Archive for the 'ලුවී අල්තුශර්' Category

15
ජන.
20

රන්ජන් රාමනායක – ජයලත් මනෝරත්න යනු සිංහල බෞද්ධ මිනිසුන්‌ගේ පාදඩ බටහිර සංස්කෘතියක ප්‍රතිඵලකි.

අපි ශ්‍රී ලාංකිකයන් බටහිර හා නැගෙනහිර මතවාදය අතර සිරවී ඇත. පෙරදිග දෘෂ්ටිවාදය යැයි කියන විට, ලාංකික අපගේ නහර හා ඩීඑන්ඒ තුළ ගැඹුරට මුල් බැස ඇති වසර 2500 තරම් ඈත අතීතයේ පිහිටි අපේම ශ්‍රී ලාංකික අනන්‍යතාව ගැන සඳහන් කරමි.
අවාසනාවකට මෙන්, අප සියල්ලන්ම බටහිර දැනුම උගත් අය වන අතර මෙම බටහිර දෘෂ්ටිවාදය තුළින් අපි දේවල් වටහා ගැනීමට නැඹුරු වෙමු. බටහිර අපට උගන්වා ඇත්තේ සුද්දන්ම අපගේ එකම ගැලවුම්කරුවා බවත් බටහිර දෘෂ්ටිවාී දැනුම ඕනෑම කෙනෙකුට වඩා උසස් බවත් ය.
මෙම කාරණය විචිත්‍රවත් ලෙස වටහාගෙන ඇති එකම පුද්ගලයා වන්නේ මහාආචාර්ය නලීන් ද සිල්වා ය. බොහෝ ශ්‍රී ලාංකිකයන් ඔහු අන්තවාදී, නපුරු බව සමහරු කියනවා, ඔහු යථාර්ථය සමඟ සම්බන්ධ නැති බව මට දැනෙනවා.
නමුත් මම මේ පුද්ගලයාට ගරු කරන්නේ ඔහු මේ කාරණය සම්බන්ධයෙන් තම මතය දැඩිව දැරූ එකම පුද්ගලයා වන බැවිනි. අද දින “කාලය” හි ප්‍රකාශයට පත් කරන ලද මහාආචාර්ය නලීන් ද සිල්වාගේ පහත සඳහන් දෑ කියවන්න.
                                                    
රන්ජන් හඬපට මැදින් අවසන් ගමන් යන මනෝරත්න
රන්ජන් රාමනායකගේ හඬපට ඇහෙද්දී ජයලත් මනෝරත්න අවසන් ගමන් යනවා. දෙදෙනා ම රංගන ශිල්පීන්. රන්ජන්ට ඇති ජාතිකත්වයක් නැහැ. මනෝරත්නට යම් ජාතිකත්වයක් තිබුණා. එහෙත් ඒ බටහිර සංස්කෘතික ආධිපත්‍යයට යට වූ ජාතිකත්වයක්. මනෝරත්නගේ ඇතැම් නිර්මාණවලින් ජාතිකත්වයක් නිරූපණය වන්න ඇති. මා නරඹා නැති හෝ ගාන පොකුණේ නම් සිංහල බුද්ධාගම විකෘති කෙරුණු බව ඇතැමුන්ගේ මතයයි. මනෝරත්න රංගනයෙන් දායක වුණු තරුවන් සරණයි නිහොන් සැප ලැබේවා වැනි නාට්‍යවලින් බෞද්ධ සංස්කෘතියට අපහාසයක් වූ බවත් සමහරුන් කියනවා. කෙසේ වුණත් මනෝරත්න ජාතිකත්වය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැහැ.
මෙරට ඇත්තේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක්.  චින්තනය මෙහෙයවෙන්නේ බටහිරින්. පාසලේ ද විශ්වවිද්‍යාලයේ ද ජනමාධ්‍යයේ ද ඇත්තේ ඒ ආධිපත්‍යය. අප සිංහල බෞද්ධයන් ලෙස පන්සිල් ගන්නවා. එහෙත් සිංහල බෞද්ධ චින්තනයට එරෙහිව පන්සිල් කඩනවා. පන්සිල් රැකීම බයාදු පුද්ගලයන්ගේ ක්‍රියාවක් බවට සමාජ සම්මුතියක් ප්‍රසිද්ධියේ නැති වුවත් තියෙනවා. පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නෙ නැත්තන් ගැහැණියෙක් ද කියල අහපු කාලයක් තිබුණා. දැන් ඇතැම් ගැහැණුත් පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නවා. කොහොමත් මෙහි ගැහැණිය පසුගාමි බවක් හා ඉදිරිගාමීන් ගැහැණුන් නොවන බවක් කියැවෙනවා. ඊනියා ස්ත්‍රී විමුක්තිකාමින්ටත් පොඩි ඩ්‍රින්ක් එකක් ගැනීම වරදක් වන එකක් නැහැ. පන්සිල් කඩන්න බය නැති පුද්ගලයන් ඇති කෙරිලා. සමාජය පින් පව් හඳුනන්නේ නැහැ. විවිධ ආශාවන් පසුපස හඹා යෑමක් පමණයි අද කෙරෙන්නේ. සසර ගැන විශ්වාසයක් නැති සමාජයක පින් පව් කියා දෙන්න අමාරුයි. 
මා මාටින් වික්‍රමසිංහ එදිරිවීර සරච්චන්ද්‍ර ගුණදාස අමරසේකර ගැන වැඩි යමක් කියන්නේ නැහැ. ඔවුන්ටත් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය බලපෑවා. සරච්චන්ද්‍ර පසුකාලීන ව සිංහල බෞද්ධ චින්තනය දෙසට ගමන් කිරීමට උත්සාහයක් දැරූ බවත් අනෙක් දෙදෙනා එවැනි උත්සාහයක් නොගත් බවත් පැවසීම බොහෝ දෙනා රුස්සන්නේ නැති බව මා දන්නවා. ජාතික චින්තනයේ බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙන් බටහිර දැනුම් ආධිපත්‍යයෙන් කැඩීමක් ගැන කියැවෙන්නේ නැහැ.
ජයලත් මනෝරත්නත් අනෙක් බොහෝ දෙනා මෙන් ම බටහිර සංස්කෘතික හා දැනුම් ආධිපත්‍යයට යට වූවා. මා කියන්නේ ඔහු පොඩි ඩ්‍රින්ක් එකක් ගත්ත ද  යන්න ගැන නො වෙයි. ඔහු පන්සිල් රැක්කා ද නැද්ද යන්න ගැනත් නො වෙයි. ඔහුට පඬි ආධිපත්‍යයට විරුද්ධ වීමට බැරි වුණා. ඔහුට ඒ සඳහා වුවමනාවක් තිබුණා ද නැද්ද යන්න ගැන මා කිසිවක් දන්නේ නැහැ. එහෙත් වුවමනාවක් තිබුණත් ශක්තියක් නම් නොතිබූ බව පැහැදිලියි. සමහර විට වුවමනාවකුත් නැති වෙන්න ඇති. ඔහුට ජාතිකත්වයකට වඩා තිබුණේ වාම කේන්ද්‍රිය බවක්.
අද සිංහල සමාජය විශේෂයෙන් ම සිංහල බෞද්ධ සමාජය පසුවන්නේ දෙගිඩියාවකින්. ඔවුන්ට සිංහල බෞද්ධ සංස්කෘතියක ජීවත් වීමේ වුවමනාව තියෙනවා. එහෙත් ඔවුන් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට බයයි. ඔවුන් එයට යට වෙලා. නිදහස් අධ්‍යාපනය මධ්‍ය මහා විද්‍යාල හා ජනමාධ්‍ය ඔස්සේ මේ යටත්වීම පසුගිය අවුරුදු හැත්තෑපහක පමණ කාලයක ක්‍රම ක්‍රමයෙන් සිදු වෙලා. පඬි යථාර්ථය තවත් එහාට ගොස් ඊනියා යථාව උගත්කම ප්‍රදර්ශනය කරන ලක්‍ෂණ බවට පත්වෙලා. ඊනියා යථාර්ථයක් ගැන කතා නොකරන්නේ මා වැනි නූගතුන් පමණයි. සිංහල බෞද්ධ උගතුන් ද යථාභූතයක් ගැන කියවනවා. නිවන යථාභූතයක් ද?
රන්ජන් රාමනායක යනු පන්සිල් රැගෙන හෝ නැතිව හෝ පන්සිල් කැඩීමට බිය නැති කර ඇති පාදඩ සමාජයක මුදුන් මල්කඩ දප්‍රතිමූර්තිය දපාදඩ සමාජයක මුදුන් මල්කඩ කියන එක හිතට හරි නැද්දඑහෙත් අද සමාජයේ ඊනියා මුදුන් මල්කඩ කවුරුන් දඅපට කතා කිරීමට සිදු වී ඇත්තේ එවැනි නොගැලපෙන වචන මගින්. මේ කසිකබල් අධ්‍යාපනයේඊනියා ආකෘතික හා අනාකෘතික (ජනමාධ්‍යකලා කෘති වැනි) අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්.
මේ පාදඩ සමාජය ජේ ආර් ජයවර්ධනගේ නිර්මාණයක් නොවෙයි. එය බටහිරයන්ගේ නිර්මාණයක්. පෘතුගීසීන්ගෙන් පටන් ගත් නිර්මාණයක්. ජේ ආර් එයට හොඳ තල්ලුවක් දුන්නා. කවුරු හරි අහන්න බැරි නැහැ සුරනිමල සුරාපානය කෙළේ නැද්ද කියා. නන්දිමිත්‍ර විරුද්ධවාදීන් ඝාතනය කෙළේ නැද්ද කියා. තවත් සමහරු කියන්න බැරි නැහැ එකල ගැහැණුන් පිරිමින් විවාහ වුණේ නැහැ කියලා. කසාදය කියන එක පෘතුගීසි වචනයක් වෙන්න පුළුවන්. විවාහ සහතික ඉංගිරිසින් අපට දුන් කොළ කෑලි වෙන්න පුළුවන්. එහෙත් පැරණි සෙල්ලිපිවල අහවලාගේ බිරිය යන අර්ථය දෙන වාක්‍ය තියෙනවා. බිරියක් වීමට සහතිකයක් අවශ්‍ය නැහැ. අද සහතික ඇති කාලයේ නියම බිරියන් හා අනියම් බිරියන් ඉන්නවා.
ඊනියා වික්ටෝරියා සුචරිතයකට පහර දීලා පැරණි සිංහල පිරිමින්ට ගිය ගිය තැන අනියම් බිරියන් සිටි සමාජයක් අපට තිබිණි යැයි කීමට බටහිරයන් වෙනුවෙන් සේවය කරන පඬියන් බලාපොරොත්තු වන්නේ දඑකල සහතික නැතිව ජීවත් වීම ඊනියා ලිවින් ටුගෙදර් නො වෙයි. තම සල්ලාල ජීවිතය වෙනත් ම චින්තනයක් සහිත ව ජීවත් වූ පැරණි සිංහලයන්ට ආරෝපණය කරන්නන්ට ඇත්තේ බටහිර අධ්‍යාපනය මගින් විකෘත කෙරුණු මනසක්. පැරණි සමාජය තම පාදඩ සංස්කෘතියෙන් අර්ථකථනය කිරීම ද පාදඩ පඬි වැඩක් පමණයි.
රන්ජන් රාමනායක මෙන් ම ජයලත් මනෝරත්න ද බටහිරයන් ඇති කළ පාදඩ සංස්කෘතියක ප්‍රතිඵල පමණයි. දෙදෙනා අතර වෙනසක් නොතිබුණු බවක් මෙයින් කියැවෙන්නේ නැහැ. එහෙත් එක් අයකු නැතිව අනෙක් අය බිහිවන්නේ නැහැ. අද කලාව පමණක් නොව ක්‍රීඩාව ද සිංහල බෞද්ධයනට එරෙහි ව ක්‍රියාත්මක වෙනවා. පාදඩ සංස්කෘතියෙහි ම ප්‍රතිඵලයක් ලෙස බොහෝ විට රන්ජන් රාමනායකට කිසිවක් සිදුවන එකක් නැහැ. ඒ ඔහුගේ හඬපටවලින් මේ පාදඩ සංස්කෘතිය නිරූපණය වෙන නිසා. ඔහු ගැන මෙරට රන්ජන් කියන ආකාරයේ අධිකරණයෙන් (අධිකරණයට ගියොත්) ලැබෙන තීන්දුව කුමක් විය හැකි ද?
මේ කුමක් වුවත් සිිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට මේ සිංහල විරෝධී ආධිපත්‍යය ගැන යම් හැඟීමක් තියෙනවා. ඔවුන්ට එයට විරුද්ධ ව යමක් කරන්න ඕන. ඔවුන් අති විශාල බහුතරයක් (සියයට හැත්තෑවක් පමණ) ගෝඨාභයට ඡන්දය දුන්නේ එබැවිනුයි. ඔවුන්ට බටහිර ක්‍රමයේ දියුණුවක් මෙන් ම බුදුසසුනේ චිරස්ථිතිය ද අවශ්‍යයයි. මේ දෙක ඒ අයුරින් ම එකට යන්නේ නැහැ. අප කල්පනා කළ යුත්තේ පළමුව සසුන රැක ගනිමින් බටහිරින් ගත යුතු දේ රැගෙන අපේ දියුණුවක් ඇති කර ගැනීම ගැනයි. ගෝඨාභය ඒ සඳහා පළමු පියවර තැබුවොත් ඔහුට ඉතිහාසගත වෙන්න පුළුවන්. එහෙත් ඒ සඳහා අනෙක් අය ඔහුට ඉඩ දෙන්න ඕන. මෙය සුළු ජාතික ඡන්ද දිනාගැනීමේ සටනක් නොවන බවත් මද්‍රාසා පාසල් ලියා පදිංචි කිරීම යනාදිය කොපමණ කළත් ආගම්වාදීන් ගෝඨාභයට ඡන්දය නොදෙන බවත් අප මතක තබා ගත යුතුයි.
මහාආචාර්ය නලීන් ද සිල්වා
26
ජුනි
19

රනිල්ගේ ගොබ්බ තකතීරු බොරු ගැන සංඛ්‍යාලේඛණ

<> on September 10, 2012 in Berlin, Germany.
පාස්කු ප‍්‍රහාරය තෙක් ආර්ථිකය හොදට තිබ්බාලු.. මොන බොරුවක්ද.. සංඛ්‍යාලේඛණ මෙන්න..වියත්මග සංවිධානය මගින් මාතලේ සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණය මාතලේ මහත්මා ගාන්ධි අනුස්මරණ ශාලාවේ පැවති අතර මෙය සංවිධානයකර තිබුණේ මාතලේ වියත්මග දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉංජිනේරු නාලක කෝට්ටේගොඩ මහතා ඇතුළු මාතලේ දිස්ත්‍රික් වියත්මග කමිටුව විසිනි.

ආචාර්ය නාලක ගොඩහේවා මහතා දැක්වූ අදහස් –

රටේ සිදුව තිබෙන අර්බුදය ගැනත්, ඊට හේතු වූ කාරණා ගැනත් ජනතාව දැනුවත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් වියත්මග සංවිධානය එහි මූලිකත්වය ගෙන තිබෙනවා. 2015ජනවාරි මස මේ රටේ දේශපාලන නායකත්වයේ වෙනසක් සිදුවුණා. ඒ ආණ්ඩු පෙරළිය සිදුවූ වෙලාවේ වත්මන් යහපාලනය ගෙන ඒමට රටේ බහුතරයක් ඡුන්දය දුන්නේ පෙර තිබූ රජයටත් වඩා හොඳින් මොවුන් රට පාලනය කරයි කියන අහිංසක බලාපොරොත්තුව ඇතිවයි. බහුතරයක් ජනතාව නරක චේතනාවකින් නොවෙයි යහපාලන රජයට ඡුන්දය දුන්නේ. අද ඔවුන්ට තේරුම් ගිහින් තිබෙනවා තමන් මුලා වුණා කියලා. වත්මන් රජයේ පාලන කාලය දිහා බැලූවාම ඔවුන් බලාපොරොත්තු වූ දේවල් නෙමෙයි. අද ලැබී තිබෙන්නේ සිව්බියක් පමණයි. ඒ තමයි හොරකම, මැරකම, ගැතිකම සහ බැරිකම පමණයි. මේ ආණ්ඩුවට බලයට ඒමට පෙර රට ඉතා වේගයෙන් දියුණු වෙමින් තිබුණා. ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ට බැරි වූ යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්‍ෂ රජයට හැකියාව ලැබුණා. ඊට පසුව ආර්ථික විප්ලවයක් ඇති කරන්න කටයුතු කළා.

2005 දී මහින්ද රාජපක්‍ෂ මහතා රජය භාර ගන්නා විට මේ රටේ ආර්ථිකයේ තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 20 ක ප‍්‍රමාණයක්.

2005 සිට වසර නවයක් තුළ ආර්ථිකය හතර ගුණයකින් ප‍්‍රසාරණය වුණා.

ඒ ප‍්‍රාතිහාර්යය බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එතුමාට පැහැදිලි සැලැස්මක් තිබූ නිසයි ඒ ආර්ථිකය සංවර්ධනය ඇති වුණේ. ආර්ථිකය කළමනාකරණය කළා.

වරායවල්, ගුවන් තොටුපළ, අධිවේගී, දුම්රිය, මහාමාර්ග මාර්ග සංවර්ධනය වුණේ ඒ නිසයි. රටේ අවශ්‍යතාවෙන් සියයට 98 කට විදුලිය ලබා දීමට කටයුතු කළා. ජල, වාරිමාර්ග ව්‍යාපෘති ඇති කළා. එහි ප‍්‍රතිඵලයක් ලෙස තමයි 2014 දී සමස්ත ආසියාවෙන්ම වේගයෙන් සංවර්ධනය වන රටක් විදිහට දෙවැනියට ශ‍්‍රී ලංකාව පත් වුණා. සෑම ආර්ථික දර්ශක වේගයට අනුව දකුණු ආසියාවේ දෙවැනි තැනට හෝ පළමු තැනට පත් වීමට ශ‍්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

එවැනි තත්ත්වයක් තුළ තමයි යහපාලන රජය බලයට ආවේ. මහින්ද රාජපක්‍ෂ මහතාට මෙන්ම යහපාලන රජයට ආර්ථික ප‍්‍රතිපත්තියක් මෙන්ම කිසිදු සැලැස්මක්, දැක්මක් තිබුණේ නැහැ. අදටත් වත්මන් රජයේ ආර්ථික ප‍්‍රතිපත්තිය කුමක්ද කියා දන්නේ නැහැ. ආර්ථිකය කළමනාකරණය කරනවා වෙනුවට වැඩි අවධානයක් යොමු කළේ දේශපාලන නායකයන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් ඇතුළු විරුද්ධවාදීන් මර්දනය කරන්නයි. වසර හතරකට වැඩි කාලයක් කළේ පළිගැනීමයි. ජිනීවාවලදී කිසිම රටක් අත්සන් නොකළ ගිවිසුම්වලට අත්සන් කරමින් රණවිරුවන්ව පාවා දුන්නා. අවසානයේදී ඒවායෙහි ප‍්‍රතිඵලයක් ලෙස තමයි නිවැරදි නායකත්වයකින් යුක්තව වේගයෙන් සංවර්ධනය වූ රට කඩාවැටුණා. දැන් කියනවා ආණ්ඩුවේ නායකයන් කිසිදු ලැජ්ජාවක් නැතිව කියනවා පාස්කු ප‍්‍රහාරය තෙක් රටේ ආර්ථිකය හොඳ මට්ටමක තිබ්බා කියලා. මොන තරම් බොරුවක්ද? එදා ආර්ථික සංවර්ධනය වේගයත් අද තිබෙන ආර්ථික වේගයත් සංසන්දනය කරලා බැලීමේදී පේනවා රටේ ආර්ථික සංවර්ධනය කොතැනද තිබෙන්නේ කියලා. එදා රජය සෑම වසරකම ජනවාරි මස මුල් සතියේදී ඉදිරි ආර්ථික සැලැස්ම පුරෝකථනය, පසුවිපරම් කළා. 2014 දී ඇමරිකානු ඩොලර් බිලියන 80ක්ව තිබූ ආර්ථිකය 2015 දී ඇමරිකානු ඩොලර් බිලියන 86 කට ආවා. 2019 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 141 ක් දක්වා වර්ධනය වීමට නියමිතව තිබුණා. බලාපොරොත්තු නොවූ ආකාරයට අසාර්ථක ආකාරයකින් තමයි අද රට පාලනය වෙන්නේ. එදා චීනයට පමණක් දෙවැනි වූ රටේ ආර්ථික සංවර්ධනය වේගය අද රනිල් වික‍්‍රමසිංහ ඇතුළු යහපාලන රජයේ නායකයන්ගේ අසාර්ථක ආර්ථික කළමනාකරණය නිසා 2018 දී ඇෆ්ගනිස්තානයට පමණයි අද රටේ ආර්ථිකය දෙවැනි වී තිබෙන්නේ.

ආණ්ඩුවේ වැරදි තීන්දු තීරණ හේතුවෙන් රටට විශාල පාඩු රැුසක් සිදුවුණා. වරාය ව්‍යාපෘතිය නතර කළා. අවුරුද්දක් යන්නත් කලින් යළිත් ව්‍යාපෘතිය පටන් ගත්තා. වරාය ව්‍යාපෘතිය අහිමි වූ කාලයට වන්දි වශයෙන් රුපියල් බිලියන 26 ක් ගෙව්වා. රුපියල කඩාවැටුණා. ඒ හානිය සාමාන්‍ය ජනතාව කවුරුත් දන්නේ නැහැ. විදේශීය ණය ගෙවන්නේ අපේ වත්කම්වලින්. විදේශීය ණය කතා කරන්නේ රුපියල්වලින්. අවශ්‍ය රුපියල් ප‍්‍රමාණයට විදේශීය මුදල් ගෙවීමට වැඩි වෙනවා. එදා මහින්ද රජයේ ව්‍යාපෘති සුදු අලි කිව්වා. අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපළ හදන්න ගිය මුදලට වඩා වැඩි මුදලක් රුපියල බාල්දු වීමෙන් සිදුවූ පාඩුව ගෙවීමට සිදුවුණා. මහින්ද රජය රටේ ජනතාව ණය උගුලක පටලවා ඇති බව මේ රජය දිගින් දිගටම කියනවා. මහින්ද රාජපක්‍ෂ රජය ණය ගත්තා. මේ රටේ ජනතාව ගණිතය නොදන්නා අය බව කියමින් රනිල් වික‍්‍රමසිංහ තවදුරටත් රටේ ජනතාව මුලා කරමින් සිටිනවා. මෙහි යථාර්තය කුමක්ද?  ලංකා ඉතිහාසයේ කිසිම රජයක් නොගත් තරම් ණය ප‍්‍රමාණයක් වත්මන් රජය අරන් තිබෙනවා. රාජපක්‍ෂ යුගයේ ණය අරන් රටට වැඩක් කළා. යුද්ධය අවසන් කළා. රට සංවර්ධනය කළා. ඒ කළ දේවල් ඇහැට පේන්න තිබෙනවා. 2005 දී රටේ සමස්ත ණය තිබුණේ රුපියල් බිලියන 2200 යි. වසර නමයක් තුළ රුපියල් බිලියන 5900 ක් ණයට අර ගත්තා. නමුත් 2014 සිට 2018 වසර අවසානය දක්වා රුපියල් බිලියන 6600 ක් ණයට අරන් තිබෙනවා මේ ආණ්ඩුව. අඩුම තරමේ බෝක්කුවක් හැදුවද? පාරක් කාපට් කළාද? කිසිම දෙයක් කළේ නැහැ. අපේ රටේ ජනතාව තවත් ණය කළා පමණයි. මහින්ද රාජපක්‍ෂ රජය තුළ ක‍්‍රමානුකූලව දළදේශීය නිෂ්පාදිතයට අනුව ණය ප‍්‍රමාණය අඩු වෙමින් තිබුණා. මේ විදිහට රට විනාශ වෙද්දි අනික් පැත්තකින් අසීමිත ලෙස බදු වැඩි කළා. රටේ ජනතාවගේ ජීවන බර වියදම වැඩි වීමට හේතුව තමයි බදු වැඩි වීම. රැුකියා දශලක්‍ෂයක් ඇතුළු සුරංගනා කතා කිහිපයක් කිව්වා. අඩුම තරමේ තිබුණු රැුකියා ලක්‍ෂ 4 කට වැඩි කාලයක් අහිමි වෙලා තිබෙනවා. තවදුරටත් ලැජ්ජා නැතිව කියනවා ඉදිරි වසර කිහිපය තුළ රට සංවර්ධනය කරනවා කියනවා. තවදුරටත් මේ රජය බලයේ හිටියොත් රට හිඟන්නෙක් බවට පත් වෙනවා.

රට ඉදිරියට ගෙන යෑමට අපට දැක්මක්, සැලැස්මක් තිබෙනවා. ඒ සඳහා තාක්‍ෂණය භාවිතා කරනවා. හරියට තාක්‍ෂණය භාවිතා කළහොත් කෘෂිකර්මාන්තය, සේවා, කර්මාන්ත අංශ දියුණු කරන්න පුළුවන්. අවුරුදු දෙකක් ඇතුළත මේ රට සංවර්ධනය කරන්නේ කොහොමද සැලැස්ම අපි සතුව තිබෙනවා. ¥ෂණය අවම කරන්න බලාපොරොත්තු වෙනවා. මාධ්‍ය සංදර්ශනවලින් පමණක් ¥ෂණය නැති කරන්න බැහැ. ආයතනික ¥ෂණය නැති කළ යුතුයි. ටෙන්ඩර් ක‍්‍රියාවලිය හරහා තමයි සෑම ¥ෂණයක්ම වෙන්නේ. චීනය ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය විධිමත් කරලා තිබෙනවා. ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය එක කේන්ද්‍රීය ස්ථානයකට ගෙන ආ යුතුයි. එදා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ ක‍්‍රියාවලිය නිසි පරිදි ඉටු කළා. එවිට රටේ ¥ෂණය විශාල ප‍්‍රමාණයකින් අවම කර ගැනීමට හැකියාව ලැබුණා. අද ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායමින් සියයට 30 ක්වත් ලැබෙන්නේ නැහැ. ආදායම් බදු දෙපාර්තමේන්තුවට නිසි තාක්‍ෂණය ලබා දිය යුතුයි. ජනතාවට නොතේරෙන විදිහට බදු අය කරගත යුතුයි. එවැනි නිසි තීන්දු තීරණ ගත හැකි නායකත්වයක් අද නැහැ. ඉදිරියේදී එවැනි නායකත්වයක් අපි ඇති කරනවා. ලංකාවේ රේගුව කාර්යක්‍ෂම කළොත් රටේ ආදායම තුන් ගුණයකින් වැඩි කරන්න පුළුවන්. ප‍්‍රශ්න ඇතිවෙයි කියලා මේවා කරන්න කවුරුත් බයයි. අපි බය නැතිව තීන්දු අරන් රට සංවර්ධනය සහ වෙනස ඇති කරනවා. පරිසරය සුරක්‍ෂා කරනවා. වනය, සත්ත්ව සම්පත ආරක්‍ෂා කරනවා. සංවර්ධනය කියන්නේ සමාගම් කිහිපයක්, කිහිප දෙනෙක් පොහොසත් වෙනවා කියන එක නෙමෙයි. රටේ දුප්පත්කම නැති වුණොත් පමණයි රටේ ආර්ථිකය සංවර්ධනය ලෙස අපි දකින්නේ. සමෘද්ධිය ගැන කතා කිරීම ලැජ්ජා විය යුතුයි. සමෘද්ධිය දෙන්නේ දුප්පත්කම තිබෙන නිසයි.  ඉදිරි රජයක් යටතේ ජනතා කේන්ද්‍රීය ආර්ථික සැලැස්මක් රටට ඉදිරිපත් කරනවා. සෑම කෙනෙක්ට අවම ආර්ථික සංවර්ධනයක් ඇති කරන සැලැස්මක් අපි ළඟ තිබෙනවා. ඊළඟට බලයට පත්වන රජයක් යටතේ මේ සියලූම සැලැසුම් ක‍්‍රියාත්මක කරනවා.

ආචාර්ය පාලිත කොහොන මහතා දැක්වූ අදහස් —

ඔබේ සියලූම ප‍්‍රශ්න විසඳෙයි කියා පසුගිය වසර හතර තුළ විශ්වාස කළා. නමුත් අද ඔබේ ප‍්‍රශ්න විසඳී නැහැ කියා අපට තේරුම් යනවා. වත්මන් රජය ඇමරිකාවත් සමඟ ඇති කර ගන්නට යන ගිවිසුම් ගැන රටේ කතාබහක් ඇති වී තිබෙනවා. වචනවලින් පමණක් මේ ගිවිසුම්වල බැ?රුම්කම තේරුම් ගන්නට බැහැ. ලංකාවට මෙවැනි ගිවිසුම් ඇති කර ගැනීමට අවශ්‍යතාව කුමක්ද? ඇතැම් ගිවිසුම් ගැන තවම එළිදක්වා නැහැ. නිදහස් රටක් වශයෙන් එවැනි ගිවිසුම් අත්සන් කරන්නේ ඇමරිකාවේ වුවමනාවටද? නැතිනම් වෙනත් අරමුණක් සපුරා ගැනීමටද කියන ප‍්‍රශ්නය තිබෙනවා.

ඇමරිකාවයි – චීනයයි ලෝකයේ විශාල තරගයකට යමින් තිබෙනවා. ඇමරිකාවට කරන ආධාරයක් විදිහටද මේ ගිවිසුම් අත්සන් කරන්නේ? යම් හෙයකින් ගිවිසුම්ගත වුවහොත් ඇමරිකාවට ආධාර කරන්න ලංකාවට සිදුවෙනවා. ඉදිරියේදී මේ නිසා ඇති වන යුද්ධය මුහුදේ පමණක් නොව ගොඩබිමටත් ඇති වීමට ඉඩකඩ තිබෙනවා. චීනයයි ඇමරිකාවයි ගැටුණොත් ඒ ප‍්‍රශ්නයට අකමැත්තෙන් හෝ ගෑවීමට අපට සිදුවෙනවා.

ආණ්ඩුවේ ගිවිසුම් ගැන මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි. පාර්ලිමේන්තුව තුළ මේවා ගැන හඬක් නැඟිය යුතුයි. ඒවා කරනවාද කියන එක අපි දන්නේ නැහැ. මේ අවස්ථාව අපි පැහැර හැරිය යුතු නැහැ. සෝෆා වැනි ගිවිසුම් ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රසිද්ධියක් ඇති නොවෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඉදිරියේදී ත‍්‍රස්තවාදය ගැන කුමන පියවරක් ගන්නේද යන්නත් විමසා බැලිය යුතුයි. පාස්කු ප‍්‍රහාරය ගැන තොරතුරු ලැබුණත් ඊට පියවරක් ගැනීමට නොහැකි වුණා. යළිත් එවැනි දේවල් නොවෙන්න සියලූම දෙනා වගබලාගත යුතුයි.

ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා දැක්වූ අදහස් – –

වියත්මග සංවිධානයේ අද වන විට පන්දහසක් පමණ සිටිනවා.  ඉන් අධ්‍යක්‍ෂකවරු තිහක් ඉන්නවා. ඉන් 20 කට පමණ ක්‍ෂේත‍්‍ර කිහිපයක් භාරදී තිබෙනවා. ඒ අය ලංකාවේ ආර්ථිකය, කෘෂිකර්මය, අධ්‍යාපන, කර්මාන්ත, ව්‍යාපාර සංවර්ධනය කරනනේ කොහොමද කියා විශ්ලේෂණය කරනවා. අපි වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ මහන්සි වෙලා මහාචාර්යවරු හැත්තෑවක් පමණ එකතු වෙලා ඉදිරි අධ්‍යාපන ක‍්‍රමය හදලා අවසන්. ඉදිරියේදී දැවැන්තම ශක්තිමත් බුද්ධිමත් ශ‍්‍රම හමුදාවක් හදන අධ්‍යාපන ක‍්‍රමයක් නිර්මාණය කරනවා. අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය පමණක් නොව සෑම ක්‍ෂේත‍්‍රයක්ම සංවර්ධනය කරන සැලසුම් සකස් කරන අවසන්.

ඉදිරියේදී අපගේ මාතෘභූමිය තිබෙන්නේ අවධානම් තත්ත්වයකයි. මෙවැනි අවස්ථාවක ඔබ දැනුවත් විය යුතුයි. ශක්තිමත් විය යුතුයි. ආර්ථිකය වැටුණොත් හදාගන්න පුළුවන්. රට අහිමි වුණොත් අනාගත පරපුරට ඉන්න රටක් නැති වෙනවා. මේ දේ හැමෝටම පේන්නේ නැහැ. මාතෘ භූමියට යන විනාශය අපි තේරුම්ගත යුතුයි. එඩිතර වීර මද්දුමබණ්ඩාරත් බිහිවුණේ මේ ෙඓතිහාසික මාතලේ පුරවරයෙන්. අවුරුදු තිහක් තිස්සේ පැවති යුද්ධයෙන් රට බේරාගත්තේ අපේ රණවිරුවන්. විසිනවදහසක් ජීවිත පූජා කළා. මේ රට බේරා ගන්න තිබෙන්නේ මාස හතරයි. ඒ නිවැරදි තීන්දුව ගන්න. රට බේරාගත හැකි ශක්තිමත් නායකයෙක් අපට අවශ්‍යයි. එවැනි නායකයෙක් අපට බිහිවේවායි කියා ප‍්‍රාර්ථනා කරනවා.

– වියත්මග මාධ්‍ය ඒකකය
15
මාර්තු
19

මහින්දගෙන්පසු ඔහුගේ සිනා මුසු මුහුණ….

සිසිත සුයාම
පසු ගිය දවසක Sonala Gunawardana මිත්‍රයාගේ මැදිහත් වීම මත අනාගත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ සාකච්ඡාවකට සහභාගිවීමට අවස්ථාවක් ලැබුණා.

එම සාකච්ඡාව සඳහා වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, විවිධ වෘත්තිකයන්, සමාජ ක්‍රියා කාරීන් ඇතුළුව රාජ්‍ය නොවන සංවිධානවල නිළධාරින් හා මුහුණු පොතේ නිදහස් මත දරන්නන්නද සහභාගි වුණා.

එම සාකච්ඡාව මගේ සිත් ඇද ගන්නා සුලු එකක් වුයේ මම වැඩියෙන් ම ආදරය කරන විෂයන් දෙකක් ගැන එහිදී ගැඹුරු සංවාදයක් ඇති වුණ නිසයි.

මේ රට දියුනු කිරීම සඳහා ඇති ප්‍රධානම අවශ්‍යතාවයන් වන කෘෂිකර්මාන්තයත්, අධ්‍යාපනයත් යන විෂයන් ගැන කතිකාවතක් රට ප්‍රධාන කරගෙන අඩුම පරිපාලන සංකල්පය වන ග්‍රාම නිලධාරී කොට්ඨාශය දක්වා සාකච්ඡාවට බඳුන් වීම ඉතාමත් සිත් ගන්නා සුලු දෙයක් වුණා.

එම සාකච්ඡාවේ දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඉදිරිපත් වූ යෝජනා හා ප්‍රශ්න ගැන එතුමා සංයමයකින් යුතුව හා වගකීමක් සහිතව ඒ ඒ පුද්ගලයන්ට ලබාදුන් පිළිතුරු හා එම පිළිතුරු වල ගැබ්ව තිබූ අර්ථාන්විත බවත්, දර්ශනයක් සහිත ගැඹුරු බවත් ඉතාමත් විශිෂ්ටයි.

කිසිම කලබලයකින් තොරව සාකච්ඡාව අවසාන වන තෙක්ම අවසාන ප්‍රශ්නය දක්වාම ඔහු පිළිතුරු දුන් ආකාරයත්, ඔහුගේ දැනුම් සම්භාරය හා පරිකල්පන ශක්තිය වැඩි දියුණු කරන්නට ඇත්තේ බුදුදහම තුළින් බව මට සිතුණු සත්‍යයි.

ඔහුගේ සිනා මුසු මුහුණ, ප්‍රශ්න වලට පිළිතුරු සපයන ඒ සැහැල්ලු බව තුළ ඔහු නිර්ව්‍යාජ දේශපාලන නායකත්වයට හා යටිබිම් ගත සමාජ ස්ථරයන්හි දැවෙන ප්‍රශ්නයන්ට පැලැස්තර විසඳුම් සොයන්නකු නොවන සියළු ප්‍රශ්නයන්හි ස්ථිරසාර විසඳුම් ලබා දෙන්නෙකු බව ප්‍රත්‍යක්ෂ වුණා.

එම සාකච්ඡාව දේශපාලනයෙන් තොරව රටේ යහපත් විනයවත් අනාගතයකට මංපෙත් තනන සාකච්ඡාවක් වුවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අවසානයේදී ඉදිරිපත් වූ ප්‍රශ්නය දේශපාලනික වූ ප්‍රශ්නයක්.

ඒ ප්‍රශ්නය තමා

“ඔබතුමා ප්‍රතිපත්තිමය දේශපාලන දර්ශනයක් පැහැදිලි කරනවා ඒ දර්ශනය ජනතාව හමුවේ තබනවා. හැබැයි ඔබතුමාට දේශපාලනයට එන්න නම් දේශපාලන ව්‍යාපාරයක් තියෙන්න ඕනේ. නැත්තම් අපි කතා කරන දේවල් වලින් පලක් තියෙනවද..?”

ඔහුගේ පිළිතුර ඉතාම සරලයි..

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා එහි දේශපාලන කටයුතු සියල්ල සිද්ධ වෙනවා”

Image may contain: 1 person, smiling
28
දෙසැ.
18

අශීලාචාර ආගම් හා සෙක්ස් ගැන

ළමයි කාන්තාවන් හා ආච්චිලා දූෂණය කිරීම මංගල සමරවීර ගේ තවත් එක් බොරුවකි

පොන්නයින් ඇමතිලා වීම ලංකාවේ පිරිමි සියල්ලන්ටම විලිලැජ්ජාවකි. දියුණු රටවල මේ දේ සිදුවන්නේ ලංකාවට වඩා වේගයෙන්ය එසේම උන්ටම නැවැත්විය නොහැකි ලෙසය. උන්ට ඒක මුදල් පිළිබඳ ගැටලුවකි. පොන්නයෙකු වන්නේ මුදලටය. නමුත් ලංකාවේ මේ මගුල හුදෙක්ම විපරීත ලිංගික වැඩකි. විලි ලැජ්ජාව එයයි. හිරේ වැටෙන්නේ නැතිව අතේ ගහල බේරගන්න පිරිමි පොන්නයින්ට චන්දය දී මුළු ලෝකයක්ම හිනස්සා ලාංකිකයින්ගේ පුකත් නැති කර ගනිති.

එසේම 71 ජවිපේ නූගතුන්ගේ නැගිටීම. 83 සිංහල බෞද්ධයින්ගේ මිනීමරු කලබලය. අවුරුදු 30 ක දෙමල නූගතුන්ගේ අනවශ්‍ය යුද්ධය. දෙමළුන්ගේ කිසිදු හේතුවක් නැති මිනීමැරීම්, රටට බරක් වුණු මුස්ලිම් මිනිස්සු, කිසිදා නිම නොවන විශ්ව විද්‍යාල වල පංති වර්ජන, ලෙඩුන් උකසට තබන දොස්තරලාගේ සහ සෞඛ්‍ය සේවයේ පිස්සු වර්ජන, යනු අසමත් ජාතියක සාක්ෂි සටහන්ය.

නමුත් මේ දේ කිරිමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ලාංකීය ආගමික අසමත්කමයි. නැතහොත් ලාංකිකයින් අදහන නුගත් බුද්ධාගමයි. දේශපාලනය හා ආගම යනු සමාජ සංවිධාන ක්‍රියාවන්ය.

ලංකාවේ පවතින්නේ ඉන්දියාවේ අතීතයේ සිටි ගෞතම නම් මනුෂ්‍යයා කියූ බුද්ධාගම නොවේ. ලංකාවේ පවතින්නේ ඒ ආගමේ නමින් සිවුරු දාගත්ත පැවිද්දන් රැළකගේ කෑම සොයා ගැනීමේ බිස්නස් එකකි. එයට දා ගත්ත නම බුද්ධාගමයි. නැතිව මේ අවුරුදු දෙදාස් පන්සියයක ඉතිහාසයක් තිබූ ඔරිජිනල් ඉන්දියන් බුද්ධාගම නොවේ. ලංකාවේ තිබූ ඔරිජිනල් බුද්ධාගම වසර 300කට පමණ පෙර විනාශවී ගියේය.

වෙනත් රටවල ආගම් යනු එම රටේ දේශපාලනයට සම්බන්ධ නැති අධ්‍යාත්මික හා ශුද්ධ වූ දෙයකි. සමාජවාදී රටවල පවා ආගම වෙනම පවත්වාගෙන යන සංස්ථාවකි. ආගම මගින් මුළු සමාජයම බැඳ තබා ගන්නා අතර ආගමික ඉගැන්වීම් යනු හොඳ නරක සොයා ගැනීම සඳහා ඇති මාලිමාවයි.

නීතිය හා ආගම දේශපාලනයට යටත් නැත. නීතිය සාදන්නේ ආගමේ අමුද්‍රව්‍ය වලිනි. රටක නීතිය යනු දේශපාලනික විනයයි.

චීනයේ කෝටි දෙසියයක් පමණ ජනතාවක් සංවිධානය කර ඇත්තේ සෙන් බුදුදහමිනි. වසර දහස් ගණනක් නොකඩවා චීනය වැදගත් රටක්, කරදරයක් නොකරන ජාතියක්, උත්සාහවන්ත මිනිසුන්ගේ රටක් ලෙස ගොඩ නගා ඇත්තේ දේශපාලනයට වඩා සෙන් බුදු දහමිනි.

චීනයටම මඳක් අඩු ඉන්දියාවේ කෝටි ගණනක ජනගහනයක් පාලනය කර ඇත්තේ 150ක් පමණ වන ආගම් ගොඩකිනි. අඩුම තරමේ ආසියාවේ ප්‍රබලම රට ඉන්දියාව බවට පත්කර ඇත්තේ හතර අතට වඳිනා මෙම ආගම් සමූහයෙනි. බටහිර රටවල් ආත්මාර්ථකාමී කරදරකාරී රටවල් වුවද ක්‍රිස්තියානිය එම රටවල් සංවිධානය කර ඇත. මිනිසුන් ශීලාචාර කර ඇත. ක්‍රිස්තියානියේ විශේෂත්වය වන්නේ ප්‍රබල ලෙස මිනිසා පුද්ගලිකව සංවර්ධනය කිරීමයි. ක්‍රිස්තියානියෙන් සංවිධානය නොකරන කොටස වන්නේ පවුලයි. ආසියාතික ආගම් පවුල සංවිධානය කරන නමුත් පුද්ගලිකත්වය ශූන්‍ය කර දමති. ආගම මගින් ජාතිය සංවිධානය කර ඇත්තේ අල්ලාය. පිරිමින්ට, ගැහැනුන් හා රොටී සැපයීම අල්ලාගේ ආගමේ හරයයි. එනිසා අල්ලා ඉතා ලෞකික ආගමක් දෙශනා කිරීම මගින් පිරිමින් අතර ජනප්‍රිය වී ඇත. අශීලාචාර මුස්ලිම් ආගම ළමා දූෂණයට හා බහු විවාහයට ඉණිමගකි.

බුද්ධාගම දුප්පත් ආගමකි. ඉන්දියාවේ කුලහීන දුප්පත් මිනිසුන් අදහන්නේ බුද්ධාගමයි. බුදුන්ගේ කාලයේ ඉන්දිය කුලපීඩනයට හා කෑදර වෙළෙන්දන්ට විරුද්ධව දෙසු දහම වුයේ බුද්ධාගමයි. හොඳම ලාභය නිරෝගීව සිටීම යැයි දේශනා කිරීම මගින් ගෞතම කෑදර වෙළෙන්දන්ට අතුල් පහරක් දුනි. රඟන ගයන ගැහැනුන් පිරිසක් මැද කමින් බොමින් කිසිවක් දුප්පතුන්ට නොදෙමින් සිටි මිනිසුන්ගේ, රම්‍ය සුරම්‍ය සුබ වූ ගිහිගෙය හැරදා ගොස් සිතේ නිවීම පරම සැපය යැයි කීවේ කුමන්ත්‍රණකාරී දේශපාලකයින්ටයි. රමණය සතුටක් යැයි සිතා සිටි ඉන්දීය පිරිමියාගේ ඇති අධික කාමාධිකබවට (සාක්ශිය – අධික ජනගහනය)  “සන්තුට්ඨී පරමං ධනං කියමින් පහර ගැසීය.

විශේෂයෙන් ගෞතම තම දේශනා මගින් දුප්පතුන්ට සේවය කිරීමටත් කුලපීඩනය (ලංකාවට වඩා ඉන්දීය කුල පීඩනය දහස් ගුණයකින් වැඩිය) වෙනස් කිරීමටත් උත්සාහ දැරීය. එය ක්‍රිස්තියානිය අසල්වැසියාට නොදී පරිභෝජනය කිරීම වැළැක්වීමට දේශනා කිරීම වැනිය. ක්‍රිස්තියානි සමාජය ඉතා අධික ලෙස පරිභෝජනවාදී වී ඇත්තේ ක්‍රිස්තුගේ අනුමැතිය නිසාය. නමුත් පුද්ගල සංවර්ධනයට ක්‍රිස්තියානිය තරම් හොඳ ආගමක් තවත් නැත.

නැවත ප්‍රශ්නය වෙත යන්නේ නම් ලංකාවේ සිංහලයින් අවුලක පටලැවී ඇත. සිංහලයෝ යටත් විජිත යුගයේ ක්‍රිස්තියානියෙන් පුද්ගලික සැප විඳීමේ ආශාව ලබාගත්තේය. එයට පටහැනිව බුද්ධාගම ඕවා වැඩක් නෑ ජීවිතේ දුකයි දුකයි නිවන්ම පලයව් කියන්නේය. සෙක්ස් කරන්න එපා එපා කියන්නේය. එනිසා ඕල්කොට් බාප්පයි ධර්මපාල මාමයි බුද්ධාගමට ක්‍රිස්තියානියේ විධික්‍රම කියා දුන්නේය. එනිසා ලාංකීය බුද්ධාගමේ කොටසක් ක්‍රිස්තියානියේ පෞද්ගලිකත්වය උඩධාන ආත්මාර්ථකාමීත්වය සමග සමපාත විය. ඕන මගුලක් කරල ආත්මාර්ථය හදා ගනිව් කීවේ ක්‍රිස්තු සහ අල්ලාය.

මේ අතර ලංකාවේ අතිශය දුප්පත් කන්න බොන්න නැති පවුල් වල දරුවෝ මහන වී බුද්ධාගමට ආවෝය. ප්‍රශ්නය තව තවත් දිග්ගැස්සුණි. ඒ නිසා බුද්ධාගමේ බන දේශකයා දුප්පත් ගිහියෙක් විය. ඔවුන් බුද්ධාගමට විරුද්ධව ආත්මාර්ථයම දේශනා කරති. දුප්පතුන්ගේ ප්‍රධාන ගැටලුව බඩගින්න මිස නිර්වාණය නොවේ.

එනිසා වසර 60 කට වඩා වැඩි කාලයක සිට ලංකාවේ මහණුන් බණට කීවේ කන්න දීපල්ලා කියලාය. පන්සලට දීපල්ලා. පින් ගන්න නම් හාමුදුරුවන්ට විතරක් දීපල්ලා කියාය. වසර ගණනාවක් තිස්සේ බුද්ධාගම විකෟති කරමින් කියූ දුප්පතුන්ගේ බුදු බනය. එනිසා දැන් ඇති බුද්ධාගම ගිහියන්ටත් වඩා කෑදර කමින් ආජීවය පමණක් සිදුකළ මහණුන්ගේ නිර්මාණයකි.

ඉන්දියාවෙන් පැමිණි සිංහයාගේ තිරිසන් ලේ ඇති සිංහලයෝ සෙක්ස් වලට අතිශයින් කැමතිය. ලිංගය කෙලින්වීම මගින් හැදෙන “දරුවන් දූෂණය කර මරාදැමීමේ ලෙඩේට“ පැරණි බුද්ධාගම දුන් පිළිතුර වූවේ හතර පෝයට සිල් ගනින් කියලාය. දැන් සිල් නැත. ඕල්කොට් සහ ධර්මපාල බුද්ධාගම ක්‍රිස්තියානි කල නිසා මිනිසුන්ට ආගමට මුවාවී ඕන චූන් එකක් ගත හැකි විය.

කොහේ හරි හිටපු පාහරයෙක් මහණවෙලා හරි නැතිව හරි බුද්ධාගම නමින් මොන මගුලක් කීවත් කිසිදු මහනායකයෙකුට ගැටලුවක් නැත.

හේතුව තමන් සිවුරු දැරුවට ඉන්දියන් බුද්ධාගම සමග තදින් බැඳී නැති නිසාය. නැත හොත් මහණුන්ට අතීත ඉන්දියන් බුදුදහම තේරුම් ගත නොහැක. අතීතයේ වනපොත් කල දහම දැන් සයිබර් අවකාශයේ පවා ලියා ඇති නිසා කටපාඩම්කර ධර්මය ආරක්ෂා කරන්න දෙයකුත් නැත. එනිසා මහණකම විනෝදවිමකි. පන්සිල් පද පහයි පිරිත් පොතේ පිටු ටිකකුයි දානේ දුන්නම පිංදෙන්නයි ඉගෙන ගත්තාම හාමුදුරු නමකි. කිසිදු බාහිර දැනුමක් අවශ්‍ය නොවේ.

එසේම දුප්පත් මහණුන් කිසිදු විටෙක ලෝකයේ වෙනත් දැනුමක් ගැන හැදෑරීම තියා නිවැරදිව බුද්ධ දේශනාව වත් හදාරන්නේ නැත. දන්නේ සිංහල පමණි. ලෝකයේ වෙනත් දැනුම් බිහිවන්නේ විදේශීය භාෂාවලිනි. එනිසා එකෙක් දෙන්නෙක් හැර විදේශ භාෂා දන්නා විශාල හදවත් ඇති මහණුන් ලංකාවේ බිහිවූවේ නැත. ජනතාවගේ ආධ්‍යාත්මය ගොඩනැගීමට හෝ මිනිසුන් ආගමිකව නිවැරදි කිරීමට දේශනා කිරීමට දන්නා කිසිවෙක් ලංකාවේ බුදු දහමේ නැත.

චීනයේ හා ජපානයේ බුද්ධාගම මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ සිතුවිලි හා බැඳී පවති. කෙනෙකුට තම මුළු ජීවිතය පුරාම ආදර්ශයට ගත හැකි මහණුන් සිටිති. පන්සලකට ගිය විට ගිහියෙකුට අඩු තරමින් කාලයක් තිස්සේ මිනිසුන් විසින් භාවිතා කල ඹරිජිනල් ආගමික සංකේත දැකිය හැක. එනිසා ඔවුන්ගේ ආගම සෑබෑවකි. ඔරිජිනල් පිටපතකි. අපේ පංසල්වල ඇතිතේ ඔරිජිනල් ආගමික සංකේත නොවේ. ටීවී, සෙල් ෆෝන්, ඩීවීඩී යන්ත්‍ර සහ කොන්ක්‍රිට් ගොඩවල්ය. අපේ පංසල්වල ආගමික සංකේත ඩුප්ලිකේට්ය. ඔරිජිනල් පිටපත නැතිවූ කොපිය. කොන්ක්‍රීට්ය. ආධ්‍යාත්මය සංවර්ධනය වන යමක් මේවායේ නැත. බුදුන්ට වඩා වඳින්නේ බෝ ගසටය, ධර්මයට වඩා අදහන්නේ ඉන්දියන් දෙවිවරුය. බුදුන්ගේ ධර්මය ඇති පන්සල්වල දේවාල කිසිසේත් පැවතිය නොහැක. ගුරුකම් කල නොහැක. කිසිදු පැවිද්දෙක් ගුරුකම් කරන්නේනම් හෝ ජෝතිසයේ වැඩ කරන්නේ නම් ඔවුන් මහණකමින් ඉවත්කළ යුත්ය. බුදුන් විනය නීති පැනවූයේ සුදුස්සන් පමණක් ධර්මය දේශනා කිරීමට ඉතිරිකර ගැනීමටය. මහණකම මෙතරම් පහසු හා විනෝද ජනක කාර්්‍යයක් වී ඇත්තේ ලංකාවේ පමණි.

එනිසා මම මෛත්‍රී බුදුන් කියන මිනිසුන් බිහිවේ. ඔන් පාහරයෙකුට ඔන දෙයක් කියන්න දේශනා කරන්න දීම ජිනීවා මානව හිමිකමක් මිස ආගම නොවේ. මේ වැඩේ ක්‍රිස්තියානි පාදිලියෙකුට කල නොහැක. බයිබලයෙන් පිට යමක් දේශනා කල හොත් පාදිලිකම අවසන්වේ.

පිං පික්පොකට් ගහන්න උත්සාහ කල ආගමකි. සතයක් පිංකැටේට දාල රුපියලක පිං ගන්න පුරුදු කළෝය. හැම තැනම පිං කැටය. දැන් දැන් ලොකුම පිංකම දන්සැලක් දීමය. මේ සිංහල බුද්ධාගමේ ආදර්ශයන්ය. දැන් ඒ වපුරපු දුප්පත් මුං නෙළනා යුගයයි. තමන්ගේ දුවට සරම උස්සා පෙන්වන එකට පොලීසි යන්නේ අම්මාය. මේ අසමත් බුද්ධාගම වැපුරූ මුංය. ප්‍රින්සිපල් ළමයි 10ක් අපචාරයට යොදාගනි. ගොයම කන්නේ නියරමය.

දුප්පත් මහණුන් සිංහල සමාජයට හරවත් බුදුදහම දුන්නේ නැත. ලංකාවේ සංස්කෟතියට බුද්ධාගම ඇතුල් කළේ නැත. බුද්ධාගම ලංකාවේ සිංහල මිනිසුන්ට නිකං සැරසිල්ලක් පමණි. එය ජීවිතයට මාර්ගය කියාදෙන යමක් නොවේ. කොතරම් ලෞකික වුවද ක්‍රිස්තියානි මිනිස්සු ඉරිදා දින හතරට පල්ලි යති. අසත්‍ය ආගමක් වුවත් අරාබියේ අල්ලාගේ බලකිරීම නිසා ලංකාවේ දෙමළ මුස්ලිම් මිනිස්සු සිකුරාදට පල්ලි යති.

ආගම ලිංගය පාලනය කළේ එසේය. බුද්ධාගමේ සිවුරු හැඳගත් මිනිසුන්ගේ පිස්සු මරගාත දේශනා නිසා අවුරුද්දකට වරක්වත් පන්සල් යායුතු නොවේ. පන්සල් නැතිව හාමුදුරුවන් නැතිව බෞද්ධ මිනිසුන්ට කිසිදු ගැටලුවක් නැතිව ජීවත්විය හැක. (මේක ගැඹුරින්ම සත්‍යයකි.)

හාමුදුරුවන් ඇසුරු කිරීම ඥානවන්ත කමට උදව්වක් නොවේ. වාතයකි. වදයකි. වියදමකි. කාලය කා දැමීමකි. නැතහොත් බිරිඳ, දුව හෝ කොල්ලා නැතිවී මුලු ජීවිතයම අඳුරු දෙයකි. පවුලේ සැමදෙනාම පන්සල් ඇසුරු කිරීම අනිවාර්‍යය විනාශයකි. සිංහල බුද්ධාගම එවැනි එකකි. පාදිලි උන්නාන්සේලා අල්ලාගේ මුල්ලලා පූසාරියෝද මෙවැනිම පිස්සු මඤඤය. පිටිදූවේ හරකා, දකුණේ මෛත්‍රී නමින් බුදුවුණු කාලකණ්ණියා, සාස්තර කියන මන්තර මතුරන කාලකණ්ණි චීවර ධාරියෝ, රත්තරන් එකතුකරන කාලකණ්ණි. දඹුලු විහාරයේ ලස්සන කාපු පර හාමුදුරු මුදලාලියා. කළුතර කොන්කක්‍රීට් හාමුදුරුවා, එක් එක තැන්වල සල්ලි ගරන පිස්සු මඤඤං හාමුදුරුවෝ බෞද්ධාග‍මේ සතුරෝය.

බුද්ධාගම ඉතා වේගයෙන් සිංහල මිනිස් සිත්වලින් ඉවත්වී ඇත්තේ මිනිසුන්ගේ වරදක්හෝ දහමේ වරදක් නිසා නොව සිංහල දේශක උන්නාන්සේලා ගේ දැනුමේ ගැටළුවකිනි.

ආගමික ඉතිහාසය වසර 60 ක් හා ලංකාවේ පන්සල් වල සිදුවුණු දේ සැලකූ විට බෞද්ධ චීවරධාරීන් මේ වරද සිතා මතා උවමනාවෙන් කරන බව පෙනේ. එයටද හේතුවක් ඇත. හේතුව, අම්මා සමග සිටීමට ඉතාම ආශාවෙන් සිටිනා දරුවකු කුඩා කාලයේ පාළු අම්බලම්වල මහණදම් පිරීමට යැවීම නිසාත්, තමන්ම ලැබිය යුතු ආදරය සැබැවින් විඳීමට නොහැකිවූ නිසාත්, එනිසාම සමාජයකට ආදරය කිරීමට නොදන්නා නිසාත් සියලුම හාමුදුරුවන් තුළ සමාජය හා පවුල ගැන පවතින්නේ වෛරයකි. එනිසා තමන්ට පිඩනයක් ගෙන දුන් තමන්ට ආදරය අහිමිකළ සමාජක්‍රමය අවුල් කිරීමට බණ කියනවා හැර වෙන කුමක් කරන්නද ?

අනෙක් පැත්තතෙන් මෙයට වග කිව යුත්තේ වම්මුය. ඉස්සර වමා හොඳ මිනිහෙක්. වැදගත් සත්වයෙකි. ඒ වැදගත්කම ජවිපේ වසින් සහමුලින්ම විනාශකර මිනිහෙකුට තමන් වාමංශික මාක්ස්වාදී මිනිහෙක් බව ප්‍රසිද්ධියේ පුකාශකල නොහැකි මට්ටමට පැමිනවූවේය. දැන් සමාජයේ වැරදිවලට හිතරිදෙන මිනිසුන්ට යන්න තැනක් නැත. ඉන්නේ මුදලාලිලා හා උන්ගේ ගැත්තන්වූ හමුදාකාරයෝය. යහපත් සමාජ භාවිතාව වම්මු විසින් විනාශකල පසු දුවට සරම උස්සන තාත්තලා බිහිවෙමින් පවතී.

තාත්තා තමන්ගේම දුවට සරම උස්සල ඇට දෙක පෙන්නන්නත්, අවුරුදු 7 කුඩා දරුපැටව් දූෂණය කරල මරල කුණු කාණුවට දාන්නත්, ප්‍රින්සිපල්ලා පොඩි දරුවන් දූෂණය කරන්නත්, මහරෑ අවුරුදු 70 ආච්චිලා දූෂණය කරන්නත්, හාමුදුරුවන්, පාදිලියන්, පුසාරියන් ලෙබ්බෙලා දරුවන් අපහරනය කරන්නත් හේතුව ආගමේ අසමත් කමයි. නැතුව රජයකට හැම දරුවෙක් ළඟින්ම මුරකාරයෙක් දාන්න බෑ. එතකොට සුනන්ද දේශප්‍රිය නම් තකතීරුවා ජිනීවා කොමිසම ගාව රෙද්ද කඩන් නටන්න පටන් ගනී.

මේ ලිපියෙන් කාට රිදුණත් කරන්න දෙයක් නෑ ඇත්ත කිව්ව කියලා මට බැන්නට වැඩකුත් නෑ.

21
අප්‍රේල්
18

ඉනෝකා සත්යාංගනි, මොහාන් රාජ් මඩවල, නවරත්න ගමගේ, බෙනට් රත්නායක, හර්ෂ මාකලන්ද යන බැල්ලියන්ගෙන් බල්ලන්ගෙන් පරිස්සම් වෙනු…

චාපා මේ වෙලාවෙ මොකක් හරි පක්ෂයකට වැඩ කරනවද?’ ඉනෝකා සත්‍යාංගනී දුරකතනයෙන් ඇහුව, ඒ, පහු ගිය මහා මැතිවරණය කිට්ටුව දවසක්. ‘ නැහැ! මම කවදාකවත් කිසිම පක්ෂයකට වැඩ කරන්නෙ නැහැ! ඡන්දය දාන්නෙත් නැහැ!!’ මම කියාගෙන ගියා. ‘ එහෙමනං හරි! මං වගේම තමයි, අපිට ඕනෙත් එහෙම ස්වාධීන කට්ටිය!!’ ඇය විශ්වාසනීය විදිහට කිවුව. ඊට පස්සෙ ඇය මෙහෙම විස්තරයක් කෙරුව; ‘ අපි මේ දවස්වල විද්වත් හමුවක් සංවිධානය කරගෙන යනව, කිසිම පක්ෂයකට නැති අය තමයි එකට එන්නෙ, චපාත් එන්න..’ ඉතිං මම ගියා.

තැන, ඇතුල් කොට්ටෙ හන්දියට කිට්ටු බෙනට් රත්නයකගෙ ගොඩනැගිල්ල. කීප දෙනෙක් ඒ වෙනකොටත් ඇවිත් හිටිය, ඉනෝකත් හිටිය.

දන්න අය අතරෙ, මොහාන් රාජ් මඩවල,

නවරත්න ගමගෙ..හිටිය.

‘ මල්ලි කවුද?’ බෙනට් ගැඹුරු බැල්මක් එක්ක මගෙන් ඇහුව, ‘මම…’ මම ඉතිං මොනවද කියන්නෙ! ටිකක් කල්පනා කරන අතරෙ ඉනෝකා මං ගැන පොඩි විස්තරයක් කෙරුව.

‘ මේකයි මල්ලි..අපි දැන් කීප වරක් දිගටම හම්බ වුණා, බොරු කියන්න ඕන නැහැනෙ…අපි මේ කරන්නෙ ඉලෙක්ෂන් එක ඉලක්ක කර ගත්ත වැඩක්…’ අපි බලන්නෙ මහින්දව යවල ගත්ත ජයග්‍රහණය මේ මැතිවරණයෙදිත් තහවූරු කර ගන්න..’ බෙනට් දිගටම කියාගෙන යනව.

‘ඒ වුණාට, අපි මේක කරන්නෙ පොදු අරමුණකුත් එක්ක…’ ‘ මේ රටට අයෙත් ඒ ඒකාධිපති පාලනය එන්න දෙන්න බැහැ..’ ‘ කොටින්ම මහින්දගෙ බලවේග අතුගලම දාන්න ඕනෙ..’ ඔය වගෙ කතා ඒ අතර අනිත් අය කියනව, ඒ ඒ අයත් ඒවාට උත්තර දෙමින්, කෑලි එකතු කරමින් ඉන්න අතරෙ, හර්ෂ මාකලන්ද පහුවෙලා රැස්වීමට ඇවිත් මගෙ ළඟම ඉඳගත්ත, ‘..මං ඒ ටික ඔක්කොම පේපර් එකකට ගත්ත, එතකොට අපිට ලේසියි..’ මම හර්ෂ දන්නව වුණා ට හර්ෂ මාව දන්නෙ නැහැ.

එත් ඔහු ඉතාම සුහද විදිහට මුමුණන හඬකින් මට විස්තර කියාගෙන යනවා, ‘ මං කිව්වෙ..රනිල්..ප්‍රයිම්මිනිස්ටර් කියපු විදිහට…’ ඒ අතර

මහින්දට විරුද්ධව කරන්න හදන එක එක වැඩ ගැන වෙන වෙන කතා.

මට ඉතිං තව දුරටත් නිහඬව ඉන්න බැහැ! මම ටිකක් උස හඬින් මෙහෙම කියන්න පටන් ගත්ත, ‘ මං හිතන්නෙ…මම ඇවිල්ල ඉන්නෙ වැරදි තැනකට..මම මෙතන ඉන්න එක සාධාරණ නැහැ, මම මේ කණ්ඩායමට අයිති නැති නිසා, ඉනෝකා කිව්වෙ ස්වාධීන විද්වත් හමුවක් ගැන…ඒ නිසා මම යනව..’ මම නැගිට්ට.

‘ අපිට ඉතිං බොරු කියන්න බැහැනෙ…අපි රනිල්ට තමයි මේ කැම්පේන් එක කරන්නෙ..හරි! චාපා ගෙ මතය අපිට කියල යන්නකො..’

බෙනට් සුහද හඬකින් කිවව. ‘ ම්ම්ම්..මගෙ අදහස වෙනස්…අපිට රටක් හැටියට ගොඩ එන්න ඇත්ත විද්වත් කතිකාවක් ඕනෙ, මේ එක එක දේශපාලන නායකයො අල්ලගෙන ඒක කරන්න බැහැ, ඇත්තටම…මේ..හර්ෂල ගැන..

නවරත්න ගමගේලා ගැන මට තියෙන්නෙ කණගාටුවක්…මේ අයට ලොකු බලයක් තියෙනව, අපි රට හරි දිශාවට තල්ලු කරන ජනතා බලවේගයක් ගොඩ නගන්න ඕනෙ..මම පෙනී හිටින්නෙ ඒ වෙනුවෙන්…’ එහෙම කියාගෙන ගිය මං එතනින් එන්න අවා. අපි මේ මොනවද කරමින් ඉන්නෙ!? මම මේ තවම කල්පනා කරනව.

CHAPA

24
මාර්තු
18

ආචාර්ය නාලක ගොඩහේවා ඔබට බොහොම ස්තූතියි… (UN)

කොටි සංවිධානය ‘අ’යන්නේ සිට කල අපරාධ 

අපට අනවශ්‍ය ඔබේ සහාය බලෙන් දෙන්න එපා.. කොටි සංවිධානය ‘අ’යන්නේ සිට කල අපරාධ ජිනීවාහි රැවුදේ…

ආචාර්ය නාලක ගොඩහේවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සමුලුවේ, ” ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ බලපෑම්” යන මැයෙන් වූ සමාන්තර සැසිවාරයේදී කල දේශණයේ පරිවර්ථනය…

තිස් වසරක් පුරා ලෝකයේ දරුනුණුතම ත්‍රස්තවාදී කන්ඩායමක් වන එල් ටී ටී ඊ සංවිධානය විසින් භීෂණයට ලක් කොට තිබූ ලංකාව කොටි ත්‍රස්ථවාදයේ රුදුරු ග්‍රහණයෙන් මුදවාගෙන, අඳුරින් වැසී තිබුන දේශයට යලි සාමයේ ආලෝකය ගෙන එනු ලැබුවේ 2009 වසරේදීයි.

කොටි ත්‍රස්ථවාදීන්ට අවශ්‍යව තිබුනේ වෙනම රටක්. එය ඔවුන් හැදින්වූයේ ඊලාම් දේශය කියායි

එය දිනා ගැනීම සඳහා ඔවුන් උතුරු හා නගෙනහිර පලාත්වල සන්නද්ධ අරගලයක යෙදී සිටියා. ඊට සමාන්තරව ඔවුන් රට පුරා සෑම ප්‍රදේශයකම වාගේ ත්‍රස්ථ ක්‍රියා කරමින් භීෂණය පැතිරුවා

ලෝකයට මුලින්ම මරාගෙන මැරන ත්‍රස්ථවාදීන් යන සංකල්පය හඳුන්වා දුන්නේ කොටි සංවිධානයයි. ඔවුන් කාන්තාවන් හා කුඩා දරුවන්පවා මිනිස් බෝම්බ බවට පත්කලා. කෲර බව අතින් කොටීන්ටට සමකල හැකි ත්‍රස්ථවාදී කන්ඩායමක් එකල ලෝකයේ කිසි තැනක සිටියේ නැහැ. ලෝකය පුරාම ත්‍රස්ථ කන්ඩායම් කාලයත් සමග කොටි ත්‍රස්ථවාදීන් ආදර්ශයට ගන්නට පටන් ගත්තා.

රටවල් දෙකක නායකයින් එනම් ඉන්දීය අගමැති රජීව් වූ ගාන්ධි හා ලංකාවේ ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස දෙදෙනාම කොටින්ගේ මරාගෙන මැරෙන මිනිස් බෝම්බවලට අසුවී මියගියා.

එල් ටී ටී ඊ සංවිධානය බලය තහවුරු කරගත්තේ ඉතා ක්‍රමානුකූලවයි. මුලින්ම ඔවුන් රටේ සිටි ප්‍රබල දෙමල දේශපාලනඥයින් මරාදැමුවා. දෙවනුව අනෙකුත් දෙමල ත්‍රස්ථවාදී කන්ඩායම් වල නායකයින් මරාදැමුවා. ඊ ලඟට තමුන්ට අනාගතයේ තර්ජනයක් විය හැකි නැගී එන දෙමල නායකයින් මරාදැමුවා. අවසානයේ දෙමල ජනතාවගේ එකම නියෝජිතයා බවට එල් ටී ටී ඊ සංවිධානය පත්වුන අතර දෙමල ජනතා සංධානය වැනි දෙමල දේශපාලන කන්ඩායම් ඒ වන විට කොටීන්ගේ අතකොලු බවට පත්වී සිටියා.

80 මුල් කාලයේදීම උතුරේ ජීවත්ව සිටි සිංහල ජනතාව පලවා හැරීමේ කාර්ය පටන් ගත්තා.මායිම් ගම්මාන වල සිටි සිංහලයින් 500කට වැඩි ප්‍රමාණයක් ඔවුන් මරාදැමුවා. 1981 සංගනනයට අනුව යාපනය අර්ධදිවීපයේ සිංහලයන් 19,334ක් ජීවත්ව සිටියත් 90 දශකය වන විට එකද සිංහලයෙක් වත් එහි ඉතුරුව සිටියේ නැහැ.

ඊලගට ඔවුන් අවධානය යොමුකලේ උතුරේ ජීවත්වූ මුස්ලිම් ජනතාවටයි. 1990 ඔක්තොබර් මාසයේ දිනක උතුරේ ජීවත්වූ 75,000කට වැඩි මුස්ලිම් ජනතාවට පැය 48 ක් තුල ඉවත්වන ලෙස කොටි ත්‍රස්ථවාදීන් අණකලා. එම අණට පිටුපෑවන්ට අත්වූයේ මරණයයි. ඊට අමතරව උතුරු හා නැගෙනහිර පලාත්වල මුස්ලිම් ගම්මාන රාශියක් ඔවුන් විනාශකලා. එම පහරදීම වලදී 600 කට වැඩි මුස්ලිම්වරුන් ඝාතනය වුනා.

බහුතර ජනතාව දෙමල නොවන ප්‍රදේශවල දිගින් දිගටම එල් ටී ටී ඊය විසින් මනුෂ්‍ය ඝාතන කරනු ලැබුවා. වසර 30 ක් තිස්සේ මේ ආකාරයට භීෂණය පතුරවමින් ඔවුන් උත්සාහකලේ 1983 වූවාක් මෙන් ජාතිවාදී කලබලයක් අවුස්සා ගන්නටයි. එය ඔවුන්ගේ අන්තර්ජාතික ප්‍රචාරක කටයුතුවලට වාසියක් කරගන්නයි ඔවුන්ට අවශ්‍ය වූයේ. නමුත් සිංහල හෝ මුස්ලිම් ජනතාව යලිත් එම උගුලට යලි අසුවුනේ නැති නිසා 1983න් පසු කිසිවිටක රටේ අන් ප්‍රදේශවල ජීවත් වූ දෙමල ජනතාවට අනතුරක් සිදුවුනේ නැහැ. මෙය සාමාන්‍ය ශ්‍රී ලාංකික ජනතාව කෙතරම් සාමකාමීද කියා පෙන්වන්නට හොඳම උදාහරණයක්.

1985 අගෝස්තු 14දා සිංහල බෞද්ධයන්ගේ පූජනීය නගරයට එල් ටී ටී ඊ ත්‍රස්ථාවාදීන් රැගත් බසයක් ලඟාවුනා. බෞද්ධයන්ගේ අතිශය පූජනීය ස්ථානයක් වන ශ්‍රී මහා බෝධිය අසල ධර්මානුකූලව සිටි අහිංසක උපාසක උපාසිකාවන් 120කට අධික ප්‍රමානයක් ඔවුන් විසින් එදා වෙඩිතබා මරාදමනු ලැබුවා. ඔවුන් බලාපොරොත්තු වූයේ මින් සිංහල බෞද්ධයන් කුපිතව දෙමල ජාතිකයින්ට පහරදෙයි කියායි . නමුත් එය සිදුවුනේ නැහැ. මෙසේ ආරම්භ වූයේ වසර 25 ක් තිස්සේ කොටි සංවිධානය විසින් දිගින් දිගටම සිදුකල මහා ඝාතන රැල්ලක ආරම්භයයි.

*1987 අප්‍රේල් 17දා එල් ටී ටී ත්‍රස්තයන් විසින් හබරණදී බස් මගීන් 121ක් මරාදමා 44කට තුවාල සිදු කලා
*1987 අප්‍රේල් 21දා පිටකොටුව බස් නැවතුම්පොලේ පිපිරවූ බොම්බයකින් 106 දෙනෙකු මියගොස් 295 දෙනෙකුට තුවාල සිදු වුනා
*1987 ඔක්තෝබර් 6දා මඩකලපුව තැපැල් දුම් රියට ගිනි තැබීමෙන් 40 දෙනෙකු මියගොස් 24දෙනෙකු තුවාල ලැබූවා.
*1987 නොවැම්බර් 9දා මරදානේ වාහනයක තිබූ බොම්බයක් පුපුරා 23දෙනෙකු මියගිය අතර 106 දෙනෙකුට තුවාල සිදු කලා.
*1989 අප්‍රේල් 13දා ත්‍රීකුණාමල නගරයේ කාරයක තිබු බොම්බයකින් 51 දෙනෙකු මියගොස් 43 ට තුවාල සිදු වුනා.
*1990 අගෝස්තු 3දා එල් ටී ටී ඊ ත්‍රස්ථයන් විසින් මඩකලපුවේ කතන්කුඩි වල පල්ලියකට පහරදී 147 දෙනෙකු මරාදමන ලද අතර 70 දෙනෙකුට තුවාල සිදු කලා
*1990 අගෝස්තු 6දා අම්පාරේ කුඹුරක වැඩ කරමින් සිටි ගොවීන් 34දෙනෙකු මරාදමා තිබුනා.
*1992 අප්‍රේල් 10දා අම්පාරේ බසයක් තුල බොම්බ පිපිරීමකින් 28දෙනෙකු මියගොස් 36 දෙනෙකුට තුවාල සිදු වුනා
*1994 ඔක්තෝබර් 24දා මරා ගෙන මැරෙන බොම්බ කරුවෙකු විසින් තොටලගදී 54දෙනෙකු මරාදමන ලද අතර 72කට තුවාල සිදු වුනා
*1995 අගෝස්තු 7දා මරා ගෙන මැරෙන බොම්බ කරුවෙකු විසින් නිදහස් චතුරශ්‍රය අසලදී 23දෙනෙකුට මරු කැඳවන ලද අතර 40 දෙනෙකුට තුවාල සිදු වුනා
*1996 ජන්වාරි 31දා මහ බැංකුවට එල්ලවූ බොම්බ ප්‍රහාරයෙන් 80 දෙනෙකු මියගොස් 1200 ක් තුවාල ලැබූවා

*1996 ජූලි 24දා දෙහිවල දුම් රිය ස්ථානයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 57දෙනෙකු මියගොස් 356ක් තුවාල ලැබූවා.
*1998 මාර්තු 5දා මරදානේදී 36 දෙනෙකු මියගොස් 270ක් තුවාල ලැබුවේ වාහනයක තිබූ බොම්බයක් නිසායි
*1998 දෙසැම්බර් 18දා මගී ප්‍රවාහනයේ යෙදී සිටි කුඩා ගුවන් යානයක් ත්‍රස්ථවාදීන් විසින් බිමහෙලීම නිසා සාමාන්‍ය වැසියන් 54දෙනෙකු මරණයට පත් වුනා

*1999 දෙසැම්බර් 18දා ටවුන් හෝල්හීදී චන්ද රස්වීමකට එල්ලකල මරාගෙන මරෙන බොම්බ ප්‍රහාරයකින් 16දෙනෙකු මියගොස් 106 දෙනෙකුට තුවාල සිදු වුනා
*2000 ජුනි 7දා මරාගෙන මරෙන ත්‍රස්ථවාදියෙකු විසින් රත්මලානේදී 24දෙනෙකු මරාදමන ලද අතර 60 දෙනෙකුට තුවාල සිදු වුනා
*2000 නොවැම්බර් 28දා අනුරාධපුරයෙදී පුපුරා ගිය ක්ලේමෝ බොම්බයක් නිසා 16දෙනෙකු මියගොස් 36 දෙනෙකු තුවාල ලැබූවා
*2006 ජුනි 15දා කැබිතිගොල්ලෑවේදී ක්ලේමෝ බොම්බ දෙකක් පුපුරා 64දෙනෙකු මියගොස් 87 දෙනෙකුට තුවාල සිදුවුනා
*2007 අප්‍රේල් 25දා මොනරාගලදී බසයකට එල්ල කරන ලද බොම්බ ප්‍රහාරයකින් 27දෙනෙකු මියගිය අතර 65 දෙනෙකුට තුවාල සිදු වුනා
*2008 ජූනි 6දා කටුබැද්දේදී බසයක් තුල බොම්බයක් පුපුරා 23 දෙනෙකු මියගිය අතර 28දෙනෙකු තුවාල ලැබුවා
*2008 ඔක්තෝබර් 6දා එල් ටී ටී ඊ මරාගෙන මැරෙන බොම්බ කරුවෙක් විසින් අනුරාධපුර චන්ද රැස්වීමකට සහාභාගී වී සිටි 27දෙනෙකු මරදාමා 84 දෙනෙකුට තුවාල සිදු කලා

නමුත් මේ කාලය පුරාවටම අන්තර් ජාතික ප්‍රජාව හැසිරුනේ මේ කිසිවක් නොදැක්කා සේයි.

කොටි ත්‍රස්ථවාදීන් මායිම් ගම්මානවල සිටි අහිංසක සිවිල් වැසියන් කෲර වදහිංසා කොට මරදමන විට , රටපුරා බෝම්බ පුපුරවමින් සිවිල් වැසියන් තොග පිටින් මරාදමන විට කිසිදු විදේශීය ආයතනයක් ඒ මිනිසුන් වෙනුවෙන් කතා කලේ නැහැ. ඒ කාලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අපව මතක් වුනේ නැහැ. ලංකාවේ සිදුවන මනුෂ්‍ය ඝාතන ගැන සොයන්නට එදා කවුරුවත් ලංකාවට නියෝජිතයෝ එව්වේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධායනයේ මහලේකම්ලා ලංකාවේ සිදුවන ත්‍රස්ථවාදී ප්‍රහාර ගැන වාර්ථා සපයන්න කමිටු පත්කලේ නැහැ. කවුරුවත් යෝජනා සම්මත කලේත් නැහැ. සරලව කියනවානම් එදා අපිට පිහිට වෙන්න කිසිවෙක් හිටියේ නැහැ. අපේ ප්‍රශ්ණය විසඳාගන්න සිටියේ අපි පමනයි

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ අණින් ත්‍රස්ථවාදීන්ට යටත්වුන නැගෙනහිර සේවය කල පොලීස් නිලධාරීන් 600 ක් අමු අමුවේ මරාදැමුන විට එය යුධ අපරාධයක් කියල කාටවත් මතක් වුනේ නැහැ.

යුධමය ක්‍රියා මාර්ගයකින් එල් ටී ටී ඊය පරාජය කරන්නට පසුගිය රජය තීරණය කලේ සියලු ආකාරයේ සාම සාකච්ඡා අසාර්ථක වුනාට පසුවයි. එහෙත් එයට රජය යුද්ධයක් කිවේ නැහැ. එය හැඳින්වූයේ මානුෂික මෙහෙයුමක් ලෙසයි, මන්ද අපේ ත්‍රිවිධ හමුදාව ඉදිරියට ගියේ අපේම රටේ ජනතාව වෙනුවෙන්. ඒ මානුෂික මෙහෙයුමේදී කොටි ත්‍රස්ථවාදීන් මිනිස් පලිහක් ලෙස යොදාගෙන සිටි ලක්ෂ 3කට ආසන්න දෙමල ජනතාව මුදාගන්නට අපේ හමුදාවන්ට පුලුවන් වුනා.

එල් ටී ටී ඊය ඉතා ප්‍රබල ත්‍රස්ථවාදී සංවිධානයක් වීමට එක් මූලික හේතුවක් වූයේ ලෝකයේ රටවල් ගනනාවක පැතිර තිබූ ඔවුන්ගේ අන්තර් ජාතික ජාලයයි. ලෝකය පුරා විසිර සිටි දෙමල ඩයස්පෝරාවෙන් කැමත්තෙන් හෝ අකමැත්තෙන් එකතු කර ගත් මුදල් යුද්ධයට ඍජුවම වියදම් කරනවාට අමතරව විවිධ ව්‍යාපාරවල ආයෝජනයද කෙරුනා. මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම් , මිනිස් වෙළඳාම, හොර බඩු ප්‍රවාහනය, පාතාල ගනුදෙනු වැනි විවිධ ක්‍රමවලින් මුදල් උපයන ලද අතර මුදල් යොදවා විවිධ රටවල බලගතු දේශපාලනඥයින් හා ලෝක සංවිධානවල බලගතු නිලධාරීන් තමන්ට හරවාගැනීමට ඔවුන්ට පුලුවන් වුනා. මුදල් ගෙවා තමන්ගේ පැත්තට හරවා ගත් මාධ්‍යවේදීන්ට අමතරව තමුන්ගේම මාධ්‍ය ආයතන පවා ඔවුන්ට තිබුනා.

යුද්ධය 2009 අවසන් වූවාට මියගියේ ලංකාවේ සිටි සන්නද්ධ ත්‍රස්ථවාදීන් පමනයි. ඔවුන්ගේ අන්තර් ජාතික ජාලය ඉතුරුවුනා. ඒ අනුව එදා ප්‍රභාකරන් යටතේ තිබුන විශාල ව්‍යාපාර ජාලය හා ආදායම අද පාලනය කරන්නේ මේ අයයි. ඔවුන්ට මේ ව්‍යාපාරයේ වත්කම්වලින් දිගටම සැප විඳින්නට නම් ඊලාම් ව්‍යාපාරය නොනැසී පැවතිය යුතුයි. එදා යුද්ධයට ආයුධ මිලදී ගන්නට ගිය විශාල මුදල අද සම්පූරණයෙන්ම ඉතුරුවන නිසා ඉන් සුලු කොටසක් පමනක් වැය කොට අන්තර් ජාතික සංවිධාන තම අවශ්‍යතාවෙනුවෙන් යොදවාගන්නට මේ අයට පුලුවන්.

ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධය අවසන් වී වසර ගනනාවකට පසුත් අදත් ලංකාවට නිදහසේ ඉන්නට අන්තර් ජාතික සංවිධාන ඉඩ නොදෙන්නේ ඔවුන්ව මේ අන්තවාදී බලවේග විසින් පාලනය කෙරෙන නිසායි. අපේ රටේ සිංහල , දෙමල , මුස්ලිම්, බර්ගර් හා අන් සියලුදෙනා සහෝදරත්වයෙන් එක්වී වසර 30 ක් තිස්සේ එක්තැන පලවූ රට ගොඩනගන්නට උත්සහ කරද්දී මේ අය කරන්නේ ඉතිහාසයේ තුවාල හොඳ වන්නට ඉඩ නොදී යලි යලිත් පෑරීමයි. අන්තවාදී දෙමල ඩයස්පෝරාවේ මුදලට අද ලංකාවේ පවතින රජයත් යටවෙලා බව අපට කනගාටුවෙන් කියන්නට වෙනවා. තමුන්ගේම රටේ හමුදාවන්ට එරෙහිව විදේශ රටක් විසින් ගෙන ආ යෝජනාවකට සම අනුග්‍රහය දක්වන්නට තරම් දීන තත්වයකට පත් වූ ලෝකයේ එකම රට බවට ලංකාව පත් වන්නේ ඒ අනුවයි .

අපි ඔබට අවධාරණය කොට කියා සිටිනවා ලංකාවේ බහුතරයක් ජනතාව ජාතිවාදීන් නොවෙන බව. ශ්‍රී ලාංකික සමාජය සකස් වී තිබෙන්නේ සිංහල , දෙමල, මුස්ලිම්, බර්ගර් හා තවත් ජනවර්ග කිහිපයක එකතුවෙන්. මේ සියලුදෙනාම රටේ උරුමක්කරුවෝ. ඔවුන්ගෙන් කිසි අයෙකු අන් අයෙකුට වඩා උසස් හෝ පහත් නැහැ. අවාසනාවකට වගේ අපි අතරම සිටින අමන මිනිසුන් කිහිපදෙනෙකුව කපටි දේශපාලනඥයින් විසින් යොදාගෙන තිබෙනවා රට තුල නැති ජාතිවාදයක් ලොවට පෙන්වන්නට. අන්තවාදීන් කිහිපදෙනෙකුගේ අනුවණ හැසිරීම් වලින් ලංකාවේ ජීවත්වන සාමකාමී බුද්ධිමත් බහුතර ජනතාව මනින්න එපා. ලංකාවේ ජීවත්වන අති බහුතරයක් ශ්‍රී ලාංකිකයිනට අවශ්‍යය සාමයයි, තම තමන්ගේ ආගමික , වාර්ගික හා සංස්කෘතික අනන්‍යතාවන් රැකගෙන ගෞරවාන්විතව ජීවත් වීමටයි ඔවුන්ට අවශ්‍ය. ඔවුන් ඉල්ලන්නේ සෑම කෙනෙකුටම පොදුවූ ආර්ථික නිදහසයි.

වසර 2600 ක ලිඛිත ඉතිහාසයක් තිබෙන අපිට අපේ ප්‍රශ්ණ විසඳාගන්නට පුලුවන්. අපේ ජනතාව ගැන බලාගන්න අපිදන්නවා. ඒ නිසා තම කපටි අරමුණු ඉටුකරගන්නට බළල් අත් යොදාගන්නන්ගේ ප්‍රයෝග වලට අසුවී ලංකාවට බලපෑම් නොකරන ලෙස අපි අන්තර් ජාතික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. අපට අනවශ්‍ය ඔබේ සහාය බලෙන් දෙන්න උත්සාහ කරන්න එපා.

– චාමින්ද කරුණාරත්න

28
පෙබ.
18

දුර්දාන්ත රජයන් අවසානයේ ජනතාව විසින්ම පලවා හරිනවා…

ජනතාවට එකම විසදුම ගෝටා කියයි.. දේශපාලනය උණුසුම් කරමින් ගෝටාභයගෙන් නිවේදනයක්..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

නීතිය අවනීතිය කරණ වත්මන් රජයේ පොලිස් විමර්ශණ

පසුගිය කාලය පුරා අවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස්, රක්නා ලංකා ආරක්ෂක සේවා, ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීම, ඩී ඒ රාජපක්ෂ පදනම වැනි විෂයන් රාශියක් යටතේ විවිධ විමර්ශණ පවත්වමින් මගේ චරිතය ඝාතනය කිරීමට උත්සාහ දැරූ වත්මන් රජයේ අලුත්ම ප්‍රයත්නය වන්නේ හිටපු පුවත් පත් කතෲ වරයෙකු වන ලසන්ත වික්‍රමතුන්ංග මහතාගේ ඝාතනයට මගේ සම්බන්ධයක් ඇතැයි රටට ඒත්තු ගැන්වීම බව හා ඒ මගින් හෝ මා අත් අඩංගුවට ගැනීමට හේතුවක් සොයාගැනීම බව මෑත කාලීන ප්‍රවෘති හා ආන්ඩු පක්ෂයේ විවිධ දේශපාලනඥයින්ගේ ප්‍රකාශ වලින් පෙනී යයි.

පසුගිය සතියේ රජයට සම්බන්ධ ආරංචි මාර්ග උපුටා දක්වමින් පසුගිය සතියේ එක්තරා වෙබ් අඩවියක පවසා තිබුනේ දැනට අත් අඩංගුවේ පසුවන පොලිස් නිලධාරියෙකුගේ සාක්ෂි අනුව ලසන්ත ඝාතනයට හමුදා බුද්ධි අංශ සම්බන්ධ බවත්, එවකට ජාතික බුද්ධි අංශ ප්‍රධානී වූ මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ යටතේ හමුදාවේ ඝාතන කල්ලියක් ක්‍රියාත්මක වූ බවත් එකල හෙන්දවිතාරණ වාර්ථා කලේ ගොඨාභය රාජපක්ෂට බවත්ය.

මෙය පැහැදිලිවම ජනතාව නොමග හැරීමට හා සත්‍ය තොරතුරු වසන් කිරීමට ගන්නා හාස්‍ය ජනක උත්සාහයකි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වූ කාලයේ මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් සිටි අතර ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි අංශ ප්‍රධානී තනතුර දරමින් ජාතික ආරක්ෂාව පිලිබඳ උපදේශන හා සම්බන්ධීකරණ කටයුතුවල පමනක් නියැලී සිටියේය. ජාතික බුද්ධි ප්‍රධානී යනු හමුදාවට අයත් නොවන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති සිවිල් තනතුරක් පමනක් නිසා කපිල හෙන්දවිතාරණ යටතේ කිසිදු හමුදා ඛන්ඩයක් ක්‍රියාත්මක නොවීය.

හමුදා බුද්ධි අංශ වල පාලනය ඇත්තේ යුධ හමුදාව යටතේ මිස කපිල හෙන්දවිතාරණ රාජකාරි කල ආරක්ෂක අමාත්‍යාංශය යටතේ නොවේ. හමුදා බුද්ධි අංශ ක්‍රියාත්මක වන්නේ යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂක මන්ඩලය යටතේයි. එවකට එහි ප්‍රධානියා වූයේ අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රධාන මාන්ඩලික බ්‍රිගේඩියර් අමල් කරුණාසේකරයි. ඔහු වාර්ථා කලේ හමුදාපතිවරයාටයි. මේ කියනා අවධියේ හමුදාපතිවරයා වුයේ ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා වූ අතර යුද්ධයේ උච්චතම අවස්ථාව වූ මේ කාලයේ හමුදාපති සරත් ෆොන්සේකාගේ අනුදැනුමෙන් තොරව කිසිදු බුද්ධි අංශ හමුදා ඛන්ඩයක් ක්‍රියාත්මක වුවා විය නොහැකි බව ජාතික ආරක්ෂක කටයුතු පිලිබඳ අල්පමාත්‍ර අවබෝධයක් හෝ ඇති අයෙකු දනී.

මෑත කාලීන දේශපාලන මඩ ප්‍රචාරණ වලට අනුව ලසන්ත ඝාතනය සිදු වූයේ මිග් ගුවන් යානා පිලිබඳව මා හට එරෙහිව ඔහු විසින් කරන්නට ගිය හෙලි කිරීම් නිසාය. මේ සාවද්‍ය ප්‍රකාශය කරනා අයට අමතක වී ඇති කරුණ නම් මිග් ගුවන් යානා පිලිබඳව මට අපහාස වන ආකාරයට අසත්‍ය ප්‍රවෘතී ප්‍රචාරය කිරීම පිලිබඳව ලසන්ත කතෘත්වය දැරූ සන්ඩේ ලීඩර් පුවත් පතට මා විසින් එදා නඩු පැවරූ බවය. එම නඩුවෙන් මා දිනු අතර, අසත්‍ය චෝදනා කිරීම පිලිබඳව සමාව ඉල්ලා ප්‍රසිද්ධ නිවේදනයක් පලකරන ලෙස උසාවිය විසින් ලසන්තගේ පුවත් පතට නියෝග කරන ලදී. ඒ අනුව සන්ඩේ ලීඩර පුවත්පත ප්‍රසිද්ධියේ මගෙන් සමාව ඇයැද සිටියේය.

ලසන්ත වික්‍රමතුංගගේ චෝද්නාවලට මා පිලිතුරු දුන්නේ ඒ ආකාරයට ගෞරවාන්විතව රටේ පවතින නීතිය තුලය. පුවත්පත ප්‍රසිද්ධියේ වරද පිලිගෙන සමාව ඉලලා සිටි නිසා ඉන් ඔබ්බට මා හට ඔවුන් සමග ගැටලුවක් නොතිබුනි.

නමුත් මෙහිදී මතක් කල යුතු වැදගත් කරුණක් නම් ලසන්ත ඝාතනය වන්නට සති කිහිපයකට පෙර ඔහු විසින් එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකාවද දැඩිලෙස විවේචනය කරමින් ලිපි පෙලක් ලියන ලද බවයි. නමුත් මේ සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මා කලාක් මෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. විවේචනය පිලිබඳ දැඩිලෙස කුපිතව සිටි ඔහු ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය කුමක්ද කියාත් අද ලසන්ත ඝාතනය ගැන පක්ෂාග්‍රාහී විමර්ශණයක් පවත්වන රහස් පොලීසිය සොයාබැලිය යුතුය. වෙනත් කරුණක් සඳහා වරක් රහස් පොලීසිය මගෙන් ප්‍රශ්ණ කල අවස්ථාවක ලසන්ත ඝාතනය සිදුවූ අවධියේ කොළඹ ප්‍රදේශයේ මෙහෙයුම් බාරව සිටි 112 බල සේනාධිපති බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන යන නිලධාරියා යටතේ සිටි හමුදා ඛන්ඩ වල ක්‍රියාවන් ගැන සොයා බලන ලෙස මම රහස් පොලීසියට පැවසුවද දේශපාලන බලපෑම් මත එය සිදු නොවූ බව පෙනීයයි.

එදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලසන්ත ඝාතනය ගැන පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ඍජුවම චෝදනා කලේ හිටපු අමුදාපති සරත් ෆොන්සේකාටය. හිටපු කතානායක වරයෙකු වන ජෝෂප් මයිකල් පෙරේරාද එයට සමාන ප්‍රකාශයක් කලේය. මේ අය අද බලයේ පැමින සිටිනා නමුත් හුදෙක් දේශපාලන අරමුණු මුල් කරගෙන එදා ඔවුන්ම කල චෝදනාව අමතක කොට ලසන්ත ඝාතන විමර්ශනය වෙනතකට හැරවීමේ දීන ප්‍රයත්නයක යෙදී සිටිති.

ලසන්ත ඝාතනයට හේතුව අපාහාසාත්මක ලිපි නම් ඔහුගේ අපහාසයට ලක්ව එයට එරෙහිව නඩු මගට ගිය මා ගැන සෙවීමට අද පොලීසියට තිබෙන උනන්දුව ලසන්තගේ අපහාසයට ලක්ව ඔහුට එරෙහිව කිසිදු නීතිමය පියවරක් නොගත්, එසේම ලසන්ත ඝාතනය කලායැයි සැකකරනු ලබන හමුදා බුද්ධි අංශ වලට අණ දිය හැකි බලයක් එදා තිබුන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගැන සොයන්නටත් පොලීසියට තිබිය යුතුය.

විශේෂයෙන්ම වර්ථමාන අගමැතිවරයා එදා ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදනා කලේ එවකට හමුදාපති වූ සරත් ෆොන්සේකාට නිසා අද රනිල් වික්‍රමසිංහ මහතා යටතේම තිබෙන පොලීසියට එදා ඔහු කල චෝදනාව ගැන පරීක්ෂණ අරඹන ලෙස නියෝගයක් දීම පහසුවෙන්ම කල හැක. ඒ වෙනුවට අද කුහක දේශපාලනඥයින් කරන්නේ නරියාට කුකුල්ලු බාර දුන්නාක් මෙන් සරත් ෆොන්සේකාට පොලීසිය බාර දිය හැකිදැයි යෝජනා කිරීමයි.

අවසාන වශයෙන් රටේ ජනතාවට අප කිවයුත්තේ හුදෙක්ම දේශපාලන අරමුණු මුල්කරගෙන පොලීසිය පවා බොරු සාක්කි නිර්මාණය කිරීමේ කටයුත්තට යොදා ගනිමින් වර්ථමාන රජය ගෙන යන මර්ධනකාරී වැඩපිලිවෙල ලංකාවේ නීතිය ක්‍රියාත්මකවන ආකාරය පිලිබඳව රට තුල පමනක් නොව ජාත්‍යන්තරවද මහත් අපකීර්තියක් ගෙන එමට හේතුවන බවය.

නීතිය අවනීතිය වූ රටක පුරවැසියන්ට ඇති එකම විසඳුම අයුක්තියට එරෙහිව නැගී සිටීමයි. එහෙයින් ලෝකයේ බොහෝ රටවල බිහිවූ මෙවැනි දුර්දාන්ත රජයන් අවසානයේ ජනතාව විසින්ම පලවා හැරියාක් මෙන් නුදුරු අනාගතයේදීම ශ්‍රී ලාංකික ජනතාවද මේ අසාධාරණයන්ට නිසි පිලිතුරු දෙනු ඇත.

ගෝඨාබය රාජපක්ෂ
හිටපු ආරක්ෂක ලේකම්

29
නොවැ.
16

තුසිත හල්ලොළුවගේ ඉන්දින් බඩු ලාබෙට ගහන්න නං රාජගිරිය බුත්ගමුව ෆෙයාර් මවුන්ට් රෙසිඩන්සියට යන්න

eaea1-ranil2bgay2bpot51a8c-thusithah_lnw4-taemimages (1)

මේ හොර ජාවාරම්, රවීලා මංගලලා නොදැන වෙන ඒවාද ?

පසුගියදා ක‍ටුනායක ගුවන් තො‍ටු පොලෙන් නීති විරෝධී ලෙස මෙරටින් මුදල් පන්නා ගැනීමට ගත් උත්සාහයක් රේගුව විසින් වලක්වා තිබිණි. එම සිදුවීමට සම්බන්ධ කුප්‍රකට ඉන්දීය ජාවාරම් කරුවා රාම් සුදර්ශනය. ඔහු සමඟ මේ කටයුත්තට හවුල් වූ අනෙක් අය විදේශ ඇමතිගේ මාධ්‍ය සම්බන්ධීකරන ලේකම් තුසිත හල්ලොළුව බවත් දැන ගැනීමට තිබේ.

එමෙන්ම මෙම ප්‍රශ්නයෙන් ඔවුන්ව බේරාගැනීමට මැදිහත් වූ ඇමැතිවරයා රවී කරුණානායක බවත් දැන ගැනීමට තිබිණි. නමුත් මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියවලිය ඉදිරියට යෑම නතර වූයේන් එහි සත්‍ය අසත්‍යතාවය ඔප්පු වූයේද නැත. ඉදිරියේදී ඔප්පු වීමට නියමිතවද නැති බවට සැකයක්ද නැත.

කොහොම නමුත් යහපාලන ආණ්ඩුව බිහි කරලීමේ රහසිගත ක්‍රියාවලියේ ප්‍රධානියකු ලෙස පෙනී සිටිමින් ( අපි දන්න තරමින් ඔහු සිදු කළේ සිරිකොතට ලැබුණු බත් පාර්සල් ඒ ඒ කාර්යාලවලට බේදාහැරීම හා ඉන් පසුව නිදාගැනීම පමණය) යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛත්ම ඩීල් කරුවකුව සිටින මේ කොට හාදයා, තුසිත හල්ලොලුව රාම් සුදර්ශන නැමැති කූප්‍රකට ඉන්දියනු ජාවාරම් කරුවා සමඟ කළ සෙල්ලමේ කොටසක් පසුගිය ඉරිදා සත්හඬ පුවත් පත මඟින් හෙලි කර තිබිණි. ඒ සම්පූර්ණ කතාව මේ සමඟ පහත දැක්වේ.

වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමේදී කිව් කතාවලට වලංගුතාවයක් දැන් නැති අතර එදා රාජපක්ෂ යුගයේ පැවැති මජර පාලනයම එසේම පවත්වාගෙන යන බවට ඉතා හොඳ නිදසුනක් මේ සිදුවීම මඟින් පෙන්වා දෙයි.

කළු සල්ලි රට යවන ජාවාරමේ මොළකරු

යහපත් කාලගුණයක් පවතින විට කුණාටුවක් ගැන කල්පනා නොකිරීම මිනිසාගේ පොදු දුර්වලතාවකි” යි ලියා තැබුවේ නිකොලොයි මැකියාවෙලි ය. ඒ සිය කුමාරයා කෘතියේය.

අපට අනුව වත්මන් ආණ්ඩුව මේ මොහොතේ ගත කරමින් සිටින්නේ මැකියාවෙලි පෙන්වා දුන් ඒ දුර්වලතාව හොඳින් ප්‍රකාශමාන කරමින්ය. කෙසේ වුවත් මේ කතාව අපට සිහිපත් වන්නට නිමිත්ත වූයේ අයවැය පිළිබඳ සම්මුඛ සාකච්ඡාවක් ගැනීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙත ගිය අවස්ථාවේ සත්හඬ මාධ්‍ය භාවිතාව සම්බන්ධව අමාත්‍යවරයා එල්ල කළ විවේචනයයි. එම විවේචනය තුළ කියවුණු එක් කතාවක් නම් සත්හඬ රාත්‍රියට ගෝඨාභයලා සමඟත් උදේට වික්‍රමසිංහලා සමඟත් සිට තුප්පහි මාධ්‍ය භාවිතයක නිරත වන බවය. ඇමැතිවරයාගේ මේ විවේචනය ගැන අපට ගැටලුවක් නැත. මන්ද සත්හඬ පසුගිය කලාප කියවන ඕනෑම අයෙකුට ඇමැතිගේ විවේචනයේ පදනමට අවශ්‍ය සාක්ෂි ඕනෑ තරම් සොයාගත හැකි නිසාය.

ඒ අනුව අපේ එක් පසෙක මැකියාවෙලි කියූ පන්නයේ දුර්වලතාවයෙන් ආතුර වූ බහුතරයකින් යුතු ආණ්ඩුවක්ය. අනෙක්පස මුදල් අමාත්‍යවරයා ගේ විවේචනය ය. ඒ පසුබිමේ අපේ සූදානම ඇමැති රවී කියූ රාත්‍රියේ ගෝඨාභය සමඟ පමණක් නොව දවසම රාජපක්ෂ රෙජීමයේ කටු කෑ සහ අද ද යහපාලනයේ නාමයෙන් හොරෙන් කටුකන උදවිය කවුද යන්න ලියන්නටය. ඒ හමුවේ අප වෙත ලබා දුන් උත්තේජනය වෙනුවෙන් අප මුදල් අමාත්‍යවරයාට තුති පුදකළ යුතුය. එනිසාම ඇමැති රවී මේ ලිපිය ඔහුට පුදන මල් කළඹක් ලෙස ගත්ත ද ගැටලුවක් නැත.

ඒ මල් කළඹ අප ඇමැති රවීට පුදන්නේ නොවැම්බර් 16 වන දා ඔහු සමඟ කළ සංවාදයේ අප පටිගත කළ දෙබසකින් සරසාය.

“ඇමතිතුමා, රාම් සුදර්ශන් රට ගිය විදිහ ගැන ඔබතුමාගේ දැනුවත් බවක් නැද්ද?

මං දන්නෙ නෑ. ඒක එයාගෙන් අහන්න. සුදර්ශන් කියන්නෙ?

රාම් සුදර්ශන්, ඒ කියන්නෙ චෙන්නායිවල අම්බිගා හෝටලයේ අයිතිකාරයා

ඉතින්,

ලක්ෂ සීයකට ආසන්න මුදලක් රේගුව දැනුවත් නොකර ගිහින්….

ඇල්ලිලා ඇති… රාජ්‍ය සන්තක කරලා ඇති…

මහෙස්ත්‍රාත්වරයෙක් වෙත ඉදිරිපත් කරන්න කලින් ඔබතුමා කෝල් එකක් දුන්නා කියලා…

රජය සන්තක කරලා ඇති.. තියෙනවද නැද්ද

මහෙස්ත්‍රාත් කෙනෙක් ගාවට දාන්න කලින් ඔබතුමා ඇමතුමක් දීලා නැද්ද?

අපි දීලා නෑ. ඔය තුප්පහි දේශපාලනය අපි කරන්නේ නෑ.

ඩොලර් 45,000 රේගු අත්අඩංගුවට

දිනය නොවැම්බර් මස 10 වනදාය. එදින පුද්ගලයන් තිදෙනෙක් එකම වාහනයේ නැගී කටුනායක ගුවන් තොටුපොළට එන්නේ ඉන්දියාව බලා පිටත්ව යාමේ Ram Letterඅපේක්ෂාවෙන්ය. සුපුරුදු පරිදි ගුවන්තොටුපොළ තුළ දී ඔවුන්ව රේගු පරීක්ෂාවට ලක් වන අතර එහි දී එම එක් අයෙකුගේ බෑගයේ සඟවා තිබූ ඩොලර් 45,000 ක මුදලක් රේගු භාරයට පත්ව ඇත. මෙරට නීතියට අනුව එක්වරක එසේ ගෙනයාමට ඉඩ ඇත්තේ ඩොලර් 10,000ක් වුවත් මේ අවස්ථාවේ දී එය සිව් ගුණයක ප්‍රමාණයක් ගත් නිසා ඔවුන් රේගු අත්අඩංගුවට පත්විය.

සාමාන්‍ය පුද්ගලයකු රේගු අත්අඩංගුවට පත්වූවා නම් සිදු වන්නට නියමිතව තිබුණේ නියත වශයෙන්ම මහෙස්ත්‍රාත්වරයකු හමුවට පමුණුවා රිමාන්ඞ් බන්ධනාගාරගත කර ඉදිරි විමර්ශන සිදු කිරීමය. එසේ වූවානම් සිකුරාදා අත්අඩංගුවට පත් වෙන්නාට එළියට එන්න ඇප ලැබෙන්නේ 15 වන අඟහරුවාදා ය. ඒ සඳුදා දිනය ද පෝය දිනයක් වන නිසාය. එහෙත් මේ අය ඊට වඩා වාසනාවන්ත වී තිබිණ. එනිසා රිමාන්ඞ් බන්ධනාගාරගත වනවා වෙනුවට රුපියල් 100,000 දඩ මුදලකට යටත්ව එදින නිදහස්ව යාමට මේ අයට අවස්ථාව ලැබිණ. එපමණක් නොව අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව මේ අයට අභියාචනයක් කිරීම හරහා අත්අඩංගුවට ගත් මුදල් ද නැවත නිදහස් කර ගන්නට අවස්ථාව තවමත් ඇත.

ප්‍රිය පාඨකය, රාජපක්ෂ සමයේ සිදු වූ හොරකම් ගැන අසා ඇති ඔබට මේ ඩොලර් 45,000 මුදල අයථා ලෙස රටින් පිටකර ගන්නට උත්සාහ කිරීම එතරම් බරපතළ නොවන්නට පුළුවන. එහෙත් එම හොරු අල්ලා මහ උළුගෙදර යවන බවට සපථ කළ ආණ්ඩුවක් යටතේ මෙවැනි දෑ සිදු වන්නේ කෙසේද යන පැනය ඔබට මේ වන විට මතුව තිබෙනවා නිසැකය. අපේ මේ සූදානම ඒ ප්‍රශ්නය විසඳන්නටය.

මෙම පුද්ගලයන් තිදෙනා අතුරින් ඩොලර් 45,000ක් රේගුව දැනුවත් නොකර රටින් පිටකරන්නට උත්සාහ කිරීමේ වරද බාරගත් පුද්ගලයා රාම් සුදර්ශන් නම් ඉන්දීය ව්‍යාපාරිකයෙක්ය. නැතිනම් චෙන්නායි හි ඇති අම්බිගා එම්පයර් (Ambica Empire) හෝටලයේ හිමිකරුවාය. එපමණක් නොව ඔහු රාජපක්ෂ රෙජීමයේ පාලන සමයේ එක්තරා ආකාරයක කෙරුමකු ලෙස සඳහන් කළ ද වැරැදි නැත. ඒ එම සමයේ ඔහුගේ ප්‍රධාන ව්‍යාපාරික මිතුරා වූයේ බැසිල් රාජපක්ෂ වූ නිසාය. අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව පසුගිය සමයේ එනම් 2014 වසරේ අවසාන භාගයේ ලක් සතොස වෙනුවෙන් මෙරටට ගෙන්වන ලද පරිභෝජනයට ගත නොහැකිව රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදු වූ සහල් මෙටි්‍රක් ටොන් දහස් ගණන ආනයනය කරන්නට මැදිහත් වූයේ ඔහුය. අප දන්නා ලෙස මේ වෙනුවෙන් එවකට වෙළෙඳ අමාත්‍යවරයා වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු චෝදනා ලබා සිටියත් අදාළ සහල් තොගය ආනයනය කරන්නට රාම් වෙත පහසුකම් සලසා ඇත්තේ බැසිල් රාජපක්ෂගේ නියෝගය මත එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ පී.බී. ජයසුන්දරය. ඒ වෙනුවෙන් අත්සන් තබන්නේ ලක් සතොස හි එවකට සභාපති වූ නලින් ප්‍රනාන්දුය. මේ නලින් ප්‍රනාන්දු කලක් අභාවප්‍රාප්ත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරයාගේ හිතවතෙකු ලෙස ප්‍රසිද්ධ වුවත් නලින්ගේ ව්‍යාපාරික සගයා වන්නේ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුය.

රාම් ගැන වන අපේ ඒ හෙළිදරව්ව එතනින් නිමාවන්නේ නැත. අපි තවදුරටත් ඔහුගේ කෙරුවාව මෙහි ලියන්නෙමු. ඒ අන් කිසිවක් නිසා නොව රවී අමාත්‍යවරයා කියූ ලෙස අප කොතරම් රාජපක්ෂවාදීන් දැයි ඔප්පුකර පෙන්වීමට සහ අපේ තුප්පහි මාධ්‍ය භාවිතය ඔප්පු කර පෙන්වන්නටය. එනිසා අදාළ සිදුවීම ගැන ලිවීම කල් දැමීමට සිදුවීම ගැන පාඨක ඔබ අපට කමා කළ යුතුය.

රමණ රංගන වන්නම

මේ රාම් ඉන්දියාවේ සිට මෙහි පැමිණි විට නවාතැන් ගන්නේ ටාජ් හෝටලයේ ය. එහි දී ඔහු තම අයථා ව්‍යාපාර ගනුදෙනු වෙනුවෙන් මුණගැසිය යුතු විශේෂ සම්භාවනීය පුද්ගලයන් හමුවන අතර ඒ සමහර පුද්ගලයන් ව්‍යාපාර ගනුදෙනු නිම කරගන්නටත් පෙර යොමු කරන තවත් ස්ථානයක් ද රාම් සතුව ඇත. ඒ රාජගිරිය බුත්ගමුව ෆෙයාර් මවුන්ට් රෙසිඩන්සි හි පිහිටි රාම්ගේ නවාතැනය. එතැන සුවිශේෂී අංගනයක් වන්නේ ෆෙයාර් මව්න්ට් යන මෙරට අයට රාම් විසින් දකුණු ඉන්දියාවෙන් ගෙන එන ජනප්‍රිය නිරූපණ ශිල්පිණියන් මෙන්ම ලිංගික ශ්‍රමය විකුණා යැපෙන ළඳුන්ගේ පහස ලබන්නට එහි දී අවස්ථාව ලැබෙන නිසාය. රාජපක්ෂ සමයේ පටන් රාම් මෙම නවාතැන තුළ එම කටයුත්ත සිදු කරයි. කෙසේ වෙතත් ඒ වෙත ගොඩවන දේශපාලනඥයන් මෙන්ම රජයේ විවිධ ඉහළ තානාන්තර දරන පුද්ගලයන් වෙත රාම්ගෙන් ගැලවෙන්නට නොහැකි වන්නේ එහි සිදුවන රමණ රංගන පටිගත කිරීමට ද රාම් කටයුතු කරන නිසාය. එනිසා රාම්ගේ සියඹලා කන කාටත් සිදු වන්නේ රමණ රංගනයෙන් පසුව රාම්ගේ තානමට පාද තියා නටන්නටය.

රාම්ගේ ඒ වැඩ කොටස වෙනුවෙන් පූර්ණ කාලීනව යොදවා සිටින සේවකයා වන්නේ ගනේෂ් ය. එන අයට ඉන්දියානු සුරූපී ශරීර පෙන්වා දීමේ සිට රමණ සෙල්ලම් සමඟ තිතට මත ගන්නා ඇතැම් කෙරුමන් නිවෙස් වෙත ඇරලවන්නට කටයුතු සම්පාදනය කරන්නේ ද මේ ගනේෂ් ය.

ඉතින් අදාළ දිනයේ රේගු අත්අඩංගුවට පත්වන තෙක් රාම්ගේ සෙල්ලම එසේය. ඒ සෙල්ලම් රාජපක්ෂ සමයට පමණක් සීමා නොවූ අතර වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ ද රාම් සෙල්ලම් නොකඩවා සිදුවිණ.

ඒ මොනවාදැයි අප පසුව සඳහන් කරන්නට පොරොන්දු වෙමින් මීළඟට ඔබ වෙත ගෙන එන්නේ අදාළ දිනයේ රාම් සමඟ සිටි මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයාය. ඔහු ෆාරුක් ෆර්ඞ්හවුස් ය. මාතලේ නගරාධිපතිවරයකු මෙන්ම උග්‍ර රාජපක්ෂවාදියකු ලෙස ප්‍රසිද්ධ හිල්මි කරීම්ගේ බෑණාය. කෙසේ වුවත් ෆාරුක් ෆර්ඞ්හවුස් බොහෝ දෙනෙකු දන්නෙ ෆෙරෝස් යන අන්වර්ථ නාමයෙන් සඳහන් කළ විටය. එසේම ෆෙරෝස් යහපාලන ආණ්ඩුව යටතේ ටෙලිකොම් හි අධ්‍යක්ෂ ධුරයට පත් වූ අයෙකු වන අතර ලේක් ඩ්‍රයිව් ප්‍රොපර්ටි ඩිවෙලොපර් සහ පෑන් ඒෂියා පවර් නමැති සමගාම්වල කොටස්කරුවකු ද වෙයි.

එසේම 2008 ජනවාරි 08 න් පසුව මහින්ද නිතර ආගිය තැනක් ලෙස ද ෆෙරෝස් – හිල්මි නිවස ප්‍රසිද්ධය. එපමණක් නොව රාජපක්ෂ රෙජීමය නැවත බලයට ගෙන ඒම අරමුණු කර ගනිමින් පිහිට වූ පොදුජන පෙරමුණ වෙනුවෙන් අරමුදල් රැස් කරන කටයුත්ත වෙනුවෙන් ද ෆෙරෝස් ගේ මාමණ්ඩිය මැදිහත්ව ඇති බව අද ප්‍රසිද්ධ රහසකි. රාම් සුදර්ශන් ද ඒ වෙනුවෙන් අවස්ථා ගණනක දී ආධාර කර ඇත. ඉතින් අප රාත්‍රී කාලයේ ගෝඨාභය සමඟ සිට මාධ්‍ය භාවිතා කරන නිසා තවදුරටත් ෆෙරෝස් සුද්ද කිරීම වෙනුවෙන් අදාළ සිදු වීම ගැන ෆෙරෝස් අමතන්නට අමතක කළේ නැත.

එහි දී ඔහු අප සමඟ පවසා සිටියේ තමන් රාම් සුදර්ශන් නැමැත්තා ව්‍යාපාරිකයකු ලෙස කාලයක පටන් දන්නා බවය. එසේම අදාළ දිනයේ තමන් තුසිත සමඟ ඉන්දියාව බලා ඒමට පිටත් වූ බවත් ඒ එන අතරමඟ දී රාම් මුණගැසී ඔහුද ඉන්දියාවට යන බව දැන්වූ නිසා තිදෙනාම එකට කොළඹින් පිටත් වූ බවය.

පසුව කටුනායක ගුවන් තොටුපොළේ දී රාම්ගේ බෑගයේ තිබී ඩොලර් 45,000 කට ආසන්න මුදලක් රේගු අත්අඩංගුවට පත් වූ බවත් එහි දී කරුණු පැහැදිලි කිරීමෙන් පසුව රාම්ව දඩයකට යටත් කර නිදහස් කළ බවය. එහි දී ෆෙරෝස් වැඩිදුරටත් කියන ලෙස අදාළ මුදල යළි රේගුවෙන් ලබා ගැනීමට රාම්ට අවස්ථාව ඇති බව සහ ඒ වෙනුවෙන් අභියාචනා කරන ලෙස ද රේගුව රාම්ට දැනුවත් කර ඇත.

එසේම තමන් හෝ රාම් හෝ තමන් සමඟ සිටි කිසිවෙක් රේගුව වෙත කිසිදු බලපෑමක් සිදු නොකළ බවත් සියල්ල නීතියට අනුව සිදුවීමට ඉඩ දුන් බව ද ඔහු පැවසීය.

එතනින් ෆෙරෝස්ගේ කතාව අවසන් කරන අපි මේ සූදානම් වන්නේ 10 වන දා රාම් රේගු අත්අඩංගුවට පත් වීමෙන් පසුව සිදු වූ සිදුවීම් පෙළ ඔබ හමුවේ තබන්නටය.
කවුද මේ කලබල

ඩොලර් 45000ක මුදල රාම් සමඟ රේගු අත්අඩංගුවට පත් වීමෙන් පසුව රාම්, ෆෙරෝස් මෙන්ම ඔවුන් සමඟ සිටි අනෙක් පුද්ගලයා ද මහත් කලබලයට පත්ව ඇත. රේගු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඒ අවස්ථාවේ රේගු නිලධාරීන්ගේ අපේක්ෂාව වී ඇත්තේ අදාළ වරද හේතුවෙන් රාම්ව මීගමුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමය.

ඒ බව දැනගත් වහාම රාම් මතුව ඇති තත්ත්වය සෙන්දිල් තොණ්ඩමාන් වෙත දැනුම් දී ඔහුගේ උපකාර පතා ඇත. මෙහි දී තම මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් නොමසුරුව වියදම් කළ රාම් වෙනුවෙන් සෙන්දිල් ඉදිරිපත් වන අතර ඔහු වහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ අපේක්ෂාවෙන් නීති උපදෙස් පතා ඇත. ඒ ප්‍රසිද්ධ නීතීඥයකු අමතාය. එම උගත් නීතිඥ මහතාගේ දුරකථන අංකය පවා මේ වන විට අප සතුව ඇත.

කෙසේ හෝ වේවා සෙන්දිල් මන්ත්‍රීවරයාගේ ඉල්ලීම මත අදාල නීතිඥයා මීගමුවේ අධිකරණයේ කටයුතු කරන සිය දන්නා කියන සගයින් අමතා මීගමුවේ අධිකරණය ගැන තොරතුරු ලබාගෙන ඇත. අනතුරුව පෙරළා සෙන්දිල් අමතා ඇති ඔහු මීගමුව මහෙස්ත්‍රාත්වරයා එදින රාජකාරියේ නැති බවත් ඔහු වෙනුවට අතිරේක මහෙස්ත්‍රාත්වරයා වැඩ බලන බවත් පවසා ඇත. එහි දී ඔහු වැඩිදුරටත් සෙන්දිල් දැනුවත් කර ඇත්තේ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වැඩ බලන නිසා සිදුවීමට අදාළව කිසිසේත් ඇප ලබා ගැනීමට හැකියාවක් නැති බවත් සති අන්තය සහ සඳුදා පෝය දිනයක් බැවින් දින 3ක් නිශ්චිතවම රිමාන්ඞ් බන්ධනාගාරගත කරනු ඇති බවත් සඳහන් කරමින්ය.

පසුව සෙන්දිල් මේ බව රාම් වෙත දන්වන අතර කුමන හෝ වෙනත් උපක්‍රමයක් වෙත යොමු වන ලෙසත් තමන්ට හැකි උපකාරයක් තමන් ද කරන්නට උත්සාහ කරන බවත් ඔහු පවසා ඇත.

තිදෙනාම මේ දැනුම් දීම හමුවේ තවත් කලබල වන අතරසෙන්දිල් සහ රාම් සමඟ සිටි අනෙක් පුද්ගලයා සිය අනුහස් බලය ක්‍රියාවට නංවන්න ගන්නේ මේ අවස්ථාවේ දීය. දැන් අප පාඨක ඔබ හමුවට ගෙන කරළියට නංවන්නේ ඒ අනුහස්ධාරී තුන්වන පුද්ගලයාය.
ඇමැති සරණං ගච්ඡාමි

අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව මේ පුද්ගලයා තමන් සතු තුරුම්පු එකින් එක අදින්නට ගන්නේ රේගු අත්අඩංගුවට පත් වූ පළමු මොහොතේ සිටය. පළමුව ඔහු රේගුව හමුවේ දී සිය නිරවද්‍යතාව තහවුරු කරගන්නේ අදාළ රේගු අත්අඩංගුවට පත් වූ මුදලේ හිමිකරු ලෙස රාම්ව ඉදිරිපත් කරමින්ය. ඒ අනුව පළමුව චෝදනාවෙන් නිදහස් වන ඔහු දෙවනුව කරන්නේ තමන් කවුද යන්න රේගු නිලධාරීන්ව දැනුවත් කරමින්ය. ඒ තමන් මෙරට රාජ්‍ය සංස්ථා සභාපතිවරයකු වන අතර ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස ද කටයුතු කරන බව සඳහන් කරමින්ය. එසේම ජනාධිපතිවරයා සමඟ ද තමන්ට සමීප ඇසුරක් ඇති බවත් ඔහු සමඟ විදෙස් සංචාරවලට ද සම්බන්ධ වූ බවත් ඔහු පවසා ඇත. ඒ කිසිදු දැනුම් දීමකින් රේගු නිලධාරීන් නම්මවාගත නොහැකි වූ තැන ඔහු සිය ප්‍රබල තුරුම්පුවක් එළියට අදින අතර ඒ අන් කිසිවකු නොව වත්මන් ආණ්ඩුවේ ඩීල් සහ ව්‍යාපාරවලට ප්‍රසිද්ධ ප්‍රබල අමාත්‍යවරයෙකුවය. දෙදෙනාගේ හිතවත්කම මත අදාළ අමාත්‍යවරයා සිය උපරිම බලය යොදා රේගු නිලධාරීන් අසරණ කරන්නට කටයුතු යොදා ඇති අතර ඔහුගේ මැදිහත්වීම නොවන්නට 10 වන දා රුපියල් ලක්ෂයක දඩයකින් නිදහස් වන්නට ඉඩ ලැබෙන්නේ නැත. එසේම එදින ගුවන්යානය මඟ හැරීම නිසා ඊට පසුදින ඉන්දියාව බලා නැවත පිටත්ව යාමට ඉඩ ලැබෙන්නේ ද නැත. කෙසේ වුවත් දැනට මේ මැදිහත් වීමට අදාළ චෝදනාවෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක නිදහස් කරන්නට අපට සිදුව ඇත. මන්ද අප කළ කරුණු විමසීමේ දී ඔහු අදාළ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ නිසාය.

එසේ වූවා කියා රජයේ ප්‍රබල අමාත්‍යවරයකු රේගුවට බලපෑම් කර රාම් ඇතුළු තිදෙනා නිදහස් කළ බවට ඇති තොරතුර අවලංගු වන්නේ නැත. එසේම එම අමාත්‍යවරයාගේ සරණින් රේගු අත්අඩංගුවෙන් මිදුණු අය රාජපක්ෂ රෙජීමය සමඟ සිදු කළ පන්නයටම යහපාලන ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් සමඟ ද ඩීල් දමමින් සිටින බවට ඇති චෝදනාවද ප්‍රතික්ෂේප වන්නේ නැත.

කෙසේ වුවත් ඇමැතිගේ සරණින් නිදහස් වූ මේ පුද්ගලයා අනතුරුව උත්සාහ කරන්නේ අදාළ සිදුවීම මාධ්‍ය හරහා හෙළිදරව් වීමට ඇති ඉඩකඩ අහුරාලීමය. ඒ වෙනුවෙන් ඔහු සිය හිතවතුන් හරහා ක්‍රියාත්මක වන අතර කොන්දේසි විරහිතව දූෂණයට වංචාවට එරෙහි වන බව පවසා ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වන අපේ කාලයේ අවාසනාවන්ත වෙබ් අඩවියේ හිමිකරුවාගේ සහාය ද ඊට ලැබී ඇත.
යහපාලන නැට්ටෙත් ගොම

කෙසේ වුවත් එවැනි ඔස්තාද්ලා හරහා මේ සිදුවීම යටපත් කරන්න මේ පුද්ගලයා සමත් නොවන්නේ ඒ වන විටත් අදාළ සිදුවීම සම්බන්ධව අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කරන්නට රේගුව මෙන්ම ගුවන්තොටුපළ බුද්ධි අංශ ක්‍රියාකර තිබූ නිසාය. ඒ ගැන නොදත් මොහු අදාළ චෝදනාව සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිපදෙනෙකුව මුළා කරන්නට උත්සාහ කළේ තමන් සහ මේ සිදුවීමේ කිසිම සම්බන්ධයක් නැති බවත් තමන් කළේ විපතක් සිදුව ඇති බව දුටු හිතවතෙකුට යම් උපකාරයක් කරන්නට මැදිහත්වීමක් පමණක් බවත් පවසමින්ය.

යහපාලනයේ නැට්ටේ සිට ගොම ගාමින් සිටින මේ පුද්ගලයාගේ ඒ තුරුම්පු අවසානයේ බාල්දු වී ගියේ සිදුවීම පිළිබඳ ආණ්ඩුවේ ඉහළ පාර්ශ්ව දැනුවත්ව පැය කිහිපයක් ගතවන විට ඊට අදාළ ජජඑඩ දර්ශන ගෙන්වා නරඹන්නට ඒ අය කටයුතු කළ නිසාය.

අදාළ පුද්ගලයන් තිදෙනා එකම වාහනයකින් ගුවන් තොටුපොළට යන ආකාරයත් පසුව ගුවන් යානය මඟ හැරුණු නිසා එකම වාහනයේ නැගී පෙරලා එයින් පිටත්වන ආකාරයත් එහි පැහැදිලිව සටහන්ව තිබිණ. ඒ අනුව ආණ්ඩුවේ ඉහළ තැන් නොමඟ යවන්නට ඔහු ගැසූ තුරුම්පුව බාල්දුවී ඇතුවා පමණක් නොව මේ වන විට ඔහුට එරෙහිව විශේෂ වාර්තාවක් සකස් කරන්නට ද බුද්ධි අංශ වෙත පවරා ඇතැයි වාර්තා වෙයි.

ඉතින් ප්‍රිය පාඨකය, මුදල් අමාත්‍යවරයා අපගේ මාධ්‍ය භාවිතය තුප්පහි කියන්නේ මෙවැනි අම්බරුවන් සහ ඔවුන්ගේ අම්බරු වැඩවලට සහාය දෙන දේශපාලන අම්බරුවන් හෙළිකරන නිසාදැයි අප දන්නේ නැත. එනිසා ඒ ගැන ඔබටම සිතන්නට ඉඩදී මේ යහපාලන අම්බරුවා ගැන තවත් ලියන්නට අපට සිත් විය.

මේ පුද්ගලයා 2015 ජනවාරි 08 ආණ්ඩු පෙරළියේ සින්නක්කර ඔප්පුව පළමුව තම මාධ්‍ය හිතවතුන් ලවා මාධ්‍ය හරහා ලියවා ගත් අයෙකු වන අතර එයින් සෑහීමකට පත් නොවී තමන්ම තම කෙරුවාව ලියා පොත් මුද්‍රණය කළ අයෙකුය. ශ්‍රීලනිපය රාජපක්ෂගෙන් ගලවා ගෙන සුරකිනු ලැබුවේ තමන් බව නිතර දොඩවන ඔහු පසුගිය සමයේ වඩාත් අවධානයක් දිනා ගත්තේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් වෑන් රථයක නංවාගෙන නිතර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යන්නෙකු ලෙසය. ඒ සියල්ල ඔහු සිදු කළේ වත්මන් ආණ්ඩුව රාජපක්ෂ අන්තරාවෙන් මුදවාගෙන සිටින මුර දේවතාවා තමන් බව තවදුරටත් පෙන්වා දෙන්නටය.
සජින් වාස් II

ඒ මුරදේවතාවා රාජපක්ෂ සමයේ සිටි තක්කඩියන් සමඟ එකතුව ඒ පරණ සෙල්ලම් යහපාලන ආණ්ඩුව තුළට ගෙන ආවේ ද මේ අතරතුරය. ඒ සෙල්ලම් විසින් ඔහුව අද අසීමිත ධනයක හිමිකරුවෙක් බවට පත් කර ඇති අතර ඒ කොතරම්දයත් යහපාලනය පත්ව වසර දෙකක් ඉක්ම යන තැන ඔහුගේ නවාතැන වී ඇත්තේ කොළඹ කොල්ලුපිටියේ ජරුිජ්එ හි කාමර දෙකින් සමන්විත සුඛෝපභෝගී එපාර්ට්මන්ට් එකකය. එහි මාසික කුලිය ඩොලර් 4000ක් පමණ වන අතර වටිනාකම රුපියල් මිලියන 785-800 ත් අතරය. එසේම මිරිහාන ප්‍රදේශයේ රාජපක්ෂවරුන්ගේ නිවස අසල මහල් නිවසක් සේම තවත් ප්‍රදේශයක හෝටල් සංකීර්ණයක් ද ඔහු ඉදිකරමින් සිටියි.

එසේම යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් අනතුරුව ඔහු ප්‍රසිද්ධව සිටින්නේ යහපාලනයේ “සජින් වාස්” නමින්ය. ඒ රාජපක්ෂ රෙජීම සමයේ සජින් වාස් කළු සල්ලි විදෙස් ගතකර ගන්නට එම ජාවාරම්කරුවන්ට සිය රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය හරහා උදව් කළ බවට කතාවක් ඇති නිසාය. මේ පුද්ගලයා ද සජින් ලෙසම නිතර විදෙස් ගත වන අතර ඒ බොහෝවිට සිය රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය යොදා ගනිමින්ය. ඒ අයුරින් ඔහු මේ වන විට 30 වතාවකට වඩා විදෙස්ගත වී ඇත. ඒ බොහෝ අවස්ථාවල දී ඔහු රාම් ද එම සංචාරය සඳහා එක්කරගෙන ඇති අතර ඉන්දියාවට ගිය අවස්ථාවල දමිළ චිත්‍රපට නිෂ්පාදනය වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් ආයෝජනය කර ඇති බව ද හෙළිව ඇත.

කෙසේ හෝ වේවා මෙවර ඔහු රේගු අත්අඩංගුවට පත් වන්නේ සිය සගයින් සමඟ සාමාන්‍ය මගී පර්යන්තයෙන් විදෙස් ගතවීමට ගිය නිසාය. ඒ අනුව බුද්ධි අංශ මේ වන විට ඔහුගේ වීඅයිපී පර්යන්තයෙන් ගිය විදෙස් සංචාර සහ එහි දී මුණගැසුණු පුද්ගලයන් පිළිබඳව විමර්ශන අරඹා ඇත. ඒ මොහු සිය රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය යොදාගෙන කළු සල්ලි විදෙස්ගත කර සුදු කරන ජාවාරමේ නිරත බවට තොරතුරු අනාවරණය වී ඇති නිසාය. එසේම එම විමර්ශනවල දී මේ වන විට ඔහු ජනාධිපතිවරයා අමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර ගිය අවස්ථාවේ රාම් සුදර්ශන්ව ජනාධිපතිවරයා නවාතැන් ගෙන සිටි හෝටලයේ කාමරය තුළට ගෙන ගොස් ඇති බවද හෙළිව ඇත. ඒ තොරතුරු තහවුරු වනවා නම් තත්ත්වය ඉතා බරපතළය. මන්ද මෙසේ ඔහු ජනාධිපතිවරයා හමුවට ගෙන යන්නේ රාජපක්ෂ රෙජීම සමයේ බැසිල්ගේ ගෝලයකුව සහ අදටත් බැසිල්ගේ පොදුජන පෙරමුණට අනුග්‍රහය දක්වන අයෙකු වන නිසාය. එපමණක් නොව බැසිල් මිත්‍ර, රාම් සුදර්ශන් සිරිකොත වෙත හඳුන්වා දීමට සහ ඔහුට එහි සම්බන්ධතා සාදා දීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ කිට්ටුම කාර්යමණ්ඩල සභිකයකු මුණගැස්සවීමට ද මොහු කටයුතු කර ඇති බව මේ වන විට හෙළිව ඇත.

එපමණක් ද නොව මොහු පොලීසියේ ඉහළම නිලධාරියකු සමඟ එකතු වී රාජපක්ෂලාගේ මෙගා ඩීල් යට ගැසීම වෙනුවෙන් කප්පම් ගන්නා ආකාරය ගැන ද තොරතුරු අප සතුව ඇත. ඉදිරියේ දී මේ පිටු මත නම් ගම් සහිතව ඒවා පළ වන්නට ද නියමිතය.

එසේම තවත් වැදගත් කරුණක් වන්නේ මේ ආණ්ඩුවේ සීනි ආනයනය සම්බන්ධ ටෙන්ඩරය රාම් ගේ ඔමේගා නම් සමාගමට දීම ඇතුළුව තවත් ටෙන්ඩර් කිහිපයක් රාම් වෙත ලබා දීමට කටයුතු සූදානම් කළ ඇමැතිලා මේ ආණ්ඩුවේ සිටීමය. ඒ වෙනුවන් හුවමාරු වූ ලිපි අප වෙත ලැබී ඇති අතර ඊට පහසුකම් යෙදවූ අය මේ රාම් කවුද නොදැන සිටියාදැයි අසන්නට අපට සිදුව ඇත. එපමණක් නොව රාජපක්ෂ රෙජීමයේ සෙල්ලම් යහපාලනය යටතේ දමන රාම් වැනි තක්කඩියන් සේම ඊට අනුබල දෙන යහපාලනයේ සින්නක්කර ඔප්පු හිමියන් සහ ඔවුන් හරහා මඩිය තරකර ගන්නා තදයින් ගැන තවත් තොරතුරු අප සතුව ඇතුවා මෙන්ම ඒවා ද මේ පිටුමත අකුරු වනවා ඇත. රාත්‍රියේ රුධිරය පානය කරන්නට තරම් දරුණු වන, උදෑසන දොස්තර වෙස් ගන්න දොස්තර ජැකිල් සහ මිස්ටර් හයිඞ් භූමිකා අපට නැත. එවැන්නන් කොහේ සිටියත් ඔවුන් අපෙන් ප්‍රවේශම් විය යුතුය.

එසේම මේ කළු සල්ලි රට පටවන උන්දැලා එවන වෑන් රථයේ නැගී හෙට දිනයේ ද රටේ නායකයන්ගේ කාර්යාලවලට යනවද කියා මෙරට සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගෙන් ද ඇසිය යුතුව ඇත. අප ඔවුන්ට දැනුම් දෙන්නේ ඔය එන සුදු වෑන් රාජපක්ෂගේ සුදු වෑන්වලින් වෙනස් වන තැනවත් හඳුනාගෙන කටයුතු කළ යුතුව ඇති බවය.

ඉතින් මුදල් ඇමැතිතුමනි! අප ගෝඨාභය සමඟ රාත්‍රිය ගතකර උදෑසන ආණ්ඩුව සමඟ සිටින තුප්පහි මාධ්‍ය භාවිතයක නිරත වන බව කියන්නේ මෙලෙස සිදු කරන මාධ්‍ය භාවිතයටද? ඒ ප්‍රශ්නයට ඔබේ පිළිතුර ඔව් නම් ඊට අපේ ප්‍රතිචාරය මෙසේය.

ඇමැතිතුමා ඔබ තුප්පහි කියන්නෙ අපේ මේ මාධ්‍ය භාවිතයට නම් අපි තුප්පහි තමයි, අපේ අපේක්ෂාව මාධ්‍ය භාවිතය, ඒ තුප්පහිකමේ අංක එක වීමයි.!

– සංජය ලියනගේ

17
නොවැ.
16

විහිලු නෑ, ගොංපාට් නෑ, කෝට් බෑයට බයවෙලා නෑ. වාමාංශික ආර්ථික ඔස්තාර්ලට මහින්දගෙන් කතාවක්…

අයවැයගැන හරබර අඩහෝරාවක්.. පාර්ලිමේන්තුවම නිහඩ කල මහින්දගේ අයවැය විවාදයේ කතාව මෙන්න..

ටොයි අයවැය උඩුකුරුඤ්ඤං කල හරබර අඩහෝරාවක්.. පාර්ලිමේන්තුවම නිහඩ කල මහින්දගේ අයවැය විවාදයේ කතාව මෙන්න..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් 2016/11/16 වන දින පාර්ලිමේන්තුවේදී කල කතාව…

මෙවර අයවැය කතාව ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා සඳහන් කළේ එය සම්ප්‍රදායික අයවැයක් නොවන බවයි.එය පසුගිය කාලවල අප ඉදිරිපත් කළ අයවැය සම්ප්‍රදායට වෙනස් බව පැහැදිලියි. මෙය ණය බර, බදු බර, දඩ බර ඇතුලත් රාජ්‍ය දේපල විකුණන, රට විජාතීයකරණය කරන අයවැයක්. එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති හා ජනතා සහන අහිමි කරන, ජනතාවට බර පටවන, ජාතික සම්පත් විකුණන, ජාතික ආර්ථිකය විදේශීයකරණය කිරීමේ සැබෑ එ.ජා.ප සම්ප්‍රදාය යළි හිස එසවූ අයවැයක්.

මෙම රජය සිය ප්‍රචාරණ මාධ්‍ය මගින් පෙන්වා දෙන්න උත්සහ කරන්නේ රජයේ ණය බර පිලිබඳවයි. 2002 වසරේ “යලිපුබුදමු ශ්‍රී ලංකා” වැඩසටහන මේ රටේ ජනතාවට සාධාරණීය කිරීමට උත්සහ ගත්තේත් මෙවැනිම ණය ගැන කතා කරමිනුයි. එවිට රජයේ ණය ජාතික අයවැයෙන් සියයට 105ක්ව තිබුණා.

ණය බර කියමින් බදු බර පැටවිමට සියයට 20ක වැට් බදු හඳුන්වා දුන්නේද ඒ අවුරුද්දේ එ.ජා.ප රජයයි. ඒවිදිහ‍ටම රාජ්‍ය සේවය ලක්ෂ 3ට කප්පාදු කිරීමට දකටයුතු කළා. රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය ද අහෝසි කළා. රක්ෂණ, බැංකු, ඛනිජ තෙල්, CTB, සතොස වැනි රාජ්‍ය ව්‍යාපාර විකිණිම ආරම්භ කලේත් 2002 අවුරුද්දෙයි. විදේශිකයින්ට අපේ රටේ ඉඩම් විකිණීම ආරම්භ කළේත් ඒ අවුරුද්දෙමයි. ණය බර හා රාජ්‍ය ව්‍යාපාර වල පාඩු පෙන්වමින් ඉතාලාභදායි රක්ෂණ සංස්ථාව, රාජ්‍ය ඉස්කාගාර සංස්ථාව, රාජ්‍ය වැවිලි සමාගම්, සීනි සංස්ථාව, රජය සතු වටිනා හෝටල් හා ඉඩම්, ගෑස්, දුරකථන,වානේ, සිමෙන්ති, ටයර්, පෙහෙකම්හල් ආදී රාජ්‍ය ව්‍යාපාර පුද්ගලීකරණය කිරීම එ.ජා.පසම්ප්‍රදායයි.

රජයේ ව්‍යාපාර 80කට වැඩියෙන් ඒ විදිහට 2004 දක්වා විකිණුවත් ණය බර අඩු වුනේ නැහැ. ඇතැම් ව්‍යාපාර වැසී ගියා.1977 ණය බර ජාතික ආදායමෙන් සියය‍ට 68.6ක් වුණා. රාජ්‍ය ව්‍යාපාර විකුණලත් 1994 එම රජය ඉවත්වන විට ණය බර ජාතික ආදා‍යමෙන් සියයට 95ට වැඩිවී තිබුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවෙන් ද පුද්ගලීකරණය ඉදිරියට ගෙන ගියත් 2002 වන විට ණය ප්‍රමාණය සියයට සියය ඉක්මවා තිබුනා. 2002-2004 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ණය බර සියයට102ක් වුනා. මෙසේ ණය බර සියයට සියය ඉක්මවා තිබුණේ ටෙලිකොම්, රක්ෂණ, ගෑස් වැනි ආදායම් උපදවන රාජ්‍ය සංස්ථාද විකිණිමෙන් පසුවයි.

2005 -2014 අපේ පාලන කාලය තුළ පුද්ගලීකරණයට තිත තැබුවා. 2015 ජනවාරි මස මා ආණ්ඩුව භාර දෙන විට ණය බර සියයට 70.7ට අඩුකර තිබුණා. මේකයි මහ බැංකුව 2015වේ වාර්ෂික වාර්තාවේ සඳහන් කරන සැබෑ තත්වය. මේ අයවැයෙන් නැවත ණය බර ගැන කියන්නේ 2002-2004 කතාව අලුත් කරමින් එ.ජා.ප. න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමටයි. ශ්‍රී ලංකාමහ බැංකුවේ අධීක්ෂණකටයුතුශක්තිමත් කර එහි ස්චාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවට සමස්තමුල්‍ය ගෙවීම් ක්‍රමයම පුද්ගලික සමාගමකට පැවරීමට යෝජනා කර තිබෙනවා. මෙය බැංකු ක්ෂේත්‍රයම අස්ථාවර කිරීමක් හා ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු දුර්වල කිරීමක්. මහ බැංකු කටයුතුවල සිට වරාය, අනෙකුත් පාඩු ලබනවා යැයි කියන සංස්ථා පෞද්ගලීකරණය කිරීමටද ප්‍රවේශයක් ගෙන තිබෙනවා. මේ න්‍යාය මත අධිවේගි මාර්ගත්, දුම්රිය මාර්ගත් පමණක් නොව මොරගහකන්ද ජලාශයද ණය ගෙවීමට කියා පෞද්ගලීකරණය කරාවි. එම විනාශකාරී න්‍යාය පත්‍රයට ශ්‍රී.ල.නි.ප.යේ කොටසක්ද කරගසා තිබීම ජාතියේ අවාසනාවක්. සැබෑ වෙනස එයයි.

එංගලන්තයේ මෑත පැවති ජනමත විචාරණයෙනුත්, ඇමරිකාවේ පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙනුත් එම රටවල ජනතාව වෙළඳපල ආර්ථිකය, ගෝලීයකරණය හා ජත්‍යන්තර වෙළද ප්‍රතිපත්ති,එම රටවලට අහිතකර ලෙස බලපා ඇති සැටි පාලකයින්ට තේරුම්කර දුන්නා. “රිජීම් චේන්ජ්”(Regime Change) නිර්මාතෘවරු එම රටවල පාලකයින් ලෙස ප්‍රතික්ෂේප කළා. ජාතිකඅවශ්‍යතාවයන් ඉක්මවා එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළා. ජාතික අනන්‍යතාවය, දේශීය ව්‍යාපාර, දේශීය ව්‍යවසායකයන් හා ජාතික ආර්ථිකය රැකගනිමින් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ජාතික අවශ්‍යතාව එම ජනතාව පෙන්වා දුන්නා.

අන්ධානුකරණයෙන් මේ රජය එම ප්‍රතිපත්ති තව තවත් වැළද ගනිමින් ජාතික ආර්ථිකය, ජාතික නිෂ්පාදනය, දේශීය ව්‍යාපාරිකයන් අවතක්සේරු කිරීම මේ අයවැයෙන් නැවත පණ ගැන්වූවා. විදේශ ආර්ථික කොලනියක් ඇතිකිරීමට මඟ පෑදුවා.

ණය ආපසු ගෙවීමට සිදුවී ඇති නිසා අතිරේක බදු පැනවීමටත්, තවදුරටත් ණය ගැනීමටත් සිදු වී ඇති බව ප්‍රකාශ කරනවා. ණය ගනු ලබන්නේ ණය පියවීමට නම් රටේ ණය ප්‍රමාණය තවදුරටත් වැඩිවීමට ඉඩ නැහැ. එසේ වුණත් යතාර්ථය වී ඇත්තේ මේ රජය ණය ආපසු ගෙවීමටත් වඩා වැඩි ප්‍රමාණයක් ණය ගෙන ඇති බවයි.

2015 ජනවාරි මාසයේ සිට මේ දක්වා ඇ.ඩො.බිලියන 3.6ක් විදේශ වෙළඳපළෙන් පමණක් ණය ලබා ගෙන තිබෙනවා. ජත්‍යන්තර මුල්‍ය අරමුදලිනුත් ඇ.ඩො.බිලියන 1.5ක් ලබා ගෙන තිබෙනවා. මේ ණය වලින් ඉන්දියාවෙන් තාවකාලිකව මේ රජය විසින් ගනු ලැබූ ඩොලර් බිලියන 1.2 ප්‍රමාණය ගෙවනු ලැබුවා. වෙළඳපළෙන් අප වර්ෂයකට උපරිම ලෙස ගනු ලැබුයේ ඇ.ඩො.බිලියනයක් පමණි. අපගත් සෑම ණය මුදලකටම ජාතික සංවර්ධනය‍ට අවශ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘතියක් ඉදිකළා.

2014 වර්ෂය අවසානයේ පැවති රු.බිලියන 7,391 වූ මුළු ණය ප්‍රමාණය 2015 අවසාන වන විට රු.බිලියන8,503 දක්වා වැඩි කර තිබෙනවා. එම ප්‍රමාණය 2016 ජූනි වන විට රු.බිලියන9,062 දක්වා වැඩි වී තිබෙන බව අයවැයේද සඳහන් කර තිබෙනවා. එය වර්ෂය අවසානයේ රු.බිලියන 10,000 ඉක්මවන බව පෙනී යනවා. ණය ගනු ලබන්නේ ණය ගෙවීමට පමණක් නම් මේ අකාරයට පසුගිය අවුරුදු 2 තුළ පමණක් රු.බිලියන2,600ට වැඩි ප්‍රමාණයකින් ණය තොගය වැඩි වුනේ කෙසේද?

එපමණක් නොව ජාතික ආදායමට අනුව 2015 අවසන් වන විට රජයේ ණය 2014 සියයට 70.7 සිට සියයට 76 දක්වා වැඩි වී තිබෙනවා. එය මේ වර්ෂය අවසාන වන විට සියයට 78 පමණ මට්ටමකට පැමිණීමට ඉඩ තිබෙනවා. එක් අවස්ථාවක සඳහන් කළේ ඇතැම් ණය පොත්වල සටහන් වී නොමැති බවයි.පොත්වල සටහන් වී නොමැති ණය දෙනු ලැබුවේ කව්ද? ගිවිසුම් නැති ණය ආපසු ගෙවන්නේ කුමකටද? IMF වාර්තාවෙන් හෙලිවුනේ කුමක්ද? මේවාට පිළිතුරු සපයා නැහැ.

ඊට පසු සඳහන් කළේ සංස්ථාවල ණය ගෙවීමට තිබෙන බවයි. මේවා එම සංස්ථාවල වාණිජමය කටයුතු වලට අදාළ ණය මුදල්. මහ බැංකු වාර්තාවල මේ සියල්ල සඳහන් වෙනවා. ඒවා එම ආයතන වල ආදායම් වලින් ගෙවන ණය. ඉතිහාසය පුරා රාජ්‍ය ව්‍යාපා වල ණය එම ආයතනවල ගිණුම්වල මිස අයවැයට ඇතුලත් වන්නේ නැහැ. අයවැයට ඇතුලත් වන්නේ රජය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුව මගින් ගනු ලබන ණය පමණයි. ඒවා සියල්ල බැංකුවේ වාර්තා ගත වෙනවා. රාජ්‍ය ව්‍යාපාර ගනු ලබන ණය එම ව්‍යාපාරවල වාර්ෂික ගිණුම්වල සෑම වර්ෂයකම වාර්තා කරනවා. සියලු භාණ්ඩාගාර ඇපකර පාර්ලිමේන්තුවටද වාර්ෂිකව වාර්තා කරනවා. එම නිසා ණය ගෙන ඇත්තේ ණය ගෙවීමට පමණක් යැයි කරනු ලබන මේ ප්‍රකාශය පාර්ලිමේන්තුව මෙන්ම මේ රටේ අහිංසක මහජනතාව මුළුමනින්මනොමඟ යැවීමට ගොතනු ලබන අසත්‍යක්.

රජය වසර 2ක් තුළ ණය ලබා ගෙන ණය තොගය වැඩිකර තිබුණත් මේවනතෙක් ක්‍රියාත්මක කළ ව්‍යපෘතියක් තවම අපට දැකගත නොහැකි වී තිබෙනවා. අයවැය මගින් රුවන්පුර අධිවේගි මාර්ගය බදුල්ලට දීර්ඝ කරන බව ප්‍රකාශ කළා. මෙය හොඳ යෝජනාවක්. එසේ වුනත් වසර 2ක් ගතවෙලත් බදුල්ලට තබා රත්නපුර අධිවේගි මාර්ගයේ කටයුතුවත් තවම ආරම්භවී නැහැ.ණය ලබා ගැනීමට බලාපොරොත්තු වන චීනයේ පොලී වැඩියි කියා එම රජයටත් දෝශාරෝපණය කරනවා.

උතුරු අධිවේගි මාර්ගය නමින් කොළඹ සිට මහනුවර කුරුණැගල, දඹුල්ල සම්බන්ධ කිරීමට අප සැලසුම් කර තිබූ අධිවේගි මාර්ගය වියදම් වැඩියි කියා වසර 2ක් අතපසුකළා.නම “මධ්‍යම අධිවේගී මාර්ගය” කියා වෙනස් කළා. අවසානයේ අපගේප්‍රතිපත්තියම පිළිගනිමින් දේශීය ඉදිකිරිම්කරුවන්ගෙන් එම මාර්ගයේ කොටසක් ඉදිකිරීමට තීරණය කර තිබෙනවා. ජපානයෙන්ද, චීනයෙන්ද ඉතිරි කොටස් වලට ණය ගන්නවා.

කෙරවලපිටිය – කඩවත අධිවේගි මාර්ගය සැලසුම් කර තිබූ පරිදි ක්‍රියාත්මක කළේ නම් දැනට වඩා ඉතා අඩු වියදමකින්, මංතිරු6කින් යුතුව, එම ප්‍රදේශයේ ගංවතුර හා පරිසර අවධානම් වලක්වා ගනිමින්,මේ වන විට නිම කිරීමටද තිබුනා.

ඉදිකිරීම් අත්හිටවූ එම අධිවේගි මාර්ගය මංතිරු ප්‍රමාණය අඩු කර, ගංවතුර අවධානම් ගැන නොසලකා දැන් ඉදිකරනු ලබන්නේ මුලින් ඇස්තමේන්තු කළ වියදමටත් වඩා වැඩියෙනුයි. රත්තරන් වලින් ඉදිකරනවා යැයි චෝදනා කළ අධිවේගී මාර්ගය දැන් ප්ලැටිනම් වලින් ඉදිකරන බව සමහරු කියනවා. ඉදිකරන්නේද කලින් සමාගමමලු. ණය සපයන්නෙත් චීනයෙන්මයි. ආපසු ගෙවීමේ කාලය හා පොලියේ වෙනසක්වීත් නැහැ.

කොළඹ වරාය නගරය ක්‍රියාත්මක කිරීම අත්හිටවූවේ නැතිනම් මේ වන විට අක්කර 400ක් පමණ ප්‍රමාණයක් රජයට අයිති කර ගැනීමට ද තිබුණා. එයද යලි අරම්භ කළේ චීනය හා ශ්‍රී ලංකාව තුලපැවති විශ්වාසනීයත්වයද පලුදු කර ගෙනයි.

චීනයෙන් 2015 අවසන් වන විට ලබාගෙන තිබූ ණය ඇ.ඩො.බිලියන 3,800ක් පමණ වෙනවා. ඒවායෙන් විදුලි බලාගාර, වරාය, අධිවේගී මාර්ග, වාර්මාර්ග ආදී දිගුකාලීන යටිතල පහසුකම් ආයෝජන සිදු කර තිබෙනවා. මොරගහකන්ද වාරිමාර්ග ක්‍රමය ඉදිකරන්නෙත් චීන ණය යටතේයි. එයිනුත් ආර්ථික ඵලදාව ලබා ගන්න කල්යනවා. ණය ගෙවන බව කියා මේවා විකිණීම රජයක වගකීමද?

මහින්දෝදය විද්‍යාගාර ඇතුලු පාසැල් සංවර්ධනය, සතිපොල ඉදිකිරීම්, ග්‍රාමීය කෘෂිකාර්මික සංවර්ධන කටයුතුද නතර කළා. ඒවා දිගටම කරගෙන ගියේ නම් ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලබාගන්න තිබුණා. පාසැල් සිසුන්ට ටැබ් දීම හොඳ යෝජනාවක්. නමුත් පසුගිය අයවැයෙන් විශ්ව විද්‍යාල සිසුන්ට දෙනවා යැයි කියූ ටැබ් තාමත් ලැබී නැති බව වාර්තා වෙනවා. ඒ විතරක් නෙමෙයි අන්තර්ජාල ගාස්තු සියය‍ට 25කින් වැඩි කර තිබෙන නිසා ටැබ් නොමිලයේ ලැබුණත් එම දරුවන්ට ඒවා පාවිච්චි කිරීම‍ට මුදල් සොයා ගැනීමට සිදු වෙනවා.

2015 සඳහා අපඉදිරිපත් කළ අයවැයෙන් පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා සඳහා දීමනා ලබාදීම ක්‍රියාත්මක නොකර 2017 වසරේ සිට හෝ නැවත ක්‍රියාත්මක කිරීම අගය කල යුතුයි. එහෙත් වෙන්කර ඇති ප්‍රතිපාදන එම අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාගේ අඩකටවත් ප්‍රමාණවත් වන්නේ නැහැ. අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලුම් කරනවා.

සීනි කර්මාන්තය, කුකුල්මස් නිෂ්පාදනය, දේශීය කිරි නිෂ්පාදනය හා මත්ස්‍ය නිෂ්පාදනයට අපේ රජය ගෙන ගිය ප්‍රතිපත්ති මේ අයවැයෙන් පිළිගෙන තිබෙනවා. මේ ප්‍රතිපත්ති වැරදියි කියා කිරි ගවයන් 20,000ක් ගෙන්වීම නතර කළා. කිරිපිටි මිල පහත දමා දේශීය ගොවියා අධෛර්ය කළා. නිවැරදි ප්‍රතිපත්ති කවුරු කළත් නිවැරදියි. යහපාලනයෙන් මේවා ඉදිරියට ගෙන ගියේ නැහැ. එසේ ඉදිරියට ගෙන ගියා නම් සීනි, කිරි, මාළු, කුකුල් මස් දේශීය නිෂ්පාදන තව දුරටත් ඉහළ යවා ගත හැකිව තිබුණා. ස්වයංපෝශිතවී තිබූ බඩඉරිඟු නිෂ්පාදනය කඩා වැටුණා. දේශීය ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටුණා. මෙම අයවැයෙන් දේශීය කිරි, උක් දඩු සඳහා සහතික මිලක් නියම කිරීම අගය කළ හැකියි. කිරි ගවයින් 20,000ක් 2017 හෝ ගෙන්වීම ඉතා වැදගත් පියවරක්. කුකුල් මස් නිෂ්පාදනය දිරි ගැන්වීම වගේම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීමට ගෙන ඇති යෝජනා ද අගය කරනවා. දේශීයව නිෂ්පාදනය කළ හැකි අනවශ්‍ය ආනයන අඩු කිරීම‍ට කළ යුත්තේ එයයි.

පසුගිය රජයන් සියල්ලම පාහේ සැලසුම් කර තිබූ එහෙත් ඉටු කරගත නොහැකි වූ හම්බන්තොට වරාය, තෙල් ගබඩා සංකීර්ණය හා ජාත්‍යන්තර ගුවන් තොටුපොල අප රජය විසින් චීන ණය අධාර යටතේ ඉදිකරනු ලැබුවා. දකුණු අධිවේගී මාර්ගයට ජපානය හා ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදලින් කරගත හැකි වුනේ කොළඹ සිට ගාල්ල දක්වා පමණයි. ගාල්ල සිට හම්බන්තොට දක්වා එම අධිවේගී මාර්ගය ඉදිකෙරුනේ චීන ණය ආධාර යටතේයි. හම්බන්තොට මෙන්ම බොහෝ ප්‍රදේශ වල ආයෝජන ආකර්ශණනය වැඩි කළේ මේ ආකාරයටයි. ඒවා දිගුකාලීන ජාතික ආයෝජනයන්. අවුරුදු 15-20 අතර කාලයක් මෙම ණය ගෙවීමට ඉඩ ලබා දි තිබෙනවා. චීනයෙන් මේ දක්වා ලබාගත් මුළු ණය ප්‍රමාණයවන ඇ.ඩො.බිලියන 3,800න් ඇ.ඩො.මිලියන 300 හැර ඉතිරි සියල්ල සඳහා පොලිය සියයට 2ක් පමණ වෙනවා. ඩො.මිලියන 300 සඳහා දෙනු ලැබූ පොලිය අඩු කිරිමට මා කළ ඉල්ලීමද චීන රජය එවකට සලකා බලමින් සිටියා. හම්බන්තොට ආයෝජන කලාපයක් වුනේ මෙවැනි ආයෝජන නිසයි.

එසේ තිබියදීත් වරාය සුදු අලියෙක් යැයි ප්‍රකාශ කරමින් වරාය හා තෙල් ගබඩා සංකීර්ණය දැන් ඇ.ඩො.මිලියන1,200කට චීනයේ සමාගමකට විකිණීමට රජය කටයුතු කරනවා. මුලින් ගුවන්තොටුපොල වී ගබඩාවක් කර එහි ජත්‍යන්තර වටිනාකම විනාශ කළා. මේවා සුදු අලි නම් ආයෝජකයින් ඒවා ඉදිකිරීමේ වියදමටත් වඩා වැඩි මුදලක් ගෙවා මිලදි ගන්නේ ඇයි? ‍මේ ආයෝජන සඳහා මොලය කාගේදැයි සහ විකිණීමේ මොලය කාගේදැයි මේ අයවැයෙන් හොඳට පැහැදිලි වෙනවා.

මේවා ජාතික සම්පත්. අපේ සෑම යටිතල පහසුකමක්ම ඉදිකර තිබෙන්නේ මේ වගේ ණය මුදල් චීනයෙන්, ජපානයෙන්, ඉන්දියාවෙන්,කොරියාවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන්,යුරෝපා රටවලින් සහ මැද පෙරදිගින් ණය අරගෙන. ඒ ජාතික සම්පත් විකිණීම අපරාධයක්. එය එක් රටක සමාගමක ඒකාධිකාරියක් බවට පත‍් කිරීම තවත් විශාල තර්ජනයක්. ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට නාවික ක්ෂේත්‍රයට සම්බන්ධ වී එහි වාසි රටට ලබා ගැනීමට එය දැඩි තර්ජනයක් වෙනවා. කොළඹ වරායත්, වරාය අධිකාරියේ මෙහෙයුම් තටාංගන පවත්වා ගනිමිනුයි පුද්ගලික නැව් ත‍ටාංගණ පවත්වා ගැනීමට ඉඩ දි තිබෙන්නේ.

එපමණක්නොව එම වරාය හා ගුවන්තොටුපොල ආසන්නව මේ රටේ ජනතාවට අයිති අක්කර 15,000ක ඉඩම් විදේශිකයන්ට දීමේ සාධාරණයක් තිබෙනවාද? අපේ රටේ මෙවැනි ජාතික සම්පත් විදේශ රටවල සමාගම් වලට විකිණීම දේශීය ව්‍යාපාරිකයින්ට විශාල අවාසියක්. එම රටවල ‍ආයෝජකයන්ට එම රටවලම ආයෝජන පහසුකම් තිබෙනවා. ඒවා අපේ ආයෝජකයන්ට දෙන්නේ නැහැ. අපේ ව්‍යවසායකයන් නැගිටින්න ඕන මේ රටේම ආයෝජනය කරලා. ඒ ශක්තිය ඔවුන්ට තිබෙනවා. මේ නිසයි ඉන්දියාව සමඟ එට්කා වැනි ගිවිසුම් හෝ වෙනත් රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමට පෙර අපේ රටට දැනටමත් එම රටවල් සමඟ කරන ගණුදෙනු වලින් ඇති වී ඇති වෙළද අවාසි ඉවත්කර, එවැනි අවාසි ඇති වීම වැලැක්වීම‍ට අවශ්‍ය නීති සකස් කර ගැනීමට ප්‍රථමයෙන් කටයුතු කළ යුත්තේ.

අපේ රටේ කටුනායක නිදහස් වෙළඳ කලාපය ප්‍රමාණත්වයෙන් අක්කර 530ක පමණ භූමියක්. බියගම අක්කර 450යි. අනෙකුත් සියළු ආයෝජන කලාප අක්කර 400ට අඩුයි. ආයෝජන කලාප 12ම රජය සතුයි. මේ ආයෝජන කලාපද තවමත් මුළුමනින්ම පිරී නැහැ. මෙසේ තිබියදී එක රටක එක සමාගමකට වරායත්, ගුවන් තොටුපොළත් අක්කර 15,000ක භූමි ප්‍රමාණයකුත් ලබාදීම මේ රටේ ස්වාධිනත්වයට, ජාතික ආරක්ෂාවට, දේශීය නිෂ්පාදකයින්ට හා ආයෝජකයින්ට එල්ල කරනු ලබන බලවත් තර්ජනයක් ලෙස අපි දකිනවා.

හම්බන්තොට වරාය ජත්‍යන්තර නාවික සිතියමේ කේන්ද්‍රස්ථානයක්. මෙවැනි මධ්‍යස්ථානයක් එක සමාගමකට විකිණීම මුළු රටම විකිණීම හා සමානයි. එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක අගමැතිතුමා සිය රජයේ පළමු කාර්ය කරගත්තේ කටුනායක ගුවන් තොටුපොල හා ත්‍රිකුණාමල වරාය විදේශිකයන්ගෙන් නිදහස් කර ගැනීමයි. එයයි ශ්‍රි.ල.නි.ප ප්‍රතිපත්තිය.

මේවාට ඉදිරිපත්වන ආයෝජකයින්, රක්ෂණ සංස්ථාව, නැව් තෙල් සමාගම, වෝටර්ස් එජ් වැනි ආයතන රජයට පවරා ගත් ආකාරය සිහි කර ගැනීම සුදුසු බව මට පේනවා. පෞද්ගලීකරණය කරනු ලබන වරාය ඇතුලු සියලු රාජ්‍ය සම්පත් අපට ආපසු ගැනීමට සිදු වෙනවා. එ.ජා.ප.ය පෞද්ගලීකරණය කර තිබූ ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණය අප රජය ඛනිජ තෙල් සංස්ථාවේ අයිතියේ තබා ගැනීමට සැලසුම් කළේත්එය ජාතිය සතු විය යුතු සම්පතක් ලෙස බණ්ඩාරනායක අගමැතිතුමාගේ සිහිනය වූ නිසයි. කොයිම රටකටවත් අපේ ජාතික යටිතල පහසුකම් විකිණීම අප අනුමත කරන්නේ නැහැ. හම්බන්තොට ජනතාව අක්කර 15,000ක සිය නිජබිම් ඉඩම් වෙනත් රටක‍ට විකිණිමට ඉඩ නොදෙන බවත් ම‍ට විශ්වාසයි. මෙවැනි පෞද්ගලීකරණ වැඩපිළිවෙළින් වැලකි දිගු කාලීන මිත්‍රත්වය පලුදු නොකර පවත්වා ගැනීමට කටයුතු කරණු ඇතැයි මා ගැණුම් කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම අයවැය මගින් ණය බර හුවා දක්වමින් පුද්ගලීකරණයට අමතරව බදු බරද වැඩි කර තිබෙනවා. පසුගිය කාලය තුල නැගී එන ආර්ථික ක්ෂේත්‍රයන් වූ සංචාරක, තොරතුරු තාක්ෂණ, ඉදිකිරීම්, සෞඛ්‍ය සේවා වල ‍අදායම් බදු සියයට 12 සිට සියයට 28 දක්වා වැඩි කර තිබෙනවා. අපනයනයට මුල්තැන දෙනවයි කියන මේ රජය භාණ්ඩ අපනයන බද්ද සියයට 12 සිට සියයට 14 දක්වාත්, සේවා අපනයන 0 සිට සියයට 14 දක්වාත් වැඩි කර තිබෙනවා. කෘෂිකාර්මික අංශය සඳහා සියයට 10ක්ව පැවති ආදායම් බද්ද සියයට 14 කර තිබෙනවා. එපමණක් නොව, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල ආදායම් බද්ද වැඩි කර තිබෙනවා. කුකුල් ගොවිපලවල් සඳහාද ආදායම් බද්ද සියයට 12 සිට සියයට 28 දක්වා වැඩි කර තිබෙනවා. මෙම සියළු කර්මාන්තවල බහුල වශයෙන් නිරතව සිටින්නේ දේශීය ව්‍යාපාරිකයන්. ඔවුන් දිරි ගැන්වීම වෙනුවට ඔවුන්ට වැඩි බදු බරක් පටවා මේ අයවැය සිදු කර ඇත්තේ විදේශිකයන් දිරි ගැන්වීමයි. විදේශිකයන්ට ඉඩම් ලබා ගැනීමේ අයිතිය, නිවාස ලබා ගැනීමේ අයිතිය ලිහිල් කර තිබෙනවා. රජයේ ප්‍රධාන හා මූලික වගකීම දේශීය ව්‍යාපාර හා දේශීය ව්‍යාපාරිකයන් දිරිගැන්වීමයි. ඔවුන්ට උදව් කිරීමයි.

මේ අයවැය මගින් පරිභෝජනය සඳහා වැට් බදු,NBT,නිෂ්පාදන බදු, ආනයන බදුආදී සියල්ලද වැඩි කර තිබෙනවා. බැංකු වලින් මුදල් ආපසු ගැනීම සඳහාද බදු පැනවී තිබෙනවා. මේ නිසා බදු ක්‍රමය සංකීර්ණවී තිබෙනවා. ඇස්තමේන්තු ගත මුළු බදු ආදායම වන රු. බිලියන 1,821න් රු. බිලියන 1,564ක් එනම් සියයට 85ක් වක්‍ර බදු වලින් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා. මේ නිසා සියලු ආහාර පාන අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වියදම් වැඩි වෙනවා. පරිභෝජන ඉල්ලුම අඩු වෙනවා. දේශීය ව්‍යාපාර විශේෂයෙන් සුලු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර පසුබෑමකට ලක් වෙනවා.

පරිභෝජනයට පමණක් නොව ඉතිරි කිරීම් වලටද බදු වැඩිකර තිබෙන අයවැයක්. සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, විශ්‍රාම අරමුදල් සඳහාද ආදායම් බද්ද සියයට 10 සිට සියයට 14 දක්වා වැඩි කර තිබෙනවා. ඒවායේ ලාභය සේවකයන්ට පවරනවා වෙනුවට සේවකයන්ගේ ජීවිත කාලය තුළකළ ඉතිරිකිරීම් ඉහළ බදු මගින් රජයට ගැනීම සාධාරණද?

භාණ්ඩාගාර සුරකුම්පත් වල පොලිය සඳහා ඇති බද්දද සියයට 10 සිට සියයට 14 දක්වා වැඩිකරතිබෙනවා. ඒ නිසා ඒවායේ ආයෝජනය කරන්නන්ගේ පොලිය අඩුවෙනවා. එපමණක් නොව සමෘද්ධිලාභියාගේ සිට සමාන්‍ය ජනතාවගේ ඉතිරි කිරීම් සඳහා රු.60,000ක පොලී ආදායම් සඳහා වූ වාර්ෂික බදු සහනය ඉවත් කර තිබෙනවා. සියයට 2.5ක්ව පැවති පොලී මත බද්ද සියයට 5 දක්වා වැඩි කර තිබෙනවා. එම නිසා අඩු ආදායම්ලාභීන්ගේ සිට දරුවන්, වැඩිහිටියන් අතුළු සියළු දෙනාගේම ඉතිරි කිරීම් වලින් ලැබෙන පොලියට සියයට 5ක බද්දකට යටත් වෙනවා.

සමෘද්ධිලාභීන්ට සහල් කිලෝ 5ක් දෙනු ලබන්නේද සමෘද්ධිදීමනාවෙන් මුදල් කපාගෙනයි. සමෘද්ධිලාභීන්ට දෙනු ලබන දීමනාවෙන් සහල් හෝ ධාන්‍ය හෝ වෙනත් පරිභෝජන භාණ්ඩයක් ලබා ගැනීම ඔවුන්ගේ මූලික අයිතියක්. එම අයිතියද මෙම අයවැයෙන් උදුරා ගෙන තිබෙනවා. හාල්මැස්සන් කිලෝවක් සඳහා රු.5ක්ද, සීනි කිලෝවක් සඳහා රු. 2ක්ද මිල අඩු කලබව අයවැයෙන් සඳහන් කලත් සමාන්‍ය මිනිසුන් මෙවැනි භාණ්ඩ එදිනෙදා මිලදි ගන්නේ ග්‍රෑම් 100 /200 ප්‍රමාණ වලින්. මේ මිල අඩු කිරීම් වලින් ඔවුන්ට නම් කිසිසේත් සහනයක් වෙන්නේ නැහැ.

පෞද්ගලික අංශයේ හා රාජ්‍ය අංශයේ සේවකයන්ගේ උපයන විට බදු සඳහා පැවති බදු නිදහස් දීමනාදඉවත් කිරීම මගින් ඔවුන්ටදබදු බර වැඩි කර තිබෙනවා. රජයේ නිළධාරීන් හා රාජ්‍ය ව්‍යාපාරවල නිළධාරීන්ටත් ඉහළ බදු ප්‍රමාණයක් ගෙවීමට සිදු වෙනවා.එහෙත් මෑත කාලවල අයවැයෙන් සම්ප්‍රදායිකව කළ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම මේ අයවැයෙන් යෝජනා කර නැහැ. වැටුපට එකතු කරනවා යැයි කී රු.10,000ක දීමනාවද දැන් අමතක වී තිබෙනවා. එයත් අධ්‍යාපනයට ජාතික අදායමෙන් සියයට 6ක් වෙන් කළා වගෙයි.

ලෝක වෙළඳපලේ තෙල් හා ගෑස් මිල සීඝ්‍ර ලෙස අඩු වී තිබුනත් භූමිතෙල් හා ගෑස් මිල අඩුකර ‍තිබෙන්නේ ඉතා සුළුවෙනුයි. රු.25කින් ගෑස් මිල අඩු කර, අයවැයට පිටින් ජලය සඳහා අවම ජල ගාස්තුව රු. 200කින් වැඩි කර තිබෙනවා. එය දැන් ඇමති අනුකාරක සභාවකට පරීක්ෂා කිරීම සඳහා තාවකාලිකව අත්හිටුවා තිබෙන බව කියනවා. ඇමති අනුකාරක සභාව මේ ගැන පරීක්ෂා කිරීමට තිබුනේ ගැසට් කරන්න පෙර නොවේද? ඛනිජ තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලයේද ණය ගැනීම් වැඩි වී ඇති බව ද වාර්තා වෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේද පාඩු තිබෙන බව අයවැය ඇස්තමේන්තු වලින් පෙන්නුම් කර තිබෙනවා. ඒ නිසා ඉදිරියේදි දුම්රිය ගාස්තු, විදුලි ගාස්තු ද වැඩිවනු නොඅනුමානයි. මේ ගාස්තු වැඩි කළත් අයවැයට පිටින් බියර් සමාගම්වලට මිලියන ගණනින් තීරුබදු සහන දී තිබෙනවා.

2015 සිට ලෝක වෙළඳපලේ තෙල් මිල ගණන් බැරලයකට ඇ.ඩො.40ක පමණ මට්ටමක තිබෙනවා. 2014 දක්වා එම මිල ගණන් ඇ.ඩො.80-100 වැනි ඉහළ මට්ටමක තිබුණේ. 2015 මහ බැංකු වාර්තාවට අනුව තෙල් ආනයන වියදම ඇ.ඩො.මිලියන 4,597යි.එය 2015 ඇ.ඩො.මිලියන 2,700ට අඩුවී තිබෙනවා. එය වර්ෂයකට ඇ.ඩො.මිලියන 1,900ක ඉතිරියක්. රුපියල් කෝටි 27,500 ක්. 2016 දීද ඒ හා සමාන ඉතිරියක් තෙල් ආනයනයෙන් ඇති වී තිබෙනවා. ඒ අනුව වසර 2ක තුළ ඇ.ඩො.මිලියන 3,800ක පමණ ඉතිරියක් නැතහොත් රුපියල් කෝටි 55,100ක පමණ ඉතිරියක් ඇති වී තිබෙනවා. මේ ඉතිරියට මොකද කළේ?

විදේශ සංචිත ඇ.ඩො.මිලියන 6,500ට පහත වැටී තිබෙනවා. 2004 දී විදේශ සංචිත ප්‍රමාණය ඩො.මිලියන 2,200ක් වූ අතර එය 2014 වන විට ඩො.මිලියන 8,200ක් බවට අප පත් කළා. 2009 දක්වා යුධ වියදම්,2014 දක්වාම අධික තෙල් වියදම් හා යටිතල පහසුකම් හා ග්‍රාමීය සංවර්ධනය සඳහා වියදම්, රජයේ සේවාවන් සඳහා සේවකයන් බඳවා ගැනීම් හා වැටුප් වැඩි කිරීම් අප කළමනාකරණය කළා. පොහොර සහනාධාරය, පාසැල් නිලඇඳුම් වැනි සහන වසර 10ක් තුළ අඛණ්ඩව පවත්වා ගත්තා. රණවිරුවන් හා ඔවුන්ගේ මාපියන්ට සහන සැලසුවා.

යුද්ධය නිමා කිරීමත් සමග උතුරේ බිම් බෝම්බ ඉවත් කර A9 මාර්ගය, දුම්රිය මාර්ග ඇතුලු මූලික යටිතල පහසුකම් සම්පූර්ණ කළා. නැගෙනහිර පළාත සංචාරක කලාපයක් ලෙස සීඝ්‍ර දියුණුවකට පත් කළා. කොළඹ හා තදාසන්න ප්‍රදේශ පරිසර හිතකාමී ආසියාවේආකාර්ශණීය නාගරීක ප්‍රදේශයක් බවට පත් කළා.මේ අතර 2004 ජාතික ආදායමෙන් සියයට 7.5ක් ව පැවති අයවැය හිඟය 2014 වන විට සියයට 5.7 දක්වා අඩු කලා. උද්ධමනය සියයට 3කපමණ මට්ටමකට අඩු කළා. ණය පොලී අනුපාත සියයට 10ට අඩු මට්ටමකට ගෙන එනු ලැබුවා.

එසේ වුවත් වසරක් ඇතුලත යහපාලනය විසින් අයවැය හිඟය 5.7 සිට 7.4 දක්වා වැඩි කළා. මේ සියල්ල කළේ රටට දැරිය නොහැකි පොරොන්දු රාශියක් වගකීමෙන් තොරව “දින 100 වැඩසටහන” යටතේ ඉටු කිරීමට කටයුතු කළ නිසයි. එම පොරොන්දු ක්‍රියාත්මක කිරීම නිසා ඒවායින් ප්‍රතිලාභ ලැබූ රජයේ සේවකයන්ගෙන් ඔවුන්ගේ විශ්‍රාම වැටුප නැවතීමෙනුත්, සමස්ත ජනතාවගෙන් ඉහල වැට් බදු ලබා ගැ‍නීමටත්, සංවර්ධන වියදම් කපා හැරීමටත් දැන් සිදු වී තිබෙනවා.ණය පොලී අනුපාත සියයට 14 ඉක්මා තිබෙනවා. විදේශ සංචිත අඩුකර ගත්තා.එයට අමතරව භයානකම ක්‍රියාමාර්ගය වී ඇත්තේ වි‍දේශිකයන්ට රටේ යටිතල පහසුකම් සහ ඉඩම් විකිණීමයි.

2017 වර්ෂය සඳහා ඇස්තමේන්තු කර ඇති ආදායම 2016 වර්ෂයට වඩා රු. බිලියන 440ක වැඩිවීමක්. එය රු.බිලියන 200ක පමණ අධි තක්සේරුවක්. ජත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉලක්කයන් සපුරා ගැනීමට අයවැය සකස් කර ඇතත් 2017 ආදායම් ඇස්තමේන්තුව ලඟා කර ගැනීම සදහා අතිරේක බදු පැනවීමේ අවධානම මතු වෙනවා. අයවැය හිඟය සඳහා ඇති ඉලක්කය වෙනුවෙන් ප්‍රාග්ධන වියදම් කපා හැරිම‍ හෝ තවදුරටත් ණය ගැනීමටද සිදු වෙනවා. විදේශ වාණිජ ණය පමණක් රු. බිලියන 220 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. එය රු. බිලියන 230ක අනෙකුත් විදේශ ණය වලට අමතරවයි. මෙම ආදායම් අවිනිශ්චිතභාවය නිසා මෙන්ම දැනටමත් ක්‍රියාත්මක වැට් හා අනෙකුත් බදු වලින් පොලි අනුපාත හා උද්ධමනය ද වැඩි වෙනවා. විනිමය අනුපාතය අස්ථාවරත්වය ද දැකිය හැකියි. මේ නිසා ජීවන වියදම් මට්ටම තවදුරටත් දුෂ්කර වීම මේ අයවැයෙන් ඇතිවන තවත් ප්‍රතිථලයක්.

අවසාන වශයෙන් මේ අයවැය විසින් එ.ජා.ප සම්ප්‍රදායයතාර්ථයක් කර තිබෙනවා. එයට ශ්‍රි.ල.නි.පයෙන් කොටසකුත් සම්මාදම් වෙලා. මේ පාප කර්මයට සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට සිය හෘද සාක්ෂියට අනුව දායකවිය නොහැකියි. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය, සුභසාධන වියදම් කපා හැරීම, රාජ්‍යසේවය දුර්වල කිරීම, දේශීය ව්‍යාපාරිකයන් අධෛර්ය කිරීම, දේශීය පාරිභෝගිකයන්ට බදු බර පැටවීම, විදේශිකයන්ට වැට් බදු ආපසු ගෙවීම මෙන්ම ඉඩම් හා නිවාස ලබාදීමට කටයුතු කර තිබෙනවා. විදේශ කොලනියක් බවට අපේ රට පත් කිරිම මෙහි භයානකම පියවර බව පැහැදිලි වෙනවා.

හම්බන්තොට වරාය විකුණා ඔවුන්ට අක්කර 15,000ක භූමිය ලබාදීම විදේශකරණය කිරීමේ භායානක පියවරක්. ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත ප්‍රදේශද මේ අයුරින්ම විදේශකරණය කිරීමේ පියවරක්. අධිරාජ්‍යවාදීන් උඩරට වතු අයිති කර ගනිමින් එම ප්‍රදේශ වල ජනතාවට ඉඩම් අහිමි කළ අයුරින්ම හම්බන්තොට ත්‍රිකුණාමල ප්‍රදේශවල ජනතාවටද ඒ ඉරණම මේ අයවැයෙන් අත්පත් කර දී තිබෙනවා. එම ප්‍රතිපත්ති ජනතාවට සාධාරණය කරන්නේ රූපවාහිනිය මගින් තම ප්‍රචාරණ කටයුතු මෙහෙයවන සමාගමට මුදල් ගෙවා නැති ණය බරක් හා දූෂණ ගැන මවාපෑම මගිනුයි. මෙයට ඉඩ දිය නොහැකියි. ණය ගෙවීමට බැරිනම් ඒ සඳහා කල් ගැනීමට මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කිරීමට අපේ විදේශ ප්‍රතිපත්තිය යොදා ගැනීම රටක්, ජාතියක් විකිණීමට වඩා උතුම් බව තේරුම් ගත යුතුයි.

මෙම අයවැය ගැන ගැමියන් කියන්නේ “ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ” අයවැයක් කියලයි. තවත් සමහර අය කියන්නේ “නිර්මාංශ ආහාර ඉල්ලන පුද්ගලයන් KFC එකට ගෙන ගොස් ඕනෑ තරම් කන්න” යැයි කියපු අයවැයක් බවයි. මෙහි අවසාන ප්‍රතිපලය “යහපාලනය යම පාලනයක්” වීමයි. අපේ රටට නොගැලපෙන එංගලන්තය ඇමරිකාව වැනි රටවල් පවා යළි සලකා බැලීමට තීරණය කර ඇති ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ප්‍රගතිශිලි දේශපාලන පක්ෂ වල යුගයේ වගකීමක්.

එම නිසා රාජ්‍ය අයෝජනය වැඩි කිරීම, ජනතාවගේ ඉතිරිකිරීම් දිරි ගැන්වීම, රජය හා පෞද්ගලික අංශයේ මනා මැදිහත්වීම, කෘෂිකාර්මික හා ග්‍රාමිය ආර්ථිකය ශක්තිමත් කිරීම,රාජ්‍ය ව්‍යාපාර කළමණාකරණය ස්වාධීනකර කාර්යක්ෂම කිරීම, දේශීය ව්‍යාපාරිකයන් දිරි ගන්වා අපනයන වැඩිකිරීම, ආනයනය අඩු කරන නිෂ්පාදන වැඩි කිරීම ඇතුලත් ආර්ථික ප්‍රතිපත්තිඅපේ විකල්ප විය යුතුයි. මේ පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රිවරුන් මෙන්ම විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සිය හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමෙන් සිය පක්ෂයේ සැබෑ ස්ථාවරය තහවුරු කරනු ඇතැයි මා විශ්වාස කරනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි!
මහින්ද රාජපක්ෂ (පා.ම.)
ශ්රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති

02
අගෝ.
16

දේශපාලන තියරි බීපු විචාරකයිනි. පරාද වුනු, නරක, හොර, පවුල් වාදී මහින්දට මෙච්චර මිනිස්සු ඇයි ?

රනිල්ට සිරිසේනට චන්ද්‍රිකාට නැති සෙනගක් ඇයි පරාද වුනු, නරක, හොර, පවුල් වාදී මහින්දට මෙච්චර මිනිස්සු කැමති ඇයි“ ?

ඉන්දියාව, දෙමල මිනිස්සු, මුස්ලිම් මිනිස්සු, මංගල, රනිල්, එක්වී කල කුමන්ත්‍රණයකි. මෝඩ තකතීරු සිරිසේනට උන් පුකෙනුත් හිනාවෙනවා. කොහෙම හරි ලංකාවේ යුද්ධය මෙම කුමන්ත්‍රණ යුද්යෙන් ද  බේරෙන තෙක්  තව වසර ගනනාවකට කල් ගොස් ඇත.

13872930_10153554364391467_8183354174071746161_n

26
ජුනි
16

එන්න එන්න රනිල්ගේ ගූ රහ කර කර කන්න එන්න

13239455_10154229998786934_7995013880581151357_n 13307377_308811126116653_3793196912318927415_n 13342890_310751805922585_4559172022103486697_n 13344684_312065105791255_3194676441951106624_n 13346524_308840146113751_7858695394848629789_n 13418953_315429232121509_7510679696963759190_n 13445351_315037402160692_1163218669106475608_n  13495171_1043352839089867_3050019782341545775_n   13502070_592174617623618_3910351450595112241_n  13516195_591891077651972_2670232892642269752_n 13537762_319696258361473_6649060358951527816_n.

26
ජුනි
16

ගොං අගමැතියාගේ ගූ ගෑරුප්පුවෙන් කනකොට හරි රහලු.. (පුරවැසි කිලි බලය)

ajith-50df36d-mangala_gadaruwan_lnb

මෙයට වසර 29කට පෙර 1987 ජුලි 29වැනිදා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර එජාප ආණ්ඩුව යටතේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් 1987 ජුනි 22වැනිදා රාත්‍රී රටපුරා කරන ලද වැටලීමකින් එම ගිවිසුමට එරෙහිව පැන නැගුණු විරෝධතා ව්‍යාපාරයන්ට නායකත්වය දුන් සරසවි සිසු නායකයින් 88 දෙනෙකු ඇතුළු 310ක් අත්අඩංගුවට ගෙන කොළඹ මැගසින් බන්ධනාගාරය සහ තවත් ස්ථාන කිහිපයක රිමාන්ඩ් සිරගතකර මාස තුනක් තබාගෙන පසුව නිදහස් කළේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුවය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වර්තමාන කැඳවුම්කරු ඇතුළු බොහෝ සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් විවිධ චෝදනා ගොනු කරමින් අත්අඩංගුවට ගැනීමේ අනතුරක් දැනටමත් මතුව ඇත. වත්මන් ආණ්ඩුවේ නායකත්වය යටතේ ඉදිරි වසර 5තුළ ජේ.ආර්. ජයවර්ධන තැබූ වාර්තාද කඩනු ඇතැයි ආණ්ඩුව කියන්නේ මේවාටද?

පිං අගමැති

එලොවටත් නැති මෙලොවටත් නැති නඩයක් ‘යහපාලන’ ආණ්ඩුවට ඔක්සිජන් ගහන්නට කිඹුල් කඳුළු හලනවාය. එකෙක් පුරවැසි බලයේය. තවකෙක් අලුත් පරපුරේය. සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ කියාද පිරිසක් ඇත. විදියේ විරෝධය දවල්ටය. නිදහසේ වේදිකාව රෑටය. මොවුන් ඔක්කොම එක වල්ලේ පොල්ය. ජනතාවට දොං සිමංය. හරියට ‘යහපාලන’ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකයින් වාගේය. දවල් මිගෙල්ය. රෑ ඩැනියෙල්ලාය. ජනවාරි 8 පැතූ ‘යහපාලනය’ මේකදැයි අසනුයේ වෙල්ල හැලියට නැග්ග බළලා වගේය. ‘යහපාලන’ ආණ්ඩුවට අවශ්‍ය දේ පමණක් කියන පිරිසක් සිවිල් සමාජයේ නියෝජිතයින් ලෙස පිලිගත යුතු නැත. මෙම ‘සිවිල්’ සංවිධාන දොර කවුළු වසාගෙන ජනතා බලයක් ගොඩනගන්නේ නැතිව මේ කරන්නේ මවාපෑමකි. ජනතා මැදිහත්වීම නොඉවසන, ඒ වෙනුවෙන් කැපකිරීමක් කිරීමට සූදානම් නොමැති, ‘ගේම්කාරයින්’ බහුතරයකින් සමන්විත මෙම පුරවැසි උගුල්වලට තවදුරටත් කිසිවෙකු රැවටිය යුතු නැත.

4-taem

මෙම පුරවැසි උගුල්වල සංවිධානවල නායකයින්ද ‘යහපාලකයින්’ සමඟ එකට කෑවේය. බීවේය. කඩේ ගියේය. සුදු හුණු ගැවේය. පඩියෝ මෙන් හැසුරුණහ. ආණ්ඩුවට එරෙහිව අදහස් දක්වන්නෝ කුමන්ත්‍රණකරුවන් ලෙසද නම් කළහ. සිංහලයන්ට ඇත්තේ ගෝත්‍රික මානසිකත්වයක් යැයි පාරම් බෑහ. ඉක්බිති සිය පඩිත්වයෙන් විරාජමාන වූහ. මාධ්‍ය ප්‍රසිද්ධිය නිසා පොරවල් බවටද පත්වූහ. පුළුවන් අය කුට්ටිය කඩා ගත්තේය. තවත් අය තනතුරු ගත්හ. එන්.ජී.ඕ සබදතා ඇත්තන් ඩොලර් සරණ ගියහ. නැති එකා පමණක් දත කට මැදගෙන වරදාන බලාපොරොත්තුව තවදුරටත් ඉවසා වදාරනු පෙනේ. සුද්දන්ට එදා කළු සුද්දෝ රට පවාදුන්නේද එසේය. ලැජ්ජා නැති නිවටකම අදත් එදා සේමය. ඔවුන්ට ජීවත්වීමට හෘද සාක්ෂියක් අනවශ්‍යය. බොරු මායාවක් ලොවට පෙන්නා සැප විදිමින් ජීවත්වන ඔවුහු මේ කරන්නේ රඟපෑමකි. වාද විවාද කර කාලය කා දැමිය යුතුද නැත. මේ එන්.ජී.ඕ පුරවැසි උගුල් සංවිධාන ගැන ‘යහපාලන’ ආණ්ඩුවට හොද අවබෝධයක් ඇත. එබැවින් ආණ්ඩුව තමන්ගේ මාර්ගයේ බිය නොමැතිව පෙරටම ගමන් කරනු ලබයි.

‘යහපාලන’ බලයට පත්වී මාස 18ක් වූවද මිනිසුනට ප්‍රශ්න තිබුණාටත් වඩා උග්‍ර විය. රාජපක්ෂ ආණ්ඩුවට 2014 සාපේක්ෂව ජනතාවගේ ජීවන බර ඉහල ගොස්ය. උද්ධමනයේ ප්‍රතිශතයක් ලෙස 3.3 සිට 4.8 දක්වා වැඩිවී ඇත. විදේශ සංචිත ඇමරිකන් ඩොලර් බිලියන 8.3 සිට 6.6 දක්වා අඩුවී ඇත. කොටස් වෙළෙඳපොළ බිඳ වැටෙමින් සමස්ථ කොටස් මිල දර්ශකය 7299 සිට 6465 දක්වා පල්ලම් බැස ඇත. විරැකියාව 4.3 සිට 4.9 දක්වා වැඩිවී ඇත. ජාත්‍යන්තර වර්ගීකරණ වලින් ලංකාවේ ආර්ථිකය පහලටම පල්ලම් බසී. මේ මොලයක් කරපු හරියක්ය. කුරුල්ලෙකු කිසි විටක වසන අත්තෙහි ශක්තිය ගැන නොසිතයි. කුරුල්ලා සෑම විටම විශ්වාසය තබන්නේ තමන්ගේ ම පියාපත් ගැනය. රාජපක්ෂ ආණ්ඩුව සිතුවේ එසේය. ‘යහපාලන’ ආණ්ඩුව සිතුවේ බටහිර රටවල ආලයේ තරම පමණි. එය මුලාවක්ම විය.

ලැම්බෝගිනි අල්ලන්නට පත්වූ ‘යහපාලන’ ආණ්ඩුව අවසානයේ ඇමතිවරුන් 30 දෙනෙකුට කෝටි 118ක සැප වාහන ගන්නට සල්ලි පාර්ලිමේන්තුවෙන්ම අනුමතකර ගත්තේය. එජාපය සමඟ ආණ්ඩුවේ වරදාන භුක්ති විදින ඩාර්ලි පාරේ ශ්‍රිලනිප නෛතික පාර්ශවයේ ඇමති විජිත් විජයමුණි සොයිසා කියන්නේ තමාගේ බෙල්ලේ ඇටයක් ගෙවී ඇති බැවින් සහ පිට කොන්දේ ඩිස්ක් ගොස් ඇති බැවින් රුපියල් ලක්ෂ 350ක අලුත් වාහනය අතවශ්‍ය බවකි. ටෙනිසන් කුරේලා, බන්දු සමරසිංහලාට තියා ඇනස්ලි, සැමුවෙල් හෝ ෆ්‍රේඩී සිල්වා නැවත නැගිට පැමිණියද මේ දෙන විහිළු තහළු දිය නොහැක.

නීතිය වල් වැදෙමින් ඇත. පාතාලය හිස ඔසවමින් පවතී. මහර අධිකරණය ඉදිරිපිට බන්ධනාගාරයෙන් ගෙන ආ රැදවියන් පිරිසකට ඊයේ වෙඩි පිට වෙඩිය. ඉස්සරනම් කොහෝ හෝ මිනිසෙක් හාට් ඇටෑක් එකක් හෝ හැදී මලද එය බැර වූයේ ගෝඨාභය රාජපක්ෂගේ ගිණුමටය. කැලණියේ ආචාරියා කට ඇරියානම් සුදු වෑන් එකකින් වැඩේකර ඇති බවක් ලුණු ගොරකා දමා කියනු ඇත. තහනම් කල බව කීවද ග්ලයිෆොසේට් රසායනයට වඩා අහිතකර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් කිහිපයක් ඉකුත්දා රේගුවෙන් මුදාහැර තිබේ. සතුට යනු එම රසායනික ද්‍රව්‍ය තහනම් කිරීම වන අතර දුක යනු මෙවැනි දෑ ගෙනෙන විට රසායනික පොහොරවලට එරෙහිව ගෝරනාඩු දමන අතුරලියේ රතන හිමි රාජගිරිය අසපුවේ මුනිවත රැකීමය. ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ‘යහපාලන’ ආණ්ඩුවට එක්වන බවට ඇතැමුන් කියති. ඇමතිකමක් නොමැතිව නින්ද නොයන අය සහ බරපතල අපරාධවලට සම්බන්ධ බවට චෝදනා ඇති අය ඇගබේරා ගැනීම සඳහා එසේ යෑම සක්‍රයාගේ පුතා වයිමාට වුවද වැලකිය නොහැකි වනු ඇත.

942872_472636409479088_1921220828_n

දුරකථන බදු දැන් සියයට 49.57කි. මාසයකට රුපියල් 1,840ක දුරකථන බිලක් ගෙවන අයෙකු දැන් එයට අමතරව රුපියල් 912ක බදු ගෙවිය යුතුය. ෆ්‍රී වයිෆයි දෙන්නට ආ ආණ්ඩුව අමාරුවෙන් ගෙවූ ඩේටා බිලටත් වැඩේ දුන්නේය. දේශීය නිෂ්පාදනයක් වන මයික්‍රෝ කාර්වලට දේශීය වෙළෙඳපොළ තුළ ඉඩ ලබානොදී ඉන්දීය මෝටර් රථ වෙළඳපොල පෝෂණය කිරීමට ඉඩ ලබාදී තිබේ. බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට යුරෝපා සංගමයේ සාමාජිකත්වයේ රැදී සිටින ලෙස පවත්වන ජනමත විචාරණයේ ක්‍රියාකල යුතු ආකාරය දැනුවත් කිරීමටද ශ්‍රී ලංකාවේ ඇමති දුසිම් භාගයක් දැන් බ්‍රිතාන්‍යයේය. අනේ අනිච්චං කියන්නේ මේවාටය.

බදු ගසන්නේ ටික කාලයකට බවද රට ආර්ථික අතින් ස්වයංපෝෂිත කලවිට තව වසර කිහිපයකින් ජනතාවට සහනදෙන බවද ‘යහපාලන’ ආණ්ඩුව කියයි. පුංචි කාලේ වාගේම දැනුත් මිනිසුන් සුරංගනා කථා ඇසිමට කැමතිය. එහෙත් ඒවා විශ්වාස කරන්නේ නැත. ආණ්ඩුවෙන් බැට නොකන අය දැන් හොයන එක නොමළ ගෙදරකින් අබ ඇට හොයනවා වගේ අසීරු වැඩක්ය.

26
ජුනි
16

අම්මට ඩිජිටල් කරන පුරවැසි පඩයලාගේ ගූ කන බන

purawsiBalaya

පුරවැසි උගුල්වල සංවිධානවල නායකයින්ද ‘යහපාලකයින්’ සමඟ එකට කෑවේය. බීවේය. කඩේ ගියේය. සුදු හුණු ගැවේය. පඩියෝ මෙන් හැසුරුණහ. ආණ්ඩුවට එරෙහිව අදහස් දක්වන්නෝ කුමන්ත්‍රණකරුවන් ලෙසද නම් කළහ. සිංහලයන්ට ඇත්තේ ගෝත්‍රික මානසිකත්වයක් යැයි පාරම් බෑහ. ඉක්බිති සිය පඩිත්වයෙන් විරාජමාන වූහ. මාධ්‍ය ප්‍රසිද්ධිය නිසා පොරවල් බවටද පත්වූහ. පුළුවන් අය කුට්ටිය කඩා ගත්තේය. තවත් අය තනතුරු ගත්හ. එන්.ජී.ඕ සබදතා ඇත්තන් ඩොලර් සරණ ගියහ. නැති එකා පමණක් දත කට මැදගෙන වරදාන බලාපොරොත්තුව තවදුරටත් ඉවසා වදාරනු පෙනේ. සුද්දන්ට එදා කළු සුද්දෝ රට පවාදුන්නේද එසේය. ලැජ්ජා නැති නිවටකම අදත් එදා සේමය.

‘යහපාලන’ ආණ්ඩුවට ඇති ප්‍රශ්නය මහින්ද රාජපක්ෂ ගෙන් වූවායැයි උපකල්පනය කරන හොරකම් නිසා වැට් ඇතුළු බදු බර ජනතාවට පැටවීමට සිදුවීමය. ඒකාබද්ධ විපක්ෂයේ සුළු පක්ෂවලට ඇත්තේ මහින්දගේ නායකත්වයෙන් සහ බැසිල් රාජපක්ෂගේ සංවිධායකත්වයෙන් බිහිවෙමින් පවතින අලුත් පක්ෂයෙන් ඉදිරි මැතිවරණ වලට තරඟකිරීමේදී තමන්ගේ කෝටා එක නැතිවේදැයි කියාය. ජවිපෙට ඇති ප්‍රශ්නය පක්ෂයේ සිය 4වන නායක සෝමවංශ අමරසිංහගේ හත් දවසේ බණට ජාතික නිදහස් පෙරමුණේ වීරකුමාර දිසානායක සහ පෙරටුගාමී පක්ෂයේ සේනාධීර ගුණතිලක නොපැමිණිම පිළිබඳවය. සෝමවංශ හැදූ ජනතා සේවක පක්ෂයට ඇති ගැටලුවනම් නායකයා මියගිය තැන සත් දවසේ බණ නොතියා හය දවසින් එය වෙන තැනක පැවැත්වීමය. අතන මෙතන සිටින ‘වම්මුන්ට’ ප්‍රශ්නය සෝමවංශගේ පෙට්ටිය වසා තිබූ රතු ධජය අවසාන මොහොතේ ඉවත්කර දන්ත වෛද්‍ය ගුණදාස අමරසේකර ජාතික කොඩියකින් එය වසා දැමීමය. ෆූටාවේ සිටින ඇතැම් සරසවි ඇදුරන්ගේ හාහූව කැළණි සරසවියේදී ඩෙනිම ගැලවීමය.

රටේ අති බහුතර මිනිසුන්ට මේ එකක්වත් ප්‍රශ්න නොවේ. ඔවුන්ගේ ප්‍රශ්නය බදු බර වැඩිවීමය. වහල් නීති ගෙනඑමින් වෘත්තීය සමිති දඩයමය. වී මිළ අඩුවීමය. නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමය. ගංවතුරින් සහ නායයෑම් වැනි ස්වභාවික විපත්වලින්ද, සාලාවේදී ආණ්ඩුවේම වරදින් ආයුධ ගබඩාව විනාශවීමෙන් සිදුවූ හානිවලටද තවමත් සාධාරණ අන්දමින් වන්දියක් නොලැබීමය. පාරිභෝගිකයින්ට ප්‍රශ්නය දිවිනැගුම වැඩසටහන ලත්තැනම ලොප් කිරීම නිසා නහුතයට වැඩිවන එළවළු මිලය. මිනිසුනට මෙවැනි ප්‍රශ්න සිය ගණනකි. ජීවත්වීම දුෂ්කරය. මේ සියල්ල අතරතුර හොර රහසේ රට බෙදන ව්‍යවස්ථාව සම්මත කිරීමට ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ඉන්දියාවේ සහාය ඇතිව දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවේ සැලසුම් සකස් කරමින් සිටිති.

මේ සියළු ප්‍රශ්න ‘යහපාලන’ ආණ්ඩුව අමතක කරන්නට හදන්නේ සුසන්තිකා ජයසිංහගේ ඔලිම්පික් කකුලට ඇගේ සැමියා එල්ල කළේයැයි කියන සවල් පහරෙන්ය. නැතිනම් ‘මහා රහස් පරික්ෂක’ වන්ෂොට්ගේ අතේ පත්තුවන ගොන්ජා වැඩවලිනි. එසේත් නොමැතිනම් ප්‍රශ්නයක් පැනනැගුනු විට ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස ලියාදුන් කොලයක් කියවීමට සමත් වෙලේ විදානගේ බාම් එකෙනි. මාරක කථා චක්‍රවර්ත්‍රී ඩීමන් ආනන්ද හිටියානම් මේවා හොද කථාවලට ටිප් ටොප් බීජ වස්තුන්ය.

වැට් බද්දට එරෙහිව ගාල්ලේද, මහරගමද, ගම්පහද හර්තාල්ය. වෙළෙඳසැල් වසා වෙළෙන්දෝ පෙළපාලි යන්නේ පාරිභෝගිකයන්ගේ අයිතීන් වෙනුවෙනි. නිදහස් වෙළඳ කලාපයේ දහස් ගණනක් කම්කරුවෝ කටුනායක ඇවරිවත්ත හන්දියේ සිට මහපාරේ පෙළපාලි යන්නේ හාම්පුතුන්ට සේවකයින් සූරාකෑමට ‘යහපාලන’ ආණ්ඩුවේ නව කම්කරු නීති ගෙනඒමට සහ වෘත්තීය සමිති දඩයමට එරෙහිවය. රැකියා විරහිත උපාධිධාරින් දහස් ගණනක් ගුරු පත්වීම් වහාම දෙන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයන්ය. ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය සිසුවෝ සෙසු සරසවි සිසුන් සමඟ අත්වැල් බැඳගෙන නුගේගොඩ විජේරාමේ සිට කොළඹ වීදි පුරා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයන්ට මුහුණ දෙමින් ඊයේ පෙළපාලි ගියේ නිදහස් අධ්‍යාපනය අහෝසි කරන මාලඹේ පෞද්ගලික වෙද සිසු උපාධි කඩය නීතිගත කිරීමේ කුමන්ත්‍රණය නවතා ජනසතු කරන මෙන් රජයෙන් ඉල්ලමිනි. පොහොර සහනාධාර පික් පොකට් ගසා ඒ වෙනුවෙන් දුන් වව්චර් වලට මුදල් බැංකුවලින් ලබා ගැනීමේදී සිදුවන අසාධරණයට එරෙහිව දඹුල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ගොවීන්ගේ උද්ඝෝෂණයන්ය. සිය දරුවන්ට කලින් ගිවිසගත් පරිදි පාසැල් ලබාදී නැතැයි වෛද්‍යවරු අධ්‍යාපන අමාත්‍යාංශය වටලති. ‘හයිබ්‍රිඩ්’ ආණ්ඩුවේ දෙනවායැයි කියූ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ඉල්ලා රටපුරා අරගලයන්ය. මාධ්‍යවේදින්ට දෙන දඬුවම් ගැනද එස්.ටී.එෆ් පොලිස් ලොක්කාගේම කටින් පැන්නේය. ඔවුනට විසදුම් නැත. එබැවින් මර්දනය සූදානමින් ඇත.

එදා අත්අඩංගුවට ගත්තේ ශ්‍රිලනිප හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂය. පසුව නම් වැලකි. පෙරේදා අත්අඩංගුවට ගත්තේ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිලය. ඊයේ අත්අඩංගුවට ගත්තේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්ය. අද අත්අඩංගුවට ගනු ඇත්තේ ඔබගේ සටන් සගයාය. හෙට ඔබද අත්අඩංගුවට ගතහොත් එහි පුදුමයක්ද නැත. ජාතිකවාදී දේශපාලන දෘෂ්ඨියක් සහිත උදය ගම්මන්පිල සහ මොහොමඩ් මුසම්මිල් අත්අඩංගුවට ගැනීමෙන් එම දේශපාලන ධාරාව යටපත් කල නොහැක. එය තව තවත් ප්‍රබල වනු ඇත. කොන්ෆියුසිස් කීවා මෙන් ලොකුම දෙය නොවැටී සිටීම නොව වැටෙන සැම විටම නැගිටීමය. බරපතල වැරදිකරුවන් ඇමතිකම්දී ආරක්ෂාකරන ආණ්ඩුවක් දේශපාලන විරුද්ධවාදීන් පමණක් තෝරාගෙන දඩයම් කිරීමේ යටි අරුත දේශපාලන ඛේදවාචකයක් ලඟ ලඟම බව කියාපෑමකි.

09
ජුනි
16

රනිල් ගොනාගේ මහේන්ද්‍රන් දෙමලා එලවීමට කොන්ද පන නැති මන්ත්‍රී බයියෝ

boru

රනිල් ගොනාගේ කොන්ද පන නැති මන්ත්‍රී බයියෝ කාපල්ලා ගූ….

ලංකාවේ අපට ‘බොන්ඩ්‘ කෙනෙක් බිහි වී තිබේ. නමින් ‘බොන්ඩ් මහේන්ද්‍රන්ය‘. සැබෑ නම අර්ජුන් මහේන්ද්‍රන්ය. ඔහු ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ ලෙස පුරසිද්ධ වූයේ අපරාධ පරීක්ෂකයෙක් ලෙස නොව අපරාධකරුවෙක් ලෙසය. හේ වර්තමාන ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිවරයා ය. ඔහුට ඒ නම පට බැඳුනේ ‘ට්‍රෙෂරි බොන්ඩ්‘ හෙවත් මහ බැංකු බැඳුම්කර නිකුතුවකදී තම බෑණාට විශේෂත්වයකින් කටයුතු කර රුපියල් බිලියන 2 ක් හෙවත් රු. මිලියන 2000 ක් හෙවත්  කෝටි 200 ක් පමණ ලංකාවේ රාජ්‍යයට අලාභ කිරීම නිසාය. මෙවැනි අලාභයක් කෙළේ නැතැයි ආණ්ඩුවේ එජාප කොටස පස් පඩංගුවේ දිවුරා කීවද ‘ට්‍රෙෂරි බොන්ඩ්‘ ප්‍රශ්නය නිසා අගෝස්තු 17 පැවැති මහ මැතිවරණයේදී එජාපයට අඩුම වශයෙන් මුළු රටින්ම මන්ත්‍රී ආසන 8-10ක් පමණ අහිමි විය.

පයිතගරස්

අර්ජුන් මහේන්ද්‍රන් වනාහී අගමැති රනිල් වික්‍රමසිංහගේ කාලයක් තිස්සේ සිටින ගජ මිතුරෙකි. රනිල් වික්‍රමසිංහ සිතන්නේ මේ ලෝකේ දැනට ජීවතුන් අතර සිටින ආර්ථික විද්‍යා හෝ මූල්‍ය විද්‍යා හෝ ඩීල් විද්‍යා හෝ ‘පයිතගරස්‘ අර්ජුන් මහේන්ද්‍රන් කියා ය. එබැවින් ඔහු මහාචාර්ය වරුන්ට පවා ‘පයිතගරස්ගෙන්‘ අසා දැන ගෙන එන්නැයි කියා ඔහු වෙත යවයි.

රනිල් යහපාලනය වැළැඳ එහි අගමැතිවීමෙන් පසු පෙර කී ‘පයිතගරස්‘ හෙවත් අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට ගෙන්වා මහ බැංකුවේ අධිපති කෙළේය.

දින 100 ආණ්ඩුව තුලදීම අර්ජුන් මහේන්ද්‍රන් බිලියන 2 ක මහජන මුදල් අපයෝජන චෝදනාවකට ලක්වී ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ ලෙස යලි උපන්නේ දිව්‍ය ලෝකයක වුවද, ඔහුට රට නම් යලි දිව්‍ය ලෝකයකට හෝ දිව්‍ය ලෝකයේ පාමුලකට හෝ ගෙන යෑමට නොහැකි විය.

සත්‍ය වශයෙන්ම ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ දන්නේ ‘මූල්‍ය ඩීල් විද්‍යාව‘ මිස ‘මූල්‍ය පාලන විද්‍යාව‘ නොවේ. ලංකාවේ මහ බැංකුවට අවශ්‍ය වන්නේ ඩීල් කරුවෙක් නොව මූල්‍ය පාලන විද්‍යාව දන්නා අයෙක් බව නොතේරීම අවිද්‍යාවකි.

‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ මූල්‍ය පාලනය දන්නවානම් ණය වාරිකය ගෙවා ගැනීමට වාර්ෂික ආදායම මදි වී තැවෙන තමන්ගේ මාතෘ භූමිය පහත දැක්වෙන ආකාරයෙන් ‘උලා කන්නේ‘ නැත. ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ ගේ වාර්ෂික කෙරුවාව මෙසේය.

ඊට 2015 පෙබරවාරි 28 දා සිට දෙසැම්බර් 31 දා දක්වා ගත වූ කාලයට අදාලව ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ ‘ ගේ ක්‍රෙඩිට් කාඩ් ගිණුම උදාහරණ සපයයි.

අදාල කාලය තුල මහේන්ද්‍රන් නවාතැන්, ආහාර පාන, විනෝදාංශ ඇඳුම් පැළැඳුම් සහ අභ්‍යන්තර ගමන් බිමන් ආදිය සඳහා වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 18 කට ආසන්නය. ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් පත මගින් කරන ලද එම වියදම් වලින් බොහොමයක් මහ බැංකුව විසින් ඔහු වෙත නැවත ගෙවනු ලැබ තිබේ. (reimburse)

මහ බැංකු අධිපති කම නම් වූ ඉතා බලසම්පන්න තනතුර බාරගෙන කෙටි කලකින්ම තනතුරේ හිමිකමක් ලෙස ලැබෙන ක්‍රෙඩිට් කාඩ් පතෙහි වියදම් සීමාවන් ඔහු විසින්ම ඉහල දමා ගනු ලැබූ නිසා මෙම වියදම් තම නිල හිමිකම අනුව කළා යැයි කීමට හැකියාවක් ඇතත් බයිලා පිලිගන්නෝ දැන් අවමය.

ඔහු විසින් වියදම් කරනු ලැබූ රුපියල් මිලියන 18 න් මේ වන විට මහ බැංකුව විසින් නැවත ගෙවන ලැබ ඇති මුදල රුපියල් මිලියන 14. 5 ක් පමණ වෙතැයි දැන ගන්නට තිබේ. ඒ අනුව ගත් කළ මහ බැංකුව විසින් බැංකු අධිපතිවරයාගේ වියදම් සඳහා මාසයකට ඔහු වෙත ගෙවා ඇති මුදල රුපියල් මිලියන 1. 4 කි.

අපකීර්තිමත් බැඳුම්කර ගණුදෙනුවෙහි වගකීම බාර ගැනීමත්, තම වැටුප කුමක්දැයි ප්‍රකාශයට පත් කිරීමත් හිතුවක්කාර ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබූ පුද්ගලයෙකු නඩත්තු කරනු ලැබීම සඳහා මෙතරම් මහජන මුදල් කන්දරාවක් වියදම් කිරීමට මේ රටේ ජනතාවට පිස්සුද?

අසාමාන්‍ය ලෙස අධික මිල ගණන් වල ඇඳුම් පැළැඳුම් මිලදී ගැනීමට ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ දක්වන ලැදියාව මේ වන විටත් බොහෝ දෙනා දන්නා කරුණකි. ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් ගිණුම් ප්‍රකාශනය මගින් පෙන්වා දෙන අන්දමට 2015 දී සිංගප්පූරුවේ නිල සංචාරයක නිරතව සිටියදී ඔහු මිලදී ගත් එක් ඇඳුම් කට්ටලයක් සඳහා ක්‍රෙඩිට් කාඩ් පත මගින් වියදම් කොට මහ බැංකුව වෙතින් නැවත ලබා ගෙන ඇති මුදල රුපියල් මිලියන 1.2 ක් පමණ වේ.

ඔහු ඇදහිය නොහැකි ලෙස වියදම්  කර ඇති තවත් අංශයක් වන්නේ නවාතැන්ය. “තම නිල කාර්යයන්හි නියුක්ත වීම“ ට සිදු වූ නිසා මහ බැංකු අධිපතිවරයාට සහභාගී වීමට අවස්ථාවක් නොලැබුණු පේරූ රාජ්‍යයේ පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම පිණිස ඔහු වෙනුවෙන් වෙන්කරනු ලැබූ නැවත ආපසු නොගෙවන හෝටල් කාමර ගාස්තු වැනි වැය ද මහ බැංකුව විසින් ඔහු වෙත ආපසු ගෙවා දමා තිබීම පුදුමාකාරය.

අවධානයට යොමු වී ඇති මාස 10 ක කාල පරිච්ඡේදය තුල මහ බැංකු අධිපතිවරයා විසින් ඇඳුම් පැළැඳුම් සඳහා ගෙවනු ලැබ ඇති මුදල රුපියල් මිලියන 2 ක් පමණ ය. විනෝදාංශ සඳහා වූ කාර්යයන් සඳහා වූ වැය රුපියල් මිලියන 2 ක මට්ටමකට පවතින අතර ආහාර පාන සඳහා කරනු ලැබ ඇති වියදම රුපියල් මිලියන 2.5 ක් පමණය. ඔහුගේ දේශීය ගමන් බිමන් සඳහා වූ වියදම පමණක් රුපියල් ලක්ෂ 6 කි. මෙම වියදම් සැලකූ කළ මහා භාණ්ඩාගාරය විසින් වෙනමම පියවනු ලැබ ඇති අධිපතිවරයාගේ බිල් වල මිල ගණන් සොච්චමකි.

මේ නම් ආන්ඩුවකට දරා ගත නොහැකි මුට්ටියේ පතුල තෙක් සූරනු ලැබීමක් වැනි අභාග්‍ය සම්පන්න ආයෝජනයකි.

සත පහක් නොවටිනා ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ ගේ කොන්ත්‍රාත් කාලය මේ මස අගදී අහවර වීමට නියමිතය. රනිල්ට ඔහු තබා ගැනීමට අවශ්‍ය විය හැකි වුවද ප්‍රගතිගාමී මහජනතාවට එවැන්නක් අවශ්‍ය නැත.

ඒ අන් කිසිවක් නිසා නොව බොන්ඩ් ප්‍රශ්නය ඇදී ආ අවස්ථාවේදී රනිල් වෙනුවෙන් බෙල්ල දෙන්නට ආ සුජීව සේනසිංහ විසින් කරන ලද ප්‍රකාශ නිසාය. සුජීව සියළුම ගණු දෙනු සාධාරණය කරමින් කතා කළද විවේචනය කෙළේ එක සිද්ධියකි. එනම් මහ බැංකු අධිපති අර්ජුන් සහ සීමාසහිත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධිපති බෑණා එකට ට්‍රෙෂරි බොන්ඩ් ප්‍රශ්නයට පටලැවීම තුල ලබැඳියාවන් අතර ගැටුමක් තිබෙන බව ඔහු පිලිගන්නා බවය.

ඒ එසේ නම් ලබැඳියාවන් අතර ගැටුම පවා නැති කර ගත හැක්කේ ‘බොන්ඩ් මහේන්ද්‍රන් දෙමලා එලවීමෙන් පමණි ෴

 

07
ජුනි
16

උතුරේ හමුදා කඳවුරු ඉවත්කිරීමට පොටක් පාදා ගන්න යහපාලකයෝ අවි ගබඩාව පුපුරවයි

යුද හමුදාවේ කොස්ගම මධ්‍යම උණ්ඩ ගබඩාව සම්පූර්ණයෙන් පුපුරා යෑම සිතාමතා කරන ලද කුමන්ත්‍රණයක්  යැයි උණ්ඩ ගබඩා කිරීම සම්බන්ධ විදේශීය විශේෂඥයින්ගේ මතයයි.

විශේෂඥවරුන්ගේ විශ්ලේෂණයන්ට අනුව කොස්ගොඩ අවි ගබඩාව පුපුරාදැමීම ක්‍රමාණුකූල වැඩකි.

උතුරේ හමුදා කඳවුරු ඉවත්කිරීමට පොටක් පාදා ගන්න යහපාලකයෝ මෙම අවි ගබඩාව පුපුරවා හැර ඇත. සිංහල ප්‍රදේශයක ඇති මෙම ගබඩාව තෝරා ගෙන ඇත්තේ සිංහල මිනිසුන්ගේ සිත් තුල හමුදා කඳවුරු ඉවත්කිරීම පිළිබඳ මතවාදය පැතිරවීමටයි. මේ අදහස දැන් එන්නේ නැති අතර මාස ගනනකින් පසුව ගෙන ඒමට නියමිතය. ඉන්දීය රජය මේ පිපිරවීම සඳහා උපදෙස් ලබා දී ඇත. මෙම අවි ගබඩාව බාරව සිටි විශ්‍රාමික දැනට බ්‍රිතාන්‍ය යේ පදිංචි හමුදා බුද්ධි අංශ නිලධාරීන් මේ සඳහා සාක්ශි සපයති මෙය සම්පූර්න යෙන්ම රෝ ඔත්තු සේවයත් කොටි බුද්ධි අංශත් රනිල්ගේ උවමනාවත් එක්ව ආරක්ශක ඇමතියාගේ අනුදැනුම ඇතිව සිදු කර ඇති පාහර කුමන්ත්‍රණයකි.

එසේම මෙම ඉඩම ඉන්දීය සමාගමකට බදු දීමට නියමිතව ඇත.

මෙම පිපිරීම විශාල පිපිරීමක් නිසා කී.මී 9 දුරට මහ ජනතාව ඉවත් කීරීමට ආරක්ෂක අංශ වලට සිදු විය.මෙ සාලාව කදවුර මෙරට ආරක්ෂක අංශ පවාත්වාගෙන ගි්‍ය විශාලම අවි ගබඩාවන්ගෙන් එකකි. මෙම පිපිරුම සම්බන්දව දැැන් පරික්ණ ආරම්බ වී ඇති බව මධ්‍යයෙන් වර්තා වුවත් මෙම පරික්ෂන වල යම් සැක සහිත බවක් ඇති වි ඇත.  නැවත් රට තුල යුධ වාතාවරනයක් ඇති වුවොත් එයට මූන දීමට හැකි යුධ ශක්තියට මින් විශාල හනියක් වී ඇති බව වර්ථා වේ.

මෙ අතර උතුරේ මෙම හානිය පිලිබද සතුට පල කරමින් රතිඤ්ඤා දල්වන බවද වර්ථා වේ. නමුත් රනිල්ගේ ජනාධිපති මන්ත්‍රීතුමා මේවා පිළිබඳ කට පුක වසා සිටීමට පොරොන්දු වී ඇත

මුන් සියලුම දෙනාට මේවාට ඉතා කෙටි කලකින් සාප වෙනවා.

State_Minister_visits_Kosgama_20160606_03p1 State_Minister_visits_Kosgama_20160606_03p2 State_Minister_visits_Kosgama_20160606_03p3

දැනට ප්‍රකාශ වී ඇති කරුණු අනුව සහ ඊට අදාල ඇසින් දුටු අයගේ ප්‍රකාශ අනුව මේ තීරණයට එළෙබිය හැකිය.

ක්‍රමාණුකූල පිපිරීමක් ලෙස හඳුන්වන්නේ කුඩා පරිමාණ උණ්ඩ ගබඩාවේ සිට මහා පරිමාණ උණ්ඩ ගබඩාව දක්වා පැතිරුණු පිපිරීමකි. මහා පරිමාණ උණ්ඩ ගබඩා පවතින්නේ පොලොවෙන් යටය. මෙවැනි දෙයක් සිදුවිය හැක්කේ අවි ගබඩාවන්හි අවසාන ආරක්ෂාව සඳහා සවිකර ඇති ක්‍රියාන්විතයක් පුපුරුවා හැරීම නිසා යැයි අපගේ විදේශීය විශේෂඥයාගේ මතයයි.

ලෝකයේ ඕනෑම අවි ගබඩාවක ආරක්ෂාවේ කෙළවර අවසානයේ එය පුපුරුවා හරින ක්‍රම වේදයක්ද අඩංගු වේ.

එවැනි ක්‍රම වේදයක් ස්ථාපනය කරන්නේ සටනකදී අවි ගබඩාව සතුරා අතට පත්වන්නට යන්නේ නම් පළා යෑමට පෙර අවි ගබඩාව සතුරා අතට පත්වන්නට ඉඩ නොදී සියල්ල පුපුරුවා හැරීමේ ක්‍රමයක් සහිතව ය.

මෙම ක්‍රමවේදය කොස්ගම උණ්ඩ ගබඩාව කෙරෙහිද ස්ථාපනය කර තිබිණ. එවැනි ක්‍රම වේද ස්ථාපනය කරන්නේ “ආරක්ෂා කර ගැනීමට බැරිනම් විනාශ කිරීම වඩා වාසිය“ යන යුද සිද්ධාන්ත අනුව ය.

කොස්ගම අවි ගබඩාව මේ ආකාරයෙන් ගිනිගෙන විනාශ වී ඇත්තේ පෙර කී ලෙස අවි ගබඩාවක් සතුරා අතට පත් වීමට පෙර විනාශ කරන ක්‍රමාණුකූල ක්‍රම වේදය ක්‍රියාත්මක කිරීමෙන් බවට සැක පහල වන්නේ යැයි අදහස් දැක්වූ පෙර කී විශේෂඥයා පැවසීය.

ඊට හේතු කාරණා රාශියකි. ඇසින් දුටුවන් පවසන්නේ විශාල ශබ්දයක් සමග සුළු අවි ගබඩා දෙසින් පිපිරිමක් ඇතිවූ බවත් පසුව එය බර අවි උණ්ඩ ගබඩා දක්වා පැතිරී ගිය බවත්ය.

මෙවැන්නක් නිකම්ම ඇති විය නොහැකිය. එනම් පුපුරුවා හැරීමට අවශ්‍ය චාජරය ක්‍රියාත්මක විය යුතුමය. ලංකාවේ කොළඹ ඊයේ උපරිම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 30.6 ක්ව තිබියදී උෂ්ණත්වය සාධකයක් වී පුපුරුවා හැරීමට අවශ්‍ය චාජරයක් ක්‍රියාත්මක විය නොහැක.

එසේ නොවී නම් මෙවැනි පුපුරුවා හැරීමක් සඳහා අත්‍යාවශ්‍ය චාජරය කිසිවෙකු විසින් ක්‍රියාත්මක කළ යුතුමය.

ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ පූර්ණ ආරක්ෂාව සහිතව ස්ථාපනය කරන ලද සාලාව උණ්ඩ ගබඩාව ඊයේ සවස පුපුරා යෑම පරිපූර්ණ කුමන්ත්‍රණයක් විය හැකි බව වි‍ශේෂඥයාගේ මතයයි

මේ පිලිබදව තහවුරු කර තවත් තොරතුරු අප සතුව ඇතත් ආරක්ෂක අමාත්‍යංශයෙන් මේ පිලිබදව නිල නිවේදනය නිකුත් කරන තුරු අපට ඒම තොරතුරු ලබා දිය නොහැක.




අනවශ්‍ය දේවල්

  • 206,351 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2020
බ්‍ර සි සෙ
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය