Archive for the 'පොත්' Category

04
මැයි
17

මිහිඳු දෙවිඳුන් වැඳීම

 

කොළඹ එකා says:

බොක්කෙන් කීවෙ ලියවුනා මදී ඒත් ඇති…

එකෙන්ම කතාව මේකයි…

ඔළුවක් තියෙන කොන්දක් තියෙන දේහ ධාරී ශරීරයකින් හෙබි පිරිමියෙකු සතු රැවුල තිබූ එලම එකම නායකයා එදා මෙදා තුර මගේ දන්නා කාලෙක මැදමුලනෙ සිංහයා යකඩ මිනිසා ඔහුයි.. මහින්ද රාජපක්ෂ මැතිඳුනි කෑම පැකට් සල්ලි අරක්කු බලන් නෙමේ හදවතේ කොනක හරි ඔබ තාමත් ඉන්න නිසයි ජොබ් එක ගහල ගියත් කමක් නෑ කියල තනියම හරි මම ආවෙත්… මුල මතක මිනිස්සු අතරෙ එකෙක් වී හරි සිටීම ගැන තනිවම හරි මන් අද සතුටු වෙනවා…
මොනා උනත් දරුවෙක් හදාගන්න බැරි නපුන්සකයො ගොඩක් එක්ක රටෙන් වැඩි කොටසක් කුඹුරු කියල හිතන් ඇමති වරු දාගෙන හාන මේ වගෙ රූකඩ මහ පාරෙ දණ ගස්සලා රටත් අපිත් බේරන් ඔබත් බේරිලා ගමනක් යන්න නැවත එන්න අප්පච්චී……

සුභ අනාගතයක්…….
නමටත් ආදරෙයි හැමදාම… …….

බොක්කෙන් කීවෙ ලියවුනා මදී ඒත් ඇති…

Reply

·    jayamal says:
May 2, 2017 at 2:00 pm
කොළඹ එකා හදවතින්ම ලියූ මේ කමෙන්ට් එකට මගේ ඇස් කඳුලින් පිරුනා. ඔබ වගේම කළ ගුණ දත්…. පැහැදිලි හෘද සාක්ශියක් ඇති….. මහින්ද රාජපක්ශ මැතිතුමාට හදවතින් බැඳුනු ලක්ශ සංඛ්‍යාත ජනකායක් තමයි ගෝල්ෆේස් පිටිය පිරී ඉතිරී යන්න මැයි දිනයේ එක්වුනේ.

වැඩි ප්‍රතිශතයක් හිටියේ මේ රට රැකගන්න ඕනෑම කැපවීමක් කරන්න සූදානම් තරුණ පිරිසයි.
හරිම ආඩම්බරයි මේ පෙරලියට උර දෙන්න ආව ඔබ ඇතුලු තරුණයින් සහ සියලුම කෘත වේදී පිරිස ගැන.

මව්බිම කෑලි කෑලි වලට කඩන්න…… බුදුදහම මේ පින්බිමෙන් අතු ගා දමන්න ඉතින් නම් යමපාලනයට තියා මොන සක්කරයටවත් බැරි බව ඉර හඳ සේ විශ්වාසයි.

14
අප්‍රේල්
17

චින්තන ධර්මදාස නම් බූරුවාගේ කඩල ඇටේ

චින්තන ධර්මදාස නම් බූරුවාගේ ගොංපාට් ගැන

චින්තන ධර්මදාස වැනි පුද්ගලයින් සිනමා දේශකයින් , බුද්ධිමතුන් බවට පත් වන්නේ මාධ්‍ය වේශ නිරූපන විපරිත සංඥා මඟිනි.මේ සඳහා හොඳම උදාහරණය දොරමඩලාවයි. දොරමඩලාව යනු ඉන්දියාවේ ගංගා නදිය වැනිම එකකි. ගංගා නදියෙන් දිය නෑ විට ආත්මය පිරිසිදු වන බවට ඉන්දියානුවන් දැඩිව විශ්වාස කරයි. ලංකාවේ මිනිසුන් I T N නාලිකාවේ දොරමඩලාවට ගෙන්වන ඕනෑම පුද්ගලයෙක් බුද්ධිමතෙකු බවට විශ්වාස කරන්නේද එලෙසිනි. අද වන විට බුද්ධිමතුන් නිර්වචනය වන්නේ චින්තන ධර්මදාස වැනි විපරිතයින් ආශ්‍රයෙනි. රැවුල, කනේ කරාඹුව, සරම,ගංජා සුරුට්ටුව යනු මේ බුද්ධිමතාගේ හැඩයයි.

අනේ පල ගොං පකය

ගොං ගංජා බුඩ්ඩිමතා

මේ ගෑනිගේ කට ගඳ බව කියන්නේ චාපා

චින්තන ධර්මදාස ෆෝ සම් ගහපු සොඳුරු මොහොතක්

එදා වේල අමාරුවෙන් සොයාගෙන ජීවත් වූ අනාගත සුරක්ශිත භාවයක් නොතිබුන පිරිමියෙක්ට වත් පොහොසත් ගැහැනියක් මුන ගැසුනු විට ඔහුගේ ආශාව තෘප්තිමත් වී ඔහුට ද්‍රව්‍යමය නිදහසක් ලැබේ.ඒ ලැබූ නිදහස ඔහු හසුරවන්නේ තමන්ගේ විපරිතකම් අනෙකාට බෝ කරමිනි.ඒ සරලවම ධර්මදාසගේ කතාවයි. දෘශ්ටිවාදීව කියවීමේදී පිලිතුර සැකසෙන්නේ මෙවැනි පිරිමින් ගැහැනුන් රවට්ටාගෙන ඇත කියා වුවද සත්‍ය වන්නේ මෙවැනි විපරිත පිරිමින්ගේ තුවාල වූ ආත්ම තුලට ඇතුලු වීමට පෙරම ඒ ගැහැනුන් රැවටී ඇති බවය.

චින්තනගේ බිරිඳගේ මනසේ සිටින බුද්ධිමතා නිර්මානය වන්නේ මාධ්‍ය සංඥා මඟිනි . සිනමාව සහ කලාව ගැන කතා කරන, නිදහස ගැන විවිධ නිර්වචන දෙන,සමාජීය ගැටලු වලදී ෆේස් බුක් අරගල කරන,කොන්ඩය රැවුල අපිලිවෙලට නඩත්තු කරන,ශරීරය සිදුරු කර කරාඹු දමන,ගංජා සුරුට්ටුව පත්තු කරගෙන ඕශෝ ගැන කතා කරන මේ විපරිත පිරිමි ශරීරය රැඩිකල් බුද්ධිමතෙක් ලෙස මාධ්‍ය විසින් සමාජයට මුදා හරී….මේ නව අදහස චින්තනගේ බිරිඳගේ මනසේ තැන්පත් වෙයි.බුද්ධිමතෙක් කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්ට. ඇය සිතයි.

මධ්‍යම පාංතික ගැහැනියක් විසින් ධර්මදාසගේ හිස් ආත්මය බුද්ධිමතෙකු ලෙස හඳුනා ගැනීම නිසා විපරිත බුද්ධිමතාට ද්‍රව්‍යමය නිදහස හිමි වේ.ඒ නිදහස  ලැබුනු ආකාරය නිසා එකී නිදහස වැරදිකාරී , එසේත් නැත්නම් සාපරාධි නිදහසකි. එසේම තම බුද්ධිමත් කම නිරූපනය කිරීමට ධර්මදාසට නිරන්තරයෙන් සිනමා කෘති ගැන කතා කිරීමට සිදු වෙයි.කලින් කලට කතා බහට ලක් වන සමාජ ගැටලු වලට අදාළව තම ෆේස් බුක් ප්‍රොෆයිල් පින්තූරය මාරු කිරීමට සිදුවෙයි.මේ හැසිරීම මත ඔහුගේ ද්‍රව්‍යම නිදහස රැදී තිබෙයි. ව්‍යාජ රැඩිකල් සිවිල් බුද්ධිමතාගේ චරිතයෙන් නිදහස් වීමට හෙට දිනයේ ධර්මදාස තීරනය කලහොත් ප්‍රථමයෙන් ඔහුට අහිමි වන්නේ ඔහුගේ බිරිඳයි.එනිසා මොහුට වරද්දා හෝ කාල් මාක්ස් ගැන ලියා ෆේස් බුක් එකේ කුනුහරුපෙන් බැනුම් ඇසීමද එක්තරා සැපකි.

අද බොරුකීම රැඩිකල් සහ සදාචාරසම්පන්නය. සමාජ ආකර්ශනය ඇත්තේ එතනය. ඇඩ්වටයිසින් ආයතනවලට , ටීවී චැනල් වලට වැඩි වැඩියෙන් අවශ්‍ය කරන්නේ විපරි පිස්සු මංඤඤං  ආත්මයි. සමාජය ඉල්ලන්නේ ස්වාභාවික මරණ නොව සමූල ඝාතනයි. මෙවැනි විකාර සහගත සමාජයක කොටස්කරුවන් වන චින්තනලා වැනි ව්‍යාජ සිවිල් බුද්ධිමතුන් විසින් මාකට් කරන්නේ නපුරයි.නිදහස් චතුරශ්‍රයේ පෙම් කෙළින්නට නිදහස ඉල්ලීම,ගංජා වලට රාජ්‍ය අනුමැතිය ඉල්ලීම, අනියම්[?] සබඳතා , නිදහස් ආදර ලෙස ප්‍රමෝට් කිරීම වැනි දේවල් කිරීමෙන් මොවුන් කරන්නේ පොදු අවකාශය පුද්ගලීකරණය කිරීමයි. එසේම මොවුන් බෝ කරන තවත් විපරිතයක් වන්නේ පවුල නිදහස් තැනක් නොවේ.සමාජය යනු නිදහස් තැනක් යන්නයි.නිදන කාමර මහ පාරට එන්නේ එතැනිනි. පවුල උදාසීන තැනක් වීම නිසා පවුල් කෑමට නම් කානිවල් එකක් අනිවාර්‍ය වේ. විවාහ ඇනවසරි එකට චින්තන තම බිරිඳගේ දෙතොල් සිප ගන්නා පින්තූරයක් ෆේස් බුක් පිටුවේ දමා බලාපොරොත්තු වූයේද කලින් කී ආකාරයේ කානිවල් එකකි.

රැඩිකල් වාම වාදීන් විසින් ඇකඩමිකව සුජාතකරණය කරන මෙවැනි විපරිත බුද්ධිමතුන් කිසිවක්ම නොදන්නා තමන්ගේ ආත්මය පෝශණය කර ගැනීමට පමනක් සිතන තක්කඩියන්‍ ය. හිරු ටීවී රංගනලා , නදීශා හේමමාලිලාව මැදිරියට ගෙන්වා නැළවෙන්නේ නදීශලා ගැන නොදැන නොවේ.එසේම මාධ්‍ය සහ සමහර ඊනියා තක්කඩි වාම බුද්ධිමතුන් චින්තන ධර්මදාසලා වැනි විපරිතයින් සමඟ සීරියස් කතිකාවන් කරන්නේ ඔවුන් ගැන නොදැන නොවේ.මේ මොහොතේ විපරිතය සදාචාරසම්පන්න වී ඇති නිසාය. මාධ්‍යය විසින් ප්‍රමෝට් කරන විපරිත සදාචාරය කොතරම් දුරට ලංකාවේ මිනිසුන්ගේ ඇට මිඳුලු දක්වා කිඳා බැස ඇතිද යන්නට ඕනෑ තරම් ජීවමාන උදාහරණ ඇත.

මම කවියෙක්, දේශකයෙක්,දේශපාලඥයෙක්,නළුවෙක්,ස්ත්‍රීවාදිනියක් යැයි කියාගෙන මාධ්‍ය සංදර්ශන පවත්වනා බොහෝමයක් දෙනා දෙස බලන සමාජය හිතන්නේ මේ අය අපි නොදන්නා දෙයක් දන්නවා කියාය. සමාජයට නොපෙනෙන සමාජය හිතන අන්න ඒ රහසට සමාජය ආකර්ශනය වෙයි. ඔවුන්ගේ සාරයක් නැත. චින්තන ධර්මදාස ලග ඔබ නොදන්නා රහසක් නැත.ඔහු නිකම්ම නිකම් බූරු තක්කඩියෙක් පමණි. ඔහු හිතන්නේ ඔහු ලග අපිට නොපෙනෙන්නට හංඟා ගෙන ඇති ආත්මීය යමක් ඇති බවකි. එහෙව් එකක් තිබ්බා නම් මේ කියවීමෙන් ඒකත් නැත්තටම නැති වනු ඇත.

සාරයක්, ගැඹුරක් නොමැති ධර්මදාසලාගේ ආත්ම කියවා පළක් නැත.  ඔහු මේ කරමින් සිටින්නේ ආශාව ඔහුට හිමි වී ඇති  වැරදිකාරී නිදහස තුල උම්ම්න්තකව හැසිරීමයි. ඔහු වටා එකතු වී සිටින්නේද ඒ විපරිත බව තම ආශාව කරගත් පිරිසක් පමණි. චින්තන වටා සිටින චින්තන ලියන පල් හෑලි සංවාදාත්මකව පිළිගන්නා මේ පිරිස නොදැනුවත්ම චින්තනගේ ව්‍යූහය යටතේ පාලනය වෙයි.ඒ ව්‍යූහය නිර්මානය කර ඇත්තේද චින්තන වටා සිටින පිරිස විසිනි.

 

12
අප්‍රේල්
17

සිංහල අවුරුද්ද එන කොට රනිල් රට පනිනවා…. ඇයි බං ඒ…

සිංහල අවුරුද්ද එන කොට රනිල් රට පනිනවා. ගිය අවුරුද්දෙ කොහෙ ගියා ද කියන එක මතක නැහැ. මේ ගොල්ලන් පිටරට යන හැටියට ඒවා මතක තියාගන්න වෙන ම දත්ත බැංකුවක් තියා ගන්න වේවි. මේ පාර නම් රනිල් ගිහින් තියෙන්නෙ ජපානෙට. අවුරුදු නැකත අසුබ කියා දැන් විද්‍යාඥ බන්දුලත් කතා කරන එකේ රනිල් සකුරා මල් පිපී දැයි බලන්න යන්න ඇති. රනිල් දන්නෙ චෙරි බ්ලොසම්ස් මිසක් සකුරා මල් නො වෙයි.

කොයි හැටි වෙතත් රනිල් සිංහල අවුරුද්ද එන කොට රටින් පනිනවා. ඒ බුලත් අතක් අරං තමන් බලන්න එන්න කොල්ලො කුරුට්ටො මග අරින්න වෙන්න බැහැ. රනිල්ට අවුරුදු සිරිත් අල්ලන්නෙ නැති පාටයි. රනිල් දැන් සිංහල කතා ටිකක් ඉගෙන ගෙන ඇති නමුත් ඔහු තවමත් සිංහල බෞද්ධ සංස්කෘතියට ආගන්තුකයෙක්. අනුර කුමාර හිතන්නෙ මෙතන තියෙන්නෙ පංති ප්‍රශ්නයක් කියලා.

පංතිය කියන්නෙ මොකක් ද කියලා කාල් මාක්ස්වත් රෝහණ විජේවීරවත් දැනගෙන හිටියෙ නැති කොට අනුර මොනව කියනව ද දන්නෙ නැහැ. මාක්ස්ගෙ කම්කරු පංතිය ලෙනින්ගෙ කම්කරු පංතියට වෙනස්. විජේවීරගෙ නිර්ධන පංතිය ඒ දෙකට ම වෙනස්. ඔය පංතියට තමන්ගේ ම වූ විඥානයක් නැහැ. ඒක පිටින් ගේන ඕන. ඒ බව කියන්නෙ මා නොවෙයි, ලෙනින්. මා කියන එක විශ්වාස කරන්නෙ නැත්නම් ලෙනින් ලියලා තියෙන දේ කියවලා බලන්න. ලංකාවෙ උගතුන් කියන අය කියවන්නෙ නැහැ. බුදුන් වහන්සෙ නාගදීපයට වැඩම කෙළේ බක් මහ අමාවක කියලා කිව්වට විශ්වාස කරන්නෙ නැහැ. මහාවංසය කියවලා බලන්නෙ නැත්තෙ ඇයි?

රනිල්ට ජාතිකත්වයක් නැහැ. ප්‍රශ්නය ඒකයි. ඔහු නියෝජනය කරන්නෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය. ඒ මහුගෙ පියා ඇංග්ලිකන් ක්‍රිස්තියානි වීම නිසාවත් බාප්පා ඇංග්ලිකන් බිෂොප්වරයකු වීම නිසාවත් වෙන දෙයක් නො වෙයි. ඔහුගෙ මවගෙ පාර්ශ්වය බෞද්ධ වුණත් ඒකෙ ඩෙප් විජේවර්ධන සම්භවයක් තියෙනවා. ඒ ඔක්කොට ම වැඩිය රනිල් හැදිල වැඩිලා තියෙන්නෙ ආගමෙන් මොකක් වුවත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික පරිසරයක. පනස්හයේ ජයග්‍රහණයෙන් පස්සෙ බණ්ඩාරනායක මහත්තයත් හැන්දෙන් ගෑරුප්පුවෙන් කිරිබත් කාලා අනාගත්ත. රනිල් සංස්කෘතික වැඩවල දී කොහොමටත් අනාගන්නවා.

රනිල්ට ඒ කටයුතුවල පුරුද්දක් නැහැ. ඒ නිසා ලංකාවෙ හිටියොත් නොදන්න දෙයක් කරන්න ගිහින් රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශවලට අහුවේවිය කියා රනිල් අවුරුද්දට කලින් රටෙන් පැන ගන්නවා වෙන්න ඇති. මේ අවුරුද්දෙ නම් රනිල්ට තවත් හේතු තියෙන්න ඇති පැන ගන්න. මේ ගමන නැකත අසුබයි කියලා දෛවඥයන් රාශියක් ම කියලා තිබුණා. රනිල් හිතුව ද දන්නෙ නැහැ රටින් පැනලා ගිහින් අසුබ නැකත මගහරින්න. එතකොට මෛත්‍රිට සිද්ධ වෙනවා ඒකට මුළුමනින් ම කරගහන්න. මෙතන දි මෛත්‍රි කියන්නෙ මෛත්‍රි වික්‍රමසිංහ නොවෙයි ගොවියා පුත් මෛත්‍රිපාල සිරිසේන.

බන්දුල ගුණවර්ධන රවි කරුණානායක වගේ ම ආර්ථික විශේෂඥයෙක්. බන්දුලට ජාත්‍යන්තර සම්මානයක් නම් ලැබිලා නැහැ. ඒත් බන්දුල අප වගේ නොවෙයි. මහා ප්‍රබුද්ධයෙක්. ඔහුට සිංහල අවුරුද්දක් නැහැ. ඔහු වජිරාරාමෙට ගිහිල්ල සිංහල ද්‍රවිඩ අවුරුද්දක ද මොකක් ද එහෙක නැකැත් ගැන කතා කරන්න. නැකැත් අසුබයි කියලා බන්දුලට ප්‍රශ්නයක් වෙලා. නැකැත් විද්‍යාත්මක කියලා බන්දුල කියනවා ද? බන්දුලට අනුනායක හාමුදුරුවො අනුශාසනා කළ අන්දමක් ගැන වාර්තා වෙලා තිබුණෙ නැහැ.

ද්‍රවිඩ කියන්නෙ දකුණ කියන එක. වින්ධ්‍යා කඳුවැටියෙන් දකුණ. බන්දුල ලංකාවෙ දකුණෙ මිනිසුන් ගැන කතා කෙරුව වෙන්න බැහැ. හින්දු අලුත් අවුරුද්දක් ගැන සඳහන් වෙන්නෙ නැහැ. හින්දු අවුරුද්දක් අද ඉන්දියාවෙ පැවැත්වෙන්නෙ නැහැ. එදා පැවතුනෙත් නැහැ. අප්‍රේල් දහහතර ඉන්දියාවෙ නිවාඩු ලැබෙන්නෙ ප්‍රාන්ත කිහිපයක විතරයි. හින්දු අවුරුද්දක් ගැන කතා කරන්න පුළුවන් තෛපොංගල් දිනයෙන් පටන් ගෙන පමණයි. වෙනත් හින්දු අවුරුද්දක් ගැන කතා කරන්න බැහැ.

ඒත් ඉංගිරිසි කාරයො ලංකාවෙ සිංහල අවුරුද්දට නිවාඩු දෙන විට හින්දු ජනතාවටත් නිවාඩුව දෙනව කියලා කියන්න, එහෙම නැත්නම් තුලනය (බැලන්ස්) කරන්න අවුරුද්ද සිංහල හින්දු කියලා නම් කළා. ඒ කාලෙ මේ රටේ දෙමළ අනන්‍යතාවක් තිබුණෙ නැති බව ඒකෙනුත් පේනවා. නැත්නම් ඉංගිරිසින්ට සිංහල දෙමළ අවුරුද්ද කියලා නම් කරන්න තිබුණා. සිංහල හින්දු අලුත් අවුරුද්දක් ගැන කිවුවට යාපනයේ අපේ වගේ අවුරුද්දක් තිබුණෙ නැහැ. අදත් නැහැ. බන්දුලට යාපනයට යන්න බැරි නම් දහහතරවැනිදාට වැල්ලලවත්තට ගිහිල්ල බලන්න පුළුවන්.

අවුරුදු විස්සකට විතර ඉස්සර පඬියන් සිංහල දෙමළ අවුරුද්ද කියලා කියන්න පටන් ගත්ත. ඒ සිංහල හින්දු කියන එක ගැලපෙන්නෙ නැති නිසා වෙන්න ඇති. ඔය දෙමළ අවුරුද්ද යාපනයට ආවෙ කෝරමණ්ඩල වෙරළෙන් ද සිංහලයන්ගෙන් ද? අපේ පුණ්‍යකාලය ඉන්දියාවෙ නැහැ. යාපනයෙ පුණ්‍යකාලම් කියලා ගාව ගෙන තියෙනවා. ඒත් පුණ්‍යකාලමේ දී වැල්ලවත්තෙ කෝවිලට කී දෙනෙක් යනව ද?

අද බන්දුල ප්‍රබුද්ධයකු නිසා දෙමළ කියන්නවත් කැමති නැහැ. ඔහු නොදන්නා ද්‍රවිඩකමක් ගැන කතා කරනවා. බන්දුල වගේ ප්‍රබුද්ධයන් පාර්ලිමේන්තු යන්නෙ සිංහල ඡන්දවලින් මිසක් ඊනියා ද්‍රවිඩ ඡන්දවලින් නොවෙයි. ඒත් ඔවුන් සිංහලයන්ට තම අවුරුද්ද අහිමි කරනවා. මේ ටික කියවලා කියන්න නලින් ද සිල්වා කියන්නෙ අන්තවාදියෙක් කියලා.

මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org/2017/04/blog-post_11.html
නලින් ද සිල්වා
2017 අප්‍රේල් 11

28
ජන.
17

උරුමයක් නැති ජාතියක්

උරුමය නැතිකරගන්නා ජාතිය

ඉතිහාසය පුරා එකල විවිධ නම් වලින් හැඳින්වූ ලංකාවට ලෝකය පුරා පිලිගැනීමක් ලැබුනේ මහාතිත්ත, ගෝකන්න, ජම්බුකොලපටුන , ගොඩවාය වැනි වරායවල් නිසාය. ඉතිහාසයේ ප්‍රකට නාවිකයින් බොහෝමයක් ලංකාවට ගොඩබැස්සේ බටහිටර හා නැගෙනහිර යා කරන මුහුදු මාර්ගයේ ලංකාව පිහිටි නිසාත් ඉන්දියා මහද්වීපයට සමීපව පිහිටා ඇති නිසාත්ය.ලෝකයේ පැරණිතම පොතක් වන බයිබලයේ තැන් කිහිපයකම සඳහන් වන සොලමන් රජු මැනික්, ඇත්දල, වඳුරන් හා මොනරුන් ආනයන කල ටාෂිශ් නැමති වරාය ලංකාවේ දකුණුදිග වරායකැයි සමහර ඉතිහාසඥයෝ තර්ක කරති.ක්‍රිස්ටෝපර් කොලොම්බස්ටත් පෙර ලෝකය වටා ගියායැයි විශ්වාස කෙරෙන ෂෙන්ග් හේ නැමති සුප්‍රකට චීන නාවිකයා සිය දීර්ඝ මුහුදු චාරිකා 7න් 6 කදීම ලංකාවට ගොඩ බැස ඇත. 11-12 වන සියවස්වල චීන වරායන්ට පැමිනි සමහරක් විශාලතම වෙළඳ නැව් පැමිනියේ ලංකාවෙන් බව පැරණි චීන පොත්පත්වල සඳහන්වේ. රෝම අධිරාජ්‍යට ලංකාවෙන් දූතයින් පැමිනි බව ප්ලියිනි නැමති රෝම ඉතිහාසඥ්යා ලියා ඇත. මෙවැනි ප්‍රෞඨ නාවුක ඉතිහාසයකට අපට හිමිකම් කිව හැක්කේ අපේ භුගෝලිය පිහිටීම හා වරාය සම්පත් නිසාය. එමෙන්ම ලංකාවේ වර්ග කිලෝමීටර 65,000ක් භූමි ප්‍රමානය මෙන් 25 ගුනයක මුහුදු කලාපයක් එක්සත් ජාතීන්ගේ නවතම මුහුදු සීමා නීර්ණ නීතිය යටතේ අපට මෑතදී අයිතිවූ නිසා අනාගතයේ රට සංවර්ධන ක්‍රියාවලියේ සාගර ආශ්‍රිත ආර්ථික විසඳුම් ඉතා වැදගත් වනු ඇත. චීනයට හම්බතොටත් ඉන්දියාවට ත්‍රීකුණාමලය හා කන්කසන්තුර වරායනුත් දීර්ඝ කාලීන ගිවිසුම් යටතේ බදු දීම අනාගත පරපුර පවාදීමක් ලෙස මා දකින්නේ ඒ නිසාය. මේ වරායවල් අද ලබන හෝ නොලබන ආදායම ගැන කතාකරනවා වෙනුවට බුද්ධිමත් ජාතියක් සාකච්චා කල යුත්තේ හොඳ කලමණාකරනයක් යටතේ අනාගතයේ ලබා ගත හැකි ආදායම ගැනය. මේවා ගැන කතා කරණ විට එය දේශපාලනය කතාකිරීමක් ලෙස සිතා නොසතුටට පත්වන ශ්‍රී ලාංකිකයන් හුදකලා චරිත නොවේ. අප තාමත් මෙතන සිටින්නේ එවැන්නන් බොහෝ දෙනෙකු ඉතිහාසය පුරා මේ රටේ ජීවත් වූ බැවිනි.

උපුටා ගැනීම – ආචාර්ය නාලක ගොඩහේවාගේ මුහුණු පොතින්

28
ජන.
17

ගැහැනු දරුවන්ට වැල්ලේ හෙලුවෙන් සිටින්නට අවසර දිය යුතු ය.

http://www.helabima.lk/

යුද්ධ කා‍ලයේ දේශීය, විදේශීය වෙබ්, පුවත්පත්, සගරාවල පළ වූ ලිපි 2000ක පමණ එකතුවක් මා සතුව තිබේ. ඒවා නැවත විමර්ශනය කරන විට ඉස්මතු වන්නේ ඇත්තටම, ‘යුද්ධය කළේ කොහොමද?’ කියන ගැටලුව ය. මහින්ද පාවා දුන් මෛත්‍රී වැන්නෝ ය. ගෝඨා ගේ අණට කීකරු නැති ෆොන්සේකා වැන්නෝ ය. සියල්ලට කට දාන ජේ.වී.පී. වැන්නෝ ය. මහින්ද ගේ ජන්මාන්තර ‍වෛරක්කාරයකු වන පාඨලී වැන්නෝ ය. මහින්ද, වහකදුරු කරගත් රතන හිමි වැන්නෝ ය. දිය යටින් ගින්දර ගෙන යන රාජිත වැන්නෝ ය. අමෙරිකාව ප්‍රමුඛ බටහිරට අවශ්‍ය දේ කරන රනිල් වැන්නෝ ය. ජාත්‍යන්තර න්‍යායපත්‍ර අතට ගත් ටී.එන්.ඒ. වැන්නෝ ය.

එහෙත් කිසිදු පාවා දීමක් සිදු වූ බවක් පෙනෙන්නට නැත. කොටි සංවිධානයේ ප්‍රධාන නායකයන් 50 දෙනෙකු සමග ඔවුන් ගේ පවුල් බේරා ගැනීමට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මැලේසියාවේදී සැලසුම් කළ lock off සැලසුම ද ව්‍යර්ථ කරමින්, යුද්ධයට නායකත්ව දුන් රජයේ සහ හමුදා ප්‍රධානීන් ගේ පවුල්වල ජීවිත පරදුවට තබමින් ප්‍රභාකරන් ඇතුඵ කොටි නායකයන් සමූල ඝාතනය කිරීමට ගත් තීරණය සැබැවින්ම පුදුම සහගත ය. ඒ මොහොත කොටි සංවිධානය සමූල ඝාතනය කිරීමේ මොහොත ම ය. සියල්ල ටක්කෙට හරි ගියේ ය.

එහෙත් අද?

රට කැද හැලියකි.

මාගේ ලිපි එකතුවේ තිබෙන වැදගත් ලිපි අතර, ගෝමින් දයාසිරි මහතා, 2009 ජනවාරි 13 වැනිදා Asian Tribune වෙබ් අඩවියට ලියා තිබෙන After Prabhakaran-what next? මාගේ අවධානයට ලක් වූ එක් සුවිශේෂී ලිපියකි. එය ආරම්භ කර තිබෙන්නේ මෙසේ ය.

A Prabhakaran dead can be more menacing than a Prabhakaran alive. (ජීවත් වන ප්‍රභාකරන් කෙනකුට වඩා, මියගිය ‍ප්‍රභාකරන් කෙනකු බෙහෙවින් තර්ජනකාරී විය හැකි ය.)

ගෝමින් මහතා මේ ලිපිය ලියා තිබෙන්නේ, 2009 ජනවාරි මාසයේ ය. එනම් ප්‍රභාකරන් ඝාතනය වන්නට මාස 4කට පමණ පෙර ය. ඔහු ජාතියේ ගෞරවයට පාත්‍ර විය යුතු සැබෑ බුද්ධීමතකු වන්නේ ඒ නිසා ය. ජාතියට සිදු කළ මෙහෙවරක් ලෙස, ගෝමින් මහතා, ලියූ මේ තනි වාක්‍යය පමණක් වුව සෑහේ. ඔහු 2009 දැක ඇත්තේ, අද, එනම් 2015දී සිදු වෙමින් පවතින තිත්ත ඇත්ත ය.

අන්තර්ජාතික දේශපාලන ක්‍රියා ගැන නිසි අවබෝධයක් නැති, ගොබ්බ සිංහලයන් බහුතරයකට නො වැටහෙන යථාර්ථය ද මෙය ය. වැටහෙන්නෝ පැස්බර ව්‍රතයෙන් හිස වැල්ලේ ගසා ගෙන, රටට පශ්චාත්භාගය පෙන්වමින් සිටිති. අජූව ය.

යටත්විජිත සමයේ මෙරටට ආ ජොන් ඩොයිලිලා, සිංහල, පාලි, සංස්කෘත භාෂා මැනවින් හදාරා, ගැමියන් මෙන් හැසිරෙමින්, විට කමින්, කඩපොළවල රංචු ගැසෙමින් සිංහල සමාජයේ ඇතුළාන්තය හොදින් වටහා ගන්නට වැඩ කළේ ය. සිංහලයන් ගේ දක්ෂතා ද, හැකියාවන් ද, ප්‍රබලතා ද, දුර්වලතා ද, මැනවින් හැදෑරුවේ ය. අවසානයේ සියල්ල එංගලන්තයට වාර්තා කළේ ය.

ඔහු ගේ කෛරාටිකම, කොපමණ ද යත්, අදටත් සිංහලයන්ට තේරුම් ගත නො හැකි වන ආකාරයේ, ජනකතා වර්ග නිර්මාණ ක‍ළේ ය.

මහදැනමුත්තා ගේ කතා, ගමරාළ ගේ කතා යනු ඒවා ය.

ඒ කතාවලට අනුව ගමේ, ගමරාළ යනු මෝඩයෙකි. ගමේ මිනිසුන්ට දැනමුතුකම් දුන් මහදැනමුත්තා මෝඩයෙකි. ගොබ්බ සිංහලයෝ අදටත් ඒ ජොන් ඩොයිලි ගේ කථා කුඩා දරුවන්ට මහත් උවමනාවෙන් කියා දෙති. තමන් ජාතක වී තිබෙන ජාතිය, පට්ට මෝඩ ජාතියක් බව කියා දෙති.

අදටත්, ලංකාවේ ඕනෑම පොත් කඩයකින් මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා සංස්කරණය කළ, ගොඩගේ ප්‍රකාශන ‘මහදැනමුත්තා ගේ කතා මාලාව’ මිල දී ගත හැකි ය. මිල දී ගන්නෝ ය. (මහාචාර්ය ජේ.බී. කොපමණ සිංහල සමාජයට ආදරේ කරන්නකු වුවත්, මේ යටිකුරු දේශපාලනය දන්නේ නැත.)

‘සිංහලයා මෝඩයා-කැවුම් කන්න යෝධයා’ යනු ජොන් ඩොයිලිලා ගේ ව්‍යාපෘතියේ වැඩ ය. මේවා අද ජාතික මත බවට පත් ව තිබේ. ‘ජනවාරි 29දා අතුරු අයවැයෙන් අපි මිනිස්සුන්ට බඩ කට පුරා කන්න දෙනවා’ යයි රාජිත ‍සේනාරත්න කීවේ ද ඒ අනුව ය.

සිංහල ජාතියට අවමන් කරමින් ජොන් ඩොයිලි සිදු කළ අධ්‍යාත්මික විනාශයට එරෙහි ව, කුමාරතුංග මුනිදාස සූරීන් ලියු ‘හීන්සැරය’ පිළිබද ව අපට වගේ වගක් නැත.

අද ‘හීන්සැරය’ යනු ඇඩ් ඒජන්සියකි.

වර්තමාන‍යේ සිංහල සංස්කෘතියට අවමන් කරමින්, සිංහල උරුමය විනාශ කරමින් සිටින පිරිස් උවමනාවටත් වඩා සිටිති. ඔවුන්ට සමාජයේ වෙසෙස් තැන් හිමි වේ. අද බුද්ධිමතා යනු, සිංහල සමාජයට, සිංහල සභ්‍යත්වයට ගරහන්නා ය.

යටත්විජිත සමයේ සිංහල සමාජය අධ්‍යාත්මික ව බිද වට්ටන අතරේ, ඉංග්‍රීසි ආණ්ඩුව විසින් උතුරු ප්‍රදේශයේ ඉහළ පහසුකම් සහිත අධික පාසල් සංඛ්‍යාවක් ගොඩ නැගිණි. ඔවුන් හැකි පමණ අධ්‍යාපනයට යොමු කෙරිණි. අවසානයේදී රජයේ තනතුරු සදහා ඔවුන්ට වැඩි ඉඩකඩක් වෙන් කෙරිණි. නව දෙමළ බුද්ධිමතුන් ගේ සමාජ පන්තියක් නිර්මාණය කර ගැනිණි. අනාදිමත් කාලයක් සිට පැවතුණු සිංහල සමාජයේ සහජීවනයෙන් වෙන් කෙරුණු බෙදුම්වාදී දෙමළ සමාජයක් ගොඩ නැගිණි. අවසානයේදී ඊට දේශපාලනික මුහුණුවරක් ආරූඪ කරමින් මැලේසියානු ජාතිකයකු වූ චෙල්වනායගම් මෙරටට ආනයනය කළේ ය. වාර්ගික අරමුණක් ඔස්සේ, ‘උතුරේ කිරුඵ නොපළන් රජු’ යයි කී ඔහු ලවා, ‘ෆෙඩරල් ක්‍රමය’ යෝජනා කෙරෙව්වේ ය.

දෙමළ අර්බුදය ඇති කරන ලද්දේ එසේ ය.

යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ඇද වැටී තිබුණු, දෙමළ මුස්ලිම් සමාජ දැන් අවදි වෙමින් තිබෙන බව එහි ගොස් ගැඹුරින් තොරතුරු විමර්ශනය කරන්නකුට හොදින් අවබෝධ කර ගත හැකි ය. කොටි සංවිධානය වැනි අන්තවාදී සංවිධාන කවර ව්‍යසනයක් රටට සිදු කළ ද, දුප්පත් ගෙවල, ඇතැම් විට කදවුරුවල සිට අධ්‍යාපනය හදාරන දෙමළ, මුස්ලිම් දරුවන්ට ආදරය කළ හැකි තරමේ පුඵල් හදවතක් අපට තිබිය යුතු ය.

කිලිනොච්චි ප්‍රදේශයේ සිට ඉදහිට මට දුරකථනයෙන් කථා කරන, කිසිදා දැක නැති, අමරසිංහ නම් වූ හමුදා භටයෙක් සිටී.

‘සර්, මෙහේ දෙමළ දරුවන්ට පොත් නැහැ. ඇදුම් නැහැ. කාට හරි කියලා මොනවා හරි උදව්වක් කරන්න සර්, පව් සර්’ ඔහු කියන්නේ ය. මම ඔහුට හැකි පමණින් උදව් කර ඇත්තෙමි.

මේ සිංහල යුද භටයා යනු කවරෙක් ද?

උතුරේ දෙමළ ජනතාව ඝාතනය කරන්නට ගියා යයි කියන, තරුණියන් දූෂණය කරන්නට ගියා යයි කියන, ආණ්ඩුවේ පඩි කන බව කියන හමුදා භටයා ය.

පසුකාලයක අමරසිංහ මට කථා නො කරන කාලයක් උදා විණි. ඉන්පසු යළිත් දිනයක දුබල හඩින් කථා කළේ ය.

‘මොකද අමරසිංහ?’ මම අැසුවෙමි.

‘පොඩි කරදරයක් වුණා, සර්’ අමරසිංහ කීවේ ය.

‘මොකක්ද?’

‘නෝනා දික්කසාද නඩුවක් දැම්මා…දන්නේ නැද්ද සර්, මං මෙහේම නේ ඉන්නේ’

දෙමළ දරුවන්ට ආදරය කරන්නට ගිය අමරසිංහ, අවසානයේදී තමන් ගේ පෞද්ගලික ජීවිතය ද විනාශ කර ගත්තේ ය.

මේ, අමරසිංහ ගේ කථාව අතුරු කථාවකි.

මෙවැනි මිනිසුන් ගේ ද උදව්වෙන් අද ඉගෙන ගනිමින්, උසස් අධ්‍යාපනයට යොමු වන දෙමළ, මුස්ලිම් දරුවන්ට පිටිබල දෙන දැවැන්ත යටිතළ පහසුකම් සංවර්ධනයක් උතුරු/නැගෙනහිර ප්‍රදේශයන්හි සිදු ව තිබෙන බව ද සදහන් කළ යුතු ය. එ් ගැන අපට ඇත්තේ සතුටකි. විශේෂයෙන් පසුගිය ආණ්ඩුව සිදු කළ පාළම් ඉදි කිරීම නිසා, ඒ ප්‍රදේශයන්හි දරුවන් ගේ ගමන් කාලය, පැය 6-7 සිට පැය 1 1/2, 2 දක්වා අඩු වී තිබේ. දැන් එහි ආසන්න නගරවල පෞද්ගලික පන්ති ගොඩ නැගී තිබේ. ඔවුන් මෙතෙක් කලක් තිබුණු අසීමිත අධ්‍යාපන පිපාසය මෙකල සන්සිදුවා ගනිමින් සිටිති. එය සුබවාදී දෙයකි. රටට යහපතකි. පිනකි.

එහෙත් ඒ සමග සිදු විය හැකි අනාගත අනතුරක් ද තිබේ.

ඔවුන් ඉගෙන ගන්නා අතරේ, සිංහල දරුවෝ ටින්-ටින් බලමින් සිටිති. සුපර්මෑන්ලා එක්ක ජීවිත ගෙවති. හැරිපෝටර් කියවති. කඩචෝරු කමින් සිටිති. ක්ෂණික ආහාරවලට පිස්සු වැටෙති. පකිස්ථානයෙන් ගෙන්වන මත්ද්‍රව්‍ය සහ බාබුල් විටට හුරු වෙමින් සිටිති. ටෙලිවිෂන් දුරාචාරයට ඇබ්බැහි වෙති. රටේ අැති වෙමින් තිබෙන අවදානම්සහගත ලිංගික සමාජ ප්‍රවණතාවන්ට ගොදුරු වෙමින් සිටිති.

සමාජ සංවර්ධනය වෙනුවට තම තමන් ගේ ලිංගික අසහන සදහා ප්‍රතිකර්ම සොයන විපරීත සිංහල බුද්ධිමත් ගොබ්බයන් ගේ නිර්දේශ, අද ප්‍රතිමාන බවට පත් වී තිබේ.

‘අප ගේ ගැහැනු දරුවන්ට ඉරිදාටවත් මුහුදු වැල්ලේ හෙලුවෙන් සිටින්නට අවසර දිය යුතු ය’යි කීවේ, ආචාර්ය ලියනගේ අමරකීර්ති ය.

‘අප රටත්, ගෑනුන් ෂෝකේස්වල දමා විකුණන බටහිර දියුණු සමාජ තත්ත්වයට ළගා විය යුතු බව’ කීවේ ආචාර්ය චන්දන පාලිත ය. (චන්දන පාලිත යනු ප්‍රවීණ නිළි කෞෂල්‍යා ප්‍රනාන්දු ගේ සැමියා ය. සෝමලතා සුභසිංහ මහත්මිය ගේ බෑණා ය. )

ඒ අනුව ඉතිහාසය නැවත වරක් සිදු වනු ඇත.

‘Beggars cannot be choosers’ හෙවත් ‘හිගන්නන්ට තෝරා ගැනීම් නැත’ යනුවෙන්, සිංහල සමාජයට එරෙහි ව, කොටි සංවිධානය අන්තර්ජාතික ව සිදු කළ මෙහෙයුම් සාර්ථක වනු ඇත.

යටත්විජිත සමයේ සැලසුම්සහගත ව සිදු කෙරුණු අාකාරයට, රටේ වගකිය යුතු තැන්වලට සුදුසුකම් මත පත් වීමේ අවස්ථාව සිංහල සමාජයට අහිමි වනු ඇත. ඉන්පසු සිදු වන්නේ දෙමළ, මුස්ලිම් සමාජයට එරෙහි ව ‘කෝටා’ ඉල්ලීම ය. විවිධ අන්තවාදී සංවිධාන බිහිවීම ය. රතන හිමි-පාඨලී වැනි අමුතු ගේම්කාරයන් බිහි වීම ය.

රට ලේ විලක් වීම ය.

10
දෙසැ.
16

රනිල්ට පුක දුන්න මාධ්‍යවේදී පොන්නයා ….ඕන හු…තක් ලියා ගන්නවා… මේ අපේ ආන්ඩුව…සිපෙට්කෝ සභාපති

ඕන හුත්තක් ලියා ගන්නවා.. පයිත්තියන් නැතිව ඉන්නවා ඕයි.. – සිපෙට්කෝ සභාපති මාධ්‍යවේදියාට අමු කුණුහරුපෙන් බැණ වදී..

ඕන **තක් ලියා ගන්නවා.. පයිත්තියන් නැතිව ඉන්නවා ඕයි.. – සිපෙට්කෝ සභාපති මාධ්‍යවේදියාට අමු කුණුහරුපෙන් බැණ වදී..

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ටී.ජී. ජයසිංහ මහතා විසින් දේශය පුවත්පතේ මාධ්‍යවේධී ප‍්‍රසද් අබේවික‍්‍රමට අසභ්‍ය වචනයෙන් බැණ වැදී තිබේ.

තෙල් සංස්ථාව සම්බන්ධයෙන් මේ ඉරිදා දිනයේ දේශය පුවත්පතේ පලවන ලිපියකට අදාල තොරතුරු සම්බන්ධයෙන් විමසීමේදී සභාපතිවරයා ඔහු ඉතා අසබ්‍ය ලෙස බැණ වැදී ඇත.

‘මගෙන් කුණුහබ්බ අහන්නේ නැතිව ඕක තියනවා. තමුසෙලාට හැදිච්ච රුදාව මොකද්ද ඕක දාන්න. නිකම් පයිත්තියන් නැතිව ඉන්නවා ඕයි. මට ඕවාට උත්තර දෙන්න අවශ්‍ය නෑ ඕයි. තමුසේ ඕන **තක් ලියා ගන්නවා’ යයි සභාපතිවරයා එක දිගටම ඔහුට බැන වැදී දුරකතනය විසන්ධි කර ඇත. වයස අවුරුදු 75ක් වන මෙම සභාපතිවරයා ධුරය දරන්නේ රාජ්‍ය සේවයේ උපරිම වයස් සීමාව පවා ඉක්වමා තිබියදීය.

04
දෙසැ.
16

ධර්මන්ගේ ජවිපේ 2වැනි කැරැල්ල පොත එළිදැක්වීම…

sinhala-book-launch-jvp-2nd-revolution-198690

ජවිපේ තිරිසනුන් දැන් කරමින් සිටින්නේ මේ රනිල්ගේ කාලකන්නි ආන්ඩුව සමග හැමනීමයි. ගැටලුව නම් ටිල්වියා නම් තිරිසනා අනුර කුමාර දිසානායක වගේ බල්ලෙක් ට නායකකම දී රනිල්ට පුක දෙන්න තීන්දුකිරීමයි… තොපිට තව වසරකින් මේ කරන වරදට සාපය වදිනවා….

කැරළිකරුවන් මුළු රටම සිය අනසකට යටත් කරගෙන තිබුණි. යූඇන්පී දූෂිත මිනීමරු පාලකයින්ට කිසිවක් පාලනය කරගත නොහැකි විය. තරුණයින් අත්අඩංගුවට ගෙන මරාදමමින් භීෂණය වපුරා කැරළිකරුවන් බිය වැද්දීමේ ක්‍රමය අසාර්ථක වී තිබුණි. බොහෝවිට අත්අඩංගුවට ගෙන මරා දැමුවෝ පැවති පාලනයට විරුද්ධවූවන් වුව ද කැරළි කරුවෝ නොවීය. තවදුරටත් සිය පාලනය පවත්වාගෙන යාමටනම්  කෙසේ හෝ කැරැල්ල මර්දනය කළ යුතු   තැනට ආණ්ඩුව පත්විය. එයට අලුත් අලුත් අත්හදාබැලීම් එක් වී ක්‍රියාවට නැගින.

  1. එ.ජා.ප ප්‍රාදේශිය නායකයන් විසින් ලබාදෙන නාම ලේඛනයට අනුව පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම.
  1. “බිල්ලා” මගින් කැරළිකරුවන් හඳුනා ගැනීම.
  1.  අත්අඩංගුවට ගැනීමට නොහැකි කැරළිකරුවන් වෙනුවට ප්‍රාණ ඇපකරුවන්    අත්අඩංගුවට ගැනිම.

                 පළමු ක්‍රමයට එ.ජා.ප ප්‍රාදේශීය නායකයන් තමන්ගේ පුද්ගලික තරහකරුවන් ද, කැරළිකරුවෝ ලෙස උපකල්පනය කළ අය ද තමන්ගේ ආදිපත්‍යය බිඳ දමාවියැයි සැකයෙන් කැරැල්ලට කිසිසේත් සම්බන්ධ නොවූ, එහෙත් දක්ෂ සමාජ ක්‍රියාකාරීන් වූ තරුණ තරුණියන් ද ශ්‍රී.ල.නි.ප ක්‍රියාකාරීන් ද සිය ජඩ වැඩ වලට එරෙහිව ඍජුව කතාකළ තරුණ භික්ෂූන් ද …. ලේඛන ගතකර වධකයින් වෙත ලබා දුනි.

                  ඒ අනුව ක්‍රියාත්මක වූ ඝාතකයෝ ගම් බිම් පීරා ඉවක් බවක් නැතිව තරුණ තරුණියන් අත්අඩංගුවට ගත්හ. හමුදා කඳවරු හා පොලිස්ථාන වල ඉඩකඩ මදි වූ හෙයින් රට පුරා අලුත් හමුදා කඳවුරු හා වධකාගාර ඉදිවිය.  ජීවිතය ඉල්ලා  යදින තරුණ තරුණියන්ගේ වැළපීම් ද සාප කිරීම් ද ගහලයින්ගේ ගෝරනාඩු ද නිරන්තරයෙන්ම වධකාගර තුළින් නැගෙන්නට විය. මේ සියල්ල මධ්‍යයේ වුව ද කැරළිකරුවන්ගේ ක්‍රියාකාරීත්වය මදකට හෝ අඩු වූ බවක් දක්නට නොවීය. සිදු වූයේ ඒවා තව තවත් වර්ධනය වීම හා බිහිසුණු වීම පමණකි. ඒ අනුව දෙවන ක්‍රියාමාර්ගය හෙවත් බිල්ලා මගින් කැරලිකරුවන් හඳුනාගනීමේ ක්‍රමයට වධකයින් අවතීර්ණ විය.

                     දෑසට පමණක් විවර දෙකක් තැබූ රෙද්දකින්  මුළු ඇගම වසා ලූ බිල්ලා  ලෙස පෙනී සිටියේ බොහෝවිට,

  1. ප්‍රාදේශිය එ.ජා.ප නායකයෙක්
  1. ග්‍රාම සේවක
  1. අත් අඩංගුවට ගත් කැරළිකරුවෙක්

                මෙම ක්‍රමය ක්‍රියාවට නගනුයේ බොහෝවිට නගරයේ ක්‍රීඩාපිටියක් වැනි ඉඩ කඩ ඇති ස්ථානයක දී ය. භීෂණය කෙතරම් උත්සන්න වී තිබුණ ද ඔබට අත්‍යාවශ්‍ය කටයුතු සඳහා නගරයට යාමට සිදුවනු ඇත. එවැනි අවස්ථාවක දී නගරයේ සැරිසරන්නන් සියල්ලම ක්‍රීඩා පිටියට ගාල්කර පෝලිම් ගස්සවා බිල්ලා ට පෙනෙන ලෙස ගමන් කරවයි. බිල්ලා තිරස්ව හිස වනන්නේනම් ඔබ නිදහස්ය. සිරස්ව හිස වනන්නේ නම්, ඒ ඔබ මෙලොව ජීවත්වන අවසාන දවස විය හැකියි.

               මේ වනවිට රටේ සාමාන්‍ය ජන ජීවිතය මුළුමනින්ම අඩාල වී තිබුණි. පාසල් හා විශ්ව විද්‍යාල වසා දමා තිබූ අතර ඒවා කිහිපයක් වධකාගාර හා සිර කඳවුරු බවට පත්කර තිබුණි. හන්දියක් හන්දියක් ගානෙ ටයර් සෑ ඉදිවිනි. ඒවා සමහරක් දොළොස්මහේ පහන් ලෙස නම් කෙරින. හිස සුන් තරුණ මළසිරුරක් පාව නොගිය ගගක් රටේ නොවීය. බල්ලන්ට ද කබරයන්ට හා කිඹුලන්ට ද අහාර අහේනියක් නොවිනි. ටයර් සෑ මත බාගෙට පිළිස්සුන මළසිරුරු බල්ලන්ගේ දෛනික ආහාර වේල සරිකරලීය. මෙසේ මිනීමසට ලොල් වූ බල්ලන් රංචු පිටින් පණ ඇති මිනිසුන් පසුපස හඹා ආ පුවත් ද පසු කළෙක අසන්නට ලැබිණි.

                             වධකාගාර හා හමුදා කඳවුරු අසල  අතුරුදහන් වූ දරුවන් සොයා යන දෙමව් පියන්ගේ පෝලිම තව තවත් දිග්ගැස්සිනි. කෙතරම් කන්නලව් කළ ද සිය දරුවන් ඔවුනට නොලැබිණි. සාප කිරීම් වලද  අදෝනාවලද නිමක් නොවීය. කිසා ගෝතමියක් නොමැති ගෙයකින් අබැටක් සොයා ගැනීම අපහසු විය.

                            මේ ’89 වසරේ අගභාගයයි, අරගලයේ නායකයින් බොහෝ දෙනෙකු අත්අඩංගුවට පත්වී හෝ ඝාතනය වී තිබුණි. ඒ අතර රෝහණ විජේවීරයන් ද උපතිස්ස ගමනායක, ආනන්ද ඉඩමේගම, උපාලි ජයවීර,එච්.බී. හේරත් වැනි ප්‍රධාන පෙළේ නායකයන් ද විය. මේ තත්ත්වය තුළ අරගලය පරාජය වන බවට තිසිදු සැකයක් නොවීය. සියළු සබඳතා ගිලිහුන කැරළි කරුවෝ කුඩා කණ්ඩායම් ලෙස තැන තැන හුදකලා සටන්වල නියැලිනි. ඔවුන් ඉතා ආරක්ෂාකාරී ලෙස සැගවී සිටි නිසා අත් අඩංගුවට ගැනීම පහසු නොවීය. එහෙත් මර්දනය සාර්ථක වන්නටනම් ඔවුන්ද  අත්අඩංගුවට ගතයුතුවිය. ඒ සදහා ප්‍රාණ ඇපකරුවන් අත්අඩංගුවට ගැනීමේ තෙවන ක්‍රියාමාර්ගය ද ක්‍රියාවට නැගින.

මතු සම්බන්දයි………

ප/ලි : මේ ලිපිය කියැවීමේ දී හැකි තරම් කාලයට සාපේක්ෂ වන්න. 

Posted by Sumith Niriella at 2:29 AM




අනවශ්‍ය දේවල්

  • 151,551 ක් බැළුවා

මරුවා වැහෙන දින

මැයි 2017
බ්‍ර සි සෙ
« අප්‍රේල්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය