Archive for the 'මුහුන්තන් කනගසූර්හම්' Category

14
නොවැ.
18

පුංචි අම්මගේ මිනිහා රනිල්ව රකින්න පුක දෙයි.

රනිල්ගේ ආණ්ඩුව පෙරලන්න දෙන්න බෑ..

රනිල්ගේ ආණ්ඩුව පෙරලන්න දෙන්න බෑ.. මහින්දට විරුද්දව විශ්වාස භංගයක් බාර දෙයි..

ආණ්ඩුව පෙරලා දැමීමේ කුමන්ත්‍රණයේ එක් කොටසක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පරාජය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද පාර්ලිමෙන්තුවේදී එම කුමන්ත‍්‍රණයේ ඉතිරි කොටස පරාජය කරන බව එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කතානායකවරයා හා ජවිපෙ අතර පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

මේ අතර ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් පවසන්නේ අගමැති මහින්ද රාජපක්‍ෂට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් විශ්වාස භංග යෝජනාවක් කතානායකවරයා විසින් බාර දී ඇති බවයි.

පැවති එජාප ආණ්ඩුව පෙරලා දැමීම සදහා ජනතා විමුක්ති පෙරමුණ කොළඹ විරෝධතා පවත්වා තවම මසක්වත ගෙවී නොගොස් තිබියදී ආණ්ඩුව පෙරලා දැමීම පරාජය කරන්නේ යයි පැවසීම සිත්ගන්නා සුළුය.

Advertisements
12
නොවැ.
18

ලංකාවේ ලේ වැගිරෙනවා කියමින් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ඉල්ලන රනිල් බූරුවා

 

22
ඔක්.
18

මංගල අංකල් ඔයා දන්නව ද ? ගෝඨා ගේ මිනී මෝරු ගැන ?

Shantha Lanka

ගෝඨා ගේ මිනී මෝරු

” ඔයා දන්නව ද ? ඔය සුදු වෑන් වලින් උස්සන් ගිහිපු අය ගෝඨා ගේ ගෙදර හිටපු මිනී මෝරුන්ට කන්න දැම්මලු..”

මෙවැනි හෝ මීට සමාන කථා 2015 ජනාධිපතිවරණයට පෙර බහුලව අසන්නට ලැබුණි…තවමත් ඉඳහිට අසන්නට ලැබේ..මෑතකදී මිගමුව ප්රදේශයේ කටට බ්රේක් නැති නීතිඥවරියක් ද මේ ගැන ඇයගේ මුහුණු පොතට ද එක්කර තිබුණේ ඇය එම මිනී මෝරුන් ඇසින් දුටුවා ලෙසය. ලංකාවේ බහුතරයක් මිනිසුන් පහසුවෙන් රැවටිය හැකිය. සමහරු උපන් ගෙයි මෝඩයන්ය. කවුරුන් හෝ කටකතාවක් ප්රචාරය කළ සැණින් කරුණු නොවිමසා හිස් මුදුනින් පිළිගනී. ගෝඨා ඇති දැඩි කළ මිනී මෝරුන්ගේ කතාවද මෙවැන්නකි.

■ ගින්නක් නැතුව දුමක් නගියි ද ?

මෙය මෙරට යුද්ධය තදින් පැවති කාල වකවානුවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා එවකට ආරක්ෂක ලේකම්වරයා විය. ඔහු වරක් LTTE ත්රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප්රහාරයකට ද ලක් විය. LTTE ත්රස්තවාදීන් ඔහුට ඇස ගසාගෙන සිටි නිසා ඔහුගේ ජීවිතය තිබුණේ අනතුරේය. එම නිසා ඔහුගේ සොයුරු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ගේ ආරක්ෂාව තර කළේය. මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුට ලැබී තිබු නිල නිවසේ එදිනෙදා ජීවිතය ගතකළේ ආරක්ෂක භටයන් 200ක් පමණ පිරිවරාගෙනය. රටේ ආරක්ෂාව ගැන ඔහුට තිබු වගකීම සුලුපටු නොවීය. ඔහු දිවා රාත්රී වෙහෙසුනේ ත්රිවිධ හමුදාපතිවරුන් සමග සාකච්ජා කරමින් සැලසුම් හදමින් මෙම ත්රස්තවාදී ගැටළුව සදහටම නිම කිරීමටය. මෙම අධික මහන්සියේ ප්රථිපලය වුයේ ඔහුගේ මානසික ආතතිය ඉහළ යාමයි…වෛද්යවරයා ඔහුට මානසික අභ්යාස කිරීමට උපදෙස් දුන්නද ඔහුට ඒ සඳහා වෙලාවක් තිබුණේ නැත. මෙය තේරුම් ගත් වෛද්යවරයා ඔහුට නිවසේ මාළු ටැංකියක් සාදා ඉඩකඩක් ලැබුණු විට ඒ දෙස බලා සිටින ලෙස උපදෙස් දුන්නේය. නමුත් මේ යෝජනාවත් ඔහු එක් කනකින් අසා අනෙක් කනින් පිට කළේය. ඔහුගේ ඒකායන අරමුණ වුයේ හැකි ඉක්මනින් කුරිරු යුද්ධය නිමා කිරීමයි. වෛද්යවරයා ගේ මෙම මාළුටැංකි යෝජනාව ගෝඨා ගේ මිතුරෙකුට දැනගන්නට ලැබුණි. විශේෂය වුයේ ඔහු සුරතල් මත්ස්ය කර්මාන්තයේ හසල දැනුමක් ඇත්තකු වීමයි…මේ මිතුරා වුයේ රත්මලානේ ආනන්ද පතිරණයි…ඔහු මාළු ටැංකියට අවශ්ය මාළු සපයා දෙන්නට ස්වෙච්ජාවෙන්ම ඉදිරිපත් වූ නමුත් ඔහුට මාළු ටැංකියක් සාදා දෙන්නට තරම් හැකියාවක් නොවූ නිසා ඔහුගේ පිහිටට පැමිණියේ ගෝඨා ගේ තවත් මිතුරෙකු වූ අශෝක ග්ලාස් හි හිමිකරු වූ මහින්ද ජිනදාස යි. ඉන්පසු සැලසුම් කළ ලෙසම මාළු ටැංකිය සෑදුන නමුදු එහි ප්රථිපල සම්පූර්ණයෙන්ම ලබා ගැනීමට තරම් විවේකයක් ආරක්ෂක ලේකම්ට තිබුණේ නැත.

■ මාළු ටැංකියට මිනී මෝරුන් දැම්මේ කවුද ?

මෙම ටැංකියට දමන මාළුවන් ගැන ආරක්ෂක ලේකම්ට අවබෝධයක් තිබුනේ නැත. නමුත් ඔහුගේ බිරිඳට සුරතල් මසුන් ගැන සුළු අවබෝධයක් තිබුණි. මාළු ටැංකියට ඉතා කඩිසර සුරතල් මත්ස්ය විශේෂයක් වන ෂාක් කැට්ෆිෂ් (Shark Catfish) කීපදෙනුකු ටැංකියට එක්වුයේ එලෙසය. සුරතලයට ඇතිකරන මත්ස්යයින් අතර මෙවැනි මෝරුන් වර්ග 26ක් පමණ වේ. ඔවුන් අහාරයට ගත්තේ සාලයන් වැනි කුඩා මාළුය. ටැංකියේ තවත් වෛවර්ණ මුහුදු මාළුන් සිටි නිසා ටැංකියේ වතුර මාරු කර සති දෙකකට වරක් කරදිය එක් කිරීමටද සිදුවිය. ආරක්ෂක භටයන් 200 පමණ සිටින තැනක හොරෙන් මිනී මෝරන් ඇති කිරීමේ කතාව හාස්යජනකය. උන්ට කන්නට මිනිසුන් බිලි දීමේ කතාව ඊටත් වඩා හාස්යජනකය.

■ මිනී මෝරුන් ජාත්යන්තරයට යාම.

දිනක් ආරක්ෂක ලේකම් හමුවීමට The New Yorker සඟරාවේ මාධ්යවේදියෙකු වූ ජෝන් ලී ඇන්ඩර්සන් සහ ඔහුගේ මිතුරෙකු වූ ජේම්ස් ක්ලැඩ් පැමිණියෝය. ඔවුන් එනවිට රැගෙනවිත් තිබුණේ බ්ලු ලේබල් මත්පැන් බෝතලයකි. ආරක්ෂක ලේකම් වරයා මත්පැනින් තොර පුද්ගලයෙකු බව ඔවුන් දැන සිටියේ නැත. පැමිණි අමුත්තන්ට සංග්රහ කිරීමට පානයක් ගැන කල්පනා කළ විට ඔහුගේ මතකයට ආවේ කවුරුන් හෝ ඔහුට තෑගී ලෙස දී තිබු කිසිවෙකු හෝ පාවිච්චියට ගෙන නොතීබූ ෆොන්සේකා (Fonseca Vintage Port) නම් වයින් වර්ගයකි නමුත් සම්මතයේ මෙය එතරම් හොඳ වයින් වර්ගයක් සේ සැලකුණේ නැති නිසා ආරක්ෂක ලේකම් වරයාට සිදු වුයේ අමුත්තන් ගේ අවසරය ඇතිව ඔවුන් රැගෙන ආ මත්පැන් බෝතලයෙන් ම ඔවුන්ට සංග්රහ කිරීමය. ඉන්පසු ඔවුන් යුධ හා දේශපාලන තොරතුරු ගැන කතා කරමින් එකට රාත්රී ආහාරයද ගෙන අවසන් වූ පසු ඔවුන් මාළු ටැංකිය නිරීක්ෂණය කර ඇත. ඔහු The New Yoker සඟරාවට 2011 වර්ෂයේ ජනවාරි 17 දින “DEATH OF THE TIGER” ශීර්ෂයෙන් යුතුව ලියු ලිපියේ ඒ ගැන සඳහන් කර තිබුණේ මෙසේය.

After dinner, Gotabaya led us outside. Across his lawn, by the garden’s high security wall, was a huge, illuminated outdoor aquarium. Inside, several large, unmistakable shapes moved relentlessly back and forth.

“Are those sharks?” I asked him.

“Yes,” he said. “Do you want to see them?”

We crossed the lawn and stood in front of the tank, which was eight feet tall and twenty feet wide. There were four sharks, each about four feet long, swimming among smaller fish.

( රාත්රී ආහරයෙන් පසු ඔහු අපිව පිටතට රැගෙන ගියේය. විශාල ආරක්ෂක තාප්ප වලින් වට වූ තණ කොළ සහිත පිට්ටනිය මැද විශාල වර්ණවත් මාලු ටැංකියක් තිබුණ අතර එය තුළ විවිධ හැඩයෙන් යුත් මාළුන් කඩිසරව එහා මෙහා පිහිනමින් සිටියෝය.

” උන් මෝරු ද ? ” මම ඇසූවෙමි

” ඔව්” ඔහු පැවසුවේ ය. “ඔයාට බලන්න ඕනද? ”

අපි තණ කොළ සහිත පිට්ටනිය මැදින් ගොස් මාළු ටැංකිය ඉදිරියේ සිට ගත්තෙමු. එය අඩි අටක් පමණ උසකින් සහ අඩි විස්සක් පමණ පළලින් යුක්ත විය. එහි අඩි හතරක් පමණ දිග වූ මෝරුන් හතර දෙනෙකු කුඩා මාළුන් අතරේ පිහිනමින් සිටියෝය.)

මෙම ලේඛකයා අතිශයෝක්තියෙන් ලියන්නෙකු බව ඔහුගේ සම්පූර්ණ ලිපිය කියවීමෙන් වටහාගත හැකිය.
මිනී මෝරුන්ගේ කතාවට අත්තටු ලැබෙන්නේ ඉන් පසුවය. දේශපාලන විරුද්ධවාදින්ට ද මෙය හොඳ අවියක් විය. ලංකාවේ මිනිසුන් ඕනෑම බොරුවක් වග විභාගයකින් තොරව පිළිගන්නා බව ඔවුන් දැන සිටියේය. ගැටළුව ඇත්තේ මේවා අදටත් පරම සත්ය ලෙස පිළිගන්නා මිනිසුන් අප අතර සිටීමයි. එක් අතකට සඳට ගල් ගැසූ, ලස්සන වෙන්නට වදකහ සුදිය බිවු මිනිසුන්ගෙන් පිරි රටක මීට වඩා යමක් බලාපොරුත්තු විය ද නොහැකිය. ගෝඨා ඇතිකළ මිනී මෝරුන් යයි සැලකෙන වර්ගයේම මාළුන් සහිත ටැංකියක් ඔබට බත්තරමුල්ල දියත උයනේද දැක ගත හැකිය.

ඇමරිකාවේ හිටපු ජනපති ඒබ්රහම් ලින්කන් මහතා කියූ පාඨයක් මට මෙහිදී සිහි වේ

” You may deceive all the people part of the time, and part of the people all the time, but not all the people all the time.”

(ඔබට සියලු මිනිසුන්ව යම් කලෙකට රැවටීමට හැකි වනු ඇත, තවත් මිනිසුන් කොටසක් සැමදාටම රැවටීමට හැකි වනු ඇත. නමුත් ඔබට සියලු මිනිසුන් සැමදා රැවටීමට නොහැකි වනු ඇත)
——————–

ගෝඨා ගේ සුදු වෑන් ගැන හෙළිදරව්ව ළඟදීම බලාපොරුත්තු වන්න.

Image may contain: text

22
ඔක්.
18

62 දෙලක්ෂයක්වූ…අම්ඹරැවන්ට කටෙන් සහ පුකෙන් හිනාවෙන මාමලා

62 දෙලක්ෂයක්වූ…අම්ඹරැවන්ට🐃🐃🐃
ලොවෙත් නැති මිල සූත්රයක් පෙන්වා….

කටෙන් සහ පුකෙන් හිනාවෙන UNP කොමිස් කාක්කෝ…….

19
ඔක්.
18

හැමිනෙන මිල සුත්‍රය… (මුන්ට චන්දය දුන්නු තොපිට හෙන ගහනවා)

10
ඔක්.
18

නෝර්වේ ගිය රනිල් දූත පිරිස හරි හොඳයි – (ජනපතිට ගහන ගමන් ලංකා ඊ නිව්ස් රනිල්ට කඩේ යාම)

නෝර්වේ ගිය රනිල් සහ දූත පිරිස කළ කී දෑ..! (Photo)

(ලංකා ඊ නිව්ස් – 2018.ඔක්.05, පෙ.ව.10.40) ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිසක් මේ දිනවල නෝර්වේ රාජ්‍යයේ තෙදින නිල සංචාරයක යෙදී සිටිති. පිරිස පසුගිය 03 වන දා සන්ධ්‍යාවේ ඔස්ලෝ නුවර එක්ස් එක්ස් එල් (XXL) ගබඩා සංකීර්ණයේ රොබෝ තාක්‍ෂණයෙන් ක්‍රියාත්මක වන ගබඩා කටයුතු නිරීක්‍ෂණය කළේය.

රොබෝ තාක්ෂණයෙන් ගබඩා කිරීම ලංකාවටත්
—————————-
එලිමන්ට් ලොජික්ස් (Element Logics) හා ටික්රි (TIQRI) තාක්‍ෂණික සමාගම්වල මෙහෙයවීමෙන් මෙම රොබෝ තාක්‍ෂණික කාර්යයන් සැලසුම් කොට ක්‍රියාත්මක වන අතර, මේ ඔස්සේ ඉතා කඩිනම් හා කාර්යක්‍ෂම ලෙසින් ගබඩාගත කිරීමට මෙන්ම, ඒවා යළි ඇසුරුම් කර නැව්ගත කිරීමට ද හැකියාව ලැබී ඇත.

ඇඟළුම්, වෙනත් නිෂ්පාදන මෙන්ම මත්ස්‍යයන්, එළවලූ හා පළතුරු ද මේ ආකාරයෙන් ගබඩා කිරීමටත්, ඇසුරුම් කිරීමටත් හැකියාව ඇති බව මෙහිදී අනාවරණය විය.

ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා මෙවැනි ගබඩා පිහිටුවීම සම්බන්ධයෙන් දැනටමත් මූලික සැලසුම් සකස් කර ඇති බව ද, මේ සමාගම් හා එක්ව ලබන දෙසැම්බරයේ ශ්‍රී ලංකාවේ ද මෙවැනි රොබෝ තාක්‍ෂණික ගබඩාවක් ඉදි කිරීමට පසුබිම සැකසී ඇති බව ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ව්‍යාපාරික හමුවක්..
—————————-
ඉන්පසුව දූත පිරිස එදින සන්ධ්‍යාවේ ඔස්ලෝ නුවර මෙෂ් ශාලාවේ දී ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර ව්‍යාපාර කටයුතුවල නියැලී සිටින ව්‍යාපාරිකයින් පිරිසක් සමග සුහද හමුවක් පැවැත්විණි.

මෙම සුහද හමුව ශ්‍රී ලංකාව සහ නෝර්වේ ව්‍යාපාරිකයින් විසින් සංවිධානය කර තිබූ අතර දෙරටේ ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල්ව හා විධිමත්ව පවත්වා ගෙන යා යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

සමුද්‍රීය ගමනා ගමන මෙහෙයුම් අධ්‍යයනය
—————————-
පසුදා එනම් 04 වැනි දා හෝර්ටන් නුවර පිහිටි කොන්ස්බර්ග් මෙරිටයිම් සහ කොන්ග්ස්බර්ග් නෝර්කොන්ට්‍රෝල් මධ්‍යස්ථානයේ නෝර්වේ සමුද්‍රීය ගමනා ගමන මෙහෙයුම් පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය වරයා ඇතුළු දූත පිරිස ගියහ.

කොන්ස්බර්ග් මෙරිටයිම් සහ කොන්ග්ස්බර්ග් නෝර්කොන්ට්‍රෝල් මධ්‍යස්ථානය වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස පිළිගනු ලැබූයේ එම ආයතනයේ උප සභාපතිවරුන් වන ලීනේ වෙස්ටර්ලොවාඩ් (Ms. Lene Vesterluad), බියොන් එල්වින් (Mr. Bjørn Alving) සහ හදිසි ප්‍රතිචාර ඒකකයේ අධ්‍යක්‍ෂ ජොහාන් මේරියස් ලි (Mr. Johan Marius Ly) යන මහත්ම මහත්මීහු විසිනි.

කොන්ස්බර්ග් මෙරිටයිම් සහ කොන්ග්ස්බර්ග් නෝර්කොන්ට්‍රෝල් මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු පිළිබඳ පැහැදිලි කිරීමකට සහභාගි වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස එහි ක්ෂේත්‍ර තුනක් ඔස්සේ මෙහෙයුම් කටයුතු සිදුවන ආකාරය පිළිබඳව නිරීක්‍ෂණය කළහ.

ධීවර කර්මාන්තය, ආරක්‍ෂක, ප්‍රවාහන කටයුතු පිළිබඳව මෙහිදී සිදු කෙරෙන මෙහෙයුම් පිළිබඳව දීර්ඝ ලෙස කරුණු දැක්වූ ආයතන ප්‍රධානීන් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ අත්දැකීම් ලබාදීමට සූදානම් බව ද දැනුම් දුන්නේය.

ඒ අනුව නෝර්වේ සමුද්‍රීය ගමනා ගමන මෙහෙයුම් පිළිබඳව කොන්ස්බර්ග් මෙරිටයිම් සහ කොන්ග්ස්බර්ග් නෝර්කොන්ට්‍රෝල් මධ්‍යස්ථානයේ තාක්‍ෂණික දැනුම සහ අත්දැකීම් ශ්‍රී ලංකාවට උපයෝගී කර ගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි අවධානයක් යොමු කළේය.

විදේශ ඇමැතිනිය හමුවීමෙන් ප්‍රතිලාභ රැසක්
—————————-
04 වන දා සන්ධ්‍යාවේ ඔස්ලෝ නුවර රාජ්‍ය අමුත්තන්ගේ නිල නිවස්නයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ලාංකේය දූත පිරිස නෝර්වේ විදේශ ඇමතිනී ඉනෙ එරික්සන් එස්ඔරෙයිදේ (Ms. Ine Eriksen Søreide) මහත්මිය හමුවූහ. එහිදී එස්ඔරෙයිදේ මහත්මිය පැවසූයේ ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියා වැඩ පිළිවෙල සඳහා නෝර්වේ රාජ්‍ය පූර්ණ සහය ලබා දෙන බව යි. සාමය හා සංහිදියාව ස්ථාපිත කරලීමේ අසීරු කාර්යභාරය සාර්ථක කර ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකාව මුළු මහත් ලෝකයටම ආදර්ශයක් සපයමින් සිටින බවද ඇය පැවසුවා ය.

ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍ය අතර ආර්ථික හා දේශපාලන සබඳතා ශක්තිමත් කරලීමේ සැලසුම් හා උපාය මාර්ග පිළිබඳව ද, මෙතෙක් දෙරට අතර පැවති ආධාර දීම හා ආධාර ලබාදීමේ සංකල්පයෙන් ඔබ්බට මේ සබඳතාවන් ගෙන යා යුතු බව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රයත්නය පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි. සාගර ආශ්‍රිත රටවල් අයත් වන විවිධ සංවිධානය අතර සහයෝගයක් හා ඒකමිතියක් ඇති කරලීමේ අවශ්‍යතාව පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැණිනි.

ධීවර සම්පත් සංවර්ධනය හා ධීවර කර්මාන්තයේ උන්නතිය සඳහා නව තාක්‍ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් දෙරටට ගත හැකි සාමූහික ක්‍රියා මාර්ග පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත පොලිස් හා අපරාධ යුක්තිය පිළිබඳ විශ්ව විද්‍යාලය සඳහා තාක්‍ෂණික සහයෝගය ලබා දීමට ද නෝර්වේ රාජ්‍යය එකඟ විය.

අගමැතිවරයා සමග මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හේෂා විතානගේ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ නොර්වේ හි ශ්‍රී ලංකා තානාපතිනී මහාචාර්ය අරූෂා කුරේ පිරිසක් චාරිකාවට එක් වී සිටිති.

අගමැතිවරයා සහ දූත පිරිසේ නොර්වේ සංචාරයේ අවස්ථා කිහිපයක් මෙහි ඇති සේයාරූ වල දැක්වේ.

Image may contain: 2 people, people standing and indoor
Image may contain: one or more people, people standing and suit
Image may contain: one or more people, people standing, ocean and outdoor
Image may contain: one or more people, people standing and indoor
03
ඔක්.
18

කොටි. පාක්‍යසෝති සරවනමුත්තු 2. නිමල්කා ප්‍රනාන්දු 3. මන්නාරමේ සබමාලෙයි පියනම 4. ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් 5. ආනන්දි සසිතරන් 6. එස්‌. කේ. සිවාජිලිංගම් 7. තිරුමාවලන් ගාන්ධි 8 රංජිත් හෙන්නායක බාබරා ලොග්බිලර් 9. තමිල්නාඩුවේ රාම්දාස්‌

ජිනීවාහිදී ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය කළ ඩොලර් කාක්‌කෝ

රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ජාත්‍යන්තරකරණය කළ බවට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක්‌ සහ රජයේ ඇමැතිවරයෙක්‌ චෝදනා කර ඇත.එහෙත් ශ්‍රී ලංකාව තුළ නැති අර්බුදයක්‌ මවාපාමින් එම ජාත්‍යන්තරකරණය මෙහෙයුම දියත් කළ පිරිස අපි ජනතාවගේ දැනගැනීමට අනාවරණය කරන්නෙමු මේ එම පිරිසයි.

1. පාක්‍යසෝති සරවනමුත්තු

2. නිමල්කා ප්‍රනාන්දු

3. මන්නාරමේ සබමාලෙයි පියනම

4. ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්

5. ආනන්දි සසිතරන්

6. එස්‌. කේ. සිවාජිලිංගම්

7. මැයි 17 සංවිධානයේ තිරුමාවලන් ගාන්ධි

8. හිටපු කැරළිකරුවකුවූ රංජිත් හෙන්නායක හෙවත් බඩල්ගම බර්ටිගේ බිරිය බාබරා ලොග්බිලර්

9. තමිල්නාඩුවේ රාම්දාස්‌

එහෙත් මොවුන් ජිනීවාහිදී රඟදැක්‌වූ නාටකය මෙරට ජනතාවට වසන් කරනු ලැබීය.

රජයේ සංහිඳියා බලකායේ වාර්තාව ගැන මානව හිමිකම් සමුළුවේදී රැස්‌වීමක්‌ පැවැත්වූයේ පාක්‍යසෝති සරවමුත්තුයි.

එම වාර්තාව මානව හිමිකම් සමුළුව වෙත ගෙනයාමට ඔහුට කිසිදු හිමිකමක්‌ නැත. එහෙත් ඔහු තම බලය භාවිත කරමින් එය මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්‌වීමකදී ඇගයීමට ලක්‌කළේය.

අවසානයේදී මානව හිමිකම් කොමසාරිස්‌වරයා එම සංහිඳියා වාර්තාව ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයට කියා සිටියේය.

මේ සංහිඳියා වාර්තාවේ මූලික නිර්දේශ තුනක්‌ මෙසේයි.

1. කොටි අරගලයේදී විපතට පත්වූවන්ට රජය කණගාටුව පළකළයුතුයි.

2. කොටි සුසානභූමි යළි ස්‌ථාපිත කළ යුතුයි.

3. නිල ඇඳුමින් සැරසී කොටින්ගේ ඡායාරූප තම නිවාස වල තබාගැනීමට ඉඩදිය යුතුයි.

4. රැඳවුම්භාරයේ සිටින කොටි නිදහස්‌ කළ යුතුයි.

පාක්‍යසෝතිලා මානව හිමිකම් කවුන්සිලයේ රැස්‌වීමකදී සාකච්ඡා කළේ මේ වාර්තාව ගැනයි. එහෙත් රජයේ කිසිදු ඇමැතිවරයකුගෙන් ඊට එරෙහිව හඬක්‌ නැගුනේ නැත. මේ රාජ්‍ය නොවන සංවිධාන කල්ලිය මානව හිමිකම් කවුන්සිලයේදී දැඩි මාධ්‍ය මර්ධනයක්‌ දියත් කළේ එම තොරතුරු ජනතාවට හෙලිදරව්වීම ව්‍යර්ථ කිරීමටය. මානව හිමිකම් පොරොන්දු ඉටුනොකිරීම ගැන පාක්‍යසෝති සහ නිමල්කා ප්‍රනාන්දු රජය විවේචනය කර ඉදිරි වසර දෙක තුළ අනිවාර්යයෙන්ම සංක්‍රාන්ති යුක්‌තිය ඉටුකළ යුතු බවට පවසනු ලැබීය. එහෙත් රජයේ බලධාරීන්ට ඒ බව වාර්තාවූයේ නැත. මේ එන්. ජී. ඕ. කල්ලිය වසර දෙකතුළ ඉටුකළයුතු බව පවසන්නේ හමුදාවට දඬුවම් කිරීමයි. එහෙත් මොවුන් කවුද? ඔවුන් මෙරට නීතියද? මොවුන් යෑපෙන්නේ විදේශ අරමුදල් මතය.

ඉන්පසු ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ යාපනයේ මාධ්‍ය සංසදය සකස්‌ කළ චිත්‍රපටයක්‌, මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක පෙන්නුම්කර උතුර හමුදාකරණයට ලක්‌වී ඇති බව ජාත්‍යන්තර ප්‍රජාවට කියා සිටියේය.

එහිදී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් එම රැස්‌වීම පැවැත්වීමට තමිල්නාඩුවේ පසුපතිතායගම් ප්‍රංශ ඊලම් ද්‍රවිඩ සංගමයේ සහය ලබාගෙන තිබුණි.

මෙහිදී විමර්ශනයට ලක්‌කළ යුතු කාර්යයන් වන්නේ යාපනයේ මාධ්‍ය සංසදය හමුදාවට එරෙහිව චිත්‍රපටයක්‌ නිපදවීමට තමිල්නාඩුවෙන් අරමුදල් ලබාගැනීමයි. මේ පසුබිම මැද මන්නාරමේ සබාමලෙයි පියනම කුමාරපුරම් ඝාතනය ජාත්‍යන්තරකරණය කළේය. ඒ සඳහා පැවැති රැස්‌වීමේදී ශ්‍රී ලංකාවේ අධිකරණය බරපතල ලෙස අවමානයට ලක්‌විය. එහෙත් ඊට එරෙහිව හඬක්‌ නැගුනේ නැත.

උතුරින් ජිනීවා පැමිණි ඊලම් තවලම ශ්‍රී ලංකාවට එරෙහි අභූත චෝදනා එල්ල කරමින් එම චෝදනා ජාත්‍යන්තරකරණය කරනවා යයි බ්‍රිතාන්‍යයේ සිට පැමිණි මධ්‍යස්‌ථ ද්‍රවිඩ ජාතිකයකු අපට පැවසුවේ එබැවිනි. ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුවක්‌ ප්‍රචණ්‌ඩ ක්‍රියාවලියන් පෙරලා දැමීමට උත්සාහ කර මෙරටින් ජර්මනියට පැන ගිය රංජිත් හෙන්නායක ලොහබිලර් හෙවත් බඩල්ගම බර්ටිද මානව හිමිකම් කවුන්සලයට පැමිණෙන අයුරු අපි දුටුවෙමු.

ඔහුගේ බිරිය වූ බාබරා ලොග්චිලර්ද ශ්‍රී ලංකාවට එරෙහිව හඬ නඟන අයුරු අනාවරණය විය.

මේ දීන ක්‍රියා වසන්කරලීම සඳහා දෙස්‌ විදෙස්‌ එන්ජීඕ කල්ලිය මාධ්‍ය මර්දනයක්‌ දියත් කළත් එය අසාර්ථක විය.

මෙන්න අපේ ඡායාරූප ගන්නවෝ අපි කොළඹට ගියාම අපිව මරන්න යනවා යයි මේ අය මානව හිමිකම් කොමසාරිස්‌ට පැමිණිලි කළහ. ඊට පෙර මන්නාරමේ සබාමලෙයි පියනමද හින්දු කෝවිල් වනසා පන්සල් හදනවා යයි ඝෝෂා කළහ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත්වී ඇත්තේ මෙවන් බොරු පැමිණිලිය.

කීර්ති වර්ණකුලසූරිය




අනවශ්‍ය දේවල්

  • 182,345 ක් බැළුවා

මරුවා වැහෙන දින

නොවැම්බර් 2018
බ්‍ර සි සෙ
« ඔක්.    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements