Archive for the 'මාවෝ' Category

29
නොවැ.
18

මංගල සමරවීර නම් විලාසිතාකරුවා ගේ සෙක්සි කොල්ලාට ගණන් හිලව් පැටලීම

“මේ මාසයට මහින්දගේ හෙලිකොප්ටර් ගමන් වියදම බිලියන 84” – මොංගල් සමරවීර

රුපියල් බිලියන් 84 ක් යනු රුපියල් කෝටි 8400කි. එනම් අති විශාල මුදලකි. එය සංසන්දනාත්මකව බැලුවහොත්

ලංකාවේ යුද්ධය පවතින සමයේ හෙලිකොප්ටර් හා ජෙට් ප්‍රහාරක ගමන්ද ඇතුලුව උණ්ඩ, අවි ආයුධ, හමුදාවට පඩි හා දීමනා ඇතුලු සියලුම වියදම් සඳහා ගියේ වසරකට රුපියල් බිලියන 180ක් පමණ මුදලකි.

ලංකාවේ වසරකට මුලු රටේම සෞඛ්‍ය ක්ශේත්‍රයට වැය කරන්නේ රුපියල් බිලියන 60ක පමණ මුදලකි.

හෙලිකොප්ටරයක් අලුතෙන්ම මිලදී ගැනීම සඳහා වැය වන මුදල කෝටි 50 සිට 100 පමණ දක්වා මුදලකි.

මංගලට අනුව මේ මාසය තුල කෝටි 8400ක හෙලිකොප්ටර් ගමන් වල මහින්ද යෙදී ඇත්නම් එය හෙලිකොප්ටර් සියයකටත් වඩා අලුතෙන්ම ගතහැකි තරමේ මුදලකි. එනම් මේ මාසය ඇතුලත දවසකට හෙලිකොප්ටර් තුන බැගින් අලුතෙන්ම ගතහැකි මට්ටමේ මුදලකි.

දැන්වත් ඔබට මෙම බිලියන් 84 කතාවේ මෝඩ ලාමක බව වැටහේද?

මංගල සමරවීර නම් විලාසිතා නිර්මාණකරුවාට ගණන් හිලව් පැටලීම එදා මෙදා තුර සැමදා සිදුවූවකි. වරක් ඔහු කීවේ මහින්දගේ වත්කම ඩොලර් බිලියන 18ක් කියා ය. එහෙත් එවකට ලංකාව සතු මුලු ඩොලර් සංචිතය තිබුනේද ඩොලර් බිලියන 7කට අඩු ප්‍රමාණයකි. එනම් ඛනිජ තෙල්, වාහන, ඖශධ, අමුද්‍රව්‍ය එකී මෙකී නොකී සියලු දේ ගෙන්වීමට තිබුනු මුදලටත් වඩා දෙගුණයකටත් වැඩි මුදලකි.

බොරුවක් වුවත් කියන පිලිවෙලක් ඇත. මේ මන්ද බුද්ධිකයාට අඩුම තරමේ එය වත් හරි හැටි කිරීමට නොහැකි වීම ඔහුගේ මඳ සම්පූර්ණ බව තව තවත් ලොවටම කියාපායි.

No automatic alt text available.
Advertisements
21
නොවැ.
18

ජවිපෙ මල්ලිලාගේ පාර්ලිමේන්තු බෝම්බය කුණු බාල්දියේ දමා රැගෙන ආ බවට සාක්ශි

ඉන්දු ලංකා ගිවිසුම 1987 ජූලි 29වැනිදා අත්සන් කිරීමෙන් පසු රටේ පැවති ව්‍යාකුල තත්ත්වය තවත් උග්‍ර විය. එජාප තංගල්ල මන්ත්‍රී ජිනදාස වීරසිංහ 1987 ජුලි 31වැනිදා වෙඩිතබා ඝාතනය කළේය. රටපුරා කැරලි කෝලාහල ඇතිවිය. ජන විරෝධයට ආණ්‌ඩුවට මුහුණ දීමට සිදුවිය. ඇඳිරි නීතිය පමණක්‌ නොව පුවත්පත් පාලනයක්‌ද ඇති කළේය. විරෝධතා නතර කිරීමට ආණ්‌ඩුවට හැකි වූයේ සෑම තැනකදීම පාහේ ගිවිසුම් විරෝධි විරෝධතාකරුවන්ට වෙඩි තැබීමෙනි. පෙළපාලිකරුවෝ සිය ගණනක්‌ මිය ගියහ. දහස්‌ ගණනක්‌ තුවාල ලැබීය.

ජවිපෙ විරෝධතා ව්‍යාපාරය මෙහෙය වූවද ඒ සා විශාල ජන විරෝධයක්‌ මතුවන්නේ යෑයි විශ්වාස කළේ නැත. ජනතාව එජාප ආණ්‌ඩුව කෙරෙහි ඒ වනවිට ප්‍රබලව කලකිරී තිබූ බැවින් ජනතාව පෙරට ඇදී ආවේ නොසිතූ පරිදිය. විරෝධය සාංසිද්ධිකව පැන නැගුණද ඉන් ලැබූ ප්‍රචාරක ව්‍යාපාරය ජවිපෙට මහත් වාසියක්‌ විය. ගිවිසුමෙන් පසු ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය සිය කටයුතු වඩ වඩාත් වේගවත් කළේය.

n15 1

ප්‍රධාන සැකකරු අජිත් කුමාර

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම ප්‍රකාශ කිරීමත් සමඟම පාර්ලිමේන්තුව 1987 අගෝස්‌තු 18වැනිදා දක්‌වා කල් දැමීමට එජාපය තීරණය කළේය. ඒ පිළිබඳව ආණ්‌ඩු පක්‌ෂය මගින් කල් තැබීමේ යෝජනාවක්‌ 1987 ජුලි 24වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එම යෝජනාවට පක්‌ෂව ඡන්ද 74ක්‌ද විපක්‌ෂව ඡන්ද 9ක්‌ද ලැබිණි ගිවිසුමට පෙර කල් තැබූ පාර්ලිමේන්තුව යළි රැස්‌වීමට තිබුණේ අගෝස්‌තු 18 වැනිදාය. එදින රට පුරාත් විශේෂයෙන් පාර්ලිමේන්තුව සහ ඒ අවටත් දැඩි ආරක්‌ෂක මුරකාවල් යොදා තිබිණි. “දිවයින” පුවත්පතින් පාර්ලිමේන්තුව වාර්තා කිරීමට එදින ගියේ දයා ලංකාපුර ලේඛකයාය. දි අයිලන්ඩ් පුවත්පතින් අජිත් සමරනායක, ප්‍රසාද් ගුණවර්ධන සහ සුරේෂ් පෙරේරාය. රියෑදුරු වූයේ සෝමසිරිය. එවිට වේලාව උදෑසන 9 පසු වූවා පමණි. පාර්ලිමේන්තුව ඉදිරිපිට පාලම අසළදි උපාලි පුවත්පත් වාහනය නැවැත්වූ අතර තුවාලකරුවන් ගෙන යනු දක්‌නට ලැබිණි. පාර්ලිමේන්තු වාර්තාකරුවන් අතරින් එහි ඇතුළේ සිටියේ කලින්ම පැමිණෙන දවස පුවත්පතේ මාධ්‍යවේදී ජෙරි සිල්වා පමණි.

පාර්ලිමේන්තුව රැස්‌වීමට ප්‍රථම ආණ්‌ඩු පක්‌ෂයේ රැස්‌වීම පැවැත්විණි. එය පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ කමිටු රැස්‌වීම් ඒ ශාලාවේදීය. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව එහි සිටියේ 5දෙනෙකි. ඒ අතර පාර්ලිමේන්තුවේ ලඝූ ලේඛක නෝබට්‌ සේනාධීර, රැස්‌වීමේ වාර්තාව සකස්‌කරන අගමැති ප්‍රවෘත්ති නිලධාරිවරයකු වන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ඇන්තනි ප්‍රනාන්දුද විය. ඔහුගේ ප්‍රධානියා වූයේ අගමැති මාධ්‍ය ලේකම් එවන්ස්‌ කුරේය. මුලසුන හෙබවූවේ ජනාධිපති ඡේ.ආර්. ජයවර්ධනය. ප්‍රධාන මේසයේ අගමැති ආර්. ප්‍රේමදාස, ආණ්‌ඩු පක්‌ෂයේ සභානායක වින්සන්ට්‌ පෙරේරාද විය. ලලිත් ඇතුලත්මුදලි ඇතුළු මැති ඇමතිවරුන්ද, කීර්ති අබේවික්‍රම ඇතුළු මන්ත්‍රීවරුන්ද ආණ්‌ඩු පක්‌ෂයේ රැස්‌වීමට පැමිණ සිටියහ.

n15 2                                                             පාර්ලිමේන්තුව අවට එදින ආරක්‌ෂාව තරකර තිබූ අයුරු

ආණ්‌ඩු පක්‌ෂයේ රැස්‌වීම ඇරඹුණේ 1987 අගෝස්‌තු 18වැනිදා උදෑසන 8.40 ටය. න්‍යාය පත්‍රයේ මුලින්ම තිබුණේ ආගමික වතාවත් සිහිකිරීමය. අනතුරුව ඝාතනයට ලක්‌වූ තංගල්ල මන්ත්‍රී ජිනදාස වීරසිංහ සහ සභානායක කාර්යාලයේ ලේකම් අභාවප්‍රාප්ත ක්‍රිස්‌ටි කුරේ පිළිබඳව විනාඩි දෙකක ශෝකය පළකරන ලදී. අගමැති ප්‍රේමදාස විසින් එම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කිහිපයක්‌ ගැන විස්‌තර කළේය.

p15 3රට තුළ පවතින විරෝධයෙන් ආණ්‌ඩු පක්‌ෂ රැස්‌වීම ගිනියම් වූයේ අනතුරුවය. හම්බන්තොට දිසා ඇමැති සහකාර වෛද්‍ය පී. එම්. පී සිරිල් දකුණේ තත්ත්වය විග්‍රහ කළේය. තමා වසර 20ක්‌ තිස්‌සේ උපයා ගත් සියලු දේපළ කැරලිකරුවන් ගිනි තබා විනාශ කළ බව හෙතෙම කියා සිටියේය. වවුනියාව දිසා ඇමති සහ කැකිරාව මන්ත්‍රී ජී. ජී මහින්දසෝම කියා සිටියේ කැලණි පාලම අසලදී කැරලිකරුවන්ගෙන් තමා දිවි බේරාගත් අන්දමය. අතතුරුව අදහස්‌ දැක්‌වූවේ මැදිරිගිරිය මන්ත්‍රී ඒකනායකය.

ඒ අතරතුරදී රබර් බෝලයක්‌ මෙන් යමක්‌ ප්‍රධාන මේසයට වැටුණු අතර එය බිම පෙරළී පුපුරා ගියේය. ඒ අසලම සිටියේ ජාතික ආරක්‌ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි සහ මාතර දිසා ඇමති කීර්ති අබේවික්‍රමය. දොරක්‌ අතරින් ආරක්‌ෂක නිලධාරියෙකු අදින සුදු අත්දිග කමිසයයක අතක්‌ එළියට පැමිණි අතර දෙවන බෝම්බය ඉන් දමා ගැසීය. එය පෙරළී ගොස්‌ කළු දුමක්‌ පැතිරිණි. වෙඩි තබනවා යෑයි කියු මන්ත්‍රීවරුන් බිම වැතිර ආරක්‌ෂාව සලසා ගත්හ.

පුටුවකින් ගසා ඇමතිවරයකු කමිටු ශාලාවේ වීදුරුවක්‌ කැඩූ අතර අනතුරුව එළියේ බොහෝ දෙනා සිට ගත්හ. ප්‍රධාන දොරටුවෙන් එළියට යාමට කිසිදු මන්ත්‍රීවරයෙකු උත්සාහ නොකළේ ප්‍රහාරකයන් එහි සිටින බවට කවුදෝ කිවූ බැවිනි. ඇමති ලලිත් සහ මන්ත්‍රී අබේවික්‍රම සහ තවත් දෙදෙනෙක්‌ ඔසවා ගෙන යනු දක්‌නට ලැබිණි. ඇතුළත ලේ විසිරි තිබූ අතර ඇමතිවරුන් වන මොන්ටේගු ජයවික්‍රම, පර්සි සමරවීර, ඊ.එල්.එම් හුරුල්ලේ යන අයට තුවාල සිදුවී තිබිණි.

p15 4බෝම්බ ප්‍රහාරයෙන් පාර්ලිමේන්තුවේ ලඝූ ලේඛක සේනාධීර පතිරගේ නෝබට්‌ සේනාධීර එතනම මිය ගියේය. මන්ත්‍රී කීර්ති අබේවික්‍රම රෝහලට රැගෙන යමින් තිබියදී මිය ගියේය. ඇතුලත්මුදලි ශල්‍යකර්මයකට ලක්‌කරන ලදී. එහෙත් බෝම්බකරුගේ ප්‍රධාන ඉලක්‌කය වූ ජනාධිපති ජයවර්ධන හෝ අගමැති ප්‍රේමදාසට කිසිම හානියක්‌ වූයේ නැත. එය එසේ සිදුවූයේ නම් රටපුරා හදිසි ක්‍රියාමාර්ගයකට යැමට ජවිපෙ තීරණය කර තිබිණි. එහෙත් බෝම්බ ප්‍රහාරයෙන් අපේක්‌ෂිත සැලැස්‌ම ක්‍රියාවට නැගිය නොහැකි වූවද රට තුළ ජවිපෙ කෙරෙහි ඇතිවූ ආකල්පය ප්‍රබල විය.

වසර 1935 දෙසැම්බර් 20 උපන් කීර්තිසේන චන්ද්‍රදාස අබේවික්‍රම හෙවත් කීර්ති අබේවික්‍රම ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ අතර මොරවක්‌ කෝරලේ තේ වවන්නන්ගේ සමූපකාර සම්මේලනයේ සභාපතිවරයා වශයෙන් වසර 1962 සිට 1974 දක්‌වා කටයුතු කළේය. ඔහු එජාපය සමඟ 1960 සිට කටයුතු කළේය. දෙනියාය මන්ත්‍රීවරයා වශයෙන් 1977දී වැඩි ඡන්ද 5,333 කින් පත්වූ අතර ඔහුගේ පියා ශ්‍රී ලංකාවේ අවසාන පඩිකාර මුහන්දිරම්වරයාය. ඔහු වෙනුවෙන් පසුව මොරවක මහ විද්‍යාලය කීර්ති අබේවික්‍රම ජාතික පාසල නමින් අධ්‍යාපන ඇමති ලලිත් ඇතුලත්මුදලි විසින් 1990 දෙසැම්බර් 1වැනිදා නම් කරන ලදී. මාතර දිසා ඇමති කීර්ති අබේවික්‍රමගෙන් හිස්‌වූ දෙනියාය මන්ත්‍රී ධූරයේ Ñමේ මන්ත්‍රීකම හිමිවුයේ ඔහුගේම පවුලේ අයෙකුවූ ලතා අබේවික්‍රමටය. ජිනදාස වීරසිංහගෙන් හිස්‌වූ තංගල්ල මන්ත්‍රී ධූරයේ මන්ත්‍රීකම හිමිවුයේ ඔහුගේ පුතාවූ දේවක වීරසිංහටය. දිවයින එවකට ප්‍රධාන උප කර්තෘ මෙරිල් පෙරේරා එය පුවත්පතේ පළකළේ “තංගල්ලට පුතා – දෙනියායට ලතා” යන හෙඩිමක්‌ සහිතවය.

p15 5 බෝම්බ ප්‍රහාරය එල්ලකර පැය කිහිපයකට පසු එහි වගකීම ජවිපෙ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය විසින් භාර ගන්නා ලදී. ඒ පිළිබඳව නිල පුවත්පත් නිවේදනයක්‌ නිකුත්කර තිබූ අතර එහි ශීර්ෂය වුයේ “ෙද්‍රdaහීනි අප තොපට බෝම්බ ගැසුවේ මේ නිසයි” යන්නය. ජනාධිපති ඡේ.ආර්.ට සහ රජයට එරෙහිව චෝදනා රැසක්‌ එමගින් ඉදිරිපත් කර තිබිණි. ජීවත්වීමට ආසා කරන සියලු මන්ත්‍රීවරුන් තමන්ගේ ආසන වලින් ඉල්ලා අස්‌වනු ලෙසට එමගින් නියෝග කර තිබිණි.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්‌ඩලයේ සියලු දෙනාට බෝම්බය පිපිරීමෙන් පසු එදින ඉන් පිටවීමට ඉඩ නොදුන් අතර ඔවුන් සියලු දෙනාම පෝලින් ගස්‌සා ඇඟිලි සලකුණු ලබාගන්නා ලදී. එය නිම වූයේ රාත්‍රී 9ටය. ඔවුන්ට ආහාරද නොමැතිව සිටීමට සිදුවිය.

බෝම්බ සිද්ධිය පිළිබඳව පොලිස්‌ පරීක්‌ෂණ දැඩි කෙරිණි. පාර්ලිමේන්තුවේ කොන්ත්‍රාත් පදනම මත පිරිසිදු කිරීමට නිරතවන ආයතනයක පිරිසිදු කරන්නා වූ අයකු තෙදිනක්‌ ගතවුවද සේවයට වාර්තා නොකළ බව සොයාගනු ලැබීය. නොඑන බව කිසිම දැන්වීමක්‌ද නොවීය. පොලිසිය ඔහු සොයා දැනුම්දී ඇති ලිපිනයට ගියේය. ඔහු බිරිඳ සහ දරුවා දෙදිනක සිට එම නිවසට පැමිණ නැති බව සොයා ගත්තේය. ඔහු නමින් අජිත් කුමාරය. විසි අට හැවිරිදිය. ඔහු කැලණිය සරසවියේ ශිෂ්‍යයකුව සිටි අයෙකි. පොලිසිය ඔහු සොයා දෙන කෙනකුට දස ලක්‌ෂයක්‌ දෙන බව නිවේදනය කළේය.

අජිත් කුමාරගේ සම්පූර්ණ නම රණසිංහ රන්දුව මුදියන්සෙලාගේ අජිත් කුමාරය. කැලණි සරසවියේ උපාධි අපේක්‌ෂකයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී ජවිපෙට එක්‌විය. අජිත්ගේ මව මෙරායා සමරවික්‍රමය. සැමියා ජීවතුන් අතර නැත. ඇය පුතුන් දෙදෙනෙකු සහ දියණියන් සව් දෙනකුගේ මවකි. පදිංචිය ගනේමුල්ලේය.

අජිත් කුමාර අත්අඩංගුවට ගත්තේ 1998 අප්‍රේල් 8වැනිදාය. ඒ අහඹු සිදුවීමක්‌ ලෙසිනි. ලේඛකයා වහ වහා රාජ්‍ය ඇමති පී.එම් කිර්තිරත්නගේ පුත්‍රයා වූ ලේක්‌ හවුසියේ මාධ්‍යවේදී සංජීව කවිරත්න සමඟ එදින රාත්‍රියේදීම රත්තොට බලා පිටත් විය. මාතලේදී එම නඩයට තවත් කිහිප දෙනෙකු අයත් විය. ඒ මාතලේ මාධ්‍යවේදීන් වූ නිලන්ත හෙමිටිගේ, කයිකාවල හේවාගේ කරුණාරත්න, හිල්ටන් බෙරෙන්ජ, සීතා ස්‌ටුඩියෝහි මංජුල කරුණාරත්න ඒ අතර වූහ. ලග්ගල ආසනයේ බෝවතැන්න ජලාශ්‍රයේ එහා කෙරවලක වැව් තාවුල්ලක කටු මැටි ගසන ලද ගෙයක අජිත් කුමාර සැගවී සිටි ස්‌ථානය විය. ඔහු සමඟ බිරිඳ සහ දරුවාද සිටියේය. එය පිහිටා තිබුණේ නාවුල අකරහැටිය ප්‍රදේශයේය. පොලිස්‌ බල ප්‍රදේශය නාවුලය. අප එහි ගියේ හබල් ගසමින් ඔරුවලය.

අජිත් කුමාරගේ කුස්‌සියේ දර්ශනීය ලෙස සකස්‌කල මැස්‌සක්‌ විය. දරුවාට සකස්‌ කරන ලද ඔන්චිල්ලාවක්‌ ද දක්‌නට ලැබිණි. දුම් මැස්‌සේ බත් මුට්‌ටියක්‌ද පසෙක නිමවෙමින් පවත්නා ඔරු කදක්‌ද තිබිණි. සුනඛ පැටියෙකු සහ කූඩුවක ගිරවෙකුද සිටියේය. අකරහැටිය කසිප්පු පෙරන්නන්ගේ තෝතැන්නකි. සූටි කේසයක්‌ රැගෙන යමින් සිටි අජිත් කුමාර පොලිසියට කොටු වූයේ ඔහු ගමනක්‌ යන අතරතුරය. ?කසිප්පු පෙරන්නන් සමඟ ඔහුද අත්අඩංගුවට ගත්තේය. නාවුල පොලිසියට ඔහු ගෙන ගියේය.

පසුව ජීප් රථයේ දමාගෙන මාතලේ උසාවියට ඉදිරිපත් කිරීමට රැගෙන ගියේය. ඒ කසිප්පු පෙරන්නෙක්‌ වශයෙනි. නාලන්ද උඩුදෙනියේ ජීප් රථය නතර කළ අවස්‌ථාවකදී අජිත් කුමාර පැන ගියේය. පොලිසිය ඔහු අල්ලා ගත්තේය. පහර දෙනු ලැබීය. තමා පාර්ලිමේන්තුවේ බෝම්බ සිද්ධියට සැක අජිත් කුමාර බව ඔහු කී බව නාවුල පොලිසියට ගිය අවස්‌ථාවේදී පොලිස්‌ නිලධාරියෙකු මාධ්‍යවේදියෙකුට පැවසීය. පොලිස්‌ නිලධාරීන්ට දස ලක්‌ෂයේ තෑගි මුදල සිහිපත් විය. එවකට නාවුල පොලිස්‌ පරීක්‌ෂක වූයේ වික්‍රමරත්නය. පසුව පොලිස්‌ නිලධාරීන් විගස අජිත් කුමාර නාවුල පොලිසියට රැගෙන ආවේය.

පාර්ලිමේන්තු බෝම්බ සැකකරු ඔත්තුකරුවෙකුගේ මඟ පෙන්වීම යටතේ නාවුලදී බලවත් පරිශ්‍රමයක්‌ යොදා අත්අඩංගුවට ගත් බවත් ඔහු පොලිස්‌ භාරයෙහි රඳවා ගෙන සිටින බවත් කොළඹට දැන්වූහ. එහෙත් සත්‍ය තත්ත්වය මාතලේ මාධ්‍යවේදීන් රටට වාර්තා කළහ. එබැවින් ඒ පිළිබඳ පරීක්‌aෂණයක්‌ ප්‍රචණ්‌ඩ ක්‍රියා මර්දන ඒකකයේ අධ්‍යක්‌ෂක ලකී ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. කතාව සාවද්‍ය බැවින් දශලක්‌ෂයේ තෑගි මුදල පොලිසියේ කිසිවකුට නොලැබිණි. අත්අඩංගුවට පත් අජිත් කුමාර කොළඹට රැගෙන ආ අතර නිවසේ සිටි බිරිඳ සේපාලිකා සහ දරුවා අතුරුදන් වී තිබිණි. අජිත්ගේ බිරිඳ පසුව ඝාතනයට ලක්‌වූ බව කියන අතර දරුවාද පසු කලෙක එම ඉරණමටම ගොදුරුවූ බව කියති.

අජිත් කුමාර පසුව පාර්ලිමේන්තුවට ආරක්‌ෂක අංශ මගින් රැගෙන එන ලදී. සියල්ල සිදුවූ ආකාරය ඔහුගෙන් පාර්ලිමේන්තුව තුළදි ප්‍රකාශයක්‌ ගන්නා ලදී. ඒ අවස්‌ථාවේදී රහස්‌ පොලිසියට අමතරව එහි සිටි අය අතර ප්‍රධාන වේත්‍රධාරි රොනී අබේසිංහ, නියෝජ්‍ය ෙච්ත්‍රධාරි පල්ලියගුරු සහ ආරච්චිල වන ප්‍රේමදාසද විය.

එහිදී ඔහු කියා සිටියේ බෝම්බ දෙක දින දෙකකදී ප්‍රහාරයට කලින් බෑගයක දමා ගෙන දිනපතා පුවත්පතක්‌ද රැගෙන පාර්ලිමේන්තුවට පැමිණි බවය. පුවත්පත රාජකාරි නිලධාරියාට බැලීමටදී බෝම්බය ලාච්චුවේ තැබූ බවය. පසුව පිරිසිදු කරන නිල ඇදුමින් සැරසී අතුගාන අවස්‌ථාවේ කුණු බාල්දියේ දමාගෙන බෝම්බය රැගෙන සැඟවූ බවය. දින දෙකම එම ක්‍රියාමාර්ගය තමා අනුගමනය කළ අතර තමා ගෙන ආ බෝම්බ දෙක තැබූ ස්‌ථානයෙන් ජවිපෙ තවත් අයකු ඒවා රැගෙන එල්ලකර ඇති බවය. තමාට කීමට ඇත්තේ එපමණක්‌ බවද ඔහු අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු එච්. ඩබ්ලිව්. සේනානායක ඇතුළු විනිසුරුවන් ඉදිරියේ 1990 ඔක්‌තෝබර් 12වැනිදා විභාග කිරීම ඇරඹිණි. එහි විත්තිකරුවන් 5දෙනා වූයේ අජිත් කුමාර, හේවගේ කුමාරතිස්‌ස, කිත්සිරි කොළඹආරච්චිÑ, පියසිරි වික්‍රමආරච්චිÑ සහ මුදුන්කොටුවගේ පියසිරි ගුණවර්ධන හෙවත් ජයන්ත යන අය වේ. විත්තිකරුවන්ට එරෙහිව පාර්ලිමේන්තු මන්දිරයේදී පිඩාකාරි ආයුධයක්‌ වූ අත්බෝම්බ වලින් දමාගැසීම, එහිදී ජනාධිපති ජයවර්ධනගේ සහ ජාතික ආරක්‌ෂක ඇමති ඇතුලත්මුදලිගේ මරණයන් සිදුකිරීමට තැත් කිරීම, දෙනියාය මන්ත්‍රී අබේවික්‍රම සහ පාර්ලිමේන්තු සේවක සේනාධීරගේ මරණය සිදුකිරීම යන චෝදනා ත්‍රස්‌තවාදය මැඩලීමේ පනත යටතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ නඟා තිබිණි. නඩු භාණ්‌ඩ 32ක්‌ ඉදිරිපත්කර ඇති බවද අධි චෝදනා පත්‍රයේ සඳහන් විය.

විත්තිකරු වෙනුවෙන් මංගල මුණසිංහ ඇතුළු නීතිඥයන් කිහිප දෙනෙක්‌ම පෙනී සිsටියහ. නඩු විභාගයේදී අජිත් කුමාර කියා සිටියේ පාර්ලිමේන්තුවට රැගෙන යාමේදී තමන් එහිදී එවන් ප්‍රකාශයක්‌ නොකළ බවය. බලෙන් එවැනි ප්‍රකාශයකට අත්සන් ගත් බවය. ඔහුගේ සාක්‌ෂි දුන් අවස්‌ථාවේ එහි සිටි පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනා සාක්‌ෂිකරුවන් වශයෙන් කැඳවීමට කටයුතු කළ ද අධිකරණය එය ඉවත දැමීය.

නඩු විභාගය අතරතුරදී යළිත් අජිත් කුමාර පාර්ලිමේන්තුවට රැගෙන ඇවිත් එම නිලධාරීන් ඉදිරියේ කට උත්තරයක්‌ ලබාගැනීමට කටයුතු කළේය. ඒ සඳහා කාර්යාලයේ රහසිගත අන්දමින් නොපෙනෙන පරිදි වීඩීයෝ කැමරා සවිකර තිබුණේ එය වීඩීයෝ සාක්‌ෂියක්‌ වශයෙන් ඉදිරිපත් කිරීමටය. එහෙත් වෙනදාට වඩා කාමරයේ ආලෝකය තිබූ බැවින් මෙය වීඩියෝ කිරීමට කළ සැලසුමක්‌ යෑයි එහිදී කියා සිටි අජිත් කුමාර කට උත්තරයක්‌ දීම ප්‍රතික්‌ෂේප කළේය.

අවසානයේදී ඔහු 1993 අගෝස්‌තු 06වැනිදා නිදොස්‌ කොට නිදහස්‌ කරන ලදී. එයට හේතු වූයේ බෝම්බ දැමූ පුද්ගලයා අත්දිග කමිසයකින් සැරසී බෝම්බය එල්ල කළ බවට ඇමති ලලිත් සහ තවත් කිහිප දෙනෙකු සාක්‌ෂි දී තිබීමය. එහෙත් පාර්ලිමේන්තුවේ පිරිසිදු කරන්නෙකු වූ අජිත් කුමාර ඇතුළු වූ පසු සැරසී සිටින්නේ ඔහුට නියමිත නිල ඇදුමකිනි. එබැවින් නිදොස්‌ වීමට ප්‍රධාන එක්‌ හේතුවක්‌ විය.

අවසානයේදී නිදහස්‌ වීමෙන් පසු ජවිපෙ දේශපාලනයට එකවූ අජිත් කුමාර සබරගමු පළාත් සභාවේ මහ ඇමති තනතුරට ජවිපෙන් 1999 තරගකර පරාජය වූවද පලාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්විය. පසුව ජවිපෙට දේශපාලනයෙන් සමුගැනීමට සිදුවිය. අජිත් කුමාර වර්තමානයේ පදිංචිව සිටින්නේ ඇමරිකාවේය. (ජවිපෙ 2 වැනි කැරළි සමය වූ 1986 සිට 1990 දක්‌වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්‌තර දුරකථන 011 – 5234384 ලබාගත හැකිය.)….

ධර්මන් වික්‍රමරත්න

18
ඔක්.
18

ගෝඨා කවුද?

Matugama Api Mahindata

ගෝඨා කවුද?

ගෝඨාභය පිළිබඳ බෙහෙවින් කතාබහට ලක්වන වෙනත් කාලයක් තිබුණේ නැති තරම්ය. ඒ තරමටම ආණ්ඩු පක්ෂයේ බහුතරයකුත් විපක්ෂයේ බහුතරයකුත් ගෝඨා ගැන කතා වෙන්නේ රටේ තීරණාත්මක කාලවකවානුවකදීය.

“ජනාධිපතිවරණයට එන්නේ ගෝඨා”
“ගෝඨා එන්නෙ නෑ. එන්නෙ බැසිල්”
“මහින්ද තමයි තීරණය ගන්නෙ. සමහර විට මධ්‍යස්ථ කෙනෙක් වන චමල්ව දාන්න පුළුවන්”
“බැසිලුත් නෙවෙයි, ගෝඨාත් නෙවෙයි, ශිරන්තිව දාන්නත් පුළුවන්”
“ඔය කවුරුවත් නොවේ දාන්නෙ දිනේෂ්ව”

මේ රටේ තොටේ ජනතාව හැම තැනම කතා වෙන දේය. එයින් බහුතරයකගේ කැමැත්ත මේ අතරින් කවුරුන් හෝ විය හැකිය. එහෙත් එය මහින්ද අතේ තියෙන තීන්දුවක් නිසා ජනතාව අතර මේ ගැන උනන්දුවක් ඇති අය සිතන්නේ ඒ ගෝඨා විය හැකිම බවය. එසේ නොවේ නම් බැසිල් හෝ චමල් විය හැකි බවය. කෙසේ වෙතත් ‘ගෝඨා’ සාධකය ප්‍රබලය.

එසේ නම් විරුද්ධ පාර්ශ්වයේ එනම් රනිල් පිලේ විරෝධතාව එළිපිට දැක්වූයේ නැතිවුවත් ගෝඨා යම් කතාබහකට ලක්වූ අයකු වී හමාරය. එබැවින් හිටපු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් නොව එකී භූමිකාවෙන් බැහැරව ගෝඨා ජනාධිපති අපේක්ෂකයකු වන්නේ නම් ඔහුට ඒ සඳහා ඇති සුදුසුකම කුමක්දැයි විමසිය යුතුය.

ගෝඨා ආරක්ෂක ලේකම් වන්නට පෙර යුද බිමේ සටන් පෙරමුණේ ඉදිරියෙන්ම සිටි සෙන්පතියකු නිසා යුද බිමෙන් දේශපාලන කරළියට පැමිණි ලෝකයේ බලවත් රාජ්‍යයන්ගේ නායකයන් සිහිපත් කරවන්නේය. ඔවුන්ද යම් දැක්මක් සහිත වූවෝ වෙති.

ගෝඨා ජනාධිපති තරගයට දමන්නේ නම් උතුරු නැඟෙනහිර ඡන්ද සඳහා ඔහුගේ ආමන්ත්‍රණය හා දැක්ම වැදගත්ය. ගෝඨා උතුරු නැඟෙනහිර ජනතාවගේ සැබෑම ප්‍රශ්නය ඇති තැන හඳුනාගත් හැටි දක්වන්නේ මෙසේය.
“උතුරේ ජනතාවට දේශපාලන නිදහසට පෙර ආර්ථික නිදහස අවශ්‍යයි. කොටි සංවිධානය පරාජයට වඩා ලොකුම ජයග්‍රහණය හැටියට මා සලකන්නේ ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සමයේ සංවර්ධනයයි. අන්තර්ජාතික ප්‍රජාව හෝ අන්තර්ජාතික සංවිධාන මේ තත්ත්වය තවම හඳුනාගෙන නැහැ. 2009-2014 අපි බොහෝ දේ ලබා ගත්තා. ඒ කෙටි කාලයේදී යටිතල පහසුකම් ඇති කළා පමණක් නොව දේශපාලන වශයෙන්ද බොහෝ දේ ඇති කර ගත්තා. මා තදින්ම විශ්වාස කරන්නේ උතුරේ ආර්ථික නිදහස ඉතා වැදගත් බවයි. දේශපාලන නිදහසට පෙර ආර්ථික නිදහස ඔවුන්ට අවශ්‍ය වන්නේ ඒ නිසයි”

ගෝඨාභය රාජපක්ෂ
2018.04.10

දෙමළ ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන ඊනියා දෙමළ දේශපාලන නායකයන්ගේ බොරුව හෙළි කරන ගෝඨා උතුරේ ජනතාවගේ අත මිට සරුවන වැඩසටහනකට සිත යොමන බව ඉඟි කරයි. ප්‍රභාකරන්ලාට එකතු වූ දෙමළ තරුණ තරුණියන්ට එදා නොලැබුණු ආර්ථික නිදහස වත්මන් දෙමළ තරුණ තරුණියන්ට ලබාදීමෙන් ඔවුන් අවි ඔසවන තැනින් මුදා ගන්නා තැනකට ගෙන ඒම ගෝඨාගේ දැක්ම බව පෙනේ.
රටට සංවර්ධනය පිළිබඳ කතිකාවක් අවශ්‍ය බව ගෝඨා කියන්නේය. එය පවතින සංවර්ධනයට පිටින් යන යථාවාදී එකක්ද නැත්ද යන්න පිළිබඳ කතිකාවක් රට තුළ ඇතිවූයේ ගෝඨා දැක්වූ අදහසක් නිසාය.

“හරි නායකත්වයක් ලබාදී කැපකිරීමකට යොමුකර හරි අරමුණක් ලබාදී ඉදිරියට යනවා නම් සාර්ථකත්වය අහිමි වන්නේ නැත. ජනතාව නිරන්තරයෙන් නායකත්වය දෙස බලති. නායකත්වය අවංක යැයි ජනතාවට හැඟෙන්නේ නම් හරි අරමුණක් කරා ගමන් කරන බව වැටහෙන්නේ නම් ක්‍රමයෙන් අනෙක් අයත් ඒ වෙත යොමු කරවන්නට පුළුවන. ආයතනයක් වුවත් රටක් වුවත් දියුණු කළ හැක්කේ එලෙස යොමු කිරීමෙනි. ලෝකයේ දියුණු රටවල් මෙන්ම ආයතනද සනාථ කරන ඇත්ත එයයි. ලංකාවේ අපි සිටින්නේ එවන් තැනකදැයි ආපසු හැරී බැලීම අවශ්‍යය”.

ගෝඨාභය රාජපක්ෂ
2018-04-12 පුවත්පතකට

රටක් සංවර්ධනය කළ හැක්කේ ස්ථිර දැක්මක් සහිත අරමුණක් වෙත යෑමෙන් බව මින් ධ්වනිතය. එය සෘජු තීන්දු තීරණ හා බැඳුනකි. එබැවින් ගෝඨා කියන හැටියට සංවර්ධනයට නව කතිකාවක් අවශ්‍යය. එමෙන්ම රටේ දිළිඳුකම පිටුදැකීම සඳහාද ඔහු දක්වන අදහස වෙනස් වූවකි.

“දිළිඳුකම පිටුදැකීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ බව අපි දනිමු. එසේ තිබියදීත් දිළිඳුකම තුරන්ව නැත්තේ ඒවා නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙනි. ඒ වගේම මේවායේ ප්‍රතිලාභ ඇත්තටම ලැබිය යුත්තේ කාටද යන්න නිවැරැදිව සොයා බලා කටයුතු නොකිරීමද මේ අසාර්ථකත්වයට හේතුවකි. මූල්‍ය ආධාර දීමෙන් පමණක්ම දිළිඳුකම තුරන් කළ නොහැකි බවද මේ හරහා තහවුරු කර තිබේ. පුද්ගලයන්ගේ හැකියාව වර්ධනය කිරීමෙන් පමණක් මේ අභියෝගය ජයගත හැකි බවද අමතක නොකළ යුතුය.
මේ පිරිස්වලට රැකියාවක් කිරීමට ඇති හැකියාව දියුණු කිරීමෙන් දිළිඳුකමට විසඳුම් ලබාගැනීමට හැකි වනු ඇත. දිළිඳු අය ජීවත්වන ප්‍රදේශයෙන්ම මේ හැකියාව ලබාගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට පුළුවන. දීර්ඝ කාලයක් තිස්සේ යම් වැඩසටහන් ක්‍රියාවට නංවා ඒවායෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී ඇත්තේ ප්‍රධාන වශයෙන් අධ්‍යාපනය ලබාදීමේ ප්‍රශ්නයක් නිසා විය හැකිය. ඒ නිසා මූලිකව මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීම මෙහිදී අතිශයින් වැදගත්ය”.

ගෝඨාභය රාජපක්ෂ
2018-05-03

නගර අලංකරණය ගැන ගෝඨාට හොඳ ප්‍රතිචාරයක් ජනතාවගෙන් ලැබුණු නිසා පක්ෂ විපක්ෂ කවුරුත් ඒ ගැන පැසසුම් කිරීමට පසුබට නොවෙති. රටේ ප්‍රධානම ප්‍රශ්නයක් වී ඇති, සංවර්ධනයට බාධාවක් වී ඇති වාහන තදබදය ගැනද ගෝඨා අලුත් අදහස් ඇතිව කතා කිරීම කතාබහට ලක්වූවකි. මේ ඒ ගැන ගෝඨා පුවත්පතකට කියූවකි.

“නගරයෙන් එපිට රථගාලක මෝටර් රථය නවතා පොදු ප්‍රවාහනයේ ගමන් කරන සංකල්පය පෙරට ගන්නට පුළුවන. බොහෝ මෝටර් රථ පාවිච්චි වන්නේ කාර්යාලවලට යෑමට පමණි. මේවායේ බොහොමයක ගමන් කරන්නේ තනි පුද්ගලයෙකි. මේ පුද්ගලයාට වඩා පහසුවෙන් තමන්ගේ කාර්යාලයට යෑමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්නේ නම් අතිශය බහුතරය එය ප්‍රයෝජනයට ගැනීමට පසුබට නොවනු ඇත. මේ සංකල්පය ක්‍රියාවට නැංවීමේදී උසස් ප්‍රමිතියේ සැප පහසු බස් රථ සේවයට එක් කළ යුතුය. මේ සංකල්පයේදී මොරටුව, මාලබේ, කඩවත ආදී ප්‍රදේශවල ප්‍රමාණවත් වාහන නැවතුම් පොළවල් ගොඩනඟන්නට පුළුවන. එම ස්ථානවලින් දියුණු පොදු ප්‍රවාහන සේවා විවිධ ප්‍රදේශවලට ආරම්භ කළ හැකිය. ඒ වගේම සවස් කාලයේ මේ ක්‍රියාවලිය අනෙක් දිශාවට කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වූවකි”.

මොනෝ රේල් රථවාහන තදබදයට හොඳ විසඳුමකි. බොහෝ රටවල මෙය භාවිත වන ක්‍රමයකි. මාලබේ සිට බොරැල්ලටත් එතැන් සිට ඇස්වාට්ටුවට, කොටුවට, කොල්ලුපිටියට, කොටහේනට, මොනෝ රේල් ධාවන කිරීමේ සැලසුමක් තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ
2018-06-17

රටේ දැවෙන ප්‍රශ්නයක් වූ කුණු කසළ බැහැර කිරීමේ ගැටලුවට ස්ථිරසාර විසඳුමක් තවමත් ලැබී නැති මොහොතක ගෝඨාගේ දැක්ම මෙසේ විස්තර කර ඇත.

“කසළ නිෂ්කාශනයට ක්‍රමවේදයක් යෙදිය යුත්තේ මධ්‍යම රජයේ මැදිහත් වීමෙනි. දුප්පත් පොහොසත්, දියුණු නොදියුණු, සංවර්ධනය වෙමින් පවත්නා සෑම රටකටම කසළ නිෂ්කාශනය ප්‍රශ්නයට මුහුණ දීමට සිදුව තිබේ. එනිසා මේ ප්‍රශ්නය ලංකාවට පමණක් සීමා වූ කාරණාවක් නොවේ. අනෙක් රටවල් මේ සම්බන්ධව විවිධ පර්යේෂණ කර, විවිධ ක්‍රම යොදා ඉහළ තත්ත්වයකට කසළ කළමනාකරණය පත් කරගෙන තිබේ. ඒ නිසා මේ චක්‍රය අලුතෙන් සෙවීමේ වුවමනාවක් අපට නැත. සාර්ථකව මේ කටයුත්ත කෙරෙන රටවල් පිළිබඳ ක්‍රමවත් අධ්‍යයනයක් කර ඒවායෙන් හොඳම ක්‍රමවේදය අපේ රටට ගළපාගන්නට පුළුවන. කසළ පුලුස්සා ඉන්ධනයක් ලෙස භාවිතයට ගෙන විදුලිය බවට හැරවීමේ තවත් ක්‍රමයකි. චීනයේ කසළ පුලුස්සා විදුලිය නිපදවන ව්‍යාපෘතියට දිනකට කසළ මෙටි්‍රක් ටොන් 2,000ක් ගෙනැවිත් පිළිසකර කරනු ලැබේ. කොළඹ, කඩුවෙල, මහරගම ආදී ප්‍රදේශවල කසළ ප්‍රශ්නයට ටොන් 2,000ක පමණ මෙවන් ව්‍යාපෘතියකින් ස්ථිර විසඳුමක් සොයන්නට පුළුවන”.

ගෝඨාභය රාජපක්ෂ
2018-05-24

ගෝඨා තායිලන්තය වැනි රටවල ආදර්ශ හඳුනාගත් බවක් මතු කරමින් කුඩා ව්‍යාපාර හා ව්‍යවසායකයා පිළිබඳ නව දැක්මකින් කතා කිරීමද කතාබහට ලක්කළ යුතුව තිබෙන්නකි.

“කුඩා හා මධ්‍යම ව්‍යවසාය බිහිකර දියුණු කිරීමේදී ඒවා මුල් කාලයේදී නිසි විගණනයකට ලක් කිරීම, නවීන තාක්ෂණය හඳුන්වා දීම යනාදිය සම්බන්ධයෙන්ද යම් ක්‍රමවේදයක් යොදන්නේ නම් සාර්ථක වීම ලබන්නට පුළුවන. මහා පරිමාණ ව්‍යවසායකයන්ට මේ වෙනුවෙන් සිත නැවෙන්නට පුළුවන. ඔවුන්ගේ සමාජ වගකීම් ව්‍යාපෘතිවලින් යම් කොටසක් මෙවන් ක්‍රියාවලියකට යොදන්නේ නම් ඔවුන්ට මෙන්ම සමාජයටත් ඵලදායී වනු ඇත. තමන්ට ව්‍යවසායකයකු විය හැකි බවට විශ්වාසයක් සමාජයේ සෑම කෙනකු තුළම ගොඩනැඟීම මෙහි මූලික අරමුණ විය යුතුය. රැකියා සොයන්නකු වෙනුවට රැකියා නිපදවන්නකු බවට පත්කිරීම මේ හරහා සිදුවිය යුතුය”

ගෝඨාභය රාජපක්ෂ
2018-05-31

ගෝඨාභය පිළිබඳ විවිධ කතා පැතිර යන වෙලාවක ඔහු දක්වන දැක්ම කතාබහට ලක්වීම කළ යුත්තකි. රටට අවශ්‍යව ඇත්තේ දර්ශනයක් සහිතව නිවැරැදිව ගමනක් යා හැකි පිරිසක් වන නිසා මේ කියැවීම කළ යුත්තකි.

ගෝඨා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද එසේ නොවූවද මේ කියැවීම් වැදගත්ය. මීට සාරවත් යමක් එකතු කරන ප්‍රබුද්ධයන් සමඟ යහපත් සැලසුම් සැකසිය යුතුය. එය රටට අවශ්‍ය දර්ශනය ගොඩනඟන්නට සමත් වීමට මඟ පාදන්නේය.

ගෝඨාභය නමැති සාධකය සමාජය තුළ කතාබහට ලක්වන්නේ විවිධ පැතිකඩ ඔස්සේ වුවත් මේ සංවාදය රට පුරා කෙරිය යුත්තේය.

එහි ඵලය වන්නේ යහපත් වැඩපිළිවෙළක් ඉදිරියට මතුවීමය. එම මඟ යා යුත්තේ කෙසේදැයි කවුරු කවුරුත් සිතිය යුතුය. නිමැවුම් කළ යුතුය. එකට එකතු විය යුතුය.

#GR

09
ජුනි
17

අනුර කුමාරගේ පුතා කසුන් දිසානයක හා බුදු රනිල් මාමා

කමිසයේ කොලරයේ කුණු ඕනෑ තරම්, සමහරක් උන්ගේ දාඩියට කමිසයේ කොලරය දියවෙලා, ඉරිලා,. හොඳ සපත්තු දෙකක් ගන්න කන කට්ටක්, වැඩිපුරම දාන්නෙ සෙරෙප්පු නෙවි සෙරෙප්පු කෑලි. පවුලේ උන් එක්ක සතුටක් විඳින්න දිනයක් එන්නේම නැති තරම්. එහෙම වින්ඳත් පහුවදාට විවේචන. මේ ජවිපෙ පූර්ණ කාලින සාමාජිකයාගේ ජීවිතයයි.

එහෙම කට්ට කන උන් දන්නවද දන්නේ නැහැ අනුර කුමාරගේ පුතු මිහින්ලංකා එකට ඇතුල්වුනේ කොහොමද කියලා, රස්සා වලින් දොට්ට දාද්දී කසුන් දිසානයකට රනිල්ගේ පිහිටෙන් නැවත රැකියාව ලැබුනු වග. තක්කඩි වමේ අනුරලා උඹලව කොයිතරම් අන්දලද බං.

ඔය විදියට දුක්විඳල ව්‍යාපාරය වෙනුවෙන් දිවිපිදූ සාමාජිකයනුත්…ඔවුන්ගේ පවුල්වල උදවියත් අදත් ඒ ස්ථාවරයේම සිටිමින්..
තමන්ගේ පෞද්ගලික මුදලුත් තාම පක්ශය වෙනුවෙන් යොදවති..

ඒ මිනිසුන්ටත් අපගේ කනගාටුව පළකරමි..

චාමි ට්‍රින්කොමලි
ඔබගේ අදහසට තව කොටසක් එකතු කලෙමි

Image may contain: 18 people, people smiling, textImage may contain: 3 people, people smiling, people standing
15
මැයි
17

මහින්ද රාජපක්ෂගේ හොරකම් 99 ක් හා රනිල්ගේ 1 ක්

රනිල් 

මහ බැංකු බැඳුම්කරය.. 

 

—————————————————————————————————-

මහින්ද රාජපක්ෂ

 01හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණය02 ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය

03 පල්ලේකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය

04 සුරියවැව ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය

05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)

06 දෙහිවල ගුවන් පාලම

07 ගම්පහ ගුවන් පාලම

08 වේයන්ගොඩ ගුවන් පාලම

09 නුගේගොඩ ගුවන් පාලම

10 කොළඹ වරාය පුළුල් කිරීම

11 ඔළුවිල් වරාය

12 හම්බන්තොට වරාය

13 කන්කසන්තුරේ වරාය

14 දකුණු කොළඹ වරාය ව්යාප්තිය

15 ආරුගම්බේ පාලම

16 ඉරක්කන්ඩි පාලම

17 කින්නියා පාලම

18 සංගුපිඩ්ඩි පාලම

19 මනම්පිටිය පාලම

20 මත්තල ගුවන් තොටුපල

21 ඉරණමඩු ගුවන් තොටුපළ

22 උමා ඔය බහු කාර්යය ව්යාපෘතිය

23 යාන් ඔය ජලාශ ව්යාපෘතිය

24 දැදුරු ඔය ව්යාපෘතිය

25 බස්නාගොඩ ජලාශ ව්යාපෘතිය

26 මොරාන ජලාශ ව්යාපෘතිය

27 වෙහෙරගල ජලාශ ව්යාපෘතිය,

28 රඹකැන් ඔය ජලාශ ව්යාපෘතිය

29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය

30 මොරගහකන්ද ජලාශ ව්යාපෘතිය

31 වේලි ඔය ව්යාපෘතිය

32 කැකිරිඕබඩ ජලාශ ව්යාපෘතිය

33 උඩවලව වම් ඉවුර ව්යාපෘතිය

34 බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය

35 නොරොච්චෝල ලක්විජය බලාගාරය

36 උතුරු ජනනි විදුලි බලාගාරය

37 කෙරවලපිටිය බලාගාරය

38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්යාපෘතිය

39 මොරගොල්ල ජල විදුලිබල ව්යාපෘතිය

40 කටුනායක අධිවේගී මාර්ගය

41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)

42 මාතර කොළඹ අධිවේගී මාර්ගය

43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය

44 උතුරු දුම්රිය මාර්ගය

45 මන්නාරම දුම්රිය මාර්ගය

46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම

47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)

48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම

49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම

50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම

51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්යාගාර ඇති කිරීම

52 නව දුම්රිය මිල දි ගැනිම්

53 බස් රථ 2200ක් මිලට ගැනීම

54 නෙළුම් පොකුණ කලා රඟහල

55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල

56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල

57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල

58 නෙළුම් කුලුන

59 මාගම්පුර ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව

60 කන්කසන්තුරේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව

61 ආරුගම්බේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව

62 ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලය පිහිටුවීම

63 සාගර විශ්ව විද්යාලය පිහිටුවීම

64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම

65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය

66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය

67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්යස්ථානය

68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්යස්ථානය

69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්යස්ථානය

70 වැලිසර විශේෂිත ආර්ථික මධ්යස්ථානය

71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්යස්ථානය

72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය

73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්යස්ථානය

74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්යස්ථානය

75 පින්නවල ජාතික වනෝද්යානය

76 සීතාවක උද්භිද උද්යානය

77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්යානය

78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්යානය

79 බත්තරමුල්ල දියත උයන

80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්යාප්තිය

81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්යාපෘතිය

82 හබරාදූව රජ්ය සේවක නිවාස සංකීර්ණය

83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම

84 යුධ ජයග්රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය

85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)

86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන

87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම

88 මිස්සක ඉ නැණසල වැඩසටහන

89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය

90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම

91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම

92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්යස්ථානය පිහිටුවීම

93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම

94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම

95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය

96 i-Sri Lanka ජාල නවීකරණ ව්යාප්තිය

97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම

98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්යස්ථානය

99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය

100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම..

30
ජන.
17

රාජිතගේ පවුලේ ඇති මානසික ගැටලු ජාතික ගැටලු බවට පත් කිරීම

hqdefault images
Champa says:

දේශප්‍රේමය මිනින මිම්ම මොකක්ද, ඇමතිතුමා?

දේශප්‍රේමය මනින්නේ බටලන්ද වගේ වධකාරාගාර හදන්න ඇති හැකියාවෙන්ද?

ප්‍රා වගේ සංවිධාන හදලා මිනී මරන්න පුළුවන් හැකියාවෙන්ද?

බැඳුම්කර වලින්ද?

නැව් වලින්ද? ගල් අඟුරු වලින්ද?

කොකේන් වලින්ද?

තඹ වලින්ද?

කරුංක වලින්ද?

වී වලින්ද? ප්‍

රාඩෝ වලින්ද?

රජයේ අමාත්‍යංශ ගොඩනැගිලි තියෙද්දී පෞද්ගලික ගොඩනැගිලි වලට ගෙවන කුලියෙන්ද?

වැසි වනාන්තර එලි කරන තරමටද? විකුණන වටිනා සම්පත් ප්‍රමාණයෙන්ද?

රජය සතු ඉඩම් වලින්ද? ගහන්න පුළුවන් කොමිස් වල වටිනාකමෙන්ද?

දත් ගලවන තරමටද? ඇමතිවරු රජයේ නිලධාරීන්ට බුරන සද්දෙන්ද?

තව පොඩ්ඩෙන් අමතක වෙනවා ලොතරැයි වලින්ද?

අනේ ඉතින් මේ විදියට යහපාලන මිම්මෙන් මැන්නොත් නම්, ගෝඨාභයට එක ලකුණක් වත් වැටෙන්නේ නැහැ. විමල්ට ලකුණු වැටෙන්නෙත් නැහැ.

රාජිත වගේ මුන් තමයි දේශප්‍රේමියෝ.

විමල්ව බොරු චෝදනා දමලා හිරේ දැම්ම වගේ ගෝඨාභයව කොටු කරන්නත් නින්දිත මෙහෙයුමක් යනවා. නින්දා අපහාස කරනවා. බොරු චෝදනා කරනවා. හිරේ දානවා කියනවා. නියම දේශප්‍රේමියෝ ඒවායින් සැලන්නේ නැහැ. මර්දනය තමන්ගේ පන්නරය කර ගන්නවා. කරදර හිරිහැර තමන්ට ආශීර්වාදයක් කර ගන්නවා. සිර කුටිය නියම දේශප්‍රේමීන්ගේ ප්‍රතිරූපය ඉහල නංවනවා. (නියම කියන වචනේ පාවිච්චි කලේ බොරු කාරයොත් හිටපු නිසා). ලෝකේ නමක් තියපු විප්ලවවාදියෝ හැම දෙනාම සිරගත වෙලා හිටියා. ඉතිහාසය තවමත් ඒ විප්ලවවාදියෝ ගැන ඒ දේශප්‍රේමීන් ගැන කතා කරනවා.

ගෝඨාභය කියන්නේ කවුද කියන එකට අටුවා ටීකා අවශ්‍ය නැහැ. උසාවි ගිහින් දේශප්‍රේමය ඔප්පු කරන්න ගෝඨාභය කවදාවත් රට ජාතිය පාවා දීලා නැහැ. කොටින් එක්ක සටන් කරන්න තීක්ෂණ, දක්ෂ යුධ ක්‍රමෝපායයන් සහිත සැලසුම සකස් කලේ ගෝඨාභය. ඒ වගේ මොලයක් තමයි අපේ රටේ ඊළඟ ජනාධිපති වෙන්නේ ඕනේ.

ඩොලර් කුට්ටියක් අරගෙන මහින්දව ඉස්සෙල්ලම පාවා දුන්නේ රාජිත. ගිය ආණ්ඩුවේ බොහෝ දූෂණ වංචා කරපු කොමිස් ගහපු ඇමතිවරු තමයි මේ ආණ්ඩුවේ ඉඳගෙන පහුගිය ආණ්ඩුවේ හොරකම් ගැන කතා කරන්නේ. අබ කෑවම නහය දනවලු.

FCID කියලා දේශපාලන පලි ගැනීම් වලටම විශේෂයෙන් හදපු දඩයම් ගුහාව නොතිබෙන්න, කිසිම විරුද්ධ පැත්තේ දේශපාලකයෙක් හිරේ යන්නේ නැහැ. ස්වාධීන අධිකරණයකින් බොරු චෝදනා හදලා එහෙම කරන්න බැරි නිසා වෙනම ඒකකයක් පිහිටෙව්වා. මෙහෙම කරන්නේ මිනිස්සුන්ව නොමග යවන්න. ආණ්ඩුව හොරු අල්ලනවා කියන්න. ඉතිහාසයේ දූෂිතම අගමැති, FCID එක ලව්වා හොරු අල්ලනවා කියනව තරම් විහිළුවක් තවත් නැහැ.

Quote: “..අද මාධ්‍ය නිදහස ලබාදී තිඛෙනවා. කතෘවරුන්ට කවුරුවත් ප්‍රහාර එල්ල කරන්නේ නැහැ. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරුන්ට පරිභව කිරීමට අවස්ථාව උදාවී තිඛෙනවා…” Unquote:

දේශපාලකයන්ට පරිභව කිරීම මේ රටට අඳුන්වා දුන්නේ කවුද? හංසයා ඉස්සර කරගත්ත වෘක රැල නෙමෙයිද?

පහුගිය ජනාධිපතිවරණ කාලේ මගේ දේශපාලනය ගැන උනන්දුවක් තිබුනේ නැහැ. මම දේශපාලනය කතා කරන්න පටන් ගත්තේ විමල් ජන පවුරක් ගොඩ නගපු 2015 පෙබරවාරි ඉඳන්. ඊට පස්සේ තමයි කලින් හංසයා කියපුවා දැන ගත්තේ. පහුගිය ආණ්ඩුවේ නායකයන්ට පරිභව කරන්න, බොරු චෝදනා කරන්න ඕනේ තරම් නිදහස තිබුනා. නැත්නම් අද යහපාලනය බලයට එන්නේ නැහැ. මිනිස්සුන් විතරක් නෙමෙයි මම හිතන්නේ වර්තමාන ජනාධිපතිතුමාත් හොල්මන් වෙන්න ඇති ෆයිල් ගොඩ දැකලා. අද පේනවා ඇති වෙලා තියෙන්නේ මොකක්ද කියලා. බූමරංගයක් ගැහැව්වම ආපහු එනවා. එදා විසි කරපු බූමරංගය අද ආපහු එනවා. එදා කරපු පරිභව අද ආපිට යනවා. සවභාව ධර්මය වෙනස් කරන්න කාටවත් බැහැ.

දේශපාලකයන් තමන්ගේ කඹ ඇදිල්ලට යොදා ගෙන තියෙන්නේ ජනතාව. ඒකාබද්ධ විපක්ෂයේ tailwind එක ජනතාව. අවුරුදු දෙකක් තිස්සේ tailwind එක දුක් විඳිනවා. ඒකාබද්ධ විපක්ෂයට වගේ වගක් නැහැ. දේශපාලකයෝ කඹ අදිනවා. ඊට පිටිපස්සේ ඉඳන් ජනතාවත් කඹය අදිනවා. මේ කඹ ඇදිල්ලෙදී ආණ්ඩුවේ සහ විපක්ෂයේ හේතුව වෙනස් වුනත් අරමුණ එකයි. විරුද්ධ පක්ෂේ මන්ත්‍රීවරු කඹය අදින්නේ කාලය කන්න. ආණ්ඩුව පැත්තෙන් කඹය අදින්නෙත් කාලය කන්න. දෙගොල්ලොම කරන්නේ කඹය ඇද ඇද රටේ ප්‍රශ්න නොවිසඳී තියා ගන්න එක.

මම නම් කඹය ඇතාරියා. ගිය අවුරුද්දේ ඔක්තෝබර් 7 රත්නපුරේ JO රැස්වීමට ආපු මිනිස්සුන්ගේ පින්තූර, විමල්ගේ facebook එකෙ දාලා තිබුන ඒවා enlarge කරලා බලලා මට හුඟක් දුක හිතුනා. මිනිස්සුන්ගේ දුක, වේදනාව, කඳුල, බඩගින්න, පිපාසය දේශපාලන ගමනකට යොදා ගන්න එකට සහයෝගය දෙන එක වැරදි බව මට තේරුනා. ඒ එක්කම හිටපු ආරක්ෂක ලේකම්තුමාගේ කතාවත් ඊට පස්සේ දවසේ ජනාධිපතිතුමාගේ ඔක්තෝබර් 12 කෙලින් කතාවත් අහලා මට හිතුනා මිනිස්සු වෙනුවෙන් වෙනස් සටනක් කරන්න. මං කරපු දෙයක් නෙමෙයි, නමුත් අද රටේ පාලනයේ වෙනසක් වෙන්න පටන් අරන් තියෙනවා. විමල් එක්ක අපි කෑගහපු සටන් පාඨ බොහොමයක් හරි පැත්තට වෙනස් වෙලා තියෙනවා. විසඳිලාම කියලා කියන්න බැරි වුනත් හොඳ පැත්තට වෙනසක් වෙලා තියෙනවා.

මට ඉන්න ජනාධිපතිතුමාගෙන්වත් හිටපු ජනාධිපතිතුමාගේන්වත් ඇති වැඩක් නැහැ. මම දේශපාලකයන්ට කැමතිත් නැහැ. මට අවශ්‍ය ජනතාවගේ ප්‍රශ්න විසඳෙනවා දකින්න. හැමෝම දේශපාලකයන් ගැන කතා කරනවා. ප්‍රශ්ණ ගැන කතාකරනවා. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බලපෑමක් නැහැ.

හරියට අර “ඇරඹුමේ” කළා වගේ. විමල් ගැන කතා කරනවා. විමල්ව නිදහස් කරන්න කියන්නේ නැහැ. විමල්ට හිරේ දුක් විඳින්න ඉඩ ඇරලා විමල්ව market කරනවා. විමල්ට අනිත් දේශපාලකයන්ට වගේ cheap popularity අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. විමල්ට මිනිස්සු ආදරය කරන්නේ විමල්ගේ නොවෙනස් ප්‍රතිපත්ති නිසා. රට ගැන විමල්ගේ තියෙන අසමාන ආදරය නිසා. විමල් විප්ලවවාදියෙක් මිසක් සාමාන්‍ය දේශපාලකයෙක් නොවෙන නිසා.

Quote: “..2020 මැතිවරණයට අපි සුදානම්. විපක්ෂය අපි බියගන්වන්නේ නැහැ. බලෙන් ඡන්දය ගන්නෙත් නැහැ. ජනතාවගේ ‘ආදරය’ සමග රජය බිහිවිය යුතුයි…” Unquote:

මේ තමයි ලොකුම joke එක. ජනතාව පැත්තේ ඉඳන් කියන්න තියෙන්නේ 2020 ට අපිත් ලෑස්තියි කියන එක. වතුර කියන දේ නිශ්චල කරන්න පුළුවන් වගේම කළඹන්නත් පුළුවන් දෙයක්. මහ කුණාටු, සුනාමි එන්න කලින් වතුර නිශ්චල වෙනවා. ගුප්ත බවක් පේනවා. තේරුම් ගන්න අමාරු වෙනවා. ජනතාවත් එහෙමයි. 2020ට සිරිසේන ජනාධිපතිතුමා ඉල්ලයි කියලා මම හිතන්නේ නැහැ. 2020දී UNP ආණ්ඩුවයි JVP එකයි නැත්තටම නැති වෙලා යනවා. ජනතා පැතුම ඉෂ්ඨ වෙනවා. නියම “පෙරළිය ඇරඹෙන්නේ” 2020 දී. දැනට නම් පෙරළිය ඇඹරෙනවා විතරයි. අරඹන්න ඉස්සෙල්ල ඇඹරෙන එක නවත්තගෙන ඉන්න එපෑය. ඒගොල්ලන්ගේ ඇරඹුම ජනතාවට පෙන්නේ ඇඹරුමක් වගේ බව දන්නේ නැහැ. පව්.

විමල්ගේ ඉල්ලීමට 2015 පෙබරවාරි නුගේගොඩට ස්වේච්චාවෙන් ආපු සෙනඟ අතර වැඩිපුර හිටියේ මධ්‍යම පන්තිය. විමල්ගේ හැම රස්වීමකම හිටියේ (1,2,3,4) හොඳට ඇඳ පැළඳ ගත්ත මිනිස්සු. මධ්‍යම පන්තිය. පස්සේ ඒ තත්වය වෙනස් වුනේ SLFP මන්ත්‍රීවරු සංවිධානය කටයුතු බාර අරන් සෙනඟ “ගේන්න” පටන් ගත්ත නිසා. “පාද යාත්‍රාව” වෙනුවෙන් පාරට ආපු වැඩි දෙනා, ලිප්ටන් වටරවුමට ආව වැඩි දෙනා මධ්‍යම පන්තිය. ලෝකේ ආණ්ඩු පෙරළුවා නම් පෙරලුවේ මධ්‍යම පන්තිය. වෙනසක් කළා නම් කලේ මධ්‍යම පන්තිය. පීඩිත පන්තිය නෙමෙයි. දේශපාලකයෝ පීඩිත පන්තිය යොදා ගන්නේ තමන්ගේ පැවැත්ම රඳවා ගන්න. 2015 වෙනසක් කලෙත්, (නොමඟ ගිය) මධ්‍යම පන්තිය. 2020 වෙනසක් කරන්නෙත් මධ්‍යම පන්තිය ඉස්සරහට ඇවිල්ල. (Over to you, Wimal). 2020 ආණ්ඩු බලය යන්නේ මධ්‍යම පන්තිය කැමති කෙනෙකුට. නියම පෙරළිය ඇරඹෙන්නේ එදාට. දැන් නිකම් ඇඹරෙනවා විතරයි.

අහිංසක මිනිස්සුන්ගේ නැති බැරිකම, දුක, වේදනාව, කුසගින්න market කරන එකට මම විරුද්ධයි. අපි කරන්න ඕනේ ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවට බලපෑමක් කරන එක. විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු කරන්න ඕනේ ඒ මිනිස්සු අතරට ගිහින් දුප්පත් මිනිස්සුන්ට කතා කරලා ඒ ප්‍රශ්න අරන් ඇවිල්ල පාර්ලිමේන්තුවේ කතා කරලා, ප්‍රශ්නේ විසඳෙන තුරු කතා කරලා, ඒ අසරණ මිනිස්සුන්ට සහනයක් ලබා ගන්න උදව් කරන එක. ජනතාව දේශපාලකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක. අවුරුදු දෙකක් ඇඹරි ඇඹරී ඉඳල, දැන් ආපහු අළුතින් ඇඹරෙන්න පටන් ගන්නවලු. 😀 😀 😀

ජනාධිපතිතුමා දැන් රටේ පාලනය ටික ටික තමන් අතට අරන් නිසා, මම හිතනවා මිනිස්සුන්ගේ සැබෑ ප්‍රශ්න වලට විසඳුමක් දෙයි කියලා. තවම රනිල්ගේ වැරදි නිවැරදි කරගෙන යනවා.

මම මේක ටික දවසකට කලිනුත් කිව්වා. මම හිතනවා ජනාධිපතිතුමාට රටේ ප්‍රශ්න විසඳන්න අවස්ථාවක්, නිදහසක් සහ අවකාශයක් ලබා දිය යුතුයි කියලා.

ලෝක බැංකුව, IMF වගේ ආයතන තියෙන්නේ අපි වගේ රටවල් වලට උදව් කරන්න. මහ බැංකු සංචිතය සමබර කරගෙන මිසක් ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බැහැ.

ආර්ථිකය කඩා වට්ටපු මහා බැංකු බැඳුම්කර වලින්ම තමයි ආර්ථිකය නැවත ගොඩ නඟා ගන්න පුළුවන් වෙන්නෙත්. මං කියන්නේ ළිඳට වැටුණු ලංකාවේ ආර්ථිකය ළිං කටින්ම ගොඩ ගන්න කියල.

28
ජන.
17

උරුමයක් නැති ජාතියක්

උරුමය නැතිකරගන්නා ජාතිය

ඉතිහාසය පුරා එකල විවිධ නම් වලින් හැඳින්වූ ලංකාවට ලෝකය පුරා පිලිගැනීමක් ලැබුනේ මහාතිත්ත, ගෝකන්න, ජම්බුකොලපටුන , ගොඩවාය වැනි වරායවල් නිසාය. ඉතිහාසයේ ප්‍රකට නාවිකයින් බොහෝමයක් ලංකාවට ගොඩබැස්සේ බටහිටර හා නැගෙනහිර යා කරන මුහුදු මාර්ගයේ ලංකාව පිහිටි නිසාත් ඉන්දියා මහද්වීපයට සමීපව පිහිටා ඇති නිසාත්ය.ලෝකයේ පැරණිතම පොතක් වන බයිබලයේ තැන් කිහිපයකම සඳහන් වන සොලමන් රජු මැනික්, ඇත්දල, වඳුරන් හා මොනරුන් ආනයන කල ටාෂිශ් නැමති වරාය ලංකාවේ දකුණුදිග වරායකැයි සමහර ඉතිහාසඥයෝ තර්ක කරති.ක්‍රිස්ටෝපර් කොලොම්බස්ටත් පෙර ලෝකය වටා ගියායැයි විශ්වාස කෙරෙන ෂෙන්ග් හේ නැමති සුප්‍රකට චීන නාවිකයා සිය දීර්ඝ මුහුදු චාරිකා 7න් 6 කදීම ලංකාවට ගොඩ බැස ඇත. 11-12 වන සියවස්වල චීන වරායන්ට පැමිනි සමහරක් විශාලතම වෙළඳ නැව් පැමිනියේ ලංකාවෙන් බව පැරණි චීන පොත්පත්වල සඳහන්වේ. රෝම අධිරාජ්‍යට ලංකාවෙන් දූතයින් පැමිනි බව ප්ලියිනි නැමති රෝම ඉතිහාසඥ්යා ලියා ඇත. මෙවැනි ප්‍රෞඨ නාවුක ඉතිහාසයකට අපට හිමිකම් කිව හැක්කේ අපේ භුගෝලිය පිහිටීම හා වරාය සම්පත් නිසාය. එමෙන්ම ලංකාවේ වර්ග කිලෝමීටර 65,000ක් භූමි ප්‍රමානය මෙන් 25 ගුනයක මුහුදු කලාපයක් එක්සත් ජාතීන්ගේ නවතම මුහුදු සීමා නීර්ණ නීතිය යටතේ අපට මෑතදී අයිතිවූ නිසා අනාගතයේ රට සංවර්ධන ක්‍රියාවලියේ සාගර ආශ්‍රිත ආර්ථික විසඳුම් ඉතා වැදගත් වනු ඇත. චීනයට හම්බතොටත් ඉන්දියාවට ත්‍රීකුණාමලය හා කන්කසන්තුර වරායනුත් දීර්ඝ කාලීන ගිවිසුම් යටතේ බදු දීම අනාගත පරපුර පවාදීමක් ලෙස මා දකින්නේ ඒ නිසාය. මේ වරායවල් අද ලබන හෝ නොලබන ආදායම ගැන කතාකරනවා වෙනුවට බුද්ධිමත් ජාතියක් සාකච්චා කල යුත්තේ හොඳ කලමණාකරනයක් යටතේ අනාගතයේ ලබා ගත හැකි ආදායම ගැනය. මේවා ගැන කතා කරණ විට එය දේශපාලනය කතාකිරීමක් ලෙස සිතා නොසතුටට පත්වන ශ්‍රී ලාංකිකයන් හුදකලා චරිත නොවේ. අප තාමත් මෙතන සිටින්නේ එවැන්නන් බොහෝ දෙනෙකු ඉතිහාසය පුරා මේ රටේ ජීවත් වූ බැවිනි.

උපුටා ගැනීම – ආචාර්ය නාලක ගොඩහේවාගේ මුහුණු පොතින්




අනවශ්‍ය දේවල්

  • 184,007 ක් බැළුවා

මරුවා වැහෙන දින

දෙසැම්බර් 2018
බ්‍ර සි සෙ
« නොවැ.    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements