Archive for the 'මහාචාර්ය විජේසුන්දර' Category

14
අප්‍රේල්
18

සමබිම, පෙරසම, සර්පයා සහ පුක් ගැසීමට රාජ්‍ය අනුග්‍රහය

මීට වසර 2 කට පමණ පෙර පිහිටවූ “සමාන බව සිතන්න” (Think Equal) නම් වූ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක්‌ 2017 ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකාවේ වැඩ පටන්ගනු ලැබීය. එම සංවිධානයට සමගාමීව සම බිම (Equal Ground) නමින් තවත් එවැනිම කණ්‌ඩායමක්‌ ලංකාවේ වැඩ ආරම්භ කොට ඇත. පළමු සංවිධානයේ පිටතින් පෙන්වන අරමුණ දරුවන් අතර මෛත්‍රිය කරුණාව සහ සමානාත්මතාවය ඉගැන්වීම මගින් අසමානකම් සහිත මිනිසුන්ට සමානව සැලකීමට දරුවන් පුහුණු කිරීම ය. අභ්‍යන්තරිකව ගැබ්වෙන අරමුණ ලිංගික හැසිරීම් මත පුද්ගලයන්ට වෙනස්‌ ආකාරයකට සැලකීම වැළැක්‌වීමය. කෙසේ වෙතත් ඔවුන් ඒ සියල්ල කරන්නේ එල්.ජී.බී.ටී (LGBT) නමින් හඳුන්වන වෙනස්‌ ලිංගික හැසිරීම් සහිත කණ්‌ඩායම් වෙනුවෙන් බව සඟවන්නේ නැත. දෙවැනි සංවිධානය සෘජුව එම සමාජ කණ්‌ඩායම් වල අයිතිය වෙනුවෙන් පෙනී සිටින අතර ඊට අදාළ විවිධ ක්‍රියාකාරකම්වල යෙදී සිටියි. ඔවුහු අති උතුම් මැල්කම් රංජිත් පියතුමා විසින් සමරිසියන් හෙවත් සමලිංගිකත්වය පිළිබඳව කරන ලද ප්‍රකාශයකට පිළිතුරු ලෙස තර්ජනාත්මක ස්‌වරයෙන් ලිපියක්‌ උන්වහන්සේ වෙත යෑවීමට පවා දිරිමත් වූහ. (2015.01.25 දිනැති එම ලිපියේ පිටපතක්‌ අප සතුව ඇත. )

එල්.ජී.බී.ටී යන කෙටි නාමයෙන් හැඳින්වෙන පුද්ගල සමූහයන්ට ස්‌ත්‍රී, පුරුෂ සමලිංගිකයන්, ද්විත්ව ලිංගික හැසිරීම් හෙවත් සම සහ අසමාන යන දෙයාකාරයටම හැසිරෙන පිරිස්‌ හා ලිංග බේදය වෙනස්‌ කළ පුද්ගලයන් යන ප්‍රභේද හතරම අයත් වේ. ඔවුන් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉතා අතිශයෝක්‌තියෙන් හුවා දක්‌වන ආකාරයට යම් සමාජයක එම සමූහයට අයත් පුද්ගලයන් 10% පමණ ජීවත් වේ. නමුත් ඇමරිකාවේ කරන ලද සමීක්‌ෂණ අනුව එම ප්‍රතිශතය 3% වේ. බොහෝ විට එම ඉහළ ප්‍රතිශතය සාධාරණීයකරණය කෙරෙන්නේ ඕනෑම සමාජයක කුමන හෝ මානසික ආබාධවලින් පෙළෙන 10% පමණ සිටින බවට හෙළිදරව් වී ඇති දත්ත අනුවය. ඒ මගින් වෙනස්‌ ලිංගික හැසිරීම් සහිත පුද්ගලයන් යම් මානසික ආබාධවලින් පෙළෙන බව පිළිගැනෙයි. පසුගිය 90 දශකය තෙක්‌ ලෝකයේ ප්‍රමුඛ මනෝ වෛද්‍ය සහ මනෝවිද්‍යා සංගම් විසින් ඒ බව පිළිගනු ලැබීය. ඊට අනුව මානසික සහ පෞරුෂ ආබාධ වර්ගීකරණය කිරීම ද සිදුවිය.

නමුත් මෑත කාලීනව විශාල දේශපාලන බලයක්‌ සහිතව එල්.ජී.බී.ටී කණ්‌ඩායම් විසින් දියත් කරන ලද විරෝධතා සහ මතවාදී සටන් නිසා දැන් එම පිළිගැනීම් වෙනස්‌ වී ඇත. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෝග වර්ගීකරණයන් ද වෙනස්‌ විය. එම නිසා පොදුවේ සමලිංගික කණ්‌ඩායම් ලෙස හඳුන්වන ලිංගික හැසිරීම්වල වෙනස්‌කම් සහිත එම සමාජ කණ්‌ඩායම්වලට අයත් වන පුද්ගලයකු විසින් පෙන්වන මානසික හෝ පෞරුෂ ආබාධ හෝ මත් ද්‍රව්‍ය ආශ්‍රිත ආබාධ ආදිය එම ලිංගික හැසිරීම් වලින් ව්‍යqක්‌තව නිර්වචනය කෙරෙයි. එසේ වුවත් විවිධ මානසික චිකිත්සාගාරවලට පැමිණෙන රෝගීන් සහ විවිධ පර්යේෂණ අනුව මෙම වෙනත් ලිංගික හැසිරීම් සහිත පිරිස්‌ ඉතා බහුලව මානසික හෝ පෞරුෂ ආබාධ වලින් පෙළෙන බවට පැහැදිලිව ඔප්පු වේ.

ඉහත සඳහන් කළ ආකාරයට වෙනස්‌ හෝ විෂම ලිංගික හැසිරීම රෝගී තත්ත්වයක්‌ නොවන බව තහවුරු කිරීම සඳහා ප්‍රබල උවමනාවක්‌ සහිත රාජ්‍ය නොවන සංවිධාන රාශියක්‌ ලෝකයේ ක්‍රියාත්මක වේ. එම සංවිධාන මගින් ගොඩනගන සමාජ මතය අනුව එම පිරිස්‌වලට මානසික ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය නොවේ. එනම් ඔවුන් “ලිංගිකත්ව අවධාරණය- අනුව වෙනස්‌ පුද්ගලයින් පමණි. එසේ නම් අවශ්‍ය වන්නේ ඒ වෙනස්‌ පුද්ගලයන්ට සෙසු අයට මෙන් සමානව සැලකීමය. එම මූලික තර්කය පිළිබඳව විශාල ගැටලුවක්‌ පැනනැඟෙන්නේ නැත. එනම් වෙනස්‌ චර්යාවන් සහිත පුද්ගලයන්ට වෙනස්‌කම් කිරීමෙන් වැළකී සිටීම දියුණු මිනිස්‌ ගුණාංගයකි. විශේෂයෙන් එම වෙනසට යම් ජානමය හේතු බලපාන බවට විද්‍යාත්මක සාක්‌ෂි ඉදිරිපත්ව තිබෙන බැවින් එම පිරිස්‌වලට කරුණාව, මෛත්‍රිය දැක්‌වීම සහ සමානව සැලකීම පිළිබඳව බෞද්ධ සභ්‍යත්වය විසින් මෙහෙයවන සමාජයක්‌ තුළ ගැටලුවක්‌ පැනනඟින්නේ නැත.

 

නමුත් එසේ සමානව සැලකීම මගින් පමණක්‌ ප්‍රශ්නය විසඳෙන්නේ නැත. ඔවුන්ගේ පුද්ගලික ගෞරවයට හානියක්‌ නොවන ලෙස සහ රහස්‍යභාවය ආරක්‌ෂා වන ලෙස යම් මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සේවාවක්‌ ලබා දීම ද අවශ්‍ය වේ. ජනගහනයෙන් 3% ට පමණ විය හැකි එම පිරිසට විධිමත්ව මානසික සෞඛ්‍ය සේවා සැපයීම මගින් පොදු සමාජයට ද විශාල යහපතක්‌ සිදුවේ. විශේෂයෙන්ම සමාජ විරෝධී පෞරුෂ ආබාධයකින් පෙළෙන යම් පුද්ගලයෙක්‌ විසින් සමාජයට කළ හැකි හානිය අතිමහත් විය හැක. ඒ නිසා බදු ගෙවන ජනතාව එම සේවා කටයුතු සඳහා කරනු ලබන වියදම් සැබෑ ලෙසම සමාජ ආයෝජනයකි. එසේම යම් පෞර්ෂ ආබාධයකට ගොදුරු වී සිටින වෙනස්‌ ලිංගික හැසිරීමක්‌ සහිත පුද්ගලයෙක්‌ට සමාජය විසින් වෙනස්‌කම් සිදු කළහොත් ඒ පුද්ගලයා තුළ පවතින සමාජ විරෝධී මනෝභාවය තවදුරටත් වර්ධනය විය හැක. එවැනි තත්ත්වයකදී ඔහු විසින් සමාජයට කරනු ලබන හානිය ඉතා බලවත් විය හැක. ලෝකයේ සමූල ඝාතනවලට යොමු වූ පුද්ගලයන් පිළිබඳ කරනු ලැබූ යම් පර්යේෂණ අනුව ඒ අයගෙන් 30%ක්‌ පමණ ජානමය හේතු නිසා ඇති වන සැක ඉපදවීමේ මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන අයයි. තවත් එවැනිම පිරිසක්‌ විවිධ පෞරුෂ ආබාධ වලින් පෙළෙන අතර තවත් පිරිසක්‌ විෂම ලිංගික හැසිරීම් නිසා ඇතිවන පෞරුෂ ආබාධ වලින් පෙළෙන අය බවට ද පර්යේෂණ සාක්‌ෂි ඇත. ඕස්‌ටේ්‍රලියාව සහ ඇමරිකාව වැනි රටවල මානසික වෛද්‍යවරුන් ඒ ආශ්‍රිතව පර්යේෂණ සිදුකොට ඇත. ඒ අනුව විෂම ලිංගික හැසිරීම් නිසා මානසික හෝ පෞරුෂ ආබාධයන්ට ලක්‌වන පිරිස්‌වලට සමාජය විසින් අයුතු ලෙස හෝ අසමානව සැලකීම සමස්‌ත සමාජයටම ඉතා හානිකර විය හැක. නමුත් එවැනි තත්ත්වයක්‌ වැළැක්‌වීම සඳහා උපාය උපක්‍රම තේරීමේදී ඉතා පරිස්‌සම් විය යුතු බවට සැකයක්‌ නැත.

උදාහරණයක්‌ ලෙස මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීමට ජානමය හේතු බලපාන බව විද්‍යාත්මක සත්‍යයකි. එවැනි දරුවකු කුඩා කල සිට මත්ද්‍රව්‍ය භාවිතා කරන සහ එම හැසිරීමෙන් මිදීමට නොහැකි සමාජ සංස්‌කෘතික පරිසරයක ජීවත් වන විට ඔවුහු මත්ද්‍රව්‍ය ආශ්‍රිත ආබාධවලට ගොදුරු වේ. එසේම මත්ද්‍රව්‍ය බහුලව භාවිතා වන සංස්‌කෘතියකදී ජානමය බලපෑමක්‌ නොමැතිව වුවද පුද්ගලයකු ඊට ගොදුරු විය හැක. ඒ ආකාරයට ජානමය හේතුවක්‌ නොමැතිව වුවද සමලිංගිකත්වය සාමාන්‍ය චර්යාවන් ලෙස උගන්වන සමාජයක දී කුඩා දරුවන් එම චර්යාවන් අත්හදා බැලීමට මෙන්ම ඊට පුරුදුවීමට ද හැකියාවක්‌ ඇත. එම නිසා ඉහත සඳහන් කළ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය විමසා බැලිය යුත්තේ ඉහත සඳහන් කළ මහා පින්තූරය සැලකිල්ලට ගනිමිනි.

“සමාන බව සිතන්න” නැමැති රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානී ලෙස කටයුතු කරන ලෙස්‌ලි උඩ්වින් මහත්මිය චිත්‍රපට තිරපිටපත් ලියන්නියක්‌ මෙන්ම අධ්‍යක්‌ෂකවරියක්‌ ලෙස ද කටයුතු කොට ඇත. නමුත් ඇයට මනෝ වෛද්‍ය හෝ මනෝ විද්‍යා ක්‌ෂේත්‍රයේ ශාස්‌ත්‍රීය අධ්‍යාපනයක්‌ හෝ අත්දැකීම් තිබෙන බවක්‌ වාර්තා වන්නේ නැත. ඇයට අනුව සමාජය තුළ සමලිංගිකත්වය ඉවසීමට දරුවන් පුහුණු කළ යුත්තේ වයස අවුරුදු 3 සහ 7 ත් අතර කාලයේදීය. ඇයගේ ප්‍රකාශ අනුව සමලිංගිකත්වය පිළිබඳ දැනුම ඒ දරුවන්ට ලබාදීම සඳහා නාට්‍යානුසාරයෙන් කරනු ලබන ඉදිරිපත් කිරීම් වැනි විවිධ නිර්මාණශීලී ක්‍රමවේද හඳුන්වා දිය යුතුය. එම ක්‍රමවේද අනුව සමලිංගිකත්වය සහ අසමලිංගිකත්වය අතර වෙනස කියා දීමට සිදු වෙයි . එමෙන්ම ඊට අදාළ ජීවවිද්‍යාත්මක හා චර්යාමය පැතිකඩ ගැන ද ඒ කුඩා දරුවන්ට ඉගැන්වීමටද සිදුවනු ඇත. එවැනි කුඩා වයසකදී ඒ දැනුම ලබාදීමේ ක්‍රියාකාරකම් අත්විඳින දරුවන්ගේ මානසික ස්‌වභාවය කෙබඳු විය හැකි ද යන්න පිළිබඳව පර්යේෂණ දත්ත සොයා ගැනීමට නැත. එම සංවිධානය දීර්ඝකාලීනව එවැනි පර්යේෂණවල නියුක්‌තවී නැත.

සමාන බව සිතන්න සංවිධානයේ ප්‍රධානියා සහ එම සංවිධානය ප්‍රචලිත කරන “සමලිංගික තානාපතිවරුන්ට” අනුව පසුගිය වසර දෙක ඇතුළත ලෝකයේ යම් රටවල මෙම අධ්‍යාපන වැඩසටහන් කුඩා නියමු ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කොට ඇත. එහෙත් ඔවුන් ඒවායේ ප්‍රතිඵල හෝ පසුවිපරම් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්නේ නැත. නමුත් ඔවුනට අනුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මෙහෙයවනු ලබන වැඩසටහන ලෝකයේ දියත් කෙරෙන පළමු මහා පරිමාණ වැඩසටහන ලෙස හැඳින්විය හැක. ඒ අනුව ශ්‍රී ලංකාවේ කිසිදු නියමු ව්‍යාපෘතියක්‌ හෝ පර්යේෂණ කාලයකින් තොරව එකවරම මහා පරිමාණ වැඩසටහන් දියත් වේ. එමගින් ශ්‍රී ලංකාව පුරා පෙර පාසල් 19,000 ක්‌ සහ ප්‍රාථමික පන්ති සහිත පාසැල් 9000 ආවරණය වේ. මෙම සමලිංගික අධ්‍යාපන වැඩ සටහනේ පළමු පියවර සඳහා ගුරුවරුන් පුහුණු කිරීම දැනටමත් ආරම්භ කොට ඇත. එහි පළමු වටයේදී ඊට සහභාගී වී ඇත්තේ ජාත්‍යන්තර පාසැල් ගුරුවරුන් බව වාර්තා වේ. පුවත්පත්වල පළ වූ එම ගුරුවරුන්ගේ ප්‍රකාශ අනුව මුල් වටයේ දී එම දැනුම සහ ක්‍රියාකාරකම් යොදා ගැනීම අපහසු වුවත් පසුව ක්‍රමයෙන් ඔවුන් ඊට අනුගත වී ඇත. කුරුණෑගල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක එවැනි ගුරුවරියක්‌ ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුණේ එම පාසල තුළ දැන් ගැටලුවක්‌ නැතිව මේ වැඩසටහන ආරම්භ කොට ඇති බව ය. එසේ වුවත් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය හෝ එය අධීක්‌ෂණය කෙරෙන ආකාරය හෝ කළමනාකරණය හා පසුවිපරම් කරන ආකාරය ඉතා රහසිගත තොරතුරු බව පෙනේ. ඊට අදාළ අනුමැතිය ලබාගත් සහ ලබාදුන් පුද්ගලයකුගේ හෝ වැඩසටහන අධීක්‌ෂණය කරන අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිළිබඳ කිසිදු තොරතුරක්‌ නැත. එසේම අඩු මතරමින් එම ව්‍යාපෘතිය දියත් කොට ඇති පුද්ගලික ජාත්‍යන්තර පාසල්වල හෝ එවැනි ආන්දෝලනාත්මක වැඩසටහනක්‌ දියත් කිරීමේදී පෙන්විය යුතු සැලකිලිමත්භාවය දක්‌නට ලැබෙන්නේ නැත. අවම වශයෙන් ඒ සඳහා දෙමාපියන් දැනුම්වත් කිරීමක්‌ හෝ සිදුකළ බව වාර්තා වන්නේ නැත. එවැනි පර්යේෂණාත්මක වැඩසටහන් සඳහා දරුවන් යොදා ගැනීමේදී දැනුම්වත් කිරීමක්‌ පමණක්‌ සෑහෙන්නේ නැත. ඒ සඳහා දෙමාපියන්ගේ අවසරය ලබාගත යුතුය. එසේ නොකිරීම මගින් පෙනී යන්නේ මෙම වැඩසටහන් ඉතා බලවත් ආකාරයට දියත් කෙරෙන බව ය. ඊට අමතරව ගුරුවරුන් ඊට දායක කර ගැනීම සඳහා අතපය දිගහැර වියදම් කරන බවට සැකයක්‌ නැත. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විසින් දියත්කරන ආන්දෝලනාත්මක වැඩසටහන්වලදී ඊට එරෙහිව කෙරෙන සමාජ විරෝධය සමනය කිරීම සඳහා එම ව්‍යාපෘතිවල පිරිවැයෙන් විශාල කොටසක්‌ වෙන්කෙරේ. ශ්‍රී ලංකාවේ දී එම තත්ත්වය වඩා ප්‍රබල විය හැක්‌කේ අදාළ ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙහෙයවීම නිසා ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ බෞද්ධ සභ්‍යත්වය තුළ දරුවන්ට සහ ගුරුවරුන්ට මෛත්‍රිය කරුණාව සහ සමානව සැලකීම ගැන ඉගැන්වීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන යොදා ගැනීම නම් හාස්‍යජනක තත්ත්වයකි. මෙම ව්‍යාපෘතිය සාධාරණීයකරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද සමීක්‌ෂණයක ප්‍රතිඵලද වැරදි ආකාරයට භාවිතාවේ. ඊට අනුව ලංකාවේ පාසල්වල “බුලින්” හෙවත් බලහත්කාරී හැසිරීම ඉතා බහුලව පැතිරී ඇත. ඊට හේතුව ලෙස දැක්‌වෙන්නේ පැසැල් දරුවන් අසමානයන්ට සමානව සැලකීමට නොදැනීමය. ඒ නිසා දැන් ජාත්‍යන්තර සංවිධාන අවශ්‍ය වන්නේ එම අඩුව පිරවීම සඳහා ය. දරුවන්ගේ බලහත්කාරී හැසිරීම් අවම කිරීම සඳහා සමලිංගිකත්වය අවධාරණය වන ආකාරයට සමාජයේ 3% ප්‍රතිශතයක පවතින චර්යාමය වෙනකම් පිළිබඳ මහාපරිමාන අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ කුමක්‌ නිසාද? මෛත්‍රිය, කරුණාව ගැන ශ්‍රී ලංකාවේ දරුවන්ට ඉගැන්වීම සඳහා සමලිංගිකත්වය පිළිබඳ විශේෂ අවධාරණයක්‌ අවශ්‍යවන්නේ නැත.

මෙම වැඩ සටහනේ යටි අරමුණ තේරුම් ගැනීම සඳහා ඒ ආශ්‍රිත සමස්‌ත ක්‍රියාවලිය විමසා බැලිය යුතුය. මීට පෙර වෛද්‍යවරුන් ලවා සමලිංගිකත්වය නීතිගත කිරීමේ වැදගත්කම පුවත්පත් හරහා අවධාරණය කිරීම සඳහා ව්‍යාපෘතියක්‌ දියත් විය. යම් පිරිස්‌ විවිධ තාක්‌ෂණික කරුණු ඉදිරිපත් කරමින් සමලිංගිකත්වය ස්‌වභාවික තත්ත්වයක්‌ බවත් එය නීති ගත නොකිරීම නිසා ඒඩ්ස්‌ හෙවත් HIV ආසාදනය පැතිරීම වැඩි වීමේ අවධානමක්‌ තිබෙන බවද සඳහන් කළහ. ඊට අමතරව ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයට පවා සමලිංගිකත්වය නීතිගත කිරීම සඳහා යෝජනා ඉදිරිපත් විය. ඒ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී විසින් සමලිංගිකත්වය නිර්අපරාධකරණය කිරීම සඳහා රජයට බලපෑම් කරයි. සමලිංගික හැසිරීම් අශීලාචාර හැසිරීමක්‌ ලෙස දණ්‌ඩ නීති සංග්‍රහයේ වරදක්‌ ලෙස දක්‌වා ඇත. නමුත් ශ්‍රී ලංකාවේ එවැනි අයට සමාජයේ බහුතරයක්‌ මිනිසුන් විසින් අසාධාරණකම් කරන බවක්‌ වාර්තා නොවේ. ඒ අනුව නැති ප්‍රශ්නයක්‌ මවන්නේ එම හැසිරීම් සාමාන්‍යකරණය කිරීමට සහ නීතිගත කිරීමට නොවේද? මේ වන විට ආසියාවේ එකම රටක්‌ හෝ සමලිංගිකත්වය නීති ගතකොට නැත.

මීට පෙර 2003 දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්‌ඩුව විසින් කෙටුම්පත් කිරීම ආරම්භ කොට පසුව 2005 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ “ගෘහස්‌ථ ප්‍රචණ්‌ඩත්වය වැළැක්‌වීමේ- පනත මගින් ඉටු කරගැනීමට අපේක්‌ෂා කළ යටි අරමුණු මෙම වැඩසටහනේ යටි අරමුණට බොහෝ දුරට සමාන වේ. එම පනතේ ලේබලය අනුව පවුල්වල භාර්යාවන් හා සැමියන් අතර සිදුවන අඬදබර වැළැක්‌වීම එහි මූලික අරමුණ වේ. නමුත් පනතේ ප්‍රතිපාදන අනුව සිදු වන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයකි. එනම් ගැටුම් වැඩීවීම සහ ඒ තුළින් දික්‌කසාද වීමට ඇති පෙළඹවීම වැඩි වීමයි. කෙසේ වෙතත් එම පනත ශ්‍රී ලංකාවේ පවුල් කඩා ඉහිරවීමේ පනතක්‌ බව තේරුම් ගත් මහින්ද රාජපක්‌ෂ මහතා එය අත්හිටුවීය. ඊට සමානව සමලිංගිකයන්ට සමානව සැලකීම පුරුදු කිරීමේ උත්සාහය තුළින් අපේක්‌ෂා කරන්නේ එම හැසිරීම් සමාජය තුළ හුවා දැක්‌වීම මගින් පවතින සමාජීය වටිනාකම්වලට අභියෝග කිරීම නොවේද? ඊට අමතරව ක්‍රියාකාරකම් යොදා ගනිමින් ලබාදෙනවා යෑයි කියන සමලිංගිකත්වය පිළිබඳ ඊනියා අධ්‍යාපනය මගින් සිසු දරුවන්ට ඇතිවන මානසික බලපෑම කුමක්‌ වනු ඇතිද? මේ වනවිට ඕස්‌ටේ්‍රලියාව වැනි රටවල රාජ්‍ය ලේඛනවල මව සහ පියා වශයෙන් තොරතුරු ලබාගන්නේ නැත. ඒවායේ සඳහන් වන්නේ “පළමු දෙමාපිය” සහ “දෙවැනි දෙමාපිය” වශයෙනි.- ඒ සමලිංගික විවාහය සාධාරණීයකරණය කිරීම සඳහාය. ශ්‍රී ලංකාව ද දැන් ගමන් කරන්නේ ඒ දෙසට නොවේද?

 

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්‌ඩාර

– Divaina

Advertisements
24
මාර්තු
18

ආචාර්ය නාලක ගොඩහේවා ඔබට බොහොම ස්තූතියි… (UN)

කොටි සංවිධානය ‘අ’යන්නේ සිට කල අපරාධ 

අපට අනවශ්‍ය ඔබේ සහාය බලෙන් දෙන්න එපා.. කොටි සංවිධානය ‘අ’යන්නේ සිට කල අපරාධ ජිනීවාහි රැවුදේ…

ආචාර්ය නාලක ගොඩහේවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සමුලුවේ, ” ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ බලපෑම්” යන මැයෙන් වූ සමාන්තර සැසිවාරයේදී කල දේශණයේ පරිවර්ථනය…

තිස් වසරක් පුරා ලෝකයේ දරුනුණුතම ත්‍රස්තවාදී කන්ඩායමක් වන එල් ටී ටී ඊ සංවිධානය විසින් භීෂණයට ලක් කොට තිබූ ලංකාව කොටි ත්‍රස්ථවාදයේ රුදුරු ග්‍රහණයෙන් මුදවාගෙන, අඳුරින් වැසී තිබුන දේශයට යලි සාමයේ ආලෝකය ගෙන එනු ලැබුවේ 2009 වසරේදීයි.

කොටි ත්‍රස්ථවාදීන්ට අවශ්‍යව තිබුනේ වෙනම රටක්. එය ඔවුන් හැදින්වූයේ ඊලාම් දේශය කියායි

එය දිනා ගැනීම සඳහා ඔවුන් උතුරු හා නගෙනහිර පලාත්වල සන්නද්ධ අරගලයක යෙදී සිටියා. ඊට සමාන්තරව ඔවුන් රට පුරා සෑම ප්‍රදේශයකම වාගේ ත්‍රස්ථ ක්‍රියා කරමින් භීෂණය පැතිරුවා

ලෝකයට මුලින්ම මරාගෙන මැරන ත්‍රස්ථවාදීන් යන සංකල්පය හඳුන්වා දුන්නේ කොටි සංවිධානයයි. ඔවුන් කාන්තාවන් හා කුඩා දරුවන්පවා මිනිස් බෝම්බ බවට පත්කලා. කෲර බව අතින් කොටීන්ටට සමකල හැකි ත්‍රස්ථවාදී කන්ඩායමක් එකල ලෝකයේ කිසි තැනක සිටියේ නැහැ. ලෝකය පුරාම ත්‍රස්ථ කන්ඩායම් කාලයත් සමග කොටි ත්‍රස්ථවාදීන් ආදර්ශයට ගන්නට පටන් ගත්තා.

රටවල් දෙකක නායකයින් එනම් ඉන්දීය අගමැති රජීව් වූ ගාන්ධි හා ලංකාවේ ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස දෙදෙනාම කොටින්ගේ මරාගෙන මැරෙන මිනිස් බෝම්බවලට අසුවී මියගියා.

එල් ටී ටී ඊ සංවිධානය බලය තහවුරු කරගත්තේ ඉතා ක්‍රමානුකූලවයි. මුලින්ම ඔවුන් රටේ සිටි ප්‍රබල දෙමල දේශපාලනඥයින් මරාදැමුවා. දෙවනුව අනෙකුත් දෙමල ත්‍රස්ථවාදී කන්ඩායම් වල නායකයින් මරාදැමුවා. ඊ ලඟට තමුන්ට අනාගතයේ තර්ජනයක් විය හැකි නැගී එන දෙමල නායකයින් මරාදැමුවා. අවසානයේ දෙමල ජනතාවගේ එකම නියෝජිතයා බවට එල් ටී ටී ඊ සංවිධානය පත්වුන අතර දෙමල ජනතා සංධානය වැනි දෙමල දේශපාලන කන්ඩායම් ඒ වන විට කොටීන්ගේ අතකොලු බවට පත්වී සිටියා.

80 මුල් කාලයේදීම උතුරේ ජීවත්ව සිටි සිංහල ජනතාව පලවා හැරීමේ කාර්ය පටන් ගත්තා.මායිම් ගම්මාන වල සිටි සිංහලයින් 500කට වැඩි ප්‍රමාණයක් ඔවුන් මරාදැමුවා. 1981 සංගනනයට අනුව යාපනය අර්ධදිවීපයේ සිංහලයන් 19,334ක් ජීවත්ව සිටියත් 90 දශකය වන විට එකද සිංහලයෙක් වත් එහි ඉතුරුව සිටියේ නැහැ.

ඊලගට ඔවුන් අවධානය යොමුකලේ උතුරේ ජීවත්වූ මුස්ලිම් ජනතාවටයි. 1990 ඔක්තොබර් මාසයේ දිනක උතුරේ ජීවත්වූ 75,000කට වැඩි මුස්ලිම් ජනතාවට පැය 48 ක් තුල ඉවත්වන ලෙස කොටි ත්‍රස්ථවාදීන් අණකලා. එම අණට පිටුපෑවන්ට අත්වූයේ මරණයයි. ඊට අමතරව උතුරු හා නැගෙනහිර පලාත්වල මුස්ලිම් ගම්මාන රාශියක් ඔවුන් විනාශකලා. එම පහරදීම වලදී 600 කට වැඩි මුස්ලිම්වරුන් ඝාතනය වුනා.

බහුතර ජනතාව දෙමල නොවන ප්‍රදේශවල දිගින් දිගටම එල් ටී ටී ඊය විසින් මනුෂ්‍ය ඝාතන කරනු ලැබුවා. වසර 30 ක් තිස්සේ මේ ආකාරයට භීෂණය පතුරවමින් ඔවුන් උත්සාහකලේ 1983 වූවාක් මෙන් ජාතිවාදී කලබලයක් අවුස්සා ගන්නටයි. එය ඔවුන්ගේ අන්තර්ජාතික ප්‍රචාරක කටයුතුවලට වාසියක් කරගන්නයි ඔවුන්ට අවශ්‍ය වූයේ. නමුත් සිංහල හෝ මුස්ලිම් ජනතාව යලිත් එම උගුලට යලි අසුවුනේ නැති නිසා 1983න් පසු කිසිවිටක රටේ අන් ප්‍රදේශවල ජීවත් වූ දෙමල ජනතාවට අනතුරක් සිදුවුනේ නැහැ. මෙය සාමාන්‍ය ශ්‍රී ලාංකික ජනතාව කෙතරම් සාමකාමීද කියා පෙන්වන්නට හොඳම උදාහරණයක්.

1985 අගෝස්තු 14දා සිංහල බෞද්ධයන්ගේ පූජනීය නගරයට එල් ටී ටී ඊ ත්‍රස්ථාවාදීන් රැගත් බසයක් ලඟාවුනා. බෞද්ධයන්ගේ අතිශය පූජනීය ස්ථානයක් වන ශ්‍රී මහා බෝධිය අසල ධර්මානුකූලව සිටි අහිංසක උපාසක උපාසිකාවන් 120කට අධික ප්‍රමානයක් ඔවුන් විසින් එදා වෙඩිතබා මරාදමනු ලැබුවා. ඔවුන් බලාපොරොත්තු වූයේ මින් සිංහල බෞද්ධයන් කුපිතව දෙමල ජාතිකයින්ට පහරදෙයි කියායි . නමුත් එය සිදුවුනේ නැහැ. මෙසේ ආරම්භ වූයේ වසර 25 ක් තිස්සේ කොටි සංවිධානය විසින් දිගින් දිගටම සිදුකල මහා ඝාතන රැල්ලක ආරම්භයයි.

*1987 අප්‍රේල් 17දා එල් ටී ටී ත්‍රස්තයන් විසින් හබරණදී බස් මගීන් 121ක් මරාදමා 44කට තුවාල සිදු කලා
*1987 අප්‍රේල් 21දා පිටකොටුව බස් නැවතුම්පොලේ පිපිරවූ බොම්බයකින් 106 දෙනෙකු මියගොස් 295 දෙනෙකුට තුවාල සිදු වුනා
*1987 ඔක්තෝබර් 6දා මඩකලපුව තැපැල් දුම් රියට ගිනි තැබීමෙන් 40 දෙනෙකු මියගොස් 24දෙනෙකු තුවාල ලැබූවා.
*1987 නොවැම්බර් 9දා මරදානේ වාහනයක තිබූ බොම්බයක් පුපුරා 23දෙනෙකු මියගිය අතර 106 දෙනෙකුට තුවාල සිදු කලා.
*1989 අප්‍රේල් 13දා ත්‍රීකුණාමල නගරයේ කාරයක තිබු බොම්බයකින් 51 දෙනෙකු මියගොස් 43 ට තුවාල සිදු වුනා.
*1990 අගෝස්තු 3දා එල් ටී ටී ඊ ත්‍රස්ථයන් විසින් මඩකලපුවේ කතන්කුඩි වල පල්ලියකට පහරදී 147 දෙනෙකු මරාදමන ලද අතර 70 දෙනෙකුට තුවාල සිදු කලා
*1990 අගෝස්තු 6දා අම්පාරේ කුඹුරක වැඩ කරමින් සිටි ගොවීන් 34දෙනෙකු මරාදමා තිබුනා.
*1992 අප්‍රේල් 10දා අම්පාරේ බසයක් තුල බොම්බ පිපිරීමකින් 28දෙනෙකු මියගොස් 36 දෙනෙකුට තුවාල සිදු වුනා
*1994 ඔක්තෝබර් 24දා මරා ගෙන මැරෙන බොම්බ කරුවෙකු විසින් තොටලගදී 54දෙනෙකු මරාදමන ලද අතර 72කට තුවාල සිදු වුනා
*1995 අගෝස්තු 7දා මරා ගෙන මැරෙන බොම්බ කරුවෙකු විසින් නිදහස් චතුරශ්‍රය අසලදී 23දෙනෙකුට මරු කැඳවන ලද අතර 40 දෙනෙකුට තුවාල සිදු වුනා
*1996 ජන්වාරි 31දා මහ බැංකුවට එල්ලවූ බොම්බ ප්‍රහාරයෙන් 80 දෙනෙකු මියගොස් 1200 ක් තුවාල ලැබූවා

*1996 ජූලි 24දා දෙහිවල දුම් රිය ස්ථානයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 57දෙනෙකු මියගොස් 356ක් තුවාල ලැබූවා.
*1998 මාර්තු 5දා මරදානේදී 36 දෙනෙකු මියගොස් 270ක් තුවාල ලැබුවේ වාහනයක තිබූ බොම්බයක් නිසායි
*1998 දෙසැම්බර් 18දා මගී ප්‍රවාහනයේ යෙදී සිටි කුඩා ගුවන් යානයක් ත්‍රස්ථවාදීන් විසින් බිමහෙලීම නිසා සාමාන්‍ය වැසියන් 54දෙනෙකු මරණයට පත් වුනා

*1999 දෙසැම්බර් 18දා ටවුන් හෝල්හීදී චන්ද රස්වීමකට එල්ලකල මරාගෙන මරෙන බොම්බ ප්‍රහාරයකින් 16දෙනෙකු මියගොස් 106 දෙනෙකුට තුවාල සිදු වුනා
*2000 ජුනි 7දා මරාගෙන මරෙන ත්‍රස්ථවාදියෙකු විසින් රත්මලානේදී 24දෙනෙකු මරාදමන ලද අතර 60 දෙනෙකුට තුවාල සිදු වුනා
*2000 නොවැම්බර් 28දා අනුරාධපුරයෙදී පුපුරා ගිය ක්ලේමෝ බොම්බයක් නිසා 16දෙනෙකු මියගොස් 36 දෙනෙකු තුවාල ලැබූවා
*2006 ජුනි 15දා කැබිතිගොල්ලෑවේදී ක්ලේමෝ බොම්බ දෙකක් පුපුරා 64දෙනෙකු මියගොස් 87 දෙනෙකුට තුවාල සිදුවුනා
*2007 අප්‍රේල් 25දා මොනරාගලදී බසයකට එල්ල කරන ලද බොම්බ ප්‍රහාරයකින් 27දෙනෙකු මියගිය අතර 65 දෙනෙකුට තුවාල සිදු වුනා
*2008 ජූනි 6දා කටුබැද්දේදී බසයක් තුල බොම්බයක් පුපුරා 23 දෙනෙකු මියගිය අතර 28දෙනෙකු තුවාල ලැබුවා
*2008 ඔක්තෝබර් 6දා එල් ටී ටී ඊ මරාගෙන මැරෙන බොම්බ කරුවෙක් විසින් අනුරාධපුර චන්ද රැස්වීමකට සහාභාගී වී සිටි 27දෙනෙකු මරදාමා 84 දෙනෙකුට තුවාල සිදු කලා

නමුත් මේ කාලය පුරාවටම අන්තර් ජාතික ප්‍රජාව හැසිරුනේ මේ කිසිවක් නොදැක්කා සේයි.

කොටි ත්‍රස්ථවාදීන් මායිම් ගම්මානවල සිටි අහිංසක සිවිල් වැසියන් කෲර වදහිංසා කොට මරදමන විට , රටපුරා බෝම්බ පුපුරවමින් සිවිල් වැසියන් තොග පිටින් මරාදමන විට කිසිදු විදේශීය ආයතනයක් ඒ මිනිසුන් වෙනුවෙන් කතා කලේ නැහැ. ඒ කාලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අපව මතක් වුනේ නැහැ. ලංකාවේ සිදුවන මනුෂ්‍ය ඝාතන ගැන සොයන්නට එදා කවුරුවත් ලංකාවට නියෝජිතයෝ එව්වේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධායනයේ මහලේකම්ලා ලංකාවේ සිදුවන ත්‍රස්ථවාදී ප්‍රහාර ගැන වාර්ථා සපයන්න කමිටු පත්කලේ නැහැ. කවුරුවත් යෝජනා සම්මත කලේත් නැහැ. සරලව කියනවානම් එදා අපිට පිහිට වෙන්න කිසිවෙක් හිටියේ නැහැ. අපේ ප්‍රශ්ණය විසඳාගන්න සිටියේ අපි පමනයි

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ අණින් ත්‍රස්ථවාදීන්ට යටත්වුන නැගෙනහිර සේවය කල පොලීස් නිලධාරීන් 600 ක් අමු අමුවේ මරාදැමුන විට එය යුධ අපරාධයක් කියල කාටවත් මතක් වුනේ නැහැ.

යුධමය ක්‍රියා මාර්ගයකින් එල් ටී ටී ඊය පරාජය කරන්නට පසුගිය රජය තීරණය කලේ සියලු ආකාරයේ සාම සාකච්ඡා අසාර්ථක වුනාට පසුවයි. එහෙත් එයට රජය යුද්ධයක් කිවේ නැහැ. එය හැඳින්වූයේ මානුෂික මෙහෙයුමක් ලෙසයි, මන්ද අපේ ත්‍රිවිධ හමුදාව ඉදිරියට ගියේ අපේම රටේ ජනතාව වෙනුවෙන්. ඒ මානුෂික මෙහෙයුමේදී කොටි ත්‍රස්ථවාදීන් මිනිස් පලිහක් ලෙස යොදාගෙන සිටි ලක්ෂ 3කට ආසන්න දෙමල ජනතාව මුදාගන්නට අපේ හමුදාවන්ට පුලුවන් වුනා.

එල් ටී ටී ඊය ඉතා ප්‍රබල ත්‍රස්ථවාදී සංවිධානයක් වීමට එක් මූලික හේතුවක් වූයේ ලෝකයේ රටවල් ගනනාවක පැතිර තිබූ ඔවුන්ගේ අන්තර් ජාතික ජාලයයි. ලෝකය පුරා විසිර සිටි දෙමල ඩයස්පෝරාවෙන් කැමත්තෙන් හෝ අකමැත්තෙන් එකතු කර ගත් මුදල් යුද්ධයට ඍජුවම වියදම් කරනවාට අමතරව විවිධ ව්‍යාපාරවල ආයෝජනයද කෙරුනා. මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම් , මිනිස් වෙළඳාම, හොර බඩු ප්‍රවාහනය, පාතාල ගනුදෙනු වැනි විවිධ ක්‍රමවලින් මුදල් උපයන ලද අතර මුදල් යොදවා විවිධ රටවල බලගතු දේශපාලනඥයින් හා ලෝක සංවිධානවල බලගතු නිලධාරීන් තමන්ට හරවාගැනීමට ඔවුන්ට පුලුවන් වුනා. මුදල් ගෙවා තමන්ගේ පැත්තට හරවා ගත් මාධ්‍යවේදීන්ට අමතරව තමුන්ගේම මාධ්‍ය ආයතන පවා ඔවුන්ට තිබුනා.

යුද්ධය 2009 අවසන් වූවාට මියගියේ ලංකාවේ සිටි සන්නද්ධ ත්‍රස්ථවාදීන් පමනයි. ඔවුන්ගේ අන්තර් ජාතික ජාලය ඉතුරුවුනා. ඒ අනුව එදා ප්‍රභාකරන් යටතේ තිබුන විශාල ව්‍යාපාර ජාලය හා ආදායම අද පාලනය කරන්නේ මේ අයයි. ඔවුන්ට මේ ව්‍යාපාරයේ වත්කම්වලින් දිගටම සැප විඳින්නට නම් ඊලාම් ව්‍යාපාරය නොනැසී පැවතිය යුතුයි. එදා යුද්ධයට ආයුධ මිලදී ගන්නට ගිය විශාල මුදල අද සම්පූරණයෙන්ම ඉතුරුවන නිසා ඉන් සුලු කොටසක් පමනක් වැය කොට අන්තර් ජාතික සංවිධාන තම අවශ්‍යතාවෙනුවෙන් යොදවාගන්නට මේ අයට පුලුවන්.

ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධය අවසන් වී වසර ගනනාවකට පසුත් අදත් ලංකාවට නිදහසේ ඉන්නට අන්තර් ජාතික සංවිධාන ඉඩ නොදෙන්නේ ඔවුන්ව මේ අන්තවාදී බලවේග විසින් පාලනය කෙරෙන නිසායි. අපේ රටේ සිංහල , දෙමල , මුස්ලිම්, බර්ගර් හා අන් සියලුදෙනා සහෝදරත්වයෙන් එක්වී වසර 30 ක් තිස්සේ එක්තැන පලවූ රට ගොඩනගන්නට උත්සහ කරද්දී මේ අය කරන්නේ ඉතිහාසයේ තුවාල හොඳ වන්නට ඉඩ නොදී යලි යලිත් පෑරීමයි. අන්තවාදී දෙමල ඩයස්පෝරාවේ මුදලට අද ලංකාවේ පවතින රජයත් යටවෙලා බව අපට කනගාටුවෙන් කියන්නට වෙනවා. තමුන්ගේම රටේ හමුදාවන්ට එරෙහිව විදේශ රටක් විසින් ගෙන ආ යෝජනාවකට සම අනුග්‍රහය දක්වන්නට තරම් දීන තත්වයකට පත් වූ ලෝකයේ එකම රට බවට ලංකාව පත් වන්නේ ඒ අනුවයි .

අපි ඔබට අවධාරණය කොට කියා සිටිනවා ලංකාවේ බහුතරයක් ජනතාව ජාතිවාදීන් නොවෙන බව. ශ්‍රී ලාංකික සමාජය සකස් වී තිබෙන්නේ සිංහල , දෙමල, මුස්ලිම්, බර්ගර් හා තවත් ජනවර්ග කිහිපයක එකතුවෙන්. මේ සියලුදෙනාම රටේ උරුමක්කරුවෝ. ඔවුන්ගෙන් කිසි අයෙකු අන් අයෙකුට වඩා උසස් හෝ පහත් නැහැ. අවාසනාවකට වගේ අපි අතරම සිටින අමන මිනිසුන් කිහිපදෙනෙකුව කපටි දේශපාලනඥයින් විසින් යොදාගෙන තිබෙනවා රට තුල නැති ජාතිවාදයක් ලොවට පෙන්වන්නට. අන්තවාදීන් කිහිපදෙනෙකුගේ අනුවණ හැසිරීම් වලින් ලංකාවේ ජීවත්වන සාමකාමී බුද්ධිමත් බහුතර ජනතාව මනින්න එපා. ලංකාවේ ජීවත්වන අති බහුතරයක් ශ්‍රී ලාංකිකයිනට අවශ්‍යය සාමයයි, තම තමන්ගේ ආගමික , වාර්ගික හා සංස්කෘතික අනන්‍යතාවන් රැකගෙන ගෞරවාන්විතව ජීවත් වීමටයි ඔවුන්ට අවශ්‍ය. ඔවුන් ඉල්ලන්නේ සෑම කෙනෙකුටම පොදුවූ ආර්ථික නිදහසයි.

වසර 2600 ක ලිඛිත ඉතිහාසයක් තිබෙන අපිට අපේ ප්‍රශ්ණ විසඳාගන්නට පුලුවන්. අපේ ජනතාව ගැන බලාගන්න අපිදන්නවා. ඒ නිසා තම කපටි අරමුණු ඉටුකරගන්නට බළල් අත් යොදාගන්නන්ගේ ප්‍රයෝග වලට අසුවී ලංකාවට බලපෑම් නොකරන ලෙස අපි අන්තර් ජාතික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. අපට අනවශ්‍ය ඔබේ සහාය බලෙන් දෙන්න උත්සාහ කරන්න එපා.

– චාමින්ද කරුණාරත්න

06
ජන.
18

අමරකීර්ති, තේනුවර, නිර්මාල්, සුනිල් පෙරේරා සහ අනුර එක්ක ගූ කාපල්ලා.

ඉසුරු ප්‍රසංග-

අනුර කුමාර ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරන්නේ නම් ජවිපෙ සතුරෝ ඔහුට පහර දෙන්නට මෙතරම් වෙහෙසෙන්නේ ඇයි? යනුවෙන් ආචාර්ය නිර්මාල් රංජිත් මහතා අපූරු ප්‍රශ්නයක් මතුකර තිබෙනු දුටුවෙමි. නිර්මාල්ගේ මේ තර්කය දෙමළ ජනයාට දෙමළ වීම නිසාම ඇති ප්‍රශ්නය දෙමළ වීමය වැනි තර්කවලට වඩා තරමක් ඉදිරියෙන තිබෙන එකක් වන බැවින්, ඒ ගැන යමක් සඳහන් කළ යුතු යැයි සිතමි.

පළමු කොටම මේ තර්කය බැලූ බැල්මට ඇත්තක් ලෙස පෙනී යා හැකි අපූරු බොරුවකි. ජවිපෙ වැනි ව්‍යාපාරයක සැබෑ සතුරන් අනුරගේ ජනතා විමුක්ති පෙරමුණට තීරණාත්මක ලෙස පහර දෙන්නේ නැත. එයට හොඳම උදාහරණය වන්නේ නිර්මාල්ය. කවුරු මොනවා කීවත් මෙරට දේශපාලනයේ ප්‍රධාන ප්‍රතිවිරෝධය ඇත්තේ ජාතිකවාදී කඳවුර සහ විජාතික ගැති කඳවුර අතරය. එහෙයින් හොර බොරු රහිතව මේ රට ගොඩනැඟීමට කැප වන ව්‍යාපාරයක් නම් එය පළමු කොටම ජාතිකවාදී අධිරාජ්‍ය විරෝධී දේශපාලන කඳවුර නියෝජනය කරන්නක් විය යුතුය. ජවිපෙ ඒ නිවැරදි කඳවුර නියෝජනය කරමින් ජාතියට නිසි මඟ කියමින් ජයග්‍රහණ පිට ජයග්‍රහණ ලැබූ අවදියේදී නිර්මාල්ලා අමරකීර්තිලා වැනි විකල්ප ගෝත්‍ර පඬියෝ ඊට ආශිර්වාද කළේ නැත. ඒ වෙනුවට එය ජාතිවාදී පක්ෂයක්ය යන කෝකටත් තෛල චෝදනාව ජවිපෙ වෙත දමා ගැසූහ. එසේ වුවද ජවිපෙ තම භූමිකාව අංශක 180 කින් හරවා ගත් පසු ඊට සමගාමීව ජවිපෙ සතුරන් මිතුරන්ද මාරුවිය. 2008 විමල් ඉවත් වූ අවස්ථාවේ මේ විපර්යාසය එළිපිටම දැක ගත හැකි විය. පිරිසිදු රතු සහෝදරයන් අතර අවස්ථාවාදී කටුස්සන් සිටින බව එදා කාටත් කලින් රටට හෙළි කළේද විප්ලවවාදී බෝල්ෂෙවික්වාදී සිරස හා ඉරුදිනය. සිරසට අනුව නිවැරදි රතු සහෝදරයා වූයේ අනුරය. අනුරගේ අරමුණත් සිරස, ඉරුදින, කඳවුරේ අරමුණත් එකට සමපාත වීම පිළිබඳ උදාහරණ තව බොහෝ ඇත. එදා සිට අද දක්වා ජවිපෙ ගත් සියලු තීන්දු තීරණ මේ කඳවුරේ අරමුණු හා සමපාත විය. ඒ නිසාම ජවිපෙ යහතින් සිටි අවදියේ එහි පරම සතුරන් වූ සියල්ලෝ අද එහි මිතුරන් බවට පත්ව ඇත. එදා ජවිපෙට හැකි වෙර යොදා පහර දුන් විකල්ප ගෝත්‍ර පඬියන් අද ජවිපෙ වේදිකාවල කථිකයන් බවට පත්වන්නේ ඒ අනුවය. ඒ නිසාම සැබෑවටම සිදුව ඇත්තේ සතුරන් මිතුරන් මාරු වීම මිස ජවිපෙ සතුරන් අනුරට පහර දීමක් නොවේ.

තවදුරටත් මෙය විග්‍රහ කළහොත් දෙමළ බෙදුම්වාදීන්, අන්ත ජාතිවාදීන්, එන්ජීඕ කාරයන්, යූඇන්පී කාරයන් වෙතින් අනුරගේ ජනතා විමුක්ති පෙරමුණට තීරණාත්මක ප්‍රහාරයක් එල්ල වන්නේ නැත. එම බලවේගවල බත්බැල මාධ්‍ය අනුරගේ ජවිපෙට පහර දෙන්නේ නැත. එදා ජවිපෙ වහකඳුරු වී සිටි රාවය වැනි කසිකබල් පත්තර අද තම සංවත්සරවල දේශන සඳහා අනුරට ආරාධනා කරයි. එදා ගුණදාස අමරසේකරලා සිටි තැන්වල මෙදා සුනිල් පෙරේරලා, අමරකීර්තිලා, තේනුවරලා ස්ථානගත වෙයි. ගෝර්කිගේ අම්මාගෙන් පසු සන්නස්ගලගේ අම්මා වැනි ඉල ඇදෙන පෝස්ටර් ජවිපෙ සාමාජිකයන් අතින් ඇලවෙයි. කොකාකෝලා වඩියට ආවඩන අලුත් පරපුරු ගංජා ගැටවුන් අද ජවිපෙ මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් පෙනී සිටියි. එදා ජයග්‍රාහී ජවිපෙ පරම සතුරන් සියලු දෙනා වර්තමානයේ සදා පරාජිත ජනතා විමුක්ති පෙරමුණේ මිතුරන් වීමේ විපර්යාසය තේරුම් ගත යුත්තේ කෙසේද? පැහැදිලි ලෙසම ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හෝ එජාපය හෝ එන්ජීඕ කල්ලි හෝ වෙනස් වී නැත. සිදුවී ඇත්තේ ඔවුන්ගේ න්‍යාය පත්‍රයට සරිලන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ වෙනස් වීමය.


විවිධ හේතු මත විවිධ අය අනුරට පහරදෙනවා වන්නට පුළුවන. එහෙත් ජවිපෙ අතීත සාමාජිකයන් ලෙස අපි අනුරට එරෙහිවන්නේ එය රටට සැබෑ විකල්පයක් විය හැකිව තිබූ දේශපාලන ව්‍යාපාරය යටත්විජිතවාදයේ නිවට බළල් අණ්ඩක් බවට පත් කර ඇති නිසාය. ඒ භූමිකාව තුළින් ජවිපෙ පමණක් නොව රටද විනාශ වන නිසාය. යහපාලන මරඋගුලේ තරම නිවැරදිව වටහා ගත් මෙරට ජාතිමාමක බලවේග ජවිපෙට එරෙහි වන්නේ අනුරගේ භූමිකාව පක්ෂයට පමණක් නොව රටටද කොඩිවිනයක් වී ඇති නිසාය. එය පක්ෂයට පමණක් වන විනාශයක් නම් ඔවුන්ට ඒ පිළිබඳ ගැටලුවක් නැති වනවා වන්නට පුලුවන. එදා පෙරටුගාමීන් ගමන් ගත්තේද පක්ෂය නැති වන මාවතකය. අපි ඒ බවද කල් තියා පෙන්වා දුන්නෙමු. එහෙත් පෙරටුගාමීන්ට වැඩි විරෝධයක් රටෙන් එල්ල නොවන්නේ ඔවුන්ගේ විනාශය රටේ විනාශයට වැඩි දායකත්වයක් නොදක්වන නිසාය. ඒත් ජවිපෙ ඊට වෙනස්ය. කුමන විනාශයන් සිදුවුවද ඔවුන් තම ඉතිරි වී ඇති අන්තිම ශක්ති පොද නොපිරිහෙලා කැප කරනුයේ රටට එරෙහි ද්‍රෝහී මෙහෙයුම් සඳහාය.


අනුරලාගේ භූමිකාව හරහා ජවිපෙට සිදුවූ විනාශය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. එය පාර්ලිමේන්තු ආසන තිස් නමය කෙටි කලකින් හතරට පහට වැටීමට පමණක් සීමා වන විනාශයක් නොවන බව ඉදිරි මැතිවරණයේදී නැවතත් සනාථ වනු ඇත. ඒ සියල්ල එසේ වුවද වික්‍රමබාහුලා මෙන් ඔවුන් තම ඉතිරිව ඇති අන්තිම ශක්තිය පවා අද යොදවන්නේ රටට එරෙහිවය. එදා මිනීමරු ත්‍රස්තවාදයට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාවල රනිල් හා එක්වී ආණ්ඩු පෙරළන්නට දියත් කළ දුෂ්ට මෙහෙයුම්වල සිට, වර්තමාන ව්‍යවස්ථා මර උගුල්වල සේල්ස් රෙප්ලා ලෙස කටයුතු කිරීම දක්වා වූ නින්දිත උදාහරණ රැසකින් ජවිපෙ මෑත ඉතිහාසය දූෂණය වී තිබේ. අද මේ රටට ආදරය කරන බොහෝ බලවේග අනුරගේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහි වන්නේ ඒ නිසාය. ඔහු ජවිපෙ විනාශ කරන බව කියමින් ඔහු අගයන්නට ගියහොත් ඒ විනාශය සිදුවන්නේ ජවිපෙට පමණක් නොව රටටද බව නිර්මාල්ට සිහිපත් කර දිය යුතුය.

එක් අතකින් මෙය අලුත් කතාවක්ද නොවේ. මෙහි ඇත්තේ අප ජවිපෙ ගැන කාලයක් තිස්සේ කියන කතාවමය. අප ජවිපෙ ගැන එදා සිටම කී කිසිවක් වැරදී නැති බැවින් මේ මැතිවරණයට අදාළවද ඒ ඇත්ත නැවතත් සැකෙවින් සිහිපත් කළ යුතුය. 2008න් පසු ඇත්තේ කොළ පාට ජනතා විමුක්ති පෙරමුණකි. අධිරාජ්‍ය විරෝධය ඒ ජනතා විමුක්ති පෙරමුණට අදාළ නැත. ජාතිවාදය, බෙදුම්වාදය පිළිබඳ ප්‍රශ්න ඔවුන්ට අදාළ නැත. යහපාලනය යටතේ උතුරේ බල්ටි ගසන ජාතිවාදයට එරෙහිව අනුරලාගේ මුවින් එක කෙළ පොදක් බිම වැටෙන්නේ නැත. ඒ වෙනුවට ඒ සැබෑ ජාතිවාදයේ බියකරු අනතුර රටට පෙන්වා දෙන බලවේගවලට එරෙහිව “ජාතිවාදය අවුස්සනවෝ” යන ලේබලය ඇලවීමේ එන්ජීඕ චාරිත්‍රය අද ජවිපෙ චාරිත්‍රය බවටද පත්ව ඇත. වෙනිසියුලාවේ බටහිර අතපෙවීම්වලට එරෙහි වෙමින් ලංකාවේ ජිනීවා න්‍යාය පත්‍රවලට සහය පළ කිරීමත්, රනිල්ගේ බැඳුම්කර හොරකමට එරෙහි වෙමින් රනිල්ගේ ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් කඬේ යාමත්, ඔවුන්ගේ තක්කඩි දේශපාලනය බවට පත්ව ඇත. මේ තක්කඩි දේශපාලනයේ නිරුවත වසා ගැනීම සඳහා ජවිපෙ උපාය වී ඇත්තේ වංචා දූෂණ විරෝධය රටේ කේන්ද්‍රිය ප්‍රශ්නය බවට පත් කර ගැනීමය. ඇත්ත. දූෂණ විරෝධය හොඳය. සියලු ප්‍රධාන පක්ෂ තුළ දූෂිතයන් රජයන බවද සැබෑය. එහෙත් දූෂණ විරෝධී අරගලය තිබිය යුත්තේ මහපොළවේ සැබෑ දේශපාලන අරගලය වූ යටත්විජිත විරෝධී අරගලය තුළ මිස ඉන් පරිබාහිර ආකාසයක නොවේ. ජවිපෙ තම සැබෑ භූමිකාව, සැබෑ අරගල බිම මඟහැර කැපකිරීම්, අවංකකම් ගැන මොන පම්පෝරි ගැසුවද එයින් පලක් නැත. රටේ කොන්ද කඩන ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් පෙනී සිටිමින්, දූෂණ විරෝධී ඝෝෂා නැඟීමෙන් පලක් නැත. එදා ජවිපෙ සාර්ථක වූයේ දූෂණ විරෝධී අරගලයත්, දේශප්‍රේමී අරගලයත් ඒකාබද්ධව නියෝජනය කළ නිසාය. එකී පුළුල් ජාතික න්‍යාය පත්‍රයෙන් තොර වියුක්ත දූෂණ විරෝධය බොරුවක් පමණක් නොව දැනුවත් තක්කඩිකමක්ද වෙයි. ඒ මාවත ඔස්සේ ගොස් තමන්ට ලද හැකි ජයග්‍රහණයක් නොමැති බව මේ මැතිවරණයෙන් පසුවද හොඳාකාරවම සනාථ වනු ඇත.

ගම දිනන්නට අවශ්‍ය නම් ජවිපෙ කළ යුත්තේ තම සැබෑ භූමිකාව තුළ නැවත ස්ථාන ගතවීමය. එසේ වුවහොත් නිර්මාල්ලා අමරකීර්තිලාගේ ආදරය අහිමි වී ඒ වෙනුවට රටේ ජනතා ප්‍රසාදය ඔවුන්ට හිමිවනු ඇත. නමුත් ඔවුන්ට වැදගත් වන්නේ නිර්මාල්ලාගේ ආදරය නම් මේ මැතිවරණයෙන් පසුවද ජවිපෙ සාමාජිකයන්ට සිදුවන්නේ “මේ ජනතාව ඉවත් කර වෙනත් ජනතාවක් පත් කරගමු” වැනි බ්‍රෙෂ්ට්ගෙන් අහුලා ගත් ගොන් කතා මූණූ පොත් මත ලියමින් හඬා වැළපීමටය. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට ගම දිනන්නට අවශ්‍ය නම් ඔවුන් වහාම නිර්මාල්ලා, අමරකීර්තිලා අත්හල යුතුය. එවන් ඊනියා බුද්ධිමතුන්ගේ වෛරයට භාජනය විය යුතුය. මෙය නිර්මාල්ලා ගැන පෞද්ගලික වෛරයකින් කරන ප්‍රකාශයක් නොව ගැඹුරු දේශපාලන තර්කයකි. ඒ තර්කයේ ගැඹුර වටහා ගත් දිනක ගම පමණක් නොව රටම දිනා ගැනීමට ජවිපෙට හැකිවනු ඇත.

යුතුකම සංවාද කවය

07
දෙසැ.
17

ගෝඨා කියන්නේ හොර බොරු නැති වැඩකාරයෙක් බව රටම පිලි ගන්නවා

ගෝඨා අත් අඩංගුවට ගන්න ගොනුකල බොරු ඡෝදනාව මෙන්න

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

නීතිපතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට පොලීසියට උපදෙස් දී තිබෙන බවට අපිට විශ්වාශණීය තොරතුරු තිබෙනවා.. අසාධාරණ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඉතිහාසයේ නොවූ විරූ විරෝධයක් මහනායක ස්වාමීන් වහන්සේලාද ඇතුළු සමාජයේ මතු වී තිබෙන නිසා ආණ්ඩුවේ පුංචි පැකිලීමක් තිබෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුව තුලත් මේ දේශපාලන පළිගැනීම ගැන දැඩි විරෝධයක් ඇති වී තිබෙනවා. හැබැයි එන් ජී ඕ මහත්තුරුනම් ආණ්ඩුවට ප්‍රභල පීඩණයක් එල්ල කරමින් ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නාලෙස. ඇත්තටම ගෝඨාභය මහතා අත්අඩංගුවට ගන්නේ ඇයි?

ඩී ඒ රාජපක්ෂ පදනම විසින් ඩී ඒ රාජපක්ෂ සිහිවටනයක් ඉදි කිරීමේ කොන්ත්‍රාත් එක ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට පවරනවා. සංස්ථාවට එහෙම පෞද්ගලික වැඩ භාර ගෙන කරන්න පුළුවන් ද? උත්තරය ඔව්. 1982 අංක 52 පනතින් සංශෝධිත ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා පනතේ 8(ඇ) වගන්තියෙන් ඊට බලය පවරා තිබෙනවා. ඒ අනුව සොහොන, කෞතුකාගාරයක් සහ වැක්ස් ප්‍රතිමා වලින් සමන්විත මෙම ස්මාරකය ඉදි කරන්න රුපියල් මිලියන 33.9ක ඇස්තමේන්තුවක් සකසා 2014 පෙබරවාරි මස පත්‍රිකා අංක 3714 යටතේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගත්තා. මේ වියදම පරිත්‍යාගශීලින්ගෙන් එකතු කර සංස්ථාවට ගෙවීමට ඩී ඒ රාජපක්ෂ පදනම සැලසුම් කර තිබුණා.

ශ්‍රමය ලබා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් වාණිජ පදනමින් ඉදි කිරීම් කටයුතු කලේ නාවික හමුදාවෙන්. ඒ සඳහා සංස්ථාව විසින් රුපියල් මිලියන 25ක් නාවික හමුදාවට ගෙව්වා. 2014 නොවැම්බර් 6 දා මෙම ස්මාරකය විවෘත කළා. වසර අවසන් වීමට තිබෙන්නේ මාස දෙකකට අඩු කාලයක්. ආණ්ඩුවේ ව්‍යාපෘති අවසන් කර බිල්පත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුණොත් එම මුදල් ආපසු භාණ්ඩාගාරයට යනවා. එබැවින් මෙම ව්‍යාපෘතියේ බිල්පත් ඉදිරිපත් කිරීම අතපසු වුණා. ජනවාරි 8 දින ආණ්ඩුව පෙරලුනා. ඊට පසුවත් ඉන්වොයිසියක් ඉදිරිපත් වෙන්නේ නෑ.

මෙම ඉදි කිරීමේ ඉන්වොයිසිය ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි පදනමෙන් සංස්ථාව ප්‍රශ්න කරනවා. ඉන්වොයිසිය තවම සකසා නොමැති බව පවසා එතෙක් රුපියල් මිලියන 25ක් ගෙවන මෙන් දැනුම් දෙනවා. ඒ අනුව 2015.08.31 දින රු මි 25ක් පදනමින් සංස්ථාවට ගෙවනවා. ඊට පසු සංස්ථාව මිලියන 90.8ක් අන්තිම ශතේට කිව්වොත් 90,813,165.02ක් ගෙවිය යුතු බව දැනුම් දෙනවා.

කිසිම සාකච්ඡාවකින් තොරව ඇස්තමේන්තුව මිලියන 33.9 සිට 90.8 දක්වා තුන් ගුණයකින් ඉහළ ගිහින්. මීට පදනමින් විරෝධය පල කරනවා. අපි එකඟ වුණු මුදල අපි ගෙවන්නම් කියලා මිලියන 25 ගෙවූ පසු ඉතිරි මුදල වන මිලියන 8.9 මුදලක් 2017.07.13 දින ගෙවා දමනවා. ඒ අතරේ සංස්ථාවට අවංකවම මුදලක් වැය වුණා නම් අපි ගෙවන්න සූදානම්. ඒ සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුවක් ලබා ගැනීමට රාජපක්ෂ පදනමින් සංස්ථාවට යෝජනා කරනවා. තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුව කීය ද? රුපියල් මිලියන 33.7යි. එ් අනුව ලක්ෂ දෙකක් වැඩිපුර ගෙවලා. දැන් සංස්ථාව විසින් රාජපක්ෂ පදනමට රු ලක්ෂ දෙකක් ගෙවිය යුතුයි.

සේවාලාභියාගේ එකඟතාවය නැතුව ඇස්තමේන්තුව තුන් ගුණයකින් ඉහළ දාන්න පුළුවන් ද? මගේ අධ්‍යනය අනුව ඇස්තමේන්තුව තුන් ගුණයකින් ඉහළ නැගීමට හේතු ගණනාවක් බල පා තිබෙනවා. එකක් තමයි නාවික හමුදාව දැරූ වියදම ද්විත්ව ගණනය වීම. මිලියන 90.8 හදා තිබෙන්නේ නාවික හමුදාවට ගිය වියදමයි සංස්ථාව දැරූ වියදමයි එකතු කරලා. නාවික හමුදාවට ගිය වියදම කොපමණ ද කියා ඇසුවාම මිලියන 29ක් බව පවසා තිබෙනවා. සංස්ථාවේ වියදම මිලියන 61යි. ඒ අතරේ නාවික හමුදාවට ගෙවූ රු මි 25ක මුදලත් තිබෙනවා.

දෙවැනි කාරණය තමයි ස්මාරකය ඉදි කරන සමයේ වීරකැටිය පොලීසිය ඉදිරිපිට ඇති උඩුකිරිල්ල වැවත් ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. ඒ වියදමත් මේ ව්‍යාපෘතියට එකතු කරලයි තිබෙන්නේ. මේ ව්‍යාපෘතිය වීරකැටිය වාපෘතිය ලෙසයි නම් කරල තියෙන්නේ. ඩී ඒ රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සහ උඩුකිරිල්ල වැව ප්‍රථිසංස්කරණය කිරීම යන ව්‍යාපෘති දෙකම මෙයට ඇතුලත්. මේ දෙකේම වියදම් අද ඩී ඒ රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සදහා වියදම් ලෙස දක්වලා තිබෙනවා.

තුන්වෙනුවට මෙහි පිරිවැය පුම්බා පෙන්වන්න අවශ්‍ය නිසා බොරු ගණන් හිලව් ඇතුලත් කර තිබෙනවා. නිදසුනක් විධියට 200 ධාරිතාවයේ Short Arm Excavator සඳහා රුපියල් මිලියන 7.2ක් ගෙවූ බවට බිල්පත් තිබෙනවා. මේ යන්ත්‍රයට පැයකට ගෙවන සම්මත මුදල රු 2,360/-යි. කෑමට තේ බීමට කාලය හැරලා දවසට පැය හයක් වැඩ කලොත් දවසට රු 14,160යි. මිලියන 7.2 ගෙවීමට නම් දවස් 508ක් වැඩ කළ යුතුයි. 2014 පෙබරවාරි මාසයේ ආරම්භකරපු මේ ව්‍යාපෘතිය සම්පුර්න කරල 2014 නොමැම්බර් 6 වෙනිද විවෘත කරනවා. මේක වැවක් හෑරීමක් නොවේ. ස්මාරකයක් ඉදි කිරීමක්. පස් හෑරීම වැඩිම වුණොත් මාසයක් තිබේවි. සම්පූර්ණ ව්‍යාපෘතිය මාස නවයකටත් අඩු කාලයක් තුල දී ඉවර කරලා විවෘතත් කරලා. හැබැයි මාස 17ක් පස් හෑරුවා කියලා වියදමක් පෙන්වනවා.

දැන් මේ ලිපිගොනු තිබෙන්නේ මෙගාපොලිස් ඇමතිවරයා ළඟ. ඇමතිවරයා මේ ලිපි ගොනු නීතිඥයින්ට ලබා දෙමින් ගෝඨා ඇතුලට දාන්න පුළුවන් ද කියා විමසනවා. නීතිය දන්න නීතිඥවරු බෑ කියනවා. තවත් නීතිඥ කණ්ඩායමක් ගෙන්වනවා. ඔවුන්ට මේ ලිපි ගොනු අධ්‍යනය කරන්න දෙනවා. ගෝඨාව ඇතුලට දාන්න ක්‍රමයක් ඇත්තේම නැද්ද අහනවා. මේක කෙලින්ම දේශපාලන පලි ගැනීමක්.

ඇත්ත තත්වය නම් සංස්ථාව දැරූ වියදමට වඩා රුපියල් ලක්ෂ දෙකක් ඩී ඒ රාජපක්ෂ පදනමින් ගෙවා තිබෙනවා. වැඩි ගණනක් අය කළාට රාජපක්ෂ පදනම සංස්ථාවටයි නඩු දාන්න ඕනෑ. එහෙම නැතත් මෙතැන පොදු දේපල අපහරණයක් නෑ. වාණිජමය ගනුදෙනුවක් විතරයි. සංස්ථාවට යම් මුදලක් අය කර ගන්න තිබෙනවා නම් කළ යුත්තේ දිසා අධිකරණයේ නඩු පැවරීම මිස පොලීසියේ පිහිට පැතීම නොවේ.

කවුරු හරි කියනවා නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොදු දේපල අපහරණය කර තිබෙනවා අත්අඩංගුවට ගත යුතුයි කියා ඒ ඕනෑම කෙනෙකු සමග ප්‍රසිද්ධ විවාදයකට මම සූදානම්. ඒ අත්අඩංගුවට ගන්න උපදෙස් දුන් නීතිපති වේවා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වේවා, එන්ජිඕ ඒජන්තයෙකු වේවා ඕනෑම කෙනෙකු සමග විවාද කිරීමට මම සූදානම්.

බැලු බැල්මට නඩුකරයක් නැති නම් ගෝඨාභය මැතිතුමාව අත්අඩංගුවට ගන්න යන්නේ ඇයි? ඔහු අද ආණ්ඩුවට පවතින දැවැන්තම දේශපාලන තර්ජනය නිසා. ආණ්ඩුවේ ලොකුමව්‍යාපෘතිය වන බෙදුම්වාදි ව්‍යවස්ථාවට එරෙහිව එළිය සංවිධනය සමග රට පුරා රැස්වීම් පවත්වන්නේ ඔහු. ජනප්‍රියතාවයෙන් ඔහු දෙවැනි වන්නේ මහින්ද ජනාධිපතිතුමාට පමණයි. ඒ නිසා ඔහුව සිර කර නිහඬ කිරීමට උත්සාහ කරන්නේ.

පරාජය කළ නොහැකි බවට ලොවම කියූ කොටි ත්‍රස්තවාදයේ පරාජයේ නියමුවා ඔහුයි. මම නම් කොටි පරදන්න පුළුවන් කියා විශ්වාස කළත් කොළඹ කුණු නැති කරන්න පුළුවන් කියා විශ්වාස කලේ නෑ. ඔහු ඒ වික්‍රමයත් කළා. ගෝඨා කියන්නේ හොර බොරු නැති වැඩකාරයෙක් බව පක්ෂ භේදයෙන් තොරව රටම පිලි ගන්නවා. ඒ පිලිගැනීම තමයි ආණ්ඩුවේ භීතියට හේතු වෙලා තිබෙන්නේ.

වරදක් කර තිබෙනවා නම් අපේ දෙමව්පියන් අත්අඩංගුවට ගත්තත් අපි විරුද්ධ වෙන්නේ නෑ. මෙහෙම දේශපාලන පලි ගැනීම් කරන්න දෙන්න බෑ.

ගෝඨා ජාතියේ හදවතයි. හදවත බේරා ගන්න ඕනෑම දෙයක් කරන්න මේ රට සූදානම් කියන අනතුරු ඇඟවීම අපි ආණ්ඩුවට කරනවා.

– අරවින්ද අතුකෝරල

02
දෙසැ.
17

‘බලු කතාව’ 

කතෘ:යුතුකම
මීට මාස කිහිපයකට පෙර පාඨලී චම්පික රණවක මහතා හැද සිටියේ හලාල් විරෝධී ඇඳූමකි. අද නම් ඔහුට හලාල් විරෝධී සළු හරාම්ය. බොදු බල සේනා සංවිධානය ඉතා ළඟින් මොහු ඇසුරු කළ බව දන්නෝ දනිති. ඥාණසාර හිමි මෑතකදී පැවසූයේ ඔහුට ආමන්ත්‍රණය කළේ චම්පික අයියේ කියා බවත් කළින් ඔහුට බොහොම ආදරය කළ බවත්ය. යුද්ධයෙන් පසු හරිහමං තේමාවක් නැතිව සිටි චම්පික මහතාට බොදු බල සේනා සංවිධානය විසින් මතු කරවන ලද අන්තවාදී මුස්ලිම් ක්‍රියාකාරම්වලට එරෙහි මතවාදය ඉතා පැණි රසක් විය. එම තේමාව උඩට නැඟ ගත් ඔහු ක්ෂණිකව උත්තේජනය කළ හැකි තරුණයන්ට ආමන්ත්‍රණය කරමින් ඔවුන් අතර විරුවෙකු විය. ඥාණසාර හිමියන්ගේ දැඩි ස්වභාවය චම්පික අයියා තුළින් දිස් නොවුනද ඉතා තීව්‍ර ලෙස ඔහුද මුස්ලිම් අන්තවාදී ක්‍රියාවන් විවේචනය කළේය. ඔහු කොයි ආකාරයකට එය කළාද යත් ජාතීන් අතර වෛරය සාදනවා යන නිර්ණායකය මත ඔහුගේ ෆේස්බුක් පිටුව පවා අවලංගු කෙරිනි. බොදු බල සේනාහි ඥාණසාර හිමි ඇතුළු පිරිස ඉතා දුර්වල දේශපාලන දැක්මකින් යුතුව  ක්‍රියා කරද්දී චම්පික අයියා ඒවායෙන් ලකුණූ දමා ගත් දේශපාලකයා විය. අළුත්ගමදී ඇති වූ අවාසනාවන්ත සිද්ධියට සම්බන්ධ සියළු අපකීර්තිය ඥාණසාර හිමිගේ හිස මත කඩා වැටෙද්දී ඒ ගිනි ඇවිලවීමට මතවාදීව දායක වූ චම්පික අයියා වෙත අපවාදයක් ආවේ නැත. අර කෙටි උත්තේජනයක් ලද එතැම් තරුණ තරුණියන්ගේ හිතේ ඔහු වීරයකු ලෙසම ඉතිරි විය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රටේ ඒකීයභාවය පිළිබදව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරය ප්‍රශ්න කරද්දී එයට පිළිතුරු දීමට ඉදිරියට දැමුනේ චම්පික මහතා සහ රතන හිමියන්ය. අද උතුරේ ආණ්ඩුකාර තනතුරින් ජී ඒ චන්ද්‍රසිරි මහතා ඉවත් කර පලිහක්කාර මහතා පත් වන විට, නැගෙනහිරට ආණ්ඩුකාරාවරයා ලෙස තමිල් සෙල්වන්ට මචං කිවූ, පුලිදේවන් බලන්න ඇපල් අරං ගිය එවක චන්ද්‍රිකා-රනිල් රජයේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ෆර්නෑන්ඩු පිලිබද යෝජනා වෙද්දී, ටී එන් ඒ පදයට නොනැටූ උතුරු පළාතේ හිටපු ජ්‍යේෂ්ඨතම සිවිල් නිලධාරිනිය වූ විජයලක්ෂ්මී රමේෂ් මහත්මිය උතුරු පළාත් ප්‍රධාන ලේකම් ධූරයෙන් මාරු කරද්දී, අප කළ යුත්තේ චන්ද්‍රිකාගේ පැකේජය යළි ගෙන ඒම බව මංගල සමරවීර පවසද්දී, 13 වන ව්‍ය්වස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බව රනිල් වික්‍ර්මසිංහ පවසද්දී අද චම්පික අයියා අපට කියන්නේ මාර කතාවකි.

 “2005 ට පසු දූෂණ චෝදනා දන්නවා නම් අපට එවන්න”.

එය මාර කතාවක් වන්නේ එවැනි දූෂණ් චෝදනා කිසිවක් නැති නිසා නොව. රටේ ඒකීයභාවයට කිසිදු හානියක් නොවන බව හිසේ අත ගසා දිවුරා කී ව්‍යාජ ආරක්ෂකයාව අද ඒකීයභාවය නැතිභංගස්ථාන කර දැමීමේ කාර්යය සදහා ඉතා නැණවත් අයුරින් රනිල් වික්‍රමසිංහ විසින් යොදවා ගනිමින් සිටින නිසාය. ඒ අපූරු උපාය නම් එම අනතුර එළිපත්තට ගෙන ආ මොහොතක ඒකීයභාවයේ ව්‍යාජ ආරක්ෂකයින් වෙන වෙන දෑ පිළිබදව කතා කරන්නට සලස්වා, ඒ ව්‍යාජ ආරක්ෂකයනට රැවටී සිටින මිනිසුන්ට එවැනි අනතුරක් නැති බව හැඟෙන්නට සැලැස්විමයි. සිංහලයාගේ ඇස් වලට වැලි ගැසීම සදහා අද ව්‍යාජ ආරක්ෂකයින් වන චම්පික රණවකව සහ අනුර කුමාරව රනිල් වික්‍රමසිංහ අවභාවිතයේ යොදා ගනිමින් සිටියි. මේ උදවිය කට ඇර එවැනි අනතුරක් නැතැයි නොබියව අද අපට කියන්නේ නැත. ඔවුන් අපට නැවත නැවතත් කියන්නේ දූෂිතයන් ගැන හා දූෂිතයන් ගැන පමණි. තව නොබෝ දිනකින් ඒකීය භාවය කන්නදැයි චම්පික අයියා අපගෙන් ඇසුවොත් අපි පුදුම නොවෙමු. නමුත් එතෙක් ඔහු එය මඟ හැර යමින් දූෂිතයන් සොයමින් කාර්ය බහුල වනු ඇත. අප කිසි දිනක ඔහුට රැවටී සිට නැත.

අද චම්පිකට හලාල් විරෝධය හරාම් වී ඇත. එපමණක්ද? මීට මාස කිහිපයකට පෙර ඔහු ඉසිලූ වචන වන  බෙදුම්වාදය, දෙමළ ජාතිවාදය, මුස්ලිම් ජාතිවාදය, අන්තවාදී තවුහිද් ජමාද් සංවිධානය, 13 වන ව්‍යවස්ථා  සංශෝධනය, අධිරාජ්‍යයවාදී බලවේග යන සියල්ල හරාම් වී ඇත. අද ඔහුගේ එකම කාර්ය වී ඇත්තේ මංගල සමරවීර හා එක්ව රාජපක්ෂ වරුන්ට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කිරීමයි. එය ආරම්භ කෙරුනේ ඡන්දයට පසු දිනය. එහිදී සිදුවන්නට ගිය මහා හමුදා කුමණ්ත්‍රණයක් ගැන ඔහු මාධ්‍යයට කීය.

“ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ මෙහෙයවීමෙන් යුද හමුදාව යොදා කරන්නට ගිය මහා විනාශයක් පොලිස්පති හා මැතිවරණ කොමසාරිස් කොන්ද කෙළින් තබාගෙන නිර්භීතව රාජකාරි කළ නිසා වැළකී ගියා. මැතිවරණ කොමසාරිස්ගේ හා පොලිස්පතිගේ නීර්භීත තීරණ නිසා රට ලේ විලක් වෙන්නට තිබූ ඉඩ ඇහිරී ගියා” යැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා ජනවාරි නවයදා පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

එම ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය පැවසුවේය. (ඔහුව පසුව යහපාලන රාජ්‍ය තන්ත්‍රය මඟින් ඉවත් කෙරිනි.) එසේම එම කතාව පට්ටපල් බොරුවක් බව එය වලක්වා ගැනුම උදෙසා චම්පිකලා ස්තුතිය පුද කළ මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය. ඔහු මේ බේගල් ඇද දමන්නේ භික්ෂූන් වහන්සේලා දෙනමක් දෙපසින් තබාගෙනය. ස්තුතිය පුද කළ මිනිහා ඒ ගැන නොදන්නේ නම් මේ ගැන තවත් පරීක්ෂණ නොවුමනා බව කාට ඡන්දය දුන්නත් ගමේ ගොඩේ බයියන්ට වැටහේ. නමුත් චම්පිකලා අද වැටී ඇති පහත් මට්ටම නම් ඉතා ඛේදනීයය. එය එළිපිටම අපගේ වත්මන් විදෙස් ඇමතිගේ තත්වයට වැටීමකි. විධායකය තෝරා ගැනීමෙන් පසුව ඇති වූ නව පාර්ලිමේන්තුවේ දෙදෙනාට එක ළඟ අසුන් ගන්නට වරම් ලැබී තිබිනි.

මේ ජනවාරි 18 ඉරිදා ලංකාදීප පුවත්පතට චම්පික මහතා පැවසූවකි.

“අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අරලියගහ මන්දිරය බලන්න නිලධාරීන් කිහිප දෙනෙකු යවලා තියෙනවා. ඒකේ එක කාමරයක ඉදලා තියෙනවා අතරමං වෙච්ච බල්ලෙක්. දොර ඇරපු ගමන් බල්ලා බුරාගෙන ඇවිල්ලා. පස්සේ බල්ලව මෙල්ල කරලා කන්න දාලා කූඩුවකට දාලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ඡන්දේ ඉල්ලනවැයි, ඊළඟ ඡන්දෙට එනවැයි ඊළඟ අගමැති මහින්දයි කියලා කියන්නේ අර වගේ අතරමං වෙච්ච බල්ලෝ. මහින්ද රාජපක්ෂගේ යුගය ඉවරයි. මහින්ද රාජපක්ෂගේ ඇඟේ හිටපු බලු මැක්කන්ගේ යුගයත් ඉවරයි.”

පරමාධීපත්‍යය බලය ඇත්තේ ජනතාවට මිස චම්පික රණවකට නොව. ඔහු රාජපක්ෂලාට යළි මෙරට දේශපාලනයක් නෑ යයි වහසි බස් දොඩවන්නේ මන්දැයි අපි නොදනිමු. නමුත් මේ මෛත්‍රී යුගයේ මේ බලු කතා කුමටද? එම බල්ලා කූඩුවට දැම්මා මෙන් කාව හෝ කූඩුවට දැමීමේ දැඩි වෛරයකින් ඔහු පෙලෙන බව පැහැදිලිය. වැරදි කළ උන් අල්ලා මාධ්‍ය සංදර්ශනයෙන් ඔබ්බට ගොස් දඩුවම් දෙනවාට මෙරට ජනතාව ඉතා කැමතිය. නමුත් මේ කූඩුවට දමා ගන්නට ඕනෑ වී ඇත්තේ දූෂිතයන් නොව, දේශපාලනික ප්‍රතිමල්ලවයන් බව ඔහුගේ මේ කතාවෙන් මෙන්ම හමුදා කුමන්ත්‍රණ පිලිබද බොරු චෝදනාවලින්ද ගම්‍යය වේ. මහින්ද රාජපක්ෂගේ ඇගේ බලු මැක්කන් සිටි බව කීමෙන් චම්පික කියන්නේ මහින්ද රාජපක්ෂ බල්ලෙකු බව නොවේද? මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයේ යම්  යම් අඩුපාඩු තිබූ බව සැබෑවකි. නමුත්  අපි මෙන්ම කම්පිකත් අද නොබියව මහමඟ යන්නේ එතුමා ලබා දුන් දේශපාලන නායකත්වය හේතු කොටගෙනය. (චම්පිකලා කියන්නේ එය කළේ ඔවුන් බවය.) ඔහු පසුගිය දශක කිහිපය පුරාවටම මෙරට නායකත්වය දුන් නායකයින් අතරින් සුවිශේෂීම නායකයාය. එය කුහකයන් නොවන පක්ෂ විපක්ෂ කවුරුත් පිලිගනිති. අද චම්පිකලා ලැඟ සිටින පිලේ රනිල් වික්‍රමසිංහ මහතා හෝ චන්ද්‍රිකා මැතිණිය හෝ මෙරටට කළ හොදක් යයි යමක් සොයා ගැනීම ඉතා උගහටය. කරන ලද විණ නම් පෙන්වා දිය හැකිය. එහෙව් පිලක ලැග තම වෛරය පිරිමසා ගන්නා චම්පික ඉතා ගෞරවාන්විත ලෙස පරාජය බාරගෙන බලය අත්හැර ගිය මහින්ද මහතාට බල්ලා යයි කීමෙන් ත තක්සේරු වන්නේ චම්පිකවම නොවේද?

-සුසිරිත් වීරසේකර
යුතුකම සංවාද කවය 
http://www.yuthukama.com

26
නොවැ.
17

අඹුඩේ තරමට ලබ්බ නැති හඳගම බූරුවා

ලංකාවේ සිනමාව ඔබ හඳුනා ගන්නේ මොන විදියටද?

දීර්ඝ කාලයක් තිස්සේ මම මේ ක්‍ෂේත්‍රයේ ඉන්නවා. මට හිතෙනවා අපි ජීවත් වන්නේ පසුගාමී සිනමා යුගයක කියලා.

ඊට පළමුවෙනි හේතුව සිනමාව අධ්‍යක්ෂකගේ මාධ්‍යයක් වුනාට ලංකාවේදී ඔවුන් විසින් එය අපහරණයට ලක් කරලා තියෙනවා කියන එක. ලෝක සිනමාවට සමගාමීව වාගේ තමයි අපේ සිනමාවත් පටන් ගන්නේ. 1947 දී අපේ සිනමාව ඉන්දියානු අනුකරනවාදී ගති ලක්ෂණවලට ගොදුරු වෙනවා. වසර 10 ක් 12 ක් යනකල් කිසි කෙනෙකුට මෙයින් ගැලවෙන්නට බැරි වෙනවා.
සිනමාව ඉගෙන ගෙන ආපු ලෙස්ටර්, ගාමිණී ෆොන්සේකා කියන පුද්ගලයාවත් ඩේවිඩි ලීඩ් ගේ චිත්‍රපටයක් වන  The bridge on the river kwai කියන චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයෙකු හැටියට සිනමාව ඉගෙන ගන්න යවනවා. ඒ සමඟම කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා, තිස්ස ලියනසූරිය වගේ තිර කතා රචකයෝත් එකතු කර ගන්නවා.
සිනමාව කියන්නේ Collective art form එකක්. සිනමාව හොඳින් දන්න අධ්‍යක්ෂවරයා හිතන්නේ එහෙමයි. එලෙස සංවිධාන ගත වෙලා තමයි ලාංකීය සිනමාවත් ලෙස්ටර් ගොඩ නඟන්නේ. හැබැයි ලෙස්ටර්ගෙන් පසුව බිහිවුනු දෙවෙනි, තුන්වෙනි පරම් පරාවල් කරන්නේ ලෙස්ටර් කරපු දෙයින් අනෙක් පැත්ත.

සිනමාව අධ්‍යක්ෂකගේ මාධ්‍යයක් කියන පරමාදර්ශය ඔවුන් වරප්‍රසාදයක් හැටියට භාවිත කරලා සියල්ලන්ම  තමන්ගේ ආඥා දායකත්වයට යටත් කර ගන්නවා. ඒ නිසාම මුදල් සපයන නිශ්පාදකයාත්, අධ්‍යක්ෂවරයාත් එකතුවෙලා අනිත් ශිල්පීන් සියල්ලම සූරා කෑමට ලක් කරලා සිනමාව පහත් අඩියකට පමුණු වනවා. මගේ කියැවීම් වලට අනුව ලංකාවේ සිනමාව මම හඳුනා ගන්නේ ඔය විදියටයි.

ලංකාවේ කලා නිර්මාණවල කාන්තාව විකිණෙනවා කිව්වොත් ඔබ එකඟද?

ඔබේ ප්‍රශ්ණයට මම ඔබට හොඳ නිදසුන කින් උත්තර දෙන්නම්. ඕස්ට්‍රේලියාවේ සිට ක්‍රියාත්මක වන කැඩපත නම් වූ  blog  අඩවියක් තිබෙනවා. මෑතකදී ඔවුන් “ විරාග කොල්ලය ” නමින් ලිපියක් අන්තර්ජාලයට මුදා හැරියා. එහි සඳහන් වන්නේ මාටින් වික්‍රමසිංහගේ ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘතියක් වන විරාගය නමැති නව කතාව ඇසුරින් තිස්ස අබේසේකර නමැති අධ්‍යක්ෂ වරයා ලවා එය නිර්මාණය කර ගැනීමට ගිය චන්ද්‍රා මල්ලවආරච්චි නමැති නිෂ්පාදකවරිය සූරාකෑමට ලක් වෙන හැටි.  මම හිතන්නේ මේ පිළිතුරට එම ලිපියේ ලින්ක් එක උපුටා දැක්වීමෙන් පාඨකයාට අවස්ථාවක් ලැබෙනවා ඔබ අසන ප්‍රශ්ණයට සෑහෙන පිළිතුරු ලබා ගැනීමට.  මම හිතනවා මෑත භාගයේ දී අනෝමා ජනාදරී නිරුවත සහ කුසලතාව තම සැමියා විශ්වාසකර ලබා දිමට පසුව අශෝක  හඳගම නමැති සැමියා එය සුරා කෑ අන්දමට නොදෙවෙනි අයුරින් විරාග කොල්ලයේ දී ප්‍රබල ආකාරයෙන් එය සිදුවී ඇති බව.

මේ ප්‍රශ්නය අහන ඔබ පිරිමියෙක්. ඒ නිසාම ඔබ මේ පීඩනය පිළිබඳව දන්නේ නැහැ කියල මට හොඳටම විශ්වාසයි. ඒ නිසා මේ ප්‍රශ්නය මම දකින්නේ පීඩතයා සහ පීඩතයා අතර  නැගෙන පූචානම් කතාවක් හැටියටයි.ලංකාව තුල සිනමාවට හොඳ ඉල්ලුමක්  ප්‍රතිසංස්කරණයට ලක් නොකල ප්‍රාදේශීය මට්ටමේ සිනමා හල් වලට ඔබ යන්න. මේ සිනමා ශාලාවල් ගොඩ නැඟුයේ 60, 70 දශක වල වාහන 50 ක් පමණ ශාලාව ඉදිරිපස පාර්ක් කරන්න පුළුවන්. ගැලරිය අනිවාර්යයෙන් පිරෙන නිසා  ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා පෝලිම් අනිවාර්යයෙන්ම යකඩවැටවල් වලින් ආවරණය කර තිබෙන්නේ. ශාලාවේ සමස්ථ ආසන සංඛ්‍යාව 1000 කට කිටිටුයි. ඒ කාලයේ 10.30, 2. 30, 6.30 හා 9.30 යනුවෙන් දර්ශන වාර 4 ක් දිනපතා පෙන්වා තිබේනවා. ඒ වාගේම වසරකට නිෂ්පාදනය වුනු චිත්‍රපට සංඛ්‍යාව 100 ඉක්මවූ ඉතිහාසයක් තිබෙනවා. ඉතින් සිනමාවට හොඳ ඉල්ලුමක් තිබුනාද? නැද්ද? මම කියන්නේ අදත් එදාට වැඩිය මිනිස්සු චිත්‍රපට මාධ්‍යයන් තමුන්ගේ ජීවිතය රස වින්දනයට ලක් කරන්න බලාගෙන ඉන්නවා. නැත්තේ ඉල්ලුමට සැපයුම විතරයි.

ජාත්‍යන්තර සිනමාව එක්ක ගත්තම ලංකාවේ සිනමාව ගැන මොකද හිතන්නේ ?

ඔබේ ප්‍රශ්ණයට මම සමකාලීන නිදසුනක් එක්ක උත්තරයක් දෙන්නම්. ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂ වරුන්ගේ සංසදය විසින් ජාත්‍යන්තර සිනමා උළෙලක් දෙවෙනි වතාවටත් පැවැත්වූ වා. මම දකින්නේ  මේක තමන් විසින් බෙල්ලේ වැල දා ගැනීමක් කියලයි. මගේ මේ කියමනට ඔබේ ප්‍රශ්ණය පිළිතුරක්. දැන් අපි තවදුරටත් උත්තරය පැහැදිලි කර ගනිමු. අපේ සිනමා කරුවෝ මේ සිනමා උළෙල හරහා ජාත්‍යන්තරයේ අවධානයට ලක් වුනු අගැයීමට පාත්‍ර වුනු ගැඹුරු තේමාවන් සහිත චිත්‍රපට නොමිලේ චිත්‍රපට රසිකයින්ට දැක බලා ගන්නට ඉඩ සලස්වනවා.  මම කියන්නේ චිත්‍රපට රසිකයා කියන කෙනා ඉතාමත් බුද්ධිමත් පුද්ගලයෙක්. එයා අන්තර්ජාලය හරහා ගුණාත්මක චිත්‍රපටවල තොරතුරු දත්ත, ගොසිප් සියල්ලම දැන උගෙන තමයි සිනමා ශාලාවට එන්නේ.

ඊට අමතරව ඔහුට මේ උළෙල හරහා ඉතාමත් වැදගත් සිනමා කෘති නොමිලයේම දැක බලා ගන්නට ලැබෙනවා. ඉන් පස්සේ ඔවුන් කිසිම විටෙක වර්තමානයේ ඉන්න කිසිම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හදන චිත්‍රපට නරඹන්න පෙළඹෙන්නේ නැහැ. ඔවුන් දන්නවා සල්ලි දීලා නරඹන්න යන චිත්‍රපටය සල්ලි නොදී නරඹපු චිත්‍රපටයට වඩා ගව් ගණනක් පසු පසින් තිබෙන බව. මේ අදහස සනාථ කරන්න හොඳ නිදසුනක් මම කියන්නම්.

ගිය අවුරුද්දේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදි නොමිලයේ පෙන්වපු චිත්‍රපටයක් තමයි තන්හා, රතී, රඟා. අධ්‍යක්ෂවරයාත්, නිශ්පාදක වරුත් මවිතයට පත් කරමින් මේ චිත්‍රපටය උළෙලේදී ජනාකීර්නව ප්‍රදර්ශනය කලා. ඉතිං මේ අය හිතුවා ප්‍රදර්ශක මන්ඩලයේ තිරගත කිරීම් වලදී සියළු ආදායම් වාර්තා බිඳ හෙලමින් චිත්‍රපටය සාර්ථක වෙයි කියලා. අන්තිමේදී මොකද වුනේ? චිත්‍රපටය ෆේලියර් එකක් වුනා. තේරෙනවාද ජාත්‍යන්තර සිනමා නිර්මාන එක්ක ගත්තාම ලංකාවේ පණ්ඩිත නාමය ගහ ගත්තු සිනමා කරුවන්ට අත්වන ඉරණම.

ලංකාවේ සිනමාව වෙනස් වෙන්න ඔනේ මොන අංශ වලින් කියලාද ඔබ හිතන්නේ ?

ලංකාවේ සිනමාව වෙනස් විය යුතු අන්දම ලෝක සිනමාව අද තිබෙන පරිශීලනය කිරීමෙන් අපට හුඟක් කරුණු ඉගෙන ගන්න පුළුවන්. පසුගිය කාලයේ  ඓතිහාසික චිත්‍රපට රැල්ල ගනිමු. මම හිතන්නේ මහා පරිමාණයේ ගුණාත්මක චිත්‍රපට බිහි වෙන්න අවශ්‍ය මූලිකම සාධකය වන “ මුදල් ” කොයි තරම් ලැබුනද? මහා ධන සම්භාරයක් මේ නිෂ්පාදන සඳහා ලැබුනු බවට හොඳම සාක්ෂියක් ඒ චිත්‍රපට වලට කර තිබෙන නාස්තිකාර වැඩ දැක්කම තේරෙනවා.

මේවාට කිව්වේ එපික් සිනමාව කියල වේ. හැබැයි Lord of the rings  වැනි චිත්‍රපටයක රූප රාමු, චරිත, වේෂ නිරූපන අමු අමුවේ කොපි කරලාවත් අපට බැරිවුනානේ එපික් චිත්‍රපට හදන්න. ධර්මසේන පතිරාජ මේවා අන්තිමට හැඳින් වූයේ තොරන් සිනමාව කියලයි. වෙසක් එකට අපි බලන තොරන් වලටයි ඔහු පහු ගිය කාලයේ සෑදුන ඵෛතිහාසික රැල්ලේ චිත්‍රපට ලඝු කලේ.
මම හිතන්නේ වෙනස් වෙන්න ඕනේ පළමු කාරණාව තමයි ප්‍රශස්ථ තිරකතා රචකයෝ බිහිකර ගැනීම.

ඊළඟට ඩිජිටල් කරනයට සාපේක්ෂ තාක්ෂනික භාවිතය ඉගෙන ගැනීම.  මම හිතන්නේ වෙළඳපල කාර්යභාරයේදී නම් ගාමිණී ෆොන්සේකාගේ ප්‍රකාශය ඉතා වැදගත්.  සංස්ථාව අහෝසි කරල සියල්ල පෞද්ගලික කරනයට යටත් වෙන්න ඕනේ. දැනට වුනත් සංස්ථාව තිබිලත් සියල්ල වෙන්නේ ඒ වාගේ තමයි.

අනෝමා ජනාදිරී රඟ පාන්නේ තෝරාගත් අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවල විතරද?

මම රඟපාන්නේ තෝරාගත් තිර නාටකවල පමණයි. හේතුව මම රඟ පාන්නේ සමාජ දේශපාලනික වශයෙන් මේ රටේ කාන්තාව මුහුණ දෙන බරපතල ගැඹුරු විෂමතා හමුවේ. ඊට මුහුණ දෙන ආකාරය ගැන කියැවෙන චරිත. ඔබ දන්නවා එවැනි චරිත සහ ගැඹුරු තිර නාටක ලියැ වෙන්නේම නැති තරම්. එක්කෝ එවැනි ගැඹුරු ධර්මතා අනුකරනය කර ලියැවුනු පිටපත් තමයි මා කරා එන්නේ. පසුගිය අවුරුදු දහ තුනටම එවැනි පිටපත් දොලහක් මට ලැබුනා. අටක් ප්‍රතික්ෂේප කලා. දෙකක් කලා. එකක් අතර මඟදී ප්‍රතික්ෂේප කලා. කරපු චිත්‍රපට දෙක ලබන වසරේදී ලෝකවාසී ප්‍රේක්ෂකයාට නැරඹීමට හැකි වේවි.

ඇයි පොත් ලියන්න පටන් ගත්තේ? රඟපෑම ගැන කලකිරිලාද?

ජීවිතය, ලාංකීය සිනමාව, අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු මේ සැම දේම ගැන කලකිරිලා ඉන්න සෑම මොහොතෙම තවමත් මම කලකිරිලා නැත්තේ මගේ රඟපෑම ගැන විතරයි. ඒ හින්දාම තමයි කලකිරුණු සියල්ල අමතක කරලා ජීවත් වෙන්නෙත්. මම පොත් ලියන්න පටන් ගත්තේ කුඩා කාලේ ඉඳන් තෙරපගෙන හිටපු දේවල් පිට කරන්නයි.

ඔබට නිලියක් කියනවාට ද වඩා කැමති, කලාකාරියක් කියනවාටද?

කලාකාරියක් කියලා කියන්න පුළුවන් අයිරාංගනී සේරසිංහ මහත්මිය වගේ මුහුකුරා වැඩුනු බුද්ධියක් හාත්පස තැවැරුනු ප්‍රඥාවක් සැම දෙනාගේම ආදරයට, ගෞරවයට පාත්‍රවුනු කාන්තාවකට.  මම හිතන්නේ මම තවම චරිතාංග නිළියක්. කලා කාරියක් වෙන්න මට දිග ගමණක් තියෙනවා.

ආදරය ගැන මොකද හිතෙන්නේ?

ජීවිතයට ආදේශ වුනු ප්‍රබල හැගීමක්. හැබැයි වෙනත් මානුෂික අවශ්‍යතා එක්ක ආදරය නමැති මානුෂික හැඟීම් පටලවාගෙන ඉන්න නිසා සියල්ලෝම දුකට පත් වෙනවා. හේතුව ආත්මාර්ථය නිසා. අපි ආදරයේ උත්සන්නතම අවස්ථාව වන සුරතාන්තයට පත් වීම ගනිමු.  මේ ලෝකේ කෝටි ගණනක් මිනිසුන්, ගැහැණුන් සහ සත්වයින් සුරතාන්තයේ දී විඳින්නේ තනිවම. අනෙකා සමලා එක්ව විදීමට නම් පුදුමාකර මානසික හා කායික මුහු වීමක් අවශ්‍යයි. සහ එයට මුල් වෙන්නේ ඉවසීම, අනෙකාට ගරු කිරීම, කෙටියෙන් කිව්වොත් පරාර්ථකාමයයි. ඒත් සකල ලෝක වාසී සත්වයෝ ප්‍රසූත වෙන්නේ පරාර්ථකාමයෙන් නෙවෙයි. ආත්මාර්ථකාමයෙන්ම තමයි. ඒ නිසායි සියළු සත්වයෝ දුකට පත් වෙන්නේ.

 

10
නොවැ.
17

මහාචාර්ය සරත් විජේසූරිය හා හොරු නඩය වෙත ලියමි

hora

Sonala Gunawardana
මහාචාර්ය  හරක් සරත් විජේසූරිය වෙත ලියමි,

=================================

මහාචාර්යතුමනි,

මෑත කාලයේ බොහෝ පිරිසක් ඔබව අමතන්නේ හුචක්කුව, හරක් විජේසූරිය, ඩොලර් කාක්කා, NGO බත් බැලයා යන අන්වර්ථ නාම වලින් වුවද, මා ලබා ඇති සුළු අධ්‍යාපනයට පින්සිදු වන්නට එසේ කිරීමට සිත් නොදේ. එබැවින් ඔබට මහාචාර්යතුමා ලෙස ඉදිරියටත් ආමන්ත්‍රණය කරමි.

මහාචාර්යතුමනි, ඔබ ඊයේ දිනයේ සෝභිත හිමියන්ගෙන් ගුණානුස්මරණයේදී සිදු කළ කතාව අහම්බෙන් කන වැකුණු නිසා මෙසේ ලිවීමට සිත් විය. කොලයක් බලාගෙන කරන ලද මෙම කතාව සිහිගැන්වූයේ ඔබ පසුගිය වසරේ පදනම් ආයතනයේදී ඔබගේ ග්‍රන්ථය එලි දැක්වීමේදී කළ කතාවයි. එම කතා දෙකෙහිම වැඩි වෙනසක් නැත. බොහෝ විට කම්මැලිකම නිසා එකම කොලය රැගෙන විත් එකම කතාව සිදු කළා විය හැකි ය. පළමුව, ග්‍රන්ථ එලි දැක්වීමකදී හා ගුණානුස්මරණයකදී කතාවක් සිදු කළ යුත්තේ කෙසේද යන්න ඔබගේ මහාචාර්ය නුවණට නොවැටහීම පිළිබඳව මට ඇත්තේ පුදුමයකි. ඇත්තෙන්ම පුදුම විය යුතු ද නැත. මෙම යහපාලන ආණ්ඩුව බලයට පත්කිරීමට හා සාධාරණ සමාජයක් ගොඩනැගීමට ඔබ පෙරමුණ ගත් අයෙක් නිසා සිහිනෙන් පවා මේවා ගැන සිතෙනවා වෙන්නට පුළුවන.

ඔබගේ කතා දෙකෙහිම සාරාංශය ගත් විට එය කරණු දෙකකට ගොනු කළ හැකි ය. එකක් නම් තවමත් සුළු පිරිසක් මුමුණන “රාජපක්ෂ” භීතීකාව යි. අනෙක ඔබ මේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය ගැන ලැජ්ජාවට පත් වන බව පැවසීමයි. ඔබට ලැජ්ජාවක් ඇති එක ගැන තරමක් හෝ සතුටක් දැනේ. එහෙත් ඔබට ලැජ්ජාව ඇත්තේ රාජපක්ෂ පවුල හිරේ දමා ගැනීමට නොහැකි වීම පිළිබඳව පමණි. ඔබගේ කතාවේදී සංවේදී වූයේ සෝභිත හිමියන් ගැන නොව එක්නැලිගොඩ ගැන ය, ලසන්ත වික්‍රමතුංග ගැන ය. තජුඩීන් ගැන ය. එකල සිදුවූ හොරකම් ගැන ය. 2015 ජනවාරි 8 වෙනිදා සිට මේ දක්වා පොලිස් බාරයේ සිට පුද්ගලයන් 12 දෙනෙකු මරා දමා ඇති බව ඔබ නොදන්නවා විය හැකි ය. (Extra Judicial Killings – AHRC report 2017) දැනට කෝටි 20,000 පමණ පාඩුවක් ඇති කළ මහා බැංකු හොරකම ගැන ඔබ කාර්යබහුල නිසා අසන්නට නොලැබෙන්නට ඇත. යහපාලන හංසයා ලකුණ පක්ෂයේ නායකයා සහ සහ ලිට්රෝ සමාගමේ හිටපු සභාපති කළ ඩොලර් මිලියන 1.1 හොරකම ගැන දැන ගන්නට ඔබ පත්තර කියවන්නේ නැති වෙන්නට පුළුවන. අනෙකුත් වංචා දූෂණ ගැන ඔබගේ අවධානය ද එසේම විය හැක.

ඔබගේ සාධාරණ සමාජය අපේක්ෂා කළේ නීතීයේ ආධිපත්‍යය රැක ගැනීමට ය. එය එලෙසම ඉටු වු බව පෙනේ. දන්නේ නෑ, මතක නෑ කියන ඈයන්ට, රිය අනතුරු කළ වුන්ට, ඩිෆන්ඩර් වලින් පැහැරගත් අයට නීතය අකුරටම ක්‍රියාත්මක වූයේ හරියට අඹ ගෙඩි තුනක් කැඩූ අම්මාට දඬුවම් කළ ආකාරයටම ය.

ඔබ සිහිනෙන් පවා දකින, බුදුන් වැඳ පවා ඉල්ලන, සියලුම රාජපක්ෂවරු හිර ගත කළේ යැයි උපකල්පනය කරමු. ඉන් පසු 2015 සිට පල්ලම් බසින දළ දේශීය නිෂ්පාදිතය, ඒක පුද්ගල ආදායම, විදේශ ආයෝජන, ඩොලර් සංචිතය, කොටස් වෙළෙඳපොළ හා ඉහල යන රාජ්‍ය ණය, විදෙස් ණය, රැකියා වියුක්තිය යන ආර්ථිකය සම්බන්ධ කාරණා එක රැයින් යථා තත්ත්වයට පත්වීම ඔබගේ මහාචාර්ය මොළයට වැටහුන ද මා වැනි සාමාන්‍ය පුද්ගලයෙකුට නොවැටහීම අරුමයක් නොවේ.

ඔබට ලැජ්ජාවක් තිබීම ගැන මට ඇත්තේ ආඩම්බරයකි. මේ යහපාලන ආණ්ඩුව බලයට ගේන්නට වැඩ කළ බොහෝ දෙනා දැන් චිත්‍රපට විචාරය, සාහිත්‍ය විචාරය, කවි නිසදැස් විචාරය. පශ්චාත් නුතන වාදය, අපෝහන වාදය, දයලෙක්තික වාදය වැනි ගැඹුරු කාරණා කෙරෙහි යොමු වී ඇත. එසේ බලන කළ ඔබ ලැජ්ජා සහිතව හෝ යහපාලනය වෙනුවෙන් පෙනී සිටීම ගැන ආඩම්බර විය යුතු ය. ඒ නිසා ජලයේ උඩුකුරු විස්ථාපනය ගැන සොයා ගත් ආකිමිඩිස් හෙළුවෙන් දිව්වා මෙන් යහපාලනය සොයා ගත් ඔබ හෙළුවෙන් දුවන්නේ යැයි කවුරුත් නොසිතනු ඇත.

ඔබට සාධාරණ සමාජයේ පිහිටයි!

සොනාල ගුණවර්ධන.




අනවශ්‍ය දේවල්

  • 174,447 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූලි 2018
බ්‍ර සි සෙ
« ජුනි    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements