බැසිල් ගැටලුව
බැසිල් උවමනාද නැද්ද ? විමල්ද බැසිල්ද ?
රාජ්‍ය ආරක්ෂාව, මුදල් ඇමතිතම, ආර්ථික කළමනාකරණය, නීතිය, සමග කතානායක හා පක්ෂ නායකත්වය යනු තීරණාත්මක අතිශය වැදගත් ස්ථානයන්ය. මේවා පාක්ෂිකයින්ගෙන් පුරවාගෙන අසාර්ථක වූ අවස්ථා හතරක් ලංකා ඉතිහාසයේ ඇති පාඩම්ය. ජේආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල්-සිරිසේන යනු විශ්වාස මිනිසුන් හිඟකමින් විනාශවූ ආණ්ඩු ය.
බැසිල් අගමැතිගේ මල්ලීය. ජනාධිපතිගේ මල්ලීය. පාර්ලිමේන්තුවේ මහින්දගේ පවුලේ අය බොහෝ දෙනෙක් සිටිති. එක පවුලකින් නෑදෑකම් ඇති වැඩිම පිරිස සිටින්නේ මහින්දගේ පවුලෙනි.
මහින්ද ගෝඨාභය හා චමල් යනු ලංකාවේ සිංහල බෞද්ධ බලවේගයන්හි හරස්කඩකි. අවුරුදු 70ක ලංකා ඉතිහාසයේ තිබූ විශාලම රාජ්‍ය ගැටලුව විසඳූ පුද්ගලයින් තිදෙනාය.
ලංකාවේ රාජ්‍යපාලනය ක්‍රමවත්ව පැවැත්වීම සඳහා උවමනාවන අත්‍යාවශ්‍ය කරුණක් වන්නේ විශ්වාසය ඇති පුද්ගලයින්ගේ හිඟකමයි. එනිසා සහෝදරයින් තිදෙනා තම තමන් හොඳින් දන්නා විශිවාසය ඇති මිනිසුන් ලෙස එකිනෙකා තෝරා ගැනීමේදී ඔවුනොවුන් ගේ සහෝදරයින් මත යැපීම අනිවාර්ය කරුණකි.
රාජ්‍ය ආරක්ෂාව, මුදල් ඇමතිතම, ආර්ථික කළමනාකරණය, විදේශ කටයුතු, නීතිය හා පක්ෂ නායකත්වය වැරදුනහොත් ඉතා ඉක්මනින් රජයක් අවසන් විය හැක.
අනෙක් අතට සිංහල බෞද්ධ රාජ්‍යක් ලෙස ලංකාව පැවතිය යුතුයැයි සිතනා මතවාදයට අවශ්‍යවන පුද්ගලයින්ගේ හිඟකම.
ලංකාවේ නායකත්වයේ සිටිනා මිනිසුන් කීපදෙනා සිංහල බෞද්ධ අදහස ඇති අය නොවෙති. රනිල් ඇතුළු කණ්ඩායමේ කිසිවෙකු මේ සඳහා විශ්වාසය දිනාගෙන නැත. පේන තෙක් මානයේ රනිල්ගේ කණ්ඩායමතුල සිංහල බෞද්ධ නායකයෙකු නොමැත. පසුගිය යහපාලන රජයේ ක්‍රියාවලින් මේ විශ්වාසය බිඳී ඇත. නැවත විශ්වාසය ගොඩ නැගීම සඳහා වසර 15ක් 20ක් ගතවනු ඇත.
අදවනවිට රාජ්‍ය ආරක්ෂාව, මුදල් ඇමතිතම, නීතිය යන ප්‍රධාන කරුණු සඳහා ජනතාවට පිළිතුරක් ලැබී ඇත. පක්ෂ නායකත්වය රාජ්‍ය පැවැත්වීමට මිස ජනතාවට අත්‍යාවශ්‍ය කරුණක් නොවේ.
දැන් ලංකාවේ තීරණාත්මක ම කරුණ වන්නේ ආර්ථික කළමණාකරණයයි. කොවිඩ් විනාශය නිසා තීවෘ වී ඇති මිනිසුන්ට ඉතා තදින් දැනෙන මේ ගැටලුව විසඳීම අද දවසේ රජයේ ඉතාම දැවෙන ගැටලුවයි. මේ කරුණ පරිපාලනය සඳහා පුද්ගලයෙකු උවමනා කර තිබේ.
එසේම මහින්දගෙන් පසු අගමැතිකම ගැන ගැටලුවක් පවතී. අගමැතිකම යනු බොහෝවිට ජනධිපතිවරණය සඳහා ප්‍රවේශපත්‍රයකි.
මේ සඳහා තරඟවැදීම සෑම රජයකම පැවතුණි.
දැන් ගැටලුව සම්මුඛ වේ. වඩාම සුදුසුවන්නේ කවුද තරඟයේ සිටින්නේ කවුද?
පිළිතුර සරලය. විමල් ගම්මන්පිල වාසු හා දිනේෂ් යනු කොට ඇද්ද අලින්ය. පෙරහැරේ ගියේ මහින්ද ගෝඨාභය හා බැසිල්ය.
දිනේෂ් ගම්මන්පිල හා වාසු යනු ඔ්නෑම දෙයකින් තෘප්තිමත් වන පුද්ගලයින්ය. ඉතිරිවන්නේ විමල්ය.
විමල් සමග ඇති ගැටලුව හදවත සම්බන්ධ ගැටලුවකි. තරඟකරු බැසිල්ය. වාසි අවාසි දෙදෙනාටම ඇත. මට අනුව පනහට පනහ ගැටලුවකි දැන් ඇත්තේ ලේවල බර හා හදවතේ බර සංසන්දනය කිරීමයි. වෙන කිසිම දෙයක් අදාළ නැත.
ගැටලුව මහින්දගේ නොව ගෝඨාභයගේය.