Archive for the 'සමාජවාදය' Category

21
ඔක්.
19

අජිත් පැරකුම් ජයසිංහ එළියකන්ද වධ කඳවුරේ සිටි රැඳවියෙකි. ඔහු ප්‍රේමදාසගේ අධ්‍යාපනයට වහවැටී ඇත

අජිත් පැරකුම් ජයසිංහ එළියකන්ද වධ කඳවුරේ සිටි රැඳවියෙකි. ඔහු එළියකන්දේ පුරා වසරකුත් මාසයකුත් දිනක කාලයක් සිරගතව සිටියේය​. මේ හැර ඔහු වෙනත් කඳවුරු වලද රඳවා තබන ලදි.  මෙම කඳවුරු වලදී ඔහු බොහෝ බිහිසුණු දේවල් අත් දුටුවේය​.

හෙට්ටියාවල කඳවුරේද සිටි අජිත් හෙට්ටියාවල කඳවුරේ සිටි එක් සාජන්වරයෙකු ගැන පවසයි. ඔහු රූකාන්තගේ සින්දු වලට නටන නමුත් දක්ෂ ලෙස පිහියකින් රැඳවියන් ගේ බෙලි කපා මරා දැමූ පුද්ගලයෙකි. වරක් එලියකන්දේදී  නවක සොල්දාදුවෙක් රැඳවියන් දෙදෙනෙකුට උදැල්ලකින් ගසා ගෙලවෙන් කර, එක් හිසක් වැටෙන් එහා පැත්තට විසි කර එය අජිත්ට ගේන්නට නියෝග කලේය​. මේ සොල්දාදුවා  හොරණ ප්‍රදේශයේ  අවුරුදු 19ක් පමණ වූ තරුණයෙකි.

එළියකන්ද තිබුණේ හමුදා බුද්ධි අංශය භාරයේයි. ඔහු එළියකන්දේ සිටි මුල් කාලයේ එය භාරව සිටි 4 වන කාලතුවක්කු හමුදාවේ කපිතාන්වරයා පසු කලෙක ඉතා ජ්‍යේෂ්ඨ තනතුරකට පත් වූ බව ඔහු සිතයි. ඔහු අජිත්ගේ ජීවිතය බේරා දීමට කටයුතු කලේය. ඔහු සිටි කාලයේත් එහිදී දරුණු වධ බන්ධන සිදු වූ මුත්, ඝාතන සිදු වුණේ නැත. 1989 මැද භාගයේදී පමණ ඔහු ගම්පහ ප්‍රදේශයේ බුද්ධි අංශය භාරව ගිය බව දැන ගන්නට ලැබුණි. මාතර දිස්ත්‍රික්කයේ බුද්ධි අංශය භාරව කලින් ගම්පහ බුද්ධි අංශය භාරව සිටි කණ්ඩායම පැමිණි අතර විශාල වෙනසක් සිදු වුණේ එතැන් සිටයි. එම කණ්ඩායම තරමක් බුද්ධි හීන අංශයක් වුණත්, තිරශ්චීන ලෙස වධ බන්ධන හා මිනිස් ඝාතන සිදු කරමින් ජවිපෙ මර්දනය කරන්නට සමත් බව ඔහු පවසයි. අජිත් ගේ මතකයට අනුව මේ කාලයේ මාතර සම්බන්ධීකරණ නිලධාරියා වූයේ බ්‍රිගේඩියර් සිරි පීරිස්.

එළියකන්දේ සිටි ප්‍ර‍ධානියා දෙවන  ලුති. නිමල් සිල්වා (6 කාලතුවක්කු) විය. එසේම  සාජන් දිසානායක, බොම්බඩියර් සෙනෙවිරත්න, ලාන්ස් බොම්බඩියර්අමරසිරි, සිරිල්, කිත්සිරි, හරිශ්චන්ද්‍ර‍, වික්‍ර‍මසිංහ, උදයසිරි, නන්දසිරි, දයාරත්න ආදීන් හිටි බව ඔහුට මතකය​.

එළියකන්ද කඳවුර සහ එහි රැඳවියන් මගේ අධ්‍යන වලට ලක්වී තිබේ.   මනෝ ප්‍රතිකාර සඳහා 2002 වසරේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දුමහතා විසින් මා වෙත යොමු කරන ලද සාමාන්‍ය සෙබල XX2 88/89 කැරලි සමයේදී   එළියකන්ද -කේ පොයින්ට් කඳවුරේ රැඳවියන් ගෙන් ප්‍රශ්න  කිරීම් ක​රන්නෙකු  මෙන්ම වදකයෙකු  වශයෙන් සේවය කලේය. රැඳවියන්ට ශාරීරිකව පහරදීම, දැල්වෙන දුම්වැටිවලින් ඔවුන්ව පිලිස්සීම, දරුණු වේදනාඇතිකරන අයුරින් ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය ලාච්චුව තුලට දමා වැසීම සහ සමහර අවස්ථාවලදී මරණ දඞුවම්  ක්‍රියාත්මක කිරීම ඔහු විසින් සිදුකරතිබේ. 2002 වසරේදී පවත්වන ලද මනෝවිද්‍යාත්මක  වෛද්‍ය පරීක්ෂණ හා විස්තරාත්මක සායනික පිලිවිසීම් වලින් පසු ඔහු ‛පශ්චාත් ව්‍යසන ක්ලමථඅක්‍රමතාවයෙන් (PTSD) පෙලෙන බවට විනිශ්චය විය.

 සාමාන්‍ය සෙබළ XX2 ආක්‍රාන්තිය, සිහිනෙන් බියවීම, භීතිකා, සමුද්දේශ පිලිබඳ අදහස්,මායාදර්ශණ හා කම්පනයට අදාළ විවිධ රෝග ලක්ෂණවලින් පෙලුනි. කේ පොයින්ට් කඳවුරේ සිද්ධීන් අමතක කර දැමීම සඳහා ඔහු තදින් මත්පැන්වලටඇබ්බැහිව සිටියේ ය. මේ අනුව වධහිංසනය යනු වින්දිතයාට පමණක් නොව අපරාධකරුට ද අනර්ථයක් සිදුකරන දෙපැත්තම
කැපෙන අසිපතකි.වධහිංසනය පමුණුවන බොහෝ අය විවිධ මානසික අපගමනයන්ගෙන් පෙළේ.

වධ බන්දනයට ලක් වූවන් බොහෝ විට ප්ශ්චාත් ව්‍යසන ක්ලමථ (PTSD) ලක්‍ෂණ  පෙන්වති. මෙම ක්ලමථ ලක්‍ෂණ අතර තදබල විශාදිය, හීන වූ ජීවිතආශාව, හැඟීම් නිර්වින්දනය දක්නට තිබේ එළියකන්ද කේ පොයින්ට්’ වධකාගාරයෙන් පලාගිය හෝ නිදහස ලැබූ පුද්ගලයෝ තවමත් අනේක මානසික ව්‍යාධි වලින් පෙළෙති.

මා දක්නා පරිදි අජිත් වධ බන්ධනයට ලක්වූ නමුදු බරපතල දුර්විපාකයන් ගෙන් තොරව  සාර්ථකව සමාජගතවූ පුද්ගලයන් ස්වල්පය අතරින් කෙනෙකි. ඔහු ලේඛන කලාව මගින් තමා වටා තිබූ අයෝමය වලල්ල බිඳ දැමූ අයෙකු බව මට සිතේ. එසේම ඔහු තම දරුවන් කෙරෙහි දක්වන්නේ අපරිමිත ආදරයකි. ඔහු තුල සිටි මනුෂ්‍යයා ප්‍රබල විය​. මේ අනුව එළියකන්ද වධ කඳවුරට අජිත්ව විනාශ කිරීමට නොහැකි විය​.

පහත දැක්වෙන්නේ එළියකන්ද ‘කේ පොයින්ට්’ වධකාගාරය​ සහ වධ බන්ධනය ගැන අජිත් පැරකුම් ජයසිංහ සමග මා විසින් කරන ලද සාකච්ඡාවයි.

1)      කැරලිකරුවෙකු වීම සඳහා ඔබට සමාජ පසුබිම සකස් වූ අයුරු කිවහොත්

මට නම් වැඩිපුර බලපෑවේ විප්ලවයක් කිරීමේ දේශපාලන උණ. ඒක මට ඇති වුණේ රුසියානු සාහිත්‍යය කියවීමෙන්. ගැඹුරු දේශපාලන පොතපත කියවන්නට වැඩි උනන්දුවක් තිබුණේ නැහැ. ජවිපෙ සරළ පන්ති හා සරළ ක්‍රම විරෝධී දේශපාලනික මතවාද ප්‍රවර්ධනය කළ මාධ්‍ය, නො ගැඹුරු සමාජ සත්තා යථාර්ථවාදය ප්‍රවර්ධනය කළ සාහිත්‍යකරුවන්, ගීත රචකයන්, ගායක-ගායිකාවන් ආදීන් විසින් පතුරුවන ලද නො මතවාදයත් එක්ක මගේ රුසියානු සාහිත්‍යය හරහා ගොඩනගා ගන්නා ලද නව ලෝකයක් පිළිබඳ ෆැන්ටසිය ගැලපුණා. නම් ලැයිස්තුවක් කියනවා නම්, රෝහණ විජේවීර, මාදුළුවාවේ සෝභිත හිමි, සුනිල් මාධව ප්‍රේමතිලක, සුනිල් ආරියරත්න, නන්දා මාලිනී , ගුණදාස අමරසේකර වගේ අය පරම්පරාවකට පරළොව යන්නට පාර කියපු අය කියලායි මම නම් හිතන්නේ. තමන්ටත් පැහැදිලි නැති දේශපාලන මතවාද ප්‍රවර්ධනය කරමින් අනෙක් අය බලමුළුගන්වන අය අවසානයේදී තමනුත් ගොදුරු වෙමින් වෙනත් අයගේත් ජීවිත බිලි ගන්නවා. අරගලය නිසා ඝාතනයට ලක් වුණු මිනිසුන්ගේ ජීවිත සම්බන්ධ වගකීමෙන් ඒ අරගලයට දායක වී ඉතිරි වූ අයට කවදාවත් මිදෙන්නට බැහැ. මා අදත් කැරැලිකරුවෙක් තමයි. හැබැයි මා සමාජය වෙනස් කිරීම සඳහා අද අරගල කරන විධිය වෙනස්. මම ඒක කවදාවත් අතහැර දමන්නේ නැහැ. හේතුව, මා එක්ක එකට සටන් කරලා මගදී වැටුණු මිනිසුන් නිසා මට ඒක නතර කරන්නට අයිතියක් නැහැ.

2)      1988 / 89 කාලයේදී ඔබගේ ජීවිතය ගලා ගියේ කෙසේද ?

1984 පමණ සිට මම ජවිපෙ දේශපාලනය කළා. ඉතා ඉක්මණින් ම ඒ වන විට මා කරමින් සිටිය විශේෂ ඉංජිනේරු ආධුනික පාඨමාලාව මගහරිමින් ජවිපෙ දේශපාලනයට වැඩිපුර යොමු වුණා. ජවිපෙ පත්‍රිකා බෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හදිසි නීතිය යටතේ මාස තුනක් රිමාන්ඩ් භාරයේ තබා නිදහස් කිරීමෙන් පසු ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයට යොමු වුණා. ඒ 1986 මුලදීයි. ඉන් පසු ජවිපෙ ශිෂ්‍ය අංශයේත්, දේශපාලන අංශයේත් වැඩ කළා. අවසානයේදී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රචාරක ලේකම් හා කලාප ලේකම්වරයකු ලෙස වැඩ කළා.

3)      ඔබව අත් අඩංගුවට පත් වන්නේ කෙසේද?

මාතරදී රාත්‍රිය නිදා ගැනීමට තැනක් සොයමින් යද්දී, වෙලක් මැද මාර්ගයකදී මග පෙන්වන්නන්ගේ වරදක් නිසා හමුදාවේ කොමාන්ඩෝ භට පිරිසකගේ අත්අඩංගුවට පත් වුණා.

4)      මුලින්ම ප්‍රශ්න කල පුද්ගලයා මතකද?

මතකයි. අලුත බැඳුණු දෙවන ලුතිනන් කෙනෙක්. ඒවා ප්‍රශ්න කිරීම් නෙමෙයි. කට්ටියක් එක්ක එකතු වී නිකම් පහරදීම් විතරයි. දෙවනුව ප්‍රශ්න කිරීම් කළ ලුතිනන්වරයා පසුව මඩකලපුව පැත්තේ කොටි පාලන ප්‍රදේශයකට මුහුදෙන් ගොඩබැසීමේ ක්‍රියාන්විතයකදී කොටින්ගේ ප්‍රහාරයට ලක් වී බෝට්ටුවේ ම මිය ගොස් පසුව ඔහුගේ සගයන් විසින් මළ සිරුර මුහුදට දමනු ලැබූ බව දැනගන්නට ලැබුණා. ඔහු මට මානුෂික අන්දමින් සැලකුවා. එළියකන්දට භාර දෙනකල් ඔහුගේ සාජන් හැර වෙනත් අය මට පහර දුන්නේ නැහැ. මා එළියකන්දේ සිටිද්දීත් මාස ගණනකට පසුව වරක් ඔහු එහි පැමිණි විටෙක මගේ සුව දුක් ඇසුවා. එම භට පිරිස අතර සිටි මාතර පැත්තේ ම සාජන්වරයෙක් මා ඔවුන් යටතේ සිටි දින කීපයක කාලය අතරතුර වරින් වර පැමිණ මා උස්සා පොළවේ ගැසුවා. ඔහු බොහෝ වාර ගණනක් මා පොළවේ ගසන්නට ඇති. මේ සාජන් පසු කලෙක ජේ.ඕ.සී. බෝම්බයෙන් මිය ගිය බව ද ඔහුගේ මිනියවත් නො තිබුණු බව ද දැන ගන්නට ලැබුණා.

5)      ප්‍රශ්න කිරීමේදී ඔවුන් යොදාගත් ක්‍රම මොනවාද?

වැඩියෙන් ම කළේ විශාල මුගුරුවලින් දැඩිව පහර දීම. ඊට අමතරව, එළියකන්දේදී මගේ එක් කණක් පැලෙන්න ම පහර දුන්නා. ඒ කණෙන් ගොඩක් දවස් කුණු සැරව ගැලුවා. මාව මැද පෙළේ නායකයකු ලෙස හඳුනා ගැනීම හා මා සමග අසු වූ වෙනත් නායකයකු හමුදාව සමග සම්මුතියකට පැමිණීමත් නිසා මගෙන් දැඩි ලෙස වධ දී ප්‍රශ්න කිරීමක් වුණේ නැහැ. හැබැයි, ඔහු ජවිපෙ අභ්‍යන්තර තොරතුරු ලබා දුන්නා මිසක කිසිවකු පාවා දුන් බවක් මා දන්නේ නැහැ. ඔහු මා දිගු කලක සිට දැන සිටි අයෙක්. ඒ නිසා ඔහු මා පිළිබඳ සියලු තොරතුරු කියා තිබුණා. මා අසු වන විට (1989 මැයි) හදිසි නීතිය නො තිබුණු නිසාත්, මට හා මා සමග අසු වූ අනෙක් අයට රැඳවුම් නියෝග ලබා ගත් නිසාත්, ශිෂ්‍ය උද්ඝෝෂණ නිසා අසු වූ එක් විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයකු නිදහස් කිරීම නිසාත්, ඔහුගේ මැදිහත් වීමෙන් අප සම්බන්ධයෙන් හබයාස්කෝපුස් ගොනු කර තිබුණු නිසාත්, ඒ වකවානුවේ මාතර දිස්ත්‍රික්කයේ හමුදා බුද්ධි අංශය භාරව සිටි කැප්ටන් රත්නායක (4වන පාබල හමුදාව) දැඩි මර්දනයක් සිදු කළ අයෙකු නො වන නිසාත්, මේ වකවානුවේ එළියකන්දේ රඳවාගෙන සිටියේ සුළු පිරිසක් පමණක් නිසාත්, එහි ඒ වන විට එතරම් ම නරක තත්වයක් තිබුණේ නැහැ. එහෙත්, ඔහු ඇතුළු පිරිස මාරු වී ගිය පසු එළියකන්දේ තත්වය වෙනස් වුණා. එය හුදෙක් ම මිනිසුන් වධ දීම සඳහා හා මරණ තෙක් හෝ වෙනත් කඳවුරකට පිටත් කරන තෙක් රඳවා ගන්නා තැනක් බවට පත් වුණා.

6)      එලියකන්ද වෙත ඔබව ගෙනියන්නේ කවදාද?

1989 මැයි 28 විතර.

7)      එලියකන්දේ ඔබ අත් දුටු සිද්ධීන් මොනවාද?

එතන විධිමත් ප්‍රශ්න කිරීමක් සිදු වූ තැනක් නෙමෙයි. එතන කළේ මිනිසුන්ට සාමූහිකව වධ දීම, මිනිසුන් පහර දී මරා දැමීම හා මරා නො දමන අය රැඳවුම් කඳවුරකට යවන තෙක් රඳවා තබා ගැනීමයි. එහි සිරකරුවන් රඳවා ගැනීමේ කිසිදු ප්‍රමිතියක් තිබුණේ නැහැ. එකවර පැපොල රෝගීන් 70, 80 සිටියා. පාචනය වැළඳුණු රෝගීන් එළිමහනේ වැසිකිලි වල ළඟ දම්වැලක බැඳ  දමා තිබුණා. රෝගීන් සංඛ්‍යාව කීයක් වුණත්, සියලු දෙනා ඒ අඩි 12ක් විතර දිග දම්වැලේ තමයි හිටියේ. සමහරු කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව පාචනයෙන් මැරුණා. කඳවුරට මාතර කොටුවේ සිට කෑම ගෙන ඒම වැනි දේට පාවිච්චි කළ කහපාට ඩබල් කැබ් වාහනයෙන් ම රෑට මේ මළ මිනී අරගෙන ගියා. පසුව කාලෙක ඒවා වැසිකිළි වල එහා පැත්තේ වලක දමා පිළිස්සුවා.

8)      එලියකන්දේ සිටි නිලධාරීන් ඔබට මතකද?

මතකයි. හැබැයි, ඔවුනුත් අප වගේ ම මිනිසුන් නිසා ඔවුන්ට එරෙහි පරීක්ෂණ වැනි දේ තේරුමක් ඇති ය කියා මා හිතන්නේ නැහැ. ඔවුනුත් අප වගේ ම මේ ප්‍රශ්නයේ වෙනස් විධියක ගොදුරු.

9)      ඔබ එලියකන්දේ සිටියදී එහි යොදාගත් වධ බන්ධනයන් මොනවාද?

දෑතේ ඇඟිලිවලින් එල්ලීම, ෂොපිං කවර කීපයක් එකතු කර එය තුළට පෙට්‍රල් දමා ඒවා හිසට දමා හුස්ම හිර වන තුරු තැබීම, පුද්ගලයකු මොහොතකට සිහි විසඥව ඇද වැටෙන පරිදි බෙල්ලේ පිටුපසට පොල්ලකින් පහර දීම, හිස වතුර ටැංකියක එබීම, සීමාන්තිකව පහර දීම, අධික වෙහෙසින් මැරෙන තුරු ශාරීරික ව්‍යායාම කරවීම, වැසිකිළි යන්නට නො දීම, දිගු කාලයක් තිස්සේ නිදහසේ කෑම කෑමට නො දී කෙටි කාලයක් තුළ ආහාර ගිල්ලවීම, කෑම කන විට පොලුවලින් පහර දීම, එකපිට එකා නංවා පෑගවීම, නිවස තුළ වැසිකිළිවල දිගු කාලීනව සඟවා තැබීම, පිඹුරකු ඇඟට හෝ  සිරකරු සිටින වැසිකිළියට දමා බිය වැද්දවීම, කිසිවකු සමග කතා කිරීමට නො දීම, මාස ගණන් ඇස් බැඳ තැබීම, හැම විට ම අත පයවලට මාංචු දමා තැබීම. හෙට්ටියාවල කඳවුරේ ලුතිනන් මීඩිං අමුතු වධ බන්ධන ක්‍රමයක් භාවිතා කළා. කුරුසෙ ගහනවා ය කියා හැඳින්වූ මෙහිදී පුවක් ගස් දෙකකින් හැදූ කුරුසයක සිරකරුවන් දවස් ගණනක් එල්ලා තැබුවා. ඒ සිරකරුවන්ගේ අත් මාස ගණනක් ම අක්‍රියවයි තිබුණේ. ඔවුන්ට බත් ටික අනා කටට ගෙන යන්නට හෝ බැරි වුණා. සිරකරුවන් හැමෝම මේ හැම එක වධයකට ම ලක් වුණේ නැහැ.

10)   ඔබ නිදහස් වූ ආකාරය ?

1990 යුද්ධය පටන් ගත් විට හමුදා කඳවුරු වසා දමන ලදී. එවිට මා වීරවිල රැඳවුම් කඳවුරට යවන ලද අතර පොලිසියට භාර දුන් 40ක විතර පිරිස නිදහස් කර, පැහැරගෙන ගොස් මරා දැමුවා. මා ද මුලින් පොලිසියට භාර දීමට නියමිතව තිබුණ මුත්, මගේ ඉල්ලීම මත එහි සිටි නිලධාරීන් දෙදෙනෙකු වන කිත්සිරි හා දයාරත්න මට වීරවිලට යාමට ඉඩ සලස්වා දුන් නිසා මගේ ජීවිතය බේරුණා. හැබැයි දයාරත්න තමයි අර කපපු බෙල්ලක් වැටෙන් එහාට විසි කර මට එය ගෙනැවිත් දෙන්නැයි කියූ ඝාතකයා. වීරවිල සිට පොල්ගොල්ල, සේදවත්ත පන්සල, ගොඩිගමුව පන්සල, පොල්ගස්ඕවිට භාවනා මධ්‍යස්ථානය වැනි පුනරුත්ථාපන කඳවුරුවල තබාගෙන තබාගෙන පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය හරහා  1993දී නිදහස් කරන ලදී.

11)   වධ බන්ධනයන්බොහෝ මානසික පීඩා ඇති කලද ඔබට සමාජගත වීමට උපකාර වූයේ කවර දේවල් ද?

විශේෂ උපකාර වීමක් තිබුණේ නැත. ඔය පුනරුත්ථාපන වැඩසටහන්වලින් නම් කිසිදු උපකාරයක් ලැබුණේ නැත. පොල්ගොල්ලේදී සැලසුම් ශිල්පය පාඨමාලාවක් කළෙමි. එහෙත්, වීරවිලදී අපි ඊට වඩා හොඳ අධ්‍යාපනික හා සංස්කෘතික වැඩසටහන් අප විසින් ම සංවිධානය කර පවත්වන ලදී. මම බොහෝ අයට ඉංග්‍රීසි ඉගැන්වූයෙමි. සාක්ෂාරතාව පවා නැතිව කඳවුරුගතව සිටි මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවල තරුණයෝ බොහෝ දෙනෙක් ලියන්නට කියවන්නට ඉගෙන ගත්තේ අප විසින් දියත් කළ ඒ වැඩසටහන්වලදීයි. වීරවිලදී මම ගෙලට අසිපත තබා ඇත දැන් නමින් දිග නාට්‍යයකුත්, කෙටි නාට්‍ය බොහෝ ගණනකුත් නිෂ්පාදනය කළා. සමනල සඳෙස නම් දිග කාව්‍යය ලිව්වා. එය ඇතුළේ හුවමාරු කරගෙන කියෙව්වා. මුද්‍රණය කළේ නැහැ. ඊට අමතරව අළු යට ගිනි නමින් ලියූ නවකතාවක් කඳවුරේ සිටියදී ම 1992දී පමණ දිවයින නවකතා තරගයට යැව්වා. එය අවසන් අත්පිටපත් දහය අතරට තේරී තිබුණත් පළමු, දෙවන, තුන්වන තැන් හිමි වුණේ නැහැ. එයත් පළ කළේ නැහැ. මම මුල් ම පරිවර්තනය ලෙස ජූල්ස් වර්න්ගේ ලොව වටා අසූ දිනකින් පොතේ තරමක් සරළ කළ පොතක් පරිවර්තනය කළේත් වීරවිලදීයි. මාස කීපයක් වෙහෙස වී මම කලා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගය කර සමත් වුණා. මම ඉගෙන ගත්තේ මම කැමති විෂයන් වූ සිංහල, ඉංග්‍රීසි සාහිත්‍යය, දේශපාලන විද්‍යාව හා නාට්‍ය හා රංග කලාවයි. විභාගයට දින 10කට විතර පෙර මා පැලවත්ත කඳවුරට ගෙන ගියා. එහිදී මා මුහුණ දුන් ප්‍රශ්න නිසා මා පාඩම් කිරීම අතහැර දැම්මා. කලා විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාලයට බඳවා ගත් ලකුණු මට්ටමට වඩා ලකුණු තුනයි මට අඩු වුණේ.  ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙමින් තනිව ම සෙමින් සමාජගත වුණා. නිදහස් වී ටික කලකින් තරග විභාගයක් සමත් වී ඉංග්‍රීසි ගුරු වෘත්තියට ඇතුළත් වීමත්, පදවිය ප්‍රදේශයේ රැකියාව කිරීම සමග අලුත් සමාජයක ඇසුරට පත් වීමත්, අලුත් මිතුරන් ඇති වීමත්, ජවිපෙ දේශපාලනයෙන් මුළුමනින් ම ඈත් වීමත් නිසා සමාජගත වීම පහසු වුණා.

12 වින්දිතයන් බොහෝ දෙනෙකු විශාදය පශ්චාත් ව්‍යසන ක්ලමථය (PTSD) වැනි තත්වයන් වලට පත් වූවද ඔබ සාමාජීය වශයෙන් ක්‍රියාශීලී වීම සඳහා ඔබට ශක්තිය ලැබුනේ කෙසේද?

පදවියේදී හමු වූ මිතුරන් සමග ආරම්භ කරන ලද අලුත් ජීවිතය හා පාසල් ළමයින් සමග ගත කළ ක්‍රියාකාරී ජීවිතය එහිදී ප්‍රධාන වුණා. පෙම්වතියන් ඇසුරත්, ඔවුන්ගේ ආදරය ලැබීමත් ප්‍රබල හේතු ලෙස සැලකිය හැකියි. ආදරය කළ හැමෝ එක්ක ම ගොඩක් දුර යන්නට බැරි වුණා. මට විවාහ වෙන්නට උවමනා කර තිබුණා. ඒ නිසා මම හෙව්වේ විවාහ වෙන්නට සුදුසු ආදරවන්තියක්. අවසානයේදී මට හොඳ බිරිඳක් ලැබුණා. අද ඉන්න මම ඇයට ගොඩක් ණයයි.

12)   එලියකන්ද ගැන අද දිනයේ ඔබ සිතන්නේ කුමක් ද?

එය ජීවිතයේ කිසි කලෙක අමතක කළ නො හැකි නපුරු සිහිනයක් වැනි සමයකි. එහෙත්, එය ජීවිතය ගැන ගැඹුරු අත්දැකීමක් ලැබීමට අවස්ථාව ලබා දුන්නා. තිරිසන්කමට කිට්ටු ප්‍රාථමික තත්වයන්හිදී මිනිසුන්ගේ හැසිරීම් සාමාන්‍ය ශිෂ්ට සමාජයේ හැසිරීම්වලින් හාත්පසින් ම වෙනස්. එහෙත්, අවසානයේදී වධකයෝ ද ලෙයින් මසින් සැදි මිනිස්සු ය. එළියකන්දේ වධකයන් එක් අයෙක් හෝ දෙදෙනෙක් පසු කලෙක එහි සිට නිදහස් වූ ජවිපෙ සිරකරුවන්ගේ සොයුරියන් විවාහ කර ගත්තා. මේ ඇතැම් පවුල් ප්‍රදේශයේ ජවිපෙ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයන්ට සම්බන්ධ ඒවායි. එම ඉදිරි පෙළ ක්‍රියාකාරිකයන් මරා දමන ලදී. එහෙත්, ඒ පවුල්වල ගැහැනු පසු කලෙක එවැනි ඝාතකයන් විවාහ කර ගත්තා. ඉන් පසු ඔවුන් කුමන ආකාරයේ ජීවිත ගත කළා ද යන්න මම දන්නේ නැහැ.

13)   අනාගත පරම්පරාවට ඔබ දෙන පණිවිඩය කුමක් ද?

නො ගැඹුරු වාමාංශික දේශපාලනය, ජාතිවාදය, ආගම්වාදය වනාහි එකම වර්ගයේ පිටුදැකිය යුතු සමාජ පිළලයන් ය. බලය වෙනුවෙන් කෙටි මං සොයන අය තමන්ගේ අරමුණු වෙනුවෙන් ගිනි ඇවිළීමට පාවිච්චි කරන පිදුරු වන්නේ තරුණයන් ය. ලංකාවේ තරුණ පරම්පරා තුනක් මේ ව්‍යාජ විප්ලවවාදී හා ජාතිවාදී කැරැලි නිසා මහා පරිමාණයෙන් ජීවිත අහිමි කර ගත්තා. ඒ තරුණයන් ජීවත් වුණා නම් හා ඔවුන්ගේ හැකියාවන් වඩා ඵලදායී දේ වෙනුවෙන් යොදා ගත්තා නම් අපට මීට වඩා සොඳුරු ලෝකයක ජීවත් වන්නට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා තරුණයන් මේ අන්තවාදී ව්‍යාපාරවලින් මුදා ගැනීමට කටයුතු කිරීම බරපතල සමාජ වගකීමක්. ඒ වගේ ම තරුණයන්ට දේශපාලනයේ, තීරණ ගැනීමේ ක්‍රියාවලියේ නිමග්න වෙන්නට සාධාරණ අවස්ථා ලබා දීමට අප ක්‍රියා කළ යුතුයි. තරුණයන්ට තමන්ගේ ජවය තමන්ගේත්, සමාජයේත් යහපත වෙනුවෙන්  උපරිමයෙන් පාවිච්චි කරන්නටත්, සතුටින් ජීවත් වන්නටත් අවස්ථාව ලබා දිය යුතුයි. ඔවුන්ට පිළිගැනීම අවශ්‍යයි.

සාකච්ඡා කලේ  වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Advertisements
21
ඔක්.
19

ප්‍රේමදාස සහ රනිල්‌ගේ බටලන්ද සහ සූරියකන්ද වැනි වධකාගාර ගැන කතන්දරකාරයා

බටලන්ද සහ සූරියකන්ද වැනි වධකාගාර ගැන මා මාධ්‍ය ඔස්සේ අසා තිබුණද, එළියකන්ද ගැන මුලින්ම දැන ගත්තේ රෝහිත මුණසිංහ ගේ පොත කියවද්දීය.

එළියකන්ද වද කඳවුර පොත කියවා මා ඉගෙනගත් අනෙකුත් දේ මෙසේය.

1. පොල්ලකින් ඔළුවට ගසා මිනිසෙකු මරා දමන විට අවසාන පහර කා ඔහු බිම ඇද වැටෙන්නේ බ්‍රේක් ඩාන්ස් එකක් දමමින් ය.

2. ගෝනියක් තුල දමා කට බැඳ එම ගෝනයි උස්සා පොළවේ ගැසීමෙන් මිනිසෙකු මරා දැමිය හැක.

3. පුතා වෙනුවට අල්ලාගෙනවුත් වධකාගාරයේ රඳවා ගන්නා පියෙකු මරා දැමීමට හොඳම ක්‍රමය උදැල්ලකින් පහර දීමයි.

4. කෙසඟ සිරුරක් ඇති රුඳවියෙකු උස්සා අන් අයට පහර දීම සඳහා මුගුරක් ලෙස භාවිතා කළ හැක. එයින් මුගුර මිය ගියොත් සොරි ඩොට් කොම්ය.

5. ඒ දවස්වල ඩිජිටල් කැමරා, කැමරා ෆෝන් යනාදිය තිබුණා නම් චැනල් ෆෝ කාරයින්ට ඕ.ටී. කරන්නට වෙනවා ඇත.

කණ කපා කන්න දීම, එස්ලෝන් බට සහ කටුකම්බි ඔපරේෂන් යනාදී නූතන දෙතිස් වධ ගැන මම අසා තිබුණා වුවත් ඒ සියල්ල සැබෑ ඇසින් දැක ලියූ සටහන් කියවන විට එක්වරම සිහිය විකල් වේ.

ඊරියක සේ ඇඬෙන්නේ ඉන් පසුවය.

තමන්ගේම මරණාසන්න අත්දැකීම් කියන්නට මේ පොත ලියන්නට වාසනාව තිබුණු රෝහිත මුණසිංහ, ඒ එළියකන්ද වධකාගාර නරකාදියට වැටෙන්නේ ඔහුව සුදු වෑන් එකකින් පැහැරගත්තායින් පසුවයි. ඒ 1989 නොවැම්බරයේ විජේවීර ද, අර ආයුධ පෙන්නන හොරා-පොලිස් සෙල්ලම කරන්නට ගොස් මැරුම් කෑවායින් පසුවය.

එළියකන්දේ දී තුන්වරක් ම මරණය පෙනි පෙනී බේරුණු රෝහිත මුණසිංහ මේ පොත ලියා ඇත්තේ, එලියකන්දෙන් පසු බූස්සේ ද කාලයක් ගතකොට ඉන් 1990 දී නිදහස් වූ පසු ප්‍රංශයට පළා ගොස් එහි කල් ගතකරන අතරතුර වසර 2000 දී යි.

දැන් ඇති තුන්වන මුද්‍රණය (2011) සරසවි මුද්‍රණයකි. මිල රුපියල් 350 යි.

-කතන්දරකාරයා

 

Bindi23 May 2012 at 21:28

මේ දුබල සිතැත්තිය උන්නේ බටලන්දට ලඟම ගමක . ත්‍රිමා විතානලා ගේ මලගෙදරට දවසේ අපේ ඉංග්‍රීසි පන්තියේ සර් අපිව ගෙදර යැව්වා . කැළණි ගඟේ අපේ ගෙවල් හරියේදී මිනි හත අට එකට ගොඩ ගැහුවා . ගෙවල් පැත්තේ පාලමක් ළඟ රෑට වෙඩි සද්ද ඇහුනා . දහම් පාසල් ගිහින් එද්දී කැළණි ගඟේ මිනියක් පාවෙනවා ඇහැටම දැක්ක . මි හරකෙක් වගේ කලුයි .ඉදිමිලා . අපි ගඟේ නෑවේ නෑ ඊට පස්සේ . කාලයක් යනකම් මාළු කෑවේ නැහැ . ඒ මිනි මුහුදට යන නිසා . මන් ආසාවෙන් එකතු කල සෝවියට් දේශය සඟරා ටික සමගම මන් ඇඳලා තිබුන ලෙනින්ගේ ලස්සන පින්තුරය පිච්චුවා . දැන් මට ඒ වගේ චිත්‍ර අඳින්න බැහැ . තව විස්තර ඕනද .

 

මම නම් කවදාවත් ඔය පොත කියවන එකක් නෑ…. ඔය කාලෙ සිදු වෙච්චි දේවල් ඇස් පනා පිටම දැක්කා, වින්දා…. යාන්තම් මගේ තාත්තගෙ පණ රැකුණා…. ඒ කාලෙ අපි ඉස්කෝලෙ ගියේ ඔය කියන විදියට දුක් විඳලා මිය ගිය මිනිස්සුන්ගෙ පිච්චෙන මිනී කඳු අතරින්….. ලයිට් දාන්න බැරි නිසා ජීවිතේ තීරණාත්මක විභාගවලට පාඩම් කළේ ඇඳන් යට ඉඳගෙන ඇඳ වටේ කාඩ්බෝඩ් පෙට්ටි වලින් ආවරණය කරගෙන, ටෝච් එළියෙන්…. ඒ මතකය ඇති හොඳටම…..

21
ඔක්.
19

වාමාංශික මහත්වරුනි කාඩර්වරුනි, නැවත මරණය කැඳවීමට සජිත් පුතානෝට උදව් කරමු.

ලංකාවේ ප්‍රධාන කැරළි 3 ක් ඇති විය. 71 පැරනි ජවිපෙ නායකයින් සිදුකල පොලීසිවල‍ට පහර දී රජයක් පිහිටුවීමේ කැරැල්ල පළමු වැන්නයි. සිරිමා දුර්වල නායිකාවක් ලෙස තේරුම් ගත් ජවිපේ කැරැළ්ල මාස තුනකින් සිරිමා නම් දුර්වල නායිකාව විසින් ඉවර කර දැමීය.

මෙම කැරැල්ලේ උදව්වෙන් හා එවකට පැවති දුර්වල ආර්ථිකය නිසා ජේ ආර් ඉතා ශක්තිමත් රජයක් පිහිටුවීය.  දෙවැනි වරටද ජෙප්පෝ ජේ ආර් ගේ රජයට විරුද්ධව කැරැල්ලක් ගැසීය. මෙම කැරැල්ලද අවුරුදු 3කින් කුඩු කර දැමීය.

තුන්වෙනුව ප්‍රභාකරන් ප්‍රබල කැරැල්ලක් ගැසීය. එය වසර 30 කදී සම්පූර්ණයෙන් කුඩුකර දැමීමට ජනාධිපතිවරු 3ක් පත් කිරීමට ලංකාවේ ඡන්ද දායකයින්ට සිදුවිය.

මේ අවසන්වෙමින් යන්නේ එම වසර 30 අවසන්වී අවුරුදු  7 හමාරක් වැනි කාලයකි.

මහින්ද ජනාධිපති ලෙස තම යුගය අවසන්කලේය . මහින්ද ගමේ මිනිහෙක් බව ඇත්ත වුනත් ආර්ථිකය නගා සිටු වීම ඉතා ඉක්මනින් කලේය. ඔහුගේ රජය මොකක් වුනත්  2/3 ක බලයක් තිබූ රජයකි. ඔහු ජනාධිපති වී සිටියේ ලංකාවේ කැරළි 3ම දුටු සහ පැවති විශාලම කැරැල්ල නැවැත්වූ පරිනත මිනිසෙකු ලෙසයි.

දැන් ජනධිපතිවරණයට එන්නේ එම විශාලම කැරැල්ල නැවැත්වී මට දායකවූ ‌ ලේකම් ගෝටාභයය. ගෝටාභය මොකක් නැතත් හමුදාමය හික්මීමක් ඇති ඇමරිකන් පන්නයේ හිතක් සහ කොලිටියක් ඇති දේශීය සහ පාරම්පරික දේ සමග පරිසර හිතකාමී මිනිසෙකි.

ජවිපෙ මගින් වයින් කර සිටින  යූඇන්පි මෝඩයින් රඟන ගොන්පාට් නාට්‍ය බලා සිටීමේ කාළය මේ දැන් ගෙවී යමින් තිබේ.  මොවුන් දර දිය අදින එම මුග්ධ රජයේ පාලකයා මිනීමරු ජූනියර් ප්‍රෙමදාසය.

ඔහු මෙගා ස්ටාර් වරයෙකි ලංකාවේ  මිනිසුන් මෝඩයින් යැයි සිතන තමන්ගැන සහ තමන්ගේ මිනීමරු බූරු පියානෝ ගැන කටමැත දොඩවන මිනිසෙකි. වසර 1900 පමන ගොං මොලයකි. ඒනිසාම වම්මු මූ ගොනාට ඇන්ද විය හැකි යැයි සිතයි.

ලංකාවේ විශව විද්‍යාල ඇතුලේ වධකාගාර අත්හදා බලන ලද ජවිපෙට හා ප්‍රේමදාසට  උදව් කිරීමට වමාලා සහ චන්ද්‍රගුප්තලා පැමින  ඇත.

කොළඹ වි විද්යාල යේ නීතිපීඨ ගොඩනැගිල්ලේ දකුනූපස තරුණයින් මිහිදන්කල වල තිබේ. ජපුර වි විද්‍යාලයේ කළමනාකරන ගොඩ නැගිල්ල වධකාගාරයක් විය. කැළනියේ වි විද්‍යාලයද වධකාගාරයකි. පේරාදෙනිය වි විද්‍යාලයේ වට රවුම උඩ, සිසුන්ගේ කපාදමන ලද හිස් 10 ක් තබා තිබුනි. කඳ කොටස ගලහ පාරේ දමා තිබුනි. පේරාදෙනියේ භික්ෂු නේවාසිකාගාරය ජවිපේ පුහුණු මධස්ථානයක්විය. මේ අතර ජවිපේ මොරටුවේ බොම්බ නිෂ්පාදන ටෙස්ට් කරන ළදී.

ලෝකයේ කිසිම රටක වීසා නොලබන අපි ආසියාවේ ගූගොඩ  බවට පත්වෙමින් සිටිමු. ලංකාවේ අපි අවුරුදු  හතර හමාරක් කලේ  රනිල්ගේ සිරිසේනගේ සහ සජිත් පුතානෝගේ බූරු කතා අසා සිටීම පමනි.  සාමාන්‍ය මිනිසුන් 350 ක් ඝාතනය වන විට මුළු රටම කඳුළු සැලුවේ උන්ගේ සිනාව උතුරා ගිය විටය.

සියළුම විශ්ව විද්‍යාල සිසුනි ආචාර්‍ය මහාචාර්‍ය ගුරු මහත්වරුනී උපකුලපතිවරුනි, වාමාංශික මහත්වරුනි කාඩර්වරුනි, නැවත මරණය කැඳවීමට ජවිපෙට උදව් කරමු. නැවත වරක් විශ්ව විද්‍යාල වලට මරුවා කැඳවීමට… සජිත් පුතානෝ ට උදව් කරන්න. නැතිනම් 6% ක් ඉල්ලාගෙන පශ්චාත් භාගයේ තබාගන්න. ඔවුන් සමනලයින්ය, ඔවුන් ඔිිිිිනෑම  පු…..ක්  අතහරින්නේ නැත.

15
ඔක්.
19

සදාදරනීය ‌ප්‍රේමදාස පියානෝගේ මැර කල්ලිය ‌හෙවත් ප්‍රා මිනීමරුවෝ මැරූ ගනන 1200

බණ්ඩාරගම හිරණ තොටුපොලේදී 1986 දෙසැම්බර් 15වැනිදා පස්වරු 8.30ට දයා පතිරණ‍ ගෙල කපා ඝාතනයකර තිබූ අයුරු. පොලිසියේ ඉල්ලීමට ඡායාරූප ගනු ලැබු‍වේ පානදුර තිමති ස්ටූඩියෝහි ඡායාරූප ශිල්පියෙකි.

ප්‍රිරා සංවිධානයේ නායකත්වය යටතේ ආරක්ෂක හමුදා සහාය ඇතිව ස්වාධීන ශිෂ්‍ය සංගමය මගින් 1988/89 කාලයේදී ඝාතනය කල සරසවි සිසුන් සහ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිවූවන් 200ක ආසන්න පිරිසෙන් කිහිපදෙනෙක්. කොළඹ සරසවි නීති පීඨ වධකාගාරයේදී උස්සා පොලවේ ගසා මරාදැමූ අන්තරේ කැඳවුම්කරුවෙකු සහ නීති පීඨයේ සිසු කෑගල්ලේ සරත් එදිරිසිංහ,  වෙඩිතබා පිහියෙන් ඇන ඝාතනය කල වාණිජ පීඨයේ මාතර දෙල්ගල්ලේ පදිංචි සමන් කපුගමආරච්චි, බෙල්ල කපා මරාදැමූ එහි විද්‍යා පීඨයේ මිනුවන්ගොඩ හේමන්ත අජිත් චන්ද්‍රසිරි(ඉහළ වමේ සිට), වෙඩිතබා මරාදැමූ මානව හිමිකම් නීතිඥයින් වන නාරහේන්පිට කාංචන අබේපාල සහ ඇල්පිටියේ චරිත ලංකාපුර, දිවයින නිදහස් ලේඛක සහ බැංකු නිලධාරි ගම්පොල එච්.ඊ. දයානන්ද

දයා පතිරණගේ ඝාතනයෙන් පසු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සභාපතිධූරයට 1986 දෙසැම්බර් 17 වැනිදා පත්වූයේ කේ. එල්. ධර්මසිරිය. පතිරණ ඝාතනයෙන් පසු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින් අතර නිල්මිණී, පරාක්‍රම, නිර්මාල් රංජිත් දේවසිරි, සී.ඒ. චන්ද්‍රප්‍රේම, නිහාල් හපුආරච්චි, නිමල්වීර බෝපගේ, සාලිය කුමාර, චාන්දනී සෙනෙවිරත්න, තිසරණී ගුණසේකර, අසංක කරුණාරත්න, ජෙරා, පේරාදෙණියේ ධම්මික බන්ඩාර, ජෝජා ඇතුළු කිහිප දෙනෙක්ම විය. ඉස්ක්‍රා, ස්වාධීන, රණහඩ මැයින් පුවත්පත්වල කලාප කිහිපයක්ද පලකරන ලදි.

පතිරණ ඝාතනයෙන් පසුවද ස්වාධීන ශිෂ්‍ය සංගමය කොළඹ සරසවියේ දිගින් දිගටම පවත්වාගෙන ආ දඩබ්බර ක්‍රියාකාරකම් බහුතර සරසවි සිසුන්ට තවදුරටත් දරා ගත නොහැකි විය. ඒ අනුව චින්තන පර්ෂදයේ අධ්‍යක්ෂක සහ කාලය සඟරාවේ නියෝජ්‍ය සංස්කාරක ගෙවිදු කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය එයට එරෙහිව පොදු සිසුන්ට නායකත්වය දුන්නේය. ඒ අනුව ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මැර ක්‍රියාකාරිකයින් වූ සිව් දෙනෙකු ගස් බැද  මධ්‍යස්ථ 500කට ආසන්න සිසුන් පිරිසකගේ දායකත්වයෙන් සංවිධානාත්මක ප්‍රහාරයක් 1987 මාර්තු 24වැනිදා එල්ල කිරීම තුළින් ස්වාධීන ශිෂ්‍ය සංගමය මුළුමනින් පරාජයකර දෙමළ බෙදුම්වාදය පලවා හැර කොළඹ සරසවියේ බලය ලබාගන්නා ලදී. ගස් බැදී සෙනරත් ජයවර්ධන ඇතුළු සිව් දෙනා බේරා ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ 100කට අධික පිරිසක් කොළඹ සරසවියට එකවර කඩා වැදීමෙනි.

ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකත්වයට පත් බොරැල්ලේ දූගී පවුලක උපන් කේ. එල්. ධර්මසිරි ජවිපෙට එරෙහිව ප්‍රා සංවිධානය සමඟ එක්ව මුළු ශක්තියම යොදවන්නට විය. ජවිපෙ වනසා දැමීමට ඔවුන් ඝාතනය කිරීමේ සංහාරයේදී තීරණාත්මක කාර්යභාරයකට ස්වාධීන ශිෂ්‍ය සංගමය යොමු විය. අර්ධ මිල්ටරි කණ්ඩායම්වලින් ඔවුනට ආයුධ, හැඳුනුම්පත්, වාහන, මුදල් ලක්ෂ ගණනින් නොඅඩුව ලැබිණි. ප්‍රා සංවිධානයෙන් ඝාතනය කරන ලද සංඛ්‍යාව 1,200ක් වූ අතර ඒ අතර සිටි සරසවි සිසුන් 200කට ආසන්න පිරිසක් මරා දැමුවේ ධර්මසිරිගේ නායකත්වයෙන් යුත් ස්වාධීන ශිෂ්‍ය සංගමය මගිනි. අත් පා කපා දරුණු වධ දී ඔවුන් මරා දැම්මේය. හංසයින්ට ජලයෙන් කිරි වෙන්කර හැක්කේ යම් සේද ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ඝාතකයින්ට සමස්ත සරසවි සිසුන් අතරින් ජවිපෙ සිසුන් හඳුනාගැනීමට හැකි විය. සිය ගණනක් අමු අමුවේ ඝාතනය කල කොළඹ සරසවියේ නීති පීඨ වධකාගාරයේ නිල නොවන පරිපාලකයා වූයේද ස්වාධීන ශිෂ්‍ය සංගමයයි.

ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක කේ. එල්. ධර්මසිරි 1989දී ඔක්තෝබර් 20 වැනිදා කොළඹ වයි. එම්.සී. ඒ ගොඩනැගිල්ලට ගොස් යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී කොටහේන කොච්චිකඩේදී ජවිපෙ විසින් ඝාතනය කරන ලදී. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ආරූඪ නමක් වූ ජයකාන්ති විජේවික්‍රම නමින් 1989 දෙසැම්බර් 28වැනිදා නිවේදනයක් නිකුත් කරමින් 1989 දෙසැම්බර් 15 එය විසුරුවා හැරි බව ප්‍රකාශ කළේය. ඒ වන විට දයා පතිරණ ඝාතනයට ලක්වී වසර දෙකක් මෙන්ම ධර්මසිරි ඝාතනය වී මාස දෙකක් ගතවී තිබිණි.

වසර 1986 දෙසැම්බර් 15වැනිදා ඝාතනය වූ දයා පතිරණ නඩුව විභාග වූයේ පානදුර මහාධිකරණයේදී විනිසුරු ටී. බී. විරසූරිය ඉදිරියේය. විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව නඩුව පවරා තිබිණි. එහිදී පලවෙනි විත්තිකරු වූයේ හේවා හෙට්ටිගේ ජයතිස්ස හෙවත් ගාමිණීය. දෙවැන්නා කොඩිප්පිලි තන්ත්‍රිගේ මහිපාලය. තෙවැන්නා වැලිසර යුස්ටස් දිලීප් චන්ද්‍ර ප්‍රනාන්දුය. සිව්වැන්නා හේවාහෙට්ටිගේ නිමල් ජයරත්නය. ඒ වන විට ජයතිස්ස හෙවත් ගාමිණී, මහීපාල සහ දිලිප් ප්‍රනාන්දු ඝාතනයට ලක්වී තිබිණි. එහිදී දෙවන සහ තෙවන විත්තිකරුවන්ට පළමුවන චෝදනාවට වසර 05 බැගින්ද දෙවන චෝදනාවට වසර 07 බැගින්ද තෙවන චෝදනාවට වසර 08 බැගින්ද දඬුවම් නියම කරන ලදී. ශ්‍රී ලංකාවේ ජීවත්ව සිටි සිව්වන විත්තිකරුවූ ජයවර්ධනපුර සරසවියේ සිසුවෙකුවූ හේවාහෙට්ටිගේ නිමල් ජයරත්න සියළු අධිචෝදනාවන්ට නිවැරදිකරු බවට තීරණය කර නිදොස්කර නිදහස් කරන ලදී. පැමිණිලි පක්ෂයෙන් බර්නාඩි සුනිල් කාරියවසම් සහ කුරුප්පු මුදියන්සේලාගේ මහින්ද කිංස්ලි ඇතුළු සාක්ෂි 15ක් විය.

සැම්බර් 17 වැනිදා පත්වූයේ කේ. එල්. ධර්මසිරිය. පතිරණ ඝාතනයෙන් පසු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින් අතර නිල්මිණී, පරාක්‍රම, නිර්මාල් රංජිත් දේවසිරි, සී.ඒ. චන්ද්‍රප්‍රේම, නිහාල් හපුආරච්චි, නිමල්වීර බෝපගේ, සාලිය කුමාර, චාන්දනී සෙනෙවිරත්න, තිසරණී ගුණසේකර, අසංක කරුණාරත්න, ජෙරා, පේරාදෙණියේ ධම්මික බන්ඩාර, ජෝජා ඇතුළු කිහිප දෙනෙක්ම විය. ඉස්ක්‍රා, ස්වාධීන, රණහඩ මැයින් පුවත්පත්වල කලාප කිහිපයක්ද පලකරන ලදි.

පතිරණ ඝාතනයෙන් පසුවද ස්වාධීන ශිෂ්‍ය සංගමය කොළඹ සරසවියේ දිගින් දිගටම පවත්වාගෙන ආ දඩබ්බර ක්‍රියාකාරකම් බහුතර සරසවි සිසුන්ට තවදුරටත් දරා ගත නොහැකි විය. ඒ අනුව චින්තන පර්ෂදයේ අධ්‍යක්ෂක සහ කාලය සඟරාවේ නියෝජ්‍ය සංස්කාරක ගෙවිදු කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය එයට එරෙහිව පොදු සිසුන්ට නායකත්වය දුන්නේය. ඒ අනුව ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මැර ක්‍රියාකාරිකයින් වූ සිව් දෙනෙකු ගස් බැද  මධ්‍යස්ථ 500කට ආසන්න සිසුන් පිරිසකගේ දායකත්වයෙන් සංවිධානාත්මක ප්‍රහාරයක් 1987 මාර්තු 24වැනිදා එල්ල කිරීම තුළින් ස්වාධීන ශිෂ්‍ය සංගමය මුළුමනින් පරාජයකර දෙමළ බෙදුම්වාදය පලවා හැර කොළඹ සරසවියේ බලය ලබාගන්නා ලදී. ගස් බැදී සෙනරත් ජයවර්ධන ඇතුළු සිව් දෙනා බේරා ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ 100කට අධික පිරිසක් කොළඹ සරසවියට එකවර කඩා වැදීමෙනි.

30
සැප්.
19

අනුර කුමාර දිසානායක නම් පල් බූරුවාගේ වගතුග (පින්තූර සහිතයි)

කවුද මේ අනුර කුමාර දිසානායක නම් තිරිසනා

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා  හැටියට අනුර කුමාර පත්කර ඇත. මෙම අපේක්ෂකයා සමග විද්වත් ජනතා බලවේගයක් පවතින බව ඔවුහු පුන පුනා කියති. මෙම ප්‍රෝඩාකාරී කතා අද කියන ජේ වී පි යේ අතීත චර්යාව බලා තීන්දු ගත යුතුය

ජවිපේ බූරුවන් කල විවේචන

දකුණු අධිවෙගී මාර්ගය හැදුවේ මාලු තියල් ගෙනියන්නද- වර්තමානයේ මෙම අධිවේගී මාර්ගයේ වටිනාකම පහ සමත් දරුවකුට උනත් වැටහේ.

මේ අධිවේගී මාර්ග වලට දාල තියෙන්නේ  රත්තරන්ද? සියගුනයකට වඩා ඇස්තමේන්තු කරලා ගත්ත කොමිස්  අපි ජනතාවට බෙදල දෙනවා- අද දක්වා ක්‍රියාත්මකවූ ජනාධිපති කොමිසන්, එෆ් සී අයි ඩී හරහා අඩුම ගන්නේ මෙම කොමිස් ගත්ත යයි කි බොරුව ගැන කිසිම නඩුවක් හෝ ගොනු කර හෝ නැත

මත්තල ගුවන් තොටුපල සුදු අලියෙක් – සුදු අලියෙක් නම්  ඉන්දියාව එයමිලදී ගන්නට පොර කන්නේ ඇයි.

මාගම් පුර වාරයේ පතුලේ කළු ගලක් මේක රාජපක්ෂට හදපු පිනුම් තටාකයක්- එහෙම නම් චිනේ මේක මිලට ගත්තේ නිවාඩුවට පීනන්නද

මෙම කරුණු කීපය දෙස බලු විට අනුර කුමාර  යනු තම වාසියට හිතු මනාපේ බොරු කියන අනාගතය පිළිබද කිසිම දැක්මක් නැති. ද්වේශයෙන් පමණක් තම ජීවිතය ගෙනියන පුද්ගලයෙක් බව තේරුම් ගැනීමට අපහසු නැත. මෙවැනි දාමරික පුද්ගලයකු වටේ කිසිම ශිලාචාර මිනිසෙකුට සිට ගත හැකිද?

 

 

 තිරිසනුන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා

1971 1988 1989 කල වලදී ඇතිකළ සන්නද්ධ අරගල වලදී සිදුකල මනුෂ්‍ය හා දේපල හානි ගැන කතා  නොකරමු.

යහපාලන රජය පැමිණීමෙන් පසු

2017 දී ප්‍රජාතන්ත්‍ර විරෝධිවත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට පටහැනිවත් අලුත් පළාත්පාලන මැතිවරණ නිතියක් සම්මත කර ගැනීමට ජවිපෙ උදවු කළා.

පළාත් පාලන මැතිවරණයට සුළු වෙනස් කම් ගෙනෙන මුවාවෙන් පනතක් ගෙනවිත් කාරක සභා අවස්ථාවේදී සම්පුර්ණයෙන්ම වෙනස් මැතිවරණ නීති ක්‍රමයක් එයට ඇතුලත් කර යහපාලන රජය සමග එකතුවී එය සම්මත කලේ විපක්ෂයට අඩුම තරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ යාමට අවස්ථාවක් නොදෙමින්ය.

කාන්තා  නියෝජන පනතේ මගඩිය

2107 දී 16/17 අංක දරන කාන්තා නියෝජනය වැඩි කිරීමට වගන්ති හතරකින් යුත් පනතක් ගේනවා.  එයටද කාරක සභා අවස්ථාවේදී සංශෝධන 38 එකතුකර සිමා නිර්නය අවසන් වන තුරු පළාත් සභා චන්ද  කල්  දැමීමට අවශ්‍ය නීති සහිත පනත  ස්ථාවර  නියෝග වලට හා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව සම්මත කර ගැනීමට ජවිපෙ පුර්ණ සහය යු එන පි යට දුන්න.

අඩුම ගානේ මෙයට එරෙහිව විපක්ෂයට ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ යාමට ඉඩක් නොතබා කතානායක කරු ජයසුරිය ඒකාධිපති ස්වරුපයෙන් එයට අත්සන්  කළා. පනත සම්මතව කතා නායක අත්සන් කල පසු වෙන කල හැකි කිසිවක් නැති උනා

ජවිපෙ යු එන්පියත් සමග එක්ව දිගින් දිටම කල මෙම ඒකාධිපති ක්‍රියා නිසා තමයි 2018 අග භාගයේදී පාර්ලිමේන්තුව තුල පුටුවලින් ගහල නීති විරෝධිව හා ස්ථාවර නියෝග වලට පිටින් විශ්වාස භංග සම්මත කරන්න යන වෙලාවේදී ඒවා වලක් වන්නට පාර කැපුනේ.

යෝජිත තකතීරු යහපාලන ව්‍යවස්ථාව

මිට අමතරව ත්‍රයි නිකායික භිෂුන් වන්සේලා මෙන්ම කතෝලික හින්දු හා මුස්ලිම් පුජක වරුන්ද විරුද්ධවූ යහපාලන රජයේ රට බෙදන යෝජිත ව්‍යවස්ථාවට අනුර කුමාර ඇතුළු ජවිපෙ එක පයින් කැමති උනා

අධිකරණ බලයට අභියෝග කිරීම

විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ජවිපෙ  නායකයා  2018 මැයි 29, ප.ව. 01:03 ප්‍රකාශ කලා කිසිම උසාවියකට පක්ෂ විනය පරීක්ෂණයකට  එරෙහිව තහනම් නියෝග දීමට නොහැකි කල යුතුයි කියල.

ලංකාවේ  නෙවෙයි ලෝකේ කොහෙද උසාවියක දෙන තහනම් නියෝග අවලන්ගු  කිරීමට ව්‍යවස්ථා සම්මත කරන්නේ. මෙම ප්‍රකාශය 1988 භීෂණ යුගයේ ජ විපෙ ගෙනගිය කැන්ගරු අධිකරණ වල අමිහිරි මතකයන් යලිත් මතක් කර දෙනවා

 ‌ෙගාබ්බ අනුර කුමාරගේ ඒකාධිපති වියරුව

යහපාලන රජය ආ දා සිට ජවිපෙ අධි බලැති ජාතික විධායක කමිටුවේ ද්‍රවිඩ සන්ධානය සමග එකට හිදරාජ්‍ය ආයතන වලට පනිමින් හොරු අල්ලන වැඩේ පටන් ගත්ත . මෙම කමිටුවට කබිනේට්ටුව අභිබවා තීන්දු ගැනීමට බලය දුන්න

දුෂණ මර්ධන කොමිසමේ හදිසි ප්‍රතිචාර ඒකකයක් පිහිටුවා එහි ඍජු අධීක්ෂණය අනුර කුමාර දිසානායක යටතට පත්කලා ඉන්පසු ජවිපෙ සාමාජිකයන් පොලිසියේ බලය අතට ගත්තේ හිට්ලර් ගේ ගෙස්ටපෝ පොලිසිය මතක් කරවමිනුයි.

එෆ් සී අයි ඩිය පිහිටුවීමෙන් පසු රනිල්  වික්‍රමසිංහ හා එක්ව අනුර කුමාර එහි ඍජු අධීක්ෂණ බලය ගත්ත.

මේ සියලු බලතල පවරාගත් අනුර කුමාර ඇතුළු යහපාලන නඩය ඇල්ලු හොරකම් මොනවද?  බොරු චෝදනා  දමා  අත් අඩංගුවට ගත සියලු නිලධාරීන් හා දේශපාලනඥයින් එකිනෙකා අද වෙනකොට අධිකරණය මගින් නිදොස් කොට නිදහස් කරමින් පවතිනවා.

අනුර කුමාර  කලේ තමන් ගේ තරහ පිරිමහමින් යු එන පි යේ කොන්තරාත්තුව කරන එක පමණයි.

ඔවුන් තමන් ගේ මුළු කාලයම බොරුවට හොරු අල්ලනවායයි කියමින් විරුද්ධ දේශපාලනඥයින්ගෙන් පලි ගත්ත.

හැබැයි මේ අස්සේ ජාතික ආරක්ෂාව වල පල්ලට ගියා. සහරාන්ලා සංවිධානය උනා. ජවිපෙ  ජාතික ලැයිස්තුවෙන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහා මොළ කරුගේ පියා චන්දෙට ඉල්ලුවා.

කතෝලික මිනිසුන් සියගණනක් මිය ගොස් තවත් සිය ගණනක් තුවාල වී පවුල් අනාත වුනා

මේ අනුර කුමාර ඇතුළු ජවිපෙ ක්‍රියා කාරිත්වයෙන් බිදක් විතරයි. මේසියල්ල දැන දැන තවත් ජවිපෙට චන්දයක් දෙන්න මිනිහෙක් ඉදිරිපත් වෙනවා නම් ඔහු  මැරි ඉපදුන කෙනෙක් විය යුතුයි.

21
අගෝ.
19

එක කඳවුරක සිට සුමන්තිරම්, ජවිපේ සහ ඇමෙරිකානු තානාපති ගෑනි හමුදාපතිට විරුද්ධ වීම

ශවේන්ද‍්‍රට විරුද්ද වන බටහිරට එදා මහින්ද ඇඹිලිපිටියේදී දුවන්න දුන් උත්තරය මතක් කර දෙයි..

ලංකාවේ නව හමුදාපති ලෙස ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධයේ පෙරමුණේම සිටි විරෝධාර රණ විරුවෙක් වන ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා පත් කිරීමට ලංකාවේ තිබෙන ඇමෙරිකානු තානාපති කාර්යාලය හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිවරිය විරෝධය පල කර තිබෙ.

ඒ සම්බන්ධයෙන් ආචාර්ය නාලක ගොඩහේවා තම අදහස් පලකලේ මහර නුවර පාරේ අංක 53 තිබෙන සියනෑ කතිකාවේ ප්‍රධාන කාර්යාලයෙදීයි.

‘ශ්‍රී ලංකාව කියන්නේ ස්වාධින රටක්. මේ රටේ හමුදාපතිවරයෙක් පත් කල විට ඒ ගැන විරෝධය දක්වන්නට ලංකාව තුල තියෙන විදේශ තානාපති කාර්යාලයකට පුළුවන් වන තරමට අද ලංකාව බටහිර බලවතුන් ඉදිරියේ හෑල්ලු වෙලා තියෙනවා. මේකට හේතුව අද මේ රට පාලනය කරන නායකයන්ගේ නිවට නියාලු කම. මේ වගේ ප්‍රකාශයක් තනාපති කාර්යාලයකින් කල විට මේ රටේ ජනාධිපතිවරයට අගමැතිවරයට හෝ විදේශ ඇමතිවරයට පුළුවන් වෙන්න ඕනේ අදාල තානපතිවරයා හෝ වරිය ගෙන්වා මේ ගැන ප්‍රශ්ණ කරන්න. ලංකාවේ මින් පෙර සිටි රාජ්‍ය නායකයෝ එහෙම කරල තියෙනවා. සුද්දට ඔහුගේ තැන කියල දීල තියෙනවා. අපට මතකයි 2009 අප්‍රේල් මාසේ ලංකාවේ යුද්ධය නතර කරන්න කියල පනිවිඩයක් ඇරන් ආපු එංගලන්තයේ හා ප්‍රංශයේ විදේශ ඇමතිවරුන්ට ඇඹිලිපිටියේ වැව් තාවුල්ලේ ඉදගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ දුන්න අභීත උත්තරය. ඔහු කීවා “මතක තබා ගන්න මේ රට තව දුරටත් ඔබේ කොලනියක් නොවේ. මේ ක ස්වෛරී රටක්. මෙහි නායකයා විදියට මම කරන්නේ මගේ ජනතාවට අවශ්‍ය දේ මිස ඔබ කියන දේ නෙමෙයි” කියල. අද අපේ රටේ ඉන්න නායකයන්ට පුළුවන්ද කොන්ද කෙලින් තියාගෙන එසේ කියන්න ?

අනික් අතට ඇමෙරිකානු තානාපති කාර්යාලය මේ විරෝධය පල කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ථාවල තිබෙනවා කියලා ශවීන්ද්‍ර සිල්වා යුධ අපරාධ කල කියලා. මේ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්ථා ගැන. නමුත් අපිට අමතක නැහැ 2018 ජනවාරි මාසයේ ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය අතිශයින්ම දූෂිත තැනක් කියා ඉන් ඉවත් වුනා. ඒ ඇමෙරිකාව ඊශ්‍රායායේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන්ට සහාය දෙනවා කියා චෝදනාවක් මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ විටයි. ඇමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධනයේ නිත්‍ය නියෝජිත නිකී හේලි එදා කීවේ මානව හිමිකම් කවුන්සිලය දේශපාලන පක්ෂාග්‍රාහිත්වයෙන් පිරි මඩ වලක් කියලයි , ” A cesspool of political bias” . එදා ඇමෙරිකාවට නරක් වූ මානව හිමිකම් කවුන්සිලයේ වාර්ථා අද ලංකාවේ යුධ විරුවෙක් සමබන්ධයෙන් නිවැරදි වන්නේ කොහොමද කියා අපි අහනවා.

අනික් අතට ජෙනරාල ශවීන්ද්‍ර සිල්වා පමනක් නොවෙයි ත්‍රස්ථවාදයට එරෙහි යුධයට සහභාගී ලංකාවේ කීර්තිමත් යුධ හමුදාව යුධ අපරාධ කල ම්ලේච්චයන් පිරිසක් ලෙස හංවඩු ගැහුනේ කෙලෙසද කවදාද කියන එකත් අප අමතක නොකල යුතුයි. ලංකාවේ හමුදාව යුධ අපරාධ කලායැයි අතිශයින් අසත්‍ය සාක්කි මත පදනම් වූ වාර්ථාවක් 2015 සැප්තැම්බර් මාසයේ 15 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ අවස්ථාවේ යහපාලන රජයේ විදේශ ඇමතිව සිටි මංගල සමරවීර මේ වාර්තාව කියවන්නෙවත් නැතුව , එහි අඩංගු බොරු චෝදනාවල වගකිව යුතු රජයක් ලෙස පිළිතුරු දෙනවා වෙනුවට එම යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ අගය කරමින් පිළිගත්තා. එපමනක් නොවෙයි එම වාර්ථාව පදනම් කරගෙන මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ ජිනීවා 30/1 යෝජනාවට ඇමෙරිකාව සමග එක්ව සම අනුග්‍රාහකත්වය ලබා දුන්නා. කොටිම කියනවානම් ශවීන්ද්‍ර සිල්වලා යුධ අපරාධ කලා කියා මේ අමන යහපාලන ආන්ඩුව ලෝක ඉදිරියේ පිළිගෙන ඉවරයි. මානුෂික මෙහෙයුමට සහභාගී නිලධාරීන්ට පමනක් නෙවෙයි සොල්දාදුවෙකුට වත් අද එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක සේවය කරන්නට අවසර නැත්තේ ඒකයි.

අද අපේම ගේ දොරකඩ ඉද ගෙන ලංකාවේ හමුදා පත් පත් කිරීමට එරෙහිවෙමින් විවිධ පාර්ශව අපේ ස්වෛරීත්වයට ගරහන කොට කටත් පශ්චාත්බාගයත් දෙකම වසා ගෙන ඉන්නට ආන්ඩුවට සිද්ධවෙලා තියෙන්නේ ඒ නිසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියත ජෙනරාල ශවීන්ද්‍ර සිල්වාගේ පත්කිරීමට විරෝධය පලකරලා තිබුනා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය කියන්නේ වැටුපකට වැඩ කරන නිලධරිනියක් පමනයි. පසුගිය කාලය පුරාම අපි දැකල තියෙනවා මානව හිමිකම් කොමසාරිස්වරු දෙමල ඩයස්පෝරාවේ මාධ්‍ය ප්‍රකාශකයන් ලෙස වැඩ කරනවා. ආත්ම ගෞරවයක් තිබෙන රජයක් නම ශ්‍රී ලංකාවේ රජය මේ කොමසාරිස්වරියට පිළිතුරු දිය යුතුයි.

අපි තව දුරටත් දැක්කා දෙමල සංධනයේ නියෝජ්‍ය නායක සුමන්දිරම් මහතා කියනව ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදාපති ලෙස පත් කිරීම දෙමල ජනතාවට කල අවමානයක් කියා. ප්‍රභාකරන් දෙමල ජනතාව ලක්ෂ ගනනක් ආරක්ෂක පලිහක් ලෙස යුධ බිමේ යොදාගෙන සිටින විට කොළඹ සැඟවී ප්‍රබාකරන්ට සහාය දුන් සුමන්දිරම්ට අමතකවෙලා තිබෙනවා ජෙන‍රාල් ශවීන්ද්‍ර සිල්වා ඇතුලු රන විරුවන් යුධ බිමේ කොටි වී සිටි අහිංසක දෙමල ජාතිකයන් 290,000 පමණ ත්‍රස්ථවාදීන්ගේන් මුදවාගත් බව. එසේ ජනතාව මුදවාගත් නිසා තමයි අපි ඒ අවසන් සටනට මානුෂික මෙහෙයුම කීවේ. ඒ අහිංසක මිනිසුන් ඔවුන්ගේ ජීවිත ගලවාගත් හමුදාවට එදා පින් දුන්නා. ඔවුන් ගලවා ගත් විරුවන්ට ගැන මේ ආකාරයට බොරු කීම තුලින් අද දෙමල ජනතාවට අපහාස කරන්නේ ඔවුන්ගේ නියෝජිතයෙක් යැයි කියාගන්නා සුමන්තිරම්මයි.

Image may contain: 1 person, text

07
අගෝ.
19

ඇමරිකානු තානාපති ගෑනිගේ Shock Doctrine & ISIS Muslim ත්‍රස්තවාදී කඳවුරු

Shock Doctrine of US Ambassador woman and ISIS Muslim Terrorist Camps

ජනපතිවරණයට පෙර රටේ තවත් කලබැගෑනියක්.. සූදානමින් සිටින්න..

STOP USA සංවිධානය විසින් මහනුවරදී පැවැත්වූ සම්මන්ත්‍රණය හා එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් සිදුකළ දේශනය මෙහි දැක්වෙයි.

ඇමරිකාවේ සැබෑ ප්‍රතිපත්තිය කුමක්ද ?

මේ දිනවල අමෙරිකානු තානාපති තුමිය කඩියකුටත්වඩා කඩිසරයි. මහනුවරට එනව, මහනායක හිමිවරුන් බැහැ දකිනවා. නැගෙනහිරට යනවා, මහා දැවැන්ත ශාලාවක් විවෘත කරනවා. ගාල්ලට දුවනවා රාජ්‍ය නොවන සංවිධානවලට වැඩමුළු කරනවා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව එකතු කරලා අදහස් දක්වනවා. මැති ඇමතිවරු නිරන්තරයෙන්ම හමු වෙනවා. එතුමියගේ කල්ක්‍රියාව දකිද්දි අපට මතක් වන්නේ 1980 දශකයේ ලංකාවේ සිටිය ඉන්දියානු තානාපති ජේ ඒ ඩික්සිත් මහතාවයි. ඒ කාලේ අපට තිබුණ ප්‍රශ්නයක් තමයි මේ රට පාලනය කරන්නේ ජනපති ජයවර්ධනද නැතිනම් මේ ඩික්සිත් මහත්තයා ද කියලා. අදත් අපිට ඔය ප්‍රශ්නය මතුවෙනවා. අද මේ රට පාලනය කරන්නේ මෛත්‍රී-රනිල් ජෝඩුවද එහෙමත් නැතිනම් ඇමරිකානු තානාපතිවරිය ද කියල හිතෙන මට්ටමට එතුමිය අද මෙරට පාලනයට ඇඟිලි ගහලා තියෙනවා. පාලනයට ඇඟිලි ගහලා විතරක් නිකන් ඉන්නේ නැහැ අනාගතයේ බිහි වන අප ආණ්ඩුවට ද අනතුරු අඟවනවා. පුංචි තර්ජනයකුත් කරනවා මේ ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න අනාගත ආණ්ඩු බැඳිලා ඉන්නවා කියලා. තර්ජනයෙන් පස්සෙ නම් ලඟදි පෙම්හසුනක් එවලා තිබුණා. එහිදී කියනවා අපි මේ මිලියන 480 දෙන්නේ ණයක් නොව ප්‍රධානයක් විදිහටයි. ඔය ගොල්ලන්ගේ මහලොකු යාලුවෝ කියන අය ණය නේද දුන්නෙ. අපි එහෙම ණය උගුල්වල හිර කරන්නේ නැහැ. ආදරයෙන් දෙන දේටත් ඔහොම කියන එක නරකයි නේද කියලා අහල තිබුනා.

ඇමරිකාවේ ප්‍රතිපත්තිය කියන්නේ dollar for dollar. තමන්ට වාසියක් නැති නම් එක ඩොලරයක් වත් වැය කරන්නේ නැහැ. ඇමරිකාව මිලියන 480ක තෑග්ගක් දෙන්නෙ ට්‍රෝජන් අශ්වයකු ලෙසයි. මේ මුදලින් ඔවුන් උත්සාහ කරන්නේ ඇමරිකානු ආර්ථික කොරිඩෝවට අදාළ ඉඩම් ටික නිදහස් කරගන්නත් එහි ප්‍රවාහන සහ යටිතල පහසුකම් සැදීමටත් පමණයි. මෙය ඇමරිකාව ඇමරිකාව වෙනුවෙන්ම කරන ආයෝජනයක් මිස ලංකාවේ ජනතාවට මින් සතපහක ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ඇමරිකානු තානාපති තුමිය ඔය ඩොලර් මිලියන 480 ම අකුලාගෙන ගිහිල්ලා අපේ පාඩුවේ අපේ දුප්පත්කමේ අපිට ගිලිලා ඉන්න ඉඩ දුන්නත් අප නම් ඇමෙරිකාව සමග තරහ වන්නේ නැහැ.

රටවල් වැනසූ අමෙරිකානු උපාය

අද මේ ඇමරිකාව ලංකාව තුළට රිංග ගන්න හදන උත්සාහය ගැන අපූරු පොතක් තියෙනවා. නයෝමි ක්ලේන් කියන කැනේඩියානු ගත් කතුවරිය ලියලා තියනවා The Shock Doctrine කියලා පොතක්. මේ පොතේ කියලා තියෙනවා කොහේ හෝ රටක යම් ප්‍රශ්නයක් තියෙද්දී එම රටට අප රිංගාගත යුතු රටක් යැයි ඇමරිකාව තීරණය කර තිබෙනවා නම් රටට උදව් කරන්න යැයි කියමින් එම රට තුළට රිංගා ගන්නවා. රටකට සිදුවන ස්වභාවික වියසන යනාදිය මේ සඳහා ඔවුන් ඉවහල් කර ගන්නවා. වියසනයක් නොමැතිනම් වියසනයක් හදලා එම වියසනය විසඳන්න ඔන්න රිංග ගන්නවා.

මේ සඳහා අප හොද උදාහරණ ටිකක් කියෙනවා. මේ අයට අවශ්‍ය වුනා ඉන්දුනීසියාවෙන් කෑල්ලක් කඩල නැගෙනහිර තිමෝරය වෙනම රාජ්‍යයක් කරන්න. සෝරෝස් කියන ප්‍රධාන ආයෝජකයා ඇතුළු ඇමරිකානු ආයෝජකයන්ට උපදෙස් දුන්නා ඉන්දුනීසියාවෙන් එළියට යන්න. ඔවුන් ආයෝජන අරන් ඉවතට යද්දී ඉන්දුනීසියාවේ ආර්ථිකය කඩා වැටුනා. උදෑසන බස් රථයෙන් ගමන් කරද්දී තිබුණු බස් ගාස්තුව නෙවෙයි ආපසු ගෙදර එද්දි බස් ගාස්තුව දෙගුණයක් වෙලා. ඒ විදිහට ජනතාවට කන්න නැති තරම් වට්ටලා රටේ ආර්ථිකය ගොඩනගන්න කියලා ඇවිල්ලා මේ අය නැගෙනහිර ටිමෝරයට නිදහස දෙන සැලැස්ම ක්‍රියාත්මක කළා. 2001දී ඇෆ්ගනිස්ථානයට ඇමරිකානු හමුදා ගියේ එරට තුළ ඔසාමා බිල්ලාඩන් සැඟවී සිටින බව කියමින්. නමුත් එරටින් අල්ලාගත් බිල්ලාඩන් කෙනෙක් නම් නැහැ. නමුත් එවකට ඇමෙරිකාවේ ජනපති ජෝර්ජ් බුෂ්ගේ පුද්ගලික සමාගමකට ඇෆ්ගනිස්ථානය හරහාත් තෙල් නල එළීමට එරට රජය ඉඩ දුන්නේ නැහැ. ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමෙන් පසුව ඔවුන් ඒ වැඩේනම් කරගත්තා. 2003දී ඉරාකයට රිංගගත්ත ඉරාකයේ සමූලඝාතන අවි තියෙනවා කියලා. අද වන තුරුත් ඉරාකයෙන් අල්ලාගත් සමූලඝාතන අවියක් නම් නැහැ. ඒ රටේ තිබූ සරුසාර තෙල් ළිං සමූහයම මේ වන විට ඇමෙරිකානු සමාගම් විසින් අල්ලා ගෙන තියෙනවා. එනිසා හේතු හදාගෙන රටකට රිංගන්න ඇමරිකාව හරිම දක්ෂයි කියන එක පේනවා.

ජනපතිවරණයට පෙර රටේ තවත් කලබැගෑනියක්

ඇමරිකාවේ පළමුවෙනි උත්සාහය වුණේ සහරාන්ගේ බෝම්බය පත්තු කරලා සිංහල මිනිහා ලවා මුස්ලිම් මිනිහට ගහලා කලබැගෑනියක් ඇති කරලා එම කලබැගෑනිය විසඳීම සඳහා රට අස්සට රිංගා ගැනීමයි. ඇමරිකානු හමුදාව ගෙනල්ලා උතුරු මුහුදේ නැව් පිටින් නතර කරගෙන හිටියා. හැබැයි අපි ගැහුවෙ නැහැ. ඇමරිකාව අමාරුවේ වැටුනා. මුන්ට මෙච්චර දෙයක් කරලත් ගහන්න බැරිද යකෝ කියලා හිතලා ගහන විදිය පොඩ්ඩක් මතක් කරලා දෙන්න හලාවතදී මුස්ලිම්වරුන්ට ගැහුවා. කුලියපිටියෙ දී ගැහුවා මිනුවන්ගොඩදී ගැහුවා. ඒත් අපි ගැහුවෙ නැහැ. දැන් මොවුන්ට හරි ප්‍රශ්නයක් සිංහල මිනිසුන් කුපිත කරවන්නේ කොහොමද කියලා. එනිසා ජනපතිවරණයෙන් පරාජය අරගෙන මේ ගිවිසුම් හකුළා ගෙන යන්න ඇමරිකාව සූදානම් නැහැ. ජනපතිවරණයට පෙර රටේ තවත් කලබැගෑනියක් ඇමරිකාව ඇතිකරනවා ඇති කරනවාමයි. එයට සූදානමින් ඉන්නේ අප අනතුරු අඟවනවා.

ලංකාව තුලට පිවිසීමට ඇමරිකාවට අවශ්‍ය ඇයි ?

ඇයි මේ ඇමරිකාව ලංකාව අස්සට රිංග ගන්න මෙතරම් ම උත්සාහ දරන්නේ. සමහරුනම් අපට කියන්නේ අප ළිං මැඩියන් කියලයි. ලංකාව හරි ලොකු රටක් කියලා අප හිතන් ඉන්නවා ලු. ඇමරිකාවේ ජනාධිපති ලංකාව තියෙනවද කියලවත් දන්නේ නැතිලු. අපි ලිං මැඩියෝ යැයි කියන උන්ට අප කියනවා යකුනේ අප නොව නුඹලයි ලිං මැඩියෝ. ලංකාව මේ ලෝකෙ වැදගත්ම රට කියලා කියන්නේ අප නොව ඇමරිකාවමයි. හේතු 4ක් තියෙනවා ඇමරිකාවට ලංකාව තුලට රිංගා ගන්නට.

2010 දී ඇමෙරිකානු යුධ විශේෂඥයෙකු වන අද්මිරාල් කප්ලාන් පොතක් ලියනවා මොන්සූන් කියලා. එම පොතේ කියනවා මේ සියවස ආසියාවේ සියවසයි. ලෝකයේ බලය අල්ලා ගනු ලබන්නේ ආසියාවයි. මේ සියවසයේ ලෝකයේ වැදගත්ම සාගරය ඉන්දියානු සාගරයයි. ඉන්දියානු සාගරේ වැදගත්ම රට එහි හරි මැද පිහිටි ශ්‍රී ලංකාවයි. මෙම සියවසේ ලොව වැදගත්ම රට අන් කවරක්වත් නොව රට ශ්‍රී ලංකාවයි කියලා.

2009 දෙසැම්බර් මාසයේ ඇමෙරිකානු විදේශ කටයුතු පිළිබඳ සෙනෙට් මණ්ඩලය ශ්‍රී ලංකාව පිළිබඳ පොතක් නිකුත් කරනවා. එහි ඇමරිකානු ආණ්ඩුවට කියනවා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්න දාගෙන ලංකා ආණ්ඩුවත් සමග හැප්පිලා ලංකාව තරහ කරගන්න එපා. මන්ද ලංකාව ආසියාවේ හරිමැද පිහිටි ඉන්දියානු සාගරයේ වැදගත්ම රටයි කියලා.

1965දී ඇමරිකාව ඉන්දියානු සාගරයේ සිය ප්‍රධාන කදවුර පිහිටුවා ගන්නේ දියේගො ගර්ෂියා දූපත් සමූහයේ. මෙම දුපත් සමූහය එදා මුරුසියට අයත්ව තිබුණා. එදා මුරුසිය බ්‍රිතාන්‍ය යටත් විජිතයක්. මුරුසියෙන් මෙම දුපත් සමූහය ඉවත් කරළා ඇමරිකාවට බදු දීමට බ්‍රිතාන්‍ය කටයුතු කළා. 1968 මුරුසියට නිදහස ලැබෙන්නේ ඉන් අනතුරුවයි. මුරුසිය එදා ඉඳන්ම උත්සාහ කළේ මේ තමන්ට අයත් ව තිබූ දූපත් සමූහය යළි තමන්ට අත්පත් කරගන්නට. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ප්‍රශ්නය නිරාකරණය කිරීමට ජාත්‍යන්තර අධිකරණයට පවරනවා. ජාත්‍යන්තර අධිකරණය 2019 පෙබරවාරි මාසයේ තීන්දුවෙන් කියනවා දියේගො ගර්ෂියා දූපත් සමූහය මුරුසියට යළි භාර දෙන තුරු මුරුසිය ස්වාධීනත්වය සම්පූර්ණ වන්නේ නැහැ කියලා. ඒ දූපත් සමූහය මුරුසියට දුන් විට ඇමෙරිකාවට කඳවුරු අකුලාගෙන යන්න වෙනව. මේ අකුලාගෙන යන කඳවුරු ස්ථාපිත කිරීමට සුදුසුම තැන ලංකාවයි. දියේගො ගර්ෂියාවට උඩින් තිබෙන්නේ මාලදිවයින. මාලදිවයිනට උඩින් තිබෙන්නේ ශ්‍රී ලංකාව. එමනිසා දියේගො ගර්ෂියාවේ සිට පහසුවෙන්ම පැමිණිය හැකි තැන ලෙසට ඔවුන් ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා.

ඒ වගේම මෙම සියවසේ ලෝකයේ නැගී එන ලෝක බලවතුන් වන්නේ ඉන්දියාව සහ චීනයයි. ලංකාව තියෙන්නේ ඉන්දියාවට කිලෝමීටර් තිස් දෙකක් නොදුරින්. අනෙක් පසින් චීනයේ ප්‍රධාන මුහුදු සැපයුම් මාර්ගය තුළ. ඒ නිසා ශ්‍රී ලංකාව තුළ හරියට ස්ථාපිත වීමෙන් ඇමරිකාවට චීනය හා ඉන්දියාව කියන රටවල් දෙකටම එකවර බලපෑම් කළ හැකියි.

පසුගිය කාලේ තායිලන්තය සමඟ චීනය සාකච්ඡා කළා ක්‍රා කියන ඇළ මාර්ගය කපන්න. චීනයට එන තෙල්ද ඇතුළු සැපයුම් වලින් සියයට අසූවක්ම එන්නෙ මලක්කා සමුද්‍ර සන්ධිය හරහායි. මලක්කා සමුද්‍ර සන්ධියේ මුහුද අයත් වන්නේ ඉන්දුනීසියාව සිංගප්පූරුව සහ මැලේසියාව කියන රටවල් වලටයි. මේවා ඇමරිකානු හිතවාදී රටවල්. කෙදිනක හෝ මෙම රටවල් කිව්වොත් අපේ මුහුද හරහා ඔබේ නැව් වලට යන්න තහනම් කියලා චීනයට, එවිට චීනය කන්න නැතුව තෙල් නැතුව ආර්ථිකය කඩා වැටෙනවා. චීනයට තියන මෙම භීතියට ජාත්‍යන්තර ආරක්ෂක අංශ කියන්නේ මලක්කා දෙගිඩියාව කියලයි. මෙන්න මේ නිසා මලක්කා සමුද්‍ර සන්ධියට විකල්පයක් වශයෙන් තායිලන්තය හරහා ඇළ මාර්ගයක් කපනවා. චීනයට ඇති මුහුදු ගමන් මාර්ගයේ දුරත් එවිට කිලෝමීටර් 1200කින් පමණ අඩු වෙනවා. මේ මාර්ගය කැපුවාට පස්සේ සිංගප්පූරු වරාය මගහැරලා හම්බන්තොට වරාය කිට්ටුවෙන් මෙම මුහුදු මාර්ගය වැටෙන්නේ. එවිට ආසියාවේ සාගර කේන්ද්‍රය විදිහට නාවික කේන්ද්‍රය විදිහට අද සිංගප්පූරු වරායට හිමිතැන අනාගතයේදී හිමිවන්නේ හම්බන්තොට වරායටයි. එහෙම නම් චීනාගේ බලය කඩන්නට චීනගෙ මරමස්ථාන බවට පත්වීමට නියමිත ලංකාව තුළ ඇමරිකානු හමුදා කඳවුරු දා ගත යුතුයි.

සැබෑ ලිං මැඩියන් කවුරුන්ද

මෙන්න මේ කාරණා හතර නිසයි ඇමරිකාවට ලංකාව වැදගත් වෙලා තියෙන්නේ. මේ සිය වශයෙන් ලෝකයේ වැදගත්ම රට ලංකාවයි කියලා කියන්නේ අප නොව ඇමෙරිකානු ආණ්ඩුවමයි. ඒ සඳහා ලේඛන දෙකක් මා උදාහරණ වශයෙන් දැක්වූවා. ඒ නිසා අප ළිං මැඩියන් ලෙසින් බොරුවට බය වෙලා දඟලනවා යැයි කියන අයට අපට කියන්නට වෙන්නේ මේ පොත පත කියවා ලෝකේ සිදුවන්නේ කුමක්දැයි ඉගෙන ගන්න කියලයි.

ඇමරිකානු හමුදාවට අප බය ඇයි ?

ඇමරිකානු හමුදා එනවාට අප බය ඇයි. ඇමරිකානු හමුදාවේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි එම හමුදාව ඇතුලේ තියෙන ලිංගික අතවර. තමන්ගේ සහෝදර සෙබළුන්ට සෙබළියන්ට ඇමරිකානු හමුදා භටයන් අතින් සිදුවන ලිංගික අතවර. ලිංගික අතවර පාලනය කිරීම සඳහා මේ පිළිබඳ වාර්තාවක් දෙවසරකට වරක් ප්‍රසිද්ධ කරන්න යැයි ආරක්ෂක දෙපාර්තමේන්තුවට නියම කළා. 2018 තමයි අවසන් වාර්තාව ආවේ. 2018 වසර තුළදී පමණක් හමුදාවේ 20 500 ක් සෙබල සෙබළියන්ට තවත් අයුරකින් කියනවා නම් සෙබළියන් 13 000ට සෙබළුන් 7 500ට අනෙකුත් සහෝදර සෙබළුන්ගෙන් ලිංගික අතවර සිදුවෙලා තිබෙනවා. ඇමරිකානු හමුදාවේ සෑම සෙබළියන් දහ දෙනකුගෙන්ම එක් කෙනෙක් 2018 වර්ෂයේ දී ලිංගික අතවරයට ගොදුරු වී තිබෙනවා. මේ සෙබළිය යුධ පුහුණුව ලත් ආත්මාරක්ෂක සටන් ක්‍රම දන්න හැඩි දැඩි සෙබළියන්. එවැනි සෙබළියන්ගේ ඉරණමත් මෙය නම් අහිංසක අපේ දියණියන්ගේ ඉරණම කෙසේ වේවිදැයි අපට සිතා ගන්නට සිදු වෙනවා.

2016 වසර හා බලද්දී 2018 වන විට ලිංගික අතවර කිරීම් 25% වැඩිවෙලා තිබෙනවා. දිනෙන් දින පිරිහෙන ම්ලේච්ඡ හමුදාවක් තමයි ශ්‍රී ලංකාවට ගොඩ බස්සවන්න හදන්නේ. මේ ම්ලේච්ඡ හමුදාවේ හිරිහැර වලට ගොදුරු වන ආසියානු රටවල් තුනක් තියෙනවා. ඒ තමයි දැනටමත් සෝෆා ගිවිසුම් අත්සන් කරලා ඇමෙරිකානු හමුදා ගොඩබස්වා ගෙන සිටින ඉරාකය දකුණු කොරියාව සහ ජපානය. ජපානයේ ලොකුම ඇමෙරිකානු හමුදා කදවුර තියෙන්නෙ ඔකිනාවා වලයි. මේ වන විට ඇමරිකානු හමුදා අතින් ඔකිනාවා වැසියන් 29 දෙනකු ඝාතනය වී තියෙනවා. හතළිස් හත් දෙනකු දූෂණය වී තිබෙනවා. මංකොල්ලකෑම 368 සිදුවෙලා තියෙනවා. පහරදීම් එක්දහස් හයසියයක් සිදුවෙලා තියෙනවා. බලවත් ජපානය තුළයි මේවා සිද්ධ වෙන්නේ.

2002 දී දොළොස් ඇවිරිදි පාසල් දැරියක් ඔකිනාවා හිදී පාසල ඇරී ගෙදර එන විට වාහනයකින් ඇවිත් පැහැරගන්නවා. එම රථයේ සිටියේ ඇමෙරිකානු භටයන් තිදෙනෙක්. ඔවුන් එම දැරිය වෙරළට රැගෙන ගිහිල්ලා සිහිසුන් වන තුරා දූෂණය කරනවා. සිහිසුන් ඇය මියගියා යැයි සිතා අතහැර දමා යනවා. පසුව සිහිය ලබන ඇය රෝහල්ගත කරනවා. ඇය හඬමින් ඇයට සිදුවූ සියල්ල හෙළි කරනවා. මුළු ජපානය ම එකම හඬින් කියනවා ඇමරිකානු හමුදා කඳවුරු ඉවත් කරන්න කියලා. ජපන් ආණ්ඩුව ද එයට එකඟ වෙනවා. නමුත් ඇමරිකාව එයට බැහැ කියනවා. සෝෆා ගිවිසුම වෙනස් කරන්නට ජපානය යෝජනා කරනවා. ඇමරිකාව බැහැයි කියනවා. ලොව දෙවෙනියට විශාලම ආර්ථිකය සහිත ජපානයේ ඉරණම එය නම් මේ පුංචි දුප්පත් ලංකාව ගහන ගිවිසුම අනාගතයේ කිසිදිනක වෙනස් කරගන්නට හැකි වන්නේ නැහැ.

එමෙන්ම ඔකිනාවා හි මත්පැන් හලකදී කාන්තාවක් දූෂණය කිරීම පිළිබඳ නඩුවක් ඇමරිකානු සෙබළෙකුට පැවරෙනවා. ඇමරිකානු තානාපති කාර්යාලයේ මැදිහත් වී එම නඩුවේ සියලු සාක්ෂිකරුවන් බියගන්වා නැතිනම් මුදල් දී මිලදී අරගෙන මෙම සෙබලා නිදහස් කරගැනීමට කටයුතු කරනවා.

මව්බිම වෙනුවෙන් අමරිකානු මහ කළුගලේ හිස ගසා ගත්තෙමු

ඇමරිකානු හමුදාව ශ්‍රී ලංකාවට පැමිනියහොත් ඉතාම භයානක තත්වයක් තමයි සිදුවන්නේ. අපට ඇමරිකානු හමුදා ගොඩ බැස්සට පස්සේ හරවා යවන්නට බැහැ. නමුත් ඔබ මතක තියාගන්න අපේ මේ ඇමෙරිකානු සටන සුබවාදී ලකුණු පෙන්වන සටනක්. ඇමරිකානු රජයේ වුවමනාවට තමයි අපේ ඉඩම් අයිතිය ගොවීන්ට දීලා එම ඉඩම් ඇමරිකානු සමාගම් ගොවීන්ගෙන් වැඩි මිලට මිලදී ගැනීමේ පළමු පියවර විදිහට ඉඩම් අයිතිය ගොවීන්ට ලබාදෙන බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමේ පනත ගෙන ආවේ රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත ලෙසට. කළුගලේ හැප්පුනාම ඔලුව පැලෙනවා මිසක ගල පුපුරන්නේ නැහැ කියලයි අප අහල තිබුනෙ. ඇමරිකාව මහ කළු ගලක් ලෙසින් පෙනුනත් අප ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මෙය අභියෝගයට ලක් කළා. අපේ තර්ක පිළිඅරගෙන මේ පනත් කෙටුම්පත අත්හිටුවන්නට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ක්‍රමය වැරදි බව තීරණය කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළා. මිත්‍රවරුණි ඇමරිකානු විරෝධී අපේ අරගලය කුලුඳුල් ජයග්‍රහණය වාර්තා කරලා ඉවරයි.

ඒ නිසා අපේ පුංචි දියණියන් ඇමෙරිකානු හමුදා අතින් කිලිටි වෙන මියෙන පොඩිවෙන මල් කැකුළු බවට පත්වීම වළක්වා ගන්නට අවශ්‍ය නම් මේ රටේ පාලකයා අප නොව ඇමරිකාව විසින් තීරණය කරන යුගයක් උදා වීම වළක්වා ගන්නට අවශ්‍ය නම් අප මුතුන් මිත්තන් අපට ලබාදුන් උරුමය ඊළඟ පරම්පරාවට ද භාර දීමට අවශ්‍ය නම් අප මේ ඇමරිකානු ආක්‍රමණය නතර කළ යුතුයි විතරක් නොවෙයි අපට නතර කිරීමටද හැකි කියන එක අප ඉතාම විශ්වාසයෙන් කියනවා.

– අරවින්ද අතුකෝරල




අනවශ්‍ය දේවල්

  • 196,739 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2019
බ්‍ර සි සෙ
« සැප්.    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements