Kavindu Dilshan


සමගි ජන බලවේගෙ සමගියත් ජන බලවේගයත් කීතු කීතු වලට කැඩේ… සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගය වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළදී සුන්නද්ධූලි වී යාමට ඔන්න මෙන්නය..සමගි ජන බලවේගය පුපුරා ගියේ ඇයි…?සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේදි කිසිදු ආර්ථික, සමාජීය හෝ සංස්කෘතික ප්‍රතිපත්තියක් තිබුනේ නැත.
තිබූ එකම ප්‍රතිපත්තිය නම් ගෝඨාභය රාජපක්ෂ කෙසේ හෝ පරාජය කිරීමට කුමන හෝ පාර්ශවයක් සමග එකතු විය යුතු යැයි යන පටු අරමුණ පමණකි.රටට හතුරු සියල්ලෝම සජිත් වටා කඳවුරු බැඳ ගත්හ. ජනතාව අතරට අප්‍රසාදයට පත් වූ විවිධ චෝදනා තිබු ජනපදනමක් නැති කණ්ඩායම් ඔහු සමග එකතු විය.
ඒ අතර සම්බන්ධන, හකීම්, බදුර්දීන්, අසාද් සාලි වැනි උග්‍ර ජාතිවාදින්ද, යහපාලන රජය බිඳ වැටීමට හේතු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයට සෘජුව සම්බන්ධ වූවන්ද විය. සමගි ජන බලවේගය මුලින්ම ඉරිතලා යන්නේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමගය.
පාර්ලිමේන්තු ආසන 225 න් 75 ක් වූ සම්පූර්ණ විපක්ෂයෙ මන්ත්‍රීවරුන් 7 දෙනෙක් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදි රජයට පක්ෂව චන්දය දුන් අතර අදටත් ඔවුන්ට විරුද්ධව ගත් විනය පරීක්ෂණයක් නැත.
ඉන්පසුව 43′ සේනාංකය කමින් අටමගලයක් අටවා ගත් පා.ච. රණවක 2025 ජනාධිපති අපේක්ෂකයා වීමේ තමන්ගෙ පෞද්ගලික න්යායපත්රය ක්‍රියාත්මක කරන්නට සැලැසුම් සකස් කරන්නට විය. අද පා.ච. පච වී හමාරය. දිය යටින් ගින්දර ගෙනියන සියලුම යටිකූට්ටු වැඩසටහන් අතේ පත්තු වී හමාරය.
එලැඹෙන ජූනි 22 දා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට සූදානම්ය. සමගි ජන බලවේගය ඉතිරි කොටස්ද එදිනට නායයාමට යන බවට ආරංචිය. හරීන් ප්‍රනාන්දු, තලතා අතුකෝරළ, කබීර් හශීම්, මනූෂ නානයක්කාර, ජේ සී අලවතුවල, යන සජබ මන්ත්‍රීවරු මේ වනවිටත් රනිල් වික්‍රමසිංහ සමග එකතුවන බවට කැමැත්ත පළකොට ඇත.
එමෙන්ම විපක්ෂනායක ධූරය රනිල්ට ලබා දීමේ කටයුතු ද සැකසෙමින් පවතී.හරීන් ප්‍රනාන්දුට එජාපයේ නියෝජ්‍ය නායක තනතුරක් ලබා දෙන බවට පොරොන්දු වී ඇති අතර රනිල් ඉතිහාසයේ දුන් පොරොන්දු මතක්වන විට ඒ පොරොන්දු ගැනනමි විශ්වාසයක් තැබීම හාස්‍යයට කරුණකි.ෆොන්සේකා, රාජිත වැනි අවස්ථාවාදී දේශපාලඥයන් වැඩි වාසි පිලට හේත්තුවනවා ඇත
.රනිල් ගෙදරකට ගියහොත් ඒ ගෙදර අඹු සැමියන් පවා භේද භින්න වන බව දේශපාලන ක්ෂේත්රයේ ප්‍රකට රහසකි. ඔහු එකිනෙකා කෙටවීමට උපන් ගෙයි හපනෙකි.කොවිඩ් වසංගතය මර්දනය කොට පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් දී දැනට සිදුවන සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියහොත් 2025 ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට One horse race එකකි. ප.ච, රනිල් හා සජිත් බල ලෝභිත්වය මත සීසීකඩ වීම ශක්‍රයාගේ පුතා වයිමා ආවාත් වැලැක්වීමට නොහැක.
නිලන්ත සත්සර ගමගේ