Archive for the 'නදී කම්මැල්ලවීර' Category

22
ඔක්.
18

මංගල අංකල් ඔයා දන්නව ද ? ගෝඨා ගේ මිනී මෝරු ගැන ?

Shantha Lanka

ගෝඨා ගේ මිනී මෝරු

” ඔයා දන්නව ද ? ඔය සුදු වෑන් වලින් උස්සන් ගිහිපු අය ගෝඨා ගේ ගෙදර හිටපු මිනී මෝරුන්ට කන්න දැම්මලු..”

මෙවැනි හෝ මීට සමාන කථා 2015 ජනාධිපතිවරණයට පෙර බහුලව අසන්නට ලැබුණි…තවමත් ඉඳහිට අසන්නට ලැබේ..මෑතකදී මිගමුව ප්රදේශයේ කටට බ්රේක් නැති නීතිඥවරියක් ද මේ ගැන ඇයගේ මුහුණු පොතට ද එක්කර තිබුණේ ඇය එම මිනී මෝරුන් ඇසින් දුටුවා ලෙසය. ලංකාවේ බහුතරයක් මිනිසුන් පහසුවෙන් රැවටිය හැකිය. සමහරු උපන් ගෙයි මෝඩයන්ය. කවුරුන් හෝ කටකතාවක් ප්රචාරය කළ සැණින් කරුණු නොවිමසා හිස් මුදුනින් පිළිගනී. ගෝඨා ඇති දැඩි කළ මිනී මෝරුන්ගේ කතාවද මෙවැන්නකි.

■ ගින්නක් නැතුව දුමක් නගියි ද ?

මෙය මෙරට යුද්ධය තදින් පැවති කාල වකවානුවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා එවකට ආරක්ෂක ලේකම්වරයා විය. ඔහු වරක් LTTE ත්රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප්රහාරයකට ද ලක් විය. LTTE ත්රස්තවාදීන් ඔහුට ඇස ගසාගෙන සිටි නිසා ඔහුගේ ජීවිතය තිබුණේ අනතුරේය. එම නිසා ඔහුගේ සොයුරු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ගේ ආරක්ෂාව තර කළේය. මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුට ලැබී තිබු නිල නිවසේ එදිනෙදා ජීවිතය ගතකළේ ආරක්ෂක භටයන් 200ක් පමණ පිරිවරාගෙනය. රටේ ආරක්ෂාව ගැන ඔහුට තිබු වගකීම සුලුපටු නොවීය. ඔහු දිවා රාත්රී වෙහෙසුනේ ත්රිවිධ හමුදාපතිවරුන් සමග සාකච්ජා කරමින් සැලසුම් හදමින් මෙම ත්රස්තවාදී ගැටළුව සදහටම නිම කිරීමටය. මෙම අධික මහන්සියේ ප්රථිපලය වුයේ ඔහුගේ මානසික ආතතිය ඉහළ යාමයි…වෛද්යවරයා ඔහුට මානසික අභ්යාස කිරීමට උපදෙස් දුන්නද ඔහුට ඒ සඳහා වෙලාවක් තිබුණේ නැත. මෙය තේරුම් ගත් වෛද්යවරයා ඔහුට නිවසේ මාළු ටැංකියක් සාදා ඉඩකඩක් ලැබුණු විට ඒ දෙස බලා සිටින ලෙස උපදෙස් දුන්නේය. නමුත් මේ යෝජනාවත් ඔහු එක් කනකින් අසා අනෙක් කනින් පිට කළේය. ඔහුගේ ඒකායන අරමුණ වුයේ හැකි ඉක්මනින් කුරිරු යුද්ධය නිමා කිරීමයි. වෛද්යවරයා ගේ මෙම මාළුටැංකි යෝජනාව ගෝඨා ගේ මිතුරෙකුට දැනගන්නට ලැබුණි. විශේෂය වුයේ ඔහු සුරතල් මත්ස්ය කර්මාන්තයේ හසල දැනුමක් ඇත්තකු වීමයි…මේ මිතුරා වුයේ රත්මලානේ ආනන්ද පතිරණයි…ඔහු මාළු ටැංකියට අවශ්ය මාළු සපයා දෙන්නට ස්වෙච්ජාවෙන්ම ඉදිරිපත් වූ නමුත් ඔහුට මාළු ටැංකියක් සාදා දෙන්නට තරම් හැකියාවක් නොවූ නිසා ඔහුගේ පිහිටට පැමිණියේ ගෝඨා ගේ තවත් මිතුරෙකු වූ අශෝක ග්ලාස් හි හිමිකරු වූ මහින්ද ජිනදාස යි. ඉන්පසු සැලසුම් කළ ලෙසම මාළු ටැංකිය සෑදුන නමුදු එහි ප්රථිපල සම්පූර්ණයෙන්ම ලබා ගැනීමට තරම් විවේකයක් ආරක්ෂක ලේකම්ට තිබුණේ නැත.

■ මාළු ටැංකියට මිනී මෝරුන් දැම්මේ කවුද ?

මෙම ටැංකියට දමන මාළුවන් ගැන ආරක්ෂක ලේකම්ට අවබෝධයක් තිබුනේ නැත. නමුත් ඔහුගේ බිරිඳට සුරතල් මසුන් ගැන සුළු අවබෝධයක් තිබුණි. මාළු ටැංකියට ඉතා කඩිසර සුරතල් මත්ස්ය විශේෂයක් වන ෂාක් කැට්ෆිෂ් (Shark Catfish) කීපදෙනුකු ටැංකියට එක්වුයේ එලෙසය. සුරතලයට ඇතිකරන මත්ස්යයින් අතර මෙවැනි මෝරුන් වර්ග 26ක් පමණ වේ. ඔවුන් අහාරයට ගත්තේ සාලයන් වැනි කුඩා මාළුය. ටැංකියේ තවත් වෛවර්ණ මුහුදු මාළුන් සිටි නිසා ටැංකියේ වතුර මාරු කර සති දෙකකට වරක් කරදිය එක් කිරීමටද සිදුවිය. ආරක්ෂක භටයන් 200 පමණ සිටින තැනක හොරෙන් මිනී මෝරන් ඇති කිරීමේ කතාව හාස්යජනකය. උන්ට කන්නට මිනිසුන් බිලි දීමේ කතාව ඊටත් වඩා හාස්යජනකය.

■ මිනී මෝරුන් ජාත්යන්තරයට යාම.

දිනක් ආරක්ෂක ලේකම් හමුවීමට The New Yorker සඟරාවේ මාධ්යවේදියෙකු වූ ජෝන් ලී ඇන්ඩර්සන් සහ ඔහුගේ මිතුරෙකු වූ ජේම්ස් ක්ලැඩ් පැමිණියෝය. ඔවුන් එනවිට රැගෙනවිත් තිබුණේ බ්ලු ලේබල් මත්පැන් බෝතලයකි. ආරක්ෂක ලේකම් වරයා මත්පැනින් තොර පුද්ගලයෙකු බව ඔවුන් දැන සිටියේ නැත. පැමිණි අමුත්තන්ට සංග්රහ කිරීමට පානයක් ගැන කල්පනා කළ විට ඔහුගේ මතකයට ආවේ කවුරුන් හෝ ඔහුට තෑගී ලෙස දී තිබු කිසිවෙකු හෝ පාවිච්චියට ගෙන නොතීබූ ෆොන්සේකා (Fonseca Vintage Port) නම් වයින් වර්ගයකි නමුත් සම්මතයේ මෙය එතරම් හොඳ වයින් වර්ගයක් සේ සැලකුණේ නැති නිසා ආරක්ෂක ලේකම් වරයාට සිදු වුයේ අමුත්තන් ගේ අවසරය ඇතිව ඔවුන් රැගෙන ආ මත්පැන් බෝතලයෙන් ම ඔවුන්ට සංග්රහ කිරීමය. ඉන්පසු ඔවුන් යුධ හා දේශපාලන තොරතුරු ගැන කතා කරමින් එකට රාත්රී ආහාරයද ගෙන අවසන් වූ පසු ඔවුන් මාළු ටැංකිය නිරීක්ෂණය කර ඇත. ඔහු The New Yoker සඟරාවට 2011 වර්ෂයේ ජනවාරි 17 දින “DEATH OF THE TIGER” ශීර්ෂයෙන් යුතුව ලියු ලිපියේ ඒ ගැන සඳහන් කර තිබුණේ මෙසේය.

After dinner, Gotabaya led us outside. Across his lawn, by the garden’s high security wall, was a huge, illuminated outdoor aquarium. Inside, several large, unmistakable shapes moved relentlessly back and forth.

“Are those sharks?” I asked him.

“Yes,” he said. “Do you want to see them?”

We crossed the lawn and stood in front of the tank, which was eight feet tall and twenty feet wide. There were four sharks, each about four feet long, swimming among smaller fish.

( රාත්රී ආහරයෙන් පසු ඔහු අපිව පිටතට රැගෙන ගියේය. විශාල ආරක්ෂක තාප්ප වලින් වට වූ තණ කොළ සහිත පිට්ටනිය මැද විශාල වර්ණවත් මාලු ටැංකියක් තිබුණ අතර එය තුළ විවිධ හැඩයෙන් යුත් මාළුන් කඩිසරව එහා මෙහා පිහිනමින් සිටියෝය.

” උන් මෝරු ද ? ” මම ඇසූවෙමි

” ඔව්” ඔහු පැවසුවේ ය. “ඔයාට බලන්න ඕනද? ”

අපි තණ කොළ සහිත පිට්ටනිය මැදින් ගොස් මාළු ටැංකිය ඉදිරියේ සිට ගත්තෙමු. එය අඩි අටක් පමණ උසකින් සහ අඩි විස්සක් පමණ පළලින් යුක්ත විය. එහි අඩි හතරක් පමණ දිග වූ මෝරුන් හතර දෙනෙකු කුඩා මාළුන් අතරේ පිහිනමින් සිටියෝය.)

මෙම ලේඛකයා අතිශයෝක්තියෙන් ලියන්නෙකු බව ඔහුගේ සම්පූර්ණ ලිපිය කියවීමෙන් වටහාගත හැකිය.
මිනී මෝරුන්ගේ කතාවට අත්තටු ලැබෙන්නේ ඉන් පසුවය. දේශපාලන විරුද්ධවාදින්ට ද මෙය හොඳ අවියක් විය. ලංකාවේ මිනිසුන් ඕනෑම බොරුවක් වග විභාගයකින් තොරව පිළිගන්නා බව ඔවුන් දැන සිටියේය. ගැටළුව ඇත්තේ මේවා අදටත් පරම සත්ය ලෙස පිළිගන්නා මිනිසුන් අප අතර සිටීමයි. එක් අතකට සඳට ගල් ගැසූ, ලස්සන වෙන්නට වදකහ සුදිය බිවු මිනිසුන්ගෙන් පිරි රටක මීට වඩා යමක් බලාපොරුත්තු විය ද නොහැකිය. ගෝඨා ඇතිකළ මිනී මෝරුන් යයි සැලකෙන වර්ගයේම මාළුන් සහිත ටැංකියක් ඔබට බත්තරමුල්ල දියත උයනේද දැක ගත හැකිය.

ඇමරිකාවේ හිටපු ජනපති ඒබ්රහම් ලින්කන් මහතා කියූ පාඨයක් මට මෙහිදී සිහි වේ

” You may deceive all the people part of the time, and part of the people all the time, but not all the people all the time.”

(ඔබට සියලු මිනිසුන්ව යම් කලෙකට රැවටීමට හැකි වනු ඇත, තවත් මිනිසුන් කොටසක් සැමදාටම රැවටීමට හැකි වනු ඇත. නමුත් ඔබට සියලු මිනිසුන් සැමදා රැවටීමට නොහැකි වනු ඇත)
——————–

ගෝඨා ගේ සුදු වෑන් ගැන හෙළිදරව්ව ළඟදීම බලාපොරුත්තු වන්න.

Image may contain: text

Advertisements
19
ඔක්.
18

හැමිනෙන මිල සුත්‍රය… (මුන්ට චන්දය දුන්නු තොපිට හෙන ගහනවා)

10
ඔක්.
18

SEMA වසා වස නොකන්නට නම්… ශ්‍යාමන් හේමකොඩි,

SEMA වසා වස නොකන්නට නම්……..
අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01.
අතිගරු ජනාධිපති තුමනි,
උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය (SEMA) අහෝසි කිරීමේ කැබිනට් තීරණය සම්බන්ධයෙනි.
‘වසවිස නැති රටක්‘ ජාතික වැඩසටහන විෂ කෘෂි රසායන සහ රසායනික පොහොර භාවිතය හේතුවෙන් මෙරට ජෛව පරිසරයට සහ මානව සම්පතට සිදු වෙමින් පවතින දැවැන්ත ව්‍යසනයට පිළියමක් ලෙස වත්මන් රජය විසින් හඳුන්වා දී ක්‍රියාත්මක කරන ලද පුමුඛ ජාතික වැදගත්කමක් සහිත දැවැන්ත ව්‍යාපෘතියක් මෙන්ම ඔබ විසින් ඔබගේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශණයෙන් ජනතාව වෙත ලබා දෙන ලද ප්‍රධාන ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඥාවක් බවත් ස්තුති පූර්වකව සිහි කරනු කැමැත්තෙමි.
මෙම වැඩසටහන ක්‍රියාවට නැන්වීම ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය (SEMA) වෙත පවරන ලද බවද, ඒ සඳහා අවශ්‍ය වන සියලු මූල්‍ය ප්‍රතිපාදන සහ අනෙකුත් පහසුකම් රජය විසින් මේ තාක් නොඅඩුව ඊට සපයන ලද බවද මගේ වැටහීමය.
කෙසේ වුවද, සෙමා ආයතනය විසින් රජයට නිර්දේශ කරන ලද පරිදි ගොවීන්ගේ පොහොර සහනාධාරය මුදලින් ලබා දීම, ග්ලයිෆෝසේට් තහනම, ප්‍රමිතියකින් යුතුව වසවිස නැති ගොවිතැන ව්‍යාප්ත කිරීම යන ප්‍රමුඛ සහ වැදගත් ප්‍රතිපත්ති තීරණ ඔබ විසින් රට තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය.
එහෙත් එම ප්‍රතිපත්ති තීරණ සක්‍රීය ලෙස රට තුළ පවත්වාගෙන යාම සඳහා පිළිගත හැකි තරම් සාධනීය ජාතික මට්ටමේ ක්‍රියාකාරීත්වයකට ළඟා වීමට බරපතල පරිපාලන හා මෙහෙයුම් කළමනාකරණ නොහැකියාවන් හේතුවෙන් සෙමා ආයතනය අසමත් වී ඇත.
ඒ හේතුවෙන් රජය ජනතාව අතර අපහසුතාවයට පත් වූ අතර, මෙහි ප්‍රතිපලයක් ලෙස මේ වන විට ඔබ විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් සම්මත කිරීම තුළින් එම ආයතනය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර දැමීම සඳහා නියෝග කර ඇති බව කාරුණිකව සිහිපත් කරමි.
මගේ වැටහීම අනුව, මෙම වැඩසටහන සහ ආයතනය ආසාර්ථක වීම සඳහා හේතු වූ ප්‍රධාන කරුණු පහක් ඔබගේ කාරුණික අවධානය පිණිස පහත දක්වමි.
  1. සභාපතිවරයාගේ පරිපාලන සහ කළමනාකරණ නොහැකියාව:
  • ආයතනයේ ප්‍රධාන විධායක තනතුරේ කටයුතුද ආවරණය කරන ලද්දේ සභාපතිවරයා විසින් වීම.
  • දිවයින පුරා ගොවීන්ගෙන් දැන්වීම් පල කර ගෙන්වා ගත් ව්‍යාපෘති වාර්තා පර්යේෂණවලින් තොරව ඉවත දමා ව්‍යාපෘතිය ඇරඹීම.
  • පස, පොහොර, දේශගුණය, බීජ හෝ ජලය පිළිබඳ කිසිදු මූලික පර්යේෂණයකින් තොරව 2016 දී රට පුරා අක්කර දහස් ගණනක ජෛවවිද්‍යාත්මක කෘෂිකර්මාන්තය ඇරඹීම හේතුවෙන් එය මහාපරිමාණ වශයෙන් අසාර්ථක වීම
  • නිත්‍ය සහ නිසි ආකාරයේ අංශ බෙදීමක් නොපැවතීම. නිත්‍ය අංශයක් ලෙස පැවතියේ මූල්‍ය අංශය පමණි. අනෙක් සියලුම අංශ, ඒවායේ වගකීම් පවරණ ලද නිලධාරීන්, ඔවුන්ගේ වගකීම් සහ ඔවුන් සේවය කළ කාර්යාල පරිශ්‍ර මාසයෙන් මාසයට වෙනස් කරන ජංගම ස්වභාවයේ ඒවා වීම.
  • සභාපතිවරයා කණ්ඩායම් වැඩ කෙරෙහි විශ්වාසය රහිත තනිව වැඩ කරන හිතුවක්කාර සහ මුරණ්ඩු පුද්ගලයෙකු වීම.
  • සියලු අංශවලට ඇඟිලි ගැසීම සඳහා සභාපතිවරයා විසින් නොවිධිමත්ව බලය පවරන ලද, රාජ්‍ය සේවයේ හෝ පුද්ගලික සේවයේ පලපුරුද්දක් හෝ අත්දැකීම් රහිත, ඔහුගේ විශ්වාසය දිනාගත් උඩඟු කණිෂ්ඨ නිලධාරිනියක් පර්යේෂණ සහ පොහොර පිළිබඳවද වගකීම දරමින් සියලු කටයුතු අවුලෙන් අවුලට පත් කිරීම.
  • සභාපතිවරයාට කිසිදු නිලධාරියෙකුට ඇහුම්කන් දීමේ හැකියාව නොතිබීම.
  • සියලු නිලධාරීන් සහ සේවකයින් සභාපතිවරයාගේ ප්‍රසිද්ධ උමතු බුරාගෙන පැනීමට සහ ඔහුගේ ප්‍රියතම කළමනාකාරිණියගේ උදහසට ලක්ව සභාපතිවරයාට කේලම් කීම හේතුවෙන් රැකියාව අහිමි වේය යන බියෙන් කටයුතු කිරීම.
2. සභාපතිවරයාගේ මූල්‍ය කළමනාකරණ නොහැකියාව:
  • ආයතනයේ වැටුප් පරිමාවන්, තනතුරු සහ පහසුකම් සුදුසුකම්, පළපුරුද්ද සහ කාර්යයන් මත නොව සභාපතිවරයාට සහ ඔහුගේ ප්‍රියතම කළමනාකාරිනියට දක්වන හිතවත්කම් මත ලබා දී තිබීම.
  • ඔබ විසින් ආයතනය පිළිබඳව පවත්වන ලද විගණන පරීක්ෂණයේ වාර්තාව මේ වන විට ඔබ වෙත ලැබී ඇති බැවින් මූල්‍ය සහ පරිපාලන අක්‍රමිකතා පිළිබඳව ඔබ දැනුවත් බවට සැකයක් නොමැත.
3. සභාපතිවරයාගේ සම්බන්ධීකරණ නොහැකියාව:
  • වසවිස නැති රටක් ජාතික වැඩසටහන කාර්්‍යක්ෂමව සැළසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබා ගත යුතුම වූ කෘෂිකර්ම අමාත්‍යංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ජාතික ආහාර වැඩසටහන, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැනි ආයතනවල ප්‍රධානීන් උපායමාර්ගික ව්‍යවසාය ආයතනය සමග හවුල්කර නොගැනීම.
  • ඔවුන් සමග, විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යංශයේ ස්ථිර ලේකම්වරයා සමග ගැටුම්කාරී පසමිතුරු සබඳතාවයක් පවත්වා ගැනීම.
4. සභාපතිවරයාගේ ප්‍රචාරණ නොහැකියාව:
  • වසවිස නැති රටක් ජාතික වැඩසටහන පිළිබඳ ප්‍රබල සහ දැනුවත් මහජන මතයක් ගොඩ නැන්වීම සඳහා, ක්‍රියාත්මක ස්වරූපයේ, සක්‍රීය, ප්‍රා යෝගික සහ නිරන්තර මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට අසමත් වීම සහ ඒ සඳහා විධිමත් හා ක්‍රියාකාරී මාධ්‍ය ඒකකයක් පවත්වා නොගැනීම.
5. සභාපතිවරයාගේ ප්‍රතිපත්ති සම්පාදන නොහැකියාව:
  • වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය වන අනෙකුත් රාජ්‍ය ආයතන සමග ඒකාබද්ධව සකස් කළ ප්‍රතිපත්තියක් හෝ සැලසුමක් නොවීම.
එසේ වුවද, ජෛවවිද්‍යාත්මක කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය හැකියාව සහිත කෘෂිවිද්‍යාඥයින්, සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් වෘත්තිකයින්, ජාතික සහ ප්‍රා දේශීය මට්ටමේ පුහුණුකරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයින් මෙන්ම අනෙකුත් සේවාවන්ට අයත් කාර්යමණ්ඩලයක්ද මෙම ආයතනයේ සේවය කරන අතර ඔවුන් වසර ගණනාවක් මුළුල්ලේම මෙම කාර්යයේ නියැලීම හේතුවෙන් ඒ පිළිබඳව මනා දැනුම, පුහුණුව, අවබෝධය සහ අත්දැකීම් සහිත පිරිසකි.
ශ්‍රී ලංකාවේ ගිලගනිමින් පවතින වගුගඩු රෝගය, අග්න්‍යාශයේ පිළිකා, බෝ නොවන රෝග සහ දැවැන්ත පරිසර විනාශයට හේතුව විෂ සහිත කෘෂි රසායන සහිත රසායනික කෘෂි කර්මාන්තය සහ ඒ හා බැඳුණු ආහාර සහ ජීවන රටාව බවත්, ඊට විසඳුම වන්නේ ජෛවවිද්‍යාත්මක කෘෂිකර්මාන්තය වෙත විතැන්වීම බවත් ලංකාවේ වෛද්‍ය සහ කෘෂික්ෂේත්‍රෙය් විද්වතුන් සහ පර්යේෂකයන් ගණනනාවක්ම මේ වන විටත් සිය පර්යේෂණ ඇසුරින් සනාථ කර ඇත.
මේ පිළිබඳව සිදු කළ විද්‍යාත්මක පර්යේෂණ සහ ජනතාව දැනුවත් කිරීමේ කාර්යයේදී ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඡ්‍යෙශ්ඨ කථිකාචාර්ය මහාචාර්ය චන්න ජයසුමන මහතා දැවැන්ත කාර්යභාරයක් ඉටු කර ඇති බව සිහිපත් කළ යුතුය.
එසේම මෙම කාර්යය සඳහා දේශපාලන අධිෂ්ඨානයක් සහ අධ්‍යාත්මික නායකත්වයක් සපයා මහජන මතයක් ඇති කොට මෙය ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරයේදී බෞද්ධ භික්ෂූවක සහ මහජන මන්ත්‍රීවරයෙකු වශයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ පිළිබඳව විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බවද ගෞරවපූර්වකව සිහිපත් කළ යුතුය.
එසේම වත්මන් කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමන් මෙම වැඩසටහනට අඛණ්ඩව දක්වමින් සිටින මහඟු හා සක්‍රීය දායකත්වය සහ කැපවීමද ස්තුති පූර්වකව අගය කළ යුතුය.
අතිගරු ජනාධිපති තුමනි, ජෛවවිද්‍යාත්මක කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීම සඳහා ගොවිතැන ජීවිතය හා බැඳුණු ඔබ විසින් දරණ ලද මේ පුරෝගාමී අති දැවැන්ත උත්සාහය ස්තුති පූර්වකව හා නිහතමානීව අගය කරමි.
වසවිස නැති ගොවිතැන, ශ්‍රී ලංකාවද එකඟ වී ඇති පරිදි වර්ෂ 2030 වන විට සමස්ත ලෝකය විසින් සපුරාගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්කවලින් එකක් වන අතර ඔබේ රජය පත් වීමෙන් පසු ඔබ විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ප්‍රමුඛතම සහ දැවැන්තම තිරසර සංවර්ධන උපායමාර්ගවලින්ද එකකි.
ඒ අනුව මෙය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ප්‍රමුඛ ජාතික වැඩසටහනක් බව අවිවාදිතය.
අතිගරු ජනාධිපති තුමනි, පහත දැක්වෙන යෝජනා ඔබගේ කාරුණික අවධානය සඳහා ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි.
1. උපායමාර්ගික කළමනාකරණ ආයතනය අහෝසි කිරීමේ තීරණය වෙනස් කර එය ජෛවවිද්‍යාත්මක කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාව තුළ සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි විධිමත් පරිපාලන සහ කෘෂි කළමනාකරණ හැකියාව සහිත සුදුසු සභාපතිවරයෙකුගෙන්, සුදුසු ප්‍රධාන විධායක නිලධාරියෙකුගෙන් සහ සුදුසු අධ්‍යක්ෂ මණ්ඩලයකින් (දැනට සිටින අධ්‍යක්ෂවරුන් සහ මෙම ආයතනයෙන් ඉවත් වන ලෙස සභාපතිවරයා විසින් දැනුම් දීම හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයකට පත්ව ගිය හිටපු අධ්‍යක්ෂ සිරිමලී ලියනගම මහත්මියද ඇතුළුව) සමන්විත පරිපාලන කළමනාකාරීත්වයක් ඊට පත් කිරීම.
2. ජනාධිපති ලේකම්වරයා හෝ අතිරේක ලේකම්වරයෙකු, කෘෂිකර්ම අමාත්‍යංශයේ ස්ථිර ලේකම්වරයා, ගොවිජන සේවා කොමසාරිස්වරයා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික පොහොර ලේකම්කාර්යාලයේ ප්‍රධානියා, ජාතික ආහාර වැඩසටහනේ ප්‍රධානියා සහ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වසවිස නැති රටක් ජාතික වැඩසටහනේ ස්ථිර උපදේශකවරුන් ලෙස සෙමා ආයතනය හා සම්බන්ධ කිරීම.
3. වසවිස නැති රටක් ජාතික වැඩසටහන සෙමා ආයතනය මගින්ම ක්‍රියාත්මක කරන අතරතුර කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන ජාතික කෘෂිකර්ම වැඩසටහන සමග ඒකාබද්ධ කරන ලද පුරෝගාමී වැඩසටහනක් ලෙස පවත්වාගෙන යාම.
4. ජෛවවිද්‍යාත්මක කෘෂිකර්මාන්තය, ජෛවිද්‍යාත්මක කෘෂිකර්මාන්තය සඳහා යොදාගත හැකි බීජ, ජෛවවිද්‍යාත්මක පලිබෝධ පාලනය, ජෛවවිද්‍යාත්මක පොහොර නිෂ්පාදනය, තිරසාර ජල කළමනාකරණය, ජෛවවිද්‍යාත්මක කෘෂි ආර්ථිකය සහ වෙළඳපළ සහ කෘෂිකාර්මික, පරිභෝජන සහ ජීවන ආකල්ප වෙනස් කිරීම ඇතුළු මෙම වැඩසටහනට අයත් අදාළ කාර්යයන් සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි පර්යේෂණ ආයතන, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල කෘෂි විද්‍යා පීඨ, වෛද්‍ය පීඨ, ශාස්ත්‍ර පීඨ, කළමනාකරණ හා මූල්‍ය පීඨ සහ සෙමා ආයතනය හා සම්බන්ධ කෘෂි විද්‍යාඥයින්ගෙන් සැදුම් ලද ඒකාබද්ධ පර්යේෂණ මණ්ඩලයක් සහ වැඩපිළිවෙළක් සැකසීම සහ පවත්වාගෙන යාම.
මෙම වැඩසටහන සහ සෙමා ආයතනය අසාර්ථක කළ පිරිස් ඉතා ඉක්මනින් මාධ්‍ය හමුවක් පවත්වා ඔවුන්ගේ වැරදි ජනාධිපතිවරයා වන ඔබ මත පටවා මෙතෙක් මහජන මුදල් මිලියන ගණනින් වියදම් කර වසවිස නැති ගොවිතැන ව්‍යාප්ත කිරීම සඳහා වර්ධනය කර ඇති ඇතැම් සම්පත්වලින් රාජ්‍ය නොවන සංවිධාන (NGO) අටවාගෙන නොමිලේම පුද්ගලික ව්‍යාපාරික කටයුතු ඇරඹීමට පෙර…..අතිගරු ජනාධිපති තුමනි, මෙම කරුණු ඔබගේ කාරුණික සහ ඉක්මන් අවධානයට ලක් කරන ලෙසත්, වසවිස නැති රටක් ජාතික වැඩසටහන සහ උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය නැවත ප්‍රතිව්‍යූහගත කර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගන්නා ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ස්තුතියි,
ශ්‍යාමන් හේමකොඩි,
(හිටපු) උපදේශක, උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය (SEMA)
24
අගෝ.
18

තොපේ ඔය කලාව අරං ගහගනිං පු……

වත්මන් ආණ්ඩුව විසින් #රිලාකෘති වාරණය කිරීම සහ #පුකාසන නිදහස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරන #මාජ්ජ හමුව අද කොළඹදී පැවැත්වුනා.

අසංක සායක්කාරගේ
‘’මං #පොන්නමිනිහෙක්‘’ නාට්‍යය,
ශ්‍රීනාත් චතුරංගගේ ‘’#අම්මගේ #රස්තියාදුව“ කෘතිය,
සහ මාලක දේවප්‍රියගේ #බුද්ධාගමට #කෙලින ගුවන් විදුලි නාට්‍ය වාරණය කරමින් ආණ්ඩුව ගෙන යන පුකේතන්ත්‍රවිරෝධී ක්‍රියාදාමය සම්බන්ධයෙන් #රිලාකරුවෝ රැසක් එහිදී අදහස් පළ කළහ.

එසේම වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙන විට ‘ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය‘ අහෝසි කරන බවට දුන් පොරොන්දුව ඉටු කරනවා වෙනුවට එම ආයතනය හරහා #රිලාකෘති වාරණය කිරීම පිළිබද #රිලාකරුවෝ දැඩි විරෝධයක් පළ කළහ.

‘’වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස හෙවත් #සිංහල #බෞද්ධ #සංස්කෘතියට #පහරදීමේ#නිදහස #රැකගනිමු” යන තේමාවෙන් කැදවන ලද මේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින් ආණ්ඩුවේ වාරණයට විරෝධය දැක්වූ #රිලාකරුවන්..

ප්‍රසන්න විතානගේ,
ධර්මසිරි බණ්ඩාරනායක,
ලූෂන් බුලත් සිංහල,
අශෝක හදගම,
උපුල් ශාන්ත සන්නස්ගල
කේ.කේ. සමන් කුමාර,
නදීකා බණ්ඩාර,
විමුක්ති ජයසුන්දර,
රාජිත දිසානායක,
බූපති නලීන් වික්‍රමගේ,
ප්‍රියන්ත කොඩිප්පිලි,
මාලක දේවප්‍රිය,
ජෙහාන් ශ්‍රී කාන්ත,
අසංක සායක්කාර,
ශ්‍රීනාත් චතුරංග,
තුමිදු දොඩන්තැන්න,
ජගත් මනුවර්ණ,
සංජීව පුෂ්පකුමාර
විදර්ශන කන්නංගර
පුබුදු ජයගොඩ,
#නිර්මාල් #රංජිත් #දේවසිරි
අතුලසිරි සමරකෝන්

එසේම මේ අවස්ථාවේදී ආණ්ඩුවේ රිලාකෘති වාරණයට විරෝධය දක්වමින්

චාන්දනී සෙනෙවිරත්න,
දමයන්ති ෆොන්සේකා,
කත්‍යානා අමරසිංහ,
හෙන්රි වර්ණකුලසූරිය,
මොහන්රාජ් මඩවල
ජයන්ත අමරසිංහ
අජන්ත අලහකෝන්
සහන් කසීර වික්‍රමසිංහ
චන්දන සිරිමල්වත්ත
නදී වාසලමුදලිආරච්චි
මලිත් හෑගොඩ
කළණ ගුණසේකර

ආදි වශයෙන් තවත් #රිලාකරුවන්, #රැඩිකල් #මාජ්ජ #පනුවන් සහ #සමාජරෝගී ක්‍රියාකාරිහු 50 කට අධික පිරිසක් සහභාගි වූහ.

“#රිලාකෘති වලට එල්ල කෙරෙන පාලකයන්ගේ මර්දන තර්ජන පරදවමු!“ සහ “#කලාවේ #නිදහස #හෙවත් #බුද්ධාගමට #වැරයොදා #පහරදීම #වෙනුවෙන් #එක්වෙමු!“ යන තේමා පාඨ එහිදී ඉදිරිපත් කරණ ලදී.

👇👇👇👇😂😂

(පනුවෙක් ලියා පලකල පෝස්ටුවක් ඉතා සංයමයෙන් මා විසින් සංස්කරණය කර ඇති බව සලකන්න.)

-මාලින්ද ඩයස්-

14
අගෝ.
18

හැමිණුනු ………………පරපුර

ගොං ගංජා බුඩ්ඩිමතා

23
මාර්තු
18

සමන් වික්‍රමාරච්චි ගේ ග‍ොං පාට්

ඇත්ත. මේ ලියන්න යන්නේ සමන් වික‍්‍රමාරච්චි ගැනයි. ඔහුගේ දුක්ගැනවිල්ල ගැනයි. ඔහුවත් නොදන්නා ඔහුට සිදුවී ඇති නස්පැත්තිය ගැනයි.

සම්මානයක් යනු කිසියම් ඇගයීමක් වන අතර කියැවීමක්ද වන්නේය. සම්මානයක් අරබයා කියැවීම එකවර ද්විගුණික වේ. එනම් අදාළ සම්මානය සඳහා සලකා බලනු ලබන කෘතිය කිසියම් පිරිසකගේ (ජූරිය) රසඥතාව, දැනුම, අත්දැකීම, සංවිධායකයින්ගේ කොන්දේසි මාලාව ආදී අංග ලක්ෂණ ගණනාවකින් ව්‍යුහගතවූ “කියැවීමකට”ලක්වන විට කෘතියේ රචකයා ද කියවන්නියන්ගේ “කියැවීමට”ලක්වන්නේ “සම්මාන ලාභී හෝ නොලාභී” නම් සංකේත ප‍්‍රාග්ධනයකට යටත්වය. “සම්මාන බලාගෙන අපි ලියන්නේ නෑ”කියනවිට මෙම “සම්මාන නොලාභී”වුවද කියවන්නියන්ගේ සාපේක්ෂ වටිනාකමකට ලක්වන්නේ “රැඩිකල්”නම් ව්‍යාජ ලේබලයක් අදාළ රචකයාගේ නමට ඉදිරියෙන් කියවන්නිය විසින් විශේෂණ පදයක් කර ගැනීම හේතුවෙනි. එබැවින් සම්මානදීම යනු ජංගි ඇන්දවීමක් පමණක් බවත්, ස්වර්ණ පුස්තකය යනු වෙළෙන්දන්ගේ වෙළෙඳ උපක‍්‍රමයක් බවත් පිළිගන්නා අතරම ඒ ජංගිය ඇඳ ගැනීමට මේ තරම් ආශාවක් කෙනෙකුට ජනිත වන්නේ ඇයි? ඒ ජංගිය ඇඳ ගැනීමට අවස්ථාව නොලැබුණු විට ජංගියෙන් මුහුණ වසාගෙන “ගලේ පැහැරූ බළලෙක් මෙන්”තමන් නිරාවරණය වීම සාහිත්‍ය ප‍්‍රගමනයේ අංගයක් ලෙස හුවාදැක්වීමට අසාර්ථක ප‍්‍රයත්නයක යෙදෙන්නේ මන්ද?

මුහුණු පොතේ අවතාර හා පුවත්පත් අවතාර

“මුහුණු පොත යනු අශාරීරික අවතාර ගැවසෙන අශ්ලීල අඩවියක් බව නොකිව යුතු තරම්ය. අනන්‍යතා අර්බුදවලින් පෙළෙන්නන් තමා විසින් තමාවම නිර්මාණය කර ගැනීමට උත්සාහ කරන්නේ මුහුණු පොත තුළ විකාර ලිවීමෙනි.”(වික‍්‍රමාරච්චි:2016 අගෝස්තු 28/සත්හඬ/සිහිනයඃපිටුව 07).

කෙනෙකුගේ අනන්‍යතා අර්බුදය ආරම්භ වන්නේ මිනිස් විෂයේ ඛණ්ඩනය සිදුවන මවගේ ගර්භාෂයෙන් පිටතට වීසිවන අවස්ථාවේ සිටම බවත්, එය ලෙඩක් නොවන බවත් (ලෙඩක් දක්වා වර්ධනය විය හැකි නමුත්) මනෝ විශ්ලේෂණ විෂය ක්ෂේත‍්‍රයේ ඔස්තාර් කෙනෙකු යයි සිතාගෙන සිටින වික‍්‍රමාරච්චිට සිහිපත් කරදීමට සිදුවීම කනගාටුවට කරුණකි. පත්තරේකට ලිපියක් ලිවීමෙන්, නඩු තීන්දුවකට අත්සන යෙදීමෙන්, දිනමිණ පත්තරේට ලිපිය ගෙනයාමට ලේක්හවුස් සේවිකාවකගේ ස්වාමියා ගෙදරට කැඳවීමට ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරියා හරහා පණිවිඩ යැවීමෙන් සිදුවන්නේද අනන්‍යතාව තහවුරු කිරීම (අර්බුදයෙන් ගැලවීම) මිස අන් යමක් නොවේ. එකී ක‍්‍රියා තුළින් අනන්‍යතාව සෙවීම සත් ක‍්‍රියාවක් වී මුහුණු පොතේ අනන්‍යතාව සෙවීම පහත් ක‍්‍රියාවක් වන්නේ නැත. අනෙක් අතට අවතාර, හොල්මන් ආදීන් සමග ගනුදෙනු කරන්නේ යන්ත‍්‍ර, මන්ත‍්‍ර, ගුරුකම් විශ්වාස කරන හා එමගින් යැපෙන කට්ටඬින් මිස විද්‍යාත්මක දැනුම කෙරෙහි විශ්වාසය තබා ඇත්තන් නොවේ. මුහුණු පොතේ අවතාරයකට පිළිතුරු දෙන්නට තරම් වික‍්‍රමාරච්චි ඉදිරිපත්වීමම, මුහුණුපොත සීරියස් ලෙස බාරගැනීමකි. “තමන් කියන්නේ කුමක් වුවද, තමන්ගේ බාරගනු ලබන්නේ එහිම ප‍්‍රතිපක්ෂය’ බැව් තහවුරු කිරීමකි. වික‍්‍රමාරච්චිගේ අදහස් ලෝකය හා ව්‍යවහාරික ජීවිතය අතර පවත්නා දුරස්ථභාවය ප‍්‍රත්‍යක්ෂ කිරීමකි. හෙතෙම මෙසේ කියයි.

“මෙතන මාෆියාවක් තියෙනව තමයි. ස්වර්ණ පුස්තකය කියන්නේ බිස්නස් වැඩක්. සම්මානය සමග ලැබෙන රුපියල් ලක්ෂ පහ නිසා ලේඛකයා ඊට මැදිහත්වෙලා ඉන්නවා. ලක්ෂ පහ නොතිබුණානම් ඒක කිසිම වැඩකට නැති දෙයක්”( (වික‍්‍රමාරච්චි:2016 අගෝස්තු 30/ලංකාදීප/විමංසාඃපිටුව 01-ගාමිණී කන්දේපොල සමග සාකච්ඡාව).

මුහුණුපොතේ ලියන්නන්ගේ අනන්‍යතා අර්බුදය ගැන ලියන ඔහු ස්වර්ණ පුස්තකයෙන් මතු නොව ඊට ලැබෙන ලක්ෂ පහෙන් තම අනන්‍යතා අර්බුදයට පිළියමක් යොදාගැනීමට දැරුව උත්සාහය පිළිබඳ මතක ආවර්ජනයේ යෙදෙන්නේ මේ අයුරිනි.
“සම්මානයක් ලැබීමෙන් ලේඛකයා හිතනවා එයින් තමාට පිළිගැනීමක් ඇතිවෙනවා කියල. අපි හිතනවා අපි දිහා කවුරු හරි බලාගෙන ඉන්නවා කියලා. ඒ අය සතුටු කරන්න තමයි අපි බලන්නේ. එහෙම කෙනෙක් නැති බව පිළිගන්න කැමති නෑ.”(වික‍්‍රමාරච්චි:2016 අගෝස්තු 30/ලංකාදීප/විමංසාඃපිටුව 01-ගාමිණී කන්දේපොල සමග සාකච්ඡාව).

තමන් දිහා බලාගෙන සිටින කවුරු හරි කෙනා, තෙවන පාර්ශවය හෙවත් මහ අනෙකා තමන් දිහා බලන්නේ ලක්ෂ 5ක් ලැබුණොත් යයි තරයේ විශ්වාස කරන ඔහු මුහුණුපොතේ ලියන්නා තුන්වෙනි පාර්ශවකින් අනන්‍යතාව සෙවීම බරපතළ ගැටළුවක් කර ගනියි. දීප්තිව උපුටා දක්වමින් ඔහු නැවත මෙසේ ලියයි.

“මුහණුපොත තුළ ඔබට හිමිව ඇති අනන්‍යතාව පාර එකකි. ඉන් මිදීමට නම් ඔබ තෙවෙනි පාර්ශවයක් සමග විශ්වාසයකට යා යුතුය. එනම් මහ අනෙකාය. අප මේ මුහුණුපොත තුළ ලියන්නේ කාටද? එය අප ලියන්නේ ඊ-මේල් හෝ ලිපියක හෝ පරිදි සුවිශේෂී පුද්ගලයෙකුට නොවේ. අඥාත තෙවන පාර්ශවයක් වෙනුවෙන් මිස මුහුණු පොත තුළ වෙන ලිවීමක් නැත.”(වික‍්‍රමාරච්චි:2016 අගෝස්තු 28/සත්හ`ඩ/සිහිනයඃපිටුව 07).

මෙමගින් පැහැදිලි වන්නේ පුවත්පතට ලිවීමෙන්, සම්මුඛ සාකච්ඡාවක් දීමෙන්, ස්වර්ණ පුස්තකය ලැබීමෙන් තමන් දෙස බලා සිටින තෙවන පාර්ශවය හෙවත් ‘මහ අනෙකා’තමාට තමාව නිර්මාණය කර ගැනීමට උදාකර දෙනු ලබන අවස්ථාව පිළිබඳ බෙහෙවින් සවිඥානක වන වික‍්‍රමාරච්චි, මුහුණු පොතේ ලියන්නා අඥාත තෙවන පාර්ශවකින් තම අනන්‍යතාව අපේක්ෂා කිරීම බැරෑරුම් ගැටළුවක් ලෙස බාරගැනීමයි. එසේ වන්නේ පුවත්පත මිලදී ගනු ලබන තැනැත්තා තමන් ලියන ලිපිය අනිවාර්යෙන් කියවීම, හෝ පුවත්පතේ පිටු බත් එතීම හෝ වෙනම් දේකට එම කඩදාසි භාවිතා නොකිරීම, පුවත්පත පවත්වාගෙන යන්නේ වෙළෙඳ දැන්වීම්වලින් හෝ වෙනත් සෘජු හා වක‍්‍ර ගනුදෙනු වල ප‍්‍රතිඵලයක් ලෙස නොව අලෙවියෙන් ලැබෙන ආදායමෙන් පමණක්වීම යයි හෙතෙම විශ්වාස කරන නිසා විය යුතුය. එවිට පුවත්පතට බැල්ම හෙළන මහ අනෙකා “මහා”වී “මුහුණු පොතට බැල්ම හෙළන මහ අනෙකා “මහා නොවීම” පිළිබඳ වික‍්‍රමාරච්චිට සහතිකයක් දෙනු ලැබ ඇත්තේ කවුරුන්ද? වික‍්‍රමාරච්චිගේ ගැටළුව ඇත්තේ මෙතනය.

“සම්මානයක් ලැබෙන කෙනාට අනන්‍යතාවක් ලැබෙනව. ආත්මය ගොඩනඟා ගැනීමට එය හේතුවක් වෙනවා. ඒකෙ වැරැද්දක් කියන්න බෑ. හැබැයි සම්මාන බලාගෙන ලියන්න ගියාම ලේඛකයා එක තැනකට කොටුවෙනවා. වෙනස් දෙයක් ලියන්න ඕනෑ කියලා හිතෙන්නේ නෑ. වෙනස් දෙයක් ලිව්වාම සම්මාන ලැබෙන්නේ නෑ. අනික සම්මාන ලැබීම හරිම විනෝදයට කාරණයක් වෙලා. පසුගිය දිනවල මේ පොත් දෙක ඉවත්කිරීමේ අර්බුදයත් එක්ක ඇතැම් අය මාර විනෝදයක් ලැබුවා.”(වික‍්‍රමාරච්චි:2016 අගෝස්තු 30/ලංකාදීප/විමංසාඃපිටුව 01-ගාමිණී කන්දේපොල සමග සාකච්ඡාව).

අනුන් “මාර විනෝදයක්”ලැබුවා යයි (අනෙකාගේ ප‍්‍රමෝදය) ලංකාදීපයේදී උපකල්පනය කරන ඔහු 2016 ජූලි 31 සත්හඬ පුවත්පතේ සිය ලිපිය ආරම්භ කරන්නේම “ඔවුහු මගේ විනෝදය අහිමි කරමින් සිටිති”යන වැකියෙනි. එබැවින් විනෝදය කාගේද? එය අහිමිව ඇත්තේ කාටදැයි පැහැදිලි වනු ඇත.

පුරා දශක එක හමාරක් තිස්සේ සාහිත්‍යය, කලාව, සිනමාව පිළිබඳ උනන්දුවෙන් ඒ පිළිබඳ කියවීම්, හැදෑරීම් කරමින්, කියවන්නන්ට හදාරන්නන්ට සහයෝගය දෙමින් කටයුතු කරන මා ලංකාවේ ප‍්‍රමුඛතම සාහිත්‍ය සම්මාන උළෙලක දෙවන වටයට තේරීපත්ව ආ කෘති පිළිබඳ උනන්දුවීම අහම්බයක් විය හැකිද? මා ෆේස්බුක් හා බ්ලොග් අඩවි මාධ්‍යයත් අතර මාධ්‍යයක් වන medium.com හි මාගේ මැදිහත්වීමත්, එයින් උද්ගතවූ අහඹු සංසිද්ධියත් ගැන දීර්ඝ සටහනක් තැබුවෙමි. ඉන්පසු එය ෆේස්බුක්හි ශෙයාර් කළෙමි. එහි එක් තැනක මෙසේ සඳහන්ය.

‘‘2016 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දෙවන වටයේ කෘති 12 ප‍්‍රකාශයට පත්වීමෙන් පසු ඒ පිළිබඳ ජනක ඉණිමංකඩ විසින් ෆේස් බුක් වෙත එම ලැයිස්තුව මුදා හැර තිබිණි. පුවත්පත්වල කොටස් වශයෙන් පළවූ ප‍්‍රබන්ධයන් දෙකක්ද, එම ලැයිස්තුවට එක්ව තිබිණි. ඒ “අසන්ධිමිත්තා” සහ “සැප්තැම්බරයේ දිග දවසක්”ය. මෙම කෘති දෙකටම මා කැමතිය. විශේෂයෙන්ම “අසන්ධිමිත්තා” යනු සම්ප‍්‍රායික ආඛ්‍යාන රීතිය උඩුයටිකුරු කළ කෘතියකි. ඒ සම්බන්ධයෙන්වූ මගේ කියවීම කලකට ඉහතදී රාවයට ලියා සිටියේද එබැවිනි. මෙම කෘති දෙවන වටයට තේරී ආවේ පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය විසින් සිය සම්මානය සඳහා සලකා බලන කොන්දේසි ලිහිල්වී ඇති නිසා යයි මම සිතුවෙමි. එය සැකහැර දැනගනු පිණිස මම ජනකට කතා කළෙමි. සිදුව තිබුණේ කොන්දේසි ලිහිල්මක් නොව ජූරියේ කිසිවෙකු එම කෘති, මීට පෙරාතුව පුවත්පත්වල කොටස් කිහිපයක් හෝ පළවූ බව නොදැන සිටීමය. කාගේ කෘතියට සම්මාන ලැබුණද, කාගේ කෘතියක් කැපී ගියද පුද්ගලිකව මගේ තවානේ තම්පලා පොඩිවන්නේ නැත. මං ජනකට කතා කොට විමසන ලද්දේ ඒ පිළිබඳ මා තුළවූ උනන්දුව නිසා කරුණු දැන ගැනීමට මිස පුද්ගලිකව කිසිවෙකුට හෝ කෙළවන්නට නොවේ”

මවිසින් මෙලෙස medium.com හි තැබූ සම්පූර්ණ සටහන සමන් වික‍්‍රමාරච්චි විසින් 2016 අගෝස්තු 28 සත්හඬ කලාපයේ සිහිනය අතිරේකයේ පිටුව 07 හි උපුටා දැක්වූ බව ඔහු විසින් පවසා ඇති නමුත් ඉහත පරිච්ඡේදයේ එක වැකියක් පළවී තිබුණේ දෝෂ සහිතවය. “මෙම කෘති දෙවන වටයට තේරී ආවේ පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය විසින් සිය සම්මානය සඳහා සලකා එය සැකහැර දැනගනු පිණිස මම ජනකට කතා කළෙමි’’යනුවෙන් එහි දැක්විණි.

මෙය මුද්‍රණ දෝෂයක් යයි මූලාරම්භයේදී මවිසින් විශ්වාස කළද, එය හිතා මතාම තමාගේ පහර ගැසීමට නිමිත්තක් කර ගනු පිණිස කරන ලද විකෘති කරන ලද්දක් බව මා හට ප‍්‍රත්‍යක්ෂ වූයේ “කාටවත් කෙළවන්නට කළ දෙයක් නොවේ නම් (කාටවත් සම්මාන ලැබුණාම තමාගේ වත්තේ තම්පලා පොඩි නොවන්නේනම් ) ඒ බව කියන්නේ කුමකටද” යනුවෙන් වික‍්‍රමාරච්චි විසින් මීළඟ සත්හඬ පුවත්පතේ තම ලිපියෙන් විමසා සිටීමෙනි. (2016–09–04 සත්හඬ). මෙය සැබවින්ම නින්දිත, කුහක හා ජඩ භාවිතාවකි. තම බඩ වඩා ගැනීම හෝ අනුන්ට කෙළවීම පමණක් ජීවිතය ලෙස අභ්‍යාස කරමින් සිටින්නෙකුට සාහිත්‍ය කලාව ගැන උනන්දුවෙන් කරුණක් දැන ගැනීමට තවත් කෙනෙකු දන්නා හඳුනන අයෙකුට කතා කිරීම පවා “කෙළවීමට උත්සාහ කිරීමක්”ලෙස ඒත්තුයාම වටහාගත හැකිය. එහෙත් ඒ සඳහා රචකයා ලියූ දෙයක් සම්පූර්ණයෙන් පළකරන බව පවසා එය විකෘති වැකි සහිතව පළකොට තමා විසින් විකෘති කරන ලද කොටස පමණක් උපුටා පහරගැසීම තරම් පාහරකමක් තවත් තිබිය හැකිද?

සරත් ආබෘ සහ සමන් වික‍්‍රමාරච්චි

“බසයක කොන්දොස්තර රැකියාව කරන්නෙකුට කිසිවක් ලියන්නට අවශ්‍ය වූ විටෙක බිරිඳ විසින් මේසය හොළවන විට මිස මේසය මත තබා කිසිවක් ලියන්නට හැකියාවක් නැතැයි” උපහාසාත්මක කතාවක් පවතී. එය හුදෙක් උපහාසයට කියන කතාවක් වුවද, තමාගේ වෘත්තීයයි ව්‍යවහාරික ජීවිතයයි අතර යම් සාම්‍යයත්වයක් පැවැතිය හැකිය. සමන් වික‍්‍රමාරච්චිට සිදුව ඇති අලකලංචිය වටහා ගැනීමේ යතුර ඇත්තේද ඔහුගේ නඩුකාර වෘත්තිය තුළ බැව් මගේ පුද්ගලික හැඟීමය. ඔහු වඩාත් අකමැති වුවද එම සාම්‍යත්වය සමග නිරායාසයෙන් පැටලෙන්නට සිදුවීම එක්තරා සරදමකි. විශ‍්‍රාම සුවයෙන් පසු වුවද වසර ගණනාවක් තිස්සේ ව්‍යවහාරික ජීවිතයේ ලද අභ්‍යාසය තවමත් ඔහු අතහැර ගොස් නැත. ඔහු පොත් කියවන්නේනම් හැදෑරීම් කරන්නේනම් මේ සා විහිළුකාරයෙකු වීමට කිසිදු හේතුවක් නැත. ඔහු කියවන්නේ නැත. ඔහු වෙනුවෙන් බාත් කියවා තිබේ. ඔහු වෙනුවෙන් ලැකාන් කියවා තිබේ. ඔහු වෙනුවෙන් ඩෙරීඩාද, ශිෂෙක්ද, ලංකාවෙන් දීප්ති ද කියවා තිබේ. එබැවින් ඔහු කියවිය යුතු නැත.

සැබවින්ම ඔහුට කළ යුතුව ඇත්තේ එකී කියවීම් ආශ‍්‍රයෙන් තීන්දු දීම පමණි. නඩුකාර උන්නාන්සේලා තමන් විසින් දෙනු ලබන තීන්දු සම්බන්ධයෙන් කරුණු දැක්වීම් නොකරයි. සාක්ෂිකරුවන්ද, පෙරකදෝරුවන්ද අදාළ නඩුව වෙනුවෙන් අපමණ කරුණු දැක්වීම් සිදුකරනු ලැබෙයි. අවසානයේ ඒවාට ඇහුන්කන්දීමෙන් පසුව තම තීන්දුව ප‍්‍රකාශයට පත්කිරීම පමණක් ඔහු විසින් සිදුකරයි. සමන් වික‍්‍රමාරච්චිගේ විචාර (කියැවීම්) යනුම තීන්දු පමණකි. ඒ නිසාම තමන් ලියන කියන දේ තමාටද අදාළ වන බවක් ඔහු නොදනියි. අනුන්ගේ අවිඥානයද, අනන්‍යතා අර්බුදයද පිළිබඳ තීන්දු ගනිද්දී එයින් තමන්ගේ අවිඥානයද, අනන්‍යතා අර්බුදයද ප‍්‍රකාශමානවන බවක් හෙතෙම නොදනියි. අනුන්ට පහර ගැසීමට ලියූ දෙයක් උපුටා දක්වනවිට තමාට අවශ්‍ය පරිදි විකෘති කොට උපුටා දක්වන්නට කිසිදු මැලිකමක් නොදක්වයි. මන්දයත් ඒ වෙනුවෙන් කරුණු දැක්විය යුතු යයි තමන් කිසිවිටෙකත් විශ්වාස නොකරයි. අනුන්ට නීතියෙන් දඬුවම් කරන්නට නියෝග පනවන අතර තමාද එකී නීතියේම කොටස්කාරයෙකු බැව් මෙවන් නඩුකාර උන්නාන්සේලා නිරායාසයෙන්ම අමතක කරයි. මෑත කාලයේ ඊට ලබාදිය හැකි හොඳම නිදසුන වන්නේ විනිසුරු සරත් ආබෘය. මීට පෙරාතුව ලෙනින් රත්නායක, සරත් එන් සිල්වා වැනි විනිසුරන් පිළිබඳව ද බොහෝ කරුණු කාරණා ඇතත් සරත් ආබෘට ස්වකීය ජීවිතයේ අවසන් පරිච්ඡේදය වසා දමන්නට සිදුවීමේ ස්වරූපය පිළිබඳ බොහෝ දෙනෙකු කතා කරන්නට යෙදුණි.

අපරාධ නඩුවකට අත්අඩංගුවට පත්වුණු ප‍්‍රථම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාගේ බරපතළ ලිංගික අ`ඩතෙට්ටම් නඩුව ඉකුත් සැප්තැම්බර් 14 වනදා විභාගයට ගැනීමට නියමිතව තිබියදී නිවසේ ඉහළ මාලයෙන් ඇදවැටී අභිරහස් ලෙස ඔහු මිය ගියේය. ඔහුගේ චෝදනා ගහණ අපකීර්තිමත් වෘත්තීය හා පුද්ගලික ජීවිතයේ වැඩිම කලක් පුද්ගලික ආරක්ෂක නිලධාරියාව සිටි පොලිස් නිලධාරියාගේ පාපොච්චාරණය තුළින් නීතියේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටිමින් ඊට ප‍්‍රතිපක්ෂ භාවිතාව ගැන කදිම හෙළිදරව්වක් මාධ්‍යයෙන් ප‍්‍රකාශයට පත්විය. වික‍්‍රමාරච්චි බෙහෙවින් ආසක්තව සිටින පරමාදර්ශි චරිතයක්වන ස්ලෙවෝජ් ශිෂෙක් (ජිජැක්) මෙම නීතියේ හා විනිසුරුවන්ගේ අශ්ලීලත්වය පිළිබ`ද මනාව පෙන්වාදී තිබේ.

ශිෂෙක්ට අනුව සුපිරි අහම හා අවිඥානය අතර අවියෝජනීය සම්බන්ධය සාහිත්‍යයේදී ඉදිරිපත් කරන විශ්ෂ්ටයෙකු වන්නේ ෆ‍්‍රාන්ස් කෆ්කාය. කෆ්කාගේ අවධානය යොමුවූයේ “කිසිවක් අවශ්‍ය නැති කිසිවක් අඩු නැති නීතියේ අන්ධ යාන්ත‍්‍රණයයි”. එහෙත් කෆ්කා විසින් මෙම නීතිය පෙන්වාදී ඇත්තේ විනෝදයේ හිතුවක්කාරී තර්කය මත පදනම්වූ නොගැලපෙන දෙයක් ලෙසය. අවිඥානය, බොහෝවිට අශිෂ්ට, තහනම් සහජාසයේ ජලාශයක් ලෙස හැඩගැන්වෙන අතර ඒවා ක්ෂිතිමය, කුරිරු, චපල, අප‍්‍රබුද්ධ හා අතාර්කික නීති පෙළක විවෘත නොමැති ව්‍යුහයක් වන අයුරු කෆ්කා පෙන්වා දෙයි. මෙම නීති පද්ධති සෑදී ඇත්තේ තහංචි හා තහනම් ආඥා පද්ධතියකිනි. The Trial (1925) කෘතියේ අධිකරණ දර්ශනයෙන් පෙනී යන්නේ නීතියේ නීතිමය නොවන ස්වරූපය පැහැදිලිකිරීමට එහි ප‍්‍රධාන චරිතය වන ජෝසෆ් කේ කරන අරගලයයි. Trialහි තුලනාත්මක දර්ශන දෙකක් මගින් පොදු නීතිය හා අශ්ලීලත්වය අතර සබඳතාව තවදුරටත් ගවේෂණය කර තිබේ. පළමු දර්ශනය නම් පූජකයෙකු විසින් පැහැදිලි කර දෙනු ලබන කෙටි උපමා කතාවකි. දොරටුවක් තුළින් නීතිය වෙත ප‍්‍රවේශවීමට කැමති ගම් වැසියෙකු පැමිණෙයි. උසාවියේ සේවය කරනු ලබන දොරටුපාලකයා විසින් මෙම වැසියා නවත්වනු ලබයි. මෙහිදී දොරටුපාලකයා, ගම්වැසියා වෙනුවෙන්ම ඔහු අපේක්ෂාවෙන් සිටින බව ඒත්තු ගන්වයි. දෙවන දර්ශනයේදී නීතියේ තවත් දොරටුවක් අභියසදී ජෝසෆ් කේට තමා හමුවේ. එම දෙවන අවස්ථවේදී දරුවන්ගේ රෙදි සෝදමින් සිටින සරාගික ගැහැණියක ඔහුගේ සම්පූර්ණ කැමැත්තකින් තොරවම විමර්ශන කුටියට හෙතෙම තල්ලූ කරයි. ශිෂෙක්ට අනුව පළමු අවස්ථාවේදී පෙන්නුම් කරනුයේ ඉක්මවා යා නොහැකි නීතියේ පූජනීය ස්ථානයෙන් දෛනික ජීවිතය වෙන්කරන පෙරමුණයි. එසේ වුවද, දෙවන අවස්ථාව මෙම උපකල්පනයට මුළුමනින්ම ප‍්‍රතිවිරෝධීය. එමගින් පෙන්නුම් කරනුයේ එම පෙරමුණ පැවතියද, එය පහසුවෙන් ඉක්මවා යා හැකි බවයි. වික‍්‍රමාරච්චිද මෙලෙස පහසුවෙන් නීතියේ සීමාව ඉක්මවා යයි. තමාගේ කෘතිය කොටස් වශයෙන් පුවත්පතක පළවී ඇත්දැයි ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ සංවිධායකයෙකු විමසන විට එය පවත්නා නීතිය තුළ කරනු ලබන ප‍්‍රශ්න කිරීමක් බැව් වික‍්‍රමාරච්චි තැකීමක් නොකරයි.

“මොන පත්තරේද?හෙතෙම පෙරළා ප‍්‍රශ්න කරනු ලබයි.

“ලංකා පත්තරේ හරි වෙන මොකක් හරි පත්තරේක හරි පළවුණාද? නැවත ප‍්‍රශ්නයක්.
“නෑ. ලංකා පත්තරේ පළවුණේ නෑ.”
“වෙන මොකක් හරි පත්තරේක හෝ පළවුණා නේද?”ආයෙම ප‍්‍රශ්නයක්.
“නෑ.නෑ. ඔයා කීවේ ලංකා පත්තරේනේ. ඒකෙ පළවුණේ නෑ”

මෙම කතා බහ සරත් ආබෘට අදාළ කරගනු ලැබුවහොත් පහත ආකාරයේ සංවාදයක් බලාපොරොත්තු විය හැකිය.

“මොන මෙහෙකාරියටද? හෙතෙම පෙරළා ප‍්‍රශ්න කරනු ලබයි.
“හිටපු මාලා හරි වෙන කවුරු හරි කෙනේක්ට? නැවත ප‍්‍රශ්නයක්.
“නෑ. මාලාට ලිංගික හිංසා කළේ නෑ”
“වෙන කවුරු හරි මෙහෙකාරියකට ලිංගික හිංසා කළා නේද? ආයෙම ප‍්‍රශ්නයක්.
“නෑ. නෑ ඔයා කීවේ මාලාටනේ. එයාට ලිංගික හිංසා කළේ නෑ”

විමසන ලද පුවත්පතේ නොව කුමන පුවත්පතේ පළවුවද, කොන්දේසිය උල්ලංඝණය කිරීම නීති විරෝධී බව වික‍්‍රමාරච්චි පිළිනොගන්නේ යම් සේක්ද, කුමන මෙහෙකාරියට ලිංගික හිංසන සිදුකළද විමසන ලද කෙනාට සිදුනොකළ හෙයින් ප‍්‍රශ්නයක් නොවන බව ආබෘද පිළිගනු ඇත.

අවසාන වශයෙන් යළිදු පැවසිය යුත්තේ නීතිය යනු වෙනස්විය යුතු කාලානුරූපව සංශෝධනය විය යුතු දෙයකි. පොත් ප‍්‍රකාශයකයින් ස්වර්ණ පුස්තකය අරබයා පනවා ඇති නීති රීති හෝ කොන්දේසි වෙනස් කළ යුතුනම් අප ඊට බලපෑම් කළ යුතුය. ඒ සම්මාන උන්ගේ වුවද නිර්මාණ අපගේ බැවිනි. මුදල් උන්ගේ වුවද වෙළෙ`දපළ අප බැවිනි. එහෙත් ඒ සඳහා තමාගේ බඩට තට්ටුවෙනතුරු බලා නොසිට අරගල කළ යුතුය. ඒ සඳහා වික‍්‍රමාරච්චි එක් වරක් සූදානම් නම් අප සියදහස් වාරයක් සූදානම්ය. රටේ ජාතික වශයෙන් වැදගත් ගැටළුවලදී ඒ කිසිදු ගැටළුවක් වෙනුවෙන් සක‍්‍රීයව දායකත්වයක් (වචනයකින් හෝ) නොදෙන වික‍්‍රමාරච්චි මේ මොහොතේ දැවෙන ප‍්‍රශ්න ලෙස බාරගෙන ඇත්තේ ජිජැක්ද ශිෂෙක්ද වර්ගයේ ප‍්‍රශ්නයන්ය.

ජිජැක්ද? ශිෂෙක්ද?

2016 මැයි 15 වන දින රාවය පුවත්පතට මවිසින් ලියූ ලිපියක් පාදක කරගනිමින් අනෙක් සතියේ සත්හඬ පුවත්පතට ලියන වික‍්‍රමාරච්චි නිවරදි උච්චාරණය ජිජැක් යයි හදුන්වාදීමෙන් නොනැවතී මෙසේද ලියයි.

“ජිජක් යන්න වෙනුවට ශිෂෙක් යනුවෙන් වහරමින් තම රෝග ලක්ෂණය සමග විනෝද වන අය කරන්නේ වෙනම වර්ගයක් ලෙස පෙනී සිටීම. මෙය බෙහෙවින් සමීප වර්ග වදයට. කිසියම් ජන වර්ගයක් තම විනෝදය සංවිදානය කරන්නේ වාර්ගික මිත්‍යාචාර ඉදිරියට ගනිමින්. ඔවුන් හිතන්නේ අනෙක (නැතහොත් අනෙක් ජන වර්ගය ) තමන්ගේ විනෝදය පැහැරගෙන ඇති බවයි. ඔවුන්ට වද දෙන දෙවන කරණය නම් අනෙකා තමාගේ විනෝදය සංවිධානය කරණ සුවිශේෂ ක‍්‍රමයයි. ( way of life). තමන්ගේම වූ ජන පුරාණයක් (mythology)නිර්මාණය කිරීමට ඔවුන් පෙළඹෙන්නේ මේ නිසයි.
ප‍්‍රකට කරන්නේ මේ පටු වාර්ගික ලක්ෂණ තමයි. ජිජක් යන වහර නිවැරදි බව ඔවුන් නොදන්නවා නොවේ. ඔවුන්ට අවශ්‍ය තමන් අනෙකාගෙන් වෙනස් බව පෙන්වීම. ඉන් ඔවුන් ප‍්‍රදර්ශනය කරන්නේ අනෙකා කෙරේ වන බැඳීමයි.”

මේ අයුරින් ‘‘ශිෂෙක්’’ලෙස වැහැරීම වෙනම ‘‘ගෝත‍්‍රයක්’’ හෝ ජනවර්ගයක් ලෙස පෙනී සිටීමේ වුවමනාව නම් එකී වුවමනාව වෙනුවෙන් ප‍්‍රථමයෙන්ම කටයුතු කර ඇත්තේ වික‍්‍රමාරච්චිමය.

ස්ලැවෝජ් ජිජැක් (Slavoj Zizek) ඔහු ජිජැක් යනුවෙන් කියැවෙතත් ඉංග‍්‍රීසි ලිවීමේ සිංහල උරුව අනුව සිසැක් යනුවෙන් වහරමි. (2010 ඔක්තෝම්බර් 14 වෙනි බ‍්‍රහස්ප‍්‍රතින්දා දිවයින, වටමඬල).

නොදැන වැරදි කිරීම එකකි. දැන දැන වැරදි කිරීම යනු තවත් එකකි. ඒ අනුව ගෝත‍්‍ර හෝ කණ්ඩායම්වල අනන්‍යතාව නඩත්තු කිරීමේ අවශ්‍යතාව වඩාත් ළංවන්නේ දැන දැන ස්වකීය අභිප‍්‍රාය වෙනුවෙන් කටයුතු කිරීමටය. ඒ අනුව මෙයින්ද හෙළිදරව් වන්නේ වික‍්‍රමාරච්චිගේ හෙළුව මිස අන් යමක් නොවේ. තමන් කවුරුන්දැයි යන පැනය කුඩා දරුවෙකු හෝ ස්ත‍්‍රීයක විසින් විමසන තැන ගැන වික‍්‍රමාරච්චි සවිඥානකය. එහෙත් නිරන්තරයෙන් කිසිවෙකු සමග හෝ ගැටුමක් ඇති කරගනිමින් නීතිය හා පිළිවෙළ ඉල්ලා සිටින්නන් හ`දුන්වන නම සිහිපත් කරගන්නා ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටිමි. තමන් කියන්නේ කුමක්දැයි නොදැන, තමන් අතීතයේ කීවේ කුමක්දැයි නොදැන වුවද, විටෙක එක්ස් කණ්ඩායම, සුචරිත ගම්ලත්, චින්තක රණසිංහ, ප‍්‍රියාන් විජේබණ්ඩාර, විදර්ශන කන්නන්ගර, භූපති නලින්, හෙට දවසේ තවත් කවුරුන් හෝ ඈදා නොගනිමින් ඔහුට මසකට ගතමනාවක් ගැනීමට පුවත්පතකට ලිපියක් ලිවීමට හැකිවේවායි ප‍්‍රාර්ථනා කරමි.

 

28
පෙබ.
18

කුමාරි කුමාරගමලා සහ අජිත් ශාන්තලා

කුමාරිලා යූඇන්පී කාරයෝය. හැමදෙනාම දන්නා උන්ය. උන්ගේ පවුල් විස්තර ලව් හුටපට පවා රටේම ප්‍රසිද්ධ කාරණාය. හොරෙන් ගේම් නැත. උන් ඉන්නේ තමන්ගේ හැම රෙද්දම උස්සාගෙන ය. උන්ගැන දන්නා අයට කුමාරිලා අවුලක් නැත. කුමාරි හැම එකා එක්කම හැමනෙන්න එන්නේ නැත. ඕනමගුල ක් මූණටම කියා දමන කුමාරිලා ගෑනු වගේ පිරිමි ඉස්සරහ ඇඹරෙන්නේ නැත. උන්චිත්ර පටියක්, නාට්‍යයක්, කවියක් සිංදුවක් ඇති තැන ඉන්නේ හදවතින්මය. උන් යූඇන්පී කාරයෝ කියලා කාටවත් අවුලක් නැත.

ලංකාවේ යුද්ධය තිබූ කාලයේ හා නැති කාලයේ කුමාරි හිටියේ නැගෙනහිර පළාතේය. ඈ නැගෙනහිර දෙමළ ගෑනුන්ට උදව්කලේ සිංහල පැත්තේ ඉඳගෙන නොවේ. ගෑනුන්ගේ පැත්තේ ඉඳගෙනය. යුද්ධයෙන් විනාශ වුණු හා නොවුණු ගෙවල්වල වහලවල් හෙවිල්ලන්න, කෑම ටිකක් හුවමාරු කර ගන්න, වතුර ටිකක් අදින්න, දරුවන්ගේ අඩුපාඩු බලන්න, ළමයින්ගේ ඉගෙනීම ගැන හොයන්න, බෙහෙත් ටිකක් ගන්න කතා කරන්න ඒකි කොළඹ ඉඳන් නැගෙනහිර ගියේ තනියම බස් එකේය. ඒ ගැන දන්න උන් ඕනතරම් හිටි අතර කැම්පස් වල හිටිය සිංහල වම්මුන්ගේ සාම කතා බහට කුමාරි හේතුවක් වුණු අතර සමහරු ඒකි කොපි කරන්නට ගොස් ඇන ගත්තේය.

තනියම යමක් කරන්න නිකම්ම නිකං ගොං වස්සන්ට බැරිය. ටෙලිනළු ගොබ්බයෝ සල්ලිවලට මිස ඇම්මට රඟපාන්නේ නැත. කුමාරිලා දෙමළුන්ගේත් තම්බි ගෑනුන්ගේත් දුක සැප ඇහුවේ සල්ලි හොයන්න නොවේ. ඇම්මටය. හිතේ අමාරුවටය. රඟන්න නොවේ. ඒවා ලිව්වේ අච්චු ගැහුවේ සල්ලි හොයන්න නොවේ. හිතේ අමාරුවටය.

යුද්ධය ගැන මරුවාට කුමන අදහස් තිබ්බත් මැරුණු දෙමළු ගැන ඇත්තේ හිතේ අමාරුවකි. ගෑනු යුද්ධය ගැන හිතන හැටි දන්නේ ගෑහැනුන්ම පමණි. දරුවන් සොහොයුරන් හා කසාද මිනිහා නැතිවීම ගැන මිස ගෑනුන්ට යුද්ධයෙන් රටවල් අල්ලන්න ඕන නැත.

ටීවී එකේ මොන පුකක් හරි දාල ඒක මාරයි නියමයි ආතල් කියල හිතන මේවා කබ්බ නළු පුකයලා මේවා දන්නේ නැත. යුද්ධය ඉවරවුණාට යුද්ධයට මූණ දුන්නු ගෑනු එක්ක තියෙන යුද්ධය ඉවර කරන්න තව ආණ්ඩු 3- 4 ක් ඕන වනු ඇත.

කුමාරිලා වගේ ගෑනු ලංකාවේ ගොඩක් නැත. ඒකි කරන දේවල් උඹ වගේ පොන්න හිත් තියෙන පඩ නළුවන්ට කරන්නට බැරිය. කුමාරි ලංකාවේ පිරිමින්ට වඩා පිරිමි හිතක් තියෙන ගෑනියෙක් බව ඒකි අඳුනන හැමෝම දන්නවා. කුමාරි වගේ ගෑනු තව ටිකක් හිටියනං යූඇන්පිය ජනතාවගේ පක්ෂයක් වෙන්න තිබුණා.

මට අනුව කුමාරි ඉන්නේ වැරදි පැත්තේ වුණත් උන් ලංකාව වගේ ගොබ්බ රටකට අවශ්‍යය එවුන්ය. ඒකි සිංහල බෞද්ධ කමට රිද්දන්නේ නිවැරදි කර ගැනීමටය.

නූගත්කම නිසාත් වෙනකරන්න දෙයක් දන්නේ නැති නිසාත් කොණ්ඩේ වවාගෙන ඇඩ්වටයිසින් මුදලාලිලාට පුක දෙන උඹලාවගේ පොන්නයින්ට වඩා කුමාරිලාට, තඩි පිරිමි හිතක් තියෙනවා කියන්නේ ඒ නිසාය. උඹ නිකංම නිකං රඟලා කීයක් හරි හොයාගෙන එදාවේල කන හාල් කෑල්ලක් මිස අපටනං පොරක් නොවේ.

මරුවට අහන්න තියෙන්නේ උඹගෙන් එක ප්‍රශ්නයකි.

උඹ කවුද හුත්තො ? ……නූගත් ගොං බූරුව….

අජිත් ශාන්ත

නූගත් ගොං බූරුව




අනවශ්‍ය දේවල්

  • 184,007 ක් බැළුවා

මරුවා වැහෙන දින

දෙසැම්බර් 2018
බ්‍ර සි සෙ
« නොවැ.    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements