Archive for the 'ජවිපෙ' Category

07
දෙසැ.
17

ලැම්බෝගිනිය 

ලැම්බෝගිනිය
============

බව්..බව්…

ස්නෝවී..කාටද ඔය බුරන්නේ උදේ පාන්දර…?

ආහ්..! පත්තර කාරයා ඇවිල්ලා…බලමු පත්තරේ හෙඩ්ලයින්ස් මොනවද තියෙන්නේ කියලා…”

-කහ ඉරි සුදු වේ
-රැකියා දස ලක්ෂය සම්පූර්ණයි
-කුලියාපිටියේ වෝක්ස්වැගන් රථ අනතුරක්
-දෙහිඅත්තකණ්ඩියට Wi-Fi
-බඩු මිල පහලට
-අඩු සීනී මයිලෝ අද සිට වෙළඳපොලට
-අම්පාරටත් කොන්ඩම් මැෂිමක්
-අලුත් ලැම්බෝගිනිය අතුරුදන්..සැකකරුවන්
නිදැල්ලේ

ආහ්..අලුත් ලැම්බෝගිනිය අතුරුදන්??? කවුද මේක කරන්න ඇත්තේ…මේ ගැන හොයන්න ඕන…අන්න කැප්ටන් හැඩොකුත් මේ පැත්තට එනවා…ආ..එන්න කැප්ටන්…දැක්කද අද පත්තරේ? මේ බලන්න…”ලැම්බෝගිනිය අතුරුදන් සැකකරුවන් නිදැල්ලේ”

බුබුළු නගින බෙළිකටු…කැරකෙන දඟර සුළං…මම කිව්වා ඕක උස්සයි කියලා..කෝ ඇහුව ද?

කැප්ටන් මට හිතෙන්නේ මේක අර රේස් පදින බේබිලා තුන්දෙනාගේ වැඩක්..කැප්ටන් එන්න මාත් එක්ක හම්බන්තොට යන්න..කතරගමටම දැන් අධිවේගේ තියෙන නිසා පැය එකහමාරෙන් හම්බන්තොටට යන්න පුළුවන්…අපි දැන්ම පිටත් වෙමු..ස්නෝවී නගින්න වාහනේට.

(පැය එකහමාරකට පමණ පසු)

ගෙදර නම් පාලුවට ගිහිල්ලා..කවුරුවත් පේන්න නෑ වගේ…වාහනේ ඉස්සුව නම් තියෙන්න ඕන මෙහේ..කැලේවත් හැංගුව ද? කෝ මේ කැප්ටන්?

බව්…බව්…බව්…

ස්නෝවී ඒ පාර කාටද මේ එකදිගට බුරන්නේ..? මොනවා!!!! මේ මිනී කන මෝරෙක් නේ ද මඩ වලක දාලා ඇති කරන්නේ? කැප්ටන් ටක්ගාලා මෙහාට ඇවිල්ලා බලන්න.

” සද්දන්ත මිනී මෝරූ..කැරකෙන දිය සුළි”

මෙච්චර කැලේ ඇවිදලත් ලැම්බෝගිනියක් තියා සුදු වෑන් එකක් වත් දැක්කේ නෑ…ඇත්තටම කවුද මේක කරන්න ඇත්තේ? ආ අර කවුද මේ කැලේ ඇතුලේ ඉඳලා පැත්තට එන්නේ…? ආ මේ රහස් පරීක්ෂක තොම්සන් සහෝදරයෝ දෙන්නා නේ ද?

ටින් ටින් මොකද මේ පැත්තේ? හෝඩුවාවක් ලැබුන ද? අපි දෙන්නාට හොඳටම විශ්වාසයි මේක බේබිලා තුන් දෙනාගේ වැඩක්.

දන්නේ නෑ තාම…කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි වුණා…අපි ආපහු කොළඹ යනවා.

බලන්න කැප්ටන් අපිට හම්බන්තොට ගිහිල්ලත් කිසිම හෝඩුවාවක් ලැබුනේ නෑ..යමුද අද රෑට නිදහස් චතුරශ්‍රය පැත්තේ ඇවිදින්න?

“ගැලවෙන ඇණ මුරිච්චි..යමු යමු…හුඟ කාලෙකින් මටත් බැරිවුණා ඇවිදින්න යන්න.”

(රාත්‍රී 9 යට පමණ නිදහස් චතුරශ්‍රය අසල)

කැප්ටන්ට මතකද ඉස්සර මේ හරිය? තාප්ප වලින් වට කරලා තිබුණේ…අර ගෝතාට භය වෙලා තමයි මේ තාප්ප ගලවලා ලස්සන කරේ.

කැප්ටන් මොකද්ද එ සද්දේ…? ප්ලේන් එකක් යනවා වගේ…අර..අර බලන්න කැප්ටන් නැතිවුණ කොළපාට ලැම්බෝගිනිය නේ ද? අන්න වාහනේ නැවැත්තුවා…කවුද වාහනේ ඇතුලේ ඒ කොණ්ඩේ වවලා ඉන්න හාදයා? කැප්ටන් ඉක්මනට පොලිසියට කතා කරන්න.

මිනිහා අපිව දැක්කා…

“ඒයි ඔහොම නවතිනවා..”

ඩෝං…

වෙඩි තිබ්බා නේද? හොඳ වෙලාවට ස්නෝවී උගේ අතට පැන්නේ..නැත්නම් අද ඉවරයි..ටක් ගාලා බදාගෙන හිර කරගන්න ඕන.

“ඒයි දැන් වැඩිය දඟලන්න ලෑස්ති වෙන්න එපා..පොලිසියට දැනුම් දීලා තියෙන්නේ..දැන් කට්ටිය එන ගමන්”

“අනේ සර් මට යන්න දෙන්න..මම මේ ටෙලි නාට්‍යයක පොඩියට රස්තියාදු කාරයෙකුට හරි කුඩු කාරයෙකුට හරි රඟපාලා කීයක් හරි හොයා ගන්නේ..බේබිලා ලැම්බෝගිනි පදිනවා කියලා අහලා තිබුණ නිසා මටත් ආස හිතුනා රේස් පදින්න…මම අම්මගෙන් ලැම්බෝගිනියක් ඉල්ලලා ඇඬුවා..බැරිම තැන බෙල්ල මිරිකලා කාණුවකට විසි කරන්න කිව්වා…ඒත් අම්මා ඒ ඒකක්වත් කරේ නෑ සර්…ඒ දේවල් කරා නම් මට මෙහෙම වෙන්නේ නෑ සර්…”

“හරි හරි..මටත් තේරෙනවා.. ඒ දවස්වලම ඔහෙගේ බෙල්ල මිරිකලා කාණුවට දැම්මා නම් මේ ප්‍රශ්න නෑ කියලා…අන්න පොලිසිය එනවා..කියන්න තියෙන දෙයක් උසාවියෙදී කියනවා”

“ස්තුතියි ටින් ටින් අපිට මේ හාදයාව අල්ලලා දුන්නට… කැප්ටන් කතා කරපු ගමන් අපි භාවනා කරන එකත් නවත්තලා ආවේ”

“ඒක මගේ යුතුකම ඉන්ස්පෙක්ටර්..”

“දැන් අපි යමු ස්නෝවී…”

===================================

© සොනාල ගුණවර්ධන

Advertisements
07
දෙසැ.
17

ශිරාල් ට අනුව මෛත්‍රීට වෙන හැම අකරතැබ්බයක් සදහම වගකිව යුත්තේ රනිල්.

ජනාධිපති මාධ්‍ය අංශයේ මම සේවය කරපු කාලයේ (ඕශල හේරත්) මගේ අද්දැකීම් අනුව Shiral Lakthilaka කියන පුද්ගලයා රනිල් වික්‍රමසිංහ සමහ සිටින්නේ පුදුම වෛරයකින්. දුෂණයට ලක්වූ කාන්තාවක් දුෂණය කරපු පුද්ගලයා හට දක්වන වෛරය හා සමාන වෛරයකින් ශිරාල්, රනිල් හට වෛර කරනවා. මේ වෛරය ශිරාල් කතාකරන දේ පටන් ගන්නා තීරණ වලට පවා තදින් බලපානවා. ඔහුගේ එම වෛරය පෞද්ගලික එකක් වුවත් එය ඔහුගේ රාජකාරි තීරණ ගැනීම් වලදී පවා එම තීරණ වලට දැඩිව බලපානවා. ශිරාල් මෛත්‍රී හට දෙන හැම කරුණු දැක්වීමක් ම, උපදෙසක් ම මේ වෛරයේ බලපෑමට ලක්වෙනවා. මෛත්‍රී මෙය යම් තරමකට තේරුම් ගෙන තිබුනත් ශිරාල් නිරන්තරයෙන් දක්වන බලපෑම නිසා මෛත්‍රීගේ මනසටද එම අදහස් නොබලපැවම නොවේ. ශිරාල් ගේ තියරියට අනුව මෛත්‍රීට වෙන හැම අකරතැබ්බයක් සදහම වගකිව යුත්තේ රනිල්. නැත්නම් ඒ හැමදෙයක්ම රනිල්ගේ ගේමක්. රනිල් තමයි මෛත්‍රීට එරෙහි ඔක්කොම වැඩ කරන්නේ…

ශිරාල්ගේ මේ මානසිකත්වය මෛත්‍රීගේ විනාශය ලං කරන බව මම නිරන්තරයෙන් දුටුවෙමි. ශිරාල්ට මිතුරන් වන්නේත් විශ්වාස වන්තයන් වන්නේත් රනිල්ට එරෙහිව කතා කරන අයවලුන් පමණි. ශිරාල්ගේ එම දුර්වල කමින් ශිරාල්ගෙන් ප්‍රයෝජන ගන්න වුන්ද අනන්තය.. රනිල් ගැන කේලමක් කියමින් ඔහුට දොස් පවරමින් ශිරාල් ගාවට ගොස් ඕනෑම වැඩක් කල ගත හැකි බවට කවුරුත් දන්නා කරුණකි.

රනිල් ගැන අපටද විවේචන ඇත. ඔහු මහා බැංකු වංචාවේ කොටස් කරුවෙක් වුවත් නොවුවත් එම ප්‍රශ්නයට ප්‍රමුඛව වගකිව යුතු පුද්ගලයාය. නුමුත් ඒ පදනම් සහිත චෝදනා වයි ශිරාල් ගේ වෛරීය මානසිකත්වය හාත්පසින්ම වෙනස් කාරණා දෙකකි.

අද වෙන විට බැඳුන්කර කොමිසමට රනිල් සාක්ෂි දීමට යාමට පෙර අගමැති ධුරයෙන් ඉවත් විය යුතු බවට දිරච්ච ලණුවක් මෛත්‍රීට දෙන්නේද, ඒ සදහා සමාජ මතයක් ඇතයි පෙන්වීමට උත්සහ කරන්නේ ද ශිරල්ගේ දායකත්වයෙන් බව කරුණු දන්නෝ දනිති. කෙසේ වෙතත් ශිරාල් ගේ මේ ඇගේ වෛරය බඳු වෛරය නිසා විනාශ වන්නේ මෛත්‍රී පමණක් නොව ඔහුට ජනවාරි 8 ජන්දය ලබාදුන් ජනතාවගේ අපේක්ෂාවන්ය.

Image may contain: 1 person, beard and close-up
07
දෙසැ.
17

“ශ්‍රී ලංකා නිශ්පාදන වර්ජනය කරපියව්…” දෙමලු

“ශ්‍රී ලංකා නිශ්පාදන වර්ජනය කරපියව්…” යුරෝපීය දමිල වැසියන් කියයි..!

නුඹලා දැක්කේ මේක විතරයිනේ, මේ වගේ තමයි එංගලන්තේ තියන කඩවල් 90% විතර. ඒ දෙමල මිනිස්සු පහන් පත්තුකරන තැන ප්‍රභාගේ පින්තූරයක් අනිවා තියනවා සහ ඒකට වෙනම හඳුන්කූරක් උන් පත්තු කරනවා. ඒ කළගුණ දන්න දෙමලු. අපේ ගුණමකු සිංහල ජාතිය වගේ, නායකයා මැරුණා, නායකයා පැරදුණා කියල නායකයව අමතක කරලා ඔහුට බනින්නේ නෑ.
මේ ෆොටෝ එක තියෙන්නේ වෙම්බ්ලි හයිරෝඩ් එකේ තියන කඩයක..

කොටින්ම කිව්වොත් වෙම්බ්ලි කියන්නේ කොටි ගුහාවක්. කිලිනොච්චිය වගේ තමයි. හැබැයි මේකට එහාපැත්තෙ තියන පාම් බීච් රෙස්ටුරන්ට් එක කරන්නෙත් උතුරේ දෙමල මනුස්සයෙක්. ඔහු එක්ක කතා කලොත් කියන්නේ, සමහරු අකමැති උනාට ප්‍රභාට කැමති මිනිස්සු තාම ඉන්නවා මල්ලි. දෙමල මිනිස්සු ප්‍රභාව අමතක කරන එකක් නෑ ජීවිත කාලෙම. ඔහු ඔහුගේ රෙස්ටුරන්ට් එකේ ප්‍රභාගේ පින්තූරේ එල්ලන්නේ නෑ. ඔහුගෙන් ඒ ඇයි ඇහුවම කියන්නේ, මම මොකටද මල්ලි බිස්නස් අඩුකර ගන්නේ. එච්චරයි. ඒ බිස්නස් මයින්ඩ්. හැබැයි ඔහු උනත් ප්‍රභා ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඒ දෙමල මනුස්සයාගේ තියන මනුස්සකම.

ඒකට අපි, රට බේරපු මහින්ද අපේ මිනිස්සුන්ට පල් හොරෙක් උනා. හැබැයි මහ උන් කියපු එක හොරකමක්වත් තාම හොයාගෙන නෑ. එක්තරා කොටසක් කියන්නේ ඩීල් දාල කියල. රනිල් මහින්ද එක්ක ඩීල් දාල, මහින්දගේ හොරකම් වහලා, රනිල් එයාගේ හොරකම් අල්ලලා දෙන්න කොමිසම් වලට යනවා. ඔන්න එයාලා කියන *කේ ඩීල්.

ප්‍රභා දහස්ගණන් සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු මරුවා, ළමයි හමුදාවට ගත්තා, තරුණ තරුණියෝ බලෙන් හමුදාවට අරන් ගියා.. දෙමළා දන්නවා ප්‍රභා එහෙම කරේ තමන්ගේ ජාතියට තැනක් හදල දෙන්න කියල. ඉතින් දෙමලාගේ ගරුත්වය ප්‍රභාට සදා කල් තියනවා. අපේ සිංහල මිනිස්සු වගේ ගුණමකු නෑ කවදාවත්ම.

ඒක කියන්නම නෙමේ මේ ලිව්වේ. උන් මේවගේ පෝස්ටර් ගැහුවා කියල අපිට පාන්ද? මෙහෙම පෝස්ටර් ගැහුවා කියල ප්‍රභා නැගිටිද? එක පෝස්ටරයක් දැකලා මෙහෙම බයවෙනවා නම්, කඩවල් තුන හතරකට ගියොත් උන් එක්ක කතා කරොත් උන් ප්‍රභාට ආදරේ තරම දැක්කොත් ඇඳන් ඉන්නේ වස්ත්‍රයේම සුළුදිය පහවෙයි. දෙමල මනුස්සයා මේ වගේ ෆොටෝ විතරක් ගහල නිකන් ඉන්නේ නෑ… උන් කරනවා පත්තර, ඩිරෙක්ටරි, ඉවෙන්ට්, ඒ ඔක්කොගෙම යන්නේ බයිකොට් ශ්‍රී ලංකා කියල තමයි. අද ඊයේ නෙමෙයි අවුරුදු 10ක් 20ක් තිස්සෙම එහෙම තමයි. ඉතිං අපිට ගානක්වත් තියනවද?

අපිට ඒවගෙන් කිසිම බලපෑමක් නෑ, උන් තමන්ගේ පැවැත්මට යන්තම් දෙයක් කරගන්නවා. එච්චරයි, හරියට අපේ දකුණේ මිනිස්සු යුද සැමරුම කරනවා වගේ දෙයක් තමයි. දෙමල මනුස්සයා වැඩිපුරම කියන කතාවක් තමයි, එයාලගේ දෙමල මිනිස්සුන්ට වැඩිය එයාලා සිංහල මිනිහව විශ්වාස කරනවා. එක්කෙනෙක් දෙන්නෙක් එහෙම නැතුව ඇති. නමුත් බහුතරයක් දෙමල මිනිස්සු එහෙමයි.

උන් උන්ගේ දේවල් කරගනී…. දෙමල කොටියා නවත්තන්න කලින් ලංකාවේ දේශපාලනේ ඉන්න සිංහල කොටි නැතිකරලා දාන්න පෙළගැසිය යුතුයි. ඒකට එකතුවෙන්න අවශ්‍ය කාලය තමයි මේ. එහෙන් රට බෙදන්න ව්‍යවස්ථා ගේනවා. අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නේ නෑ බයවෙන්න එපා රනිල් මොළකාරයා කියන නුඹලා මේ කොහෙවත් යන ෆොටෝ එහෙකට බය වෙනවා.

සිංහල අපි කවදත් ඔහොම තමයි. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහන්න අපි හරි දක්ෂයි. ෆොටෝ වලට විරුද්ධ වෙනවාට වැඩිය ලොකු දෙයක් නුඹලාගේ අතේ තියෙන්නේ. බෙදුම්වාදී ව්‍යවස්ථාව පරාද කරන්න යමක් කරන්න. ඒකට උදව්වක් දෙන්න. ෆොටෝ අල්ලන් දඟලනවට වැඩිය කරන්න පුළුවන් ලොකුම දේ ඒක.

තියන ජාතිවාදී මොරාල් එක ඩබල් කරගන්න එක්ක එංගලන්තේ ඉන්න දෙමල මිනිස්සු ගහන පොතක කෑලි කීපෙකුත් මෙන්න ඇලෙව්වා. 2017 ඉශූ එක තමයි මේ. දැන් ඉතින් මේවට විස්සෝප වෙන්න එපා. වැඩක් ඇති දෙයක් කරන්න. රටට ඇත්තටම තියන බලපෑම ගැන හොයල බලල ඒවාට විරුද්ද වෙන්න.

=== අන්තර්ජාලයෙනි ===

07
දෙසැ.
17

ගෝඨා කියන්නේ හොර බොරු නැති වැඩකාරයෙක් බව රටම පිලි ගන්නවා

ගෝඨා අත් අඩංගුවට ගන්න ගොනුකල බොරු ඡෝදනාව මෙන්න

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

නීතිපතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට පොලීසියට උපදෙස් දී තිබෙන බවට අපිට විශ්වාශණීය තොරතුරු තිබෙනවා.. අසාධාරණ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඉතිහාසයේ නොවූ විරූ විරෝධයක් මහනායක ස්වාමීන් වහන්සේලාද ඇතුළු සමාජයේ මතු වී තිබෙන නිසා ආණ්ඩුවේ පුංචි පැකිලීමක් තිබෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුව තුලත් මේ දේශපාලන පළිගැනීම ගැන දැඩි විරෝධයක් ඇති වී තිබෙනවා. හැබැයි එන් ජී ඕ මහත්තුරුනම් ආණ්ඩුවට ප්‍රභල පීඩණයක් එල්ල කරමින් ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නාලෙස. ඇත්තටම ගෝඨාභය මහතා අත්අඩංගුවට ගන්නේ ඇයි?

ඩී ඒ රාජපක්ෂ පදනම විසින් ඩී ඒ රාජපක්ෂ සිහිවටනයක් ඉදි කිරීමේ කොන්ත්‍රාත් එක ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට පවරනවා. සංස්ථාවට එහෙම පෞද්ගලික වැඩ භාර ගෙන කරන්න පුළුවන් ද? උත්තරය ඔව්. 1982 අංක 52 පනතින් සංශෝධිත ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා පනතේ 8(ඇ) වගන්තියෙන් ඊට බලය පවරා තිබෙනවා. ඒ අනුව සොහොන, කෞතුකාගාරයක් සහ වැක්ස් ප්‍රතිමා වලින් සමන්විත මෙම ස්මාරකය ඉදි කරන්න රුපියල් මිලියන 33.9ක ඇස්තමේන්තුවක් සකසා 2014 පෙබරවාරි මස පත්‍රිකා අංක 3714 යටතේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගත්තා. මේ වියදම පරිත්‍යාගශීලින්ගෙන් එකතු කර සංස්ථාවට ගෙවීමට ඩී ඒ රාජපක්ෂ පදනම සැලසුම් කර තිබුණා.

ශ්‍රමය ලබා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් වාණිජ පදනමින් ඉදි කිරීම් කටයුතු කලේ නාවික හමුදාවෙන්. ඒ සඳහා සංස්ථාව විසින් රුපියල් මිලියන 25ක් නාවික හමුදාවට ගෙව්වා. 2014 නොවැම්බර් 6 දා මෙම ස්මාරකය විවෘත කළා. වසර අවසන් වීමට තිබෙන්නේ මාස දෙකකට අඩු කාලයක්. ආණ්ඩුවේ ව්‍යාපෘති අවසන් කර බිල්පත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුණොත් එම මුදල් ආපසු භාණ්ඩාගාරයට යනවා. එබැවින් මෙම ව්‍යාපෘතියේ බිල්පත් ඉදිරිපත් කිරීම අතපසු වුණා. ජනවාරි 8 දින ආණ්ඩුව පෙරලුනා. ඊට පසුවත් ඉන්වොයිසියක් ඉදිරිපත් වෙන්නේ නෑ.

මෙම ඉදි කිරීමේ ඉන්වොයිසිය ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි පදනමෙන් සංස්ථාව ප්‍රශ්න කරනවා. ඉන්වොයිසිය තවම සකසා නොමැති බව පවසා එතෙක් රුපියල් මිලියන 25ක් ගෙවන මෙන් දැනුම් දෙනවා. ඒ අනුව 2015.08.31 දින රු මි 25ක් පදනමින් සංස්ථාවට ගෙවනවා. ඊට පසු සංස්ථාව මිලියන 90.8ක් අන්තිම ශතේට කිව්වොත් 90,813,165.02ක් ගෙවිය යුතු බව දැනුම් දෙනවා.

කිසිම සාකච්ඡාවකින් තොරව ඇස්තමේන්තුව මිලියන 33.9 සිට 90.8 දක්වා තුන් ගුණයකින් ඉහළ ගිහින්. මීට පදනමින් විරෝධය පල කරනවා. අපි එකඟ වුණු මුදල අපි ගෙවන්නම් කියලා මිලියන 25 ගෙවූ පසු ඉතිරි මුදල වන මිලියන 8.9 මුදලක් 2017.07.13 දින ගෙවා දමනවා. ඒ අතරේ සංස්ථාවට අවංකවම මුදලක් වැය වුණා නම් අපි ගෙවන්න සූදානම්. ඒ සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුවක් ලබා ගැනීමට රාජපක්ෂ පදනමින් සංස්ථාවට යෝජනා කරනවා. තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුව කීය ද? රුපියල් මිලියන 33.7යි. එ් අනුව ලක්ෂ දෙකක් වැඩිපුර ගෙවලා. දැන් සංස්ථාව විසින් රාජපක්ෂ පදනමට රු ලක්ෂ දෙකක් ගෙවිය යුතුයි.

සේවාලාභියාගේ එකඟතාවය නැතුව ඇස්තමේන්තුව තුන් ගුණයකින් ඉහළ දාන්න පුළුවන් ද? මගේ අධ්‍යනය අනුව ඇස්තමේන්තුව තුන් ගුණයකින් ඉහළ නැගීමට හේතු ගණනාවක් බල පා තිබෙනවා. එකක් තමයි නාවික හමුදාව දැරූ වියදම ද්විත්ව ගණනය වීම. මිලියන 90.8 හදා තිබෙන්නේ නාවික හමුදාවට ගිය වියදමයි සංස්ථාව දැරූ වියදමයි එකතු කරලා. නාවික හමුදාවට ගිය වියදම කොපමණ ද කියා ඇසුවාම මිලියන 29ක් බව පවසා තිබෙනවා. සංස්ථාවේ වියදම මිලියන 61යි. ඒ අතරේ නාවික හමුදාවට ගෙවූ රු මි 25ක මුදලත් තිබෙනවා.

දෙවැනි කාරණය තමයි ස්මාරකය ඉදි කරන සමයේ වීරකැටිය පොලීසිය ඉදිරිපිට ඇති උඩුකිරිල්ල වැවත් ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. ඒ වියදමත් මේ ව්‍යාපෘතියට එකතු කරලයි තිබෙන්නේ. මේ ව්‍යාපෘතිය වීරකැටිය වාපෘතිය ලෙසයි නම් කරල තියෙන්නේ. ඩී ඒ රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සහ උඩුකිරිල්ල වැව ප්‍රථිසංස්කරණය කිරීම යන ව්‍යාපෘති දෙකම මෙයට ඇතුලත්. මේ දෙකේම වියදම් අද ඩී ඒ රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සදහා වියදම් ලෙස දක්වලා තිබෙනවා.

තුන්වෙනුවට මෙහි පිරිවැය පුම්බා පෙන්වන්න අවශ්‍ය නිසා බොරු ගණන් හිලව් ඇතුලත් කර තිබෙනවා. නිදසුනක් විධියට 200 ධාරිතාවයේ Short Arm Excavator සඳහා රුපියල් මිලියන 7.2ක් ගෙවූ බවට බිල්පත් තිබෙනවා. මේ යන්ත්‍රයට පැයකට ගෙවන සම්මත මුදල රු 2,360/-යි. කෑමට තේ බීමට කාලය හැරලා දවසට පැය හයක් වැඩ කලොත් දවසට රු 14,160යි. මිලියන 7.2 ගෙවීමට නම් දවස් 508ක් වැඩ කළ යුතුයි. 2014 පෙබරවාරි මාසයේ ආරම්භකරපු මේ ව්‍යාපෘතිය සම්පුර්න කරල 2014 නොමැම්බර් 6 වෙනිද විවෘත කරනවා. මේක වැවක් හෑරීමක් නොවේ. ස්මාරකයක් ඉදි කිරීමක්. පස් හෑරීම වැඩිම වුණොත් මාසයක් තිබේවි. සම්පූර්ණ ව්‍යාපෘතිය මාස නවයකටත් අඩු කාලයක් තුල දී ඉවර කරලා විවෘතත් කරලා. හැබැයි මාස 17ක් පස් හෑරුවා කියලා වියදමක් පෙන්වනවා.

දැන් මේ ලිපිගොනු තිබෙන්නේ මෙගාපොලිස් ඇමතිවරයා ළඟ. ඇමතිවරයා මේ ලිපි ගොනු නීතිඥයින්ට ලබා දෙමින් ගෝඨා ඇතුලට දාන්න පුළුවන් ද කියා විමසනවා. නීතිය දන්න නීතිඥවරු බෑ කියනවා. තවත් නීතිඥ කණ්ඩායමක් ගෙන්වනවා. ඔවුන්ට මේ ලිපි ගොනු අධ්‍යනය කරන්න දෙනවා. ගෝඨාව ඇතුලට දාන්න ක්‍රමයක් ඇත්තේම නැද්ද අහනවා. මේක කෙලින්ම දේශපාලන පලි ගැනීමක්.

ඇත්ත තත්වය නම් සංස්ථාව දැරූ වියදමට වඩා රුපියල් ලක්ෂ දෙකක් ඩී ඒ රාජපක්ෂ පදනමින් ගෙවා තිබෙනවා. වැඩි ගණනක් අය කළාට රාජපක්ෂ පදනම සංස්ථාවටයි නඩු දාන්න ඕනෑ. එහෙම නැතත් මෙතැන පොදු දේපල අපහරණයක් නෑ. වාණිජමය ගනුදෙනුවක් විතරයි. සංස්ථාවට යම් මුදලක් අය කර ගන්න තිබෙනවා නම් කළ යුත්තේ දිසා අධිකරණයේ නඩු පැවරීම මිස පොලීසියේ පිහිට පැතීම නොවේ.

කවුරු හරි කියනවා නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොදු දේපල අපහරණය කර තිබෙනවා අත්අඩංගුවට ගත යුතුයි කියා ඒ ඕනෑම කෙනෙකු සමග ප්‍රසිද්ධ විවාදයකට මම සූදානම්. ඒ අත්අඩංගුවට ගන්න උපදෙස් දුන් නීතිපති වේවා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වේවා, එන්ජිඕ ඒජන්තයෙකු වේවා ඕනෑම කෙනෙකු සමග විවාද කිරීමට මම සූදානම්.

බැලු බැල්මට නඩුකරයක් නැති නම් ගෝඨාභය මැතිතුමාව අත්අඩංගුවට ගන්න යන්නේ ඇයි? ඔහු අද ආණ්ඩුවට පවතින දැවැන්තම දේශපාලන තර්ජනය නිසා. ආණ්ඩුවේ ලොකුමව්‍යාපෘතිය වන බෙදුම්වාදි ව්‍යවස්ථාවට එරෙහිව එළිය සංවිධනය සමග රට පුරා රැස්වීම් පවත්වන්නේ ඔහු. ජනප්‍රියතාවයෙන් ඔහු දෙවැනි වන්නේ මහින්ද ජනාධිපතිතුමාට පමණයි. ඒ නිසා ඔහුව සිර කර නිහඬ කිරීමට උත්සාහ කරන්නේ.

පරාජය කළ නොහැකි බවට ලොවම කියූ කොටි ත්‍රස්තවාදයේ පරාජයේ නියමුවා ඔහුයි. මම නම් කොටි පරදන්න පුළුවන් කියා විශ්වාස කළත් කොළඹ කුණු නැති කරන්න පුළුවන් කියා විශ්වාස කලේ නෑ. ඔහු ඒ වික්‍රමයත් කළා. ගෝඨා කියන්නේ හොර බොරු නැති වැඩකාරයෙක් බව පක්ෂ භේදයෙන් තොරව රටම පිලි ගන්නවා. ඒ පිලිගැනීම තමයි ආණ්ඩුවේ භීතියට හේතු වෙලා තිබෙන්නේ.

වරදක් කර තිබෙනවා නම් අපේ දෙමව්පියන් අත්අඩංගුවට ගත්තත් අපි විරුද්ධ වෙන්නේ නෑ. මෙහෙම දේශපාලන පලි ගැනීම් කරන්න දෙන්න බෑ.

ගෝඨා ජාතියේ හදවතයි. හදවත බේරා ගන්න ඕනෑම දෙයක් කරන්න මේ රට සූදානම් කියන අනතුරු ඇඟවීම අපි ආණ්ඩුවට කරනවා.

– අරවින්ද අතුකෝරල

07
දෙසැ.
17

සිරිසේන ඕශල හේරත්ට පයින් ගසයි

මුල අමතක සිරිසේන, ඕශල හේරත්ට බැක්ඩේට් කර පයින් ගසයි..

වත්මන් ජනපතිවරයා බලයට පත් කිරීම වෙනුවෙන් වූ දැවැන්තම සයිබර් ක්‍රියාවලිය සිදු කල, ඕශල හේරත් වෙත පල නොකියා පලා බෙදන්නට ජනපති සිරිසේන කටයුතු කරන බව SL News Lanka වෙත වාර්තා වේ.

ජනපති සිරිසේන ශ්‍රී ල නි ප යෙන් ඉවත්ව යෑමත් සමඟම ඕශල හේරත්ද ඒ සමඟ ගියේ ශ්‍රී ල නි ප යට හිමි වටිනාම සයිබර් දේපල වන UPFA – A Brighter Future ෆේස්බුක් පේජයත් සමඟිනි.

එදා පටන් ඔහුගේ ජයග්‍රහණයට මහත් කැපවීමක් කල ඕශලව ජනපති සිරිසේන විසින් ජනපති සයිබර් මාධ්‍ය අංශයේ ප්‍රධානියා බවට පත් කෙරුණි. හෙමින් හෙමින් ඔහුව කපා දැමූ බව වාර්තා වූ අතර, අද වන විට ඔහු නිකම්ම නිකම් ජනපති සම්භන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස පත්ව සිටී.

කෙසේ වුවත් පසු ගියදා ඔහුට ලබා දුන් KX – 8228 අංක දරණ නිසාන් සිල්ෆි වර්ගයේ කාර් රථයද ආපහු ගැනීමට ජනපති ලේකම් කාර්‍යාලය තිරිසන් උත්සාහයක නිරත වී ඇති අතර, ඕශල හේරත් විසින් ඒ පිළිබඳව ලිඛිත පැමිණිල්ලක් ජනපති ලේකම් වෙත යොමු කොට තිබේ.

එපමණක් නොව, සැප්තැම්බර් මස වැටුපද මේ වනතෙක්ම ඕශලගේ ගිණුමට බැර නොවීම නිසා, ඕශලටත් හොරෙන් ඕශලගේ පස්සට පයින් ගසා ඇත්දැයි අපට සිතේ..

ප.ලි. ලිපිය අවසන් වනවිට ඕශල තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙන්නේ, තමන්ගේ සේවය අවසන් කිරීමේ ලිපිය ඔක්තෝබර් පළමු දාට දින දමා සකසා ඇති බවකි.

06
දෙසැ.
17

රට බෙදුම්වාදින්ගෙන් බෙරා ගැනීම ද්‍රොහිකමක් නම්, මම ඉතා අඩම්බරෙයන් ද්‍රොහියෙක් වෙනවා.

ගෝටාභයගේ ‘එළිය’ සංවිධානයේ අයෙක් ද්‍රෝහියෙක් වෙන්න සූදානම්..

ගෝටාභයගේ ‘එළිය’ සංවිධානයේ අයෙක් ද්‍රෝහියෙක් වෙන්න සූදානම්..

අරුන් තම්බිමුත්තු මහතා ‘එළිය’ සංවිධානයේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මෙසේ අදහස් පල කලේය.

පසු ගිය වසර හතක පමණ කාලයක සිට මා දේශපාලනය කටයුතුවල යෙදුනා. නමුත් අද රටේ තත්වය ඉතාම කණගාටු දායකයි. මන්ද එක් පැත්තකින් කාලයක් සිට තුබු දෙමළ ඊළම්වාදින් ගෙ සිහිනයක් වන දෙමළ නිජබිම, දැන් වංචනිකව මතු වී තිබෙනවා. ඒ ගමන් ම, තමන්ට දේශපාලන තර්ජනයක් වේයැයි සිතන විරුද්ධවාදින්ගේ චරිතය ඝාතනය කර, දේශපාලන කරලියෙන් ඉවත් කර ගැනීමට වෑයම් කරමින් සිටිනවා.

නොවැම්බර් මස 27 වැනිදා එල්ටටීටීඊ ත‍්‍රස්ථවාදින් සිය වීරයන් සමරන දිනය. ඊට පෙර දින ප‍්‍රබාකරන්ගෙ උපන් දිනය. මොවුන් මෙය සමරන විට ඉතාම උපහාසාත්මක සිද්ධිය වන්නෙ සාමයට නායකත්වය දුන් ආරක්ෂක ලේඛම්තුමා ගොඨාභය රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගන්න වෑයම් කරන ප‍්‍රවෘත්තියයි.

රාජපක්ෂ මහතා 2019 දි පැවැත් වීමට නියමිත ජනාධිපතිවරනයට ඉදිරිපත් විය හැකි සුදුසු තරගකරුවෙක් බව කවුරුත් දන්නා රහසක්. ඔහු ඒවැනි බලාපොරොත්තුවක් ප‍්‍රකාෂ කර නොමැති මුත් මේ පිළිබදව මාධ්‍යයෙන් හා දේශපාලන කරළිය තුළ තදින් ම කතාබහට ලක්වෙනවා.

අපි කොළඹ ඇවිද්දත්, රටේ අන් ප්‍රදේශයකට විශේෂයෙන්ම උතුරට හා නැගෙනහිරට ගිය විටත් ඔහු කළ වෙනස දකින්නට තිබෙනවා.

දවස් දෙකකට පමණ පෙර උදෑසන මට දුරකථන ඇමතුමක් ලැබුනා එල්ටටීටීඊ ත‍්‍රස්ථ සංවිධානෙය් හිටපු බුද්ධි අංශයෙ සාමාජිකයෙක් ගෙන්. ඔහුත් මගෙ දිස්ත‍්‍රික්කය වන මඩකලපුවෙ. ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට වෑයම් කරන පුවත අසා ඔහු සිටියෙ බොහොම කලබල වෙලා. මමත් හරියටම විස්තර දන්නෙ නැහැ කියලා යි මම ඔහුට පැවසුවෙ. ඉන් පසුව ඔහු මට දිග ඊමේල් ලිපියක් ඒවලා තිබුණා.

ඔහු එල්ටටීටීඊ ත‍්‍රස්ථවාදි සංවිධානයට බැදෙන්නෙ වයස 16දී. නමුත් ඔහු 2009 මැයි මස 16 වන දින එල්ටටීටීඊ සංවිධානය හැර දමා හමුදාවට භාර වී තිබෙනවා. මෙසෙ භාර වී පුනරුත්ථාපනයෙන් පසු නිදහස් වු 12,000න් ඒක් පුද්ගලයෙක් ඔහු. තමන්ට නැවත සමාජයට ඒක් වීමට මග පදා දුන්නේ රාජපක්ෂ මහතා යැයි ඔහු මට ඒවා තිබූණු ලිපියෙ සදහන් කර තිබුණා.

මට මොහුව මුණ ගැසුනෙ 2013 වසරෙදී. ඒදා අපි දෙන්නා පැය 10ක් පමණ වාදවිවාද කළා. හැබැයි ඉන් පසුව ඔහුත් පිළිගත්තා මගෙ මතය. ඒනම්, ශ‍්‍රී ලංකාව අප සියළු දෙනාගෙම රට බවත්, ඒහි එක එක ජාතින්ට අවශ්‍ය විදිහට නිජබිම් වෙන් කර කඩන්න දෙන්න බැරි බවත් ඔහු තේරුම් ගත්තා.
අවාසනාවකට ඇතැම් මාධ්‍යයත් ශ‍්‍රී ලංකා හමුදාවෙ ධනාත්මක අංග අවධාරණය කරන්නෙ නැහැ. ඔවුන්ගෙත් වැඩි උනන්දුව තිබෙන්නෙ අපෙ හමුදාවට ඒල්ල කරන කළු පැල්ලන් වලට ප‍්‍රචාරය දීමටයි

මෑතකදි නැස්බි සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුවෙදි කළ හෙළිදරව්ව අපට ආරංචි වුනා. ඔහු පැහැදිලිවම ප‍්‍රකාශ කර සිටියෙ ඔවුන්ගේ ම තානාපති කාර්යාලයෙන් ලැබුණු වාර්තා අනුව යුද්ධය අවසන් වකවානුවෙදි මියගිය දමිළ ජන සංඛ්‍යාව 7,000 පමණ මිසක් 40,000 නොවන බවයි.

ඩෙවිඞ් කැමරන් මහතා මෙය හොද හැටි දැන ගෙන සිටියා. නමුත් ඔහු ලංකාවට පැමිණි අවස්ථාවෙදි හැසිරුනේ මෙම 40,000 සේ මිත්‍යාව සත්‍යයක් ලෙසයි.

ඒ වගේම දෙමළ තරුණ තරුණියෝ පැහැර ගෙන ගොස් වද හිංසා කරා කියන පුවත ද නැස්බි සාමිවරයා තර්කානුකූලව ප‍්‍රතික්ෂෙප කළා. මෙවැනි කතා හරහා තමන්ගෙ දේශපාලන මතයට අභියොගයක් වෙන අයගෙ ප්‍රතිරූපය විනාශ කිරීමටයි උත්සහය.

පසුගිය ජනාධිපතිවරණයෙදි වපුරපු කතාවක් තමයි ගිය ආණ්ඩුවෙ සිටි ප‍්‍රබල සාමාජිකයන් මෙරටින් ඇමරිකන් ඩොලර් බිලියන 18ක් සොරකම් කර ඇති බව. ඒ සල්ලි පිටරට ගිණුම්වල තැන්පත් කර ඇතැයි කියලා කිව්වා. නමුත් ඇමරිකන් ඩොලර් බිලියන 18ක් කියන්නෙ මහ විශාල මුදල් කන්දරාවක්.

මෙ වගෙ පුදුම සහගත, කිසිම පදනමක් නැති කතා පතුරුවන සමයක් තමයි දැන් බිහි වෙලා තියෙන්නෙ. අද ඔනෑම දේශපාලකයෙක්ට ඔනෑම චෝදනාවක් කිසිම සාක්කියක් නැතුව කියලා ගැලවෙන්න පුළුවන්. මෙ බොරු කතා පදනම් කර ගෙන මිනිසුන්ව අත්අඩංගුවට පවා ගන්න යුගයක තමයි අද අපි ජිවත් වෙන්නෙ.

මෙය ඉතාම භයානක තත්වයක්. ඔනෙම කෙනෙක්ව දැන් බොරු චෝදනා මත අත්අඩංගුවට ගන්න පුළුවන්. උසාවියෙදි නිදහස් වෙයි, නමුත් ඒයට වසර ගණනාවක් යයි. මෙය දරාගන්න ආර්ථික හා ආත්ම ශක්තියක් තිබුණත්, කවුද කැමති වසර ගණනාවක් උසාවි ගානෙ රස්තියාදු වෙලා මානසික පීඩනයක් විදින්න.

මෙවැනි දේශපාලන දඩයම් කරන්නෙ තමන්ට අභියෝගයක් වෙන ප්‍රථිවාදීන්ව බලෙන් දේශපාලන කරලියෙන් ඉවත් කර දැමීමටයි. මෙසේ කර තම දේශපාලන ගමන තහවුරු කර ගැනිමයි මොවුන්ගෙ අරමුණ.

මම දන්නෙ නැහැ මේවා කරන්නෙ ඒක්සත් ජාතික පක්ෂයෙන්ද නැතිනම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද කියලා. මෙය පිළිබදව ජනපති සිරසෙනත් යම් අදහසක් දක්වලා තියෙනවා අපි පුවත්පත් වල දැක්කා. මේවා බලා සිටින රටෙ ජනතාව දන්නවා මෙවා දේශපාලන මත සිදුවන දේවල් බව.

නව ව්‍යවස්ථාවක් සදහා ජන වරමක් කොහිද ?

මෙතැන සිටින මාධ්‍යවෙදියෙකු මතු කළා මෙන් ගිය ආණ්ඩුවෙන්ද අඩුපාඩු සිදු වුනා. ඒ ආණ්ඩුවෙන් පමණක් නොව, 1948 සිට පැවති සෑම ආණ්ඩුවකින්ම බොහො අඩුපාඩු සිදු වී තිබෙනවා. ඒ ආණ්ඩු හා මේ ආණ්ඩුව අතර වෙනසක් තිබෙනවා. ඒ තමයි මෙම ආණ්ඩුව බලයට ආවෙ පසුගිය ආණ්ඩුවලින් සිදු වුනා යැයි කියන අඩුපාඩු කිසිවක් නොකරන, වෙනසක් ඇති කරන පොරොන්දුව මතය.

නමුත් මෙය යහපාලනයක්ද? මොවුන් නව ව්‍යවස්ථාවක් පස්ස දොරෙන් ගෙන්න හදනවා. නමුත් මේ අයට ව්‍යවස්ථාව වෙනස් කිරීමට වරමක් තිබෙනවාද?

රටෙ මිනිසුන් සිරිසේන මහතාව විධායක ජනපති ලෙස පත් කළා. නමුත් ඒ එක්කම පාර්ලිමෙන්තු මැතිවරණය තිබුණා. මෙයින් ව්‍යවස්ථාව වෙනස් කිරීමට මන්ත‍්‍රින්ට බලයක් ලැබුනෙ නැහැ.

මහින්ද රාජපක්ෂ මහතාගෙ චින්තනයෙ මෙවැනි ක‍්‍රියාවකට වරමක් ඉල්ලා තිබුණෙ නැහැ. ඒ චින්තනයට සහයෝගය දුන් අය තමයි අද ශ‍්‍රීලනිප ය නියෝජන කරන ආණ්ඩුවෙ සිටින මන්ත‍්‍රිතුමාලා.

මෙ අය දැන් තර්ක කරනවා අපෙ රටෙ නායකයා තොරා ගන්න අපට තියෙන අයිතිය මෙම පිරිසට පවරන්න කියා. ඒවිට රටෙ නායකයා තොරා ගන්නෙ පාර්ලිමෙන්තුවනි. නමුත් මේ රටෙ පුරවැසියෙක් ලෙස මම ඒසෙ වරමක් දුන්නෙ නැහැ.

මොවුන් ජනමතවිචාරණයක් ගෙන ඒමට තැත් කරනවා. මම තදින්ම විශ්වාස කරනවා මෙම රටෙ ජනයා නිවැරදි තීරණයක් ගෙන, රටෙ අනාගතයට උවදුරක් වන මෙ නව ව්‍යවස්ථාව කුණු කූඩයට දමන බවට. නමුත් අපෙ මන්ත‍්‍රිවෙැන්ට සතුව වගකීමක් තිබෙනවා අපෙ රටෙ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීමට.

ශ‍්‍රී ලංකාව දූපතක් වුවද, අපට ගොලීය බලවේග අමතක කළ නොහැක. වසර 50ක් පමණ කාලයක් තිස්සෙ සිට උතුරෙ හා නැගෙනහිර දෙමළ ජනයාගෙ සිත් තුළ දෙමළ නිජබිමක් කාවද්දා තියෙනවා. මෙ පසුබිම සමග ජනමතවිචාරණයකට ගියොත්, දෙමළ බෙදුම්වාදින් මෙම සිහිනය ඉස්මතු කර ගනිවි. මොවුන් උතුරෙ හා නැගෙනහිර දෙමළ ජනයාට ජනමතවිචාරණයට ඒකගව ඡුන්දය දීමට පොළොඹවයි.

අනෙක් ප‍්‍රදෙශ හතම මෙයට විරුද්ධ වන බව නිසැකයි. නමුත් දෙමළ බෙදුම්වාදින්ට මෙම මත දෙක ඊලාම් සිතියමට සංසන්දනය කර අයුතු ලෙස කටයුතු කරන්න මග පෑදෙයි. මෙම අනාවැකිය පිළි නොගන්න උදවිය මතක් කළ යුතුයි 1976 වඩුක්කෝඩෙයි යොජනාව හා 1977 මැතිවරණ ප‍්‍රතිඵලය.

මගෙ රට බෙදුම්වාදින්ගෙන් බෙරා ගැනීම ද්‍රොහිකමක් නම්, මම ඉතා අඩම්බරෙයන් ද්‍රොහියෙක් වෙනවා.

මෙම ගෙන එන්න හදන ව්‍යවස්ථාවට විවිරුද්ධ වෙන්නන් ජාතිවාදීන් ලෙස නම් කිරීමට උත්සහයක් තිබෙනවා. මම දෙමළ නිසා මම ද්‍රෝහියෙක් සේ නම් කරයි. නමුත් මගෙ රට බෙදුම්වාදින්ගෙන් බෙරා ගැනීම ද්‍රොහිකමක් නම්, මම ඉතා අඩම්බරෙයන් ද්‍රොහියෙක් වෙනවා.

හිටපු විදෙශ ඇමති, දැන් මුදල් ඇමති බොහොම චතුරය කියා සිටිනවා ජාතික ප‍්‍රශ්නයට විසදුම බලය බෙදිමයි කියා. විසදුම බලය බෙදිමය නම්, ඒය යා යුත්තෙ පොඩිම ඒකකයට මිස පළාතකට නොවෙ. පළාත් අනුව බලය බෙදුවොත්, අපටත් ස්කොට්ලන්තයෙන් හා කැටලොනියාවෙන් මතු වු වැනි ප‍්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි.

මෙසෙ බලය බෙදන්න අවශ්‍යකමක් නැහැ. සිංහල මිනිසුන් තමන් ට අයත් වරප‍්‍රසාද හා අයිතින් දෙමළ ජනයාටත් තිබෙනවාට කිසිම විරෝධයක් නැහැ.

ඒ නිසා ආණ්ඩුවක් වශයෙන්, පුරවැසියෙක් වශයෙන් අප සියල්ලටම වගකිමක් තියෙනවා මෙම රට තුළ නිජබිම් යැයි කියා කඩන්නට නොදි ආරක්ෂා කර ගැනිමට. මෙම දූපත ඔබගෙ වගේම මගෙයි. මෙම දිවයිනෙ සෑම අගලක් ම ඔබට මෙන්ම මටත් අයිතියි. ඒ නිසා මෙම රටට හො මෙම රටෙ අනාගතයට කිසිම හානියක් වෙන්න නොදි බලා ගැනීම අප සියළු දෙනාගෙම යුතුකමයි.

– ශිවන්ති රණසිංහ

02
දෙසැ.
17

‘බලු කතාව’ 

කතෘ:යුතුකම
මීට මාස කිහිපයකට පෙර පාඨලී චම්පික රණවක මහතා හැද සිටියේ හලාල් විරෝධී ඇඳූමකි. අද නම් ඔහුට හලාල් විරෝධී සළු හරාම්ය. බොදු බල සේනා සංවිධානය ඉතා ළඟින් මොහු ඇසුරු කළ බව දන්නෝ දනිති. ඥාණසාර හිමි මෑතකදී පැවසූයේ ඔහුට ආමන්ත්‍රණය කළේ චම්පික අයියේ කියා බවත් කළින් ඔහුට බොහොම ආදරය කළ බවත්ය. යුද්ධයෙන් පසු හරිහමං තේමාවක් නැතිව සිටි චම්පික මහතාට බොදු බල සේනා සංවිධානය විසින් මතු කරවන ලද අන්තවාදී මුස්ලිම් ක්‍රියාකාරම්වලට එරෙහි මතවාදය ඉතා පැණි රසක් විය. එම තේමාව උඩට නැඟ ගත් ඔහු ක්ෂණිකව උත්තේජනය කළ හැකි තරුණයන්ට ආමන්ත්‍රණය කරමින් ඔවුන් අතර විරුවෙකු විය. ඥාණසාර හිමියන්ගේ දැඩි ස්වභාවය චම්පික අයියා තුළින් දිස් නොවුනද ඉතා තීව්‍ර ලෙස ඔහුද මුස්ලිම් අන්තවාදී ක්‍රියාවන් විවේචනය කළේය. ඔහු කොයි ආකාරයකට එය කළාද යත් ජාතීන් අතර වෛරය සාදනවා යන නිර්ණායකය මත ඔහුගේ ෆේස්බුක් පිටුව පවා අවලංගු කෙරිනි. බොදු බල සේනාහි ඥාණසාර හිමි ඇතුළු පිරිස ඉතා දුර්වල දේශපාලන දැක්මකින් යුතුව  ක්‍රියා කරද්දී චම්පික අයියා ඒවායෙන් ලකුණූ දමා ගත් දේශපාලකයා විය. අළුත්ගමදී ඇති වූ අවාසනාවන්ත සිද්ධියට සම්බන්ධ සියළු අපකීර්තිය ඥාණසාර හිමිගේ හිස මත කඩා වැටෙද්දී ඒ ගිනි ඇවිලවීමට මතවාදීව දායක වූ චම්පික අයියා වෙත අපවාදයක් ආවේ නැත. අර කෙටි උත්තේජනයක් ලද එතැම් තරුණ තරුණියන්ගේ හිතේ ඔහු වීරයකු ලෙසම ඉතිරි විය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රටේ ඒකීයභාවය පිළිබදව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරය ප්‍රශ්න කරද්දී එයට පිළිතුරු දීමට ඉදිරියට දැමුනේ චම්පික මහතා සහ රතන හිමියන්ය. අද උතුරේ ආණ්ඩුකාර තනතුරින් ජී ඒ චන්ද්‍රසිරි මහතා ඉවත් කර පලිහක්කාර මහතා පත් වන විට, නැගෙනහිරට ආණ්ඩුකාරාවරයා ලෙස තමිල් සෙල්වන්ට මචං කිවූ, පුලිදේවන් බලන්න ඇපල් අරං ගිය එවක චන්ද්‍රිකා-රනිල් රජයේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ෆර්නෑන්ඩු පිලිබද යෝජනා වෙද්දී, ටී එන් ඒ පදයට නොනැටූ උතුරු පළාතේ හිටපු ජ්‍යේෂ්ඨතම සිවිල් නිලධාරිනිය වූ විජයලක්ෂ්මී රමේෂ් මහත්මිය උතුරු පළාත් ප්‍රධාන ලේකම් ධූරයෙන් මාරු කරද්දී, අප කළ යුත්තේ චන්ද්‍රිකාගේ පැකේජය යළි ගෙන ඒම බව මංගල සමරවීර පවසද්දී, 13 වන ව්‍ය්වස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බව රනිල් වික්‍ර්මසිංහ පවසද්දී අද චම්පික අයියා අපට කියන්නේ මාර කතාවකි.

 “2005 ට පසු දූෂණ චෝදනා දන්නවා නම් අපට එවන්න”.

එය මාර කතාවක් වන්නේ එවැනි දූෂණ් චෝදනා කිසිවක් නැති නිසා නොව. රටේ ඒකීයභාවයට කිසිදු හානියක් නොවන බව හිසේ අත ගසා දිවුරා කී ව්‍යාජ ආරක්ෂකයාව අද ඒකීයභාවය නැතිභංගස්ථාන කර දැමීමේ කාර්යය සදහා ඉතා නැණවත් අයුරින් රනිල් වික්‍රමසිංහ විසින් යොදවා ගනිමින් සිටින නිසාය. ඒ අපූරු උපාය නම් එම අනතුර එළිපත්තට ගෙන ආ මොහොතක ඒකීයභාවයේ ව්‍යාජ ආරක්ෂකයින් වෙන වෙන දෑ පිළිබදව කතා කරන්නට සලස්වා, ඒ ව්‍යාජ ආරක්ෂකයනට රැවටී සිටින මිනිසුන්ට එවැනි අනතුරක් නැති බව හැඟෙන්නට සැලැස්විමයි. සිංහලයාගේ ඇස් වලට වැලි ගැසීම සදහා අද ව්‍යාජ ආරක්ෂකයින් වන චම්පික රණවකව සහ අනුර කුමාරව රනිල් වික්‍රමසිංහ අවභාවිතයේ යොදා ගනිමින් සිටියි. මේ උදවිය කට ඇර එවැනි අනතුරක් නැතැයි නොබියව අද අපට කියන්නේ නැත. ඔවුන් අපට නැවත නැවතත් කියන්නේ දූෂිතයන් ගැන හා දූෂිතයන් ගැන පමණි. තව නොබෝ දිනකින් ඒකීය භාවය කන්නදැයි චම්පික අයියා අපගෙන් ඇසුවොත් අපි පුදුම නොවෙමු. නමුත් එතෙක් ඔහු එය මඟ හැර යමින් දූෂිතයන් සොයමින් කාර්ය බහුල වනු ඇත. අප කිසි දිනක ඔහුට රැවටී සිට නැත.

අද චම්පිකට හලාල් විරෝධය හරාම් වී ඇත. එපමණක්ද? මීට මාස කිහිපයකට පෙර ඔහු ඉසිලූ වචන වන  බෙදුම්වාදය, දෙමළ ජාතිවාදය, මුස්ලිම් ජාතිවාදය, අන්තවාදී තවුහිද් ජමාද් සංවිධානය, 13 වන ව්‍යවස්ථා  සංශෝධනය, අධිරාජ්‍යයවාදී බලවේග යන සියල්ල හරාම් වී ඇත. අද ඔහුගේ එකම කාර්ය වී ඇත්තේ මංගල සමරවීර හා එක්ව රාජපක්ෂ වරුන්ට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කිරීමයි. එය ආරම්භ කෙරුනේ ඡන්දයට පසු දිනය. එහිදී සිදුවන්නට ගිය මහා හමුදා කුමණ්ත්‍රණයක් ගැන ඔහු මාධ්‍යයට කීය.

“ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ මෙහෙයවීමෙන් යුද හමුදාව යොදා කරන්නට ගිය මහා විනාශයක් පොලිස්පති හා මැතිවරණ කොමසාරිස් කොන්ද කෙළින් තබාගෙන නිර්භීතව රාජකාරි කළ නිසා වැළකී ගියා. මැතිවරණ කොමසාරිස්ගේ හා පොලිස්පතිගේ නීර්භීත තීරණ නිසා රට ලේ විලක් වෙන්නට තිබූ ඉඩ ඇහිරී ගියා” යැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා ජනවාරි නවයදා පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

එම ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය පැවසුවේය. (ඔහුව පසුව යහපාලන රාජ්‍ය තන්ත්‍රය මඟින් ඉවත් කෙරිනි.) එසේම එම කතාව පට්ටපල් බොරුවක් බව එය වලක්වා ගැනුම උදෙසා චම්පිකලා ස්තුතිය පුද කළ මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය. ඔහු මේ බේගල් ඇද දමන්නේ භික්ෂූන් වහන්සේලා දෙනමක් දෙපසින් තබාගෙනය. ස්තුතිය පුද කළ මිනිහා ඒ ගැන නොදන්නේ නම් මේ ගැන තවත් පරීක්ෂණ නොවුමනා බව කාට ඡන්දය දුන්නත් ගමේ ගොඩේ බයියන්ට වැටහේ. නමුත් චම්පිකලා අද වැටී ඇති පහත් මට්ටම නම් ඉතා ඛේදනීයය. එය එළිපිටම අපගේ වත්මන් විදෙස් ඇමතිගේ තත්වයට වැටීමකි. විධායකය තෝරා ගැනීමෙන් පසුව ඇති වූ නව පාර්ලිමේන්තුවේ දෙදෙනාට එක ළඟ අසුන් ගන්නට වරම් ලැබී තිබිනි.

මේ ජනවාරි 18 ඉරිදා ලංකාදීප පුවත්පතට චම්පික මහතා පැවසූවකි.

“අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අරලියගහ මන්දිරය බලන්න නිලධාරීන් කිහිප දෙනෙකු යවලා තියෙනවා. ඒකේ එක කාමරයක ඉදලා තියෙනවා අතරමං වෙච්ච බල්ලෙක්. දොර ඇරපු ගමන් බල්ලා බුරාගෙන ඇවිල්ලා. පස්සේ බල්ලව මෙල්ල කරලා කන්න දාලා කූඩුවකට දාලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ඡන්දේ ඉල්ලනවැයි, ඊළඟ ඡන්දෙට එනවැයි ඊළඟ අගමැති මහින්දයි කියලා කියන්නේ අර වගේ අතරමං වෙච්ච බල්ලෝ. මහින්ද රාජපක්ෂගේ යුගය ඉවරයි. මහින්ද රාජපක්ෂගේ ඇඟේ හිටපු බලු මැක්කන්ගේ යුගයත් ඉවරයි.”

පරමාධීපත්‍යය බලය ඇත්තේ ජනතාවට මිස චම්පික රණවකට නොව. ඔහු රාජපක්ෂලාට යළි මෙරට දේශපාලනයක් නෑ යයි වහසි බස් දොඩවන්නේ මන්දැයි අපි නොදනිමු. නමුත් මේ මෛත්‍රී යුගයේ මේ බලු කතා කුමටද? එම බල්ලා කූඩුවට දැම්මා මෙන් කාව හෝ කූඩුවට දැමීමේ දැඩි වෛරයකින් ඔහු පෙලෙන බව පැහැදිලිය. වැරදි කළ උන් අල්ලා මාධ්‍ය සංදර්ශනයෙන් ඔබ්බට ගොස් දඩුවම් දෙනවාට මෙරට ජනතාව ඉතා කැමතිය. නමුත් මේ කූඩුවට දමා ගන්නට ඕනෑ වී ඇත්තේ දූෂිතයන් නොව, දේශපාලනික ප්‍රතිමල්ලවයන් බව ඔහුගේ මේ කතාවෙන් මෙන්ම හමුදා කුමන්ත්‍රණ පිලිබද බොරු චෝදනාවලින්ද ගම්‍යය වේ. මහින්ද රාජපක්ෂගේ ඇගේ බලු මැක්කන් සිටි බව කීමෙන් චම්පික කියන්නේ මහින්ද රාජපක්ෂ බල්ලෙකු බව නොවේද? මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයේ යම්  යම් අඩුපාඩු තිබූ බව සැබෑවකි. නමුත්  අපි මෙන්ම කම්පිකත් අද නොබියව මහමඟ යන්නේ එතුමා ලබා දුන් දේශපාලන නායකත්වය හේතු කොටගෙනය. (චම්පිකලා කියන්නේ එය කළේ ඔවුන් බවය.) ඔහු පසුගිය දශක කිහිපය පුරාවටම මෙරට නායකත්වය දුන් නායකයින් අතරින් සුවිශේෂීම නායකයාය. එය කුහකයන් නොවන පක්ෂ විපක්ෂ කවුරුත් පිලිගනිති. අද චම්පිකලා ලැඟ සිටින පිලේ රනිල් වික්‍රමසිංහ මහතා හෝ චන්ද්‍රිකා මැතිණිය හෝ මෙරටට කළ හොදක් යයි යමක් සොයා ගැනීම ඉතා උගහටය. කරන ලද විණ නම් පෙන්වා දිය හැකිය. එහෙව් පිලක ලැග තම වෛරය පිරිමසා ගන්නා චම්පික ඉතා ගෞරවාන්විත ලෙස පරාජය බාරගෙන බලය අත්හැර ගිය මහින්ද මහතාට බල්ලා යයි කීමෙන් ත තක්සේරු වන්නේ චම්පිකවම නොවේද?

-සුසිරිත් වීරසේකර
යුතුකම සංවාද කවය 
http://www.yuthukama.com




අනවශ්‍ය දේවල්

  • 160,864 ක් බැළුවා

මරුවා වැහෙන දින

දෙසැම්බර් 2017
බ්‍ර සි සෙ
« නොවැ.    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා