Archive for the 'ජගත් පී. විජේවීර' Category

23
පෙබ.
18

රනිල් හෝ සජිත් ට අපි කැමතියි.

 

එක්සත් ජාතික පක්ෂයේ තරුණ සහ රැඩිකල් මන්ත්‍රීවරුන් විසින් පසුගිය දිනකදී සිරිකොත පැවති රැස්වීමකදි බහුතරයේ කැමැත්ත මත සම්මත කරගනු ලැබුවේ මසක් ඇතුලත පක්ෂයේ නායකත්වය ඇතුළු ඉහළ තනතුරු රැසක් ස්ථිර වශයෙන් වෙනස් විය යුතු අතර එසේ සිදු නොවුනහොත් සිය ආසන සංවිධායක ධුර වලින් සියළු දෙනා ඉල්ලා අස් වන බවටයි.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාගේ යටතට පත්කළ යුතුයැයි ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් කල යෝජනාවේදී රනිල් වික්‍රමසිංහ මහතා අහක බලාගත් අතර පිළිතුරු දීමෙන්ද වැලකී සිටියා.

පසුදා නැවතත් රැස්වූ කමිටුව ඉදිරිපිටට සජිත් ප්‍රේමදාස මහතා කැඳවාගෙන ආ රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා හට කමිටුව ඉදිරිපිට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දෙනලදී. එහිදී සජිත් ප්‍රේමදාස මහතා තමා පක්ෂයේ භාරකත්වය නොගන්නා බවත් ඊට සුදුසු පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම ජනාධිපතිවරයා ලඟට සජිත් ප්‍රේමදාස මහතා සහ කරූ ජයසූරිය මහතාද විටින් විට කැඳවාගෙන එමින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර සිටියේ ඔවුන් අගමැතිකම භාර නොගන්නා බවයි.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් මාධ්‍ය ඇමතීමේ වගකීම සජිත් ප්‍රේමදාස මහතාට පවරන ලදී.

පක්ෂයතුල රැඩිකල් කණ්ඩායමටද අමාත්‍ය දුර සහ විවිධ විෂය පථයන් ලබාදීමට අග්‍රාමාත්‍ය වරයා මේ වන විට සැලසුම් සකස් කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස, හරින් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා, නවීන් දිසානායක, බුද්ධික පතිරණ, සුජීව සේරසිංහ, වසන්ත සේනානායක ,රන්ජන් රාමනායක ඇතුළු පිරිසකට වැඩි වාසි සැලසෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමටද අග්‍රාමාත්‍ය වරයා පොරොන්දු වී තිබෙනවා. එම වරප්‍රසාදයෙන් අග්‍රාමාත්‍ය වරයා පෙරලා බලාපොරොත්තුවන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට විරුද්ධව නැඟී සිටීමෙන් වලකින බවට පොරොන්දුවයි.

රනිල් විරමසිංහ මහතා පක්ෂ නායකත්වය තමාගේ ලග තබාගනිමින් සෙසු තනතුරු වෙනස්කිරීමට හා එයට විරුද්ද නොවීමට ඒ ජා ප රැඩිකල කණ්ඩායම මේ වනවිට හරවාගෙන අවසන්.

ගෙවුණු සතියේදී ද රැඩිකල් කණ්ඩායම විසින් මසක කාලයක් තුල පක්ෂ නායකත්වය වෙනස් නොවුන හොත් තමන් ඉල්ලා අස් වන බව සඳහන් කරමින් කභීර් හෂීම් මහලේකම් වරයාට යැවීමට නියමිතව තිබු ලිපිය තවමත් මහලේකම් වරයාගේ අතට පත්වී නොමැත.

කෙසේවෙතත් සුපුරුදු පරිදි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එරෙහිව ආ බලවේග නැවත වතාවක් පරාජය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වී ඇති බව දේශපාලන විචාරකයින් ප්‍රකාශ කර සිටිනවා.

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත රැස්වීමේදී තීරණය කල රැඩිකල් වෙනසක් බලාපොරොත්තු වූ තරුණ නායකයින්ගේ ඉල්ලා අස් වීමේ ලිපිය සෙසු පුද්ගලයින් මතක් කිරීම පවා අදවනවිට ඔවුන් අප්‍රිය කොට සලකනවා.

Advertisements
06
ජන.
18

අමරකීර්ති, තේනුවර, නිර්මාල්, සුනිල් පෙරේරා සහ අනුර එක්ක ගූ කාපල්ලා.

ඉසුරු ප්‍රසංග-

අනුර කුමාර ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරන්නේ නම් ජවිපෙ සතුරෝ ඔහුට පහර දෙන්නට මෙතරම් වෙහෙසෙන්නේ ඇයි? යනුවෙන් ආචාර්ය නිර්මාල් රංජිත් මහතා අපූරු ප්‍රශ්නයක් මතුකර තිබෙනු දුටුවෙමි. නිර්මාල්ගේ මේ තර්කය දෙමළ ජනයාට දෙමළ වීම නිසාම ඇති ප්‍රශ්නය දෙමළ වීමය වැනි තර්කවලට වඩා තරමක් ඉදිරියෙන තිබෙන එකක් වන බැවින්, ඒ ගැන යමක් සඳහන් කළ යුතු යැයි සිතමි.

පළමු කොටම මේ තර්කය බැලූ බැල්මට ඇත්තක් ලෙස පෙනී යා හැකි අපූරු බොරුවකි. ජවිපෙ වැනි ව්‍යාපාරයක සැබෑ සතුරන් අනුරගේ ජනතා විමුක්ති පෙරමුණට තීරණාත්මක ලෙස පහර දෙන්නේ නැත. එයට හොඳම උදාහරණය වන්නේ නිර්මාල්ය. කවුරු මොනවා කීවත් මෙරට දේශපාලනයේ ප්‍රධාන ප්‍රතිවිරෝධය ඇත්තේ ජාතිකවාදී කඳවුර සහ විජාතික ගැති කඳවුර අතරය. එහෙයින් හොර බොරු රහිතව මේ රට ගොඩනැඟීමට කැප වන ව්‍යාපාරයක් නම් එය පළමු කොටම ජාතිකවාදී අධිරාජ්‍ය විරෝධී දේශපාලන කඳවුර නියෝජනය කරන්නක් විය යුතුය. ජවිපෙ ඒ නිවැරදි කඳවුර නියෝජනය කරමින් ජාතියට නිසි මඟ කියමින් ජයග්‍රහණ පිට ජයග්‍රහණ ලැබූ අවදියේදී නිර්මාල්ලා අමරකීර්තිලා වැනි විකල්ප ගෝත්‍ර පඬියෝ ඊට ආශිර්වාද කළේ නැත. ඒ වෙනුවට එය ජාතිවාදී පක්ෂයක්ය යන කෝකටත් තෛල චෝදනාව ජවිපෙ වෙත දමා ගැසූහ. එසේ වුවද ජවිපෙ තම භූමිකාව අංශක 180 කින් හරවා ගත් පසු ඊට සමගාමීව ජවිපෙ සතුරන් මිතුරන්ද මාරුවිය. 2008 විමල් ඉවත් වූ අවස්ථාවේ මේ විපර්යාසය එළිපිටම දැක ගත හැකි විය. පිරිසිදු රතු සහෝදරයන් අතර අවස්ථාවාදී කටුස්සන් සිටින බව එදා කාටත් කලින් රටට හෙළි කළේද විප්ලවවාදී බෝල්ෂෙවික්වාදී සිරස හා ඉරුදිනය. සිරසට අනුව නිවැරදි රතු සහෝදරයා වූයේ අනුරය. අනුරගේ අරමුණත් සිරස, ඉරුදින, කඳවුරේ අරමුණත් එකට සමපාත වීම පිළිබඳ උදාහරණ තව බොහෝ ඇත. එදා සිට අද දක්වා ජවිපෙ ගත් සියලු තීන්දු තීරණ මේ කඳවුරේ අරමුණු හා සමපාත විය. ඒ නිසාම ජවිපෙ යහතින් සිටි අවදියේ එහි පරම සතුරන් වූ සියල්ලෝ අද එහි මිතුරන් බවට පත්ව ඇත. එදා ජවිපෙට හැකි වෙර යොදා පහර දුන් විකල්ප ගෝත්‍ර පඬියන් අද ජවිපෙ වේදිකාවල කථිකයන් බවට පත්වන්නේ ඒ අනුවය. ඒ නිසාම සැබෑවටම සිදුව ඇත්තේ සතුරන් මිතුරන් මාරු වීම මිස ජවිපෙ සතුරන් අනුරට පහර දීමක් නොවේ.

තවදුරටත් මෙය විග්‍රහ කළහොත් දෙමළ බෙදුම්වාදීන්, අන්ත ජාතිවාදීන්, එන්ජීඕ කාරයන්, යූඇන්පී කාරයන් වෙතින් අනුරගේ ජනතා විමුක්ති පෙරමුණට තීරණාත්මක ප්‍රහාරයක් එල්ල වන්නේ නැත. එම බලවේගවල බත්බැල මාධ්‍ය අනුරගේ ජවිපෙට පහර දෙන්නේ නැත. එදා ජවිපෙ වහකඳුරු වී සිටි රාවය වැනි කසිකබල් පත්තර අද තම සංවත්සරවල දේශන සඳහා අනුරට ආරාධනා කරයි. එදා ගුණදාස අමරසේකරලා සිටි තැන්වල මෙදා සුනිල් පෙරේරලා, අමරකීර්තිලා, තේනුවරලා ස්ථානගත වෙයි. ගෝර්කිගේ අම්මාගෙන් පසු සන්නස්ගලගේ අම්මා වැනි ඉල ඇදෙන පෝස්ටර් ජවිපෙ සාමාජිකයන් අතින් ඇලවෙයි. කොකාකෝලා වඩියට ආවඩන අලුත් පරපුරු ගංජා ගැටවුන් අද ජවිපෙ මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් පෙනී සිටියි. එදා ජයග්‍රාහී ජවිපෙ පරම සතුරන් සියලු දෙනා වර්තමානයේ සදා පරාජිත ජනතා විමුක්ති පෙරමුණේ මිතුරන් වීමේ විපර්යාසය තේරුම් ගත යුත්තේ කෙසේද? පැහැදිලි ලෙසම ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හෝ එජාපය හෝ එන්ජීඕ කල්ලි හෝ වෙනස් වී නැත. සිදුවී ඇත්තේ ඔවුන්ගේ න්‍යාය පත්‍රයට සරිලන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ වෙනස් වීමය.


විවිධ හේතු මත විවිධ අය අනුරට පහරදෙනවා වන්නට පුළුවන. එහෙත් ජවිපෙ අතීත සාමාජිකයන් ලෙස අපි අනුරට එරෙහිවන්නේ එය රටට සැබෑ විකල්පයක් විය හැකිව තිබූ දේශපාලන ව්‍යාපාරය යටත්විජිතවාදයේ නිවට බළල් අණ්ඩක් බවට පත් කර ඇති නිසාය. ඒ භූමිකාව තුළින් ජවිපෙ පමණක් නොව රටද විනාශ වන නිසාය. යහපාලන මරඋගුලේ තරම නිවැරදිව වටහා ගත් මෙරට ජාතිමාමක බලවේග ජවිපෙට එරෙහි වන්නේ අනුරගේ භූමිකාව පක්ෂයට පමණක් නොව රටටද කොඩිවිනයක් වී ඇති නිසාය. එය පක්ෂයට පමණක් වන විනාශයක් නම් ඔවුන්ට ඒ පිළිබඳ ගැටලුවක් නැති වනවා වන්නට පුලුවන. එදා පෙරටුගාමීන් ගමන් ගත්තේද පක්ෂය නැති වන මාවතකය. අපි ඒ බවද කල් තියා පෙන්වා දුන්නෙමු. එහෙත් පෙරටුගාමීන්ට වැඩි විරෝධයක් රටෙන් එල්ල නොවන්නේ ඔවුන්ගේ විනාශය රටේ විනාශයට වැඩි දායකත්වයක් නොදක්වන නිසාය. ඒත් ජවිපෙ ඊට වෙනස්ය. කුමන විනාශයන් සිදුවුවද ඔවුන් තම ඉතිරි වී ඇති අන්තිම ශක්ති පොද නොපිරිහෙලා කැප කරනුයේ රටට එරෙහි ද්‍රෝහී මෙහෙයුම් සඳහාය.


අනුරලාගේ භූමිකාව හරහා ජවිපෙට සිදුවූ විනාශය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. එය පාර්ලිමේන්තු ආසන තිස් නමය කෙටි කලකින් හතරට පහට වැටීමට පමණක් සීමා වන විනාශයක් නොවන බව ඉදිරි මැතිවරණයේදී නැවතත් සනාථ වනු ඇත. ඒ සියල්ල එසේ වුවද වික්‍රමබාහුලා මෙන් ඔවුන් තම ඉතිරිව ඇති අන්තිම ශක්තිය පවා අද යොදවන්නේ රටට එරෙහිවය. එදා මිනීමරු ත්‍රස්තවාදයට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාවල රනිල් හා එක්වී ආණ්ඩු පෙරළන්නට දියත් කළ දුෂ්ට මෙහෙයුම්වල සිට, වර්තමාන ව්‍යවස්ථා මර උගුල්වල සේල්ස් රෙප්ලා ලෙස කටයුතු කිරීම දක්වා වූ නින්දිත උදාහරණ රැසකින් ජවිපෙ මෑත ඉතිහාසය දූෂණය වී තිබේ. අද මේ රටට ආදරය කරන බොහෝ බලවේග අනුරගේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහි වන්නේ ඒ නිසාය. ඔහු ජවිපෙ විනාශ කරන බව කියමින් ඔහු අගයන්නට ගියහොත් ඒ විනාශය සිදුවන්නේ ජවිපෙට පමණක් නොව රටටද බව නිර්මාල්ට සිහිපත් කර දිය යුතුය.

එක් අතකින් මෙය අලුත් කතාවක්ද නොවේ. මෙහි ඇත්තේ අප ජවිපෙ ගැන කාලයක් තිස්සේ කියන කතාවමය. අප ජවිපෙ ගැන එදා සිටම කී කිසිවක් වැරදී නැති බැවින් මේ මැතිවරණයට අදාළවද ඒ ඇත්ත නැවතත් සැකෙවින් සිහිපත් කළ යුතුය. 2008න් පසු ඇත්තේ කොළ පාට ජනතා විමුක්ති පෙරමුණකි. අධිරාජ්‍ය විරෝධය ඒ ජනතා විමුක්ති පෙරමුණට අදාළ නැත. ජාතිවාදය, බෙදුම්වාදය පිළිබඳ ප්‍රශ්න ඔවුන්ට අදාළ නැත. යහපාලනය යටතේ උතුරේ බල්ටි ගසන ජාතිවාදයට එරෙහිව අනුරලාගේ මුවින් එක කෙළ පොදක් බිම වැටෙන්නේ නැත. ඒ වෙනුවට ඒ සැබෑ ජාතිවාදයේ බියකරු අනතුර රටට පෙන්වා දෙන බලවේගවලට එරෙහිව “ජාතිවාදය අවුස්සනවෝ” යන ලේබලය ඇලවීමේ එන්ජීඕ චාරිත්‍රය අද ජවිපෙ චාරිත්‍රය බවටද පත්ව ඇත. වෙනිසියුලාවේ බටහිර අතපෙවීම්වලට එරෙහි වෙමින් ලංකාවේ ජිනීවා න්‍යාය පත්‍රවලට සහය පළ කිරීමත්, රනිල්ගේ බැඳුම්කර හොරකමට එරෙහි වෙමින් රනිල්ගේ ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් කඬේ යාමත්, ඔවුන්ගේ තක්කඩි දේශපාලනය බවට පත්ව ඇත. මේ තක්කඩි දේශපාලනයේ නිරුවත වසා ගැනීම සඳහා ජවිපෙ උපාය වී ඇත්තේ වංචා දූෂණ විරෝධය රටේ කේන්ද්‍රිය ප්‍රශ්නය බවට පත් කර ගැනීමය. ඇත්ත. දූෂණ විරෝධය හොඳය. සියලු ප්‍රධාන පක්ෂ තුළ දූෂිතයන් රජයන බවද සැබෑය. එහෙත් දූෂණ විරෝධී අරගලය තිබිය යුත්තේ මහපොළවේ සැබෑ දේශපාලන අරගලය වූ යටත්විජිත විරෝධී අරගලය තුළ මිස ඉන් පරිබාහිර ආකාසයක නොවේ. ජවිපෙ තම සැබෑ භූමිකාව, සැබෑ අරගල බිම මඟහැර කැපකිරීම්, අවංකකම් ගැන මොන පම්පෝරි ගැසුවද එයින් පලක් නැත. රටේ කොන්ද කඩන ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් පෙනී සිටිමින්, දූෂණ විරෝධී ඝෝෂා නැඟීමෙන් පලක් නැත. එදා ජවිපෙ සාර්ථක වූයේ දූෂණ විරෝධී අරගලයත්, දේශප්‍රේමී අරගලයත් ඒකාබද්ධව නියෝජනය කළ නිසාය. එකී පුළුල් ජාතික න්‍යාය පත්‍රයෙන් තොර වියුක්ත දූෂණ විරෝධය බොරුවක් පමණක් නොව දැනුවත් තක්කඩිකමක්ද වෙයි. ඒ මාවත ඔස්සේ ගොස් තමන්ට ලද හැකි ජයග්‍රහණයක් නොමැති බව මේ මැතිවරණයෙන් පසුවද හොඳාකාරවම සනාථ වනු ඇත.

ගම දිනන්නට අවශ්‍ය නම් ජවිපෙ කළ යුත්තේ තම සැබෑ භූමිකාව තුළ නැවත ස්ථාන ගතවීමය. එසේ වුවහොත් නිර්මාල්ලා අමරකීර්තිලාගේ ආදරය අහිමි වී ඒ වෙනුවට රටේ ජනතා ප්‍රසාදය ඔවුන්ට හිමිවනු ඇත. නමුත් ඔවුන්ට වැදගත් වන්නේ නිර්මාල්ලාගේ ආදරය නම් මේ මැතිවරණයෙන් පසුවද ජවිපෙ සාමාජිකයන්ට සිදුවන්නේ “මේ ජනතාව ඉවත් කර වෙනත් ජනතාවක් පත් කරගමු” වැනි බ්‍රෙෂ්ට්ගෙන් අහුලා ගත් ගොන් කතා මූණූ පොත් මත ලියමින් හඬා වැළපීමටය. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට ගම දිනන්නට අවශ්‍ය නම් ඔවුන් වහාම නිර්මාල්ලා, අමරකීර්තිලා අත්හල යුතුය. එවන් ඊනියා බුද්ධිමතුන්ගේ වෛරයට භාජනය විය යුතුය. මෙය නිර්මාල්ලා ගැන පෞද්ගලික වෛරයකින් කරන ප්‍රකාශයක් නොව ගැඹුරු දේශපාලන තර්කයකි. ඒ තර්කයේ ගැඹුර වටහා ගත් දිනක ගම පමණක් නොව රටම දිනා ගැනීමට ජවිපෙට හැකිවනු ඇත.

යුතුකම සංවාද කවය

12
අප්‍රේල්
17

සිංහල අවුරුද්ද එන කොට රනිල් රට පනිනවා…. ඇයි බං ඒ…

සිංහල අවුරුද්ද එන කොට රනිල් රට පනිනවා. ගිය අවුරුද්දෙ කොහෙ ගියා ද කියන එක මතක නැහැ. මේ ගොල්ලන් පිටරට යන හැටියට ඒවා මතක තියාගන්න වෙන ම දත්ත බැංකුවක් තියා ගන්න වේවි. මේ පාර නම් රනිල් ගිහින් තියෙන්නෙ ජපානෙට. අවුරුදු නැකත අසුබ කියා දැන් විද්‍යාඥ බන්දුලත් කතා කරන එකේ රනිල් සකුරා මල් පිපී දැයි බලන්න යන්න ඇති. රනිල් දන්නෙ චෙරි බ්ලොසම්ස් මිසක් සකුරා මල් නො වෙයි.

කොයි හැටි වෙතත් රනිල් සිංහල අවුරුද්ද එන කොට රටින් පනිනවා. ඒ බුලත් අතක් අරං තමන් බලන්න එන්න කොල්ලො කුරුට්ටො මග අරින්න වෙන්න බැහැ. රනිල්ට අවුරුදු සිරිත් අල්ලන්නෙ නැති පාටයි. රනිල් දැන් සිංහල කතා ටිකක් ඉගෙන ගෙන ඇති නමුත් ඔහු තවමත් සිංහල බෞද්ධ සංස්කෘතියට ආගන්තුකයෙක්. අනුර කුමාර හිතන්නෙ මෙතන තියෙන්නෙ පංති ප්‍රශ්නයක් කියලා.

පංතිය කියන්නෙ මොකක් ද කියලා කාල් මාක්ස්වත් රෝහණ විජේවීරවත් දැනගෙන හිටියෙ නැති කොට අනුර මොනව කියනව ද දන්නෙ නැහැ. මාක්ස්ගෙ කම්කරු පංතිය ලෙනින්ගෙ කම්කරු පංතියට වෙනස්. විජේවීරගෙ නිර්ධන පංතිය ඒ දෙකට ම වෙනස්. ඔය පංතියට තමන්ගේ ම වූ විඥානයක් නැහැ. ඒක පිටින් ගේන ඕන. ඒ බව කියන්නෙ මා නොවෙයි, ලෙනින්. මා කියන එක විශ්වාස කරන්නෙ නැත්නම් ලෙනින් ලියලා තියෙන දේ කියවලා බලන්න. ලංකාවෙ උගතුන් කියන අය කියවන්නෙ නැහැ. බුදුන් වහන්සෙ නාගදීපයට වැඩම කෙළේ බක් මහ අමාවක කියලා කිව්වට විශ්වාස කරන්නෙ නැහැ. මහාවංසය කියවලා බලන්නෙ නැත්තෙ ඇයි?

රනිල්ට ජාතිකත්වයක් නැහැ. ප්‍රශ්නය ඒකයි. ඔහු නියෝජනය කරන්නෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය. ඒ මහුගෙ පියා ඇංග්ලිකන් ක්‍රිස්තියානි වීම නිසාවත් බාප්පා ඇංග්ලිකන් බිෂොප්වරයකු වීම නිසාවත් වෙන දෙයක් නො වෙයි. ඔහුගෙ මවගෙ පාර්ශ්වය බෞද්ධ වුණත් ඒකෙ ඩෙප් විජේවර්ධන සම්භවයක් තියෙනවා. ඒ ඔක්කොට ම වැඩිය රනිල් හැදිල වැඩිලා තියෙන්නෙ ආගමෙන් මොකක් වුවත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික පරිසරයක. පනස්හයේ ජයග්‍රහණයෙන් පස්සෙ බණ්ඩාරනායක මහත්තයත් හැන්දෙන් ගෑරුප්පුවෙන් කිරිබත් කාලා අනාගත්ත. රනිල් සංස්කෘතික වැඩවල දී කොහොමටත් අනාගන්නවා.

රනිල්ට ඒ කටයුතුවල පුරුද්දක් නැහැ. ඒ නිසා ලංකාවෙ හිටියොත් නොදන්න දෙයක් කරන්න ගිහින් රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශවලට අහුවේවිය කියා රනිල් අවුරුද්දට කලින් රටෙන් පැන ගන්නවා වෙන්න ඇති. මේ අවුරුද්දෙ නම් රනිල්ට තවත් හේතු තියෙන්න ඇති පැන ගන්න. මේ ගමන නැකත අසුබයි කියලා දෛවඥයන් රාශියක් ම කියලා තිබුණා. රනිල් හිතුව ද දන්නෙ නැහැ රටින් පැනලා ගිහින් අසුබ නැකත මගහරින්න. එතකොට මෛත්‍රිට සිද්ධ වෙනවා ඒකට මුළුමනින් ම කරගහන්න. මෙතන දි මෛත්‍රි කියන්නෙ මෛත්‍රි වික්‍රමසිංහ නොවෙයි ගොවියා පුත් මෛත්‍රිපාල සිරිසේන.

බන්දුල ගුණවර්ධන රවි කරුණානායක වගේ ම ආර්ථික විශේෂඥයෙක්. බන්දුලට ජාත්‍යන්තර සම්මානයක් නම් ලැබිලා නැහැ. ඒත් බන්දුල අප වගේ නොවෙයි. මහා ප්‍රබුද්ධයෙක්. ඔහුට සිංහල අවුරුද්දක් නැහැ. ඔහු වජිරාරාමෙට ගිහිල්ල සිංහල ද්‍රවිඩ අවුරුද්දක ද මොකක් ද එහෙක නැකැත් ගැන කතා කරන්න. නැකැත් අසුබයි කියලා බන්දුලට ප්‍රශ්නයක් වෙලා. නැකැත් විද්‍යාත්මක කියලා බන්දුල කියනවා ද? බන්දුලට අනුනායක හාමුදුරුවො අනුශාසනා කළ අන්දමක් ගැන වාර්තා වෙලා තිබුණෙ නැහැ.

ද්‍රවිඩ කියන්නෙ දකුණ කියන එක. වින්ධ්‍යා කඳුවැටියෙන් දකුණ. බන්දුල ලංකාවෙ දකුණෙ මිනිසුන් ගැන කතා කෙරුව වෙන්න බැහැ. හින්දු අලුත් අවුරුද්දක් ගැන සඳහන් වෙන්නෙ නැහැ. හින්දු අවුරුද්දක් අද ඉන්දියාවෙ පැවැත්වෙන්නෙ නැහැ. එදා පැවතුනෙත් නැහැ. අප්‍රේල් දහහතර ඉන්දියාවෙ නිවාඩු ලැබෙන්නෙ ප්‍රාන්ත කිහිපයක විතරයි. හින්දු අවුරුද්දක් ගැන කතා කරන්න පුළුවන් තෛපොංගල් දිනයෙන් පටන් ගෙන පමණයි. වෙනත් හින්දු අවුරුද්දක් ගැන කතා කරන්න බැහැ.

ඒත් ඉංගිරිසි කාරයො ලංකාවෙ සිංහල අවුරුද්දට නිවාඩු දෙන විට හින්දු ජනතාවටත් නිවාඩුව දෙනව කියලා කියන්න, එහෙම නැත්නම් තුලනය (බැලන්ස්) කරන්න අවුරුද්ද සිංහල හින්දු කියලා නම් කළා. ඒ කාලෙ මේ රටේ දෙමළ අනන්‍යතාවක් තිබුණෙ නැති බව ඒකෙනුත් පේනවා. නැත්නම් ඉංගිරිසින්ට සිංහල දෙමළ අවුරුද්ද කියලා නම් කරන්න තිබුණා. සිංහල හින්දු අලුත් අවුරුද්දක් ගැන කිවුවට යාපනයේ අපේ වගේ අවුරුද්දක් තිබුණෙ නැහැ. අදත් නැහැ. බන්දුලට යාපනයට යන්න බැරි නම් දහහතරවැනිදාට වැල්ලලවත්තට ගිහිල්ල බලන්න පුළුවන්.

අවුරුදු විස්සකට විතර ඉස්සර පඬියන් සිංහල දෙමළ අවුරුද්ද කියලා කියන්න පටන් ගත්ත. ඒ සිංහල හින්දු කියන එක ගැලපෙන්නෙ නැති නිසා වෙන්න ඇති. ඔය දෙමළ අවුරුද්ද යාපනයට ආවෙ කෝරමණ්ඩල වෙරළෙන් ද සිංහලයන්ගෙන් ද? අපේ පුණ්‍යකාලය ඉන්දියාවෙ නැහැ. යාපනයෙ පුණ්‍යකාලම් කියලා ගාව ගෙන තියෙනවා. ඒත් පුණ්‍යකාලමේ දී වැල්ලවත්තෙ කෝවිලට කී දෙනෙක් යනව ද?

අද බන්දුල ප්‍රබුද්ධයකු නිසා දෙමළ කියන්නවත් කැමති නැහැ. ඔහු නොදන්නා ද්‍රවිඩකමක් ගැන කතා කරනවා. බන්දුල වගේ ප්‍රබුද්ධයන් පාර්ලිමේන්තු යන්නෙ සිංහල ඡන්දවලින් මිසක් ඊනියා ද්‍රවිඩ ඡන්දවලින් නොවෙයි. ඒත් ඔවුන් සිංහලයන්ට තම අවුරුද්ද අහිමි කරනවා. මේ ටික කියවලා කියන්න නලින් ද සිල්වා කියන්නෙ අන්තවාදියෙක් කියලා.

මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org/2017/04/blog-post_11.html
නලින් ද සිල්වා
2017 අප්‍රේල් 11

09
අප්‍රේල්
17

තිරිසනුන්ගේ ආන්ඩුව

මේ වසර 5 හ , 2020 න් අවසන්වෙනව සිරිසේන මහත්තයො……

අයෙත් ජීවත් වෙන්න වෙන්නෙ නිවාස අඩස්සියෙ…..

මොකද ඔයාව පාරෙ යන හිගන්නෙක්වත් මූනට මුලිචිචි වෙන්න අකමැති නිසා…..

පොලවෙ පයගහල ඉන්න මිනිසුන්ට ඔයාව ඒතරමටම එපාවෙලා තියෙන්නෙ…..

උදේට වැසිකිලියට යනකොට වැටෙන අසූචි තරමටම 2020 වෙනකොට ජනතාවට ඔයාව එපාවෙනව….

ඒක නවත්වන්ට දැන් වයිමත් පමා වැඩි ලොක්ක…..\

“ජනාධිපතිවරයෙක් වීමට තමන් බලාපොරාත්තු වූ කෙනෙක් නොවන බව”…
ඔබ ක්‍රියාවෙන්ම මේ වනවිටත් ලෝකෙටම පෙන්නලා තියෙනව නොවැ මගෙ අප්පෙ…
ආයි මොන කතාද?
හැබැයි “”””නොබෙල් “”” එකත් ගන්නවමයි මව් බිමටම වැටෙන්න කල සේවයටම..!

ලංකාවේ දේශපාලන නායකයෝ යම් යම් අවස්ථාවල බොරු කියල තියනවා. හැබැයි සිරිසේන වගේ බොරුකාරයෙක් කතන්දර පොතක හැර මගේ ජීවිත කාලෙටම දැකලත් නැහැ අහලත් නැහැ. මේ සත්වයාට ලැජ්ජාව කියල දේකුත් නැතිබව කියන කතා වලින්ම පේනවා. කවුරුහරි ලියල දෙන කතාවක් වේදිකාවක් උඩට නැගල කියතක් පීරිගාන කටහඬින් කියල දාල ඊට හාත්පසින්ම වෙනස් දෙයක් කරන එක වගේම රනිල්ගේ ඇම්බැට්ටයන්ට කරන්න ඉඩ දීල රිලවා වගේ බලාඉන්නඑකනම් ජනාධිපති කම කියන්නේ, ලැජ්ජාව කියල දෙයක් තියන මිනිහෙකුට කරන්න බැරිදෙයක් තමයි ජනාධිපතිකම. මෙහෙම රටේ හැසිරෙන මිනිහෙක් කොහොමද ගෙදර යන්නේ සහ දරුවන් සමග ඉන්නේ. දරුවෝ හිතනවා ඇති මූ අපිට දරුවන්ට වගේ සැලකුවට ඇත්තටම අපි කාගේද කියල.

ජිනීවාහිදී දෙමල LTTE ඩයස් පෝරාවට අධිරාජ්‍ය වාදීන්ට NGO ලාට අවුරුදු 30ක තස්තවාදයෙන් දිනාගත් ජයග්‍රහණය සමග රට ජාතිය රණවිරුවන් පාවාදී පැමිණි දේශද්‍රෝහී හිටං ලොක්කා සාදරයෙන් වීරයෙක් ලෙස පිළිගත්ත මෝඩ කපටි ඇමති නිමල් සිරිපාල ගැන තව කවර කතාද ?

අගමැතිකමෙන් අයින් කලොත් වෙන එකම එක දේ තමයි සිරිසේන ජනාධිපතිතුමාට ජනාධිපතිකම නැති වෙන එක …මේක 2 පන්තියේ ළමයෙකුටත් තේරෙනවා ….රනිල් නැති උනා කියන්නේ unp සෙට් එක නැති වෙනවා. මහින්දගේ කට්ටිය කොහොමත් ඉන්නේ වෙන පැත්තක…එතකොට දැන් ජනාධිපති එක්ක ඉන්න එවුනුත් මහින්දට ආවඩන සත පහකට විස්වාස කරන්ඩ බැරි උන් ..ඔය මුතුහෙට්ටිගමල, මනුශල ..වගේ උන්. එනිසා රනිල් නැතුව ජනාධිපතිට පැවැත්මක් නෑ …..දේශපාලනයේ නැති අපි වගේ උන්ටත් තේරෙන මේ යථාර්තය අවුරුදු 50 ස් ගණනක් දේශපාලනය කරපු සිරිසේන ජනාධිපති තුමාට නොතේරෙන්න විදියක් නෑ මිත්‍රවරුනි….ඒ නිසා මේක මේ රනිල් එක්ක එකඟ වී සිරිසේන ජනාධිපතිතුමා නටන නාටකයක්

10
දෙසැ.
16

රනිල්ට පුක දුන්න මාධ්‍යවේදී පොන්නයා ….ඕන හු…තක් ලියා ගන්නවා… මේ අපේ ආන්ඩුව…සිපෙට්කෝ සභාපති

ඕන හුත්තක් ලියා ගන්නවා.. පයිත්තියන් නැතිව ඉන්නවා ඕයි.. – සිපෙට්කෝ සභාපති මාධ්‍යවේදියාට අමු කුණුහරුපෙන් බැණ වදී..

ඕන **තක් ලියා ගන්නවා.. පයිත්තියන් නැතිව ඉන්නවා ඕයි.. – සිපෙට්කෝ සභාපති මාධ්‍යවේදියාට අමු කුණුහරුපෙන් බැණ වදී..

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ටී.ජී. ජයසිංහ මහතා විසින් දේශය පුවත්පතේ මාධ්‍යවේධී ප‍්‍රසද් අබේවික‍්‍රමට අසභ්‍ය වචනයෙන් බැණ වැදී තිබේ.

තෙල් සංස්ථාව සම්බන්ධයෙන් මේ ඉරිදා දිනයේ දේශය පුවත්පතේ පලවන ලිපියකට අදාල තොරතුරු සම්බන්ධයෙන් විමසීමේදී සභාපතිවරයා ඔහු ඉතා අසබ්‍ය ලෙස බැණ වැදී ඇත.

‘මගෙන් කුණුහබ්බ අහන්නේ නැතිව ඕක තියනවා. තමුසෙලාට හැදිච්ච රුදාව මොකද්ද ඕක දාන්න. නිකම් පයිත්තියන් නැතිව ඉන්නවා ඕයි. මට ඕවාට උත්තර දෙන්න අවශ්‍ය නෑ ඕයි. තමුසේ ඕන **තක් ලියා ගන්නවා’ යයි සභාපතිවරයා එක දිගටම ඔහුට බැන වැදී දුරකතනය විසන්ධි කර ඇත. වයස අවුරුදු 75ක් වන මෙම සභාපතිවරයා ධුරය දරන්නේ රාජ්‍ය සේවයේ උපරිම වයස් සීමාව පවා ඉක්වමා තිබියදීය.

29
නොවැ.
16

මින් පසුව වත් මංගල පින්සිරි සමරවීර වැනි පොන්නයින් හා නූගත් අමනයින් ඇසුරු කිරීමෙන් වලකින්න

බග් බොස් ඔබ තුමාට නැති වූයේ තනතුරක් පමනි නමුත් සාමාන්‍ය මිනිස්සු වන අපට මෙවන් තිරිසනුන් ගෙන් ඇතිවු ගැටලු මේ රට පවතින තාක්කල් පැවතිය හැක. මේ අමනයින් නොසලකා හැරීමෙන් හා යහතින් ජීවත් වීමට ඉඩ හැරීමෙන් රට ජාතිය පමණක් නොව ජාතික ඉතිහාසය කතාව පවා අප්‍රසන්න වී ගියේය. මුලු රටටම මෙවන් තිරිසනුන් 10 හිටියාම මුලු රටක් විනාශ වීමට හොඳටම ඇතිය.

ජඩ වෙබ් මාධ්‍ය හසුරුවන රාජිත, මංගල හා සදරුවන්

මංගල පින්සිරි සමරවීර  උපත 1956 අප්‍රේල් 21 ය. ඔහු 2005 සිට 2007 දක්වා මෙන්ම 2015 ජනවාරි 12 සිට මේ දක්වාද විදේශ කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඔහු තම දේශපාලණ ජීවිතය අැරඹිමට පෙර ශ්‍රී ලංකා ජාතික මෝස්තර මධ්යස්ථානයේ මෝස්තර නිර්මාණ උපදේශකයා ලෙස කටයුතු කළේය. ඔහුගේ ජීවිතය සැබවින්ම මෝස්තර කතාවකි. මහින්ද රාජපක්ෂ මහතාගේ ලගම හිතවතා ලෙස කටයුතු කරමින් අමුතු මෝස්තරයක සබදකමක් ගෙනගිය මංගල පින්සිරි සමරවීර ඒ මොස්තර කතාව නිමාකලේ අමුතු විදිහකටය.

untitled-1sandharuwjhjSunanda DeshapriyaGamini Viyangodadf36d-mangala_gadaruwan_lnb
51a8c-thusithah_lnw11082543_10205421052461139_908764391259351102_nminister-Champika-Ranawaka
මහින්ද රාජපක්ෂ මහතාගේ ළගම හිතවතෙකු වී පරම සතුරෙකු වන්නටද ඔහු වැය කලේ සීමිත කාලයකි. කොයි රටක දේශපාලණය වුනත් එහි ඇත්තේ අමුතු සෙල්ලමකි. එය ඔබට මට පෙනෙන ආකාරයේ සෙල්ලමක් නොව සෙල්ලම ඇතුලේ සෙල්ලමකි. උගුල ඇතුලේ උගුලකි. පෙනෙන දෙය නොව සිදු වන්නේ තව එකකි.  මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ලංකාවේ පුවත්පත්වලට අනාඅවරණය නොවු පුවත් පවා පලවුයේ සදරුවන් සේනාධීරගේ ලංකා ඊ නිවුස් තුලය. එය බොහෝ දෙනා සත්‍ය ලෙස පිළිගන්නට ඒත්තු ගන්වන ආකාරයට ලියන්නට සදරුවන් සමත්විය. එහෙත් එම පුවත් අසත්‍ය  බව වැටහෙන්නට සියලු දෙනාටම කාලයක් ගතවිය. ඔබට වුනත් අදද එම වෙබ් අඩවියේ පැරණි පල වු පුවත් පිළිබදව කියවා බැලීමට හැකි වුනොත් එය තේරුම් යනු ඇත.

යහ පාලනය ගෙන ඒ මට බොහෝ දෙනා බලාපොරොත්තු වුනේ විවිධ බලාපොරොත්තු සිත්හි තබාගෙනය. කෙනෙකුට ඇමති කමය තවත්  අයෙක් නිල තලය තවත් අය තරහව පළිගැනීම වැනි කරුණුය. විවිධ බාලාපොරොත්තු වලින් පිරි පිරිසක් යහ පාලනය ගෙන ආවේය. නමුත් ඒ සියල්ලන් අතර සිටි මංගල පින්සිරි සමරවීරගේ බලාපොරොත්තුව වෙනයමක් විය. මේ සියලු කරුණු හෙළි කරමින් සිටින්නේ ඔහුගේ බලාපොරොත්තුව පිළිබදව ජනතාවට දැන ගැනීමටය.

අප වෙත අනාවරණය වු පරිදී මංගල පින්සිරි සමරවීර ලංකා ඊ නිවුස් සහ ලංකා නිවුස් වෙබ් යන වෙබ් අඩවිවල නියමුවාය. එනම් සදරුවන්ලා ලංකා ඊ නිවුස් තුල ලියන කරුණු තොරතුරු මංගලගේය. සදරුවන්ගේ වෙබ් අවකාෂයේ ලියවෙන්නේ මංගලගේ කතාය..

පසුගිය කාලය පුරාම සදරුවන් පුවත් මැව්වේ ලංකාවේ අධිකරණය පිළිබදවය . එහි විනිසුරන් පක්ෂපාතී සහ නීතිය නිසි ලෙස ඉටු නොකරන අය ලෙසය. මේ පිළිබදව පුවත් ලංකා  නිවුස් වෙබ් තුලින්ද ප්‍රචාරය කරන ලදී. සදරුවන්ගේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ ඉංග්‍රීසි  භාශාවෙන් ඈති වෙබ් අවකාශය වැඩිපුරම ඉඩ ලබා දුන්නේ ලංකාවේ අධිකරණය යනු ලංකාවේ  ඇති දුෂිතම ආයතණය බවට බොරු කරුණු මවා පැමටය.

karunarathnaRuwanDSCF9593

ඔබට අමතකව ගොස් ඇති මීට ටික කාලයකට පෙර ලංකාවේ යුධ අපරාධ පිළිබදව විභාග කිරීමට විදෙස් අධිකරණය ක්‍රියාවලියක් අවශයතාවයක් ඇති බව ජාතයන්තරය පැවසුවා ඔබට මතකද ? මංගල  ක්‍රියාත්මක කලේ ජාතයන්තරයෙන් ලැබුණු උපදෙස් මත ලංකාවේ  ඇති දුෂිතම ආයතනය අධිකරණය ලෙස පුවත් පල කර ජාතයන්තර අධිකරණයක අවශයතාවය ඇතිකර අපේ රටේ යුධ විරුවන්ට නිකරුණේ දඩුවම් කිරීමටය.

ලංකාව යනු දුෂිතම රටක් ලෙස ජතයන්තරයට් පෙන්වීම සදහා මංගල  වෙබ් අවකාශය භාවිතා කලේ ලංකා  ඊ නිවුස් සහ ලංකා  නිවුස් වෙබ් හරහාය.ලබන වසරේ ජනවාරි මාසයේ විවිධ නම් වලින් ක්‍රියාත්මක වන වෙබ් අඩවි පහළොවක් ක්‍රියාත්මක කිරීමට මංගල පින්සිරි සමරවීර දෑනටමත් කටයුතු කරමින් සිටින බවද අනාවරණය කල යුතුය .

ජාතයන්තරය තුල විවිධ සම්බන්ධතා මහ ගොඩක් ඇති කර ගැනීමට මංගල  සමත් වුයේ විදේශ ඇමතිවරයාගේ භූමිකාව කිහිප වරක්ම රග දැක්වීමට ඔහුට හැකියාව ලැබුණ නිසාය. ජාත්‍යන්තරයේ  ඔහුගේ හොදම මිතුරන් වුයේ දෙමළ ඩයස්පෝරා සාමාජිකයින්ය. මේ පිළිබදව කරුණු හෙළි කරමින් විමල් වීරවන්ශ මහතා මෙසේ පවසා ඈත.

විදේශ ඇමති මංගල,ගෝලීය දෙමළ සංසදයේ සුරේන් සුරේන්ද්‍රන් සමග පැය 4ක් කාමරයක

විමල් වීරවංශ මහතා විසින් සිදුකල මේ හෙළි දරව්ව පිළිබදව අදටත් මංගල  සමරවීර නිහඩය.ශ්‍රී ලංකාව  විදෙස් රටවල කොලනියක් ලෙස පවත්වාගෙන යාමට සහ අපේ රටේ ප්‍රධාන පාලන ආයතණ විදෙස් රටවලට අවනත කිරීමේ සැලසුම මංගල දැනටමත් ක්‍රියාත්මක කරමින් සිටී. සදරුවන් ලංකා ඊ නිවුස් වලින් ලෝකයටම ඇතිකලේ ලංකාව පිළිබද වැරදි චිත්‍රයකි. එංගලන්තයේ  නීතියට අවනත වෙමින් සරණාගත වීසාවෙන් අදුරු කුටියකට වී අපේ උතුම් මව්බිම පිළිබදව අදුරු පුවත් මැව්වේ සදරුවන්ය.

මංගලලාට  සදරුවන්ලාට දෂක තුනක් අපේ රට වෙලා ගත් ත්‍රස්තවාදී යුද්ධය විහිලුවක් විය. ඒ පිළිබදව රණවිරුවන් සහ ජනතාව අපහසුතාවයට පත් කරමින් සිත්සේ පුවත්පලකලේ සැලසුම් සහගතවය. අද ඒ සියල්ල පුස්සක් බවට පත්වී ඇත . ලංකාව ස්වාධීන රාජයක් විය යුතුය. එයට විදෙස් ඇගිලි ගැසීම් අවශ්‍ය  නැත.විදෙස් බුද්ධි අංශ  බුරුතු පිටින් පශ්චාත් යුධ සමයේ ලංකාවේ  කරක් ගැසුවේ ත්‍රස්තවාදය පරාජය කල හැටි ඉගෙන ගැනීමටය.

අප සියලු දෙනා එක්ව කල යුත්තේ අපේ රට ගොඩ නැගීමය. විදෙස් අතකොලුවලට අපේ රටේ ස්වාධීනත්වය පාවා දිය යුතු නැත. ආලෝකමත් රටක් අදුරුකර දැමු වෙබ් මාෆියාවට එරෙහි විය යුතුය . එය එසේම සිදු විය යුතු අතර තවත් සදරුවන්ලා බිහි කරන්නට මංගල පින්සිරි සමරවීරලාට ඇති ඉඩකඩ අහුරා දැමිය යුතුය.

 

27
නොවැ.
16

අඹුඩේ තරමට ලබ්බ නැති ශ්‍රීලනිප නායක ගොනා

15203110

klznx-z-z

මොකාද මේ හිවලා

saradieal says:

අන්දරේ අද හිටියානම් කියන කතාව

රජකම් කලත් ඉදගෙන සිහසුනක මත
ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත
ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරය කුරුණෑගල දී  ඊයේ (4) පැවැත්වෙද්දී ශ්‍රීලනිපයේ ආසන්නතම හිටපු නායකයා වු මහින්ද රාජපක්ෂ මහතා මැලේසියාවේ සංචාරයක නිරතවෙමින් සිටියේය.
මෙහිදී ජනමාධ්‍ය වේදියෙකු නැගු ප්‍ර‍ශ්නයකට පිළිතුරු දෙමින් කරුණු දැක්වු රාජපක්ෂ මහතා “දැන් ඉතින් සමහරු කියනවනේ යුද්ධය ඉවර කළේ ඒ අයයි කියලා. 3/4 ඉවර කළා කියලා, මම  කරපු දෙයක් නැහැ කියලා,නමුත් කොටි මගේ පස්සෙන් තමයි තවම එළවන්නේ.මම මැලේසියාවේ එනකොටත් දන්නව මෙම තත්ත්වය ඇතිවෙයි කියල.කොටි විරුද්ධ වුනා කියල මගේ යන ගමන නවත්තන්න බැහැ”

ශ්‍රීලනිපයේ සමුලුව කුරුණෑගලදී පැවැත්වීම ගැන මාධ්‍යවේදියෙක් ප්‍ර‍ශ්න කරමින් විමසා සිටියේ සැබෑ ශ්‍රීලංකා කාරයෝ ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ද යන්නයි. ඊට පිළිතුරු වශයෙන් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.”පක්ෂයක් කියන්නේ ගොඩනැගිලි,ලාංඡන නෙමේ.ජනතාව ඉන්නේ අපිත් එක්ක,පක්ෂය තියෙන්නේ අපිත් එක්ක.මේ අය කරන්නේ වැඩිම ඡන්ද ගන්න ශ්‍රීලනිප පාක්ෂිකයන් සංවිධායක තනතුරු වලින් එලවනව.එතකොට ශ්‍රීලංකාකාරයන් කළකිරෙනව. මොකද ජනවාරි 8 වෙනිද පැරදුනේ ශ්‍රීලංකාකාරයො මිස මම නෙමේ. මම නියෝජිතයෙක් විතරයි.”

ඔබ තුමා ආප්ප කා ඊට පසුදින පොදු අපේක්ශකයා විදිහට නාම යෝජනා දුන්නෙ ශ්‍රි.ප.නි.ප නායකයාට හා තමාගේම නායකයාට විරුද්ධවය. ඉන්පසු පක්ශ නායකත්වයද බලෙන් ඩැහැ ගනු ලැබීය.
මේ සියල්ල සිදුකොට ජනාධිපති වී දිනක් ගතවෙන්නටත් කලින් ශ්‍රී.ල.නි.ප රජයේ අගමැති වරයාව තනතුරෙන් බලෙන් පහකොට
ආසන 47 ක් අතැතිව සිටි විපක්ශ නායකයාව අගමැති කරවීය.ඒ විධායක බලයේ ආනුභාවයෙනි.ඉන්පසුද දින 100 සම්මුති ආණ්ඩුවේ කාලය තුලදීම අගමැති වරයා විසින් ආනයනය කොට පත් කරන ලද මහබැ0කු අධිපති වරයා විසින් ල0කා ඉතිහාසයෙ දැවැන්තම ව0චාව මහබැ0කුවට හා රටේ ජනතාවට කරන ලදී. ඉන්පසු එය කෝප් වාර්තාව ( එවකට තිබූ )හෙලිදැක්වීමට ඔන්න මෙන්න කියා තිබියදී දැවැන්ත හොරු දෙන්නෙක් බේරා ගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැර දමා මහ මැතිවරනයක් කැඳවීය.ඉන්පසු එම මහ මැතිවරනයෙන්ද ශ්‍රී.ල.නි.ප රජයක් තනිව පිහිටුවීමට හොඳටම ඉඩකඩ තිබියදී විවිධ මත මහ ජනතාව තුල පතුරුවමින් පක්ශය පරාජයට ඇද දැමීය.ඒ සියල්ල කරේ පක්ශය ගැන හිත්නවාට වඩා අත්තනගල්ලෙ අම්මන්ඩිගේ සහ තමන්ගේ පෞද්ගලික වයිරය පිරිමසා ගැනීමටය.ඔබතුමාගේ පපුවට තට්ටු කරල අහන්න මේව ඇත්තද නැත්තද කියල.
අනෙක් කරුන ඔබතුමා ජනාධිපතිවරණයෙන් ජය ගනු ලබන්නේම සි0හල බෞද්ධ චන්ද මත නොව.අද ඔබතුමා සහ බටහිර ගැති අගමැති වරයා 70%ක් වූ සි0හල ජනයාට කරන්නේ පොඩි මදි පු0චිකමක් නොව. ඉතින් මේසියල්ල ඔබතුමා ඇතුළු මේ කාළකණ්නි රැළ කරන්නෙ තමන්ගෙ පැවැත්ම සඳහා මිස රටේ ජාතියේ පැවැත්ම සඳහා නම් නොවන බව රටේ බුහුතර ජනතාව තේරුම් ගෙන හමාරය.
අවසාන වශයෙන් මෙසේ අසනු කැමැත්තෙමි. ශ්‍රී ල0කා නිදහස් පක්ශය නැවත දිනවන්න කතාකරන්නේ දිනෙක එය පැරැදවූයේද තමන් විසින් බව තමන් දන්නා නිසා නේද.

saradieal says:

අන්දරේ අද හිටියානම් කියන කතාව

රජකම් කලත් ඉදගෙන සිහසුනක මත
ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත
ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත




අනවශ්‍ය දේවල්

  • 178,483 ක් බැළුවා

මරුවා වැහෙන දින

සැප්තැම්බර් 2018
බ්‍ර සි සෙ
« අගෝ.    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements