Archive for the 'දේශපාලන' Category

04
සැප්.
19

ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව ගෝඨාභය අත්අඩංගුවට ගැනීම‌ට බොරුසාක්ශි ‌සැපයීම

🔴ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට යන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර චෝදනාව හා එහි සැඟැවූ තිත්ත ඇත්ත මෙන්න..

ඩී ඒ රාජපක්ෂ පදනම විසින් ඩී ඒ රාජපක්ෂ සිහිවටනයක් ඉදි කිරීමේ කොන්ත්රාත් එක ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට පවරනවා. සංස්ථාවට එහෙම පෞද්ගලික වැඩ භාර ගෙන කරන්න පුළුවන් ද? උත්තරය ඔව්. 1982 අංක 52 පනතින් සංශෝධිත ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා පනතේ 8(ඇ) වගන්තියෙන් ඊට බලය පවරා තිබෙනවා. ඒ අනුව සොහොන, කෞතුකාගාරයක් සහ වැක්ස් ප්රතිමා වලින් සමන්විත මෙම ස්මාරකය ඉදි කරන්න රුපියල් මිලියන 33.9ක ඇස්තමේන්තුවක් සකසා 2014 පෙබරවාරි මස පත්රිකා අංක 3714 යටතේ අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගත්තා. මේ වියදම පරිත්යාගශීලින්ගෙන් එකතු කර සංස්ථාවට ගෙවීමට ඩී ඒ රාජපක්ෂ පදනම සැලසුම් කර තිබුණා.

ශ්රමය ලබා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් වාණිජ පදනමින් ඉදි කිරීම් කටයුතු කලේ නාවික හමුදාවෙන්. ඒ සඳහා සංස්ථාව විසින් රුපියල් මිලියන 25ක් නාවික හමුදාවට ගෙව්වා. 2014 නොවැම්බර් 6 දා මෙම ස්මාරකය විවෘත කළා. වසර අවසන් වීමට තිබෙන්නේ මාස දෙකකට අඩු කාලයක්. ආණ්ඩුවේ ව්යාපෘති අවසන් කර බිල්පත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුණොත් එම මුදල් ආපසු භාණ්ඩාගාරයට යනවා. එබැවින් මෙම ව්යාපෘතියේ බිල්පත් ඉදිරිපත් කිරීම අතපසු වුණා. ජනවාරි 8 දින ආණ්ඩුව පෙරලුනා. ඊට පසුවත් ඉන්වොයිසියක් ඉදිරිපත් වෙන්නේ නෑ.

මෙම ඉදි කිරීමේ ඉන්වොයිසිය ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි පදනමෙන් සංස්ථාව ප්රශ්න කරනවා. ඉන්වොයිසිය තවම සකසා නොමැති බව පවසා එතෙක් රුපියල් මිලියන 25ක් ගෙවන මෙන් දැනුම් දෙනවා. ඒ අනුව 2015.08.31 දින රු මි 25ක් පදනමින් සංස්ථාවට ගෙවනවා. ඊට පසු සංස්ථාව මිලියන 90.8ක් අන්තිම ශතේට කිව්වොත් 90,813,165.02ක් ගෙවිය යුතු බව දැනුම් දෙනවා.

කිසිම සාකච්ඡාවකින් තොරව ඇස්තමේන්තුව මිලියන 33.9 සිට 90.8 දක්වා තුන් ගුණයකින් ඉහළ ගිහින්. මීට පදනමින් විරෝධය පල කරනවා. අපි එකඟ වුණු මුදල අපි ගෙවන්නම් කියලා මිලියන 25 ගෙවූ පසු ඉතිරි මුදල වන මිලියන 8.9 මුදලක් 2017.07.13 දින ගෙවා දමනවා. ඒ අතරේ සංස්ථාවට අවංකවම මුදලක් වැය වුණා නම් අපි ගෙවන්න සූදානම්. ඒ සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුවක් ලබා ගැනීමට රාජපක්ෂ පදනමින් සංස්ථාවට යෝජනා කරනවා. තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුව කීය ද? රුපියල් මිලියන 33.7යි. එ් අනුව ලක්ෂ දෙකක් වැඩිපුර ගෙවලා. දැන් සංස්ථාව විසින් රාජපක්ෂ පදනමට රු ලක්ෂ දෙකක් ගෙවිය යුතුයි.

ඇස්තමේන්තුව තුන් ගුණයකින් ඉහළ නැගීමට හේතු ගණනාවක් බල පා තිබෙනවා. එකක් තමයි නාවික හමුදාව දැරූ වියදම ද්විත්ව ගණනය වීම. මිලියන 90.8 හදා තිබෙන්නේ නාවික හමුදාවට ගිය වියදමයි සංස්ථාව දැරූ වියදමයි එකතු කරලා. නාවික හමුදාවට ගිය වියදම කොපමණ ද කියා ඇසුවාම මිලියන 29ක් බව පවසා තිබෙනවා. සංස්ථාවේ වියදම මිලියන 61යි. ඒ අතරේ නාවික හමුදාවට ගෙවූ රු මි 25ක මුදලත් තිබෙනවා.

දෙවැනි කාරණය තමයි ස්මාරකය ඉදි කරන සමයේ වීරකැටිය පොලීසිය ඉදිරිපිට ඇති උඩුකිරිල්ල වැවත් ප්රතිසංස්කරණය කර තිබෙනවා. ඒ වියදමත් මේ ව්යාපෘතියට එකතු කරලයි තිබෙන්නේ. මේ ව්යාපෘතිය වීරකැටිය වාපෘතිය ලෙසයි නම් කරල තියෙන්නේ. ඩී ඒ රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සහ උඩුකිරිල්ල වැව ප්රථිසංස්කරණය කිරීම යන ව්යාපෘති දෙකම මෙයට ඇතුලත්. මේ දෙකේම වියදම් අද ඩී ඒ රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සදහා වියදම් ලෙස දක්වලා තිබෙනවා.

තුන්වෙනුවට මෙහි පිරිවැය පුම්බා පෙන්වන්න අවශ්ය නිසා බොරු ගණන් හිලව් ඇතුලත් කර තිබෙනවා. නිදසුනක් විධියට 200 ධාරිතාවයේ Short Arm Excavator සඳහා රුපියල් මිලියන 7.2ක් ගෙවූ බවට බිල්පත් තිබෙනවා. මේ යන්ත්රයට පැයකට ගෙවන සම්මත මුදල රු 2,360/-යි. කෑමට තේ බීමට කාලය හැරලා දවසට පැය හයක් වැඩ කලොත් දවසට රු 14,160යි. මිලියන 7.2 ගෙවීමට නම් දවස් 508ක් වැඩ කළ යුතුයි. 2014 පෙබරවාරි මාසයේ ආරම්භකරපු මේ ව්යාපෘතිය සම්පුර්න කරල 2014 නොමැම්බර් 6 වෙනිද විවෘත කරනවා. මේක වැවක් හෑරීමක් නොවේ. ස්මාරකයක් ඉදි කිරීමක්. පස් හෑරීම වැඩිම වුණොත් මාසයක් තිබේවි. සම්පූර්ණ ව්යාපෘතිය මාස නවයකටත් අඩු කාලයක් තුල දී ඉවර කරලා විවෘතත් කරලා. හැබැයි මාස 17ක් පස් හෑරුවා කියලා වියදමක් පෙන්වනවා.

ඇත්ත තත්වය නම් සංස්ථාව දැරූ වියදමට වඩා රුපියල් ලක්ෂ දෙකක් ඩී ඒ රාජපක්ෂ පදනමින් ගෙවා තිබෙනවා. වැඩි ගණනක් අය කළාට රාජපක්ෂ පදනම සංස්ථාවටයි නඩු දාන්න ඕනෑ. එහෙම නැතත් මෙතැන පොදු දේපල අපහරණයක් නෑ සිදු වී ඇත්තේ වාණිජමය ගනුදෙනුවක් විතරයි.

Copied by:
කෝකිල අවන්ත හෙට්ටිආරච්චි

Image may contain: 1 person
Advertisements
28
අගෝ.
19

උපුල් ශාන්ත සන්නස්ගල හොරාට එරෙහිව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර නඩුව

Leshan Prabodha Widanagamachchi

ඕයි Upul Sannasgala තමුසෙ කැ# හොරෙක් නෙ ඕයි, රැඩිකල් හොරෙක් 😂

බුද්ධිමය දේපළ සහ තම තමන්ගෙ කිල්ලෝට+++

1. විභාග වංචාව හා උපාධි තහනම

උපුල් ශාන්ත සන්නස්ගල යනු කොළඹ විශ්ව විද්යාලයේ ශිෂ්යයකුව සිටි සමයේදී විභාගය වංචා කොට තම උපාධිය පවා තහනම් කරගත්තෙකි. ඒ බව සේපාල් අමරසිංහ 2008 දී පළකළ “සන්නස්ගලගේ ප්රශ්න පත්ර හොරකම” නමැති ග්රන්ථයේ සහ දිනකර පුවත්පතේ (2003.5.25) සදහන් වෙයි. මෙම ප්රසිද්ධ කිරීම්වලට කිසිදු විරෝධයක් එල්ල වී නැත. අවශ්ය නම් මේ බව කොළඹ විශ්ව විද්යාලයේ විභාග අංශයෙන් තවදුරටත් තහවුරු කරගත හැක.

2. උසස් පෙළ ප්රශ්න පත්ර හොරකම

ජනප්රිය හා ධනවත් ගුරුවරයෙකු ලෙස ප්රකට මොහු 2003 දී රජයේ ප්රශ්න පත්ර හොරකම් කළ බවට චෝදනා ලැබීය. මේ බව සාක්ෂි සහිතවම ලක්බිම 2003.06.01 පුවත්පතෙහි පළවිය. විභාග දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියකු රු. ලක්ෂ දෙකක මුදලකට එම ප්රශ්න පත්රය විකුණා ඇතිබව අධ්යාපන අමාත්යාංශය එකල හෙළි කර ගත් බව ලක්බිම 2003.05.22 පුවත් පතෙහි පළ විය. රජයේ ප්රශ්න පත්රයට 100%ක් අති සමාන ලෙස සැකසූ දූෂිත සන්නස්ගලගේ එම අනුමාන ප්රශ්න පත්රය තම පුද්ගලික පන්තිවල සිසු සිසුවියන්ට බෙදා දෙමින් මෙම දූෂිත ගුරුවරයා එකල පවසා ඇත්තේ සල්ලිවලින් කරන්න බැරි දෙයක් නැත යනුවෙනි.මේ ප්රශ්න පත්රයේ ප්රශ්න විභාගයට නාවොත් තමා මහණ වන බවයි. (ලක්බිම 2003-5-23) මෙම ප්රකාශය ගැනද එකල පරීක්ෂණ පැවැත්විණි. මෙම ප්රශ්න පත්රය කලින් පිටවී ඇති බව සනාථ කළ හැකි තොරතුරු සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සමත්වී ඇති බව ලංකා 2003-5-25 පුවත්පත කියා ඇත. රජයේ ප්රශ්න පත්රය මෙසේ සොරකම් කළ බවට එකල චෝදනා ලැබූ මෙම දූෂිතයා එක්සත් ජාතික පක්ෂයේ ප්රබල ආධාරකරුවකු බවත්, මෙම වංචාව සම්බන්ධව රහස් පොලීසිය මගින් සිදු කරනු ලබන පරීක්ෂණවලට දේශපාලන බලපෑමක් එල්ල වන බවත් දිනකර 2003-5-25 පුවත්පත හෙළිකර ඇත. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇතැම් ප්රබලයන් එකළ මෙම පරීක්ෂණ නවතා දැමීමට බලපෑම් කොට ඇති බව මාධ්යවල පළවිය.

3. මහාචාර්ය එදිරිවීර සරත්චන්දගේ ඓතිහාසික නිර්මාණ සොරකම් කිරීම.

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්රගේ මනමේ කෘතිය අනවසරයෙන් අච්චු ගසා ලලිතා සරත්චන්ද්ර විසින් බස්නාහිර පළාත්බද අධිකරණයෙහි ගොනු කළ නඩු අංක 05/2004(3) යටතේ උපුල් ශාන්ත සන්නස්ගල වරදකරු ලෙස තීන්දු විය. ලලිතා සරත්චන්ද්රට ලක්ෂ 5ක් දී නඩුව සමථයකට පත් කර ගත්තේය. මෙසේ කුඩා මුදලක් ගෙවීමට සරත්චන්ද්ර එකග කරවා ගැනුනේ දූෂිත සන්නස්ගල මෙම බුද්ධිමය මංකොල්ලයට වැරදිකරු බව පිළිගත් නිසා සහ අධිකරණමය තීන්දුවට අනුව විශාල වන්දි මුදලක් ගෙවීමෙන් වැලකී සිටීම සදහාය.

4. පියසේන කහදගමගේ පර්යේෂණ ග්රන්ථ හොරකම් කිරීම.

පියසේන කහදගමගේ ලියූ ප්රාදේශීය ව්යවහාර නමැති ජනශ්රැති පර්යේෂණ ග්රන්ථයේ අඩංගු තොරතුරු ඔහුගේ කිසිදු අවසරයකින් තොරව වංචනික ලෙස සොරාගෙන උපුල් ශාන්ත සන්නස්ගලගේ නමින් ප්රකාශයට පත්කොට මුදල් ඉපැයීය. මෙය මහා බුද්ධිමය මංකොල්ලයක් බව හෙළි කරමින් පියසේන කහදගමගේ මහතා රාවය 2001.09.16 පුවත්පත මඟින් හෙළි කළේය. මේ පිළිබදව තවදුරටත් තහවුරු කරගැනීම සදහා පියසේන කහදගමගේ මහතාගේ පුත්
ප්රබෝධ කහදගමගේ මහතාගෙන් විමසිය හැකිය.

5. මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගේ ශාස්ත්රීය පොත් කොල්ලකෑම.

මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගේ පොත් හයක් එළිදක්වා වසර ගණනාවක් ගතවී ඇතත් මේ වන තුරු සතපහක්වත් ඒ මහාචාර්යවරයාට දී නැත. මේ පිළිබද තවදුරටත් තහවුරු කරගැනීම සදහා මහාචාරය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහතාගෙන් තහවුරු කරගත හැකිය.

6. මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ මහා ශබ්දකෝශය ඇතුළු පොත්වලින් මුදල් ගසාකෑම.

මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ මහා ශබ්දකෝෂය ඇතුළු පොත් ඔහුට මුදල් නොදී කොල්ල කා සල්ලි උපයයි. මේ වනවිටත් ගම්ලත් මහත්මිය අධිකරණමය ක්රියාමාර්ග ගෙන එන්තරවාසි කීපයක් යවා ඇතත් දූෂිත සන්නස්ගල අධිකරණයට නොපැමිණ දේශපාලන හා මුදල් බලතල යටතේ කට්ටි පනිමින් සිටී. මේ පිළිබද තවදුරටත් තහවුරු කරගැනීම සදහා ගම්ලත් මහත්මිය ඇමතිය හැක.

ජනතා නැගිටීම අන් සියලු නැගිටීම් වලට වඩා ප්රබලය.

ඉහත සිදුවීම් නිසා සන්නස්ගල නිසා යමෙකු වේදනාවට පීඩාවට පත් වූයේ යම් සේද අද සන්නස්ගලත් යම් පීඩාවකට පත්ව ඇති බව පැහැදිලිය. සංහිඳ ප්රකාශයක් නීති විරෝධීව PDF මාර්ගයෙන් සමාජ මාධ්යයන්හි සැරි සැරීම අනුමත කළ නොහැක. බුද්ධිමය දේපළ සොරකමේ අග මැද මුලක් යා කළ නොහැකි මේ ලංකාවේ සන්නස්ගලගෙ නීති ප්රවේශයට සුභ පතමි.

අනව තප්ත විල

22
අගෝ.
19

Indian Ashok Leyland Fool බස්කාරයා‌ගේ ඉන්දියන් ‌ගොංපාට්…

ඉන්දියාවේ ලොරි චැසී බස් නැවතත් ලංකාවට බලෙන් පැටවීමට ඉන්දීය මහ කොමසාරිස් ඇතුලු නඩය අශොක් ලේලන්ඩ් පක්කලි වැඩ කරයි! ගිය මැයි මසදී ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රනතුංග මැතිතුමා ගැසට් කරනලද මගීන්ගේ පහසුකම් සහිත බස් ප්‍රමීතීන් නැවත වෙනස් කර කිසිම පහසු කමක් නැති Ashok Leyland බස් ප්‍රමිතියට නැවත ගැසට් කරන ලෙස ඉල්ලා ඉන්දියාවෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. ඉන්දීය මහ කොමසාරිස් ලේලන්ඩ් මුදලට යටවී කරනා මේ මහා අපරාධය ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශයද නොමග යවමින් කරන බව පෙනී යයි. ලංකාවේ මගීන්ට සැප පහසුවට යාමට ඇති අයිතිය උදුරා ගැනීමට එරෙහිව මහා සටනක් ඉන්දීය මහකොමසාරිස් කාර්‍යාලය ඉදිරිපිටදී සිදු කිරීමට නියමිතය.

Image may contain: 4 people, people smiling, suit
Indian fools try to shit in sri lanka
21
අගෝ.
19

එක කඳවුරක සිට සුමන්තිරම්, ජවිපේ සහ ඇමෙරිකානු තානාපති ගෑනි හමුදාපතිට විරුද්ධ වීම

ශවේන්ද‍්‍රට විරුද්ද වන බටහිරට එදා මහින්ද ඇඹිලිපිටියේදී දුවන්න දුන් උත්තරය මතක් කර දෙයි..

ලංකාවේ නව හමුදාපති ලෙස ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධයේ පෙරමුණේම සිටි විරෝධාර රණ විරුවෙක් වන ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා පත් කිරීමට ලංකාවේ තිබෙන ඇමෙරිකානු තානාපති කාර්යාලය හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිවරිය විරෝධය පල කර තිබෙ.

ඒ සම්බන්ධයෙන් ආචාර්ය නාලක ගොඩහේවා තම අදහස් පලකලේ මහර නුවර පාරේ අංක 53 තිබෙන සියනෑ කතිකාවේ ප්‍රධාන කාර්යාලයෙදීයි.

‘ශ්‍රී ලංකාව කියන්නේ ස්වාධින රටක්. මේ රටේ හමුදාපතිවරයෙක් පත් කල විට ඒ ගැන විරෝධය දක්වන්නට ලංකාව තුල තියෙන විදේශ තානාපති කාර්යාලයකට පුළුවන් වන තරමට අද ලංකාව බටහිර බලවතුන් ඉදිරියේ හෑල්ලු වෙලා තියෙනවා. මේකට හේතුව අද මේ රට පාලනය කරන නායකයන්ගේ නිවට නියාලු කම. මේ වගේ ප්‍රකාශයක් තනාපති කාර්යාලයකින් කල විට මේ රටේ ජනාධිපතිවරයට අගමැතිවරයට හෝ විදේශ ඇමතිවරයට පුළුවන් වෙන්න ඕනේ අදාල තානපතිවරයා හෝ වරිය ගෙන්වා මේ ගැන ප්‍රශ්ණ කරන්න. ලංකාවේ මින් පෙර සිටි රාජ්‍ය නායකයෝ එහෙම කරල තියෙනවා. සුද්දට ඔහුගේ තැන කියල දීල තියෙනවා. අපට මතකයි 2009 අප්‍රේල් මාසේ ලංකාවේ යුද්ධය නතර කරන්න කියල පනිවිඩයක් ඇරන් ආපු එංගලන්තයේ හා ප්‍රංශයේ විදේශ ඇමතිවරුන්ට ඇඹිලිපිටියේ වැව් තාවුල්ලේ ඉදගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ දුන්න අභීත උත්තරය. ඔහු කීවා “මතක තබා ගන්න මේ රට තව දුරටත් ඔබේ කොලනියක් නොවේ. මේ ක ස්වෛරී රටක්. මෙහි නායකයා විදියට මම කරන්නේ මගේ ජනතාවට අවශ්‍ය දේ මිස ඔබ කියන දේ නෙමෙයි” කියල. අද අපේ රටේ ඉන්න නායකයන්ට පුළුවන්ද කොන්ද කෙලින් තියාගෙන එසේ කියන්න ?

අනික් අතට ඇමෙරිකානු තානාපති කාර්යාලය මේ විරෝධය පල කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ථාවල තිබෙනවා කියලා ශවීන්ද්‍ර සිල්වා යුධ අපරාධ කල කියලා. මේ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්ථා ගැන. නමුත් අපිට අමතක නැහැ 2018 ජනවාරි මාසයේ ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය අතිශයින්ම දූෂිත තැනක් කියා ඉන් ඉවත් වුනා. ඒ ඇමෙරිකාව ඊශ්‍රායායේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන්ට සහාය දෙනවා කියා චෝදනාවක් මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ විටයි. ඇමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධනයේ නිත්‍ය නියෝජිත නිකී හේලි එදා කීවේ මානව හිමිකම් කවුන්සිලය දේශපාලන පක්ෂාග්‍රාහිත්වයෙන් පිරි මඩ වලක් කියලයි , ” A cesspool of political bias” . එදා ඇමෙරිකාවට නරක් වූ මානව හිමිකම් කවුන්සිලයේ වාර්ථා අද ලංකාවේ යුධ විරුවෙක් සමබන්ධයෙන් නිවැරදි වන්නේ කොහොමද කියා අපි අහනවා.

අනික් අතට ජෙනරාල ශවීන්ද්‍ර සිල්වා පමනක් නොවෙයි ත්‍රස්ථවාදයට එරෙහි යුධයට සහභාගී ලංකාවේ කීර්තිමත් යුධ හමුදාව යුධ අපරාධ කල ම්ලේච්චයන් පිරිසක් ලෙස හංවඩු ගැහුනේ කෙලෙසද කවදාද කියන එකත් අප අමතක නොකල යුතුයි. ලංකාවේ හමුදාව යුධ අපරාධ කලායැයි අතිශයින් අසත්‍ය සාක්කි මත පදනම් වූ වාර්ථාවක් 2015 සැප්තැම්බර් මාසයේ 15 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ අවස්ථාවේ යහපාලන රජයේ විදේශ ඇමතිව සිටි මංගල සමරවීර මේ වාර්තාව කියවන්නෙවත් නැතුව , එහි අඩංගු බොරු චෝදනාවල වගකිව යුතු රජයක් ලෙස පිළිතුරු දෙනවා වෙනුවට එම යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ අගය කරමින් පිළිගත්තා. එපමනක් නොවෙයි එම වාර්ථාව පදනම් කරගෙන මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ ජිනීවා 30/1 යෝජනාවට ඇමෙරිකාව සමග එක්ව සම අනුග්‍රාහකත්වය ලබා දුන්නා. කොටිම කියනවානම් ශවීන්ද්‍ර සිල්වලා යුධ අපරාධ කලා කියා මේ අමන යහපාලන ආන්ඩුව ලෝක ඉදිරියේ පිළිගෙන ඉවරයි. මානුෂික මෙහෙයුමට සහභාගී නිලධාරීන්ට පමනක් නෙවෙයි සොල්දාදුවෙකුට වත් අද එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක සේවය කරන්නට අවසර නැත්තේ ඒකයි.

අද අපේම ගේ දොරකඩ ඉද ගෙන ලංකාවේ හමුදා පත් පත් කිරීමට එරෙහිවෙමින් විවිධ පාර්ශව අපේ ස්වෛරීත්වයට ගරහන කොට කටත් පශ්චාත්බාගයත් දෙකම වසා ගෙන ඉන්නට ආන්ඩුවට සිද්ධවෙලා තියෙන්නේ ඒ නිසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියත ජෙනරාල ශවීන්ද්‍ර සිල්වාගේ පත්කිරීමට විරෝධය පලකරලා තිබුනා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය කියන්නේ වැටුපකට වැඩ කරන නිලධරිනියක් පමනයි. පසුගිය කාලය පුරාම අපි දැකල තියෙනවා මානව හිමිකම් කොමසාරිස්වරු දෙමල ඩයස්පෝරාවේ මාධ්‍ය ප්‍රකාශකයන් ලෙස වැඩ කරනවා. ආත්ම ගෞරවයක් තිබෙන රජයක් නම ශ්‍රී ලංකාවේ රජය මේ කොමසාරිස්වරියට පිළිතුරු දිය යුතුයි.

අපි තව දුරටත් දැක්කා දෙමල සංධනයේ නියෝජ්‍ය නායක සුමන්දිරම් මහතා කියනව ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදාපති ලෙස පත් කිරීම දෙමල ජනතාවට කල අවමානයක් කියා. ප්‍රභාකරන් දෙමල ජනතාව ලක්ෂ ගනනක් ආරක්ෂක පලිහක් ලෙස යුධ බිමේ යොදාගෙන සිටින විට කොළඹ සැඟවී ප්‍රබාකරන්ට සහාය දුන් සුමන්දිරම්ට අමතකවෙලා තිබෙනවා ජෙන‍රාල් ශවීන්ද්‍ර සිල්වා ඇතුලු රන විරුවන් යුධ බිමේ කොටි වී සිටි අහිංසක දෙමල ජාතිකයන් 290,000 පමණ ත්‍රස්ථවාදීන්ගේන් මුදවාගත් බව. එසේ ජනතාව මුදවාගත් නිසා තමයි අපි ඒ අවසන් සටනට මානුෂික මෙහෙයුම කීවේ. ඒ අහිංසක මිනිසුන් ඔවුන්ගේ ජීවිත ගලවාගත් හමුදාවට එදා පින් දුන්නා. ඔවුන් ගලවා ගත් විරුවන්ට ගැන මේ ආකාරයට බොරු කීම තුලින් අද දෙමල ජනතාවට අපහාස කරන්නේ ඔවුන්ගේ නියෝජිතයෙක් යැයි කියාගන්නා සුමන්තිරම්මයි.

Image may contain: 1 person, text

07
අගෝ.
19

ඇමරිකානු තානාපති ගෑනිගේ Shock Doctrine & ISIS Muslim ත්‍රස්තවාදී කඳවුරු

Shock Doctrine of US Ambassador woman and ISIS Muslim Terrorist Camps

ජනපතිවරණයට පෙර රටේ තවත් කලබැගෑනියක්.. සූදානමින් සිටින්න..

STOP USA සංවිධානය විසින් මහනුවරදී පැවැත්වූ සම්මන්ත්‍රණය හා එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් සිදුකළ දේශනය මෙහි දැක්වෙයි.

ඇමරිකාවේ සැබෑ ප්‍රතිපත්තිය කුමක්ද ?

මේ දිනවල අමෙරිකානු තානාපති තුමිය කඩියකුටත්වඩා කඩිසරයි. මහනුවරට එනව, මහනායක හිමිවරුන් බැහැ දකිනවා. නැගෙනහිරට යනවා, මහා දැවැන්ත ශාලාවක් විවෘත කරනවා. ගාල්ලට දුවනවා රාජ්‍ය නොවන සංවිධානවලට වැඩමුළු කරනවා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව එකතු කරලා අදහස් දක්වනවා. මැති ඇමතිවරු නිරන්තරයෙන්ම හමු වෙනවා. එතුමියගේ කල්ක්‍රියාව දකිද්දි අපට මතක් වන්නේ 1980 දශකයේ ලංකාවේ සිටිය ඉන්දියානු තානාපති ජේ ඒ ඩික්සිත් මහතාවයි. ඒ කාලේ අපට තිබුණ ප්‍රශ්නයක් තමයි මේ රට පාලනය කරන්නේ ජනපති ජයවර්ධනද නැතිනම් මේ ඩික්සිත් මහත්තයා ද කියලා. අදත් අපිට ඔය ප්‍රශ්නය මතුවෙනවා. අද මේ රට පාලනය කරන්නේ මෛත්‍රී-රනිල් ජෝඩුවද එහෙමත් නැතිනම් ඇමරිකානු තානාපතිවරිය ද කියල හිතෙන මට්ටමට එතුමිය අද මෙරට පාලනයට ඇඟිලි ගහලා තියෙනවා. පාලනයට ඇඟිලි ගහලා විතරක් නිකන් ඉන්නේ නැහැ අනාගතයේ බිහි වන අප ආණ්ඩුවට ද අනතුරු අඟවනවා. පුංචි තර්ජනයකුත් කරනවා මේ ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න අනාගත ආණ්ඩු බැඳිලා ඉන්නවා කියලා. තර්ජනයෙන් පස්සෙ නම් ලඟදි පෙම්හසුනක් එවලා තිබුණා. එහිදී කියනවා අපි මේ මිලියන 480 දෙන්නේ ණයක් නොව ප්‍රධානයක් විදිහටයි. ඔය ගොල්ලන්ගේ මහලොකු යාලුවෝ කියන අය ණය නේද දුන්නෙ. අපි එහෙම ණය උගුල්වල හිර කරන්නේ නැහැ. ආදරයෙන් දෙන දේටත් ඔහොම කියන එක නරකයි නේද කියලා අහල තිබුනා.

ඇමරිකාවේ ප්‍රතිපත්තිය කියන්නේ dollar for dollar. තමන්ට වාසියක් නැති නම් එක ඩොලරයක් වත් වැය කරන්නේ නැහැ. ඇමරිකාව මිලියන 480ක තෑග්ගක් දෙන්නෙ ට්‍රෝජන් අශ්වයකු ලෙසයි. මේ මුදලින් ඔවුන් උත්සාහ කරන්නේ ඇමරිකානු ආර්ථික කොරිඩෝවට අදාළ ඉඩම් ටික නිදහස් කරගන්නත් එහි ප්‍රවාහන සහ යටිතල පහසුකම් සැදීමටත් පමණයි. මෙය ඇමරිකාව ඇමරිකාව වෙනුවෙන්ම කරන ආයෝජනයක් මිස ලංකාවේ ජනතාවට මින් සතපහක ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ඇමරිකානු තානාපති තුමිය ඔය ඩොලර් මිලියන 480 ම අකුලාගෙන ගිහිල්ලා අපේ පාඩුවේ අපේ දුප්පත්කමේ අපිට ගිලිලා ඉන්න ඉඩ දුන්නත් අප නම් ඇමෙරිකාව සමග තරහ වන්නේ නැහැ.

රටවල් වැනසූ අමෙරිකානු උපාය

අද මේ ඇමරිකාව ලංකාව තුළට රිංග ගන්න හදන උත්සාහය ගැන අපූරු පොතක් තියෙනවා. නයෝමි ක්ලේන් කියන කැනේඩියානු ගත් කතුවරිය ලියලා තියනවා The Shock Doctrine කියලා පොතක්. මේ පොතේ කියලා තියෙනවා කොහේ හෝ රටක යම් ප්‍රශ්නයක් තියෙද්දී එම රටට අප රිංගාගත යුතු රටක් යැයි ඇමරිකාව තීරණය කර තිබෙනවා නම් රටට උදව් කරන්න යැයි කියමින් එම රට තුළට රිංගා ගන්නවා. රටකට සිදුවන ස්වභාවික වියසන යනාදිය මේ සඳහා ඔවුන් ඉවහල් කර ගන්නවා. වියසනයක් නොමැතිනම් වියසනයක් හදලා එම වියසනය විසඳන්න ඔන්න රිංග ගන්නවා.

මේ සඳහා අප හොද උදාහරණ ටිකක් කියෙනවා. මේ අයට අවශ්‍ය වුනා ඉන්දුනීසියාවෙන් කෑල්ලක් කඩල නැගෙනහිර තිමෝරය වෙනම රාජ්‍යයක් කරන්න. සෝරෝස් කියන ප්‍රධාන ආයෝජකයා ඇතුළු ඇමරිකානු ආයෝජකයන්ට උපදෙස් දුන්නා ඉන්දුනීසියාවෙන් එළියට යන්න. ඔවුන් ආයෝජන අරන් ඉවතට යද්දී ඉන්දුනීසියාවේ ආර්ථිකය කඩා වැටුනා. උදෑසන බස් රථයෙන් ගමන් කරද්දී තිබුණු බස් ගාස්තුව නෙවෙයි ආපසු ගෙදර එද්දි බස් ගාස්තුව දෙගුණයක් වෙලා. ඒ විදිහට ජනතාවට කන්න නැති තරම් වට්ටලා රටේ ආර්ථිකය ගොඩනගන්න කියලා ඇවිල්ලා මේ අය නැගෙනහිර ටිමෝරයට නිදහස දෙන සැලැස්ම ක්‍රියාත්මක කළා. 2001දී ඇෆ්ගනිස්ථානයට ඇමරිකානු හමුදා ගියේ එරට තුළ ඔසාමා බිල්ලාඩන් සැඟවී සිටින බව කියමින්. නමුත් එරටින් අල්ලාගත් බිල්ලාඩන් කෙනෙක් නම් නැහැ. නමුත් එවකට ඇමෙරිකාවේ ජනපති ජෝර්ජ් බුෂ්ගේ පුද්ගලික සමාගමකට ඇෆ්ගනිස්ථානය හරහාත් තෙල් නල එළීමට එරට රජය ඉඩ දුන්නේ නැහැ. ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමෙන් පසුව ඔවුන් ඒ වැඩේනම් කරගත්තා. 2003දී ඉරාකයට රිංගගත්ත ඉරාකයේ සමූලඝාතන අවි තියෙනවා කියලා. අද වන තුරුත් ඉරාකයෙන් අල්ලාගත් සමූලඝාතන අවියක් නම් නැහැ. ඒ රටේ තිබූ සරුසාර තෙල් ළිං සමූහයම මේ වන විට ඇමෙරිකානු සමාගම් විසින් අල්ලා ගෙන තියෙනවා. එනිසා හේතු හදාගෙන රටකට රිංගන්න ඇමරිකාව හරිම දක්ෂයි කියන එක පේනවා.

ජනපතිවරණයට පෙර රටේ තවත් කලබැගෑනියක්

ඇමරිකාවේ පළමුවෙනි උත්සාහය වුණේ සහරාන්ගේ බෝම්බය පත්තු කරලා සිංහල මිනිහා ලවා මුස්ලිම් මිනිහට ගහලා කලබැගෑනියක් ඇති කරලා එම කලබැගෑනිය විසඳීම සඳහා රට අස්සට රිංගා ගැනීමයි. ඇමරිකානු හමුදාව ගෙනල්ලා උතුරු මුහුදේ නැව් පිටින් නතර කරගෙන හිටියා. හැබැයි අපි ගැහුවෙ නැහැ. ඇමරිකාව අමාරුවේ වැටුනා. මුන්ට මෙච්චර දෙයක් කරලත් ගහන්න බැරිද යකෝ කියලා හිතලා ගහන විදිය පොඩ්ඩක් මතක් කරලා දෙන්න හලාවතදී මුස්ලිම්වරුන්ට ගැහුවා. කුලියපිටියෙ දී ගැහුවා මිනුවන්ගොඩදී ගැහුවා. ඒත් අපි ගැහුවෙ නැහැ. දැන් මොවුන්ට හරි ප්‍රශ්නයක් සිංහල මිනිසුන් කුපිත කරවන්නේ කොහොමද කියලා. එනිසා ජනපතිවරණයෙන් පරාජය අරගෙන මේ ගිවිසුම් හකුළා ගෙන යන්න ඇමරිකාව සූදානම් නැහැ. ජනපතිවරණයට පෙර රටේ තවත් කලබැගෑනියක් ඇමරිකාව ඇතිකරනවා ඇති කරනවාමයි. එයට සූදානමින් ඉන්නේ අප අනතුරු අඟවනවා.

ලංකාව තුලට පිවිසීමට ඇමරිකාවට අවශ්‍ය ඇයි ?

ඇයි මේ ඇමරිකාව ලංකාව අස්සට රිංග ගන්න මෙතරම් ම උත්සාහ දරන්නේ. සමහරුනම් අපට කියන්නේ අප ළිං මැඩියන් කියලයි. ලංකාව හරි ලොකු රටක් කියලා අප හිතන් ඉන්නවා ලු. ඇමරිකාවේ ජනාධිපති ලංකාව තියෙනවද කියලවත් දන්නේ නැතිලු. අපි ලිං මැඩියෝ යැයි කියන උන්ට අප කියනවා යකුනේ අප නොව නුඹලයි ලිං මැඩියෝ. ලංකාව මේ ලෝකෙ වැදගත්ම රට කියලා කියන්නේ අප නොව ඇමරිකාවමයි. හේතු 4ක් තියෙනවා ඇමරිකාවට ලංකාව තුලට රිංගා ගන්නට.

2010 දී ඇමෙරිකානු යුධ විශේෂඥයෙකු වන අද්මිරාල් කප්ලාන් පොතක් ලියනවා මොන්සූන් කියලා. එම පොතේ කියනවා මේ සියවස ආසියාවේ සියවසයි. ලෝකයේ බලය අල්ලා ගනු ලබන්නේ ආසියාවයි. මේ සියවසයේ ලෝකයේ වැදගත්ම සාගරය ඉන්දියානු සාගරයයි. ඉන්දියානු සාගරේ වැදගත්ම රට එහි හරි මැද පිහිටි ශ්‍රී ලංකාවයි. මෙම සියවසේ ලොව වැදගත්ම රට අන් කවරක්වත් නොව රට ශ්‍රී ලංකාවයි කියලා.

2009 දෙසැම්බර් මාසයේ ඇමෙරිකානු විදේශ කටයුතු පිළිබඳ සෙනෙට් මණ්ඩලය ශ්‍රී ලංකාව පිළිබඳ පොතක් නිකුත් කරනවා. එහි ඇමරිකානු ආණ්ඩුවට කියනවා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්න දාගෙන ලංකා ආණ්ඩුවත් සමග හැප්පිලා ලංකාව තරහ කරගන්න එපා. මන්ද ලංකාව ආසියාවේ හරිමැද පිහිටි ඉන්දියානු සාගරයේ වැදගත්ම රටයි කියලා.

1965දී ඇමරිකාව ඉන්දියානු සාගරයේ සිය ප්‍රධාන කදවුර පිහිටුවා ගන්නේ දියේගො ගර්ෂියා දූපත් සමූහයේ. මෙම දුපත් සමූහය එදා මුරුසියට අයත්ව තිබුණා. එදා මුරුසිය බ්‍රිතාන්‍ය යටත් විජිතයක්. මුරුසියෙන් මෙම දුපත් සමූහය ඉවත් කරළා ඇමරිකාවට බදු දීමට බ්‍රිතාන්‍ය කටයුතු කළා. 1968 මුරුසියට නිදහස ලැබෙන්නේ ඉන් අනතුරුවයි. මුරුසිය එදා ඉඳන්ම උත්සාහ කළේ මේ තමන්ට අයත් ව තිබූ දූපත් සමූහය යළි තමන්ට අත්පත් කරගන්නට. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ප්‍රශ්නය නිරාකරණය කිරීමට ජාත්‍යන්තර අධිකරණයට පවරනවා. ජාත්‍යන්තර අධිකරණය 2019 පෙබරවාරි මාසයේ තීන්දුවෙන් කියනවා දියේගො ගර්ෂියා දූපත් සමූහය මුරුසියට යළි භාර දෙන තුරු මුරුසිය ස්වාධීනත්වය සම්පූර්ණ වන්නේ නැහැ කියලා. ඒ දූපත් සමූහය මුරුසියට දුන් විට ඇමෙරිකාවට කඳවුරු අකුලාගෙන යන්න වෙනව. මේ අකුලාගෙන යන කඳවුරු ස්ථාපිත කිරීමට සුදුසුම තැන ලංකාවයි. දියේගො ගර්ෂියාවට උඩින් තිබෙන්නේ මාලදිවයින. මාලදිවයිනට උඩින් තිබෙන්නේ ශ්‍රී ලංකාව. එමනිසා දියේගො ගර්ෂියාවේ සිට පහසුවෙන්ම පැමිණිය හැකි තැන ලෙසට ඔවුන් ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා.

ඒ වගේම මෙම සියවසේ ලෝකයේ නැගී එන ලෝක බලවතුන් වන්නේ ඉන්දියාව සහ චීනයයි. ලංකාව තියෙන්නේ ඉන්දියාවට කිලෝමීටර් තිස් දෙකක් නොදුරින්. අනෙක් පසින් චීනයේ ප්‍රධාන මුහුදු සැපයුම් මාර්ගය තුළ. ඒ නිසා ශ්‍රී ලංකාව තුළ හරියට ස්ථාපිත වීමෙන් ඇමරිකාවට චීනය හා ඉන්දියාව කියන රටවල් දෙකටම එකවර බලපෑම් කළ හැකියි.

පසුගිය කාලේ තායිලන්තය සමඟ චීනය සාකච්ඡා කළා ක්‍රා කියන ඇළ මාර්ගය කපන්න. චීනයට එන තෙල්ද ඇතුළු සැපයුම් වලින් සියයට අසූවක්ම එන්නෙ මලක්කා සමුද්‍ර සන්ධිය හරහායි. මලක්කා සමුද්‍ර සන්ධියේ මුහුද අයත් වන්නේ ඉන්දුනීසියාව සිංගප්පූරුව සහ මැලේසියාව කියන රටවල් වලටයි. මේවා ඇමරිකානු හිතවාදී රටවල්. කෙදිනක හෝ මෙම රටවල් කිව්වොත් අපේ මුහුද හරහා ඔබේ නැව් වලට යන්න තහනම් කියලා චීනයට, එවිට චීනය කන්න නැතුව තෙල් නැතුව ආර්ථිකය කඩා වැටෙනවා. චීනයට තියන මෙම භීතියට ජාත්‍යන්තර ආරක්ෂක අංශ කියන්නේ මලක්කා දෙගිඩියාව කියලයි. මෙන්න මේ නිසා මලක්කා සමුද්‍ර සන්ධියට විකල්පයක් වශයෙන් තායිලන්තය හරහා ඇළ මාර්ගයක් කපනවා. චීනයට ඇති මුහුදු ගමන් මාර්ගයේ දුරත් එවිට කිලෝමීටර් 1200කින් පමණ අඩු වෙනවා. මේ මාර්ගය කැපුවාට පස්සේ සිංගප්පූරු වරාය මගහැරලා හම්බන්තොට වරාය කිට්ටුවෙන් මෙම මුහුදු මාර්ගය වැටෙන්නේ. එවිට ආසියාවේ සාගර කේන්ද්‍රය විදිහට නාවික කේන්ද්‍රය විදිහට අද සිංගප්පූරු වරායට හිමිතැන අනාගතයේදී හිමිවන්නේ හම්බන්තොට වරායටයි. එහෙම නම් චීනාගේ බලය කඩන්නට චීනගෙ මරමස්ථාන බවට පත්වීමට නියමිත ලංකාව තුළ ඇමරිකානු හමුදා කඳවුරු දා ගත යුතුයි.

සැබෑ ලිං මැඩියන් කවුරුන්ද

මෙන්න මේ කාරණා හතර නිසයි ඇමරිකාවට ලංකාව වැදගත් වෙලා තියෙන්නේ. මේ සිය වශයෙන් ලෝකයේ වැදගත්ම රට ලංකාවයි කියලා කියන්නේ අප නොව ඇමෙරිකානු ආණ්ඩුවමයි. ඒ සඳහා ලේඛන දෙකක් මා උදාහරණ වශයෙන් දැක්වූවා. ඒ නිසා අප ළිං මැඩියන් ලෙසින් බොරුවට බය වෙලා දඟලනවා යැයි කියන අයට අපට කියන්නට වෙන්නේ මේ පොත පත කියවා ලෝකේ සිදුවන්නේ කුමක්දැයි ඉගෙන ගන්න කියලයි.

ඇමරිකානු හමුදාවට අප බය ඇයි ?

ඇමරිකානු හමුදා එනවාට අප බය ඇයි. ඇමරිකානු හමුදාවේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි එම හමුදාව ඇතුලේ තියෙන ලිංගික අතවර. තමන්ගේ සහෝදර සෙබළුන්ට සෙබළියන්ට ඇමරිකානු හමුදා භටයන් අතින් සිදුවන ලිංගික අතවර. ලිංගික අතවර පාලනය කිරීම සඳහා මේ පිළිබඳ වාර්තාවක් දෙවසරකට වරක් ප්‍රසිද්ධ කරන්න යැයි ආරක්ෂක දෙපාර්තමේන්තුවට නියම කළා. 2018 තමයි අවසන් වාර්තාව ආවේ. 2018 වසර තුළදී පමණක් හමුදාවේ 20 500 ක් සෙබල සෙබළියන්ට තවත් අයුරකින් කියනවා නම් සෙබළියන් 13 000ට සෙබළුන් 7 500ට අනෙකුත් සහෝදර සෙබළුන්ගෙන් ලිංගික අතවර සිදුවෙලා තිබෙනවා. ඇමරිකානු හමුදාවේ සෑම සෙබළියන් දහ දෙනකුගෙන්ම එක් කෙනෙක් 2018 වර්ෂයේ දී ලිංගික අතවරයට ගොදුරු වී තිබෙනවා. මේ සෙබළිය යුධ පුහුණුව ලත් ආත්මාරක්ෂක සටන් ක්‍රම දන්න හැඩි දැඩි සෙබළියන්. එවැනි සෙබළියන්ගේ ඉරණමත් මෙය නම් අහිංසක අපේ දියණියන්ගේ ඉරණම කෙසේ වේවිදැයි අපට සිතා ගන්නට සිදු වෙනවා.

2016 වසර හා බලද්දී 2018 වන විට ලිංගික අතවර කිරීම් 25% වැඩිවෙලා තිබෙනවා. දිනෙන් දින පිරිහෙන ම්ලේච්ඡ හමුදාවක් තමයි ශ්‍රී ලංකාවට ගොඩ බස්සවන්න හදන්නේ. මේ ම්ලේච්ඡ හමුදාවේ හිරිහැර වලට ගොදුරු වන ආසියානු රටවල් තුනක් තියෙනවා. ඒ තමයි දැනටමත් සෝෆා ගිවිසුම් අත්සන් කරලා ඇමෙරිකානු හමුදා ගොඩබස්වා ගෙන සිටින ඉරාකය දකුණු කොරියාව සහ ජපානය. ජපානයේ ලොකුම ඇමෙරිකානු හමුදා කදවුර තියෙන්නෙ ඔකිනාවා වලයි. මේ වන විට ඇමරිකානු හමුදා අතින් ඔකිනාවා වැසියන් 29 දෙනකු ඝාතනය වී තියෙනවා. හතළිස් හත් දෙනකු දූෂණය වී තිබෙනවා. මංකොල්ලකෑම 368 සිදුවෙලා තියෙනවා. පහරදීම් එක්දහස් හයසියයක් සිදුවෙලා තියෙනවා. බලවත් ජපානය තුළයි මේවා සිද්ධ වෙන්නේ.

2002 දී දොළොස් ඇවිරිදි පාසල් දැරියක් ඔකිනාවා හිදී පාසල ඇරී ගෙදර එන විට වාහනයකින් ඇවිත් පැහැරගන්නවා. එම රථයේ සිටියේ ඇමෙරිකානු භටයන් තිදෙනෙක්. ඔවුන් එම දැරිය වෙරළට රැගෙන ගිහිල්ලා සිහිසුන් වන තුරා දූෂණය කරනවා. සිහිසුන් ඇය මියගියා යැයි සිතා අතහැර දමා යනවා. පසුව සිහිය ලබන ඇය රෝහල්ගත කරනවා. ඇය හඬමින් ඇයට සිදුවූ සියල්ල හෙළි කරනවා. මුළු ජපානය ම එකම හඬින් කියනවා ඇමරිකානු හමුදා කඳවුරු ඉවත් කරන්න කියලා. ජපන් ආණ්ඩුව ද එයට එකඟ වෙනවා. නමුත් ඇමරිකාව එයට බැහැ කියනවා. සෝෆා ගිවිසුම වෙනස් කරන්නට ජපානය යෝජනා කරනවා. ඇමරිකාව බැහැයි කියනවා. ලොව දෙවෙනියට විශාලම ආර්ථිකය සහිත ජපානයේ ඉරණම එය නම් මේ පුංචි දුප්පත් ලංකාව ගහන ගිවිසුම අනාගතයේ කිසිදිනක වෙනස් කරගන්නට හැකි වන්නේ නැහැ.

එමෙන්ම ඔකිනාවා හි මත්පැන් හලකදී කාන්තාවක් දූෂණය කිරීම පිළිබඳ නඩුවක් ඇමරිකානු සෙබළෙකුට පැවරෙනවා. ඇමරිකානු තානාපති කාර්යාලයේ මැදිහත් වී එම නඩුවේ සියලු සාක්ෂිකරුවන් බියගන්වා නැතිනම් මුදල් දී මිලදී අරගෙන මෙම සෙබලා නිදහස් කරගැනීමට කටයුතු කරනවා.

මව්බිම වෙනුවෙන් අමරිකානු මහ කළුගලේ හිස ගසා ගත්තෙමු

ඇමරිකානු හමුදාව ශ්‍රී ලංකාවට පැමිනියහොත් ඉතාම භයානක තත්වයක් තමයි සිදුවන්නේ. අපට ඇමරිකානු හමුදා ගොඩ බැස්සට පස්සේ හරවා යවන්නට බැහැ. නමුත් ඔබ මතක තියාගන්න අපේ මේ ඇමෙරිකානු සටන සුබවාදී ලකුණු පෙන්වන සටනක්. ඇමරිකානු රජයේ වුවමනාවට තමයි අපේ ඉඩම් අයිතිය ගොවීන්ට දීලා එම ඉඩම් ඇමරිකානු සමාගම් ගොවීන්ගෙන් වැඩි මිලට මිලදී ගැනීමේ පළමු පියවර විදිහට ඉඩම් අයිතිය ගොවීන්ට ලබාදෙන බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමේ පනත ගෙන ආවේ රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත ලෙසට. කළුගලේ හැප්පුනාම ඔලුව පැලෙනවා මිසක ගල පුපුරන්නේ නැහැ කියලයි අප අහල තිබුනෙ. ඇමරිකාව මහ කළු ගලක් ලෙසින් පෙනුනත් අප ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මෙය අභියෝගයට ලක් කළා. අපේ තර්ක පිළිඅරගෙන මේ පනත් කෙටුම්පත අත්හිටුවන්නට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ක්‍රමය වැරදි බව තීරණය කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළා. මිත්‍රවරුණි ඇමරිකානු විරෝධී අපේ අරගලය කුලුඳුල් ජයග්‍රහණය වාර්තා කරලා ඉවරයි.

ඒ නිසා අපේ පුංචි දියණියන් ඇමෙරිකානු හමුදා අතින් කිලිටි වෙන මියෙන පොඩිවෙන මල් කැකුළු බවට පත්වීම වළක්වා ගන්නට අවශ්‍ය නම් මේ රටේ පාලකයා අප නොව ඇමරිකාව විසින් තීරණය කරන යුගයක් උදා වීම වළක්වා ගන්නට අවශ්‍ය නම් අප මුතුන් මිත්තන් අපට ලබාදුන් උරුමය ඊළඟ පරම්පරාවට ද භාර දීමට අවශ්‍ය නම් අප මේ ඇමරිකානු ආක්‍රමණය නතර කළ යුතුයි විතරක් නොවෙයි අපට නතර කිරීමටද හැකි කියන එක අප ඉතාම විශ්වාසයෙන් කියනවා.

– අරවින්ද අතුකෝරල

31
ජූලි
19

මාලිගාවත්‌‌තේ මරදා‌ෙනේ මුස්ලිම් පල්ලියෙන් පොලීසි – මුස්ලිම් ගැහැණු ළමයෙක් වීම පවක්

මුස්ලිම් වියාප්තිය වැඩි පලාත්වල අද මුස්ලිම් පල්ලියෙන් ආගමික පොලිසි පත් කරලා තිබෙන බව ඔබ දන්නවද .මුල්ලා වරු නම් මොවුන් මේ පලාත්වල දිනපතා මාර්ග සංචාරය කරනවා කිහිපදෙනා බැගින් එකතුවෙලා ඔවුන් එසේ යන්නේ තමුන්ගේ ජනතාව උන්ගේ ම්ලේච්ච නීති අනුව කටයුතු කරනවාද කියා සොයා බැලීමට වගේම සිංහල ජනතාවගේ ඉඩ කඩම් විකිනීමට තිබෙනවාද වියාපාර අත්පත් කරගැනීමට හැකිද වැනි කාරනා විමසා බැලීමට .එසේම මුස්ලිම් නිවසක සංගීතයක් ඇසෙනවාද ඔවුන් රුපවාහිනි වැඩසටහන් නරබනවාද වැනි දේ පවා මොවුන් විමසිල්ලෙන් යන බව ඔබ දන්නවද ?

සංගීතය කලාව ඉස්ලාම් දරුවන්ට තහනම් බව ඔබ දන්නවද ?කළු දෑස් වැසෙන ලෝගුව නැතත් අවුරුදු 3 ලාබාල දරුවාට පවා ගොනියකින් වසා ඔලුවට පොරවාගෙන තවමත් පාරේ රැගෙන යන්නේ මේ වහාබි දෙමාපියන් බව ඔබ දන්නවද ?

එසේම මුස්ලිම් අන්තර්ජාතික පාසල් නම් විශේෂ පාසල්වල උගන්වන්නේ තනි අන්තවාදය බව ඔබ දන්නවද ?වසර කිහිපයකට කලින් මාතලේ පන්සලක කටින පින්කමකට ගල් ගැසුවේ එවැනි වහාබි මද්‍රසා පාසලක ඉගෙන ගත් සිසුන් පිරිසක් බව ඔබ දන්නවද ?

මේවගේ එවුන් මමත් දැකල තියෙනව මාලිගාවත්ත මරදාන වගේ පැතිවල ඉන්නවා සමහරු හන්දි වලට වෙලා බලාගෙන ඉන්නවා උන්ට පන්ති යන මුස්ලිම් කෙල්ලෝ පෙන්න බෑ හැබැයි ඉතින් සරසවි යන මුස්ලිම් ගැහැණු ළමයි යාන්තන් සහනයක් විදිනවා සරසවිය ඇතුලේ .

හැබැයි අන්තවාදී මුස්ලිම් කොල්ලෝ ඒ ගෑනු ළමයින්ටත් බලපෑම් කරන බව අපි දන්නවා නමුත් සිංහල ගැහැණු ළමයින එක්ක එකතුවෙලා ඉන්න සමහර මුස්ලිම් ළමයින් ඒ කාලකන්නි ජිවිතයෙන් සරසවි ජීවිතයේදී හරි මිදිලා ඉන්නවා .

ට්‍රිප් එකක් යනකොට බස්වල ඒ ළමයි අර අවුරුදු ගානක් මිරිකිලා ඉඳලා හිතේ තදකරගෙන හිටපු ආසාවල් බයක් නැතිව පිටකරන්න අප්පුඩි ගගහා සින්දු කියන විදිය දැක්කම දුක හිතෙනව.

මුස්ලිම් ගැහැණු ළමයෙක් වීම පවක් නමුත් විශ්වවිද්‍යාලෙ යන මුස්ලිම් ගැහැණු ළමයෙක් මහා විශාල පිනක් කරලා තියෙනව ඒ ජිවිතයෙන් ගැලවෙන්න

31
ජූලි
19

නාසි වාදයට සමාන අල්ලාගේ අල්ටකියා (රැවටීම)

නුවන් අයියා says:

ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් මල්වතු මහ නාහිමිට අතට අත දෙයි… මහ නාහිමිගේ අසුනේම වාඩි වෙන්න යයි.. ආ හෙලිකොප්ටරයෙන් වහලවල් ගැලවෙයි…

කොරානයේ ලෝක සාම රාජ්‍යක් ගැන කියනවා එසේම ඒ සාම රාජ්‍ය සෑදෙන්නේ මුළු ලොවම ඉස්ලාම් වූ දිනක බවත් එතෙක් ලෝකයේ යුද්ද පවතිනු ඇතිබවත් කියනවා ඉතිරි ටික තේරුම් ගන්න .

මේ සාම සම්මේලනය අමු ප්‍රෝඩාවක් මෙය ඔවුන්ගේ බාසාවෙන්ම කියනවනම් අල්ටකියා මහා පචයක් .මෙතන ඇති සාමයක් නෑ මේ පෙන්වන්න හදන්නේ මුන්ගේ බලය .මේ රටේ මේ මහා ලේ වැගිරීමක් කරලා අමු අමුවේ මුන්ගේ රටවල අනුග්‍රහයෙන් මිනි මරලා දැන් එනවා ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තියෙල කපන්න වගේ මෙහෙ සමුළු තියන්න .

මේ රටේ ඉන්න නායකයෝ කියන සමහර එවුන් ලෝකේ ගැන ලෝකයේ ආගම් ගැන කියවන්නේ නෑ ඉස්ලාමය ගැන මෙලෝ හසරක් දන්නේ නෑ ඔවුන් හිතන්නේ මේ සාමයේ ආගම අනික් ආගම් වගේ කියල .

ඉස්ලාම් කියන්නේ ආගමක් නෙවෙයි දේශපාලන ක්‍රමයක් සාමාන්‍ය හැසිරීමේ කෑමේ බිමේ ඉඳන් රටපාලනය /ලෝක පාලනය දක්වා වූ පාලන ක්‍රමයක් .හැම අතින්ම නාසි වාදයට සමානයි උපක්‍රම සමානයි පැතිරවීම සමානයි අන්න ඒ ටික ලෝකයේ ඇතැම් නායකයන් අවබෝදකරගනිමින් ඉන්නවා හැබැයි අපේ නායකයෝ කියවන්නේ පත්තරේ විතරයි සමහර අය අන්ත මෝඩ ලිබරල් බුවාලා පොලිටිකලි කරෙක්ට් පොන්නයාලා ඉතින් මේවගේ එවුන් ඉන්න රටක මේ අන්තවාදීන් බඩ පිනුම් ගහමින් සමුළු තියනවා .

මේ එකෙක්ට කොන්දක් තිබුනේ නැද්ද කියන්න උඹලට මෙවෙලාවේ සම්ලුලු මොකටද කියල ?කොන්ද නැති දේසපාලුවෝ ගිහිල්ල අවුසාන් සුකිගෙන් ඉගෙනගෙන වරෙවු .නොබෙල් තෑගී ගන්න සිහින දකින්නේ නැතිව

 

අද උපන් සිගිති බිළිඳිය විවාහ කරගන්නත් කාතිවරයා කැමත්තෙන් විවාහයක්.. මුස්ලිම් විවාහ පනතේ භයානක කම මෙන්න..

අද උපන් සිගිති බිළිඳියටත් කාතිවරයා කැමත්තෙන් විවාහයක්.. මුස්ලිම් විවාහ පනතේ භයානක කම මෙන්න..

‘වහාබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු’ සම්මන්ත්‍රණයේ දී පිවිතුරු ‌හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ල රිෂාඩ්ලා, සාලිලා,හිස්බුල්ලලා, සාෆිලා ගැන අපි නිතරම අහනවා. ඒ නිසා මම හිතුවා අද අපි කතා කරන්න අවශ්‍යයි මේ අපේ රටේ, මහත් ආඩම්බරයෙන් ශිෂ්ටාචාරය ගැන කතා කරන රටේ, තියෙන අශිෂ්ඨ නීතියක් පිළිබඳව. අපි මෙහෙම නීතියක් එක්ක ජීවත් වෙනවා කියන කාරණය පිළිබඳ තමුන්නාන්සේලා දැනුවත් කරන්න අවශ්‍යයි. ඒ තමයි මේ රටේ 1951 සිට ක්‍රියාත්මක වන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත. මේ පනත වෙනස් කරන්න ඕනෑ කියන හඬ පාස්කු ‌බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ මුලින්ම රටට කිව්වේ විමල් වීරවංශ මන්ත්‍රිතුමාත් මමත් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් තියලා. අද අපි නගපු ඒ පුංචි ගිනිදැල්ල මහා ගිනි ජාලාවක් බවට පත්වෙලා අන්තවාදීන්ගේ හිස් මොළ රත්කරන තත්වෙට පත්වෙලා. අටලුගම මුස්ලිම් කාන්තාවන්ගේ අඳෝනාව ආවේ, බදුල්ලෙන් මුස්ලිම් කාන්තාවන් එලියට ඇවිල්ල මාධ්‍යයට දුක කියන්න එඩිය ආවේ ෆේරියල් අශ්රොෆ් මැතිනිය වැනි අයට තවදුරටත් බලා සිට නොහැකිව මුස්ලිම් කාන්තාවන්ගේ නායකත්වය දෙන්න අධිෂ්ඨානය ආවේ අපි මේ වහාබ් අන්තවාදයට එරෙහිව මේ පොළොවේ බීජයක් පැල කරපු නිසයි.

විවාහය ද? පාසල ද?

මොකක්ද මේ පනත. බොහෝ දෙනෙක් නම් දන්නෙ අපිට එකයි ඒගොල්ලන්ට හතරයි කියලා. කසාද බඳින විට අපිට එක බිරිදක් වුණාට මුස්ලිම් අයට හතරදෙනෙක් බඳින්න පුළුවන් කියලා තමයි මුස්ලිම් විවාහ නීතිය ගැන බොහෝ දෙනා දන්නේ. ඒකත් ඇත්ත තමයි. ඉන්න බිරිඳගෙන් අහන්නෙවත් නැතිව, ඉන්න බිරිඳට දැනුම් දෙන්නෙත් නැතුව, තවත් බිරින්දෑවරු තුනක් දක්වා ගේන්න මුස්ලිම් අයට නීතියෙන් ඉඩක් දීලා තියනවා.

තමුන්නාන්සේලාට මතක ඇති මැයි මාසයේ මුල් සතියේ විශේෂ කාර්ය බලකාය ගිහිල්ලා මීගමුවේ පොරුතොට සැකකටයුතු නිවසක් වට කලා ජනතාව දුන් ඔත්තුවක් මත. දැවැන්ත ගොඩනැගිල්ලක්. ගෙදර ගෘහමූලිකයා ආවාම ඔහුගෙන් මුලින්ම අහනවා මේ මොකක්ද? මේ මගේ ගෙදර කියලා ඔහු පිළිතුරු දෙනවා. හමුදාවත් පුදුම වෙලා අහනවා කවුද මේ ගෙදර ඉන්නේ කියලා. මගේ පවුලේ අය විතරයි. පවුලෙ කීයක් ඉන්නවද? නෝනලා 4යි ළමයි 28යි. රස්සාව ? රස්සාවක් කරන්න බැනේ දෙයි හමුදුරුවනේ ළමයි 28යි නෝනලා 4යි බලාගන්න කොට. රස්සාවක් කරන්නේ නෑ පල්ලියෙන් ගෙදර වියදමට සල්ලි දෙනවා. ඒ බිරින්දෑවරු හතර දෙනෙක් ලබාගැනීමේ ආනිසංස. ඒක අපි හැමෝම දන්නවා.

හොඳයි ඔබ දන්නවද ලංකාවේ ඕනෑම විවාහයකදී, ඔබත් මමත් විවාහ වෙද්දි, අපි කියනවා අහවල් තැනැත්තිය මගේ බිරිද ලෙස භාරගන්නට මම කැමැතියි කියලා. එවිට බිරිඳ කිව්වා උදය ගම්මන්පිලව මගේ සැමියා විදිහට භාර ගන්න කැමතියි කියලා. නමුත් අහිංසක මුස්ලිම් කාන්තාවන්ගේ ඒ අයිතිය නෑ. මුස්ලිම් කාන්තාවන්ගේ විවාහ පොතේ මනමාලිට අස්සන් කරන්න තැනක් නැහැ. ඒ අයිතිය තියෙන්නේ තාත්තට හෝ පිරිමි භාරකරුවට. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ මිත්‍රවරුනේ. අපේ විවාහ නීතිය හැටියට නම් විවාහ වෙන්නට අවුරුදු 18 සම්පූර්ණ කළ යුතුය. නමුත් මුස්ලිම් විවාහ නීතියේ වසර දොළහකට වැඩි ඕනෑම දියණියක් කසාද බන්දන්න තාත්තට අයිතිය තියෙනවා.

මට මීට සති තුනකට කලින් මැදපෙරදිග ඉඳන් කාන්තාවක් එවුවා පණිවිඩයක්. ඇය කියනවා මම කන්තලේ වනේසා කියන මුස්ලිම් ගමේ. මගේ පුතාගේ පන්තියෙ ඉන්න අවුරුදු 12ක දියණියක් තාත්තා දුවගේ කැමැත්තකින් තොරව අවුරුදු හතලිස් ගානක වැඩිහිටි මුස්ලිම් මනුෂ්‍යයෙකුට බන්දන්න යනවා. ඒ දුව අඬඅඬා, පන්තියේ කියනවා, අනේ මට කසාද බඳින්න බෑ. මට මේව තේරෙන්නෙ නෑ. මට ඉස්කෝලෙ එන්ට ඕනෑ, මට විභාග වලට ලියන්ඩ ඕනෑ, මට ඕගොල්ලො එක්ක සෙල්ලම් කරන්න ඕනෑ, අනේ මාව බන්දලා දෙන එක නතර කරන්න කියලා. මේ පුතා අඬ අඬා පිටරට ඉන්න අම්මත් එක්ක තමන්ගේ යෙහෙළියගේ ඉරණම ගැන කියනවා. අම්මා මට මොනව හරි කරන්න පුළුවන් වෙයි කියලා හිතලා මට මේ පණිවිඩය එවනවා. මේ ආදරණීය අම්මාට මං පිළිතුරක් යැව්වා අනේ අම්මේ මමත් අසරණයි, මේ තාත්තා කැමති නම් දුව කෙතරම් පුංචි වුනත් දුව කෙතරම් අකමැති වුනත් දුවට සෙල්ලම් කරන්න පාසල් යන්න ඕන වුනත්. කසාද බන්දල දීම අපේ රටේ හැටියට නීත්‍යනුකූලයි. කරන්න දෙයක් නෑ. අම්මේ අපි මේ නීතිය වෙනස් කරගන්න සටන් කරනවා. ඔබ දන්න හිතමිතුරන්ට මේ නීතිය වෙනස් කරන සටනට සහයෝගය දෙන්න කියන්න.

කාතිවරයා කැමති නම් අද උපන් සිගිති බිළිඳියටත් විවාහයක් ?

ඒ විතරක් නෙවෙයි මුස්ලිම් විවාහ නීතිය අනුව කාතිවරයා කියලා කෙනෙක් ඉන්නවා. ප්‍රදේශයේම මුස්ලිම් පිරිමි කෙනෙක් පත් කරනවා විවාහ නීතියේ පරිපාලකයා විදිහට. මේ කාතිවරයා කැමති නම් අද උපන් සිගිති බිළිඳියක් වුවත් කසාද බැන්ඳිය හැකියි. ආරාබියේ නෙවෙයි මිත්‍රවරුනේ සිරිත් පිරි ලංකාවේ. අද උපන් දියණියක් කසාද බන්දන්න පුළුවන් තාත්තා කැමති නම්. අද නැගෙනහිර පළාතේ ග්‍රාමිය ප්‍රදේශ වල තාත්තා ලස්සන ගැහැණු ළමයෙක් දැක්කම තාත්තට දෙවැනි විවාහය කරගන්න ඕන උනාම තාත්තා මොකද කරන්නේ. අපේ වගේ නෙවෙයි මුස්ලිම් විවාහ නීතියේ දෑවැද්ද දෙන්නේ මනමාලයා විසින් මනමාලිගේ පැත්තට. අත්සන ගහන තාත්තට. තාත්තට දෙවෙනි විවාහයක් කරගන්න දැන් සල්ලි ඕන. මොකද කරන්නේ. පාසල් යන දියණිය කනෙන් ඇදන් ඇවිල්ලා කාට හරි වැඩිහිටි මනුස්සයෙක්ට බන්දලා දීලා මහර් කියන දැවැද්ද අරගෙන ඒ දෑවැද්ද තමන්ගේ හිත ගිය දියණියගේ තාත්තට දීලා ඒ ගෙදර ඉන්න පුංචි කෙල්ල ගෙදරට අරන් එනවා. නීත්‍යනුකූලයි. අද උපන් දියණියක් බන්දන්න පුළුවන් තරම් අශීලාචාර නීතියක් තියෙන රටක අපි ඉන්නෙ. ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාවයි කියලා අපි ආඩම්බරයෙන් කියනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ ගිහින් කියනවා අපේ රටේ සාක්ෂරතාව ඉතා ඉහළයි අවුරුදු දහතුනක් අනිවාර්ය පාසල් අධ්‍යාපනය දෙනවා කියලා. පාසල් නොගිය සිඟිති දියණියක් කසාද බන්දන්න නීතියෙන් අවසර දෙනවා නම් කෝ මෙතන වසර 13නේ අනිවාර්ය පාසල් අධ්‍යාපණය.

ඒ විතරක් නෙවෙයි මිත්‍රවරුනේ දික්කසාදයේදී සැමියා බිරිඳට තුන් වතාවක් තලාක් කලාක් තලාක් කියලා කිව්වොත් කසදය ඉවරයි. කිසිම හේතුවක් දක්වන්න අවශ්‍ය නැහැ. උදේ පාන්දර හිනාවුනේ නෑ කියලා හිතුණොත් ඒ හොඳටෝම ඇති. දැන් පොඩ්ඩක් නීතිය වෙනස් කරල තියෙනවා. සැමියට දික්කසාද වෙන්න ඕනේ නම් කතිවරයාට දැනුම් දෙන්න ඕන. එයා පළමු දින 30 තුළ මේ දෙන්නව සමගි කරන්න බලන්න ඕන. සමගි කරන්න බැරි නම් කතිවරයා ඉදිරියේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් ඉදිරියේ බිරිඳ හිටියත් නැතත් තලාක් කලාක් තලාක් කියලා කව්වම කසදේ හමාරයි. හැබැයි බිරිඳට එහෙම දික්කසාද වෙන්න බෑ. බිරිඳ කාතිවරයා ඉදිරියේ සැමියා සමන්ත කෘර ලෙස සලකනවා කියල ඔප්පු කරල පෙන්නන්න අවශ්‍යයි. කාතිවරයා කියන්නේ කවුද? ප්‍රදේශයේ ඉන්න තම සැමියගේ යාළුවෙක්. ඒ කාතිවරයා තවත් පිරිමි මුස්ලිම්වරු තිදෙනෙක් තෝරා ගන්නනවා. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ. මේ අය ඉදිරියේ තමන්ගෙ නඩුව කියන්න ඕන. හැබැයි නීතීඥවරු ගෙනියන්න බෑ. කාතිවරයෙක් විදිහට කාන්තාවකට පත්වෙන් බෑ. අර තුන්දෙනාටත් කාන්තාවකට පත්වෙන්න බෑ. මේ කාන්තාවන් උසුලු විසුලු වලට ලක්වෙලා තමන්ගේ දික්කසාද වුවමනාව අකුල ගන්න සිදුවෙනවා.

සාලිට පිළිතුරක්

ඒ නිසා අද එය මේ විවාහ නීතිය වෙනස් විය යුතුයි කියලා අපි කිව්වාම අසාද් සාලි මහත්මයා අපිට කියනවා උඹලගේ වැඩක් උඹලා බලාගනිල්ලා අපේ නීතියේ අපි බලා ගන්නම් කියලා. අපි සාලි මහත්මයාට මතක් කරනවා මුස්ලිම්වරු ලංකාවට ආවේ බිරින්දෑවරු අරගෙන නෙවෙයි. ඔය බැන්දේ සිංහල අපේ අය. ඔය අපේ නැන්දලා, ඔය අපේ අක්කලා, ඔය අපේ නංගිලා ඒ අයට අමානුෂිකව සලකනවා නම් අපේ පපුව කකියනවා. අපේ නැන්දලා අක්කලා නංගිලා ගැන අපිට කැක්කුමක් නැත්නම් කාටද කැක්කුමක් තියෙන්නේ කියලා අපි සාලි මහත්තයාගෙන් අහන්න කැමතියි. ඒ නිසා අපේ සහෝදරියන්ට තවදුරටත් අමානුෂිකව කැලෑ කන්න මේ පිංබිමේ ඉඩදෙන්නේ නෑ කියලා අපි අසාත් සාලිට ප්‍රකාශ කරනවා මිත්‍රවරුනි.

මුස්ලිම් සමාජය සහ මේ ආණ්ඩුව වහාබ් අන්තවාදීන්ගේ ග්‍රහණයට

ඒ නිසා අපි කියනවා එක පිරිමියාට එක බිරිඳයි. කසාද වයස අවුරුදු 18යි. මනමාලිගෙ කැමැත්ත විවාහයට අනිවාර්යයි. සාධාරණ හේතුවක් නැතිව දික්කසාද කරන්න කාටවත් බෑ. කාතිවරුන් විදිහට කාන්තාවන්ට වැඩ කරන්න අයිතිය තිබිය යුතුයි. කාති උසාවියේ නීතිඥයන් හරහා කරුණු දැක්වීමේ අයිතිය තිබිය යුතුයි. මේ යොජනාව 2009 අපේ ආණ්ඩුවෙන් මේ අශීලාචාර නීතිය වෙනස් කරන්න කමිටුවක් පත් කළා. මුස්ලිම් ලෝකයේ ඉන්න ඉහලම විද්වතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්ෂුෆ් ඒකට පත් කළා. කමිටුව රැස් වුණාම මේකට විද්වතුන් ඔක්කෝම ඒකගයි. රවුෆ් හකීම් මුස්ලිම් ක්‍රොම්රසයේ නායකයත් එකගයි. නමුත් උලමාවරුන් විරුද්ධ වෙච්ච නිසා මේ වැඩේ කරන්න බැරි වුණා. 2017 කමිටුව කියනවා අපි පක්ෂයි බහුතරය විරුද්ධයි වැඩේ කරන්න බෑ කියලා. අද ඒ නිසා මෙය නීතිය ක්‍රියාත්මක කරගන්න බැරුව හිර වෙලා තියෙනවා. මේකෙන් පේන්නේ මොකක්ද අද සලීම් මර්ෂුෆ් වැනි විද්දවතුන්ට රවුෆ් හකීම් වැනි දේශපාලන නායකයින් ට මුස්ලිම් සමාජයට බලපෑමක් කරන්න බෑ. මුස්ලිම් සමාජය වහාබ් අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුවෙලා ඉවරයි. අද ඔවුන් බේරාගැනීමේ සටනයි අපි මේ පටන් අරන් තියෙන්නේ. මුස්ලිම් සමාජය විතරක් නෙවෙයි අපේ හාමුදුරුවරු ද මේ ආණ්ඩුව වහාබ් අන්තවාදීන්ගේ ග්‍රහණයට නතු වෙලා ඉවරයි.

සහරාන් පරලෝකයේ ඉදන් හිතන හැටි

රිෂාඩ් බදුර්ඩින්ට නිශ්චිත චෝදනා 10ක් එක්ක අපි විශ්වාසබංග යෝජනවක් භාර දුන්නා. මොකද උනේ කුණු ලොන්ඩරියක් දැම්මා තේරීම්කාරක සභාව කියලා. අපිට කිව්වා පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරන්නේ කියලා. අපි විශාල ෆයිල් දෙකක් අරන් ගිහිල්ලා බාරදුන්නා. පොලීසිය රිෂාඩ් බදුර්ඩින්ගෙන් ඒක ප්‍රකශයක් ගන්නේ නෑ. කිසිම විමර්ශනයක් කරන්නේ නැහැ. පොලිසිය තේරීම් කාරක සභාවට දැනුම් දෙනවා ඔහු වරදක් කළ බවට අපිට සාක්ෂි ලැබී නැත. ඔහු නිදහස්. මෙහෙයුම ගිහිල්ලා සහරාන් පරලෝකයේ ඉදන් මෙහෙම හිතනවා ඇති, අපරාදේ මම මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගත්තේ, ‌බෝම්බය සෙට් කරලා රිමෝට් කොන්ට්‍රෙල් එකකින් ඕක පුපුරවා හැරියා නම් මටත් මේවගේ නිදහස් වෙලා ශෝක් ඒකකට ගෙදරට වෙලා ඉන්න තිබුණා කියලා.

මේ යන යැවිල්ලේ හැටියට අපේ හාමුදුරුවනේ කාදිනල්තුමායි සහ පල්ලිගියඅයයි වැරදිකරුවන් වෙලා මේ සියල්ලන් නිදහස් වෙනවා සිකුරුයි. ඒ නිසා නුදුරු මාස හතර ඇතුලත පත්වෙන අපේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ ජනාධිපති කොමිසමක් පත් කරනවා, අපක්ෂපාතීව විමර්ශනය කරලා, වැරදි කල සියලු දෙනාට තරාතිරම නොබලා දඬුවම් කරනවා. තුවාල වූ සෑම සිතක්ම සුවපත් කරනවා. ඒ ප්‍රතිඥාව අපි ලබාදෙන මේ අවස්ථාවේදී.

අපි මේ සටන නවත්වන්නේ නැහැ

අපි මුස්ලිම් සමාජයට කියන්නේ මුස්ලිම් සමාජය අද උනු ජල හැලියක තැම්බි තැම්බි පිච්චි පිච්චි ඉන්නේ. ඒ ලෝදිය හැලියෙන් වතුර බින්දු කිහිපයක් අපේ ඇගට විසික් වීමක් විතරයි අප්‍රේල් මාසේ විසි එක් වෙනිදා උනේ. ඔබයි පිඩාවට පත්වෙලා ඉන්නේ. ඔබට අවශ්‍ය ආත්ම ශක්තිය ලබා දෙන්න අපි ලෑස්තියි. මේ වහාබ් අන්තවාදය කෙතරම් මඩ ගැහුවත් කෙතරම් තර්ජන ගර්ජන කරත් එය පරාජය කර අවසන් වන තුරු අපි මේ සටන නවත්වන්නේ නැහැ

– අරවින්ද අතුකෝරල




අනවශ්‍ය දේවල්

  • 195,028 ක් බැළුවා

මරුවා වැහෙන දින

සැප්තැම්බර් 2019
බ්‍ර සි සෙ
« අගෝ.    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා

Advertisements