Archive for the 'දළදා හාමුදුරුවන්' Category

01
දෙසැ.
17

ගෝඨාභය, උදය ගම්මන්පිල සහ සිටිස් ඔෆ් ඉවලූෂන්

 රණවක පාර්ලිමේන්තුවේදී බින්දුවට දමයි..

මෙගාපොලිස් පාච රණවක පාර්ලිමේන්තුවේදී කිච කර බින්දුවට දමයි.. ගම්මන්පිල ඇහේ ඉදන් පට්ට ගැසූ කතාව මෙන්න..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ වැය ශීර්ෂය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කලේය.

2016 සහ 2017 වසර දෙකේදීම මම මෙගා පොලිස් අමාත්‍යන්ෂයේ වැය ශීර්ෂය මම කතා කරන්න කලේ  නෑ. නමුත් මේ  වසර පුරාවටම ගරු අමාත්‍යතුමන් විවිධාකාරයෙන් මට  මට ආරාධනා කළා මේ වැය ශීර්ෂය මා කතා කළ යුතුයි කියලා. එතුමන්ගේ ඒ අවශ්‍යතාවය ඉටු කරමින් අද මම මේ නතාව කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙගාපොලිස් නැතිනම් වඩා නිවැරදිව කිව්වොත් මෙගලොපොලිස් යනු කුමක්ද?  එකට ගැට ගැසුණු නාගරික ප්‍රදේශ කිහිපයක්.  It is defined in English as a chain of adjacent metropolitan areas. මෙගලොපොලිස් යන වදනේ මූලය වන ග්‍රීසි භාෂාවෙන් බැලුවොත් දැවැන්ත නගරයක් යන අදහස එනවා.  මේ සංකල්පය දැන් වසර සීයකටත් වඩා පැරණියි.  1915 දී පැට්‍රික් ගේඩ්ස් ලියූ සිටිස් ඔෆ් ඉවලූෂන් නම් පොතෙන් තමයි මෙගාපොලිස් සංකල්පය ලොවට හඳුන්වා දුන්නේ.

ලෝකය පුරා මෙගාපොලිස් අධිකාරි බිහි වූයේ අධිනාගරිකරණයෙන් මතු වුණු ජල සම්පාදනය, කසල කළමනාකරණය මළ බැහැර කිරීම වැනි සංකීර්ණ ගැටළු වලට විසඳුම් සොයන්නයි. ජල සම්පාදනය, විදුලිය සම්පාදනය, කසළ බැහැරකිරීම් වැනි ගැටළු මේවාට උදාහරණයි. ජකර්තා – බැංඩුං මෙගාපොලිස් මේ සඳහා කදිම නිදසුනක්.

අපි දැන් ලංකාවට එමු.  අපි මේ සභාවේ නාගරික සංවර්ධනය කතා කරන්නේ ජල ගැලීම් වලින් මාර්ග යට වෙලා නිවාස යට වෙලා විදුලි සැපයුම බිඳ වැටිලා නාගරික ජීවිතය කඩා වැටුණු මොහොතකයි.  අපට මතකයි 2010 දැවැන්ත වැස්සකට පස්සේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර සියල්ලම ජලයෙන් යට වුණා.  පාර්ලිමේන්තුවට යට වුණා.

නාගරික සංවර්ධන ඇමති ධූරය දැරුවේ එවක ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි.  ඔහු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සම්පූර්ණ වගකීම භාර දීලා තිබුණේ.  ඒ නිසා 2010-2015 යුගය ගෝඨාභය යුගය.  ස්වර්ණමය යුගය.

2010 ජල ගැලීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ වැඩේට බැස්සා.  මාධ්‍ය සංදර්ශන පවත්වලා මම කොළඹ හදන්නේ මෙහෙමයි කියලා පුරාජේරු කියෙව්වා නෑ.  නිහඬම වැඩේ පටන් ගත්තා.  මුලින්ම කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් ගොඩ කිරීම තහනම් කළා. ඒ තහනම කඩ කළ අයට තරාතිරම නොබලා දඬුවම් කළා.

ත්‍රිවිධ හමුදාවේ සහයෙන් ඇල මාර්ග පිලිසකර කළා.  ඇල මාර්ග ආශ්‍රිතව තිබුණු අනවසර ඉදි කිරීම් ඉවත් කළා ආණ්ඩුවේ ඇමතිවරුගේ දේපලත් ඒ අතරේ තිබුණා.

ගෝලීය උණුසුම නිසා කෙටි කලක් තුල දැවැන්ත වැස්සක් ඇද වැටෙන බව ඔහු තේරුම් ගත්තා.   අධික වැස්සෙන් කොළඹ එකතු වෙන ජලය මුහුදට ගෙන යෑමට ජල ප්‍රවාහන පද්ධතිය ප්‍රමාණවත් නෑ.  යට වෙන්නේ ඒකයි.  කොළඹ දිස්ත්‍රික්කය පුරා වැව් ඉදි කළා.  2010 ජූනි මාසයේ පාර්ලිමේන්තුව යට වුණාට පසු යළි කොළඹ යට වුණේ නෑ.

ඒ වගේම කසල සම්පූර්ණයෙන්ම කොළඹ නගරයෙන් බැහැර කළා.  පොලිසිය සහයට අරන් තැන තැන කසල දමන අයට දඬුවම් කළා.  පදික වේදිකාවේ වෙළඳාම තහනම් කළා.  පෝස්ටර් බැනර් එල්ලා අවලස්සන කිරීම තහනම් කළා.  නගරයට හිසරදයක් වී තිබුණු පාතාලය මර්දනය කළා.  2013 වන විට සංචාරකයින්ගේ ඡන්දයෙන් ලොව පිරිසිදුම නගරය ලෙස කොළඹ තේරුණා.

අද තත්වය කුමක්ද? නගරය යට වෙනවා, කුණු,  පෝස්ටර්,  පදිකා වේදිකා වෙළඳාම, පාතාලය නැවත ඇවිදින්. ඒ අතරේ අපේ ගරු අමාත්‍යතුමන් මාධ්‍ය සංදර්ශන පවත්වමින්  2020 දි 2025 දී  සුහුරු නගර හැදෙන හැටි  ගැන ජනතාවට සිහින විකුණනවා.  සුහුරු නගර හදන්න කලින් 2015ට කලින් තිබුණු නගරේ අපට හදලා දෙන්න.

ගෝඨාභය මාධ්‍ය හමු එකක්වත් පැවැත්වුයේ නෑ.  හැබැයි වැඩේ කලා.  ඒ වගේම එතුමාට නිසි ගෞරවයත් ලැබුණා. ඒ නිසා අපි ප්‍රසිද්ධිප පිටිපස්සේ කීර්තිය පිටිපස්සේ හඹා යනවා වෙනුවට වැඩේ හරියට කලොත් කීර්තිය ප්‍රසිද්ධිය අපි පිටිපස්සේ හඹා එනවා.  Mr Minister, don’t go after fame.  Go after your task.  Then fame will come after you.

මේ වසරේ කසළ කළමනාකරණය පිළිබඳ අතිශයින්ම ශෝචනීය වසරක් අප්‍රේල් මාසයේ මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටිලා විශාල පිරිසක් මිය ගියා.  2007 පෙබරවාරි මාසේ දී බ්ලූ මැන්ඩල් කුණු කන්දේ සිට මාධ්‍ය ඇමතූ එවකට පරිසර ඇමති පා ච රණවක ඇමතිතුමා වසරක් ඇතුලත මෙම කුණු කන්ද ඉවත් කරන බවටත් නැවත මෙවැනි කුණු කඳු බිහි වීමට ඉඩ නොතබන බවටත් ප්‍රකාශ කළා.  නමුත් එතුමා 2010 පරිසර ඇමති ධූරයෙන් සමු ගන්නා විට බ්ලූ මැන්ඩල් කුණු කන්ද එසේම තිබෙන අතරේ මීතොටමුල්ල කුණු කන්දත් බිහි වෙලා.

වසර 30ක් පුරා පොතුවිල වෙල් යායට කොලොන්නාව නස කුණු බැහැර කළා තමයි. නමුත් ඉන් කුණු කන්දක් බිහිුවනේ නෑ.  කන්දක් නිර්මාණය වුණේ කොළඹ මහ නගර සභාව දවසකට ටොන් 800-1000ක් මෙතැනට බැහැර කිරීම නිසියි මේ කුණු කන්ද නිර්මාණය වුනේ.  කුණු කඳු නිර්මාණය හැරුණු විට වෙනත් දිගුකාලින වැඩපිලිවෙලක් තිබුණේ නෑ.

2010 දී නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා.  ඔහු මාධ්‍ය සංදර්ශන පවත්වා වීර ප්‍රකාශ කරනවා වෙනුවට සද්ද නැතුව වැඩේට බැස්සා.  එතුමාගේ විසඳුම වුණේ බ්ලූමැන්ඩල් සහ මිතොටමුල්ල කුණු කඳු වගේම කොළඹ දිනපතා එකතු වන කුණු පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාලු ප්‍රදේශයේ ඇති හුණුගල් හැරීමෙන් සෑදුනු වලවල් සනීපාරක්ෂක කසල රඳවන බවට පෙරලා තැන්පත් කිරීමයි.  දුම්රියෙන් කසල ගෙනි යන්න සැලසුම් කර තිබුණේ.  2015 වසරේ ව්‍යාපෘතියේ වියදම් සඳහා රුපියල් බිලියන 2ක් අයවැයෙන් වෙන් කලා.

අවාසනාවට ආණ්ඩු පෙරලියෙන් පසු මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.  මම මේ පිලිබඳ 2017 පෙබරවාරි 8 පාර්ලිමේන්තුවේ දී මෙගාපොලිස් ඇමතිතුමාගෙන් ප්‍රශ්න කළා. එත්‍රමා අවෙ නෑ ප්‍රශ්නයට පිලිතුරු දෙන්න.  ඊට පිලිතුරු දුන් නියෝජ්‍ය ඇමතිතුමා කිව්වේ විල්පත්තු ජාතික උද්‍යානයේ ස්වාරක්ෂක කලාපය තුලට වැටෙන නිසා වනජීවි දෙපාර්තමේන්තුව විරුද්ධයි කියලා.  එයට හේතුව විල්පත්තුවෙ ජාතික වනෝධ්‍යානයේ ස්වාරක්ෂක කලාපය තුල මේ කටයුතු කිරීමට සිදු වීම.

මම ඒ අවස්ථාවේ නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ප්‍රශ්න කලා වඩාත් පරිසර හානියක් සිදු වන්නේ මේ කුණු කන්ද ජනාකීර්ණ ප්‍රදේශයක පවත්වා ගෙන යෑමෙන් ද නැතිනම් ස්වාරක්ෂක කලාපය මීටර් කිහිපයක් වෙනස් කිරීමෙන් ද කියන එක.  ඊට පිලිතුරු දෙන්න ඒ පිලිබඳ අධ්‍යනයක් කර තිබුණේ නෑ.  නමුත් මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසු ඇමති ප්‍රකාශ කරනවා අරුවක්කාලු පරිසර හානිය සමග සසඳන විට මීතොටමුල්ල පරිසර හානිය දහස් ගුණයකින් වැඩියි කියලා.

ස්වාරක්ෂක කලාපය කියන්නේ ඕනෑම ජාතික වනජීවි උද්‍යායනක සිට සැතපුමක් දුර වනජීවි දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොර මානව ක්‍රියාකාරකම් කළ නොහැකි ප්‍රදේශයක් නම් කරනවා. අවසරය සහිතව එම ප්‍රදේශයේ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්.  එසේ නොහැකි නම් මීටර් තුන් සීයකින් පමණ විල්පත්තු සීමාව ඇතුලට ගෙනි යන්න පුළුවන්.

ඒ විකල්ප වෙනුවට ජාඇල වැනි ජනාකීර්ණ තෙත් කලාපයේ කසළ බැහැර කිරීමේ අසාර්ථක උත්සාහයක නිරත වුණා.  ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ට පාරට බැහැලා විරෝධය.  අන්තිමට අරුක්කාළු විසිදුමට යන්නට ආණ්ඩුවට සිදු වෙනවා. මට මතකයි හර්ෂද සිල්වා ගරු අමාත්‍යතුමන් කිව්වා ගොඨාභයගේ විසිදුම හැර වෙන හොද විසදුමක් නෑ. අපි නැවත ඒකට යනවා කියලා.

එහෙමනම් ඇයි අරුවක්කාලු විසඳුම නතර කලේ ඇයි? ගෝඨාට ලකුණු.  කසළ ප්‍රශ්නය විසඳුවේ ගෝඨා නොවේ මමයි කියන්න නැතිවෙනවා. එය නැවැත්තුවේ නැති නම් මීතොටමුල්ල ඛේදවාචකය වෙන්නේ නෑ.  ඒක ස්වභාවික ව්‍යසනයක් නොවේ.  ඇමතිවරයාගේ උද්ධච්ච කම නිසා සිදු වුුණු මිනීමැරීමක්.

පොලිස් බාර අරගෙන තියේනනේ මෙගා ඩීල් දාන්නද ?

වත්මන් ඇමතිවරයා නාගරික සංවර්ධන අධිකාරිය භාර ගන්නා විට දැවැන්ත ඉඩම් සංචිතයක් තිබුණා.  දැන් ඉඩම් විකුණනවා මිස ඉඩම් ගන්නේ නෑ. මෙහෙම ඉවක් බවක් නැතුව අඩු මුදලට ඉඩම් විකුණන්නේ පැනමා පත්‍රිකා වල මුදල් පුරවන්න ද නැතිනම් සිල් බිඳ ගන්න උදව් කරන නිළියන්ට පුදන්න ද?  එහෙමත් නැතිනම් සතුරන්ට කරන්ට් අල්ලන දොස්තරලාට පුදන්න ද කියන ප්‍රශ්නය අපට මතු වෙනවා.

නිදසුනක්

කොළඹ කොටුව ලේක් හවුස් ඉදිරිපිට අක්කර 2 රූඩ් 1 පර්චස් 4 ඉඩමක් 2007 වසරේ රවි විජේරත්න මහතාට අයත් ලේක් ලෙෂර් හෝල්ඩින්ස් ආයතනයට වසර 30ට බදු දෙනවා රථ ගාලක් ඉදි කරන්න.

2013 වසරේ වටිනාකම මි 2785ක් 20% ගෙවා ඉතිරිය මාස තුනකින් ගෙවිමේ පොරොන්දුව මත අවු 50කට මිශ්‍ර සංවර්ධනයක්. 2013 ජූනි ඇමති මණ්ඩල අනුමැතිය.

සීයට විස්ස ගෙව්වත් ඉතිරි මුදල ගෙව්වේ නෑ.  .  නාගරික සංවර්ධන අධිකාරි පනතේ  14(2)(ආ) යටතේ  ගිවිසුම් ප්‍රකාර මුදල ගෙවා නැති නිසා ගෙවු මුදල රාජ සන්තකයි. ඉඩම නැවත්ත නාගරික සංවර්ධන අධිකාරියට හිමියි.  ඇමති ආපසු ලබා ගැනීමේ නියෝගය 2016 මැයි 11 නිකුත් කරනව. ඉට පස්සේ යනවා මෙගා ඩීල් එකක්.

නැවත ඒ සමාගමටම වසර 50 කට  ලබා දෙන්න 2016.09.06 කළමනාකරණ මණ්ඩලය ඉදිරිපත් කර අනුමැතිය පතනවා.  අර කලින් ගෙව්ව අත්තිකාරමට පොලියකුත් ගෙවලා ඒක ඉඩමේ වටිනාකමෙන් අඩ කරලා ඉතිරිමුදල පමණක් ගෙවීමට  කළමණාකාර මණ්ඩලයේ අනුමැතිය ඉල්ලනවා.  2016.10.18 නීති උපදෙස්  ලැබෙනවා මේ ගැන. ඉන් කියවෙන්නේ කලින් ගිවිසුම අවලංගු බැවින් ඉඩම ද ගෙවා ඇති මුදල ද අධිකාරිය සතු බවයි.

මෙන්න මෙගා ඩීල්. මේක මිලියන 200කට වඩා වැඩි ගනුදෙණුවක් නිසා අනිවාර්යෙන්ම අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඇවිය යුතුයි. නමුත් එසේ වන්නේ නෑ. මොකද අමාත්‍ය මණ්ඩලය විරුද්ධ වන නිසා. ඒ නිසා හොර රහසේම මේ ඩීල් එක ඉදිරියට යනවා.

බොහෝ දෙනක් මේ මෙගා පොලිස් අමාත්‍යන්ෂය ගෙනෙද්දී හිතුවේ මෙගා ඩීල් ගැන හොයන්න ගෙනාපු එකක් කියලයි. ඒ ගැන එහෙම හිතපු කාටවත් දොස් කියන්නත් බෑ. මොකද ඇමිතතුමන් කතා කරන්නෙම මෙගා ඩීල් ගැන. ඉතින් ඇමතිතුමන්ට ඒ මෙගා නම තියෙන අමාත්‍යන්ශයක් බාර දුන්නම හැමෝම හිතුවේ ලෝකු පොලීිසයක් හදලා එතුමන්ට බාරදුන්නා කියලා එතුමන් දන්න රට නොදන්න මෙගා ඩීල් ගැන සොයන්න. නමුත් එතුමන් මෙගා පොලිස් බාර අරගෙන තියේනනේ මෙගා ඩීල් දාන්න.

මෙගාපොලිස් ඇමිතතුම්නගේ ප්‍රගතිවාර්තාව අන්තිමයි

මෙගාපොලිස් ඇමති ගරු පා ච රණවක ඇමතිතුමාගේ අමාත්‍යාංශයට මුදල් වෙන් කරනවා මදි කියලා දැන් එතුමා නිරතුරුවම මාධ්‍ය ඉදිරියේ අඬා වැටෙනවා.  ආණ්ඩුවේ නායකයින්ට ආඩපාලි කියනවා.  නමුත් ආණ්ඩුව එතුමාගේ අමාත්‍යාංශයට ඔය මට්ටමට හරි මුදල් ලබා දීම ගැන සතුටු වෙන්න ඕනෑ. මොකද එතුම්නගේ ප්‍රගති වාර්තාව අන්තිමයි.

2018 වසර සඳහා මෙගාපොලිස් අමත්‍යාංශයට  අයවැයෙන් රුපියල් බිලියන 51.1ක් වෙන් කර තිබෙනවා.  2017 වසරේත් බිලියන 39.6ක් වෙන් කරලා තිබුණා.  2016 මහ බැංකු වාර්තාවට අනුව මෙගාපොලිස් අමාත්‍යාංශයට වෙන් කළ මුදල් නිසි ලෙස වියදම් කරලා නෑ.  2016 වසරේ දී පුනරාවර්තන වියදම් ප්‍රතිපාදනයෙන් වියදම් කර තිබෙන්නේ 74.2%යි.  ප්‍රාග්ධන වියදම් ප්‍රතිපාදනයෙන් වියදම් කර තිබෙන්නේ 42.5%යි.

දෙන මුදලින් භාගයක්වත් වියදම් නොකරන ඇමතිවරයෙකුට තව තවත් වැඩිපුර මුදල් වෙන් කරන්න නම් මුදල් ඇමතිට මොලේ අමාරුවක් තිබෙන්න ඕනෑ.  විශේෂයෙන්ම ආණ්ඩුව මූල්‍ය අර්බූදයක සිටින අතරේ වියදම් නොකරන මෙගාපොලිස් ඇමතිට පසුගිය වසරට වඩා බිලියන 12ක් වැඩිපුර ලබා දීම ගැන එතුමා සතුටු වෙන්න ඕනෑ.  එතුමා දැන් කරන්න ඕනෑ තමන්ට දෙන මුදල මදි කියලා අඬා වැටෙන එක නොවේ.  නිළධාරින් සමග වාඩි වෙලා ලැබුණු මුදල වියදම් කර ගන්න බැරි වුණේ ඇයි කියලා අමාත්‍යාංශයේ අකාර්යක්ෂමතාවයට හේතු සොයන එකයි.  වැඩ බැරි ඇමතිලා නටන්න බැරි වුණාම පොලොව ඇදයි කියනවා.

නාගරික සංවර්ධනයේ ගෝඨා යුගය ස්වර්ණමය යුගය අවිවාදිතයි.  එයින් වසර දෙකක් යන විට දෙන මුදලවත් වියදම් කර ගන්න බැරි තරමට මේ ආයතන කඩා වැටෙන්නේ කොහොමද?  එදා නිර්මාණශීලිව වැඩ කළ දවස පුරා රාජකාරි කළ ඒ නිළධාරින් අද කෝ?  ඒ නිළධාරින්මයි අදත්.  ඒ ගෞරවනිය නිළධාරින්ට අද නිසි නායකයෙක් නෑ.  වැඩ බැරි ඇමතිලා නිසා ආයතන කඩා වැටෙනවා.

අරාබි කියමනක් තිබෙනවා සිංහයෙක් නායකත්වය දෙන බැටළු හමුදාවකට බැටළුවෙකු අණ දෙන සිංහ හමුදාවක් පරාජය කරන්න පුළුවන් කියලා.  පළමු ලෝක යුද සමයේ ඉංග්‍රිසි මාධ්‍ය පැවසුවේ ඉංග්‍රිසි හමුදාව බූරුවන් නායකත්වය දෙන සිංහයින් පිරිසක් කියලා.  අද මෙගාපොලිස් අමාත්‍යාංශයට සිදු වෙලා තිබෙන්නෙත් ඒ දෙයමයි කියන එක කණගාටුවෙන් වුවත් කියන්න ඕනෑ.

ගෝඨාභයගේ සපත්තු කුට්ටම චම්පිකට ලොකු වැඩියි

ඒ නිසා තමුන්නාන්සේ  ඉඩම්ගොඩකිරීමේ හා සංවර්ධණය කිරීමේ සස්තාව සතුව තිබුණු ඩී ඒ රාජපක්ෂ පදනම සම්බන්ධ ලිපිගොනු තමන්ගේ බාරයට ගෙනල්ල නීතිඥවරුන්ට පෙන්වමින් සොයනවා මේකට නඩු දැමීමේ නීතිමිය පදනමක් තිබෙනවාද කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට පහර දීමෙන් ඇමතිතුමනි ඔබේ කීර්තිය වැඩි වේනනේ නෑ. ඔබ ඔහුට වඩා හොදට වැඩ කරල පෙන්වන්න. එයට අපේ කිසිම බාදාවක් නෑ. ඔබ ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා හොද පාලකයෙක් උනොත් එහි ප්‍රථිලාභය තියේනනේ රටටයි. එහෙම නැතිනම් වෙන්නේ ඔබතුමාට ගෝඨාභය මහත්තයාගේ සපත්තු කුට්ටම ලොකු වැඩි කියන එක රටට පෙනෙන එක විතරයි.

ඒ නිසා 2018 වසරේ හඩා වැටෙනව වෙනුවට මාධ්‍ය සංදර්ශණ පවත්වනවා වෙනුවට, පිටුගනන් පත්තරවල දැන්වීම් දානවා මම වැඩ කාරයෙක් කියනවා වෙනුවට ජනතාව විසින් ඔබතුමා වැඩකාරයෙක් කියල වසරක් බවට පත්වේවා කියලා මම ප්‍රාර්තනා කරනවා. ඒ සදහා ශක්තිය ධෛර්ය වාසනාව හා අවස්ථාව උදාවේවා කියා මම ප්‍රර්ථනා කරනවා.

– අරවින්ද අතුකෝරල

Advertisements
26
නොවැ.
17

රතන බූරුවා නොදිටි මොක්පුර (ඊ-නිවුස්)

 

රතනයා ගෙන ආ පිවිතුරු හෙටක් යෝජනා වලියේ  විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමක් තිබුනේ නැත. රතනලා රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරමින් සිටියදී විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට මුල සිටම කටයුතු කළේ මාදුළුවාවේ සෝභිත ප්‍රමුඛ පිරිසය. ඊට මේ රටේ ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයද හිටපු ජනාධිපතිනියද ජෙනරාල් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයද, ජනතා විමුක්ති පෙරමුණද, දෙමළ ජාතික සන්ධානයද, මුස්ලිම් කොන්ග්‍රසයද, සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයද, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ හා කලාකරුවන් සරසවි ආචාර්ය වරුන් වෘත්තීය සමිති ඇතුළු සංවිධාන 48 ක්ම අවසානයේ කැමැත්ත ප්‍රකාශ කළහ. ඔවුන් කැමැති වූයේ විධායක බලය සම්පූර්ණයෙන් අහෝසි කිරීමකට මිස ජාතික හෙළ උරුමයේ යෝජනාව වූ විධායක බලය කප්පාදු කිරීමකට නොවේ. (කප්පාදු කරන ගස් යලි හොඳින් ලියලා වැඩෙන බවද දැනගත යුතුය.)

පිස්සු රතන නොවැම්බර් 12 වෙනිදා මුත්තයියා පාක් රැලියේදී පැහැදිලිව කීවේ ඔවුන්ගේ යෝජනාව විධායක බලතල කප්පාදු කිරීමක් වුවද අනෙක් අය කියනවා සේ ඊට එහා යන්නේ නම් ඔවුන්ට ප්‍රශ්නයක් නැති බවයි.

නමුත් දැන් වැඩ සිදුවෙමින් පවතින්නේ මේ සියල්ලට විරුද්ධව ජාතික හෙළ උරුමයේ මතයට අවශ්‍ය ආකාරයට ය. ජාතික හෙළ උරුමයට මේ රටේ ඇත්තේ ඡන්ද ලක්ෂ 2-3 ක් පමණය. මේ මැතිවරණයේදී ඔවුන්ගේ බල කඳවුරු වූ මහරගම කැස්බෑව වැනි ආසන හංසයාට ජය ගැනීමටද නොහැකි විය. එවැනි සුළුතර බලයක් තබාගෙන සමස්ථ විපක්ෂයක බලාපොරොත්තු විනාශ කිරීමට උත්සාහ කිරීම නින්දා සහිතය.

සත්‍ය වශයෙන්ම ජාතික හෙළ උරුමයට විධායක බලය අවශ්‍ය වන්නේ වෙනත් කිසිවකට නොව ඒ විධායක බලයට හේත්තු වී තමන්ට අවශ්‍ය දේ කර ගැනීමටය. ඔව්හු දැනටමත් ඒ අනුව ක්‍රියා කර තිබේ. පිස්සු රතන ජනාධිපති උපදේශකයෙකු ලෙස පත් කිරීම, ජාතික රූපවාහිනියේ සභාපති ලෙස සෝමරත්න දිසානායක පත් කිරීම, අයිටීඑන් නාලිකාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධනුෂ්ක රාමනායක නමැති හෙළ උරුමය මාධ්‍ය අංශයේ සිටි පුද්ගලයෙක් පත් කිරීම, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වරයා ශිරාල් ලක්තිලක පත් කිරීම,  ආදී සියල්ල ජාතික හෙළ උරුමයේ අවශ්‍යතාවය මත කරන ලද පත් කිරීම් ය. මෙහිදී වඩාත් සැලකිල්ලට ගත යුත්තේ ශිරාල් ලක්තිලකගේ පත් කිරීමය.

රනිල් එජාපයෙන් එළවා දැමීමට පාරට බැස වෙඩි තබා ගත් ශිරාල් ලක්තිලක ජනාධිපතිගේ සම්බන්ධීකරණ ලේකම් වරයා වූ විට ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂය සමග හොඳ සම්බන්ධීකරණයක් පවත්වා ගත හැකි වේවිද?

වසර 40 ක දේශපාලන අත්දැකීම් ඇති ජනාධිපතිවරයා තමා පත් කළ ජනතාව යනු ජාතික හෙළ උරුමය පමණක් නොවන බව මතක තබාගෙන වැඩ කරනු ඇතැයිද ඊනිවුස් බලාපොරොත්තුවේ.

07
ජූලි
17

මහින්ද දේශප්‍රිය සීයේ ඔන්න අඹුඩේ ගූ… …

මහින්ද 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කනෙන් රින්ගයි, යහපාලනය නිසා තනතුරු දෙකක්, මැරෙනකම් රජ සැලකිලි, කොහොමද ටිකිරි මොලේ….

යහපාලන ආණ්ඩුව ජනතාවට පොරොන්දු වූයේ ස්වාධීන කොමිෂන් සභා ඇති කොට ඒ හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන බවයි. ඒ අනුව මැතිවරණ කොමිසම වෙනුවට ජනතාව වැඩි වගකීමක් සහිත ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් ඇති කලේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය මගිනි.

17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිසමක් බවට පත්කල අතර කොමිසමේ සමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත විය. කොමිසම තීන්දු ගැනීමේදි ඝන පූර්ණය ලෙස ඉන් සමාජිකයින් 3 දෙනෙකු රැස්වීමට සහභාගි විය යුතුය. එහි බලතල කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වරයෙකු ප්‍රමුඛව මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් සිදු කල යුතුය. Link

එහෙත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය අනුව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කිරිමේදි ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සාමාජිකයන් 3 දෙනෙකු කොමිෂන් සභාවට පත් කරනු ලබයි. “ඉන් එක් අයකු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයෙකු ලෙස හෝ ඊට ඉහළ තනතුරක රාජකාරි කල මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් නිලධාරියෙකු විය යුතුය”, යන්න පැහැදිලිව සඳහන් කොට ඇත.

මේ අනුව පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරවමු.

  1. 17 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය යටතේ ස්වාධීන මැතිවරණ කොමිසම් සභාවක් පිහිටුවීම හරහා සඳහා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය ගැනීමට සමාජිකයින් 5 දෙනෙකු වු සාමාජිකයන් සංඛ්‍යාව 3 දෙනෙකුට අඩුකිරිම කිරිම ප්‍රජාතන්ත්‍රවාදී ද එසේ නැතිනම් එකාධිපති ක්‍රියාවක් ද ?

  2. 17 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය යටතේ මැතිවරණ කොමිසමේ සාමජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත වු අතර කොමිසම රැස්වීමේදි ඝන පූර්ණය ලෙස 3 දෙනෙකු සහභාගි වීය යුතුය යන්න එහි සඳහන් වුවත්, 19 ආණ්ඩුක්‍රම සංශෝධනය 104 (1) අනුව කොමිසම සාමාජිකයන් 3 දෙනෙකුට අඩු කොට කොමිසන් සභාවේ රැස්වීමේදි ඝන පූර්ණය ලෙස 3 දෙනෙකු සහභාගි වීය යුතුය යන්න සඳහන් කිරිම ඇති පදනම කුමක්ද?

  3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ.(1) අනුව ජනාධිපතිවරණයේ සිට ඕනම මැතිවරණයක් හෝ ජනමතවිචාරනයක් පැවත්වීම සඳහා (අ) මැතිවරණ කොමිසම් සභාව හෝ (ආ) මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා වගකීම වන්න්නෙය සඳහන් වේ. කරුණු එසේනම් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා තනතුර සඳහා රාජකාරි කරන්නේ කවුද? එම පුරප්පාඩුව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව මෙතෙක් පිරවීමට කටයුතු කර ඇද්ද යන වග?

  4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඉ. අනුව ස්වාධීන මැතිවරණ කොමිසම සභාවේ තීරණයන් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වරයෙකු පත් කල යුතූය. එහිදි වයස අවුරුදු 65 නොඉක්මවු ඕනැම පුද්ගලයකු මැතිවරණ කොමසාරිස් ජෙනරාල් තනතුරට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යටතේ කටයුතු කල යුතුය ලෙස සඳහන් වේ, කරුණු එසේ නම් ඉතා වැදගත් ඒම තනතුර සඳහා අවම සුදුසුකම් ඇතුලත් නොකලේ කවුද?

  5. එසේ පිහිටවු කොමිෂන් සභාව සාමජිකයින් 3 දෙනා අතරට 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මැතිවරණ කොමිසමට සාමජිකයින් 5 දෙනෙකු පත් කිරිමේදී නොතිබුණ සුදුසුකමක් වන “නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයෙකු ලෙස හෝ ඊට ඉහළ තනතුරක රාජකාරි කල මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් නිලධාරියෙකු විය යුතුය” යන්න ඇතුලත් කිරිම යහපාලන මූලධර්මවල අනුකූල ද?

  6. ඒ අනුව 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 103 (1) අනුව නිශ්චිතවම කලින් තෝරාගත් පුද්ගලයකුට කොමිෂන් සභවට අනිවාර්යයෙන්ම ඇතුළු වීමට අවශ්‍ය යහපාලන ගුණාංගය ඇතුලත් කොට එහි සභාපති ලෙස විශ්‍රාමලත් හිටපු මැතිවරණ කොමසාරිස් පත් කිරීම කොතෙක් දුරට සාධාරණ ද?

  7. එසේ සභාපති ලෙස පත්වු පුද්ගලයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඉ අනුව පත්කල යුතු වයස අවුරුදු 65 නොඉක්මවු මැතිවරණ කොමසාරිස් ජෙනරාලවරයා පත් නොකර සිටීම කොමිෂන් සභාවේ නිත්‍යානුකූල මෙන්ම යහපාලන ප්‍රතිපත්තිවල කොතෙක් දුරට ගැලපෙන්නේ ද?

  8. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඉ. අනුව මැතිවරණ කොමිසම සභාවේ තීරණයන් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වරයෙකු පත් කොට තිබුනේ නම් ඔහු රාජ්‍ය සේවකයෙකු ලෙස කොමිසම් සභාව මෙන්ම ඡන්දය නොපැවත්වීම සම්බන්ධව එක හා සමානව වගකිය යුතුය.

  9. ඒ අනුව ස්වාධීන මැතිවරණ කොමිසම් සභාව මෙන්ම මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයාද වගකීම පැහර හැරීම හෝ මැතිවරණ දූෂණයක යෙදිම යටතේ ශ්‍රීලංකා දණ්ඩ නීති සංග්‍රය යටතේ නඩු පැවරිමට ඇති ඡන්දදායකයාගේ අයිතිය අහෝසි කිරීම, මෙන්ම එම තනතුර හිතාමතාම පුරවා නොමැති මෙම කාලය සඳහා එහි වගකීම කවුරුන් විසින් භාර ගන්නේද?

  10. මෙරටේ පොලිස් කොමිසමක් තිබේ, එම කොමිසම පොලිස්පතිගේ හෝ පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි ආවරණය නොකරයි. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව හෝ එහි සභාපතිවරයා ද එසේ විය යුතුය. මැතිවරණ කොමසාරිස් ජෙනරාලවරයා සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ රාජකාරි ස්වාධීන මැතිවරණ කොමිසමේ සමාජිකයකු වන වයස අවුරුදු 65 පැනපු සභාපතිවරයා විසින් සිදු කිරිම ලෝකයේ මොන යහපාලන මූලධර්මයන්ට අයිතිද යන්න සොයා බැලිය යුතුය.

  11. මේ වනවිට ශ්‍රීලංකාවේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව තුල සිදුවන මෙවෙනි නීත්‍යානුකූල නොවන ක්‍රියා සම්බන්ධව එයට සම්බන්ධ වු සියලුම පාර්ශවයන් අනාගතයේදි වගකිවයුත්තන් නොවන්නේද?

  12. එමෙන්ම නිසි කලට මැතිවරණ පැවත්වීමට අවශ්‍ය නෛතික අයිතිය ඇති ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව යටතේ ඇති මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන මැතිවරණ කොමසාරිස් ජෙනරාල් තනතුර පුරවා නොසිටිම ව්‍යවස්ථා සභාවේ මෙන්ම ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ වගකීම නොවන්නේද?

ඉදිරියේදී ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධව තව දුරටත් අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරන්නෙමු.

– ජනතා අයිතීන් සුරකින නීතිඥ මඩුල්ලක්

 යහපාලන ආණ්ඩුව ජනතාවට පොරොන්දු වූයේ ස්වාධීන කොමිෂන් සභා ඇති කොට ඒ හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන බවයි. ඒ අනුව මැතිවරණ කොමිසම වෙනුවට ජනතාව වැඩි වගකීමක් සහිත ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් ඇති කලේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය මගිනි. 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිසමක් බවට පත්කල අතර කොමිසමේ සමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත විය. කොමිසම තීන්දු ගැනීමේදි ඝන පූර්ණය ලෙස ඉන් සමාජිකයින් 3 දෙනෙකු රැස්වීමට සහභාගි විය යුතුය. එහි බලතල කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වරයෙකු ප්‍රමුඛව මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් සිදු කල යුතුය. Link එහෙත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය අනුව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කිරිමේදි ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සාමාජිකයන් 3 දෙනෙකු කොමිෂන් සභාවට පත් කරනු ලබයි. “ඉන් එක් අයකු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයෙකු ලෙස හෝ ඊට ඉහළ තනතුරක රාජකාරි කල මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් නිලධාරියෙකු විය යුතුය”, යන්න පැහැදිලිව සඳහන් කොට ඇත. මේ අනුව පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරවමු. 17 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය යටතේ ස්වාධීන මැතිවරණ කොමිසම් සභාවක් පිහිටුවීම හරහා සඳහා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය ගැනීමට සමාජිකයින් 5 දෙනෙකු වු සාමාජිකයන් සංඛ්‍යාව 3 දෙනෙකුට අඩුකිරිම කිරිම ප්‍රජාතන්ත්‍රවාදී ද එසේ නැතිනම් එකාධිපති ක්‍රියාවක් ද ? 17 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය යටතේ මැතිවරණ කොමිසමේ සාමජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත වු අතර කොමිසම රැස්වීමේදි ඝන පූර්ණය ලෙස 3 දෙනෙකු සහභාගි වීය යුතුය යන්න එහි සඳහන් වුවත්, 19 ආණ්ඩුක්‍රම සංශෝධනය 104 (1) අනුව කොමිසම සාමාජිකයන් 3 දෙනෙකුට අඩු කොට කොමිසන් සභාවේ රැස්වීමේදි ඝන පූර්ණය ලෙස 3 දෙනෙකු සහභාගි වීය යුතුය යන්න සඳහන් කිරිම ඇති පදනම කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ.(1) අනුව ජනාධිපතිවරණයේ සිට ඕනම මැතිවරණයක් හෝ ජනමතවිචාරනයක් පැවත්වීම සඳහා (අ) මැතිවරණ කොමිසම් සභාව හෝ (ආ) මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා වගකීම වන්න්නෙය සඳහන් වේ. කරුණු එසේනම් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා තනතුර සඳහා රාජකාරි කරන්නේ කවුද? එම පුරප්පාඩුව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව මෙතෙක් පිරවීමට කටයුතු කර ඇද්ද යන වග? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඉ. අනුව ස්වාධීන මැතිවරණ කොමිසම සභාවේ තීරණයන් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වරයෙකු පත් කල යුතූය. එහිදි වයස අවුරුදු 65 නොඉක්මවු ඕනැම පුද්ගලයකු මැතිවරණ කොමසාරිස් ජෙනරාල් තනතුරට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යටතේ කටයුතු කල යුතුය ලෙස සඳහන් වේ, කරුණු එසේ නම් ඉතා වැදගත් ඒම තනතුර සඳහා අවම සුදුසුකම් ඇතුලත් නොකලේ කවුද? එසේ පිහිටවු කොමිෂන් සභාව සාමජිකයින් 3 දෙනා අතරට 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මැතිවරණ කොමිසමට සාමජිකයින් 5 දෙනෙකු පත් කිරිමේදී නොතිබුණ සුදුසුකමක් වන “නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයෙකු ලෙස හෝ ඊට ඉහළ තනතුරක රාජකාරි කල මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් නිලධාරියෙකු විය යුතුය” යන්න ඇතුලත් කිරිම යහපාලන මූලධර්මවල අනුකූල ද? ඒ අනුව 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 103 (1) අනුව නිශ්චිතවම කලින් තෝරාගත් පුද්ගලයකුට කොමිෂන් සභවට අනිවාර්යයෙන්ම ඇතුළු වීමට අවශ්‍ය යහපාලන ගුණාංගය ඇතුලත් කොට එහි සභාපති ලෙස විශ්‍රාමලත් හිටපු මැතිවරණ කොමසාරිස් පත් කිරීම කොතෙක් දුරට සාධාරණ ද? එසේ සභාපති ලෙස පත්වු පුද්ගලයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඉ අනුව පත්කල යුතු වයස අවුරුදු 65 නොඉක්මවු මැතිවරණ කොමසාරිස් ජෙනරාලවරයා පත් නොකර සිටීම කොමිෂන් සභාවේ නිත්‍යානුකූල මෙන්ම යහපාලන ප්‍රතිපත්තිවල කොතෙක් දුරට ගැලපෙන්නේ ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඉ. අනුව මැතිවරණ කොමිසම සභාවේ තීරණයන් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වරයෙකු පත් කොට තිබුනේ නම් ඔහු රාජ්‍ය සේවකයෙකු ලෙස කොමිසම් සභාව මෙන්ම ඡන්දය නොපැවත්වීම සම්බන්ධව එක හා සමානව වගකිය යුතුය. ඒ අනුව ස්වාධීන මැතිවරණ කොමිසම් සභාව මෙන්ම මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයාද වගකීම පැහර හැරීම හෝ මැතිවරණ දූෂණයක යෙදිම යටතේ ශ්‍රීලංකා දණ්ඩ නීති සංග්‍රය යටතේ නඩු පැවරිමට ඇති ඡන්දදායකයාගේ අයිතිය අහෝසි කිරීම, මෙන්ම එම තනතුර හිතාමතාම පුරවා නොමැති මෙම කාලය සඳහා එහි වගකීම කවුරුන් විසින් භාර ගන්නේද? මෙරටේ පොලිස් කොමිසමක් තිබේ, එම කොමිසම පොලිස්පතිගේ හෝ පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි ආවරණය නොකරයි. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව හෝ එහි සභාපතිවරයා ද එසේ විය යුතුය. මැතිවරණ කොමසාරිස් ජෙනරාලවරයා සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ රාජකාරි ස්වාධීන මැතිවරණ කොමිසමේ සමාජිකයකු වන වයස අවුරුදු 65 පැනපු සභාපතිවරයා විසින් සිදු කිරිම ලෝකයේ මොන යහපාලන මූලධර්මයන්ට අයිතිද යන්න සොයා බැලිය යුතුය. මේ වනවිට ශ්‍රීලංකාවේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව තුල සිදුවන මෙවෙනි නීත්‍යානුකූල නොවන ක්‍රියා සම්බන්ධව එයට සම්බන්ධ වු සියලුම පාර්ශවයන් අනාගතයේදි වගකිවයුත්තන් නොවන්නේද? එමෙන්ම නිසි කලට මැතිවරණ පැවත්වීමට අවශ්‍ය නෛතික අයිතිය ඇති ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව යටතේ ඇති මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන මැතිවරණ කොමසාරිස් ජෙනරාල් තනතුර පුරවා නොසිටිම ව්‍යවස්ථා සභාවේ මෙන්ම ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ වගකීම නොවන්නේද? ඉදිරියේදී ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධව තව දුරටත් අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරන්නෙමු. –

ජනතා අයිතීන් සුරකින නීතිඥ මඩුල්ලක්

19
මැයි
17

ගෝඨාභය නුඹට සහ නුඹගේ ගෞරවනීය අයියාට බොහොම ස්තූතියි.

ඉන්දීය රජයේ හිටපු විදේශ ලේකම්වරයෙකු (1 October 2006 – 31 July 2009) සහ මධ්‍යම රජයේ ආරක්ෂක උපදේශකයා (17 January 2011 – 28 May 2014) වූ ශිවශංකර් මෙනන් මහතා විසින් පසුගියදා එලි දක්වන ලද “ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය ගොඩනැංවීමේ ඇතුලන්තය” (CHOICES : Inside the Making of India’s Foreign Policy) නැමති කෘතියෙන් කල උපුටා ගැනීම් කිහිපයක් මෙසේ ය…

2009 යුද්ධය අවසාන අධියරට පැමිණෙමින් තිබෙනා කාලයේ ඉන්දීය රජය මහින්ද රාජපක්ෂගේ රජය සමඟ ඉතා සමීප හා නිරන්තර සම්බන්ධතාවක් පවත්වා ගෙන ගියේය. ඒ ශ්‍රී ලංකාවේ උතුරේ තත්වය ඉන්දියාවේ දේශපාලනයට තමිල්නාඩුව හරහා සෘජු හා දැඩි බලපෑමක් එල්ල කල නිසාය.
ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණය 2009 මැයි මස පැවත්වීමට නියමිතව තිබුන අතර එවකට බලයේ සිටි කොන්ග්‍රස් පක්ෂයට තමිල්නාඩු ප්‍රාන්තය දේශපාලන වශයෙන් ඉතා වැදගත් විය.

රාජ්‍ය තන්ත්‍රික මට්ටමෙන් ක්ෂනිකව අදහස් හුවමාරු කර ගැනීම සඳහා මීට පෙර කිසි විටක ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රියාත්මක නොවු ක්‍රමවේදෙයක් මේ වන විට දෙරට විසින් සාර්ථකව භාවිත කෙරෙමින් තිබුනි. එය අප හැදින්වූයේ ‘ත්‍රිත්ව සම්බන්ධීකරණ ක්‍රමවේදය ‘ කියා ය. මේ යටතේ වගකිව යුතු කුඩා කන්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණ ගැනීමේ හැකියාව හා බලය තිබෙන තිදෙනෙකු බැගින් දෙරට විසින් නම් කර තිබුනි.

ඉන්දියාව පැත්තෙන් මෙය නියෝජනය කලේ ඉන්දීය රජයේ ආරක්ෂක උපදේශක එම් කේ නාරායන්,ආරක්ෂක ලේකම් විජය සිං හා විදේශ ලේකම් ශිවශංකර් මෙනන්ය.

ශ්‍රී ලංකාව නියෝජනය කලේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගය.

බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාම ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරන් වීම මෙම ක්‍රමවේදය සාර්ථක වීමට මූලික හේතුවක් විය.

ඒ ඔවුන් විසින් ගනනා තීරණ පසුව වෙනස් නොවන අවසන් තීරණ වීමය.

අවශ්‍යතාවක් පැන නැගුන විට ජනාධිපතිවරයාට සෘජුවම කතා කිරීමේ හැකියාව ද ඔවුන්ට තිබුනි. ඉන්දියාවේ පැත්තෙන් ඉහත කී තිදෙනාට අමතරව එවකට සිටි විදේශ අමාත්‍ය ප්‍රනාබ් මුඛර්ජී මහතාද මෙම සම්බන්ධීකරණයට බොහෝ විට එක්විය. ඉන්දීය අගමැති මන් මෝහන් සිං මහතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට මෙම කන්ඩායම වග බලා ගත්හ.

‘ත්‍රිත්ව සම්බන්ධීකරණ ක්‍රමවේදය ‘ නිසා මීට පෙර ශ්‍රී ලංකා හා ඉන්දියා රජයන් අතර යුද්ධය සම්බන්ධයෙන් පැවති අනවබෝදය සහමුලින්ම වාගේ නැති වී ගියේය. අප කන්ඩායම නිරන්තරයෙන් මුන ගැසී සාකච්ඡා කල අතර 2009 මුල කාලයේ බොහෝ දිනවල රාත්‍රි කාලයේ ඉන්දීය ගුවන් හමුදා යානයකින් අප ලංකාවට පැමින සාකච්ඡා පවත්වා පැය කිහිපයකට පසු නැවත ඉන්දියාවට යාම සිදුවිය.

විදේශ අමාත්‍ය ප්‍රනාබ් මුඛර්ජී මහතාද බොහෝ විට අප සමග පැමිණි අතර ජනාධිපති මන්දීරයේ පැවත්වූ සාකච්ඡාවලට ජෙනරාල් සරත් ෆොන්සේකා වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද පැමිණ සිටියහ.

මේ සාකච්ඡාවලදී ඉන්දියානු නියෝජිතයින්ගේ මූලික අවධානය යොමු වුයේ යුද්ධයට කොටුවී සිටින සිවිල් වැසියන් ආරක්ෂාව සලසන්නේ කෙසේද යන්න පිළිබඳවය.

ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධය සම්බන්ධව දැඩි ස්ථාවරයක සිටි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙම කරුනේදී ඉතා සංවේදී විය. සිවිල් වැසියන් සිටින ප්‍රදේශ වලට ගුවන් ප්‍රහාර එල්ල නොකිරීම, බර අවි යොද පහර නොදීම, යුධ මුක්ත කලාප නම් කිරීම, සිවිල් වැසියන්ට ඉවත්වීම සඳහා විශේෂ කොරිඩෝවන් ලබා දීම වැනි යහපත් තීරණ මේ සාකච්ඡාවලදී ගැනුන නිසා ඉන්දීය රජයට මහත් පහසුවක් දැණුනි.

පොරොන්දු වූ දේවල් ඒ අකාරයෙන්ම ඉටු කිරීමට රාජපක්ෂ රජය සැමවිටම වගබලා ගත් බවද සඳහන් කල යුතුය.

රාජපක්ෂවරු කිසි විටක එකඟ නොවුනු කරුණක් වූයේ එල් ටී ටී ඊ නායකයින් පණ පිටින් අත්ඩංගුවට ගෙන නඩු පැවරීම සඳහා වූ අන්තර්ජාතික යෝජනායි. එසේම යුද්ධයට අන්තර්ජාතික මැදිහත් වීමකට ඉඩ ලබා දීම ඔවුන් සහ මුලින්ම ප්‍රතික්ශේප කලහ.

යුද්ධයේ අවසාන භාගයේ නෝර්වේ රාජ්‍යය හා ඇමෙරිකාව යුධ විරාමයක් ලබා ගැනීමට බොහෝ වෙර දැරූහ. ඔවුන්ගේ පැහැදිලි අවශ්‍යතාව වූයේ අනාගත ප්‍රයෝජනය සඳහා එල් ටී ටීය විනාශ වෙන්නට නොදී ගලවා ගැනීමයි.

මතු පිටින් නොපෙන්නුවද ඉන්දියාවේ තත්වය මෙයට වෙනස් විය. ප්‍රභාකරන් වෙනුවෙන් එලිපිට කතා කල තමිල්නාඩුවේ දේශපාලන නායකයින් පවා දැන සිටි කරුනක් වුයේ ප්‍රභාකරන් ජීවත් වුවහොත් යම් දිනක ඔහු තමන්ගේ ජීවිත වලටද අනතුරක් විය හැකි බවයි.

ඒ නිසා හිත යටින් ඔවුන්ද බටහිරට දන නොනමන මහින්ද රාජපක්ෂගේ දැඩි ස්ථාවරය අනුමත කරන්නට ඇත.
26 වසරක යුද්ධය ශ්‍රී ලංකාවට බොහෝ අනර්ථකාරී ප්‍රථිපල ගෙන් ආවේය. ආර්ථික වශයෙන් වූ හානිය පමනක් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවන්නට ඇත ( රුපියල් බිලියන 30,000ක්).

ලක්ෂයක් පමණ පිරිසක් යුද්ධයෙන් මිය ගියහ. ඒ අතර ඉන්දියානූ සාම හමුදාවේ 1,155 ද වේ.

යුද්ධයේ දී මහින්ද රාජපක්ෂගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ කාර්ය භාරයක් ඉටු කලේය. ජනාධිපතිවරයා යුද්ධයේ වගකීම බාර දී තිබුනේ ගෝඨාභයටය.

හිටපු හමුදා නිලධාරියෙකු වූ ගෝඨාභය යුද්යයේ අවසාන වසර කිහිපයේ සියලූම වැදගත් හමුදා තනතුරුවලට අදාල පත්කිරීම් හා යුධ තීරණවලට නායකත්වය සැපයුවේ ය. ඔහු මේ කාරණය සම්බන්ධව ගෞරවය ලබා ගැනීමටද මැලි නොවන බව ‘ගෝඨාගේ යුද්ධය’ නැමති පොත පරිශීලණය කරන්නෙකුට පෙනෙනු ඇත.

මට පෙනී ගිය කරුනක් වූයේ ලංකාවේ ආරක්ෂාව පිලිබඳ ඉතා පැහැදිලි දැක්මක් හා උනන්දුවක් ගොඨාභය රාජපක්ෂට තිබුණ බවයි. ඔහුගේ මතයන් බොහෝ විට අපගේ මතයන් හා සැසදුනි.

මහින්ද රාජපක්ෂ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට චීන සහාය බලාපොරොත්තු වූ නමුදු ඔහු අපට දුන් පැහදිලි පොරොන්දුව නම් ශ්‍රී ලංකා චීන සබඳතා කිසි විටක ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ නොතබන බවයි.

මෙහිදී ගෝඨාභයගේ සහතිකය ඉතා වැදගත් විය.

2014 මා විදේශ ලේකම්ධූරයෙන් ඉවත්වන තුරු කිසි විටක ශ්‍රී ලංකාව රාජපක්ෂවරු ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධව දුන් පොරොන්දු කඩ නොකල බව මට කිව හැක.

මෙහිදී සඳහන් කල යුතු තවත් කරුනක් වන්නේ ශ්‍රී ලංකාව කිසි විටක ඉන්දියාවට තම රටේ ආර්ථිකය හෝ ආරක්ෂාව පිලිබඳ සම්පූර්ණ අයිතිය පැවරීමට සුදානම් නොවුනු බවයි.

ඉන්දියාව පෙන්වා චීනයෙන් ආයෝජන ලබා ගනීමත්, චීනය පෙන්වා ඉන්දියාවේ අවදානය ලබාගැනීමත් ශ්‍රී ලංකාව දක්ෂ ලෙස කල අතර එහි කිසිදු වරදක් මම නොදකිමි. ඔවුන් එසේ නොකරාවි යැයි සිතීමට තරම් ඉන්දියාව මෝඩ නොවිය යුතුය.
මා දන්නා තරමට යුද්ධයෙන් පමණක් ත්‍රස්ථවාදය අවසන් කල එකම රට ලංකාව විය යුතුය.

යුද්ධයකදී ජීවිත හා දේපල හානි වැලක්විය නොහැක.මෙහිදී ඇසිය යුතු ප්‍රශ්නය නම් විවිධ අවස්ථාවල සාමය සඳහා ප්‍රයත්න දරමින් යුද්ධය 26 වසරක් ඇද ගෙන යැම නිසා වූ හානිය යුද්ධයෙන් වූ හානිය හා සම කල හැකිද යන්නයි.

2009 දී ශ්‍රී ලංකාවේ යුද්ධය නිසා ඉන්දියාවටත් ලෝකයේ තවත් බොහෝ රටවලටත් යම් තීරණ ගන්නට සිදුවිය. ලෝකයටත් අපටත් තිබුන ගැටලුව වූයේ දේශපාලන හේතු මත හෝ මානුෂික හේතු මත ශ්‍රී ලංකා රජය විසින් කර ගෙන යන ලබන වැඩපිලිවෙලට ඇඟිලි ගසනවාද නැත්නම් ඔවුන්ට ඔවුන්ගේ කාර්යය කරන්නට ඉඩ හැර බලා ඉන්නවාද යන්නයි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් අප මේ දෙකටම අතරමැද ක්‍රමවේදයක් මගින් සියලු දෙනා සතුටු කිරීමේ අසාර්ථක ප්‍රයත්නයක නිරත වුනෙමු. ප්‍රතිඵලය වුයේ අපට කිසිවෙකු සතුටු කරන්නට නොහැකි වීමයි. දේශපාලනයේදී සියලු දෙනාම සතුටු කල නොහැකි බව මින් යලිත් පෙනී යයි.

ශ්‍රී ලංකාව පිලිබඳ ගැටලුවකදී අවසාන තීරණය ගත යුත්තේ එම රටේ අවශ්‍යතා මත මිස අන්තර්ජාතික සබඳතා හෝ අන් රටවල විදේශ ප්‍රතිපත්ති මත නොවේ.

2009 දී ශ්‍රී ලංකා රජය කිසිදු විදේශ බලවේගයකට ගැති නොවී ස්වාධීනව තම රටේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටියේය.

අප සියලු දෙනාම අද පිලිගත යුතු සත්‍යය නම් එල් ටී ටී ඊ යෙන් තොර ශ්‍රී ලංකාව වඩා හොඳ රටක් බවයි. එම තත්වය උදාකරගැනීමට ඉන්දියාවද සහාය විය.

ශිවශංකර් මෙනන්
ඉන්දීය රජයේ හිටපු විදේශ ලේකම්
(1 October 2006 – 31 July 2009)
ඉන්දීය මධ්‍යම රජයේ ජාතික ආරක්ෂක උපදේශක
(17 January 2011 – 28 May 2014)

04
මැයි
17

මිහිඳු දෙවිඳුන් වැඳීම

 

කොළඹ එකා says:

බොක්කෙන් කීවෙ ලියවුනා මදී ඒත් ඇති…

එකෙන්ම කතාව මේකයි…

ඔළුවක් තියෙන කොන්දක් තියෙන දේහ ධාරී ශරීරයකින් හෙබි පිරිමියෙකු සතු රැවුල තිබූ එලම එකම නායකයා එදා මෙදා තුර මගේ දන්නා කාලෙක මැදමුලනෙ සිංහයා යකඩ මිනිසා ඔහුයි.. මහින්ද රාජපක්ෂ මැතිඳුනි කෑම පැකට් සල්ලි අරක්කු බලන් නෙමේ හදවතේ කොනක හරි ඔබ තාමත් ඉන්න නිසයි ජොබ් එක ගහල ගියත් කමක් නෑ කියල තනියම හරි මම ආවෙත්… මුල මතක මිනිස්සු අතරෙ එකෙක් වී හරි සිටීම ගැන තනිවම හරි මන් අද සතුටු වෙනවා…
මොනා උනත් දරුවෙක් හදාගන්න බැරි නපුන්සකයො ගොඩක් එක්ක රටෙන් වැඩි කොටසක් කුඹුරු කියල හිතන් ඇමති වරු දාගෙන හාන මේ වගෙ රූකඩ මහ පාරෙ දණ ගස්සලා රටත් අපිත් බේරන් ඔබත් බේරිලා ගමනක් යන්න නැවත එන්න අප්පච්චී……

සුභ අනාගතයක්…….
නමටත් ආදරෙයි හැමදාම… …….

බොක්කෙන් කීවෙ ලියවුනා මදී ඒත් ඇති…

Reply

·    jayamal says:
May 2, 2017 at 2:00 pm
කොළඹ එකා හදවතින්ම ලියූ මේ කමෙන්ට් එකට මගේ ඇස් කඳුලින් පිරුනා. ඔබ වගේම කළ ගුණ දත්…. පැහැදිලි හෘද සාක්ශියක් ඇති….. මහින්ද රාජපක්ශ මැතිතුමාට හදවතින් බැඳුනු ලක්ශ සංඛ්‍යාත ජනකායක් තමයි ගෝල්ෆේස් පිටිය පිරී ඉතිරී යන්න මැයි දිනයේ එක්වුනේ.

වැඩි ප්‍රතිශතයක් හිටියේ මේ රට රැකගන්න ඕනෑම කැපවීමක් කරන්න සූදානම් තරුණ පිරිසයි.
හරිම ආඩම්බරයි මේ පෙරලියට උර දෙන්න ආව ඔබ ඇතුලු තරුණයින් සහ සියලුම කෘත වේදී පිරිස ගැන.

මව්බිම කෑලි කෑලි වලට කඩන්න…… බුදුදහම මේ පින්බිමෙන් අතු ගා දමන්න ඉතින් නම් යමපාලනයට තියා මොන සක්කරයටවත් බැරි බව ඉර හඳ සේ විශ්වාසයි.

12
අප්‍රේල්
17

සිංහල අවුරුද්ද එන කොට රනිල් රට පනිනවා…. ඇයි බං ඒ…

සිංහල අවුරුද්ද එන කොට රනිල් රට පනිනවා. ගිය අවුරුද්දෙ කොහෙ ගියා ද කියන එක මතක නැහැ. මේ ගොල්ලන් පිටරට යන හැටියට ඒවා මතක තියාගන්න වෙන ම දත්ත බැංකුවක් තියා ගන්න වේවි. මේ පාර නම් රනිල් ගිහින් තියෙන්නෙ ජපානෙට. අවුරුදු නැකත අසුබ කියා දැන් විද්‍යාඥ බන්දුලත් කතා කරන එකේ රනිල් සකුරා මල් පිපී දැයි බලන්න යන්න ඇති. රනිල් දන්නෙ චෙරි බ්ලොසම්ස් මිසක් සකුරා මල් නො වෙයි.

කොයි හැටි වෙතත් රනිල් සිංහල අවුරුද්ද එන කොට රටින් පනිනවා. ඒ බුලත් අතක් අරං තමන් බලන්න එන්න කොල්ලො කුරුට්ටො මග අරින්න වෙන්න බැහැ. රනිල්ට අවුරුදු සිරිත් අල්ලන්නෙ නැති පාටයි. රනිල් දැන් සිංහල කතා ටිකක් ඉගෙන ගෙන ඇති නමුත් ඔහු තවමත් සිංහල බෞද්ධ සංස්කෘතියට ආගන්තුකයෙක්. අනුර කුමාර හිතන්නෙ මෙතන තියෙන්නෙ පංති ප්‍රශ්නයක් කියලා.

පංතිය කියන්නෙ මොකක් ද කියලා කාල් මාක්ස්වත් රෝහණ විජේවීරවත් දැනගෙන හිටියෙ නැති කොට අනුර මොනව කියනව ද දන්නෙ නැහැ. මාක්ස්ගෙ කම්කරු පංතිය ලෙනින්ගෙ කම්කරු පංතියට වෙනස්. විජේවීරගෙ නිර්ධන පංතිය ඒ දෙකට ම වෙනස්. ඔය පංතියට තමන්ගේ ම වූ විඥානයක් නැහැ. ඒක පිටින් ගේන ඕන. ඒ බව කියන්නෙ මා නොවෙයි, ලෙනින්. මා කියන එක විශ්වාස කරන්නෙ නැත්නම් ලෙනින් ලියලා තියෙන දේ කියවලා බලන්න. ලංකාවෙ උගතුන් කියන අය කියවන්නෙ නැහැ. බුදුන් වහන්සෙ නාගදීපයට වැඩම කෙළේ බක් මහ අමාවක කියලා කිව්වට විශ්වාස කරන්නෙ නැහැ. මහාවංසය කියවලා බලන්නෙ නැත්තෙ ඇයි?

රනිල්ට ජාතිකත්වයක් නැහැ. ප්‍රශ්නය ඒකයි. ඔහු නියෝජනය කරන්නෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය. ඒ මහුගෙ පියා ඇංග්ලිකන් ක්‍රිස්තියානි වීම නිසාවත් බාප්පා ඇංග්ලිකන් බිෂොප්වරයකු වීම නිසාවත් වෙන දෙයක් නො වෙයි. ඔහුගෙ මවගෙ පාර්ශ්වය බෞද්ධ වුණත් ඒකෙ ඩෙප් විජේවර්ධන සම්භවයක් තියෙනවා. ඒ ඔක්කොට ම වැඩිය රනිල් හැදිල වැඩිලා තියෙන්නෙ ආගමෙන් මොකක් වුවත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික පරිසරයක. පනස්හයේ ජයග්‍රහණයෙන් පස්සෙ බණ්ඩාරනායක මහත්තයත් හැන්දෙන් ගෑරුප්පුවෙන් කිරිබත් කාලා අනාගත්ත. රනිල් සංස්කෘතික වැඩවල දී කොහොමටත් අනාගන්නවා.

රනිල්ට ඒ කටයුතුවල පුරුද්දක් නැහැ. ඒ නිසා ලංකාවෙ හිටියොත් නොදන්න දෙයක් කරන්න ගිහින් රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශවලට අහුවේවිය කියා රනිල් අවුරුද්දට කලින් රටෙන් පැන ගන්නවා වෙන්න ඇති. මේ අවුරුද්දෙ නම් රනිල්ට තවත් හේතු තියෙන්න ඇති පැන ගන්න. මේ ගමන නැකත අසුබයි කියලා දෛවඥයන් රාශියක් ම කියලා තිබුණා. රනිල් හිතුව ද දන්නෙ නැහැ රටින් පැනලා ගිහින් අසුබ නැකත මගහරින්න. එතකොට මෛත්‍රිට සිද්ධ වෙනවා ඒකට මුළුමනින් ම කරගහන්න. මෙතන දි මෛත්‍රි කියන්නෙ මෛත්‍රි වික්‍රමසිංහ නොවෙයි ගොවියා පුත් මෛත්‍රිපාල සිරිසේන.

බන්දුල ගුණවර්ධන රවි කරුණානායක වගේ ම ආර්ථික විශේෂඥයෙක්. බන්දුලට ජාත්‍යන්තර සම්මානයක් නම් ලැබිලා නැහැ. ඒත් බන්දුල අප වගේ නොවෙයි. මහා ප්‍රබුද්ධයෙක්. ඔහුට සිංහල අවුරුද්දක් නැහැ. ඔහු වජිරාරාමෙට ගිහිල්ල සිංහල ද්‍රවිඩ අවුරුද්දක ද මොකක් ද එහෙක නැකැත් ගැන කතා කරන්න. නැකැත් අසුබයි කියලා බන්දුලට ප්‍රශ්නයක් වෙලා. නැකැත් විද්‍යාත්මක කියලා බන්දුල කියනවා ද? බන්දුලට අනුනායක හාමුදුරුවො අනුශාසනා කළ අන්දමක් ගැන වාර්තා වෙලා තිබුණෙ නැහැ.

ද්‍රවිඩ කියන්නෙ දකුණ කියන එක. වින්ධ්‍යා කඳුවැටියෙන් දකුණ. බන්දුල ලංකාවෙ දකුණෙ මිනිසුන් ගැන කතා කෙරුව වෙන්න බැහැ. හින්දු අලුත් අවුරුද්දක් ගැන සඳහන් වෙන්නෙ නැහැ. හින්දු අවුරුද්දක් අද ඉන්දියාවෙ පැවැත්වෙන්නෙ නැහැ. එදා පැවතුනෙත් නැහැ. අප්‍රේල් දහහතර ඉන්දියාවෙ නිවාඩු ලැබෙන්නෙ ප්‍රාන්ත කිහිපයක විතරයි. හින්දු අවුරුද්දක් ගැන කතා කරන්න පුළුවන් තෛපොංගල් දිනයෙන් පටන් ගෙන පමණයි. වෙනත් හින්දු අවුරුද්දක් ගැන කතා කරන්න බැහැ.

ඒත් ඉංගිරිසි කාරයො ලංකාවෙ සිංහල අවුරුද්දට නිවාඩු දෙන විට හින්දු ජනතාවටත් නිවාඩුව දෙනව කියලා කියන්න, එහෙම නැත්නම් තුලනය (බැලන්ස්) කරන්න අවුරුද්ද සිංහල හින්දු කියලා නම් කළා. ඒ කාලෙ මේ රටේ දෙමළ අනන්‍යතාවක් තිබුණෙ නැති බව ඒකෙනුත් පේනවා. නැත්නම් ඉංගිරිසින්ට සිංහල දෙමළ අවුරුද්ද කියලා නම් කරන්න තිබුණා. සිංහල හින්දු අලුත් අවුරුද්දක් ගැන කිවුවට යාපනයේ අපේ වගේ අවුරුද්දක් තිබුණෙ නැහැ. අදත් නැහැ. බන්දුලට යාපනයට යන්න බැරි නම් දහහතරවැනිදාට වැල්ලලවත්තට ගිහිල්ල බලන්න පුළුවන්.

අවුරුදු විස්සකට විතර ඉස්සර පඬියන් සිංහල දෙමළ අවුරුද්ද කියලා කියන්න පටන් ගත්ත. ඒ සිංහල හින්දු කියන එක ගැලපෙන්නෙ නැති නිසා වෙන්න ඇති. ඔය දෙමළ අවුරුද්ද යාපනයට ආවෙ කෝරමණ්ඩල වෙරළෙන් ද සිංහලයන්ගෙන් ද? අපේ පුණ්‍යකාලය ඉන්දියාවෙ නැහැ. යාපනයෙ පුණ්‍යකාලම් කියලා ගාව ගෙන තියෙනවා. ඒත් පුණ්‍යකාලමේ දී වැල්ලවත්තෙ කෝවිලට කී දෙනෙක් යනව ද?

අද බන්දුල ප්‍රබුද්ධයකු නිසා දෙමළ කියන්නවත් කැමති නැහැ. ඔහු නොදන්නා ද්‍රවිඩකමක් ගැන කතා කරනවා. බන්දුල වගේ ප්‍රබුද්ධයන් පාර්ලිමේන්තු යන්නෙ සිංහල ඡන්දවලින් මිසක් ඊනියා ද්‍රවිඩ ඡන්දවලින් නොවෙයි. ඒත් ඔවුන් සිංහලයන්ට තම අවුරුද්ද අහිමි කරනවා. මේ ටික කියවලා කියන්න නලින් ද සිල්වා කියන්නෙ අන්තවාදියෙක් කියලා.

මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org/2017/04/blog-post_11.html
නලින් ද සිල්වා
2017 අප්‍රේල් 11

28
ජන.
17

උරුමයක් නැති ජාතියක්

උරුමය නැතිකරගන්නා ජාතිය

ඉතිහාසය පුරා එකල විවිධ නම් වලින් හැඳින්වූ ලංකාවට ලෝකය පුරා පිලිගැනීමක් ලැබුනේ මහාතිත්ත, ගෝකන්න, ජම්බුකොලපටුන , ගොඩවාය වැනි වරායවල් නිසාය. ඉතිහාසයේ ප්‍රකට නාවිකයින් බොහෝමයක් ලංකාවට ගොඩබැස්සේ බටහිටර හා නැගෙනහිර යා කරන මුහුදු මාර්ගයේ ලංකාව පිහිටි නිසාත් ඉන්දියා මහද්වීපයට සමීපව පිහිටා ඇති නිසාත්ය.ලෝකයේ පැරණිතම පොතක් වන බයිබලයේ තැන් කිහිපයකම සඳහන් වන සොලමන් රජු මැනික්, ඇත්දල, වඳුරන් හා මොනරුන් ආනයන කල ටාෂිශ් නැමති වරාය ලංකාවේ දකුණුදිග වරායකැයි සමහර ඉතිහාසඥයෝ තර්ක කරති.ක්‍රිස්ටෝපර් කොලොම්බස්ටත් පෙර ලෝකය වටා ගියායැයි විශ්වාස කෙරෙන ෂෙන්ග් හේ නැමති සුප්‍රකට චීන නාවිකයා සිය දීර්ඝ මුහුදු චාරිකා 7න් 6 කදීම ලංකාවට ගොඩ බැස ඇත. 11-12 වන සියවස්වල චීන වරායන්ට පැමිනි සමහරක් විශාලතම වෙළඳ නැව් පැමිනියේ ලංකාවෙන් බව පැරණි චීන පොත්පත්වල සඳහන්වේ. රෝම අධිරාජ්‍යට ලංකාවෙන් දූතයින් පැමිනි බව ප්ලියිනි නැමති රෝම ඉතිහාසඥ්යා ලියා ඇත. මෙවැනි ප්‍රෞඨ නාවුක ඉතිහාසයකට අපට හිමිකම් කිව හැක්කේ අපේ භුගෝලිය පිහිටීම හා වරාය සම්පත් නිසාය. එමෙන්ම ලංකාවේ වර්ග කිලෝමීටර 65,000ක් භූමි ප්‍රමානය මෙන් 25 ගුනයක මුහුදු කලාපයක් එක්සත් ජාතීන්ගේ නවතම මුහුදු සීමා නීර්ණ නීතිය යටතේ අපට මෑතදී අයිතිවූ නිසා අනාගතයේ රට සංවර්ධන ක්‍රියාවලියේ සාගර ආශ්‍රිත ආර්ථික විසඳුම් ඉතා වැදගත් වනු ඇත. චීනයට හම්බතොටත් ඉන්දියාවට ත්‍රීකුණාමලය හා කන්කසන්තුර වරායනුත් දීර්ඝ කාලීන ගිවිසුම් යටතේ බදු දීම අනාගත පරපුර පවාදීමක් ලෙස මා දකින්නේ ඒ නිසාය. මේ වරායවල් අද ලබන හෝ නොලබන ආදායම ගැන කතාකරනවා වෙනුවට බුද්ධිමත් ජාතියක් සාකච්චා කල යුත්තේ හොඳ කලමණාකරනයක් යටතේ අනාගතයේ ලබා ගත හැකි ආදායම ගැනය. මේවා ගැන කතා කරණ විට එය දේශපාලනය කතාකිරීමක් ලෙස සිතා නොසතුටට පත්වන ශ්‍රී ලාංකිකයන් හුදකලා චරිත නොවේ. අප තාමත් මෙතන සිටින්නේ එවැන්නන් බොහෝ දෙනෙකු ඉතිහාසය පුරා මේ රටේ ජීවත් වූ බැවිනි.

උපුටා ගැනීම – ආචාර්ය නාලක ගොඩහේවාගේ මුහුණු පොතින්




අනවශ්‍ය දේවල්

  • 160,864 ක් බැළුවා

මරුවා වැහෙන දින

දෙසැම්බර් 2017
බ්‍ර සි සෙ
« නොවැ.    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා