Archive for the 'සෑර් සන්නස්ගල' Category



08
පෙබ.
19

එකම ජාලයක් කුඩු පරපුරක් සත්‍යාාංගනී නම් සභාපතිනියක්

Advertisements
05
පෙබ.
19

මේ තිරිසන් ‌හොර මුදලාලිලාට වඩා ‌දේශපාලකයින් ‌හොඳයි

කූට ජාවාරම්කාරයෝ ලොවම ඉදිරියේ ලක්මව හෙරක් කරවති…

කූට ජාවාරම්කාරයෝ ලොවම ඉදිරියේ ලක්මව හෙරක් කරවති…

ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව අන්තර් ජාතික වෙළදාම් කටයුතු සඳහා සුවිශේෂී ප්‍රසිද්ධියක් ඉසිලීය. ලොව හොඳම කුළුබඩු, මුතු,මැණික් සොයා අතීතයේ වෙළඳුන් පැමිණියේ ශ්‍රී ලංකාවටය. වර්තමානයේදීද, ශ්‍රී ලංකාව කුළුබඩු සඳහා ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ ශ්‍රී ලාංකීය කුළුබඩු වල ඇති ඉහල ගුණාත්මකබාවය නිසාමය. විශේෂයෙන්ම, “සත්‍ය කුරුඳු” (True Cinnamon) හි නිජබිම ශ්‍රී ලංකාවය. ලෝක වෙළඳපොළෙහි ඉල්ලුමට අවශ්‍ය තරම් “සත්‍ය කුරුඳු” සැපයීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති නිසා අතිරික්ත ඉල්ලුම වෙනත් රටවල නිපදවන තත්වයෙන් බාල  “කැසියා කුරුදු” හරහා සැපයීම සිදුවේ. තවද අනෙක් රටවල ගම්මිරිස් හා සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකා ගම්මිරිස්වල ඇති  ඉහල ගුණාත්මකබාවය නිසාම “සගන්ධ තෙල්” නිෂ්පාදනය සඳහා  වැඩිවශයෙන්ම  යොදාගන්නේ ශ්‍රී ලාංකීය ගම්මිරිස්ය. මෙවැනි සුවිශේෂිතා නිසාම  ලෝක වෙළඳ පොලෙහි ශ්‍රී ලංකා කුළුබඩු සඳහා සාපේක්ෂව ඉහල මිලක් ලැබී තිබේ.

තවද, මෙම ඉහල ගුණාත්මකභාවය පිළිබඳ මැනවින්ම හදුනන ඉන්දියාව හා පකිස්ථානය, තම “සගන්ධ තෙල්” වැනි කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ලෙස ශ්‍රී ලංකා කුළුබඩු වැඩි වශයෙන් ලබාගැනීමේ අරමුණින් නිදහස් වෙළඳ ගිවිසුම් හරහා  මෙම භාණ්ඩ ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීමේදී තීරුබදු  වලින් නිදහස් කොට ඇත.

ජාවාරම පටන් ගන්නේ මෙම ඉහළ ගුණාත්මකභාවය හා තීරුබදු නිදහස් කිරීම නිසා ඇතිවී ඇති තරඟකාරී වාසි අයථා ලෙස භාවිතා කරමිනි. ජාවාරම්කරුවන්ගේ ක්‍රියා නිසා අද වනවිට අඩුවී තිබුණ ද මීට වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලාංකීය ගම්මිරිස් මෙට්‍රික් ටොන් එකකට වෙනත් රටවලට වඩා ඇමෙරිකානු ඩොලර් 1000 – 1200ත් අතර වැඩි ප්‍රමාණයක් ලැබෙමින් පැවතිණ. තවද නිදහස් වෙළඳ ගිවිසුම හරහා අන් රටවලට සාපේක්ෂව 40% ක තීරුබදු වාසියක් ශ්‍රී ලංකාවට හිමිවී ඇත. ඒ ඔස්සේද මෙට්‍රික් ටොන් 1කට ඇමෙරිකානු ඩොලර් 3000 – 3500ක වාසියක් හිමිවේ. ප්‍රවාහන ගාස්තු  අත්හල විට මෙසේ වෙනත් රටක ගම්මිරිස් ශ්‍රී ලාංකීය සම්භවයක් සහිතව ඉන්දියානු වෙළඳ පොලට යැවීමේදී මෙට්‍රික් ටොන් 1කට ඇමෙරිකානු ඩොලර් 3000කට වැඩි (රුපියල් ලක්ෂ 4කට වැඩි) අමතර ලාභයක් මීට වසර 2කට පමණ පෙර ඉපයීමේ හැකියාව ලැබුණි. පුවක් සඳහාද තිබුනේ මෙවැනිම තත්වයකි. ‌මෙය උපරිම ලෙස ප්‍රයෝජනයට ගත් ජාවාරම්කරුවන් මෙට්‍රික් ටොන් දසදහස් ගණනින් වෙනත් රටවල ගම්මිරිස්, පුවක්  ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට පටවා ඇත.

මුලදී නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ගම්මිරිස් සඳහා සම්පුර්ණයෙන් තීරුබදු නිදහස් කලද පසුව ඒ සඳහා කෝටා සීමාවක් පැනවීමට ඉන්දියාව පියවර ගන්නේ මෙම තත්වය හරහා ඉන්දීය ගොවියන් ආරක්ෂාකර ගැනීමට අවශ්‍ය නිසාය. ඒ ඔස්සේ ද තත්වය පාලනය කරගත නොහැකි වූ නිසා ඉන්දියාව පසුගිය වසරේදී ගම්මිරිස් ආනයනයේදී  බදු ගණනය කිරීම සඳහා අවම ආනයනික මිලක් පැනවීමට කටයුතු කරන ලදී. මෙම තත්වය යටතේ ගම්මිරිස් සඳහා “සම්භව සහතික” (Certificate of Origin”) ඔන්ලයින් ක්‍රමයට සත්‍යාපනය කිරීම හදුන්වාදෙන ලදී. ජාවාරම්කරුවන් විසින් ගම්මිරිස් ජාවාරම සිදුකිරීම මේ සමඟම සැලකිය යුතු ලෙස අඩුවූ නමුදු සියඹලා, කුරුඳු වැනි වෙනත් භෝගවලට මෙම ජාවාරම මේ වනවිට ව්‍යාප්ත කොට ඇත. විශේෂයෙන්ම, යුරෝපා සංගමය විසින් පසුගිය සමයේදී මත්ස්‍ය අපනයන සඳහා තහනමක් පනවා තිබුනේද මෙවැනි ආකාරයට වෙනත් රටවල යාත්‍රා මඟින් අල්ලා ගන්නා මසුන් ශ්‍රී ලංකාවට ලබාදී ඇති GSP සහනය යොදාගනිමින් ජාවාරම්කරුවන් විසින් යුරෝපයට අයථා ලෙස අපනයනය කිරීම නිසාය. මීට පෙර ඉන්දියාවට නිදහස් වෙළඳ ගිවිසුම යටතේ අපනයනය කල වනස්පති අපනයනයන්ද අහිමිවී යාමට හේතුව ජාවාරම්කරුවන් තීරු බදු සහන අයථා ලෙස භාවිතා කිරීමය.

මේ තත්වය උඩ අන්තර්ජාතික වෙළඳාම සඳහා ශ්‍රී ලංකාවට   ඇති ඓතිහාසික කීර්තිනාමය බිදවැටීමට පටන් ගෙන ඇත. අපගේ   අපනයන වෙළඳපොළවල් වපර ඇසකින් ශ්‍රී ලංකාව දෙස බැලීමට පෙළඹී ඇත. භයානකම ලෙස දේශීය ගොවියාට ඇති අවස්ථාවන් කූට ජාවාරම්කාර වෙළෙන්දන් නිසා අහිමිවී යාමට පටන්ගෙන ඇත. මීට පැහැදිලි ලෙසම අන්තර් ජාතික වෙළඳාම සම්බන්ධයෙන් ක්‍රියාකරන ආයතන වගකිවයුතු අතර විශේෂයෙන්ම පහත අඩුපාඩු  නිවැරදි කරගැනීම හරහා මෙම ජාවාරම්කරුවන්ගේ කූට වැඩකටයුතු නැවැත්වීමේ හැකියාව ඇත.

  • ඉන්දීය හා පකිස්ථාන නිදහස් වෙළඳ ගිවිසුම් වලට අදාලව සියලුම භාණ්ඩ සඳහා නිකුත් කරන “සම්භව සහතික” ඔන්ලයින් ක්‍රමයට සත්‍යාපනය කිරීමේ පහසුකම ලබාදීම

මෙම සියළු ජාවාරම් සිදුවන්නේ ව්‍යාජ ලෙස නිකුත් කරන ලද “සම්භව සහතික” යොදා ගනිමිනි. වාණිජ දෙපාර්තමේන්තුව විසින් ද්විපාර්ශවික නිදහස් වෙළඳ ගිවිසුම් වලට අදාල “සම්භව සහතික” නිකුත් කිරීම සිදුකලද පුවක් සඳහා අදාල  “සම්භව සහතික” නිකුත් කරන්නේ කර්මාන්ත අමාත්‍යාංශය මඟිනි. මෙහි විෂයභාර අමාත්‍යවරයාගේ නම මෙම ජාවාරම් සඳහා නිරතුරුව  කියවෙන පසුබිමක මෙවැනි ක්‍රමවේදයක් සඳහා ඉඩ ලබාදීම පුදුම සහගතය. විශේෂයෙන්ම පසුගිය කාලයේදී වාණිජ දෙපාර්තමේන්තුව පැවතියේ මෙම අමාත්‍යාංශය යටතේය. විද්‍යාත්මක ලෙස විෂයන් බෙදා වෙන්කිරීමේදී ලෝක වෙළඳ සංවිධානයට අදාලව කටයුතු කරන නිදහස් වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට අදාලව කටයුතු කරන වාණිජ දෙපාර්තමේන්තුව අන්තර්ජාතික වෙළඳ අමාත්‍යාංශය යටතේ නොයෙදීමට කටයුතු නොකිරීමද පුදුම සහගතය. විශේෂයෙන්ම, පසුගිය කාලයේදී ආන්දෝලනයට ලක්වූ සිංගප්පුරු වෙළඳ ගිවිසුම නිසිලෙස සකස් නොවීමටද මෙය එක්‌ හේතුවක් විය හැක.

එමනිසා, මෙසේ අත්තනෝමතික ලෙස විවිධ ස්ථාන වලින් “සම්භව සහතික”  නිකුත් නොකොට වාණිජ දෙපාර්තමේන්තුව යටතේ ඔන්ලයින් ක්‍රමයට සත්‍යාපනය කල හැකිලෙස “සම්භව සහතික” නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හදුන්වා දිය යුතුය. එවිට අදාල දේශීය හා විදේශීය රේගු නිලධාරීන්ට සහතිකයේ වලංගුතාවය පහසුවෙන්ම සත්‍යාපනය කරගැනීමට හැකියාව ලැබේ. මෙම ක්‍රමවේදය GSP සඳහාද ඉන්දීය නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ගම්මිරිස් සඳහාද ක්‍රියාත්මක කොට ඇත. සාර්ථක ප්‍රථිපල ලබාගෙන ඇත.

  • TIEP, BoI, කේන්ද්‍රීය මෙහෙයුම්කරණය (HUB operation) වැනි සියළුම ආයෝජන ක්‍රමවේද යටතේ ශ්‍රී ලංකාවට ප්‍රතිඅපනයනය සඳහා කුළුබඩු හා සුළු අපනයන භෝග ආනයනය කිරීමට ලබා දී ඇති තීරුබදු හා වෙනත් සහන ඉවත්කර දැමීම

යම්කිසි ආයෝජකයෙකුට කුළුබඩු හා සුළු අපනයන භෝග තම නිෂ්පාදන සඳහා අවශ්‍යනම් දේශීය ගොවියන්ගෙන් ලබා ගන්නා ලෙස දැන්විය යුතු අතර එසේ නොමැතිව මෙසේ ආනයනයට සහන ලබාදීම නිසා දේශීය ගොවියාගේ අස්වැන්නට ලැබෙන මිල අඩුවී ඇති  අතර වගාව ව්‍යප්තවීමද අඩපණ  වී ඇත.

  • කුළුබඩු හා සුළු අපනයන භෝග ශ්‍රී ලංකාව හරහා ප්‍රතිඅපනයනයට සීමා පැනවීම

සිංගප්පුරුව වැනි ප්‍රතිඅපනයනයේ දැවන්තයින්ද තම දේශීය කර්මාන්ත ආරක්ෂා කරගැනීමට ප්‍රතිඅපනයන සීමා කිරීම් සිදුකර ඇති වකවානුවක ශ්‍රී ලංකාව එවැනි පියවර නොගැනීම ඉතාමත් පුදුම සහගතය.

– GPD සිල්වා

31
ජන.
19

ඩයස්පෝරා සල්ලි වැඩ කළහොත් 20 වැනි සංශෝධනය එක් දිනකදී විවාද කොට සම්මත කළ හැක…

Image may contain: 1 person, smiling
ව්‍යවස්ථා සෙල්ලමේ ඇත්ත අරමුණ

ටී.එන්.ඒ. පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.එ්. සුමන්තිරන් මහතාගේ ප‍්‍රකාශවලට අනුව කුමන හෝ ව්‍යවස්ථා සංශෝධනයක් පෙබරවාරි 4 වැනිදාට පෙර සම්මත කිරීමට නියමිතය. ඔහු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන ආකාරයට අමාත්‍ය මණ්ඩලය පවා තීරණ ගත යුත්තේ ඔවුන්ගේ උපදෙස් අනුවය. එවැනි බලයක් ඔවුන්ට ලැබී ඇත්තේ පසුගිය ආණ්ඩු පෙරළියෙන් පසුව රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා නැවත බලයට ගෙන එ්ම සඳහා ඔවුන් විසින් ඉටුකළ කාර්යභාරය නිසා බවද ඔහු විසින් පවසා ඇත. නමුත් ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කිරීම සඳහා අවශ්‍ය වන තුනෙන් දෙකේ විශේෂ බහුතර බලය ඔවුන් ද ඇතුළත් වන ආණ්ඩුවට ලැබී නැත. එ් සඳහා ඔවුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ නියෝජනය වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත‍්‍රී පාර්ශ්වයෙන් මන්ත‍්‍රීවරු 24ක් ආණ්ඩුවට ගත යුතුය.

මේ වන තුරු එම අභියෝග ඔවුන්ට ජයගත නොහැකි වී ඇත්තේ ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ ප‍්‍රබල දේශපාලන තීන්දුවක් නිසාය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ආණ්ඩුවට යන මන්ත‍්‍රීවරුන්ට ඇමැති පදවි ලබා නොදෙන බවට ඔහු විසින් ගනු ලැබූ දැඩි තීන්දුව නිසා චන්ද්‍රිකා මැතිනිය ගේ ‘කණවැල’ අල්ලන මන්ත‍්‍රීවරුන් පිරිස තවමත් දෙගිඩියාවෙන් පසු වෙති. එහෙත් දෙමළ ඩයස්පෝරාව විසින් එකාට රුපියල් මිලියන 500ක් බැගින් ලබාදීමට නියමිත බවට පැතිරෙන කට කතා අනුව එම තත්ත්වය එක් දවසක දී වුවද වෙනස් විය හැක. කෙසේ වෙතත් සුමන්තිරන් මන්ත‍්‍රීවරයා විසින් කුමන හෝ හේතුවක් නිසා දින වකවානු සඳහන් කිරීමට සමගාමීව අගමැතිවරයා විසින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කැඳවා නව ව්‍යවස්ථා කෙටුම්පතක් එම සභාවට ඉදිරිපත් කොට ඇත. නමුත් අගමැතිවරයා පවසන්නේ එය කෙටුම්පතක් නොව වාර්තාවක් බවය. එසේ වුවත් එම වාර්තාවේ ඉංග‍්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කොට ඇති පිටකවරයට පසුව එන පූර්විකාවේ සිංහල භාෂාවෙන් සඳහන් වන්නේ මෙසේ ය. ‘‘මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අප වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් ප‍්‍රදානය කර සිටිනු ලැබේ.’’ එම පිට කවරයේ ඉංග‍්‍රීසියෙන් සඳහන් වන්නේ මීට පෙර නිකුත් කළ අතුරු වාර්තා සහ උප කමිටු වාර්තා මත පදනම් වූ වාර්තාවක් ලෙස එම ව්‍යවස්ථාව ඉදිරිපත් කරන බව ය.

එම ලේඛනයේ අවසාන කොටසට ප‍්‍රධාන වශයෙන් එක්සත් ජාතික පක්ෂය හැර සෙසු දේශපාලන පක්ෂ විසින් ලබාදුන් යම් නිර්දේශයන් ලෙස අඩංගුකොට ඇත. පිටු 253 කින් සමන්විත මුල් කොටසේ අඩංගු වන්නේ ව්‍යවස්ථා කෙටුම්පතක් බව සාමාන්‍ය පෙළ සිසුවකුට වුවද තේරුම් ගත හැක. එහි පළමු පරිච්ෙඡ්දය වර්තමාන ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයටම ‘ජනතාව, රජය සහ පරමාධිපත්‍ය ලෙස’ හඳුන්වා ඇත. එම පළමු පරිච්ෙඡ්දය සැලකිල්ලෙන් කියවීමේ දී නව ව්‍යවස්ථාවේ සැබෑ සම්පාදකයින් වන එම්. එ්. සුමන්තිරන් සහ ජයම්පති වික‍්‍රමරත්න යන මන්ත‍්‍රීවරුන් ගේ කූට සැලසුම අනාවරණය වේ. එම පළමු පරිච්ෙඡ්දයේ පළමු වගන්තියෙන් ශ්‍රී ලංකාව මධ්‍යම සහ පළාත්් යනුවෙන් බල ව්‍යුහයන් දෙකකින් සමන්විත බව තහවුරු කෙරේ. එ් අනුව එම වගන්තියටම ඇතුළු කොට ඇති එ්කීය සහ ඔරුමිත්තනාඩු යන හැඳින්වීම් දෙකෙන් ‘ඔරුමිත්තනාඩු’ හෙවත් ‘එක්සත්’ යන්න තහවුරු වේ. එම හැඳින්වීම අමතර වගන්තියකි. එවැනි නව වගන්තියක් නොමැතිව එ්කීය යන වචනය පමණක් තිබුණද එම වචනය නිර්වචනය වන්නේ මධ්‍යම රජයකින් සහ පළාත් රාජ්‍යයන්ගෙන් සමන්විත රාජ්‍යයක් යනුවෙනි. මෑතකදී ලබා දුන් චන්ද්‍රසෝම එදිරිව මාවෙයි සේනාධිරාජා නඩු තීන්දුව අනුව එ්කීය රාජ්‍යයක ඒකීය අන්තයක් මෙන්ම ෆෙඩරල් අන්තයක් ද තිබිය හැක. දැන් මෙම වගන්තිය මගින් පැහැදිලි වන්නේ එක්සත් හෙවත් කොන්ෆෙඩරල් රාජ්‍යයකට ද එ්කීය වචනය යෙදිය හැකි බවය. පවතින ව්‍යවස්ථාවේ පළමු සහ දෙවැනි වගන්ති එකට එකතු කොට සකස් කොට ඇති මෙම පළමු වගන්තියට අතිරේක වාක්‍යයක් ලෙස නොබැදුණු සහ බෙදිය නොහැකි යනුවෙන් වචන යොදා මහජනයා තුළ ව්‍යාජ ආරක්ෂාකාරී මනසක් ඇති කිරීමට උත්සාහ දරා ඇත. එහෙත් එය හුදු ප‍්‍රමිතියක් පමණකි. ලොව කිසිදු රටක ව්‍යවස්ථාවක බෙදී ඇති හෝ බෙදිය හැකිය යනුවෙන් වගන්තියක් අඩංගු විය නොහැක.

පවතින ව්‍යවස්ථාවේ 3 වැනිි වගන්තිය නව ව්‍යවස්ථාවේ දෙවැනි වගන්තිය බවට පත් කොට එහි ඉතා වැදගත් වගන්තියක් වන 4 වැනි වගන්තිය ඉවත් කොට ඇත. පරමාධිපත්‍ය බලය ක‍්‍රියාත්මක කරන ජනාධිපති, පාර්ලිමේන්තුව සහ අධිකරණය යන පාලන ආයතන ත‍්‍රිත්වය නිර්වචනය කෙරෙන්නේ එම වගන්තිය මගිනි. ඊට අමතරව පරමාධිපත්‍ය බලය ක‍්‍රියාත්මක කරන මැතිවරණ මොනවාද යන්න සඳහන් වන්නේද එම වගන්තියේය. එම වගන්තිය වෙනුවට ඇතුළු කෙරෙන වගන්තියේ දැක්වෙන්නේ ව්‍යවස්ථාව මගින් විධිවිධාන සලස්වා ඇති ආකාරයට පරමාධිපත්‍ය බලය ක‍්‍රියාත්මක කළයුතු බවය. ඊළඟට පවතින ව්‍යවස්ථාවේ පස් වැනි වගන්තිය වෙනුවට යොදා ඇති නව ව්‍යවස්ථා කෙටුම්පතේ 4 වැනි වගන්තිය මගින් ද බළලා එළියට ිිපනි. එනම් දේශ සීමා සහ භූමිය පිළිබඳ සඳහන් කිරීමේදී පළාත් වලින් සමන්විත රාජ්‍යයක් යන්න නැවත වතාවක් තහවුරු කොට ඇත.

මෙම පළමු වගන්ති හතර තුළ ව්‍යවස්ථා සම්පාදකයින්ගේ මූලික අරමුණ සැඟවී ඇත. සෙසු සියලූ වගන්ති පිළිබඳ කතා කිරීම වැදගත් වන්නේ එම අරමුණ තවදුරටත් තහවුරු කෙරෙන ආකාරය සහ එහි බරපතළකම සැඟවීම සඳහා වර්ණ ගැන්වීම් කෙරෙන ආකාරය පැහැදිලි කිරීම සඳහා පමණි. උදාහරණ ලෙස 254 වගන්තිය මගින් පළාත් සහ මධ්‍යම රජයේ පාලන එ්කක වෙන් කොට පෙන්වීම තහවුරු කිරීම සඳහා පළාත් සහ මධ්‍යම වශයෙන් පොලිසි දෙකක් ඇති බව පිළිගනී. ඒ අතර ඉතා විචිත‍්‍රවත් ලෙස මූලික අයිතිවාසිකම් මගින් වර්ණ ගැන්වීම් සිදුකොට ඇත. ඊට අමතරව දෙවැනි මන්ත‍්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාව සහ ව්‍යවස්ථා අධිකරණය යන අංග එකතු කිරීම් මගින් මධ්‍ය දුර්වල කොට පරිධිය ශක්තිමත් කිරීමට මෙම නව ව්‍යවස්ථාව මගින් ප‍්‍රතිපාදන සලසා ඇත. එසේම බෙදුම්වාදී බලවේග විසින් වසර තිහක් තිස්සේ ඉල්ලා සිටි ප‍්‍රධානතම ඉල්ලීම් වන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින ව්‍යවස්ථාමය බාධකද මෙම නව කෙටුම්පත මගින් ඉවත්කොට ඇත. එනම් 13 වැනි සංශෝධනයට අදාළ අංග සියල්ල බාධකවලින් තොරව ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රතිපාදන සලසා ඇත. උදාහරණ ලෙස ආණ්ඩුකාරවරයාගේ බලය මහ ඇමැතිවරයාට යටත් කොට ඉඩම් පරිහරණ බලය පළාත් සභාවට පවරා ඇත.

මෙම මූලික වෙනස්කම් කිහිපය වැදගත් වන්නේ බෙදුම්වාදී මාර්ග සිතියමේ පූර්ව කොන්දේසියක් සපුරා ගැනීම සඳහා ය. නැෙඟනහිර ටිමෝරය වෙන්වී ය.

මීට අදාළව පෘතුගාලය එරෙහිව ඔස්ටේ‍්‍රලියාව යන ජාත්‍යන්තර අධිකරණයේ නඩු තීන්දුව අනුව යම් ජනතාවකට හෝ ජන කොටසකට වෙන්වී යෑම සඳහා සපුරා ගත යුතු කොන්දේසි අතුරින් පළමුවැන්න එම ජනතාවට රටේ පරමාධිපත්‍ය බලය බෙදී ගොස් තිබීමය. දෙවැන්න එම ජනතාව සමූල ඝාතනයකට ලක් වී සිටීමය. විග්නේෂ්වරන් මහා ඇමැතිලා තොරතෝංචියක් නැතිව සමූල ඝාතන ගැන කතා කරන්නේ කුමක් නිසා දැයි එ් තුළින් පැහැදිලි වේ. තුන්වැන්න එම ජනතාවට අගතිගාමී සහ නින්දා සහගත ලෙස හෙවත් ජාතිවාදී පදනමෙන් සැලකීම ය. එසේ පරමාධිපත්‍ය බලය බෙදීගොස් ඇති රටක ජනතාවට එම බලය ක‍්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය විසින් ඉඩ ලබා නොදේනම් එම ජනතාවගේ වෙන්ව යැමේ අයිතිය ජාත්‍යන්තර නීතියට අනුව තහවුරු වේ.

ඉහත සඳහන් කළ ආකාරයට නව ව්‍යවස්ථා කෙටුම්පතෙහි පළමු පරිච්ෙඡ්දය මගින් සිදු සිදුකරන්නේ මෙම න්‍යායාත්මක පදනම තහවුරු කිරීමය. එනම් ශ්‍රී ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය මධ්‍යම සහ පළාත් යන එ්කකවලට බෙදී ගොස් ඇති බව තහවුරු කිරීමය. සෙසු ප‍්‍රතිපාදන වැදගත් වන්නේ එම එය දුරටත් වර්ණගන්වා ශක්තිමත් කිරීමටය. එ්කීය වචනය සහ බුද්ධාගමට හිමි ප‍්‍රමුඛස්ථානය වෙනස් කිරීම යන කරුණු වලට බෙදුම්වාදී මාර්ග සිතියමට අනුව කිසිදු වැදගත් කමක් හිමිවන්නේ නැත. එ්වා වැදගත් වන්නේ සැබෑ සංවාදය වෙනතකට යොමු කිරීම සඳහා පමණි. ඕනෑම මොහොතක එම වෙනස්කම් සිදු නොකරන බවට ප‍්‍රකාශ කොට ඊට එරෙහි වන්නන්ගේ ආයුධ උදුරා ගැනීමට හැකියාව ඇත. එය ඉතා දියුණු මානසික යුද උපක‍්‍රමයකි. බොහෝ දේශපාලනඥයන් පමණක් නොව නීති විශාරදයින්ද ඊට ගොදුරු වනු දක්නට ඇත. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ද වැදගත් වන්නේ ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියේ බෙදුම්වාදී උවමනාව සඟවා ඊට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුහුණක් සවිකිරීම සඳහා බව පැහැදිලිව හඳුනාගත හැක. ආණ්ඩුකාරවරයාගේ බලය දුර්වල කළ පසුව සහ ව්‍යවස්ථා අධිකරණය මගින් විධායකය දුර්වල කොට දෙවැනි මන්ත‍්‍රී මණ්ඩලය මගින් පාර්ලිමේන්තුව දුර්වල කළ විට විධායක ජනපතිට කළ හැකි දෙයක් නැත. 1987දී ඉන්දු ලංකා ගිවිසුම මගින් බෙදුම්වාදී මාර්ග සිතියමේ මූලික පියවර ලෙස ව්‍යවස්ථාව මගින් පළාත් බල එ්කකයක් පිහිටුවන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය සහ ඒකීය වචනය ව්‍යවස්ථාවේ එසේම තිබියදීය. නමුත් එතනින් ඊළඟ පියවරට යෑම පමා වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය හෝ එ්කීය වචනය නිසා නොව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව පනවා තිබූ බාධක නිසාය. මෙම නව ව්‍යවස්ථා කෙටුම්පත මගින් එම බාධක සියල්ල ඉවත් කෙරේ. එ් ආකාරයට මෙම නව ව්‍යවස්ථා කෙටුම්පතෙහි අන්තර්ගතයට අදාළ අරමුණ පැහැදිලි කළ හැකි වුවත් එම ක‍්‍රියාවලියේ අරමුණ පැහැදිලි කිරීම පහසු නැත. නව ව්‍යවස්ථා කෙටුම්පත මගින් බෙදුම්වාදී මාර්ග සිතියමට අවශ්‍ය ආකාරයට මූලික ව්‍යවස්ථාමය කොන්දේසි සැපිරෙන බවට විවාදයක් නැත. එමගින් බෙදුම්වාදයට පක්ෂපාතී 35%ක පමණ යැයි සැලකෙන සුළු ජනකොටස්වලට සහ ඔවුන්ට නායකත්වය දෙන දේශපාලන කප්පම්කරුවන්ට යම් ධෛර්යයක් ලැබේ. ඊට අමතරව ආණ්ඩුවට එරෙහිව පවතින ජාත්‍යන්තර පීඩනය ද යම් පමණකට සමනය වේ. නමුත් මෙම නව ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කිරීමට ඉඩ ඇත්තේ ක‍්‍රම දෙකක් හරහා පමණි. පළමුවැන්න විප්ලවීය ව්‍යවස්ථාවක් ලෙසය. නමුත් එවැන්නක් සඳහා ඡුන්දයක දී මහජන අනුමැතිය ලබාගෙන නැත. එසේම ව්‍යවස්ථා සම්පාදක සභාව පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව මගින් සම්මත කළ යෝජනාව අනුව එම සභාවේ සම්මතයෙන් පමණක් ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කළ නොහැක. එවැනි උත්සාහයක් නීති විරෝධී වේ. එසේනම් කළ හැක්කේ මෙම ඊනියා වාර්තාව නැවත කෙටුම්පතක් ලෙස ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කොට එය සාමාන්‍ය බහුතරයෙන් සම්මත කොට පාර්ලිමේන්තුව හරහා අමාත්‍ය මණ්ඩලයට යැවීමය. නමුත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය දීමේ දී ජනාධිපතිවරයාගේ තීන්දුව තීරණාත්මක වේ. ජනාධිපතිවරයා ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලිය තුළ නියෝජනය වූයේ නැත. ඊට අදාළ කිසිදු වාර්තාවක් ඔහුට නිල වශයෙන් ලැබුණේ නැති නිසා එම කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා ඔහු විසින් කමිටුවක් පත්කොට කාලය ගැනීම සාධාරණීකරණය වේ. විශේෂයෙන්ම ජේ.ආර්. පේ‍්‍රමදාස හා චන්ද්‍රිකා යන ජනාධිපතිවරු නොකළ දේ කිරීමට ගොස් එ් පාපය තම හිස හිස මතට දමා ගැනීමට වර්තමාන ජනාධිපතිවරයා සූදානම් වනු ඇතැයි සිහිබුද්ධිය ඇති කිසිවකුට පිළිගත නොහැක.

මෙම තත්ත්වය ආණ්ඩුව සහ සුමන්තිරන් මන්ත‍්‍රීවරයා ප‍්‍රමුඛ බෙදුම්වාදී බලවේග නොදන්නවා යැයි සිතිය හැකි ද? එසේ නොවන්නේ නම් ඔවුන් සතුව ‘ෆැලෑන් බී’ එකක් තිබිය යුතුය. එය කුමක්ද? දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති 20 වැනි සංශෝධනය මගින් ඊට මඟ විවර වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් එම සංශෝධනය ඉදිරිපත් කිරීමට භාර ගනු ලැබුවේ ඔවුන්ගේ තනි තීන්දුවක් මගින් නොවන බව කුඩා දරුවකුට වුවද තේරුම් ගත හැක. මෙම සංශෝධන කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදී ඇති අතර එම කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවේ. එය දැන් පාර්ලිමේන්තු ක‍්‍රියාදාමයක් පමණි. ඉහත සඳහන් කළ ආකාරයට ඩයස්පෝරා සල්ලි හරියට වැඩ කළහොත් 20 වැනි සංශෝධනය එක් දිනකදී විවාද කොට සම්මත කළ හැක. පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් සම්මත කළ ආකාරයට 20 වැනි සංශෝධනය නම් වුු පිට කවරය ඇතුළට ඕනෑතරම් සංශෝධන කාරක සභා විවාදය අවස්ථාවේදී ඇතුළු කළ හැක. බෙදුම්වාදීන්ට අවශ්‍ය සංශෝධන 4 හෝ 5 ඊට ඇතුළු කිරීම සඳහා විනාඩි දහයක්වත් වැය නොවනු ඇත.

ඒ ආකාරයට 20 වැනි සංශෝධනය සම්මත කිරීමේදී බෙදුම්වාදීන් සතුව සැලසුම් දෙකක් තිබිය හැක. පළමුවැන්න මැතිවරණය ක‍්‍රමය වෙනස් කිරීමට අදාළ සංශෝධන ඊට ඇතුළු කිරීම මගින් පාර්ලිමේන්තු මැතිවරණය ඔවුන්ගේ මාර්ග සිතියම අවසන් වනතුරු කල් දමා ගැනීමයි. මෙම ක‍්‍රියාවලිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට පැනීමට නියමිත මන්ත‍්‍රීවරුන්ට තව කාලයක් පාර්ලිමේන්තුව තුළ රැඳී සිටීමට අවස්ථාව ලැබේ. ඔවුන් ඡුන්දවලට බිය වීම පුදුමයක් නොවේ. පවතින දුර්වල පාර්ලිමේන්තුව දිගටම පවත්වාගෙන යෑම බෙදුම්වාදීන්ට වඩා වාසි සහගත වෙයි. සුමන්තිරන් මන්ත‍්‍රීවරයා ඇඟිල්ලක් ඔසවන විට අගමැතිවරයා සහ සභානායකවරයා නිහඬ කළ හැකි පාර්ලිමේන්තුවක් දිගටම පවත්වාගෙන යෑම ඔවුනට වඩා වාසි සහගත නොවේද? එම පළමු සැලසුම් ව්‍යාර්ථ වන තත්ත්වයක් යටතේ ඊට ප‍්‍රතිවිරුද්ධ යැයි පෙනෙන දෙවැනි සැලසුම ඔවුන් විසින් ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කරනු ඇත. ඒ 20 වැනි සංශෝධනය සමග පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම සඳහා වන යෝජනාව ගැට ගැසීම ය. එ් මගින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශ්වයේ ඡුන්ද ලබා ගත හැකි යැයි ඔවුන් විශ්වාස කිරීම පුදුමයට කරුණක් නොවේ. කුමන ආකාරයකට හෝ 20 වැනි සංශෝධනය සම්මත කොට දෙස් විදෙස් බෙදුම්වාදී බලවේග සතුටු කිරීමෙන් පසුව ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම මගින් එසේ දිනා ගන්නා තත්ත්වය තවදුරටත් තහවුරු කිරීම සිදු කළ හැක. නව ව්‍යවස්ථා කෙටුම්පත වැදගත් වන්නේ එසේ ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයාට සුජාතභාවය ලබා දීම සඳහා ය. එනම් ඉදිරි ජනාධිපතිවරණය නව ව්‍යවස්ථාවක් සම්මත කරන ජනමත විචාරණයක් බවට පත් කිරීම සඳහාය.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

28
දෙසැ.
18

අශීලාචාර ආගම් හා සෙක්ස් ගැන

ළමයි කාන්තාවන් හා ආච්චිලා දූෂණය කිරීම මංගල සමරවීර ගේ තවත් එක් බොරුවකි

පොන්නයින් ඇමතිලා වීම ලංකාවේ පිරිමි සියල්ලන්ටම විලිලැජ්ජාවකි. දියුණු රටවල මේ දේ සිදුවන්නේ ලංකාවට වඩා වේගයෙන්ය එසේම උන්ටම නැවැත්විය නොහැකි ලෙසය. උන්ට ඒක මුදල් පිළිබඳ ගැටලුවකි. පොන්නයෙකු වන්නේ මුදලටය. නමුත් ලංකාවේ මේ මගුල හුදෙක්ම විපරීත ලිංගික වැඩකි. විලි ලැජ්ජාව එයයි. හිරේ වැටෙන්නේ නැතිව අතේ ගහල බේරගන්න පිරිමි පොන්නයින්ට චන්දය දී මුළු ලෝකයක්ම හිනස්සා ලාංකිකයින්ගේ පුකත් නැති කර ගනිති.

එසේම 71 ජවිපේ නූගතුන්ගේ නැගිටීම. 83 සිංහල බෞද්ධයින්ගේ මිනීමරු කලබලය. අවුරුදු 30 ක දෙමල නූගතුන්ගේ අනවශ්‍ය යුද්ධය. දෙමළුන්ගේ කිසිදු හේතුවක් නැති මිනීමැරීම්, රටට බරක් වුණු මුස්ලිම් මිනිස්සු, කිසිදා නිම නොවන විශ්ව විද්‍යාල වල පංති වර්ජන, ලෙඩුන් උකසට තබන දොස්තරලාගේ සහ සෞඛ්‍ය සේවයේ පිස්සු වර්ජන, යනු අසමත් ජාතියක සාක්ෂි සටහන්ය.

නමුත් මේ දේ කිරිමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ලාංකීය ආගමික අසමත්කමයි. නැතහොත් ලාංකිකයින් අදහන නුගත් බුද්ධාගමයි. දේශපාලනය හා ආගම යනු සමාජ සංවිධාන ක්‍රියාවන්ය.

ලංකාවේ පවතින්නේ ඉන්දියාවේ අතීතයේ සිටි ගෞතම නම් මනුෂ්‍යයා කියූ බුද්ධාගම නොවේ. ලංකාවේ පවතින්නේ ඒ ආගමේ නමින් සිවුරු දාගත්ත පැවිද්දන් රැළකගේ කෑම සොයා ගැනීමේ බිස්නස් එකකි. එයට දා ගත්ත නම බුද්ධාගමයි. නැතිව මේ අවුරුදු දෙදාස් පන්සියයක ඉතිහාසයක් තිබූ ඔරිජිනල් ඉන්දියන් බුද්ධාගම නොවේ. ලංකාවේ තිබූ ඔරිජිනල් බුද්ධාගම වසර 300කට පමණ පෙර විනාශවී ගියේය.

වෙනත් රටවල ආගම් යනු එම රටේ දේශපාලනයට සම්බන්ධ නැති අධ්‍යාත්මික හා ශුද්ධ වූ දෙයකි. සමාජවාදී රටවල පවා ආගම වෙනම පවත්වාගෙන යන සංස්ථාවකි. ආගම මගින් මුළු සමාජයම බැඳ තබා ගන්නා අතර ආගමික ඉගැන්වීම් යනු හොඳ නරක සොයා ගැනීම සඳහා ඇති මාලිමාවයි.

නීතිය හා ආගම දේශපාලනයට යටත් නැත. නීතිය සාදන්නේ ආගමේ අමුද්‍රව්‍ය වලිනි. රටක නීතිය යනු දේශපාලනික විනයයි.

චීනයේ කෝටි දෙසියයක් පමණ ජනතාවක් සංවිධානය කර ඇත්තේ සෙන් බුදුදහමිනි. වසර දහස් ගණනක් නොකඩවා චීනය වැදගත් රටක්, කරදරයක් නොකරන ජාතියක්, උත්සාහවන්ත මිනිසුන්ගේ රටක් ලෙස ගොඩ නගා ඇත්තේ දේශපාලනයට වඩා සෙන් බුදු දහමිනි.

චීනයටම මඳක් අඩු ඉන්දියාවේ කෝටි ගණනක ජනගහනයක් පාලනය කර ඇත්තේ 150ක් පමණ වන ආගම් ගොඩකිනි. අඩුම තරමේ ආසියාවේ ප්‍රබලම රට ඉන්දියාව බවට පත්කර ඇත්තේ හතර අතට වඳිනා මෙම ආගම් සමූහයෙනි. බටහිර රටවල් ආත්මාර්ථකාමී කරදරකාරී රටවල් වුවද ක්‍රිස්තියානිය එම රටවල් සංවිධානය කර ඇත. මිනිසුන් ශීලාචාර කර ඇත. ක්‍රිස්තියානියේ විශේෂත්වය වන්නේ ප්‍රබල ලෙස මිනිසා පුද්ගලිකව සංවර්ධනය කිරීමයි. ක්‍රිස්තියානියෙන් සංවිධානය නොකරන කොටස වන්නේ පවුලයි. ආසියාතික ආගම් පවුල සංවිධානය කරන නමුත් පුද්ගලිකත්වය ශූන්‍ය කර දමති. ආගම මගින් ජාතිය සංවිධානය කර ඇත්තේ අල්ලාය. පිරිමින්ට, ගැහැනුන් හා රොටී සැපයීම අල්ලාගේ ආගමේ හරයයි. එනිසා අල්ලා ඉතා ලෞකික ආගමක් දෙශනා කිරීම මගින් පිරිමින් අතර ජනප්‍රිය වී ඇත. අශීලාචාර මුස්ලිම් ආගම ළමා දූෂණයට හා බහු විවාහයට ඉණිමගකි.

බුද්ධාගම දුප්පත් ආගමකි. ඉන්දියාවේ කුලහීන දුප්පත් මිනිසුන් අදහන්නේ බුද්ධාගමයි. බුදුන්ගේ කාලයේ ඉන්දිය කුලපීඩනයට හා කෑදර වෙළෙන්දන්ට විරුද්ධව දෙසු දහම වුයේ බුද්ධාගමයි. හොඳම ලාභය නිරෝගීව සිටීම යැයි දේශනා කිරීම මගින් ගෞතම කෑදර වෙළෙන්දන්ට අතුල් පහරක් දුනි. රඟන ගයන ගැහැනුන් පිරිසක් මැද කමින් බොමින් කිසිවක් දුප්පතුන්ට නොදෙමින් සිටි මිනිසුන්ගේ, රම්‍ය සුරම්‍ය සුබ වූ ගිහිගෙය හැරදා ගොස් සිතේ නිවීම පරම සැපය යැයි කීවේ කුමන්ත්‍රණකාරී දේශපාලකයින්ටයි. රමණය සතුටක් යැයි සිතා සිටි ඉන්දීය පිරිමියාගේ ඇති අධික කාමාධිකබවට (සාක්ශිය – අධික ජනගහනය)  “සන්තුට්ඨී පරමං ධනං කියමින් පහර ගැසීය.

විශේෂයෙන් ගෞතම තම දේශනා මගින් දුප්පතුන්ට සේවය කිරීමටත් කුලපීඩනය (ලංකාවට වඩා ඉන්දීය කුල පීඩනය දහස් ගුණයකින් වැඩිය) වෙනස් කිරීමටත් උත්සාහ දැරීය. එය ක්‍රිස්තියානිය අසල්වැසියාට නොදී පරිභෝජනය කිරීම වැළැක්වීමට දේශනා කිරීම වැනිය. ක්‍රිස්තියානි සමාජය ඉතා අධික ලෙස පරිභෝජනවාදී වී ඇත්තේ ක්‍රිස්තුගේ අනුමැතිය නිසාය. නමුත් පුද්ගල සංවර්ධනයට ක්‍රිස්තියානිය තරම් හොඳ ආගමක් තවත් නැත.

නැවත ප්‍රශ්නය වෙත යන්නේ නම් ලංකාවේ සිංහලයින් අවුලක පටලැවී ඇත. සිංහලයෝ යටත් විජිත යුගයේ ක්‍රිස්තියානියෙන් පුද්ගලික සැප විඳීමේ ආශාව ලබාගත්තේය. එයට පටහැනිව බුද්ධාගම ඕවා වැඩක් නෑ ජීවිතේ දුකයි දුකයි නිවන්ම පලයව් කියන්නේය. සෙක්ස් කරන්න එපා එපා කියන්නේය. එනිසා ඕල්කොට් බාප්පයි ධර්මපාල මාමයි බුද්ධාගමට ක්‍රිස්තියානියේ විධික්‍රම කියා දුන්නේය. එනිසා ලාංකීය බුද්ධාගමේ කොටසක් ක්‍රිස්තියානියේ පෞද්ගලිකත්වය උඩධාන ආත්මාර්ථකාමීත්වය සමග සමපාත විය. ඕන මගුලක් කරල ආත්මාර්ථය හදා ගනිව් කීවේ ක්‍රිස්තු සහ අල්ලාය.

මේ අතර ලංකාවේ අතිශය දුප්පත් කන්න බොන්න නැති පවුල් වල දරුවෝ මහන වී බුද්ධාගමට ආවෝය. ප්‍රශ්නය තව තවත් දිග්ගැස්සුණි. ඒ නිසා බුද්ධාගමේ බන දේශකයා දුප්පත් ගිහියෙක් විය. ඔවුන් බුද්ධාගමට විරුද්ධව ආත්මාර්ථයම දේශනා කරති. දුප්පතුන්ගේ ප්‍රධාන ගැටලුව බඩගින්න මිස නිර්වාණය නොවේ.

එනිසා වසර 60 කට වඩා වැඩි කාලයක සිට ලංකාවේ මහණුන් බණට කීවේ කන්න දීපල්ලා කියලාය. පන්සලට දීපල්ලා. පින් ගන්න නම් හාමුදුරුවන්ට විතරක් දීපල්ලා කියාය. වසර ගණනාවක් තිස්සේ බුද්ධාගම විකෟති කරමින් කියූ දුප්පතුන්ගේ බුදු බනය. එනිසා දැන් ඇති බුද්ධාගම ගිහියන්ටත් වඩා කෑදර කමින් ආජීවය පමණක් සිදුකළ මහණුන්ගේ නිර්මාණයකි.

ඉන්දියාවෙන් පැමිණි සිංහයාගේ තිරිසන් ලේ ඇති සිංහලයෝ සෙක්ස් වලට අතිශයින් කැමතිය. ලිංගය කෙලින්වීම මගින් හැදෙන “දරුවන් දූෂණය කර මරාදැමීමේ ලෙඩේට“ පැරණි බුද්ධාගම දුන් පිළිතුර වූවේ හතර පෝයට සිල් ගනින් කියලාය. දැන් සිල් නැත. ඕල්කොට් සහ ධර්මපාල බුද්ධාගම ක්‍රිස්තියානි කල නිසා මිනිසුන්ට ආගමට මුවාවී ඕන චූන් එකක් ගත හැකි විය.

කොහේ හරි හිටපු පාහරයෙක් මහණවෙලා හරි නැතිව හරි බුද්ධාගම නමින් මොන මගුලක් කීවත් කිසිදු මහනායකයෙකුට ගැටලුවක් නැත.

හේතුව තමන් සිවුරු දැරුවට ඉන්දියන් බුද්ධාගම සමග තදින් බැඳී නැති නිසාය. නැත හොත් මහණුන්ට අතීත ඉන්දියන් බුදුදහම තේරුම් ගත නොහැක. අතීතයේ වනපොත් කල දහම දැන් සයිබර් අවකාශයේ පවා ලියා ඇති නිසා කටපාඩම්කර ධර්මය ආරක්ෂා කරන්න දෙයකුත් නැත. එනිසා මහණකම විනෝදවිමකි. පන්සිල් පද පහයි පිරිත් පොතේ පිටු ටිකකුයි දානේ දුන්නම පිංදෙන්නයි ඉගෙන ගත්තාම හාමුදුරු නමකි. කිසිදු බාහිර දැනුමක් අවශ්‍ය නොවේ.

එසේම දුප්පත් මහණුන් කිසිදු විටෙක ලෝකයේ වෙනත් දැනුමක් ගැන හැදෑරීම තියා නිවැරදිව බුද්ධ දේශනාව වත් හදාරන්නේ නැත. දන්නේ සිංහල පමණි. ලෝකයේ වෙනත් දැනුම් බිහිවන්නේ විදේශීය භාෂාවලිනි. එනිසා එකෙක් දෙන්නෙක් හැර විදේශ භාෂා දන්නා විශාල හදවත් ඇති මහණුන් ලංකාවේ බිහිවූවේ නැත. ජනතාවගේ ආධ්‍යාත්මය ගොඩනැගීමට හෝ මිනිසුන් ආගමිකව නිවැරදි කිරීමට දේශනා කිරීමට දන්නා කිසිවෙක් ලංකාවේ බුදු දහමේ නැත.

චීනයේ හා ජපානයේ බුද්ධාගම මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ සිතුවිලි හා බැඳී පවති. කෙනෙකුට තම මුළු ජීවිතය පුරාම ආදර්ශයට ගත හැකි මහණුන් සිටිති. පන්සලකට ගිය විට ගිහියෙකුට අඩු තරමින් කාලයක් තිස්සේ මිනිසුන් විසින් භාවිතා කල ඹරිජිනල් ආගමික සංකේත දැකිය හැක. එනිසා ඔවුන්ගේ ආගම සෑබෑවකි. ඔරිජිනල් පිටපතකි. අපේ පංසල්වල ඇතිතේ ඔරිජිනල් ආගමික සංකේත නොවේ. ටීවී, සෙල් ෆෝන්, ඩීවීඩී යන්ත්‍ර සහ කොන්ක්‍රිට් ගොඩවල්ය. අපේ පංසල්වල ආගමික සංකේත ඩුප්ලිකේට්ය. ඔරිජිනල් පිටපත නැතිවූ කොපිය. කොන්ක්‍රීට්ය. ආධ්‍යාත්මය සංවර්ධනය වන යමක් මේවායේ නැත. බුදුන්ට වඩා වඳින්නේ බෝ ගසටය, ධර්මයට වඩා අදහන්නේ ඉන්දියන් දෙවිවරුය. බුදුන්ගේ ධර්මය ඇති පන්සල්වල දේවාල කිසිසේත් පැවතිය නොහැක. ගුරුකම් කල නොහැක. කිසිදු පැවිද්දෙක් ගුරුකම් කරන්නේනම් හෝ ජෝතිසයේ වැඩ කරන්නේ නම් ඔවුන් මහණකමින් ඉවත්කළ යුත්ය. බුදුන් විනය නීති පැනවූයේ සුදුස්සන් පමණක් ධර්මය දේශනා කිරීමට ඉතිරිකර ගැනීමටය. මහණකම මෙතරම් පහසු හා විනෝද ජනක කාර්්‍යයක් වී ඇත්තේ ලංකාවේ පමණි.

එනිසා මම මෛත්‍රී බුදුන් කියන මිනිසුන් බිහිවේ. ඔන් පාහරයෙකුට ඔන දෙයක් කියන්න දේශනා කරන්න දීම ජිනීවා මානව හිමිකමක් මිස ආගම නොවේ. මේ වැඩේ ක්‍රිස්තියානි පාදිලියෙකුට කල නොහැක. බයිබලයෙන් පිට යමක් දේශනා කල හොත් පාදිලිකම අවසන්වේ.

පිං පික්පොකට් ගහන්න උත්සාහ කල ආගමකි. සතයක් පිංකැටේට දාල රුපියලක පිං ගන්න පුරුදු කළෝය. හැම තැනම පිං කැටය. දැන් දැන් ලොකුම පිංකම දන්සැලක් දීමය. මේ සිංහල බුද්ධාගමේ ආදර්ශයන්ය. දැන් ඒ වපුරපු දුප්පත් මුං නෙළනා යුගයයි. තමන්ගේ දුවට සරම උස්සා පෙන්වන එකට පොලීසි යන්නේ අම්මාය. මේ අසමත් බුද්ධාගම වැපුරූ මුංය. ප්‍රින්සිපල් ළමයි 10ක් අපචාරයට යොදාගනි. ගොයම කන්නේ නියරමය.

දුප්පත් මහණුන් සිංහල සමාජයට හරවත් බුදුදහම දුන්නේ නැත. ලංකාවේ සංස්කෟතියට බුද්ධාගම ඇතුල් කළේ නැත. බුද්ධාගම ලංකාවේ සිංහල මිනිසුන්ට නිකං සැරසිල්ලක් පමණි. එය ජීවිතයට මාර්ගය කියාදෙන යමක් නොවේ. කොතරම් ලෞකික වුවද ක්‍රිස්තියානි මිනිස්සු ඉරිදා දින හතරට පල්ලි යති. අසත්‍ය ආගමක් වුවත් අරාබියේ අල්ලාගේ බලකිරීම නිසා ලංකාවේ දෙමළ මුස්ලිම් මිනිස්සු සිකුරාදට පල්ලි යති.

ආගම ලිංගය පාලනය කළේ එසේය. බුද්ධාගමේ සිවුරු හැඳගත් මිනිසුන්ගේ පිස්සු මරගාත දේශනා නිසා අවුරුද්දකට වරක්වත් පන්සල් යායුතු නොවේ. පන්සල් නැතිව හාමුදුරුවන් නැතිව බෞද්ධ මිනිසුන්ට කිසිදු ගැටලුවක් නැතිව ජීවත්විය හැක. (මේක ගැඹුරින්ම සත්‍යයකි.)

හාමුදුරුවන් ඇසුරු කිරීම ඥානවන්ත කමට උදව්වක් නොවේ. වාතයකි. වදයකි. වියදමකි. කාලය කා දැමීමකි. නැතහොත් බිරිඳ, දුව හෝ කොල්ලා නැතිවී මුලු ජීවිතයම අඳුරු දෙයකි. පවුලේ සැමදෙනාම පන්සල් ඇසුරු කිරීම අනිවාර්‍යය විනාශයකි. සිංහල බුද්ධාගම එවැනි එකකි. පාදිලි උන්නාන්සේලා අල්ලාගේ මුල්ලලා පූසාරියෝද මෙවැනිම පිස්සු මඤඤය. පිටිදූවේ හරකා, දකුණේ මෛත්‍රී නමින් බුදුවුණු කාලකණ්ණියා, සාස්තර කියන මන්තර මතුරන කාලකණ්ණි චීවර ධාරියෝ, රත්තරන් එකතුකරන කාලකණ්ණි. දඹුලු විහාරයේ ලස්සන කාපු පර හාමුදුරු මුදලාලියා. කළුතර කොන්කක්‍රීට් හාමුදුරුවා, එක් එක තැන්වල සල්ලි ගරන පිස්සු මඤඤං හාමුදුරුවෝ බෞද්ධාග‍මේ සතුරෝය.

බුද්ධාගම ඉතා වේගයෙන් සිංහල මිනිස් සිත්වලින් ඉවත්වී ඇත්තේ මිනිසුන්ගේ වරදක්හෝ දහමේ වරදක් නිසා නොව සිංහල දේශක උන්නාන්සේලා ගේ දැනුමේ ගැටළුවකිනි.

ආගමික ඉතිහාසය වසර 60 ක් හා ලංකාවේ පන්සල් වල සිදුවුණු දේ සැලකූ විට බෞද්ධ චීවරධාරීන් මේ වරද සිතා මතා උවමනාවෙන් කරන බව පෙනේ. එයටද හේතුවක් ඇත. හේතුව, අම්මා සමග සිටීමට ඉතාම ආශාවෙන් සිටිනා දරුවකු කුඩා කාලයේ පාළු අම්බලම්වල මහණදම් පිරීමට යැවීම නිසාත්, තමන්ම ලැබිය යුතු ආදරය සැබැවින් විඳීමට නොහැකිවූ නිසාත්, එනිසාම සමාජයකට ආදරය කිරීමට නොදන්නා නිසාත් සියලුම හාමුදුරුවන් තුළ සමාජය හා පවුල ගැන පවතින්නේ වෛරයකි. එනිසා තමන්ට පිඩනයක් ගෙන දුන් තමන්ට ආදරය අහිමිකළ සමාජක්‍රමය අවුල් කිරීමට බණ කියනවා හැර වෙන කුමක් කරන්නද ?

අනෙක් පැත්තතෙන් මෙයට වග කිව යුත්තේ වම්මුය. ඉස්සර වමා හොඳ මිනිහෙක්. වැදගත් සත්වයෙකි. ඒ වැදගත්කම ජවිපේ වසින් සහමුලින්ම විනාශකර මිනිහෙකුට තමන් වාමංශික මාක්ස්වාදී මිනිහෙක් බව ප්‍රසිද්ධියේ පුකාශකල නොහැකි මට්ටමට පැමිනවූවේය. දැන් සමාජයේ වැරදිවලට හිතරිදෙන මිනිසුන්ට යන්න තැනක් නැත. ඉන්නේ මුදලාලිලා හා උන්ගේ ගැත්තන්වූ හමුදාකාරයෝය. යහපත් සමාජ භාවිතාව වම්මු විසින් විනාශකල පසු දුවට සරම උස්සන තාත්තලා බිහිවෙමින් පවතී.

තාත්තා තමන්ගේම දුවට සරම උස්සල ඇට දෙක පෙන්නන්නත්, අවුරුදු 7 කුඩා දරුපැටව් දූෂණය කරල මරල කුණු කාණුවට දාන්නත්, ප්‍රින්සිපල්ලා පොඩි දරුවන් දූෂණය කරන්නත්, මහරෑ අවුරුදු 70 ආච්චිලා දූෂණය කරන්නත්, හාමුදුරුවන්, පාදිලියන්, පුසාරියන් ලෙබ්බෙලා දරුවන් අපහරනය කරන්නත් හේතුව ආගමේ අසමත් කමයි. නැතුව රජයකට හැම දරුවෙක් ළඟින්ම මුරකාරයෙක් දාන්න බෑ. එතකොට සුනන්ද දේශප්‍රිය නම් තකතීරුවා ජිනීවා කොමිසම ගාව රෙද්ද කඩන් නටන්න පටන් ගනී.

මේ ලිපියෙන් කාට රිදුණත් කරන්න දෙයක් නෑ ඇත්ත කිව්ව කියලා මට බැන්නට වැඩකුත් නෑ.

12
දෙසැ.
18

නිරුවත සමාජගත කරමු ! සමබිම හා සිනමා තක්කඩින්ගේ ගොංපාට් !

තක්කඩි සංවිදාන එකතුව

29
නොවැ.
18

මංගල සමරවීර නම් විලාසිතාකරුවා ගේ සෙක්සි කොල්ලාට ගණන් හිලව් පැටලීම

“මේ මාසයට මහින්දගේ හෙලිකොප්ටර් ගමන් වියදම බිලියන 84” – මොංගල් සමරවීර

රුපියල් බිලියන් 84 ක් යනු රුපියල් කෝටි 8400කි. එනම් අති විශාල මුදලකි. එය සංසන්දනාත්මකව බැලුවහොත්

ලංකාවේ යුද්ධය පවතින සමයේ හෙලිකොප්ටර් හා ජෙට් ප්‍රහාරක ගමන්ද ඇතුලුව උණ්ඩ, අවි ආයුධ, හමුදාවට පඩි හා දීමනා ඇතුලු සියලුම වියදම් සඳහා ගියේ වසරකට රුපියල් බිලියන 180ක් පමණ මුදලකි.

ලංකාවේ වසරකට මුලු රටේම සෞඛ්‍ය ක්ශේත්‍රයට වැය කරන්නේ රුපියල් බිලියන 60ක පමණ මුදලකි.

හෙලිකොප්ටරයක් අලුතෙන්ම මිලදී ගැනීම සඳහා වැය වන මුදල කෝටි 50 සිට 100 පමණ දක්වා මුදලකි.

මංගලට අනුව මේ මාසය තුල කෝටි 8400ක හෙලිකොප්ටර් ගමන් වල මහින්ද යෙදී ඇත්නම් එය හෙලිකොප්ටර් සියයකටත් වඩා අලුතෙන්ම ගතහැකි තරමේ මුදලකි. එනම් මේ මාසය ඇතුලත දවසකට හෙලිකොප්ටර් තුන බැගින් අලුතෙන්ම ගතහැකි මට්ටමේ මුදලකි.

දැන්වත් ඔබට මෙම බිලියන් 84 කතාවේ මෝඩ ලාමක බව වැටහේද?

මංගල සමරවීර නම් විලාසිතා නිර්මාණකරුවාට ගණන් හිලව් පැටලීම එදා මෙදා තුර සැමදා සිදුවූවකි. වරක් ඔහු කීවේ මහින්දගේ වත්කම ඩොලර් බිලියන 18ක් කියා ය. එහෙත් එවකට ලංකාව සතු මුලු ඩොලර් සංචිතය තිබුනේද ඩොලර් බිලියන 7කට අඩු ප්‍රමාණයකි. එනම් ඛනිජ තෙල්, වාහන, ඖශධ, අමුද්‍රව්‍ය එකී මෙකී නොකී සියලු දේ ගෙන්වීමට තිබුනු මුදලටත් වඩා දෙගුණයකටත් වැඩි මුදලකි.

බොරුවක් වුවත් කියන පිලිවෙලක් ඇත. මේ මන්ද බුද්ධිකයාට අඩුම තරමේ එය වත් හරි හැටි කිරීමට නොහැකි වීම ඔහුගේ මඳ සම්පූර්ණ බව තව තවත් ලොවටම කියාපායි.

No automatic alt text available.
21
නොවැ.
18

ජවිපෙ මල්ලිලාගේ පාර්ලිමේන්තු බෝම්බය කුණු බාල්දියේ දමා රැගෙන ආ බවට සාක්ශි

ඉන්දු ලංකා ගිවිසුම 1987 ජූලි 29වැනිදා අත්සන් කිරීමෙන් පසු රටේ පැවති ව්‍යාකුල තත්ත්වය තවත් උග්‍ර විය. එජාප තංගල්ල මන්ත්‍රී ජිනදාස වීරසිංහ 1987 ජුලි 31වැනිදා වෙඩිතබා ඝාතනය කළේය. රටපුරා කැරලි කෝලාහල ඇතිවිය. ජන විරෝධයට ආණ්‌ඩුවට මුහුණ දීමට සිදුවිය. ඇඳිරි නීතිය පමණක්‌ නොව පුවත්පත් පාලනයක්‌ද ඇති කළේය. විරෝධතා නතර කිරීමට ආණ්‌ඩුවට හැකි වූයේ සෑම තැනකදීම පාහේ ගිවිසුම් විරෝධි විරෝධතාකරුවන්ට වෙඩි තැබීමෙනි. පෙළපාලිකරුවෝ සිය ගණනක්‌ මිය ගියහ. දහස්‌ ගණනක්‌ තුවාල ලැබීය.

ජවිපෙ විරෝධතා ව්‍යාපාරය මෙහෙය වූවද ඒ සා විශාල ජන විරෝධයක්‌ මතුවන්නේ යෑයි විශ්වාස කළේ නැත. ජනතාව එජාප ආණ්‌ඩුව කෙරෙහි ඒ වනවිට ප්‍රබලව කලකිරී තිබූ බැවින් ජනතාව පෙරට ඇදී ආවේ නොසිතූ පරිදිය. විරෝධය සාංසිද්ධිකව පැන නැගුණද ඉන් ලැබූ ප්‍රචාරක ව්‍යාපාරය ජවිපෙට මහත් වාසියක්‌ විය. ගිවිසුමෙන් පසු ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය සිය කටයුතු වඩ වඩාත් වේගවත් කළේය.

n15 1

ප්‍රධාන සැකකරු අජිත් කුමාර

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම ප්‍රකාශ කිරීමත් සමඟම පාර්ලිමේන්තුව 1987 අගෝස්‌තු 18වැනිදා දක්‌වා කල් දැමීමට එජාපය තීරණය කළේය. ඒ පිළිබඳව ආණ්‌ඩු පක්‌ෂය මගින් කල් තැබීමේ යෝජනාවක්‌ 1987 ජුලි 24වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එම යෝජනාවට පක්‌ෂව ඡන්ද 74ක්‌ද විපක්‌ෂව ඡන්ද 9ක්‌ද ලැබිණි ගිවිසුමට පෙර කල් තැබූ පාර්ලිමේන්තුව යළි රැස්‌වීමට තිබුණේ අගෝස්‌තු 18 වැනිදාය. එදින රට පුරාත් විශේෂයෙන් පාර්ලිමේන්තුව සහ ඒ අවටත් දැඩි ආරක්‌ෂක මුරකාවල් යොදා තිබිණි. “දිවයින” පුවත්පතින් පාර්ලිමේන්තුව වාර්තා කිරීමට එදින ගියේ දයා ලංකාපුර ලේඛකයාය. දි අයිලන්ඩ් පුවත්පතින් අජිත් සමරනායක, ප්‍රසාද් ගුණවර්ධන සහ සුරේෂ් පෙරේරාය. රියෑදුරු වූයේ සෝමසිරිය. එවිට වේලාව උදෑසන 9 පසු වූවා පමණි. පාර්ලිමේන්තුව ඉදිරිපිට පාලම අසළදි උපාලි පුවත්පත් වාහනය නැවැත්වූ අතර තුවාලකරුවන් ගෙන යනු දක්‌නට ලැබිණි. පාර්ලිමේන්තු වාර්තාකරුවන් අතරින් එහි ඇතුළේ සිටියේ කලින්ම පැමිණෙන දවස පුවත්පතේ මාධ්‍යවේදී ජෙරි සිල්වා පමණි.

පාර්ලිමේන්තුව රැස්‌වීමට ප්‍රථම ආණ්‌ඩු පක්‌ෂයේ රැස්‌වීම පැවැත්විණි. එය පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ කමිටු රැස්‌වීම් ඒ ශාලාවේදීය. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව එහි සිටියේ 5දෙනෙකි. ඒ අතර පාර්ලිමේන්තුවේ ලඝූ ලේඛක නෝබට්‌ සේනාධීර, රැස්‌වීමේ වාර්තාව සකස්‌කරන අගමැති ප්‍රවෘත්ති නිලධාරිවරයකු වන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ඇන්තනි ප්‍රනාන්දුද විය. ඔහුගේ ප්‍රධානියා වූයේ අගමැති මාධ්‍ය ලේකම් එවන්ස්‌ කුරේය. මුලසුන හෙබවූවේ ජනාධිපති ඡේ.ආර්. ජයවර්ධනය. ප්‍රධාන මේසයේ අගමැති ආර්. ප්‍රේමදාස, ආණ්‌ඩු පක්‌ෂයේ සභානායක වින්සන්ට්‌ පෙරේරාද විය. ලලිත් ඇතුලත්මුදලි ඇතුළු මැති ඇමතිවරුන්ද, කීර්ති අබේවික්‍රම ඇතුළු මන්ත්‍රීවරුන්ද ආණ්‌ඩු පක්‌ෂයේ රැස්‌වීමට පැමිණ සිටියහ.

n15 2                                                             පාර්ලිමේන්තුව අවට එදින ආරක්‌ෂාව තරකර තිබූ අයුරු

ආණ්‌ඩු පක්‌ෂයේ රැස්‌වීම ඇරඹුණේ 1987 අගෝස්‌තු 18වැනිදා උදෑසන 8.40 ටය. න්‍යාය පත්‍රයේ මුලින්ම තිබුණේ ආගමික වතාවත් සිහිකිරීමය. අනතුරුව ඝාතනයට ලක්‌වූ තංගල්ල මන්ත්‍රී ජිනදාස වීරසිංහ සහ සභානායක කාර්යාලයේ ලේකම් අභාවප්‍රාප්ත ක්‍රිස්‌ටි කුරේ පිළිබඳව විනාඩි දෙකක ශෝකය පළකරන ලදී. අගමැති ප්‍රේමදාස විසින් එම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කිහිපයක්‌ ගැන විස්‌තර කළේය.

p15 3රට තුළ පවතින විරෝධයෙන් ආණ්‌ඩු පක්‌ෂ රැස්‌වීම ගිනියම් වූයේ අනතුරුවය. හම්බන්තොට දිසා ඇමැති සහකාර වෛද්‍ය පී. එම්. පී සිරිල් දකුණේ තත්ත්වය විග්‍රහ කළේය. තමා වසර 20ක්‌ තිස්‌සේ උපයා ගත් සියලු දේපළ කැරලිකරුවන් ගිනි තබා විනාශ කළ බව හෙතෙම කියා සිටියේය. වවුනියාව දිසා ඇමති සහ කැකිරාව මන්ත්‍රී ජී. ජී මහින්දසෝම කියා සිටියේ කැලණි පාලම අසලදී කැරලිකරුවන්ගෙන් තමා දිවි බේරාගත් අන්දමය. අතතුරුව අදහස්‌ දැක්‌වූවේ මැදිරිගිරිය මන්ත්‍රී ඒකනායකය.

ඒ අතරතුරදී රබර් බෝලයක්‌ මෙන් යමක්‌ ප්‍රධාන මේසයට වැටුණු අතර එය බිම පෙරළී පුපුරා ගියේය. ඒ අසලම සිටියේ ජාතික ආරක්‌ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි සහ මාතර දිසා ඇමති කීර්ති අබේවික්‍රමය. දොරක්‌ අතරින් ආරක්‌ෂක නිලධාරියෙකු අදින සුදු අත්දිග කමිසයයක අතක්‌ එළියට පැමිණි අතර දෙවන බෝම්බය ඉන් දමා ගැසීය. එය පෙරළී ගොස්‌ කළු දුමක්‌ පැතිරිණි. වෙඩි තබනවා යෑයි කියු මන්ත්‍රීවරුන් බිම වැතිර ආරක්‌ෂාව සලසා ගත්හ.

පුටුවකින් ගසා ඇමතිවරයකු කමිටු ශාලාවේ වීදුරුවක්‌ කැඩූ අතර අනතුරුව එළියේ බොහෝ දෙනා සිට ගත්හ. ප්‍රධාන දොරටුවෙන් එළියට යාමට කිසිදු මන්ත්‍රීවරයෙකු උත්සාහ නොකළේ ප්‍රහාරකයන් එහි සිටින බවට කවුදෝ කිවූ බැවිනි. ඇමති ලලිත් සහ මන්ත්‍රී අබේවික්‍රම සහ තවත් දෙදෙනෙක්‌ ඔසවා ගෙන යනු දක්‌නට ලැබිණි. ඇතුළත ලේ විසිරි තිබූ අතර ඇමතිවරුන් වන මොන්ටේගු ජයවික්‍රම, පර්සි සමරවීර, ඊ.එල්.එම් හුරුල්ලේ යන අයට තුවාල සිදුවී තිබිණි.

p15 4බෝම්බ ප්‍රහාරයෙන් පාර්ලිමේන්තුවේ ලඝූ ලේඛක සේනාධීර පතිරගේ නෝබට්‌ සේනාධීර එතනම මිය ගියේය. මන්ත්‍රී කීර්ති අබේවික්‍රම රෝහලට රැගෙන යමින් තිබියදී මිය ගියේය. ඇතුලත්මුදලි ශල්‍යකර්මයකට ලක්‌කරන ලදී. එහෙත් බෝම්බකරුගේ ප්‍රධාන ඉලක්‌කය වූ ජනාධිපති ජයවර්ධන හෝ අගමැති ප්‍රේමදාසට කිසිම හානියක්‌ වූයේ නැත. එය එසේ සිදුවූයේ නම් රටපුරා හදිසි ක්‍රියාමාර්ගයකට යැමට ජවිපෙ තීරණය කර තිබිණි. එහෙත් බෝම්බ ප්‍රහාරයෙන් අපේක්‌ෂිත සැලැස්‌ම ක්‍රියාවට නැගිය නොහැකි වූවද රට තුළ ජවිපෙ කෙරෙහි ඇතිවූ ආකල්පය ප්‍රබල විය.

වසර 1935 දෙසැම්බර් 20 උපන් කීර්තිසේන චන්ද්‍රදාස අබේවික්‍රම හෙවත් කීර්ති අබේවික්‍රම ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ අතර මොරවක්‌ කෝරලේ තේ වවන්නන්ගේ සමූපකාර සම්මේලනයේ සභාපතිවරයා වශයෙන් වසර 1962 සිට 1974 දක්‌වා කටයුතු කළේය. ඔහු එජාපය සමඟ 1960 සිට කටයුතු කළේය. දෙනියාය මන්ත්‍රීවරයා වශයෙන් 1977දී වැඩි ඡන්ද 5,333 කින් පත්වූ අතර ඔහුගේ පියා ශ්‍රී ලංකාවේ අවසාන පඩිකාර මුහන්දිරම්වරයාය. ඔහු වෙනුවෙන් පසුව මොරවක මහ විද්‍යාලය කීර්ති අබේවික්‍රම ජාතික පාසල නමින් අධ්‍යාපන ඇමති ලලිත් ඇතුලත්මුදලි විසින් 1990 දෙසැම්බර් 1වැනිදා නම් කරන ලදී. මාතර දිසා ඇමති කීර්ති අබේවික්‍රමගෙන් හිස්‌වූ දෙනියාය මන්ත්‍රී ධූරයේ Ñමේ මන්ත්‍රීකම හිමිවුයේ ඔහුගේම පවුලේ අයෙකුවූ ලතා අබේවික්‍රමටය. ජිනදාස වීරසිංහගෙන් හිස්‌වූ තංගල්ල මන්ත්‍රී ධූරයේ මන්ත්‍රීකම හිමිවුයේ ඔහුගේ පුතාවූ දේවක වීරසිංහටය. දිවයින එවකට ප්‍රධාන උප කර්තෘ මෙරිල් පෙරේරා එය පුවත්පතේ පළකළේ “තංගල්ලට පුතා – දෙනියායට ලතා” යන හෙඩිමක්‌ සහිතවය.

p15 5 බෝම්බ ප්‍රහාරය එල්ලකර පැය කිහිපයකට පසු එහි වගකීම ජවිපෙ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය විසින් භාර ගන්නා ලදී. ඒ පිළිබඳව නිල පුවත්පත් නිවේදනයක්‌ නිකුත්කර තිබූ අතර එහි ශීර්ෂය වුයේ “ෙද්‍රdaහීනි අප තොපට බෝම්බ ගැසුවේ මේ නිසයි” යන්නය. ජනාධිපති ඡේ.ආර්.ට සහ රජයට එරෙහිව චෝදනා රැසක්‌ එමගින් ඉදිරිපත් කර තිබිණි. ජීවත්වීමට ආසා කරන සියලු මන්ත්‍රීවරුන් තමන්ගේ ආසන වලින් ඉල්ලා අස්‌වනු ලෙසට එමගින් නියෝග කර තිබිණි.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්‌ඩලයේ සියලු දෙනාට බෝම්බය පිපිරීමෙන් පසු එදින ඉන් පිටවීමට ඉඩ නොදුන් අතර ඔවුන් සියලු දෙනාම පෝලින් ගස්‌සා ඇඟිලි සලකුණු ලබාගන්නා ලදී. එය නිම වූයේ රාත්‍රී 9ටය. ඔවුන්ට ආහාරද නොමැතිව සිටීමට සිදුවිය.

බෝම්බ සිද්ධිය පිළිබඳව පොලිස්‌ පරීක්‌ෂණ දැඩි කෙරිණි. පාර්ලිමේන්තුවේ කොන්ත්‍රාත් පදනම මත පිරිසිදු කිරීමට නිරතවන ආයතනයක පිරිසිදු කරන්නා වූ අයකු තෙදිනක්‌ ගතවුවද සේවයට වාර්තා නොකළ බව සොයාගනු ලැබීය. නොඑන බව කිසිම දැන්වීමක්‌ද නොවීය. පොලිසිය ඔහු සොයා දැනුම්දී ඇති ලිපිනයට ගියේය. ඔහු බිරිඳ සහ දරුවා දෙදිනක සිට එම නිවසට පැමිණ නැති බව සොයා ගත්තේය. ඔහු නමින් අජිත් කුමාරය. විසි අට හැවිරිදිය. ඔහු කැලණිය සරසවියේ ශිෂ්‍යයකුව සිටි අයෙකි. පොලිසිය ඔහු සොයා දෙන කෙනකුට දස ලක්‌ෂයක්‌ දෙන බව නිවේදනය කළේය.

අජිත් කුමාරගේ සම්පූර්ණ නම රණසිංහ රන්දුව මුදියන්සෙලාගේ අජිත් කුමාරය. කැලණි සරසවියේ උපාධි අපේක්‌ෂකයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී ජවිපෙට එක්‌විය. අජිත්ගේ මව මෙරායා සමරවික්‍රමය. සැමියා ජීවතුන් අතර නැත. ඇය පුතුන් දෙදෙනෙකු සහ දියණියන් සව් දෙනකුගේ මවකි. පදිංචිය ගනේමුල්ලේය.

අජිත් කුමාර අත්අඩංගුවට ගත්තේ 1998 අප්‍රේල් 8වැනිදාය. ඒ අහඹු සිදුවීමක්‌ ලෙසිනි. ලේඛකයා වහ වහා රාජ්‍ය ඇමති පී.එම් කිර්තිරත්නගේ පුත්‍රයා වූ ලේක්‌ හවුසියේ මාධ්‍යවේදී සංජීව කවිරත්න සමඟ එදින රාත්‍රියේදීම රත්තොට බලා පිටත් විය. මාතලේදී එම නඩයට තවත් කිහිප දෙනෙකු අයත් විය. ඒ මාතලේ මාධ්‍යවේදීන් වූ නිලන්ත හෙමිටිගේ, කයිකාවල හේවාගේ කරුණාරත්න, හිල්ටන් බෙරෙන්ජ, සීතා ස්‌ටුඩියෝහි මංජුල කරුණාරත්න ඒ අතර වූහ. ලග්ගල ආසනයේ බෝවතැන්න ජලාශ්‍රයේ එහා කෙරවලක වැව් තාවුල්ලක කටු මැටි ගසන ලද ගෙයක අජිත් කුමාර සැගවී සිටි ස්‌ථානය විය. ඔහු සමඟ බිරිඳ සහ දරුවාද සිටියේය. එය පිහිටා තිබුණේ නාවුල අකරහැටිය ප්‍රදේශයේය. පොලිස්‌ බල ප්‍රදේශය නාවුලය. අප එහි ගියේ හබල් ගසමින් ඔරුවලය.

අජිත් කුමාරගේ කුස්‌සියේ දර්ශනීය ලෙස සකස්‌කල මැස්‌සක්‌ විය. දරුවාට සකස්‌ කරන ලද ඔන්චිල්ලාවක්‌ ද දක්‌නට ලැබිණි. දුම් මැස්‌සේ බත් මුට්‌ටියක්‌ද පසෙක නිමවෙමින් පවත්නා ඔරු කදක්‌ද තිබිණි. සුනඛ පැටියෙකු සහ කූඩුවක ගිරවෙකුද සිටියේය. අකරහැටිය කසිප්පු පෙරන්නන්ගේ තෝතැන්නකි. සූටි කේසයක්‌ රැගෙන යමින් සිටි අජිත් කුමාර පොලිසියට කොටු වූයේ ඔහු ගමනක්‌ යන අතරතුරය. ?කසිප්පු පෙරන්නන් සමඟ ඔහුද අත්අඩංගුවට ගත්තේය. නාවුල පොලිසියට ඔහු ගෙන ගියේය.

පසුව ජීප් රථයේ දමාගෙන මාතලේ උසාවියට ඉදිරිපත් කිරීමට රැගෙන ගියේය. ඒ කසිප්පු පෙරන්නෙක්‌ වශයෙනි. නාලන්ද උඩුදෙනියේ ජීප් රථය නතර කළ අවස්‌ථාවකදී අජිත් කුමාර පැන ගියේය. පොලිසිය ඔහු අල්ලා ගත්තේය. පහර දෙනු ලැබීය. තමා පාර්ලිමේන්තුවේ බෝම්බ සිද්ධියට සැක අජිත් කුමාර බව ඔහු කී බව නාවුල පොලිසියට ගිය අවස්‌ථාවේදී පොලිස්‌ නිලධාරියෙකු මාධ්‍යවේදියෙකුට පැවසීය. පොලිස්‌ නිලධාරීන්ට දස ලක්‌ෂයේ තෑගි මුදල සිහිපත් විය. එවකට නාවුල පොලිස්‌ පරීක්‌ෂක වූයේ වික්‍රමරත්නය. පසුව පොලිස්‌ නිලධාරීන් විගස අජිත් කුමාර නාවුල පොලිසියට රැගෙන ආවේය.

පාර්ලිමේන්තු බෝම්බ සැකකරු ඔත්තුකරුවෙකුගේ මඟ පෙන්වීම යටතේ නාවුලදී බලවත් පරිශ්‍රමයක්‌ යොදා අත්අඩංගුවට ගත් බවත් ඔහු පොලිස්‌ භාරයෙහි රඳවා ගෙන සිටින බවත් කොළඹට දැන්වූහ. එහෙත් සත්‍ය තත්ත්වය මාතලේ මාධ්‍යවේදීන් රටට වාර්තා කළහ. එබැවින් ඒ පිළිබඳ පරීක්‌aෂණයක්‌ ප්‍රචණ්‌ඩ ක්‍රියා මර්දන ඒකකයේ අධ්‍යක්‌ෂක ලකී ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. කතාව සාවද්‍ය බැවින් දශලක්‌ෂයේ තෑගි මුදල පොලිසියේ කිසිවකුට නොලැබිණි. අත්අඩංගුවට පත් අජිත් කුමාර කොළඹට රැගෙන ආ අතර නිවසේ සිටි බිරිඳ සේපාලිකා සහ දරුවා අතුරුදන් වී තිබිණි. අජිත්ගේ බිරිඳ පසුව ඝාතනයට ලක්‌වූ බව කියන අතර දරුවාද පසු කලෙක එම ඉරණමටම ගොදුරුවූ බව කියති.

අජිත් කුමාර පසුව පාර්ලිමේන්තුවට ආරක්‌ෂක අංශ මගින් රැගෙන එන ලදී. සියල්ල සිදුවූ ආකාරය ඔහුගෙන් පාර්ලිමේන්තුව තුළදි ප්‍රකාශයක්‌ ගන්නා ලදී. ඒ අවස්‌ථාවේදී රහස්‌ පොලිසියට අමතරව එහි සිටි අය අතර ප්‍රධාන වේත්‍රධාරි රොනී අබේසිංහ, නියෝජ්‍ය ෙච්ත්‍රධාරි පල්ලියගුරු සහ ආරච්චිල වන ප්‍රේමදාසද විය.

එහිදී ඔහු කියා සිටියේ බෝම්බ දෙක දින දෙකකදී ප්‍රහාරයට කලින් බෑගයක දමා ගෙන දිනපතා පුවත්පතක්‌ද රැගෙන පාර්ලිමේන්තුවට පැමිණි බවය. පුවත්පත රාජකාරි නිලධාරියාට බැලීමටදී බෝම්බය ලාච්චුවේ තැබූ බවය. පසුව පිරිසිදු කරන නිල ඇදුමින් සැරසී අතුගාන අවස්‌ථාවේ කුණු බාල්දියේ දමාගෙන බෝම්බය රැගෙන සැඟවූ බවය. දින දෙකම එම ක්‍රියාමාර්ගය තමා අනුගමනය කළ අතර තමා ගෙන ආ බෝම්බ දෙක තැබූ ස්‌ථානයෙන් ජවිපෙ තවත් අයකු ඒවා රැගෙන එල්ලකර ඇති බවය. තමාට කීමට ඇත්තේ එපමණක්‌ බවද ඔහු අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු එච්. ඩබ්ලිව්. සේනානායක ඇතුළු විනිසුරුවන් ඉදිරියේ 1990 ඔක්‌තෝබර් 12වැනිදා විභාග කිරීම ඇරඹිණි. එහි විත්තිකරුවන් 5දෙනා වූයේ අජිත් කුමාර, හේවගේ කුමාරතිස්‌ස, කිත්සිරි කොළඹආරච්චිÑ, පියසිරි වික්‍රමආරච්චිÑ සහ මුදුන්කොටුවගේ පියසිරි ගුණවර්ධන හෙවත් ජයන්ත යන අය වේ. විත්තිකරුවන්ට එරෙහිව පාර්ලිමේන්තු මන්දිරයේදී පිඩාකාරි ආයුධයක්‌ වූ අත්බෝම්බ වලින් දමාගැසීම, එහිදී ජනාධිපති ජයවර්ධනගේ සහ ජාතික ආරක්‌ෂක ඇමති ඇතුලත්මුදලිගේ මරණයන් සිදුකිරීමට තැත් කිරීම, දෙනියාය මන්ත්‍රී අබේවික්‍රම සහ පාර්ලිමේන්තු සේවක සේනාධීරගේ මරණය සිදුකිරීම යන චෝදනා ත්‍රස්‌තවාදය මැඩලීමේ පනත යටතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ නඟා තිබිණි. නඩු භාණ්‌ඩ 32ක්‌ ඉදිරිපත්කර ඇති බවද අධි චෝදනා පත්‍රයේ සඳහන් විය.

විත්තිකරු වෙනුවෙන් මංගල මුණසිංහ ඇතුළු නීතිඥයන් කිහිප දෙනෙක්‌ම පෙනී සිsටියහ. නඩු විභාගයේදී අජිත් කුමාර කියා සිටියේ පාර්ලිමේන්තුවට රැගෙන යාමේදී තමන් එහිදී එවන් ප්‍රකාශයක්‌ නොකළ බවය. බලෙන් එවැනි ප්‍රකාශයකට අත්සන් ගත් බවය. ඔහුගේ සාක්‌ෂි දුන් අවස්‌ථාවේ එහි සිටි පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනා සාක්‌ෂිකරුවන් වශයෙන් කැඳවීමට කටයුතු කළ ද අධිකරණය එය ඉවත දැමීය.

නඩු විභාගය අතරතුරදී යළිත් අජිත් කුමාර පාර්ලිමේන්තුවට රැගෙන ඇවිත් එම නිලධාරීන් ඉදිරියේ කට උත්තරයක්‌ ලබාගැනීමට කටයුතු කළේය. ඒ සඳහා කාර්යාලයේ රහසිගත අන්දමින් නොපෙනෙන පරිදි වීඩීයෝ කැමරා සවිකර තිබුණේ එය වීඩීයෝ සාක්‌ෂියක්‌ වශයෙන් ඉදිරිපත් කිරීමටය. එහෙත් වෙනදාට වඩා කාමරයේ ආලෝකය තිබූ බැවින් මෙය වීඩියෝ කිරීමට කළ සැලසුමක්‌ යෑයි එහිදී කියා සිටි අජිත් කුමාර කට උත්තරයක්‌ දීම ප්‍රතික්‌ෂේප කළේය.

අවසානයේදී ඔහු 1993 අගෝස්‌තු 06වැනිදා නිදොස්‌ කොට නිදහස්‌ කරන ලදී. එයට හේතු වූයේ බෝම්බ දැමූ පුද්ගලයා අත්දිග කමිසයකින් සැරසී බෝම්බය එල්ල කළ බවට ඇමති ලලිත් සහ තවත් කිහිප දෙනෙකු සාක්‌ෂි දී තිබීමය. එහෙත් පාර්ලිමේන්තුවේ පිරිසිදු කරන්නෙකු වූ අජිත් කුමාර ඇතුළු වූ පසු සැරසී සිටින්නේ ඔහුට නියමිත නිල ඇදුමකිනි. එබැවින් නිදොස්‌ වීමට ප්‍රධාන එක්‌ හේතුවක්‌ විය.

අවසානයේදී නිදහස්‌ වීමෙන් පසු ජවිපෙ දේශපාලනයට එකවූ අජිත් කුමාර සබරගමු පළාත් සභාවේ මහ ඇමති තනතුරට ජවිපෙන් 1999 තරගකර පරාජය වූවද පලාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්විය. පසුව ජවිපෙට දේශපාලනයෙන් සමුගැනීමට සිදුවිය. අජිත් කුමාර වර්තමානයේ පදිංචිව සිටින්නේ ඇමරිකාවේය. (ජවිපෙ 2 වැනි කැරළි සමය වූ 1986 සිට 1990 දක්‌වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්‌තර දුරකථන 011 – 5234384 ලබාගත හැකිය.)….

ධර්මන් වික්‍රමරත්න




අනවශ්‍ය දේවල්

  • 190,833 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2019
බ්‍ර සි සෙ
« මැයි    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා

Advertisements