Archive for the 'පත්තිරිප්පුව' Category

06
දෙසැ.
18

මම විභාගෙට ලිව්වෙ චූටි මල්ලිත් වඩාගෙන

Nilan SalindaLike Page

” මම විභාගෙට ලිව්වෙ චූටි මල්ලිත් වඩාගෙන… ”
කිරි සප්පයන් දෙදෙනකුට අම්මා වුණ දස හැවිරිදි අක්කා 😢😢😢

උඩුදුම්බර තෙල්දෙණිය කොට්ඨාසයේ රඹුක්වැල්ල කනිෂ්ඨ විද්යාලයේ පහ වසරේ ඉගෙනුම ලබන නිලූෂා දිල්ෂානි සිසුවිය පිළිබඳ සංවේදී පුවතක් අසන්නට
ලැබුණි. කුඩා සහෝදරයන් දෙදෙනෙකු සමඟ මේ දියණිය තනිකර දමා ඔවුන්ගේ මව විදේශ රැකියාවකට ගොසිනි. පියා ද නිවස හැර ගොස් ය.

ආච්චි අම්මාගේත්, සීයාගේත් රැකවරණය ලබන මේ දරුවන් ගෙවන ජීවිතය ඉතාම කටුකය. පාසල් අවසන් වාර විභාගය පැවති පසුගිය දිනෙක ඇය වයස අවුරුදු දෙකක් තරම් වූ කුඩා සොහොයුරා ද වඩාගෙන ගියේ මල්ලී ගේ රැකවරණයට නිවෙසේ කිසිවකු නොසිටි නිසාය. විභාගය ලිවීමේ දැඩි අවශ්යතාවය ද නිසාය. පාසලේ ගුරුවරු පවසන්නේ අත දෙන්න කෙනෙක් සිටී නම් ඉගෙනීමට දක්ෂ මේ දියණිය බොහෝ දුර යන බවයි. මේ ඒ දිරිය දියණිය ගේ කතාවයි.

‘මම රට යන්නද පුතේ’ අම්ම දවසක් මගෙන් ඇහුවා. ඒ වචනවල තේරුම හරියට ම නොතේරුණත් මට මතක් වුණේ චූටි මල්ලි.

’එපා අම්මෙ. අම්ම රට ගියා ම චූටි මල්ලි බලාගන්නෙ කවුද?’ කියල මම අම්මට කිව්වා.

ඒත් කටු මැටි ගහපු එකම එක කාමරයක් තියෙන පුංචි ගෙදර වෙනුවට වීදුරු ජනෙල් දාපු ලස්සන ගෙදරක්, ලොකු ටී.වී. එකක්, කතා කරන බෝනික්කෙක්, රසම රස චොක්ලට් ගොඩාක් අරන් දෙනවා කියද්දි නම් අම්ම රට ගියොත් හොඳයි කියල මටත් හිතුණා.

’මේ කිරි සප්පයෝ තුන් දෙනෙක් තනිකරල උඹ රට රාජ්ජෙ ගියාම උන්ට යන කල මොකක්ද?’ කියල කිරි අම්මයි, කිරි අත්තයි හැම වෙලාවෙම අම්මට දොස් කිව්වා. තාත්තත් රණ්ඩු වුණා. ඒ විදිහට ටික කාලයයි ගෙවුණේ. දවසක් අම්මා උදෙන් ම ගමනක් ගියා.

’මගෙ දුව මල්ලිලා දෙන්න බලාගෙන පරිස්සමට ඉන්න ඕන’ කියල අම්ම ගෙදරින් පිට වුණේ මගේ මූණත් ඉඹල. අම්ම එහෙම කියන කොට මට හිතුණෙ මම දැන් ලොකු ළමයෙක් කියල. මගෙ හිතට හරි සතුටක් දැනුණා. සීතලේ නිදා ගෙන හිටපු චූටි මල්ලිට රෙද්දකුත් පොරවලා මම එදා ඉස්කෝලෙට ගියා. දවල් ගෙදර එන කොටත් අම්ම ගෙදර ඇවිත් නෑ. නැඟිටපු වෙලාවේ ඉඳන් බඩගිනිවෙලා අඬන චූටි මල්ලි ගේ ඇස් දෙකත් ඉදිමිලා. කටහඬත් වෙනස්වෙලා.

’කොලු පැටියා බත් කටක් කන වයසක ද ඉන්නේ. උදේ ඉඳන් ම තේ කහට ටික විතරයි.’ කියල කිරි අම්මත් අඬනවා. මම ගේ ඇතුළට දිව්වා. ළිප මුල්ලේ කෙළවරක තිබ්බ පිටි ටින් එකේ අඩියට වෙන්න තිබුණු පිටි ටික සූරලා මම කිරි අම්මට දුන්නා. ඈ හදල දුන්නු කිරි ටික එක හුස්මට බීපු චූටි මල්ලියා ඇඬීම නවත්තලා ලස්සනට හිනා වුණා. අම්ම ගේ මූණටත් වඩා මල්ලිගෙ ඒ හිනාව මට හැමදාම මතක් වෙනවා.

එදා හැන්දෑවෙ අම්ම කොහේදෝ ඉඳලා උඩහ ගෙදර නැන්දට කෝල් කරල තිබුණා. ‘මම රට යනවා කියලා අම්මට කියන්න.’ නැන්දා ඒ පණිවිඩේ කිව්වේ පුදුම වෙලා. ඒ වෙලාවෙ මගෙ පපුව හිරවෙනවා වගේ දැනුණා. ඇස්වලින් කඳුළු බේරුණා. නැන්දා කියන්නේ බොරු. මේ ඉන්නේ අපේ අම්මා. අම්ම ලස්සනට හිනාවෙවී ගේ ඉස්සරහ හිටගෙන ඉන්නවා වගේ මට දැනුණා. මම ඇස් දෙක පිහදාලා හොඳට බැලුවා. අම්ම හිටියෙ නෑ.

ඒ දැනට අවුරුද්දකට විතර කලින්. එදා ඉඳන් අපි හැදුණේ කිරි අම්මා ළඟ. වෙනදා අම්මා ගේ තුරුලේ හිටපු චූටි මල්ලියා දැන් නිදා ගන්නේ මට තුරුල් වෙලා. මද්දු මල්ලි දකුණු පැත්තේ. රෑට බඩගිනි වෙලා සැරෙන් සැරේ ඇහැරිලා අඬන චූටි මල්ලි නළවන්නෙත් මම. හිස් සූප්පුවක් දීල උකුලේ තියලා නළවන කොට මල්ලිට ආයෙත් නින්ද යනවා. මටත් නින්ද යනවා.

අම්මා ගිය දවසෙ ඉඳන් අපේ තාත්තත් හැමදාම ගෙදර එන්නෙ නෑ. රස්සාව කුලී වැඩ. ඒත් හැමදාම වැඩ නෑ. මාසයකට දෙකකට සැරයක් චූටි මල්ලිට කිරි පිටි පැකට් එකක් ගෙනත් දෙනවා.

දවසක් කිරි අම්ම මාත් මල්ලිලා දෙන්නත් එක්ක අපේ පළාතේ ආණ්ඩුවේ ලොකු කන්තෝරුවකට ගියේ තාත්ත ඉඳල හිටල ගෙනත් දෙන කිරි පැකට් එකෙන් විතරක් මල්ලිගෙ බඩ පුරවන්න බැරි හින්දා. අපේ කතාව අහගෙන හිටිය ඒ කන්තෝරුවේ ලොකු මහත්තයා කිව්වේ ‘මොනව කරන්නද අම්මේ. මගේ සාක්කුවෙන් දෙන්න ද?’ කියලා. වචනයක්වත් කතා නොකරපු කිරි අම්ම අපි තුන්දෙනත් අරගෙන ආපහු හැරුණා.

කිරි අම්මගේ ඇහෙන් වැටුණු කඳුළුවලින් මල්ලිගේ පිට තෙමෙනවා මම දැක්කා. කිරි අම්මට තවත් දුක හිතෙයි කියලා මම අහක බලා ගත්තා. දවසක් චූටි මල්ලිට කිරි බෝතලේ දෙන කොට මද්දු මල්ලිත් ඒ කිරි ඉල්ලලා ඇඬුවා.

’මගෙ හොඳ මල්ලිනේ, ඔයා අඬන්න එපා. ඔයාට බත් කන්න පුළුවන්නේ. මේ පිටි ටික ඉවර වුණොත් චූටි මල්ලි බඩ ගින්නේ නේද?’ මම මල්ලිව තුරුලු කරගෙන එහෙම කිව්වා. මගේ මල්ලිත් චූටි මල්ලිට හරිම ආදරෙයි. එයා ආයේ කවදාවත් පිටි කිරි ඉල්ලලා ඇඬුවේ නෑ.

අපේ තනියට කිරි අම්ම ළඟ හිටියත් අපිට රසට කෑම බීම දෙන්න, ගවුම් කමිස අරන් දෙන්න කිරි අම්මටයි කිරි අත්තටයි සල්ලි නෑ. වයස වැඩි හින්දා කුලී වැඩක් ලැබෙන්නෙත් නෑ. අම්ම රට ගිය මුල්මාස දෙක තුනේ විතරක් එවපු සල්ලිත් ඉවරයි.

අපේ කිරි අත්ත උදේ ඉඳන් රෑ වෙන තුරුත් හේන් වැඩ කරනවා. කිරි අම්ම හේනට යන්නේ මම ඉස්කෝලේ ඇරිල ගෙදර ආවට පස්සේ. හැන්දෑ වරුවේ මල්ලිලා දෙන්නත් බලාගෙන මම ගෙදර ඉන්නවා. කිරි අම්මත් හේනට යනවා. චූටි මල්ලිගෙ ඇඳුම් ටිකවත් සෝදලා දෙන්න කියලා සමහර වෙලාවට කිරි අම්ම මට කියනවා. ඒ වැඩ වැඩි හින්දා. ඒ වැඩේට නම් මම මඟ හරිනවා. කම්මැළිකමට නෙවෙයි. රෙදි සෝදනකොට මගෙ ඇඟිලි රිදෙනවා.

දැන් නම් මගේ චූටි මල්ලි බත් කනවා. වයස අවුරුදු දෙකක්නේ. කිරි අම්ම කියන්නේ ආරංචියක් නැතත් අම්ම රට ගිහින් දැන් අවුරුද්දකුත් ගෙවිල ඉවරයි කියලා. තුන්වේලම අපට බත් ලැබුණත් කිරි අම්ම නම් හුඟක් දවස්වල බඩගින්නේ. මුට්ටියේ ඉතිරිවෙන දවල් කෑම පංගුව රෑට අපි තුන්දෙනාට බෙදල දීලා කිරි අම්මා තේ කහට කෝප්පෙකින් බඩ පුරව ගන්නවා. ඒ වෙලාවට නම් මට බය හිතෙනවා. හරියට කෑමක් බීමක් නැතිව කිරි අම්මත් ලෙඩ වුණොත් මගේ මල්ලිලා දෙන්නා බලා ගන්නේ කවුද? ඉස්කෝලෙ පරිසර පාඩමේ දී අපේ ගුරුතුමී කිව්වේ නිරෝගී වෙන්න නම් සමබල ආහාර වේලක් ගන්න ඕන කියලයි.

කිරි අම්මත් සැරෙන් සැරේ ලෙඩ වෙන්නේ හරියට කෑමක් බීමක් නැති හින්ද කියලයි මට හිතෙන්නේ. අහල පහල අය නම් කියන්නේ ඔය වයසක මනුස්සයට කිරි දරුවො තුන් දෙනෙක් බලා ගන්නත් පුළුවන් ද කියලා. ඒත් කිරි අම්ම නම් කවදාවත් ඒ ගැන මැසිවිලි කියන්නේ නෑ. මට වාගෙම මල්ලිලා දෙන්නටත් ගොඩක් ආදරෙයි.

උදේ පාන්දරින් ම මම ඉස්කෝලෙට යන්නේ මද්දු මල්ලිත් එක්ක. මගේ මල්ලි වාගෙම පුංචි නංගිලා මල්ලිලා අම්මලා තාත්තලාගේ අතේ එල්ලිලා ලස්සනට හිනා වෙවී පාසලට එනවා. ‘අක්කේ, අපේ අම්මයි තාත්තයි හිටියා නම් අපිටත් ඒ විදිහට යන්න තිබුණා නේද?’ කියලා මල්ලි මගෙන් අහනවා. මටත් එහෙම හිතෙනවා. ‘මගෙ මල්ලිට මම ඉන්නවනේ’ එහෙම කියල මම මල්ලි ගේ හිත හදනවා.

හැන්දෑවට ගෙදරදී මම මද්දු මල්ලිට අකුරු කියල දෙනවා. චූටි මල්ලිත් ළඟ තියාගෙන පාඩම් පොතේ තියෙන කවි කට පාඩම් කරනවා. මල්ලිලාට සෙල්ලම් කරන්න කොස් කොළ තොප්පි, කුරුම්බැට්ටි මැෂින් හදලා දෙනවා. වහින වෙලාවට නම් කඩදාසි ඔරු හදල ඉල්ලලා මල්ලි කරදර කරනවා.

මම මගේ මල්ලිලා දෙන්නට වාගෙ ම පොත්වලටත් ගොඩක් ආදරෙයි. කඩදාසි ඔරු හදන්න මම කවදාවත් පොත්වල කොළ කඩන්නේ නෑ. අපිට අකුරු ලියන්න, චිත්ර අඳින්න පොත් පත් වාගෙම පෑන් පැන්සල් අරන් දෙන්නෙ ඉස්කෝලෙ ගුරුවරු. විදුහල්පතිතුමා, පන්තිබාර ගුරුතුමිය වගේ ම ගුරුවරු හැමෝම අපිට ගොඩක් ආදරෙයි. මම ඉගෙන ගන්න කැමතිත් ඒ හින්දමයි. පහුගිය දවස්වල ඉස්කෝලේ වාර විභාගෙ තිබුණා. ඒ දවසක කිරි අම්මට හොඳටම අසනීප වුණා.

”මගෙ පුතේ මල්ලිලා දෙන්නත් බලාගෙන අද ගෙදර ඉන්න.”

එහෙම කියල කිරි අම්මයි කිරි අත්තයි බෙහෙත් ගේන්න ඉස්පිරිතාලෙට ගියා. “විභාගෙට නොගිහින් මම කොහොමද හයේ පන්තියට පාස් වෙන්නේ. යාළුවෝ ඔක්කොම අද විභාගෙට ලියයි.”

මගෙ ඇස්වලට කඳුළු පිරුණා. ‘මගෙ අම්ම හිටියා නම් කවදාවත් මට මෙහෙම වෙන්නේ නෑ.’ මට එහෙම හිතුණා. මල්ලිලා දෙන්නම ඇහැරුණෙත් ඒ වෙලාවේ.

දෙන්නටම තේ බොන්න දුන්නු මම මද්දු මල්ලිගේ මූණ කට සෝදලා ඇඳුමක් ඇන්දුවා. ඊට පස්සේ චූටි මල්ලිව සේදුවා. ගමනක් යන්න තරම් හොඳ ඇඳුමක් නැති වුණත් මල්ලිට පරණ කමිසයක් ඇන්දුවා. පොත් ටික මද්දු මල්ලි අතට දීලා මම චූටි මල්ලි වඩා ගත්තා.

’මම කොහොම හරි අද විභාගෙ ලියනවා.’ එහෙම හිතාගෙන පාරට ආවා. පාරේ වළවල්, ගල්පතුරුවල වැදිලා මගේ එක රබර් සෙරෙප්පුවක් ගැලවෙනවා. ඒ හැම වෙලාවකම එක අතකින් පොත් ටික ගත්තු මද්දු මල්ලි ඒ සෙරෙප්පුව හදලා දෙනවා. ඒ විදිහට අපි ඉස්කෝලෙට ගියා. ළමයි විතරක් නෙවෙයි. ගුරුවරුත් පුදුම වෙලා බලාගෙන හිටියා. මගේ ඇස්වලට කඳුළු ආවා. බයට නෙවෙයි. ඒ වෙලාවෙ මට ගොඩාක් දුක හිතුණා. විදුහල්පතිතුමා මට කතා කළා.

’ඇයි පුතේ මල්ලිත් අරගෙන ඉස්කෝලෙට ආවේ’ එතුමා මගෙන් ඇහුවා. මම විස්තරේ කිව්වා. මට විභාගෙ ලියන්න ඕනෑ කියලත් කිව්වා. විදුහල්පතිතුමා හරිම කරුණාවන්තයි. මට විභාග ශාලාවට යන්න ඉඩ දුන්නා.

අපේ පන්ති බාර ගුරුතුමී විතරක් නෙවෙයි. ගුරුවරු හැමෝම මල්ලිව වඩාගන්න හැදුවා. මගේ මල්ලි මා ළඟින් හෙල්ලෙන්නේවත් නෑ. මල්ලිට කෑම බීම ගොඩක් දුන්නා. ඒත් කිසිම කෙනෙක් ළඟට යන්න මල්ලි කැමති වුණේ නෑ. මම මල්ලිත් තුරුළු කරගෙන ම ප්රශ්න පත්තරේට උත්තර ලිව්වා. ටික වෙලාවකින් මල්ලිට නින්ද ගියා. එක ගුරුතුමියක් මල්ලිව මේසයක් උඩ නිදි කළා.

එදා මේ සිදුවීම දැකපු ගුරුවරු හුඟ දෙනෙක් ඇඬුවා. මටත් ගොඩාක් දුක හිතුණා. ඒත් මොනවා කරන්නද? අපේ අම්ම අපි ළඟ නෑනේ.

’කුඩා දරුවන් ඉන්න මවුවරුන් පිට රට රැකියාවලට යාම තහනම්’ පත්තර පිටුවක එහෙම ප්රවෘත්තියක් තියෙනවා දවසක් මම දැක්කා. එහෙම නම් අපේ අම්මා රට ගියේ කොහොමද? අපි තුන්දෙනා තාමත් පොඩි දරුවොනේ. සල්ලි ගොඩක් අරගෙන එනවා කියලා අම්මා රට ගියත් දැන් අම්ම ගැන කිසිම තොරතුරක් නෑ. අහස් යාත්රාවක හඬ ඇහෙන කොට මල්ලියි මමයි මිදුලට දුවනවා. අනේ! අපේ අම්මා ඒ අහස්යාත්රාවෙන් එනවා නම්! ඒත් අපිට අම්මත් නෑ. තාත්තත් නෑ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නැන්දලා මාමලාට නම් අපේ අම්මා ගැන තොරතුරක් හොයා ගන්න පුළුවන් වෙයි. අනේ නැන්දේ, මාමේ අපේ අම්ම ආයෙත් ගෙන්වලා දෙන්න. එතකොට අනිත් ළමයින්ට වගේ ම මටයි මල්ලිලා දෙන්නටයි ආයෙත් සතුටින් ඉන්න පුළුවන්. අම්ම ගේ අතේ එල්ලිලා ඉස්කෝලේ යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. තාත්තත් ගෙදර එයි.

අම්ම රට ගියේ අපිට ලස්සන ගෙයක් හදල දෙන්න. අලුත් ගෙවල් එපා. වහින වෙලාවට වහලෙන් වැටෙන වතුර බිංදුවලට වළං මුට්ටි තියල නොතෙමී ඉන්න පුළුවන්.

එක ම කාමරේ අපි පස්දෙනාට ගුලිවෙලා ඉන්න පුළුවන්. ඒ කාමරේම පාඩම් කරන්නත් පුළුවන්. අම්මයි තාත්තයි ළඟ ඉන්නවා නම් ඒ හැම දුකක්ම උහුලන්න පුළුවන්. අම්ම ආවොත් කිරි අම්මටයි කිරි අත්තටයි නිදහසේ පිනක් දහමක් කරගන්නත් පුළුවන්.

නිලූෂා දුවගේ විස්තර 0815789778 දුරකතන අංකයෙන් ලබාගන්න පුළුවන්.

විශේෂ ස්තූතිය
උඩුදුම්බර රඹුක්වැල්ල කනිෂ්ඨ විද්යාලයේ සුජීවා නිල්මිණී ගුරුතුමියට

ඇතැම් විට ඔබට ඇයට උපකාරයක් කිරීමට නොහැකි වන්න පුලුවන්.. නමුත් ඔබ කරන SHARE එක දකින කවුරුන් හෝ ඇයට ජීවිතය ජයගන්න උපකාර කලහොත් ඒ පිනද ඔබ සතුයි..

එහෙයින් සංවේදී හිත් ඇති , ඇයට සෙත සැදීමට කැමති අය මෙය SHARE කරන්න..

Advertisements
09
නොවැ.
18

මේක සිංහල බෞද්ධ රට.. මම දෙමළ..හරිද..ඔයා මුස්ලිම්නේ.. හැම ජාතියකම මිනිස්සු ඉන්නවා…

නරක අදහසක් නොවේ

අලුත් රටක්Like Page

මේක සිංහල බෞද්ධ රට.. මම දෙමළ..හරිද..ඔයා මුස්ලිම්නේ.. හැම ජාතියකම මිනිස්සු ඉන්නවා..අපි ඔක්කොම මිනිස්සු..ළමයා බඩගින්නේ අඬද්දීදී කන්න දෙන්න බැරි නම් ඔයාට කොච්චර රිදෙනවද..මට මේ රටේ මිනිස්සු උදවු කරලා තියෙනවා..මාව ගොඩ දාලා තියෙනවා..අපිත් පුලුවන් විදියට ඒක කරන්න ඕන..

අර්බුද නැති රටක් නෑ..අපි හිතනවා අපේ රට තමයි අර්බුද කියලා..දැන් තියෙන අර්බුදය ගැන ගත්තොත් මොනවහරි ප්‍රශ්නයක් නම් ඕක නීතියෙන් බේරගන්න..මේකට අහිංසක මිනිස්සුන්ව අදින්න එපා..මේ රටේ 60%ක් විතර ඉන්නේ දවසේ පඩියට වැඩ කරන අය..මොනවහරි උන ගමන් එයාලට කන්න නෑ..මේ ලංකාවේ 70%ක් විතර ඉන්නේ දුප්පත් මිනිස්සු..ඒගොල්ලන්ගෙ පඩිය ගත්තොත් රුපියල් 25000ක් විතර..ඉතින් ඒ ගම්වල ඉන්න මිනිස්සු බොහොම අමාරුවෙන් තුන්වේලක් කාලා ළමයින්ව ඉස්කෝලේ යවන්නේ..

මං ඕකට කතාවක් කියන්නම්..ඔය දෙමළ ඇමතිවරු කතා කරනවා අයිතිය, වෙච්ච දේවල් ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ..මං ඔය දේශපාලනය වැඩිය දන්නේ නෑ..ඇත්තටම කිලිනොච්චියේ වෙච්ච දෙයක් මේක සති දෙකකට කලින්..අවුරුදු 9 ක කෙල්ලෙක් සියදිවි නසාගත්තා..හේතුව මොකද දන්නවද..නිළ ඇඳුම් ප්‍රශ්නේ..ඒ පවුලේ ළමයි 3 දෙනෙක් ඉන්නවා..එක්කෙනෙක්ට 12..අනිත් එක්කෙනාට 7.. අනිත් කෙනාට 9..තාත්තගේ දවසේ පඩිය දෙසීයයි..අම්මා තමයි ළමයි බලාගන්නේ..බොහොම අමාරුවෙන් එක වේලක් කන්නේ..ඉස්කෝලෙට යවනවා තුන්දෙනාවම..ඒ ඇඳුම් සවුත්තු වෙලා හරි මොකක් හරි වෙලා දෙතුන් පාරක් ටීචර් කිවුවා අලුත් එකක් ගන්න..දැන් කූපන් එකක්නේ දෙන්නේ..අරගෙන මහගන්න ඕන..ඉතින් ඕක ගත්තට පස්සෙ මහගන්න රුපියල් 200ක් 250ක් යනවලු..ඒ සල්ලි නෑ..බැලුවා බැලුවා අන්තිමට මේ ළමයා සියදිවි නසාගත්තා..ඒක බලන්න එක්කෙනෙක්වත් එක ඇමතියෙක්වත් නෑ..කවුරුත් දන්නෙත් නෑ..අපේ තියෙනවා දුප්පත් මිනිස්සුන්ට උදවු කරන්න පදනමක්..එයාලට මේක ආරන්චි වෙලා ගිහිල්ලා..මන් මේ දුන්නට කියනවා නෙමේ මං 25000ක් දුන්නා..අනිත් ළමයි දෙන්න වෙනුවෙන් හැම මාසෙම රුපියල් 10000 ගානේ දෙනවා අඩුම ගානේ මේ වගේ තව එක දෙයක් වත් සිද්ධ නොවෙන්න..එක මන්ත්‍රී කෙනෙක් නෑ එක ඇමතියෙක් නෑ..ඒ අම්මා අඬනවා..

අපි මෙහෙම හිතමුකෝ..ඔයාට ලමයි දෙන්නෙක් ඉන්නවා..ඔයාගේ ප්‍රධානම දේ මොකක්ද ඒ ළමයින්ට තුන් වේලක් කන්න දෙන්න..ඊළඟට ඉගැන්වීම..ඒ දෙකනේ ප්‍රධාන..ඇඳුමක් ගන්න හෝ තව දේවල් ගන්න හෝ ඒවා ඊළඟට..මේ රටේ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ හරි අමාරුවෙන්..පරිප්පු වලින් රුපියල් 5ක් පෙට්‍රල් වලින් 10ක් ගියාට කොළඹ ඉන්න ලක්ශෙකට වඩා පඩි ගන්න සමහර මිනිස්සුන්ට මේ වෙනස තේරෙන්නේ නෑ..ඒ නිසා මේ රටේ ඉස්සෙල්ලම බලන්න ඕන ඕක..ප්‍රජාතන්ත්‍රවාදය නීතිය වගේ දේවල් දෙවනුවයි..මේ රටේ මිනිස්සු මට බනී..නීතිය ප්‍රජාතන්ත්‍රවාදය මිනිස්සු තම තමන්ට ඕන විදියට හරෝගන්නවා..ඔයා වරදක් කළත් ඒක නිවැරදි කරන්න දක්ෂ ලෝයර්ස්ලා ඉන්නවා..සල්ලි තියෙනවා නම් ඕන දෙයක් කරගන්න පුලුවන් මේ රටේ..

මාධ්‍යවේදියා :- ඒ කියන්නේ මුරලි කියන්නේ ඒවට මූලිකත්වය දෙන්නේ නැතුව මිනිස්සුන්ගේ දෛනික ප්‍රශ්න විසඳන්න ඕන කියලා මූලිකවම?

ඉතිං ඒකටනේ පාර්ලිමේන්තුවට නියෝජිතයන්ව යවන්නේ මිනිස්සු ඒ පළාත්වල ඉඳන්..

මාධ්‍යවේදියා :- ගොඩක් වෙලාවට උතුරේ දේශපාලකයන්ගෙන් ඇහුවොත් කියන්නේ උතුරට දේශපාලන විසඳුමක් ඕන …. ( ප්‍රශ්නය අහලා ඉවර වෙන්න කලින්ම මුරලි උත්තර දෙයි )

මොනවද..මං අහන්නේ ඔයාගෙන් මොනවද උතුරට කියලා දේශපාලන විසඳුමක් ඔයාට දෙන්න පුලුවන් කියලා කියන්න බලන්න..මම කියන්නම්.. මම දෙමළ..හරිද..ඔයා මුස්ලිම්නේ.. හැම ජාතියකම මිනිස්සු ඉන්නවා..අපි ඔක්කොම මිනිස්සු..මගෙන් කෑල්ලක් කැපුවත් ලේ යන්නේ ඔයාලගෙන් කෑල්ලක් කැපුවත් ලේ යන්නේ..හරිද..මේවා මේ ඉතිහාසේ ඉඳන් මිනිස්සු හදාගත්තු දේවල්..1977 දී අපේ ගෙවල් ඔක්කොම පිච්චුවා..අපේ තාත්තගේ තාම තියෙනවා කඩුවෙන් ගහලා මැහුම් 18ක් දාපු එක..බොහොම අමාරුවෙන් තමයි බේරුනේ..ඒත් අපේ තාත්තා රට දාලා ගියේ නෑ..නෑදෑයෝ ඔක්කොම ගියා රට දාලා ඔක්කොම ඉන්දියාවේ ඉන්නේ..ඒත් අපි ගියෙ නෑ..1983 අපිට මොනවත් උනේ නෑ..අපි විස්වාස කරනවා අපි මේ රටේ පුරවැසියෝ..ඇත්ත අපේ සීයලා ආවේ ඉන්දියාවෙන්..ඒ වුනාට අපි දැන් ලංකාවේ පුරවැසියෝ..

ජාතීන් වශයෙන් ගත්තොත් වැරදි දේවල් උනා දෙපැත්තෙන්ම..මං කියන්නේ නෑ සිංහල මිනිස්සු වැරදී කියලා ඔක්කොම..5% ක් හිටියා දේශපාලන ගේම් වලදී අයුතු ප්‍රයෝජන අරන් තමයි මේවා කළේ..මුළු රටම විනාශ වුනා..ඒ වගේමයි ප්‍රභාකරන්..එයා පටන් ගත්තා දෙමළ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න..මුල් කාලේ කළා..ඒත් ඊට පස්සේ එයත් පටන් ගත්තා මිනී මරන්න..දෙපැත්තෙම මිනිස්සු මැරුනා..දැන් මේ යුද්ධයක් ඉවර කරලා තියෙන්නේ..ඉතින් 2009න් පස්සේ එයාලා ඉල්ලනවා නම් අපේ ප්‍රජා අයිතිය නෑ අරක නෑ මේක නෑ කියලා ඒක අසාධාරණයි..අපිත් සාධාරණ වෙන්න එපැයි..80ක්% විතර ඉන්නේ සිංහල බෞද්ධයෝ..ඒගොල්ලන්ට අයිතියි මේ රට..කොච්චර නෑ කිවුවත්..ආගම් වලින් බැලුවොත් අපි සුලු ජාතිකයෝ..

මං ඉස්කෝලේ ගියා දක්ෂතාවය තිබුන නිසා මං ආවා..මගේ දක්ෂතා වලදී සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියලා බලලද මට සපෝට් කළේ..ඒක තමයි වෙන්න ඕන..බොරුවට මේ මෙයාලා ඇවිල්ලා අපි පෙනී සිටිනවා කිවුවට දේශපාලකයෝ සාමාන්‍ය මිනිහා ගැන බලලා නෑ..මම නම් කියන්නේ නෑ මේ රටේ හිටපු ජනාධිපතිවරු දෙන්නෙක් විතරයි දුප්පත් මිනිහා ගැන බැලුවේ..ඔයාලම හිතාගන්න කවුද කියලා..නැත්තම් කියයි මම එයාලට දේශපාලනිකව සපෝට් කියලා..මම කාටවත් සපෝට් නෑ මම සපෝට් කරන්නේ දුප්පතාට උදව් කරලා එයලව ගොඩගන්න අයට විතරයි..මට පක්ෂයක් නෑ..දුප්පතාට උදව් කරන්නේ කවුද මම එයාලට සපෝට්..

මට මේ රටේ මිනිස්සු උදවු කරලා තියෙනවා..මාව ගොඩ දාලා තියෙනවා..අපිත් පුලුවන් විදියට ඒක කරන්න ඕන..ඒකයි මං ෆවුන්ඩේශන් එකක් හැදුවේ දැන් අවුරුදු 18ක් වෙනවා මං මේක හැදුවේ 2000 දී..මායි රණසිංහයි හදලා දැන් දිස්ත්‍රික්ක 12 ක තියෙනවා..අපේ වියදම මිලියන 200ක්..මගේ සල්ලිත් දානවා පිටරටින් ගේනවා..මොනවා හරි කරනවා..අපිට මිලියන 200ක් එකතු කරලා මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් නම් අපි පාර්ලිමේන්තුවට යවන අයට බැරි ඇයි? ඒගොල්ලන්ට කියන්න බෑ අපි මේ ණය ගත්තු නිසා කියලා..තාත්තා කෙනෙක් ගෙදරක් පාලනේ කරන්නේ කොහොමද..බලනවා කොහොමද කරන්නේ කියලා..ණය අරන් හරි කරනවා..ණය ගෙවන විදියක් බලනවා..වැඩිපුර වැඩ කරනවා..පාර්ලිමන්තුවට මිනිස්සු යවන්නේ රට පාලනය කරලා මිනිස්සුන්ට යහපතක් කරන්නනේ..ඉතිං බඩු මිල වැඩි වෙද්දී අරක නිසා බෑ මේක නිසා බෑ කියලා කියන්න බෑ..මොකද දුන්නේ වැඩක් කරන්න..ඒක බෑ කියනවා නම් දාලා යන්න ඕන..නිදහසට කරුණු කියන්න බෑ..මට බෝල් කරන්න බැරි නම් මට නිදහසට කරුණු 25000ක් විතර කියන්න පුලුවන් මේක උනා මට මේක නිසා ඒක බෑ ඒක නිසා මේක බැරිඋනා කියලා..නටන්න බැරි මිනිහට පොළව ඇදයි වගේ කතාවක් ඒක..

අපි අමාරු කාලෙක ජීවත් වුනේ..1977 , 1983,සහ ජේවීපී ප්‍රශ්න කාලේ බයෙන් ජීවත් වුනේ..මේ ගේ හැදුවේ 1997..මම ක්‍රිකට් ප්‍රැක්ටිස් ගියේ අතුරු පාරවල් වලින්..බයයි පාර්ලිමේන්තු පාරෙන් යන්න කොයි වෙලේ බෝම්බයක් දායිද අපිත් අහුවෙයිද කියලා..එහෙමයි ජීවත් වුනේ දෙමළ වෙලත්..දැන් යුද්ධේ ඉවර වුනාට පස්සේ නිදහසේ යන්න පුලුවන්..ඒකනේ නිදහස..ඒ නිදහස හැමතැනම තියෙනවනේ අද යාපනේ යන්න පුලුවන්නේ..මම යුද්ධ කාලෙත් යාපනේ ගියා..එක්සත් ආතීන්ගේ සංවිධානයත් එක්ක වැඩ කරද්දී ජපානෙන් දීපු ආහාර බෙදලා දෙන්න ගිහින්තමිල් චෙල්වම් වත් හම්බෙල තියෙනවා..දැන් ඕවා මුකුත් නෑනේ දැන් දුප්පත් මිනිහා ගැන බලන්න පුලුවන්නේ..

මාධ්‍යවේදියා :- තාම යුද්දෙන් අතුරුදහන් වෙච්ච අයගේ මව්පියෝ හොයනවා එයාලව..මේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න ඔන නේද මුරලි..

මට කියන්න කොහොමද විසඳුමක් දෙන්නේ..කියන්න විසඳුම කොහෙන්ද ගන්න පුලුවන්..හිතමු ශෙල් එකක් ගහනවා ආමි එකෙන්..මැරෙනවා..කියන්න පුලුවන්ද මෙයාව තමයි මැරුවේ කියලා..එල්ටීටී..ඊ එකෙන් ගහනවා බෝම්බ දානවා..පැහැරගෙන ගියා කියනවා..උත්තර නෑ..යුද්ධයක් කියන්නේ ඕක..උත්තරයක් හොයන්න බැරි දේවල් ගැන කතා කරලා වැඩක් නෑ..අතීතය ගිහින් ඉවරයි..එහෙම වෙලා තියෙනවා නම් ඒ පවුල් වලට ජීවන උපක්‍රමයක් හදලා දීලා වන්දියක් දීලා ඒවා කරන්න ඕන..එයාලට විතරක් නෙමේ ආමි එකේ අයටත්..යාපනේ විතරක් නෙමේ මෙහේ බෝම්බ වලින් මැරිච්ච මිනිස්සු කොච්චර ඉන්නවද..දෙනව නම් ඒගොල්ලන්ටත් වන්දි ගෙවන්න..කරනව නම් හැමෝටම සමානව කරන්න ..දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ රටේ ආර්ථිකේ හදලා දුගී දුප්පත් මිනිහව උඩට ගන්න එක..එකිනෙකාට එක එක මත තියෙනවා..මේක අනුගමනය කරන්න කියලා මං කියන්නේ නෑ මේක මගේ මතය විතරයි..

ඉස්සෙල්ලම බලන්න ඕන දුප්පත්කම නැතිකරන්න..ලමයෙක්ට බඩගින්නේ ඉන්නැතුව තුන් වේලක් දෙන්න ඕන..පාර්ලිමේන්තුවට යවන මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් ඒක..

මාධ්‍යවේදියා :- ගොඩක් අය කියනවා හොඳය අයව දේශපාලනේට තොරගන්න ඕන කියලා..

කොහොමද හොඳ අයව ‍තෝරගන්නේ..සමහර වෙලාවට කියන ඒවා බොරු වෙන්නත් පුලුව්න්නේ..අරයා කමිශන් ගැහුවා මෙයා මෙහෙම කළා..ඒවා ඔප්පු කරන්න ඕන..කවුරු උනත් කොයි පක්ශේ උනත් කවුරුහරි චෝදනාවක් කරනවා නම් නීතිය ඉස්සරහා ඔප්පු කරන්න..දැන් ඔය තරඟ පාවාදීම් ගැන කතා කරනවනේ..ඕවා ඔප්පු කරන්න ඕන..ඒක ඒගොල්ලන්ට කරන අපරාධයක්..ඒ මිනිහට පාරෙ බැහැලා යන්න බෑ..සනත් ජයසූරිය ලෝක පූජිත ක්‍රීඩකයෙක්..මාත් එක්ක ක්‍රිකට් ගහන්නේ පොඩි කාලේ ඉඳන්..මගේ යාලුවා නිසා කියනවා නෙමේ..චෝදනා ඔප්පු කරනකම් එයා වරදකාරයෙක් නෙමේ..ඒත් පාරේ බැහැලා යන්න බැරි තැනට මිනිස්සු කතා කියනවා..දේශපාලකයන්ටත් සමහරුන්ට ඔහොමයි..බොරු කියල හරි මිනිහව සවුත්තු කරනවා..මම කියන්නේ ඕවා ඔක්කොම පැත්තකට දාන්න..

සාමාන්යෙන් මිනිහෙක් උනාම ජීවත් වෙන්න ක්‍රමයක්නේ ඕන..ඔයා තාත්තා කෙනෙක්..ළමයි ඉන්නවා..ළමයා බඩගින්නේ අඬද්දීදී කන්න දෙන්න බැරි නම් ඔයාට කොච්චර රිදෙනවද..අපිට සල්ලි තියෙනවා මේවා නිස..ඒත් දුප්පත් මනුස්සයට? මම කියන්නේ දේශපාලකයෝ ඒ තත්වේ බලන්න..ඉස්සෙල්ලම ඒක නිවන්න..අධ්‍යාපනය දෙවනුව..සෞඛ්‍යය තුන්වෙනුව..අනෙක්වා ඊට පස්සේ..තාත්තා කෙනෙක් පවුල බලාගන්නවා වගේ මේ රටේ ඔක්කොම ළමයි කියලා හිතලා දේශපාලකයා වැඩ කරන්න ඕන..බැරි නම් දාලා යන්න ඕන..මං ක්‍රිකට් බෝඩ් එකට කිවුවෙත් ඕක..කරන්න බැරි නම් දාල යන්න තව කෙනෙක්ට කරන්න අවස්ථාව දෙන්න..

මං ඔයාට කියන්නද කතාවක්..මාව ආසියා කුසලාන 2010 දී හොඳට බෝල් කර කර ඉද්දිත් මාව ඩ්‍රොප් කළා වෙන කාරණාවක් කියලා..හැබැයි ආයේ මාව මැච් එකට ගැස්සුවා..ඒකෙන් පස්සේ තමයි මං විශ්‍රාම යන්න තීරණේ කළේ..මාව විශ්වාස නැතිනම් වෙන මං වෙනුවට කෙනෙක් ඉන්නවා නම් මං ඉඳලා වැඩක් නෑ..ඒ වගේ දීලා යන්න ඕන..මිනිස්සු මට බනී..ඔයා හිතනවද ඔය ‍රැස්වීම් වලට මිනිස්සු එන්නේ මං දන්න විදියට එක්කෝ කන්න දීලි දීලා බස් එකෙන් ගෙනල්ලා බස්සන මිනිස්සු තමයි වැඩිපුර ඉන්නේ..ඒක ඉතින් එයාලගේ අයිතිය..එදා වේල හොයාගන්න මිනිස්සු කොළඹට ඇවිල්ලා කෑ ගගහා ඉදීද. මං දන්නේ නෑ මිනිස්සු පිළිගනීද කියලා..

පැය ගානක් ගියා ටයිප් කරන්න..ඒත් මේක වැදගත්..කියවලා බලන්න..

නිපුණ කෞශ්‍යාල්

10
ඔක්.
18

ජනාධිපතිවරයා සියේට 20 ක කොමිස් මුදලක් ඉල්ලයි – ලංකා ඊ නිව්ස් කියයි.

වසරකට ඩොලර් මිලියන 850 බැගින් රටට ආ විදේශ ධන උල්පතක් ජනාධිපතිගේ කොමිස් ඉල්ලීම නිසා රටට අහිමි වෙලා..! මෙන්න සාක්කි..!!

(ලංකා ඊ නිව්ස් – 2018.ඔක්.09, ප.ව.7.40) ලංකාවට ඩොලර් විදේශ විනිමය අත්‍යාවශ්‍යව තිබෙන මේ මොහ‌ොතේ දී වසරකට ඩොලර් මිලියන 850 ක් නොකඩවා ලැබෙන ව්‍යාපෘතියක් ජනාධිපති පල්ලෙවත්ත ගමරාළගේ හෙණ ගහන කොමිස් ඉල්ලීමක් නිසා රටට අහිමිව ගොස් තිබෙන සංවේගජනක පුවතක් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

මේ ව්‍යාපෘතිය ලංකාවට ගෙනැවිත් ඇත්තේ සුප්‍රකට මුහුදු නාවික ආරක්ෂක සමාගමක් වන ඇවන්ට් ගාඩ් ‌මෙරිටයිම් සමාගම විසිනි. රතු මුහුදේ සිදුවන ISIS ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා සහ නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා ලිබියාව විසින් ඇවන්ට් ගාඩ් සමාගම තෝරා ගෙන තිබිණ. ඒ සඳහා අවශ්‍ය අනෙකුත් ජාත්‍යන්තර අනුකූලතා සහතික ඇවන්ට් ගාඩ් සමාගම විසින් රුසියාව, ඇමරිකාව, නේටෝ රටවල් ආදියෙන් ලබා ගෙන අවසානයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා තිබේ. ඒ අවශ්‍ය මානව සම්පත් ලංකාවෙන් ලබා ගත යුතු නිසාය.

එහිදී ඇවන්ට් ගාඩ් සමාගම ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති වාර්තාව මෙහි දැක්වෙන අතර ඒ මගින් ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ගෙන් විශ්‍රාම ගත් නිලධාරීන් 1500 කට සහ සෙබලුන් 15000 කට රැකියා අවස්ථා ලබා දිය හැකි බවත් සෙබලාගේ සිට කර්නල් සමාන ධූර දක්වා අය සඳහා ලංකාවේ මුදලින් රුපියල් 3,40,000/- සිට 11,90,000/- දක්වා මාසික වැටුප් ද නිලධාරීන්ගෙන් බ්‍රිගේඩියර් සමාන ධූර සහ ඉන් ඉහළ අයට රුපියල් 17,00,000/- සිට 42,50,000/- ක් තරම් වන අතිශය ඉහළ මාසික වැටුප් ලබා දිය හැකි බවද රජයට දන්වා තිබේ.

බඳවා ගත හැකි විශ්‍රාමික නිලධාරීන් ලෙස එස්ටීඑෆ් නිලධාරීන්, රියර් අද්මිරාල්ලා, මේජර් ජෙනරාල්ලා පමණක් නොව හෙළිකොප්ටර් නියමුවන් 10 දෙනෙකුට ද රැකියා අවස්ථා සලසා දිය හැකි බව ව්‍යාපෘති වාර්තාවේ සඳහන් ය.

මේ වාර්තාවේ සඳහන් ඉතාමත් වැදගත් යෝජනාව වන්නේ වාර්ෂිකව ලැබෙන ඩොලර් මිලියන 850 න් සියේට 10 ක් ශ්‍රී ලංකාවේ රජයට ද ගෙවිය හැකි බව දන්වා තිබීමයි.

4360222224350943519436914370443447134350933436099443509352_20792

මෙකී වාර්තාව ජනාධිපතිවරයා ප්‍රධාන ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර මාස දෙකක් පමණ කල් මැරීමෙන් පසු ආරක්ෂක ලේකම් වරයා විසින් මේ ගැන සාකච්ඡා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාපතිවරුන් තිදෙනා සමග සාකච්ඡාවක් ඇවන්ට් ගාඩ් සමාගමට සලසා දී තිබේ. එහිදී ත්‍රිවිධ හමුදාපතිවරුන් ද මීට කැමැත්ත පළ කර ඇත.

එසේ වූ නමුත් අවසානයේ ජනාධිපතිවරයා මීට අනුමැතිය දීමට නම් තමාට මෙයින් සියේට 20 ක කොමිස් මුදලක් අවශ්‍ය යැයි දන්වා ඇත. ආණ්ඩුවටත් සියේට 10 ක් දී ජනාධිපතිටත් සියේට 20 ක් දී සියේට 30 ක් අතහැර සිදුකළ හැකි බිස්නස් එකක් ලොව තිබිය නොහැකිය. ඒ අනුව ජනාධිපතිට කොමිස් නොලැබීම නිසා අනුමැතිය නොලැබීමෙන් මේ සා විශාල විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ලබා ගත හැකිව තිබූ ව්‍යාපෘතිය ප්‍රංශය සහ ජර්මනිය ආදී වෙනත් රටවල් වෙත ගොස් ඇත.

ලංකාවට මූල්‍ය ආධාර ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා දෙන්නේ වසරකට ඩොලර් මිලියන 300 ක් වැනි මුදලකි. ඒවාද ණය බැවින් යලි ගෙවිය යුතුය. එසේ තිබියදී රටට ණය නොවන ස්ථිර විදේශ විනිමයක් ලෙස ඩොලර් මිලියන 850 ක් තරම් විශාල මුදලක් ලැබෙන ව්‍යාපෘතියක් කොමිස් ගැන නොතකා, ගෙනාවේ කවුරුන්ද යන්න ගැන නොතකා, රටට ලබා ගැනීමට කටයුතු කරනවා වෙනුවට මේ දේශද්‍රෝහී ජනාධිපතිවරයා කර ඇත්තේ කෙතරම් විශාල ද්‍රෝහී කමක්දැයි ජනතාව දැන ගත යුතුය.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් හමුදාපතිවරුන් තිදෙනා සමග සාකච්ඡාවක් සඳහා ඇවන්ට් ගාඩ් සමාගමට නිකුත් කළ ලිපියත්, ඇවන්ට් ගාඩ් සමාගම විසින් ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාවත් මෙහි පහත දැක්වෙන ඉමේජ වල සඳහන්ය. ඒවා විශාල කර කියැවිය හැකිය.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ලංකා ඊ නිව්ස් ඇවන්ට් ගාඩ් සභාපතිවරයා ඇමතූ නමුත් ඔහු මේ පිලිබඳ ප්‍රකාශයක් කිරීම ප්‍රතික්ෂේප කෙළේය.

 

04
ඔක්.
18

සිංහරාජ කැලයේ ගස් විෂ රසායනික ද්‍රව්‍ය දමා මරා දමයි

සිංහරාජ පරිවාරයක ගස් විෂ රසායනික ද්‍රව්‍ය දමා මරා දමයි

වටිනාකමින් ඉහල විශාල ගස් සැලසුම් සහගත පිරිසක් මගින් යන්ත්‍ර යොදාගනිමන් සිදුරු කර ඒතුලට විස රසායන ද්‍රවය යොදා ඉතාමත් ම්ලේච්ඡ අයුරින් මරාදමා ඇත. ගස් සිදුරු කර ඒ තුලට රසායනයක් ඇතුල්කර ගස් මරාදැමීම මගින් මේ ගස් ස්භාවිකව මැරුණු බව පෙන් වීමට උත්සහ ගෙන ඇත. සාමාන්‍ය පුද්ගලයෙකු විසින් සිදු කල හැකි කාර්යයක් නොවන අතර එය මහා පරිමාණ සැලසුම් සහගත අයතනනයක හෝ ව්‍යාපාරයක ක්‍රියාවක් ලෙස හොඳාකාරවම දැකිය හැකිය.

05
සැප්.
18

රනිල් බලන්න ‘මරුවා’ කොළඹ එනවා…

රනිල් සීයේ.. මාත් එක්ක යන්න එන්න… දැං ඇති සීයේ…

22
පෙබ.
18

රේගුවේ පාලක මී හරකෝ තෝ කන්නේ පුන්නක්කු ද ?

රේගුව බූරු පාලක මී හරකෝ තෝ කන්නේ පුන්නක්කු ද

යහපාලන ගොං නාකි හරකා තොගේ ලමයින්ටත් පවුලේ උන්ටත්

ආත්මගානතක් සාප වෙනවා

කැරි තම්බි හුත්තලා…

—————————–

රේගුව ඇල්ලූ ලක්ෂ 310ක භාණ්ඩ
ගල් රෝලකට යට කරන
ලෝකයේ සංවර්ධිතම රාජ්‍යය
ශ්‍රී ලංකාව..😂

රේගුව ඇල්ලුවා කිව්වම
හෙරොයින් අරක්කු කියලා හිතුවද…
නෑ..😭

පොත් පෑන් පැන්සල් පෙට්ටි, සෙල්ලම් බඩුත්
මීට ඇතුළත්

අනාථ නිවාස, ළමා නිවාස, සර්වෝද, දිළිඳු පාසල්
දාස් ගාණක් තියෙන අපේ රටේ
රේගුව ඇල්ලුවා කියලා
මේ දේවල් විනාශ කරන්න ඕනද?😭

ඇත්තටම අපේ මිනිස්සු කන්නේ පුන්නක්කුද?😈

Image may contain: 1 person, standing
No automatic alt text available.
No automatic alt text available.
Image may contain: outdoor
26
නොවැ.
17

රතන බූරුවා නොදිටි මොක්පුර (ඊ-නිවුස්)

 

රතනයා ගෙන ආ පිවිතුරු හෙටක් යෝජනා වලියේ  විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමක් තිබුනේ නැත. රතනලා රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරමින් සිටියදී විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට මුල සිටම කටයුතු කළේ මාදුළුවාවේ සෝභිත ප්‍රමුඛ පිරිසය. ඊට මේ රටේ ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයද හිටපු ජනාධිපතිනියද ජෙනරාල් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයද, ජනතා විමුක්ති පෙරමුණද, දෙමළ ජාතික සන්ධානයද, මුස්ලිම් කොන්ග්‍රසයද, සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයද, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ හා කලාකරුවන් සරසවි ආචාර්ය වරුන් වෘත්තීය සමිති ඇතුළු සංවිධාන 48 ක්ම අවසානයේ කැමැත්ත ප්‍රකාශ කළහ. ඔවුන් කැමැති වූයේ විධායක බලය සම්පූර්ණයෙන් අහෝසි කිරීමකට මිස ජාතික හෙළ උරුමයේ යෝජනාව වූ විධායක බලය කප්පාදු කිරීමකට නොවේ. (කප්පාදු කරන ගස් යලි හොඳින් ලියලා වැඩෙන බවද දැනගත යුතුය.)

පිස්සු රතන නොවැම්බර් 12 වෙනිදා මුත්තයියා පාක් රැලියේදී පැහැදිලිව කීවේ ඔවුන්ගේ යෝජනාව විධායක බලතල කප්පාදු කිරීමක් වුවද අනෙක් අය කියනවා සේ ඊට එහා යන්නේ නම් ඔවුන්ට ප්‍රශ්නයක් නැති බවයි.

නමුත් දැන් වැඩ සිදුවෙමින් පවතින්නේ මේ සියල්ලට විරුද්ධව ජාතික හෙළ උරුමයේ මතයට අවශ්‍ය ආකාරයට ය. ජාතික හෙළ උරුමයට මේ රටේ ඇත්තේ ඡන්ද ලක්ෂ 2-3 ක් පමණය. මේ මැතිවරණයේදී ඔවුන්ගේ බල කඳවුරු වූ මහරගම කැස්බෑව වැනි ආසන හංසයාට ජය ගැනීමටද නොහැකි විය. එවැනි සුළුතර බලයක් තබාගෙන සමස්ථ විපක්ෂයක බලාපොරොත්තු විනාශ කිරීමට උත්සාහ කිරීම නින්දා සහිතය.

සත්‍ය වශයෙන්ම ජාතික හෙළ උරුමයට විධායක බලය අවශ්‍ය වන්නේ වෙනත් කිසිවකට නොව ඒ විධායක බලයට හේත්තු වී තමන්ට අවශ්‍ය දේ කර ගැනීමටය. ඔව්හු දැනටමත් ඒ අනුව ක්‍රියා කර තිබේ. පිස්සු රතන ජනාධිපති උපදේශකයෙකු ලෙස පත් කිරීම, ජාතික රූපවාහිනියේ සභාපති ලෙස සෝමරත්න දිසානායක පත් කිරීම, අයිටීඑන් නාලිකාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධනුෂ්ක රාමනායක නමැති හෙළ උරුමය මාධ්‍ය අංශයේ සිටි පුද්ගලයෙක් පත් කිරීම, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වරයා ශිරාල් ලක්තිලක පත් කිරීම,  ආදී සියල්ල ජාතික හෙළ උරුමයේ අවශ්‍යතාවය මත කරන ලද පත් කිරීම් ය. මෙහිදී වඩාත් සැලකිල්ලට ගත යුත්තේ ශිරාල් ලක්තිලකගේ පත් කිරීමය.

රනිල් එජාපයෙන් එළවා දැමීමට පාරට බැස වෙඩි තබා ගත් ශිරාල් ලක්තිලක ජනාධිපතිගේ සම්බන්ධීකරණ ලේකම් වරයා වූ විට ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂය සමග හොඳ සම්බන්ධීකරණයක් පවත්වා ගත හැකි වේවිද?

වසර 40 ක දේශපාලන අත්දැකීම් ඇති ජනාධිපතිවරයා තමා පත් කළ ජනතාව යනු ජාතික හෙළ උරුමය පමණක් නොවන බව මතක තබාගෙන වැඩ කරනු ඇතැයිද ඊනිවුස් බලාපොරොත්තුවේ.




අනවශ්‍ය දේවල්

  • 183,583 ක් බැළුවා

මරුවා වැහෙන දින

දෙසැම්බර් 2018
බ්‍ර සි සෙ
« නොවැ.    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා

Advertisements