Archive for the 'නලින් සුවාරිස්' Category

20
සැප්.
18

අ……… හැමිණුන හාමුදුරු තිරිසන්නු

රතන බල්ලෝ තොත් මකබෑවියං…. බූරු තිරිසනා

වත්මන් ආණ්ඩුව තරම් භික්ෂූන් වහන්සේලාගේ ඔළු පලා ලේ සෙලවූ ආණ්ඩුවක් ඉතිහාසයේ නැති බව , පැවදි හඩ සංවිධානය පවසනවා .එම සංවිධානයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ , මේ කරන සදාචාරයක් නැති වැඩ වහාම නවත්තපල්ලා යන්න ආණ්ඩුවට බල කරන බවයි .මේ සිදුවන දෑ සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා නිහඩව සිටිය කාලය හොදටම ඇති බවත් මීට එරෙහිව ජනාධිපතිවරයා හඩක් නැගිය යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා .

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පල කලා .

” මම අහන්න කැමතියි අතුරලියේ රතන හිමියන්ගෙන් ,ඔබ වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වුණේ ,පාර්ලිමේන්තුවට ගියේ ධර්ම රාජ්‍යක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් . ඒ ධර්ම රාජ්‍ය කෝ ? ඔබවහන්සේ අපි එක්ක වැඩ කලා කාලයක් . ඒ ඉතිහාසය අපි මතක් කළොත් ඔබ වහන්සේට ස්වාධීනව ඉන්නත් බෑ.”

මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ ගොම්බද්දල දමිත හිමියන් ,

දැන් තව ටික කාලයකින් බලන්න ඔය රතන හිමියන්ගේ  සංවිධානයට විවිධ පුද්ගලයෝ එයි . සමහරවිට විජයදාස රාජපක්ෂ ඇමතිතුමාත් ඉදිරිපත් වෙයි . චම්පික රණවක ඇමතිවරයාත් එක් වෙන්න පුළුවන් . එකතු වෙලා ව්‍යංගව වක්‍රයෙන් කරන්නේ ඉතාම පැහැදිලි අර සිංහල ,බෞද්ධ ඡන්ද ලක්ෂ දෙක තුන කඩලා අර නැවත ප්‍රතිගාමි බලවේගය මේ රටේ පාලකයන් බවට පත් කරන්න . භික්ෂූන් වහන්සේලාට අපි ඉතාම පැහැදිලිව කියනවා කරුණාකරලා රතන හාමුදුරුවන්ගේ මේ වැඩේට නම් අහුවෙන්න එපා.

මේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ බෙංගමුවේ නාලක හිමි ,

රතන ජෙවිපි කාරයෙක් ඉස්සර . රනිල්ගේ පක්ෂයෙන් ආවානේ මන්ත්‍රි කෙනෙක් හැටියට .ලැජ්ජාවක් තියෙනවා නම් එහෙම කරන්න බෑ . ඒ නිසා දැන් රතන ඉවරයි .එයාගෙන් කිසිම වැඩක් ගන්න බෑ .එයා මොණදේ කලත් මින් පස්සේ මිනිස්සු පිළිගන්නේ නෑ . රතන ,රතන විසින්ම ඉවර කර ගත්තා .මෙතන වූණේ ඒක .

Advertisements
20
සැප්.
18

මංගලගේ පැණි අමුඩ කතා වස්තුව

No automatic alt text available.
පැණි අමුඩ කතා වස්තුව

====================

එක් සම‍යෙක්හි ජම්බුද්වීපයෙහි පුලතිසි මෙත්පල් නිරිදාණන්, අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් හා එක්වැ දැහැමෙන් සෙමින් රාජ්‍ය විචාරණ සමයේ එනුවර ස්ත්‍රී සමුහයා රජ මාළිගාව ඉදිරිපිට රැස්ව මහත් වූ ශබ්ද නගන්නට වූ හ. දෙසවන බිහිරි කරවන ස්ත්‍රී සමුහයා ගේ ඝෝෂාව කන වැකුණු ඇසිල්ලෙහි ම මෙත්පල් නිරිදාණන් ස්ත්‍රීන් කවර කරුණක් අරභයා ඝෝෂා කරනේදැයි දැනගනු වස්, මාළිගයේ මුර සෙබළෙකු ස්ත්‍රීන් සමුහයා වෙත පිටත් කර යැවූ හ.

” නැගිණියනි, තොප සමුහයා කුමන කරුණක් අරභයා ඝෝෂා කරන්නෙහු ද?” සෙබළා ඇසී ය.

“රාජ පුරුෂය, අපගේ මාස් ශුද්ධිය වන කල්හි යොදා ගන්නා පැණි අමුඩ රෙදි කඩටත් රජ වාසලෙන් සියයට සියයක් වූ බද්දක් නියම කොට ඇත්තාහු ය. ඉදින් දැන් අපගේ ශුද්ධිය වන සමයේ අහවල් තැන වසා ගන්නේ වෙල්ලවැහුමකින් දැ යි ස්ත්‍රී තොමෝ පෙරලා ප්‍රශ්න නගන්නට වූ හ. ”

“රාජ පුරුෂය, මෙබඳු බද්දක් අසාධාරණ යැ, නොහොබින්නේ යැ , යහපත පිණිස නොවන්නේ යැ’ යි එක හඬින් කී හ. ඉදින් මෙකරුණු නොපමාව උන්වහන්සේට සැළ කරව, නැතහොත් උන් වහන්සේ පසු දින පත්‍රය පිටවන තෙක් උකටලීව කජු බුදිමින් කල් යවා රාත්‍රී දහයට සැතපෙනු ඇත්තේ යැ’ යි ” කී හ.

රාජ පුරුෂ තෙමේ ද රජ වාසලට වැද, රජු ඉදිරියේ ගෞරව දක්වා ස්ත්‍රී සමුහයාගේ දුක් ගැනවිල්ල සැළ කරන්නා හු ය.

ඉක්බිති රජුන් වහන්සේ ” මා මෙබඳු කරුණක් ගැන දැනුවත් නැත්තේ යැ . නිසැකවම මෙය අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් රට වැසියා මා හා බිඳ වන්නට කෙරූ උපායක් වෙන්නට ඇතැ ‘යි” කී සේක.

“වහාම අග්‍ර පුරෝහිතයන් මා අභියසට කැඳවණු” යි රජුන් වහන්සේ රාජ පුරුෂන්ට අණ කළ සේක.

අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් කල් නොයවා රජුන් ඉදිරියේ පෙනී සිටියා හු ය.

“අග්‍ර පුරෝහිත, තමුන් ස්ත්‍රීන් ගේ පැණි අමුඩ රෙදි කඩටත් බද්දක් පනවා ඇති බව සැබෑවක් ද ?” ඇසූ හ.

“එසේය.. මහ රජතුමණි” අග්‍ර පුරෝහිත පිළිතුරු දුන්නා හ.

“තොප මා දැනුවත් නොකොට එබඳු අසාධාරණ, යුක්ති නොවන බදු අය කරන්නේ මන්දැ ” යි රජුන් වහන්සේ කෝපයෙන් ඇසු සේක.

” දේවයන් වහන්ස, කමා වුව මැනව..මටත්, භාණ්ඩාගාරය භාරව සිටින ඇමැතිටත්, තවත් මැති ඇමතීන් කීප දෙනෙකුටත් ස්ත්‍රීන් ප්‍රිය නැත්තා හ..අපට ස්ත්‍රීන්ගේ මාසික ශුද්ධිය ගැන අවබෝධයක් ද නැත්තා හ.. ඉදින් රාජ්‍යයේ මුදල් අහේනියක් ද ඇති බැවින් පුරුෂන්ට හානි නොවන බද්දක් පැනවීමට අප තීරණය කළෙමු” යි කී හ.

එ බස් අසා කිපුනු පුලතිසි මෙත්පල් නිරිදාණන්
” රාජ පුරුෂය වහාම මඩු වලිගයක් ගෙන එයින් සියක් වාරයක් අග්‍ර පුරෝහිතයන් තලා රජ වීදියෙහි පිස්සෙකු මෙන් ඇවිද්දවනු ‘යි අණ කළා හු ය.

ඉක්බිති මෙත්පල් නිරිදාණෝ පැණි අමුඩ බද්දත් අහෝසි කොට දමා අර්ථයෙන් ධර්මයෙන් දෙසමින් රට පාලනය කළෝ යැයි මෙයින් දත යුතු.

පැණි අමුඩ කතා වස්තුව මෙතකින් නිමියේ වෙයි!

=====================
සොනාල ගුණවර්ධන

05
සැප්.
18

ජයලත් මනෝරත්න, බුද්ධදාස, ලක්ෂ්මන් විජේසේකර බූරුවනි තොපේ කලාව අරං රෝල්කරල ගහගනිං පු…..

ජාතික හෙල උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාලක දේවප්‍රිය ඔබට තෙරුවන් සරණයි!

ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදකයෙකු වන මාලක දේවප්‍රිය නිෂ්පාදනය කළ අයි.ටී.එන්.එෆ්.එම් මගින් විකාශය කිරීමට නියමිත ගුවන් විදුලි නාට්‍ය කිහිපයක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවිය. මෙම නාට්‍ය මාලාව මගින් බුදුදහමට හා එහි වදන් වලට නිගරුවන බවට චෝදනාවක් එල්ල විය.

මෙම චෝදනාව එල්ලකළේ රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන්ය. බම්බලපිටිය වජිරාරාම දහම් පාසලට වසර 100ක් පිරිම නිමිත්තෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේ දී ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත්, බුද්ධශාසන ඇමතිතුමාත් ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් හා ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඉදිරියේත් බෞද්ධ බැතිමතුන් ඉදිරියේත් නායක හිමියන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය. එහි වරදක් තිබේද? නාහිමියන් කියා සිටියේ ආණ්ඩුවේ ඩේලී නිවුස් පුවත්පතේ මේ පිළිබඳව ප්‍රවෘත්තියක් පළවූ බවත් ඒ තුළින් දැනුවත්ව මෙම ප්‍රකාශය කරන බවත්ය.

වැඩිදුරටත් නායක හිමියන් කියා සිටියේ හිටපු ජනාධිපතිනිය යටතේ ක්‍රියාත්මක ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි. මෙලෙස බුදුදහමට සම්බන්ධ වදන් අවභාවිතා කිරීමක් සිදුවන බවත් මේ පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටියේය. නායකහිමියන්ගේ ප්‍රකාශයෙන් පසු සංහිඳියා කාර්යංශය තමා අතින් සිදුවී ඇති වරද පිළිගත් අතර එයින් ඇති වූ බුදුදහමට ඇති වූ නිගාව පිළිබඳව කණගාටුව පළකරමින් එය නිවැරදි කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය. එම ප්‍රතිචාරය පිළිබඳව අපට සතුටුවිය හැක. එහෙත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා නායකහිමියන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූයේ අශෝභන ලෙස බව දැකගන්නට ලැබිණි. නායකිහිමියන් චීවරධාරියෙක් ලෙස ගරහාවට ලක්කරමින් මෙම ගුවන්විදුලි නාට්‍ය වලට යොදා ඇති නම් වෙනුවෙන් පෙනී සිටිමින් පාර්ලිමේන්තුවේ ද කතාවක් පැවැත්වීය. මෙය සමස්ත ආණ්ඩුවේ මතය නොවෙයි. එය එම ඇමතිවරයාගේම මතවාදයක් පමණි. සාතිශය බහුතරයක් ආණ්ඩුවේ මැතිඇමතිවරු, මන්ත්‍රීවරු මෙම ඇමතිවරයාගේ අදහස් හා මතවාද පිළිගන්නේ නැත. එහෙත් මෙවැනි සිදුවීම්වලට ආණ්ඩුවේ ඇමතිවරුන් ප්‍රතිචාර දක්වන ආකාරය බෞද්ධ ජනතාවගේ දොම්නසට හා අප්‍රසාදයට හේතු වී ඇත. ඉන් ආණ්ඩුවේ පැවැත්මට හා කීර්තිනාමයට ඇතිකරන හානිය විශාලය.

මීළඟට ඇසිය යුත්තේ පළපුරුදු අත්දැකීම් ඇති ප්‍රවීන ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදකයෙක්යැයි කියන මාලක දේවප්‍රිය සති අන්ත රාවය පුවත්පතේ සංවාදයට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි අභූත චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් කිසිදු ආගමකට නිගරුවක් කර නැති බවයි. භාෂාවක පද කිසිවෙකුට අයිති නැතිබවත් එය කැමති පරිදි භාවිතා කළ හැකි බවත් ප්‍රකාශ කරමින් විමර්ශනාත්මකව බැලිය යුතු බවට කාලාම සූත්‍රය ද උපුටා දක්වයි. රාවයේ ඔහුගේ සංවාදය කියවීමෙන් පෙනී යන්නේ භාෂාවක පද පාවිච්චි කිරීමේ දී ඔහුට ආචාර ධර්ම නැති බවයි. හැම විෂයකටම ආවේනික පද ඇත. ආගමික භාෂාවේ ද ඊට ආවේනික බැතිබර, ශ්‍රද්ධාවන්ත, පරමාර්ථමය වශයෙන් වැදගත් වදන් ඇත. සම්මුතිලෝකය තුළ එම වදන් සමග භක්තිමය ලෙසත් ආගමික ලෙසත් බැදී ඇති අතර ඒවා වන්දනාමාන කරයි. නිරතුරු මතුරයි. එම වදන් පාවිච්චි කර ආශිර්වාද කරයි. ඒවායේ වටිනාකම් තේරුම් ගැනීමට නොහැකි කලාකරුවෙක් වේ නම්, නාට්‍ය නිෂ්පාදකයෙක් වේ නම් ඔහුගේ හදවත සහ මනස පිරික්සා බැලිය යුතු අතර  ඔහු මේ සමාජයේ රුපියල් සරණ යන අයෙකු විය යුතුය. මෙම නාට්‍ය වලට යොදා ඇති නම් තුන පිළිබදව මාලකට අවබෝධයක් නැතැයි සිතිය නොහැක.

මෙම නාට්‍ය තුනේ නම් තුනම බෞද්ධ ජනතාවගේ වන්දනාමාන වන වදන් පෙළට වෙනත් අරුත් දෙන්නක් බව මොළයේ කළදක් ඇති ඕනෑම අයෙකුට අවබෝධ වේ. නාට්‍ය දෙකක නම් ඔහු සදහන් කරමින් ඉන් අර්ථවත් වන දේ ගැන ඔහු සදහන් කරයි. එහෙත් නිර්වස්ත්‍රං පරමං සුඛං නාට්‍ය ගැන එහි සදහනක් නැත. මෙම නාට්‍ය තුළින් සමකාලීන මනුෂ්‍යාගේ ස්වරූපය සම්බන්ධව ප්‍රකාශනයන් රැසක් ඉදිරිපත් කරන බව මාලක පවසයි. සමකාලීන මනුෂ්‍යාගේ ස්භාවය මාලක තුළින් පිළිබිඹු වන අතර  එහි යටිපෙළ වාණිජ පරමාර්ථ බව ද, අමතක නොකළ යුතු වන්නේ මෙයට අනුග්‍රහය දක්වා ඇති රාජ්‍ය ආයතනය දෙස බැලීමෙනි. අද්‍යතන වෙළදපොළ සමාජයේ මනුෂ්‍යාට තේරෙන භාෂාවෙන් මෙම නාට්‍ය තුනට නම් තුනක් දෙන්නට ජයලත් මනෝරත්න, බුද්ධදාස විතානච්චි, ඩබ්ලිව්.ජයසිරි, ලක්ෂ්මන් විජේසේකර ඇතුළු මෙයට දායක වූ ප්‍රවීනයන්ට නොහැකිවීම තුළින් ඔවුන්ගේ නිර්මාණාත්මක දුගී බව හෝ ඔවුන් නොදැනුවත්ව වෙනත් පිරිසක් මෙම නම් යොදා ඇති බවත් එය සංහිදියා කාර්යාලයට උචිත පරිදි සිදුකරන ලද්දක් බවද අනුමාන කිරීමේ වරදක් නැත.

මාලක දේවප්‍රිය මෙය නොදන්වා විය නොහැක. එම නම් වලට ද මිළක් ඇත. බුදුදහමට, බුදුවදනට, එහිවදන් වලට, නිග්‍රහ කිරීම හෝ දෙපැත්ත කැපෙන ලෙස පාවිච්චි කිරීම වෙනත් අරුත් මතුවන ලෙස ඉදිරිපත් කිරීමට ද මූල්‍ය වටිනාකමක් ඇත. එය ද බිස්නස් එකකි. ව්‍යාපාරයකි. නිර්මාණයක සියුම් ලෙස කෙරෙන එවැනි දෑ තුළින් යම් සමාජයක, යම් ආගමක ප්‍රජාවකට වේදනාවක්, සිත්රිදවීමක් ඇතිවන්නේ නම් එයින් ගොඩනැගෙන සංහිදියාවක් හෝ සාමයක්ද නැත. ජිවිත අවබෝධයක්ද නැත. ආනන්දයෙන් ප්‍රඥාවට යායුතු බව ප්‍රකාශ කළද නාට්‍යයේ නමින්ම නාට්‍යයට ඇතුළුවීමට අඟුලක් දමා ඇත. බෞද්ධ ප්‍රජාවගේ භක්තියට හා ශ්‍රද්ධාවට සියුම් පහරක් එල්ලකර ඇති අතර එපමණක් නොව එය හාස්‍යයට ලක්කර ඇත. මෑත යුගයේ ප්‍රහසන වේදිකා නාට්‍ය වලද පිටපතින් පිට පැන ඉදිරිපත් කරන සංවාද තුළින් ද මේ ආකාරයටම නිගරුකිරීම් දැකගත හැක. මෙම නාට්‍ය වලට දායක වූ ප්‍රවීනයන්ගෙන් මෙම නාට්‍ය වලට දැමිය යුතු නම් පිළිබදව විමසා සිටියේ නම් මෙවැනි දෙයක් සිදුවිය නොහැකි බව මෙම නිර්මාණකරුවන්ගේ ධාරිතාව දෙස බැලීමේ දී අපට සිතේ. එම නිසා මෙම නාට්‍ය තුනට නම් තුනක් සමාජයට තේරේන භාෂාවෙන් නම් කිරීමට කැමැත්තෙමු.

එසේ යෙදුවේ නම් මෙවැනි කලබගෑනියක් රට තුළ නොවන්නටත් භික්ෂු සමාජයේ හා බෞද්ධයන්ගේ සිත් නොරිදවීමටත් ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩුවට පහරගැසීමටත් අවස්ථාවක් නොලැබෙන අතර ආණ්ඩුව ද අපහසුතාවයට පත්නොවීමට හේතු වනු ඇත. “ජාතික සමගිය හා සංහිදියාව වෙනුවෙන් අහන්න” කරනු ලබන මෙම නිර්මාණ නිසා හා වෙනත් ප්‍රකාශන නිසා සම්මුතිවාදී ආණ්ඩුවකට මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබදව කලාවේ නිදහස වෙනුවෙන් පමණක් උනිතවාදීව පෙනී සිටින්නන්ගේ ආත්මාර්ථකාමී, කුහක උද්දච්ඡභාවය නිසා ආණ්ඩුවකට හා සමාජයට ගෙවන්නට සිදුවන වන්දිය බොහෝය. මේ වෙනුවෙන් මාධ්‍ය හමු පවත්වන බොහෝ දෙනකුට සමස්තය පෙනෙන්නේ නැත. එනම් කැළේ පෙන්නෙ නැත. එහි තිබෙන ගසක් හෝ දෙකක් පමණක් පෙනේ. මෙවැනි අවස්ථාවක ඒවා පෙන්වා දෙන ස්වාමීන්වහන්සේලාට චීවරධාරීන්, ජාතිවාදීන් අන්තවාදීන් ළිදේ ඉන්න ගෙම්බන්එ, කලා වීහිනයන් යැයි බැන අඩ ගසනවා වෙනුවට මෙම නාට්‍ය තුනේ නම් තුන වෙනස් කිරීමට තරම් මාලක නිහතමානී වුනානම් මෙයට දායක වූ ප්‍රවීනයන් ප්‍රඥවන්ත වුනානම් ඒ සදහා නම්‍යශීලි වුවානම් මේ රට සමාජය, කලාව, දේශපාලනය, සංහිදියාවෙන් පිරි සුමට රටක් වීමට ඉඩ තිබුනා නොවේද?

මාලක දේවප්‍රියගේ නාට්‍ය වලට යොදා ඇති නම්,               යෝජනා කරන නම්

තරු සරණයි! (තෙරුවන් සරණයි!)                                         තරු හඹා පැරදුනෙමි
නිහොන් සැප ලැබේවා! (නිවන් සැප ලැබේවා!)                      සකුරා රටින් පණිවිඩයක්
නිර්වස්ත්‍රං පරමං සුඛං (නිර්වාණං පරමං සුඛං)                         හෙළු සැප  සොයා

ලාංකීය රේඩියෝ ඉතිහාසය තුළ රේඩියෝ නාට්‍ය කලාවේ සෞන්දර්යාත්මක විප්ලවයක් කිරීමට මාලක බලාපොරොත්තුවන බව ප්‍රකාශ කර ඇත. ඒ සදහා වූ විප්ලවයේ ඇරඹුමෙන්ම ජනතාව ඔහුගෙන් වියෝවී ඇති බව ප්‍රකාශ කළ යුතු අතර ඔහු සමග ඉතිරි වී ඇත්තේ සංහිදියා කාර්යාංශයත් අදාළ ඇමතිවරයාත් ඔහු ආරක්ෂා කිරීමට පැමිණ සිටින්නේ වාරණයේ උදහසට එරෙහිව ඔහුගේ කලාවේ නිදහස වෙනුවෙන් යැයි කියා ගන්නා මිතුරනුත් පමණි.

ඉගෙන ගන්න විප්ලව කරන්න – විප්ලව කරන්න ඉගෙන ගන්න.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

24
අගෝ.
18

තොපේ ඔය කලාව අරං ගහගනිං පු……

වත්මන් ආණ්ඩුව විසින් #රිලාකෘති වාරණය කිරීම සහ #පුකාසන නිදහස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරන #මාජ්ජ හමුව අද කොළඹදී පැවැත්වුනා.

අසංක සායක්කාරගේ
‘’මං #පොන්නමිනිහෙක්‘’ නාට්‍යය,
ශ්‍රීනාත් චතුරංගගේ ‘’#අම්මගේ #රස්තියාදුව“ කෘතිය,
සහ මාලක දේවප්‍රියගේ #බුද්ධාගමට #කෙලින ගුවන් විදුලි නාට්‍ය වාරණය කරමින් ආණ්ඩුව ගෙන යන පුකේතන්ත්‍රවිරෝධී ක්‍රියාදාමය සම්බන්ධයෙන් #රිලාකරුවෝ රැසක් එහිදී අදහස් පළ කළහ.

එසේම වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙන විට ‘ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය‘ අහෝසි කරන බවට දුන් පොරොන්දුව ඉටු කරනවා වෙනුවට එම ආයතනය හරහා #රිලාකෘති වාරණය කිරීම පිළිබද #රිලාකරුවෝ දැඩි විරෝධයක් පළ කළහ.

‘’වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස හෙවත් #සිංහල #බෞද්ධ #සංස්කෘතියට #පහරදීමේ#නිදහස #රැකගනිමු” යන තේමාවෙන් කැදවන ලද මේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින් ආණ්ඩුවේ වාරණයට විරෝධය දැක්වූ #රිලාකරුවන්..

ප්‍රසන්න විතානගේ,
ධර්මසිරි බණ්ඩාරනායක,
ලූෂන් බුලත් සිංහල,
අශෝක හදගම,
උපුල් ශාන්ත සන්නස්ගල
කේ.කේ. සමන් කුමාර,
නදීකා බණ්ඩාර,
විමුක්ති ජයසුන්දර,
රාජිත දිසානායක,
බූපති නලීන් වික්‍රමගේ,
ප්‍රියන්ත කොඩිප්පිලි,
මාලක දේවප්‍රිය,
ජෙහාන් ශ්‍රී කාන්ත,
අසංක සායක්කාර,
ශ්‍රීනාත් චතුරංග,
තුමිදු දොඩන්තැන්න,
ජගත් මනුවර්ණ,
සංජීව පුෂ්පකුමාර
විදර්ශන කන්නංගර
පුබුදු ජයගොඩ,
#නිර්මාල් #රංජිත් #දේවසිරි
අතුලසිරි සමරකෝන්

එසේම මේ අවස්ථාවේදී ආණ්ඩුවේ රිලාකෘති වාරණයට විරෝධය දක්වමින්

චාන්දනී සෙනෙවිරත්න,
දමයන්ති ෆොන්සේකා,
කත්‍යානා අමරසිංහ,
හෙන්රි වර්ණකුලසූරිය,
මොහන්රාජ් මඩවල
ජයන්ත අමරසිංහ
අජන්ත අලහකෝන්
සහන් කසීර වික්‍රමසිංහ
චන්දන සිරිමල්වත්ත
නදී වාසලමුදලිආරච්චි
මලිත් හෑගොඩ
කළණ ගුණසේකර

ආදි වශයෙන් තවත් #රිලාකරුවන්, #රැඩිකල් #මාජ්ජ #පනුවන් සහ #සමාජරෝගී ක්‍රියාකාරිහු 50 කට අධික පිරිසක් සහභාගි වූහ.

“#රිලාකෘති වලට එල්ල කෙරෙන පාලකයන්ගේ මර්දන තර්ජන පරදවමු!“ සහ “#කලාවේ #නිදහස #හෙවත් #බුද්ධාගමට #වැරයොදා #පහරදීම #වෙනුවෙන් #එක්වෙමු!“ යන තේමා පාඨ එහිදී ඉදිරිපත් කරණ ලදී.

👇👇👇👇😂😂

(පනුවෙක් ලියා පලකල පෝස්ටුවක් ඉතා සංයමයෙන් මා විසින් සංස්කරණය කර ඇති බව සලකන්න.)

-මාලින්ද ඩයස්-

14
අගෝ.
18

හැමිණුනු ………………පරපුර

ගොං ගංජා බුඩ්ඩිමතා

09
මැයි
18

සුනිල් පෙරේරා, සමාජ ක්‍රියාකාරිකයෙක් ද ? මඤ්ඤමක්ද ?

මේ ඡායාරූපය, පෞද්ගලිකත්වය ඉක්මවා සමාජ හරස්කඩ කියවීම සඳහා යොදා ගත හැකි හොඳ මූලාශ්‍රයක්.

ජිප්සීස් ගීත පාදඩකරණය වීමට බලපෑ ආකල්ප සමූහයක් තිබෙනවා. ඔවුන් ගේ මුල් කාලීන ගීතවල (උදා. නිලුපුල් සුවඳ උරා, ඔබ දුටු ඒ මුල් දිනේ, මල් මල් පිපිලා, මා සතුටින් බව වැනි) තිබුණු රසය පසුකාලීන ව බලෙන් මරා දැමුවා. ඒකට හේතුව ඒ කාලේ වික්ටර්, මිල්ටන්, ක්ලැරන්ස් වැන්නන් ගොඩ නගා තිබුණු ගීත කලාව අභිබවා මාකට් එකක් ගොඩ නඟන්නට ජිප්සීස්ලාට නොහැකි වීම. ඒක වෙනස් කරන්න තමයි ‘කිස් 10’ ගේන්නෙ.

එවකට 9වැනි වසරේ ඉගෙන ගනිද්දි (ගාල්ලෙ, රිච්මන්ඩ් විදුහලේ) මම ජිප්සීස් කණ්ඩායමට බැනලා ලිපියක් යොමු කළා. මා බලාපොරොත්තු නොවුණු ආකාරයට, සුනිල් පෙරේරා ‘කිස් 10’ ගැන කනගාටුව පළ කර මට ලිපියක් එවා තිබුණා. ඒ සමඟ ඔහු ජිප්සීස් කණ්ඩායම ග්ලූකෝරස වෑන් එකකට හේත්තු වෙලා, ටී ෂර්ට් ඇඳන් ගත්ත කලු සුදු ඡායාරූපයකුත් එවා තිබුණා. (අද ඒවා මා ළඟ නැහැ. තිබුණා නම් වටිනවා.)

කෙසේ වෙතත්, 80 දශකය වෙන කොට ජිප්සීස් පාදඩකරණය උත්සන්න වුණා.

මේ විදියට ජිප්සීස් සහ කලා සමාජය අතර පරතරය වැඩි වෙන කොට, ජෝතිපාල ගේ මරණයත් එක්ක ‘ප්‍රබුද්ධ-පීචං’ කියලා සංවාදයක් පටන් ගත්තා. ඒක ‘අමරදේවලා, නන්දාමාලිනීලා, රූකාන්තලා සහ අපි’ නමින් නිහාල් පීරිස් ගේ කෘතියක් දක්වා දුරදිග ගියා. ඒ කෘතියට අශෝක හඳගම ලියා තිබෙන ලිපියෙන් ප්‍රබුද්ධ සමාජය (?) ජිප්සීස් කණ්ඩාමට එල්ල කර තිබෙන ප්‍රහාරයේ තරම කියවා ගන්න පුළුවන්. එවකට රාවය පුවත්පතේ සේවය කළ ජයසිරි ජයසේකර, මේ ප්‍රබුද්ධ (?) නියෝජිත කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වුණා.

මේ ඊනියා ප්‍රබුද්ධ-පීචං සංවාදයෙදි නිහාල් නෙල්සන් කී ප්‍රසිද්ධ කතාවක් තිබෙනවා. – ‘ඒ ගොල්ලො ප්‍රබුද්ධ නං, අපි සුප්‍රබුද්ධ’ ..

ජිප්සීස් කණ්ඩායම, ‘ප්‍රබුද්ධයන්ට අහිතකර විය හැකි ය’ ඔවුන් ගේ ‘ඔජායේ’ වැනි කැසට්පටිවලට යෙදීම ආරම්භ කළේ ඉන්පසුවයි.

2000 වෙනකොට ජිප්සීස් පාදඩකරණය ‘ස්ටැග්නයිට්’ දක්වා තිරශ්චීන වුණා. ඒ එක්ක ම ක්ලබ්වලදී, හෝටල්වලදි සුනිල් පෙරේරා ගුටි කන තත්ත්වයට ඇද වැටුණා.

කොහොම වුණත් 2000 දෙවැනි භාගයෙන් පස්සෙ, ජිප්සීස් කණ්ඩායම අලුත් වටයකින් ගමන ආරම්භ කළා. සුනිල් පෙරේරා පොරක් වෙන්න පටන් ගත්තා. ඒ අතරේ ප්‍රබුද්ධ සමාජය (?) හිස් කොන්ක්‍රීට් තාච්චියක් වගේ පල්ලම් බැස්සා. සන්ෆ්ලවර් කණ්ඩායම, ඒකට අවශ්‍ය පරිවාර සමාජ පරිසරය හදලා දුන්නා. තවත් දේවල් ඒකට බලපෑවා. දේශපාලනය, මාධ්‍ය වෙළෙඳපොළ ආදිය ..

දැන් දෙගොල්ලො එක තැන.

සුනිල් පෙරේරා, සමාජ ක්‍රියාකාරිකයෙක් (?), දේශකයෙක් (?), විද්වතෙක් (?) වුණා. ඒ කාලේ සුනිල් පෙරේරාට ඇට්ටි හැලෙන්න දීපු අශෝක හඳගම නියෝජනය කරපු ජ.වි.පෙ. දේශපාලන වේදිකාවල ආරාධිතයෙක් වුණා.

ජිප්සීස් කණ්ඩායමේ ‘අපට කියන්න’ සින්දුව නිර්මාණය වෙන්නෙ ඒ අවකාශයෙන්.

මේ ඡායාරූපය, සමාජ හරස්කඩක් වෙන්නෙ එ් අනුව.

මෙතන, එකල ප්‍රබුද්ධ සමාජය (?) නියෝජනය කළ ධාරාවේ කට්ටිය, සුනිල් පෙරේරාට සවන් දෙමින් ඉන්නෙ. එදා, ප්‍රබුද්ධ-පීචං සංවාදය වෙලාවෙ, ප්‍රබුද්ධ පැත්ත නියෝජනය කරමින් ජයසිරි ජයසේකර වැඩ කරපු ‘රාවය’ පත්තරේ සංස්කාරකත් ඉන්නවා.

දැන් ඇත්ත වෙලා තිබෙන්නෙ කෝක ද?

‘ඒ ගොල්ලො ප්‍රබුද්ධ නං, අපි සුප්‍රබුද්ධ’

අද මොවුන් තමයි, සමාජ මත නායකයො – opinion leaders විදියට ක්‍රියාත්මක වෙන්නෙ.

මේක ‘මධුර ජවනිකා .. නෙයින ගෙ සූදුව .. සාජන්ට් නල්ලතම්බි’, වගේ බුද්ධිය පල්ලම් බැස්ස, සමාජ විකෘතියක්.

ලාංකික සමාජය මෙහෙම කරණමක් ගැහුවෙ, ඇයි?

– කුමාර ලියනගේ

Image may contain: 1 person, sitting and standing
01
මැයි
18

රනිල්ගේ වැසිකිලිය කාපං…. කේ.ඩබ්. රෙනරංජන ඔන්න අඹුඩේ ගූ අයිවන් රීලද කොහේද …

රාවයට කෙලින්න ගිය ජනරංජන කල්ලියට වික්ටර් අයිවන්ගෙන් රෙදි ගැලවෙන බඩ විරේකයක්..

රාවයට කෙලින්න ගිය ජනරංජන කල්ලියට වික්ටර් අයිවන්ගෙන් රෙදි ගැලවෙන බඩ විරේකයක්..

රාවය පුවත්පතෙන් පිරිසක් ඉවත්ව ගොස් නව පුවත්පතක් ආරම්භ කිරීමත් සමග දෙපාර්ශවය අතර මතගැටුම් කාරී තත්වයක් සමාජ ජාලයන්හි හා විවිධ මාධ්‍ය මගින් සිදුවෙමින් ඇත.

ආසන්නතම සිදුවීමක් ලෙස රාවය පුවත්පතේ ප‍්‍රධාන කතෘ වික්ටර් අයිවන් මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ දීර්ඝ ලිපියක් පල කර ඇත.

රාවය හිටපු කතෘ කේ.ඩබ්. ජනරංජන මහතා සම්බන්දයෙන් දැඩි විවාදාත්මක අදහස් දැක්වෙන එම සටහන මෙසේය.

ජනමාධ්‍ය චෞරයෝ.

රාවයට මුහුණ දෙන්නට සිදුවී තිබෙන සුවිශේෂ අත්දැකීම් ගැන මා ලියා ඇතත්, රාවයේ වැඩ කළ ජනමාධ්‍යවේදීන් ගැන ලියා ඇත්තේ ඉතාමත් කලාතුරකින් අවස්ථා කිහිපයකදී පමණය. රාවය උදාර අරමුණු ඇතිව ආරම්භ කොට පවත්වාගෙන යමින් තිබෙන පුවත්පතක් වුවද, රාවය එම උදාර අරමුණුවලට ගැළපෙන ජනමාධ්‍ය කණ්ඩායමක් සොයාගෙන ඔවුන් පුරුදු පුහුණු කොට ඔවුන් මත පිහිටා පවත්වාගෙන ගිය පුවත්පතක් ලෙස සැලකිය නොහැකිය. අපට ජීවත් වන්නට සිදුවී තිබෙන්නේ හොඳටම කුණුවූ සමාජයකය. රාවයට ජනමාධ්‍යවේදීන් ලබාගන්නට සිදුවූයේද එම සමාජයෙනි. රාවයට වැඩ කරන්නට සිදුවූ ජනමාධ්‍යවේදීන් අතර ගරු කටයුතු අය සිටියා සේ ම අධම ගණයේ ලා සැලකිය හැකි අයද සිටියේය. මා මෙම ලිපියෙන් සලකා බලනු ඇත්තේ ගරු කටයුතු ගණයට වැටෙන අය ගැන නොව, අධම ගණයට වැටෙන අය ගැනය.

රේඛාට විරේකයක්.

මා මෙවැනි සටහනක් ලියන්නට පෙළඹවූ රේඛා නිලුක්ෂිට මාගේ ස්තුතිය හිමිවිය යුතුය. ඇය මට එරෙහිව ආරම්භ කොට පවත්වාගෙන යන ප්‍රචාරක වැඩසටහනට ලයිට් පත්තු කරනන් හා හූමිටි තබන්නන් අතර බරපතළ වැරදි නිසා රාවයෙන් පලවා හැරිය හෝ රාවය අතහැර පලා ගිය අය ගණනාවක්ද සිටින බව හඳුනා ගන්නට හැකිවීම නිසා ඔවුන්ගේ නියම ස්වභාවය ගැන කතා කිරීම අවශ්‍ය වේයැයි කියන හැඟීම මා තුළ ඇති කිරීමට හේතුවිය.

රේඛා ජනරංජනගේ පාලන කාලයේ රාවයට එකතු වූ අවුරුදු දෙකකට ආසන්න කාලයක් රාවයේ වැඩ කර තිබෙන සාමාන්‍යයෙන් නවකයෙකුට නොලැබෙන තරමේ ලොකු බලපරාක්‍රමයක් හිමිකරගෙන සිටි එම බලය අනුන්ට ප්‍රදර්ශනය කරන්නට යෑම නිසා රාවය කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගේ උපහාසයට සේ ම විරෝධයටද හේතුවී සිටි තරුණ කාන්තාවකි. ඇය අප්‍රේල් 7 වැනිදා මුහුණු පොතට ලියන ලද සටහනට යොදා තිබුණු මාතෘකාව වූයේ ‘චෞර රැජින ගැන ලියපු වික්ටර් අයිවන් චෞර රජෙක්’ යනුවෙනි. ඇය එම ප්‍රවෘත්තියෙන් චෝදනා කර තිබුණේ රාවය වෙබ් අඩවියට ලිපි අප්ලෝඞ්කිරීම වෙනුවෙන් ඇයට දින 06ක් සඳහා ලැබිය යුතුව තිබුණ රුපියල් 15,000ක මුදලක් රාවය ඇයට නුදුන් බවය. ඇය කියන කතාව ඇත්තක් ලෙස සැලකුවද එම කතාවට යොදා තිබෙන ශීර්ෂ පාඨය අනුව ඇගේ උද්දච්චකමේ තරම පමණක් නොව ජනමාධ්‍ය විෂය පිළිබඳව ඇයට තිබෙන නොදැනුමේ තරමද පෙන්නුම් කරයි. දැන් ඇය වැඩ කරන්නේ රාවයේ හිටපු කර්තෘ ජනරංජන සමගය. ඒනිසා ඇගේ එම සටහන ජනරංජනගේ මගපෙන්වීම හා ආශිර්වාදය මත ලියන ලද්දක් ලෙස සැලකිය හැකිය.

පළමුවෙන්ම වෙබ් අඩවියට රාවයේ ලිපි අප්ලෝඞ් කළ පුද්ගලයාට මසකට රුපියල් දස දහසක් ගෙව්වේයැයි කියන කතාව සත්‍යයකි. ඔහු රාවයේ වැඩ කළ කෙනෙකු නොවීය. පිටස්තරව සිට ඒ කාර්යය කළ කෙනෙකි. ඔහු විදේශ ගතවීම නිසා වෙබ් අඩවියට ලිපි අප්ලෝඞ් කිරීම සති කිහිපයකට සිදු නොවී තිබුණි. වෙබ් අඩවියට ලිපි අප්ලෝඞ්නො වීමේ ප්‍රශ්නය කතා කළ අවස්ථාවකදී අප්ලෝඞ් කිරීමේ කාර්යය රාවයේ කෙනෙකුටම භාරදී එම දීමනාව එම පුද් ගලයාට ගෙවිය යුතු බවට ජනරංජන යෝජනා කළේය. මා එම යෝජනාවට ඇතුළත් රුපියල් දසදහසක් ගෙවීමේ කතාවට විරුද්ධ වූවෙමි. ඒ කාලයේ වෙබ් අඩවියට මුළු පුවත්පතම දැම්මේ නැත. දැම්මේ තෝරාගත් ලිපි කිහිපයක්ප මණය. ඒ නිසා ඔහුට ගෙවන ලද මිල පවා සාධාරණ මිලක් නොවන බවත්, මේ කාර්යය සඳහා වැයවන්නේ පැයක් පමණ වන සුළු කාලයක් වන නිසාත් ආයතනයේ කෙනෙකුට භාරදෙන්නේ නම් එය එම පුද්ගලයාට පඩියට අතිරේකව ලැබෙන ආදායමක් වන නිසා සතියකට වරක් අප්ලෝඞ් කිරීමේ කාර්යය සඳහා රුපියල් 1000 ක් බැගින් සති හතරේ මාසයකට රුපියල් 4000ක් ගෙවීම ප්‍රමාණවත් බව මම කීවෙමි. මාගේ එම යෝජනාවට ජනරංජන විරුද්ධ වූයේ නැත. ඉන්පසු කුමක් වී දැයි මම නොදනිමි. ජනරංජන ඉවත්ව යෑමෙන් පසු අප්ලෝඞ් කිරීමේ කාර්යය කරමින් සිටියේ රාවයේ ටයිප්සෙ ටින් අංශයේ සේවය කළ චතුර බුද්ධික නමින් වන තරුණයෙකි. ඒ වගකීම සඳහා ඔහු තෝරාගෙන තිබුණේ ටිරන්ය. ඒ කාලයේදී ඔහුට ගෙවා තිබුණේ සතියේ අප්ලෝඞ් කිරීමක් සඳහා රුපියල් 1000ක මුදලකි. දැන් එම තරුණයා වැඩ කරන්නේද ජනරංජන හා රේඛා සමගය. චතුරගෙන් පසු දැන්, රාවයේ ඒ කාර්යය කරන්නේ රසික ගුණවර්ධනය. ඔහුට ගෙවන්නේද එම ගෙවීමය.

ගමන් වියදම් අවුල

ජනරංජන ඉවත්ව ගියේ ජනවාරි 24 වැනිදාය. රේඛා ඉවත්ව ගියේ ජනවාරි 26 වැනිදාය. ඇය එසේ ඉවත්ව ගොස් තිබුණේ ආයතනයෙන් ලැබීමට හිඟ මුදල් තිබුණේ වී නම් ඒවාද ලබාගෙනය. ඒ අවස්ථාවේදී ඇය අප්ලෝඞ් කිරීමක් සිදුකර ඇත්නම් ඒ සඳහා ලැබිය යුතු මුදල් ඉල්ලා නැත. ඇය ඒ සඳහා ඉල්ලීමක් පළමු වරට කර තිබෙන්නේ අප්‍රේල් 4 වැනිදාය. ඇය අප්ලෝඞ් කිරීම් 6ක් වෙනුවෙන්රු පියල් 15,000ක මුදලක් ඉල්ලා ඇතත්, ඇය එවැනි කාර්යයක් කළේද නැද්ද යන්න ගැන ගණකාධිකාරීවරයාටද කිසිදු අවබෝධයක් තිබී නැත. ඇගේ ඉල්ලීම ඔහු මට කී විට වැඩ කර තිබෙන දින ගණනටඒ වැඩය සඳහා අනෙක් අයට කරන ගෙවීම ඇයටද කරන ලෙස උපදෙස් දුනිමි. ඒ අනුව ඔහු
ඇයට 6000ක මුදලක් ගෙවා ඇතත්, තමන්ට ලැබිය යුත්තේ රුපියල් 15,000ක් බව ප්‍රකාශ කරමින් රුපියල් 6000 භාර ගැනීම ප්‍රතික්ෂේප කොට පොලිසියට පැමිණිලි කරන බව කියමින් කාර්යාලයෙන් පිටවී ගොස්තිබේ.

රේඛා, තරිඳු හා සංජීව ඉවත්ව යන අවස්ථාව වන විට ඒ තිදෙනාම පිටතට ගොස් කරන වැඩ සඳහා ලබාගන්නා වියදම් පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දී සිටියේය. ගමන් වියදම් ප්‍රතිපුර්ණ කරගැනීම සඳහා ඉදිරිපත් වූ ඉල්ලීමකදී ගණකාධිකාරිවරයා මට දුරකතනයෙන් කතා කොට පිටත ගිය ගමනක් සඳහා මුදල් ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන ඉල්ලීමක් ගැන මට කරුණු පැහැදිලි කළේය. පිටතට ගිය ගමනක් සඳහා රුපියල් 12,500ක් කෙනෙකු ඉල්ලුම් කර තිබුණු අතර, ඒ මුදලින් රු. 6500 ක්ම ඉල්ලා තිබුණේ ත්‍රීවීලර් ගාස්තු සඳහාය. බැලූ බැල්මට විශ්වසනීය නොවන ගමන් වියදම් වවුචර් මීට පෙරද දිගින් දිගට ලැබුණු බවත්, එහෙත් ඒවා කර්තෘගේ අනුමැතිය ඇතිව එවන නිසා තමන්ට කළහැකි දෙයක් නොතිබුණු නිසා ඒවාට ගෙවන්නට සිදුවූ බවත් ඔහු කීවේය. මා එම වවුචරයට මුදල් ගෙවීම නතර කොට කර්තෘ මණ්ඩලයේ පිටතට ගොස් කරන වැඩ සඳහා වැය කළ මුදල් පිළිබඳව අවුරුදු තුනකට අදාළ වාර්තාවක්ද විශ්වාසදායක නොවන ගණන් හිලව් ඇතුළත් වවුචර කිහිපයක්ද මා වෙත එවන ලෙස ඉල්ලා සිටියෙමි. වසර තුනක වියදම් වාර්තාව ලැබුණු පසු වියදම්වල යථා තත්ත්වය තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් සංඛ්‍යා සටහනක් මා විසින් සකස් කරන ලදි.

ඒ අනුව විශේෂාංග සඳහා ගමන් වියදම්වල මාසික සාමාන්‍ය මෙසේය. 2015 වසර රු. 31330යි. 2016 වසර රු. 132000යි. 2017 වසර රු. 131451යි. ඒක පුද්ගල මාසික සාමාන්‍ය 2015 වසර සඳහා රු. 4460කි. 2016 වසර සඳහා රු. 16579කි. 2017 වසර සඳහා රු. 18808කි. පුද්ගලයන් අනුව ගත් විට සංජීවගේ මාසික වියදම 2015 සඳහා රු. 18911කි. 2016 සඳහා රු. 27450කි. 2017 වසර සඳහා රු. 34680කි. තරිඳුගේ එය 2015 සඳහා රු. 2630කි. 2016 වසර සඳහා රු. 13249කි. 2017 සඳහා රු. 29533කි. රේඛා සඳහා 2016 වසර සඳහා රු. 12840කි. 2017 වසර සඳහා රු. 28516කි. පිටතට යන ගමන් වියදම්වලදී අඩුම වියදමක් පෙන්නුම් කර තිබුණේ ඉඳුනිල්ය. 2017 වසර සඳහා ඇගේ ගමන් වියදමේ මාසික සාමාන්‍ය රුපියල් 7314කි. බොහෝ අයගේ ගමන් වියදම්වලින් 60%ක් පමණ ත්‍රිවිලර් ගාස්තු විය. මහරගම සිට පිටකොටුවට බස් ගාස්තුව රු. 70කි. වවුචර් වලට යොදා තිබුණ ත්‍රීවිලර් ගාස්තුව රු. 750කි. බස්රථයෙන් ගමන් කොට, ඒ වාට ත්‍රීවිලර් ගාස්තු අය කෙරෙන ක්‍රමයක් ක්‍රියාත්මක වී තිබුණු බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. වවුචර් පරීක්ෂා කරන විට වෙනත් විසමතාද පෙනෙන්නට තිබුණි. එක දුර ප්‍රදේශයකට ගොස් එකතු කරගත් තොරතුරු මත පත්තර දෙකකට ලිපි ලියා ගමන් දෙකකට ගමන් වියදම් අයකරගත් අවස්ථාවක් ද විය. ගෙදර ගිය ගමනකදී එම ප්‍රදේශයේම රාත්‍රී නවාතැන් පොළකට ගාස්තු ගෙවා තිබුණු අවස්ථාවක් ද විය. මා සියාලු වවුචර් පරීක්ෂා කළේ නැත. පරීක්ෂා කළේ කීපයක් පමණි. මා ඒ ගැන ගණකාධිකාරිවරයා අමතා ජනරංජනටද පිටපතක් සහිතව ලිපියක් භාර දුන්නෙමි. ඒ ජනවාරි 17 වැනිදාය. එහි එක් තැනක මෙසේ සඳහන් කළෙමි. ”සමහර වවුචර් ඔබේ විශ්වාසයට හේතුවී නොතිබුණද, ඔබ එම ගෙවීම් කර තිබුණි. එසේ කළේ ඇයිද කියා විමසූ විට ඔබ කීවේ කර්තෘ අනුමත කර තිබුණු නිසා එම මුදල් ගෙවනවා හැරෙන්නට අන් දෙයක් නොතිබුණු බවය. එහෙත් ඔබේ එම ප්‍රවේශය වැරදිය. ලැබෙන වවුචර් විශ්වාසයට හේතු නොවන අවස්ථාවලදී අනුමත කර තිබෙන්නේ කවුරුන් වුවත් ඒ ගැන ප්‍රශ්න කිරීමේ හා සොයා බැලීමේ වගකීමක් ඔබට තිබෙන්නේය.” එම ලිපියේ තවත් තැනක මෙසේ සඳහන් විය.” කර්තෘ මණ්ඩලයේ ගමන් ගාස්තු පිළිබඳව විගණනයකට යෑම අවශ්‍ය වේ යැයි සිතමි. කිසිදු සොයා බැලීමකින් තොරව වියදම් අනුමත කරන හා ඒවාට මුදල් ගෙවන ක්‍රමයක් ආයතනය තුළ ස්ථාපිත වී තිබෙන බව පෙනෙනවා. ආයතනයක් තුළ එවැනි සංස්කෘතියක් ඇතිවූ විට එම ආයතනය පරිහානියට පත්වීම නොවැළැක්විය හැකියි”

ගමන් වියදම් පිළිබඳව මතුවී තිබුණු ප්‍රශ්න හා ඒ ගැන මා විගණනයකට යන බවට කර තිබුණු ප්‍රකාශය කර්තෘ ඇතුළු මේ පිරිස කැළඹීමට පත් කර තිබුණු අතර ඔවුන් රාවයෙන් නික්ම යෑම කෙරෙහි එම ප්‍රශ්නයද වැදගත් සාධකයක් ලෙස බලපාන්නට ඇත. සංජීව ගියේ ඔහුට වැඩ කරන්නට රාවයෙන් දෙන ලද ලැප්ටොප් පරිගණකයද ආපසු භාර නොදීය. ඒ නිසා ඔහුට එරෙහිව පොලිසියට පැමිණිලි කිරීමට රාවයට සිදුවනු ඇත.

එස්.බී.ගෙන් කප්පම් ඉල්ලීම

දැන් මම රේඛාගේ ප්‍රශ්නයෙන් ඉවත් වී ඇය මුහුණු පොතේ පළකරන පදනම් විරහිත වාචාල කතාවලට හූමිටි තියන, ලයිට් පත්තු කරන මීට පෙර විටින් විට විසමාචාර හේතු නිසා රාවයෙන් පලාගිය හෝ රාවයෙන් පලවා හරින ලද අයගේ නියම පසුබිම හා කෙරුවාව තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් හා ලංකාවේ ජනමාධ්‍යවේදය කුණුවී තිබෙන තරම තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් නිදර්ශන කතා කිහිපයක් ඉදිරිපත් කරමි. රාවය මෙතෙක් දුර පැමිණ තිබෙන්නේ පිටතින් එල්ල වන දුෂ්කර අභියෝගවලට පමණක් නොව, ප්‍රකට නැතත් අභ්‍යන්තරයෙන්ද එල්ල වන දුෂ්කර අභියෝගයන්ට මුහුණදෙමින් බව තේරුම් ගැනීමට එම තෝරාගත් ආදර්ශ කතා කිහිපය පාඨකයන්ට ප්‍රයෝජනවත් වනු ඇත.

මා හා ඇමති එස්.බී. දිසානායක අතර කලකට ඉහතදී ලොකු ගැටුමක් තිබුණු බව රාවය පාඨකයන් දන්නෙහිය. අපි දෙදෙනා අතර එවැනි ලොකු ආරාවුලක් තිබුණු අවස්ථාවකදී මාගේ මිත්‍රයෙකු වූ හේමසිරි ප්‍රනාන්දු මට දුරකතනයෙන් කතා කොට හේමසිරිගේ නිවසේදී එස්බීට මා හමුවීමට අවශ්‍ය වී තිබෙන බව කීවේය. මට එස්.බී. සමග මොන කතාවක්දැයි හේමසිරිගෙන් විමසූ විට එස්.බී. රාවයට එරෙහිව මට කියන්න ලොකු කතාවක් තිබෙන බවත්, එය කප්පම් කතාවක් බවත් මා විස්මයට පත්කරමින් හේමසිරි කීවේය. මා නියම කරගත් දිනට නොවළහා එහි පැමිණෙන බව කීවෙමි.

නියම කරගත් දිනයේදී එස්.බී.ගේ කතාව අහන්න මම හේමසිරිගේ නිවසට ගියෙමි. එස්.බී. සමග ඔහුට හිතවත් රාජ්‍ය නිලධාරියකු ලෙස සැලකිය හැකි ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නද එහි පැමිණ සිටියේය. රාවයේ කිහිපදෙනෙකු එස්.බී.ගෙන් ලබාගන්නට අපේක්ෂා කර තිබෙන කප්පම රුපියල් දශ ලක්ෂයකි.

එම දශ ලක්ෂයේ කප්පම ඉල්ලා තිබෙන්නේ සුසන්තිකා ජයසිංහ එස්.බී. ගැන කතා කරන දුර්ලභ ගණයේ හඬ පටියක් ජනමාධ්‍යවලට මුදාහැරීම වැළකීම සඳහාය. කප්පම ලබාගැනීමට උත්සාහ කර ඇත්තේ සුනිල් නවරත්න හරහාය. සුනිල් නවරත්න මෙම තත්ත්වය ඉදිරියේ කොතරම් භීතියට පත් තත්ත්වයක සිටියාද කියතොත් ඔහු එස්.බී. ඇමතිවරයා ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍යම වෙතොත් කප්පම්කරුවන්ට ගෙවන්න රුපියල් දශ ලක්ෂයක්ද සොයාගෙන සිටියේය.

ඒ කාලයේ රාවය, රාවයට අතිරේක වියදම සොයා ගැනීමේ මාර්ගයක් වශයෙන් ක්‍රීඩා පුවත්පතක් පළ කළ අතර මේ වැඩසටහනේ මොළකාරයා ලෙස ක්‍රියාකර තිබුණේ එම පුවත්පතේ කතුවරයාය. ඔහු ගාම්භීර පෙනුමකින් යුතු ජේත්තුවට අඳින පළඳින ගැඹුරු කටහඬක්ද තිබුණු පුද්ගලයෙකු විය. අහිංසක හොඳ පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි රාවයේ කැමරා ශිල්පියා රාවයට අතිරේකව මේ පුවත්පතේද කැමරා ශිල්පියා ලෙස වැඩ කළ අතර පත්තර කප්පම් වැඩසටහනට ඔහුද ලාවට සම්බන්ධ කරගෙන තිබුණි.

මේ දෙදෙනාගෙන් කප්පම් කතාව අසාගෙන මා කාර්යාලයට පැමිණි පසු ඉහත කී ජායයාරූප ශිල්පියා මාගේ කාර්යාලයේ කාමරයට කැඳවා ඔහු සමග සුහද පිළිසඳරක යෙදෙමින් ඒ කතාව අතරමගදී එස්.බී.ගෙන් ලබාගන්නට යන කප්පමෙන් ඔහුට හිමි පංගුව කොතරම් දැයි අසා සිටියෙමි. මාගේ එම ප්‍රශ්නයෙන් බිරාන්ත වූ ඔහු ඒ ගැන තමන් දන්නා තතු මට හෙළි කළේය. මා ඔහුගේ කතාව දැනගැනීමෙන් පසු ඔහු කර තිබෙන වරදේ බරපතළකම ඔහුට පැහැදිලි කරදී ඒ මොහොතේදීම ආයතනයෙන් ඉවත්ව යන ලෙස ඉල්ලා සිටිමින් ජනමාධ්‍යවේදියෙකු ලෙස වැඩ කිරීමට අවශ්‍ය ශික්ෂණය නැතිකම සනාථ කර තිබෙන නිසා මින් මතු කිසිදු ජනමාධ්‍ය ආයතනයක වැඩ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියෙමි. ඔහු ඒ මොහොතේදීම රාවයෙන් පිටවී ගිය අතර ක්‍රීඩා පත්තරේ කතුවරයා හා ගෝලයාද රාවයෙන් යන්න ගියෝය. මෙය පොලිස් පරීක්ෂණයකට පත්වනවා දකින්නට එස්.බී. කැමැත්තක් නොදැක්වීම නිසා ඊට වැඩි ක්‍රියා මාර්ගයක් ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන්නට මට නොහැකි විය.

මේ කතාවට සම්බන්ධ වඩාත්ම අවලස්සන කතාව අසන්නට ලැබුණේ මීට වසර දෙකකට හෝ තුනකට පමණ ඉහතදීය. රාවය අතහැර ගිය ඉහත කී ජායායාරූප ශිල්පියා දීර්ඝ කාලයකට පසුව මා බලන්නට රාවයට පැමිණ මා සමග කරන ලද කතාබහකදී රාවයේ සිටි නම්බුකාර මිනිසකු ගැන අපූරු කතාවක් කීවේය. උපාධිධාරියෙකු වූ එම පුද්ගලයා ඉතාමත් ප්‍රසන්න හා අහිංසක පෙනුමක් තිබූ වර්තමානයේ ජනශ්‍රැතිය පිළිබඳව ලොකු ප්‍රසිද්ධියක් හිමි කරගෙන සිටින රූපවාහිනී නාලිකාවලට වැඩසටහන් ඉදිරිපත් කරන පුද්ගලයෙකි. ජායාරූප ශිල්පියා කියන ලද කතාව අනුව ඔහුට මෙම කප්පම් සිද්ධියේ සුවඳ දැනී එය ආචාර්ය සුනිල් නවරත්න යාළු කරගන්නට අවස්ථාවක් කරගැනීමෙන් නොනැවතී ඒ මගින් වඩා හොඳ රැකියාවක් හිමිකර ගන්නටද ඔහු සමත් වී තිබේ. ඒ ගනුදෙනු වේදී සිදුවී තිබෙන අවලස්සනම දේ ලෙස සැලකිය හැක්කේ තමන්ට ලොකු වැදගත්කමක් ආරෝපණය කරගැනීම සඳහා මෙම කප්පම් වැඩසටහනට මගේද පුංචි සම්බන්ධයක් ඇති බව සුනිල් නවරත්නට කීමය. අපට ජීවත් වන්නට සිදුවී තිබෙන සමාජය කොතරම් බිහිසුණුද?

රෝහණ කුමාර ඝාතනය වසන් කිරීම

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පාලන කාලයේ අවසාන භාගයේ සිට චන්ද්‍රිකා පාලන කාලයේ කිසියම් කාලයක් දක්වා රාවය කවුන්ටර් පොයින්ට් (Counter point) නමින් ඉංග්‍රීසි මාසික සඟරාවක්‌ පළ කළේය. එහි සංස්කාරකවරුන් ලෙස ක්‍රියා කළේ වර්තමානයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්යවරයා ලෙස ක්‍රියා කරන අර්ජුන පරාක්‍රම හා රොයිටර් පුවත්සේවයේ වරුණ කරුණාතිලක යන දෙදෙනාය.

මෙම සඟරාවේ පිටු සකස් කිරීම කළේ රාවයේ ටයිප් සෙටින් අංශයේ වැඩ කළ තරුණයෙකි. ඔහු ප්‍රධාන පෙළේ විද්‍යාලයකින් අධ්‍යාපනය ලැබූ බැලූ බැල්මට අහිංසක පෙනුමකින් යුතු කාර්යශීලී පුද්ගලයෙකි. සඟරාවේ පිටු සකස් කිරීම කෙරුණේ සිරිතක් ලෙස රාත්‍රී කාලයේදීයි. හේතුව සංස්කාරකවරුන් දෙදෙනාම කාර්ය බහුල පුද්ගලයන් වීමය. ඔවුහු රෑ අටට පමණ වැඩ පටන් ගෙන රෑ දෙක තුන වෙනකම් කාර්යාලයේම තිබුණු ඒ සඳහා වෙන් කළ කාමරයක වැඩ කළහ. ඔවුන් වැඩ කරන දිනවල සඟරාවේ පිටු සකස් කිරීමේ කටයුතුවල නිරත වූ ඒ තිදෙනා හැර කාර්යාලයේ සිටියේ මා හා කාර්යාලය බලාගත් පීරිස් අංකල් පමණය.

එසේ වැඩ කළ එක් රාත්‍රියකදී පිටු සකස් කිරීමේ මූලික කටයුතු අවසන් කොට එය මුළුමනින් අවසාන කිරීමේ කාර්යය ඉහත කී තරුණයාට භාරදී අර්ජුන හා වරුණ මධ්‍යම රාත්‍රියද පසුවී කාර්යාලයෙන් ගොස් තිබුණි. එහිදී අර්ජුන තමන් පරිහරණය කළ ලැප්ටොප් පරිගණකය අමතක වී එහි දමා ගොස් තිබුණි. පසුදින උදේ එය රැගෙන යෑමට ඔහු කාර්යාලයට ආ විට ඔවුන් වැඩ කළ කාමරයේ පරිගණකය තිබී නැත. ඉහත කී තරුණයා ආරක්ෂාවට එය කොහේ හෝ තබා තිබේදැයි දුරකතනයෙන් විමසූ විට තමා යන විට එහි පරිගණකයක් නොතිබුණු බව ඔහු ප්‍රකාශ කර තිබුණි. අර්ජුනගේ හා වරුණගේ දැඩි මතය වූයේ ලැප්ටොප් පරිගණකය සොරකම් කළේ ඉහත කී තරුණයා බවය. ඒ ගැන මම ඔහුගෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු රාවය අත්හැර ගියේය.

වඩා වැදගත් වන්නේ ඉන්පසු ඔහු රඟපෑ භූමිකාවය. සටන කර්තෘ රෝහණ කුමාරගේ ඝාතනය ගැන පාඨකයන් දන්නෙහිය. රෝහණ කුමාර හොඳ ජනමාධ්‍යවේදියෙකු ලෙස සැලකිය නොහැකිය. ඔහු රඟපෑවේ චෞර ජනමාධ්‍යවේදියෙකුගේ භූමිකාවකි. ඔහුගේ ඝාතනය පිටුපස ලොකු දේශපාලන කතාවක් තිබුණි. ඔහු චැනල් නයින් සිද්ධිය පදනම් කොටගෙන ජනාධිපතිනිය හා ඇගේ මාධ්‍ය උපදේශක සනත් ගුණතිලකට දරුණු ලෙස පහර ගසන ‘කොමිසනා’ නමින් වන කැසට් පටියක් නිපදවා තිබුණි. රෝහණ කුමාර ඝාතනයට පාදක වූයේ එම කැසට් පටයයි.

රෝහණ කුමාර ඝාතනය ගැන මුලින්ම පරීක්ෂණ පවත්වන ලද්දේ ලංකාවේ ප්‍රකට හා දක්ෂ අපරාධ පරීක්ෂකවරයකු ලෙස සැලකිය හැකි ශානි අබේසේකර විසිනි. එහෙත් ඔහුගේ පරීක්ෂණයෙන් සැකයේ ඇඟිල්ල බැද්දගානේ සංජීව වෙත එල්ලවීම නිසා එම පරීක්ෂණය ඔහුගෙන් ඉවත් කොට අපරාධ පරීක්ෂණ බියුරෝවේ එකල ප්‍රධානියාව සිටි ෂෝ වික්‍රමසිංහ අතට පත්කර තිබුණි. ඔහු එම ඝාතනයේ ඇත්ත වසන් කිරීම සඳහා නිර්මාණය කළ කතාවක් කරළියට ගෙන එන ලදි. ඒ වන විට මමද රෝහණ කුමාර ඝාතනය ගැන බැරැරුම් ලෙස කරුණු සොයා බලන තැනකට යොමුවී සිටියෙමි. මා ඒ පසුපස හඹායමින් සිටින අවස්ථාවකදී රෝහණ කුමාර ඝාතනය වසන් කිරීම සඳහා ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව ෂෝ වික්‍රමසිංහ ද යොදා ගනිමින් කරළියට ගෙනා කතාව රඟදක්වන වැඩසටහනේ අර්ජුනගේ ලැප්ටොප් පරිගණකය සොරකම් කළ තරුණයාද වැදගත් භූමිකාවක් රඟපාමින් සිටින බව සොයාගත හැකිවිය. මා ඔහු රඟපාමින් සිටින භූමිකාව ගැන සියලු තතු දන්නා බව ඔහුගේ මිත්‍රයෙකු මගින් එම පුද්ගලයාට දැනගන්නට සැලැස්සුවෙමි. ඉන්පසු ඔහු කොතරම් භීතියට පත්වීද කියනවා නම් ඔහු ඕස්ට්‍රේලියාවට පලා ගියේය. ඔහුගේ ගමනට අවශ්‍ය වියදම් දරා තිබුණේ ජනාධිපති අරමුදලෙනි. මට එරෙහිව මුහුණු පොත ප්‍රයෝජනයට ගෙන පවත්වාගෙන යන ප්‍රචාරක වැඩසටහනට ඕස්ට්‍රේලියාවට ජීවත් වන එම තක්කඩියාද වැදගත් කොටස්කාරයෙකු වී සිටින බව අසන්නට ලැබුණි.

අගවිනිසුරුගේ සරණ පැතීම

චන්ද්රිකා පාලන කාලයේ රාවයේ වැඩ කළ කැමරා ශිල්පියා ඉදිරිපත් කරන පෙට්‍රල් බිල් ගැන රාවයේ ගණකාධිවරයාගෙන් මට පැමිණිල්ලක් ලැබුණි. මෙම ජායාරූප ශිල්පියාගේ පෙට්‍රල් වියදම් දරන ලද්දේ ආයතනය විසිනි. ඔහු පෙට්‍රල් සඳහා මෙතෙක් ඉදිරිපත් කර තිබෙන සියලුම බිල් එක ඉන්ධන පිරවුම් හලකින් ලබාගත් බිල් බවත්, ඒ බිල් එකට ගෙන පරීක්ෂා කිරීමේදී ඒ හැම බිලකම තිබෙන්නේ එකම අනු අංකයක් බවත් ගණකාධිකාරීවරයා මට කීවේය. බිලේ සඳහන් ඉන්ධන පිරවුම්හලට ගොස් ඒ ගැන ඔවුන් කියන්නේ කුමක්දැයි දැනගන්නා ලෙස මම ගණකාධිකාරීවරයාට උපදෙස් දුනිමි. ඉන්පසු අසන්නට ලැබුණු ප්‍රතිඵලය අපූරුය. ඔහු පෙට්‍රල් බිල්වල තිබුණු ලිපිනයට ඉන්ධන පිරවුම්හල සොයාගෙන ගොස් තිබෙන අතර එම ලිපිනය තිබෙන ස්ථානයේ හෝ ඒ අවට එවැනි ඉන්ධන පිරවුම්හලක් නැති බව ඔහු මට වාර්තා කළේය. ජායාරූප ශිල්පියා මා වෙත කැඳවා ඒ ගැන කරුණු විමසීමක් කළෙමි. ඒ සමග ඔහු රාවයෙන් අතුරුදන් විය.

එම කතාව එතැනින් අවසන්වන්නේ නැත. ඔහු අගවිනිසුරු සරත් සිල්වාගේ පාතාලකාරයා ලෙස සැලකුණු පේරාදෙණිය මල්වත්ත ඝාතනයේ හා යුද්ධයේ අවසාන භාගයේදී සුදුවෑන් රථයකින් ගොස් කොළඹ ප්‍රධාන පෙළේ සීනි මුදලාලි කෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ නඩුවක ප්‍රධාන විත්තිකරුවා වී සිටින රෝහණ කුමාර අල්ලාගෙන අගවිනිසුරුගේද ආශිර්වාද ඇතිව රාවයට එරෙහිව කම්කරු උසාවියේ නඩුවක් පැවරුවේය. එම නඩුවට රාවය වෙනු වෙන් පෙනී සිටියේ නීතිඥ සුරංජිත් හේවාමාන්නය. ඔහු මියයන තෙක්ම මාගේ හොඳම මිතුරෙකුද විය.

නඩු වාර කිහිපයකට පසු ඔහු මට නඩුව ගැන අපූරු කතාවක් කීවේය. නඩුවක් පවත්වාගෙන යෑමේ කිසිම නීත්‍යනුකුල හැකියාවක් එම ජායාරූප ශිල්පියාට නැතත්, නඩුව අසන විනිසුරුවරයා අගවිනිසුරුවරයාගේ රූකඩයක් මෙන් ඔහුගේ වාසියට හේතුවන ලෙස නඩුව පවත්වාගෙන යන බවත්, අවසානයේ විනිශ්චයකාරවරයා ජායාරූප ශිල්පියාට ගෙවීමට වන්දියක් නියම කරනු ඇති බවත් එයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම තේරුමක් නැති බවත් ඒ හැම නඩුවක් කෙරෙහිම සරත් සිල්වා බලපානු ඇති බවත් කීවේය. සියල්ල ඒ විදියටම සිදුවිය. නියම කළ වන්දිය අභියෝගයට ලක්කිරීමට යෑමෙන් තොරව ගෙවීමු. අපේ ජායාරූප ශිල්පියා ඉන් තෘප්තිමත් වූයේ නැත.

ඔහු අගවිනිසුරුගේ පාතාලකාරයා සමග එකතු වී ‘රාවයේ මළගම’ නමින් පොතක් ලීවේය. පළවූයේ පාතාලකාරයාගේ නමින් වුවත්, පොත ලියන්නට ඇත්තේ ජායාරූප ශිල්පියාය. පසුව එම පොතේ ඉංග්‍රීසි අනුවාදයක්ද පළ කෙරුණු අතර ඒ ගැන මා හා කතා කළ එක් විනිශ්චයකාරවරයෙකු මට කීවේ ලියා තිබෙන ඉංග්‍රීසි ශෛලිය අනුව බලන විට පොත ඉංග්‍රීසි භාෂාවට අනුවාදය කරන්නට ඇත්තේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා විය හැකි බවය.

අගවිනිසුරු සරත් සිල්වා හා මා අතර ඇතිවූ ගැටුමේ ප්‍රතිඵලයක් වශයෙන් ලොකු අධිකරණ අර්බුදයක් ඇතිවූ අවස්ථාවේදී සමහර ජනමාධ්‍ය ආයතන හා සමහර ජනමාධ්‍යවේදීන් එම දූෂිත අගවිනිසුරුවරයාට රැකවරණය ලබාදෙන ප්‍රතිපත්තියක් මගින් ඒ සියලුදෙනා අතිවිශාල ඵල ප්‍රයෝජන ලැබූ ආකාරය ගැන මා මීට පෙර ලියා තිබේ. එහෙත් එම අර්බුදයෙන් අයුතු වාසි ලබාගත් අය රාවයේද සිටි බව මේ කතාව කියන්නට පෙර පාඨකයන් කිසිවෙක් දැන නොසිටින්නට ඇත. එහෙත් එම අර්බුදයෙන් ඵල ප්‍රයෝජනය ලැබූ එකම ජනමාධ්‍යවේදියා ඉහත කී ජායාරූප ශිල්පියා පමණක් නොවන අතර දෙවැන්නෙක්ද සිටියේය.

ඉතා කෙටියෙන් මේ දෙවැන්නාගේ කතාව මෙසේය. ඔහු අධිකරණයට සම්බන්ධයක් තිබූ රාවයේ වැඩ කළ ජනමාධ්‍යවේදියෙකි. ජායාරූප ශිල්පියාට ප්‍රසන්න පෙනුමක් නොතිබුණද මේ පුද්ගලයාට තිබුණේ ඉතාමත් අහිංසක ප්‍රසන්න පෙනුමකි. අගවිනිසුරු හා මා අතර තිබූ ගැටුම ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබුණි. මේ අර්බුදය ප්‍රයෝජනයට ගෙන ලොකු දුර ගමනක් යා හැකි බව ඔහු තේරුම් ගෙන සිටියා විය යුතුය. රටේ ප්‍රධාන පෙලේ ටෙලිවිෂන් ආයතනයකට අධිකරණයේ නඩු 17ක් තිබුණි. ඉන් එක් නඩුවක්වි දේශ සමාගමක් විසින් පවරන ලද දැවැන්ත වන්දි නඩුවක් විය. ඔහු මෙම අර්බුදය එම ටෙලිවිෂන් ආයතනයේ හිමිකරුවාට ළංවීමට අවස්ථාවක් කරගත්තේය. තමන්ට සී.ජේ. සමග කතා කොට මෙම නඩු 17ම විසඳිය හැකි බව ඔහු ඔහුට කියන්නට ඇත. ඒ මගින් ඔහු ටෙලිවිෂන් ආයතනයේ රක්ෂාවක් ලබාගත්තා පමණක් නොව ටෙලිවිෂන් ආයතනයේ හිමිකරුගේ නඩු අගවිනිසුරු ලවා පස්සා දොරෙන් විසඳා දෙන අතරමැදියෙකු ලෙසද ක්‍රියා කළේය. ඒ වෙනු වෙන් ඔහු සමහරවිට ටෙලිවිෂන් ආයතන හිමිකරුවාගෙන් ලොකු පගාවක් ද ගත්තා විය හැකිය. තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමෙන් පසු මොන හේතුවක් නිසා හෝ ටෙලිවිෂන් ආයතයේ හිමිකරුට මේ පුද්ගලයා එපා වී ඔහු ආයතනයෙන් පලවා හැරියේය. ජනමාධ්‍යවේදියා එම ආයතනයට එරෙහිව නඩුවක් පවරන ලද අතර මෙම ජනමාධ්‍යවේදියා කියන අවලස්සන කතාවද එම නඩුවේ ලිපිගොනුවට ඇතුළත්ය. මේ විෂයේදී කතා කරන්නට තවත් වැදගත් චරිත ගණනාවක්ම ඇතත්, මෙම ලිපිය කොටස් වශයෙන් පළකෙරෙන ලිපියක් බවට පත්කිරීම අවශ්‍ය නොවන නිසා එම චරිත ගැන කතා කිරීමෙන් වැළකී මෙම ලිපිය අවසන් කරන්නට මට සිදුවී තිබේ. ලිපිය අවසන් කරන්නට පෙර කිවයුතුව තිබෙන තවත් වැදගත්ම දෙයක් වනුයේ අධම ගණයෙහිලා සැලකිය හැකි අය අතර දක්ෂයන්ද සිටි බවය. ඒ සියලුදෙනා එකට එකතු කොට පුවත්පතක් ආරම්භ කළහොත් එයඉතාමත් සුවිශේෂ සලාදයක් බඳු පුවත්පතක් බවට පත්වනු නොඅනුමානය.

රාවය පාඨකයන් සේ ම රාවය හදාරන්නන්ද දන්නේ රාවයට බාහිරෙන් එල්ල වූ අභියෝග ගැන පමණය. රාවය මේ දක්වා යන ගමන පැමිණ ඇත්තේ බාහිර අභියෝගවලට පමණක් නොව, ඒ සමාන තරමකට අභ්‍යන්තරයෙන් එල්ල වන අභියෝගයන්ටද මුහුණදෙමිනි. අවසාන විග්‍රහයේදී කොතරම් බල්ලන් බිරුවත් තවලම ඉදිරියටම යන්නා සේ රාවයද ඉදිරියටම යනු ඇත්තේය.

– victor ivan FB




අනවශ්‍ය දේවල්

  • 178,603 ක් බැළුවා

මරුවා වැහෙන දින

සැප්තැම්බර් 2018
බ්‍ර සි සෙ
« අගෝ.    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements