Archive for the 'මොහාන් රාජ් මඩවල' Category

15
මාර්තු
19

රටේ ඇති ලොකුම පිළිලය ඕනෑම ජරා වැඩක් කිරීමට ඉදිරිපත් වන ජවිපේ

Image may contain: 2 people
චලිත ලියනපතිරණ

රට නිවැරදි මාර්ගයකට මෙහෙයවීමට ඇති ලොකුම භාදකය නැතහොත් පිළිලය රනිල්, රාජපක්ෂ හෝ සම්බන්ධන් නොව මේ සැමදෙනා පසු පස දනින් වැටෙමින් තම වාසියට රටේ ජනතාව මුලාකරන, පාවා දෙන, පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ මයිල් ගසක් තරම්වත් නොවටින ජවිපෙ වර්තමාන නායකත්වයයි.

වරෙක මොහු රාජපක්ෂ බලයට ගෙන ඒමට හැකි සෑම ප්‍රයත්නයක්ම දැරීය. පසුව රාජපක්ෂ නිදහසේ මවුබිම මංකොල්ල කනවිට ඔහුට එරෙහිව වික්‍රමසිංහ සරණ ගියේය. වික්‍රමසිංහගේ සිහිනය සැබෑ කිරීමට, ඔහු මහා බැංකුව මංකොල්ලකෑ බව දනිමින්ම, ඔහුට විධායක ජනාධිපති බලතල වංචනිකව පැවරීමට, රට්ටු මුලාකරමින් 20 වන සංශෝධනයක් ගෙනවිත් පස්ස බිම ඇන ගත්තේය. දැන් නැවතත් මොහුට රාජපක්ෂට වඩා වෙනත් රජෙක් නැත.

දේශපාලන පක්ෂයක් වූ විට පැහැදිළි ප්‍රතිපත්තියක් තිබිය යුතුය. දැන් මොහු දත නියවන්නේ නැවත වතාවක් රාජපක්ෂට බලය පැවරීම සඳහා ඔහු වෙනුවෙන් නැවත ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමටය.

තමන් රටේ නීතිය, සදාචාරය ගරු නොකරන තම වාසියට ඕනෑම ජරා වැඩක් කිරීමට ඉදිරිපත් වන අයකු බව මොහු රට්ටුන්ට ක්‍රියාවෙන්ම ඔප්පු කර අවසානය.
අධිනීතිඥ නාගානන්ද කොඩිතුවක්කු—-

Advertisements
10
මාර්තු
19

‘සුද්දා උසස් අපි පහත්’

ඔල්කොට්ලා දේශීය දැනුම් මග යටපත් කළ හැටි

‘සුද්දා උසස් අප පහත්’ යන සිතුවිල්ල ඉන්දියාව ලංකාව වැනි රටවල ස්වදේශිකයන් අතර පැතිරයාමට, ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය ප්‍රධාන හේතුවකි. චීනය මෙම මානසික රෝගය දුරුකර දමා ඇත. ලංකාවට රෝගය බෝකිරීමට සම්බන්ධ වූ පුද්ගලයින් ගණනාවකි. ඔවුන් අතර ඇමෙරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කොට්ට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි.

‘පානදුරාවාදය පිළිබඳව ඉංග්‍රීසි පත්තරවල පළවූ විස්තර කියවා සිංහල බෞද්ධයන්ට උපකාර කිරීමට අදහස් කරගත්, ඕල්කොට් ලංකාවේ බෞද්ධ නායකයින් සමග සම්බන්ධකම් ඇතිකර ගත්තේය’යි සඳහන් කරන්නෝ සිටිති. තවත් සමහරුන් පවසන ආකාරයට ඉන්දියාවට එන්නට පෙර සිටම ඕල්කොට් බෞද්ධයෙකි. මේ කිසිවක් ඇත්ත නොවේ.

මිෂනාරින් සමග වාද කළ භික්ෂුන් වහන්සේ, බුද්ධාගමේ සූත්‍ර හැරුණු විට බයිබලය වැනි විශාල පොත්වල අඩංගු තොරතුරු පරිච්ඡේද සහ පිටු අංක සහිතව හිතේ ධාරණය කරගෙන සිටියේ කෙසේද යන්න ඕල්කොට් ප්‍රමුඛ ‘තියෝසොපි’ නායකයින්ට ප්‍රහේලිකාවක් වූ බවට තොරතුරු පවතී. හින්දූන් සහ බෞද්ධයින් වේගයෙන් ඉගෙන ගන්නේ කෙසේද? ඔවුන් විෂයන් ගණනාවක් එකවර හදාරන්නේ කෙසේද? ඉගෙන ගන්නා හැම දෙයක්ම සිතේ ධාරණය කරගන්නේ කෙසේද? ආදිය ඔවුන් සාකච්ඡා කළ තවත් මාතෘකා කිහිපයකි.

බුදුරජාණන් වහන්සේ දීර්ඝ කාලයක් මුළුල්ලේ දේශනා කළ ධර්මය පුස්කොළවල ලියවෙන තුරු ආරක්ෂා කරගත්තේ භික්ෂුන් වහන්සේගේ මතකයෙනි. මේ ආකාරයට මතක ශක්තිය වැඩි දියුණු කළ, ‘භාණකවරුන්’ නම් භික්ෂූන් සිංහල රට තුළ බිහිකිරීම ඇරඹෙන්නේ මිහිඳු හිමියන් මූලික වී පිහිටුවූ මහාවිහාරයෙනි. භාණකවරුන් බිහිකර ඇත්තේ කුඩා සාමනේරවරුන්ගේ මනස දියුණු කිරීමෙනි. ඇතැම් ඇන්ජීඕකාරයින් කුලදරුවන් මහණ කිරීම ළමා හිංසනයක් යයි මොරගහන්නට සැබෑ හේතුව සාමනේරවරුන් බිහිකිරීම වැළැක්වීමට ආණ්ඩුව මගින් නීති පිළියෙල කරවා, බුදුසසුන දුර්වල කිරීමට ඇති වුවමනාවයි. ළමා හිංසනය පෙරදිග ක්‍රියාවක් නොවේ. ඉදිරියේදී එය වෙනත් ලිපියකින් පැහැදිලි කරමු.

ධර්ම ශාස්ත්‍රය සහ වේදය පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යාමට හැකි වන පරිදි පුද්ගලයාගේ මතක ශක්තිය වර්ධනය කරන ක්‍රම ඉන්දියාවේ බ්‍රාහ්මණයන් අතර පැවතුණි. ටිබෙට් රටේ ලාමාවරුන් අතරද තිබුණි. මේ හැම තොරතුරක්ම කොල්ලකෑමේ හැකියාව තියෝසොපිවාදීන්ට තිබුණි.

අදටත් සිංහල බෞද්ධයින් අතර ළමයින්ට අකුරු කියවීම නමින් චාරිත්‍රයක් පවතී. එය ළමයෙකු වෙනුවෙන් කරන පළමුවෙනි මංගල්‍යයයි. අතීතයේ ඒ සිරිතට සම්බන්ධ සංස්කෘතික අංග රාශියක් තිබුණි. ගුරුවරුන් දරුවන්ට අකුරු උගන්වා ඇත්තේ ගායනා ක්‍රම අනුවය. අකුරුවලින් ඇරඹෙන ශිල්ප දැනුම දරුවන්ගේ මොළයේ තැන්පත් කර ඇත්තේ ගායනා ආධාරයෙනි. ගීතයෙන් දරුවන්ගේ මොළයේ දකුණු පැත්ත අවදි වූ අතර දැනුම මොළයේ වම් පැත්තේ තැන්පත් වුණි. බ්‍රාහ්මණයෝ දරුවන්ට අකුරු කියවීමෙන් පසු ඔවුන් දැනුම යම් මට්ටමකට එද්දී, උපනයන මංගල්‍යය පැවැත් වූහ. භික්ෂූන්ගේ උපසම්පදා උළෙල මීට සමාන එකකි. කොටහළු සිරිත ගැහැනු දරුවන් සඳහා වූ අධ්‍යාපන වැඩපිළිවෙළක නටබුන් අංගයකි.

නගරයේ බෞද්ධ නායකයින් එකතු කර කොළඹ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා ගැනීමෙන් තියෝසොපි සොසයිටිය ලැබුවේ පුදුමාකාර ජයකි. එය වනාහි, කර්නල් ඕල්කොට් ඇමරිකානු හමුදාවේ හිටියා නම්, පදක්කමක් ලැබීමට තරම් දක්ෂකමකි. බෞද්ධ ඉංග්‍රීසි පාසල් පිහිටුවීම මගින් සිංහල බෞද්ධයින් සමග බෞද්ධ අධ්‍යාපනයට අයත් හැම දැනුමක්ම තියෝසොපි සමාජයට හිමි විය. මීට සමාන ක්‍රමවලට හින්දුන්ගේ අධ්‍යාපන ක්‍රම පිළිබඳව දැනුම ලබා ගැනීමට ද ඔවුහු සමත් වූහ. මෙසේ උපක්‍රමශීලීව ලබාගත් දේශීය දැනුම, තියෝසොපි සමාජය හරහා ජීර්ණ කරගත් ඇතැම් සුදු ජාතිකයින් යුරෝපයේ මතුවී ඇත්තේ මහා ගවේෂකයින් ලෙසිනි.

තියෝසොපි සංගමයේ ජර්මන් ශාඛාවේ සභාපති රුඩෝෆ් ස්ටයිනර් එවැන්නෙකි. ඔහු හඳුන්වා දුන් ‘වල්ඩෝෆ්’ අධ්‍යාපන ක්‍රමය ජර්මනිය කිසිදාක නොදැන සිටි ඉගෙනුම් ක්‍රමයකි. ස්වභාවික පරිසරය තුළ ගායනා කරමින් නටමින් අකුරු ඉගෙනීමේ ළමා අධ්‍යාපන ක්‍රමයක්ද ඔහු හඳුන්වා දුන්නේය. වල්ඩෝෆ් අධ්‍යාපන ක්‍රමය සහ ස්ටයින්ර්ගේ ළමා අධ්‍යාපන ක්‍රමය යුරෝපය පුරා පැතිර ගියේය. මෙය තනිකරම බෞද්ධ සහ බ්‍රාහ්මණ අධ්‍යාපන ක්‍රමයේ සංකලනයකි. තියෝසොපි සමාජය හරහා ලබාගත් පෙරදිග දැනුමකි.
හිට්ලර්ට පක්ෂව සිටි ඉතාලියේ ආඥාදායක මුසොලිනිට සේවය කළ මරීයා මොන්ටිසෝරි පෙරදිග ළමා අධ්‍යාපනය ගැන තොරතුරු සෙවීමට අද්යර්හි තියෝසොපි මූලස්ථානයට පැමිණි ඉතාලි ජාතික වෛද්‍යවරියකි. බ්‍රාහ්මණ ළමා අධ්‍යාපනය ගැන තොරතුරු සෙවූ ඇය සාමනේර අධ්‍යාපනය ගැන තොරතුරු සෙවීමට ලංකාවට පැමිණ ඇත්තේ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගමේ ආධාරයෙනි. අද්යර් තියෝසොපි මූලස්ථානයේ ළමා පාසලක් ඇරඹූ ඇය, තමා ලැබු දැනුම පිළිබඳ ප්‍රයෝගික පර්යේෂණයක යෙදුණාය. ඉන්පසු ඉතාලියට ගොස් ළමා අධ්‍යාපන විශේෂඥවරියක වශයෙන් සොයාගැනීම් ඉදිරිපත් කළාය. මොන්ටිසෝරි නමින් ලංකාවේ පළමු ළමා පාසල් අරඹා ඇත්තේ මරියා මොන්ටිසෝරිගේ ශිෂ්‍යාවන් බව කියන කාන්තාවන් දෙදෙනෙකු විසිනි.

මෙවැනි යුරෝපීය ගවේෂකයින් ඉදිරිපත් කළ සොයාගැනීම් යුරෝපයේ සහ ඇමරිකාවේ පැතිරෙන අතරතුර ඉන්දියාව, ලංකාව වැනි රටවලටත් පැමිණ තිබේ. ඒ බටහිර සොයාගැනීම් වශයෙනි. බොහෝ දෙනෙකුට මේ දැනුම් මංකොල්ලය ගැන හරි වැටහීමක් නැත. තව පිරිසක් වැටහීම ඇතත් ඒ බව නොපෙනෙන අයුරින් හැසිරෙති. වර්තමානයේද එම ක්‍රියාව ඒ ආකාරයටම සිදුවේ.

මානසික ආතිතය ඇතුළු මානසික රෝග ගණනාවක් සඳහා භාවිතා කරන ඇමරිකාවේ උපන් ‘මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන්’ නමැති මානසික වෛද්‍ය ක්‍රමය හොඳම උදාහරණයයි. ඇමරිකානු ජාතික මහාචාර්ය ජෝන් කබට් පන්සල්වල කරක්ගසා භික්ෂූන් ඇසුරුකර උගත් විපස්සනා භාවනාව මෙහි පදනමයි. ඔහු මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් නමින් නව වෛද්‍ය ක්‍රමයක් පිහිටුවූ ගවේෂකයෙකු වශයෙන් ගෞරව ලබයි. වැදගත්ම කතාව පන්සලේ ජීවත්වෙමින් පන්සලෙන් උගත් ඔහු ගවේෂකයෙකු වූ පසුව අතීතය හෙළිවනවාට දැක්වූ අකමැත්තයි. තමා ඉදිරිපත් කරන්නේ විද්‍යාත්මක මානසික ක්‍රමයක් විනා බෞද්ධ භාවනා ක්‍රමයක් නොවන බව, ඔහු ගෙන් ප්‍රශ්න කරන්නන්ට පවසා තිබේ.

බටහිර උගතුන් මේ ආකාරයෙන් හැසිරෙන්නට හේතුවක් තිබේ. ඇමරිකාවට ඇත්තේ අවුරුදු දහස් ගණනක් පැරණි ඉතිහාසයකි. නමුත් පාප්තුමාගේ ‘බුල්’ නියෝගය හේතුවෙන් ක්‍රි. ව. 1492 කොළොම්බස් ඇමරිකාව සොයාගත් බව සමස්ත ක්‍රිස්තියානි යුරෝපයටම පිළිගැනීමට සිදුවිය. ඇමරිකාවේ පුරාණ රාජධානි වෙත භික්ෂුන් වහන්සේ වැඩිය බවට සාක්ෂ්‍ය තිබේ. චීන නාවිකයින් එහි ගිය බවට තොරතුරු ඇත. ඒ මොන තොරතුරු ඇතත්, අදටත් ඇමරිකාව සොයාගන්නා ලද්දේ කොලොම්බස් විසින් යැයි බටහිර පාසල්වල උගන්වති. යුරෝපීයන්ගේ හැම සොයාගැනීමක්ම ලෝකය පිළිගන්නේ ‘බුල්’ නීති සම්ප්‍රදාය අනුවය.

කොලොම්බස් ඇමරිකා මහාද්වීපය වැනසූ බවට අප්‍රමාණ සාක්ෂ්‍ය තිබේ. මේ බව දැන දැනත්, කොලොම්බස් මානව සංහතියට කළ අපරාධය නොදන්නා සේ ඔහු ශ්‍රේෂ්ඨ දේශගවේෂකයෙකු වශයෙන් ලංකාවේද ඇගැයුමට ලක්වේ. සිංහල පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු කොලොම්බස් පිළිබඳව ලියූ ළමා පොතක ‘කොළොම්බස් සහ ඔහුගේ චාරිකා පිළිබඳ හොඳ දේවල් සිහිකරමු’ යි සඳහන්ය.

ඇමරිකාවේ, එංගලන්තයේ හෝ වෙනත් යුරෝපා රටකට සම්බන්ධ කිසියම් සුදු ජාතික උගතෙකු සිංහල භාෂාව, බුද්ධාගම හෝ සිංහල සංස්කෘතියේ කිසියම් අංගයක් ගැන අදහසක් ප්‍රකාශ කළ සැණින් ප්‍රීතියට පත්වීම හීනමානයේ ලක්ෂණයකි. ඇත්ත වශයෙන්ම, ඒ බොහෝ අවස්ථාවල සිදුවන්නේ අපගේ උරුමයක් වර්ණනා කරමින් කොල්ලකෑමයි. ඒ සඳහා නීතිමය හිමිකමක් ලබාගැනීම හා අපට හඳුනා ගැනීමට නොහැකි ලෙසට ජීර්ණ කරගැනීම මෙවැනි පුද්ගලයින්ගේ සිරිතකි. සමහර අවස්ථාවලදී ඔවුන්ගේ ආගමට, සංස්කෘතියට නොගැළපෙන දේ දිරවා ගැනීමට නොහැකි බැවින් හලා දැමීමත් මෙවැන්නන්ගේ සිරිතකි.

බෞද්ධයින් විශාල පිරිසකගේ ධජයක් වී බැබලෙන නාස්තික බෞද්ධ දර්ශනය ඉදිරිපත් කරන බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්ය ස්ටෙෆන් බැචලර් නිදසුනකි. තමා බුද්ධාගම ඉගෙන ගත්තේ ඉන්දියාවේ ධර්මශාලාහි භික්ෂුවකගෙන් යැයි බැචලර්ගේ පැරණිම ලේඛනයන්හි සඳහන් වේ. ධර්මශාලා යනු දලයි ලාමාතුමා වාසය කරන ආරාමයයි. බැචලර් භික්ෂුවක වශයෙන්ද කටයුතු කර තිබේ. පසුව විවාහ ජීවිතයක් අරඹා මහා බෞද්ධ ලේඛකයකු වූයේය.

ස්ටෙෆන් බැචලර් බුද්ධාගම පැහැදිලි කරන්නේ එහි මූලික හරයන් හලා දමමිනි. කර්මය හා පුනර්භවය සම්පූර්ණයෙන්ම ඉවත්කර තිබේ. කර්මය සහ පුනර්භවය, බුදුන් නොවදාළ, පසු කාලයක භික්ෂුන් වහන්සේ විසින් බ්‍රාහ්මණ ආගමින් බුදුදහමට එකතුකරගත් අදහස් යයි ඔහු පවසා තිබේ. ලංකාවේ ඇතැම් බෞද්ධ උගත්තු බුද්ධාගම ගැන අදහස් දක්වන අවස්ථාවල ස්ටෙෆන් බැචලර්ගේ අදහස් ඉතාම ගරු සරු ඇතිව සඳහන් කරති.

http://www.aruna.lk/%e0%b6%94%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%…/…

03
මාර්තු
19

රනිල් නම් ගොං තකයා තිරුපති හු…… පු… දෙනවා.

චන්දෙ දීපු එවුන් කාපල්ල ගූ

රත්තර ග්‍රෑම් එකක් රු 7000 නම් කිලෝ 80 ක් කීයද.. 7000 x 80000 = 560,000,000.00 හෙවත් මිලියන 560.. මහ බැංකුව කඩපු සල්ලි නෙවෙයි ඕන්.. පරම්පරාවෙන් ආපුව..

නිරාගමික සෙට් එජේ නායකයා අද වෙනකොට තිරුපති ගිහිල්ලා තමන්ගේ බරට රත්තරන් ඉන්දියාවේ තිරුපති කෝවිලට පුජ කරන්න තරම් මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා තියෙනවා.

මේ පූජා කරල එන රත්තරං ටික රනිල් වික්‍රමසිංහ මහන්සියෙන් හම්බ කරපු දෙයක් නෙමෙයි ඔබ අපි හැමදෙනාම එකතුවෙලා හම්බ කරපු ස්ථාවර වත්කම් විදියට එකතු කරපු රත්තරන් සංචිත වලින් කොටසක් තමයි මේ විදියට ගිහිල්ලා ඉන්දියාවට පූජ කරලා එන්නේ.මෙහෙම රටේ ස්ථාවර වත්කම් පිටරටවල්වලට නිකම්ම නිකන් දීලා දානකොට තව අවුරුදු 1500 ක් මේ රට දියුණු කරන්න නම් බෑ තමයි

25
පෙබ.
19

දුම්රිය 16 ක්, දුම්රිය මාර්ග 12 ක්, දුම්රිය ස්ථාන 24 ක්, බස් 553 ක්, ඩිපෝ 15 ක් ජනතා විමුක්ති පෙරමුණ ගිනිතබා විනාශ කළේය

අපි නොදන්න LIVE – ජවිපයේ ‘විද්වත්’ වෙස්මුහුණ හා කුහකත්වයේ හෙළුව
===========================================

සූත්‍ර පිටකයේ, සංයුක්ත නිකායේ මාර සංයුක්තය නම් කොටසක් ඇත. මාරයා සහ ඔහුගේ දස බිම්බරක් වූ සේනාව විවිධ වෙස් ගත් ආකාරය එහි සඳහන්ව ඇත. දේව, යක්ෂ, භූත, මනුෂ්‍ය, සිවුපා, සර්ප ආදී විවිධ වෙස් ගෙන ඇති මාරයා ගැන කියවන විට මාගේ මනසට මේ දිනවල නිතැතින්ම එන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. කලින් කලට විවිධ වෙස් ගන්නා ඔවුන් කලෙක විප්ලවාදීන් ලෙසද, තවත් කලෙක සමාජවාදීන් ලෙසද, මෑතකදී ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙසද වෙස් මාරු කළ අතර ඔවුන් අතිශය නිර්ධන වී හිටි හැටියේ උග්‍ර ධනවාදී වන අවස්ථා නැතුවාද නො වේ. මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණේ අලුත්ම වේෂය විද්වත් වේෂයයි.

විවිධ කේෂ්ත්‍රවල පොතේ උගතුන් කීපදෙනෙක් හා තම සාමාජිකයන් පිරිසට විද්වත් සළු පොරවා වෙනස් වේෂයකින් පැමිණිය ද, ගොනා හැරෙන්නේ පොල් පැළය කෑමට බව ජනතාව (සියල්ලන්ම නොවේ) දැන් තේරුම් ගෙන ඇත. උගතුන් බිහිවීම හොඳ ය. නමුත් සියළු උගතුන් හොඳ වන්නේ යැයි හෝ පරිපාලනයට සුදුසු වන්නේ යැයි ඉන් අදහස් නො වේ. ඔසාමා බින්ලාඩන් සිවිල් ඉංජිනේරුවෙකු වූ අතර ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර පරිපාලනය පිළිබඳව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූවෙකි. ලොව සිටි භයානකම ත්‍රස්තවාදියෙකු ලෙස සැළැකූ ඉන්දියාවේ යාකූබ් මෙනන් ද වරලත් ගණකාධිකාරියෙකි. ඇමරිකාවට එල්ල කළ 9/11 ප්‍රහාරය මෙහෙය වූ කාලිඩ් ෂෙයික් මොහොමඩ් ද විද්‍යා උපාධිධාරියෙකි. මෙවැනි උදාහරණ සිය ගණනක් සැපයීමට හැකිය. උපාධියක් තිබෙන නිසා විද්වත් බැවින් ත්‍රස්තවාදීන් රටක් පරිපාලනය කිරීමට ඉල්ලා සිටිය හොත් කුමක් විය හැකි ද? මේ දිනවල විද්වත් සළු පොරවා ගත් ජනතා විමුක්ති පෙරමුණට ද මෙය අදාළ ය.

කලකට පෙර රනිල් වික්‍රමසිංහ ආසියාවේ මහා මොළකරු යයි සිතූ ජනතාවක් ඔහුට මෙරට සිංගප්පූරුවක් කළ හැකි බව සිතා ඔහු ප්‍රමුඛ ආර්ථික ඔස්තාර්වරුන්ට රට බාරදුන් අතර එහි ප්‍රතිඵලය වූයේ චීනයට පමණක් දෙවැනි වෙමින් 7.2% ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගෙන සිටි ශ්‍රී ලංකාව 2018 වසර අවසාන වනවිට ආර්ථික වර්ධනය 3% දක්වා පල්ලම් බැස ආයෝජනයට පවා නුසුදුසු රටක් ලෙසට පරිවර්තනය වී තිබීම ය. පෙට්ටි කඩයක් හෝ පාලනය කරගත නොහැකි ප්‍රායෝගික නොවන උපාධිධාරී විද්වතුන් වසර හතරක් තුළ රටට කළ සේවය එබඳු ය. ඔවුන් මොළකරුවන් ‍‍යැයි තවමත් සිතාසිටින ජනතාවක් ඉතිරිව සිටීම මෙරටට ඇති ලොකුම කරුමයයි.

විද්වතුන් යනු වාසියට පාට මාරු කරනා උපාධිධාරී කටුස්සන් නොවේ. ප්‍රායෝගික මිනිසුන් ය. ලී ක්වාන් ‍යූ (සිංගපූරුව), දෙන්ග් ෂියාඕපින්ග් (චීනය) , මහතීර් මොහොමඩ් (මැලේසියාව), ෂෙයික් සයිඩ් බින් සුල්තාන් (එක්සත් අරාබි එමීර් ‍රාජ්‍යය) වැනි මිනිසුන් ය. ලෝකය වෙනස් කරන්නේ ප්‍රායෝගික මිනිසුන් මිස වේදිකා මත බේගල් ඇද බා නූගත් ජනතාව මුළාකරනා මිනිසුන් නොවේ.

මෑතක සිට සමාජ ජාලාවල වැඩියෙන් සැරිසරන ඡායාරූපයක් ඇත. එය මෙරට දුම්රියක පාපුවරුවේ එල්ලීගෙන ගමන් ගන්නා මගීන් සිටින ඡායාරූපයකි. ජනතා විමුක්ති පෙරමුණට සහය දක්වන සාමාජිකයන් හා පේජයන් එය සංසරණය කරන්නේ ” 70 වසරක සංවර්ධනය” යන ශීර්ෂය සහිතව ය. 1970 දශකය වනවිට ආසියාවේ ජපානයට පමණක් දෙවැනි වූ ආර්ථිකයක් සහ පොදු ප්‍රවාහන ක්‍රමයක් තිබුණ මෙරටේ දුම්රිය 16 ක්, දුම්රිය මාර්ග 12 ක්, දුම්රිය ස්ථාන 24 ක්, ලංගම බස් 553 ක්, ඩිපෝ 15 ක් ජනතා විමුක්ති පෙරමුණ විසින් ගිනිතබා විනාශ නොකළේ නම් මෙරට පොදු ප්‍රවාහන සේවය මීට වඩා හොඳ මට්ටමක තිබෙන්නට ඉඩ තිබුණි. මෙරට සංවර්ධනය කාබාසිනියා කර දමන්නට 70 දශකයේ සිටම හවුල් වූ ජනතා විමුක්ති පෙරමුණ ඉහත සඳහන් ඡායාරූපය හුවමාරු කරගන්නේ දෛවයේ සරදමක් නිසාම විය හැකි ය.

සිංහ හම් පොරවා ගත්ත ද වෘකයා වෘකයා ම ය. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී වෙනත් නම් වලින් විද්වත් සළුපිළි පොරවාගෙන එන ජනතා විමුක්ති පෙරමුණ දකිනා විට අපට කීමට ඇත්තේ ” අපි නොදන්න LIVE ” කියා පමණකි.

================
සොනාල ගුණවර්ධන

Image may contain: 2 people, text

22
පෙබ.
19

චන්දය දුන් තොපිට ‌ෙහෙන ගහනවා තිරිසන්නු

12
දෙසැ.
18

නිරුවත සමාජගත කරමු ! සමබිම හා සිනමා තක්කඩින්ගේ ගොංපාට් !

තක්කඩි සංවිදාන එකතුව

05
දෙසැ.
18

මග හිරවුන රටබෙදන කොන්ත්‍රාත්තුව හා වසර 4 1/2 කට විසිරවිය නොහැකිය යන අරුම පුදුම කොන්දේසිය

– ආචාර්ය නාලක ගොඩහේවා ( මව්බිම 04-12-2018)

2009 මැයි 19 දා ත්‍රස්තවාදයට එරෙහිව වූ යුද්ධය ජයග්‍රහණයකින් නිම විය. එදා අපේ රටේ ජනතාව ප්‍රීති ඝෝෂා නැගුවේ බෙදුම්වාදීන්ගෙන් රට නිදහස් වීය යන අවංක විශ්වාසයෙනි

නමුත් ඉන් වසර කිහිපයක් ගතවන්නටත් පෙර බෙඳුම්වාදයේ අඳුරු මතකයන් යලි වතාවක් මතුවන්නට පටන් ගැනුනි. මෙවර බෙදුම්වාදීන් සටන් බිම ලෙස තෝරාගත්තේ ජිනීවාහී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයයි. මෙවර ඔවුන් සටනට පිවිසියේ තනිවම නොවේ. රටවල් ගනනාවක සහායද තමුන්ට ලබා ගනිමිනි. කොටි ත්‍රස්ථවාදීන් විසින් ලොව පුරා ගොඩනගා සුරක්ෂිතව තිබුනු විශාල මුල්‍ය ජාලයද ඔවුන්ගේ සවියට එක්ව තිබුනි.

මේ අභිනව සටන් පෙරමුණේ නායකයෝ උපාය මාර්ග වලින් ප්‍රභාකරන්ටත් වඩා ඉදිරියෙන් සිටියහ. ඔවුන් මුලින්ම කලේ සිය සමස්ත බලයම යොදවා ත්‍රස්ථවාදය එදා අවසන් කල ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂව චන්දයකින් පරාජය කිරීමට 29 වතාවක් චන්ද පැරදී වික්ෂිප්තව සිටි රනිල් වික්‍රමසිංහට උපකාර කිරීමයි. මේ උපකාරයට ප්‍රතිචාර ලෙස ඔවුන්ට අවශ්‍ය දේ කර දීමට රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර කන්ඩායම පොරොන්දු කරවා ගෙන තිබුනි.

2012 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මතව තිබූ ලංකාවට එරෙහි යෝජනාවකින් ඇරඹි කුමන්ත්‍රණය 2015 වන විට බොහෝ දුරට උඩු දුවා තිබුනි. 2012 පලමු යෝජනාවේ කියැවුනේ ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධයේ අවසාන අදියරේදී යම් වැරදි සිදු වූවාදැයි සොයා බැලිය යුතු බවය. බැලූ බැල්මට එම යෝජනාවේ බරපතල කරුණක් අඩංගු නොවිනු නිසා බොහෝ රටවල සහාය එයට ලැබුනි. 2013 ආ දෙවන යෝජනාවේ යුධ සමයට අමතරව ලංකාව තුල සිදුවන දේශපාලන කටයුතු ගැනද යම් සඳහනක් තිබුනි. එහෙත් 2014 ඉදිරිපත් වූ යෝජනාවේ ලංකාවේ ස්වෛරීත්වයට දරුණු ලෙස බලපානා කරුණු අඩංගු වූ අතර ලංකාව පිලිබඳ පරීක්ෂනයක් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට නියෝග කරන ලෙස ඉල්ලා තිබුනි. මේ යෝජනාව සම්මත වී තිබුනේ ලංකාවට පක්ෂපාත වූ සමහරක් රටවල බරපතල විරෝදය මධ්‍යයේය. උදාහරණයක් වශයෙන් 2014 යෝජනාවට ඉන්දියාව හා පකිස්ථානය යන දෙරටම විරුද්ධ වූයේ මෙය ස්වාධීන රටක අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමක් බව සඳහන් කරමිනි. එහෙත් අන්තවාදී දෙමල ඩයස්පෝරාවේ බලපෑම් මත මේ යෝජනාවද සම්මත කර ගැනීමට බටහිර රටවල් සමත් වූහ. මේ වන විට රාජපක්ෂ ආන්ඩුව එලවා දැමීමේ වගකීම කරට ගෙන තිබූ රටවල් අතර ඇමෙරිකාව , මහා බ්‍රිතන්‍යය, ජර්මනිය, ප්‍රංශය , නෝර්වේ , කැනඩාව වැනි රටවල් ඉදිරියෙන්ම සිටියහ.

 

 

2015 ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය රාජපක්ෂලා හා මෙම බාහිර බලවේග අතර වූ සටනක් විය. කොන්ග්‍රස් ආන්ඩුව පරදා ඉන්දියාවේ අලුතින් බලයට පත් වී සිටි මෝඩී රජයද චීනය සමඟ ලංකාව ඕනෑවට වඩා සමිපය යන වැරදි මතයක් ඇති කරගෙන සිටි නිසා මේ කාර්යයට එක් වූ බවක් පෙනේ. ඒ අනුව මහින්ද ජනාධිපතිවරයා පරාජය කිරීම සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම , ඒ සඳහා සහායට දේශපාලන පක්ෂ රාශියක් ඒකරාශී කිරීම, මූලෝපමාය හා මුල්‍යමය සහාය නොමදව ලබා දීම් ආදිය සිදු කරන ලද්දේ මේ බාහිර බල වේග විසිනි.

2016 දී ඇමෙරිකාවේ පලවූ රාජ්‍ය ලේඛණයක එවකට ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා සඳහන් කොට තිබුනේ ලංකාවේ බුරුමයේ හා නයිජීරියාවේ පැවති රජයන් වෙනස් කිරීම සඳහා 2015 දී ඇමෙරිකානු රජය ඩොලර් මිලියන 680 ක් වැය කල බවය. මින් තුනෙන් එකක් ලංකාව වෙනුවෙන් වැය වුනානම් මහින්ද රාජපක්ෂ බලයෙන් ඉවත් කිරීම සඳහා ඇමෙරිකාව වියදම් කල මුදල පමනක් රුපියල් කෝටි 3000 කට වැඩි විය යුතුය. මහා පරිමාණ ප්‍රචාරක කටයුතු වලට උදව් දෙමින්, විශාල බොරු ගොඩක් ජනගත කරමින්, දේශපාලනඥයින් මිලදී ගනිමින් ඉතා ප්‍රබල චන්ද ව්‍යාපාරයක් දියත් කරන්නට එකල විපක්ෂයට හැකි වූයේ කෙලෙසද යන්න මින් පැහැදිලිය.

ජිනීවා වල ලංකාවට එරෙහිව 4 වන යෝජනාව හෙවත් 30/1 යෝජනාව ඉදිරිපත් වන්නේ 2015 ජනාධිපතිවරණය හා මහ මැතිවරණය යන දෙකටම පසුවය. 2015 මාර්තුවල ඉදිරිපත් වීමට තිබුණ යෝජනාව සැප්තැම්බර් වලට කල් දමනු ලබන්නේ එහි අන්තර්ගතය ශ්‍රී ලාංකික ජනතාව දැන ගත්තානම් එය 2015 අගෝස්තු මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණට පැහැදිලිවම අවාසි විය හැකිව තිබුන නිසාය.

2015 සැප්තැම්බර් වල ඉදිරිපත් වූ 30/1 යෝජනාව හොඳින් විමසා බලන්නෙකුට පෙනී යන්නේ එය යටත් විජිත වාදී රජයක් විසින් යටත් කොලනියකට දෙන නියෝග මාලාවක් ලෙසය. මෙම යෝජනා මාලාව හරහා ලංකාවේ ස්වෛරීත්වය පැහැදිලිවම අභියෝගයට ලක් කොට ඇත. නම්බුකාර රටක් කිසි විටක පිලි නොගත යුතු වූ මේ යෝජනාවලිය ඒ වන විට බලයට පත් වී සිටි යහපාලන ආන්ඩුව හිස් මුදුනින් පිලිගත්තා පමනක් නොව එයට සම අනුග්‍රාහකත්වය දැක්වීමේ ද්‍රෝහීකම හරහා මෙම යෝජනාවට එරෙහිව අන් කිසිදු රටක් විසින් අදහස් දැක්වීම පවා වලක්වන ලදී.

එදා පටන් 2018 සැප්තැම්බර් මස වන තුරු යහපාලන රජයට හරියට කල එකම දෙය නම් එකින් එක මේ යෝජනාවලියේ පොරොන්දු වූ කරුණු ක්‍රියාත්මක කිරීමය. යෝජනාවේ සඳහන් වූ කරුණු 20 කින් තව කරන්නට ඉතුරුව තිබෙන්නේ නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදීම පමනි.

මේ ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරණා ලද්දේ අන්තවාදී දෙමල ඩයස්පෝරාවට විවිධ ක්‍රම හරහා සම්බන්ධ වන පුද්ගලයින් විසින් බව වටහා ගත නොහැක්කෙකු දේශපාලනය ගැන අදහස් දැක්වීමටවත් සුදුසු නැත.

මෙම නව ව්‍යවස්ථාවෙන් කරන්නට බලාපොරොත්තු වන්නේ මධ්‍යම රජය දුර්වල කොට පලාත් පාලන ආයතන ශක්තිමත් කිරීමය. ඊලඟ පියවර වටහා ගන්නට මහා බුද්ධියක් අවශ්‍ය නැත. මියගිය ප්‍රභාකරන් අද සිටින තැනක සිට පුදුම වනු ඇත්තේ තමුන්ට වසර 30 ක ආයුධ සන්නද්ධ යුද්ධයකින් කරගන්නට නොහැකි වූ දෙය ටයිකෝට්, වේට්ටි කාරයන් පිරිසක් එක්ව මෙතරම් පහසුවෙන් ලබා ගත්තේ කෙසේද කියායි.

2015 යහපාලන රජය බලයට ගෙන ආ බාහිර බලවේග තම කොන්ත්‍රාත්තුව ඉටු කිරීමට තෝරාගත් විශ්වාසවන්තයා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා නොව කවදත් තම වාසිය සඳහා කොලයක ඔතා රට විකුනන්නට වුවත් සූදානම් මානසිකත්වයක සිටි රනිල් වික්‍රමසිංහ මහතාවය.

ඒ නිසා කොන්ත්‍රාත්තුව ඉටු කර අවසන් වන තුරු රනිල් වික්‍රමසිංහ බලයේ තබා ගැනීම ඉතා වැදගත් විය.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ඉතිහාසය විමසා බලන ඕනෑම කෙනෙකුට පෙනී යන්නේ වසර 2 -3 කට වඩා තම ජනප්‍රියතාව රඳවාගෙන බලයේ සිටීමට ඔහු අසමත් බවය. මින් පෙර 3 වතාවකම අගමැති වුනත් ඔහු වසර 3ක කාලයක් අගමැති ලෙස සම්පූර්ණ කර නොතිබුනි.

19 ව්‍යවස්ථා සංශෝදනය නමින් සෝබිත හිමියන් පවා රැවටූ කපටි උපක්‍රමයක් හරහා මන්ත්‍රීවරුන්ගෙන් 2/3 ක ඉල්ලීමක් නැතිව පාර්ලිමේන්තුව වසර 4 1/2 කට විසිරවිය නොහැකිය යන අරුම පුදුම කොන්දේසියක් ව්‍යවස්ථාවට එක කරනු ලබන්නේ වෙන කිසිවක් නිසා නොව මෙසේ තමා බාර ගත් කොන්ත්‍රාත්තුව අවසන් වන තුරු රනිල් වික්‍රමසිංහ මහතා බලයේ තබා ගැනීම අත්‍යවශ්‍ය බැවිනි.

එහෙත් කුරුමාණම වැරදුනේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක තමා ඉත්තෙකුව ඇති බව වටහා ගත් නිසාදෝ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ව්‍යවස්ථාවේම සිදුරකින් රිංගා රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති කමෙන් ඉවත් කොට පසුව ව්‍යවස්ථාවෙම සඳහන් තම බලතල භාවිත කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හල බැවිනි.

හදිසියේ සිදුවූ මේ විපතින් අන්ද මන්ද වු රනිල් වික්‍රමසිංහ මහතා ගේ සේවාදායකයින් ඔහුට දී ඇති උපදෙස කිසි සේත්ම මේ තත්වය පිලි නොගන්නා ලෙස විය යුතුය. මන්ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩය අතහැරියහොත් බාර ගත් කොන්ත්‍රාත්තුව අවසන් කල නොහැකි නිසාය.

ජනාධිපතිවරයාගේ තීන්දුව අද උසාවියේ අභියෝගයට ලක්වී ඇත්තේ මෙබැවිනි.

මේ අතර අද ජනතාව අසන ප්‍රශ්ණය අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිරිසේන ජනාධිපතිතුමා කල ඉල්ලීම බාරගන්නට ඉක්මන් වුනාද යන්නයි.

කිසිසේත්ම නැත.

ඔක්තෝබර් 26 අගමැති කම බාරගෙන මහින්ද රාජපක්ෂ මහතා රට ගලවා ගත්තේ විශාල අනතුරකිනි.

ඉන් සිදු වූයේ නව ව්‍යවස්ථාවක් හරහා වසර ගනනාවකට ජනාධිපතිවරණයත් , පාර්ලිමේන්තු මැතිවරණයත් යන දෙකම කල් දමා ගැනීමට තිබුන කපටි කුමන්ත්‍රණයක් පරාජය කිරීමයි.

නව ව්‍යවස්ථාව සම්මත වූවා නම් පාර්ලිමේන්තුව විසින් තෝරාගනු ලබන ජනාධිපතිවරයෙක් පත් වීමට නියමිත ව තිබුනි. සමහර විට කරු ජයසූරිය මහතා බලාපොරොත්තුව සිටියේ මෙය විය හැක.

ඔක්තෝබර් 26 ට පෙර පාර්ලිමේන්තුවේ බල තුලනය තිබූ ආකාරයට නව ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම සම්මත වීමට නියමිතව තිබුන අතර එසේ වූවා නම් 2019 ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නැත.

අලුත් ව්‍යවස්ථාව සම්මත වූ පසු පාර්ලිමේන්තුවේ ආසන ගනන වෙනස් වීමට නියමිත්ව තිබුනි. ඒ 25 සිට 233 දක්වා වැඩිවීමට නියමිතව තිබුනි. කොට්ටාශ ප්‍රමාණය 160 සිට 140 ට අඩු වීමට නියමිත්ව තිබුනි.

ඒ සදහා අලුතින් සීමා නීර්ණ කමිටුවක් පත් කිරීමට නියමිතව තිබුනි.

නමුත් මේ සදහා කොපමන කාලයක් දෙනවාද, එය යලිත් කල් දමනවාද යන්න තීරණය කිරීමේ බලය තිබෙනු ඇත්තේ වත්මන් පාර්ලිමේන්තුව විසින්ම පත් කරනු ලබන අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පිලිපදින්නෙක් වන දුර්වල ජනාධිපතිවරයෙකුටය.

මේ අනුව නව ව්‍යවස්ථාව සම්මත වූවා නම් තව බොහෝ කලකට මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් අපේක්ෂා කල නොහැක

ජනතාව තේරුම් ගත යුත්තේ තවත් බලා සිටියා නම් පහසුවෙන් චන්දයකට ගොස් දිනන්නට තිබුනා යන මතය වැරදි බවය.

අපේ ප්‍රජාතන්ත්‍රවාදී චන්ද අයිතිය තවත් බොහෝ කලකට උදුරාගන්නට ඔවුන් සැලසුම් කොට තිබු කපටි උපක්‍රමයක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිසා වැලකුනි

අද ඔවුන් දෙදෙනාටම අවශ්‍ය බව පෙනෙන්නේ ස්ථාවර රජයක් පිහිටවීම සදහා නව පාලකයින් පත් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට ලබා දීමටය.




අනවශ්‍ය දේවල්

  • 190,833 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2019
බ්‍ර සි සෙ
« මැයි    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා

Advertisements