Archive for the 'වෙලෙන්දෝ' Category

01
මැයි
18

රනිල්ගේ වැසිකිලිය කාපං…. කේ.ඩබ්. රෙනරංජන ඔන්න අඹුඩේ ගූ අයිවන් රීලද කොහේද …

රාවයට කෙලින්න ගිය ජනරංජන කල්ලියට වික්ටර් අයිවන්ගෙන් රෙදි ගැලවෙන බඩ විරේකයක්..

රාවයට කෙලින්න ගිය ජනරංජන කල්ලියට වික්ටර් අයිවන්ගෙන් රෙදි ගැලවෙන බඩ විරේකයක්..

රාවය පුවත්පතෙන් පිරිසක් ඉවත්ව ගොස් නව පුවත්පතක් ආරම්භ කිරීමත් සමග දෙපාර්ශවය අතර මතගැටුම් කාරී තත්වයක් සමාජ ජාලයන්හි හා විවිධ මාධ්‍ය මගින් සිදුවෙමින් ඇත.

ආසන්නතම සිදුවීමක් ලෙස රාවය පුවත්පතේ ප‍්‍රධාන කතෘ වික්ටර් අයිවන් මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ දීර්ඝ ලිපියක් පල කර ඇත.

රාවය හිටපු කතෘ කේ.ඩබ්. ජනරංජන මහතා සම්බන්දයෙන් දැඩි විවාදාත්මක අදහස් දැක්වෙන එම සටහන මෙසේය.

ජනමාධ්‍ය චෞරයෝ.

රාවයට මුහුණ දෙන්නට සිදුවී තිබෙන සුවිශේෂ අත්දැකීම් ගැන මා ලියා ඇතත්, රාවයේ වැඩ කළ ජනමාධ්‍යවේදීන් ගැන ලියා ඇත්තේ ඉතාමත් කලාතුරකින් අවස්ථා කිහිපයකදී පමණය. රාවය උදාර අරමුණු ඇතිව ආරම්භ කොට පවත්වාගෙන යමින් තිබෙන පුවත්පතක් වුවද, රාවය එම උදාර අරමුණුවලට ගැළපෙන ජනමාධ්‍ය කණ්ඩායමක් සොයාගෙන ඔවුන් පුරුදු පුහුණු කොට ඔවුන් මත පිහිටා පවත්වාගෙන ගිය පුවත්පතක් ලෙස සැලකිය නොහැකිය. අපට ජීවත් වන්නට සිදුවී තිබෙන්නේ හොඳටම කුණුවූ සමාජයකය. රාවයට ජනමාධ්‍යවේදීන් ලබාගන්නට සිදුවූයේද එම සමාජයෙනි. රාවයට වැඩ කරන්නට සිදුවූ ජනමාධ්‍යවේදීන් අතර ගරු කටයුතු අය සිටියා සේ ම අධම ගණයේ ලා සැලකිය හැකි අයද සිටියේය. මා මෙම ලිපියෙන් සලකා බලනු ඇත්තේ ගරු කටයුතු ගණයට වැටෙන අය ගැන නොව, අධම ගණයට වැටෙන අය ගැනය.

රේඛාට විරේකයක්.

මා මෙවැනි සටහනක් ලියන්නට පෙළඹවූ රේඛා නිලුක්ෂිට මාගේ ස්තුතිය හිමිවිය යුතුය. ඇය මට එරෙහිව ආරම්භ කොට පවත්වාගෙන යන ප්‍රචාරක වැඩසටහනට ලයිට් පත්තු කරනන් හා හූමිටි තබන්නන් අතර බරපතළ වැරදි නිසා රාවයෙන් පලවා හැරිය හෝ රාවය අතහැර පලා ගිය අය ගණනාවක්ද සිටින බව හඳුනා ගන්නට හැකිවීම නිසා ඔවුන්ගේ නියම ස්වභාවය ගැන කතා කිරීම අවශ්‍ය වේයැයි කියන හැඟීම මා තුළ ඇති කිරීමට හේතුවිය.

රේඛා ජනරංජනගේ පාලන කාලයේ රාවයට එකතු වූ අවුරුදු දෙකකට ආසන්න කාලයක් රාවයේ වැඩ කර තිබෙන සාමාන්‍යයෙන් නවකයෙකුට නොලැබෙන තරමේ ලොකු බලපරාක්‍රමයක් හිමිකරගෙන සිටි එම බලය අනුන්ට ප්‍රදර්ශනය කරන්නට යෑම නිසා රාවය කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගේ උපහාසයට සේ ම විරෝධයටද හේතුවී සිටි තරුණ කාන්තාවකි. ඇය අප්‍රේල් 7 වැනිදා මුහුණු පොතට ලියන ලද සටහනට යොදා තිබුණු මාතෘකාව වූයේ ‘චෞර රැජින ගැන ලියපු වික්ටර් අයිවන් චෞර රජෙක්’ යනුවෙනි. ඇය එම ප්‍රවෘත්තියෙන් චෝදනා කර තිබුණේ රාවය වෙබ් අඩවියට ලිපි අප්ලෝඞ්කිරීම වෙනුවෙන් ඇයට දින 06ක් සඳහා ලැබිය යුතුව තිබුණ රුපියල් 15,000ක මුදලක් රාවය ඇයට නුදුන් බවය. ඇය කියන කතාව ඇත්තක් ලෙස සැලකුවද එම කතාවට යොදා තිබෙන ශීර්ෂ පාඨය අනුව ඇගේ උද්දච්චකමේ තරම පමණක් නොව ජනමාධ්‍ය විෂය පිළිබඳව ඇයට තිබෙන නොදැනුමේ තරමද පෙන්නුම් කරයි. දැන් ඇය වැඩ කරන්නේ රාවයේ හිටපු කර්තෘ ජනරංජන සමගය. ඒනිසා ඇගේ එම සටහන ජනරංජනගේ මගපෙන්වීම හා ආශිර්වාදය මත ලියන ලද්දක් ලෙස සැලකිය හැකිය.

පළමුවෙන්ම වෙබ් අඩවියට රාවයේ ලිපි අප්ලෝඞ් කළ පුද්ගලයාට මසකට රුපියල් දස දහසක් ගෙව්වේයැයි කියන කතාව සත්‍යයකි. ඔහු රාවයේ වැඩ කළ කෙනෙකු නොවීය. පිටස්තරව සිට ඒ කාර්යය කළ කෙනෙකි. ඔහු විදේශ ගතවීම නිසා වෙබ් අඩවියට ලිපි අප්ලෝඞ් කිරීම සති කිහිපයකට සිදු නොවී තිබුණි. වෙබ් අඩවියට ලිපි අප්ලෝඞ්නො වීමේ ප්‍රශ්නය කතා කළ අවස්ථාවකදී අප්ලෝඞ් කිරීමේ කාර්යය රාවයේ කෙනෙකුටම භාරදී එම දීමනාව එම පුද් ගලයාට ගෙවිය යුතු බවට ජනරංජන යෝජනා කළේය. මා එම යෝජනාවට ඇතුළත් රුපියල් දසදහසක් ගෙවීමේ කතාවට විරුද්ධ වූවෙමි. ඒ කාලයේ වෙබ් අඩවියට මුළු පුවත්පතම දැම්මේ නැත. දැම්මේ තෝරාගත් ලිපි කිහිපයක්ප මණය. ඒ නිසා ඔහුට ගෙවන ලද මිල පවා සාධාරණ මිලක් නොවන බවත්, මේ කාර්යය සඳහා වැයවන්නේ පැයක් පමණ වන සුළු කාලයක් වන නිසාත් ආයතනයේ කෙනෙකුට භාරදෙන්නේ නම් එය එම පුද්ගලයාට පඩියට අතිරේකව ලැබෙන ආදායමක් වන නිසා සතියකට වරක් අප්ලෝඞ් කිරීමේ කාර්යය සඳහා රුපියල් 1000 ක් බැගින් සති හතරේ මාසයකට රුපියල් 4000ක් ගෙවීම ප්‍රමාණවත් බව මම කීවෙමි. මාගේ එම යෝජනාවට ජනරංජන විරුද්ධ වූයේ නැත. ඉන්පසු කුමක් වී දැයි මම නොදනිමි. ජනරංජන ඉවත්ව යෑමෙන් පසු අප්ලෝඞ් කිරීමේ කාර්යය කරමින් සිටියේ රාවයේ ටයිප්සෙ ටින් අංශයේ සේවය කළ චතුර බුද්ධික නමින් වන තරුණයෙකි. ඒ වගකීම සඳහා ඔහු තෝරාගෙන තිබුණේ ටිරන්ය. ඒ කාලයේදී ඔහුට ගෙවා තිබුණේ සතියේ අප්ලෝඞ් කිරීමක් සඳහා රුපියල් 1000ක මුදලකි. දැන් එම තරුණයා වැඩ කරන්නේද ජනරංජන හා රේඛා සමගය. චතුරගෙන් පසු දැන්, රාවයේ ඒ කාර්යය කරන්නේ රසික ගුණවර්ධනය. ඔහුට ගෙවන්නේද එම ගෙවීමය.

ගමන් වියදම් අවුල

ජනරංජන ඉවත්ව ගියේ ජනවාරි 24 වැනිදාය. රේඛා ඉවත්ව ගියේ ජනවාරි 26 වැනිදාය. ඇය එසේ ඉවත්ව ගොස් තිබුණේ ආයතනයෙන් ලැබීමට හිඟ මුදල් තිබුණේ වී නම් ඒවාද ලබාගෙනය. ඒ අවස්ථාවේදී ඇය අප්ලෝඞ් කිරීමක් සිදුකර ඇත්නම් ඒ සඳහා ලැබිය යුතු මුදල් ඉල්ලා නැත. ඇය ඒ සඳහා ඉල්ලීමක් පළමු වරට කර තිබෙන්නේ අප්‍රේල් 4 වැනිදාය. ඇය අප්ලෝඞ් කිරීම් 6ක් වෙනුවෙන්රු පියල් 15,000ක මුදලක් ඉල්ලා ඇතත්, ඇය එවැනි කාර්යයක් කළේද නැද්ද යන්න ගැන ගණකාධිකාරීවරයාටද කිසිදු අවබෝධයක් තිබී නැත. ඇගේ ඉල්ලීම ඔහු මට කී විට වැඩ කර තිබෙන දින ගණනටඒ වැඩය සඳහා අනෙක් අයට කරන ගෙවීම ඇයටද කරන ලෙස උපදෙස් දුනිමි. ඒ අනුව ඔහු
ඇයට 6000ක මුදලක් ගෙවා ඇතත්, තමන්ට ලැබිය යුත්තේ රුපියල් 15,000ක් බව ප්‍රකාශ කරමින් රුපියල් 6000 භාර ගැනීම ප්‍රතික්ෂේප කොට පොලිසියට පැමිණිලි කරන බව කියමින් කාර්යාලයෙන් පිටවී ගොස්තිබේ.

රේඛා, තරිඳු හා සංජීව ඉවත්ව යන අවස්ථාව වන විට ඒ තිදෙනාම පිටතට ගොස් කරන වැඩ සඳහා ලබාගන්නා වියදම් පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දී සිටියේය. ගමන් වියදම් ප්‍රතිපුර්ණ කරගැනීම සඳහා ඉදිරිපත් වූ ඉල්ලීමකදී ගණකාධිකාරිවරයා මට දුරකතනයෙන් කතා කොට පිටත ගිය ගමනක් සඳහා මුදල් ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන ඉල්ලීමක් ගැන මට කරුණු පැහැදිලි කළේය. පිටතට ගිය ගමනක් සඳහා රුපියල් 12,500ක් කෙනෙකු ඉල්ලුම් කර තිබුණු අතර, ඒ මුදලින් රු. 6500 ක්ම ඉල්ලා තිබුණේ ත්‍රීවීලර් ගාස්තු සඳහාය. බැලූ බැල්මට විශ්වසනීය නොවන ගමන් වියදම් වවුචර් මීට පෙරද දිගින් දිගට ලැබුණු බවත්, එහෙත් ඒවා කර්තෘගේ අනුමැතිය ඇතිව එවන නිසා තමන්ට කළහැකි දෙයක් නොතිබුණු නිසා ඒවාට ගෙවන්නට සිදුවූ බවත් ඔහු කීවේය. මා එම වවුචරයට මුදල් ගෙවීම නතර කොට කර්තෘ මණ්ඩලයේ පිටතට ගොස් කරන වැඩ සඳහා වැය කළ මුදල් පිළිබඳව අවුරුදු තුනකට අදාළ වාර්තාවක්ද විශ්වාසදායක නොවන ගණන් හිලව් ඇතුළත් වවුචර කිහිපයක්ද මා වෙත එවන ලෙස ඉල්ලා සිටියෙමි. වසර තුනක වියදම් වාර්තාව ලැබුණු පසු වියදම්වල යථා තත්ත්වය තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් සංඛ්‍යා සටහනක් මා විසින් සකස් කරන ලදි.

ඒ අනුව විශේෂාංග සඳහා ගමන් වියදම්වල මාසික සාමාන්‍ය මෙසේය. 2015 වසර රු. 31330යි. 2016 වසර රු. 132000යි. 2017 වසර රු. 131451යි. ඒක පුද්ගල මාසික සාමාන්‍ය 2015 වසර සඳහා රු. 4460කි. 2016 වසර සඳහා රු. 16579කි. 2017 වසර සඳහා රු. 18808කි. පුද්ගලයන් අනුව ගත් විට සංජීවගේ මාසික වියදම 2015 සඳහා රු. 18911කි. 2016 සඳහා රු. 27450කි. 2017 වසර සඳහා රු. 34680කි. තරිඳුගේ එය 2015 සඳහා රු. 2630කි. 2016 වසර සඳහා රු. 13249කි. 2017 සඳහා රු. 29533කි. රේඛා සඳහා 2016 වසර සඳහා රු. 12840කි. 2017 වසර සඳහා රු. 28516කි. පිටතට යන ගමන් වියදම්වලදී අඩුම වියදමක් පෙන්නුම් කර තිබුණේ ඉඳුනිල්ය. 2017 වසර සඳහා ඇගේ ගමන් වියදමේ මාසික සාමාන්‍ය රුපියල් 7314කි. බොහෝ අයගේ ගමන් වියදම්වලින් 60%ක් පමණ ත්‍රිවිලර් ගාස්තු විය. මහරගම සිට පිටකොටුවට බස් ගාස්තුව රු. 70කි. වවුචර් වලට යොදා තිබුණ ත්‍රීවිලර් ගාස්තුව රු. 750කි. බස්රථයෙන් ගමන් කොට, ඒ වාට ත්‍රීවිලර් ගාස්තු අය කෙරෙන ක්‍රමයක් ක්‍රියාත්මක වී තිබුණු බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. වවුචර් පරීක්ෂා කරන විට වෙනත් විසමතාද පෙනෙන්නට තිබුණි. එක දුර ප්‍රදේශයකට ගොස් එකතු කරගත් තොරතුරු මත පත්තර දෙකකට ලිපි ලියා ගමන් දෙකකට ගමන් වියදම් අයකරගත් අවස්ථාවක් ද විය. ගෙදර ගිය ගමනකදී එම ප්‍රදේශයේම රාත්‍රී නවාතැන් පොළකට ගාස්තු ගෙවා තිබුණු අවස්ථාවක් ද විය. මා සියාලු වවුචර් පරීක්ෂා කළේ නැත. පරීක්ෂා කළේ කීපයක් පමණි. මා ඒ ගැන ගණකාධිකාරිවරයා අමතා ජනරංජනටද පිටපතක් සහිතව ලිපියක් භාර දුන්නෙමි. ඒ ජනවාරි 17 වැනිදාය. එහි එක් තැනක මෙසේ සඳහන් කළෙමි. ”සමහර වවුචර් ඔබේ විශ්වාසයට හේතුවී නොතිබුණද, ඔබ එම ගෙවීම් කර තිබුණි. එසේ කළේ ඇයිද කියා විමසූ විට ඔබ කීවේ කර්තෘ අනුමත කර තිබුණු නිසා එම මුදල් ගෙවනවා හැරෙන්නට අන් දෙයක් නොතිබුණු බවය. එහෙත් ඔබේ එම ප්‍රවේශය වැරදිය. ලැබෙන වවුචර් විශ්වාසයට හේතු නොවන අවස්ථාවලදී අනුමත කර තිබෙන්නේ කවුරුන් වුවත් ඒ ගැන ප්‍රශ්න කිරීමේ හා සොයා බැලීමේ වගකීමක් ඔබට තිබෙන්නේය.” එම ලිපියේ තවත් තැනක මෙසේ සඳහන් විය.” කර්තෘ මණ්ඩලයේ ගමන් ගාස්තු පිළිබඳව විගණනයකට යෑම අවශ්‍ය වේ යැයි සිතමි. කිසිදු සොයා බැලීමකින් තොරව වියදම් අනුමත කරන හා ඒවාට මුදල් ගෙවන ක්‍රමයක් ආයතනය තුළ ස්ථාපිත වී තිබෙන බව පෙනෙනවා. ආයතනයක් තුළ එවැනි සංස්කෘතියක් ඇතිවූ විට එම ආයතනය පරිහානියට පත්වීම නොවැළැක්විය හැකියි”

ගමන් වියදම් පිළිබඳව මතුවී තිබුණු ප්‍රශ්න හා ඒ ගැන මා විගණනයකට යන බවට කර තිබුණු ප්‍රකාශය කර්තෘ ඇතුළු මේ පිරිස කැළඹීමට පත් කර තිබුණු අතර ඔවුන් රාවයෙන් නික්ම යෑම කෙරෙහි එම ප්‍රශ්නයද වැදගත් සාධකයක් ලෙස බලපාන්නට ඇත. සංජීව ගියේ ඔහුට වැඩ කරන්නට රාවයෙන් දෙන ලද ලැප්ටොප් පරිගණකයද ආපසු භාර නොදීය. ඒ නිසා ඔහුට එරෙහිව පොලිසියට පැමිණිලි කිරීමට රාවයට සිදුවනු ඇත.

එස්.බී.ගෙන් කප්පම් ඉල්ලීම

දැන් මම රේඛාගේ ප්‍රශ්නයෙන් ඉවත් වී ඇය මුහුණු පොතේ පළකරන පදනම් විරහිත වාචාල කතාවලට හූමිටි තියන, ලයිට් පත්තු කරන මීට පෙර විටින් විට විසමාචාර හේතු නිසා රාවයෙන් පලාගිය හෝ රාවයෙන් පලවා හරින ලද අයගේ නියම පසුබිම හා කෙරුවාව තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් හා ලංකාවේ ජනමාධ්‍යවේදය කුණුවී තිබෙන තරම තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් නිදර්ශන කතා කිහිපයක් ඉදිරිපත් කරමි. රාවය මෙතෙක් දුර පැමිණ තිබෙන්නේ පිටතින් එල්ල වන දුෂ්කර අභියෝගවලට පමණක් නොව, ප්‍රකට නැතත් අභ්‍යන්තරයෙන්ද එල්ල වන දුෂ්කර අභියෝගයන්ට මුහුණදෙමින් බව තේරුම් ගැනීමට එම තෝරාගත් ආදර්ශ කතා කිහිපය පාඨකයන්ට ප්‍රයෝජනවත් වනු ඇත.

මා හා ඇමති එස්.බී. දිසානායක අතර කලකට ඉහතදී ලොකු ගැටුමක් තිබුණු බව රාවය පාඨකයන් දන්නෙහිය. අපි දෙදෙනා අතර එවැනි ලොකු ආරාවුලක් තිබුණු අවස්ථාවකදී මාගේ මිත්‍රයෙකු වූ හේමසිරි ප්‍රනාන්දු මට දුරකතනයෙන් කතා කොට හේමසිරිගේ නිවසේදී එස්බීට මා හමුවීමට අවශ්‍ය වී තිබෙන බව කීවේය. මට එස්.බී. සමග මොන කතාවක්දැයි හේමසිරිගෙන් විමසූ විට එස්.බී. රාවයට එරෙහිව මට කියන්න ලොකු කතාවක් තිබෙන බවත්, එය කප්පම් කතාවක් බවත් මා විස්මයට පත්කරමින් හේමසිරි කීවේය. මා නියම කරගත් දිනට නොවළහා එහි පැමිණෙන බව කීවෙමි.

නියම කරගත් දිනයේදී එස්.බී.ගේ කතාව අහන්න මම හේමසිරිගේ නිවසට ගියෙමි. එස්.බී. සමග ඔහුට හිතවත් රාජ්‍ය නිලධාරියකු ලෙස සැලකිය හැකි ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නද එහි පැමිණ සිටියේය. රාවයේ කිහිපදෙනෙකු එස්.බී.ගෙන් ලබාගන්නට අපේක්ෂා කර තිබෙන කප්පම රුපියල් දශ ලක්ෂයකි.

එම දශ ලක්ෂයේ කප්පම ඉල්ලා තිබෙන්නේ සුසන්තිකා ජයසිංහ එස්.බී. ගැන කතා කරන දුර්ලභ ගණයේ හඬ පටියක් ජනමාධ්‍යවලට මුදාහැරීම වැළකීම සඳහාය. කප්පම ලබාගැනීමට උත්සාහ කර ඇත්තේ සුනිල් නවරත්න හරහාය. සුනිල් නවරත්න මෙම තත්ත්වය ඉදිරියේ කොතරම් භීතියට පත් තත්ත්වයක සිටියාද කියතොත් ඔහු එස්.බී. ඇමතිවරයා ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍යම වෙතොත් කප්පම්කරුවන්ට ගෙවන්න රුපියල් දශ ලක්ෂයක්ද සොයාගෙන සිටියේය.

ඒ කාලයේ රාවය, රාවයට අතිරේක වියදම සොයා ගැනීමේ මාර්ගයක් වශයෙන් ක්‍රීඩා පුවත්පතක් පළ කළ අතර මේ වැඩසටහනේ මොළකාරයා ලෙස ක්‍රියාකර තිබුණේ එම පුවත්පතේ කතුවරයාය. ඔහු ගාම්භීර පෙනුමකින් යුතු ජේත්තුවට අඳින පළඳින ගැඹුරු කටහඬක්ද තිබුණු පුද්ගලයෙකු විය. අහිංසක හොඳ පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි රාවයේ කැමරා ශිල්පියා රාවයට අතිරේකව මේ පුවත්පතේද කැමරා ශිල්පියා ලෙස වැඩ කළ අතර පත්තර කප්පම් වැඩසටහනට ඔහුද ලාවට සම්බන්ධ කරගෙන තිබුණි.

මේ දෙදෙනාගෙන් කප්පම් කතාව අසාගෙන මා කාර්යාලයට පැමිණි පසු ඉහත කී ජායයාරූප ශිල්පියා මාගේ කාර්යාලයේ කාමරයට කැඳවා ඔහු සමග සුහද පිළිසඳරක යෙදෙමින් ඒ කතාව අතරමගදී එස්.බී.ගෙන් ලබාගන්නට යන කප්පමෙන් ඔහුට හිමි පංගුව කොතරම් දැයි අසා සිටියෙමි. මාගේ එම ප්‍රශ්නයෙන් බිරාන්ත වූ ඔහු ඒ ගැන තමන් දන්නා තතු මට හෙළි කළේය. මා ඔහුගේ කතාව දැනගැනීමෙන් පසු ඔහු කර තිබෙන වරදේ බරපතළකම ඔහුට පැහැදිලි කරදී ඒ මොහොතේදීම ආයතනයෙන් ඉවත්ව යන ලෙස ඉල්ලා සිටිමින් ජනමාධ්‍යවේදියෙකු ලෙස වැඩ කිරීමට අවශ්‍ය ශික්ෂණය නැතිකම සනාථ කර තිබෙන නිසා මින් මතු කිසිදු ජනමාධ්‍ය ආයතනයක වැඩ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියෙමි. ඔහු ඒ මොහොතේදීම රාවයෙන් පිටවී ගිය අතර ක්‍රීඩා පත්තරේ කතුවරයා හා ගෝලයාද රාවයෙන් යන්න ගියෝය. මෙය පොලිස් පරීක්ෂණයකට පත්වනවා දකින්නට එස්.බී. කැමැත්තක් නොදැක්වීම නිසා ඊට වැඩි ක්‍රියා මාර්ගයක් ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන්නට මට නොහැකි විය.

මේ කතාවට සම්බන්ධ වඩාත්ම අවලස්සන කතාව අසන්නට ලැබුණේ මීට වසර දෙකකට හෝ තුනකට පමණ ඉහතදීය. රාවය අතහැර ගිය ඉහත කී ජායායාරූප ශිල්පියා දීර්ඝ කාලයකට පසුව මා බලන්නට රාවයට පැමිණ මා සමග කරන ලද කතාබහකදී රාවයේ සිටි නම්බුකාර මිනිසකු ගැන අපූරු කතාවක් කීවේය. උපාධිධාරියෙකු වූ එම පුද්ගලයා ඉතාමත් ප්‍රසන්න හා අහිංසක පෙනුමක් තිබූ වර්තමානයේ ජනශ්‍රැතිය පිළිබඳව ලොකු ප්‍රසිද්ධියක් හිමි කරගෙන සිටින රූපවාහිනී නාලිකාවලට වැඩසටහන් ඉදිරිපත් කරන පුද්ගලයෙකි. ජායාරූප ශිල්පියා කියන ලද කතාව අනුව ඔහුට මෙම කප්පම් සිද්ධියේ සුවඳ දැනී එය ආචාර්ය සුනිල් නවරත්න යාළු කරගන්නට අවස්ථාවක් කරගැනීමෙන් නොනැවතී ඒ මගින් වඩා හොඳ රැකියාවක් හිමිකර ගන්නටද ඔහු සමත් වී තිබේ. ඒ ගනුදෙනු වේදී සිදුවී තිබෙන අවලස්සනම දේ ලෙස සැලකිය හැක්කේ තමන්ට ලොකු වැදගත්කමක් ආරෝපණය කරගැනීම සඳහා මෙම කප්පම් වැඩසටහනට මගේද පුංචි සම්බන්ධයක් ඇති බව සුනිල් නවරත්නට කීමය. අපට ජීවත් වන්නට සිදුවී තිබෙන සමාජය කොතරම් බිහිසුණුද?

රෝහණ කුමාර ඝාතනය වසන් කිරීම

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පාලන කාලයේ අවසාන භාගයේ සිට චන්ද්‍රිකා පාලන කාලයේ කිසියම් කාලයක් දක්වා රාවය කවුන්ටර් පොයින්ට් (Counter point) නමින් ඉංග්‍රීසි මාසික සඟරාවක්‌ පළ කළේය. එහි සංස්කාරකවරුන් ලෙස ක්‍රියා කළේ වර්තමානයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්යවරයා ලෙස ක්‍රියා කරන අර්ජුන පරාක්‍රම හා රොයිටර් පුවත්සේවයේ වරුණ කරුණාතිලක යන දෙදෙනාය.

මෙම සඟරාවේ පිටු සකස් කිරීම කළේ රාවයේ ටයිප් සෙටින් අංශයේ වැඩ කළ තරුණයෙකි. ඔහු ප්‍රධාන පෙළේ විද්‍යාලයකින් අධ්‍යාපනය ලැබූ බැලූ බැල්මට අහිංසක පෙනුමකින් යුතු කාර්යශීලී පුද්ගලයෙකි. සඟරාවේ පිටු සකස් කිරීම කෙරුණේ සිරිතක් ලෙස රාත්‍රී කාලයේදීයි. හේතුව සංස්කාරකවරුන් දෙදෙනාම කාර්ය බහුල පුද්ගලයන් වීමය. ඔවුහු රෑ අටට පමණ වැඩ පටන් ගෙන රෑ දෙක තුන වෙනකම් කාර්යාලයේම තිබුණු ඒ සඳහා වෙන් කළ කාමරයක වැඩ කළහ. ඔවුන් වැඩ කරන දිනවල සඟරාවේ පිටු සකස් කිරීමේ කටයුතුවල නිරත වූ ඒ තිදෙනා හැර කාර්යාලයේ සිටියේ මා හා කාර්යාලය බලාගත් පීරිස් අංකල් පමණය.

එසේ වැඩ කළ එක් රාත්‍රියකදී පිටු සකස් කිරීමේ මූලික කටයුතු අවසන් කොට එය මුළුමනින් අවසාන කිරීමේ කාර්යය ඉහත කී තරුණයාට භාරදී අර්ජුන හා වරුණ මධ්‍යම රාත්‍රියද පසුවී කාර්යාලයෙන් ගොස් තිබුණි. එහිදී අර්ජුන තමන් පරිහරණය කළ ලැප්ටොප් පරිගණකය අමතක වී එහි දමා ගොස් තිබුණි. පසුදින උදේ එය රැගෙන යෑමට ඔහු කාර්යාලයට ආ විට ඔවුන් වැඩ කළ කාමරයේ පරිගණකය තිබී නැත. ඉහත කී තරුණයා ආරක්ෂාවට එය කොහේ හෝ තබා තිබේදැයි දුරකතනයෙන් විමසූ විට තමා යන විට එහි පරිගණකයක් නොතිබුණු බව ඔහු ප්‍රකාශ කර තිබුණි. අර්ජුනගේ හා වරුණගේ දැඩි මතය වූයේ ලැප්ටොප් පරිගණකය සොරකම් කළේ ඉහත කී තරුණයා බවය. ඒ ගැන මම ඔහුගෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු රාවය අත්හැර ගියේය.

වඩා වැදගත් වන්නේ ඉන්පසු ඔහු රඟපෑ භූමිකාවය. සටන කර්තෘ රෝහණ කුමාරගේ ඝාතනය ගැන පාඨකයන් දන්නෙහිය. රෝහණ කුමාර හොඳ ජනමාධ්‍යවේදියෙකු ලෙස සැලකිය නොහැකිය. ඔහු රඟපෑවේ චෞර ජනමාධ්‍යවේදියෙකුගේ භූමිකාවකි. ඔහුගේ ඝාතනය පිටුපස ලොකු දේශපාලන කතාවක් තිබුණි. ඔහු චැනල් නයින් සිද්ධිය පදනම් කොටගෙන ජනාධිපතිනිය හා ඇගේ මාධ්‍ය උපදේශක සනත් ගුණතිලකට දරුණු ලෙස පහර ගසන ‘කොමිසනා’ නමින් වන කැසට් පටියක් නිපදවා තිබුණි. රෝහණ කුමාර ඝාතනයට පාදක වූයේ එම කැසට් පටයයි.

රෝහණ කුමාර ඝාතනය ගැන මුලින්ම පරීක්ෂණ පවත්වන ලද්දේ ලංකාවේ ප්‍රකට හා දක්ෂ අපරාධ පරීක්ෂකවරයකු ලෙස සැලකිය හැකි ශානි අබේසේකර විසිනි. එහෙත් ඔහුගේ පරීක්ෂණයෙන් සැකයේ ඇඟිල්ල බැද්දගානේ සංජීව වෙත එල්ලවීම නිසා එම පරීක්ෂණය ඔහුගෙන් ඉවත් කොට අපරාධ පරීක්ෂණ බියුරෝවේ එකල ප්‍රධානියාව සිටි ෂෝ වික්‍රමසිංහ අතට පත්කර තිබුණි. ඔහු එම ඝාතනයේ ඇත්ත වසන් කිරීම සඳහා නිර්මාණය කළ කතාවක් කරළියට ගෙන එන ලදි. ඒ වන විට මමද රෝහණ කුමාර ඝාතනය ගැන බැරැරුම් ලෙස කරුණු සොයා බලන තැනකට යොමුවී සිටියෙමි. මා ඒ පසුපස හඹායමින් සිටින අවස්ථාවකදී රෝහණ කුමාර ඝාතනය වසන් කිරීම සඳහා ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව ෂෝ වික්‍රමසිංහ ද යොදා ගනිමින් කරළියට ගෙනා කතාව රඟදක්වන වැඩසටහනේ අර්ජුනගේ ලැප්ටොප් පරිගණකය සොරකම් කළ තරුණයාද වැදගත් භූමිකාවක් රඟපාමින් සිටින බව සොයාගත හැකිවිය. මා ඔහු රඟපාමින් සිටින භූමිකාව ගැන සියලු තතු දන්නා බව ඔහුගේ මිත්‍රයෙකු මගින් එම පුද්ගලයාට දැනගන්නට සැලැස්සුවෙමි. ඉන්පසු ඔහු කොතරම් භීතියට පත්වීද කියනවා නම් ඔහු ඕස්ට්‍රේලියාවට පලා ගියේය. ඔහුගේ ගමනට අවශ්‍ය වියදම් දරා තිබුණේ ජනාධිපති අරමුදලෙනි. මට එරෙහිව මුහුණු පොත ප්‍රයෝජනයට ගෙන පවත්වාගෙන යන ප්‍රචාරක වැඩසටහනට ඕස්ට්‍රේලියාවට ජීවත් වන එම තක්කඩියාද වැදගත් කොටස්කාරයෙකු වී සිටින බව අසන්නට ලැබුණි.

අගවිනිසුරුගේ සරණ පැතීම

චන්ද්රිකා පාලන කාලයේ රාවයේ වැඩ කළ කැමරා ශිල්පියා ඉදිරිපත් කරන පෙට්‍රල් බිල් ගැන රාවයේ ගණකාධිවරයාගෙන් මට පැමිණිල්ලක් ලැබුණි. මෙම ජායාරූප ශිල්පියාගේ පෙට්‍රල් වියදම් දරන ලද්දේ ආයතනය විසිනි. ඔහු පෙට්‍රල් සඳහා මෙතෙක් ඉදිරිපත් කර තිබෙන සියලුම බිල් එක ඉන්ධන පිරවුම් හලකින් ලබාගත් බිල් බවත්, ඒ බිල් එකට ගෙන පරීක්ෂා කිරීමේදී ඒ හැම බිලකම තිබෙන්නේ එකම අනු අංකයක් බවත් ගණකාධිකාරීවරයා මට කීවේය. බිලේ සඳහන් ඉන්ධන පිරවුම්හලට ගොස් ඒ ගැන ඔවුන් කියන්නේ කුමක්දැයි දැනගන්නා ලෙස මම ගණකාධිකාරීවරයාට උපදෙස් දුනිමි. ඉන්පසු අසන්නට ලැබුණු ප්‍රතිඵලය අපූරුය. ඔහු පෙට්‍රල් බිල්වල තිබුණු ලිපිනයට ඉන්ධන පිරවුම්හල සොයාගෙන ගොස් තිබෙන අතර එම ලිපිනය තිබෙන ස්ථානයේ හෝ ඒ අවට එවැනි ඉන්ධන පිරවුම්හලක් නැති බව ඔහු මට වාර්තා කළේය. ජායාරූප ශිල්පියා මා වෙත කැඳවා ඒ ගැන කරුණු විමසීමක් කළෙමි. ඒ සමග ඔහු රාවයෙන් අතුරුදන් විය.

එම කතාව එතැනින් අවසන්වන්නේ නැත. ඔහු අගවිනිසුරු සරත් සිල්වාගේ පාතාලකාරයා ලෙස සැලකුණු පේරාදෙණිය මල්වත්ත ඝාතනයේ හා යුද්ධයේ අවසාන භාගයේදී සුදුවෑන් රථයකින් ගොස් කොළඹ ප්‍රධාන පෙළේ සීනි මුදලාලි කෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ නඩුවක ප්‍රධාන විත්තිකරුවා වී සිටින රෝහණ කුමාර අල්ලාගෙන අගවිනිසුරුගේද ආශිර්වාද ඇතිව රාවයට එරෙහිව කම්කරු උසාවියේ නඩුවක් පැවරුවේය. එම නඩුවට රාවය වෙනු වෙන් පෙනී සිටියේ නීතිඥ සුරංජිත් හේවාමාන්නය. ඔහු මියයන තෙක්ම මාගේ හොඳම මිතුරෙකුද විය.

නඩු වාර කිහිපයකට පසු ඔහු මට නඩුව ගැන අපූරු කතාවක් කීවේය. නඩුවක් පවත්වාගෙන යෑමේ කිසිම නීත්‍යනුකුල හැකියාවක් එම ජායාරූප ශිල්පියාට නැතත්, නඩුව අසන විනිසුරුවරයා අගවිනිසුරුවරයාගේ රූකඩයක් මෙන් ඔහුගේ වාසියට හේතුවන ලෙස නඩුව පවත්වාගෙන යන බවත්, අවසානයේ විනිශ්චයකාරවරයා ජායාරූප ශිල්පියාට ගෙවීමට වන්දියක් නියම කරනු ඇති බවත් එයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම තේරුමක් නැති බවත් ඒ හැම නඩුවක් කෙරෙහිම සරත් සිල්වා බලපානු ඇති බවත් කීවේය. සියල්ල ඒ විදියටම සිදුවිය. නියම කළ වන්දිය අභියෝගයට ලක්කිරීමට යෑමෙන් තොරව ගෙවීමු. අපේ ජායාරූප ශිල්පියා ඉන් තෘප්තිමත් වූයේ නැත.

ඔහු අගවිනිසුරුගේ පාතාලකාරයා සමග එකතු වී ‘රාවයේ මළගම’ නමින් පොතක් ලීවේය. පළවූයේ පාතාලකාරයාගේ නමින් වුවත්, පොත ලියන්නට ඇත්තේ ජායාරූප ශිල්පියාය. පසුව එම පොතේ ඉංග්‍රීසි අනුවාදයක්ද පළ කෙරුණු අතර ඒ ගැන මා හා කතා කළ එක් විනිශ්චයකාරවරයෙකු මට කීවේ ලියා තිබෙන ඉංග්‍රීසි ශෛලිය අනුව බලන විට පොත ඉංග්‍රීසි භාෂාවට අනුවාදය කරන්නට ඇත්තේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා විය හැකි බවය.

අගවිනිසුරු සරත් සිල්වා හා මා අතර ඇතිවූ ගැටුමේ ප්‍රතිඵලයක් වශයෙන් ලොකු අධිකරණ අර්බුදයක් ඇතිවූ අවස්ථාවේදී සමහර ජනමාධ්‍ය ආයතන හා සමහර ජනමාධ්‍යවේදීන් එම දූෂිත අගවිනිසුරුවරයාට රැකවරණය ලබාදෙන ප්‍රතිපත්තියක් මගින් ඒ සියලුදෙනා අතිවිශාල ඵල ප්‍රයෝජන ලැබූ ආකාරය ගැන මා මීට පෙර ලියා තිබේ. එහෙත් එම අර්බුදයෙන් අයුතු වාසි ලබාගත් අය රාවයේද සිටි බව මේ කතාව කියන්නට පෙර පාඨකයන් කිසිවෙක් දැන නොසිටින්නට ඇත. එහෙත් එම අර්බුදයෙන් ඵල ප්‍රයෝජනය ලැබූ එකම ජනමාධ්‍යවේදියා ඉහත කී ජායාරූප ශිල්පියා පමණක් නොවන අතර දෙවැන්නෙක්ද සිටියේය.

ඉතා කෙටියෙන් මේ දෙවැන්නාගේ කතාව මෙසේය. ඔහු අධිකරණයට සම්බන්ධයක් තිබූ රාවයේ වැඩ කළ ජනමාධ්‍යවේදියෙකි. ජායාරූප ශිල්පියාට ප්‍රසන්න පෙනුමක් නොතිබුණද මේ පුද්ගලයාට තිබුණේ ඉතාමත් අහිංසක ප්‍රසන්න පෙනුමකි. අගවිනිසුරු හා මා අතර තිබූ ගැටුම ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබුණි. මේ අර්බුදය ප්‍රයෝජනයට ගෙන ලොකු දුර ගමනක් යා හැකි බව ඔහු තේරුම් ගෙන සිටියා විය යුතුය. රටේ ප්‍රධාන පෙලේ ටෙලිවිෂන් ආයතනයකට අධිකරණයේ නඩු 17ක් තිබුණි. ඉන් එක් නඩුවක්වි දේශ සමාගමක් විසින් පවරන ලද දැවැන්ත වන්දි නඩුවක් විය. ඔහු මෙම අර්බුදය එම ටෙලිවිෂන් ආයතනයේ හිමිකරුවාට ළංවීමට අවස්ථාවක් කරගත්තේය. තමන්ට සී.ජේ. සමග කතා කොට මෙම නඩු 17ම විසඳිය හැකි බව ඔහු ඔහුට කියන්නට ඇත. ඒ මගින් ඔහු ටෙලිවිෂන් ආයතනයේ රක්ෂාවක් ලබාගත්තා පමණක් නොව ටෙලිවිෂන් ආයතනයේ හිමිකරුගේ නඩු අගවිනිසුරු ලවා පස්සා දොරෙන් විසඳා දෙන අතරමැදියෙකු ලෙසද ක්‍රියා කළේය. ඒ වෙනු වෙන් ඔහු සමහරවිට ටෙලිවිෂන් ආයතන හිමිකරුවාගෙන් ලොකු පගාවක් ද ගත්තා විය හැකිය. තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමෙන් පසු මොන හේතුවක් නිසා හෝ ටෙලිවිෂන් ආයතයේ හිමිකරුට මේ පුද්ගලයා එපා වී ඔහු ආයතනයෙන් පලවා හැරියේය. ජනමාධ්‍යවේදියා එම ආයතනයට එරෙහිව නඩුවක් පවරන ලද අතර මෙම ජනමාධ්‍යවේදියා කියන අවලස්සන කතාවද එම නඩුවේ ලිපිගොනුවට ඇතුළත්ය. මේ විෂයේදී කතා කරන්නට තවත් වැදගත් චරිත ගණනාවක්ම ඇතත්, මෙම ලිපිය කොටස් වශයෙන් පළකෙරෙන ලිපියක් බවට පත්කිරීම අවශ්‍ය නොවන නිසා එම චරිත ගැන කතා කිරීමෙන් වැළකී මෙම ලිපිය අවසන් කරන්නට මට සිදුවී තිබේ. ලිපිය අවසන් කරන්නට පෙර කිවයුතුව තිබෙන තවත් වැදගත්ම දෙයක් වනුයේ අධම ගණයෙහිලා සැලකිය හැකි අය අතර දක්ෂයන්ද සිටි බවය. ඒ සියලුදෙනා එකට එකතු කොට පුවත්පතක් ආරම්භ කළහොත් එයඉතාමත් සුවිශේෂ සලාදයක් බඳු පුවත්පතක් බවට පත්වනු නොඅනුමානය.

රාවය පාඨකයන් සේ ම රාවය හදාරන්නන්ද දන්නේ රාවයට බාහිරෙන් එල්ල වූ අභියෝග ගැන පමණය. රාවය මේ දක්වා යන ගමන පැමිණ ඇත්තේ බාහිර අභියෝගවලට පමණක් නොව, ඒ සමාන තරමකට අභ්‍යන්තරයෙන් එල්ල වන අභියෝගයන්ටද මුහුණදෙමිනි. අවසාන විග්‍රහයේදී කොතරම් බල්ලන් බිරුවත් තවලම ඉදිරියටම යන්නා සේ රාවයද ඉදිරියටම යනු ඇත්තේය.

– victor ivan FB

Advertisements
23
මාර්තු
18

සමන් වික්‍රමාරච්චි ගේ ග‍ොං පාට්

ඇත්ත. මේ ලියන්න යන්නේ සමන් වික‍්‍රමාරච්චි ගැනයි. ඔහුගේ දුක්ගැනවිල්ල ගැනයි. ඔහුවත් නොදන්නා ඔහුට සිදුවී ඇති නස්පැත්තිය ගැනයි.

සම්මානයක් යනු කිසියම් ඇගයීමක් වන අතර කියැවීමක්ද වන්නේය. සම්මානයක් අරබයා කියැවීම එකවර ද්විගුණික වේ. එනම් අදාළ සම්මානය සඳහා සලකා බලනු ලබන කෘතිය කිසියම් පිරිසකගේ (ජූරිය) රසඥතාව, දැනුම, අත්දැකීම, සංවිධායකයින්ගේ කොන්දේසි මාලාව ආදී අංග ලක්ෂණ ගණනාවකින් ව්‍යුහගතවූ “කියැවීමකට”ලක්වන විට කෘතියේ රචකයා ද කියවන්නියන්ගේ “කියැවීමට”ලක්වන්නේ “සම්මාන ලාභී හෝ නොලාභී” නම් සංකේත ප‍්‍රාග්ධනයකට යටත්වය. “සම්මාන බලාගෙන අපි ලියන්නේ නෑ”කියනවිට මෙම “සම්මාන නොලාභී”වුවද කියවන්නියන්ගේ සාපේක්ෂ වටිනාකමකට ලක්වන්නේ “රැඩිකල්”නම් ව්‍යාජ ලේබලයක් අදාළ රචකයාගේ නමට ඉදිරියෙන් කියවන්නිය විසින් විශේෂණ පදයක් කර ගැනීම හේතුවෙනි. එබැවින් සම්මානදීම යනු ජංගි ඇන්දවීමක් පමණක් බවත්, ස්වර්ණ පුස්තකය යනු වෙළෙන්දන්ගේ වෙළෙඳ උපක‍්‍රමයක් බවත් පිළිගන්නා අතරම ඒ ජංගිය ඇඳ ගැනීමට මේ තරම් ආශාවක් කෙනෙකුට ජනිත වන්නේ ඇයි? ඒ ජංගිය ඇඳ ගැනීමට අවස්ථාව නොලැබුණු විට ජංගියෙන් මුහුණ වසාගෙන “ගලේ පැහැරූ බළලෙක් මෙන්”තමන් නිරාවරණය වීම සාහිත්‍ය ප‍්‍රගමනයේ අංගයක් ලෙස හුවාදැක්වීමට අසාර්ථක ප‍්‍රයත්නයක යෙදෙන්නේ මන්ද?

මුහුණු පොතේ අවතාර හා පුවත්පත් අවතාර

“මුහුණු පොත යනු අශාරීරික අවතාර ගැවසෙන අශ්ලීල අඩවියක් බව නොකිව යුතු තරම්ය. අනන්‍යතා අර්බුදවලින් පෙළෙන්නන් තමා විසින් තමාවම නිර්මාණය කර ගැනීමට උත්සාහ කරන්නේ මුහුණු පොත තුළ විකාර ලිවීමෙනි.”(වික‍්‍රමාරච්චි:2016 අගෝස්තු 28/සත්හඬ/සිහිනයඃපිටුව 07).

කෙනෙකුගේ අනන්‍යතා අර්බුදය ආරම්භ වන්නේ මිනිස් විෂයේ ඛණ්ඩනය සිදුවන මවගේ ගර්භාෂයෙන් පිටතට වීසිවන අවස්ථාවේ සිටම බවත්, එය ලෙඩක් නොවන බවත් (ලෙඩක් දක්වා වර්ධනය විය හැකි නමුත්) මනෝ විශ්ලේෂණ විෂය ක්ෂේත‍්‍රයේ ඔස්තාර් කෙනෙකු යයි සිතාගෙන සිටින වික‍්‍රමාරච්චිට සිහිපත් කරදීමට සිදුවීම කනගාටුවට කරුණකි. පත්තරේකට ලිපියක් ලිවීමෙන්, නඩු තීන්දුවකට අත්සන යෙදීමෙන්, දිනමිණ පත්තරේට ලිපිය ගෙනයාමට ලේක්හවුස් සේවිකාවකගේ ස්වාමියා ගෙදරට කැඳවීමට ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරියා හරහා පණිවිඩ යැවීමෙන් සිදුවන්නේද අනන්‍යතාව තහවුරු කිරීම (අර්බුදයෙන් ගැලවීම) මිස අන් යමක් නොවේ. එකී ක‍්‍රියා තුළින් අනන්‍යතාව සෙවීම සත් ක‍්‍රියාවක් වී මුහුණු පොතේ අනන්‍යතාව සෙවීම පහත් ක‍්‍රියාවක් වන්නේ නැත. අනෙක් අතට අවතාර, හොල්මන් ආදීන් සමග ගනුදෙනු කරන්නේ යන්ත‍්‍ර, මන්ත‍්‍ර, ගුරුකම් විශ්වාස කරන හා එමගින් යැපෙන කට්ටඬින් මිස විද්‍යාත්මක දැනුම කෙරෙහි විශ්වාසය තබා ඇත්තන් නොවේ. මුහුණු පොතේ අවතාරයකට පිළිතුරු දෙන්නට තරම් වික‍්‍රමාරච්චි ඉදිරිපත්වීමම, මුහුණුපොත සීරියස් ලෙස බාරගැනීමකි. “තමන් කියන්නේ කුමක් වුවද, තමන්ගේ බාරගනු ලබන්නේ එහිම ප‍්‍රතිපක්ෂය’ බැව් තහවුරු කිරීමකි. වික‍්‍රමාරච්චිගේ අදහස් ලෝකය හා ව්‍යවහාරික ජීවිතය අතර පවත්නා දුරස්ථභාවය ප‍්‍රත්‍යක්ෂ කිරීමකි. හෙතෙම මෙසේ කියයි.

“මෙතන මාෆියාවක් තියෙනව තමයි. ස්වර්ණ පුස්තකය කියන්නේ බිස්නස් වැඩක්. සම්මානය සමග ලැබෙන රුපියල් ලක්ෂ පහ නිසා ලේඛකයා ඊට මැදිහත්වෙලා ඉන්නවා. ලක්ෂ පහ නොතිබුණානම් ඒක කිසිම වැඩකට නැති දෙයක්”( (වික‍්‍රමාරච්චි:2016 අගෝස්තු 30/ලංකාදීප/විමංසාඃපිටුව 01-ගාමිණී කන්දේපොල සමග සාකච්ඡාව).

මුහුණුපොතේ ලියන්නන්ගේ අනන්‍යතා අර්බුදය ගැන ලියන ඔහු ස්වර්ණ පුස්තකයෙන් මතු නොව ඊට ලැබෙන ලක්ෂ පහෙන් තම අනන්‍යතා අර්බුදයට පිළියමක් යොදාගැනීමට දැරුව උත්සාහය පිළිබඳ මතක ආවර්ජනයේ යෙදෙන්නේ මේ අයුරිනි.
“සම්මානයක් ලැබීමෙන් ලේඛකයා හිතනවා එයින් තමාට පිළිගැනීමක් ඇතිවෙනවා කියල. අපි හිතනවා අපි දිහා කවුරු හරි බලාගෙන ඉන්නවා කියලා. ඒ අය සතුටු කරන්න තමයි අපි බලන්නේ. එහෙම කෙනෙක් නැති බව පිළිගන්න කැමති නෑ.”(වික‍්‍රමාරච්චි:2016 අගෝස්තු 30/ලංකාදීප/විමංසාඃපිටුව 01-ගාමිණී කන්දේපොල සමග සාකච්ඡාව).

තමන් දිහා බලාගෙන සිටින කවුරු හරි කෙනා, තෙවන පාර්ශවය හෙවත් මහ අනෙකා තමන් දිහා බලන්නේ ලක්ෂ 5ක් ලැබුණොත් යයි තරයේ විශ්වාස කරන ඔහු මුහුණුපොතේ ලියන්නා තුන්වෙනි පාර්ශවකින් අනන්‍යතාව සෙවීම බරපතළ ගැටළුවක් කර ගනියි. දීප්තිව උපුටා දක්වමින් ඔහු නැවත මෙසේ ලියයි.

“මුහණුපොත තුළ ඔබට හිමිව ඇති අනන්‍යතාව පාර එකකි. ඉන් මිදීමට නම් ඔබ තෙවෙනි පාර්ශවයක් සමග විශ්වාසයකට යා යුතුය. එනම් මහ අනෙකාය. අප මේ මුහුණුපොත තුළ ලියන්නේ කාටද? එය අප ලියන්නේ ඊ-මේල් හෝ ලිපියක හෝ පරිදි සුවිශේෂී පුද්ගලයෙකුට නොවේ. අඥාත තෙවන පාර්ශවයක් වෙනුවෙන් මිස මුහුණු පොත තුළ වෙන ලිවීමක් නැත.”(වික‍්‍රමාරච්චි:2016 අගෝස්තු 28/සත්හ`ඩ/සිහිනයඃපිටුව 07).

මෙමගින් පැහැදිලි වන්නේ පුවත්පතට ලිවීමෙන්, සම්මුඛ සාකච්ඡාවක් දීමෙන්, ස්වර්ණ පුස්තකය ලැබීමෙන් තමන් දෙස බලා සිටින තෙවන පාර්ශවය හෙවත් ‘මහ අනෙකා’තමාට තමාව නිර්මාණය කර ගැනීමට උදාකර දෙනු ලබන අවස්ථාව පිළිබඳ බෙහෙවින් සවිඥානක වන වික‍්‍රමාරච්චි, මුහුණු පොතේ ලියන්නා අඥාත තෙවන පාර්ශවකින් තම අනන්‍යතාව අපේක්ෂා කිරීම බැරෑරුම් ගැටළුවක් ලෙස බාරගැනීමයි. එසේ වන්නේ පුවත්පත මිලදී ගනු ලබන තැනැත්තා තමන් ලියන ලිපිය අනිවාර්යෙන් කියවීම, හෝ පුවත්පතේ පිටු බත් එතීම හෝ වෙනම් දේකට එම කඩදාසි භාවිතා නොකිරීම, පුවත්පත පවත්වාගෙන යන්නේ වෙළෙඳ දැන්වීම්වලින් හෝ වෙනත් සෘජු හා වක‍්‍ර ගනුදෙනු වල ප‍්‍රතිඵලයක් ලෙස නොව අලෙවියෙන් ලැබෙන ආදායමෙන් පමණක්වීම යයි හෙතෙම විශ්වාස කරන නිසා විය යුතුය. එවිට පුවත්පතට බැල්ම හෙළන මහ අනෙකා “මහා”වී “මුහුණු පොතට බැල්ම හෙළන මහ අනෙකා “මහා නොවීම” පිළිබඳ වික‍්‍රමාරච්චිට සහතිකයක් දෙනු ලැබ ඇත්තේ කවුරුන්ද? වික‍්‍රමාරච්චිගේ ගැටළුව ඇත්තේ මෙතනය.

“සම්මානයක් ලැබෙන කෙනාට අනන්‍යතාවක් ලැබෙනව. ආත්මය ගොඩනඟා ගැනීමට එය හේතුවක් වෙනවා. ඒකෙ වැරැද්දක් කියන්න බෑ. හැබැයි සම්මාන බලාගෙන ලියන්න ගියාම ලේඛකයා එක තැනකට කොටුවෙනවා. වෙනස් දෙයක් ලියන්න ඕනෑ කියලා හිතෙන්නේ නෑ. වෙනස් දෙයක් ලිව්වාම සම්මාන ලැබෙන්නේ නෑ. අනික සම්මාන ලැබීම හරිම විනෝදයට කාරණයක් වෙලා. පසුගිය දිනවල මේ පොත් දෙක ඉවත්කිරීමේ අර්බුදයත් එක්ක ඇතැම් අය මාර විනෝදයක් ලැබුවා.”(වික‍්‍රමාරච්චි:2016 අගෝස්තු 30/ලංකාදීප/විමංසාඃපිටුව 01-ගාමිණී කන්දේපොල සමග සාකච්ඡාව).

අනුන් “මාර විනෝදයක්”ලැබුවා යයි (අනෙකාගේ ප‍්‍රමෝදය) ලංකාදීපයේදී උපකල්පනය කරන ඔහු 2016 ජූලි 31 සත්හඬ පුවත්පතේ සිය ලිපිය ආරම්භ කරන්නේම “ඔවුහු මගේ විනෝදය අහිමි කරමින් සිටිති”යන වැකියෙනි. එබැවින් විනෝදය කාගේද? එය අහිමිව ඇත්තේ කාටදැයි පැහැදිලි වනු ඇත.

පුරා දශක එක හමාරක් තිස්සේ සාහිත්‍යය, කලාව, සිනමාව පිළිබඳ උනන්දුවෙන් ඒ පිළිබඳ කියවීම්, හැදෑරීම් කරමින්, කියවන්නන්ට හදාරන්නන්ට සහයෝගය දෙමින් කටයුතු කරන මා ලංකාවේ ප‍්‍රමුඛතම සාහිත්‍ය සම්මාන උළෙලක දෙවන වටයට තේරීපත්ව ආ කෘති පිළිබඳ උනන්දුවීම අහම්බයක් විය හැකිද? මා ෆේස්බුක් හා බ්ලොග් අඩවි මාධ්‍යයත් අතර මාධ්‍යයක් වන medium.com හි මාගේ මැදිහත්වීමත්, එයින් උද්ගතවූ අහඹු සංසිද්ධියත් ගැන දීර්ඝ සටහනක් තැබුවෙමි. ඉන්පසු එය ෆේස්බුක්හි ශෙයාර් කළෙමි. එහි එක් තැනක මෙසේ සඳහන්ය.

‘‘2016 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දෙවන වටයේ කෘති 12 ප‍්‍රකාශයට පත්වීමෙන් පසු ඒ පිළිබඳ ජනක ඉණිමංකඩ විසින් ෆේස් බුක් වෙත එම ලැයිස්තුව මුදා හැර තිබිණි. පුවත්පත්වල කොටස් වශයෙන් පළවූ ප‍්‍රබන්ධයන් දෙකක්ද, එම ලැයිස්තුවට එක්ව තිබිණි. ඒ “අසන්ධිමිත්තා” සහ “සැප්තැම්බරයේ දිග දවසක්”ය. මෙම කෘති දෙකටම මා කැමතිය. විශේෂයෙන්ම “අසන්ධිමිත්තා” යනු සම්ප‍්‍රායික ආඛ්‍යාන රීතිය උඩුයටිකුරු කළ කෘතියකි. ඒ සම්බන්ධයෙන්වූ මගේ කියවීම කලකට ඉහතදී රාවයට ලියා සිටියේද එබැවිනි. මෙම කෘති දෙවන වටයට තේරී ආවේ පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය විසින් සිය සම්මානය සඳහා සලකා බලන කොන්දේසි ලිහිල්වී ඇති නිසා යයි මම සිතුවෙමි. එය සැකහැර දැනගනු පිණිස මම ජනකට කතා කළෙමි. සිදුව තිබුණේ කොන්දේසි ලිහිල්මක් නොව ජූරියේ කිසිවෙකු එම කෘති, මීට පෙරාතුව පුවත්පත්වල කොටස් කිහිපයක් හෝ පළවූ බව නොදැන සිටීමය. කාගේ කෘතියට සම්මාන ලැබුණද, කාගේ කෘතියක් කැපී ගියද පුද්ගලිකව මගේ තවානේ තම්පලා පොඩිවන්නේ නැත. මං ජනකට කතා කොට විමසන ලද්දේ ඒ පිළිබඳ මා තුළවූ උනන්දුව නිසා කරුණු දැන ගැනීමට මිස පුද්ගලිකව කිසිවෙකුට හෝ කෙළවන්නට නොවේ”

මවිසින් මෙලෙස medium.com හි තැබූ සම්පූර්ණ සටහන සමන් වික‍්‍රමාරච්චි විසින් 2016 අගෝස්තු 28 සත්හඬ කලාපයේ සිහිනය අතිරේකයේ පිටුව 07 හි උපුටා දැක්වූ බව ඔහු විසින් පවසා ඇති නමුත් ඉහත පරිච්ඡේදයේ එක වැකියක් පළවී තිබුණේ දෝෂ සහිතවය. “මෙම කෘති දෙවන වටයට තේරී ආවේ පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය විසින් සිය සම්මානය සඳහා සලකා එය සැකහැර දැනගනු පිණිස මම ජනකට කතා කළෙමි’’යනුවෙන් එහි දැක්විණි.

මෙය මුද්‍රණ දෝෂයක් යයි මූලාරම්භයේදී මවිසින් විශ්වාස කළද, එය හිතා මතාම තමාගේ පහර ගැසීමට නිමිත්තක් කර ගනු පිණිස කරන ලද විකෘති කරන ලද්දක් බව මා හට ප‍්‍රත්‍යක්ෂ වූයේ “කාටවත් කෙළවන්නට කළ දෙයක් නොවේ නම් (කාටවත් සම්මාන ලැබුණාම තමාගේ වත්තේ තම්පලා පොඩි නොවන්නේනම් ) ඒ බව කියන්නේ කුමකටද” යනුවෙන් වික‍්‍රමාරච්චි විසින් මීළඟ සත්හඬ පුවත්පතේ තම ලිපියෙන් විමසා සිටීමෙනි. (2016–09–04 සත්හඬ). මෙය සැබවින්ම නින්දිත, කුහක හා ජඩ භාවිතාවකි. තම බඩ වඩා ගැනීම හෝ අනුන්ට කෙළවීම පමණක් ජීවිතය ලෙස අභ්‍යාස කරමින් සිටින්නෙකුට සාහිත්‍ය කලාව ගැන උනන්දුවෙන් කරුණක් දැන ගැනීමට තවත් කෙනෙකු දන්නා හඳුනන අයෙකුට කතා කිරීම පවා “කෙළවීමට උත්සාහ කිරීමක්”ලෙස ඒත්තුයාම වටහාගත හැකිය. එහෙත් ඒ සඳහා රචකයා ලියූ දෙයක් සම්පූර්ණයෙන් පළකරන බව පවසා එය විකෘති වැකි සහිතව පළකොට තමා විසින් විකෘති කරන ලද කොටස පමණක් උපුටා පහරගැසීම තරම් පාහරකමක් තවත් තිබිය හැකිද?

සරත් ආබෘ සහ සමන් වික‍්‍රමාරච්චි

“බසයක කොන්දොස්තර රැකියාව කරන්නෙකුට කිසිවක් ලියන්නට අවශ්‍ය වූ විටෙක බිරිඳ විසින් මේසය හොළවන විට මිස මේසය මත තබා කිසිවක් ලියන්නට හැකියාවක් නැතැයි” උපහාසාත්මක කතාවක් පවතී. එය හුදෙක් උපහාසයට කියන කතාවක් වුවද, තමාගේ වෘත්තීයයි ව්‍යවහාරික ජීවිතයයි අතර යම් සාම්‍යයත්වයක් පැවැතිය හැකිය. සමන් වික‍්‍රමාරච්චිට සිදුව ඇති අලකලංචිය වටහා ගැනීමේ යතුර ඇත්තේද ඔහුගේ නඩුකාර වෘත්තිය තුළ බැව් මගේ පුද්ගලික හැඟීමය. ඔහු වඩාත් අකමැති වුවද එම සාම්‍යත්වය සමග නිරායාසයෙන් පැටලෙන්නට සිදුවීම එක්තරා සරදමකි. විශ‍්‍රාම සුවයෙන් පසු වුවද වසර ගණනාවක් තිස්සේ ව්‍යවහාරික ජීවිතයේ ලද අභ්‍යාසය තවමත් ඔහු අතහැර ගොස් නැත. ඔහු පොත් කියවන්නේනම් හැදෑරීම් කරන්නේනම් මේ සා විහිළුකාරයෙකු වීමට කිසිදු හේතුවක් නැත. ඔහු කියවන්නේ නැත. ඔහු වෙනුවෙන් බාත් කියවා තිබේ. ඔහු වෙනුවෙන් ලැකාන් කියවා තිබේ. ඔහු වෙනුවෙන් ඩෙරීඩාද, ශිෂෙක්ද, ලංකාවෙන් දීප්ති ද කියවා තිබේ. එබැවින් ඔහු කියවිය යුතු නැත.

සැබවින්ම ඔහුට කළ යුතුව ඇත්තේ එකී කියවීම් ආශ‍්‍රයෙන් තීන්දු දීම පමණි. නඩුකාර උන්නාන්සේලා තමන් විසින් දෙනු ලබන තීන්දු සම්බන්ධයෙන් කරුණු දැක්වීම් නොකරයි. සාක්ෂිකරුවන්ද, පෙරකදෝරුවන්ද අදාළ නඩුව වෙනුවෙන් අපමණ කරුණු දැක්වීම් සිදුකරනු ලැබෙයි. අවසානයේ ඒවාට ඇහුන්කන්දීමෙන් පසුව තම තීන්දුව ප‍්‍රකාශයට පත්කිරීම පමණක් ඔහු විසින් සිදුකරයි. සමන් වික‍්‍රමාරච්චිගේ විචාර (කියැවීම්) යනුම තීන්දු පමණකි. ඒ නිසාම තමන් ලියන කියන දේ තමාටද අදාළ වන බවක් ඔහු නොදනියි. අනුන්ගේ අවිඥානයද, අනන්‍යතා අර්බුදයද පිළිබඳ තීන්දු ගනිද්දී එයින් තමන්ගේ අවිඥානයද, අනන්‍යතා අර්බුදයද ප‍්‍රකාශමානවන බවක් හෙතෙම නොදනියි. අනුන්ට පහර ගැසීමට ලියූ දෙයක් උපුටා දක්වනවිට තමාට අවශ්‍ය පරිදි විකෘති කොට උපුටා දක්වන්නට කිසිදු මැලිකමක් නොදක්වයි. මන්දයත් ඒ වෙනුවෙන් කරුණු දැක්විය යුතු යයි තමන් කිසිවිටෙකත් විශ්වාස නොකරයි. අනුන්ට නීතියෙන් දඬුවම් කරන්නට නියෝග පනවන අතර තමාද එකී නීතියේම කොටස්කාරයෙකු බැව් මෙවන් නඩුකාර උන්නාන්සේලා නිරායාසයෙන්ම අමතක කරයි. මෑත කාලයේ ඊට ලබාදිය හැකි හොඳම නිදසුන වන්නේ විනිසුරු සරත් ආබෘය. මීට පෙරාතුව ලෙනින් රත්නායක, සරත් එන් සිල්වා වැනි විනිසුරන් පිළිබඳව ද බොහෝ කරුණු කාරණා ඇතත් සරත් ආබෘට ස්වකීය ජීවිතයේ අවසන් පරිච්ඡේදය වසා දමන්නට සිදුවීමේ ස්වරූපය පිළිබඳ බොහෝ දෙනෙකු කතා කරන්නට යෙදුණි.

අපරාධ නඩුවකට අත්අඩංගුවට පත්වුණු ප‍්‍රථම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාගේ බරපතළ ලිංගික අ`ඩතෙට්ටම් නඩුව ඉකුත් සැප්තැම්බර් 14 වනදා විභාගයට ගැනීමට නියමිතව තිබියදී නිවසේ ඉහළ මාලයෙන් ඇදවැටී අභිරහස් ලෙස ඔහු මිය ගියේය. ඔහුගේ චෝදනා ගහණ අපකීර්තිමත් වෘත්තීය හා පුද්ගලික ජීවිතයේ වැඩිම කලක් පුද්ගලික ආරක්ෂක නිලධාරියාව සිටි පොලිස් නිලධාරියාගේ පාපොච්චාරණය තුළින් නීතියේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටිමින් ඊට ප‍්‍රතිපක්ෂ භාවිතාව ගැන කදිම හෙළිදරව්වක් මාධ්‍යයෙන් ප‍්‍රකාශයට පත්විය. වික‍්‍රමාරච්චි බෙහෙවින් ආසක්තව සිටින පරමාදර්ශි චරිතයක්වන ස්ලෙවෝජ් ශිෂෙක් (ජිජැක්) මෙම නීතියේ හා විනිසුරුවන්ගේ අශ්ලීලත්වය පිළිබ`ද මනාව පෙන්වාදී තිබේ.

ශිෂෙක්ට අනුව සුපිරි අහම හා අවිඥානය අතර අවියෝජනීය සම්බන්ධය සාහිත්‍යයේදී ඉදිරිපත් කරන විශ්ෂ්ටයෙකු වන්නේ ෆ‍්‍රාන්ස් කෆ්කාය. කෆ්කාගේ අවධානය යොමුවූයේ “කිසිවක් අවශ්‍ය නැති කිසිවක් අඩු නැති නීතියේ අන්ධ යාන්ත‍්‍රණයයි”. එහෙත් කෆ්කා විසින් මෙම නීතිය පෙන්වාදී ඇත්තේ විනෝදයේ හිතුවක්කාරී තර්කය මත පදනම්වූ නොගැලපෙන දෙයක් ලෙසය. අවිඥානය, බොහෝවිට අශිෂ්ට, තහනම් සහජාසයේ ජලාශයක් ලෙස හැඩගැන්වෙන අතර ඒවා ක්ෂිතිමය, කුරිරු, චපල, අප‍්‍රබුද්ධ හා අතාර්කික නීති පෙළක විවෘත නොමැති ව්‍යුහයක් වන අයුරු කෆ්කා පෙන්වා දෙයි. මෙම නීති පද්ධති සෑදී ඇත්තේ තහංචි හා තහනම් ආඥා පද්ධතියකිනි. The Trial (1925) කෘතියේ අධිකරණ දර්ශනයෙන් පෙනී යන්නේ නීතියේ නීතිමය නොවන ස්වරූපය පැහැදිලිකිරීමට එහි ප‍්‍රධාන චරිතය වන ජෝසෆ් කේ කරන අරගලයයි. Trialහි තුලනාත්මක දර්ශන දෙකක් මගින් පොදු නීතිය හා අශ්ලීලත්වය අතර සබඳතාව තවදුරටත් ගවේෂණය කර තිබේ. පළමු දර්ශනය නම් පූජකයෙකු විසින් පැහැදිලි කර දෙනු ලබන කෙටි උපමා කතාවකි. දොරටුවක් තුළින් නීතිය වෙත ප‍්‍රවේශවීමට කැමති ගම් වැසියෙකු පැමිණෙයි. උසාවියේ සේවය කරනු ලබන දොරටුපාලකයා විසින් මෙම වැසියා නවත්වනු ලබයි. මෙහිදී දොරටුපාලකයා, ගම්වැසියා වෙනුවෙන්ම ඔහු අපේක්ෂාවෙන් සිටින බව ඒත්තු ගන්වයි. දෙවන දර්ශනයේදී නීතියේ තවත් දොරටුවක් අභියසදී ජෝසෆ් කේට තමා හමුවේ. එම දෙවන අවස්ථවේදී දරුවන්ගේ රෙදි සෝදමින් සිටින සරාගික ගැහැණියක ඔහුගේ සම්පූර්ණ කැමැත්තකින් තොරවම විමර්ශන කුටියට හෙතෙම තල්ලූ කරයි. ශිෂෙක්ට අනුව පළමු අවස්ථාවේදී පෙන්නුම් කරනුයේ ඉක්මවා යා නොහැකි නීතියේ පූජනීය ස්ථානයෙන් දෛනික ජීවිතය වෙන්කරන පෙරමුණයි. එසේ වුවද, දෙවන අවස්ථාව මෙම උපකල්පනයට මුළුමනින්ම ප‍්‍රතිවිරෝධීය. එමගින් පෙන්නුම් කරනුයේ එම පෙරමුණ පැවතියද, එය පහසුවෙන් ඉක්මවා යා හැකි බවයි. වික‍්‍රමාරච්චිද මෙලෙස පහසුවෙන් නීතියේ සීමාව ඉක්මවා යයි. තමාගේ කෘතිය කොටස් වශයෙන් පුවත්පතක පළවී ඇත්දැයි ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ සංවිධායකයෙකු විමසන විට එය පවත්නා නීතිය තුළ කරනු ලබන ප‍්‍රශ්න කිරීමක් බැව් වික‍්‍රමාරච්චි තැකීමක් නොකරයි.

“මොන පත්තරේද?හෙතෙම පෙරළා ප‍්‍රශ්න කරනු ලබයි.

“ලංකා පත්තරේ හරි වෙන මොකක් හරි පත්තරේක හරි පළවුණාද? නැවත ප‍්‍රශ්නයක්.
“නෑ. ලංකා පත්තරේ පළවුණේ නෑ.”
“වෙන මොකක් හරි පත්තරේක හෝ පළවුණා නේද?”ආයෙම ප‍්‍රශ්නයක්.
“නෑ.නෑ. ඔයා කීවේ ලංකා පත්තරේනේ. ඒකෙ පළවුණේ නෑ”

මෙම කතා බහ සරත් ආබෘට අදාළ කරගනු ලැබුවහොත් පහත ආකාරයේ සංවාදයක් බලාපොරොත්තු විය හැකිය.

“මොන මෙහෙකාරියටද? හෙතෙම පෙරළා ප‍්‍රශ්න කරනු ලබයි.
“හිටපු මාලා හරි වෙන කවුරු හරි කෙනේක්ට? නැවත ප‍්‍රශ්නයක්.
“නෑ. මාලාට ලිංගික හිංසා කළේ නෑ”
“වෙන කවුරු හරි මෙහෙකාරියකට ලිංගික හිංසා කළා නේද? ආයෙම ප‍්‍රශ්නයක්.
“නෑ. නෑ ඔයා කීවේ මාලාටනේ. එයාට ලිංගික හිංසා කළේ නෑ”

විමසන ලද පුවත්පතේ නොව කුමන පුවත්පතේ පළවුවද, කොන්දේසිය උල්ලංඝණය කිරීම නීති විරෝධී බව වික‍්‍රමාරච්චි පිළිනොගන්නේ යම් සේක්ද, කුමන මෙහෙකාරියට ලිංගික හිංසන සිදුකළද විමසන ලද කෙනාට සිදුනොකළ හෙයින් ප‍්‍රශ්නයක් නොවන බව ආබෘද පිළිගනු ඇත.

අවසාන වශයෙන් යළිදු පැවසිය යුත්තේ නීතිය යනු වෙනස්විය යුතු කාලානුරූපව සංශෝධනය විය යුතු දෙයකි. පොත් ප‍්‍රකාශයකයින් ස්වර්ණ පුස්තකය අරබයා පනවා ඇති නීති රීති හෝ කොන්දේසි වෙනස් කළ යුතුනම් අප ඊට බලපෑම් කළ යුතුය. ඒ සම්මාන උන්ගේ වුවද නිර්මාණ අපගේ බැවිනි. මුදල් උන්ගේ වුවද වෙළෙ`දපළ අප බැවිනි. එහෙත් ඒ සඳහා තමාගේ බඩට තට්ටුවෙනතුරු බලා නොසිට අරගල කළ යුතුය. ඒ සඳහා වික‍්‍රමාරච්චි එක් වරක් සූදානම් නම් අප සියදහස් වාරයක් සූදානම්ය. රටේ ජාතික වශයෙන් වැදගත් ගැටළුවලදී ඒ කිසිදු ගැටළුවක් වෙනුවෙන් සක‍්‍රීයව දායකත්වයක් (වචනයකින් හෝ) නොදෙන වික‍්‍රමාරච්චි මේ මොහොතේ දැවෙන ප‍්‍රශ්න ලෙස බාරගෙන ඇත්තේ ජිජැක්ද ශිෂෙක්ද වර්ගයේ ප‍්‍රශ්නයන්ය.

ජිජැක්ද? ශිෂෙක්ද?

2016 මැයි 15 වන දින රාවය පුවත්පතට මවිසින් ලියූ ලිපියක් පාදක කරගනිමින් අනෙක් සතියේ සත්හඬ පුවත්පතට ලියන වික‍්‍රමාරච්චි නිවරදි උච්චාරණය ජිජැක් යයි හදුන්වාදීමෙන් නොනැවතී මෙසේද ලියයි.

“ජිජක් යන්න වෙනුවට ශිෂෙක් යනුවෙන් වහරමින් තම රෝග ලක්ෂණය සමග විනෝද වන අය කරන්නේ වෙනම වර්ගයක් ලෙස පෙනී සිටීම. මෙය බෙහෙවින් සමීප වර්ග වදයට. කිසියම් ජන වර්ගයක් තම විනෝදය සංවිදානය කරන්නේ වාර්ගික මිත්‍යාචාර ඉදිරියට ගනිමින්. ඔවුන් හිතන්නේ අනෙක (නැතහොත් අනෙක් ජන වර්ගය ) තමන්ගේ විනෝදය පැහැරගෙන ඇති බවයි. ඔවුන්ට වද දෙන දෙවන කරණය නම් අනෙකා තමාගේ විනෝදය සංවිධානය කරණ සුවිශේෂ ක‍්‍රමයයි. ( way of life). තමන්ගේම වූ ජන පුරාණයක් (mythology)නිර්මාණය කිරීමට ඔවුන් පෙළඹෙන්නේ මේ නිසයි.
ප‍්‍රකට කරන්නේ මේ පටු වාර්ගික ලක්ෂණ තමයි. ජිජක් යන වහර නිවැරදි බව ඔවුන් නොදන්නවා නොවේ. ඔවුන්ට අවශ්‍ය තමන් අනෙකාගෙන් වෙනස් බව පෙන්වීම. ඉන් ඔවුන් ප‍්‍රදර්ශනය කරන්නේ අනෙකා කෙරේ වන බැඳීමයි.”

මේ අයුරින් ‘‘ශිෂෙක්’’ලෙස වැහැරීම වෙනම ‘‘ගෝත‍්‍රයක්’’ හෝ ජනවර්ගයක් ලෙස පෙනී සිටීමේ වුවමනාව නම් එකී වුවමනාව වෙනුවෙන් ප‍්‍රථමයෙන්ම කටයුතු කර ඇත්තේ වික‍්‍රමාරච්චිමය.

ස්ලැවෝජ් ජිජැක් (Slavoj Zizek) ඔහු ජිජැක් යනුවෙන් කියැවෙතත් ඉංග‍්‍රීසි ලිවීමේ සිංහල උරුව අනුව සිසැක් යනුවෙන් වහරමි. (2010 ඔක්තෝම්බර් 14 වෙනි බ‍්‍රහස්ප‍්‍රතින්දා දිවයින, වටමඬල).

නොදැන වැරදි කිරීම එකකි. දැන දැන වැරදි කිරීම යනු තවත් එකකි. ඒ අනුව ගෝත‍්‍ර හෝ කණ්ඩායම්වල අනන්‍යතාව නඩත්තු කිරීමේ අවශ්‍යතාව වඩාත් ළංවන්නේ දැන දැන ස්වකීය අභිප‍්‍රාය වෙනුවෙන් කටයුතු කිරීමටය. ඒ අනුව මෙයින්ද හෙළිදරව් වන්නේ වික‍්‍රමාරච්චිගේ හෙළුව මිස අන් යමක් නොවේ. තමන් කවුරුන්දැයි යන පැනය කුඩා දරුවෙකු හෝ ස්ත‍්‍රීයක විසින් විමසන තැන ගැන වික‍්‍රමාරච්චි සවිඥානකය. එහෙත් නිරන්තරයෙන් කිසිවෙකු සමග හෝ ගැටුමක් ඇති කරගනිමින් නීතිය හා පිළිවෙළ ඉල්ලා සිටින්නන් හ`දුන්වන නම සිහිපත් කරගන්නා ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටිමි. තමන් කියන්නේ කුමක්දැයි නොදැන, තමන් අතීතයේ කීවේ කුමක්දැයි නොදැන වුවද, විටෙක එක්ස් කණ්ඩායම, සුචරිත ගම්ලත්, චින්තක රණසිංහ, ප‍්‍රියාන් විජේබණ්ඩාර, විදර්ශන කන්නන්ගර, භූපති නලින්, හෙට දවසේ තවත් කවුරුන් හෝ ඈදා නොගනිමින් ඔහුට මසකට ගතමනාවක් ගැනීමට පුවත්පතකට ලිපියක් ලිවීමට හැකිවේවායි ප‍්‍රාර්ථනා කරමි.

 

15
දෙසැ.
17

“අපි…. යූඇන්පී ගෝතයින්ට බයයි …..

“අපි….ගෝතයින්ට බයයි නංගියේ…..”

     

 “සකල දේශවාසී ගෝතයිනි මතකය අවදි කරව්; තොපිලට නැතිවීමට ඇත්තේ තොපිලගේ දීනකම් පමණයි”  — කාලකන්ණි මාර්ක්ස් (කාල් මාක්ස් ගේ මුනුපුරු)

1988 වර්ෂයේ අග භාගයේ මුළු රටම එක්තරා පොස්ටරයකින් වැහුන.  ‘මේ කව්ද? මොනවාද කරන්නේ?’ යන ප්‍රශ්න දෙකෙන් හදපු පෝස්ටරයක්. පාට තැඹිලි.  කිතුහලය ප්‍රචාරණය වෙනුවෙන් දේශපාලනයේ යොදාගත් පළමු අවස්ථා ව මෙයයි.  ලංකාවේ.  අදහස වික්ටර් හෙට්ටිගොඩ සහ ජී. ඩබ්. සුරේන්ද්‍ර යන අයගේ.  ඇලෙව්වේ අරඹවෙලගේ  දොන් උපාලි රන්ජිත් නොහොත් සොත්ති උපාලි.  ඒ කාලේ ඒ විදිහ පෝස්ටරයක් රට පුරා අලවන්න පුළුවන් කමක් තිබුනේ සොත්ති උපාලි වගේ අයට විතරයි.

පසුව, මේ ප්‍රශ්නවල ට උත්තර සැපයූ පෝස්ටරයක් රට පුර ඒ අයම ඇලෙව්ව.  උත්තරය පටන්ගත්තේ වචන දෙකකින්: ‘මෙයා තමයි…’  ඉන් එහාට තිබුනේ රණසිංහ ප්‍රේමදාස ගේ පම්පෝරිය.  ප්‍රේමදාස ගේ ජනාධිපති මැතිවරන සටන් ආරම්බ වුනේ එහෙමයි.

කුතුහලය අවුස්සන පෝස්ටර් වටයක් පහුගියදා දකින්න ලැබුන.  ඔක්කොම ගෝඨා ගැන. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ගැන.

මුලින්ම ආවේ ගෝඨා ගේ පෝස්ටරය: ‘ගෝඨා අපේ’ .  ජාතකය ‘අපි වෙනුවෙන් අපි’.  කෙලින්ම යුධ ජයග්‍රහණයත් ත්‍රිවිද හමුදාවේ සියළු දෙනාත් සංඛේතාත්මකව ගෝඨාට යා කරන පෝස්ටරයක්.  පොඩි කුතුහල්-කැම්පේන් එකක් අර ප්‍රේමදාස ගේ එක වගේ.  පුංචි ඡන්දෙට ගෝඨා ඉදිරිපත් වෙන්නේ නැති බව පැහැදිලියි.  එහෙනම් මේ ගෝඨා එන්නේ ජනාධිපතිවරණයට වෙන්න ඕන.  ඒ කියන්නේ 2020 දී ගෝඨා ඉල්ලනවා කියන එක නැත්තම් ‘2020 දී ගෝඨා ඉල්ලුවොත් හොඳයි’ කියන එක.

කාට හරි රිදිලා.  කවුරු හරි බය වෙලා.  එහෙම නැත්තම් ඔය පෝස්ටරය ගැන කලබල වෙන්න ඕනේ නැහැනේ.

කොහොම හරි ‘රිට(ර්)න්’ එකක් දාන්න ඕන කියල හිතන්න ඇති.  ඉතින් ‘රිට(ර්)න් පොස්ටරයකුත් ගැහුවා.  එකක් නෙවෙයි.  දෙකක්ම ගැහුවා.

එකක මෙහෙම තිබුන: ‘අපි වෙනුවෙන් මිනීමරුවෙක්.’  අනිත් එක ඊට වැඩිය නිර්මාණශීලීයි: ‘ගොතා බය අමතකද?’  ලේ පැල්ලමකුත් සමග.

දැක්ක ගමන් මට මතක් වුනේ  නමින් සිංහල වූ ඒත් සිංහල කතා කරන්න බැරි කොළඹ ඉන්න සමහර උදවිය ගෝඨා ගේ නම උච්චාරණය කරන විදිහ.  ඉතිහාසය ගැන වැඩිය නොදන්නා නිසා වෙන්න ඇති.  නැත්තම් සිංහල කියවගන්න බැරුව ඇති.  වැඩිය ඇහෙන්නේ නැති නමක් ඉංග්‍රීසි පත්තර වල දැක්කම එක එක විදිහට උච්චාරණය කරන්න පෙළඹෙනව.  එයාල ගෝඨා ගේ නම මිස්ප්‍රොනවුන්ස් කරනවා මට ඇහිල තියෙනවා.  එයාල ගෝඨා ට කියන්නේ ‘ගෝටබයා’ කියල. ‘ගෝට’ සහ ‘බයා’ අතර පොඩි හිස්තැනක් තියෙන විදිහටයි උච්චාරණය කරන්නේ.  ඒ කියන්නේ ‘ගෝ-ටබයා’ නෙවෙයි ‘ගෝට-බයා’ කියල.

කොහොම වුනත් මේ ‘ගොතා බය’ කියන පද පෙරළිය නියමයි.  බොහෝ දේ කියන්න උත්සහා කරනවා.  නොකියූ දේවලුත් කියවෙනවා.  ඒ ගැන කතා කරමු.

ඇත්තටම ගෝඨා ට බය වෙන්න ඕනද?  සතියකට පෙර ‘අඩෝ! මම බය නෑ ඩෝ!’ කියල පෝස්ටරයක් ගහපු කෙනෙක් ඉන්න රටක ගෝඨා ට  නෙවෙයි මොකෙක් ට වත් බය වෙන්න ඕනේ නෑ නේ (අර ‘මම බය නෑ’ කියපු හාදය ට ඇරෙන්න). ගෝඨා ගැන බය වෙන්න හේතුවක් නැති නම් ගහන්න තිබ්බේ මේ වගේ එකක් කියලයි මට හිතෙන්න ‘ගෝඨා ට එන්න කියාපිය….මම ඕකට බය නෑ ඩෝ!’  එහෙමත් නැත්තම් අර බිග් මැච් එකක වගේ මේ විදිහට දාන්න තිබ්බ: ‘ගොඨලාට අපි බය නෑ….බය නම් අපි එන්නෙත් නෑ!’

මට පේන විදිහට පොස්ටරෙන් නොකියවෙන දේ කියන දේ ට වඩා ප්‍රබලයි: ‘ඇත්තම කතා ව මම (අපි) ගෝඨා ට බයයි.’ ඒ ගෝඨා ගේ චන්ඩි පාට් නිසා කියල කියන්න පුළුවන්, ඒත් මට නම් හිතෙන්නේ ගෝඨා ගැන බය වෙලා තියෙන්නේ තම තමන්ගේ (ඒ කිව්වේ පෝස්ටර් මාස්ටර් ල ගේ) දේශපාලන අනාගතය ගෝඨා නිසා කේස් වෙයි කියල.

කෙසේ වෙතත්  ගෝඨා පිලිබඳ බයක් නෙවෙයි නේ මෙතන තියෙන්න…මෙතන බය මතක් කරන්න කියන්නේ ‘ගෝතයෙක්’ ගැන.  ආයෙත් පෝස්ටරය මතක් කරමු: ‘ගොතා බය අමතකද?’

ගෝතයෙක් කියන්නේ සාමාන්‍ය වහරේ වැඩකට නැති කෙනෙක්, කාලකන්ණියෙක්, නිකමෙක්, වාතයක්.  එහෙම එකෙක් ට බය වෙන්නේ මොනවටද?  එහෙම එකෙක්ට කාව වත් බය කරන්න පුළුවන් ද?  ඒ වගේ එකෙක් ට ද මෙච්චර බය වෙලා තියෙන්නේ?  එතකොට අපි ඔය කියන ගෝතයා කෙසේ වෙතත් පෝස්ටර් වීරයාගේ වීරත්වය ගැන මොනවාද තීන්දු කල යුත්තේ?  ඒකා ඔය ගෝතයාටත් වඩා දුර්වලයෙක් වෙන්න  ඕන කියලයි මම නම් නිගමනය කරන්නේ.

ඒ වුනාට ගෝඨා ට බය වෙන්න හේතු නැත්තෙමත් නැහැ.  සහෝදරයා ගේ බලය තමන් වෙත ආරෝපණය කරගත්ත කෙනෙක් ගෝඨාභය කියන්නේ.  තමන් ගේ බලය හෝ දේශපාලන/ඥාති සම්බන්කධ කම් පාවිච්චි කරමින්  විවිධ ප්‍රතිවාදීන් ට තරවටු කරපු ඥාති හිතමිත්‍රාදීන් ගේ තක්කඩිකම් වලට අවසර දුන්න නැත්නම් අතහිත දුන්න එහෙමන් නැත්තම් අඩුම තරමින් සිය නිහඬ අනුමැතිය හරි දුන්න කෙනෙක් ගෝඨා.  ඔහු ගෝතයෙක් නෙවෙයි, ඒත් අහිංසකයෙකුත් නෙවෙයි. පහුගිය රජයේ බලගතුම නිලධාරියා ගෝඨා.  සිද්ද වූ මැරකම් ජඩකම් ගැන ගෝඨා නොදන්නවා විය නොහැක.  ඔහුට බය විය යුතුය.  විශේෂයෙන්ම ඔහු ට මේ රටේ විධායක ජනාධිපති වීමට උවමනාවක් තියෙනවා නම්, එම උවමනා ව සාක්ෂාත් කර ගැනීම සඳහා වටපිටාවක් නිර්මාණය වෙමින් පවතිනවා නම් ඒ ගැන යම් තක්සේරුවක් තිබිය යුතුයි (බය වීම කෙසේ වෙතත්).

අපි යමු මුලටම.  ඒ කියන්නේ මේ ‘ගෝතා බය’ මතකද අමතකද කියන එක.

ඒ ගැන මට මෙහෙම දෙයක් හිතෙනවා.  අමතක නැහැ, ඒත් එහෙම බයක් තියෙන බව පිළිගන්න සූදානම් නැහැ.  කල්පනා කරලා බැලුවම මේ රට පාලනය කරපු සහ කරන බොහෝ දෙනෙක් වැඩකට නැති, කාලකන්ණි, වාත පොරවල්.  ඒ වුනාට ඒ නිකමුන්ට අපි ජනතාවක් හැටියට බයයි.    ඒ කියන්නේ අපි ගෝතයින්ට බයයි.  ගෝතයෝ එද්දී නැගිට්ටෙනවා.  ඉංග්‍රීසි භාෂාවේ පහසුවෙන්ම මතක් වන වචන දෙක මතක් වෙනවා.  මැඩම්.  සර්.  මඩම් කියල කියවෙනවා. සර් කියවෙනවා.  සමහරවිට අපි අපටත් හොරෙන් හිතනවා වෙන්න පුළුවන් ඒ විදිහට ආමන්ත්‍රණය කෙරුවම එයාලගේ ගෝත ස්වභාවය අපටම අමතක වෙලා ඒ අමතක වීමත් සමගම අපේ දීනකමුත් මැකිලා යනවා කියල.

ඉතින් අපි සර්ලව මැඩම්ලව බලයට පත් කරලා ‘අඩෝ සර්ල ව මැඩම්ලව බලයට පත් කෙරුවේ අපි තමයි ඩෝ!’ කියල පොර ටෝක් දෙනවා.  අපේ ගෝත කම් එතකොට අපට අමතක වෙනවා.  එහෙම නැත්තම් ගෝත සෙට් එකක් බලයට පත් කරලා එයාලට සර් නැත්තම් මැඩම් කියල ආමන්ත්‍රණය කරනව.  සර් මැඩම් කියල ආමන්ත්‍රණය කෙරුවම අපි බලයට පත් කරලා තියෙන්නේ ගෝතයින් නෙවෙයි නෝනාවරු මහත්තුරු කියල හිත හදාගන්න පුළුවන්.

එහෙම බලනකොට ගෝතයින්ට බය වෙනවා කියන්නේ අපිටම බය වෙන එක, මොකද අපි තරම් වැඩකට නැති, කාලකන්ණි, වාත පොරවල් මේ ලෝකේ කොහෙවත් ම නැහැ. අපට පුළුවන් නම් අපටම බය වෙන්න, අපට අපේ බය නැති කරගන්නත් පුළුවන් වෙන්න ඕන.  ගෝතකමින් මිදෙන්න අවශ්‍ය නම් ඒක තමයි කරන්න ඕන.

වැදගත් ම දේ තමයි ගෝතකම අමතක නොකිරීම.  ගොතකම් හඳුනා ගැනීම, ගොතකමින් මිදී ම සඳහා අනිවාර්ය පුර්වකොන්දෙසියක්.

ගෝඨා ට බය අය බයවෙද්දෙන්.  ‘අපි බය නෑ ඩෝ!’ කියල කෑ ගැසුව දෙන්. එහෙම කරල ගෝඨා ව නෙවෙයි මොන ගෝතයෙක් වත් නවත්තන්න බැරි බව එයාලට කවද හරි තේරෙයි.  නොතේරුණත් අපට මොකෝ? අපට වෙන කාර්යයක් තියෙනව.  අපි ගෝතයින්ට බය බව තේරුම් ගැනීම.  ගෝතයින්ට බය බවත් ගෝතයින් අපව බය කරන බවත් අමතක වුන බව මතක් කිරීම. ආයේ අමතක නොකරන්න තීන්දු කිරීම.  සතුරා ඉන්නේ ඈත තැනක නොවේ, අප තුලම බව තේරුම් ගැනීම.

ගෝතයින් විසින්, ගෝතයින් සමග, ගෝතයින් සඳහා ආණ්ඩුවක් වෙනුවට පුරවැසියන් විසින් පුරවැසියන් සමග පුරවැසියන් සඳහා වන ආණ්ඩුවක් ගැන එතකොට අපට කතා කරන්න වරම් ලැබෙයි.

07
දෙසැ.
17

“ශ්‍රී ලංකා නිශ්පාදන වර්ජනය කරපියව්…” දෙමලු

“ශ්‍රී ලංකා නිශ්පාදන වර්ජනය කරපියව්…” යුරෝපීය දමිල වැසියන් කියයි..!

නුඹලා දැක්කේ මේක විතරයිනේ, මේ වගේ තමයි එංගලන්තේ තියන කඩවල් 90% විතර. ඒ දෙමල මිනිස්සු පහන් පත්තුකරන තැන ප්‍රභාගේ පින්තූරයක් අනිවා තියනවා සහ ඒකට වෙනම හඳුන්කූරක් උන් පත්තු කරනවා. ඒ කළගුණ දන්න දෙමලු. අපේ ගුණමකු සිංහල ජාතිය වගේ, නායකයා මැරුණා, නායකයා පැරදුණා කියල නායකයව අමතක කරලා ඔහුට බනින්නේ නෑ.
මේ ෆොටෝ එක තියෙන්නේ වෙම්බ්ලි හයිරෝඩ් එකේ තියන කඩයක..

කොටින්ම කිව්වොත් වෙම්බ්ලි කියන්නේ කොටි ගුහාවක්. කිලිනොච්චිය වගේ තමයි. හැබැයි මේකට එහාපැත්තෙ තියන පාම් බීච් රෙස්ටුරන්ට් එක කරන්නෙත් උතුරේ දෙමල මනුස්සයෙක්. ඔහු එක්ක කතා කලොත් කියන්නේ, සමහරු අකමැති උනාට ප්‍රභාට කැමති මිනිස්සු තාම ඉන්නවා මල්ලි. දෙමල මිනිස්සු ප්‍රභාව අමතක කරන එකක් නෑ ජීවිත කාලෙම. ඔහු ඔහුගේ රෙස්ටුරන්ට් එකේ ප්‍රභාගේ පින්තූරේ එල්ලන්නේ නෑ. ඔහුගෙන් ඒ ඇයි ඇහුවම කියන්නේ, මම මොකටද මල්ලි බිස්නස් අඩුකර ගන්නේ. එච්චරයි. ඒ බිස්නස් මයින්ඩ්. හැබැයි ඔහු උනත් ප්‍රභා ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඒ දෙමල මනුස්සයාගේ තියන මනුස්සකම.

ඒකට අපි, රට බේරපු මහින්ද අපේ මිනිස්සුන්ට පල් හොරෙක් උනා. හැබැයි මහ උන් කියපු එක හොරකමක්වත් තාම හොයාගෙන නෑ. එක්තරා කොටසක් කියන්නේ ඩීල් දාල කියල. රනිල් මහින්ද එක්ක ඩීල් දාල, මහින්දගේ හොරකම් වහලා, රනිල් එයාගේ හොරකම් අල්ලලා දෙන්න කොමිසම් වලට යනවා. ඔන්න එයාලා කියන *කේ ඩීල්.

ප්‍රභා දහස්ගණන් සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු මරුවා, ළමයි හමුදාවට ගත්තා, තරුණ තරුණියෝ බලෙන් හමුදාවට අරන් ගියා.. දෙමළා දන්නවා ප්‍රභා එහෙම කරේ තමන්ගේ ජාතියට තැනක් හදල දෙන්න කියල. ඉතින් දෙමලාගේ ගරුත්වය ප්‍රභාට සදා කල් තියනවා. අපේ සිංහල මිනිස්සු වගේ ගුණමකු නෑ කවදාවත්ම.

ඒක කියන්නම නෙමේ මේ ලිව්වේ. උන් මේවගේ පෝස්ටර් ගැහුවා කියල අපිට පාන්ද? මෙහෙම පෝස්ටර් ගැහුවා කියල ප්‍රභා නැගිටිද? එක පෝස්ටරයක් දැකලා මෙහෙම බයවෙනවා නම්, කඩවල් තුන හතරකට ගියොත් උන් එක්ක කතා කරොත් උන් ප්‍රභාට ආදරේ තරම දැක්කොත් ඇඳන් ඉන්නේ වස්ත්‍රයේම සුළුදිය පහවෙයි. දෙමල මනුස්සයා මේ වගේ ෆොටෝ විතරක් ගහල නිකන් ඉන්නේ නෑ… උන් කරනවා පත්තර, ඩිරෙක්ටරි, ඉවෙන්ට්, ඒ ඔක්කොගෙම යන්නේ බයිකොට් ශ්‍රී ලංකා කියල තමයි. අද ඊයේ නෙමෙයි අවුරුදු 10ක් 20ක් තිස්සෙම එහෙම තමයි. ඉතිං අපිට ගානක්වත් තියනවද?

අපිට ඒවගෙන් කිසිම බලපෑමක් නෑ, උන් තමන්ගේ පැවැත්මට යන්තම් දෙයක් කරගන්නවා. එච්චරයි, හරියට අපේ දකුණේ මිනිස්සු යුද සැමරුම කරනවා වගේ දෙයක් තමයි. දෙමල මනුස්සයා වැඩිපුරම කියන කතාවක් තමයි, එයාලගේ දෙමල මිනිස්සුන්ට වැඩිය එයාලා සිංහල මිනිහව විශ්වාස කරනවා. එක්කෙනෙක් දෙන්නෙක් එහෙම නැතුව ඇති. නමුත් බහුතරයක් දෙමල මිනිස්සු එහෙමයි.

උන් උන්ගේ දේවල් කරගනී…. දෙමල කොටියා නවත්තන්න කලින් ලංකාවේ දේශපාලනේ ඉන්න සිංහල කොටි නැතිකරලා දාන්න පෙළගැසිය යුතුයි. ඒකට එකතුවෙන්න අවශ්‍ය කාලය තමයි මේ. එහෙන් රට බෙදන්න ව්‍යවස්ථා ගේනවා. අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නේ නෑ බයවෙන්න එපා රනිල් මොළකාරයා කියන නුඹලා මේ කොහෙවත් යන ෆොටෝ එහෙකට බය වෙනවා.

සිංහල අපි කවදත් ඔහොම තමයි. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහන්න අපි හරි දක්ෂයි. ෆොටෝ වලට විරුද්ධ වෙනවාට වැඩිය ලොකු දෙයක් නුඹලාගේ අතේ තියෙන්නේ. බෙදුම්වාදී ව්‍යවස්ථාව පරාද කරන්න යමක් කරන්න. ඒකට උදව්වක් දෙන්න. ෆොටෝ අල්ලන් දඟලනවට වැඩිය කරන්න පුළුවන් ලොකුම දේ ඒක.

තියන ජාතිවාදී මොරාල් එක ඩබල් කරගන්න එක්ක එංගලන්තේ ඉන්න දෙමල මිනිස්සු ගහන පොතක කෑලි කීපෙකුත් මෙන්න ඇලෙව්වා. 2017 ඉශූ එක තමයි මේ. දැන් ඉතින් මේවට විස්සෝප වෙන්න එපා. වැඩක් ඇති දෙයක් කරන්න. රටට ඇත්තටම තියන බලපෑම ගැන හොයල බලල ඒවාට විරුද්ද වෙන්න.

=== අන්තර්ජාලයෙනි ===

07
දෙසැ.
17

සිරිසේන ඕශල හේරත්ට පයින් ගසයි

මුල අමතක සිරිසේන, ඕශල හේරත්ට බැක්ඩේට් කර පයින් ගසයි..

වත්මන් ජනපතිවරයා බලයට පත් කිරීම වෙනුවෙන් වූ දැවැන්තම සයිබර් ක්‍රියාවලිය සිදු කල, ඕශල හේරත් වෙත පල නොකියා පලා බෙදන්නට ජනපති සිරිසේන කටයුතු කරන බව SL News Lanka වෙත වාර්තා වේ.

ජනපති සිරිසේන ශ්‍රී ල නි ප යෙන් ඉවත්ව යෑමත් සමඟම ඕශල හේරත්ද ඒ සමඟ ගියේ ශ්‍රී ල නි ප යට හිමි වටිනාම සයිබර් දේපල වන UPFA – A Brighter Future ෆේස්බුක් පේජයත් සමඟිනි.

එදා පටන් ඔහුගේ ජයග්‍රහණයට මහත් කැපවීමක් කල ඕශලව ජනපති සිරිසේන විසින් ජනපති සයිබර් මාධ්‍ය අංශයේ ප්‍රධානියා බවට පත් කෙරුණි. හෙමින් හෙමින් ඔහුව කපා දැමූ බව වාර්තා වූ අතර, අද වන විට ඔහු නිකම්ම නිකම් ජනපති සම්භන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස පත්ව සිටී.

කෙසේ වුවත් පසු ගියදා ඔහුට ලබා දුන් KX – 8228 අංක දරණ නිසාන් සිල්ෆි වර්ගයේ කාර් රථයද ආපහු ගැනීමට ජනපති ලේකම් කාර්‍යාලය තිරිසන් උත්සාහයක නිරත වී ඇති අතර, ඕශල හේරත් විසින් ඒ පිළිබඳව ලිඛිත පැමිණිල්ලක් ජනපති ලේකම් වෙත යොමු කොට තිබේ.

එපමණක් නොව, සැප්තැම්බර් මස වැටුපද මේ වනතෙක්ම ඕශලගේ ගිණුමට බැර නොවීම නිසා, ඕශලටත් හොරෙන් ඕශලගේ පස්සට පයින් ගසා ඇත්දැයි අපට සිතේ..

ප.ලි. ලිපිය අවසන් වනවිට ඕශල තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙන්නේ, තමන්ගේ සේවය අවසන් කිරීමේ ලිපිය ඔක්තෝබර් පළමු දාට දින දමා සකසා ඇති බවකි.

28
නොවැ.
17

රනිල් එළවීමට සරත් විජේසූරියගේ කුමන්ත්‍රන

ජිජැක් කියනවා ගැටලූව දූෂණ, වංචා හෝ කෑදරකම හෝ නොවෙයි. ගැටලූව තමයි ක‍්‍රමය. දුෂිත වෙන්න එය ඔබට බලකරනවා. සතුරන් ගැන විතරක් නොවෙයි. අපේ ක‍්‍රියාවන් දිය කරල දාන්න කටයුතු කරමින් ඉන්න මිතුරන් ගැනත් පරෙස්සම්වෙන්න.

සමාජවාදය කියන්නේ 1990 දී බිඳවැටුණ ක‍්‍රමය නම් අපි සමාජවාදියො නොවෙයි. අමතක කරන්න එපා ඒ සමාජවාදියො තමයි අද දවසේ වඩාත්ම කාර්යශුර, වඩාත්ම දරුණු ධනවාදියො වෙලා ඉන්නේ. ධනවාදයයි, ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි අතර විවාහය දැන් අහෝසියි. වෙනස්වීම දැන් කළ වෙනස් කලහැකියි.

කැෆේන් නොමැති කෝපි වගේ, මධ්‍යසාර නැතිව බියර් දෙනවා වගේ, මේදය නැති අයිස්ක‍්‍රීම් හදල දෙනවා වගේ,

ඔබ දන්නවද නත්තලට තෑගි දෙන සැන්ටා ගේ කතාව. තාත්තගෙන් ඇහුවොත් තාත්ත කියන්නේ එයා සැන්ටා විශ්වාස නොකරන බවයි. දරුවගෙන් ඇහුවොත් එයා කියන්නෙත් සැන්ටා විශ්වාස නොකරන බවයි. මේ තමයි විශ්වාසයෙන් තොර විශ්වාසය.

කවුරුත්  දන්නවා රනිල් කියන්නේ මරිමෝඩ ගොං නායකයෙක් බව. බදුල්ලේ හරීන් නැත්තං රනිල් තාමත් නෝබොඩි. මූ සම්බොඩි වෙලා ඉන්නේ වටේ හිටපු ජනප්‍රිය යූඇන්පී කාරයෝ නිසා. මූ උඩ පැන පැන ඇමරිකාවට ගියා. ගිහිල්ල කුණු බාල්දි ටිකක් අවුස්සලා ආවා. ට්‍රම්ප් දන්නවා මූ හිඟන රජා  ට්‍රම්ප්ට විරුද්ධව ඇමරිකන් දෙමලු  උසිගැන්වූවා කියල.  මූ තාමත් හිතන් ඉන්නේ ඇමරිකාව ඇවිල්ලා මූට උදව් කරයි කියල. 1960 විතර හිඟන ලිබරල් ගොංපාට් සහ හොරකම් කරන මූළ්‍ය පාලන ක්‍රම තමයි ඔලුවේ තියෙන්නේ. ඉන්දියාව වත් කිසිම රටක්වත් මූට උදව් කරන්නේ නෑ. මූට එහෙම හැකියාවක් නෑ. මූ වටේ ඉන්න 8 දෙනා පවා දන්නවා මූ ඉවරකල යුතු බව. ගොං ඔලුවක් තියෙන මෙලෝ මලදානයකට සුදුසු නැති එකෙක් බව ලංකාවෙම ලමයිනුත් ජෙප්පන්ගේ තාත්තලත් දෙගොල්ලම දන්නවා.

කැෆේන් නොමැති කෝපි වගේ, මධ්‍යසාර නැතිව බියර් දෙනවා වගේ, මේදය නැති අයිස්ක‍්‍රීම් හදල දෙනවා වගේ, රනිල් කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති ලිබරල් කමකුත් විනයක් නැති මූළ්‍ය පාලනයකුත් නැති මොලෙත් නැති ගොනෙක් බව.

මූ ගැන බූරු සරත් විජේසූරිය ගෙන්ම අහල බලමු….

“මම එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමඟ කතාබහ කරන විට ඔවුන් පවසා සිටියේ රනිල් ගොං දේශපාලකයෙක්  බවයි. ඒ මන්දැයි විමසූ විට පැහැදිලිව ඒ කිහිප දෙනාම පැවසුවේ රනිල්  වටේ ඉන්න ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ කටයුතු නිසා ජනතාව සමඟ කටයුතු කිරීම අමාරු වී තිබෙන බවයි.

“පසු ගිය මාසයේ අගමැතිතුමා දෙනියායට හතර වතාවක් විතර ගියා. එතුමාට අපේ ආසන වැදගත් නෑ, අපට එතුමාව මුණ ගැහෙන්න විදිහක් වත් නෑ. ඔන්න අපේ තත්වෙ”

සාගල රත්නායක ඇමතිවරයාට සහ සුජිව සේනසිංහ අකිල විරාජ් කාරියවසම් සහ තවත් කීප දෙනෙකුට අගමැතිවරයාගේ අසාමාන්‍ය අවධානයක් හිමි බව එජාපයට පමණක් නොව රටට ම නොරහසකි. එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැතිතුමා සලකන්නේ වහලුන් ලෙස යැයි අසන්නට ලැබිණි.

මේ සිදු වෙමින් පවතින කටයුතු විමසා බලන විට රනිල්ට මිනිහගෙන් පස්සෙ පක්ෂය තිබුණත් මොක ද? නොතිබුණත් මොක ද? යන මානසිකත්වයෙන් අගමැතිවරයා කටයුතු කරන බවයි.

“පොලිස්පතිවරයාට ලැබුණ සුප්‍රකට දූරකථන ඇමතුමෙන් සාගල රත්නායක කිසියම් නිලමේ කෙනෙකු ගැන සඳහන් කොට ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස පවසා ඇති බව අනාවරණය විය. මේ නිලමේතුමා මේ වන විටවත් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අසමත්ය. ඒ මන් ද?”

මේ ප්‍රශ්නයට නීතිය හා සාමය භාර අමාත්‍යතුමා රටට, උත්තර බැඳිය යුතුය. මේ නිලමේතුමාට රැකවරණය ලබා දෙන්නේ ඇමතිතුමා නොව, දෙවුන්දර දේවාලයේ වැඩ වාසය කරන දෙවි කෙනෙකු දැයි එවිට සිතන්නට පුළුවන. කිවයුතු වන්නේ ලංකාවේ ප්‍රකට හෝ අප්‍රකට දෙවි දේවතාවුන් අතර ‘සාගල’ නම් දෙවි කෙනෙකු ගැන අසන්නට නොලැබීමයි.

දූෂණ වංචා සහ අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට නිසි සහයෝගයක් නැති බව පිරිසිදු ඇත්තකි. මේ සියල්ල සිදු වන්නේ ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ යටි සූත්තරයක් වැඩ කරන නිසා බව පිළිගැනීමට සිදු වන්නේය.

ශ්‍රීලනිපයේ මැති ඇමතිවරුන්ට අර වෛරක්කාර හැතිරියගෙන් වෙන්වෙලා ඉන්න ආත්ම ශක්තියක් වීර්යයක් තිබේ ද? ඒ ගෑනි තමයි ශ්‍රීලනිපය රනිල්ට වික්කේ.

එජාපයේ වැදගත් මහත්මයෙකු පැවසූ කරුණක් මෙසේය. “අපේ ලොක්කට ඇහැරෙන්නෙ තමන්ගෙ නායකත්වයට අභියෝගයක් වෙනවනං විතරයි”

මේ අභියෝගය සිදු කිරීමට පවතින තත්වය තුළ එජාපයේ පසුපෙල මැති ඇමතිවරුන් සහ ශ්‍රීලනිපයයි. ශ්‍රීලනිපය මේ අභියෝගය කළ යුත්තේ ද, අගමැතිවරයා කටයුතු කරන අවලස්සණ කැත ක්‍රමවේදය ඔස්සේමය. ඒ ක්‍රමවේදය ගැන පැවසුවේ ද එජාපයේ මහත්මයෙකි.

“අයවැයට පක්ෂය ඡන්දය අවශ්‍ය නම් නීතිය හා සාමය භාර අමාත්‍යවරයා ඉවත් කළ යුතුයි කියන කොන්දේසිය ශ්‍රීලනිපය ප්‍රබලව පනවා එය ප්‍රථමයෙන් ඉටු කරගෙන සිටිය යුතුයි.”

වෛරක්කාර හැතිරිය චන්ද්‍රිකා බණ්ඩාරනායක  ඇගේ පාලන සමය තුළ දී වික්‍රමසිංහ මහතාගේ අගමැති පදවිය නැති කළේ ඇයි ද යන ප්‍රශ්නය ගැන සිදු කෙරුණ කතාබහක දී දැන ගන්නට ලැබුණේ, එය නම් එජාප නායකයා දීර්ඝ කාලයක් තිස්සේ යටි කූට්ටු දේශපාලනයක නිමග්නව සිටින්නේය යන කාරණාවයි. ඒ පුරුද්දෙන් මිදෙන්නට වික්‍රමසිංහට පුළුවන්කමක් නැත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජකීය මිතුරන් හත් අට දෙනා මම දනිමි. ඔවුන්ගේ යටිකූට්ටු දේශපාලනය රටකට යහපතක් සිදු කරන්නේ නැත. 2015 ජනාධිපතිවරණ සමයේ දී හා පාර්ලිමේන්තු මැතිවරණ සමයේ දී, දේශපාලනය ගැන පුළුල් අවබෝධයක් තිබෙන කිහිප දෙනෙකුම මට පැවසුවේ වික්‍රමසිංහ කිසිම ලෙසකින් විශ්වාස කළ හැකි පුද්ගලයෙකු නොවන බවයි.

‘රනිල්ට ඔච්චර බය ඇයි?’ යන පැනය මම ඔවුන්ට යොමු කළෙමි. මගේ පැනයට ලැබුණ පිළිතුර මෙයයි.

‘රනිල් යටිකූට්ටු වැඩ කරන්නෙ. එහෙම කෙනෙක් විශ්වාස කරන්න බෑ‘ යන්නයි. මම ඔවුන් සමඟ වාද කළෙමි. ‘රනිල්ට බය ඇයි?’ යනුවෙන් මම ලිපියක් ද ලීවෙමි.

සෝභිත හාමුදුරුවන්ගේ දෙවැනි ගුණ සමරුවෙන් පසුව මට කතා කළ, අතීතයේ දිනෙක මා සමඟ වාද කළ පුද්ගලයෙකු මගෙන් ඇසුවේ, ‘එදා අපි කියපු දේ තමුසෙ අදවත් පිළිගන්නෙ නැද්ද?’ යන්නයි. මම නිහඬව සිටින විට ඔහු පැවසුවේ මෙයයි.

උගුර කඩා ගෙන කෑගැහුවට වැඩක් නෑ හලෝ. සාගල රත්නායක කියන්නේ රනිල්ගේ අවජාතක පුතෙක්. සාගල කරන්නෙ රනිල් කියන වැඩ විතරයි.’

අගමැතිවරයා කටයුතු කරන්නේ මොන තරම් පටු දැක්මකින් ද? මේ අන්දමට බලය තහවුරු කර ගැනීමට උත්සුක විම සූදු කෙළියෙන් ධනවත් විමට නොදෙවෙනිය. මොන පක්ෂයක වුව, මෙවැන්නෙකුට රාජ්‍ය පාලනයට වරම් ලබා දිය යුතු ද? මැතිවරණයක දී කොන්දේසි රහිතව මෙබඳූ පුද්ගලයෙකුගේ දේශපාලනය පරාද කිරීම රටේ යහ පැවැත්මට අවශ්‍ය වන්නේය.

පසු ගිය දිනෙක දේශපාලන ක්ෂේත්‍රයේ සිදු වුණ වැදගත් කතා බහක දී මතු කෙරුණ ප්‍රධාන ප්‍රශ්නය වූයේ ආණ්ඩුවේ තත්වය කුමක් ද? යන්නයි. එහිදී අගමැතිවරයාට පක්ෂව අදහස් පළ කළ පාර්ශ්වය පෙන්වා දුන්නේ අගමැතිවරයා රටේ තත්වය ගැනවත්, පාක්ෂිකයන්ගේ කලකිරීම ගැනවත් කිසි දෙයක් තුට්ටුවකට මායිම් නොකරන ඉතා අවිචාරවත් තැනකට පත්ව සිටින බවයි. ඊට හේතුව කුමක් දැයි විමසන විට ලැබුණ පිළිතුර මෙයයි.

“අගමැතිවරයාට ජනතාවට දැනෙන විදිහට කිසිම වැදගත් දෙයක් කරන්න බැරි වුණා. රට කැළඹෙන දේවල් තමයි කළ තරමක් කළේ. දැන් එතුමා කල්පනා කරන්නෙ කොහොම හරි බලය තහවුරු කර ගන්න විතරයි.”

මේ සාකච්ඡාවට ඇහුම්කන් දී සිටි පුද්ගලයෙකු ලෙස මා කල්පනා කළේ අගමැතිවරයා සමඟ වැඩ කළ පුද්ගලයන්ගෙන් අමනාප නොවී ඔහු සමඟ සිටින්නේ කී දෙනෙකු ද යන්නයි. ඉන්නේ අතේ ඇඟිලි ගාණට පිරිසකි. මට අවංකව සිතුණේ එජාපය පක්ෂයක් වශයෙන් ජීවමානව පවතින්නේ පක්ෂයේ පදනම නිසා මිස නායකයාගේ නායකත්වය නිසා නොවන බවයි.

ආණ්ඩුවේ ඉතිරි කාලය තීරණාත්මකය. අගමැතිවරයා සිය මිතුරන් ආරක්ෂා කර ගැනිමට කැපවී කටයුතු කිරීමත්, මැතිවරණ දිනා ගැනීමට, සූදානම් වීමත් නීති ගරුක පුරවැසියන් ඉවසිය යුතු ද? එජාපයේ වැදගත් මහත්තුරු ඉවසිය යුතු ද?

ජනාධිපතිවරණයකින් ජය ලබා ගැනීමට නොහැකි පුද්ගලයෙකුට ජනමත විචාරණයකින් ජය ලබා ගත හැකි ද?

එජාපයේ සාමාජිකයන්, පක්ෂයට ළැදි සාමාජිකයන් අවබෝධ කර ගත යුතු දෙයක් ද තිබේ. පක්ෂයේ නායකයාට නිසි උපදෙසක් දෙන්නට ලංකාවේ ජන විඥානය නොහඳූනන රාජකීය මිතුරන් හත් අට දෙනාට නොහැකිය. එසේ නම් කළ යුත්තේ කුමක් ද?

එජාපයේ අනාගත ඉරණම පමණක් නොව, මගේ දේශපාලන අනාගතය තීන්දු වන්නේ ද මේ ප්‍රශ්නයට සොයා ගන්නා පිළිතුර මතය.

26
නොවැ.
17

රතන බූරුවා නොදිටි මොක්පුර (ඊ-නිවුස්)

 

රතනයා ගෙන ආ පිවිතුරු හෙටක් යෝජනා වලියේ  විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමක් තිබුනේ නැත. රතනලා රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරමින් සිටියදී විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට මුල සිටම කටයුතු කළේ මාදුළුවාවේ සෝභිත ප්‍රමුඛ පිරිසය. ඊට මේ රටේ ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයද හිටපු ජනාධිපතිනියද ජෙනරාල් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයද, ජනතා විමුක්ති පෙරමුණද, දෙමළ ජාතික සන්ධානයද, මුස්ලිම් කොන්ග්‍රසයද, සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයද, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ හා කලාකරුවන් සරසවි ආචාර්ය වරුන් වෘත්තීය සමිති ඇතුළු සංවිධාන 48 ක්ම අවසානයේ කැමැත්ත ප්‍රකාශ කළහ. ඔවුන් කැමැති වූයේ විධායක බලය සම්පූර්ණයෙන් අහෝසි කිරීමකට මිස ජාතික හෙළ උරුමයේ යෝජනාව වූ විධායක බලය කප්පාදු කිරීමකට නොවේ. (කප්පාදු කරන ගස් යලි හොඳින් ලියලා වැඩෙන බවද දැනගත යුතුය.)

පිස්සු රතන නොවැම්බර් 12 වෙනිදා මුත්තයියා පාක් රැලියේදී පැහැදිලිව කීවේ ඔවුන්ගේ යෝජනාව විධායක බලතල කප්පාදු කිරීමක් වුවද අනෙක් අය කියනවා සේ ඊට එහා යන්නේ නම් ඔවුන්ට ප්‍රශ්නයක් නැති බවයි.

නමුත් දැන් වැඩ සිදුවෙමින් පවතින්නේ මේ සියල්ලට විරුද්ධව ජාතික හෙළ උරුමයේ මතයට අවශ්‍ය ආකාරයට ය. ජාතික හෙළ උරුමයට මේ රටේ ඇත්තේ ඡන්ද ලක්ෂ 2-3 ක් පමණය. මේ මැතිවරණයේදී ඔවුන්ගේ බල කඳවුරු වූ මහරගම කැස්බෑව වැනි ආසන හංසයාට ජය ගැනීමටද නොහැකි විය. එවැනි සුළුතර බලයක් තබාගෙන සමස්ථ විපක්ෂයක බලාපොරොත්තු විනාශ කිරීමට උත්සාහ කිරීම නින්දා සහිතය.

සත්‍ය වශයෙන්ම ජාතික හෙළ උරුමයට විධායක බලය අවශ්‍ය වන්නේ වෙනත් කිසිවකට නොව ඒ විධායක බලයට හේත්තු වී තමන්ට අවශ්‍ය දේ කර ගැනීමටය. ඔව්හු දැනටමත් ඒ අනුව ක්‍රියා කර තිබේ. පිස්සු රතන ජනාධිපති උපදේශකයෙකු ලෙස පත් කිරීම, ජාතික රූපවාහිනියේ සභාපති ලෙස සෝමරත්න දිසානායක පත් කිරීම, අයිටීඑන් නාලිකාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධනුෂ්ක රාමනායක නමැති හෙළ උරුමය මාධ්‍ය අංශයේ සිටි පුද්ගලයෙක් පත් කිරීම, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වරයා ශිරාල් ලක්තිලක පත් කිරීම,  ආදී සියල්ල ජාතික හෙළ උරුමයේ අවශ්‍යතාවය මත කරන ලද පත් කිරීම් ය. මෙහිදී වඩාත් සැලකිල්ලට ගත යුත්තේ ශිරාල් ලක්තිලකගේ පත් කිරීමය.

රනිල් එජාපයෙන් එළවා දැමීමට පාරට බැස වෙඩි තබා ගත් ශිරාල් ලක්තිලක ජනාධිපතිගේ සම්බන්ධීකරණ ලේකම් වරයා වූ විට ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂය සමග හොඳ සම්බන්ධීකරණයක් පවත්වා ගත හැකි වේවිද?

වසර 40 ක දේශපාලන අත්දැකීම් ඇති ජනාධිපතිවරයා තමා පත් කළ ජනතාව යනු ජාතික හෙළ උරුමය පමණක් නොවන බව මතක තබාගෙන වැඩ කරනු ඇතැයිද ඊනිවුස් බලාපොරොත්තුවේ.




අනවශ්‍ය දේවල්

  • 171,246 ක් බැළුවා

මරුවා වැහෙන දින

මැයි 2018
බ්‍ර සි සෙ
« අප්‍රේල්    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements