Archive for the 'චින්තන ධර්මදාස බූරුවා' Category

31
ජන.
18

මංගල සහ රුවන් ෆර්ඩිනැන්ඩස් ඉවර කිරීමට ලංකා ඊ නිවුස් සඳරුවන් වැඩ පටන් අරං

මංගලගේ ගේමත්‘ ඉවරයි..! සොයුරියට ලෝස් නැතිව ඇඩ්වර්ටයිසින්;

සැලසිනේ දූෂණ ගුහාවක් වෙලා

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.16, ප.ව‍‍‍‍‍‍‍.10.10) මංගල සමරවීර ගේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ‘සැලසිනේ ආයතනය‘ දූෂණ වංචා ගුහාවක් බවට පත් වී ඇත. රාජපක්ෂ සමයේ දූෂණ තවමත් සොයන අවදියක මාධ්‍ය ඇමතිවරයාගේ ආයතනයේම දූෂණ ඉහල යෑම කණගාටුවට කාරණයකි. අමාත්‍යවරයාගේ ලේකම්(මාධ්‍ය) රුවන් ෆර්ඩිනැන්ඩස්ට හිතවත් පුද්ගලයකු වන ශාන්ත බණ්ඩාර ජයවර්ධන නමැත්තෙකු සැලසිනේ සභාපති ධූරයට පත් කොට ඇති අතර සැලසිනේ ආයතනය රාජ්‍ය ආයතන වල වෙළෙඳ ප්‍රචාරණය කළ ද තවමත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියේ නව සභාපතිවරයාගේ නමවත් යාවත් කාලීන කර නැති වීමෙන්ම කියා පාන්නේ සැලසිනේ ආයතනයේ වැඩ බැරි භාවයයි. මෙය ලියන මොහොත දක්වාම එහි සැලසිනේ සභාපති ලෙස දැක්වෙන්නේ හිටපු සභාපති තුසිත ජයවර්ධනගේ නම ය.

මංගල ජනමාධ්‍ය ඇමැතිවීමෙන් පසු සැලසිනේ සභාපති ලෙස පත් කරන ලද ශාන්ත බණ්ඩාර යනු පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඩමිය රාජපක්ෂලාට සපයා දුන් පුද්ගලයා බව මංගල සමරවීර සමහර විට නොදන්නවා විය හැකි නමුත් ඒ බව රුවන් ෆර්ඩිනැන්ඩස් හොඳ හැටි දනී. ශාන්ත බණ්ඩාර යනු එවැනි ඩබල් ගේම් කාරයෙකි. මංගලත් ඩබල් ගේම් කාරයෙක් නිසා තකට තක හරි ගියාදැයි නොදන්නා නමුත් සැලසිනේ සභාපතිවරයාගේ තරම ජනතාවට කියා දිය යුතුය.

ඔහු සිරස රූපවාහිනියේ වැඩ සටහන් අධ්‍යක්ෂකවරයෙකුව සිට අසාර්ථක වීම නිසා තනතුරින් පහත හෙලූ අයෙකි. කිසිවෙකුගේ පිලිගැනීමක් නැති ව්‍යාපාරික අංශයට පහත හෙලූ ඔහු එතැනදී නම් පුද්ගලිකව සාර්ථක විය. ‘අද කාලේ බිස්නස්‘ නම් වැඩ සටහනක් ආරම්භ කොට ව්‍යාපාරික දැවැන්තයන් සමඟ සම්මුඛ සාකාච්ඡාවන් සඳහා මඟ පාදා ගත් ඔහු ඔවුන් සමග පුද්ගලික ගණුදෙනු සාදා ගෙන මුදල් ගැනීම හසුවීමෙන් පසුව සිරසෙන් නෙරපා දැමීය. මහින්ද රාජපක්ෂගේ සමීපතමයන් ඇසුරු කළ ඔහු දැඩි රාජපක්ෂවාදියෙක් වූ ‘ඕල්වේස් බ්‍රේක් ඩවුන්‘ වැඩ සටහන නිර්මාණය කළ හරිත් ගුණවර්ධන සමග ඒ පන්නයේම වැඩ සටහනක් ස්වාධීන රූපවාහිනියේ ආරම්භ කළේය. එමඟින් කළේ රනිල්, මංගල ඇතුළු එවක විපක්ෂයේ බෙදීම් උලුප්ප පෙන්වමින් ඒවා විහිළුවට ලක් කිරීම ය. ඒ සඳහා මාසයකට රුපියල් ලක්ෂ 5 ක ගෙවීමක් ඔහු ලැබීය. ඒ අතරතුර රුවන් ෆර්ඩිනැන්ඩස් සමඟ යටින් සබඳතා ආරම්භ කෙළේ එජාප රජයක් පත් වුවහොත් එයින්ද කුට්ටියක් කඩා ගැනීමටය. නදීෂා හේමමාලි නම් නිළිය දේශපාලනයට හඳුන්වා දුන්නේ රුවන්ය. රුවන්ට පිම්පි වැඩේ කලේ ශාන්තය. ඒ අවදියේ රුවන්ට ගමන් බිමන් පහසුකම් ඇතුළු බොහෝ දෑ සප්ලයි කෙළේ මේ පුද්ගලයාය. රුවන්ගේ ආධාරයෙන් එජාප ප්‍රබලයන් හඳුනාගත් ඔහු දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් ආරම්භ කරමින්, යහපාලන රජයේ ලොතරැයි කිහිපයක ප්‍රචාරණ අයිතිය ලබාගත් අතර මහින්ද රජය සමග තිබූ සබඳතා නිසාම ශිරාල් ලක්තිලකගේ සහ දයාසිරි ජයසේකරගේ උපකාරයෙන් ශ්‍රීලනිප පාර්ශවයේ ප්‍රචාරණ කටයුතුද ලබාගන්නට සමත් විය. රුවන්ගේ සත්හඬ පුවත් පතේ මල් පත්තරයේ සංස්කාරක වෙමින් නවක ටෙලි නිළියන් හඳුනාගනිමින් සිය පත්තර කලාව පිම්පි කලාවක් බවට පත් කරගත්තේය. එහෙත් සත්හඩ වෙනුවෙන් ඇමතිවරුන්ගේ සම්මුඛ සාකච්ඡා ලබාගන්නට හැකියාවද ඇතිකර ගත් ඔහු එම සම්බන්ධතා මගින් සිය ප්‍රචාරණ ආයතනයට ජොබ් ලබා ගත්තේ ය.

මහින්ද රාජපක්ෂට ඡන්දය දැමීමට යාමට මෛත්‍රීපාල සිරිසේනගේ ඩමිය සපයා දීම ඔහු කළ නීච ක්‍රියාවකි. රුවන් එය දන්නේ වී නමුත් එම සිදුවීම මංගලගෙන් වසන් කරමින් සිටියි.

ශාන්ත බණ්ඩාර දන්නා මාධ්‍ය ප්‍රචාරණයක් නැත. දන්නේ ගොට්ට ඇල්ලීම පමණි. එවැන්නෙක් රජයේ ප්‍රචාරණ ආයතන ප්‍රධානියා ලෙස පත්වීම සැබැවින්ම නීති විරෝධිය, මක්නිසාදයත් ඔහු පෞද්ගලික ප්‍රචාරණ ආයතනයක හිමිකරුවෙකු බැවිනි. මංගල සමරවීර ඇමැතිවරයාට සදාචාරය පිළිබඳ අබමල් රේණුවක හැඟීමක් තිබුනා නම් ලබැඳියාවන් අතර ඍජු ගැටුමක් ඇතිකරවන පුද්ගලික ප්‍රචාරණ ආයතනයක හිමිකරුවෙකු රජයේ ප්‍රචාරණ ආයතනය වන සැලසිනේ සභාපතිවරයා කරන්නේ නැත. ඒ මදිවාට දැන් සැලසිනේ පුද්ගලික සමාගමක් කරන්නට මංගල මුලපුරා ඇත.

සැලසිනේට තිබූ ලොතරැයි 5 ක දැන්වීම් මංගලගේ සොයුරියට

ශාන්ත බණ්ඩාර සැලසිනේ සභාපතිව පැමිණීමත් සමග ඉහල සහ පහළ වශයෙන් දූෂණ දෙයාකාරයකට සිදුවේ . මීට පෙර රූපවාහිනී දැන්වීමක් සඳහා ගෙවීම් සඳහා සැලසිනේ නිර්ණායක තිබුණද “අපිට ඕනේ කොලිටි බඩු ” කියමින් සභාපතිවරයාගේ හිතවත් නළු නිළි සම්බන්ධිකාරකයන් මාර්ගයෙන් ඉහල මිල ගණන් වලින් පිටතට ගෙවීම් සිදුකරයි. මේ දූෂණය පිලිබඳව මුල්‍ය අංශය සභාපතිවරයාගෙන් ප්‍රශ්න කළ විට දී ඇත්තේද ඉහත පිළිතුරය.

මීට පෙර සිටි සියළු සභාපතිවරු ලොතරැයි දැන්වීම් හා ප්‍රචාරයන් සැලසිනේ ආයතනය වෙත ලබා ගැනීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළද සංවර්ධණ ලොතරැයිය, ජයෝදා, ලක්ෂපති, සුපර් බෝල් ඇතුළු ලොතරැයි 5 ක ප්‍රචාරක කටයුතු පුදා ඇත්තේ මංගල ඇමතිවරයාගේ එක කුස උපන් සහෝදරිය වන ජයන්ති චන්දානි ගුණවර්ධනට අයත් බේට්ස් ඇඩ්ස් ආයතනයට ය. සැලසිනේ සතුව තිබූ ලොතරැයි පහක කොන්ත්‍රාත් ඇමැතිගේ සොයුරියට ලබා ගත හැකි ආකාරයට කටයුතු කිරීමෙන් ශාන්ත බණ්ඩාර සභාපතිවරයා ඇමතිවරයාගේ සිත සතුටු කොට තිබේ.

පිටත ශිල්පීන්ට ගෙවීම් කිරීමේ දී හිස් රිසිට් පත්වලට අත්සන් ලබා ගැනීම පුරුද්දක් කොටගෙන ඇති සැලසිනේ දිනපතා මුදල් හදන යන්තරයක් බවට පත්ව ඇත. ආයතනයේ පසුතල නිර්මාණ සභාපතිවරයාගේ හිතවතුන්ට ලබාදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර මින් පෙර නොවූ මහා පරිමාණ දුෂණ ක්‍රමවේදයක් නිර්මාණය කර තිබේ.

උදාහරණයක් ලෙස මුදල් අමාත්‍යාංශයේ දැන්වීමක් නිර්මාණය කිරීමේ දී අමාත්‍යාංශයේ මුදල් පිටත ආයතනයන්ට ද ගෙවීම සිදුකරයි. නමුත් scheduling කිරීමෙන් ලැබෙන 15% ක කොමිස් මුදලින් කොටසක් පිටත වෙළද ප්‍රචාරක ආයතනයන්ට කොමිස් ගෙවීමක් සිදුකොට නොතිබුණි. නමුත් නව සභාපතිවරයා තමාගේ ‘නව අදහස්‘ යයි කියමින් මිලියන ගණන් sceduling මුදල් එළියට ගෙවමින් සිටී. මෙම මුදල් නැවත සභාපතිවරයාට එම ආයතනයෙන් කොටසක් හෝ සම්පුර්ණ වශයෙන් හෝ ලැබීම නොවැලැක්විය හැකි කරුණකි. උදාහරණයක් ලෙස රුපියල් මිලියන දහයක දැන්වීම් schedule එකකින් සැලසිනේ ආයතනයට රුපියල් ලක්ෂ පහළොවක් ලැබේ. ඉන් 5% ක් ලක්ෂ පහක් එලියට ඇදීම සිදුකරයි.

සැලසිනේ සතුව තිබූ ලොතරැයි දැන්වීම් තම සොයුරියට ලබා දීමේ දී නිහඬව සිටිනවා සේම සැලසිනේ කොමිස් මුදල් පිටතට ගෙවීම ගැන ද අමාත්‍යවරයා නිහඬ ප්‍රතිපත්තියක සිටින්නේ මන්දැයි ඔහු ජනතාවට පැහැදිලි කර දිය යුතුය.

මොවුන් යටතේ සැලසිනේ ආයතනය පුද්ගලික සමාගමක් ලෙස වෙනස් කිරීමේ කටයුත්ත හරහා ද වංචා සහ දූෂණ සඳහා නව ගැම්මක් ලැබීම නොවැලක්විය හැකිය.

තමන් පිරිසිදු යයි කී නිසා නොදන්නා අමාත්‍යාංශ පවා බාර ගෙන අමාරුවේ වැටුනා මදිවාට අත්දැකීම් ඇති මාධ්‍යය අමාත්‍යාංශයද කුරුවල් කරමින් මේ අපාය සහායකයන් මංගලව විනාශය කරා රැගෙන යනවා දැන් නැරඹිය හැකිය.

නුරාන් ඒකනායක විසිනි

Advertisements
27
දෙසැ.
17

තෙලිජ්ජවිල  ජේමිස් මාමාගේ සහ චේගුවේරා ගේ ඇත්ත කතාව

මද්දුම බණ්ඩාර ලියයි

මාතර තෙලිජ්ජවිල
ජේමිස් මාමා ගෙදරය ආසන්නයේම පුංචි කඩයක් කල කෙනෙක්
කඩයක් කිව්වට ඵ්ක මහා ලොකු කඩයක් නෙවෙයි
උදේට පාන් ටිකක් හුලං විස්කොතු ටිකක් ඥානකතා ටිකක් ලොකු වීදුරු බෝතල් වලට දාලා බුලත් විට හේමත් තිබුන කඩයක්
ගමේ කාටත් කරදරයක් නැති හැමෝටම උදව් කරන ජේමිස් මාමාගේ කඩේත් 88/89 භිෂන කාලේ භිෂනයට ලක් වූවා
වරක් දෙවරක් නොව
චේගුවේරා කාරයෝ කඩේ වහන්න කිව්වාම ජේම්ස් මාමත් කඩේ වැහුවා
වෙන මොනාටවත් නොවේ පරාණ බයට
හවසට චේගුවේරා කාරයෝ ඇවිත් කඩේට තුණ්ඩුවක් දුන්නාම දවසක් දෙකක් කඩේ වහනවා
රටේ වදුරු නීතියට යටත් වෙන්න වෙනවා පරාණ බයට
මලමිණි සුවදට ආසා කල ඵ් කාලේ පාලකයෝ තරගෙට ගමේ අහිංසකයින් චේගුවේරා කාරයෝ කියලා අරන් ගිහින් මරලා ගමේ හංදිවල පිච්චෙන්න දානකොට
ගමේ හිටය චේගුවේරා කාරයොත් තරගෙට මිනි මැරුවා
ඉතින් ඔය වාගේ් මේ රටඑ විශාලා මහානුවරක් වෙනකොට රටේ මිනිසුන් කාට කියන්නද රටක නීතියක් නැතිව ගිහින්
මිනිස්සු අසරණවෙලා
89 වසරේ දවසක සිරිත් පරිදි උදේ පාන් බේකිරියේ පාන් කාරයා ඇවිත් උදේ ජේමිස් මාමගේ කඩේට ඇවිත් පාන් ටිකක් දාලා හුලං විස්කොතු පැකට් දෙක තුනකුත් දීලා ගියා
ඊට පැයකට පමන පසු චේගුවේරා කාරයෙක් ඇවිත් පුෂ් බයිසිකලයකින් ලිව්මක් දීලා ගියා හනිකට
”වහාම කඩේ වහපන් නැත්නම් විදවන්න වෙයි”
ජේමිස් මාමා වහාම කඩේ ලෑලිටික වහලා කඩේ ඇතුලට වෙලා කාට කියන්නද මේ අවනඩු කියලා හිතින් හිතමින් හිටියා
කඩේ පිටුපස දොරෙන් කවුදෝ දොරට තට්ටු කරන හඩ ඇසුනා
අනේ ජේමිස් මාමේ ගෙදර පොඩි උන්ට දවස් දෙකකින් කන් මුකුත් නෑ අනේ අයියේ පාන් ගෙඩි්යක් දීපන්
පිංසිද්ද වෙයි
මම මේ මාගරට් බන්
දන්න හදුනන කට හඩක් ඵලියේ සිට කෑ ගහනවා පොඩි උන්ට බඩගින්නට පාන් ගෙඩියක් ගන්න ඉල්ලන්න ඇවිත්
පාන් ගෙඩියක් දීලත් බෑ පව් පොඩි උන් බඩගින්නේ අඩනවා ඇති
ජේමිස් මාමා කඩේ පිටුපස්සේ දොර හිමිහිට ඇරලා පාන් ගෙඩියක් දීලා වහාම දොර වහගත්තා
මාගරට් නොනා පිං දිදි පාන් ලෙඩිය අරන් ගියා
ජේමිස් මාමා සැනසුම් සුසුම් හෙලුවා පව් පොඩි් උන් ඕක කාලාවත් උන්ගේ බඩගින්න නිවාගනියි කියලා
ඊට ටික වෙලාවකට පමන පස්සේ මුහුණ වහගත්තු දෙන්නේක් ඇවිත්
කඩේ පිටුපස දොර කඩන් කඩේ ඇතුලට ආවා
ජේමිස් මාමා බය වෙලා ගුලිඋනා
උඹට අපි දැන්වීමකින් දන්නලත් උඹ අපේ නීති කඩ කරා නේද
දේශමාමකයින්ගෙන් උඹට ගැලවීමක් නෑ
කියලා ජේමිස් මාමාට වෙඩි තියලා යන්න ගි්යා
ගියේ කඩේ තිබුන පාන් ටිකත් හුලං විස්කොතු ටිකත් පොදි ගහගෙන
කඩේ අවට ගෙවල් වල මිනිසුන් ඵලි්යට ඵන්න බයේ ගෙවල් ඇතුලේ සිට කුඩා හිඩැස්වලින් දර්ශනය දැක්කා
චේගුවේරා කාරයින් ගියාට පස්සේ ගමේ මිනිසුන් ඵකා දෙන්නා බියෙන් බියෙන් කඩේ පැත්තට ආවා
කඩේ දොර කඩලා ජේමිස් මාමා මුල්ලක වෙඩි වැදි මැරී සිටියා
ඔහු කල වරද නම් ගමේ බඩගින්නේ හඩන දරුවන්ට පාන් ගෙඩියක් දීම
ඔබට මතකද මේ ඵ්ක් සිද්ධියක් පමනී

Image may contain: 3 people, people standing
Image may contain: 1 person, standing
15
දෙසැ.
17

“අපි…. යූඇන්පී ගෝතයින්ට බයයි …..

“අපි….ගෝතයින්ට බයයි නංගියේ…..”

     

 “සකල දේශවාසී ගෝතයිනි මතකය අවදි කරව්; තොපිලට නැතිවීමට ඇත්තේ තොපිලගේ දීනකම් පමණයි”  — කාලකන්ණි මාර්ක්ස් (කාල් මාක්ස් ගේ මුනුපුරු)

1988 වර්ෂයේ අග භාගයේ මුළු රටම එක්තරා පොස්ටරයකින් වැහුන.  ‘මේ කව්ද? මොනවාද කරන්නේ?’ යන ප්‍රශ්න දෙකෙන් හදපු පෝස්ටරයක්. පාට තැඹිලි.  කිතුහලය ප්‍රචාරණය වෙනුවෙන් දේශපාලනයේ යොදාගත් පළමු අවස්ථා ව මෙයයි.  ලංකාවේ.  අදහස වික්ටර් හෙට්ටිගොඩ සහ ජී. ඩබ්. සුරේන්ද්‍ර යන අයගේ.  ඇලෙව්වේ අරඹවෙලගේ  දොන් උපාලි රන්ජිත් නොහොත් සොත්ති උපාලි.  ඒ කාලේ ඒ විදිහ පෝස්ටරයක් රට පුරා අලවන්න පුළුවන් කමක් තිබුනේ සොත්ති උපාලි වගේ අයට විතරයි.

පසුව, මේ ප්‍රශ්නවල ට උත්තර සැපයූ පෝස්ටරයක් රට පුර ඒ අයම ඇලෙව්ව.  උත්තරය පටන්ගත්තේ වචන දෙකකින්: ‘මෙයා තමයි…’  ඉන් එහාට තිබුනේ රණසිංහ ප්‍රේමදාස ගේ පම්පෝරිය.  ප්‍රේමදාස ගේ ජනාධිපති මැතිවරන සටන් ආරම්බ වුනේ එහෙමයි.

කුතුහලය අවුස්සන පෝස්ටර් වටයක් පහුගියදා දකින්න ලැබුන.  ඔක්කොම ගෝඨා ගැන. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ගැන.

මුලින්ම ආවේ ගෝඨා ගේ පෝස්ටරය: ‘ගෝඨා අපේ’ .  ජාතකය ‘අපි වෙනුවෙන් අපි’.  කෙලින්ම යුධ ජයග්‍රහණයත් ත්‍රිවිද හමුදාවේ සියළු දෙනාත් සංඛේතාත්මකව ගෝඨාට යා කරන පෝස්ටරයක්.  පොඩි කුතුහල්-කැම්පේන් එකක් අර ප්‍රේමදාස ගේ එක වගේ.  පුංචි ඡන්දෙට ගෝඨා ඉදිරිපත් වෙන්නේ නැති බව පැහැදිලියි.  එහෙනම් මේ ගෝඨා එන්නේ ජනාධිපතිවරණයට වෙන්න ඕන.  ඒ කියන්නේ 2020 දී ගෝඨා ඉල්ලනවා කියන එක නැත්තම් ‘2020 දී ගෝඨා ඉල්ලුවොත් හොඳයි’ කියන එක.

කාට හරි රිදිලා.  කවුරු හරි බය වෙලා.  එහෙම නැත්තම් ඔය පෝස්ටරය ගැන කලබල වෙන්න ඕනේ නැහැනේ.

කොහොම හරි ‘රිට(ර්)න්’ එකක් දාන්න ඕන කියල හිතන්න ඇති.  ඉතින් ‘රිට(ර්)න් පොස්ටරයකුත් ගැහුවා.  එකක් නෙවෙයි.  දෙකක්ම ගැහුවා.

එකක මෙහෙම තිබුන: ‘අපි වෙනුවෙන් මිනීමරුවෙක්.’  අනිත් එක ඊට වැඩිය නිර්මාණශීලීයි: ‘ගොතා බය අමතකද?’  ලේ පැල්ලමකුත් සමග.

දැක්ක ගමන් මට මතක් වුනේ  නමින් සිංහල වූ ඒත් සිංහල කතා කරන්න බැරි කොළඹ ඉන්න සමහර උදවිය ගෝඨා ගේ නම උච්චාරණය කරන විදිහ.  ඉතිහාසය ගැන වැඩිය නොදන්නා නිසා වෙන්න ඇති.  නැත්තම් සිංහල කියවගන්න බැරුව ඇති.  වැඩිය ඇහෙන්නේ නැති නමක් ඉංග්‍රීසි පත්තර වල දැක්කම එක එක විදිහට උච්චාරණය කරන්න පෙළඹෙනව.  එයාල ගෝඨා ගේ නම මිස්ප්‍රොනවුන්ස් කරනවා මට ඇහිල තියෙනවා.  එයාල ගෝඨා ට කියන්නේ ‘ගෝටබයා’ කියල. ‘ගෝට’ සහ ‘බයා’ අතර පොඩි හිස්තැනක් තියෙන විදිහටයි උච්චාරණය කරන්නේ.  ඒ කියන්නේ ‘ගෝ-ටබයා’ නෙවෙයි ‘ගෝට-බයා’ කියල.

කොහොම වුනත් මේ ‘ගොතා බය’ කියන පද පෙරළිය නියමයි.  බොහෝ දේ කියන්න උත්සහා කරනවා.  නොකියූ දේවලුත් කියවෙනවා.  ඒ ගැන කතා කරමු.

ඇත්තටම ගෝඨා ට බය වෙන්න ඕනද?  සතියකට පෙර ‘අඩෝ! මම බය නෑ ඩෝ!’ කියල පෝස්ටරයක් ගහපු කෙනෙක් ඉන්න රටක ගෝඨා ට  නෙවෙයි මොකෙක් ට වත් බය වෙන්න ඕනේ නෑ නේ (අර ‘මම බය නෑ’ කියපු හාදය ට ඇරෙන්න). ගෝඨා ගැන බය වෙන්න හේතුවක් නැති නම් ගහන්න තිබ්බේ මේ වගේ එකක් කියලයි මට හිතෙන්න ‘ගෝඨා ට එන්න කියාපිය….මම ඕකට බය නෑ ඩෝ!’  එහෙමත් නැත්තම් අර බිග් මැච් එකක වගේ මේ විදිහට දාන්න තිබ්බ: ‘ගොඨලාට අපි බය නෑ….බය නම් අපි එන්නෙත් නෑ!’

මට පේන විදිහට පොස්ටරෙන් නොකියවෙන දේ කියන දේ ට වඩා ප්‍රබලයි: ‘ඇත්තම කතා ව මම (අපි) ගෝඨා ට බයයි.’ ඒ ගෝඨා ගේ චන්ඩි පාට් නිසා කියල කියන්න පුළුවන්, ඒත් මට නම් හිතෙන්නේ ගෝඨා ගැන බය වෙලා තියෙන්නේ තම තමන්ගේ (ඒ කිව්වේ පෝස්ටර් මාස්ටර් ල ගේ) දේශපාලන අනාගතය ගෝඨා නිසා කේස් වෙයි කියල.

කෙසේ වෙතත්  ගෝඨා පිලිබඳ බයක් නෙවෙයි නේ මෙතන තියෙන්න…මෙතන බය මතක් කරන්න කියන්නේ ‘ගෝතයෙක්’ ගැන.  ආයෙත් පෝස්ටරය මතක් කරමු: ‘ගොතා බය අමතකද?’

ගෝතයෙක් කියන්නේ සාමාන්‍ය වහරේ වැඩකට නැති කෙනෙක්, කාලකන්ණියෙක්, නිකමෙක්, වාතයක්.  එහෙම එකෙක් ට බය වෙන්නේ මොනවටද?  එහෙම එකෙක්ට කාව වත් බය කරන්න පුළුවන් ද?  ඒ වගේ එකෙක් ට ද මෙච්චර බය වෙලා තියෙන්නේ?  එතකොට අපි ඔය කියන ගෝතයා කෙසේ වෙතත් පෝස්ටර් වීරයාගේ වීරත්වය ගැන මොනවාද තීන්දු කල යුත්තේ?  ඒකා ඔය ගෝතයාටත් වඩා දුර්වලයෙක් වෙන්න  ඕන කියලයි මම නම් නිගමනය කරන්නේ.

ඒ වුනාට ගෝඨා ට බය වෙන්න හේතු නැත්තෙමත් නැහැ.  සහෝදරයා ගේ බලය තමන් වෙත ආරෝපණය කරගත්ත කෙනෙක් ගෝඨාභය කියන්නේ.  තමන් ගේ බලය හෝ දේශපාලන/ඥාති සම්බන්කධ කම් පාවිච්චි කරමින්  විවිධ ප්‍රතිවාදීන් ට තරවටු කරපු ඥාති හිතමිත්‍රාදීන් ගේ තක්කඩිකම් වලට අවසර දුන්න නැත්නම් අතහිත දුන්න එහෙමන් නැත්තම් අඩුම තරමින් සිය නිහඬ අනුමැතිය හරි දුන්න කෙනෙක් ගෝඨා.  ඔහු ගෝතයෙක් නෙවෙයි, ඒත් අහිංසකයෙකුත් නෙවෙයි. පහුගිය රජයේ බලගතුම නිලධාරියා ගෝඨා.  සිද්ද වූ මැරකම් ජඩකම් ගැන ගෝඨා නොදන්නවා විය නොහැක.  ඔහුට බය විය යුතුය.  විශේෂයෙන්ම ඔහු ට මේ රටේ විධායක ජනාධිපති වීමට උවමනාවක් තියෙනවා නම්, එම උවමනා ව සාක්ෂාත් කර ගැනීම සඳහා වටපිටාවක් නිර්මාණය වෙමින් පවතිනවා නම් ඒ ගැන යම් තක්සේරුවක් තිබිය යුතුයි (බය වීම කෙසේ වෙතත්).

අපි යමු මුලටම.  ඒ කියන්නේ මේ ‘ගෝතා බය’ මතකද අමතකද කියන එක.

ඒ ගැන මට මෙහෙම දෙයක් හිතෙනවා.  අමතක නැහැ, ඒත් එහෙම බයක් තියෙන බව පිළිගන්න සූදානම් නැහැ.  කල්පනා කරලා බැලුවම මේ රට පාලනය කරපු සහ කරන බොහෝ දෙනෙක් වැඩකට නැති, කාලකන්ණි, වාත පොරවල්.  ඒ වුනාට ඒ නිකමුන්ට අපි ජනතාවක් හැටියට බයයි.    ඒ කියන්නේ අපි ගෝතයින්ට බයයි.  ගෝතයෝ එද්දී නැගිට්ටෙනවා.  ඉංග්‍රීසි භාෂාවේ පහසුවෙන්ම මතක් වන වචන දෙක මතක් වෙනවා.  මැඩම්.  සර්.  මඩම් කියල කියවෙනවා. සර් කියවෙනවා.  සමහරවිට අපි අපටත් හොරෙන් හිතනවා වෙන්න පුළුවන් ඒ විදිහට ආමන්ත්‍රණය කෙරුවම එයාලගේ ගෝත ස්වභාවය අපටම අමතක වෙලා ඒ අමතක වීමත් සමගම අපේ දීනකමුත් මැකිලා යනවා කියල.

ඉතින් අපි සර්ලව මැඩම්ලව බලයට පත් කරලා ‘අඩෝ සර්ල ව මැඩම්ලව බලයට පත් කෙරුවේ අපි තමයි ඩෝ!’ කියල පොර ටෝක් දෙනවා.  අපේ ගෝත කම් එතකොට අපට අමතක වෙනවා.  එහෙම නැත්තම් ගෝත සෙට් එකක් බලයට පත් කරලා එයාලට සර් නැත්තම් මැඩම් කියල ආමන්ත්‍රණය කරනව.  සර් මැඩම් කියල ආමන්ත්‍රණය කෙරුවම අපි බලයට පත් කරලා තියෙන්නේ ගෝතයින් නෙවෙයි නෝනාවරු මහත්තුරු කියල හිත හදාගන්න පුළුවන්.

එහෙම බලනකොට ගෝතයින්ට බය වෙනවා කියන්නේ අපිටම බය වෙන එක, මොකද අපි තරම් වැඩකට නැති, කාලකන්ණි, වාත පොරවල් මේ ලෝකේ කොහෙවත් ම නැහැ. අපට පුළුවන් නම් අපටම බය වෙන්න, අපට අපේ බය නැති කරගන්නත් පුළුවන් වෙන්න ඕන.  ගෝතකමින් මිදෙන්න අවශ්‍ය නම් ඒක තමයි කරන්න ඕන.

වැදගත් ම දේ තමයි ගෝතකම අමතක නොකිරීම.  ගොතකම් හඳුනා ගැනීම, ගොතකමින් මිදී ම සඳහා අනිවාර්ය පුර්වකොන්දෙසියක්.

ගෝඨා ට බය අය බයවෙද්දෙන්.  ‘අපි බය නෑ ඩෝ!’ කියල කෑ ගැසුව දෙන්. එහෙම කරල ගෝඨා ව නෙවෙයි මොන ගෝතයෙක් වත් නවත්තන්න බැරි බව එයාලට කවද හරි තේරෙයි.  නොතේරුණත් අපට මොකෝ? අපට වෙන කාර්යයක් තියෙනව.  අපි ගෝතයින්ට බය බව තේරුම් ගැනීම.  ගෝතයින්ට බය බවත් ගෝතයින් අපව බය කරන බවත් අමතක වුන බව මතක් කිරීම. ආයේ අමතක නොකරන්න තීන්දු කිරීම.  සතුරා ඉන්නේ ඈත තැනක නොවේ, අප තුලම බව තේරුම් ගැනීම.

ගෝතයින් විසින්, ගෝතයින් සමග, ගෝතයින් සඳහා ආණ්ඩුවක් වෙනුවට පුරවැසියන් විසින් පුරවැසියන් සමග පුරවැසියන් සඳහා වන ආණ්ඩුවක් ගැන එතකොට අපට කතා කරන්න වරම් ලැබෙයි.

01
දෙසැ.
17

ගෝඨාභය, උදය ගම්මන්පිල සහ සිටිස් ඔෆ් ඉවලූෂන්

 රණවක පාර්ලිමේන්තුවේදී බින්දුවට දමයි..

මෙගාපොලිස් පාච රණවක පාර්ලිමේන්තුවේදී කිච කර බින්දුවට දමයි.. ගම්මන්පිල ඇහේ ඉදන් පට්ට ගැසූ කතාව මෙන්න..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ වැය ශීර්ෂය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කලේය.

2016 සහ 2017 වසර දෙකේදීම මම මෙගා පොලිස් අමාත්‍යන්ෂයේ වැය ශීර්ෂය මම කතා කරන්න කලේ  නෑ. නමුත් මේ  වසර පුරාවටම ගරු අමාත්‍යතුමන් විවිධාකාරයෙන් මට  මට ආරාධනා කළා මේ වැය ශීර්ෂය මා කතා කළ යුතුයි කියලා. එතුමන්ගේ ඒ අවශ්‍යතාවය ඉටු කරමින් අද මම මේ නතාව කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙගාපොලිස් නැතිනම් වඩා නිවැරදිව කිව්වොත් මෙගලොපොලිස් යනු කුමක්ද?  එකට ගැට ගැසුණු නාගරික ප්‍රදේශ කිහිපයක්.  It is defined in English as a chain of adjacent metropolitan areas. මෙගලොපොලිස් යන වදනේ මූලය වන ග්‍රීසි භාෂාවෙන් බැලුවොත් දැවැන්ත නගරයක් යන අදහස එනවා.  මේ සංකල්පය දැන් වසර සීයකටත් වඩා පැරණියි.  1915 දී පැට්‍රික් ගේඩ්ස් ලියූ සිටිස් ඔෆ් ඉවලූෂන් නම් පොතෙන් තමයි මෙගාපොලිස් සංකල්පය ලොවට හඳුන්වා දුන්නේ.

ලෝකය පුරා මෙගාපොලිස් අධිකාරි බිහි වූයේ අධිනාගරිකරණයෙන් මතු වුණු ජල සම්පාදනය, කසල කළමනාකරණය මළ බැහැර කිරීම වැනි සංකීර්ණ ගැටළු වලට විසඳුම් සොයන්නයි. ජල සම්පාදනය, විදුලිය සම්පාදනය, කසළ බැහැරකිරීම් වැනි ගැටළු මේවාට උදාහරණයි. ජකර්තා – බැංඩුං මෙගාපොලිස් මේ සඳහා කදිම නිදසුනක්.

අපි දැන් ලංකාවට එමු.  අපි මේ සභාවේ නාගරික සංවර්ධනය කතා කරන්නේ ජල ගැලීම් වලින් මාර්ග යට වෙලා නිවාස යට වෙලා විදුලි සැපයුම බිඳ වැටිලා නාගරික ජීවිතය කඩා වැටුණු මොහොතකයි.  අපට මතකයි 2010 දැවැන්ත වැස්සකට පස්සේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර සියල්ලම ජලයෙන් යට වුණා.  පාර්ලිමේන්තුවට යට වුණා.

නාගරික සංවර්ධන ඇමති ධූරය දැරුවේ එවක ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි.  ඔහු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සම්පූර්ණ වගකීම භාර දීලා තිබුණේ.  ඒ නිසා 2010-2015 යුගය ගෝඨාභය යුගය.  ස්වර්ණමය යුගය.

2010 ජල ගැලීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ වැඩේට බැස්සා.  මාධ්‍ය සංදර්ශන පවත්වලා මම කොළඹ හදන්නේ මෙහෙමයි කියලා පුරාජේරු කියෙව්වා නෑ.  නිහඬම වැඩේ පටන් ගත්තා.  මුලින්ම කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් ගොඩ කිරීම තහනම් කළා. ඒ තහනම කඩ කළ අයට තරාතිරම නොබලා දඬුවම් කළා.

ත්‍රිවිධ හමුදාවේ සහයෙන් ඇල මාර්ග පිලිසකර කළා.  ඇල මාර්ග ආශ්‍රිතව තිබුණු අනවසර ඉදි කිරීම් ඉවත් කළා ආණ්ඩුවේ ඇමතිවරුගේ දේපලත් ඒ අතරේ තිබුණා.

ගෝලීය උණුසුම නිසා කෙටි කලක් තුල දැවැන්ත වැස්සක් ඇද වැටෙන බව ඔහු තේරුම් ගත්තා.   අධික වැස්සෙන් කොළඹ එකතු වෙන ජලය මුහුදට ගෙන යෑමට ජල ප්‍රවාහන පද්ධතිය ප්‍රමාණවත් නෑ.  යට වෙන්නේ ඒකයි.  කොළඹ දිස්ත්‍රික්කය පුරා වැව් ඉදි කළා.  2010 ජූනි මාසයේ පාර්ලිමේන්තුව යට වුණාට පසු යළි කොළඹ යට වුණේ නෑ.

ඒ වගේම කසල සම්පූර්ණයෙන්ම කොළඹ නගරයෙන් බැහැර කළා.  පොලිසිය සහයට අරන් තැන තැන කසල දමන අයට දඬුවම් කළා.  පදික වේදිකාවේ වෙළඳාම තහනම් කළා.  පෝස්ටර් බැනර් එල්ලා අවලස්සන කිරීම තහනම් කළා.  නගරයට හිසරදයක් වී තිබුණු පාතාලය මර්දනය කළා.  2013 වන විට සංචාරකයින්ගේ ඡන්දයෙන් ලොව පිරිසිදුම නගරය ලෙස කොළඹ තේරුණා.

අද තත්වය කුමක්ද? නගරය යට වෙනවා, කුණු,  පෝස්ටර්,  පදිකා වේදිකා වෙළඳාම, පාතාලය නැවත ඇවිදින්. ඒ අතරේ අපේ ගරු අමාත්‍යතුමන් මාධ්‍ය සංදර්ශන පවත්වමින්  2020 දි 2025 දී  සුහුරු නගර හැදෙන හැටි  ගැන ජනතාවට සිහින විකුණනවා.  සුහුරු නගර හදන්න කලින් 2015ට කලින් තිබුණු නගරේ අපට හදලා දෙන්න.

ගෝඨාභය මාධ්‍ය හමු එකක්වත් පැවැත්වුයේ නෑ.  හැබැයි වැඩේ කලා.  ඒ වගේම එතුමාට නිසි ගෞරවයත් ලැබුණා. ඒ නිසා අපි ප්‍රසිද්ධිප පිටිපස්සේ කීර්තිය පිටිපස්සේ හඹා යනවා වෙනුවට වැඩේ හරියට කලොත් කීර්තිය ප්‍රසිද්ධිය අපි පිටිපස්සේ හඹා එනවා.  Mr Minister, don’t go after fame.  Go after your task.  Then fame will come after you.

මේ වසරේ කසළ කළමනාකරණය පිළිබඳ අතිශයින්ම ශෝචනීය වසරක් අප්‍රේල් මාසයේ මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටිලා විශාල පිරිසක් මිය ගියා.  2007 පෙබරවාරි මාසේ දී බ්ලූ මැන්ඩල් කුණු කන්දේ සිට මාධ්‍ය ඇමතූ එවකට පරිසර ඇමති පා ච රණවක ඇමතිතුමා වසරක් ඇතුලත මෙම කුණු කන්ද ඉවත් කරන බවටත් නැවත මෙවැනි කුණු කඳු බිහි වීමට ඉඩ නොතබන බවටත් ප්‍රකාශ කළා.  නමුත් එතුමා 2010 පරිසර ඇමති ධූරයෙන් සමු ගන්නා විට බ්ලූ මැන්ඩල් කුණු කන්ද එසේම තිබෙන අතරේ මීතොටමුල්ල කුණු කන්දත් බිහි වෙලා.

වසර 30ක් පුරා පොතුවිල වෙල් යායට කොලොන්නාව නස කුණු බැහැර කළා තමයි. නමුත් ඉන් කුණු කන්දක් බිහිුවනේ නෑ.  කන්දක් නිර්මාණය වුණේ කොළඹ මහ නගර සභාව දවසකට ටොන් 800-1000ක් මෙතැනට බැහැර කිරීම නිසියි මේ කුණු කන්ද නිර්මාණය වුනේ.  කුණු කඳු නිර්මාණය හැරුණු විට වෙනත් දිගුකාලින වැඩපිලිවෙලක් තිබුණේ නෑ.

2010 දී නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා.  ඔහු මාධ්‍ය සංදර්ශන පවත්වා වීර ප්‍රකාශ කරනවා වෙනුවට සද්ද නැතුව වැඩේට බැස්සා.  එතුමාගේ විසඳුම වුණේ බ්ලූමැන්ඩල් සහ මිතොටමුල්ල කුණු කඳු වගේම කොළඹ දිනපතා එකතු වන කුණු පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාලු ප්‍රදේශයේ ඇති හුණුගල් හැරීමෙන් සෑදුනු වලවල් සනීපාරක්ෂක කසල රඳවන බවට පෙරලා තැන්පත් කිරීමයි.  දුම්රියෙන් කසල ගෙනි යන්න සැලසුම් කර තිබුණේ.  2015 වසරේ ව්‍යාපෘතියේ වියදම් සඳහා රුපියල් බිලියන 2ක් අයවැයෙන් වෙන් කලා.

අවාසනාවට ආණ්ඩු පෙරලියෙන් පසු මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.  මම මේ පිලිබඳ 2017 පෙබරවාරි 8 පාර්ලිමේන්තුවේ දී මෙගාපොලිස් ඇමතිතුමාගෙන් ප්‍රශ්න කළා. එත්‍රමා අවෙ නෑ ප්‍රශ්නයට පිලිතුරු දෙන්න.  ඊට පිලිතුරු දුන් නියෝජ්‍ය ඇමතිතුමා කිව්වේ විල්පත්තු ජාතික උද්‍යානයේ ස්වාරක්ෂක කලාපය තුලට වැටෙන නිසා වනජීවි දෙපාර්තමේන්තුව විරුද්ධයි කියලා.  එයට හේතුව විල්පත්තුවෙ ජාතික වනෝධ්‍යානයේ ස්වාරක්ෂක කලාපය තුල මේ කටයුතු කිරීමට සිදු වීම.

මම ඒ අවස්ථාවේ නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ප්‍රශ්න කලා වඩාත් පරිසර හානියක් සිදු වන්නේ මේ කුණු කන්ද ජනාකීර්ණ ප්‍රදේශයක පවත්වා ගෙන යෑමෙන් ද නැතිනම් ස්වාරක්ෂක කලාපය මීටර් කිහිපයක් වෙනස් කිරීමෙන් ද කියන එක.  ඊට පිලිතුරු දෙන්න ඒ පිලිබඳ අධ්‍යනයක් කර තිබුණේ නෑ.  නමුත් මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසු ඇමති ප්‍රකාශ කරනවා අරුවක්කාලු පරිසර හානිය සමග සසඳන විට මීතොටමුල්ල පරිසර හානිය දහස් ගුණයකින් වැඩියි කියලා.

ස්වාරක්ෂක කලාපය කියන්නේ ඕනෑම ජාතික වනජීවි උද්‍යායනක සිට සැතපුමක් දුර වනජීවි දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොර මානව ක්‍රියාකාරකම් කළ නොහැකි ප්‍රදේශයක් නම් කරනවා. අවසරය සහිතව එම ප්‍රදේශයේ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්.  එසේ නොහැකි නම් මීටර් තුන් සීයකින් පමණ විල්පත්තු සීමාව ඇතුලට ගෙනි යන්න පුළුවන්.

ඒ විකල්ප වෙනුවට ජාඇල වැනි ජනාකීර්ණ තෙත් කලාපයේ කසළ බැහැර කිරීමේ අසාර්ථක උත්සාහයක නිරත වුණා.  ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ට පාරට බැහැලා විරෝධය.  අන්තිමට අරුක්කාළු විසිදුමට යන්නට ආණ්ඩුවට සිදු වෙනවා. මට මතකයි හර්ෂද සිල්වා ගරු අමාත්‍යතුමන් කිව්වා ගොඨාභයගේ විසිදුම හැර වෙන හොද විසදුමක් නෑ. අපි නැවත ඒකට යනවා කියලා.

එහෙමනම් ඇයි අරුවක්කාලු විසඳුම නතර කලේ ඇයි? ගෝඨාට ලකුණු.  කසළ ප්‍රශ්නය විසඳුවේ ගෝඨා නොවේ මමයි කියන්න නැතිවෙනවා. එය නැවැත්තුවේ නැති නම් මීතොටමුල්ල ඛේදවාචකය වෙන්නේ නෑ.  ඒක ස්වභාවික ව්‍යසනයක් නොවේ.  ඇමතිවරයාගේ උද්ධච්ච කම නිසා සිදු වුුණු මිනීමැරීමක්.

පොලිස් බාර අරගෙන තියේනනේ මෙගා ඩීල් දාන්නද ?

වත්මන් ඇමතිවරයා නාගරික සංවර්ධන අධිකාරිය භාර ගන්නා විට දැවැන්ත ඉඩම් සංචිතයක් තිබුණා.  දැන් ඉඩම් විකුණනවා මිස ඉඩම් ගන්නේ නෑ. මෙහෙම ඉවක් බවක් නැතුව අඩු මුදලට ඉඩම් විකුණන්නේ පැනමා පත්‍රිකා වල මුදල් පුරවන්න ද නැතිනම් සිල් බිඳ ගන්න උදව් කරන නිළියන්ට පුදන්න ද?  එහෙමත් නැතිනම් සතුරන්ට කරන්ට් අල්ලන දොස්තරලාට පුදන්න ද කියන ප්‍රශ්නය අපට මතු වෙනවා.

නිදසුනක්

කොළඹ කොටුව ලේක් හවුස් ඉදිරිපිට අක්කර 2 රූඩ් 1 පර්චස් 4 ඉඩමක් 2007 වසරේ රවි විජේරත්න මහතාට අයත් ලේක් ලෙෂර් හෝල්ඩින්ස් ආයතනයට වසර 30ට බදු දෙනවා රථ ගාලක් ඉදි කරන්න.

2013 වසරේ වටිනාකම මි 2785ක් 20% ගෙවා ඉතිරිය මාස තුනකින් ගෙවිමේ පොරොන්දුව මත අවු 50කට මිශ්‍ර සංවර්ධනයක්. 2013 ජූනි ඇමති මණ්ඩල අනුමැතිය.

සීයට විස්ස ගෙව්වත් ඉතිරි මුදල ගෙව්වේ නෑ.  .  නාගරික සංවර්ධන අධිකාරි පනතේ  14(2)(ආ) යටතේ  ගිවිසුම් ප්‍රකාර මුදල ගෙවා නැති නිසා ගෙවු මුදල රාජ සන්තකයි. ඉඩම නැවත්ත නාගරික සංවර්ධන අධිකාරියට හිමියි.  ඇමති ආපසු ලබා ගැනීමේ නියෝගය 2016 මැයි 11 නිකුත් කරනව. ඉට පස්සේ යනවා මෙගා ඩීල් එකක්.

නැවත ඒ සමාගමටම වසර 50 කට  ලබා දෙන්න 2016.09.06 කළමනාකරණ මණ්ඩලය ඉදිරිපත් කර අනුමැතිය පතනවා.  අර කලින් ගෙව්ව අත්තිකාරමට පොලියකුත් ගෙවලා ඒක ඉඩමේ වටිනාකමෙන් අඩ කරලා ඉතිරිමුදල පමණක් ගෙවීමට  කළමණාකාර මණ්ඩලයේ අනුමැතිය ඉල්ලනවා.  2016.10.18 නීති උපදෙස්  ලැබෙනවා මේ ගැන. ඉන් කියවෙන්නේ කලින් ගිවිසුම අවලංගු බැවින් ඉඩම ද ගෙවා ඇති මුදල ද අධිකාරිය සතු බවයි.

මෙන්න මෙගා ඩීල්. මේක මිලියන 200කට වඩා වැඩි ගනුදෙණුවක් නිසා අනිවාර්යෙන්ම අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඇවිය යුතුයි. නමුත් එසේ වන්නේ නෑ. මොකද අමාත්‍ය මණ්ඩලය විරුද්ධ වන නිසා. ඒ නිසා හොර රහසේම මේ ඩීල් එක ඉදිරියට යනවා.

බොහෝ දෙනක් මේ මෙගා පොලිස් අමාත්‍යන්ෂය ගෙනෙද්දී හිතුවේ මෙගා ඩීල් ගැන හොයන්න ගෙනාපු එකක් කියලයි. ඒ ගැන එහෙම හිතපු කාටවත් දොස් කියන්නත් බෑ. මොකද ඇමිතතුමන් කතා කරන්නෙම මෙගා ඩීල් ගැන. ඉතින් ඇමතිතුමන්ට ඒ මෙගා නම තියෙන අමාත්‍යන්ශයක් බාර දුන්නම හැමෝම හිතුවේ ලෝකු පොලීිසයක් හදලා එතුමන්ට බාරදුන්නා කියලා එතුමන් දන්න රට නොදන්න මෙගා ඩීල් ගැන සොයන්න. නමුත් එතුමන් මෙගා පොලිස් බාර අරගෙන තියේනනේ මෙගා ඩීල් දාන්න.

මෙගාපොලිස් ඇමිතතුම්නගේ ප්‍රගතිවාර්තාව අන්තිමයි

මෙගාපොලිස් ඇමති ගරු පා ච රණවක ඇමතිතුමාගේ අමාත්‍යාංශයට මුදල් වෙන් කරනවා මදි කියලා දැන් එතුමා නිරතුරුවම මාධ්‍ය ඉදිරියේ අඬා වැටෙනවා.  ආණ්ඩුවේ නායකයින්ට ආඩපාලි කියනවා.  නමුත් ආණ්ඩුව එතුමාගේ අමාත්‍යාංශයට ඔය මට්ටමට හරි මුදල් ලබා දීම ගැන සතුටු වෙන්න ඕනෑ. මොකද එතුම්නගේ ප්‍රගති වාර්තාව අන්තිමයි.

2018 වසර සඳහා මෙගාපොලිස් අමත්‍යාංශයට  අයවැයෙන් රුපියල් බිලියන 51.1ක් වෙන් කර තිබෙනවා.  2017 වසරේත් බිලියන 39.6ක් වෙන් කරලා තිබුණා.  2016 මහ බැංකු වාර්තාවට අනුව මෙගාපොලිස් අමාත්‍යාංශයට වෙන් කළ මුදල් නිසි ලෙස වියදම් කරලා නෑ.  2016 වසරේ දී පුනරාවර්තන වියදම් ප්‍රතිපාදනයෙන් වියදම් කර තිබෙන්නේ 74.2%යි.  ප්‍රාග්ධන වියදම් ප්‍රතිපාදනයෙන් වියදම් කර තිබෙන්නේ 42.5%යි.

දෙන මුදලින් භාගයක්වත් වියදම් නොකරන ඇමතිවරයෙකුට තව තවත් වැඩිපුර මුදල් වෙන් කරන්න නම් මුදල් ඇමතිට මොලේ අමාරුවක් තිබෙන්න ඕනෑ.  විශේෂයෙන්ම ආණ්ඩුව මූල්‍ය අර්බූදයක සිටින අතරේ වියදම් නොකරන මෙගාපොලිස් ඇමතිට පසුගිය වසරට වඩා බිලියන 12ක් වැඩිපුර ලබා දීම ගැන එතුමා සතුටු වෙන්න ඕනෑ.  එතුමා දැන් කරන්න ඕනෑ තමන්ට දෙන මුදල මදි කියලා අඬා වැටෙන එක නොවේ.  නිළධාරින් සමග වාඩි වෙලා ලැබුණු මුදල වියදම් කර ගන්න බැරි වුණේ ඇයි කියලා අමාත්‍යාංශයේ අකාර්යක්ෂමතාවයට හේතු සොයන එකයි.  වැඩ බැරි ඇමතිලා නටන්න බැරි වුණාම පොලොව ඇදයි කියනවා.

නාගරික සංවර්ධනයේ ගෝඨා යුගය ස්වර්ණමය යුගය අවිවාදිතයි.  එයින් වසර දෙකක් යන විට දෙන මුදලවත් වියදම් කර ගන්න බැරි තරමට මේ ආයතන කඩා වැටෙන්නේ කොහොමද?  එදා නිර්මාණශීලිව වැඩ කළ දවස පුරා රාජකාරි කළ ඒ නිළධාරින් අද කෝ?  ඒ නිළධාරින්මයි අදත්.  ඒ ගෞරවනිය නිළධාරින්ට අද නිසි නායකයෙක් නෑ.  වැඩ බැරි ඇමතිලා නිසා ආයතන කඩා වැටෙනවා.

අරාබි කියමනක් තිබෙනවා සිංහයෙක් නායකත්වය දෙන බැටළු හමුදාවකට බැටළුවෙකු අණ දෙන සිංහ හමුදාවක් පරාජය කරන්න පුළුවන් කියලා.  පළමු ලෝක යුද සමයේ ඉංග්‍රිසි මාධ්‍ය පැවසුවේ ඉංග්‍රිසි හමුදාව බූරුවන් නායකත්වය දෙන සිංහයින් පිරිසක් කියලා.  අද මෙගාපොලිස් අමාත්‍යාංශයට සිදු වෙලා තිබෙන්නෙත් ඒ දෙයමයි කියන එක කණගාටුවෙන් වුවත් කියන්න ඕනෑ.

ගෝඨාභයගේ සපත්තු කුට්ටම චම්පිකට ලොකු වැඩියි

ඒ නිසා තමුන්නාන්සේ  ඉඩම්ගොඩකිරීමේ හා සංවර්ධණය කිරීමේ සස්තාව සතුව තිබුණු ඩී ඒ රාජපක්ෂ පදනම සම්බන්ධ ලිපිගොනු තමන්ගේ බාරයට ගෙනල්ල නීතිඥවරුන්ට පෙන්වමින් සොයනවා මේකට නඩු දැමීමේ නීතිමිය පදනමක් තිබෙනවාද කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට පහර දීමෙන් ඇමතිතුමනි ඔබේ කීර්තිය වැඩි වේනනේ නෑ. ඔබ ඔහුට වඩා හොදට වැඩ කරල පෙන්වන්න. එයට අපේ කිසිම බාදාවක් නෑ. ඔබ ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා හොද පාලකයෙක් උනොත් එහි ප්‍රථිලාභය තියේනනේ රටටයි. එහෙම නැතිනම් වෙන්නේ ඔබතුමාට ගෝඨාභය මහත්තයාගේ සපත්තු කුට්ටම ලොකු වැඩි කියන එක රටට පෙනෙන එක විතරයි.

ඒ නිසා 2018 වසරේ හඩා වැටෙනව වෙනුවට මාධ්‍ය සංදර්ශණ පවත්වනවා වෙනුවට, පිටුගනන් පත්තරවල දැන්වීම් දානවා මම වැඩ කාරයෙක් කියනවා වෙනුවට ජනතාව විසින් ඔබතුමා වැඩකාරයෙක් කියල වසරක් බවට පත්වේවා කියලා මම ප්‍රාර්තනා කරනවා. ඒ සදහා ශක්තිය ධෛර්ය වාසනාව හා අවස්ථාව උදාවේවා කියා මම ප්‍රර්ථනා කරනවා.

– අරවින්ද අතුකෝරල

26
නොවැ.
17

රනිල් (හඳ) ගමයා හා කලාවට කෙලින කොපි කෙරුමෝ

Masterpiece යනු, යම් කලාකරුවෙකුගේ හෝ වෙනයම් නිර්මාණකරුවකුගේ මුලු නිර්මාණ ධාරාවේම නිර්මාණය වුණු ඉහළම අගයකින් යුතු වූ නිර්මාණය යැයි කවුරුත් අවිවාදිතව පිළිගන්නා නිර්මාණයයි. එවැන්නක් ප්‍රංශ බසින් හඳුන්වන්නේ, ෂෙඩ’ව්ර chefd’oeuvre ලෙසයි. ඒත්, 

මාස්ටර්පීස් කියන්නෙ එවැනි වූ ඉහළ අගයැති නිර්මාණයකට නොවෙයි. (මාට්ටුපීස් වචනය මගෙන්…) එහි තේරුම වන්නේ, එවැනි වූ ඉහළ අගයකින් යුතු වූ නිර්මාණයක් ලෙස බැලූ බැල්මට පෙනෙන්නට නිමවා ඇති කෑලි මාට්ටු කළ, මූට්ටු කළ කෛරාටික වැඩකටයි. මට මේ කතාව ඔබට කියන්නට මග පෑදෙන්නේ, මැතකදී මහජන ප්‍රදර්ශනයට නිකුත් වූ සිනමාපටයක් පිළිබඳ පේරාදෙණියේ මහාචාරියකු පුවත්පතකට ලියූ ලිපියක සඳහන් කළමාස්ටර්පීස් හැඳින්වීම හේතුකොට ගෙනයි.

උන්නැහේ ලියා තිබුණේ, අශෝක හඳගමගේ අලුත්ම චිත්‍රපටය ‘ඇගේ ඇස අග’ ‘Let her cry’ . මාස්ටර්පීස් එකක් බවයි. දැන් අපට සලකා බලන්නට ඇත්තේ සහසුද්දෙන්ම මූලික කරුණු දෙකකි. ඒවා නම්, මහාචාරී මහතාගේ ප්‍රකාශය යම් විශ්වසනීයත්වයකින් යුතු වූ ප්‍රකාශයක් ද යන්න සහ ඔහු එම ප්‍රකාශයට පාදක කැරගත් උක්ත සිනමාපටය එවැනි මාස්ටර්පීස් එකක් ද යන්න කරුණුය. මෙම විමැසීම් දෙකටම ඇත්තේ එක් විමසුමකට ඍජුව පිළිතුරක් සැපයීමෙන් ලබා ගත හැකි පහසු උත්තරයකි. එයනම්, ඉහත සිනමාපටය මාස්ටර්පීස් ගණයේ නිර්මාණයක් ද යන්න විමසා බැලීමයි. ඒ සඳහා අපට එම සිනමාපටය ගෙන එහි කලාත්මක බවත්, තාක්ෂණික හපන්කම් සහ තවත් දේත් එක් පසෙකින් විමසා බලන්නට හැකියි. තවත් පසෙකින් එහි ඇති සමාජ දේශපාලනික මෙන්ම ආගමික සංස්කෘතික දාෂ්ටිවාදී ගති පිළිබඳව ද විමසා බලන්නට හැකියි. ඒ දේවල් පිළිබඳව අඩු වැඩි වශයෙන් මම ද තවත් අය ද පහුගිය මාසයක පමණ කාලයක් තිස්සේ යම් යම් විචාර විමැසුම් කැර ඇත. එහෙත්, දැන් අපට වහාම උනන්දුවන්නට සිදු වී ඇත්තේ ඒ කිසිවක් ගැන නොවෙයි. මේ කියන මාස්ටර්පීස් නිර්මාණය ඇත්තටම එහෙම එකක් ද නැත්නම්, මා ඉහතින් දැක්වූ වර්ගයේ මාට්ටුපීස් එකක් ද යන්න පිළිබඳවයි.

අසෝක හඳගමගේ අලුත්ම චිත්‍රපටය මාස්ටර්පීස් නොව මාට්ටුපීස් බව ලංකාවේ සිනමා රසිකයන්ටත්, හඳගම වන්දනාකරුවන්ටත් පොදුවේ සියලුදෙනාටමත් මුලින්ම හෙළිදරව් කරන්නට යෙදුණේ මවිසිනි. ඒ මීට දින කීපයකට පෙර සමාජ මාධ්‍ය ජාලයේ මා නමින් ඇති පිටුව ඔස්සේයි ඉන් කියැවුණේ, අසෝක හඳගමගේ අලුත්ම චිත්‍රපටය අඩු වැඩි වශයෙන් ස්පාඤ්ඤ සිනමාපටයක කොපියක් බවයි. නමුත් එය කොපියක් වන්නේ, තේමාව සහ සිදුවීම් ද, රූප රාමු ද ඒ හැටියෙන්ම හොරකම් කිරීම නිසාය. නමුත් ස්පාඤ්ඤ චිත්‍රපටයේ ඇති මනුෂ්‍යත්වය වෙනුවට මේ කොපියේ ඇත්තේ අශිෂ්ටත්වයයි. අමනකමයි.

Elegy නමින් 2008 දී මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වූ නිර්මාණයකි. එය අධ්‍යක්ෂණය කැර ඇත්තේ ඉසබෙල් කොයිසෙට් Isabel Coixet නම් ස්පාඤ්ඤ චිත්‍රපට අධ්‍යක්ෂිකාවයි. ෆිලිප් රොත් Philip Roth නම් ඇමෙරිකානු ලේඛකයාගේ The Dying Animal – 2001 නවකතාව පසුබිම් කැරගෙනයි එම සිනමාපටය නිර්මාණය වී ඇත්තේ.

එහි ප්‍රධාන චරිතය ඬේවිඞ් කෙපෙෂ් David Kepesh (බෙන් කිංග්ස්ලි – Ben Kingsley) මහාචාරියකු වන අතර ඔහුගේ ජීවිතය හැඳින්වෙන්නේ, emancipated manhood – මුක්තිය ලැබූ ජීවිතයක් ලෙසයි. එනම්, තම පවුලෙන් වෙන් වී එකම පුත්‍රයාගේ වෛරයට පාත්‍ර වී එහෙත් දිගින් දිගටම ස්ත්‍රී සහවාසයේ යෙදෙමින් ගෙවන ජීවිතයකි. විසි අවුරුදු කාලයක් තිස්සේ ඔහුගේ පෙම්වතියක් වී සිටින්නේ කැරොලින් ය. Carolyn (පැට්‍රිරෂියා ක්ලාක්සන් Patricia Clarkson – ) ඇය කෙපෙෂ්ගේ පැරණි ශිෂ්‍යාවක් වන අතර කෙපෙෂ්ගේ අලුත් පෙම්වතිය කොන්සියුලා කැස්ටිලෝ ද Consuela Castillo (පෙනිලොප් කෲස් – Penelope Cruz ) ඔහුගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි. මෙම චිත්‍රපට දෙක දිහා සංසන්දනාත්මකව බලනවිට, කොපියේ ද ඉන්නේ මහාචාරියෙකි. ඔහුට ද වියපත් ස්ත්‍රියක් ඇත. ඇය සමාන වන්නේ, කැරොලින් ගේ චරිතටයි. එසේම අලුත් තරුණ පෙම්වතියක් ද සිටී. ඇය කොන්සියුලාගේ සමගාමී නිරූපණයයි. මෙම චිත්‍රපටයේ කෙපෙෂ් හට වැඩිහිටි වියේ පුතකු ඉන්නා අතර කොපියේ ද කියැවෙන්නේ එම මහාචාරියාට ද එවැනි පුතකු ඉන්නා බවයි. ඒ චරිත සමානකම් ය. සිදුවීම්වල සමානකම් ලෙස, කෙපෙෂ් ද රටේ පිළිගත් රූප මාධ්‍යවල පෙනී සිටිමින් තමන්ගේ චර්යාවට ප්‍රතිරෝධ වූ දේ විද්වත් සාකච්ඡාවල ප්‍රකාශ කිරීම ද, ඉතාම සමාන කාමර දර්ශන ද, වෙරළ දර්ශන ද කොපියේ ද ඇතුළත් ය. ඒ සියලු දේ අනුව, මෙම මුල් චිත්‍රපටයේ සංකල්පය concept කොපියේ අදියුරු විසින් අමු අමුවේ සොරා ගනු ලැබ ඇති බව ඉතා පැහැදිලිය. (චිත්‍රපට දෙකම නැරඹීමෙන් මේ බව ඉතා හොඳින් වැටහෙනු ඇත.) ඒ සංකල්පය සොරා ගැනීම පිළිබඳවයි.

මීළඟට මෙහිදී ඔබට කියන්නට ඇත්තේ ඉතාම වැදගත්ම කරුණ නම්, උක්ත මුල් චිත්‍රපටයේ එකී සංකල්පය සහ අදාළ චරිත යොදවා ගෙන නිර්මාණය කැර ඇති සිනමා කලා නිර්මාණයේ අන්තර්ගත හැබෑ මනුෂ්‍යත්වය, මානව ප්‍රේමය සහපුද්ගල රාග තණ්හාව වෙනුවෙන් බුද්ධිමත් මිනිස් චින්තනයේ පරමාදර්ශය පාවා නොදීම වැනි දේ මෙම කොපියේ දී අමු අමුවේ අතිශය සදාචාර විරෝධී අන්දමින් උල්ලංඝනය කැර ඇති ආකාරය ගැනයි. මුල් සිනමාපටයේ දී අප හඳුනාගන්නා මූලිකම කරුණක් නම්, මෙහි ප්‍රධාන චරිතය වන කෙපෙෂ් එහි හැඳින්වෙන්නේ, මුක්තිය ලද ජීවිතයක් emancipated manhood ගතකරන චරිතයක් ලෙස වීමයි. (මෙය එම සිනමාපටය පිළිබඳ හැඳින්වීම් කෙරෙන අවස්ථාවල යෙදී ඇති හැඳිනුමකි.) එවැනි හැඳිනුමක් එම චරිතයට ආදේශ කරන්නට හැකි සෑම සාධකයක් ම මුල් කතාව ලියූ නවකතාකරුවා සේම සිනමාපටය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂිකාව ද එකී කෘතීන් තුල සපුරා තිබීම විශේෂය. එනම්, කෙපෙෂ් පවුලක් තුල ජීවත් වන්නකු නොවීම සහ ඔහු තම ලිංගික සම්බන්ඳකම් සඳහාම ස්ත්‍රීන් ඇසුරු කරන්නකු වීමයි. නමුත්, ඔහු ඉතාම නිරවද්‍ය හෘදය සාක්ෂ්‍යයක් ද ඇත්තෙකු බව එම කතාන්දරයේ යම් යම් තැන්වල ද, විශේෂයෙන් අවසන් භාගයේ ද ඔප්පු කර සිටීම එම කලා නිර්මාණයේ ඇති මානව හිතවාදී බවයි. (මේ පිළිබඳ පුළුල් සංවාදයක දී හෝ ලිවීමක දී මෙම කරුණු විස්තරාත්මකව ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි.)

මීට සාපේක්ෂව, කොපියේ ප්‍රධාන චරිතය වූ මහාචාරී පුද්ගලයා සංකේතාත්මකව හෝ ජීවත් වන්නේ පවුලක් තුලයි. (එය බිරිඳ සැමියා දුව වැනි පවුලක් බව කිීම නිර්මාණකරුවා හිතාමතාම මගහැර සිටීම ගැන මීට පෙර ලිවීමේ දී කියා ඇත. රිවිර ඉරිද සංග්‍රහය – 08.05.2016) එසේ පවුලක් තුල ජීවත් වන අයෙකුගේ මෙවැනි හැසිරීමක් ඔහුගේම තනි කේවල හැසිරීමක් ලෙස කිසිසේත්ම පිළිගන්නට නොහැකි වන්නේ පවුලක් තුල දී එම පවුලේ එක් සාමාජිකයෙකුගේ ක්‍රියාත්මක වීම එහි සිටින සියලුදෙනාට ඍජුවම බලපාන නිසායි. (විශේෂයෙන් මෙවැනි සංස්කෘතික වටපිටාවක් තුල) මේ බව දන්නා නිසාම, මුල් නිර්මාණයේ චරිත පිහිටුවා ඇති සන්දර්භවලින් ගලවා ඒවා පවුලක් තුලට ගොනු කර එම ක්‍රියාකාරකම්ම කොපියේ ද ඇතුළත් කිරීමෙන් කොපියේ නිර්මාණකාරයා බලාපොරොත්තු වන දුෂ්ට මෙහෙයුම කුමක්දැයි මෙම සිනමාපට දෙකම නැරඹීමෙන් වටහා ගන්න. (කරුණාකර හැකි අය මෙම චිත්‍රපට දෙකම නරඹන්න.) එසේම, මෙහි එන කෙපෙෂ්ගේ පළමු මැදිවියේ පෙම්වතිය කැරොලින් ද කෙපෙෂ්ගේ ජීවිතයට බලපෑම් එල්ල කරන්නියක් නොවන්නේ, ඇය ද කෙපෙෂ් මෙන්ම මුක්තිය ලද ජීවිතයක් ගත කරන තැනැත්තියක් වීම නිසා. එපමණක් නොවෙයි, කෙපේෂ්ගේ අලුත් පෙම්වතිය වූ කොන්සියුලා ද කාමිනියක් හෝ උන්මාදයෙන් කෙපෙෂ් හඹා එන විකාරකාරියක් නොවේ. නමුත් කොපියේ රතිකා කොඩිතුවක්කු රඟන චරිතය උම්මත්තක කාමිනියක් බව ඇයම කියන ආකාරය එහිම දැක්වෙන්නේ ඇයගේ ම වචනවලිනි.

“මම පාරේ යනකොට ගමේ ගෑනු උන්ගෙ මිනිස්සු විතරක් නොවෙයි, බල්ලො බළල්ලුත් ගෙට අරගෙන දොර වහගන්නවා.”

මෙසේ දෙබස් කියූ රිතිකා කොඩිතුවක්කු සති අන්ත පුවත්පතකට කියා ඇති දේ සිදුවන්නට යන දෙයක පෙර මග ලකුණු පෙන්වන බව පළමු ලිවීමේ දී මෙන්ම මෙහිදී ද මතක් කරමි. ඇය මෙසේ කියා ඇත.

“ඒ චරිතයට මමත් බයයි. ඇත්තටම සියලු දේ විනාශ කරගෙන පිපිරෙන්න සූදානම් බොම්බයක් වගේ. චිත්‍රපටිය බලනකොට මටමත් බය හිතුණා. මට දැනෙන්නෙ ඒ බය විතරයි.”

ඇත්තට ම ඇය තවම මෙහි ඇති භයංකාර බව දැනගෙන නැත. එම කොපිය සඳහා නිර්මාණකාරයා විසින් ඇය පාවිච්චි කරනු ලැබ ඇති දුෂ්ට අන්දම හොඳින්ම වටහා ගන්නට නම්, ඇය Elegy සිනමාපටයේ පෙනිලොප් කෲස් රඟන චරිතය හොඳින් විමසිය යුතුය. එය අතිශය මානුෂික චරිතයකි. කොන්සියුලා කාමිනියක් නොවේ. ඇය කෙපෙෂ්ගේ පුද්ගලික ජීවිතයට මැදිහත් වන්නේ ද නැහැ. නමුත් ඇය ඔහුට ආදරය කරනවා. ඔහු ඇයට ආදරය කරන්නේ ඇයිද යන්නත් ඇය දන්නවා. (මේ ගැන දීර්ඝව විග්‍රහ කිරීම වගේ ඉදිරි ලිවීමක දී සිදුවනු ඇත.) නමුත්, කොපියේ දී මේ කිසිවක් කිසි කෙනෙකුට පැහැදිලි නැහැ. චරිත සියල්ල තනිකරම විකාරරූපී හැසිරීමක යෙදෙනවා. ඒ විකාර හැසිරීම් සියල්ල එල්ල කරන්නේ පවතින සාම්ප්‍රදායික පවුල වෙතයි. කිසිදු තාර්කිකත්වයක් නැති සිදුවීම් සහ හැසිරීම් ප්‍රමාණයකින් ව්‍යාජ ගූඪ බවක් මවා පා තමා මෙම නිර්මාණයෙන් මහා දෙයක් කියා ඇති බවක් අඟවයි. නමුත්, කියා ඇත්තේ කුමක්දැයි නිර්මාණකාරයා හෝ ඔහුගේ මුග්ධ වන්දනාකාරයෝ නොදනී. ඉන් කියැවී ඇත්තේ කුමක්දැයි එක්වරට දෙවරක්ම මේ වනවිට මෙම ලිවීම කෙරෙන් නම් හෙළිදරව් කැර ඇත.

දැන් අපි බලමු, මේ එකම සංකල්පයක්, චරිත හා යම් යම් සමාන සිදුවීම් සහිත සිනමාපට දෙක ප්‍රේක්ෂකයා ඉදිරියේ තම නිර්මාණ අවසානය සටහන් තබනා ආකාරය. එයින්ම මෙම ලිවීම ද හමාර කරන්නට හැකියි. මුල් නිර්මාණකරණයේ දී, කතානායකයා මුල සිටම තම ආත්ම කථනය උත්තමපුරුෂ ඒකවචන කථනයක් ලෙස ගෙන එන අතර ඒ හරහා ඔහු සහ ඔහුගේ හැඟීම් පිළිබඳව ප්‍රේක්ෂකයාට පුළුල් දැනවීමක් කැරවයි. එසේම, වරින් වර තම ජීවිත පිළිබඳව කථෝපකථනයේ යෙදෙන කෙපෙෂ් සහ ඔහුගේ මිතුරා ඩෙනිස් හොපර් Dennis Hopper (ජෝර්ජ් ඕ‘හර්න් – George O’Hearn) අතර සංවාදවලින් මේ ජීවිත පිළිබඳව ප්‍රේක්ෂකයා වෙත හෙළිදරව් වන දේ මොනතරම් ආලෝකයක් මෙම සිනමාපටය එල්ල කරනවාදැයි එය නැරඹීමෙන්ම ඔබ දැනගත යුතුය. නමුත්, මෙහි කොපියේ ඇත්තේ සුපුරුදු මූසල, කාලකන්නි බවම මිස මිනිස් සංවාද ඇත්තේ නැත. එමගින් කොපියේ නිර්මාණකාරයා සන් කරන්නේ මේ චරිත බලෙන් සවිකැර ඇති සාම්ප්‍රදායික පවුලේ තිබෙන අවුලක් හෙයින් මේ මුස්පේන්තුකම එතුලට රිංගා ඇති බවයි. එසේම, අදහස් ප්‍රකාශ නොකිරීමෙන් මේ ගුප්ත කොපිය තුල ඇති අසාර්ථකත්වය ද හෙළිදරව් වීම වළක්වා ගැනීම ද තවත් එක් අරමුණකි. (මීට කලින් ද මෙවැනි නිර්මාණ ගැන ලියන විට මේ ගූඨ නිශ්ශබ්දතාව ගැන ලියා ඇති බව මතක් කරමි.)

නමුත්, Elegy නම් ඒ අපූරු සිනමාපටය අවසන් වන්නේ මේ වියපත් මහාචාර්ය කෙපෙෂ් සහ ඔහුගේ ළාබාල පෙම්වතිය කොන්සියුලා අතර ඇති වූ අසාමාන්‍ය පෙම් සබඳතාව මනුෂ්‍යත්වයදෝරේ ගලනා ආදරණීය, ප්‍රේමනීය ඉමකට සේන්දු කැරවමිනි. ඒ නම්, කෙපෙෂ් වඩාත්ම ආසා කළකොන්සියුලාගේ පියයුරු යුගලයෙන් එක් පියයුරක් සැත්කමකින් ඉවත් කරන්නට වීම හේතු කොට ගෙන ඇති වන මනුෂයත්වයේ සිහි එළැඹීමයි. එහිදී සැත්කමට පෙර තම පියයුරු ඡායාරූප ගත කරන ලෙස කොන්සියුලා කෙපෙෂ්ගෙන් ඉල්ලා සිටින අතර ඊට ඇය මුහුණ දෙන අවස්ථාව තරම් අනුවේදනීය මොහොතක් එවැනි තේමාවක් යටතේ වූ නිර්මාණයක පිහිටුවිය හැකිදැයි යන්න ද විමතියක් දනවයි. එතැන ඇති ලිංගික ජුගුප්සාවක් ඇත්තේම නැත. එතැන ඇත්තේ, ප්‍රේක්ෂකයාට තම මිනිස් ජීවිතය ගැනත් ඕලාරික ශරීරය ගැනත් තම හදවත සහ මොළය අවදි කැරවන අපූරු අවස්ථාවකි. නමුත් ඒ වෙනුවට, කොපියේ දී කොන්සියුලා සමගාමී චරිතය වූ කාමිනිය ඇයගේ නිරුවත් උඩුකය ප්‍රේක්ෂකයා වෙත නිකරුණේ දක්වන අවස්ථාවේ දී නම් ඇති වන්නේ තනිකරම ලිංගික ජුගුප්සාවකි. (එය එම චරිතය රඟ පෑ රිතිකා කොඩිතුවක්කුට තදින් දැනී ඇති බව ඉහත දැක් වූ ඇයගේ අදහස්වලින් හොඳින්ම ගම්‍ය වෙයි.)

තවද, එම සැත්කමෙන් පසුව, කොන්සියුලා හමුවන කෙපෙෂ් රෝහලේ දී ඇය වෙත දක්වන ප්‍රතිචාරය අනුව, ඔහු කෙසේවත් ලිංගිකාස්වාදය ම තම ජීවිතයේ එකම අරමුණ කැර ගත් මානසික රෝගියෙකු නොවන බව ඔප්පු කැර සිටින්නේ, එදා මෙන්ම අදත් ඔහු ඇය සමග සිටිනා බව කීමෙන් ය. මෙම මුල් නිර්මාණයේ අවසන් දර්ශනය කොපියේ අවසන් දර්ශනය මෙන් කෙටි චිත්‍රපටයක් වැනි උම්මත්තක විකාරයක් නොවේ. පන්සලේ පහන් වැටවල් ඔසවාගෙන මර හඬ දීගෙන තම සැමියාගේ අනියම් ස්ත්‍රිය හඹා යන විකල් ස්ත්‍රියක් හෝ ඒ අවස්ථාව ව්‍යාකූල මනසින් දරනා පිරිමින් හෝ වෙනුවට මෙහි ඇත්තේ කෙපෙෂ් සහ කොන්සියුලා අත්වැල් බැඳගෙන සුන්දර මුහුදු වෙරළක ඈතින් ඈතට ඇවිද යන ආකාරයයි. එවිට ම නාමාවලිය දැක්වෙන අතර එහි සටහන් වන්නේ, මෙම කතාන්දරය නවකතා ප්‍රබන්ධයක් ලෙස ලියූ ෆිලිප් රොත් ගේ නම සහ ප්‍රබන්ධයේ නම වූ,The Dying Aminal යන්නයි. ෆිලිප් රොත් එම නාමකරණයෙන් උදක්ම උත්සාහ කැර ඇත්තේ මිනිසා තුල සිටිනා තිරිසනා මෙවැනි කතාන්දර පසුබිමක මියැදෙමින් ඇති බව දක්වන්නටයි.

ඇත්තෙන්ම, එවැනි සිනමා සටහනක අවසානයකින් එවන් උත්තම අදහසක් කුළු ගැන්වෙන බව එය නැරඹූ විට ඔබට දැනේවි. දැඩි කාමභෝගී ජීවිතයක් ගත කළකෙපෙෂ් වැන්නකු මෙසේ පරමානන්දනීය ප්‍රේමයක් වෙත නතු වේ යැයි ප්‍රබන්ධයකින් නම් තහවුරු කිරීම මොනතරම් අසීරුද? (ප්‍රබන්ධය සහ හැබෑව පිළිබඳ ලිපිය – රිවිර ඉරිදා සංග්‍රහය- 15.05.2016)එහෙත්, ඉසබෙලා කොයිසෙට් නම් දක්ෂ නිර්මාණකාරිය ෆිලිප් රොත්ගේ කෘතියෙහි අතුරු තුළ සැඟැවී තිබූ සියල්ල නිවැරදි අයුරින්ම තිරයේ පිහිටුවා තිබීමෙන් ඇය ප්‍රබන්ධයකට විශ්වසනීයත්වයක් එක් කරන්නේ කෙසේද යන්න පිළිබඳව මහා පරිචයක් ඇත්තියකැයි සිතන්නට අප පොළඹවයි.

20
නොවැ.
17

සිරිසේන….. (තුමා කෙසේ වෙතත් ජනාධිපති කියන්නවත් අපේ දිව නැමෙන්නේ නෑ

සිරිසේන..—😂😂😂😂😂😂😂😂😂😂😂😂🔫 උඹනම් නියම මෝඩයෙක්. බොට තේරුනේ නෑනේ යකෝ සිංහල අපි කන්නේ බත් කියලා.. කොරන්න දේකුත් නෑ. එක අතකට තොපි සිංහලත් නෙවෙයිනේ.. නිකම් නමට විතරයි.. (ඡන්දේ දීපු හරක්ටත් එක්ක තමා කිව්වේ) දෙමළුන්ටයි හම්බයින්ටයි ඕනෑ විදිහට තමා උඹ නටන්නේ.
දින සීයෙන් කොරනවයි කියපුවා කෝ?
යූඇන්පී හොරු ටිකත් එක්ක ඡන්දෙට කලින් කියෙව්වා මහින්දයි ඇමති සෙට් එකයි අරවා හොරා කෑවා මේවා හොරා කෑවා කියලා.. ඒත් දැන් බොලාට සාක්කි නෑලු. අපි මොනවහරි දන්නවනම් කියන්නලු.. ඉතුරු වුනේ තිස්සගේ ඇමති කම විතරයි. මොන්ටිසෝරි බබාලා මීට වඩා බොහෝ වගකීමෙන් වැඩ කරයි..

ජාතික ගීය දෙකක් වෙලාය. බොට ඡන්දෙ දීපු බඩජාරි නිවට රැල නම් කියන්නේ “ඉතින් මොකෝ. ඒක ඒ අයගේ භාෂාවනේ..” කියාය. හැබැයි ඒ නපුංසකයෝ “මේක සිංහල රට” බව නොදනී..
අද ජාතික ගීය දෙකක් වෙද්දී එහෙම කිය එවුන් හෙට රට දෙකක් හෝ තුනක් වෙද්දී කියන්නෙත් ඔය ටිකමය. උන් කුඩු ගහපු උන් වගේය. උන්ගේ ගොබ්බ මනෝ ලෝක හදාගන්න උන්ගේ අම්මව විකුනන්නත් උන්ට පුලුවන්ය.

සිරිසේන.. වැදගත්ම දේ මේකයි. අවවාදයක් දෙන්නයි මේ වැල්වටාරමේ මූලික අරමුණ. රටක ජනපති වීම වාසනාවකි. නමුත් උඹ (උඹේ කරුමෙට) ද්‍රෝහී රැලකගේ ඇම කා ජනපති වී කරගත්තේ නම් හොදක් නොවේ. එතනින් එහාට උඹ කරපු බොහෝ වැඩ සාප වදින වැඩය. පහුගිය ආණ්ඩුවෙන් ආප්පේ කා කරණම ගහනකම් උඹ යස අගේට නමක් තියන් හිටියා. පවුලේ දේවලුත් කරදරයකින් තොරව උනා.
හොදට මතක් කරලා බලපන් කරණමින් පස්සේ උඹට උනේම කෙළ වෙන දේවල්ය. මල්ලිට ලැබිච්ච පොරවත් එහි වැදගත් සංධිස්තානයකි. උඹේ සූදානම ඉස්සරහටත් මෙහෙම්මම යන්න නම්, තව ලොකු හෙන පාත් වීමට නියමිතය..
මනංකල්පිත දෙවියන්ට පූජා තිබ්බට එව්වා ඇරගන්න කොහෙත්ම බැරිය.
මොළේ කළදක් හෝ ඇත්නම් වටේ ඉන්න දත් ගලෝන එවුන්ගෙන් බේරිලා හොද මිනිහෙක්ගෙන් උපදෙසක් ගනින්. මොකද හරි පාරට එනවනම් තවම චාන්ස් එක තියෙනවාය.
වචන නම් සැරයි වගේ තමා. ඒත් තේරුම් ගන්නවා නම් උඹ ගොඩය.යූඇන්පී හොරු රැලට ඕන උනේ රාජපක්ෂලාට විරුද්ධව ඇති නඩු ඉක්මන් කරගන්න නොවේ. මහබැංකු හොරකමේ මූලිකයන් වන රනිල්, මලික් ඇතුලු අනෙක් හොරු ටික අසුවීම වලක්වා ගන්නයි. දැන් අධිකරණ ඇමති දූරයට හෙංචයියෙක්ව පත් කරගෙන ඒ මාර්ගයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරලා හොරු තක්කඩි ටිකට ගැලවෙන්න මාර්ගයක් හදා ගනියි. පඹ ජනාධිපති රනිල්ගේ අතේ නැටවෙන රූකඩයක් බව දැන් හොඳටම පැහැදිලියි නේද…දැන් බොලා පිළිගන්නවද රටට වැදුනේ සිරිසේනගෙ ශාපය කියලා.මල හිරු බැස යද්දි දිවුරුම් දීලා රට බාර අරන් රටට වුනු විනාශය.

Image may contain: 1 person, standing and sitting
02
නොවැ.
17

ජේ.වී.පී කාරයෝ යහපාලන කුමන්ත්‍රණයේ හිටපු අය. ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙත් ඉන්නවා.

ගරු සභාපතිතුමනි,

මේ ව්‍යවස්ථාදායක සභාව අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය පටන්ගත්තෙ මීට මාස 20කට පමණ කලින්. 2016 නොවැම්බර් මාසයේදී විවිධ යෝජනා අන්තර්ගත අනු කමිටු වාර්තා 06ක් පලවුණා. අපි අද විවාද කරන අතුරු වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කලේ පසුගිය සැප්තැම්බර් මාසයේ. ඉදිරිපත් වී ඇති නිශ්චිත යෝජනා පිළිබඳව මම සවිස්තරාත්මක නිවේදන නිකුත් කර තිබෙන නිසා ඒ ගැන නැවතත් මෙතන කතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

අපි මේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියට සහභාගී වුණේ බොහොම අවංකව. අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ගැන දේශපාලන පක්‍ෂ වල අදහස් විමසුවාම අපි ඒකාබද්ධ විපක්‍ෂය හැටියට අපේ අදහස් ලියල යැව්වා. අපි ඒකෙ කමිටුවලට සහභාගී වුණා. මේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය ගැන අපිට සැක නොතිබුණා නොවේ. යහපාලන ආණ්ඩුව බලයට ආපු අලුත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවයි කියලා ගෙනාපු 19 වන සංශෝධනයෙන් කරපු මහා වංචාව අපි දැක්කා.ඒත් අපි මේ ක්‍රියාවලියට සහභාගී වුණේ රට ගැන හිතලා.

නමුත් මේ ව්‍යස්ථා සම්පාදක ක්‍රියාවලියත් සිද්ධ වෙන්නෙ වැරදි විදියට. අනුකමිටුවලට සහභාගී වෙලා අපේ මන්ත්‍රීවරුන් දක්වපු අදහස් වාර්තා මුද්‍රණය කරන කොට හලලා. පසුගිය දවස් දෙකේ මේ විවාදය කරපු හැටි දිහා බලන්න. ආණ්ඩු පක්‍ෂයෙන් කියලා යූ.එන්.පී ඇමතිවරයෙක් කතා කරනවා, ඊට පස්සෙ විපක්‍ෂයෙන් කියලා ටී.එන්.ඒ මන්ත්‍රීවරයෙක් කතා කරනවා. අයෙමත් ආණ්ඩු පක්‍ෂයෙන් කියලා ශ්‍රිලනිප ඇමතිවරයෙක් කතා කරනවා. ඊළඟට විපක්‍ෂයෙන් කියලා ජේ.වී.පී මන්ත්‍රීවරයෙක් කතා කරනවා. මේ ඔක්කොම යහපාලන කුමන්ත්‍රණයේ හිටපු අය. මේ ඔක්කොම මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙත් ඉන්න අය. මේ රටේ සබෑ විපක්‍ෂය වෙන ඒකාබද්ධ විපක්‍ෂයට මුලු දවසටම කතා ලැබෙන්නෙදෙක තුනයි.

මේ ව්‍යවස්ථා යෝජනා සාධාරණීකරනය කරන්න මේගොල්ලො කියනවා මමත් මගේ 2015 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අලුත් ව්‍යවස්ථාවක් ගැන සඳහන් කරල තිබුණයි කියලා. ඔව් තිබුණා තමයි. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය රට බෙඳන ව්‍යවස්ථාවක් ගෙන එන එකයි. මම හිතාගෙන සිටියෙ රට එක් සේසත් කරන ව්‍යවස්ථාවක් ගැන.2015 ජනාධිපතිවරණයේදීවත් පාර්ලිමේන්තු මැතිවරණයේදීවත් සම්පූර්ණයෙන්ම අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්න කිසිවෙකුටත් වරමක් ලැබුණේ නෑ.

මේ ඉදිරිපත් කර ඇති යෝජනා වලට අනුව අද මධ්‍යම ආණ්ඩුව හොබවන සෑම බලයක්ම සමාලෝචනයට ලක් කොට එය පළාත් ඒකක වලට පැවරිය හැකිනම්, එසේ පැවරීමට යෝජනා කරල තියෙනව. සමගාමී බලතල ලැයිස්තුව අහෝසි කරල ඒකෙ බලතලත් පළාත් වලට බෙදල දෙන්න යෝජනා වෙලා තියෙනව. ඒ ක්‍රියාදාමයෙන් පස්සෙ මධ්‍යම ආණ්ඩුවට ඉතිරිවෙන බලතල වුණත් ක්‍රියාත්මක කිරීමේ බලය හැකි සෑම අවස්ථාවකදීම පලාත් වලට පවරන්න යෝජනා වෙලා තියෙනව. ජාතික ප්‍රතිපත්ති හා ජාතික ප්‍රමිතීන් සම්පාදනය කිරීමේදීත් මධ්‍යම ආණ්ඩුවට හැම පළාත් සභාවකින්ම වෙන වෙනම මත විමසන්න වෙනව. ඉඩම් හා පොලිස් බලතල පමණක් නොව මුදල් බලතලත් පළාත් ඒකක වලට පැවරීමට යෝජනා වෙලා තියෙනව. මේ ආකාරයට පළාත් ඒකක වලට බලය පැවරුවාට පස්සෙ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින් හා ජනමත විචාරණයකින් වත් ඒ බලතල ආපසු පවර ගන්න බැරි වෙන ආකාරයට විධිවිධාන සම්පාදනය කිරීමට යෝජනා වෙලා තියෙනව.

යෝජිත ව්‍යවස්ථාව යටතේ පළාත් වලට පැවරෙන බලතල මධ්‍යම ආණ්ඩුවට ආපසු පවරගන්න පුලුවන් වෙන්නෙ හැම පළාත් සභාවක් විසින්ම ඒ පවර ගැනීම අනුමත කරොත් විතරයි. මේ ඉදිරිපත් කරල තියෙන යෝජනා ඇත්තටම ක්‍රියාත්මක වුනොත් අද මේ සභාවේ සිටින මන්ත්‍රීවරුන් ඊලඟ වතාවේ පාර්ලිමේන්තුවට තරඟ කිරීමෙන් පලක් නැති වෙනව. සැබෑ බලය තියෙන්නෙ පළාත් සභා වල නිසා මේ සියලුම දෙනාටම පළාත් සභාවලට තරඟ කරන්න සිද්ධ වේවි.

උතුරු හා නැගෙනහිර පළාත්වල ෆෙඩරල් ඒකකයක් නැත්නම් ස්වාධීන රාජ්‍යක් ගොඩනැගීම 1950 ගණන් වල ඉදලම උතුරේ දේශපාලඥයින්ගෙ ප්‍රධාන ව්‍යාපෘත්ය වන බව අපි කවුරුත් දන්නව. වෙනම ෆෙඩරල් ඒකකයක් ඉල්ලා සිටීම පසුපස තිබුණු ජාතිවාදය වසන් කරන්න බලය බෙදීම උතුරු -නැගෙනහිරට පමණක් නොව අනිත් පළාත් වලටත් සෙත සලසන ක්‍රියාදාමයක් හැටියට හුවා දක්වන ප්‍රවනතාවය ඒකාලයේ ඉඳලම තිබුණා. උතුරේ දේශපාලන කණ්ඩායම් වැඩි වැඩියෙන් බලය බෙදීම ඉල්ලා සිටින විට වෙනත් ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නායකයනුත් වැඩි සෙවිල්ලක් බැලිල්ලක් හෝ කල්පනා කිරිල්ලක් නැතුව ඒකට ඔලුව වනන ප්‍රවනතාවයක් තිබුණා.

නමුත් දැන් දංගෙඩියට බෙල්ල තියන මොහොත ඇවිත් තියෙන නිසා වෙනත් ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් වල නායකයන් මේ යෝජනා වලින් තමන් නියෝජනය කරන ජන කොටස් වලට ඇති පැහැදිලි අනතුර ගැන කල්පනා කිරීමට පටන්ගෙන ඇතැයි කියල මම සිතනව. මාස 20ක් තිස්සේ සාකච්ඡා කිරීමෙන් පසුවත් යෝජනා එකතුවක් පලකිරීමෙන් එහාට මේ ක්‍රියාදාමය ඉදිරියට ගිහිල්ලා නැත්තෙමේ නිසා වෙන්න පුලුවන්. මෙහෙයුම් කමිටුවේ 21 දෙනාගෙන් 15 දෙනෙක්ම අතුරැ වාර්ථාව තුල විකල්ප මත ඉදිරිපත් කරල තියෙනව ඵ් වගේම 5 වන වගන්තියට ශ්‍රී ලංකාවේ දේශසීමාව නීර්ණය කිරිමේ බලය බාර දිමට ඇති යෝජනාවට අපට ඵකග විය නොහැක.

උතුරේ දේශපාලඥයන්ට බලය බෙදීම කියන සංකල්පයෙන් ප්‍රයෝජනයක් තිබුණත් අනෙක් සියලුම ජනවාර්ගික හා ආගමික පදනමක් ඇති දේශපාලන පක්‍ෂ වලට එයින් ඇති වන්නේ අගතියක් පමණයි. මේ අතුරු වාර්තාවෙ යෝජනා කරලා තියෙන හැටියට උතුරු-නැගෙනහිර පළාත්දෙක, තනි පළාතක් හැටියට සැලකීමේ යෝජනාවට මුස්ලිම් ප්‍රජාවට එකඟ වෙන්න පුලුවන්ද? 1987 දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය බිහිවුනෙත් උතුරු- නැගෙනහිර පළාත් එක් කිරීමට විරුද්ධවයි. දෙමළ ජාතිවාදීන්ට උතුරේ සම්පූර්ණ බලය හිමිවී තිබුණ සමයේ මුස්ලිම් ජනතාවට සලකපු ආකාරය ඔවුන්ට තවම අමතක වෙලා නැතුව ඇතැයි කියල මම හිතනව. ඒ කාලේ නැගෙනහිර පළාතෙ මුස්ලිම් වරුන්ටත් ඒ ඉරණමම අත් නොවුනෙ ඒ ප්‍රදේශවල යුද හමුදාව හිටපු නිසයි.

උතුරු-නැගෙනහිර පළාත් ඒකාබද්ධ නොකෙරුවොත් නැගෙනහිර පළාතේ ජීවත්වන දෙමළ ජනතාවට පවා බලය බෙදීමෙන් සිද්දවෙන්නෙ සුගතියක් දැයි ඔවුන්ගෙන්ම අහල බලන්න ඕන. අපි උඩරට පළාත්වල ජීවත්වන ද්‍රවිඩ ජනතාව ගත්තොත් ඒ ජනතාව වෙනම රාජ්‍යයන්ට සමාන බලතල හොබවන පළාත් සභා දෙකක්, තුනක් නැතිනම් ඊටත් වඩා වැඩි ගණනක් අතරෙ බෙදිල යන එක ගැන ඒ ජනතාවගේ නායකයන් මොනවද හිතන්නෙ? ඒ එක් එක් පළාත් සභාව තුළ ජීවත් වන උඩරට ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ආරවුලක් නිරාකාරණය කිරීමට හෝ දුක්ගැනවිල්ලක් ගැන සොයා බැලීමට මැදිහත් වීමක් කිරීමටවත් මධ්‍යම ආණ්ඩුවට බලයක් නැති තැන ඒ විදියට නොයෙක් පළාත් සභා අතර ඒ ජනතාව බෙදිල යාමේ අනිසංශ මොනවද කියල ඒ නායකයො කල්පනා කරල තියෙනවද?

දෙමළ ජාතික සංධානයේ දේශපාලන පක්‍ෂ හැරුණ විට අනෙක් සියලුම ජනවාර්ගික හා ආගමික පදනමක් ඇති දේශපාලන පක්‍ෂ මේ වනතෙක් සොයා ගියේ මධ්‍යම ආණ්ඩුවේ බලයයි. මේ ඉදිපත් වී තිබෙන යෝජනා ක්‍රියාත්මක වුවහොත් මධ්‍යම ආණ්ඩුවට සියලුම බලතල අහිමි වනව. ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙන බලය බෙදීමේ යෝජනා සාධාරණීකරනය කරන්න ඒගොල්ලො කියනවා මම “තර්ටීන් ප්ලස්” දෙනවයි කිවුවලු. මේගොල්ලො තර්ටීන් ප්ලස් කිවුවාම අදහස් කරන්නෙ රට බෙදන එක. තර්ටීන් ප්ලස් කියන එකෙන් මම අදහස් කලේ, දෙවෙනි මන්ත්‍රී මණ්ඩලයක් වැනි ආයතන තුළින් රටේ සියලු ජන කොටස් තව තවත් මධ්‍යම ආණ්ඩුවේ කටයුතු වලට සහභාගී කරවා ගැනීමයි.

ඉන්දියාවෙ දෙමළ ජනතාවගෙන් අති බහුතරය ජීවත් වෙන්නෙ තමිල්නාඩුවෙ. නමුත් ලංකාවෙ දෙමළ ජනතාවගෙන් බහුතරය සථිරව පදිංචි වෙලා ඉන්නෙ උතුරු-නැගෙනහිර පළාත් වලින් පිට. නැගෙනහිර පළාතෙ සෑහෙන මුස්ලිම් ජනගහනයක් හිටියත්, මුස්ලිම් ජනතාවගෙන් අති බහුතරය ජීවත් වෙන්නෙ නැගෙනහිර පළාතෙන් පිට. මේ රටේ ජාතිවාදී හෝ ආගම්වාදී පදනමක් මත ස්වාධීන රාජ්‍යයකට හිමි තරමේ බලතල තියෙන ෆෙඩරල් පාලන ඒකක ඇති කිරීමෙන් සිද්දවෙන්නෙ ඒ එක් එක් ඒකක තුළ ඉන්න විවිධ ජනවාර්ගික හා ආගමික කොටස් වලට අගතියක් සිදුවීමයි.

මේ බලය බෙදීමේ යෝජනා අත්හැර, ඒ ගොල්ලන් 2015 ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් ව්‍යවස්ථාමය ප්‍රතිඥා දෙක පමණක් ක්‍රියාත්මක කරන්නැයි මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනව.වි‍ධායක ජනාධිපති ක්‍රමයේ අනාගතය පිලිබද රජයේ සමුහික ස්ථාවරය ඉදිරිපත් කල පසු මේ ගරු සභාවේ අවධානය යොමුවෙන්න ඕන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ගැනයි. පසුගිය මාස දෙක තුළ පාළාත් පාලන හා පළාත් සභා සඳහා මැතිවරණ ක්‍රමය වෙනස් කෙරුවෙ අත්තනෝමතික හා අවිධිමත් විදියටයි. මේ නිසා ඉදිරියේදීරට පාලනය කරන ආයතන තුළ බරපතල අස්ථාවර භාවයක් ඇතිවෙන්න ඉඩ තියෙනව.

මීට කළින් පළාත් පාලන ඡන්ද ක්‍රමයත්, පළාත් සභා ඡන්ද ක්‍රමයත් වෙනස් කරලා ඡන්ද කල් දමන්න ආණ්ඩුව අනුගමනය කරපු ක්‍රියාවලියම ව්‍යවස්ථාව සම්බන්දයෙනුත් අනුගමනය කරාවිය යන බරපතල සැකය කා තුළත් තියෙනවා. මගේ නායකත්වය යටතේ තරඟ කරලා පාර්ලිමේන්තුවට තේරී පත්වෙලා ආණ්ඩුවේ ඇමතිකම් දරණ අය 40 කට වඩා ඉන්නවා. මේ අයට පුලුවන් ව්‍යවස්ථාවට ඡන්දය නොදී ඉඳල ඒක පාර්ලිමේන්තුව තුළම පරාජය කරන්න.

මගේ ආණ්ඩුව විසින් යුද්දයෙන් පසු උතුරු පළාතේ දියත් කල ව්‍යාපෘති හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වය, රැකියා නියුක්තිය, හා අධ්‍යාපනය දියුණු වුණා. නමුත් දැන් උතුරේ ජනතාවගේ අවශ්‍යතාවයන් පසෙක ලා උතුරේ දේශපාලඥයන්ගේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මුල්තැන දීල තියෙන්නෙ 2015 ආණ්ඩු වෙනස ඇති කිරීමේ කුමන්ත්‍රණයට උදවු දුන් අභ්‍යන්තර හා භාහිර බලවේගවලට ණය ගෙවීමක් ලෙස කියලයි මම හිතන්නෙ.

ස්තුතියි

Image may contain: 1 person, indoor




Advertisements

අනවශ්‍ය දේවල්

  • 165,000 ක් බැළුවා

මරුවා වැහෙන දින

පෙබරවාරි 2018
බ්‍ර සි සෙ
« ජන.    
 123
45678910
11121314151617
18192021222324
25262728  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය