Archive for the 'එෆ් එම් චැනල්' Category

17
ජූලි
18

සෙක්සි ඉනෝකා සකබමරේගේ බොරු වලට රැවටී ඉල්ලන් කන හැටි

තිබුණු දේ මදි වී ඉල්ලන් කාපු හැටි

2005දී නව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරගත්තේ කෙබඳු රටක්ද යන්න අද බොහෝ දෙනකුට මතක නැත. එදා රට තිබුණේ බොහෝ අර්බුදකාරී තත්ත්වයකය.
ලංකාවේ නිවාසවලින් 27%කට විදුලිය තිබුණේ නැත. විදුලිය නැති නිවාස දස ලක්ෂයක් පමණ තිබිණි.

මසකට දෙතුන් වරක් රට පුරා විදුලිය ඇනහිටීම් අරුමයක් නොවිණි. නිවාස දස ලක්ෂයකට පානීය ජලය තිබුණේ නැත. ලංකාවේ ජනගහනයෙන් 73%කට දුරකථනයක් තිබුණේ නැත. ජනගහනයෙන් 99.5%කට පරිගණක සාක්ෂරතාව තිබුණේ නැත. ජනගහනයෙන් 8.3%කට රැකියා තිබුණේ නැත. කොළඹ ප්‍රමුඛ බොහෝ නගරවල කුණු කසළ ගොඩගැසී දුගඳ හමමින් තිබිණි. පොඩි වැස්සකටත් නගරවල පාරවල් යටවීම සුපුරුදු දසුනක් විය. අධිවේගී මාර්ග කියා දෙයක් ලංකාවේ තිබුණේ නැත. වසර 30ක් පමණ ප්‍රමාද කටුනායක අධිවේගී මාර්ගයේ නිම වී තිබුණේ පෑලියගොඩ අසල විශාල දැන්වීම් පුවරුවක් ලෙස භාවිත වුණු කොන්ක්‍රීට් සැකිල්ලක් පමණි.

ප්‍රේමදාස හා චන්ද්‍රිකා ආණ්ඩු විසින් රාජ්‍ය දේපළ විශාල ප්‍රමාණයක් විකුණා දමා තිබිණි. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ වසර 11ක පාලනය තුළ රාගම ගුවන් පාලම සෑදීම හැරුණු විට කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් නිසියාකාරව නිම කර තිබුණේ නැත. උද්ධමනය 11%ක් පමණ විය. මිනිසුන්ට ජීවන වියදම දරාගත නොහැකි තත්ත්වයක් උදා වී තිබිණි.

අය – වැය පරතරය 7.5%ක් විය.

රටේ ණය අර්බුදයක් තිබිණි. රාජ්‍ය ණය බර දළ ජාතික නිෂ්පාදිතයෙන් 90%ක් විය. කිසිවකු සාධාරණ පොලියකට ලංකාවට ණය දුන්නේ නැත. උතුරු නැඟෙනහිර විශාල භූමි ප්‍රමාණයක් තිබුණේ ත්‍රස්තවාදීන් යටතේය. සාමාන්‍ය ජනතාවට ඕමන්තයෙන් ඔබ්බට යෑමට එල්ටීටීඊයට දඩ ගෙවන්නට සිදුවිය.

උතුරේ නඩු ඇහුවේ එල්ටීටීඊ උසාවිවලය. රටේ කොයි තැනක කොයි වෙලාවක බෝම්බයක් පත්තුවේ දැයි කිසිවකුට කිව නොහැකි තත්ත්වයක් තිබිණි. සුනාමිය නිසා රටේ විශාල ජීවිත හා දේපළ හානියක් සිදු වී තිබිණි. භෞතික සම්පත් හා ජීවනෝපාය මාර්ග යළි කඩිනමින් ගොඩනැඟිය යුතුව තිබිණි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ ලෝක ආහාර අර්බුදයක්ද ඇතිවිය. මෙවැනි තත්ත්වයක් තුළ ලංකාව තුළ ආහාර අගහිඟයක් නැතිව, මිල දැරිය හැටි මට්ටමක තබාගෙන පාලනය කිරීම විශාල අභියෝගයක් විය. ලෝක මූල්‍ය අර්බුදයක්ද මේ කාලයේම ඇතිවිය. ලෝක ප්‍රකට මූල්‍ය ආයතන රැසක් බිඳ වැටිණි. එවැනි තත්ත්වයක් තුළ ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරව පවත්වා ගැනීම තවත් අභියෝගයක් විය. එහෙත් 2015 ජනවාරි මස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය අවසන් වන විට ලංකාව කෙබඳු රටක්ද?

30 වසරක යුද්ධය නිම වී, පූර්ණ සාමය උදා වී, ඕනෑම කෙනකුට නිදහසේ බියකින් සැකයකින් තොරව රටේ ඕනෑම තැනක සැරිසැරිය හැකි යුගයක් උදා වී තිබිණි. පාතාලය යන වචනය පවා ජනතාවට අමතක වී තිබිණි.

වරාය, ගුවන්තොටුපොළ, විදුලි බලාගාර, අධිවේගී මාර්ග, වාරි කර්මාන්ත හා තවත් විවිධ ඉදිකිරීම් සිදුවෙමින් රට කාර්ය බහුලව තිබිණි.

කුණු කසළවලින් තොර නගර, පිරිසුදු පදික වේදිකා, සක්මන් කිරීමට හා ව්‍යායාම කිරීමට පහසුකම් ඇති මංතීරු, සෑම පාරකටම විදුලිය, කාපට් දැමූ මාර්ග සුපුරුදු දසුන් විය. ගමේ අතුරු පාරවලට පවා කොන්ක්‍රීට් වැටිණි.

රටේ ජනගහනයෙන් 98%කට විදුලිය හා 90%කට පානීය ජලය ලැබී තිබුණු අතර ජනගහනය මෙන් 120% දුරකථන නිකුත් වී තිබිණි.
ව්‍යාපාර කරන්නන්ට, ස්වයං රැකියාවක් කරන්නන්ට අඩු පොලී ණය පහසුකම් හා විවිධ දිරිමත් කිරීම් ලැබිණි.

සාමාන්‍ය ජනතාවට වාහනයක ලීස් කිරීමට, නිවෙසක් සාදා ගැනීමට, ඉඩමක් මිලදී ගැනීමට අඩු පොලියට ණය පහසුකම් ගත හැකි විය. රැකියා වියුක්තිය 2005දී තිබුණු 8.3% සිට 2014 වන විට 4.3% දක්වා පහළට පැමිණ තිබිණි.

වසරක් පාසා බදු අඩු කිරීම් හා බදු ලිහිල් කිරීම් අසන්නට ලැබිණි. රැකියාවලින් පමණක් ආදායම ලබන, උපයන විට බදු ගෙවන අයට තමුන්ගේ බදු ලිපිගොනු වසා දමන්නට පවා අවසර ලැබිණි. සංචාරකයන් වැල නොකැඩී එන අතර විදේශ ආයෝජන ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබිණි. 2014 ඇමෙරිකානු ඩොලර් මිලියන 1500 ඉක්මවා ආයෝජන ලැබී තිබිණි.

ආසියාවේ හොඳම කොටස් වෙළෙඳපොළ හා ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය සඳහා සම්මාන ලැබී තිබිණි.

සෑම ආර්ථික දර්ශකයකින්ම ලංකාව දකුණු ආසියාවේ පළමු හෝ දෙවැනි තැනට පැමිණ තිබිණි. පුරවැසියන් සියලු දෙනාම රට ජාතිය ගැන ආඩම්බර වන පිටරට පදිංචියට ගොස් සිටි අය ආපසු පැමිණෙන රටක් බවට ලංකාව පත් වී තිබිණි. එහෙත් අපේ රටේ ඡන්ද දායකයන්ගෙන් කොටසකට වෙනසක් අවශ්‍ය විය. එවකට විපක්ෂයේ පොරොන්දු විශ්වාස කළ ඔවුන්ට අවශ්‍ය වූයේ අමුතු දේවල්ය. ඩොලර් කෝටි ගණන් තිබෙනවා යැයි විපක්ෂය කී පිටරට බැංකු ගිණුම් අල්ලන්නට අවශ්‍ය විය. යාපනෙන් පැන්නුවා යැයි කී රත්රන් කන්ටේනර් සොයාගන්නට අවශ්‍ය විය. රොකට් එක, හෙලිකොප්ටරය හා ලැම්බෝගිනිය රාජසන්තක කරන්නට අවශ්‍ය විය. තාජුඩීන්ගේ, ලසන්තගේ, එක්නැලිගොඩගේ ඝාතකයන් අල්ලන්නට අවශ්‍ය විය. මහාමාර්ග, තාප බලාගාර, වරාය, ගුවන් තොටුපොළ වැනි මෙගා ඩීල් හරහා කොමිස් ගැහුවා කියන අය හොයන්නට අවශ්‍ය විය. අලුත් ආණ්ඩුවක් ලවා බඩු මිල අඩු කරවාගන්නට අවශ්‍ය විය. රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකටම පඩි වැඩි කරගන්නට අවශ්‍ය විය. අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කරගන්නට අවශ්‍ය විය. සෞඛ්‍යයට දළ ජාතික නිෂ්පාදනයෙන් 3% වෙන් කරගන්නට අවශ්‍ය විය.

තරුණ තරුණියන්ට ෆ්‍රී වයි.ෆයි. ලබාගන්නට අවශ්‍ය විය. උසස් පෙළ සිසුන්ට කොම්පියුටර්, ටැබ් ලබාගන්නට අවශ්‍ය විය. තිබුණු කැසිනෝත් වසා ගන්නට අවශ්‍ය විය. උකස් බඩුවල ණය කප්පවා ගන්නට අවශ්‍ය විය. ගොවි ණය කප්පවා ගන්නට අවශ්‍ය විය. සහතික මිලට හාල්, රබර්, තේ කොළ, කිරි විකුණා ගන්නට අවශ්‍ය විය. ගැබිනි මවුවරුන්ට රුපියල් 20,000ක පෝෂණ මල්ල ගන්නට අවශ්‍ය විය. රත්රන්වලින් හදනවාදැයි එකල විපක්ෂය ඇසූ අධිවේගී මාර්ගවලට යන වියදම් අඩු කර ගන්නට අවශ්‍ය විය. තරුණ පරපුරට අඩු මිලට වාහන ගන්නට අවශ්‍ය විය. රට කුඩු උවදුරින් සහමුලින් මුදා ගන්නට අවශ්‍ය විය. ව්‍යාපාර දියුණු කර ගන්නට කොටස් වෙළෙඳපොළෙන් තවත් අධික ලාභ ලබන්නට අවශ්‍ය විය. මේ බලාපොරොත්තු ඉටුවුණාද නැද්ද යන්න පැහැදිලි කිරීමට අවශ්‍ය නැත. ඇත්ත තත්ත්වය දන්නෝ දනිති. බල පෙරළියෙන් වසර 3 1/2කට පසු ලංකාවේ අද තත්ත්වය කෙබඳුද?

යුද්ධයෙන් පසු ගොඩනැඟෙමින් තිබුණු සහජීවනය වෙනුවට පැහැදිලිවම ජාතිවාදයේ ගිනි පුපුරු යළි මතුවෙමින් පවතී.

ආයුධ සන්නද්ධ කල්ලි විසින් කරන සොරකම්, කොල්ලකෑම්, මහ දවාලේ වෙඩි තබාගැනීම්, මිනී මැරුම් වැඩි වී ඇත.
තරුණ පරපුර අනතුරේ දමමින් වෙන කිසිදු කලක නොවූ ආකාරයට රට පුරා මත්ද්‍රව්‍ය සුලබ වී ඇත.

පාර්ලිමේන්තුවේ ආසන 70ක් හිමි විපක්ෂ කණ්ඩායමට ප්‍රජාතාන්ත්‍රවාදී පිළිගැනීමක් නැති අතර ආසන 16ක් ඇති පක්ෂයකට විපක්ෂ නායකකමද, ආසන 6ක් පමණක් ඇති පක්ෂයකට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකමද හිමි වී ඇත.

රට මොනතරම් අර්බුදයකට ගියත් පාර්ලිමේන්තුව වසර 4 1/2කට විසුරුවිය නොහැකි බවට 19 වැනි සංශෝධනය හරහා ව්‍යවස්ථා ගැටයක් ගසා ඇත. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ අය අතර ජනතාව අතින් ඡන්දයෙන් ප්‍රතික්ෂේප වූ බොහෝ දෙනෙක් සිටිති.

මැතිවරණ කල් දැමීම දිගින් දිගටම සිදුවේ. ජනතාවගේ ඡන්ද අයිතිය දරුණු අපහරණයකට ලක්වී ඇත.
පොලිසිය, අල්ලස් කොමිසම වැනි ආයතන දේශපාලනීකරණය කොට රජයට අවශ්‍ය ආකාරයට නීතිය අවභාවිත කරමින් දේශපාලන ප්‍රතිවාදීන් දඩයම දරුණු ලෙස සිදු වේ.
රට පුරා උද්ඝෝෂණ රැල්ලක් පැවැතුණද ජනතා ඉල්ලීම්වලට රජයේ ප්‍රතිචාර ඉතා පහළ මට්ටමක පවතී.

පසුගිය ආණ්ඩුවේ අවසාන වසර 3 තුළ දළ වශයෙන් 7%ට ආසන්න වූ රටේ සංවර්ධන වේගය 2015දී 5%ටත්, 2016දී 4.5%ටත් 2017දී 3.1%ටත් අඩු වී තිබිණි.
විදේශ ආයෝජන 2014 ඇමෙරිකානු ඩොලර් මිලියන 1500ක් පමණ ලැබුණද 2017දී අලුතින් ලැබී තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 17ක් පමණි. ඉතුරු විදේශ ආයෝජන 2015ට පෙර ආරම්භ වූ ව්‍යාපෘතීන්ට සම්බන්ධ මුදල්ය.

2014 හා 2017 කාලය තුළ රටේ රැකියා ප්‍රමාණය ලක්ෂ 84 සිට ලක්ෂ 82ට අඩු වී ඇති බව මහ බැංකු වාර්තාවලින් පෙනී යයි.
පොහොර සහනාධාරය ඉවත් වී ඇත. පාසල් දරුවන්ට නොමිලයේ දුන් නිල ඇඳුම් වෙනුවට වවුචර ක්‍රමයක් හඳුන්වා දී ඇත.

කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය පසුගිය වසර 3 තුළ රුපියල් කෝටි 21,000කින් පමණ 215 කින් පහත වැටී ආයෝජකයන් පාඩු ලබන තැනක් බවට පත්වී තිබිණි. 2014දී ලබා දුන් 25.3% ප්‍රතිලාභ වෙනුවට 2017දී කොටස් වෙළෙඳපොළ ලබාදී තිබුණේ 1.3%ක පමණ සුළු ප්‍රතිලාභයකි.

රුපියලේ අගය 2014ට සාපේක්ෂව මේ වන විට 20%කින් පමණ පහළ වැටී ඇත.

රාජ්‍ය ණය බර 2014දී රුපියල් කෝටි 739,100 වූ අතර 2017 අග වන විට එය රුපියල් කෝටි 1,039,200 දක්වා රුපියල් කෝටි 300,100කින් වැඩි වී තිබිණි. මේ අනුව වසර 3ක් තුළ රාජ්‍ය ණය 40%කින් ඉහළ ගොස් ඇත.

ලෝකප්‍රකට ‘බ්ලූම්බර්ග්’ ආයතනය විසින් මේ වන විට ලංකාව විදේශ ආයෝජනවලට අනතුරුදායක රතු කලාපයක් ලෙස වර්ගීකරණය කර තිබේ.
ජාත්‍යන්තර ශේ‍ර්ණිගත කිරීමේ ආයතනයක් වන මූඩිස් ආයතනය කියන ආකාරයට ණය ආපසු ගෙවීමේ හැකියාව අතින් දැන් ලංකාව ආසියාවේ 24 වැනි ස්ථානයට පහළ වැටී ඇත.
මහ බැංකු බැඳුම්කර හොරකමෙන් පමණක් රටට වූ පාඩුව කෝටි ලක්ෂයට වැඩි යැයි රජයේ ඇමැතිවරයෙක්ම කියා තිබිණි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ඇණවුම් අවලංගු කිරීමේ වන්දිය රුපියල් කෝටි 1700කි. හම්බන්තොට වරාය චීනයට වසර 99 කට බදු දී අවසන්ය. මත්තල ගුවන් තොටුපොළ ඉන්දියානුවන්ට දෙන්න සියල්ල සූදානම්ය. මේ අතර ආණ්ඩුව ජනතාවගෙන් අය කර ගන්නා බදු විශාල වශයෙන් වැඩි කොට ඇත. ව්‍යාපාර මත බදු විශාල වශයෙන් ඉහළ දමා ඇති අතර අලුතින් බදු වර්ග රැසක් එකතු කර තිබේ.

වසරකට රුපියල් ලක්ෂ 5කට වඩා ආදායමක් ඇති සෑම අයකුටම බදු ලිපිගොනුවක් විවෘත කළ යුතුය. රජයේ ආදායම් බදු කොමසාරිස් යෝජනා කරන ආකාරයට වාහනයක් හිමි පිටරට සංචාරයකට යා හැකි සෑම අයකුටම බදු ලිපිගොනුවක් විවෘත කළ යුතුයි.

මසකට රුපියල් ලක්ෂයකට වඩා කුමන ආකාරයකට හෝ ආදායමක් උපයන සියලු දෙනකුම දැන් ආදායම් බදු ගෙවිය යුතු අතර එම ප්‍රතිශතයන් ඉහළ දමා ඇත.
බැංකුවේ තිබෙන තැන්පතුවල පොලියෙනුත් 5%ක් බදු අය කෙරේ.

ගෙයක් කුලියට දුන්නත් ආදායමෙන් 20%ක් බදු ගෙවිය යුතුය.
නිවෙසක්, දේපළක් හෝ වාහනයක් වික්කත් විකුණා ලැබෙන ආදායමෙන් 10%ක් රජයට බදු ගෙවිය යුතුය.

යමෙක් ආදායම් බදුවලින් ගැලවුණත් කිසිම අයකුට රජයේ වක්‍ර බදුවලින් ගැලවිය නොහැකිය. ඒ සෑම භාණ්ඩයක් හා සේවාවක්ම රජය විසින් බද්දට යටත් කොට ඇති බැවිනි.
වෙළෙඳපොළට ගියත්, බෙහෙත් ගන්න ගියත් හෝටලයකට කෑම කන්න ගියත් ජනතාවට වැඩි වී ඇති වක්‍ර බදු ගෙවන්නට සිදු වේ.

2014ට සාපේක්ෂව 2018 වන විට රජය බදු වශයෙන් ලබා ගන්නට බලාපොරොත්තු වන ආදායම 100%කින් ඉහළ දමා ඇත. ඒ වැඩිවීම බලපාන්නේ රටේ ජනතාවටය.

Advertisements
26
මාර්තු
18

ආනන්ද වීරසේකර, ඇන්ටන් බාලසිංහම් හා වික්ටර් අයිවන් ගේ හද පාරවන මතක

කොටි වධකාගාරයක බිහිසුණු ජීවිතයේ හද පාරවන මතකය

කකුල් දෙකේම මැණික් කටුව වටේම පිලිස්සීමෙන් ඇතිවූ තුවාල කැළලි තවමත් එසේමය. කකුල් දෙකට යකඩ දම්වැල් දැමූ ‘අම්බු’ මහ හ¾ඩින් සිනාසෙමින් කකුල් දෙකට යකඩ දම්වැල් දමා එය වෑල්ඩින් කළ අයුරුත් ඒ යකඩ දම්වැල් ගිනියම් වී කකුල් පිච්චෙන විට අම්බුගේ සිනාව දෙගුණ තෙගුණ වී ඇසුණු අයුරුත් තවමත් ඔහුගේ දෙසවනේ දෝංකාර දෙයි. වම් අතේ වැළමිට ළඟ ඇති තුවාල කැළලත්, පොලුවලින් හා තල්පිතිවලින් පහර දීමෙන් පිටේ ඇතිවූ තුවාල කැළලත් දකින දකින වාරයක් පාසා ඔහුගේ සිත අතීතයට ගෙන යයි.

එදත් අද මෙන්ම මාර්තු මාසයේ දවසකි. ලොව දරුණුම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සැලකූ එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවට පත්වී වසර 5කට ආසන්න කාලයක් සිරකරුවන් ලෙස වධ කඳවුරුවල දස වධ විඳිමින් සිට ඔහු නිදහස ලැබූයේ මෙවන් මාර්තු මාසයකදීය. එනම් මීට වසර 23කට පෙරදීය.
1990 ජුනි මාසයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් උතුරු නැඟෙනහිර පිහිටි හමුදා කඳවුරුවලට එකවර වටකරගෙන පහර දෙන්නට විය. මාන්කුලම් පොලිසියට කොටි ත්‍රස්තවාදීන් ඇතුළු වූයේ පාන්දර 3.30ට පමණය. එහි සිටි පොලිස් නිලධාරීන් 14ක් පමණ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතු විය. උප පොලිස් පරීක්ෂක සිසිර සාන්තලාල් ද ඒ අතර විය. සාන්තලාල් ඇතුළු 14 දෙනාගේ අතපය බැඳ කල්ලඩි කොටි කඳවුරට රැගෙන ගිය අයුරුත් තුනුකායි කඳවුර හා අඩි 15ක් පමණ ගැඹුරු වළවල් තුළ ගෙවූ අතිශය කටුක දිවියත් ඔහු සිහි කරනුයේ නැවත ලද ජීවිතය පිළිබඳ අදටද වික්ෂිප්තවය. සාන්තලාල් කියනා ඒ කතාවයි මේ.

“තුනුකායි කඳවුර අපි කාටවත් අමතක නොවන වධ කඳවුරක්. අඩි 15ක් ගැඹුරු වළවල් ඇතුළේ අපි හිටියේ දම්වැල් දමා වෑල්ඩින් කරලා. ඒක විශාල සිර කඳවුරක්. හැම සිරකරුවෙක්ම හිටියේ පොළොවෙන් යට”

ඔඩ්ඩුසුඩ්ඩාන් පොලිසියෙන් අල්ලාගත් පිරිසකුත් තුනුකායි කඳවුරට ගෙනත් දැම්මා. එක දවසක් රෑ බත්තලකට පැටවූ ලොරියකින් අපිව යාපනයට රැගෙන ගියා. ඒ කිලාලි කළපුව මැදින්. අලිමංකඩ කඳවුරත්, පුනරීන් කඳවුරත් අතරින් තිබූ හොර මුහුදු මාර්ගයකින් තමයි අපිව අරගෙන ගියේ. කොඩිගාමම් පොල්වත්තේ පිහිටි කළුකොටි කඳවුරකත්, චාවකච්චේරිය කඳවුරකත්, වරින් වර අප රඳවා සිටියා. හැමදාම කොටි ත්‍රස්තවාදීන්ගේ පහරදීම්වලට ලක්වුණා. පහරදීම් නිසාම අපේ කිහිප දෙනෙක්ම ඒ කඳවුර තුළදීම මිය ගියා”
මොවුන් සිරගත කර සිටි වසර 5ක කාලය පුරාම මෙම නිලධාරීන්ගේ නිදහස උදෙසා විවිධ පිරිස් යාපනයට ගොස් කොටි නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වුවද ඒ කිසිවක් සාර්ථක වූයේ නැත. මාදම්පාගම අස්සජි හිමි ඇතුළු ස්වාමීන් වහන්සේ කණ්ඩායම කෙනන් ප්‍රනාන්දු පියතුමා, වික්ටර් අයිවන් ප්‍රමුඛ මාධ්‍ය කණ්ඩායම, බි්‍රගේඩියර් ආනන්ද වීරසේකර ඒ අතරින් ප්‍රමුඛ වේ.

කවුරු ආවත් ඔවුන් අපිව නිදහස් කළේ නෑ. අපේ මිනිස්සු මරාදාන වැඩපිළිවෙළ තුළ තමයි ඔවුන් නිතරම හිටියේ. ජෙනරාල් කොබ්බෑකඩුව මහතා මිය ගිය විට අපි හිටියේ යාපනය නල්වූර්වල ‘ටැංගෝ 4’ කඳවුරේ. ජෙනරාල් කොබ්බෑකඩුව මිය ගිය බව දැනගත් ත්‍රස්තවාදීන් අපි රඳවා සිටි තැනට ඇවිත් අහසට වෙඩි තබමින් හුඟාක් සතුටු වුණා. නමුත් ඒ සියල්ල දෙස අපි බලා හිටියේ හදවතින් හඬා වැටෙමින්. නමුත් ඔවුන් හැමෝම පිළිගත්තා දක්ෂතම අණ දෙන්නා කොබ්බෑකඩුව මහත්තයා බව.

ත්‍රස්තවාදී අත්අඩංගුවට පත් වී වසර තුනක් ගෙවුණු තැන පොලිස් නිලධාරීහු උපවාසයක් ආරම්භ කළහ. ඒ නිදහස හෝ මරණය වෙනුවෙන්. දින ගණන්, සති ගණන් ගත කළේ වතුර බීමෙන් පමණි. අත්අඩංගුවට පත් නිලධාරීන්ගේ මවුපියන්ට යාපනයට ඒමට රජය අවසර දෙන්නේ නම් සිරකරුවන් නිදහස් කරන බවට ප්‍රභාකරන් දැනුම් දුන්නේද මේ අවස්ථාවේදීය. ඒ අනුව මවුපියන් යාපනයට රැගෙන යෑමට රජය විසින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට භාර කළේය.

“දින කිහිපයකින් අපේ අම්මලා යාපනයට ආවා. මවුපියන්ට අපිව අඳුනන්න බැරි වුණා. සමහර අම්මලා පුතා ළඟ ඉඳිද්දී ‘මගේ පුතා නෑ’ කියලා කෑ ගහන්න ගත්තා. එය ඉතාම සංවේදී අවස්ථාවක්. නමුත් ත්‍රස්තවාදීන් අප නිදහස් කළේ නෑ. අම්මලා හිස් අතින් ආපහු ගියා. අම්මලා එද්දී අපේ කකුල්වල තිබූ දම්වැල් අයින් කළා. පසුව නැවත කකුල්වලට දම්වැල් දමා වෑල්ඩින් කරලා වළ ඇතුළට දැම්මා. ඉවසන්නම බැරි වුණේ එකට සිටි යහළුවන්ගේ මිය යෑම. මම සිටි වළ තුළම තමයි සාජන් කරුණාරත්න රඳවා හිටියේත්. ඒ වෙද්දී ඔහුගේ දුව 5 වසර ශිෂ්‍යත්වය සමත් වෙලා. ‘මම නිදහස් වෙලා ගිය ගමන් දුව කුරුණෑගල මලියදේව බාලිකාවට දානවා’ ඔහු හැමදාකම එහෙම කිව්වා. නමුත් දවසක් එළිය වැටෙද්දී ඔහු වළ තුළම මිය ගිහින්.
අතපත්තු කියන්නෙත් මට සිටි හොඳ යාළුවෙක්. වධ කඳවුරේදීත් අපි හිටියේ එකටමයි. දවසක් ඔහු හොඳටම නිදි. වධ කඳවුර තුළ නින්ද යනවා කියන්නේ ලොකු දෙයක්. ඒ නිසා මම ඔහු නැගිට්ටවන්න ගියේ නෑ. නමුත් ඔහු දිගින් දිගටම නිදි. ඒ ගමන මම අතපත්තුගේ උරහිසට අත තියලා කතා කළා. ඔහු මිය ගිහින්.

නිදහස පේන මානයකවත් නොතිබූ හෙයින් ඔවුන් නැවතත් උපවාසයක් ඇරැඹීය. ඒ කොටි ග්‍රහණයට නතු වී වසර 5ක් ගෙවෙනා විටදීය. එනම් 1995 මාර්තු මාසයේදීය. දින ගණනක් වතුර පමණක් පානය කර වතුර ගැනීමත් නතර කර පැය 36ක් ගත වූ විට ඔවුන් දැඩිව රෝගාතුර විය. ත්‍රස්තවාදීන් විසින් සාන්තලාල් හා සුනිල් දිසානායක යාපනය මහ රෝහලට රැගෙන යනු ලැබුවේ බලහත්කාරයෙනි. සේලයින් ලබා දුන්නේද පොලිස් නිලධාරීන් දෙදෙනාගේ දැඩි විරෝධතාව මැදිනි.
“අපි සේලයින් කටු ගලවා ඉවත් කළා. ඒ ගමන අපි දෙන්නා විතරක් නිදහස් කරන්න ත්‍රස්තවාදීන් තීරණය කළා. අපි දෙන්නා එයට විරුද්ධ වුණා. සියලු දෙනා දුක් වින්දේ එකට බවත් අපේ නිදහස හෝ මරණය සිදුවිය යුත්තේද එකට බවත් අපි ඔවුන්ට පැවැසුවා.”

ඒ අනුව පසුදින කොටි කඳවුරට පැමිණි ඇන්ටන් බාලසිංහම් හා තමිල් චෙල්වම් ඇතුළු ත්‍රස්තවාදී නායකයන් අපි නිදහස් කර රතු කුරුස සංවිධානයට බාරදීමට ක්‍රියා කළා.”
“මේ අපේ භූමිය. නැවත අපේ වැලි පාගන්න ඇවිත් උඹලා කරදර විඳින්න එපා”

“ඇන්ටන් බාලසිංහම් අවසන් වරට කිව්වේ එහෙමයි. අන්තිමට මේ මාතෘ භූමියෙන් පිටමං වෙන්න වුණේ ඔවුන්ටමයි. එදා නිදහස බලාපොරොත්තුව පුල පුලා බලා සිටියා වගේ අදත් මට එවැනි ආසාවක් තිබෙනවා. ඒ එදා මා සමඟ සිට නිදහස ලැබූ මිතුරන් නැවතත් හමුවන්න. ඔවුන් හමු වී කතා බහ කරන්න මම ආසාවෙන් බලා ඉන්නවා. මොකද අපි සියලු දෙනා දහස් වාරයක් මැරිලා ඉපදුණු අය. දැන් තමයි හැබෑවටම ජීවත් වෙන්නේ. මේ ජීවිතය මඟහැරුණු ඒ මිතුරන් එක්ක බෙදා හදා ගන්න මට ආසයි.”
පුනරීන්, ජනකපුර හමුදා කඳවුරුවල සිටියදී එල්ටීටීඊ අත්අඩංගුවට පත්ව නිදහස ලැබූ සෙබළුන් සිටී නම් සාන්තලාල් මඟ බලා සිටිනුයේ ඔබගෙන් ඇමතුමක් ලැබෙන තුරුය. 0718333843 ඒ ඔහුගේ දුරකතන අංකයයි.

චාමිණී ගම්මන්පිල

24
මාර්තු
18

ආචාර්ය නාලක ගොඩහේවා ඔබට බොහොම ස්තූතියි… (UN)

කොටි සංවිධානය ‘අ’යන්නේ සිට කල අපරාධ 

අපට අනවශ්‍ය ඔබේ සහාය බලෙන් දෙන්න එපා.. කොටි සංවිධානය ‘අ’යන්නේ සිට කල අපරාධ ජිනීවාහි රැවුදේ…

ආචාර්ය නාලක ගොඩහේවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සමුලුවේ, ” ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ බලපෑම්” යන මැයෙන් වූ සමාන්තර සැසිවාරයේදී කල දේශණයේ පරිවර්ථනය…

තිස් වසරක් පුරා ලෝකයේ දරුනුණුතම ත්‍රස්තවාදී කන්ඩායමක් වන එල් ටී ටී ඊ සංවිධානය විසින් භීෂණයට ලක් කොට තිබූ ලංකාව කොටි ත්‍රස්ථවාදයේ රුදුරු ග්‍රහණයෙන් මුදවාගෙන, අඳුරින් වැසී තිබුන දේශයට යලි සාමයේ ආලෝකය ගෙන එනු ලැබුවේ 2009 වසරේදීයි.

කොටි ත්‍රස්ථවාදීන්ට අවශ්‍යව තිබුනේ වෙනම රටක්. එය ඔවුන් හැදින්වූයේ ඊලාම් දේශය කියායි

එය දිනා ගැනීම සඳහා ඔවුන් උතුරු හා නගෙනහිර පලාත්වල සන්නද්ධ අරගලයක යෙදී සිටියා. ඊට සමාන්තරව ඔවුන් රට පුරා සෑම ප්‍රදේශයකම වාගේ ත්‍රස්ථ ක්‍රියා කරමින් භීෂණය පැතිරුවා

ලෝකයට මුලින්ම මරාගෙන මැරන ත්‍රස්ථවාදීන් යන සංකල්පය හඳුන්වා දුන්නේ කොටි සංවිධානයයි. ඔවුන් කාන්තාවන් හා කුඩා දරුවන්පවා මිනිස් බෝම්බ බවට පත්කලා. කෲර බව අතින් කොටීන්ටට සමකල හැකි ත්‍රස්ථවාදී කන්ඩායමක් එකල ලෝකයේ කිසි තැනක සිටියේ නැහැ. ලෝකය පුරාම ත්‍රස්ථ කන්ඩායම් කාලයත් සමග කොටි ත්‍රස්ථවාදීන් ආදර්ශයට ගන්නට පටන් ගත්තා.

රටවල් දෙකක නායකයින් එනම් ඉන්දීය අගමැති රජීව් වූ ගාන්ධි හා ලංකාවේ ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස දෙදෙනාම කොටින්ගේ මරාගෙන මැරෙන මිනිස් බෝම්බවලට අසුවී මියගියා.

එල් ටී ටී ඊ සංවිධානය බලය තහවුරු කරගත්තේ ඉතා ක්‍රමානුකූලවයි. මුලින්ම ඔවුන් රටේ සිටි ප්‍රබල දෙමල දේශපාලනඥයින් මරාදැමුවා. දෙවනුව අනෙකුත් දෙමල ත්‍රස්ථවාදී කන්ඩායම් වල නායකයින් මරාදැමුවා. ඊ ලඟට තමුන්ට අනාගතයේ තර්ජනයක් විය හැකි නැගී එන දෙමල නායකයින් මරාදැමුවා. අවසානයේ දෙමල ජනතාවගේ එකම නියෝජිතයා බවට එල් ටී ටී ඊ සංවිධානය පත්වුන අතර දෙමල ජනතා සංධානය වැනි දෙමල දේශපාලන කන්ඩායම් ඒ වන විට කොටීන්ගේ අතකොලු බවට පත්වී සිටියා.

80 මුල් කාලයේදීම උතුරේ ජීවත්ව සිටි සිංහල ජනතාව පලවා හැරීමේ කාර්ය පටන් ගත්තා.මායිම් ගම්මාන වල සිටි සිංහලයින් 500කට වැඩි ප්‍රමාණයක් ඔවුන් මරාදැමුවා. 1981 සංගනනයට අනුව යාපනය අර්ධදිවීපයේ සිංහලයන් 19,334ක් ජීවත්ව සිටියත් 90 දශකය වන විට එකද සිංහලයෙක් වත් එහි ඉතුරුව සිටියේ නැහැ.

ඊලගට ඔවුන් අවධානය යොමුකලේ උතුරේ ජීවත්වූ මුස්ලිම් ජනතාවටයි. 1990 ඔක්තොබර් මාසයේ දිනක උතුරේ ජීවත්වූ 75,000කට වැඩි මුස්ලිම් ජනතාවට පැය 48 ක් තුල ඉවත්වන ලෙස කොටි ත්‍රස්ථවාදීන් අණකලා. එම අණට පිටුපෑවන්ට අත්වූයේ මරණයයි. ඊට අමතරව උතුරු හා නැගෙනහිර පලාත්වල මුස්ලිම් ගම්මාන රාශියක් ඔවුන් විනාශකලා. එම පහරදීම වලදී 600 කට වැඩි මුස්ලිම්වරුන් ඝාතනය වුනා.

බහුතර ජනතාව දෙමල නොවන ප්‍රදේශවල දිගින් දිගටම එල් ටී ටී ඊය විසින් මනුෂ්‍ය ඝාතන කරනු ලැබුවා. වසර 30 ක් තිස්සේ මේ ආකාරයට භීෂණය පතුරවමින් ඔවුන් උත්සාහකලේ 1983 වූවාක් මෙන් ජාතිවාදී කලබලයක් අවුස්සා ගන්නටයි. එය ඔවුන්ගේ අන්තර්ජාතික ප්‍රචාරක කටයුතුවලට වාසියක් කරගන්නයි ඔවුන්ට අවශ්‍ය වූයේ. නමුත් සිංහල හෝ මුස්ලිම් ජනතාව යලිත් එම උගුලට යලි අසුවුනේ නැති නිසා 1983න් පසු කිසිවිටක රටේ අන් ප්‍රදේශවල ජීවත් වූ දෙමල ජනතාවට අනතුරක් සිදුවුනේ නැහැ. මෙය සාමාන්‍ය ශ්‍රී ලාංකික ජනතාව කෙතරම් සාමකාමීද කියා පෙන්වන්නට හොඳම උදාහරණයක්.

1985 අගෝස්තු 14දා සිංහල බෞද්ධයන්ගේ පූජනීය නගරයට එල් ටී ටී ඊ ත්‍රස්ථාවාදීන් රැගත් බසයක් ලඟාවුනා. බෞද්ධයන්ගේ අතිශය පූජනීය ස්ථානයක් වන ශ්‍රී මහා බෝධිය අසල ධර්මානුකූලව සිටි අහිංසක උපාසක උපාසිකාවන් 120කට අධික ප්‍රමානයක් ඔවුන් විසින් එදා වෙඩිතබා මරාදමනු ලැබුවා. ඔවුන් බලාපොරොත්තු වූයේ මින් සිංහල බෞද්ධයන් කුපිතව දෙමල ජාතිකයින්ට පහරදෙයි කියායි . නමුත් එය සිදුවුනේ නැහැ. මෙසේ ආරම්භ වූයේ වසර 25 ක් තිස්සේ කොටි සංවිධානය විසින් දිගින් දිගටම සිදුකල මහා ඝාතන රැල්ලක ආරම්භයයි.

*1987 අප්‍රේල් 17දා එල් ටී ටී ත්‍රස්තයන් විසින් හබරණදී බස් මගීන් 121ක් මරාදමා 44කට තුවාල සිදු කලා
*1987 අප්‍රේල් 21දා පිටකොටුව බස් නැවතුම්පොලේ පිපිරවූ බොම්බයකින් 106 දෙනෙකු මියගොස් 295 දෙනෙකුට තුවාල සිදු වුනා
*1987 ඔක්තෝබර් 6දා මඩකලපුව තැපැල් දුම් රියට ගිනි තැබීමෙන් 40 දෙනෙකු මියගොස් 24දෙනෙකු තුවාල ලැබූවා.
*1987 නොවැම්බර් 9දා මරදානේ වාහනයක තිබූ බොම්බයක් පුපුරා 23දෙනෙකු මියගිය අතර 106 දෙනෙකුට තුවාල සිදු කලා.
*1989 අප්‍රේල් 13දා ත්‍රීකුණාමල නගරයේ කාරයක තිබු බොම්බයකින් 51 දෙනෙකු මියගොස් 43 ට තුවාල සිදු වුනා.
*1990 අගෝස්තු 3දා එල් ටී ටී ඊ ත්‍රස්ථයන් විසින් මඩකලපුවේ කතන්කුඩි වල පල්ලියකට පහරදී 147 දෙනෙකු මරාදමන ලද අතර 70 දෙනෙකුට තුවාල සිදු කලා
*1990 අගෝස්තු 6දා අම්පාරේ කුඹුරක වැඩ කරමින් සිටි ගොවීන් 34දෙනෙකු මරාදමා තිබුනා.
*1992 අප්‍රේල් 10දා අම්පාරේ බසයක් තුල බොම්බ පිපිරීමකින් 28දෙනෙකු මියගොස් 36 දෙනෙකුට තුවාල සිදු වුනා
*1994 ඔක්තෝබර් 24දා මරා ගෙන මැරෙන බොම්බ කරුවෙකු විසින් තොටලගදී 54දෙනෙකු මරාදමන ලද අතර 72කට තුවාල සිදු වුනා
*1995 අගෝස්තු 7දා මරා ගෙන මැරෙන බොම්බ කරුවෙකු විසින් නිදහස් චතුරශ්‍රය අසලදී 23දෙනෙකුට මරු කැඳවන ලද අතර 40 දෙනෙකුට තුවාල සිදු වුනා
*1996 ජන්වාරි 31දා මහ බැංකුවට එල්ලවූ බොම්බ ප්‍රහාරයෙන් 80 දෙනෙකු මියගොස් 1200 ක් තුවාල ලැබූවා

*1996 ජූලි 24දා දෙහිවල දුම් රිය ස්ථානයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 57දෙනෙකු මියගොස් 356ක් තුවාල ලැබූවා.
*1998 මාර්තු 5දා මරදානේදී 36 දෙනෙකු මියගොස් 270ක් තුවාල ලැබුවේ වාහනයක තිබූ බොම්බයක් නිසායි
*1998 දෙසැම්බර් 18දා මගී ප්‍රවාහනයේ යෙදී සිටි කුඩා ගුවන් යානයක් ත්‍රස්ථවාදීන් විසින් බිමහෙලීම නිසා සාමාන්‍ය වැසියන් 54දෙනෙකු මරණයට පත් වුනා

*1999 දෙසැම්බර් 18දා ටවුන් හෝල්හීදී චන්ද රස්වීමකට එල්ලකල මරාගෙන මරෙන බොම්බ ප්‍රහාරයකින් 16දෙනෙකු මියගොස් 106 දෙනෙකුට තුවාල සිදු වුනා
*2000 ජුනි 7දා මරාගෙන මරෙන ත්‍රස්ථවාදියෙකු විසින් රත්මලානේදී 24දෙනෙකු මරාදමන ලද අතර 60 දෙනෙකුට තුවාල සිදු වුනා
*2000 නොවැම්බර් 28දා අනුරාධපුරයෙදී පුපුරා ගිය ක්ලේමෝ බොම්බයක් නිසා 16දෙනෙකු මියගොස් 36 දෙනෙකු තුවාල ලැබූවා
*2006 ජුනි 15දා කැබිතිගොල්ලෑවේදී ක්ලේමෝ බොම්බ දෙකක් පුපුරා 64දෙනෙකු මියගොස් 87 දෙනෙකුට තුවාල සිදුවුනා
*2007 අප්‍රේල් 25දා මොනරාගලදී බසයකට එල්ල කරන ලද බොම්බ ප්‍රහාරයකින් 27දෙනෙකු මියගිය අතර 65 දෙනෙකුට තුවාල සිදු වුනා
*2008 ජූනි 6දා කටුබැද්දේදී බසයක් තුල බොම්බයක් පුපුරා 23 දෙනෙකු මියගිය අතර 28දෙනෙකු තුවාල ලැබුවා
*2008 ඔක්තෝබර් 6දා එල් ටී ටී ඊ මරාගෙන මැරෙන බොම්බ කරුවෙක් විසින් අනුරාධපුර චන්ද රැස්වීමකට සහාභාගී වී සිටි 27දෙනෙකු මරදාමා 84 දෙනෙකුට තුවාල සිදු කලා

නමුත් මේ කාලය පුරාවටම අන්තර් ජාතික ප්‍රජාව හැසිරුනේ මේ කිසිවක් නොදැක්කා සේයි.

කොටි ත්‍රස්ථවාදීන් මායිම් ගම්මානවල සිටි අහිංසක සිවිල් වැසියන් කෲර වදහිංසා කොට මරදමන විට , රටපුරා බෝම්බ පුපුරවමින් සිවිල් වැසියන් තොග පිටින් මරාදමන විට කිසිදු විදේශීය ආයතනයක් ඒ මිනිසුන් වෙනුවෙන් කතා කලේ නැහැ. ඒ කාලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අපව මතක් වුනේ නැහැ. ලංකාවේ සිදුවන මනුෂ්‍ය ඝාතන ගැන සොයන්නට එදා කවුරුවත් ලංකාවට නියෝජිතයෝ එව්වේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධායනයේ මහලේකම්ලා ලංකාවේ සිදුවන ත්‍රස්ථවාදී ප්‍රහාර ගැන වාර්ථා සපයන්න කමිටු පත්කලේ නැහැ. කවුරුවත් යෝජනා සම්මත කලේත් නැහැ. සරලව කියනවානම් එදා අපිට පිහිට වෙන්න කිසිවෙක් හිටියේ නැහැ. අපේ ප්‍රශ්ණය විසඳාගන්න සිටියේ අපි පමනයි

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ අණින් ත්‍රස්ථවාදීන්ට යටත්වුන නැගෙනහිර සේවය කල පොලීස් නිලධාරීන් 600 ක් අමු අමුවේ මරාදැමුන විට එය යුධ අපරාධයක් කියල කාටවත් මතක් වුනේ නැහැ.

යුධමය ක්‍රියා මාර්ගයකින් එල් ටී ටී ඊය පරාජය කරන්නට පසුගිය රජය තීරණය කලේ සියලු ආකාරයේ සාම සාකච්ඡා අසාර්ථක වුනාට පසුවයි. එහෙත් එයට රජය යුද්ධයක් කිවේ නැහැ. එය හැඳින්වූයේ මානුෂික මෙහෙයුමක් ලෙසයි, මන්ද අපේ ත්‍රිවිධ හමුදාව ඉදිරියට ගියේ අපේම රටේ ජනතාව වෙනුවෙන්. ඒ මානුෂික මෙහෙයුමේදී කොටි ත්‍රස්ථවාදීන් මිනිස් පලිහක් ලෙස යොදාගෙන සිටි ලක්ෂ 3කට ආසන්න දෙමල ජනතාව මුදාගන්නට අපේ හමුදාවන්ට පුලුවන් වුනා.

එල් ටී ටී ඊය ඉතා ප්‍රබල ත්‍රස්ථවාදී සංවිධානයක් වීමට එක් මූලික හේතුවක් වූයේ ලෝකයේ රටවල් ගනනාවක පැතිර තිබූ ඔවුන්ගේ අන්තර් ජාතික ජාලයයි. ලෝකය පුරා විසිර සිටි දෙමල ඩයස්පෝරාවෙන් කැමත්තෙන් හෝ අකමැත්තෙන් එකතු කර ගත් මුදල් යුද්ධයට ඍජුවම වියදම් කරනවාට අමතරව විවිධ ව්‍යාපාරවල ආයෝජනයද කෙරුනා. මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම් , මිනිස් වෙළඳාම, හොර බඩු ප්‍රවාහනය, පාතාල ගනුදෙනු වැනි විවිධ ක්‍රමවලින් මුදල් උපයන ලද අතර මුදල් යොදවා විවිධ රටවල බලගතු දේශපාලනඥයින් හා ලෝක සංවිධානවල බලගතු නිලධාරීන් තමන්ට හරවාගැනීමට ඔවුන්ට පුලුවන් වුනා. මුදල් ගෙවා තමන්ගේ පැත්තට හරවා ගත් මාධ්‍යවේදීන්ට අමතරව තමුන්ගේම මාධ්‍ය ආයතන පවා ඔවුන්ට තිබුනා.

යුද්ධය 2009 අවසන් වූවාට මියගියේ ලංකාවේ සිටි සන්නද්ධ ත්‍රස්ථවාදීන් පමනයි. ඔවුන්ගේ අන්තර් ජාතික ජාලය ඉතුරුවුනා. ඒ අනුව එදා ප්‍රභාකරන් යටතේ තිබුන විශාල ව්‍යාපාර ජාලය හා ආදායම අද පාලනය කරන්නේ මේ අයයි. ඔවුන්ට මේ ව්‍යාපාරයේ වත්කම්වලින් දිගටම සැප විඳින්නට නම් ඊලාම් ව්‍යාපාරය නොනැසී පැවතිය යුතුයි. එදා යුද්ධයට ආයුධ මිලදී ගන්නට ගිය විශාල මුදල අද සම්පූරණයෙන්ම ඉතුරුවන නිසා ඉන් සුලු කොටසක් පමනක් වැය කොට අන්තර් ජාතික සංවිධාන තම අවශ්‍යතාවෙනුවෙන් යොදවාගන්නට මේ අයට පුලුවන්.

ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධය අවසන් වී වසර ගනනාවකට පසුත් අදත් ලංකාවට නිදහසේ ඉන්නට අන්තර් ජාතික සංවිධාන ඉඩ නොදෙන්නේ ඔවුන්ව මේ අන්තවාදී බලවේග විසින් පාලනය කෙරෙන නිසායි. අපේ රටේ සිංහල , දෙමල , මුස්ලිම්, බර්ගර් හා අන් සියලුදෙනා සහෝදරත්වයෙන් එක්වී වසර 30 ක් තිස්සේ එක්තැන පලවූ රට ගොඩනගන්නට උත්සහ කරද්දී මේ අය කරන්නේ ඉතිහාසයේ තුවාල හොඳ වන්නට ඉඩ නොදී යලි යලිත් පෑරීමයි. අන්තවාදී දෙමල ඩයස්පෝරාවේ මුදලට අද ලංකාවේ පවතින රජයත් යටවෙලා බව අපට කනගාටුවෙන් කියන්නට වෙනවා. තමුන්ගේම රටේ හමුදාවන්ට එරෙහිව විදේශ රටක් විසින් ගෙන ආ යෝජනාවකට සම අනුග්‍රහය දක්වන්නට තරම් දීන තත්වයකට පත් වූ ලෝකයේ එකම රට බවට ලංකාව පත් වන්නේ ඒ අනුවයි .

අපි ඔබට අවධාරණය කොට කියා සිටිනවා ලංකාවේ බහුතරයක් ජනතාව ජාතිවාදීන් නොවෙන බව. ශ්‍රී ලාංකික සමාජය සකස් වී තිබෙන්නේ සිංහල , දෙමල, මුස්ලිම්, බර්ගර් හා තවත් ජනවර්ග කිහිපයක එකතුවෙන්. මේ සියලුදෙනාම රටේ උරුමක්කරුවෝ. ඔවුන්ගෙන් කිසි අයෙකු අන් අයෙකුට වඩා උසස් හෝ පහත් නැහැ. අවාසනාවකට වගේ අපි අතරම සිටින අමන මිනිසුන් කිහිපදෙනෙකුව කපටි දේශපාලනඥයින් විසින් යොදාගෙන තිබෙනවා රට තුල නැති ජාතිවාදයක් ලොවට පෙන්වන්නට. අන්තවාදීන් කිහිපදෙනෙකුගේ අනුවණ හැසිරීම් වලින් ලංකාවේ ජීවත්වන සාමකාමී බුද්ධිමත් බහුතර ජනතාව මනින්න එපා. ලංකාවේ ජීවත්වන අති බහුතරයක් ශ්‍රී ලාංකිකයිනට අවශ්‍යය සාමයයි, තම තමන්ගේ ආගමික , වාර්ගික හා සංස්කෘතික අනන්‍යතාවන් රැකගෙන ගෞරවාන්විතව ජීවත් වීමටයි ඔවුන්ට අවශ්‍ය. ඔවුන් ඉල්ලන්නේ සෑම කෙනෙකුටම පොදුවූ ආර්ථික නිදහසයි.

වසර 2600 ක ලිඛිත ඉතිහාසයක් තිබෙන අපිට අපේ ප්‍රශ්ණ විසඳාගන්නට පුලුවන්. අපේ ජනතාව ගැන බලාගන්න අපිදන්නවා. ඒ නිසා තම කපටි අරමුණු ඉටුකරගන්නට බළල් අත් යොදාගන්නන්ගේ ප්‍රයෝග වලට අසුවී ලංකාවට බලපෑම් නොකරන ලෙස අපි අන්තර් ජාතික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. අපට අනවශ්‍ය ඔබේ සහාය බලෙන් දෙන්න උත්සාහ කරන්න එපා.

– චාමින්ද කරුණාරත්න

18
මාර්තු
18

ලංකාවෙ මුස්ලිම් පල්ලි සියයට 90ක් ම වහාබි ග්‍රහණයේ සහ ISIS ත්‍රස්තවාදයට

මහනුවර කලබලය ගැන ජාත්‍යන්තර මාධ්‍යයෙන් මුල්වරට විශ්ලේෂණාත්මක හෙළිදරව්වක්

වියොන් නිවුස් වෙබ් අඩවිය හෙවත් World Is One News යන ගෝලීය ප්‍රශ්න විශ්ලේෂනාත්මක මුහුණුවරකින් වාර්තා කරනු ලබන ඉන්දියානු වෙබ් අඩවියක් මඟින් ශ්‍රී ලංකාවේ පසුගිය දින කිහිපයේ මහනුවර හා අම්පාර ප්‍රදේශවල ඇති වූ කලබලකාරී තත්ත්වය පිළිබඳ වාර්තාවක් සකසා අන්තර්ජාලයට මුදා හැර තිබේ.

එහි සිංහල පරිවර්තනය මෙසේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම නගරය හා දළදා මාලිගාව පිහිටා තිබෙන පූජනීය නගරය වන මහනුවර හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබෙන අතර දැඩි ඇඳිරිනීතිය ක්‍රියාත්මක වෙයි.

ශ්‍රී ලංකාවේ වසර 30ක් දීර්ඝ යුද්ධය අවසන් වී වසර 6ක් ගතවී තිබේ. එම වසර 6ක ප්‍රගතිශීලී සාමය බිඳ දැමුවේ කවර බලවේගයක් යනුවෙන් ඔවුන් ප‍්‍රශ්න කර තිබේ.

දිවයිනේ නැගෙනහිර වෙරළ හා මධ්‍යම කඳුකරය ආශ්‍රිතව පැවති සන්සුන් බව බිදී ගොස් ඇත. නැගෙනහිර පළාතේ අම්පාර සහ පූජනීය මහනුවර මෙන්ම ඒවායේ උප නගරයන්ද සතියකට වඩා වැඩි කාලයක සිට කැරලි කෝලාහලවලින් පිරී ගොස් ඇතග රටේ මහජාතිය වන සිංහල කලහකාරී පිරිස් රටේ දෙවන විශාලතම සුළු ජාතිය වන මුස්ලිම්වරුන්ට හා ඔවුන්ගේ කඩ සාප්පු පහරදුන් බව වාර්තා වෙයි.

එක් පුද්ගලයෙක් මියගොස් ඇති අතර දෙදෙනෙක් රෝහල් ගතකර තිබේ. අමිත් ජීවන් වීරසිංහ නැමති ප්‍රධාන සැකකරු ඇතුළු 81 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

තවමත් ජාත්‍යන්තර මාධ්‍ය අති බහුතරය විශේෂයෙන්ම මැදපෙරදිග සම්බන්ධ මාධ්‍ය සිද්ධිය ලේ පිපාසිත සිංහලයන් හා ගොදුරු බවට පත්වූ මුස්ලිම්වරුන් ලෙස වාර්තා කරමින් අතිශයෝක්ති ගත චිත්‍රයක් සමාජගත කරමින් සිටී. නමුත් වියෝන් අපි ශ්‍රී ලංකාවේ සියලුම ආගම්වල විශ්ලේෂකයන්ට කතා කරමින් අප සොයාගන්නා චිත්‍රය තරමක් වෙනස් එකකි.

සිංහලයන්ගේ නොඉවසිල්ල වැඩිවී ඇති අතර මෙවර එහි ඉලක්කය දමිල ජාතිකයන් නොව රටේ වෙසෙන මිලියන දෙකකට ආසන්න මුස්ලිම්වරුන් බව සත්‍යයකි. ප්‍රචණ්ඩත්වය කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක. නමුත්, 2009 සිට මුස්ලිම්වරුන් පිළිබඳව රට තුළ වර්ධනය වන අවිශ්වාසයට මූලික වූ හේතුව විමසා බැලිය යුතුය.

එයට මූලික හේතුව වී ඇත්තේ ලොව ඉව්සිලිවන්තම හා සාමකාමීම මුස්ලිම් ප්‍රජාවන්ගෙන් එකක් වන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව අතර වහාබිවාදය පැතිර වීමයි.

ශ්‍රී ලංකාවේ ළඟම අසල්වැසියා වන මාලදිවයින ඒකාධිපති ජනාධිපතිවරයාගේ ආශිර්වාද මධ්‍යයේ දැනටමත් සෞදි අරාබියේ ධනය හා රැඩිකල් ඉගැන්වීම්වලින් පීඩා විඳින බව නොරහසකි.

සෞදි අරාබිය ඉංග්‍රීසි කතා කරන වහාබි දේශකයන් පුහුණු කරමින් ලොව වටා රටවල්වලට පිටත්කර යවන අතර ඒ සඳහා විශාල මුස්ලිම් ප්‍රජාවක් වෙසෙන දකුණු ආසියාව තරම් ඔවුන්ගේ ආකර්ෂණය දිනාගත් වෙනත් කලාපයක් නැත.

ස්මයිල් මින්ක්, සාකිත් නායක් හා තාරික් ජමීල් යනු සෞදිය විසින් පුහුණුකර යැවූ එවැනි මතභේදාත්මක කථිකයන් අතරින් කිහිප දෙනෙකි. මින්ක්ට එක්සත් රාජධානියට හා සිංගප්පුරුවට පිවිසීම තහනම් කර ඇති අතර සාකිත් නායක් ඉන්දියානු පොලිසිය අත්අඩංගුවට ගැනීමට අත්‍යාවශ්‍යම පුද්ගලයන්ගේ ලැයිස්තුවට එක් කර ඇත.

ශ්‍රී ලාංකික වාර්තාකරුවන් රිස්වි මුෆ්ති සහ මුයිස් බුඛාරී වැනි වහාබි දේශකයන් වෙත ඇඟිල්ල දිගු කරයි. දැන් මෙම සංඛ්‍යා ලේඛන දෙස අවධානය යොමු කරමු. මදර්ශාහ් (ඉස්ලාම් ආගම උගන්වන ආයතන) 749ක්, ඉස්ලාම් විශ්වවිද්‍යාල එකක්, අවම වශයෙන් ප්‍රධාන මුස්ලිම් පල්ලි 10ක් හා දුසිම් ගණනක් කුඩා මුස්ලිම් පල්ලි ශ්‍රී ලංකාව තුළ ඇත. ඒ අතරින් මුස්ලිම් පල්ලි සියයට 90ක් ම වහාබි දේශකයන්ගේ ග්‍රහණයේ පවතින අතර ශ්‍රී ලාංකික මුස්ලිම්වරු 33 දෙනෙක් පමණ ඉස්ලාම් ජනපද ISIS ත්‍රස්ත ව්‍යාපාරයට බැදී ඇති බව වාර්තා වෙයි.

සිංහලයන්ගේ නොඉවසිල්ල වර්ධනය වීමට මූලිකම හේතුව ලෙස විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ සාම්ප්‍රදායික ඉවසිලිවන්ත ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ හැසිරීමේ දක්නට ලැබුණ වෙනස්කම් නිසා බවයි.

මුස්ලිම් දේශකයන්ගේ වර්ධනය වන කර්කශ බව හා හිජාබය දිවයිනේ ප්‍රචලිත කිරීම එම වෙනස්කම්වලට මග පාදා තිබේ.

එහෙත් විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ කැරැල්ලට මග පෑදු තවත් විශ්මිත අංගයක් පසුගිය 08 වන දා ලංකන් ඩේලි වෙබ් අඩවිය සඳහා ඔහු දායක වූ ලිපියක පෙන්වා දුන්නේය.

කෙසේ හෝ ශ්‍රී ලංකාව කෑලි වලට කැඩීමට අපේක්ෂාවෙන් සිටින විදේශ බලවේගයන් දෙසට හෙතෙම ඇඟිල්ල දිගු කරයි.

එම සංසිද්ධිය ඉන්දියන් සාගරය මධ්‍යයේ, තීරනාත්මක තෙල් නැව්ගත කිරීමේ නාවික ගමන් මාර්ගයක, පිහිට තිබෙන ශ්‍රී ලංකාව තරම් හොඳින් කිසිදු රටක් අත්දැක නැත.

වියෝන් ප්‍රවෘත්ති අංශයේ සිට පද්මා රාඕ සජීවීව දැන් මා හා සම්බන්ධ වනවා.

සුබ සන්ධ්‍යාවක් පද්මා, වසර ගණනාවක දමිල අන්තවාදයෙන් පසු දැන් අප බලමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් රැඩිකල්වාදයේ වර්ධනය දෙස.

ත‍්‍රස්ථවාදය මෙහෙය වූ දමිල ජනතාව අතර ත්‍රස්තවාදය හා එකම තලයක තැබීමට තරම් දුරට මා යන්නේ නෑ. එයට දෙමළ ත්‍රස්තවාදය කීම එතරම් ගැලපෙන්නෙ නෑ, මොකද එම ත්‍රස්තවාදය තිබුනේ දෙමළ ඩයස්පෝරාවේ මූල්‍ය ආධාර, සහාය සහ අනුබලය ලැබුණු පුද්ගල කණ්ඩායමක ග්‍රහණයේ.

එම නිසා අපි එවැනි සංසන්දනයක් නොකර ඉමු.

නමුත් නිසැකවම ඔව්, මුස්ලිම් රැඩිකල්වාදයේ වර්ධනයක් තිබෙනවා, ඒක විශ්ලේෂකයොත් පෙන්වා දෙන්නේ. 2009 යුද්ධය අවසන් වූ දා සිට එය වර්ධනය වෙමින් තිබෙනවා.

ඒ වගේම ඔබ දන්නවා දේශ සීමා, බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තිබෙන්නේ සිදුරු සහිත දේශ සීමා හා ආගමන පාලකයන් එවැනි රැඩිකල්වාදීන් රට තුළට ඇතුල් වීම හා ක්‍රමයෙන් ඔවුන්ගේ ඉගැන්වීම් ව්‍යාප්ත කරමින් ලොව ඉවසිලිවන්තම මුස්ලිම් ප්‍රජාවකගේ මනසට විෂ ඇතුල් කිරීම වැලක්වීමට ගන්නා පියවර ප්‍රමාණවත් නොවීම පිළිබඳවය.

ඔබ දන්නවා මාලදිවයින වැඩි ඈතක නොවෙයි තිබෙන්නේ, දිශාවන් දෙකෙන්ම එනම් මාලදිවයිනෙන් සහ කොළඹ ගුවන් තොටුපොලෙන් වහාබි දේශකයන්ගේ ඇතුල්වීම සිදුවෙමින් තිබෙනවා. ඔවුන් මිනිසුන් මුණගැසෙමින්, රැස්වීම් පවත්වමින් වහාබ්වාදය උගන්වමින් සිටිනවා.

සාමාන්‍ය ගම් වැසියන් මේ චිත්‍ර දෙකක් දැක, කතාවක් ගොඩනගාගෙන තිබෙන්න අනුමාන වශයෙන්, ඔවුන් ඉස්ලාම් ජනපදය දකිනවාල ඒවගේම ඔවුන් අහල තිබෙනවා.

ISIS ත්‍රස්තවාදයට එක් වූ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු 33 දෙනා පිළිබඳව. මේ කුඩා ගම්වල සාමාන්‍ය වැසියෝ බියට පත්වෙනවා ඔවුන්ගේ ප්‍රදේශවලට, එම කලාපයට ආවේණික නොවන සලකුණු දකින විට. එනම් පල්ලිවල වහාබි දේශකයන්, වැඩි වැඩියෙන් මුහුණ ඇතුළු මුළු සිරුරම ආවරණය කරගත් කාන්තාවන් දකින විට. ඔබත් දන්නව මේවා විදේශ මෙහෙයවීම්, එවැනි විදේශීය බලපෑම් එල්ලවන විට මිනිස්සු කලබලයට පත්වීමේ නැඹුරුවක් තිබෙනවා.

කෙසේ වුවත් මීට පෙරත් කියූ පරිදි, මම නැවතත් අවධාරණය කරන්න කැමතියි, කිසිදු ප්‍රජාවකට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වයට, බහුතරය හෝ සුළුතරය වේවා වියෝන් සහාය නොදක්වන බව.

නමුත්, අවාසනාවකට අපට සිදුවෙනවා මෙවැනි සිදුවීම්වල මූලය දෙස බැලීමට.

අපට බෑ සියලුම සිංහලයන් හා සියලුම මුස්ලිම්වරුන්ට එකම ලේබලයක් ගහල වර්ග කරන්න ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය පසුගිය සතියක කාලය තුළ සිට කරමින් ඉන්නවා වගේ.”

උපුටා ගැනීම – අද දෙරණ

30
ඔක්.
17

දෙමල කොටි හා මංගල එක්වී මහින්ද එලවු කුමන්ත‍්‍රණය. 

Exclusive : මහින්ද එලවු කුමන්ත‍්‍රණය ටැමිල්නෙට් වෙබ් අඩවියේ.. ඩයස්පෝරාවේ ඉල්ලීම් 10 ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාවේ..

මහින්ද ගේ ආණ්ඩුව පෙරලා දැමීම සඳහා සාකච්ඡාවක්, යුරෝපීය රටවල් දෙකක අනුග්‍රහයෙන්, 2013 වසරේදී සිංගප්පූරුවේදී සිදු වූ බව ටැමිල් නෙට් අඩවියේ වාර්තාවක සදහන්ය.

මීට සහභාගි වී ඇත්තේ මංගල සමරවීර, සුමන්දිරන්, ජයම්පති වික්‍රමරත්න, තමිල්මාරන් (කොළඹ නීති පීඨයේ පීඨාධිපති ) ඇතුළු පිරිසකි.

මහින්ද ආණ්ඩුව පෙරළා දැමීමට මෙහිදී මංගල සමරවීර ඉල්ලා සිටි අතර ඊට කොන්දේසි වශයෙන් දෙමළ බෙදුම්වාදි පාර්ශවය කරුණු දහයක් පාදක කොට ගත් ව්‍යවස්ථා වෙනසක් ඉල්ලා ඇත.

මේ වනවිට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කොට ඇති අතුරු කමිටු වාර්තාවේ ඇත්තේ මේ කාරණා 10 ඒ ආකාරයෙන්ම පාහේ ඇතුලත්ව තිබීම විශේෂය.

එමෙන්ම මෙම සිංගප්පූරු මූලධර්ම එලෙසම මීට පෙර එල් ටි ටි කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය දැන් දෙමළ ඩයස්පෝරාව විසින් පවත්වාගෙන ටැමිල් නෙට් වෙබ් අඩවියට පිවිසිමෙන් මේ සියල්ලම ඒ ආකාරයෙන් දැකගත හැකිය.

  1. රජයේ ස්වභාවය විස්තර කිරීමේදී වඩා වැදගත් වන්නේ භාවිත කරන ලේබල නොව අන්තර්ගතයයි.
  2. ජනතාවගේ ස්වාධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය හා ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය මූලික ව්‍යවස්ථාපිත මූලධර්ම හා සාරධර්ම වලට ඇතුලත් විය යුතුය.
  3. බලය බෙදීම සිදුවිය යුත්තේ නොබෙදුනු රටක් තුල ස්වයන් තීරණ අයිතිය හා පොදු අයිතීන් පිලිගනිමිනි
  4. විධායක ජනාධිපති ධුරය අහෝසි කල යුතුය වන අතර ආණ්ඩුවේ ස්වරූපය පාර්ලිමේන්තුව ක්‍රමය විය යුතුය.
  5. ශ්‍රි ලාංකීය සමාජයේ බහුවිධ ස්වභාවය සහ ශ්‍රි ලංකාවේ විවිධ ජන කොටස්වල අන්‍යයතාවයන් සහ අභිලාෂයන් ව්‍යවස්ථානුකූලව පිළිගත යුතුය.
  6. මානව අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තරව පිලිගත් ප්‍රමිතියවලට අනුකූල වන ආකාරයේ බලගතු නීති පද්ධතියක් තිබිය යුතුය
  7. බලය බෙදනු ලබන අතර ස්වාධීනවූ අධිකරණ පද්ධතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයකින්ද සමන්විත වනු ඇත
  8. වැදගත් රාජ්‍ය ආයතන ස්වාධීන මෙන්ම වගවිය යුතු ය. එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වැන් උසස් තනතුරු සඳහා පත්කිරීම් ජාතික සම්මුතියක් මත විනිවිද පෙනෙන යාන්ත්‍රනයක් හරහා සිදු විය යුතුය.
  9. රාජ්‍ය ආයතන ශ්‍රී ලංකාවේ ලාංකික ජන සමාජයේ බහුවිධ ස්වභාවය පිළිබිඹු කළ යුතුය.
  10. ශ්‍රි ලංකා ජනරජය අනාගාමික රාජ්‍යක් විය යුතුය. බුද්ධාගම සඳහාවූ ප්‍රමුඛ ස්ථානය මෙන්ම අනිකුත් ආගම්වලට සම තත්ත්වයක සැලකීමද සහතික විය යුතුය
ටැමිල් නෙට් අඩවියේ මුල් ලිපිය
Singapore Principles of 2013: Tamil polity taken for ride from Oslo to Singapore
[TamilNet, Thursday, 22 January 2015, 07:19 GMT]
Right from the Indo-Lanka agreement of 1987 to Oslo Declaration of 2002 and to hitherto unrevealed Singapore Principles of 2013 that brought the Sampanthan polity into a conceptual framework for the recent regime change in Colombo, the external forces seeking to influence the affairs of the island have taken the Eezham Tamils for a ride to confine the Tamil polity into the unitary State of genocidal Sri Lanka without securing any concrete and descriptive guarantee from the Sinhala polity. By its latest move, the ITAK has pushed the Tamils back into the past, Tamil political observers in Jaffna said citing the so-called Singapore Principles from 2013. TamilNet brings out the text of the so-called Singapore Principles for the edification of global Tamils. 

All the clauses of the so-called Singapore principles are non-descriptive with regards to a principled approach in resolving the national question.

Mr M.A. Sumanthiran, the non-elected national list ITAK parliamentarian and Mr V.T. Thamilmaran, the dean of the Faculty of Law at the University of Colombo were the Tamil representatives from the island while representatives of the so-called Global Tamil Forum (GTF) were representing the Diaspora Tamils at a meeting in Singapore in 2013 when Dr Jayampathy Wickramaratne came with his proposal points to agree upon a conceptual framework aimed at regime change, the removal of Executive Presidency and other arrangements targeting good governance. Dr Jayampathy Wickramaratne was an adviser to Sri Lanka’s past two Presidents.

“Mangala Samaraweera came as a ‘beggar’ urging Tamil support for regime change and abolition of the executive presidency. It was 2013,” said one of the participants, reflecting on the Singapore meeting.

When Tamil aspirations came for discussion, M.A. Sumanthiran wanted to avoid the mentioning of terms such as Nation and Right to Self Determination in the document.

Only the voice of a human rights defender, a Sinhalese, representing the civil society, was in favour of a formula based on the recognition of nationhood to Tamil people with their traditional homeland in the North-East.

V.T. Thamilmaran, who was once respected for his principles on Tamil sovereignty, was silent and was talking only about good governance.

Tamil aspirations went missing in the proposal. Instead, the document was drafted with the intention of being non-descript. But, a consensus was achieved on winning Tamil voters through the TNA for the regime change.

A lawyer from Sri Lanka Muslim Congress was also represented at the meeting apart from several other representatives.

The meeting was organised by South Africa and was funded by two European countries.

The directors of South African ‘In Transformation Initiative’ Roelf Meyer, Ivor Jenkins and Mohammed Bhabha organised the meeting.

Ironically, the ‘approach’ of the South African outfit, according to its website is “premised on the philosophy that any solution to differences or even conflict must be designed, must evolve, and must be developed and settled domestically; solutions cannot be prescribed from external actors.”

The ‘Singapore principles’ was giving secondary status to religions other than the Buddhism.

The 10-points agreed between the Sampanthan polity and the regime changers including the new SL Foreign Minister, Mangala Samaraweera, at Singapore in 2013 follow:

Singapore Principles 

  1. In describing the nature of the State what is important is the substance; the labels are secondary.
  2. The Constitution shall be based on basic constitutional principles and values including sovereignty of the people, participatory democracy and supremacy of the Constitution which shall form an unalterable basic structure.
  3. Power sharing shall be on the basis of self-rule and shared-rule within an undivided Sri Lanka.
  4. The Executive Presidency shall be abolished and the form of government shall be Parliamentary.
  5. The pluralist character of Sri Lankan society as well as identities and aspirations of the constituent peoples of Sri Lanka shall be constitutionally recognised.
  6. There shall be a strong and enforceable Bill of Rights consistent with universally accepted norms and standards.
  7. There shall be a separation of powers and an independence of judiciary which includes a Constitutional Court.
  8. Important institutions shall be independent and accountable. Appointments to these and High Posts shall be through a transparent mechanism that provides for a national consensus, example Constitutional Council.
  9. Institutions of the State shall reflect the pluralist character of Sri Lankan society.
  10. The Republic of Sri Lanka shall be a secular state. The Foremost place to Buddhism and equal status to other religions shall be assured.
The controversial paragraph of the so-called Oslo Declaration of December 2002 follows:
Responding to a proposal by the leadership of the LTTE, the parties agreed to explore a solution founded on the principle of internal self-determination in areas of historical habitation of the Tamil-speaking peoples, based on a federal structure within a united Sri Lanka. The parties acknowledged that the solution has to be acceptable to all communities. [Related story with full text]
On 11 November 2011, Mr Erik Solheim was claiming that it was the UNP politician Mr Milinda Moragoda and himself, who were behind the drafting of what he termed as ‘Oslo Declaration’ in December 2002, which was signed by Mr Ranil Wickramasinge on behalf of the Government of Sri Lanka (GoSL) and by Mr Anton Balasingham on behalf of the Liberation Tigers of Tamil Eelam (LTTE).

“It was Milinda and myself who wrote that document at the […] restaurant here in Oslo and Balasingham accepted it and he took it to Prabhakaran and Prabhakaran refused. It was not public at that time, but it was clear he was furious because he was reluctant to federalism,” Solheim said during the evaluation of the Norwegian Peace Process [Video evidence].

Mr Balasingam has recorded his version of the narrative on the subject in his book, “War and Peace: Armed Struggle and Peace Efforts of Liberation Tigers”: “[I]t must be stated that there was not any specific proclamation titled ‘Oslo Declaration’. The decision to explore federalism was included in the record of decisions at the Oslo talks and signed by the chief negotiators of both delegations and the head of the Norwegian facilitating team.” (page 403)

He further explains LTTE leader’s position that Tamils were prepared to consider favourably a political framework that offers substantial regional autonomy and self-government from the part of the Sinhala side.

But, failing the delivery of regional self-rule, the position of the LTTE leadership was that the Tamils have no alternative other than evoking the external right to self-determination. In an implied sense, Balasingham explains the objection by the LTTE leader to the exact phrasing of the paragraph in the so-called Oslo Declaration.

It was after the LTTE submitting the ISGA framework, which stressed the external dimension of the right to self-determination in its preamble and after the publishing of the War and Peace book questioning the ‘Olso Declaration,’ Mr Balasingham was brought back into the negotiations as chief negotiator by the LTTE leadership in 2006 during the Norway facilitated talks between Mahinda Rajapaksa’s GoSL and the LTTE.

While there was a leadership committed to principled political foundations, the Tamil polity had internal mechanisms to address the external manoeuvrings that sought the Tamils to abandon their principles.

But, now, the Tamil polity claiming to represent the Eezham Tamils in the homeland has no such fundamental principles or mechanisms.

The Tamil polity could be course-corrected and brought back to track only through the edification of the masses.

09
ජුනි
17

අනුර කුමාර දිසානායක විවාහ වූයේ තම පියාගේ මල්ලි විවාහ කරගෙන සිටි කාන්තාවය

Image may contain: 3 people, people smiling, people standing

අනුර කුමාර දිසානායක ගේ පුතා ලෙස සැලකෙන කසුන් දිසානායක ගේ විවාහය සම්බන්දයෙන් අප යම් කිසි කරුනු ප්‍රමාණයක් මතු කලේ ජවිපෙ ට ඇති අපේ දේශපාලන විවේචනය නිසාම පමනක් නොවේ. බුකියේ සිටින ජෙපි සාමාජිකයන් මහින්ද ට ගැහුවේ මහින්ද ගේ දරුවන් ගැනද පට්ට අවලාද යොදාගනිමින් නිසාය.

කසුන් දිසානායක නම් වූ අනුරගේ පුත්‍රයා මිහින් ලංකා ගුවන් සේවයට බැදෙන්නේ මහින්දගේ ආන්ඩුව පැවති සමයේය. අනුරලා ම මීට පෙරදී කියා ඇත්තේ මිහින් ලංකා ගුවන් සේවයට මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයට ද එකල බදවා ගැනීම් සිදු වී ඇත්තේ නාමල් රාජපක්ෂ ට උවමනා පරිදිය . අප මේ කියන්නෙ අපේ අදහස නොව ජවිපෙ සමාජ ගත කල අදහසය.ඒ අනුව කල්පනා කල විට අනුරගේ පුතා වෙන කසුන් දිසානායක ව ඒ කාලයේදී මිහින් ලංකා එකට බදවා ගැනීම සිදු විය හැක්කේ කෙසේද ? කසුන් ගේ විශේෂ හැකියාවක් නිසා එය සිදු වූවක් ද? නැතිනම් අනුරගේ දේශපාලන ඩීල් එකකට අනුව එය සිදු වූයේද ?

කසුන් දිසානායක මිහින් ලංකා එකට යන්නෙ සචින් වාස් ගේ උපකාර යෙනි. අනුර ඒ කාලයේ සචින් වාස්ට දිගට හරහට පහර දුන්නේය . සචින් වාස් ටද මේ කරදරෙන් බේරෙන්නට උවමනා විය. අනුර සචින් වාස්ට එල්ල කරන ප්‍රහාරය නතර උනේ කසුන්ව මිහින් ලංකා එකට ගැනීමෙන් පසුවය . අනුරගේ ඩීල් පොලිටික්ස් එතැනින් ඉවර වන්නේ නැත.මහින්ද ගේ ආන්ඩුව පරදා වත්මන් ආන්ඩුව බලයට පැමිනීමෙන් පසු මිහින් එයාර් සමාගම වසා දැමීමට තීරණය කලේය . ඒ අවස්තාවේදී මිහින් එයාර් සමාගමේ සේවකයන් සංවිධානය වී එම තීරණය ට එරෙහිව ක්‍රියාත්මක වන්නට විය. මුලදී අනුරගේ පුත්‍රයා ද මේ සටනේ සිටියේය .

අනුරට වත්මන් ආන්ඩුව ට බලපෑම් කිරීමේ විශේෂ හැකියාවක් ඇතැයි විශ්වාස කල මිහින් එයාර් සේවකයෝ කසුන්ගෙන් අනුර හමුවීමට වෙලාවක් ඉල්ලා සිටියහ.කසුන් ඒ උවමනාව ගැන තම පියා දැනුවත් කලේය. පියාගේ පිලිතුර වූයේ ” ඔයා ඕවට පැටලෙන්න එපා. මන් ඔයාව ශ්‍රී ලංන්කන් එකට දාන්නම්” යන්නයි. එසේ පවසා සතියක් යන විට කසුන්ව ශ්‍රී ලංකන් එකට බදවා ගත්තේය. මේවා මෙසේ වීම සාමාන්‍ය තත්වයක් ද? මහින්දගේ තරුන පුතුන්ගේ ඇතැම් කෙලිලොල් වැඩ දේශපාලන විරෝදය සදහා යොදා ගත් බුකියේ ජෙපි සාමාජිකයන් අනුරගේ පුතා ගැන දැන සිටියේවත් නැත

( සැබැවින්ම මේ අනුරගේ ම පුතා නොවේ. අනුර විවාහ වූයේ තම පියාගේ මල්ලි විවාහ කරගෙන සිටි කාන්තාවය. කසුන්ට දිසානායක වාසගම එන්නේ ඒ අනුවය. අනුරට දාව අනුරගේ බිරිද ට දරුවන් නැත.)  

කෙසේ වෙතත් කසුන් දිසානායක තම විවාහයේදී සිය පියා ලෙස හදුන්වා දෙන්නේ අනුරවය. අනුරගේ පුතා මිහින් එයාර් ගිය විදිය ගැනවත් ..මිහින් එයාර් වහන විට ශ්‍රී ලංකන් ගිය විදියවත්…කසුන් දිසානායක යෝශිතලා මෙන් තරුන කෙල්ලෙක් සමග පෙනී සිටින චායාරූප ගැනවත් කිසිත් නොදන්නා ජෙප්පන් දැන් ඇද වැටී ඇත්තේ හද්දා අමාරුවකය…සකල බුකි වාසී ජෙප්පනි…අනුන්ට ගරහන්නට පෙර තමන්ගේ නායකයාගේ තරම දැනගෙන සිටිවු…!!!( කසුන් දිසානායක නමින් තිබෙන fb account එකට ගොස් කසුන්ගේ මනස හදුනා ගැනීමටත් ඔබට අවස්තාව තිබේ..)

අනුර දිසානායකගේ පුත‍්‍රයාට ජයසිරි මංගලම්.. අනුර-බිරිද සතුටින් විවාහ උත්සවයේ..[Photo]

ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතාගේ පුත‍්‍රයා වන කසුන් දිසානායක අද පස්වරුවේ විවාහ දිවියට ඇතුලත්ව ඇති බවට ෆේස්බුක් ජාලයේ පින්තූර සහිතව විසතර පලවෙයි.

රාවතාවත්ත ශුද්ධ වූ එමානුවෙල් පල්ලියේදී ආගමික චාරිත‍්‍රානුකූළව මෙම විවාහය සිදුකෙරුනේ බවත් විවාහය වෙනුවෙන් වූ සාදය ඉන් පසුව පැවැත්වුනේ කැස්බෑව තොටුපල හෝටලයේදී බවත් වාර්තාවන්හි දැක්වෙයි.

එම විවාහය සදහා ජවිපෙ නායක අනුර දිසානායක සිය බිරිද සමග සහභාගී වූ අයුරු දැක්වෙන්නේ මෙසේය. ගල් ඇල්ලූ මෙරූන් පැහැ සාරියක් ඇද සිටින්නේ ජවිපෙ නායකයාගේ බිරිදයි.

12
අප්‍රේල්
17

සිංහල අවුරුද්ද එන කොට රනිල් රට පනිනවා…. ඇයි බං ඒ…

සිංහල අවුරුද්ද එන කොට රනිල් රට පනිනවා. ගිය අවුරුද්දෙ කොහෙ ගියා ද කියන එක මතක නැහැ. මේ ගොල්ලන් පිටරට යන හැටියට ඒවා මතක තියාගන්න වෙන ම දත්ත බැංකුවක් තියා ගන්න වේවි. මේ පාර නම් රනිල් ගිහින් තියෙන්නෙ ජපානෙට. අවුරුදු නැකත අසුබ කියා දැන් විද්‍යාඥ බන්දුලත් කතා කරන එකේ රනිල් සකුරා මල් පිපී දැයි බලන්න යන්න ඇති. රනිල් දන්නෙ චෙරි බ්ලොසම්ස් මිසක් සකුරා මල් නො වෙයි.

කොයි හැටි වෙතත් රනිල් සිංහල අවුරුද්ද එන කොට රටින් පනිනවා. ඒ බුලත් අතක් අරං තමන් බලන්න එන්න කොල්ලො කුරුට්ටො මග අරින්න වෙන්න බැහැ. රනිල්ට අවුරුදු සිරිත් අල්ලන්නෙ නැති පාටයි. රනිල් දැන් සිංහල කතා ටිකක් ඉගෙන ගෙන ඇති නමුත් ඔහු තවමත් සිංහල බෞද්ධ සංස්කෘතියට ආගන්තුකයෙක්. අනුර කුමාර හිතන්නෙ මෙතන තියෙන්නෙ පංති ප්‍රශ්නයක් කියලා.

පංතිය කියන්නෙ මොකක් ද කියලා කාල් මාක්ස්වත් රෝහණ විජේවීරවත් දැනගෙන හිටියෙ නැති කොට අනුර මොනව කියනව ද දන්නෙ නැහැ. මාක්ස්ගෙ කම්කරු පංතිය ලෙනින්ගෙ කම්කරු පංතියට වෙනස්. විජේවීරගෙ නිර්ධන පංතිය ඒ දෙකට ම වෙනස්. ඔය පංතියට තමන්ගේ ම වූ විඥානයක් නැහැ. ඒක පිටින් ගේන ඕන. ඒ බව කියන්නෙ මා නොවෙයි, ලෙනින්. මා කියන එක විශ්වාස කරන්නෙ නැත්නම් ලෙනින් ලියලා තියෙන දේ කියවලා බලන්න. ලංකාවෙ උගතුන් කියන අය කියවන්නෙ නැහැ. බුදුන් වහන්සෙ නාගදීපයට වැඩම කෙළේ බක් මහ අමාවක කියලා කිව්වට විශ්වාස කරන්නෙ නැහැ. මහාවංසය කියවලා බලන්නෙ නැත්තෙ ඇයි?

රනිල්ට ජාතිකත්වයක් නැහැ. ප්‍රශ්නය ඒකයි. ඔහු නියෝජනය කරන්නෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය. ඒ මහුගෙ පියා ඇංග්ලිකන් ක්‍රිස්තියානි වීම නිසාවත් බාප්පා ඇංග්ලිකන් බිෂොප්වරයකු වීම නිසාවත් වෙන දෙයක් නො වෙයි. ඔහුගෙ මවගෙ පාර්ශ්වය බෞද්ධ වුණත් ඒකෙ ඩෙප් විජේවර්ධන සම්භවයක් තියෙනවා. ඒ ඔක්කොට ම වැඩිය රනිල් හැදිල වැඩිලා තියෙන්නෙ ආගමෙන් මොකක් වුවත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික පරිසරයක. පනස්හයේ ජයග්‍රහණයෙන් පස්සෙ බණ්ඩාරනායක මහත්තයත් හැන්දෙන් ගෑරුප්පුවෙන් කිරිබත් කාලා අනාගත්ත. රනිල් සංස්කෘතික වැඩවල දී කොහොමටත් අනාගන්නවා.

රනිල්ට ඒ කටයුතුවල පුරුද්දක් නැහැ. ඒ නිසා ලංකාවෙ හිටියොත් නොදන්න දෙයක් කරන්න ගිහින් රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශවලට අහුවේවිය කියා රනිල් අවුරුද්දට කලින් රටෙන් පැන ගන්නවා වෙන්න ඇති. මේ අවුරුද්දෙ නම් රනිල්ට තවත් හේතු තියෙන්න ඇති පැන ගන්න. මේ ගමන නැකත අසුබයි කියලා දෛවඥයන් රාශියක් ම කියලා තිබුණා. රනිල් හිතුව ද දන්නෙ නැහැ රටින් පැනලා ගිහින් අසුබ නැකත මගහරින්න. එතකොට මෛත්‍රිට සිද්ධ වෙනවා ඒකට මුළුමනින් ම කරගහන්න. මෙතන දි මෛත්‍රි කියන්නෙ මෛත්‍රි වික්‍රමසිංහ නොවෙයි ගොවියා පුත් මෛත්‍රිපාල සිරිසේන.

බන්දුල ගුණවර්ධන රවි කරුණානායක වගේ ම ආර්ථික විශේෂඥයෙක්. බන්දුලට ජාත්‍යන්තර සම්මානයක් නම් ලැබිලා නැහැ. ඒත් බන්දුල අප වගේ නොවෙයි. මහා ප්‍රබුද්ධයෙක්. ඔහුට සිංහල අවුරුද්දක් නැහැ. ඔහු වජිරාරාමෙට ගිහිල්ල සිංහල ද්‍රවිඩ අවුරුද්දක ද මොකක් ද එහෙක නැකැත් ගැන කතා කරන්න. නැකැත් අසුබයි කියලා බන්දුලට ප්‍රශ්නයක් වෙලා. නැකැත් විද්‍යාත්මක කියලා බන්දුල කියනවා ද? බන්දුලට අනුනායක හාමුදුරුවො අනුශාසනා කළ අන්දමක් ගැන වාර්තා වෙලා තිබුණෙ නැහැ.

ද්‍රවිඩ කියන්නෙ දකුණ කියන එක. වින්ධ්‍යා කඳුවැටියෙන් දකුණ. බන්දුල ලංකාවෙ දකුණෙ මිනිසුන් ගැන කතා කෙරුව වෙන්න බැහැ. හින්දු අලුත් අවුරුද්දක් ගැන සඳහන් වෙන්නෙ නැහැ. හින්දු අවුරුද්දක් අද ඉන්දියාවෙ පැවැත්වෙන්නෙ නැහැ. එදා පැවතුනෙත් නැහැ. අප්‍රේල් දහහතර ඉන්දියාවෙ නිවාඩු ලැබෙන්නෙ ප්‍රාන්ත කිහිපයක විතරයි. හින්දු අවුරුද්දක් ගැන කතා කරන්න පුළුවන් තෛපොංගල් දිනයෙන් පටන් ගෙන පමණයි. වෙනත් හින්දු අවුරුද්දක් ගැන කතා කරන්න බැහැ.

ඒත් ඉංගිරිසි කාරයො ලංකාවෙ සිංහල අවුරුද්දට නිවාඩු දෙන විට හින්දු ජනතාවටත් නිවාඩුව දෙනව කියලා කියන්න, එහෙම නැත්නම් තුලනය (බැලන්ස්) කරන්න අවුරුද්ද සිංහල හින්දු කියලා නම් කළා. ඒ කාලෙ මේ රටේ දෙමළ අනන්‍යතාවක් තිබුණෙ නැති බව ඒකෙනුත් පේනවා. නැත්නම් ඉංගිරිසින්ට සිංහල දෙමළ අවුරුද්ද කියලා නම් කරන්න තිබුණා. සිංහල හින්දු අලුත් අවුරුද්දක් ගැන කිවුවට යාපනයේ අපේ වගේ අවුරුද්දක් තිබුණෙ නැහැ. අදත් නැහැ. බන්දුලට යාපනයට යන්න බැරි නම් දහහතරවැනිදාට වැල්ලලවත්තට ගිහිල්ල බලන්න පුළුවන්.

අවුරුදු විස්සකට විතර ඉස්සර පඬියන් සිංහල දෙමළ අවුරුද්ද කියලා කියන්න පටන් ගත්ත. ඒ සිංහල හින්දු කියන එක ගැලපෙන්නෙ නැති නිසා වෙන්න ඇති. ඔය දෙමළ අවුරුද්ද යාපනයට ආවෙ කෝරමණ්ඩල වෙරළෙන් ද සිංහලයන්ගෙන් ද? අපේ පුණ්‍යකාලය ඉන්දියාවෙ නැහැ. යාපනයෙ පුණ්‍යකාලම් කියලා ගාව ගෙන තියෙනවා. ඒත් පුණ්‍යකාලමේ දී වැල්ලවත්තෙ කෝවිලට කී දෙනෙක් යනව ද?

අද බන්දුල ප්‍රබුද්ධයකු නිසා දෙමළ කියන්නවත් කැමති නැහැ. ඔහු නොදන්නා ද්‍රවිඩකමක් ගැන කතා කරනවා. බන්දුල වගේ ප්‍රබුද්ධයන් පාර්ලිමේන්තු යන්නෙ සිංහල ඡන්දවලින් මිසක් ඊනියා ද්‍රවිඩ ඡන්දවලින් නොවෙයි. ඒත් ඔවුන් සිංහලයන්ට තම අවුරුද්ද අහිමි කරනවා. මේ ටික කියවලා කියන්න නලින් ද සිල්වා කියන්නෙ අන්තවාදියෙක් කියලා.

මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org/2017/04/blog-post_11.html
නලින් ද සිල්වා
2017 අප්‍රේල් 11




අනවශ්‍ය දේවල්

  • 175,911 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2018
බ්‍ර සි සෙ
« ජූලි    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements