Archive for the 'මාගම් සෝළිය' Category

09
අප්‍රේල්
18

එජාප කෘත්‍යාධිකාරී කුමාර සහ වෙනත් කතා

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අරලියගහ මන්දිරයේ දී රැස්වේ

අද දිනය පුරා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා සහ ඉදිරි තීන්දු තීරණ ගැනීමට ඔවුන් මෙලෙස අරලියගහ මන්දිරය වෙත රැස්වී තිබේ

පසුගිය සමයේ මෙම අරලියගහ මන්දිරය රන්ජන් රාමනායක මහතාගේ විශේෂ ගවේශණයක ප්‍රථිපලයකට අනුව සොයා ගත් අතර රත්තරන් අශ්වයා බැද තිබූ ගස හා ලැම්බෝගිනි නවතා තිබූ ගරාජයද ඔහු විසින් අණාවරණය කර ගත්තේය..

පසුව එහි වැසිකිළියක තිබූ රූපවාහිනියද සොයා ගැනීමත් සමග එය රටම කලඹන පුවතක් බවට පත් වූයේ නිමේෂයකිනි..

එදින රන්ජන් රාමනායක ඇතුළු එක්සත් ජාතික පක්ෂය විසින් සොයා ගන්නා ලද රන් කඩු කිහිපය කල් යත්ම මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රැගෙන ගොස් ඇත..වියදම දැරිය නොහැකි තැන ඥාණාන්විතව මල් පෝච්චි සියල්ලද විනාශ කෙරිනි..

අද දින වන විට අරලියගහ මන්දිරයේ කාමර තුළ දක්නට ලැබෙන්නේ බූරු ඇදන්ය දහවල සූර්යාලෝකයෙන් ආලෝකය ලැබෙන අතර රාත්‍රී කාලයේ කණාමැදිරියන් රෑ බදුල්ලන් වැනි සතුන්ගෙන් ආලෝකය ලබා ගනී..

එහි කෑමට පිඟන් වෙනුවට කෙසෙල් හෝ නෙලුම් කොලය.. බීමට කෝප්ප වෙනුවට පොල් කටුය.. තටාකයන්හි මාලු වගාවන්ය..ටෙලිපෝන්ද නොමැත පණිවුඩ හුවමාරු වන්නේ සදලුතලයට නැග එකිනෙකා හට හූ කියා ගැනීමෙනි..පරවියන් භාවිතා කරන්නේද ඇමතිවරුන් පමනි..

අහසින් වැටෙන එකදු දියබිදක හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයව් සංකල්පයට අනුව ජලය වර්ෂාවෙන් එක් රැස් කරගැනීමට මන්දිරයේ වහල පුරා රදවා ඇත්තේ විශාල බාල්දිය..

භූගත මහල කලකට පෙර වසා දැමීමට කටයුතු කරන ලද්දේ විශාල වායු සමීකරණ යන්ත්‍ර නිසාවෙන් බව සැවොම දන්නා කරුණකි..

වර්තමානය වන විට එම වායු සමීකරණ යන්ත්‍ර ඇතුළු විද්යුත් උපකරණ සියල්ල ගලවා වෙන්දේසි කොට මහබැංකුව සුරැකීමේ අරමුදල වෙත බැර කොට ඇත්තේ ජනතාවගේ හිත සුව පිණිස බව අප දනිමු..

කුඩා වැස්සකටත් තෙමෙන අරලියගහ මන්දිරයේ වහල පොල් අතු වලින් පිලිසකර කිරීමට පසු කාලයේදී තීරණය කෙරිණි ඒ රනිල් වික්‍රමසිංහයාණන්ගේ තීරණයකට අනුවයි..

මන්දිරය පිටුපස වන්නට ඇත්තේ විශාල එළවලු කොටුවකි වම්බටු බණ්ඩක්කා සහ වට්ටක්කා ප්‍රධාන ලෙස වගා කොට ඇති අතර මෑ කරල් සහ වැටකොලු අතිරේකව වගා කොට තිබේ..මන්දිර වාසීන් දෛනික ආහාර අවශ්‍යතාවය සපුරා ගන්නේ මෙම එලවලු කොටුවෙනි..

මෙම එලවලු කොරටුව එජාප මන්ත්‍රී වරුන් විසින් පවත්වාගෙන යන්නේ රතන හිමිගේ අධීක්ෂණයෙන් කාබනික පොහොර යොදා වීම විශේෂිතය..

පරම සත්‍ය නම් වර්තමානයේ අරලියගහ මන්දිරයේ ජලබිල් විදුලිබිල් නොමැත..අන්තර්ජාල බිල් නොමැත..ටෙලිපෝන් බිල් නොමැත..ජනතාවගේ බදු මුදල් කිසිවෙකුත් අවභාවිතා කරන්නේද නැත..කොටින්ම අරලියගහ මන්දිරයේ නඩත්තුව සඳහා ජනතාවගේ සතයකුදු හෝ වැය වන්නේ නැත..

මෙවැනි ඥාණාන්විතව මොණරබල් ජනතා නියෝජිතයන් පිරිසක් මෙරට පාලනයට පහල වීමට තරම්..

අප කෙතරම් වාසනාවන්ත වීමු ද..?

Image may contain: 3 people, people smiling, people sitting
Image may contain: 3 people
Image may contain: one or more people and indoor
Advertisements
23
මාර්තු
18

සමන් වික්‍රමාරච්චි ගේ ග‍ොං පාට්

ඇත්ත. මේ ලියන්න යන්නේ සමන් වික‍්‍රමාරච්චි ගැනයි. ඔහුගේ දුක්ගැනවිල්ල ගැනයි. ඔහුවත් නොදන්නා ඔහුට සිදුවී ඇති නස්පැත්තිය ගැනයි.

සම්මානයක් යනු කිසියම් ඇගයීමක් වන අතර කියැවීමක්ද වන්නේය. සම්මානයක් අරබයා කියැවීම එකවර ද්විගුණික වේ. එනම් අදාළ සම්මානය සඳහා සලකා බලනු ලබන කෘතිය කිසියම් පිරිසකගේ (ජූරිය) රසඥතාව, දැනුම, අත්දැකීම, සංවිධායකයින්ගේ කොන්දේසි මාලාව ආදී අංග ලක්ෂණ ගණනාවකින් ව්‍යුහගතවූ “කියැවීමකට”ලක්වන විට කෘතියේ රචකයා ද කියවන්නියන්ගේ “කියැවීමට”ලක්වන්නේ “සම්මාන ලාභී හෝ නොලාභී” නම් සංකේත ප‍්‍රාග්ධනයකට යටත්වය. “සම්මාන බලාගෙන අපි ලියන්නේ නෑ”කියනවිට මෙම “සම්මාන නොලාභී”වුවද කියවන්නියන්ගේ සාපේක්ෂ වටිනාකමකට ලක්වන්නේ “රැඩිකල්”නම් ව්‍යාජ ලේබලයක් අදාළ රචකයාගේ නමට ඉදිරියෙන් කියවන්නිය විසින් විශේෂණ පදයක් කර ගැනීම හේතුවෙනි. එබැවින් සම්මානදීම යනු ජංගි ඇන්දවීමක් පමණක් බවත්, ස්වර්ණ පුස්තකය යනු වෙළෙන්දන්ගේ වෙළෙඳ උපක‍්‍රමයක් බවත් පිළිගන්නා අතරම ඒ ජංගිය ඇඳ ගැනීමට මේ තරම් ආශාවක් කෙනෙකුට ජනිත වන්නේ ඇයි? ඒ ජංගිය ඇඳ ගැනීමට අවස්ථාව නොලැබුණු විට ජංගියෙන් මුහුණ වසාගෙන “ගලේ පැහැරූ බළලෙක් මෙන්”තමන් නිරාවරණය වීම සාහිත්‍ය ප‍්‍රගමනයේ අංගයක් ලෙස හුවාදැක්වීමට අසාර්ථක ප‍්‍රයත්නයක යෙදෙන්නේ මන්ද?

මුහුණු පොතේ අවතාර හා පුවත්පත් අවතාර

“මුහුණු පොත යනු අශාරීරික අවතාර ගැවසෙන අශ්ලීල අඩවියක් බව නොකිව යුතු තරම්ය. අනන්‍යතා අර්බුදවලින් පෙළෙන්නන් තමා විසින් තමාවම නිර්මාණය කර ගැනීමට උත්සාහ කරන්නේ මුහුණු පොත තුළ විකාර ලිවීමෙනි.”(වික‍්‍රමාරච්චි:2016 අගෝස්තු 28/සත්හඬ/සිහිනයඃපිටුව 07).

කෙනෙකුගේ අනන්‍යතා අර්බුදය ආරම්භ වන්නේ මිනිස් විෂයේ ඛණ්ඩනය සිදුවන මවගේ ගර්භාෂයෙන් පිටතට වීසිවන අවස්ථාවේ සිටම බවත්, එය ලෙඩක් නොවන බවත් (ලෙඩක් දක්වා වර්ධනය විය හැකි නමුත්) මනෝ විශ්ලේෂණ විෂය ක්ෂේත‍්‍රයේ ඔස්තාර් කෙනෙකු යයි සිතාගෙන සිටින වික‍්‍රමාරච්චිට සිහිපත් කරදීමට සිදුවීම කනගාටුවට කරුණකි. පත්තරේකට ලිපියක් ලිවීමෙන්, නඩු තීන්දුවකට අත්සන යෙදීමෙන්, දිනමිණ පත්තරේට ලිපිය ගෙනයාමට ලේක්හවුස් සේවිකාවකගේ ස්වාමියා ගෙදරට කැඳවීමට ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරියා හරහා පණිවිඩ යැවීමෙන් සිදුවන්නේද අනන්‍යතාව තහවුරු කිරීම (අර්බුදයෙන් ගැලවීම) මිස අන් යමක් නොවේ. එකී ක‍්‍රියා තුළින් අනන්‍යතාව සෙවීම සත් ක‍්‍රියාවක් වී මුහුණු පොතේ අනන්‍යතාව සෙවීම පහත් ක‍්‍රියාවක් වන්නේ නැත. අනෙක් අතට අවතාර, හොල්මන් ආදීන් සමග ගනුදෙනු කරන්නේ යන්ත‍්‍ර, මන්ත‍්‍ර, ගුරුකම් විශ්වාස කරන හා එමගින් යැපෙන කට්ටඬින් මිස විද්‍යාත්මක දැනුම කෙරෙහි විශ්වාසය තබා ඇත්තන් නොවේ. මුහුණු පොතේ අවතාරයකට පිළිතුරු දෙන්නට තරම් වික‍්‍රමාරච්චි ඉදිරිපත්වීමම, මුහුණුපොත සීරියස් ලෙස බාරගැනීමකි. “තමන් කියන්නේ කුමක් වුවද, තමන්ගේ බාරගනු ලබන්නේ එහිම ප‍්‍රතිපක්ෂය’ බැව් තහවුරු කිරීමකි. වික‍්‍රමාරච්චිගේ අදහස් ලෝකය හා ව්‍යවහාරික ජීවිතය අතර පවත්නා දුරස්ථභාවය ප‍්‍රත්‍යක්ෂ කිරීමකි. හෙතෙම මෙසේ කියයි.

“මෙතන මාෆියාවක් තියෙනව තමයි. ස්වර්ණ පුස්තකය කියන්නේ බිස්නස් වැඩක්. සම්මානය සමග ලැබෙන රුපියල් ලක්ෂ පහ නිසා ලේඛකයා ඊට මැදිහත්වෙලා ඉන්නවා. ලක්ෂ පහ නොතිබුණානම් ඒක කිසිම වැඩකට නැති දෙයක්”( (වික‍්‍රමාරච්චි:2016 අගෝස්තු 30/ලංකාදීප/විමංසාඃපිටුව 01-ගාමිණී කන්දේපොල සමග සාකච්ඡාව).

මුහුණුපොතේ ලියන්නන්ගේ අනන්‍යතා අර්බුදය ගැන ලියන ඔහු ස්වර්ණ පුස්තකයෙන් මතු නොව ඊට ලැබෙන ලක්ෂ පහෙන් තම අනන්‍යතා අර්බුදයට පිළියමක් යොදාගැනීමට දැරුව උත්සාහය පිළිබඳ මතක ආවර්ජනයේ යෙදෙන්නේ මේ අයුරිනි.
“සම්මානයක් ලැබීමෙන් ලේඛකයා හිතනවා එයින් තමාට පිළිගැනීමක් ඇතිවෙනවා කියල. අපි හිතනවා අපි දිහා කවුරු හරි බලාගෙන ඉන්නවා කියලා. ඒ අය සතුටු කරන්න තමයි අපි බලන්නේ. එහෙම කෙනෙක් නැති බව පිළිගන්න කැමති නෑ.”(වික‍්‍රමාරච්චි:2016 අගෝස්තු 30/ලංකාදීප/විමංසාඃපිටුව 01-ගාමිණී කන්දේපොල සමග සාකච්ඡාව).

තමන් දිහා බලාගෙන සිටින කවුරු හරි කෙනා, තෙවන පාර්ශවය හෙවත් මහ අනෙකා තමන් දිහා බලන්නේ ලක්ෂ 5ක් ලැබුණොත් යයි තරයේ විශ්වාස කරන ඔහු මුහුණුපොතේ ලියන්නා තුන්වෙනි පාර්ශවකින් අනන්‍යතාව සෙවීම බරපතළ ගැටළුවක් කර ගනියි. දීප්තිව උපුටා දක්වමින් ඔහු නැවත මෙසේ ලියයි.

“මුහණුපොත තුළ ඔබට හිමිව ඇති අනන්‍යතාව පාර එකකි. ඉන් මිදීමට නම් ඔබ තෙවෙනි පාර්ශවයක් සමග විශ්වාසයකට යා යුතුය. එනම් මහ අනෙකාය. අප මේ මුහුණුපොත තුළ ලියන්නේ කාටද? එය අප ලියන්නේ ඊ-මේල් හෝ ලිපියක හෝ පරිදි සුවිශේෂී පුද්ගලයෙකුට නොවේ. අඥාත තෙවන පාර්ශවයක් වෙනුවෙන් මිස මුහුණු පොත තුළ වෙන ලිවීමක් නැත.”(වික‍්‍රමාරච්චි:2016 අගෝස්තු 28/සත්හ`ඩ/සිහිනයඃපිටුව 07).

මෙමගින් පැහැදිලි වන්නේ පුවත්පතට ලිවීමෙන්, සම්මුඛ සාකච්ඡාවක් දීමෙන්, ස්වර්ණ පුස්තකය ලැබීමෙන් තමන් දෙස බලා සිටින තෙවන පාර්ශවය හෙවත් ‘මහ අනෙකා’තමාට තමාව නිර්මාණය කර ගැනීමට උදාකර දෙනු ලබන අවස්ථාව පිළිබඳ බෙහෙවින් සවිඥානක වන වික‍්‍රමාරච්චි, මුහුණු පොතේ ලියන්නා අඥාත තෙවන පාර්ශවකින් තම අනන්‍යතාව අපේක්ෂා කිරීම බැරෑරුම් ගැටළුවක් ලෙස බාරගැනීමයි. එසේ වන්නේ පුවත්පත මිලදී ගනු ලබන තැනැත්තා තමන් ලියන ලිපිය අනිවාර්යෙන් කියවීම, හෝ පුවත්පතේ පිටු බත් එතීම හෝ වෙනම් දේකට එම කඩදාසි භාවිතා නොකිරීම, පුවත්පත පවත්වාගෙන යන්නේ වෙළෙඳ දැන්වීම්වලින් හෝ වෙනත් සෘජු හා වක‍්‍ර ගනුදෙනු වල ප‍්‍රතිඵලයක් ලෙස නොව අලෙවියෙන් ලැබෙන ආදායමෙන් පමණක්වීම යයි හෙතෙම විශ්වාස කරන නිසා විය යුතුය. එවිට පුවත්පතට බැල්ම හෙළන මහ අනෙකා “මහා”වී “මුහුණු පොතට බැල්ම හෙළන මහ අනෙකා “මහා නොවීම” පිළිබඳ වික‍්‍රමාරච්චිට සහතිකයක් දෙනු ලැබ ඇත්තේ කවුරුන්ද? වික‍්‍රමාරච්චිගේ ගැටළුව ඇත්තේ මෙතනය.

“සම්මානයක් ලැබෙන කෙනාට අනන්‍යතාවක් ලැබෙනව. ආත්මය ගොඩනඟා ගැනීමට එය හේතුවක් වෙනවා. ඒකෙ වැරැද්දක් කියන්න බෑ. හැබැයි සම්මාන බලාගෙන ලියන්න ගියාම ලේඛකයා එක තැනකට කොටුවෙනවා. වෙනස් දෙයක් ලියන්න ඕනෑ කියලා හිතෙන්නේ නෑ. වෙනස් දෙයක් ලිව්වාම සම්මාන ලැබෙන්නේ නෑ. අනික සම්මාන ලැබීම හරිම විනෝදයට කාරණයක් වෙලා. පසුගිය දිනවල මේ පොත් දෙක ඉවත්කිරීමේ අර්බුදයත් එක්ක ඇතැම් අය මාර විනෝදයක් ලැබුවා.”(වික‍්‍රමාරච්චි:2016 අගෝස්තු 30/ලංකාදීප/විමංසාඃපිටුව 01-ගාමිණී කන්දේපොල සමග සාකච්ඡාව).

අනුන් “මාර විනෝදයක්”ලැබුවා යයි (අනෙකාගේ ප‍්‍රමෝදය) ලංකාදීපයේදී උපකල්පනය කරන ඔහු 2016 ජූලි 31 සත්හඬ පුවත්පතේ සිය ලිපිය ආරම්භ කරන්නේම “ඔවුහු මගේ විනෝදය අහිමි කරමින් සිටිති”යන වැකියෙනි. එබැවින් විනෝදය කාගේද? එය අහිමිව ඇත්තේ කාටදැයි පැහැදිලි වනු ඇත.

පුරා දශක එක හමාරක් තිස්සේ සාහිත්‍යය, කලාව, සිනමාව පිළිබඳ උනන්දුවෙන් ඒ පිළිබඳ කියවීම්, හැදෑරීම් කරමින්, කියවන්නන්ට හදාරන්නන්ට සහයෝගය දෙමින් කටයුතු කරන මා ලංකාවේ ප‍්‍රමුඛතම සාහිත්‍ය සම්මාන උළෙලක දෙවන වටයට තේරීපත්ව ආ කෘති පිළිබඳ උනන්දුවීම අහම්බයක් විය හැකිද? මා ෆේස්බුක් හා බ්ලොග් අඩවි මාධ්‍යයත් අතර මාධ්‍යයක් වන medium.com හි මාගේ මැදිහත්වීමත්, එයින් උද්ගතවූ අහඹු සංසිද්ධියත් ගැන දීර්ඝ සටහනක් තැබුවෙමි. ඉන්පසු එය ෆේස්බුක්හි ශෙයාර් කළෙමි. එහි එක් තැනක මෙසේ සඳහන්ය.

‘‘2016 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දෙවන වටයේ කෘති 12 ප‍්‍රකාශයට පත්වීමෙන් පසු ඒ පිළිබඳ ජනක ඉණිමංකඩ විසින් ෆේස් බුක් වෙත එම ලැයිස්තුව මුදා හැර තිබිණි. පුවත්පත්වල කොටස් වශයෙන් පළවූ ප‍්‍රබන්ධයන් දෙකක්ද, එම ලැයිස්තුවට එක්ව තිබිණි. ඒ “අසන්ධිමිත්තා” සහ “සැප්තැම්බරයේ දිග දවසක්”ය. මෙම කෘති දෙකටම මා කැමතිය. විශේෂයෙන්ම “අසන්ධිමිත්තා” යනු සම්ප‍්‍රායික ආඛ්‍යාන රීතිය උඩුයටිකුරු කළ කෘතියකි. ඒ සම්බන්ධයෙන්වූ මගේ කියවීම කලකට ඉහතදී රාවයට ලියා සිටියේද එබැවිනි. මෙම කෘති දෙවන වටයට තේරී ආවේ පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය විසින් සිය සම්මානය සඳහා සලකා බලන කොන්දේසි ලිහිල්වී ඇති නිසා යයි මම සිතුවෙමි. එය සැකහැර දැනගනු පිණිස මම ජනකට කතා කළෙමි. සිදුව තිබුණේ කොන්දේසි ලිහිල්මක් නොව ජූරියේ කිසිවෙකු එම කෘති, මීට පෙරාතුව පුවත්පත්වල කොටස් කිහිපයක් හෝ පළවූ බව නොදැන සිටීමය. කාගේ කෘතියට සම්මාන ලැබුණද, කාගේ කෘතියක් කැපී ගියද පුද්ගලිකව මගේ තවානේ තම්පලා පොඩිවන්නේ නැත. මං ජනකට කතා කොට විමසන ලද්දේ ඒ පිළිබඳ මා තුළවූ උනන්දුව නිසා කරුණු දැන ගැනීමට මිස පුද්ගලිකව කිසිවෙකුට හෝ කෙළවන්නට නොවේ”

මවිසින් මෙලෙස medium.com හි තැබූ සම්පූර්ණ සටහන සමන් වික‍්‍රමාරච්චි විසින් 2016 අගෝස්තු 28 සත්හඬ කලාපයේ සිහිනය අතිරේකයේ පිටුව 07 හි උපුටා දැක්වූ බව ඔහු විසින් පවසා ඇති නමුත් ඉහත පරිච්ඡේදයේ එක වැකියක් පළවී තිබුණේ දෝෂ සහිතවය. “මෙම කෘති දෙවන වටයට තේරී ආවේ පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය විසින් සිය සම්මානය සඳහා සලකා එය සැකහැර දැනගනු පිණිස මම ජනකට කතා කළෙමි’’යනුවෙන් එහි දැක්විණි.

මෙය මුද්‍රණ දෝෂයක් යයි මූලාරම්භයේදී මවිසින් විශ්වාස කළද, එය හිතා මතාම තමාගේ පහර ගැසීමට නිමිත්තක් කර ගනු පිණිස කරන ලද විකෘති කරන ලද්දක් බව මා හට ප‍්‍රත්‍යක්ෂ වූයේ “කාටවත් කෙළවන්නට කළ දෙයක් නොවේ නම් (කාටවත් සම්මාන ලැබුණාම තමාගේ වත්තේ තම්පලා පොඩි නොවන්නේනම් ) ඒ බව කියන්නේ කුමකටද” යනුවෙන් වික‍්‍රමාරච්චි විසින් මීළඟ සත්හඬ පුවත්පතේ තම ලිපියෙන් විමසා සිටීමෙනි. (2016–09–04 සත්හඬ). මෙය සැබවින්ම නින්දිත, කුහක හා ජඩ භාවිතාවකි. තම බඩ වඩා ගැනීම හෝ අනුන්ට කෙළවීම පමණක් ජීවිතය ලෙස අභ්‍යාස කරමින් සිටින්නෙකුට සාහිත්‍ය කලාව ගැන උනන්දුවෙන් කරුණක් දැන ගැනීමට තවත් කෙනෙකු දන්නා හඳුනන අයෙකුට කතා කිරීම පවා “කෙළවීමට උත්සාහ කිරීමක්”ලෙස ඒත්තුයාම වටහාගත හැකිය. එහෙත් ඒ සඳහා රචකයා ලියූ දෙයක් සම්පූර්ණයෙන් පළකරන බව පවසා එය විකෘති වැකි සහිතව පළකොට තමා විසින් විකෘති කරන ලද කොටස පමණක් උපුටා පහරගැසීම තරම් පාහරකමක් තවත් තිබිය හැකිද?

සරත් ආබෘ සහ සමන් වික‍්‍රමාරච්චි

“බසයක කොන්දොස්තර රැකියාව කරන්නෙකුට කිසිවක් ලියන්නට අවශ්‍ය වූ විටෙක බිරිඳ විසින් මේසය හොළවන විට මිස මේසය මත තබා කිසිවක් ලියන්නට හැකියාවක් නැතැයි” උපහාසාත්මක කතාවක් පවතී. එය හුදෙක් උපහාසයට කියන කතාවක් වුවද, තමාගේ වෘත්තීයයි ව්‍යවහාරික ජීවිතයයි අතර යම් සාම්‍යයත්වයක් පැවැතිය හැකිය. සමන් වික‍්‍රමාරච්චිට සිදුව ඇති අලකලංචිය වටහා ගැනීමේ යතුර ඇත්තේද ඔහුගේ නඩුකාර වෘත්තිය තුළ බැව් මගේ පුද්ගලික හැඟීමය. ඔහු වඩාත් අකමැති වුවද එම සාම්‍යත්වය සමග නිරායාසයෙන් පැටලෙන්නට සිදුවීම එක්තරා සරදමකි. විශ‍්‍රාම සුවයෙන් පසු වුවද වසර ගණනාවක් තිස්සේ ව්‍යවහාරික ජීවිතයේ ලද අභ්‍යාසය තවමත් ඔහු අතහැර ගොස් නැත. ඔහු පොත් කියවන්නේනම් හැදෑරීම් කරන්නේනම් මේ සා විහිළුකාරයෙකු වීමට කිසිදු හේතුවක් නැත. ඔහු කියවන්නේ නැත. ඔහු වෙනුවෙන් බාත් කියවා තිබේ. ඔහු වෙනුවෙන් ලැකාන් කියවා තිබේ. ඔහු වෙනුවෙන් ඩෙරීඩාද, ශිෂෙක්ද, ලංකාවෙන් දීප්ති ද කියවා තිබේ. එබැවින් ඔහු කියවිය යුතු නැත.

සැබවින්ම ඔහුට කළ යුතුව ඇත්තේ එකී කියවීම් ආශ‍්‍රයෙන් තීන්දු දීම පමණි. නඩුකාර උන්නාන්සේලා තමන් විසින් දෙනු ලබන තීන්දු සම්බන්ධයෙන් කරුණු දැක්වීම් නොකරයි. සාක්ෂිකරුවන්ද, පෙරකදෝරුවන්ද අදාළ නඩුව වෙනුවෙන් අපමණ කරුණු දැක්වීම් සිදුකරනු ලැබෙයි. අවසානයේ ඒවාට ඇහුන්කන්දීමෙන් පසුව තම තීන්දුව ප‍්‍රකාශයට පත්කිරීම පමණක් ඔහු විසින් සිදුකරයි. සමන් වික‍්‍රමාරච්චිගේ විචාර (කියැවීම්) යනුම තීන්දු පමණකි. ඒ නිසාම තමන් ලියන කියන දේ තමාටද අදාළ වන බවක් ඔහු නොදනියි. අනුන්ගේ අවිඥානයද, අනන්‍යතා අර්බුදයද පිළිබඳ තීන්දු ගනිද්දී එයින් තමන්ගේ අවිඥානයද, අනන්‍යතා අර්බුදයද ප‍්‍රකාශමානවන බවක් හෙතෙම නොදනියි. අනුන්ට පහර ගැසීමට ලියූ දෙයක් උපුටා දක්වනවිට තමාට අවශ්‍ය පරිදි විකෘති කොට උපුටා දක්වන්නට කිසිදු මැලිකමක් නොදක්වයි. මන්දයත් ඒ වෙනුවෙන් කරුණු දැක්විය යුතු යයි තමන් කිසිවිටෙකත් විශ්වාස නොකරයි. අනුන්ට නීතියෙන් දඬුවම් කරන්නට නියෝග පනවන අතර තමාද එකී නීතියේම කොටස්කාරයෙකු බැව් මෙවන් නඩුකාර උන්නාන්සේලා නිරායාසයෙන්ම අමතක කරයි. මෑත කාලයේ ඊට ලබාදිය හැකි හොඳම නිදසුන වන්නේ විනිසුරු සරත් ආබෘය. මීට පෙරාතුව ලෙනින් රත්නායක, සරත් එන් සිල්වා වැනි විනිසුරන් පිළිබඳව ද බොහෝ කරුණු කාරණා ඇතත් සරත් ආබෘට ස්වකීය ජීවිතයේ අවසන් පරිච්ඡේදය වසා දමන්නට සිදුවීමේ ස්වරූපය පිළිබඳ බොහෝ දෙනෙකු කතා කරන්නට යෙදුණි.

අපරාධ නඩුවකට අත්අඩංගුවට පත්වුණු ප‍්‍රථම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාගේ බරපතළ ලිංගික අ`ඩතෙට්ටම් නඩුව ඉකුත් සැප්තැම්බර් 14 වනදා විභාගයට ගැනීමට නියමිතව තිබියදී නිවසේ ඉහළ මාලයෙන් ඇදවැටී අභිරහස් ලෙස ඔහු මිය ගියේය. ඔහුගේ චෝදනා ගහණ අපකීර්තිමත් වෘත්තීය හා පුද්ගලික ජීවිතයේ වැඩිම කලක් පුද්ගලික ආරක්ෂක නිලධාරියාව සිටි පොලිස් නිලධාරියාගේ පාපොච්චාරණය තුළින් නීතියේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටිමින් ඊට ප‍්‍රතිපක්ෂ භාවිතාව ගැන කදිම හෙළිදරව්වක් මාධ්‍යයෙන් ප‍්‍රකාශයට පත්විය. වික‍්‍රමාරච්චි බෙහෙවින් ආසක්තව සිටින පරමාදර්ශි චරිතයක්වන ස්ලෙවෝජ් ශිෂෙක් (ජිජැක්) මෙම නීතියේ හා විනිසුරුවන්ගේ අශ්ලීලත්වය පිළිබ`ද මනාව පෙන්වාදී තිබේ.

ශිෂෙක්ට අනුව සුපිරි අහම හා අවිඥානය අතර අවියෝජනීය සම්බන්ධය සාහිත්‍යයේදී ඉදිරිපත් කරන විශ්ෂ්ටයෙකු වන්නේ ෆ‍්‍රාන්ස් කෆ්කාය. කෆ්කාගේ අවධානය යොමුවූයේ “කිසිවක් අවශ්‍ය නැති කිසිවක් අඩු නැති නීතියේ අන්ධ යාන්ත‍්‍රණයයි”. එහෙත් කෆ්කා විසින් මෙම නීතිය පෙන්වාදී ඇත්තේ විනෝදයේ හිතුවක්කාරී තර්කය මත පදනම්වූ නොගැලපෙන දෙයක් ලෙසය. අවිඥානය, බොහෝවිට අශිෂ්ට, තහනම් සහජාසයේ ජලාශයක් ලෙස හැඩගැන්වෙන අතර ඒවා ක්ෂිතිමය, කුරිරු, චපල, අප‍්‍රබුද්ධ හා අතාර්කික නීති පෙළක විවෘත නොමැති ව්‍යුහයක් වන අයුරු කෆ්කා පෙන්වා දෙයි. මෙම නීති පද්ධති සෑදී ඇත්තේ තහංචි හා තහනම් ආඥා පද්ධතියකිනි. The Trial (1925) කෘතියේ අධිකරණ දර්ශනයෙන් පෙනී යන්නේ නීතියේ නීතිමය නොවන ස්වරූපය පැහැදිලිකිරීමට එහි ප‍්‍රධාන චරිතය වන ජෝසෆ් කේ කරන අරගලයයි. Trialහි තුලනාත්මක දර්ශන දෙකක් මගින් පොදු නීතිය හා අශ්ලීලත්වය අතර සබඳතාව තවදුරටත් ගවේෂණය කර තිබේ. පළමු දර්ශනය නම් පූජකයෙකු විසින් පැහැදිලි කර දෙනු ලබන කෙටි උපමා කතාවකි. දොරටුවක් තුළින් නීතිය වෙත ප‍්‍රවේශවීමට කැමති ගම් වැසියෙකු පැමිණෙයි. උසාවියේ සේවය කරනු ලබන දොරටුපාලකයා විසින් මෙම වැසියා නවත්වනු ලබයි. මෙහිදී දොරටුපාලකයා, ගම්වැසියා වෙනුවෙන්ම ඔහු අපේක්ෂාවෙන් සිටින බව ඒත්තු ගන්වයි. දෙවන දර්ශනයේදී නීතියේ තවත් දොරටුවක් අභියසදී ජෝසෆ් කේට තමා හමුවේ. එම දෙවන අවස්ථවේදී දරුවන්ගේ රෙදි සෝදමින් සිටින සරාගික ගැහැණියක ඔහුගේ සම්පූර්ණ කැමැත්තකින් තොරවම විමර්ශන කුටියට හෙතෙම තල්ලූ කරයි. ශිෂෙක්ට අනුව පළමු අවස්ථාවේදී පෙන්නුම් කරනුයේ ඉක්මවා යා නොහැකි නීතියේ පූජනීය ස්ථානයෙන් දෛනික ජීවිතය වෙන්කරන පෙරමුණයි. එසේ වුවද, දෙවන අවස්ථාව මෙම උපකල්පනයට මුළුමනින්ම ප‍්‍රතිවිරෝධීය. එමගින් පෙන්නුම් කරනුයේ එම පෙරමුණ පැවතියද, එය පහසුවෙන් ඉක්මවා යා හැකි බවයි. වික‍්‍රමාරච්චිද මෙලෙස පහසුවෙන් නීතියේ සීමාව ඉක්මවා යයි. තමාගේ කෘතිය කොටස් වශයෙන් පුවත්පතක පළවී ඇත්දැයි ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ සංවිධායකයෙකු විමසන විට එය පවත්නා නීතිය තුළ කරනු ලබන ප‍්‍රශ්න කිරීමක් බැව් වික‍්‍රමාරච්චි තැකීමක් නොකරයි.

“මොන පත්තරේද?හෙතෙම පෙරළා ප‍්‍රශ්න කරනු ලබයි.

“ලංකා පත්තරේ හරි වෙන මොකක් හරි පත්තරේක හරි පළවුණාද? නැවත ප‍්‍රශ්නයක්.
“නෑ. ලංකා පත්තරේ පළවුණේ නෑ.”
“වෙන මොකක් හරි පත්තරේක හෝ පළවුණා නේද?”ආයෙම ප‍්‍රශ්නයක්.
“නෑ.නෑ. ඔයා කීවේ ලංකා පත්තරේනේ. ඒකෙ පළවුණේ නෑ”

මෙම කතා බහ සරත් ආබෘට අදාළ කරගනු ලැබුවහොත් පහත ආකාරයේ සංවාදයක් බලාපොරොත්තු විය හැකිය.

“මොන මෙහෙකාරියටද? හෙතෙම පෙරළා ප‍්‍රශ්න කරනු ලබයි.
“හිටපු මාලා හරි වෙන කවුරු හරි කෙනේක්ට? නැවත ප‍්‍රශ්නයක්.
“නෑ. මාලාට ලිංගික හිංසා කළේ නෑ”
“වෙන කවුරු හරි මෙහෙකාරියකට ලිංගික හිංසා කළා නේද? ආයෙම ප‍්‍රශ්නයක්.
“නෑ. නෑ ඔයා කීවේ මාලාටනේ. එයාට ලිංගික හිංසා කළේ නෑ”

විමසන ලද පුවත්පතේ නොව කුමන පුවත්පතේ පළවුවද, කොන්දේසිය උල්ලංඝණය කිරීම නීති විරෝධී බව වික‍්‍රමාරච්චි පිළිනොගන්නේ යම් සේක්ද, කුමන මෙහෙකාරියට ලිංගික හිංසන සිදුකළද විමසන ලද කෙනාට සිදුනොකළ හෙයින් ප‍්‍රශ්නයක් නොවන බව ආබෘද පිළිගනු ඇත.

අවසාන වශයෙන් යළිදු පැවසිය යුත්තේ නීතිය යනු වෙනස්විය යුතු කාලානුරූපව සංශෝධනය විය යුතු දෙයකි. පොත් ප‍්‍රකාශයකයින් ස්වර්ණ පුස්තකය අරබයා පනවා ඇති නීති රීති හෝ කොන්දේසි වෙනස් කළ යුතුනම් අප ඊට බලපෑම් කළ යුතුය. ඒ සම්මාන උන්ගේ වුවද නිර්මාණ අපගේ බැවිනි. මුදල් උන්ගේ වුවද වෙළෙ`දපළ අප බැවිනි. එහෙත් ඒ සඳහා තමාගේ බඩට තට්ටුවෙනතුරු බලා නොසිට අරගල කළ යුතුය. ඒ සඳහා වික‍්‍රමාරච්චි එක් වරක් සූදානම් නම් අප සියදහස් වාරයක් සූදානම්ය. රටේ ජාතික වශයෙන් වැදගත් ගැටළුවලදී ඒ කිසිදු ගැටළුවක් වෙනුවෙන් සක‍්‍රීයව දායකත්වයක් (වචනයකින් හෝ) නොදෙන වික‍්‍රමාරච්චි මේ මොහොතේ දැවෙන ප‍්‍රශ්න ලෙස බාරගෙන ඇත්තේ ජිජැක්ද ශිෂෙක්ද වර්ගයේ ප‍්‍රශ්නයන්ය.

ජිජැක්ද? ශිෂෙක්ද?

2016 මැයි 15 වන දින රාවය පුවත්පතට මවිසින් ලියූ ලිපියක් පාදක කරගනිමින් අනෙක් සතියේ සත්හඬ පුවත්පතට ලියන වික‍්‍රමාරච්චි නිවරදි උච්චාරණය ජිජැක් යයි හදුන්වාදීමෙන් නොනැවතී මෙසේද ලියයි.

“ජිජක් යන්න වෙනුවට ශිෂෙක් යනුවෙන් වහරමින් තම රෝග ලක්ෂණය සමග විනෝද වන අය කරන්නේ වෙනම වර්ගයක් ලෙස පෙනී සිටීම. මෙය බෙහෙවින් සමීප වර්ග වදයට. කිසියම් ජන වර්ගයක් තම විනෝදය සංවිදානය කරන්නේ වාර්ගික මිත්‍යාචාර ඉදිරියට ගනිමින්. ඔවුන් හිතන්නේ අනෙක (නැතහොත් අනෙක් ජන වර්ගය ) තමන්ගේ විනෝදය පැහැරගෙන ඇති බවයි. ඔවුන්ට වද දෙන දෙවන කරණය නම් අනෙකා තමාගේ විනෝදය සංවිධානය කරණ සුවිශේෂ ක‍්‍රමයයි. ( way of life). තමන්ගේම වූ ජන පුරාණයක් (mythology)නිර්මාණය කිරීමට ඔවුන් පෙළඹෙන්නේ මේ නිසයි.
ප‍්‍රකට කරන්නේ මේ පටු වාර්ගික ලක්ෂණ තමයි. ජිජක් යන වහර නිවැරදි බව ඔවුන් නොදන්නවා නොවේ. ඔවුන්ට අවශ්‍ය තමන් අනෙකාගෙන් වෙනස් බව පෙන්වීම. ඉන් ඔවුන් ප‍්‍රදර්ශනය කරන්නේ අනෙකා කෙරේ වන බැඳීමයි.”

මේ අයුරින් ‘‘ශිෂෙක්’’ලෙස වැහැරීම වෙනම ‘‘ගෝත‍්‍රයක්’’ හෝ ජනවර්ගයක් ලෙස පෙනී සිටීමේ වුවමනාව නම් එකී වුවමනාව වෙනුවෙන් ප‍්‍රථමයෙන්ම කටයුතු කර ඇත්තේ වික‍්‍රමාරච්චිමය.

ස්ලැවෝජ් ජිජැක් (Slavoj Zizek) ඔහු ජිජැක් යනුවෙන් කියැවෙතත් ඉංග‍්‍රීසි ලිවීමේ සිංහල උරුව අනුව සිසැක් යනුවෙන් වහරමි. (2010 ඔක්තෝම්බර් 14 වෙනි බ‍්‍රහස්ප‍්‍රතින්දා දිවයින, වටමඬල).

නොදැන වැරදි කිරීම එකකි. දැන දැන වැරදි කිරීම යනු තවත් එකකි. ඒ අනුව ගෝත‍්‍ර හෝ කණ්ඩායම්වල අනන්‍යතාව නඩත්තු කිරීමේ අවශ්‍යතාව වඩාත් ළංවන්නේ දැන දැන ස්වකීය අභිප‍්‍රාය වෙනුවෙන් කටයුතු කිරීමටය. ඒ අනුව මෙයින්ද හෙළිදරව් වන්නේ වික‍්‍රමාරච්චිගේ හෙළුව මිස අන් යමක් නොවේ. තමන් කවුරුන්දැයි යන පැනය කුඩා දරුවෙකු හෝ ස්ත‍්‍රීයක විසින් විමසන තැන ගැන වික‍්‍රමාරච්චි සවිඥානකය. එහෙත් නිරන්තරයෙන් කිසිවෙකු සමග හෝ ගැටුමක් ඇති කරගනිමින් නීතිය හා පිළිවෙළ ඉල්ලා සිටින්නන් හ`දුන්වන නම සිහිපත් කරගන්නා ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටිමි. තමන් කියන්නේ කුමක්දැයි නොදැන, තමන් අතීතයේ කීවේ කුමක්දැයි නොදැන වුවද, විටෙක එක්ස් කණ්ඩායම, සුචරිත ගම්ලත්, චින්තක රණසිංහ, ප‍්‍රියාන් විජේබණ්ඩාර, විදර්ශන කන්නන්ගර, භූපති නලින්, හෙට දවසේ තවත් කවුරුන් හෝ ඈදා නොගනිමින් ඔහුට මසකට ගතමනාවක් ගැනීමට පුවත්පතකට ලිපියක් ලිවීමට හැකිවේවායි ප‍්‍රාර්ථනා කරමි.

 

22
පෙබ.
18

රේගුවේ පාලක මී හරකෝ තෝ කන්නේ පුන්නක්කු ද ?

රේගුව බූරු පාලක මී හරකෝ තෝ කන්නේ පුන්නක්කු ද

යහපාලන ගොං නාකි හරකා තොගේ ලමයින්ටත් පවුලේ උන්ටත්

ආත්මගානතක් සාප වෙනවා

කැරි තම්බි හුත්තලා…

—————————–

රේගුව ඇල්ලූ ලක්ෂ 310ක භාණ්ඩ
ගල් රෝලකට යට කරන
ලෝකයේ සංවර්ධිතම රාජ්‍යය
ශ්‍රී ලංකාව..😂

රේගුව ඇල්ලුවා කිව්වම
හෙරොයින් අරක්කු කියලා හිතුවද…
නෑ..😭

පොත් පෑන් පැන්සල් පෙට්ටි, සෙල්ලම් බඩුත්
මීට ඇතුළත්

අනාථ නිවාස, ළමා නිවාස, සර්වෝද, දිළිඳු පාසල්
දාස් ගාණක් තියෙන අපේ රටේ
රේගුව ඇල්ලුවා කියලා
මේ දේවල් විනාශ කරන්න ඕනද?😭

ඇත්තටම අපේ මිනිස්සු කන්නේ පුන්නක්කුද?😈

Image may contain: 1 person, standing
No automatic alt text available.
No automatic alt text available.
Image may contain: outdoor
06
ජන.
18

අමරකීර්ති, තේනුවර, නිර්මාල්, සුනිල් පෙරේරා සහ අනුර එක්ක ගූ කාපල්ලා.

ඉසුරු ප්‍රසංග-

අනුර කුමාර ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරන්නේ නම් ජවිපෙ සතුරෝ ඔහුට පහර දෙන්නට මෙතරම් වෙහෙසෙන්නේ ඇයි? යනුවෙන් ආචාර්ය නිර්මාල් රංජිත් මහතා අපූරු ප්‍රශ්නයක් මතුකර තිබෙනු දුටුවෙමි. නිර්මාල්ගේ මේ තර්කය දෙමළ ජනයාට දෙමළ වීම නිසාම ඇති ප්‍රශ්නය දෙමළ වීමය වැනි තර්කවලට වඩා තරමක් ඉදිරියෙන තිබෙන එකක් වන බැවින්, ඒ ගැන යමක් සඳහන් කළ යුතු යැයි සිතමි.

පළමු කොටම මේ තර්කය බැලූ බැල්මට ඇත්තක් ලෙස පෙනී යා හැකි අපූරු බොරුවකි. ජවිපෙ වැනි ව්‍යාපාරයක සැබෑ සතුරන් අනුරගේ ජනතා විමුක්ති පෙරමුණට තීරණාත්මක ලෙස පහර දෙන්නේ නැත. එයට හොඳම උදාහරණය වන්නේ නිර්මාල්ය. කවුරු මොනවා කීවත් මෙරට දේශපාලනයේ ප්‍රධාන ප්‍රතිවිරෝධය ඇත්තේ ජාතිකවාදී කඳවුර සහ විජාතික ගැති කඳවුර අතරය. එහෙයින් හොර බොරු රහිතව මේ රට ගොඩනැඟීමට කැප වන ව්‍යාපාරයක් නම් එය පළමු කොටම ජාතිකවාදී අධිරාජ්‍ය විරෝධී දේශපාලන කඳවුර නියෝජනය කරන්නක් විය යුතුය. ජවිපෙ ඒ නිවැරදි කඳවුර නියෝජනය කරමින් ජාතියට නිසි මඟ කියමින් ජයග්‍රහණ පිට ජයග්‍රහණ ලැබූ අවදියේදී නිර්මාල්ලා අමරකීර්තිලා වැනි විකල්ප ගෝත්‍ර පඬියෝ ඊට ආශිර්වාද කළේ නැත. ඒ වෙනුවට එය ජාතිවාදී පක්ෂයක්ය යන කෝකටත් තෛල චෝදනාව ජවිපෙ වෙත දමා ගැසූහ. එසේ වුවද ජවිපෙ තම භූමිකාව අංශක 180 කින් හරවා ගත් පසු ඊට සමගාමීව ජවිපෙ සතුරන් මිතුරන්ද මාරුවිය. 2008 විමල් ඉවත් වූ අවස්ථාවේ මේ විපර්යාසය එළිපිටම දැක ගත හැකි විය. පිරිසිදු රතු සහෝදරයන් අතර අවස්ථාවාදී කටුස්සන් සිටින බව එදා කාටත් කලින් රටට හෙළි කළේද විප්ලවවාදී බෝල්ෂෙවික්වාදී සිරස හා ඉරුදිනය. සිරසට අනුව නිවැරදි රතු සහෝදරයා වූයේ අනුරය. අනුරගේ අරමුණත් සිරස, ඉරුදින, කඳවුරේ අරමුණත් එකට සමපාත වීම පිළිබඳ උදාහරණ තව බොහෝ ඇත. එදා සිට අද දක්වා ජවිපෙ ගත් සියලු තීන්දු තීරණ මේ කඳවුරේ අරමුණු හා සමපාත විය. ඒ නිසාම ජවිපෙ යහතින් සිටි අවදියේ එහි පරම සතුරන් වූ සියල්ලෝ අද එහි මිතුරන් බවට පත්ව ඇත. එදා ජවිපෙට හැකි වෙර යොදා පහර දුන් විකල්ප ගෝත්‍ර පඬියන් අද ජවිපෙ වේදිකාවල කථිකයන් බවට පත්වන්නේ ඒ අනුවය. ඒ නිසාම සැබෑවටම සිදුව ඇත්තේ සතුරන් මිතුරන් මාරු වීම මිස ජවිපෙ සතුරන් අනුරට පහර දීමක් නොවේ.

තවදුරටත් මෙය විග්‍රහ කළහොත් දෙමළ බෙදුම්වාදීන්, අන්ත ජාතිවාදීන්, එන්ජීඕ කාරයන්, යූඇන්පී කාරයන් වෙතින් අනුරගේ ජනතා විමුක්ති පෙරමුණට තීරණාත්මක ප්‍රහාරයක් එල්ල වන්නේ නැත. එම බලවේගවල බත්බැල මාධ්‍ය අනුරගේ ජවිපෙට පහර දෙන්නේ නැත. එදා ජවිපෙ වහකඳුරු වී සිටි රාවය වැනි කසිකබල් පත්තර අද තම සංවත්සරවල දේශන සඳහා අනුරට ආරාධනා කරයි. එදා ගුණදාස අමරසේකරලා සිටි තැන්වල මෙදා සුනිල් පෙරේරලා, අමරකීර්තිලා, තේනුවරලා ස්ථානගත වෙයි. ගෝර්කිගේ අම්මාගෙන් පසු සන්නස්ගලගේ අම්මා වැනි ඉල ඇදෙන පෝස්ටර් ජවිපෙ සාමාජිකයන් අතින් ඇලවෙයි. කොකාකෝලා වඩියට ආවඩන අලුත් පරපුරු ගංජා ගැටවුන් අද ජවිපෙ මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් පෙනී සිටියි. එදා ජයග්‍රාහී ජවිපෙ පරම සතුරන් සියලු දෙනා වර්තමානයේ සදා පරාජිත ජනතා විමුක්ති පෙරමුණේ මිතුරන් වීමේ විපර්යාසය තේරුම් ගත යුත්තේ කෙසේද? පැහැදිලි ලෙසම ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හෝ එජාපය හෝ එන්ජීඕ කල්ලි හෝ වෙනස් වී නැත. සිදුවී ඇත්තේ ඔවුන්ගේ න්‍යාය පත්‍රයට සරිලන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ වෙනස් වීමය.


විවිධ හේතු මත විවිධ අය අනුරට පහරදෙනවා වන්නට පුළුවන. එහෙත් ජවිපෙ අතීත සාමාජිකයන් ලෙස අපි අනුරට එරෙහිවන්නේ එය රටට සැබෑ විකල්පයක් විය හැකිව තිබූ දේශපාලන ව්‍යාපාරය යටත්විජිතවාදයේ නිවට බළල් අණ්ඩක් බවට පත් කර ඇති නිසාය. ඒ භූමිකාව තුළින් ජවිපෙ පමණක් නොව රටද විනාශ වන නිසාය. යහපාලන මරඋගුලේ තරම නිවැරදිව වටහා ගත් මෙරට ජාතිමාමක බලවේග ජවිපෙට එරෙහි වන්නේ අනුරගේ භූමිකාව පක්ෂයට පමණක් නොව රටටද කොඩිවිනයක් වී ඇති නිසාය. එය පක්ෂයට පමණක් වන විනාශයක් නම් ඔවුන්ට ඒ පිළිබඳ ගැටලුවක් නැති වනවා වන්නට පුලුවන. එදා පෙරටුගාමීන් ගමන් ගත්තේද පක්ෂය නැති වන මාවතකය. අපි ඒ බවද කල් තියා පෙන්වා දුන්නෙමු. එහෙත් පෙරටුගාමීන්ට වැඩි විරෝධයක් රටෙන් එල්ල නොවන්නේ ඔවුන්ගේ විනාශය රටේ විනාශයට වැඩි දායකත්වයක් නොදක්වන නිසාය. ඒත් ජවිපෙ ඊට වෙනස්ය. කුමන විනාශයන් සිදුවුවද ඔවුන් තම ඉතිරි වී ඇති අන්තිම ශක්ති පොද නොපිරිහෙලා කැප කරනුයේ රටට එරෙහි ද්‍රෝහී මෙහෙයුම් සඳහාය.


අනුරලාගේ භූමිකාව හරහා ජවිපෙට සිදුවූ විනාශය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. එය පාර්ලිමේන්තු ආසන තිස් නමය කෙටි කලකින් හතරට පහට වැටීමට පමණක් සීමා වන විනාශයක් නොවන බව ඉදිරි මැතිවරණයේදී නැවතත් සනාථ වනු ඇත. ඒ සියල්ල එසේ වුවද වික්‍රමබාහුලා මෙන් ඔවුන් තම ඉතිරිව ඇති අන්තිම ශක්තිය පවා අද යොදවන්නේ රටට එරෙහිවය. එදා මිනීමරු ත්‍රස්තවාදයට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාවල රනිල් හා එක්වී ආණ්ඩු පෙරළන්නට දියත් කළ දුෂ්ට මෙහෙයුම්වල සිට, වර්තමාන ව්‍යවස්ථා මර උගුල්වල සේල්ස් රෙප්ලා ලෙස කටයුතු කිරීම දක්වා වූ නින්දිත උදාහරණ රැසකින් ජවිපෙ මෑත ඉතිහාසය දූෂණය වී තිබේ. අද මේ රටට ආදරය කරන බොහෝ බලවේග අනුරගේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහි වන්නේ ඒ නිසාය. ඔහු ජවිපෙ විනාශ කරන බව කියමින් ඔහු අගයන්නට ගියහොත් ඒ විනාශය සිදුවන්නේ ජවිපෙට පමණක් නොව රටටද බව නිර්මාල්ට සිහිපත් කර දිය යුතුය.

එක් අතකින් මෙය අලුත් කතාවක්ද නොවේ. මෙහි ඇත්තේ අප ජවිපෙ ගැන කාලයක් තිස්සේ කියන කතාවමය. අප ජවිපෙ ගැන එදා සිටම කී කිසිවක් වැරදී නැති බැවින් මේ මැතිවරණයට අදාළවද ඒ ඇත්ත නැවතත් සැකෙවින් සිහිපත් කළ යුතුය. 2008න් පසු ඇත්තේ කොළ පාට ජනතා විමුක්ති පෙරමුණකි. අධිරාජ්‍ය විරෝධය ඒ ජනතා විමුක්ති පෙරමුණට අදාළ නැත. ජාතිවාදය, බෙදුම්වාදය පිළිබඳ ප්‍රශ්න ඔවුන්ට අදාළ නැත. යහපාලනය යටතේ උතුරේ බල්ටි ගසන ජාතිවාදයට එරෙහිව අනුරලාගේ මුවින් එක කෙළ පොදක් බිම වැටෙන්නේ නැත. ඒ වෙනුවට ඒ සැබෑ ජාතිවාදයේ බියකරු අනතුර රටට පෙන්වා දෙන බලවේගවලට එරෙහිව “ජාතිවාදය අවුස්සනවෝ” යන ලේබලය ඇලවීමේ එන්ජීඕ චාරිත්‍රය අද ජවිපෙ චාරිත්‍රය බවටද පත්ව ඇත. වෙනිසියුලාවේ බටහිර අතපෙවීම්වලට එරෙහි වෙමින් ලංකාවේ ජිනීවා න්‍යාය පත්‍රවලට සහය පළ කිරීමත්, රනිල්ගේ බැඳුම්කර හොරකමට එරෙහි වෙමින් රනිල්ගේ ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් කඬේ යාමත්, ඔවුන්ගේ තක්කඩි දේශපාලනය බවට පත්ව ඇත. මේ තක්කඩි දේශපාලනයේ නිරුවත වසා ගැනීම සඳහා ජවිපෙ උපාය වී ඇත්තේ වංචා දූෂණ විරෝධය රටේ කේන්ද්‍රිය ප්‍රශ්නය බවට පත් කර ගැනීමය. ඇත්ත. දූෂණ විරෝධය හොඳය. සියලු ප්‍රධාන පක්ෂ තුළ දූෂිතයන් රජයන බවද සැබෑය. එහෙත් දූෂණ විරෝධී අරගලය තිබිය යුත්තේ මහපොළවේ සැබෑ දේශපාලන අරගලය වූ යටත්විජිත විරෝධී අරගලය තුළ මිස ඉන් පරිබාහිර ආකාසයක නොවේ. ජවිපෙ තම සැබෑ භූමිකාව, සැබෑ අරගල බිම මඟහැර කැපකිරීම්, අවංකකම් ගැන මොන පම්පෝරි ගැසුවද එයින් පලක් නැත. රටේ කොන්ද කඩන ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් පෙනී සිටිමින්, දූෂණ විරෝධී ඝෝෂා නැඟීමෙන් පලක් නැත. එදා ජවිපෙ සාර්ථක වූයේ දූෂණ විරෝධී අරගලයත්, දේශප්‍රේමී අරගලයත් ඒකාබද්ධව නියෝජනය කළ නිසාය. එකී පුළුල් ජාතික න්‍යාය පත්‍රයෙන් තොර වියුක්ත දූෂණ විරෝධය බොරුවක් පමණක් නොව දැනුවත් තක්කඩිකමක්ද වෙයි. ඒ මාවත ඔස්සේ ගොස් තමන්ට ලද හැකි ජයග්‍රහණයක් නොමැති බව මේ මැතිවරණයෙන් පසුවද හොඳාකාරවම සනාථ වනු ඇත.

ගම දිනන්නට අවශ්‍ය නම් ජවිපෙ කළ යුත්තේ තම සැබෑ භූමිකාව තුළ නැවත ස්ථාන ගතවීමය. එසේ වුවහොත් නිර්මාල්ලා අමරකීර්තිලාගේ ආදරය අහිමි වී ඒ වෙනුවට රටේ ජනතා ප්‍රසාදය ඔවුන්ට හිමිවනු ඇත. නමුත් ඔවුන්ට වැදගත් වන්නේ නිර්මාල්ලාගේ ආදරය නම් මේ මැතිවරණයෙන් පසුවද ජවිපෙ සාමාජිකයන්ට සිදුවන්නේ “මේ ජනතාව ඉවත් කර වෙනත් ජනතාවක් පත් කරගමු” වැනි බ්‍රෙෂ්ට්ගෙන් අහුලා ගත් ගොන් කතා මූණූ පොත් මත ලියමින් හඬා වැළපීමටය. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට ගම දිනන්නට අවශ්‍ය නම් ඔවුන් වහාම නිර්මාල්ලා, අමරකීර්තිලා අත්හල යුතුය. එවන් ඊනියා බුද්ධිමතුන්ගේ වෛරයට භාජනය විය යුතුය. මෙය නිර්මාල්ලා ගැන පෞද්ගලික වෛරයකින් කරන ප්‍රකාශයක් නොව ගැඹුරු දේශපාලන තර්කයකි. ඒ තර්කයේ ගැඹුර වටහා ගත් දිනක ගම පමණක් නොව රටම දිනා ගැනීමට ජවිපෙට හැකිවනු ඇත.

යුතුකම සංවාද කවය

07
දෙසැ.
17

“ශ්‍රී ලංකා නිශ්පාදන වර්ජනය කරපියව්…” දෙමලු

“ශ්‍රී ලංකා නිශ්පාදන වර්ජනය කරපියව්…” යුරෝපීය දමිල වැසියන් කියයි..!

නුඹලා දැක්කේ මේක විතරයිනේ, මේ වගේ තමයි එංගලන්තේ තියන කඩවල් 90% විතර. ඒ දෙමල මිනිස්සු පහන් පත්තුකරන තැන ප්‍රභාගේ පින්තූරයක් අනිවා තියනවා සහ ඒකට වෙනම හඳුන්කූරක් උන් පත්තු කරනවා. ඒ කළගුණ දන්න දෙමලු. අපේ ගුණමකු සිංහල ජාතිය වගේ, නායකයා මැරුණා, නායකයා පැරදුණා කියල නායකයව අමතක කරලා ඔහුට බනින්නේ නෑ.
මේ ෆොටෝ එක තියෙන්නේ වෙම්බ්ලි හයිරෝඩ් එකේ තියන කඩයක..

කොටින්ම කිව්වොත් වෙම්බ්ලි කියන්නේ කොටි ගුහාවක්. කිලිනොච්චිය වගේ තමයි. හැබැයි මේකට එහාපැත්තෙ තියන පාම් බීච් රෙස්ටුරන්ට් එක කරන්නෙත් උතුරේ දෙමල මනුස්සයෙක්. ඔහු එක්ක කතා කලොත් කියන්නේ, සමහරු අකමැති උනාට ප්‍රභාට කැමති මිනිස්සු තාම ඉන්නවා මල්ලි. දෙමල මිනිස්සු ප්‍රභාව අමතක කරන එකක් නෑ ජීවිත කාලෙම. ඔහු ඔහුගේ රෙස්ටුරන්ට් එකේ ප්‍රභාගේ පින්තූරේ එල්ලන්නේ නෑ. ඔහුගෙන් ඒ ඇයි ඇහුවම කියන්නේ, මම මොකටද මල්ලි බිස්නස් අඩුකර ගන්නේ. එච්චරයි. ඒ බිස්නස් මයින්ඩ්. හැබැයි ඔහු උනත් ප්‍රභා ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඒ දෙමල මනුස්සයාගේ තියන මනුස්සකම.

ඒකට අපි, රට බේරපු මහින්ද අපේ මිනිස්සුන්ට පල් හොරෙක් උනා. හැබැයි මහ උන් කියපු එක හොරකමක්වත් තාම හොයාගෙන නෑ. එක්තරා කොටසක් කියන්නේ ඩීල් දාල කියල. රනිල් මහින්ද එක්ක ඩීල් දාල, මහින්දගේ හොරකම් වහලා, රනිල් එයාගේ හොරකම් අල්ලලා දෙන්න කොමිසම් වලට යනවා. ඔන්න එයාලා කියන *කේ ඩීල්.

ප්‍රභා දහස්ගණන් සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු මරුවා, ළමයි හමුදාවට ගත්තා, තරුණ තරුණියෝ බලෙන් හමුදාවට අරන් ගියා.. දෙමළා දන්නවා ප්‍රභා එහෙම කරේ තමන්ගේ ජාතියට තැනක් හදල දෙන්න කියල. ඉතින් දෙමලාගේ ගරුත්වය ප්‍රභාට සදා කල් තියනවා. අපේ සිංහල මිනිස්සු වගේ ගුණමකු නෑ කවදාවත්ම.

ඒක කියන්නම නෙමේ මේ ලිව්වේ. උන් මේවගේ පෝස්ටර් ගැහුවා කියල අපිට පාන්ද? මෙහෙම පෝස්ටර් ගැහුවා කියල ප්‍රභා නැගිටිද? එක පෝස්ටරයක් දැකලා මෙහෙම බයවෙනවා නම්, කඩවල් තුන හතරකට ගියොත් උන් එක්ක කතා කරොත් උන් ප්‍රභාට ආදරේ තරම දැක්කොත් ඇඳන් ඉන්නේ වස්ත්‍රයේම සුළුදිය පහවෙයි. දෙමල මනුස්සයා මේ වගේ ෆොටෝ විතරක් ගහල නිකන් ඉන්නේ නෑ… උන් කරනවා පත්තර, ඩිරෙක්ටරි, ඉවෙන්ට්, ඒ ඔක්කොගෙම යන්නේ බයිකොට් ශ්‍රී ලංකා කියල තමයි. අද ඊයේ නෙමෙයි අවුරුදු 10ක් 20ක් තිස්සෙම එහෙම තමයි. ඉතිං අපිට ගානක්වත් තියනවද?

අපිට ඒවගෙන් කිසිම බලපෑමක් නෑ, උන් තමන්ගේ පැවැත්මට යන්තම් දෙයක් කරගන්නවා. එච්චරයි, හරියට අපේ දකුණේ මිනිස්සු යුද සැමරුම කරනවා වගේ දෙයක් තමයි. දෙමල මනුස්සයා වැඩිපුරම කියන කතාවක් තමයි, එයාලගේ දෙමල මිනිස්සුන්ට වැඩිය එයාලා සිංහල මිනිහව විශ්වාස කරනවා. එක්කෙනෙක් දෙන්නෙක් එහෙම නැතුව ඇති. නමුත් බහුතරයක් දෙමල මිනිස්සු එහෙමයි.

උන් උන්ගේ දේවල් කරගනී…. දෙමල කොටියා නවත්තන්න කලින් ලංකාවේ දේශපාලනේ ඉන්න සිංහල කොටි නැතිකරලා දාන්න පෙළගැසිය යුතුයි. ඒකට එකතුවෙන්න අවශ්‍ය කාලය තමයි මේ. එහෙන් රට බෙදන්න ව්‍යවස්ථා ගේනවා. අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නේ නෑ බයවෙන්න එපා රනිල් මොළකාරයා කියන නුඹලා මේ කොහෙවත් යන ෆොටෝ එහෙකට බය වෙනවා.

සිංහල අපි කවදත් ඔහොම තමයි. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහන්න අපි හරි දක්ෂයි. ෆොටෝ වලට විරුද්ධ වෙනවාට වැඩිය ලොකු දෙයක් නුඹලාගේ අතේ තියෙන්නේ. බෙදුම්වාදී ව්‍යවස්ථාව පරාද කරන්න යමක් කරන්න. ඒකට උදව්වක් දෙන්න. ෆොටෝ අල්ලන් දඟලනවට වැඩිය කරන්න පුළුවන් ලොකුම දේ ඒක.

තියන ජාතිවාදී මොරාල් එක ඩබල් කරගන්න එක්ක එංගලන්තේ ඉන්න දෙමල මිනිස්සු ගහන පොතක කෑලි කීපෙකුත් මෙන්න ඇලෙව්වා. 2017 ඉශූ එක තමයි මේ. දැන් ඉතින් මේවට විස්සෝප වෙන්න එපා. වැඩක් ඇති දෙයක් කරන්න. රටට ඇත්තටම තියන බලපෑම ගැන හොයල බලල ඒවාට විරුද්ද වෙන්න.

=== අන්තර්ජාලයෙනි ===

02
දෙසැ.
17

‘බලු කතාව’ 

කතෘ:යුතුකම
මීට මාස කිහිපයකට පෙර පාඨලී චම්පික රණවක මහතා හැද සිටියේ හලාල් විරෝධී ඇඳූමකි. අද නම් ඔහුට හලාල් විරෝධී සළු හරාම්ය. බොදු බල සේනා සංවිධානය ඉතා ළඟින් මොහු ඇසුරු කළ බව දන්නෝ දනිති. ඥාණසාර හිමි මෑතකදී පැවසූයේ ඔහුට ආමන්ත්‍රණය කළේ චම්පික අයියේ කියා බවත් කළින් ඔහුට බොහොම ආදරය කළ බවත්ය. යුද්ධයෙන් පසු හරිහමං තේමාවක් නැතිව සිටි චම්පික මහතාට බොදු බල සේනා සංවිධානය විසින් මතු කරවන ලද අන්තවාදී මුස්ලිම් ක්‍රියාකාරම්වලට එරෙහි මතවාදය ඉතා පැණි රසක් විය. එම තේමාව උඩට නැඟ ගත් ඔහු ක්ෂණිකව උත්තේජනය කළ හැකි තරුණයන්ට ආමන්ත්‍රණය කරමින් ඔවුන් අතර විරුවෙකු විය. ඥාණසාර හිමියන්ගේ දැඩි ස්වභාවය චම්පික අයියා තුළින් දිස් නොවුනද ඉතා තීව්‍ර ලෙස ඔහුද මුස්ලිම් අන්තවාදී ක්‍රියාවන් විවේචනය කළේය. ඔහු කොයි ආකාරයකට එය කළාද යත් ජාතීන් අතර වෛරය සාදනවා යන නිර්ණායකය මත ඔහුගේ ෆේස්බුක් පිටුව පවා අවලංගු කෙරිනි. බොදු බල සේනාහි ඥාණසාර හිමි ඇතුළු පිරිස ඉතා දුර්වල දේශපාලන දැක්මකින් යුතුව  ක්‍රියා කරද්දී චම්පික අයියා ඒවායෙන් ලකුණූ දමා ගත් දේශපාලකයා විය. අළුත්ගමදී ඇති වූ අවාසනාවන්ත සිද්ධියට සම්බන්ධ සියළු අපකීර්තිය ඥාණසාර හිමිගේ හිස මත කඩා වැටෙද්දී ඒ ගිනි ඇවිලවීමට මතවාදීව දායක වූ චම්පික අයියා වෙත අපවාදයක් ආවේ නැත. අර කෙටි උත්තේජනයක් ලද එතැම් තරුණ තරුණියන්ගේ හිතේ ඔහු වීරයකු ලෙසම ඉතිරි විය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රටේ ඒකීයභාවය පිළිබදව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරය ප්‍රශ්න කරද්දී එයට පිළිතුරු දීමට ඉදිරියට දැමුනේ චම්පික මහතා සහ රතන හිමියන්ය. අද උතුරේ ආණ්ඩුකාර තනතුරින් ජී ඒ චන්ද්‍රසිරි මහතා ඉවත් කර පලිහක්කාර මහතා පත් වන විට, නැගෙනහිරට ආණ්ඩුකාරාවරයා ලෙස තමිල් සෙල්වන්ට මචං කිවූ, පුලිදේවන් බලන්න ඇපල් අරං ගිය එවක චන්ද්‍රිකා-රනිල් රජයේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ෆර්නෑන්ඩු පිලිබද යෝජනා වෙද්දී, ටී එන් ඒ පදයට නොනැටූ උතුරු පළාතේ හිටපු ජ්‍යේෂ්ඨතම සිවිල් නිලධාරිනිය වූ විජයලක්ෂ්මී රමේෂ් මහත්මිය උතුරු පළාත් ප්‍රධාන ලේකම් ධූරයෙන් මාරු කරද්දී, අප කළ යුත්තේ චන්ද්‍රිකාගේ පැකේජය යළි ගෙන ඒම බව මංගල සමරවීර පවසද්දී, 13 වන ව්‍ය්වස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බව රනිල් වික්‍ර්මසිංහ පවසද්දී අද චම්පික අයියා අපට කියන්නේ මාර කතාවකි.

 “2005 ට පසු දූෂණ චෝදනා දන්නවා නම් අපට එවන්න”.

එය මාර කතාවක් වන්නේ එවැනි දූෂණ් චෝදනා කිසිවක් නැති නිසා නොව. රටේ ඒකීයභාවයට කිසිදු හානියක් නොවන බව හිසේ අත ගසා දිවුරා කී ව්‍යාජ ආරක්ෂකයාව අද ඒකීයභාවය නැතිභංගස්ථාන කර දැමීමේ කාර්යය සදහා ඉතා නැණවත් අයුරින් රනිල් වික්‍රමසිංහ විසින් යොදවා ගනිමින් සිටින නිසාය. ඒ අපූරු උපාය නම් එම අනතුර එළිපත්තට ගෙන ආ මොහොතක ඒකීයභාවයේ ව්‍යාජ ආරක්ෂකයින් වෙන වෙන දෑ පිළිබදව කතා කරන්නට සලස්වා, ඒ ව්‍යාජ ආරක්ෂකයනට රැවටී සිටින මිනිසුන්ට එවැනි අනතුරක් නැති බව හැඟෙන්නට සැලැස්විමයි. සිංහලයාගේ ඇස් වලට වැලි ගැසීම සදහා අද ව්‍යාජ ආරක්ෂකයින් වන චම්පික රණවකව සහ අනුර කුමාරව රනිල් වික්‍රමසිංහ අවභාවිතයේ යොදා ගනිමින් සිටියි. මේ උදවිය කට ඇර එවැනි අනතුරක් නැතැයි නොබියව අද අපට කියන්නේ නැත. ඔවුන් අපට නැවත නැවතත් කියන්නේ දූෂිතයන් ගැන හා දූෂිතයන් ගැන පමණි. තව නොබෝ දිනකින් ඒකීය භාවය කන්නදැයි චම්පික අයියා අපගෙන් ඇසුවොත් අපි පුදුම නොවෙමු. නමුත් එතෙක් ඔහු එය මඟ හැර යමින් දූෂිතයන් සොයමින් කාර්ය බහුල වනු ඇත. අප කිසි දිනක ඔහුට රැවටී සිට නැත.

අද චම්පිකට හලාල් විරෝධය හරාම් වී ඇත. එපමණක්ද? මීට මාස කිහිපයකට පෙර ඔහු ඉසිලූ වචන වන  බෙදුම්වාදය, දෙමළ ජාතිවාදය, මුස්ලිම් ජාතිවාදය, අන්තවාදී තවුහිද් ජමාද් සංවිධානය, 13 වන ව්‍යවස්ථා  සංශෝධනය, අධිරාජ්‍යයවාදී බලවේග යන සියල්ල හරාම් වී ඇත. අද ඔහුගේ එකම කාර්ය වී ඇත්තේ මංගල සමරවීර හා එක්ව රාජපක්ෂ වරුන්ට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කිරීමයි. එය ආරම්භ කෙරුනේ ඡන්දයට පසු දිනය. එහිදී සිදුවන්නට ගිය මහා හමුදා කුමණ්ත්‍රණයක් ගැන ඔහු මාධ්‍යයට කීය.

“ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ මෙහෙයවීමෙන් යුද හමුදාව යොදා කරන්නට ගිය මහා විනාශයක් පොලිස්පති හා මැතිවරණ කොමසාරිස් කොන්ද කෙළින් තබාගෙන නිර්භීතව රාජකාරි කළ නිසා වැළකී ගියා. මැතිවරණ කොමසාරිස්ගේ හා පොලිස්පතිගේ නීර්භීත තීරණ නිසා රට ලේ විලක් වෙන්නට තිබූ ඉඩ ඇහිරී ගියා” යැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා ජනවාරි නවයදා පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

එම ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය පැවසුවේය. (ඔහුව පසුව යහපාලන රාජ්‍ය තන්ත්‍රය මඟින් ඉවත් කෙරිනි.) එසේම එම කතාව පට්ටපල් බොරුවක් බව එය වලක්වා ගැනුම උදෙසා චම්පිකලා ස්තුතිය පුද කළ මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය. ඔහු මේ බේගල් ඇද දමන්නේ භික්ෂූන් වහන්සේලා දෙනමක් දෙපසින් තබාගෙනය. ස්තුතිය පුද කළ මිනිහා ඒ ගැන නොදන්නේ නම් මේ ගැන තවත් පරීක්ෂණ නොවුමනා බව කාට ඡන්දය දුන්නත් ගමේ ගොඩේ බයියන්ට වැටහේ. නමුත් චම්පිකලා අද වැටී ඇති පහත් මට්ටම නම් ඉතා ඛේදනීයය. එය එළිපිටම අපගේ වත්මන් විදෙස් ඇමතිගේ තත්වයට වැටීමකි. විධායකය තෝරා ගැනීමෙන් පසුව ඇති වූ නව පාර්ලිමේන්තුවේ දෙදෙනාට එක ළඟ අසුන් ගන්නට වරම් ලැබී තිබිනි.

මේ ජනවාරි 18 ඉරිදා ලංකාදීප පුවත්පතට චම්පික මහතා පැවසූවකි.

“අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අරලියගහ මන්දිරය බලන්න නිලධාරීන් කිහිප දෙනෙකු යවලා තියෙනවා. ඒකේ එක කාමරයක ඉදලා තියෙනවා අතරමං වෙච්ච බල්ලෙක්. දොර ඇරපු ගමන් බල්ලා බුරාගෙන ඇවිල්ලා. පස්සේ බල්ලව මෙල්ල කරලා කන්න දාලා කූඩුවකට දාලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ඡන්දේ ඉල්ලනවැයි, ඊළඟ ඡන්දෙට එනවැයි ඊළඟ අගමැති මහින්දයි කියලා කියන්නේ අර වගේ අතරමං වෙච්ච බල්ලෝ. මහින්ද රාජපක්ෂගේ යුගය ඉවරයි. මහින්ද රාජපක්ෂගේ ඇඟේ හිටපු බලු මැක්කන්ගේ යුගයත් ඉවරයි.”

පරමාධීපත්‍යය බලය ඇත්තේ ජනතාවට මිස චම්පික රණවකට නොව. ඔහු රාජපක්ෂලාට යළි මෙරට දේශපාලනයක් නෑ යයි වහසි බස් දොඩවන්නේ මන්දැයි අපි නොදනිමු. නමුත් මේ මෛත්‍රී යුගයේ මේ බලු කතා කුමටද? එම බල්ලා කූඩුවට දැම්මා මෙන් කාව හෝ කූඩුවට දැමීමේ දැඩි වෛරයකින් ඔහු පෙලෙන බව පැහැදිලිය. වැරදි කළ උන් අල්ලා මාධ්‍ය සංදර්ශනයෙන් ඔබ්බට ගොස් දඩුවම් දෙනවාට මෙරට ජනතාව ඉතා කැමතිය. නමුත් මේ කූඩුවට දමා ගන්නට ඕනෑ වී ඇත්තේ දූෂිතයන් නොව, දේශපාලනික ප්‍රතිමල්ලවයන් බව ඔහුගේ මේ කතාවෙන් මෙන්ම හමුදා කුමන්ත්‍රණ පිලිබද බොරු චෝදනාවලින්ද ගම්‍යය වේ. මහින්ද රාජපක්ෂගේ ඇගේ බලු මැක්කන් සිටි බව කීමෙන් චම්පික කියන්නේ මහින්ද රාජපක්ෂ බල්ලෙකු බව නොවේද? මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයේ යම්  යම් අඩුපාඩු තිබූ බව සැබෑවකි. නමුත්  අපි මෙන්ම කම්පිකත් අද නොබියව මහමඟ යන්නේ එතුමා ලබා දුන් දේශපාලන නායකත්වය හේතු කොටගෙනය. (චම්පිකලා කියන්නේ එය කළේ ඔවුන් බවය.) ඔහු පසුගිය දශක කිහිපය පුරාවටම මෙරට නායකත්වය දුන් නායකයින් අතරින් සුවිශේෂීම නායකයාය. එය කුහකයන් නොවන පක්ෂ විපක්ෂ කවුරුත් පිලිගනිති. අද චම්පිකලා ලැඟ සිටින පිලේ රනිල් වික්‍රමසිංහ මහතා හෝ චන්ද්‍රිකා මැතිණිය හෝ මෙරටට කළ හොදක් යයි යමක් සොයා ගැනීම ඉතා උගහටය. කරන ලද විණ නම් පෙන්වා දිය හැකිය. එහෙව් පිලක ලැග තම වෛරය පිරිමසා ගන්නා චම්පික ඉතා ගෞරවාන්විත ලෙස පරාජය බාරගෙන බලය අත්හැර ගිය මහින්ද මහතාට බල්ලා යයි කීමෙන් ත තක්සේරු වන්නේ චම්පිකවම නොවේද?

-සුසිරිත් වීරසේකර
යුතුකම සංවාද කවය 
http://www.yuthukama.com

12
අප්‍රේල්
17

සිංහල අවුරුද්ද එන කොට රනිල් රට පනිනවා…. ඇයි බං ඒ…

සිංහල අවුරුද්ද එන කොට රනිල් රට පනිනවා. ගිය අවුරුද්දෙ කොහෙ ගියා ද කියන එක මතක නැහැ. මේ ගොල්ලන් පිටරට යන හැටියට ඒවා මතක තියාගන්න වෙන ම දත්ත බැංකුවක් තියා ගන්න වේවි. මේ පාර නම් රනිල් ගිහින් තියෙන්නෙ ජපානෙට. අවුරුදු නැකත අසුබ කියා දැන් විද්‍යාඥ බන්දුලත් කතා කරන එකේ රනිල් සකුරා මල් පිපී දැයි බලන්න යන්න ඇති. රනිල් දන්නෙ චෙරි බ්ලොසම්ස් මිසක් සකුරා මල් නො වෙයි.

කොයි හැටි වෙතත් රනිල් සිංහල අවුරුද්ද එන කොට රටින් පනිනවා. ඒ බුලත් අතක් අරං තමන් බලන්න එන්න කොල්ලො කුරුට්ටො මග අරින්න වෙන්න බැහැ. රනිල්ට අවුරුදු සිරිත් අල්ලන්නෙ නැති පාටයි. රනිල් දැන් සිංහල කතා ටිකක් ඉගෙන ගෙන ඇති නමුත් ඔහු තවමත් සිංහල බෞද්ධ සංස්කෘතියට ආගන්තුකයෙක්. අනුර කුමාර හිතන්නෙ මෙතන තියෙන්නෙ පංති ප්‍රශ්නයක් කියලා.

පංතිය කියන්නෙ මොකක් ද කියලා කාල් මාක්ස්වත් රෝහණ විජේවීරවත් දැනගෙන හිටියෙ නැති කොට අනුර මොනව කියනව ද දන්නෙ නැහැ. මාක්ස්ගෙ කම්කරු පංතිය ලෙනින්ගෙ කම්කරු පංතියට වෙනස්. විජේවීරගෙ නිර්ධන පංතිය ඒ දෙකට ම වෙනස්. ඔය පංතියට තමන්ගේ ම වූ විඥානයක් නැහැ. ඒක පිටින් ගේන ඕන. ඒ බව කියන්නෙ මා නොවෙයි, ලෙනින්. මා කියන එක විශ්වාස කරන්නෙ නැත්නම් ලෙනින් ලියලා තියෙන දේ කියවලා බලන්න. ලංකාවෙ උගතුන් කියන අය කියවන්නෙ නැහැ. බුදුන් වහන්සෙ නාගදීපයට වැඩම කෙළේ බක් මහ අමාවක කියලා කිව්වට විශ්වාස කරන්නෙ නැහැ. මහාවංසය කියවලා බලන්නෙ නැත්තෙ ඇයි?

රනිල්ට ජාතිකත්වයක් නැහැ. ප්‍රශ්නය ඒකයි. ඔහු නියෝජනය කරන්නෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය. ඒ මහුගෙ පියා ඇංග්ලිකන් ක්‍රිස්තියානි වීම නිසාවත් බාප්පා ඇංග්ලිකන් බිෂොප්වරයකු වීම නිසාවත් වෙන දෙයක් නො වෙයි. ඔහුගෙ මවගෙ පාර්ශ්වය බෞද්ධ වුණත් ඒකෙ ඩෙප් විජේවර්ධන සම්භවයක් තියෙනවා. ඒ ඔක්කොට ම වැඩිය රනිල් හැදිල වැඩිලා තියෙන්නෙ ආගමෙන් මොකක් වුවත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික පරිසරයක. පනස්හයේ ජයග්‍රහණයෙන් පස්සෙ බණ්ඩාරනායක මහත්තයත් හැන්දෙන් ගෑරුප්පුවෙන් කිරිබත් කාලා අනාගත්ත. රනිල් සංස්කෘතික වැඩවල දී කොහොමටත් අනාගන්නවා.

රනිල්ට ඒ කටයුතුවල පුරුද්දක් නැහැ. ඒ නිසා ලංකාවෙ හිටියොත් නොදන්න දෙයක් කරන්න ගිහින් රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශවලට අහුවේවිය කියා රනිල් අවුරුද්දට කලින් රටෙන් පැන ගන්නවා වෙන්න ඇති. මේ අවුරුද්දෙ නම් රනිල්ට තවත් හේතු තියෙන්න ඇති පැන ගන්න. මේ ගමන නැකත අසුබයි කියලා දෛවඥයන් රාශියක් ම කියලා තිබුණා. රනිල් හිතුව ද දන්නෙ නැහැ රටින් පැනලා ගිහින් අසුබ නැකත මගහරින්න. එතකොට මෛත්‍රිට සිද්ධ වෙනවා ඒකට මුළුමනින් ම කරගහන්න. මෙතන දි මෛත්‍රි කියන්නෙ මෛත්‍රි වික්‍රමසිංහ නොවෙයි ගොවියා පුත් මෛත්‍රිපාල සිරිසේන.

බන්දුල ගුණවර්ධන රවි කරුණානායක වගේ ම ආර්ථික විශේෂඥයෙක්. බන්දුලට ජාත්‍යන්තර සම්මානයක් නම් ලැබිලා නැහැ. ඒත් බන්දුල අප වගේ නොවෙයි. මහා ප්‍රබුද්ධයෙක්. ඔහුට සිංහල අවුරුද්දක් නැහැ. ඔහු වජිරාරාමෙට ගිහිල්ල සිංහල ද්‍රවිඩ අවුරුද්දක ද මොකක් ද එහෙක නැකැත් ගැන කතා කරන්න. නැකැත් අසුබයි කියලා බන්දුලට ප්‍රශ්නයක් වෙලා. නැකැත් විද්‍යාත්මක කියලා බන්දුල කියනවා ද? බන්දුලට අනුනායක හාමුදුරුවො අනුශාසනා කළ අන්දමක් ගැන වාර්තා වෙලා තිබුණෙ නැහැ.

ද්‍රවිඩ කියන්නෙ දකුණ කියන එක. වින්ධ්‍යා කඳුවැටියෙන් දකුණ. බන්දුල ලංකාවෙ දකුණෙ මිනිසුන් ගැන කතා කෙරුව වෙන්න බැහැ. හින්දු අලුත් අවුරුද්දක් ගැන සඳහන් වෙන්නෙ නැහැ. හින්දු අවුරුද්දක් අද ඉන්දියාවෙ පැවැත්වෙන්නෙ නැහැ. එදා පැවතුනෙත් නැහැ. අප්‍රේල් දහහතර ඉන්දියාවෙ නිවාඩු ලැබෙන්නෙ ප්‍රාන්ත කිහිපයක විතරයි. හින්දු අවුරුද්දක් ගැන කතා කරන්න පුළුවන් තෛපොංගල් දිනයෙන් පටන් ගෙන පමණයි. වෙනත් හින්දු අවුරුද්දක් ගැන කතා කරන්න බැහැ.

ඒත් ඉංගිරිසි කාරයො ලංකාවෙ සිංහල අවුරුද්දට නිවාඩු දෙන විට හින්දු ජනතාවටත් නිවාඩුව දෙනව කියලා කියන්න, එහෙම නැත්නම් තුලනය (බැලන්ස්) කරන්න අවුරුද්ද සිංහල හින්දු කියලා නම් කළා. ඒ කාලෙ මේ රටේ දෙමළ අනන්‍යතාවක් තිබුණෙ නැති බව ඒකෙනුත් පේනවා. නැත්නම් ඉංගිරිසින්ට සිංහල දෙමළ අවුරුද්ද කියලා නම් කරන්න තිබුණා. සිංහල හින්දු අලුත් අවුරුද්දක් ගැන කිවුවට යාපනයේ අපේ වගේ අවුරුද්දක් තිබුණෙ නැහැ. අදත් නැහැ. බන්දුලට යාපනයට යන්න බැරි නම් දහහතරවැනිදාට වැල්ලලවත්තට ගිහිල්ල බලන්න පුළුවන්.

අවුරුදු විස්සකට විතර ඉස්සර පඬියන් සිංහල දෙමළ අවුරුද්ද කියලා කියන්න පටන් ගත්ත. ඒ සිංහල හින්දු කියන එක ගැලපෙන්නෙ නැති නිසා වෙන්න ඇති. ඔය දෙමළ අවුරුද්ද යාපනයට ආවෙ කෝරමණ්ඩල වෙරළෙන් ද සිංහලයන්ගෙන් ද? අපේ පුණ්‍යකාලය ඉන්දියාවෙ නැහැ. යාපනයෙ පුණ්‍යකාලම් කියලා ගාව ගෙන තියෙනවා. ඒත් පුණ්‍යකාලමේ දී වැල්ලවත්තෙ කෝවිලට කී දෙනෙක් යනව ද?

අද බන්දුල ප්‍රබුද්ධයකු නිසා දෙමළ කියන්නවත් කැමති නැහැ. ඔහු නොදන්නා ද්‍රවිඩකමක් ගැන කතා කරනවා. බන්දුල වගේ ප්‍රබුද්ධයන් පාර්ලිමේන්තු යන්නෙ සිංහල ඡන්දවලින් මිසක් ඊනියා ද්‍රවිඩ ඡන්දවලින් නොවෙයි. ඒත් ඔවුන් සිංහලයන්ට තම අවුරුද්ද අහිමි කරනවා. මේ ටික කියවලා කියන්න නලින් ද සිල්වා කියන්නෙ අන්තවාදියෙක් කියලා.

මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org/2017/04/blog-post_11.html
නලින් ද සිල්වා
2017 අප්‍රේල් 11




අනවශ්‍ය දේවල්

  • 169,529 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2018
බ්‍ර සි සෙ
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements