Archive for the 'විශ්ව විද්‍යාල' Category

09
මැයි
18

සුනිල් පෙරේරා, සමාජ ක්‍රියාකාරිකයෙක් ද ? මඤ්ඤමක්ද ?

මේ ඡායාරූපය, පෞද්ගලිකත්වය ඉක්මවා සමාජ හරස්කඩ කියවීම සඳහා යොදා ගත හැකි හොඳ මූලාශ්‍රයක්.

ජිප්සීස් ගීත පාදඩකරණය වීමට බලපෑ ආකල්ප සමූහයක් තිබෙනවා. ඔවුන් ගේ මුල් කාලීන ගීතවල (උදා. නිලුපුල් සුවඳ උරා, ඔබ දුටු ඒ මුල් දිනේ, මල් මල් පිපිලා, මා සතුටින් බව වැනි) තිබුණු රසය පසුකාලීන ව බලෙන් මරා දැමුවා. ඒකට හේතුව ඒ කාලේ වික්ටර්, මිල්ටන්, ක්ලැරන්ස් වැන්නන් ගොඩ නගා තිබුණු ගීත කලාව අභිබවා මාකට් එකක් ගොඩ නඟන්නට ජිප්සීස්ලාට නොහැකි වීම. ඒක වෙනස් කරන්න තමයි ‘කිස් 10’ ගේන්නෙ.

එවකට 9වැනි වසරේ ඉගෙන ගනිද්දි (ගාල්ලෙ, රිච්මන්ඩ් විදුහලේ) මම ජිප්සීස් කණ්ඩායමට බැනලා ලිපියක් යොමු කළා. මා බලාපොරොත්තු නොවුණු ආකාරයට, සුනිල් පෙරේරා ‘කිස් 10’ ගැන කනගාටුව පළ කර මට ලිපියක් එවා තිබුණා. ඒ සමඟ ඔහු ජිප්සීස් කණ්ඩායම ග්ලූකෝරස වෑන් එකකට හේත්තු වෙලා, ටී ෂර්ට් ඇඳන් ගත්ත කලු සුදු ඡායාරූපයකුත් එවා තිබුණා. (අද ඒවා මා ළඟ නැහැ. තිබුණා නම් වටිනවා.)

කෙසේ වෙතත්, 80 දශකය වෙන කොට ජිප්සීස් පාදඩකරණය උත්සන්න වුණා.

මේ විදියට ජිප්සීස් සහ කලා සමාජය අතර පරතරය වැඩි වෙන කොට, ජෝතිපාල ගේ මරණයත් එක්ක ‘ප්‍රබුද්ධ-පීචං’ කියලා සංවාදයක් පටන් ගත්තා. ඒක ‘අමරදේවලා, නන්දාමාලිනීලා, රූකාන්තලා සහ අපි’ නමින් නිහාල් පීරිස් ගේ කෘතියක් දක්වා දුරදිග ගියා. ඒ කෘතියට අශෝක හඳගම ලියා තිබෙන ලිපියෙන් ප්‍රබුද්ධ සමාජය (?) ජිප්සීස් කණ්ඩාමට එල්ල කර තිබෙන ප්‍රහාරයේ තරම කියවා ගන්න පුළුවන්. එවකට රාවය පුවත්පතේ සේවය කළ ජයසිරි ජයසේකර, මේ ප්‍රබුද්ධ (?) නියෝජිත කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වුණා.

මේ ඊනියා ප්‍රබුද්ධ-පීචං සංවාදයෙදි නිහාල් නෙල්සන් කී ප්‍රසිද්ධ කතාවක් තිබෙනවා. – ‘ඒ ගොල්ලො ප්‍රබුද්ධ නං, අපි සුප්‍රබුද්ධ’ ..

ජිප්සීස් කණ්ඩායම, ‘ප්‍රබුද්ධයන්ට අහිතකර විය හැකි ය’ ඔවුන් ගේ ‘ඔජායේ’ වැනි කැසට්පටිවලට යෙදීම ආරම්භ කළේ ඉන්පසුවයි.

2000 වෙනකොට ජිප්සීස් පාදඩකරණය ‘ස්ටැග්නයිට්’ දක්වා තිරශ්චීන වුණා. ඒ එක්ක ම ක්ලබ්වලදී, හෝටල්වලදි සුනිල් පෙරේරා ගුටි කන තත්ත්වයට ඇද වැටුණා.

කොහොම වුණත් 2000 දෙවැනි භාගයෙන් පස්සෙ, ජිප්සීස් කණ්ඩායම අලුත් වටයකින් ගමන ආරම්භ කළා. සුනිල් පෙරේරා පොරක් වෙන්න පටන් ගත්තා. ඒ අතරේ ප්‍රබුද්ධ සමාජය (?) හිස් කොන්ක්‍රීට් තාච්චියක් වගේ පල්ලම් බැස්සා. සන්ෆ්ලවර් කණ්ඩායම, ඒකට අවශ්‍ය පරිවාර සමාජ පරිසරය හදලා දුන්නා. තවත් දේවල් ඒකට බලපෑවා. දේශපාලනය, මාධ්‍ය වෙළෙඳපොළ ආදිය ..

දැන් දෙගොල්ලො එක තැන.

සුනිල් පෙරේරා, සමාජ ක්‍රියාකාරිකයෙක් (?), දේශකයෙක් (?), විද්වතෙක් (?) වුණා. ඒ කාලේ සුනිල් පෙරේරාට ඇට්ටි හැලෙන්න දීපු අශෝක හඳගම නියෝජනය කරපු ජ.වි.පෙ. දේශපාලන වේදිකාවල ආරාධිතයෙක් වුණා.

ජිප්සීස් කණ්ඩායමේ ‘අපට කියන්න’ සින්දුව නිර්මාණය වෙන්නෙ ඒ අවකාශයෙන්.

මේ ඡායාරූපය, සමාජ හරස්කඩක් වෙන්නෙ එ් අනුව.

මෙතන, එකල ප්‍රබුද්ධ සමාජය (?) නියෝජනය කළ ධාරාවේ කට්ටිය, සුනිල් පෙරේරාට සවන් දෙමින් ඉන්නෙ. එදා, ප්‍රබුද්ධ-පීචං සංවාදය වෙලාවෙ, ප්‍රබුද්ධ පැත්ත නියෝජනය කරමින් ජයසිරි ජයසේකර වැඩ කරපු ‘රාවය’ පත්තරේ සංස්කාරකත් ඉන්නවා.

දැන් ඇත්ත වෙලා තිබෙන්නෙ කෝක ද?

‘ඒ ගොල්ලො ප්‍රබුද්ධ නං, අපි සුප්‍රබුද්ධ’

අද මොවුන් තමයි, සමාජ මත නායකයො – opinion leaders විදියට ක්‍රියාත්මක වෙන්නෙ.

මේක ‘මධුර ජවනිකා .. නෙයින ගෙ සූදුව .. සාජන්ට් නල්ලතම්බි’, වගේ බුද්ධිය පල්ලම් බැස්ස, සමාජ විකෘතියක්.

ලාංකික සමාජය මෙහෙම කරණමක් ගැහුවෙ, ඇයි?

– කුමාර ලියනගේ

Image may contain: 1 person, sitting and standing
Advertisements
01
මැයි
18

රනිල්ගේ වැසිකිලිය කාපං…. කේ.ඩබ්. රෙනරංජන ඔන්න අඹුඩේ ගූ අයිවන් රීලද කොහේද …

රාවයට කෙලින්න ගිය ජනරංජන කල්ලියට වික්ටර් අයිවන්ගෙන් රෙදි ගැලවෙන බඩ විරේකයක්..

රාවයට කෙලින්න ගිය ජනරංජන කල්ලියට වික්ටර් අයිවන්ගෙන් රෙදි ගැලවෙන බඩ විරේකයක්..

රාවය පුවත්පතෙන් පිරිසක් ඉවත්ව ගොස් නව පුවත්පතක් ආරම්භ කිරීමත් සමග දෙපාර්ශවය අතර මතගැටුම් කාරී තත්වයක් සමාජ ජාලයන්හි හා විවිධ මාධ්‍ය මගින් සිදුවෙමින් ඇත.

ආසන්නතම සිදුවීමක් ලෙස රාවය පුවත්පතේ ප‍්‍රධාන කතෘ වික්ටර් අයිවන් මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ දීර්ඝ ලිපියක් පල කර ඇත.

රාවය හිටපු කතෘ කේ.ඩබ්. ජනරංජන මහතා සම්බන්දයෙන් දැඩි විවාදාත්මක අදහස් දැක්වෙන එම සටහන මෙසේය.

ජනමාධ්‍ය චෞරයෝ.

රාවයට මුහුණ දෙන්නට සිදුවී තිබෙන සුවිශේෂ අත්දැකීම් ගැන මා ලියා ඇතත්, රාවයේ වැඩ කළ ජනමාධ්‍යවේදීන් ගැන ලියා ඇත්තේ ඉතාමත් කලාතුරකින් අවස්ථා කිහිපයකදී පමණය. රාවය උදාර අරමුණු ඇතිව ආරම්භ කොට පවත්වාගෙන යමින් තිබෙන පුවත්පතක් වුවද, රාවය එම උදාර අරමුණුවලට ගැළපෙන ජනමාධ්‍ය කණ්ඩායමක් සොයාගෙන ඔවුන් පුරුදු පුහුණු කොට ඔවුන් මත පිහිටා පවත්වාගෙන ගිය පුවත්පතක් ලෙස සැලකිය නොහැකිය. අපට ජීවත් වන්නට සිදුවී තිබෙන්නේ හොඳටම කුණුවූ සමාජයකය. රාවයට ජනමාධ්‍යවේදීන් ලබාගන්නට සිදුවූයේද එම සමාජයෙනි. රාවයට වැඩ කරන්නට සිදුවූ ජනමාධ්‍යවේදීන් අතර ගරු කටයුතු අය සිටියා සේ ම අධම ගණයේ ලා සැලකිය හැකි අයද සිටියේය. මා මෙම ලිපියෙන් සලකා බලනු ඇත්තේ ගරු කටයුතු ගණයට වැටෙන අය ගැන නොව, අධම ගණයට වැටෙන අය ගැනය.

රේඛාට විරේකයක්.

මා මෙවැනි සටහනක් ලියන්නට පෙළඹවූ රේඛා නිලුක්ෂිට මාගේ ස්තුතිය හිමිවිය යුතුය. ඇය මට එරෙහිව ආරම්භ කොට පවත්වාගෙන යන ප්‍රචාරක වැඩසටහනට ලයිට් පත්තු කරනන් හා හූමිටි තබන්නන් අතර බරපතළ වැරදි නිසා රාවයෙන් පලවා හැරිය හෝ රාවය අතහැර පලා ගිය අය ගණනාවක්ද සිටින බව හඳුනා ගන්නට හැකිවීම නිසා ඔවුන්ගේ නියම ස්වභාවය ගැන කතා කිරීම අවශ්‍ය වේයැයි කියන හැඟීම මා තුළ ඇති කිරීමට හේතුවිය.

රේඛා ජනරංජනගේ පාලන කාලයේ රාවයට එකතු වූ අවුරුදු දෙකකට ආසන්න කාලයක් රාවයේ වැඩ කර තිබෙන සාමාන්‍යයෙන් නවකයෙකුට නොලැබෙන තරමේ ලොකු බලපරාක්‍රමයක් හිමිකරගෙන සිටි එම බලය අනුන්ට ප්‍රදර්ශනය කරන්නට යෑම නිසා රාවය කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගේ උපහාසයට සේ ම විරෝධයටද හේතුවී සිටි තරුණ කාන්තාවකි. ඇය අප්‍රේල් 7 වැනිදා මුහුණු පොතට ලියන ලද සටහනට යොදා තිබුණු මාතෘකාව වූයේ ‘චෞර රැජින ගැන ලියපු වික්ටර් අයිවන් චෞර රජෙක්’ යනුවෙනි. ඇය එම ප්‍රවෘත්තියෙන් චෝදනා කර තිබුණේ රාවය වෙබ් අඩවියට ලිපි අප්ලෝඞ්කිරීම වෙනුවෙන් ඇයට දින 06ක් සඳහා ලැබිය යුතුව තිබුණ රුපියල් 15,000ක මුදලක් රාවය ඇයට නුදුන් බවය. ඇය කියන කතාව ඇත්තක් ලෙස සැලකුවද එම කතාවට යොදා තිබෙන ශීර්ෂ පාඨය අනුව ඇගේ උද්දච්චකමේ තරම පමණක් නොව ජනමාධ්‍ය විෂය පිළිබඳව ඇයට තිබෙන නොදැනුමේ තරමද පෙන්නුම් කරයි. දැන් ඇය වැඩ කරන්නේ රාවයේ හිටපු කර්තෘ ජනරංජන සමගය. ඒනිසා ඇගේ එම සටහන ජනරංජනගේ මගපෙන්වීම හා ආශිර්වාදය මත ලියන ලද්දක් ලෙස සැලකිය හැකිය.

පළමුවෙන්ම වෙබ් අඩවියට රාවයේ ලිපි අප්ලෝඞ් කළ පුද්ගලයාට මසකට රුපියල් දස දහසක් ගෙව්වේයැයි කියන කතාව සත්‍යයකි. ඔහු රාවයේ වැඩ කළ කෙනෙකු නොවීය. පිටස්තරව සිට ඒ කාර්යය කළ කෙනෙකි. ඔහු විදේශ ගතවීම නිසා වෙබ් අඩවියට ලිපි අප්ලෝඞ් කිරීම සති කිහිපයකට සිදු නොවී තිබුණි. වෙබ් අඩවියට ලිපි අප්ලෝඞ්නො වීමේ ප්‍රශ්නය කතා කළ අවස්ථාවකදී අප්ලෝඞ් කිරීමේ කාර්යය රාවයේ කෙනෙකුටම භාරදී එම දීමනාව එම පුද් ගලයාට ගෙවිය යුතු බවට ජනරංජන යෝජනා කළේය. මා එම යෝජනාවට ඇතුළත් රුපියල් දසදහසක් ගෙවීමේ කතාවට විරුද්ධ වූවෙමි. ඒ කාලයේ වෙබ් අඩවියට මුළු පුවත්පතම දැම්මේ නැත. දැම්මේ තෝරාගත් ලිපි කිහිපයක්ප මණය. ඒ නිසා ඔහුට ගෙවන ලද මිල පවා සාධාරණ මිලක් නොවන බවත්, මේ කාර්යය සඳහා වැයවන්නේ පැයක් පමණ වන සුළු කාලයක් වන නිසාත් ආයතනයේ කෙනෙකුට භාරදෙන්නේ නම් එය එම පුද්ගලයාට පඩියට අතිරේකව ලැබෙන ආදායමක් වන නිසා සතියකට වරක් අප්ලෝඞ් කිරීමේ කාර්යය සඳහා රුපියල් 1000 ක් බැගින් සති හතරේ මාසයකට රුපියල් 4000ක් ගෙවීම ප්‍රමාණවත් බව මම කීවෙමි. මාගේ එම යෝජනාවට ජනරංජන විරුද්ධ වූයේ නැත. ඉන්පසු කුමක් වී දැයි මම නොදනිමි. ජනරංජන ඉවත්ව යෑමෙන් පසු අප්ලෝඞ් කිරීමේ කාර්යය කරමින් සිටියේ රාවයේ ටයිප්සෙ ටින් අංශයේ සේවය කළ චතුර බුද්ධික නමින් වන තරුණයෙකි. ඒ වගකීම සඳහා ඔහු තෝරාගෙන තිබුණේ ටිරන්ය. ඒ කාලයේදී ඔහුට ගෙවා තිබුණේ සතියේ අප්ලෝඞ් කිරීමක් සඳහා රුපියල් 1000ක මුදලකි. දැන් එම තරුණයා වැඩ කරන්නේද ජනරංජන හා රේඛා සමගය. චතුරගෙන් පසු දැන්, රාවයේ ඒ කාර්යය කරන්නේ රසික ගුණවර්ධනය. ඔහුට ගෙවන්නේද එම ගෙවීමය.

ගමන් වියදම් අවුල

ජනරංජන ඉවත්ව ගියේ ජනවාරි 24 වැනිදාය. රේඛා ඉවත්ව ගියේ ජනවාරි 26 වැනිදාය. ඇය එසේ ඉවත්ව ගොස් තිබුණේ ආයතනයෙන් ලැබීමට හිඟ මුදල් තිබුණේ වී නම් ඒවාද ලබාගෙනය. ඒ අවස්ථාවේදී ඇය අප්ලෝඞ් කිරීමක් සිදුකර ඇත්නම් ඒ සඳහා ලැබිය යුතු මුදල් ඉල්ලා නැත. ඇය ඒ සඳහා ඉල්ලීමක් පළමු වරට කර තිබෙන්නේ අප්‍රේල් 4 වැනිදාය. ඇය අප්ලෝඞ් කිරීම් 6ක් වෙනුවෙන්රු පියල් 15,000ක මුදලක් ඉල්ලා ඇතත්, ඇය එවැනි කාර්යයක් කළේද නැද්ද යන්න ගැන ගණකාධිකාරීවරයාටද කිසිදු අවබෝධයක් තිබී නැත. ඇගේ ඉල්ලීම ඔහු මට කී විට වැඩ කර තිබෙන දින ගණනටඒ වැඩය සඳහා අනෙක් අයට කරන ගෙවීම ඇයටද කරන ලෙස උපදෙස් දුනිමි. ඒ අනුව ඔහු
ඇයට 6000ක මුදලක් ගෙවා ඇතත්, තමන්ට ලැබිය යුත්තේ රුපියල් 15,000ක් බව ප්‍රකාශ කරමින් රුපියල් 6000 භාර ගැනීම ප්‍රතික්ෂේප කොට පොලිසියට පැමිණිලි කරන බව කියමින් කාර්යාලයෙන් පිටවී ගොස්තිබේ.

රේඛා, තරිඳු හා සංජීව ඉවත්ව යන අවස්ථාව වන විට ඒ තිදෙනාම පිටතට ගොස් කරන වැඩ සඳහා ලබාගන්නා වියදම් පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දී සිටියේය. ගමන් වියදම් ප්‍රතිපුර්ණ කරගැනීම සඳහා ඉදිරිපත් වූ ඉල්ලීමකදී ගණකාධිකාරිවරයා මට දුරකතනයෙන් කතා කොට පිටත ගිය ගමනක් සඳහා මුදල් ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන ඉල්ලීමක් ගැන මට කරුණු පැහැදිලි කළේය. පිටතට ගිය ගමනක් සඳහා රුපියල් 12,500ක් කෙනෙකු ඉල්ලුම් කර තිබුණු අතර, ඒ මුදලින් රු. 6500 ක්ම ඉල්ලා තිබුණේ ත්‍රීවීලර් ගාස්තු සඳහාය. බැලූ බැල්මට විශ්වසනීය නොවන ගමන් වියදම් වවුචර් මීට පෙරද දිගින් දිගට ලැබුණු බවත්, එහෙත් ඒවා කර්තෘගේ අනුමැතිය ඇතිව එවන නිසා තමන්ට කළහැකි දෙයක් නොතිබුණු නිසා ඒවාට ගෙවන්නට සිදුවූ බවත් ඔහු කීවේය. මා එම වවුචරයට මුදල් ගෙවීම නතර කොට කර්තෘ මණ්ඩලයේ පිටතට ගොස් කරන වැඩ සඳහා වැය කළ මුදල් පිළිබඳව අවුරුදු තුනකට අදාළ වාර්තාවක්ද විශ්වාසදායක නොවන ගණන් හිලව් ඇතුළත් වවුචර කිහිපයක්ද මා වෙත එවන ලෙස ඉල්ලා සිටියෙමි. වසර තුනක වියදම් වාර්තාව ලැබුණු පසු වියදම්වල යථා තත්ත්වය තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් සංඛ්‍යා සටහනක් මා විසින් සකස් කරන ලදි.

ඒ අනුව විශේෂාංග සඳහා ගමන් වියදම්වල මාසික සාමාන්‍ය මෙසේය. 2015 වසර රු. 31330යි. 2016 වසර රු. 132000යි. 2017 වසර රු. 131451යි. ඒක පුද්ගල මාසික සාමාන්‍ය 2015 වසර සඳහා රු. 4460කි. 2016 වසර සඳහා රු. 16579කි. 2017 වසර සඳහා රු. 18808කි. පුද්ගලයන් අනුව ගත් විට සංජීවගේ මාසික වියදම 2015 සඳහා රු. 18911කි. 2016 සඳහා රු. 27450කි. 2017 වසර සඳහා රු. 34680කි. තරිඳුගේ එය 2015 සඳහා රු. 2630කි. 2016 වසර සඳහා රු. 13249කි. 2017 සඳහා රු. 29533කි. රේඛා සඳහා 2016 වසර සඳහා රු. 12840කි. 2017 වසර සඳහා රු. 28516කි. පිටතට යන ගමන් වියදම්වලදී අඩුම වියදමක් පෙන්නුම් කර තිබුණේ ඉඳුනිල්ය. 2017 වසර සඳහා ඇගේ ගමන් වියදමේ මාසික සාමාන්‍ය රුපියල් 7314කි. බොහෝ අයගේ ගමන් වියදම්වලින් 60%ක් පමණ ත්‍රිවිලර් ගාස්තු විය. මහරගම සිට පිටකොටුවට බස් ගාස්තුව රු. 70කි. වවුචර් වලට යොදා තිබුණ ත්‍රීවිලර් ගාස්තුව රු. 750කි. බස්රථයෙන් ගමන් කොට, ඒ වාට ත්‍රීවිලර් ගාස්තු අය කෙරෙන ක්‍රමයක් ක්‍රියාත්මක වී තිබුණු බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. වවුචර් පරීක්ෂා කරන විට වෙනත් විසමතාද පෙනෙන්නට තිබුණි. එක දුර ප්‍රදේශයකට ගොස් එකතු කරගත් තොරතුරු මත පත්තර දෙකකට ලිපි ලියා ගමන් දෙකකට ගමන් වියදම් අයකරගත් අවස්ථාවක් ද විය. ගෙදර ගිය ගමනකදී එම ප්‍රදේශයේම රාත්‍රී නවාතැන් පොළකට ගාස්තු ගෙවා තිබුණු අවස්ථාවක් ද විය. මා සියාලු වවුචර් පරීක්ෂා කළේ නැත. පරීක්ෂා කළේ කීපයක් පමණි. මා ඒ ගැන ගණකාධිකාරිවරයා අමතා ජනරංජනටද පිටපතක් සහිතව ලිපියක් භාර දුන්නෙමි. ඒ ජනවාරි 17 වැනිදාය. එහි එක් තැනක මෙසේ සඳහන් කළෙමි. ”සමහර වවුචර් ඔබේ විශ්වාසයට හේතුවී නොතිබුණද, ඔබ එම ගෙවීම් කර තිබුණි. එසේ කළේ ඇයිද කියා විමසූ විට ඔබ කීවේ කර්තෘ අනුමත කර තිබුණු නිසා එම මුදල් ගෙවනවා හැරෙන්නට අන් දෙයක් නොතිබුණු බවය. එහෙත් ඔබේ එම ප්‍රවේශය වැරදිය. ලැබෙන වවුචර් විශ්වාසයට හේතු නොවන අවස්ථාවලදී අනුමත කර තිබෙන්නේ කවුරුන් වුවත් ඒ ගැන ප්‍රශ්න කිරීමේ හා සොයා බැලීමේ වගකීමක් ඔබට තිබෙන්නේය.” එම ලිපියේ තවත් තැනක මෙසේ සඳහන් විය.” කර්තෘ මණ්ඩලයේ ගමන් ගාස්තු පිළිබඳව විගණනයකට යෑම අවශ්‍ය වේ යැයි සිතමි. කිසිදු සොයා බැලීමකින් තොරව වියදම් අනුමත කරන හා ඒවාට මුදල් ගෙවන ක්‍රමයක් ආයතනය තුළ ස්ථාපිත වී තිබෙන බව පෙනෙනවා. ආයතනයක් තුළ එවැනි සංස්කෘතියක් ඇතිවූ විට එම ආයතනය පරිහානියට පත්වීම නොවැළැක්විය හැකියි”

ගමන් වියදම් පිළිබඳව මතුවී තිබුණු ප්‍රශ්න හා ඒ ගැන මා විගණනයකට යන බවට කර තිබුණු ප්‍රකාශය කර්තෘ ඇතුළු මේ පිරිස කැළඹීමට පත් කර තිබුණු අතර ඔවුන් රාවයෙන් නික්ම යෑම කෙරෙහි එම ප්‍රශ්නයද වැදගත් සාධකයක් ලෙස බලපාන්නට ඇත. සංජීව ගියේ ඔහුට වැඩ කරන්නට රාවයෙන් දෙන ලද ලැප්ටොප් පරිගණකයද ආපසු භාර නොදීය. ඒ නිසා ඔහුට එරෙහිව පොලිසියට පැමිණිලි කිරීමට රාවයට සිදුවනු ඇත.

එස්.බී.ගෙන් කප්පම් ඉල්ලීම

දැන් මම රේඛාගේ ප්‍රශ්නයෙන් ඉවත් වී ඇය මුහුණු පොතේ පළකරන පදනම් විරහිත වාචාල කතාවලට හූමිටි තියන, ලයිට් පත්තු කරන මීට පෙර විටින් විට විසමාචාර හේතු නිසා රාවයෙන් පලාගිය හෝ රාවයෙන් පලවා හරින ලද අයගේ නියම පසුබිම හා කෙරුවාව තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් හා ලංකාවේ ජනමාධ්‍යවේදය කුණුවී තිබෙන තරම තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් නිදර්ශන කතා කිහිපයක් ඉදිරිපත් කරමි. රාවය මෙතෙක් දුර පැමිණ තිබෙන්නේ පිටතින් එල්ල වන දුෂ්කර අභියෝගවලට පමණක් නොව, ප්‍රකට නැතත් අභ්‍යන්තරයෙන්ද එල්ල වන දුෂ්කර අභියෝගයන්ට මුහුණදෙමින් බව තේරුම් ගැනීමට එම තෝරාගත් ආදර්ශ කතා කිහිපය පාඨකයන්ට ප්‍රයෝජනවත් වනු ඇත.

මා හා ඇමති එස්.බී. දිසානායක අතර කලකට ඉහතදී ලොකු ගැටුමක් තිබුණු බව රාවය පාඨකයන් දන්නෙහිය. අපි දෙදෙනා අතර එවැනි ලොකු ආරාවුලක් තිබුණු අවස්ථාවකදී මාගේ මිත්‍රයෙකු වූ හේමසිරි ප්‍රනාන්දු මට දුරකතනයෙන් කතා කොට හේමසිරිගේ නිවසේදී එස්බීට මා හමුවීමට අවශ්‍ය වී තිබෙන බව කීවේය. මට එස්.බී. සමග මොන කතාවක්දැයි හේමසිරිගෙන් විමසූ විට එස්.බී. රාවයට එරෙහිව මට කියන්න ලොකු කතාවක් තිබෙන බවත්, එය කප්පම් කතාවක් බවත් මා විස්මයට පත්කරමින් හේමසිරි කීවේය. මා නියම කරගත් දිනට නොවළහා එහි පැමිණෙන බව කීවෙමි.

නියම කරගත් දිනයේදී එස්.බී.ගේ කතාව අහන්න මම හේමසිරිගේ නිවසට ගියෙමි. එස්.බී. සමග ඔහුට හිතවත් රාජ්‍ය නිලධාරියකු ලෙස සැලකිය හැකි ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නද එහි පැමිණ සිටියේය. රාවයේ කිහිපදෙනෙකු එස්.බී.ගෙන් ලබාගන්නට අපේක්ෂා කර තිබෙන කප්පම රුපියල් දශ ලක්ෂයකි.

එම දශ ලක්ෂයේ කප්පම ඉල්ලා තිබෙන්නේ සුසන්තිකා ජයසිංහ එස්.බී. ගැන කතා කරන දුර්ලභ ගණයේ හඬ පටියක් ජනමාධ්‍යවලට මුදාහැරීම වැළකීම සඳහාය. කප්පම ලබාගැනීමට උත්සාහ කර ඇත්තේ සුනිල් නවරත්න හරහාය. සුනිල් නවරත්න මෙම තත්ත්වය ඉදිරියේ කොතරම් භීතියට පත් තත්ත්වයක සිටියාද කියතොත් ඔහු එස්.බී. ඇමතිවරයා ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍යම වෙතොත් කප්පම්කරුවන්ට ගෙවන්න රුපියල් දශ ලක්ෂයක්ද සොයාගෙන සිටියේය.

ඒ කාලයේ රාවය, රාවයට අතිරේක වියදම සොයා ගැනීමේ මාර්ගයක් වශයෙන් ක්‍රීඩා පුවත්පතක් පළ කළ අතර මේ වැඩසටහනේ මොළකාරයා ලෙස ක්‍රියාකර තිබුණේ එම පුවත්පතේ කතුවරයාය. ඔහු ගාම්භීර පෙනුමකින් යුතු ජේත්තුවට අඳින පළඳින ගැඹුරු කටහඬක්ද තිබුණු පුද්ගලයෙකු විය. අහිංසක හොඳ පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි රාවයේ කැමරා ශිල්පියා රාවයට අතිරේකව මේ පුවත්පතේද කැමරා ශිල්පියා ලෙස වැඩ කළ අතර පත්තර කප්පම් වැඩසටහනට ඔහුද ලාවට සම්බන්ධ කරගෙන තිබුණි.

මේ දෙදෙනාගෙන් කප්පම් කතාව අසාගෙන මා කාර්යාලයට පැමිණි පසු ඉහත කී ජායයාරූප ශිල්පියා මාගේ කාර්යාලයේ කාමරයට කැඳවා ඔහු සමග සුහද පිළිසඳරක යෙදෙමින් ඒ කතාව අතරමගදී එස්.බී.ගෙන් ලබාගන්නට යන කප්පමෙන් ඔහුට හිමි පංගුව කොතරම් දැයි අසා සිටියෙමි. මාගේ එම ප්‍රශ්නයෙන් බිරාන්ත වූ ඔහු ඒ ගැන තමන් දන්නා තතු මට හෙළි කළේය. මා ඔහුගේ කතාව දැනගැනීමෙන් පසු ඔහු කර තිබෙන වරදේ බරපතළකම ඔහුට පැහැදිලි කරදී ඒ මොහොතේදීම ආයතනයෙන් ඉවත්ව යන ලෙස ඉල්ලා සිටිමින් ජනමාධ්‍යවේදියෙකු ලෙස වැඩ කිරීමට අවශ්‍ය ශික්ෂණය නැතිකම සනාථ කර තිබෙන නිසා මින් මතු කිසිදු ජනමාධ්‍ය ආයතනයක වැඩ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියෙමි. ඔහු ඒ මොහොතේදීම රාවයෙන් පිටවී ගිය අතර ක්‍රීඩා පත්තරේ කතුවරයා හා ගෝලයාද රාවයෙන් යන්න ගියෝය. මෙය පොලිස් පරීක්ෂණයකට පත්වනවා දකින්නට එස්.බී. කැමැත්තක් නොදැක්වීම නිසා ඊට වැඩි ක්‍රියා මාර්ගයක් ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන්නට මට නොහැකි විය.

මේ කතාවට සම්බන්ධ වඩාත්ම අවලස්සන කතාව අසන්නට ලැබුණේ මීට වසර දෙකකට හෝ තුනකට පමණ ඉහතදීය. රාවය අතහැර ගිය ඉහත කී ජායායාරූප ශිල්පියා දීර්ඝ කාලයකට පසුව මා බලන්නට රාවයට පැමිණ මා සමග කරන ලද කතාබහකදී රාවයේ සිටි නම්බුකාර මිනිසකු ගැන අපූරු කතාවක් කීවේය. උපාධිධාරියෙකු වූ එම පුද්ගලයා ඉතාමත් ප්‍රසන්න හා අහිංසක පෙනුමක් තිබූ වර්තමානයේ ජනශ්‍රැතිය පිළිබඳව ලොකු ප්‍රසිද්ධියක් හිමි කරගෙන සිටින රූපවාහිනී නාලිකාවලට වැඩසටහන් ඉදිරිපත් කරන පුද්ගලයෙකි. ජායාරූප ශිල්පියා කියන ලද කතාව අනුව ඔහුට මෙම කප්පම් සිද්ධියේ සුවඳ දැනී එය ආචාර්ය සුනිල් නවරත්න යාළු කරගන්නට අවස්ථාවක් කරගැනීමෙන් නොනැවතී ඒ මගින් වඩා හොඳ රැකියාවක් හිමිකර ගන්නටද ඔහු සමත් වී තිබේ. ඒ ගනුදෙනු වේදී සිදුවී තිබෙන අවලස්සනම දේ ලෙස සැලකිය හැක්කේ තමන්ට ලොකු වැදගත්කමක් ආරෝපණය කරගැනීම සඳහා මෙම කප්පම් වැඩසටහනට මගේද පුංචි සම්බන්ධයක් ඇති බව සුනිල් නවරත්නට කීමය. අපට ජීවත් වන්නට සිදුවී තිබෙන සමාජය කොතරම් බිහිසුණුද?

රෝහණ කුමාර ඝාතනය වසන් කිරීම

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පාලන කාලයේ අවසාන භාගයේ සිට චන්ද්‍රිකා පාලන කාලයේ කිසියම් කාලයක් දක්වා රාවය කවුන්ටර් පොයින්ට් (Counter point) නමින් ඉංග්‍රීසි මාසික සඟරාවක්‌ පළ කළේය. එහි සංස්කාරකවරුන් ලෙස ක්‍රියා කළේ වර්තමානයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්යවරයා ලෙස ක්‍රියා කරන අර්ජුන පරාක්‍රම හා රොයිටර් පුවත්සේවයේ වරුණ කරුණාතිලක යන දෙදෙනාය.

මෙම සඟරාවේ පිටු සකස් කිරීම කළේ රාවයේ ටයිප් සෙටින් අංශයේ වැඩ කළ තරුණයෙකි. ඔහු ප්‍රධාන පෙළේ විද්‍යාලයකින් අධ්‍යාපනය ලැබූ බැලූ බැල්මට අහිංසක පෙනුමකින් යුතු කාර්යශීලී පුද්ගලයෙකි. සඟරාවේ පිටු සකස් කිරීම කෙරුණේ සිරිතක් ලෙස රාත්‍රී කාලයේදීයි. හේතුව සංස්කාරකවරුන් දෙදෙනාම කාර්ය බහුල පුද්ගලයන් වීමය. ඔවුහු රෑ අටට පමණ වැඩ පටන් ගෙන රෑ දෙක තුන වෙනකම් කාර්යාලයේම තිබුණු ඒ සඳහා වෙන් කළ කාමරයක වැඩ කළහ. ඔවුන් වැඩ කරන දිනවල සඟරාවේ පිටු සකස් කිරීමේ කටයුතුවල නිරත වූ ඒ තිදෙනා හැර කාර්යාලයේ සිටියේ මා හා කාර්යාලය බලාගත් පීරිස් අංකල් පමණය.

එසේ වැඩ කළ එක් රාත්‍රියකදී පිටු සකස් කිරීමේ මූලික කටයුතු අවසන් කොට එය මුළුමනින් අවසාන කිරීමේ කාර්යය ඉහත කී තරුණයාට භාරදී අර්ජුන හා වරුණ මධ්‍යම රාත්‍රියද පසුවී කාර්යාලයෙන් ගොස් තිබුණි. එහිදී අර්ජුන තමන් පරිහරණය කළ ලැප්ටොප් පරිගණකය අමතක වී එහි දමා ගොස් තිබුණි. පසුදින උදේ එය රැගෙන යෑමට ඔහු කාර්යාලයට ආ විට ඔවුන් වැඩ කළ කාමරයේ පරිගණකය තිබී නැත. ඉහත කී තරුණයා ආරක්ෂාවට එය කොහේ හෝ තබා තිබේදැයි දුරකතනයෙන් විමසූ විට තමා යන විට එහි පරිගණකයක් නොතිබුණු බව ඔහු ප්‍රකාශ කර තිබුණි. අර්ජුනගේ හා වරුණගේ දැඩි මතය වූයේ ලැප්ටොප් පරිගණකය සොරකම් කළේ ඉහත කී තරුණයා බවය. ඒ ගැන මම ඔහුගෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු රාවය අත්හැර ගියේය.

වඩා වැදගත් වන්නේ ඉන්පසු ඔහු රඟපෑ භූමිකාවය. සටන කර්තෘ රෝහණ කුමාරගේ ඝාතනය ගැන පාඨකයන් දන්නෙහිය. රෝහණ කුමාර හොඳ ජනමාධ්‍යවේදියෙකු ලෙස සැලකිය නොහැකිය. ඔහු රඟපෑවේ චෞර ජනමාධ්‍යවේදියෙකුගේ භූමිකාවකි. ඔහුගේ ඝාතනය පිටුපස ලොකු දේශපාලන කතාවක් තිබුණි. ඔහු චැනල් නයින් සිද්ධිය පදනම් කොටගෙන ජනාධිපතිනිය හා ඇගේ මාධ්‍ය උපදේශක සනත් ගුණතිලකට දරුණු ලෙස පහර ගසන ‘කොමිසනා’ නමින් වන කැසට් පටියක් නිපදවා තිබුණි. රෝහණ කුමාර ඝාතනයට පාදක වූයේ එම කැසට් පටයයි.

රෝහණ කුමාර ඝාතනය ගැන මුලින්ම පරීක්ෂණ පවත්වන ලද්දේ ලංකාවේ ප්‍රකට හා දක්ෂ අපරාධ පරීක්ෂකවරයකු ලෙස සැලකිය හැකි ශානි අබේසේකර විසිනි. එහෙත් ඔහුගේ පරීක්ෂණයෙන් සැකයේ ඇඟිල්ල බැද්දගානේ සංජීව වෙත එල්ලවීම නිසා එම පරීක්ෂණය ඔහුගෙන් ඉවත් කොට අපරාධ පරීක්ෂණ බියුරෝවේ එකල ප්‍රධානියාව සිටි ෂෝ වික්‍රමසිංහ අතට පත්කර තිබුණි. ඔහු එම ඝාතනයේ ඇත්ත වසන් කිරීම සඳහා නිර්මාණය කළ කතාවක් කරළියට ගෙන එන ලදි. ඒ වන විට මමද රෝහණ කුමාර ඝාතනය ගැන බැරැරුම් ලෙස කරුණු සොයා බලන තැනකට යොමුවී සිටියෙමි. මා ඒ පසුපස හඹායමින් සිටින අවස්ථාවකදී රෝහණ කුමාර ඝාතනය වසන් කිරීම සඳහා ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව ෂෝ වික්‍රමසිංහ ද යොදා ගනිමින් කරළියට ගෙනා කතාව රඟදක්වන වැඩසටහනේ අර්ජුනගේ ලැප්ටොප් පරිගණකය සොරකම් කළ තරුණයාද වැදගත් භූමිකාවක් රඟපාමින් සිටින බව සොයාගත හැකිවිය. මා ඔහු රඟපාමින් සිටින භූමිකාව ගැන සියලු තතු දන්නා බව ඔහුගේ මිත්‍රයෙකු මගින් එම පුද්ගලයාට දැනගන්නට සැලැස්සුවෙමි. ඉන්පසු ඔහු කොතරම් භීතියට පත්වීද කියනවා නම් ඔහු ඕස්ට්‍රේලියාවට පලා ගියේය. ඔහුගේ ගමනට අවශ්‍ය වියදම් දරා තිබුණේ ජනාධිපති අරමුදලෙනි. මට එරෙහිව මුහුණු පොත ප්‍රයෝජනයට ගෙන පවත්වාගෙන යන ප්‍රචාරක වැඩසටහනට ඕස්ට්‍රේලියාවට ජීවත් වන එම තක්කඩියාද වැදගත් කොටස්කාරයෙකු වී සිටින බව අසන්නට ලැබුණි.

අගවිනිසුරුගේ සරණ පැතීම

චන්ද්රිකා පාලන කාලයේ රාවයේ වැඩ කළ කැමරා ශිල්පියා ඉදිරිපත් කරන පෙට්‍රල් බිල් ගැන රාවයේ ගණකාධිවරයාගෙන් මට පැමිණිල්ලක් ලැබුණි. මෙම ජායාරූප ශිල්පියාගේ පෙට්‍රල් වියදම් දරන ලද්දේ ආයතනය විසිනි. ඔහු පෙට්‍රල් සඳහා මෙතෙක් ඉදිරිපත් කර තිබෙන සියලුම බිල් එක ඉන්ධන පිරවුම් හලකින් ලබාගත් බිල් බවත්, ඒ බිල් එකට ගෙන පරීක්ෂා කිරීමේදී ඒ හැම බිලකම තිබෙන්නේ එකම අනු අංකයක් බවත් ගණකාධිකාරීවරයා මට කීවේය. බිලේ සඳහන් ඉන්ධන පිරවුම්හලට ගොස් ඒ ගැන ඔවුන් කියන්නේ කුමක්දැයි දැනගන්නා ලෙස මම ගණකාධිකාරීවරයාට උපදෙස් දුනිමි. ඉන්පසු අසන්නට ලැබුණු ප්‍රතිඵලය අපූරුය. ඔහු පෙට්‍රල් බිල්වල තිබුණු ලිපිනයට ඉන්ධන පිරවුම්හල සොයාගෙන ගොස් තිබෙන අතර එම ලිපිනය තිබෙන ස්ථානයේ හෝ ඒ අවට එවැනි ඉන්ධන පිරවුම්හලක් නැති බව ඔහු මට වාර්තා කළේය. ජායාරූප ශිල්පියා මා වෙත කැඳවා ඒ ගැන කරුණු විමසීමක් කළෙමි. ඒ සමග ඔහු රාවයෙන් අතුරුදන් විය.

එම කතාව එතැනින් අවසන්වන්නේ නැත. ඔහු අගවිනිසුරු සරත් සිල්වාගේ පාතාලකාරයා ලෙස සැලකුණු පේරාදෙණිය මල්වත්ත ඝාතනයේ හා යුද්ධයේ අවසාන භාගයේදී සුදුවෑන් රථයකින් ගොස් කොළඹ ප්‍රධාන පෙළේ සීනි මුදලාලි කෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ නඩුවක ප්‍රධාන විත්තිකරුවා වී සිටින රෝහණ කුමාර අල්ලාගෙන අගවිනිසුරුගේද ආශිර්වාද ඇතිව රාවයට එරෙහිව කම්කරු උසාවියේ නඩුවක් පැවරුවේය. එම නඩුවට රාවය වෙනු වෙන් පෙනී සිටියේ නීතිඥ සුරංජිත් හේවාමාන්නය. ඔහු මියයන තෙක්ම මාගේ හොඳම මිතුරෙකුද විය.

නඩු වාර කිහිපයකට පසු ඔහු මට නඩුව ගැන අපූරු කතාවක් කීවේය. නඩුවක් පවත්වාගෙන යෑමේ කිසිම නීත්‍යනුකුල හැකියාවක් එම ජායාරූප ශිල්පියාට නැතත්, නඩුව අසන විනිසුරුවරයා අගවිනිසුරුවරයාගේ රූකඩයක් මෙන් ඔහුගේ වාසියට හේතුවන ලෙස නඩුව පවත්වාගෙන යන බවත්, අවසානයේ විනිශ්චයකාරවරයා ජායාරූප ශිල්පියාට ගෙවීමට වන්දියක් නියම කරනු ඇති බවත් එයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම තේරුමක් නැති බවත් ඒ හැම නඩුවක් කෙරෙහිම සරත් සිල්වා බලපානු ඇති බවත් කීවේය. සියල්ල ඒ විදියටම සිදුවිය. නියම කළ වන්දිය අභියෝගයට ලක්කිරීමට යෑමෙන් තොරව ගෙවීමු. අපේ ජායාරූප ශිල්පියා ඉන් තෘප්තිමත් වූයේ නැත.

ඔහු අගවිනිසුරුගේ පාතාලකාරයා සමග එකතු වී ‘රාවයේ මළගම’ නමින් පොතක් ලීවේය. පළවූයේ පාතාලකාරයාගේ නමින් වුවත්, පොත ලියන්නට ඇත්තේ ජායාරූප ශිල්පියාය. පසුව එම පොතේ ඉංග්‍රීසි අනුවාදයක්ද පළ කෙරුණු අතර ඒ ගැන මා හා කතා කළ එක් විනිශ්චයකාරවරයෙකු මට කීවේ ලියා තිබෙන ඉංග්‍රීසි ශෛලිය අනුව බලන විට පොත ඉංග්‍රීසි භාෂාවට අනුවාදය කරන්නට ඇත්තේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා විය හැකි බවය.

අගවිනිසුරු සරත් සිල්වා හා මා අතර ඇතිවූ ගැටුමේ ප්‍රතිඵලයක් වශයෙන් ලොකු අධිකරණ අර්බුදයක් ඇතිවූ අවස්ථාවේදී සමහර ජනමාධ්‍ය ආයතන හා සමහර ජනමාධ්‍යවේදීන් එම දූෂිත අගවිනිසුරුවරයාට රැකවරණය ලබාදෙන ප්‍රතිපත්තියක් මගින් ඒ සියලුදෙනා අතිවිශාල ඵල ප්‍රයෝජන ලැබූ ආකාරය ගැන මා මීට පෙර ලියා තිබේ. එහෙත් එම අර්බුදයෙන් අයුතු වාසි ලබාගත් අය රාවයේද සිටි බව මේ කතාව කියන්නට පෙර පාඨකයන් කිසිවෙක් දැන නොසිටින්නට ඇත. එහෙත් එම අර්බුදයෙන් ඵල ප්‍රයෝජනය ලැබූ එකම ජනමාධ්‍යවේදියා ඉහත කී ජායාරූප ශිල්පියා පමණක් නොවන අතර දෙවැන්නෙක්ද සිටියේය.

ඉතා කෙටියෙන් මේ දෙවැන්නාගේ කතාව මෙසේය. ඔහු අධිකරණයට සම්බන්ධයක් තිබූ රාවයේ වැඩ කළ ජනමාධ්‍යවේදියෙකි. ජායාරූප ශිල්පියාට ප්‍රසන්න පෙනුමක් නොතිබුණද මේ පුද්ගලයාට තිබුණේ ඉතාමත් අහිංසක ප්‍රසන්න පෙනුමකි. අගවිනිසුරු හා මා අතර තිබූ ගැටුම ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබුණි. මේ අර්බුදය ප්‍රයෝජනයට ගෙන ලොකු දුර ගමනක් යා හැකි බව ඔහු තේරුම් ගෙන සිටියා විය යුතුය. රටේ ප්‍රධාන පෙලේ ටෙලිවිෂන් ආයතනයකට අධිකරණයේ නඩු 17ක් තිබුණි. ඉන් එක් නඩුවක්වි දේශ සමාගමක් විසින් පවරන ලද දැවැන්ත වන්දි නඩුවක් විය. ඔහු මෙම අර්බුදය එම ටෙලිවිෂන් ආයතනයේ හිමිකරුවාට ළංවීමට අවස්ථාවක් කරගත්තේය. තමන්ට සී.ජේ. සමග කතා කොට මෙම නඩු 17ම විසඳිය හැකි බව ඔහු ඔහුට කියන්නට ඇත. ඒ මගින් ඔහු ටෙලිවිෂන් ආයතනයේ රක්ෂාවක් ලබාගත්තා පමණක් නොව ටෙලිවිෂන් ආයතනයේ හිමිකරුගේ නඩු අගවිනිසුරු ලවා පස්සා දොරෙන් විසඳා දෙන අතරමැදියෙකු ලෙසද ක්‍රියා කළේය. ඒ වෙනු වෙන් ඔහු සමහරවිට ටෙලිවිෂන් ආයතන හිමිකරුවාගෙන් ලොකු පගාවක් ද ගත්තා විය හැකිය. තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමෙන් පසු මොන හේතුවක් නිසා හෝ ටෙලිවිෂන් ආයතයේ හිමිකරුට මේ පුද්ගලයා එපා වී ඔහු ආයතනයෙන් පලවා හැරියේය. ජනමාධ්‍යවේදියා එම ආයතනයට එරෙහිව නඩුවක් පවරන ලද අතර මෙම ජනමාධ්‍යවේදියා කියන අවලස්සන කතාවද එම නඩුවේ ලිපිගොනුවට ඇතුළත්ය. මේ විෂයේදී කතා කරන්නට තවත් වැදගත් චරිත ගණනාවක්ම ඇතත්, මෙම ලිපිය කොටස් වශයෙන් පළකෙරෙන ලිපියක් බවට පත්කිරීම අවශ්‍ය නොවන නිසා එම චරිත ගැන කතා කිරීමෙන් වැළකී මෙම ලිපිය අවසන් කරන්නට මට සිදුවී තිබේ. ලිපිය අවසන් කරන්නට පෙර කිවයුතුව තිබෙන තවත් වැදගත්ම දෙයක් වනුයේ අධම ගණයෙහිලා සැලකිය හැකි අය අතර දක්ෂයන්ද සිටි බවය. ඒ සියලුදෙනා එකට එකතු කොට පුවත්පතක් ආරම්භ කළහොත් එයඉතාමත් සුවිශේෂ සලාදයක් බඳු පුවත්පතක් බවට පත්වනු නොඅනුමානය.

රාවය පාඨකයන් සේ ම රාවය හදාරන්නන්ද දන්නේ රාවයට බාහිරෙන් එල්ල වූ අභියෝග ගැන පමණය. රාවය මේ දක්වා යන ගමන පැමිණ ඇත්තේ බාහිර අභියෝගවලට පමණක් නොව, ඒ සමාන තරමකට අභ්‍යන්තරයෙන් එල්ල වන අභියෝගයන්ටද මුහුණදෙමිනි. අවසාන විග්‍රහයේදී කොතරම් බල්ලන් බිරුවත් තවලම ඉදිරියටම යන්නා සේ රාවයද ඉදිරියටම යනු ඇත්තේය.

– victor ivan FB

09
අප්‍රේල්
18

එජාප කෘත්‍යාධිකාරී කුමාර සහ වෙනත් කතා

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අරලියගහ මන්දිරයේ දී රැස්වේ

අද දිනය පුරා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා සහ ඉදිරි තීන්දු තීරණ ගැනීමට ඔවුන් මෙලෙස අරලියගහ මන්දිරය වෙත රැස්වී තිබේ

පසුගිය සමයේ මෙම අරලියගහ මන්දිරය රන්ජන් රාමනායක මහතාගේ විශේෂ ගවේශණයක ප්‍රථිපලයකට අනුව සොයා ගත් අතර රත්තරන් අශ්වයා බැද තිබූ ගස හා ලැම්බෝගිනි නවතා තිබූ ගරාජයද ඔහු විසින් අණාවරණය කර ගත්තේය..

පසුව එහි වැසිකිළියක තිබූ රූපවාහිනියද සොයා ගැනීමත් සමග එය රටම කලඹන පුවතක් බවට පත් වූයේ නිමේෂයකිනි..

එදින රන්ජන් රාමනායක ඇතුළු එක්සත් ජාතික පක්ෂය විසින් සොයා ගන්නා ලද රන් කඩු කිහිපය කල් යත්ම මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රැගෙන ගොස් ඇත..වියදම දැරිය නොහැකි තැන ඥාණාන්විතව මල් පෝච්චි සියල්ලද විනාශ කෙරිනි..

අද දින වන විට අරලියගහ මන්දිරයේ කාමර තුළ දක්නට ලැබෙන්නේ බූරු ඇදන්ය දහවල සූර්යාලෝකයෙන් ආලෝකය ලැබෙන අතර රාත්‍රී කාලයේ කණාමැදිරියන් රෑ බදුල්ලන් වැනි සතුන්ගෙන් ආලෝකය ලබා ගනී..

එහි කෑමට පිඟන් වෙනුවට කෙසෙල් හෝ නෙලුම් කොලය.. බීමට කෝප්ප වෙනුවට පොල් කටුය.. තටාකයන්හි මාලු වගාවන්ය..ටෙලිපෝන්ද නොමැත පණිවුඩ හුවමාරු වන්නේ සදලුතලයට නැග එකිනෙකා හට හූ කියා ගැනීමෙනි..පරවියන් භාවිතා කරන්නේද ඇමතිවරුන් පමනි..

අහසින් වැටෙන එකදු දියබිදක හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයව් සංකල්පයට අනුව ජලය වර්ෂාවෙන් එක් රැස් කරගැනීමට මන්දිරයේ වහල පුරා රදවා ඇත්තේ විශාල බාල්දිය..

භූගත මහල කලකට පෙර වසා දැමීමට කටයුතු කරන ලද්දේ විශාල වායු සමීකරණ යන්ත්‍ර නිසාවෙන් බව සැවොම දන්නා කරුණකි..

වර්තමානය වන විට එම වායු සමීකරණ යන්ත්‍ර ඇතුළු විද්යුත් උපකරණ සියල්ල ගලවා වෙන්දේසි කොට මහබැංකුව සුරැකීමේ අරමුදල වෙත බැර කොට ඇත්තේ ජනතාවගේ හිත සුව පිණිස බව අප දනිමු..

කුඩා වැස්සකටත් තෙමෙන අරලියගහ මන්දිරයේ වහල පොල් අතු වලින් පිලිසකර කිරීමට පසු කාලයේදී තීරණය කෙරිණි ඒ රනිල් වික්‍රමසිංහයාණන්ගේ තීරණයකට අනුවයි..

මන්දිරය පිටුපස වන්නට ඇත්තේ විශාල එළවලු කොටුවකි වම්බටු බණ්ඩක්කා සහ වට්ටක්කා ප්‍රධාන ලෙස වගා කොට ඇති අතර මෑ කරල් සහ වැටකොලු අතිරේකව වගා කොට තිබේ..මන්දිර වාසීන් දෛනික ආහාර අවශ්‍යතාවය සපුරා ගන්නේ මෙම එලවලු කොටුවෙනි..

මෙම එලවලු කොරටුව එජාප මන්ත්‍රී වරුන් විසින් පවත්වාගෙන යන්නේ රතන හිමිගේ අධීක්ෂණයෙන් කාබනික පොහොර යොදා වීම විශේෂිතය..

පරම සත්‍ය නම් වර්තමානයේ අරලියගහ මන්දිරයේ ජලබිල් විදුලිබිල් නොමැත..අන්තර්ජාල බිල් නොමැත..ටෙලිපෝන් බිල් නොමැත..ජනතාවගේ බදු මුදල් කිසිවෙකුත් අවභාවිතා කරන්නේද නැත..කොටින්ම අරලියගහ මන්දිරයේ නඩත්තුව සඳහා ජනතාවගේ සතයකුදු හෝ වැය වන්නේ නැත..

මෙවැනි ඥාණාන්විතව මොණරබල් ජනතා නියෝජිතයන් පිරිසක් මෙරට පාලනයට පහල වීමට තරම්..

අප කෙතරම් වාසනාවන්ත වීමු ද..?

Image may contain: 3 people, people smiling, people sitting
Image may contain: 3 people
Image may contain: one or more people and indoor
24
මාර්තු
18

ආචාර්ය නාලක ගොඩහේවා ඔබට බොහොම ස්තූතියි… (UN)

කොටි සංවිධානය ‘අ’යන්නේ සිට කල අපරාධ 

අපට අනවශ්‍ය ඔබේ සහාය බලෙන් දෙන්න එපා.. කොටි සංවිධානය ‘අ’යන්නේ සිට කල අපරාධ ජිනීවාහි රැවුදේ…

ආචාර්ය නාලක ගොඩහේවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සමුලුවේ, ” ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ බලපෑම්” යන මැයෙන් වූ සමාන්තර සැසිවාරයේදී කල දේශණයේ පරිවර්ථනය…

තිස් වසරක් පුරා ලෝකයේ දරුනුණුතම ත්‍රස්තවාදී කන්ඩායමක් වන එල් ටී ටී ඊ සංවිධානය විසින් භීෂණයට ලක් කොට තිබූ ලංකාව කොටි ත්‍රස්ථවාදයේ රුදුරු ග්‍රහණයෙන් මුදවාගෙන, අඳුරින් වැසී තිබුන දේශයට යලි සාමයේ ආලෝකය ගෙන එනු ලැබුවේ 2009 වසරේදීයි.

කොටි ත්‍රස්ථවාදීන්ට අවශ්‍යව තිබුනේ වෙනම රටක්. එය ඔවුන් හැදින්වූයේ ඊලාම් දේශය කියායි

එය දිනා ගැනීම සඳහා ඔවුන් උතුරු හා නගෙනහිර පලාත්වල සන්නද්ධ අරගලයක යෙදී සිටියා. ඊට සමාන්තරව ඔවුන් රට පුරා සෑම ප්‍රදේශයකම වාගේ ත්‍රස්ථ ක්‍රියා කරමින් භීෂණය පැතිරුවා

ලෝකයට මුලින්ම මරාගෙන මැරන ත්‍රස්ථවාදීන් යන සංකල්පය හඳුන්වා දුන්නේ කොටි සංවිධානයයි. ඔවුන් කාන්තාවන් හා කුඩා දරුවන්පවා මිනිස් බෝම්බ බවට පත්කලා. කෲර බව අතින් කොටීන්ටට සමකල හැකි ත්‍රස්ථවාදී කන්ඩායමක් එකල ලෝකයේ කිසි තැනක සිටියේ නැහැ. ලෝකය පුරාම ත්‍රස්ථ කන්ඩායම් කාලයත් සමග කොටි ත්‍රස්ථවාදීන් ආදර්ශයට ගන්නට පටන් ගත්තා.

රටවල් දෙකක නායකයින් එනම් ඉන්දීය අගමැති රජීව් වූ ගාන්ධි හා ලංකාවේ ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස දෙදෙනාම කොටින්ගේ මරාගෙන මැරෙන මිනිස් බෝම්බවලට අසුවී මියගියා.

එල් ටී ටී ඊ සංවිධානය බලය තහවුරු කරගත්තේ ඉතා ක්‍රමානුකූලවයි. මුලින්ම ඔවුන් රටේ සිටි ප්‍රබල දෙමල දේශපාලනඥයින් මරාදැමුවා. දෙවනුව අනෙකුත් දෙමල ත්‍රස්ථවාදී කන්ඩායම් වල නායකයින් මරාදැමුවා. ඊ ලඟට තමුන්ට අනාගතයේ තර්ජනයක් විය හැකි නැගී එන දෙමල නායකයින් මරාදැමුවා. අවසානයේ දෙමල ජනතාවගේ එකම නියෝජිතයා බවට එල් ටී ටී ඊ සංවිධානය පත්වුන අතර දෙමල ජනතා සංධානය වැනි දෙමල දේශපාලන කන්ඩායම් ඒ වන විට කොටීන්ගේ අතකොලු බවට පත්වී සිටියා.

80 මුල් කාලයේදීම උතුරේ ජීවත්ව සිටි සිංහල ජනතාව පලවා හැරීමේ කාර්ය පටන් ගත්තා.මායිම් ගම්මාන වල සිටි සිංහලයින් 500කට වැඩි ප්‍රමාණයක් ඔවුන් මරාදැමුවා. 1981 සංගනනයට අනුව යාපනය අර්ධදිවීපයේ සිංහලයන් 19,334ක් ජීවත්ව සිටියත් 90 දශකය වන විට එකද සිංහලයෙක් වත් එහි ඉතුරුව සිටියේ නැහැ.

ඊලගට ඔවුන් අවධානය යොමුකලේ උතුරේ ජීවත්වූ මුස්ලිම් ජනතාවටයි. 1990 ඔක්තොබර් මාසයේ දිනක උතුරේ ජීවත්වූ 75,000කට වැඩි මුස්ලිම් ජනතාවට පැය 48 ක් තුල ඉවත්වන ලෙස කොටි ත්‍රස්ථවාදීන් අණකලා. එම අණට පිටුපෑවන්ට අත්වූයේ මරණයයි. ඊට අමතරව උතුරු හා නැගෙනහිර පලාත්වල මුස්ලිම් ගම්මාන රාශියක් ඔවුන් විනාශකලා. එම පහරදීම වලදී 600 කට වැඩි මුස්ලිම්වරුන් ඝාතනය වුනා.

බහුතර ජනතාව දෙමල නොවන ප්‍රදේශවල දිගින් දිගටම එල් ටී ටී ඊය විසින් මනුෂ්‍ය ඝාතන කරනු ලැබුවා. වසර 30 ක් තිස්සේ මේ ආකාරයට භීෂණය පතුරවමින් ඔවුන් උත්සාහකලේ 1983 වූවාක් මෙන් ජාතිවාදී කලබලයක් අවුස්සා ගන්නටයි. එය ඔවුන්ගේ අන්තර්ජාතික ප්‍රචාරක කටයුතුවලට වාසියක් කරගන්නයි ඔවුන්ට අවශ්‍ය වූයේ. නමුත් සිංහල හෝ මුස්ලිම් ජනතාව යලිත් එම උගුලට යලි අසුවුනේ නැති නිසා 1983න් පසු කිසිවිටක රටේ අන් ප්‍රදේශවල ජීවත් වූ දෙමල ජනතාවට අනතුරක් සිදුවුනේ නැහැ. මෙය සාමාන්‍ය ශ්‍රී ලාංකික ජනතාව කෙතරම් සාමකාමීද කියා පෙන්වන්නට හොඳම උදාහරණයක්.

1985 අගෝස්තු 14දා සිංහල බෞද්ධයන්ගේ පූජනීය නගරයට එල් ටී ටී ඊ ත්‍රස්ථාවාදීන් රැගත් බසයක් ලඟාවුනා. බෞද්ධයන්ගේ අතිශය පූජනීය ස්ථානයක් වන ශ්‍රී මහා බෝධිය අසල ධර්මානුකූලව සිටි අහිංසක උපාසක උපාසිකාවන් 120කට අධික ප්‍රමානයක් ඔවුන් විසින් එදා වෙඩිතබා මරාදමනු ලැබුවා. ඔවුන් බලාපොරොත්තු වූයේ මින් සිංහල බෞද්ධයන් කුපිතව දෙමල ජාතිකයින්ට පහරදෙයි කියායි . නමුත් එය සිදුවුනේ නැහැ. මෙසේ ආරම්භ වූයේ වසර 25 ක් තිස්සේ කොටි සංවිධානය විසින් දිගින් දිගටම සිදුකල මහා ඝාතන රැල්ලක ආරම්භයයි.

*1987 අප්‍රේල් 17දා එල් ටී ටී ත්‍රස්තයන් විසින් හබරණදී බස් මගීන් 121ක් මරාදමා 44කට තුවාල සිදු කලා
*1987 අප්‍රේල් 21දා පිටකොටුව බස් නැවතුම්පොලේ පිපිරවූ බොම්බයකින් 106 දෙනෙකු මියගොස් 295 දෙනෙකුට තුවාල සිදු වුනා
*1987 ඔක්තෝබර් 6දා මඩකලපුව තැපැල් දුම් රියට ගිනි තැබීමෙන් 40 දෙනෙකු මියගොස් 24දෙනෙකු තුවාල ලැබූවා.
*1987 නොවැම්බර් 9දා මරදානේ වාහනයක තිබූ බොම්බයක් පුපුරා 23දෙනෙකු මියගිය අතර 106 දෙනෙකුට තුවාල සිදු කලා.
*1989 අප්‍රේල් 13දා ත්‍රීකුණාමල නගරයේ කාරයක තිබු බොම්බයකින් 51 දෙනෙකු මියගොස් 43 ට තුවාල සිදු වුනා.
*1990 අගෝස්තු 3දා එල් ටී ටී ඊ ත්‍රස්ථයන් විසින් මඩකලපුවේ කතන්කුඩි වල පල්ලියකට පහරදී 147 දෙනෙකු මරාදමන ලද අතර 70 දෙනෙකුට තුවාල සිදු කලා
*1990 අගෝස්තු 6දා අම්පාරේ කුඹුරක වැඩ කරමින් සිටි ගොවීන් 34දෙනෙකු මරාදමා තිබුනා.
*1992 අප්‍රේල් 10දා අම්පාරේ බසයක් තුල බොම්බ පිපිරීමකින් 28දෙනෙකු මියගොස් 36 දෙනෙකුට තුවාල සිදු වුනා
*1994 ඔක්තෝබර් 24දා මරා ගෙන මැරෙන බොම්බ කරුවෙකු විසින් තොටලගදී 54දෙනෙකු මරාදමන ලද අතර 72කට තුවාල සිදු වුනා
*1995 අගෝස්තු 7දා මරා ගෙන මැරෙන බොම්බ කරුවෙකු විසින් නිදහස් චතුරශ්‍රය අසලදී 23දෙනෙකුට මරු කැඳවන ලද අතර 40 දෙනෙකුට තුවාල සිදු වුනා
*1996 ජන්වාරි 31දා මහ බැංකුවට එල්ලවූ බොම්බ ප්‍රහාරයෙන් 80 දෙනෙකු මියගොස් 1200 ක් තුවාල ලැබූවා

*1996 ජූලි 24දා දෙහිවල දුම් රිය ස්ථානයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 57දෙනෙකු මියගොස් 356ක් තුවාල ලැබූවා.
*1998 මාර්තු 5දා මරදානේදී 36 දෙනෙකු මියගොස් 270ක් තුවාල ලැබුවේ වාහනයක තිබූ බොම්බයක් නිසායි
*1998 දෙසැම්බර් 18දා මගී ප්‍රවාහනයේ යෙදී සිටි කුඩා ගුවන් යානයක් ත්‍රස්ථවාදීන් විසින් බිමහෙලීම නිසා සාමාන්‍ය වැසියන් 54දෙනෙකු මරණයට පත් වුනා

*1999 දෙසැම්බර් 18දා ටවුන් හෝල්හීදී චන්ද රස්වීමකට එල්ලකල මරාගෙන මරෙන බොම්බ ප්‍රහාරයකින් 16දෙනෙකු මියගොස් 106 දෙනෙකුට තුවාල සිදු වුනා
*2000 ජුනි 7දා මරාගෙන මරෙන ත්‍රස්ථවාදියෙකු විසින් රත්මලානේදී 24දෙනෙකු මරාදමන ලද අතර 60 දෙනෙකුට තුවාල සිදු වුනා
*2000 නොවැම්බර් 28දා අනුරාධපුරයෙදී පුපුරා ගිය ක්ලේමෝ බොම්බයක් නිසා 16දෙනෙකු මියගොස් 36 දෙනෙකු තුවාල ලැබූවා
*2006 ජුනි 15දා කැබිතිගොල්ලෑවේදී ක්ලේමෝ බොම්බ දෙකක් පුපුරා 64දෙනෙකු මියගොස් 87 දෙනෙකුට තුවාල සිදුවුනා
*2007 අප්‍රේල් 25දා මොනරාගලදී බසයකට එල්ල කරන ලද බොම්බ ප්‍රහාරයකින් 27දෙනෙකු මියගිය අතර 65 දෙනෙකුට තුවාල සිදු වුනා
*2008 ජූනි 6දා කටුබැද්දේදී බසයක් තුල බොම්බයක් පුපුරා 23 දෙනෙකු මියගිය අතර 28දෙනෙකු තුවාල ලැබුවා
*2008 ඔක්තෝබර් 6දා එල් ටී ටී ඊ මරාගෙන මැරෙන බොම්බ කරුවෙක් විසින් අනුරාධපුර චන්ද රැස්වීමකට සහාභාගී වී සිටි 27දෙනෙකු මරදාමා 84 දෙනෙකුට තුවාල සිදු කලා

නමුත් මේ කාලය පුරාවටම අන්තර් ජාතික ප්‍රජාව හැසිරුනේ මේ කිසිවක් නොදැක්කා සේයි.

කොටි ත්‍රස්ථවාදීන් මායිම් ගම්මානවල සිටි අහිංසක සිවිල් වැසියන් කෲර වදහිංසා කොට මරදමන විට , රටපුරා බෝම්බ පුපුරවමින් සිවිල් වැසියන් තොග පිටින් මරාදමන විට කිසිදු විදේශීය ආයතනයක් ඒ මිනිසුන් වෙනුවෙන් කතා කලේ නැහැ. ඒ කාලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අපව මතක් වුනේ නැහැ. ලංකාවේ සිදුවන මනුෂ්‍ය ඝාතන ගැන සොයන්නට එදා කවුරුවත් ලංකාවට නියෝජිතයෝ එව්වේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධායනයේ මහලේකම්ලා ලංකාවේ සිදුවන ත්‍රස්ථවාදී ප්‍රහාර ගැන වාර්ථා සපයන්න කමිටු පත්කලේ නැහැ. කවුරුවත් යෝජනා සම්මත කලේත් නැහැ. සරලව කියනවානම් එදා අපිට පිහිට වෙන්න කිසිවෙක් හිටියේ නැහැ. අපේ ප්‍රශ්ණය විසඳාගන්න සිටියේ අපි පමනයි

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ අණින් ත්‍රස්ථවාදීන්ට යටත්වුන නැගෙනහිර සේවය කල පොලීස් නිලධාරීන් 600 ක් අමු අමුවේ මරාදැමුන විට එය යුධ අපරාධයක් කියල කාටවත් මතක් වුනේ නැහැ.

යුධමය ක්‍රියා මාර්ගයකින් එල් ටී ටී ඊය පරාජය කරන්නට පසුගිය රජය තීරණය කලේ සියලු ආකාරයේ සාම සාකච්ඡා අසාර්ථක වුනාට පසුවයි. එහෙත් එයට රජය යුද්ධයක් කිවේ නැහැ. එය හැඳින්වූයේ මානුෂික මෙහෙයුමක් ලෙසයි, මන්ද අපේ ත්‍රිවිධ හමුදාව ඉදිරියට ගියේ අපේම රටේ ජනතාව වෙනුවෙන්. ඒ මානුෂික මෙහෙයුමේදී කොටි ත්‍රස්ථවාදීන් මිනිස් පලිහක් ලෙස යොදාගෙන සිටි ලක්ෂ 3කට ආසන්න දෙමල ජනතාව මුදාගන්නට අපේ හමුදාවන්ට පුලුවන් වුනා.

එල් ටී ටී ඊය ඉතා ප්‍රබල ත්‍රස්ථවාදී සංවිධානයක් වීමට එක් මූලික හේතුවක් වූයේ ලෝකයේ රටවල් ගනනාවක පැතිර තිබූ ඔවුන්ගේ අන්තර් ජාතික ජාලයයි. ලෝකය පුරා විසිර සිටි දෙමල ඩයස්පෝරාවෙන් කැමත්තෙන් හෝ අකමැත්තෙන් එකතු කර ගත් මුදල් යුද්ධයට ඍජුවම වියදම් කරනවාට අමතරව විවිධ ව්‍යාපාරවල ආයෝජනයද කෙරුනා. මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම් , මිනිස් වෙළඳාම, හොර බඩු ප්‍රවාහනය, පාතාල ගනුදෙනු වැනි විවිධ ක්‍රමවලින් මුදල් උපයන ලද අතර මුදල් යොදවා විවිධ රටවල බලගතු දේශපාලනඥයින් හා ලෝක සංවිධානවල බලගතු නිලධාරීන් තමන්ට හරවාගැනීමට ඔවුන්ට පුලුවන් වුනා. මුදල් ගෙවා තමන්ගේ පැත්තට හරවා ගත් මාධ්‍යවේදීන්ට අමතරව තමුන්ගේම මාධ්‍ය ආයතන පවා ඔවුන්ට තිබුනා.

යුද්ධය 2009 අවසන් වූවාට මියගියේ ලංකාවේ සිටි සන්නද්ධ ත්‍රස්ථවාදීන් පමනයි. ඔවුන්ගේ අන්තර් ජාතික ජාලය ඉතුරුවුනා. ඒ අනුව එදා ප්‍රභාකරන් යටතේ තිබුන විශාල ව්‍යාපාර ජාලය හා ආදායම අද පාලනය කරන්නේ මේ අයයි. ඔවුන්ට මේ ව්‍යාපාරයේ වත්කම්වලින් දිගටම සැප විඳින්නට නම් ඊලාම් ව්‍යාපාරය නොනැසී පැවතිය යුතුයි. එදා යුද්ධයට ආයුධ මිලදී ගන්නට ගිය විශාල මුදල අද සම්පූරණයෙන්ම ඉතුරුවන නිසා ඉන් සුලු කොටසක් පමනක් වැය කොට අන්තර් ජාතික සංවිධාන තම අවශ්‍යතාවෙනුවෙන් යොදවාගන්නට මේ අයට පුලුවන්.

ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධය අවසන් වී වසර ගනනාවකට පසුත් අදත් ලංකාවට නිදහසේ ඉන්නට අන්තර් ජාතික සංවිධාන ඉඩ නොදෙන්නේ ඔවුන්ව මේ අන්තවාදී බලවේග විසින් පාලනය කෙරෙන නිසායි. අපේ රටේ සිංහල , දෙමල , මුස්ලිම්, බර්ගර් හා අන් සියලුදෙනා සහෝදරත්වයෙන් එක්වී වසර 30 ක් තිස්සේ එක්තැන පලවූ රට ගොඩනගන්නට උත්සහ කරද්දී මේ අය කරන්නේ ඉතිහාසයේ තුවාල හොඳ වන්නට ඉඩ නොදී යලි යලිත් පෑරීමයි. අන්තවාදී දෙමල ඩයස්පෝරාවේ මුදලට අද ලංකාවේ පවතින රජයත් යටවෙලා බව අපට කනගාටුවෙන් කියන්නට වෙනවා. තමුන්ගේම රටේ හමුදාවන්ට එරෙහිව විදේශ රටක් විසින් ගෙන ආ යෝජනාවකට සම අනුග්‍රහය දක්වන්නට තරම් දීන තත්වයකට පත් වූ ලෝකයේ එකම රට බවට ලංකාව පත් වන්නේ ඒ අනුවයි .

අපි ඔබට අවධාරණය කොට කියා සිටිනවා ලංකාවේ බහුතරයක් ජනතාව ජාතිවාදීන් නොවෙන බව. ශ්‍රී ලාංකික සමාජය සකස් වී තිබෙන්නේ සිංහල , දෙමල, මුස්ලිම්, බර්ගර් හා තවත් ජනවර්ග කිහිපයක එකතුවෙන්. මේ සියලුදෙනාම රටේ උරුමක්කරුවෝ. ඔවුන්ගෙන් කිසි අයෙකු අන් අයෙකුට වඩා උසස් හෝ පහත් නැහැ. අවාසනාවකට වගේ අපි අතරම සිටින අමන මිනිසුන් කිහිපදෙනෙකුව කපටි දේශපාලනඥයින් විසින් යොදාගෙන තිබෙනවා රට තුල නැති ජාතිවාදයක් ලොවට පෙන්වන්නට. අන්තවාදීන් කිහිපදෙනෙකුගේ අනුවණ හැසිරීම් වලින් ලංකාවේ ජීවත්වන සාමකාමී බුද්ධිමත් බහුතර ජනතාව මනින්න එපා. ලංකාවේ ජීවත්වන අති බහුතරයක් ශ්‍රී ලාංකිකයිනට අවශ්‍යය සාමයයි, තම තමන්ගේ ආගමික , වාර්ගික හා සංස්කෘතික අනන්‍යතාවන් රැකගෙන ගෞරවාන්විතව ජීවත් වීමටයි ඔවුන්ට අවශ්‍ය. ඔවුන් ඉල්ලන්නේ සෑම කෙනෙකුටම පොදුවූ ආර්ථික නිදහසයි.

වසර 2600 ක ලිඛිත ඉතිහාසයක් තිබෙන අපිට අපේ ප්‍රශ්ණ විසඳාගන්නට පුලුවන්. අපේ ජනතාව ගැන බලාගන්න අපිදන්නවා. ඒ නිසා තම කපටි අරමුණු ඉටුකරගන්නට බළල් අත් යොදාගන්නන්ගේ ප්‍රයෝග වලට අසුවී ලංකාවට බලපෑම් නොකරන ලෙස අපි අන්තර් ජාතික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. අපට අනවශ්‍ය ඔබේ සහාය බලෙන් දෙන්න උත්සාහ කරන්න එපා.

– චාමින්ද කරුණාරත්න

22
මාර්තු
18

අපේ ඉලක්කය පාසල්වල වසය 3-7 දරුවන් “සමලිංගික” කිරීමයි (රනිල්)

අපේ ඉලක්කය වසය 3-7 දරුවන්” – පාසල්වල “සමලිංගික” සමානතාවය උගන්වන ව්‍යාපෘතියේ LGBT ප්‍රධානියා කියන කතාව මෙන්න

ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට “සම අධ්‍යාපනය ” (Think Equal) නම් නවතම විෂයක් හදුන්වාදීමේ සූදානමක් පිලිබදව කතා බහක් ඇතිවෙමින් පවතිනවා.

“තින්ක් ඊක්වල්” නම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මෙම ව්‍යාපෘතියේ මෙරට ප්‍රධානීත්වය දරන්නේ අරිත් වික්‍රමසිංහ නම් පුද්ගලයෙකු විසිනි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිප දෙනෙකු සමග සමීප සබදතාවක් පවත්වන බවද පැවසේ.

LGBT (lesbian, gay, bisexual, and transgender) සමලිංගික/ද්වීලිංගික ක්‍රියාකාරම් සහිත ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාකාරීව සිටින අරිත් වික්‍රමසිංහ ගෝලීය LGBT ප්‍රජාවේ අනාගත නායකයන් 30 දෙනාගේ ලයිස්තුවට ෆිනෑන්ෂල් ටයිම්ස් සගරාව විසින් නම් කරන ලද අයෙකුද වෙයි.

“ඩේලි මිරර්” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ “Think Equal” විෂය ලොවපුරා රටවල් දාහතක පාසල්වලට හදුන්වා දීමට සූදානම් වන අතර ශ්‍රී ලංකාව එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන පළමු රට බවට පත්වන බවයි.

වයස අවුරුදු 3ත් 7ත් අතර දරුවන් සමග පෙර පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවද ඔහු පවසයි. දරුවන් තුළ පෞරුෂ වර්ධනයේ ආරම්භක අවධිය එම වයස් ඛාණ්ඩය වන බැවින් ඔවුන් ඉලක්ක කරගත් බවද ඔහු ප්‍රකාශ කරයි. මේ වන විටත් මෙරට පෙර පාසල් 60ක මෙම ව්‍යාපෘතිය අත්හදා බලමින් සිටින බවද හරිත් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.

මෙරට ක්‍රියාත්මක කරන මෙම සමස්ථ ව්‍යාපෘතිය සදහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පූර්ණ සහයෝගය ලැබෙන බවද හෙතෙම කියා සිටී.

සමලිංගිකත්ව සංස්කෘතිය පිළිබදව වඩාත් සාධනීය වටපිටාවක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ගොඩනැගෙමින් පවතින් බවත්, ඉදිරි වසර 10-20 තුළ LGBT (සමලිංගික/ද්වීලිංගික) ප්‍රජාව වෙනස් කොට නොසලකන සමාජයක් බිහිකළ යුතු බවද හරිත් වික්‍රමසිංහ කියා සිටී. සමලිංගික සේවනය මෙරට තුළ තහනම් කර ඇති පැරණි නීති අවලංගු කළ යුතු බවත්, නව ව්‍යවස්ථාව තුළින් එම අයිතියි පිළිගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

“තින්ක් ඊක්වල්“ රාජ්‍ය නොවන සංවිධානය ප්‍රමුඛ ලෙස “ලිංගික සමානාත්මතාවය“ වෙනුවෙන් පෙනී සිටින සංවිධානයකි. පසුගිය සමයේ කොළඹ සංවිධානය කළ “සමලිංගික සැණකෙලි“ සදහාද ඔවුන්ගේ අනුග්‍රහය ලැබිණි. එම සංවිධානය මේ වන විට දේශපාලන, කලා හා ක්‍රීඩා ක්ෂේත්‍රවල ප්‍රකට චරිත කිහිපයක් සම්බන්ධ කරගෙන සංහිදියා, සමානාත්මතා ව්‍යපෘති කිහිපයක් ක්‍රියාත්මක කර ඇත
මේ ඉන්නේ ඔය ව්‍යාපෘතියේ ප්‍රධානියා කියන පුද්ගලයාද ,පුද්ගලියද දන්නේ නැහැ

04
මාර්තු
18

ජේ.ආර්. ජයවර්ධන, හෙක්ටර් කොබ්බෑකඩුව සහ රෝහණ විජේවීර.

77’ සිට 83’ ජුලි තහනම දක්වා ජවිපෙ ගමන් මඟ
ධර්මන් වික්‍රමරත්න         

 ජවිපෙ 71 කැරැල්ලෙන් පසු පක්ෂයේ කටයුතු නිල වශයෙන් යළි ආරම්භ කරමින් තාවකාලික මධ්‍යම කමිටුවක් 1975 මාර්තු 18වැනිදා පිහිටුවන ලදී. රෝහණ විජේවීර එහි සභාපතිවූ අතර වැඩබලන ලේකම් වූයේ උපතිස්ස ගමනායකය.

වසර 1971 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති සියළුම සැකකරුවන්ට විරුද්ධව නඟා තිබූ චෝදනා අපරාධ යුක්ති විනිශ්ව කොමිසම මගින් විභාගකර මුළුමනින්ම අවසන් වූයේ 1976 නොවැම්බර් 4වැනිදාය. අවසාන නඩුව වූයේ දැදිගම ජී කුලරත්න සහ ඩබ්ලිව් ඒ. සීමන්ට එරෙහිවය. අපරාධ යුක්ති විනිශ්ච කොමිසම යටතේ  වසර 2 සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිරදඬුවම් විදි සංඛ්‍යාව 248කි. ඔවුහු උපන් දිස්ත්‍රික්ක වශයෙන් ගාල්ල 46, මාතර 42, අනුරාධපුර 38,  කොළඹ 25, කෑගල්ල 25, කුරුණෑගල 18, මොනරාගල 14, හම්බන්තොට 10, රත්නපුර 8, යාපනය 7, පොලොන්නරුව 5, වව්නියාව 2, පුත්තලම 3, බදුල්ල 2, අම්පාර 2 සහ නුවරඑළිය 1 වශයෙන් වේ.

ධර්මන් වික්‍රමරත්න විසිනි.

අප්‍රේල් කැරැල්ලට සහභාගිවීම නිසා රැකියා ආදී අහිමිවූ තරුණ තරුණියන්ට පිලිසරණක් වීමට යැයි කියමින් අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ පුත්‍රයාවන අනුර බණ්ඩාරනායක විසින් සහයෝගිතා පෙරමුණ නමින් සංවිධානයක්ද පිහිටුවා ගන්නා ලදී. එවකට අනුර බණ්ඩාරනායක ශ්‍රිලනිප තරුණ සංවිධානයේ ප්‍රධාන සංවිධායක සහ ආර්ථික සහ ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ තරුණ කටයුතු උපදේශක විය. එම සහයෝගිතා පෙරමුණේ සම ලේකම්වරුන් වූයේ ආරිය බුලේගොඩ සහ නවරත්න බණ්ඩාය. එහි කාර්යාලය කොළඹ ගාලු මෝදර අංක 49/15 දරණ ස්ථානයේ අයිස්ලන්ඩ් ගොඩනැගිල්ලේ පිහිටා තිබුණි.

කොළඹ කිරුළ පාරේ අංක 65/4 දරන ස්ථානයේදී 1977 පෙබරවාරි 19වැනිදා ජවිපෙ විසින් 71 අප්‍රේල් කැරැල්ලෙන් පසු ප්‍රථමවරට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී ජවිපෙ ප්‍රකාශයට පත්කළේ ඉදිරි මහා මැතිවරණයේදී ජවිපෙ තරඟකරන බවය. ලියාපදිංචි පක්ෂයක් ලෙස පිළිගන්නා ලෙසට මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉල්ලීමක් කල බවද එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ මුලසුන දැරූ ජවිපෙ වැඩබලන ලේකම් උපතිස්ස ගමනායක එහිදී කියා සිටියේය. පාදුක්ක වේරගලදී 1948 ඔක්තෝබර් 17වැනිදා උපන් ගමනායක හැදී වැඩුනේ කන්තලේ ගොවි ජනපද ආශිතවය.  ගමනායක කොළඹ සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ පළමු වසරේ සිසුවෙකුව සිටියදී අප්‍රේල් කැරැල්ලට අත්අඩංගුවට පත්ව මාස 6ක් රිමාන්ඩ් බාරයේ සිටි අතර පසුව නිදහස් විය.  පසුව පූර්ණකාලීනව 1971දීම යළිත් ජවිපෙට එක්වූ ගමනායක කැරැල්ලෙන් විපතට පත් ජවිපෙ පවුල්වල සුභසාධනය සඳහා අවිස්සාවේල්ල කේන්ද්‍ර කරගෙන වැඩසටහන් ගණනාවක් දියත් කළේය. එහි අරමුදල් තරකර ගැනීම සඳහා යටියන්තොට මලල්පොල පාරේ වතුයායක වැටුප් සඳහා රැගෙන ආ රුපියල් 40,000ක මුදලක් මංකොල්ල කෑමේදී අවිස්සාවේල්ල සාලාව කම්හලේ කලක් සේවකයෙකුව සිටි කොට්ටාවේ මාලපල්ල පදිංචි විතානගේ ධර්මසේන(ඉතාලි ධර්මේ නමින් පසුකාලීනව ඉතාලියේදී හැදින්වූයේ ඔහුය.) සමඟ යටියන්තොටදී 1973 අත්අඩංගුවට පත්විය. පොලිස් සාජන්ට් කුමාරගේ ඝාතනය කිරීමට තැත් කිරීම, වතු වැටුප් කොල්ලකෑමට තැත් කිරීම ඇතුළු චෝදනා මත ගමනායක සහ ධර්මසේනට එරෙහිව අවිස්සාවේල්ල මහාධිකරණයේ නඩු පැවරූ අතර පසුව 1976දී ඔවුහු නිදහස් විය. එම නඩුවට ගමනායක වෙනුවෙන් පෙනී සිටියේ අධිනීතිඥ බාලා තම්පෝ ඇතුළු නිතිඥයින්ය. 

71 කැරැල්ලේ සිරදඬුවමින් 1977 නොවැම්බර් 2 නිදහස්වූ විජේවීර 1977 නොවැම්බර් 7වැනිදා කොළඹ නගරසභා පිටියේදී ජනතාව අමතමින්.

එම ජවිපෙ ප්‍රවෘත්ති සාකච්ඡාවට ජවිපෙ තරුණ ලීගයේ ලේකම් කෙලී සේනානායක, කාන්තා විප්ලවීය සංගමයේ ලේකම් වල්පොල බටුවත්තේ පදිංචි උන්ඩික්කුඩ්ඩ ආරච්චිගේ නන්දසීලීද, සෝමවංශ අමරසිංහද සහභාගි විය. කැරැල්ලේ 26වැනි විත්තිකරුවූ කෙලී සේනානායක 1971 මාර්තු 13වැනිදා විජේවීර සමඟ අම්පාරේ අත්අඩංගුවට ගනු ලැබූවෙකි. පසුව සිරදඬුවම් විද 1976 දෙසැම්බර් 24 නිදහස් විය. අගමැතිනිය අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබූ රොස්මිඩ් ප්‍රහාරයට චෝදනා ලැබූ සෝමවංශ අමරසිංහද 1976 දෙසැම්බර් 24වැනිදා නිදහස් වී තිබිණි. අප්‍රේල් කැරැල්ලේදී කොළඹ සරසවියේ පලමු වසරේ උපාධි අපේක්ෂිකාවක් ලෙස එයට එක්වූ නන්දසීලි වසර හතරහමාරක සිර දඬුවමකින් පසුව නිදහස් වී තිබිණි. 

ජවිපෙ සතිපතා පුවත්පත ලෙස නියමුවා පුවත්පත 1977 මාර්තු 10 කොළඹ මහා තැපැල්හලේදී ලියාපදිංචි කරන ලදී. අප්‍රේල් කැරැල්ලෙන් පසු ප්‍රථම ජවිපෙ ප්‍රසිද්ධ රැස්වීමද 1977 මාර්තු 10 සවස 3.30ට වැඩබලන ලේකම් උපතිස්ස ගමනායකගේ ප්‍රධානත්වයෙන් හයිඩ් පිටියේදී පැවැත්විණි. ඉන් දෙදිනකට පෙර ඒ පිළිබඳව කොළඹ නගරය පුරා පෝස්ටර් අලවා තිබිණි. කොළඹ සහ විද්දෝදය(ජයවර්ධනපුර) සරසවි සිසු කණ්ඩායම් එහි මූලිකත්වය ගනු ලැබීය.  සරසවි ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ප්‍රථම වතාවට මහා ශිෂ්‍ය සභාවක සභාපති තනතුරකට තරඟකර ජයග්‍රහණය ලබා ගැනීමට ජවිපෙට 1977 අප්‍රේල් 6වැනිදා පැවති පේරාදෙණිය සරසවියේ පැවති ශිෂ්‍ය සභාවේදී හැකිවිය.

ස්වභාවික විපත් වලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ආරම්භවූ ජවිපෙ සහන සේවා බලකායයේ මංගල පියවර 1976 මඩකලපුව අකරපත්තුව ගංවතුරෙන් පීඩාවට පත් ජනයා සඳහා දෙසතියක් පුරා ජවිපෙ සාමාජිකයන් 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන් අක්කරපත්තුවේ පැවති අවස්ථාවේදී එයට සහභාගිවූ කණ්ඩායම.

එතෙක් කොමියුනිස්ට් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයට බලය තිබූ පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ බලය ජවිපෙ විසින් සතු කරගන්නා ලදී. වසර 1986 නොවැම්බර් 12වැනිදා සිදුවූ වීරසූරිය ඝාතනයෙන් පසු රටපුරා ඇතිවුණු සරසවි සහ පාසැල් උද්ඝෝෂණ වලට නායකත්වය දෙනු ලැබුවේද ජවිපෙ සහ ජවිපෙට හිතවත් සරසවි සිසුන්ය. මේ අනුව පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුරට ජවිපෙන් අනුරාධපුර විලච්චියේ කේ. ඒ. චන්ද්‍රපාල පත්විය. ලේකම්වරයා වූයේ වමේ කණ්ඩායමේ බී. රාජසිංහ බණ්ඩාරය. ජවිපෙ විසින් 1977 මැයි 1 පැවති මැයි දිනය වෙනුවෙන් දෙමටගොඩ පිටියේ මැයිදින රැස්වීමක්ද පවත්වන ලදි.  අනතුරුව 1978 සිට 1982 දක්වා වාර්ෂිකව මැයි 1 සෑම මැයි දිනයක්ම විජේවීරගේද සහභාගිත්වයෙන් සුවිශේෂි අන්‍යතාවයක් තහවුරු කරගනිමින් ආකර්ශනීය ලෙසද සංදර්ශනවාදී ස්වරූපයකින්ද පවත්වන ලදී.

වසර 1977 ජුලි 21 පැවති මහා මැතිවරණයටද ජවිපෙ ස්වාධීන කණ්ඩායමක් වශයෙන් ආසන 4කට ඉදිරිපත් විය. ඒ අනුව තංගල්ලේදී විජිත රණවීරට 1234ද අනුරාධපුර බටහිරදී කේ.ඒ චන්ද්‍රපාලට ඡන්ද 797ක්ද හක්මනදී රොබට් ජයසේකරට 727ක්ද හොරොව්පතානේදී කේ. රණතුංගට 687ක්ද ඡන්ද වශයෙන් හිමි විය. ඒ අනුව මැතිවරණ දේශපාලනයට ප්‍රථමවරට ජවිපෙ එක්විය. එම මහා මැතිවරණයෙන් ආසන 168න් ආසන 140ක් දිනා ගනිමින් එජාපය පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් හිමිකර ගත්තේය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට ආසන 18ක්ද ශ්‍රිලනිපයට ආසන 8ද හිමිවිය.

ජවිපෙ ලන්ඩන් ශාඛාව විජේවීරගේ මැදිහත්වීමෙන් 1978 ජුලි 23වැනිදා බ්‍රිතාන්‍යයේදී නිල වශයෙන් ගොඩනැගීමෙන් පසු එයට මුල්වූ පෝල් පීරිස්, ආවාද ලැනරෝල් ඇතුළු පිරිස සමඟ.

ජවිපෙ නායක රෝහණ විජේවීර ඇතුළුව 1971 අප්‍රේල් රාජ්‍ය විරෝධී කැරැල්ල සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව සිරදඬුවම් විදිමින් සිටි 125 දෙනෙක් 1977 නොවැම්බර් 2 නිදහස් කරන ලදී. ඔවුහු මෙසේ නිදහස ලැබුවේ අපරාධ යුක්ති විනිශ්ච කොමිසම් සභා පනත 1977 ඔක්තෝබර් 27වැනිදා අහෝසි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ වන විට 1971 අප්‍රේල් කැරැල්ලට හසුව කෙටිකාලීනව සිරදඬුවම් විදි 123ක් නිදහස් වී තිබිණි.

නිදහස් වීමෙන් පසු විජේවීර රටපුරා ප්‍රසිද්ධ රැස්වීම් ගණනාවක් ඇමතීය. ප්‍රථම රැස්වීම 1977 නොවැම්බර් 7වැනිදා කොළඹ නගර සභා පිටියේදී පැවති අතර එයට විශාල ජනකායක් සහභාගි විය. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ 60වැනි සමරුව නිමිත්තෙන් එය කලින් සංවිධානය කර තිබුණකි. එහිදි විජේවීර පැය තුනක් පමණ සිය කථාව කළේය. තවත් දේශපාලන සිරකරුවන් 20ක් පමණ නිදහස් කර නැතැයි විජේවීර එහිදී කියා සිටියේය. කතරගම ප්‍රේමවතී මනම්පේරි සිහිකිරීමේ රැස්වීමක්ද 1977 දෙසැම්බර් 03වැනිදා කතරගමදී පැවැත්විණි. නුවර බෝගම්බර ඇතුළු රටපුරා රැස්වීම් ගණනාවක් විජේවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජවිපෙ මංගල මහා සමුළුව විජේවිරගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල ඔමාරගොල්ලේදී 1978 ඔක්තෝබර් 19 ආරම්භවූ අවස්ථාව.

විජේවීරගේ නිදහසින් පසු ජවිපෙ ප‍්‍රථම මංගල සමුළුව 1978 ඔක්තෝබර් 19 සිට සිව් දිනක් මුළුල්ලේ කුරුණෑගල ගල්ගමුවේ ඕමාරගොල්ලේදී පැවැත්විණි. එහිදී දයා වන්නිආරච්චි ප්‍රධාන ලේකම් ධූරයට පත්විය. පසුව 1980 සිට ජවිපෙ තහනම දක්වා ප්‍රධාන ලේකම් වූයේ ලයනල් බෝපගේය. සෑම වකවානුවකම අභ්‍යන්තර ලේකම්වරයෙක්ද ජවිපෙ තුළ විය. ජවිපෙට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ මංගල මහා සමුළුව 1981 පෙබරවාරි 25 සහ 26 දිනයන්හි කොළඹ නගර ශාලාවේදීද සමාජවාදී කම්කරු සංගමයේ මංගල මහා සමුළුව 1981දීද, සමාජවාදී කාන්තා සංගමයේ මංගල මහා සමුළුව 1982 ජනවාරි 6 සහ 7 දිනයන්හිද පැවැත්විණි. රතු ගැටව් සංවිධානය 1980 දෙසැම්බර් 31 සහ 1981 ජනවාරි 1දිනයන්හි පිහිටුවන ලදී.  එමෙන්ම සමාජවාදී තරුණ සංගමය, සමාජවාදී භික්ෂු සංගමය, සමාජවාදී කලා සංගමය එම කාලයේදී ආරම්භ විය.

විජේවීර 1978 මැයි 29 සිට අගෝස්තු 23 දක්වා විදේශ සංචාරයකද නිරත විය. රුසියාව, කියුබාව, බ්‍රිතාන්‍යය සහ පෘතුගාලය යන රටවල කල එම සංචාරයේදී ලංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු විදේශීය වාමාංශික පක්ෂ නායකයින් කිහිපදෙනෙකු සමඟද සාකච්ඡා කර තිබිණි. මෙහිදී විජේවීරගේ මැදිහත්වීමෙන් ජවිපෙ ලන්ඩන් ශාඛාව 1978 ජුලි 23වැනිදා බ්‍රිතාන්‍යයේදි ගොඩනඟන ලදි. ජවිපෙ වෙත 1971 අප්‍රේල් කැරැල්ලේ සිට සහාය පළකල ගිනිපුපුර කණ්ඩායමට අයත්වූ පෝල් පීරිස්, ගුවන් ඉංජිනේරු සී. අයි ප්‍රනාන්දු, ආවද ලැනරෝල්, චන්දන පීරිස්, නීතිඥ රංජිත් මෙන්ඩිස් ඇතුළු කිහිප දෙනෙක්ම ඒ  අතර විය. කියුබාවේ හවානා නුවර ලෝක තරුණ සහ ශිෂ්‍ය උළෙලටද ජවිපෙ නියෝජිතයින් 4දෙනෙකු සමඟ විජේවීර සහභාගි විය. 

1981 ජුනි 04 පැවති සංවර්ධන සභා ඡන්දයෙන් ජවිපෙ ප්‍රථමවරට පත්වූ ජනතා නියෝජිතයින් 13. වමේ සිට බෝපගේ, ගමනායක, වාස්, ශාන්ත, රාමනායක, මහින්ද, ධර්මදාස, සිසිර, වින්සන්ට්, ජයතිස්ස, වික්‍රමපාල සහ යසපාල වේ. ගුණරත්න වනසිංහගේ ඡායාරූපය යමෙකු සතුනම් අපවෙත යොමුකරන්න.

පීඩනය සහ සමගිය තේමා කරගත් ගීත පදනම් කරගෙන විමුක්ති ගී ජුලි 26 ව්‍යාපාරය සැමරීම සඳහා කොළඹ නව නගර ශාලාවේ 1978 පැවැත්වූ සම්මන්ත්‍රණයකදී ජනගත කරන ලදී. ජවිපෙ 1983 ජුලි තහනම වන විට ලංකාව පුරා විමුක්ති ගී ප්‍රසංග 118ක් පවත්වා තිබිණි. දිනපතා, සතිපතා සහ මාසික පුවත්පත් කිහිපයක්ද පළකරන ලදී.

ශ්‍රිලනිප ගමනක අවසානය මැයින් රෝහණ විජේවීර ජවිපෙ රැස්වීම් මාලාවක් රටපුරා පවත්වනු ලැබූ අතර එහි ප්‍රථම රැස්වීම 1979 සැප්තැම්බර් 26වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. සාම්ප්‍රදායික වම පරාජයට පත්කර ඇති බැවින් ශ්‍රිලනිපයට ප්‍රහාර එල්ලකර ප්‍රධාන විපක්ෂයවීම එහි අරමුණ විය. වාම සදාචාරයටද පටහැනිව ජවිපෙ සිදුකල එම මෙහෙයුම හේතුවෙන් සිරිමා බණ්ඩාරනායක ඇතුළු ශ්‍රිලනිප නායකයන්ට එරෙහිව කටයුතු කිරීමට පදනමක් එජාප ආණ්ඩුවට හිමිවිය. සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය වසර 7කට තහනම් කිරීම 1980 ඔක්තෝබර් 16 වැනිදා පාර්ලිමේන්තුවට ආණ්ඩුව මගින් ගෙනආ යෝජනාවක් මගින් සම්මත විය. ශ්‍රිලනිපයට එරෙහි ජවිපෙ මෙහෙයුම මගින් අවසානයේදී ශ්‍රිලනිප බලවේගයන් ජවිපෙ දිනාගැනීම වෙනුවට ඔවුන් පෙළ ගැසුනේ එජාප ආණ්ඩුව වටාය.

ගී ප්‍රසංග 118ක් පැවැත්වූ විමුක්ති ගී ප්‍රසංගයක දර්ශනයක්. විමුක්ති ගී සඳහා  නායකත්වය දුන් ලයනල් බෝපගේ, පූරකවරයාවූ බුද්ධදාස විතානාරච්චි, සුවිශේෂි කැපකිරීමක් කල නන්දන මාරසිංහද මෙහි වේ.

කොළඹ නගර සභා මැතිවරණයට 1978දී උපතිස්ස ගමනායකගේ නායකත්වයෙන් ජවිපෙ විසින් කණ්ඩායමක් ඉදිරිපත් කලද ආසනයක් හිමි නොවීය. සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂවලට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා ලදී. එජාප ආණ්ඩුව මගින් අතුරු මැතිවරණ 1977 නොවැම්බර්  දෙහිවල, 1978 මාර්තු බටහිර කොළඹ, 1979 දෙසැම්බර් ගාල්ල, 1980 මැයි ආනමඩුව සහ 1981 ජනවාරි කලවාන යන ඡන්ද කොට්ඨාශවල පැවැත්වූ අතර එහිදී ජවිපෙ ආනමඩුව සහ ගාල්ල ආසන 2ක සඳහා ස්වාධින කණ්ඩායමක් වශයෙන් සිනුව ලකුණෙන් තරඟ කරන ලදී. ආනමඩුවට තරඟකල උපතිස්ස ගමනායකට ඡන්ද 857ක්ද ගාල්ලට තරඟකල ලයනල් බෝපගේට ඡන්ද 3,366ක්ද හිමිවිය. ගාල්ල ආසනයට ලංකා සමසමාජ පක්ෂයෙන් තරඟකල 1971 කැරැල්ලේ 7වන විත්තිකරු වික්ටර් අයිවන්ට එහිදී ඡන්ද 634ක් හිමිවිය.

ජවිපෙ රැස්වීම් ගණනාවකටද ආණ්ඩුවේ ඇතැම් දේශපාලඥයින්ගේ මැදිහත්වීම් මත මැර පිරිස් විසින් ගල් මුල් ප්‍රහාර වේදිකාවට එල්ලකර තිබිණි. කොළඹ කැම්බල් පිටියේදී 1978 සැප්තැම්බර් 22, යාපනයේදී 1978 සැප්තැම්බර් 24, පුංචි බොරැල්ලේදී 1981 මැයි 28, හක්මන ගංගොඩගම හන්දියේ 1981 අගෝස්තු 13, මිහින්තලේ, දොම්පේ එවැනි සිද්ධීන් ඇතිවූ ස්ථාන කිහිපයකි.

1982 ඔක්තෝබර් 20 පැවති ජනාධිපතිවරණයට 1982 සැප්තැම්බර් 17 නාමයෝජනා දුන් අවස්ථාවේදී එජාප ජේ.ආර්. ජයවර්ධන, ශ්‍රිලනිප හෙක්ටර් කොබ්බෑකඩුව සහ ජවිපෙ රෝහණ විජේවීර.

අසූවේ ජුලි වැඩ වර්ජනයටද ජවිපෙ එක් නොවූවද වෘත්තිය අංශයේ ඉහළ නායකයින්ට වර්ජනයට එක්වන ලෙසට ඉල්ලීමක්කර තිබිණි. ලංකා ගුරු සංගමය සහ ජවිපෙ අතර ප්‍රතිවිරෝධයක් ගොඩනැගුණු අතර වර්ජනය පාවාදුන් බවට ජවිපෙට එරෙහි මතයක් එච්. එන්. ප්‍රනාන්දු ආදීහු විසින් සමාජගත කරන ලදී. එය ජවිපෙට පසුකාලීනව සැලකිය යුතු බලපෑමක් ඇති කරන්නක් විය.

අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙහෙයවීමෙන් 1981 පෙබරවාරි 26වැනිදා කොළඹ හයිඩ් පිටියේදී පැවති රැස්වීම අමතමින් ජවිපෙ නායක විජේවීර කියා සිටියේ එජාප රජය ශ්‍රීලංකාව කාබාසිනියා කිරීම සඳහා කටයුතු කරන බවය. පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඩී.එම් ආනන්දගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීම පැවැත්විණි. අධ්‍යාපන ධවල පත්‍රිකාව හකුලා ගැනීමට රජයට සිදුවූයේ ජවිපෙ නායකත්වයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ගෙනගිය දැවැන්ත උද්ඝෝෂණයන්හි ප්‍රතිඵලයක් වශයෙනි. පසුකාලීනව ජවිපෙ 2වැනි කැරැල්ලේ නායකයින් බවට පත්වූ ඩී. එම් ආනන්ද, එච්.බි හේරත්, කේ. ඩබ්ලිව්  සමරනායක අමරසිරි, උපාලි ජයවීර ආදීහු අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි සටනේ නායකයින් විය. 

1982 දෙසැම්බර් 22 ජනමත විචාරණයේදී එයට එරෙහිව කලය සලකුණ වෙනුවෙන් රූපවාහිනියෙන් ජනතාව අමතන විජේවීර.

දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය 1981 ජුනි 04 පැවති අතර එහි අරමුණ වූයේ ආණ්ඩුවේ පරිපාලනය විමධ්‍යගත කිරීමය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය එම සංවර්ධන සභා මැතිවරණය වර්ජනය කල අතර එයට තරඟ කළේ එක්සත් ජාතික පක්ෂය, දෙමල විමුක්ති පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ සමඟ ස්වාධීන කණ්ඩායම්ය. මැතිවරණයට සතියකට පෙර 1981 මැයි 26 වැනිදා උතුරේ එජාප නාමයෝජනා ලැයිස්තුවේ ප්‍රමුඛයෙකුවූ වඩුක්කෝඩෙයි හිටපු මන්ත්‍රී ඒ ත්‍යාගරාජා දෙමළ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායමක් විසින් 1981 මැයි 24වැනිදා ඝාතනය කරන ලදි. පොලිස් භටයින් දෙදෙනෙකුද මැයි 30වැනිදා වෙඩිතබා මරා දමන ලදී. උතුරේ එම සංවර්ධන සභා මැතිවරණය එජාප මැදිහත්වීම මත අන්ත දූෂිතවූ බවට වාර්තා විය. කොළඹින් ගිය දේශපාලන මැර පිරිස් විසින් යාපනය පුස්තකාලයද ගිනිබත් කරන ලදී.

එම සංවර්ධන සභා ඡන්දයට දිස්ත්‍රික්ක 8කින් තරඟකල ජවිපෙට ඉතිහාසයේ ප්‍රථමවරට ජනතා නියෝජිතයින් 13ක් සංවර්ධන සභා මන්ත්‍රී වශයෙන් හිමිවිය. එම දිස්ත්‍රික්ක 8 ජවිපෙට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 327,149කි. ඒ අනුව ජවිපෙ සංවර්ධන සභා මන්ත්‍රීවරුන් වශයෙන් කොළඹින් උපතිස්ස ගමනායක, ජයසිංහ(මහින්ද) පතිරණ, ශාන්ත බණ්ඩාර, වින්සන්ට් සමරසේකරද, ගම්පහින් වාස් තිලකරත්න, ජයසිංහ ලොකුතාඹුගල, ගුණරත්න වනසිංහද ගාල්ලෙන් ලයනල් බෝපගේ සහ ධර්මදාස ජයසිංහද, බදුල්ලෙන් වික්‍රමපාල හේරත් සහ ජී. යසපාලද හම්බන්තොටින් පියසේන රාමනායකද, අනුරාධපුරෙන් සිසිර(කුමාර) රන්දෙණියද තේරී පත්විය. ජවිපෙ එහිදී තරඟකල කළුතර සහ මාතලේ යන දිස්ත්‍රික්කවලින් ආසනයක් දිනා ගැනීමට ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් හිමිනොවිණි. කළුතර කණ්ඩායම් නායකයා සෝමවංශ අමරසිංහවූ අතර මාතලේ කණ්ඩායම් නායකයා වූයේ කලක් පේරාදෙණිය සරසවියේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති කූඹියන්ගොඩ ලලිත් සේනාරත්නය.  අළුතින් පත්වූ ජවිපෙ සංවර්ධන සභා මන්ත්‍රීවරුන් 13 දෙනාගෙන් මාසික දීමනාව ජවිපෙ පක්ෂ අරමුදලට බැරවිණි. මෙම සංවර්ධන සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඉවත් කිරිම, ඉවත්වීම සහ ජවිපෙ තහනමින් පසු රැස්වීම් වලට සහභාගි නොවීම නිසා ඔවුන්ගේ ධූරයන් අහෝසිවූ අතර කණ්ඩායමේ සෙසු අය ඒ වෙනුවට මැතිවරණ කොමසාරිස් විසින් ඡන්ද ලබාගත් අනුපිලිවෙල අනුව පත්කරන ලදී. එසේ පසුව පුරප්පාඩුවලට පත්වූ අය අතර පියසෝම මල්ලිකාරච්චි, ජී. ඩබ්ලිව් ගාමිණී ජයලත්, බී. විතානාරච්චි, අයි. කුවින්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා 1978 සම්මත කරගත් නව ව්‍යවස්ථාව අනුව නාම යෝජනා කැඳවීම 1982 සැප්තැම්බර් 17වැනිදා සිදුවූ අතර ඒ සඳහා ජවිපෙ වෙනුවෙන් රෝහණ විජේවීරද තරඟ වැදිණි. ප්‍රථම ජනාධිපතිවරණය 1982 ඔක්තෝබර් 20 පැවැත්වූ අතර එහි ප්‍රතිඵල අනුව එජාපයේ ජේ.ආර් ජයවර්ධනට ඡන්ද 3,450,811, ශ්‍රිලනිපයේ හෙක්ටර් කොබ්බෑකඩුවට ඡන්ද 2,548,438, ජවිපෙ රෝහණ විජේවීරට ඡන්ද 273,428ක්ද, සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසයේ කුමාර් පොන්නම්බලම්ට ඡන්ද 173,934ක්ද, ලංකා සමසමාජ පක්ෂයේ කොල්වින් ආර් ද සිල්වාට 58,531ද නව සමසමාජයේ වාසුදේව නානායක්කාරට ඡන්ද 17,005ක්ද හිමිවිය. සමස්ථ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් ජවිපෙට සියයට 2.67ක් හිමිවූ අතර සමසමාජය සහ නසසප යන පක්ෂ දෙකටම හිමිවූයේ සියයට 1ක් පමණය ජවිපෙට වැඩිම ඡන්ද ප්‍රමාණක් වූ 28,835 හිමිවූයේ හම්බන්තොට ප්‍රදේශයෙනි. ඡන්ද 20,000කට වඩා හිමිවූ දිස්ත්‍රික්ක වූයේ කොළඹ(28,580), ගම්පහ(23,701), මාතර(22,117), කුරුණෑගල(21,835) සහ ගාල්ල(20,962) වශයෙනි.

ජනාධිපතිවරණ ප්‍රතිඵල ජවිපෙ තුළ අභියෝගයකට ලක්වූ අතර එය එහි ඇතැම්  නායකයින් සහ ක්‍රියාකාරින්ගේ ඉච්ඡාභංගත්වයටද හේතුවිය. ජවිපෙ බිඳ වැටීමකට ලක්ව දුර්වලවී, මූල්‍ය සහ පුද්ගල සදාචාරයන්ද පිරිහිමකට ලක්විය. ඇතැම් නායකයින් සහ ක්‍රියාකාරිකයින් ඉවත්කිරීමට සිදුවූ අතර එමගින් සංවිධාන ක්‍රමවේදයන්ද පසුබෑමකට ලක්විය.

ජනපතිවරණ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වූ එජාප ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ආයු කාලය තව වසර 6කින් දිගු කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ජාතික ජනමත විචාරණයක් 1982 දොසැම්බර් 22වැනිදා පවත්වන ලදී. පාර්ලිමේන්තුවේ නිල කාලය කල් ඉකුත්වීමට තිබුණේ 1983 අගෝස්තු මාසයේදීය. එජාප ආණ්ඩුව මුහුණදුන් ගැටළුව වූයේ මහ මැතිවරණයක් පැවැත්වූවහොත් එජාපය පරාජයට පත්වී අති බහුතර පාර්ලිමේන්තු බලය අහිමිවීමේ අවදානමක් පැවතීමය. මැතිවරණයේදී ඡන්ද දායකයන් වෙත ඉදිරිපත් කෙරුණේ පාර්ලිමේන්තුවේ ආයුකාලය දිගු කරලීම සඳහා යෝජනාවක් වන අතර එයට පක්ෂව ඔව් ලෙසින් කියන අයට ලාම්පුව ඉදිරිපිට කතිරයක්ද එයට විපක්ෂ අයට කලය ඉදිරියේ කතිරයක්ද මගින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුවිය. ඡනමත විචාරණයට එරෙහිව ශ්‍රිලනිප සිය වගකීම් පැහැර හැරියද ජවිපෙ එහිදී  ප්‍රබල භූමිකාවක් ඉටු කළේය. 

එජාප ආණ්ඩුවට පක්ෂව ඡන්ද 3,141,223ක්ද විපක්ෂව ඡන්ද 2,605,983ක් ලැබී තිබිණි. ජනමත විචාරණයෙන් වැඩි ඡන්ද 535,240කින් එජාප ආණ්ඩුව ජයගත් අතර එය අන්ත දූෂිත ඡන්දයක් බවට චෝදනා රැසක් එල්ල විය. එහිදී ශ්‍රිලනිප හිටපු ජනාධිපති අපේක්ෂකයාවූ කොබ්බෑකඩුවගේ ඡන්දය පවා ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයට පෙරවරු 11.15ට ඡන්දය දීමට යනවිට වෙනත් අයෙකු එයට කලින් දමා තිබිණි. ජවිපෙ නායක රෝහණ විජේවිර විසින් ජනමත විචාරණයට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක්ද නීතිඥ ප්‍රින්ස් ගුණසේකරගේ මැදිහත්වීමෙන්  නීතිඥ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මගින් පවරන ලදී. ජවිපෙ 1983 ජුලි තහනමින් පසු පෙත්සම්කරුවන විජේවීර යටිබිම්ගත වූ හෙයින්ද පෙත්සම්කරුගේ නීතිඥ ෆිලික්ස් ඩයස් තාවකාලිකව විදේශ පදිංචියට යෑම නිසාද පෙත්සම නිශ්ප්‍රභා කිරීමට අධිකරණයට සිදුවිය. 

ජනමත විචාරණයේදී මැතිවරණ ආසන 168න් ආසන 48ක් ආණ්ඩුව පරාජයට පත්වී තිබිණි. ඉන් උතුරු සහ නැගෙනහිර ආසන 19ක හැර සෙසු ආසන 29න් ආසන 18 සඳහා අතුරු මැතිවරණයක් 1983 මැයි 18 පැවැත්වීමට ජනාධිපති ජයවර්ධන විසින් තීරණය කරන ලදි. අතුරු මැතිවරණ පවත්වන එම ආසන 18න් ආසන 5ක් සඳහා ජවිපෙ තරඟ වැදිණි. හබරාදූවේදී ස්වාධීන අපේක්ෂක ප්‍රින්ස් ගුණසේකරට සහාය පළකරන ලදී. ඒ අනුව ජවිපෙන් තරඟ කල විජිත් රණවීරට තංගල්ලේදී ඡන්ද 5,840ක්ද , වෛද්‍ය නන්දසේන ප්‍රනාන්දුට රත්ගමදී ඡන්ද 1,582ක්ද, ප්‍රේමචන්ද්‍ර මුණසිංහට අකුරැස්සේදී, ඡන්ද 2,062ක්ද, කේ.එච් ජයන්තට දෙවිනුවරදී ඡන්ද 3,591ක්ද, ඊස්වරගේ එස්.අයි. ආරියසේනට බෙලිඅත්තේදී ඡන්ද 2,550ක්ද හිමිවිය. ජවිපෙ හබරාදූවේ සහාය දුන් ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් තරඟ වැදුණු හිටපු මන්ත්‍රී ප්‍රින්ස් ගුණසේකරට හිමිවූයේ 1,163කි. එම අතුරු මැතිවරණ 18න් 14ක්ම එජාපය ජයගනු ලැබීය. විපක්ෂ මන්ත්‍රීවරුන් වශයෙන් මහරගමට මඑපෙ දිනේෂ් ගුණවර්ධන වැඩි ඡන්ද 5,791කින්ද මතුගමට ශ්‍රිලනිප අනිල් මුණසිංහ වැඩි ඡන්ද 964කින්ද, අක්මිමනට ශ්‍රිලනිප රිචඩ් පතිරණ වැඩි ඡන්ද 2,778කින්ද බද්දේගමට ශ්‍රිලනිප අමරසිරි දොඩන්ගොඩ වැඩි ඡන්ද 1,093කින්ද ලබා තේරී පත්විය. මහර ඇතුළු ආසන ගණනාවක අතුරු මැතිවරණ ඡන්දය දා දූෂණ චෝදනා රැසක් සිදුවූ බවට චෝදනා විය.

ජවිපෙ 1983 ජුලි තහනම් කිරීමට පෙර අවසන් මධ්‍යම කාරක රුස්වීම 1983 ජුලි 21වැනිදා සිට තෙදිනක් පැවැත්වූයේ තංගල්ල විතාරන්දෙණිය විජිත රණවීරගේ නිවසේ පිහිටි පක්ෂ පාසැලේදීය.

උතුරේ දෙමළ බෙදුම්වාදීන්ගේ බිම් බෝම්බයකින් හමුදාවේ 13දෙනෙකු ඝාතනයට පත්වී ඔවුන්ගේ සිරුරු බොරැල්ල කනත්තට ගෙන ඒමත් සමඟම ඇතැම් දෙමළ ජන කොටස් වලට එරෙහිව කළු ජූලිය 1983 ජුලි 24වැනිදා ඇරඹුණු අතර එහිදි එජාප රජයට එල්ලවූ විවේචන වලට පිලිතුරක් වශයෙන් ආණ්ඩුව සිදුකලේ ජවිපෙ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, නව සමසමාජ පක්ෂය 1983 ජුලි 31වැනිදා ගැසට් මගින් තහනමට ලක්කිරීමය. කොමියුනිස්ට් සහ නවසමාජ පක්ෂ නායකයෝ කෙටි කලක් සැඟවී සිට ආණ්ඩුවට භාරවූහ. ජවිපෙ සිය පක්ෂ තහනම ඉවත්කරන ලෙස ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඉල්ලීම් කරන ලදී. පක්ෂ තහනම මගින් රහසිගත දේශපාලනයකට ජවිපෙ තල්ලු කරන ලදී. එජාප ආණ්ඩුව 1983 අගෝස්තු 8 සම්මත කර ගන්නා ලද වෙනම රාජ්‍යයක් රාජ්‍යයක් පිහිටුවීමට සහාය නොදෙන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 6වැනි සංශෝධනය හේතුකොටගෙන එයට පක්ෂව දිවුරුම් නොදීම නිසා දෙමළ මන්ත්‍රීවරුන්ටද පාර්ලිමේන්තු නියෝජනය අහිමි විය.

 ජවිපෙ ඉතිහාසය තුළ 1977 සිට 1983 ජුලි දක්වා කාලය වූ කලී සංකීර්ණ අත්දැකීම් සහිත එක් යුගයක නිමාවකි. ජවිපෙ පක්ෂ තහනමෙන් පසු එහි ඊළඟ ඇරඹුම වූයේ 1986 සිට 1990 දක්වා පැවති ජවිපෙ 2වැනි කැරැල්ලට පෙර ප්‍රතිසංවිධානයන් හරහා රහසිගතව සහ ප්‍රසිද්ධියේ දෝලනය වූ ක්‍රියාකාරිත්වයයි.(ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, 434/3 ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: ejournalists@gmail.com)The writer ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384.

22
පෙබ.
18

රේගුවේ පාලක මී හරකෝ තෝ කන්නේ පුන්නක්කු ද ?

රේගුව බූරු පාලක මී හරකෝ තෝ කන්නේ පුන්නක්කු ද

යහපාලන ගොං නාකි හරකා තොගේ ලමයින්ටත් පවුලේ උන්ටත්

ආත්මගානතක් සාප වෙනවා

කැරි තම්බි හුත්තලා…

—————————–

රේගුව ඇල්ලූ ලක්ෂ 310ක භාණ්ඩ
ගල් රෝලකට යට කරන
ලෝකයේ සංවර්ධිතම රාජ්‍යය
ශ්‍රී ලංකාව..😂

රේගුව ඇල්ලුවා කිව්වම
හෙරොයින් අරක්කු කියලා හිතුවද…
නෑ..😭

පොත් පෑන් පැන්සල් පෙට්ටි, සෙල්ලම් බඩුත්
මීට ඇතුළත්

අනාථ නිවාස, ළමා නිවාස, සර්වෝද, දිළිඳු පාසල්
දාස් ගාණක් තියෙන අපේ රටේ
රේගුව ඇල්ලුවා කියලා
මේ දේවල් විනාශ කරන්න ඕනද?😭

ඇත්තටම අපේ මිනිස්සු කන්නේ පුන්නක්කුද?😈

Image may contain: 1 person, standing
No automatic alt text available.
No automatic alt text available.
Image may contain: outdoor



අනවශ්‍ය දේවල්

  • 174,437 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූලි 2018
බ්‍ර සි සෙ
« ජුනි    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements