Archive for the 'ඉන්ද්‍රචාපා ලියනගේ' Category

20
සැප්.
18

මංගලගේ පැණි අමුඩ කතා වස්තුව

No automatic alt text available.
පැණි අමුඩ කතා වස්තුව

====================

එක් සම‍යෙක්හි ජම්බුද්වීපයෙහි පුලතිසි මෙත්පල් නිරිදාණන්, අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් හා එක්වැ දැහැමෙන් සෙමින් රාජ්‍ය විචාරණ සමයේ එනුවර ස්ත්‍රී සමුහයා රජ මාළිගාව ඉදිරිපිට රැස්ව මහත් වූ ශබ්ද නගන්නට වූ හ. දෙසවන බිහිරි කරවන ස්ත්‍රී සමුහයා ගේ ඝෝෂාව කන වැකුණු ඇසිල්ලෙහි ම මෙත්පල් නිරිදාණන් ස්ත්‍රීන් කවර කරුණක් අරභයා ඝෝෂා කරනේදැයි දැනගනු වස්, මාළිගයේ මුර සෙබළෙකු ස්ත්‍රීන් සමුහයා වෙත පිටත් කර යැවූ හ.

” නැගිණියනි, තොප සමුහයා කුමන කරුණක් අරභයා ඝෝෂා කරන්නෙහු ද?” සෙබළා ඇසී ය.

“රාජ පුරුෂය, අපගේ මාස් ශුද්ධිය වන කල්හි යොදා ගන්නා පැණි අමුඩ රෙදි කඩටත් රජ වාසලෙන් සියයට සියයක් වූ බද්දක් නියම කොට ඇත්තාහු ය. ඉදින් දැන් අපගේ ශුද්ධිය වන සමයේ අහවල් තැන වසා ගන්නේ වෙල්ලවැහුමකින් දැ යි ස්ත්‍රී තොමෝ පෙරලා ප්‍රශ්න නගන්නට වූ හ. ”

“රාජ පුරුෂය, මෙබඳු බද්දක් අසාධාරණ යැ, නොහොබින්නේ යැ , යහපත පිණිස නොවන්නේ යැ’ යි එක හඬින් කී හ. ඉදින් මෙකරුණු නොපමාව උන්වහන්සේට සැළ කරව, නැතහොත් උන් වහන්සේ පසු දින පත්‍රය පිටවන තෙක් උකටලීව කජු බුදිමින් කල් යවා රාත්‍රී දහයට සැතපෙනු ඇත්තේ යැ’ යි ” කී හ.

රාජ පුරුෂ තෙමේ ද රජ වාසලට වැද, රජු ඉදිරියේ ගෞරව දක්වා ස්ත්‍රී සමුහයාගේ දුක් ගැනවිල්ල සැළ කරන්නා හු ය.

ඉක්බිති රජුන් වහන්සේ ” මා මෙබඳු කරුණක් ගැන දැනුවත් නැත්තේ යැ . නිසැකවම මෙය අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් රට වැසියා මා හා බිඳ වන්නට කෙරූ උපායක් වෙන්නට ඇතැ ‘යි” කී සේක.

“වහාම අග්‍ර පුරෝහිතයන් මා අභියසට කැඳවණු” යි රජුන් වහන්සේ රාජ පුරුෂන්ට අණ කළ සේක.

අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් කල් නොයවා රජුන් ඉදිරියේ පෙනී සිටියා හු ය.

“අග්‍ර පුරෝහිත, තමුන් ස්ත්‍රීන් ගේ පැණි අමුඩ රෙදි කඩටත් බද්දක් පනවා ඇති බව සැබෑවක් ද ?” ඇසූ හ.

“එසේය.. මහ රජතුමණි” අග්‍ර පුරෝහිත පිළිතුරු දුන්නා හ.

“තොප මා දැනුවත් නොකොට එබඳු අසාධාරණ, යුක්ති නොවන බදු අය කරන්නේ මන්දැ ” යි රජුන් වහන්සේ කෝපයෙන් ඇසු සේක.

” දේවයන් වහන්ස, කමා වුව මැනව..මටත්, භාණ්ඩාගාරය භාරව සිටින ඇමැතිටත්, තවත් මැති ඇමතීන් කීප දෙනෙකුටත් ස්ත්‍රීන් ප්‍රිය නැත්තා හ..අපට ස්ත්‍රීන්ගේ මාසික ශුද්ධිය ගැන අවබෝධයක් ද නැත්තා හ.. ඉදින් රාජ්‍යයේ මුදල් අහේනියක් ද ඇති බැවින් පුරුෂන්ට හානි නොවන බද්දක් පැනවීමට අප තීරණය කළෙමු” යි කී හ.

එ බස් අසා කිපුනු පුලතිසි මෙත්පල් නිරිදාණන්
” රාජ පුරුෂය වහාම මඩු වලිගයක් ගෙන එයින් සියක් වාරයක් අග්‍ර පුරෝහිතයන් තලා රජ වීදියෙහි පිස්සෙකු මෙන් ඇවිද්දවනු ‘යි අණ කළා හු ය.

ඉක්බිති මෙත්පල් නිරිදාණෝ පැණි අමුඩ බද්දත් අහෝසි කොට දමා අර්ථයෙන් ධර්මයෙන් දෙසමින් රට පාලනය කළෝ යැයි මෙයින් දත යුතු.

පැණි අමුඩ කතා වස්තුව මෙතකින් නිමියේ වෙයි!

=====================
සොනාල ගුණවර්ධන

Advertisements
24
අගෝ.
18

තොපේ ඔය කලාව අරං ගහගනිං පු……

වත්මන් ආණ්ඩුව විසින් #රිලාකෘති වාරණය කිරීම සහ #පුකාසන නිදහස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරන #මාජ්ජ හමුව අද කොළඹදී පැවැත්වුනා.

අසංක සායක්කාරගේ
‘’මං #පොන්නමිනිහෙක්‘’ නාට්‍යය,
ශ්‍රීනාත් චතුරංගගේ ‘’#අම්මගේ #රස්තියාදුව“ කෘතිය,
සහ මාලක දේවප්‍රියගේ #බුද්ධාගමට #කෙලින ගුවන් විදුලි නාට්‍ය වාරණය කරමින් ආණ්ඩුව ගෙන යන පුකේතන්ත්‍රවිරෝධී ක්‍රියාදාමය සම්බන්ධයෙන් #රිලාකරුවෝ රැසක් එහිදී අදහස් පළ කළහ.

එසේම වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙන විට ‘ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය‘ අහෝසි කරන බවට දුන් පොරොන්දුව ඉටු කරනවා වෙනුවට එම ආයතනය හරහා #රිලාකෘති වාරණය කිරීම පිළිබද #රිලාකරුවෝ දැඩි විරෝධයක් පළ කළහ.

‘’වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස හෙවත් #සිංහල #බෞද්ධ #සංස්කෘතියට #පහරදීමේ#නිදහස #රැකගනිමු” යන තේමාවෙන් කැදවන ලද මේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින් ආණ්ඩුවේ වාරණයට විරෝධය දැක්වූ #රිලාකරුවන්..

ප්‍රසන්න විතානගේ,
ධර්මසිරි බණ්ඩාරනායක,
ලූෂන් බුලත් සිංහල,
අශෝක හදගම,
උපුල් ශාන්ත සන්නස්ගල
කේ.කේ. සමන් කුමාර,
නදීකා බණ්ඩාර,
විමුක්ති ජයසුන්දර,
රාජිත දිසානායක,
බූපති නලීන් වික්‍රමගේ,
ප්‍රියන්ත කොඩිප්පිලි,
මාලක දේවප්‍රිය,
ජෙහාන් ශ්‍රී කාන්ත,
අසංක සායක්කාර,
ශ්‍රීනාත් චතුරංග,
තුමිදු දොඩන්තැන්න,
ජගත් මනුවර්ණ,
සංජීව පුෂ්පකුමාර
විදර්ශන කන්නංගර
පුබුදු ජයගොඩ,
#නිර්මාල් #රංජිත් #දේවසිරි
අතුලසිරි සමරකෝන්

එසේම මේ අවස්ථාවේදී ආණ්ඩුවේ රිලාකෘති වාරණයට විරෝධය දක්වමින්

චාන්දනී සෙනෙවිරත්න,
දමයන්ති ෆොන්සේකා,
කත්‍යානා අමරසිංහ,
හෙන්රි වර්ණකුලසූරිය,
මොහන්රාජ් මඩවල
ජයන්ත අමරසිංහ
අජන්ත අලහකෝන්
සහන් කසීර වික්‍රමසිංහ
චන්දන සිරිමල්වත්ත
නදී වාසලමුදලිආරච්චි
මලිත් හෑගොඩ
කළණ ගුණසේකර

ආදි වශයෙන් තවත් #රිලාකරුවන්, #රැඩිකල් #මාජ්ජ #පනුවන් සහ #සමාජරෝගී ක්‍රියාකාරිහු 50 කට අධික පිරිසක් සහභාගි වූහ.

“#රිලාකෘති වලට එල්ල කෙරෙන පාලකයන්ගේ මර්දන තර්ජන පරදවමු!“ සහ “#කලාවේ #නිදහස #හෙවත් #බුද්ධාගමට #වැරයොදා #පහරදීම #වෙනුවෙන් #එක්වෙමු!“ යන තේමා පාඨ එහිදී ඉදිරිපත් කරණ ලදී.

👇👇👇👇😂😂

(පනුවෙක් ලියා පලකල පෝස්ටුවක් ඉතා සංයමයෙන් මා විසින් සංස්කරණය කර ඇති බව සලකන්න.)

-මාලින්ද ඩයස්-

28
අප්‍රේල්
18

මහින්ද  හොරාගේ යුගය හා අහිංසක පිරිසිදු තරුණ බය නැති රනිල් ගේ යුගය

මහින්ද  හොරාගේ යුගය හා අහිංසක පිරිසිදු තරුණ බය නැති රනිල් ගේ යුගය

 

06
ජන.
18

අමරකීර්ති, තේනුවර, නිර්මාල්, සුනිල් පෙරේරා සහ අනුර එක්ක ගූ කාපල්ලා.

ඉසුරු ප්‍රසංග-

අනුර කුමාර ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරන්නේ නම් ජවිපෙ සතුරෝ ඔහුට පහර දෙන්නට මෙතරම් වෙහෙසෙන්නේ ඇයි? යනුවෙන් ආචාර්ය නිර්මාල් රංජිත් මහතා අපූරු ප්‍රශ්නයක් මතුකර තිබෙනු දුටුවෙමි. නිර්මාල්ගේ මේ තර්කය දෙමළ ජනයාට දෙමළ වීම නිසාම ඇති ප්‍රශ්නය දෙමළ වීමය වැනි තර්කවලට වඩා තරමක් ඉදිරියෙන තිබෙන එකක් වන බැවින්, ඒ ගැන යමක් සඳහන් කළ යුතු යැයි සිතමි.

පළමු කොටම මේ තර්කය බැලූ බැල්මට ඇත්තක් ලෙස පෙනී යා හැකි අපූරු බොරුවකි. ජවිපෙ වැනි ව්‍යාපාරයක සැබෑ සතුරන් අනුරගේ ජනතා විමුක්ති පෙරමුණට තීරණාත්මක ලෙස පහර දෙන්නේ නැත. එයට හොඳම උදාහරණය වන්නේ නිර්මාල්ය. කවුරු මොනවා කීවත් මෙරට දේශපාලනයේ ප්‍රධාන ප්‍රතිවිරෝධය ඇත්තේ ජාතිකවාදී කඳවුර සහ විජාතික ගැති කඳවුර අතරය. එහෙයින් හොර බොරු රහිතව මේ රට ගොඩනැඟීමට කැප වන ව්‍යාපාරයක් නම් එය පළමු කොටම ජාතිකවාදී අධිරාජ්‍ය විරෝධී දේශපාලන කඳවුර නියෝජනය කරන්නක් විය යුතුය. ජවිපෙ ඒ නිවැරදි කඳවුර නියෝජනය කරමින් ජාතියට නිසි මඟ කියමින් ජයග්‍රහණ පිට ජයග්‍රහණ ලැබූ අවදියේදී නිර්මාල්ලා අමරකීර්තිලා වැනි විකල්ප ගෝත්‍ර පඬියෝ ඊට ආශිර්වාද කළේ නැත. ඒ වෙනුවට එය ජාතිවාදී පක්ෂයක්ය යන කෝකටත් තෛල චෝදනාව ජවිපෙ වෙත දමා ගැසූහ. එසේ වුවද ජවිපෙ තම භූමිකාව අංශක 180 කින් හරවා ගත් පසු ඊට සමගාමීව ජවිපෙ සතුරන් මිතුරන්ද මාරුවිය. 2008 විමල් ඉවත් වූ අවස්ථාවේ මේ විපර්යාසය එළිපිටම දැක ගත හැකි විය. පිරිසිදු රතු සහෝදරයන් අතර අවස්ථාවාදී කටුස්සන් සිටින බව එදා කාටත් කලින් රටට හෙළි කළේද විප්ලවවාදී බෝල්ෂෙවික්වාදී සිරස හා ඉරුදිනය. සිරසට අනුව නිවැරදි රතු සහෝදරයා වූයේ අනුරය. අනුරගේ අරමුණත් සිරස, ඉරුදින, කඳවුරේ අරමුණත් එකට සමපාත වීම පිළිබඳ උදාහරණ තව බොහෝ ඇත. එදා සිට අද දක්වා ජවිපෙ ගත් සියලු තීන්දු තීරණ මේ කඳවුරේ අරමුණු හා සමපාත විය. ඒ නිසාම ජවිපෙ යහතින් සිටි අවදියේ එහි පරම සතුරන් වූ සියල්ලෝ අද එහි මිතුරන් බවට පත්ව ඇත. එදා ජවිපෙට හැකි වෙර යොදා පහර දුන් විකල්ප ගෝත්‍ර පඬියන් අද ජවිපෙ වේදිකාවල කථිකයන් බවට පත්වන්නේ ඒ අනුවය. ඒ නිසාම සැබෑවටම සිදුව ඇත්තේ සතුරන් මිතුරන් මාරු වීම මිස ජවිපෙ සතුරන් අනුරට පහර දීමක් නොවේ.

තවදුරටත් මෙය විග්‍රහ කළහොත් දෙමළ බෙදුම්වාදීන්, අන්ත ජාතිවාදීන්, එන්ජීඕ කාරයන්, යූඇන්පී කාරයන් වෙතින් අනුරගේ ජනතා විමුක්ති පෙරමුණට තීරණාත්මක ප්‍රහාරයක් එල්ල වන්නේ නැත. එම බලවේගවල බත්බැල මාධ්‍ය අනුරගේ ජවිපෙට පහර දෙන්නේ නැත. එදා ජවිපෙ වහකඳුරු වී සිටි රාවය වැනි කසිකබල් පත්තර අද තම සංවත්සරවල දේශන සඳහා අනුරට ආරාධනා කරයි. එදා ගුණදාස අමරසේකරලා සිටි තැන්වල මෙදා සුනිල් පෙරේරලා, අමරකීර්තිලා, තේනුවරලා ස්ථානගත වෙයි. ගෝර්කිගේ අම්මාගෙන් පසු සන්නස්ගලගේ අම්මා වැනි ඉල ඇදෙන පෝස්ටර් ජවිපෙ සාමාජිකයන් අතින් ඇලවෙයි. කොකාකෝලා වඩියට ආවඩන අලුත් පරපුරු ගංජා ගැටවුන් අද ජවිපෙ මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් පෙනී සිටියි. එදා ජයග්‍රාහී ජවිපෙ පරම සතුරන් සියලු දෙනා වර්තමානයේ සදා පරාජිත ජනතා විමුක්ති පෙරමුණේ මිතුරන් වීමේ විපර්යාසය තේරුම් ගත යුත්තේ කෙසේද? පැහැදිලි ලෙසම ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හෝ එජාපය හෝ එන්ජීඕ කල්ලි හෝ වෙනස් වී නැත. සිදුවී ඇත්තේ ඔවුන්ගේ න්‍යාය පත්‍රයට සරිලන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ වෙනස් වීමය.


විවිධ හේතු මත විවිධ අය අනුරට පහරදෙනවා වන්නට පුළුවන. එහෙත් ජවිපෙ අතීත සාමාජිකයන් ලෙස අපි අනුරට එරෙහිවන්නේ එය රටට සැබෑ විකල්පයක් විය හැකිව තිබූ දේශපාලන ව්‍යාපාරය යටත්විජිතවාදයේ නිවට බළල් අණ්ඩක් බවට පත් කර ඇති නිසාය. ඒ භූමිකාව තුළින් ජවිපෙ පමණක් නොව රටද විනාශ වන නිසාය. යහපාලන මරඋගුලේ තරම නිවැරදිව වටහා ගත් මෙරට ජාතිමාමක බලවේග ජවිපෙට එරෙහි වන්නේ අනුරගේ භූමිකාව පක්ෂයට පමණක් නොව රටටද කොඩිවිනයක් වී ඇති නිසාය. එය පක්ෂයට පමණක් වන විනාශයක් නම් ඔවුන්ට ඒ පිළිබඳ ගැටලුවක් නැති වනවා වන්නට පුලුවන. එදා පෙරටුගාමීන් ගමන් ගත්තේද පක්ෂය නැති වන මාවතකය. අපි ඒ බවද කල් තියා පෙන්වා දුන්නෙමු. එහෙත් පෙරටුගාමීන්ට වැඩි විරෝධයක් රටෙන් එල්ල නොවන්නේ ඔවුන්ගේ විනාශය රටේ විනාශයට වැඩි දායකත්වයක් නොදක්වන නිසාය. ඒත් ජවිපෙ ඊට වෙනස්ය. කුමන විනාශයන් සිදුවුවද ඔවුන් තම ඉතිරි වී ඇති අන්තිම ශක්ති පොද නොපිරිහෙලා කැප කරනුයේ රටට එරෙහි ද්‍රෝහී මෙහෙයුම් සඳහාය.


අනුරලාගේ භූමිකාව හරහා ජවිපෙට සිදුවූ විනාශය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. එය පාර්ලිමේන්තු ආසන තිස් නමය කෙටි කලකින් හතරට පහට වැටීමට පමණක් සීමා වන විනාශයක් නොවන බව ඉදිරි මැතිවරණයේදී නැවතත් සනාථ වනු ඇත. ඒ සියල්ල එසේ වුවද වික්‍රමබාහුලා මෙන් ඔවුන් තම ඉතිරිව ඇති අන්තිම ශක්තිය පවා අද යොදවන්නේ රටට එරෙහිවය. එදා මිනීමරු ත්‍රස්තවාදයට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාවල රනිල් හා එක්වී ආණ්ඩු පෙරළන්නට දියත් කළ දුෂ්ට මෙහෙයුම්වල සිට, වර්තමාන ව්‍යවස්ථා මර උගුල්වල සේල්ස් රෙප්ලා ලෙස කටයුතු කිරීම දක්වා වූ නින්දිත උදාහරණ රැසකින් ජවිපෙ මෑත ඉතිහාසය දූෂණය වී තිබේ. අද මේ රටට ආදරය කරන බොහෝ බලවේග අනුරගේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහි වන්නේ ඒ නිසාය. ඔහු ජවිපෙ විනාශ කරන බව කියමින් ඔහු අගයන්නට ගියහොත් ඒ විනාශය සිදුවන්නේ ජවිපෙට පමණක් නොව රටටද බව නිර්මාල්ට සිහිපත් කර දිය යුතුය.

එක් අතකින් මෙය අලුත් කතාවක්ද නොවේ. මෙහි ඇත්තේ අප ජවිපෙ ගැන කාලයක් තිස්සේ කියන කතාවමය. අප ජවිපෙ ගැන එදා සිටම කී කිසිවක් වැරදී නැති බැවින් මේ මැතිවරණයට අදාළවද ඒ ඇත්ත නැවතත් සැකෙවින් සිහිපත් කළ යුතුය. 2008න් පසු ඇත්තේ කොළ පාට ජනතා විමුක්ති පෙරමුණකි. අධිරාජ්‍ය විරෝධය ඒ ජනතා විමුක්ති පෙරමුණට අදාළ නැත. ජාතිවාදය, බෙදුම්වාදය පිළිබඳ ප්‍රශ්න ඔවුන්ට අදාළ නැත. යහපාලනය යටතේ උතුරේ බල්ටි ගසන ජාතිවාදයට එරෙහිව අනුරලාගේ මුවින් එක කෙළ පොදක් බිම වැටෙන්නේ නැත. ඒ වෙනුවට ඒ සැබෑ ජාතිවාදයේ බියකරු අනතුර රටට පෙන්වා දෙන බලවේගවලට එරෙහිව “ජාතිවාදය අවුස්සනවෝ” යන ලේබලය ඇලවීමේ එන්ජීඕ චාරිත්‍රය අද ජවිපෙ චාරිත්‍රය බවටද පත්ව ඇත. වෙනිසියුලාවේ බටහිර අතපෙවීම්වලට එරෙහි වෙමින් ලංකාවේ ජිනීවා න්‍යාය පත්‍රවලට සහය පළ කිරීමත්, රනිල්ගේ බැඳුම්කර හොරකමට එරෙහි වෙමින් රනිල්ගේ ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් කඬේ යාමත්, ඔවුන්ගේ තක්කඩි දේශපාලනය බවට පත්ව ඇත. මේ තක්කඩි දේශපාලනයේ නිරුවත වසා ගැනීම සඳහා ජවිපෙ උපාය වී ඇත්තේ වංචා දූෂණ විරෝධය රටේ කේන්ද්‍රිය ප්‍රශ්නය බවට පත් කර ගැනීමය. ඇත්ත. දූෂණ විරෝධය හොඳය. සියලු ප්‍රධාන පක්ෂ තුළ දූෂිතයන් රජයන බවද සැබෑය. එහෙත් දූෂණ විරෝධී අරගලය තිබිය යුත්තේ මහපොළවේ සැබෑ දේශපාලන අරගලය වූ යටත්විජිත විරෝධී අරගලය තුළ මිස ඉන් පරිබාහිර ආකාසයක නොවේ. ජවිපෙ තම සැබෑ භූමිකාව, සැබෑ අරගල බිම මඟහැර කැපකිරීම්, අවංකකම් ගැන මොන පම්පෝරි ගැසුවද එයින් පලක් නැත. රටේ කොන්ද කඩන ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් පෙනී සිටිමින්, දූෂණ විරෝධී ඝෝෂා නැඟීමෙන් පලක් නැත. එදා ජවිපෙ සාර්ථක වූයේ දූෂණ විරෝධී අරගලයත්, දේශප්‍රේමී අරගලයත් ඒකාබද්ධව නියෝජනය කළ නිසාය. එකී පුළුල් ජාතික න්‍යාය පත්‍රයෙන් තොර වියුක්ත දූෂණ විරෝධය බොරුවක් පමණක් නොව දැනුවත් තක්කඩිකමක්ද වෙයි. ඒ මාවත ඔස්සේ ගොස් තමන්ට ලද හැකි ජයග්‍රහණයක් නොමැති බව මේ මැතිවරණයෙන් පසුවද හොඳාකාරවම සනාථ වනු ඇත.

ගම දිනන්නට අවශ්‍ය නම් ජවිපෙ කළ යුත්තේ තම සැබෑ භූමිකාව තුළ නැවත ස්ථාන ගතවීමය. එසේ වුවහොත් නිර්මාල්ලා අමරකීර්තිලාගේ ආදරය අහිමි වී ඒ වෙනුවට රටේ ජනතා ප්‍රසාදය ඔවුන්ට හිමිවනු ඇත. නමුත් ඔවුන්ට වැදගත් වන්නේ නිර්මාල්ලාගේ ආදරය නම් මේ මැතිවරණයෙන් පසුවද ජවිපෙ සාමාජිකයන්ට සිදුවන්නේ “මේ ජනතාව ඉවත් කර වෙනත් ජනතාවක් පත් කරගමු” වැනි බ්‍රෙෂ්ට්ගෙන් අහුලා ගත් ගොන් කතා මූණූ පොත් මත ලියමින් හඬා වැළපීමටය. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට ගම දිනන්නට අවශ්‍ය නම් ඔවුන් වහාම නිර්මාල්ලා, අමරකීර්තිලා අත්හල යුතුය. එවන් ඊනියා බුද්ධිමතුන්ගේ වෛරයට භාජනය විය යුතුය. මෙය නිර්මාල්ලා ගැන පෞද්ගලික වෛරයකින් කරන ප්‍රකාශයක් නොව ගැඹුරු දේශපාලන තර්කයකි. ඒ තර්කයේ ගැඹුර වටහා ගත් දිනක ගම පමණක් නොව රටම දිනා ගැනීමට ජවිපෙට හැකිවනු ඇත.

යුතුකම සංවාද කවය

18
දෙසැ.
17

රුවන්ගේ හිස්ටීරියාව

හිස්ටීරියාව 

වෛද්‍ය රුවන් එම් ජයතුංග

හිස්ටීරියාව මා තුලින් හොයන්න එපා දොස්තර මහත්තයෝ , අපේ සමාජය තුලින් සොයන්න​. තමන් ගේ අර්ථික සාමාජීය ජීවිත පාලනය කිරීමට නූගත් මදාවි මැරයන් පාර්ලිමේන්තුවට යවන ශ්‍රී ලාංකිකයා තුලින් හිස්ටීරියාව සොයන්න​.

ජීවිතය මහාමාරිය වගේ ඒක දැක්කේ කැමූ විතරක් නෙවෙයි. මමත් දැක්කා. ගඳ ගහන විෂබීජ පතුරන ජීවිතයක් මේක. අපේ නෛසර්ගික හුදකලා බව විතරක් නොවෙයි ආත්මාර්තකාමීත්වයත් පෙන්නුම් කෙරෙනවා. ඔරාන් නගරයේ වාසීන් වගේම අපි හැමෝම මහාමාරියෙන් යටවෙලා. ඩොක්ට තිස්ස ඔරාන් නගරයේ දොස්තර බර්නා රිය වගේ මහාමාරියට බෙහෙත් කරනවා. ඒත් හැමතැනම මහාමාරිය පැතිරෙනවා. අපගේ අධ්‍යාත්මය ක්ෂය වී යනවා. සෑම තැනකම මීයන්. උන් ජීවිතවල කුණු සෑම දිශාවකටම ඇදගෙන යනවා.

*********************************************

මනස පදාර්ථයක් සේ වෙන් කල හැකිද ? අපි පදාර්ථය ගත්තොත් ඒ පාදාර්ථය කුඩා අංශු දක්වා කඩන්න පුළුවන්. අපි පරමාණුව දක්වා ඒ පදාර්ථය කැඩුවා. පරමාණු තව දුරටත් කැඩුවොත් හමුවෙනවා ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, මිසෝන අංශු ඒවා  තව දුරටත් කැඩුවොත් ලැබෙන්නේ තරංග. ඒ  හරහා විද්‍යාඥයෝ ඉදිරිපත් කළා ස්ටි‍්‍රං තියරි කියල මතයක්. මේ ස්ටි‍්‍රංස් තව දුරටත් විබණ්ඩනය කළොත් ලැබෙන්නේ මොනවද? ශක්තිය. ශක්තිය තවදුරටත් විශ්ලේෂණය කලොත් අපට ලැබෙන්නේ මොනවද? මේ විදිහට අනන්තය දක්වා අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒත් මට හිතෙනවා අවසානයේදී වෘත්තයක ගමන්කරන්නා ආරම්භ කරපු ලක්‍ෂයට එනවා වගේ අන්තිමට අපි එන්නේ එකම තැනට කියලා. මනසත් මෙසේ විබණ්ඩනය කළහොත් අවසනයෙ දි  වෘතයක ගමන් කළා වගේ අපි යලි එම ස්ථානයට ලඟා වෙනවද ?

මම මේ ගැන වාද කළා ඇමරිකන් ලෙක්චර කෙනෙක් එක්ක. රොබට් ගාඩිනර්, රොචෙස්ටර් යුනිවර්සිටි එකේ. හොඳ බුද්ධියක් තියෙන මිනිහෙක්. අයින්ස්ටයින්ගේ මල්ලි වගේ. රොබට් විශ්වාස කළා පැරලල් යුනිවර්ස් තියරි එක ගැන. ඩොක්ට තිස්ස දන්නවද පැරලල් යුනිවර්ස් එකේ කාලය යන්නේ ඉදිරියට නෙවෙයි පිටිපස්සට. හිතාගන්නත් අමාරුයි නේද? කාලය කොහොමද පස්සට යන්නේ. එතකොට අපි මහළු වෙනවා වෙනුවට තිරිහන් වෙනවා. එතකොට ඒකේ සීමාව මොකක්ද? සීමා රහිතව කාලය ගලාගෙන යනවද? මේවා මනස්ගාත වෙන්නත් පුළුවන් ප‍්‍රාතිහාර්ය වෙන්නත් පුළුවන්.

මට තේරෙන හැටියට හැම ප‍්‍රාතිහාර්යක් පසුපසම අහඹුව කියන සංසිද්ධිය තියෙනවා. ඒ නිසා ප‍්‍රාතිහාර්යයේ අගය අඩු වෙනවා. අහඹුවෙන් තොර සුපිරිසිදු ප‍්‍රාතිහාර්යයක් දැක්ක කෙනෙක් ඉන්නවානම් ඉදිරියට එන්න. අපි යන දිශාව සමහර විට අපිව නිෂ්පාදනය කරනවා නැත්නං විනාශ කරනවා. ගම්පෙරලිය බලන්න. දියුණුවෙන්න හිතාගෙන පියල් කොළඹ ගියා. මිනිහා දියුණු වුණා. ජිනදාස බිබිලෙට ගියා. එතනින් මිනිහා නැති වුණා. ජිනදාස කොළඹ පැත්තට ගියානං සමහර විට මිනිහා දියුණු වෙලා.දිශාව තමයි ඒ දෙන්නගේ දෛවය තීරණය කළේ.

තවත් උදාහරණයක්. කිසලොව්ස්කිගේ නියමය අනුව වයිටෙක් ගේ අනාගතය තීරණය වන්නේ ඔහු දුම්රිය අල්ලා ගැනීමට දුවන විට. එක්කෝ ඔහු භක්තිමත් කොමියුනිස්ට් සාමාජිකයෙක් වෙයි නැතහොත් ගුලර්ග්   ශ්‍රම කඳවුරකට ජීවිතය දිය කරයි නැතිනම් කිසිම වෙනසකින් තොරව ඔහුගේ ජීවිතය ගලා  යයි.

සමහරු කියයි දෛවය වෙනස් කරන්න බැහැ කියලා. ඒ ගැන කියන්න දන්නේ නැහැ. එකක් කියන්න පුළුවන් අපි හැමෝම සෙක්කුවල බැදලා ඉන්නේ. මේ ජීවිත සෙක්කුවලින් ගැළවිලා යන්න බැහැ. රක්ෂාව, විවාහ කියන සෙක්කුවලට අහු වෙච්ච මිනිස්සු ඒ සෙක්කුවලින් මිදෙන්න බැරුව එකතැන කැරකෙනවා. පැනලා යන්න බැහැ. සෙක්කුවේ බැඳලා වටේ කැරකෙන්නත් බැහැ. දුවන්නත් බැරි නිසා, පළා යන්න බැරි නිසා අපි ජීවිතය කියන සෙක්කු වටා කැරකෙනවා. ඒ අතරේ සමහරු අනුන්ගේ බෙලි කපලා හරි ඉදිරියට යනවා. හයිලැන්ඩර් චිත‍්‍රපටය වගේ. අවසානයට ඉතුරුවෙන්නේ එක් අයෙක්. එක්කෙනෙක් ඉතිරි වෙනකං බෙලි කපනවා. ඒ මතින් ගමනට ශක්තිය ග‍්‍රහණය කර ගන්නවා.  ඒ   නිසා දෑත බැඳලා කඩුවෙන් බෙල්ලට කොටනවා. There can be only one අපි ඔක්කොම හයිලැන්ඩර්ස්ලා.

*******************************************

ටෙනිසන්ගේ පද්ම භක්‍ෂකයෝ කවරහුද? පද්මයත් පුෂ්පයත් නටුවෙන් ගෙන අනුභව කළ හැක්කේ කාටද? ටෙනිසන් ව්‍යාංගයෙන් කියන්නේ කවුරුන් ගැනද? මගේ හිත ව්‍යාකූල වෙලා. මාර්ගෝ රැුජින ළඟ වාඩි වෙලා ඇයට තුර්ගේනිව්ගේ නවකථාවක් සඳ එළිය යටට වෙලා කියවන්න ලැබෙනවානම් ඊටත් වඩා දෙයක් නැහැ. මම සඳ එළියට බයයි. සඳරැස් දුවිලි  මතට වැටුණහම බ‍්‍රැම් ස්ට්‍රෝකර් කියනවා වෙම්පයස්ලා අවධි වෙනවලූ. ජොනතන් හාකර්ව බදා ගන්නට පැමිණි වෙම්පයර් කාන්තාවන් මගේ පස්සේනුත් එයිද? මට පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මගේ මනස පීකෝඞ් නෞකාව පදවන කපිතන් අහාබ් ගේ මනසට සමාන කරන්න පුලූවන්. ධවල තල්මසා සොයාගෙන මහා සාගරය දෙබෑ කරගෙන යන අහාබ්ගේ නෞකාව වගේ මගේ මනස තුළ සිතුවිලි ගමන් කරනවා.  මගේ මනස තෝන්තු වෙනවා. මගේ මනස ලෙඩ ඇති. මට මේවා පෙනෙන්න ඇත්තේ  එක නිසයි. . මුළු මාර්ගයම දුවිල්ලෙන්  වැහිලා ඇස් දනවා. නාසයෙන් සොටු දියර ගලනවා. ළඟ ඉන්න කිසිකෙනෙකු  පේන්නේ නැහැ. දුවිලි මූණේ ඇළිලා. දහවලත් අන්ධකාරයි. දහවලේ අඳුර වගේ. බුහාරින්ට වෙච්ච දේ මටත් වෙයිද? එත්  මට බයක් නැහැ. බය කියන හැඟීම දැනෙන්නේ නැහැ. උන්මට යකඩ පොළුවලින් තලනවා. මට වේදනාවක් නැහැ. මගේ ශරීරය මගේ නෙවෙයි. මගේ ශරීරය මට අයිති නැහැ.

මගේ හිසට වතුර බාල්දියක් හැලුවා. අත මිටමොලවලා මුහුණට පහර දෙක තුනක් ගැහුවා. මම නිහඬව හිටියා. ඊට පස්සේ මාව ඇදගෙන ගෙනිහින් මේසයක වාඩි කරවා මගේ අත් දෙක ඉදිරියට ඇදලා බැන්දා හෙල්ලෙන්න බැරි වෙන්න. ඒත් මම කිසිම දෙයක් කිව්වේ නැහැ.  අඟලක් තරම් මහතා පොල්ලකින් මගේ ඇඟිලි ඇට වලට ගැහුවා. මම ආධ්‍යාත්මය සමග බැඳී හිටියේ මම වේදනාව යටපත්කර ගත්තා.  වදකයාට  මහන්සි මට තලලා , ඔහුගේ මුහුණෙන් දහදිය බේරෙනවා. නමුත් මම ශාන්තව ඉන්නවා. මගේ නළලේ එක දහදිය බින්දුවක් නැහැ. මට හිතුනා වධකයා තමයි වදයට ලක් වෙන්නේ කියලා.

ඔබලාට පුළුවන් මට පහර දෙන්න. මගේ අතපය බැඳ දමන්න. මාව කුදලාගෙන ගිහිල්ලා  මගේ හිස හරහා විද්‍යුත් ධාරාවන් යවන්න. මගේ මුළු ශරීරයම අපස්මාරගැස්මකට ලක් කරන්න. මගේ දත් ගැටෙයි, සමහර විට දිව හැපෙයි , තුවාල වූ දිවෙන් ලේ  ගලයි. මගේ භින්නාවේගික සිතිවිලි තාවකාලිකව අඩපණ වෙයි. නමුත්අළු මතින් මා නැගිටිනවා.

*******************************************************************

ශාරීරික වදය ඉවසන්න පුළුවන්. නමුත්  ආධ්‍යාත්මික වදය දරා ගන්න බැහැ. කුසුමට දැනුනේ අධ්‍යාත්මික වේදනාවක් ද ? කුසුම් ගැන ඩොක්ට හිතන්නේ මොකක්ද? මම කිව්වේ කරුණාසේන ජයලත්ගේ ගැහැණු ළමයි පොතේ එන කුසුම්. ජයලත් කුසුම්ගේ චරිතය ගොඩ නැගුවේ ඇඞ්ලින් හේවාවිතාරණගේ චරිතය අරගෙන. ඇඞ්ලින්, ආනන්ද ගොඩගේ ගේ රථයේ රෝදයට යට වුණා. කුසුම් ඞී.ආර්. ඕ.ගේ කීර්තියට යට වුණා. ඒ අයට වේදනාව දැණුනා. ශරීර තමන්ගේ අයිතියට ලක් කරගෙන හිටපු නිසා වේදනාව තදින් දැණුනා.අධ්‍යාත්මික වේදනාව වඩා ඉහල ඇති. ඔවුන් වේදනාවෙන් මුසපත් උනා.  සූමෝ ක‍්‍රීඩකයන් වගේ ශරීරය හා වේදනාව අතර තියෙන සහ බන්ධනය ඉවත් කරන්න  ඕනේ. එතකොට වේදනාව දරාගන්න පුළුවන්.

*****************************************************************

මීට අවුරුදු තුනකට ඉස්සෙල්ලා මම නිවාඩුවකට බර්න්වලට ගියා. මට හමුඋනා දේශපාලන රැුකවරණ පතා සුවිට්සර්ලන්තයට ගිය දෙමළ තරුණයෙක්. මිනිහා කොටියෙක් වෙන්න ඇති. ඒත්  එයාගේ දේශපාලන දර්ශනය මට බලපෑවේ නැහැ. අපි බර්න්වල රෙස්ටෝරන්ට් එකක බියර් බිබී කතා කළා ජීවිතය ගැන. මනෝහාර් යුද්ධයට සල්ලි පොම්ප කරනවා. ඒ නිසා ඔහුත් යුද්ධයට සම්බන්ධයි. මම නියෝජනය කරන්නේ මහ ජාතිය. අපේ ජීවිත ගිනිකඳු වගේ. වරින්වර උතුරා යනවා. අවසානයේදී නිර්දෝෂි මිනිසුන් වන්දි ගෙවනවා. හරිකේන්, රූබන්, කාටර් වගේ නිවැරදි මිනිසුන් විඳවනවා.  මිනිහගේ නම සෙල්වරාජ් මනොහර්. ගම අරියාලේ. දැන් ඉන්නේ බර්න්වල. අසූතුනේ තමිල්නාඩුවට ඇවිල්ලා එතනින් ජර්මනියටත් පස්සේ සුවිස්ටර්ලන්තයටත් ආවා. අපි හැමදෙයක් ගැනම කථා කළා. යුද්දේ ඇර. අපිට උතුරේ යුද්ධය ගැන කථා කරන්න බැහැ. යුද්ධය  අපි දෙන්නටම තහනම් වචනයක් වෙලා. අපි දෙන්නගෙන්  කවුරුන්වත් තහනම් කලාපයට යන්නේ නැහැ. අපි බොස්නියාව ගැන කථා කරනවා, යාපනය ගැන කථා කරන්නේ නැහැ. නමුත් ඇස් වලින් අපි සත්‍ය කථා කරනවා. දෙදෙනාගේ ඇස් වලින්  තහනම් අඩවියේ අර්ටිලරි හඬ පැතිරෙන ජිවිත ගැන කථා කරනවා.  එතකොට අපේ අදහස් නයගරා ඇල්ල වගේ කඩා හැලෙනවා.

***********************************************

නිව් යෝර්ක් සිටි හි හාර්ලෙම් වල ගතවූ දිනය මට සිහියට එනවා. මම හිටියේ සබ්වේ ස්ටේෂමක් අසල. මනස්කාන්ත ලෙස ඇඳ පැළඳගෙන සිටි අප්‍රිකානු ඇමරිකානු ඒ කියන්නේ වාර්ගික තහනම් වචනය නිග්‍රෝ කෙල්ලෝ දෙන්නෙක් ඇවිදගෙන එනවා. ඔවුන් දෙදෙනා සිනාසෙමින් ශබ්ද නගා කතා කළා. කටහඬ තුල අසංවර බවක් මම දුටුවා. කටහඬවල් තුල මිනි කිංකිනි නාදයක් මට ඇසුනේ නැහැ. ඇසුනේ ගොරෝසු නාදයක්. නමුත් ඔවුන් ඉතා කාමුකයි. හදිසියේම ඔවුන් දෙදෙනා තවත් උස හඬින් වාද කළා. මට ඇසුනා අප්‍රිකානු ඇමරිකානු උරුවට කියන අසභ්‍ය වචන. වටේ සිටි කවුරුවත් මේ වාදයට අවධානය යොමු කලේ නැහැ. එක් අයෙකු හැර . ඔහු මහළු කළු ජාතික බේබද්දෙක්. ඔහු සබ්වේ ස්ටේෂම අසල බිත්තිය කොනේ වාඩිවී සිටියා. හදිසියේම කළු කෙල්ලන් දෙදෙනා පොරකන්නට පටන් ගත්තා. රණ්ඩුව නවත්වන්න කවුරුත් නැහැ. දෙදෙනා දෙදෙනාට පහර දී ගන්නවා. ඔවුන් පැළඳ සිටි විශාල කරාඹු ඒ මේ අත වැනෙනවා. අතපය විසිවෙනවා. එකියක් අනෙක් කෙල්ලගේ බ්ලවුස්  එක ඉරුවා. ඒ කෙල්ලගේ දුඹුරු පැහැති ප්‍රාණවත් විශාල පියයුරු එළියේ. ඒ කෙල්ල යෙහෙළියගේ කහ පාට ටී ෂර්ට් එක ඉරුවා. දැන් දෙවෙනි කෙල්ලගේත් දුඹුරු පියයුරු එළියේ.

දෙදෙනා එක පොදියට පොරකනවා. මහළු බේබද්දා මේ දර්ශනය දෙස අසාවෙන් බලා සිටිනවා. වෙන කිසි කෙනෙකු අවධානය යොමු කරන්නේ නැහැ. කෙල්ලන් දෙදෙනා කෝපයෙන්, රාගයෙන් පොරකනවා කියලයි මට හිතුනේ. හදිසියේම පොලිස් සයිරන්  හඬක් ඇසුනා. හරියට හද කිලිපොලාගෙන අභ්‍යන්තරය බිඳ වැටෙනවා වගේ  හඬක්. පොරකකා හිටපු කෙල්ලන් දෙදෙනා රණ්ඩුව නැවත්තුවා. ඉරුණු ඇඳුම් එකලාසයක් කරගත්තා. දෙන්න එකට කථා කරගෙන හිටියා වගේ සබ්වේ එක ඇතුලට දිව ගිය. මොහොතකින් ඔවුන් නොපෙනී ගියේ පාවෙලා යන වලාවක් වගේ. මහළු කළු ජාතික බේබද්දා තම දුඹුරු පැහැති දත් පෙන්නමින් සිනහවෙනවා. මේ දර්ශනය ඔහුට ගොඩක් වේලාවක් මතකයේ තියේවි.

******************************************************

මම දැක්කා මනමේ කුමරිය. ඇය හරියට   ප්රින්සස් ලියා වගේ ඔව් Leia Amidala Skywalker  කුමරිය වගේ. මගේ ඇස් මට බොරු කලේ නැහැ. ඇය කිව්වා  “නැත අන් සරණා ඔබ හැර මෙමටා-     වනයේ විසුමා වෙන්නේ සැමදා වග වලසුන්ගේ උවදුරු වලකා රකිනුය ඔබ මා, රකිනුය ඔබ මා ” . මනමේ කුමරා ලේ පෙරාගෙන ඇද වැටිලා. හරියට හි පහර කාගෙන  ඇද වැටුන පැරිස් කුමාරයා වගේ. ඔහුගේ උදරයෙන් ලේ ගලනවා. හුස්ම ගන්නේ අමාරුවෙන්. මට පසුබිමෙන් ඇසුනා බොන් ජෝවිගේ කටහඬ.ඔහු කිව්වා  This Romeo is bleeding, but you can’t see hisblood මුළු ගීතයම වාදනය උණා. රඟහල තවමත් අඩ අඳුරේ. මම දකින්නේ මනමේ කුමරු , මනමේ කුමරිය සහ වැදි රජා විතරයි. ජෝන් බොන් ජෝවිගේ Romeo Is Bleeding මට නොකඩවා ඇසුනා. ඇත්තටම මනමේ  නාට්යේ මනමේ කුමරා මැරෙන අවස්ථාවට ඒ ගීතය වාදනය උනා නම් කියල මට හිතුනා. කොපමණ අලංකාර ඔපෙරාවක් වෙයිද ?  ඩොක්ටර් සරත්චන්ද්ර ඒක ඇසුවානම් අනිවාර්යෙන්ම එකග වෙනවා එම මනමේ කුමරා මැරෙන  අවස්ථාවට බොන් ජෝවිගේ ගීතය වාදනය කිරීමට. ඒ ගීතය නොඇසූ දෙසවන් කුමටද? සවන් දෙන්න….

ගීතය කෙමෙන් කෙමෙන් අවසන් වෙනවා. මනමේ කුමරා මිය ගොසින්. යලිත් නිහඬතාවය සහ අඩ අඳුර.  මනමේ කුමරිය කියනවා “මනමේ රජු ඔබ – ගෙල සිඳ ලන්ටා කඩුව ඉල්ලු සඳ – ඔහු වලකන්ටා කළ තැත දුටුවද- ඔබ ගලවන්ටා සිතුණේ කඩුව ඔබ – අතටම දෙන්ටා ” ඔපෙරාව අවසානයක් නැතිව ඇදෙනවා. හරියට ඒකාකාරී ජිවිතයක් වගේ.

 

ඒකාකාරී ජීවිතය මම දැක්කා අප්‍රිකාවේදී. අප්‍රිකාවේ ගෝල්ඩ් කෝස්ට්  අර්ධ නාගරික ජීවිතය. මිනිසුන් යනවා රන් හාරන්න ගඟ නිම්න වලට හිමිදිරි උදයේ.  උදළු  තල සිය ගනනක් පොලව මත වදිනවා, පස් හාරනවා, හාරපු පස් කුඩා වලට දානවා, ගං තෙරට ගෙනෙහින් වේවැල් පස් කුඩ වතුරින් මිශ්‍ර කරන ගමන් පස් කැට සෝදා යවනවා. මෙහෙම දිගින් දිගටම කරලා අන්තිමට පස් හේදිලා ගියාම කුඩයේ පතුලේ ඇහැට පෙනෙන නොපෙනෙන රන් කැට  සොච්මක්  තියනවා. ඒ වෙන කොට හිරු බැස ගිහිල්ල අඳුර උදාවේගෙන එනවා. හැමෝටම රන් කැට ලැබිල නැහැ, බොහෝ දෙනෙක් අපහු නවාතැන්පොළට යන්නේ හිස් අතින්. රන් ලැබුණු වාසනාවන්තයෝ ඉක්මනට ඇඟපත හෝදගෙන , ඇඳුමක් ඇඳගෙන  ගරාවැටුණු පොඩි  ටවුමට යනවා.

ටවුමේ ලෑලි කඩයක් තියනවා මේ මිනිසුන් ගෙන රන් කෑලි කුණු කොල්ලයට. මුළු දවසක ශ්‍රමයට ගෙවනවා. Cedi පහක් , දහයක් විතර. මුදල් නෝට්ටු අතේ ගුලිකරගන්නා මේ මිනිස්සු  යනවා ළඟ තියන බාර් එකට. එකත් කිළුටු ගුහාවක්. කැඩීගිය  වේවැල් පුටු අබලන් මේස තියන ගෝෂාකාරී තැනක්. ලාබ රම් , පාම් වයින් , උක්ගස් වලින් පෙරන Akpeteshie  පානය. මේ වගේ ලාභ බිමක් ඇනවුම් කරනවා. කුඩාවට කපල තම්බපු  එළුමස් එක්ක බෝංචි පිගනකුත් ලැබෙනවා. ඒක කන ගමන්  මධ්‍යසරයත්  ගන්නවා.  බාර් එකේ පරණ කැසට් රේඩියෝවකින් අයිජිබේ එඩේම් ගේ වේග රිද්ම ගීයක් ඇහෙනවා. මිනිසුන්ගේ කතා බහ , ගෝසාව, බාර් එකේ වැඩ කරන කිළුටු ගවුම් ඇඳගත් නාවර පෙරාගෙන සිටින වෙටර්වරියන් දෙදෙනා පිගන් අතින් ගෙන අමුත්තන්ට සංග්‍රහ කරනවා.

බාර් එකේ කවුන්ටරේ සිටින මදි වියේ මිනිසා සුරුට්ටුවක් උරණ ගමන් රම් කෝප්ප වලට වත්  කරනවා. ඔහුගේ ශක්තිමත් කාලවර්ණ අත් , සුදු පැහැති දත් , විශාල රතු පැහැ  තොල් ,අමිත්රශීලි දෙනෙත්  සුරුට්ටු දුමාරය අතරින් දැක ගන්න පුළුවන්.  බාගෙට මත්  වූ අමුත්තන් දැන් උස හඬින් වාද කර ගන්නවා. තම තමන්ගේ පම්පෝරි කියවනවා. රන් හාරන මිනිසුන් තමන්ගේ වසනා  චක්‍රය ගැන කථා කරනවා. මේ වෙලාවේ බාර් එකට එනවා මුනේ පවුඩර් උලාගෙන ලිප්ස්ටික් ගාගෙන කළු පාට කලාව යුග්ම පේන්න කොටට ඇඳපු කෙල්ලන් රංචුවක්. මේ කෙල්ලෝ ඉස්කෝලේ යන වයසේ කියන්න පුළුවන්. සමහරුන්ගේ පියයුරුවත් හරියට මෝරලා නැහැ. නමුත් ඔවුන් සියලුදෙනා ගණිකාවන්. රන් හාරන මිනිසුන්ගෙන් යැපෙන , ඇඟ විකුණලා මල්ලිලාට නංගිලාට කෑම වේල හොයල දෙන්න , දවසපුර බීගෙන ඉන්න පියා මුදල් නොදී පහර දී එළවා දමපු අම්ම ගෙදර නඩත්තුවට මුදල් හොයන්නේ  කොහොමද කියල දහ අතේ කල්පනා කර කර ඉන්නකොට දුව බාර් ඒක පැත්තේ ගිහිල්ලා මුදලක් හොයාගෙන ඇවිල්ල අම්මට දෙනවා.

 

කෙල්ලෝ ටික බාර් එකට ගොඩ වෙනකොට මිනිසුන්ගේ ගෝෂාව අඩු වෙලා ඔක්කොම එකපාරටම කෙල්ලෝ දිහා බලනවා. ටික වෙලාවකින් කෙල්ලන් වේග  සංගීත රිද්මයට   නටන්න පටන් ගන්නවා. ඔවුන් නටන්නේ අප්‍රිකානු රිද්මයට. උකුල, ලැම සොළවලා මිනිසුන්ගේ සිත් කුපිත වෙන ආකාරයට. ආහාරයෙන් , මදුවිතෙන් සප්පායම් වෙලා හිටපු මිනිසුන් දැන් කෙල්ලන්ගේ නැටුමට එකතු වෙනවා. මොහොතකින්  කිලිටි පතුරු ගිය සිමෙන්ති පොලව කම්පනය කරමින් ගැහැණු මිනිස්සු ඒක පොදියේ  නටනවා. රම් , පාම් වයින්, බියර් ගලාගෙන යනවා. රාත්‍රිය  තවමත් තරුණයි.

නැටුම , රිද්මය, ශරීර සෙලවීම්, මදුවිත, මධ්‍යම  රාත්‍රිය තෙක් ඇදී යනවා.  මධ්‍යම රාත්‍රිය එළඹෙත්ම අමුත්හන් ටිකින් ටික බාර් එකෙන් යනවා. සමහරු යන්නේ වැනි වැනි උස් හඬින් කාට හෝ බනිමින්. මුදල් අතේ ඇත්තෝ රැය ගත කරන්න මුදලක් ගෙවා මේ ලාබාල ගණිකාවක් අරගෙන ලී වලින් හදල තියන කාමර පේලියෙන් එකකට යනවා. මේ කාමරත් අයිති බාර් එකේ කවුන්ටරේ ඉන්න මැදි වියේ ශක්තිමත් මිනිසාට. ඔහුගේ නම ආරු. ඔහු අකාන්  ගෝත්‍රිකයෙක්.  ආරුගේ මුහුණේ පැරණි  කැපුම් තුවාල දැකගන්න පුළුවන්. ඔහු යකඩයක් වගේ ශක්තිමත්.

රන් හාරන මිනිසුන් ඔහුගේ අතට නෝට්ටු කොළ මිටමොලාවලා   ගණිකාවකුත් එක්ක  එක්ක ලෑලි කාමරයකට යනවා. කාමරයේ ඇඳන් තනා ඇත්තේ බුබින්ගා ලීයෙන්. මෙට්ට කහ ගැහිලා . සමහර කාමර වල විතරයි මදුරු දැලක් හෝ තියෙන්නේ. මිනිසුන්ට දැන් ඒ පහසුකම් ඕන නැහැ. ගණිකාව සමග ලෑලි කාමරයට වැදෙන ඔවුන් ඉක්මනට දොර පාළුව වසා ගෙන සහකරියත් සමග කිලිටි ඇඳේ  වැතිරෙනවා. රති ක්‍රීඩාව පැය ගණනක් පුරා යනවා. දරදඬු මිනිසුන්ගේ ප්‍රචණ්ඩ ලිංගික ඉරියව් නිසා ඇතිවන වේදනාවට සමහර කෙල්ලන් කෑ මොර දෙනවා, සමහරු දොරවල ඇරගෙන හෙළුවෙන්ම පැනල දුවනවා. ඒ දුවනකොට පර පිඩක මිනිස්සු කෙල්ලන් පස්සෙන් දුවලා ගිහින් ඔවුන්ට පහර දී යලි කාමරයට ඇදගෙන එනවා. සමහරුන්ව කකුල් කෙටියෙන් බිම දිගේ ඇදගෙන එන හැටි බලන්න ගුජුප්සාජනකයි.  පහර දීම නිසා තොල් පැලුණු , බිම වැටීම නිසා හිස ගල් මුල් වල ඇනුණු , නිරුවත් පිට බොරළු පොලවේ ඇදගෙන එම නිසා පිට හම ගිය කෙල්ලන් වේදනාවෙන් සාප කරනවා. මිනිසුන් කුණුහරප දෙසාබාන ගමන් යලි තම ගොදුර ඩැහැගෙන එන්නේ මුහුණේ වියරු හිනාවකින්. යලි කාමරයට තල්ලු කරන කෙල්ලන් දැන් නිහඬවම අවනත වෙනවා. තම ගැනුම්කරුවා සමග සටන් කරන්න ඇයට ශක්තියක් නැහැ. ඇය මළ මිනියක් ලෙස වැතිර සිටින අතර මිනිසා තමාට කැමති කැමති ඉරියව් වලින් තෘප්තිය ලබනවා. අවසානයේදී ඔහුත් මහන්සියට පත් වෙලා. ඇයගේ ශරීරය මත කපා හෙළුව ගසක් වගේ නිදාගන්නවා. තරුණියට නින්ද යන්නේ නැහැ . ඇයගේ මුළු ශරීරයම වණයක් සේ රිදුම් දෙනවා. පහරකෑම් නිසා තැලී ගිය තොල්පොට, දත් පහර වැදී  තුවාල වූ පියයුරු, සමහරුන්ගේ ගුද මාර්ගයෙන් ලේ පවා වහනය වෙනවා. ඔවුන් හුස්ම ගන්නේ පවා  වේදනාවෙන්.

කුකුළා හඬලන හිමිදිරියේ මිනිසුන් කලබලයෙන් නැගිටිනවා. ඉක්මනට කලිසන් කෙටි ඇඳගෙන ලෑස්තිවෙනවා යලි රන් හැරීමට යාමට.  සහකාරියට කරුණාවෙන් යමක් පවා නොකියා ඔවුන් ලෑලි කාමර වලින් යන්නේ.  සමහර විට සාක්කුවේ තිබු මුදලක් නැතිවෙලා කියල යලි ගැහැණියට පහර දෙන මිනිසුනුත් ඉන්නවා. මුහුණවත්  නොසෝදා ඔවුන් යන්නේ ගංගා නිම්නය වෙත දවසේ වාසනාව උරගා බලන්න. මිනිසුන් පිටවුනු ගමන් කෙල්ලන් තමන් සන්තකයේ තියන ඇඳුම කුඩුම ඇඳගෙන ගෙවල් බලා යනවා. ඔවුන්ගේ අතේ එදා වෙලා හොයාගන්න මුදලක් තියනවා. සමහරු ඇවිදින්නේ අමාරුවෙන්. ශරීර වේදනාව නිසා ඔවුන් කරන්නේ  ට්වාසා කොළ තම්බලා බී මුළු දහවලම   නිදාගන්න එක.  මේ අතර මිනිසුන් පොලව සමග හැපෙනවා  රන් හොයන්න. හවස් වෙනකොට යලි කුඩා රන්  කෑලි ස්වල්පයක් සොයාගෙන. ඒවා අරගෙන යලි එනවා ලෑලි  කඩයට. රන් කෑලි විකුණා ලැබෙන මුදලින් නැවත යනවා බාර් එකට. දවල් වරුව පුරා ගිමන් හැරි කෙල්ලන් යලි ඇඳ පැළඳගෙන තොල් වල ලිප්ස්ටික් උලාගෙන ලෑස්තිවෙනවා ගැනුම්කරයෙක් සොයාගන්නට  බාර් එකට යාමට. යලිත් සිදුවන්නේ පෙරදා  රාත්‍රියේ සිදුවූ දේමයි. මේක චක්‍රයක් වගේ. මිනිසුන්ගේ ජිවිත ගලා යන්නේ ඒකාකාරව. ඉඳහිට ඒකාකාරී රටාව බිඳවැටෙනවා , එක්කෝ වනයේදි සර්පයෙක් කලා, මැලේරියාව හැදිලා මිනිසුන් මිය යනවා. එහෙමත් නැත්නම්  ඒඩ්ස් හැදිලා. ඒඩ්ස් හැදිලා කියල දැනගන්නේ රෝගය උඩු දුවලා අන්තිම සොහොන් ලක්ෂණ ආවම. ඒවගේ වෙනසක් උනේ නැතිනම් එකම ආකාරයට මේ මිනිසුන්ගේ ජිවිත ගලාගෙන යන්නේ. ඔවුන්ගේ ආධ්‍යාත්මය අවදි වෙලා නැහැ.

 

මට ආධ්‍යාත්මික සැපත කෙරෙහි යොමු වීමට හිතුනා. මගේ  ආධ්‍යාත්මය  අවධි කරන්න මම තැත් කළා. මම කාමයන්ගෙන් වෙන් වන්න තීරණය කලා. මේ සත්‍ය මට වැටහුනේ ගොඩක් කාලයකට පස්සේ.  ඩොක්ට දන්නවද සිදුහත් කුමාරයා ගිහිගෙය හැර ගියේ නළඟනන්ගේ විකාර දැකලා කියලා. මේ විකාර මොකක්ද? නළඟනන්ගේ අව්‍යක්ථ කාම ක‍්‍රීඩා මේවා දැකලා සිදුහත් කුමාරයා තේරුම් ගත්තා ගිහි ජීවිතය නිසරු බව.  ඒ නිසා සත්‍ය ගවේෂණය කරන්න ගිහිගෙය හැර ගියා. කෝලිත උපතිස්ස දෙමිතුරන්ට ගිහි ජීවිතය එපා වුණේ ගිරග්ග සමජ්ජ කියන කාම නාට්‍යය බලලා. පුරාණ ඉන්දියාවේ ගිරග්ග සමජ්ජ වැනි කාම සැණකෙළි තිබුණා. මේ සැනකෙළි බ‍්‍රසීල්වල කානිවල් , උතුරු ඇමරිකාවේ කැරිබානා  වගේ ෆෙස්ටිවල්වලට වඩා ඇඞ්වාන්ස්. ලිංගික හැසිරීම උපරිම විදිහට මෙම සැණකෙලිවල සිද්ධවුණා. ගෘප් සෙක්ස් ,  බීස්ටිලිටි වගේ.   බීස්ටිලිටි වලට  කියන සිංහල නම මම දන්නේ නැහැ. ඩොක්ට දන්නවනම් කියන්න. මම හිතන්නේ සතුන් සමඟ රමණයේ යෙදීම වෙන්න ඇති. මෙහෙම කාමය උපරිම අන්දමෙන් භුක්ති විඳින කොට කාම ක‍්‍රීඩා එපා වෙනවා. ශරීරයේ නිසරුබව වැටහෙනවා. එතකොට මිනිස්සුන්ට තමන්ගේ ආධ්‍යාත්මික සැපත ගැන උනන්දුවක් ඇති වෙනවා.

ආධ්‍යාත්මික සැපය වින්දනය කරන කොට ශරීරය සම්බන්ධ කරගෙන සිදු කරන කාමුක ක‍්‍රියා අපූල වෙනවා. වඩ වඩාත් ආධාත්මික පැත්තට මිනිහා ඇදී යනවා. එතකොට ලිංගික හැසිරීම්වල යථා ස්වාභාවය මිනිහා තේරුම් අරගෙන. ඒ පිළිබඳව කැමැත්තක් උනන්දුවක් නැහැ. තවත් කෙනෙක් ලිංගික කටයුතුවල නිරතවීම දකින්නේ සුනඛයෙක් අසූචි කනකොට අපට දැනෙන හැගීම වගේ. සුනඛයාට අසූචි හකුරු වගේ. ඌ තලූ මර මර අසූචි කනවා. එතකොට අපට පිළිකුල එක්ක ඔක්කාරයක් එනවා. උසස් ආධ්‍යාත්මික තත්වයක් ලබාගත්ත කෙනෙකුට ලිංගික හැසිරීම්වල යෙදීම ලාමක වින්දනයක් බව තේරෙනවා. එත්  මිනිහා ලිංගික කුහකයෙක් නොවෙයි. බොරු සුචරිතවාදියෝ නෙවෙයි.  තමාගේ  ලිංගික හීනමානය අඩු කර ගන්නේ සදාචාරය, සංස්කෘතිය, සභ්‍යත්වය ගැන කථා කරල  අනෙක්  පුද්ගලයාගේ සදාචාරය මිනිතයට ලක් කරලා ,  විනිශ්චයන් දීලා.  මේ බොරු සුචරිතවදියා  ගෑනියෙකුගේ අඩනිරුවත  දැක්කොත්  කළබල වෙනවා. මොකද තමාගේ අභ්‍යන්තරයේ සැඟවිලා ඉන්න වල්, අශිෂ්ට කාමුකයා අවදි වෙනවා. ඒක  බාහිර සමාජය දැනගනීයි කියලා ඔහු බයයි. ඒ නිසා අර අඩ නිරුවත් ගැහැණිය  විවේචනය කරනවා. ඇයට සංස්කෘතිය, සදාචාරය උගන්වන්න එහෙමත් නැත්නම් ගල්ගසා මරාදමන්න  ඕනම වෙලාවක ඉදිරිපත් වෙනවා.

එත්  ලිංගික වශයෙන් සංතෘප්ත වූ පුද්ගලයා නිසලයි. ඔහු ඉන්නේ ලිංගික අත්දැකීම්වල ඉහළම තලයේ . ඒ මට්ටමේ දී   ඔහුගේ ඉදුරන් පරයා ආධ්‍යාත්මය අවදි වෙනවා. ඔහු දැන් ආධ්‍යාත්මික වශයෙන් උසස් තත්වයකට ඇවිල්ලා. පියයුරක්, යෝනියක් දැක්කාට ඔහු කළබල වෙන්නේ නැහැ. බාහිර වගේම අභ්‍යන්තර ඉන්ද්‍රියන්ද සන්සුන්. බලන්න පටාචාරාවගේ නිරුවත දැකලා බුදුන් වහන්සේ කළබල වුණාද? කලබල වුණේ වටේ හිටිය උපාසක උපාසිකවෝ. සමහරු ගල් ගැහුවා. මෙහෙට එන්න දෙන්න එපා කිවුවා. ඒ  මොකද එම පුද්ගලයන්ගේ අභ්‍යන්තරයේ සැගවිලා හිටපු අශිෂ්ටයා අවදි වෙච්ච නිසා. එත්  ඉන්ද්‍රීය දමනය තිබූ ඇත්තන් පටාචාරාවගේ මානසික කැළඹීම තේරුම් ගත්තා. ඇයට අනුකම්පා කළා.  පටාචාරාවගේ නිරුවත ලිංගික නිමිත්තක් හැටියට දැක්කේ නැහැ. මම හිතන්නේ තන්ත‍්‍රයාන භික්ෂූන් ලිංගිකත්වය තේරුම් ගත්තේ මේ ආකාරයට. එත්  වික්ටෝරියානු සදාචාරය නිසා අපේ මිනිසුන් දැක්කේ ලිංගිකත්වය පාපයක් හැටියටයි. ඔවුන්ට ආධ්‍යත්මය මග හැරුණා.

     (මානසික රෝගියාගේ පරිකල්පනය )

Posted by Trans Sylvania at 11:49 AM  

Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest

07
දෙසැ.
17

ලැම්බෝගිනිය 

ලැම්බෝගිනිය
============

බව්..බව්…

ස්නෝවී..කාටද ඔය බුරන්නේ උදේ පාන්දර…?

ආහ්..! පත්තර කාරයා ඇවිල්ලා…බලමු පත්තරේ හෙඩ්ලයින්ස් මොනවද තියෙන්නේ කියලා…”

-කහ ඉරි සුදු වේ
-රැකියා දස ලක්ෂය සම්පූර්ණයි
-කුලියාපිටියේ වෝක්ස්වැගන් රථ අනතුරක්
-දෙහිඅත්තකණ්ඩියට Wi-Fi
-බඩු මිල පහලට
-අඩු සීනී මයිලෝ අද සිට වෙළඳපොලට
-අම්පාරටත් කොන්ඩම් මැෂිමක්
-අලුත් ලැම්බෝගිනිය අතුරුදන්..සැකකරුවන්
නිදැල්ලේ

ආහ්..අලුත් ලැම්බෝගිනිය අතුරුදන්??? කවුද මේක කරන්න ඇත්තේ…මේ ගැන හොයන්න ඕන…අන්න කැප්ටන් හැඩොකුත් මේ පැත්තට එනවා…ආ..එන්න කැප්ටන්…දැක්කද අද පත්තරේ? මේ බලන්න…”ලැම්බෝගිනිය අතුරුදන් සැකකරුවන් නිදැල්ලේ”

බුබුළු නගින බෙළිකටු…කැරකෙන දඟර සුළං…මම කිව්වා ඕක උස්සයි කියලා..කෝ ඇහුව ද?

කැප්ටන් මට හිතෙන්නේ මේක අර රේස් පදින බේබිලා තුන්දෙනාගේ වැඩක්..කැප්ටන් එන්න මාත් එක්ක හම්බන්තොට යන්න..කතරගමටම දැන් අධිවේගේ තියෙන නිසා පැය එකහමාරෙන් හම්බන්තොටට යන්න පුළුවන්…අපි දැන්ම පිටත් වෙමු..ස්නෝවී නගින්න වාහනේට.

(පැය එකහමාරකට පමණ පසු)

ගෙදර නම් පාලුවට ගිහිල්ලා..කවුරුවත් පේන්න නෑ වගේ…වාහනේ ඉස්සුව නම් තියෙන්න ඕන මෙහේ..කැලේවත් හැංගුව ද? කෝ මේ කැප්ටන්?

බව්…බව්…බව්…

ස්නෝවී ඒ පාර කාටද මේ එකදිගට බුරන්නේ..? මොනවා!!!! මේ මිනී කන මෝරෙක් නේ ද මඩ වලක දාලා ඇති කරන්නේ? කැප්ටන් ටක්ගාලා මෙහාට ඇවිල්ලා බලන්න.

” සද්දන්ත මිනී මෝරූ..කැරකෙන දිය සුළි”

මෙච්චර කැලේ ඇවිදලත් ලැම්බෝගිනියක් තියා සුදු වෑන් එකක් වත් දැක්කේ නෑ…ඇත්තටම කවුද මේක කරන්න ඇත්තේ? ආ අර කවුද මේ කැලේ ඇතුලේ ඉඳලා පැත්තට එන්නේ…? ආ මේ රහස් පරීක්ෂක තොම්සන් සහෝදරයෝ දෙන්නා නේ ද?

ටින් ටින් මොකද මේ පැත්තේ? හෝඩුවාවක් ලැබුන ද? අපි දෙන්නාට හොඳටම විශ්වාසයි මේක බේබිලා තුන් දෙනාගේ වැඩක්.

දන්නේ නෑ තාම…කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි වුණා…අපි ආපහු කොළඹ යනවා.

බලන්න කැප්ටන් අපිට හම්බන්තොට ගිහිල්ලත් කිසිම හෝඩුවාවක් ලැබුනේ නෑ..යමුද අද රෑට නිදහස් චතුරශ්‍රය පැත්තේ ඇවිදින්න?

“ගැලවෙන ඇණ මුරිච්චි..යමු යමු…හුඟ කාලෙකින් මටත් බැරිවුණා ඇවිදින්න යන්න.”

(රාත්‍රී 9 යට පමණ නිදහස් චතුරශ්‍රය අසල)

කැප්ටන්ට මතකද ඉස්සර මේ හරිය? තාප්ප වලින් වට කරලා තිබුණේ…අර ගෝතාට භය වෙලා තමයි මේ තාප්ප ගලවලා ලස්සන කරේ.

කැප්ටන් මොකද්ද එ සද්දේ…? ප්ලේන් එකක් යනවා වගේ…අර..අර බලන්න කැප්ටන් නැතිවුණ කොළපාට ලැම්බෝගිනිය නේ ද? අන්න වාහනේ නැවැත්තුවා…කවුද වාහනේ ඇතුලේ ඒ කොණ්ඩේ වවලා ඉන්න හාදයා? කැප්ටන් ඉක්මනට පොලිසියට කතා කරන්න.

මිනිහා අපිව දැක්කා…

“ඒයි ඔහොම නවතිනවා..”

ඩෝං…

වෙඩි තිබ්බා නේද? හොඳ වෙලාවට ස්නෝවී උගේ අතට පැන්නේ..නැත්නම් අද ඉවරයි..ටක් ගාලා බදාගෙන හිර කරගන්න ඕන.

“ඒයි දැන් වැඩිය දඟලන්න ලෑස්ති වෙන්න එපා..පොලිසියට දැනුම් දීලා තියෙන්නේ..දැන් කට්ටිය එන ගමන්”

“අනේ සර් මට යන්න දෙන්න..මම මේ ටෙලි නාට්‍යයක පොඩියට රස්තියාදු කාරයෙකුට හරි කුඩු කාරයෙකුට හරි රඟපාලා කීයක් හරි හොයා ගන්නේ..බේබිලා ලැම්බෝගිනි පදිනවා කියලා අහලා තිබුණ නිසා මටත් ආස හිතුනා රේස් පදින්න…මම අම්මගෙන් ලැම්බෝගිනියක් ඉල්ලලා ඇඬුවා..බැරිම තැන බෙල්ල මිරිකලා කාණුවකට විසි කරන්න කිව්වා…ඒත් අම්මා ඒ ඒකක්වත් කරේ නෑ සර්…ඒ දේවල් කරා නම් මට මෙහෙම වෙන්නේ නෑ සර්…”

“හරි හරි..මටත් තේරෙනවා.. ඒ දවස්වලම ඔහෙගේ බෙල්ල මිරිකලා කාණුවට දැම්මා නම් මේ ප්‍රශ්න නෑ කියලා…අන්න පොලිසිය එනවා..කියන්න තියෙන දෙයක් උසාවියෙදී කියනවා”

“ස්තුතියි ටින් ටින් අපිට මේ හාදයාව අල්ලලා දුන්නට… කැප්ටන් කතා කරපු ගමන් අපි භාවනා කරන එකත් නවත්තලා ආවේ”

“ඒක මගේ යුතුකම ඉන්ස්පෙක්ටර්..”

“දැන් අපි යමු ස්නෝවී…”

===================================

© සොනාල ගුණවර්ධන

26
නොවැ.
17

අඹුඩේ තරමට ලබ්බ නැති හඳගම බූරුවා

ලංකාවේ සිනමාව ඔබ හඳුනා ගන්නේ මොන විදියටද?

දීර්ඝ කාලයක් තිස්සේ මම මේ ක්‍ෂේත්‍රයේ ඉන්නවා. මට හිතෙනවා අපි ජීවත් වන්නේ පසුගාමී සිනමා යුගයක කියලා.

ඊට පළමුවෙනි හේතුව සිනමාව අධ්‍යක්ෂකගේ මාධ්‍යයක් වුනාට ලංකාවේදී ඔවුන් විසින් එය අපහරණයට ලක් කරලා තියෙනවා කියන එක. ලෝක සිනමාවට සමගාමීව වාගේ තමයි අපේ සිනමාවත් පටන් ගන්නේ. 1947 දී අපේ සිනමාව ඉන්දියානු අනුකරනවාදී ගති ලක්ෂණවලට ගොදුරු වෙනවා. වසර 10 ක් 12 ක් යනකල් කිසි කෙනෙකුට මෙයින් ගැලවෙන්නට බැරි වෙනවා.
සිනමාව ඉගෙන ගෙන ආපු ලෙස්ටර්, ගාමිණී ෆොන්සේකා කියන පුද්ගලයාවත් ඩේවිඩි ලීඩ් ගේ චිත්‍රපටයක් වන  The bridge on the river kwai කියන චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයෙකු හැටියට සිනමාව ඉගෙන ගන්න යවනවා. ඒ සමඟම කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා, තිස්ස ලියනසූරිය වගේ තිර කතා රචකයෝත් එකතු කර ගන්නවා.
සිනමාව කියන්නේ Collective art form එකක්. සිනමාව හොඳින් දන්න අධ්‍යක්ෂවරයා හිතන්නේ එහෙමයි. එලෙස සංවිධාන ගත වෙලා තමයි ලාංකීය සිනමාවත් ලෙස්ටර් ගොඩ නඟන්නේ. හැබැයි ලෙස්ටර්ගෙන් පසුව බිහිවුනු දෙවෙනි, තුන්වෙනි පරම් පරාවල් කරන්නේ ලෙස්ටර් කරපු දෙයින් අනෙක් පැත්ත.

සිනමාව අධ්‍යක්ෂකගේ මාධ්‍යයක් කියන පරමාදර්ශය ඔවුන් වරප්‍රසාදයක් හැටියට භාවිත කරලා සියල්ලන්ම  තමන්ගේ ආඥා දායකත්වයට යටත් කර ගන්නවා. ඒ නිසාම මුදල් සපයන නිශ්පාදකයාත්, අධ්‍යක්ෂවරයාත් එකතුවෙලා අනිත් ශිල්පීන් සියල්ලම සූරා කෑමට ලක් කරලා සිනමාව පහත් අඩියකට පමුණු වනවා. මගේ කියැවීම් වලට අනුව ලංකාවේ සිනමාව මම හඳුනා ගන්නේ ඔය විදියටයි.

ලංකාවේ කලා නිර්මාණවල කාන්තාව විකිණෙනවා කිව්වොත් ඔබ එකඟද?

ඔබේ ප්‍රශ්ණයට මම ඔබට හොඳ නිදසුන කින් උත්තර දෙන්නම්. ඕස්ට්‍රේලියාවේ සිට ක්‍රියාත්මක වන කැඩපත නම් වූ  blog  අඩවියක් තිබෙනවා. මෑතකදී ඔවුන් “ විරාග කොල්ලය ” නමින් ලිපියක් අන්තර්ජාලයට මුදා හැරියා. එහි සඳහන් වන්නේ මාටින් වික්‍රමසිංහගේ ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘතියක් වන විරාගය නමැති නව කතාව ඇසුරින් තිස්ස අබේසේකර නමැති අධ්‍යක්ෂ වරයා ලවා එය නිර්මාණය කර ගැනීමට ගිය චන්ද්‍රා මල්ලවආරච්චි නමැති නිෂ්පාදකවරිය සූරාකෑමට ලක් වෙන හැටි.  මම හිතන්නේ මේ පිළිතුරට එම ලිපියේ ලින්ක් එක උපුටා දැක්වීමෙන් පාඨකයාට අවස්ථාවක් ලැබෙනවා ඔබ අසන ප්‍රශ්ණයට සෑහෙන පිළිතුරු ලබා ගැනීමට.  මම හිතනවා මෑත භාගයේ දී අනෝමා ජනාදරී නිරුවත සහ කුසලතාව තම සැමියා විශ්වාසකර ලබා දිමට පසුව අශෝක  හඳගම නමැති සැමියා එය සුරා කෑ අන්දමට නොදෙවෙනි අයුරින් විරාග කොල්ලයේ දී ප්‍රබල ආකාරයෙන් එය සිදුවී ඇති බව.

මේ ප්‍රශ්නය අහන ඔබ පිරිමියෙක්. ඒ නිසාම ඔබ මේ පීඩනය පිළිබඳව දන්නේ නැහැ කියල මට හොඳටම විශ්වාසයි. ඒ නිසා මේ ප්‍රශ්නය මම දකින්නේ පීඩතයා සහ පීඩතයා අතර  නැගෙන පූචානම් කතාවක් හැටියටයි.ලංකාව තුල සිනමාවට හොඳ ඉල්ලුමක්  ප්‍රතිසංස්කරණයට ලක් නොකල ප්‍රාදේශීය මට්ටමේ සිනමා හල් වලට ඔබ යන්න. මේ සිනමා ශාලාවල් ගොඩ නැඟුයේ 60, 70 දශක වල වාහන 50 ක් පමණ ශාලාව ඉදිරිපස පාර්ක් කරන්න පුළුවන්. ගැලරිය අනිවාර්යයෙන් පිරෙන නිසා  ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා පෝලිම් අනිවාර්යයෙන්ම යකඩවැටවල් වලින් ආවරණය කර තිබෙන්නේ. ශාලාවේ සමස්ථ ආසන සංඛ්‍යාව 1000 කට කිටිටුයි. ඒ කාලයේ 10.30, 2. 30, 6.30 හා 9.30 යනුවෙන් දර්ශන වාර 4 ක් දිනපතා පෙන්වා තිබේනවා. ඒ වාගේම වසරකට නිෂ්පාදනය වුනු චිත්‍රපට සංඛ්‍යාව 100 ඉක්මවූ ඉතිහාසයක් තිබෙනවා. ඉතින් සිනමාවට හොඳ ඉල්ලුමක් තිබුනාද? නැද්ද? මම කියන්නේ අදත් එදාට වැඩිය මිනිස්සු චිත්‍රපට මාධ්‍යයන් තමුන්ගේ ජීවිතය රස වින්දනයට ලක් කරන්න බලාගෙන ඉන්නවා. නැත්තේ ඉල්ලුමට සැපයුම විතරයි.

ජාත්‍යන්තර සිනමාව එක්ක ගත්තම ලංකාවේ සිනමාව ගැන මොකද හිතන්නේ ?

ඔබේ ප්‍රශ්ණයට මම සමකාලීන නිදසුනක් එක්ක උත්තරයක් දෙන්නම්. ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂ වරුන්ගේ සංසදය විසින් ජාත්‍යන්තර සිනමා උළෙලක් දෙවෙනි වතාවටත් පැවැත්වූ වා. මම දකින්නේ  මේක තමන් විසින් බෙල්ලේ වැල දා ගැනීමක් කියලයි. මගේ මේ කියමනට ඔබේ ප්‍රශ්ණය පිළිතුරක්. දැන් අපි තවදුරටත් උත්තරය පැහැදිලි කර ගනිමු. අපේ සිනමා කරුවෝ මේ සිනමා උළෙල හරහා ජාත්‍යන්තරයේ අවධානයට ලක් වුනු අගැයීමට පාත්‍ර වුනු ගැඹුරු තේමාවන් සහිත චිත්‍රපට නොමිලේ චිත්‍රපට රසිකයින්ට දැක බලා ගන්නට ඉඩ සලස්වනවා.  මම කියන්නේ චිත්‍රපට රසිකයා කියන කෙනා ඉතාමත් බුද්ධිමත් පුද්ගලයෙක්. එයා අන්තර්ජාලය හරහා ගුණාත්මක චිත්‍රපටවල තොරතුරු දත්ත, ගොසිප් සියල්ලම දැන උගෙන තමයි සිනමා ශාලාවට එන්නේ.

ඊට අමතරව ඔහුට මේ උළෙල හරහා ඉතාමත් වැදගත් සිනමා කෘති නොමිලයේම දැක බලා ගන්නට ලැබෙනවා. ඉන් පස්සේ ඔවුන් කිසිම විටෙක වර්තමානයේ ඉන්න කිසිම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හදන චිත්‍රපට නරඹන්න පෙළඹෙන්නේ නැහැ. ඔවුන් දන්නවා සල්ලි දීලා නරඹන්න යන චිත්‍රපටය සල්ලි නොදී නරඹපු චිත්‍රපටයට වඩා ගව් ගණනක් පසු පසින් තිබෙන බව. මේ අදහස සනාථ කරන්න හොඳ නිදසුනක් මම කියන්නම්.

ගිය අවුරුද්දේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදි නොමිලයේ පෙන්වපු චිත්‍රපටයක් තමයි තන්හා, රතී, රඟා. අධ්‍යක්ෂවරයාත්, නිශ්පාදක වරුත් මවිතයට පත් කරමින් මේ චිත්‍රපටය උළෙලේදී ජනාකීර්නව ප්‍රදර්ශනය කලා. ඉතිං මේ අය හිතුවා ප්‍රදර්ශක මන්ඩලයේ තිරගත කිරීම් වලදී සියළු ආදායම් වාර්තා බිඳ හෙලමින් චිත්‍රපටය සාර්ථක වෙයි කියලා. අන්තිමේදී මොකද වුනේ? චිත්‍රපටය ෆේලියර් එකක් වුනා. තේරෙනවාද ජාත්‍යන්තර සිනමා නිර්මාන එක්ක ගත්තාම ලංකාවේ පණ්ඩිත නාමය ගහ ගත්තු සිනමා කරුවන්ට අත්වන ඉරණම.

ලංකාවේ සිනමාව වෙනස් වෙන්න ඔනේ මොන අංශ වලින් කියලාද ඔබ හිතන්නේ ?

ලංකාවේ සිනමාව වෙනස් විය යුතු අන්දම ලෝක සිනමාව අද තිබෙන පරිශීලනය කිරීමෙන් අපට හුඟක් කරුණු ඉගෙන ගන්න පුළුවන්. පසුගිය කාලයේ  ඓතිහාසික චිත්‍රපට රැල්ල ගනිමු. මම හිතන්නේ මහා පරිමාණයේ ගුණාත්මක චිත්‍රපට බිහි වෙන්න අවශ්‍ය මූලිකම සාධකය වන “ මුදල් ” කොයි තරම් ලැබුනද? මහා ධන සම්භාරයක් මේ නිෂ්පාදන සඳහා ලැබුනු බවට හොඳම සාක්ෂියක් ඒ චිත්‍රපට වලට කර තිබෙන නාස්තිකාර වැඩ දැක්කම තේරෙනවා.

මේවාට කිව්වේ එපික් සිනමාව කියල වේ. හැබැයි Lord of the rings  වැනි චිත්‍රපටයක රූප රාමු, චරිත, වේෂ නිරූපන අමු අමුවේ කොපි කරලාවත් අපට බැරිවුනානේ එපික් චිත්‍රපට හදන්න. ධර්මසේන පතිරාජ මේවා අන්තිමට හැඳින් වූයේ තොරන් සිනමාව කියලයි. වෙසක් එකට අපි බලන තොරන් වලටයි ඔහු පහු ගිය කාලයේ සෑදුන ඵෛතිහාසික රැල්ලේ චිත්‍රපට ලඝු කලේ.
මම හිතන්නේ වෙනස් වෙන්න ඕනේ පළමු කාරණාව තමයි ප්‍රශස්ථ තිරකතා රචකයෝ බිහිකර ගැනීම.

ඊළඟට ඩිජිටල් කරනයට සාපේක්ෂ තාක්ෂනික භාවිතය ඉගෙන ගැනීම.  මම හිතන්නේ වෙළඳපල කාර්යභාරයේදී නම් ගාමිණී ෆොන්සේකාගේ ප්‍රකාශය ඉතා වැදගත්.  සංස්ථාව අහෝසි කරල සියල්ල පෞද්ගලික කරනයට යටත් වෙන්න ඕනේ. දැනට වුනත් සංස්ථාව තිබිලත් සියල්ල වෙන්නේ ඒ වාගේ තමයි.

අනෝමා ජනාදිරී රඟ පාන්නේ තෝරාගත් අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවල විතරද?

මම රඟපාන්නේ තෝරාගත් තිර නාටකවල පමණයි. හේතුව මම රඟ පාන්නේ සමාජ දේශපාලනික වශයෙන් මේ රටේ කාන්තාව මුහුණ දෙන බරපතල ගැඹුරු විෂමතා හමුවේ. ඊට මුහුණ දෙන ආකාරය ගැන කියැවෙන චරිත. ඔබ දන්නවා එවැනි චරිත සහ ගැඹුරු තිර නාටක ලියැ වෙන්නේම නැති තරම්. එක්කෝ එවැනි ගැඹුරු ධර්මතා අනුකරනය කර ලියැවුනු පිටපත් තමයි මා කරා එන්නේ. පසුගිය අවුරුදු දහ තුනටම එවැනි පිටපත් දොලහක් මට ලැබුනා. අටක් ප්‍රතික්ෂේප කලා. දෙකක් කලා. එකක් අතර මඟදී ප්‍රතික්ෂේප කලා. කරපු චිත්‍රපට දෙක ලබන වසරේදී ලෝකවාසී ප්‍රේක්ෂකයාට නැරඹීමට හැකි වේවි.

ඇයි පොත් ලියන්න පටන් ගත්තේ? රඟපෑම ගැන කලකිරිලාද?

ජීවිතය, ලාංකීය සිනමාව, අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු මේ සැම දේම ගැන කලකිරිලා ඉන්න සෑම මොහොතෙම තවමත් මම කලකිරිලා නැත්තේ මගේ රඟපෑම ගැන විතරයි. ඒ හින්දාම තමයි කලකිරුණු සියල්ල අමතක කරලා ජීවත් වෙන්නෙත්. මම පොත් ලියන්න පටන් ගත්තේ කුඩා කාලේ ඉඳන් තෙරපගෙන හිටපු දේවල් පිට කරන්නයි.

ඔබට නිලියක් කියනවාට ද වඩා කැමති, කලාකාරියක් කියනවාටද?

කලාකාරියක් කියලා කියන්න පුළුවන් අයිරාංගනී සේරසිංහ මහත්මිය වගේ මුහුකුරා වැඩුනු බුද්ධියක් හාත්පස තැවැරුනු ප්‍රඥාවක් සැම දෙනාගේම ආදරයට, ගෞරවයට පාත්‍රවුනු කාන්තාවකට.  මම හිතන්නේ මම තවම චරිතාංග නිළියක්. කලා කාරියක් වෙන්න මට දිග ගමණක් තියෙනවා.

ආදරය ගැන මොකද හිතෙන්නේ?

ජීවිතයට ආදේශ වුනු ප්‍රබල හැගීමක්. හැබැයි වෙනත් මානුෂික අවශ්‍යතා එක්ක ආදරය නමැති මානුෂික හැඟීම් පටලවාගෙන ඉන්න නිසා සියල්ලෝම දුකට පත් වෙනවා. හේතුව ආත්මාර්ථය නිසා. අපි ආදරයේ උත්සන්නතම අවස්ථාව වන සුරතාන්තයට පත් වීම ගනිමු.  මේ ලෝකේ කෝටි ගණනක් මිනිසුන්, ගැහැණුන් සහ සත්වයින් සුරතාන්තයේ දී විඳින්නේ තනිවම. අනෙකා සමලා එක්ව විදීමට නම් පුදුමාකර මානසික හා කායික මුහු වීමක් අවශ්‍යයි. සහ එයට මුල් වෙන්නේ ඉවසීම, අනෙකාට ගරු කිරීම, කෙටියෙන් කිව්වොත් පරාර්ථකාමයයි. ඒත් සකල ලෝක වාසී සත්වයෝ ප්‍රසූත වෙන්නේ පරාර්ථකාමයෙන් නෙවෙයි. ආත්මාර්ථකාමයෙන්ම තමයි. ඒ නිසායි සියළු සත්වයෝ දුකට පත් වෙන්නේ.

 




අනවශ්‍ය දේවල්

  • 178,604 ක් බැළුවා

මරුවා වැහෙන දින

සැප්තැම්බර් 2018
බ්‍ර සි සෙ
« අගෝ.    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements