Archive for the 'රංජිත් විජයවර්ධන බාර්' Category

17
පෙබ.
20

තිරිසණී ගුණසේකර, අජිත් පැරකුම් ජයසිංහ ගොංපාට් මාක්ස්වාදය හා මානව හිමිකං සුරැකීමේ මන්තර

මේ වික්ටර් අයිවන් දැන් ගාන්ධිවාදියි ලු.   අනික ඌ පුක දිල පත්කරපු චන්ද්‍රිකා වේසි අපේ ජීවිතවලින් අවුරුදු 12ක් කෑවා. මූ දැන් කියනවා “මා බලාපොරොත්තු වූ ගැඹුරු වෙනස චන්ද්‍රකාගෙන් වුනේ නෑලු”. මුගේ ටෙස්ට් එකට  අපේ ජීවිතවලින් අවුරුදු 12ක්  වන්දි ගෙව්වා. ඒ වේසි බලයට ගෙන ආපු එක වරදක් කියල මූට නිකංවත් හිතෙන්නේ නෑ. ඒ කාලෙ හිටපු ඕන බල්ලෙක් දන්නවා චන්ද්‍රිකා කියන්නේ වේසියෙක් කියල. 71 දී මේ බැල්ලිගේ අම්මා තමයි මේ වික්ටර් අයිවන් තිරිසනාවත් හිරේ දාල 30000 මැරුවෙ. මූ මේ අපි බිල්ලට දාල පරීක්ෂණ කරනවා. වික්ටර් අයිවන් තමයි 50-60 දශකවල ඉපදිච්ච හොඳම තිරිසනා. මූ ‍වගේ බල්ලන් ගෙන් අළුත් සමාජයේ මිනිස්සු ආරක්ෂා වෙන්න ඕන. වික්ටර් අයිවන් තිරිසනා කුනුවෙලා මැරුණම තමයි මේ රටට යහපතක් වෙන්නේ.

මුන් ඇත්තටම වෛර කරන්නේ මුන්ගේ තාත්තලට. නැත්තං අම්මට හරි පවුලට හරි. හේතුව මුන් ලව් කලේ ලියුං කරදහි ලියල. 60 දශකයේ කබ්බන්ට ලව් හිතෙන්නේ සතියකට කලින්. ඒක දයාවතී සිරියා හරි ප්‍රේමවතීට ලැබෙන්නේ සතියකට විතර පස්සේ ඉතිං ඒකාලේ පෙම්වතියෝ හැමතිස්සේම සතිගනන් පරණ ලව් තමයි කලේ. මේ ලියුං ගැන දැං හරි රසයි කියල කතා කිව්වට ජෝතිපාලලාගේ මොහිදින් බෙග්ලගේ ජමුනා රානිලගේ ජික්කිගේ සිංදු කෑලි තමයි ගෑනුන්ට රසවිඳින්න ලියල තිබුනේ.

60 දශකයේ කබ්බන් විනෝද වුනේ නැත. පන්සල්වල මල්වට්ටි වෙන්දේසි, ආච්චි අම්මලා එක්ක අටමස්ථානය වඳින්න යන එක, සිල්ගන්න ගෑනුන්ගේ පුක දිහා බලාගෙන බාවනා කිරීම, ඇලවල් අයිනේ හරි නාන ලිංගාව හරි ගෑනු නානකොට අතේ ගැහීම, තොවිල් බලන්න යාම, හිංගල අවුරුද්දට කතුරු ඔන්චිල්ලා බැඳීම, ඔන්චිල්ලා පදින ගෑනුන්ගේ මයිල් පිරිච්ච කකුල් දිහා බැලීම, හවසට යාලුවාගේ නංගි එක්ක පංචිදැමීම, නෑනාට ගල්කැපීම වගේ දේවල් තමයි විනෝදෙට කලේ. යකෝ නෑනල කසාද බඳිනවද සීලාචාර මිනිස්සු ? උන්ට විනෝද වීම කියන එක ජීවිත කාලයේම ඇරියස් එකකි. කිසිදිනෙක තමන්ට ගෞරවයෙන් සලකන ලෝකයක් මුන් දැකල තියා හිතන්නේ වත් නැත.

60-70 දශකයේ කබ්බන් කෑවේ අල බතල මුංඇට. මුන් තමයි බජිරි හාල් කාල ගිරිහෙනිය හැදිච්ච නාටු මිනිස්සු. 60-70  දශකයේ කාලේ මිනිස්සුන්ට  චන්ද්‍රිකා බැල්ලිගේ අම්මා කන්න දුන්නේ නැත. ඇන් ඇම් බූරුවයි සිරිමා ගෑනියි වම වම කිය කියා හාල් පොලු දාල කන බොන එක නැවැත්තුව හින්දා ඊට පස්සේ ඉපදුන පරම්පරා මොංගල් වෙලා ඉපදුනා. වැඩි ප්‍රමාණයක් මංගල වා‍ගේ රියල් පොන්නයෝ  60-70 දශකයේ උන්ය.  බඩගින්නේ ඉඳල ගිරිහෙනිය හැදිච්ච නිසා අහවල් එක කෙළින් වෙන්නේ නැත. ඒක නිසාම ගෑනු මුන් දමා යන්නේය. ඒක නිසා පවුල් අවුල්ය. පවුල් ප්‍රශ්න නිසා රට හොඳ නැති වෙන්නේය. නැත්තම් ඉගෙන ගන්න බැරි වෙන්නේය. එනිසා මාධ්‍ය වේදියෙක් වෙන්නේය. පසුව රට හැර ගිහිල්ලා ස්වයං පිටුවහල ගැන කතා ලියන්නේය. සුනන්ද වගේ තිරිසනුන්ගේ ආත්මයම මේ කාලකන්නි දශකයට උදාහරණයකි.

ප්‍රජාතන්ත්‍රවාදයට වඩා මියන්මාරය බෞද්ධ රටක් වශයෙන් තබාගැනීම හොඳ බව කීවේ එරටේ හාමුදුරුනමකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාමය, ආගමික සහජීවනය, දේශපාලනික සහ සමාජ ආර්ථික චූන් ගොඩනැගීම, මාක්ස්වාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යනු 60 දශකයේ උපන් නාකි හම්පඩ වම්මුන්ගේ මන්තර කීපයකි. මේ ගොංපාට් මාක්ස් ලෙනින් ගේ ගොබ්බ කතා මාර තියරි වූවේ 60-70 දශකයේය. සියළුම බටහිර රටවල් තම තමන්ගේ රජවරු රැක ගැනීමට ලෝකය පුරා කියමින් යන මන්තරය ප්‍රජාතන්තරවාදය නම් මල මගුලයි.  අදවනවිට ඒක මානව හිමිකං සුරැකීමේ මන්තරයයි.

මේ ගොං තියරි වලට යට වන්නේ අපේ රටවල් වල ඉන්න බූරු මාක්ස්වාදියෝය. නැතිනම් කාර්එකෙන් බහින්න බැරි සුනිලා අබේසේකර වැනි වේස බැල්ලියෝය. සුනිලා අබේසේකර වැනි බැල්ලියන්ට ආදර කවි ලියන තොපි මොන බල්ලොද. බුරි පෙන්නන කලවා පේන්න ඇඳුම් ඇඳීම ස්ත්‍රීවාදය ලෙස සිතනා තිරිසණී ගුණසේකර වැනි ජාත්‍යන්තර වේසියෝ මේ මහා මානව හිමිකං සුරැකීමේ මන්තරය කියන නාකි ආච්චිලා දැන් හරියට වැඩය. මුන් විදේශ රටවල එක එකාගේ හොර අඹුවෝය.

තිරිසණී ගුණසේකර වැනි ලංකාවේ තකතීරු මාධ්‍ය බැල්ලියන්ගේ කතා හරිම ලස්සනය කියන්නේ ජයම්පති බුලත්හපයා වැනි ගන්ධබ්බ අපතයෝය. වැඩිපුරම මෙවැනි බහුජාතික වෙසඟනුන් අවවාද කරන්නේ මේ රජයටය. මේ ගෑනිටයි මිනිහාටයි ප්‍රශ්නය මහින්ද රාජපක්ශ පමනි. මේ ගෑනිට ප්‍රේමදාස යනු කලකින් හමුවෙන හොඳම මිනිහා විය. මාධ්‍ය කාරයෝ ගැන පත්තර ගැන රූපවාහිනී චැනල් රේඩියෝ චැනල් ගැන මතක්වන විටත් අප්පිරියාවක් ඇති වන්නේ මේවැනි තිරිසනීලාගේ මාධ්‍ය භාවිතාවන් නිසාය. ලංකාවේ දේශපාලකයින්ටත් වඩා තිරිසනුන් වන්නේ මාධ්‍ය කාලකන්නින්ය. මේ කැත තුප්පහි මාධ්‍ය කාරයෝ වැඩි දෙනෙකු දැන් ඉන්නේ පිට රටවලය.

60 දශකයේ කබ්බන්ට ගමන් යන්න තිබුනේ සීටීබී ටකරං බස් පමනි. කොළඹ මහලොකු බයියොත් ගියේ තඩි ෆෝඩ් කාර්වලයි ඇම්බැසැඩර් වලයි චවලට් වලයි තමයි. නුවර යනවනං යන්න දවසයි ඉන්න දවසයි එන්න දවසයි දවස් 3කි. අනුරාජපුරේ හරි කතරගං හරි මංගච්චද්දි දවස් 5ක් 6ක් අහක්කම වෙලා යන්නේය. ලංකාව පුරාම තානායම් සහ සර්කිට් බංගලා හදන්න හේතුව යන්න එන්න හරිහමං පාරවල් නැතිකමය. මුං කියන්නේ නං අපි හරි පොරවල් කියල. මුන් එක දවසක් හරි බූමිතෙල් පංදම් පත්තුකරගෙන ඉඳල තියෙන කබ්බෝ. මේවා බොරුනං අජිත් පැරකුම් ජයසිංහගේ ගුරුවරයා වෙච්ච අනුරයාගෙන් අහල පලාන්ට.

දැන් නිකං මුන් මුන්ගේ ප්‍රජාතන්තරේ පුකේ බැඳන් ආව වගේ කතාව. මුන්ට සල්ලි හම්බකරගන්න අපි ඇබ්බැහි වෙයල්ලකො මුන්ගේ අම්මගේ රෙද්දට.

1956 සි‍ට 1977දක්වා 1977 සි‍ට 1994 දක්වා 1995 සි‍ට 2004 දක්වා 2004න් පසු

 

අධ්‍යාපනය පාසැල්, වි.විද්‍යාල, පංසල් පාසැල්, ටියුශන් වි.විද්‍යාල, ටෙක්නිකල් කොලේජ් පාසැල්, ටියුශන් වි.විද්‍යාල, ජාත්‍යන්තර පාසැල්, ටෙක්නිකල් කොලේජ්,  පු.වි.විද්‍යාල, අන්තර්ජාලය, පාසැල්, ටියුශන් වි.විද්‍යාල, ජාත්‍යන්තර පාසැල්, ටෙක්නිකල් කොලේජ්,  ජාත්‍යන්තර වි.විද්‍යාල, විදේශගතවීම
ආලෝකය

 

පොල්තෙල් බූමිතෙල් පහන්, පන්දම්, 2% ජල විදුලිය බූමිතෙල් පහන්, ටෝච්, 10% ජල විදුලිය, බැටරි 0.1% බූමිතෙල් පහන්, 90% ජල විදුලිය, සුර්‍ය බලය, 95% විදුලිය, සුර්‍ය බලය, සුලං බලය, තෙල්.
 

ගමනාගමනය

 

කරත්ත, ලොරි, ලංගම බස්, දුම්රිය, පාපැදි ලොරි, ලංගම බස්, දුම්රිය, වෑන්, පු. බස්, යතුරු පැදි, කාර් ලොරි,ට්‍රක්, බස්, වෑන්, කාර්, 3වීල් බස්, වෑන්, කාර්, 3වීල්, ජීප්, ලැම්බෝගිනි.
ජන මාධ්‍ය පත්තර පත්තර, රේඩියෝ පත්තර, රේඩියෝ, ටීවී අන්තර්ජාල‍ය, ටීවී. ෆෝන්,
විනෝදය ලැබූවේ පංසල්, පල්ලි, වන්දනා ගමන් විනෝද චාරිකා වන්දනා ගමන්, සංගීත සංදර්ශන, ටීවී, ආපනශාලා, අන්තර්ජාලය, හෝටල්, සිංගප්පූරු, යුරෝපය.
කලාව ටීටර්, නාට්ටි නාට්‍ය, චිත්‍රපටි, සිංදු ඇහීම සෝංග්ස්, ෆිල්ම්ස්, සෙක්ස්, යූ ටියුබ්, ෆේස් බුක්.
රැකියා ආන්ඩුවේ රස්සා පුද්ගලික හා රජයේ රැකියා පුද්ගලික අංශයේ හා රජයේ රැකියා

විදේශ රැකියා

පුද්ගලික අංශයේ රැකියා හා ප්‍රයිවට් බිස්නස්, විදේශ රැකියා, අයි ටී බිස්නස්
ඇඳුම් අඹුඩය, සරම, බැනියම, පරණ කෝට්, බඩ, රැවුල, තෙල් බේරෙන කඳ, ගඳ, කලිසම, බැනියම, ‍කෝට්

ගඳ, සැප ඇඟ,

ජීන්ස්, ටී, ලෝන්ග්ස්, ඩෙනිම, වීස්, ටීස්, ශූස්, බීස්, ලස්සන මූණ. ජිම් බොඩි, ටැටූ හෑන්ඩ්,

ස්ලිම් ශේප්, ස්මාට් ලූක්, ස්වීට් ලුක්. බියුටි.

බහිස්‍රාවය කක්කුස්සිය, කැලේ වැසිකිළිය ටොයිලට් වොෂ් රූම්
දේශපාලනය ජාතිවාදය සමග වම, බබා මාක්ස්වාදය

වෙළඳ ධනවාදය

මරුවා මාක්ස්වාදය

කුණු ධනවාදය

එන්ජීඕ ලිබරල්

පුද්ගලික ධනවාදය

එක එකාගේ ප්‍රොජාතන්තරේ, මානව හිමිකම් පුක

 

එන්ජීඕ කලේ ගම්වල ආර්ථිකය නගා සිටුවීමට ඇමරිකන් සුලු අවි වෙළඳාම‍ට තොරතුරු දෙන්න සුලු අවි, බෙහෙත්, හා රසායන ද්‍රව්‍ය විකිනීමට. චීනයට විරුද්ධව ඉන්දීය හා බටහිර වෙළදාම දියුණු කිරීමට
පිටරටවලින් ගෙනාවේ රුසියන්, චීන, මාක්ස්වාදය ජපන් ප්‍රජාතන්තරවාදය

ඇමරිකන් පිටි.

යුරෝපයේ ප්‍රජාතන්තරවාදය

එන්ජීඕ මානව හිමිකම්

චීන ධනවාදය

දෙමල ඩයස්පෝරා මානව හිමිකම්

ආනයන කෑම හා යකඩ, කඩදාසි සිමෙන්ති, අධ්‍යාපනය

රෙදි, යන්ත්‍ර, තාක්ෂනය, හැම රෙද්දම

කුඩු, අරක්කු සුරුට්ටු, බල්ලන්, කොන්ඩම්, තුවක්කු හා උන්ඩ, සුළු පරිමාණ මුදල්. තාර, එතනෝල්, තෙල්,

වාහන, චීන කොරියන් ගෑනු, මුදල්

අපනයන තේ රබර් පොල් මිනිරන්

 

තේ රබර් පොල් මිනිරන්, නිමි ඇඳුම්

 

තේ, රබර්, ගෑණු, මිනිස්සු තේ, වැඩකාර ගෑණු,
14
ජන.
20

ජයලත් මනෝරත්න නි-ර්ව-ස්ත්‍රං පරමං සුඛං මකබෑවෙලා

පර ‌වේසිගේ පුතා මකබෑවෙලා…..‌තොගේ නාට්ටිය අරං ගහ ගනිං පුකේ

පසුගිය යහපාලන රජය යටතේ ‘සිං-හල සංස්කෘතියට සමාජයේ ඇති පිලිගැනීම’ අභියෝගයට ලක් කරමින් කලාත්මක වැඩසටහන් පෙලක් නිර්මාණය විය. මේවා විකාශනය කෙරුනේ ස්වාධීන රූපවාහිනී සේවය සහ ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු හොඳම වේලාවන් (Prime Time) පාවිච්චි කරමිනි.

මෙම නාට්ය වල මුල සිට අග දක්වාම සිදුවන්නේ බුදු දහමේ මූලික හරයන් උපහාසයට ලක් කර සිනාසීමයි. ‘සිංහල බෞද්ධ සංස්කෘතියට’ සමාජයේ ඇති ගෞරවය නැති කර, ඒවාත් උපහාසයට ලක් කල යුතු සාමාන්ය දේවල් බව ජනතාවට ඒත්තු ගැන්වීම මේවායේ අරමුණ ලෙස දැකිවිණි.

‘නි-ර්ව-ස්ත්රං පරමං සුඛං..’, ‘ත-රුවන් සරණයි..’, ‘නි-හෝන් සැප ලබේවා..’ වැනි නම් වලින් මෙහි ගුවන් විදුලි වැඩසටහන් පෙල හැඳින්විය. ජයලත් මනෝරත්න මහතා එම ගුවන් විදුලි නාට්යයේ ප්රධාන නළුවෙකි.

ජයලත් මනෝරත්න මහතා පාසල් වල සහ විශ්වවිද්යාල වල නාට්ය හා රංගකලාව පිළිබඳව දේශකයෙක් ලෙස කටයුතු කරයි. ඔහුගේ සෑම දේශනයකදීම ‘බයිට් එක’ බවට පත්වන්නේ ජාතක කතාවක් හෝ බෞද්ධ සාහිත්යයේ එන කතාවකි. (මෙය බොහෝ කලාකරුවන් සිදුකරයි. මහ බෝසතාණන් වහන්සේට නින්දා අපහාස කර පවිටු දේවදත්ත වීරයා කරන දේශකයෝ විශ්වවිද්යාලය තුල ඕනා තරම් ඇත.)

ශ්රී ලාංකේය වේදිකා නාට්ය කලාවේද අපහාසයට, උපහාසයට සහ විහිළුවට ලක්වන්නේ බුදු දහමයි. එම සංස්කෘතියටද මෙතුමා විශාල දායකත්වයක් සපයා ඇත.

එතුමා උග්ර වාමාංශික අදහස් වලින් යුක්තෙකි. ඔහු විශ්වාස කරන දර්ශනයට අනුව බෞද්ධයාට නින්දා අපහාස කිරීම ඉතාම සාමාන්ය ‘වෘත්තීය’ සිද්ධාන්තයක් වන්නට ඇත. ඒ ගැන අපේ අමනාපයක්ද නැත.

මේ සියල්ලම කීවේ අගය කල යුතු කාරණයක් දුටු නිසාවෙනි. ඔහු සමඟ එකට මධුවිත පානය කල වාමාංශික මිතුරන් ඔහුගේ ලෙඩ ඇඳ ළඟට ආවේ නැත. නමුත් ඔහු උපහාසයට ලක් කල අපේ ස්වාමීන් වහන්සේලා ‘පන්සලෙන් සුප් සාදාගෙන විත්’ ඔහුට පොවමින් සෙත් පැතුවේය.

සෑම අතින්ම නින්දා ලබන අපේ සිංහල බෞද්ධයා ඔහුගේ මරණය දැක කම්පාවට පත්විය. ඔවුහු ඔහුට හදවතින්ම ‘නිවන් සුව’ ප්රාර්ථනා කලේය!

ප්රියාදර කලාකරුවණි, මේ ඔබ වෛර කරන සිංහල බෞද්ධ සංස්කෘතියේ සුන්දරත්වයි! මේ පින්වන්ත පිරිසට ගරහන එක නතර කරන්න. නැත්නම් ඔබත් ලෙඩ ඇඳේදී පසුතැවිලි වනු ඇත. 💛

_copied

යුක්තියට හඩක් Australia
12
ජන.
20

56 හැවිරිදි සද්ද විද්ද රාජපක්ෂ පලඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සු

රැල්ලට යටින්….

සද්ද විද්ද රාජපක්ෂ පලඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සු නොහොත් රන්ජන් රාමනායක 56 හැවිරිදි වියේය.. හේ දේශපාලකයෙකි. පෙර වෘත්තිය නලුවකු වූ ලාංකීය සිනමාවේ අවසාන සුපර් ස්ටාර් වූයේ රංජන් රාමනායක. ඔහු උසස්පෙල විභාගයට පෙනී සිටින්නේ… වයස පනස් හයේදීය… ඔහුගේ එම උත්සාහයට අප අනිවාර්යයෙන්ම ගරු කල යුත්තේ වත්මන් පාර්ලිමේන්තුවේ සාමන්‍ය පෙල අසමත් අසූනව දෙනෙකු සිටිනා නිසාය. පොදුවේ ගත්කල රන්ජන් රාමනායක යනු ජනප්‍රියත්වය රූපය සහ ප්‍රතිරූපය හේතුවෙන් පාර්ලීමේන්තු වරම් ලද… උපේක්ෂා ස්වර්ණමාලීනී, මාලනී ෆොන්සේකා රවීන්ද්‍ර රණ්දෙනිය වර්ගයේම එක් දිගුවකි. ඔවුන්ට කිසිදු ආකාරයක පරිචයක්, සුදුසුකමක් නැත.

නමුත් දේශපාලකයන් සතු බලපෑම් කිරීමේ බලය කෙසේද යත් රංජන් සමඟ බැගෑපත් වන්නේ පද්මිණී රණවක වැනි රටේ උත්තරීතරම ආයතනයේහි මුල් පුටු වල අසුන්ගන්නා මිනිසුන්ය. පද්මිණී රණවක යනු චරිත් මොරායස්, ශිරාන් ගුණතිලකලා සමඟ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ වාඩී වූ අනෙක් විනිසුරු වරියය.

මේ කරුනු එලියට එන්නෙ… උසාවිය තුල කිඹුහුමක් ගිය විට, දුරකතනය නාද වූ විට, කමිසයේ බොත්තමක් ඇරී ඇති විටක… කොටින්ම ඩෙනිම් කලිසමක් හැඳි තරුණියකු සාක්කි දීමට නැඟී සිටි විටක, උසාවියට අපහාස කලේයැයි පරල වූ එලියට ඇඳ දැමුණු අධිකරණ පද්ධතියක් පවතින රටකය.

තෝල්ක මුදලිගේ සිට, නීතියේ දෙවඟන වාහනයේ ඉදිරිපස අලවාගත් ප්‍රොක්ටර් මහත්වරුන් විනිසුරුවරුන් සමස්ථ සමාජයකටම සිය ගෙම්බර් එක පෙන්වද්දි, සර් කියද්දි, නඩුකාර හාමුදුරුවෝ යනුවෙන් බැගෑපත් වද්දී ඒ නඩුකාර හාමුදුරු වරුන්ම සිය පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් දෙකට නැවෙන්නේ කා ලඟදැයි යන්න ඔබට අපට වැටහෙන්නෙ… අපට නඩුවක් වැටී එහි තීන්දු තීරණ සාධාරණ ලෙස සාක්ෂි මත නොව ඊට කලින් දිනයේ වූ දුරකථන සංවාදයක් මත පදනම් වූ විටදීය….

ගොරකා දඩමස් කිරීමට සමත් පොලිසියක් ඇති රටක සී අයි ඩී එක කෙරෙහි මහජනයා තුල පැවතියේ අචල විශ්වාසයකි… වදින්නම් සර්..හය මාසයක් වලං හෝඳන්නට බැගෑපත් වන්නේ…. එහි නොම්මර එකේ වැඩකාරයන් වූ මිනිසුන්ය.

හඬපට අනුව එකතරා ව්‍යාපාරිකයකු තමා අතින් වූ ළමා අපාචාරයක් වහගන්නට කතා කොටඇත්තේද රංන්ජන්ට වන අතර එහි සම්බන්ධීකරණ කටයුතු කර ඇත්තේ පියුමි හංසමාලිය. ඔවුන් ගැන චරිත සහතික දීමට වුවමනා නැත. විස්කි වීදුරුවේ සිට කොකේන් හෙරොයින් අයිස් ක්‍රිස්ටල් මෙත් ගසන්නා වූ නාමාවලියක් එහිදී දිග හැරෙන අතර ,ව්‍යාපාරිකයගේ අපචාර කතාව යට ගොස් ඇත්තේ ඉතා අවාසනාවන්ත ලෙස ජීවිත තුන්සීයක් බිලිගත් පාස්කු ප්‍රහාරය නිසාය…

මහජන නියෝජිතයකු ලෙස රන්ජන්ලා කටයුතු කර ඇත්තේ අපරාධකරුවන් පෝශනය කිරීමට මෙන්ම ඔවුන් නීතියෙන් මුදවා ගැනීමටය. ගාස්තුව ස්ත්‍රී මාංශ හෝ ඊලඟ මැතිවරණයට මුදල් බරපැනය.

සාමන්‍ය මහජනයාට අයුක්තිය අසාධාරණයක් වූ විට පිහිටට ඇති අධිකරණය තුල එහි කටයුතු කරනා විනිසුරුවරුන් සහ විනිසුරුවරියන් …රංන්ජන්ලා ඉදිරිපිට දෙකට නැමී වැඳ වැටෙද්දී…. රහස් පොලිසියේ ලොක්කා වලං හෝදන්නට බැලමෙහෙවරට ලේස්ති වෙද්දී…. රන්ජන්ලාට අනේ සර්… බුදු සර්….කියද්දී…

නගරසෝබිනියන් ඊනියා ව්‍යාපාරිකයන් …”දහනවයෙ කෑල්ලක් ඉන්නවා එවන්නද …? දෙන්නෙක් ඉන්නා එවන්නද අසද්දි…. අපට ඇත්තේ හිනා වීමට හෝ ආතල් ගැනීමට නොව හොඳවයින් වැටමාර පොල්ලක් ගෙන බැක්සයිඩ් එකේ ඔබා ගැනීමටය. කරුමෙකට අප දමාගෙන ඇති කණ්නාඩි අනූව අපට පෙනෙන විදිය වෙනස් ය…

අමතක නොකලයුතු දෙයක් ඇත. රන්ජන් රාමනායක යනු මෙරට දේශපාලන වේදිකාවේ හාල් මැස්සෙකි… හාල් මැස්සා හට මෙසේ නම්… තෝරා මෝරා කෙසේ දැයි කල්පනා කල යුතුය.

අච්චරකට මෙක්චරක් නම්… මෙච්චරකට කොච්චරක් වේදැයි සිතා බැලීම වටී.

කුෂාන් ප්‍රේමසිරි
09/01/2020

24
දෙසැ.
19

වෙල්ලාල ‌දෙමලුන්ගේ ඊලාම් නිජබිමට සිංහල චන්ද…

සිංහල චන්දයෙන් දෙමළ ඊළමක් ලබාගැනීම!

උතුරේ දෙමළ ජනයා චන්දය දුන්නේ සිංහල බෞද්ධ සජිත්ට යයි කියන කටින්ම, සිංහල බෞද්ධ චන්ද වලින් පමණක් ගෝඨාභය දිනීම අශුභ කරුණක් යයි සුමන්තිරන් ප්‍රකාශ කිරීම යහපාලන දෙමළ බොරුකාරයින් වැටී සිටිනා ඔල්මාද ස්‌වභාවය, අන්දමන්දවීම එලිකරන්නේය. යහපාලන සිංහල බොරුකාරයින්ද ඉන්නේ මෙම ඩිලූෂන් මනසේ බව පේන්නේ ඔවුන්ද දැන් ඉතිපිසෝ ගාථාව මතක්‌වී, අළුතින් නැවත බුද්ද්ධාගම වැළඳගැනීමට යන නිසාය. රෝසි සේනානායකලා, මිසිස් චන්ද්‍රිකාලා, ලංකාවේ බෞද්ධ පදනම නැතිකල යුතුයයි ක්‍රියාකරද්දී, රන්ජන් රාමනායකලා, මංගල සමරවීරලා සිවුරට නිගාකරද්දී, ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේයයි කියද්දී නිහඬව සිටි, 2015 සිටම සිවුරු දඩයමේ ගිය යූ‌එන්‌පී කාරයෝ මේ වනවිට ගලේ පැහැරූ බළලුන් වී සිටී. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙන්නට යන කෲර සෝදාපාළුව දැන්තියාම ඔවුන්ගේ මනස් අවුල් කරණවාසේ පෙනේ.

ගෑණු-පිරිමි සිංහල අගමැතිලාගේ, ජනාධිපතිලාගේ ලංකා ඉතිහාසය හා භූගෝල ‌විද්‍යාව නොදන්නාකම හා ඔවුන් ලෝභ-ද්වේශ-මෝහයෙන් පිරි, බොහෝසෙයින් හිරි-ඔත්තප්ප නැති පංචස්කන්‌ධ වීමත් නිසා, ඉංග්‍රීසීන්ගේ බෙදාපාලනය කිරීමේ උපක්‍රමයේ ප්‍රතිඵලයක් වශයෙන් 1921/23 කාලයේ පොන්නම්බලම් අරුණාචලම් ආරම්භකල ටැමිලක්කම් දෙමළ රාජ්‍ය ව්‍යාපාරය නිසි ආකාරයට බෞද්ධ රාජ්‍ය පාලන සංකල්ප මඟින් දමණය කර ගැනීමේ හැකියාවක් ඔවුන්ට නොවීය. ඔවුන් ධර්‌මපාලතුමාට හිරිහැර කර රටින් එලවා ගත්තේද මේ නිසාය. උදාහරණයක් වශයෙන් 1957 දී බණ්ඩාරනායක හා 1965 දී ඩඩ්ලි විසින් දෙමළ නිජභූමියක් යයි චෙල්වනාගම් කියන ප්‍රදේශයකට ඉඩම් බලතල දීමට එකඟවීම කෙළවරවූයේ 1987 දී 13 සංශොධනය මඟින් ජේ‌ආර් යටතේ ලංකාවේ පෙඩරල් රාජ්‍යයක් බිහිවීමෙනි.

මෝඩ සිංහලයින් මෙන් නොව චෙල්වනායගම් ක්‍රියාකලේ රේල්පාරේ නොනැවතී හෙමින් දුවන කෝච්චියක් සේය. උතුරේ දෙමළ නිජබිමක් තිබේ යන ඔහුගේ මිථ්‍යාවට විරුද්ධව කට අරින්නට කිසිදු සිංහල දේශපාලකයෙක්ට ශක්තියක් නොවීය. අනිත් අතට, දැන් ටිකක්, පසුව ගොඩක් යන ඔහුගේ න්‍යාය (ලිට්ල් නව්, මෝ ලේටර්) දැන දැනම, දෙමළ මන්ත්‍රීන්ගේ චන්ද පෙරේත කමින් අන්‌ධව, සිංහල නායකයින් විසින් වරින් වර ගිලගත් ඇමක් විය. මේ පිළිඹඳ ඉතිහාස කතාව මීට පෙර ලියා ඇති අවස්ථා බොහෝය. මිසිස් චන්ද්‍රිකා 1994-2000 කාලයේදී පැකේජ් ඩීල් මඟින් රට කැබලිකර දෙමළ නිජබිම සාදාදීමට නීලන් තිරුචෙල්වම් හා ජයම්පති වික්‍රමරත්න නම් මාක්ස්වාදියා යොදවා රහස් ප්ලෑනක් සැදුවේය. 2009 මැයි 19 දාට පසුදා යුද ආඥාවක් මගින් 13 සංශොධනය අහෝසි කිරීමට ඉඩක් තිබුණේය. ඒ වෙනුවට 2013 දී දෙමළ මධ්‍යස්ථ මතධාරියෙක් යැයි සැළකූ විග්නේශ්වරන්ව කරට ගෙන ලෝකයේ නොම්මර එකේ ඉල්ලාගෙන කෑමක් විඳගත්තේය. සිංහල නායකයින් අල්ලේ නැටවීමට මේ අළුත් කොටි වල්ගයට හැකිවිය. ඕනෑම නරක දෙයක වුනත් හොඳක් තිබිය හැකියැයි කියනවා මෙන් විග්නේශ්වරන් රටට ඔප්පු කලේ බෙදුම්වාදය නමැති පිළිකාව බිලි පිදේණිදී සමනය කල නොහැකි බවය. දෙමළෙන් ජාතික ගීය ගැයීම ඊළම් කාරයින් දකින්නේ තවත් එක් ජයග්‍රහණයක් සේ මිස සංහිඳියා අත්වැලක් ලෙස නොවේ. මේ නිසා සංහිඳියාකාරයින්ගේ වැඩ නිසා යම් පමණකින් හෝ තිබෙන සංහිඳියාවත් මකබෑවී ගියේය. වැඩ බකල් කර චන්ද්‍රිකා නැවතත් ලන්ඩන් බලා පලාගියේය!

ඇමෙරිකන් තානාපතිනියවද සහභාගි කරවාගෙන, මාදුළුවාවේ සෝභිත හිමියන්ව රවටාගෙන, සිරිසේන මහතාව ඉත්තෙක් කරගෙන 2014 අග කරන ලද මහින්ද රාජපක්‍ෂ රෙජිමය පෙරලීම සිංහලයා විසින් කල ඉඟුරුදී මිරිස් ගැනීමක් විය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ අඩුපාඩු වලට දුන් දඬුවම බඩ සුද්දවෙන්නට දුන් බෙහෙතෙන් ලෙඩා මළා වැනිවිය. එහෙත් මේ වෙනස සුමන්තිරන් ඇතුළු දෙමළ ඊළම්කාරයින්ට, ප්‍රභාකරන් මඟින් යුදකර ලබාගත නොහැකිවූ ඊළම, චන්දයෙන් ලබාගැනීමේ උපාය මාර්‌ගයේ හිනිපෙත්ත විය. රට කැබලි කිරීමට රනිල්-චන්ද්‍රිකා-මංගල සමරවීර-ජයම්පති වික්‍රමරත්න-ලාල් විජේනායක හා එකතුව සුමන්තිරන් විසින් බොරු නාඩගමක් නටා අන්තිමට 2018 දී ඉදිරිපත් කලේ රට කැබලි කිරීමේ 1994-2000 චන්ද්‍රිකාගේ පරණ ප්ලෑනමය. යහපාලන හිරකාරයෙකුවූ ජනාධිපති විසින් 2018 ඔක්තෝබර් 26 දින පුපුරවන ලද යහපාලන අත්බෝම්බය නිසා මෙම කූඨ ප්ලෑන කොට උඩ ගියේය. 2019 අප්‍රියෙල් 21 පාස්කු ප්‍රහාරය මෙම කූඨ ප්ලෑනට සම්බන්‌ධද යන්න මෙතෙක් තහවුරුවී නැත. කෙසේ වෙතත් නීතියෙන් පැවැත්‌විය යුතුවූ ජනාධිපතිවරණය කල්දමන්නට හේතුවන තරමේ කලබගෑනියක් රටේ ඇති නොවීය.

සිංහලයා පරද්දන්නට සජිත්ට චන්දය දෙන්නයි සුමන්තිරන් ප්‍රසිද්ධියේ සිංහලයින්ගෙන්ම ඉල්ලා සිටියේ, මෝඩ සිංහලයින් විසින් මළායයි සිතුවත්, වැළලී පමණක් පවතින රට බෙදන ව්‍යවස්ථා ජරමරය යලි ගොඩගන්නටය. සජිත් නමැති විහාර 1200 ක් රට පුරා හදන්නට ප්‍රතිඥාදුන් සිංහල බෞද්ධයාට චන්දය දීමෙන් දෙමළ ජනයා ජාතිවාදීන් නොවන බව රටට ඔප්පුවුනා යන සුමන්තිරන්ගේ මෙම ඉල්ලීම හරියට 1861-65 ඇමෙරිකන් සිවිල් යුද්ධයේ අගභාගයේදී වහල් ක්‍රමය රැකගන්නට ඔවුන්ගේ ඒ වනවිට පැරදෙමින් පවතින යුදහමුදාවට බැඳෙන ලෙස දකුණේ වහල් හිමියන් ඔවුන්ගේ වහළුන්ට කල ඉල්ලීම වැනි විය. සුමන්තිරන්ගේ මේ කතා අනුව බලනවිට මීට පෙර දෙමළ ජනයා සරත් ෆොන්සේකාට චන්දය දුන්නේ ඔහු ප්‍රභාකරන්ව විනාශකල බව අමතක කර විය යුතුය.

සුමන්තිරන් මෙවැනි විකාර කතා කියන්නේ ඔවුන්ගේ කූඨ සැලස්ම මෙවර චන්දයෙන් ව්‍යවර්‌ථව ගිය නිසා එය රෙපයාර් කරගන්නට සිතාය. එහෙත් මේ පාර ඔවුන්ට සිදුවූයේ නයාට ගසා පොල්ල වරද්දාගත්තා වැනි කොටුවීමක්‌ය. මෙම ලිපියේ අරමුණ මේ අබ්බැද්දිය පෙන්වා දීමය. 13 සංශොධනයෙන් ලැබුණ පෙඩරල් පදනමෙන් පසු ඊළග පිම්ම පනින්නට සූදානමක් වශයෙන් ප්ලෑන් ඒ (ප්‍රභාකරන්) වලට අමතරව ප්ලෑන් බී එකක් වශයෙන් දෙමළ නායකයින් කලේ ලංකාවේ චන්ද සිතියමේ ඊළම් නිජබිම හා සෙසු ප්‍රදේශ අතර ඇති බෙදීම ඉස්මතුකර ලොවට පෙන්නීමය. 2004 ජනාධිපති චන්දයේදී සිට 2016 පලාත් පාලන චන්දය දක්‌වාම මේ බෙදුම් රේඛාව දිස්විය. මේ නිසා 2019 චන්දය සඳහා ඔවුන්ගේ උපායවූයේ දමිළ සිසුන් ලවා කිසිසේත් ලබාගත නොහැකිබව දන්නා ඉල්ලීම් 13 ක් ඉදිරිපත් කරවීමය. ඒ මඟින් වෙනදා මෙන් දෙමළ චන්ද තොගපිටින් ඔවුන්ට ලබාගෙන චන්ද සිතියම ජාත්‍යන්තරයට පෙන්‌වීමටය. එහෙත් මෙවර සිතියමින් දෙමළ-මුස්ලිම් චන්ද නැතිව සිංහලයාට ආණ්ඩුවක් හදන්න බෑ යන මිථ්‍යාව බිඳ වැටී ගොස් ඇත. සිංහලයා සමඟ මිස සිංහලයා නැතිව තවදුරටත් ගමනක් නැතිබව විචක්‍ෂණ බුද්ධිය ඇති බටහිර ඊළම් සපෝටර්ලාට අවබෝධවෙනු නිසැකය. සිංහලීකරණය යනු විග්නේශ්වරන්ලාගේ ප්‍රෝඩාවක් බව පැහැදිලි වනු ඇත.

ශිෂ්‍ය ඉල්ලීම් 13, සුමන්තිරන් මූලිකව සැදූ 2018 යහපාලන ව්‍යවස්ථා මගඩියට එහා ගිය එකකි. එහත් මේ ඉල්ලීම් හරියට රත්‌වූ පිහියකින් බටර් කපනවා මෙන් ගෝඨාභය විසින් ප්‍රතික්‍ෂේප කරාවියයි ඔවුන් නොසිතූ බව නිසැකය. ඔවුන් සිතුවේ ගෝඨාභය තවත් එක මෝඩ සිංහල අළුත් දේශපාලකයෙක්‌ය කියා විය යුතුය. නමුත් සජිත් ඔවුන්ගේ ලණුව කෑවේ වංක ලෙස තම චන්ද ප්‍රකාශණයට ඉල්ලීම් 13 හා 2018 ව්‍යවස්ථා මරාළය ඈඳාගැනීමෙනි. සිංහලයා රැවටීමත්, දෙමළා රැවටීමත් යන එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක්ම මරාගැනීම සජිත් තොත්ත බබාගේ අරමුණ විය. දැන් මෙම සුමන්තිරන්-සජිත් ප්ලෑන දෙපක්‍ෂයටම පාරා වලල්ලක් වී ඇත. සජිත්ලාට එන පාර්ලිමේන්තු චන්දයේදීත්, සුමන්තිරන්ලාට උපායක් වශයෙන් චන්ද නිජබිම් සිතියම පවිච්චි කිරීමේදීත් බලවත් අර්බුදයක් හටගෙන තිබේ.

යහපාලන සංහිඳියාවෙන් බෞතීස්ම‌ව දැන් යන එන මං නැතිව සිටිනා චම්පික රණවක නම් මේ සිතියමේ දකින්නේ අනාගත ලොකු අවුලක අඳුරු සෙවනැලිය. යම් ආකාරයක සිංහල-දෙමළ ජාතිවාදී කෝලාහලයක් චම්පිකටත්, සජිත්ටත්, සුමන්තිරන්ටත් ඇති එකම ගැලවීමය.
එහෙත් මේ සිතියම යටින් ඇති පාර්ලිමේන්තු ආසන මට්ටමේ චන්ද සංඛ්‍යා විමසා බලනවිට ඉන් එලිවන්නේ ලංකාවේ දෙමළ බෙදුම්වාදයේ මළගම ලංවී ඇතිබවය. දෙමළ බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් කෙළින්ම ප්‍රතික්‍ෂේපකල ගොඨාභයට, උතුරේ දෙමළ ජනයා ආසන මට්ටමින් දී ඇති චන්ද සංඛ්‍යාව, දෙමළ හා මුස්ලිම් චන්ද නැතිව තනිකර සිංහල චන්ද වලින් සිංහලයෙකුට ජනාධිපති වීමට පුළුවන් යන කරුණ සමඟ බලනවිට එය රටට ඉතාමත් හිතකරය.

මේ සමඟ ඇති සංඛ්‍යා සටහණේ මුල් කොලමෙන් පෙන්වන්නේ දෙමළ නිජබිම යයි කියනා චන්ද කොට්ඨාශවල ගෝඨාභයට ලැබුණු චන්ද සංඛ්‍යාවය. දෙවැන්න කොට්ඨාශයේ නරක්‌වූ (ප්‍රතික්‍ෂේපවුණ) චන්ද සංඛ්‍යාවය. තුන්වැන්න චන්දය පාවිච්චි නොකල අයගේ සංඛ්‍යාවය. ප්‍රජාතන්ත්‍රවාදය යනු පුදුමාකාරයේ බිබික්කමකි. ඇමෙරිකාවේ, ලක්‍ෂ 395 ක් සිටිනා කැලිෆෝර්නියා ජනපදයටත්, ලක්‍ෂ 7 ක් සිටිනා උතුරු ඩැකෝටාවටත් ඇත්තේ සෙනේට් සභිකයින් දෙන්නෙක් බැගින් පමණය. නඩුකාරයින් චන්දය ඉල්ලා තේරෙන්නේද ඇමෙරිකාවේය. ලංකාවේ දෙමළ පක්‍ෂයට හා මුස්ලිම් පක්‍ෂ වලට ලැබෙන මුළු ආසන සංඛ්‍යාව ඔවුන්ගේ මුළු ජන සංඛ්‍යාව හා සසඳනවිට ප්‍රජාතන්ත්‍ර විරෝධීය. මේ අනුව සිතනවිට යම් දෙමළ මන්ත්‍රී ආසනයක දිණන මන්ත්‍රීට ලැබෙන චන්ද සංඛ්‍යාව, ඉහත සඳහන් දෙවන හා තුන්වන කොලම් සමඟ සසඳන විට පෙනීයන්නේ ටී‌එන්‌ඒ‌කාරයින්ට චන්දය නොදුන් විශාල පිරිස් ඒ ඒ චන්ද කොට්ඨාශවල සිටිනා බවය. රාජාලියා හා හංසයා අතර වෙනස පවා නොතේරුණු දෙමළ ජනයා ආරියවංශ දිසානායකට, සිවාජිලිංගම්ට වඩා චන්දය දී ඇත. හිස්බුල්ලාට වූ දේත්, අනුර කුමාර අතරමංවීමත් හොඳ පාඩම්‌ය. මේ අනුව යමින් වෙනදා මෙන් නොව මෙවර සිදුවිය යුත්තේ මේ එක් එක් දෙමළ චන්ද කොට්ඨාශවල ඉන්නා ගෝඨාභයට චන්දය දුන් දහස් ගණන් දමිළ ජනයා එකතුකර ඒ චන්ද කොට්ඨාශවල දෙමළ-සිංහල මිත්‍රත්‌ව සංවිධාන පිහිටුවා සෙසු දෙමළ ජනයාට සත්‍යය කියාදී කොළඹ සිට ඔවුන් රවටන සුමන්තිරන්ලා වැන්නන්ගෙන් ඔවුන් ගලවා ගැනීමය. 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම කාලයේ සිටම සිදුවූයේ යාපනේ කුලහීනයයි සළකණ ජනයා පාගා කොන්කර දැමීමය. අත්‍යාවශ්‍ය පාරක් (කෝස්වේ) දැමීමට යාමේදී පවා ඉන් කුලහීනයින්ට උපකාරයක් වෙන නිසා වෙල්ලාලයෝ ඊට විරුද්ධවිය. මා සමඟ කැනඩාවේ ඉගෙනගත් ප්‍රභාකරන්ගේ ඥාති සහෝදරයෙක් (ඔහුගේ නමත් ප්‍රභාකරන්) මට කිව්වේ පෙඩරල් පාටි සෙන්ට්‍රල් කමිටි එක තරුණ ප්‍රභාකරන්ව කොන් කිරීම ඔහුගේ වෙල්ලාල වෛරයට මුල් හේතුවවූ බවය. කොළඹ සිට සිමෙන්ති සංස්ථාවේ නිලධාරියෙක් වශයෙන් වරින් වර කන්කසන්තුරේ කම්හලට ගිය විට එහි කම්කරුවන් මට (එසේ ගිය අනිත් සිංහලයින්ටත්) දැක්‌වූයේ ඉතාමත් සුහද ලැදි භාවයකි. සුද්දන් විසින් දෙමළ ජනයාට වැඩි සැලකිල්ලක් දැක්‌වූයේද මේ ගතිගුණය නිසාම වියයුතුය. කර්‌නල් රත්නප්‍රිය බන්‌දුට දෙමළ ජනයා දක්‌වන ආදරය හදපත්ලෙන්ම නැඟෙන්නක් මිස, බොහෝවිට සිංහලයින් පෙන්වන ආකාරයේ ව්‍යාජ බැඳීමක් නොවේ.

දෙමළ මාධ්‍යයෙන් පේරාදෙණියේ සරසවියට 1963 දී ආ සිසුවෙකුට දෙන්නෙක් වෙනුවට තනියෙන් කාමරයක ඉන්නට සිදුවූයේ ඔහු කුලහීනයයි අනිත් දෙමළ සිසුන් ඔහුව කොන් කල නිසාය. ශාලාධිපතිවූයේ දෙමළ මහාචාර්යවරයෙකි! 1957 දී බණ්ඩාරනායක මහතා මොවුන්ට සාධාරණයක් කිරීමට ප්‍රිවෙන්ෂන් ඔෆ් සෝසියල් ඩිසැබිලිටීස් නම් නීතියක් ගෙනාවේය. ඒ මැත් ප්‍රොෆෙසර් සුන්දරලිංගම් හින්දු කෝවිල් හරිජනයාගෙන් කිලිටිවීම වැලක්‌වීමට සටන් කල කාලයේය. මේ හරි ජනයා දෙමළට හරවා ගත් ආදි සිංහල ජනයා කියාද මතයක් ඇත.

දෙමළ-සිංහල මිත්‍රත්වයක් දැනටමත් බිම් මට්ටමෙන් හටගනිමින් පවතී. බොදු බල සේනාව හා ලංකා හින්දු සම්මේලනය එක් උදාහරණයකි. මෑතදී ඇතිවූ ගුරුකන්ද විහාර ආදාහන අවුලේදී හින්දු සම්මේලනය ඉදිරිපත්‌වුනේ, කෝවිලක් තිබුණත් නැතත් ආදාහනයක් නිසා එය කිලිටි වනවා යන තර්‌කය වැරදි ආගමික අදහසක් බව පෙන්‌වා දෙමිනි. රතන හාමුදුරුවන් උපවාස කලවිට මඩකලපුවේ දෙමළ මන්ත්‍රීවරයෙක්ද ඊට සහයෝගය දෙමින් උපවාස කලේය. නැඟෙනහිර පලාතේ දෙමළ ප්‍රාදේශීය ලේකම් කාර්‌යාලයක් ඉල්ලා පැවති අර්බුදය විසඳීමට ඥානසාර හිමියන්ගේ මැදිහත්‌වීම දෙමළ ජනයා අගය කලේය. නාගානන්දගේ මැදිහත්‌වීම නිසා ප්‍රසිද්ධියට පත්‌වූ අරුන් ආවා කල්ලිය පිළිඹඳ සත්‍යය එලිකලේය. දෙමළ බෙදුම්වාදය යනු යම් කොළඹ වසන දමිළ නායකයින් යයි කියාගන්නා අතලොස්සකගේ ජීවනෝපායයක්‌ය යන කරුණ උතුරේ දෙමළ තරුණයින් විසින් වටහා ගනිමින් සිටින බවට හොඳම උදාහරණය අරුන් ය. කඳුල වැඩසටහනේ බ්‍රදර් චාල්ස් බෙදුම්වාදයට විරුද්ධව යාපනේත්, ලන්ඩන්වලත් කතා කරමින් සිංහල-දෙමළ සංහිඳියාව ගොඩනඟමින් සිටී. මඩකලපුවේ අරුන් තම්බිමුත්තු කලක සිටම දෙමළ බෙදුම්වාදයට විරුද්ධව පෙනී සිටියේය.

මේ සියල්ලටම වඩා වැදගත් භූමිකාව වන්නේ හාමුදුරුවරු දෙමළ ජනයා අතරට යාමට ගත් තීරණයය. උතුරේ හරි ජනයා තබා ඉන්දියාවේ ඩලිත් ජනයා බුද්ධාගමට හැරවීමටවත් ලංකාවේ හාමුදුරුවරු මැදිහත් නොවීය. අම්බෙඩ්කාර් එය කලාට පසුවවත් අන්‍යාගමීකරණය හාමුදුරුවරුන්ට අකැපය. පෙඩරල්කාරයින් කහ සිවුරට බයවූයේ මාක්ස්වාදීන් ඊට බයවූ අන්දමටමය. මේ නිසාම හමුදුරුවරු කලේ ඔවුන් සඳහා ඉල්ලීමක් තිබූ ජර්‌මණිය, ප්‍රංශය, ඇමෙරිකාව, ජපානය යන රටවලට යාමය. රතන හා ඥානසාර හාමුදුරුවරු මෙම අළුත් සමාජ සේවා ක්‍රමයේ (දෙමළ ජනයා බුද්ධාගමට හැරවීමට නොව), දෙමළ ජනයාට අතහිත දීමේ මූලිකත්‌වය ගෙන ඇති සේ පෙනේ. ‌එක අතකින් චන්ද්‍රිකාත්, අනිත් පැත්තෙන් මනෝ ගනේෂනුත් කරගෙන ගිය සංහිඳියා නම් බොරු මුදල් නාස්තිය වෙනුවට ඒවා විසුරුවා හැර දැනටමත් මතුවෙමින් පවතින මේ සිංහල-දෙමළ බැඳීමට උපකාර කිරීමට ජනාධිපති ගෝඨාභය අවධානය යොමු කරතැයි සිතමු.

1840 ස් ගණන් වල වලානේ සිරි සිද්ධාර්‍ථ නාහිමියන් පානදුරේ සිට රත්මලානට ගොස් පරම ධම්ම චේතිය පිරිවෙන ආරම්භකලේ සටන් බිමේ පෙරමුණට (කොළඹට) යායුතුයයි කියමින්‌ය. උන්වහන්සේගේ ගෝලයෝ විද්‍යෝදය-විද්‍යාලංකාර මහ පිරිවෙන් දෙක පිහිටුවේය. දශකයකින් දෙකකින් ලංකාවෙන් බුද්ධාගම නැතිවී යනවායයි ජේම්ස් ද අල්විස් අනාවැකි පලකලේ මේ කාලයේය. අන්තිමේදී 1873 දී පානදුරා වාදයෙන් ලංකාවේ බුද්ධාගම සුරැකුණේය. සියළු සත්‌වයෝ (මිනිසුන් පමණක් නොව) නිදුක් වෙත්‌වා යයි කියන එකම ආගම බුදු දහම නොවේද? මතවාදයෙන් බෙදුම්වාදය හා ශාරියාවාදය පරාද කිරීමේ කාර්යය කිරිමේ දැණුම, දැකුම, අධිෂ්ඨානය හා වටිනා කාලය ඇත්තේ සිල්වත්, විනයධර, භික්‍ෂූන්ටය. එය ඔවුන්ට භාරදීම සිංහල දෙමළ පාසැල්වල ඉගැන්‌වීම, මුත්තයියා මුරලිතරන්‌ව උතුරේ ආණ්ඩුකාරයා ලෙස පත්කිරීම වැනිම ඥානාන්‌විත ක්‍රියාවකි.

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B,.Ph.D .( cwije77@outlook.com )

24
දෙසැ.
19

දෙමළ ඉතිහාසය අවුරුදු 250ක් පමණයි / Tamil History 250 Years only

යාපනේ දෙමළ ඉතිහාසය අවුරුදු 250යි.. උතුරේ සිංහලයන්ගේ පාරම්පරික ඉඩම් මෙන්න !

දහතුන් වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ තිබෙන බලතල ඉක්‌මවා යන ආකාරයට බලය බෙදන්නට එක්‌සත් ජාතීන්ගේ මහලේකම් වරයාට මහින්ද රාජපක්‌ෂ මහතා පොරොන්දුව සිටි බව වත්මන් ජනාධිපතිවරයා පවසයි. එසේම දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් ඔවුන්ට ලබාදීම පිණිස හමුදා කඳවුරු ඉවත් කරන බවද ඔහුගේ පාර්ලිමේන්තු ප්‍රකාශයේ විය. මහින්ද රාජපක්‌ෂ මහතා එදා එලෙස පොරොන්දු වුවද රටේ ජනතාවගේ පැත්තෙන් බලා එය ඉටු නොකළ බව සත්‍යයකි. කොටි සමඟ සිදු වූ අවසාන සටන්වලදී ජාත්‍යන්තරය හමුවේ කියන බොහෝ කතා යථාර්ථයක්‌ බවට පත් කිරීමට මහින්ද රාජපක්‌ෂ මහතාට එතරම් අවශ්‍යතාවයක්‌ තිබී නොමැත. ඊට හේතුව ඔහුට අවශ්‍ය වූයේ යුද්ධය කෙසේ හෝ නිමා කොට කොටි සන්නද්ධ අංශය සහමුලින්ම විනාශ කිරීමයි.

වත්මන් යහපාලන රජය බලයට පත්වීම සඳහා නොයෙකුත් පොරොන්දු ජාත්‍යන්තරයට සහ කොටි ඩයස්‌ පෝරාවට ලබා දී ඇත. තිස්‌ස අත්තනායක මහතා ඉදිරිපත් කළ දෙමළ ජාතික සන්ධානය සමඟ තිබූ ගිවිසුම මෙවැන්නකි. දහතුනට එහා යන බලය බෙදීමක්‌ සහිතව උතුරු නැගෙනහිර පළාත් එකතු කිරීම මෙහි සරල අරමුණයි. දැන් මේ ආණ්‌ඩුව සැරසෙන්නේ එලෙස වූ පොරොන්දු යථාර්ථයක්‌ බවට පත් කිරීමටයි. මහින්ද රාජපක්‌ෂ මහතා මෙන් නොව වත්මන් ජනාධිපතිවරයාද අගමැතිවරයාද කෙසේ හෝ එම පොරොන්දු ඉටුකිරීමට උත්සාහ දරනු දක්‌නට ලැබේ. පසුගිය කාලයේදී පිටකළ ලාල් විඡේනායක කමිටු වාර්තාව ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩල කමිටු වාර්තා ආදිය සලකා බලන කල්හී දෙමළ දේශපාලකයන්ට අවශ්‍ය ස්‌වයං පාලනය ලබා දීමට නව ව්‍යවස්‌ථාවක්‌ ඉදිරියේ එන බව පැහැදිලිය. වත්මන් ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ එම ක්‍රියාදාමයේ යථාර්ථයයි.

මෙම බලය බෙදීමට තුඩු දෙන කාරණා කීපයක්‌ තිම්පු සාකච්ඡාවෙන් ජනිත වේ. පළමු කාරණය නම් ඓතිහාසික දෙමළ වාසභූමියයි. එය පිළිගැනීමට ඉන්දු – ලංකා ගිවිසුමද ක්‍රියා කර තිබුණි. ඉන්දීය රජයෙන් දිගින් දිගටම ලංකා රජයට බලපෑම් එල්ලවන්නේ මේ ගිවිසුම දඩමීමා කරගෙනයි. දෙවැන්න නම් කාලයක්‌ තිස්‌සේ දෙමළ ඊලාම් සංවිධාන විසින් සිංහල දේශපාලඥයන් මුදල්වලින් බිලී බා ගැනීමයි. පළමු වැනි කාරණය වඩා ප්‍රබල නමුත් දෙවැන්න මත වත්මන් බලය බෙදීම නමැති ක්‍රියාවලිය සිද්ධ වන බව පෙනේ. කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයාද දෙමල නිජ භූමිය පිළිගන්නා කෙනෙක්‌ ලෙසට අපට තේරුම් ගත හැකිය. ඔහු පාරම්පරික දෙමල ජනතාවගේ ඉඩම් යනුවෙන් ව්‍යවහාර කරන්නේ එA නිසයි.

යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහු යාපනයේ දෙමල ජනතාව ලෙසට ස්‌ථාපිත කෙරෙනුයේ ඉංග්‍රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර් වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ද ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වය තුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක්‌ හිමිය. ඔවුහු වරින් වර මලබාරයෙන් සංක්‍රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයා වන විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්‍රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක්‌ සහිත කල්ලතෝනින් ලෙසට හැඳින්විය හැකිය.

1946 ජන සංගණනය අනුව යාපනයේ පහත රට සිංහලයන් 3215 ක්‌ ද උඩරට සිංහලයන් 1331 ක්‌ද ජීවත්ව ඇත. ලන්දේසි පාලන සමයේ අවසාන කාලයේදී සිදුවූ ආගමික පරිවර්තනයද සමඟ සිංහලයන් වන්නියටද මහනුවර රාජධානිය දක්‌වාද පලායැමට උත්සාහ කළහ. එයට හේතුව යාපනයේ තිබූ පාරම්පරික ගම්බිම් ලන්දේසීන් විසින් ආක්‍රමණය කොට විහාරස්‌ථාන කඩාබිඳ දමා සිංහලයන් විනාශ කිරීමයි. ලන්දේසි පාලන සමයට පෙරාතුව වත්මන් වලිකාමම් නොහොත් වැලිගම පාලන වසමේ පූනාල, බතකෝට්‌ටේ, මූලි, ආනෙයිකොට්‌ටේ, කීරමලය ඇතුළු සිංහල ගම් බිම් පණහක්‌ද වඩමාරච්චි පාලන වසමේ වැලිවැටිය, ලීලගම, තඹල, අම්බන ඇතුළු සිංහල ගම්බිම් දහසයක්‌ද තෙන්මාරච්චි පාලන වසමේ කොහිල කන්ද, වනන්දිය, මන්ඩාවිල, පල්ලාවි ඇතුළු සිංහල ගම්බිම් පහළොවක්‌ද පච්චීලපල්ලිවල මොහමලේ, ඉටාවිල, කොස්‌සම්පත්තු, තඹලගම ඇතුළු සිංහල ගම්බිම් දහහතරක්‌ ද පුවඟු දිවයින කාරදිව කැස්‌බදූව ඇතුළු අනෙකුත් දූපත්වල ගම්බිම් විස්‌සක්‌ පමණද තිබී ඇත. නෙදර්ලන්තයේ බීල්ඩ් බෑන්ක්‌ ලේඛනාගාරයේ තිබෙන වර්ෂ 1695 ට අයත් පැරණි සිතියමකට අනුව සිංහලයන්ගේ පාරම්පරික ඉඩකඩම් මොනවාදැයි හඳුනාගත හැකිය. එA අවදියේ දකුණු ඉන්දියාවත් ලංකාවත් අතර ජන සංක්‍රමණ සිදු විය. පරංගි ලන්දේසි යුද්ධ නිසා අවතැන් වූ මලබාරයන් වහලුන් ලෙසට යාපනයේ සහ වන්නියේ පදිංචි කිරීම සිදු වූයේ ලන්දේසි පාලනය ඇරඹීමෙන් පසුව විය යුතුය.

ඉංග්‍රීසි පාලන සමය අවස්‌ථාවේදී දහනවවන සියවස අවසාන භාගයේදී නැවතත් සිංහලයන් බේකරි කර්මාන්තකරුවන් ගඩොල් පෝරණුකරුවන් කම්මල්කරුවන් වශයෙන් යාපනයේ පදංචියට ගිය බව පැවසේ. කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ආරම්භ කළ පසුද එසේ පදිංචියට ගිය සිංහල පිරිස විශාලය. නල්ලුර්, ජාවාකච්ෙච්රිය, කන්කසන්තුරේ ආදී තැන්වල සිංහලයන් ගේ ගම්බිම් පැතිර පැවතුණි. නවසිය අසූව දශකයේදී නල්ලුර්වල නිවාස යොජනා ක්‍රමයක්‌ සකස්‌ කර දී සිංහලයන් නැවත පදිංචි කිරීමට සලස්‌වා ඇත. 1981 වන විට සිංහලයන් 4615 ක්‌ යාපනයේ ද ජීවත්ව සිට ඇත. යාපනය කිලිනොච්චිය මන්නාරම සහ වවුනියාව යන දිස්‌ත්‍රික්‌ක හතරේම 1981 වර්ෂය වන විට සිංහල ජනගහනය 49530 ක්‌ වූ බව පෙනේ. මේ අලුත් ජනගහන තත්ත්වය වර්ධනය වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයෙන් පසුව ඇතිවූ යම් යම් ප්‍රතිසංස්‌කරණ නිසාවෙනි. එහෙත් අසූව දශකයේ ඇතිවූ දෙමල ජාතිවාදී කලබල නිසා උතුරෙන් සිංහලයන් නැවතත් පළවා හරින ලදහ. වර්තමානය වන විට උතුරේ සමස්‌ත සිංහල ජනගහනය විසිදාහකට අඩුය. මේ සංඛ්‍යාවෙන් වැඩිම පිරිසක්‌ ජීවත් වන්නේ මුලතිව් සහ වවුනියා දිස්‌ත්‍රික්‌කයන් තුළය.

2009 දී කොටි ත්‍රස්‌වාදය පරාජය කිරීමෙන් පසු රජය විසින් පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාවේ නිර්දේශ යටතේ උතුර නැගෙහිර පළාත්වල ඉඩම් කළමනාකරණ කටයුතු විධිමත් කිරීම මැයෙන් අංක 11/0737/533/015 දරන 2011.03.07 දිනැති අමාත්‍ය මණ්‌ඩල පත්‍රිකාව මත 2013 සහ 2014 යන වර්ෂවල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මාර්ගෝපදේශයන් සහිතව චක්‍රලේඛනයක්‌ නිකුත් කර තිබුණි. මෙම කරුණු ඉඩම් කොමසාරිස්‌ ජනරාල් ආර්. පී. ආර්. රාජපක්‌ෂ මහතා 2013.01.31 දරන ලිපියෙන් උතුර සහ නැගෙනහිර පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට පිටත් කර යවා ඇත. එම චක්‍රලේඛනය අනුව ඉඩම් අහිමි පුද්ගලයන් වෙත ඉඩම් බෙදාදීම සිදු කළ යුතුව තිබුනේ මේ අකාරයටයි.

‘ගැටුම් පැවති කාලය තුළ තම ඉඩම් වලින් ඉවත් වීම හෝ පලවා හරිනු ලැබීම නිසා ප්‍රදේශයෙන් ඉවත් වූ පුද්ගලයන්ට ගැටුම් වලින් පසුව නැවත එම ඉඩම් අහිමි වී ඇති අවස්‌ථාවන් හඳුනාගෙන ඇත. රාජ්‍ය ආයතන සහ ත්‍රිවිධ හමුදාවල පරිපාලනය යටතේ සංවර්ධනය සඳහා යොදා ගෙන තිබීම හෝ වෙනත් පුද්ගලයින් ස්‌ථිර ලෙස පදිංචිව සිටීම වැනි හේතුන් නිසා එසේ පුද්ගලයින් සතු ඉඩම් අහිමි වී තිබිය හැක. එවැනි ඉඩම් නැවත ලබා ගැනීම ප්‍රායෝගිකව අපහසු අවස්‌ථාවලදී එම ප්‍රදේශවලින්ම සුදුසු ඉඩම් හඳුනාගෙන ඔවුන්ගේ කැමැත්ත මත විකල්ප ඉඩම් බෙදා දීමට ක්‍රියාකල යුතුය.’

අවසර පත්‍ර විනාශ වූ අස්‌ථානගත ඉඩම් සඳහා දුන් නිර්දේශය මෙසේය. ‘කලින් බෙදා දී බලපත්‍ර නිකුත් කර තිබූ ඉඩම්වලට අදාළව මුල් බලපත්‍ර සහ/හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඊට අදාළ ලෙජර්/ බලපත්‍ර පිටපත් ආදිය විනාශ හෝ අස්‌ථානගත වී ඇති අවස්‌ථාවල එවැනි ගැටලු විසඳීම සඳහා පළාත් ඉඩම් කොමසාරිස්‌ වෙත ඉදිරිපත් කර උපදෙස්‌ ලබා ගත යුතුය. එවැනි ලියවිලි යාවත්කාලීන කිරීම සඳහා ඉඩම් කච්ෙච්රි ක්‍රමවේදය මින් නැවත තෝරා ගැනීමක්‌ සිදු කර බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගත යුතුය.’

පසුගිය ආණ්‌ඩුවේ කැබිනට්‌ ඇමතිවරයෙකුව සිටි වත්මන් ජනාධිපතිවරයා මේ කැබිනට්‌ නිර්දේශ ගැන නොදන්නවා විය නොහැකිය. ඉන්පසු ක්‍රමානුකූලව 2014 වර්ෂය වන තෙක්‌ම අවතැන් වූ දෙමළ සහ මුස්‌ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ගත් ක්‍රියාමර්ගයන් ගැනද දන්නවා ඇත. එහෙත් මේ ක්‍රමවේදය අනුව බලපත්‍ර විනාශ වී ගිය තමන්ගේ ඉඩම් බලහත්කාරයෙන් කොටි මහවිරුපවුල්වලට ලබා ගෙන තිබූ බැවින් අතරමංව සිටි සිංහලයන් ගැන එතුමා දන්නවාදැයි නොදනිමි. මේ චක්‍රලේඛනයේ තිබෙන ආකාරයට පළාත් ඉඩම් කොමසාරිස්‌ වරුන් හට පැවරූ රාජකාරි ඉටු වූයේ දැයි පසුවිපරමක්‌ කර නැත. සැබෑව නම් කිසි විටක්‌ සිංහලයන් වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත් බවයි. මහින්ද රාජපක්‌ෂ යුගයේ දෙමළ ජනතාව නැවත පදිංචි කිරීම යථාර්ථයක්‌ බවට පත් කළද සිංහල ජනතාව සඳහා ඉඩම් ලබා දීම දිගින් දිගටම ප්‍රතික්‌ෂේප කළ බව දැක්‌විය හැකිය. යාපනයේ ජීවත් වූ සිංහලයන් නාවක්‌කුලියේ බලයෙන්ම පදිංචි වූයේ එහෙයිනි. එසේ නම් පාරම්පරිකව භුක්‌ති විඳ ගෙන පැමිණි සියවස්‌ ගණනාවක්‌ තිස්‌සේ උතුරු පළාතේ අයිතිය අහිමි වෙමින් පැවති සිංහලයන් ගේ ඉඩම් පාරම්පරික ඉඩම් නොවන්නේදැයි අප දැන ගත යුතුය.

මතුගම සෙනෙවිරුවන්

23
ඔක්.
19

ප්‍රේමකීර්ති ඝාතකයා ජවිපෙ බව උසාවියෙන් තීන්දු වී හමාර ය.

ප්‍රේමකීර්ති ‍‍ගේ ඝාතනය හෙවත් තාජුඩීන් – 2

‍ප්‍රේමකීර්ති ගේ ඝාතනය සිදු වූ සමය අපට මතක ය.

ඝාතනය සිදු වී වසර 10-15ක් යනතුරු ජවිපෙ කිසිවෙක් කටක් නො හෙල්ලූ හ. ඔවුන්ට ප්‍රේමකීර්ති පිළිබඳ ව කැවුත්ත උණුවන්නට පටන් ගෙන තිබෙන්නේ දැන් ය.

ප්‍රේමකීර්ති ඝාතකයා ජවිපෙ බව උසාවියෙන් තීන්දු වී හමාර ය.

එය එසේ නො වන්නේ නම්, උසාවියට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි ය. තීන්දුව දීමට පෙර, අධිකරණයට පැමිණිල්ලක් ලැබුණු අතර, එයින් කියැවුණේ සැකකරුට බලපෑම් කොට, ඝාතනය ජවිපෙ මත පැටවීමට උත්සාහ දරා ඇති බව ය. ඒ අනුව අධිකරණය නැවත ඒ පිළිබඳ ව තොරතුරු පරීක්ෂා කර තිබිණී. එයින් ද කියැවුණේ ඝාතකයා කිසිදු බලපෑමක් නොමැති ව තම කට උත්තර ලබා දී ඇති බවකි.

නිර්මලා ද අල්විස් මහත්මිය මේ ඝාතනයේ චෝදනාව හඩ්සන් සමරසිංහ ගේ නමට බැර කිරීමට පටන් ගැනුණේ ඉන්පසු ව ය.

‍මේ පිළිබඳ ව මම ඇගෙන් විමසා ඇත්තෙමි.

මා ඇයට කිවේ ‘ඝාතනයට හඩ්සන් සමරසිංහ ගේ සම්බන්ධයක් ඇත්නම්, ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම්, නඩුවක් පවරන ලෙස’ ය.

එවිට ඈ මට කීවේ, ‘මම අපහාස කළා කියලා හඩ්සන් මට නඩු දාලා නේ’, කියා ය. ඒ නඩුව තාමත් අධිකරණයේ පවතී.

‍නිර්මලා ද අල්විස් මහත්මිය ජවිපෙ වේදිකාවට නගින්නී මේ අතරවාරයේ ය.

අධිකරණයේ පවතින නඩුවක් පිළිබඳ ව අපට කිසිවක් කිය නො හැකි ය.

නමුත් ප්‍රේමකීර්ති ගේ ඝාතනය සිදු කර තිබුණේ කටට වෙඩි තබා ය. ඊට පෙර ඔහුට ජවිපෙ. විසින් තර්ජනය කරන ලද ලිපි ලැබී තිබිණි.

ප්‍රේමකීර්ති ගේ ඝාතනය සිදු වූ රාත්‍රියේදී අවසන් ප්‍රවෘත්ති ප්‍රකාශය සිදු කළ නේරංජලා සරෝජීනී ගායනවේදිනිය, සිය සැමියා වන අබේවර්ධන බාලසූරිය ගායනවේදියා සමඟ ජීවිත ආරක්ෂාව උදෙසා විදේශගත වූවා ය.

ඇයට තර්ජනය කරන ලද ලිපි ලැබී තිබුණේ ද ජවිපෙ විසිනි.

ඝාතන 6000ක් සිදු කර ජාතියෙන් සමාව ගෙන සිටින ජවිපෙ. දැන් කළ යුත්තේ අවු. 30ක් අධික කාලයක් ගත වූ ප්‍රේමකීර්ති ගේ ඝාතනය දේශපාලන වේදිකාවේ තොරොම්බල් කිරීම නො ව, අධිකරණයේ තිබෙන නඩුව අවසන් වන තුරු බලා සිටීම ය.

‘කොහෙන්ද සල්ලි මට නඩු කියන්න’ නිර්මලා ද අල්විස් මහත්මිය අවසන් වරට හමුවුණු දා මට කීවා ය.

2019 නොවැ.16වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ, වසර 30ක් කල් ගත වී ඇති, ප්‍රේමකීර්ති ද අල්විස් ගේ මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා ද?

– කුමාර ලියනගේ

Image may contain: 2 people, text
Image may contain: text
21
ඔක්.
19

අජිත් පැරකුම් ජයසිංහ එළියකන්ද වධ කඳවුරේ සිටි රැඳවියෙකි. ඔහු ප්‍රේමදාසගේ අධ්‍යාපනයට වහවැටී ඇත

අජිත් පැරකුම් ජයසිංහ එළියකන්ද වධ කඳවුරේ සිටි රැඳවියෙකි. ඔහු එළියකන්දේ පුරා වසරකුත් මාසයකුත් දිනක කාලයක් සිරගතව සිටියේය​. මේ හැර ඔහු වෙනත් කඳවුරු වලද රඳවා තබන ලදි.  මෙම කඳවුරු වලදී ඔහු බොහෝ බිහිසුණු දේවල් අත් දුටුවේය​.

හෙට්ටියාවල කඳවුරේද සිටි අජිත් හෙට්ටියාවල කඳවුරේ සිටි එක් සාජන්වරයෙකු ගැන පවසයි. ඔහු රූකාන්තගේ සින්දු වලට නටන නමුත් දක්ෂ ලෙස පිහියකින් රැඳවියන් ගේ බෙලි කපා මරා දැමූ පුද්ගලයෙකි. වරක් එලියකන්දේදී  නවක සොල්දාදුවෙක් රැඳවියන් දෙදෙනෙකුට උදැල්ලකින් ගසා ගෙලවෙන් කර, එක් හිසක් වැටෙන් එහා පැත්තට විසි කර එය අජිත්ට ගේන්නට නියෝග කලේය​. මේ සොල්දාදුවා  හොරණ ප්‍රදේශයේ  අවුරුදු 19ක් පමණ වූ තරුණයෙකි.

එළියකන්ද තිබුණේ හමුදා බුද්ධි අංශය භාරයේයි. ඔහු එළියකන්දේ සිටි මුල් කාලයේ එය භාරව සිටි 4 වන කාලතුවක්කු හමුදාවේ කපිතාන්වරයා පසු කලෙක ඉතා ජ්‍යේෂ්ඨ තනතුරකට පත් වූ බව ඔහු සිතයි. ඔහු අජිත්ගේ ජීවිතය බේරා දීමට කටයුතු කලේය. ඔහු සිටි කාලයේත් එහිදී දරුණු වධ බන්ධන සිදු වූ මුත්, ඝාතන සිදු වුණේ නැත. 1989 මැද භාගයේදී පමණ ඔහු ගම්පහ ප්‍රදේශයේ බුද්ධි අංශය භාරව ගිය බව දැන ගන්නට ලැබුණි. මාතර දිස්ත්‍රික්කයේ බුද්ධි අංශය භාරව කලින් ගම්පහ බුද්ධි අංශය භාරව සිටි කණ්ඩායම පැමිණි අතර විශාල වෙනසක් සිදු වුණේ එතැන් සිටයි. එම කණ්ඩායම තරමක් බුද්ධි හීන අංශයක් වුණත්, තිරශ්චීන ලෙස වධ බන්ධන හා මිනිස් ඝාතන සිදු කරමින් ජවිපෙ මර්දනය කරන්නට සමත් බව ඔහු පවසයි. අජිත් ගේ මතකයට අනුව මේ කාලයේ මාතර සම්බන්ධීකරණ නිලධාරියා වූයේ බ්‍රිගේඩියර් සිරි පීරිස්.

එළියකන්දේ සිටි ප්‍ර‍ධානියා දෙවන  ලුති. නිමල් සිල්වා (6 කාලතුවක්කු) විය. එසේම  සාජන් දිසානායක, බොම්බඩියර් සෙනෙවිරත්න, ලාන්ස් බොම්බඩියර්අමරසිරි, සිරිල්, කිත්සිරි, හරිශ්චන්ද්‍ර‍, වික්‍ර‍මසිංහ, උදයසිරි, නන්දසිරි, දයාරත්න ආදීන් හිටි බව ඔහුට මතකය​.

එළියකන්ද කඳවුර සහ එහි රැඳවියන් මගේ අධ්‍යන වලට ලක්වී තිබේ.   මනෝ ප්‍රතිකාර සඳහා 2002 වසරේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දුමහතා විසින් මා වෙත යොමු කරන ලද සාමාන්‍ය සෙබල XX2 88/89 කැරලි සමයේදී   එළියකන්ද -කේ පොයින්ට් කඳවුරේ රැඳවියන් ගෙන් ප්‍රශ්න  කිරීම් ක​රන්නෙකු  මෙන්ම වදකයෙකු  වශයෙන් සේවය කලේය. රැඳවියන්ට ශාරීරිකව පහරදීම, දැල්වෙන දුම්වැටිවලින් ඔවුන්ව පිලිස්සීම, දරුණු වේදනාඇතිකරන අයුරින් ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය ලාච්චුව තුලට දමා වැසීම සහ සමහර අවස්ථාවලදී මරණ දඞුවම්  ක්‍රියාත්මක කිරීම ඔහු විසින් සිදුකරතිබේ. 2002 වසරේදී පවත්වන ලද මනෝවිද්‍යාත්මක  වෛද්‍ය පරීක්ෂණ හා විස්තරාත්මක සායනික පිලිවිසීම් වලින් පසු ඔහු ‛පශ්චාත් ව්‍යසන ක්ලමථඅක්‍රමතාවයෙන් (PTSD) පෙලෙන බවට විනිශ්චය විය.

 සාමාන්‍ය සෙබළ XX2 ආක්‍රාන්තිය, සිහිනෙන් බියවීම, භීතිකා, සමුද්දේශ පිලිබඳ අදහස්,මායාදර්ශණ හා කම්පනයට අදාළ විවිධ රෝග ලක්ෂණවලින් පෙලුනි. කේ පොයින්ට් කඳවුරේ සිද්ධීන් අමතක කර දැමීම සඳහා ඔහු තදින් මත්පැන්වලටඇබ්බැහිව සිටියේ ය. මේ අනුව වධහිංසනය යනු වින්දිතයාට පමණක් නොව අපරාධකරුට ද අනර්ථයක් සිදුකරන දෙපැත්තම

කැපෙන අසිපතකි.වධහිංසනය පමුණුවන බොහෝ අය විවිධ මානසික අපගමනයන්ගෙන් පෙළේ.

වධ බන්දනයට ලක් වූවන් බොහෝ විට ප්ශ්චාත් ව්‍යසන ක්ලමථ (PTSD) ලක්‍ෂණ  පෙන්වති. මෙම ක්ලමථ ලක්‍ෂණ අතර තදබල විශාදිය, හීන වූ ජීවිතආශාව, හැඟීම් නිර්වින්දනය දක්නට තිබේ එළියකන්ද කේ පොයින්ට්’ වධකාගාරයෙන් පලාගිය හෝ නිදහස ලැබූ පුද්ගලයෝ තවමත් අනේක මානසික ව්‍යාධි වලින් පෙළෙති.

මා දක්නා පරිදි අජිත් වධ බන්ධනයට ලක්වූ නමුදු බරපතල දුර්විපාකයන් ගෙන් තොරව  සාර්ථකව සමාජගතවූ පුද්ගලයන් ස්වල්පය අතරින් කෙනෙකි. ඔහු ලේඛන කලාව මගින් තමා වටා තිබූ අයෝමය වලල්ල බිඳ දැමූ අයෙකු බව මට සිතේ. එසේම ඔහු තම දරුවන් කෙරෙහි දක්වන්නේ අපරිමිත ආදරයකි. ඔහු තුල සිටි මනුෂ්‍යයා ප්‍රබල විය​. මේ අනුව එළියකන්ද වධ කඳවුරට අජිත්ව විනාශ කිරීමට නොහැකි විය​.

පහත දැක්වෙන්නේ එළියකන්ද ‘කේ පොයින්ට්’ වධකාගාරය​ සහ වධ බන්ධනය ගැන අජිත් පැරකුම් ජයසිංහ සමග මා විසින් කරන ලද සාකච්ඡාවයි.

1)      කැරලිකරුවෙකු වීම සඳහා ඔබට සමාජ පසුබිම සකස් වූ අයුරු කිවහොත්

මට නම් වැඩිපුර බලපෑවේ විප්ලවයක් කිරීමේ දේශපාලන උණ. ඒක මට ඇති වුණේ රුසියානු සාහිත්‍යය කියවීමෙන්. ගැඹුරු දේශපාලන පොතපත කියවන්නට වැඩි උනන්දුවක් තිබුණේ නැහැ. ජවිපෙ සරළ පන්ති හා සරළ ක්‍රම විරෝධී දේශපාලනික මතවාද ප්‍රවර්ධනය කළ මාධ්‍ය, නො ගැඹුරු සමාජ සත්තා යථාර්ථවාදය ප්‍රවර්ධනය කළ සාහිත්‍යකරුවන්, ගීත රචකයන්, ගායක-ගායිකාවන් ආදීන් විසින් පතුරුවන ලද නො මතවාදයත් එක්ක මගේ රුසියානු සාහිත්‍යය හරහා ගොඩනගා ගන්නා ලද නව ලෝකයක් පිළිබඳ ෆැන්ටසිය ගැලපුණා. නම් ලැයිස්තුවක් කියනවා නම්, රෝහණ විජේවීර, මාදුළුවාවේ සෝභිත හිමි, සුනිල් මාධව ප්‍රේමතිලක, සුනිල් ආරියරත්න, නන්දා මාලිනී , ගුණදාස අමරසේකර වගේ අය පරම්පරාවකට පරළොව යන්නට පාර කියපු අය කියලායි මම නම් හිතන්නේ. තමන්ටත් පැහැදිලි නැති දේශපාලන මතවාද ප්‍රවර්ධනය කරමින් අනෙක් අය බලමුළුගන්වන අය අවසානයේදී තමනුත් ගොදුරු වෙමින් වෙනත් අයගේත් ජීවිත බිලි ගන්නවා. අරගලය නිසා ඝාතනයට ලක් වුණු මිනිසුන්ගේ ජීවිත සම්බන්ධ වගකීමෙන් ඒ අරගලයට දායක වී ඉතිරි වූ අයට කවදාවත් මිදෙන්නට බැහැ. මා අදත් කැරැලිකරුවෙක් තමයි. හැබැයි මා සමාජය වෙනස් කිරීම සඳහා අද අරගල කරන විධිය වෙනස්. මම ඒක කවදාවත් අතහැර දමන්නේ නැහැ. හේතුව, මා එක්ක එකට සටන් කරලා මගදී වැටුණු මිනිසුන් නිසා මට ඒක නතර කරන්නට අයිතියක් නැහැ.

2)      1988 / 89 කාලයේදී ඔබගේ ජීවිතය ගලා ගියේ කෙසේද ?

1984 පමණ සිට මම ජවිපෙ දේශපාලනය කළා. ඉතා ඉක්මණින් ම ඒ වන විට මා කරමින් සිටිය විශේෂ ඉංජිනේරු ආධුනික පාඨමාලාව මගහරිමින් ජවිපෙ දේශපාලනයට වැඩිපුර යොමු වුණා. ජවිපෙ පත්‍රිකා බෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හදිසි නීතිය යටතේ මාස තුනක් රිමාන්ඩ් භාරයේ තබා නිදහස් කිරීමෙන් පසු ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයට යොමු වුණා. ඒ 1986 මුලදීයි. ඉන් පසු ජවිපෙ ශිෂ්‍ය අංශයේත්, දේශපාලන අංශයේත් වැඩ කළා. අවසානයේදී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රචාරක ලේකම් හා කලාප ලේකම්වරයකු ලෙස වැඩ කළා.

3)      ඔබව අත් අඩංගුවට පත් වන්නේ කෙසේද?

මාතරදී රාත්‍රිය නිදා ගැනීමට තැනක් සොයමින් යද්දී, වෙලක් මැද මාර්ගයකදී මග පෙන්වන්නන්ගේ වරදක් නිසා හමුදාවේ කොමාන්ඩෝ භට පිරිසකගේ අත්අඩංගුවට පත් වුණා.

4)      මුලින්ම ප්‍රශ්න කල පුද්ගලයා මතකද?

මතකයි. අලුත බැඳුණු දෙවන ලුතිනන් කෙනෙක්. ඒවා ප්‍රශ්න කිරීම් නෙමෙයි. කට්ටියක් එක්ක එකතු වී නිකම් පහරදීම් විතරයි. දෙවනුව ප්‍රශ්න කිරීම් කළ ලුතිනන්වරයා පසුව මඩකලපුව පැත්තේ කොටි පාලන ප්‍රදේශයකට මුහුදෙන් ගොඩබැසීමේ ක්‍රියාන්විතයකදී කොටින්ගේ ප්‍රහාරයට ලක් වී බෝට්ටුවේ ම මිය ගොස් පසුව ඔහුගේ සගයන් විසින් මළ සිරුර මුහුදට දමනු ලැබූ බව දැනගන්නට ලැබුණා. ඔහු මට මානුෂික අන්දමින් සැලකුවා. එළියකන්දට භාර දෙනකල් ඔහුගේ සාජන් හැර වෙනත් අය මට පහර දුන්නේ නැහැ. මා එළියකන්දේ සිටිද්දීත් මාස ගණනකට පසුව වරක් ඔහු එහි පැමිණි විටෙක මගේ සුව දුක් ඇසුවා. එම භට පිරිස අතර සිටි මාතර පැත්තේ ම සාජන්වරයෙක් මා ඔවුන් යටතේ සිටි දින කීපයක කාලය අතරතුර වරින් වර පැමිණ මා උස්සා පොළවේ ගැසුවා. ඔහු බොහෝ වාර ගණනක් මා පොළවේ ගසන්නට ඇති. මේ සාජන් පසු කලෙක ජේ.ඕ.සී. බෝම්බයෙන් මිය ගිය බව ද ඔහුගේ මිනියවත් නො තිබුණු බව ද දැන ගන්නට ලැබුණා.

5)      ප්‍රශ්න කිරීමේදී ඔවුන් යොදාගත් ක්‍රම මොනවාද?

වැඩියෙන් ම කළේ විශාල මුගුරුවලින් දැඩිව පහර දීම. ඊට අමතරව, එළියකන්දේදී මගේ එක් කණක් පැලෙන්න ම පහර දුන්නා. ඒ කණෙන් ගොඩක් දවස් කුණු සැරව ගැලුවා. මාව මැද පෙළේ නායකයකු ලෙස හඳුනා ගැනීම හා මා සමග අසු වූ වෙනත් නායකයකු හමුදාව සමග සම්මුතියකට පැමිණීමත් නිසා මගෙන් දැඩි ලෙස වධ දී ප්‍රශ්න කිරීමක් වුණේ නැහැ. හැබැයි, ඔහු ජවිපෙ අභ්‍යන්තර තොරතුරු ලබා දුන්නා මිසක කිසිවකු පාවා දුන් බවක් මා දන්නේ නැහැ. ඔහු මා දිගු කලක සිට දැන සිටි අයෙක්. ඒ නිසා ඔහු මා පිළිබඳ සියලු තොරතුරු කියා තිබුණා. මා අසු වන විට (1989 මැයි) හදිසි නීතිය නො තිබුණු නිසාත්, මට හා මා සමග අසු වූ අනෙක් අයට රැඳවුම් නියෝග ලබා ගත් නිසාත්, ශිෂ්‍ය උද්ඝෝෂණ නිසා අසු වූ එක් විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයකු නිදහස් කිරීම නිසාත්, ඔහුගේ මැදිහත් වීමෙන් අප සම්බන්ධයෙන් හබයාස්කෝපුස් ගොනු කර තිබුණු නිසාත්, ඒ වකවානුවේ මාතර දිස්ත්‍රික්කයේ හමුදා බුද්ධි අංශය භාරව සිටි කැප්ටන් රත්නායක (4වන පාබල හමුදාව) දැඩි මර්දනයක් සිදු කළ අයෙකු නො වන නිසාත්, මේ වකවානුවේ එළියකන්දේ රඳවාගෙන සිටියේ සුළු පිරිසක් පමණක් නිසාත්, එහි ඒ වන විට එතරම් ම නරක තත්වයක් තිබුණේ නැහැ. එහෙත්, ඔහු ඇතුළු පිරිස මාරු වී ගිය පසු එළියකන්දේ තත්වය වෙනස් වුණා. එය හුදෙක් ම මිනිසුන් වධ දීම සඳහා හා මරණ තෙක් හෝ වෙනත් කඳවුරකට පිටත් කරන තෙක් රඳවා ගන්නා තැනක් බවට පත් වුණා.

6)      එලියකන්ද වෙත ඔබව ගෙනියන්නේ කවදාද?

1989 මැයි 28 විතර.

7)      එලියකන්දේ ඔබ අත් දුටු සිද්ධීන් මොනවාද?

එතන විධිමත් ප්‍රශ්න කිරීමක් සිදු වූ තැනක් නෙමෙයි. එතන කළේ මිනිසුන්ට සාමූහිකව වධ දීම, මිනිසුන් පහර දී මරා දැමීම හා මරා නො දමන අය රැඳවුම් කඳවුරකට යවන තෙක් රඳවා තබා ගැනීමයි. එහි සිරකරුවන් රඳවා ගැනීමේ කිසිදු ප්‍රමිතියක් තිබුණේ නැහැ. එකවර පැපොල රෝගීන් 70, 80 සිටියා. පාචනය වැළඳුණු රෝගීන් එළිමහනේ වැසිකිලි වල ළඟ දම්වැලක බැඳ  දමා තිබුණා. රෝගීන් සංඛ්‍යාව කීයක් වුණත්, සියලු දෙනා ඒ අඩි 12ක් විතර දිග දම්වැලේ තමයි හිටියේ. සමහරු කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව පාචනයෙන් මැරුණා. කඳවුරට මාතර කොටුවේ සිට කෑම ගෙන ඒම වැනි දේට පාවිච්චි කළ කහපාට ඩබල් කැබ් වාහනයෙන් ම රෑට මේ මළ මිනී අරගෙන ගියා. පසුව කාලෙක ඒවා වැසිකිළි වල එහා පැත්තේ වලක දමා පිළිස්සුවා.

8)      එලියකන්දේ සිටි නිලධාරීන් ඔබට මතකද?

මතකයි. හැබැයි, ඔවුනුත් අප වගේ ම මිනිසුන් නිසා ඔවුන්ට එරෙහි පරීක්ෂණ වැනි දේ තේරුමක් ඇති ය කියා මා හිතන්නේ නැහැ. ඔවුනුත් අප වගේ ම මේ ප්‍රශ්නයේ වෙනස් විධියක ගොදුරු.

9)      ඔබ එලියකන්දේ සිටියදී එහි යොදාගත් වධ බන්ධනයන් මොනවාද?

දෑතේ ඇඟිලිවලින් එල්ලීම, ෂොපිං කවර කීපයක් එකතු කර එය තුළට පෙට්‍රල් දමා ඒවා හිසට දමා හුස්ම හිර වන තුරු තැබීම, පුද්ගලයකු මොහොතකට සිහි විසඥව ඇද වැටෙන පරිදි බෙල්ලේ පිටුපසට පොල්ලකින් පහර දීම, හිස වතුර ටැංකියක එබීම, සීමාන්තිකව පහර දීම, අධික වෙහෙසින් මැරෙන තුරු ශාරීරික ව්‍යායාම කරවීම, වැසිකිළි යන්නට නො දීම, දිගු කාලයක් තිස්සේ නිදහසේ කෑම කෑමට නො දී කෙටි කාලයක් තුළ ආහාර ගිල්ලවීම, කෑම කන විට පොලුවලින් පහර දීම, එකපිට එකා නංවා පෑගවීම, නිවස තුළ වැසිකිළිවල දිගු කාලීනව සඟවා තැබීම, පිඹුරකු ඇඟට හෝ  සිරකරු සිටින වැසිකිළියට දමා බිය වැද්දවීම, කිසිවකු සමග කතා කිරීමට නො දීම, මාස ගණන් ඇස් බැඳ තැබීම, හැම විට ම අත පයවලට මාංචු දමා තැබීම. හෙට්ටියාවල කඳවුරේ ලුතිනන් මීඩිං අමුතු වධ බන්ධන ක්‍රමයක් භාවිතා කළා. කුරුසෙ ගහනවා ය කියා හැඳින්වූ මෙහිදී පුවක් ගස් දෙකකින් හැදූ කුරුසයක සිරකරුවන් දවස් ගණනක් එල්ලා තැබුවා. ඒ සිරකරුවන්ගේ අත් මාස ගණනක් ම අක්‍රියවයි තිබුණේ. ඔවුන්ට බත් ටික අනා කටට ගෙන යන්නට හෝ බැරි වුණා. සිරකරුවන් හැමෝම මේ හැම එක වධයකට ම ලක් වුණේ නැහැ.

10)   ඔබ නිදහස් වූ ආකාරය ?

1990 යුද්ධය පටන් ගත් විට හමුදා කඳවුරු වසා දමන ලදී. එවිට මා වීරවිල රැඳවුම් කඳවුරට යවන ලද අතර පොලිසියට භාර දුන් 40ක විතර පිරිස නිදහස් කර, පැහැරගෙන ගොස් මරා දැමුවා. මා ද මුලින් පොලිසියට භාර දීමට නියමිතව තිබුණ මුත්, මගේ ඉල්ලීම මත එහි සිටි නිලධාරීන් දෙදෙනෙකු වන කිත්සිරි හා දයාරත්න මට වීරවිලට යාමට ඉඩ සලස්වා දුන් නිසා මගේ ජීවිතය බේරුණා. හැබැයි දයාරත්න තමයි අර කපපු බෙල්ලක් වැටෙන් එහාට විසි කර මට එය ගෙනැවිත් දෙන්නැයි කියූ ඝාතකයා. වීරවිල සිට පොල්ගොල්ල, සේදවත්ත පන්සල, ගොඩිගමුව පන්සල, පොල්ගස්ඕවිට භාවනා මධ්‍යස්ථානය වැනි පුනරුත්ථාපන කඳවුරුවල තබාගෙන තබාගෙන පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය හරහා  1993දී නිදහස් කරන ලදී.

11)   වධ බන්ධනයන්බොහෝ මානසික පීඩා ඇති කලද ඔබට සමාජගත වීමට උපකාර වූයේ කවර දේවල් ද?

විශේෂ උපකාර වීමක් තිබුණේ නැත. ඔය පුනරුත්ථාපන වැඩසටහන්වලින් නම් කිසිදු උපකාරයක් ලැබුණේ නැත. පොල්ගොල්ලේදී සැලසුම් ශිල්පය පාඨමාලාවක් කළෙමි. එහෙත්, වීරවිලදී අපි ඊට වඩා හොඳ අධ්‍යාපනික හා සංස්කෘතික වැඩසටහන් අප විසින් ම සංවිධානය කර පවත්වන ලදී. මම බොහෝ අයට ඉංග්‍රීසි ඉගැන්වූයෙමි. සාක්ෂාරතාව පවා නැතිව කඳවුරුගතව සිටි මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවල තරුණයෝ බොහෝ දෙනෙක් ලියන්නට කියවන්නට ඉගෙන ගත්තේ අප විසින් දියත් කළ ඒ වැඩසටහන්වලදීයි. වීරවිලදී මම ගෙලට අසිපත තබා ඇත දැන් නමින් දිග නාට්‍යයකුත්, කෙටි නාට්‍ය බොහෝ ගණනකුත් නිෂ්පාදනය කළා. සමනල සඳෙස නම් දිග කාව්‍යය ලිව්වා. එය ඇතුළේ හුවමාරු කරගෙන කියෙව්වා. මුද්‍රණය කළේ නැහැ. ඊට අමතරව අළු යට ගිනි නමින් ලියූ නවකතාවක් කඳවුරේ සිටියදී ම 1992දී පමණ දිවයින නවකතා තරගයට යැව්වා. එය අවසන් අත්පිටපත් දහය අතරට තේරී තිබුණත් පළමු, දෙවන, තුන්වන තැන් හිමි වුණේ නැහැ. එයත් පළ කළේ නැහැ. මම මුල් ම පරිවර්තනය ලෙස ජූල්ස් වර්න්ගේ ලොව වටා අසූ දිනකින් පොතේ තරමක් සරළ කළ පොතක් පරිවර්තනය කළේත් වීරවිලදීයි. මාස කීපයක් වෙහෙස වී මම කලා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගය කර සමත් වුණා. මම ඉගෙන ගත්තේ මම කැමති විෂයන් වූ සිංහල, ඉංග්‍රීසි සාහිත්‍යය, දේශපාලන විද්‍යාව හා නාට්‍ය හා රංග කලාවයි. විභාගයට දින 10කට විතර පෙර මා පැලවත්ත කඳවුරට ගෙන ගියා. එහිදී මා මුහුණ දුන් ප්‍රශ්න නිසා මා පාඩම් කිරීම අතහැර දැම්මා. කලා විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාලයට බඳවා ගත් ලකුණු මට්ටමට වඩා ලකුණු තුනයි මට අඩු වුණේ.  ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙමින් තනිව ම සෙමින් සමාජගත වුණා. නිදහස් වී ටික කලකින් තරග විභාගයක් සමත් වී ඉංග්‍රීසි ගුරු වෘත්තියට ඇතුළත් වීමත්, පදවිය ප්‍රදේශයේ රැකියාව කිරීම සමග අලුත් සමාජයක ඇසුරට පත් වීමත්, අලුත් මිතුරන් ඇති වීමත්, ජවිපෙ දේශපාලනයෙන් මුළුමනින් ම ඈත් වීමත් නිසා සමාජගත වීම පහසු වුණා.

12 වින්දිතයන් බොහෝ දෙනෙකු විශාදය පශ්චාත් ව්‍යසන ක්ලමථය (PTSD) වැනි තත්වයන් වලට පත් වූවද ඔබ සාමාජීය වශයෙන් ක්‍රියාශීලී වීම සඳහා ඔබට ශක්තිය ලැබුනේ කෙසේද?

පදවියේදී හමු වූ මිතුරන් සමග ආරම්භ කරන ලද අලුත් ජීවිතය හා පාසල් ළමයින් සමග ගත කළ ක්‍රියාකාරී ජීවිතය එහිදී ප්‍රධාන වුණා. පෙම්වතියන් ඇසුරත්, ඔවුන්ගේ ආදරය ලැබීමත් ප්‍රබල හේතු ලෙස සැලකිය හැකියි. ආදරය කළ හැමෝ එක්ක ම ගොඩක් දුර යන්නට බැරි වුණා. මට විවාහ වෙන්නට උවමනා කර තිබුණා. ඒ නිසා මම හෙව්වේ විවාහ වෙන්නට සුදුසු ආදරවන්තියක්. අවසානයේදී මට හොඳ බිරිඳක් ලැබුණා. අද ඉන්න මම ඇයට ගොඩක් ණයයි.

12)   එලියකන්ද ගැන අද දිනයේ ඔබ සිතන්නේ කුමක් ද?

එය ජීවිතයේ කිසි කලෙක අමතක කළ නො හැකි නපුරු සිහිනයක් වැනි සමයකි. එහෙත්, එය ජීවිතය ගැන ගැඹුරු අත්දැකීමක් ලැබීමට අවස්ථාව ලබා දුන්නා. තිරිසන්කමට කිට්ටු ප්‍රාථමික තත්වයන්හිදී මිනිසුන්ගේ හැසිරීම් සාමාන්‍ය ශිෂ්ට සමාජයේ හැසිරීම්වලින් හාත්පසින් ම වෙනස්. එහෙත්, අවසානයේදී වධකයෝ ද ලෙයින් මසින් සැදි මිනිස්සු ය. එළියකන්දේ වධකයන් එක් අයෙක් හෝ දෙදෙනෙක් පසු කලෙක එහි සිට නිදහස් වූ ජවිපෙ සිරකරුවන්ගේ සොයුරියන් විවාහ කර ගත්තා. මේ ඇතැම් පවුල් ප්‍රදේශයේ ජවිපෙ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයන්ට සම්බන්ධ ඒවායි. එම ඉදිරි පෙළ ක්‍රියාකාරිකයන් මරා දමන ලදී. එහෙත්, ඒ පවුල්වල ගැහැනු පසු කලෙක එවැනි ඝාතකයන් විවාහ කර ගත්තා. ඉන් පසු ඔවුන් කුමන ආකාරයේ ජීවිත ගත කළා ද යන්න මම දන්නේ නැහැ.

13)   අනාගත පරම්පරාවට ඔබ දෙන පණිවිඩය කුමක් ද?

නො ගැඹුරු වාමාංශික දේශපාලනය, ජාතිවාදය, ආගම්වාදය වනාහි එකම වර්ගයේ පිටුදැකිය යුතු සමාජ පිළලයන් ය. බලය වෙනුවෙන් කෙටි මං සොයන අය තමන්ගේ අරමුණු වෙනුවෙන් ගිනි ඇවිළීමට පාවිච්චි කරන පිදුරු වන්නේ තරුණයන් ය. ලංකාවේ තරුණ පරම්පරා තුනක් මේ ව්‍යාජ විප්ලවවාදී හා ජාතිවාදී කැරැලි නිසා මහා පරිමාණයෙන් ජීවිත අහිමි කර ගත්තා. ඒ තරුණයන් ජීවත් වුණා නම් හා ඔවුන්ගේ හැකියාවන් වඩා ඵලදායී දේ වෙනුවෙන් යොදා ගත්තා නම් අපට මීට වඩා සොඳුරු ලෝකයක ජීවත් වන්නට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා තරුණයන් මේ අන්තවාදී ව්‍යාපාරවලින් මුදා ගැනීමට කටයුතු කිරීම බරපතල සමාජ වගකීමක්. ඒ වගේ ම තරුණයන්ට දේශපාලනයේ, තීරණ ගැනීමේ ක්‍රියාවලියේ නිමග්න වෙන්නට සාධාරණ අවස්ථා ලබා දීමට අප ක්‍රියා කළ යුතුයි. තරුණයන්ට තමන්ගේ ජවය තමන්ගේත්, සමාජයේත් යහපත වෙනුවෙන්  උපරිමයෙන් පාවිච්චි කරන්නටත්, සතුටින් ජීවත් වන්නටත් අවස්ථාව ලබා දිය යුතුයි. ඔවුන්ට පිළිගැනීම අවශ්‍යයි.

සාකච්ඡා කලේ  වෛද්‍ය රුවන් එම් ජයතුංග

15
ඔක්.
19

සදාදරනීය ‌ප්‍රේමදාස පියානෝගේ මැර කල්ලිය ‌හෙවත් ප්‍රා මිනීමරුවෝ මැරූ ගනන 1200

බණ්ඩාරගම හිරණ තොටුපොලේදී 1986 දෙසැම්බර් 15වැනිදා පස්වරු 8.30ට දයා පතිරණ‍ ගෙල කපා ඝාතනයකර තිබූ අයුරු. පොලිසියේ ඉල්ලීමට ඡායාරූප ගනු ලැබු‍වේ පානදුර තිමති ස්ටූඩියෝහි ඡායාරූප ශිල්පියෙකි.

ප්‍රිරා සංවිධානයේ නායකත්වය යටතේ ආරක්ෂක හමුදා සහාය ඇතිව ස්වාධීන ශිෂ්‍ය සංගමය මගින් 1988/89 කාලයේදී ඝාතනය කල සරසවි සිසුන් සහ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිවූවන් 200ක ආසන්න පිරිසෙන් කිහිපදෙනෙක්. කොළඹ සරසවි නීති පීඨ වධකාගාරයේදී උස්සා පොලවේ ගසා මරාදැමූ අන්තරේ කැඳවුම්කරුවෙකු සහ නීති පීඨයේ සිසු කෑගල්ලේ සරත් එදිරිසිංහ,  වෙඩිතබා පිහියෙන් ඇන ඝාතනය කල වාණිජ පීඨයේ මාතර දෙල්ගල්ලේ පදිංචි සමන් කපුගමආරච්චි, බෙල්ල කපා මරාදැමූ එහි විද්‍යා පීඨයේ මිනුවන්ගොඩ හේමන්ත අජිත් චන්ද්‍රසිරි(ඉහළ වමේ සිට), වෙඩිතබා මරාදැමූ මානව හිමිකම් නීතිඥයින් වන නාරහේන්පිට කාංචන අබේපාල සහ ඇල්පිටියේ චරිත ලංකාපුර, දිවයින නිදහස් ලේඛක සහ බැංකු නිලධාරි ගම්පොල එච්.ඊ. දයානන්ද

දයා පතිරණගේ ඝාතනයෙන් පසු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සභාපතිධූරයට 1986 දෙසැම්බර් 17 වැනිදා පත්වූයේ කේ. එල්. ධර්මසිරිය. පතිරණ ඝාතනයෙන් පසු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින් අතර නිල්මිණී, පරාක්‍රම, නිර්මාල් රංජිත් දේවසිරි, සී.ඒ. චන්ද්‍රප්‍රේම, නිහාල් හපුආරච්චි, නිමල්වීර බෝපගේ, සාලිය කුමාර, චාන්දනී සෙනෙවිරත්න, තිසරණී ගුණසේකර, අසංක කරුණාරත්න, ජෙරා, පේරාදෙණියේ ධම්මික බන්ඩාර, ජෝජා ඇතුළු කිහිප දෙනෙක්ම විය. ඉස්ක්‍රා, ස්වාධීන, රණහඩ මැයින් පුවත්පත්වල කලාප කිහිපයක්ද පලකරන ලදි.

පතිරණ ඝාතනයෙන් පසුවද ස්වාධීන ශිෂ්‍ය සංගමය කොළඹ සරසවියේ දිගින් දිගටම පවත්වාගෙන ආ දඩබ්බර ක්‍රියාකාරකම් බහුතර සරසවි සිසුන්ට තවදුරටත් දරා ගත නොහැකි විය. ඒ අනුව චින්තන පර්ෂදයේ අධ්‍යක්ෂක සහ කාලය සඟරාවේ නියෝජ්‍ය සංස්කාරක ගෙවිදු කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය එයට එරෙහිව පොදු සිසුන්ට නායකත්වය දුන්නේය. ඒ අනුව ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මැර ක්‍රියාකාරිකයින් වූ සිව් දෙනෙකු ගස් බැද  මධ්‍යස්ථ 500කට ආසන්න සිසුන් පිරිසකගේ දායකත්වයෙන් සංවිධානාත්මක ප්‍රහාරයක් 1987 මාර්තු 24වැනිදා එල්ල කිරීම තුළින් ස්වාධීන ශිෂ්‍ය සංගමය මුළුමනින් පරාජයකර දෙමළ බෙදුම්වාදය පලවා හැර කොළඹ සරසවියේ බලය ලබාගන්නා ලදී. ගස් බැදී සෙනරත් ජයවර්ධන ඇතුළු සිව් දෙනා බේරා ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ 100කට අධික පිරිසක් කොළඹ සරසවියට එකවර කඩා වැදීමෙනි.

ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකත්වයට පත් බොරැල්ලේ දූගී පවුලක උපන් කේ. එල්. ධර්මසිරි ජවිපෙට එරෙහිව ප්‍රා සංවිධානය සමඟ එක්ව මුළු ශක්තියම යොදවන්නට විය. ජවිපෙ වනසා දැමීමට ඔවුන් ඝාතනය කිරීමේ සංහාරයේදී තීරණාත්මක කාර්යභාරයකට ස්වාධීන ශිෂ්‍ය සංගමය යොමු විය. අර්ධ මිල්ටරි කණ්ඩායම්වලින් ඔවුනට ආයුධ, හැඳුනුම්පත්, වාහන, මුදල් ලක්ෂ ගණනින් නොඅඩුව ලැබිණි. ප්‍රා සංවිධානයෙන් ඝාතනය කරන ලද සංඛ්‍යාව 1,200ක් වූ අතර ඒ අතර සිටි සරසවි සිසුන් 200කට ආසන්න පිරිසක් මරා දැමුවේ ධර්මසිරිගේ නායකත්වයෙන් යුත් ස්වාධීන ශිෂ්‍ය සංගමය මගිනි. අත් පා කපා දරුණු වධ දී ඔවුන් මරා දැම්මේය. හංසයින්ට ජලයෙන් කිරි වෙන්කර හැක්කේ යම් සේද ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ඝාතකයින්ට සමස්ත සරසවි සිසුන් අතරින් ජවිපෙ සිසුන් හඳුනාගැනීමට හැකි විය. සිය ගණනක් අමු අමුවේ ඝාතනය කල කොළඹ සරසවියේ නීති පීඨ වධකාගාරයේ නිල නොවන පරිපාලකයා වූයේද ස්වාධීන ශිෂ්‍ය සංගමයයි.

ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක කේ. එල්. ධර්මසිරි 1989දී ඔක්තෝබර් 20 වැනිදා කොළඹ වයි. එම්.සී. ඒ ගොඩනැගිල්ලට ගොස් යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී කොටහේන කොච්චිකඩේදී ජවිපෙ විසින් ඝාතනය කරන ලදී. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ආරූඪ නමක් වූ ජයකාන්ති විජේවික්‍රම නමින් 1989 දෙසැම්බර් 28වැනිදා නිවේදනයක් නිකුත් කරමින් 1989 දෙසැම්බර් 15 එය විසුරුවා හැරි බව ප්‍රකාශ කළේය. ඒ වන විට දයා පතිරණ ඝාතනයට ලක්වී වසර දෙකක් මෙන්ම ධර්මසිරි ඝාතනය වී මාස දෙකක් ගතවී තිබිණි.

වසර 1986 දෙසැම්බර් 15වැනිදා ඝාතනය වූ දයා පතිරණ නඩුව විභාග වූයේ පානදුර මහාධිකරණයේදී විනිසුරු ටී. බී. විරසූරිය ඉදිරියේය. විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව නඩුව පවරා තිබිණි. එහිදී පලවෙනි විත්තිකරු වූයේ හේවා හෙට්ටිගේ ජයතිස්ස හෙවත් ගාමිණීය. දෙවැන්නා කොඩිප්පිලි තන්ත්‍රිගේ මහිපාලය. තෙවැන්නා වැලිසර යුස්ටස් දිලීප් චන්ද්‍ර ප්‍රනාන්දුය. සිව්වැන්නා හේවාහෙට්ටිගේ නිමල් ජයරත්නය. ඒ වන විට ජයතිස්ස හෙවත් ගාමිණී, මහීපාල සහ දිලිප් ප්‍රනාන්දු ඝාතනයට ලක්වී තිබිණි. එහිදී දෙවන සහ තෙවන විත්තිකරුවන්ට පළමුවන චෝදනාවට වසර 05 බැගින්ද දෙවන චෝදනාවට වසර 07 බැගින්ද තෙවන චෝදනාවට වසර 08 බැගින්ද දඬුවම් නියම කරන ලදී. ශ්‍රී ලංකාවේ ජීවත්ව සිටි සිව්වන විත්තිකරුවූ ජයවර්ධනපුර සරසවියේ සිසුවෙකුවූ හේවාහෙට්ටිගේ නිමල් ජයරත්න සියළු අධිචෝදනාවන්ට නිවැරදිකරු බවට තීරණය කර නිදොස්කර නිදහස් කරන ලදී. පැමිණිලි පක්ෂයෙන් බර්නාඩි සුනිල් කාරියවසම් සහ කුරුප්පු මුදියන්සේලාගේ මහින්ද කිංස්ලි ඇතුළු සාක්ෂි 15ක් විය.

සැම්බර් 17 වැනිදා පත්වූයේ කේ. එල්. ධර්මසිරිය. පතිරණ ඝාතනයෙන් පසු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින් අතර නිල්මිණී, පරාක්‍රම, නිර්මාල් රංජිත් දේවසිරි, සී.ඒ. චන්ද්‍රප්‍රේම, නිහාල් හපුආරච්චි, නිමල්වීර බෝපගේ, සාලිය කුමාර, චාන්දනී සෙනෙවිරත්න, තිසරණී ගුණසේකර, අසංක කරුණාරත්න, ජෙරා, පේරාදෙණියේ ධම්මික බන්ඩාර, ජෝජා ඇතුළු කිහිප දෙනෙක්ම විය. ඉස්ක්‍රා, ස්වාධීන, රණහඩ මැයින් පුවත්පත්වල කලාප කිහිපයක්ද පලකරන ලදි.

පතිරණ ඝාතනයෙන් පසුවද ස්වාධීන ශිෂ්‍ය සංගමය කොළඹ සරසවියේ දිගින් දිගටම පවත්වාගෙන ආ දඩබ්බර ක්‍රියාකාරකම් බහුතර සරසවි සිසුන්ට තවදුරටත් දරා ගත නොහැකි විය. ඒ අනුව චින්තන පර්ෂදයේ අධ්‍යක්ෂක සහ කාලය සඟරාවේ නියෝජ්‍ය සංස්කාරක ගෙවිදු කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය එයට එරෙහිව පොදු සිසුන්ට නායකත්වය දුන්නේය. ඒ අනුව ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මැර ක්‍රියාකාරිකයින් වූ සිව් දෙනෙකු ගස් බැද  මධ්‍යස්ථ 500කට ආසන්න සිසුන් පිරිසකගේ දායකත්වයෙන් සංවිධානාත්මක ප්‍රහාරයක් 1987 මාර්තු 24වැනිදා එල්ල කිරීම තුළින් ස්වාධීන ශිෂ්‍ය සංගමය මුළුමනින් පරාජයකර දෙමළ බෙදුම්වාදය පලවා හැර කොළඹ සරසවියේ බලය ලබාගන්නා ලදී. ගස් බැදී සෙනරත් ජයවර්ධන ඇතුළු සිව් දෙනා බේරා ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ 100කට අධික පිරිසක් කොළඹ සරසවියට එකවර කඩා වැදීමෙනි.

06
ඔක්.
19

මරා දැමූ මිනිසුන් 8 දෙනෙකුගේ සිරුරු සහ සජිත්ගෙ තාත්තගෙ මිනිය

සජිත් එයාගෙ තාත්තගෙ මිනිය දැක්කෙ නෑලු.එයාගෙ තාත්තා රජකරන කාලෙ මේ රටේ ලක්ෂ ගානක් දරුවන්ටත් එයාලගෙ තාත්තලගෙ මිනී ලැබුනෙ නෑ.

මේ ඡායාරූපයේ මරා දැමූ මිනිසුන් 8 දෙනෙකුගේ සිරුරු තිබේ.
පසුබිමේ ගොයම් සිටුවිල්ලකි. කාන්තාවක් ගමනක් යයි.

මැණික්හින්නේ ජන ජීවිතය ඔහේ ගලා යයි. කිසිවෙකු කම්පනයට පත් වී නැත.

එදා මරණය මොන තරම් ලාභ දැයි පැවසුවහොත් තමන්ගේම කෙනෙකු මරා දමා තිබුණත් එම සිදුවීමත් ඉතාම සාමාන්‍ය යැයි සිතෙන නිර්වින්දිත සමාජයක් බිහි වී තිබිණි. සජිත් එයාගෙ තාත්තගෙ මිනිය දැක්කෙ නෑලු.එයාගෙ තාත්තා රජකරන කාලෙ මේ රටේ ලක්ෂ ගානක් දරුවන්ටත් එයාලගෙ තාත්තලගෙ මිනී ලැබුනෙ නෑ.

මේ ඡායාරූපයේ මරා දැමූ මිනිසුන් 8 දෙනෙකුගේ සිරුරු තිබේ.
පසුබිමේ ගොයම් සිටුවිල්ලකි. කාන්තාවක් ගමනක් යයි.

මැණික්හින්නේ ජන ජීවිතය ඔහේ ගලා යයි. කිසිවෙකු කම්පනයට පත් වී නැත.

එදා මරණය මොන තරම් ලාභ දැයි පැවසුවහොත් තමන්ගේම කෙනෙකු මරා දමා තිබුණත් එම සිදුවීමත් ඉතාම සාමාන්‍ය යැයි සිතෙන නිර්වින්දිත සමාජයක් බිහි වී තිබිණි.

1989 මැණික්හින්න සමූහ ඝාතනයෛ් මලසිරුරු සහ ජන ජීවිතය
සේයාරුව – ප්‍රසන්න හෙන්නායක.

05
ඔක්.
19

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු‌වේ දර්ශනා සේනානායක කොමසාරිස් හා ලේකම් ගෑනියෙ ‌තො‌‌පේ අවධානයටයි,

මිලදී ගන්න ‌‌නොවේ මචං ‌මේක ‌‌හොයල බලන්න තමයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තියෙන්නේ

ගරු අමාත්‍ය, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය

 +94 112187262

 +94 112187263

 cbsrilanka@gmail.com

 

කේ.ඩී.එම් චන්ද්‍රාණි බන්ඩාර මිය

ගරු ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය

 +94 112186335

 +94 112187199

 

ලේකම්, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය

 +94 112186057

 +94 112187199

 secycdwa@gmail.com

දර්ශනා සේනානායක මහත්මිය

කොමසාරිස්, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

හැමිනියව් තිරිසන් හැත්ත

හැමිනියව් තිරිසන් හැත්ත.

මුන්ගේ ‌දෙපාර්තමේන්තු  ඉතිහාසය

වර්ෂ එක්දහස් නවසිය තිහේ දශකයේ දි ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් පරිවාස ක්‍රමය අත්හදා බැලිමක්  වශයෙන් ක්‍රියාත්මක කරනු ලැබීය. 1907 දී එංගලන්තයේ සම්මත කරන ලද වරදකරුවන් පිළිබඳ පරිවාස ආඥා පනත ලංකා අධිකරණය කෙරේ ද බලපෑවේය. වර්ෂ 1944 දී සම්මත කරන ලද අංක 22 දරණ පරිවාස ආඥා පනත ඉහත සඳහන් කළ බලපෑම් වල ප්‍රතිඵලයක් විය. මෙම ආඥා පනත තුලින් පරිවාස ක්‍රමය ලංකා අධිකරණයේ ස්ථාපිත විය.

එංගලන්තයේ පරිවාස සේවාව ඇසුරින් ලංකාවේ ද පරිවාස සේවාවන් ආරම්භ කිරිමේ කාර්යභාරය එංගලන්තයේ උපදේශකයෙකු වන එච්.ඒ.ලීඩීන් මහතාට පැවරුණු අතර, ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා සම්බන්ධ පරිවාස සේවාව පරිවාස නිලධාරින් කීපදෙනෙකුගෙන් ආරම්භ විය. අත්හදා බැලීමක් ලෙස දිවයිනේ අධිකරණ කොට්ඨාශ කීපයක පමණක් ක්‍රියාත්මක කිරිමෙන් පසු මෙම සේවය අධිකරණය විසින් පිළිගනු ලැබීය. ඉන්පසු එය වැඩිදියුණු කිරිමේ අවශ්‍යතාවය ද ඉස්මතු විය.

1949 දී විනිශ්චයකාර ග්‍රේෂියන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුවේ නිර්දේශ රජය විසින් පිළිගනු ලැබීමත් සමඟ දිවයින පුරා සියළුම අධිකරණ කලාප ආවරණය වන පරිද්දෙන් පරිවාස සේවය ව්‍යාප්ත කෙරිණ. මෙම සේවාවේ පරිපාලන කටයුතු කරන ලද්දේ බන්ධනාගාර හා පරිවාස දෙපාර්තමේන්තුව විසිනි.
ළමයින් හා යෞවනයන් පිළිබඳ ආඥා පනත ක්‍රියාත්මක කිරිම හා ළමා උසාවි ආරම්භ කිරිමත් සමඟම ළමයින් සඳහා සැපයෙන සේවාවන් එක්තැන් කිරිමේ වැදගත්කම පිළිබඳව සිරිල් හැම්ලීන් මහතාගේ වාර්තාවෙන් පෙන්වා දෙන ලදී. එම නිර්දේශය අනුව 1956 ඔක්තෝම්බර් 01 දින පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව ආරම්භ විය.

මෙසේ 1956 දී ආරම්භ වූ දෙපාර්තමේන්තුව මුලින්ම සමාජ සේවා අමාත්‍යාංශය යටතට පත්විය. පසුව පත් වූ රජයන් විසින් වරින් වර විවිධ අමාත්‍යාංශ යටතට පත් කරන ලදී. 1990 වසර ආරම්භයේ දී එය ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන හා සමාජ සුභසාධන අමාත්‍යාංශය යටතේ ද, 1994 අගෝස්තු මාසයෙන් පසුව සෞඛ්‍ය මහා මාර්ග හා සමාජ සේවා අමාත්‍යාංශය යටතේ ද, 2001 වර්ෂයේ දි සමාජ සේවා හා ධීවර ප්‍රජාවගේ නිවාස සංවර්ධන අමාත්‍යාංශය යටතේ ද, 2002 දී සෞඛ්‍ය පෝෂණ හා සුභසාධන අමාත්‍යාංශය යටතේ ද, 2003 දී සමාජ සුභසාධන අමාත්‍යාංශය යටතේ ද, 2004 වර්ෂයේ දී කාන්තා අභිවෘද්ධි හා සමාජ සුභසාධන අමාත්‍යාංශය යටතේ ද, 2005 වර්ෂයේ සිට ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යාංශය යටතේ ද කටයුතු සිදු කෙරිණි. 2010 වර්ෂයේ සිට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතේ ද, 2015 සිට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ද දෙපාර්තමේන්තුවේ කටයුතු සිදු ‍කෙරේ.

පළාත් සභා පිහිටුවීම සහ දෙපාර්තමේන්තුවේ බලතල විමධ්‍යගත වීම

පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව ආරම්භ වීමෙන් පසු, රැඳවුම් නිවාස, සහතික කළ පාසැල්, පරිවාස කාර්යාල ඇතුළු අනෙකුත් ආයතන වල කටයුතු පරිවාස දෙපාර්තමේන්තුව යටතේ ව්‍යාප්ත වූ අතර මුළු දිවයිනම ආවරණය වන පරිදි සහකාර කොමසාරිස්වරුන් ද පරිවාස හා ළමාරක්‍ෂක සේවා කොමසාරිස්ට සහායවීම සඳහා පත් කෙරිණි.

1987 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක වීමත් සමඟ එම ව්‍යූහය වෙනස් වු අතර  පරිවාස හා ළමාරක්‍ෂක සේවය පළාත් සභාවලට විමධ්‍යගත කරන ලදි. ඒ සමඟම මෙතෙක් කොමසාරිස්ට සහාය වීම සඳහා පත්කර සිටි සහකාර කොමසාරිස් තනතුරුද අහෝසි විය.

පළාත් සභා යටතේ පළාත් පරිවාස හා  ළමාරක්‍ෂක සේවා කොමසාරිස්වරුන් සියළු පළාත් වෙනුවෙන් පත් වූ අතර පරිවාස කාර්යාල ඔවුන්ගේ අධීක්‍ෂණයට යටත් විය.

ඉන්පසු ජාතික දෙපාර්තමේන්තුව තුල විදේශීය කුලවද්දා ගැනීම් විෂයත් සහ පළාත් පරිවාස දෙපාර්තමේන්තු සම්බන්ධීකරණය කරමින් එම දෙපාර්තමේන්තු නිලධාරීන් සදහා පුහුණු සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ සකස් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ලදි.

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ක්‍රියාවට නැංවීම

1991 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ළමා අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයට අත්සන් තැබූ අතර 1992 වර්ෂයේ දී ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කරන ලදී. එම ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියෙහි වූ ව්‍යවස්ථාවන් ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාවය වෙනුවෙන් 1999 වර්ෂයේ දී දෙපාර්තමේන්තුව විසින් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින් ලෙස සිය ක්‍ෂේත්‍ර රාජකාරී ඉටුකර ගැනීම අරමුණු කර ගනිමින් නව තනතුරක් නිර්මාණය කර ඊට නිලධාරීන් බඳවා ගන්නා ලදී. මේ වන විට මෙම නිලධාරීන් දිවයින පුරාම පිහිටි දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්තව කටයුතු කරනු ලබයි. මෙමගින් පරිවාස විෂයය මෙන්ම ළමාරක්‍ෂක විෂයයටද මූලිකත්වය ලබාදී වැඩසටහන් දියත් කෙරේ.

මේ මුන්ගේ ආධාර වැඩසටහන්

1. සෙවණ සරණ කැපකරු මාපිය ක්‍රමය

මෙම වැඩසටහන දිවංගත අතිගරු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ සංකල්පයක් මත හදුන්වා දී ඇත. ආර්ථික අපහසුතා ඇති පවුල් වල ජීවත් වන දරුවන්ගේ ජීවත් වීමේ,සංවර්ධනයෙහි සහ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම මෙම වැඩසටහනෙහි මුඛ්‍ය අරමුණයි.   පෞද්ගලික ආයතන හෝ අනුග්‍රාහකත්වය දැරීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයන් කැපකරු මාපියන් ලෙස ලියාපදිංචි කරගනිමින් ඔවුන් විසින් ආධාර දීමට අපේක්ෂා කරනු ලබන දරුවන් සදහා ආධාර ලබා දීම මෙමගින් සිදු කෙරේ. මෙම වැඩසටහන සදහා ආධාර ලබා දීමට කැමැත්තක් ඇති අනුග්‍රාහක භවතුන් හට මෙම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය හැක.

2. පාසැල් නොයන ළමුන් පාසැල්ගත කිරීම

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ සදහන් වගන්ති 28 සහ 29 ළමුන්ගේ අධ්‍යාපන අයිතිය පිළිබද සෘජුව සාකච්ඡා කරනු ලබයි. වයස අවු 18 අඩු සෑම දරුවෙකුටම පාසැල් අධ්‍යාපනයෙහි නිරතවීමට අයිතියක් ඇති අතරම ඒ සදහා රජයක් විසින් ප්‍රතිපාදන සැලස්විය යුතුය.  එහෙත් විවිධ ආර්ථික හෝ සාමාජීය සාධක පදනම් කොට ගෙන ඇතැම් දරුවන් හට අඛණ්ඩව පාසැල් අධ්‍යාපනයේ නියැලීමට අවස්ථාව නොලැබේ. එම නිසා මෙවැනි දරුවන් නැවත පාසැල්ගත කිරීම සදහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් පැසැල් නොයන ළමුන් සදහා පාසැල් උපකරණ ලබා දෙමින් ඔවුන් නැවත පැසැල්ගත කිරීමට කටයුතු කරනු ලබයි.

මෙහිදි ප්‍රවේශ 2 ක් යටතේ දරුවන්ට උපකාර කරනු ලැබේ. ඔවුන් නම්,

  • පාසල් අධ්‍යාපනය ලබන වයසේ පසු වුවත් ආර්ථික දුෂ්කරතා නිසා අතරමග අධ්‍යාපනය නවතා දමා ඇති හෝ නතර විය හැකි දරුවන්
  • විවිධ හේතුන් මත කඩින් කඩ පාසල් යන දරුවන් ය.

පාසල් නොයන දරුවන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් හඳුනාගෙන ඔවුන්ගේ පාසල් නොයාමට හේතුව සොයා බලා ඊට අවශ්‍ය කටයුතු සිදු කර ඔවුන්ව පාසල් ගත කිරීමත්, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ කරන ලද වතු ආශ්‍රිත ළමයින්ගේ අධ්‍යාපනය නඟාසිටුවීම සඳහා පාසල් උපකරණ ලබාදීමත් මෙමඟින් සිදු  කරන ලදි.

මෙම වැඩසටහන අදියර කිහිපයකින් ක්‍රියාත්මක කරන ලදි.

  • පාසල් උපකරණ ලබාදී ඔවුන් ශක්තිමත් කිරීම.
  • අධ්‍යාපනය ලබාදීමේ වැදගත්කම ගැන දරුවන්, ගුරුවරුන්, දෙමාපියන් සඳහා දැනුවත් කිරීම
  • විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් නිලධාරීන් අතර දරුවාට යහපත් වන පරිදි මනා සම්බන්ධීකරණයක් ගොඩ නැගීම.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්තව සිටින ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

3. කැපකරු දෙගුරු වැඩසටහන

තවදුරටත් දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා උදෙසා සහයෝගය දෙනු ලබන වැඩසටහනක් ලෙස  කැපකරු දෙගුරු වැඩසටහන හඳුන්වා දිය හැකිය. මෙය මාසිකව ලබා දෙනු ලබන අධ්‍යාපනික ශිෂ්‍යත්ව ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වේ. සුවිශේෂී  අධ්‍යාපනික දක්‍ෂතා ඇති ආර්ථික වශයෙන් අගහිඟකම් මැද ජීවත්වන පාසල් දරුවන් මෙම වැඩසටහනේ ඉලක්ක කණ්ඩායම වේ. මොවුන්ගේ තෝරා ගැනීම හා යොමු කිරීම ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් හරහා සිදු කරනු ලබන අතර, මාසයකට රු. 500/-ක හෝ රු. 750/- ක මුදලක් එක් දරුවෙකු වෙනුවෙන් ලබා දීමට කටයුතු කෙරේ.

4. නැණදිරිය අධ්‍යාපන ශිෂ්‍යත්ව ක්‍රමය

නැණ දිරිය වැඩසටහන සඳහා ද පෞද්ගලික  අංශයේ මූල්‍ය දායකත්වය මත මෙම දෙපාර්තමේන්තුවේ කළමණාකරණ මණ්ඩලයක් මඟින් විවිධ හේතු මත අධ්‍යාපනය අහිමි වීමේ අවදානමට පත් වී ඇති දරුවන් සඳහා මාසික ශිෂ්‍යත්වයක් පිරිනැමේ. මෙම වැඩසටහන ද සෙවණ සරණ කැපකරු මා පිය ක්‍රමය යටතේ උප ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ. මෙමගින් එක් දරුවකුට මසකට රු. 1000/- ත් රු. 2000/- ත් අතර මුදලක් අනුග්‍රාහකයාගේ කැමැත්ත අනුව ලබා දෙනු ඇත.

 

5. නිවුන් දරු ආධාර

අඩු ආදායම්ලාභි පවුල්වල නිවුන් දරුවන්ගේ සෞඛ්‍ය, පෝෂණය හා අනෙකුත් සුභසාධන කටයුතු වෙනුවෙන් මෙන්ම එම දරුවන්‍ අවදානම් තත්වයන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම පිණිස ලබා දෙන ආධාර ක්‍රමයකි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ලැබෙන ඉල්ලුම්පත්‍ර සඳහා අවශ්‍ය මුදල් සපයා දිම මෙහිදී සිදුවේ.

මේ යටතේ දරුවන් දෙදෙනෙකු සඳහා රු.7500/- ක්ද තුන් දෙනෙකු වෙනුවෙන් රු.15,000/- ක් ද සිව්  දෙනෙකු සඳහා රු.20,000/- ක් ද පස් දෙනෙකු වෙනුවෙන් රු.25,000/- ක් ද වශයෙන් මුදල් ගෙවීම් සිදු කරයි.

සෑම ඉල්ලුම් කරුවෙකුටම එක් අවස්ථාවක් පමණක් මෙම ආධාර ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව ලැ‍බේ.

6. වෛද්‍ය ආධාර

අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂණ ගැටළු සඳහා සහන සැපයීම වෙනුවෙන් මෙම ආධාර ක්‍රමය ක්‍රියාත්මක වේ. එසේම ආබාධිත දරුවන් වෙනුවෙන් ද උපකාර කිරීම මෙහිදී සිදු වේ.  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ලැබෙන ඉල්ලුම්පත්‍ර සඳහා අවශ්‍ය මුදල් සපයා දීම මෙහිදී සිදු වේ.

මේ යටතේ වෛද්‍ය ප්‍රතිකාර, සැත්කම්, පෝෂණ කටයුතු, ශාරීරික දුර්වලතා වෙනුවෙන් භාවිතා කරන උපකරණ සඳහා ආධාර සැපයීම සිදු කරනු ලබයි. ප්‍රතිකාර හා පෝෂණ කටයුතු වෙනුවෙන් රු.5000/- මුදලක් ද, සැත්කම් සඳහා රු.10,000/- ක මුදලක් ද, උපකරණ සඳහා ඒවායේ මිල ගණන් අනුව විවිධ ප්‍රමාණයේ මුදල් ගෙවීම ද සිදු වේ. මෙම ගෙවීම් ප්‍රමාණයන් එම දරුවන්ගේ පවුල් වල විවිධ ස්වභාවයන් හා ඔවුන් මුහුණ පා ඇති දුෂ්කරතාවයන් මත වෙනස් වීමට ද පුළුවන.

සෑම ඉල්ලුම්කරුවෙකුටම එක් අවස්ථාවක් පමණක් මෙම ආධාර ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව වසරකට පවුල් 500 කට පමණ මෙමඟින් සහන සලසා දීමට අවස්ථාව ලැබී ඇත.

7. හදිසි විපත් ආධාර

හදිසියේ ඇති වන විපත් නිසා පවුල් වල අසරණ වන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා ලබා දෙන ආධාර ක්‍රමයකි. ක්‍ෂණිකව පරිසරයේ ඇතිවන ගංවතුර, සුලි සුළං, නාය යෑම්, නිවාස ගිනි ගැනීම්, වැනි තත්වයන් මත දුෂ්කරතාවයන්ට පත් වන දරුවන්ගේ සුභ සාධනය සැලසිම මෙහිදී සිදු වේ. එපමණක් ද නොව පවුල් තුළ දෙමව්පියන් මිය යෑම, දරුවන් අත්හැර දමා යෑම, දෙමව්පියන් හදිසි අනතුරු වලට රෝගාබාධ වලට ගොදුරු වීම, විදේශ ගතව නැවත නොපැමිණීම, දරුවන් තාවකාලික භාරකරුවන් අතට පත් වීම, එම භාරකරුවන් ශාරීරික හා මානසික දුර්වල අය වීම වැනි හේතූන් මත අසරණ වන දරුවන්ට පිහිට වීමට ද මෙම ආධාර ක්‍රමය උපකාරී වේ.

යම් ව්‍යසනකාරි තත්වයක දී දරුවන්ගේ පාසල් උපකරණ විනාශ වි ඇත්නම් ඒ වෙනුවෙන් එක් පවුලක් සඳහා   රු. 5000/- ක ආධාරයක් ලබා දේ. එසේ වුව ද ඒ ඒ අවස්ථාවන්හි ඇති වන හානිදායක තත්වයේ ප්‍රබලතාවය මත ලබා දෙන ආධාර මුදල වෙනස් විමට පුළුවන. කුමන හෝ ව්‍යසනකාරි තත්වයක දී වුවත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දායක විම මෙහි ප්‍රධාන අරමුණ වේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ලැබෙන ඉල්ලුම්පත්‍ර සඳහා අවශ්‍ය මුදල් සපයා දීම මෙහි දී සිදු වේ.

8. සෙනෙහස ඉතිරි කිරීමේ ගිණුම

සුනාමි ව්‍යසනයෙන් දෙමව්පියන් දෙදෙනාම අහිමි අවු.18ට අඩු දරුවන් සඳහා ක්‍රියාත්මක වන වැඩසටහනකි. 2006 වර්ෂයේ මෙම වැඩසටහන ආරම්භ වූ අතර එහි දී ළමුන් 689 දෙනෙකු ඇතුළත් විය. 2015 දෙසැම්බර් මාසය වන විට මෙහි සිටින ළමුන් සංඛ්‍යාව 98 ක් විය. සෑම මසකම අවු.18 සම්පූර්ණ වන ළමුන් මෙම වැඩසටහනින් ඉවත් වේ.

මෙම දෙපාර්තමේන්තුව මහජන බැංකු මූලස්ථානය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනු ලබයි. සෑම මාසයකම අදාළ ළමුන් වෙනුවෙන් මෙම දෙපාර්තමේන්තුව මඟින් මහජන බැංකුව වෙත මුදල් (චෙක්පත් මඟින්) යැවීම සිදු කරයි.

වයස අවු.18 සම්පූර්ණ වන ළමුන් පිළිබඳව බැංකුව මඟින් දෙපාර්තමේන්තුව වෙත මාසිකව දැනුම් දෙනු ලබයි. බැංකුව මඟින් අදාළ ළමුන් වෙත මුදල් නිදහස් කර  එම තොරතුරු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දිම සිදු වේ.

 

පසුවිපරම් ක්‍රියාවලිය : –  මෙම සියළු වැඩසටහන්හි  ප්‍රතිලාභි දරුවන්ගේ පසුවිපරම් ක්‍රියාවලිය අඛණ්ඩව සහ සමීපව සිදු කරනු ලබන අතර එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් හි අනුයුක්තව කටයුතු කරනු ලබන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

සටහන : –  මෙ සදහා අදාල අයදුම් පත් භාගත කිරීම් හි අන්තර්ගත වේ.

 

අප හා එක් වන්න

අප අමතන්න

  •  පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  •  +94 11 2186 062/ 11 3082 483
  •  +94 11 2186 065
  •  pcc@sltnet.lk
30
සැප්.
19

පෝට්  සිටිය කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගරය විනාශකල තිරිසන්නු

                                           

පෝට්  සිටිය හෙවත් කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගරයේ සැඟවුණු ඇත්ත

රාජපක්ෂ රජය කල සැලසුම

මුහුද ගොඩකර අලුතින් බිහිකළ හෙක්ටයාර්   269 හෝ අක්කර 538  ක බිම් ප්‍රදේශයක පෝට්  සිටි නමැති වෙළද නගරය ඉදිකිරීමේ වැඩ ඇරඹුණේ මහින්ද රාජපක්ෂ රජය සමයේයි

මෙය ගොඩ නැගීම භාර වුනේ චයිනා හාබර් ඉංජිනියරින් කොම්පැනියටයි

මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු ආයෝජනය  ඩොලර් බිලියන් 1.5 කි. මෙම නගරය ඉදිකරන කාලය තුල පමණක් ගොඩනැගීම අංශයේ රැකියා 4000 ශ්‍රීලංකාවට විවෘත වෙනවා

මෙම නගරය තුල ව්‍යාපාර හෝ ආයෝජනයන් සඳහා පැමිණෙන සියලු දේශීය විදේශීය වැසියන්ට අවශ්‍ය නිවාස තට්ටු නිවාස හා සුඛොපභොගී නිවාස සංකීර්ණ ඇතුලත් වනවා මිට අමතරව ඒ ශ්‍රේණියේ  කාර්යාල පහසුකම් හා කුඩා ව්‍යාපාරික ස්ථාන වලින්ද යුක්ත වෙනවා. ඊට අමතරව ව්නොද මධ්‍යස්ථාන  හා ආපනශාලා මුහුදු වෙරල, උයන් වතු ක්‍රීඩාගාර හා පිට්ටනි මෙන්ම නාට්‍ය හා  සිනමා  ශාලා මෙන්ම, බයිසිකල් හා ඇවිදින මංතීරු මෙන්ම වාහන අංගන ඇතුළු නවීන ලෝකයේ ඇති සියලු පහසුකම් වලින් යුක්ත ලොව කිසිම රටකට දෙවැනි නොවන ඇති නවීන නගරයක් මෙම පෝට් සිටි වය පෘතිය තුල නිර්මාණය කිරීමට සැලසුම් කළා  මෙම ව්‍යාපෘතිය අවසාන වන විටලංකාවේ වැසියන්ට  රැකියා 80000 නිර්මාණය වනවා. මෙම ව්‍යාපෘතිය සම්පුර්න කර අවසන් කරනුයේ 2041 වසරේදීය.

2014 දී එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ කල දේ

මෙම ව්‍යාපෘතියට එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම පරිසර වේදී සංවිධානද විරුද්ධ උනා . ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකයන් වන රනිල් වික්‍රමසිංහ  රාජිත සේනාරත්න චම්පික අනුර කුමාර වැනි අය   කිවේ මෙම පෝට්  සිටි ව්‍යාපෘතිය සදහා රාජපක්ෂ වරු අතිවිශාල කොමිස් මුදලක් ගත්  බවත්.  මෙම ව්‍යාපෘතිය බලයට පැමිණි වහාම නතර කර දමන බවයි.

2105 මාර්තු හය වැනිදා යහපාලන රජයේ කැබිනෙට්ටුව විසින් ගන්න ලද තීරණයකට අනුව පෝට් සිටි ව්‍යාපෘතිය වහාම නතරන කරනලෙසට ච්යිනා  හාබර් චොම්පනියට දැනුම් දුන් බව රාජිත සෙනරත්න පැවසුවා

ප්‍රමාදය නිසා අප රටට සිදුවූ පාඩුව

නැවතත් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට යහපාලන රජය තීරණය කලේ  2106 යේ මාර්තු මාසයේදීය . වසරක කාලයක් මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වීම නිසාචයිනා හාබර්  සමගම විසින්  ශ්‍රී ලංකා රජයෙන්  ඩොලර් මිල්ලියන් 125 ක වන්දියක් ඉල්ලුව බව 2016 අගෝස්තු  2 වැනිදා රොයිටර් පුවත් වාර්තා කළා.

මෙම වන්දිය ඉවත් කරගන්න  යහපාලන ආණ්ඩුව චීන සමාගමත් එක්ක අපුරු එකග තාවයකට  ආවා.

2015 දී ගොඩකරන හෙකටයර් 269 යෙන් හෙක්ටයාර් 20 චීනයට සින්නක්කර දී ඉතිරි කොටස 99 වසරකට බදුදීමට රාජපක්ෂ ආණ්ඩුව එකග වෙලා තිබුනේ

පෝට්  සිටිය  ඉදිකිරිම 2015 දී ප්‍රමාද වීම නිසා චීනයට අවශ්‍ය දේ  කර ගැනීමට වෙන්කළ හෙක්ටෙයාර් 20,  ට තව 7 එකතුකර හෙක්ටයාර් 27 දක්වා මේ  රජය වැඩිකලා.

සියලු ඉඩම් අවුරුදු 99 බද්දට චීනයට පැවරුවා. ඉඩම් හෙක්ටෙයාර් විස්ස සින්නක්කර නොදී බදු දුන්නත් එම ඉඩම් වල යම් ගොඩනැගිල්ලක් හදා  විකිනුපසු එහි සින්නක්කර අයිතිය ගොඩනැගිල්ල මිලදී ගත්  කෙනාට පැවරෙන බැවින් මේ හෙක්ටෙයාර් 20 හි සින්නකර අයිතිය බදු අයිතියක් ලෙස මාරු කර පවරා දුන්නට  අප රටට  විශේෂ වාසියක් වන්නේ නෑ .

මෙහි දී තවත්  වැඩිපුර හෙක්ටයාර් 7 චීනයට අවශ්‍ය ඉදිකිරීම් වලට පවරා  දීම නිසා එම භුමියේ ඉදිකිරිම් කර ගැනුම් කරුවන්ට   විකිණීම සදහා ශ්‍රී ලන්කවට තිබු  අවස්ථාව නැතිවිගියා. මේ අනුව කොළඹ අක්ක්කර 17.5 හෙවත් හෙක්ටයාර් 7 ඉදිකිරීම් කර විකිණීමෙන් අපරටට ලැබෙන්නට තිබු අදායමක්  යහපාලන රජය විසින් කල මෙම ප්‍රමාදය නිසා නැතිවුණා.

මෙම සියලු කරුණු දෙස බැලීමේදී අපට පැහැදිලි වන කරුණු කීපයක් තිබෙනවා

පළමු කරණය 2041 වන විට සම්පුර්ණ වන මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය අවසාන වන කාලය වන තෙක් ජිවත්  නොවන බව දැන ගෙනත් අනාගත පරපුරේ සුභ සිද්ධිය  තකා තුන්කල් දක්නා නුවණකින් යුක්තව  මහින්ද රාජපක්ෂ මහතා මෙම කාර්යය සාර්ථකව සංවිධානය කලබව අප පිළිගත යුතුයි.

දේශපාලන අරමුණු සදහා  හොරකම් කළා කොමිස් ගැහුවා  යයි  බොරු කියූ  රනිල් කරු සජිත්  චම්පික රාජිත ඇතුළු එක්සත් ජාතික පක්ෂයත් අනුර කුමාර ජනාධිපති අපේක්ෂකයා සහිත ජ වී පෙ ටත් කිසිම ආකාරයකින් මෙම ව්‍යාපෘතියේ මුල්‍ය වංචාවක් වූ බව ඔප්පු කර ගැනීමට නොහැකි වූ බව අප පිළිගත යුතුයි.

එමෙන්ම සංවර්ධන කාර්යයන් දේශපාලන න්‍යාය පත්‍රයන්ට යට කිරීමට යහපාලන රජය හා ජවිපෙ කරනලද උත්සාහය නිසා අපරට ආපස්සට ගිය බව පිලි ගත යුතුයි..

එමෙන්ම පරිසර වේදීන් යයි කියමින් දේශ පාලකයන්ගේ උවමනාවන් සන්තර්පණය කරන රාජ්‍ය නොවන සංවිධාන කියන බොරු විශ්වාස කිරීම භයානක ප්‍රතිපල ගෙන දෙන බව අපට  තේරුම් කර දීමට  මෙම පෝට් සිටි සිද්ධිය හොද උදාහරණයක්.

අනුන්ගේ ගුණ මකමින් බොරුවෙන්ම දේශපාලන බලය අල්ල ගැනීමට මාන බලන සජිත් රනිල් කණ්ඩායම මෙන්ම අනුර ඇතුළු ජවිපෙ කණ්ඩායමත් වෙනුවට තුන්කල් දක්නා නුවනක් ඇති  ගෝඨාභය රාජපක්ෂ වැනි  නායකයකු පත්කර ගැනීමට කාලය එලබ ඇති බවද   අප තේරුම් ගත යුතුය

වෛද්‍ය නීතිඥ විද්වත් කම්ටුව

29
සැප්.
19

තිරිසන් මිනිස්සු වන රනිල්, රාජිත, චම්පික, අනුර ගැන සුහද ගම්ලත් කි‌යන ඇත්ත කතා

ගෝටාට නඩු දාන්න අරලිය මැදුරේදී බලපෑම් කල හැටි

හිටපු සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් හෙලි කරයි..

රනිල්, රාජිත, චම්පික, අනුර FCID කැදවා තග දැමූ හැටිත් කියයි..

September 29, 2019 at 10:12 pm | lanka C news

ගෝටාට නඩු දාන්න අරලිය මැදුරේදී බලපෑම් කල හැටි හිටපු සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් හෙලි කරයි.. රනිල්, රාජිත, චම්පික, අනුර FCID කැදවා තග දැමූ හැටිත් කියයි..

නීතිපති දෙපාර්තමේන්තුවෙ අනෙකුත් රජයේ දෙපාර්තමේන්තුවලින් සුවිශේෂී වෙන්නෙ කොහොමද?

මූලිකවම ගත්තම නීතිපති දෙපාර්තමේන්තුව කියන්නෙ, අර්ධ අධිකරණමය ක්‍රියාදාමයක් පවත්වාගෙන යන ආයතනයක්. මේ නිසා දෙපාර්තමේන්තුවේ සෑම නිලධාරියකුගෙන්ම ආගමික නායකයකුගෙන්ම අපේක්ෂා කරන තරම් පාරිශුද්ධත්වයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසයි නීතිපති දෙපාර්තමේන්තුව අනෙක් දෙපාර්තමේන්තුවලින් සුවිශේෂී වෙන්නෙ.

මේ දෙපාර්තමේන්තුවට වසර 135ක කීර්තිමත් ඉතිහාසයක් තියෙනවා. රටට අග විනිසුරුවරුන් ගණනාවක් මේ දෙපාර්තමේන්තුවේ බිහි වෙලා තියෙනවා. එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයේ නඩු විසඳීම සඳහා පවා විනිසුරුවරුන් ගිහින් තියෙනවා.

නමුත් අපට නීතිය හදන්නත් පුළුවන්. නීතිය කඩන්නත් පුළුවන් කියන දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ ප්‍රකාශයත් එක්ක ඒ ගෞරවය කෙලෙසිලා නේද?

ඔව්. ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. දෙපාර්තමේන්තුවේ වසර 135ක කාලය තුළ පළමු වරට සොලිසිටර් ජනරාල්වරයකු වැඩ තහනමකට ලක්වෙලා. මේකට හේතු වුණේ පසුගිය වසර 4 1/2ක කාලය තුළ නැවක් හා සම්බන්ධ සිද්ධියක් නිසා ඇතිවුණ පීඩනය. දිල්රුක්ෂි මහත්මිය කියන කාරණය ඇත්තද කියල කවුරුත් හොයන්නෙ නැහැ. එසේ නොකර ඇයව වැරදිකාරිය කරල තියෙනවා. ඇයට කලින් ඔය සිද්ධිය සම්බන්ධයෙන් වින්දිතයෙක් බවට පත්වුණේ මමයි.

ඔබ කොහොමද මේ සිද්ධියේ වින්දිතයෙක් බවට පත්වුණේ?

මේ සිද්ධිය වෙනකොට මම ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් විදියටයි වැඩ කරමින් සිටියේ. අපරාධ කාරණා සම්බන්ධ අංශය තිබුණේ මගේ යටතේ. ඔය කාලේ වරායේ ආයුධ සහිත නැවක් ගැන කතාවක් තිබුණා. මම සාමාන්‍යයෙන් රෑ 7 – 8 වෙනකම් කාර්යාලයේ ඉන්නවා. ඉතින් දවසක් සවස 6.30ට විතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර මහත්මයා තවත් නිලධාරීන් හත් දෙනෙක් සමග මගේ කාර්යාලයට ආවා. ඇවිත් ඔහු මට කීවා ගාල්ලේ අවි නැව ගැන නඩුව හෙට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ ගන්නවා. මේකෙ සැකකරුවන් හැටියට ඉදිරිපත් කරන්නේ කවුද කියල අපට නිශ්චිත අවබෝධයක් නැහැ. අපි දන්නෙත් නැහැ මේ පරීක්ෂණය ගෙනියන්න ඕන කොහොමද කියලා. මේ ගැන උපදෙසක් දෙන්න කීවා.

මම ඔහුට කිව්වා මම මේ ගැන කිසි දෙයක් දන්නෙ නෑ. මගෙ කනිෂ්ඨ නිලධාරියෙක් ළඟට මම ඔහුව යොමු කළා. මම ශානිට කිව්වා ඒ නිලධාරියා හමු වුණාට පස්සේ යළි මාව හමුවෙන්න කියලා.

ඔබ අපරාධ අංශය භාර ප්‍රධානියා නම් මේ ගැන ඔබ නොදැන හිටියෙ කොහොමද?

මම නොදැන අපේ දෙපාර්තමේන්තුව මේ සිද්ධියට මැදිහත් වෙලා තියෙන බව මමද දැනගත්තෙ එදයි. කොහොම නමුත් ශානි මම කිව්ව විදියට ආපහු මාව මුණ ගැහුනෙ නෑ. ඒ නිසා මම ඔහුට කෝල් එකක් දීලා ඇහුව මොකද වුණේ කියලා. එතකොටයි ඔහු මට කිව්වේ අපි ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ, නිශ්ශංක සේනාධිපති ඇතුළු හත් දෙනෙක් අත්අඩංගුවට ගන්න යන්නෙ කියලා. මම ඔහුට කිව්වා මේ නැව් සිද්ධිය ගැන නිසි ගොනුවක් නැහැ. පරීක්ෂණයක් අවසන් කරල නැහැ. ඒ නිසා කිසි කෙනෙක් අත්අඩංගුවට ගන්න එපා කියලා. මූලික අයිතිවාසිකම් නඩුවකට යන්න වෙයි. ඒ නිසා කිසි දෙයක් කරන්න එපා කිව්වා.

ඉන් පස්සේ මොකද වුණේ?

ඒ සිද්ධියෙන් පස්සේ මේ ආයුධ නැව සම්බන්ධ කාරණයට අදාළ ලිපි ගොනුව මගෙ අතට ආවා. එදා ඉඳන් හැමදාම උදේට නීතිඥ සංගමයේ සභාපති වගේම ආයෝජන මණ්ඩලයේත් සභාපති වුණ නීතිඥ උපුල් ජයසූරිය මහත්තය මගේ ඔෆිස් එකට එන්න පටන් ගත්තා. සමහර අවස්ථාවල මම එන්නත් කලින් එයා ඇවිල්ලා මට කියනවා අපි දන්නව ඔයා අවංක නිලධාරියෙක්. ඔබ පසුගිය රජයේ මන්ත්‍රීවරුන්ට නඩු පැවරුවා. ඒ වගේ ගෝඨාභය ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න උපදෙස් දෙන්න කියලා මට කියනවා.

ඒ විදියට බලපෑමක් තියෙද්දීත් ඔබ නිශ්ශංක සේනාධිපතිට විදේශ ගත වෙන්න අවසර දෙනව

ඔව්. මම ඒ තීරණය ගත්තෙ ඉතාමත් වෘත්තීයමය විදියට. දවසක් උදේ මම කාර්යාලයට එනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ කාරණය භාර කටයුතු කරන සහකාර පොලිස් අධිකාරී තිසේරා මහත්තයා මාව හම්බවුණා කාර්යාල දොරටුව ළඟදි. එයා මට කිව්වා සර්, අපට ලොකු ප්‍රශ්නයක්. නිශ්ශංක සේනාධිපති රට යන්න හදනවා. නයිජීරියාවට කියලා. ඉතිං මම ඇහුව මොකක්ද ප්‍රශ්නය කියල. එතකොට කියනව අප එයාගෙ පාස් පෝස්ට් එක අත්අඩංගුවට අරන් තියෙන්නේ. දැන් එයා ඒක ඉල්ලනවා. මොකද කරන්නේ කියලා.

මං කිව්වා. ඕගොල්ල ගිහින් හැමෝගෙම පාස්පෝට් අත්අඩංගුවට ගන්නවා. එහෙම කරන්න එපා. ඒක නීතිවිරෝධීයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.ආර්.බී. අමරසිංහගේ නඩු තීන්දුවක් තියෙනවා නිසි පරීක්ෂණයකින් තොරව පුද්ගලයකුගේ පාස්පෝට් එක අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි කියලා. ඒක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්.

ඒ නිසා මම කිව්වා ඔය ගොල්ල නිසියාකාර බැඳුම්කරයක් තියාගෙන ඇපකරුවන් මත පාස්පෝට් එක නිදහස් කරන්න කියලා.

ඔබ එහෙම උපදෙසක් දුන්නෙ විජේදාස රාජපක්ෂ හා තිලක් මාරපන අමාත්‍යවරුන්ගේ ඉල්ලීමට නොවේද?

නැහැ. ඇත්තෙන්ම ඔවුන් ඒ ගැන මට කතා කළා. විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමැති තිලක් මාරපනත් ඇමැතිවරයෙක්. ඒ වගේම ඔහු සේනාධිපතිගෙ නීතිඥයා. ඔවුන් මට කිව්වේ අපි බලපෑමක් කරනවා නෙවෙයි. නීත්‍යනුකූල විදියට සේනාධිපතිගෙ පාස්පෝට් එක නිදහස් කරන්න පුළුවන්ද කියලා බලන්න කියලා මම ඔවුන්ට කිව්වා ඔබලා මට කතා කරන්න අවශ්‍ය නැහැ. මොකද මම දැනටමත් සේනාධිපතිගෙ පාස්පොට් එක රිලීස් කරන්න උපදෙස් දීලා තියෙන්නෙ කියලා.
ඊට පස්සේ ආපහු දවසක් උපුල් ජයසූරිය මාව හම්බ වෙන්න ආවා. මූණත් නරක් කරගෙන මට කිව්වා ඔබ අර මනුස්සයට රට යන්න දුන්න නේද කියලා. මම කිව්වා ඒක සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූලයි කියලා. ඒ වෙලාවේ උපුල් ජයසූරිය මට කිව්වා අගමැතිතුමාට ඔබව හමුවෙන්න අවශ්‍යයි කියලා මම ඔහුට කිව්වා අගමැතිතුමාට මාව හමුවෙන්න අවශ්‍ය නම් ඒ පණිවුඩය එන්න ඕනේ ඔබ හරහා නෙවෙයි. මගේ ප්‍රධානියා වන නීතිපතිතුමා මාර්ගයෙන් කියලා.

ඒ විදියට අගමැතිතුමාගේ දැනුම්දීමක් ප්‍රතික්ෂේප කිරීම ප්‍රශ්නයක් වුණේ නැද්ද?

නැහැ. නමුත් ඊට පස්සේ දවසක විනිසුරු උපාලි අබේරත්නගේ දරුවකුගේ විවාහ මංගල්‍යයකට මම ගිහින් ඉන්න කොට උපුල් ජයසූරිය මට කෝල් කළා. ඔහු රහසින් වගේ මට කිව්වා අගමැතිතුමා මම එනතුරු බලා ඉන්නව කියලා. මට තේරුණා ඔහු මට කතා කළේ අගමැතිතුමා ළඟ ඉඳගෙන කියලා. ඒ නිසා නොයා ඉන්න එක අශීලාචාරයි වගේ නිසා මම කිව්වා මම එන්නං කියලා. ඒ යනකොට මම හිතුවා සද්භාවයෙන් මේ නඩුව ගැන තොරතුරු දැනගන්න පෞද්ගලික හමුවීමක් වෙන්න ඇති කියලා.

නමුත් මම අරලියගහ මන්දිරයට යනකොට එතැන මහ විශාල රැස්වීමක්. ඒක අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වපු FCID එකේ රැස්වීමක්. ඇමැතිවරු රාශියක් හිටියා. රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, වැලිඅංග කියන නීතිඥයා උපුල් ජයසූරිය වගේම අර්ජුන් මහේන්ද්‍රනුත් හිටිය. ඒ වගේම පොලිස්පතිවරයා, රවී වෛද්‍යලංකාර, හා ත්‍රිවිධ හමුදාපතිවරුන් හිටිය. නීතිපති දෙපාර්තමේන්තුවේ මට වඩා කනිෂ්ඨ නිලධාරියකුත් හිටිය. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ රැස්වීමට කැඳවීම නීති විරෝධියි. මම අපේ නිලධාරීන්ගෙන් ඇහුවා ඔබ මොකද මෙතැන කරන්නෙ කියලා.

ඔන්න දැන් නඩු ගැන කතා කරනවා. එකින් එක අරගෙන පොලිස්පතිතුමාගෙන් අහනවා මොකක්ද තත්ත්වය කියලා. ඇවන්ගාඩ් නඩුව ගැන කතා කරන්න පටන් ගත්තා. එකපාරටම චම්පික රණවක ඇමැතිවරයා අතින් මේසෙට ගහමින් ආවේශවෙලා වගේ කියනවා නිලධාරියෙක් සේනාධිපතිට රට යන්න පාස්පෝට් එක නිදහස් කරල තියෙනවා. ඔහු දැන් නයිජීරියාවට ගිහිල්ලා සල්ලි සේරම වෙනත් රටවලට යවල ඇති මේ පරීක්ෂණය කරන්න වෙන්නෙ නැහැ මේ විදියට කියලා.
එතකොට මම කිව්වා. ඇමැතිතුමා ඔහුගෙ පාස්පෝට් එක නිදහස් කරන්න කියලා උපදෙස් දුන්නේ මම. මම ඒක කළේ නීතියට අනුව. මොකද තාම මේ පරීක්ෂණත් ඉවර නෑ කියලා. අනිත් එක ඔබතුමාලා අපිට කෑගැහුවට ඔබලාගෙ ඇමැතිවරුන් වන විජේදාස රාජපක්ෂ හා තිලක් මාරපන වගේ අයත් මේ ගැන මට කතා කළා කියලා. එතකොට ඔන්න චම්පික කියනවා ඒක තමා බලන්න ඇමැතිවරුත් මේවට උදව් කරනවා. මේ ඇමැතිවරු දෙන්න මේ දූෂණ කමිටුවෙත් ඉඳගෙනයි මෙහෙම කරන්නෙ වගේ කතා.

ඔය ගැන තමා මේ මෑතක විජිත හේරත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කිව්වේ මම ඇවන්ගාඩ් චූදිතයන්ට උදව් කළා කියලා. දැන් ඔය රැස්වීම ඉවර වෙලා මම අරලියගහ මන්දිරයෙන් එළියට එන්න එනකොට මට හම්බවුණා පාඨලී ඇමැතිතුමා. ඔහු මට කතා කරල ඇහුවා සුහද ඔබ හිතන්නෙ මේ ආයුධ කාගෙ කියලද කියලා. මම කිව්වා ආයුධ තියෙන නැවක් ගැන ආරක්ෂක ලේකම්වරයා නොදැන ඉන්න විදියක් නැහැ. අපි ඒ ගැන හොයලා බලන්නං කියලා. එතකොට ඔහු මට කියනවා ඔබ ගෝඨාව අත්අඩංගුවට ගන්න. අපි ඔබ ගැන බලාගන්නං කියලා. මම ඒකට උත්තරයක් දෙන්නෙ නැතුව පිටවෙලා ආවා.
රවී කරුණානායක ඇමැතිවරයා කියලා තිබුණා ඔබ ඇමැතිවරුන්ට ගරු කරල කතා කරන්නෙ නැහැ කියලා.

ඒක වුණේ මෙහෙමයි. ඔය කාලේ මෙහෙ හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් මගේ පෞද්ගලික මිත්‍රයෙක්. මම ඔහුව හඳුනන්නෙ ඔහු මම ඉගෙනගත්ත විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක් විදියට කටයුතු කරපු නිසා. එතුමා ලංකාවේ සේවය අවසන් කරල යෑම වෙනුවෙන් ඉතාම ළඟ කිහිප දෙනකුට රාත්‍රි කෑමක් දුන්නා. මම ඒ කෑමට ගිහින් එළියට එනකොට රවී කරුණානායක ඇමැතිතුමා එමින් හිටියා. ඔහු මාව පැත්තකට අරන් ගිහින් මගෙන් ඇහුවා ඇවන්ගාඩ් නඩුවට මොකද වෙන්නේ කියලා. මම කිව්වා සමාවෙන්න ඇමැතිතුමා නඩු කටයුතු අපට ඇමැතිවරුන් සමග කතා කරන්න බැහැ කියලා. එතකොට ඔහු කිව්වා ඔබ කොහොමද මට එහෙම කියන්නෙ. අපිට ඇමැතිවරු හැටියට මේව ගැන අහන්න බැරිද වගේ කතා. මම මොකුත් නොකිය ආවා. පස්සේ රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී මට බැන්න. මම ඔහුට සැලකුවේ පියන් කෙනෙක් විදියට කියලා.

ඒ කියන්නේ මේ සිද්ධිය ගැන කතා​ නොකරපු කෙනෙක් නැහැ වගේ?

ඔව්. එක එක්කෙනාගෙන් කෝල් එනවා මේ ගැන අහල. ඒ අතරේ මාධ්‍යයෙන් සිරසයි – ටී.එන්.එල්. එකයි දිගින් දිගටම මට ගහනවා. ඔය අතරේ අරලිය ගහ මන්දිරයේ දිගටම මේ ගැන මීටින් තිබුණා. ඒ හැම මීටිමකටම අපිව ගෙන්නුවා. බැරිම තැන මම නීතිපතිතුමාට කිව්වා මේ දේශපාලකයන්ගේ රැස්වීම්වලට යන්න මට බැහැ කියලා. කාරණා දෙකක් නිසා එකක් තමා අපිට වරදක් නැතුව බැණලා අපිත් ඒකට උත්තර දුන්නොත් මොනව වෙයිද දන්නෙ නෑ. අනිත් එක රාජ්‍ය නිලධාරීන් හැටියට රජයේ කටයුතු ගැන ප්‍රසිද්ධියේ හැමදෙයක්ම කතා කළ නොහැකි වීම. අපට යම් යම් කරුණු ගැන නිදහසේ කතාකරන්න බැහැ. සීමාවක් තියෙනවා. ඒත් නීතිපතිතුමා කිව්වා මේක අලුත් ආණ්ඩුවක්. අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන රැස්වීමක් නිසා යන්න කියලා.

ඉතින් මම අකැමැත්තෙන් යනවා. මේ මීටිමට දවසක් අර මම මුලින්ම සඳහන් කරපු අපේ දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ නිලධාරියත් මේ මීටිමට කැඳවල තිබුණා. මලික් සමරවික්‍රම ඔහුගෙන් ඇහුවා මේ ගැන ඔහුගේ නිර්දේශය කුමක්ද කියලා. ඔහු කියනවා මේක විශාල අපරාධයක්. මේවගේ දෙයක් කරපු අයට නිදැල්ලේ ඉන්න දීපු අවස්ථාවක් මීට පෙර තිබිලා නැහැ. ඒ නිසා ගෝඨාභය ඇතුළු 7 දෙනාම අත්අඩංගුවට ගත යුතුයි කියලා.

ඒ අවස්ථාවේදීත් මම කිව්වා මම ඒකට විරුද්ධයි. මේ විදියට අත්අඩංගුවට ගන්න බැහැ කියලා. මේ වෙලාවේ අගමැතිතුමා කිව්වා දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ මත දෙකක් තියෙන නිසා මේක අපි නීතිපතිතුමාට භාර දෙමු කියලා. නීතිපතිතුමා මගෙනුත් අර කනිෂ්ඨ නීතිඥයගෙනුත් වගේම දැන් අගවිනිසුරු වන එවකට මගේ යටතේ හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් ජයන්ත ජයසූරිය හා කපිල වෛද්‍යරත්නගෙනුත් මේ ගැන වාර්තා කැඳෙව්වා.

මම අත්අඩංගුවට ගැනීමට විරුද්ධයි. කනිෂ්ඨ නීතිඥයා කියනවා හත්දෙනෙක් අත්අඩංගුවට ගත යුතුයි කියලා. ජයන්ත ජයසූරිය හා කපිල වෛද්‍යරත්න කියනවා සේනාධිපති හා ඔහුගේ ලේකම් පමණක් අත්අඩංගුවට ගත යුතුයි කියලා.

තවමත් අවශ්‍ය තීන්දුවක් නැහැ?

ඔව්, මේ ගැන දිගටම අරලියගහ මන්දිරයේ මීටින් තියෙනවා. ඔය මීටින්වලට එනව. එවකට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වුණේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය. ඇය මේ නඩුවට සම්බන්ධ වෙන්නේ ඒ විදියට. මගේ අදහසේ හැටියට ඇය ඒ රැස්වීම්වලට පැමිණීම සම්පූර්ණයෙන්ම වැරදියි. මොකද අල්ලස් හෝ දූෂණ කොමිසම ඉතාම ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනයක්. ඒ නිසා තමයි 1994දී අල්ලස්, දූෂණ කටයුතු ගැන කටයුතු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනම ආයතනයක් ලෙස ආරම්භ කළේ. පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඒකමතිකව මේ පනත සම්මත කළා.

නමුත් මේ රැස්වීම්වලට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වගේම නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපිව ගෙන්වලා ​දේශපාලකයන් අපෙන් ප්‍රශ්න කරන තත්ත්වයක් ඇතිවුණා. මේක කිසි දිනෙක මේ රටේ සිදුවෙලා තිබුණේ නැහැ. මේක පැහැදිලිවම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය වීමක්.

මේ ආණ්ඩුව මේ තරම් ඇවන්ගාඩ් නඩුව ගැන උනන්දු වුණේ කුමක් නිසා කියලද ඔබ හිතන්නේ?

ආණ්ඩුව කිව්වට මේකට තදබල අවශ්‍යතාව තිබුණේ රාජිත සේනාරත්න හා චම්පික රණවක ඇමැතිවරුන්ට. අගමැතිතුමා එහෙම බලපෑමක් කළේ නැහැ. එක සැරයක් මේ FCID රැස්වීම තිබුණා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මම එතුමට කිව්වා අපිට තිබෙන බලපෑම් ගැන. කොතරම් බලපෑම් කළත් සාක්ෂි නැතිව නඩු දාන්න බැහැ කියලා. එතුමා ඒක පිළිගත්තා. රාජිත සේනාරත්න හා අනුර කුමාර දිසානායක පැත්තට හැරිලා කිව්ව නයාට ගහලා පොල්ල වරද්ද ගත්ත වගේ වැඩ කරන්න එපා කියලා.

මම හිතන්නේ මේ තරම් බලපෑම් කරන්න හේතුව දේශපාලන හේතුවකටත් වඩා වාණිජ හේතුවක් කියලයි. කාට හරි අවශ්‍යතාවක් තිබුණා මේ ව්‍යාපාරය කඩල අරන් වෙන කාට හරි අරන් දෙන්න. මොකද මේක කෝටි ගණන් ලාභ ලැබෙන ව්‍යාපාරයක්.

කොයි තරම් බලපෑම් ආවත් ඔබ ඒවාට යටත් වුණේ නැහැ. නමුත් ඔබ කියනව ඔබ මේ නිසා වින්දිතයෙක් වුණා කියලා. ඒ කොහොමද?

මම තමයි ඊළඟට නීතිපතිවරයා වෙන්න හිටියේ. වසර 35ක් රාජ්‍ය සේවයේ හිටියෙ. මමයි ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඒ වෙනකොට දෙපාර්තමේන්තුවේ හිටපු. චම්පික රණවකගේ සාමාජිකයෙක් වන ව්‍යවස්ථාදායක සභාවට මගේ නම යෝජනා වුණත් ඒක ප්‍රතික්ෂේප වුණා. ඒ වෙනකොටත් මට විරුද්ධව විශාල ප්‍රචාරයක් අරන් ගිහින් තිබුණා. සරත් විජේසූරිය එතකොට අර සමන් රත්නප්‍රියවත්, මම දන්නෙවත් නැති අය පවා යොදවලා මාධ්‍යයෙන් මට විරුද්ධව විශාල ප්‍රචාරයක් ගෙන ගියා. අවසානයේ මම විශ්‍රාම ගත්තෙ මට ලැබිය යුතුව තිබූ උසස්වීම් නොමැතිව.

නමුත් මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ. මොකද එදා මම කියපු දේ ඔප්පුවෙලා තියෙනවා. ඒ වගේම මට නීතිපති තනතුර නොදී දුන්නෙ මට වඩා කනිෂ්ඨ නිලධාරියකු වුණ අද අගවිනිසුරු ලෙස කටයුතු කරන ජයන්ත ජයසූරිය මහත්තයාට. එතුමා නීතිපති තනතුරේ ඉන්නකම් මගේ මතයට විරුද්ධව ගියේ නැහැ. ඒ කියන්නේ මම කියපු දේ හරි කියන එකනෙ. දිල්රුක්ෂි කියන කතාව සම්පූර්ණ ඇත්ත. මම දන්නවා මට ආපු බලපෑම කොතෙක්ද කියලා. නමුත් මගෙයි, ඇයගෙයි වෙනස නම් මම ඒ බලපෑමට යටත් වුණෙත් නැහැ. ඇය යටත් වුණා.

ඔබ කියන අන්දමට ආණ්ඩුවට අවශ්‍ය වුණේ නීතියට පිටින් කටයුතු කරන්නයි. මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවීම නීතිවිරෝධී කියලා මතයක් තියෙනවා. මොකක්ද ඔබේ මතය?

මේ ආණ්ඩුව පත්වූයේ යහපාලනය ඇති කරනවා, නීතියේ ආධිපත්‍යය රකිනවා කියලනේ. මේ FCID එක පිහිටුවීම හා ඒක කටයුතු කරපු ආකාරය බැලුවම මේ ගැන හොඳට තේරුම් ගන්න පුළුවන්.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි වගන්තියේ තියෙනවා නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේය කියලා. ඒ වගේම තවදුරටත් කියනව, යම් තැනැත්තකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මතද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුතුය කියලත්. මේකෙ වැදගත්ම කොටස තමා නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව කියන කොටස. ඒ පටිපාටිය සඳහන් කරල තියෙන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ.

ඒවා එහෙම තියෙද්දී මේ යහපාලන ආණ්ඩුව 2015 පෙබරවාරි 13 අංක 1901/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ඇතිකළා බරපතළ ගණයේ මූල්‍ය අපරාධ විමර්ශන සඳහා නව පොලිස් කොට්ඨාසයක්. දැන් මොනවද මේ බරපතළ අපරාධ කියන්නේ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ දණ්ඩ නීති සංග්‍රහයේ කොතනකවත් එහෙම අපරාධ නිර්වචනය කරල නැහැ. අපරාධ නීති මූලධර්මවලට අනුව අපරාධ නිර්වචනයේදී අපරාධමය ක්‍රියාදාමය, මානසික ක්‍රියාදාමය හා දඬුවම ගැබ්වෙලා තිබිය යුතුයි. අපරාධයකට යමෙකු අත්අඩංගුවට ගන්න කොට ඔහු දැන ගත යුතුයි ඔහුට ලැබිය හැකි දඬුවම. ඒ වගේම ඒ දඬුවම දීම සඳහා අනුගමනය කරන ක්‍රියා පටිපාටිය පැහැදිලිව තිබිය යුතුයි.

අපේ නීතියේ කොතැනකවත් මහා පරිමාණ අපරාධ කියල වර්ගයක් නිර්වචනය කරල නැහැ. මේ යහපාලන ආණ්ඩුව මේව නිර්වචනය කරන්නෙ දේශපාලකයෝ ටිකක් එකතු​වෙලා. නමුත් අපේ ව්‍යවස්ථාවෙවත් අපරාධ නඩු විධාන සංග්‍රහයෙවත් දේශපාලකයෝ විසින් එය කළ යුතුයි කියල සඳහන් වෙන්නෙ නැහැ. දැන් මේ ආණ්ඩුවේ දේශපාලකයෝ අගමැතිවරයාගේ කාර්යාලයට රැස්වෙලා එතැනට ගෙන්වනවා රටේ යුක්තිය පසිඳලීමේ කාර්යයට සෘජුවම නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම,​ පොලිසිය. ඊට පස්සේ අර දේශපාලකයෝ තීරණය කරනවා මේ කාර්ය කරන්න ඕනේ කොහොමද කියල තීන්දු කරනවා. මෙන්න මේක තමා අධිකරණයේ ස්වාධීනත්වය, මැදිහත්වීම නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීම පරීක්ෂණ විනිවිද පෙනෙන ස්වභාවයෙන් තොරවීම. මම කියන්නේ FCID එක පිහිටුවීමත් එහි කටයුතු කළ අන්දමත් සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. මේ ක්‍රියාදාමය සිදුවූයේ මුළුමනින්ම දේශපාලන බලපෑම් මත. මම යෝජනා කරනවා ඉදිරියේදී පත්වන ආණ්ඩුවක් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරල FCID කියන මේ නීති විරෝධී ක්‍රියාදාමය තුළ කවුද​​ මේවට සහභාගි වූයේ කොයි විදියටද තීරණ ගත්තේ කියල සම්පූර්ණ පරීක්ෂණයක් කළ යුතුයි කියලා.

– කුල ශ්‍රී කාරියවසම්
aruna.lk

28
අගෝ.
19

උපුල් ශාන්ත සන්නස්ගල හොරාට එරෙහිව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර නඩුව

Leshan Prabodha Widanagamachchi

ඕයි Upul Sannasgala තමුසෙ කැ# හොරෙක් නෙ ඕයි, රැඩිකල් හොරෙක් 😂

බුද්ධිමය දේපළ සහ තම තමන්ගෙ කිල්ලෝට+++

1. විභාග වංචාව හා උපාධි තහනම

උපුල් ශාන්ත සන්නස්ගල යනු කොළඹ විශ්ව විද්යාලයේ ශිෂ්යයකුව සිටි සමයේදී විභාගය වංචා කොට තම උපාධිය පවා තහනම් කරගත්තෙකි. ඒ බව සේපාල් අමරසිංහ 2008 දී පළකළ “සන්නස්ගලගේ ප්රශ්න පත්ර හොරකම” නමැති ග්රන්ථයේ සහ දිනකර පුවත්පතේ (2003.5.25) සදහන් වෙයි. මෙම ප්රසිද්ධ කිරීම්වලට කිසිදු විරෝධයක් එල්ල වී නැත. අවශ්ය නම් මේ බව කොළඹ විශ්ව විද්යාලයේ විභාග අංශයෙන් තවදුරටත් තහවුරු කරගත හැක.

2. උසස් පෙළ ප්රශ්න පත්ර හොරකම

ජනප්රිය හා ධනවත් ගුරුවරයෙකු ලෙස ප්රකට මොහු 2003 දී රජයේ ප්රශ්න පත්ර හොරකම් කළ බවට චෝදනා ලැබීය. මේ බව සාක්ෂි සහිතවම ලක්බිම 2003.06.01 පුවත්පතෙහි පළවිය. විභාග දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියකු රු. ලක්ෂ දෙකක මුදලකට එම ප්රශ්න පත්රය විකුණා ඇතිබව අධ්යාපන අමාත්යාංශය එකල හෙළි කර ගත් බව ලක්බිම 2003.05.22 පුවත් පතෙහි පළ විය. රජයේ ප්රශ්න පත්රයට 100%ක් අති සමාන ලෙස සැකසූ දූෂිත සන්නස්ගලගේ එම අනුමාන ප්රශ්න පත්රය තම පුද්ගලික පන්තිවල සිසු සිසුවියන්ට බෙදා දෙමින් මෙම දූෂිත ගුරුවරයා එකල පවසා ඇත්තේ සල්ලිවලින් කරන්න බැරි දෙයක් නැත යනුවෙනි.මේ ප්රශ්න පත්රයේ ප්රශ්න විභාගයට නාවොත් තමා මහණ වන බවයි. (ලක්බිම 2003-5-23) මෙම ප්රකාශය ගැනද එකල පරීක්ෂණ පැවැත්විණි. මෙම ප්රශ්න පත්රය කලින් පිටවී ඇති බව සනාථ කළ හැකි තොරතුරු සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සමත්වී ඇති බව ලංකා 2003-5-25 පුවත්පත කියා ඇත. රජයේ ප්රශ්න පත්රය මෙසේ සොරකම් කළ බවට එකල චෝදනා ලැබූ මෙම දූෂිතයා එක්සත් ජාතික පක්ෂයේ ප්රබල ආධාරකරුවකු බවත්, මෙම වංචාව සම්බන්ධව රහස් පොලීසිය මගින් සිදු කරනු ලබන පරීක්ෂණවලට දේශපාලන බලපෑමක් එල්ල වන බවත් දිනකර 2003-5-25 පුවත්පත හෙළිකර ඇත. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇතැම් ප්රබලයන් එකළ මෙම පරීක්ෂණ නවතා දැමීමට බලපෑම් කොට ඇති බව මාධ්යවල පළවිය.

3. මහාචාර්ය එදිරිවීර සරත්චන්දගේ ඓතිහාසික නිර්මාණ සොරකම් කිරීම.

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්රගේ මනමේ කෘතිය අනවසරයෙන් අච්චු ගසා ලලිතා සරත්චන්ද්ර විසින් බස්නාහිර පළාත්බද අධිකරණයෙහි ගොනු කළ නඩු අංක 05/2004(3) යටතේ උපුල් ශාන්ත සන්නස්ගල වරදකරු ලෙස තීන්දු විය. ලලිතා සරත්චන්ද්රට ලක්ෂ 5ක් දී නඩුව සමථයකට පත් කර ගත්තේය. මෙසේ කුඩා මුදලක් ගෙවීමට සරත්චන්ද්ර එකග කරවා ගැනුනේ දූෂිත සන්නස්ගල මෙම බුද්ධිමය මංකොල්ලයට වැරදිකරු බව පිළිගත් නිසා සහ අධිකරණමය තීන්දුවට අනුව විශාල වන්දි මුදලක් ගෙවීමෙන් වැලකී සිටීම සදහාය.

4. පියසේන කහදගමගේ පර්යේෂණ ග්රන්ථ හොරකම් කිරීම.

පියසේන කහදගමගේ ලියූ ප්රාදේශීය ව්යවහාර නමැති ජනශ්රැති පර්යේෂණ ග්රන්ථයේ අඩංගු තොරතුරු ඔහුගේ කිසිදු අවසරයකින් තොරව වංචනික ලෙස සොරාගෙන උපුල් ශාන්ත සන්නස්ගලගේ නමින් ප්රකාශයට පත්කොට මුදල් ඉපැයීය. මෙය මහා බුද්ධිමය මංකොල්ලයක් බව හෙළි කරමින් පියසේන කහදගමගේ මහතා රාවය 2001.09.16 පුවත්පත මඟින් හෙළි කළේය. මේ පිළිබදව තවදුරටත් තහවුරු කරගැනීම සදහා පියසේන කහදගමගේ මහතාගේ පුත්
ප්රබෝධ කහදගමගේ මහතාගෙන් විමසිය හැකිය.

5. මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගේ ශාස්ත්රීය පොත් කොල්ලකෑම.

මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගේ පොත් හයක් එළිදක්වා වසර ගණනාවක් ගතවී ඇතත් මේ වන තුරු සතපහක්වත් ඒ මහාචාර්යවරයාට දී නැත. මේ පිළිබද තවදුරටත් තහවුරු කරගැනීම සදහා මහාචාරය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහතාගෙන් තහවුරු කරගත හැකිය.

6. මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ මහා ශබ්දකෝශය ඇතුළු පොත්වලින් මුදල් ගසාකෑම.

මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ මහා ශබ්දකෝෂය ඇතුළු පොත් ඔහුට මුදල් නොදී කොල්ල කා සල්ලි උපයයි. මේ වනවිටත් ගම්ලත් මහත්මිය අධිකරණමය ක්රියාමාර්ග ගෙන එන්තරවාසි කීපයක් යවා ඇතත් දූෂිත සන්නස්ගල අධිකරණයට නොපැමිණ දේශපාලන හා මුදල් බලතල යටතේ කට්ටි පනිමින් සිටී. මේ පිළිබද තවදුරටත් තහවුරු කරගැනීම සදහා ගම්ලත් මහත්මිය ඇමතිය හැක.

ජනතා නැගිටීම අන් සියලු නැගිටීම් වලට වඩා ප්රබලය.

ඉහත සිදුවීම් නිසා සන්නස්ගල නිසා යමෙකු වේදනාවට පීඩාවට පත් වූයේ යම් සේද අද සන්නස්ගලත් යම් පීඩාවකට පත්ව ඇති බව පැහැදිලිය. සංහිඳ ප්රකාශයක් නීති විරෝධීව PDF මාර්ගයෙන් සමාජ මාධ්යයන්හි සැරි සැරීම අනුමත කළ නොහැක. බුද්ධිමය දේපළ සොරකමේ අග මැද මුලක් යා කළ නොහැකි මේ ලංකාවේ සන්නස්ගලගෙ නීති ප්රවේශයට සුභ පතමි.

අනව තප්ත විල

22
අගෝ.
19

Indian Ashok Leyland Fool බස්කාරයා‌ගේ ඉන්දියන් ‌ගොංපාට්…

ඉන්දියාවේ ලොරි චැසී බස් නැවතත් ලංකාවට බලෙන් පැටවීමට ඉන්දීය මහ කොමසාරිස් ඇතුලු නඩය අශොක් ලේලන්ඩ් පක්කලි වැඩ කරයි! ගිය මැයි මසදී ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රනතුංග මැතිතුමා ගැසට් කරනලද මගීන්ගේ පහසුකම් සහිත බස් ප්‍රමීතීන් නැවත වෙනස් කර කිසිම පහසු කමක් නැති Ashok Leyland බස් ප්‍රමිතියට නැවත ගැසට් කරන ලෙස ඉල්ලා ඉන්දියාවෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. ඉන්දීය මහ කොමසාරිස් ලේලන්ඩ් මුදලට යටවී කරනා මේ මහා අපරාධය ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශයද නොමග යවමින් කරන බව පෙනී යයි. ලංකාවේ මගීන්ට සැප පහසුවට යාමට ඇති අයිතිය උදුරා ගැනීමට එරෙහිව මහා සටනක් ඉන්දීය මහකොමසාරිස් කාර්‍යාලය ඉදිරිපිටදී සිදු කිරීමට නියමිතය.

Image may contain: 4 people, people smiling, suit
Indian fools try to shit in sri lanka
21
අගෝ.
19

එක කඳවුරක සිට සුමන්තිරම්, ජවිපේ සහ ඇමෙරිකානු තානාපති ගෑනි හමුදාපතිට විරුද්ධ වීම

ශවේන්ද‍්‍රට විරුද්ද වන බටහිරට එදා මහින්ද ඇඹිලිපිටියේදී දුවන්න දුන් උත්තරය මතක් කර දෙයි..

ලංකාවේ නව හමුදාපති ලෙස ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධයේ පෙරමුණේම සිටි විරෝධාර රණ විරුවෙක් වන ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා පත් කිරීමට ලංකාවේ තිබෙන ඇමෙරිකානු තානාපති කාර්යාලය හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිවරිය විරෝධය පල කර තිබෙ.

ඒ සම්බන්ධයෙන් ආචාර්ය නාලක ගොඩහේවා තම අදහස් පලකලේ මහර නුවර පාරේ අංක 53 තිබෙන සියනෑ කතිකාවේ ප්‍රධාන කාර්යාලයෙදීයි.

‘ශ්‍රී ලංකාව කියන්නේ ස්වාධින රටක්. මේ රටේ හමුදාපතිවරයෙක් පත් කල විට ඒ ගැන විරෝධය දක්වන්නට ලංකාව තුල තියෙන විදේශ තානාපති කාර්යාලයකට පුළුවන් වන තරමට අද ලංකාව බටහිර බලවතුන් ඉදිරියේ හෑල්ලු වෙලා තියෙනවා. මේකට හේතුව අද මේ රට පාලනය කරන නායකයන්ගේ නිවට නියාලු කම. මේ වගේ ප්‍රකාශයක් තනාපති කාර්යාලයකින් කල විට මේ රටේ ජනාධිපතිවරයට අගමැතිවරයට හෝ විදේශ ඇමතිවරයට පුළුවන් වෙන්න ඕනේ අදාල තානපතිවරයා හෝ වරිය ගෙන්වා මේ ගැන ප්‍රශ්ණ කරන්න. ලංකාවේ මින් පෙර සිටි රාජ්‍ය නායකයෝ එහෙම කරල තියෙනවා. සුද්දට ඔහුගේ තැන කියල දීල තියෙනවා. අපට මතකයි 2009 අප්‍රේල් මාසේ ලංකාවේ යුද්ධය නතර කරන්න කියල පනිවිඩයක් ඇරන් ආපු එංගලන්තයේ හා ප්‍රංශයේ විදේශ ඇමතිවරුන්ට ඇඹිලිපිටියේ වැව් තාවුල්ලේ ඉදගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ දුන්න අභීත උත්තරය. ඔහු කීවා “මතක තබා ගන්න මේ රට තව දුරටත් ඔබේ කොලනියක් නොවේ. මේ ක ස්වෛරී රටක්. මෙහි නායකයා විදියට මම කරන්නේ මගේ ජනතාවට අවශ්‍ය දේ මිස ඔබ කියන දේ නෙමෙයි” කියල. අද අපේ රටේ ඉන්න නායකයන්ට පුළුවන්ද කොන්ද කෙලින් තියාගෙන එසේ කියන්න ?

අනික් අතට ඇමෙරිකානු තානාපති කාර්යාලය මේ විරෝධය පල කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ථාවල තිබෙනවා කියලා ශවීන්ද්‍ර සිල්වා යුධ අපරාධ කල කියලා. මේ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්ථා ගැන. නමුත් අපිට අමතක නැහැ 2018 ජනවාරි මාසයේ ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය අතිශයින්ම දූෂිත තැනක් කියා ඉන් ඉවත් වුනා. ඒ ඇමෙරිකාව ඊශ්‍රායායේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන්ට සහාය දෙනවා කියා චෝදනාවක් මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ විටයි. ඇමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධනයේ නිත්‍ය නියෝජිත නිකී හේලි එදා කීවේ මානව හිමිකම් කවුන්සිලය දේශපාලන පක්ෂාග්‍රාහිත්වයෙන් පිරි මඩ වලක් කියලයි , ” A cesspool of political bias” . එදා ඇමෙරිකාවට නරක් වූ මානව හිමිකම් කවුන්සිලයේ වාර්ථා අද ලංකාවේ යුධ විරුවෙක් සමබන්ධයෙන් නිවැරදි වන්නේ කොහොමද කියා අපි අහනවා.

අනික් අතට ජෙනරාල ශවීන්ද්‍ර සිල්වා පමනක් නොවෙයි ත්‍රස්ථවාදයට එරෙහි යුධයට සහභාගී ලංකාවේ කීර්තිමත් යුධ හමුදාව යුධ අපරාධ කල ම්ලේච්චයන් පිරිසක් ලෙස හංවඩු ගැහුනේ කෙලෙසද කවදාද කියන එකත් අප අමතක නොකල යුතුයි. ලංකාවේ හමුදාව යුධ අපරාධ කලායැයි අතිශයින් අසත්‍ය සාක්කි මත පදනම් වූ වාර්ථාවක් 2015 සැප්තැම්බර් මාසයේ 15 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ අවස්ථාවේ යහපාලන රජයේ විදේශ ඇමතිව සිටි මංගල සමරවීර මේ වාර්තාව කියවන්නෙවත් නැතුව , එහි අඩංගු බොරු චෝදනාවල වගකිව යුතු රජයක් ලෙස පිළිතුරු දෙනවා වෙනුවට එම යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ අගය කරමින් පිළිගත්තා. එපමනක් නොවෙයි එම වාර්ථාව පදනම් කරගෙන මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ ජිනීවා 30/1 යෝජනාවට ඇමෙරිකාව සමග එක්ව සම අනුග්‍රාහකත්වය ලබා දුන්නා. කොටිම කියනවානම් ශවීන්ද්‍ර සිල්වලා යුධ අපරාධ කලා කියා මේ අමන යහපාලන ආන්ඩුව ලෝක ඉදිරියේ පිළිගෙන ඉවරයි. මානුෂික මෙහෙයුමට සහභාගී නිලධාරීන්ට පමනක් නෙවෙයි සොල්දාදුවෙකුට වත් අද එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක සේවය කරන්නට අවසර නැත්තේ ඒකයි.

අද අපේම ගේ දොරකඩ ඉද ගෙන ලංකාවේ හමුදා පත් පත් කිරීමට එරෙහිවෙමින් විවිධ පාර්ශව අපේ ස්වෛරීත්වයට ගරහන කොට කටත් පශ්චාත්බාගයත් දෙකම වසා ගෙන ඉන්නට ආන්ඩුවට සිද්ධවෙලා තියෙන්නේ ඒ නිසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියත ජෙනරාල ශවීන්ද්‍ර සිල්වාගේ පත්කිරීමට විරෝධය පලකරලා තිබුනා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය කියන්නේ වැටුපකට වැඩ කරන නිලධරිනියක් පමනයි. පසුගිය කාලය පුරාම අපි දැකල තියෙනවා මානව හිමිකම් කොමසාරිස්වරු දෙමල ඩයස්පෝරාවේ මාධ්‍ය ප්‍රකාශකයන් ලෙස වැඩ කරනවා. ආත්ම ගෞරවයක් තිබෙන රජයක් නම ශ්‍රී ලංකාවේ රජය මේ කොමසාරිස්වරියට පිළිතුරු දිය යුතුයි.

අපි තව දුරටත් දැක්කා දෙමල සංධනයේ නියෝජ්‍ය නායක සුමන්දිරම් මහතා කියනව ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදාපති ලෙස පත් කිරීම දෙමල ජනතාවට කල අවමානයක් කියා. ප්‍රභාකරන් දෙමල ජනතාව ලක්ෂ ගනනක් ආරක්ෂක පලිහක් ලෙස යුධ බිමේ යොදාගෙන සිටින විට කොළඹ සැඟවී ප්‍රබාකරන්ට සහාය දුන් සුමන්දිරම්ට අමතකවෙලා තිබෙනවා ජෙන‍රාල් ශවීන්ද්‍ර සිල්වා ඇතුලු රන විරුවන් යුධ බිමේ කොටි වී සිටි අහිංසක දෙමල ජාතිකයන් 290,000 පමණ ත්‍රස්ථවාදීන්ගේන් මුදවාගත් බව. එසේ ජනතාව මුදවාගත් නිසා තමයි අපි ඒ අවසන් සටනට මානුෂික මෙහෙයුම කීවේ. ඒ අහිංසක මිනිසුන් ඔවුන්ගේ ජීවිත ගලවාගත් හමුදාවට එදා පින් දුන්නා. ඔවුන් ගලවා ගත් විරුවන්ට ගැන මේ ආකාරයට බොරු කීම තුලින් අද දෙමල ජනතාවට අපහාස කරන්නේ ඔවුන්ගේ නියෝජිතයෙක් යැයි කියාගන්නා සුමන්තිරම්මයි.

Image may contain: 1 person, text




අනවශ්‍ය දේවල්

  • 206,351 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2020
බ්‍ර සි සෙ
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය