Archive for the 'ඩේලිනිව්ස්' Category

01
ජන.
18

එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය වෙත…. To the innocent UN and Global Tamil Union

Advertisements
18
දෙසැ.
17

රුවන්ගේ හිස්ටීරියාව

හිස්ටීරියාව 

වෛද්‍ය රුවන් එම් ජයතුංග

හිස්ටීරියාව මා තුලින් හොයන්න එපා දොස්තර මහත්තයෝ , අපේ සමාජය තුලින් සොයන්න​. තමන් ගේ අර්ථික සාමාජීය ජීවිත පාලනය කිරීමට නූගත් මදාවි මැරයන් පාර්ලිමේන්තුවට යවන ශ්‍රී ලාංකිකයා තුලින් හිස්ටීරියාව සොයන්න​.

ජීවිතය මහාමාරිය වගේ ඒක දැක්කේ කැමූ විතරක් නෙවෙයි. මමත් දැක්කා. ගඳ ගහන විෂබීජ පතුරන ජීවිතයක් මේක. අපේ නෛසර්ගික හුදකලා බව විතරක් නොවෙයි ආත්මාර්තකාමීත්වයත් පෙන්නුම් කෙරෙනවා. ඔරාන් නගරයේ වාසීන් වගේම අපි හැමෝම මහාමාරියෙන් යටවෙලා. ඩොක්ට තිස්ස ඔරාන් නගරයේ දොස්තර බර්නා රිය වගේ මහාමාරියට බෙහෙත් කරනවා. ඒත් හැමතැනම මහාමාරිය පැතිරෙනවා. අපගේ අධ්‍යාත්මය ක්ෂය වී යනවා. සෑම තැනකම මීයන්. උන් ජීවිතවල කුණු සෑම දිශාවකටම ඇදගෙන යනවා.

*********************************************

මනස පදාර්ථයක් සේ වෙන් කල හැකිද ? අපි පදාර්ථය ගත්තොත් ඒ පාදාර්ථය කුඩා අංශු දක්වා කඩන්න පුළුවන්. අපි පරමාණුව දක්වා ඒ පදාර්ථය කැඩුවා. පරමාණු තව දුරටත් කැඩුවොත් හමුවෙනවා ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, මිසෝන අංශු ඒවා  තව දුරටත් කැඩුවොත් ලැබෙන්නේ තරංග. ඒ  හරහා විද්‍යාඥයෝ ඉදිරිපත් කළා ස්ටි‍්‍රං තියරි කියල මතයක්. මේ ස්ටි‍්‍රංස් තව දුරටත් විබණ්ඩනය කළොත් ලැබෙන්නේ මොනවද? ශක්තිය. ශක්තිය තවදුරටත් විශ්ලේෂණය කලොත් අපට ලැබෙන්නේ මොනවද? මේ විදිහට අනන්තය දක්වා අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒත් මට හිතෙනවා අවසානයේදී වෘත්තයක ගමන්කරන්නා ආරම්භ කරපු ලක්‍ෂයට එනවා වගේ අන්තිමට අපි එන්නේ එකම තැනට කියලා. මනසත් මෙසේ විබණ්ඩනය කළහොත් අවසනයෙ දි  වෘතයක ගමන් කළා වගේ අපි යලි එම ස්ථානයට ලඟා වෙනවද ?

මම මේ ගැන වාද කළා ඇමරිකන් ලෙක්චර කෙනෙක් එක්ක. රොබට් ගාඩිනර්, රොචෙස්ටර් යුනිවර්සිටි එකේ. හොඳ බුද්ධියක් තියෙන මිනිහෙක්. අයින්ස්ටයින්ගේ මල්ලි වගේ. රොබට් විශ්වාස කළා පැරලල් යුනිවර්ස් තියරි එක ගැන. ඩොක්ට තිස්ස දන්නවද පැරලල් යුනිවර්ස් එකේ කාලය යන්නේ ඉදිරියට නෙවෙයි පිටිපස්සට. හිතාගන්නත් අමාරුයි නේද? කාලය කොහොමද පස්සට යන්නේ. එතකොට අපි මහළු වෙනවා වෙනුවට තිරිහන් වෙනවා. එතකොට ඒකේ සීමාව මොකක්ද? සීමා රහිතව කාලය ගලාගෙන යනවද? මේවා මනස්ගාත වෙන්නත් පුළුවන් ප‍්‍රාතිහාර්ය වෙන්නත් පුළුවන්.

මට තේරෙන හැටියට හැම ප‍්‍රාතිහාර්යක් පසුපසම අහඹුව කියන සංසිද්ධිය තියෙනවා. ඒ නිසා ප‍්‍රාතිහාර්යයේ අගය අඩු වෙනවා. අහඹුවෙන් තොර සුපිරිසිදු ප‍්‍රාතිහාර්යයක් දැක්ක කෙනෙක් ඉන්නවානම් ඉදිරියට එන්න. අපි යන දිශාව සමහර විට අපිව නිෂ්පාදනය කරනවා නැත්නං විනාශ කරනවා. ගම්පෙරලිය බලන්න. දියුණුවෙන්න හිතාගෙන පියල් කොළඹ ගියා. මිනිහා දියුණු වුණා. ජිනදාස බිබිලෙට ගියා. එතනින් මිනිහා නැති වුණා. ජිනදාස කොළඹ පැත්තට ගියානං සමහර විට මිනිහා දියුණු වෙලා.දිශාව තමයි ඒ දෙන්නගේ දෛවය තීරණය කළේ.

තවත් උදාහරණයක්. කිසලොව්ස්කිගේ නියමය අනුව වයිටෙක් ගේ අනාගතය තීරණය වන්නේ ඔහු දුම්රිය අල්ලා ගැනීමට දුවන විට. එක්කෝ ඔහු භක්තිමත් කොමියුනිස්ට් සාමාජිකයෙක් වෙයි නැතහොත් ගුලර්ග්   ශ්‍රම කඳවුරකට ජීවිතය දිය කරයි නැතිනම් කිසිම වෙනසකින් තොරව ඔහුගේ ජීවිතය ගලා  යයි.

සමහරු කියයි දෛවය වෙනස් කරන්න බැහැ කියලා. ඒ ගැන කියන්න දන්නේ නැහැ. එකක් කියන්න පුළුවන් අපි හැමෝම සෙක්කුවල බැදලා ඉන්නේ. මේ ජීවිත සෙක්කුවලින් ගැළවිලා යන්න බැහැ. රක්ෂාව, විවාහ කියන සෙක්කුවලට අහු වෙච්ච මිනිස්සු ඒ සෙක්කුවලින් මිදෙන්න බැරුව එකතැන කැරකෙනවා. පැනලා යන්න බැහැ. සෙක්කුවේ බැඳලා වටේ කැරකෙන්නත් බැහැ. දුවන්නත් බැරි නිසා, පළා යන්න බැරි නිසා අපි ජීවිතය කියන සෙක්කු වටා කැරකෙනවා. ඒ අතරේ සමහරු අනුන්ගේ බෙලි කපලා හරි ඉදිරියට යනවා. හයිලැන්ඩර් චිත‍්‍රපටය වගේ. අවසානයට ඉතුරුවෙන්නේ එක් අයෙක්. එක්කෙනෙක් ඉතිරි වෙනකං බෙලි කපනවා. ඒ මතින් ගමනට ශක්තිය ග‍්‍රහණය කර ගන්නවා.  ඒ   නිසා දෑත බැඳලා කඩුවෙන් බෙල්ලට කොටනවා. There can be only one අපි ඔක්කොම හයිලැන්ඩර්ස්ලා.

*******************************************

ටෙනිසන්ගේ පද්ම භක්‍ෂකයෝ කවරහුද? පද්මයත් පුෂ්පයත් නටුවෙන් ගෙන අනුභව කළ හැක්කේ කාටද? ටෙනිසන් ව්‍යාංගයෙන් කියන්නේ කවුරුන් ගැනද? මගේ හිත ව්‍යාකූල වෙලා. මාර්ගෝ රැුජින ළඟ වාඩි වෙලා ඇයට තුර්ගේනිව්ගේ නවකථාවක් සඳ එළිය යටට වෙලා කියවන්න ලැබෙනවානම් ඊටත් වඩා දෙයක් නැහැ. මම සඳ එළියට බයයි. සඳරැස් දුවිලි  මතට වැටුණහම බ‍්‍රැම් ස්ට්‍රෝකර් කියනවා වෙම්පයස්ලා අවධි වෙනවලූ. ජොනතන් හාකර්ව බදා ගන්නට පැමිණි වෙම්පයර් කාන්තාවන් මගේ පස්සේනුත් එයිද? මට පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මගේ මනස පීකෝඞ් නෞකාව පදවන කපිතන් අහාබ් ගේ මනසට සමාන කරන්න පුලූවන්. ධවල තල්මසා සොයාගෙන මහා සාගරය දෙබෑ කරගෙන යන අහාබ්ගේ නෞකාව වගේ මගේ මනස තුළ සිතුවිලි ගමන් කරනවා.  මගේ මනස තෝන්තු වෙනවා. මගේ මනස ලෙඩ ඇති. මට මේවා පෙනෙන්න ඇත්තේ  එක නිසයි. . මුළු මාර්ගයම දුවිල්ලෙන්  වැහිලා ඇස් දනවා. නාසයෙන් සොටු දියර ගලනවා. ළඟ ඉන්න කිසිකෙනෙකු  පේන්නේ නැහැ. දුවිලි මූණේ ඇළිලා. දහවලත් අන්ධකාරයි. දහවලේ අඳුර වගේ. බුහාරින්ට වෙච්ච දේ මටත් වෙයිද? එත්  මට බයක් නැහැ. බය කියන හැඟීම දැනෙන්නේ නැහැ. උන්මට යකඩ පොළුවලින් තලනවා. මට වේදනාවක් නැහැ. මගේ ශරීරය මගේ නෙවෙයි. මගේ ශරීරය මට අයිති නැහැ.

මගේ හිසට වතුර බාල්දියක් හැලුවා. අත මිටමොලවලා මුහුණට පහර දෙක තුනක් ගැහුවා. මම නිහඬව හිටියා. ඊට පස්සේ මාව ඇදගෙන ගෙනිහින් මේසයක වාඩි කරවා මගේ අත් දෙක ඉදිරියට ඇදලා බැන්දා හෙල්ලෙන්න බැරි වෙන්න. ඒත් මම කිසිම දෙයක් කිව්වේ නැහැ.  අඟලක් තරම් මහතා පොල්ලකින් මගේ ඇඟිලි ඇට වලට ගැහුවා. මම ආධ්‍යාත්මය සමග බැඳී හිටියේ මම වේදනාව යටපත්කර ගත්තා.  වදකයාට  මහන්සි මට තලලා , ඔහුගේ මුහුණෙන් දහදිය බේරෙනවා. නමුත් මම ශාන්තව ඉන්නවා. මගේ නළලේ එක දහදිය බින්දුවක් නැහැ. මට හිතුනා වධකයා තමයි වදයට ලක් වෙන්නේ කියලා.

ඔබලාට පුළුවන් මට පහර දෙන්න. මගේ අතපය බැඳ දමන්න. මාව කුදලාගෙන ගිහිල්ලා  මගේ හිස හරහා විද්‍යුත් ධාරාවන් යවන්න. මගේ මුළු ශරීරයම අපස්මාරගැස්මකට ලක් කරන්න. මගේ දත් ගැටෙයි, සමහර විට දිව හැපෙයි , තුවාල වූ දිවෙන් ලේ  ගලයි. මගේ භින්නාවේගික සිතිවිලි තාවකාලිකව අඩපණ වෙයි. නමුත්අළු මතින් මා නැගිටිනවා.

*******************************************************************

ශාරීරික වදය ඉවසන්න පුළුවන්. නමුත්  ආධ්‍යාත්මික වදය දරා ගන්න බැහැ. කුසුමට දැනුනේ අධ්‍යාත්මික වේදනාවක් ද ? කුසුම් ගැන ඩොක්ට හිතන්නේ මොකක්ද? මම කිව්වේ කරුණාසේන ජයලත්ගේ ගැහැණු ළමයි පොතේ එන කුසුම්. ජයලත් කුසුම්ගේ චරිතය ගොඩ නැගුවේ ඇඞ්ලින් හේවාවිතාරණගේ චරිතය අරගෙන. ඇඞ්ලින්, ආනන්ද ගොඩගේ ගේ රථයේ රෝදයට යට වුණා. කුසුම් ඞී.ආර්. ඕ.ගේ කීර්තියට යට වුණා. ඒ අයට වේදනාව දැණුනා. ශරීර තමන්ගේ අයිතියට ලක් කරගෙන හිටපු නිසා වේදනාව තදින් දැණුනා.අධ්‍යාත්මික වේදනාව වඩා ඉහල ඇති. ඔවුන් වේදනාවෙන් මුසපත් උනා.  සූමෝ ක‍්‍රීඩකයන් වගේ ශරීරය හා වේදනාව අතර තියෙන සහ බන්ධනය ඉවත් කරන්න  ඕනේ. එතකොට වේදනාව දරාගන්න පුළුවන්.

*****************************************************************

මීට අවුරුදු තුනකට ඉස්සෙල්ලා මම නිවාඩුවකට බර්න්වලට ගියා. මට හමුඋනා දේශපාලන රැුකවරණ පතා සුවිට්සර්ලන්තයට ගිය දෙමළ තරුණයෙක්. මිනිහා කොටියෙක් වෙන්න ඇති. ඒත්  එයාගේ දේශපාලන දර්ශනය මට බලපෑවේ නැහැ. අපි බර්න්වල රෙස්ටෝරන්ට් එකක බියර් බිබී කතා කළා ජීවිතය ගැන. මනෝහාර් යුද්ධයට සල්ලි පොම්ප කරනවා. ඒ නිසා ඔහුත් යුද්ධයට සම්බන්ධයි. මම නියෝජනය කරන්නේ මහ ජාතිය. අපේ ජීවිත ගිනිකඳු වගේ. වරින්වර උතුරා යනවා. අවසානයේදී නිර්දෝෂි මිනිසුන් වන්දි ගෙවනවා. හරිකේන්, රූබන්, කාටර් වගේ නිවැරදි මිනිසුන් විඳවනවා.  මිනිහගේ නම සෙල්වරාජ් මනොහර්. ගම අරියාලේ. දැන් ඉන්නේ බර්න්වල. අසූතුනේ තමිල්නාඩුවට ඇවිල්ලා එතනින් ජර්මනියටත් පස්සේ සුවිස්ටර්ලන්තයටත් ආවා. අපි හැමදෙයක් ගැනම කථා කළා. යුද්දේ ඇර. අපිට උතුරේ යුද්ධය ගැන කථා කරන්න බැහැ. යුද්ධය  අපි දෙන්නටම තහනම් වචනයක් වෙලා. අපි දෙන්නගෙන්  කවුරුන්වත් තහනම් කලාපයට යන්නේ නැහැ. අපි බොස්නියාව ගැන කථා කරනවා, යාපනය ගැන කථා කරන්නේ නැහැ. නමුත් ඇස් වලින් අපි සත්‍ය කථා කරනවා. දෙදෙනාගේ ඇස් වලින්  තහනම් අඩවියේ අර්ටිලරි හඬ පැතිරෙන ජිවිත ගැන කථා කරනවා.  එතකොට අපේ අදහස් නයගරා ඇල්ල වගේ කඩා හැලෙනවා.

***********************************************

නිව් යෝර්ක් සිටි හි හාර්ලෙම් වල ගතවූ දිනය මට සිහියට එනවා. මම හිටියේ සබ්වේ ස්ටේෂමක් අසල. මනස්කාන්ත ලෙස ඇඳ පැළඳගෙන සිටි අප්‍රිකානු ඇමරිකානු ඒ කියන්නේ වාර්ගික තහනම් වචනය නිග්‍රෝ කෙල්ලෝ දෙන්නෙක් ඇවිදගෙන එනවා. ඔවුන් දෙදෙනා සිනාසෙමින් ශබ්ද නගා කතා කළා. කටහඬ තුල අසංවර බවක් මම දුටුවා. කටහඬවල් තුල මිනි කිංකිනි නාදයක් මට ඇසුනේ නැහැ. ඇසුනේ ගොරෝසු නාදයක්. නමුත් ඔවුන් ඉතා කාමුකයි. හදිසියේම ඔවුන් දෙදෙනා තවත් උස හඬින් වාද කළා. මට ඇසුනා අප්‍රිකානු ඇමරිකානු උරුවට කියන අසභ්‍ය වචන. වටේ සිටි කවුරුවත් මේ වාදයට අවධානය යොමු කලේ නැහැ. එක් අයෙකු හැර . ඔහු මහළු කළු ජාතික බේබද්දෙක්. ඔහු සබ්වේ ස්ටේෂම අසල බිත්තිය කොනේ වාඩිවී සිටියා. හදිසියේම කළු කෙල්ලන් දෙදෙනා පොරකන්නට පටන් ගත්තා. රණ්ඩුව නවත්වන්න කවුරුත් නැහැ. දෙදෙනා දෙදෙනාට පහර දී ගන්නවා. ඔවුන් පැළඳ සිටි විශාල කරාඹු ඒ මේ අත වැනෙනවා. අතපය විසිවෙනවා. එකියක් අනෙක් කෙල්ලගේ බ්ලවුස්  එක ඉරුවා. ඒ කෙල්ලගේ දුඹුරු පැහැති ප්‍රාණවත් විශාල පියයුරු එළියේ. ඒ කෙල්ල යෙහෙළියගේ කහ පාට ටී ෂර්ට් එක ඉරුවා. දැන් දෙවෙනි කෙල්ලගේත් දුඹුරු පියයුරු එළියේ.

දෙදෙනා එක පොදියට පොරකනවා. මහළු බේබද්දා මේ දර්ශනය දෙස අසාවෙන් බලා සිටිනවා. වෙන කිසි කෙනෙකු අවධානය යොමු කරන්නේ නැහැ. කෙල්ලන් දෙදෙනා කෝපයෙන්, රාගයෙන් පොරකනවා කියලයි මට හිතුනේ. හදිසියේම පොලිස් සයිරන්  හඬක් ඇසුනා. හරියට හද කිලිපොලාගෙන අභ්‍යන්තරය බිඳ වැටෙනවා වගේ  හඬක්. පොරකකා හිටපු කෙල්ලන් දෙදෙනා රණ්ඩුව නැවත්තුවා. ඉරුණු ඇඳුම් එකලාසයක් කරගත්තා. දෙන්න එකට කථා කරගෙන හිටියා වගේ සබ්වේ එක ඇතුලට දිව ගිය. මොහොතකින් ඔවුන් නොපෙනී ගියේ පාවෙලා යන වලාවක් වගේ. මහළු කළු ජාතික බේබද්දා තම දුඹුරු පැහැති දත් පෙන්නමින් සිනහවෙනවා. මේ දර්ශනය ඔහුට ගොඩක් වේලාවක් මතකයේ තියේවි.

******************************************************

මම දැක්කා මනමේ කුමරිය. ඇය හරියට   ප්රින්සස් ලියා වගේ ඔව් Leia Amidala Skywalker  කුමරිය වගේ. මගේ ඇස් මට බොරු කලේ නැහැ. ඇය කිව්වා  “නැත අන් සරණා ඔබ හැර මෙමටා-     වනයේ විසුමා වෙන්නේ සැමදා වග වලසුන්ගේ උවදුරු වලකා රකිනුය ඔබ මා, රකිනුය ඔබ මා ” . මනමේ කුමරා ලේ පෙරාගෙන ඇද වැටිලා. හරියට හි පහර කාගෙන  ඇද වැටුන පැරිස් කුමාරයා වගේ. ඔහුගේ උදරයෙන් ලේ ගලනවා. හුස්ම ගන්නේ අමාරුවෙන්. මට පසුබිමෙන් ඇසුනා බොන් ජෝවිගේ කටහඬ.ඔහු කිව්වා  This Romeo is bleeding, but you can’t see hisblood මුළු ගීතයම වාදනය උණා. රඟහල තවමත් අඩ අඳුරේ. මම දකින්නේ මනමේ කුමරු , මනමේ කුමරිය සහ වැදි රජා විතරයි. ජෝන් බොන් ජෝවිගේ Romeo Is Bleeding මට නොකඩවා ඇසුනා. ඇත්තටම මනමේ  නාට්යේ මනමේ කුමරා මැරෙන අවස්ථාවට ඒ ගීතය වාදනය උනා නම් කියල මට හිතුනා. කොපමණ අලංකාර ඔපෙරාවක් වෙයිද ?  ඩොක්ටර් සරත්චන්ද්ර ඒක ඇසුවානම් අනිවාර්යෙන්ම එකග වෙනවා එම මනමේ කුමරා මැරෙන  අවස්ථාවට බොන් ජෝවිගේ ගීතය වාදනය කිරීමට. ඒ ගීතය නොඇසූ දෙසවන් කුමටද? සවන් දෙන්න….

ගීතය කෙමෙන් කෙමෙන් අවසන් වෙනවා. මනමේ කුමරා මිය ගොසින්. යලිත් නිහඬතාවය සහ අඩ අඳුර.  මනමේ කුමරිය කියනවා “මනමේ රජු ඔබ – ගෙල සිඳ ලන්ටා කඩුව ඉල්ලු සඳ – ඔහු වලකන්ටා කළ තැත දුටුවද- ඔබ ගලවන්ටා සිතුණේ කඩුව ඔබ – අතටම දෙන්ටා ” ඔපෙරාව අවසානයක් නැතිව ඇදෙනවා. හරියට ඒකාකාරී ජිවිතයක් වගේ.

 

ඒකාකාරී ජීවිතය මම දැක්කා අප්‍රිකාවේදී. අප්‍රිකාවේ ගෝල්ඩ් කෝස්ට්  අර්ධ නාගරික ජීවිතය. මිනිසුන් යනවා රන් හාරන්න ගඟ නිම්න වලට හිමිදිරි උදයේ.  උදළු  තල සිය ගනනක් පොලව මත වදිනවා, පස් හාරනවා, හාරපු පස් කුඩා වලට දානවා, ගං තෙරට ගෙනෙහින් වේවැල් පස් කුඩ වතුරින් මිශ්‍ර කරන ගමන් පස් කැට සෝදා යවනවා. මෙහෙම දිගින් දිගටම කරලා අන්තිමට පස් හේදිලා ගියාම කුඩයේ පතුලේ ඇහැට පෙනෙන නොපෙනෙන රන් කැට  සොච්මක්  තියනවා. ඒ වෙන කොට හිරු බැස ගිහිල්ල අඳුර උදාවේගෙන එනවා. හැමෝටම රන් කැට ලැබිල නැහැ, බොහෝ දෙනෙක් අපහු නවාතැන්පොළට යන්නේ හිස් අතින්. රන් ලැබුණු වාසනාවන්තයෝ ඉක්මනට ඇඟපත හෝදගෙන , ඇඳුමක් ඇඳගෙන  ගරාවැටුණු පොඩි  ටවුමට යනවා.

ටවුමේ ලෑලි කඩයක් තියනවා මේ මිනිසුන් ගෙන රන් කෑලි කුණු කොල්ලයට. මුළු දවසක ශ්‍රමයට ගෙවනවා. Cedi පහක් , දහයක් විතර. මුදල් නෝට්ටු අතේ ගුලිකරගන්නා මේ මිනිස්සු  යනවා ළඟ තියන බාර් එකට. එකත් කිළුටු ගුහාවක්. කැඩීගිය  වේවැල් පුටු අබලන් මේස තියන ගෝෂාකාරී තැනක්. ලාබ රම් , පාම් වයින් , උක්ගස් වලින් පෙරන Akpeteshie  පානය. මේ වගේ ලාභ බිමක් ඇනවුම් කරනවා. කුඩාවට කපල තම්බපු  එළුමස් එක්ක බෝංචි පිගනකුත් ලැබෙනවා. ඒක කන ගමන්  මධ්‍යසරයත්  ගන්නවා.  බාර් එකේ පරණ කැසට් රේඩියෝවකින් අයිජිබේ එඩේම් ගේ වේග රිද්ම ගීයක් ඇහෙනවා. මිනිසුන්ගේ කතා බහ , ගෝසාව, බාර් එකේ වැඩ කරන කිළුටු ගවුම් ඇඳගත් නාවර පෙරාගෙන සිටින වෙටර්වරියන් දෙදෙනා පිගන් අතින් ගෙන අමුත්තන්ට සංග්‍රහ කරනවා.

බාර් එකේ කවුන්ටරේ සිටින මදි වියේ මිනිසා සුරුට්ටුවක් උරණ ගමන් රම් කෝප්ප වලට වත්  කරනවා. ඔහුගේ ශක්තිමත් කාලවර්ණ අත් , සුදු පැහැති දත් , විශාල රතු පැහැ  තොල් ,අමිත්රශීලි දෙනෙත්  සුරුට්ටු දුමාරය අතරින් දැක ගන්න පුළුවන්.  බාගෙට මත්  වූ අමුත්තන් දැන් උස හඬින් වාද කර ගන්නවා. තම තමන්ගේ පම්පෝරි කියවනවා. රන් හාරන මිනිසුන් තමන්ගේ වසනා  චක්‍රය ගැන කථා කරනවා. මේ වෙලාවේ බාර් එකට එනවා මුනේ පවුඩර් උලාගෙන ලිප්ස්ටික් ගාගෙන කළු පාට කලාව යුග්ම පේන්න කොටට ඇඳපු කෙල්ලන් රංචුවක්. මේ කෙල්ලෝ ඉස්කෝලේ යන වයසේ කියන්න පුළුවන්. සමහරුන්ගේ පියයුරුවත් හරියට මෝරලා නැහැ. නමුත් ඔවුන් සියලුදෙනා ගණිකාවන්. රන් හාරන මිනිසුන්ගෙන් යැපෙන , ඇඟ විකුණලා මල්ලිලාට නංගිලාට කෑම වේල හොයල දෙන්න , දවසපුර බීගෙන ඉන්න පියා මුදල් නොදී පහර දී එළවා දමපු අම්ම ගෙදර නඩත්තුවට මුදල් හොයන්නේ  කොහොමද කියල දහ අතේ කල්පනා කර කර ඉන්නකොට දුව බාර් ඒක පැත්තේ ගිහිල්ලා මුදලක් හොයාගෙන ඇවිල්ල අම්මට දෙනවා.

 

කෙල්ලෝ ටික බාර් එකට ගොඩ වෙනකොට මිනිසුන්ගේ ගෝෂාව අඩු වෙලා ඔක්කොම එකපාරටම කෙල්ලෝ දිහා බලනවා. ටික වෙලාවකින් කෙල්ලන් වේග  සංගීත රිද්මයට   නටන්න පටන් ගන්නවා. ඔවුන් නටන්නේ අප්‍රිකානු රිද්මයට. උකුල, ලැම සොළවලා මිනිසුන්ගේ සිත් කුපිත වෙන ආකාරයට. ආහාරයෙන් , මදුවිතෙන් සප්පායම් වෙලා හිටපු මිනිසුන් දැන් කෙල්ලන්ගේ නැටුමට එකතු වෙනවා. මොහොතකින්  කිලිටි පතුරු ගිය සිමෙන්ති පොලව කම්පනය කරමින් ගැහැණු මිනිස්සු ඒක පොදියේ  නටනවා. රම් , පාම් වයින්, බියර් ගලාගෙන යනවා. රාත්‍රිය  තවමත් තරුණයි.

නැටුම , රිද්මය, ශරීර සෙලවීම්, මදුවිත, මධ්‍යම  රාත්‍රිය තෙක් ඇදී යනවා.  මධ්‍යම රාත්‍රිය එළඹෙත්ම අමුත්හන් ටිකින් ටික බාර් එකෙන් යනවා. සමහරු යන්නේ වැනි වැනි උස් හඬින් කාට හෝ බනිමින්. මුදල් අතේ ඇත්තෝ රැය ගත කරන්න මුදලක් ගෙවා මේ ලාබාල ගණිකාවක් අරගෙන ලී වලින් හදල තියන කාමර පේලියෙන් එකකට යනවා. මේ කාමරත් අයිති බාර් එකේ කවුන්ටරේ ඉන්න මැදි වියේ ශක්තිමත් මිනිසාට. ඔහුගේ නම ආරු. ඔහු අකාන්  ගෝත්‍රිකයෙක්.  ආරුගේ මුහුණේ පැරණි  කැපුම් තුවාල දැකගන්න පුළුවන්. ඔහු යකඩයක් වගේ ශක්තිමත්.

රන් හාරන මිනිසුන් ඔහුගේ අතට නෝට්ටු කොළ මිටමොලාවලා   ගණිකාවකුත් එක්ක  එක්ක ලෑලි කාමරයකට යනවා. කාමරයේ ඇඳන් තනා ඇත්තේ බුබින්ගා ලීයෙන්. මෙට්ට කහ ගැහිලා . සමහර කාමර වල විතරයි මදුරු දැලක් හෝ තියෙන්නේ. මිනිසුන්ට දැන් ඒ පහසුකම් ඕන නැහැ. ගණිකාව සමග ලෑලි කාමරයට වැදෙන ඔවුන් ඉක්මනට දොර පාළුව වසා ගෙන සහකරියත් සමග කිලිටි ඇඳේ  වැතිරෙනවා. රති ක්‍රීඩාව පැය ගණනක් පුරා යනවා. දරදඬු මිනිසුන්ගේ ප්‍රචණ්ඩ ලිංගික ඉරියව් නිසා ඇතිවන වේදනාවට සමහර කෙල්ලන් කෑ මොර දෙනවා, සමහරු දොරවල ඇරගෙන හෙළුවෙන්ම පැනල දුවනවා. ඒ දුවනකොට පර පිඩක මිනිස්සු කෙල්ලන් පස්සෙන් දුවලා ගිහින් ඔවුන්ට පහර දී යලි කාමරයට ඇදගෙන එනවා. සමහරුන්ව කකුල් කෙටියෙන් බිම දිගේ ඇදගෙන එන හැටි බලන්න ගුජුප්සාජනකයි.  පහර දීම නිසා තොල් පැලුණු , බිම වැටීම නිසා හිස ගල් මුල් වල ඇනුණු , නිරුවත් පිට බොරළු පොලවේ ඇදගෙන එම නිසා පිට හම ගිය කෙල්ලන් වේදනාවෙන් සාප කරනවා. මිනිසුන් කුණුහරප දෙසාබාන ගමන් යලි තම ගොදුර ඩැහැගෙන එන්නේ මුහුණේ වියරු හිනාවකින්. යලි කාමරයට තල්ලු කරන කෙල්ලන් දැන් නිහඬවම අවනත වෙනවා. තම ගැනුම්කරුවා සමග සටන් කරන්න ඇයට ශක්තියක් නැහැ. ඇය මළ මිනියක් ලෙස වැතිර සිටින අතර මිනිසා තමාට කැමති කැමති ඉරියව් වලින් තෘප්තිය ලබනවා. අවසානයේදී ඔහුත් මහන්සියට පත් වෙලා. ඇයගේ ශරීරය මත කපා හෙළුව ගසක් වගේ නිදාගන්නවා. තරුණියට නින්ද යන්නේ නැහැ . ඇයගේ මුළු ශරීරයම වණයක් සේ රිදුම් දෙනවා. පහරකෑම් නිසා තැලී ගිය තොල්පොට, දත් පහර වැදී  තුවාල වූ පියයුරු, සමහරුන්ගේ ගුද මාර්ගයෙන් ලේ පවා වහනය වෙනවා. ඔවුන් හුස්ම ගන්නේ පවා  වේදනාවෙන්.

කුකුළා හඬලන හිමිදිරියේ මිනිසුන් කලබලයෙන් නැගිටිනවා. ඉක්මනට කලිසන් කෙටි ඇඳගෙන ලෑස්තිවෙනවා යලි රන් හැරීමට යාමට.  සහකාරියට කරුණාවෙන් යමක් පවා නොකියා ඔවුන් ලෑලි කාමර වලින් යන්නේ.  සමහර විට සාක්කුවේ තිබු මුදලක් නැතිවෙලා කියල යලි ගැහැණියට පහර දෙන මිනිසුනුත් ඉන්නවා. මුහුණවත්  නොසෝදා ඔවුන් යන්නේ ගංගා නිම්නය වෙත දවසේ වාසනාව උරගා බලන්න. මිනිසුන් පිටවුනු ගමන් කෙල්ලන් තමන් සන්තකයේ තියන ඇඳුම කුඩුම ඇඳගෙන ගෙවල් බලා යනවා. ඔවුන්ගේ අතේ එදා වෙලා හොයාගන්න මුදලක් තියනවා. සමහරු ඇවිදින්නේ අමාරුවෙන්. ශරීර වේදනාව නිසා ඔවුන් කරන්නේ  ට්වාසා කොළ තම්බලා බී මුළු දහවලම   නිදාගන්න එක.  මේ අතර මිනිසුන් පොලව සමග හැපෙනවා  රන් හොයන්න. හවස් වෙනකොට යලි කුඩා රන්  කෑලි ස්වල්පයක් සොයාගෙන. ඒවා අරගෙන යලි එනවා ලෑලි  කඩයට. රන් කෑලි විකුණා ලැබෙන මුදලින් නැවත යනවා බාර් එකට. දවල් වරුව පුරා ගිමන් හැරි කෙල්ලන් යලි ඇඳ පැළඳගෙන තොල් වල ලිප්ස්ටික් උලාගෙන ලෑස්තිවෙනවා ගැනුම්කරයෙක් සොයාගන්නට  බාර් එකට යාමට. යලිත් සිදුවන්නේ පෙරදා  රාත්‍රියේ සිදුවූ දේමයි. මේක චක්‍රයක් වගේ. මිනිසුන්ගේ ජිවිත ගලා යන්නේ ඒකාකාරව. ඉඳහිට ඒකාකාරී රටාව බිඳවැටෙනවා , එක්කෝ වනයේදි සර්පයෙක් කලා, මැලේරියාව හැදිලා මිනිසුන් මිය යනවා. එහෙමත් නැත්නම්  ඒඩ්ස් හැදිලා. ඒඩ්ස් හැදිලා කියල දැනගන්නේ රෝගය උඩු දුවලා අන්තිම සොහොන් ලක්ෂණ ආවම. ඒවගේ වෙනසක් උනේ නැතිනම් එකම ආකාරයට මේ මිනිසුන්ගේ ජිවිත ගලාගෙන යන්නේ. ඔවුන්ගේ ආධ්‍යාත්මය අවදි වෙලා නැහැ.

 

මට ආධ්‍යාත්මික සැපත කෙරෙහි යොමු වීමට හිතුනා. මගේ  ආධ්‍යාත්මය  අවධි කරන්න මම තැත් කළා. මම කාමයන්ගෙන් වෙන් වන්න තීරණය කලා. මේ සත්‍ය මට වැටහුනේ ගොඩක් කාලයකට පස්සේ.  ඩොක්ට දන්නවද සිදුහත් කුමාරයා ගිහිගෙය හැර ගියේ නළඟනන්ගේ විකාර දැකලා කියලා. මේ විකාර මොකක්ද? නළඟනන්ගේ අව්‍යක්ථ කාම ක‍්‍රීඩා මේවා දැකලා සිදුහත් කුමාරයා තේරුම් ගත්තා ගිහි ජීවිතය නිසරු බව.  ඒ නිසා සත්‍ය ගවේෂණය කරන්න ගිහිගෙය හැර ගියා. කෝලිත උපතිස්ස දෙමිතුරන්ට ගිහි ජීවිතය එපා වුණේ ගිරග්ග සමජ්ජ කියන කාම නාට්‍යය බලලා. පුරාණ ඉන්දියාවේ ගිරග්ග සමජ්ජ වැනි කාම සැණකෙළි තිබුණා. මේ සැනකෙළි බ‍්‍රසීල්වල කානිවල් , උතුරු ඇමරිකාවේ කැරිබානා  වගේ ෆෙස්ටිවල්වලට වඩා ඇඞ්වාන්ස්. ලිංගික හැසිරීම උපරිම විදිහට මෙම සැණකෙලිවල සිද්ධවුණා. ගෘප් සෙක්ස් ,  බීස්ටිලිටි වගේ.   බීස්ටිලිටි වලට  කියන සිංහල නම මම දන්නේ නැහැ. ඩොක්ට දන්නවනම් කියන්න. මම හිතන්නේ සතුන් සමඟ රමණයේ යෙදීම වෙන්න ඇති. මෙහෙම කාමය උපරිම අන්දමෙන් භුක්ති විඳින කොට කාම ක‍්‍රීඩා එපා වෙනවා. ශරීරයේ නිසරුබව වැටහෙනවා. එතකොට මිනිස්සුන්ට තමන්ගේ ආධ්‍යාත්මික සැපත ගැන උනන්දුවක් ඇති වෙනවා.

ආධ්‍යාත්මික සැපය වින්දනය කරන කොට ශරීරය සම්බන්ධ කරගෙන සිදු කරන කාමුක ක‍්‍රියා අපූල වෙනවා. වඩ වඩාත් ආධාත්මික පැත්තට මිනිහා ඇදී යනවා. එතකොට ලිංගික හැසිරීම්වල යථා ස්වාභාවය මිනිහා තේරුම් අරගෙන. ඒ පිළිබඳව කැමැත්තක් උනන්දුවක් නැහැ. තවත් කෙනෙක් ලිංගික කටයුතුවල නිරතවීම දකින්නේ සුනඛයෙක් අසූචි කනකොට අපට දැනෙන හැගීම වගේ. සුනඛයාට අසූචි හකුරු වගේ. ඌ තලූ මර මර අසූචි කනවා. එතකොට අපට පිළිකුල එක්ක ඔක්කාරයක් එනවා. උසස් ආධ්‍යාත්මික තත්වයක් ලබාගත්ත කෙනෙකුට ලිංගික හැසිරීම්වල යෙදීම ලාමක වින්දනයක් බව තේරෙනවා. එත්  මිනිහා ලිංගික කුහකයෙක් නොවෙයි. බොරු සුචරිතවාදියෝ නෙවෙයි.  තමාගේ  ලිංගික හීනමානය අඩු කර ගන්නේ සදාචාරය, සංස්කෘතිය, සභ්‍යත්වය ගැන කථා කරල  අනෙක්  පුද්ගලයාගේ සදාචාරය මිනිතයට ලක් කරලා ,  විනිශ්චයන් දීලා.  මේ බොරු සුචරිතවදියා  ගෑනියෙකුගේ අඩනිරුවත  දැක්කොත්  කළබල වෙනවා. මොකද තමාගේ අභ්‍යන්තරයේ සැඟවිලා ඉන්න වල්, අශිෂ්ට කාමුකයා අවදි වෙනවා. ඒක  බාහිර සමාජය දැනගනීයි කියලා ඔහු බයයි. ඒ නිසා අර අඩ නිරුවත් ගැහැණිය  විවේචනය කරනවා. ඇයට සංස්කෘතිය, සදාචාරය උගන්වන්න එහෙමත් නැත්නම් ගල්ගසා මරාදමන්න  ඕනම වෙලාවක ඉදිරිපත් වෙනවා.

එත්  ලිංගික වශයෙන් සංතෘප්ත වූ පුද්ගලයා නිසලයි. ඔහු ඉන්නේ ලිංගික අත්දැකීම්වල ඉහළම තලයේ . ඒ මට්ටමේ දී   ඔහුගේ ඉදුරන් පරයා ආධ්‍යාත්මය අවදි වෙනවා. ඔහු දැන් ආධ්‍යාත්මික වශයෙන් උසස් තත්වයකට ඇවිල්ලා. පියයුරක්, යෝනියක් දැක්කාට ඔහු කළබල වෙන්නේ නැහැ. බාහිර වගේම අභ්‍යන්තර ඉන්ද්‍රියන්ද සන්සුන්. බලන්න පටාචාරාවගේ නිරුවත දැකලා බුදුන් වහන්සේ කළබල වුණාද? කලබල වුණේ වටේ හිටිය උපාසක උපාසිකවෝ. සමහරු ගල් ගැහුවා. මෙහෙට එන්න දෙන්න එපා කිවුවා. ඒ  මොකද එම පුද්ගලයන්ගේ අභ්‍යන්තරයේ සැගවිලා හිටපු අශිෂ්ටයා අවදි වෙච්ච නිසා. එත්  ඉන්ද්‍රීය දමනය තිබූ ඇත්තන් පටාචාරාවගේ මානසික කැළඹීම තේරුම් ගත්තා. ඇයට අනුකම්පා කළා.  පටාචාරාවගේ නිරුවත ලිංගික නිමිත්තක් හැටියට දැක්කේ නැහැ. මම හිතන්නේ තන්ත‍්‍රයාන භික්ෂූන් ලිංගිකත්වය තේරුම් ගත්තේ මේ ආකාරයට. එත්  වික්ටෝරියානු සදාචාරය නිසා අපේ මිනිසුන් දැක්කේ ලිංගිකත්වය පාපයක් හැටියටයි. ඔවුන්ට ආධ්‍යත්මය මග හැරුණා.

     (මානසික රෝගියාගේ පරිකල්පනය )

Posted by Trans Sylvania at 11:49 AM  

Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest

15
දෙසැ.
17

සිරිසේන ගේ පුකට දාඩිය දැමීම

සිසිත සුයාම

“තමුසෙල බුලත් කොලේ පෙන්නල මිනිස්සු රවටල කොට්ඨාශෙකින් ඡන්දෙ 100 ක් 200 ක් ගනී.. මම රටේ ජනාධිපති විදියට කොහොමද තුන් වෙනිය වෙලා පාරට බහින්නෙ.. තමුසෙල ඔක්කොම හදන්නෙ මාව ලැජ්ජ කරන්න.. තමුසෙල මට එකතු වෙන්න දෙන්නෙත් නෑ.. මොන #### කරල හරි ඕක නවත්තනව.. නඩු 100 ක් හරි දාල ඕක කල්දානව..”

ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණ මෙහෙයුම පිළිබඳව නිදහස් පක්ෂ නායකයන් ඊයේ සවස ජනාධිපති නිල නිවසේදී මුණ ගැහුණු අවස්ථාවේදී මෙලෙස ජනාධිපතිවරයා විසින් බැනවැදී ඇත.

ගම් මට්ටමෙන් නිදහස් පක්ෂය හේදී ගොස් ඇති අවස්ථාවක තම ජාමය බේරා ගැනීමට සිරිසේන ජනාධිපතිවරයාගේ රුව සඟවමින් බුලත් කොලය සහ මහින්ද රාජපක්ෂ මහතාගේ නම විකුණමින් ප්‍රාදේශීය නායකයන් ඡන්ද ව්‍යාපාරයේ නිරත වන බව මෙයට පෙර වාර්තා වී තිබුණි. මෙම බැන වැදීමට ආසන්න හේතුව මෙය බව වාර්තාවේ.

15
දෙසැ.
17

“අපි…. යූඇන්පී ගෝතයින්ට බයයි …..

“අපි….ගෝතයින්ට බයයි නංගියේ…..”

     

 “සකල දේශවාසී ගෝතයිනි මතකය අවදි කරව්; තොපිලට නැතිවීමට ඇත්තේ තොපිලගේ දීනකම් පමණයි”  — කාලකන්ණි මාර්ක්ස් (කාල් මාක්ස් ගේ මුනුපුරු)

1988 වර්ෂයේ අග භාගයේ මුළු රටම එක්තරා පොස්ටරයකින් වැහුන.  ‘මේ කව්ද? මොනවාද කරන්නේ?’ යන ප්‍රශ්න දෙකෙන් හදපු පෝස්ටරයක්. පාට තැඹිලි.  කිතුහලය ප්‍රචාරණය වෙනුවෙන් දේශපාලනයේ යොදාගත් පළමු අවස්ථා ව මෙයයි.  ලංකාවේ.  අදහස වික්ටර් හෙට්ටිගොඩ සහ ජී. ඩබ්. සුරේන්ද්‍ර යන අයගේ.  ඇලෙව්වේ අරඹවෙලගේ  දොන් උපාලි රන්ජිත් නොහොත් සොත්ති උපාලි.  ඒ කාලේ ඒ විදිහ පෝස්ටරයක් රට පුරා අලවන්න පුළුවන් කමක් තිබුනේ සොත්ති උපාලි වගේ අයට විතරයි.

පසුව, මේ ප්‍රශ්නවල ට උත්තර සැපයූ පෝස්ටරයක් රට පුර ඒ අයම ඇලෙව්ව.  උත්තරය පටන්ගත්තේ වචන දෙකකින්: ‘මෙයා තමයි…’  ඉන් එහාට තිබුනේ රණසිංහ ප්‍රේමදාස ගේ පම්පෝරිය.  ප්‍රේමදාස ගේ ජනාධිපති මැතිවරන සටන් ආරම්බ වුනේ එහෙමයි.

කුතුහලය අවුස්සන පෝස්ටර් වටයක් පහුගියදා දකින්න ලැබුන.  ඔක්කොම ගෝඨා ගැන. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ගැන.

මුලින්ම ආවේ ගෝඨා ගේ පෝස්ටරය: ‘ගෝඨා අපේ’ .  ජාතකය ‘අපි වෙනුවෙන් අපි’.  කෙලින්ම යුධ ජයග්‍රහණයත් ත්‍රිවිද හමුදාවේ සියළු දෙනාත් සංඛේතාත්මකව ගෝඨාට යා කරන පෝස්ටරයක්.  පොඩි කුතුහල්-කැම්පේන් එකක් අර ප්‍රේමදාස ගේ එක වගේ.  පුංචි ඡන්දෙට ගෝඨා ඉදිරිපත් වෙන්නේ නැති බව පැහැදිලියි.  එහෙනම් මේ ගෝඨා එන්නේ ජනාධිපතිවරණයට වෙන්න ඕන.  ඒ කියන්නේ 2020 දී ගෝඨා ඉල්ලනවා කියන එක නැත්තම් ‘2020 දී ගෝඨා ඉල්ලුවොත් හොඳයි’ කියන එක.

කාට හරි රිදිලා.  කවුරු හරි බය වෙලා.  එහෙම නැත්තම් ඔය පෝස්ටරය ගැන කලබල වෙන්න ඕනේ නැහැනේ.

කොහොම හරි ‘රිට(ර්)න්’ එකක් දාන්න ඕන කියල හිතන්න ඇති.  ඉතින් ‘රිට(ර්)න් පොස්ටරයකුත් ගැහුවා.  එකක් නෙවෙයි.  දෙකක්ම ගැහුවා.

එකක මෙහෙම තිබුන: ‘අපි වෙනුවෙන් මිනීමරුවෙක්.’  අනිත් එක ඊට වැඩිය නිර්මාණශීලීයි: ‘ගොතා බය අමතකද?’  ලේ පැල්ලමකුත් සමග.

දැක්ක ගමන් මට මතක් වුනේ  නමින් සිංහල වූ ඒත් සිංහල කතා කරන්න බැරි කොළඹ ඉන්න සමහර උදවිය ගෝඨා ගේ නම උච්චාරණය කරන විදිහ.  ඉතිහාසය ගැන වැඩිය නොදන්නා නිසා වෙන්න ඇති.  නැත්තම් සිංහල කියවගන්න බැරුව ඇති.  වැඩිය ඇහෙන්නේ නැති නමක් ඉංග්‍රීසි පත්තර වල දැක්කම එක එක විදිහට උච්චාරණය කරන්න පෙළඹෙනව.  එයාල ගෝඨා ගේ නම මිස්ප්‍රොනවුන්ස් කරනවා මට ඇහිල තියෙනවා.  එයාල ගෝඨා ට කියන්නේ ‘ගෝටබයා’ කියල. ‘ගෝට’ සහ ‘බයා’ අතර පොඩි හිස්තැනක් තියෙන විදිහටයි උච්චාරණය කරන්නේ.  ඒ කියන්නේ ‘ගෝ-ටබයා’ නෙවෙයි ‘ගෝට-බයා’ කියල.

කොහොම වුනත් මේ ‘ගොතා බය’ කියන පද පෙරළිය නියමයි.  බොහෝ දේ කියන්න උත්සහා කරනවා.  නොකියූ දේවලුත් කියවෙනවා.  ඒ ගැන කතා කරමු.

ඇත්තටම ගෝඨා ට බය වෙන්න ඕනද?  සතියකට පෙර ‘අඩෝ! මම බය නෑ ඩෝ!’ කියල පෝස්ටරයක් ගහපු කෙනෙක් ඉන්න රටක ගෝඨා ට  නෙවෙයි මොකෙක් ට වත් බය වෙන්න ඕනේ නෑ නේ (අර ‘මම බය නෑ’ කියපු හාදය ට ඇරෙන්න). ගෝඨා ගැන බය වෙන්න හේතුවක් නැති නම් ගහන්න තිබ්බේ මේ වගේ එකක් කියලයි මට හිතෙන්න ‘ගෝඨා ට එන්න කියාපිය….මම ඕකට බය නෑ ඩෝ!’  එහෙමත් නැත්තම් අර බිග් මැච් එකක වගේ මේ විදිහට දාන්න තිබ්බ: ‘ගොඨලාට අපි බය නෑ….බය නම් අපි එන්නෙත් නෑ!’

මට පේන විදිහට පොස්ටරෙන් නොකියවෙන දේ කියන දේ ට වඩා ප්‍රබලයි: ‘ඇත්තම කතා ව මම (අපි) ගෝඨා ට බයයි.’ ඒ ගෝඨා ගේ චන්ඩි පාට් නිසා කියල කියන්න පුළුවන්, ඒත් මට නම් හිතෙන්නේ ගෝඨා ගැන බය වෙලා තියෙන්නේ තම තමන්ගේ (ඒ කිව්වේ පෝස්ටර් මාස්ටර් ල ගේ) දේශපාලන අනාගතය ගෝඨා නිසා කේස් වෙයි කියල.

කෙසේ වෙතත්  ගෝඨා පිලිබඳ බයක් නෙවෙයි නේ මෙතන තියෙන්න…මෙතන බය මතක් කරන්න කියන්නේ ‘ගෝතයෙක්’ ගැන.  ආයෙත් පෝස්ටරය මතක් කරමු: ‘ගොතා බය අමතකද?’

ගෝතයෙක් කියන්නේ සාමාන්‍ය වහරේ වැඩකට නැති කෙනෙක්, කාලකන්ණියෙක්, නිකමෙක්, වාතයක්.  එහෙම එකෙක් ට බය වෙන්නේ මොනවටද?  එහෙම එකෙක්ට කාව වත් බය කරන්න පුළුවන් ද?  ඒ වගේ එකෙක් ට ද මෙච්චර බය වෙලා තියෙන්නේ?  එතකොට අපි ඔය කියන ගෝතයා කෙසේ වෙතත් පෝස්ටර් වීරයාගේ වීරත්වය ගැන මොනවාද තීන්දු කල යුත්තේ?  ඒකා ඔය ගෝතයාටත් වඩා දුර්වලයෙක් වෙන්න  ඕන කියලයි මම නම් නිගමනය කරන්නේ.

ඒ වුනාට ගෝඨා ට බය වෙන්න හේතු නැත්තෙමත් නැහැ.  සහෝදරයා ගේ බලය තමන් වෙත ආරෝපණය කරගත්ත කෙනෙක් ගෝඨාභය කියන්නේ.  තමන් ගේ බලය හෝ දේශපාලන/ඥාති සම්බන්කධ කම් පාවිච්චි කරමින්  විවිධ ප්‍රතිවාදීන් ට තරවටු කරපු ඥාති හිතමිත්‍රාදීන් ගේ තක්කඩිකම් වලට අවසර දුන්න නැත්නම් අතහිත දුන්න එහෙමන් නැත්තම් අඩුම තරමින් සිය නිහඬ අනුමැතිය හරි දුන්න කෙනෙක් ගෝඨා.  ඔහු ගෝතයෙක් නෙවෙයි, ඒත් අහිංසකයෙකුත් නෙවෙයි. පහුගිය රජයේ බලගතුම නිලධාරියා ගෝඨා.  සිද්ද වූ මැරකම් ජඩකම් ගැන ගෝඨා නොදන්නවා විය නොහැක.  ඔහුට බය විය යුතුය.  විශේෂයෙන්ම ඔහු ට මේ රටේ විධායක ජනාධිපති වීමට උවමනාවක් තියෙනවා නම්, එම උවමනා ව සාක්ෂාත් කර ගැනීම සඳහා වටපිටාවක් නිර්මාණය වෙමින් පවතිනවා නම් ඒ ගැන යම් තක්සේරුවක් තිබිය යුතුයි (බය වීම කෙසේ වෙතත්).

අපි යමු මුලටම.  ඒ කියන්නේ මේ ‘ගෝතා බය’ මතකද අමතකද කියන එක.

ඒ ගැන මට මෙහෙම දෙයක් හිතෙනවා.  අමතක නැහැ, ඒත් එහෙම බයක් තියෙන බව පිළිගන්න සූදානම් නැහැ.  කල්පනා කරලා බැලුවම මේ රට පාලනය කරපු සහ කරන බොහෝ දෙනෙක් වැඩකට නැති, කාලකන්ණි, වාත පොරවල්.  ඒ වුනාට ඒ නිකමුන්ට අපි ජනතාවක් හැටියට බයයි.    ඒ කියන්නේ අපි ගෝතයින්ට බයයි.  ගෝතයෝ එද්දී නැගිට්ටෙනවා.  ඉංග්‍රීසි භාෂාවේ පහසුවෙන්ම මතක් වන වචන දෙක මතක් වෙනවා.  මැඩම්.  සර්.  මඩම් කියල කියවෙනවා. සර් කියවෙනවා.  සමහරවිට අපි අපටත් හොරෙන් හිතනවා වෙන්න පුළුවන් ඒ විදිහට ආමන්ත්‍රණය කෙරුවම එයාලගේ ගෝත ස්වභාවය අපටම අමතක වෙලා ඒ අමතක වීමත් සමගම අපේ දීනකමුත් මැකිලා යනවා කියල.

ඉතින් අපි සර්ලව මැඩම්ලව බලයට පත් කරලා ‘අඩෝ සර්ල ව මැඩම්ලව බලයට පත් කෙරුවේ අපි තමයි ඩෝ!’ කියල පොර ටෝක් දෙනවා.  අපේ ගෝත කම් එතකොට අපට අමතක වෙනවා.  එහෙම නැත්තම් ගෝත සෙට් එකක් බලයට පත් කරලා එයාලට සර් නැත්තම් මැඩම් කියල ආමන්ත්‍රණය කරනව.  සර් මැඩම් කියල ආමන්ත්‍රණය කෙරුවම අපි බලයට පත් කරලා තියෙන්නේ ගෝතයින් නෙවෙයි නෝනාවරු මහත්තුරු කියල හිත හදාගන්න පුළුවන්.

එහෙම බලනකොට ගෝතයින්ට බය වෙනවා කියන්නේ අපිටම බය වෙන එක, මොකද අපි තරම් වැඩකට නැති, කාලකන්ණි, වාත පොරවල් මේ ලෝකේ කොහෙවත් ම නැහැ. අපට පුළුවන් නම් අපටම බය වෙන්න, අපට අපේ බය නැති කරගන්නත් පුළුවන් වෙන්න ඕන.  ගෝතකමින් මිදෙන්න අවශ්‍ය නම් ඒක තමයි කරන්න ඕන.

වැදගත් ම දේ තමයි ගෝතකම අමතක නොකිරීම.  ගොතකම් හඳුනා ගැනීම, ගොතකමින් මිදී ම සඳහා අනිවාර්ය පුර්වකොන්දෙසියක්.

ගෝඨා ට බය අය බයවෙද්දෙන්.  ‘අපි බය නෑ ඩෝ!’ කියල කෑ ගැසුව දෙන්. එහෙම කරල ගෝඨා ව නෙවෙයි මොන ගෝතයෙක් වත් නවත්තන්න බැරි බව එයාලට කවද හරි තේරෙයි.  නොතේරුණත් අපට මොකෝ? අපට වෙන කාර්යයක් තියෙනව.  අපි ගෝතයින්ට බය බව තේරුම් ගැනීම.  ගෝතයින්ට බය බවත් ගෝතයින් අපව බය කරන බවත් අමතක වුන බව මතක් කිරීම. ආයේ අමතක නොකරන්න තීන්දු කිරීම.  සතුරා ඉන්නේ ඈත තැනක නොවේ, අප තුලම බව තේරුම් ගැනීම.

ගෝතයින් විසින්, ගෝතයින් සමග, ගෝතයින් සඳහා ආණ්ඩුවක් වෙනුවට පුරවැසියන් විසින් පුරවැසියන් සමග පුරවැසියන් සඳහා වන ආණ්ඩුවක් ගැන එතකොට අපට කතා කරන්න වරම් ලැබෙයි.

07
දෙසැ.
17

ඕශල හේරත් නැමැති බූරුවාගෙන් පරිස්සම් වෙනු !

twitter.com/OshalaHerath
facebook.com/Oshala
oshalaherath.com
 

නමට යුදට බැඳෙන…..
එතන හොරට නිදන……
බැරිම විටදි පනින …
ඇමරිකාවෙ ලගින…….

සැබෑ හොරෙකි….. බොරු විරුවෙකි….
හොර රැළේම ලේ නෑයෙකි……
අපේ රුහිරු බිළි දහසකි…..
තවමත් ආගිය අත නැති…..

ජාතිවාදයේ සගයා……
සොහොන් යකෙකි මේ මිනිසා….. මේ මිනිසා….

Oshala Herath shared Newsfirst.lk‘s video.

සිරසේ මේ sponsor කරලා පෙන්නන වීඩියෝ එක අපි මෙතන share කරන් මොහොතේ views 39000. 39000ක් බලලත් like 1300. එකෙන් අදහස් වෙන්නේ සිරසේ මේ දෙකයි පණහේ මාධ්‍ය භාවිතය මේ රටේ අති බහුතරයක් අනුමත නොකරන බවයි. සිරසේ හෙළුව සිරසට නොපෙනීම කණගාටුවට කරුණක්. ජනාධිපතිවරයා කියපු හත්පොලේ ගාගැනීම සිරට හොඳටම ගැලපෙනවා. ප්‍රශ්නේ සිරසට ඒ දේ නොතේරීමයි.

එදා රාජපක්ෂලා සිරස ගිණිබත් කරපු වෙලේ ඒ ගැන කණගාටු වුන අති බහුතරයක්, එදා ITN වගේ අද හැසිරෙන සිරස නැවත ගිණිබත් වුනොත් ඒ ගැන කිසිත් කණගාටු නොවුනු ඇත.
සිරස චන්ඩි කතා කිව්වට විටින් විට කතාවෙන සිරසේ ඩිල් ගැන සිරස නිහඬ වීම ගැනද ජනතාව උපහාසයෙන් බලසිටිනවා..

අපි සිරසට කියනවා අපි රාජපක්ෂලට විරුද්ධ වෙලා යහපාලන රජයක් වෙනුවෙන් සටන් කලේ කාසිය අනික් පැත්ත පෙරල ගෙන රාජපක්ෂ රෙජීමය ආණ්ඩු කරපු කලේ එකේ හිතවාදීන් කරපු අලුගුත්තේරු වැඩ කරන්න අපිට අවස්ථාවක් උදා කරගන්න නෙවී කියන කාරණය.

(අනේ පල  ඕශල වේසිගේ පුතා යන්න උඔගේ අම්මගේ රෙද්ද )

 

07
දෙසැ.
17

ශිරාල් ට අනුව මෛත්‍රීට වෙන හැම අකරතැබ්බයක් සදහම වගකිව යුත්තේ රනිල්.

ජනාධිපති මාධ්‍ය අංශයේ මම සේවය කරපු කාලයේ (ඕශල හේරත්) මගේ අද්දැකීම් අනුව Shiral Lakthilaka කියන පුද්ගලයා රනිල් වික්‍රමසිංහ සමහ සිටින්නේ පුදුම වෛරයකින්. දුෂණයට ලක්වූ කාන්තාවක් දුෂණය කරපු පුද්ගලයා හට දක්වන වෛරය හා සමාන වෛරයකින් ශිරාල්, රනිල් හට වෛර කරනවා. මේ වෛරය ශිරාල් කතාකරන දේ පටන් ගන්නා තීරණ වලට පවා තදින් බලපානවා. ඔහුගේ එම වෛරය පෞද්ගලික එකක් වුවත් එය ඔහුගේ රාජකාරි තීරණ ගැනීම් වලදී පවා එම තීරණ වලට දැඩිව බලපානවා. ශිරාල් මෛත්‍රී හට දෙන හැම කරුණු දැක්වීමක් ම, උපදෙසක් ම මේ වෛරයේ බලපෑමට ලක්වෙනවා. මෛත්‍රී මෙය යම් තරමකට තේරුම් ගෙන තිබුනත් ශිරාල් නිරන්තරයෙන් දක්වන බලපෑම නිසා මෛත්‍රීගේ මනසටද එම අදහස් නොබලපැවම නොවේ. ශිරාල් ගේ තියරියට අනුව මෛත්‍රීට වෙන හැම අකරතැබ්බයක් සදහම වගකිව යුත්තේ රනිල්. නැත්නම් ඒ හැමදෙයක්ම රනිල්ගේ ගේමක්. රනිල් තමයි මෛත්‍රීට එරෙහි ඔක්කොම වැඩ කරන්නේ…

ශිරාල්ගේ මේ මානසිකත්වය මෛත්‍රීගේ විනාශය ලං කරන බව මම නිරන්තරයෙන් දුටුවෙමි. ශිරාල්ට මිතුරන් වන්නේත් විශ්වාස වන්තයන් වන්නේත් රනිල්ට එරෙහිව කතා කරන අයවලුන් පමණි. ශිරාල්ගේ එම දුර්වල කමින් ශිරාල්ගෙන් ප්‍රයෝජන ගන්න වුන්ද අනන්තය.. රනිල් ගැන කේලමක් කියමින් ඔහුට දොස් පවරමින් ශිරාල් ගාවට ගොස් ඕනෑම වැඩක් කල ගත හැකි බවට කවුරුත් දන්නා කරුණකි.

රනිල් ගැන අපටද විවේචන ඇත. ඔහු මහා බැංකු වංචාවේ කොටස් කරුවෙක් වුවත් නොවුවත් එම ප්‍රශ්නයට ප්‍රමුඛව වගකිව යුතු පුද්ගලයාය. නුමුත් ඒ පදනම් සහිත චෝදනා වයි ශිරාල් ගේ වෛරීය මානසිකත්වය හාත්පසින්ම වෙනස් කාරණා දෙකකි.

අද වෙන විට බැඳුන්කර කොමිසමට රනිල් සාක්ෂි දීමට යාමට පෙර අගමැති ධුරයෙන් ඉවත් විය යුතු බවට දිරච්ච ලණුවක් මෛත්‍රීට දෙන්නේද, ඒ සදහා සමාජ මතයක් ඇතයි පෙන්වීමට උත්සහ කරන්නේ ද ශිරල්ගේ දායකත්වයෙන් බව කරුණු දන්නෝ දනිති. කෙසේ වෙතත් ශිරාල් ගේ මේ ඇගේ වෛරය බඳු වෛරය නිසා විනාශ වන්නේ මෛත්‍රී පමණක් නොව ඔහුට ජනවාරි 8 ජන්දය ලබාදුන් ජනතාවගේ අපේක්ෂාවන්ය.

Image may contain: 1 person, beard and close-up
28
නොවැ.
17

සන්නස්ගලගේ අම්මා සහ රනිල්ගේ අම්මගේ රෙද්දේ බය !!!

අපේ රටේ සියල්ලන්ම පාහේ සංස්කෘතියට අඩු වැඩි වශයෙන් අනුගතව සිටිති.සිංහල බෞද්ධ සංස්කෘතික රාමුව තුල එකිනෙකා ආගමික හා ජාතික වශයෙන් උපසංස්කෘති වල සිටියද ආසියාතිකයින් ලෙස වසර දහස් ගණනක් පිලිපැදි එකඟතා රැසක් අප සතුය. අන් මත ගරු කිරීම, ආගන්තුක සත්කාරය ,වැඩිහිටියන්ට සැලකීම,මවු පියන් රැකබලාගැනීම එකී මෙකී නොකී කාරණා රැසක් ගැන අපි අලිඛිත ව බැඳී සිටිමු.. ඒවා අපේ සියලු උපසංස්කෘති වල සාධු සම්මත හර පද්ධති ලෙස යොදා සිටිමු..

මේ සංස්කෘතියට වෛර කරනාවූද , බැහැර කරනාවූද සම්ච්චල් කරනාවූද පිරිසක් අප දැක ඇත්තෙමු කලින් කලට එක් එක් මුහුණුවලින් ඔවුන්ව අපට දැකගත හැක. කාලයක් “X කන්ඩායම” ලෙසද වත්මන වන විට “අලුත් පරපුර” ලෙසද මොවුන් කලින් කලට තම කන්ඩායම් නාමයන් වෙනස් කරමින් පැමිනෙනු අපි දැක ඇත්තෙමු. අලුත් පරපුර නටවන පරන “X” මුහුණුද අපි දැක ඇත්තෙමු. අලුත් වේවා පරණ වේවා සංස්කෘතික කාබාසිනියාකරුවන් දුටු තැන හඳුනාගැනීමේ නොහැකියාවක් අපට නැත. උන්ගේ “මම පොර” කතන්දර පිටුපස ඇති දුර්ජන අමන අවජාතක ඉලක්ක අපි හඳුනාගත යුතුය..

උපුල් ශාන්ත සන්නස්ගල තමාගේ මෑනියන් පිලිබඳව කෘතියක් රචනාකල බවට මුල්වරට ඇසූ දිනයේ මා ඉමහත් පුදුමයට පත්වුනෙමි. මේ අබුද්ධස්ස කාලය දැයි මොහොතකට හෝ ඒ මොහොතේ මට සිතෙන්නට ඇත. මක්නිසාදයත් සන්නස්ගල යනු මා දන්න පරිදි එහෙවු පුතෙක් නොවන බැවිනි.

සන්නස්ගල ගැන මගේ පලමු මතකය ඉතා ඈතට දිවයන්නකි. මෙම සිදුවීම සිදුවී මීට වසර දහයකට වැඩි මිස අඩු නොවන බව මම දනිමි.සන්නස්ගල “පුතා” හඳුනාගැනීමට එය අදටත් ප්‍රමානවත් වනු ඇත. ඒනිසා එම සිද්ධිය මෙහි සඳහන් කිරීම වටී ‍යැයි සිතිනි.

මගේ පියා පොත් පිපාසාව ඇති පාඨකයෙකි. ඕනෑම ආකාරයේ පොතක් කියවීමට ඔහු මැලි නොවන බව මම දනිමි. දිනක් ඔහු පොතක් අතට ගෙන මිනිත්තු කිහිපයකින් ඉතා කෝපයෙන් පොත නැවත තැබුවේ “මීට වඩා හොඳයි අම්මගෙයි තත්තගෙයි තැන් නම් කොරලාම පිදුවනම්” යැයි කියමිනි. මේ අරුමය කුමක්දැයි බැලීමට කෘතිය අතට ගෙන පිටු දෙක තුනක් හැරවීමේදී හේතුව සොයාගැනීමට මම සමත්වීමි. ඒ පොතේ පිදුමයි. “පිදුම -මා මෙලොවට බිහිකල ශුක්‍රානුවට හා ඩිම්බයට” යනුවෙන් එහි සඳන්ව තිබින . කතුවරයා උපුල් ශාන්ත සන්නස්ගල නම් විය.

මේ පිදුමේ ඇති සාහිත්‍යමය ගතිය හා රැඩිකල් ගතිය හැර දේශපාලනමය ගතිය ගැන දැනීමක් මට ඒ සමයෙහි නොතිබුන බව මම දනිමි.නමුත් කල් යද්දී මේ පිදුමෙහි ඇති සංස්කෘතික පහරදීම මම සක්සුදක් සේ දුටුවෙමි.

මවුපියන් යනු අපට ඇති උතුම් ම සම්පත් වෙති.එය ආසියාතික සංස්කෘතිය තුල අවිවාදාත්මකය. ඔවුන් කෙරේ ඇති භක්තිය, සෙනෙහස සංකේතාත්මක නොව හරයාත්මක ආධ්‍යාත්මික එකකි. නමුත් තම මැනියන් ඩිම්බයකට ද පියානන් ශුක්‍රානුවකට ද උපමා කරමින් ඊනියා රැඩිකල් බවක් පෙන්වන මේ “පුතා” අර අඳින්නේ බටහිරයන් තුල දෙමවුපියන් කෙරේ ඇති ‘සංකේතාත්මක මවුපියන්’ යන අදහස අපේ ඔලුවට එබීමට බවත් මේ”පුතා” ගේ ජනප්‍රියම මාතෘකාවක් වන ලිංගිකත්වය පිලිබඳ අදහස් සමාජයේ ස්ථානගත කිරීමට බවත් අද මට වටහාගැනීමට අපහසු නැත.

නමුත් සන්නස්ගල ගේ “අම්මා” කෘතිය රචනය මට වටහාගත නොහැකි දෙයක් විය. ඒනිසාම මෙය කියවා බැලිය යුතුයැයි මට සිතිනි. මම එය කියවීමි. කෘතිය කියවා අවසානයේ මට මෙම සන්නස්ගල “අම්මා” කෘතිය ලිවීම හා සමාන කල හැකි තවත් සිදුවීමක් අසුරු සැනින් මතකයට නැගිනි.

ඒ “EMINEM” ගේ 8Mile චිත්‍රපටියේ කතාන්දරයයි.. කතාව සරලය මෙසේය .EMINEM ගතකරනුයේ දුක්ඛිත ජීවින තත්වයකි. ඔහුගේ පියා ඔවුන් හැරගොසිනි. ඔහුගේ මව ඔහුගේ මිතුරෙක් සමග යහන් ගතවෙයි.ඔහු සතුව මුදල් නැත. EMINEM රැප් සටන් වලට ඉමහත් කැමත්තක් දක්වයි. ඔහුට ඒ සඳහා හැකියාවක් ද ඇත. අවසාන රැප් සටනේදී ඔහුගේ මිතුරෙකු ඔහුට අනතුරු හඟවන්නේ ඔහුගේ සියලු ජීවන තොරතුරු ඔහුගේ ප්‍රතිවාදියා දන්නා නිසා ප්‍රතිවාදියාට ජයග්‍රහන කිරීමට පහසු බවයි. EMINEM රැප් සටනේදී කරනුයේ කවුරුත් නොසිතනා දෙයකි. අනෙකාට බැන වැදීම වෙනුවට ඔහු තමන්ගේ ජීවිතයේ ඇති කාලකන්නි බවත් තමා අවජාතකයෙකු බවත් හෙළිකරයි. තමන්ගේ පවුල පිලිබඳවද, මවගේ අනාචාරය පිලිබඳවද EMINEM කියාදමයි. අවසානයේ EMINEM තරගය ජයග්‍රහනය කරනුයේ ඔහුට එරෙහිව කිසිවක් කියාගත නොහැකිව ප්‍රතිවාදියා නිරුත්තර වීම තුලය..

ඒ EMINEM එසේ කරද්දී ළමුන්ට සිංහල පාඩම් කියා දෙන සන්නස්ගල තමාගේ නීරස ජීවිතයේ ආගිය තොරතුරු, දුබලතා හෙලිකරන්නේ ඇයි දැයි මම සිතන්නට පටන්ගතිමි. මක්නිසාදයත් සන්නගල මේසය මත තබන්නේ එසේ මෙසේ තුරුම්පු නොවන නිසායි. ප්‍රශ්නය වන්නේ තමා කුඩාකාලයේ විරූපීව සිටි බව, පියාගේ බේබදු කම,දුගී බව පමනක් නොව පවුල තුල ඇති වූ ව්‍යාභිචාරි ක්‍රියා පවා හිරිකිතකින් තොරව හෙලි කරමින් අම්මා ඇතුලු පවුලේ සියල්ලන් සමාජය ඉදිරියේ නිරුවත්කොට සන්නස්ගල සුදු ඇඳුම හැඳගෙන මේ සැරසෙන්නේ කුමක් සඳහාද යන්නයි…

මගේ මොලයට ආවේ එකම පිලිතුරකි. ඒ “දේශපාලනය” යන වචනයයි.සන්නස්ගල තමාගේ පවුලේ අය නිරුවත් කරන ලද්දේ ද තමාගේ සමාජ පන්තිය , හීනමාන තුවාලය තමා විසින්ම පාරගන්න ලද්දේද අනාගත දේශපාලන පොරපිටියේදී එල්ලවිය හැකි සතුරු ප්‍රහාර වලට “EMINEM” පලිහක් ලෙස බව මට අවසානයේ වැටහින.

සන්නස්ගල ප්‍රසිද්ධ දේශපාලනයට එනු ඇතැයි මම මගේ යෙහෙලියකගේ මවකට කියූවිට ඇය අවධාරනය කලේ සන්නස්ගල “මහතා” එසේ නොකරන බවයි. නමුත් එදිනෙන් අට මසකට පසුව එලැඹෙන මැයි මස එක්සත් ජාතික පක්ෂයේ රත්මලාන ආසන සංවිධායක ලෙස අභිනවයෙන් තේරී පත්වන්නේ සන්නස්ගල ‍යැයි ඇය මොහොතකට හෝ නොසිතන්නට ඇත.

මා මේ උත්සාහකරනුයේ මිනිසුන් කවුරුන්දැයි හඳුන්වාදීමටය. තම ජීවිකාව ලෙස සිංහල උගනවන අතර කෙල්ලන් හා කොල්ලන් එකම බංකුවේ වාඩිකර , ඇඟට නොදැනෙන්නට අසැබි වචන කියමින් උන්ගේ භාව තමාගේ උවමනාවන්ට ප්‍රකෝපනය කරවන ලද, තමාගේ හිතේ ඇති බටහිර සංස්කෘතික විකෘති ලිංගිකත්වයන් තනි තටුවෙන් පියාඹවන ලද, දිනකට ලක්ෂ ගණනක් උපයමින් සුපිරි වාහන වල ගමන් කරමින් සිටියද තමා මෙලොවට බිහි කල “අම්මා” දෙස ඇහැක් ඇර නොබලන ලද සන්නස්ගල නැමති ඊනියා විදග්ධ සංස්කෘතික ඝාතක කයිවාරුකාරයා අවසානයේ සියලු ඇඳුම් උනා පසෙකින් තබා තම “අම්මා” විකුනා දේශපාලන ප්‍රවේශය සාදාගත් අයුරු පිලිකුලෙන් යුතුව වුවද මෙසේ හෙළිකල යුතුව ඇත.

ඔබ කුමන ජාතියක සිටියත්, කුමන ආගමක සිටියත් ඔබේ මුතුන්මිත්තන් වසර දහස් ගණනක් රැකගත්තාවූ ඒ හරපද්ධතිය රැක ගැනීමට නම් මෙවන් අවස්ථාවාදී “EMINEM සන්නස්ගල” වැනි නරුමයින්ට ලබා දිය යුතු පිළිතුර කුමක් ද? “අම්මා” කතාව දෝලාවෙන් ගෙන ආවත් ඒ අම්මා මැරෙන්න විට වතුර පොදක් දීමට ලඟ නොසිටි “අමුතු” පුතාලා මවා පෙන්වන සින්තටික් ලෝකවල ඔබ තනි විය යුතු ද? ඔවුන් දේශපාලනයට විත් ඔබේ සංස්කෘතිය රකිනු ඇත්ත ද? ඔබේ සභ්‍යත්වයට ගරු කරනු ඇත්ද? ඔබට තබා ඔබේ දරුවාටවත් යහපත් හෙටක් තනනු ඇත් ද?

ජූරිය ඔබයි !

 

~ඉසුරු රන්දෙනිකුමාර~




Advertisements

අනවශ්‍ය දේවල්

  • 165,000 ක් බැළුවා

මරුවා වැහෙන දින

පෙබරවාරි 2018
බ්‍ර සි සෙ
« ජන.    
 123
45678910
11121314151617
18192021222324
25262728  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය