුපියල් දස දහසක් ගෙව්වේයැයි කියන කතාව සත්‍යයකි. ඔහු රාවයේ වැඩ කළ කෙනෙකු නොවීය. පිටස්තරව සිට ඒ කාර්යය කළ කෙනෙකි. ඔහු විදේශ ගතවීම නිසා වෙබ් අඩවියට ලිපි අප්ලෝඞ් කිරීම සති කිහිපයකට සිදු නොවී තිබුණි. වෙබ් අඩවියට ලිපි අප්ලෝඞ්නො වීමේ ප්‍රශ්නය කතා කළ අවස්ථාවකදී අප්ලෝඞ් කිරීමේ කාර්යය රාවයේ කෙනෙකුටම භාරදී එම දීමනාව එම පුද් ගලයාට ගෙවිය යුතු බවට ජනරංජන යෝජනා කළේය. මා එම යෝජනාවට ඇතුළත් රුපියල් දසදහසක් ගෙවීමේ කතාවට විරුද්ධ වූවෙමි. ඒ කාලයේ වෙබ් අඩවියට මුළු පුවත්පතම දැම්මේ නැත. දැම්මේ තෝරාගත් ලිපි කිහිපයක්ප මණය. ඒ නිසා ඔහුට ගෙවන ලද මිල පවා සාධාරණ මිලක් නොවන බවත්, මේ කාර්යය සඳහා වැයවන්නේ පැයක් පමණ වන සුළු කාලයක් වන නිසාත් ආයතනයේ කෙනෙකුට භාරදෙන්නේ නම් එය එම පුද්ගලයාට පඩියට අතිරේකව ලැබෙන ආදායමක් වන නිසා සතියකට වරක් අප්ලෝඞ් කිරීමේ කාර්යය සඳහා රුපියල් 1000 ක් බැගින් සති හතරේ මාසයකට රුපියල් 4000ක් ගෙවීම ප්‍රමාණවත් බව මම කීවෙමි. මාගේ එම යෝජනාවට ජනරංජන විරුද්ධ වූයේ නැත. ඉන්පසු කුමක් වී දැයි මම නොදනිමි. ජනරංජන ඉවත්ව යෑමෙන් පසු අප්ලෝඞ් කිරීමේ කාර්යය කරමින් සිටියේ රාවයේ ටයිප්සෙ ටින් අංශයේ සේවය කළ චතුර බුද්ධික නමින් වන තරුණයෙකි. ඒ වගකීම සඳහා ඔහු තෝරාගෙන තිබුණේ ටිරන්ය. ඒ කාලයේදී ඔහුට ගෙවා තිබුණේ සතියේ අප්ලෝඞ් කිරීමක් සඳහා රුපියල් 1000ක මුදලකි. දැන් එම තරුණයා වැඩ කරන්නේද ජනරංජන හා රේඛා සමගය. චතුරගෙන් පසු දැන්, රාවයේ ඒ කාර්යය කරන්නේ රසික ගුණවර්ධනය. ඔහුට ගෙවන්නේද එම ගෙවීමය.

ගමන් වියදම් අවුල

ජනරංජන ඉවත්ව ගියේ ජනවාරි 24 වැනිදාය. රේඛා ඉවත්ව ගියේ ජනවාරි 26 වැනිදාය. ඇය එසේ ඉවත්ව ගොස් තිබුණේ ආයතනයෙන් ලැබීමට හිඟ මුදල් තිබුණේ වී නම් ඒවාද ලබාගෙනය. ඒ අවස්ථාවේදී ඇය අප්ලෝඞ් කිරීමක් සිදුකර ඇත්නම් ඒ සඳහා ලැබිය යුතු මුදල් ඉල්ලා නැත. ඇය ඒ සඳහා ඉල්ලීමක් පළමු වරට කර තිබෙන්නේ අප්‍රේල් 4 වැනිදාය. ඇය අප්ලෝඞ් කිරීම් 6ක් වෙනුවෙන්රු පියල් 15,000ක මුදලක් ඉල්ලා ඇතත්, ඇය එවැනි කාර්යයක් කළේද නැද්ද යන්න ගැන ගණකාධිකාරීවරයාටද කිසිදු අවබෝධයක් තිබී නැත. ඇගේ ඉල්ලීම ඔහු මට කී විට වැඩ කර තිබෙන දින ගණනටඒ වැඩය සඳහා අනෙක් අයට කරන ගෙවීම ඇයටද කරන ලෙස උපදෙස් දුනිමි. ඒ අනුව ඔහු
ඇයට 6000ක මුදලක් ගෙවා ඇතත්, තමන්ට ලැබිය යුත්තේ රුපියල් 15,000ක් බව ප්‍රකාශ කරමින් රුපියල් 6000 භාර ගැනීම ප්‍රතික්ෂේප කොට පොලිසියට පැමිණිලි කරන බව කියමින් කාර්යාලයෙන් පිටවී ගොස්තිබේ.

රේඛා, තරිඳු හා සංජීව ඉවත්ව යන අවස්ථාව වන විට ඒ තිදෙනාම පිටතට ගොස් කරන වැඩ සඳහා ලබාගන්නා වියදම් පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දී සිටියේය. ගමන් වියදම් ප්‍රතිපුර්ණ කරගැනීම සඳහා ඉදිරිපත් වූ ඉල්ලීමකදී ගණකාධිකාරිවරයා මට දුරකතනයෙන් කතා කොට පිටත ගිය ගමනක් සඳහා මුදල් ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන ඉල්ලීමක් ගැන මට කරුණු පැහැදිලි කළේය. පිටතට ගිය ගමනක් සඳහා රුපියල් 12,500ක් කෙනෙකු ඉල්ලුම් කර තිබුණු අතර, ඒ මුදලින් රු. 6500 ක්ම ඉල්ලා තිබුණේ ත්‍රීවීලර් ගාස්තු සඳහාය. බැලූ බැල්මට විශ්වසනීය නොවන ගමන් වියදම් වවුචර් මීට පෙරද දිගින් දිගට ලැබුණු බවත්, එහෙත් ඒවා කර්තෘගේ අනුමැතිය ඇතිව එවන නිසා තමන්ට කළහැකි දෙයක් නොතිබුණු නිසා ඒවාට ගෙවන්නට සිදුවූ බවත් ඔහු කීවේය. මා එම වවුචරයට මුදල් ගෙවීම නතර කොට කර්තෘ මණ්ඩලයේ පිටතට ගොස් කරන වැඩ සඳහා වැය කළ මුදල් පිළිබඳව අවුරුදු තුනකට අදාළ වාර්තාවක්ද විශ්වාසදායක නොවන ගණන් හිලව් ඇතුළත් වවුචර කිහිපයක්ද මා වෙත එවන ලෙස ඉල්ලා සිටියෙමි. වසර තුනක වියදම් වාර්තාව ලැබුණු පසු වියදම්වල යථා තත්ත්වය තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් සංඛ්‍යා සටහනක් මා විසින් සකස් කරන ලදි.

ඒ අනුව විශේෂාංග සඳහා ගමන් වියදම්වල මාසික සාමාන්‍ය මෙසේය. 2015 වසර රු. 31330යි. 2016 වසර රු. 132000යි. 2017 වසර රු. 131451යි. ඒක පුද්ගල මාසික සාමාන්‍ය 2015 වසර සඳහා රු. 4460කි. 2016 වසර සඳහා රු. 16579කි. 2017 වසර සඳහා රු. 18808කි. පුද්ගලයන් අනුව ගත් විට සංජීවගේ මාසික වියදම 2015 සඳහා රු. 18911කි. 2016 සඳහා රු. 27450කි. 2017 වසර සඳහා රු. 34680කි. තරිඳුගේ එය 2015 සඳහා රු. 2630කි. 2016 වසර සඳහා රු. 13249කි. 2017 සඳහා රු. 29533කි. රේඛා සඳහා 2016 වසර සඳහා රු. 12840කි. 2017 වසර සඳහා රු. 28516කි. පිටතට යන ගමන් වියදම්වලදී අඩුම වියදමක් පෙන්නුම් කර තිබුණේ ඉඳුනිල්ය. 2017 වසර සඳහා ඇගේ ගමන් වියදමේ මාසික සාමාන්‍ය රුපියල් 7314කි. බොහෝ අයගේ ගමන් වියදම්වලින් 60%ක් පමණ ත්‍රිවිලර් ගාස්තු විය. මහරගම සිට පිටකොටුවට බස් ගාස්තුව රු. 70කි. වවුචර් වලට යොදා තිබුණ ත්‍රීවිලර් ගාස්තුව රු. 750කි. බස්රථයෙන් ගමන් කොට, ඒ වාට ත්‍රීවිලර් ගාස්තු අය කෙරෙන ක්‍රමයක් ක්‍රියාත්මක වී තිබුණු බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. වවුචර් පරීක්ෂා කරන විට වෙනත් විසමතාද පෙනෙන්නට තිබුණි. එක දුර ප්‍රදේශයකට ගොස් එකතු කරගත් තොරතුරු මත පත්තර දෙකකට ලිපි ලියා ගමන් දෙකකට ගමන් වියදම් අයකරගත් අවස්ථාවක් ද විය. ගෙදර ගිය ගමනකදී එම ප්‍රදේශයේම රාත්‍රී නවාතැන් පොළකට ගාස්තු ගෙවා තිබුණු අවස්ථාවක් ද විය. මා සියාලු වවුචර් පරීක්ෂා කළේ නැත. පරීක්ෂා කළේ කීපයක් පමණි. මා ඒ ගැන ගණකාධිකාරිවරයා අමතා ජනරංජනටද පිටපතක් සහිතව ලිපියක් භාර දුන්නෙමි. ඒ ජනවාරි 17 වැනිදාය. එහි එක් තැනක මෙසේ සඳහන් කළෙමි. ”සමහර වවුචර් ඔබේ විශ්වාසයට හේතුවී නොතිබුණද, ඔබ එම ගෙවීම් කර තිබුණි. එසේ කළේ ඇයිද කියා විමසූ විට ඔබ කීවේ කර්තෘ අනුමත කර තිබුණු නිසා එම මුදල් ගෙවනවා හැරෙන්නට අන් දෙයක් නොතිබුණු බවය. එහෙත් ඔබේ එම ප්‍රවේශය වැරදිය. ලැබෙන වවුචර් විශ්වාසයට හේතු නොවන අවස්ථාවලදී අනුමත කර තිබෙන්නේ කවුරුන් වුවත් ඒ ගැන ප්‍රශ්න කිරීමේ හා සොයා බැලීමේ වගකීමක් ඔබට තිබෙන්නේය.” එම ලිපියේ තවත් තැනක මෙසේ සඳහන් විය.” කර්තෘ මණ්ඩලයේ ගමන් ගාස්තු පිළිබඳව විගණනයකට යෑම අවශ්‍ය වේ යැයි සිතමි. කිසිදු සොයා බැලීමකින් තොරව වියදම් අනුමත කරන හා ඒවාට මුදල් ගෙවන ක්‍රමයක් ආයතනය තුළ ස්ථාපිත වී තිබෙන බව පෙනෙනවා. ආයතනයක් තුළ එවැනි සංස්කෘතියක් ඇතිවූ විට එම ආයතනය පරිහානියට පත්වීම නොවැළැක්විය හැකියි”

ගමන් වියදම් පිළිබඳව මතුවී තිබුණු ප්‍රශ්න හා ඒ ගැන මා විගණනයකට යන බවට කර තිබුණු ප්‍රකාශය කර්තෘ ඇතුළු මේ පිරිස කැළඹීමට පත් කර තිබුණු අතර ඔවුන් රාවයෙන් නික්ම යෑම කෙරෙහි එම ප්‍රශ්නයද වැදගත් සාධකයක් ලෙස බලපාන්නට ඇත. සංජීව ගියේ ඔහුට වැඩ කරන්නට රාවයෙන් දෙන ලද ලැප්ටොප් පරිගණකයද ආපසු භාර නොදීය. ඒ නිසා ඔහුට එරෙහිව පොලිසියට පැමිණිලි කිරීමට රාවයට සිදුවනු ඇත.

එස්.බී.ගෙන් කප්පම් ඉල්ලීම

දැන් මම රේඛාගේ ප්‍රශ්නයෙන් ඉවත් වී ඇය මුහුණු පොතේ පළකරන පදනම් විරහිත වාචාල කතාවලට හූමිටි තියන, ලයිට් පත්තු කරන මීට පෙර විටින් විට විසමාචාර හේතු නිසා රාවයෙන් පලාගිය හෝ රාවයෙන් පලවා හරින ලද අයගේ නියම පසුබිම හා කෙරුවාව තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් හා ලංකාවේ ජනමාධ්‍යවේදය කුණුවී තිබෙන තරම තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් නිදර්ශන කතා කිහිපයක් ඉදිරිපත් කරමි. රාවය මෙතෙක් දුර පැමිණ තිබෙන්නේ පිටතින් එල්ල වන දුෂ්කර අභියෝගවලට පමණක් නොව, ප්‍රකට නැතත් අභ්‍යන්තරයෙන්ද එල්ල වන දුෂ්කර අභියෝගයන්ට මුහුණදෙමින් බව තේරුම් ගැනීමට එම තෝරාගත් ආදර්ශ කතා කිහිපය පාඨකයන්ට ප්‍රයෝජනවත් වනු ඇත.

මා හා ඇමති එස්.බී. දිසානායක අතර කලකට ඉහතදී ලොකු ගැටුමක් තිබුණු බව රාවය පාඨකයන් දන්නෙහිය. අපි දෙදෙනා අතර එවැනි ලොකු ආරාවුලක් තිබුණු අවස්ථාවකදී මාගේ මිත්‍රයෙකු වූ හේමසිරි ප්‍රනාන්දු මට දුරකතනයෙන් කතා කොට හේමසිරිගේ නිවසේදී එස්බීට මා හමුවීමට අවශ්‍ය වී තිබෙන බව කීවේය. මට එස්.බී. සමග මොන කතාවක්දැයි හේමසිරිගෙන් විමසූ විට එස්.බී. රාවයට එරෙහිව මට කියන්න ලොකු කතාවක් තිබෙන බවත්, එය කප්පම් කතාවක් බවත් මා විස්මයට පත්කරමින් හේමසිරි කීවේය. මා නියම කරගත් දිනට නොවළහා එහි පැමිණෙන බව කීවෙමි.

නියම කරගත් දිනයේදී එස්.බී.ගේ කතාව අහන්න මම හේමසිරිගේ නිවසට ගියෙමි. එස්.බී. සමග ඔහුට හිතවත් රාජ්‍ය නිලධාරියකු ලෙස සැලකිය හැකි ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නද එහි පැමිණ සිටියේය. රාවයේ කිහිපදෙනෙකු එස්.බී.ගෙන් ලබාගන්නට අපේක්ෂා කර තිබෙන කප්පම රුපියල් දශ ලක්ෂයකි.

එම දශ ලක්ෂයේ කප්පම ඉල්ලා තිබෙන්නේ සුසන්තිකා ජයසිංහ එස්.බී. ගැන කතා කරන දුර්ලභ ගණයේ හඬ පටියක් ජනමාධ්‍යවලට මුදාහැරීම වැළකීම සඳහාය. කප්පම ලබාගැනීමට උත්සාහ කර ඇත්තේ සුනිල් නවරත්න හරහාය. සුනිල් නවරත්න මෙම තත්ත්වය ඉදිරියේ කොතරම් භීතියට පත් තත්ත්වයක සිටියාද කියතොත් ඔහු එස්.බී. ඇමතිවරයා ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍යම වෙතොත් කප්පම්කරුවන්ට ගෙවන්න රුපියල් දශ ලක්ෂයක්ද සොයාගෙන සිටියේය.

ඒ කාලයේ රාවය, රාවයට අතිරේක වියදම සොයා ගැනීමේ මාර්ගයක් වශයෙන් ක්‍රීඩා පුවත්පතක් පළ කළ අතර මේ වැඩසටහනේ මොළකාරයා ලෙස ක්‍රියාකර තිබුණේ එම පුවත්පතේ කතුවරයාය. ඔහු ගාම්භීර පෙනුමකින් යුතු ජේත්තුවට අඳින පළඳින ගැඹුරු කටහඬක්ද තිබුණු පුද්ගලයෙකු විය. අහිංසක හොඳ පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි රාවයේ කැමරා ශිල්පියා රාවයට අතිරේකව මේ පුවත්පතේද කැමරා ශිල්පියා ලෙස වැඩ කළ අතර පත්තර කප්පම් වැඩසටහනට ඔහුද ලාවට සම්බන්ධ කරගෙන තිබුණි.

මේ දෙදෙනාගෙන් කප්පම් කතාව අසාගෙන මා කාර්යාලයට පැමිණි පසු ඉහත කී ජායයාරූප ශිල්පියා මාගේ කාර්යාලයේ කාමරයට කැඳවා ඔහු සමග සුහද පිළිසඳරක යෙදෙමින් ඒ කතාව අතරමගදී එස්.බී.ගෙන් ලබාගන්නට යන කප්පමෙන් ඔහුට හිමි පංගුව කොතරම් දැයි අසා සිටියෙමි. මාගේ එම ප්‍රශ්නයෙන් බිරාන්ත වූ ඔහු ඒ ගැන තමන් දන්නා තතු මට හෙළි කළේය. මා ඔහුගේ කතාව දැනගැනීමෙන් පසු ඔහු කර තිබෙන වරදේ බරපතළකම ඔහුට පැහැදිලි කරදී ඒ මොහොතේදීම ආයතනයෙන් ඉවත්ව යන ලෙස ඉල්ලා සිටිමින් ජනමාධ්‍යවේදියෙකු ලෙස වැඩ කිරීමට අවශ්‍ය ශික්ෂණය නැතිකම සනාථ කර තිබෙන නිසා මින් මතු කිසිදු ජනමාධ්‍ය ආයතනයක වැඩ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියෙමි. ඔහු ඒ මොහොතේදීම රාවයෙන් පිටවී ගිය අතර ක්‍රීඩා පත්තරේ කතුවරයා හා ගෝලයාද රාවයෙන් යන්න ගියෝය. මෙය පොලිස් පරීක්ෂණයකට පත්වනවා දකින්නට එස්.බී. කැමැත්තක් නොදැක්වීම නිසා ඊට වැඩි ක්‍රියා මාර්ගයක් ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන්නට මට නොහැකි විය.

මේ කතාවට සම්බන්ධ වඩාත්ම අවලස්සන කතාව අසන්නට ලැබුණේ මීට වසර දෙකකට හෝ තුනකට පමණ ඉහතදීය. රාවය අතහැර ගිය ඉහත කී ජායායාරූප ශිල්පියා දීර්ඝ කාලයකට පසුව මා බලන්නට රාවයට පැමිණ මා සමග කරන ලද කතාබහකදී රාවයේ සිටි නම්බුකාර මිනිසකු ගැන අපූරු කතාවක් කීවේය. උපාධිධාරියෙකු වූ එම පුද්ගලයා ඉතාමත් ප්‍රසන්න හා අහිංසක පෙනුමක් තිබූ වර්තමානයේ ජනශ්‍රැතිය පිළිබඳව ලොකු ප්‍රසිද්ධියක් හිමි කරගෙන සිටින රූපවාහිනී නාලිකාවලට වැඩසටහන් ඉදිරිපත් කරන පුද්ගලයෙකි. ජායාරූප ශිල්පියා කියන ලද කතාව අනුව ඔහුට මෙම කප්පම් සිද්ධියේ සුවඳ දැනී එය ආචාර්ය සුනිල් නවරත්න යාළු කරගන්නට අවස්ථාවක් කරගැනීමෙන් නොනැවතී ඒ මගින් වඩා හොඳ රැකියාවක් හිමිකර ගන්නටද ඔහු සමත් වී තිබේ. ඒ ගනුදෙනු වේදී සිදුවී තිබෙන අවලස්සනම දේ ලෙස සැලකිය හැක්කේ තමන්ට ලොකු වැදගත්කමක් ආරෝපණය කරගැනීම සඳහා මෙම කප්පම් වැඩසටහනට මගේද පුංචි සම්බන්ධයක් ඇති බව සුනිල් නවරත්නට කීමය. අපට ජීවත් වන්නට සිදුවී තිබෙන සමාජය කොතරම් බිහිසුණුද?

රෝහණ කුමාර ඝාතනය වසන් කිරීම

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පාලන කාලයේ අවසාන භාගයේ සිට චන්ද්‍රිකා පාලන කාලයේ කිසියම් කාලයක් දක්වා රාවය කවුන්ටර් පොයින්ට් (Counter point) නමින් ඉංග්‍රීසි මාසික සඟරාවක්‌ පළ කළේය. එහි සංස්කාරකවරුන් ලෙස ක්‍රියා කළේ වර්තමානයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්යවරයා ලෙස ක්‍රියා කරන අර්ජුන පරාක්‍රම හා රොයිටර් පුවත්සේවයේ වරුණ කරුණාතිලක යන දෙදෙනාය.

මෙම සඟරාවේ පිටු සකස් කිරීම කළේ රාවයේ ටයිප් සෙටින් අංශයේ වැඩ කළ තරුණයෙකි. ඔහු ප්‍රධාන පෙළේ විද්‍යාලයකින් අධ්‍යාපනය ලැබූ බැලූ බැල්මට අහිංසක පෙනුමකින් යුතු කාර්යශීලී පුද්ගලයෙකි. සඟරාවේ පිටු සකස් කිරීම කෙරුණේ සිරිතක් ලෙස රාත්‍රී කාලයේදීයි. හේතුව සංස්කාරකවරුන් දෙදෙනාම කාර්ය බහුල පුද්ගලයන් වීමය. ඔවුහු රෑ අටට පමණ වැඩ පටන් ගෙන රෑ දෙක තුන වෙනකම් කාර්යාලයේම තිබුණු ඒ සඳහා වෙන් කළ කාමරයක වැඩ කළහ. ඔවුන් වැඩ කරන දිනවල සඟරාවේ පිටු සකස් කිරීමේ කටයුතුවල නිරත වූ ඒ තිදෙනා හැර කාර්යාලයේ සිටියේ මා හා කාර්යාලය බලාගත් පීරිස් අංකල් පමණය.

එසේ වැඩ කළ එක් රාත්‍රියකදී පිටු සකස් කිරීමේ මූලික කටයුතු අවසන් කොට එය මුළුමනින් අවසාන කිරීමේ කාර්යය ඉහත කී තරුණයාට භාරදී අර්ජුන හා වරුණ මධ්‍යම රාත්‍රියද පසුවී කාර්යාලයෙන් ගොස් තිබුණි. එහිදී අර්ජුන තමන් පරිහරණය කළ ලැප්ටොප් පරිගණකය අමතක වී එහි දමා ගොස් තිබුණි. පසුදින උදේ එය රැගෙන යෑමට ඔහු කාර්යාලයට ආ විට ඔවුන් වැඩ කළ කාමරයේ පරිගණකය තිබී නැත. ඉහත කී තරුණයා ආරක්ෂාවට එය කොහේ හෝ තබා තිබේදැයි දුරකතනයෙන් විමසූ විට තමා යන විට එහි පරිගණකයක් නොතිබුණු බව ඔහු ප්‍රකාශ කර තිබුණි. අර්ජුනගේ හා වරුණගේ දැඩි මතය වූයේ ලැප්ටොප් පරිගණකය සොරකම් කළේ ඉහත කී තරුණයා බවය. ඒ ගැන මම ඔහුගෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු රාවය අත්හැර ගියේය.

වඩා වැදගත් වන්නේ ඉන්පසු ඔහු රඟපෑ භූමිකාවය. සටන කර්තෘ රෝහණ කුමාරගේ ඝාතනය ගැන පාඨකයන් දන්නෙහිය. රෝහණ කුමාර හොඳ ජනමාධ්‍යවේදියෙකු ලෙස සැලකිය නොහැකිය. ඔහු රඟපෑවේ චෞර ජනමාධ්‍යවේදියෙකුගේ භූමිකාවකි. ඔහුගේ ඝාතනය පිටුපස ලොකු දේශපාලන කතාවක් තිබුණි. ඔහු චැනල් නයින් සිද්ධිය පදනම් කොටගෙන ජනාධිපතිනිය හා ඇගේ මාධ්‍ය උපදේශක සනත් ගුණතිලකට දරුණු ලෙස පහර ගසන ‘කොමිසනා’ නමින් වන කැසට් පටියක් නිපදවා තිබුණි. රෝහණ කුමාර ඝාතනයට පාදක වූයේ එම කැසට් පටයයි.

රෝහණ කුමාර ඝාතනය ගැන මුලින්ම පරීක්ෂණ පවත්වන ලද්දේ ලංකාවේ ප්‍රකට හා දක්ෂ අපරාධ පරීක්ෂකවරයකු ලෙස සැලකිය හැකි ශානි අබේසේකර විසිනි. එහෙත් ඔහුගේ පරීක්ෂණයෙන් සැකයේ ඇඟිල්ල බැද්දගානේ සංජීව වෙත එල්ලවීම නිසා එම පරීක්ෂණය ඔහුගෙන් ඉවත් කොට අපරාධ පරීක්ෂණ බියුරෝවේ එකල ප්‍රධානියාව සිටි ෂෝ වික්‍රමසිංහ අතට පත්කර තිබුණි. ඔහු එම ඝාතනයේ ඇත්ත වසන් කිරීම සඳහා නිර්මාණය කළ කතාවක් කරළියට ගෙන එන ලදි. ඒ වන විට මමද රෝහණ කුමාර ඝාතනය ගැන බැරැරුම් ලෙස කරුණු සොයා බලන තැනකට යොමුවී සිටියෙමි. මා ඒ පසුපස හඹායමින් සිටින අවස්ථාවකදී රෝහණ කුමාර ඝාතනය වසන් කිරීම සඳහා ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව ෂෝ වික්‍රමසිංහ ද යොදා ගනිමින් කරළියට ගෙනා කතාව රඟදක්වන වැඩසටහනේ අර්ජුනගේ ලැප්ටොප් පරිගණකය සොරකම් කළ තරුණයාද වැදගත් භූමිකාවක් රඟපාමින් සිටින බව සොයාගත හැකිවිය. මා ඔහු රඟපාමින් සිටින භූමිකාව ගැන සියලු තතු දන්නා බව ඔහුගේ මිත්‍රයෙකු මගින් එම පුද්ගලයාට දැනගන්නට සැලැස්සුවෙමි. ඉන්පසු ඔහු කොතරම් භීතියට පත්වීද කියනවා නම් ඔහු ඕස්ට්‍රේලියාවට පලා ගියේය. ඔහුගේ ගමනට අවශ්‍ය වියදම් දරා තිබුණේ ජනාධිපති අරමුදලෙනි. මට එරෙහිව මුහුණු පොත ප්‍රයෝජනයට ගෙන පවත්වාගෙන යන ප්‍රචාරක වැඩසටහනට ඕස්ට්‍රේලියාවට ජීවත් වන එම තක්කඩියාද වැදගත් කොටස්කාරයෙකු වී සිටින බව අසන්නට ලැබුණි.

අගවිනිසුරුගේ සරණ පැතීම

චන්ද්රිකා පාලන කාලයේ රාවයේ වැඩ කළ කැමරා ශිල්පියා ඉදිරිපත් කරන පෙට්‍රල් බිල් ගැන රාවයේ ගණකාධිවරයාගෙන් මට පැමිණිල්ලක් ලැබුණි. මෙම ජායාරූප ශිල්පියාගේ පෙට්‍රල් වියදම් දරන ලද්දේ ආයතනය විසිනි. ඔහු පෙට්‍රල් සඳහා මෙතෙක් ඉදිරිපත් කර තිබෙන සියලුම බිල් එක ඉන්ධන පිරවුම් හලකින් ලබාගත් බිල් බවත්, ඒ බිල් එකට ගෙන පරීක්ෂා කිරීමේදී ඒ හැම බිලකම තිබෙන්නේ එකම අනු අංකයක් බවත් ගණකාධිකාරීවරයා මට කීවේය. බිලේ සඳහන් ඉන්ධන පිරවුම්හලට ගොස් ඒ ගැන ඔවුන් කියන්නේ කුමක්දැයි දැනගන්නා ලෙස මම ගණකාධිකාරීවරයාට උපදෙස් දුනිමි. ඉන්පසු අසන්නට ලැබුණු ප්‍රතිඵලය අපූරුය. ඔහු පෙට්‍රල් බිල්වල තිබුණු ලිපිනයට ඉන්ධන පිරවුම්හල සොයාගෙන ගොස් තිබෙන අතර එම ලිපිනය තිබෙන ස්ථානයේ හෝ ඒ අවට එවැනි ඉන්ධන පිරවුම්හලක් නැති බව ඔහු මට වාර්තා කළේය. ජායාරූප ශිල්පියා මා වෙත කැඳවා ඒ ගැන කරුණු විමසීමක් කළෙමි. ඒ සමග ඔහු රාවයෙන් අතුරුදන් විය.

එම කතාව එතැනින් අවසන්වන්නේ නැත. ඔහු අගවිනිසුරු සරත් සිල්වාගේ පාතාලකාරයා ලෙස සැලකුණු පේරාදෙණිය මල්වත්ත ඝාතනයේ හා යුද්ධයේ අවසාන භාගයේදී සුදුවෑන් රථයකින් ගොස් කොළඹ ප්‍රධාන පෙළේ සීනි මුදලාලි කෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ නඩුවක ප්‍රධාන විත්තිකරුවා වී සිටින රෝහණ කුමාර අල්ලාගෙන අගවිනිසුරුගේද ආශිර්වාද ඇතිව රාවයට එරෙහිව කම්කරු උසාවියේ නඩුවක් පැවරුවේය. එම නඩුවට රාවය වෙනු වෙන් පෙනී සිටියේ නීතිඥ සුරංජිත් හේවාමාන්නය. ඔහු මියයන තෙක්ම මාගේ හොඳම මිතුරෙකුද විය.

නඩු වාර කිහිපයකට පසු ඔහු මට නඩුව ගැන අපූරු කතාවක් කීවේය. නඩුවක් පවත්වාගෙන යෑමේ කිසිම නීත්‍යනුකුල හැකියාවක් එම ජායාරූප ශිල්පියාට නැතත්, නඩුව අසන විනිසුරුවරයා අගවිනිසුරුවරයාගේ රූකඩයක් මෙන් ඔහුගේ වාසියට හේතුවන ලෙස නඩුව පවත්වාගෙන යන බවත්, අවසානයේ විනිශ්චයකාරවරයා ජායාරූප ශිල්පියාට ගෙවීමට වන්දියක් නියම කරනු ඇති බවත් එයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම තේරුමක් නැති බවත් ඒ හැම නඩුවක් කෙරෙහිම සරත් සිල්වා බලපානු ඇති බවත් කීවේය. සියල්ල ඒ විදියටම සිදුවිය. නියම කළ වන්දිය අභියෝගයට ලක්කිරීමට යෑමෙන් තොරව ගෙවීමු. අපේ ජායාරූප ශිල්පියා ඉන් තෘප්තිමත් වූයේ නැත.

ඔහු අගවිනිසුරුගේ පාතාලකාරයා සමග එකතු වී ‘රාවයේ මළගම’ නමින් පොතක් ලීවේය. පළවූයේ පාතාලකාරයාගේ නමින් වුවත්, පොත ලියන්නට ඇත්තේ ජායාරූප ශිල්පියාය. පසුව එම පොතේ ඉංග්‍රීසි අනුවාදයක්ද පළ කෙරුණු අතර ඒ ගැන මා හා කතා කළ එක් විනිශ්චයකාරවරයෙකු මට කීවේ ලියා තිබෙන ඉංග්‍රීසි ශෛලිය අනුව බලන විට පොත ඉංග්‍රීසි භාෂාවට අනුවාදය කරන්නට ඇත්තේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා විය හැකි බවය.

අගවිනිසුරු සරත් සිල්වා හා මා අතර ඇතිවූ ගැටුමේ ප්‍රතිඵලයක් වශයෙන් ලොකු අධිකරණ අර්බුදයක් ඇතිවූ අවස්ථාවේදී සමහර ජනමාධ්‍ය ආයතන හා සමහර ජනමාධ්‍යවේදීන් එම දූෂිත අගවිනිසුරුවරයාට රැකවරණය ලබාදෙන ප්‍රතිපත්තියක් මගින් ඒ සියලුදෙනා අතිවිශාල ඵල ප්‍රයෝජන ලැබූ ආකාරය ගැන මා මීට පෙර ලියා තිබේ. එහෙත් එම අර්බුදයෙන් අයුතු වාසි ලබාගත් අය රාවයේද සිටි බව මේ කතාව කියන්නට පෙර පාඨකයන් කිසිවෙක් දැන නොසිටින්නට ඇත. එහෙත් එම අර්බුදයෙන් ඵල ප්‍රයෝජනය ලැබූ එකම ජනමාධ්‍යවේදියා ඉහත කී ජායාරූප ශිල්පියා පමණක් නොවන අතර දෙවැන්නෙක්ද සිටියේය.

ඉතා කෙටියෙන් මේ දෙවැන්නාගේ කතාව මෙසේය. ඔහු අධිකරණයට සම්බන්ධයක් තිබූ රාවයේ වැඩ කළ ජනමාධ්‍යවේදියෙකි. ජායාරූප ශිල්පියාට ප්‍රසන්න පෙනුමක් නොතිබුණද මේ පුද්ගලයාට තිබුණේ ඉතාමත් අහිංසක ප්‍රසන්න පෙනුමකි. අගවිනිසුරු හා මා අතර තිබූ ගැටුම ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබුණි. මේ අර්බුදය ප්‍රයෝජනයට ගෙන ලොකු දුර ගමනක් යා හැකි බව ඔහු තේරුම් ගෙන සිටියා විය යුතුය. රටේ ප්‍රධාන පෙලේ ටෙලිවිෂන් ආයතනයකට අධිකරණයේ නඩු 17ක් තිබුණි. ඉන් එක් නඩුවක්වි දේශ සමාගමක් විසින් පවරන ලද දැවැන්ත වන්දි නඩුවක් විය. ඔහු මෙම අර්බුදය එම ටෙලිවිෂන් ආයතනයේ හිමිකරුවාට ළංවීමට අවස්ථාවක් කරගත්තේය. තමන්ට සී.ජේ. සමග කතා කොට මෙම නඩු 17ම විසඳිය හැකි බව ඔහු ඔහුට කියන්නට ඇත. ඒ මගින් ඔහු ටෙලිවිෂන් ආයතනයේ රක්ෂාවක් ලබාගත්තා පමණක් නොව ටෙලිවිෂන් ආයතනයේ හිමිකරුගේ නඩු අගවිනිසුරු ලවා පස්සා දොරෙන් විසඳා දෙන අතරමැදියෙකු ලෙසද ක්‍රියා කළේය. ඒ වෙනු වෙන් ඔහු සමහරවිට ටෙලිවිෂන් ආයතන හිමිකරුවාගෙන් ලොකු පගාවක් ද ගත්තා විය හැකිය. තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමෙන් පසු මොන හේතුවක් නිසා හෝ ටෙලිවිෂන් ආයතයේ හිමිකරුට මේ පුද්ගලයා එපා වී ඔහු ආයතනයෙන් පලවා හැරියේය. ජනමාධ්‍යවේදියා එම ආයතනයට එරෙහිව නඩුවක් පවරන ලද අතර මෙම ජනමාධ්‍යවේදියා කියන අවලස්සන කතාවද එම නඩුවේ ලිපිගොනුවට ඇතුළත්ය. මේ විෂයේදී කතා කරන්නට තවත් වැදගත් චරිත ගණනාවක්ම ඇතත්, මෙම ලිපිය කොටස් වශයෙන් පළකෙරෙන ලිපියක් බවට පත්කිරීම අවශ්‍ය නොවන නිසා එම චරිත ගැන කතා කිරීමෙන් වැළකී මෙම ලිපිය අවසන් කරන්නට මට සිදුවී තිබේ. ලිපිය අවසන් කරන්නට පෙර කිවයුතුව තිබෙන තවත් වැදගත්ම දෙයක් වනුයේ අධම ගණයෙහිලා සැලකිය හැකි අය අතර දක්ෂයන්ද සිටි බවය. ඒ සියලුදෙනා එකට එකතු කොට පුවත්පතක් ආරම්භ කළහොත් එයඉතාමත් සුවිශේෂ සලාදයක් බඳු පුවත්පතක් බවට පත්වනු නොඅනුමානය.

රාවය පාඨකයන් සේ ම රාවය හදාරන්නන්ද දන්නේ රාවයට බාහිරෙන් එල්ල වූ අභියෝග ගැන පමණය. රාවය මේ දක්වා යන ගමන පැමිණ ඇත්තේ බාහිර අභියෝගවලට පමණක් නොව, ඒ සමාන තරමකට අභ්‍යන්තරයෙන් එල්ල වන අභියෝගයන්ටද මුහුණදෙමිනි. අවසාන විග්‍රහයේදී කොතරම් බල්ලන් බිරුවත් තවලම ඉදිරියටම යන්නා සේ රාවයද ඉදිරියටම යනු ඇත්තේය.

– victor ivan FB

18
මාර්තු
18

ලංකා ඊ නිව්ස් ගඳරුවන් සිරිසේනගේ අඹුඩය කඩා පෙන්වීම (හුටා)

 

ෂින්සෝ ඇබේ සමග ඉහල පෙළේ රාජ්‍ය නායක සාකච්ඡාවේ දී සිරිසේන ගම කාලා..! ජපාන ශ්‍රී ලාංකිකයෝ ලජ්ජාවෙති

(ලංකා ඊ නිව්ස් -2018.මාර්තු.16, ප.ව.7.27) වත්මන් නවීන ලෝකයේ බලවත් රාජ්‍යයක් වූ ජපානයේ අගමැති ෂින්සෝ ඇබේ මහතා සමග ශ්‍රී ලංකාවේ ජනාධිපති සිරිසේන මහතා පසුගියදා පැවැත්වූ ඉහළ පෙළේ ද්විපාර්ශවික රාජ්‍ය නායක හමුවට ශ්‍රී ලංකාවේ පාර්ශවයෙන් අංක එකේ නූගත් අපතයන් තිදෙනෙකු වාඩි කරවීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයන් ගේ සහ ජපාන ශ්‍රී ලාංකිකයන්ගේ බලවත් අප්‍රසාදය පළ වී තිබේ.

ශ්‍රී ලංකාවට තිබූ පිළිගැනීම ලෝක ප්‍රජාව අතරේ අහිමි කළ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ සමයේ හෝ මෙවැනි නීච සිද්ධියක් සිදු නොකරන ලදැයිද ඔව්හු පවසති.

ජපාන අගමැතිවරයා සමග ද්විපාර්ශවික සාකච්ඡා සඳහා සිරිසේන ජනාධිපති සහභාගී වූ හමුවට උලපනේ සුමංගල නමැති චීවරධාරියා ද, සෝමවීර චන්ද්‍රසිරි සහ පියසිරි විජේනායක නමැති වඳ පීදුනු දේශපාලන අපතයන් දෙදෙනාද සහභාගී කරවා තිබිණ.

රාජ්‍ය නායක ද්විපාර්ශවික සාකච්ඡාවකදී එය ආගමික කාරණයක් නොවන්නේ නම් කවරාකාරයේ හෝ පූජක පක්ෂයක් සහභාගී කරවා ගන්නේ නැත. එය ලෝක රාජ්‍යතාන්ත්‍රික පිළිවත ය.

මේ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ ලංකාවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු කියා සිටියේ රාජ්‍ය නායකයන් දෙදෙනෙකු සහභාගී වන ද්විපාර්ශවික සාකච්ඡාවක දී ඊට සහභාගී කරවන්නේ අනෙක් පාර්ශවයෙන් සහභාගී වන අයට ගැලපෙන පිරිසකි. එය බොහෝ විට සාකච්ඡාවන්ට පෙර දෙරටේ විදේශ අමාත්‍යාංශ විසින් සාකච්ඡා කොට සැලසුම් කරන්නකි. එය සාකච්ඡා කෙරෙන කරුණු වලට අදාල වන විද්වතුන්ගෙන්, රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ දේශපාලන අධිකාරීන්ගෙන් සැදුම් ලන්නකි.

රාජ්‍ය නායකයන් දෙදෙනාගේ ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනා, විදේශ ඇමැතිවරුන් දෙදෙනා, විදේශ ලේකම් වරුන දෙදෙනා, දෙරටේ තානාපතිවරුන් දෙදෙනා නිසැක වශයෙන්ම සහභාගී වන අතර අනෙක් අය සාකච්ඡා කෙරෙන කරුණු වලට අදාල වගකිවයුත්තන්ය. මන්ද යත් එම කරුණු සාකච්ඡා කරද්දී ඔවුන් හවුල් කර ගත යුතු නිසාය.

සිරිසේනගේ ජපාන සංචාරයේ දී ජපාන අගමැතිවරයාගේ පාර්ශවයෙන් සහභාගී කරවා තිබුනේ සාකච්ඡා කළ කරුණු වලට අදාල රාජ්‍ය නිලධාරීන් මිස කිසිදු වගකීමක් නොදරන හාල්පාරුවන් නොවේ.

එසේ නමුත් සිරිසේන ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කිරීමට පසුගියදා පිල් මාරු කළ ජාතිවාදී කුඩා දේශපාලන පක්ෂ දෙකක තුන්වන පෙළේ දේශපාලන අපතයන් දෙදෙනෙකු වූ පියසිරි විජේනායක සහ සෝමවීර චන්ද්‍රසිරි දෙදෙනා රටේ කිසිදු වගකීමක් නොදරන අය නමුත් රාජ්‍ය නායකයාගේ දූතයන් ලෙස ඉහල පෙළේ සාකච්ඡාවට සහභාගී කරවීම කවර නම් උම්මත්තක ක්‍රියාවක්දැයි අප වෙත අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයා විශ්මය පළ කෙළේය.

උලපොනේ සුමංගල සිරිසේන ජනාධිපතිගේ උපදේශකයෙකු වීම නිසා සහභාගී කරවා ගත්තා නම් ඊට සමගාමීව ජපාන අගමැතිගේ පාර්ශවයෙන්ද බෞද්ධ භික්ෂුවක් සහභාගී විය යුතුව තිබුණි. එසේ නොමැතිව උලපොනේ සුමංගල එහි කුමක් කරන්නද? ඔහු දන්නා එකම දේ මහාරාජාගේ නාලිකාවට පැමිණ රටේ අගමැතිවරයාට බැන වැදීම පමණි. ජපාන අගමැතිවරයා හමුවීත් එයම ඉටු කර ගැනීමට ඔහුව රැගෙන ගියාදැයි නොදනී. අප වෙත අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයා පවසා සිටියේ ලංකාවේ මෙතෙක් රාජ්‍ය නායකයාව හෝ නායිකාව ලෙස කටයුතු කළ කිසිදු අයෙකු විදේශ රාජ්‍ය නායකයෙකු සමග ඉහළ පෙළේ සාකච්ඡාවකට කෙතරම් උගත් සිල්වත් පූජකයෙකු හෝ සහභාගී කරවා ගෙන නොමැති බවයි.

මේ සම්බන්ධයෙන්ම ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ ජපානයේ ගෞරවනීය ලෙස වාසය කරන ශ්‍රී ලාංකික බුද්ධිමතුන් කිහිප දෙනෙකුම ප්‍රකාශ කර සිටියේ ජපාන අගමැති සමග සිරිසේන ජනාධිපතිවරයාගේ සාකච්ඡා වලට සහභාගී කරවා ගෙන සිටි නූගත් අශීලාචාර ජාතිවාදී පිරිස දුටුවිට තමන්ට පුදුම ලජ්ජාවක් ඇති වූ බවයි.

ලංකා ඊ නිව්ස් මේ සම්බන්ධයෙන් රටේ විදේශ අමාත්‍යාංශයෙන් කරන ලද විමසීමකදී දැන ගන්නට ලැබුනේ සිරිසේන ජනාධිපති වීමෙන් පසුව ජනාධිපති සමග සංචාර වලට සහභාගී කරවා ගන්නා පිරිස් ගැන විදේශ අමාත්‍යාංශය දැනුවත් නොකරන බවයි. ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයේ උපදෙස් ද ලබා නොගන්නා බවත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන ජනාධිපති ලේකම් වරයා මේ බව ජනාධිපතිට කියා දිය යුතු බවත් ඔහු පැවසීය.

කෙතරම් විනාශ කාරී ලෙස රටේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළද මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ දී ඔහුගේ හොඳම ගෝලයෙකු වුවත් මර්වින් සිල්වා වැන්නෝ කෙදිනකවත් ඉහල පෙළේ රාජ්‍ය නායක හමුවකට සහභාගී කරවා නොගැනීමට මහින්ද රාජපක්ෂ සූක්ෂම වූ බවද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා කීවේය. මහින්ද රාජපක්ෂ සිය ගණනින් තම හෙංචයියන් විදෙස් සංචාර සඳහා රැගෙන ගියත් ඔවුන් රාජ්‍ය නායකයන් සමග රාත්‍රී භෝජන සංග්‍රහයන්ට සහභාගී කෙරෙව්වා විනා ඉහල පෙළේ සාකච්ඡාවන්ට සහභාගී කරවා ගත්තේ නැතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.




අනවශ්‍ය දේවල්

  • 190,081 ක් බැළුවා

මරුවා වැහෙන දින

මැයි 2019
බ්‍ර සි සෙ
« අප්‍රේල්    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements