Archive for the 'අනගාරික ධර්මපාලතුමා' Category

15
ජන.
20

රන්ජන් රාමනායක – ජයලත් මනෝරත්න යනු සිංහල බෞද්ධ මිනිසුන්‌ගේ පාදඩ බටහිර සංස්කෘතියක ප්‍රතිඵලකි.

අපි ශ්‍රී ලාංකිකයන් බටහිර හා නැගෙනහිර මතවාදය අතර සිරවී ඇත. පෙරදිග දෘෂ්ටිවාදය යැයි කියන විට, ලාංකික අපගේ නහර හා ඩීඑන්ඒ තුළ ගැඹුරට මුල් බැස ඇති වසර 2500 තරම් ඈත අතීතයේ පිහිටි අපේම ශ්‍රී ලාංකික අනන්‍යතාව ගැන සඳහන් කරමි.
අවාසනාවකට මෙන්, අප සියල්ලන්ම බටහිර දැනුම උගත් අය වන අතර මෙම බටහිර දෘෂ්ටිවාදය තුළින් අපි දේවල් වටහා ගැනීමට නැඹුරු වෙමු. බටහිර අපට උගන්වා ඇත්තේ සුද්දන්ම අපගේ එකම ගැලවුම්කරුවා බවත් බටහිර දෘෂ්ටිවාී දැනුම ඕනෑම කෙනෙකුට වඩා උසස් බවත් ය.
මෙම කාරණය විචිත්‍රවත් ලෙස වටහාගෙන ඇති එකම පුද්ගලයා වන්නේ මහාආචාර්ය නලීන් ද සිල්වා ය. බොහෝ ශ්‍රී ලාංකිකයන් ඔහු අන්තවාදී, නපුරු බව සමහරු කියනවා, ඔහු යථාර්ථය සමඟ සම්බන්ධ නැති බව මට දැනෙනවා.
නමුත් මම මේ පුද්ගලයාට ගරු කරන්නේ ඔහු මේ කාරණය සම්බන්ධයෙන් තම මතය දැඩිව දැරූ එකම පුද්ගලයා වන බැවිනි. අද දින “කාලය” හි ප්‍රකාශයට පත් කරන ලද මහාආචාර්ය නලීන් ද සිල්වාගේ පහත සඳහන් දෑ කියවන්න.
                                                    
රන්ජන් හඬපට මැදින් අවසන් ගමන් යන මනෝරත්න
රන්ජන් රාමනායකගේ හඬපට ඇහෙද්දී ජයලත් මනෝරත්න අවසන් ගමන් යනවා. දෙදෙනා ම රංගන ශිල්පීන්. රන්ජන්ට ඇති ජාතිකත්වයක් නැහැ. මනෝරත්නට යම් ජාතිකත්වයක් තිබුණා. එහෙත් ඒ බටහිර සංස්කෘතික ආධිපත්‍යයට යට වූ ජාතිකත්වයක්. මනෝරත්නගේ ඇතැම් නිර්මාණවලින් ජාතිකත්වයක් නිරූපණය වන්න ඇති. මා නරඹා නැති හෝ ගාන පොකුණේ නම් සිංහල බුද්ධාගම විකෘති කෙරුණු බව ඇතැමුන්ගේ මතයයි. මනෝරත්න රංගනයෙන් දායක වුණු තරුවන් සරණයි නිහොන් සැප ලැබේවා වැනි නාට්‍යවලින් බෞද්ධ සංස්කෘතියට අපහාසයක් වූ බවත් සමහරුන් කියනවා. කෙසේ වුණත් මනෝරත්න ජාතිකත්වය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැහැ.
මෙරට ඇත්තේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක්.  චින්තනය මෙහෙයවෙන්නේ බටහිරින්. පාසලේ ද විශ්වවිද්‍යාලයේ ද ජනමාධ්‍යයේ ද ඇත්තේ ඒ ආධිපත්‍යය. අප සිංහල බෞද්ධයන් ලෙස පන්සිල් ගන්නවා. එහෙත් සිංහල බෞද්ධ චින්තනයට එරෙහිව පන්සිල් කඩනවා. පන්සිල් රැකීම බයාදු පුද්ගලයන්ගේ ක්‍රියාවක් බවට සමාජ සම්මුතියක් ප්‍රසිද්ධියේ නැති වුවත් තියෙනවා. පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නෙ නැත්තන් ගැහැණියෙක් ද කියල අහපු කාලයක් තිබුණා. දැන් ඇතැම් ගැහැණුත් පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නවා. කොහොමත් මෙහි ගැහැණිය පසුගාමි බවක් හා ඉදිරිගාමීන් ගැහැණුන් නොවන බවක් කියැවෙනවා. ඊනියා ස්ත්‍රී විමුක්තිකාමින්ටත් පොඩි ඩ්‍රින්ක් එකක් ගැනීම වරදක් වන එකක් නැහැ. පන්සිල් කඩන්න බය නැති පුද්ගලයන් ඇති කෙරිලා. සමාජය පින් පව් හඳුනන්නේ නැහැ. විවිධ ආශාවන් පසුපස හඹා යෑමක් පමණයි අද කෙරෙන්නේ. සසර ගැන විශ්වාසයක් නැති සමාජයක පින් පව් කියා දෙන්න අමාරුයි. 
මා මාටින් වික්‍රමසිංහ එදිරිවීර සරච්චන්ද්‍ර ගුණදාස අමරසේකර ගැන වැඩි යමක් කියන්නේ නැහැ. ඔවුන්ටත් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය බලපෑවා. සරච්චන්ද්‍ර පසුකාලීන ව සිංහල බෞද්ධ චින්තනය දෙසට ගමන් කිරීමට උත්සාහයක් දැරූ බවත් අනෙක් දෙදෙනා එවැනි උත්සාහයක් නොගත් බවත් පැවසීම බොහෝ දෙනා රුස්සන්නේ නැති බව මා දන්නවා. ජාතික චින්තනයේ බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙන් බටහිර දැනුම් ආධිපත්‍යයෙන් කැඩීමක් ගැන කියැවෙන්නේ නැහැ.
ජයලත් මනෝරත්නත් අනෙක් බොහෝ දෙනා මෙන් ම බටහිර සංස්කෘතික හා දැනුම් ආධිපත්‍යයට යට වූවා. මා කියන්නේ ඔහු පොඩි ඩ්‍රින්ක් එකක් ගත්ත ද  යන්න ගැන නො වෙයි. ඔහු පන්සිල් රැක්කා ද නැද්ද යන්න ගැනත් නො වෙයි. ඔහුට පඬි ආධිපත්‍යයට විරුද්ධ වීමට බැරි වුණා. ඔහුට ඒ සඳහා වුවමනාවක් තිබුණා ද නැද්ද යන්න ගැන මා කිසිවක් දන්නේ නැහැ. එහෙත් වුවමනාවක් තිබුණත් ශක්තියක් නම් නොතිබූ බව පැහැදිලියි. සමහර විට වුවමනාවකුත් නැති වෙන්න ඇති. ඔහුට ජාතිකත්වයකට වඩා තිබුණේ වාම කේන්ද්‍රිය බවක්.
අද සිංහල සමාජය විශේෂයෙන් ම සිංහල බෞද්ධ සමාජය පසුවන්නේ දෙගිඩියාවකින්. ඔවුන්ට සිංහල බෞද්ධ සංස්කෘතියක ජීවත් වීමේ වුවමනාව තියෙනවා. එහෙත් ඔවුන් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට බයයි. ඔවුන් එයට යට වෙලා. නිදහස් අධ්‍යාපනය මධ්‍ය මහා විද්‍යාල හා ජනමාධ්‍ය ඔස්සේ මේ යටත්වීම පසුගිය අවුරුදු හැත්තෑපහක පමණ කාලයක ක්‍රම ක්‍රමයෙන් සිදු වෙලා. පඬි යථාර්ථය තවත් එහාට ගොස් ඊනියා යථාව උගත්කම ප්‍රදර්ශනය කරන ලක්‍ෂණ බවට පත්වෙලා. ඊනියා යථාර්ථයක් ගැන කතා නොකරන්නේ මා වැනි නූගතුන් පමණයි. සිංහල බෞද්ධ උගතුන් ද යථාභූතයක් ගැන කියවනවා. නිවන යථාභූතයක් ද?
රන්ජන් රාමනායක යනු පන්සිල් රැගෙන හෝ නැතිව හෝ පන්සිල් කැඩීමට බිය නැති කර ඇති පාදඩ සමාජයක මුදුන් මල්කඩ දප්‍රතිමූර්තිය දපාදඩ සමාජයක මුදුන් මල්කඩ කියන එක හිතට හරි නැද්දඑහෙත් අද සමාජයේ ඊනියා මුදුන් මල්කඩ කවුරුන් දඅපට කතා කිරීමට සිදු වී ඇත්තේ එවැනි නොගැලපෙන වචන මගින්. මේ කසිකබල් අධ්‍යාපනයේඊනියා ආකෘතික හා අනාකෘතික (ජනමාධ්‍යකලා කෘති වැනි) අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්.
මේ පාදඩ සමාජය ජේ ආර් ජයවර්ධනගේ නිර්මාණයක් නොවෙයි. එය බටහිරයන්ගේ නිර්මාණයක්. පෘතුගීසීන්ගෙන් පටන් ගත් නිර්මාණයක්. ජේ ආර් එයට හොඳ තල්ලුවක් දුන්නා. කවුරු හරි අහන්න බැරි නැහැ සුරනිමල සුරාපානය කෙළේ නැද්ද කියා. නන්දිමිත්‍ර විරුද්ධවාදීන් ඝාතනය කෙළේ නැද්ද කියා. තවත් සමහරු කියන්න බැරි නැහැ එකල ගැහැණුන් පිරිමින් විවාහ වුණේ නැහැ කියලා. කසාදය කියන එක පෘතුගීසි වචනයක් වෙන්න පුළුවන්. විවාහ සහතික ඉංගිරිසින් අපට දුන් කොළ කෑලි වෙන්න පුළුවන්. එහෙත් පැරණි සෙල්ලිපිවල අහවලාගේ බිරිය යන අර්ථය දෙන වාක්‍ය තියෙනවා. බිරියක් වීමට සහතිකයක් අවශ්‍ය නැහැ. අද සහතික ඇති කාලයේ නියම බිරියන් හා අනියම් බිරියන් ඉන්නවා.
ඊනියා වික්ටෝරියා සුචරිතයකට පහර දීලා පැරණි සිංහල පිරිමින්ට ගිය ගිය තැන අනියම් බිරියන් සිටි සමාජයක් අපට තිබිණි යැයි කීමට බටහිරයන් වෙනුවෙන් සේවය කරන පඬියන් බලාපොරොත්තු වන්නේ දඑකල සහතික නැතිව ජීවත් වීම ඊනියා ලිවින් ටුගෙදර් නො වෙයි. තම සල්ලාල ජීවිතය වෙනත් ම චින්තනයක් සහිත ව ජීවත් වූ පැරණි සිංහලයන්ට ආරෝපණය කරන්නන්ට ඇත්තේ බටහිර අධ්‍යාපනය මගින් විකෘත කෙරුණු මනසක්. පැරණි සමාජය තම පාදඩ සංස්කෘතියෙන් අර්ථකථනය කිරීම ද පාදඩ පඬි වැඩක් පමණයි.
රන්ජන් රාමනායක මෙන් ම ජයලත් මනෝරත්න ද බටහිරයන් ඇති කළ පාදඩ සංස්කෘතියක ප්‍රතිඵල පමණයි. දෙදෙනා අතර වෙනසක් නොතිබුණු බවක් මෙයින් කියැවෙන්නේ නැහැ. එහෙත් එක් අයකු නැතිව අනෙක් අය බිහිවන්නේ නැහැ. අද කලාව පමණක් නොව ක්‍රීඩාව ද සිංහල බෞද්ධයනට එරෙහි ව ක්‍රියාත්මක වෙනවා. පාදඩ සංස්කෘතියෙහි ම ප්‍රතිඵලයක් ලෙස බොහෝ විට රන්ජන් රාමනායකට කිසිවක් සිදුවන එකක් නැහැ. ඒ ඔහුගේ හඬපටවලින් මේ පාදඩ සංස්කෘතිය නිරූපණය වෙන නිසා. ඔහු ගැන මෙරට රන්ජන් කියන ආකාරයේ අධිකරණයෙන් (අධිකරණයට ගියොත්) ලැබෙන තීන්දුව කුමක් විය හැකි ද?
මේ කුමක් වුවත් සිිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට මේ සිංහල විරෝධී ආධිපත්‍යය ගැන යම් හැඟීමක් තියෙනවා. ඔවුන්ට එයට විරුද්ධ ව යමක් කරන්න ඕන. ඔවුන් අති විශාල බහුතරයක් (සියයට හැත්තෑවක් පමණ) ගෝඨාභයට ඡන්දය දුන්නේ එබැවිනුයි. ඔවුන්ට බටහිර ක්‍රමයේ දියුණුවක් මෙන් ම බුදුසසුනේ චිරස්ථිතිය ද අවශ්‍යයයි. මේ දෙක ඒ අයුරින් ම එකට යන්නේ නැහැ. අප කල්පනා කළ යුත්තේ පළමුව සසුන රැක ගනිමින් බටහිරින් ගත යුතු දේ රැගෙන අපේ දියුණුවක් ඇති කර ගැනීම ගැනයි. ගෝඨාභය ඒ සඳහා පළමු පියවර තැබුවොත් ඔහුට ඉතිහාසගත වෙන්න පුළුවන්. එහෙත් ඒ සඳහා අනෙක් අය ඔහුට ඉඩ දෙන්න ඕන. මෙය සුළු ජාතික ඡන්ද දිනාගැනීමේ සටනක් නොවන බවත් මද්‍රාසා පාසල් ලියා පදිංචි කිරීම යනාදිය කොපමණ කළත් ආගම්වාදීන් ගෝඨාභයට ඡන්දය නොදෙන බවත් අප මතක තබා ගත යුතුයි.
මහාආචාර්ය නලීන් ද සිල්වා
24
දෙසැ.
19

දෙමළ ඉතිහාසය අවුරුදු 250ක් පමණයි / Tamil History 250 Years only

යාපනේ දෙමළ ඉතිහාසය අවුරුදු 250යි.. උතුරේ සිංහලයන්ගේ පාරම්පරික ඉඩම් මෙන්න !

දහතුන් වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ තිබෙන බලතල ඉක්‌මවා යන ආකාරයට බලය බෙදන්නට එක්‌සත් ජාතීන්ගේ මහලේකම් වරයාට මහින්ද රාජපක්‌ෂ මහතා පොරොන්දුව සිටි බව වත්මන් ජනාධිපතිවරයා පවසයි. එසේම දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් ඔවුන්ට ලබාදීම පිණිස හමුදා කඳවුරු ඉවත් කරන බවද ඔහුගේ පාර්ලිමේන්තු ප්‍රකාශයේ විය. මහින්ද රාජපක්‌ෂ මහතා එදා එලෙස පොරොන්දු වුවද රටේ ජනතාවගේ පැත්තෙන් බලා එය ඉටු නොකළ බව සත්‍යයකි. කොටි සමඟ සිදු වූ අවසාන සටන්වලදී ජාත්‍යන්තරය හමුවේ කියන බොහෝ කතා යථාර්ථයක්‌ බවට පත් කිරීමට මහින්ද රාජපක්‌ෂ මහතාට එතරම් අවශ්‍යතාවයක්‌ තිබී නොමැත. ඊට හේතුව ඔහුට අවශ්‍ය වූයේ යුද්ධය කෙසේ හෝ නිමා කොට කොටි සන්නද්ධ අංශය සහමුලින්ම විනාශ කිරීමයි.

වත්මන් යහපාලන රජය බලයට පත්වීම සඳහා නොයෙකුත් පොරොන්දු ජාත්‍යන්තරයට සහ කොටි ඩයස්‌ පෝරාවට ලබා දී ඇත. තිස්‌ස අත්තනායක මහතා ඉදිරිපත් කළ දෙමළ ජාතික සන්ධානය සමඟ තිබූ ගිවිසුම මෙවැන්නකි. දහතුනට එහා යන බලය බෙදීමක්‌ සහිතව උතුරු නැගෙනහිර පළාත් එකතු කිරීම මෙහි සරල අරමුණයි. දැන් මේ ආණ්‌ඩුව සැරසෙන්නේ එලෙස වූ පොරොන්දු යථාර්ථයක්‌ බවට පත් කිරීමටයි. මහින්ද රාජපක්‌ෂ මහතා මෙන් නොව වත්මන් ජනාධිපතිවරයාද අගමැතිවරයාද කෙසේ හෝ එම පොරොන්දු ඉටුකිරීමට උත්සාහ දරනු දක්‌නට ලැබේ. පසුගිය කාලයේදී පිටකළ ලාල් විඡේනායක කමිටු වාර්තාව ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩල කමිටු වාර්තා ආදිය සලකා බලන කල්හී දෙමළ දේශපාලකයන්ට අවශ්‍ය ස්‌වයං පාලනය ලබා දීමට නව ව්‍යවස්‌ථාවක්‌ ඉදිරියේ එන බව පැහැදිලිය. වත්මන් ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ එම ක්‍රියාදාමයේ යථාර්ථයයි.

මෙම බලය බෙදීමට තුඩු දෙන කාරණා කීපයක්‌ තිම්පු සාකච්ඡාවෙන් ජනිත වේ. පළමු කාරණය නම් ඓතිහාසික දෙමළ වාසභූමියයි. එය පිළිගැනීමට ඉන්දු – ලංකා ගිවිසුමද ක්‍රියා කර තිබුණි. ඉන්දීය රජයෙන් දිගින් දිගටම ලංකා රජයට බලපෑම් එල්ලවන්නේ මේ ගිවිසුම දඩමීමා කරගෙනයි. දෙවැන්න නම් කාලයක්‌ තිස්‌සේ දෙමළ ඊලාම් සංවිධාන විසින් සිංහල දේශපාලඥයන් මුදල්වලින් බිලී බා ගැනීමයි. පළමු වැනි කාරණය වඩා ප්‍රබල නමුත් දෙවැන්න මත වත්මන් බලය බෙදීම නමැති ක්‍රියාවලිය සිද්ධ වන බව පෙනේ. කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයාද දෙමල නිජ භූමිය පිළිගන්නා කෙනෙක්‌ ලෙසට අපට තේරුම් ගත හැකිය. ඔහු පාරම්පරික දෙමල ජනතාවගේ ඉඩම් යනුවෙන් ව්‍යවහාර කරන්නේ එA නිසයි.

යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහු යාපනයේ දෙමල ජනතාව ලෙසට ස්‌ථාපිත කෙරෙනුයේ ඉංග්‍රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර් වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ද ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වය තුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක්‌ හිමිය. ඔවුහු වරින් වර මලබාරයෙන් සංක්‍රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයා වන විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්‍රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක්‌ සහිත කල්ලතෝනින් ලෙසට හැඳින්විය හැකිය.

1946 ජන සංගණනය අනුව යාපනයේ පහත රට සිංහලයන් 3215 ක්‌ ද උඩරට සිංහලයන් 1331 ක්‌ද ජීවත්ව ඇත. ලන්දේසි පාලන සමයේ අවසාන කාලයේදී සිදුවූ ආගමික පරිවර්තනයද සමඟ සිංහලයන් වන්නියටද මහනුවර රාජධානිය දක්‌වාද පලායැමට උත්සාහ කළහ. එයට හේතුව යාපනයේ තිබූ පාරම්පරික ගම්බිම් ලන්දේසීන් විසින් ආක්‍රමණය කොට විහාරස්‌ථාන කඩාබිඳ දමා සිංහලයන් විනාශ කිරීමයි. ලන්දේසි පාලන සමයට පෙරාතුව වත්මන් වලිකාමම් නොහොත් වැලිගම පාලන වසමේ පූනාල, බතකෝට්‌ටේ, මූලි, ආනෙයිකොට්‌ටේ, කීරමලය ඇතුළු සිංහල ගම් බිම් පණහක්‌ද වඩමාරච්චි පාලන වසමේ වැලිවැටිය, ලීලගම, තඹල, අම්බන ඇතුළු සිංහල ගම්බිම් දහසයක්‌ද තෙන්මාරච්චි පාලන වසමේ කොහිල කන්ද, වනන්දිය, මන්ඩාවිල, පල්ලාවි ඇතුළු සිංහල ගම්බිම් පහළොවක්‌ද පච්චීලපල්ලිවල මොහමලේ, ඉටාවිල, කොස්‌සම්පත්තු, තඹලගම ඇතුළු සිංහල ගම්බිම් දහහතරක්‌ ද පුවඟු දිවයින කාරදිව කැස්‌බදූව ඇතුළු අනෙකුත් දූපත්වල ගම්බිම් විස්‌සක්‌ පමණද තිබී ඇත. නෙදර්ලන්තයේ බීල්ඩ් බෑන්ක්‌ ලේඛනාගාරයේ තිබෙන වර්ෂ 1695 ට අයත් පැරණි සිතියමකට අනුව සිංහලයන්ගේ පාරම්පරික ඉඩකඩම් මොනවාදැයි හඳුනාගත හැකිය. එA අවදියේ දකුණු ඉන්දියාවත් ලංකාවත් අතර ජන සංක්‍රමණ සිදු විය. පරංගි ලන්දේසි යුද්ධ නිසා අවතැන් වූ මලබාරයන් වහලුන් ලෙසට යාපනයේ සහ වන්නියේ පදිංචි කිරීම සිදු වූයේ ලන්දේසි පාලනය ඇරඹීමෙන් පසුව විය යුතුය.

ඉංග්‍රීසි පාලන සමය අවස්‌ථාවේදී දහනවවන සියවස අවසාන භාගයේදී නැවතත් සිංහලයන් බේකරි කර්මාන්තකරුවන් ගඩොල් පෝරණුකරුවන් කම්මල්කරුවන් වශයෙන් යාපනයේ පදංචියට ගිය බව පැවසේ. කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ආරම්භ කළ පසුද එසේ පදිංචියට ගිය සිංහල පිරිස විශාලය. නල්ලුර්, ජාවාකච්ෙච්රිය, කන්කසන්තුරේ ආදී තැන්වල සිංහලයන් ගේ ගම්බිම් පැතිර පැවතුණි. නවසිය අසූව දශකයේදී නල්ලුර්වල නිවාස යොජනා ක්‍රමයක්‌ සකස්‌ කර දී සිංහලයන් නැවත පදිංචි කිරීමට සලස්‌වා ඇත. 1981 වන විට සිංහලයන් 4615 ක්‌ යාපනයේ ද ජීවත්ව සිට ඇත. යාපනය කිලිනොච්චිය මන්නාරම සහ වවුනියාව යන දිස්‌ත්‍රික්‌ක හතරේම 1981 වර්ෂය වන විට සිංහල ජනගහනය 49530 ක්‌ වූ බව පෙනේ. මේ අලුත් ජනගහන තත්ත්වය වර්ධනය වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයෙන් පසුව ඇතිවූ යම් යම් ප්‍රතිසංස්‌කරණ නිසාවෙනි. එහෙත් අසූව දශකයේ ඇතිවූ දෙමල ජාතිවාදී කලබල නිසා උතුරෙන් සිංහලයන් නැවතත් පළවා හරින ලදහ. වර්තමානය වන විට උතුරේ සමස්‌ත සිංහල ජනගහනය විසිදාහකට අඩුය. මේ සංඛ්‍යාවෙන් වැඩිම පිරිසක්‌ ජීවත් වන්නේ මුලතිව් සහ වවුනියා දිස්‌ත්‍රික්‌කයන් තුළය.

2009 දී කොටි ත්‍රස්‌වාදය පරාජය කිරීමෙන් පසු රජය විසින් පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාවේ නිර්දේශ යටතේ උතුර නැගෙහිර පළාත්වල ඉඩම් කළමනාකරණ කටයුතු විධිමත් කිරීම මැයෙන් අංක 11/0737/533/015 දරන 2011.03.07 දිනැති අමාත්‍ය මණ්‌ඩල පත්‍රිකාව මත 2013 සහ 2014 යන වර්ෂවල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මාර්ගෝපදේශයන් සහිතව චක්‍රලේඛනයක්‌ නිකුත් කර තිබුණි. මෙම කරුණු ඉඩම් කොමසාරිස්‌ ජනරාල් ආර්. පී. ආර්. රාජපක්‌ෂ මහතා 2013.01.31 දරන ලිපියෙන් උතුර සහ නැගෙනහිර පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට පිටත් කර යවා ඇත. එම චක්‍රලේඛනය අනුව ඉඩම් අහිමි පුද්ගලයන් වෙත ඉඩම් බෙදාදීම සිදු කළ යුතුව තිබුනේ මේ අකාරයටයි.

‘ගැටුම් පැවති කාලය තුළ තම ඉඩම් වලින් ඉවත් වීම හෝ පලවා හරිනු ලැබීම නිසා ප්‍රදේශයෙන් ඉවත් වූ පුද්ගලයන්ට ගැටුම් වලින් පසුව නැවත එම ඉඩම් අහිමි වී ඇති අවස්‌ථාවන් හඳුනාගෙන ඇත. රාජ්‍ය ආයතන සහ ත්‍රිවිධ හමුදාවල පරිපාලනය යටතේ සංවර්ධනය සඳහා යොදා ගෙන තිබීම හෝ වෙනත් පුද්ගලයින් ස්‌ථිර ලෙස පදිංචිව සිටීම වැනි හේතුන් නිසා එසේ පුද්ගලයින් සතු ඉඩම් අහිමි වී තිබිය හැක. එවැනි ඉඩම් නැවත ලබා ගැනීම ප්‍රායෝගිකව අපහසු අවස්‌ථාවලදී එම ප්‍රදේශවලින්ම සුදුසු ඉඩම් හඳුනාගෙන ඔවුන්ගේ කැමැත්ත මත විකල්ප ඉඩම් බෙදා දීමට ක්‍රියාකල යුතුය.’

අවසර පත්‍ර විනාශ වූ අස්‌ථානගත ඉඩම් සඳහා දුන් නිර්දේශය මෙසේය. ‘කලින් බෙදා දී බලපත්‍ර නිකුත් කර තිබූ ඉඩම්වලට අදාළව මුල් බලපත්‍ර සහ/හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඊට අදාළ ලෙජර්/ බලපත්‍ර පිටපත් ආදිය විනාශ හෝ අස්‌ථානගත වී ඇති අවස්‌ථාවල එවැනි ගැටලු විසඳීම සඳහා පළාත් ඉඩම් කොමසාරිස්‌ වෙත ඉදිරිපත් කර උපදෙස්‌ ලබා ගත යුතුය. එවැනි ලියවිලි යාවත්කාලීන කිරීම සඳහා ඉඩම් කච්ෙච්රි ක්‍රමවේදය මින් නැවත තෝරා ගැනීමක්‌ සිදු කර බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගත යුතුය.’

පසුගිය ආණ්‌ඩුවේ කැබිනට්‌ ඇමතිවරයෙකුව සිටි වත්මන් ජනාධිපතිවරයා මේ කැබිනට්‌ නිර්දේශ ගැන නොදන්නවා විය නොහැකිය. ඉන්පසු ක්‍රමානුකූලව 2014 වර්ෂය වන තෙක්‌ම අවතැන් වූ දෙමළ සහ මුස්‌ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ගත් ක්‍රියාමර්ගයන් ගැනද දන්නවා ඇත. එහෙත් මේ ක්‍රමවේදය අනුව බලපත්‍ර විනාශ වී ගිය තමන්ගේ ඉඩම් බලහත්කාරයෙන් කොටි මහවිරුපවුල්වලට ලබා ගෙන තිබූ බැවින් අතරමංව සිටි සිංහලයන් ගැන එතුමා දන්නවාදැයි නොදනිමි. මේ චක්‍රලේඛනයේ තිබෙන ආකාරයට පළාත් ඉඩම් කොමසාරිස්‌ වරුන් හට පැවරූ රාජකාරි ඉටු වූයේ දැයි පසුවිපරමක්‌ කර නැත. සැබෑව නම් කිසි විටක්‌ සිංහලයන් වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත් බවයි. මහින්ද රාජපක්‌ෂ යුගයේ දෙමළ ජනතාව නැවත පදිංචි කිරීම යථාර්ථයක්‌ බවට පත් කළද සිංහල ජනතාව සඳහා ඉඩම් ලබා දීම දිගින් දිගටම ප්‍රතික්‌ෂේප කළ බව දැක්‌විය හැකිය. යාපනයේ ජීවත් වූ සිංහලයන් නාවක්‌කුලියේ බලයෙන්ම පදිංචි වූයේ එහෙයිනි. එසේ නම් පාරම්පරිකව භුක්‌ති විඳ ගෙන පැමිණි සියවස්‌ ගණනාවක්‌ තිස්‌සේ උතුරු පළාතේ අයිතිය අහිමි වෙමින් පැවති සිංහලයන් ගේ ඉඩම් පාරම්පරික ඉඩම් නොවන්නේදැයි අප දැන ගත යුතුය.

මතුගම සෙනෙවිරුවන්

16
ඔක්.
19

දෙමලාගේ ප්‍රශ්නය… ‌හෙවත් රටකට හතුරු යෝජනා

bewrer from Dr Jude Lal Fernando

ඒකීය රාජ්‍ය සංකල්පය වෙනුවෙන් කිසි විටකත් පෙනී නොසිටින බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වෙත භාර දීම සඳහා උතුරේ ක්‍රියාකාරී දේශපාලන පක්ෂ පහක් , ෆෙඩරල් පාලනයක් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් 13ක් ඇතුළත් යෝජනාවලියක් සම්මත කරගත් අවස්ථාවේදී.

යාපනය විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය ඉදිරිපත් කොට ඇති එම යෝජනාවලියේ කරුණු කිහිපයකට හෝ එකඟ වන අපේක්ෂකයාට පමණක් සහාය ලබා දීමට එහිදී සාකච්ඡා වී ඇති බවද වාර්තා වෙයි.

එළඹෙන ජනාධිපතිවරණයට තරගවදින ප්‍රධාන අපේක්ෂකයින් වෙත භාර දීම සඳහා සකස් කෙරුණු යෝජනාවලිය සම්බන්ධයෙන් ඊයේ යාපනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත් විය.

ඒ යාපනය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය සහ උතුරේ ක්‍රියාකාරී ප්‍රධාන දේශපාලන පක්ෂ 5ක් අතරයි.

සාකච්ඡාවට දෙමළ මහජන පෙරමුණේ නායක,උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි හි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා,සහ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් එක්විය.

දෙමළ දේශපාලන පක්ෂවල යෝජනා පහතින් දැක්වෙයි.

  1. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම.

  2. අවසන් යුද සමයේ සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම.

  3. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.

  4. දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.

  5. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම.

  6. උතුරු – නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.

  7. උතුරු – නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.

  8. මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු – නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම.

  9. මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරිම.

  10. පුරාවිද්‍යා, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරිම.

  11.  උතුරු – නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම.

  12. 12. උතුරු – නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබාදීම.

  13. උතුරු – නැගෙනහිර යුද්ධයෙන් පීඩාවුණු ප්‍රදේශ ලෙස නම් කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම.

යන යෝජනා 13 එම යෝජනාවලියට ඇතුළත්.

ඊට ඉලංගෙයි තමිල් අරසුකච්චි නායක මාවේ සේනාධිරාජා, දෙමළ මහජන පෙරමුණේ නායක සී.වී. විග්නේෂ්වරන්, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර සහ ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරු සහාය පළකොට අත්සන් තබා තිබේ.

කෙසේවෙතත් දෙමළ මහජන සභාවේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා මීට සහාය පළ කර නැහැ.

ඔහු පවසා ඇත්තේ දෙමළ ජනතාව මුලා කිරීමට නොහැකි බවයි.

ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන ප්‍රධාන ජනාධිපතිධුර අපේක්ෂකයන් දෙදෙනාට මෙම යෝජනාවලිය භාර දීමට නියමිත අතර සාකච්ඡාවට එක් වූ පාර්ශ්ව මාධ්‍යයට අදහස් පළ කළේය.

සී.වී.විග්නේෂ්වරන් – නායක – දෙමළ මහජන පෙරමුණ

“මඟුල් ගෙදර ඉඳලා මනමාලියි මනමාලයයි එනවා වගේනේ බලාගෙන ඉන්නේ. මොනවද අහන්න තියෙන්නෙ. ඔක්කොමලා අත්සන් කරලා තියෙන්නේ. මම අත්සන් තැබුවා. මාවෙයි තැබුවා. සෙල්වම් අත්සන් තියන ගමන් ඉන්නෙ. බොහෝ විට ඔක්කොමලා අත්සන් කරයි.ගජේන්ද්‍ර ගැන මම දන්නෑ. එයා ඉන්නවා. ඒත් දන්නෑ. එයත් තියයි කියලා විශ්වාස කරනවා.“

එම්.ඒ.සුමන්තිරන් – පා.ම – දෙමළ ජාතික සන්ධානය

“අපිට ඒකට සාකච්ඡාවෙන් පසු තීරණයකට එන්න පුළුවන්. දැන්මම තීරණය කරන්න බැහැ. ඒත් එක තීරණයකට ඇවිත් තියෙනවා. ඊට පස්සෙ එන සාකච්ඡා තීරණ පක්ෂ පහම එකතුවෙලා තමයි ගන්න ඕන කියලා. ඉල්ලීමේ පැහැදිලිවම කියලා තියෙනවා අපි ඒකීය රජය ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒකේ කිසිම අපහැදිලිබවක් නැහැ. ඒකීය රජයට අපි එකඟ වෙන්නෙ නෑ කියලා අපි පැහැදිලිවම කියලා තියෙනවා. “

31
ජූලි
19

මාලිගාවත්‌‌තේ මරදා‌ෙනේ මුස්ලිම් පල්ලියෙන් පොලීසි – මුස්ලිම් ගැහැණු ළමයෙක් වීම පවක්

මුස්ලිම් වියාප්තිය වැඩි පලාත්වල අද මුස්ලිම් පල්ලියෙන් ආගමික පොලිසි පත් කරලා තිබෙන බව ඔබ දන්නවද .මුල්ලා වරු නම් මොවුන් මේ පලාත්වල දිනපතා මාර්ග සංචාරය කරනවා කිහිපදෙනා බැගින් එකතුවෙලා ඔවුන් එසේ යන්නේ තමුන්ගේ ජනතාව උන්ගේ ම්ලේච්ච නීති අනුව කටයුතු කරනවාද කියා සොයා බැලීමට වගේම සිංහල ජනතාවගේ ඉඩ කඩම් විකිනීමට තිබෙනවාද වියාපාර අත්පත් කරගැනීමට හැකිද වැනි කාරනා විමසා බැලීමට .එසේම මුස්ලිම් නිවසක සංගීතයක් ඇසෙනවාද ඔවුන් රුපවාහිනි වැඩසටහන් නරබනවාද වැනි දේ පවා මොවුන් විමසිල්ලෙන් යන බව ඔබ දන්නවද ?

සංගීතය කලාව ඉස්ලාම් දරුවන්ට තහනම් බව ඔබ දන්නවද ?කළු දෑස් වැසෙන ලෝගුව නැතත් අවුරුදු 3 ලාබාල දරුවාට පවා ගොනියකින් වසා ඔලුවට පොරවාගෙන තවමත් පාරේ රැගෙන යන්නේ මේ වහාබි දෙමාපියන් බව ඔබ දන්නවද ?

එසේම මුස්ලිම් අන්තර්ජාතික පාසල් නම් විශේෂ පාසල්වල උගන්වන්නේ තනි අන්තවාදය බව ඔබ දන්නවද ?වසර කිහිපයකට කලින් මාතලේ පන්සලක කටින පින්කමකට ගල් ගැසුවේ එවැනි වහාබි මද්‍රසා පාසලක ඉගෙන ගත් සිසුන් පිරිසක් බව ඔබ දන්නවද ?

මේවගේ එවුන් මමත් දැකල තියෙනව මාලිගාවත්ත මරදාන වගේ පැතිවල ඉන්නවා සමහරු හන්දි වලට වෙලා බලාගෙන ඉන්නවා උන්ට පන්ති යන මුස්ලිම් කෙල්ලෝ පෙන්න බෑ හැබැයි ඉතින් සරසවි යන මුස්ලිම් ගැහැණු ළමයි යාන්තන් සහනයක් විදිනවා සරසවිය ඇතුලේ .

හැබැයි අන්තවාදී මුස්ලිම් කොල්ලෝ ඒ ගෑනු ළමයින්ටත් බලපෑම් කරන බව අපි දන්නවා නමුත් සිංහල ගැහැණු ළමයින එක්ක එකතුවෙලා ඉන්න සමහර මුස්ලිම් ළමයින් ඒ කාලකන්නි ජිවිතයෙන් සරසවි ජීවිතයේදී හරි මිදිලා ඉන්නවා .

ට්‍රිප් එකක් යනකොට බස්වල ඒ ළමයි අර අවුරුදු ගානක් මිරිකිලා ඉඳලා හිතේ තදකරගෙන හිටපු ආසාවල් බයක් නැතිව පිටකරන්න අප්පුඩි ගගහා සින්දු කියන විදිය දැක්කම දුක හිතෙනව.

මුස්ලිම් ගැහැණු ළමයෙක් වීම පවක් නමුත් විශ්වවිද්‍යාලෙ යන මුස්ලිම් ගැහැණු ළමයෙක් මහා විශාල පිනක් කරලා තියෙනව ඒ ජිවිතයෙන් ගැලවෙන්න

20
ජුනි
19

සිංහලයා වඳවෙන බවට දත්ත හා සාක්ශි

සිංහලයා වදවෙයි.. මුස්ලිම් ළමා ජනගහනය සීඝ්‍රයෙන් ඉහලට.. ජන සංගණනයේ සැගවූ වාර්තා මෙන්න..

lanka C news

උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

මුස්ලිම් ළමා ජනගහනය පිළිබඳ විවිධ කටකතා යනවා.  සමහරු කියනවා ළමා ජනගහනයේ මුස්ලිම් ප්‍රතිශතය 42%යි කියලා.  නමුත් මේ කතා කියන්නේ මූලාශ්‍ර පදනම් කරගෙන නොවේ.  මුස්ලිම් ජනගහනයේ සීඝ්‍ර ර්වධනයක් තිබෙන බවත් ඇත්තක්.  නමුත් ජන සහ සංඛ්‍යා ලේඛණ දෙපාරතමේන්තුව ළමා ජනගහනය ජනර්වග අනුව වාරතා කරන්නේ නැති නිසා මේ පිළිබඳ විශ්වාසනීය තොරතුරු සමාජයේ නෑ.  මේ නිසා 2012 ජන සංගණනයේ තොරතුරු පදනම් කරගෙන ළමා ජනගහනයේ ජනවාරගික සංයුතිය සකසා දෙන්න කියා මම ජන සහ සංඛ්‍යා ලේඛණ දෙපාරතමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉන්දු බණ්ඩාර මහත්මියගෙන් ඉල්ලීමක් කළා.  මගේ ඉල්ලීමට අනුව එතුමියගේ ප්‍රතිචාරය දක්වා තිබෙනවා. එම ලිපි දෙකම මා ඔබ හමුවේ තබනවා.

2012 දී සමස්ත ජනගහනයෙන් 75%ක් සිංහල, 11%ක් ලංකා දෙමළ, 4%ක් ඉන්දියානු දෙමළ සහ 9%ක් මුස්ලිම්.  ඒ වසරේ දීම ළමා ජනගහනයෙන් 71%ක් සිංහල, 12%ක් ලංකා දෙමළ, 5%ක් ඉන්දියානු දෙමළ සහ 12%ක් මුස්ලිම්.  සමස්ත ජනගහනයට සාපේක්ෂව ළමා ජනගහනයේ දී ලංකා දෙමළ, ඉන්දියානු දෙමළ සහ මුස්ලිම් කියන ජනර්වගවල ප්‍රතිශතය ඉහළ ගිහින්.  නමුත් සිංහල පමණක් 75% සිට 71% දක්වා 4%කින් අඩු වෙලා.  වැඩිම ර්වධන වේගයක් පෙන්වන්නේ මුස්ලිම්.  මුස්ලිම් ජනගහනය 9% සිට 12% දක්වා වැඩි වෙලා. 9 සහ 12 කුඩා ඉලක්කම් ලෙස පෙනුනත් එය බරපතල වර් ධණයක්. 33% වඩා වැඩි වර්ධණයක්.

අවුරුදු 5 සිට 9 දක්වා වයස් කාණ්ඩයට සාපේක්ෂව අවුරුදු 0 සිට 4 දක්වා වයස් කාණ්ඩය  තුල සිංහල ජනගහනය වැඩි වී ඇත්තේ 0.5%කින්.  නමුත් මුස්ලිම් ජනගහනය 1.4%කින් නැතිනම් තුන් ගුණයකින් වැඩි වී තිබෙනවා. මෙය අද තත්වය නෙමෙයි. 2012 තත්වයයි. වත්මන් තත්වය දැනගන්න වෙන්නේ 2021 පවත්වන ජන සංඝනනයෙන් පසුවයි.  මෑත කාලයේ මුස්ලිම් ජනගහනයේ සීඝ්‍ර ර්වධනය දශක ගණනාවක් පුරා දකින්න ලැබෙන දෙයක්.

1953 දී 6%ක් වූ මුස්ලිම් ජනගහනය අවුරුදු 28කට පස්සේ 1981 දී ර්වධනය වී තිබුණේ 7% දක්වා පමණයි.  නමුත් එයින් අවුරුදු 30කට පස්සේ 9% දක්වා ර්වධනය වෙලා.  ළමා ජනගහනයේ ප්‍රවණතා සලකා බලන විට ඉදිරි වසර දහය තුල මුස්ලිම් ජනගහනය 12% ඉක්මවා යනවා.

ඒ වගේම නිදහසින් පසු ප්‍රථම වතාවට 2012 දී ළමා ජනගහනය තුල සිංහල ප්‍රතිශතය අඩුවීමක් පෙන්නුම් කරනවා.  ලංකාවට ආවේණික වූ සිංහල ජාතිය වඳවීම ආරම්භ වී ඇති බවයි මෙයින් පෙන්නුම් කරන්නේ. අපි මේ දත්ත ජන සහ සංඛ්‍යා ලේඛණ දෙපාරතමේන්තුවෙන් අරගෙන විද්‍යත්මකව විග්‍රහ කරලා ප්‍රථම වතාවට හෙළි කරණවා 2012 ජන සංඝණන වාර්තාව අනුව සිංහල ජාතිය වද වෙමින් පවතින ජාතියක් බව මේ වන විට නිල වශයෙන් තහවුරු වී ඇති බව.

අපි එයට බය වෙන්නේ ඇයි. ඇෆ්ගනිස්ථානයේ බහුතරය බවට මුස්ලිම් ජනතාව පත්වූවාට පසු කණිෂ්ක රජතුමන් මින් වසර 1600 කට පෙර ඉදි කල බාමියන් බුදු පිළිම කුඩු පට්ටම් කර දැම්මා. බාමියන් බුදු පිලිමවලට අත් වූ ඉරනම අපේ රටේ අවුකණ බුදු පිළිමයටද අත්වෙනවාට අප බියෙන් පසු වන නිසයි අප මේ ගැන ජාතියේ අවධාන යොමු කිරීමට තීරණය කලේ.

– අරවින්ද අතුකෝරල

09
නොවැ.
18

මේක සිංහල බෞද්ධ රට.. මම දෙමළ..හරිද..ඔයා මුස්ලිම්නේ.. හැම ජාතියකම මිනිස්සු ඉන්නවා…

නරක අදහසක් නොවේ

අලුත් රටක්Like Page

මේක සිංහල බෞද්ධ රට.. මම දෙමළ..හරිද..ඔයා මුස්ලිම්නේ.. හැම ජාතියකම මිනිස්සු ඉන්නවා..අපි ඔක්කොම මිනිස්සු..ළමයා බඩගින්නේ අඬද්දීදී කන්න දෙන්න බැරි නම් ඔයාට කොච්චර රිදෙනවද..මට මේ රටේ මිනිස්සු උදවු කරලා තියෙනවා..මාව ගොඩ දාලා තියෙනවා..අපිත් පුලුවන් විදියට ඒක කරන්න ඕන..

අර්බුද නැති රටක් නෑ..අපි හිතනවා අපේ රට තමයි අර්බුද කියලා..දැන් තියෙන අර්බුදය ගැන ගත්තොත් මොනවහරි ප්‍රශ්නයක් නම් ඕක නීතියෙන් බේරගන්න..මේකට අහිංසක මිනිස්සුන්ව අදින්න එපා..මේ රටේ 60%ක් විතර ඉන්නේ දවසේ පඩියට වැඩ කරන අය..මොනවහරි උන ගමන් එයාලට කන්න නෑ..මේ ලංකාවේ 70%ක් විතර ඉන්නේ දුප්පත් මිනිස්සු..ඒගොල්ලන්ගෙ පඩිය ගත්තොත් රුපියල් 25000ක් විතර..ඉතින් ඒ ගම්වල ඉන්න මිනිස්සු බොහොම අමාරුවෙන් තුන්වේලක් කාලා ළමයින්ව ඉස්කෝලේ යවන්නේ..

මං ඕකට කතාවක් කියන්නම්..ඔය දෙමළ ඇමතිවරු කතා කරනවා අයිතිය, වෙච්ච දේවල් ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ..මං ඔය දේශපාලනය වැඩිය දන්නේ නෑ..ඇත්තටම කිලිනොච්චියේ වෙච්ච දෙයක් මේක සති දෙකකට කලින්..අවුරුදු 9 ක කෙල්ලෙක් සියදිවි නසාගත්තා..හේතුව මොකද දන්නවද..නිළ ඇඳුම් ප්‍රශ්නේ..ඒ පවුලේ ළමයි 3 දෙනෙක් ඉන්නවා..එක්කෙනෙක්ට 12..අනිත් එක්කෙනාට 7.. අනිත් කෙනාට 9..තාත්තගේ දවසේ පඩිය දෙසීයයි..අම්මා තමයි ළමයි බලාගන්නේ..බොහොම අමාරුවෙන් එක වේලක් කන්නේ..ඉස්කෝලෙට යවනවා තුන්දෙනාවම..ඒ ඇඳුම් සවුත්තු වෙලා හරි මොකක් හරි වෙලා දෙතුන් පාරක් ටීචර් කිවුවා අලුත් එකක් ගන්න..දැන් කූපන් එකක්නේ දෙන්නේ..අරගෙන මහගන්න ඕන..ඉතින් ඕක ගත්තට පස්සෙ මහගන්න රුපියල් 200ක් 250ක් යනවලු..ඒ සල්ලි නෑ..බැලුවා බැලුවා අන්තිමට මේ ළමයා සියදිවි නසාගත්තා..ඒක බලන්න එක්කෙනෙක්වත් එක ඇමතියෙක්වත් නෑ..කවුරුත් දන්නෙත් නෑ..අපේ තියෙනවා දුප්පත් මිනිස්සුන්ට උදවු කරන්න පදනමක්..එයාලට මේක ආරන්චි වෙලා ගිහිල්ලා..මන් මේ දුන්නට කියනවා නෙමේ මං 25000ක් දුන්නා..අනිත් ළමයි දෙන්න වෙනුවෙන් හැම මාසෙම රුපියල් 10000 ගානේ දෙනවා අඩුම ගානේ මේ වගේ තව එක දෙයක් වත් සිද්ධ නොවෙන්න..එක මන්ත්‍රී කෙනෙක් නෑ එක ඇමතියෙක් නෑ..ඒ අම්මා අඬනවා..

අපි මෙහෙම හිතමුකෝ..ඔයාට ලමයි දෙන්නෙක් ඉන්නවා..ඔයාගේ ප්‍රධානම දේ මොකක්ද ඒ ළමයින්ට තුන් වේලක් කන්න දෙන්න..ඊළඟට ඉගැන්වීම..ඒ දෙකනේ ප්‍රධාන..ඇඳුමක් ගන්න හෝ තව දේවල් ගන්න හෝ ඒවා ඊළඟට..මේ රටේ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ හරි අමාරුවෙන්..පරිප්පු වලින් රුපියල් 5ක් පෙට්‍රල් වලින් 10ක් ගියාට කොළඹ ඉන්න ලක්ශෙකට වඩා පඩි ගන්න සමහර මිනිස්සුන්ට මේ වෙනස තේරෙන්නේ නෑ..ඒ නිසා මේ රටේ ඉස්සෙල්ලම බලන්න ඕන ඕක..ප්‍රජාතන්ත්‍රවාදය නීතිය වගේ දේවල් දෙවනුවයි..මේ රටේ මිනිස්සු මට බනී..නීතිය ප්‍රජාතන්ත්‍රවාදය මිනිස්සු තම තමන්ට ඕන විදියට හරෝගන්නවා..ඔයා වරදක් කළත් ඒක නිවැරදි කරන්න දක්ෂ ලෝයර්ස්ලා ඉන්නවා..සල්ලි තියෙනවා නම් ඕන දෙයක් කරගන්න පුලුවන් මේ රටේ..

මාධ්‍යවේදියා :- ඒ කියන්නේ මුරලි කියන්නේ ඒවට මූලිකත්වය දෙන්නේ නැතුව මිනිස්සුන්ගේ දෛනික ප්‍රශ්න විසඳන්න ඕන කියලා මූලිකවම?

ඉතිං ඒකටනේ පාර්ලිමේන්තුවට නියෝජිතයන්ව යවන්නේ මිනිස්සු ඒ පළාත්වල ඉඳන්..

මාධ්‍යවේදියා :- ගොඩක් වෙලාවට උතුරේ දේශපාලකයන්ගෙන් ඇහුවොත් කියන්නේ උතුරට දේශපාලන විසඳුමක් ඕන …. ( ප්‍රශ්නය අහලා ඉවර වෙන්න කලින්ම මුරලි උත්තර දෙයි )

මොනවද..මං අහන්නේ ඔයාගෙන් මොනවද උතුරට කියලා දේශපාලන විසඳුමක් ඔයාට දෙන්න පුලුවන් කියලා කියන්න බලන්න..මම කියන්නම්.. මම දෙමළ..හරිද..ඔයා මුස්ලිම්නේ.. හැම ජාතියකම මිනිස්සු ඉන්නවා..අපි ඔක්කොම මිනිස්සු..මගෙන් කෑල්ලක් කැපුවත් ලේ යන්නේ ඔයාලගෙන් කෑල්ලක් කැපුවත් ලේ යන්නේ..හරිද..මේවා මේ ඉතිහාසේ ඉඳන් මිනිස්සු හදාගත්තු දේවල්..1977 දී අපේ ගෙවල් ඔක්කොම පිච්චුවා..අපේ තාත්තගේ තාම තියෙනවා කඩුවෙන් ගහලා මැහුම් 18ක් දාපු එක..බොහොම අමාරුවෙන් තමයි බේරුනේ..ඒත් අපේ තාත්තා රට දාලා ගියේ නෑ..නෑදෑයෝ ඔක්කොම ගියා රට දාලා ඔක්කොම ඉන්දියාවේ ඉන්නේ..ඒත් අපි ගියෙ නෑ..1983 අපිට මොනවත් උනේ නෑ..අපි විස්වාස කරනවා අපි මේ රටේ පුරවැසියෝ..ඇත්ත අපේ සීයලා ආවේ ඉන්දියාවෙන්..ඒ වුනාට අපි දැන් ලංකාවේ පුරවැසියෝ..

ජාතීන් වශයෙන් ගත්තොත් වැරදි දේවල් උනා දෙපැත්තෙන්ම..මං කියන්නේ නෑ සිංහල මිනිස්සු වැරදී කියලා ඔක්කොම..5% ක් හිටියා දේශපාලන ගේම් වලදී අයුතු ප්‍රයෝජන අරන් තමයි මේවා කළේ..මුළු රටම විනාශ වුනා..ඒ වගේමයි ප්‍රභාකරන්..එයා පටන් ගත්තා දෙමළ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න..මුල් කාලේ කළා..ඒත් ඊට පස්සේ එයත් පටන් ගත්තා මිනී මරන්න..දෙපැත්තෙම මිනිස්සු මැරුනා..දැන් මේ යුද්ධයක් ඉවර කරලා තියෙන්නේ..ඉතින් 2009න් පස්සේ එයාලා ඉල්ලනවා නම් අපේ ප්‍රජා අයිතිය නෑ අරක නෑ මේක නෑ කියලා ඒක අසාධාරණයි..අපිත් සාධාරණ වෙන්න එපැයි..80ක්% විතර ඉන්නේ සිංහල බෞද්ධයෝ..ඒගොල්ලන්ට අයිතියි මේ රට..කොච්චර නෑ කිවුවත්..ආගම් වලින් බැලුවොත් අපි සුලු ජාතිකයෝ..

මං ඉස්කෝලේ ගියා දක්ෂතාවය තිබුන නිසා මං ආවා..මගේ දක්ෂතා වලදී සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියලා බලලද මට සපෝට් කළේ..ඒක තමයි වෙන්න ඕන..බොරුවට මේ මෙයාලා ඇවිල්ලා අපි පෙනී සිටිනවා කිවුවට දේශපාලකයෝ සාමාන්‍ය මිනිහා ගැන බලලා නෑ..මම නම් කියන්නේ නෑ මේ රටේ හිටපු ජනාධිපතිවරු දෙන්නෙක් විතරයි දුප්පත් මිනිහා ගැන බැලුවේ..ඔයාලම හිතාගන්න කවුද කියලා..නැත්තම් කියයි මම එයාලට දේශපාලනිකව සපෝට් කියලා..මම කාටවත් සපෝට් නෑ මම සපෝට් කරන්නේ දුප්පතාට උදව් කරලා එයලව ගොඩගන්න අයට විතරයි..මට පක්ෂයක් නෑ..දුප්පතාට උදව් කරන්නේ කවුද මම එයාලට සපෝට්..

මට මේ රටේ මිනිස්සු උදවු කරලා තියෙනවා..මාව ගොඩ දාලා තියෙනවා..අපිත් පුලුවන් විදියට ඒක කරන්න ඕන..ඒකයි මං ෆවුන්ඩේශන් එකක් හැදුවේ දැන් අවුරුදු 18ක් වෙනවා මං මේක හැදුවේ 2000 දී..මායි රණසිංහයි හදලා දැන් දිස්ත්‍රික්ක 12 ක තියෙනවා..අපේ වියදම මිලියන 200ක්..මගේ සල්ලිත් දානවා පිටරටින් ගේනවා..මොනවා හරි කරනවා..අපිට මිලියන 200ක් එකතු කරලා මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් නම් අපි පාර්ලිමේන්තුවට යවන අයට බැරි ඇයි? ඒගොල්ලන්ට කියන්න බෑ අපි මේ ණය ගත්තු නිසා කියලා..තාත්තා කෙනෙක් ගෙදරක් පාලනේ කරන්නේ කොහොමද..බලනවා කොහොමද කරන්නේ කියලා..ණය අරන් හරි කරනවා..ණය ගෙවන විදියක් බලනවා..වැඩිපුර වැඩ කරනවා..පාර්ලිමන්තුවට මිනිස්සු යවන්නේ රට පාලනය කරලා මිනිස්සුන්ට යහපතක් කරන්නනේ..ඉතිං බඩු මිල වැඩි වෙද්දී අරක නිසා බෑ මේක නිසා බෑ කියලා කියන්න බෑ..මොකද දුන්නේ වැඩක් කරන්න..ඒක බෑ කියනවා නම් දාලා යන්න ඕන..නිදහසට කරුණු කියන්න බෑ..මට බෝල් කරන්න බැරි නම් මට නිදහසට කරුණු 25000ක් විතර කියන්න පුලුවන් මේක උනා මට මේක නිසා ඒක බෑ ඒක නිසා මේක බැරිඋනා කියලා..නටන්න බැරි මිනිහට පොළව ඇදයි වගේ කතාවක් ඒක..

අපි අමාරු කාලෙක ජීවත් වුනේ..1977 , 1983,සහ ජේවීපී ප්‍රශ්න කාලේ බයෙන් ජීවත් වුනේ..මේ ගේ හැදුවේ 1997..මම ක්‍රිකට් ප්‍රැක්ටිස් ගියේ අතුරු පාරවල් වලින්..බයයි පාර්ලිමේන්තු පාරෙන් යන්න කොයි වෙලේ බෝම්බයක් දායිද අපිත් අහුවෙයිද කියලා..එහෙමයි ජීවත් වුනේ දෙමළ වෙලත්..දැන් යුද්ධේ ඉවර වුනාට පස්සේ නිදහසේ යන්න පුලුවන්..ඒකනේ නිදහස..ඒ නිදහස හැමතැනම තියෙනවනේ අද යාපනේ යන්න පුලුවන්නේ..මම යුද්ධ කාලෙත් යාපනේ ගියා..එක්සත් ආතීන්ගේ සංවිධානයත් එක්ක වැඩ කරද්දී ජපානෙන් දීපු ආහාර බෙදලා දෙන්න ගිහින්තමිල් චෙල්වම් වත් හම්බෙල තියෙනවා..දැන් ඕවා මුකුත් නෑනේ දැන් දුප්පත් මිනිහා ගැන බලන්න පුලුවන්නේ..

මාධ්‍යවේදියා :- තාම යුද්දෙන් අතුරුදහන් වෙච්ච අයගේ මව්පියෝ හොයනවා එයාලව..මේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න ඔන නේද මුරලි..

මට කියන්න කොහොමද විසඳුමක් දෙන්නේ..කියන්න විසඳුම කොහෙන්ද ගන්න පුලුවන්..හිතමු ශෙල් එකක් ගහනවා ආමි එකෙන්..මැරෙනවා..කියන්න පුලුවන්ද මෙයාව තමයි මැරුවේ කියලා..එල්ටීටී..ඊ එකෙන් ගහනවා බෝම්බ දානවා..පැහැරගෙන ගියා කියනවා..උත්තර නෑ..යුද්ධයක් කියන්නේ ඕක..උත්තරයක් හොයන්න බැරි දේවල් ගැන කතා කරලා වැඩක් නෑ..අතීතය ගිහින් ඉවරයි..එහෙම වෙලා තියෙනවා නම් ඒ පවුල් වලට ජීවන උපක්‍රමයක් හදලා දීලා වන්දියක් දීලා ඒවා කරන්න ඕන..එයාලට විතරක් නෙමේ ආමි එකේ අයටත්..යාපනේ විතරක් නෙමේ මෙහේ බෝම්බ වලින් මැරිච්ච මිනිස්සු කොච්චර ඉන්නවද..දෙනව නම් ඒගොල්ලන්ටත් වන්දි ගෙවන්න..කරනව නම් හැමෝටම සමානව කරන්න ..දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ රටේ ආර්ථිකේ හදලා දුගී දුප්පත් මිනිහව උඩට ගන්න එක..එකිනෙකාට එක එක මත තියෙනවා..මේක අනුගමනය කරන්න කියලා මං කියන්නේ නෑ මේක මගේ මතය විතරයි..

ඉස්සෙල්ලම බලන්න ඕන දුප්පත්කම නැතිකරන්න..ලමයෙක්ට බඩගින්නේ ඉන්නැතුව තුන් වේලක් දෙන්න ඕන..පාර්ලිමේන්තුවට යවන මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් ඒක..

මාධ්‍යවේදියා :- ගොඩක් අය කියනවා හොඳය අයව දේශපාලනේට තොරගන්න ඕන කියලා..

කොහොමද හොඳ අයව ‍තෝරගන්නේ..සමහර වෙලාවට කියන ඒවා බොරු වෙන්නත් පුලුව්න්නේ..අරයා කමිශන් ගැහුවා මෙයා මෙහෙම කළා..ඒවා ඔප්පු කරන්න ඕන..කවුරු උනත් කොයි පක්ශේ උනත් කවුරුහරි චෝදනාවක් කරනවා නම් නීතිය ඉස්සරහා ඔප්පු කරන්න..දැන් ඔය තරඟ පාවාදීම් ගැන කතා කරනවනේ..ඕවා ඔප්පු කරන්න ඕන..ඒක ඒගොල්ලන්ට කරන අපරාධයක්..ඒ මිනිහට පාරෙ බැහැලා යන්න බෑ..සනත් ජයසූරිය ලෝක පූජිත ක්‍රීඩකයෙක්..මාත් එක්ක ක්‍රිකට් ගහන්නේ පොඩි කාලේ ඉඳන්..මගේ යාලුවා නිසා කියනවා නෙමේ..චෝදනා ඔප්පු කරනකම් එයා වරදකාරයෙක් නෙමේ..ඒත් පාරේ බැහැලා යන්න බැරි තැනට මිනිස්සු කතා කියනවා..දේශපාලකයන්ටත් සමහරුන්ට ඔහොමයි..බොරු කියල හරි මිනිහව සවුත්තු කරනවා..මම කියන්නේ ඕවා ඔක්කොම පැත්තකට දාන්න..

සාමාන්යෙන් මිනිහෙක් උනාම ජීවත් වෙන්න ක්‍රමයක්නේ ඕන..ඔයා තාත්තා කෙනෙක්..ළමයි ඉන්නවා..ළමයා බඩගින්නේ අඬද්දීදී කන්න දෙන්න බැරි නම් ඔයාට කොච්චර රිදෙනවද..අපිට සල්ලි තියෙනවා මේවා නිස..ඒත් දුප්පත් මනුස්සයට? මම කියන්නේ දේශපාලකයෝ ඒ තත්වේ බලන්න..ඉස්සෙල්ලම ඒක නිවන්න..අධ්‍යාපනය දෙවනුව..සෞඛ්‍යය තුන්වෙනුව..අනෙක්වා ඊට පස්සේ..තාත්තා කෙනෙක් පවුල බලාගන්නවා වගේ මේ රටේ ඔක්කොම ළමයි කියලා හිතලා දේශපාලකයා වැඩ කරන්න ඕන..බැරි නම් දාලා යන්න ඕන..මං ක්‍රිකට් බෝඩ් එකට කිවුවෙත් ඕක..කරන්න බැරි නම් දාල යන්න තව කෙනෙක්ට කරන්න අවස්ථාව දෙන්න..

මං ඔයාට කියන්නද කතාවක්..මාව ආසියා කුසලාන 2010 දී හොඳට බෝල් කර කර ඉද්දිත් මාව ඩ්‍රොප් කළා වෙන කාරණාවක් කියලා..හැබැයි ආයේ මාව මැච් එකට ගැස්සුවා..ඒකෙන් පස්සේ තමයි මං විශ්‍රාම යන්න තීරණේ කළේ..මාව විශ්වාස නැතිනම් වෙන මං වෙනුවට කෙනෙක් ඉන්නවා නම් මං ඉඳලා වැඩක් නෑ..ඒ වගේ දීලා යන්න ඕන..මිනිස්සු මට බනී..ඔයා හිතනවද ඔය ‍රැස්වීම් වලට මිනිස්සු එන්නේ මං දන්න විදියට එක්කෝ කන්න දීලි දීලා බස් එකෙන් ගෙනල්ලා බස්සන මිනිස්සු තමයි වැඩිපුර ඉන්නේ..ඒක ඉතින් එයාලගේ අයිතිය..එදා වේල හොයාගන්න මිනිස්සු කොළඹට ඇවිල්ලා කෑ ගගහා ඉදීද. මං දන්නේ නෑ මිනිස්සු පිළිගනීද කියලා..

පැය ගානක් ගියා ටයිප් කරන්න..ඒත් මේක වැදගත්..කියවලා බලන්න..

නිපුණ කෞශ්‍යාල්

18
ඔක්.
18

ගෝඨා කවුද?

Matugama Api Mahindata

ගෝඨා කවුද?

ගෝඨාභය පිළිබඳ බෙහෙවින් කතාබහට ලක්වන වෙනත් කාලයක් තිබුණේ නැති තරම්ය. ඒ තරමටම ආණ්ඩු පක්ෂයේ බහුතරයකුත් විපක්ෂයේ බහුතරයකුත් ගෝඨා ගැන කතා වෙන්නේ රටේ තීරණාත්මක කාලවකවානුවකදීය.

“ජනාධිපතිවරණයට එන්නේ ගෝඨා”
“ගෝඨා එන්නෙ නෑ. එන්නෙ බැසිල්”
“මහින්ද තමයි තීරණය ගන්නෙ. සමහර විට මධ්‍යස්ථ කෙනෙක් වන චමල්ව දාන්න පුළුවන්”
“බැසිලුත් නෙවෙයි, ගෝඨාත් නෙවෙයි, ශිරන්තිව දාන්නත් පුළුවන්”
“ඔය කවුරුවත් නොවේ දාන්නෙ දිනේෂ්ව”

මේ රටේ තොටේ ජනතාව හැම තැනම කතා වෙන දේය. එයින් බහුතරයකගේ කැමැත්ත මේ අතරින් කවුරුන් හෝ විය හැකිය. එහෙත් එය මහින්ද අතේ තියෙන තීන්දුවක් නිසා ජනතාව අතර මේ ගැන උනන්දුවක් ඇති අය සිතන්නේ ඒ ගෝඨා විය හැකිම බවය. එසේ නොවේ නම් බැසිල් හෝ චමල් විය හැකි බවය. කෙසේ වෙතත් ‘ගෝඨා’ සාධකය ප්‍රබලය.

එසේ නම් විරුද්ධ පාර්ශ්වයේ එනම් රනිල් පිලේ විරෝධතාව එළිපිට දැක්වූයේ නැතිවුවත් ගෝඨා යම් කතාබහකට ලක්වූ අයකු වී හමාරය. එබැවින් හිටපු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් නොව එකී භූමිකාවෙන් බැහැරව ගෝඨා ජනාධිපති අපේක්ෂකයකු වන්නේ නම් ඔහුට ඒ සඳහා ඇති සුදුසුකම කුමක්දැයි විමසිය යුතුය.

ගෝඨා ආරක්ෂක ලේකම් වන්නට පෙර යුද බිමේ සටන් පෙරමුණේ ඉදිරියෙන්ම සිටි සෙන්පතියකු නිසා යුද බිමෙන් දේශපාලන කරළියට පැමිණි ලෝකයේ බලවත් රාජ්‍යයන්ගේ නායකයන් සිහිපත් කරවන්නේය. ඔවුන්ද යම් දැක්මක් සහිත වූවෝ වෙති.

ගෝඨා ජනාධිපති තරගයට දමන්නේ නම් උතුරු නැඟෙනහිර ඡන්ද සඳහා ඔහුගේ ආමන්ත්‍රණය හා දැක්ම වැදගත්ය. ගෝඨා උතුරු නැඟෙනහිර ජනතාවගේ සැබෑම ප්‍රශ්නය ඇති තැන හඳුනාගත් හැටි දක්වන්නේ මෙසේය.
“උතුරේ ජනතාවට දේශපාලන නිදහසට පෙර ආර්ථික නිදහස අවශ්‍යයි. කොටි සංවිධානය පරාජයට වඩා ලොකුම ජයග්‍රහණය හැටියට මා සලකන්නේ ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සමයේ සංවර්ධනයයි. අන්තර්ජාතික ප්‍රජාව හෝ අන්තර්ජාතික සංවිධාන මේ තත්ත්වය තවම හඳුනාගෙන නැහැ. 2009-2014 අපි බොහෝ දේ ලබා ගත්තා. ඒ කෙටි කාලයේදී යටිතල පහසුකම් ඇති කළා පමණක් නොව දේශපාලන වශයෙන්ද බොහෝ දේ ඇති කර ගත්තා. මා තදින්ම විශ්වාස කරන්නේ උතුරේ ආර්ථික නිදහස ඉතා වැදගත් බවයි. දේශපාලන නිදහසට පෙර ආර්ථික නිදහස ඔවුන්ට අවශ්‍ය වන්නේ ඒ නිසයි”

ගෝඨාභය රාජපක්ෂ
2018.04.10

දෙමළ ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන ඊනියා දෙමළ දේශපාලන නායකයන්ගේ බොරුව හෙළි කරන ගෝඨා උතුරේ ජනතාවගේ අත මිට සරුවන වැඩසටහනකට සිත යොමන බව ඉඟි කරයි. ප්‍රභාකරන්ලාට එකතු වූ දෙමළ තරුණ තරුණියන්ට එදා නොලැබුණු ආර්ථික නිදහස වත්මන් දෙමළ තරුණ තරුණියන්ට ලබාදීමෙන් ඔවුන් අවි ඔසවන තැනින් මුදා ගන්නා තැනකට ගෙන ඒම ගෝඨාගේ දැක්ම බව පෙනේ.
රටට සංවර්ධනය පිළිබඳ කතිකාවක් අවශ්‍ය බව ගෝඨා කියන්නේය. එය පවතින සංවර්ධනයට පිටින් යන යථාවාදී එකක්ද නැත්ද යන්න පිළිබඳ කතිකාවක් රට තුළ ඇතිවූයේ ගෝඨා දැක්වූ අදහසක් නිසාය.

“හරි නායකත්වයක් ලබාදී කැපකිරීමකට යොමුකර හරි අරමුණක් ලබාදී ඉදිරියට යනවා නම් සාර්ථකත්වය අහිමි වන්නේ නැත. ජනතාව නිරන්තරයෙන් නායකත්වය දෙස බලති. නායකත්වය අවංක යැයි ජනතාවට හැඟෙන්නේ නම් හරි අරමුණක් කරා ගමන් කරන බව වැටහෙන්නේ නම් ක්‍රමයෙන් අනෙක් අයත් ඒ වෙත යොමු කරවන්නට පුළුවන. ආයතනයක් වුවත් රටක් වුවත් දියුණු කළ හැක්කේ එලෙස යොමු කිරීමෙනි. ලෝකයේ දියුණු රටවල් මෙන්ම ආයතනද සනාථ කරන ඇත්ත එයයි. ලංකාවේ අපි සිටින්නේ එවන් තැනකදැයි ආපසු හැරී බැලීම අවශ්‍යය”.

ගෝඨාභය රාජපක්ෂ
2018-04-12 පුවත්පතකට

රටක් සංවර්ධනය කළ හැක්කේ ස්ථිර දැක්මක් සහිත අරමුණක් වෙත යෑමෙන් බව මින් ධ්වනිතය. එය සෘජු තීන්දු තීරණ හා බැඳුනකි. එබැවින් ගෝඨා කියන හැටියට සංවර්ධනයට නව කතිකාවක් අවශ්‍යය. එමෙන්ම රටේ දිළිඳුකම පිටුදැකීම සඳහාද ඔහු දක්වන අදහස වෙනස් වූවකි.

“දිළිඳුකම පිටුදැකීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ බව අපි දනිමු. එසේ තිබියදීත් දිළිඳුකම තුරන්ව නැත්තේ ඒවා නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙනි. ඒ වගේම මේවායේ ප්‍රතිලාභ ඇත්තටම ලැබිය යුත්තේ කාටද යන්න නිවැරැදිව සොයා බලා කටයුතු නොකිරීමද මේ අසාර්ථකත්වයට හේතුවකි. මූල්‍ය ආධාර දීමෙන් පමණක්ම දිළිඳුකම තුරන් කළ නොහැකි බවද මේ හරහා තහවුරු කර තිබේ. පුද්ගලයන්ගේ හැකියාව වර්ධනය කිරීමෙන් පමණක් මේ අභියෝගය ජයගත හැකි බවද අමතක නොකළ යුතුය.
මේ පිරිස්වලට රැකියාවක් කිරීමට ඇති හැකියාව දියුණු කිරීමෙන් දිළිඳුකමට විසඳුම් ලබාගැනීමට හැකි වනු ඇත. දිළිඳු අය ජීවත්වන ප්‍රදේශයෙන්ම මේ හැකියාව ලබාගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට පුළුවන. දීර්ඝ කාලයක් තිස්සේ යම් වැඩසටහන් ක්‍රියාවට නංවා ඒවායෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී ඇත්තේ ප්‍රධාන වශයෙන් අධ්‍යාපනය ලබාදීමේ ප්‍රශ්නයක් නිසා විය හැකිය. ඒ නිසා මූලිකව මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීම මෙහිදී අතිශයින් වැදගත්ය”.

ගෝඨාභය රාජපක්ෂ
2018-05-03

නගර අලංකරණය ගැන ගෝඨාට හොඳ ප්‍රතිචාරයක් ජනතාවගෙන් ලැබුණු නිසා පක්ෂ විපක්ෂ කවුරුත් ඒ ගැන පැසසුම් කිරීමට පසුබට නොවෙති. රටේ ප්‍රධානම ප්‍රශ්නයක් වී ඇති, සංවර්ධනයට බාධාවක් වී ඇති වාහන තදබදය ගැනද ගෝඨා අලුත් අදහස් ඇතිව කතා කිරීම කතාබහට ලක්වූවකි. මේ ඒ ගැන ගෝඨා පුවත්පතකට කියූවකි.

“නගරයෙන් එපිට රථගාලක මෝටර් රථය නවතා පොදු ප්‍රවාහනයේ ගමන් කරන සංකල්පය පෙරට ගන්නට පුළුවන. බොහෝ මෝටර් රථ පාවිච්චි වන්නේ කාර්යාලවලට යෑමට පමණි. මේවායේ බොහොමයක ගමන් කරන්නේ තනි පුද්ගලයෙකි. මේ පුද්ගලයාට වඩා පහසුවෙන් තමන්ගේ කාර්යාලයට යෑමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්නේ නම් අතිශය බහුතරය එය ප්‍රයෝජනයට ගැනීමට පසුබට නොවනු ඇත. මේ සංකල්පය ක්‍රියාවට නැංවීමේදී උසස් ප්‍රමිතියේ සැප පහසු බස් රථ සේවයට එක් කළ යුතුය. මේ සංකල්පයේදී මොරටුව, මාලබේ, කඩවත ආදී ප්‍රදේශවල ප්‍රමාණවත් වාහන නැවතුම් පොළවල් ගොඩනඟන්නට පුළුවන. එම ස්ථානවලින් දියුණු පොදු ප්‍රවාහන සේවා විවිධ ප්‍රදේශවලට ආරම්භ කළ හැකිය. ඒ වගේම සවස් කාලයේ මේ ක්‍රියාවලිය අනෙක් දිශාවට කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වූවකි”.

මොනෝ රේල් රථවාහන තදබදයට හොඳ විසඳුමකි. බොහෝ රටවල මෙය භාවිත වන ක්‍රමයකි. මාලබේ සිට බොරැල්ලටත් එතැන් සිට ඇස්වාට්ටුවට, කොටුවට, කොල්ලුපිටියට, කොටහේනට, මොනෝ රේල් ධාවන කිරීමේ සැලසුමක් තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ
2018-06-17

රටේ දැවෙන ප්‍රශ්නයක් වූ කුණු කසළ බැහැර කිරීමේ ගැටලුවට ස්ථිරසාර විසඳුමක් තවමත් ලැබී නැති මොහොතක ගෝඨාගේ දැක්ම මෙසේ විස්තර කර ඇත.

“කසළ නිෂ්කාශනයට ක්‍රමවේදයක් යෙදිය යුත්තේ මධ්‍යම රජයේ මැදිහත් වීමෙනි. දුප්පත් පොහොසත්, දියුණු නොදියුණු, සංවර්ධනය වෙමින් පවත්නා සෑම රටකටම කසළ නිෂ්කාශනය ප්‍රශ්නයට මුහුණ දීමට සිදුව තිබේ. එනිසා මේ ප්‍රශ්නය ලංකාවට පමණක් සීමා වූ කාරණාවක් නොවේ. අනෙක් රටවල් මේ සම්බන්ධව විවිධ පර්යේෂණ කර, විවිධ ක්‍රම යොදා ඉහළ තත්ත්වයකට කසළ කළමනාකරණය පත් කරගෙන තිබේ. ඒ නිසා මේ චක්‍රය අලුතෙන් සෙවීමේ වුවමනාවක් අපට නැත. සාර්ථකව මේ කටයුත්ත කෙරෙන රටවල් පිළිබඳ ක්‍රමවත් අධ්‍යයනයක් කර ඒවායෙන් හොඳම ක්‍රමවේදය අපේ රටට ගළපාගන්නට පුළුවන. කසළ පුලුස්සා ඉන්ධනයක් ලෙස භාවිතයට ගෙන විදුලිය බවට හැරවීමේ තවත් ක්‍රමයකි. චීනයේ කසළ පුලුස්සා විදුලිය නිපදවන ව්‍යාපෘතියට දිනකට කසළ මෙටි්‍රක් ටොන් 2,000ක් ගෙනැවිත් පිළිසකර කරනු ලැබේ. කොළඹ, කඩුවෙල, මහරගම ආදී ප්‍රදේශවල කසළ ප්‍රශ්නයට ටොන් 2,000ක පමණ මෙවන් ව්‍යාපෘතියකින් ස්ථිර විසඳුමක් සොයන්නට පුළුවන”.

ගෝඨාභය රාජපක්ෂ
2018-05-24

ගෝඨා තායිලන්තය වැනි රටවල ආදර්ශ හඳුනාගත් බවක් මතු කරමින් කුඩා ව්‍යාපාර හා ව්‍යවසායකයා පිළිබඳ නව දැක්මකින් කතා කිරීමද කතාබහට ලක්කළ යුතුව තිබෙන්නකි.

“කුඩා හා මධ්‍යම ව්‍යවසාය බිහිකර දියුණු කිරීමේදී ඒවා මුල් කාලයේදී නිසි විගණනයකට ලක් කිරීම, නවීන තාක්ෂණය හඳුන්වා දීම යනාදිය සම්බන්ධයෙන්ද යම් ක්‍රමවේදයක් යොදන්නේ නම් සාර්ථක වීම ලබන්නට පුළුවන. මහා පරිමාණ ව්‍යවසායකයන්ට මේ වෙනුවෙන් සිත නැවෙන්නට පුළුවන. ඔවුන්ගේ සමාජ වගකීම් ව්‍යාපෘතිවලින් යම් කොටසක් මෙවන් ක්‍රියාවලියකට යොදන්නේ නම් ඔවුන්ට මෙන්ම සමාජයටත් ඵලදායී වනු ඇත. තමන්ට ව්‍යවසායකයකු විය හැකි බවට විශ්වාසයක් සමාජයේ සෑම කෙනකු තුළම ගොඩනැඟීම මෙහි මූලික අරමුණ විය යුතුය. රැකියා සොයන්නකු වෙනුවට රැකියා නිපදවන්නකු බවට පත්කිරීම මේ හරහා සිදුවිය යුතුය”

ගෝඨාභය රාජපක්ෂ
2018-05-31

ගෝඨාභය පිළිබඳ විවිධ කතා පැතිර යන වෙලාවක ඔහු දක්වන දැක්ම කතාබහට ලක්වීම කළ යුත්තකි. රටට අවශ්‍යව ඇත්තේ දර්ශනයක් සහිතව නිවැරැදිව ගමනක් යා හැකි පිරිසක් වන නිසා මේ කියැවීම කළ යුත්තකි.

ගෝඨා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද එසේ නොවූවද මේ කියැවීම් වැදගත්ය. මීට සාරවත් යමක් එකතු කරන ප්‍රබුද්ධයන් සමඟ යහපත් සැලසුම් සැකසිය යුතුය. එය රටට අවශ්‍ය දර්ශනය ගොඩනඟන්නට සමත් වීමට මඟ පාදන්නේය.

ගෝඨාභය නමැති සාධකය සමාජය තුළ කතාබහට ලක්වන්නේ විවිධ පැතිකඩ ඔස්සේ වුවත් මේ සංවාදය රට පුරා කෙරිය යුත්තේය.

එහි ඵලය වන්නේ යහපත් වැඩපිළිවෙළක් ඉදිරියට මතුවීමය. එම මඟ යා යුත්තේ කෙසේදැයි කවුරු කවුරුත් සිතිය යුතුය. නිමැවුම් කළ යුතුය. එකට එකතු විය යුතුය.

#GR

30
මැයි
17

බන්ඩාගේ බඩේ චන්ඩියා ය..!

”සර්…මුං මගෙං හැමදාම කසිප්පු ගහපු එවුං..මේ දවස් වල මුං ට සල්ලි නෑ..ඊයේ පෙරේදා ගැහුවේ නයට..ඔවුන්ට සර් හවසට අඩියක් ගහන් නැතුව ඉන්ඩ බෑ..අනෙක ඔය වැස්සේ සීතලේ කොහොමටත් ඉන්ඩ බෑ..මං මේක අරං යන්නේ උන්ට පිනට දෙන්ඩ.. සල්ලි වලට වික්කොත් ඒම සර්ලා මාව එවලෙම අල්ලලා උසාවි දාන්ඩකෝ…“

Image may contain: 1 person, outdoor

බන්ඩාර කීවාට ගමේ උං ඌට කීවේ කසිප්පු බන්ඩා කියා ය..

දෙදාස් හයේ හතේ විතර ගං වතුරක් ආවම බන්ඩාගේ ගමම කොටු වුනා ය..

බන්ඩා මයේ හොද ක්ලයන්ට් ය..අම්ම මෝ නැතුව බැන්නත් කසිප්පු පෙරන එකයි විකුනන එකයි ඌ නැවත්තුවේම නැති ය..

පොලිසියෙං බෝට්ටු එව්වාම ගමේ ඉන්න ඇච්චෝ බැච්චෝ ඔක්කම ඒකට පුරවලා එවන්ඩ කර වටක් වතුරට බැස්සේ සහ ඒ අයගේ අනං මනං බෝට්ටුවට පිරෙව්වේ බන්ඩා සහ උගේ චක් ගෝලයන් ය.. බන්ඩාගේ බඩේ චන්ඩියා ය..!

බෝට්ටු සේවා මුර හය හත ක් ඇතුලත ගමේම මිනිස්සු ලග තියෙන ඉස්කෝලෙකට ගෙන්න ගත්තත් බන්ඩා නැති ය..

හවස පහට අන්තිම බොට්ටුව ගියේ බන්ඩා ඇතුලු සෙට් එක අරං එන්නට ය..

ඒ යනකොට බන්ඩා නොකාවුට් ය.. බොට්ටුවේ ආව සාජන්ටයි රාලහාමිලා දෙන්නටයි බෝතලයක් සෙට් කරලා බන්ඩා බෝට්ටුව අරං ආව නේවි එකේ සෝල්ජර් එක්ක ගිහිං ගමේම ඉන්න බල්ලෝ ටිකත් බොට්ටුවට පුරෝගෙන ගෙදර ලගට ඇවිදිං ඒකට වී ගෝනි තුන හතරකුයි ,පැදුරු කොට්ට මලු ටිකකුයි ලොකු වතුර බූලියකුයි තව මොන මෙනව ද ලට්ට පට්ට ටිකකුයි පටවලා හමාර ය..

එතන කන්ඩ බොන්ඩ තියෙනවා..ඕවාගෙදර තියලා එනවා කියලා පොලිස් සාජන් කීවම..

“ සර් ඔය එක එකාගෙං හිගා කාලා පුරුද්දක් අපිට නෑ..යන තැනක ගිහිං අතාරින්ඩ..ඉස්කෝලේ හරි අපි අපේ එවුං එක්ක උයාන කනවා..ඔය කට්ටිය අද එයි..වැඩිම වුනොත් හෙටත් එයි..එයිට පස්සේ එයාලට තියෙන වැඩක් පලක් බලාන ඉදියි..හැම දාම හැමෝම අපි ගැන බලන් නෑනේ සර්..“

කියලා මූ ගත් කටටම කීව ලු..!

හැබැයි මූ අර බෝට්ටුවට දාපු බූලිය ගැන හැක හිතිලා එතන ඉන්න සාජන් ඒක චෙක් කරනකොට දැනගෙන ඒකේ තියෙන්නේ කසිප්පු කියලා..

ඒක ගැන අහනකොට ..

“ සර්…මුං මගෙං හැමදාම කසිප්පු ගහපු එවුං..මේ දවස් වල මුං ට සල්ලි නෑ..ඊයේ පෙරේදා ගැහුවේ නයට..ඔවුන්ට සර් හවසට අඩියක් ගහන් නැතුව ඉන්ඩ බෑ..අනෙක ඔය වැස්සේ සීතලේ කොහොමටත් ඉන්ඩ බෑ..මං මේක අරං යන්නේ උන්ට පිනට දෙන්ඩ.. සල්ලි වලට වික්කොත් ඒම සර්ලා මාව එවලෙම අල්ලලා උසාවි දාන්ඩකෝ…“

බන්ඩා කීවා ලු..

මල හත්තිලව්වේ පොලිසියේ ආරක්ෂාව යටතේ තියෙන බෝට්ටුවක කසිප්පු අරං යන්ඩ පුලුවං යෑ..සාජන් එයාගේ ඕ.අයි.සී.ට කෝල් එකක් ගත්තා ලු..!!

“ තමුං ගියේ බන්ඩගේ ගම බේර ගන්ඩ මිසක් කසිප්පු අල්ලන්ඩ නෙවෙයි නේ..ඔය බූලියේ තියෙන්නේ කසිප්පු කියලා දන්නෙත් තමුං විතරනේ..දැං මෙයිං මත්තේ හිතා ගන්නවා ඒකේ තියෙන්නේ බන්ඩාගේ වත්තේ ලිදෙං ගත්ත පිරිසිදු වතුර කියලා..ඒ පිරිසිදු වතුර පානය කරලා මොකෙක් හරි ඔතන පිස්සු කෙලිනවනං විතරක් ආපහු මට කතා කරනවා..“

ඕ.අයි.සී.උපදෙස් දුන්නා ලු..!

හැබැයි ඉස්කෝලේ සහන කදවුරේ උන්න එවුං බන්ඩාගේ සම්ප්‍රාප්තියත් එක්ක හෙන සතුටෙං ජොලියෙං ඉදලා දවස් තුනකට පස්සේ ආයේ ගම් බිම් වලට ගියා ලු..!

ඕම උපදෙස් දුන්න ඕ .අයි.සී. පැන්ෂන් ගිහිං දැනට අවුරුදු හතරක්.. ඔය කියපු බන්ඩා මැරිලා දැනට අවුරුදු දෙකක්..

සහන සේවා වල යෙදෙන රජයේ නිලධාරීන්ට මං මේ හරහා කියන්නේ.. ගං වල ඉන්න මහා ලොකු ප්‍රභූලා ,ධානපතියන්ට වඩා මරා ගෙන මරෙන ගේමකට හරි එන්ටර් වෙන්නේ ඕම මිනිස්සු…

ඒ අයගෙන් පරිස්සමෙන් උදව් ගන්ඩ..ඒ වගේම එයාලගේ සෑම අවශ්‍යතාවයක් ගැනම සංවේදී වෙන්ඩ..

නීති රීති හා චක්‍රෙල්ඛ පොඩ්ඩක් පැත්තකිං තියන්ඩ…

ආපදා අවස්ථාවක දී ඔය ගොඩාක් ඒවා ඒවා අදාල නෑ…

ජාතික ආපදාවකදී ඔය ගොඩක් චක්‍රෙල්ක අහෝසි කරන්නේ නිකං නෙවෙයි..

බය නැතුව ඔයාලා කරන වැඩේ දිගටම කර ගෙන යන්ඩ..

මොනවා හරි අවුලක් වුනොත් අපිත් ඔයාලා එක්ක ඉන්න බව විතරක් මතක තියා ගන්ඩ..!!

21
මැයි
17

මේධානන්ද, මැදගොඩ අභයතිස්ස, බෙංගමුවේ නාලක සමග

‘ජාතිකවාදී‘ දේශපාලකයන්ට මගහැරුණු රණවිරු සමරුව
මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මෙන්ම විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැනි අය යුධ ජයග්‍රහණයේ දේශපාලන නායකත්වය දීමට එදා දායක වූ බව සත්‍යයකි. එසේම එහි දේශපාලන ඵල ඕනෑවටත් වඩා නෙළා ගැනීමටද ඔවුන්ට ඒ නිසා හැකි විය. බලය ඇති කාලයේ ඔවුන් විසින් රණවිරු සමරු මහ ඉහළින් පැවැත්වීමේ එක අරමුණක් වූයේ එයින් තම දේශපාලන බලය කැපිටලයිස් කර ගැනීමයි.
කෙසේ වෙතත් අද වන විට ඔවුන්ට රණවිරු සමරුවකට ඇවිත් කොඩියක් ඔසවන්නටවත් වෙලාවක්, උනන්දුවක් හෝ කොන්දක් නැති වීම කණගාටුවට කරුණකි. සමහර විට මීට ඔවුන් බලයේ සිටින කාලයේ කරපු යම් යම් වැරදි නිසා යහපාලකයන් ඔවුන්ව සහ ඔවුන්ගෙ පවුල්වල අයව බ්ලැක්මේල් කිරීම හේතු වෙනවා ඇති. නැතිනම් වෙනත් ඩීල්ද ඊට බලපානවා විය හැකිය. මේවා පොදු මහාජනතාව අතරට එන කාරණා නොව රහසේ සිදු වන දේවල්ය. මේවාට හේතු සෙවීමට වඩා වැදගත් කරුණ නම් ඔවුන් අද තම වගකීම පැහැර හැර ඇති බවයි. මෝඩිගේ ආගමනයේදීත් මේ බව පෙනුන නමුත් එතැනදී බොරු රාජ්‍ය තාන්ත්‍රිකබාවය නමැති අමුඩ ලේන්සුවෙන් ඔවුන්ගෙ හෙළුව වසා ගැනීමට යම්තම් හැකිවිය. නමුත් රණවිරු සමරු මගහැරීමෙන් ඒ අමුඩ ලේන්සුවද ගැලවී වැටුන බව කිව යුතුය.
ඒ රික්තය වහන්නට සංඝයා වහන්සේලා සුපුරුදු පරිදි පෙරට ඇවිත් සිටීම සතුටට කරුණකි. ජාතික බලවේග දැන්වත් තේරුං ගත යුතු කටුක යථාර්තය නම් ඔවුන්ව බේරගන්නට සුපර් ස්ටාර් දේශපාලකයන් නැති බවය. වෘත්තීය දේශපාලකයා ආත්මාර්ථකාමී මෙන්ම හෘද සාක්ෂියක් නැත්තකු වන අතට ඔවුන්ට අවශ්‍ය බලයයි. එතනදී දේශපාලකයන්ට තමන්ව කඩේ යවන්නට ඉඩ නොදී දේශපාලකයන් තමන්ට කඩේ යන තත්වයට පත් කර ගැනීමට ජාතික බලවේග ශූර විය යුතුයි.
මේධානන්ද හිමි වැනි තරුණ භික්ෂූන් වහන්සේලා, මැදගොඩ අභයතිස්ස හිමි වැනි ජවසම්පන්න නායක භික්ෂූන් වහන්සේලා, බෙංගමුවේ නාලක හිමි වැනි පරිණත භික්ෂූන් වහන්සේලා තව තවත් ජාතිකවාදී දේශපානයට ක්‍රියාකාරී සහ මතවාදී නායකත්වයක් දිය යුතුයි. එය ඡන්දය ඉල්ලා වාහන පර්මිට් එක විකුණන නායකත්වයක් විය යුතු නොවේ. ඊට වඩා පුළුල් නායකත්වයකි. අද රටම උන්වහන්සේලාගෙ ඒ නායකත්වය ඉල්ලා සිටී. අපට ඇති ලොකුම ප්‍රශ්නය භික්ෂූන් වහන්සේලා තමන්ට ඇති බලය තේරුම් නොගැනීමයි. එය අතට නොගැනීමයි. උන් වහන්සේලා දේශපාලකයන් පසුපස යාම නවතා දේශපාලකයන් උන්වහන්සේලා පසුපස එන තත්වයක් ඇති කරගත යුතුයි.
එය කිරීම එතරම් අපහසු දෙයක් නොවේ. අනාදිමත් කාලයක සිට උන්වහන්සේලා කළ පරිදි ජාතික අරමුණු වෙනුවෙන් මහාජනතාව පෙළගැස්වීම පමණයි කළ යුත්තේ. උන්වහන්සේලාට මෙය කිසිසේත් කළ නොහැක්කක් නොවේ. ජාතික බලවේගවලට යම් දේශපාලන බලයත් ආවොත් ඊට පසුත් මේ නායකත්වය උන් වහන්සේලා අතම තබා ගැනීම වැදගත්ය. නැතිනම් සිදුවන්නෙ ජාතික බලවේග නැවත වරක් කඩේ යැවීමයි. ඒ සදහා දේශපාලකයන්ගේ හොරණෑ සහ ඉත්නන් නොවීමත්, තම ස්වාධීනත්වය රැක ගැනීමත් වැදගත්ය. එය ජාතික දේශපාලන ව්‍යාපාරයේ සිටින ගිහියන්ටද අදාළ වන අතර හාමුදුරුවන්ට ඊටත් වඩා අදාළ වෙයි.
ඒ අතරතුර යූඑන්පියට කඩේ යන නමට නායක ‘මහා-නායක‘ලා සහ ඥාණසාර වැනි පල් හොරුන් සිංහල මුස්ලිම් ගැටුමක් යළි නිර්මාණය කොට, මේ වෙලාවේ දෙමළ බෙදුම්වාදීන්ට සහ අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමේ අනතුර ගැනද පරීක්ෂාකාරී විය යුතුය.
19
මැයි
17

ගෝඨාභය නුඹට සහ නුඹගේ ගෞරවනීය අයියාට බොහොම ස්තූතියි.

ඉන්දීය රජයේ හිටපු විදේශ ලේකම්වරයෙකු (1 October 2006 – 31 July 2009) සහ මධ්‍යම රජයේ ආරක්ෂක උපදේශකයා (17 January 2011 – 28 May 2014) වූ ශිවශංකර් මෙනන් මහතා විසින් පසුගියදා එලි දක්වන ලද “ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය ගොඩනැංවීමේ ඇතුලන්තය” (CHOICES : Inside the Making of India’s Foreign Policy) නැමති කෘතියෙන් කල උපුටා ගැනීම් කිහිපයක් මෙසේ ය…

2009 යුද්ධය අවසාන අධියරට පැමිණෙමින් තිබෙනා කාලයේ ඉන්දීය රජය මහින්ද රාජපක්ෂගේ රජය සමඟ ඉතා සමීප හා නිරන්තර සම්බන්ධතාවක් පවත්වා ගෙන ගියේය. ඒ ශ්‍රී ලංකාවේ උතුරේ තත්වය ඉන්දියාවේ දේශපාලනයට තමිල්නාඩුව හරහා සෘජු හා දැඩි බලපෑමක් එල්ල කල නිසාය.
ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණය 2009 මැයි මස පැවත්වීමට නියමිතව තිබුන අතර එවකට බලයේ සිටි කොන්ග්‍රස් පක්ෂයට තමිල්නාඩු ප්‍රාන්තය දේශපාලන වශයෙන් ඉතා වැදගත් විය.

රාජ්‍ය තන්ත්‍රික මට්ටමෙන් ක්ෂනිකව අදහස් හුවමාරු කර ගැනීම සඳහා මීට පෙර කිසි විටක ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රියාත්මක නොවු ක්‍රමවේදෙයක් මේ වන විට දෙරට විසින් සාර්ථකව භාවිත කෙරෙමින් තිබුනි. එය අප හැදින්වූයේ ‘ත්‍රිත්ව සම්බන්ධීකරණ ක්‍රමවේදය ‘ කියා ය. මේ යටතේ වගකිව යුතු කුඩා කන්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණ ගැනීමේ හැකියාව හා බලය තිබෙන තිදෙනෙකු බැගින් දෙරට විසින් නම් කර තිබුනි.

ඉන්දියාව පැත්තෙන් මෙය නියෝජනය කලේ ඉන්දීය රජයේ ආරක්ෂක උපදේශක එම් කේ නාරායන්,ආරක්ෂක ලේකම් විජය සිං හා විදේශ ලේකම් ශිවශංකර් මෙනන්ය.

ශ්‍රී ලංකාව නියෝජනය කලේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගය.

බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාම ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරන් වීම මෙම ක්‍රමවේදය සාර්ථක වීමට මූලික හේතුවක් විය.

ඒ ඔවුන් විසින් ගනනා තීරණ පසුව වෙනස් නොවන අවසන් තීරණ වීමය.

අවශ්‍යතාවක් පැන නැගුන විට ජනාධිපතිවරයාට සෘජුවම කතා කිරීමේ හැකියාව ද ඔවුන්ට තිබුනි. ඉන්දියාවේ පැත්තෙන් ඉහත කී තිදෙනාට අමතරව එවකට සිටි විදේශ අමාත්‍ය ප්‍රනාබ් මුඛර්ජී මහතාද මෙම සම්බන්ධීකරණයට බොහෝ විට එක්විය. ඉන්දීය අගමැති මන් මෝහන් සිං මහතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට මෙම කන්ඩායම වග බලා ගත්හ.

‘ත්‍රිත්ව සම්බන්ධීකරණ ක්‍රමවේදය ‘ නිසා මීට පෙර ශ්‍රී ලංකා හා ඉන්දියා රජයන් අතර යුද්ධය සම්බන්ධයෙන් පැවති අනවබෝදය සහමුලින්ම වාගේ නැති වී ගියේය. අප කන්ඩායම නිරන්තරයෙන් මුන ගැසී සාකච්ඡා කල අතර 2009 මුල කාලයේ බොහෝ දිනවල රාත්‍රි කාලයේ ඉන්දීය ගුවන් හමුදා යානයකින් අප ලංකාවට පැමින සාකච්ඡා පවත්වා පැය කිහිපයකට පසු නැවත ඉන්දියාවට යාම සිදුවිය.

විදේශ අමාත්‍ය ප්‍රනාබ් මුඛර්ජී මහතාද බොහෝ විට අප සමග පැමිණි අතර ජනාධිපති මන්දීරයේ පැවත්වූ සාකච්ඡාවලට ජෙනරාල් සරත් ෆොන්සේකා වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද පැමිණ සිටියහ.

මේ සාකච්ඡාවලදී ඉන්දියානු නියෝජිතයින්ගේ මූලික අවධානය යොමු වුයේ යුද්ධයට කොටුවී සිටින සිවිල් වැසියන් ආරක්ෂාව සලසන්නේ කෙසේද යන්න පිළිබඳවය.

ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධය සම්බන්ධව දැඩි ස්ථාවරයක සිටි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙම කරුනේදී ඉතා සංවේදී විය. සිවිල් වැසියන් සිටින ප්‍රදේශ වලට ගුවන් ප්‍රහාර එල්ල නොකිරීම, බර අවි යොද පහර නොදීම, යුධ මුක්ත කලාප නම් කිරීම, සිවිල් වැසියන්ට ඉවත්වීම සඳහා විශේෂ කොරිඩෝවන් ලබා දීම වැනි යහපත් තීරණ මේ සාකච්ඡාවලදී ගැනුන නිසා ඉන්දීය රජයට මහත් පහසුවක් දැණුනි.

පොරොන්දු වූ දේවල් ඒ අකාරයෙන්ම ඉටු කිරීමට රාජපක්ෂ රජය සැමවිටම වගබලා ගත් බවද සඳහන් කල යුතුය.

රාජපක්ෂවරු කිසි විටක එකඟ නොවුනු කරුණක් වූයේ එල් ටී ටී ඊ නායකයින් පණ පිටින් අත්ඩංගුවට ගෙන නඩු පැවරීම සඳහා වූ අන්තර්ජාතික යෝජනායි. එසේම යුද්ධයට අන්තර්ජාතික මැදිහත් වීමකට ඉඩ ලබා දීම ඔවුන් සහ මුලින්ම ප්‍රතික්ශේප කලහ.

යුද්ධයේ අවසාන භාගයේ නෝර්වේ රාජ්‍යය හා ඇමෙරිකාව යුධ විරාමයක් ලබා ගැනීමට බොහෝ වෙර දැරූහ. ඔවුන්ගේ පැහැදිලි අවශ්‍යතාව වූයේ අනාගත ප්‍රයෝජනය සඳහා එල් ටී ටීය විනාශ වෙන්නට නොදී ගලවා ගැනීමයි.

මතු පිටින් නොපෙන්නුවද ඉන්දියාවේ තත්වය මෙයට වෙනස් විය. ප්‍රභාකරන් වෙනුවෙන් එලිපිට කතා කල තමිල්නාඩුවේ දේශපාලන නායකයින් පවා දැන සිටි කරුනක් වුයේ ප්‍රභාකරන් ජීවත් වුවහොත් යම් දිනක ඔහු තමන්ගේ ජීවිත වලටද අනතුරක් විය හැකි බවයි.

ඒ නිසා හිත යටින් ඔවුන්ද බටහිරට දන නොනමන මහින්ද රාජපක්ෂගේ දැඩි ස්ථාවරය අනුමත කරන්නට ඇත.
26 වසරක යුද්ධය ශ්‍රී ලංකාවට බොහෝ අනර්ථකාරී ප්‍රථිපල ගෙන් ආවේය. ආර්ථික වශයෙන් වූ හානිය පමනක් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවන්නට ඇත ( රුපියල් බිලියන 30,000ක්).

ලක්ෂයක් පමණ පිරිසක් යුද්ධයෙන් මිය ගියහ. ඒ අතර ඉන්දියානූ සාම හමුදාවේ 1,155 ද වේ.

යුද්ධයේ දී මහින්ද රාජපක්ෂගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ කාර්ය භාරයක් ඉටු කලේය. ජනාධිපතිවරයා යුද්ධයේ වගකීම බාර දී තිබුනේ ගෝඨාභයටය.

හිටපු හමුදා නිලධාරියෙකු වූ ගෝඨාභය යුද්යයේ අවසාන වසර කිහිපයේ සියලූම වැදගත් හමුදා තනතුරුවලට අදාල පත්කිරීම් හා යුධ තීරණවලට නායකත්වය සැපයුවේ ය. ඔහු මේ කාරණය සම්බන්ධව ගෞරවය ලබා ගැනීමටද මැලි නොවන බව ‘ගෝඨාගේ යුද්ධය’ නැමති පොත පරිශීලණය කරන්නෙකුට පෙනෙනු ඇත.

මට පෙනී ගිය කරුනක් වූයේ ලංකාවේ ආරක්ෂාව පිලිබඳ ඉතා පැහැදිලි දැක්මක් හා උනන්දුවක් ගොඨාභය රාජපක්ෂට තිබුණ බවයි. ඔහුගේ මතයන් බොහෝ විට අපගේ මතයන් හා සැසදුනි.

මහින්ද රාජපක්ෂ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට චීන සහාය බලාපොරොත්තු වූ නමුදු ඔහු අපට දුන් පැහදිලි පොරොන්දුව නම් ශ්‍රී ලංකා චීන සබඳතා කිසි විටක ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ නොතබන බවයි.

මෙහිදී ගෝඨාභයගේ සහතිකය ඉතා වැදගත් විය.

2014 මා විදේශ ලේකම්ධූරයෙන් ඉවත්වන තුරු කිසි විටක ශ්‍රී ලංකාව රාජපක්ෂවරු ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධව දුන් පොරොන්දු කඩ නොකල බව මට කිව හැක.

මෙහිදී සඳහන් කල යුතු තවත් කරුනක් වන්නේ ශ්‍රී ලංකාව කිසි විටක ඉන්දියාවට තම රටේ ආර්ථිකය හෝ ආරක්ෂාව පිලිබඳ සම්පූර්ණ අයිතිය පැවරීමට සුදානම් නොවුනු බවයි.

ඉන්දියාව පෙන්වා චීනයෙන් ආයෝජන ලබා ගනීමත්, චීනය පෙන්වා ඉන්දියාවේ අවදානය ලබාගැනීමත් ශ්‍රී ලංකාව දක්ෂ ලෙස කල අතර එහි කිසිදු වරදක් මම නොදකිමි. ඔවුන් එසේ නොකරාවි යැයි සිතීමට තරම් ඉන්දියාව මෝඩ නොවිය යුතුය.
මා දන්නා තරමට යුද්ධයෙන් පමණක් ත්‍රස්ථවාදය අවසන් කල එකම රට ලංකාව විය යුතුය.

යුද්ධයකදී ජීවිත හා දේපල හානි වැලක්විය නොහැක.මෙහිදී ඇසිය යුතු ප්‍රශ්නය නම් විවිධ අවස්ථාවල සාමය සඳහා ප්‍රයත්න දරමින් යුද්ධය 26 වසරක් ඇද ගෙන යැම නිසා වූ හානිය යුද්ධයෙන් වූ හානිය හා සම කල හැකිද යන්නයි.

2009 දී ශ්‍රී ලංකාවේ යුද්ධය නිසා ඉන්දියාවටත් ලෝකයේ තවත් බොහෝ රටවලටත් යම් තීරණ ගන්නට සිදුවිය. ලෝකයටත් අපටත් තිබුන ගැටලුව වූයේ දේශපාලන හේතු මත හෝ මානුෂික හේතු මත ශ්‍රී ලංකා රජය විසින් කර ගෙන යන ලබන වැඩපිලිවෙලට ඇඟිලි ගසනවාද නැත්නම් ඔවුන්ට ඔවුන්ගේ කාර්යය කරන්නට ඉඩ හැර බලා ඉන්නවාද යන්නයි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් අප මේ දෙකටම අතරමැද ක්‍රමවේදයක් මගින් සියලු දෙනා සතුටු කිරීමේ අසාර්ථක ප්‍රයත්නයක නිරත වුනෙමු. ප්‍රතිඵලය වුයේ අපට කිසිවෙකු සතුටු කරන්නට නොහැකි වීමයි. දේශපාලනයේදී සියලු දෙනාම සතුටු කල නොහැකි බව මින් යලිත් පෙනී යයි.

ශ්‍රී ලංකාව පිලිබඳ ගැටලුවකදී අවසාන තීරණය ගත යුත්තේ එම රටේ අවශ්‍යතා මත මිස අන්තර්ජාතික සබඳතා හෝ අන් රටවල විදේශ ප්‍රතිපත්ති මත නොවේ.

2009 දී ශ්‍රී ලංකා රජය කිසිදු විදේශ බලවේගයකට ගැති නොවී ස්වාධීනව තම රටේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටියේය.

අප සියලු දෙනාම අද පිලිගත යුතු සත්‍යය නම් එල් ටී ටී ඊ යෙන් තොර ශ්‍රී ලංකාව වඩා හොඳ රටක් බවයි. එම තත්වය උදාකරගැනීමට ඉන්දියාවද සහාය විය.

ශිවශංකර් මෙනන්
ඉන්දීය රජයේ හිටපු විදේශ ලේකම්
(1 October 2006 – 31 July 2009)
ඉන්දීය මධ්‍යම රජයේ ජාතික ආරක්ෂක උපදේශක
(17 January 2011 – 28 May 2014)

04
මැයි
17

මිහිඳු දෙවිඳුන් වැඳීම

 

කොළඹ එකා says:

බොක්කෙන් කීවෙ ලියවුනා මදී ඒත් ඇති…

එකෙන්ම කතාව මේකයි…

ඔළුවක් තියෙන කොන්දක් තියෙන දේහ ධාරී ශරීරයකින් හෙබි පිරිමියෙකු සතු රැවුල තිබූ එලම එකම නායකයා එදා මෙදා තුර මගේ දන්නා කාලෙක මැදමුලනෙ සිංහයා යකඩ මිනිසා ඔහුයි.. මහින්ද රාජපක්ෂ මැතිඳුනි කෑම පැකට් සල්ලි අරක්කු බලන් නෙමේ හදවතේ කොනක හරි ඔබ තාමත් ඉන්න නිසයි ජොබ් එක ගහල ගියත් කමක් නෑ කියල තනියම හරි මම ආවෙත්… මුල මතක මිනිස්සු අතරෙ එකෙක් වී හරි සිටීම ගැන තනිවම හරි මන් අද සතුටු වෙනවා…
මොනා උනත් දරුවෙක් හදාගන්න බැරි නපුන්සකයො ගොඩක් එක්ක රටෙන් වැඩි කොටසක් කුඹුරු කියල හිතන් ඇමති වරු දාගෙන හාන මේ වගෙ රූකඩ මහ පාරෙ දණ ගස්සලා රටත් අපිත් බේරන් ඔබත් බේරිලා ගමනක් යන්න නැවත එන්න අප්පච්චී……

සුභ අනාගතයක්…….
නමටත් ආදරෙයි හැමදාම… …….

බොක්කෙන් කීවෙ ලියවුනා මදී ඒත් ඇති…

Reply

·    jayamal says:
May 2, 2017 at 2:00 pm
කොළඹ එකා හදවතින්ම ලියූ මේ කමෙන්ට් එකට මගේ ඇස් කඳුලින් පිරුනා. ඔබ වගේම කළ ගුණ දත්…. පැහැදිලි හෘද සාක්ශියක් ඇති….. මහින්ද රාජපක්ශ මැතිතුමාට හදවතින් බැඳුනු ලක්ශ සංඛ්‍යාත ජනකායක් තමයි ගෝල්ෆේස් පිටිය පිරී ඉතිරී යන්න මැයි දිනයේ එක්වුනේ.

වැඩි ප්‍රතිශතයක් හිටියේ මේ රට රැකගන්න ඕනෑම කැපවීමක් කරන්න සූදානම් තරුණ පිරිසයි.
හරිම ආඩම්බරයි මේ පෙරලියට උර දෙන්න ආව ඔබ ඇතුලු තරුණයින් සහ සියලුම කෘත වේදී පිරිස ගැන.

මව්බිම කෑලි කෑලි වලට කඩන්න…… බුදුදහම මේ පින්බිමෙන් අතු ගා දමන්න ඉතින් නම් යමපාලනයට තියා මොන සක්කරයටවත් බැරි බව ඉර හඳ සේ විශ්වාසයි.

29
ඔක්.
16

සිරිපාදේ හැමිනෙන මහ නායක බූරුවා…

මහ නායක බූරුවා.

14910434_103192086824040_1957839943787290494_n14590414_412056669182425_2502468775483595729_n14720404_2144315459127365_4856157961429840673_n

untitled-1

hora

hora

feetured-sirasa-kili

06
ඔක්.
16

අවසන් සිංහලයාගේ හමෙන් සපත්තු මහන්න බලා සිටින තම්බින්ට බය දෙමළු

imagesRathana

boru

“චන්ද්‍රිකාගේ සංහිදියාවට ගනේෂන් කිපේ.. එලිපිට ගැටේ..”

 lion says:
  1. LTTE Video Footage Reveals the True Face of Mano Ganeshan and TNA MPs

    http://www.veoh.com/watch/v18267426SWzePhgA

  2. saradieal says:

    බ්‍රිතාන්න්ය විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්කි දුන් මේජර් ස්කිනර් පැවසුවේ සිංහල ක්‍රමය ම පවත් වා ගෙන ගියා නම් බ්‍රිතාන්න්ය නීති හා නීතිඥ ක්‍රම නිසා පැනගි අධම තත්වය වැලක් වා ගත හැකිව තිබූ බවය්.. 1818 දීත් 1848 දීත් දිවි නොතකා රට බේරාගැනීමට සටන් කල උඩ රටියන්ගේ වාස භූමිය දැන් කන්කානියන්ගේ රජ දහනකි.

  3. උකුස්සා says:

    ගනේෂන්ගේ සංහිදියාව…..හම්බයින්ට බයයි කට දාන්නේ මේ රටේ මහජාතියට විතරයි ….සිංහලයා ඉවසනවා වැඩියි මොවුන් රටට නැවත පිටමන් කලයුතුයි
    ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන්ට ඇගිල්ල දික් කරල මේ තර්ජණය කරන්නේ කොළඹ නගරාධිපති ඒ.ජේ මුසම්මිල්ගෙ කෝකියා. අවුරුදු 30කට කලින් දමිළ බහුතරයක් හිටපු දැන් බහුතරය මුස්ලිම්වෙලා ඉන්න කොටහේන බාබාර් වීදියේ හින්දු කෝවිලේ වේල් උත්සවේ තියන්න මුස්ලිමුන් ඉඩ දෙන්නේ නැතිලු. උත්සවය තිබ්බොත් එක එකා මරල දානව කියල තර්ජණය කරනව කියල කෝවිලේ පූසාරි කියනව. පහුගිය දවසක පූජාවට ආ වෙලාවේ මනෝ ගනේෂනුත් වටකරගෙන මෙතන කෝවිල හදන්න ඉඩ දෙන්න බෑ කියල සාමකාමී මුස්ලිම් සහෝදරවරු මූණටම කීවේ ඔහොමයි. සිංහල බෞද්ධයන්ට, සංවිධානව වලට ජාතිවාදියෝ කිය කියා බුරන මනෝ ගනේෂන්ගේ කටට මොනව වුණාද? එක්තරා මාධ්‍යයකටනම් කොළඹ මුස්ලිම් අන්තවාදයක් තියනව කියල කෙදිරි ගගා කියනව ඇහුණා කරගන්න දෙයක් නැති තැනම. සිංහලයෝ බෞද්ධයෝ දමිළයන්ට හිරිහැර කරනව කියල ලෝකෙ වටේ කිය කියා යන සමහරක් දෙමළ උන්දලාටත් තේරුණානම් ඇති තමන්ට හැබෑවටම තර්ජණය තියන්නේ සිංහලයන්ගෙන්ද, නැත්නම් මුසලිමුන්ගෙන්ද කියලා. තමන්ගේ ජාතියේ තමන්ගේ ආගමේ තමන්ට ඡන්දෙ දුන්න උන්ගෙ ආගමික අයිතියවත් රැකගන්න තරම් කොන්දක් නැති එකා කොහොමද ජාතික සංහිදියාව ඇති කරන්නේ. හැබෑටම මුස්ලිම් අන්තවාදය ඉදිරියේ නැට්ට දෙපරංශේ ගහගත්ත මනෝගනේෂන්ගේ අහවල් ඇමතිකම මළකුණක් වෙලා ඉවරයි.. ඉතිං මනෝ දීපං ඔය ඇමතිකම හම්බයෙකුටම.

  4. JUDE says:

    ගනේෂන් යනුදෙමල ජාතිවාදී කොටි හිතවාදියකි මෙන්න ඔහුගේ තවත් ප්‍රයන්තයක්
    වැල්ලවත්තේ 57 වැනි පටුමග ‘තමිල් සංගම්’ මාවත යනුවෙන් නම් කිරීමට බස්‌නාහිර පළාත් වූ සභා මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා විසින් දැරූ උත්සාහයක්‌ ව්‍යර්ථ වී ඇත. මෙම පටුමග තමිල් සංගම් මාවත යෑයි නම් කිරීමට යෝජිත වූයේ ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදී තිබූ නොවැම්බර් 26 දායි. එහෙත් බස්‌නාහිර පළාත් සභාව විසින් එය අවලංගු කර ඇත.
    වහාම ගනේෂන් ඇමති ධුරයෙන් ඉවත්කළ යුතුයි

  5. Champa says:

    චන්ද්‍රිකාගේ ONUR එකෙන්නේ ඕක හදලා තියෙන්නේ. NGO වලින් තමයි රටටම බලපාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති හදන්නේ. ඉංග්‍රීසියෙන් හිතලා, ඉංග්‍රීසියෙන් හදලා සිංහලට පරිවර්තනය කරනවා.

    සංහිඳියාව ඇති කරන්න federal ඕනෙලු. What a joke. හැබැයි තියෙන සංහිඳියාව නැති කරන්න නම් federal වලට පුළුවන්. උතුරට federal දුන්න ගමන්, දකුණේ විසිරිලා ජීවත් වෙන දෙමල ජාතීන්ට අනාරක්ෂිත බවක් ඇති වෙනවා කියල මේ NGO කාරයන්ට තේරෙන්නේ නැති හැටි. ඒ දෙමල මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම වෙනස් කම් වලට මුහුණ දෙන්න වෙනවා. “සතියක් ඇතුලත් පිට වෙයල්ලා” කියලා පොඩි chit එකක් දකුණේ හැම දෙමල ගෙදරකටම දාලා ගිහින් තිබුනොත් මොකොද වෙන්නේ? Is the Yahapalanaya government ready for such eventualities? මේ ප්‍රතිපත්ති හදන්නේ තනිකරම තමන් හිතන දේ පමණක් සිද්ධ වෙයි කියන උපකල්පන උඩ මිසක් තමන් නොහිතන දේ සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ ගැන පොඩ්ඩක් වත් හිතන්නේ නැතුව.

    Power sharing ගැන කතා කරනවා. දැන් ඔය දීලා තියෙන උතුරු පළාත් සභාවෙන් මේ දක්වා දෙමළ ජනතාවට කරලා තියෙන්නේ මොනවාද? උතුරු පළාත් මහා ඇමතිට මතකවත් නැහැ උතුර පළාත් සභාවක් තියෙනවා කියලා. හැම එකටම කතා කරන්නේ ආණ්ඩුවට. යුද්ධෙන් පස්සේ උතුරට මොනවම හරි සංවර්ධනයක් වුනා නම් වුනේ මහින්දගේ ආණ්ඩුවෙන් මිසක් පළාත් සභාවෙන් නෙමෙයි.

    යහපාලන ආණ්ඩුවට වගේම උතුරු පළාත් සභාවටත් වැඩ බෑ. රනිල්ටයි සිරිසේනටයි වගේම විග්නේශ්වරන්ටත්, සම්බන්ධන්ටත් සුමන්තිරන්ටත් මෙලෝ වැඩක් බෑ. උතුරේ දෙමල දේශපාලකයෝ දන්නේ නහයෙන් අඬන්නයි, කන් කෙඳිරි ගාන්නයි, අඩාපාලි කියන්නයි විතරයි. උතුර මේ දක්වා survive වෙලා ඉන්නේ ආණ්ඩුව නිසා. උතුරට federal දුන්නත්, ස්වයන් පාලනයක් දුන්නත් වෙන්නේ ඒ ටිකමයි. දකුණේ ආණ්ඩුව නැතුව, සිංහලයන්ගේ උදව් නැතුව උතුරට පැවැත්මක් නැහැ.

    Federal ඉල්ලනවා මිසක් උතුරේ කරන්න හදන සංවර්ධන වැඩ ගැන, මිනිස්සුන්ගේ ජීවන තත්වය නගා සිටුවන හැටි ගැන කිසීම සැලැස්මක් වත්, ප්‍රතිපත්තියක්වත් දෙමල දේශපාලකයන්ට නැහැ. ස්වයං පාලනයක් තියෙන කොට තමන්ගේ අදායම තමන්ගේ පළාතෙන්ම උපයා ගන්න ඕනේ. එහෙම ආදායම ලබා ගන්න මාර්ග ගැන උතුරේ දේශපාලකයෝ කවදාවත් කතා කරනවා මම අහල නැහැ. දෙමල දේශපාලකයෝ දන්නේ දේශපාලන ඒකකයක් ඉල්ලලා අඬන්න විතරයි. ඊට එහා තියෙන ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය ගැන උතුරේ දෙමල දේශපාලකයන්ට කිසිම දැනීමක් නැහැ. අන්තිමට වෙන්නේ උතුරේ දෙමල ජනතාව දැන් ඉන්නවටත් වඩා අන්ත දුක්ඛිත තත්වයකට වැටීම.

    ඇයි මේ උතුරේ තරුණ පරපුර මේ දෙමල දේශපාලකයන්ගෙන් අහන්නේ නැත්තේ තමන් වෙනුවෙන් ඒ ගොල්ලෝ අතේ තියෙන සැලසුම් මොනවාද කියලා. අරක කරනවා, මේක කරනවා, diaspora එක උදව් කරනවා, ඔය බයිලා නැතුව උතුර සංවර්ධනය කරන එක සැලැස්මක් පෙන්නන්න කියන්න. මුකුත් නැහැ. තමන්ගේ දෙමල නායකයන්ගෙන් ප්‍රශ්ණ කරන්න දෙමල තරුණයන්ට කොන්දක් නැහැ.

    තමන්ගේ මිනිස්සු ගැන ආදරයක් තියෙනවා නම්, උතුරේ දේශපාලකයෝ පැත්තකට වෙලා ආණ්ඩුවට ඉඩ දෙන්න ඕනේ උතුරේ දෙමල ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවන්න, මම කිව්වේ “ඊළඟ ආණ්ඩුවට”.

27
සැප්.
16

ලෙමුරියා, කුමාරි කන්දම් හා විග්නේෂ්වරන් ගේ “දෙමල පමණයි“ තර්ජනය

ලෙමුරියා හා හෝම්ලෑන්ඩ්

මේ සටහනට පාදක වන්නේ ස්ථාන දෙකකින් උපුටා ගන්න කරුණු. එකක් සාමාන්‍ය දැනීම සමුහයේ ගිය ප්‍රශ්නයක්. අනික තවත් සමූහයක  ඉස්මතු කල ප්‍රශ්නයක් [මේකට මට ලින්ක් එකක් සපයා  දුන්  ශානක  ඉරෝෂණ  පීරිස්  ට  ස්තුතියි].

සාමාන්‍ය දැනීම සමූහයේ ප්‍රශ්නය මෙතන දැම්මොත්.

1. කුමාරි කන්දම් කියන්නේ මොකද්ද?

2. ලෙමුරියා කියන්නේ මොකද්ද? එහි නම හැදුනේ කොහොමද?

3. ලෙමුරියා කුමාරි කන්දම් සමග ඇති සම්බන්ධය කුමක්ද?

4. මෙය ලංකාවේ දැවැන්ත දේශපාලන අර්බුධයකට දක්වන සම්බන්ධය කුමක්ද?

5. ලෙමුරියා සංකල්පයට සිදු වූයේ කුමක්ද?

—————————————————————

කුමාරිකන්දම් කියන්නේ සංගම් සාහිතයේ තියෙන පැරණි රාජධානියක ජනප්‍රවාදයක්. මෙහි නම එන්නෙත් දකුණු ඉන්දියාවේ අති සුන්දර කන්‍යා කුමාරිකඳුවැටිය මූලිකව. වෙනත් බොහෝ ජනප්‍රවාද සේම මෙහිත් කියනවාලු කුමාරි කන්දම් රාජ්‍යය කන්‍යා කුමාරියේ සිට මේ මේ තරම් දුරට විහිදියේය කියලා. හරියට අර අටළොස් අක්ශෞභීනියක් සේනා වගේ මේකත් අතිශයෝක්තියෙන් දාපු අසාමාන්‍ය ඉලක්කම්. සත්‍ය අගයන් නොවේ. සත්‍ය අගයන් නොවේ කියන්නේ එහෙම හරි යන්න නම් මේක මැඩගස්කරය ආසන්නය දක්වා විහිදීම අත්‍යාවශ්‍ය නිසා.

ඉලක්කම් පැහැදිලිවම අසත්‍ය පමණක් නොවේ එහෙම එකක් තිබ්බ බවට වත් වෙනත් සාධක නැහැ. ලෝකයේ බොහෝ ප්‍රවාද සේම මෙහි ඇති කුමාරි කන්දම් මහා ශිෂ්ටාචාරයත් “මුහුදේ ගිලී ගියාය” කියන මතය තමා සමාජගත වන්නේ.

එහෙත් සමහර දකුණු ඉන්දියානුවන් මේවා අකුරටම විශ්වාස කරනවා.

මේ අතරේ ඉන්දියාවේ පර්යේෂණ බ්‍රිතාන්‍ය විද්‍යාර්ථින් 1880 විතර හොයා ගන්නවා මැඩගස්කරේ ඉන්න ලෙමු [ලීමර්]  කියන සුවිශේෂී ජෛව ප්‍රජාව පරිනාමිකව සමාන වන්නේ කේරලයේ ඉන්න වෙනත් සතුන් වර්ගයකට කියා. මෙතැනදී ගැටලුවක් එනවා මැඩගස්කරේ සතෙක් කොහොමද කේරලයේ සතෙකුට සමාන වෙන්නේ මේ ස්ථාන දෙක අතර මාර දුරයිනෙ කියා. [මේ 1880 මේ වෙද්දී මිනිස්සු දන්නේ නැහැ මහද්වීප පාවෙන බව. ඇත්තෙන්ම පස්සේ හොයා ගන්නවා ඉපැරණි ගොන්ද්වානාලන්තයේ මැඩගස්කර වෙරළ හා කේරල වෙරළ යාවී තිබ්බ බව]. මේ නිසා විද්වතුන් හිතනවා කිසියම් ගොඩබිමකින් මේ ස්ථාන දෙක යාවෙන්න ඇති කියා. මෙම ගොඩබිමට ඔවුන් නම දානවා “ලෙමුරියා” කියලා.

මේකට එකල පැවතී විද්වත් සමාජ වල පිළිගැනීමක් එනවා. ඒ ගිලී ගියා කියන ලොකු මහද්වීප ගැන මිනිස්සු තමන් රවටා හුන් කාලයක්.  නිකමට  බලන්න විකියෙන්  ගන්න  පහත  සටහන.  මේ  විද්වතුන්  තමන්ට  නොවැටහෙන  දේවල්  පැහැදිලි  කරන්න  “ගිලුනා”  කියා  මවා  ගත්ත  ගොඩබිම්.

දකුණු ඉන්දීය විද්වතුන් ලෙමුරියා = කුමාරි කන්දම් කියන සරල සමීකරණය තෘප්ත කරමින් “විද්යාත්මකව තහවුරු වන” දකුණු ඉන්දියාවේ සිට මැඩගස්කරය දක්වා පැතිරුණු දමිල රාජධානිය බෞතිස්ම කරගන්නේ මෙහෙම. පහත  දැක්වෙන්නේ විකියෙන්  ගත්ත  කුමාරි  කන්දම්  රාජ්‍යය  ගැන  විශ්වාසයේ  එන  දළ සටහන.

Kumari Kandam map.png

මේකට ලංකාවත් අයිතියි හැබැයි ඒ කාලේ කවුරුත් ඒ ගැන වොරීඩ් නැහැ.

මේ අතර ඉන්දියාව නිදහස ලබනවා. මැඩගස්කරය දක්වා විහිදුනු දෙමල රාජ්‍යය නැවත හදන්න දකුණු ඉන්දියාව පෙරට එනවා. එත් ක්‍රමෝපායේ ශූරයෙකු වන ජවහල්ලාල් නේරු ඒක ළදරු වියේදීම මරා දානවා. ඔහු ගෝව ආක්රමනය කර පෙන්නනවා බලෙන් ආවොත් දෙන්නේ මේක කියලා. නීතියකින් සම්මත කරනවා ඉන්දියාව බෙදන්න බැහැ කියලා. ඉන්දියානු දමිල රාජ්‍යය 60 දශකය වෙද්දී මැරෙනවා.

අන්න ඒ වෙලාවේ දකුණු ඉන්දීය උගතුන් ලංකාවේ දෙමළුන්ට විකුනනවා “ඔබත් කුමාරි කන්දම් වල අයමයි. ඔබේ හෝම්ලෑන්ඩ් එක ඉල්ලාගන්න” කියලා. වයිරසය ලංකාවට එන්නේ එහෙම. මේ කාලෙදිම එනම් 40-60 දශකවල සිංහලයා එක්ක සහෝදරත්වෙන් උන්නු දෙමල නායකයින් හෙමිහිට ඉන් ඉවත් වෙනවා. සහයෝගීතාවයට අකමැති මෝඩ සිංහලයින් ඒ දෙමළට කෙලින්න භාෂා පනත් ගෙනත් සමානත්වයෙන් සහෝදරත්වයෙන් ඉන්න ඕනේ එකා තවත් එහාට තල්ලු කරනවා.

ලංකාවේ ඇතිවුණු බෙදුම්වාදය ඇතිවුනේ මේක නිසා කියා මම කියන්නේ නැහැ. සිංහල ජාතිවාදයෙන් දෙමල අයට සැහෙන්න හිංසා කළා. ඒ වගේම අපේ මෑත කාලින ඉතිහාසය හරිම විචල්යයි. ඒත් දෙමල අය වෙනම රාජ්‍යයක් ඉල්ලන්න, විශේෂයෙන් විදවතුන් අතරින් එක මතයක් ලෙස බිමට කාන්දු වෙන්න මේ කුමාරි කන්දම් සංකල්පය බලපෑවා. සිංහලයින් විජයගෙන් පැවතේ කියන අභව්‍ය කතාවත් [හෙවත් ඊට පෙර උන්නු මිනිස්සුන්ට සිංහලයන්ගේ සම්බන්ධයක් නැහැ කියන එක] මේකට පොහොර දානවා. අදටත් දෙමල අය අතරේ මේ රටේ මුල් පදිංචි කරුවන් ඔවුන් කියා හිතා ගෙන ඉන්න අය ඉන්නවා. ඒ වගේම දකුණු ඉන්දියාවේ සමාජය තුල කුමාරි කන්දම් සිංහලයාගෙන් බේරාගන්න කියන මතය අදටත් සක්‍රීයයි. එයාලා මේ ගැන ලාංකික දමිලයින්ට වඩා දැඩි ලෙස අදහනවා.

වැදගත් ම කාරනාව මෙන්න මෙයා ඔක්කොම සෙල්ලම් වලට තිත තිබ්බ. 1912 දී එයා ගෙනෙන මහද්වීප පාවෙන කල්පිතය 50 දශකය වෙද්දී පිළිගැනෙනවා. ඒ නිසා විද්‍යාඥයින් දන්නවා කේරලය හා මැඩගස්කරය හාවී තිබ්බ බව. මහද්වීප ගිලීමේ කතා සාවද්‍ය කල්පිත ලෙස බැහැර කරනවා. ඉන්දීය සාගරය කිමි 3කට වඩා ගැඹුරුයි. අද අපි දන්නවා වසර දහස් ගානකදී ගොඩබිමක් කවදාවත් එහෙම ගිලිලා යන්නේ නැති වග. එහෙත් ඒ වෙනුවට ඉන්දියාව හා මැඩගස්කරය කාලයක් එකට හා වී පාවෙමින් ආපු බවත්, පස්සේ වෙන් වූ බවත් පිළිගැනෙනවා. මැඩගස්කර නැගෙනහිර වෙරළ ඉන්දීය බටහිර වෙරළට ගානට පූට්ටු වෙනවා.

තිසර  ලබාදුන්  මේ  පින්තුරයෙන්  පෙන්වන්නේ  ඒ  මහද්වීප  වෙන්වීම. වසර  මිලියන  එකසිය  තිහක්  අතීතයේ  තත්වය  ලෙස  තිසර  සඳහන්  කළ ඔය  පින්තුරයේ  ඉන්දියාව මැඩගස්කරයෙන්  ගැලවුණු  ගමන්ම  වගේ, ලංකාවේ  බටහිර  වෙරළ  ගිනිකොනදිග  මැඩගස්කරයට  පූට්ටු  වෙලා  තියෙන්නේ. ස්තුතිය  තිසරට.

ලෙමුරියා සංකල්පය මියගියත් ඒ වටා ගෙතුණු ලංකාව දමිළ හෝම්ලෑන්ඩ් කියන සංකල්පය තවමත් තියෙනවා. මිනිස්සු හරි කට්ටයි විවිධ සංකල්ප අරගෙන තමන්ගේ වාසියට හදා ගන්නත් මූලික සංකල්පය කඩා වැටුනම නොදන්නා සේ තමන්ගේ වැඩ සටහන අරගෙන යන්නත්.

එනයින් ලේමුරියා අමූලික බොරුවක්. හැබැයි ඒ මත ගොඩ නගා ලංකාවට දකුණු ඉන්දියාවෙන් එක්ස්පෝට් කල මිතිකල් හෝම්ලෑන්ඩ් තාමත් සක්‍රීයයි. අදත්  ඒක  ලාංකීය  දේශපාලනයේ  ඇහෙන  කතාවක්.

27
සැප්.
16

බටලන්ද කොමිසමේ සම්පූර්න වාර්ථාව සිංහල PDF File

බටලන්ද කොමිසමේ සම්පූර්න වාර්ථාව PDF File එක හෝ JPG file එක

මුලු පිටු ගනන 152 යි…රනිල් ගැන පමණක් නොවේ. UNP ආන්ඩු ගැන ඉගෙන ගන්න අතිපොතකි.

batalanda-commission-report-srilanka

you can download. Publish in FB. or  twitter

JPG Files




අනවශ්‍ය දේවල්

  • 206,351 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2020
බ්‍ර සි සෙ
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය