Archive for the 'ධර්මපාලතුමා' Category

01
ජූලි
18

“ගෝඨා එන්නෙ නෑ. එන්නෙ බැසිල්”

ගෝඨා කවුද?

ගෝඨාභය පිළිබඳ බෙහෙවින් කතාබහට ලක්වන වෙනත් කාලයක් තිබුණේ නැති තරම්ය. ඒ තරමටම ආණ්ඩු පක්ෂයේ බහුතරයකුත් විපක්ෂයේ බහුතරයකුත් ගෝඨා ගැන කතා වෙන්නේ රටේ තීරණාත්මක කාලවකවානුවකදීය.
“ජනාධිපතිවරණයට එන්නේ ගෝඨා”
“ගෝඨා එන්නෙ නෑ. එන්නෙ බැසිල්”
“මහින්ද තමයි තීරණය ගන්නෙ. සමහර විට මධ්‍යස්ථ කෙනෙක් වන චමල්ව දාන්න පුළුවන්”
“බැසිලුත් නෙවෙයි, ගෝඨාත් නෙවෙයි, ශිරන්තිව දාන්නත් පුළුවන්”
“ඔය කවුරුවත් නොවේ දාන්නෙ දිනේෂ්ව”

මේ රටේ තොටේ ජනතාව හැම තැනම කතා වෙන දේය. එයින් බහුතරයකගේ කැමැත්ත මේ අතරින් කවුරුන් හෝ විය හැකිය. එහෙත් එය මහින්ද අතේ තියෙන තීන්දුවක් නිසා ජනතාව අතර මේ ගැන උනන්දුවක් ඇති අය සිතන්නේ ඒ ගෝඨා විය හැකිම බවය. එසේ නොවේ නම් බැසිල් හෝ චමල් විය හැකි බවය. කෙසේ වෙතත් ‘ගෝඨා’ සාධකය ප්‍රබලය. ඒ නිසාම මහින්ද පිලේ ලොකුම තුරුම්පුවක් වන්නේ ගෝඨා විය හැකිය.

එසේ නම් විරුද්ධ පාර්ශ්වයේ එනම් රනිල් පිලේ විරෝධතාව එළිපිට දැක්වූයේ නැතිවුවත් ගෝඨා යම් කතාබහකට ලක්වූ අයකු වී හමාරය. එබැවින් හිටපු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් නොව එකී භූමිකාවෙන් බැහැරව ගෝඨා ජනාධිපති අපේක්ෂකයකු වන්නේ නම් ඔහුට ඒ සඳහා ඇති සුදුසුකම කුමක්දැයි විමසිය යුතුය.

ගෝඨා ආරක්ෂක ලේකම් වන්නට පෙර යුද බිමේ සටන් පෙරමුණේ ඉදිරියෙන්ම සිටි සෙන්පතියකු නිසා යුද බිමෙන් දේශපාලන කරළියට පැමිණි ලෝකයේ බලවත් රාජ්‍යයන්ගේ නායකයන් සිහිපත් කරවන්නේය. ඔවුන්ද යම් දැක්මක් සහිත වූවෝ වෙති.

ගෝඨා ජනාධිපති තරගයට දමන්නේ නම් උතුරු නැඟෙනහිර ඡන්ද සඳහා ඔහුගේ ආමන්ත්‍රණය හා දැක්ම වැදගත්ය. ගෝඨා උතුරු නැඟෙනහිර ජනතාවගේ සැබෑම ප්‍රශ්නය ඇති තැන හඳුනාගත් හැටි දක්වන්නේ මෙසේය.

“උතුරේ ජනතාවට දේශපාලන නිදහසට පෙර ආර්ථික නිදහස අවශ්‍යයි. කොටි සංවිධානය පරාජයට වඩා ලොකුම ජයග්‍රහණය හැටියට මා සලකන්නේ ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සමයේ සංවර්ධනයයි. අන්තර්ජාතික ප්‍රජාව හෝ අන්තර්ජාතික සංවිධාන මේ තත්ත්වය තවම හඳුනාගෙන නැහැ. 2009-2014 අපි බොහෝ දේ ලබා ගත්තා. ඒ කෙටි කාලයේදී යටිතල පහසුකම් ඇති කළා පමණක් නොව දේශපාලන වශයෙන්ද බොහෝ දේ ඇති කර ගත්තා. මා තදින්ම විශ්වාස කරන්නේ උතුරේ ආර්ථික නිදහස ඉතා වැදගත් බවයි. දේශපාලන නිදහසට පෙර ආර්ථික නිදහස ඔවුන්ට අවශ්‍ය වන්නේ ඒ නිසයි”

ගෝඨාභය රාජපක්ෂ
2018.04.10

දෙමළ ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන ඊනියා දෙමළ දේශපාලන නායකයන්ගේ බොරුව හෙළි කරන ගෝඨා උතුරේ ජනතාවගේ අත මිට සරුවන වැඩසටහනකට සිත යොමන බව ඉඟි කරයි. ප්‍රභාකරන්ලාට එකතු වූ දෙමළ තරුණ තරුණියන්ට එදා නොලැබුණු ආර්ථික නිදහස වත්මන් දෙමළ තරුණ තරුණියන්ට ලබාදීමෙන් ඔවුන් අවි ඔසවන තැනින් මුදා ගන්නා තැනකට ගෙන ඒම ගෝඨාගේ දැක්ම බව පෙනේ.

රටට සංවර්ධනය පිළිබඳ කතිකාවක් අවශ්‍ය බව ගෝඨා කියන්නේය. එය පවතින සංවර්ධනයට පිටින් යන යථාවාදී එකක්ද නැත්ද යන්න පිළිබඳ කතිකාවක් රට තුළ ඇතිවූයේ ගෝඨා දැක්වූ අදහසක් නිසාය.

“හරි නායකත්වයක් ලබාදී කැපකිරීමකට යොමුකර හරි අරමුණක් ලබාදී ඉදිරියට යනවා නම් සාර්ථකත්වය අහිමි වන්නේ නැත. ජනතාව නිරන්තරයෙන් නායකත්වය දෙස බලති. නායකත්වය අවංක යැයි ජනතාවට හැඟෙන්නේ නම් හරි අරමුණක් කරා ගමන් කරන බව වැටහෙන්නේ නම් ක්‍රමයෙන් අනෙක් අයත් ඒ වෙත යොමු කරවන්නට පුළුවන. ආයතනයක් වුවත් රටක් වුවත් දියුණු කළ හැක්කේ එලෙස යොමු කිරීමෙනි. ලෝකයේ දියුණු රටවල් මෙන්ම ආයතනද සනාථ කරන ඇත්ත එයයි. ලංකාවේ අපි සිටින්නේ එවන් තැනකදැයි ආපසු හැරී බැලීම අවශ්‍යය”.

ගෝඨාභය රාජපක්ෂ
2018-04-12 පුවත්පතකට

රටක් සංවර්ධනය කළ හැක්කේ ස්ථිර දැක්මක් සහිත අරමුණක් වෙත යෑමෙන් බව මින් ධ්වනිතය. එය සෘජු තීන්දු තීරණ හා බැඳුනකි. එබැවින් ගෝඨා කියන හැටියට සංවර්ධනයට නව කතිකාවක් අවශ්‍යය. එමෙන්ම රටේ දිළිඳුකම පිටුදැකීම සඳහාද ඔහු දක්වන අදහස වෙනස් වූවකි.

“දිළිඳුකම පිටුදැකීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ බව අපි දනිමු. එසේ තිබියදීත් දිළිඳුකම තුරන්ව නැත්තේ ඒවා නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙනි. ඒ වගේම මේවායේ ප්‍රතිලාභ ඇත්තටම ලැබිය යුත්තේ කාටද යන්න නිවැරැදිව සොයා බලා කටයුතු නොකිරීමද මේ අසාර්ථකත්වයට හේතුවකි. මූල්‍ය ආධාර දීමෙන් පමණක්ම දිළිඳුකම තුරන් කළ නොහැකි බවද මේ හරහා තහවුරු කර තිබේ. පුද්ගලයන්ගේ හැකියාව වර්ධනය කිරීමෙන් පමණක් මේ අභියෝගය ජයගත හැකි බවද අමතක නොකළ යුතුය.

මේ පිරිස්වලට රැකියාවක් කිරීමට ඇති හැකියාව දියුණු කිරීමෙන් දිළිඳුකමට විසඳුම් ලබාගැනීමට හැකි වනු ඇත. දිළිඳු අය ජීවත්වන ප්‍රදේශයෙන්ම මේ හැකියාව ලබාගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට පුළුවන. දීර්ඝ කාලයක් තිස්සේ යම් වැඩසටහන් ක්‍රියාවට නංවා ඒවායෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී ඇත්තේ ප්‍රධාන වශයෙන් අධ්‍යාපනය ලබාදීමේ ප්‍රශ්නයක් නිසා විය හැකිය. ඒ නිසා මූලිකව මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීම මෙහිදී අතිශයින් වැදගත්ය”.

ගෝඨාභය රාජපක්ෂ
2018-05-03

නගර අලංකරණය ගැන ගෝඨාට හොඳ ප්‍රතිචාරයක් ජනතාවගෙන් ලැබුණු නිසා පක්ෂ විපක්ෂ කවුරුත් ඒ ගැන පැසසුම් කිරීමට පසුබට නොවෙති. රටේ ප්‍රධානම ප්‍රශ්නයක් වී ඇති, සංවර්ධනයට බාධාවක් වී ඇති වාහන තදබදය ගැනද ගෝඨා අලුත් අදහස් ඇතිව කතා කිරීම කතාබහට ලක්වූවකි. මේ ඒ ගැන ගෝඨා පුවත්පතකට කියූවකි.

“නගරයෙන් එපිට රථගාලක මෝටර් රථය නවතා පොදු ප්‍රවාහනයේ ගමන් කරන සංකල්පය ර්ථීචපඬ චදඤ පඪඤඥ පෙරට ගන්නට පුළුවන. බොහෝ මෝටර් රථ පාවිච්චි වන්නේ කාර්යාලවලට යෑමට පමණි. මේවායේ බොහොමයක ගමන් කරන්නේ තනි පුද්ගලයෙකි. මේ පුද්ගලයාට වඩා පහසුවෙන් තමන්ගේ කාර්යාලයට යෑමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්නේ නම් අතිශය බහුතරය එය ප්‍රයෝජනයට ගැනීමට පසුබට නොවනු ඇත. මේ සංකල්පය ක්‍රියාවට නැංවීමේදී උසස් ප්‍රමිතියේ සැප පහසු බස් රථ සේවයට එක් කළ යුතුය. මේ සංකල්පයේදී මොරටුව, මාලබේ, කඩවත ආදී ප්‍රදේශවල ප්‍රමාණවත් වාහන නැවතුම් පොළවල් ගොඩනඟන්නට පුළුවන. එම ස්ථානවලින් දියුණු පොදු ප්‍රවාහන සේවා විවිධ ප්‍රදේශවලට ආරම්භ කළ හැකිය. ඒ වගේම සවස් කාලයේ මේ ක්‍රියාවලිය අනෙක් දිශාවට කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වූවකි”.

මොනෝ රේල් රථවාහන තදබදයට හොඳ විසඳුමකි. බොහෝ රටවල මෙය භාවිත වන ක්‍රමයකි. මාලබේ සිට බොරැල්ලටත් එතැන් සිට ඇස්වාට්ටුවට, කොටුවට, කොල්ලුපිටියට, කොටහේනට, මොනෝ රේල් ධාවන කිරීමේ සැලසුමක් තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ
2018-06-17

රටේ දැවෙන ප්‍රශ්නයක් වූ කුණු කසළ බැහැර කිරීමේ ගැටලුවට ස්ථිරසාර විසඳුමක් තවමත් ලැබී නැති මොහොතක ගෝඨාගේ දැක්ම මෙසේ විස්තර කර ඇත.

“කසළ නිෂ්කාශනයට ක්‍රමවේදයක් යෙදිය යුත්තේ මධ්‍යම රජයේ මැදිහත් වීමෙනි. දුප්පත් පොහොසත්, දියුණු නොදියුණු, සංවර්ධනය වෙමින් පවත්නා සෑම රටකටම කසළ නිෂ්කාශනය ප්‍රශ්නයට මුහුණ දීමට සිදුව තිබේ. එනිසා මේ ප්‍රශ්නය ලංකාවට පමණක් සීමා වූ කාරණාවක් නොවේ. අනෙක් රටවල් මේ සම්බන්ධව විවිධ පර්යේෂණ කර, විවිධ ක්‍රම යොදා ඉහළ තත්ත්වයකට කසළ කළමනාකරණය පත් කරගෙන තිබේ. ඒ නිසා මේ චක්‍රය අලුතෙන් සෙවීමේ වුවමනාවක් අපට නැත. සාර්ථකව මේ කටයුත්ත කෙරෙන රටවල් පිළිබඳ ක්‍රමවත් අධ්‍යයනයක් කර ඒවායෙන් හොඳම ක්‍රමවේදය අපේ රටට ගළපාගන්නට පුළුවන. කසළ පුලුස්සා ඉන්ධනයක් ලෙස භාවිතයට ගෙන විදුලිය බවට හැරවීමේ තවත් ක්‍රමයකි. චීනයේ කසළ පුලුස්සා විදුලිය නිපදවන ව්‍යාපෘතියට දිනකට කසළ මෙටි්‍රක් ටොන් 2,000ක් ගෙනැවිත් පිළිසකර කරනු ලැබේ. කොළඹ, කඩුවෙල, මහරගම ආදී ප්‍රදේශවල කසළ ප්‍රශ්නයට ටොන් 2,000ක පමණ මෙවන් ව්‍යාපෘතියකින් ස්ථිර විසඳුමක් සොයන්නට පුළුවන”.

ගෝඨාභය රාජපක්ෂ
2018-05-24

ගෝඨා තායිලන්තය වැනි රටවල ආදර්ශ හඳුනාගත් බවක් මතු කරමින් කුඩා ව්‍යාපාර හා ව්‍යවසායකයා පිළිබඳ නව දැක්මකින් කතා කිරීමද කතාබහට ලක්කළ යුතුව තිබෙන්නකි.
“කුඩා හා මධ්‍යම ව්‍යවසාය බිහිකර දියුණු කිරීමේදී ඒවා මුල් කාලයේදී නිසි විගණනයකට ලක් කිරීම, නවීන තාක්ෂණය හඳුන්වා දීම යනාදිය සම්බන්ධයෙන්ද යම් ක්‍රමවේදයක් යොදන්නේ නම් සාර්ථක වීම ලබන්නට පුළුවන. මහා පරිමාණ ව්‍යවසායකයන්ට මේ වෙනුවෙන් සිත නැවෙන්නට පුළුවන. ඔවුන්ගේ සමාජ වගකීම් ව්‍යාපෘතිවලින් යම් කොටසක් මෙවන් ක්‍රියාවලියකට යොදන්නේ නම් ඔවුන්ට මෙන්ම සමාජයටත් ඵලදායී වනු ඇත. තමන්ට ව්‍යවසායකයකු විය හැකි බවට විශ්වාසයක් සමාජයේ සෑම කෙනකු තුළම ගොඩනැඟීම මෙහි මූලික අරමුණ විය යුතුය. රැකියා සොයන්නකු වෙනුවට රැකියා නිපදවන්නකු බවට පත්කිරීම මේ හරහා සිදුවිය යුතුය”

ගෝඨාභය රාජපක්ෂ
2018-05-31

ගෝඨාභය පිළිබඳ විවිධ කතා පැතිර යන වෙලාවක ඔහු දක්වන දැක්ම කතාබහට ලක්වීම කළ යුත්තකි. රටට අවශ්‍යව ඇත්තේ දර්ශනයක් සහිතව නිවැරැදිව ගමනක් යා හැකි පිරිසක් වන නිසා මේ කියැවීම කළ යුත්තකි.

ගෝඨා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද එසේ නොවූවද මේ කියැවීම් වැදගත්ය. මීට සාරවත් යමක් එකතු කරන ප්‍රබුද්ධයන් සමඟ යහපත් සැලසුම් සැකසිය යුතුය. එය රටට අවශ්‍ය දර්ශනය ගොඩනඟන්නට සමත් වීමට මඟ පාදන්නේය.

ගෝඨාභය නමැති සාධකය සමාජය තුළ කතාබහට ලක්වන්නේ විවිධ පැතිකඩ ඔස්සේ වුවත් මේ සංවාදය රට පුරා කෙරිය යුත්තේය.

එහි ඵලය වන්නේ යහපත් වැඩපිළිවෙළක් ඉදිරියට මතුවීමය. එම මඟ යා යුත්තේ කෙසේදැයි කවුරු කවුරුත් සිතිය යුතුය. නිමැවුම් කළ යුතුය. එකට එකතු විය යුතුය.

#GR

Image may contain: 1 person, smiling
Advertisements
09
මැයි
18

සුනිල් පෙරේරා, සමාජ ක්‍රියාකාරිකයෙක් ද ? මඤ්ඤමක්ද ?

මේ ඡායාරූපය, පෞද්ගලිකත්වය ඉක්මවා සමාජ හරස්කඩ කියවීම සඳහා යොදා ගත හැකි හොඳ මූලාශ්‍රයක්.

ජිප්සීස් ගීත පාදඩකරණය වීමට බලපෑ ආකල්ප සමූහයක් තිබෙනවා. ඔවුන් ගේ මුල් කාලීන ගීතවල (උදා. නිලුපුල් සුවඳ උරා, ඔබ දුටු ඒ මුල් දිනේ, මල් මල් පිපිලා, මා සතුටින් බව වැනි) තිබුණු රසය පසුකාලීන ව බලෙන් මරා දැමුවා. ඒකට හේතුව ඒ කාලේ වික්ටර්, මිල්ටන්, ක්ලැරන්ස් වැන්නන් ගොඩ නගා තිබුණු ගීත කලාව අභිබවා මාකට් එකක් ගොඩ නඟන්නට ජිප්සීස්ලාට නොහැකි වීම. ඒක වෙනස් කරන්න තමයි ‘කිස් 10’ ගේන්නෙ.

එවකට 9වැනි වසරේ ඉගෙන ගනිද්දි (ගාල්ලෙ, රිච්මන්ඩ් විදුහලේ) මම ජිප්සීස් කණ්ඩායමට බැනලා ලිපියක් යොමු කළා. මා බලාපොරොත්තු නොවුණු ආකාරයට, සුනිල් පෙරේරා ‘කිස් 10’ ගැන කනගාටුව පළ කර මට ලිපියක් එවා තිබුණා. ඒ සමඟ ඔහු ජිප්සීස් කණ්ඩායම ග්ලූකෝරස වෑන් එකකට හේත්තු වෙලා, ටී ෂර්ට් ඇඳන් ගත්ත කලු සුදු ඡායාරූපයකුත් එවා තිබුණා. (අද ඒවා මා ළඟ නැහැ. තිබුණා නම් වටිනවා.)

කෙසේ වෙතත්, 80 දශකය වෙන කොට ජිප්සීස් පාදඩකරණය උත්සන්න වුණා.

මේ විදියට ජිප්සීස් සහ කලා සමාජය අතර පරතරය වැඩි වෙන කොට, ජෝතිපාල ගේ මරණයත් එක්ක ‘ප්‍රබුද්ධ-පීචං’ කියලා සංවාදයක් පටන් ගත්තා. ඒක ‘අමරදේවලා, නන්දාමාලිනීලා, රූකාන්තලා සහ අපි’ නමින් නිහාල් පීරිස් ගේ කෘතියක් දක්වා දුරදිග ගියා. ඒ කෘතියට අශෝක හඳගම ලියා තිබෙන ලිපියෙන් ප්‍රබුද්ධ සමාජය (?) ජිප්සීස් කණ්ඩාමට එල්ල කර තිබෙන ප්‍රහාරයේ තරම කියවා ගන්න පුළුවන්. එවකට රාවය පුවත්පතේ සේවය කළ ජයසිරි ජයසේකර, මේ ප්‍රබුද්ධ (?) නියෝජිත කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වුණා.

මේ ඊනියා ප්‍රබුද්ධ-පීචං සංවාදයෙදි නිහාල් නෙල්සන් කී ප්‍රසිද්ධ කතාවක් තිබෙනවා. – ‘ඒ ගොල්ලො ප්‍රබුද්ධ නං, අපි සුප්‍රබුද්ධ’ ..

ජිප්සීස් කණ්ඩායම, ‘ප්‍රබුද්ධයන්ට අහිතකර විය හැකි ය’ ඔවුන් ගේ ‘ඔජායේ’ වැනි කැසට්පටිවලට යෙදීම ආරම්භ කළේ ඉන්පසුවයි.

2000 වෙනකොට ජිප්සීස් පාදඩකරණය ‘ස්ටැග්නයිට්’ දක්වා තිරශ්චීන වුණා. ඒ එක්ක ම ක්ලබ්වලදී, හෝටල්වලදි සුනිල් පෙරේරා ගුටි කන තත්ත්වයට ඇද වැටුණා.

කොහොම වුණත් 2000 දෙවැනි භාගයෙන් පස්සෙ, ජිප්සීස් කණ්ඩායම අලුත් වටයකින් ගමන ආරම්භ කළා. සුනිල් පෙරේරා පොරක් වෙන්න පටන් ගත්තා. ඒ අතරේ ප්‍රබුද්ධ සමාජය (?) හිස් කොන්ක්‍රීට් තාච්චියක් වගේ පල්ලම් බැස්සා. සන්ෆ්ලවර් කණ්ඩායම, ඒකට අවශ්‍ය පරිවාර සමාජ පරිසරය හදලා දුන්නා. තවත් දේවල් ඒකට බලපෑවා. දේශපාලනය, මාධ්‍ය වෙළෙඳපොළ ආදිය ..

දැන් දෙගොල්ලො එක තැන.

සුනිල් පෙරේරා, සමාජ ක්‍රියාකාරිකයෙක් (?), දේශකයෙක් (?), විද්වතෙක් (?) වුණා. ඒ කාලේ සුනිල් පෙරේරාට ඇට්ටි හැලෙන්න දීපු අශෝක හඳගම නියෝජනය කරපු ජ.වි.පෙ. දේශපාලන වේදිකාවල ආරාධිතයෙක් වුණා.

ජිප්සීස් කණ්ඩායමේ ‘අපට කියන්න’ සින්දුව නිර්මාණය වෙන්නෙ ඒ අවකාශයෙන්.

මේ ඡායාරූපය, සමාජ හරස්කඩක් වෙන්නෙ එ් අනුව.

මෙතන, එකල ප්‍රබුද්ධ සමාජය (?) නියෝජනය කළ ධාරාවේ කට්ටිය, සුනිල් පෙරේරාට සවන් දෙමින් ඉන්නෙ. එදා, ප්‍රබුද්ධ-පීචං සංවාදය වෙලාවෙ, ප්‍රබුද්ධ පැත්ත නියෝජනය කරමින් ජයසිරි ජයසේකර වැඩ කරපු ‘රාවය’ පත්තරේ සංස්කාරකත් ඉන්නවා.

දැන් ඇත්ත වෙලා තිබෙන්නෙ කෝක ද?

‘ඒ ගොල්ලො ප්‍රබුද්ධ නං, අපි සුප්‍රබුද්ධ’

අද මොවුන් තමයි, සමාජ මත නායකයො – opinion leaders විදියට ක්‍රියාත්මක වෙන්නෙ.

මේක ‘මධුර ජවනිකා .. නෙයින ගෙ සූදුව .. සාජන්ට් නල්ලතම්බි’, වගේ බුද්ධිය පල්ලම් බැස්ස, සමාජ විකෘතියක්.

ලාංකික සමාජය මෙහෙම කරණමක් ගැහුවෙ, ඇයි?

– කුමාර ලියනගේ

Image may contain: 1 person, sitting and standing
15
දෙසැ.
17

“අපි…. යූඇන්පී ගෝතයින්ට බයයි …..

“අපි….ගෝතයින්ට බයයි නංගියේ…..”

     

 “සකල දේශවාසී ගෝතයිනි මතකය අවදි කරව්; තොපිලට නැතිවීමට ඇත්තේ තොපිලගේ දීනකම් පමණයි”  — කාලකන්ණි මාර්ක්ස් (කාල් මාක්ස් ගේ මුනුපුරු)

1988 වර්ෂයේ අග භාගයේ මුළු රටම එක්තරා පොස්ටරයකින් වැහුන.  ‘මේ කව්ද? මොනවාද කරන්නේ?’ යන ප්‍රශ්න දෙකෙන් හදපු පෝස්ටරයක්. පාට තැඹිලි.  කිතුහලය ප්‍රචාරණය වෙනුවෙන් දේශපාලනයේ යොදාගත් පළමු අවස්ථා ව මෙයයි.  ලංකාවේ.  අදහස වික්ටර් හෙට්ටිගොඩ සහ ජී. ඩබ්. සුරේන්ද්‍ර යන අයගේ.  ඇලෙව්වේ අරඹවෙලගේ  දොන් උපාලි රන්ජිත් නොහොත් සොත්ති උපාලි.  ඒ කාලේ ඒ විදිහ පෝස්ටරයක් රට පුරා අලවන්න පුළුවන් කමක් තිබුනේ සොත්ති උපාලි වගේ අයට විතරයි.

පසුව, මේ ප්‍රශ්නවල ට උත්තර සැපයූ පෝස්ටරයක් රට පුර ඒ අයම ඇලෙව්ව.  උත්තරය පටන්ගත්තේ වචන දෙකකින්: ‘මෙයා තමයි…’  ඉන් එහාට තිබුනේ රණසිංහ ප්‍රේමදාස ගේ පම්පෝරිය.  ප්‍රේමදාස ගේ ජනාධිපති මැතිවරන සටන් ආරම්බ වුනේ එහෙමයි.

කුතුහලය අවුස්සන පෝස්ටර් වටයක් පහුගියදා දකින්න ලැබුන.  ඔක්කොම ගෝඨා ගැන. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ගැන.

මුලින්ම ආවේ ගෝඨා ගේ පෝස්ටරය: ‘ගෝඨා අපේ’ .  ජාතකය ‘අපි වෙනුවෙන් අපි’.  කෙලින්ම යුධ ජයග්‍රහණයත් ත්‍රිවිද හමුදාවේ සියළු දෙනාත් සංඛේතාත්මකව ගෝඨාට යා කරන පෝස්ටරයක්.  පොඩි කුතුහල්-කැම්පේන් එකක් අර ප්‍රේමදාස ගේ එක වගේ.  පුංචි ඡන්දෙට ගෝඨා ඉදිරිපත් වෙන්නේ නැති බව පැහැදිලියි.  එහෙනම් මේ ගෝඨා එන්නේ ජනාධිපතිවරණයට වෙන්න ඕන.  ඒ කියන්නේ 2020 දී ගෝඨා ඉල්ලනවා කියන එක නැත්තම් ‘2020 දී ගෝඨා ඉල්ලුවොත් හොඳයි’ කියන එක.

කාට හරි රිදිලා.  කවුරු හරි බය වෙලා.  එහෙම නැත්තම් ඔය පෝස්ටරය ගැන කලබල වෙන්න ඕනේ නැහැනේ.

කොහොම හරි ‘රිට(ර්)න්’ එකක් දාන්න ඕන කියල හිතන්න ඇති.  ඉතින් ‘රිට(ර්)න් පොස්ටරයකුත් ගැහුවා.  එකක් නෙවෙයි.  දෙකක්ම ගැහුවා.

එකක මෙහෙම තිබුන: ‘අපි වෙනුවෙන් මිනීමරුවෙක්.’  අනිත් එක ඊට වැඩිය නිර්මාණශීලීයි: ‘ගොතා බය අමතකද?’  ලේ පැල්ලමකුත් සමග.

දැක්ක ගමන් මට මතක් වුනේ  නමින් සිංහල වූ ඒත් සිංහල කතා කරන්න බැරි කොළඹ ඉන්න සමහර උදවිය ගෝඨා ගේ නම උච්චාරණය කරන විදිහ.  ඉතිහාසය ගැන වැඩිය නොදන්නා නිසා වෙන්න ඇති.  නැත්තම් සිංහල කියවගන්න බැරුව ඇති.  වැඩිය ඇහෙන්නේ නැති නමක් ඉංග්‍රීසි පත්තර වල දැක්කම එක එක විදිහට උච්චාරණය කරන්න පෙළඹෙනව.  එයාල ගෝඨා ගේ නම මිස්ප්‍රොනවුන්ස් කරනවා මට ඇහිල තියෙනවා.  එයාල ගෝඨා ට කියන්නේ ‘ගෝටබයා’ කියල. ‘ගෝට’ සහ ‘බයා’ අතර පොඩි හිස්තැනක් තියෙන විදිහටයි උච්චාරණය කරන්නේ.  ඒ කියන්නේ ‘ගෝ-ටබයා’ නෙවෙයි ‘ගෝට-බයා’ කියල.

කොහොම වුනත් මේ ‘ගොතා බය’ කියන පද පෙරළිය නියමයි.  බොහෝ දේ කියන්න උත්සහා කරනවා.  නොකියූ දේවලුත් කියවෙනවා.  ඒ ගැන කතා කරමු.

ඇත්තටම ගෝඨා ට බය වෙන්න ඕනද?  සතියකට පෙර ‘අඩෝ! මම බය නෑ ඩෝ!’ කියල පෝස්ටරයක් ගහපු කෙනෙක් ඉන්න රටක ගෝඨා ට  නෙවෙයි මොකෙක් ට වත් බය වෙන්න ඕනේ නෑ නේ (අර ‘මම බය නෑ’ කියපු හාදය ට ඇරෙන්න). ගෝඨා ගැන බය වෙන්න හේතුවක් නැති නම් ගහන්න තිබ්බේ මේ වගේ එකක් කියලයි මට හිතෙන්න ‘ගෝඨා ට එන්න කියාපිය….මම ඕකට බය නෑ ඩෝ!’  එහෙමත් නැත්තම් අර බිග් මැච් එකක වගේ මේ විදිහට දාන්න තිබ්බ: ‘ගොඨලාට අපි බය නෑ….බය නම් අපි එන්නෙත් නෑ!’

මට පේන විදිහට පොස්ටරෙන් නොකියවෙන දේ කියන දේ ට වඩා ප්‍රබලයි: ‘ඇත්තම කතා ව මම (අපි) ගෝඨා ට බයයි.’ ඒ ගෝඨා ගේ චන්ඩි පාට් නිසා කියල කියන්න පුළුවන්, ඒත් මට නම් හිතෙන්නේ ගෝඨා ගැන බය වෙලා තියෙන්නේ තම තමන්ගේ (ඒ කිව්වේ පෝස්ටර් මාස්ටර් ල ගේ) දේශපාලන අනාගතය ගෝඨා නිසා කේස් වෙයි කියල.

කෙසේ වෙතත්  ගෝඨා පිලිබඳ බයක් නෙවෙයි නේ මෙතන තියෙන්න…මෙතන බය මතක් කරන්න කියන්නේ ‘ගෝතයෙක්’ ගැන.  ආයෙත් පෝස්ටරය මතක් කරමු: ‘ගොතා බය අමතකද?’

ගෝතයෙක් කියන්නේ සාමාන්‍ය වහරේ වැඩකට නැති කෙනෙක්, කාලකන්ණියෙක්, නිකමෙක්, වාතයක්.  එහෙම එකෙක් ට බය වෙන්නේ මොනවටද?  එහෙම එකෙක්ට කාව වත් බය කරන්න පුළුවන් ද?  ඒ වගේ එකෙක් ට ද මෙච්චර බය වෙලා තියෙන්නේ?  එතකොට අපි ඔය කියන ගෝතයා කෙසේ වෙතත් පෝස්ටර් වීරයාගේ වීරත්වය ගැන මොනවාද තීන්දු කල යුත්තේ?  ඒකා ඔය ගෝතයාටත් වඩා දුර්වලයෙක් වෙන්න  ඕන කියලයි මම නම් නිගමනය කරන්නේ.

ඒ වුනාට ගෝඨා ට බය වෙන්න හේතු නැත්තෙමත් නැහැ.  සහෝදරයා ගේ බලය තමන් වෙත ආරෝපණය කරගත්ත කෙනෙක් ගෝඨාභය කියන්නේ.  තමන් ගේ බලය හෝ දේශපාලන/ඥාති සම්බන්කධ කම් පාවිච්චි කරමින්  විවිධ ප්‍රතිවාදීන් ට තරවටු කරපු ඥාති හිතමිත්‍රාදීන් ගේ තක්කඩිකම් වලට අවසර දුන්න නැත්නම් අතහිත දුන්න එහෙමන් නැත්තම් අඩුම තරමින් සිය නිහඬ අනුමැතිය හරි දුන්න කෙනෙක් ගෝඨා.  ඔහු ගෝතයෙක් නෙවෙයි, ඒත් අහිංසකයෙකුත් නෙවෙයි. පහුගිය රජයේ බලගතුම නිලධාරියා ගෝඨා.  සිද්ද වූ මැරකම් ජඩකම් ගැන ගෝඨා නොදන්නවා විය නොහැක.  ඔහුට බය විය යුතුය.  විශේෂයෙන්ම ඔහු ට මේ රටේ විධායක ජනාධිපති වීමට උවමනාවක් තියෙනවා නම්, එම උවමනා ව සාක්ෂාත් කර ගැනීම සඳහා වටපිටාවක් නිර්මාණය වෙමින් පවතිනවා නම් ඒ ගැන යම් තක්සේරුවක් තිබිය යුතුයි (බය වීම කෙසේ වෙතත්).

අපි යමු මුලටම.  ඒ කියන්නේ මේ ‘ගෝතා බය’ මතකද අමතකද කියන එක.

ඒ ගැන මට මෙහෙම දෙයක් හිතෙනවා.  අමතක නැහැ, ඒත් එහෙම බයක් තියෙන බව පිළිගන්න සූදානම් නැහැ.  කල්පනා කරලා බැලුවම මේ රට පාලනය කරපු සහ කරන බොහෝ දෙනෙක් වැඩකට නැති, කාලකන්ණි, වාත පොරවල්.  ඒ වුනාට ඒ නිකමුන්ට අපි ජනතාවක් හැටියට බයයි.    ඒ කියන්නේ අපි ගෝතයින්ට බයයි.  ගෝතයෝ එද්දී නැගිට්ටෙනවා.  ඉංග්‍රීසි භාෂාවේ පහසුවෙන්ම මතක් වන වචන දෙක මතක් වෙනවා.  මැඩම්.  සර්.  මඩම් කියල කියවෙනවා. සර් කියවෙනවා.  සමහරවිට අපි අපටත් හොරෙන් හිතනවා වෙන්න පුළුවන් ඒ විදිහට ආමන්ත්‍රණය කෙරුවම එයාලගේ ගෝත ස්වභාවය අපටම අමතක වෙලා ඒ අමතක වීමත් සමගම අපේ දීනකමුත් මැකිලා යනවා කියල.

ඉතින් අපි සර්ලව මැඩම්ලව බලයට පත් කරලා ‘අඩෝ සර්ල ව මැඩම්ලව බලයට පත් කෙරුවේ අපි තමයි ඩෝ!’ කියල පොර ටෝක් දෙනවා.  අපේ ගෝත කම් එතකොට අපට අමතක වෙනවා.  එහෙම නැත්තම් ගෝත සෙට් එකක් බලයට පත් කරලා එයාලට සර් නැත්තම් මැඩම් කියල ආමන්ත්‍රණය කරනව.  සර් මැඩම් කියල ආමන්ත්‍රණය කෙරුවම අපි බලයට පත් කරලා තියෙන්නේ ගෝතයින් නෙවෙයි නෝනාවරු මහත්තුරු කියල හිත හදාගන්න පුළුවන්.

එහෙම බලනකොට ගෝතයින්ට බය වෙනවා කියන්නේ අපිටම බය වෙන එක, මොකද අපි තරම් වැඩකට නැති, කාලකන්ණි, වාත පොරවල් මේ ලෝකේ කොහෙවත් ම නැහැ. අපට පුළුවන් නම් අපටම බය වෙන්න, අපට අපේ බය නැති කරගන්නත් පුළුවන් වෙන්න ඕන.  ගෝතකමින් මිදෙන්න අවශ්‍ය නම් ඒක තමයි කරන්න ඕන.

වැදගත් ම දේ තමයි ගෝතකම අමතක නොකිරීම.  ගොතකම් හඳුනා ගැනීම, ගොතකමින් මිදී ම සඳහා අනිවාර්ය පුර්වකොන්දෙසියක්.

ගෝඨා ට බය අය බයවෙද්දෙන්.  ‘අපි බය නෑ ඩෝ!’ කියල කෑ ගැසුව දෙන්. එහෙම කරල ගෝඨා ව නෙවෙයි මොන ගෝතයෙක් වත් නවත්තන්න බැරි බව එයාලට කවද හරි තේරෙයි.  නොතේරුණත් අපට මොකෝ? අපට වෙන කාර්යයක් තියෙනව.  අපි ගෝතයින්ට බය බව තේරුම් ගැනීම.  ගෝතයින්ට බය බවත් ගෝතයින් අපව බය කරන බවත් අමතක වුන බව මතක් කිරීම. ආයේ අමතක නොකරන්න තීන්දු කිරීම.  සතුරා ඉන්නේ ඈත තැනක නොවේ, අප තුලම බව තේරුම් ගැනීම.

ගෝතයින් විසින්, ගෝතයින් සමග, ගෝතයින් සඳහා ආණ්ඩුවක් වෙනුවට පුරවැසියන් විසින් පුරවැසියන් සමග පුරවැසියන් සඳහා වන ආණ්ඩුවක් ගැන එතකොට අපට කතා කරන්න වරම් ලැබෙයි.

02
නොවැ.
17

ජේ.වී.පී කාරයෝ යහපාලන කුමන්ත්‍රණයේ හිටපු අය. ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙත් ඉන්නවා.

ගරු සභාපතිතුමනි,

මේ ව්‍යවස්ථාදායක සභාව අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය පටන්ගත්තෙ මීට මාස 20කට පමණ කලින්. 2016 නොවැම්බර් මාසයේදී විවිධ යෝජනා අන්තර්ගත අනු කමිටු වාර්තා 06ක් පලවුණා. අපි අද විවාද කරන අතුරු වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කලේ පසුගිය සැප්තැම්බර් මාසයේ. ඉදිරිපත් වී ඇති නිශ්චිත යෝජනා පිළිබඳව මම සවිස්තරාත්මක නිවේදන නිකුත් කර තිබෙන නිසා ඒ ගැන නැවතත් මෙතන කතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

අපි මේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියට සහභාගී වුණේ බොහොම අවංකව. අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ගැන දේශපාලන පක්‍ෂ වල අදහස් විමසුවාම අපි ඒකාබද්ධ විපක්‍ෂය හැටියට අපේ අදහස් ලියල යැව්වා. අපි ඒකෙ කමිටුවලට සහභාගී වුණා. මේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය ගැන අපිට සැක නොතිබුණා නොවේ. යහපාලන ආණ්ඩුව බලයට ආපු අලුත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවයි කියලා ගෙනාපු 19 වන සංශෝධනයෙන් කරපු මහා වංචාව අපි දැක්කා.ඒත් අපි මේ ක්‍රියාවලියට සහභාගී වුණේ රට ගැන හිතලා.

නමුත් මේ ව්‍යස්ථා සම්පාදක ක්‍රියාවලියත් සිද්ධ වෙන්නෙ වැරදි විදියට. අනුකමිටුවලට සහභාගී වෙලා අපේ මන්ත්‍රීවරුන් දක්වපු අදහස් වාර්තා මුද්‍රණය කරන කොට හලලා. පසුගිය දවස් දෙකේ මේ විවාදය කරපු හැටි දිහා බලන්න. ආණ්ඩු පක්‍ෂයෙන් කියලා යූ.එන්.පී ඇමතිවරයෙක් කතා කරනවා, ඊට පස්සෙ විපක්‍ෂයෙන් කියලා ටී.එන්.ඒ මන්ත්‍රීවරයෙක් කතා කරනවා. අයෙමත් ආණ්ඩු පක්‍ෂයෙන් කියලා ශ්‍රිලනිප ඇමතිවරයෙක් කතා කරනවා. ඊළඟට විපක්‍ෂයෙන් කියලා ජේ.වී.පී මන්ත්‍රීවරයෙක් කතා කරනවා. මේ ඔක්කොම යහපාලන කුමන්ත්‍රණයේ හිටපු අය. මේ ඔක්කොම මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙත් ඉන්න අය. මේ රටේ සබෑ විපක්‍ෂය වෙන ඒකාබද්ධ විපක්‍ෂයට මුලු දවසටම කතා ලැබෙන්නෙදෙක තුනයි.

මේ ව්‍යවස්ථා යෝජනා සාධාරණීකරනය කරන්න මේගොල්ලො කියනවා මමත් මගේ 2015 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අලුත් ව්‍යවස්ථාවක් ගැන සඳහන් කරල තිබුණයි කියලා. ඔව් තිබුණා තමයි. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය රට බෙඳන ව්‍යවස්ථාවක් ගෙන එන එකයි. මම හිතාගෙන සිටියෙ රට එක් සේසත් කරන ව්‍යවස්ථාවක් ගැන.2015 ජනාධිපතිවරණයේදීවත් පාර්ලිමේන්තු මැතිවරණයේදීවත් සම්පූර්ණයෙන්ම අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්න කිසිවෙකුටත් වරමක් ලැබුණේ නෑ.

මේ ඉදිරිපත් කර ඇති යෝජනා වලට අනුව අද මධ්‍යම ආණ්ඩුව හොබවන සෑම බලයක්ම සමාලෝචනයට ලක් කොට එය පළාත් ඒකක වලට පැවරිය හැකිනම්, එසේ පැවරීමට යෝජනා කරල තියෙනව. සමගාමී බලතල ලැයිස්තුව අහෝසි කරල ඒකෙ බලතලත් පළාත් වලට බෙදල දෙන්න යෝජනා වෙලා තියෙනව. ඒ ක්‍රියාදාමයෙන් පස්සෙ මධ්‍යම ආණ්ඩුවට ඉතිරිවෙන බලතල වුණත් ක්‍රියාත්මක කිරීමේ බලය හැකි සෑම අවස්ථාවකදීම පලාත් වලට පවරන්න යෝජනා වෙලා තියෙනව. ජාතික ප්‍රතිපත්ති හා ජාතික ප්‍රමිතීන් සම්පාදනය කිරීමේදීත් මධ්‍යම ආණ්ඩුවට හැම පළාත් සභාවකින්ම වෙන වෙනම මත විමසන්න වෙනව. ඉඩම් හා පොලිස් බලතල පමණක් නොව මුදල් බලතලත් පළාත් ඒකක වලට පැවරීමට යෝජනා වෙලා තියෙනව. මේ ආකාරයට පළාත් ඒකක වලට බලය පැවරුවාට පස්සෙ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින් හා ජනමත විචාරණයකින් වත් ඒ බලතල ආපසු පවර ගන්න බැරි වෙන ආකාරයට විධිවිධාන සම්පාදනය කිරීමට යෝජනා වෙලා තියෙනව.

යෝජිත ව්‍යවස්ථාව යටතේ පළාත් වලට පැවරෙන බලතල මධ්‍යම ආණ්ඩුවට ආපසු පවරගන්න පුලුවන් වෙන්නෙ හැම පළාත් සභාවක් විසින්ම ඒ පවර ගැනීම අනුමත කරොත් විතරයි. මේ ඉදිරිපත් කරල තියෙන යෝජනා ඇත්තටම ක්‍රියාත්මක වුනොත් අද මේ සභාවේ සිටින මන්ත්‍රීවරුන් ඊලඟ වතාවේ පාර්ලිමේන්තුවට තරඟ කිරීමෙන් පලක් නැති වෙනව. සැබෑ බලය තියෙන්නෙ පළාත් සභා වල නිසා මේ සියලුම දෙනාටම පළාත් සභාවලට තරඟ කරන්න සිද්ධ වේවි.

උතුරු හා නැගෙනහිර පළාත්වල ෆෙඩරල් ඒකකයක් නැත්නම් ස්වාධීන රාජ්‍යක් ගොඩනැගීම 1950 ගණන් වල ඉදලම උතුරේ දේශපාලඥයින්ගෙ ප්‍රධාන ව්‍යාපෘත්ය වන බව අපි කවුරුත් දන්නව. වෙනම ෆෙඩරල් ඒකකයක් ඉල්ලා සිටීම පසුපස තිබුණු ජාතිවාදය වසන් කරන්න බලය බෙදීම උතුරු -නැගෙනහිරට පමණක් නොව අනිත් පළාත් වලටත් සෙත සලසන ක්‍රියාදාමයක් හැටියට හුවා දක්වන ප්‍රවනතාවය ඒකාලයේ ඉඳලම තිබුණා. උතුරේ දේශපාලන කණ්ඩායම් වැඩි වැඩියෙන් බලය බෙදීම ඉල්ලා සිටින විට වෙනත් ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නායකයනුත් වැඩි සෙවිල්ලක් බැලිල්ලක් හෝ කල්පනා කිරිල්ලක් නැතුව ඒකට ඔලුව වනන ප්‍රවනතාවයක් තිබුණා.

නමුත් දැන් දංගෙඩියට බෙල්ල තියන මොහොත ඇවිත් තියෙන නිසා වෙනත් ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් වල නායකයන් මේ යෝජනා වලින් තමන් නියෝජනය කරන ජන කොටස් වලට ඇති පැහැදිලි අනතුර ගැන කල්පනා කිරීමට පටන්ගෙන ඇතැයි කියල මම සිතනව. මාස 20ක් තිස්සේ සාකච්ඡා කිරීමෙන් පසුවත් යෝජනා එකතුවක් පලකිරීමෙන් එහාට මේ ක්‍රියාදාමය ඉදිරියට ගිහිල්ලා නැත්තෙමේ නිසා වෙන්න පුලුවන්. මෙහෙයුම් කමිටුවේ 21 දෙනාගෙන් 15 දෙනෙක්ම අතුරැ වාර්ථාව තුල විකල්ප මත ඉදිරිපත් කරල තියෙනව ඵ් වගේම 5 වන වගන්තියට ශ්‍රී ලංකාවේ දේශසීමාව නීර්ණය කිරිමේ බලය බාර දිමට ඇති යෝජනාවට අපට ඵකග විය නොහැක.

උතුරේ දේශපාලඥයන්ට බලය බෙදීම කියන සංකල්පයෙන් ප්‍රයෝජනයක් තිබුණත් අනෙක් සියලුම ජනවාර්ගික හා ආගමික පදනමක් ඇති දේශපාලන පක්‍ෂ වලට එයින් ඇති වන්නේ අගතියක් පමණයි. මේ අතුරු වාර්තාවෙ යෝජනා කරලා තියෙන හැටියට උතුරු-නැගෙනහිර පළාත්දෙක, තනි පළාතක් හැටියට සැලකීමේ යෝජනාවට මුස්ලිම් ප්‍රජාවට එකඟ වෙන්න පුලුවන්ද? 1987 දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය බිහිවුනෙත් උතුරු- නැගෙනහිර පළාත් එක් කිරීමට විරුද්ධවයි. දෙමළ ජාතිවාදීන්ට උතුරේ සම්පූර්ණ බලය හිමිවී තිබුණ සමයේ මුස්ලිම් ජනතාවට සලකපු ආකාරය ඔවුන්ට තවම අමතක වෙලා නැතුව ඇතැයි කියල මම හිතනව. ඒ කාලේ නැගෙනහිර පළාතෙ මුස්ලිම් වරුන්ටත් ඒ ඉරණමම අත් නොවුනෙ ඒ ප්‍රදේශවල යුද හමුදාව හිටපු නිසයි.

උතුරු-නැගෙනහිර පළාත් ඒකාබද්ධ නොකෙරුවොත් නැගෙනහිර පළාතේ ජීවත්වන දෙමළ ජනතාවට පවා බලය බෙදීමෙන් සිද්දවෙන්නෙ සුගතියක් දැයි ඔවුන්ගෙන්ම අහල බලන්න ඕන. අපි උඩරට පළාත්වල ජීවත්වන ද්‍රවිඩ ජනතාව ගත්තොත් ඒ ජනතාව වෙනම රාජ්‍යයන්ට සමාන බලතල හොබවන පළාත් සභා දෙකක්, තුනක් නැතිනම් ඊටත් වඩා වැඩි ගණනක් අතරෙ බෙදිල යන එක ගැන ඒ ජනතාවගේ නායකයන් මොනවද හිතන්නෙ? ඒ එක් එක් පළාත් සභාව තුළ ජීවත් වන උඩරට ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ආරවුලක් නිරාකාරණය කිරීමට හෝ දුක්ගැනවිල්ලක් ගැන සොයා බැලීමට මැදිහත් වීමක් කිරීමටවත් මධ්‍යම ආණ්ඩුවට බලයක් නැති තැන ඒ විදියට නොයෙක් පළාත් සභා අතර ඒ ජනතාව බෙදිල යාමේ අනිසංශ මොනවද කියල ඒ නායකයො කල්පනා කරල තියෙනවද?

දෙමළ ජාතික සංධානයේ දේශපාලන පක්‍ෂ හැරුණ විට අනෙක් සියලුම ජනවාර්ගික හා ආගමික පදනමක් ඇති දේශපාලන පක්‍ෂ මේ වනතෙක් සොයා ගියේ මධ්‍යම ආණ්ඩුවේ බලයයි. මේ ඉදිපත් වී තිබෙන යෝජනා ක්‍රියාත්මක වුවහොත් මධ්‍යම ආණ්ඩුවට සියලුම බලතල අහිමි වනව. ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙන බලය බෙදීමේ යෝජනා සාධාරණීකරනය කරන්න ඒගොල්ලො කියනවා මම “තර්ටීන් ප්ලස්” දෙනවයි කිවුවලු. මේගොල්ලො තර්ටීන් ප්ලස් කිවුවාම අදහස් කරන්නෙ රට බෙදන එක. තර්ටීන් ප්ලස් කියන එකෙන් මම අදහස් කලේ, දෙවෙනි මන්ත්‍රී මණ්ඩලයක් වැනි ආයතන තුළින් රටේ සියලු ජන කොටස් තව තවත් මධ්‍යම ආණ්ඩුවේ කටයුතු වලට සහභාගී කරවා ගැනීමයි.

ඉන්දියාවෙ දෙමළ ජනතාවගෙන් අති බහුතරය ජීවත් වෙන්නෙ තමිල්නාඩුවෙ. නමුත් ලංකාවෙ දෙමළ ජනතාවගෙන් බහුතරය සථිරව පදිංචි වෙලා ඉන්නෙ උතුරු-නැගෙනහිර පළාත් වලින් පිට. නැගෙනහිර පළාතෙ සෑහෙන මුස්ලිම් ජනගහනයක් හිටියත්, මුස්ලිම් ජනතාවගෙන් අති බහුතරය ජීවත් වෙන්නෙ නැගෙනහිර පළාතෙන් පිට. මේ රටේ ජාතිවාදී හෝ ආගම්වාදී පදනමක් මත ස්වාධීන රාජ්‍යයකට හිමි තරමේ බලතල තියෙන ෆෙඩරල් පාලන ඒකක ඇති කිරීමෙන් සිද්දවෙන්නෙ ඒ එක් එක් ඒකක තුළ ඉන්න විවිධ ජනවාර්ගික හා ආගමික කොටස් වලට අගතියක් සිදුවීමයි.

මේ බලය බෙදීමේ යෝජනා අත්හැර, ඒ ගොල්ලන් 2015 ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් ව්‍යවස්ථාමය ප්‍රතිඥා දෙක පමණක් ක්‍රියාත්මක කරන්නැයි මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනව.වි‍ධායක ජනාධිපති ක්‍රමයේ අනාගතය පිලිබද රජයේ සමුහික ස්ථාවරය ඉදිරිපත් කල පසු මේ ගරු සභාවේ අවධානය යොමුවෙන්න ඕන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ගැනයි. පසුගිය මාස දෙක තුළ පාළාත් පාලන හා පළාත් සභා සඳහා මැතිවරණ ක්‍රමය වෙනස් කෙරුවෙ අත්තනෝමතික හා අවිධිමත් විදියටයි. මේ නිසා ඉදිරියේදීරට පාලනය කරන ආයතන තුළ බරපතල අස්ථාවර භාවයක් ඇතිවෙන්න ඉඩ තියෙනව.

මීට කළින් පළාත් පාලන ඡන්ද ක්‍රමයත්, පළාත් සභා ඡන්ද ක්‍රමයත් වෙනස් කරලා ඡන්ද කල් දමන්න ආණ්ඩුව අනුගමනය කරපු ක්‍රියාවලියම ව්‍යවස්ථාව සම්බන්දයෙනුත් අනුගමනය කරාවිය යන බරපතල සැකය කා තුළත් තියෙනවා. මගේ නායකත්වය යටතේ තරඟ කරලා පාර්ලිමේන්තුවට තේරී පත්වෙලා ආණ්ඩුවේ ඇමතිකම් දරණ අය 40 කට වඩා ඉන්නවා. මේ අයට පුලුවන් ව්‍යවස්ථාවට ඡන්දය නොදී ඉඳල ඒක පාර්ලිමේන්තුව තුළම පරාජය කරන්න.

මගේ ආණ්ඩුව විසින් යුද්දයෙන් පසු උතුරු පළාතේ දියත් කල ව්‍යාපෘති හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වය, රැකියා නියුක්තිය, හා අධ්‍යාපනය දියුණු වුණා. නමුත් දැන් උතුරේ ජනතාවගේ අවශ්‍යතාවයන් පසෙක ලා උතුරේ දේශපාලඥයන්ගේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මුල්තැන දීල තියෙන්නෙ 2015 ආණ්ඩු වෙනස ඇති කිරීමේ කුමන්ත්‍රණයට උදවු දුන් අභ්‍යන්තර හා භාහිර බලවේගවලට ණය ගෙවීමක් ලෙස කියලයි මම හිතන්නෙ.

ස්තුතියි

Image may contain: 1 person, indoor

07
ජූලි
17

මහින්ද දේශප්‍රිය සීයේ ඔන්න අඹුඩේ ගූ… …

මහින්ද 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කනෙන් රින්ගයි, යහපාලනය නිසා තනතුරු දෙකක්, මැරෙනකම් රජ සැලකිලි, කොහොමද ටිකිරි මොලේ….

යහපාලන ආණ්ඩුව ජනතාවට පොරොන්දු වූයේ ස්වාධීන කොමිෂන් සභා ඇති කොට ඒ හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන බවයි. ඒ අනුව මැතිවරණ කොමිසම වෙනුවට ජනතාව වැඩි වගකීමක් සහිත ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් ඇති කලේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය මගිනි.

17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිසමක් බවට පත්කල අතර කොමිසමේ සමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත විය. කොමිසම තීන්දු ගැනීමේදි ඝන පූර්ණය ලෙස ඉන් සමාජිකයින් 3 දෙනෙකු රැස්වීමට සහභාගි විය යුතුය. එහි බලතල කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වරයෙකු ප්‍රමුඛව මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් සිදු කල යුතුය. Link

එහෙත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය අනුව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කිරිමේදි ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සාමාජිකයන් 3 දෙනෙකු කොමිෂන් සභාවට පත් කරනු ලබයි. “ඉන් එක් අයකු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයෙකු ලෙස හෝ ඊට ඉහළ තනතුරක රාජකාරි කල මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් නිලධාරියෙකු විය යුතුය”, යන්න පැහැදිලිව සඳහන් කොට ඇත.

මේ අනුව පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරවමු.

  1. 17 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය යටතේ ස්වාධීන මැතිවරණ කොමිසම් සභාවක් පිහිටුවීම හරහා සඳහා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය ගැනීමට සමාජිකයින් 5 දෙනෙකු වු සාමාජිකයන් සංඛ්‍යාව 3 දෙනෙකුට අඩුකිරිම කිරිම ප්‍රජාතන්ත්‍රවාදී ද එසේ නැතිනම් එකාධිපති ක්‍රියාවක් ද ?

  2. 17 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය යටතේ මැතිවරණ කොමිසමේ සාමජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත වු අතර කොමිසම රැස්වීමේදි ඝන පූර්ණය ලෙස 3 දෙනෙකු සහභාගි වීය යුතුය යන්න එහි සඳහන් වුවත්, 19 ආණ්ඩුක්‍රම සංශෝධනය 104 (1) අනුව කොමිසම සාමාජිකයන් 3 දෙනෙකුට අඩු කොට කොමිසන් සභාවේ රැස්වීමේදි ඝන පූර්ණය ලෙස 3 දෙනෙකු සහභාගි වීය යුතුය යන්න සඳහන් කිරිම ඇති පදනම කුමක්ද?

  3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ.(1) අනුව ජනාධිපතිවරණයේ සිට ඕනම මැතිවරණයක් හෝ ජනමතවිචාරනයක් පැවත්වීම සඳහා (අ) මැතිවරණ කොමිසම් සභාව හෝ (ආ) මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා වගකීම වන්න්නෙය සඳහන් වේ. කරුණු එසේනම් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා තනතුර සඳහා රාජකාරි කරන්නේ කවුද? එම පුරප්පාඩුව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව මෙතෙක් පිරවීමට කටයුතු කර ඇද්ද යන වග?

  4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඉ. අනුව ස්වාධීන මැතිවරණ කොමිසම සභාවේ තීරණයන් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වරයෙකු පත් කල යුතූය. එහිදි වයස අවුරුදු 65 නොඉක්මවු ඕනැම පුද්ගලයකු මැතිවරණ කොමසාරිස් ජෙනරාල් තනතුරට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යටතේ කටයුතු කල යුතුය ලෙස සඳහන් වේ, කරුණු එසේ නම් ඉතා වැදගත් ඒම තනතුර සඳහා අවම සුදුසුකම් ඇතුලත් නොකලේ කවුද?

  5. එසේ පිහිටවු කොමිෂන් සභාව සාමජිකයින් 3 දෙනා අතරට 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මැතිවරණ කොමිසමට සාමජිකයින් 5 දෙනෙකු පත් කිරිමේදී නොතිබුණ සුදුසුකමක් වන “නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයෙකු ලෙස හෝ ඊට ඉහළ තනතුරක රාජකාරි කල මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් නිලධාරියෙකු විය යුතුය” යන්න ඇතුලත් කිරිම යහපාලන මූලධර්මවල අනුකූල ද?

  6. ඒ අනුව 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 103 (1) අනුව නිශ්චිතවම කලින් තෝරාගත් පුද්ගලයකුට කොමිෂන් සභවට අනිවාර්යයෙන්ම ඇතුළු වීමට අවශ්‍ය යහපාලන ගුණාංගය ඇතුලත් කොට එහි සභාපති ලෙස විශ්‍රාමලත් හිටපු මැතිවරණ කොමසාරිස් පත් කිරීම කොතෙක් දුරට සාධාරණ ද?

  7. එසේ සභාපති ලෙස පත්වු පුද්ගලයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඉ අනුව පත්කල යුතු වයස අවුරුදු 65 නොඉක්මවු මැතිවරණ කොමසාරිස් ජෙනරාලවරයා පත් නොකර සිටීම කොමිෂන් සභාවේ නිත්‍යානුකූල මෙන්ම යහපාලන ප්‍රතිපත්තිවල කොතෙක් දුරට ගැලපෙන්නේ ද?

  8. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඉ. අනුව මැතිවරණ කොමිසම සභාවේ තීරණයන් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වරයෙකු පත් කොට තිබුනේ නම් ඔහු රාජ්‍ය සේවකයෙකු ලෙස කොමිසම් සභාව මෙන්ම ඡන්දය නොපැවත්වීම සම්බන්ධව එක හා සමානව වගකිය යුතුය.

  9. ඒ අනුව ස්වාධීන මැතිවරණ කොමිසම් සභාව මෙන්ම මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයාද වගකීම පැහර හැරීම හෝ මැතිවරණ දූෂණයක යෙදිම යටතේ ශ්‍රීලංකා දණ්ඩ නීති සංග්‍රය යටතේ නඩු පැවරිමට ඇති ඡන්දදායකයාගේ අයිතිය අහෝසි කිරීම, මෙන්ම එම තනතුර හිතාමතාම පුරවා නොමැති මෙම කාලය සඳහා එහි වගකීම කවුරුන් විසින් භාර ගන්නේද?

  10. මෙරටේ පොලිස් කොමිසමක් තිබේ, එම කොමිසම පොලිස්පතිගේ හෝ පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි ආවරණය නොකරයි. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව හෝ එහි සභාපතිවරයා ද එසේ විය යුතුය. මැතිවරණ කොමසාරිස් ජෙනරාලවරයා සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ රාජකාරි ස්වාධීන මැතිවරණ කොමිසමේ සමාජිකයකු වන වයස අවුරුදු 65 පැනපු සභාපතිවරයා විසින් සිදු කිරිම ලෝකයේ මොන යහපාලන මූලධර්මයන්ට අයිතිද යන්න සොයා බැලිය යුතුය.

  11. මේ වනවිට ශ්‍රීලංකාවේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව තුල සිදුවන මෙවෙනි නීත්‍යානුකූල නොවන ක්‍රියා සම්බන්ධව එයට සම්බන්ධ වු සියලුම පාර්ශවයන් අනාගතයේදි වගකිවයුත්තන් නොවන්නේද?

  12. එමෙන්ම නිසි කලට මැතිවරණ පැවත්වීමට අවශ්‍ය නෛතික අයිතිය ඇති ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව යටතේ ඇති මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන මැතිවරණ කොමසාරිස් ජෙනරාල් තනතුර පුරවා නොසිටිම ව්‍යවස්ථා සභාවේ මෙන්ම ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ වගකීම නොවන්නේද?

ඉදිරියේදී ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධව තව දුරටත් අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරන්නෙමු.

– ජනතා අයිතීන් සුරකින නීතිඥ මඩුල්ලක්

 යහපාලන ආණ්ඩුව ජනතාවට පොරොන්දු වූයේ ස්වාධීන කොමිෂන් සභා ඇති කොට ඒ හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන බවයි. ඒ අනුව මැතිවරණ කොමිසම වෙනුවට ජනතාව වැඩි වගකීමක් සහිත ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් ඇති කලේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය මගිනි. 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිසමක් බවට පත්කල අතර කොමිසමේ සමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත විය. කොමිසම තීන්දු ගැනීමේදි ඝන පූර්ණය ලෙස ඉන් සමාජිකයින් 3 දෙනෙකු රැස්වීමට සහභාගි විය යුතුය. එහි බලතල කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වරයෙකු ප්‍රමුඛව මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් සිදු කල යුතුය. Link එහෙත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය අනුව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කිරිමේදි ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සාමාජිකයන් 3 දෙනෙකු කොමිෂන් සභාවට පත් කරනු ලබයි. “ඉන් එක් අයකු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයෙකු ලෙස හෝ ඊට ඉහළ තනතුරක රාජකාරි කල මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් නිලධාරියෙකු විය යුතුය”, යන්න පැහැදිලිව සඳහන් කොට ඇත. මේ අනුව පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරවමු. 17 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය යටතේ ස්වාධීන මැතිවරණ කොමිසම් සභාවක් පිහිටුවීම හරහා සඳහා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය ගැනීමට සමාජිකයින් 5 දෙනෙකු වු සාමාජිකයන් සංඛ්‍යාව 3 දෙනෙකුට අඩුකිරිම කිරිම ප්‍රජාතන්ත්‍රවාදී ද එසේ නැතිනම් එකාධිපති ක්‍රියාවක් ද ? 17 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය යටතේ මැතිවරණ කොමිසමේ සාමජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත වු අතර කොමිසම රැස්වීමේදි ඝන පූර්ණය ලෙස 3 දෙනෙකු සහභාගි වීය යුතුය යන්න එහි සඳහන් වුවත්, 19 ආණ්ඩුක්‍රම සංශෝධනය 104 (1) අනුව කොමිසම සාමාජිකයන් 3 දෙනෙකුට අඩු කොට කොමිසන් සභාවේ රැස්වීමේදි ඝන පූර්ණය ලෙස 3 දෙනෙකු සහභාගි වීය යුතුය යන්න සඳහන් කිරිම ඇති පදනම කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ.(1) අනුව ජනාධිපතිවරණයේ සිට ඕනම මැතිවරණයක් හෝ ජනමතවිචාරනයක් පැවත්වීම සඳහා (අ) මැතිවරණ කොමිසම් සභාව හෝ (ආ) මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා වගකීම වන්න්නෙය සඳහන් වේ. කරුණු එසේනම් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා තනතුර සඳහා රාජකාරි කරන්නේ කවුද? එම පුරප්පාඩුව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව මෙතෙක් පිරවීමට කටයුතු කර ඇද්ද යන වග? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඉ. අනුව ස්වාධීන මැතිවරණ කොමිසම සභාවේ තීරණයන් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වරයෙකු පත් කල යුතූය. එහිදි වයස අවුරුදු 65 නොඉක්මවු ඕනැම පුද්ගලයකු මැතිවරණ කොමසාරිස් ජෙනරාල් තනතුරට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යටතේ කටයුතු කල යුතුය ලෙස සඳහන් වේ, කරුණු එසේ නම් ඉතා වැදගත් ඒම තනතුර සඳහා අවම සුදුසුකම් ඇතුලත් නොකලේ කවුද? එසේ පිහිටවු කොමිෂන් සභාව සාමජිකයින් 3 දෙනා අතරට 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මැතිවරණ කොමිසමට සාමජිකයින් 5 දෙනෙකු පත් කිරිමේදී නොතිබුණ සුදුසුකමක් වන “නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයෙකු ලෙස හෝ ඊට ඉහළ තනතුරක රාජකාරි කල මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් නිලධාරියෙකු විය යුතුය” යන්න ඇතුලත් කිරිම යහපාලන මූලධර්මවල අනුකූල ද? ඒ අනුව 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 103 (1) අනුව නිශ්චිතවම කලින් තෝරාගත් පුද්ගලයකුට කොමිෂන් සභවට අනිවාර්යයෙන්ම ඇතුළු වීමට අවශ්‍ය යහපාලන ගුණාංගය ඇතුලත් කොට එහි සභාපති ලෙස විශ්‍රාමලත් හිටපු මැතිවරණ කොමසාරිස් පත් කිරීම කොතෙක් දුරට සාධාරණ ද? එසේ සභාපති ලෙස පත්වු පුද්ගලයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඉ අනුව පත්කල යුතු වයස අවුරුදු 65 නොඉක්මවු මැතිවරණ කොමසාරිස් ජෙනරාලවරයා පත් නොකර සිටීම කොමිෂන් සභාවේ නිත්‍යානුකූල මෙන්ම යහපාලන ප්‍රතිපත්තිවල කොතෙක් දුරට ගැලපෙන්නේ ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඉ. අනුව මැතිවරණ කොමිසම සභාවේ තීරණයන් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වරයෙකු පත් කොට තිබුනේ නම් ඔහු රාජ්‍ය සේවකයෙකු ලෙස කොමිසම් සභාව මෙන්ම ඡන්දය නොපැවත්වීම සම්බන්ධව එක හා සමානව වගකිය යුතුය. ඒ අනුව ස්වාධීන මැතිවරණ කොමිසම් සභාව මෙන්ම මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයාද වගකීම පැහර හැරීම හෝ මැතිවරණ දූෂණයක යෙදිම යටතේ ශ්‍රීලංකා දණ්ඩ නීති සංග්‍රය යටතේ නඩු පැවරිමට ඇති ඡන්දදායකයාගේ අයිතිය අහෝසි කිරීම, මෙන්ම එම තනතුර හිතාමතාම පුරවා නොමැති මෙම කාලය සඳහා එහි වගකීම කවුරුන් විසින් භාර ගන්නේද? මෙරටේ පොලිස් කොමිසමක් තිබේ, එම කොමිසම පොලිස්පතිගේ හෝ පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි ආවරණය නොකරයි. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව හෝ එහි සභාපතිවරයා ද එසේ විය යුතුය. මැතිවරණ කොමසාරිස් ජෙනරාලවරයා සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ රාජකාරි ස්වාධීන මැතිවරණ කොමිසමේ සමාජිකයකු වන වයස අවුරුදු 65 පැනපු සභාපතිවරයා විසින් සිදු කිරිම ලෝකයේ මොන යහපාලන මූලධර්මයන්ට අයිතිද යන්න සොයා බැලිය යුතුය. මේ වනවිට ශ්‍රීලංකාවේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව තුල සිදුවන මෙවෙනි නීත්‍යානුකූල නොවන ක්‍රියා සම්බන්ධව එයට සම්බන්ධ වු සියලුම පාර්ශවයන් අනාගතයේදි වගකිවයුත්තන් නොවන්නේද? එමෙන්ම නිසි කලට මැතිවරණ පැවත්වීමට අවශ්‍ය නෛතික අයිතිය ඇති ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව යටතේ ඇති මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන මැතිවරණ කොමසාරිස් ජෙනරාල් තනතුර පුරවා නොසිටිම ව්‍යවස්ථා සභාවේ මෙන්ම ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ වගකීම නොවන්නේද? ඉදිරියේදී ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධව තව දුරටත් අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරන්නෙමු. –

ජනතා අයිතීන් සුරකින නීතිඥ මඩුල්ලක්

24
මැයි
17

“රාවයේ” ගාමිණී වියන්ගොඩ නිවටයා සහ විදර්ශන කන්නන්ගර හොරිකඩයා අතර වෙනස කුමක්ද ?

 

Dasun Rajapakse

කුමාර් ගුණරත්නම් දිෂ්ටිය – පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් ඔබට ඇති තෝරාගැනීමේ අයිතිය ගැන ලොරි ටෝක් දෙන විදර්ශන තමන්ගෙ මුහුණුවර කුමාර් ගුණරත්නම් වගේ සකස් කරගැනීම කියන්නෙත් චින්තන කීව දේමයි. එතනදි චින්තන මේ මැට්ටට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ධනවාදයට පූර්ණ ලෙස විකසිත නොවී මෙලන්කොලික තත්ත්වයක ඉන්න විදර්දනට තිබෙන්නේ පුදුම ආශාවක්.. මේ ආශාවේ කෙළවර හරියෙදි රන්ජිත් පෙරේරා විදර්ශන උගන්වන පාසලට ආර්.ඩී.එෆ් එකේ නිලධාරින්ව රැගෙන විත් ටයර් පටි වලින් හැමෝම ඉදිරියේ ප්‍රසිද්ධියේ තලද්දි තමයි මේ මනුස්සයට තේරුම් යන්නේ තමන් කරමින් සිටි පිස්සුවේ දිග පලළ …

දැන්වත් තේරුම් ගනිල්ලා!
එංගලන්තයෙ, මැන්චෙස්ටර් හි ප්‍රාසාංගික වේදිකාවක් අසළ පුපුරා යන බෝම්බයෙන්, මේ වනවිට විසිගණනක් මියගිහින්, පනස් ගණනකට තුවාල වෙලා. මේ ඛේදවාචකයට ඉලක්කව ගොදුරු වෙන්නෙ ළමයි! මේ සිද්ධිය ගැන අපි මිනිස්සු හැටියට මුළු හිතින්ම කම්පාවෙන්න ඕනෙ, ඒ වගේම ත්‍රස්තවාදයට කොන්දේසි විරහිතව විරුද්ධ වෙන්න ඕනෙ. ඒත්, ලංකාව, තිස් වසරක දරුණු ත්‍රස්තවාදයකට මුහුණ දෙමින් හඬා වැළපෙනකොට, තමන් සංවර්ධිතයි කියලා හිතාගෙන ඉන්න හුඟාක් රටවල්, ලංකාවෙ අපට විහිළු කෙරුවා, හිනා වෙවී, ත්‍රස්තවාදයට උදව් කෙරුවා. අපට සාමය ගැන පාඩම් උගන්වන්න හැදුවා. අපේ නොදියුණුකම ගැන පුදුම වුණා.

ඉතිං, මහත්වරුණි!
දැන්වත් උඹලා තේරුම් ගනිල්ලා, මේ යන ක්‍රමයට මොකෙකුටවත් පවතින්න බැරි බව! අර ඇමරිකානු නායකයා, ට්‍රම්ප් මැද පෙරදිග කෑල්ලක් balance කරගෙන game එක play කරන්න හැදුවට වැඩක් වෙන්නෙ නැති බවත් මතක තියා ගනිල්ලා!
CHAPA
2017 මැයි 23//

මේ චාපා බණ්ඩාර ඔහු ගේ වෝලයේ එංගලන්තයේ මැන්චෙස්ටර් හි ඇති වූ බෝම්බ ප්‍රහාරය ගැන ලියා තැබූ සටහනකි. එහිදී ඔහු දෙවනුව කියා ඇත්තේ අපි මිනිසුන් හැටියට මුළු හිතින් ම කම්පා විය යුතු බවත් ත්‍රස්තවාදය ට කොන්දේසි විරහිතව විරුද්ධ විය යුතු බව ත් ය. මුලින් ම ත්‍රස්තවාදය යනු කුමක්ද යන්න අපි පැහැදිලි කරගෙන සිටිය යුතු ය. එය ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ ලබා දෙන නිර්වචනය මෙයයි.
Terrorism-The unlawful use of violence and intimidation, especially against civilians, in the pursuit of political aims.

දැන් මේ නිර්වචනය අනුව මැන්චෙස්ටර් හි ඇති වූ ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව සැබෑ ය. මෙම මැන්චෙස්ටර් හි ඇති වූ ත්‍රස්ත ප්‍රහාරය ISIS සංවිධානය විසින් භාර ගෙන ඇති බව ට ආරංචි මාර්ග සඳහන් කරයි. එය අනුමත කිරීමට කිසිදු සිහිබුද්ධියක් හෝ මානුෂීයබවක් ඇති කෙනෙකු ට නොහැකි බව ට චාපා බණ්ඩාර කරන ලද ප්‍රකාශය ට අපිට එකඟ විය ද හැක.
නමුත් චාපා බණ්ඩාර වැනි පුද්ගලයන් අමතක කරන දෙය නම් මෙම ත්‍රස්තවාදය ඇති වීමට හේතුව ඊටත් වඩා බිහිසුණු “රාජ්‍යය ත්‍රස්තවාදය” යන්න.

සෑම සමාජයක් ම විවිධ මත දරන කණ්ඩායම් වලින් සමන්විත වේ. එහි ප්‍රජාතන්ත්‍රවාදී ඛාණ්ඩ මෙන් ම ඉතාම දරුණු ප්‍රචණ්ඩකාරී මතදාරීන් ද වේ. නමුත් සාමාන්‍යයෙන් සමාජයේ බොහෝ කොටස් අදේශපාලනික ය. එම සමාජයේ තීරක බලය නිර්මාණය වන්නේ මෙම අදේශපාලනික කොටස් පිළිගන්නේ කුමන අදහස් ද යන්න මත ය.

ඉස්ලාම් මූලධර්මවාදය ට ඉතිහාසයක් ඇත. ඉස්ලාම් ධර්මය ශතවර්ෂ 14 ක් පැරණි ධර්මය කි. නමුත් බොහෝ දෙනාට අමතක වන කාරණය නම් ඉස්ලාම් මූලධර්මවාදය අඩුම තරමින් මතු වන්නේ 19 වන සියවසේ මුල් භාගයේදී බව. නමුත් එය මුලින් පැවතුණේ යම් කිසි කුඩා මූලධාර්මික ඛාණ්ඩයන් ලෙස ය. ඔවුන් මුස්ලිම් සමාජ වල එතරම් ජනප්‍රිය ද නොවී ය. 1960 භාගයේදී ඊජීප්තුවේ දෙවැනි ජනාධිපති වූ ගමාල් අබ්දුල් නසාර් ඉස්ලාම් මුස්ලිම් සහෝදරත්ව(Muslim Brotherhood )මූලධර්මවාදීන් කාන්තාවන් හිස වසා ගෙන සිටිය යුතුය යන ඉල්ලීම විහිලුව ට ලක් කරමින් කරන ලද ප්‍රසිද්ධ කතාව අදටත් ඔබට අන්තර්ජාලයෙන් ලබා ගත හැක. එපමණක් නොවේ. දැනට ඉස්ලාම් මූලධර්මවාදය ට නතු වී ඇති බොහෝ මුස්ලිම් රටවල් පැවතුණේ බටහිර ට නැඹුරු ප්‍රජාතාන්ත්‍රික රටවල් ලෙස ය. එහිදී ප්‍රජාතාන්ත්රවාදී මත දරන්නන් බලවත් වී සිටි අතර මූලධර්මවාදීන් ට එතරම් සැලකිය යුතු බලයක් තිබුණේ නැත. නමුත් මේ තත්ත්වය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සම්පූර්ණයෙන් වෙනස් විය. විශේෂයෙන් ඇමරිකාව ආණ්ඩු ප්‍රමුඛ බටහිර රටවල් තෙල් නිධි පාලනය කිරීම වෙනුවෙන් මෙම රටවල් මිලිටරිමය සහ දේශපාලනික වශයෙන් ආක්‍රමණය කිරීම හේතුවෙන්. 1957 දී ඇමරිකාව ප්‍රධාන තෙල් නිපදවන ඉස්ලාම් ලෝකයේ ප්‍රධාන ප්‍රදේශ 3 ක මිලිටරිමය ප්‍රශ්න ඇති කර තිබේ. ඒවා නම් මදපෙරදිග(ඉරානය), ආසියාව(ඉන්දුනීසියාව) සහ උතුරු අප්‍රිකාව(ඇල්ජීරියාව). බටහිර ට හිතැතිව සිටි මෙම ප්‍රදේශවල ජනයා ගේ වෛරය ඇමරිකාව වෙත ඇති වන්නට පටන් ගන්නේ මෙතැන් සිටය. එය එකල ජනාධිපති ව සිටි ඩ්වයිට් අයිසන්හවර් ඔහුගේ ආණ්ඩුව සමඟ මේවා දීර්ඝ වශයෙන් කතා කර තිබේ. පසුව මේ තත්ත්වය ඊශ්‍රායල-පලස්තීන ප්‍රශ්නයේදී ඇමරිකාව ක්‍රියා කරන ලද ආකාරය නිසා තවත් උත්සන්න විය. ඉන් සිදු වුයේ මෙය ඇමරිකාව ඇතුළු බටහිර රටවල ට එරෙහිව සංස්කෘතික වෛරයක් දක්වා වර්ධනය වීමයි.

එපමණක් නොව, ඉරාකයේ 2001 ට පෙර සුන්නි සහ ෂියා ප්‍රශ්නය අද තරම් දරුණුව ට පැවතුනේ ද නැත. ඉරාකයේ ප්‍රධාන නගරවල සුන්නි ෂියා පවුල් එකිනෙක අන්තර් විවාහ කරගනිමින් සාමකාමීව ජීවත් වූ අතර සුන්නි සහ ෂියා කවුද යන්න පවා එතරම් වැදගත් කාරණයක් වුණේ ද නැත. මේ තත්ත්වය 2006 දී සම්පූර්ණයෙන් ම වෙනස් වූ අතර ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමත් සමඟ මූලධර්මවාදී කල්ලි වල බලය වැඩි වී ඇමරිකාව ඇතුළු බටහිර රටවල ට වෛර කරන පිරිස් ඉතා ශීග්‍රයෙන් ඔවුන් ට එකතු විය. අද මේ ලෝකයේ තිබෙම ඉස්ලාම් රැඩිකල් ප්‍රශ්නය නිර්මාණය කරන ලද්දේ ඇමරිකාව ඇතුළු බටහිර රාජ්‍යයන් ය. මේ තත්ත්වයන් ට මුල් වන්නේ “රාජ්‍යය ත්‍රස්තවාදය” යි. චාපා බණ්ඩාර වැනි අය කරන්නේ වඩා බිහිසුණු මෙම රාජ්‍යය ත්‍රස්තවාදය ගැන කිසිත් සඳහන් නොකරමින් එක පාර්ශවයක පමණක් වැරදි කතා කිරීම ය. මේ තත්ත්වය නැවත්වීම ට නම් මුලින්ම කළ යුත්තේ මහජනයා මෙම රාජ්‍යය ත්‍රස්තවාදය ට එරෙහිව නැගී සිටීමයි. ඔවුන් තවමත් මෙම රාජ්‍යය ත්‍රස්තවාදය ලෝකයේ හැමතැනම පතුරුවමින් සිටී. නමුත් චාපා බණ්ඩාර වැනි අයට කියන්න තියෙන්නේ අපි ත්‍රස්තවාදය ට විරුද්ධ වෙමු. නමුත් මූලධර්මවාදීන් ගේ ත්‍රස්තවාදය ට පමණක් නොව රාජ්‍යය ත්‍රස්තවාදය ත් ඇතුළුව කියා ය.

අවසාන වශයෙන් කිව යුතු කාරණය නම් මේ කාරණය ලංකාව ට ද එලෙසින් ම අදාල බව ය. ප්‍රමාණයෙන් කුඩා එතරම් බලයක් නොමැති LTTE සංවිධානය බලවත් වුණේ 1983 ජූලි කලබලයෙන් පසුව ය. එහිදී පැවතුණු රාජ්‍යය දෙමළ අහිංසක සිවිල් ජනයා කෙරෙහි සිදු කරන අද අමානුෂික ප්‍රචණ්ඩ ක්‍රියා වලට අනුබල දෙමින් ක්‍රියා කරන ලද අතර සාමන්‍යය සිංහල ජනයා ද මෙය ට ක්‍රියාකාරීව එකතු වී දෙමළ ජනයා අමානුෂීය ලෙස පීඩනය ට ලක් කරන ලදී . සිංහලයා කරන ලද ත්‍රස්තවාදී ක්‍රියාවන් පිළිනොගනිමින්, ඒවා ගැන අඩුම තරමේ දෙමල ජනයා ගෙන් සමාව වත් ඉල්ලීමට සූදානම් නොමැතිව, දෙමළ ජනයා ගේ ත්‍රස්තවාදය කතා කරන්න ට කාටවත් අයිතියක් නැත. එසේ කරන සියලු දෙනා මම හඳුන්වන්නේ අමානුෂික අමන තක්කඩි ලෙස බව අවසානයේ සඳහන් කළ යුතු ය.

21
මැයි
17

මේධානන්ද, මැදගොඩ අභයතිස්ස, බෙංගමුවේ නාලක සමග

‘ජාතිකවාදී‘ දේශපාලකයන්ට මගහැරුණු රණවිරු සමරුව
මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මෙන්ම විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැනි අය යුධ ජයග්‍රහණයේ දේශපාලන නායකත්වය දීමට එදා දායක වූ බව සත්‍යයකි. එසේම එහි දේශපාලන ඵල ඕනෑවටත් වඩා නෙළා ගැනීමටද ඔවුන්ට ඒ නිසා හැකි විය. බලය ඇති කාලයේ ඔවුන් විසින් රණවිරු සමරු මහ ඉහළින් පැවැත්වීමේ එක අරමුණක් වූයේ එයින් තම දේශපාලන බලය කැපිටලයිස් කර ගැනීමයි.
කෙසේ වෙතත් අද වන විට ඔවුන්ට රණවිරු සමරුවකට ඇවිත් කොඩියක් ඔසවන්නටවත් වෙලාවක්, උනන්දුවක් හෝ කොන්දක් නැති වීම කණගාටුවට කරුණකි. සමහර විට මීට ඔවුන් බලයේ සිටින කාලයේ කරපු යම් යම් වැරදි නිසා යහපාලකයන් ඔවුන්ව සහ ඔවුන්ගෙ පවුල්වල අයව බ්ලැක්මේල් කිරීම හේතු වෙනවා ඇති. නැතිනම් වෙනත් ඩීල්ද ඊට බලපානවා විය හැකිය. මේවා පොදු මහාජනතාව අතරට එන කාරණා නොව රහසේ සිදු වන දේවල්ය. මේවාට හේතු සෙවීමට වඩා වැදගත් කරුණ නම් ඔවුන් අද තම වගකීම පැහැර හැර ඇති බවයි. මෝඩිගේ ආගමනයේදීත් මේ බව පෙනුන නමුත් එතැනදී බොරු රාජ්‍ය තාන්ත්‍රිකබාවය නමැති අමුඩ ලේන්සුවෙන් ඔවුන්ගෙ හෙළුව වසා ගැනීමට යම්තම් හැකිවිය. නමුත් රණවිරු සමරු මගහැරීමෙන් ඒ අමුඩ ලේන්සුවද ගැලවී වැටුන බව කිව යුතුය.
ඒ රික්තය වහන්නට සංඝයා වහන්සේලා සුපුරුදු පරිදි පෙරට ඇවිත් සිටීම සතුටට කරුණකි. ජාතික බලවේග දැන්වත් තේරුං ගත යුතු කටුක යථාර්තය නම් ඔවුන්ව බේරගන්නට සුපර් ස්ටාර් දේශපාලකයන් නැති බවය. වෘත්තීය දේශපාලකයා ආත්මාර්ථකාමී මෙන්ම හෘද සාක්ෂියක් නැත්තකු වන අතට ඔවුන්ට අවශ්‍ය බලයයි. එතනදී දේශපාලකයන්ට තමන්ව කඩේ යවන්නට ඉඩ නොදී දේශපාලකයන් තමන්ට කඩේ යන තත්වයට පත් කර ගැනීමට ජාතික බලවේග ශූර විය යුතුයි.
මේධානන්ද හිමි වැනි තරුණ භික්ෂූන් වහන්සේලා, මැදගොඩ අභයතිස්ස හිමි වැනි ජවසම්පන්න නායක භික්ෂූන් වහන්සේලා, බෙංගමුවේ නාලක හිමි වැනි පරිණත භික්ෂූන් වහන්සේලා තව තවත් ජාතිකවාදී දේශපානයට ක්‍රියාකාරී සහ මතවාදී නායකත්වයක් දිය යුතුයි. එය ඡන්දය ඉල්ලා වාහන පර්මිට් එක විකුණන නායකත්වයක් විය යුතු නොවේ. ඊට වඩා පුළුල් නායකත්වයකි. අද රටම උන්වහන්සේලාගෙ ඒ නායකත්වය ඉල්ලා සිටී. අපට ඇති ලොකුම ප්‍රශ්නය භික්ෂූන් වහන්සේලා තමන්ට ඇති බලය තේරුම් නොගැනීමයි. එය අතට නොගැනීමයි. උන් වහන්සේලා දේශපාලකයන් පසුපස යාම නවතා දේශපාලකයන් උන්වහන්සේලා පසුපස එන තත්වයක් ඇති කරගත යුතුයි.
එය කිරීම එතරම් අපහසු දෙයක් නොවේ. අනාදිමත් කාලයක සිට උන්වහන්සේලා කළ පරිදි ජාතික අරමුණු වෙනුවෙන් මහාජනතාව පෙළගැස්වීම පමණයි කළ යුත්තේ. උන්වහන්සේලාට මෙය කිසිසේත් කළ නොහැක්කක් නොවේ. ජාතික බලවේගවලට යම් දේශපාලන බලයත් ආවොත් ඊට පසුත් මේ නායකත්වය උන් වහන්සේලා අතම තබා ගැනීම වැදගත්ය. නැතිනම් සිදුවන්නෙ ජාතික බලවේග නැවත වරක් කඩේ යැවීමයි. ඒ සදහා දේශපාලකයන්ගේ හොරණෑ සහ ඉත්නන් නොවීමත්, තම ස්වාධීනත්වය රැක ගැනීමත් වැදගත්ය. එය ජාතික දේශපාලන ව්‍යාපාරයේ සිටින ගිහියන්ටද අදාළ වන අතර හාමුදුරුවන්ට ඊටත් වඩා අදාළ වෙයි.
ඒ අතරතුර යූඑන්පියට කඩේ යන නමට නායක ‘මහා-නායක‘ලා සහ ඥාණසාර වැනි පල් හොරුන් සිංහල මුස්ලිම් ගැටුමක් යළි නිර්මාණය කොට, මේ වෙලාවේ දෙමළ බෙදුම්වාදීන්ට සහ අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමේ අනතුර ගැනද පරීක්ෂාකාරී විය යුතුය.



අනවශ්‍ය දේවල්

  • 174,437 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූලි 2018
බ්‍ර සි සෙ
« ජුනි    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements