23
ජුනි
21

මරුවාගේ සිත ගැන ලිපිය. (කුණුහරුප නැති එකම ලිපිය)

සියාව වෙනත් ක්‍රමයකට මනස විග්‍රහකර ඇත.

දෙවි කෙනෙක් කිව්වේය, දේවතාවෙක් හෝ බ‍්‍රහ්මයෙක් දේව පුත්‍රයාට දුන්නේය වගේ ආගමික අදහස් එක්ක ගනිද්දි ආසියාවේ ගෞතමගේ අදහස් ගැඹුරුයි වගේම ප‍්‍රායෝගිකයි.

ආසියාතික ගෞතමගේ දැනුමේ අවසාන අන්තයක් දැකිය හැක. නිට්ටාවක් ඇත. ෆ්‍රොයිඩ්ගෙන් ලැකාන්ට ලැකාන්ගෙන් ඩෙරීඩාට ඩෙරීඩාගෙන් තව කාගෙන් හරි හොයන්න ඔ්න නැත. කාටහරි  කියල දෙන්න හැර තවත් වර්ධනය කොරල දියුනු කරන්න ඔ්නෑද නැත.

ඒවා ඩීකන්ස්ට්‍රක්ශන් කරල නියෝකෝටෙක්ස් රෙප්ටයිල් බ්‍රේන් ගැටුමට දාල, පෝස්ට් ෆෙමිනිස්ට්ලට පෙන්නල, දැනුම හා බලය මත තුළනය කරල, නර්ව් රයිටිං වලට දාල, දයලෙක්තික අස්සේ දාල, ප්‍රජාතන්ත්‍රවාදය අස්සට දාල, මානව හිමිකං රකින්න දාල, ජිනීවා යවල, ලිබරල් කරල ගන්න ඔ්නෑ නැත.

ඒවා දැනගත්තම ජීවිත කාලයටම ඇතිය. තවත් කාගෙ හරි එකකින් නිශේධය වෙන්නේ නැත., එකම එකයි, සම්පූර්ණයි පිළිවෙයි.

මේ කියන්නේ මනස ගැන ඇති සුවිශේෂ ආසියාතික දැනුම ගැනයි.

ආසියාතික මනෝවිශ්ලේෂණවාදී න්‍යායයි, මනෝවිද්‍යායි, මනෝවිද්‍යා ප්‍රවේශයයි. දැනුම කියන විශයේ ආරම්භක ස්ථානයයි.  නමුත් තව දැනුම් පද්ධති බොහොමයක් ආසියාවේ ඇත.

මේ දැනුම ගැන ෆ්‍රොයිඞ්ගෙන්, ලැකොන්ගෙන්, ඩෙරීඩාගෙන්, ජිජැක්ගෙන් අහන්න ඔ්නෑ නැත. තමන්ටම ඔ්නෑම ඉරියව්වකින් ඉඳගෙන ප්‍රත්‍යක්ශයෙන්ම තේරුම්ගත හැක. ඩොක්ට රේට් ටයිටල් බලන්න ඔ්නෑ නැත. පොත් ඔ්න නැත. කනින් අහල තේරුම් ගත හැක. සෝතාපන්න කල හැක.

ආසියාතික මනෝවිද්‍යා කතාව මේකයි.

  • සිත චෛතසිකය මනස වගේ නම් 10 කින් විතර හඳුන්වනවා. මේ ඔ්නම වචනයකින් කියන්නේ සිතම තමයි.
  • සිත ‌භෞතික නිර්මානයකි.
  • සිත වැඩකරන හැටි පැහැදිළි කිරීමට ඔ්නෑම භාශාවක ඇති වචන ප්‍රමාණය මදි නිසා මේ ගැන වෙනම වචන හදල තියෙනවා.
  • සාමාන්‍ය ඔරලෝසු වෙලාවෙන් සිතේ වේගය මනින්න බැරි නිසා වෙනම සිතෙහි කාලය ගැන මිනුම් ඒකක හදල තියෙනවා.
  • චිත්තාක්ෂණ එකක් යනු එක් සිත් කොටසකි.
  • සිත ගැන සිතින්ම මිස තේරුම්ගත නොහැකි නිසා චෙක් කරගන්න වෙනම මානසික පර්යේශන ක්‍රම හදල තියෙනවා.
  • එක් සිත් ඒකකයක (චිත්තාක්ෂණයක් ) කාලය ගතහොත් 10 අට වැනි බලයක් (ලක්ෂ කෝටි වාරයකින් එකක්) තරම් ඉතා කුඩාය.
  • එම කුඩා කාලය තුලදි සිත ඇතිවී පැවති නැති වේ.
  • සිත ගැන සාමාන්‍ය මිනිස් මනසට නොතේරෙන නිසා උදාහරන නැතිව පැහැදිලි කල නොහැක.
  • එම කුඩා කාලය තුලදිත් සිත තුල එකවිට එකටම අනිවාර්යයෙන්ම පහල වන චෛතසික ගණනාවක් ඇතිවේ.
  • මේ හැම සිත් කොටසක්ම නම් කර ඇත්තේ සිත ක්‍රියාකරන තත්වය අනුවය. ඒ කියන්නේ අම්මා කිව්වම එක් අයෙකු වුනාට, උයන කොට – උයන අම්මා, රෙදි හෝදනකොට – රෙදි හෝදන අම්මා, දරුවා නළවන කොට – නළවන අම්මා වගේ තමයි. ලෙවි-ස්ට්‍රවුස් පෙන්වා දුන්න වගේ ගෝත්‍ර සමාජවල පුද්ගලයින් නම් කිරීමේදී කාලය හා වේළාව අනුව ගොත්‍රික මිනිසුන්ගේ නම වෙනස්වෙනවා වගේ තමයි.
  • සාමාන්‍යයෙන් දැනගතයුතු ඔක්කොම කාරනා 82 ක් පමන ඇත. සාමාන්‍ය මිනිස්සුන්ට මේ ටික දැනගන්න ලොකු කාලක් යන්නේ නැත.
  • මේ තමයි සිත ගැන ඇති හොඳම උදාහරනය – “පන්දමක් අරන් වේගයෙන් කරකවන විට ගිනි වලල්ලක් පවතිනවා වගේ පේනවා. නමුත් එතන ගිනි වලල්ලක් නැත.
  • ඒ වගේ සිතත් ඉතා වේගයෙන් වැඩකරනවා එනිසා එක සිතක් එක දෙයක් එක් කෙනෙක් වගේ පේනවා නමුත් සැබෑ ලෙසට පවතින්නේ නෑ.”
  • මෙලෙස වේගවයෙන් වැඩකරන සිත 17 වාරක් හැම විටම කැරකැවෙනවා.
  • මේ 17 වාරය මොකක්ද කියල හොයනකොට ඉතිරිය තේරුම් ගන්න පුලුවන්.
  • මේ 17 වාරයක් කියන තැනින් පටන් ගන්න.

මාස දෙකතුනක් හොයල බලනකොට තේරුම් යනවා. ෆ්‍රොයිඞ්ල ලැකාන්ල ඩෙරීඩාල ඔ්න නෑ. මුලු යුරෝපයම අවුරුදු සියයක් තිස්සේ කියන්නේ ආසියාවේ මනස ගැන දැනුමෙන් ඉතා පුංචි කෑල්ලක් දෙකක් පමනයි.

ෆ්‍රොයිඞ්ල ලැකාන්ල ඩෙරීඩාලගේ මනෝ විශ්ලේශනය විග්‍රහකරන්නේ ලිංගික මනස ගැන පමනයි. ආසියාව වෙනත් ක්‍රමයකට මනස විග්‍රහකර ඇත.

අහන්න https://www.youtube.com/watch?v=ZHCKyJdxBBw

බලන්න https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA

මේතනින් පටන් ගන්න පුලුවන්.

අවවාදයයි . මේවා බලද්දි ගෞතමට අකමැති ලන්ඩන් පැරිස් නිව්යෝක් කොලොම්බු මල්ලිලා තමන් අකමැති දේවල් ගනන් ගන්නේ නැතිව බලන්න. මේව පිළිගන්න බෑ එහෙම වෙන්නේ කොහොමද මෙහෙම වෙන්නේ කොහොමද කියමින් ඔක්ස්ෆර්ඩ් හාවඩ් කේම්බ්‍රිජ් දැනුමින් තේරුම් ගන්න යන්නෙ නැතිව බලන්න.

ලොව හොඳම බුදු පිළිම වලින් එකක්
ගාන්ධරෙ බුදු පිළිමයක්


අනවශ්‍ය දේවල්

  • 216,591 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2021
බ්‍ර සි සෙ
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: