ඇත්ත. මේ ලියන්න යන්නේ සමන් වික්‍රමාරච්චි ගැනයි. ඔහුගේ දුක්ගැනවිල්ල ගැනයි. ඔහුවත් නොදන්නා ඔහුට සිදුවී ඇති නස්පැත්තිය ගැනයි.
සම්මානයක් යනු කිසියම් ඇගයීමක් වන අතර කියැවීමක්ද වන්නේය. සම්මානයක් අරබයා කියැවීම එකවර ද්විගුණික වේ. එනම් අදාළ සම්මානය සඳහා සලකා බලනු ලබන කෘතිය කිසියම් පිරිසකගේ (ජූරිය) රසඥතාව, දැනුම, අත්දැකීම, සංවිධායකයින්ගේ කොන්දේසි මාලාව ආදී අංග ලක්ෂණ ගණනාවකින් ව්‍යුහගතවූ “කියැවීමකට”ලක්වන විට කෘතියේ රචකයා ද කියවන්නියන්ගේ “කියැවීමට”ලක්වන්නේ “සම්මාන ලාභී හෝ නොලාභී” නම් සංකේත ප්‍රාග්ධනයකට යටත්වය. “සම්මාන බලාගෙන අපි ලියන්නේ නෑ”කියනවිට මෙම “සම්මාන නොලාභී”වුවද කියවන්නියන්ගේ සාපේක්ෂ වටිනාකමකට ලක්වන්නේ “රැඩිකල්”නම් ව්‍යාජ ලේබලයක් අදාළ රචකයාගේ නමට ඉදිරියෙන් කියවන්නිය විසින් විශේෂණ පදයක් කර ගැනීම හේතුවෙනි. එබැවින් සම්මානදීම යනු ජංගි ඇන්දවීමක් පමණක් බවත්, ස්වර්ණ පුස්තකය යනු වෙළෙන්දන්ගේ වෙළෙඳ උපක්‍රමයක් බවත් පිළිගන්නා අතරම ඒ ජංගිය ඇඳ ගැනීමට මේ තරම් ආශාවක් කෙනෙකුට ජනිත වන්නේ ඇයි? ඒ ජංගිය ඇඳ ගැනීමට අවස්ථාව නොලැබුණු විට ජංගියෙන් මුහුණ වසාගෙන “ගලේ පැහැරූ බළලෙක් මෙන්”තමන් නිරාවරණය වීම සාහිත්‍ය ප්රගමනයේ අංගයක් ලෙස හුවාදැක්වීමට අසාර්ථක ප්රයත්නයක යෙදෙන්නේ මන්ද?
මුහුණු පොතේ අවතාර හා පුවත්පත් අවතාර
“මුහුණු පොත යනු අශාරීරික අවතාර ගැවසෙන අශ්ලීල අඩවියක් බව නොකිව යුතු තරම්ය. අනන්‍යතා අර්බුදවලින් පෙළෙන්නන් තමා විසින් තමාවම නිර්මාණය කර ගැනීමට උත්සාහ කරන්නේ මුහුණු පොත තුළ විකාර ලිවීමෙනි.”(වික්‍රමාරච්චි:2016 අගෝස්තු 28/සත්හඬ/සිහිනයඃපිටුව 07).
කෙනෙකුගේ අනන්‍යතා අර්බුදය ආරම්භ වන්නේ මිනිස් විෂයේ ඛණ්ඩනය සිදුවන මවගේ ගර්භාෂයෙන් පිටතට වීසිවන අවස්ථාවේ සිටම බවත්, එය ලෙඩක් නොවන බවත් (ලෙඩක් දක්වා වර්ධනය විය හැකි නමුත්) මනෝ විශ්ලේෂණ විෂය ක්ෂේත්රයේ ඔස්තාර් කෙනෙකු යයි සිතාගෙන සිටින වික්රමාරච්චිට සිහිපත් කරදීමට සිදුවීම කනගාටුවට කරුණකි. පත්තරේකට ලිපියක් ලිවීමෙන්, නඩු තීන්දුවකට අත්සන යෙදීමෙන්, දිනමිණ පත්තරේට ලිපිය ගෙනයාමට ලේක්හවුස් සේවිකාවකගේ ස්වාමියා ගෙදරට කැඳවීමට ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරියා හරහා පණිවිඩ යැවීමෙන් සිදුවන්නේද අනන්‍යතාව තහවුරු කිරීම (අර්බුදයෙන් ගැලවීම) මිස අන් යමක් නොවේ. එකී ක්‍රියා තුළින් අනන්‍යතාව සෙවීම සත් ක්‍රියාවක් වී මුහුණු පොතේ අනන්‍යතාව සෙවීම පහත් ක්‍රියාවක් වන්නේ නැත. අනෙක් අතට අවතාර, හොල්මන් ආදීන් සමග ගනුදෙනු කරන්නේ යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් විශ්වාස කරන හා එමගින් යැපෙන කට්ටඬින් මිස විද්‍යාත්මක දැනුම කෙරෙහි විශ්වාසය තබා ඇත්තන් නොවේ. මුහුණු පොතේ අවතාරයකට පිළිතුරු දෙන්නට තරම් වික්‍රමාරච්චි ඉදිරිපත්වීමම, මුහුණුපොත සීරියස් ලෙස බාරගැනීමකි. “තමන් කියන්නේ කුමක් වුවද, තමන්ගේ බාරගනු ලබන්නේ එහිම ප්රතිපක්ෂය’ බැව් තහවුරු කිරීමකි. වික්රමාරච්චිගේ අදහස් ලෝකය හා ව්‍යවහාරික ජීවිතය අතර පවත්නා දුරස්ථභාවය ප්රත්යක්ෂ කිරීමකි. හෙතෙම මෙසේ කියයි.
“මෙතන මාෆියාවක් තියෙනව තමයි. ස්වර්ණ පුස්තකය කියන්නේ බිස්නස් වැඩක්. සම්මානය සමග ලැබෙන රුපියල් ලක්ෂ පහ නිසා ලේඛකයා ඊට මැදිහත්වෙලා ඉන්නවා. ලක්ෂ පහ නොතිබුණානම් ඒක කිසිම වැඩකට නැති දෙයක්”( (වික්‍රමාරච්චි:2016 අගෝස්තු 30/ලංකාදීප/විමංසාඃපිටුව 01-ගාමිණී කන්දේපොල සමග සාකච්ඡාව).
මුහුණුපොතේ ලියන්නන්ගේ අනන්‍යතා අර්බුදය ගැන ලියන ඔහු ස්වර්ණ පුස්තකයෙන් මතු නොව ඊට ලැබෙන ලක්ෂ පහෙන් තම අනන්‍යතා අර්බුදයට පිළියමක් යොදාගැනීමට දැරුව උත්සාහය පිළිබඳ මතක ආවර්ජනයේ යෙදෙන්නේ මේ අයුරිනි.
“සම්මානයක් ලැබීමෙන් ලේඛකයා හිතනවා එයින් තමාට පිළිගැනීමක් ඇතිවෙනවා කියල. අපි හිතනවා අපි දිහා කවුරු හරි බලාගෙන ඉන්නවා කියලා. ඒ අය සතුටු කරන්න තමයි අපි බලන්නේ. එහෙම කෙනෙක් නැති බව පිළිගන්න කැමති නෑ.”(වික්‍රමාරච්චි:2016 අගෝස්තු 30/ලංකාදීප/විමංසාඃපිටුව 01-ගාමිණී කන්දේපොල සමග සාකච්ඡාව).
තමන් දිහා බලාගෙන සිටින කවුරු හරි කෙනා, තෙවන පාර්ශවය හෙවත් මහ අනෙකා තමන් දිහා බලන්නේ ලක්ෂ 5ක් ලැබුණොත් යයි තරයේ විශ්වාස කරන ඔහු මුහුණුපොතේ ලියන්නා තුන්වෙනි පාර්ශවකින් අනන්‍යතාව සෙවීම බරපතළ ගැටළුවක් කර ගනියි. දීප්තිව උපුටා දක්වමින් ඔහු නැවත මෙසේ ලියයි.
“මුහණුපොත තුළ ඔබට හිමිව ඇති අනන්‍යතාව පාර එකකි. ඉන් මිදීමට නම් ඔබ තෙවෙනි පාර්ශවයක් සමග විශ්වාසයකට යා යුතුය. එනම් මහ අනෙකාය. අප මේ මුහුණුපොත තුළ ලියන්නේ කාටද? එය අප ලියන්නේ ඊ-මේල් හෝ ලිපියක හෝ පරිදි සුවිශේෂී පුද්ගලයෙකුට නොවේ. අඥාත තෙවන පාර්ශවයක් වෙනුවෙන් මිස මුහුණු පොත තුළ වෙන ලිවීමක් නැත.”(වික්‍රමාරච්චි:2016 අගෝස්තු 28/සත්හ`ඩ/සිහිනයඃපිටුව 07).
මෙමගින් පැහැදිලි වන්නේ පුවත්පතට ලිවීමෙන්, සම්මුඛ සාකච්ඡාවක් දීමෙන්, ස්වර්ණ පුස්තකය ලැබීමෙන් තමන් දෙස බලා සිටින තෙවන පාර්ශවය හෙවත් ‘මහ අනෙකා’තමාට තමාව නිර්මාණය කර ගැනීමට උදාකර දෙනු ලබන අවස්ථාව පිළිබඳ බෙහෙවින් සවිඥානක වන වික්‍රමාරච්චි, මුහුණු පොතේ ලියන්නා අඥාත තෙවන පාර්ශවකින් තම අනන්‍යතාව අපේක්ෂා කිරීම බැරෑරුම් ගැටළුවක් ලෙස බාරගැනීමයි. එසේ වන්නේ පුවත්පත මිලදී ගනු ලබන තැනැත්තා තමන් ලියන ලිපිය අනිවාර්යෙන් කියවීම, හෝ පුවත්පතේ පිටු බත් එතීම හෝ වෙනම් දේකට එම කඩදාසි භාවිතා නොකිරීම, පුවත්පත පවත්වාගෙන යන්නේ වෙළෙඳ දැන්වීම්වලින් හෝ වෙනත් සෘජු හා වක්‍ර ගනුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස නොව අලෙවියෙන් ලැබෙන ආදායමෙන් පමණක්වීම යයි හෙතෙම විශ්වාස කරන නිසා විය යුතුය. එවිට පුවත්පතට බැල්ම හෙළන මහ අනෙකා “මහා”වී “මුහුණු පොතට බැල්ම හෙළන මහ අනෙකා “මහා නොවීම” පිළිබඳ වික්රමාරච්චිට සහතිකයක් දෙනු ලැබ ඇත්තේ කවුරුන්ද? වික්රමාරච්චිගේ ගැටළුව ඇත්තේ මෙතනය.
“සම්මානයක් ලැබෙන කෙනාට අනන්‍යතාවක් ලැබෙනව. ආත්මය ගොඩනඟා ගැනීමට එය හේතුවක් වෙනවා. ඒකෙ වැරැද්දක් කියන්න බෑ. හැබැයි සම්මාන බලාගෙන ලියන්න ගියාම ලේඛකයා එක තැනකට කොටුවෙනවා. වෙනස් දෙයක් ලියන්න ඕනෑ කියලා හිතෙන්නේ නෑ. වෙනස් දෙයක් ලිව්වාම සම්මාන ලැබෙන්නේ නෑ. අනික සම්මාන ලැබීම හරිම විනෝදයට කාරණයක් වෙලා. පසුගිය දිනවල මේ පොත් දෙක ඉවත්කිරීමේ අර්බුදයත් එක්ක ඇතැම් අය මාර විනෝදයක් ලැබුවා.”(වික්‍රමාරච්චි:2016 අගෝස්තු 30/ලංකාදීප/විමංසාඃපිටුව 01-ගාමිණී කන්දේපොල සමග සාකච්ඡාව).
අනුන් “මාර විනෝදයක්”ලැබුවා යයි (අනෙකාගේ ප්‍රමෝදය) ලංකාදීපයේදී උපකල්පනය කරන ඔහු 2016 ජූලි 31 සත්හඬ පුවත්පතේ සිය ලිපිය ආරම්භ කරන්නේම “ඔවුහු මගේ විනෝදය අහිමි කරමින් සිටිති”යන වැකියෙනි. එබැවින් විනෝදය කාගේද? එය අහිමිව ඇත්තේ කාටදැයි පැහැදිලි වනු ඇත.
පුරා දශක එක හමාරක් තිස්සේ සාහිත්‍යය, කලාව, සිනමාව පිළිබඳ උනන්දුවෙන් ඒ පිළිබඳ කියවීම්, හැදෑරීම් කරමින්, කියවන්නන්ට හදාරන්නන්ට සහයෝගය දෙමින් කටයුතු කරන මා ලංකාවේ ප්‍රමුඛතම සාහිත්‍ය සම්මාන උළෙලක දෙවන වටයට තේරීපත්ව ආ කෘති පිළිබඳ උනන්දුවීම අහම්බයක් විය හැකිද? මා ෆේස්බුක් හා බ්ලොග් අඩවි මාධ්‍යයත් අතර මාධ්‍යයක් වන medium.com හි මාගේ මැදිහත්වීමත්, එයින් උද්ගතවූ අහඹු සංසිද්ධියත් ගැන දීර්ඝ සටහනක් තැබුවෙමි. ඉන්පසු එය ෆේස්බුක්හි ශෙයාර් කළෙමි. එහි එක් තැනක මෙසේ සඳහන්ය.
‘‘2016 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දෙවන වටයේ කෘති 12 ප්‍රකාශයට පත්වීමෙන් පසු ඒ පිළිබඳ ජනක ඉණිමංකඩ විසින් ෆේස් බුක් වෙත එම ලැයිස්තුව මුදා හැර තිබිණි. පුවත්පත්වල කොටස් වශයෙන් පළවූ ප්රබන්ධයන් දෙකක්ද, එම ලැයිස්තුවට එක්ව තිබිණි. ඒ “අසන්ධිමිත්තා” සහ “සැප්තැම්බරයේ දිග දවසක්”ය. මෙම කෘති දෙකටම මා කැමතිය. විශේෂයෙන්ම “අසන්ධිමිත්තා” යනු සම්ප්රායික ආඛ්‍යාන රීතිය උඩුයටිකුරු කළ කෘතියකි. ඒ සම්බන්ධයෙන්වූ මගේ කියවීම කලකට ඉහතදී රාවයට ලියා සිටියේද එබැවිනි. මෙම කෘති දෙවන වටයට තේරී ආවේ පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් සිය සම්මානය සඳහා සලකා බලන කොන්දේසි ලිහිල්වී ඇති නිසා යයි මම සිතුවෙමි. එය සැකහැර දැනගනු පිණිස මම ජනකට කතා කළෙමි. සිදුව තිබුණේ කොන්දේසි ලිහිල්මක් නොව ජූරියේ කිසිවෙකු එම කෘති, මීට පෙරාතුව පුවත්පත්වල කොටස් කිහිපයක් හෝ පළවූ බව නොදැන සිටීමය. කාගේ කෘතියට සම්මාන ලැබුණද, කාගේ කෘතියක් කැපී ගියද පුද්ගලිකව මගේ තවානේ තම්පලා පොඩිවන්නේ නැත. මං ජනකට කතා කොට විමසන ලද්දේ ඒ පිළිබඳ මා තුළවූ උනන්දුව නිසා කරුණු දැන ගැනීමට මිස පුද්ගලිකව කිසිවෙකුට හෝ කෙළවන්නට නොවේ”
මවිසින් මෙලෙස medium.com හි තැබූ සම්පූර්ණ සටහන සමන් වික්‍රමාරච්චි විසින් 2016 අගෝස්තු 28 සත්හඬ කලාපයේ සිහිනය අතිරේකයේ පිටුව 07 හි උපුටා දැක්වූ බව ඔහු විසින් පවසා ඇති නමුත් ඉහත පරිච්ඡේදයේ එක වැකියක් පළවී තිබුණේ දෝෂ සහිතවය. “මෙම කෘති දෙවන වටයට තේරී ආවේ පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් සිය සම්මානය සඳහා සලකා එය සැකහැර දැනගනු පිණිස මම ජනකට කතා කළෙමි’’යනුවෙන් එහි දැක්විණි.
මෙය මුද්‍රණ දෝෂයක් යයි මූලාරම්භයේදී මවිසින් විශ්වාස කළද, එය හිතා මතාම තමාගේ පහර ගැසීමට නිමිත්තක් කර ගනු පිණිස කරන ලද විකෘති කරන ලද්දක් බව මා හට ප්රත්යක්ෂ වූයේ “කාටවත් කෙළවන්නට කළ දෙයක් නොවේ නම් (කාටවත් සම්මාන ලැබුණාම තමාගේ වත්තේ තම්පලා පොඩි නොවන්නේනම් ) ඒ බව කියන්නේ කුමකටද” යනුවෙන් වික්‍රමාරච්චි විසින් මීළඟ සත්හඬ පුවත්පතේ තම ලිපියෙන් විමසා සිටීමෙනි. (2016–09–04 සත්හඬ). මෙය සැබවින්ම නින්දිත, කුහක හා ජඩ භාවිතාවකි. තම බඩ වඩා ගැනීම හෝ අනුන්ට කෙළවීම පමණක් ජීවිතය ලෙස අභ්‍යාස කරමින් සිටින්නෙකුට සාහිත්‍ය කලාව ගැන උනන්දුවෙන් කරුණක් දැන ගැනීමට තවත් කෙනෙකු දන්නා හඳුනන අයෙකුට කතා කිරීම පවා “කෙළවීමට උත්සාහ කිරීමක්”ලෙස ඒත්තුයාම වටහාගත හැකිය. එහෙත් ඒ සඳහා රචකයා ලියූ දෙයක් සම්පූර්ණයෙන් පළකරන බව පවසා එය විකෘති වැකි සහිතව පළකොට තමා විසින් විකෘති කරන ලද කොටස පමණක් උපුටා පහරගැසීම තරම් පාහරකමක් තවත් තිබිය හැකිද?
සරත් ආබෘ සහ සමන් වික්‍රමාරච්චි
“බසයක කොන්දොස්තර රැකියාව කරන්නෙකුට කිසිවක් ලියන්නට අවශ්‍ය වූ විටෙක බිරිඳ විසින් මේසය හොළවන විට මිස මේසය මත තබා කිසිවක් ලියන්නට හැකියාවක් නැතැයි” උපහාසාත්මක කතාවක් පවතී. එය හුදෙක් උපහාසයට කියන කතාවක් වුවද, තමාගේ වෘත්තීයයි ව්‍යවහාරික ජීවිතයයි අතර යම් සාම්‍යයත්වයක් පැවැතිය හැකිය. සමන් වික්රමාරච්චිට සිදුව ඇති අලකලංචිය වටහා ගැනීමේ යතුර ඇත්තේද ඔහුගේ නඩුකාර වෘත්තිය තුළ බැව් මගේ පුද්ගලික හැඟීමය. ඔහු වඩාත් අකමැති වුවද එම සාම්‍යත්වය සමග නිරායාසයෙන් පැටලෙන්නට සිදුවීම එක්තරා සරදමකි. විශ්‍රාම සුවයෙන් පසු වුවද වසර ගණනාවක් තිස්සේ ව්‍යවහාරික ජීවිතයේ ලද අභ්‍යාසය තවමත් ඔහු අතහැර ගොස් නැත. ඔහු පොත් කියවන්නේනම් හැදෑරීම් කරන්නේනම් මේ සා විහිළුකාරයෙකු වීමට කිසිදු හේතුවක් නැත. ඔහු කියවන්නේ නැත. ඔහු වෙනුවෙන් බාත් කියවා තිබේ. ඔහු වෙනුවෙන් ලැකාන් කියවා තිබේ. ඔහු වෙනුවෙන් ඩෙරීඩාද, ශිෂෙක්ද, ලංකාවෙන් දීප්ති ද කියවා තිබේ. එබැවින් ඔහු කියවිය යුතු නැත.
සැබවින්ම ඔහුට කළ යුතුව ඇත්තේ එකී කියවීම් ආශ්රයෙන් තීන්දු දීම පමණි. නඩුකාර උන්නාන්සේලා තමන් විසින් දෙනු ලබන තීන්දු සම්බන්ධයෙන් කරුණු දැක්වීම් නොකරයි. සාක්ෂිකරුවන්ද, පෙරකදෝරුවන්ද අදාළ නඩුව වෙනුවෙන් අපමණ කරුණු දැක්වීම් සිදුකරනු ලැබෙයි. අවසානයේ ඒවාට ඇහුන්කන්දීමෙන් පසුව තම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පමණක් ඔහු විසින් සිදුකරයි. සමන් වික්රමාරච්චිගේ විචාර (කියැවීම්) යනුම තීන්දු පමණකි. ඒ නිසාම තමන් ලියන කියන දේ තමාටද අදාළ වන බවක් ඔහු නොදනියි. අනුන්ගේ අවිඥානයද, අනන්‍යතා අර්බුදයද පිළිබඳ තීන්දු ගනිද්දී එයින් තමන්ගේ අවිඥානයද, අනන්‍යතා අර්බුදයද ප්රකාශමානවන බවක් හෙතෙම නොදනියි. අනුන්ට පහර ගැසීමට ලියූ දෙයක් උපුටා දක්වනවිට තමාට අවශ්‍ය පරිදි විකෘති කොට උපුටා දක්වන්නට කිසිදු මැලිකමක් නොදක්වයි. මන්දයත් ඒ වෙනුවෙන් කරුණු දැක්විය යුතු යයි තමන් කිසිවිටෙකත් විශ්වාස නොකරයි. අනුන්ට නීතියෙන් දඬුවම් කරන්නට නියෝග පනවන අතර තමාද එකී නීතියේම කොටස්කාරයෙකු බැව් මෙවන් නඩුකාර උන්නාන්සේලා නිරායාසයෙන්ම අමතක කරයි. මෑත කාලයේ ඊට ලබාදිය හැකි හොඳම නිදසුන වන්නේ විනිසුරු සරත් ආබෘය. මීට පෙරාතුව ලෙනින් රත්නායක, සරත් එන් සිල්වා වැනි විනිසුරන් පිළිබඳව ද බොහෝ කරුණු කාරණා ඇතත් සරත් ආබෘට ස්වකීය ජීවිතයේ අවසන් පරිච්ඡේදය වසා දමන්නට සිදුවීමේ ස්වරූපය පිළිබඳ බොහෝ දෙනෙකු කතා කරන්නට යෙදුණි.
අපරාධ නඩුවකට අත්අඩංගුවට පත්වුණු ප්‍රථම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාගේ බරපතළ ලිංගික අ`ඩතෙට්ටම් නඩුව ඉකුත් සැප්තැම්බර් 14 වනදා විභාගයට ගැනීමට නියමිතව තිබියදී නිවසේ ඉහළ මාලයෙන් ඇදවැටී අභිරහස් ලෙස ඔහු මිය ගියේය. ඔහුගේ චෝදනා ගහණ අපකීර්තිමත් වෘත්තීය හා පුද්ගලික ජීවිතයේ වැඩිම කලක් පුද්ගලික ආරක්ෂක නිලධාරියාව සිටි පොලිස් නිලධාරියාගේ පාපොච්චාරණය තුළින් නීතියේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටිමින් ඊට ප්රතිපක්ෂ භාවිතාව ගැන කදිම හෙළිදරව්වක් මාධ්‍යයෙන් ප්‍රකාශයට පත්විය. වික්‍රමාරච්චි බෙහෙවින් ආසක්තව සිටින පරමාදර්ශි චරිතයක්වන ස්ලෙවෝජ් ශිෂෙක් (ජිජැක්) මෙම නීතියේ හා විනිසුරුවන්ගේ අශ්ලීලත්වය පිළිබ`ද මනාව පෙන්වාදී තිබේ.
ශිෂෙක්ට අනුව සුපිරි අහම හා අවිඥානය අතර අවියෝජනීය සම්බන්ධය සාහිත්‍යයේදී ඉදිරිපත් කරන විශ්ෂ්ටයෙකු වන්නේ ෆ්රාන්ස් කෆ්කාය. කෆ්කාගේ අවධානය යොමුවූයේ “කිසිවක් අවශ්‍ය නැති කිසිවක් අඩු නැති නීතියේ අන්ධ යාන්ත්රණයයි”. එහෙත් කෆ්කා විසින් මෙම නීතිය පෙන්වාදී ඇත්තේ විනෝදයේ හිතුවක්කාරී තර්කය මත පදනම්වූ නොගැලපෙන දෙයක් ලෙසය. අවිඥානය, බොහෝවිට අශිෂ්ට, තහනම් සහජාසයේ ජලාශයක් ලෙස හැඩගැන්වෙන අතර ඒවා ක්ෂිතිමය, කුරිරු, චපල, අප්රබුද්ධ හා අතාර්කික නීති පෙළක විවෘත නොමැති ව්‍යුහයක් වන අයුරු කෆ්කා පෙන්වා දෙයි. මෙම නීති පද්ධති සෑදී ඇත්තේ තහංචි හා තහනම් ආඥා පද්ධතියකිනි. The Trial (1925) කෘතියේ අධිකරණ දර්ශනයෙන් පෙනී යන්නේ නීතියේ නීතිමය නොවන ස්වරූපය පැහැදිලිකිරීමට එහි ප්‍රධාන චරිතය වන ජෝසෆ් කේ කරන අරගලයයි. Trialහි තුලනාත්මක දර්ශන දෙකක් මගින් පොදු නීතිය හා අශ්ලීලත්වය අතර සබඳතාව තවදුරටත් ගවේෂණය කර තිබේ. පළමු දර්ශනය නම් පූජකයෙකු විසින් පැහැදිලි කර දෙනු ලබන කෙටි උපමා කතාවකි. දොරටුවක් තුළින් නීතිය වෙත ප්රවේශවීමට කැමති ගම් වැසියෙකු පැමිණෙයි. උසාවියේ සේවය කරනු ලබන දොරටුපාලකයා විසින් මෙම වැසියා නවත්වනු ලබයි. මෙහිදී දොරටුපාලකයා, ගම්වැසියා වෙනුවෙන්ම ඔහු අපේක්ෂාවෙන් සිටින බව ඒත්තු ගන්වයි. දෙවන දර්ශනයේදී නීතියේ තවත් දොරටුවක් අභියසදී ජෝසෆ් කේට තමා හමුවේ. එම දෙවන අවස්ථවේදී දරුවන්ගේ රෙදි සෝදමින් සිටින සරාගික ගැහැණියක ඔහුගේ සම්පූර්ණ කැමැත්තකින් තොරවම විමර්ශන කුටියට හෙතෙම තල්ලූ කරයි. ශිෂෙක්ට අනුව පළමු අවස්ථාවේදී පෙන්නුම් කරනුයේ ඉක්මවා යා නොහැකි නීතියේ පූජනීය ස්ථානයෙන් දෛනික ජීවිතය වෙන්කරන පෙරමුණයි. එසේ වුවද, දෙවන අවස්ථාව මෙම උපකල්පනයට මුළුමනින්ම ප්රතිවිරෝධීය. එමගින් පෙන්නුම් කරනුයේ එම පෙරමුණ පැවතියද, එය පහසුවෙන් ඉක්මවා යා හැකි බවයි. වික්රමාරච්චිද මෙලෙස පහසුවෙන් නීතියේ සීමාව ඉක්මවා යයි. තමාගේ කෘතිය කොටස් වශයෙන් පුවත්පතක පළවී ඇත්දැයි ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ සංවිධායකයෙකු විමසන විට එය පවත්නා නීතිය තුළ කරනු ලබන ප්‍රශ්න කිරීමක් බැව් වික්‍රමාරච්චි තැකීමක් නොකරයි.
“මොන පත්තරේද?හෙතෙම පෙරළා ප්‍රශ්න කරනු ලබයි.
“ලංකා පත්තරේ හරි වෙන මොකක් හරි පත්තරේක හරි පළවුණාද? නැවත ප්‍රශ්නයක්.
“නෑ. ලංකා පත්තරේ පළවුණේ නෑ.”
“වෙන මොකක් හරි පත්තරේක හෝ පළවුණා නේද?”ආයෙම ප්‍රශ්නයක්.
“නෑ.නෑ. ඔයා කීවේ ලංකා පත්තරේනේ. ඒකෙ පළවුණේ නෑ”
මෙම කතා බහ සරත් ආබෘට අදාළ කරගනු ලැබුවහොත් පහත ආකාරයේ සංවාදයක් බලාපොරොත්තු විය හැකිය.
“මොන මෙහෙකාරියටද? හෙතෙම පෙරළා ප්‍රශ්න කරනු ලබයි.
“හිටපු මාලා හරි වෙන කවුරු හරි කෙනේක්ට? නැවත ප්‍රශ්නයක්.
“නෑ. මාලාට ලිංගික හිංසා කළේ නෑ”
“වෙන කවුරු හරි මෙහෙකාරියකට ලිංගික හිංසා කළා නේද? ආයෙම ප්‍රශ්නයක්.
“නෑ. නෑ ඔයා කීවේ මාලාටනේ. එයාට ලිංගික හිංසා කළේ නෑ”
විමසන ලද පුවත්පතේ නොව කුමන පුවත්පතේ පළවුවද, කොන්දේසිය උල්ලංඝණය කිරීම නීති විරෝධී බව වික්‍රමාරච්චි පිළිනොගන්නේ යම් සේක්ද, කුමන මෙහෙකාරියට ලිංගික හිංසන සිදුකළද විමසන ලද කෙනාට සිදුනොකළ හෙයින් ප්‍රශ්නයක් නොවන බව ආබෘද පිළිගනු ඇත.
අවසාන වශයෙන් යළිදු පැවසිය යුත්තේ නීතිය යනු වෙනස්විය යුතු කාලානුරූපව සංශෝධනය විය යුතු දෙයකි. පොත් ප්රකාශයකයින් ස්වර්ණ පුස්තකය අරබයා පනවා ඇති නීති රීති හෝ කොන්දේසි වෙනස් කළ යුතුනම් අප ඊට බලපෑම් කළ යුතුය. ඒ සම්මාන උන්ගේ වුවද නිර්මාණ අපගේ බැවිනි. මුදල් උන්ගේ වුවද වෙළෙ`දපළ අප බැවිනි. එහෙත් ඒ සඳහා තමාගේ බඩට තට්ටුවෙනතුරු බලා නොසිට අරගල කළ යුතුය. ඒ සඳහා වික්‍රමාරච්චි එක් වරක් සූදානම් නම් අප සියදහස් වාරයක් සූදානම්ය. රටේ ජාතික වශයෙන් වැදගත් ගැටළුවලදී ඒ කිසිදු ගැටළුවක් වෙනුවෙන් සක්‍රීයව දායකත්වයක් (වචනයකින් හෝ) නොදෙන වික්‍රමාරච්චි මේ මොහොතේ දැවෙන ප්‍රශ්න ලෙස බාරගෙන ඇත්තේ ජිජැක්ද ශිෂෙක්ද වර්ගයේ ප්රශ්නයන්ය.
ජිජැක්ද? ශිෂෙක්ද?
2016 මැයි 15 වන දින රාවය පුවත්පතට මවිසින් ලියූ ලිපියක් පාදක කරගනිමින් අනෙක් සතියේ සත්හඬ පුවත්පතට ලියන වික්‍රමාරච්චි නිවරදි උච්චාරණය ජිජැක් යයි හදුන්වාදීමෙන් නොනැවතී මෙසේද ලියයි.
“ජිජක් යන්න වෙනුවට ශිෂෙක් යනුවෙන් වහරමින් තම රෝග ලක්ෂණය සමග විනෝද වන අය කරන්නේ වෙනම වර්ගයක් ලෙස පෙනී සිටීම. මෙය බෙහෙවින් සමීප වර්ග වදයට. කිසියම් ජන වර්ගයක් තම විනෝදය සංවිදානය කරන්නේ වාර්ගික මිත්‍යාචාර ඉදිරියට ගනිමින්. ඔවුන් හිතන්නේ අනෙක (නැතහොත් අනෙක් ජන වර්ගය ) තමන්ගේ විනෝදය පැහැරගෙන ඇති බවයි. ඔවුන්ට වද දෙන දෙවන කරණය නම් අනෙකා තමාගේ විනෝදය සංවිධානය කරණ සුවිශේෂ ක්‍රමයයි. ( way of life). තමන්ගේම වූ ජන පුරාණයක් (mythology)නිර්මාණය කිරීමට ඔවුන් පෙළඹෙන්නේ මේ නිසයි.
ප්‍රකට කරන්නේ මේ පටු වාර්ගික ලක්ෂණ තමයි. ජිජක් යන වහර නිවැරදි බව ඔවුන් නොදන්නවා නොවේ. ඔවුන්ට අවශ්‍ය තමන් අනෙකාගෙන් වෙනස් බව පෙන්වීම. ඉන් ඔවුන් ප්‍රදර්ශනය කරන්නේ අනෙකා කෙරේ වන බැඳීමයි.”
මේ අයුරින් ‘‘ශිෂෙක්’’ලෙස වැහැරීම වෙනම ‘‘ගෝත්‍රයක්’’ හෝ ජනවර්ගයක් ලෙස පෙනී සිටීමේ වුවමනාව නම් එකී වුවමනාව වෙනුවෙන් ප්‍රථමයෙන්ම කටයුතු කර ඇත්තේ වික‍්‍රමාරච්චිමය.
ස්ලැවෝජ් ජිජැක් (Slavoj Zizek) ඔහු ජිජැක් යනුවෙන් කියැවෙතත් ඉංග්‍රීසි ලිවීමේ සිංහල උරුව අනුව සිසැක් යනුවෙන් වහරමි. (2010 ඔක්තෝම්බර් 14 වෙනි බ්‍රහස්ප්‍රතින්දා දිවයින, වටමඬල).
නොදැන වැරදි කිරීම එකකි. දැන දැන වැරදි කිරීම යනු තවත් එකකි. ඒ අනුව ගෝත්‍ර හෝ කණ්ඩායම්වල අනන්‍යතාව නඩත්තු කිරීමේ අවශ්‍යතාව වඩාත් ළංවන්නේ දැන දැන ස්වකීය අභිප්‍රාය වෙනුවෙන් කටයුතු කිරීමටය. ඒ අනුව මෙයින්ද හෙළිදරව් වන්නේ වික්රමාරච්චිගේ හෙළුව මිස අන් යමක් නොවේ. තමන් කවුරුන්දැයි යන පැනය කුඩා දරුවෙකු හෝ ස්ත්‍රීයක විසින් විමසන තැන ගැන වික්‍රමාරච්චි සවිඥානකය. එහෙත් නිරන්තරයෙන් කිසිවෙකු සමග හෝ ගැටුමක් ඇති කරගනිමින් නීතිය හා පිළිවෙළ ඉල්ලා සිටින්නන් හ`දුන්වන නම සිහිපත් කරගන්නා ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටිමි. තමන් කියන්නේ කුමක්දැයි නොදැන, තමන් අතීතයේ කීවේ කුමක්දැයි නොදැන වුවද, විටෙක එක්ස් කණ්ඩායම, සුචරිත ගම්ලත්, චින්තක රණසිංහ, ප්‍රියාන් විජේබණ්ඩාර, විදර්ශන කන්නන්ගර, භූපති නලින්, හෙට දවසේ තවත් කවුරුන් හෝ ඈදා නොගනිමින් ඔහුට මසකට ගතමනාවක් ගැනීමට පුවත්පතකට ලිපියක් ලිවීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.
Raththaran minihek elawala Thopima path karagaththa gonnu dennek dan kapiyaw unge goma anachariya.
මුන් පාඩම් ඉගෙනගන්න කොට රට ඉවරයි…..
අපේ මිනිහත් රත්තරන් උනාට වටේ හිටපු හිපාටුවෝ ඒ රත්තරන් උලා කෑවා..ඒකයි රටට කෙල උනේ
O.L wath nethi nuugat his minissu ratak watina ugathekuta katha karana heti… thatthala keepadenekuge daruwek sure.
kawuda oya ratak watina ugatha, oya polbemunage wage ketha moonak tiyena walchariyada
තාම ඉගනෙ ගන්න මහාචාර්යවරැන්, හොදට ඉගනෙ ගනෙ යමක් කරන්න පුරැදුවන්න කියලා, කියලාදෙන්න කවුරැත් නැද්ද?
මහාචාර්යවරැන් තාමත් ඉගනෙ ගන්න රටෙ, අවුරැදු 6-7 කට කලින් වෙච්ච දේවල් ඉක්මනට අමතක වන, ඊට ඉස්සලේලා ඡන්දෙන්
පැරදිච්ච දේශපාලකයො පත්කරගන්න, හැමදාම ඉස්කොලෙ යන අය ඉන්න රටෙ, අරාබියට තුට්ටු දෙකට විකුනන ගැහැනු ශ්‍රමය නවතා, මැරෙනක් ඉස්කොලෙ නොගිහින්, පරතෙරට දැනුමක් දෙන අධ්‍යපන ක්‍රමයක් සකස් කර, අනිත් ජාතීන් පිලිගන්නා ගමන් බලපත්‍රයක් ඇති පුරවැසින් බිහිකල හැකි, කොන්දක් ඇති, සිංගප්පුරැවෙ කලා වගෙ, ඉන්න සේරම හොරැ හිරේ දාලා, දැනටමත් පාඩම් ඉගනෙ ගත්ත, මොල කලඳක් තියන ලාංකිකයෙක් මෙ තුන් සිංහලේම නැද්ද රට ගොඩගන්න?
ජනාධිපතිත් එකයි, ඔහෙත් එකයි.
මුගෙ කොන්තරාත්තුව රනිලට විධායක බලේ අරන්දීමයි. මූවනං ඉතුරු කරන්න හොඳනෑ
NGO kukka ayith kata arala gade baha. Karawchcha rotiyath ekka ubala givisum gahuwe oka kiyanna thamayi. kalakaniniya walaliyan thope sohonatath hena gahanawa yako. Ratata janathawata karapu aparadeta.
නීතිගරුක පුරවැසියන් – Munta pissu. How can they say නීතිගරුක පුරවැසියන්. Mun rata bedhana wyaparaye poorogamiyo. Munta gahanna one kossen.
පරයෝ තෝ ජීවිතේටම පාඩමක් ඉගෙන ගත්ත
අපිට රටක් නැතිඋනා.අමන ……බල්ල තෝ
කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලපන් උඹ
කතාකරන්නෙ කටින්ද අනිත් එකෙන්ද කියල
Well said indeed!
අනේ මුගෙ මූනෙ හැටි. ජනාදිපති කම නැති කලොත් හොඳට හිටියි. රනිලට කිසි බාධාවක් නැතිවම රටම විකුනල යාලුවොත් එක්ක බෙදාගන්න
yes of course…it is perfect statement..
Ado hoooooo! !!
Thopita ohoma wela madi..
සිරිසේන අන්තිම ජරා මිනිහෙක්, වැඩකට නැති නිකමෙක්.
මමත් මෝඩ වෙලා මගේ පලමු චන්දෙත් දීල ඉගෙන ගත්තු එකම දේ හමයි, එකෙක් දුර්වල නිකමෙක්, අනිකා කුහක දේශයේම හතුරෙක්.
Tho janadipathige saha agamathige nusudusukam balanna issella thoge sudusukam balaganin wasalayo.
Najachcha wasalo hothi-najachcha hothi mahachaariyano!
Kammana wasalo hothi-kammana hothi mahachaariyano!
Keneku mahachaarya wanne uthpaththiyen ho ugath kamin nova ohuge kathaawen saha kriyawalini!
Mr. Sarath Wijesooriya, it is great that finally you have realised the mistake of bringing My3. He was not a person who can run even a Ministry like Mahaweli. He has really ruined that Mahaweli Authority. You just check the current situation of Mahaweli Organisation. No Water Management at all, no engineers or capable people in Mahaweli Organisation except My3’s Golaya’si. How can we expect to run this Country productively by appointing a person like My3 who was failed to push at least Moragahakanda – Kaluganga Project [M-K Project] during his tenure from 1994 onwards? He is now telling lies. Dr. Kulasinghe didn’t do any productive work for this M-K Project. He was not even an Irrigation Engineer. Ivan de Silva, who was former Secretary/ Irrigation is the person behind all those success of My3’s M-K Project as well as Api Wawamu – Rata nagamu. My3 is just giving wrong publicity. Surface the truth for the benefit of the country.
පාසල් ගමන සඳහා කිලෝමීටර 12ක් පයින් යන දරුවෝ
සාමසර කන්ද පාමුල තවමත් දිවිගෙවන අඳුරු ජීවිත…
කෑගල්ලේ, අරණායක සාමසර කන්ද නාය යාමෙන් පසු අදටත් ඉතිරිවී ඇත්තේ අඳෝනාවකි.
පිරිසිදු දිය බිඳක් නොමැතිව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන අපේම සහෘදයින්….
තරුණ පුත්‍රයා නොසිතූ විරූ අවස්ථාවක ජීවිතයෙන් සමුගෙන යාම මවකට පියෙකුට කොතරම් ශෝකයක්දැයි අමුතුවෙන් කිව යුතු නැහැ.
වන අලි ගැටලුවට වගකිව යුත්තේ ජනතාව ද? එසේත් නැතිනම් බලධාරීන් ද?
sampoorna etta. DEN RATE NAYAKAYA WELA INN NAPUNSAKA WAL MANGALAYA, MUUTA GAHALA ELAWAPALL MAGE MATARA JANATHAWA kalakanni denna rata kanawa un rata yanawa ape salliwalin sepa gannawa, KAMBURAPIYAW BALLO WELA
HE IS TRYING TO CLOSE THE GATE AFTER THE CART HAS BEEN ROBBED.THE ONE AND ONLY WAY TO AVIOD THE CURSE FROM THE PEOPLE TO SOME EXTENT, IS TO SUPPORT POHOTTUWA AT THE FORTHCOMING ELECTIONS.
modayo visin modayek path kara ganna ladi.
puluwannam dagallala ayith n.og. salli gilla thawa modayek path karagnna balapalla. warenko balanna anaparath ayith modayek aragena.
පලයන් ගොන් ඇදුරෝ ඉක්මනටම බෝගම්බරට. වැලිකඩට එහෙ කොර නොගහන උන් ඉන්නවලු එනකන් බලාගෙන. මූ සෝබිතයවත් මරා ගත්ත. කාලකන්නියා.
මහාචාර්යතුමා එකක් කඩතොළු මකා ගන්නට ඉඳුරැවේ ආචාරියා ලඟට ගිහිල්ලා !!!!
ආචාරියා මහාචාරියාට දෙකක් කඩතොළු සදා දීලා !!!!!
මහාචාරිතුමෝ පැත්තකට වෙලා ඉන්න….මේ රටේ සාමාන්‍ය මිනිස්සුන් දැන් ඔබලාට වඩා බුද්ධිමත් …ඒ අය වෙලාවට සුදුසු දේ කරාවි.
මූ කවද හරි පාර්ලිමේන්තු ආවොත් ගොං රන්ජලට පාර්ලිමේන්තුවේ තැනක් නැතුව යනවා.
Here Wijesuriya, Do not compare MR with Sira. The difference between those two is well known to us. MR is a real and natural leader while Sira is an artificial one.
mu 2015 ta pera huchakuwak gana kikiya inna kota hunek wage. dollar kalam dan muge hati.
පහුගිය කාලේ වගවීමේ යාන්ත්‍රණයක් ගැන කතා කලානේ. ලංකාවේ කිසිම එකෙක් තමන් කරපු වැරැද්දකට දඩුවම් විදින්නේ නෑ දැන් මෙතුමා “අනේ මම පාඩමක් ඉගන ගත්ත. සොරි හොදේ” කියනව . අඩුම තරමේ ඔය එන්ජිඕ පඩන්ගුව විසිරුවල දාන්න බැරිද? තමුන්නහෙලත් ඔය සිරිසේනලට දෙවෙනි නෑ.
හරි විදියට වග වෙනවනම් යහපාලනය ගෙන එන්න කෑගහපු මුන් ඔක්කොම මූදෙ පනින්න ඕනෙ
ayith warenko balana thawa kalakanniyekwa janapathi karanna.
SARAT WIJESURIYA – NGO Dog
Yako, thopiwa MY3 USE kala. Thawama therenne nedda. Idiriyath oya tika thama.
Thopi padam igena ganna………….
Rata maka bawila yanna…..
Thopi $$ gilala rata kewa………….
Sirisena ජනාධිපතිකමට නුසුදුසුයි.
Agamatiya Ranil………….. maha bankuwa sudda caranna sudusuyi.
Mohuta aacharya upadhiyak nehe kiyanne hebeda. Kisima paryeshanayak karalath nethilu. Et hakota kohomada mohuta mahaacharya pattamak lebune ? Aanduwata kade yaama nisas wiya yuthuya.
තොපිට ඔන ඔන වෙලවට පාඩම් ඉගන ගන්න මෙ රට විදගරයක් නෙමේ මුන්ට වඩා හොදයි අර කාටුන් වල ඉන්න මහචර්යවරු
Purawesi Peramune samajikayo Dollar Kakko $$$$$
warako balllanda ayeth podu apeksakayek aragena. thopita malapaha gahanne.
Mahaloku acharya mahacharya samanya daneema binduwai. Sirisenatai Raniltai kisi deyak baha kiyala rate inna ballo balalluth dannawa nodanne depa saththu witharamai.
සරත් විජසුරිය කියන විදියට පාඩමක් ඉගනගත්ත කියා මගහැරීමක් කලනොහැක. මොහුට තද දඩුවමක් දිය යුතුය. මොහු හා මොහු වැනි තවත් අය මෙයට හවුල්. මින් රටක් විනාස විය. ජනතාව අද නයබරින්දුක්ව්දී. අනෙක් පැත්තෙන් රටවිකුනා විනාසවිය. මොහුහට දරුණු අපරාද හිතා මතා කල නිසා හිරේ ගොස් කෙලවර උනොත් ඇද්ද.?
හරිනම් මූ galle face ගෙනල්ල
උල තියන්න ඕන
Gon mahavhariyo tota ohomavela madi. Booru mahavhariya thopita therune nadda me gon vassava path Kara ganiddi ohoma vei kiyala. Me gonata danne thorathonciyak nathuva katata ena de Kianna vitharai.
This so call intellectual property robber is ” Awajathaka Paharayek “. This fake professor is cancer to my country….
Thotai Thoge daru Munuburantaiu sapa wewa……..
Mama muta godak Gary kala kenek mu deshapalaneta awama mu karapu kiyapu dewal ekka mu vijathika para sinhalayek una
මොහු හිතාගෙන ඉන්නෙ ඔහුගෙ බහුශ්‍රැත භාවයෙන් ජනතාව වසග වෙලා ඉන්නෙ කියලා. ඒත් ඊයෙ සහ අද ගැන හිතලා හෙට මොනවා වේද කියලා හිතන්න බැරි සාමාන්‍ය මනුස්සයෙක් පමනයි මොහු..
මෙයාගේ මොලේ කචල් .කාටවත් තේරෙන්නේ නැහැ මහාචාර්ය පට්ටමෙන් වැහිලා තියෙන්නේ.රෝහණ විජේවීරගේ මස්සිනා දොස්තර චන්ද්‍රා ෆෙර්ණන්දෝ ව හමුවෙලා කතා බහ කරලා තියෙන කෙනෙකුට නම් වෙනෙස හඳුනාගන්න පුළුවන්.මෙයත් ආයි මලකඩ කාපු තැටිය රත්කරන්න හදන්නේ 62ලක්ෂයක් කරපු වැඩේ දන්නවානේ
මෙයාගේ මොලේ කචල් .කාටවත් තේරෙන්නේ නැහැ මහාචාර්ය පට්ටමෙන් වැහිලා තියෙන්නේ.රෝහණ විජේවීරගේ මස්සිනා දොස්තර චන්ද්‍රා ෆෙර්ණන්දෝ ව හමුවෙලා තියෙන කෙනෙකුට නම් වෙනෙස හඳුනාගන්න පුළුවන්.මෙයත් ආයි මලකඩ කාපු තැටිය රත්කරන්න හදන්නේ 62ලක්ෂයක් කරපු වැඩේ දන්නවානේ