Archive for the 'රංජිත් විජේවර්දන' Category

18
ජූලි
17

හඳගමගේ ගොංපාට් හා මුදල් සොරකම් කිරීමේ විද්‍යාව (මරුවා ස්පෙශල්…)

රටක රජු ලෙඩවූ විට මුදල් මිය යන බව කියවේ. නැත හොත් ක්ෂය වී යන බව කියයි. ලෝකයේ ඕනෑම රටක සැබෑ සංඛ්‍යාලේඛන විමසීමේදී අවශ්‍ය තරමටත් වඩා මේ සදහා පැහැදිලි කිරීම් ලබාගත හැක.

රටක මුදල් යනු ජාතික දෙයක් නොවේ. මුදල් සැබැවින්ම ජාත්‍යන්තර දෙයකි. වර්තමානයේ  මුදල් යනු එක් ජාතියකට, රටකට, ප්‍රදේශයකට අයත් යමක් නොවේ. එනිසා මුදල් පාලනයවන ක්‍ර‍මවේදයක් තිබේ. ඒ සඳහා රටක ප්‍ර‍ධාන පක්ෂ, රාජ්‍ය පරිපාලනය හෝ  ආයතන, අන්තර්ජාතික ආයතන සමග එක්වී මුදල් නිර්මාණය කරනු ලබයි.

මුදල් වලට අදාල පාලන ක්‍ර‍මවේදය මුළුමනින්ම පැහැදිළි කරගැනීමට උපදේශන දැනුම් පද්ධතියක් හෝ විමර්ශන ක්‍ර‍මයක් ලෝකයේ කොහේවත් නැත. වරෙක බීබීසී ආර්ථික විශ්ලේෂකයෙකුවන රොබට් පැට්සන් එංගලන්ත බැංකුවේ (Bank of England) ප්‍ර‍ධානියාගෙන් ‘ඔබගේ බැංකුව මෙම මුදල් මැවීම කරන්නෙ කොහොමද කියලා මට උපදේශන ක්‍ර‍මවේදයක් දෙන්න පුළුවන්ද? ‘කියලා ඇහුවා. ඔහු කීවා එහෙම එකක් ලෝකයේ කොහේවත් නැහැ කියලා. ඒක නිසා විදේශීය මූල්‍ය උපදේශකයෝ රනිල්ට ඕන තරං ඇනගන්න පුළුවන්වෙන විදිහේ තියරි ගොඩක් දෙන්න පුළුවන්කම තියෙනවා.  නමුත් රනිල්ගේ අන්ධ බටහිරගැති භාවය විසින් රටට වන හානිය ඉතා අධිකය.

අපි මේ කියන්න යන්නේ පැරණි සූත්‍ර‍ගත ක්‍රමය තුළ සම්භාව්‍ය ආර්ථික විශ්ලේෂණයේ දී විශ්වවිද්‍යාල, රජයේ ආයතන, බැංකු හා මහ බැංකුවේ ආර්ථික විද්වතුන් කියන සම්ප්‍රදායික මුදල් මැවීම ගැන නොවේ. එම සම්භාව්‍ය ආර්ථික ක්‍ර‍මවේදී දැනුම හා ශ්‍රාස්ත්‍ර‍ය තවදුරටත් වර්ථමාන මුදල් මැවීමේ ක්‍ර‍ම පැහැදිලි කර දෙන්නේ නැත. නැත්නම් එම විශ්ලේෂණ දැනුම හා ශ්‍රාස්ත්‍ර‍ය නොන්ඩි ගසනසුළු අංශභාග කාරයෙකි.

නව මුදල් මැවීමේ ක්‍ර‍ම ලෝකය පුරාම ජාතිකව සිදු වෙනවා. අද පවතින අළුත් මුදල් මැවීමේ ක්‍ර‍ම රටකට ඉතා භයානකයි. එය ඉතා කෙටියෙන් කියන්නේ නම් ˝get something from nothing˝ලෙස හැඳින්විය හැකියි. මේ නිසා රටක ජනතාව හිඟමනට ඇද දමනු ඇත.

උදාහරණයකට ගමු, බ්‍රිතාන්‍යයේ මුළු මුදල් සැපයුමෙන් 97% ක් පමණ සපයන්නේ වාණිජ බැංකු වලිනි.  නෝට්ටු හා කාසි සැපයුම 3% ක් පමණි.

2010 බ්‍රිතාන්‍ය මුදල් සැපයුම

මුළු මුදල් සැපයුම

100%

53.5 ට්‍රිලියන

වාණිජ බැංකු මුදල් 100%

97.4%

2.15 ට්‍රිලියන

කාසි හා නෝට්ටු

2.6%

2.1 බිලියන

(ගෑනුන්ට ඇඳුම් මහන්න ඉගෙන ගත්ත මංගල මුදල් ඇමතියා වරෙක මහින්ද රාජපක්ෂ මැතිතුමා  ට්‍රිලියන 17 හොරකම් කරා කිව්ව ගොං බොරුව සිහියට නගා ගන්න. ඔහු ගෑනුන්ට ඇඳුම් මහන්න මිස රටක මුදල් පාලනය දන්නේ නැත. නූගත් ජනපතියෙකු හා හොරකම් කිරීමට ම දේශපාලනයට ආ රනිල්, රවී නම් දෙමළ හොරා සහ මංගල නම් ටේලර් වරයා මුදල් ඇමති ලෙස පත්කිරීම රට වසර 20කට ආපස්සට ගමන් කිරීමකි.)

ඕනෑම රටක මහ බැංකුව මඟින් රටට අවශ්‍යවන මුදල් හා නෝට්ටු මුද්‍ර‍ණය කරනු ලබයි. මෙය 10% සිට 2.3% දක්වා ප්‍ර‍මාණයකි. රජය මෙම මුදල් වැඩිපුර මුද්‍ර‍ණය කර පිට කළහොත් උද්ධමනය වැඩි වේ. මහ බැංකුව මෙම නෝට්ටු හා කාසි නිකුත් කරනු ලබන්නේ මුහුණත වටිනාකමටයි.

රු 100 ක වටිනාකම රු 100 කි. මේවා වාණිජ බැංකු මගින් මිල දී ගනු ලැබේ. මෙම මුදල් වලට පොලී අය නොකරයි. එම නිසා බැංකුවලට මේ මුදල් මගින් ලාභයක් ලැබේ. ඔවුන් මේ මුදල් ජනතාවට දෙනකොට විශාල පොලියක් අයකරති. මහ බැංකුවට මෙම නෝට්ටු හා කාසි සඳහා රු 100ක මුද්‍ර‍ණ වියදම ශත 60 කි. වෙනස රු 99.40 කි.

මේ රු 99.40 ක මුදල රජයට අයත්වන අතර මෙමගින් රජයේ වියදම් පියවනු ලැබේ. මේලෙස සිදුකරන මහ බැංකු මුදල් සැපයුමට කියන්නේ Seigniorage කියල.

(ජර්මන් වචනයකි profit made by a government by issuing currency, especially the difference between the face value of coins and their production costs. 2  thing claimed by a sovereign or feudal superior as a prerogative.)

හොරු රැළක් පාලනය කරන ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව, කොමර්ෂල් බැංකුව, HSBCවැනි වාණිජ බැංකු විශාල බූවල්ලෙන් වැනිය. මේ බැංකු සාමාන්‍ය ආයෝජකයෙක් ලෙස ක්‍රියාකරයි. ඉතා කුඩා ව්‍යවසායවල සිට රටවල්වල මහා පරිමාණ ව්‍යවසාය දක්වා ඔහුගේ බලයට නතු කර ගනියි. ලංකාව වැනි දුප්පත් රටවල්වලට පොළියට ණය දෙන්නේ මෙවැනි බැංකු මගිනි. එසේම රටක් ණය වීමේ අනුපාතය රජයේ ණය ගෙවීමේ අනුපාත හා විදේශ ණය ගැනීමේ ප්‍ර‍මාණ හෝ ජාත්‍යන්තර විනිමය අනුපාත තීරණය කරන්නේ මෙම වාණිජ බැංකු මඟිනි. (මේ බැංකු සමග ගනුදෙනු කිරීමෙන් වලකින්න)

බැංකුවලට අවශ්‍ය නම් රටක් විශාල ලෙස ණය කර එය දේශපාලන ගැටලුවක් බවට පත් කිරීමට හැකියාව පවතී.

මහින්ද ලෝකයට ණය වූ බවට බොරු හදා ප්‍රකාශ කලේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ කලමනාකාරීවරයෙකි. මේ තුප්පහි බැංකු රටින් එලවිය යුතුය.

කෝටි 200 ක් මුදල් මුද්‍ර‍නය කල විට වියදම රු –  මි 1.2 ක් විතර තමයි වියදම් වෙන්නේ.
ලංකාවේ 2014 මුදල් සැපයුම කාර්තු අනුව ඉහත රූපයේ දක්වා ඇත.

සෑම රටකම මුදල් මුද්‍ර‍ණය කිරීම අඩුකර ඇති නමුත් මුදල් සැපයුම වැඩිකර ඇත.

එනම් – භෞතික මුදල් 3% යි (M1)

භෞතික නොවන මුදල් 14% යි (M2)

මෙම භෞතික නොවන මුදල් වලට එනම් (M2) වලට චෙක්පත් සහ ඉතිරි කිරීමේ ගිණුම්, ට්‍රැවලර්ස් චෙක්, බැරකම් සහතික, මුදල් ගැනීමේ කුවිතාන්සි ලෙස වර්ග බොහෝ ගණනාවක් පවතී.

ඒවා සාමාන්‍ය ජනයාගෙන් වසන් කිරීම සඳහා නොඑක් ආකාරයේ නම් භාවිතා කරනු ඇත. මේවා බැංකු නිලධාරින්ගේ ඇඩ්වටයිසින් වචන වේ. බොරුවලට මුළානොවී එම වචන බැහැර කර ඔවුන් කරන දේ බලන්න.

මුදලේ ඉතිහාස කතාවේ ආරම්භය 1844 වසරේ, දැනට වසර 173කට පමණ පෙර රටවල්වල මුදල් සැපයුම කළේ පුද්ගලයින්‍ හෝ කොම්පැනි වලිනි. ඉතිහාස කතාව අනුව මුදල් තැන්පතු බාරගන්නා ආරක්‍ෂකයෙකුට රත්තරං හෝ මුදල් දුන්නාම ඒ වෙනුවෙන් ලිඛිත කුවිතාන්සියක් නිකුත් කරනවා. පසුව මේ තැන්පත්කල මුදලින් 10%කට වඩා අඩු ප්‍ර‍මාණයක් තමයි මිනිසුන් ආපසු ඉල්ලා සිටියේ. එම නිසා මෙම මුදල් ආරක්‍ෂකයින්,  තැන්පත්කල මුදල් ණය අවශ්‍ය අයට දිය හැකි බවත් පොලියක් අය කර ගත හැකිබවත් දැනගන්තා. මේ එක් යුගයක පුංචි ඉතිහාස කතාවක් පමණි.

අද වනවිට මේ කතාව අමූලික බොරුවකි. හේතුව මෙම මුදල් ආරක්‍ෂක ක්‍ර‍මය බොහෝ දෙනෙකු, රක්ෂන කොම්පැනි, මූල්‍ය ආයතන හා බැංකු ගොඩ දෙනෙක් එක්වී කරනවිට මුදල් සැපයුම වැඩි වී උද්ධමන ඇති වී එමගින් ආර්ථිකය අස්ථාවර වන්නේය. ලෝකයේ මේ සඳහා බොහෝ උදාහරණ ඇත. එනිසා 1845 න් පසුව බ්‍රිතාන්‍ය රජය නීතියක් ගේනවා මුදල් සැපයුම පුද්ගලික බැංකු වලින් නවත්වා රජයට පවරා ගැනීමට. මේ ක්‍ර‍මය ලංකාව වැනි යටත් විජිත රටවලට කෙළින්ම ආදේශ වුණා. එනිසා ලංකාව මුල්‍ය පරිපාලනයේ ක්‍රමික පිළිවෙල අහිමි වූ රටකි. මහ බැංකුව නමින් නම් කළේ බ්‍රිතාන්‍ය යුගයේ ඒ මුදල් සැපයුම කල ආයතනයයි.

බ්‍රිතාන්‍ය අපට දුන්න මේ පැරණි වෙස්ට් මිනිස්ටර් ක්‍ර‍මය අවසන් වුණා. (පින්තූරය බලන්න) මේ කාලයේ රන් සංචිත මහ බැංකුවේ තබා ගත්තා. දැන් මෙම රන් සංචිත මත මුදල් නිකුත් කිරීමේ යුගය අවසන් වුණා. (මෙහි ‘කාල රේඛාව’ බලන්න.)

 

මෙම යුගවලින් පසු 1872 ඇමරිකාව සමඟ මිත්‍ර රටවල් ඇමරිකන් ඩොලර් වලට අනුව මුදල් සැපයුම කළා. බ්‍රිතාන්‍ය සමඟ සිටි රටවල් පවුම අනුව මුදල් සැපයුම කළා.

නමුත් ලෝකයේ රන් සංචිත නිෂ්පාදනය වැඩිවීම නිසා තමන්ට හිමි රත්රන් ලෝහ ප්‍රමානය මත මුදල් සැපයුම සිදුකිරීම මගින් රටවල් කීපයකට වාසි සහගත වුවත් ලොව පුරා අනෙක් රටවල උද්ධමනය වැඩි වුණා.

ඉන් පසුව ඇමරිකන් ඩොලර්, පවුම් සහ ප්‍රංශ ෆෑන්ක් වලට අනුව මුදල් සැපයුම කළා.

එසේම බ්‍රිතාන්‍ය නැමැති පැරනි වලව් හාමුලා සිටිය රටේ අගමැතිවරයෙකු වූ රූස්වෙල්ට්ගේ යුගයේදී රන් සංචිත ක්‍ර‍මය හා පවුම් ක්‍ර‍මය නැති කළා. රන් පවුමක වටිනාකම අනුව රටක ආදායම ගණනය කිරීම දෙවන ලෝක යුද්ධයෙන් පසුව අර්බුදයකට ගියා. මේ පිළිබඳ තවත් විස්තර සොයා බලන්න මුදලේ ඉතිහාස කතාව අන්තර්ජාලයෙන් බලන්න.

1973 න් පසුව, එක් එක් යුගවලදී ලෝකයේ ආර්ථික අතින් ඉදිරියෙන් සිටි රටවල් අනුව අනෙක් රටවල් තම මුදල් පාවෙන ගණිතමය ක්‍ර‍මයකට සකස් කර ගත්තා. පාවෙන විනිමය සංචිත ක්‍ර‍මය යනු එයයි.

දැන් අතීත කථාවෙන් නූතන මුදල් සැපයුමට ගියොත් අපට ලැබෙන්නේ ඉලෙක්ට්‍රොනික් මුදල්ය. මේවා ප්‍රයිවට් ලිමිටඩ් කොම්පැනිවල මුදල්. ඉස්සර වගේ බැංකුවට මුදල් දැමීම වගේ තැන්පතු දානවා වගේ නොවේ. ඒ මුදල් පසු කාලයේ ඔබට නැවත දෙන්න බැංකුවේ සේප්පුවේ තබා ගන්නේ නැත. අවශ්‍ය අයට නිදහසේ භාවිතා කරන්න පුලුවන්. ප්‍රයිවට් ලිමිටඩ් මනි.

සාමාන්‍යෙයන් බැංකුවකට මුදල් දැම්මම Demand Deposit එකක් ලෙස බැංකුවේ ඉතිරි වෙනවා. එම මුදල් ඔබේ නම සමග සටහන් වන අතර බැංකුවේ වත්කමක් බවට පත් වෙනවා. නිකං කොම්පැනියක ශෙයාස් ගත්තා වගේ. ඒවා Demand Deposit ලෙස බැංකුවේ වත්කම් ලැයිස්තුවේ සටහන් කර ගන්නවා.

මේ මුදල් 1) ණයට දෙනවා  2) අය භාරයක් Credit ලෙස සටහන් වෙනවා. එනම් මේ මුදල් ඉලක්කමකට යනවා. Accounts entry එකක්. ඒක නිකම්ම නිකං ඉලක්කම් විතරයි. ඒවා මුදල් හෝ කාසි නොවේ. ඉලක්කම් සටහන්.

ඇත්ත තත්වය තමයි මේ ඉලක්කම් සහිත ගිණුම් සල්ලි නොවන බව. එවා පරිගණක වැඩසටහනක සටහන් වූ පරිගණක දත්ත පමණයි. ඒවා මුදල් නොවේ. නැතහොත් කිසිදු යමක් මත පදනම් වු මුදල් නොවේ. නිකම්ම නිකං පරිගණක දත්ත. දස දහස් ගනනක් පුද්ගලික නම් ඉදිරියෙන් සටහන් කරන ඉලක්කම්. ඒවා ප්ලාස්ටික් කාඩ් මගින් මිනිසුන්ගේ පරිහරණයට දෙන දත්ත සමුහයක්. E- Cash, Mobil Cash, ATMcard, American express හෝ මේ ඕනෑම ප්ලාස්ටික් කාඩ් එකක් නිකම්ම නිකම් ගිණුම් සහිත මුල්‍ය දත්ත සමුහයක් පරිගණක ගතකර ලබාදෙන කාඩ් වර්ගයකි. මේවාට ඇත්තේ විශාල පරිමාණයේ දත්ත ගබඩාව‍ක් පමණි. මේ අංක සහිත ප්ලාස්ටික් කාඩ් මුදල් ගෙවීම් සදහා භාවිතා කරනවා.

මේ ක්‍ර‍මයට ගෙවිම් කරන එක තුළින් තමයි අද අපගේ අර්ථිකය ක්‍රියාත්මක වන්නේ.

අපි දේශිය හෝ විදේශිය කාඩ් නැතහොත් ඉලෙක්ට්‍රොනික් කාඩ් භාවිතා කරන විට අපි හිතනවා රජයට හෝ මහ බැංකුවට මේ මුදල්ගැන පරිපාලනයක් තිබෙනවා කියලා. නමුත් ඒ පරිපාලනයක් තිබෙනවා කියලා හිතන කතාව ඇත්ත නොවේ. නැතහොත් ඇත්තෙන් භාගයකි. ඇත්ත කතාව නම් මේ මුදල් සැපයුමගැන රජයට හෝ කිසිවෙකුට පරිපාලනයක් නැත. කොම්පැනියේ මුදලාලිගේ කෑදර කම තමයි මේ මුදල් සැපයුම ගැන වගකීම තියන්නේ.

හේතුව ලංකාවේ පමණක් නොවේ ලෝකයේ ඕනෑම රටක මුදල් සැපයුමේ විශාල ප්‍ර‍මාණයකට හිමිකම තිබෙන්නේ වාණිජබැංකු වලට වීම. එසේම එම මුදල්වලින් ණය ලබා දෙන්නේ කාටද කියල තීරණය කරන්නත් හිමිකම ඇත්තේද මෙම වාණිජ බැංකුවලටයි. එම නිසා පරිගණක දත්ත ගබඩාවකින් මුදල් ඉපයීම ගැන රජයට බලපෑම් කල නොහැකි වී ඇත.

බැංකුවලට කවුරුහරි ගිහින් මුදල් දැම්මම බැංකුකරුට නීතියෙන් අයිතියක් තියෙනවා ඒ මුදල මෙන් 90% ක මුදල් ප්‍ර‍මානයක් නිකුත් කරන්න. එනිසා වැඩි වැඩියෙන් වාණිජ බැංකුවලට මුදල් දැම්මම වැඩි වැඩියෙන් මුදල් නිකුත් කරන්න බැංකුකරුට පුළුවන්.

වරෙක ඇමෙරිකාවේ ඇනොනිමස් කෙනෙකු ප්‍ර‍ශ්නයක් නැගුවා. හොරෙකුට සල්ලි අච්චු ගහන්න අවසර නැත්නම් බැංකුවකට සල්ලි මවන්න අවසර ලැබෙන්නේ කොහොමද කියලා. එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ බැංකුකරුවන් රටක ආර්ථිකය අසීරුකරමින් සිටින බවයි. නැතිනම් බැංකු යනු නීතිය මගින් ආවරණය ලැබූ සල්ලි අච්චු ගහන හොරෙකු බවයි.

සරලව කියන්නේ නම් වරින්වර අධික ලෙස බඩු මිල ඉහල දමන්නේ කවුද කියල බලන්න. ඒ බැංකු කාරයින්ය. සුදුයි, ටයි එකකුත් දාල, හරිම හොඳ මහත්තය, පල්ලි පංසල් ඇතුලෙමයි, හරිම මිත්‍රශීලියි සුහද හදකුත් තියෙනවා. බඩු මිල ඉහල දැම්මේ මෙයාද කියල කියන්න බෑ. එයා දන්නෙත් නෑ වගේ තමයි පේන්නෙ, උසාවි ගියත් ඇප ලැබෙනවා. නමුත් බැංකු කාරයෝ තමයි බඩු මිල ඉහල දමන්නේ. මේ වැඩේ පාර්ලිමේන්තුව දන්නව ද ? නෑ රනිල් දන්නෑ, ග්‍රාමසේවක කොහොමවත් දන්නෑ. ගෑනුන්ට ඇඳුම් මහන මිනිහායි, රවී නම් දෙමළ හොරාත් දන්නෙත් නෑ.

අනෙක් අතට ඔවුන්ට 10%ක හිමිකම මත එමෙන් 9 ගුණයක මුදල් මැවීමේ නීත්‍යානුකූල අයිතියට අමතරව ඔවුන් තවත් දෙයක්කරනවා. එනම් බැංකුවක් ණය දෙන කොට අමතර මුදල් මවනවා. මිලියන 100ක් ඉල්ලුවම ඔවුන් මිලියන100 ක ගිණුමක් හදලා එම මුදල් දෙනවා. එම මුදල් නැවත ලැබුණම ගිණුම වහනවා. පොලිය විතරක් ලාභය ලෙස තබා ගන්නවා. ටයි කෝට් දාගත්ත ලස්සන හොරකම් යනු මේවාය. මේ ප්‍රිපෙචුවල් ට්‍රෙශරීස්ලා හොරකම් කරන ආකාරයයි.

බැංකු ගැන සාමාන්‍ය ජනතාවට සහ විද්වතුන්ට පවා වැරදි තේරුම් ගැනීම් බොහොමයක් තිබෙනවා. වරෙක එංගලන්තයේ කොබ්ඩෙන් සෙන්ටර් ආයතනයෙන් පරීක්‍ෂණයක් කළා .එහිදී හෙළිවුනා මිනිස්සු 30%ක් සිතන්නේ බැංකුවට සල්ලි දැම්මම ඒ සල්ලි සෙප්පුවේ තිබෙනවා ඇති කියලයි. මිනිස්සු 60% හිතනවා සල්ලි දැම්මම වෙන අයෙකුට ඒ මුදල් ණයට ගන්න පුළුවන් කියලා. එසේම විශ්‍රාමික අය හිතනවා තම ජීවිත කාලෙම ඉතුරු කරන මුදල් බැංකුවේ දැම්මම තරුණ අයට ඒ මුදල් භාවිත කරන්න පුළුවන් කියලා.

ඇත්තටම බැංකු එහෙම කරන්නේ නැහැ. ඒවා ණයට දෙන්නේ නැහැ. ඒවා Accounting Tricks සල්ලි දැම්මම ඒවා බැංකුවේ Liability (වගකීම), (බැර)  වෙනවා. (ඔවුන් බිල්ඩින් හදනවා වාහන ගන්නවා බොහෝ දේ සඳහා වියදම් කරනවා.) ඔවුන් මේ වචනය මත සිට මුදල් මවනවා. මෙසේ මවන මුදල්වලට කියන්නේ Account Money කියලා. හර ලැබීම් මත දෙන ණය මුදල්. මේ සියල්ලම ගිණුම්කරණයේ උප්පරවැට්ටි. බැංකු විසින් වෙන බැංකුවලින් හා පුද්ගලයින්ගෙන් නයට ගන්නවා. ඇයි ? ඒ අය ලඟ මුදල් නැහැ. ඒවා වියදම් කරලා ඉවරයි.

මේ මගින් වසර ගණනාවක සිට ජනතාවගේ ඇසට වැලි ගසමින් සිටීම මහා පරිමාණ මට්ටමින් සිදු වෙනවා. බැංකු සාමූහිකව මෙම පුරුද්ද කරගෙන යනවා. මේ කරුණ ගැන හෙළිකිරීම කුමන්ත්‍ර‍න න්‍යාය නොවේ. මේ තමයි වසා තිබෙන සත්‍ය. බැංකුකාරයෙක්ගෙන් මේ ගැන ඇහුවාම (Crackpot Theory) පිස්සුවෙන් වගේ  පිස්සුවෙන් වගේ ඔල්මාදකාර න්‍යායකින්  ඔබට උත්තර දෙනවා. හේතුව ඔවුන්ට මේ ගැන දැනුමක් නැහැ. තිබෙන්නේ මනස්ගාත කීපයක් පමණි. සාමාන්‍ය ක්ලාක් මහත්තයෙකුගේ දැනුම පමනි. ලොකු ලොකු දෙමල බැංකු මහත්තුරු ටයි දාගෙන මහා බරපතල වචන ගොඩක් කියනු ඇත. නිකං පිස්සු අසෝක හඳගම චිත්‍රපටි ගැන කියනවා වගේ.

අද වන විට බැංකු ක්‍රියාත්මක වන්නේ ideology මත පමණි. ඔවුන් කියන්නේ “බැංකු ක්‍රියාත්මක වන්නේ එසේ යැයි“ ඔවුන් සිතන බවයි.

සිදුවිය යුත්තේ බැංකු කරුවෝ රටක ජනතාවගේ අනාගතය හා රටේ දියුණුව හා සාමය උගසට තබා කරන මේ සූදු කෙළීම නැවැත්වීමයි. අඩුතරමේ බැංකු සම්භාව්‍ය මූල්‍ය විද්වතුන්ගේ අර්ථයෙන් බැහැර කර නවීන මූල්‍ය පද්ධති ක්‍රියාකාරීත්වයකට ගැට ගැසීමයි.

ඔවුන් ඔබට ණය දෙන්නේ පරිගණක වැඩසටහන මඟින් පමණි. නිකම්ම නිකම් මුදල් නැවත ලැබේ යැයි කියන පොරොන්දුව මත ඔවුන් පරිගණකයේ සටහන් කර ඔබට මුදල් ණයට දෙනවා. එලෙස හැම කෙනෙකුටම ණය දෙනවා. ඒක නිකන් මහබැංකුව සල්ලි අච්චු ගහනව වගේ වැඩක්.

බැංකු සැම විටම කෙනෙකුගේ ක්‍රෙඩිට් ණය ප්‍ර‍මාණ වැඩි කරන සෑම විටකම තමන්ගේ වත්කම් වැඩි කර ගන්නවා.

නැතිනම් බැංකුවට වාහනයක් මිලදී ගන්නවා සිතමු. මෙවැනි සෑම මිලදී ගැනීමකදීම ඔවුන් තම වත්කම් ප්‍රමාණය වැඩිකරගන්නවා.

බැංකු විසින් මහ බැංකුවේ සුරැකුම් පත් හෝ මහ බැංකුවේ පිළිනපත් Bonds මිලදී ගන්නා විට රජයට අයත් ගිණුමේ පොරොන්දු මුදලට සමානව ඉලක්කම් ගණන වැඩිකරනවා. ඒ මගින් තම වත්කම් වැඩිකර ගන්නවා.

එසේම වාණිජ බැංකු මිනිසුන්ට දෙන මුදල් ප්‍ර‍මාණය මිනිසුන් විසින් වියදම් කරන විට මුදල් සංසරණය වැඩි වෙනවා.’

වැරදිලාවත් මේ ප්‍ර‍මානය ඔබ දන්නවාද යන්න ඔබගේ මුදල් ඇමතිගෙන් හරි අගමැතිගෙන් ඇහුවොත් ඔහු මෙසේ කියනු ඇති.

ඔව් ඔව් ඇයි අපි දන්නවා. අපි බැංකු පරිපාලනයකට ජනාධිපති කොමිසමක් පත් කරලා තියෙන්නේ. ඒ අයගේ සුදුසුකම් මේහෙමයි. මාස්ටර්ස් 5යි, PHD තුනයි, විදේශ පුහුනු අය 33 යි තව OL 2යි. අපේ බැංකු මුදල් ණයට දෙන්නේ තැන්පත්කරුවන්ගේ Depositors ලාගේ මුදල් විතරයි, ඒ අයට එහෙම තැන්පතුකරුවන්ගේ මුදල් විනාශ කරන්න අයිතියක් නැහැ.  මහ බැංකු අධිපතිතුමා මගේ යාළුවෙක්. ඔහු රටේ පවතින නීතිය අනුව බැංකුව පාලනය කරනවා. ඇයි එයා නියම රෝයල්. රෝයල් එක හෙන ලොකුයි. මාත් එක්ක සිංගප්පුරු ගියෙත් එයා. ඔහු ලෝක ප්‍ර‍සිද්ධ අයෙක් අපිට ඔහු ගැන හරීම විශ්වාසයි. එයා හරී සුදුයි හරී හොඳයි. “

මෙසේ කියන්න හේතුවක් තිබෙනව, ආන්ඩුවේ මහත්තුරු දන්නේ නැහැ බැංකුවල ඇතුළත. ඒ අයත් හිතන්නේ සාමාන්‍යය මිනිස්සු වගේමයි.

‘කැටේ කඩල බැංකු පොතේ සල්ලි දාන’ පුංචි පවුලක පරිසරය බැංකුවක් තුළ නැත. එය ජත්‍යන්තර ජාලයකි. ඔබට ඔබගේ දේශපාලන පක්‍ෂයට ආණ්ඩුවට හා පාර්ලිමේන්තුවට ඔබ්බේන් පරිපාලනය වන නරුම අධිකාරියකි. ඒ ඔබේ පහන් ටැඹයි, හදවතයි, ජාතියේ මහා දායාදයයි. හදවත තියෙන බැංකුවයි. දේශීය බැංකුවයි.

මේ ආන්ඩුවේ පව් තොපිම ගෙවපල්ලා.

 

 

 

 

07
ජූලි
17

මහින්ද දේශප්‍රිය සීයේ ඔන්න අඹුඩේ ගූ… …

මහින්ද 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කනෙන් රින්ගයි, යහපාලනය නිසා තනතුරු දෙකක්, මැරෙනකම් රජ සැලකිලි, කොහොමද ටිකිරි මොලේ….

යහපාලන ආණ්ඩුව ජනතාවට පොරොන්දු වූයේ ස්වාධීන කොමිෂන් සභා ඇති කොට ඒ හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන බවයි. ඒ අනුව මැතිවරණ කොමිසම වෙනුවට ජනතාව වැඩි වගකීමක් සහිත ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් ඇති කලේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය මගිනි.

17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිසමක් බවට පත්කල අතර කොමිසමේ සමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත විය. කොමිසම තීන්දු ගැනීමේදි ඝන පූර්ණය ලෙස ඉන් සමාජිකයින් 3 දෙනෙකු රැස්වීමට සහභාගි විය යුතුය. එහි බලතල කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වරයෙකු ප්‍රමුඛව මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් සිදු කල යුතුය. Link

එහෙත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය අනුව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කිරිමේදි ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සාමාජිකයන් 3 දෙනෙකු කොමිෂන් සභාවට පත් කරනු ලබයි. “ඉන් එක් අයකු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයෙකු ලෙස හෝ ඊට ඉහළ තනතුරක රාජකාරි කල මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් නිලධාරියෙකු විය යුතුය”, යන්න පැහැදිලිව සඳහන් කොට ඇත.

මේ අනුව පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරවමු.

  1. 17 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය යටතේ ස්වාධීන මැතිවරණ කොමිසම් සභාවක් පිහිටුවීම හරහා සඳහා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය ගැනීමට සමාජිකයින් 5 දෙනෙකු වු සාමාජිකයන් සංඛ්‍යාව 3 දෙනෙකුට අඩුකිරිම කිරිම ප්‍රජාතන්ත්‍රවාදී ද එසේ නැතිනම් එකාධිපති ක්‍රියාවක් ද ?

  2. 17 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය යටතේ මැතිවරණ කොමිසමේ සාමජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත වු අතර කොමිසම රැස්වීමේදි ඝන පූර්ණය ලෙස 3 දෙනෙකු සහභාගි වීය යුතුය යන්න එහි සඳහන් වුවත්, 19 ආණ්ඩුක්‍රම සංශෝධනය 104 (1) අනුව කොමිසම සාමාජිකයන් 3 දෙනෙකුට අඩු කොට කොමිසන් සභාවේ රැස්වීමේදි ඝන පූර්ණය ලෙස 3 දෙනෙකු සහභාගි වීය යුතුය යන්න සඳහන් කිරිම ඇති පදනම කුමක්ද?

  3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ.(1) අනුව ජනාධිපතිවරණයේ සිට ඕනම මැතිවරණයක් හෝ ජනමතවිචාරනයක් පැවත්වීම සඳහා (අ) මැතිවරණ කොමිසම් සභාව හෝ (ආ) මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා වගකීම වන්න්නෙය සඳහන් වේ. කරුණු එසේනම් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා තනතුර සඳහා රාජකාරි කරන්නේ කවුද? එම පුරප්පාඩුව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව මෙතෙක් පිරවීමට කටයුතු කර ඇද්ද යන වග?

  4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඉ. අනුව ස්වාධීන මැතිවරණ කොමිසම සභාවේ තීරණයන් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වරයෙකු පත් කල යුතූය. එහිදි වයස අවුරුදු 65 නොඉක්මවු ඕනැම පුද්ගලයකු මැතිවරණ කොමසාරිස් ජෙනරාල් තනතුරට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යටතේ කටයුතු කල යුතුය ලෙස සඳහන් වේ, කරුණු එසේ නම් ඉතා වැදගත් ඒම තනතුර සඳහා අවම සුදුසුකම් ඇතුලත් නොකලේ කවුද?

  5. එසේ පිහිටවු කොමිෂන් සභාව සාමජිකයින් 3 දෙනා අතරට 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මැතිවරණ කොමිසමට සාමජිකයින් 5 දෙනෙකු පත් කිරිමේදී නොතිබුණ සුදුසුකමක් වන “නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයෙකු ලෙස හෝ ඊට ඉහළ තනතුරක රාජකාරි කල මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් නිලධාරියෙකු විය යුතුය” යන්න ඇතුලත් කිරිම යහපාලන මූලධර්මවල අනුකූල ද?

  6. ඒ අනුව 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 103 (1) අනුව නිශ්චිතවම කලින් තෝරාගත් පුද්ගලයකුට කොමිෂන් සභවට අනිවාර්යයෙන්ම ඇතුළු වීමට අවශ්‍ය යහපාලන ගුණාංගය ඇතුලත් කොට එහි සභාපති ලෙස විශ්‍රාමලත් හිටපු මැතිවරණ කොමසාරිස් පත් කිරීම කොතෙක් දුරට සාධාරණ ද?

  7. එසේ සභාපති ලෙස පත්වු පුද්ගලයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඉ අනුව පත්කල යුතු වයස අවුරුදු 65 නොඉක්මවු මැතිවරණ කොමසාරිස් ජෙනරාලවරයා පත් නොකර සිටීම කොමිෂන් සභාවේ නිත්‍යානුකූල මෙන්ම යහපාලන ප්‍රතිපත්තිවල කොතෙක් දුරට ගැලපෙන්නේ ද?

  8. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඉ. අනුව මැතිවරණ කොමිසම සභාවේ තීරණයන් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වරයෙකු පත් කොට තිබුනේ නම් ඔහු රාජ්‍ය සේවකයෙකු ලෙස කොමිසම් සභාව මෙන්ම ඡන්දය නොපැවත්වීම සම්බන්ධව එක හා සමානව වගකිය යුතුය.

  9. ඒ අනුව ස්වාධීන මැතිවරණ කොමිසම් සභාව මෙන්ම මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයාද වගකීම පැහර හැරීම හෝ මැතිවරණ දූෂණයක යෙදිම යටතේ ශ්‍රීලංකා දණ්ඩ නීති සංග්‍රය යටතේ නඩු පැවරිමට ඇති ඡන්දදායකයාගේ අයිතිය අහෝසි කිරීම, මෙන්ම එම තනතුර හිතාමතාම පුරවා නොමැති මෙම කාලය සඳහා එහි වගකීම කවුරුන් විසින් භාර ගන්නේද?

  10. මෙරටේ පොලිස් කොමිසමක් තිබේ, එම කොමිසම පොලිස්පතිගේ හෝ පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි ආවරණය නොකරයි. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව හෝ එහි සභාපතිවරයා ද එසේ විය යුතුය. මැතිවරණ කොමසාරිස් ජෙනරාලවරයා සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ රාජකාරි ස්වාධීන මැතිවරණ කොමිසමේ සමාජිකයකු වන වයස අවුරුදු 65 පැනපු සභාපතිවරයා විසින් සිදු කිරිම ලෝකයේ මොන යහපාලන මූලධර්මයන්ට අයිතිද යන්න සොයා බැලිය යුතුය.

  11. මේ වනවිට ශ්‍රීලංකාවේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව තුල සිදුවන මෙවෙනි නීත්‍යානුකූල නොවන ක්‍රියා සම්බන්ධව එයට සම්බන්ධ වු සියලුම පාර්ශවයන් අනාගතයේදි වගකිවයුත්තන් නොවන්නේද?

  12. එමෙන්ම නිසි කලට මැතිවරණ පැවත්වීමට අවශ්‍ය නෛතික අයිතිය ඇති ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව යටතේ ඇති මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන මැතිවරණ කොමසාරිස් ජෙනරාල් තනතුර පුරවා නොසිටිම ව්‍යවස්ථා සභාවේ මෙන්ම ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ වගකීම නොවන්නේද?

ඉදිරියේදී ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධව තව දුරටත් අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරන්නෙමු.

– ජනතා අයිතීන් සුරකින නීතිඥ මඩුල්ලක්

 යහපාලන ආණ්ඩුව ජනතාවට පොරොන්දු වූයේ ස්වාධීන කොමිෂන් සභා ඇති කොට ඒ හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන බවයි. ඒ අනුව මැතිවරණ කොමිසම වෙනුවට ජනතාව වැඩි වගකීමක් සහිත ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් ඇති කලේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය මගිනි. 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිසමක් බවට පත්කල අතර කොමිසමේ සමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත විය. කොමිසම තීන්දු ගැනීමේදි ඝන පූර්ණය ලෙස ඉන් සමාජිකයින් 3 දෙනෙකු රැස්වීමට සහභාගි විය යුතුය. එහි බලතල කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වරයෙකු ප්‍රමුඛව මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් සිදු කල යුතුය. Link එහෙත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය අනුව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කිරිමේදි ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සාමාජිකයන් 3 දෙනෙකු කොමිෂන් සභාවට පත් කරනු ලබයි. “ඉන් එක් අයකු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයෙකු ලෙස හෝ ඊට ඉහළ තනතුරක රාජකාරි කල මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් නිලධාරියෙකු විය යුතුය”, යන්න පැහැදිලිව සඳහන් කොට ඇත. මේ අනුව පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරවමු. 17 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය යටතේ ස්වාධීන මැතිවරණ කොමිසම් සභාවක් පිහිටුවීම හරහා සඳහා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය ගැනීමට සමාජිකයින් 5 දෙනෙකු වු සාමාජිකයන් සංඛ්‍යාව 3 දෙනෙකුට අඩුකිරිම කිරිම ප්‍රජාතන්ත්‍රවාදී ද එසේ නැතිනම් එකාධිපති ක්‍රියාවක් ද ? 17 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය යටතේ මැතිවරණ කොමිසමේ සාමජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත වු අතර කොමිසම රැස්වීමේදි ඝන පූර්ණය ලෙස 3 දෙනෙකු සහභාගි වීය යුතුය යන්න එහි සඳහන් වුවත්, 19 ආණ්ඩුක්‍රම සංශෝධනය 104 (1) අනුව කොමිසම සාමාජිකයන් 3 දෙනෙකුට අඩු කොට කොමිසන් සභාවේ රැස්වීමේදි ඝන පූර්ණය ලෙස 3 දෙනෙකු සහභාගි වීය යුතුය යන්න සඳහන් කිරිම ඇති පදනම කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ.(1) අනුව ජනාධිපතිවරණයේ සිට ඕනම මැතිවරණයක් හෝ ජනමතවිචාරනයක් පැවත්වීම සඳහා (අ) මැතිවරණ කොමිසම් සභාව හෝ (ආ) මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා වගකීම වන්න්නෙය සඳහන් වේ. කරුණු එසේනම් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා තනතුර සඳහා රාජකාරි කරන්නේ කවුද? එම පුරප්පාඩුව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව මෙතෙක් පිරවීමට කටයුතු කර ඇද්ද යන වග? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඉ. අනුව ස්වාධීන මැතිවරණ කොමිසම සභාවේ තීරණයන් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වරයෙකු පත් කල යුතූය. එහිදි වයස අවුරුදු 65 නොඉක්මවු ඕනැම පුද්ගලයකු මැතිවරණ කොමසාරිස් ජෙනරාල් තනතුරට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යටතේ කටයුතු කල යුතුය ලෙස සඳහන් වේ, කරුණු එසේ නම් ඉතා වැදගත් ඒම තනතුර සඳහා අවම සුදුසුකම් ඇතුලත් නොකලේ කවුද? එසේ පිහිටවු කොමිෂන් සභාව සාමජිකයින් 3 දෙනා අතරට 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මැතිවරණ කොමිසමට සාමජිකයින් 5 දෙනෙකු පත් කිරිමේදී නොතිබුණ සුදුසුකමක් වන “නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයෙකු ලෙස හෝ ඊට ඉහළ තනතුරක රාජකාරි කල මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් නිලධාරියෙකු විය යුතුය” යන්න ඇතුලත් කිරිම යහපාලන මූලධර්මවල අනුකූල ද? ඒ අනුව 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 103 (1) අනුව නිශ්චිතවම කලින් තෝරාගත් පුද්ගලයකුට කොමිෂන් සභවට අනිවාර්යයෙන්ම ඇතුළු වීමට අවශ්‍ය යහපාලන ගුණාංගය ඇතුලත් කොට එහි සභාපති ලෙස විශ්‍රාමලත් හිටපු මැතිවරණ කොමසාරිස් පත් කිරීම කොතෙක් දුරට සාධාරණ ද? එසේ සභාපති ලෙස පත්වු පුද්ගලයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඉ අනුව පත්කල යුතු වයස අවුරුදු 65 නොඉක්මවු මැතිවරණ කොමසාරිස් ජෙනරාලවරයා පත් නොකර සිටීම කොමිෂන් සභාවේ නිත්‍යානුකූල මෙන්ම යහපාලන ප්‍රතිපත්තිවල කොතෙක් දුරට ගැලපෙන්නේ ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඉ. අනුව මැතිවරණ කොමිසම සභාවේ තීරණයන් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වරයෙකු පත් කොට තිබුනේ නම් ඔහු රාජ්‍ය සේවකයෙකු ලෙස කොමිසම් සභාව මෙන්ම ඡන්දය නොපැවත්වීම සම්බන්ධව එක හා සමානව වගකිය යුතුය. ඒ අනුව ස්වාධීන මැතිවරණ කොමිසම් සභාව මෙන්ම මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයාද වගකීම පැහර හැරීම හෝ මැතිවරණ දූෂණයක යෙදිම යටතේ ශ්‍රීලංකා දණ්ඩ නීති සංග්‍රය යටතේ නඩු පැවරිමට ඇති ඡන්දදායකයාගේ අයිතිය අහෝසි කිරීම, මෙන්ම එම තනතුර හිතාමතාම පුරවා නොමැති මෙම කාලය සඳහා එහි වගකීම කවුරුන් විසින් භාර ගන්නේද? මෙරටේ පොලිස් කොමිසමක් තිබේ, එම කොමිසම පොලිස්පතිගේ හෝ පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි ආවරණය නොකරයි. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව හෝ එහි සභාපතිවරයා ද එසේ විය යුතුය. මැතිවරණ කොමසාරිස් ජෙනරාලවරයා සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ රාජකාරි ස්වාධීන මැතිවරණ කොමිසමේ සමාජිකයකු වන වයස අවුරුදු 65 පැනපු සභාපතිවරයා විසින් සිදු කිරිම ලෝකයේ මොන යහපාලන මූලධර්මයන්ට අයිතිද යන්න සොයා බැලිය යුතුය. මේ වනවිට ශ්‍රීලංකාවේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව තුල සිදුවන මෙවෙනි නීත්‍යානුකූල නොවන ක්‍රියා සම්බන්ධව එයට සම්බන්ධ වු සියලුම පාර්ශවයන් අනාගතයේදි වගකිවයුත්තන් නොවන්නේද? එමෙන්ම නිසි කලට මැතිවරණ පැවත්වීමට අවශ්‍ය නෛතික අයිතිය ඇති ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව යටතේ ඇති මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන මැතිවරණ කොමසාරිස් ජෙනරාල් තනතුර පුරවා නොසිටිම ව්‍යවස්ථා සභාවේ මෙන්ම ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ වගකීම නොවන්නේද? ඉදිරියේදී ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධව තව දුරටත් අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරන්නෙමු. –

ජනතා අයිතීන් සුරකින නීතිඥ මඩුල්ලක්

28
ජුනි
17

ග්‍රාමසේවකයාගේ පුතාල හෙලිකොප්ටර් පැද්දට රනිල් අප්පු ඉන්කං බේබිලා වෙන්න බැරිය….

ගොබ්බ රාමසේවක ගමයලාගේ පුතාල හෙලිකොප්ටර් පැද්දට රනිල් අප්පු ඉන්කං බේබිලා වෙන්න බැරිය….

ගංවතුර ආපදාව මිනිසුන්ට ඇති වූ දිනයේ සිට මිනිසුන් සමඟ කරට කර වැඩ කල ජනතා සේවකයින් අතරින් මුල් තැන, නාමල් රාජපක්ෂට හිමිවන බවට කිසිදු සැකයක් නැත. ආරම්භයේ සිට ඩී. වී. උපුල් මන්ත්‍රීවරයාවද සහාය කර ගනිමින් නිසි යාන්ත්‍රණයක් සමඟින් කෙරුණු සංවිධානාත්මක වැඩ පිළිවෙළ ප්‍රදේශවාසීන්ගේ නොමඳ ප්‍රශංසාවට ලක් වූ බව කිව යුතුය. මහින්ද අමරවීරලා, සජිත් ප්‍රේමදාසලා අඩිය තියෙන කොට නාමල් පිනුම් ගහලාත් අවසන් බව මෙවර ගංවතුරින් ඔප්පු විය. අහසේ ඵලක් බැඳ සිටි නාමල් මෙහෙම බිමට බැස්සේ ඇයි.. ඒ කාලේ කරපු අසික්කිතකම් වහ ගන්නද? එයත් විමසා බලමු.

නාමල් පසුගිය රජයේ ජනපතිගේ පුතාය. අරක්කු තියා බියර් එකක්වත් බීවේ නැත. ක්ලබ් කුඩු කලේ නැත.. කෙල්ලන් වෙනුවෙන් මරාගත්තේ නැත. බීලා චාටර් වූ තැනක්වත්, වෙනත් පිස්සු කෙළපු තැනක් වත් නාමල් ගෙ ඉතිහාසයේ නැත. නාමල්ට කිව්වේ ගැහැණු ළමයි හා සම්භන්ධකම් වැඩී යන්නයි. යෝශිතටත්, රෝහිතටත් පෙම්වතියන් සිටින නමුදු නාමල්ගේ පෙම්වතියක් ගැන අහලාවත් නැත. නාමල් අතින් දූෂණය වූ තරුණියන්ද හොයාගන්නට නැත. නාමල් කෙල්ලෙක් එක්ක හිටියාම කියමු. ඒ වරදට එරෙහිව ලක්ෂ 62ක් අවි එසවූහ. දැන් රටේ කොල්ලෝ කෙල්ලෝ පස්සෙ යන්නේ නැත. සමලිංගික සති වලට ගොස් කොල්ලො කොල්ලන් පස්සේම යති. කෙල්ලොන්ටද කරදරයක් නැත. කෙල්ලොත් කෙල්ලොන්ගෙම අවශ්‍යතා පිරිමහ ගනිති. සමලිංගිකත්වය අපූරුවට තියෙද්දි නාමල් කෙල්ලො පස්සෙ ගියානම්, අම්බානක අසික්කිත නොවේද? බලන්න නාමල්ගේ ජඩකම් ඒ කාලේ කරපු.

නාමල් රගර් ගැහුවේය. ශ්‍රී ලංකා පිලේ නායකත්වය දැරුවේය. නේවි කණ්ඩායමද මෙහෙයෙව්වේය. පට්ට වැරදිය. අම්මට සිරි වෙන්න වැරදිය. ජාත්‍යාන්තර සත් සාමාජික තරඟාවලි උත්කර්ශවත් අයුරින් අපේ රටේ පැවැත්විණ. ජාත්‍යාන්තර ශ්‍රේණිගාත කිරීම්වල වෙනදාට වඩා ඉදිරියට රගර් ක්‍රීඩාව ආ බව සැවොම දනී. නාමල් රගර් ක්‍රීඩායේ යෙදුනු අසික්කිත වරදට එරෙහිව ලක්ෂ හැට දෙකක් අත එසවූයේය. අද රග්බි කොතැනද? දකුණු ආසියානු ශූරතාවත් ගිලිහී ගොසින්ය. ජාතක රගර් ක්‍රීඩා තරඟයක් ලංකාව අහලක නැත. නාමල් රග්බි ක්‍රීඩාවට කල සේවය අම්බානක වැරදිය.

නාමල් ලැම්බෝගිනි පැද්දේය. දළදා මාලිගාවට නොපෙනෙන මානයේ පැද්දත් නාමල් දලදාව වටා රේස් පැද්දායැයි කීවේය. රුසියානු නාටිකාංගනාවෝ පූජා භූමියේ නැටූ බව කීවේය. නාමල් ලැම්බෝගිනි පැද්ද වරදට ලක්ෂ 62ක අවි එසැවිණ. නාමල් කල වරදට දඩුවම් ලබා ගෙදර ගියේය. නාමල් පැදපු ලැම්බෝගිනියක් අද හොයාගැනීමටවත් නැත. රටේ සංචාරය කරන්න එන විදේශිකයින්ට නැරඹීමට ජාත්‍යාන්තර ප්‍රමිතියේ ඉවෙන්ට් එකක් කොහේවත් නැත. විදේශිකයෝ ලංකාව බෝරිං කියා නහයෙන් අඬන්නේ නාමල් කරපු අසික්කිතකම් නැති නිසාය. නාමල් කල අසික්කිත ලැම්බෝගිනි පැදීම රටට පල දුන්නේ එසේය.

නාමල් අසික්කිත ලෙස හෙලිකොප්ටර් පැද්දේය. හෙලිකොප්ටරයක් තියා කුරුම්බැට්ටියක් නැත. නාමල්ගෙ මල්ලිලාත් අම්මාත් හෙලිකොප්ටර් පැද්දේය. ලක්ෂ 62ක් ඊට එරෙහිව අත එසවූයේය. නාමල් අසික්කිත ලෙස පැදපු හෙලිකොප්ටර් වාශ්ප වී ගොසිණ. යහපාලනය තවමත් නාමල්ගේ හෙලිකොප්ටර් සොයති. නාමල්ගේ අසික්කිත හෙලිකොප්ටර් පැදීමද එසේ අවසන් විය.

නාමල්ගේ අසික්කිතකම් එසේය. අද නාමල්ට බලය නැත. බලය ඇති ලෙස නාමල් මිනිසුන් වෙත යයි. 2016 ගංවතුරේදීත්, අරණායක නාය යෑමේදීත්, මීතොට මුල්ල කුණු කන්දේදීත් වත්මන් අපාදාවේදීත් නාමල් අසික්කිත ලෙස මිනිසුන්ට උදව් කලේය. ගංවතුරෙන් හානි වූ නිවෙස් වලින් පළවෙනියට ඉදි කරන නිවෙසත් අද නාමල්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙලා.. නාමල් දැන්ගන්න ඕන.. මේ කරන අසික්කිතකම් වලට ලබන ඡන්දෙදිත් මිනිස්සු දඩුවම් දෙනවා කියලා.. හැබෑට මේ මිනිහගේ අසික්කිතකම් නවතින්නේ නැති හැටියක්.

ඒකට වත්මන් ග්‍රාමසේවකයාගේ පුතා.. දන්නා මෙලෝ ලබ්බක් නැත. රටට කරන වැඩකුත් නැත. ගංවතුරට ගොදුරු වූ මිනිසුන් අසලට යනවිට ඔවුන් බුදු බව පතති. ක්ලබ් කුඩු කරාට කිසි අවුලක් නැත. කිස්දු තනතුරක් නැතිව රටවල් වල ගොස් ශ්‍රී ලංකාව නියෝජනය කරයි.. කිසිදු අසික්කිතකමක් ගෑවිලාවත් නැති රත්තරන් කොලු පොඩ්ඩා… නෙද්දකින්..

දැන් කවුද අසික්කිත…?

– අභීත එදිරිසිංහ

13
ජුනි
17

සතුරාගේ ගූ අරන් නහය උඩින් තබාගැනීම (ජවිපේ තියරි)

ජවිපේ සහ රතු අලි
පහුගිය දවස් වල පොඩි පොඩි ජෙප්පෝ කියනවා අපි සතුරාගේ ආයුධ අරන් සතුරාටම පහර දෙනවලු…ඒ කියන්නේ එන්ජිඕ වලින් සහ එජාපයෙන් සල්ලි අරන් ඒ සල්ලි උන්ටම විරුද්ධව යොදවනවා කියන එක…එහෙම තමයි මේ දවස් වල කෙරෙන හම්බ කෙරුවාව බිම් මට්ටමට සාධාරණිකරණය කරලා තියෙන්නේ …උඩින් කියන ඕනෙම බඩකඩිත්තු කතාවක් හිස් මුදුනින් පිළි අරන් දගලන මේ පොඩි පොඩි ජෙප්පන්ට ඉහලින් කියන දේට පිටින් කිසිම දෙයක් හිතන්න බැහැ…මොළ ශෝදනය ඒ තරමටම බලවත් ……

“සතුරා අතට ආයුධ නොදිය යුතුයි” කියලා මුන්ට උගන්නපු නායකයෝ රැල උඩ පැන පැන සතුරා අතට ආයුද දෙනවා..ඒවායෙන් බැට කන්නේ පහළ ඉදන් කුණු හෝදන පොඩි පොඩි ජෙප්පෝ…

කාලෙක ඉදලා ජෙප්පන්ට කඩේ ගිය බුකියෝ සම්භන්දයෙන් ලොකු ලොකු විවේචන තිබ්බනේ එයාලා ඇදගෙන නාපු සහ බැහැගෙන නාපු අවස්ථා බොහොමයි …මොනම විදියකින්වත් ජවිපේ භාවිතාව සමාජ ගත කරන්න පුළුවන් හැකියාවක් නැති, “වෙන්ඩ ජෙප්පෝ” බුකිය බදු අරන් හිටියේ …ඒ කට්ටිය නායකයන්ටම ගැලපෙන විදියට පිළිවෙලකට “බුකියේ ජවිපේ පජාත කිරීමේ” කටයුත්ත නිසි අයුරින් ඉටු කලා.

කොහොමින් කොහොම හරි අද වෙන කොට අනුර කුමාර කියන ජවිපේ නායකත්වය විසින් ජවිපේ වළලලා ඉවරයි…..තමන්ගේ මුඛරි කම කියන හැකියාව භාවිතා කරලා දිනපතාම සමාජ ගත කරපු බොරු කන්දරාව අවසානයේ තමන්ටම පාරාවළල්ලක් වීමත් එක්කම ලෙයින්, කදුළෙන්, දහඩියෙන් ජිවිත පුජාවෙන් ගොඩ නගපු පක්‍ෂයකට මේ අපරාදයට වන්දි ගෙවන්න වීමනම් ඇත්තටම විශාල අපරාධයක්.

පක්ශේ කාඩරයෙක් කියන විදියට……….
“ මම ජිවිතේ හැම දෙයක්ම ඉගෙන ගත්තේ පක්ෂෙන්”….” මේ හැම දෙයක්ම ගොඩ නැගුවේ පරම්පරා දෙකක් මැරිලා වැළලිලා”….”ඉක්මනටම ගමන වෙනස් වේවි කියලා බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ”…හැබැයි මම මේක දාල යන්නේ නම් නැහැ”

උන් තවමත් බලාපොරොත්තු අත ඇරලා නැහැ…

ජවිපේ දේශපාලනය සමාජගත කරන්න ඕනේ කරන සාධක මහින්දගේ පාලන කාලය තුල ටිකෙන් ටික රටෙන් තුරන් වෙද්දී ( විරැකියාව, සිවිල් යුද්ධ, ශිෂ්‍ය අරගල, ) ජවිපේ දේශපාලනය කණකොකා හඩන්න පටන් ගත්තා. රටේ සිද්ධ වෙච්ච් සමහර හුදෙකලා සිදුවීම් පිටිපස්සේ ඉදගෙන ඒවා වැඩිදියුණු කරලා මහින්ද රජය පෙරලන්න කරන්න පුළුවන් හැමදෙයක්ම කෙරුවේ ඒක නිසා.

මුන්ව බලයට ගෙනාවම ජවිපේ දේශපාලනය සමාජගත කරන්න සුදුසුම වටපිටාව මුන් හදලා දෙන බව ජවිපේ දැන ගෙන හිටියා. හැබැයි ජවිපේ කරපු අපරාදේ උන්ගේ නායකත්වය විසින් උන්ටම පත්තු කරලා දුන්නා.

දැන් ඉතින් බලාගෙන ඉන්න තියෙන්නේ, ඊලග සුනාමියේදී එජාප සාමාජිකත්වය ගන්නා ජවිපේ නායකයන් ගණන කීයද කියලා මිසක්, 2020 දී පිහිටුවන සබන් බෝල ජවිපේ රජය දිහා නෙවෙයි.
සමීර..
Sameera Senanayake

09
ජුනි
17

අනුර කුමාරගේ පුතා කසුන් දිසානයක හා බුදු රනිල් මාමා

කමිසයේ කොලරයේ කුණු ඕනෑ තරම්, සමහරක් උන්ගේ දාඩියට කමිසයේ කොලරය දියවෙලා, ඉරිලා,. හොඳ සපත්තු දෙකක් ගන්න කන කට්ටක්, වැඩිපුරම දාන්නෙ සෙරෙප්පු නෙවි සෙරෙප්පු කෑලි. පවුලේ උන් එක්ක සතුටක් විඳින්න දිනයක් එන්නේම නැති තරම්. එහෙම වින්ඳත් පහුවදාට විවේචන. මේ ජවිපෙ පූර්ණ කාලින සාමාජිකයාගේ ජීවිතයයි.

එහෙම කට්ට කන උන් දන්නවද දන්නේ නැහැ අනුර කුමාරගේ පුතු මිහින්ලංකා එකට ඇතුල්වුනේ කොහොමද කියලා, රස්සා වලින් දොට්ට දාද්දී කසුන් දිසානයකට රනිල්ගේ පිහිටෙන් නැවත රැකියාව ලැබුනු වග. තක්කඩි වමේ අනුරලා උඹලව කොයිතරම් අන්දලද බං.

ඔය විදියට දුක්විඳල ව්‍යාපාරය වෙනුවෙන් දිවිපිදූ සාමාජිකයනුත්…ඔවුන්ගේ පවුල්වල උදවියත් අදත් ඒ ස්ථාවරයේම සිටිමින්..
තමන්ගේ පෞද්ගලික මුදලුත් තාම පක්ශය වෙනුවෙන් යොදවති..

ඒ මිනිසුන්ටත් අපගේ කනගාටුව පළකරමි..

චාමි ට්‍රින්කොමලි
ඔබගේ අදහසට තව කොටසක් එකතු කලෙමි

Image may contain: 18 people, people smiling, textImage may contain: 3 people, people smiling, people standing
24
මැයි
17

“රාවයේ” ගාමිණී වියන්ගොඩ නිවටයා සහ විදර්ශන කන්නන්ගර හොරිකඩයා අතර වෙනස කුමක්ද ?

 

Dasun Rajapakse

කුමාර් ගුණරත්නම් දිෂ්ටිය – පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් ඔබට ඇති තෝරාගැනීමේ අයිතිය ගැන ලොරි ටෝක් දෙන විදර්ශන තමන්ගෙ මුහුණුවර කුමාර් ගුණරත්නම් වගේ සකස් කරගැනීම කියන්නෙත් චින්තන කීව දේමයි. එතනදි චින්තන මේ මැට්ටට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ධනවාදයට පූර්ණ ලෙස විකසිත නොවී මෙලන්කොලික තත්ත්වයක ඉන්න විදර්දනට තිබෙන්නේ පුදුම ආශාවක්.. මේ ආශාවේ කෙළවර හරියෙදි රන්ජිත් පෙරේරා විදර්ශන උගන්වන පාසලට ආර්.ඩී.එෆ් එකේ නිලධාරින්ව රැගෙන විත් ටයර් පටි වලින් හැමෝම ඉදිරියේ ප්‍රසිද්ධියේ තලද්දි තමයි මේ මනුස්සයට තේරුම් යන්නේ තමන් කරමින් සිටි පිස්සුවේ දිග පලළ …

දැන්වත් තේරුම් ගනිල්ලා!
එංගලන්තයෙ, මැන්චෙස්ටර් හි ප්‍රාසාංගික වේදිකාවක් අසළ පුපුරා යන බෝම්බයෙන්, මේ වනවිට විසිගණනක් මියගිහින්, පනස් ගණනකට තුවාල වෙලා. මේ ඛේදවාචකයට ඉලක්කව ගොදුරු වෙන්නෙ ළමයි! මේ සිද්ධිය ගැන අපි මිනිස්සු හැටියට මුළු හිතින්ම කම්පාවෙන්න ඕනෙ, ඒ වගේම ත්‍රස්තවාදයට කොන්දේසි විරහිතව විරුද්ධ වෙන්න ඕනෙ. ඒත්, ලංකාව, තිස් වසරක දරුණු ත්‍රස්තවාදයකට මුහුණ දෙමින් හඬා වැළපෙනකොට, තමන් සංවර්ධිතයි කියලා හිතාගෙන ඉන්න හුඟාක් රටවල්, ලංකාවෙ අපට විහිළු කෙරුවා, හිනා වෙවී, ත්‍රස්තවාදයට උදව් කෙරුවා. අපට සාමය ගැන පාඩම් උගන්වන්න හැදුවා. අපේ නොදියුණුකම ගැන පුදුම වුණා.

ඉතිං, මහත්වරුණි!
දැන්වත් උඹලා තේරුම් ගනිල්ලා, මේ යන ක්‍රමයට මොකෙකුටවත් පවතින්න බැරි බව! අර ඇමරිකානු නායකයා, ට්‍රම්ප් මැද පෙරදිග කෑල්ලක් balance කරගෙන game එක play කරන්න හැදුවට වැඩක් වෙන්නෙ නැති බවත් මතක තියා ගනිල්ලා!
CHAPA
2017 මැයි 23//

මේ චාපා බණ්ඩාර ඔහු ගේ වෝලයේ එංගලන්තයේ මැන්චෙස්ටර් හි ඇති වූ බෝම්බ ප්‍රහාරය ගැන ලියා තැබූ සටහනකි. එහිදී ඔහු දෙවනුව කියා ඇත්තේ අපි මිනිසුන් හැටියට මුළු හිතින් ම කම්පා විය යුතු බවත් ත්‍රස්තවාදය ට කොන්දේසි විරහිතව විරුද්ධ විය යුතු බව ත් ය. මුලින් ම ත්‍රස්තවාදය යනු කුමක්ද යන්න අපි පැහැදිලි කරගෙන සිටිය යුතු ය. එය ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ ලබා දෙන නිර්වචනය මෙයයි.
Terrorism-The unlawful use of violence and intimidation, especially against civilians, in the pursuit of political aims.

දැන් මේ නිර්වචනය අනුව මැන්චෙස්ටර් හි ඇති වූ ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව සැබෑ ය. මෙම මැන්චෙස්ටර් හි ඇති වූ ත්‍රස්ත ප්‍රහාරය ISIS සංවිධානය විසින් භාර ගෙන ඇති බව ට ආරංචි මාර්ග සඳහන් කරයි. එය අනුමත කිරීමට කිසිදු සිහිබුද්ධියක් හෝ මානුෂීයබවක් ඇති කෙනෙකු ට නොහැකි බව ට චාපා බණ්ඩාර කරන ලද ප්‍රකාශය ට අපිට එකඟ විය ද හැක.
නමුත් චාපා බණ්ඩාර වැනි පුද්ගලයන් අමතක කරන දෙය නම් මෙම ත්‍රස්තවාදය ඇති වීමට හේතුව ඊටත් වඩා බිහිසුණු “රාජ්‍යය ත්‍රස්තවාදය” යන්න.

සෑම සමාජයක් ම විවිධ මත දරන කණ්ඩායම් වලින් සමන්විත වේ. එහි ප්‍රජාතන්ත්‍රවාදී ඛාණ්ඩ මෙන් ම ඉතාම දරුණු ප්‍රචණ්ඩකාරී මතදාරීන් ද වේ. නමුත් සාමාන්‍යයෙන් සමාජයේ බොහෝ කොටස් අදේශපාලනික ය. එම සමාජයේ තීරක බලය නිර්මාණය වන්නේ මෙම අදේශපාලනික කොටස් පිළිගන්නේ කුමන අදහස් ද යන්න මත ය.

ඉස්ලාම් මූලධර්මවාදය ට ඉතිහාසයක් ඇත. ඉස්ලාම් ධර්මය ශතවර්ෂ 14 ක් පැරණි ධර්මය කි. නමුත් බොහෝ දෙනාට අමතක වන කාරණය නම් ඉස්ලාම් මූලධර්මවාදය අඩුම තරමින් මතු වන්නේ 19 වන සියවසේ මුල් භාගයේදී බව. නමුත් එය මුලින් පැවතුණේ යම් කිසි කුඩා මූලධාර්මික ඛාණ්ඩයන් ලෙස ය. ඔවුන් මුස්ලිම් සමාජ වල එතරම් ජනප්‍රිය ද නොවී ය. 1960 භාගයේදී ඊජීප්තුවේ දෙවැනි ජනාධිපති වූ ගමාල් අබ්දුල් නසාර් ඉස්ලාම් මුස්ලිම් සහෝදරත්ව(Muslim Brotherhood )මූලධර්මවාදීන් කාන්තාවන් හිස වසා ගෙන සිටිය යුතුය යන ඉල්ලීම විහිලුව ට ලක් කරමින් කරන ලද ප්‍රසිද්ධ කතාව අදටත් ඔබට අන්තර්ජාලයෙන් ලබා ගත හැක. එපමණක් නොවේ. දැනට ඉස්ලාම් මූලධර්මවාදය ට නතු වී ඇති බොහෝ මුස්ලිම් රටවල් පැවතුණේ බටහිර ට නැඹුරු ප්‍රජාතාන්ත්‍රික රටවල් ලෙස ය. එහිදී ප්‍රජාතාන්ත්රවාදී මත දරන්නන් බලවත් වී සිටි අතර මූලධර්මවාදීන් ට එතරම් සැලකිය යුතු බලයක් තිබුණේ නැත. නමුත් මේ තත්ත්වය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සම්පූර්ණයෙන් වෙනස් විය. විශේෂයෙන් ඇමරිකාව ආණ්ඩු ප්‍රමුඛ බටහිර රටවල් තෙල් නිධි පාලනය කිරීම වෙනුවෙන් මෙම රටවල් මිලිටරිමය සහ දේශපාලනික වශයෙන් ආක්‍රමණය කිරීම හේතුවෙන්. 1957 දී ඇමරිකාව ප්‍රධාන තෙල් නිපදවන ඉස්ලාම් ලෝකයේ ප්‍රධාන ප්‍රදේශ 3 ක මිලිටරිමය ප්‍රශ්න ඇති කර තිබේ. ඒවා නම් මදපෙරදිග(ඉරානය), ආසියාව(ඉන්දුනීසියාව) සහ උතුරු අප්‍රිකාව(ඇල්ජීරියාව). බටහිර ට හිතැතිව සිටි මෙම ප්‍රදේශවල ජනයා ගේ වෛරය ඇමරිකාව වෙත ඇති වන්නට පටන් ගන්නේ මෙතැන් සිටය. එය එකල ජනාධිපති ව සිටි ඩ්වයිට් අයිසන්හවර් ඔහුගේ ආණ්ඩුව සමඟ මේවා දීර්ඝ වශයෙන් කතා කර තිබේ. පසුව මේ තත්ත්වය ඊශ්‍රායල-පලස්තීන ප්‍රශ්නයේදී ඇමරිකාව ක්‍රියා කරන ලද ආකාරය නිසා තවත් උත්සන්න විය. ඉන් සිදු වුයේ මෙය ඇමරිකාව ඇතුළු බටහිර රටවල ට එරෙහිව සංස්කෘතික වෛරයක් දක්වා වර්ධනය වීමයි.

එපමණක් නොව, ඉරාකයේ 2001 ට පෙර සුන්නි සහ ෂියා ප්‍රශ්නය අද තරම් දරුණුව ට පැවතුනේ ද නැත. ඉරාකයේ ප්‍රධාන නගරවල සුන්නි ෂියා පවුල් එකිනෙක අන්තර් විවාහ කරගනිමින් සාමකාමීව ජීවත් වූ අතර සුන්නි සහ ෂියා කවුද යන්න පවා එතරම් වැදගත් කාරණයක් වුණේ ද නැත. මේ තත්ත්වය 2006 දී සම්පූර්ණයෙන් ම වෙනස් වූ අතර ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමත් සමඟ මූලධර්මවාදී කල්ලි වල බලය වැඩි වී ඇමරිකාව ඇතුළු බටහිර රටවල ට වෛර කරන පිරිස් ඉතා ශීග්‍රයෙන් ඔවුන් ට එකතු විය. අද මේ ලෝකයේ තිබෙම ඉස්ලාම් රැඩිකල් ප්‍රශ්නය නිර්මාණය කරන ලද්දේ ඇමරිකාව ඇතුළු බටහිර රාජ්‍යයන් ය. මේ තත්ත්වයන් ට මුල් වන්නේ “රාජ්‍යය ත්‍රස්තවාදය” යි. චාපා බණ්ඩාර වැනි අය කරන්නේ වඩා බිහිසුණු මෙම රාජ්‍යය ත්‍රස්තවාදය ගැන කිසිත් සඳහන් නොකරමින් එක පාර්ශවයක පමණක් වැරදි කතා කිරීම ය. මේ තත්ත්වය නැවත්වීම ට නම් මුලින්ම කළ යුත්තේ මහජනයා මෙම රාජ්‍යය ත්‍රස්තවාදය ට එරෙහිව නැගී සිටීමයි. ඔවුන් තවමත් මෙම රාජ්‍යය ත්‍රස්තවාදය ලෝකයේ හැමතැනම පතුරුවමින් සිටී. නමුත් චාපා බණ්ඩාර වැනි අයට කියන්න තියෙන්නේ අපි ත්‍රස්තවාදය ට විරුද්ධ වෙමු. නමුත් මූලධර්මවාදීන් ගේ ත්‍රස්තවාදය ට පමණක් නොව රාජ්‍යය ත්‍රස්තවාදය ත් ඇතුළුව කියා ය.

අවසාන වශයෙන් කිව යුතු කාරණය නම් මේ කාරණය ලංකාව ට ද එලෙසින් ම අදාල බව ය. ප්‍රමාණයෙන් කුඩා එතරම් බලයක් නොමැති LTTE සංවිධානය බලවත් වුණේ 1983 ජූලි කලබලයෙන් පසුව ය. එහිදී පැවතුණු රාජ්‍යය දෙමළ අහිංසක සිවිල් ජනයා කෙරෙහි සිදු කරන අද අමානුෂික ප්‍රචණ්ඩ ක්‍රියා වලට අනුබල දෙමින් ක්‍රියා කරන ලද අතර සාමන්‍යය සිංහල ජනයා ද මෙය ට ක්‍රියාකාරීව එකතු වී දෙමළ ජනයා අමානුෂීය ලෙස පීඩනය ට ලක් කරන ලදී . සිංහලයා කරන ලද ත්‍රස්තවාදී ක්‍රියාවන් පිළිනොගනිමින්, ඒවා ගැන අඩුම තරමේ දෙමල ජනයා ගෙන් සමාව වත් ඉල්ලීමට සූදානම් නොමැතිව, දෙමළ ජනයා ගේ ත්‍රස්තවාදය කතා කරන්න ට කාටවත් අයිතියක් නැත. එසේ කරන සියලු දෙනා මම හඳුන්වන්නේ අමානුෂික අමන තක්කඩි ලෙස බව අවසානයේ සඳහන් කළ යුතු ය.

14
අප්‍රේල්
17

චින්තන ධර්මදාස නම් බූරුවාගේ කඩල ඇටේ

චින්තන ධර්මදාස නම් බූරුවාගේ ගොංපාට් ගැන

චින්තන ධර්මදාස වැනි පුද්ගලයින් සිනමා දේශකයින් , බුද්ධිමතුන් බවට පත් වන්නේ මාධ්‍ය වේශ නිරූපන විපරිත සංඥා මඟිනි.මේ සඳහා හොඳම උදාහරණය දොරමඩලාවයි. දොරමඩලාව යනු ඉන්දියාවේ ගංගා නදිය වැනිම එකකි. ගංගා නදියෙන් දිය නෑ විට ආත්මය පිරිසිදු වන බවට ඉන්දියානුවන් දැඩිව විශ්වාස කරයි. ලංකාවේ මිනිසුන් I T N නාලිකාවේ දොරමඩලාවට ගෙන්වන ඕනෑම පුද්ගලයෙක් බුද්ධිමතෙකු බවට විශ්වාස කරන්නේද එලෙසිනි. අද වන විට බුද්ධිමතුන් නිර්වචනය වන්නේ චින්තන ධර්මදාස වැනි විපරිතයින් ආශ්‍රයෙනි. රැවුල, කනේ කරාඹුව, සරම,ගංජා සුරුට්ටුව යනු මේ බුද්ධිමතාගේ හැඩයයි.

අනේ පල ගොං පකය

ගොං ගංජා බුඩ්ඩිමතා

මේ ගෑනිගේ කට ගඳ බව කියන්නේ චාපා

චින්තන ධර්මදාස ෆෝ සම් ගහපු සොඳුරු මොහොතක්

එදා වේල අමාරුවෙන් සොයාගෙන ජීවත් වූ අනාගත සුරක්ශිත භාවයක් නොතිබුන පිරිමියෙක්ට වත් පොහොසත් ගැහැනියක් මුන ගැසුනු විට ඔහුගේ ආශාව තෘප්තිමත් වී ඔහුට ද්‍රව්‍යමය නිදහසක් ලැබේ.ඒ ලැබූ නිදහස ඔහු හසුරවන්නේ තමන්ගේ විපරිතකම් අනෙකාට බෝ කරමිනි.ඒ සරලවම ධර්මදාසගේ කතාවයි. දෘශ්ටිවාදීව කියවීමේදී පිලිතුර සැකසෙන්නේ මෙවැනි පිරිමින් ගැහැනුන් රවට්ටාගෙන ඇත කියා වුවද සත්‍ය වන්නේ මෙවැනි විපරිත පිරිමින්ගේ තුවාල වූ ආත්ම තුලට ඇතුලු වීමට පෙරම ඒ ගැහැනුන් රැවටී ඇති බවය.

චින්තනගේ බිරිඳගේ මනසේ සිටින බුද්ධිමතා නිර්මානය වන්නේ මාධ්‍ය සංඥා මඟිනි . සිනමාව සහ කලාව ගැන කතා කරන, නිදහස ගැන විවිධ නිර්වචන දෙන,සමාජීය ගැටලු වලදී ෆේස් බුක් අරගල කරන,කොන්ඩය රැවුල අපිලිවෙලට නඩත්තු කරන,ශරීරය සිදුරු කර කරාඹු දමන,ගංජා සුරුට්ටුව පත්තු කරගෙන ඕශෝ ගැන කතා කරන මේ විපරිත පිරිමි ශරීරය රැඩිකල් බුද්ධිමතෙක් ලෙස මාධ්‍ය විසින් සමාජයට මුදා හරී….මේ නව අදහස චින්තනගේ බිරිඳගේ මනසේ තැන්පත් වෙයි.බුද්ධිමතෙක් කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්ට. ඇය සිතයි.

මධ්‍යම පාංතික ගැහැනියක් විසින් ධර්මදාසගේ හිස් ආත්මය බුද්ධිමතෙකු ලෙස හඳුනා ගැනීම නිසා විපරිත බුද්ධිමතාට ද්‍රව්‍යමය නිදහස හිමි වේ.ඒ නිදහස  ලැබුනු ආකාරය නිසා එකී නිදහස වැරදිකාරී , එසේත් නැත්නම් සාපරාධි නිදහසකි. එසේම තම බුද්ධිමත් කම නිරූපනය කිරීමට ධර්මදාසට නිරන්තරයෙන් සිනමා කෘති ගැන කතා කිරීමට සිදු වෙයි.කලින් කලට කතා බහට ලක් වන සමාජ ගැටලු වලට අදාළව තම ෆේස් බුක් ප්‍රොෆයිල් පින්තූරය මාරු කිරීමට සිදුවෙයි.මේ හැසිරීම මත ඔහුගේ ද්‍රව්‍යම නිදහස රැදී තිබෙයි. ව්‍යාජ රැඩිකල් සිවිල් බුද්ධිමතාගේ චරිතයෙන් නිදහස් වීමට හෙට දිනයේ ධර්මදාස තීරනය කලහොත් ප්‍රථමයෙන් ඔහුට අහිමි වන්නේ ඔහුගේ බිරිඳයි.එනිසා මොහුට වරද්දා හෝ කාල් මාක්ස් ගැන ලියා ෆේස් බුක් එකේ කුනුහරුපෙන් බැනුම් ඇසීමද එක්තරා සැපකි.

අද බොරුකීම රැඩිකල් සහ සදාචාරසම්පන්නය. සමාජ ආකර්ශනය ඇත්තේ එතනය. ඇඩ්වටයිසින් ආයතනවලට , ටීවී චැනල් වලට වැඩි වැඩියෙන් අවශ්‍ය කරන්නේ විපරි පිස්සු මංඤඤං  ආත්මයි. සමාජය ඉල්ලන්නේ ස්වාභාවික මරණ නොව සමූල ඝාතනයි. මෙවැනි විකාර සහගත සමාජයක කොටස්කරුවන් වන චින්තනලා වැනි ව්‍යාජ සිවිල් බුද්ධිමතුන් විසින් මාකට් කරන්නේ නපුරයි.නිදහස් චතුරශ්‍රයේ පෙම් කෙළින්නට නිදහස ඉල්ලීම,ගංජා වලට රාජ්‍ය අනුමැතිය ඉල්ලීම, අනියම්[?] සබඳතා , නිදහස් ආදර ලෙස ප්‍රමෝට් කිරීම වැනි දේවල් කිරීමෙන් මොවුන් කරන්නේ පොදු අවකාශය පුද්ගලීකරණය කිරීමයි. එසේම මොවුන් බෝ කරන තවත් විපරිතයක් වන්නේ පවුල නිදහස් තැනක් නොවේ.සමාජය යනු නිදහස් තැනක් යන්නයි.නිදන කාමර මහ පාරට එන්නේ එතැනිනි. පවුල උදාසීන තැනක් වීම නිසා පවුල් කෑමට නම් කානිවල් එකක් අනිවාර්‍ය වේ. විවාහ ඇනවසරි එකට චින්තන තම බිරිඳගේ දෙතොල් සිප ගන්නා පින්තූරයක් ෆේස් බුක් පිටුවේ දමා බලාපොරොත්තු වූයේද කලින් කී ආකාරයේ කානිවල් එකකි.

රැඩිකල් වාම වාදීන් විසින් ඇකඩමිකව සුජාතකරණය කරන මෙවැනි විපරිත බුද්ධිමතුන් කිසිවක්ම නොදන්නා තමන්ගේ ආත්මය පෝශණය කර ගැනීමට පමනක් සිතන තක්කඩියන්‍ ය. හිරු ටීවී රංගනලා , නදීශා හේමමාලිලාව මැදිරියට ගෙන්වා නැළවෙන්නේ නදීශලා ගැන නොදැන නොවේ.එසේම මාධ්‍ය සහ සමහර ඊනියා තක්කඩි වාම බුද්ධිමතුන් චින්තන ධර්මදාසලා වැනි විපරිතයින් සමඟ සීරියස් කතිකාවන් කරන්නේ ඔවුන් ගැන නොදැන නොවේ.මේ මොහොතේ විපරිතය සදාචාරසම්පන්න වී ඇති නිසාය. මාධ්‍යය විසින් ප්‍රමෝට් කරන විපරිත සදාචාරය කොතරම් දුරට ලංකාවේ මිනිසුන්ගේ ඇට මිඳුලු දක්වා කිඳා බැස ඇතිද යන්නට ඕනෑ තරම් ජීවමාන උදාහරණ ඇත.

මම කවියෙක්, දේශකයෙක්,දේශපාලඥයෙක්,නළුවෙක්,ස්ත්‍රීවාදිනියක් යැයි කියාගෙන මාධ්‍ය සංදර්ශන පවත්වනා බොහෝමයක් දෙනා දෙස බලන සමාජය හිතන්නේ මේ අය අපි නොදන්නා දෙයක් දන්නවා කියාය. සමාජයට නොපෙනෙන සමාජය හිතන අන්න ඒ රහසට සමාජය ආකර්ශනය වෙයි. ඔවුන්ගේ සාරයක් නැත. චින්තන ධර්මදාස ලග ඔබ නොදන්නා රහසක් නැත.ඔහු නිකම්ම නිකම් බූරු තක්කඩියෙක් පමණි. ඔහු හිතන්නේ ඔහු ලග අපිට නොපෙනෙන්නට හංඟා ගෙන ඇති ආත්මීය යමක් ඇති බවකි. එහෙව් එකක් තිබ්බා නම් මේ කියවීමෙන් ඒකත් නැත්තටම නැති වනු ඇත.

සාරයක්, ගැඹුරක් නොමැති ධර්මදාසලාගේ ආත්ම කියවා පළක් නැත.  ඔහු මේ කරමින් සිටින්නේ ආශාව ඔහුට හිමි වී ඇති  වැරදිකාරී නිදහස තුල උම්ම්න්තකව හැසිරීමයි. ඔහු වටා එකතු වී සිටින්නේද ඒ විපරිත බව තම ආශාව කරගත් පිරිසක් පමණි. චින්තන වටා සිටින චින්තන ලියන පල් හෑලි සංවාදාත්මකව පිළිගන්නා මේ පිරිස නොදැනුවත්ම චින්තනගේ ව්‍යූහය යටතේ පාලනය වෙයි.ඒ ව්‍යූහය නිර්මානය කර ඇත්තේද චින්තන වටා සිටින පිරිස විසිනි.

 




අනවශ්‍ය දේවල්

  • 155,737 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2017
බ්‍ර සි සෙ
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය