Archive for the 'වික්ටර් අයිවන්' Category

06
දෙසැ.
18

මම විභාගෙට ලිව්වෙ චූටි මල්ලිත් වඩාගෙන

Nilan SalindaLike Page

” මම විභාගෙට ලිව්වෙ චූටි මල්ලිත් වඩාගෙන… ”
කිරි සප්පයන් දෙදෙනකුට අම්මා වුණ දස හැවිරිදි අක්කා 😢😢😢

උඩුදුම්බර තෙල්දෙණිය කොට්ඨාසයේ රඹුක්වැල්ල කනිෂ්ඨ විද්යාලයේ පහ වසරේ ඉගෙනුම ලබන නිලූෂා දිල්ෂානි සිසුවිය පිළිබඳ සංවේදී පුවතක් අසන්නට
ලැබුණි. කුඩා සහෝදරයන් දෙදෙනෙකු සමඟ මේ දියණිය තනිකර දමා ඔවුන්ගේ මව විදේශ රැකියාවකට ගොසිනි. පියා ද නිවස හැර ගොස් ය.

ආච්චි අම්මාගේත්, සීයාගේත් රැකවරණය ලබන මේ දරුවන් ගෙවන ජීවිතය ඉතාම කටුකය. පාසල් අවසන් වාර විභාගය පැවති පසුගිය දිනෙක ඇය වයස අවුරුදු දෙකක් තරම් වූ කුඩා සොහොයුරා ද වඩාගෙන ගියේ මල්ලී ගේ රැකවරණයට නිවෙසේ කිසිවකු නොසිටි නිසාය. විභාගය ලිවීමේ දැඩි අවශ්යතාවය ද නිසාය. පාසලේ ගුරුවරු පවසන්නේ අත දෙන්න කෙනෙක් සිටී නම් ඉගෙනීමට දක්ෂ මේ දියණිය බොහෝ දුර යන බවයි. මේ ඒ දිරිය දියණිය ගේ කතාවයි.

‘මම රට යන්නද පුතේ’ අම්ම දවසක් මගෙන් ඇහුවා. ඒ වචනවල තේරුම හරියට ම නොතේරුණත් මට මතක් වුණේ චූටි මල්ලි.

’එපා අම්මෙ. අම්ම රට ගියා ම චූටි මල්ලි බලාගන්නෙ කවුද?’ කියල මම අම්මට කිව්වා.

ඒත් කටු මැටි ගහපු එකම එක කාමරයක් තියෙන පුංචි ගෙදර වෙනුවට වීදුරු ජනෙල් දාපු ලස්සන ගෙදරක්, ලොකු ටී.වී. එකක්, කතා කරන බෝනික්කෙක්, රසම රස චොක්ලට් ගොඩාක් අරන් දෙනවා කියද්දි නම් අම්ම රට ගියොත් හොඳයි කියල මටත් හිතුණා.

’මේ කිරි සප්පයෝ තුන් දෙනෙක් තනිකරල උඹ රට රාජ්ජෙ ගියාම උන්ට යන කල මොකක්ද?’ කියල කිරි අම්මයි, කිරි අත්තයි හැම වෙලාවෙම අම්මට දොස් කිව්වා. තාත්තත් රණ්ඩු වුණා. ඒ විදිහට ටික කාලයයි ගෙවුණේ. දවසක් අම්මා උදෙන් ම ගමනක් ගියා.

’මගෙ දුව මල්ලිලා දෙන්න බලාගෙන පරිස්සමට ඉන්න ඕන’ කියල අම්ම ගෙදරින් පිට වුණේ මගේ මූණත් ඉඹල. අම්ම එහෙම කියන කොට මට හිතුණෙ මම දැන් ලොකු ළමයෙක් කියල. මගෙ හිතට හරි සතුටක් දැනුණා. සීතලේ නිදා ගෙන හිටපු චූටි මල්ලිට රෙද්දකුත් පොරවලා මම එදා ඉස්කෝලෙට ගියා. දවල් ගෙදර එන කොටත් අම්ම ගෙදර ඇවිත් නෑ. නැඟිටපු වෙලාවේ ඉඳන් බඩගිනිවෙලා අඬන චූටි මල්ලි ගේ ඇස් දෙකත් ඉදිමිලා. කටහඬත් වෙනස්වෙලා.

’කොලු පැටියා බත් කටක් කන වයසක ද ඉන්නේ. උදේ ඉඳන් ම තේ කහට ටික විතරයි.’ කියල කිරි අම්මත් අඬනවා. මම ගේ ඇතුළට දිව්වා. ළිප මුල්ලේ කෙළවරක තිබ්බ පිටි ටින් එකේ අඩියට වෙන්න තිබුණු පිටි ටික සූරලා මම කිරි අම්මට දුන්නා. ඈ හදල දුන්නු කිරි ටික එක හුස්මට බීපු චූටි මල්ලියා ඇඬීම නවත්තලා ලස්සනට හිනා වුණා. අම්ම ගේ මූණටත් වඩා මල්ලිගෙ ඒ හිනාව මට හැමදාම මතක් වෙනවා.

එදා හැන්දෑවෙ අම්ම කොහේදෝ ඉඳලා උඩහ ගෙදර නැන්දට කෝල් කරල තිබුණා. ‘මම රට යනවා කියලා අම්මට කියන්න.’ නැන්දා ඒ පණිවිඩේ කිව්වේ පුදුම වෙලා. ඒ වෙලාවෙ මගෙ පපුව හිරවෙනවා වගේ දැනුණා. ඇස්වලින් කඳුළු බේරුණා. නැන්දා කියන්නේ බොරු. මේ ඉන්නේ අපේ අම්මා. අම්ම ලස්සනට හිනාවෙවී ගේ ඉස්සරහ හිටගෙන ඉන්නවා වගේ මට දැනුණා. මම ඇස් දෙක පිහදාලා හොඳට බැලුවා. අම්ම හිටියෙ නෑ.

ඒ දැනට අවුරුද්දකට විතර කලින්. එදා ඉඳන් අපි හැදුණේ කිරි අම්මා ළඟ. වෙනදා අම්මා ගේ තුරුලේ හිටපු චූටි මල්ලියා දැන් නිදා ගන්නේ මට තුරුල් වෙලා. මද්දු මල්ලි දකුණු පැත්තේ. රෑට බඩගිනි වෙලා සැරෙන් සැරේ ඇහැරිලා අඬන චූටි මල්ලි නළවන්නෙත් මම. හිස් සූප්පුවක් දීල උකුලේ තියලා නළවන කොට මල්ලිට ආයෙත් නින්ද යනවා. මටත් නින්ද යනවා.

අම්මා ගිය දවසෙ ඉඳන් අපේ තාත්තත් හැමදාම ගෙදර එන්නෙ නෑ. රස්සාව කුලී වැඩ. ඒත් හැමදාම වැඩ නෑ. මාසයකට දෙකකට සැරයක් චූටි මල්ලිට කිරි පිටි පැකට් එකක් ගෙනත් දෙනවා.

දවසක් කිරි අම්ම මාත් මල්ලිලා දෙන්නත් එක්ක අපේ පළාතේ ආණ්ඩුවේ ලොකු කන්තෝරුවකට ගියේ තාත්ත ඉඳල හිටල ගෙනත් දෙන කිරි පැකට් එකෙන් විතරක් මල්ලිගෙ බඩ පුරවන්න බැරි හින්දා. අපේ කතාව අහගෙන හිටිය ඒ කන්තෝරුවේ ලොකු මහත්තයා කිව්වේ ‘මොනව කරන්නද අම්මේ. මගේ සාක්කුවෙන් දෙන්න ද?’ කියලා. වචනයක්වත් කතා නොකරපු කිරි අම්ම අපි තුන්දෙනත් අරගෙන ආපහු හැරුණා.

කිරි අම්මගේ ඇහෙන් වැටුණු කඳුළුවලින් මල්ලිගේ පිට තෙමෙනවා මම දැක්කා. කිරි අම්මට තවත් දුක හිතෙයි කියලා මම අහක බලා ගත්තා. දවසක් චූටි මල්ලිට කිරි බෝතලේ දෙන කොට මද්දු මල්ලිත් ඒ කිරි ඉල්ලලා ඇඬුවා.

’මගෙ හොඳ මල්ලිනේ, ඔයා අඬන්න එපා. ඔයාට බත් කන්න පුළුවන්නේ. මේ පිටි ටික ඉවර වුණොත් චූටි මල්ලි බඩ ගින්නේ නේද?’ මම මල්ලිව තුරුලු කරගෙන එහෙම කිව්වා. මගේ මල්ලිත් චූටි මල්ලිට හරිම ආදරෙයි. එයා ආයේ කවදාවත් පිටි කිරි ඉල්ලලා ඇඬුවේ නෑ.

අපේ තනියට කිරි අම්ම ළඟ හිටියත් අපිට රසට කෑම බීම දෙන්න, ගවුම් කමිස අරන් දෙන්න කිරි අම්මටයි කිරි අත්තටයි සල්ලි නෑ. වයස වැඩි හින්දා කුලී වැඩක් ලැබෙන්නෙත් නෑ. අම්ම රට ගිය මුල්මාස දෙක තුනේ විතරක් එවපු සල්ලිත් ඉවරයි.

අපේ කිරි අත්ත උදේ ඉඳන් රෑ වෙන තුරුත් හේන් වැඩ කරනවා. කිරි අම්ම හේනට යන්නේ මම ඉස්කෝලේ ඇරිල ගෙදර ආවට පස්සේ. හැන්දෑ වරුවේ මල්ලිලා දෙන්නත් බලාගෙන මම ගෙදර ඉන්නවා. කිරි අම්මත් හේනට යනවා. චූටි මල්ලිගෙ ඇඳුම් ටිකවත් සෝදලා දෙන්න කියලා සමහර වෙලාවට කිරි අම්ම මට කියනවා. ඒ වැඩ වැඩි හින්දා. ඒ වැඩේට නම් මම මඟ හරිනවා. කම්මැළිකමට නෙවෙයි. රෙදි සෝදනකොට මගෙ ඇඟිලි රිදෙනවා.

දැන් නම් මගේ චූටි මල්ලි බත් කනවා. වයස අවුරුදු දෙකක්නේ. කිරි අම්ම කියන්නේ ආරංචියක් නැතත් අම්ම රට ගිහින් දැන් අවුරුද්දකුත් ගෙවිල ඉවරයි කියලා. තුන්වේලම අපට බත් ලැබුණත් කිරි අම්ම නම් හුඟක් දවස්වල බඩගින්නේ. මුට්ටියේ ඉතිරිවෙන දවල් කෑම පංගුව රෑට අපි තුන්දෙනාට බෙදල දීලා කිරි අම්මා තේ කහට කෝප්පෙකින් බඩ පුරව ගන්නවා. ඒ වෙලාවට නම් මට බය හිතෙනවා. හරියට කෑමක් බීමක් නැතිව කිරි අම්මත් ලෙඩ වුණොත් මගේ මල්ලිලා දෙන්නා බලා ගන්නේ කවුද? ඉස්කෝලෙ පරිසර පාඩමේ දී අපේ ගුරුතුමී කිව්වේ නිරෝගී වෙන්න නම් සමබල ආහාර වේලක් ගන්න ඕන කියලයි.

කිරි අම්මත් සැරෙන් සැරේ ලෙඩ වෙන්නේ හරියට කෑමක් බීමක් නැති හින්ද කියලයි මට හිතෙන්නේ. අහල පහල අය නම් කියන්නේ ඔය වයසක මනුස්සයට කිරි දරුවො තුන් දෙනෙක් බලා ගන්නත් පුළුවන් ද කියලා. ඒත් කිරි අම්ම නම් කවදාවත් ඒ ගැන මැසිවිලි කියන්නේ නෑ. මට වාගෙම මල්ලිලා දෙන්නටත් ගොඩක් ආදරෙයි.

උදේ පාන්දරින් ම මම ඉස්කෝලෙට යන්නේ මද්දු මල්ලිත් එක්ක. මගේ මල්ලි වාගෙම පුංචි නංගිලා මල්ලිලා අම්මලා තාත්තලාගේ අතේ එල්ලිලා ලස්සනට හිනා වෙවී පාසලට එනවා. ‘අක්කේ, අපේ අම්මයි තාත්තයි හිටියා නම් අපිටත් ඒ විදිහට යන්න තිබුණා නේද?’ කියලා මල්ලි මගෙන් අහනවා. මටත් එහෙම හිතෙනවා. ‘මගෙ මල්ලිට මම ඉන්නවනේ’ එහෙම කියල මම මල්ලි ගේ හිත හදනවා.

හැන්දෑවට ගෙදරදී මම මද්දු මල්ලිට අකුරු කියල දෙනවා. චූටි මල්ලිත් ළඟ තියාගෙන පාඩම් පොතේ තියෙන කවි කට පාඩම් කරනවා. මල්ලිලාට සෙල්ලම් කරන්න කොස් කොළ තොප්පි, කුරුම්බැට්ටි මැෂින් හදලා දෙනවා. වහින වෙලාවට නම් කඩදාසි ඔරු හදල ඉල්ලලා මල්ලි කරදර කරනවා.

මම මගේ මල්ලිලා දෙන්නට වාගෙ ම පොත්වලටත් ගොඩක් ආදරෙයි. කඩදාසි ඔරු හදන්න මම කවදාවත් පොත්වල කොළ කඩන්නේ නෑ. අපිට අකුරු ලියන්න, චිත්ර අඳින්න පොත් පත් වාගෙම පෑන් පැන්සල් අරන් දෙන්නෙ ඉස්කෝලෙ ගුරුවරු. විදුහල්පතිතුමා, පන්තිබාර ගුරුතුමිය වගේ ම ගුරුවරු හැමෝම අපිට ගොඩක් ආදරෙයි. මම ඉගෙන ගන්න කැමතිත් ඒ හින්දමයි. පහුගිය දවස්වල ඉස්කෝලේ වාර විභාගෙ තිබුණා. ඒ දවසක කිරි අම්මට හොඳටම අසනීප වුණා.

”මගෙ පුතේ මල්ලිලා දෙන්නත් බලාගෙන අද ගෙදර ඉන්න.”

එහෙම කියල කිරි අම්මයි කිරි අත්තයි බෙහෙත් ගේන්න ඉස්පිරිතාලෙට ගියා. “විභාගෙට නොගිහින් මම කොහොමද හයේ පන්තියට පාස් වෙන්නේ. යාළුවෝ ඔක්කොම අද විභාගෙට ලියයි.”

මගෙ ඇස්වලට කඳුළු පිරුණා. ‘මගෙ අම්ම හිටියා නම් කවදාවත් මට මෙහෙම වෙන්නේ නෑ.’ මට එහෙම හිතුණා. මල්ලිලා දෙන්නම ඇහැරුණෙත් ඒ වෙලාවේ.

දෙන්නටම තේ බොන්න දුන්නු මම මද්දු මල්ලිගේ මූණ කට සෝදලා ඇඳුමක් ඇන්දුවා. ඊට පස්සේ චූටි මල්ලිව සේදුවා. ගමනක් යන්න තරම් හොඳ ඇඳුමක් නැති වුණත් මල්ලිට පරණ කමිසයක් ඇන්දුවා. පොත් ටික මද්දු මල්ලි අතට දීලා මම චූටි මල්ලි වඩා ගත්තා.

’මම කොහොම හරි අද විභාගෙ ලියනවා.’ එහෙම හිතාගෙන පාරට ආවා. පාරේ වළවල්, ගල්පතුරුවල වැදිලා මගේ එක රබර් සෙරෙප්පුවක් ගැලවෙනවා. ඒ හැම වෙලාවකම එක අතකින් පොත් ටික ගත්තු මද්දු මල්ලි ඒ සෙරෙප්පුව හදලා දෙනවා. ඒ විදිහට අපි ඉස්කෝලෙට ගියා. ළමයි විතරක් නෙවෙයි. ගුරුවරුත් පුදුම වෙලා බලාගෙන හිටියා. මගේ ඇස්වලට කඳුළු ආවා. බයට නෙවෙයි. ඒ වෙලාවෙ මට ගොඩාක් දුක හිතුණා. විදුහල්පතිතුමා මට කතා කළා.

’ඇයි පුතේ මල්ලිත් අරගෙන ඉස්කෝලෙට ආවේ’ එතුමා මගෙන් ඇහුවා. මම විස්තරේ කිව්වා. මට විභාගෙ ලියන්න ඕනෑ කියලත් කිව්වා. විදුහල්පතිතුමා හරිම කරුණාවන්තයි. මට විභාග ශාලාවට යන්න ඉඩ දුන්නා.

අපේ පන්ති බාර ගුරුතුමී විතරක් නෙවෙයි. ගුරුවරු හැමෝම මල්ලිව වඩාගන්න හැදුවා. මගේ මල්ලි මා ළඟින් හෙල්ලෙන්නේවත් නෑ. මල්ලිට කෑම බීම ගොඩක් දුන්නා. ඒත් කිසිම කෙනෙක් ළඟට යන්න මල්ලි කැමති වුණේ නෑ. මම මල්ලිත් තුරුළු කරගෙන ම ප්රශ්න පත්තරේට උත්තර ලිව්වා. ටික වෙලාවකින් මල්ලිට නින්ද ගියා. එක ගුරුතුමියක් මල්ලිව මේසයක් උඩ නිදි කළා.

එදා මේ සිදුවීම දැකපු ගුරුවරු හුඟ දෙනෙක් ඇඬුවා. මටත් ගොඩාක් දුක හිතුණා. ඒත් මොනවා කරන්නද? අපේ අම්ම අපි ළඟ නෑනේ.

’කුඩා දරුවන් ඉන්න මවුවරුන් පිට රට රැකියාවලට යාම තහනම්’ පත්තර පිටුවක එහෙම ප්රවෘත්තියක් තියෙනවා දවසක් මම දැක්කා. එහෙම නම් අපේ අම්මා රට ගියේ කොහොමද? අපි තුන්දෙනා තාමත් පොඩි දරුවොනේ. සල්ලි ගොඩක් අරගෙන එනවා කියලා අම්මා රට ගියත් දැන් අම්ම ගැන කිසිම තොරතුරක් නෑ. අහස් යාත්රාවක හඬ ඇහෙන කොට මල්ලියි මමයි මිදුලට දුවනවා. අනේ! අපේ අම්මා ඒ අහස්යාත්රාවෙන් එනවා නම්! ඒත් අපිට අම්මත් නෑ. තාත්තත් නෑ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නැන්දලා මාමලාට නම් අපේ අම්මා ගැන තොරතුරක් හොයා ගන්න පුළුවන් වෙයි. අනේ නැන්දේ, මාමේ අපේ අම්ම ආයෙත් ගෙන්වලා දෙන්න. එතකොට අනිත් ළමයින්ට වගේ ම මටයි මල්ලිලා දෙන්නටයි ආයෙත් සතුටින් ඉන්න පුළුවන්. අම්ම ගේ අතේ එල්ලිලා ඉස්කෝලේ යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. තාත්තත් ගෙදර එයි.

අම්ම රට ගියේ අපිට ලස්සන ගෙයක් හදල දෙන්න. අලුත් ගෙවල් එපා. වහින වෙලාවට වහලෙන් වැටෙන වතුර බිංදුවලට වළං මුට්ටි තියල නොතෙමී ඉන්න පුළුවන්.

එක ම කාමරේ අපි පස්දෙනාට ගුලිවෙලා ඉන්න පුළුවන්. ඒ කාමරේම පාඩම් කරන්නත් පුළුවන්. අම්මයි තාත්තයි ළඟ ඉන්නවා නම් ඒ හැම දුකක්ම උහුලන්න පුළුවන්. අම්ම ආවොත් කිරි අම්මටයි කිරි අත්තටයි නිදහසේ පිනක් දහමක් කරගන්නත් පුළුවන්.

නිලූෂා දුවගේ විස්තර 0815789778 දුරකතන අංකයෙන් ලබාගන්න පුළුවන්.

විශේෂ ස්තූතිය
උඩුදුම්බර රඹුක්වැල්ල කනිෂ්ඨ විද්යාලයේ සුජීවා නිල්මිණී ගුරුතුමියට

ඇතැම් විට ඔබට ඇයට උපකාරයක් කිරීමට නොහැකි වන්න පුලුවන්.. නමුත් ඔබ කරන SHARE එක දකින කවුරුන් හෝ ඇයට ජීවිතය ජයගන්න උපකාර කලහොත් ඒ පිනද ඔබ සතුයි..

එහෙයින් සංවේදී හිත් ඇති , ඇයට සෙත සැදීමට කැමති අය මෙය SHARE කරන්න..

Advertisements
05
දෙසැ.
18

මග හිරවුන රටබෙදන කොන්ත්‍රාත්තුව හා වසර 4 1/2 කට විසිරවිය නොහැකිය යන අරුම පුදුම කොන්දේසිය

– ආචාර්ය නාලක ගොඩහේවා ( මව්බිම 04-12-2018)

2009 මැයි 19 දා ත්‍රස්තවාදයට එරෙහිව වූ යුද්ධය ජයග්‍රහණයකින් නිම විය. එදා අපේ රටේ ජනතාව ප්‍රීති ඝෝෂා නැගුවේ බෙදුම්වාදීන්ගෙන් රට නිදහස් වීය යන අවංක විශ්වාසයෙනි

නමුත් ඉන් වසර කිහිපයක් ගතවන්නටත් පෙර බෙඳුම්වාදයේ අඳුරු මතකයන් යලි වතාවක් මතුවන්නට පටන් ගැනුනි. මෙවර බෙදුම්වාදීන් සටන් බිම ලෙස තෝරාගත්තේ ජිනීවාහී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයයි. මෙවර ඔවුන් සටනට පිවිසියේ තනිවම නොවේ. රටවල් ගනනාවක සහායද තමුන්ට ලබා ගනිමිනි. කොටි ත්‍රස්ථවාදීන් විසින් ලොව පුරා ගොඩනගා සුරක්ෂිතව තිබුනු විශාල මුල්‍ය ජාලයද ඔවුන්ගේ සවියට එක්ව තිබුනි.

මේ අභිනව සටන් පෙරමුණේ නායකයෝ උපාය මාර්ග වලින් ප්‍රභාකරන්ටත් වඩා ඉදිරියෙන් සිටියහ. ඔවුන් මුලින්ම කලේ සිය සමස්ත බලයම යොදවා ත්‍රස්ථවාදය එදා අවසන් කල ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂව චන්දයකින් පරාජය කිරීමට 29 වතාවක් චන්ද පැරදී වික්ෂිප්තව සිටි රනිල් වික්‍රමසිංහට උපකාර කිරීමයි. මේ උපකාරයට ප්‍රතිචාර ලෙස ඔවුන්ට අවශ්‍ය දේ කර දීමට රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර කන්ඩායම පොරොන්දු කරවා ගෙන තිබුනි.

2012 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මතව තිබූ ලංකාවට එරෙහි යෝජනාවකින් ඇරඹි කුමන්ත්‍රණය 2015 වන විට බොහෝ දුරට උඩු දුවා තිබුනි. 2012 පලමු යෝජනාවේ කියැවුනේ ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධයේ අවසාන අදියරේදී යම් වැරදි සිදු වූවාදැයි සොයා බැලිය යුතු බවය. බැලූ බැල්මට එම යෝජනාවේ බරපතල කරුණක් අඩංගු නොවිනු නිසා බොහෝ රටවල සහාය එයට ලැබුනි. 2013 ආ දෙවන යෝජනාවේ යුධ සමයට අමතරව ලංකාව තුල සිදුවන දේශපාලන කටයුතු ගැනද යම් සඳහනක් තිබුනි. එහෙත් 2014 ඉදිරිපත් වූ යෝජනාවේ ලංකාවේ ස්වෛරීත්වයට දරුණු ලෙස බලපානා කරුණු අඩංගු වූ අතර ලංකාව පිලිබඳ පරීක්ෂනයක් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට නියෝග කරන ලෙස ඉල්ලා තිබුනි. මේ යෝජනාව සම්මත වී තිබුනේ ලංකාවට පක්ෂපාත වූ සමහරක් රටවල බරපතල විරෝදය මධ්‍යයේය. උදාහරණයක් වශයෙන් 2014 යෝජනාවට ඉන්දියාව හා පකිස්ථානය යන දෙරටම විරුද්ධ වූයේ මෙය ස්වාධීන රටක අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමක් බව සඳහන් කරමිනි. එහෙත් අන්තවාදී දෙමල ඩයස්පෝරාවේ බලපෑම් මත මේ යෝජනාවද සම්මත කර ගැනීමට බටහිර රටවල් සමත් වූහ. මේ වන විට රාජපක්ෂ ආන්ඩුව එලවා දැමීමේ වගකීම කරට ගෙන තිබූ රටවල් අතර ඇමෙරිකාව , මහා බ්‍රිතන්‍යය, ජර්මනිය, ප්‍රංශය , නෝර්වේ , කැනඩාව වැනි රටවල් ඉදිරියෙන්ම සිටියහ.

 

 

2015 ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය රාජපක්ෂලා හා මෙම බාහිර බලවේග අතර වූ සටනක් විය. කොන්ග්‍රස් ආන්ඩුව පරදා ඉන්දියාවේ අලුතින් බලයට පත් වී සිටි මෝඩී රජයද චීනය සමඟ ලංකාව ඕනෑවට වඩා සමිපය යන වැරදි මතයක් ඇති කරගෙන සිටි නිසා මේ කාර්යයට එක් වූ බවක් පෙනේ. ඒ අනුව මහින්ද ජනාධිපතිවරයා පරාජය කිරීම සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම , ඒ සඳහා සහායට දේශපාලන පක්ෂ රාශියක් ඒකරාශී කිරීම, මූලෝපමාය හා මුල්‍යමය සහාය නොමදව ලබා දීම් ආදිය සිදු කරන ලද්දේ මේ බාහිර බල වේග විසිනි.

2016 දී ඇමෙරිකාවේ පලවූ රාජ්‍ය ලේඛණයක එවකට ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා සඳහන් කොට තිබුනේ ලංකාවේ බුරුමයේ හා නයිජීරියාවේ පැවති රජයන් වෙනස් කිරීම සඳහා 2015 දී ඇමෙරිකානු රජය ඩොලර් මිලියන 680 ක් වැය කල බවය. මින් තුනෙන් එකක් ලංකාව වෙනුවෙන් වැය වුනානම් මහින්ද රාජපක්ෂ බලයෙන් ඉවත් කිරීම සඳහා ඇමෙරිකාව වියදම් කල මුදල පමනක් රුපියල් කෝටි 3000 කට වැඩි විය යුතුය. මහා පරිමාණ ප්‍රචාරක කටයුතු වලට උදව් දෙමින්, විශාල බොරු ගොඩක් ජනගත කරමින්, දේශපාලනඥයින් මිලදී ගනිමින් ඉතා ප්‍රබල චන්ද ව්‍යාපාරයක් දියත් කරන්නට එකල විපක්ෂයට හැකි වූයේ කෙලෙසද යන්න මින් පැහැදිලිය.

ජිනීවා වල ලංකාවට එරෙහිව 4 වන යෝජනාව හෙවත් 30/1 යෝජනාව ඉදිරිපත් වන්නේ 2015 ජනාධිපතිවරණය හා මහ මැතිවරණය යන දෙකටම පසුවය. 2015 මාර්තුවල ඉදිරිපත් වීමට තිබුණ යෝජනාව සැප්තැම්බර් වලට කල් දමනු ලබන්නේ එහි අන්තර්ගතය ශ්‍රී ලාංකික ජනතාව දැන ගත්තානම් එය 2015 අගෝස්තු මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණට පැහැදිලිවම අවාසි විය හැකිව තිබුන නිසාය.

2015 සැප්තැම්බර් වල ඉදිරිපත් වූ 30/1 යෝජනාව හොඳින් විමසා බලන්නෙකුට පෙනී යන්නේ එය යටත් විජිත වාදී රජයක් විසින් යටත් කොලනියකට දෙන නියෝග මාලාවක් ලෙසය. මෙම යෝජනා මාලාව හරහා ලංකාවේ ස්වෛරීත්වය පැහැදිලිවම අභියෝගයට ලක් කොට ඇත. නම්බුකාර රටක් කිසි විටක පිලි නොගත යුතු වූ මේ යෝජනාවලිය ඒ වන විට බලයට පත් වී සිටි යහපාලන ආන්ඩුව හිස් මුදුනින් පිලිගත්තා පමනක් නොව එයට සම අනුග්‍රාහකත්වය දැක්වීමේ ද්‍රෝහීකම හරහා මෙම යෝජනාවට එරෙහිව අන් කිසිදු රටක් විසින් අදහස් දැක්වීම පවා වලක්වන ලදී.

එදා පටන් 2018 සැප්තැම්බර් මස වන තුරු යහපාලන රජයට හරියට කල එකම දෙය නම් එකින් එක මේ යෝජනාවලියේ පොරොන්දු වූ කරුණු ක්‍රියාත්මක කිරීමය. යෝජනාවේ සඳහන් වූ කරුණු 20 කින් තව කරන්නට ඉතුරුව තිබෙන්නේ නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදීම පමනි.

මේ ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරණා ලද්දේ අන්තවාදී දෙමල ඩයස්පෝරාවට විවිධ ක්‍රම හරහා සම්බන්ධ වන පුද්ගලයින් විසින් බව වටහා ගත නොහැක්කෙකු දේශපාලනය ගැන අදහස් දැක්වීමටවත් සුදුසු නැත.

මෙම නව ව්‍යවස්ථාවෙන් කරන්නට බලාපොරොත්තු වන්නේ මධ්‍යම රජය දුර්වල කොට පලාත් පාලන ආයතන ශක්තිමත් කිරීමය. ඊලඟ පියවර වටහා ගන්නට මහා බුද්ධියක් අවශ්‍ය නැත. මියගිය ප්‍රභාකරන් අද සිටින තැනක සිට පුදුම වනු ඇත්තේ තමුන්ට වසර 30 ක ආයුධ සන්නද්ධ යුද්ධයකින් කරගන්නට නොහැකි වූ දෙය ටයිකෝට්, වේට්ටි කාරයන් පිරිසක් එක්ව මෙතරම් පහසුවෙන් ලබා ගත්තේ කෙසේද කියායි.

2015 යහපාලන රජය බලයට ගෙන ආ බාහිර බලවේග තම කොන්ත්‍රාත්තුව ඉටු කිරීමට තෝරාගත් විශ්වාසවන්තයා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා නොව කවදත් තම වාසිය සඳහා කොලයක ඔතා රට විකුනන්නට වුවත් සූදානම් මානසිකත්වයක සිටි රනිල් වික්‍රමසිංහ මහතාවය.

ඒ නිසා කොන්ත්‍රාත්තුව ඉටු කර අවසන් වන තුරු රනිල් වික්‍රමසිංහ බලයේ තබා ගැනීම ඉතා වැදගත් විය.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ඉතිහාසය විමසා බලන ඕනෑම කෙනෙකුට පෙනී යන්නේ වසර 2 -3 කට වඩා තම ජනප්‍රියතාව රඳවාගෙන බලයේ සිටීමට ඔහු අසමත් බවය. මින් පෙර 3 වතාවකම අගමැති වුනත් ඔහු වසර 3ක කාලයක් අගමැති ලෙස සම්පූර්ණ කර නොතිබුනි.

19 ව්‍යවස්ථා සංශෝදනය නමින් සෝබිත හිමියන් පවා රැවටූ කපටි උපක්‍රමයක් හරහා මන්ත්‍රීවරුන්ගෙන් 2/3 ක ඉල්ලීමක් නැතිව පාර්ලිමේන්තුව වසර 4 1/2 කට විසිරවිය නොහැකිය යන අරුම පුදුම කොන්දේසියක් ව්‍යවස්ථාවට එක කරනු ලබන්නේ වෙන කිසිවක් නිසා නොව මෙසේ තමා බාර ගත් කොන්ත්‍රාත්තුව අවසන් වන තුරු රනිල් වික්‍රමසිංහ මහතා බලයේ තබා ගැනීම අත්‍යවශ්‍ය බැවිනි.

එහෙත් කුරුමාණම වැරදුනේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක තමා ඉත්තෙකුව ඇති බව වටහා ගත් නිසාදෝ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ව්‍යවස්ථාවේම සිදුරකින් රිංගා රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති කමෙන් ඉවත් කොට පසුව ව්‍යවස්ථාවෙම සඳහන් තම බලතල භාවිත කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හල බැවිනි.

හදිසියේ සිදුවූ මේ විපතින් අන්ද මන්ද වු රනිල් වික්‍රමසිංහ මහතා ගේ සේවාදායකයින් ඔහුට දී ඇති උපදෙස කිසි සේත්ම මේ තත්වය පිලි නොගන්නා ලෙස විය යුතුය. මන්ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩය අතහැරියහොත් බාර ගත් කොන්ත්‍රාත්තුව අවසන් කල නොහැකි නිසාය.

ජනාධිපතිවරයාගේ තීන්දුව අද උසාවියේ අභියෝගයට ලක්වී ඇත්තේ මෙබැවිනි.

මේ අතර අද ජනතාව අසන ප්‍රශ්ණය අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිරිසේන ජනාධිපතිතුමා කල ඉල්ලීම බාරගන්නට ඉක්මන් වුනාද යන්නයි.

කිසිසේත්ම නැත.

ඔක්තෝබර් 26 අගමැති කම බාරගෙන මහින්ද රාජපක්ෂ මහතා රට ගලවා ගත්තේ විශාල අනතුරකිනි.

ඉන් සිදු වූයේ නව ව්‍යවස්ථාවක් හරහා වසර ගනනාවකට ජනාධිපතිවරණයත් , පාර්ලිමේන්තු මැතිවරණයත් යන දෙකම කල් දමා ගැනීමට තිබුන කපටි කුමන්ත්‍රණයක් පරාජය කිරීමයි.

නව ව්‍යවස්ථාව සම්මත වූවා නම් පාර්ලිමේන්තුව විසින් තෝරාගනු ලබන ජනාධිපතිවරයෙක් පත් වීමට නියමිත ව තිබුනි. සමහර විට කරු ජයසූරිය මහතා බලාපොරොත්තුව සිටියේ මෙය විය හැක.

ඔක්තෝබර් 26 ට පෙර පාර්ලිමේන්තුවේ බල තුලනය තිබූ ආකාරයට නව ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම සම්මත වීමට නියමිතව තිබුන අතර එසේ වූවා නම් 2019 ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නැත.

අලුත් ව්‍යවස්ථාව සම්මත වූ පසු පාර්ලිමේන්තුවේ ආසන ගනන වෙනස් වීමට නියමිත්ව තිබුනි. ඒ 25 සිට 233 දක්වා වැඩිවීමට නියමිතව තිබුනි. කොට්ටාශ ප්‍රමාණය 160 සිට 140 ට අඩු වීමට නියමිත්ව තිබුනි.

ඒ සදහා අලුතින් සීමා නීර්ණ කමිටුවක් පත් කිරීමට නියමිතව තිබුනි.

නමුත් මේ සදහා කොපමන කාලයක් දෙනවාද, එය යලිත් කල් දමනවාද යන්න තීරණය කිරීමේ බලය තිබෙනු ඇත්තේ වත්මන් පාර්ලිමේන්තුව විසින්ම පත් කරනු ලබන අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පිලිපදින්නෙක් වන දුර්වල ජනාධිපතිවරයෙකුටය.

මේ අනුව නව ව්‍යවස්ථාව සම්මත වූවා නම් තව බොහෝ කලකට මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් අපේක්ෂා කල නොහැක

ජනතාව තේරුම් ගත යුත්තේ තවත් බලා සිටියා නම් පහසුවෙන් චන්දයකට ගොස් දිනන්නට තිබුනා යන මතය වැරදි බවය.

අපේ ප්‍රජාතන්ත්‍රවාදී චන්ද අයිතිය තවත් බොහෝ කලකට උදුරාගන්නට ඔවුන් සැලසුම් කොට තිබු කපටි උපක්‍රමයක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිසා වැලකුනි

අද ඔවුන් දෙදෙනාටම අවශ්‍ය බව පෙනෙන්නේ ස්ථාවර රජයක් පිහිටවීම සදහා නව පාලකයින් පත් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට ලබා දීමටය.

29
නොවැ.
18

පා.ම අජිත් පී. පෙරේරා සහ නිතිඥ ඕෂද හේරත් ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව එජාපයේ වාසියට ලබාගැනීමේ අරමුණින් දැවැන්ත බලපෑමක්

 

දෙසැ 7 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව එජාපයේ වාසියට ලබාගැනීමේ අරමුණින් දැවැන්ත බලපෑමක් බටහිර තනාපති කාර්යාල හරහා ඔවුන්ට කිට්ටු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරන් වෙත බලපෑම් කරමින් ක්‍රියාත්මක වන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අපට වාර්තා වේ.

මේ සදහා බටහිර රටවල් විසින් විශේෂ වරප්‍රසාද ලබාදීමට හැකි බව ඉහත පිරිස විනිසුරන්ට පවසා ඇතැයි ද කියැ වේ.

යම් හෙයකින් දෙසැ 7 නඩු තීන්දුව ඉහත පිරිසගේ අවාසියට හේතුවන ලෙසට ඉහත විනිසුරන් විසින් ප්‍රකාශ කළහොත් එම විනිසුරන්ගේ පවුලේ‍ සමාජිකයින් වාසය කරනබටහිර රටවලින් ඔවුන්ව පන්නා දමන බවටද මෙම බලපෑම ත්‍රීවකර ඇතැයි ඉහත ආරංචි මාර්ග කියා සිටියි.

දැනටමත් මෙම මෙහෙයුම පිලිබදව සියලු තොරතුරු රටේ ඉහළම පුරවැසියන් වෙත සාක්‍ෂි සහිතව වාර්තා වී ඇති බවද සදහන් ය.

එජාප පා.ම අජිත් පී. පෙරේරා සහ නිතිඥ ඕෂද හේරත් මෙහි සම්බන්ධීකරන කටයුතු සිදුකරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් සැලකිය යුතු පිරිසකට ඔවුන් විසින් දැනටමත් මෙම දැඩි බලපෑම සිදුකරන බවත් ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

අවම වශයෙන් දෙසැ 7 වෙනිදා තීන්දුව ඔවුන්ගේ වාසියට ලබාගත නොහැකි නම් තීන්දුව ප්‍රකාශයට පත්කිරීම හැකිතාක් දුරට කල්තබා ගැනීම මෙම මෙහෙයුමේ අරමුණ වී ඇති බව ද සදහන්ය.

ඉහත විනිසුරන් සහ ඉහත පිරිස අතර මෙතෙක් කෙරි ඇති සියලුම දුරකතන සංවාද රටේ ඉහළ පුරවැසියන් වෙත දැනටමත් ලැබී ඇතැයිද ඉහත ආරංචිමාර්ගය වල තවදුරටත් සදහන් වේ.

 

21
නොවැ.
18

ජවිපෙ මල්ලිලාගේ පාර්ලිමේන්තු බෝම්බය කුණු බාල්දියේ දමා රැගෙන ආ බවට සාක්ශි

ඉන්දු ලංකා ගිවිසුම 1987 ජූලි 29වැනිදා අත්සන් කිරීමෙන් පසු රටේ පැවති ව්‍යාකුල තත්ත්වය තවත් උග්‍ර විය. එජාප තංගල්ල මන්ත්‍රී ජිනදාස වීරසිංහ 1987 ජුලි 31වැනිදා වෙඩිතබා ඝාතනය කළේය. රටපුරා කැරලි කෝලාහල ඇතිවිය. ජන විරෝධයට ආණ්‌ඩුවට මුහුණ දීමට සිදුවිය. ඇඳිරි නීතිය පමණක්‌ නොව පුවත්පත් පාලනයක්‌ද ඇති කළේය. විරෝධතා නතර කිරීමට ආණ්‌ඩුවට හැකි වූයේ සෑම තැනකදීම පාහේ ගිවිසුම් විරෝධි විරෝධතාකරුවන්ට වෙඩි තැබීමෙනි. පෙළපාලිකරුවෝ සිය ගණනක්‌ මිය ගියහ. දහස්‌ ගණනක්‌ තුවාල ලැබීය.

ජවිපෙ විරෝධතා ව්‍යාපාරය මෙහෙය වූවද ඒ සා විශාල ජන විරෝධයක්‌ මතුවන්නේ යෑයි විශ්වාස කළේ නැත. ජනතාව එජාප ආණ්‌ඩුව කෙරෙහි ඒ වනවිට ප්‍රබලව කලකිරී තිබූ බැවින් ජනතාව පෙරට ඇදී ආවේ නොසිතූ පරිදිය. විරෝධය සාංසිද්ධිකව පැන නැගුණද ඉන් ලැබූ ප්‍රචාරක ව්‍යාපාරය ජවිපෙට මහත් වාසියක්‌ විය. ගිවිසුමෙන් පසු ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය සිය කටයුතු වඩ වඩාත් වේගවත් කළේය.

n15 1

ප්‍රධාන සැකකරු අජිත් කුමාර

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම ප්‍රකාශ කිරීමත් සමඟම පාර්ලිමේන්තුව 1987 අගෝස්‌තු 18වැනිදා දක්‌වා කල් දැමීමට එජාපය තීරණය කළේය. ඒ පිළිබඳව ආණ්‌ඩු පක්‌ෂය මගින් කල් තැබීමේ යෝජනාවක්‌ 1987 ජුලි 24වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එම යෝජනාවට පක්‌ෂව ඡන්ද 74ක්‌ද විපක්‌ෂව ඡන්ද 9ක්‌ද ලැබිණි ගිවිසුමට පෙර කල් තැබූ පාර්ලිමේන්තුව යළි රැස්‌වීමට තිබුණේ අගෝස්‌තු 18 වැනිදාය. එදින රට පුරාත් විශේෂයෙන් පාර්ලිමේන්තුව සහ ඒ අවටත් දැඩි ආරක්‌ෂක මුරකාවල් යොදා තිබිණි. “දිවයින” පුවත්පතින් පාර්ලිමේන්තුව වාර්තා කිරීමට එදින ගියේ දයා ලංකාපුර ලේඛකයාය. දි අයිලන්ඩ් පුවත්පතින් අජිත් සමරනායක, ප්‍රසාද් ගුණවර්ධන සහ සුරේෂ් පෙරේරාය. රියෑදුරු වූයේ සෝමසිරිය. එවිට වේලාව උදෑසන 9 පසු වූවා පමණි. පාර්ලිමේන්තුව ඉදිරිපිට පාලම අසළදි උපාලි පුවත්පත් වාහනය නැවැත්වූ අතර තුවාලකරුවන් ගෙන යනු දක්‌නට ලැබිණි. පාර්ලිමේන්තු වාර්තාකරුවන් අතරින් එහි ඇතුළේ සිටියේ කලින්ම පැමිණෙන දවස පුවත්පතේ මාධ්‍යවේදී ජෙරි සිල්වා පමණි.

පාර්ලිමේන්තුව රැස්‌වීමට ප්‍රථම ආණ්‌ඩු පක්‌ෂයේ රැස්‌වීම පැවැත්විණි. එය පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ කමිටු රැස්‌වීම් ඒ ශාලාවේදීය. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව එහි සිටියේ 5දෙනෙකි. ඒ අතර පාර්ලිමේන්තුවේ ලඝූ ලේඛක නෝබට්‌ සේනාධීර, රැස්‌වීමේ වාර්තාව සකස්‌කරන අගමැති ප්‍රවෘත්ති නිලධාරිවරයකු වන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ඇන්තනි ප්‍රනාන්දුද විය. ඔහුගේ ප්‍රධානියා වූයේ අගමැති මාධ්‍ය ලේකම් එවන්ස්‌ කුරේය. මුලසුන හෙබවූවේ ජනාධිපති ඡේ.ආර්. ජයවර්ධනය. ප්‍රධාන මේසයේ අගමැති ආර්. ප්‍රේමදාස, ආණ්‌ඩු පක්‌ෂයේ සභානායක වින්සන්ට්‌ පෙරේරාද විය. ලලිත් ඇතුලත්මුදලි ඇතුළු මැති ඇමතිවරුන්ද, කීර්ති අබේවික්‍රම ඇතුළු මන්ත්‍රීවරුන්ද ආණ්‌ඩු පක්‌ෂයේ රැස්‌වීමට පැමිණ සිටියහ.

n15 2                                                             පාර්ලිමේන්තුව අවට එදින ආරක්‌ෂාව තරකර තිබූ අයුරු

ආණ්‌ඩු පක්‌ෂයේ රැස්‌වීම ඇරඹුණේ 1987 අගෝස්‌තු 18වැනිදා උදෑසන 8.40 ටය. න්‍යාය පත්‍රයේ මුලින්ම තිබුණේ ආගමික වතාවත් සිහිකිරීමය. අනතුරුව ඝාතනයට ලක්‌වූ තංගල්ල මන්ත්‍රී ජිනදාස වීරසිංහ සහ සභානායක කාර්යාලයේ ලේකම් අභාවප්‍රාප්ත ක්‍රිස්‌ටි කුරේ පිළිබඳව විනාඩි දෙකක ශෝකය පළකරන ලදී. අගමැති ප්‍රේමදාස විසින් එම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කිහිපයක්‌ ගැන විස්‌තර කළේය.

p15 3රට තුළ පවතින විරෝධයෙන් ආණ්‌ඩු පක්‌ෂ රැස්‌වීම ගිනියම් වූයේ අනතුරුවය. හම්බන්තොට දිසා ඇමැති සහකාර වෛද්‍ය පී. එම්. පී සිරිල් දකුණේ තත්ත්වය විග්‍රහ කළේය. තමා වසර 20ක්‌ තිස්‌සේ උපයා ගත් සියලු දේපළ කැරලිකරුවන් ගිනි තබා විනාශ කළ බව හෙතෙම කියා සිටියේය. වවුනියාව දිසා ඇමති සහ කැකිරාව මන්ත්‍රී ජී. ජී මහින්දසෝම කියා සිටියේ කැලණි පාලම අසලදී කැරලිකරුවන්ගෙන් තමා දිවි බේරාගත් අන්දමය. අතතුරුව අදහස්‌ දැක්‌වූවේ මැදිරිගිරිය මන්ත්‍රී ඒකනායකය.

ඒ අතරතුරදී රබර් බෝලයක්‌ මෙන් යමක්‌ ප්‍රධාන මේසයට වැටුණු අතර එය බිම පෙරළී පුපුරා ගියේය. ඒ අසලම සිටියේ ජාතික ආරක්‌ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි සහ මාතර දිසා ඇමති කීර්ති අබේවික්‍රමය. දොරක්‌ අතරින් ආරක්‌ෂක නිලධාරියෙකු අදින සුදු අත්දිග කමිසයයක අතක්‌ එළියට පැමිණි අතර දෙවන බෝම්බය ඉන් දමා ගැසීය. එය පෙරළී ගොස්‌ කළු දුමක්‌ පැතිරිණි. වෙඩි තබනවා යෑයි කියු මන්ත්‍රීවරුන් බිම වැතිර ආරක්‌ෂාව සලසා ගත්හ.

පුටුවකින් ගසා ඇමතිවරයකු කමිටු ශාලාවේ වීදුරුවක්‌ කැඩූ අතර අනතුරුව එළියේ බොහෝ දෙනා සිට ගත්හ. ප්‍රධාන දොරටුවෙන් එළියට යාමට කිසිදු මන්ත්‍රීවරයෙකු උත්සාහ නොකළේ ප්‍රහාරකයන් එහි සිටින බවට කවුදෝ කිවූ බැවිනි. ඇමති ලලිත් සහ මන්ත්‍රී අබේවික්‍රම සහ තවත් දෙදෙනෙක්‌ ඔසවා ගෙන යනු දක්‌නට ලැබිණි. ඇතුළත ලේ විසිරි තිබූ අතර ඇමතිවරුන් වන මොන්ටේගු ජයවික්‍රම, පර්සි සමරවීර, ඊ.එල්.එම් හුරුල්ලේ යන අයට තුවාල සිදුවී තිබිණි.

p15 4බෝම්බ ප්‍රහාරයෙන් පාර්ලිමේන්තුවේ ලඝූ ලේඛක සේනාධීර පතිරගේ නෝබට්‌ සේනාධීර එතනම මිය ගියේය. මන්ත්‍රී කීර්ති අබේවික්‍රම රෝහලට රැගෙන යමින් තිබියදී මිය ගියේය. ඇතුලත්මුදලි ශල්‍යකර්මයකට ලක්‌කරන ලදී. එහෙත් බෝම්බකරුගේ ප්‍රධාන ඉලක්‌කය වූ ජනාධිපති ජයවර්ධන හෝ අගමැති ප්‍රේමදාසට කිසිම හානියක්‌ වූයේ නැත. එය එසේ සිදුවූයේ නම් රටපුරා හදිසි ක්‍රියාමාර්ගයකට යැමට ජවිපෙ තීරණය කර තිබිණි. එහෙත් බෝම්බ ප්‍රහාරයෙන් අපේක්‌ෂිත සැලැස්‌ම ක්‍රියාවට නැගිය නොහැකි වූවද රට තුළ ජවිපෙ කෙරෙහි ඇතිවූ ආකල්පය ප්‍රබල විය.

වසර 1935 දෙසැම්බර් 20 උපන් කීර්තිසේන චන්ද්‍රදාස අබේවික්‍රම හෙවත් කීර්ති අබේවික්‍රම ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ අතර මොරවක්‌ කෝරලේ තේ වවන්නන්ගේ සමූපකාර සම්මේලනයේ සභාපතිවරයා වශයෙන් වසර 1962 සිට 1974 දක්‌වා කටයුතු කළේය. ඔහු එජාපය සමඟ 1960 සිට කටයුතු කළේය. දෙනියාය මන්ත්‍රීවරයා වශයෙන් 1977දී වැඩි ඡන්ද 5,333 කින් පත්වූ අතර ඔහුගේ පියා ශ්‍රී ලංකාවේ අවසාන පඩිකාර මුහන්දිරම්වරයාය. ඔහු වෙනුවෙන් පසුව මොරවක මහ විද්‍යාලය කීර්ති අබේවික්‍රම ජාතික පාසල නමින් අධ්‍යාපන ඇමති ලලිත් ඇතුලත්මුදලි විසින් 1990 දෙසැම්බර් 1වැනිදා නම් කරන ලදී. මාතර දිසා ඇමති කීර්ති අබේවික්‍රමගෙන් හිස්‌වූ දෙනියාය මන්ත්‍රී ධූරයේ Ñමේ මන්ත්‍රීකම හිමිවුයේ ඔහුගේම පවුලේ අයෙකුවූ ලතා අබේවික්‍රමටය. ජිනදාස වීරසිංහගෙන් හිස්‌වූ තංගල්ල මන්ත්‍රී ධූරයේ මන්ත්‍රීකම හිමිවුයේ ඔහුගේ පුතාවූ දේවක වීරසිංහටය. දිවයින එවකට ප්‍රධාන උප කර්තෘ මෙරිල් පෙරේරා එය පුවත්පතේ පළකළේ “තංගල්ලට පුතා – දෙනියායට ලතා” යන හෙඩිමක්‌ සහිතවය.

p15 5 බෝම්බ ප්‍රහාරය එල්ලකර පැය කිහිපයකට පසු එහි වගකීම ජවිපෙ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය විසින් භාර ගන්නා ලදී. ඒ පිළිබඳව නිල පුවත්පත් නිවේදනයක්‌ නිකුත්කර තිබූ අතර එහි ශීර්ෂය වුයේ “ෙද්‍රdaහීනි අප තොපට බෝම්බ ගැසුවේ මේ නිසයි” යන්නය. ජනාධිපති ඡේ.ආර්.ට සහ රජයට එරෙහිව චෝදනා රැසක්‌ එමගින් ඉදිරිපත් කර තිබිණි. ජීවත්වීමට ආසා කරන සියලු මන්ත්‍රීවරුන් තමන්ගේ ආසන වලින් ඉල්ලා අස්‌වනු ලෙසට එමගින් නියෝග කර තිබිණි.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්‌ඩලයේ සියලු දෙනාට බෝම්බය පිපිරීමෙන් පසු එදින ඉන් පිටවීමට ඉඩ නොදුන් අතර ඔවුන් සියලු දෙනාම පෝලින් ගස්‌සා ඇඟිලි සලකුණු ලබාගන්නා ලදී. එය නිම වූයේ රාත්‍රී 9ටය. ඔවුන්ට ආහාරද නොමැතිව සිටීමට සිදුවිය.

බෝම්බ සිද්ධිය පිළිබඳව පොලිස්‌ පරීක්‌ෂණ දැඩි කෙරිණි. පාර්ලිමේන්තුවේ කොන්ත්‍රාත් පදනම මත පිරිසිදු කිරීමට නිරතවන ආයතනයක පිරිසිදු කරන්නා වූ අයකු තෙදිනක්‌ ගතවුවද සේවයට වාර්තා නොකළ බව සොයාගනු ලැබීය. නොඑන බව කිසිම දැන්වීමක්‌ද නොවීය. පොලිසිය ඔහු සොයා දැනුම්දී ඇති ලිපිනයට ගියේය. ඔහු බිරිඳ සහ දරුවා දෙදිනක සිට එම නිවසට පැමිණ නැති බව සොයා ගත්තේය. ඔහු නමින් අජිත් කුමාරය. විසි අට හැවිරිදිය. ඔහු කැලණිය සරසවියේ ශිෂ්‍යයකුව සිටි අයෙකි. පොලිසිය ඔහු සොයා දෙන කෙනකුට දස ලක්‌ෂයක්‌ දෙන බව නිවේදනය කළේය.

අජිත් කුමාරගේ සම්පූර්ණ නම රණසිංහ රන්දුව මුදියන්සෙලාගේ අජිත් කුමාරය. කැලණි සරසවියේ උපාධි අපේක්‌ෂකයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී ජවිපෙට එක්‌විය. අජිත්ගේ මව මෙරායා සමරවික්‍රමය. සැමියා ජීවතුන් අතර නැත. ඇය පුතුන් දෙදෙනෙකු සහ දියණියන් සව් දෙනකුගේ මවකි. පදිංචිය ගනේමුල්ලේය.

අජිත් කුමාර අත්අඩංගුවට ගත්තේ 1998 අප්‍රේල් 8වැනිදාය. ඒ අහඹු සිදුවීමක්‌ ලෙසිනි. ලේඛකයා වහ වහා රාජ්‍ය ඇමති පී.එම් කිර්තිරත්නගේ පුත්‍රයා වූ ලේක්‌ හවුසියේ මාධ්‍යවේදී සංජීව කවිරත්න සමඟ එදින රාත්‍රියේදීම රත්තොට බලා පිටත් විය. මාතලේදී එම නඩයට තවත් කිහිප දෙනෙකු අයත් විය. ඒ මාතලේ මාධ්‍යවේදීන් වූ නිලන්ත හෙමිටිගේ, කයිකාවල හේවාගේ කරුණාරත්න, හිල්ටන් බෙරෙන්ජ, සීතා ස්‌ටුඩියෝහි මංජුල කරුණාරත්න ඒ අතර වූහ. ලග්ගල ආසනයේ බෝවතැන්න ජලාශ්‍රයේ එහා කෙරවලක වැව් තාවුල්ලක කටු මැටි ගසන ලද ගෙයක අජිත් කුමාර සැගවී සිටි ස්‌ථානය විය. ඔහු සමඟ බිරිඳ සහ දරුවාද සිටියේය. එය පිහිටා තිබුණේ නාවුල අකරහැටිය ප්‍රදේශයේය. පොලිස්‌ බල ප්‍රදේශය නාවුලය. අප එහි ගියේ හබල් ගසමින් ඔරුවලය.

අජිත් කුමාරගේ කුස්‌සියේ දර්ශනීය ලෙස සකස්‌කල මැස්‌සක්‌ විය. දරුවාට සකස්‌ කරන ලද ඔන්චිල්ලාවක්‌ ද දක්‌නට ලැබිණි. දුම් මැස්‌සේ බත් මුට්‌ටියක්‌ද පසෙක නිමවෙමින් පවත්නා ඔරු කදක්‌ද තිබිණි. සුනඛ පැටියෙකු සහ කූඩුවක ගිරවෙකුද සිටියේය. අකරහැටිය කසිප්පු පෙරන්නන්ගේ තෝතැන්නකි. සූටි කේසයක්‌ රැගෙන යමින් සිටි අජිත් කුමාර පොලිසියට කොටු වූයේ ඔහු ගමනක්‌ යන අතරතුරය. ?කසිප්පු පෙරන්නන් සමඟ ඔහුද අත්අඩංගුවට ගත්තේය. නාවුල පොලිසියට ඔහු ගෙන ගියේය.

පසුව ජීප් රථයේ දමාගෙන මාතලේ උසාවියට ඉදිරිපත් කිරීමට රැගෙන ගියේය. ඒ කසිප්පු පෙරන්නෙක්‌ වශයෙනි. නාලන්ද උඩුදෙනියේ ජීප් රථය නතර කළ අවස්‌ථාවකදී අජිත් කුමාර පැන ගියේය. පොලිසිය ඔහු අල්ලා ගත්තේය. පහර දෙනු ලැබීය. තමා පාර්ලිමේන්තුවේ බෝම්බ සිද්ධියට සැක අජිත් කුමාර බව ඔහු කී බව නාවුල පොලිසියට ගිය අවස්‌ථාවේදී පොලිස්‌ නිලධාරියෙකු මාධ්‍යවේදියෙකුට පැවසීය. පොලිස්‌ නිලධාරීන්ට දස ලක්‌ෂයේ තෑගි මුදල සිහිපත් විය. එවකට නාවුල පොලිස්‌ පරීක්‌ෂක වූයේ වික්‍රමරත්නය. පසුව පොලිස්‌ නිලධාරීන් විගස අජිත් කුමාර නාවුල පොලිසියට රැගෙන ආවේය.

පාර්ලිමේන්තු බෝම්බ සැකකරු ඔත්තුකරුවෙකුගේ මඟ පෙන්වීම යටතේ නාවුලදී බලවත් පරිශ්‍රමයක්‌ යොදා අත්අඩංගුවට ගත් බවත් ඔහු පොලිස්‌ භාරයෙහි රඳවා ගෙන සිටින බවත් කොළඹට දැන්වූහ. එහෙත් සත්‍ය තත්ත්වය මාතලේ මාධ්‍යවේදීන් රටට වාර්තා කළහ. එබැවින් ඒ පිළිබඳ පරීක්‌aෂණයක්‌ ප්‍රචණ්‌ඩ ක්‍රියා මර්දන ඒකකයේ අධ්‍යක්‌ෂක ලකී ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. කතාව සාවද්‍ය බැවින් දශලක්‌ෂයේ තෑගි මුදල පොලිසියේ කිසිවකුට නොලැබිණි. අත්අඩංගුවට පත් අජිත් කුමාර කොළඹට රැගෙන ආ අතර නිවසේ සිටි බිරිඳ සේපාලිකා සහ දරුවා අතුරුදන් වී තිබිණි. අජිත්ගේ බිරිඳ පසුව ඝාතනයට ලක්‌වූ බව කියන අතර දරුවාද පසු කලෙක එම ඉරණමටම ගොදුරුවූ බව කියති.

අජිත් කුමාර පසුව පාර්ලිමේන්තුවට ආරක්‌ෂක අංශ මගින් රැගෙන එන ලදී. සියල්ල සිදුවූ ආකාරය ඔහුගෙන් පාර්ලිමේන්තුව තුළදි ප්‍රකාශයක්‌ ගන්නා ලදී. ඒ අවස්‌ථාවේදී රහස්‌ පොලිසියට අමතරව එහි සිටි අය අතර ප්‍රධාන වේත්‍රධාරි රොනී අබේසිංහ, නියෝජ්‍ය ෙච්ත්‍රධාරි පල්ලියගුරු සහ ආරච්චිල වන ප්‍රේමදාසද විය.

එහිදී ඔහු කියා සිටියේ බෝම්බ දෙක දින දෙකකදී ප්‍රහාරයට කලින් බෑගයක දමා ගෙන දිනපතා පුවත්පතක්‌ද රැගෙන පාර්ලිමේන්තුවට පැමිණි බවය. පුවත්පත රාජකාරි නිලධාරියාට බැලීමටදී බෝම්බය ලාච්චුවේ තැබූ බවය. පසුව පිරිසිදු කරන නිල ඇදුමින් සැරසී අතුගාන අවස්‌ථාවේ කුණු බාල්දියේ දමාගෙන බෝම්බය රැගෙන සැඟවූ බවය. දින දෙකම එම ක්‍රියාමාර්ගය තමා අනුගමනය කළ අතර තමා ගෙන ආ බෝම්බ දෙක තැබූ ස්‌ථානයෙන් ජවිපෙ තවත් අයකු ඒවා රැගෙන එල්ලකර ඇති බවය. තමාට කීමට ඇත්තේ එපමණක්‌ බවද ඔහු අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු එච්. ඩබ්ලිව්. සේනානායක ඇතුළු විනිසුරුවන් ඉදිරියේ 1990 ඔක්‌තෝබර් 12වැනිදා විභාග කිරීම ඇරඹිණි. එහි විත්තිකරුවන් 5දෙනා වූයේ අජිත් කුමාර, හේවගේ කුමාරතිස්‌ස, කිත්සිරි කොළඹආරච්චිÑ, පියසිරි වික්‍රමආරච්චිÑ සහ මුදුන්කොටුවගේ පියසිරි ගුණවර්ධන හෙවත් ජයන්ත යන අය වේ. විත්තිකරුවන්ට එරෙහිව පාර්ලිමේන්තු මන්දිරයේදී පිඩාකාරි ආයුධයක්‌ වූ අත්බෝම්බ වලින් දමාගැසීම, එහිදී ජනාධිපති ජයවර්ධනගේ සහ ජාතික ආරක්‌ෂක ඇමති ඇතුලත්මුදලිගේ මරණයන් සිදුකිරීමට තැත් කිරීම, දෙනියාය මන්ත්‍රී අබේවික්‍රම සහ පාර්ලිමේන්තු සේවක සේනාධීරගේ මරණය සිදුකිරීම යන චෝදනා ත්‍රස්‌තවාදය මැඩලීමේ පනත යටතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ නඟා තිබිණි. නඩු භාණ්‌ඩ 32ක්‌ ඉදිරිපත්කර ඇති බවද අධි චෝදනා පත්‍රයේ සඳහන් විය.

විත්තිකරු වෙනුවෙන් මංගල මුණසිංහ ඇතුළු නීතිඥයන් කිහිප දෙනෙක්‌ම පෙනී සිsටියහ. නඩු විභාගයේදී අජිත් කුමාර කියා සිටියේ පාර්ලිමේන්තුවට රැගෙන යාමේදී තමන් එහිදී එවන් ප්‍රකාශයක්‌ නොකළ බවය. බලෙන් එවැනි ප්‍රකාශයකට අත්සන් ගත් බවය. ඔහුගේ සාක්‌ෂි දුන් අවස්‌ථාවේ එහි සිටි පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනා සාක්‌ෂිකරුවන් වශයෙන් කැඳවීමට කටයුතු කළ ද අධිකරණය එය ඉවත දැමීය.

නඩු විභාගය අතරතුරදී යළිත් අජිත් කුමාර පාර්ලිමේන්තුවට රැගෙන ඇවිත් එම නිලධාරීන් ඉදිරියේ කට උත්තරයක්‌ ලබාගැනීමට කටයුතු කළේය. ඒ සඳහා කාර්යාලයේ රහසිගත අන්දමින් නොපෙනෙන පරිදි වීඩීයෝ කැමරා සවිකර තිබුණේ එය වීඩීයෝ සාක්‌ෂියක්‌ වශයෙන් ඉදිරිපත් කිරීමටය. එහෙත් වෙනදාට වඩා කාමරයේ ආලෝකය තිබූ බැවින් මෙය වීඩියෝ කිරීමට කළ සැලසුමක්‌ යෑයි එහිදී කියා සිටි අජිත් කුමාර කට උත්තරයක්‌ දීම ප්‍රතික්‌ෂේප කළේය.

අවසානයේදී ඔහු 1993 අගෝස්‌තු 06වැනිදා නිදොස්‌ කොට නිදහස්‌ කරන ලදී. එයට හේතු වූයේ බෝම්බ දැමූ පුද්ගලයා අත්දිග කමිසයකින් සැරසී බෝම්බය එල්ල කළ බවට ඇමති ලලිත් සහ තවත් කිහිප දෙනෙකු සාක්‌ෂි දී තිබීමය. එහෙත් පාර්ලිමේන්තුවේ පිරිසිදු කරන්නෙකු වූ අජිත් කුමාර ඇතුළු වූ පසු සැරසී සිටින්නේ ඔහුට නියමිත නිල ඇදුමකිනි. එබැවින් නිදොස්‌ වීමට ප්‍රධාන එක්‌ හේතුවක්‌ විය.

අවසානයේදී නිදහස්‌ වීමෙන් පසු ජවිපෙ දේශපාලනයට එකවූ අජිත් කුමාර සබරගමු පළාත් සභාවේ මහ ඇමති තනතුරට ජවිපෙන් 1999 තරගකර පරාජය වූවද පලාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්විය. පසුව ජවිපෙට දේශපාලනයෙන් සමුගැනීමට සිදුවිය. අජිත් කුමාර වර්තමානයේ පදිංචිව සිටින්නේ ඇමරිකාවේය. (ජවිපෙ 2 වැනි කැරළි සමය වූ 1986 සිට 1990 දක්‌වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්‌තර දුරකථන 011 – 5234384 ලබාගත හැකිය.)….

ධර්මන් වික්‍රමරත්න

20
නොවැ.
18

ලබ්බ ගැන සිතා පුහුල අත ගා කෙළවා ගන්නා රනිල්ගේ ඡන්ද දායකයන්

රනිල්ගේ වැඩ

රනිල් වික්රමසිංහ රටට උදා කර දී ඇත්තේ පහත සඳහන් ආකාරයේ නස්පැත්තියකි. 2015 සිට ඔහුගේ පාලන කාලය තුළ,

■ ආර්ථික වර්ධන වේගය 7% සිට 3.1 % දක්වා අඩුවිය.

■ උද්ධමනය 3.3% සිට 8.3 % දක්වා වර්ධනය විය.

■ ඩොලර් මිලියන 1, 400 ක සෘජු විදේශ ආයෝජන අහිමි විය.

■ රුපියලේ අගය 26% කින් පල්ලම් බැස්සේය.

■ බදු බර දෙගුණ විය.

■ මහා බැංකුව දෙවරක් කොල්ල කා රටට රුපියල් ට්රිලියනක පමණ පාඩුවක් සිදු කළේය.

■ රැකියා වියුක්තිය 4.3% සිට 4.6% දක්වා වැඩි විය.

■ රාජ්ය ණය රුපියල් කෝටි 90,000 කින් ඉහළ ගියේය.

■ ලංකාව ආයෝජනයට අනතුරුදායක රටක් ලෙස නම් විය.

■ ලංකාව ලෝකයේ දූෂිතම රටවල් හතරට එක්විය.

■ රාජ්ය වියදම් 49% වැඩි විය.

■ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු කළේ නැත.

■ පාතාල ක්රියාකාරම් (ඝාතන) වැඩි විය.

■ ලංකාවට පැමිණෙන හෙරොයින් සහ අනෙකුත් මත්දව්ය ප්රමාණය ඉහළ ගියේය.

■ කොටස් වෙළඳපළ කඩා වැටුණි.

■ විදෙස් ආයෝජකයන් වෙනත් රටවල් වෙත යොමු විය.

■ රටේ සම්පත් විකුණා දැමුවේය. ලැබුණු මුදලින් ගෙවපු ණයක් ද නැත.

■ ඉතිරිව තිබූ ආර්ථික මර්මස්ථාන ද විකුණා දමන්නට පිඹුරුපත් සැකසුවේ ය.

■ පාරවල් දෙපස කුණු කඳු ගොඩ ගැසුණි.

■ ජවිපෙ ලවා 20 වෙනි සංශෝධනය ගෙනවිත් ජනතාවගේ ඡන්ද අයිතිය ද උදුරා ගන්නට උත්සාහ කළේය.

■ රණවිරුවන් සහ භික්ෂූන් වහන්සේලා සිරගත කළේය.

■ අගමැතිකම නැති වෙන විට මෙරටට සම්බාධක පනවන ලෙස විදෙස් රට වලින් අයාචනා කළේය.

ශ්රී ලංකාව යනු බොහෝ විට ලබ්බ ගැන සිතා පුහුල අත ගා කෙළවා ගන්නා ඡන්ද දායකයන් සිටිනා රටකි. ආසියාවේ ජපානයට පමණක් දෙවැනි වූ ඒක පුද්ගල අදායමක් තිබු ශ්රී ලංකාවේ පුරවැසියන් 70 ව දශකය මැද බාගයේ ධර්මිෂ්ට රාජ්යය නැමති ලබ්බ ගැන සිතා අතගෑවේ J R ගේ පුහුල ය. ජීවිත දහස් ගණනක් බිළිගත් පරිච්ඡේදයක ආරම්භය එලෙස සටහන් විය. අප ආසියාවේ හිඟමන් යදින්නා බවට පත්විය. දශක ගණනාවක් ඔස්සේ ඇදුන ඒ සාපයෙන් තවමත් මෙරට සම්පූර්ණයෙන් මිදී නොමැත.

ඉන්පසු දශක ගණනාවක් මෙරට වෙලාගත් ත්රස්තවාදයෙන් මිදී ආසියාවේ චීනයට පමණක් දෙවැනි වූ ආර්ථික වර්ධන වේගයක් සහිතව රටක් ලෙස යන්න්තම් හිස ඔසවා ගෙන එනවිට මෙරට බහුතරයක් ජන්ද දායකයන් “යහපාලන” ලබ්බ ගැන සිතා අතගෑවේ රනිල් වික්රමසිංහ ගේ පුහුල ය. නැවතත් රට ආපස්සට බඩ ගෑවේ ය. ගෙදර බඩු භාණ්ඩ විකුණා කුඩු ගසන කුඩ්ඩෙකුගේ තත්වයට රට පත්විය.

ඉන්පසු රනිල් ඇතුළු සහචරයන්ගෙන් රට මුදවා ගන්නට යන විට යහපාලන කුක්කන්, NGO බත් බැලයන් හා සිරිකොතේ ඉඳුල් බුදින කුලී ලියන්නන්, මධ්යස්ථ මතධාරී බැටළු සම් පොරවා ගත් වෘකයන් හදිසියේ වැලපෙන්නට පටන් ගත්තේ පසුගිය වසර හතරකට ආසන්න කාලයක් මුළුල්ලේ මෙරට මහා සංවර්ධනයක් සිදු වූ අයුරින් ය.

උපුටා ගැනීම
සොනාල ගුණවර්ධන ගේ පෝස්ටුවකිනි.

12
නොවැ.
18

ලංකාවේ ලේ වැගිරෙනවා කියමින් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ඉල්ලන රනිල් බූරුවා

 

09
නොවැ.
18

මේක සිංහල බෞද්ධ රට.. මම දෙමළ..හරිද..ඔයා මුස්ලිම්නේ.. හැම ජාතියකම මිනිස්සු ඉන්නවා…

නරක අදහසක් නොවේ

අලුත් රටක්Like Page

මේක සිංහල බෞද්ධ රට.. මම දෙමළ..හරිද..ඔයා මුස්ලිම්නේ.. හැම ජාතියකම මිනිස්සු ඉන්නවා..අපි ඔක්කොම මිනිස්සු..ළමයා බඩගින්නේ අඬද්දීදී කන්න දෙන්න බැරි නම් ඔයාට කොච්චර රිදෙනවද..මට මේ රටේ මිනිස්සු උදවු කරලා තියෙනවා..මාව ගොඩ දාලා තියෙනවා..අපිත් පුලුවන් විදියට ඒක කරන්න ඕන..

අර්බුද නැති රටක් නෑ..අපි හිතනවා අපේ රට තමයි අර්බුද කියලා..දැන් තියෙන අර්බුදය ගැන ගත්තොත් මොනවහරි ප්‍රශ්නයක් නම් ඕක නීතියෙන් බේරගන්න..මේකට අහිංසක මිනිස්සුන්ව අදින්න එපා..මේ රටේ 60%ක් විතර ඉන්නේ දවසේ පඩියට වැඩ කරන අය..මොනවහරි උන ගමන් එයාලට කන්න නෑ..මේ ලංකාවේ 70%ක් විතර ඉන්නේ දුප්පත් මිනිස්සු..ඒගොල්ලන්ගෙ පඩිය ගත්තොත් රුපියල් 25000ක් විතර..ඉතින් ඒ ගම්වල ඉන්න මිනිස්සු බොහොම අමාරුවෙන් තුන්වේලක් කාලා ළමයින්ව ඉස්කෝලේ යවන්නේ..

මං ඕකට කතාවක් කියන්නම්..ඔය දෙමළ ඇමතිවරු කතා කරනවා අයිතිය, වෙච්ච දේවල් ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ..මං ඔය දේශපාලනය වැඩිය දන්නේ නෑ..ඇත්තටම කිලිනොච්චියේ වෙච්ච දෙයක් මේක සති දෙකකට කලින්..අවුරුදු 9 ක කෙල්ලෙක් සියදිවි නසාගත්තා..හේතුව මොකද දන්නවද..නිළ ඇඳුම් ප්‍රශ්නේ..ඒ පවුලේ ළමයි 3 දෙනෙක් ඉන්නවා..එක්කෙනෙක්ට 12..අනිත් එක්කෙනාට 7.. අනිත් කෙනාට 9..තාත්තගේ දවසේ පඩිය දෙසීයයි..අම්මා තමයි ළමයි බලාගන්නේ..බොහොම අමාරුවෙන් එක වේලක් කන්නේ..ඉස්කෝලෙට යවනවා තුන්දෙනාවම..ඒ ඇඳුම් සවුත්තු වෙලා හරි මොකක් හරි වෙලා දෙතුන් පාරක් ටීචර් කිවුවා අලුත් එකක් ගන්න..දැන් කූපන් එකක්නේ දෙන්නේ..අරගෙන මහගන්න ඕන..ඉතින් ඕක ගත්තට පස්සෙ මහගන්න රුපියල් 200ක් 250ක් යනවලු..ඒ සල්ලි නෑ..බැලුවා බැලුවා අන්තිමට මේ ළමයා සියදිවි නසාගත්තා..ඒක බලන්න එක්කෙනෙක්වත් එක ඇමතියෙක්වත් නෑ..කවුරුත් දන්නෙත් නෑ..අපේ තියෙනවා දුප්පත් මිනිස්සුන්ට උදවු කරන්න පදනමක්..එයාලට මේක ආරන්චි වෙලා ගිහිල්ලා..මන් මේ දුන්නට කියනවා නෙමේ මං 25000ක් දුන්නා..අනිත් ළමයි දෙන්න වෙනුවෙන් හැම මාසෙම රුපියල් 10000 ගානේ දෙනවා අඩුම ගානේ මේ වගේ තව එක දෙයක් වත් සිද්ධ නොවෙන්න..එක මන්ත්‍රී කෙනෙක් නෑ එක ඇමතියෙක් නෑ..ඒ අම්මා අඬනවා..

අපි මෙහෙම හිතමුකෝ..ඔයාට ලමයි දෙන්නෙක් ඉන්නවා..ඔයාගේ ප්‍රධානම දේ මොකක්ද ඒ ළමයින්ට තුන් වේලක් කන්න දෙන්න..ඊළඟට ඉගැන්වීම..ඒ දෙකනේ ප්‍රධාන..ඇඳුමක් ගන්න හෝ තව දේවල් ගන්න හෝ ඒවා ඊළඟට..මේ රටේ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ හරි අමාරුවෙන්..පරිප්පු වලින් රුපියල් 5ක් පෙට්‍රල් වලින් 10ක් ගියාට කොළඹ ඉන්න ලක්ශෙකට වඩා පඩි ගන්න සමහර මිනිස්සුන්ට මේ වෙනස තේරෙන්නේ නෑ..ඒ නිසා මේ රටේ ඉස්සෙල්ලම බලන්න ඕන ඕක..ප්‍රජාතන්ත්‍රවාදය නීතිය වගේ දේවල් දෙවනුවයි..මේ රටේ මිනිස්සු මට බනී..නීතිය ප්‍රජාතන්ත්‍රවාදය මිනිස්සු තම තමන්ට ඕන විදියට හරෝගන්නවා..ඔයා වරදක් කළත් ඒක නිවැරදි කරන්න දක්ෂ ලෝයර්ස්ලා ඉන්නවා..සල්ලි තියෙනවා නම් ඕන දෙයක් කරගන්න පුලුවන් මේ රටේ..

මාධ්‍යවේදියා :- ඒ කියන්නේ මුරලි කියන්නේ ඒවට මූලිකත්වය දෙන්නේ නැතුව මිනිස්සුන්ගේ දෛනික ප්‍රශ්න විසඳන්න ඕන කියලා මූලිකවම?

ඉතිං ඒකටනේ පාර්ලිමේන්තුවට නියෝජිතයන්ව යවන්නේ මිනිස්සු ඒ පළාත්වල ඉඳන්..

මාධ්‍යවේදියා :- ගොඩක් වෙලාවට උතුරේ දේශපාලකයන්ගෙන් ඇහුවොත් කියන්නේ උතුරට දේශපාලන විසඳුමක් ඕන …. ( ප්‍රශ්නය අහලා ඉවර වෙන්න කලින්ම මුරලි උත්තර දෙයි )

මොනවද..මං අහන්නේ ඔයාගෙන් මොනවද උතුරට කියලා දේශපාලන විසඳුමක් ඔයාට දෙන්න පුලුවන් කියලා කියන්න බලන්න..මම කියන්නම්.. මම දෙමළ..හරිද..ඔයා මුස්ලිම්නේ.. හැම ජාතියකම මිනිස්සු ඉන්නවා..අපි ඔක්කොම මිනිස්සු..මගෙන් කෑල්ලක් කැපුවත් ලේ යන්නේ ඔයාලගෙන් කෑල්ලක් කැපුවත් ලේ යන්නේ..හරිද..මේවා මේ ඉතිහාසේ ඉඳන් මිනිස්සු හදාගත්තු දේවල්..1977 දී අපේ ගෙවල් ඔක්කොම පිච්චුවා..අපේ තාත්තගේ තාම තියෙනවා කඩුවෙන් ගහලා මැහුම් 18ක් දාපු එක..බොහොම අමාරුවෙන් තමයි බේරුනේ..ඒත් අපේ තාත්තා රට දාලා ගියේ නෑ..නෑදෑයෝ ඔක්කොම ගියා රට දාලා ඔක්කොම ඉන්දියාවේ ඉන්නේ..ඒත් අපි ගියෙ නෑ..1983 අපිට මොනවත් උනේ නෑ..අපි විස්වාස කරනවා අපි මේ රටේ පුරවැසියෝ..ඇත්ත අපේ සීයලා ආවේ ඉන්දියාවෙන්..ඒ වුනාට අපි දැන් ලංකාවේ පුරවැසියෝ..

ජාතීන් වශයෙන් ගත්තොත් වැරදි දේවල් උනා දෙපැත්තෙන්ම..මං කියන්නේ නෑ සිංහල මිනිස්සු වැරදී කියලා ඔක්කොම..5% ක් හිටියා දේශපාලන ගේම් වලදී අයුතු ප්‍රයෝජන අරන් තමයි මේවා කළේ..මුළු රටම විනාශ වුනා..ඒ වගේමයි ප්‍රභාකරන්..එයා පටන් ගත්තා දෙමළ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න..මුල් කාලේ කළා..ඒත් ඊට පස්සේ එයත් පටන් ගත්තා මිනී මරන්න..දෙපැත්තෙම මිනිස්සු මැරුනා..දැන් මේ යුද්ධයක් ඉවර කරලා තියෙන්නේ..ඉතින් 2009න් පස්සේ එයාලා ඉල්ලනවා නම් අපේ ප්‍රජා අයිතිය නෑ අරක නෑ මේක නෑ කියලා ඒක අසාධාරණයි..අපිත් සාධාරණ වෙන්න එපැයි..80ක්% විතර ඉන්නේ සිංහල බෞද්ධයෝ..ඒගොල්ලන්ට අයිතියි මේ රට..කොච්චර නෑ කිවුවත්..ආගම් වලින් බැලුවොත් අපි සුලු ජාතිකයෝ..

මං ඉස්කෝලේ ගියා දක්ෂතාවය තිබුන නිසා මං ආවා..මගේ දක්ෂතා වලදී සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියලා බලලද මට සපෝට් කළේ..ඒක තමයි වෙන්න ඕන..බොරුවට මේ මෙයාලා ඇවිල්ලා අපි පෙනී සිටිනවා කිවුවට දේශපාලකයෝ සාමාන්‍ය මිනිහා ගැන බලලා නෑ..මම නම් කියන්නේ නෑ මේ රටේ හිටපු ජනාධිපතිවරු දෙන්නෙක් විතරයි දුප්පත් මිනිහා ගැන බැලුවේ..ඔයාලම හිතාගන්න කවුද කියලා..නැත්තම් කියයි මම එයාලට දේශපාලනිකව සපෝට් කියලා..මම කාටවත් සපෝට් නෑ මම සපෝට් කරන්නේ දුප්පතාට උදව් කරලා එයලව ගොඩගන්න අයට විතරයි..මට පක්ෂයක් නෑ..දුප්පතාට උදව් කරන්නේ කවුද මම එයාලට සපෝට්..

මට මේ රටේ මිනිස්සු උදවු කරලා තියෙනවා..මාව ගොඩ දාලා තියෙනවා..අපිත් පුලුවන් විදියට ඒක කරන්න ඕන..ඒකයි මං ෆවුන්ඩේශන් එකක් හැදුවේ දැන් අවුරුදු 18ක් වෙනවා මං මේක හැදුවේ 2000 දී..මායි රණසිංහයි හදලා දැන් දිස්ත්‍රික්ක 12 ක තියෙනවා..අපේ වියදම මිලියන 200ක්..මගේ සල්ලිත් දානවා පිටරටින් ගේනවා..මොනවා හරි කරනවා..අපිට මිලියන 200ක් එකතු කරලා මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් නම් අපි පාර්ලිමේන්තුවට යවන අයට බැරි ඇයි? ඒගොල්ලන්ට කියන්න බෑ අපි මේ ණය ගත්තු නිසා කියලා..තාත්තා කෙනෙක් ගෙදරක් පාලනේ කරන්නේ කොහොමද..බලනවා කොහොමද කරන්නේ කියලා..ණය අරන් හරි කරනවා..ණය ගෙවන විදියක් බලනවා..වැඩිපුර වැඩ කරනවා..පාර්ලිමන්තුවට මිනිස්සු යවන්නේ රට පාලනය කරලා මිනිස්සුන්ට යහපතක් කරන්නනේ..ඉතිං බඩු මිල වැඩි වෙද්දී අරක නිසා බෑ මේක නිසා බෑ කියලා කියන්න බෑ..මොකද දුන්නේ වැඩක් කරන්න..ඒක බෑ කියනවා නම් දාලා යන්න ඕන..නිදහසට කරුණු කියන්න බෑ..මට බෝල් කරන්න බැරි නම් මට නිදහසට කරුණු 25000ක් විතර කියන්න පුලුවන් මේක උනා මට මේක නිසා ඒක බෑ ඒක නිසා මේක බැරිඋනා කියලා..නටන්න බැරි මිනිහට පොළව ඇදයි වගේ කතාවක් ඒක..

අපි අමාරු කාලෙක ජීවත් වුනේ..1977 , 1983,සහ ජේවීපී ප්‍රශ්න කාලේ බයෙන් ජීවත් වුනේ..මේ ගේ හැදුවේ 1997..මම ක්‍රිකට් ප්‍රැක්ටිස් ගියේ අතුරු පාරවල් වලින්..බයයි පාර්ලිමේන්තු පාරෙන් යන්න කොයි වෙලේ බෝම්බයක් දායිද අපිත් අහුවෙයිද කියලා..එහෙමයි ජීවත් වුනේ දෙමළ වෙලත්..දැන් යුද්ධේ ඉවර වුනාට පස්සේ නිදහසේ යන්න පුලුවන්..ඒකනේ නිදහස..ඒ නිදහස හැමතැනම තියෙනවනේ අද යාපනේ යන්න පුලුවන්නේ..මම යුද්ධ කාලෙත් යාපනේ ගියා..එක්සත් ආතීන්ගේ සංවිධානයත් එක්ක වැඩ කරද්දී ජපානෙන් දීපු ආහාර බෙදලා දෙන්න ගිහින්තමිල් චෙල්වම් වත් හම්බෙල තියෙනවා..දැන් ඕවා මුකුත් නෑනේ දැන් දුප්පත් මිනිහා ගැන බලන්න පුලුවන්නේ..

මාධ්‍යවේදියා :- තාම යුද්දෙන් අතුරුදහන් වෙච්ච අයගේ මව්පියෝ හොයනවා එයාලව..මේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න ඔන නේද මුරලි..

මට කියන්න කොහොමද විසඳුමක් දෙන්නේ..කියන්න විසඳුම කොහෙන්ද ගන්න පුලුවන්..හිතමු ශෙල් එකක් ගහනවා ආමි එකෙන්..මැරෙනවා..කියන්න පුලුවන්ද මෙයාව තමයි මැරුවේ කියලා..එල්ටීටී..ඊ එකෙන් ගහනවා බෝම්බ දානවා..පැහැරගෙන ගියා කියනවා..උත්තර නෑ..යුද්ධයක් කියන්නේ ඕක..උත්තරයක් හොයන්න බැරි දේවල් ගැන කතා කරලා වැඩක් නෑ..අතීතය ගිහින් ඉවරයි..එහෙම වෙලා තියෙනවා නම් ඒ පවුල් වලට ජීවන උපක්‍රමයක් හදලා දීලා වන්දියක් දීලා ඒවා කරන්න ඕන..එයාලට විතරක් නෙමේ ආමි එකේ අයටත්..යාපනේ විතරක් නෙමේ මෙහේ බෝම්බ වලින් මැරිච්ච මිනිස්සු කොච්චර ඉන්නවද..දෙනව නම් ඒගොල්ලන්ටත් වන්දි ගෙවන්න..කරනව නම් හැමෝටම සමානව කරන්න ..දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ රටේ ආර්ථිකේ හදලා දුගී දුප්පත් මිනිහව උඩට ගන්න එක..එකිනෙකාට එක එක මත තියෙනවා..මේක අනුගමනය කරන්න කියලා මං කියන්නේ නෑ මේක මගේ මතය විතරයි..

ඉස්සෙල්ලම බලන්න ඕන දුප්පත්කම නැතිකරන්න..ලමයෙක්ට බඩගින්නේ ඉන්නැතුව තුන් වේලක් දෙන්න ඕන..පාර්ලිමේන්තුවට යවන මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් ඒක..

මාධ්‍යවේදියා :- ගොඩක් අය කියනවා හොඳය අයව දේශපාලනේට තොරගන්න ඕන කියලා..

කොහොමද හොඳ අයව ‍තෝරගන්නේ..සමහර වෙලාවට කියන ඒවා බොරු වෙන්නත් පුලුව්න්නේ..අරයා කමිශන් ගැහුවා මෙයා මෙහෙම කළා..ඒවා ඔප්පු කරන්න ඕන..කවුරු උනත් කොයි පක්ශේ උනත් කවුරුහරි චෝදනාවක් කරනවා නම් නීතිය ඉස්සරහා ඔප්පු කරන්න..දැන් ඔය තරඟ පාවාදීම් ගැන කතා කරනවනේ..ඕවා ඔප්පු කරන්න ඕන..ඒක ඒගොල්ලන්ට කරන අපරාධයක්..ඒ මිනිහට පාරෙ බැහැලා යන්න බෑ..සනත් ජයසූරිය ලෝක පූජිත ක්‍රීඩකයෙක්..මාත් එක්ක ක්‍රිකට් ගහන්නේ පොඩි කාලේ ඉඳන්..මගේ යාලුවා නිසා කියනවා නෙමේ..චෝදනා ඔප්පු කරනකම් එයා වරදකාරයෙක් නෙමේ..ඒත් පාරේ බැහැලා යන්න බැරි තැනට මිනිස්සු කතා කියනවා..දේශපාලකයන්ටත් සමහරුන්ට ඔහොමයි..බොරු කියල හරි මිනිහව සවුත්තු කරනවා..මම කියන්නේ ඕවා ඔක්කොම පැත්තකට දාන්න..

සාමාන්යෙන් මිනිහෙක් උනාම ජීවත් වෙන්න ක්‍රමයක්නේ ඕන..ඔයා තාත්තා කෙනෙක්..ළමයි ඉන්නවා..ළමයා බඩගින්නේ අඬද්දීදී කන්න දෙන්න බැරි නම් ඔයාට කොච්චර රිදෙනවද..අපිට සල්ලි තියෙනවා මේවා නිස..ඒත් දුප්පත් මනුස්සයට? මම කියන්නේ දේශපාලකයෝ ඒ තත්වේ බලන්න..ඉස්සෙල්ලම ඒක නිවන්න..අධ්‍යාපනය දෙවනුව..සෞඛ්‍යය තුන්වෙනුව..අනෙක්වා ඊට පස්සේ..තාත්තා කෙනෙක් පවුල බලාගන්නවා වගේ මේ රටේ ඔක්කොම ළමයි කියලා හිතලා දේශපාලකයා වැඩ කරන්න ඕන..බැරි නම් දාලා යන්න ඕන..මං ක්‍රිකට් බෝඩ් එකට කිවුවෙත් ඕක..කරන්න බැරි නම් දාල යන්න තව කෙනෙක්ට කරන්න අවස්ථාව දෙන්න..

මං ඔයාට කියන්නද කතාවක්..මාව ආසියා කුසලාන 2010 දී හොඳට බෝල් කර කර ඉද්දිත් මාව ඩ්‍රොප් කළා වෙන කාරණාවක් කියලා..හැබැයි ආයේ මාව මැච් එකට ගැස්සුවා..ඒකෙන් පස්සේ තමයි මං විශ්‍රාම යන්න තීරණේ කළේ..මාව විශ්වාස නැතිනම් වෙන මං වෙනුවට කෙනෙක් ඉන්නවා නම් මං ඉඳලා වැඩක් නෑ..ඒ වගේ දීලා යන්න ඕන..මිනිස්සු මට බනී..ඔයා හිතනවද ඔය ‍රැස්වීම් වලට මිනිස්සු එන්නේ මං දන්න විදියට එක්කෝ කන්න දීලි දීලා බස් එකෙන් ගෙනල්ලා බස්සන මිනිස්සු තමයි වැඩිපුර ඉන්නේ..ඒක ඉතින් එයාලගේ අයිතිය..එදා වේල හොයාගන්න මිනිස්සු කොළඹට ඇවිල්ලා කෑ ගගහා ඉදීද. මං දන්නේ නෑ මිනිස්සු පිළිගනීද කියලා..

පැය ගානක් ගියා ටයිප් කරන්න..ඒත් මේක වැදගත්..කියවලා බලන්න..

නිපුණ කෞශ්‍යාල්




අනවශ්‍ය දේවල්

  • 183,583 ක් බැළුවා

මරුවා වැහෙන දින

දෙසැම්බර් 2018
බ්‍ර සි සෙ
« නොවැ.    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා

Advertisements