Archive for the 'අලුත් පරපුර' Category

17
ජූලි
18

සෙක්සි ඉනෝකා සකබමරේගේ බොරු වලට රැවටී ඉල්ලන් කන හැටි

තිබුණු දේ මදි වී ඉල්ලන් කාපු හැටි

2005දී නව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරගත්තේ කෙබඳු රටක්ද යන්න අද බොහෝ දෙනකුට මතක නැත. එදා රට තිබුණේ බොහෝ අර්බුදකාරී තත්ත්වයකය.
ලංකාවේ නිවාසවලින් 27%කට විදුලිය තිබුණේ නැත. විදුලිය නැති නිවාස දස ලක්ෂයක් පමණ තිබිණි.

මසකට දෙතුන් වරක් රට පුරා විදුලිය ඇනහිටීම් අරුමයක් නොවිණි. නිවාස දස ලක්ෂයකට පානීය ජලය තිබුණේ නැත. ලංකාවේ ජනගහනයෙන් 73%කට දුරකථනයක් තිබුණේ නැත. ජනගහනයෙන් 99.5%කට පරිගණක සාක්ෂරතාව තිබුණේ නැත. ජනගහනයෙන් 8.3%කට රැකියා තිබුණේ නැත. කොළඹ ප්‍රමුඛ බොහෝ නගරවල කුණු කසළ ගොඩගැසී දුගඳ හමමින් තිබිණි. පොඩි වැස්සකටත් නගරවල පාරවල් යටවීම සුපුරුදු දසුනක් විය. අධිවේගී මාර්ග කියා දෙයක් ලංකාවේ තිබුණේ නැත. වසර 30ක් පමණ ප්‍රමාද කටුනායක අධිවේගී මාර්ගයේ නිම වී තිබුණේ පෑලියගොඩ අසල විශාල දැන්වීම් පුවරුවක් ලෙස භාවිත වුණු කොන්ක්‍රීට් සැකිල්ලක් පමණි.

ප්‍රේමදාස හා චන්ද්‍රිකා ආණ්ඩු විසින් රාජ්‍ය දේපළ විශාල ප්‍රමාණයක් විකුණා දමා තිබිණි. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ වසර 11ක පාලනය තුළ රාගම ගුවන් පාලම සෑදීම හැරුණු විට කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් නිසියාකාරව නිම කර තිබුණේ නැත. උද්ධමනය 11%ක් පමණ විය. මිනිසුන්ට ජීවන වියදම දරාගත නොහැකි තත්ත්වයක් උදා වී තිබිණි.

අය – වැය පරතරය 7.5%ක් විය.

රටේ ණය අර්බුදයක් තිබිණි. රාජ්‍ය ණය බර දළ ජාතික නිෂ්පාදිතයෙන් 90%ක් විය. කිසිවකු සාධාරණ පොලියකට ලංකාවට ණය දුන්නේ නැත. උතුරු නැඟෙනහිර විශාල භූමි ප්‍රමාණයක් තිබුණේ ත්‍රස්තවාදීන් යටතේය. සාමාන්‍ය ජනතාවට ඕමන්තයෙන් ඔබ්බට යෑමට එල්ටීටීඊයට දඩ ගෙවන්නට සිදුවිය.

උතුරේ නඩු ඇහුවේ එල්ටීටීඊ උසාවිවලය. රටේ කොයි තැනක කොයි වෙලාවක බෝම්බයක් පත්තුවේ දැයි කිසිවකුට කිව නොහැකි තත්ත්වයක් තිබිණි. සුනාමිය නිසා රටේ විශාල ජීවිත හා දේපළ හානියක් සිදු වී තිබිණි. භෞතික සම්පත් හා ජීවනෝපාය මාර්ග යළි කඩිනමින් ගොඩනැඟිය යුතුව තිබිණි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ ලෝක ආහාර අර්බුදයක්ද ඇතිවිය. මෙවැනි තත්ත්වයක් තුළ ලංකාව තුළ ආහාර අගහිඟයක් නැතිව, මිල දැරිය හැටි මට්ටමක තබාගෙන පාලනය කිරීම විශාල අභියෝගයක් විය. ලෝක මූල්‍ය අර්බුදයක්ද මේ කාලයේම ඇතිවිය. ලෝක ප්‍රකට මූල්‍ය ආයතන රැසක් බිඳ වැටිණි. එවැනි තත්ත්වයක් තුළ ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරව පවත්වා ගැනීම තවත් අභියෝගයක් විය. එහෙත් 2015 ජනවාරි මස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය අවසන් වන විට ලංකාව කෙබඳු රටක්ද?

30 වසරක යුද්ධය නිම වී, පූර්ණ සාමය උදා වී, ඕනෑම කෙනකුට නිදහසේ බියකින් සැකයකින් තොරව රටේ ඕනෑම තැනක සැරිසැරිය හැකි යුගයක් උදා වී තිබිණි. පාතාලය යන වචනය පවා ජනතාවට අමතක වී තිබිණි.

වරාය, ගුවන්තොටුපොළ, විදුලි බලාගාර, අධිවේගී මාර්ග, වාරි කර්මාන්ත හා තවත් විවිධ ඉදිකිරීම් සිදුවෙමින් රට කාර්ය බහුලව තිබිණි.

කුණු කසළවලින් තොර නගර, පිරිසුදු පදික වේදිකා, සක්මන් කිරීමට හා ව්‍යායාම කිරීමට පහසුකම් ඇති මංතීරු, සෑම පාරකටම විදුලිය, කාපට් දැමූ මාර්ග සුපුරුදු දසුන් විය. ගමේ අතුරු පාරවලට පවා කොන්ක්‍රීට් වැටිණි.

රටේ ජනගහනයෙන් 98%කට විදුලිය හා 90%කට පානීය ජලය ලැබී තිබුණු අතර ජනගහනය මෙන් 120% දුරකථන නිකුත් වී තිබිණි.
ව්‍යාපාර කරන්නන්ට, ස්වයං රැකියාවක් කරන්නන්ට අඩු පොලී ණය පහසුකම් හා විවිධ දිරිමත් කිරීම් ලැබිණි.

සාමාන්‍ය ජනතාවට වාහනයක ලීස් කිරීමට, නිවෙසක් සාදා ගැනීමට, ඉඩමක් මිලදී ගැනීමට අඩු පොලියට ණය පහසුකම් ගත හැකි විය. රැකියා වියුක්තිය 2005දී තිබුණු 8.3% සිට 2014 වන විට 4.3% දක්වා පහළට පැමිණ තිබිණි.

වසරක් පාසා බදු අඩු කිරීම් හා බදු ලිහිල් කිරීම් අසන්නට ලැබිණි. රැකියාවලින් පමණක් ආදායම ලබන, උපයන විට බදු ගෙවන අයට තමුන්ගේ බදු ලිපිගොනු වසා දමන්නට පවා අවසර ලැබිණි. සංචාරකයන් වැල නොකැඩී එන අතර විදේශ ආයෝජන ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබිණි. 2014 ඇමෙරිකානු ඩොලර් මිලියන 1500 ඉක්මවා ආයෝජන ලැබී තිබිණි.

ආසියාවේ හොඳම කොටස් වෙළෙඳපොළ හා ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය සඳහා සම්මාන ලැබී තිබිණි.

සෑම ආර්ථික දර්ශකයකින්ම ලංකාව දකුණු ආසියාවේ පළමු හෝ දෙවැනි තැනට පැමිණ තිබිණි. පුරවැසියන් සියලු දෙනාම රට ජාතිය ගැන ආඩම්බර වන පිටරට පදිංචියට ගොස් සිටි අය ආපසු පැමිණෙන රටක් බවට ලංකාව පත් වී තිබිණි. එහෙත් අපේ රටේ ඡන්ද දායකයන්ගෙන් කොටසකට වෙනසක් අවශ්‍ය විය. එවකට විපක්ෂයේ පොරොන්දු විශ්වාස කළ ඔවුන්ට අවශ්‍ය වූයේ අමුතු දේවල්ය. ඩොලර් කෝටි ගණන් තිබෙනවා යැයි විපක්ෂය කී පිටරට බැංකු ගිණුම් අල්ලන්නට අවශ්‍ය විය. යාපනෙන් පැන්නුවා යැයි කී රත්රන් කන්ටේනර් සොයාගන්නට අවශ්‍ය විය. රොකට් එක, හෙලිකොප්ටරය හා ලැම්බෝගිනිය රාජසන්තක කරන්නට අවශ්‍ය විය. තාජුඩීන්ගේ, ලසන්තගේ, එක්නැලිගොඩගේ ඝාතකයන් අල්ලන්නට අවශ්‍ය විය. මහාමාර්ග, තාප බලාගාර, වරාය, ගුවන් තොටුපොළ වැනි මෙගා ඩීල් හරහා කොමිස් ගැහුවා කියන අය හොයන්නට අවශ්‍ය විය. අලුත් ආණ්ඩුවක් ලවා බඩු මිල අඩු කරවාගන්නට අවශ්‍ය විය. රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකටම පඩි වැඩි කරගන්නට අවශ්‍ය විය. අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කරගන්නට අවශ්‍ය විය. සෞඛ්‍යයට දළ ජාතික නිෂ්පාදනයෙන් 3% වෙන් කරගන්නට අවශ්‍ය විය.

තරුණ තරුණියන්ට ෆ්‍රී වයි.ෆයි. ලබාගන්නට අවශ්‍ය විය. උසස් පෙළ සිසුන්ට කොම්පියුටර්, ටැබ් ලබාගන්නට අවශ්‍ය විය. තිබුණු කැසිනෝත් වසා ගන්නට අවශ්‍ය විය. උකස් බඩුවල ණය කප්පවා ගන්නට අවශ්‍ය විය. ගොවි ණය කප්පවා ගන්නට අවශ්‍ය විය. සහතික මිලට හාල්, රබර්, තේ කොළ, කිරි විකුණා ගන්නට අවශ්‍ය විය. ගැබිනි මවුවරුන්ට රුපියල් 20,000ක පෝෂණ මල්ල ගන්නට අවශ්‍ය විය. රත්රන්වලින් හදනවාදැයි එකල විපක්ෂය ඇසූ අධිවේගී මාර්ගවලට යන වියදම් අඩු කර ගන්නට අවශ්‍ය විය. තරුණ පරපුරට අඩු මිලට වාහන ගන්නට අවශ්‍ය විය. රට කුඩු උවදුරින් සහමුලින් මුදා ගන්නට අවශ්‍ය විය. ව්‍යාපාර දියුණු කර ගන්නට කොටස් වෙළෙඳපොළෙන් තවත් අධික ලාභ ලබන්නට අවශ්‍ය විය. මේ බලාපොරොත්තු ඉටුවුණාද නැද්ද යන්න පැහැදිලි කිරීමට අවශ්‍ය නැත. ඇත්ත තත්ත්වය දන්නෝ දනිති. බල පෙරළියෙන් වසර 3 1/2කට පසු ලංකාවේ අද තත්ත්වය කෙබඳුද?

යුද්ධයෙන් පසු ගොඩනැඟෙමින් තිබුණු සහජීවනය වෙනුවට පැහැදිලිවම ජාතිවාදයේ ගිනි පුපුරු යළි මතුවෙමින් පවතී.

ආයුධ සන්නද්ධ කල්ලි විසින් කරන සොරකම්, කොල්ලකෑම්, මහ දවාලේ වෙඩි තබාගැනීම්, මිනී මැරුම් වැඩි වී ඇත.
තරුණ පරපුර අනතුරේ දමමින් වෙන කිසිදු කලක නොවූ ආකාරයට රට පුරා මත්ද්‍රව්‍ය සුලබ වී ඇත.

පාර්ලිමේන්තුවේ ආසන 70ක් හිමි විපක්ෂ කණ්ඩායමට ප්‍රජාතාන්ත්‍රවාදී පිළිගැනීමක් නැති අතර ආසන 16ක් ඇති පක්ෂයකට විපක්ෂ නායකකමද, ආසන 6ක් පමණක් ඇති පක්ෂයකට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකමද හිමි වී ඇත.

රට මොනතරම් අර්බුදයකට ගියත් පාර්ලිමේන්තුව වසර 4 1/2කට විසුරුවිය නොහැකි බවට 19 වැනි සංශෝධනය හරහා ව්‍යවස්ථා ගැටයක් ගසා ඇත. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ අය අතර ජනතාව අතින් ඡන්දයෙන් ප්‍රතික්ෂේප වූ බොහෝ දෙනෙක් සිටිති.

මැතිවරණ කල් දැමීම දිගින් දිගටම සිදුවේ. ජනතාවගේ ඡන්ද අයිතිය දරුණු අපහරණයකට ලක්වී ඇත.
පොලිසිය, අල්ලස් කොමිසම වැනි ආයතන දේශපාලනීකරණය කොට රජයට අවශ්‍ය ආකාරයට නීතිය අවභාවිත කරමින් දේශපාලන ප්‍රතිවාදීන් දඩයම දරුණු ලෙස සිදු වේ.
රට පුරා උද්ඝෝෂණ රැල්ලක් පැවැතුණද ජනතා ඉල්ලීම්වලට රජයේ ප්‍රතිචාර ඉතා පහළ මට්ටමක පවතී.

පසුගිය ආණ්ඩුවේ අවසාන වසර 3 තුළ දළ වශයෙන් 7%ට ආසන්න වූ රටේ සංවර්ධන වේගය 2015දී 5%ටත්, 2016දී 4.5%ටත් 2017දී 3.1%ටත් අඩු වී තිබිණි.
විදේශ ආයෝජන 2014 ඇමෙරිකානු ඩොලර් මිලියන 1500ක් පමණ ලැබුණද 2017දී අලුතින් ලැබී තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 17ක් පමණි. ඉතුරු විදේශ ආයෝජන 2015ට පෙර ආරම්භ වූ ව්‍යාපෘතීන්ට සම්බන්ධ මුදල්ය.

2014 හා 2017 කාලය තුළ රටේ රැකියා ප්‍රමාණය ලක්ෂ 84 සිට ලක්ෂ 82ට අඩු වී ඇති බව මහ බැංකු වාර්තාවලින් පෙනී යයි.
පොහොර සහනාධාරය ඉවත් වී ඇත. පාසල් දරුවන්ට නොමිලයේ දුන් නිල ඇඳුම් වෙනුවට වවුචර ක්‍රමයක් හඳුන්වා දී ඇත.

කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය පසුගිය වසර 3 තුළ රුපියල් කෝටි 21,000කින් පමණ 215 කින් පහත වැටී ආයෝජකයන් පාඩු ලබන තැනක් බවට පත්වී තිබිණි. 2014දී ලබා දුන් 25.3% ප්‍රතිලාභ වෙනුවට 2017දී කොටස් වෙළෙඳපොළ ලබාදී තිබුණේ 1.3%ක පමණ සුළු ප්‍රතිලාභයකි.

රුපියලේ අගය 2014ට සාපේක්ෂව මේ වන විට 20%කින් පමණ පහළ වැටී ඇත.

රාජ්‍ය ණය බර 2014දී රුපියල් කෝටි 739,100 වූ අතර 2017 අග වන විට එය රුපියල් කෝටි 1,039,200 දක්වා රුපියල් කෝටි 300,100කින් වැඩි වී තිබිණි. මේ අනුව වසර 3ක් තුළ රාජ්‍ය ණය 40%කින් ඉහළ ගොස් ඇත.

ලෝකප්‍රකට ‘බ්ලූම්බර්ග්’ ආයතනය විසින් මේ වන විට ලංකාව විදේශ ආයෝජනවලට අනතුරුදායක රතු කලාපයක් ලෙස වර්ගීකරණය කර තිබේ.
ජාත්‍යන්තර ශේ‍ර්ණිගත කිරීමේ ආයතනයක් වන මූඩිස් ආයතනය කියන ආකාරයට ණය ආපසු ගෙවීමේ හැකියාව අතින් දැන් ලංකාව ආසියාවේ 24 වැනි ස්ථානයට පහළ වැටී ඇත.
මහ බැංකු බැඳුම්කර හොරකමෙන් පමණක් රටට වූ පාඩුව කෝටි ලක්ෂයට වැඩි යැයි රජයේ ඇමැතිවරයෙක්ම කියා තිබිණි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ඇණවුම් අවලංගු කිරීමේ වන්දිය රුපියල් කෝටි 1700කි. හම්බන්තොට වරාය චීනයට වසර 99 කට බදු දී අවසන්ය. මත්තල ගුවන් තොටුපොළ ඉන්දියානුවන්ට දෙන්න සියල්ල සූදානම්ය. මේ අතර ආණ්ඩුව ජනතාවගෙන් අය කර ගන්නා බදු විශාල වශයෙන් වැඩි කොට ඇත. ව්‍යාපාර මත බදු විශාල වශයෙන් ඉහළ දමා ඇති අතර අලුතින් බදු වර්ග රැසක් එකතු කර තිබේ.

වසරකට රුපියල් ලක්ෂ 5කට වඩා ආදායමක් ඇති සෑම අයකුටම බදු ලිපිගොනුවක් විවෘත කළ යුතුය. රජයේ ආදායම් බදු කොමසාරිස් යෝජනා කරන ආකාරයට වාහනයක් හිමි පිටරට සංචාරයකට යා හැකි සෑම අයකුටම බදු ලිපිගොනුවක් විවෘත කළ යුතුයි.

මසකට රුපියල් ලක්ෂයකට වඩා කුමන ආකාරයකට හෝ ආදායමක් උපයන සියලු දෙනකුම දැන් ආදායම් බදු ගෙවිය යුතු අතර එම ප්‍රතිශතයන් ඉහළ දමා ඇත.
බැංකුවේ තිබෙන තැන්පතුවල පොලියෙනුත් 5%ක් බදු අය කෙරේ.

ගෙයක් කුලියට දුන්නත් ආදායමෙන් 20%ක් බදු ගෙවිය යුතුය.
නිවෙසක්, දේපළක් හෝ වාහනයක් වික්කත් විකුණා ලැබෙන ආදායමෙන් 10%ක් රජයට බදු ගෙවිය යුතුය.

යමෙක් ආදායම් බදුවලින් ගැලවුණත් කිසිම අයකුට රජයේ වක්‍ර බදුවලින් ගැලවිය නොහැකිය. ඒ සෑම භාණ්ඩයක් හා සේවාවක්ම රජය විසින් බද්දට යටත් කොට ඇති බැවිනි.
වෙළෙඳපොළට ගියත්, බෙහෙත් ගන්න ගියත් හෝටලයකට කෑම කන්න ගියත් ජනතාවට වැඩි වී ඇති වක්‍ර බදු ගෙවන්නට සිදු වේ.

2014ට සාපේක්ෂව 2018 වන විට රජය බදු වශයෙන් ලබා ගන්නට බලාපොරොත්තු වන ආදායම 100%කින් ඉහළ දමා ඇත. ඒ වැඩිවීම බලපාන්නේ රටේ ජනතාවටය.

Advertisements
08
ජූලි
18

…. ඒකනෙ මරුවා විජයකලාට කැමති… ශික්… මහින්ද වැඩේ කෑවනේ බං

ප්‍රේමදාසට රනිල් දීපු ගේම

 

ගාමිනීට රනිල් දීපු ගේම (මොළ රජෙක් යකෝ)

විජයකලා මරුය මරු බඩ්ඩකි.

ඇය කියා තිබුණේ කුමක්ද?

“උතුරේ කාන්තාවන් බරපතළ දුෂ්කරතා රැසකට මුහුණ දෙනවා. මෑතකදී යාපනයේ සය හැවිරිදි පාසල් දැරියක ඝාතනය කළා. එල්ටීටීඊය තියෙද්දී නම් මේ වගේ ඉරණම් අත්වෙන්නට කිසිදු ඉඩක් තිබ්බේ නෑ. ජනාධිපති මෛත්‍රිපාල කරන්නේ තමන්ගේ පක්ෂය වර්ධනය කිරීමේ උත්සාහයකයි. උතුරේ ජීවත්වෙන මිනිසුන් වෙනුවෙන් කිසිදු විසඳුමක් සොයන්න ඔහු උත්සාහ කරන්නේ නෑ. දෙමළ ජනතාව බේරගන්න ජනාධිපතිවරයා අපොහොසත් වී තිබෙනවා. යාපනය ඇතුළු උතුරු පළාත තුළ සිදුවන මෙවැනි සිදුවීම් දිහා බලනකොට 2009 මැයි මස 18දාට පෙර දෙමළ ජනතාව ජීවත් වූ ආකාරය ගැන ආඩම්බර වෙනවා. මේ තත්ත්වය නිසා කොටි සංවිධානය නැවතත් බිහි කළ යුතුයි. එය අපගේ මූලික අරමුණක්. අප ජීවතුන් අතර සිටීමට නම්, අපට මහමඟ නිදහසේ ඇවිදීමට නම්, අපගේ දරුවන් පාසල් ගොස් නැවත නිවෙසට ඒමට ඕනෑම නම් උතුරු නැඟෙනහිර පළාත්වල කොටි සංවිධානය යළි හිස එසවිය යුතුයි.”

මේ කතාව ඇත්තකි. දෙමල මිනිස්සු පොඩි දරුවන් මරනවට විරුද්ධව කියපු කතාවක් කිසි අවුලක් නැත. මරුවා විජයකලාට පුල් බක්තියය.

අම්මප කැමතිය.

කොටි  නිසා උතුරු නැඟෙනහිර විතරක් නොවේ දකුනෙත් විනය අකුරටම රැකුනේය.

කොටි පාලනයක් තිබුණේ නම් සිංහලයින්ටත් මේ මංගලලාගේ ආන්ඩු මගුලෙන් මෙච්චර ගැහැට නැත.

 

ඇත්තට කොටි පාලනයක් ඇත්තං අම්මෝ හිතනකොටත් සතුටුයි

රනිල්ට  මංගලලට පොඩි පොඩි කොටි දාලා පුක් ගස්සන්නට පුලුවනිය.

රාජිතට කටින් රෙන්න පුලුවන් වෙන විදිහට කටුකම්බි හිරකූඩුවක දාල දවසටම වේලක් කන්න දීල තියන්න තිබුන.

ජනාධිපති මෛත්‍රිපාල ශ්‍රී ලංකා එක වර්ධනය කරන කොට ගංජා ලේකම් පොරට ගංජා වලින් රොකට් එකක් හදල ගහල අරලිය හාල් මෝල් කුඩු කරන්න තිබුන.

විල්පත්තුව කපන කාන්තාර මාමලාගේ ඇට බෝල ගලවන්න තිබුන.

ඇත්තට කොටි පාලනයක් ඇත්තං කොලඹ ඉඩම් කට්ටි කරල විකුනන චම්පිකගේ අමුඩේ රෙවෙන්න බෝම්බ කෝච්චි පෙට්ටි දෙක තුනක් කොළඹ එවන්න තිබුන.

රවිය මහ බැංකුව කඩන්න කලින්ම බෝම්බ ලොරි දෙකක් දාල ඕක සමතලා කරන්න තිබුන.

අර මේල් නර්ස් පොරයි උගේ අනුගාමික සරතුයි වියංගොඩ ගොනයි අල්ලල කෙලගහල මරන්න තිබුන.

ගොං රන්ජාගේ ෆෝන් එක අරං ට්‍රම්ප් කාරයට පුන්ඩේ ආන්ඩි කියල බනින්න තිබුන.

තෙවරප්පෙරුමගෙ ඇට දෙකේ කොස් ගෙඩියක් එල්ලන්න තිබුන

බදු ගහන ගහන පාරකටම සපුගස්කන්දේ තෙල් ටැංකිය ගානේ  පුපුරුවන්න තිබුන.

මත්තල විකුනන්න හදනකොටම කටුනායක කබල් පේලේන් එකින් එක පුච්චන්න තිබුන.

මහානායක හාමුදුරුවරු රනිල් විශ්වාසයි කියනකොට මාලිගාව කුඩු සමතලා කරන්න තිබුන.

අම්මප කොච්චර නං වැඩද විජයකලා.

හැමිනෙන උන්ට හමන්නලාම දාන්න තිබුන….

ඒකනෙ මරුවා විජයකලාට කැමති.

ශික් මහින්ද වැඩේ කෑවනේ බං

08
ජූලි
18

පිරිමි බං පිරිමි….පිරිමි කතාකරන්නෙ මෙහෙමයි… තැන් තැන් වල ලියන චීත්ත කතා නොවේ..

ගෝටාභය ගැන ජනතාවගේ බලාපොරොත්තුවක් තිබෙනවා.. මීලග අගමැති කරු ජයසුරිය විය හැකියි..- මහින්ද හෙලි කරයි..

ගෝටාභය ගැන ජනතාවගේ බලාපොරොත්තුවක් තිබෙනවා.. මීලග අගමැති කරු ජයසුරිය විය හැකියි..- මහින්ද හෙලි කරයි..

උදෑසනම අවදිවී ව්‍යායාම සිදු කරන අතරේ ඔහු අප සමඟ කතා බහ ආරම්භ කළේය. වරක හතිලමින් අප අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන ඔහු, ඉන් පසුව දොඩම් වීදුරුවක්‌ බොමින් සිය ව්‍යායාම කිස නිමවා අප සමඟ සාකච්ඡා කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සමඟ අප කතා බහ කරන විට, ඔහුට එරෙහිව නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත් පත චෝදනාවක්‌ ගොනු කර තිබුණේය. ඒ අතරම ගෝඨාභය රාජපක්‌ෂ මහතා නෙළුම් මාවතේ පිහිටි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට ගොස්‌ තිබුණේය. මේ සංසිද්ධි මූලික කර ගනිමින් අප විසින් අසන ලද ප්‍රශ්න සඳහා මහින්ද රාජපක්‌ෂ මහතා ලබා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය – අවුරුදු නවයක්‌ මේ රටේ ජනාධිපති ලෙස කටයුතු කරලා, දැන් වසර තුනහමාරක්‌ තිස්‌සේ ඔබ ඉන්නේ එම බලතල, වරප්‍රසාද නොමැති තත්ත්වයක… මේ ජීවිතය අත්විඳන විට, යළිත් ජනාධිපති වෙන්න හිතෙන්නේ නැද්ද…?

පිළිතුර – මම ඉපදුනේ දේශපාලන පවුලක… මම පාර්ලිමේන්තුවට ආවේ 1970 මහ මැතිවරණයෙන්. එදා පාර්ලිමේන්තුවේ හිටපු ලාබාලම මන්ත්‍රීවරයා මමයි. මට එතකොට වයස අවුරුදු 27 යි. එදා පාර්ලිමේන්තුවට ආපු මම, ඊට පස්‌සේ මැතිවරණයෙන් පරාජය වෙනවා. ආයෙත් දිනනවා. එහෙම තමයි මගේ දේශපාලන ගමන. මම ජය පරාජය දෙකම හොඳට දන්න කෙනෙක්‌. 2015 මම පරාජය වුණාම, එදා පාන්දරම අවසන් ප්‍රතිඵල එන්නත් ඉස්‌සෙල්ලා, මම ඒ සියල්ල අතහැරලා දාලා යන්න ගියා. මේ සියල්ලම අපි දවසක දාලා යන්න ඕනේ නම්, ඔය තනතුරු අත්හරින්න බැරි ඇයි…? තමන් නියම බෞද්ධයෙක්‌ නම්, මේ දේවල් ජීවිතය පුරා රඳවා ගන්න ඕනේ. එදා මම මේ රටේ ජනතාව විසින් තමන්ගේ ජනාධිපතිවරයා ලෙස පත්කර ගත්තේ, මා කෙරෙහි ලොකු විශ්වාසයක්‌ තියලා. එදා මුළු රටම මගෙන් ඉල්ලා සිටියේ, අපි නොකා නොබී හරි ඉන්නම්, ත්‍රස්‌තවාදය මේ රටෙන් අතුගා දෙන්න කියලා. අවුරුදු තුනහමාරකින් මම ඒ යුද්ධය ඉවර කළා. ඒක හමුදාව සහ එල්ටීටීඊ එක කරපු යුද්ධයක්‌ විතරක්‌ නෙමෙයි. රටේ ගොඩක්‌ දෙනෙක්‌ යුද්ධය කියලා දැක්‌කේ, ඒක විතරයි. අපිට යුද්ධය නැති පළාත් ආරක්‌ෂා කර ගන්න වෙනම වැඩපිළිවෙළක්‌ දියත් කරන්න වුණා. ප්‍රභාකරන්ගේ අවසානය කිට්‌ටු වේගෙන එනකොට, තමිල්නාඩුවේ ඉඳලා, ඇමරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, නොර්වේ ආදී රටවල් මේ යුද්ධය නවත්වන්න විවිධ බලපෑම් කළා. අපිට ඒවාත් ජය ගන්න සිද්ධ වුණා. ඒ ඔක්‌කොටම වඩා අමාරු වුණේ අපේ රටේ විපක්‌ෂය කරපු, කියපු දේවල්. සමහරු කිව්වේ අපි මේ යුද්ධය අතර මගින් නවත්වනවා කියලා. සමහරු අයවැය පරාජයට පත් කරලා, ප්‍රභාකරන් බේරා ගන්න හැදුවා. එජාපය ජවිපෙ ඒ වෙලාවේ අයවැයට විරුද්ධව ඡන්දය දුන්නා. දෙමළ සන්ධානය අයවැයට විරුද්ධ වුණාට අපිට දුකක්‌ නැහැ. මේ දෙගොල්ලෝ ඒ වෙලාවේ හැසිරිච්චි හැටි රටේ ජනතාවට හිතා ගන්නවත් බැරි වුණා. එහෙම කරලා ඒ යුතුකමත් මම මේ රටට ඉටුකළා. එය දැන් ඉතිහාසයේ ලියවෙලා හමාරයි… මට ජීවිත කාලයටම ඒ සතුට ඇති. මේ රටේ සංවර්ධනය වෙනුවෙන් අපි කරපු දේවල් මම කියන්න යන්නේ නැහැ. මම පරාජයට පත්වෙලා ගමට ගියහම මේ රටේ ජනතාව නඩ පිටින් බස්‌ අරගෙන මාස ගණනක්‌ මාව බලන්න අපේ ගමට ආවා. ටික කාලයක්‌ යනකොට යහපාලන ආණ්‌ඩුව අපෙන් පළිගන්න ගත්තා. ඒ එක්‌කම ජනතාව ඒ අයට හොඳ පිළිතුරක්‌ පෙබරවාරි දහවැනිදා ලබා දුන්නා. අපි ආයෙත් දින්නා… මේක තමයි ලෝක ස්‌වභාවය, මම ආයෙත් පුටුවකට එන්න අරගල කරන්නේ නැහැ. මේ මව්බිමට අපි දිනා දුන්න ජයග්‍රහණ අපේ ඇස්‌ ඉදිරිපිටම උදුරාගෙන යනවා අපිට බලාගෙන ඉන්න බැහැ… ඒකීය රාජ්‍ය වේවා, සංවර්ධනය වේවා, ආර්ථිකය වේවා… අපි කරපු සියල්ලම දැන් කණ පිට හරවලා, මේ රට ආයෙත් පනහේ දශකයට මේ අය විසින් අරගෙන ගිහිල්ලා තියෙනවා. රට ලබපු ඒ පරාජය නම් මට ඉවස ගන්න බැහැ… එහෙම රට පරාජය කරන්න අපි තවදුරටත් ඉඩ දෙන්නෙත් නැහැ…

ප්‍රශ්නය – පසුගියදා ගෝඨාභය රාජපක්‌ෂ මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට ඔබ විසින් කැඳවාගෙන ගියා, මේ කැඳවාගෙන යැම තුළ තිබෙන්නේ, ඊළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්‌ෂකයා ලෙස ගෝඨාභය රාජපක්‌ෂ මහතාව නම් කිරීමද…?

පිළිතුර – 2005 ජනාධිපති ලෙස පත්වෙලා කරපු පළවැනි පත් කිරීම තමයි, ගෝඨාභයව ආරක්‌ෂක ලේකම් තනතුරට නම් කිරීම. ඔහු ලංකාවට පැමිණියේ කිසිම තනතුරක්‌ ලබා ගන්න බලාගෙන නෙමෙයි. මගේ මැතිවරණ ව්‍යාපාරයට උදව් කරලා, එයා ආපහු ඇමරිකාවට යන්න ලැහැස්‌තිවෙලයි හිටියේ. ඔහුට මම වගකීමක්‌ භාර දුන්නා ඔහු ඒ වගකීම හරියටම ඉටු කළා. ඒ අතර වාරයේ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ලෙසත් මම ඔහුව පත් කළා. ඒ වගකීමත් ඔහු නිවැරදිව ඉටුකරමින් ලෝකයේ සුන්දරම නගරය බවට කොළඹ පත් කළා. ඔහු කිසිම දවසක ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වුණේ නැහැ. ඒකෙන් කියන්නේ නැහැ ගෝඨාභය දේශපාලනය නොදන්නා චරිතයක්‌ බව. එහෙම තියෙද්දී මේ ආණ්‌ඩුව ඇවිල්ලා ගෝඨාභයගෙන් පළිගන්න ගත්තා. ඔහුව උසාවි ගානේ, කොමිෂන් ගානේ එක්‌ක ගෙන ගියා. ඒ පළිගැනීම් එක්‌ක මේ රටේ ජනතාව දැන් ගෝඨාභය ගැන බලාපොරොත්තුවක්‌ තිබෙන බව පෙනෙනවා. ඒක ඇත්ත… ඒත් එදා ගෝඨාභයව මම එක්‌ක ගෙන ගියේ නැහැ. ඔහුට එන්න කියලා ආරාධනය කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්‌ මැතිතුමා විසින්. ඒ ආරාධනය අනුව තමයි, එදා ගෝඨාභය එහෙ ගියේ.

ප්‍රශ්නය – ඇයි තවම මේ සැලසුම රටට කියන්නේ නැත්තේ… සැලසුමේ සියලුදේ එළිපිට වෙනවා. එදා ගෝඨාභය මහතා පොහොට්‌ටුවේ කාර්යාලයට ගියේ ඔහුගේ දේශපාලන ආගමනයේ එක්‌ සැලසුමක්‌ සඳහා බව මුළු රටම දන්නවා. එසේ තිබියදී ඔබ ඒ බව වසං කරන්නේ ඇයි…?

පිළිතුර – කිසිම වසං කිරීමක්‌ නැහැ… එදා ඒවගේ දේකට එක්‌ක ගෙන ගියා නම් අපි ඒක ප්‍රසිද්ධියේ කියනවා… පසුගිය කාලය පුරාම රටේ අමුතු අමුතු කතා පතුරුවන්න පිරිසක්‌ උත්සහා කළා. සහෝදරයෝ අතර ගැටුම් ඇතිවුණා කියලා කිව්වා. මේ වගේ බොරුවලට ආයෙත් ඉඩ දෙන්න බැහැ… ජනවාරි කියන්නේ ඒ වගේ බොරු කන්දක්‌ මත කරපු දෙයක්‌… ඒ අය ආයෙත් මේ වගේ බොරු කියන්න ගියහම, අපි ඒවට උත්තර නොදුන්නොත් මොකද වෙන්නේ… ඒවා ඇත්ත කියලා සමාජයේ එක පිරිසක්‌ පිළිගන්නවා. මේ වගේ බොරු වලට දැන් කියන්නේ ‘යහපාලන බයිලා’ කියලා… ඒ මේ වගේ යහපාලන බයිලාවලට දේශපාලන වශයෙන් විතරක්‌ නෙමෙයි, පවුලක්‌ වශයෙනුත් අපි පිළිතුරු දෙන්න ඕනේ…

ප්‍රශ්නය – දැන් ඒකාබද්ධ විපක්‌ෂයේ කණ්‌ඩායම හැත්තෑවක්‌ වෙලා තියෙනවා. දහසය දෙනාගේ කණ්‌ඩායමත් දැන් ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ගේ රැස්‌වීමට සහභාගී වෙනවා. ඒ අතර දහසය දෙනාගේ කණ්‌ඩායමේ සිටින ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පවසන්නේ ළඟදීම ඔබව අග්‍රාමාත්‍ය තනතුරට පත් කරන බවයි. ඔබේ දැන් ඉලක්‌කය අගමැති තනතුර ලබා ගැනීමද…?

පිළිතුර – දේශපාලනයෙත් කෙටි කාලීන, මැද කාලීන සහ දිගු කාලීන කියලා සැලසුම් තියෙනවා. අපිට දැන් තියෙන ආසන්නම ඉලක්‌කය වන්නේ පළාත් සභා මැතිවරණය ලබා ගැනීම සහ යහපාලන ආණ්‌ඩුව විසින් මේ රටට කර තිබෙන හානි ආපස්‌සට හැරවීම යන ඉලක්‌ක දෙකයි. ඒ අපේ කෙටි කාලීන සැලැස්‌ම… ඒ සඳහා අපි මේ මොහොතේ පූර්ණ ශක්‌තිය යොදවනවා. ඊට අමතරව මේ ආණ්‌ඩුව විසින් රටට වින කරන්නේ, අපේ මහ මැතිවරණ ජයග්‍රහණයෙන් ලබා ගත් මන්ත්‍රී ආසන උදුරාගෙන, වංචනිකව සාදාගත් තුනෙන් දෙකේ, ඡන්දයෙන්… මේ බලය අපි බිඳින්න ඕනේ… මේ දහසය දෙනා, මට ජනාධිපතිවරණයේදී වැඩ කරපු පිරිසක්‌.. ඒ පිරිස අපිත් එක්‌ක එකතු වුණහම, ආණ්‌ඩුවේ තුනෙන් දෙකේ මගඩි නාටකය ඉවර කරන්න අපිට හැකියාව ලැබෙනවා. හැබැයි එහෙම කියලා, එක පාරටම මට අගමැතිකමක්‌ ලැබෙයි කියලා මම හිතන්නේ නැහැ… ඒක තියෙන්නේ මගේ අතේ නෙමෙයිනේ… ඒ ගැන ජනාධිපතිතුමා තීරණයක්‌ ගනියි. එහෙම තීරණය කරලා අපිත් සමඟ සාකච්ඡා කළහම අපේ කණ්‌ඩායම සමඟ සාකච්ඡා කරලා අවසන් තීන්දුවක්‌ අපි ගන්නවා. හැබැයි, මට ලැබෙන ආරංචි අනුව නම් අගමැතිකම ලැබෙන්නේ යන්නේ කරූ ජයසූරියට…

ප්‍රශ්නය – ඔබේ දේශපාලන සැලසුමේ මැද කාලීන සහ දිගු කාලීන සැලසුම්වලට අනුව මේ ආණ්‌ඩුව ඇතුලේම අගමැතිකම ලබා ගන්න සැලසුමක්‌ තියෙනවාද…?

පිළිතුර – මුලින්ම අපි බලාපොරොත්තු වෙන්නේ, විපක්‌ෂ නායක තනතුර… එකත් අපි පිනට බලාපොරොත්තු වෙන්නේ නැහැ… ඒක අපිට ලැබිය යුතු දෙයක්‌… ඒක අපෙන් හංස පූට්‌ටුව උදුරා ගත්තා. මේ රටේ ඉන්න විපක්‌ෂ නායක කියන්නේ ආණ්‌ඩුවේ ඇමැති කෙනකුටත් වඩා කැබිනට්‌ සාමුහිකත්වයට ගරු කරන කෙනෙක්‌… අගමැතිට විරුද්ධව ආපු විශ්වාසභංගයේදී, විපක්‌ෂ නායක ඡන්දය දුන්නේ, අගමැතිව විශ්වාසයි කියලනේ… ඒ වගේ තමයි ජවිපෙත්… ඒ අය අද කරන්නේ ආණ්‌ඩුවට කෙලින් කරන්න බැරි දේවල් කරලා දෙන එකයි… 20 වැනි සංශෝධනය ගේන්නේ ඒකටනේ… මමත් මුලින් හිතුවේ, මේ අය තමන්ගේ පරණ ස්‌ථාවරය අනුව, විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන්න හදනවා කියලා… බැලින්නම් ඒ අයට ඕනේ, විධායක ජනාධිපතිව පත් කරන්න, ජනතාවට තියෙන අයිතිය නැති කරලා දාන්න… ජනාධිපතිවරණයක්‌ තියෙනවට බයේ ගැහි ගැහි ඉන්න රනිල්ට, ඇලෝසියස්‌ගේ මන්ත්‍රීවරුන් ලව්වා ජනාධිපති වෙන්න පොට පාදන කොන්ත්‍රාත් එක අරගෙන තියෙන්නේ, ජවිපෙ… මේ අය තමයි මේ රටේ විපක්‌ෂය… මන්ත්‍රීවරු 70 ක්‌ ඉන්න සැබෑ විපක්‌ෂය වන අපිට විපක්‌ෂ නායක කම නැහැ… ඒකාබද්ධය විදිහට අපේ ඊළඟ සැලසුම ඒක…

ප්‍රශ්නය – යම් හෙයකින් එළඹෙන අයවැයේදී ආණ්‌ඩුව පරද්දලා, අගමැතිට ඉවත් වෙන්න වුණොත්, ඒ සඳහා ඔබට අවස්‌ථාවක්‌ ලැබුණොත් අගමැතිකම භාර ගන්නවාද…?

පිළිතුර – ඒක අපේ අතේ තියෙන වැඩක්‌ නම් ඔය ප්‍රශ්නයට පිළිතුරක්‌ දෙන්න තිබ්බා. අනුන්ගේ අතේ තියෙන වැඩ ගැන මම කොහොමද උත්තරයක්‌ දෙන්නේ… පාර්ලිමේන්තුවේ ආසන 47 ක්‌ තිබ්බ රනිල්ට අගමැතිකම දුන්න කෙනා තමයි, ඒ ගැන තීන්දුවක්‌ ගන්න ඕනේ… එහෙම තීන්දුවක්‌ අරගත්තට පස්‌සේ, අපේ ස්‌ථාවරය අපි කියන්නම්.

ප්‍රශ්නය – ‘චීනය ලංකාවෙන් වරායක්‌ ලබා ගත් හැටි’ යන මාතෘකාව යටතේ, ඇමරිකාවේ නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතේ පළවී තිබුණු ලිපියේ ප්‍රධාන චෝදනාව වූයේ 2015 ජනවාරි ජනාධිපතිවරණයේ වියදම් සඳහා චයිනා හාබර් සමාගම විසින් ඔබට ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක මුදලක්‌ ලබාදුන් බවයි. මේ චෝදනාව ඔබ ප්‍රතික්‌ෂේප කර තිබුණාට, නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතට එරෙහිව ඔබ විසින් තවමත් නෛතික පියවරක්‌ අරගෙන නැහැ…

පිළිතුර – ඉරාකයේ ජනසංහාරක අවි තියෙන බවට, ගවේෂන ලිපි පළ කළේ ඔය කියන පත්තරේ… සදාම්ව මරලා දැම්මට පස්‌සේ, ඒ කියන ජනසංහාරක අවි එකක්‌වත් හම්බු වුණාද…? ඔය වගේ බොරු ගහන පත්තරේකට මම මොකටද නඩු දම දමා ඉන්නේ… අපිට කියන දේවල්වලට නඩු දානවා නම්, වෙන වැඩක්‌ කරන්න වෙන්නේ නැහැ… මේ ආණ්‌ඩුව වගේ නඩු දදා, තමයි අපිටත් ඉන්න වෙන්නේ… අනිත් එක මට ඡන්ද තියෙන්නේ ඇමරිකාවේ නෙමෙයිනේ… ලංකාවෙනේ… මම නඩු දාන්නේ ඒ පුවත මෙහෙ ප්‍රචාරය කරපු අයට විරුද්ධවයි. ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔය පත්තරේ ගැන කිව්ව හැටි දන්නවනේ… ඒ පත්‍රය බොරු ෆeක්‌ටරියක්‌ කියලා තමයි ඔහු විසින් හඳුන්වා දුන්නේ… එහෙම තත්ත්වයක තියෙන පත්තරයක්‌ එක්‌ක නඩු කියන්න ගියහම මට වෙන්නේ, කාලයයි, සල්ලියි දෙකම නාස්‌ති කරගන්න විතරයි.

දැන් මේ අය කියන්නේ හම්බන්තොට වරාය හදන්න අපි සල්ලි ගත්තා කියලනේ… එහෙම වාරයක්‌ හදන්න මිට ඉස්‌සෙල්ලා හිටපු ආණ්‌ඩුත් උත්සාහ කළා. ඒත් ඒ අයට ඒ වැඩේ කර ගන්න බැරි වුණා. අපි ඒ වැඩේ කරහම දැන් අපිට මඩ ගහනවා… මෙතැන සොයා බැලිය යුතු ගනුදෙනුව තියෙන්නේ, මේ වරාය කිසිම විනිවිදභාවයකින් තොරව විකිණුවේ කොහොමද කියන එකයි.

ප්‍රශ්නය – නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතට නඩු දාන්නේ නැති ඔබ, ලංකාවේ මාධ්‍යයට නඩු දමන්නට උත්සාහ දරනවා. මේ සඳහා කොමිසමක්‌ පත් කරන්න කියලා, එජාපයේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා…

පිළිතුර – ඔය නඩු දැමිලි, කොමිෂන් දැමිලි දැන් අපිට හොඳට හුරුයි… දැන් අවුරුදු හතරකට ආසන්න කාලයක්‌ මේ අය ඕවමනේ කළේ… මතකනේ ආණ්‌ඩුව පෙරලිච්ච් මුල්ම වෙලාවේ, ජවිපෙ ගිහිල්ලා, රුසියන් තානාපති කාර්යාලය වට කරලා, ඒක රාජපක්‌ෂලාගේ ගෙයක්‌ කියලා, කෑගහන්න ගිහිල්ලා වෙච්ච් දේ… තව කොච්චර දේවල් හෙව්වද…? සමහරු තමන්ගේ හේන් කොටා ගන්න ඕනේ වුනහමත්, ඒ කාලේ කිව්වේ අපේ ඉඩමේ රාජපක්‌ෂලාගේ සල්ලිවල දාලා තියෙනවා කියලා කෝල් එකක්‌ දෙන එකයි… මෙන්න, ටික වෙලාවකින් පොලිසියෙන් බැකෝ අරගෙන ඇවිල්ලා මුළු ඉඩමම හාරනවා… පස්‌සේ ඉතින් ආවා වගේම යන්න යනවා… මේකත් මගේ ඩුබායි සල්ලි ඇහින් දැක්‌කා වගේ වැඩක්‌නේ… මේ ඊයේ පෙරේදා බන්දුල ගුණවර්ධන හොඳ යෝජනාවක්‌ කරලා තිබ්බා… ආණ්‌ඩුව කියන ගණන් හිලව් අනුව මෙරටේ සියලුම ජනතාව සතුව ඇති මුදල මෙන් පස්‌ ගුණයක්‌ මහින්ද රාජපක්‍ෂගේ ගිණුම්වල තියෙන බව පෙනී යන නිසා, රටේ සියලු දෙනාම එකතුවෙලා, ඒ මුදල හොයා ගමුයි කියලා බන්දුල යෝජනා කළා.

මේවට දැන් මිනිස්‌සු කියන්නේ යහපාලන බයිලා කියලා… අපිට කරපු එක චෝදනාවක්‌ වත් මේ ආණ්‌ඩුව ඔප්පු කළාද…? නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පත්තරේ යන්න ඉස්‌සෙල්ලා මේ ලිපිය පළවුණේ 2015 ජුලි 22 වැනිදා ඩේලි නිව්ස්‌ පත්තරේ… ඒකේ කොපියක්‌ තමයි මේ දාලා තියෙන්නේ… ඒ නිසා අපි මුලින්ම බොරුව වපුරපු අයටයි නඩු දාන්නේ… ඡන්දයක්‌ ළඟ එනකොට, තමන්ගේ හොරකමක්‌ වසා ගන්න ඕනේ වුණහම, බඩු මිල වැඩි වෙනකොට, බදු බර වැඩි වෙනකොට, ආණ්‌ඩුව ඇතුලේ කචල් යනකොට තියෙන එකම විසඳුම තමයි මහින්දගේ සල්ලි, මහින්දගේ ගිණුම්’ කිය කියා සතියක්‌ දෙකක්‌ කෑ ගහන එක… ඒ වැඩේ ජනතාවට අමතක වුණහම, ආයෙත් සද්ද නැතුව ඉන්නවා… නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ එකට නඩු නොදා මෙහෙ අයට නඩු දාන්නේ හඬ ජෝශප්ගේ වුණත් අත යාකොබ්ගේ’ බව අපි දන්න නිසයි. නාමල් මේ ගැන ඇත්ත ලියලා නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පත්තරේට ලිපියක්‌ යෑව්වා…. ඒකවත් පළකෙළේ නැහැ…ඒකේ ලින්ක්‌ එක විතරක්‌ පේන නොපෙනෙන ගානට ඒ අය දැම්මා… සදාචාරයක්‌ දන්නේ නැති මෙහෙම අය එක්‌ක මොන කතාද…? දැන් බලන්න අපි එදා මේ රටේ ආර්ථිකය, සංවර්ධනය වෙනුවෙන් ගොඩනගපු මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට විකුණන්න හදනවා. මේවා අසාර්ථක දේවල් නම් වෙන කෙනෙක්‌ ලොකු ලන්සුවකට ගනියිද…? අපි හදපු දේවල් විකුණලා තමයි, අද මේ අය රට කරගෙන යන්නේ… එහෙම කරන ගමන්ම අපි ඒ හදපු දේවල්වලට දොස්‌ කියනවා… ඒවායෙන් අපි ගසා කෑවා කියනවා… මේ මෝස්‌තරේ දැන් යල් පැනලා, කියන එක විතරයි මට කියන්න තියෙන්නේ… මහ බැංකුව මහ දවාලේ මංකොල්ල කෑව අර්ජුන මහේන්ද්‍රන්ව අල්ල ගන්න කිසිම දෙයක්‌ මේ ආණ්‌ඩුව කළාද…? ඇයි නීතිය, එතැනට නැත්තේ… අර්ජුනව කවුද රටින් පිටමං කළේ…? ඒ හොරකම වසං කරන්න අපිට මඩ ගහලා හරි යන්නේ නැහැ…

ප්‍රශ්නය – විජයකලා මහේෂ්වරන් අමාත්‍යතුමිය විසින් යළිත් එල්ටීටීඊය පණගැස්‌සිය යුතු බවට ප්‍රකාශයක්‌ කළා… මේ ප්‍රකාශය පිටුපස සිටින්නේ ඔබ බව, කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා විසින් ප්‍රකාශ කළා… ඔබ විසින් මෙවැනි කටයුතු කරන පහත් තත්ත්වයකට ඇද වැටෙන්නේ ඇයි…?

පිළිතුර – ඔය ප්‍රශ්නය අහන ඔබ වගේම, ඔය කතාව කියපු කෙනාත් දන්නවා, ඇත්තටම වුණේ මොකක්‌ද කියලා… ඔය වගේ කතා කියන තැනට ඒ අයව දිරිගැන්නුවේ මේ ආණ්‌ඩුව… අපේ රණවිරුවන් තමන්ගේ ජීවිතය, අතපය, මහන්සිය පුජා කළේ මේ වගේ කතා ආයෙත් රටේ නෑහෙන්නයි. ඒත් අද රට හැම තැනින්ම ඇහෙන්නේ මේ වගේ කතාමයි. මේ සඳහා වහාම නෛතික ක්‍රියා මාර්ගයක්‌ ආණ්‌ඩුව විසින් අර ගත යුතුයි. ඇමතිකම් වලින් අස්‌වෙන්න කියලා, රටට එකක්‌ පෙන්වලා මේ අයට බේරෙන දෙන්න බැහැ. මේ කතාවේ වැඩිම හානිය ඒකීය ශ්‍රී ලංකාවට… ඊළඟට වැඩිම හානිය අහිංසක දෙමළ ජනතාවට. ඒ ජනතාව අද ශීඝ්‍ර දියුණුවක්‌ ලබා තිබෙනවා. තමන්ගේ දරුවන් පාසල් යවනවා. විශ්වවිද්‍යාලයට යවනවා.., එදා කොටි සංවිධානය සයිනයිඩ් කරලක්‌ බලෙන් බෙල්ලේ එල්ලපු දරුවන්, අද තමන්ගේ ජීවිතය ජය ගන්න නිවැරදි මාවතේ ගමන් කරන කොට, ඒ දරුවන්ට ආයෙත් සොහොන් කොත් ඉදිකරන්නයි, මේ හදන්නේ… මමයි ඒ ජනතාව කොටි රැලෙන් බේරගත්තේ… ඒ දරුවන්ගේ අනාගතය, ඒ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ආයෙත් වරක්‌ නැති කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ…. තමන්ගේ දරුවන්ගේ තාත්තාට වෙඩි තියලා, මරලා දාපු මෘගයෝ, ආයෙත් නැගිට්‌ටවන්න විජයකලාට ඕනේ වුණාට, උතුරේ ජනතාවට ඒ දේවල් ආයෙත් ඕනේ වෙන්නේ නැහැ. එයාගේ දරුවෝ මේ දේවල්වලට යන්නේ නැහැනේ… එයා අද කරන්න හදන්නේ හැත්තෑ හතේදී අමිර්තලිංගම් කරපු දේමයි. මේ ප්‍රකාශයෙන් ගම්‍ය වන අනිත් දේ තමයි, මේ ආණ්‌ඩුව උතුරට මොන මොන පොරොන්දු දීලා තියෙනවා ද කියන එක…

04
ජූලි
18

අනුරගෙ දූගේ ගල හා ජවිපෙට කඩේ යන ගල් කොල්ලෝ

29
ජුනි
18

මංගල හැමිනෙනවා

Lanka says:

👉ජෝන් කෙරී කියනවා මහින්දගේ ආණ්ඩුව වෙනස් කරන්න රනිල්ට / සිරිසේනට සල්ලි දුන්නා කියල… ටයිම්ස් එකේ ගෙඩි පිටින් තියනවා…
😑 ඔන්න දකින්නේ නෑ….
👉 ආයෙත් පාරක් ටයිම්ස් එකේ තියනවා ලංකාවේ සහ බුරුමයේ ආණ්ඩු පෙරලන්න ඇමරිකාව ඩොලර් මිලියන 587ක් වියදම කරා කියල.
😑 ඔන්න දකින්නේ නෑ….
👉 ඊළඟට නිව්යෝර්ක් ටයිම්ස් එකේ පැනමා පේපර් වල ඉන්න ලංකාවේ ඇතුළු ලොක්කොන්ගේ නම් ගෙඩි පිටින් එලියට දෙනවා.
😑 බුදාම්මෝ පේන්නෙම නෑ…..
👉 ඕස්ට්‍රේලියාවේ පත්තර වල, ටීවිවල ප්‍රධාන පුවතක් විදියට යනවා සිරිසේන ඩොලර් මිලියන 200ක් අල්ලස් අරන් කියල. ඊළඟට ලෝක බැංකුවෙන් ඒ අදාල කොම්පැනි බ්ලැක් ලිස්ට් කරනවා වංචා තහවුරු උනාට පස්සේ.
😑 නෑ නෑ… පේන්නෙත් නෑ දකින්නෙත් නෑ…
👉 අම්මට සිරි ලංකාවෙම වාර්තා පදනම් කරගෙන නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවක් ලියනවා මහින්ද රාජපක්ෂට චීන සමාගමක් මැතිවරණෙට සල්ලි දුන්නා කියල. හැබැයි සල්ලි දීපු අයගේ කිසිම සොලිඩ් සාක්ෂියක් නමක් ගමක් නෑ… හැබැයි සල්ලි දුන්නලු.
😍 අඩේ…. මෙන්න ඇහැරෙනවා… දකිනවා… පුවත් පත් සාකච්චා තියනවා. බුකියේ පිටු ගණන් ලියනවා… බුදාම්මෝ ඒ ගැන පොතුත් ලියන්න හදනවා !!!
රනිල් සිරිසේන එක්ක එකතුවෙලා පුන්නක්කු වල ගාන අඩු කරපු එක සාධාරණයි. තමන්ගේ උන් 🐮 වෙනුවෙන් 🐂🐃🐄 යමක් කරන්නත් එපැයි !!!!
හිතපල්ලා..රෑ වැටුණු වලෙන් ගොඩට ඇවිත් ඇස් ඇරපල්ලා..(උපුටා ගැනීමකි)

09
මැයි
18

සුනිල් පෙරේරා, සමාජ ක්‍රියාකාරිකයෙක් ද ? මඤ්ඤමක්ද ?

මේ ඡායාරූපය, පෞද්ගලිකත්වය ඉක්මවා සමාජ හරස්කඩ කියවීම සඳහා යොදා ගත හැකි හොඳ මූලාශ්‍රයක්.

ජිප්සීස් ගීත පාදඩකරණය වීමට බලපෑ ආකල්ප සමූහයක් තිබෙනවා. ඔවුන් ගේ මුල් කාලීන ගීතවල (උදා. නිලුපුල් සුවඳ උරා, ඔබ දුටු ඒ මුල් දිනේ, මල් මල් පිපිලා, මා සතුටින් බව වැනි) තිබුණු රසය පසුකාලීන ව බලෙන් මරා දැමුවා. ඒකට හේතුව ඒ කාලේ වික්ටර්, මිල්ටන්, ක්ලැරන්ස් වැන්නන් ගොඩ නගා තිබුණු ගීත කලාව අභිබවා මාකට් එකක් ගොඩ නඟන්නට ජිප්සීස්ලාට නොහැකි වීම. ඒක වෙනස් කරන්න තමයි ‘කිස් 10’ ගේන්නෙ.

එවකට 9වැනි වසරේ ඉගෙන ගනිද්දි (ගාල්ලෙ, රිච්මන්ඩ් විදුහලේ) මම ජිප්සීස් කණ්ඩායමට බැනලා ලිපියක් යොමු කළා. මා බලාපොරොත්තු නොවුණු ආකාරයට, සුනිල් පෙරේරා ‘කිස් 10’ ගැන කනගාටුව පළ කර මට ලිපියක් එවා තිබුණා. ඒ සමඟ ඔහු ජිප්සීස් කණ්ඩායම ග්ලූකෝරස වෑන් එකකට හේත්තු වෙලා, ටී ෂර්ට් ඇඳන් ගත්ත කලු සුදු ඡායාරූපයකුත් එවා තිබුණා. (අද ඒවා මා ළඟ නැහැ. තිබුණා නම් වටිනවා.)

කෙසේ වෙතත්, 80 දශකය වෙන කොට ජිප්සීස් පාදඩකරණය උත්සන්න වුණා.

මේ විදියට ජිප්සීස් සහ කලා සමාජය අතර පරතරය වැඩි වෙන කොට, ජෝතිපාල ගේ මරණයත් එක්ක ‘ප්‍රබුද්ධ-පීචං’ කියලා සංවාදයක් පටන් ගත්තා. ඒක ‘අමරදේවලා, නන්දාමාලිනීලා, රූකාන්තලා සහ අපි’ නමින් නිහාල් පීරිස් ගේ කෘතියක් දක්වා දුරදිග ගියා. ඒ කෘතියට අශෝක හඳගම ලියා තිබෙන ලිපියෙන් ප්‍රබුද්ධ සමාජය (?) ජිප්සීස් කණ්ඩාමට එල්ල කර තිබෙන ප්‍රහාරයේ තරම කියවා ගන්න පුළුවන්. එවකට රාවය පුවත්පතේ සේවය කළ ජයසිරි ජයසේකර, මේ ප්‍රබුද්ධ (?) නියෝජිත කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වුණා.

මේ ඊනියා ප්‍රබුද්ධ-පීචං සංවාදයෙදි නිහාල් නෙල්සන් කී ප්‍රසිද්ධ කතාවක් තිබෙනවා. – ‘ඒ ගොල්ලො ප්‍රබුද්ධ නං, අපි සුප්‍රබුද්ධ’ ..

ජිප්සීස් කණ්ඩායම, ‘ප්‍රබුද්ධයන්ට අහිතකර විය හැකි ය’ ඔවුන් ගේ ‘ඔජායේ’ වැනි කැසට්පටිවලට යෙදීම ආරම්භ කළේ ඉන්පසුවයි.

2000 වෙනකොට ජිප්සීස් පාදඩකරණය ‘ස්ටැග්නයිට්’ දක්වා තිරශ්චීන වුණා. ඒ එක්ක ම ක්ලබ්වලදී, හෝටල්වලදි සුනිල් පෙරේරා ගුටි කන තත්ත්වයට ඇද වැටුණා.

කොහොම වුණත් 2000 දෙවැනි භාගයෙන් පස්සෙ, ජිප්සීස් කණ්ඩායම අලුත් වටයකින් ගමන ආරම්භ කළා. සුනිල් පෙරේරා පොරක් වෙන්න පටන් ගත්තා. ඒ අතරේ ප්‍රබුද්ධ සමාජය (?) හිස් කොන්ක්‍රීට් තාච්චියක් වගේ පල්ලම් බැස්සා. සන්ෆ්ලවර් කණ්ඩායම, ඒකට අවශ්‍ය පරිවාර සමාජ පරිසරය හදලා දුන්නා. තවත් දේවල් ඒකට බලපෑවා. දේශපාලනය, මාධ්‍ය වෙළෙඳපොළ ආදිය ..

දැන් දෙගොල්ලො එක තැන.

සුනිල් පෙරේරා, සමාජ ක්‍රියාකාරිකයෙක් (?), දේශකයෙක් (?), විද්වතෙක් (?) වුණා. ඒ කාලේ සුනිල් පෙරේරාට ඇට්ටි හැලෙන්න දීපු අශෝක හඳගම නියෝජනය කරපු ජ.වි.පෙ. දේශපාලන වේදිකාවල ආරාධිතයෙක් වුණා.

ජිප්සීස් කණ්ඩායමේ ‘අපට කියන්න’ සින්දුව නිර්මාණය වෙන්නෙ ඒ අවකාශයෙන්.

මේ ඡායාරූපය, සමාජ හරස්කඩක් වෙන්නෙ එ් අනුව.

මෙතන, එකල ප්‍රබුද්ධ සමාජය (?) නියෝජනය කළ ධාරාවේ කට්ටිය, සුනිල් පෙරේරාට සවන් දෙමින් ඉන්නෙ. එදා, ප්‍රබුද්ධ-පීචං සංවාදය වෙලාවෙ, ප්‍රබුද්ධ පැත්ත නියෝජනය කරමින් ජයසිරි ජයසේකර වැඩ කරපු ‘රාවය’ පත්තරේ සංස්කාරකත් ඉන්නවා.

දැන් ඇත්ත වෙලා තිබෙන්නෙ කෝක ද?

‘ඒ ගොල්ලො ප්‍රබුද්ධ නං, අපි සුප්‍රබුද්ධ’

අද මොවුන් තමයි, සමාජ මත නායකයො – opinion leaders විදියට ක්‍රියාත්මක වෙන්නෙ.

මේක ‘මධුර ජවනිකා .. නෙයින ගෙ සූදුව .. සාජන්ට් නල්ලතම්බි’, වගේ බුද්ධිය පල්ලම් බැස්ස, සමාජ විකෘතියක්.

ලාංකික සමාජය මෙහෙම කරණමක් ගැහුවෙ, ඇයි?

– කුමාර ලියනගේ

Image may contain: 1 person, sitting and standing
01
මැයි
18

රනිල්ගේ වැසිකිලිය කාපං…. කේ.ඩබ්. රෙනරංජන ඔන්න අඹුඩේ ගූ අයිවන් රීලද කොහේද …

රාවයට කෙලින්න ගිය ජනරංජන කල්ලියට වික්ටර් අයිවන්ගෙන් රෙදි ගැලවෙන බඩ විරේකයක්..

රාවයට කෙලින්න ගිය ජනරංජන කල්ලියට වික්ටර් අයිවන්ගෙන් රෙදි ගැලවෙන බඩ විරේකයක්..

රාවය පුවත්පතෙන් පිරිසක් ඉවත්ව ගොස් නව පුවත්පතක් ආරම්භ කිරීමත් සමග දෙපාර්ශවය අතර මතගැටුම් කාරී තත්වයක් සමාජ ජාලයන්හි හා විවිධ මාධ්‍ය මගින් සිදුවෙමින් ඇත.

ආසන්නතම සිදුවීමක් ලෙස රාවය පුවත්පතේ ප‍්‍රධාන කතෘ වික්ටර් අයිවන් මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ දීර්ඝ ලිපියක් පල කර ඇත.

රාවය හිටපු කතෘ කේ.ඩබ්. ජනරංජන මහතා සම්බන්දයෙන් දැඩි විවාදාත්මක අදහස් දැක්වෙන එම සටහන මෙසේය.

ජනමාධ්‍ය චෞරයෝ.

රාවයට මුහුණ දෙන්නට සිදුවී තිබෙන සුවිශේෂ අත්දැකීම් ගැන මා ලියා ඇතත්, රාවයේ වැඩ කළ ජනමාධ්‍යවේදීන් ගැන ලියා ඇත්තේ ඉතාමත් කලාතුරකින් අවස්ථා කිහිපයකදී පමණය. රාවය උදාර අරමුණු ඇතිව ආරම්භ කොට පවත්වාගෙන යමින් තිබෙන පුවත්පතක් වුවද, රාවය එම උදාර අරමුණුවලට ගැළපෙන ජනමාධ්‍ය කණ්ඩායමක් සොයාගෙන ඔවුන් පුරුදු පුහුණු කොට ඔවුන් මත පිහිටා පවත්වාගෙන ගිය පුවත්පතක් ලෙස සැලකිය නොහැකිය. අපට ජීවත් වන්නට සිදුවී තිබෙන්නේ හොඳටම කුණුවූ සමාජයකය. රාවයට ජනමාධ්‍යවේදීන් ලබාගන්නට සිදුවූයේද එම සමාජයෙනි. රාවයට වැඩ කරන්නට සිදුවූ ජනමාධ්‍යවේදීන් අතර ගරු කටයුතු අය සිටියා සේ ම අධම ගණයේ ලා සැලකිය හැකි අයද සිටියේය. මා මෙම ලිපියෙන් සලකා බලනු ඇත්තේ ගරු කටයුතු ගණයට වැටෙන අය ගැන නොව, අධම ගණයට වැටෙන අය ගැනය.

රේඛාට විරේකයක්.

මා මෙවැනි සටහනක් ලියන්නට පෙළඹවූ රේඛා නිලුක්ෂිට මාගේ ස්තුතිය හිමිවිය යුතුය. ඇය මට එරෙහිව ආරම්භ කොට පවත්වාගෙන යන ප්‍රචාරක වැඩසටහනට ලයිට් පත්තු කරනන් හා හූමිටි තබන්නන් අතර බරපතළ වැරදි නිසා රාවයෙන් පලවා හැරිය හෝ රාවය අතහැර පලා ගිය අය ගණනාවක්ද සිටින බව හඳුනා ගන්නට හැකිවීම නිසා ඔවුන්ගේ නියම ස්වභාවය ගැන කතා කිරීම අවශ්‍ය වේයැයි කියන හැඟීම මා තුළ ඇති කිරීමට හේතුවිය.

රේඛා ජනරංජනගේ පාලන කාලයේ රාවයට එකතු වූ අවුරුදු දෙකකට ආසන්න කාලයක් රාවයේ වැඩ කර තිබෙන සාමාන්‍යයෙන් නවකයෙකුට නොලැබෙන තරමේ ලොකු බලපරාක්‍රමයක් හිමිකරගෙන සිටි එම බලය අනුන්ට ප්‍රදර්ශනය කරන්නට යෑම නිසා රාවය කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගේ උපහාසයට සේ ම විරෝධයටද හේතුවී සිටි තරුණ කාන්තාවකි. ඇය අප්‍රේල් 7 වැනිදා මුහුණු පොතට ලියන ලද සටහනට යොදා තිබුණු මාතෘකාව වූයේ ‘චෞර රැජින ගැන ලියපු වික්ටර් අයිවන් චෞර රජෙක්’ යනුවෙනි. ඇය එම ප්‍රවෘත්තියෙන් චෝදනා කර තිබුණේ රාවය වෙබ් අඩවියට ලිපි අප්ලෝඞ්කිරීම වෙනුවෙන් ඇයට දින 06ක් සඳහා ලැබිය යුතුව තිබුණ රුපියල් 15,000ක මුදලක් රාවය ඇයට නුදුන් බවය. ඇය කියන කතාව ඇත්තක් ලෙස සැලකුවද එම කතාවට යොදා තිබෙන ශීර්ෂ පාඨය අනුව ඇගේ උද්දච්චකමේ තරම පමණක් නොව ජනමාධ්‍ය විෂය පිළිබඳව ඇයට තිබෙන නොදැනුමේ තරමද පෙන්නුම් කරයි. දැන් ඇය වැඩ කරන්නේ රාවයේ හිටපු කර්තෘ ජනරංජන සමගය. ඒනිසා ඇගේ එම සටහන ජනරංජනගේ මගපෙන්වීම හා ආශිර්වාදය මත ලියන ලද්දක් ලෙස සැලකිය හැකිය.

පළමුවෙන්ම වෙබ් අඩවියට රාවයේ ලිපි අප්ලෝඞ් කළ පුද්ගලයාට මසකට රුපියල් දස දහසක් ගෙව්වේයැයි කියන කතාව සත්‍යයකි. ඔහු රාවයේ වැඩ කළ කෙනෙකු නොවීය. පිටස්තරව සිට ඒ කාර්යය කළ කෙනෙකි. ඔහු විදේශ ගතවීම නිසා වෙබ් අඩවියට ලිපි අප්ලෝඞ් කිරීම සති කිහිපයකට සිදු නොවී තිබුණි. වෙබ් අඩවියට ලිපි අප්ලෝඞ්නො වීමේ ප්‍රශ්නය කතා කළ අවස්ථාවකදී අප්ලෝඞ් කිරීමේ කාර්යය රාවයේ කෙනෙකුටම භාරදී එම දීමනාව එම පුද් ගලයාට ගෙවිය යුතු බවට ජනරංජන යෝජනා කළේය. මා එම යෝජනාවට ඇතුළත් රුපියල් දසදහසක් ගෙවීමේ කතාවට විරුද්ධ වූවෙමි. ඒ කාලයේ වෙබ් අඩවියට මුළු පුවත්පතම දැම්මේ නැත. දැම්මේ තෝරාගත් ලිපි කිහිපයක්ප මණය. ඒ නිසා ඔහුට ගෙවන ලද මිල පවා සාධාරණ මිලක් නොවන බවත්, මේ කාර්යය සඳහා වැයවන්නේ පැයක් පමණ වන සුළු කාලයක් වන නිසාත් ආයතනයේ කෙනෙකුට භාරදෙන්නේ නම් එය එම පුද්ගලයාට පඩියට අතිරේකව ලැබෙන ආදායමක් වන නිසා සතියකට වරක් අප්ලෝඞ් කිරීමේ කාර්යය සඳහා රුපියල් 1000 ක් බැගින් සති හතරේ මාසයකට රුපියල් 4000ක් ගෙවීම ප්‍රමාණවත් බව මම කීවෙමි. මාගේ එම යෝජනාවට ජනරංජන විරුද්ධ වූයේ නැත. ඉන්පසු කුමක් වී දැයි මම නොදනිමි. ජනරංජන ඉවත්ව යෑමෙන් පසු අප්ලෝඞ් කිරීමේ කාර්යය කරමින් සිටියේ රාවයේ ටයිප්සෙ ටින් අංශයේ සේවය කළ චතුර බුද්ධික නමින් වන තරුණයෙකි. ඒ වගකීම සඳහා ඔහු තෝරාගෙන තිබුණේ ටිරන්ය. ඒ කාලයේදී ඔහුට ගෙවා තිබුණේ සතියේ අප්ලෝඞ් කිරීමක් සඳහා රුපියල් 1000ක මුදලකි. දැන් එම තරුණයා වැඩ කරන්නේද ජනරංජන හා රේඛා සමගය. චතුරගෙන් පසු දැන්, රාවයේ ඒ කාර්යය කරන්නේ රසික ගුණවර්ධනය. ඔහුට ගෙවන්නේද එම ගෙවීමය.

ගමන් වියදම් අවුල

ජනරංජන ඉවත්ව ගියේ ජනවාරි 24 වැනිදාය. රේඛා ඉවත්ව ගියේ ජනවාරි 26 වැනිදාය. ඇය එසේ ඉවත්ව ගොස් තිබුණේ ආයතනයෙන් ලැබීමට හිඟ මුදල් තිබුණේ වී නම් ඒවාද ලබාගෙනය. ඒ අවස්ථාවේදී ඇය අප්ලෝඞ් කිරීමක් සිදුකර ඇත්නම් ඒ සඳහා ලැබිය යුතු මුදල් ඉල්ලා නැත. ඇය ඒ සඳහා ඉල්ලීමක් පළමු වරට කර තිබෙන්නේ අප්‍රේල් 4 වැනිදාය. ඇය අප්ලෝඞ් කිරීම් 6ක් වෙනුවෙන්රු පියල් 15,000ක මුදලක් ඉල්ලා ඇතත්, ඇය එවැනි කාර්යයක් කළේද නැද්ද යන්න ගැන ගණකාධිකාරීවරයාටද කිසිදු අවබෝධයක් තිබී නැත. ඇගේ ඉල්ලීම ඔහු මට කී විට වැඩ කර තිබෙන දින ගණනටඒ වැඩය සඳහා අනෙක් අයට කරන ගෙවීම ඇයටද කරන ලෙස උපදෙස් දුනිමි. ඒ අනුව ඔහු
ඇයට 6000ක මුදලක් ගෙවා ඇතත්, තමන්ට ලැබිය යුත්තේ රුපියල් 15,000ක් බව ප්‍රකාශ කරමින් රුපියල් 6000 භාර ගැනීම ප්‍රතික්ෂේප කොට පොලිසියට පැමිණිලි කරන බව කියමින් කාර්යාලයෙන් පිටවී ගොස්තිබේ.

රේඛා, තරිඳු හා සංජීව ඉවත්ව යන අවස්ථාව වන විට ඒ තිදෙනාම පිටතට ගොස් කරන වැඩ සඳහා ලබාගන්නා වියදම් පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දී සිටියේය. ගමන් වියදම් ප්‍රතිපුර්ණ කරගැනීම සඳහා ඉදිරිපත් වූ ඉල්ලීමකදී ගණකාධිකාරිවරයා මට දුරකතනයෙන් කතා කොට පිටත ගිය ගමනක් සඳහා මුදල් ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන ඉල්ලීමක් ගැන මට කරුණු පැහැදිලි කළේය. පිටතට ගිය ගමනක් සඳහා රුපියල් 12,500ක් කෙනෙකු ඉල්ලුම් කර තිබුණු අතර, ඒ මුදලින් රු. 6500 ක්ම ඉල්ලා තිබුණේ ත්‍රීවීලර් ගාස්තු සඳහාය. බැලූ බැල්මට විශ්වසනීය නොවන ගමන් වියදම් වවුචර් මීට පෙරද දිගින් දිගට ලැබුණු බවත්, එහෙත් ඒවා කර්තෘගේ අනුමැතිය ඇතිව එවන නිසා තමන්ට කළහැකි දෙයක් නොතිබුණු නිසා ඒවාට ගෙවන්නට සිදුවූ බවත් ඔහු කීවේය. මා එම වවුචරයට මුදල් ගෙවීම නතර කොට කර්තෘ මණ්ඩලයේ පිටතට ගොස් කරන වැඩ සඳහා වැය කළ මුදල් පිළිබඳව අවුරුදු තුනකට අදාළ වාර්තාවක්ද විශ්වාසදායක නොවන ගණන් හිලව් ඇතුළත් වවුචර කිහිපයක්ද මා වෙත එවන ලෙස ඉල්ලා සිටියෙමි. වසර තුනක වියදම් වාර්තාව ලැබුණු පසු වියදම්වල යථා තත්ත්වය තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් සංඛ්‍යා සටහනක් මා විසින් සකස් කරන ලදි.

ඒ අනුව විශේෂාංග සඳහා ගමන් වියදම්වල මාසික සාමාන්‍ය මෙසේය. 2015 වසර රු. 31330යි. 2016 වසර රු. 132000යි. 2017 වසර රු. 131451යි. ඒක පුද්ගල මාසික සාමාන්‍ය 2015 වසර සඳහා රු. 4460කි. 2016 වසර සඳහා රු. 16579කි. 2017 වසර සඳහා රු. 18808කි. පුද්ගලයන් අනුව ගත් විට සංජීවගේ මාසික වියදම 2015 සඳහා රු. 18911කි. 2016 සඳහා රු. 27450කි. 2017 වසර සඳහා රු. 34680කි. තරිඳුගේ එය 2015 සඳහා රු. 2630කි. 2016 වසර සඳහා රු. 13249කි. 2017 සඳහා රු. 29533කි. රේඛා සඳහා 2016 වසර සඳහා රු. 12840කි. 2017 වසර සඳහා රු. 28516කි. පිටතට යන ගමන් වියදම්වලදී අඩුම වියදමක් පෙන්නුම් කර තිබුණේ ඉඳුනිල්ය. 2017 වසර සඳහා ඇගේ ගමන් වියදමේ මාසික සාමාන්‍ය රුපියල් 7314කි. බොහෝ අයගේ ගමන් වියදම්වලින් 60%ක් පමණ ත්‍රිවිලර් ගාස්තු විය. මහරගම සිට පිටකොටුවට බස් ගාස්තුව රු. 70කි. වවුචර් වලට යොදා තිබුණ ත්‍රීවිලර් ගාස්තුව රු. 750කි. බස්රථයෙන් ගමන් කොට, ඒ වාට ත්‍රීවිලර් ගාස්තු අය කෙරෙන ක්‍රමයක් ක්‍රියාත්මක වී තිබුණු බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. වවුචර් පරීක්ෂා කරන විට වෙනත් විසමතාද පෙනෙන්නට තිබුණි. එක දුර ප්‍රදේශයකට ගොස් එකතු කරගත් තොරතුරු මත පත්තර දෙකකට ලිපි ලියා ගමන් දෙකකට ගමන් වියදම් අයකරගත් අවස්ථාවක් ද විය. ගෙදර ගිය ගමනකදී එම ප්‍රදේශයේම රාත්‍රී නවාතැන් පොළකට ගාස්තු ගෙවා තිබුණු අවස්ථාවක් ද විය. මා සියාලු වවුචර් පරීක්ෂා කළේ නැත. පරීක්ෂා කළේ කීපයක් පමණි. මා ඒ ගැන ගණකාධිකාරිවරයා අමතා ජනරංජනටද පිටපතක් සහිතව ලිපියක් භාර දුන්නෙමි. ඒ ජනවාරි 17 වැනිදාය. එහි එක් තැනක මෙසේ සඳහන් කළෙමි. ”සමහර වවුචර් ඔබේ විශ්වාසයට හේතුවී නොතිබුණද, ඔබ එම ගෙවීම් කර තිබුණි. එසේ කළේ ඇයිද කියා විමසූ විට ඔබ කීවේ කර්තෘ අනුමත කර තිබුණු නිසා එම මුදල් ගෙවනවා හැරෙන්නට අන් දෙයක් නොතිබුණු බවය. එහෙත් ඔබේ එම ප්‍රවේශය වැරදිය. ලැබෙන වවුචර් විශ්වාසයට හේතු නොවන අවස්ථාවලදී අනුමත කර තිබෙන්නේ කවුරුන් වුවත් ඒ ගැන ප්‍රශ්න කිරීමේ හා සොයා බැලීමේ වගකීමක් ඔබට තිබෙන්නේය.” එම ලිපියේ තවත් තැනක මෙසේ සඳහන් විය.” කර්තෘ මණ්ඩලයේ ගමන් ගාස්තු පිළිබඳව විගණනයකට යෑම අවශ්‍ය වේ යැයි සිතමි. කිසිදු සොයා බැලීමකින් තොරව වියදම් අනුමත කරන හා ඒවාට මුදල් ගෙවන ක්‍රමයක් ආයතනය තුළ ස්ථාපිත වී තිබෙන බව පෙනෙනවා. ආයතනයක් තුළ එවැනි සංස්කෘතියක් ඇතිවූ විට එම ආයතනය පරිහානියට පත්වීම නොවැළැක්විය හැකියි”

ගමන් වියදම් පිළිබඳව මතුවී තිබුණු ප්‍රශ්න හා ඒ ගැන මා විගණනයකට යන බවට කර තිබුණු ප්‍රකාශය කර්තෘ ඇතුළු මේ පිරිස කැළඹීමට පත් කර තිබුණු අතර ඔවුන් රාවයෙන් නික්ම යෑම කෙරෙහි එම ප්‍රශ්නයද වැදගත් සාධකයක් ලෙස බලපාන්නට ඇත. සංජීව ගියේ ඔහුට වැඩ කරන්නට රාවයෙන් දෙන ලද ලැප්ටොප් පරිගණකයද ආපසු භාර නොදීය. ඒ නිසා ඔහුට එරෙහිව පොලිසියට පැමිණිලි කිරීමට රාවයට සිදුවනු ඇත.

එස්.බී.ගෙන් කප්පම් ඉල්ලීම

දැන් මම රේඛාගේ ප්‍රශ්නයෙන් ඉවත් වී ඇය මුහුණු පොතේ පළකරන පදනම් විරහිත වාචාල කතාවලට හූමිටි තියන, ලයිට් පත්තු කරන මීට පෙර විටින් විට විසමාචාර හේතු නිසා රාවයෙන් පලාගිය හෝ රාවයෙන් පලවා හරින ලද අයගේ නියම පසුබිම හා කෙරුවාව තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් හා ලංකාවේ ජනමාධ්‍යවේදය කුණුවී තිබෙන තරම තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් නිදර්ශන කතා කිහිපයක් ඉදිරිපත් කරමි. රාවය මෙතෙක් දුර පැමිණ තිබෙන්නේ පිටතින් එල්ල වන දුෂ්කර අභියෝගවලට පමණක් නොව, ප්‍රකට නැතත් අභ්‍යන්තරයෙන්ද එල්ල වන දුෂ්කර අභියෝගයන්ට මුහුණදෙමින් බව තේරුම් ගැනීමට එම තෝරාගත් ආදර්ශ කතා කිහිපය පාඨකයන්ට ප්‍රයෝජනවත් වනු ඇත.

මා හා ඇමති එස්.බී. දිසානායක අතර කලකට ඉහතදී ලොකු ගැටුමක් තිබුණු බව රාවය පාඨකයන් දන්නෙහිය. අපි දෙදෙනා අතර එවැනි ලොකු ආරාවුලක් තිබුණු අවස්ථාවකදී මාගේ මිත්‍රයෙකු වූ හේමසිරි ප්‍රනාන්දු මට දුරකතනයෙන් කතා කොට හේමසිරිගේ නිවසේදී එස්බීට මා හමුවීමට අවශ්‍ය වී තිබෙන බව කීවේය. මට එස්.බී. සමග මොන කතාවක්දැයි හේමසිරිගෙන් විමසූ විට එස්.බී. රාවයට එරෙහිව මට කියන්න ලොකු කතාවක් තිබෙන බවත්, එය කප්පම් කතාවක් බවත් මා විස්මයට පත්කරමින් හේමසිරි කීවේය. මා නියම කරගත් දිනට නොවළහා එහි පැමිණෙන බව කීවෙමි.

නියම කරගත් දිනයේදී එස්.බී.ගේ කතාව අහන්න මම හේමසිරිගේ නිවසට ගියෙමි. එස්.බී. සමග ඔහුට හිතවත් රාජ්‍ය නිලධාරියකු ලෙස සැලකිය හැකි ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නද එහි පැමිණ සිටියේය. රාවයේ කිහිපදෙනෙකු එස්.බී.ගෙන් ලබාගන්නට අපේක්ෂා කර තිබෙන කප්පම රුපියල් දශ ලක්ෂයකි.

එම දශ ලක්ෂයේ කප්පම ඉල්ලා තිබෙන්නේ සුසන්තිකා ජයසිංහ එස්.බී. ගැන කතා කරන දුර්ලභ ගණයේ හඬ පටියක් ජනමාධ්‍යවලට මුදාහැරීම වැළකීම සඳහාය. කප්පම ලබාගැනීමට උත්සාහ කර ඇත්තේ සුනිල් නවරත්න හරහාය. සුනිල් නවරත්න මෙම තත්ත්වය ඉදිරියේ කොතරම් භීතියට පත් තත්ත්වයක සිටියාද කියතොත් ඔහු එස්.බී. ඇමතිවරයා ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍යම වෙතොත් කප්පම්කරුවන්ට ගෙවන්න රුපියල් දශ ලක්ෂයක්ද සොයාගෙන සිටියේය.

ඒ කාලයේ රාවය, රාවයට අතිරේක වියදම සොයා ගැනීමේ මාර්ගයක් වශයෙන් ක්‍රීඩා පුවත්පතක් පළ කළ අතර මේ වැඩසටහනේ මොළකාරයා ලෙස ක්‍රියාකර තිබුණේ එම පුවත්පතේ කතුවරයාය. ඔහු ගාම්භීර පෙනුමකින් යුතු ජේත්තුවට අඳින පළඳින ගැඹුරු කටහඬක්ද තිබුණු පුද්ගලයෙකු විය. අහිංසක හොඳ පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි රාවයේ කැමරා ශිල්පියා රාවයට අතිරේකව මේ පුවත්පතේද කැමරා ශිල්පියා ලෙස වැඩ කළ අතර පත්තර කප්පම් වැඩසටහනට ඔහුද ලාවට සම්බන්ධ කරගෙන තිබුණි.

මේ දෙදෙනාගෙන් කප්පම් කතාව අසාගෙන මා කාර්යාලයට පැමිණි පසු ඉහත කී ජායයාරූප ශිල්පියා මාගේ කාර්යාලයේ කාමරයට කැඳවා ඔහු සමග සුහද පිළිසඳරක යෙදෙමින් ඒ කතාව අතරමගදී එස්.බී.ගෙන් ලබාගන්නට යන කප්පමෙන් ඔහුට හිමි පංගුව කොතරම් දැයි අසා සිටියෙමි. මාගේ එම ප්‍රශ්නයෙන් බිරාන්ත වූ ඔහු ඒ ගැන තමන් දන්නා තතු මට හෙළි කළේය. මා ඔහුගේ කතාව දැනගැනීමෙන් පසු ඔහු කර තිබෙන වරදේ බරපතළකම ඔහුට පැහැදිලි කරදී ඒ මොහොතේදීම ආයතනයෙන් ඉවත්ව යන ලෙස ඉල්ලා සිටිමින් ජනමාධ්‍යවේදියෙකු ලෙස වැඩ කිරීමට අවශ්‍ය ශික්ෂණය නැතිකම සනාථ කර තිබෙන නිසා මින් මතු කිසිදු ජනමාධ්‍ය ආයතනයක වැඩ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියෙමි. ඔහු ඒ මොහොතේදීම රාවයෙන් පිටවී ගිය අතර ක්‍රීඩා පත්තරේ කතුවරයා හා ගෝලයාද රාවයෙන් යන්න ගියෝය. මෙය පොලිස් පරීක්ෂණයකට පත්වනවා දකින්නට එස්.බී. කැමැත්තක් නොදැක්වීම නිසා ඊට වැඩි ක්‍රියා මාර්ගයක් ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන්නට මට නොහැකි විය.

මේ කතාවට සම්බන්ධ වඩාත්ම අවලස්සන කතාව අසන්නට ලැබුණේ මීට වසර දෙකකට හෝ තුනකට පමණ ඉහතදීය. රාවය අතහැර ගිය ඉහත කී ජායායාරූප ශිල්පියා දීර්ඝ කාලයකට පසුව මා බලන්නට රාවයට පැමිණ මා සමග කරන ලද කතාබහකදී රාවයේ සිටි නම්බුකාර මිනිසකු ගැන අපූරු කතාවක් කීවේය. උපාධිධාරියෙකු වූ එම පුද්ගලයා ඉතාමත් ප්‍රසන්න හා අහිංසක පෙනුමක් තිබූ වර්තමානයේ ජනශ්‍රැතිය පිළිබඳව ලොකු ප්‍රසිද්ධියක් හිමි කරගෙන සිටින රූපවාහිනී නාලිකාවලට වැඩසටහන් ඉදිරිපත් කරන පුද්ගලයෙකි. ජායාරූප ශිල්පියා කියන ලද කතාව අනුව ඔහුට මෙම කප්පම් සිද්ධියේ සුවඳ දැනී එය ආචාර්ය සුනිල් නවරත්න යාළු කරගන්නට අවස්ථාවක් කරගැනීමෙන් නොනැවතී ඒ මගින් වඩා හොඳ රැකියාවක් හිමිකර ගන්නටද ඔහු සමත් වී තිබේ. ඒ ගනුදෙනු වේදී සිදුවී තිබෙන අවලස්සනම දේ ලෙස සැලකිය හැක්කේ තමන්ට ලොකු වැදගත්කමක් ආරෝපණය කරගැනීම සඳහා මෙම කප්පම් වැඩසටහනට මගේද පුංචි සම්බන්ධයක් ඇති බව සුනිල් නවරත්නට කීමය. අපට ජීවත් වන්නට සිදුවී තිබෙන සමාජය කොතරම් බිහිසුණුද?

රෝහණ කුමාර ඝාතනය වසන් කිරීම

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පාලන කාලයේ අවසාන භාගයේ සිට චන්ද්‍රිකා පාලන කාලයේ කිසියම් කාලයක් දක්වා රාවය කවුන්ටර් පොයින්ට් (Counter point) නමින් ඉංග්‍රීසි මාසික සඟරාවක්‌ පළ කළේය. එහි සංස්කාරකවරුන් ලෙස ක්‍රියා කළේ වර්තමානයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්යවරයා ලෙස ක්‍රියා කරන අර්ජුන පරාක්‍රම හා රොයිටර් පුවත්සේවයේ වරුණ කරුණාතිලක යන දෙදෙනාය.

මෙම සඟරාවේ පිටු සකස් කිරීම කළේ රාවයේ ටයිප් සෙටින් අංශයේ වැඩ කළ තරුණයෙකි. ඔහු ප්‍රධාන පෙළේ විද්‍යාලයකින් අධ්‍යාපනය ලැබූ බැලූ බැල්මට අහිංසක පෙනුමකින් යුතු කාර්යශීලී පුද්ගලයෙකි. සඟරාවේ පිටු සකස් කිරීම කෙරුණේ සිරිතක් ලෙස රාත්‍රී කාලයේදීයි. හේතුව සංස්කාරකවරුන් දෙදෙනාම කාර්ය බහුල පුද්ගලයන් වීමය. ඔවුහු රෑ අටට පමණ වැඩ පටන් ගෙන රෑ දෙක තුන වෙනකම් කාර්යාලයේම තිබුණු ඒ සඳහා වෙන් කළ කාමරයක වැඩ කළහ. ඔවුන් වැඩ කරන දිනවල සඟරාවේ පිටු සකස් කිරීමේ කටයුතුවල නිරත වූ ඒ තිදෙනා හැර කාර්යාලයේ සිටියේ මා හා කාර්යාලය බලාගත් පීරිස් අංකල් පමණය.

එසේ වැඩ කළ එක් රාත්‍රියකදී පිටු සකස් කිරීමේ මූලික කටයුතු අවසන් කොට එය මුළුමනින් අවසාන කිරීමේ කාර්යය ඉහත කී තරුණයාට භාරදී අර්ජුන හා වරුණ මධ්‍යම රාත්‍රියද පසුවී කාර්යාලයෙන් ගොස් තිබුණි. එහිදී අර්ජුන තමන් පරිහරණය කළ ලැප්ටොප් පරිගණකය අමතක වී එහි දමා ගොස් තිබුණි. පසුදින උදේ එය රැගෙන යෑමට ඔහු කාර්යාලයට ආ විට ඔවුන් වැඩ කළ කාමරයේ පරිගණකය තිබී නැත. ඉහත කී තරුණයා ආරක්ෂාවට එය කොහේ හෝ තබා තිබේදැයි දුරකතනයෙන් විමසූ විට තමා යන විට එහි පරිගණකයක් නොතිබුණු බව ඔහු ප්‍රකාශ කර තිබුණි. අර්ජුනගේ හා වරුණගේ දැඩි මතය වූයේ ලැප්ටොප් පරිගණකය සොරකම් කළේ ඉහත කී තරුණයා බවය. ඒ ගැන මම ඔහුගෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු රාවය අත්හැර ගියේය.

වඩා වැදගත් වන්නේ ඉන්පසු ඔහු රඟපෑ භූමිකාවය. සටන කර්තෘ රෝහණ කුමාරගේ ඝාතනය ගැන පාඨකයන් දන්නෙහිය. රෝහණ කුමාර හොඳ ජනමාධ්‍යවේදියෙකු ලෙස සැලකිය නොහැකිය. ඔහු රඟපෑවේ චෞර ජනමාධ්‍යවේදියෙකුගේ භූමිකාවකි. ඔහුගේ ඝාතනය පිටුපස ලොකු දේශපාලන කතාවක් තිබුණි. ඔහු චැනල් නයින් සිද්ධිය පදනම් කොටගෙන ජනාධිපතිනිය හා ඇගේ මාධ්‍ය උපදේශක සනත් ගුණතිලකට දරුණු ලෙස පහර ගසන ‘කොමිසනා’ නමින් වන කැසට් පටියක් නිපදවා තිබුණි. රෝහණ කුමාර ඝාතනයට පාදක වූයේ එම කැසට් පටයයි.

රෝහණ කුමාර ඝාතනය ගැන මුලින්ම පරීක්ෂණ පවත්වන ලද්දේ ලංකාවේ ප්‍රකට හා දක්ෂ අපරාධ පරීක්ෂකවරයකු ලෙස සැලකිය හැකි ශානි අබේසේකර විසිනි. එහෙත් ඔහුගේ පරීක්ෂණයෙන් සැකයේ ඇඟිල්ල බැද්දගානේ සංජීව වෙත එල්ලවීම නිසා එම පරීක්ෂණය ඔහුගෙන් ඉවත් කොට අපරාධ පරීක්ෂණ බියුරෝවේ එකල ප්‍රධානියාව සිටි ෂෝ වික්‍රමසිංහ අතට පත්කර තිබුණි. ඔහු එම ඝාතනයේ ඇත්ත වසන් කිරීම සඳහා නිර්මාණය කළ කතාවක් කරළියට ගෙන එන ලදි. ඒ වන විට මමද රෝහණ කුමාර ඝාතනය ගැන බැරැරුම් ලෙස කරුණු සොයා බලන තැනකට යොමුවී සිටියෙමි. මා ඒ පසුපස හඹායමින් සිටින අවස්ථාවකදී රෝහණ කුමාර ඝාතනය වසන් කිරීම සඳහා ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව ෂෝ වික්‍රමසිංහ ද යොදා ගනිමින් කරළියට ගෙනා කතාව රඟදක්වන වැඩසටහනේ අර්ජුනගේ ලැප්ටොප් පරිගණකය සොරකම් කළ තරුණයාද වැදගත් භූමිකාවක් රඟපාමින් සිටින බව සොයාගත හැකිවිය. මා ඔහු රඟපාමින් සිටින භූමිකාව ගැන සියලු තතු දන්නා බව ඔහුගේ මිත්‍රයෙකු මගින් එම පුද්ගලයාට දැනගන්නට සැලැස්සුවෙමි. ඉන්පසු ඔහු කොතරම් භීතියට පත්වීද කියනවා නම් ඔහු ඕස්ට්‍රේලියාවට පලා ගියේය. ඔහුගේ ගමනට අවශ්‍ය වියදම් දරා තිබුණේ ජනාධිපති අරමුදලෙනි. මට එරෙහිව මුහුණු පොත ප්‍රයෝජනයට ගෙන පවත්වාගෙන යන ප්‍රචාරක වැඩසටහනට ඕස්ට්‍රේලියාවට ජීවත් වන එම තක්කඩියාද වැදගත් කොටස්කාරයෙකු වී සිටින බව අසන්නට ලැබුණි.

අගවිනිසුරුගේ සරණ පැතීම

චන්ද්රිකා පාලන කාලයේ රාවයේ වැඩ කළ කැමරා ශිල්පියා ඉදිරිපත් කරන පෙට්‍රල් බිල් ගැන රාවයේ ගණකාධිවරයාගෙන් මට පැමිණිල්ලක් ලැබුණි. මෙම ජායාරූප ශිල්පියාගේ පෙට්‍රල් වියදම් දරන ලද්දේ ආයතනය විසිනි. ඔහු පෙට්‍රල් සඳහා මෙතෙක් ඉදිරිපත් කර තිබෙන සියලුම බිල් එක ඉන්ධන පිරවුම් හලකින් ලබාගත් බිල් බවත්, ඒ බිල් එකට ගෙන පරීක්ෂා කිරීමේදී ඒ හැම බිලකම තිබෙන්නේ එකම අනු අංකයක් බවත් ගණකාධිකාරීවරයා මට කීවේය. බිලේ සඳහන් ඉන්ධන පිරවුම්හලට ගොස් ඒ ගැන ඔවුන් කියන්නේ කුමක්දැයි දැනගන්නා ලෙස මම ගණකාධිකාරීවරයාට උපදෙස් දුනිමි. ඉන්පසු අසන්නට ලැබුණු ප්‍රතිඵලය අපූරුය. ඔහු පෙට්‍රල් බිල්වල තිබුණු ලිපිනයට ඉන්ධන පිරවුම්හල සොයාගෙන ගොස් තිබෙන අතර එම ලිපිනය තිබෙන ස්ථානයේ හෝ ඒ අවට එවැනි ඉන්ධන පිරවුම්හලක් නැති බව ඔහු මට වාර්තා කළේය. ජායාරූප ශිල්පියා මා වෙත කැඳවා ඒ ගැන කරුණු විමසීමක් කළෙමි. ඒ සමග ඔහු රාවයෙන් අතුරුදන් විය.

එම කතාව එතැනින් අවසන්වන්නේ නැත. ඔහු අගවිනිසුරු සරත් සිල්වාගේ පාතාලකාරයා ලෙස සැලකුණු පේරාදෙණිය මල්වත්ත ඝාතනයේ හා යුද්ධයේ අවසාන භාගයේදී සුදුවෑන් රථයකින් ගොස් කොළඹ ප්‍රධාන පෙළේ සීනි මුදලාලි කෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ නඩුවක ප්‍රධාන විත්තිකරුවා වී සිටින රෝහණ කුමාර අල්ලාගෙන අගවිනිසුරුගේද ආශිර්වාද ඇතිව රාවයට එරෙහිව කම්කරු උසාවියේ නඩුවක් පැවරුවේය. එම නඩුවට රාවය වෙනු වෙන් පෙනී සිටියේ නීතිඥ සුරංජිත් හේවාමාන්නය. ඔහු මියයන තෙක්ම මාගේ හොඳම මිතුරෙකුද විය.

නඩු වාර කිහිපයකට පසු ඔහු මට නඩුව ගැන අපූරු කතාවක් කීවේය. නඩුවක් පවත්වාගෙන යෑමේ කිසිම නීත්‍යනුකුල හැකියාවක් එම ජායාරූප ශිල්පියාට නැතත්, නඩුව අසන විනිසුරුවරයා අගවිනිසුරුවරයාගේ රූකඩයක් මෙන් ඔහුගේ වාසියට හේතුවන ලෙස නඩුව පවත්වාගෙන යන බවත්, අවසානයේ විනිශ්චයකාරවරයා ජායාරූප ශිල්පියාට ගෙවීමට වන්දියක් නියම කරනු ඇති බවත් එයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම තේරුමක් නැති බවත් ඒ හැම නඩුවක් කෙරෙහිම සරත් සිල්වා බලපානු ඇති බවත් කීවේය. සියල්ල ඒ විදියටම සිදුවිය. නියම කළ වන්දිය අභියෝගයට ලක්කිරීමට යෑමෙන් තොරව ගෙවීමු. අපේ ජායාරූප ශිල්පියා ඉන් තෘප්තිමත් වූයේ නැත.

ඔහු අගවිනිසුරුගේ පාතාලකාරයා සමග එකතු වී ‘රාවයේ මළගම’ නමින් පොතක් ලීවේය. පළවූයේ පාතාලකාරයාගේ නමින් වුවත්, පොත ලියන්නට ඇත්තේ ජායාරූප ශිල්පියාය. පසුව එම පොතේ ඉංග්‍රීසි අනුවාදයක්ද පළ කෙරුණු අතර ඒ ගැන මා හා කතා කළ එක් විනිශ්චයකාරවරයෙකු මට කීවේ ලියා තිබෙන ඉංග්‍රීසි ශෛලිය අනුව බලන විට පොත ඉංග්‍රීසි භාෂාවට අනුවාදය කරන්නට ඇත්තේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා විය හැකි බවය.

අගවිනිසුරු සරත් සිල්වා හා මා අතර ඇතිවූ ගැටුමේ ප්‍රතිඵලයක් වශයෙන් ලොකු අධිකරණ අර්බුදයක් ඇතිවූ අවස්ථාවේදී සමහර ජනමාධ්‍ය ආයතන හා සමහර ජනමාධ්‍යවේදීන් එම දූෂිත අගවිනිසුරුවරයාට රැකවරණය ලබාදෙන ප්‍රතිපත්තියක් මගින් ඒ සියලුදෙනා අතිවිශාල ඵල ප්‍රයෝජන ලැබූ ආකාරය ගැන මා මීට පෙර ලියා තිබේ. එහෙත් එම අර්බුදයෙන් අයුතු වාසි ලබාගත් අය රාවයේද සිටි බව මේ කතාව කියන්නට පෙර පාඨකයන් කිසිවෙක් දැන නොසිටින්නට ඇත. එහෙත් එම අර්බුදයෙන් ඵල ප්‍රයෝජනය ලැබූ එකම ජනමාධ්‍යවේදියා ඉහත කී ජායාරූප ශිල්පියා පමණක් නොවන අතර දෙවැන්නෙක්ද සිටියේය.

ඉතා කෙටියෙන් මේ දෙවැන්නාගේ කතාව මෙසේය. ඔහු අධිකරණයට සම්බන්ධයක් තිබූ රාවයේ වැඩ කළ ජනමාධ්‍යවේදියෙකි. ජායාරූප ශිල්පියාට ප්‍රසන්න පෙනුමක් නොතිබුණද මේ පුද්ගලයාට තිබුණේ ඉතාමත් අහිංසක ප්‍රසන්න පෙනුමකි. අගවිනිසුරු හා මා අතර තිබූ ගැටුම ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබුණි. මේ අර්බුදය ප්‍රයෝජනයට ගෙන ලොකු දුර ගමනක් යා හැකි බව ඔහු තේරුම් ගෙන සිටියා විය යුතුය. රටේ ප්‍රධාන පෙලේ ටෙලිවිෂන් ආයතනයකට අධිකරණයේ නඩු 17ක් තිබුණි. ඉන් එක් නඩුවක්වි දේශ සමාගමක් විසින් පවරන ලද දැවැන්ත වන්දි නඩුවක් විය. ඔහු මෙම අර්බුදය එම ටෙලිවිෂන් ආයතනයේ හිමිකරුවාට ළංවීමට අවස්ථාවක් කරගත්තේය. තමන්ට සී.ජේ. සමග කතා කොට මෙම නඩු 17ම විසඳිය හැකි බව ඔහු ඔහුට කියන්නට ඇත. ඒ මගින් ඔහු ටෙලිවිෂන් ආයතනයේ රක්ෂාවක් ලබාගත්තා පමණක් නොව ටෙලිවිෂන් ආයතනයේ හිමිකරුගේ නඩු අගවිනිසුරු ලවා පස්සා දොරෙන් විසඳා දෙන අතරමැදියෙකු ලෙසද ක්‍රියා කළේය. ඒ වෙනු වෙන් ඔහු සමහරවිට ටෙලිවිෂන් ආයතන හිමිකරුවාගෙන් ලොකු පගාවක් ද ගත්තා විය හැකිය. තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමෙන් පසු මොන හේතුවක් නිසා හෝ ටෙලිවිෂන් ආයතයේ හිමිකරුට මේ පුද්ගලයා එපා වී ඔහු ආයතනයෙන් පලවා හැරියේය. ජනමාධ්‍යවේදියා එම ආයතනයට එරෙහිව නඩුවක් පවරන ලද අතර මෙම ජනමාධ්‍යවේදියා කියන අවලස්සන කතාවද එම නඩුවේ ලිපිගොනුවට ඇතුළත්ය. මේ විෂයේදී කතා කරන්නට තවත් වැදගත් චරිත ගණනාවක්ම ඇතත්, මෙම ලිපිය කොටස් වශයෙන් පළකෙරෙන ලිපියක් බවට පත්කිරීම අවශ්‍ය නොවන නිසා එම චරිත ගැන කතා කිරීමෙන් වැළකී මෙම ලිපිය අවසන් කරන්නට මට සිදුවී තිබේ. ලිපිය අවසන් කරන්නට පෙර කිවයුතුව තිබෙන තවත් වැදගත්ම දෙයක් වනුයේ අධම ගණයෙහිලා සැලකිය හැකි අය අතර දක්ෂයන්ද සිටි බවය. ඒ සියලුදෙනා එකට එකතු කොට පුවත්පතක් ආරම්භ කළහොත් එයඉතාමත් සුවිශේෂ සලාදයක් බඳු පුවත්පතක් බවට පත්වනු නොඅනුමානය.

රාවය පාඨකයන් සේ ම රාවය හදාරන්නන්ද දන්නේ රාවයට බාහිරෙන් එල්ල වූ අභියෝග ගැන පමණය. රාවය මේ දක්වා යන ගමන පැමිණ ඇත්තේ බාහිර අභියෝගවලට පමණක් නොව, ඒ සමාන තරමකට අභ්‍යන්තරයෙන් එල්ල වන අභියෝගයන්ටද මුහුණදෙමිනි. අවසාන විග්‍රහයේදී කොතරම් බල්ලන් බිරුවත් තවලම ඉදිරියටම යන්නා සේ රාවයද ඉදිරියටම යනු ඇත්තේය.

– victor ivan FB




අනවශ්‍ය දේවල්

  • 174,437 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූලි 2018
බ්‍ර සි සෙ
« ජුනි    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements