Archive for the 'යහපාලන' Category

12
අප්‍රේල්
19

අනුර කුමාර දිසානායක අද කැනඩාවට ලගා වුනා. පිලිගත්තේ දෙමලු කොටි ඩයස්පෝරාව

Katana Tharuna Peramuna

Image may contain: 3 people, people smiling, people standing
Image may contain: 2 people, people standing
Image may contain: 1 person, sitting

අනුර කුමාර දිසානායක අද කැනඩාවට ලගා වුනා.පිලිගත්තේ දෙමලු කොටි ඩයස්පෝරාව හා ජෙප්පො ..

කැනඩායට අකුදි ගියේ ගෝඨගේ නඩුවට තොරතුරු දෙන්න ,
නඩුව දාපු ටොරොන්ටෝ වල රෝයි ෂන්මුගම්‍ට.
අකුදි කැනඩාවේ ටොරොන්ටෝ වල දැන් ඉන්නෙ..
house fred කියල ngo එකක් හරහා සුකාගේ මග පෙන්වීමෙන් තමයි නඩු දැම්මේ. අනුර ඒකේ ලංකාවේ නියෝජීතයා වෙයී…
-හාමූ වෙනුවෙන් අකුදි මේ කරන කැපකිරීම යූඇන්පී එකේ සජිත්වත් කරන්නෑ…

රටේ විනාශයට පාර කපන කුහක ගොං ජෙප්පො ලොවෙන්ම තුරන් වන දවස වැඩී ඈතක නොවේ..

Advertisements
15
මාර්තු
19

රටේ ඇති ලොකුම පිළිලය ඕනෑම ජරා වැඩක් කිරීමට ඉදිරිපත් වන ජවිපේ

Image may contain: 2 people
චලිත ලියනපතිරණ

රට නිවැරදි මාර්ගයකට මෙහෙයවීමට ඇති ලොකුම භාදකය නැතහොත් පිළිලය රනිල්, රාජපක්ෂ හෝ සම්බන්ධන් නොව මේ සැමදෙනා පසු පස දනින් වැටෙමින් තම වාසියට රටේ ජනතාව මුලාකරන, පාවා දෙන, පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ මයිල් ගසක් තරම්වත් නොවටින ජවිපෙ වර්තමාන නායකත්වයයි.

වරෙක මොහු රාජපක්ෂ බලයට ගෙන ඒමට හැකි සෑම ප්‍රයත්නයක්ම දැරීය. පසුව රාජපක්ෂ නිදහසේ මවුබිම මංකොල්ල කනවිට ඔහුට එරෙහිව වික්‍රමසිංහ සරණ ගියේය. වික්‍රමසිංහගේ සිහිනය සැබෑ කිරීමට, ඔහු මහා බැංකුව මංකොල්ලකෑ බව දනිමින්ම, ඔහුට විධායක ජනාධිපති බලතල වංචනිකව පැවරීමට, රට්ටු මුලාකරමින් 20 වන සංශෝධනයක් ගෙනවිත් පස්ස බිම ඇන ගත්තේය. දැන් නැවතත් මොහුට රාජපක්ෂට වඩා වෙනත් රජෙක් නැත.

දේශපාලන පක්ෂයක් වූ විට පැහැදිළි ප්‍රතිපත්තියක් තිබිය යුතුය. දැන් මොහු දත නියවන්නේ නැවත වතාවක් රාජපක්ෂට බලය පැවරීම සඳහා ඔහු වෙනුවෙන් නැවත ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමටය.

තමන් රටේ නීතිය, සදාචාරය ගරු නොකරන තම වාසියට ඕනෑම ජරා වැඩක් කිරීමට ඉදිරිපත් වන අයකු බව මොහු රට්ටුන්ට ක්‍රියාවෙන්ම ඔප්පු කර අවසානය.
අධිනීතිඥ නාගානන්ද කොඩිතුවක්කු—-

13
මාර්තු
19

පරිසර අමාත්‍යංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න තිරිසනාගේ තවත් වැඩක්…. මූ එළවන්න එකෙක් ඔතන නැද්ද ?

නකල්ස් ස්වාරක්ෂක කලාපයේ බෙලිගම රක්ෂිතය තුල චීන සමාගමක් කරන මහා පරිමාණ වන විනාශය නොබලා පරිසර ඇමැති සිරිසේන බම්බු ගහනවාද?

(ලංකා ඊ නිව්ස් -2019.පෙබ.02, ප.ව.3.30) පරිසර ඇමැතිවන්නේ ජනාධිපති සිරිසේන ය. ඒ මදිවාට මොරගහකන්ද තමාගේ වැඩක් බව කියමින් පම්පෝරිද කෙළින්නේ ය. කට ඇරිය ගමන් තමා සුදනා බවත් අන් සියළුම දෙනා මේ රට විනාශ කරන උන් බවටත් අවලාද නගන්නේය. ඒ නමුත් මොරගහකන්ද ව්‍යාපෘතියේ ඇලහැර උමං ව්‍යාපෘතිය සිදුකරන ස්ථානය වෙත ප්‍රවේශ මාර්ගයක් ඉදිකරන චීන සමාගම විසින් ලෝක උරුම නකල්ස් වනාන්තරය වනසමින් සිටිනවා මේ පරිසර ඇමැතියා සිරිසේන දන්නේ නැත. මේ මහා විනාශය පිළිබඳ වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය විසින් කරනු ලබන හෙළිදරව්වක් පහත දැක්වේ.

මොරගහකන්ද ජලාශය නූතනයේ ඉදිවුණු රට මැද මහ සයුර ලෙස හඳුන්වන අතර එය අක්කර අඩි 660,000ක් පමණ වේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 557.5ක් වැයකොට අඹන් ගඟ හරස් කොට තැනූ මේ මහා ජලාශයේජල පෝෂක කලාපය දුම්බර වනාන්තරයයි. මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක තුළ පිහිටා ඇති මෙම මහා ජල පෝෂකයේ වපසරිය (දුම්බර වනාන්තරය = නකල්ස් වනාන්තරය) හෙක්ටයාර් 21,000ක් පමණ වේ.යුනෙස්කෝව 2010දී මෙම මහා වනාන්තරය ලෝක උරුමයක් බවට පත් කළේ ආවේණික සත්ත්ව හා ශාක ජීවීන් මෙන්ම ජෛව විවිධත්වයේ ඇති අපූර්වත්වය නිසාය.

මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ ඉහල ඇලහැර උමං ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය වෙත ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරිම සඳහා Sinohydro corporation limited නැමැති ආයතනය විසින් ටෙන්ඩර ලබා ගෙන ඇත්තේ නකල්ස් වනාන්තරයට අයත් ස්වාරක්ෂක කලාපය තුල එම මාර්ගය ඉදි කිරීමටයි. එම ටෙන්ඩරයට අනුව නකල්ස් රක්ෂිත වනාන්තරයේ සේර ඇල්ල ආසන්නයේ සිට 1.8 km ක දුරක් වනාන්තරය තුලින් මාර්ගයක් ඉදිකිරිම සඳහා පරිසර අධ්‍යනය වාර්තාවක් සකස්කර අදාල අවසරයන්ද ලබා ගෙන ඇත. එකී අදාල අවසරයන් ලබා දීමේදී මූලික වශයෙන් පරිසර සංරක්ෂණය සඳහා නිර්ණායක අති විශාල ප්‍රමාණයක් ලබා දී ඇති අතර එම අදාල නිර්ණායකයන් තුල නිසි පරිදි කානු සැකසීම, බෝක්කු දැමීම, පැති බැමි ඉදිකිරීම, තට්ටු ආකාරයෙන් බැමි සකස් කිරීම, ගලවා දමන ලද හා කපා දමන ලද ගස් නිසි පරිදි අදාල ස්ථාන වල ගොඩ ගැසීම, ගඟකට, ඇළකට හෝ ජල මාර්ගයකට කපන ලද පස් බැහැර නොකිරීම වැනි මුලික කෝන්දේසි සමගින් විශාල කොන්දේසි ප්‍රමාණයකට යටත්ව ඇත. එලෙස කොන්දේසි වලට යටත්ව ඉදි කරීම් කල යුතු ඉදිකිරීම් භූමිය නිරීක්ෂණයේදී අපට දැක ගන්නට ලැබුනේ අවසර ලබා දී ඇති 1.8 km ක් වන දුර ප්‍රමාණය ඉතාම ප්‍රථමික ආකාරයෙන් කිසිඳු තත්ත්ව සහතිකයක්, කිසිඳු පරිසර සංරක්ෂණ මුලධර්මයන්, මූලික ඉදිකිරීම් මුලධර්ම සහ සංකල්ප කිසිවක් අනුගමනය නොකරමින් විනාශකාරී ලෙස කපා දමා මහා පරිමාණ විනාශයක් නකල්ස් ස්වාරක්ෂක වනාන්තරයට සිදු කර ඇති බවයි.

කිලෝමීටරයකට ආසන්න දුරක් අනවසරයෙන් කපලා
————————————-
මෙහි සුවිශේෂි කාරණය වන්නේ අවසරය ලබා දී ඇති 1.8 km ට වඩා 750 m කට වැඩි (1 km කට ආසන්න) දුරක් අනවසර ලෙස කපා දමා මාර්ගයක් සකස් කර ඇති බවයි. එකී මාර්ගය සකස් කිරීම සඳහා කිසියම්ම අවසරයක් කිසිඳු නියාමන ආයතනයකින් ලබා ගෙන නැති අතර ඒ සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය හෝ වෙනත් කිසිඳු ආයතනයක් දැනුවත් කර නොමැත. මෙම වැඩිපුර කපා දමා ඇති 750 mකට වඩා වනාන්තරය විනාශ කිරීමට හේතුපාදක වී ඇති කාරණය වන්නේ කබරව ඔය හරහා ඉදිකිරීමට යෝජිත වූ පාලමට වැයවන මුදල් ප්‍රමාණය ඉතිරි කරගෙන 1 km ආසන්න දුරක් වනත්තරය විනාශ කරමින් ගොස් පාලම වෙනවට බෝක්කුවක් පමණක් කබරව ඔය හරහා දමමින් එකී ව්‍යාපෘතිය අවසන් කිරීමට අදාල චීන සමාගමට ඇති අවශ්‍යතාවයයි.

කොන්ත්‍රාත්තුව ලබා ගන්නා ඕනෑම සමාගමක් තමන්ගේ කොන්ත්‍රාත්තු මුදල ලබා ගන්නේ අදාල ඉදිකිරිම සඳහා අවශ්‍ය නිර්දේශය පරිසර කළමනාකරණ සැලසුම් සහ අදාල ක්ෂේත්‍ර සටහන් වැනි සියලු සවිස්තර ලබා දීමෙන් අනතුරුවයි. ඒ අනුව, කබරව ඔය හරහා වන පාලම ඉදිකර මාර්ගය සකස් කිරීම මූලික සැලසුමේ අන්තර්ගතව තිබූ ප්‍රධාන කාරණයක් වන අතර, කිසිඳු අවසරයකින් තොරව බෙලිගම රක්ෂිතය තුල අති විශාල ගස් ප්‍රමාණයක්, පැළෑටි ප්‍රමාණයක් විනාශ කරමින් දැඩි පාංශු ඛාදනයක් සිදු වන ලෙස මාර්ගය සකස් කිරීමත්, ගඟ මැදට ගල් දමා ගඟට බාධා සිද්ධ වන ආකාරයෙන් කටයුතු සිද්ධ කිරීමත්, කබරව ඔයට පස් විශාල ලෙස මුදා හැරීම යන කාරණා සියල්ලත් ගත් කල්හි Shinohydroනැමැති මෙම ආයතනය කර ඇත්තේ මහා පරිමාණ බරපතල වරදකි. එය මෙරට මූලික පරිසර නීති කිහිපයක් උල්ලංඝනය කර ඇති බව සරලවම පෙනී යයි. මෙරට ඉදිවන සංවර්ධන ව්‍යපෘති සම්බන්ධව මූලික නීති විශාල ප්‍රමාණයක් බිඳ දමමින් මුල්‍ය අනුග්‍රහය ලබා දෙන සමාගම් වල පාරිසරික කොන්දේසි (environmental safeguards) සම්පුර්ණයෙන්ම බිඳ දමමින් චීන සමාගම සිදු කරන මේ ක්‍රියාවලිය පරිසරය වෙනුවෙන් කිසිඳු සැලකිල්ලක් නැති බව පෙන්වන ඉතා හොඳින් පෙන්නුම් කරයි. ඉවත් කරන ලද මහා පරිමාණ කළු ගල්, ගලවා දමන ලද අඩි 100ක් පමණ උස ගස් සහ පස් කියුබ් අති විශාල ප්‍රමාණයක් කබරව ඔයට කෙලින්ම මුදා හැර ඇත. මෙලෙස කිසිඳු අවසරයකින් තොරව හිතුමතේට හෙළි කර ඇති සම්පුර්ණ කොටසේ අවම වශයෙන් ගස් 2000 කට වැඩි ප්‍රමාණයක් හෙලා දමා ඇති බව බැලූ බැල්මට දක්නට ඇති අතර මෙම අනවසර කොටසේ කබරව ඔය හරහා වන බෝක්කුව ඉදිකිරීම සඳහා ගෙනත් දමා ඇති කොන්ක්‍රීට් කානු දෙකෙන් එක් කානුවක් මේ වන විට ගඟ දිගේ පහලට ගසා ගෙන ගොස් රැඳී ඇත. එමගින්ද ගඟට යම් තරමකට අවහිර කර ඇත.

පරිසර අමාත්‍යාංශයේ සිරිසේනගේ ලේකමාත් සම්බන්ධයි
———————————-
මේ සම්බන්ධව අප කල සොයා බැලීම් වලදී හෙළි වුයේ මුල්‍ය දායකත්වය ලබා දෙන සමාගම් මෙන්ම මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ තවත් රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක මතය වන්නේ අදාල චීන සමාගම හිතුමතේ ඉදිකිරීම් සහ අනෙක් කටයුතු සිදු කරමින් සිටින බවත්, කිසිඳු පරිසර කළමනාකරණ සැලැස්මක් අනුගමනය නොකරමින් කිසිඳු නියාමන ආයතනයකට සවන් නොදෙන බවත්ය. අදාල නියාමන ආයතන විසින් සැබෑ නියාමනයක් හෝ සොයා බැලීමක් නොකරන බවත් සහ ඊට හේතුව ලෙස අදාල චීන සමාගමට පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සහය අනවශ්‍යය ලෙස ලැබෙන බවත්ය. එමෙන්ම අපට වාර්ථා වූ තවත් කරුණක් වුයේ අදාල චීන සමාගම මෙම අනවසර හෙළි කිරීම නීත්‍යානුකූල කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට නොයෙක් රාජ්‍ය ආයතන වලටද පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් බලපෑම් කර ඇති බවයි. එසේම, මේ සම්බන්ධ ගැටළු සොයා බැලීම සඳහා ඔහු විසින්ම ගොස් අදාල සමාගමෙන් වන්දි අය කරගන්නා බවත්, හෙලා ඇති 2000 කට අදික ගස් ප්‍රමාණය සියයකට ආසන්න පමණක් බවත් ප්‍රකාශ කර සිටීම මහත් විමතිය දනවන කාරුණකි. මන්ද යත්, අදාල කොටසේ හෙලා ඇති ගස් ප්‍රමාණය අවම වශයෙන් අමාත්‍යංශ ලේකම්වරයාගේ ගණනය මෙන් දස ගුණයක් වත් විය යුතුය.

සිදුකර ඇති මහා පරිමාණ විනාශයට වෙනුවට නැවත ගස් සිටුවීම හෝ වෙනත් තැනක කැලයක් සෑදීමට වඩා කල යුතු වන්නේ එවැනි වරදක් නැවත වරක් සිදු නොවීමට නීතිමය කටයුතු සිදු කිරීමයි. මූලික වශයෙන් මෙරට ජාතික පරිසර පනත, වන සංරක්ෂණ පනත, පාංශු සංරක්ෂණ පනත වැනි විශාල පනත් ප්‍රමාණයක් උල්ලංඝනය කිරීම වෙනුවෙන් අවශ්‍ය වන නීතිමය දඬුවම් ලබා දීමත්ය. තවද විශාල දඩ මුදලක් කොන්ත්‍රාත් සමාගමෙන් අය කර ගත යුතු බවත් අදාල ක්‍රියාවලිය සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවත් අපගේ ඉල්ලීම වේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකී ක්‍රියාව නියාමනය කිරීමටත් ඒ සම්බන්ධව වගකීම ගැනීමත් සිදු කල යුතු බව අපි තරයේ ප්‍රකාශ කර සිටින අතර මන්ද යත් එක්දැව ගසක් හෙලු පමණින් අහිංසක ගැමියෙකු පවා අත් අඩංගුවට ගැනීමේ බලය සහ අත් අඩංගුවට ගැනීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කරන අතර, මෙවන් මහා පරිමාණ අනවසර කැලෑ හෙළි කිරීම් චීන සමාගමක් විසින් සිදු කරන විට, එසේ නොකර සිටීම පොදුවේ රටක් වශයෙන් රටටත් පොදු මහා ජනතාවටත් වැරදි පූර්වාදර්ශයන් සැපයීමකි.

කයිවාරු සිරිසේන නිදිද?
——————————
අදාල චීන සමාගම අවසරය ලැබුණු 1.8 km ක දුරත්, අනවසරයෙන් කපා ඇති 1km කට ආසන්න දුරත් නිරීක්ෂණය කිරීමේදී අපට මතුවූ විශාලම ගැටළුව වන්නේ පෙර සඳහන් කරන ලද පරිසර කළමනාකරණ සැලසුම් භාවිතා නොකිරීම හා අනුගමනය නොකිරීමත් සහ එය නියාමනය කිරීම සඳහා වගකීම පැවරී ඇති නියාමන ආයතන එය නියාමනය නොකිරීමත්ය. තවද එවැනි ක්‍රියාවලියක් සිදු කිරීම සඳහා ඩොලර් මිලියන සිය ගණනින් කොන්ත්‍රාත් සමාගමකට ලබා දිය යුතු නොමැති අතර බැකෝ යන්ත්‍රයක් ක්‍රියාත්මක කල හැකි ඕනෑම සාමාන්‍ය රියදුරුවරයෙකු මගින් අවම මුදලකට එම රාජකාරියම කරවා ගත හැකි බවත්ය. අන්තර්ජාතික සහ විදේශ සමාගමකට මෙලෙස ටෙන්ඩර කැඳවා, පරිසර අධ්‍යන වාර්තා සිදු කොට, පරිසර කළමනාකරණ සැලසුම් සකස් කොට ව්‍යාපෘතියක් ලබා දෙන්නේ පරිසර සංරක්ෂණය මූලික කරගෙන එකී සංවර්ධන කටයුත්ත කල යුතු නිසාවෙන් විනා මෙලෙස හිතුමතේ බැකෝ යන්ත්‍රයක් හුරුවීමට ක්‍රියාත්මක කරන අයෙකු මෙන් ඉතා දැඩි විනාශයක් සිදු කරමින්, වනාන්තරය මැදින් හිතුමනාපෙට මාර්ගයක් තැනීමට නොවේ. ඒ අනුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙකී අනවසර වන හෙළි කිරීමත්, අනවසර මාර්ග සැකසීමත්, අදාල චීන සමාගම මූලික පරිසර නීති ඇතුළු මෙරට පොදු නීති විශාල ප්‍රමාණයක් උල්ලංඝනය කිරීමත්, ඒ සම්බන්ධ අදාල නියාමන ආයතන ක්‍රියාත්මක නොවීමත් සහ මෙකි චීන සමාගමට එවැනි ක්‍රියාවලියක නිරත වීමට ශක්තියක් ලැබීමට පිටුපසින් සිටී දූෂිත රාජ්‍ය නිලධාරීන් කවුරුන්ද යන වගත්, අවසානයේ ඔවුන් කර ඇති විනාශයට ඔවුන්ට දැඩි දඬුවම් සහ විශාල වන්දියක් අයකර ගැනීමත්, එමගින් හෙලා ඇති වනාන්තර සහ ශාක මෙන් සිය ගුණයක වනාන්තර ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කරන ලෙස වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

පේශල පසන් කරුණාරත්න විසිනි
මාධ්‍ය සම්බන්ධීකාරක – වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය
——————————
(ශත වර්ෂ ගණනකින් හදා වඩා ගත නොහැකි තරම් පැරණි විශාල ගසක් කපා දැමීමට සලකුණු කර ඇති අතර ඒ ගස මෙහි සේයාරුවක දැක්වේ)

Image may contain: 1 person, text
Image may contain: mountain, sky, outdoor, nature and water
Image may contain: one or more people, tree, outdoor and nature
Image may contain: sky and outdoor
06
මාර්තු
19

රෙන්ටප්යි‍රස් ලංකා එකෙන් ටොයිලට් හදන්න ලෝන් දෙනවලු – අපි ගොන්නු

අපි ගොන්නු නෙ….. says:

නිකං දීපු බ්රෙ ස්ලට් එක දාගෙන ෆ්රීැ වයිෆයි සොන් එකේ ඉඳලා FB ගිහින් …කොහොම හරි ටෝක් කරලා නංගි කෑල්ලක් දාගත්තා…මොටර් බයික් එකේ යන එක අතෑරලා …පුංචි කාර් එකක් අරන් නංගි කෑල්ල දාගෙන රවුම් ගැහුවා…

අපේ ගමේ අහිංසක මුදලාලිලා දෙන්නෙක් නීත්යාමනුකූලව ලයිෂන් අරන් බාර් දෙකක් කරනවා එව්වා වටේ බයිට් විකුණන ,ස්වයංරැකියා කරන ඇන්ටිලා,අක්කලා දිහා බැලුවෙත් නෑ…නංගි කෑල්ල හිංදා….

බාර් එක පිටිපස්සේ මුදලාලිටම අයිති සුද්දියන්ට ජංගි මහන මහන පොඩි ගාමන්ට් එකක තමයි නංගි කෑල්ල වැඩ කලේ…

එකේ ලැබෙන පඩිය මදි හිංදා ගාමන්ට් එක පිටිපස්සෙ තියෙන බාර් මුදලාලිටම අයිති…ආයුර්වේද මද්දියස්ථානේ අත්බෙහෙත්…කොටලම නංගි කෑල්ලගේ දකුණු අතත් රිදෙනවා කියය ඉන්න කොටම තමයි….

තමයි..අයවැය මෝස්තරේ දැක්කේ එන්ටර්පයිසිස් ලංකා එකෙන් කසාද බඳින අයට ගෙවල් හදන්න ලෝන් දේනවලු….

රෙන්ටසප්රෝයිස් ලංකා එකෙන් ටොයිලට් හදන්න ලෝන් දෙනවලු….

මම මේ භයෙන් ඉන්නේ මෙව්ව දෙන්නේ සමලිංගික විවාහවලට විතරද කියලා….ඒ මදිවට මැතිවරණයක් එනවලු….

06
මාර්තු
19

හැමිනෙන ගොං තකයා ….

ජන බලය

03
මාර්තු
19

රනිල් නම් ගොං තකයා තිරුපති හු…… පු… දෙනවා.

චන්දෙ දීපු එවුන් කාපල්ල ගූ

රත්තර ග්‍රෑම් එකක් රු 7000 නම් කිලෝ 80 ක් කීයද.. 7000 x 80000 = 560,000,000.00 හෙවත් මිලියන 560.. මහ බැංකුව කඩපු සල්ලි නෙවෙයි ඕන්.. පරම්පරාවෙන් ආපුව..

නිරාගමික සෙට් එජේ නායකයා අද වෙනකොට තිරුපති ගිහිල්ලා තමන්ගේ බරට රත්තරන් ඉන්දියාවේ තිරුපති කෝවිලට පුජ කරන්න තරම් මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා තියෙනවා.

මේ පූජා කරල එන රත්තරං ටික රනිල් වික්‍රමසිංහ මහන්සියෙන් හම්බ කරපු දෙයක් නෙමෙයි ඔබ අපි හැමදෙනාම එකතුවෙලා හම්බ කරපු ස්ථාවර වත්කම් විදියට එකතු කරපු රත්තරන් සංචිත වලින් කොටසක් තමයි මේ විදියට ගිහිල්ලා ඉන්දියාවට පූජ කරලා එන්නේ.මෙහෙම රටේ ස්ථාවර වත්කම් පිටරටවල්වලට නිකම්ම නිකන් දීලා දානකොට තව අවුරුදු 1500 ක් මේ රට දියුණු කරන්න නම් බෑ තමයි

25
පෙබ.
19

දුම්රිය 16 ක්, දුම්රිය මාර්ග 12 ක්, දුම්රිය ස්ථාන 24 ක්, බස් 553 ක්, ඩිපෝ 15 ක් ජනතා විමුක්ති පෙරමුණ ගිනිතබා විනාශ කළේය

අපි නොදන්න LIVE – ජවිපයේ ‘විද්වත්’ වෙස්මුහුණ හා කුහකත්වයේ හෙළුව
===========================================

සූත්‍ර පිටකයේ, සංයුක්ත නිකායේ මාර සංයුක්තය නම් කොටසක් ඇත. මාරයා සහ ඔහුගේ දස බිම්බරක් වූ සේනාව විවිධ වෙස් ගත් ආකාරය එහි සඳහන්ව ඇත. දේව, යක්ෂ, භූත, මනුෂ්‍ය, සිවුපා, සර්ප ආදී විවිධ වෙස් ගෙන ඇති මාරයා ගැන කියවන විට මාගේ මනසට මේ දිනවල නිතැතින්ම එන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. කලින් කලට විවිධ වෙස් ගන්නා ඔවුන් කලෙක විප්ලවාදීන් ලෙසද, තවත් කලෙක සමාජවාදීන් ලෙසද, මෑතකදී ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙසද වෙස් මාරු කළ අතර ඔවුන් අතිශය නිර්ධන වී හිටි හැටියේ උග්‍ර ධනවාදී වන අවස්ථා නැතුවාද නො වේ. මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණේ අලුත්ම වේෂය විද්වත් වේෂයයි.

විවිධ කේෂ්ත්‍රවල පොතේ උගතුන් කීපදෙනෙක් හා තම සාමාජිකයන් පිරිසට විද්වත් සළු පොරවා වෙනස් වේෂයකින් පැමිණිය ද, ගොනා හැරෙන්නේ පොල් පැළය කෑමට බව ජනතාව (සියල්ලන්ම නොවේ) දැන් තේරුම් ගෙන ඇත. උගතුන් බිහිවීම හොඳ ය. නමුත් සියළු උගතුන් හොඳ වන්නේ යැයි හෝ පරිපාලනයට සුදුසු වන්නේ යැයි ඉන් අදහස් නො වේ. ඔසාමා බින්ලාඩන් සිවිල් ඉංජිනේරුවෙකු වූ අතර ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර පරිපාලනය පිළිබඳව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූවෙකි. ලොව සිටි භයානකම ත්‍රස්තවාදියෙකු ලෙස සැළැකූ ඉන්දියාවේ යාකූබ් මෙනන් ද වරලත් ගණකාධිකාරියෙකි. ඇමරිකාවට එල්ල කළ 9/11 ප්‍රහාරය මෙහෙය වූ කාලිඩ් ෂෙයික් මොහොමඩ් ද විද්‍යා උපාධිධාරියෙකි. මෙවැනි උදාහරණ සිය ගණනක් සැපයීමට හැකිය. උපාධියක් තිබෙන නිසා විද්වත් බැවින් ත්‍රස්තවාදීන් රටක් පරිපාලනය කිරීමට ඉල්ලා සිටිය හොත් කුමක් විය හැකි ද? මේ දිනවල විද්වත් සළු පොරවා ගත් ජනතා විමුක්ති පෙරමුණට ද මෙය අදාළ ය.

කලකට පෙර රනිල් වික්‍රමසිංහ ආසියාවේ මහා මොළකරු යයි සිතූ ජනතාවක් ඔහුට මෙරට සිංගප්පූරුවක් කළ හැකි බව සිතා ඔහු ප්‍රමුඛ ආර්ථික ඔස්තාර්වරුන්ට රට බාරදුන් අතර එහි ප්‍රතිඵලය වූයේ චීනයට පමණක් දෙවැනි වෙමින් 7.2% ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගෙන සිටි ශ්‍රී ලංකාව 2018 වසර අවසාන වනවිට ආර්ථික වර්ධනය 3% දක්වා පල්ලම් බැස ආයෝජනයට පවා නුසුදුසු රටක් ලෙසට පරිවර්තනය වී තිබීම ය. පෙට්ටි කඩයක් හෝ පාලනය කරගත නොහැකි ප්‍රායෝගික නොවන උපාධිධාරී විද්වතුන් වසර හතරක් තුළ රටට කළ සේවය එබඳු ය. ඔවුන් මොළකරුවන් ‍‍යැයි තවමත් සිතාසිටින ජනතාවක් ඉතිරිව සිටීම මෙරටට ඇති ලොකුම කරුමයයි.

විද්වතුන් යනු වාසියට පාට මාරු කරනා උපාධිධාරී කටුස්සන් නොවේ. ප්‍රායෝගික මිනිසුන් ය. ලී ක්වාන් ‍යූ (සිංගපූරුව), දෙන්ග් ෂියාඕපින්ග් (චීනය) , මහතීර් මොහොමඩ් (මැලේසියාව), ෂෙයික් සයිඩ් බින් සුල්තාන් (එක්සත් අරාබි එමීර් ‍රාජ්‍යය) වැනි මිනිසුන් ය. ලෝකය වෙනස් කරන්නේ ප්‍රායෝගික මිනිසුන් මිස වේදිකා මත බේගල් ඇද බා නූගත් ජනතාව මුළාකරනා මිනිසුන් නොවේ.

මෑතක සිට සමාජ ජාලාවල වැඩියෙන් සැරිසරන ඡායාරූපයක් ඇත. එය මෙරට දුම්රියක පාපුවරුවේ එල්ලීගෙන ගමන් ගන්නා මගීන් සිටින ඡායාරූපයකි. ජනතා විමුක්ති පෙරමුණට සහය දක්වන සාමාජිකයන් හා පේජයන් එය සංසරණය කරන්නේ ” 70 වසරක සංවර්ධනය” යන ශීර්ෂය සහිතව ය. 1970 දශකය වනවිට ආසියාවේ ජපානයට පමණක් දෙවැනි වූ ආර්ථිකයක් සහ පොදු ප්‍රවාහන ක්‍රමයක් තිබුණ මෙරටේ දුම්රිය 16 ක්, දුම්රිය මාර්ග 12 ක්, දුම්රිය ස්ථාන 24 ක්, ලංගම බස් 553 ක්, ඩිපෝ 15 ක් ජනතා විමුක්ති පෙරමුණ විසින් ගිනිතබා විනාශ නොකළේ නම් මෙරට පොදු ප්‍රවාහන සේවය මීට වඩා හොඳ මට්ටමක තිබෙන්නට ඉඩ තිබුණි. මෙරට සංවර්ධනය කාබාසිනියා කර දමන්නට 70 දශකයේ සිටම හවුල් වූ ජනතා විමුක්ති පෙරමුණ ඉහත සඳහන් ඡායාරූපය හුවමාරු කරගන්නේ දෛවයේ සරදමක් නිසාම විය හැකි ය.

සිංහ හම් පොරවා ගත්ත ද වෘකයා වෘකයා ම ය. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී වෙනත් නම් වලින් විද්වත් සළුපිළි පොරවාගෙන එන ජනතා විමුක්ති පෙරමුණ දකිනා විට අපට කීමට ඇත්තේ ” අපි නොදන්න LIVE ” කියා පමණකි.

================
සොනාල ගුණවර්ධන

Image may contain: 2 people, text




අනවශ්‍ය දේවල්

  • 188,715 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2019
බ්‍ර සි සෙ
« මාර්තු    
 123456
78910111213
14151617181920
21222324252627
282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා

Advertisements