



අජිත් පැරකුම් ජයසිංහ එළියකන්ද වධ කඳවුරේ සිටි රැඳවියෙකි. ඔහු එළියකන්දේ පුරා වසරකුත් මාසයකුත් දිනක කාලයක් සිරගතව සිටියේය. මේ හැර ඔහු වෙනත් කඳවුරු වලද රඳවා තබන ලදි. මෙම කඳවුරු වලදී ඔහු බොහෝ බිහිසුණු දේවල් අත් දුටුවේය.
හෙට්ටියාවල කඳවුරේද සිටි අජිත් හෙට්ටියාවල කඳවුරේ සිටි එක් සාජන්වරයෙකු ගැන පවසයි. ඔහු රූකාන්තගේ සින්දු වලට නටන නමුත් දක්ෂ ලෙස පිහියකින් රැඳවියන් ගේ බෙලි කපා මරා දැමූ පුද්ගලයෙකි. වරක් එලියකන්දේදී නවක සොල්දාදුවෙක් රැඳවියන් දෙදෙනෙකුට උදැල්ලකින් ගසා ගෙලවෙන් කර, එක් හිසක් වැටෙන් එහා පැත්තට විසි කර එය අජිත්ට ගේන්නට නියෝග කලේය. මේ සොල්දාදුවා හොරණ ප්‍රදේශයේ අවුරුදු 19ක් පමණ වූ තරුණයෙකි.
එළියකන්ද තිබුණේ හමුදා බුද්ධි අංශය භාරයේයි. ඔහු එළියකන්දේ සිටි මුල් කාලයේ එය භාරව සිටි 4 වන කාලතුවක්කු හමුදාවේ කපිතාන්වරයා පසු කලෙක ඉතා ජ්‍යේෂ්ඨ තනතුරකට පත් වූ බව ඔහු සිතයි. ඔහු අජිත්ගේ ජීවිතය බේරා දීමට කටයුතු කලේය. ඔහු සිටි කාලයේත් එහිදී දරුණු වධ බන්ධන සිදු වූ මුත්, ඝාතන සිදු වුණේ නැත. 1989 මැද භාගයේදී පමණ ඔහු ගම්පහ ප්‍රදේශයේ බුද්ධි අංශය භාරව ගිය බව දැන ගන්නට ලැබුණි. මාතර දිස්ත්‍රික්කයේ බුද්ධි අංශය භාරව කලින් ගම්පහ බුද්ධි අංශය භාරව සිටි කණ්ඩායම පැමිණි අතර විශාල වෙනසක් සිදු වුණේ එතැන් සිටයි. එම කණ්ඩායම තරමක් බුද්ධි හීන අංශයක් වුණත්, තිරශ්චීන ලෙස වධ බන්ධන හා මිනිස් ඝාතන සිදු කරමින් ජවිපෙ මර්දනය කරන්නට සමත් බව ඔහු පවසයි. අජිත් ගේ මතකයට අනුව මේ කාලයේ මාතර සම්බන්ධීකරණ නිලධාරියා වූයේ බ්‍රිගේඩියර් සිරි පීරිස්.
එළියකන්දේ සිටි ප්‍රධානියා දෙවන ලුති. නිමල් සිල්වා (6 කාලතුවක්කු) විය. එසේම සාජන් දිසානායක, බොම්බඩියර් සෙනෙවිරත්න, ලාන්ස් බොම්බඩියර්අමරසිරි, සිරිල්, කිත්සිරි, හරිශ්චන්ද්‍ර, වික්‍රමසිංහ, උදයසිරි, නන්දසිරි, දයාරත්න ආදීන් හිටි බව ඔහුට මතකය.
එළියකන්ද කඳවුර සහ එහි රැඳවියන් මගේ අධ්‍යන වලට ලක්වී තිබේ. මනෝ ප්‍රතිකාර සඳහා 2002 වසරේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දුමහතා විසින් මා වෙත යොමු කරන ලද සාමාන්‍ය සෙබල XX2 88/89 කැරලි සමයේදී එළියකන්ද -කේ පොයින්ට් කඳවුරේ රැඳවියන් ගෙන් ප්‍රශ්න කිරීම් කරන්නෙකු මෙන්ම වදකයෙකු වශයෙන් සේවය කලේය. රැඳවියන්ට ශාරීරිකව පහරදීම, දැල්වෙන දුම්වැටිවලින් ඔවුන්ව පිලිස්සීම, දරුණු වේදනාඇතිකරන අයුරින් ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය ලාච්චුව තුලට දමා වැසීම සහ සමහර අවස්ථාවලදී මරණ දඞුවම් ක්‍රියාත්මක කිරීම ඔහු විසින් සිදුකරතිබේ. 2002 වසරේදී පවත්වන ලද මනෝවිද්‍යාත්මක වෛද්‍ය පරීක්ෂණ හා විස්තරාත්මක සායනික පිලිවිසීම් වලින් පසු ඔහු ‛පශ්චාත් ව්‍යසන ක්ලමථඅක්‍රමතාවයෙන් (PTSD) පෙලෙන බවට විනිශ්චය විය.
සාමාන්‍ය සෙබළ XX2 ආක්‍රාන්තිය, සිහිනෙන් බියවීම, භීතිකා, සමුද්දේශ පිලිබඳ අදහස්,මායාදර්ශණ හා කම්පනයට අදාළ විවිධ රෝග ලක්ෂණවලින් පෙලුනි. කේ පොයින්ට් කඳවුරේ සිද්ධීන් අමතක කර දැමීම සඳහා ඔහු තදින් මත්පැන්වලටඇබ්බැහිව සිටියේ ය. මේ අනුව වධහිංසනය යනු වින්දිතයාට පමණක් නොව අපරාධකරුට ද අනර්ථයක් සිදුකරන දෙපැත්තම
කැපෙන අසිපතකි.වධහිංසනය පමුණුවන බොහෝ අය විවිධ මානසික අපගමනයන්ගෙන් පෙළේ.
වධ බන්දනයට ලක් වූවන් බොහෝ විට ප්ශ්චාත් ව්‍යසන ක්ලමථ (PTSD) ලක්ෂණ පෙන්වති. මෙම ක්ලමථ ලක්ෂණ අතර තදබල විශාදිය, හීන වූ ජීවිතආශාව, හැඟීම් නිර්වින්දනය දක්නට තිබේ එළියකන්ද කේ පොයින්ට්’ වධකාගාරයෙන් පලාගිය හෝ නිදහස ලැබූ පුද්ගලයෝ තවමත් අනේක මානසික ව්‍යාධි වලින් පෙළෙති.
මා දක්නා පරිදි අජිත් වධ බන්ධනයට ලක්වූ නමුදු බරපතල දුර්විපාකයන් ගෙන් තොරව සාර්ථකව සමාජගතවූ පුද්ගලයන් ස්වල්පය අතරින් කෙනෙකි. ඔහු ලේඛන කලාව මගින් තමා වටා තිබූ අයෝමය වලල්ල බිඳ දැමූ අයෙකු බව මට සිතේ. එසේම ඔහු තම දරුවන් කෙරෙහි දක්වන්නේ අපරිමිත ආදරයකි. ඔහු තුල සිටි මනුෂ්‍යයා ප්‍රබල විය. මේ අනුව එළියකන්ද වධ කඳවුරට අජිත්ව විනාශ කිරීමට නොහැකි විය.
පහත දැක්වෙන්නේ එළියකන්ද ‘කේ පොයින්ට්’ වධකාගාරය සහ වධ බන්ධනය ගැන අජිත් පැරකුම් ජයසිංහ සමග මා විසින් කරන ලද සාකච්ඡාවයි.
1) කැරලිකරුවෙකු වීම සඳහා ඔබට සමාජ පසුබිම සකස් වූ අයුරු කිවහොත්
මට නම් වැඩිපුර බලපෑවේ විප්ලවයක් කිරීමේ දේශපාලන උණ. ඒක මට ඇති වුණේ රුසියානු සාහිත්‍යය කියවීමෙන්. ගැඹුරු දේශපාලන පොතපත කියවන්නට වැඩි උනන්දුවක් තිබුණේ නැහැ. ජවිපෙ සරළ පන්ති හා සරළ ක්‍රම විරෝධී දේශපාලනික මතවාද ප්‍රවර්ධනය කළ මාධ්‍ය, නො ගැඹුරු සමාජ සත්තා යථාර්ථවාදය ප්‍රවර්ධනය කළ සාහිත්‍යකරුවන්, ගීත රචකයන්, ගායක-ගායිකාවන් ආදීන් විසින් පතුරුවන ලද නො මතවාදයත් එක්ක මගේ රුසියානු සාහිත්‍යය හරහා ගොඩනගා ගන්නා ලද නව ලෝකයක් පිළිබඳ ෆැන්ටසිය ගැලපුණා. නම් ලැයිස්තුවක් කියනවා නම්, රෝහණ විජේවීර, මාදුළුවාවේ සෝභිත හිමි, සුනිල් මාධව ප්‍රේමතිලක, සුනිල් ආරියරත්න, නන්දා මාලිනී , ගුණදාස අමරසේකර වගේ අය පරම්පරාවකට පරළොව යන්නට පාර කියපු අය කියලායි මම නම් හිතන්නේ. තමන්ටත් පැහැදිලි නැති දේශපාලන මතවාද ප්‍රවර්ධනය කරමින් අනෙක් අය බලමුළුගන්වන අය අවසානයේදී තමනුත් ගොදුරු වෙමින් වෙනත් අයගේත් ජීවිත බිලි ගන්නවා. අරගලය නිසා ඝාතනයට ලක් වුණු මිනිසුන්ගේ ජීවිත සම්බන්ධ වගකීමෙන් ඒ අරගලයට දායක වී ඉතිරි වූ අයට කවදාවත් මිදෙන්නට බැහැ. මා අදත් කැරැලිකරුවෙක් තමයි. හැබැයි මා සමාජය වෙනස් කිරීම සඳහා අද අරගල කරන විධිය වෙනස්. මම ඒක කවදාවත් අතහැර දමන්නේ නැහැ. හේතුව, මා එක්ක එකට සටන් කරලා මගදී වැටුණු මිනිසුන් නිසා මට ඒක නතර කරන්නට අයිතියක් නැහැ.
2) 1988 / 89 කාලයේදී ඔබගේ ජීවිතය ගලා ගියේ කෙසේද ?
1984 පමණ සිට මම ජවිපෙ දේශපාලනය කළා. ඉතා ඉක්මණින් ම ඒ වන විට මා කරමින් සිටිය විශේෂ ඉංජිනේරු ආධුනික පාඨමාලාව මගහරිමින් ජවිපෙ දේශපාලනයට වැඩිපුර යොමු වුණා. ජවිපෙ පත්‍රිකා බෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හදිසි නීතිය යටතේ මාස තුනක් රිමාන්ඩ් භාරයේ තබා නිදහස් කිරීමෙන් පසු ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයට යොමු වුණා. ඒ 1986 මුලදීයි. ඉන් පසු ජවිපෙ ශිෂ්‍ය අංශයේත්, දේශපාලන අංශයේත් වැඩ කළා. අවසානයේදී මාතර දිස්ත්‍රික්කයේ ප්රචාරක ලේකම් හා කලාප ලේකම්වරයකු ලෙස වැඩ කළා.
3) ඔබව අත් අඩංගුවට පත් වන්නේ කෙසේද?
මාතරදී රාත්‍රිය නිදා ගැනීමට තැනක් සොයමින් යද්දී, වෙලක් මැද මාර්ගයකදී මග පෙන්වන්නන්ගේ වරදක් නිසා හමුදාවේ කොමාන්ඩෝ භට පිරිසකගේ අත්අඩංගුවට පත් වුණා.
4) මුලින්ම ප්‍රශ්න කල පුද්ගලයා මතකද?
මතකයි. අලුත බැඳුණු දෙවන ලුතිනන් කෙනෙක්. ඒවා ප්‍රශ්න කිරීම් නෙමෙයි. කට්ටියක් එක්ක එකතු වී නිකම් පහරදීම් විතරයි. දෙවනුව ප්‍රශ්න කිරීම් කළ ලුතිනන්වරයා පසුව මඩකලපුව පැත්තේ කොටි පාලන ප්‍රදේශයකට මුහුදෙන් ගොඩබැසීමේ ක්රියාන්විතයකදී කොටින්ගේ ප්‍රහාරයට ලක් වී බෝට්ටුවේ ම මිය ගොස් පසුව ඔහුගේ සගයන් විසින් මළ සිරුර මුහුදට දමනු ලැබූ බව දැනගන්නට ලැබුණා. ඔහු මට මානුෂික අන්දමින් සැලකුවා. එළියකන්දට භාර දෙනකල් ඔහුගේ සාජන් හැර වෙනත් අය මට පහර දුන්නේ නැහැ. මා එළියකන්දේ සිටිද්දීත් මාස ගණනකට පසුව වරක් ඔහු එහි පැමිණි විටෙක මගේ සුව දුක් ඇසුවා. එම භට පිරිස අතර සිටි මාතර පැත්තේ ම සාජන්වරයෙක් මා ඔවුන් යටතේ සිටි දින කීපයක කාලය අතරතුර වරින් වර පැමිණ මා උස්සා පොළවේ ගැසුවා. ඔහු බොහෝ වාර ගණනක් මා පොළවේ ගසන්නට ඇති. මේ සාජන් පසු කලෙක ජේ.ඕ.සී. බෝම්බයෙන් මිය ගිය බව ද ඔහුගේ මිනියවත් නො තිබුණු බව ද දැන ගන්නට ලැබුණා.
5) ප්‍රශ්න කිරීමේදී ඔවුන් යොදාගත් ක්‍රම මොනවාද?
වැඩියෙන් ම කළේ විශාල මුගුරුවලින් දැඩිව පහර දීම. ඊට අමතරව, එළියකන්දේදී මගේ එක් කණක් පැලෙන්න ම පහර දුන්නා. ඒ කණෙන් ගොඩක් දවස් කුණු සැරව ගැලුවා. මාව මැද පෙළේ නායකයකු ලෙස හඳුනා ගැනීම හා මා සමග අසු වූ වෙනත් නායකයකු හමුදාව සමග සම්මුතියකට පැමිණීමත් නිසා මගෙන් දැඩි ලෙස වධ දී ප්‍රශ්න කිරීමක් වුණේ නැහැ. හැබැයි, ඔහු ජවිපෙ අභ්‍යන්තර තොරතුරු ලබා දුන්නා මිසක කිසිවකු පාවා දුන් බවක් මා දන්නේ නැහැ. ඔහු මා දිගු කලක සිට දැන සිටි අයෙක්. ඒ නිසා ඔහු මා පිළිබඳ සියලු තොරතුරු කියා තිබුණා. මා අසු වන විට (1989 මැයි) හදිසි නීතිය නො තිබුණු නිසාත්, මට හා මා සමග අසු වූ අනෙක් අයට රැඳවුම් නියෝග ලබා ගත් නිසාත්, ශිෂ්‍ය උද්ඝෝෂණ නිසා අසු වූ එක් විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයකු නිදහස් කිරීම නිසාත්, ඔහුගේ මැදිහත් වීමෙන් අප සම්බන්ධයෙන් හබයාස්කෝපුස් ගොනු කර තිබුණු නිසාත්, ඒ වකවානුවේ මාතර දිස්ත්‍රික්කයේ හමුදා බුද්ධි අංශය භාරව සිටි කැප්ටන් රත්නායක (4වන පාබල හමුදාව) දැඩි මර්දනයක් සිදු කළ අයෙකු නො වන නිසාත්, මේ වකවානුවේ එළියකන්දේ රඳවාගෙන සිටියේ සුළු පිරිසක් පමණක් නිසාත්, එහි ඒ වන විට එතරම් ම නරක තත්වයක් තිබුණේ නැහැ. එහෙත්, ඔහු ඇතුළු පිරිස මාරු වී ගිය පසු එළියකන්දේ තත්වය වෙනස් වුණා. එය හුදෙක් ම මිනිසුන් වධ දීම සඳහා හා මරණ තෙක් හෝ වෙනත් කඳවුරකට පිටත් කරන තෙක් රඳවා ගන්නා තැනක් බවට පත් වුණා.
6) එලියකන්ද වෙත ඔබව ගෙනියන්නේ කවදාද?
1989 මැයි 28 විතර.
7) එලියකන්දේ ඔබ අත් දුටු සිද්ධීන් මොනවාද?
එතන විධිමත් ප්‍රශ්න කිරීමක් සිදු වූ තැනක් නෙමෙයි. එතන කළේ මිනිසුන්ට සාමූහිකව වධ දීම, මිනිසුන් පහර දී මරා දැමීම හා මරා නො දමන අය රැඳවුම් කඳවුරකට යවන තෙක් රඳවා තබා ගැනීමයි. එහි සිරකරුවන් රඳවා ගැනීමේ කිසිදු ප්‍රමිතියක් තිබුණේ නැහැ. එකවර පැපොල රෝගීන් 70, 80 සිටියා. පාචනය වැළඳුණු රෝගීන් එළිමහනේ වැසිකිලි වල ළඟ දම්වැලක බැඳ දමා තිබුණා. රෝගීන් සංඛ්‍යාව කීයක් වුණත්, සියලු දෙනා ඒ අඩි 12ක් විතර දිග දම්වැලේ තමයි හිටියේ. සමහරු කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව පාචනයෙන් මැරුණා. කඳවුරට මාතර කොටුවේ සිට කෑම ගෙන ඒම වැනි දේට පාවිච්චි කළ කහපාට ඩබල් කැබ් වාහනයෙන් ම රෑට මේ මළ මිනී අරගෙන ගියා. පසුව කාලෙක ඒවා වැසිකිළි වල එහා පැත්තේ වලක දමා පිළිස්සුවා.
8) එලියකන්දේ සිටි නිලධාරීන් ඔබට මතකද?
මතකයි. හැබැයි, ඔවුනුත් අප වගේ ම මිනිසුන් නිසා ඔවුන්ට එරෙහි පරීක්ෂණ වැනි දේ තේරුමක් ඇති ය කියා මා හිතන්නේ නැහැ. ඔවුනුත් අප වගේ ම මේ ප්රශ්නයේ වෙනස් විධියක ගොදුරු.
9) ඔබ එලියකන්දේ සිටියදී එහි යොදාගත් වධ බන්ධනයන් මොනවාද?
දෑතේ ඇඟිලිවලින් එල්ලීම, ෂොපිං කවර කීපයක් එකතු කර එය තුළට පෙට්‍රල් දමා ඒවා හිසට දමා හුස්ම හිර වන තුරු තැබීම, පුද්ගලයකු මොහොතකට සිහි විසඥව ඇද වැටෙන පරිදි බෙල්ලේ පිටුපසට පොල්ලකින් පහර දීම, හිස වතුර ටැංකියක එබීම, සීමාන්තිකව පහර දීම, අධික වෙහෙසින් මැරෙන තුරු ශාරීරික ව්‍යායාම කරවීම, වැසිකිළි යන්නට නො දීම, දිගු කාලයක් තිස්සේ නිදහසේ කෑම කෑමට නො දී කෙටි කාලයක් තුළ ආහාර ගිල්ලවීම, කෑම කන විට පොලුවලින් පහර දීම, එකපිට එකා නංවා පෑගවීම, නිවස තුළ වැසිකිළිවල දිගු කාලීනව සඟවා තැබීම, පිඹුරකු ඇඟට හෝ සිරකරු සිටින වැසිකිළියට දමා බිය වැද්දවීම, කිසිවකු සමග කතා කිරීමට නො දීම, මාස ගණන් ඇස් බැඳ තැබීම, හැම විට ම අත පයවලට මාංචු දමා තැබීම. හෙට්ටියාවල කඳවුරේ ලුතිනන් මීඩිං අමුතු වධ බන්ධන ක්‍රමයක් භාවිතා කළා. කුරුසෙ ගහනවා ය කියා හැඳින්වූ මෙහිදී පුවක් ගස් දෙකකින් හැදූ කුරුසයක සිරකරුවන් දවස් ගණනක් එල්ලා තැබුවා. ඒ සිරකරුවන්ගේ අත් මාස ගණනක් ම අක්‍රියවයි තිබුණේ. ඔවුන්ට බත් ටික අනා කටට ගෙන යන්නට හෝ බැරි වුණා. සිරකරුවන් හැමෝම මේ හැම එක වධයකට ම ලක් වුණේ නැහැ.
10) ඔබ නිදහස් වූ ආකාරය ?
1990 යුද්ධය පටන් ගත් විට හමුදා කඳවුරු වසා දමන ලදී. එවිට මා වීරවිල රැඳවුම් කඳවුරට යවන ලද අතර පොලිසියට භාර දුන් 40ක විතර පිරිස නිදහස් කර, පැහැරගෙන ගොස් මරා දැමුවා. මා ද මුලින් පොලිසියට භාර දීමට නියමිතව තිබුණ මුත්, මගේ ඉල්ලීම මත එහි සිටි නිලධාරීන් දෙදෙනෙකු වන කිත්සිරි හා දයාරත්න මට වීරවිලට යාමට ඉඩ සලස්වා දුන් නිසා මගේ ජීවිතය බේරුණා. හැබැයි දයාරත්න තමයි අර කපපු බෙල්ලක් වැටෙන් එහාට විසි කර මට එය ගෙනැවිත් දෙන්නැයි කියූ ඝාතකයා. වීරවිල සිට පොල්ගොල්ල, සේදවත්ත පන්සල, ගොඩිගමුව පන්සල, පොල්ගස්ඕවිට භාවනා මධ්‍යස්ථානය වැනි පුනරුත්ථාපන කඳවුරුවල තබාගෙන තබාගෙන පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය හරහා 1993දී නිදහස් කරන ලදී.
11) වධ බන්ධනයන්බොහෝ මානසික පීඩා ඇති කලද ඔබට සමාජගත වීමට උපකාර වූයේ කවර දේවල් ද?
විශේෂ උපකාර වීමක් තිබුණේ නැත. ඔය පුනරුත්ථාපන වැඩසටහන්වලින් නම් කිසිදු උපකාරයක් ලැබුණේ නැත. පොල්ගොල්ලේදී සැලසුම් ශිල්පය පාඨමාලාවක් කළෙමි. එහෙත්, වීරවිලදී අපි ඊට වඩා හොඳ අධ්‍යාපනික හා සංස්කෘතික වැඩසටහන් අප විසින් ම සංවිධානය කර පවත්වන ලදී. මම බොහෝ අයට ඉංග්‍රීසි ඉගැන්වූයෙමි. සාක්ෂාරතාව පවා නැතිව කඳවුරුගතව සිටි මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවල තරුණයෝ බොහෝ දෙනෙක් ලියන්නට කියවන්නට ඉගෙන ගත්තේ අප විසින් දියත් කළ ඒ වැඩසටහන්වලදීයි. වීරවිලදී මම ගෙලට අසිපත තබා ඇත දැන් නමින් දිග නාට්‍යයකුත්, කෙටි නාට්‍ය බොහෝ ගණනකුත් නිෂ්පාදනය කළා. සමනල සඳෙස නම් දිග කාව්‍යය ලිව්වා. එය ඇතුළේ හුවමාරු කරගෙන කියෙව්වා. මුද්‍රණය කළේ නැහැ. ඊට අමතරව අළු යට ගිනි නමින් ලියූ නවකතාවක් කඳවුරේ සිටියදී ම 1992දී පමණ දිවයින නවකතා තරගයට යැව්වා. එය අවසන් අත්පිටපත් දහය අතරට තේරී තිබුණත් පළමු, දෙවන, තුන්වන තැන් හිමි වුණේ නැහැ. එයත් පළ කළේ නැහැ. මම මුල් ම පරිවර්තනය ලෙස ජූල්ස් වර්න්ගේ ලොව වටා අසූ දිනකින් පොතේ තරමක් සරළ කළ පොතක් පරිවර්තනය කළේත් වීරවිලදීයි. මාස කීපයක් වෙහෙස වී මම කලා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගය කර සමත් වුණා. මම ඉගෙන ගත්තේ මම කැමති විෂයන් වූ සිංහල, ඉංග්‍රීසි සාහිත්‍යය, දේශපාලන විද්‍යාව හා නාට්‍ය හා රංග කලාවයි. විභාගයට දින 10කට විතර පෙර මා පැලවත්ත කඳවුරට ගෙන ගියා. එහිදී මා මුහුණ දුන් ප්‍රශ්න නිසා මා පාඩම් කිරීම අතහැර දැම්මා. කලා විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාලයට බඳවා ගත් ලකුණු මට්ටමට වඩා ලකුණු තුනයි මට අඩු වුණේ. ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙමින් තනිව ම සෙමින් සමාජගත වුණා. නිදහස් වී ටික කලකින් තරග විභාගයක් සමත් වී ඉංග්‍රීසි ගුරු වෘත්තියට ඇතුළත් වීමත්, පදවිය ප්‍රදේශයේ රැකියාව කිරීම සමග අලුත් සමාජයක ඇසුරට පත් වීමත්, අලුත් මිතුරන් ඇති වීමත්, ජවිපෙ දේශපාලනයෙන් මුළුමනින් ම ඈත් වීමත් නිසා සමාජගත වීම පහසු වුණා.
12 වින්දිතයන් බොහෝ දෙනෙකු විශාදය පශ්චාත් ව්‍යසන ක්ලමථය (PTSD) වැනි තත්වයන් වලට පත් වූවද ඔබ සාමාජීය වශයෙන් ක්‍රියාශීලී වීම සඳහා ඔබට ශක්තිය ලැබුනේ කෙසේද?
පදවියේදී හමු වූ මිතුරන් සමග ආරම්භ කරන ලද අලුත් ජීවිතය හා පාසල් ළමයින් සමග ගත කළ ක්‍රියාකාරී ජීවිතය එහිදී ප්‍රධාන වුණා. පෙම්වතියන් ඇසුරත්, ඔවුන්ගේ ආදරය ලැබීමත් ප්‍රබල හේතු ලෙස සැලකිය හැකියි. ආදරය කළ හැමෝ එක්ක ම ගොඩක් දුර යන්නට බැරි වුණා. මට විවාහ වෙන්නට උවමනා කර තිබුණා. ඒ නිසා මම හෙව්වේ විවාහ වෙන්නට සුදුසු ආදරවන්තියක්. අවසානයේදී මට හොඳ බිරිඳක් ලැබුණා. අද ඉන්න මම ඇයට ගොඩක් ණයයි.
12) එලියකන්ද ගැන අද දිනයේ ඔබ සිතන්නේ කුමක් ද?
එය ජීවිතයේ කිසි කලෙක අමතක කළ නො හැකි නපුරු සිහිනයක් වැනි සමයකි. එහෙත්, එය ජීවිතය ගැන ගැඹුරු අත්දැකීමක් ලැබීමට අවස්ථාව ලබා දුන්නා. තිරිසන්කමට කිට්ටු ප්‍රාථමික තත්වයන්හිදී මිනිසුන්ගේ හැසිරීම් සාමාන්‍ය ශිෂ්ට සමාජයේ හැසිරීම්වලින් හාත්පසින් ම වෙනස්. එහෙත්, අවසානයේදී වධකයෝ ද ලෙයින් මසින් සැදි මිනිස්සු ය. එළියකන්දේ වධකයන් එක් අයෙක් හෝ දෙදෙනෙක් පසු කලෙක එහි සිට නිදහස් වූ ජවිපෙ සිරකරුවන්ගේ සොයුරියන් විවාහ කර ගත්තා. මේ ඇතැම් පවුල් ප්‍රදේශයේ ජවිපෙ ඉදිරි පෙළ ක්රියාකාරිකයන්ට සම්බන්ධ ඒවායි. එම ඉදිරි පෙළ ක්රියාකාරිකයන් මරා දමන ලදී. එහෙත්, ඒ පවුල්වල ගැහැනු පසු කලෙක එවැනි ඝාතකයන් විවාහ කර ගත්තා. ඉන් පසු ඔවුන් කුමන ආකාරයේ ජීවිත ගත කළා ද යන්න මම දන්නේ නැහැ.
13) අනාගත පරම්පරාවට ඔබ දෙන පණිවිඩය කුමක් ද?
නො ගැඹුරු වාමාංශික දේශපාලනය, ජාතිවාදය, ආගම්වාදය වනාහි එකම වර්ගයේ පිටුදැකිය යුතු සමාජ පිළලයන් ය. බලය වෙනුවෙන් කෙටි මං සොයන අය තමන්ගේ අරමුණු වෙනුවෙන් ගිනි ඇවිළීමට පාවිච්චි කරන පිදුරු වන්නේ තරුණයන් ය. ලංකාවේ තරුණ පරම්පරා තුනක් මේ ව්‍යාජ විප්ලවවාදී හා ජාතිවාදී කැරැලි නිසා මහා පරිමාණයෙන් ජීවිත අහිමි කර ගත්තා. ඒ තරුණයන් ජීවත් වුණා නම් හා ඔවුන්ගේ හැකියාවන් වඩා ඵලදායී දේ වෙනුවෙන් යොදා ගත්තා නම් අපට මීට වඩා සොඳුරු ලෝකයක ජීවත් වන්නට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා තරුණයන් මේ අන්තවාදී ව්‍යාපාරවලින් මුදා ගැනීමට කටයුතු කිරීම බරපතල සමාජ වගකීමක්. ඒ වගේ ම තරුණයන්ට දේශපාලනයේ, තීරණ ගැනීමේ ක්‍රියාවලියේ නිමග්න වෙන්නට සාධාරණ අවස්ථා ලබා දීමට අප ක්‍රියා කළ යුතුයි. තරුණයන්ට තමන්ගේ ජවය තමන්ගේත්, සමාජයේත් යහපත වෙනුවෙන් උපරිමයෙන් පාවිච්චි කරන්නටත්, සතුටින් ජීවත් වන්නටත් අවස්ථාව ලබා දිය යුතුයි. ඔවුන්ට පිළිගැනීම අවශ්‍යයි.
සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග
මොනවද මේ සබන් වර්ගය?? දන්නා කෙනෙක් කියන්න.
ලංකාවේ මහා පරිමාණයෙන් සබන් අලවිකරණ බහුජාතික සමාගම් තියෙන්නේ එකයි අපි මහාලොකු සබන් විශේෂයක් කියල නෙලුම් මල් සුවද කියල ගාන්නේ අන්න ඒ ජාතිය .ලෝකේ පුරා නිලියෝ ad වල ඉන්නේ අන්න ඒ ජාතිය හැබැයි මතක තබාගනිල්ලා ඔය සමාගම් වල ad කරන්නේ මහා සමාගම් උන් සල්ලි විසිකරලා ටීවී චැනල් වල මේ මුන්ගේ තක්කඩි කම් ගැන විස්තර පලවෙන එක නවත්වනවා .ෆොන්ටෙරා ඇන්කර් වලට පොල්කටු තෙල් දාන කාලෙත් ඔය දේම සිදුවුනා .ටීවී චැනල් වලට ඒ නිව්ස් එක දැම්මොත් ad ලබා දෙන්නේ නෑ කියල ෆොන්ටෙරා එකේ වෙළඳ ප්‍රචාර සමාගම ටීවී චැනල් වලට තර්ජනයක් දාල ඒ නිව්ස් යට ගැහුවා .එනිසා අපි මේ නිව්ස් එක අපේ මිත්‍රයන්ට කටින් කට යවමු ෆේස් බූක් එකේ යවමු .අපේ දේශීය සබන් ඕනා තරම් තියෙද්දී මුන්ගේ විෂ ඇගෙ ගාන්න එපා හැමෝම දැනුවත් වෙන්න මේ කියන්නේ ලංකාවේ නමේ මුල අකුරම තියෙන සබන් ජාතියක් ගැන
අපිට හොරෙන් අපි විකිනෙන අමුතු රටක් මේක…
This must be true. Recently there was a class action against Johnson & Johnson baby powder causing skin cancer, I guess these ppl are talking about Unilever
ඔය සමාගම මුළු ලෝකෙටම විකුනන්නේ වස .අපේ මෝඩයෝ ඔය සමාගමේ මහා විශාල වෙළඳ ප්‍රචාර යාන්ත්රණයට අහුවෙලා වස විස කනවා පාවිච්චි කරනවා මුන් නළුවෝ නිලියෝ ,හොර දොස්තරලා දමලා ad හදනවා අපේ මෝඩයෝ ඒවාට අහුවෙනවා .ලක්ස් කියන්නේ තනිකරම විස .
මේවාට මේ සමාගමේ එවුන්ට වගේම කිසිම මනුස්සකමක් නැතිව සල්ලි වලට වෙළඳ දැන්වීම් හදන කොම්පැනි කාරයන්ටත් හෙන ගහන්න ඕනා .යුනිලීවර් සමාගමට නඩු කියක් තියෙනවද .මුන් ඔය සිගරට් කොම්පැනි තරම්ම බයානකයි .
ඒවගේම මතකනේ ගල්යිපොස්පෙට් හොඳයි කියන්න පහුගියකාලේ අපේ රටේ ආචාර්යලා මහා චාරයලා කොම්පනිවලින් ජරාව කාලා කොම්පැනි වලට තමුන්ගේ උගත්මක වේසකමේ යොදවපු හැටි ?දැන් මුන්ගේ වෙළද ප්රචාරක කොම්පැනි වහාම වැඩේට බැහැලා ඔය මුදලට විකිනෙන මහාචාරියලා කිහිපදෙනෙක් අල්ලාගෙන කියාවි මේ සබන් විස නෑ කේක් වෙනුවට කන්නත් පුළුවන් කියල .
දත් බෙහෙත් ගන්නකොටත් පරිස්සමින් දත් බෙහෙත් ටියුබ් එකේ තියනවා වර්ණ සංකේතයක් (ටියුබ් එකේ මිසක් පෙට්ටියේ නෙවෙයි ) එක තියෙන්නේ ටියුබ් එකේ පිටුපස්සේ හතරැස් කෙරවලේ .තනිකරම ස්වාභාවික දේවලින් හදපු ඒවා ගේ සංකේත වර්ණය කොලපාට .කළු පාට ,රතුපාට කියන්නේ තනි රසායනික ජරාව .ඔය බහුජාතික ප්‍රචාරය කරන දත් බෙහෙත් ඔක්කොගේම වර්ණ එක්කෝ රතු එහෙමත් නැතිනම් කළු කොලපාට තියෙන්නේ අපේ සුදන්ත දත් බෙහෙත්වල විතරයි .නමුත් ඉතින් අපේ මෝඩයෝ වෙළඳ ප්‍රචාර වලට අහුවෙලා ගන්නෙම පාරේ සිග්නල්
මොකද්ද ඔය සබන් වර්ගෙ නම. කෙලින්ම කියන්නකො.
Trump නමින් මේ කොමෙන්ටුව දමන්නේ රටේ සාමාන්‍ය කෙනෙකු නොවේ
සමාගමක් සුද්ද කිරීමට සාමාන්‍ය මිනිසෙකුට අවශ්‍ය නැති බැවිනි
මේ කොමෙන්ටුව දමා තිබෙන්නේ ඔය බහුජාතික සමාගම වෙනුවෙන් ඔවුන්ගේ වෙළඳ ප්‍රාචාර ආයතනය විසින්ය .අද රුපවාහිනියේ පමණක් නොව අන්තර්ජාලයේ කොමන්ට් දැමීම සදහාද ad ඒජන්සිවල එවුන් දමා ඇතිබව මතකතබාගන්න ඔවුන්ගේ කාර්ය මෙවැනි දැනුවත් කිරීම් බොරු දේවල් බව ජනතාවට ඒත්තු ගැන්වීමයි .
මේ ලියන මා වෙළඳ ප්රචාරක සමාගමක සේවය කර ඔවුන්ගේ නින්දිත සමාජ විරෝදී වැඩ නිසා සේවයෙන් ඉවත්වූ කෙනෙකි
api kiyanawa Thorathuru denaganeeme panatha yatathe, adaala saban wargaya mahajanathawata helikaranna kiyala. Paribogika aitheen surakeeme jathika wyaparaya sathuwa adaala daththa sahitha nam meya ikmanin janathawata denuwath kalayuthui.
අපිට නොදැනි අපි විකිණෙන අමුතු රටක් මේක